1
00:00:41,206 --> 00:00:43,206
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:43,230 --> 00:00:45,230


3
00:00:45,254 --> 00:00:48,966
<b><font color="#b67607">පර්ෆෙක්ට් ක්‍රවුන්</font></b>

4
00:00:59,851 --> 00:01:01,060


5
00:01:01,061 --> 00:01:03,062


6
00:03:12,567 --> 00:03:17,280
<b><font color="#b67607">පර්ෆෙක්ට් ක්‍රවුන්</font></b>

7
00:03:18,240 --> 00:03:19,241
<b><font color="#ff7e16">05කොටස</font></b>
<font color="#ffde44">අනතුරක්?</font>

8
00:03:19,741 --> 00:03:20,991
<font color="#ffde44">හරියටම මොනවද ආරංචි වුණේ?</font>

9
00:03:20,992 --> 00:03:23,369
<font color="#ffde44">හැප්පීමක් වුණා කියලා විතරයි.</font>

10
00:03:27,457 --> 00:03:28,834
<font color="#ffde44">මම එතනට යන්න ඕනේ.</font>

11
00:03:30,669 --> 00:03:32,086
<font color="#ffde44">ඔහේ බලන් ඉන්න එපා.</font>

12
00:03:32,087 --> 00:03:33,712
<font color="#ffde44">වහාම පිටත් වෙන්න ලෑස්ති වෙන්න!</font>

13
00:03:33,713 --> 00:03:34,965
<font color="#ffde44">එහෙමයි මව්රැජිනියනි .</font>

14
00:03:37,884 --> 00:03:43,390
<font color="#ffc2c0"><b>සෝල් රාජකීය රෝහල</b></font>

15
00:03:46,643 --> 00:03:48,395
<font color="#ffde44">කොහොමද මේක වුණේ?</font>

16
00:03:48,979 --> 00:03:50,062
<font color="#ffde44">රජතුමාට කොහොමද?</font>

17
00:03:50,063 --> 00:03:52,232
<font color="#ffde44">රජතුමාගේ ජීවිතේට අනතුරක් කරන්න හැදුවද?</font>

18
00:03:53,567 --> 00:03:55,192
<font color="#ffde44">මොනවා හරි කියන්නකෝ!</font>

19
00:03:55,193 --> 00:03:56,570
<font color="#ffde44">කරුණාකරලා සන්සුන් වෙන්න, රැජිනියෙනි.</font>

20
00:04:00,240 --> 00:04:03,325
<font color="#ffde44">ස්කෑන් පරීක්ෂණවලට අනුව අස්ථි බිඳීමක්
හෝ අභ්‍යන්තර තුවාලයක් නැහැ.</font>

21
00:04:03,326 --> 00:04:05,202
<font color="#ffde44">පොඩි තැලීම් වගයක් විතරයි.</font>

22
00:04:05,203 --> 00:04:06,455


23
00:04:29,186 --> 00:04:30,270
<font color="#ffde44">එතකොට මහා කුමාරයා?</font>

24
00:04:30,854 --> 00:04:32,731
<font color="#ffde44">මට ආරංචි වුණා එයාත් එතන හිටියා කියලා.</font>

25
00:04:33,482 --> 00:04:34,900
<font color="#ffde44">එයා හොඳින්ද?</font>

26
00:04:37,944 --> 00:04:39,237
<font color="#ffde44">එයා ශල්‍යාගාරයේ.</font>

27
00:04:39,946 --> 00:04:42,449
<font color="#ffde44">පේන විදියට එයාගේ වම් උරහිසට තමයි
වැඩිපුරම හානි වෙලා තියෙන්නේ.</font>

28
00:04:43,283 --> 00:04:45,952
<font color="#ffde44">පේන විදියට කාර් එක නතර කරන්න
එයාට පුළුවන් හැමදේම කරලා තියෙනවා.</font>

29
00:04:47,078 --> 00:04:48,079
<font color="#ffde44">අගමැති මින්.</font>

30
00:04:50,207 --> 00:04:51,208
<font color="#ffde44">පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?</font>

31
00:05:06,681 --> 00:05:09,266
<font color="#ffde44">අනතුරේ ෆොටෝ
සමාජ මාධ්‍ය පුරාම පැතිරිලා.</font>

32
00:05:09,267 --> 00:05:10,976
<font color="#ffde44">එයාගේ කැපී පේන වාහනේ හින්දා වැඩේ තවත් අවුල් ගියා.</font>

33
00:05:10,977 --> 00:05:13,145
<font color="#ffde44">මිස් සෝංට කොහොමද?</font>

34
00:05:13,146 --> 00:05:16,066
<font color="#ffde44">එයා තාමත් සිහිය නැතිව ඉන්නේ,
ඒත් ස්කෑන් රිපෝට්ස් නම් හොඳයි.</font>

35
00:05:16,900 --> 00:05:20,152
<font color="#ffde44">හ්ම්. ආරක්ෂක වාහනවල ෆොටෝස් එහෙමත්
පැතිරෙනවාද?</font>

36
00:05:20,153 --> 00:05:23,572
<font color="#ffde44">නැහැ. ඒවා අනතුර වුණ තැන ඉඳන්
ටිකක් දුරින් තිබුණේ,</font>

37
00:05:23,573 --> 00:05:25,407
<font color="#ffde44">ඒ වගේම අපි ඒවා දකින දකින වෙලාවට අයින් කරනවා.</font>

38
00:05:25,408 --> 00:05:26,492
<font color="#ffde44">ඒ ඇති වෙයි.</font>

39
00:05:26,493 --> 00:05:27,993
<font color="#ffde44">ගොඩක් බලපෑම් කරන්න ගියොත්...</font>

40
00:05:27,994 --> 00:05:29,287
<font color="#ffde44">ඔයා දැන් මොකක්ද කිව්වේ?</font>

41
00:05:33,166 --> 00:05:36,127
<font color="#ffde44">මේකට මිස් සෝං හී-ජූ ගාවා ගන්නේ
ඇයි?</font>

42
00:05:42,300 --> 00:05:44,302
<font color="#ffde44">ඔයා කියන්නේ මේ අනතුරට සම්බන්ධ,</font>

43
00:05:45,053 --> 00:05:47,848
<font color="#ffde44">රජතුමා හිටපු වාහනේ,
අයිති අර ගෑණු කෙනාට කියලද?</font>

44
00:05:54,729 --> 00:05:55,730
<font color="#ffde44">මව්රැජිණියනි .</font>

45
00:06:00,193 --> 00:06:01,236
<font color="#ffde44">ඔයා කොහෙද යන්නේ?</font>

46
00:06:04,489 --> 00:06:06,658
<font color="#ffde44">මම යන එන තැන් ඔයාට කියන්න ඕනෙද?</font>

47
00:06:12,163 --> 00:06:13,164
<font color="#ffde44">දැන් කරන්න තියෙන හොඳම දේ,</font>

48
00:06:14,165 --> 00:06:16,626
<font color="#ffde44">කොහෙවත් යන්නේ නැතුව ඉන්න එක.</font>

49
00:06:19,462 --> 00:06:22,090
<font color="#ffde44">මිනිස්සු දන්නවා
මේකට මිස් සෝංගේ වාහනේ සම්බන්ධයි කියලා.</font>

50
00:06:23,049 --> 00:06:24,133
<font color="#ffde44">ඉතින්?</font>

51
00:06:24,134 --> 00:06:25,968
<font color="#ffde44">"රජතුමා ඒ කාර් එකේ හිටියා.</font>

52
00:06:25,969 --> 00:06:28,304
<font color="#ffde44">ඊටපස්සේ මහා කුමාරයා එතුමාව බේරගන්න ගිහින්
අනතුරක් කළා,</font>

53
00:06:28,305 --> 00:06:31,725
<font color="#ffde44">ඒ අතරේ රථවාහන නීති ගණනාවක් කඩ කරමින්
ලොකු හානියකුත් කළා."</font>

54
00:06:32,350 --> 00:06:34,018
<font color="#ffde44">මේ දේවල් එළියට ගියොත්,</font>

55
00:06:34,019 --> 00:06:35,020
<font color="#ffde44">මේ හැමදේකම වැරැද්ද</font>

56
00:06:36,146 --> 00:06:37,230
<font color="#ffde44">තරුණ රජතුමා පිටින් යයි.</font>

57
00:06:39,065 --> 00:06:40,149
<font color="#ffde44">අගමැති මින්.</font>

58
00:06:40,150 --> 00:06:42,402
<font color="#ffde44">මම කියන්නේ මේකෙන්</font>

59
00:06:43,153 --> 00:06:44,279
<font color="#ffde44">එහෙම භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලයි.</font>

60
00:06:46,865 --> 00:06:48,533
<font color="#ffde44">ඔයා හදන්නේ අර ගෑණු කෙනාව බේරන්නද?</font>

61
00:06:50,160 --> 00:06:52,329
<font color="#ffde44">මම හදන්නේ කිරීටය බේරගන්න.</font>

62
00:07:00,503 --> 00:07:02,380
<font color="#ffc2c0"><b>ශල්‍යාගාර මධ්‍යස්ථානය</b></font>

63
00:07:03,798 --> 00:07:05,050
<font color="#ffde44">ලී
සුවය ලබමින්</font>

64
00:07:11,723 --> 00:07:13,058
<font color="#ffde44">ශල්‍යකර්මය සාර්ථකයි.</font>

65
00:07:13,558 --> 00:07:15,267
<font color="#ffde44">නිර්වින්දනය දැන් අඩු වෙලා තියෙන්නේ,</font>

66
00:07:15,268 --> 00:07:18,355
<font color="#ffde44">ඒ නිසා තව පැයකින් විතර
එයාව කාමරේට ගෙනියන්න පුළුවන් වෙයි.</font>

67
00:07:20,190 --> 00:07:22,399
<font color="#ffde44">මොනවා හරි අතුරු ආබාධ තියෙයිද?</font>

68
00:07:22,400 --> 00:07:26,570
<font color="#ffde44">මම අහලා තියෙනවා උරහිසේ සැත්කමකින් පස්සේ
අත පාවිච්චි කරන්න අමාරු වෙනවා කියලා.</font>

69
00:07:26,571 --> 00:07:29,239
<font color="#ffde44">ශල්‍යකර්මය කළේ අස්ථි බිඳීමක් හෝ
නිදන්ගත රෝගයක් නිසා නෙවෙයි,</font>

70
00:07:29,240 --> 00:07:30,367
<font color="#ffde44">ඒ නිසා එහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.</font>

71
00:07:31,034 --> 00:07:32,451
<font color="#ffde44">බය වෙන්න දෙයක් නැහැ.
ස්තුතියි.</font>

72
00:07:32,452 --> 00:07:34,287
<font color="#ffde44">ස්තුතියි වෛද්‍යතුමනි.
ස්තුතියි.</font>

73
00:07:35,705 --> 00:07:36,997
<font color="#ffde44">දෙවියන්ට ස්තුති වෙන්න.</font>

74
00:07:36,998 --> 00:07:38,291
<font color="#ffde44">ඒක නම් ලොකු සහනයක්.
ඔව්.</font>

75
00:08:03,566 --> 00:08:06,235
<font color="#ffde44">මිස් සෝං ඉන්න තට්ටුවේ
ආරක්ෂාව වැඩි කරමු.</font>

76
00:08:06,236 --> 00:08:08,070
<font color="#ffde44">අපේ ඔෆිස් එකෙන් කට්ටියව යවන්න.
හරි සර්.</font>

77
00:08:08,071 --> 00:08:10,030
<font color="#ffde44">එයාට සිහිය ආපු ගමන් මට කියන්න.</font>

78
00:08:10,031 --> 00:08:11,241
<font color="#ffde44">හරි සර්.</font>

79
00:08:24,504 --> 00:08:26,047
<font color="#ffde44">සෝං හී-ජූ</font>

80
00:09:04,002 --> 00:09:06,087
<font color="#ffde44">මිස් සෝං.</font>

81
00:09:08,715 --> 00:09:09,799
<font color="#ffde44">රජතුමනි?</font>

82
00:09:10,467 --> 00:09:12,260
<font color="#ffde44">ඔයාට සිහිය ආවද?</font>

83
00:09:15,472 --> 00:09:17,474
<font color="#ffde44">රජතුමනි! ඔයා හොඳින්ද?</font>

84
00:09:18,516 --> 00:09:19,850
<font color="#ffde44">කොහේ හරි කැඩිලද?</font>

85
00:09:21,519 --> 00:09:22,645
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

86
00:09:24,314 --> 00:09:27,192
<font color="#ffde44">මේ සේරම වුණේ
මම රවුමක් යන්න බල කරපු නිසයි.</font>

87
00:09:30,737 --> 00:09:31,738
<font color="#ffde44">අපොයි නැහැ.</font>

88
00:09:32,947 --> 00:09:34,991
<font color="#ffde44">රජතුමාටයි මටයි දෙන්නටම කරදරයක් නැහැනේ.</font>

89
00:09:39,079 --> 00:09:40,455
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, මහා කුමාරයා.</font>

90
00:09:41,164 --> 00:09:43,248
<font color="#ffde44">මහා කුමාරයා කොහෙද?
එයත් මෙහෙ ඉන්නවද?</font>

91
00:09:43,249 --> 00:09:44,917
<font color="#ffde44">කලබල වෙන්න එපා.</font>

92
00:09:44,918 --> 00:09:47,544
<font color="#ffde44">මාමාට සිහිය නැති වුණේ නැහැ.</font>

93
00:09:47,545 --> 00:09:50,006
<font color="#ffde44">එයා අඬන්නේ නැතුව
ශල්‍යාගාරයටත් ගියා.</font>

94
00:09:50,507 --> 00:09:52,633
<font color="#ffde44">ශල්‍යාගාරයට?</font>

95
00:09:52,634 --> 00:09:55,011
<font color="#ffde44">එයාගේ සැත්කමක් කරනවද?</font>

96
00:09:55,762 --> 00:09:58,264
<font color="#ffde44">ඔයාට වතුර ටිකක් බොන්න ඕනෙද?</font>

97
00:09:59,015 --> 00:10:00,599
<font color="#ffde44">සැත්කම ඉවරද?</font>

98
00:10:00,600 --> 00:10:01,601
<font color="#ffde44">ඔයා හොඳින්ද?</font>

99
00:10:03,937 --> 00:10:06,188
<font color="#ffde44">මම අහන්නේ, මොනවා හිතාගෙනද
එතනට පැන්නේ?</font>

100
00:10:06,189 --> 00:10:07,273
<font color="#ffde44">ඔයාට පිස්සුද?</font>

101
00:10:07,774 --> 00:10:10,984
<font color="#ffde44">මිස් සෝං, කුමාරයාට නිර්වින්දනයෙන්
සිහිය ආවා විතරයි...</font>

102
00:10:10,985 --> 00:10:12,612
<font color="#ffde44">ඔයාට ඔහොම...
පොඩ්ඩක් ඉන්න.</font>

103
00:10:13,404 --> 00:10:15,656
<font color="#ffde44">ඔයාගේ මූණත් තුවාල කරගෙනද?</font>

104
00:10:15,657 --> 00:10:17,826
<font color="#ffde44">ඔයාගේ එකම වත්කම ඒක විතරක් වෙද්දිත්?</font>

105
00:10:24,874 --> 00:10:25,875
<font color="#ffde44">අනේ මන්දා.</font>

106
00:10:27,252 --> 00:10:28,253
<font color="#ffde44">ඔයාට කොහොමද?</font>

107
00:10:32,507 --> 00:10:33,508
<font color="#ffde44">ඔයාට සිහිය නැතුව හිටියේ.</font>

108
00:10:36,594 --> 00:10:37,637
<font color="#ffde44">මම නම් හොඳින් ඉන්නවා.</font>

109
00:10:49,816 --> 00:10:50,817
<font color="#ffde44">මෙහෙට එන්න.</font>

110
00:10:56,030 --> 00:10:57,157
<font color="#ffde44">මට රිදෙනවා.</font>

111
00:11:26,311 --> 00:11:27,437
<font color="#ffde44">වෙන කොහෙ හරි තුවාලද?</font>

112
00:11:29,939 --> 00:11:30,940
<font color="#ffde44">මම හොඳින්.</font>

113
00:11:46,873 --> 00:11:48,791
<font color="#ffde44">ආයෙත් කවදාවත් ඒ වගේ පනින්න එපා.</font>

114
00:11:52,086 --> 00:11:54,672
<font color="#ffde44">මට උදව් කරන්න
ඔයා පරිස්සම් වෙලා ඉන්න ඕනේ.</font>

115
00:11:55,882 --> 00:11:57,841
<font color="#ffde44">මේ පාර නම් ඔයාගේ වෙලාව හොඳයි.</font>

116
00:11:57,842 --> 00:12:00,469
<font color="#ffde44">හිතන්නකෝ ඔයාගේ ජීවිතේට
අනතුරක් වුණා නම්...</font>

117
00:12:00,470 --> 00:12:02,931
<font color="#ffde44">ඔයා හිතනවාද මේක
බිත්තර පාරවල් ටිකකින් ඉවර වෙයි කියලා?</font>

118
00:12:03,473 --> 00:12:05,433
<font color="#ffde44">එහෙනම් මාව ඒ වගේ තත්ත්වයකට පත් කරන එක නවත්තන්න.</font>

119
00:12:08,519 --> 00:12:09,812
<font color="#ffde44">මට ඒක පොරොන්දු වෙන්න බැහැ.</font>

120
00:12:11,189 --> 00:12:12,357
<font color="#ffde44">එහෙනම් මටත් බැහැ.</font>

121
00:12:15,109 --> 00:12:18,029
<font color="#ffde44">ඔයා කතා කරන්නේ හරියට
මට පිස්සුවෙන් වගේ ආදරෙයි වගේනේ.</font>

122
00:12:21,074 --> 00:12:22,951
<font color="#ffde44">මේක තමයි ප්‍රවෘත්තිවල
ප්‍රධාන සිරස්තලය වෙන්න ඕනේ.</font>

123
00:12:36,047 --> 00:12:37,714
<font color="#ffde44">පැටියෝ, මේක හරි කියලා ශුවර්ද?</font>

124
00:12:37,715 --> 00:12:39,424
<font color="#ffde44">ඔව්, ඔයාට දැන් හරියනවා.</font>

125
00:12:39,425 --> 00:12:40,592
<font color="#ffde44">හරි.</font>

126
00:12:40,593 --> 00:12:43,679
<font color="#ffde44">දැන් එක අතක් පපුවෙන් තියාගන්න. නමස්තේ.</font>

127
00:12:43,680 --> 00:12:45,055
<font color="#ffde44">මොකක්? නමා-මොකක්ද?</font>

128
00:12:45,056 --> 00:12:46,556
<font color="#ffde44">නමස්තේ.</font>

129
00:12:46,557 --> 00:12:48,850
<font color="#ffde44">හරි. නමා...</font>

130
00:12:48,851 --> 00:12:50,436
<font color="#ffde44">තාත්තා</font>

131
00:12:51,271 --> 00:12:52,980
<font color="#ffde44">පැටියෝ, තාත්තා කතා කරනවා.
මොකක්?</font>

132
00:12:52,981 --> 00:12:54,606
<font color="#ffde44">දැන්? ඒ ඇයි?</font>

133
00:12:54,607 --> 00:12:56,484
<font color="#ffde44">ඔයා වැඩට ගියේ නැහැ කියලා එයා දන්නවද?
මළ කෙළියයි.</font>

134
00:12:59,404 --> 00:13:00,530
<font color="#ffde44">තාම 8.00ත් නැහැ.</font>

135
00:13:01,030 --> 00:13:02,864
<font color="#ffde44">ඒකත් ඇත්ත. ඔයා මොනවා හරි වැරැද්දක් කළාද?</font>

136
00:13:02,865 --> 00:13:03,866
<font color="#ffde44">නැහැ, මම මුකුත් කළේ නැහැ.</font>

137
00:13:04,409 --> 00:13:05,410
<font color="#ffde44">හලෝ, තාත්තා.</font>

138
00:13:06,327 --> 00:13:08,454
<font color="#ffde44">මොකක්? සෝං හී-ජූද කළේ?</font>

139
00:13:09,122 --> 00:13:11,207
<font color="#ffde44">මොන මගුලක්ද... පැටියෝ, ටීවී එක දාන්න.</font>

140
00:13:13,376 --> 00:13:14,377
<font color="#ffde44">හරි.</font>

141
00:13:15,169 --> 00:13:19,256
<font color="#ffde44">ඊයේ රෑ, ග්‍යොංගි පළාතේ පිටිසර පාරක
රිය අනතුරක් සිද්ධ වෙලා තියෙනවා.</font>

142
00:13:19,257 --> 00:13:21,258
<font color="#ffde44">වේගයෙන් ආපු ස්පෝට්ස් කාර් එකක්
ඔව්, පොඩ්ඩක් ඉන්න.</font>

143
00:13:21,259 --> 00:13:23,677
<font color="#ffde44">යාබද මංතීරුවේ තිබුණු වාහනයක
ගැටිලා තියෙනවා.</font>

144
00:13:23,678 --> 00:13:26,430
<font color="#ffde44">ස්පෝට්ස් කාර් එක එලවලා තියෙන්නේ
කැසල් බියුටි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෝං හී-ජූ</font>

145
00:13:26,431 --> 00:13:28,974
<font color="#ffde44">බවට හඳුනාගෙන ඇති අතර,
මෙය තවත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.</font>

146
00:13:28,975 --> 00:13:31,184
<font color="#ffde44">වාර්තා වන අන්දමට
මිස් සෝංගේ වාහනය</font>

147
00:13:31,185 --> 00:13:33,145
<font color="#ffde44">වේග සීමාවට වඩා පැයට කිලෝමීටර 50ක
වේගයකින් ධාවනය වී ඇත...</font>

148
00:13:33,146 --> 00:13:35,480
<font color="#ffde44">අපි දැන් මොකද කරන්නේ?
තාත්තා, අපි දැන්ම එහෙ එන්නම්.</font>

149
00:13:35,481 --> 00:13:38,234
<font color="#ffde44">පොලිසිය තවමත් මේ ගැන පරීක්ෂණ පවත්වනවා...
හරි.</font>

150
00:13:38,901 --> 00:13:39,944
<font color="#ffde44">ඔයාට මෙහෙට එන්න බැහැ.</font>

151
00:13:40,653 --> 00:13:43,071
<font color="#ffde44">සිරාවට? ගිය පාර දැක්කා
මාව මතක නැද්ද?</font>

152
00:13:43,072 --> 00:13:44,823
<font color="#ffde44">මම කැසල් බියුටි එකේ එයාගේ සහකාරිය.</font>

153
00:13:44,824 --> 00:13:46,450
<font color="#ffde44">බැහැ. කරුණාකරලා පස්සට යන්න.</font>

154
00:13:46,451 --> 00:13:48,244
<font color="#ffde44">මේක නම් මට පිස්සු හදනවා.</font>

155
00:13:49,287 --> 00:13:50,329
<font color="#ffde44">එහෙනම් එයාට දෙන්නේ?</font>

156
00:13:53,041 --> 00:13:56,044
<font color="#ffde44">අනේ මන්දා! ඇයි ඔයා හැමතිස්සෙම මාව විතරක් නවත්වන්නේ?</font>

157
00:13:56,878 --> 00:13:58,170
<font color="#ffde44">මිස් සෝං!</font>

158
00:13:58,171 --> 00:13:59,881
<font color="#ffde44">මිස් දෝ, මෙහෙට එන්න.</font>

159
00:14:01,507 --> 00:14:02,675
<font color="#ffde44">එයා මාත් එක්ක ඉන්නේ.</font>

160
00:14:03,885 --> 00:14:05,678
<font color="#ffde44">ඒ මෝඩයෝ නම් එපා වෙනවා.</font>

161
00:14:07,138 --> 00:14:08,139
<font color="#ffde44">හිතාගන්නත් බැහැ.</font>

162
00:14:09,348 --> 00:14:10,391
<font color="#ffde44">ඇයි ඒගොල්ලෝ දිගටම...</font>

163
00:14:12,852 --> 00:14:15,354
<font color="#ffde44">මම කිව්වනේ මට මුකුත් වෙලා නැහැ කියලා.</font>

164
00:14:15,897 --> 00:14:17,272
<font color="#ffde44">බය වෙන්න දේකුත් නැහැ.</font>

165
00:14:17,273 --> 00:14:19,233
<font color="#ffde44">මම සම්පූර්ණයෙන්ම හොඳින්.</font>

166
00:14:19,984 --> 00:14:21,194
<font color="#ffde44">ඔයා මේක විසඳනවා නේද?</font>

167
00:14:25,239 --> 00:14:26,782
<font color="#ffde44">සජීවී 3-මිනිත්තු ප්‍රස්ථාරය</font>

168
00:14:26,783 --> 00:14:28,950
<font color="#ffde44">මේ සේරම සැලැස්මේ කොටසක් නේද?</font>

169
00:14:28,951 --> 00:14:32,246
<font color="#ffde44">සභාපතිතුමාට හොඳටම තරහා ගිහින්.
රෝහලෙන් පිටවුණ ගමන් ඔයාව හම්බවෙන්න ඕනෙලු.</font>

170
00:14:34,415 --> 00:14:35,582
<font color="#ffde44">මට තුවාල වුණා කියලා එයා දන්නවද?</font>

171
00:14:35,583 --> 00:14:36,834
<font color="#ffde44">අනිවාර්යෙන්ම...</font>

172
00:14:40,755 --> 00:14:42,297
<font color="#ffde44">එයා දන්නවා.</font>

173
00:14:42,298 --> 00:14:44,092
<font color="#ffde44">එහෙම වෙලත්, එක වචනයක්වත් නැද්ද?</font>

174
00:14:44,926 --> 00:14:46,803
<font color="#ffde44">තාත්තාගෙන්වත්, සෝං තේ-ජූගෙන්වත් නැද්ද?</font>

175
00:14:49,305 --> 00:14:51,807
<font color="#ffde44">මම අහන්නේ, ඔයා කොහොමද
ඔය අනතුරට මුහුණ දුන්නේ?</font>

176
00:14:54,018 --> 00:14:55,977
<font color="#ffde44">බීලද වාහනේ එලෙව්වේ?
නැහැ, මම බීලා හිටියේ නැහැ.</font>

177
00:14:55,978 --> 00:14:57,021
<font color="#ffde44">මම දිවුරලා කියනවා එහෙම කළේ නැහැ.</font>

178
00:14:58,147 --> 00:15:01,483
<font color="#ffde44">එහෙනම් ඔයා නිකමට ආතල් එකටද
වේගයෙන් ගියේ?</font>

179
00:15:02,860 --> 00:15:04,486
<font color="#ffde44">ඔයා හිතන්නේ මට පිස්සු කියලද?</font>

180
00:15:04,487 --> 00:15:06,697
<font color="#ffde44">නිකමට ආතල් එකට
වේගයෙන් යන්න?</font>

181
00:15:08,407 --> 00:15:09,951
<font color="#ffde44">කාර් එක එකපාරටම වේගයෙන් ගියා.</font>

182
00:15:10,868 --> 00:15:12,662
<font color="#ffde44">බ්‍රේක් වත් මුකුත් වැඩ කළේ නැහැ.</font>

183
00:15:14,080 --> 00:15:15,081
<font color="#ffde44">මොන මගුලක්ද...</font>

184
00:15:16,666 --> 00:15:20,253
<font color="#ffde44">එහෙනම් මම ඉස්සෙල්ලාම ඩෑෂ්කෑම් වීඩියෝ එකත් එක්ක
මාධ්‍ය නිවේදනයක් ලෑස්ති කරන්නම්.</font>

185
00:15:20,837 --> 00:15:22,879
<font color="#ffde44">එහෙම බැහැ.
ඇයි බැරි?</font>

186
00:15:22,880 --> 00:15:24,715
<font color="#ffde44">කොහොමත් බැහැ.</font>

187
00:15:28,261 --> 00:15:29,846
<font color="#ffde44">මාත් එක්ක රජතුමා හිටියා.</font>

188
00:15:30,513 --> 00:15:31,514
<font color="#ffde44">රජතුමා?</font>

189
00:15:32,515 --> 00:15:33,933
<font color="#ffde44">ඒ කියන්නේ අපේ රජතුමාද?</font>

190
00:15:35,643 --> 00:15:37,520
<font color="#ffde44">පරීක්ෂණය ප්‍රසිද්ධියේ කෙරෙන එකක් නැහැ.</font>

191
00:15:43,484 --> 00:15:44,568
<font color="#ffde44">මළ කරුමයක්නේ.</font>

192
00:15:44,569 --> 00:15:45,903
<font color="#ffde44">මේක ඉවරයක් වෙන්නේ නැහැනේ!</font>

193
00:15:50,241 --> 00:15:51,450
<font color="#ffde44">අපි මේ ගැන ආයෙත් හිතමු.</font>

194
00:15:52,451 --> 00:15:54,452
<font color="#ffde44">මොකක් ගැන හිතන්නද?
මේ විවාහය ගැන.</font>

195
00:15:54,453 --> 00:15:55,663
<font color="#ffde44">ඔයාට මේක නවත්වන්න බැරිද?</font>

196
00:15:56,372 --> 00:15:59,457
<font color="#ffde44">ඔයා ඇත්තටම දැන් ඕක ගැනද කතා කරන්නේ?</font>

197
00:15:59,458 --> 00:16:02,752
<font color="#ffde44">කුමාරයා ඔයාගේ ජීවිතේට ආව දවසේ ඉඳන්
කරදර විතරමයි.</font>

198
00:16:02,753 --> 00:16:05,046
<font color="#ffde44">පොඩි ප්‍රශ්නයක් හින්දා
ඔයාගේම  ගෙදර දොරකඩදී  බිත්තරවලින් ගැහුවා.</font>

199
00:16:05,047 --> 00:16:07,716
<font color="#ffde44">මාලිගාවේ වැරදි පාරක ගියා කියලා
ඔයාව ගිනි තබන්නෙක් කළා.</font>

200
00:16:07,717 --> 00:16:10,302
<font color="#ffde44">මේ පාර, ඔයා මැරෙන්නම ගියා.</font>

201
00:16:10,303 --> 00:16:12,596
<font color="#ffde44">මහා කුමාරයා තමයි
මාව බේරගත්තේ.</font>

202
00:16:12,597 --> 00:16:14,307
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, එයාද ඔයාව බේරගත්තේ?</font>

203
00:16:15,266 --> 00:16:17,310
<font color="#ffde44">ඇයි ඔයාලා දෙන්නා මේකට මෙච්චර පැටලෙන්නේ?</font>

204
00:16:18,019 --> 00:16:19,311
<font color="#ffde44">ඔයා මොකක්ද අදහස් කළේ?</font>

205
00:16:19,312 --> 00:16:21,938
<font color="#ffde44">මම කිව්වේ, ඇයි ඔයාලා දෙන්නා මේක වැඩියෙන් කරන්නේ?</font>

206
00:16:21,939 --> 00:16:23,815
<font color="#ffde44">කොහොමත් ඔයාලා අවුරුදු තුනකින් දික්කසාද වෙනවානේ.</font>

207
00:16:23,816 --> 00:16:25,025
<font color="#ffde44">"දික්කසාද වෙනවා"?</font>

208
00:16:27,737 --> 00:16:28,738
<font color="#ffde44">ජොං-වූ.</font>

209
00:16:48,216 --> 00:16:49,508
<font color="#ffde44">ඔයා කොහෙන්ද කඩාපාත් වුණේ?</font>

210
00:16:50,134 --> 00:16:51,677
<font color="#ffde44">ඔයාගේ රස්සාව විනෝදජනකද?</font>

211
00:16:52,511 --> 00:16:53,803
<font color="#ffde44">මොකක්?</font>

212
00:16:53,804 --> 00:16:55,139
<font color="#ffde44">මාලිගාවේ වැඩ කරන එක.</font>

213
00:16:55,765 --> 00:16:56,849
<font color="#ffde44">ආ, මාලිගාවේද?</font>

214
00:16:57,683 --> 00:16:58,684
<font color="#ffde44">මේකනේ...</font>

215
00:16:59,185 --> 00:17:01,604
<font color="#ffde44">ඇයි? ඔයත් එහේ වැඩ කරන්නද හදන්නේ?</font>

216
00:17:02,730 --> 00:17:03,731
<font color="#ffde44">වාව්.</font>

217
00:17:05,942 --> 00:17:07,568
<font color="#ffde44">මිස් සෝං මාලිගාවට ගියාම...</font>

218
00:17:12,198 --> 00:17:13,407
<font color="#ffde44">මාත් එයා පස්සෙන් යනවා.</font>

219
00:17:21,457 --> 00:17:22,625
<font color="#ffde44">මාර ආකර්ෂණීයයි.</font>

220
00:17:34,387 --> 00:17:35,638
<font color="#ffde44">ඔයා කිව්වේ ඒක අවංක එකක් කියලා.</font>

221
00:17:36,264 --> 00:17:37,681
<font color="#ffde44">ඒ ඔක්කොම බොරුද?</font>

222
00:17:37,682 --> 00:17:40,475
<font color="#ffde44">මම ඒක සම්පූර්ණ බොරුවක් කියන්නෙත් නැහැ...</font>

223
00:17:40,476 --> 00:17:42,227
<font color="#ffde44">සෝං හී-ජූ.</font>

224
00:17:42,228 --> 00:17:43,813
<font color="#ffde44">ඒක හරියට වාසියට කරගන්න විවාහයක් වගේ.</font>

225
00:17:44,355 --> 00:17:45,856
<font color="#ffde44">සේවාවන් හුවමාරු කරගැනීමක් විතරයි.</font>

226
00:17:46,482 --> 00:17:48,400
<font color="#ffde44">ඒ වගේ මිනිස්සු ඔයා ඕනතරම් දන්නවා ඇතිනේ.</font>

227
00:17:48,401 --> 00:17:49,943
<font color="#ffde44">ඒක ලොකු දෙයක් කරගන්න එපා.</font>

228
00:17:49,944 --> 00:17:51,237
<font color="#ffde44">ඒක සම්පූර්ණයෙන්ම වෙනස්.</font>

229
00:17:51,821 --> 00:17:52,862
<font color="#ffde44">ඒ කොහොමද?</font>

230
00:17:52,863 --> 00:17:55,241
<font color="#ffde44">මාලිගාව කොච්චර භයානකද කියලා
ඔයා දන්නේ නැද්ද?</font>

231
00:17:55,866 --> 00:17:57,785
<font color="#ffde44">මේ අනතුරත්...
මම හොඳින්.</font>

232
00:17:59,203 --> 00:18:01,205
<font color="#ffde44">මම ඒක දන්නේ නැතුව යෝජනා කළා කියලද හිතන්නේ?</font>

233
00:18:01,914 --> 00:18:02,999
<font color="#ffde44">ඔයාද එයාට යෝජනා කළේ?</font>

234
00:18:04,250 --> 00:18:06,877
<font color="#ffde44">ඔව්. තුන්පාරක් විතර මාව ප්‍රතික්ෂේප කළා.</font>

235
00:18:14,719 --> 00:18:15,720
<font color="#ffde44">අහන්නකෝ.</font>

236
00:18:16,304 --> 00:18:18,097
<font color="#ffde44">තත්ත්වය ඇරෙන්න මට අනිත් හැමදේම තියෙනවා.</font>

237
00:18:18,598 --> 00:18:20,599
<font color="#ffde44">මට සල්ලි, දක්ෂතාවය, සහ අභිලාෂය තියෙනවා,</font>

238
00:18:20,600 --> 00:18:22,393
<font color="#ffde44">ඒත් මට නැත්තේ ඔය කියන තත්ත්වය විතරයි.</font>

239
00:18:22,893 --> 00:18:24,186
<font color="#ffde44">මට ඒකත් තිබුණා නම්...</font>

240
00:18:25,938 --> 00:18:27,897
<font color="#ffde44">මම කිව්වේ, ඇයි මට ඒකත් ලබාගන්න බැරි?</font>

241
00:18:27,898 --> 00:18:28,982
<font color="#ffde44">එච්චරද?</font>

242
00:18:33,154 --> 00:18:34,989
<font color="#ffde44">ඔයා එයාව බඳින්න ඕනෙ කියන හේතුව.</font>

243
00:18:35,865 --> 00:18:37,283
<font color="#ffde44">ඔය තත්ත්වය ලබාගන්න එක විතරද හේතුව?</font>

244
00:18:38,909 --> 00:18:40,411
<font color="#ffde44">වෙන මොනවා තියෙන්නද?</font>

245
00:18:53,674 --> 00:18:54,675
<font color="#ffde44">එහෙනම් ඒක මාත් එක්ක කරන්න.</font>

246
00:18:56,010 --> 00:18:57,219
<font color="#ffde44">මොකක්ද?</font>

247
00:18:57,763 --> 00:19:00,848
<font color="#ffde44">ඒ වෙනුවට මාව බඳින්න.</font>

248
00:19:04,143 --> 00:19:05,311
<font color="#ffde44">එහෙම කරන්න බැහැ.</font>

249
00:19:06,854 --> 00:19:09,523
<font color="#ffde44">සැත්කමක් කරපු මහා කුමාරයා,
මාලිගාවට ආපහු එනවා.</font>

250
00:19:10,650 --> 00:19:12,359
<font color="#ffde44">එහෙනම් අනිවාර්යයෙන්ම රජතුමාත් එන්න ඕනේ.</font>

251
00:19:12,360 --> 00:19:14,110
<font color="#ffde44">ඒත්, රැජිනියෙනි...</font>

252
00:19:14,111 --> 00:19:15,945
<font color="#ffde44">රජතුමා මිනිස්සුන්ට නොපෙනී හිටියොත්,</font>

253
00:19:15,946 --> 00:19:18,616
<font color="#ffde44">මිනිස්සු හිතයි
ඒගොල්ලන්ට රජෙක් ඕනේ නැහැ කියලා.</font>

254
00:19:21,452 --> 00:19:22,662
<font color="#ffde44">ඔයා ඒකට එකඟ නැද්ද?</font>

255
00:19:24,789 --> 00:19:26,290
<font color="#ffde44">මම එකඟයි.</font>

256
00:19:32,421 --> 00:19:35,090
<font color="#ffde44">මහා කුමාරයාණෙනි, මම රෝහලෙන් පිටවුණා...</font>

257
00:19:35,091 --> 00:19:36,092
<font color="#ffde44">ආ?</font>

258
00:19:40,221 --> 00:19:41,972
<font color="#ffde44">එයාව දැනටමත් රෝහලෙන් පිටත් කරලද?</font>

259
00:19:48,062 --> 00:19:50,773
<font color="#ffde44">උතුමාණෙනි,
මින් අගමැතිතුමා ඇවිත් ඉන්නවා.</font>

260
00:19:53,693 --> 00:19:54,777
<font color="#ffde44">එයාව ඇතුළට එවන්න.</font>

261
00:19:58,823 --> 00:19:59,824
<font color="#ffde44">උතුමාණෙනි.</font>

262
00:20:01,701 --> 00:20:02,743
<font color="#ffde44">ඔයාලා හැමෝම දැන් යන්න.</font>

263
00:20:26,976 --> 00:20:28,060
<font color="#ffde44">ඒ කියන්නේ,</font>

264
00:20:28,602 --> 00:20:32,815
<font color="#ffde44">එයා රෝහලෙන් පිටත් වුණා නම්
අඩුම තරමේ මට කියන්නවත් එපැයි.</font>

265
00:20:33,691 --> 00:20:36,110
<font color="#ffde44">විවාහ ජීවිතේකට නම් මේක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.</font>

266
00:20:37,570 --> 00:20:39,488
<font color="#ffde44">එයා රෝහලේදී මුකුත් කිව්වේ නැද්ද?</font>

267
00:20:39,989 --> 00:20:40,990
<font color="#ffde44">කවද්ද?</font>

268
00:20:41,532 --> 00:20:43,951
<font color="#ffde44">මම එයාව අන්තිමට දැක්කේ
අද පාන්දර.</font>

269
00:20:44,493 --> 00:20:45,494
<font color="#ffde44">මොකක්?</font>

270
00:20:57,423 --> 00:20:59,466
<font color="#ffde44">ඒත් එයා කලින් ඔයාගේ කාමරේ
එළියේ හිටියනේ.</font>

271
00:20:59,467 --> 00:21:02,135
<font color="#ffde44">මගේ කාමරේ? කවද්ද?</font>

272
00:21:02,136 --> 00:21:04,054
<font color="#ffde44">මින් අගමැතිතුමා ආපු වෙලාවේ.</font>

273
00:21:05,222 --> 00:21:06,639
<font color="#ffde44">එහෙනම් ඒක මාත් එක්ක කරන්න.</font>

274
00:21:06,640 --> 00:21:09,017
<font color="#ffde44">ඒ වෙනුවට මාව කසාද බඳින්න.</font>

275
00:21:17,109 --> 00:21:19,862
<font color="#ffde44">ආ?</font>

276
00:21:21,572 --> 00:21:23,281
<font color="#ffde44">එතකොට ඔයා කියන්නේ</font>

277
00:21:23,282 --> 00:21:26,534
<font color="#ffde44">උතුමාණන් විසින් සොං මෙනවියව
එළවලා දැම්මා කියලද?</font>

278
00:21:26,535 --> 00:21:29,497
<font color="#ffde44">ඒක මේ... හරියටම කිව්වොත්...</font>

279
00:21:30,289 --> 00:21:31,748
<font color="#ffde44">එයා ඔයාට ගෙදර යන්න කිව්වා.</font>

280
00:21:31,749 --> 00:21:33,875
<font color="#ffde44">දෙකම එකයිනේ!</font>

281
00:21:38,547 --> 00:21:39,714
<font color="#ffde44">කුමරු</font>

282
00:21:39,715 --> 00:21:41,341
<font color="#ffde44">එයා මේ විහිළුවක්ද කරන්නේ?</font>

283
00:21:49,183 --> 00:21:51,644
<font color="#ffde44">ආර්යාවෙනි! පොඩ්ඩක් ඉන්න, ආර්යාවෙනි.</font>

284
00:21:53,604 --> 00:21:54,605
<font color="#ffde44">කමක් නැහැ.</font>

285
00:21:55,356 --> 00:21:57,233
<font color="#ffde44">මේ ගෙදර ස්වාමියා
දැනටමත් තීරණයක් අරගෙනනේ.</font>

286
00:21:58,234 --> 00:21:59,527
<font color="#ffde44">ඒක නෙවෙයි.</font>

287
00:22:02,154 --> 00:22:03,155
<font color="#ffde44">හෝපේ එක.</font>

288
00:22:04,365 --> 00:22:05,533
<font color="#ffde44">එයා ඒක ආපහු ඉල්ලනවා.</font>

289
00:22:53,247 --> 00:22:56,417
<font color="#ffffff"><b>කනිෂ්ඨ ආදි ශිෂ්‍යයා</b></font>

290
00:23:08,429 --> 00:23:09,430
<font color="#ffde44">එච්චරද?</font>

291
00:23:11,307 --> 00:23:13,350
<font color="#ffde44">ඔයා එයාව කසාද බඳින්න හදන හේතුව.</font>

292
00:23:13,976 --> 00:23:15,269
<font color="#ffde44">තරාතිරම විතරද ඔයාට වැදගත් වෙන්නේ?</font>

293
00:23:15,811 --> 00:23:16,979
<font color="#ffde44">වෙන මොනවා තියෙන්නද?</font>

294
00:23:17,730 --> 00:23:18,981
<font color="#ffde44">එහෙනම් ඒක මාත් එක්ක කරන්න.</font>

295
00:23:20,357 --> 00:23:22,484
<font color="#ffde44">ඒ වෙනුවට මාව කසාද බඳින්න.</font>

296
00:23:41,879 --> 00:23:43,255
<font color="#ffde44">මගේ මූණටම කියන්න.</font>

297
00:23:44,173 --> 00:23:45,174
<font color="#ffde44">මොකක් වුණත්.</font>

298
00:24:20,709 --> 00:24:24,421
<font color="#ffde44">මට ඔයාට කවදාවත් උගන්වන්න වෙන්නේ නැති එක
ලොකු සහනයක්.</font>

299
00:24:28,801 --> 00:24:30,970
<font color="#ffde44">ගුරුවරයෙක් කොච්චර දක්ෂ වුණත්,</font>

300
00:24:31,470 --> 00:24:34,974
<font color="#ffde44">උගන්වන්න බැරි දේවල්
තියෙනවා.</font>

301
00:24:39,353 --> 00:24:40,521
<font color="#ffde44">මොකක් කිව්වා?</font>

302
00:24:51,824 --> 00:24:55,244
<font color="#ffde44">උතුමාණෙනි,
සොං හීජූ මෙනවිය ඇවිත් ඉන්නවා.</font>

303
00:24:57,079 --> 00:24:58,622
<font color="#ffde44">ඔයාට දැනටමත් එළියට යන්න අවසර දුන්නද?</font>

304
00:25:01,917 --> 00:25:02,918
<font color="#ffde44">ඔයා හොයන්නේ ඒකද?</font>

305
00:25:08,632 --> 00:25:10,217
<font color="#ffde44">ඔයා ඇයි මාව එළවලා දැම්මේ?</font>

306
00:25:11,260 --> 00:25:12,553
<font color="#ffde44">මව් රැජින නිසාද?</font>

307
00:25:16,890 --> 00:25:17,891
<font color="#ffde44">එහෙමත් නැත්නම්...</font>

308
00:25:18,976 --> 00:25:20,102
<font color="#ffde44">ජොන්ග්-වූ නිසාද?</font>

309
00:25:21,729 --> 00:25:22,730
<font color="#ffde44">එයාට මොකද?</font>

310
00:25:25,232 --> 00:25:26,983
<font color="#ffde44">ඔයාට මොනවා හරි ඇහුණේ නැද්ද?</font>

311
00:25:26,984 --> 00:25:28,068
<font color="#ffde44">මොනවා?</font>

312
00:25:29,236 --> 00:25:30,237
<font color="#ffde44">ඕක අමතක කරන්න.</font>

313
00:25:31,947 --> 00:25:34,157
<font color="#ffde44">එහෙනම් ඇයි මාව එළවලා දැම්මේ?</font>

314
00:25:34,158 --> 00:25:36,869
<font color="#ffde44">මේ දේවල් වලට සහභාගි වෙනවද නැද්ද කියලා තීරණය කරන්න කලින්
මම දැනගන්න ඕනේ මෙතන මොකද වෙන්නේ කියලා.</font>

315
00:25:39,621 --> 00:25:41,206
<font color="#ffde44">කවුරුහරි ඔයාගේ කාර් එකට මොනවා හරි කරලා.</font>

316
00:25:42,541 --> 00:25:44,001
<font color="#ffde44">ඒකයි අනතුරට හේතුවෙලා තියෙන්නේ.</font>

317
00:25:47,880 --> 00:25:49,006
<font color="#ffde44">කවුද?</font>

318
00:25:49,673 --> 00:25:50,716
<font color="#ffde44">ඒ ගැන පරීක්ෂණ කරනවා.</font>

319
00:25:51,759 --> 00:25:52,885
<font color="#ffde44">අපි එයාලව අල්ලගන්නවා.</font>

320
00:25:55,345 --> 00:25:56,346
<font color="#ffde44">ඒ නිසා,</font>

321
00:25:57,890 --> 00:25:59,348
<font color="#ffde44">මම සැලසුම වෙනස් කරනවා.</font>

322
00:26:02,770 --> 00:26:03,771
<font color="#ffde44">අපි...</font>

323
00:26:08,025 --> 00:26:09,068
<font color="#ffde44">මේ කසාදෙ නවත්තමු.</font>

324
00:26:14,782 --> 00:26:16,992
<font color="#ffde44">මොකක්... මොකක්ද ඒ කිව්වේ?</font>

325
00:26:19,411 --> 00:26:21,497
<font color="#ffde44">මොකක් නවත්තනවා කියලද කිව්වේ?</font>

326
00:26:23,332 --> 00:26:24,333
<font color="#ffde44">කසාදෙ.</font>

327
00:26:26,919 --> 00:26:28,128
<font color="#ffde44">ඒත් ඇයි?</font>

328
00:26:28,879 --> 00:26:30,588
<font color="#ffde44">මව් රැජිනද එහෙම කරන්න කිව්වේ?</font>

329
00:26:30,589 --> 00:26:32,256
<font color="#ffde44">අනතුර නිසාද?</font>

330
00:26:32,257 --> 00:26:34,384
<font color="#ffde44">ඒක වුණේ
රජතුමා දැඩිව හිටපු නිසයි.</font>

331
00:26:35,010 --> 00:26:37,386
<font color="#ffde44">අනික කවුරුහරි මගේ කාර් එකට මොනවා හරි කරලා කියලත් ඔයා කිව්වා.</font>

332
00:26:37,387 --> 00:26:39,430
<font color="#ffde44">එතකොට මාත් වින්දිතයෙක් වෙනවනේ.</font>

333
00:26:39,431 --> 00:26:40,432
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

334
00:26:42,184 --> 00:26:43,560
<font color="#ffde44">අන්න ඒ නිසයි අපි මේක නවත්තන්න ඕනේ.</font>

335
00:26:47,064 --> 00:26:49,024
<font color="#ffde44">මම ඔයා වගේ කෙනෙක්ව කසාද බැන්දොත්</font>

336
00:26:49,900 --> 00:26:52,152
<font color="#ffde44">හැම නීතියක්ම කඩන
හැමතැනම හතුරෝ ඉන්න...</font>

337
00:26:54,655 --> 00:26:56,532
<font color="#ffde44">කිරීටය අනිවාර්යයෙන්ම බිඳ වැටෙනවා.</font>

338
00:27:15,384 --> 00:27:19,011
<font color="#ffde44">තාත්තේ, මේක බරපතල අනතුරක්.</font>

339
00:27:19,012 --> 00:27:20,429
<font color="#ffde44">මේ බලන්න.</font>

340
00:27:20,430 --> 00:27:23,224
<font color="#ffde44">දෙවියනේ, එයා වාහනේ එලවලා තියෙන්නෙත්
පාරේ අනිත් පැත්තෙන්නේ.</font>

341
00:27:23,225 --> 00:27:25,518
<font color="#ffde44">මට හිතෙන විදිහට, එක්කෝ එයා බීලා.</font>

342
00:27:25,519 --> 00:27:27,980
<font color="#ffde44">එහෙම නැත්නම්, සැර මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා.
දැන් කාලේ මෙහෙම...</font>

343
00:27:29,523 --> 00:27:30,606
<font color="#ffde44">හරි.</font>

344
00:27:30,607 --> 00:27:33,651
<font color="#ffde44">ඒ කියන්නේ, එයා කොහොමත්
අවධානය ගන්න හරිම කෑදරයි.</font>

345
00:27:33,652 --> 00:27:37,280
<font color="#ffde44">ඉ-ආන් කුමරුත් එක්ක සම්බන්ධයක් තියෙන නිසා,
එයා දැන් නියම හොට් ටොමැටෝ එකක් වෙලා.</font>

346
00:27:37,281 --> 00:27:38,323
<font color="#ffde44">අනික...
පොටේටෝ.</font>

347
00:27:39,491 --> 00:27:41,868
<font color="#ffde44">ඒක "හොට් පොටේටෝ".
හරියට අලුතින් පුළුස්සපු අලයක් වගේ.</font>

348
00:27:41,869 --> 00:27:43,287
<font color="#ffde44">ආ, හරි. පොටේටෝ.</font>

349
00:27:43,787 --> 00:27:44,913
<font color="#ffde44">ඉතින්, දැන්...</font>

350
00:27:45,497 --> 00:27:46,956
<font color="#ffde44">බබා, ඒක අදාළද?</font>

351
00:27:46,957 --> 00:27:48,750
<font color="#ffde44">ටොමැටෝ වුණත් පොටේටෝ වුණත්. දෙකම එකයි.</font>

352
00:27:49,293 --> 00:27:50,377
<font color="#ffde44">සමහර වෙලාවට, ඔයා හරීම...</font>

353
00:27:51,086 --> 00:27:56,132
<font color="#ffde44">කොහොම වුණත් තාත්තේ, මේක සම්පූර්ණයෙන්ම
හිමිකරුට සම්බන්ධ ලොකු අවදානමක්.</font>

354
00:27:56,133 --> 00:27:58,634
<font color="#ffde44">පහුගිය දවස් ටිකේම කොටස් වෙළඳපොළේ අපේ අගය
ඉහළ ගිය හැටි ඔයා දැක්කනේ.</font>

355
00:27:58,635 --> 00:28:00,428
<font color="#ffde44">ඒත් දැන් ඒක එකපාරටම කඩාගෙන වැටුණා නේද?</font>

356
00:28:00,429 --> 00:28:02,639
<font color="#ffde44">මේ යන විදිහට, කාසල් බියුටි එකටත්...</font>

357
00:28:04,057 --> 00:28:05,309
<font color="#ffde44">ඉතින් මොකක්ද?</font>

358
00:28:08,228 --> 00:28:09,854
<font color="#ffde44">ඔයාට බියුටි එක බාරගන්න ඕනෙද?</font>

359
00:28:09,855 --> 00:28:11,899
<font color="#ffde44">ඔයා අයියත් එක්ක කතා කරන විදිහද ඔය?</font>

360
00:28:12,524 --> 00:28:14,275
<font color="#ffde44">මොකක්ද ප්‍රශ්නේ?</font>

361
00:28:14,276 --> 00:28:16,111
<font color="#ffde44">මේක ඉක්මනින් ඉවර කරමු. මම කාර්යබහුලයි.</font>

362
00:28:18,530 --> 00:28:19,865
<font color="#ffde44">මට පැහැදිලි කරන්න.</font>

363
00:28:22,075 --> 00:28:23,869
<font color="#ffde44">පැහැදිලි කරන්න මොනවද තියෙන්නේ?</font>

364
00:28:24,828 --> 00:28:26,203
<font color="#ffde44">ඔයාලට පේන දේ තමයි වෙලා තියෙන්නේ.</font>

365
00:28:26,204 --> 00:28:27,789
<font color="#ffde44">මේකේ ප්‍රතිඵල භාරගන්න ඔයාට පුළුවන්ද?</font>

366
00:28:28,290 --> 00:28:29,958
<font color="#ffde44">අපි ඉක්මනින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා.</font>

367
00:28:31,335 --> 00:28:32,336
<font color="#ffde44">මත්පැන්වත්</font>

368
00:28:33,253 --> 00:28:34,837
<font color="#ffde44">මත්ද්‍රව්‍යවත් මේකට සම්බන්ධ නෑ.</font>

369
00:28:34,838 --> 00:28:36,798
<font color="#ffde44">මට ඇහුණා ඔයාගේ බඩු ඔක්කොම</font>

370
00:28:37,591 --> 00:28:39,092
<font color="#ffde44">අද එයාගේ ගෙදරින් අයින් කළා කියලා.</font>

371
00:28:39,760 --> 00:28:41,677
<font color="#ffde44">ඔයා මගේ පස්සෙන් ඔත්තුකාරයෝ දැම්මද?</font>

372
00:28:41,678 --> 00:28:43,346
<font color="#ffde44">ඉස්සෙල්ලා කරපු දේ පැහැදිලි කරන්න!</font>

373
00:28:46,975 --> 00:28:48,769
<font color="#ffde44">මේක නිකම් ආදරවන්තයින්ගේ රණ්ඩුවක් විතරයි.</font>

374
00:28:50,062 --> 00:28:51,145
<font color="#ffde44">සෑහීමකට පත් වුණාද?</font>

375
00:28:51,146 --> 00:28:52,730
<font color="#ffde44">ඔයා ඔයාටම ව්‍යාපාරික කාන්තාවක් කියලා කියාගන්නවා,</font>

376
00:28:52,731 --> 00:28:54,899
<font color="#ffde44">ඒත් ඔයාව පාවිච්චි කරනවා කියලා
ඔයාට තේරෙන්නෙවත් නෑ.</font>

377
00:28:54,900 --> 00:28:57,277
<font color="#ffde44">මහා කුමරු ඔයාව
උපරිමයෙන්ම පාවිච්චි කරලා තියෙනවා.</font>

378
00:28:58,695 --> 00:29:02,240
<font color="#ffde44">එයා තරාතිරම ගැන හිතන්නේ නැති, රජකමට
කිසිම කෑදරකමක් නැති කෙනෙක් වගේ රඟපෑවා.</font>

379
00:29:03,033 --> 00:29:04,993
<font color="#ffde44">එයාට දැන් හැමදේම ලැබිලා තියෙන නිසා...</font>

380
00:29:07,996 --> 00:29:09,497
<font color="#ffde44">එයා ඔයාව විසි කරලා දානවා.</font>

381
00:29:12,376 --> 00:29:13,377
<font color="#ffde44">ඉතින් මොකද?</font>

382
00:29:15,170 --> 00:29:16,463
<font color="#ffde44">මොකක්ද ප්‍රශ්නේ?</font>

383
00:29:18,423 --> 00:29:20,008
<font color="#ffde44">ඒ සෙල්ලම දෙන්නටම කරන්න පුළුවන්.</font>

384
00:29:21,551 --> 00:29:24,221
<font color="#ffde44">ආරංචිය නිසා අපේ කොටස් වල වටිනාකම
කොච්චර ඉහළ ගියාද කියලා ඔයා දන්නවද</font>

385
00:29:25,013 --> 00:29:27,515
<font color="#ffde44">කාසල් ගෘප් එකේ සොං හීජූ
රජ පවුලට විවාහ වෙනවා කියන</font>

386
00:29:27,516 --> 00:29:30,309
<font color="#ffde44">ඒත් ළමයෝ. අද ඒ ඔක්කොම කඩාගෙන වැටුණා.</font>

387
00:29:30,310 --> 00:29:32,729
<font color="#ffde44">මාධ්‍ය නිවේදනයෙන් පස්සේ
ඒක ආපහු ඉහළ යයි, මගුල.</font>

388
00:29:36,984 --> 00:29:39,987
<font color="#ffde44">මේ "කාසල්" කියන නම මොකක් හරි ලොකු සැලැස්මක
කොටසක්ද කියලත් මිනිස්සු අහනවා.</font>

389
00:29:40,654 --> 00:29:41,737
<font color="#ffde44">ඔයා ප්‍රවෘත්ති දැක්කේ නැද්ද?</font>

390
00:29:41,738 --> 00:29:44,615
<font color="#ffde44">ඒකෙන් අපිට තවත් ලොකු අවදානමක් එයි කියලා
ඔයාට කවදාවත් හිතුණේ නැද්ද?</font>

391
00:29:44,616 --> 00:29:46,201
<font color="#ffde44">ඉතින් අපි පාඩු ටිකක් විඳ දරාගමු!</font>

392
00:29:48,078 --> 00:29:49,662
<font color="#ffde44">පාඩු ටිකකින් ඔයා මැරෙන්නේ නෑ.</font>

393
00:29:53,417 --> 00:29:55,293
<font color="#ffde44">එහෙම වුණත්, මොකද වෙන්නේ?</font>

394
00:29:56,795 --> 00:29:58,255
<font color="#ffde44">අපි කොහොමත් කවදාහරි මැරෙනවනේ.</font>

395
00:29:59,047 --> 00:30:01,091
<font color="#ffde44">ඇයි, ඔයා සදහටම ජීවත් වෙන්නද හදන්නේ?</font>

396
00:30:02,384 --> 00:30:04,428
<font color="#ffde44">ඊළඟ පාර, මට මැසේජ් එකක් දාන්න.</font>

397
00:30:05,679 --> 00:30:08,682
<font color="#ffde44">ඔයාට ඔච්චරටම කෑගහන්න ඕනේ නම්,
මට කෝල් කරන්න.</font>

398
00:30:12,144 --> 00:30:14,103
<font color="#ffde44">වාඩි වෙන්න.
මට වෙන වැඩ තියෙනවා.</font>

399
00:30:14,104 --> 00:30:15,105
<font color="#ffde44">සොං හීජූ!</font>

400
00:30:19,109 --> 00:30:20,110
<font color="#ffde44">මේ මම.</font>

401
00:30:20,652 --> 00:30:22,529
<font color="#ffde44">මට ඔයාගෙන් දෙයක් හොයලා බලන්න ඕනේ වෙලා තියෙනවා.</font>

402
00:30:33,790 --> 00:30:35,417
<font color="#ffde44">මගේ කාර් එක අන්තිමට
හැදුවේ කවුද කියලා හොයලා බලන්න.</font>

403
00:30:37,669 --> 00:30:41,298
<font color="#ffde44">පුළුවන් තරම් ඒ අය ගැන හැම
තොරතුරක්ම හොයන්න.</font>

404
00:30:47,387 --> 00:30:49,139
<font color="#ffde44">මේ රටේ මහා කුමරෙකුට බෑ...</font>

405
00:30:50,766 --> 00:30:52,726
<font color="#ffde44">විවාහ ගිවිසගැනීමක් කඩන්න.</font>

406
00:30:53,268 --> 00:30:56,604
<font color="#ffde44">ඇත්තටම බැලුවොත්, කඩන්න දෙයක් නෑ.
අපි කවදාවත් ගිවිසගෙන හිටියේ නෑ.</font>

407
00:30:56,605 --> 00:30:57,688
<font color="#ffde44">ඔයා විහිළු කරනවද?</font>

408
00:30:57,689 --> 00:31:00,733
<font color="#ffde44">කසාද බැඳලා එකට ජීවත් වෙනවා කියලා
ඒ තරම් කතා කරලා?</font>

409
00:31:00,734 --> 00:31:01,984
<font color="#ffde44">අපි කවදාවත් එකට ජීවත් වුණේ නෑ.</font>

410
00:31:01,985 --> 00:31:04,071
<font color="#ffde44">මම හිටියේ මාලිගාවේ, එයා හිටියේ
අහන්නකෝ.</font>

411
00:31:06,156 --> 00:31:09,533
<font color="#ffde44">ඔයා මනුස්සයෙක්ව මැරුවත්,
මම ඉන්නේ ඔයාගේ පැත්තේ.</font>

412
00:31:09,534 --> 00:31:10,869
<font color="#ffde44">ඒත් මේක නම් හරි නෑ. මේක</font>

413
00:31:12,037 --> 00:31:13,914
<font color="#ffde44">ඔයා ඇයි මිනීමරුවෙකුගේ පැත්ත ගන්නේ?</font>

414
00:31:15,332 --> 00:31:17,209
<font color="#ffde44">ඔයාට මොකක් හරි හේතුවක් තියෙන්න ඇති.</font>

415
00:31:18,126 --> 00:31:20,211
<font color="#ffde44">ඉතින්, ඇයි ඔයා මේක නැවැත්තුවේ?</font>

416
00:31:20,212 --> 00:31:22,297
<font color="#ffde44">මම "නැවැත්තුවේ" නෑ
සිරාවටම? අනේ මේ.</font>

417
00:31:23,090 --> 00:31:24,299
<font color="#ffde44">මම අහන්නේ ඒක නෙවෙයි.</font>

418
00:31:27,135 --> 00:31:29,012
<font color="#ffde44">ඇයි ඔයා මේක නැවැත්තුවේ?</font>

419
00:31:39,356 --> 00:31:40,357
<font color="#ffde44">එයාව ජීවත් කරවන්න.</font>

420
00:31:43,568 --> 00:31:46,821
<font color="#ffde44">අම්මේ, අපි මාලිගාවට යන ගමන්
ෆ්‍රයිඩ් චිකන් අරගෙන යමුද?</font>

421
00:31:46,822 --> 00:31:47,905
<font color="#ffde44">ෆ්‍රයිඩ් චිකන්?</font>

422
00:31:47,906 --> 00:31:50,200
<font color="#ffde44">හ්වාන් මැසේජ් එකක් දාලා තිබ්බා එයාට ඕනේ කියලා.</font>

423
00:31:51,701 --> 00:31:53,786
<font color="#ffde44">එයා හැමතිස්සෙම මට මේ වගේ දේවල්මයි කරවන්නේ.</font>

424
00:31:53,787 --> 00:31:56,248
<font color="#ffde44">එහෙනම් අපි යමුද?</font>

425
00:31:56,873 --> 00:31:57,874
<font color="#ffde44">ඔව්, අම්මේ.</font>

426
00:32:24,317 --> 00:32:25,735
<font color="#ffde44">අම්මේ!</font>

427
00:32:55,390 --> 00:32:58,268
<font color="#ffde44">අම්මේ, අපි මාලිගාවට යන ගමන්
ෆ්‍රයිඩ් චිකන් අරගෙන යමුද?</font>

428
00:33:00,145 --> 00:33:01,396
<font color="#ffde44">එහෙනම් අපි යමුද?</font>

429
00:33:08,904 --> 00:33:10,447
<font color="#ffde44">අම්මේ...</font>

430
00:33:11,615 --> 00:33:12,824
<font color="#ffde44">අම්මේ...</font>

431
00:33:48,485 --> 00:33:50,111
<font color="#ffde44">මගේ හිතේ කිසිම සැකයක් තිබුණේ නෑ.</font>

432
00:33:50,779 --> 00:33:53,657
<font color="#ffde44">ඒක මම අනන්ත වාරයක්
පසුතැවිලි වුණ මොහොතක්.</font>

433
00:34:09,297 --> 00:34:10,590
<font color="#ffde44">මගේ හිත වෙනස් කළේ අන්න ඒකයි.</font>

434
00:34:13,009 --> 00:34:14,261
<font color="#ffde44">ඒක නිකම්ම අනතුරක් විතරයි.</font>

435
00:34:15,178 --> 00:34:17,347
<font color="#ffde44">ඒක ඔයාගේ වරදක්වත් නෙවෙයි, ඉතින් ඇයි?</font>

436
00:34:20,058 --> 00:34:21,101
<font color="#ffde44">ඒක මගේ වරදක්.</font>

437
00:34:23,228 --> 00:34:24,521
<font color="#ffde44">හිතාමතාම සිදුකළ වෙනස්කම් වල සලකුණු</font>

438
00:34:25,105 --> 00:34:26,815
<font color="#ffde44">අනතුරට ලක්වුණ වාහනේ තිබිලා හම්බවුණා.</font>

439
00:34:28,233 --> 00:34:31,736
<font color="#ffde44">එයාලා ඉලක්ක කළේ කාවද කියලා තීරණය කරන්න
අපිට තවදුරටත් පරීක්ෂණ කරන්න වෙනවා</font>

440
00:34:32,279 --> 00:34:33,738
<font color="#ffde44">රජතුමාවද නැත්නම් සොං මෙනවියවද කියලා.</font>

441
00:34:38,076 --> 00:34:40,704
<font color="#ffde44">කොහොම වුණත්, ඒ ගැන වැඩිය කලබල වෙන්න එපා.</font>

442
00:34:42,664 --> 00:34:44,581
<font color="#ffde44">මම මට පුළුවන් හැමදේම කරනවා</font>

443
00:34:44,582 --> 00:34:46,042
<font color="#ffde44">රජතුමාව, උතුමාණන්ව,</font>

444
00:34:47,335 --> 00:34:48,503
<font color="#ffde44">සහ කිරීටය ආරක්ෂා කරන්න.</font>

445
00:34:52,132 --> 00:34:53,133
<font color="#ffde44">ඒ වෙනුවට,</font>

446
00:34:53,758 --> 00:34:54,843
<font color="#ffde44">මම ඔයාගෙන් ඉල්ලනවා</font>

447
00:34:56,720 --> 00:34:59,139
<font color="#ffde44">සොං හීජූ මෙනවියව ආරක්ෂා කරන්න කියලා.</font>

448
00:35:01,433 --> 00:35:03,518
<font color="#ffde44">කරුණාකරලා එයාව මාලිගාවෙන් ගොඩක් ඈතට යවන්න.</font>

449
00:35:05,312 --> 00:35:08,064
<font color="#ffde44">මම ඔයාගෙන් අවංකවම අයදිනවා,
උතුමාණෙනි.</font>

450
00:35:13,820 --> 00:35:14,946
<font color="#ffde44">ඒ නිසයි</font>

451
00:35:16,197 --> 00:35:17,324
<font color="#ffde44">මම අයින් වෙන්න ඕනේ.</font>

452
00:35:19,409 --> 00:35:20,410
<font color="#ffde44">උතුමාණෙනි.</font>

453
00:35:20,952 --> 00:35:22,037
<font color="#ffde44">ඒ නිසා,</font>

454
00:35:23,580 --> 00:35:24,623
<font color="#ffde44">මට දෙයක් කරන්න ඕනේ.</font>

455
00:35:25,832 --> 00:35:26,833
<font color="#ffde44">මොකක්?</font>

456
00:35:28,501 --> 00:35:29,502
<font color="#ffde44">සමුගැනීමේ තෑග්ගක්.</font>

457
00:35:31,296 --> 00:35:32,297
<font color="#ffde44">එයා වෙනුවෙන්.</font>

458
00:35:43,725 --> 00:35:45,392
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහයට එන අමුත්තන්ගේ ලැයිස්තුව,</font>

459
00:35:45,393 --> 00:35:47,061
<font color="#ffde44">රාජකීය ලේකම් කාර්යාලය විසින් යෝජනා කරලා තියෙනවා.</font>

460
00:35:47,062 --> 00:35:49,438
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ කාන්තාවන් සඳහා
පවත්වන මාලිගා උත්සවයක්</font>

461
00:35:49,439 --> 00:35:51,316
<font color="#ffde44">ජොසොන් රාජවංශයේ සිට
සාම්ප්‍රදායිකව පවත්වාගෙන එනවා</font>

462
00:35:53,360 --> 00:35:55,695
<font color="#ffde44">අපකීර්තියට පත් වුණු පුද්ගලයන්ව ඉවත් කරන්න.</font>

463
00:35:59,491 --> 00:36:00,700
<font color="#ffde44">අලුතින් සල්ලි හම්බකරපු අයත් එපා.</font>

464
00:36:03,119 --> 00:36:05,329
<font color="#ffde44">මේ දෙන්නගෙම සුදුසුකම් සමානයි.</font>

465
00:36:05,330 --> 00:36:07,331
<font color="#ffde44">ඔවුන්ගේ පවුල්වල විස්තර මට ගෙනත් දෙන්න.</font>

466
00:36:07,332 --> 00:36:08,666
<font color="#ffde44">එහෙමයි, මව්බිසවුණි.</font>

467
00:36:08,667 --> 00:36:10,585
<font color="#ffde44">ඔබේ ප්‍රමිතීන් හැම අවුරුද්දකම ඉහළ යනවා.</font>

468
00:36:11,461 --> 00:36:14,880
<font color="#ffde44">අමුත්තන්ගේ ලැයිස්තුව විශේෂ වෙන තරමට,</font>

469
00:36:14,881 --> 00:36:17,759
<font color="#ffde44">ආරාධනා නොලබන අයගේ කලකිරීමත් වැඩි වෙනවා.</font>

470
00:36:18,802 --> 00:36:22,347
<font color="#ffde44">ඒ වගේම ආරාධනා ලබන අයගේ
සතුටත් ඒ එක්කම වැඩි වෙනවා.</font>

471
00:36:23,390 --> 00:36:24,808
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහයේ අමුත්තන්ගේ ලැයිස්තුව</font>

472
00:36:27,727 --> 00:36:30,062
<font color="#ffde44">මේ අවුරුද්දෙත් සුපුරුදු
අයම තමයි එකතු වෙලා තියෙන්නේ.</font>

473
00:36:30,063 --> 00:36:31,230
<font color="#ffde44">ඔක්කොම ප්‍රභූ පැලැන්තියේ අය.</font>

474
00:36:31,231 --> 00:36:32,816
<font color="#ffde44">හැම අවුරුද්දකම තරඟය දරුණු වෙනවා.</font>

475
00:36:33,441 --> 00:36:35,234
<font color="#ffde44">ඒකෙන් ගොඩක් වාසි තියෙනවා.</font>

476
00:36:35,235 --> 00:36:36,694
<font color="#ffde44">ඒක ඇත්ත.</font>

477
00:36:36,695 --> 00:36:38,696
<font color="#ffde44">ඒත් එයාලට ආරාධනාවක් ලබාගන්න පුළුවන් වුණා නම්,</font>

478
00:36:38,697 --> 00:36:41,532
<font color="#ffde44">එයාලට දැනටමත් සල්ලි සහ
ඉඩකඩම් ගොඩක් තියෙන්න ඕනේ.</font>

479
00:36:43,785 --> 00:36:46,579
<font color="#ffde44">අන්න ඒ නිසාමයි රාජකීය කීර්තිය
වෙනුවෙන් මැරෙන්න වුණත් එයාලා ලෑස්ති.</font>

480
00:36:47,247 --> 00:36:49,290
<font color="#ffde44">එයාලගේ සල්ලි වලට ගන්න බැරි එකම දේ ඒකයි.</font>

481
00:36:54,170 --> 00:36:55,462
<font color="#ffde44">මැඩම්.</font>

482
00:36:55,463 --> 00:36:58,257
<font color="#ffde44">මේක ලබාගන්න මට
සෑහෙන්න කට්ටක් කන්න වුණා</font>

483
00:36:58,258 --> 00:37:00,509
<font color="#ffde44">මේ අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහයේ අමුත්තන්ගේ ලැයිස්තුව.</font>

484
00:37:00,510 --> 00:37:02,177
<font color="#ffde44">ගොඩක් පුරුදු මූණු නේද?</font>

485
00:37:02,178 --> 00:37:04,680
<font color="#ffde44">වයස තිස් ගණන් වල ඉන්න
කාන්තා ව්‍යාපාරික නායිකාවන්ගේ එකතුවක්...</font>

486
00:37:04,681 --> 00:37:06,598
<font color="#ffde44">තාමත් 20 දෙනයි නේද ඉන්නේ?</font>

487
00:37:06,599 --> 00:37:09,101
<font color="#ffde44">පාපන්දු තරගයකටවත් මදි.</font>

488
00:37:09,102 --> 00:37:10,728
<font color="#ffde44">ඒත්, මැඩම්, ඔයාමයි එහෙම කිව්වේ.</font>

489
00:37:10,729 --> 00:37:13,230
<font color="#ffde44">"සැක සහිත සියයකට වඩා
ස්ථිර එකක් වටිනවා."</font>

490
00:37:13,231 --> 00:37:14,857
<font color="#ffde44">මේ ඉන්නේ ස්ථිර 20 දෙනෙක්.</font>

491
00:37:14,858 --> 00:37:16,609
<font color="#ffde44">ඔක්කොටම රාජකීය සහයෝගයත් තියෙනවා!</font>

492
00:37:20,697 --> 00:37:23,532
<font color="#ffde44">ඔයා කලින් කිව්වා මේක තමයි
සුඛෝපභෝගීම අලෙවිකරණ උපායමාර්ගය කියලා...</font>

493
00:37:23,533 --> 00:37:25,576
<font color="#ffde44">ඉතින් ඔයාට දැන් මොකක්ද කියන්න ඕනේ?</font>

494
00:37:25,577 --> 00:37:27,119
<font color="#ffde44">හරි, ඊළඟට.</font>

495
00:37:27,120 --> 00:37:30,122
<font color="#ffde44">ඔයාට මාලිගාවත් එක්ක සම්බන්ධකම් තියෙන නිසා, අපි හිතුවා</font>

496
00:37:30,123 --> 00:37:32,791
<font color="#ffde44">මේ ආරාධිතයන්ගෙන් කෙනෙක් අපේ නව සුඛෝපභෝගී
නිෂ්පාදන පෙළේ අලුත් මුහුණුවර වෙන්න පුළුවන් කියලා.</font>

497
00:37:32,792 --> 00:37:33,752
<font color="#ffde44">ඔව්, ඉතින් අපි...</font>

498
00:37:34,252 --> 00:37:35,837
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න. ඕ.</font>

499
00:37:40,550 --> 00:37:41,843
<font color="#ffde44">හෙලෝ.</font>

500
00:37:42,594 --> 00:37:43,595
<font color="#ffde44">හෙලෝ.</font>

501
00:37:44,804 --> 00:37:47,890
<font color="#ffde44">සොං හී ජූ මෙනවිය, අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහයට
ඔබට සාදරයෙන් ආරාධනා කරනවා</font>

502
00:37:49,184 --> 00:37:50,642
<font color="#ffde44">මට?</font>

503
00:37:50,643 --> 00:37:51,978
<font color="#ffde44">ඔව්, සොං මෙනවිය.</font>

504
00:37:53,688 --> 00:37:58,192
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහය කියන්නේ
ගොඩක් වැදගත් වාර්ෂික උත්සවයක්.</font>

505
00:37:58,193 --> 00:38:00,737
<font color="#ffde44">ඔව්, අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහය
ගැන මම දන්නවා.</font>

506
00:38:01,696 --> 00:38:05,908
<font color="#ffde44">ඒත් මම හිතුවේ ප්‍රභූ කාන්තාවන්ට
විතරයි මේකට ආරාධනා කරන්නේ කියලා.</font>

507
00:38:05,909 --> 00:38:08,535
<font color="#ffde44">මොකක්ද? එහෙම නියමයක් නම් නැහැ...</font>

508
00:38:08,536 --> 00:38:09,912
<font color="#ffde44">එහෙම එකක් ඇත්තටම නැහැ,</font>

509
00:38:09,913 --> 00:38:11,289
<font color="#ffde44">ඒත් මෙච්චර කල් සිද්ධ වුණේ එහෙමයි.</font>

510
00:38:12,123 --> 00:38:14,334
<font color="#ffde44">අවුරුදු 600ක් තිස්සේ, කිසිම වෙනසක් නැතුව.</font>

511
00:38:18,505 --> 00:38:21,882
<font color="#ffde44">වෙනස්වීම් ගැන කියනවා නම්
ඒවා සිද්ධ වෙන්නේ ටිකෙන් ටික...</font>

512
00:38:21,883 --> 00:38:23,050
<font color="#ffde44">ඉතින්? කොහොමද? ඇයි?</font>

513
00:38:23,051 --> 00:38:26,262
<font color="#ffde44">ඇයි මට එකපාරටම ආරාධනා කළේ?</font>

514
00:38:26,763 --> 00:38:30,349
<font color="#ffde44">ඔව්, ඔයාට මෑතකදී
අමාරු කාලයකට මුහුණ දෙන්න වුණානේ,</font>

515
00:38:30,350 --> 00:38:33,853
<font color="#ffde44">ඒ වගේම ඔයාලා වෙන් වුණා කියන
පුවත්පත් නිවේදනයත් නිකුත් වෙන්නයි යන්නේ.</font>

516
00:38:34,354 --> 00:38:37,689
<font color="#ffde44">ඉතින් ඔයාලගේ වෙන්වීමට මාලිගාව
වගකියන්න ඕනේ නැහැ කියන එක පැහැදිලි කරන්න...</font>

517
00:38:37,690 --> 00:38:40,526
<font color="#ffde44">ඔයාලට මහජනතාවට පේන්න
රඟපෑමක් කරන්න ඕනෙද?</font>

518
00:38:49,702 --> 00:38:51,161
<font color="#ffde44">ඔව්, ඒක මෙහෙමයි,</font>

519
00:38:51,162 --> 00:38:53,455
<font color="#ffde44">කොටස් දෙකේ ඇඳුම්
පැළඳුම් විලාසයන් එකිනෙකට වෙනස්.</font>

520
00:38:53,456 --> 00:38:55,707
<font color="#ffde44">පිළිගැනීමේ උත්සවයට
'ඩන්ගුයි' එකක් අඳින එකයි සිරිත.</font>

521
00:38:55,708 --> 00:38:59,169
<font color="#ffde44">මව් රැජින සුදු පාට අඳින නිසා,
ඒ පාටින් වළකින එක හොඳයි.</font>

522
00:38:59,170 --> 00:39:00,838
<font color="#ffde44">මට එපා ස්තූතියි.</font>

523
00:39:00,839 --> 00:39:03,216
<font color="#ffde44">මොකක්ද හරියටම එපා කිව්වේ? ඩන්ගුයි එකද?</font>

524
00:39:04,425 --> 00:39:06,177
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහය.</font>

525
00:39:09,097 --> 00:39:10,305
<font color="#ffde44">සොං මෙනවිය.</font>

526
00:39:10,306 --> 00:39:11,557
<font color="#ffde44">ඇයි?</font>

527
00:39:11,558 --> 00:39:13,685
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහයට?
ඔයාට සහභාගි වෙන්න ඕනේ නැද්ද?</font>

528
00:39:15,603 --> 00:39:18,438
<font color="#ffde44">මගේ මෝඩකම, මේක කියන්න
මට කොහොමද අමතක වුණේ?</font>

529
00:39:18,439 --> 00:39:22,818
<font color="#ffde44">එක පාරක් සහභාගි වුණාම
තව ගොඩක් රාජකීය ආරාධනා ලැබෙයි.</font>

530
00:39:22,819 --> 00:39:25,487
<font color="#ffde44">ඔයාගේ විදේශ ව්‍යාපාර වලට
රාජකීය අනුග්‍රහය පවා ලැබෙයි.</font>

531
00:39:25,488 --> 00:39:27,073
<font color="#ffde44">හරි. අනිත් හැමදේටම වඩා,</font>

532
00:39:27,574 --> 00:39:31,118
<font color="#ffde44">ඔයාලා දෙන්නා තරහින් වෙන් වුණේ නැහැ
කියන එක මේකෙන් තහවුරු වෙයි,</font>

533
00:39:31,119 --> 00:39:33,912
<font color="#ffde44">ඒ වගේම ඔයා තාමත් රාජකීය පවුල එක්ක
හොඳින් ඉන්නවා කියන එකත්.</font>

534
00:39:33,913 --> 00:39:36,164
<font color="#ffde44">අපිට "කිසි ප්‍රශ්නයක් නෑ"
කියන තැනකට කතාව ගේන්න පුළුවන්</font>

535
00:39:36,165 --> 00:39:37,791
<font color="#ffde44">ඒක නම් ගොඩක් හොඳයි.
ම්ම්.</font>

536
00:39:37,792 --> 00:39:39,334
<font color="#ffde44">ඔයාට කොහොමත් ආරාධනාවක් ඕනේ වෙලානේ තිබුණේ.</font>

537
00:39:39,335 --> 00:39:42,130
<font color="#ffde44">ඒ විවාහය ගැන කතා කරන්න කලින්.</font>

538
00:39:43,548 --> 00:39:44,882
<font color="#ffde44">මට එපා ස්තූතියි.</font>

539
00:39:44,883 --> 00:39:47,801
<font color="#ffde44">ඒත්, කිරුළ හිමි කුමාරයා පෞද්ගලිකවම...</font>

540
00:39:47,802 --> 00:39:48,970
<font color="#ffde44">එපා...</font>

541
00:39:49,762 --> 00:39:51,055
<font color="#ffde44">ස්තූතියි...</font>

542
00:39:53,224 --> 00:39:54,225
<font color="#ffde44">ඔයාට.</font>

543
00:39:56,185 --> 00:39:57,352
<font color="#ffde44">මොකක්?</font>

544
00:39:57,353 --> 00:39:59,354
<font color="#ffde44">ඉතින්? ඔයා නිකම්ම ආවාද?</font>

545
00:39:59,355 --> 00:40:03,443
<font color="#ffde44">මම වෙන මොනවා කරන්නද? එයා
මහ දවල් මාව මරන්න වගේ හිටියේ.</font>

546
00:40:08,197 --> 00:40:10,783
<font color="#ffde44">ඔයා සොං හී ජූව ඔයාගේ පෞද්ගලික නිවසින්
පිටත් කළා කියලා මට ආරංචි වුණා.</font>

547
00:40:12,952 --> 00:40:14,329
<font color="#ffde44">ඔයා මොකක්ද මේ කරන්නේ?</font>

548
00:40:15,872 --> 00:40:17,123
<font color="#ffde44">මම එයාව ආරක්ෂා කරනවා.</font>

549
00:40:18,499 --> 00:40:19,792
<font color="#ffde44">රාජකීය පවුලත් එක්ක එයාට තියෙන සම්බන්ධය</font>

550
00:40:20,835 --> 00:40:22,377
<font color="#ffde44">එයාව කරදරවලට විතරයි ඇදලා දැම්මේ.</font>

551
00:40:22,378 --> 00:40:23,588
<font color="#ffde44">එහෙනම්,</font>

552
00:40:24,672 --> 00:40:26,758
<font color="#ffde44">එයාට ආයේ රාජකීය පවුල එක්ක කිසිම
සම්බන්ධයක් නැති බවට වග බලාගන්න.</font>

553
00:40:27,759 --> 00:40:28,843
<font color="#ffde44">මගේ අදහසත් ඒකයි.</font>

554
00:40:32,931 --> 00:40:33,973
<font color="#ffde44">මම බලාපොරොත්තු වෙන්නේ නැහැ</font>

555
00:40:35,475 --> 00:40:36,684
<font color="#ffde44">සොං හී ජූත් එක්ක විවාහ වෙන්න.</font>

556
00:40:37,810 --> 00:40:38,811
<font color="#ffde44">ඒ වෙනුවට,</font>

557
00:40:39,312 --> 00:40:41,439
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහයට
එයාට ආරාධනා කරන්න කියලා මම ඉල්ලනවා.</font>

558
00:40:42,649 --> 00:40:44,025
<font color="#ffde44">එයා දුක් විඳිනවා දකින්න මම කැමති නැහැ</font>

559
00:40:44,776 --> 00:40:46,235
<font color="#ffde44">අපි වෙන් වෙන එක නිසා.</font>

560
00:40:51,991 --> 00:40:53,117
<font color="#ffde44">එයාව මාලිගාවට කැඳවන්න.</font>

561
00:40:54,035 --> 00:40:55,286
<font color="#ffde44">සොං හී ජූ මෙනවිය?</font>

562
00:40:55,787 --> 00:40:56,788
<font color="#ffde44">ඔයා මටද එහෙම කරන්න කියන්නේ?</font>

563
00:40:58,373 --> 00:41:01,376
<font color="#ffde44">මමම එයාව කැමති කරගන්නම්.</font>

564
00:41:02,502 --> 00:41:03,544
<font color="#ffde44">මට එපා ස්තූතියි.</font>

565
00:41:05,296 --> 00:41:06,589
<font color="#ffde44">නැහැ, බොහොම ස්තූතියි.</font>

566
00:41:07,966 --> 00:41:09,467
<font color="#ffde44">මට එන්න කියන්න එයා කවුද?</font>

567
00:41:13,137 --> 00:41:14,889
<font color="#ffde44">ෆ්‍රයිඩ් චිකන් එක ගෙනාවද?</font>

568
00:41:15,640 --> 00:41:18,184
<font color="#ffde44">මොකක්ද? ඔයා ආයෙත් ෆ්‍රයිඩ් චිකන් ඕඩර් කළාද?</font>

569
00:41:21,646 --> 00:41:23,022
<font color="#ffde44">ඔයා ඒක අරින්න.</font>

570
00:41:31,614 --> 00:41:32,740
<font color="#ffde44">ම්ම්.</font>

571
00:41:33,324 --> 00:41:35,742
<font color="#ffde44">මිනිස්සුන්ට ෆ්‍රයිඩ් චිකන් තරම්
වටින වෙන දෙයක් නැහැ නේද?</font>

572
00:41:35,743 --> 00:41:37,828
<font color="#ffde44">කතා කළාම වෙලාවටම
ගෙනත් දෙනවා.</font>

573
00:41:37,829 --> 00:41:39,455
<font color="#ffde44">කවදාවත් එපා වෙන්නෙත් නැහැ.</font>

574
00:41:39,998 --> 00:41:41,207
<font color="#ffde44">හැමතිස්සෙම විශ්වාස කරන්න පුළුවන්.</font>

575
00:41:42,667 --> 00:41:43,876
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න...
මොකක්?</font>

576
00:41:44,502 --> 00:41:46,254
<font color="#ffde44">ඔයාව අතහැරපු එක ගැන ඔයා දුකෙන්ද ඉන්නේ?</font>

577
00:41:48,506 --> 00:41:50,883
<font color="#ffde44">මම ෆ්‍රයිඩ් චිකන් කකා සතුටින්
ඉන්නකොට ඔයා ඇයි එහෙම කියන්නේ?</font>

578
00:41:51,426 --> 00:41:52,427
<font color="#ffde44">මට ඇති.</font>

579
00:41:54,512 --> 00:41:56,514
<font color="#ffde44">ඕ, මම කිව්වේ...</font>

580
00:41:58,057 --> 00:42:00,810
<font color="#ffde44">ඇයි ඔයා ඔච්චර දුකෙන් ඉන්නේ?</font>

581
00:42:01,310 --> 00:42:03,104
<font color="#ffde44">ඒ ඔක්කොම බොරුවක්නේ.</font>

582
00:42:04,272 --> 00:42:06,649
<font color="#ffde44">අන්න ඒ නිසාමයි.</font>

583
00:42:08,192 --> 00:42:10,402
<font color="#ffde44">එක්කෙනෙක්ට එපා වුණාම
සම්බන්ධකම් ඉවර වෙනවා,</font>

584
00:42:10,403 --> 00:42:11,945
<font color="#ffde44">අනිත් කෙනා කැමති වුණත් නැතත්.</font>

585
00:42:11,946 --> 00:42:13,572
<font color="#ffde44">ඒත් මේක එහෙම එකක් නෙවෙයි.</font>

586
00:42:13,573 --> 00:42:15,408
<font color="#ffde44">මේක සම්පූර්ණයෙන්ම ගිවිසුමක්.</font>

587
00:42:17,410 --> 00:42:18,786
<font color="#ffde44">තාත්තා හරි.</font>

588
00:42:19,620 --> 00:42:23,124
<font color="#ffde44">මම ව්‍යාපාරික කාන්තාවක්. නාඳුනන කෙනෙක්ව
විශ්වාස නොකර ඉන්න මම දැනගන්න තිබුණා.</font>

589
00:42:24,042 --> 00:42:25,710
<font color="#ffde44">මම ගිවිසුමක් හදන්නයි තිබුණේ.</font>

590
00:42:37,597 --> 00:42:38,722
<font color="#ffde44">සොං මෙනවිය, ආරාධනාව</font>

591
00:42:38,723 --> 00:42:39,974
<font color="#ffde44">මට එපා ස්තූතියි.</font>

592
00:42:40,558 --> 00:42:41,559
<font color="#ffde44">සොං මෙනවිය.</font>

593
00:42:42,101 --> 00:42:43,185
<font color="#ffde44">මට එපා ස්තූතියි.</font>

594
00:42:43,186 --> 00:42:46,189
<font color="#ffde44">ඔයා ඇත්තටම යන්නේ නැද්ද?
නැහැ, බොහොම ස්තූතියි!</font>

595
00:42:51,402 --> 00:42:52,569
<font color="#ffde44">එයා මෝඩයෙක්ද?</font>

596
00:42:52,570 --> 00:42:54,738
<font color="#ffde44">දැන්වත් ඕක අත්හැරලා දාන්න.</font>

597
00:42:54,739 --> 00:42:56,656
<font color="#ffde44">එයාට ඔයත් එක්ක කිසිම ගනුදෙනුවක් තියාගන්න ඕනේ නැහැ.</font>

598
00:42:56,657 --> 00:42:57,950
<font color="#ffde44">චෝයි හ්යොන්.</font>

599
00:43:00,745 --> 00:43:02,205
<font color="#ffde44">ඉතින්, මට එයාට බනින්න බැහැ.</font>

600
00:43:02,705 --> 00:43:05,041
<font color="#ffde44">ඔයා එයාව අතහැරලා
දැන් ඔහොම හැසිරෙන එක හරිම කැතයි.</font>

601
00:43:11,756 --> 00:43:13,131
<font color="#ffde44">හේයි, සොං මෙනවිය.</font>

602
00:43:13,132 --> 00:43:15,300
<font color="#ffde44">මම අලුත්වැඩියා කරන තැනට ගිහින් අරගත්තා</font>

603
00:43:15,301 --> 00:43:18,054
<font color="#ffde44">ඔයාගේ කාර් එකට හානි කරලා පැනලා ගිය එකාගේ
ජීව දත්ත සටහන.</font>

604
00:43:18,763 --> 00:43:21,181
<font color="#ffde44">එයාලා එයාගේ පින්තූරෙත් එක්ක හෙව්වා,</font>

605
00:43:21,182 --> 00:43:23,684
<font color="#ffde44">ඒත් එයාට කලින් වැරදි වාර්තා
මුකුත් තියෙන පාටක් නැහැ.</font>

606
00:43:24,477 --> 00:43:28,231
<font color="#ffde44">එයා එක පාරක් හරි එතනින්
මොනවා හරි ගන්න ඇති.</font>

607
00:43:28,815 --> 00:43:29,816
<font color="#ffde44">මොකක්?</font>

608
00:43:30,441 --> 00:43:32,568
<font color="#ffde44">ඒ කඩේ ඉස්සරහා
වෙළඳසැලක් තියෙනවා.</font>

609
00:43:33,444 --> 00:43:34,903
<font color="#ffde44">ආ, ඔව්.</font>

610
00:43:34,904 --> 00:43:37,239
<font color="#ffde44">ඒකේ සීසීටීවී දර්ශන ටික
පරීක්ෂා කරන්න.</font>

611
00:43:37,240 --> 00:43:38,991
<font color="#ffde44">මට එයාගේ මිලදී ගැනීම් විස්තර ඕනේ.</font>

612
00:43:47,333 --> 00:43:48,417
<font color="#ffde44">මූණටම කියන්න.</font>

613
00:43:49,418 --> 00:43:50,419
<font color="#ffde44">මොකක් වුණත්.</font>

614
00:44:09,647 --> 00:44:11,232
<font color="#ffde44">ඔයා භෝජන සංග්‍රහයට යන්න බයද?</font>

615
00:44:14,360 --> 00:44:16,445
<font color="#ffde44">ඔයාට ඕන කරන හැමදේම මම ලෑස්ති කරන්නම්.</font>

616
00:44:17,738 --> 00:44:18,823
<font color="#ffde44">ඇඳුම්වල ඉඳන්</font>

617
00:44:19,490 --> 00:44:20,907
<font color="#ffde44">ආචාරධර්ම පාඩම් වෙනකම්ම.</font>

618
00:44:20,908 --> 00:44:22,201
<font color="#ffde44">ඇයි?</font>

619
00:44:23,035 --> 00:44:26,956
<font color="#ffde44">මම හැම නීතියක්ම කඩ කරනවා, ඒ වගේම
හැමතැනම මට හතුරෝ ඉන්නවා.</font>

620
00:44:27,957 --> 00:44:29,749
<font color="#ffde44">ඉතින් මම මොකටද එහේ යන්නේ?
සොං හී ජූ.</font>

621
00:44:29,750 --> 00:44:31,794
<font color="#ffde44">එහෙනම් මට පිළිගන්න පුළුවන් හේතුවක් දෙන්න.</font>

622
00:44:33,171 --> 00:44:36,089
<font color="#ffde44">විවාහ ගිවිසුම කඩ කරන්න විතරක්,
මාව බේරගන්න ඔයා ජීවිතය පරදුවට තිබ්බා.</font>

623
00:44:36,090 --> 00:44:38,593
<font color="#ffde44">දැන් ඔයා මට අභ්‍යන්තර මාලිගාවේ
භෝජන සංග්‍රහයට ආරාධනා කරනවාද?</font>

624
00:44:39,552 --> 00:44:40,802
<font color="#ffde44">ඔයාට පෞරුෂත්ව ගැටලුවක්ද?</font>

625
00:44:40,803 --> 00:44:42,221
<font color="#ffde44">මම උත්සාහ කරන්නේ ඔයාව ආරක්ෂා කරන්න!</font>

626
00:44:44,223 --> 00:44:45,391
<font color="#ffde44">අපි තාම බැඳලාවත් නැහැ...</font>

627
00:44:47,977 --> 00:44:49,729
<font color="#ffde44">ඒ වගේම ඔයාට කීප පාරක්ම පහර දීලා තියෙනවා.</font>

628
00:44:51,272 --> 00:44:52,815
<font color="#ffde44">අපි වෙන් වුණු ආරංචිය පැතිරුණාම,</font>

629
00:44:54,734 --> 00:44:56,152
<font color="#ffde44">තත්ත්වය තවත් නරක අතට හැරෙයි.</font>

630
00:44:57,028 --> 00:44:58,029
<font color="#ffde44">ඉතින් මොකක්ද?</font>

631
00:44:59,363 --> 00:45:02,575
<font color="#ffde44">"සමාජයේ ඉහළට යන එක භයානකයි.
මේ ආරාධනාවෙන් සෑහීමකට පත්වෙන්න."</font>

632
00:45:03,492 --> 00:45:05,745
<font color="#ffde44">එච්චරද?
කරදරවලට පැටලෙන්නේ නැතුව ඉන්න.</font>

633
00:45:07,413 --> 00:45:08,581
<font color="#ffde44">ඒක එච්චරටම අමාරුද?</font>

634
00:45:11,918 --> 00:45:12,919
<font color="#ffde44">නිවටයා.</font>

635
00:45:15,129 --> 00:45:16,338
<font color="#ffde44">මොකක්?</font>

636
00:45:29,435 --> 00:45:31,312
<font color="#ffde44">මොකක්ද ඔයා...
ඔයා පූසන්ට කැමතියිනේ.</font>

637
00:45:33,147 --> 00:45:34,148
<font color="#ffde44">උන්ව ආරක්ෂා කරන්න උත්සාහ කරන්න.</font>

638
00:45:35,149 --> 00:45:36,442
<font color="#ffde44">මම උන්ට පහර දෙන්නයි යන්නේ.</font>

639
00:45:45,701 --> 00:45:47,245
<font color="#ffde44">ඔයා මොන මඟුලක්ද මේ කරන්නේ?</font>

640
00:45:56,712 --> 00:45:58,422
<font color="#ffde44">මෙහෙමයි කෙනෙක්ව ආරක්ෂා කරන්නේ.</font>

641
00:45:59,882 --> 00:46:00,967
<font color="#ffde44">ඔයා ප්‍රහාරයට ලෑස්ති වෙන්න ඕනේ.</font>

642
00:46:01,926 --> 00:46:03,219
<font color="#ffde44">ඔයා පෙරළා පහර දෙන්න ඕනේ.</font>

643
00:46:15,523 --> 00:46:17,440
<font color="#ffde44">ඔයා කවදාවත් නැමෙන්න ඉගෙනගෙන නැහැ.</font>

644
00:46:17,441 --> 00:46:20,653
<font color="#ffde44">ඔයා දන්නේ නැමෙන්න විතරයි.
අන්න ඒ නිසයි ඔයාට වඩා පහළින් ඉන්න අයට ඔයා පරදින්නේ.</font>

645
00:46:22,238 --> 00:46:23,781
<font color="#ffde44">මම ඔයාගෙන් ඉල්ලුවේ තත්වයක්,</font>

646
00:46:24,740 --> 00:46:27,034
<font color="#ffde44">ලෝකයෙන් හැංගිලා ඉන්න
සැපපහසු තොටිල්ලක් නෙවෙයි.</font>

647
00:46:31,330 --> 00:46:32,540
<font color="#ffde44">ඔවුන්ගේ කැමැත්තට යටත් වෙන්න එපා.</font>

648
00:46:33,874 --> 00:46:35,167
<font color="#ffde44">පස්සට යන්න එපා</font>

649
00:46:36,794 --> 00:46:38,129
<font color="#ffde44">ඒ වගේම එකඟතාවලට එන්නත් එපා.</font>

650
00:46:41,549 --> 00:46:43,175
<font color="#ffde44">අන්න එහෙමයි ඔයා සහ මම දෙන්නම</font>

651
00:46:44,719 --> 00:46:46,053
<font color="#ffde44">අපිට ඕන දේ ලබාගන්නේ.</font>

652
00:46:57,773 --> 00:46:59,150
<font color="#ffde44">එයා හරිම භයානක ගෑනියෙක්.</font>

653
00:47:00,609 --> 00:47:03,236
<font color="#ffde44">ආදරේදිත් යුද්ධෙදිත් හැමදේම
සාධාරණයි කියලා මම දන්නවා,</font>

654
00:47:03,237 --> 00:47:04,863
<font color="#ffde44">ඒත් මේක ටිකක් දුරදිග ගියා වැඩි නැද්ද?</font>

655
00:47:04,864 --> 00:47:06,740
<font color="#ffde44">මෙතනින් "ආරක්ෂිතව ගැලවෙන්න" විදිහක් තියෙනවාද?</font>

656
00:47:06,741 --> 00:47:08,658
<font color="#ffde44">මම කිව්වනේ මට තුවාල වුණේ මගේ අතින්මයි කියලා.</font>

657
00:47:08,659 --> 00:47:11,870
<font color="#ffde44">එහෙම වුණත්, ඔයාගේ වටිනා ශරීරයට
තුවාල වෙන්න එයා ඉඩ දුන්නේ කොහොමද?</font>

658
00:47:11,871 --> 00:47:13,538
<font color="#ffde44">එයා සීමාව පැන්නා.</font>

659
00:47:13,539 --> 00:47:14,540
<font color="#ffde44">මම කිව්වනේ එයා එහෙම කරලා නෑ කියලා.</font>

660
00:47:19,462 --> 00:47:21,213
<font color="#ffde44">එයා කවදාවත් ඊතලය විද්දේ නෑ.</font>

661
00:47:22,965 --> 00:47:24,132
<font color="#ffde44">මොකක්?</font>

662
00:47:40,024 --> 00:47:41,233
<font color="#ffde44">එයා කවදාවත් සීමාව පැන්නේ නෑ.</font>

663
00:47:46,989 --> 00:47:50,784
<font color="#ffde44">මගේ ඇස් දෙකත් රිදෙනවා.</font>

664
00:47:50,785 --> 00:47:52,369
<font color="#ffde44">එයා පුදුම විදිහට පරෙස්සම් වෙන්න ඇති.</font>

665
00:47:52,370 --> 00:47:55,413
<font color="#ffde44">පාරෙන් එහා පැත්තේ තියෙන කඩේටවත් ගිහින් නෑ.</font>

666
00:47:55,414 --> 00:47:56,540
<font color="#ffde44">මාත් හිතුවේ ඒකමයි.</font>

667
00:47:57,833 --> 00:47:59,085
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

668
00:47:59,668 --> 00:48:00,920
<font color="#ffde44">මම හිතන්නේ මේ එයා.</font>

669
00:48:01,670 --> 00:48:02,754
<font color="#ffde44">මේක බලන්න.</font>

670
00:48:04,924 --> 00:48:06,967
<font color="#ffde44">මේ එයා නේද?
ඔව්, ඒ එයා තමයි.</font>

671
00:48:14,433 --> 00:48:15,518
<font color="#ffde44">කාසල් පේ!</font>

672
00:48:17,395 --> 00:48:19,020
<font color="#ffde44">ඔව්, එයා පාවිච්චි කරලා තියෙන්නේ කාසල් පේ!
ඔව් නේ.</font>

673
00:48:19,021 --> 00:48:20,772
<font color="#ffde44">නියමයි!</font>

674
00:48:20,773 --> 00:48:21,981
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

675
00:48:21,982 --> 00:48:26,237
<font color="#ffde44">ඒත් කාසල් කාඩ් එකේ CEO විදිහට ඉන්නේ
ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂක සොං නේද?</font>

676
00:48:28,781 --> 00:48:30,824
<font color="#ffde44">මට මේක පැහැදිලි කරගන්න දෙන්න.</font>

677
00:48:30,825 --> 00:48:34,703
<font color="#ffde44">ඔයාට ඔයාගේ ආදරණීය අයියාගේ උදව් ඕනේ වෙලා.</font>

678
00:48:35,746 --> 00:48:37,581
<font color="#ffde44">ඔව්.</font>

679
00:48:41,419 --> 00:48:42,461
<font color="#ffde44">මට පුළුවන්.</font>

680
00:48:44,171 --> 00:48:45,755
<font color="#ffde44">මට ඒක ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්, ඒත්...</font>

681
00:48:45,756 --> 00:48:47,049
<font color="#ffde44">කොහොම වුණත් කවුද මේ?</font>

682
00:48:48,217 --> 00:48:49,677
<font color="#ffde44">එයා මාව මරන්න හදනවා.</font>

683
00:48:52,930 --> 00:48:53,931
<font color="#ffde44">මේ ළමයා...</font>

684
00:48:54,473 --> 00:48:57,142
<font color="#ffde44">ඔයා මාව මෝඩයෙක් කියලද හිතන්නේ?</font>

685
00:48:57,143 --> 00:48:58,185
<font color="#ffde44">ඔයා මේ සිරාවටමද කියන්නේ?</font>

686
00:49:01,439 --> 00:49:03,399
<font color="#ffde44">ඉතින් ඔයාට පුළුවන් දේ මට පෙන්නන්න.</font>

687
00:49:04,400 --> 00:49:06,359
<font color="#ffde44">මට ඕනේ එයාගෙන් පළිගන්න.</font>

688
00:49:06,360 --> 00:49:07,570
<font color="#ffde44">මේ ළමයා...</font>

689
00:49:08,988 --> 00:49:10,406
<font color="#ffde44">කොහොම වුණත් කවුද මේ මිනිහා?</font>

690
00:49:30,468 --> 00:49:31,677
<font color="#ffde44">එහෙනම් ඒක මාත් එක්ක කරන්න.</font>

691
00:49:32,887 --> 00:49:34,930
<font color="#ffde44">ඒ වෙනුවට මාව කසාද බඳින්න.</font>

692
00:49:45,774 --> 00:49:47,943
<font color="#ffde44">මම ඇයි ඔයාව කසාද බඳින්නේ?</font>

693
00:49:54,450 --> 00:49:55,534
<font color="#ffde44">ඇයි බැරි?</font>

694
00:49:57,161 --> 00:49:58,662
<font color="#ffde44">ඔයාට එහෙම හැඟීමක් නෑනේ</font>

695
00:49:59,371 --> 00:50:00,831
<font color="#ffde44">අපි දෙන්නගෙන් කා ගැනවත්.</font>

696
00:50:02,416 --> 00:50:03,834
<font color="#ffde44">ඔයාට තියෙන්නේ අවුරුදු පහක කාලයක්.</font>

697
00:50:05,127 --> 00:50:08,463
<font color="#ffde44">මම වැරැද්දක් කළත් එයාව දික්කසාද කළත් කමක් නෑ.</font>

698
00:50:08,464 --> 00:50:10,007
<font color="#ffde44">එයා මුළු ජීවිත කාලෙම රජ පවුලේ කෙනෙක්.</font>

699
00:50:10,633 --> 00:50:11,800
<font color="#ffde44">ඒත් ඔයා වෙනස්.</font>

700
00:50:17,556 --> 00:50:18,933
<font color="#ffde44">ඔයා තව කාලයක් සේවය කරන්න ඕනේ.</font>

701
00:50:19,808 --> 00:50:21,101
<font color="#ffde44">හොඳට හිතලා බලන්න.</font>

702
00:50:53,467 --> 00:50:54,969
<font color="#ffde44">ඒක ඔයාගේ හිතට වද දෙනවද?</font>

703
00:50:58,889 --> 00:51:00,349
<font color="#ffde44">මට සහායක චෝයිගෙන් දැනගන්න ලැබුණා.</font>

704
00:51:00,849 --> 00:51:03,352
<font color="#ffde44">ඔයාගේ නිවසේදී බහින්බස් වීමක් වුණා කියලා.</font>

705
00:51:04,770 --> 00:51:06,772
<font color="#ffde44">චෝයි හ්‍යුන්...</font>

706
00:51:07,565 --> 00:51:09,065
<font color="#ffde44">එයාට නම් කට පියාගෙන ඉන්නම බෑ.</font>

707
00:51:09,066 --> 00:51:11,360
<font color="#ffde44">පුළුවන් නම් එයාට දිනන්න දෙන්න.</font>

708
00:51:12,236 --> 00:51:14,113
<font color="#ffde44">එයා දැනටමත් ඉන්නේ දැඩි අවධානයක</font>

709
00:51:14,613 --> 00:51:16,155
<font color="#ffde44">මහජන මතයේ.</font>

710
00:51:44,643 --> 00:51:47,021
<font color="#ffffff"><b>කුමාරයා</b></font>

711
00:51:58,532 --> 00:51:59,533
<font color="#ffde44">හලෝ.</font>

712
00:52:00,826 --> 00:52:02,328
<font color="#ffde44">ආරාධනා පත්‍රය දැනටමත් එවලා තියෙන්නේ.</font>

713
00:52:04,788 --> 00:52:05,956
<font color="#ffde44">ඒ නිසා ඔයාට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ.</font>

714
00:52:13,881 --> 00:52:14,965
<font color="#ffde44">ඒක ඔයාගේ හොඳටයි කරන්නේ.</font>

715
00:52:17,885 --> 00:52:18,886
<font color="#ffde44">මම දන්නවා.</font>

716
00:52:28,771 --> 00:52:29,813
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

717
00:52:31,231 --> 00:52:33,817
<font color="#ffde44">මම කවදාවත් ඔයාට රිද්දන්න හිතුවේ නෑ.</font>

718
00:52:35,903 --> 00:52:37,363
<font color="#ffde44">පූසටවත්.</font>

719
00:52:38,781 --> 00:52:39,782
<font color="#ffde44">මම දන්නවා.</font>

720
00:52:44,953 --> 00:52:45,954
<font color="#ffde44">මාත් සමාව ඉල්ලනවා.</font>

721
00:52:51,085 --> 00:52:52,336
<font color="#ffde44">මගේ පොරොන්දුව ඉටු නොකළාට.</font>

722
00:52:59,176 --> 00:53:00,302
<font color="#ffde44">ඔයා ඒක දන්නවා නම් එච්චරයි.</font>

723
00:53:13,482 --> 00:53:15,943
<font color="#ffffff"><b>කාසල් බියුටි</b></font>

724
00:53:24,576 --> 00:53:26,745
<font color="#ffde44">මට ආරංචි වුණා ඔයා සහභාගි වෙනවා කියලා.</font>

725
00:53:27,579 --> 00:53:31,666
<font color="#ffde44">ඔව්, එයා කිව්වා ඒක මගේ හොඳටයි කියලා.</font>

726
00:53:33,377 --> 00:53:35,378
<font color="#ffde44">ඔයා දැනගන්න ඕනේ එක දෙයක් තියෙනවා.</font>

727
00:53:35,379 --> 00:53:37,256
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.
හරි.</font>

728
00:53:38,090 --> 00:53:39,757
<font color="#ffde44">කියන්න.
හරි.</font>

729
00:53:39,758 --> 00:53:43,595
<font color="#ffde44">අනිත් ආරාධිත අමුත්තන් හැමෝටම නිල තනතුරු තියෙනවා.</font>

730
00:53:44,179 --> 00:53:47,306
<font color="#ffde44">රජ මාළිගාවේ, තරාතිරම අනුව තමයි තැන තීරණය වෙන්නේ.</font>

731
00:53:47,307 --> 00:53:49,727
<font color="#ffde44">තරාතිරම?
ඔව්...</font>

732
00:53:50,310 --> 00:53:54,731
<font color="#ffde44">රජයේ උත්සව කිහිපයකට සහභාගි
වුණාට පස්සේ ඔයාට ඒක තේරෙන්න ඇති.</font>

733
00:53:54,732 --> 00:53:56,899
<font color="#ffde44">ඔයාට වඩා ඉහළ තරාතිරමක කෙනෙක් එක්ක ඉද්දි,</font>

734
00:53:56,900 --> 00:54:00,779
<font color="#ffde44">ඔයා එයාලට පිටිපස්සෙන් ඇවිදින්න ඕනේ. ඒක තමයි සිරිත.</font>

735
00:54:06,118 --> 00:54:07,202
<font color="#ffde44">මම ඒක මතක තියාගන්නම්.</font>

736
00:54:08,912 --> 00:54:10,288
<font color="#ffde44">ස්තූතියි.</font>

737
00:54:10,289 --> 00:54:11,457
<font color="#ffde44">තව දෙයක් තියෙනවා.</font>

738
00:54:12,750 --> 00:54:13,792
<font color="#ffde44">මෙන්න.</font>

739
00:54:14,501 --> 00:54:18,254
<font color="#ffde44">මුල් භාගය කියන්නේ මව් රැජින සහ අමුත්තන්</font>

740
00:54:18,255 --> 00:54:19,589
<font color="#ffde44">එකට මුණගැහෙන කුඩා රැස්වීමක්.</font>

741
00:54:19,590 --> 00:54:21,090
<font color="#ffde44">දෙවැනි භාගය තමයි නර්තන සාදය.</font>

742
00:54:21,091 --> 00:54:22,634
<font color="#ffde44">එයාලා ඒකට කියන්නේ "පසු සාදය" කියලා,</font>

743
00:54:23,218 --> 00:54:27,096
<font color="#ffde44">ඒත් අමුත්තන්ගේ සහකරුවන්, කැබිනට්
සාමාජිකයින්, සහ රජ පවුලේ සාමාජිකයින්</font>

744
00:54:27,097 --> 00:54:30,141
<font color="#ffde44">ඔක්කොම එන නිසා, ඒක මුල් එකට වඩා ගොඩක් ලොකුයි.</font>

745
00:54:30,142 --> 00:54:32,643
<font color="#ffde44">මම රට ඉන්න කාලේ මේ ගැන ලිපියක් කියෙව්වා.</font>

746
00:54:32,644 --> 00:54:33,978
<font color="#ffde44">ඔයාලා ගවුම් ඇඳගෙන නටනවා...</font>

747
00:54:33,979 --> 00:54:35,396
<font color="#ffde44">ඒක හරි.</font>

748
00:54:35,397 --> 00:54:38,484
<font color="#ffde44">එහෙනම් මිස් සොංගේ තරාතිරම මොකක් වෙයිද?</font>

749
00:54:40,903 --> 00:54:43,279
<font color="#ffde44">එයාගේ තරාතිරම...</font>

750
00:54:43,280 --> 00:54:47,825
<font color="#ffde44">මිස් සොං ගොඩක් දක්ෂ කෙනෙක් වුණාට,</font>

751
00:54:47,826 --> 00:54:49,411
<font color="#ffde44">එයාට නිල තරාතිරමක් නෑ.</font>

752
00:54:50,496 --> 00:54:51,830
<font color="#ffde44">මොකක්?
ඒ කියන්නේ...</font>

753
00:54:52,623 --> 00:54:54,957
<font color="#ffde44">එයා රජයේ නිලධාරිනියකුත් නෙවෙයි</font>

754
00:54:54,958 --> 00:54:56,876
<font color="#ffde44">වංශවතෙකුත් නෙවෙයි.</font>

755
00:54:56,877 --> 00:55:00,755
<font color="#ffde44">ඒ නිසා මිස් සොංට වාඩි වෙන්න වෙන්නේ කාමරේ පිටිපස්සෙමයි</font>

756
00:55:00,756 --> 00:55:02,382
<font color="#ffde44">ඒ වගේම පේළියෙත් අන්තිමටම තමයි ඉන්න වෙන්නේ.</font>

757
00:55:03,008 --> 00:55:07,137
<font color="#ffde44"></font>

758
00:55:11,058 --> 00:55:14,520
<font color="#ffde44">මම බැඳලා හිටියා නම් පේළියේ ඉස්සරහින්ම ඉන්න තිබ්බා නේද?</font>

759
00:55:25,072 --> 00:55:27,323
<font color="#ffde44">"සහභාගි වන අයට රජ පවුලෙන් ගෞරව සම්මාන</font>

760
00:55:27,324 --> 00:55:31,077
<font color="#ffde44">ලැබෙනවා වගේම, ඔවුන්ට ආරාධනා කරපු</font>

761
00:55:31,078 --> 00:55:34,247
<font color="#ffde44">අවුරුද්දේ ඉඳන් රාජ්‍ය තාන්ත්‍රික උත්සව පවත්වද්දී</font>

762
00:55:34,248 --> 00:55:36,500
<font color="#ffde44">රජ මාළිගාව නියෝජනය කිරීමේ වරප්‍රසාදයත් ලැබෙනවා."</font>

763
00:55:38,085 --> 00:55:42,130
<font color="#ffde44">මට කවදාවත් ඔයාට උගන්වන්න වෙන්නේ නැති එක ලොකු සහනයක්.</font>

764
00:55:45,008 --> 00:55:47,427
<font color="#ffde44">එයා මට කවදාවත් එහෙම වරප්‍රසාද දෙන එකක් නෑ.</font>

765
00:55:53,058 --> 00:55:54,560
<font color="#ffde44">කුමාරයා</font>

766
00:55:57,062 --> 00:55:58,063
<font color="#ffde44">හලෝ?</font>

767
00:56:00,566 --> 00:56:01,567
<font color="#ffde44">දැන්මද?</font>

768
00:56:12,786 --> 00:56:14,037
<font color="#ffde44">මේ මොකක් ගැනද?</font>

769
00:56:24,172 --> 00:56:25,173
<font color="#ffde44">ඇයි බැරි?</font>

770
00:56:25,674 --> 00:56:27,383
<font color="#ffde44">මේක තමයි අන්තිම වතාව.</font>

771
00:56:28,760 --> 00:56:32,221
<font color="#ffde44">ඔයාට කොහෙන්ද ඒ චොලික් එක අඳින්න තරම් ධෛර්යයක් ආවේ?</font>

772
00:56:32,222 --> 00:56:34,349
<font color="#ffde44">ඒක නිකන් විලාසිතාවක් විතරද?</font>

773
00:56:34,891 --> 00:56:36,727
<font color="#ffde44">මම මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන්...</font>

774
00:56:52,534 --> 00:56:53,702
<font color="#ffde44">ඔයා මොනවද කරන්නේ?</font>

775
00:56:54,328 --> 00:56:56,288
<font color="#ffde44">මාව ගණන් ගන්න එපා. මම මේ පුරුදු වෙනවා.</font>

776
00:56:57,080 --> 00:56:59,708
<font color="#ffde44">මොනවද පුරුදු වෙන්නේ?
තරාතිරමට අනුව ඇවිදින්න.</font>

777
00:57:00,834 --> 00:57:04,462
<font color="#ffde44">මම දැන් පුරුදු වුණේ නැත්තම් එදාටත්
අනිවාර්යයෙන්ම ඉස්සරහින් ඇවිදගෙන යයි.</font>

778
00:57:04,463 --> 00:57:06,673
<font color="#ffde44">මොකද මම හැමතිස්සෙම අලුත් දේවල් කරන, පෙරමුණ ගන්න කෙනෙක්නේ.</font>

779
00:57:31,657 --> 00:57:34,743
<font color="#ffde44">වචනයක් කියන්න පුළුවන්ද!
කරුණාකරලා මේ පැත්ත බලන්න!</font>

780
00:57:36,536 --> 00:57:39,706
<font color="#ffde44">මේ පැත්තට!
අපිට පෝස් එකක් දෙන්න!</font>

781
00:57:44,378 --> 00:57:47,464
<font color="#ffde44">හැම දෙයක්ම ලෑස්ති ඇති කියලා මම හිතනවා.</font>

782
00:57:48,090 --> 00:57:49,675
<font color="#ffde44">ඔව්, මහරැජිණියනි</font>

783
00:58:14,282 --> 00:58:15,575
<font color="#ffde44">බායි.</font>

784
00:58:17,202 --> 00:58:18,203
<font color="#ffde44">ඉන්න.</font>

785
00:58:20,872 --> 00:58:21,873
<font color="#ffde44">"පෙරමුණ ගන්නවා."</font>

786
00:58:23,041 --> 00:58:24,209
<font color="#ffde44">ඔයා ඒක කරන්නේ කොහොමද?</font>

787
00:58:29,005 --> 00:58:30,048
<font color="#ffde44">මම ඒක කවදාවත් ඉගෙනගෙන නෑ.</font>

788
00:58:31,174 --> 00:58:33,719
<font color="#ffde44">මම හැමදාම පිටිපස්සෙන් ගිය කෙනෙක්.</font>

789
00:58:39,683 --> 00:58:41,184
<font color="#ffde44">ඔයාට තියෙන්නේ මගේ ළඟින් ඇවිදගෙන යන්න විතරයි.</font>

790
00:58:43,145 --> 00:58:44,271
<font color="#ffde44">මම ඔයාට කියලා දෙන්නම්.</font>

791
00:59:06,626 --> 00:59:10,296
<font color="#ffde44">යැං ශක්තිය උපරිමයෙන් තියෙනවා කියලා
කියන ඩැනෝ උත්සවය ඉවර වුණාට පස්සේ,</font>

792
00:59:10,297 --> 00:59:12,715
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ භෝජන සංග්‍රහය අවසානයේ ආරම්භ වුණා.</font>

793
00:59:12,716 --> 00:59:14,592
<font color="#ffde44">මේක තරුණියන් 20 දෙනෙකුගේ එකතුවක්</font>

794
00:59:14,593 --> 00:59:17,595
<font color="#ffde44">අභ්‍යන්තර මාලිගාවේ ප්‍රධානියා වෙන මව් රැජින මූලික කරගෙන.</font>

795
00:59:17,596 --> 00:59:20,681
<font color="#ffde44">මේ අවුරුද්දේ අමුත්තන්ගේ ලැයිස්තුවට කාසල්
බියුටි එකේ CEO සොං හී-ජූ ඇතුළත් වෙනවා,</font>

796
00:59:20,682 --> 00:59:22,017
<font color="#ffde44">ඒ නිසා ලොකු අවධානයක් ඒකට ලැබිලා තියෙනවා.</font>

797
00:59:22,851 --> 00:59:25,019
<font color="#ffde44">බේබ්!
ඔයා මාව බය කළා.</font>

798
00:59:25,020 --> 00:59:26,271
<font color="#ffde44">බේබ්.</font>

799
00:59:27,647 --> 00:59:29,232
<font color="#ffde44">එයාගේ කාර් එකට හානි කරපු කෙනාව මම හොයාගත්තා.</font>

800
00:59:30,484 --> 00:59:31,817
<font color="#ffde44">ඔයා හොයාගත්තද?</font>

801
00:59:31,818 --> 00:59:33,153
<font color="#ffde44">ඔව්, ඒත්...</font>

802
00:59:33,862 --> 00:59:34,905
<font color="#ffde44">ඒත්?</font>

803
00:59:35,822 --> 00:59:36,990
<font color="#ffde44">එයා මැරිලා.</font>

804
00:59:37,574 --> 00:59:39,326
<font color="#ffde44">මොකක්?
එයා මැරිලා.</font>

805
00:59:39,951 --> 00:59:40,952
<font color="#ffde44">ඊයේ.</font>

806
00:59:43,163 --> 00:59:45,122
<font color="#ffffff"><b>කනිෂ්ඨ 4 වන නිලය, ජ්‍යෙෂ්ඨ 4 වන නිලය</b></font>

807
00:59:45,123 --> 00:59:46,665
<font color="#ffffff"><b>කනිෂ්ඨ 5 වන නිලය</b></font>

808
00:59:51,588 --> 00:59:52,671
<font color="#ffffff"><b>කනිෂ්ඨ 6 වන නිලය</b></font>

809
00:59:52,672 --> 00:59:54,173
<font color="#ffde44">සොං හී-ජූ, සාමාන්‍ය වැසියෙක්</font>

810
00:59:54,174 --> 00:59:56,509
<font color="#ffde44">විදේශයන්හිදී කොච්චර සාර්ථක වුණත්,</font>

811
00:59:56,510 --> 00:59:58,302
<font color="#ffde44">එයාට කවදාවත් ආරාධනා කරලා තිබුණේ නෑ.</font>

812
00:59:58,303 --> 01:00:00,346
<font color="#ffde44">මහා කුමාරයාගේ පෙම්වතිය වෙන එක</font>

813
01:00:00,347 --> 01:00:02,932
<font color="#ffde44">ඕනෑම තරාතිරමක බාධාවක් අභිබවා යනවා වගේ.</font>

814
01:00:02,933 --> 01:00:05,518
<font color="#ffde44">එයා එයාව කසාද බැන්දොත්, එයා රජ පවුලට එකතු වෙනවා,</font>

815
01:00:05,519 --> 01:00:07,561
<font color="#ffde44">ඒ නිසා එයාලා තත්ත්වය තියාගන්න උත්සාහ කරනවා ඇති.</font>

816
01:00:07,562 --> 01:00:09,230
<font color="#ffde44">එහෙම වුණත්,</font>

817
01:00:09,231 --> 01:00:11,274
<font color="#ffde44">එයා ප්‍රසිද්ධියේ ලොකු ප්‍රශ්නයක් ඇති කරපු කෙනෙක් නේද?</font>

818
01:00:11,900 --> 01:00:13,943
<font color="#ffde44">එයා ගිය අවුරුද්දේ ආරාධිතයෙක් වුණා නම්,</font>

819
01:00:13,944 --> 01:00:16,696
<font color="#ffde44">අඩුම තරමේ එයාලට එයාගේ ජයග්‍රහණවත්
නිදහසට කරුණක් විදිහට පාවිච්චි කරන්න තිබ්බා.</font>

820
01:00:17,656 --> 01:00:20,032
<font color="#ffde44">මේ දවස්වල රජ පවුල මහ විහිළුවක් වෙලා.</font>

821
01:00:22,953 --> 01:00:24,621
<font color="#ffde44">මහරැජිණියනි
මහරැජිණියනි</font>

822
01:00:25,580 --> 01:00:26,915
<font color="#ffde44">සොං හී-ජූ, සාමාන්‍ය වැසියෙක්</font>

823
01:00:29,960 --> 01:00:32,336
<font color="#ffde44">ඔයාලා මේ මෙතන නැති කෙනෙක් ගැනද වැරදි කතා කළේ?</font>

824
01:00:32,337 --> 01:00:34,840
<font color="#ffde44">මොකක්ද?</font>

825
01:00:35,423 --> 01:00:36,883
<font color="#ffde44">මම ටිකක් පරක්කු වෙලා එන්න තිබ්බේ.</font>

826
01:00:37,884 --> 01:00:39,135
<font color="#ffde44">ඔයාලට ඕනේ වුණානේ</font>

827
01:00:39,886 --> 01:00:41,805
<font color="#ffde44">ඔයාලගේ ඕපාදූපවලට රජ පවුලත් ගාවගන්න.</font>

828
01:00:42,597 --> 01:00:44,223
<font color="#ffde44">මිස් සොං, මේ පැත්තට!</font>

829
01:00:44,224 --> 01:00:47,059
<font color="#ffde44">මිස් සොං, මේ පැත්තට!
කරුණාකරලා මේ පැත්ත බලන්න!</font>

830
01:01:01,908 --> 01:01:03,285
<font color="#ffde44">මහරැජිණියනි</font>

831
01:01:04,327 --> 01:01:05,995
<font color="#ffde44">මම සොං පවුලේ හී-ජූ.</font>

832
01:01:05,996 --> 01:01:07,496
<font color="#ffde44">මිස් සොං.
මිස් සොං!</font>

833
01:01:07,497 --> 01:01:10,499
<font color="#ffde44">හැමෝටම දැනගන්න සැලකෙරුවට පස්සේ ආයේ
මාළිගාවට එන්න ලැබුණම කොහොමද දැනෙන්නේ?</font>

834
01:01:10,500 --> 01:01:12,418
<font color="#ffde44">ඒ අනතුර ගැන මාළිගාවේ ස්ථාවරය මොකක්ද?</font>

835
01:01:12,419 --> 01:01:15,212
<font color="#ffde44">මහරජිණියට පස්සේ ඔයා එන්න මොකක්හරි හේතුවක් තියෙනවද?</font>

836
01:01:15,213 --> 01:01:17,047
<font color="#ffde44">කරුණාකරලා අපිට මොනවහරි කියන්න!
කරුණාකරලා!</font>

837
01:01:17,048 --> 01:01:19,091
<font color="#ffde44">අපි ඔයාගේ උත්තරය බලාපොරොත්තුවෙන් ඉන්නේ.
අපිට මොනවහරි කියන්න.</font>

838
01:01:19,092 --> 01:01:21,678
<font color="#ffde44">අවාසනාවකට, මම තාමත් මාළිගාවේ පාරවල් හරියට දන්නේ නෑ.</font>

839
01:01:22,345 --> 01:01:25,472
<font color="#ffde44">මට එක පාරටම පාර වැරදුණා.</font>

840
01:01:30,437 --> 01:01:32,230
<font color="#ffde44">මට සමාවෙන්න,</font>

841
01:01:32,939 --> 01:01:33,982
<font color="#ffde44">මහරැජිණියනි</font>

842
01:01:42,407 --> 01:01:45,035
<font color="#ffde44">මට කිව්වේ රාජකීය ලේකම් කාර්යාලය ඔයාට මඟ පෙන්නුවා කියලා.</font>

843
01:01:46,202 --> 01:01:48,705
<font color="#ffde44">ඔයා දන්ගුයි එකක් අඳින්නේ නැතුව
හිටියේ මොකක්හරි විශේෂ හේතුවක් නිසාද?</font>

844
01:01:49,664 --> 01:01:50,749
<font color="#ffde44">ආහ්!</font>

845
01:01:51,583 --> 01:01:55,086
<font color="#ffde44">මම හිතුවේ ඒ සිරිත අනිවාර්ය නෑ කියලා.</font>

846
01:01:58,423 --> 01:02:00,257
<font color="#ffde44">ඒක ඔයාට හරියන්නේ නැද්ද?</font>

847
01:02:05,597 --> 01:02:06,598
<font color="#ffde44">එහෙම නොවී තියෙන්නේ කොහොමද?</font>

848
01:02:16,942 --> 01:02:20,403
<font color="#ffde44">ඔයා මොනවා හරි කියනවද?
මිස් සොං, මේ පැත්තට.</font>

849
01:02:29,120 --> 01:02:31,705
<font color="#ffde44">ළමා දිනය වෙනුවෙන් මහරජිණිය එවපු කෑම බීම</font>

850
01:02:31,706 --> 01:02:35,793
<font color="#ffde44">ළමා වාට්ටුවේ ඉන්න රෝගී දරුවන් හැමෝටම ලොකු සතුටක් ගෙනාවා.</font>

851
01:02:35,794 --> 01:02:38,213
<font color="#ffde44">මට පුළුවන් විදිහට උදව් කරන්න ලැබුණ
එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.</font>

852
01:02:38,838 --> 01:02:41,341
<font color="#ffde44">මොනවා හරි ඕනේ නම් මට කියන්න.</font>

853
01:02:41,967 --> 01:02:45,010
<font color="#ffde44">මම අහන්න ලැබුණා මහරජිණිය මගේ රංගනයන්ට කැමති වුණා කියලා.</font>

854
01:02:45,011 --> 01:02:48,348
<font color="#ffde44">ඊළඟ එකටත් මහරජිණිය සහභාගි
වෙනවා නම්, ඒක මට ලොකු ගෞරවයක්...</font>

855
01:02:58,984 --> 01:03:00,609
<font color="#ffde44">සමහරවිට ගිම්හානයට ස්තූතිවන්ත වෙන්න ඕනේ,</font>

856
01:03:00,610 --> 01:03:03,904
<font color="#ffde44">ඒත් මාළිගාවේ වටපිටාව වෙනදට වඩා
ලස්සනයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?</font>

857
01:03:03,905 --> 01:03:05,031
<font color="#ffde44">මොකක්ද?</font>

858
01:03:05,699 --> 01:03:07,117
<font color="#ffde44">එහෙමයි, මහරැජිණියනි.</font>

859
01:03:08,076 --> 01:03:09,369
<font color="#ffde44">අපි තව ටිකක් ඇවිදිමු.</font>

860
01:03:09,869 --> 01:03:12,872
<font color="#ffde44">මල් පිපිලා තියෙනකොට,
ඒවායේ ලස්සන බලන එක අපේ යුතුකමක්.</font>

861
01:03:13,456 --> 01:03:15,166
<font color="#ffde44">එහෙමයි මහරැජිණියනි.
එහෙමයි මහරැජිණියනි.</font>

862
01:04:07,177 --> 01:04:08,636
<font color="#ffde44">කරුණාකරලා මට උගන්වන්න.</font>

863
01:04:10,722 --> 01:04:11,973
<font color="#ffde44">දැන් මම ඔබ ළඟින්ම ඉන්න නිසා.</font>

864
01:04:13,808 --> 01:04:15,810
<font color="#ffde44"></font>

865
01:04:52,013 --> 01:04:53,181
<font color="#ffde44">එයාලට ඕනේ විදිහට නැමෙන්න එපා.</font>

866
01:04:54,933 --> 01:04:55,934
<font color="#ffde44">පස්සට යන්න එපා</font>

867
01:04:56,851 --> 01:04:58,103
<font color="#ffde44">ඒ වගේම යටත් වෙන්නත් එපා.</font>

868
01:05:00,188 --> 01:05:01,731
<font color="#ffde44">මට පුළුවන් උපරිමයෙන් මම සටන් කරනවා.</font>

869
01:05:06,861 --> 01:05:07,862
<font color="#ffde44">ඔයා කරනවා වගේම.</font>

870
01:05:22,919 --> 01:05:25,921
<font color="#b67607"><b>පර්ෆෙක්ට් ක්‍රවුන්</b></font>

871
01:06:01,916 --> 01:06:05,002
<font color="#ffde44">ඔයාලා නිකම්ම අඳුරන අය වෙලා හිටපු කාලේ ඉඳන් දැන් වෙනකම්,</font>

872
01:06:05,003 --> 01:06:06,795
<font color="#ffde44">වෙච්ච ලොකුම වෙනස විදිහට ඔයා දකින්නේ මොකක්ද?</font>

873
01:06:06,796 --> 01:06:08,422
<font color="#ffde44">වැඩියෙන් ආරක්ෂා කරන එකද?</font>

874
01:06:08,423 --> 01:06:09,423
<font color="#ffde44">ඒක ටිකක් බොළඳ වැඩියි නේද?</font>

875
01:06:09,424 --> 01:06:13,469
<font color="#ffde44">ව්‍යාපාරික කාන්තාවක් වුණාම මිනිස්සුන්ව
ලේසියෙන්ම විශ්වාස නොකර ඉන්න දැනගන්න ඕනේ.</font>

876
01:06:14,053 --> 01:06:15,555
<font color="#ffde44">මගේ පෞද්ගලික නිවසේ ඔත්තුකාරයෙක් ඉන්නවා.</font>

877
01:06:16,222 --> 01:06:17,472
<font color="#ffde44">සොන් හීජු!</font>

878
01:06:17,473 --> 01:06:20,185
<font color="#ffde44">එයාට කිසිම ඉවසීමක් නෑ නේද?</font>

879
01:06:22,353 --> 01:06:23,729
<font color="#ffde44">කුමරුනි?</font>

880
01:06:23,730 --> 01:06:25,814
<font color="#ffde44">ඔයා මාත් එක්ක විවාහ වෙනවද?</font>

881
01:06:25,815 --> 01:06:27,941
<font color="#ffde44">මම මේක මේ විදිහටම තියෙන්න
දෙයි කියලා ඔයා හිතුවද?</font>

882
01:06:27,942 --> 01:06:29,151
<font color="#ffde44">මම ආවා කියලා දැනුම් දෙන්න.</font>

883
01:06:29,152 --> 01:06:31,988
<font color="#ffde44">මව් රැජිනගේ ඉල්ලීමක්
මම කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ?</font>

884
01:06:33,198 --> 01:06:35,074
<font color="#ffde44">ඔයාගේ අවධානය මට විතරක් තියෙන්න ඕනේ.</font>

885
01:06:35,575 --> 01:06:37,911
<font color="#ffde44">හරියට අපි පිස්සුවෙන් වගේ ආදරේ කරනවා වගේ.</font>

886
01:06:45,043 --> 01:06:52,050
<font color="#ffde44">පසු වදන</font>

887
01:06:55,720 --> 01:06:57,722
<font color="#ffde44">ඕහ්!</font>

888
01:07:12,862 --> 01:07:13,863
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

889
01:07:15,573 --> 01:07:16,574
<font color="#ffde44">ඔයා…</font>

890
01:07:20,370 --> 01:07:21,454
<font color="#ffde44">ඔයා ඒක හොඳට කළා</font>

891
01:07:22,413 --> 01:07:23,748
<font color="#ffde44">ප්‍රදර්ශන තරඟය වෙලාවේ.</font>

892
01:07:26,876 --> 01:07:29,879
<font color="#ffde44">ඔයා ඒකේ ගෞරවය ගන්නද හදන්නේ?</font>

893
01:07:32,966 --> 01:07:34,091
<font color="#ffde44">"ගෞරවය ගන්නවා"?</font>

894
01:07:34,092 --> 01:07:36,219
<font color="#ffde44">ඔයාට ප්‍රශංසාවක් කියන්නේ මොකක්ද
කියලා තේරෙන්නේ නැද්ද?</font>

895
01:07:38,596 --> 01:07:39,639
<font color="#ffde44">තේරෙන්නේ නෑ වගේ.</font>

896
01:08:12,922 --> 01:08:14,465
<font color="#ffde44">දෙයියනේ, ඔයා මාව බය කළානේ.</font>

897
01:08:15,550 --> 01:08:16,968
<font color="#ffde44">ඔයා ඔතනද හිටියේ?</font>

898
01:08:17,510 --> 01:08:18,636
<font color="#ffde44">ඔව්.
කොයි වෙලාවේ ඉඳන්ද?</font>

899
01:08:19,887 --> 01:08:21,722
<font color="#ffde44">ඔයා ඔතන කැරකෙන්න පටන් ගන්නත් කලින් ඉඳන්.</font>

900
01:08:35,194 --> 01:08:37,238
<font color="#ffde44">ඔයා සොන් හීජුට ගොඩක් සමීපද?</font>

901
01:08:39,949 --> 01:08:41,993
<font color="#ffde44">අපි ගොඩක් ළඟයි.
අපි ඉන්නෙත් එකම නේවාසිකාගාරයේ.</font>

902
01:08:43,286 --> 01:08:44,495
<font color="#ffde44">එයා මොන වගේ කෙනෙක්ද?</font>

903
01:08:52,128 --> 01:08:53,338
<font color="#ffde44">එයා ලස්සනයි.</font>

904
01:08:55,340 --> 01:08:56,632
<font color="#ffde44">ඔව්, එයා ලස්සනයි.</font>

905
01:09:08,895 --> 01:09:10,979
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

906
01:09:22,241 --> 01:09:25,912
<font color="#b67607"><b>පර්ෆෙක්ට් ක්‍රවුන්</b></font>

