1
00:00:16,661 --> 00:00:18,661
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:18,685 --> 00:00:19,894
<font color="#ffd88f">යමු, ලිලී!</font>

3
00:00:36,327 --> 00:00:37,579
<font color="#ffd88f">ලිලී, අපි අන්තිමට කතා කරපු වෙලාවේ,</font>

4
00:00:37,662 --> 00:00:39,622
<font color="#ffd88f">ඔයා කිව්වා ඔයාට හරියටම
විස්තර කරන්න අමාරුයි කියලා</font>

5
00:00:39,706 --> 00:00:41,291
<font color="#ffd88f">එදා රෑ තියටර් එකේදි ඔයා දැක්ක දේ ගැන.</font>

6
00:00:41,374 --> 00:00:43,793
<font color="#ffd88f">තාම බෑ, ඒත් දැන් මට
එහෙම කරන්න ඕන නෑ මොකද--</font>

7
00:00:43,877 --> 00:00:45,628
<font color="#ffd88f">මොකද අපේ ළඟ ෆොටෝ තියෙනවා, චීෆ් බවර්ස්.</font>

8
00:00:45,712 --> 00:00:47,130
<font color="#ffd88f">අපේ ළඟ එකක් තියෙනවා ඒකෙ මේ යකා පේන්නේ</font>

9
00:00:47,213 --> 00:00:48,631
<font color="#ffd88f">හරියට ටෙඩීගේ රාක්ෂයෙක් වගේ,</font>

10
00:00:48,715 --> 00:00:50,675
<font color="#ffd88f">-ඒක මාර බය හිතෙන එකක්--
-රිච්.</font>

11
00:00:51,217 --> 00:00:52,343
<font color="#ffd88f">කවුද මේ?</font>

12
00:00:52,427 --> 00:00:54,929
<font color="#ffd88f">රිකාඩෝ සැන්ටෝ, සර්.
ඒත් මට රිච් කියලා කතා කරන්න.</font>

13
00:00:56,514 --> 00:00:58,349
<font color="#ffd88f">ටෙඩීව, ෆිල්ව, සූසිව මැරුවේ මොකක් වුණත්,</font>

14
00:00:58,433 --> 00:01:00,769
<font color="#ffd88f">ඊයේ රෑ කනත්තේදී ඒක
ආයෙත් අපි පස්සෙන් පැන්නුවා.</font>

15
00:01:00,852 --> 00:01:03,146
<font color="#ffd88f">තමුන්ලා මොන මගුලක්ද රෑ තිස්සේ
කනත්තේ කර කර හිටියේ?</font>

16
00:01:03,229 --> 00:01:04,772
<font color="#ffd88f">මගේ ඥාති සහෝදරයා බ්ලෙම්බේ කිව්වා මේක</font>

17
00:01:04,855 --> 00:01:06,691
<font color="#ffd88f">-මගේ මාමා කරන--
-අපි නිකන් ඒ හරහා ගියා විතරයි.</font>

18
00:01:06,775 --> 00:01:08,860
<font color="#ffd88f">ඔව්, කොට පාරකින් ගෙදර යන ගමන් හිටියේ.</font>

19
00:01:08,943 --> 00:01:10,695
<font color="#ffd88f">ඉතින් ඒ වෙලාවෙම ඔයාලා ළඟ
කැමරාවකුත් තිබුණා</font>

20
00:01:10,779 --> 00:01:11,780
<font color="#ffd88f">නිකන්ම වගේ.</font>

21
00:01:11,863 --> 00:01:13,239
<font color="#ffd88f">මේ පාර අපි ලෑස්ති පිට හිටියේ.</font>

22
00:01:14,949 --> 00:01:17,827
<font color="#ffd88f">හරි, කෝ බලමුකෝ එහෙනම්.</font>

23
00:01:21,081 --> 00:01:22,289
<font color="#ffd88f">දෙවියනේ.</font>

24
00:01:23,416 --> 00:01:24,501
<font color="#ffd88f">කර්න්, වොලස්, මේක බලන්න.</font>

25
00:01:28,004 --> 00:01:29,714
<font color="#ffd88f">දෙයියෝ සාක්කි.</font>

26
00:01:29,798 --> 00:01:31,591
<font color="#ffd88f">-මොන ඉලව්වක්ද ඒ?
-මං...</font>

27
00:01:32,133 --> 00:01:33,301
<font color="#ffd88f">ඒ...</font>

28
00:01:34,426 --> 00:01:35,970
<font color="#ffd88f">මේ පරෙවි බෙට්ටක්ද?</font>

29
00:01:38,848 --> 00:01:40,140
<font color="#ffd88f">වෙන්න බෑ.</font>

30
00:01:40,225 --> 00:01:45,354
<font color="#ffd88f">මේ මොකක්ද? මැරිච්ච මල්.
වැඩකට ඇති දෙයක් නෑ. මේරි නැන්දාගේ සොහොන.</font>

31
00:01:45,854 --> 00:01:47,023
<font color="#ffd88f">ගහක්.</font>

32
00:01:48,817 --> 00:01:50,527
<font color="#ffd88f">පොඩ්ඩක් ඉන්න. අර ෆොටෝ එක බලන්න.</font>

33
00:01:51,069 --> 00:01:52,904
<font color="#ffd88f">ඔව්, අන්න එතන, හරියටම එතන.</font>

34
00:01:59,452 --> 00:02:01,412
<font color="#ffd88f">-ප්‍රතිමාවද?
-නෑ, ඔයාට පේන් නැද්ද?</font>

35
00:02:01,496 --> 00:02:02,497
<font color="#ffd88f">ඒ විකටයෙක්!</font>

36
00:02:02,580 --> 00:02:04,165
<font color="#ffd88f">කට පරිස්සම් කරගන්නවා, ළමයා.</font>

37
00:02:04,541 --> 00:02:06,709
<font color="#ffd88f">තමුන්ලා මගේ ඔෆිස් එකට ඇවිත්
බොරු කතා කියලා</font>

38
00:02:06,793 --> 00:02:07,877
<font color="#ffd88f">මේක සාක්ෂියක් විදියට පෙන්නනවද?</font>

39
00:02:07,919 --> 00:02:09,963
<font color="#ffd88f">මේකෙන් ඔප්පු වෙන එකම දේ තමයි
ලිලී බෙයින්බ්‍රිජ් කියන ඔයා,</font>

40
00:02:10,045 --> 00:02:11,464
<font color="#ffd88f">ආයෙත් පිස්සන් කොටුවට යන්න
ටිකට් එකක් ගන්න</font>

41
00:02:11,589 --> 00:02:12,841
<font color="#ffd88f">දඟලනවා කියන එක විතරයි.</font>

42
00:02:14,634 --> 00:02:18,346
<font color="#ffd88f">ළමයි, පොලිසියේ වැඩවලට
ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නවා,</font>

43
00:02:18,847 --> 00:02:21,182
<font color="#ffd88f">නැත්නම් මේ හොල්මන් අවතාරවලට වඩා</font>

44
00:02:21,266 --> 00:02:23,309
<font color="#ffd88f">ලොකු ප්‍රශ්නවලට තමුන්ලට මුහුණ දෙන්න වෙයි.</font>

45
00:02:23,393 --> 00:02:25,436
<font color="#ffd88f">මම කියන දේ හොඳටම තේරුණානේ?</font>

46
00:04:14,837 --> 00:04:16,380
<font color="#ffd88f">සමහරවිට මේක ඩ්‍රැකියුලා සීන් එකක් වෙන්න ඇති.</font>

47
00:04:16,464 --> 00:04:19,926
<font color="#ffd88f">දන්නවනේ, ෆිල්ම් එකේ වගේ,
කන්නාඩියෙන් එයාගෙ රූපේ පේන්නෑ වගේ?</font>

48
00:04:20,009 --> 00:04:21,261
<font color="#ffd88f">ඒත් අපි එයාව දැක්කා.</font>

49
00:04:21,344 --> 00:04:23,263
<font color="#ffd88f">ඒකට අපිව මරන්න තිබුණා, ඒත් මැරුවේ නෑ.</font>

50
00:04:24,138 --> 00:04:26,266
<font color="#ffd88f">නිකන් ඒක අපිත් එක්ක සෙල්ලම් කරනවා වගේ.</font>

51
00:04:26,349 --> 00:04:27,600
<font color="#ffd88f">අපි මුලින්ම හොයලා බලන්න ඕන</font>

52
00:04:27,684 --> 00:04:29,978
<font color="#ffd88f">ඩෙරී වල ඉස්සරත් මේ වගේ දේවල්
වෙලා තියෙනවද කියලා.</font>

53
00:04:30,061 --> 00:04:33,398
<font color="#ffd88f">ලිලී, ඔයාගේ අම්මා හැදුණේ මෙහේ නේද?</font>

54
00:04:33,481 --> 00:04:34,482
<font color="#ffd88f">ඔව්.</font>

55
00:04:34,565 --> 00:04:36,484
<font color="#ffd88f">එයා කවදාවත් අමුතු දේවල් ගැන කියලා නැද්ද?</font>

56
00:04:36,567 --> 00:04:38,403
<font color="#ffd88f">නෑ, මම එයාගෙන් ඒ ගැන ඇහුවොත්,</font>

57
00:04:38,486 --> 00:04:39,946
<font color="#ffd88f">එයා මාව ආපහු ජුනිපර් හිල් එකට යවයි.</font>

58
00:04:40,029 --> 00:04:42,073
<font color="#ffd88f">ඒත් ඔයාලට ඇහුණනේ--</font>

59
00:04:42,532 --> 00:04:44,784
<font color="#ffd88f">බවර්ස් කිව්ව දේ ඇහුණනේ.</font>

60
00:04:44,867 --> 00:04:46,494
<font color="#ffd88f">එයාලා මගේ තාත්තව ෂෝෂෑන්ක් වලට මාරු කරන්න යන්නේ.</font>

61
00:04:46,577 --> 00:04:47,996
<font color="#ffd88f">ඒ තැනින් ලේසියෙන් එළියට එන්න බෑ.</font>

62
00:04:48,079 --> 00:04:50,373
<font color="#ffd88f">-ප්ලීස්, මං අහන්නේ--
-කිසිම වැඩිහිටියෙක් විශ්වාස කරන එකක් නෑ</font>

63
00:04:50,456 --> 00:04:51,582
<font color="#ffd88f">අපි දැක්ක දේ ගැන.</font>

64
00:04:52,125 --> 00:04:53,167
<font color="#ffd88f">මම නම් විශ්වාස කරන්නෙ නෑ.</font>

65
00:04:56,087 --> 00:04:57,088
<font color="#ffd88f">ඉන්න.</font>

66
00:04:57,839 --> 00:04:59,340
<font color="#ffd88f">මං දන්න කෙනෙක් ඉන්නවා විශ්වාස කරයි කියලා හිතෙන.</font>

67
00:05:00,967 --> 00:05:02,552
<font color="#ffd88f">මං අවුරුදු ගාණකින් ඒ ගැන හිතුවේ නෑ,</font>

68
00:05:02,635 --> 00:05:04,053
<font color="#ffd88f">ඒත් දැන් ඔයා මතක් කරපු නිසා,</font>

69
00:05:04,137 --> 00:05:06,514
<font color="#ffd88f">මට මතකයි 30 ගණන් වල ළමයි වගයක්
අතුරුදහන් වුණා.</font>

70
00:05:07,640 --> 00:05:09,309
<font color="#ffd88f">ටික දෙනෙක් නෙවෙයි, ගොඩක් අය.</font>

71
00:05:09,392 --> 00:05:10,518
<font color="#ffd88f">ඇත්තටම?</font>

72
00:05:10,601 --> 00:05:11,811
<font color="#ffd88f">ඉතින්, ඒ කාලේ ආර්ථිකේ වැටිලා තිබුණේ,</font>

73
00:05:11,894 --> 00:05:14,063
<font color="#ffd88f">ගොඩක් පවුල් බඩගින්නේ හිටියේ,
ඉතින් සමහර ළමයි,</font>

74
00:05:14,147 --> 00:05:15,940
<font color="#ffd88f">රෑ එළිවෙනකොට අතුරුදහන් වුණා.</font>

75
00:05:16,024 --> 00:05:17,692
<font color="#ffd88f">සමහරවිට එයාලා හොඳ ජීවිතයක් හොයාගෙන
පැනලා යන්න ඇති</font>

76
00:05:17,775 --> 00:05:19,902
<font color="#ffd88f">එහෙම නැත්නම් පවුලේ අයට බරක් නොවී ඉන්න.</font>

77
00:05:19,986 --> 00:05:21,321
<font color="#ffd88f">ඒවා හරි අමාරු කාලයක්.</font>

78
00:05:23,197 --> 00:05:24,615
<font color="#ffd88f">ඒත් මේ වගේ නෙවෙයි...</font>

79
00:05:24,699 --> 00:05:27,535
<font color="#ffd88f">ඔයා මේ විස්තර කරන විදියේ ඒවාද? අපෝ නෑ දරුවෝ.</font>

80
00:05:27,618 --> 00:05:29,078
<font color="#ffd88f">නෑ, ඒ වගේ දේවල් නම් නෙවෙයි.</font>

81
00:05:31,497 --> 00:05:32,832
<font color="#ffd88f">ඒ වුණාට ඒක නිසා නතර කරන්න එපා</font>

82
00:05:32,915 --> 00:05:35,043
<font color="#ffd88f">වෙන්නේ මොකක්ද කියලා හොයන එක.</font>

83
00:05:36,002 --> 00:05:37,879
<font color="#ffd88f">මගේ තාත්තා හැමතිස්සෙම මට කිව්වේ</font>

84
00:05:38,004 --> 00:05:39,547
<font color="#ffd88f">හොඳ යාළුවෝ ළඟ ඉන්නවා නම්,</font>

85
00:05:39,630 --> 00:05:40,965
<font color="#ffd88f">ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා.</font>

86
00:05:42,091 --> 00:05:44,052
<font color="#ffd88f">මට පේන විදියට ඔයාට එහෙම යාළුවෝ ඉන්නවා.</font>

87
00:06:10,078 --> 00:06:12,663
<font color="#ffd88f">හලෝ. ආ මේක පුදුමයක්නේ.</font>

88
00:06:12,747 --> 00:06:15,541
<font color="#ffd88f">මං හිතුවා ඔයා තනියම මේක ඇදගෙන යන
කරදරේ අඩු කරන්න.</font>

89
00:06:16,334 --> 00:06:18,544
<font color="#ffd88f">ඔයාට එහෙම කරන්න ඕනකමක් තිබුණේ නෑ.</font>

90
00:06:18,628 --> 00:06:20,380
<font color="#ffd88f">මට සතුටුයි මේක හොඳ තැනකට ලැබුණු එක ගැන.</font>

91
00:06:20,421 --> 00:06:22,882
<font color="#ffd88f">මම කෝපි හදන ගමන්, ඔයා කැමති නම් බොන්න.</font>

92
00:06:22,965 --> 00:06:24,509
<font color="#ffd88f">කෝපි එකක් දෙනවා කිව්වොත් මං එපා කියන්නෙ නෑ.</font>

93
00:06:24,592 --> 00:06:25,593
<font color="#ffd88f">හරි එහෙනම්.</font>

94
00:06:26,844 --> 00:06:28,388
<font color="#ffd88f">-ඇතුළට එන්නකෝ.
-ස්තූතියි.</font>

95
00:06:31,891 --> 00:06:34,310
<font color="#ffd88f">ඉතින්, ඔයාගේ පවුලේ අය මුල ඉඳන්ම
මේ පැත්තේ අයද?</font>

96
00:06:35,103 --> 00:06:37,313
<font color="#ffd88f">මගේ මුතුන් මිත්තන් පදිංචි වෙලා හිටියේ
මේ මිටියාවතේ,</font>

97
00:06:37,980 --> 00:06:40,274
<font color="#ffd88f">ඒත් ඒ කාලේ අපේ වාසභූමි
මීට වඩා ගොඩක් ලොකුයි.</font>

98
00:06:41,275 --> 00:06:42,527
<font color="#ffd88f">අපි එල්ක් මුවන් රංචු පස්සේ</font>

99
00:06:42,610 --> 00:06:44,779
<font color="#ffd88f">නෝවා ස්කෝෂියා වලටම ගිහින් ආයේ එනවා.</font>

100
00:06:45,696 --> 00:06:48,282
<font color="#ffd88f">ඒ ඉතින් සුද්දෝ ඇවිත් රටවල් අල්ලගන්න කලින්නේ.</font>

101
00:06:48,366 --> 00:06:50,284
<font color="#ffd88f">මම නම් කවදාවත් කැනඩාවට ගිහින් නෑ.</font>

102
00:06:50,368 --> 00:06:51,369
<font color="#ffd88f">නෑ?</font>

103
00:06:53,579 --> 00:06:56,332
<font color="#ffd88f">මට තාම නෑදෑයෝ ඉන්නවා එහේ,
දේශසීමාවෙන් එහා පැත්තේ.</font>

104
00:06:56,416 --> 00:06:59,168
<font color="#ffd88f">ඉතින් ඕකට දේශසීමාවක් කිව්වට,</font>

105
00:06:59,252 --> 00:07:01,796
<font color="#ffd88f">අපිට නම් ඒක සිතියමක ඉරක් විතරයි.</font>

106
00:07:06,217 --> 00:07:08,261
<font color="#ffd88f">ඉතින්, ඔයාගේ මහත්තයා කොහොමද හුරුවෙන්නේ?</font>

107
00:07:08,761 --> 00:07:11,222
<font color="#ffd88f">මං හිතන්නේ අර අලුත් පයිප්ප ලයින් එකේ
වැඩ නිසා එයා කාර්යබහුල ඇති.</font>

108
00:07:11,305 --> 00:07:12,473
<font color="#ffd88f">ලිරෝයි කියන්නේ පයිලට් කෙනෙක්.</font>

109
00:07:12,557 --> 00:07:14,642
<font color="#ffd88f">මට හිතෙන්නෙ නෑ එයාට ඕකත් එක්ක
සම්බන්ධයක් තියෙයි කියලා.</font>

110
00:07:15,184 --> 00:07:17,478
<font color="#ffd88f">තිබුණත් ඉතින් එයා මට කියන එකක් යැ, ඒත්...</font>

111
00:07:17,562 --> 00:07:18,688
<font color="#ffd88f">නැද්ද?</font>

112
00:07:18,771 --> 00:07:20,523
<font color="#ffd88f">මං එයාගෙන් දවස ගැන අහන හැම වෙලාවෙම,</font>

113
00:07:20,606 --> 00:07:24,152
<font color="#ffd88f">එයා කියන්නේ මේක ජාතික ආරක්ෂාව,
අරක රහසිගතයි ගගා.</font>

114
00:07:24,235 --> 00:07:26,988
<font color="#ffd88f">මිනිහා ළඟ පාරාවෝ සොහොනටත් වඩා රහස් තියෙනවා.</font>

115
00:07:29,449 --> 00:07:31,117
<font color="#ffd88f">ඒක අහද්දිත් නිකන් පාළු හිතෙනවා.</font>

116
00:07:31,200 --> 00:07:34,287
<font color="#ffd88f">පයිලට් කෙනෙක්ව බඳිද්දි මං දැනගෙන හිටියා
මොනවටද අත ගහන්නේ කියලා.</font>

117
00:07:34,787 --> 00:07:37,206
<font color="#ffd88f">එයා අණක් ලැබුණම ප්‍රශ්න කරන්නෙ නෑ.
මම හැමදේම ප්‍රශ්න කරනවා.</font>

118
00:07:37,790 --> 00:07:38,957
<font color="#ffd88f">ඒක තමයි ඉතින් ජීවිතේ.</font>

119
00:07:44,005 --> 00:07:45,339
<font color="#ffd88f">මම ඔයාගෙන් දෙයක් අහන්නද?</font>

120
00:07:45,923 --> 00:07:47,008
<font color="#ffd88f">අහන්න.</font>

121
00:07:49,010 --> 00:07:50,011
<font color="#ffd88f">මේ...</font>

122
00:07:50,511 --> 00:07:53,931
<font color="#ffd88f">තියටර් එකේ සිද්ධිය,
ළමයි අතුරුදහන් වෙන එක...</font>

123
00:07:56,642 --> 00:07:57,977
<font color="#ffd88f">ඒක හරිම භයානක දෙයක්.</font>

124
00:07:58,561 --> 00:08:00,438
<font color="#ffd88f">මම බය වෙන්න ඕනද?</font>

125
00:08:04,692 --> 00:08:06,944
<font color="#ffd88f">ඩෙරී කියන්නේ ලස්සන තැනක්,</font>

126
00:08:07,987 --> 00:08:09,655
<font color="#ffd88f">ඒත් ඉඳලා හිටලා දේවල් සිද්ධ වෙනවා.</font>

127
00:08:12,283 --> 00:08:14,952
<font color="#ffd88f">තමන් ආදරේ කරන අයව පරිස්සම් කරගන්න එක
කවදාවත් නරක දෙයක් නෙවෙයි.</font>

128
00:08:18,414 --> 00:08:19,707
<font color="#ffd88f">මෙහෙම කරමු.</font>

129
00:08:19,790 --> 00:08:23,085
<font color="#ffd88f">ඔයාට මොනවා හරි ඕන වුණොත්, කතා කරන්න,</font>

130
00:08:24,504 --> 00:08:25,505
<font color="#ffd88f">යාළුවෙක්,</font>

131
00:08:29,008 --> 00:08:30,009
<font color="#ffd88f">මට කතා කරන්න.</font>

132
00:09:01,916 --> 00:09:03,292
<font color="#ffd88f">මෙන්න මෙහෙටයි යන්න ඕන.</font>

133
00:09:03,668 --> 00:09:05,336
<font color="#ffd88f">-මේක තමයි තැන.
-හැලොරන්!</font>

134
00:09:05,419 --> 00:09:07,004
<font color="#ffd88f">-යමු!
-උඹලා දැක්කද මේ--</font>

135
00:09:07,088 --> 00:09:09,423
<font color="#ffd88f">-අපෝ නෑ.
-මං දැක්කා.</font>

136
00:09:09,507 --> 00:09:11,801
<font color="#ffd88f">ඒයි, පොඩ්ඩක් හිටපන්.
මං බලන්නම් ලයිට් තියෙනවද කියලා.</font>

137
00:09:11,884 --> 00:09:13,719
<font color="#ffd88f">-හරි හම්බුණා. ඉඳපන්.
-ලයිට් දාපන්.</font>

138
00:09:13,803 --> 00:09:15,346
<font color="#ffd88f">-අන්න හරි.
-ආ ඔය තියෙන්නේ. උඹ...</font>

139
00:09:15,429 --> 00:09:17,014
<font color="#ffd88f">-හරි.
-උඹ වැඩේ ගොඩ දැම්මා.</font>

140
00:09:17,098 --> 00:09:18,140
<font color="#ffd88f">ෂහ්.</font>

141
00:09:18,224 --> 00:09:20,518
<font color="#ffd88f">ඒයි, මේක අපේ කෑම්ප් එකේ ඉඳන්
ටිකක් දුර වැඩි නැද්ද?</font>

142
00:09:21,102 --> 00:09:22,436
<font color="#ffd88f">ඒක හොඳයිනේ.</font>

143
00:09:22,520 --> 00:09:24,480
<font color="#ffd88f">ඒ කියන්නේ අපිට කරදර කරන්න කවුරුත් නෑනේ.</font>

144
00:09:24,564 --> 00:09:27,775
<font color="#ffd88f">-උඹට ෂුවර්ද මේක අපේ කියලා?
-කර්නල් කිව්වා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා.</font>

145
00:09:27,858 --> 00:09:29,068
<font color="#ffd88f">හරි, හරි.</font>

146
00:09:29,151 --> 00:09:30,861
<font color="#ffd88f">වෙන කවුරුත් මෙහෙට එන්නෙ නෑනේ?</font>

147
00:09:30,945 --> 00:09:33,531
<font color="#ffd88f">බොල, උඹ දන්නවද "අතහැරලා දාපු"
කියන එකේ තේරුම?</font>

148
00:09:33,614 --> 00:09:34,991
<font color="#ffd88f">-නෑ.
-මෙහේ ඔක්කොම ස්ටෝරු තිබිලා තියෙන්නේ.</font>

149
00:09:35,074 --> 00:09:38,244
<font color="#ffd88f">උන්ට ඕන කරන හැමදේම,
ගොඩක් කාලෙකට කලින් අරගෙන ගිහින්.</font>

150
00:09:38,327 --> 00:09:39,870
<font color="#ffd88f">මේ බලපන්කෝ. මේක දිහා බලපන්.</font>

151
00:09:39,954 --> 00:09:42,498
<font color="#ffd88f">-මොකක්ද?
-මේක ජරාවාස වෙලානේ.</font>

152
00:09:42,582 --> 00:09:45,084
<font color="#ffd88f">ඔව්. ඒත් වැදගත්ම දේ තමයි,</font>

153
00:09:45,167 --> 00:09:46,711
<font color="#ffd88f">මේක ගන්න දෙයක් තියෙනවා.</font>

154
00:09:47,128 --> 00:09:48,129
<font color="#ffd88f">පිස්සුද බන්.</font>

155
00:09:48,254 --> 00:09:51,632
<font color="#ffd88f">නෑ, බලපන්. උඹ මෙතන බාර් එක දාලා,
සෙටප් එක අතනින් තියලා.</font>

156
00:09:51,716 --> 00:09:53,342
<font color="#ffd88f">ඒයි.</font>

157
00:09:54,302 --> 00:09:56,512
<font color="#ffd88f">ඒයි, හැලොරන්.
සමහරවිට උඹට පුළුවන් වෙයි--</font>

158
00:09:56,596 --> 00:09:58,097
<font color="#ffd88f">ග්‍රිල් එකක් හරි උඳුනක් හරි හොයාගන්න, දන්නවනේ?</font>

159
00:09:58,180 --> 00:09:59,348
<font color="#ffd88f">අපිට පුළුවන් මේක කුස්සියක් කරන්න!</font>

160
00:09:59,390 --> 00:10:01,017
<font color="#ffd88f">කොල්ලන්ට කන්න මොනවා හරි හදලා දෙන්න.</font>

161
00:10:01,100 --> 00:10:02,435
<font color="#ffd88f">එයාලගේ කෙල්ලන්ටත් එක්ක.</font>

162
00:10:02,977 --> 00:10:04,520
<font color="#ffd88f">උඹට කෑම්ප් එකේ ඕවා කරන්න බෑනේ.</font>

163
00:10:05,730 --> 00:10:08,399
<font color="#ffd88f">මේ මළ ජරාව සුද්ද කරනකම්
මෙහේ මුකුත් කරන්න වෙන්නෙ නෑ.</font>

164
00:10:08,899 --> 00:10:11,527
<font color="#ffd88f">වෙලාව කන්නෙ නැතුව වරෙල්ලා. උඹලා හිනාවෙන්නේ
නිකන් මේවා සුද්ද කරන්න ඕන නෑ වගේනේ.</font>

165
00:10:12,069 --> 00:10:13,904
<font color="#ffd88f">-ෂිහ්.
-අපි මේක සුද්ද කරමු, මහත්වරුනි.</font>

166
00:10:13,988 --> 00:10:15,406
<font color="#ffd88f">හරි සර්.</font>

167
00:10:16,907 --> 00:10:18,576
<font color="#ffd88f">උඹලට පුළුවන්ද මේකට උදව්වක් දෙන්න?
මේක මාර බරයිනේ.</font>

168
00:10:18,659 --> 00:10:21,078
<font color="#ffd88f">වරෙන් බන්. සමහරවිට අපිට මේවගෙන්
ටිකක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි.</font>

169
00:10:21,162 --> 00:10:22,705
<font color="#ffd88f">මේ ඔක්කොම කැඩිලා බන්.</font>

170
00:10:22,788 --> 00:10:23,789
<font color="#ffd88f">මෙතන කෑම තියෙනවා.</font>

171
00:10:23,873 --> 00:10:24,999
<font color="#ffd88f">කෑම තියෙනවා? යකෝ.</font>

172
00:10:30,004 --> 00:10:31,547
<font color="#ffd88f">එතකොට ලොකු එළියක් එනවා,</font>

173
00:10:31,631 --> 00:10:34,800
<font color="#ffd88f">ඉර එළියටත් වඩා සැර. ඒකෙන් ඔයාව
බිම ඇදගෙන වැටෙන්න පුළුවන්,</font>

174
00:10:34,884 --> 00:10:36,761
<font color="#ffd88f">නැත්නම් ගහක හරි බිත්තියක හරි ගිහින් වදින්න පුළුවන්.</font>

175
00:10:37,595 --> 00:10:39,805
<font color="#ffd88f">ඒක කොච්චර ලොකු පිපිරීමක්ද කියනවා නම්,</font>

176
00:10:39,889 --> 00:10:42,892
<font color="#ffd88f">ගොඩනැගිලි කඩන් වැටෙනවා,
නම් පුවරු පෙරලෙනවා,</font>

177
00:10:42,975 --> 00:10:44,977
<font color="#ffd88f">නගරේ හැමතැනම ජනේල කුඩු වෙනවා.</font>

178
00:10:45,061 --> 00:10:48,439
<font color="#ffd88f">ඒත් ඔයාලා බර්ට් වගේ බිමට පාත් වෙලා
ආවරණය වුණොත්,</font>

179
00:10:48,522 --> 00:10:50,066
<font color="#ffd88f">ඔයාලට ගොඩක් ආරක්ෂිතයි.</font>

180
00:10:50,149 --> 00:10:52,151
<font color="#ffd88f">පරමාණු බෝම්බයේ එළියට ඔයාව පිච්චෙන්න පුළුවන්</font>

181
00:10:52,234 --> 00:10:54,195
<font color="#ffd88f">ලොකු අව්වකට පිච්චෙනවට වඩා දරුණු විදියට,</font>

182
00:10:54,278 --> 00:10:56,447
<font color="#ffd88f">විශේෂයෙන්ම ඇඳුම් නැති තැන්වලට.</font>

183
00:10:56,530 --> 00:10:58,491
<font color="#ffd88f">දැන්, ඔයාලටයි මටයි කටු නෑනේ</font>

184
00:10:58,574 --> 00:11:00,201
<font color="#ffd88f">බර්ට් ඉබ්බා වගේ ඇතුළට රිංගගන්න,</font>

185
00:11:00,284 --> 00:11:02,703
<font color="#ffd88f">ඉතින් අපි අපේ විදියට ආරක්ෂා වෙන්න ඕන.</font>

186
00:11:03,245 --> 00:11:06,957
<font color="#ffd88f">ඉස්සෙල්ලම, බිමට පාත් වෙන්න,
ඊටපස්සේ ආවරණය වෙන්න.</font>

187
00:11:07,041 --> 00:11:08,167
<font color="#ffd88f">ගොඩක් තදට,</font>

188
00:11:08,250 --> 00:11:10,753
<font color="#ffd88f">ඔයාලගේ බෙල්ල පිටිපස්සයි මූණයි වහගන්න.</font>

189
00:11:11,379 --> 00:11:13,631
<font color="#ffd88f">මේසයක් යටට වෙලා හැංගිලා ඉන්න...</font>

190
00:11:46,497 --> 00:11:47,707
<font color="#ffd88f">මේවා හොයනවද?</font>

191
00:11:50,292 --> 00:11:52,420
<font color="#ffd88f">මම අස් කරන ගමන් හිටියේ,
එතකොට මට මේවා හම්බුණේ</font>

192
00:11:52,503 --> 00:11:54,755
<font color="#ffd88f">අර ලාච්චුවේ පස්සෙ තිබිලා කවරෙක දාලා.</font>

193
00:11:55,923 --> 00:11:57,383
<font color="#ffd88f">මොකද වෙන්නේ විල්?</font>

194
00:11:57,466 --> 00:12:00,010
<font color="#ffd88f">-මම මේ--
-මට බොරු කියන්න එපා.</font>

195
00:12:03,389 --> 00:12:04,724
<font color="#ffd88f">රොනී මගේ යාළුවා.</font>

196
00:12:05,516 --> 00:12:07,852
<font color="#ffd88f">එයා දිවුරලා කියනවා එයාගෙ තාත්තා ඒක කළේ නෑ කියලා,
මම එයාව විශ්වාස කරනවා,</font>

197
00:12:07,935 --> 00:12:09,687
<font color="#ffd88f">ඒත් පොලිසියෙන් විශ්වාස කරන්නෙ නෑ
මොකද එයා තියටර් එකේ වැඩ කරන නිසා.</font>

198
00:12:09,770 --> 00:12:11,772
<font color="#ffd88f">ඔව්, මම දන්නවා පුතේ.</font>

199
00:12:14,567 --> 00:12:15,609
<font color="#ffd88f">ඉතින්...</font>

200
00:12:17,069 --> 00:12:18,446
<font color="#ffd88f">මායි තව ළමයි ටිකකුයි, අපි...</font>

201
00:12:19,405 --> 00:12:21,824
<font color="#ffd88f">සෙට් වුණා එයාට උදව් කරන්නේ කොහොමද
කියලා කතා කරන්න, එතකොට...</font>

202
00:12:24,326 --> 00:12:25,369
<font color="#ffd88f">එතකොට මොකද වුණේ?</font>

203
00:12:28,664 --> 00:12:29,874
<font color="#ffd88f">මොකද වුණේ?</font>

204
00:12:31,959 --> 00:12:33,002
<font color="#ffd88f">හොඳටම කළුවරයි.</font>

205
00:12:34,044 --> 00:12:36,338
<font color="#ffd88f">කවුරු හරි අපි පස්සෙන් ආවා.</font>

206
00:12:38,591 --> 00:12:39,842
<font color="#ffd88f">අපි හොඳටම බය වුණා, අපි දිව්වා,</font>

207
00:12:39,925 --> 00:12:41,719
<font color="#ffd88f">ඒත් රොනී ළඟ කැමරාවක් තිබුණා
එයා උත්සාහ කළා--</font>

208
00:12:41,802 --> 00:12:43,179
<font color="#ffd88f">ෆොටෝ වගයක් ගන්න හැදුවේ, එතකොට...</font>

209
00:12:47,767 --> 00:12:49,435
<font color="#ffd88f">හරි පුතේ.</font>

210
00:12:53,773 --> 00:12:54,899
<font color="#ffd88f">හරි, ආයේ එහේ මෙහේ දුවන්න බෑ</font>

211
00:12:54,982 --> 00:12:56,442
<font color="#ffd88f">මම හොයලා බලනකම්
මොකද මෙහේ වෙන්නේ කියලා.</font>

212
00:12:56,525 --> 00:12:58,360
<font color="#ffd88f">-මොකක්ද?
-ඉස්කෝලෙ ගියා ආවා, එච්චරයි.</font>

213
00:12:58,444 --> 00:13:00,029
<font color="#ffd88f">-අම්මේ.
-තව වචනයක්වත් කතා කරන්න එපා.</font>

214
00:13:00,112 --> 00:13:02,490
<font color="#ffd88f">තාත්තා දැනගත්තොත් ඔයා රෑ තිස්සේ
පිස්සෙක් වගේ රස්තියාදු ගැහුවා කියලා,</font>

215
00:13:03,157 --> 00:13:04,992
<font color="#ffd88f">ඔයාට මීට වඩා ලොකු දඬුවමක් ලැබෙයි.</font>

216
00:13:07,036 --> 00:13:08,537
<font color="#ffd88f">අපි මේක අපි අතර තියාගමු</font>

217
00:13:09,580 --> 00:13:10,664
<font color="#ffd88f">මේ පාරට විතරක්.</font>

218
00:13:27,097 --> 00:13:28,724
<font color="#ffd88f">ඉස්කෝලෙ පළවෙනි සතිය කොහොමද?</font>

219
00:13:29,683 --> 00:13:31,602
<font color="#ffd88f">-වරදක් නෑ.
-වරදක් නෑ?</font>

220
00:13:32,144 --> 00:13:33,270
<font color="#ffd88f">පොඩ්ඩක් විස්තර කියන්නකෝ.</font>

221
00:13:37,691 --> 00:13:39,318
<font color="#ffd88f">කියන්න පුතේ. තාත්තට කියන්න.</font>

222
00:13:43,364 --> 00:13:44,824
<font color="#ffd88f">දෙයියනේ.</font>

223
00:13:45,783 --> 00:13:47,910
<font color="#ffd88f">කෙල්ලෙක් ඉන්නවා.</font>

224
00:13:48,410 --> 00:13:50,788
<font color="#ffd88f">-අම්මේ.
-කමක් නෑ.</font>

225
00:13:50,871 --> 00:13:52,122
<font color="#ffd88f">ළමයව ලැජ්ජා කරන්න එපා, චාර්.</font>

226
00:13:53,499 --> 00:13:54,625
<font color="#ffd88f">මට නැගිටින්න පුළුවන්ද?</font>

227
00:13:55,292 --> 00:13:57,878
<font color="#ffd88f">-ඔයා තාම අතුරුපස කෑවෙත් නෑනේ.
-මට හෝම්වර්ක් තියෙනවා.</font>

228
00:13:59,713 --> 00:14:01,674
<font color="#ffd88f">හරි එහෙනම්. යන්න.</font>

229
00:14:09,139 --> 00:14:10,474
<font color="#ffd88f">ඉතින්, කෙල්ල...</font>

230
00:14:11,433 --> 00:14:12,434
<font color="#ffd88f">මම අදහස් කළේ, එයා...</font>

231
00:14:18,190 --> 00:14:19,191
<font color="#ffd88f">ඔයා දන්නවනේ.</font>

232
00:14:22,528 --> 00:14:23,904
<font color="#ffd88f">ඔයා මේ සති අන්තේ වැඩද?</font>

233
00:14:26,115 --> 00:14:27,867
<font color="#ffd88f">මං දන්නෙ නෑ. මං කෝල් එකක් එනකම් ඉන්නේ.</font>

234
00:14:30,119 --> 00:14:31,704
<font color="#ffd88f">මං මේ කල්පනා කළේ,</font>

235
00:14:31,787 --> 00:14:34,039
<font color="#ffd88f">ඔයා ෆ්‍රී නම්,
ඔයාලා දෙන්නට මොනවා හරි කරන්න පුළුවන්නේ.</font>

236
00:14:35,415 --> 00:14:37,001
<font color="#ffd88f">මෙහෙ ආවට පස්සේ හරිම කාර්යබහුල වුණානේ.</font>

237
00:14:37,084 --> 00:14:39,628
<font color="#ffd88f">වෙනසකටත් එක්ක එයාව එයාගේ කල්පනා ලෝකෙන්
එළියට ගන්න එක හොඳ වෙයි.</font>

238
00:14:42,464 --> 00:14:43,465
<font color="#ffd88f">ඔව්.</font>

239
00:14:44,383 --> 00:14:46,260
<font color="#ffd88f">-බලමුකෝ.
-ඔව්?</font>

240
00:14:47,136 --> 00:14:48,387
<font color="#ffd88f">ඔයා මොකද හිතන්නේ?</font>

241
00:15:11,869 --> 00:15:12,995
<font color="#ffd88f">මරු.</font>

242
00:15:14,705 --> 00:15:15,706
<font color="#ffd88f">තාත්තේ?</font>

243
00:15:16,957 --> 00:15:18,375
<font color="#ffd88f">අපි කොච්චර වෙලා මේක කරන්න ඕනද?</font>

244
00:15:21,045 --> 00:15:24,465
<font color="#ffd88f">කරන්න ඕනද? මම මේ මගේ ජීවිතේ
සුපිරිම කාලේ ගත කරන්නේ.</font>

245
00:15:25,007 --> 00:15:26,592
<font color="#ffd88f">මගේ පුතා එක්ක සොබාදහම එක්ක ඉන්නවා,</font>

246
00:15:26,675 --> 00:15:28,135
<font color="#ffd88f">ඉස්සර මම මගේ තාත්තා එක්ක හිටියා වගේ.</font>

247
00:15:30,054 --> 00:15:31,347
<font color="#ffd88f">මීට වඩා හොඳ දෙයක් නෑ.</font>

248
00:15:34,516 --> 00:15:36,310
<font color="#ffd88f">මට කියන්න ඔය අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන.</font>

249
00:15:38,145 --> 00:15:39,271
<font color="#ffd88f">එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවෙයි.</font>

250
00:15:43,859 --> 00:15:46,528
<font color="#ffd88f">තාම නෑ? අවුරුද්ද පටන් ගත්තා විතරනේ.</font>

251
00:15:51,408 --> 00:15:53,160
<font color="#ffd88f">අවුරුද්ද පටන් ගත්තා විතරයි යාළුවා.</font>

252
00:15:54,286 --> 00:15:55,537
<font color="#ffd88f">-මට මොකක් හරි අහු වුණා.
-මොකක්ද?</font>

253
00:15:55,621 --> 00:15:56,622
<font color="#ffd88f">මට එකෙක් අහු වුණා.</font>

254
00:15:57,831 --> 00:15:59,540
<font color="#ffd88f">හරි පුතේ, කලබල වෙන්න එපා. බලෙන් අදින්න එපා.</font>

255
00:15:59,625 --> 00:16:01,377
<font color="#ffd88f">හිමීට හිමීට ඔතන්න.</font>

256
00:16:02,127 --> 00:16:03,754
<font color="#ffd88f">-දාන්න, හිමීට. දිගටම කරගෙන යන්න.
-මම කරනවා තාත්තේ.</font>

257
00:16:03,879 --> 00:16:05,297
<font color="#ffd88f">කරගෙන යන්න. ඔයාට පුළුවන්. අතාරින්න එපා.</font>

258
00:16:05,381 --> 00:16:07,091
<font color="#ffd88f">ඌ පස්සෙන්ම ඉන්න. අන්න හරි.</font>

259
00:16:07,883 --> 00:16:08,884
<font color="#ffd88f">ශික්.</font>

260
00:16:10,094 --> 00:16:11,220
<font color="#ffd88f">මට අහු වුණා.</font>

261
00:16:11,303 --> 00:16:13,722
<font color="#ffd88f">ඔයාට අහු වුණා. ඒක... ඌ ගියා.</font>

262
00:16:14,223 --> 00:16:15,891
<font color="#ffd88f">ආපහු ඔතන්න.
අඩුම ගානේ අපි දන්නවනේ උන් ඇම කනවා කියලා.</font>

263
00:16:17,142 --> 00:16:19,687
<font color="#ffd88f">පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. ඔයාගේ බිලී ඇම ගැලවිලා.</font>

264
00:16:20,813 --> 00:16:21,939
<font color="#ffd88f">ඔව්, ඉතින්...</font>

265
00:16:23,148 --> 00:16:24,149
<font color="#ffd88f">මගේ නූල බලාගන්නවද?</font>

266
00:16:24,233 --> 00:16:25,567
<font color="#ffd88f">මම අමතර ඒවා කාර් එකේ දාලා ආවේ.</font>

267
00:17:27,296 --> 00:17:30,883
<font color="#ffd88f">ඔයත් පිච්චෙයි!</font>

268
00:17:32,885 --> 00:17:34,178
<font color="#ffd88f">විල්.</font>

269
00:17:38,140 --> 00:17:40,017
<font color="#ffd88f">තාත්තේ! උදව් කරන්න!</font>

270
00:17:42,561 --> 00:17:44,229
<font color="#ffd88f">තාත්තේ! උදව් කරන්න!</font>

271
00:17:44,688 --> 00:17:47,274
<font color="#ffd88f">උදව් කරන්න! තාත්තේ! උදව් කරන්න!</font>

272
00:17:50,694 --> 00:17:52,821
<font color="#ffd88f">ඒක මාව යටට ඇද්දා.
ඒක වතුරෙන් උඩට ආවා!</font>

273
00:17:52,905 --> 00:17:55,157
<font color="#ffd88f">මොකක්ද? පුතා, මොකක්ද ඒ?
හුස්ම ගන්න. හුස්ම ගන්න. මොකක්ද ආවේ?</font>

274
00:17:55,908 --> 00:17:56,950
<font color="#ffd88f">ඒ ඔයා.</font>

275
00:17:57,993 --> 00:17:59,703
<font color="#ffd88f">ඔයා පිච්චිලා හිටියේ
අර ප්ලේන් එක කඩන් වැටුණට පස්සේ</font>

276
00:17:59,787 --> 00:18:01,455
<font color="#ffd88f">යුද්දෙ කාලේ ගත්ත ඔයාගේ පින්තූරේ වගේමයි!</font>

277
00:18:01,538 --> 00:18:03,248
<font color="#ffd88f">පුතා, කලබල නොවී ඉන්න.
ඔයා කියන දේ තේරෙන්නේ නෑ.</font>

278
00:18:03,332 --> 00:18:04,792
<font color="#ffd88f">-ඒක ඇත්තක්!
-සන්සුන් වෙන්න!</font>

279
00:18:09,379 --> 00:18:10,672
<font color="#ffd88f">පුතා, මොකක්ද මේ මගුල?</font>

280
00:18:12,049 --> 00:18:14,676
<font color="#ffd88f">මෙහෙ ඩෙරී වල මොකක් හරි තියෙනවා.</font>

281
00:18:15,219 --> 00:18:16,220
<font color="#ffd88f">නරක දෙයක්.</font>

282
00:18:34,696 --> 00:18:36,448
<font color="#ffd88f">කියුබානු වරායන් වෙත මෑතකදී පැමිණි</font>

283
00:18:36,532 --> 00:18:38,117
<font color="#ffd88f">සෝවියට් නැව්ගත කිරීම්වල</font>

284
00:18:38,200 --> 00:18:39,660
<font color="#ffd88f">හමුදා උපකරණ අඩංගු විය හැකි බවට,</font>

285
00:18:39,743 --> 00:18:41,370
<font color="#ffd88f">වාර්තා යෝජනා කරයි,
මතුපිට සිට ගුවනට විදින මිසයිල ද ඊට ඇතුළත් ය.</font>

286
00:18:41,453 --> 00:18:43,747
<font color="#ffd88f">තහවුරු වුවහොත්, මූලාශ්‍ර පවසන්නේ
එය සුවිශේෂී...</font>

287
00:18:47,501 --> 00:18:49,419
<font color="#ffd88f">චීෆ්, ඔයාව හම්බවෙන්න කෙනෙක් ඇවිත්.</font>

288
00:18:56,426 --> 00:18:58,637
<font color="#ffd88f">විස්තර මුකුත් නෑ, හැඩරුවක් නෑ.</font>

289
00:18:58,887 --> 00:19:00,264
<font color="#ffd88f">ඕකෙන් විතරක් හොයන්න අමාරුයි.</font>

290
00:19:00,347 --> 00:19:02,599
<font color="#ffd88f">ඒ පොඩි ළමයිනේ. එයාලා බය වෙලා දුවලා තියෙන්නේ.</font>

291
00:19:02,683 --> 00:19:03,934
<font color="#ffd88f">හරි. අපි ඒ ගැන බලන්නම්.</font>

292
00:19:04,017 --> 00:19:05,477
<font color="#ffd88f">තව මොනවා හරි තියෙනවද, මිසිස්...</font>

293
00:19:05,561 --> 00:19:06,562
<font color="#ffd88f">හැන්ලන්.</font>

294
00:19:06,937 --> 00:19:08,814
<font color="#ffd88f">මම මේ කාගේවත් වැඩ වලට ඇඟිලි ගහනවා නෙවෙයි,</font>

295
00:19:08,897 --> 00:19:10,732
<font color="#ffd88f">චීෆ් බවර්ස්, ඒත් තාමත්</font>

296
00:19:10,816 --> 00:19:13,152
<font color="#ffd88f">ළමයින්ට කරදර කරන කෙනෙක් එළියේ ඉන්නවා නම්,</font>

297
00:19:13,235 --> 00:19:16,655
<font color="#ffd88f">ඔයාලගේ හිරබාරේ ඉන්නේ
අහිංසක මනුස්සයෙක් වෙන්න බැරිද?</font>

298
00:19:16,738 --> 00:19:18,949
<font color="#ffd88f">ඔයා මේ හැන්ක් ග්‍රෝගන් ගැනද කියන්නේ?
ඒක වෙන්න බෑ.</font>

299
00:19:19,491 --> 00:19:21,660
<font color="#ffd88f">ඒක වෙන්නම බෑ. අපි එයාව ප්‍රශ්න කළා,
එයා බොරුවක් කිව්වේ කියලා අපි අල්ලගත්තා.</font>

300
00:19:21,743 --> 00:19:23,537
<font color="#ffd88f">ඒ මනුස්සයාට නිර්දෝෂී බව ඔප්පු කරන්න සාක්ෂි නෑ.</font>

301
00:19:24,580 --> 00:19:26,582
<font color="#ffd88f">එයාට නීතිඥයෙක් හම්බවෙන්න ඉඩ දුන්නද?</font>

302
00:19:29,001 --> 00:19:31,170
<font color="#ffd88f">මිසිස් හැන්ලන්, මේක දකුණු පළාත නෙවෙයි.</font>

303
00:19:31,253 --> 00:19:33,380
<font color="#ffd88f">එයාටයි එයාගේ පවුලේ අයටයි රජයේ නීතිඥ කාර්යාලයත් එක්ක</font>

304
00:19:33,463 --> 00:19:35,507
<font color="#ffd88f">දිගටම සම්බන්ධ වෙන්න දීලා තියෙන්නේ.</font>

305
00:19:35,591 --> 00:19:37,926
<font color="#ffd88f">මම හිතලා ඔයාගේ හිත රිද්දුවා නෙවෙයි සර්.
මට සමා වෙන්න.</font>

306
00:19:38,844 --> 00:19:40,846
<font color="#ffd88f">ඔයාට හිතාගන්න පුළුවන්නේ මම කොහේ ඉඳන්ද ආවේ කියලා,</font>

307
00:19:40,929 --> 00:19:42,097
<font color="#ffd88f">මම පුරුදු වෙලා තියෙන දේවල් ගැන.</font>

308
00:19:46,476 --> 00:19:48,270
<font color="#ffd88f">මට එයාත් එක්ක කතා කරන්න පුළුවන්ද?</font>

309
00:19:48,353 --> 00:19:50,480
<font color="#ffd88f">ඔයා නීතිඥයෙක්වත් පවුලේ කෙනෙක්වත් නෙවෙයිනේ, ඒ නිසා බෑ.</font>

310
00:19:51,023 --> 00:19:52,441
<font color="#ffd88f">දැන්, මට යන්න අවසර නම්...</font>

311
00:19:58,197 --> 00:19:59,364
<font color="#ffd88f">ඔයාගේ කාලය කැප කළාට ස්තූතියි.</font>

312
00:20:27,100 --> 00:20:28,602
<font color="#ffd88f">"ග්‍රෝගන්." ග්‍රෝගන්.</font>

313
00:20:37,527 --> 00:20:39,696
<font color="#ffd88f">මට තේරෙන්නේ නෑ මිස්...</font>

314
00:20:39,780 --> 00:20:42,991
<font color="#ffd88f">මිසිස්. හැන්ලන්. මට චාර්ලට් කියලා කතා කරන්න.</font>

315
00:20:43,909 --> 00:20:46,703
<font color="#ffd88f">මගේ පුතා, විල්,
ඔයාගේ මිණිබිරිගේ යාළුවෙක්.</font>

316
00:20:47,079 --> 00:20:48,956
<font color="#ffd88f">එයා මට ඔයාගේ පුතා ගැන කිව්වා,</font>

317
00:20:49,039 --> 00:20:51,625
<font color="#ffd88f">ඉතින් මම මේ නිකන් බලලා යන්න ආවේ.</font>

318
00:20:51,708 --> 00:20:53,752
<font color="#ffd88f">-ඔයා නීතිඥයෙක්ද?
-නෑ නෝනා,</font>

319
00:20:53,835 --> 00:20:56,088
<font color="#ffd88f">හැබැයි මම දකුණේ ව්‍යාපාරයේ
සෑහෙන්න වැඩ කළා.</font>

320
00:20:56,713 --> 00:20:58,632
<font color="#ffd88f">බලහත්කාරයෙන් බොරු පාපොච්චාරණ ගත්ත</font>

321
00:20:58,715 --> 00:21:00,926
<font color="#ffd88f">කළු ජාතික මිනිස්සු වෙනුවෙන් මම උදව් කළා.</font>

322
00:21:01,593 --> 00:21:03,053
<font color="#ffd88f">ඔයාගේ පුතාට වෙලා තියෙන්නෙත් ඒකම නම්,</font>

323
00:21:03,136 --> 00:21:05,013
<font color="#ffd88f">මට එයාටත් උදව්වක් කරන්න පුළුවන්ද බලන්න ඕනේ.</font>

324
00:21:05,138 --> 00:21:06,390
<font color="#ffd88f">ඔයා හරිම කාරුණිකයි,</font>

325
00:21:06,473 --> 00:21:08,475
<font color="#ffd88f">ඒත් මට පේන්නේ නෑ
ඕකෙන් ලොකු යහපතක් වෙයි කියලා.</font>

326
00:21:09,268 --> 00:21:11,395
<font color="#ffd88f">මම හිතාගෙන හිටියේ එයා කාමරේ කියලා.</font>

327
00:21:12,145 --> 00:21:14,856
<font color="#ffd88f">බැලින්නම් කවුරුහරි දැකලා තියෙනවා
එයා එළියේ ඇවිදිනවා. ඉතින්...</font>

328
00:21:16,316 --> 00:21:17,526
<font color="#ffd88f">ඒ කියන්නේ නෑනේ එයා කාටහරි කරදරයක් කළා කියලා.</font>

329
00:21:18,151 --> 00:21:20,946
<font color="#ffd88f">ඇත්තෙන්ම නෑ.
මගේ හැන්ක් සතෙකුටවත් හිංසාවක් කරන කෙනෙක් නෙවෙයි.</font>

330
00:21:21,655 --> 00:21:23,240
<font color="#ffd88f">විශේෂයෙන්ම පොඩි ළමයින්ට.</font>

331
00:21:23,657 --> 00:21:26,410
<font color="#ffd88f">ඉතින්, එයා තියටර් එකේ හිටියේ නැත්නම්,
ගෙදර හිටියෙත් නැත්නම්,</font>

332
00:21:27,119 --> 00:21:28,537
<font color="#ffd88f">එයා වෙන කොහේ ඉන්න ඇද්ද?</font>

333
00:21:29,913 --> 00:21:32,332
<font color="#ffd88f">එදා රෑ මගේ පුතා හිටපු තැන දන්න එකම කෙනා,</font>

334
00:21:32,416 --> 00:21:33,667
<font color="#ffd88f">එයා ඇරුණම,</font>

335
00:21:34,793 --> 00:21:35,794
<font color="#ffd88f">දෙවියෝ විතරයි.</font>

336
00:21:37,254 --> 00:21:39,006
<font color="#ffd88f">ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කට හොලවන්නේ නෑනේ.</font>

337
00:21:45,721 --> 00:21:46,972
<font color="#ffd88f">ඒයි.</font>

338
00:21:48,598 --> 00:21:49,641
<font color="#ffd88f">ඔයා ඕක සුද්ද කරනවද?</font>

339
00:21:58,984 --> 00:22:00,902
<font color="#ffd88f">ඔන්න හරි, රෙජ්!</font>

340
00:22:10,996 --> 00:22:12,080
<font color="#ffd88f">බිත්තියට හේත්තු වෙන්න. පස්සට--</font>

341
00:22:15,167 --> 00:22:17,336
<font color="#ffd88f">ජැක්ස්, ඇත්තටම පස්ස
බිත්තියට හේත්තු කරගන්න ඕනේ.</font>

342
00:22:17,419 --> 00:22:18,628
<font color="#ffd88f">ඇයි ඔයා උදව් කරන්නේ නැත්තේ?</font>

343
00:22:18,712 --> 00:22:20,464
<font color="#ffd88f">මම මේ දැන් උදව් කරන්නේ.</font>

344
00:22:20,547 --> 00:22:22,716
<font color="#ffd88f">-හරි, හැලරන්.
-මට සෙල්ලම් කරන්න බෑ.</font>

345
00:22:24,217 --> 00:22:26,219
<font color="#ffd88f">ඒයි! හැලරන්!</font>

346
00:22:58,418 --> 00:22:59,461
<font color="#ffd88f">ඩික්...</font>

347
00:23:00,754 --> 00:23:01,838
<font color="#ffd88f">කොල්ලෝ.</font>

348
00:23:03,757 --> 00:23:05,634
<font color="#ffd88f">මම කියන දේ අහන්න.</font>

349
00:23:07,469 --> 00:23:09,805
<font color="#ffd88f">ඔයා පරිස්සම් වෙන්න ඕනේ, තේරුණාද?</font>

350
00:23:10,847 --> 00:23:13,392
<font color="#ffd88f">ඔය කට පියාගෙන ඉන්න.</font>

351
00:23:33,954 --> 00:23:35,580
<font color="#ffd88f">එයාලා කිව්වා ඔයාව මෙතනදි හම්බවෙයි කියලා.</font>

352
00:23:37,040 --> 00:23:38,083
<font color="#ffd88f">ඉතින්, මම ආවා.</font>

353
00:23:39,668 --> 00:23:40,710
<font color="#ffd88f">ඒයි.</font>

354
00:23:41,086 --> 00:23:42,963
<font color="#ffd88f">ගෙදර උයපු කෑම එකට ආයෙත් ස්තූතියි.</font>

355
00:23:44,005 --> 00:23:46,842
<font color="#ffd88f">ගණිකා නිවාසෙකින් එළියට බැස්සට පස්සේ මම ලබපු
හොඳම නින්ද ඊයේ ලැබුණේ.</font>

356
00:23:48,802 --> 00:23:51,805
<font color="#ffd88f">ඒ, ඔයාට ජෙනරාල් ෂෝ ගෙන්වත් කර්නල් ෆුලර් ගෙන්වත්
මොකුත් ආරංචියක් ආවද?</font>

357
00:23:53,181 --> 00:23:55,058
<font color="#ffd88f">මම මේ බැලුවේ අපි කවද්ද ආයේ උඩට යන්නේ කියලා.</font>

358
00:23:55,142 --> 00:23:56,726
<font color="#ffd88f">ආ, නෑ. ඒවා මට තීරණය කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ.</font>

359
00:23:56,810 --> 00:24:00,021
<font color="#ffd88f">මට තේරෙනවා. ඒ වුණාට, දන්නවනේ
අර ප්‍රිසෙප්ට් මෙහෙයුම,</font>

360
00:24:01,022 --> 00:24:02,607
<font color="#ffd88f">ෂෝ කතා කළේ ඒක හරිම හදිසි දෙයක් වගේනේ.</font>

361
00:24:04,943 --> 00:24:06,403
<font color="#ffd88f">සහෝදරයෙක් විදියට කියන්නේ,</font>

362
00:24:06,486 --> 00:24:08,155
<font color="#ffd88f">මේ වැඩේදි ඉස්සරහට පැනලා වෙඩි කන්න</font>

363
00:24:08,238 --> 00:24:09,781
<font color="#ffd88f">එච්චර හදිසි වෙන්න එපා.</font>

364
00:24:11,700 --> 00:24:12,909
<font color="#ffd88f">දැන්, ඔයා මොකක්ද ඔය කියන්න හදන්නේ?</font>

365
00:24:12,993 --> 00:24:14,786
<font color="#ffd88f">කර්නල් කාරුණික වුණා</font>

366
00:24:14,870 --> 00:24:16,872
<font color="#ffd88f">අපිට මේ පරණ ගබඩාව පාවිච්චි කරන්න දෙන්න</font>

367
00:24:16,955 --> 00:24:18,790
<font color="#ffd88f">අපේ ඕන එපාකම් වලට.</font>

368
00:24:20,125 --> 00:24:21,960
<font color="#ffd88f">අපි මේ ඇතුලේ බඩු ටික අස් කරනවා.
ඔයා කැමතිද අපිට උදව් කරන්න?</font>

369
00:24:22,043 --> 00:24:23,128
<font color="#ffd88f">ඒයි.</font>

370
00:24:31,178 --> 00:24:34,139
<font color="#ffd88f">අහන්නකෝ, මම අද මගේ පුතා එක්ක මාළු අල්ලන්න ගියා,</font>

371
00:24:34,931 --> 00:24:37,434
<font color="#ffd88f">මම ආයේ කාර් එකට ගියාම
තව ඇම ටිකක් ගේන්න...</font>

372
00:24:38,727 --> 00:24:39,728
<font color="#ffd88f">මොකක්දෝ දෙයක් එයාට පහර දීලා.</font>

373
00:24:40,520 --> 00:24:43,523
<font color="#ffd88f">දෙවියනේ. මට කණගාටුයි. ඔයා හොඳින් නේද?</font>

374
00:24:43,607 --> 00:24:45,734
<font color="#ffd88f">මම එයාගෙන් ඇහුවම මොකක්ද කියලා, එයා කිව්වා,</font>

375
00:24:47,235 --> 00:24:49,529
<font color="#ffd88f">එයා කිව්වා ඒ මමලු,
හොඳටම පිච්චිලා අඟුරු වෙලා</font>

376
00:24:49,613 --> 00:24:51,198
<font color="#ffd88f">නිකන් ප්ලේන් එකක් කඩන් වැටිලා ඒකෙන් එළියට ආවා වගේලු.</font>

377
00:24:51,281 --> 00:24:53,742
<font color="#ffd88f">මම වතුරෙන් උඩට ඇවිල්ලා,
එයාව යටට අදින්න හැදුවලු.</font>

378
00:24:54,784 --> 00:24:56,119
<font color="#ffd88f">ඔයා ඒවා විශ්වාස කරනවද?</font>

379
00:24:58,914 --> 00:25:01,666
<font color="#ffd88f">ඒ ළමයාගේ ඇඟ පුරාම තුවාලයි සීරීම් පාරවල්,
නිකන් සතෙක් පහුරු ගාන්න පැන්නා වගේ.</font>

380
00:25:04,085 --> 00:25:05,754
<font color="#ffd88f">එයා මගේ දිහා බලලා කිව්වා,</font>

381
00:25:05,879 --> 00:25:09,758
<font color="#ffd88f">"තාත්තේ, මෙහෙ ඩෙරී වල
මොකක් හරි නරක දෙයක් තියෙනවා" කියලා.</font>

382
00:25:15,222 --> 00:25:17,349
<font color="#ffd88f">හැලරන්, ඇත්තටම අපි මේ මොකක්ද හොයන්නේ?</font>

383
00:25:20,310 --> 00:25:22,020
<font color="#ffd88f">මම දන්නවා අපි උත්සාහ කරන්නේ
මොකක් හරි මගුලක් හදන්න කියලා.</font>

384
00:25:22,103 --> 00:25:24,022
<font color="#ffd88f">රුසියාවත් එහෙමයි.
මොකක්ද, දෙයක් නැති වෙලාද?</font>

385
00:25:24,523 --> 00:25:27,484
<font color="#ffd88f">ඔළුව විකාර කරන මැෂින් එකක්ද? මොකක්ද ඒක?</font>

386
00:25:29,819 --> 00:25:31,404
<font color="#ffd88f">-මට උත්තර දෙන්න!
-මම දන්නේ නෑ!</font>

387
00:25:32,614 --> 00:25:34,115
<font color="#ffd88f">මම දන්නේ නෑ මොන මගුලක්ද ඒ කියලා.</font>

388
00:25:36,284 --> 00:25:37,702
<font color="#ffd88f">අනික, මට දැනගන්න ඕනෙද කියලවත් මට ෂුවර් නෑ.</font>

389
00:25:39,538 --> 00:25:43,041
<font color="#ffd88f">බලන්න, මට කියන දේ මම කරනවා
කරන්න කිව්වම, හරියට ඔයා වගේමයි.</font>

390
00:25:46,753 --> 00:25:47,963
<font color="#ffd88f">ඔයාගේ පුතා ගැන මට කණගාටුයි.</font>

391
00:25:55,387 --> 00:25:57,138
<font color="#ffd88f">මට පොඩි කාලේ රෑට හීන පෙනුණා මගේ තාත්තා</font>

392
00:25:57,222 --> 00:25:59,057
<font color="#ffd88f">කොරියාවේදි වුණා වගේම
ප්ලේන් එකකින් කඩන් වැටෙනවා.</font>

393
00:26:00,392 --> 00:26:02,102
<font color="#ffd88f">ඒක මාව ලෝකේ වෙන ඕනම දේකට වඩා බය කළා.</font>

394
00:26:02,185 --> 00:26:04,437
<font color="#ffd88f">මම... ඒක කොහොමද ඒ ගැන දන්නේ?</font>

395
00:26:05,772 --> 00:26:08,191
<font color="#ffd88f">මගේ තාත්තා මාව බේරගන්න එන්න කලින්
ඒකට මාව මරන්න තිබුණා.</font>

396
00:26:08,275 --> 00:26:11,069
<font color="#ffd88f">ඊට ඕනම වෙලාවක අපි ඕනම කෙනෙක්ව මරන්න පුළුවන් ඇති.</font>

397
00:26:14,364 --> 00:26:15,740
<font color="#ffd88f">මේක නෙවෙයි නම්...</font>

398
00:26:16,408 --> 00:26:17,742
<font color="#ffd88f">මොකක් නෙවෙයි නම්ද?</font>

399
00:26:19,744 --> 00:26:22,497
<font color="#ffd88f">ඒකට අපිව මරන්න ඕනේ නැත්නම්?</font>

400
00:26:23,081 --> 00:26:24,082
<font color="#ffd88f">දැනටවත් එහෙම නැත්නම්.</font>

401
00:26:24,165 --> 00:26:27,127
<font color="#ffd88f">ලිලී කිව්වා වගේ
ඒක උත්සාහ කරන්නේ අපිව බය කරන්න විතරක් නම්?</font>

402
00:26:27,210 --> 00:26:30,380
<font color="#ffd88f">ඇයි ඒක අපිව බය කරන්න විතරක් හදන්නේ
අනිත් හැමෝම මරලා දාලා තියෙද්දි?</font>

403
00:26:30,463 --> 00:26:33,717
<font color="#ffd88f">අපි හරියටම දන්නේ නෑ
මැටී මැරිලා කියලා. හරියටම නෑනේ.</font>

404
00:26:36,344 --> 00:26:38,805
<font color="#ffd88f">හැබැයි එයා අතුරුදහන් වෙන්න කලින්
ටික කාලයක් තිස්සේ</font>

405
00:26:38,888 --> 00:26:40,765
<font color="#ffd88f">අමුතු දේවල් දැක්කා කියලා එයා මට කිව්වා.</font>

406
00:26:41,433 --> 00:26:43,643
<font color="#ffd88f">ෆිලුයි ටෙඩියිත් කිව්වේ ඕකමයි.</font>

407
00:26:44,603 --> 00:26:45,604
<font color="#ffd88f">අයියෝ.</font>

408
00:26:46,730 --> 00:26:48,690
<font color="#ffd88f">-මම කැමති නෑ මම හරි යනවට.
-මොකක්?</font>

409
00:26:49,316 --> 00:26:50,650
<font color="#ffd88f">ඇඩ්‍රිනලින්.</font>

410
00:26:51,818 --> 00:26:52,819
<font color="#ffd88f">කෝටිසෝල්.</font>

411
00:26:55,155 --> 00:26:56,781
<font color="#ffd88f">ඕවට කියන්නේ බිය ඇති කරන හෝමෝන කියලා.</font>

412
00:26:56,865 --> 00:26:59,284
<font color="#ffd88f">ඔයා බය වුණාම,
ඔයා විතරක් නෙවෙයි, ඕනම ක්ෂීරපායි සතෙක්,</font>

413
00:26:59,367 --> 00:27:01,536
<font color="#ffd88f">ඔයාගේ අධිවෘක්ක ග්‍රන්ථියෙන්
ඒවා ඔයාගේ ලේ වලට මුදා හරිනවා,</font>

414
00:27:01,620 --> 00:27:03,747
<font color="#ffd88f">සමහර විලෝපිකයන් ඒ රසට කැමතියි.</font>

415
00:27:04,748 --> 00:27:07,250
<font color="#ffd88f">ඉතින්, උන් ගොදුර පස්සෙන් පන්නලා බය කරනවා</font>

416
00:27:07,334 --> 00:27:08,793
<font color="#ffd88f">ඒකේ නියම සුවඳ එනකම්.</font>

417
00:27:09,336 --> 00:27:10,837
<font color="#ffd88f">-ඊට පස්සේ--
-නෑ, නෑ, නෑ.</font>

418
00:27:10,879 --> 00:27:12,505
<font color="#ffd88f">ඔයා කියන්නේ ඒකට අපිව කන්න ඕනේ කියලද?</font>

419
00:27:12,589 --> 00:27:14,424
<font color="#ffd88f">-ඒක නිකන් තියරියක් විතරයි.
-ඒක මහා කැත තියරියක්නේ!</font>

420
00:27:14,507 --> 00:27:16,259
<font color="#ffd88f">-ඉතින්, ඒක කරුණු එක්ක ගැලපෙනවනේ.
-හරි, අපි නිකමට හිතමු,</font>

421
00:27:16,343 --> 00:27:18,303
<font color="#ffd88f">මේ වෙලාවේ හැටියට ඔයා හරි කියලා.</font>

422
00:27:18,386 --> 00:27:20,221
<font color="#ffd88f">නෑ, මට එහෙම හිතන්න ඕනේ නෑ.</font>

423
00:27:20,305 --> 00:27:24,184
<font color="#ffd88f">ඒත් එයා හරි නම්, අපි මොකද කරන්න ඕනේ?</font>

424
00:27:25,018 --> 00:27:27,228
<font color="#ffd88f">මම කියන්නේ, අපිට බෑනේ</font>

425
00:27:27,312 --> 00:27:28,813
<font color="#ffd88f">බය වෙන එක නතර කරන්න.</font>

426
00:27:31,191 --> 00:27:32,275
<font color="#ffd88f">ළමයිනේ...</font>

427
00:27:33,401 --> 00:27:34,569
<font color="#ffd88f">අපිට පුළුවන් වුණොත්?</font>

428
00:27:38,323 --> 00:27:39,574
<font color="#ffd88f">කොහොමද ඔයාට ඒවා හම්බුණේ?</font>

429
00:27:39,658 --> 00:27:41,326
<font color="#ffd88f">මම අම්මගේ මේකප් පෙට්ටියෙන් ඉස්සුවේ.</font>

430
00:27:42,077 --> 00:27:43,370
<font color="#ffd88f">මම අපි හැමෝටම එක ගානේ ගත්තා.</font>

431
00:27:44,829 --> 00:27:45,997
<font color="#ffd88f">ඕකෙන් මොකද වෙන්නේ?</font>

432
00:27:46,081 --> 00:27:47,916
<font color="#ffd88f">එයා මොනවා හරි ගැන ගොඩක් කලබල වුණාම</font>

433
00:27:47,999 --> 00:27:50,210
<font color="#ffd88f">බිල් ගෙවන ඒවා ගැන හරි, දන්නවනේ ඉතින්,</font>

434
00:27:51,378 --> 00:27:52,462
<font color="#ffd88f">මම ගැන හරි,</font>

435
00:27:52,504 --> 00:27:54,464
<font color="#ffd88f">එයා මේකක් දිව යට තියාගන්නවා.</font>

436
00:27:55,090 --> 00:27:57,217
<font color="#ffd88f">එයා කියනවා ඒකෙන් එයාගේ හැම බයක්ම
කරදරයක්ම</font>

437
00:27:57,300 --> 00:27:58,885
<font color="#ffd88f">මැජික් වගේ දිය වෙලා යනවා කියලා.</font>

438
00:27:58,968 --> 00:28:00,929
<font color="#ffd88f">එයා ඒකට කියන්නේ "අම්මගේ පුංචි උදව්කාරයා" කියලා.</font>

439
00:28:01,012 --> 00:28:02,722
<font color="#ffd88f">ඒක නරකම නෑ වගේ.</font>

440
00:28:03,223 --> 00:28:06,351
<font color="#ffd88f">ඉතින්, මම හිතන්නේ මොකක් හරි අමුතු දෙයක්
වෙන්න පටන් ගත්ත ගමන්ම,</font>

441
00:28:06,434 --> 00:28:09,104
<font color="#ffd88f">-අපි මේක අරගෙන නිකන්--
-හොඳක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.</font>

442
00:28:09,187 --> 00:28:10,480
<font color="#ffd88f">ඔව්.</font>

443
00:28:14,067 --> 00:28:16,945
<font color="#ffd88f">පෘථිවිය මත පණුවන් විශේෂ
20,000 ක් පමණ සිටිනවා.</font>

444
00:28:17,028 --> 00:28:18,863
<font color="#ffd88f">එකිනෙකාට ආවේණික වූ,</font>

445
00:28:18,947 --> 00:28:22,701
<font color="#ffd88f">එක් එක් සතාට ඊටම ආවේණික වූ අරමුණක් ඇත
අපේ ග්‍රහලෝකයේ ක්‍රියාකාරිත්වයේ</font>

446
00:28:22,784 --> 00:28:27,163
<font color="#ffd88f">මෙම විශාල කැරකෙන යාන්ත්‍රණය තුළ.</font>

447
00:28:29,249 --> 00:28:31,334
<font color="#ffd88f">මෙහි අපි දකින්නේ පරපෝෂිත පැතලි පණුවෙක් වන,</font>

448
00:28:31,418 --> 00:28:35,672
<font color="#ffd88f">ලියුකොක්ලෝරීඩියම් පැරඩොක්සම්,
ඌ ගොඩබිම් ගොළුබෙල්ලන්ගේ ශරීර තුළට රිංගා,</font>

449
00:28:35,755 --> 00:28:39,134
<font color="#ffd88f">ඔවුන්ගේ ඇස් ඉදිමීමට හේතු වේ</font>

450
00:28:39,217 --> 00:28:41,720
<font color="#ffd88f">සහ විවිධ වර්ණ සහිත නෙ නෙරීම් දක්වා විහිදේ,</font>

451
00:28:41,803 --> 00:28:45,640
<font color="#ffd88f">එය පසුව පක්ෂීන්ගේ
අවධානය ආකර්ෂණය කරයි,</font>

452
00:28:45,724 --> 00:28:49,477
<font color="#ffd88f">ඉන්පසු ඔවුන් පහතට පියාසර කර ඒවා කඩා ගනී.</font>

453
00:28:50,228 --> 00:28:54,524
<font color="#ffd88f">දැන්, ලියුකොක්ලෝරීඩියම් පැරඩොක්සම් හි
වඩාත් ආකර්ෂණීය ලක්ෂණය වන්නේ</font>

454
00:28:54,607 --> 00:28:57,777
<font color="#ffd88f">පරපෝෂිතයා ගොළුබෙල්ලාගේ ශරීරය
භෞතිකව වෙනස් කරනවා පමණක් නොව...</font>

455
00:28:57,861 --> 00:28:58,862
<font color="#ffd88f">ඒයි.</font>

456
00:28:58,945 --> 00:29:01,865
<font color="#ffd88f">...ඌ ගොළුබෙල්ලාගේ මොළයද පාලනයට ගෙන
ඌගේ හැසිරීම වෙනස් කිරීමයි....</font>

457
00:29:01,948 --> 00:29:04,743
<font color="#ffd88f">ලඟකදි ඉඳන් මම කොච්චර නරක විදියටද
හැසිරුණේ කියලා මම කල්පනා කළේ.</font>

458
00:29:07,287 --> 00:29:08,580
<font color="#ffd88f">මම මේ බැලුවේ...</font>

459
00:29:09,873 --> 00:29:10,915
<font color="#ffd88f">මම දන්නෑ.</font>

460
00:29:11,624 --> 00:29:13,460
<font color="#ffd88f">අද මාත් එක්ක ලන්ච් එකට එනවද?</font>

461
00:29:14,002 --> 00:29:15,211
<font color="#ffd88f">ඔයයි මායි විතරක්?</font>

462
00:29:17,380 --> 00:29:18,840
<font color="#ffd88f">මට ඔයාව පාළුවෙලා තියෙන්නේ.</font>

463
00:29:21,301 --> 00:29:22,510
<font color="#ffd88f">ඒක නියමයි.</font>

464
00:29:23,636 --> 00:29:24,637
<font color="#ffd88f">මරු.</font>

465
00:29:25,597 --> 00:29:26,639
<font color="#ffd88f">ඉවසිල්ලක් නෑ.</font>

466
00:29:28,349 --> 00:29:32,562
<font color="#ffd88f">සත්ව ලෝකයේ පරපෝෂිත ආසාදනවල
කල්පැවැත්ම ගැන සලකා බලද්දී,</font>

467
00:29:32,645 --> 00:29:35,273
<font color="#ffd88f">අපි කවදාවත් අමතක කරන්න හොඳ නෑ...</font>

468
00:29:35,356 --> 00:29:38,651
<font color="#ffd88f">ඒවා කොච්චර ලේසියෙන් සත්තුන්ගෙන් සත්තුන්ට
පැතිරෙනවද කියන එක.</font>

469
00:30:17,732 --> 00:30:19,108
<font color="#ffd88f">ඔයා පවුලේ කෙනෙක්ද?</font>

470
00:30:19,192 --> 00:30:21,694
<font color="#ffd88f">නෑ, හැබැයි මගේ ළඟ ලියුමක් තියෙනවා
එයාගේ අම්මා අත්සන් කරපු,</font>

471
00:30:21,778 --> 00:30:24,155
<font color="#ffd88f">එයාගේ පුතාව බලන්න මට අවසර දීලා.</font>

472
00:30:29,911 --> 00:30:31,162
<font color="#ffd88f">හරි.</font>

473
00:30:31,913 --> 00:30:33,206
<font color="#ffd88f">ලොක්කා එනකම් ඉන්න වෙයි.</font>

474
00:30:33,289 --> 00:30:34,666
<font color="#ffd88f">එයා කීයටද එන්නේ?</font>

475
00:30:35,500 --> 00:30:36,501
<font color="#ffd88f">හරියටම කියන්න බෑ.</font>

476
00:30:36,960 --> 00:30:38,419
<font color="#ffd88f">ඕක මට හරියන්නේ නෑ.</font>

477
00:30:39,212 --> 00:30:40,213
<font color="#ffd88f">මේ අහන්න, නෝනා.</font>

478
00:30:41,464 --> 00:30:44,259
<font color="#ffd88f">මම කියන්නේ නිකන් ප්‍රශ්න දාගන්නේ නැතුව
මෙතනින් යන්න බලන්න,</font>

479
00:30:44,801 --> 00:30:47,679
<font color="#ffd88f">එයා ඉන්න කුඩුවට එහා පැත්තේ කුඩුවේ
ලැගලා ඉන්න වෙන්න කලින්.</font>

480
00:30:47,762 --> 00:30:50,306
<font color="#ffd88f">මගේ නම 'නෝනා' නෙවෙයි,
මම චාලට් හැන්ලන්,</font>

481
00:30:50,807 --> 00:30:52,851
<font color="#ffd88f">දැනට ඒ නම ඔහෙට ලොකුවට දැනෙන්නේ නැති වෙයි,</font>

482
00:30:52,934 --> 00:30:54,477
<font color="#ffd88f">හැබැයි මට එක කෝල් එකකින් කරන්න පුළුවන්</font>

483
00:30:54,561 --> 00:30:55,895
<font color="#ffd88f">දේවල් දැක්කම ඒක තේරෙයි.</font>

484
00:30:56,855 --> 00:30:59,148
<font color="#ffd88f">-මොකද්ද කිව්වේ?
-නෑ, මම එහෙම හිතන්නේ නෑ.</font>

485
00:30:59,774 --> 00:31:02,861
<font color="#ffd88f">ඇත්තටම, ඔහේ මට දැන්ම හෑන්ක් ග්‍රෝගන්ව
බලන්න දුන්නේ නැත්නම්,</font>

486
00:31:03,403 --> 00:31:06,823
<font color="#ffd88f">හෙට උදේ වෙද්දී මාටින් ලූතර් කිං, කෙනඩිලා,
තව එහෙම ගොඩක් අයව</font>

487
00:31:06,906 --> 00:31:09,450
<font color="#ffd88f">මෙතනට ගෙන්නලා දෙනවා.</font>

488
00:31:09,993 --> 00:31:11,995
<font color="#ffd88f">ඒ විතරක් නෙවෙයි ෆ්‍රීඩම් රයිඩර්ස්ලා පිරුණු බස්</font>

489
00:31:12,078 --> 00:31:13,788
<font color="#ffd88f">පෝලිමක්ම ගෙන්නනවා,</font>

490
00:31:13,872 --> 00:31:15,915
<font color="#ffd88f">පාර දිගේ "We Shall Overcome" කියා කියා එන,</font>

491
00:31:15,999 --> 00:31:17,709
<font color="#ffd88f">අන්තිමට පාර හිස් කරගන්න ඔහෙට ලොකු</font>

492
00:31:17,792 --> 00:31:18,835
<font color="#ffd88f">මැෂින් ගේන්න වෙයි.</font>

493
00:31:19,586 --> 00:31:21,212
<font color="#ffd88f">දැන්, මට එයාව බලන්න දෙනවද?</font>

494
00:31:21,838 --> 00:31:23,381
<font color="#ffd88f">නැත්නම් මම අර කෝල් එක ගන්නද?</font>

495
00:31:30,805 --> 00:31:33,474
<font color="#ffd88f">සමාවෙන්න මිසිස් හැන්ලන්,
ඒත් මගේ තත්ත්වේ ඔයා දන්නේ නෑ.</font>

496
00:31:33,558 --> 00:31:35,101
<font color="#ffd88f">මම දන්නවා පොලිසියෙන් ඔයාව හිර කරේ</font>

497
00:31:35,184 --> 00:31:36,978
<font color="#ffd88f">කිසිම හයිය සාක්ෂියක් නැතුව කියලා.</font>

498
00:31:37,645 --> 00:31:39,314
<font color="#ffd88f">මම රජයේ නීතීඥ කාර්යාලයට කතා කරලා,</font>

499
00:31:39,397 --> 00:31:40,607
<font color="#ffd88f">විස්තර ටිකක් ඇහුවා.</font>

500
00:31:40,690 --> 00:31:43,026
<font color="#ffd88f">බැලින්නම් එයාලා ඔයාව දාලා තියෙන්නේ
ඇප විභාගයක්වත් තියන්නේ නැතුව,</font>

501
00:31:43,109 --> 00:31:44,694
<font color="#ffd88f">ඒක ඔයාගේ නීතිමය අයිතියක්.</font>

502
00:31:45,153 --> 00:31:46,905
<font color="#ffd88f">රජයේ නීතීඥයා නම්
ඒ ගැන මුකුත් කිව්වේ නෑ.</font>

503
00:31:46,988 --> 00:31:48,406
<font color="#ffd88f">එයා ගැන අපි පස්සේ බලාගමු.</font>

504
00:31:48,907 --> 00:31:50,283
<font color="#ffd88f">දැනට අපි ලියකියවිලි දාන්න ඕනේ</font>

505
00:31:50,366 --> 00:31:53,119
<font color="#ffd88f">අසාධාරණ විදියට සලකනවා කියලයි,
වෙනස්කම් කරනවා කියලයි පෙන්නලා.</font>

506
00:31:53,202 --> 00:31:55,705
<font color="#ffd88f">ඔයාගේ නඩුව හැටියට ඒක කරන්න ලේසියි.</font>

507
00:31:56,289 --> 00:31:58,166
<font color="#ffd88f">එතකොට ඔයාට ඇප නැතුවම එළියට ඇවිත්</font>

508
00:31:58,666 --> 00:32:01,002
<font color="#ffd88f">නඩුව අහනකම් නිවාස අඩස්සියේ ඉන්න පුළුවන්.</font>

509
00:32:01,586 --> 00:32:02,587
<font color="#ffd88f">නිවාස අඩස්සියේ?</font>

510
00:32:03,922 --> 00:32:05,131
<font color="#ffd88f">ඒ කියන්නේ... ඔයා කියන්නේ...</font>

511
00:32:05,214 --> 00:32:06,591
<font color="#ffd88f">මට ෂෝෂෑන්ක් හිරේ යන්න ඕනේ නැද්ද?</font>

512
00:32:06,674 --> 00:32:08,593
<font color="#ffd88f">මේ ලියකියවිලි වැඩේට පොඩි වෙලාවක් යයි,</font>

513
00:32:08,676 --> 00:32:10,637
<font color="#ffd88f">ආරංචියේ හැටියට හෙට
ඔයාව එහේ ගෙනියන්නයි හදන්නේ.</font>

514
00:32:10,720 --> 00:32:12,513
<font color="#ffd88f">ඉතින් සමහරවිට දවස් ටිකක් එහේ ඉන්න වෙයි,</font>

515
00:32:12,597 --> 00:32:14,766
<font color="#ffd88f">හැබැයි ඇත්ත කතාව මේකයි,</font>

516
00:32:14,849 --> 00:32:16,893
<font color="#ffd88f">නීත්‍යානුකූලව ඔයාට හිමි අයිතිය කඩ කරලා තියෙන්නේ.</font>

517
00:32:17,518 --> 00:32:19,187
<font color="#ffd88f">ඔයා මොනවා කළත්,</font>

518
00:32:20,355 --> 00:32:21,481
<font color="#ffd88f">නැත්නම් නොකළත්,</font>

519
00:32:23,316 --> 00:32:24,651
<font color="#ffd88f">ඔයාට ගෙදර යන්න පුළුවන් වෙයි.</font>

520
00:32:26,069 --> 00:32:27,278
<font color="#ffd88f">දැනටවත් අඩුම ගානේ.</font>

521
00:32:28,947 --> 00:32:30,114
<font color="#ffd88f">ඒක පොරොන්දුවක්.</font>

522
00:32:32,951 --> 00:32:33,993
<font color="#ffd88f">ස්තූතියි.</font>

523
00:32:35,370 --> 00:32:37,664
<font color="#ffd88f">හැබැයි කවදාහරි දවසක, මිස්ටර් ග්‍රෝගන්,</font>

524
00:32:38,498 --> 00:32:41,000
<font color="#ffd88f">ඔයාට ඇත්ත එළි කරන්න වෙනවා.</font>

525
00:32:42,543 --> 00:32:43,544
<font color="#ffd88f">ඇත්ත?</font>

526
00:32:44,879 --> 00:32:47,173
<font color="#ffd88f">ඇත්ත මේකයි, මම ඒ ළමයින්ට
කිසිම දෙයක් කළේ නෑ.</font>

527
00:32:47,256 --> 00:32:48,716
<font color="#ffd88f">පොලිසියටත් මම ඒක කිව්වා!</font>

528
00:32:48,800 --> 00:32:51,135
<font color="#ffd88f">ඒකෙන් මේ කාරණේ වෙනස් වෙන්නේ නෑනේ,</font>

529
00:32:51,219 --> 00:32:52,929
<font color="#ffd88f">එදා රෑ ඔයා හිටියේ කියපු තැන නෙවෙයිනේ.</font>

530
00:32:54,889 --> 00:32:56,683
<font color="#ffd88f">ඇත්තටම ඔයා කොහෙද හිටියේ?</font>

531
00:33:02,271 --> 00:33:04,565
<font color="#ffd88f">ඔයා දන්නවනේ ඒ උත්තරෙන් ඔයාව නිදහස් කරන්න පුළුවන් කියලා.</font>

532
00:33:08,778 --> 00:33:11,072
<font color="#ffd88f">ඔයා මොනවා කර කර හිටියත්,</font>

533
00:33:11,155 --> 00:33:13,116
<font color="#ffd88f">ඔයාට විරුද්ධව තියෙන චෝදනාව තරම්
ඒක බරපතල වෙන්න බෑ.</font>

534
00:33:18,371 --> 00:33:20,665
<font color="#ffd88f">ඔයාගේ දුවට තාත්තා නැතිවෙනවට ඔයා කැමතිද?</font>

535
00:33:22,625 --> 00:33:23,960
<font color="#ffd88f">ඔයාගේ අම්මා එයාගේ පුතා ගැන දුක්වෙනවට--</font>

536
00:33:24,043 --> 00:33:25,670
<font color="#ffd88f">ඔයා හිතන්නේ මම එහෙම වෙන්න කැමතියි කියලද?</font>

537
00:33:26,462 --> 00:33:27,547
<font color="#ffd88f">ඔයා හිතන්නේ මට එහෙම වෙන්න ඕනේ කියලද?</font>

538
00:33:29,424 --> 00:33:31,009
<font color="#ffd88f">ඔයාලට මේක තේරෙන්නේ නෑ.</font>

539
00:33:32,635 --> 00:33:33,761
<font color="#ffd88f">හරි.</font>

540
00:33:34,637 --> 00:33:35,763
<font color="#ffd88f">මට කියන්නකෝ.</font>

541
00:33:36,639 --> 00:33:37,724
<font color="#ffd88f">ප්ලීස්.</font>

542
00:33:38,891 --> 00:33:40,977
<font color="#ffd88f">දැන්වත් ඔයාට තේරෙන්න ඕනේ මම ඉන්නේ ඔයාගේ පැත්තේ කියලා.</font>

543
00:33:46,315 --> 00:33:47,608
<font color="#ffd88f">මම--</font>

544
00:33:53,072 --> 00:33:54,198
<font color="#ffd88f">මම හිටියේ ගැහැණු කෙනෙක් එක්ක.</font>

545
00:33:56,034 --> 00:33:57,201
<font color="#ffd88f">බැඳපු කෙනෙක් එක්ක?</font>

546
00:34:00,455 --> 00:34:01,581
<font color="#ffd88f">බැඳලා විතරක් නෙවෙයි.</font>

547
00:34:05,460 --> 00:34:06,878
<font color="#ffd88f">සුදු ජාතික කෙනෙක්ද?</font>

548
00:34:09,047 --> 00:34:10,255
<font color="#ffd88f">ඒක නිකන් වුනා.</font>

549
00:34:11,924 --> 00:34:13,176
<font color="#ffd88f">"නිකන් වුනා"?</font>

550
00:34:18,097 --> 00:34:20,099
<font color="#ffd88f">බලන්න, කවුරුහරි මේක දැනගත්තොත්,</font>

551
00:34:21,684 --> 00:34:23,478
<font color="#ffd88f">මට ෂෝෂෑන්ක් හිරේ යන්න වෙන එකක් නෑ.</font>

552
00:34:24,437 --> 00:34:25,897
<font color="#ffd88f">එයාලා මාව ලඟම තියෙන ගහේ එල්ලයි.</font>

553
00:34:26,438 --> 00:34:28,524
<font color="#ffd88f">අනික එයාගේ මහත්තයා එයාට මොනවා කරයිද
කියලා හිතන්නවත් බෑ.</font>

554
00:34:31,027 --> 00:34:33,821
<font color="#ffd88f">කාටවත් කරදරයක් නොවී මේකෙන් බේරෙන්න
විදියක් තියෙනවා නම්,</font>

555
00:34:34,322 --> 00:34:35,572
<font color="#ffd88f">මම ඒකට කැමතියි.</font>

556
00:34:39,034 --> 00:34:40,286
<font color="#ffd88f">මට සමහරවිට--</font>

557
00:34:40,369 --> 00:34:42,038
<font color="#ffd88f">මට ඒක හොයාගන්න උදව් ඕන වෙයි.</font>

558
00:34:50,922 --> 00:34:53,299
<font color="#ffd88f">සර්, අර ඉන්දියානු කාන්තාව අපිට යන්න එපා කිව්ව</font>

559
00:34:53,382 --> 00:34:54,592
<font color="#ffd88f">පැති අපි පරීක්ෂා කළා.</font>

560
00:34:54,675 --> 00:34:56,928
<font color="#ffd88f">එක්කෝ එයා ඇත්ත කියනවා, නැත්නම්
අපේ කාලේ කන්න හදනවා,</font>

561
00:34:57,011 --> 00:34:59,388
<font color="#ffd88f">හැබැයි එහේ නම් කිසිම දෙයක් නෑ.</font>

562
00:35:00,723 --> 00:35:02,100
<font color="#ffd88f">ඔව් ඉතින් එහේ මුකුත් නෑ තමයි.</font>

563
00:35:03,309 --> 00:35:04,560
<font color="#ffd88f">එයා නුවණක්කාර ගෑණු කෙනෙක්.</font>

564
00:35:05,186 --> 00:35:06,979
<font color="#ffd88f">දැන් ඉතින් අපි එයාගේ සැකේ තහවුරු කළානේ.</font>

565
00:35:08,189 --> 00:35:10,942
<font color="#ffd88f">විශ්වාස කරන්න කර්නල්, මේ මිනිස්සු
එයාලගේ වගකීම් හරියට ඉටු කරනවා.</font>

566
00:35:11,025 --> 00:35:14,028
<font color="#ffd88f">ඉස්සරහට මොනවා වුනත්,
ලියුම් ගහලා නවත්තන්න පුළුවන් දෙයක් වෙන එකක් නෑ.</font>

567
00:35:14,946 --> 00:35:16,405
<font color="#ffd88f">ඒක අදාළ නෑ හැබැයි.</font>

568
00:35:17,031 --> 00:35:19,158
<font color="#ffd88f">මොකද මේ චක්‍රය ඉක්මනට ඉවර වෙනවා,</font>

569
00:35:19,242 --> 00:35:20,701
<font color="#ffd88f">අර ආයුධයත් දැන් හැංගිලා ඉවරයි.</font>

570
00:35:20,785 --> 00:35:22,662
<font color="#ffd88f">සමහරවිට සුද්ද පවිත්‍ර කරන්න පටන් ගන්න කාලේ හරි සර්.</font>

571
00:35:43,307 --> 00:35:45,726
<font color="#ffd88f">අර ළමයි කඳවුර දිහා බලාගෙන කොච්චර වෙලා
එතන ඉන්නවද?</font>

572
00:35:45,810 --> 00:35:47,270
<font color="#ffd88f">ඉන්දියන් මාෂ් එකේ ළමයිද?</font>

573
00:35:47,770 --> 00:35:49,397
<font color="#ffd88f">මම දන්නෑ, දවස් දෙකකට සැරයක් විතර.</font>

574
00:35:50,648 --> 00:35:51,649
<font color="#ffd88f">සර්, එයාලට කුතුහලයක් ඇති,</font>

575
00:35:51,732 --> 00:35:53,651
<font color="#ffd88f">හැබැයි එයාලා දන්නවා වැටෙන් එහා පැත්තේ
ඉන්න ඕනේ කියලා.</font>

576
00:35:54,652 --> 00:35:56,362
<font color="#ffd88f">සමහරවිට අපි ගේට්ටුව අරින්න කාලේ හරි.</font>

577
00:35:57,363 --> 00:35:58,531
<font color="#ffd88f">ඇතුලට එන්න කියමු.</font>

578
00:36:03,911 --> 00:36:06,789
<font color="#ffd88f">ඉතින්, කොහොමද ඔයාගේ අලුත් යාළුවෝ එක්ක?</font>

579
00:36:08,166 --> 00:36:09,333
<font color="#ffd88f">මොකද්ද ඔයා අදහස් කළේ?</font>

580
00:36:09,417 --> 00:36:11,878
<font color="#ffd88f">මම දන්නෑ. මම නිකන් දැනගන්න ඇහුවේ.</font>

581
00:36:12,962 --> 00:36:14,380
<font color="#ffd88f">රොනී ග්‍රෝගන් කොහොම කෙනෙක්ද?</font>

582
00:36:15,882 --> 00:36:16,883
<font color="#ffd88f">මිනිස්සු කතා වෙනවා.</font>

583
00:36:18,009 --> 00:36:19,844
<font color="#ffd88f">ඔයා මට එන්න කිව්වේ ඕපදූප කියවන්න නම්, මම--</font>

584
00:36:19,927 --> 00:36:21,095
<font color="#ffd88f">ලිලී, එපා.</font>

585
00:36:22,221 --> 00:36:23,514
<font color="#ffd88f">මම නිකන්...</font>

586
00:36:23,598 --> 00:36:25,641
<font color="#ffd88f">මට තේරෙන්නේ නෑ ඔයා එක්ක කතා කරන්නේ
කොහොමද කියලා.</font>

587
00:36:26,767 --> 00:36:29,729
<font color="#ffd88f">ඔයා අර... ඔයා දන්නවනේ... එහේ ඉඳන් ආවට පස්සේ
සෑහෙන වෙනස් වෙලා.</font>

588
00:36:30,855 --> 00:36:32,064
<font color="#ffd88f">ඔයා දන්නවනේ.</font>

589
00:36:34,859 --> 00:36:37,695
<font color="#ffd88f">මේ අහන්න, අපි පළවෙනි පන්තියේ ඉඳන් හොඳම යාළුවෝ.</font>

590
00:36:38,863 --> 00:36:42,491
<font color="#ffd88f">පොඩි කාලේ වැඩ අමතක කරමු.
මට ඔයාව නැති කරගන්න බෑ.</font>

591
00:36:42,575 --> 00:36:44,243
<font color="#ffd88f">අපිට ආයෙත් මුල ඉඳන් පටන් ගන්න බැරිද?</font>

592
00:36:45,328 --> 00:36:46,579
<font color="#ffd88f">ප්ලීස්?</font>

593
00:36:47,330 --> 00:36:48,789
<font color="#ffd88f">මම ඒකට කැමතියි.</font>

594
00:36:49,665 --> 00:36:51,125
<font color="#ffd88f">හායි මාර්ජ්.</font>

595
00:36:53,753 --> 00:36:54,837
<font color="#ffd88f">හායි ලිලී.</font>

596
00:36:59,425 --> 00:37:00,760
<font color="#ffd88f">අම්මෝ.</font>

597
00:37:00,843 --> 00:37:03,721
<font color="#ffd88f">ඔයා දැක්කද ටිම් ෆ්ලැනගන් ඔයා දිහා බලපු විදිය?</font>

598
00:37:04,555 --> 00:37:06,140
<font color="#ffd88f">ඔයා එයා එක්ක කතා කරන්න ඕනේ.</font>

599
00:37:06,224 --> 00:37:08,309
<font color="#ffd88f">මොකක්ද? පිස්සුද.</font>

600
00:37:08,392 --> 00:37:10,436
<font color="#ffd88f">එයා ඔයාට මාරම කැමතියි.</font>

601
00:37:11,562 --> 00:37:13,314
<font color="#ffd88f">අනේ යන්න, අඩුම ගානේ හායි කියන්න.</font>

602
00:37:14,065 --> 00:37:16,108
<font color="#ffd88f">මේ අවුරුද්දේ ඔයා විඳපු දේවල් එක්ක බැලුවම,</font>

603
00:37:16,859 --> 00:37:18,236
<font color="#ffd88f">ඔයාට ඒ වගේ දෙයක් ලැබෙන්න වටිනවා.</font>

604
00:37:20,529 --> 00:37:22,406
<font color="#ffd88f">හරි, මම ඉස්සෙල්ලා මූණ පොඩ්ඩක් හෝදගන්නම්කෝ.</font>

605
00:37:28,537 --> 00:37:30,498
<font color="#ffd88f">හරි. මම ඉක්මනට එන්නම්.</font>

606
00:37:43,719 --> 00:37:44,929
<font color="#ffd88f">එයා රැවටුනාද?</font>

607
00:37:45,554 --> 00:37:47,807
<font color="#ffd88f">මම හිතන්නේ ඔව්. එයා මූණ හෝදගන්න ගියා.</font>

608
00:37:47,890 --> 00:37:49,809
<font color="#ffd88f">හොඳයි. මොකද ඔක්කොම ලෑස්තියි.</font>

609
00:37:50,685 --> 00:37:52,812
<font color="#ffd88f">එයා ටිම් ලඟට ගිය ගමන්ම, ටිම් එයාව</font>

610
00:37:52,895 --> 00:37:54,605
<font color="#ffd88f">ඉස්කෝලේ කට්ටිය ඉස්සරහම නෝන්ඩි කරනවා.</font>

611
00:37:54,689 --> 00:37:55,690
<font color="#ffd88f">ඒක පට්ටම ආතල් එකක් වෙයි.</font>

612
00:37:57,024 --> 00:37:58,901
<font color="#ffd88f">ඔව්, මරේ මරු.</font>

613
00:38:00,194 --> 00:38:01,696
<font color="#ffd88f">බයවෙන්න එපා දැන් ටෲමන්.</font>

614
00:38:02,738 --> 00:38:04,657
<font color="#ffd88f">එයාගේ අදහස වෙනස් වෙන්න කලින් යන්න.</font>

615
00:38:16,669 --> 00:38:17,837
<font color="#ffd88f">ඇයි පරක්කු?</font>

616
00:38:18,838 --> 00:38:20,381
<font color="#ffd88f">මගේ මූණේ කුරුලෑවක් ඇවිත්.</font>

617
00:38:21,966 --> 00:38:23,676
<font color="#ffd88f">ඒක පේන්නෙවත් නෑ.</font>

618
00:38:24,260 --> 00:38:26,512
<font color="#ffd88f">එළියට යන්න කලින් මම පොඩ්ඩක් ටච්-අප් එකක් දාන්නම්.</font>

619
00:38:26,595 --> 00:38:28,097
<font color="#ffd88f">ඔයා මරේ මරු විදියට ඉඳියි.</font>

620
00:38:28,180 --> 00:38:29,265
<font color="#ffd88f">හරි.</font>

621
00:38:30,182 --> 00:38:32,143
<font color="#ffd88f">මම වොෂ් රූම් ගිහින් එන්නම්. මට නිකන් බයයි වගේ.</font>

622
00:38:38,816 --> 00:38:40,818
<font color="#ffd88f">ටිම් මට කැමතියි කියලා හිතාගන්නත් බෑ.</font>

623
00:38:59,879 --> 00:39:00,880
<font color="#ffd88f">ලිලී?</font>

624
00:39:01,589 --> 00:39:02,590
<font color="#ffd88f">ඇයි?</font>

625
00:39:07,219 --> 00:39:08,763
<font color="#ffd88f">මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.</font>

626
00:39:09,764 --> 00:39:10,931
<font color="#ffd88f">මොකද්ද?</font>

627
00:39:15,478 --> 00:39:16,479
<font color="#ffd88f">මම--</font>

628
00:39:18,522 --> 00:39:19,565
<font color="#ffd88f">මේකයි...</font>

629
00:39:23,235 --> 00:39:24,653
<font color="#ffd88f">ඇත්තම කතාව...</font>

630
00:39:26,655 --> 00:39:27,990
<font color="#ffd88f">මාර්ජ්?</font>

631
00:39:30,201 --> 00:39:31,577
<font color="#ffd88f">මාර්ජ්, ඔයාට අමාරුද?</font>

632
00:39:34,830 --> 00:39:35,915
<font color="#ffd88f">මොකක්?</font>

633
00:39:40,920 --> 00:39:42,004
<font color="#ffd88f">මාර්ජ්, මොකද වුනේ?</font>

634
00:39:45,633 --> 00:39:47,009
<font color="#ffd88f">මගේ ඇස්!</font>

635
00:39:50,054 --> 00:39:51,222
<font color="#ffd88f">මාර්ජ්!</font>

636
00:39:57,853 --> 00:39:59,855
<font color="#ffd88f">මොනවා උනත්,
ඒක දිහා නම් බලන්න එපා, හරිද?</font>

637
00:39:59,939 --> 00:40:01,023
<font color="#ffd88f">කවුරුහරි මට උදව් කරන්න!</font>

638
00:40:01,107 --> 00:40:02,483
<font color="#ffd88f">ඇස් වහගන්න!</font>

639
00:40:04,819 --> 00:40:06,445
<font color="#ffd88f">මගේ ඇස්!</font>

640
00:40:09,573 --> 00:40:10,741
<font color="#ffd88f">මාර්ජ්, ඉන්න!</font>

641
00:40:13,244 --> 00:40:14,870
<font color="#ffd88f">උදව් කරන්න!</font>

642
00:41:06,213 --> 00:41:07,590
<font color="#ffd88f">මාර්ජ්!</font>

643
00:41:10,259 --> 00:41:11,510
<font color="#ffd88f">මාර්ජ්!</font>

644
00:41:14,221 --> 00:41:15,681
<font color="#ffd88f">මාර්ජ්, එපා!</font>

645
00:41:15,764 --> 00:41:18,184
<font color="#ffd88f">මාර්ජ්, නවත්තන්න! එපා!</font>

646
00:41:18,267 --> 00:41:20,144
<font color="#ffd88f">නවත්තන්න! මාව අතාරින්න!</font>

647
00:41:20,936 --> 00:41:22,271
<font color="#ffd88f">නවත්තන්න මාර්ජ්!</font>

648
00:41:22,354 --> 00:41:25,107
<font color="#ffd88f">මාර්ජ්, නවත්තන්න!</font>

649
00:41:25,191 --> 00:41:27,568
<font color="#ffd88f">එපා! එපා! එපා!</font>

650
00:41:27,651 --> 00:41:30,196
<font color="#ffd88f">එපා මාර්ජ්, නවත්තන්න!</font>

651
00:41:30,279 --> 00:41:31,489
<font color="#ffd88f">අතාරින්න!</font>

652
00:41:32,573 --> 00:41:34,742
<font color="#ffd88f">අතාරින්න! නවත්තන්න!</font>

653
00:41:50,174 --> 00:41:51,258
<font color="#ffd88f">නෑ.</font>

654
00:41:52,259 --> 00:41:53,677
<font color="#ffd88f">නෑ, මම එහෙම කළේ නෑ...</font>

655
00:42:10,569 --> 00:42:11,737
<font color="#ffd88f">ඔයා මාව බය කළා.</font>

656
00:42:12,154 --> 00:42:13,906
<font color="#ffd88f">අද ඔයා මොකද ටවුන් එකේ කළේ?</font>

657
00:42:14,990 --> 00:42:16,200
<font color="#ffd88f">මොකක්ද ඔය කියන්නේ?</font>

658
00:42:16,909 --> 00:42:19,411
<font color="#ffd88f">පෝලි කිව්වා එයා දැක්කා කියලා
ඔයා පොලිසිය ඇතුළට යනවා.</font>

659
00:42:23,666 --> 00:42:26,377
<font color="#ffd88f">මට තේරෙනවා ඔයාගේ හිතේ දෙයක් තියෙනවා කියලා,
ඉතින් ඇයි මට කෙලින්ම නොකියන්නේ චාර්?</font>

660
00:42:26,460 --> 00:42:28,587
<font color="#ffd88f">ඔයා අර කඳවුරේ වෙන දේවල්
මට කියන විදිහටමද?</font>

661
00:42:28,712 --> 00:42:30,798
<font color="#ffd88f">ඒක ආරක්ෂක ප්‍රශ්නයක්නේ. මොකක්ද මේ?</font>

662
00:42:30,881 --> 00:42:32,424
<font color="#ffd88f">අර ෆිල්ම් හෝල් එකේදී
අත්අඩංගුවට ගත්ත මනුස්සයා ගැනද?</font>

663
00:42:32,508 --> 00:42:36,554
<font color="#ffd88f">මිනීමැරුමකට අහු වුන, තමන් ඒක කළේ නෑ කියලා
දිවුරන ඒ අහිංසක මනුස්සයා ගැනද?</font>

664
00:42:36,637 --> 00:42:39,598
<font color="#ffd88f">අනික එයාගේ දුව අපේ පුතාගේ යාළුවෙක්.</font>

665
00:42:40,724 --> 00:42:41,767
<font color="#ffd88f">එයාගේ දුව?</font>

666
00:42:46,105 --> 00:42:47,398
<font color="#ffd88f">ප්‍රශ්න දාගන්න යන්න එපා.</font>

667
00:42:47,481 --> 00:42:49,650
<font color="#ffd88f">අපි කොහේ ගියත් ප්‍රශ්න එනවනේ.</font>

668
00:42:49,733 --> 00:42:52,361
<font color="#ffd88f">ඔයා ජීවිතේ පරදුවට තියලා ආරක්ෂා කරන්න
බාරගත්ත රටනේ මේක.</font>

669
00:42:52,903 --> 00:42:54,196
<font color="#ffd88f">මම මේ උත්සාහ කරන්නේ ඒක ආරක්ෂා කරන්න වටින තැනක් කරන්නයි.</font>

670
00:42:54,280 --> 00:42:56,490
<font color="#ffd88f">ඔයා මට පොරොන්දු වුනානේ
ආයේ මෙතන ප්‍රශ්න ඇති කරගන්නේ නෑ කියලා.</font>

671
00:42:57,533 --> 00:43:00,202
<font color="#ffd88f">ඔයා ආයිමත් අත්අඩංගුවට පත් වෙනවා
මට බලන් ඉන්න බෑ චාර්. මේ වෙලාවේ නම් බෑ.</font>

672
00:43:01,579 --> 00:43:04,748
<font color="#ffd88f">මම මෙතන කරන දේ ගොඩක් වැදගත්.</font>

673
00:43:04,832 --> 00:43:06,584
<font color="#ffd88f">ඒ නිසා, ඔයා මාව විශ්වාස කරන්න ඕනේ.</font>

674
00:43:07,126 --> 00:43:08,794
<font color="#ffd88f">මාව විශ්වාස කරන්න, නිකන් ප්‍රශ්න අවුස්සන්න යන්න එපා.</font>

675
00:43:09,378 --> 00:43:11,130
<font color="#ffd88f">ප්ලීස්, මට ඒක පොරොන්දු වෙන්න.</font>

676
00:43:12,840 --> 00:43:13,882
<font color="#ffd88f">ප්ලීස්.</font>

677
00:43:16,093 --> 00:43:17,970
<font color="#ffd88f">ඔයාට මම ගැන වද වෙන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ.</font>

678
00:45:20,050 --> 00:45:21,885
<font color="#ffd88f">ඒයි. මොකද වුනේ? ඇයි මේ?</font>

679
00:45:22,469 --> 00:45:25,013
<font color="#ffd88f">මට නින්ද ගියේ නෑ.
මම ටෙලස්කෝප් එකෙන් බල බලා හිටියේ,</font>

680
00:45:25,097 --> 00:45:27,182
<font color="#ffd88f">එතකොට දැක්කා කවුරු හරි එළියේ ඉඳන්
මම දිහා බලාගෙන ඉන්නවා.</font>

681
00:45:31,687 --> 00:45:33,021
<font color="#ffd88f">මොකක්ද ප්‍රශ්නේ?</font>

682
00:45:34,231 --> 00:45:36,358
<font color="#ffd88f">ඔයා කරපු දේ දැක්කද?
කවුරු හරි ගෙවල් දිහා බලාගෙන ඉන්නවා.</font>

683
00:45:45,117 --> 00:45:46,368
<font color="#ffd88f">කවුද ඔතන ඉන්නේ?</font>

684
00:45:48,620 --> 00:45:49,788
<font color="#ffd88f">එළියට එනවා!</font>

685
00:46:41,048 --> 00:46:43,133
<font color="#ffd88f">ඉන්න, ඔයාට බෑ එහෙම...</font>

686
00:46:47,137 --> 00:46:48,806
<font color="#ffd88f">ඕක බලාගන්න. මට පස්සේ කතා කරන්න.</font>

687
00:46:49,431 --> 00:46:51,225
<font color="#ffd88f">මට සමාවෙන්න, ජෙනරාල්.</font>

688
00:46:51,308 --> 00:46:53,018
<font color="#ffd88f">මොන මගුලක් පස්සෙද අපි මේ යන්නේ?</font>

689
00:47:13,872 --> 00:47:16,333
<font color="#ffd88f">අපි මෙයාවයි මෙයාගේ යාළුවන්වයි අල්ලගත්තා
කඳවුර දිහා බල බලා ඉද්දි.</font>

690
00:47:16,416 --> 00:47:18,710
<font color="#ffd88f">වැට උඩින් එබිලා බලන්නයි හැදුවේ.</font>

691
00:47:21,088 --> 00:47:22,548
<font color="#ffd88f">මෙයා මොකද මෙහෙ කරන්නේ?</font>

692
00:47:23,799 --> 00:47:27,135
<font color="#ffd88f">අපේ පොඩි ඉන්දියානු යාළුවා,
ටැනියෙල් නේද නම,</font>

693
00:47:28,178 --> 00:47:30,722
<font color="#ffd88f">මෙයා හරියටම දන්නවා අපි මේ හොයන දේ
තියෙන්නේ කොතනද කියලා.</font>

694
00:47:31,598 --> 00:47:33,517
<font color="#ffd88f">ඒත් මෙයා අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමති නෑ.</font>

695
00:47:34,601 --> 00:47:38,021
<font color="#ffd88f">ඉතින්, එයාර්මන් හැලරන්
අපි වෙනුවෙන් ඒ උත්තර ටික ගන්න හදන්නේ.</font>

696
00:47:44,486 --> 00:47:46,196
<font color="#ffd88f">එගොල්ලෝ අරහේ බලාගෙන ඉන්නවා.</font>

697
00:47:50,200 --> 00:47:51,910
<font color="#ffd88f">මේගොල්ලෝ මට කියලා ඔයාට කරන්න යන දේ,</font>

698
00:47:52,703 --> 00:47:54,121
<font color="#ffd88f">ඒක නම් ඔයාට දරාගන්න ලේසි වෙන එකක් නෑ.</font>

699
00:47:54,997 --> 00:47:58,083
<font color="#ffd88f">ඒ නිසා, ඇයි ඔයා මේගොල්ලන්ට දැනගන්න ඕන දේ
නිකන්ම කියලා දාන්නේ නැත්තේ?</font>

700
00:47:58,166 --> 00:47:59,960
<font color="#ffd88f">එතකොට අපි දෙන්නටම වේදනාවක් විඳින්න වෙන්නේ නෑනේ.</font>

701
00:48:05,299 --> 00:48:06,383
<font color="#ffd88f">ඔව්.</font>

702
00:48:22,190 --> 00:48:23,567
<font color="#ffd88f">ටැනියෙල්.</font>

703
00:48:26,737 --> 00:48:28,572
<font color="#ffd88f">දෙවියනේ, මට සමාවෙන්න මේකට.</font>

704
00:49:01,104 --> 00:49:02,356
<font color="#ffd88f">යමු.</font>

705
00:50:03,792 --> 00:50:06,253
<font color="#ffd88f">සුභ උපන්දිනයක්!</font>

706
00:50:06,336 --> 00:50:08,839
<font color="#ffd88f">සුභ උපන්දිනයක් වේවා ටැනියෙල්!</font>

707
00:50:20,726 --> 00:50:22,644
<font color="#ffd88f">මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.</font>

708
00:50:46,334 --> 00:50:49,421
<font color="#ffd88f">"එපා! එයා එයාලව කනවා!"</font>

709
00:50:52,424 --> 00:50:53,592
<font color="#ffd88f">"එපා!"</font>

710
00:50:53,675 --> 00:50:55,469
<font color="#ffd88f">"මම ඒකට තමුන්ට දඬුවම් දෙනවා."</font>

711
00:50:58,555 --> 00:51:00,348
<font color="#ffd88f">ටැනියෙල්?</font>

712
00:51:00,432 --> 00:51:01,850
<font color="#ffd88f">-ආ, නැන්දේ.
-හායි.</font>

713
00:51:02,434 --> 00:51:04,936
<font color="#ffd88f">-මොකද මේ කරන්නේ?
-මුකුත් නෑ.</font>

714
00:51:14,654 --> 00:51:15,655
<font color="#ffd88f">මොකක්ද ඒ?</font>

715
00:51:18,450 --> 00:51:21,495
<font color="#ffd88f">ඔයා දන්නවනේ අර බටහිර කැලේ ඉන්න
රාක්ෂයා ගැන කතාව?</font>

716
00:51:22,537 --> 00:51:23,705
<font color="#ffd88f">ගැලූ ද?</font>

717
00:51:24,372 --> 00:51:25,749
<font color="#ffd88f">හැම ළමයෙක්ම ඔය කතාව දන්නවනේ.</font>

718
00:51:26,333 --> 00:51:29,461
<font color="#ffd88f">අපි පොඩි කාලේ වැඩිහිටියෝ අපිට ඕක
කට පාඩම් කෙරෙව්වනේ.</font>

719
00:51:29,961 --> 00:51:31,588
<font color="#ffd88f">ඉතින්, අපේ සමහර කතා තියෙන්නේ</font>

720
00:51:33,215 --> 00:51:34,883
<font color="#ffd88f">අපිට පාඩමක් උගන්වන්න.</font>

721
00:51:38,095 --> 00:51:40,013
<font color="#ffd88f">හැබැයි අපේ සමහර කතා ඇත්ත ඒවා.</font>

722
00:51:44,518 --> 00:51:48,438
<font color="#ffd88f">ඒ කියන්නේ ඔයා කියන්නේ ගැලූ කියන්නේ ඇත්තටම ඉන්න කෙනෙක් කියලද?</font>

723
00:52:00,826 --> 00:52:02,077
<font color="#ffd88f">මට ඒ කතාව කියන්නකෝ.</font>

724
00:52:02,160 --> 00:52:05,622
<font color="#ffd88f">මට දැනගන්න ඕනේ මේ හැමදේම පටන් ගත්තේ කොහොමද කියලා
ඔයාට මතකද කියලා.</font>

725
00:52:12,462 --> 00:52:14,381
<font color="#ffd88f">අවුරුදු මිලියන ගාණකට කලින්,</font>

726
00:52:14,965 --> 00:52:17,425
<font color="#ffd88f">පළවෙනි මනුස්සයා බිහිවෙන්නත් කලින්,</font>

727
00:52:17,509 --> 00:52:19,386
<font color="#ffd88f">නපුරු ආත්මයක් පහළට ඇදගෙන වැටුනා</font>

728
00:52:19,469 --> 00:52:21,596
<font color="#ffd88f">රෑ අහසේ තිබුණු අඳුරුම තැනක ඉඳන්,</font>

729
00:52:22,139 --> 00:52:23,890
<font color="#ffd88f">කඩාගෙන වැටෙන තරුවක් ඇතුළේ හිරවෙලා.</font>

730
00:52:29,688 --> 00:52:33,358
<font color="#ffd88f">ඒත් ඒ තරුව පොළොවේ වදිද්දී,
ඒක කැඩිලා ගියා,</font>

731
00:52:33,441 --> 00:52:35,902
<font color="#ffd88f">ඉතින් අර ආත්මය නිදහස් වුනා.</font>

732
00:52:36,528 --> 00:52:40,407
<font color="#ffd88f">ඒක කාලයක් යනකම් කැලෑව පුරාම සැරි සැරුවා</font>

733
00:52:40,907 --> 00:52:45,162
<font color="#ffd88f">අපේ මුල්ම මුතුන්මිත්තන් බිහිවෙනකම්ම.</font>

734
00:52:47,873 --> 00:52:51,751
<font color="#ffd88f">අර රාක්ෂයාව ගෙනාපු තරුව තමයි
එයාගේ හිරගෙදර වෙලා තිබුනේ,</font>

735
00:52:51,835 --> 00:52:55,422
<font color="#ffd88f">ඉතින් ඒක හැදිලා තිබුණු ගල් වල
තාමත් ඒ බලය තිබුනා.</font>

736
00:52:56,548 --> 00:52:59,676
<font color="#ffd88f">අපේ හිටපු නුවණක්කාරම කෙනෙක් ඒ තරුවෙන් කෑල්ලක් අරගෙන</font>

737
00:52:59,759 --> 00:53:02,345
<font color="#ffd88f">ආයුධයක් හැදුවා අපේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න</font>

738
00:53:02,429 --> 00:53:03,889
<font color="#ffd88f">අර රාක්ෂයාගෙන්.</font>

739
00:53:03,972 --> 00:53:06,308
<font color="#ffd88f">අපි ඒකට නම තිබ්බා "ගැලූ" කියලා.</font>

740
00:53:08,685 --> 00:53:10,478
<font color="#ffd88f">අපි ඒ කිණිස්ස පරිස්සම් කළා,</font>

741
00:53:10,562 --> 00:53:12,814
<font color="#ffd88f">ඒ වගේම අර බටහිර කැලෙන්
ඈත් වෙලා හිටියා.</font>

742
00:53:14,941 --> 00:53:16,651
<font color="#ffd88f">අවුරුදු ගෙවිලා යද්දී,</font>

743
00:53:16,735 --> 00:53:18,987
<font color="#ffd88f">ගැලූ ගැන තිබුණු පුරාවෘත්තය පැවතගෙන ආවා</font>

744
00:53:19,905 --> 00:53:22,157
<font color="#ffd88f">පරම්පරාවෙන් පරම්පරාවට.</font>

745
00:53:24,117 --> 00:53:26,411
<font color="#ffd88f">අපි අර රාක්ෂයා එක්කත් සමබරව ජීවත් වුනා</font>

746
00:53:26,494 --> 00:53:28,622
<font color="#ffd88f">ඌ ඉන්න පැති වලට යන්නේ නැතුව,</font>

747
00:53:28,705 --> 00:53:30,874
<font color="#ffd88f">කවදාවත් උගේ සීමාවේ දඩයම් කරන්නේ නැතුව.</font>

748
00:53:32,459 --> 00:53:33,919
<font color="#ffd88f">දවසක් වෙනකම්,</font>

749
00:53:34,794 --> 00:53:36,296
<font color="#ffd88f">පිටින් ආපු පදිංචිකාරයෝ එනකම්.</font>

750
00:53:37,589 --> 00:53:40,383
<font color="#ffd88f">අපි එයාලට අනතුරු ඇඟෙව්වා
බටහිර කැලේ තියෙන අනතුර ගැන,</font>

751
00:53:40,967 --> 00:53:42,636
<font color="#ffd88f">ඒත් එයාලා අපි කියපු දේ ගණන් ගත්තේ නෑ.</font>

752
00:53:45,013 --> 00:53:46,598
<font color="#ffd88f">එයාලා කැලේ දඩයම් කළා.</font>

753
00:53:46,681 --> 00:53:48,475
<font color="#ffd88f">අපි අනතුරු අඟවපු විදිහටම,</font>

754
00:53:48,558 --> 00:53:50,810
<font color="#ffd88f">අන්තිමට එයාලත් ගොදුරක් වුනා.</font>

755
00:53:52,020 --> 00:53:53,605
<font color="#ffd88f">ගැලූ එයාලව මරාගෙන කෑවා</font>

756
00:53:53,688 --> 00:53:56,233
<font color="#ffd88f">ඉතින් ඌ කලින්ට වඩා ශක්තිමත් වුනා.</font>

757
00:53:57,943 --> 00:54:00,237
<font color="#ffd88f">රාක්ෂයාට වැඩි දවසක් යන්න කලින් පුළුවන් වුනා</font>

758
00:54:00,320 --> 00:54:02,948
<font color="#ffd88f">බටහිර කැලෙන් එළියට ඇවිත් දඩයම් කරන්නත්.</font>

759
00:54:04,241 --> 00:54:06,952
<font color="#ffd88f">සෙස්කි, ගමේ හිටපු ශ්‍රේෂ්ඨ රණශූරියව,</font>

760
00:54:07,035 --> 00:54:09,371
<font color="#ffd88f">ගෝත්‍රික නායිකාවන් විසින් සභාවට කැඳෙව්වා.</font>

761
00:54:09,871 --> 00:54:11,915
<font color="#ffd88f">ඒ සතා ඕනවට වඩා බලවත් වෙලා තිබුනේ.</font>

762
00:54:11,998 --> 00:54:14,584
<font color="#ffd88f">එක කිණිස්සකට පුළුවන්කමක් තිබුනේ නෑ</font>

763
00:54:14,668 --> 00:54:16,127
<font color="#ffd88f">ගම්මාන ඔක්කොම ආරක්ෂා කරන්න.</font>

764
00:54:16,836 --> 00:54:19,631
<font color="#ffd88f">අපේ මිනිස්සුන්ව බේරගන්න, තීරණයක් ගත්තා.</font>

765
00:54:20,215 --> 00:54:21,633
<font color="#ffd88f">එයාලට යන්න සිද්ධ වුනා.</font>

766
00:54:22,217 --> 00:54:24,427
<font color="#ffd88f">ඒත් සෙස්කිගේ දුව, නෙකානි,</font>

767
00:54:24,511 --> 00:54:26,596
<font color="#ffd88f">කැමති වුනේ නෑ අපේ භූමිය දාලා යන්න.</font>

768
00:54:26,680 --> 00:54:29,349
<font color="#ffd88f">එයා විශ්වාස කළා තව ක්‍රමයක් තියෙනවා කියලා.</font>

769
00:54:29,891 --> 00:54:31,226
<font color="#ffd88f">එයා අර කිණිස්ස අරගෙන</font>

770
00:54:31,309 --> 00:54:33,561
<font color="#ffd88f">අර මහා කැලේ මැද්දෙන් ගියා</font>

771
00:54:33,645 --> 00:54:35,522
<font color="#ffd88f">එයාගේ යාළුවොත් එක්කම.</font>

772
00:54:36,606 --> 00:54:39,234
<font color="#ffd88f">අන්තිමට එයාලා බටහිර කැලේට ආවා.</font>

773
00:54:42,445 --> 00:54:43,905
<font color="#ffd88f">එයාලා කැලේට ඇතුල් වුනා,</font>

774
00:54:43,989 --> 00:54:46,408
<font color="#ffd88f">ගැලූ කඩාගෙන වැටුන තැන තිබුණු ගුහාව හොයාගෙන</font>

775
00:54:46,491 --> 00:54:49,244
<font color="#ffd88f">අර පූජනීය ගල් තව හොයාගන්න බලාගෙන.</font>

776
00:54:50,662 --> 00:54:52,163
<font color="#ffd88f">සෙස්කිට තේරෙනකොට</font>

777
00:54:52,247 --> 00:54:54,708
<font color="#ffd88f">එයාගේ දුවයි අර කිණිස්සයි
දෙකම නෑ කියලා,</font>

778
00:54:54,791 --> 00:54:57,752
<font color="#ffd88f">එයා කණ්ඩායමක් හදාගෙන ගියා
ඒ දෙන්නවම ආපහු එක්කගෙන එන්න.</font>

779
00:55:02,340 --> 00:55:03,925
<font color="#ffd88f">ඒත් අර කිණිස්ස නැතුව,</font>

780
00:55:04,009 --> 00:55:05,176
<font color="#ffd88f">එයාලට දෙයක් තිබුනේ නෑ</font>

781
00:55:05,260 --> 00:55:07,137
<font color="#ffd88f">ගැලූගෙන් බේරෙන්න පාවිච්චි කරන්න පුළුවන්.</font>

782
00:55:16,229 --> 00:55:18,189
<font color="#ffd88f">රාක්ෂයා එයාලට දර්ශනය වුනා.</font>

783
00:55:19,441 --> 00:55:21,109
<font color="#ffd88f">එයාලා වැඩියෙන්ම බය දේවල් වල</font>

784
00:55:21,192 --> 00:55:22,777
<font color="#ffd88f">හැඩය අරගෙන.</font>

785
00:55:27,782 --> 00:55:30,910
<font color="#ffd88f">ඌ අර කණ්ඩායම වෙන් කළා. එක්කෙනා ගානේ.</font>

786
00:55:32,704 --> 00:55:34,122
<font color="#ffd88f">ඉතින් එයාට හිතාගන්නත් කලින්ම,</font>

787
00:55:34,664 --> 00:55:37,250
<font color="#ffd88f">සෙස්කි තනි වුනා.</font>

788
00:56:01,733 --> 00:56:05,403
<font color="#ffd88f">සෙස්කිගේ එකම බලාපොරොත්තුව
තිබුනේ එයාගේ දුවගේ අතේ.</font>

789
00:56:12,702 --> 00:56:16,206
<font color="#ffd88f">මැරෙන්න ලෑස්ති වෙයන්!</font>

790
00:56:16,956 --> 00:56:19,709
<font color="#ffd88f">සෙස්කි වගේ ශ්‍රේෂ්ඨ රණශූරියකටවත් පුළුවන් වුනේ නෑ</font>

791
00:56:19,793 --> 00:56:22,629
<font color="#ffd88f">ගැලූ එක්ක හැප්පෙන්න.</font>

792
00:56:32,680 --> 00:56:33,890
<font color="#ffd88f">අම්මේ?</font>

793
00:56:34,724 --> 00:56:35,934
<font color="#ffd88f">අම්මේ!</font>

794
00:56:47,153 --> 00:56:48,154
<font color="#ffd88f">අම්මේ!</font>

795
00:56:48,238 --> 00:56:49,364
<font color="#ffd88f">අම්මේ, එපා!</font>

796
00:56:53,118 --> 00:56:54,119
<font color="#ffd88f">අම්මේ!</font>

797
00:56:54,953 --> 00:56:56,037
<font color="#ffd88f">නෑ.</font>

798
00:56:58,373 --> 00:56:59,916
<font color="#ffd88f">ඒත් ඒ වෙනකොට පරක්කු වැඩි වුනා.</font>

799
00:57:00,583 --> 00:57:03,628
<font color="#ffd88f">සෙස්කිගේ පණ ඒ වෙනකොටත් යමින් තිබුනේ.</font>

800
00:57:07,090 --> 00:57:11,302
<font color="#ffd88f">-ඉතින් එයා මළවුන් අතරට ගියා.
-අම්මේ! එපා! අම්මේ!</font>

801
00:57:13,805 --> 00:57:15,223
<font color="#ffd88f">එපා!</font>

802
00:57:27,944 --> 00:57:30,655
<font color="#ffd88f">නෙකානිගේ ඇස් වලින් කඳුළු එන එක
නතර වුනේ නැති වුනාට,</font>

803
00:57:31,156 --> 00:57:32,949
<font color="#ffd88f">එයාගේ මිනිස්සු තාමත් හිටියේ අනතුරේ.</font>

804
00:57:33,616 --> 00:57:36,744
<font color="#ffd88f">එයා දැනගෙන හිටියා එයා කරන්න ඕනේ මොකක්ද කියලා,
එයාලා වෙනුවෙන් සටන් කරන එක,</font>

805
00:57:36,870 --> 00:57:38,788
<font color="#ffd88f">එයාගේ අම්මා හැමදාම කළා වගේ.</font>

806
00:57:39,372 --> 00:57:41,166
<font color="#ffd88f">ඉතින්, නෙකානි අර කිණිස්සත් අරගෙන</font>

807
00:57:41,249 --> 00:57:44,544
<font color="#ffd88f">බටහිර කැලේට ගියා අන්තිම පාරටත්.</font>

808
00:57:50,049 --> 00:57:51,342
<font color="#ffd88f">එයාලා ගුහාව හොයාගත්තා.</font>

809
00:57:53,052 --> 00:57:56,848
<font color="#ffd88f">ගැලූව මෙහෙට ගෙනාපු පුරාණ තරුවේ කෑලි
එයාලා කඩා ගත්තා.</font>

810
00:58:01,603 --> 00:58:03,146
<font color="#ffd88f">සැලැස්මක් හැදුවා.</font>

811
00:58:04,564 --> 00:58:05,690
<font color="#ffd88f">ඌව මරන්න නෙවෙයි,</font>

812
00:58:06,232 --> 00:58:07,650
<font color="#ffd88f">ඌව හිරකරන්න.</font>

813
00:58:14,115 --> 00:58:16,701
<font color="#ffd88f">එයාලා ඌව බැඳලා දාන්න අර කෑලි පාවිච්චි කළා,</font>

814
00:58:17,035 --> 00:58:19,037
<font color="#ffd88f">ගැලූ බය වුනු එකම දේ ඒක විතරයි,</font>

815
00:58:19,704 --> 00:58:21,623
<font color="#ffd88f">අපේ මිනිස්සුන්ව ආයෙත් ආරක්ෂා කරන්න.</font>

816
00:58:22,999 --> 00:58:25,752
<font color="#ffd88f">ළමයි බටහිර කැලේ වට කළා,</font>

817
00:58:25,835 --> 00:58:28,254
<font color="#ffd88f">ගොඩක් කාලයක් තිස්සේ
රාක්ෂයාගේ දඩයම් බිම වෙලා තිබුණු ඒ කැලේ.</font>

818
00:58:28,379 --> 00:58:29,547
<font color="#ffd88f">ගොඩක් කාලයක්.</font>

819
00:58:30,423 --> 00:58:33,343
<font color="#ffd88f">එයාලා අර පූජනීය ගල් කෑලි 13ක් වැළලුවා</font>

820
00:58:33,635 --> 00:58:35,428
<font color="#ffd88f">පොළොවේ ගොඩක් ගැඹුරට.</font>

821
00:58:47,190 --> 00:58:49,901
<font color="#ffd88f">හැම ගලක් උඩින්ම, එයාලා ගින්නක් පත්තු කළා</font>

822
00:58:49,984 --> 00:58:51,236
<font color="#ffd88f">ඒ තැන ලකුණු කරන්න,</font>

823
00:58:51,945 --> 00:58:55,073
<font color="#ffd88f">ගැලූට පනින්න බැරි ඉරක් විදිහට.</font>

824
00:58:58,910 --> 00:59:02,830
<font color="#ffd88f">අපේ මිනිස්සු පූජනීය පොරොන්දුවක් දුන්නා
මේ කණු ටික ආරක්ෂා කරනවා කියලා</font>

825
00:59:02,914 --> 00:59:04,749
<font color="#ffd88f">ඒ වගේම ඒ තැන් රහසක් විදිහට තියාගන්නවා කියලා</font>

826
00:59:06,167 --> 00:59:08,378
<font color="#ffd88f">එතකොට අර ඇතුළේ හිරවෙලා ඉන්න රාක්ෂයාට</font>

827
00:59:08,461 --> 00:59:10,547
<font color="#ffd88f">කවදාවත් එළියට එන්න බැරි වෙන්න.</font>

828
00:59:12,632 --> 00:59:14,509
<font color="#ffd88f">අපේ මිනිස්සුන්ට ආරක්ෂිතව ඉන්න පුළුවන්,</font>

829
00:59:15,343 --> 00:59:18,096
<font color="#ffd88f">ගැලූට සිද්ධ වෙනවා මේ කණු ඇතුළටම වෙලා ඉන්න</font>

830
00:59:19,556 --> 00:59:20,723
<font color="#ffd88f">සදහටම.</font>

831
00:59:23,434 --> 00:59:25,019
<font color="#ffd88f">නියමයි ටැනියෙල්.</font>

832
00:59:29,732 --> 00:59:30,984
<font color="#ffd88f">දැන්, ඔයත් කොටසක්--</font>

833
00:59:34,821 --> 00:59:35,863
<font color="#ffd88f">නැන්දේ.</font>

834
00:59:40,702 --> 00:59:41,995
<font color="#ffd88f">ඔයා හොඳින්ද?</font>

835
00:59:48,167 --> 00:59:49,586
<font color="#ffd88f">නියමයි ටැනියෙල්.</font>

836
00:59:50,378 --> 00:59:51,504
<font color="#ffd88f">මරු කතාව.</font>

837
00:59:52,171 --> 00:59:54,257
<font color="#ffd88f">දැන් කියන්න, ඒ කණු කොහෙද තියෙන්නේ කියලා?</font>

838
00:59:56,467 --> 00:59:57,594
<font color="#ffd88f">කණු ටික.</font>

839
00:59:58,303 --> 00:59:59,429
<font color="#ffd88f">මම කොහොමද ඒවා හොයාගන්නේ?</font>

840
01:00:02,181 --> 01:00:03,308
<font color="#ffd88f">ඔයාට පුළුවන් මට කියන්න.</font>

841
01:00:07,186 --> 01:00:08,187
<font color="#ffd88f">යමුකෝ.</font>

842
01:00:34,380 --> 01:00:35,381
<font color="#ffd88f">අර පැත්තෙන්.</font>

843
01:00:41,763 --> 01:00:43,723
<font color="#ffd88f">පරණ ළිඳ යට තියෙන උමං දිගේ යන්න...</font>

844
01:00:46,142 --> 01:00:47,727
<font color="#ffd88f">එතකොට ඔයාට අර කණු ටික හොයාගන්න පුළුවන්.</font>

845
01:00:47,751 --> 01:00:49,751
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

