1
00:00:07,088 --> 00:00:09,088
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:09,112 --> 00:00:11,112


3
00:00:11,136 --> 00:00:12,387
<font color="#ffbf46"><i>මගේ නම</i></font>

4
00:00:13,471 --> 00:00:14,931
<font color="#ffbf46"><i>කිම් මි-ජොන්ග්.</i></font>

5
00:00:19,436 --> 00:00:21,563
<font color="#ffbf46"><i>මම සාරා කිම් විදියට පෙනී සිටියා.</i></font>

6
00:00:22,522 --> 00:00:24,858
<font color="#ffbf46">මම සාරා කිම් වෙන්න ඇයව මැරුවා.</font>

7
00:00:27,652 --> 00:00:29,112
<font color="#ffbf46">මොකක්ද ඔයා දැන් කිව්වේ?</font>

8
00:00:29,612 --> 00:00:30,655
<font color="#ffbf46">මගේ නම...</font>

9
00:00:32,407 --> 00:00:33,825
<font color="#ffbf46">කිම් මි-ජොන්ග්.</font>

10
00:00:35,118 --> 00:00:37,120
<font color="#ffbf46">එයා දැන් කිව්වේ එයා කිම් මි-ජොන්ග් කියලද?</font>

11
00:00:37,203 --> 00:00:38,163
<font color="#ffbf46">සාරා කිම් නෙවෙයිද?</font>

12
00:00:38,246 --> 00:00:40,498
<font color="#ffbf46">නෑ, හැබැයි එයා අනිවාර්යයෙන්ම සාරා කිම්.</font>

13
00:00:41,041 --> 00:00:41,875
<font color="#ffbf46">ඔව් එයා තමයි.</font>

14
00:00:44,335 --> 00:00:47,464
<font color="#ffbf46">මම මේ ඔක්කොම කාලයක් සාරා කිම් විදියට රඟපාමින්
ඔයාලව රැවැට්ටුවා.</font>

15
00:00:48,840 --> 00:00:52,802
<font color="#ffbf46">එහෙම කළේ පරීක්ෂණ ඒජන්සියකින් සාරා කිම් විදියට
නිල පිළිගැනීමක් ගන්නයි.</font>

16
00:00:53,386 --> 00:00:56,347
<font color="#ffbf46">මම එයාගේ මූණ විරූපී කරලා කාණුවකට විසි කළා</font>

17
00:00:56,890 --> 00:00:58,683
<font color="#ffbf46">එතකොට එයා මම විදියට මැරෙයි,</font>

18
00:00:59,184 --> 00:01:01,936
<font color="#ffbf46">ඒ වගේම මට සාරා කිම් විදියට ජීවත් වෙන්න පුළුවන් වෙයි.</font>

19
00:01:03,772 --> 00:01:05,732
<font color="#ffbf46">මම මගේ වැරදි පිළිගන්නවා</font>

20
00:01:05,815 --> 00:01:08,151
<font color="#ffbf46">ඒ වගේම ලැබෙන දඬුවම බාරගන්න සූදානම්.</font>

21
00:01:09,611 --> 00:01:11,154
<font color="#ffbf46">හැබැයි මට දුකක් නෑ.</font>

22
00:01:14,741 --> 00:01:15,992
<font color="#ffbf46">ඒ ගැන මට කණගාටුයි.</font>

23
00:01:26,795 --> 00:01:28,379
<font color="#ffbf46">ඒක බුඩුවා (Boudoir) නිසාද?</font>

24
00:01:28,463 --> 00:01:31,341
<font color="#ffbf46">එයා සහ වින්දිතයා හරියටම එක වගේ.
එයා ඒකෙන් වාසි ගන්නවා.</font>

25
00:01:31,841 --> 00:01:34,219
<font color="#ffbf46">සාරා කිම් කියන්නේ අහිංසක මිනීමැරුම් වින්දිතයෙක් නම්,</font>

26
00:01:34,719 --> 00:01:37,847
<font color="#ffbf46">බලධාරියෙක් නැති නිසා
බුඩුවා වංචා නඩුව වහලා දායි.</font>

27
00:01:40,225 --> 00:01:43,061
<font color="#ffbf46">වැදගත්ම දේ තමයි එයා කවුද කියලා ඔප්පු කරන එක,
මිනීමැරුම නෙවෙයි.</font>

28
00:01:43,144 --> 00:01:44,979
<font color="#ffbf46">ඇයි ඔයා හැමදේම අතාරින්නේ</font>

29
00:01:46,314 --> 00:01:48,399
<font color="#ffbf46">එක දෙයක් බේරගන්න ඕන නිසා?</font>

30
00:01:56,741 --> 00:02:00,161
<font color="#ffbf46">මේ සිද්ධියට සම්බන්ධ ඕන කෙනෙක්ට
ඔයාව දැක්කම පේනවා ඒක බොරුවක් කියලා.</font>

31
00:02:00,829 --> 00:02:04,207
<font color="#ffbf46">ඒක නම් ඔයාගේ ප්ලෑන් එක,
ඔයා එන්න තිබුණේ මූණ කුඩු කරගෙන!</font>

32
00:02:04,290 --> 00:02:06,334
<font color="#ffbf46">ඇයි? ඒක කරගන්න හයියක් තිබුණේ නැද්ද?</font>

33
00:02:06,417 --> 00:02:08,503
<font color="#ffbf46">එහෙනම් ඇයි වින්දිතයාට එහෙම කළේ?</font>

34
00:02:08,586 --> 00:02:09,546
<font color="#ffbf46">ඩිටෙක්ටිව්.</font>

35
00:02:10,255 --> 00:02:13,007
<font color="#ffbf46">සමහර මිනිස්සු ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි.</font>

36
00:02:14,300 --> 00:02:16,678
<font color="#ffbf46">සාරා කිම් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්.</font>

37
00:02:17,512 --> 00:02:19,055
<font color="#ffbf46">එයාව අඳුරන අයට</font>

38
00:02:19,597 --> 00:02:20,765
<font color="#ffbf46">වගේම මටත්.</font>

39
00:02:21,891 --> 00:02:24,644
<font color="#ffbf46">කවුරුත් කැමති නෑ සාරා කිම් ජීවත් වෙනවට.</font>

40
00:02:28,398 --> 00:02:30,024
<font color="#ffbf46">ඔයා පියවරක් අරගෙන.</font>

41
00:02:30,900 --> 00:02:32,527
<font color="#ffbf46">මම කළේ එයාගේ මරණය ගැන දැනුම් දුන්න එක විතරයි.</font>

42
00:02:35,113 --> 00:02:36,990
<font color="#ffbf46">මට කෝල් එකක් ගන්න දෙන්න.</font>

43
00:02:38,491 --> 00:02:39,534
<font color="#ffbf46">හලෝ?</font>

44
00:02:41,870 --> 00:02:42,745
<font color="#ffbf46"><i>හලෝ?</i></font>

45
00:02:49,502 --> 00:02:50,837
<font color="#ffbf46">ඇයි කතා කළේ?</font>

46
00:02:51,880 --> 00:02:53,548
<font color="#ffbf46"><i>සාරා කිම්ගේ මරණයත් එක්ක,</i></font>

47
00:02:53,631 --> 00:02:57,135
<font color="#ffbf46"><i>විශාලතම කොටස් හිමියා විදියට</i>
<i>නොක්ස් (Nox) සමාගමට බුඩුවාහි පාලනය ලැබෙනවා.</i></font>

48
00:03:07,604 --> 00:03:09,397
<font color="#ffbf46">ඒකෙන් මුකුත් වෙනස් වෙන්නේ නෑ.</font>

49
00:03:10,565 --> 00:03:14,068
<font color="#ffbf46">ඔයා තමයි සාරා කිම්,
ඔයා මැරුවේ කිම් මි-ජොන්ග්ව.</font>

50
00:03:14,569 --> 00:03:16,196
<font color="#ffbf46">ඔයාට ඒක ඔප්පු කරන්න බෑ.</font>

51
00:03:16,696 --> 00:03:19,199
<font color="#ffbf46">ඔයා ඉස්සර වකුගඩුවක් දන් දීලා තියෙනවා.</font>

52
00:03:21,659 --> 00:03:25,997
<font color="#ffbf46">වෙලාවට වගේ, ඉස්පිරිතාලේ තාමත්
ඔයාගේ පටක සාම්පල් ගබඩා කරලා තිබුණා.</font>

53
00:03:31,169 --> 00:03:34,464
<font color="#ffbf46">මේ වෙනකොට, අපේ නිලධාරීන්
ඉස්පිරිතාලෙට ගිහින් ඇති.</font>

54
00:03:35,548 --> 00:03:36,883
<font color="#ffbf46">මම යන්නම්.</font>

55
00:03:37,383 --> 00:03:39,219
<font color="#ffbf46">අපිට තව පැයක් ඉතුරුයි.</font>

56
00:03:43,139 --> 00:03:45,225
<font color="#ffbf46">එතකන් කෝල් එකක් ආවොත් මම දිනුම්.</font>

57
00:03:46,643 --> 00:03:48,228
<font color="#ffbf46">නැත්නම් ඔයා දිනුම්.</font>

58
00:03:51,272 --> 00:03:52,440
<font color="#ffbf46">ප්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතී</font>

59
00:04:06,246 --> 00:04:07,705
<font color="#ffbf46">හැබැයි දන්නවද ඩිටෙක්ටිව්,</font>

60
00:04:08,873 --> 00:04:10,750
<font color="#ffbf46">මම වරද පිළිගත්තා,</font>

61
00:04:10,833 --> 00:04:12,877
<font color="#ffbf46">හැබැයි මම ඔයාට හැමදේම කිව්වේ නෑ.</font>

62
00:04:14,254 --> 00:04:18,758
<font color="#ffbf46">මම එයා මැරුවේ කොහොමද, ඒ වගේම බොඩිය හැංගුවේ කොහොමද
කියලා මම කිව්වේ නෑනේ.</font>

63
00:04:23,388 --> 00:04:27,642
<font color="#ffbf46">ඔයාට අහන්න ඕන වෙලා තියෙන කතාව
මට දැන් කියන්න පුළුවන්.</font>

64
00:04:28,226 --> 00:04:31,020
<font color="#ffbf46">ඒ නිසා එයාලට කාලේ කන්නේ නැතුව
ආපහු එන්න කියන්න.</font>

65
00:04:31,521 --> 00:04:34,315
<font color="#ffbf46">නෑ. මම සම්පූර්ණ කතාවම දැනටමත් දන්නවා.</font>

66
00:04:34,399 --> 00:04:38,695
<font color="#ffbf46">අනුමාන විතරනේ.
ඒවා ඇත්ත වෙන්න පුළුවන් නම්?</font>

67
00:04:40,446 --> 00:04:41,823
<font color="#ffbf46">ඔයාට ඒවා අහන්න ඕනද?</font>

68
00:04:44,742 --> 00:04:45,702
<font color="#ffbf46">එදා දවසේ,</font>

69
00:04:46,703 --> 00:04:48,579
<font color="#ffbf46">හොඳටම හිම වැටුණා.</font>

70
00:05:02,593 --> 00:05:06,514
<font color="#ffbf46"><i>එදා තිබුණේ බුඩුවාගේ අලුත් කලෙක්ෂන් එක සමරන පාටි එක,</i></font>

71
00:05:07,015 --> 00:05:09,642
<font color="#ffbf46"><i>ඒත් එදාම තමයි ඒකේ කඩාවැටීමත් සිද්ධ වුණේ.</i></font>

72
00:05:11,227 --> 00:05:14,522
<font color="#ffbf46"><i>මොකද ඔයාට වෛර කරන හැමෝම</i>
<i>එදා එතන හිටියා.</i></font>

73
00:05:26,993 --> 00:05:30,163
<font color="#ffbf46">සාරා, ඔයා මම නැතුව පටන් ගත්තද?</font>

74
00:05:32,290 --> 00:05:33,875
<font color="#ffbf46">ඔයා එයි කියලා මම හිතුවේ නෑ.</font>

75
00:05:34,667 --> 00:05:36,294
<font color="#ffbf46">අපි අපේ කතාව ඉවර කරන්න ඕන.</font>

76
00:05:38,504 --> 00:05:43,760
<font color="#ffbf46"><i>ජොන්ග් යෝ-ජින් කිව්වා පාටි එක ඉවර වුණාට පස්සේ</i>
<i>එයා ඔයාට කතා කළා කියලා.</i></font>

77
00:05:47,472 --> 00:05:51,059
<font color="#ffbf46">ඒක වෙන්න තිබුණ දේවල් වල ආරම්භය විතරයි.</font>

78
00:05:51,851 --> 00:05:54,187
<font color="#ffbf46">මොකද කරදර කවදාවත් තනිවම එන්නේ නෑනේ.</font>

79
00:06:08,785 --> 00:06:12,413
<font color="#ffbf46"><i>චෝයි චේ-වූ බුඩුවා පාටි එකට ආවේ</i>
<i>රෑ 10:40ට විතර.</i></font>

80
00:06:12,914 --> 00:06:15,541
<font color="#ffbf46"><i>එයා කිව්වේ එයා පාටි එකට තනියම ආවා කියලා,</i></font>

81
00:06:15,625 --> 00:06:17,043
<font color="#ffbf46"><i>ඒත් ඒක ඇත්තක් නෙවෙයි.</i></font>

82
00:06:17,543 --> 00:06:19,045
<font color="#ffbf46"><i>එයා තව කෙනෙක් එක්ක ආවේ.</i></font>

83
00:06:19,796 --> 00:06:21,464
<font color="#ffbf46">සාරා කිම්ව හොයාගන්නවා.</font>

84
00:06:21,964 --> 00:06:22,799
<font color="#ffbf46">හරි මැඩම්.</font>

85
00:06:22,882 --> 00:06:24,801
<font color="#ffbf46"><i>මම කල්පනා කළේ ඇයි එයා ඒක මගෙන් හැංගුවේ කියලා.</i></font>

86
00:06:26,260 --> 00:06:31,140
<font color="#ffbf46">චෝයි චේ-වූ කිව්වේ කැන්ග් ජි-වොන් එක්ක තියෙන
ඔයාගේ සම්බන්ධය ගැන එයා දැනගෙන හිටියේ නෑ කියලා.</font>

87
00:06:32,225 --> 00:06:34,352
<font color="#ffbf46">ඒත් ඇත්තටම, එයා දැනගෙන හිටියා.</font>

88
00:06:44,862 --> 00:06:47,740
<font color="#ffbf46">ඔයා කලබල වෙලා වැඩේ අනාගත්තානේ.</font>

89
00:06:49,325 --> 00:06:52,245
<font color="#ffbf46">මම ඔයාගේ ආයෝජනය හෙට ආපහු දෙන්නම්,
ඒ නිසා සද්ද නැතුව යන්න.</font>

90
00:06:54,122 --> 00:06:56,040
<font color="#ffbf46">මෝඩ වැඩ කරන්න හිතන්නවත් එපා.</font>

91
00:06:57,083 --> 00:06:58,960
<font color="#ffbf46">මටත් මිනිස්සුන්ව කුලියට ගන්න පුළුවන්.</font>

92
00:07:01,087 --> 00:07:03,631
<font color="#ffbf46">මට දැන් මරු කෙනෙක්ව හම්බුණා.</font>

93
00:07:04,465 --> 00:07:05,299
<font color="#ffbf46">කවුද?</font>

94
00:07:05,383 --> 00:07:08,428
<font color="#ffbf46">ඔක්ස්ෆර්ඩ් වලින් උපාධිය ගත්ත
ප්‍රයිවට් ඉක්විටි මැනේජර් කෙනෙක්.</font>

95
00:07:08,511 --> 00:07:09,679
<font color="#ffbf46">කලබල වෙන්න එපා.</font>

96
00:07:09,762 --> 00:07:12,473
<font color="#ffbf46">ඔයාගේ අවුරුද්දෙම, ඔයාගේ විෂයන්ම කරලා
උපාධිය ගත්ත කෙනෙක්.</font>

97
00:07:12,557 --> 00:07:13,683
<font color="#ffbf46">මාරයි නේද?</font>

98
00:07:15,476 --> 00:07:19,856
<font color="#ffbf46">මම ඉගෙන ගන්න එච්චර දක්ෂ නැති නිසා,
එයාලා මාව දන්නේ නැතුව ඇති.</font>

99
00:07:20,356 --> 00:07:22,275
<font color="#ffbf46">නෑ, එයාලට ඔයාව මතකයි.</font>

100
00:07:23,151 --> 00:07:24,152
<font color="#ffbf46">ඇත්තටම?</font>

101
00:07:24,235 --> 00:07:25,069
<font color="#ffbf46">ඔව්.</font>

102
00:07:25,153 --> 00:07:29,115
<font color="#ffbf46">එයාලා කිව්වේ ඔයා එයාලා අතරිනුත් කැපිලා පෙනුණා කියලා.</font>

103
00:07:30,575 --> 00:07:32,493
<font color="#ffbf46">මට දැන් ගොඩක් වැඩ තියෙනවා.</font>

104
00:07:32,577 --> 00:07:33,619
<font color="#ffbf46">ඊළඟ වතාවේ බලමු.</font>

105
00:07:33,703 --> 00:07:35,746
<font color="#ffbf46">පොඩි වෙලාවයි යන්නේ.</font>

106
00:07:58,478 --> 00:08:00,938
<font color="#ffbf46">ඔයා කවද්ද ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියෙක් වුණේ?</font>

107
00:08:05,234 --> 00:08:06,569
<font color="#ffbf46">ඔයා කවද්ද පටන් ගත්තේ?</font>

108
00:08:08,237 --> 00:08:09,155
<font color="#ffbf46">මොකක්ද පටන් ගත්තේ?</font>

109
00:08:13,159 --> 00:08:14,952
<font color="#ffbf46">මාව රවට්ටන්න.</font>

110
00:08:15,036 --> 00:08:17,371
<font color="#ffbf46">සින්වොල්-දොං වල වෙච්ච හැමදේම මම දැක්කා.</font>

111
00:08:18,414 --> 00:08:20,124
<font color="#ffbf46">ඒ නිසා කපටි නොවී මට උත්තර දෙන්න.</font>

112
00:08:20,875 --> 00:08:21,876
<font color="#ffbf46">ඔයා කොච්චර දේවල් දන්නවද?</font>

113
00:08:21,959 --> 00:08:23,294
<font color="#ffbf46">මඟුල!</font>

114
00:08:25,087 --> 00:08:26,547
<font color="#ffbf46">නෑ, එහෙම නෙවෙයි.</font>

115
00:08:26,631 --> 00:08:28,049
<font color="#ffbf46">ඔයා ඕක නෑ කියන්න එපැයි!</font>

116
00:08:28,132 --> 00:08:29,967
<font color="#ffbf46">ඔයා කොච්චර දේවල් දන්නවද?</font>

117
00:08:31,135 --> 00:08:32,386
<font color="#ffbf46">ඔයා හින්දා,</font>

118
00:08:32,887 --> 00:08:35,097
<font color="#ffbf46">මම මනුස්සයෙක්ව මරන්න පවා ලෑස්ති වුණා.</font>

119
00:08:35,723 --> 00:08:39,268
<font color="#ffbf46">ඔයා හින්දා, මගේ අම්මටත් වඩා වයස ගෑනියෙක්ට
මම ඇඟ වික්කා.</font>

120
00:08:39,352 --> 00:08:40,311
<font color="#ffbf46">ඒත් ඔයා... ශික්!</font>

121
00:08:40,394 --> 00:08:41,896
<font color="#ffbf46">ඔයා ඒක පාවිච්චි කරලා මට තර්ජනය කරනවද?</font>

122
00:08:42,980 --> 00:08:44,440
<font color="#ffbf46">ඇත්තටම.</font>

123
00:08:47,902 --> 00:08:49,946
<font color="#ffbf46">ඇයි අද හැමෝම මට මෙහෙම කරන්නේ?</font>

124
00:08:50,655 --> 00:08:51,781
<font color="#ffbf46">ඔයා ඕක නෑ කියන්න ඕන.</font>

125
00:08:51,864 --> 00:08:54,075
<font color="#ffbf46">මම එහෙම කිව්වොත් ඔයා පිළිගන්නවද?</font>

126
00:08:55,117 --> 00:08:57,495
<font color="#ffbf46">මම ව්‍යාපාරිකයෙක් හරි සල්ලි කාරයෙක් හරි නෙවෙයි නම්,</font>

127
00:08:58,663 --> 00:09:00,248
<font color="#ffbf46">ඔයා මගේ දිහා බලන්නෙවත් නෑනේ.</font>

128
00:09:01,165 --> 00:09:03,793
<font color="#ffbf46">මම කිම් ඉයුන්-ජේ හරි සාරා කිම් හරි වුණේ නැත්නම්,</font>

129
00:09:05,378 --> 00:09:07,213
<font color="#ffbf46">ඔයා මගේ කාර් යතුරු හොරකම් කරනවද?</font>

130
00:09:09,382 --> 00:09:11,217
<font color="#ffbf46">එතකොට මමද ඔයාව මෙහෙම හැදුවේ?</font>

131
00:09:12,718 --> 00:09:14,345
<font color="#ffbf46">ඔයා කියන්නේ ඒකද?</font>

132
00:09:16,973 --> 00:09:18,182
<font color="#ffbf46">මම කියන්නේ...</font>

133
00:09:20,768 --> 00:09:22,853
<font color="#ffbf46">ඔයා ඔච්චර සල්ලි පස්සේ ගියේ නැත්නම්,</font>

134
00:09:23,354 --> 00:09:25,022
<font color="#ffbf46">මම ඔයාව රවට්ටයිද?</font>

135
00:09:27,567 --> 00:09:29,443
<font color="#ffbf46">එතකොට ඔයාව ඔය තත්ත්වෙට දැම්මේ</font>

136
00:09:30,278 --> 00:09:31,445
<font color="#ffbf46">ඔයාමයි.</font>

137
00:09:33,364 --> 00:09:34,824
<font color="#ffbf46">මොකක් කළොත්ද ඔයා නවතින්නේ?</font>

138
00:09:34,907 --> 00:09:36,367
<font color="#ffbf46">මම හැමදේම එළි කළොත් ඔයා නවතිනවද?</font>

139
00:09:36,450 --> 00:09:38,035
<font color="#ffbf46">ඔයාට එහෙම කරන්නවත් පුළුවන්ද?</font>

140
00:09:38,911 --> 00:09:41,080
<font color="#ffbf46">චෝයි චේ-වූ දැනගත්තොත් ඔයාටත් බඩු බනිස්.</font>

141
00:09:41,581 --> 00:09:43,499
<font color="#ffbf46">ඔයා දැන් ගියොත් පසුතැවෙයි.</font>

142
00:09:43,583 --> 00:09:45,876
<font color="#ffbf46">එහෙනම් මම මේක පටන් ගන්නේවත් නෑනේ.</font>

143
00:09:52,592 --> 00:09:55,052
<font color="#ffbf46">හැමෝම හිතන්නේ අපි දෙන්නා අඳුරන්නේ නෑ කියලා.</font>

144
00:09:57,054 --> 00:09:59,265
<font color="#ffbf46">ඒ නිසා ඔයා මුකුත් දන්නේ නෑ.</font>

145
00:10:07,940 --> 00:10:09,442
<font color="#ffbf46">සභාපතිතුමිය, ඔබතුමිය කවද්ද ආවේ?</font>

146
00:10:10,151 --> 00:10:11,027
<font color="#ffbf46">දැන් ආවේ.</font>

147
00:10:11,110 --> 00:10:13,613
<font color="#ffbf46">මම දැනගෙන හිටියා නම් පිළිගන්න එනවනේ.</font>

148
00:10:13,696 --> 00:10:14,614
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

149
00:10:16,198 --> 00:10:18,534
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතුවද මම දැනගන්න එකක් නෑ කියලා?</font>

150
00:10:19,368 --> 00:10:20,995
<font color="#ffbf46">කැන්ග් ජි-වොන් මට කිව්වා</font>

151
00:10:21,495 --> 00:10:24,707
<font color="#ffbf46">ඔයාලා දෙන්නා එකතු වෙලා
මාව රවට්ටන්න ප්ලෑන් කරනවා කියලා.</font>

152
00:10:25,207 --> 00:10:28,252
<font color="#ffbf46">මම එයා ගැන දැනගන්න කීප සැරයක් හම්බුණා විතරයි.</font>

153
00:10:28,753 --> 00:10:31,964
<font color="#ffbf46">මම හොඳ කොන්ත්‍රාත්තුවක් ගන්න ඕන කමට
ටිකක් වැඩිපුර දැඟලුවා.</font>

154
00:10:32,048 --> 00:10:32,882
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

155
00:10:33,507 --> 00:10:34,884
<font color="#ffbf46">ඇයි ඔයා සමාව ගන්නේ?</font>

156
00:10:34,967 --> 00:10:37,553
<font color="#ffbf46">රැවටුණේ ඔයානේ, මම නෙවෙයිනේ.</font>

157
00:10:46,937 --> 00:10:48,981
<font color="#ffbf46">කැන්ග් ජි-වොන් දැන් මගේ පැත්තේ වෙන්න පුළුවන්,</font>

158
00:10:49,065 --> 00:10:51,651
<font color="#ffbf46">ඒත් ඔයා මට එරෙහිව ඔත්තු බලපු එකට
වන්දි ගෙවන්න වෙයි.</font>

159
00:10:51,734 --> 00:10:53,486
<font color="#ffbf46">මට 30%ක කොමිස් එකක් ඕන.</font>

160
00:10:55,071 --> 00:10:56,822
<font color="#ffbf46">ඒක තමයි සම්වොල් එකේ අන්තිම තීරණය.</font>

161
00:10:58,032 --> 00:10:59,825
<font color="#ffbf46">මට ටික වෙලාවක් දෙනවද</font>

162
00:11:01,035 --> 00:11:02,078
<font color="#ffbf46">ඒ ගැන හිතන්න?</font>

163
00:11:02,161 --> 00:11:04,622
<font color="#ffbf46">ඔයාට පාටි එක ඉවර වෙනකන් වෙලාව තියෙනවා.</font>

164
00:11:06,082 --> 00:11:08,709
<font color="#ffbf46"><i>ඔයා කැන්ග් ජි-වොන් එක්ක තියෙන සම්බන්ධය</i>
<i>චෝයි දැනගත්තට පස්සේ,</i></font>

165
00:11:08,793 --> 00:11:11,003
<font color="#ffbf46"><i>පෞද්ගලික පලිගැනීමක් විදියට</i>
<i>එයා කොන්ත්‍රාත්තුව කඩලා දැම්මා.</i></font>

166
00:11:11,504 --> 00:11:13,964
<font color="#ffbf46"><i>කවුරුවත් ඇත්ත දැනගන්නවට</i>
<i>එයා කැමති වෙන්න නැතුව ඇති.</i></font>

167
00:11:15,508 --> 00:11:20,346
<font color="#ffbf46">ඩිපාට්මන්ට් ස්ටෝර් එකට වෙන පාඩුවට වඩා
පැරදුණා කියලා පිළිගන්න එක ලැජ්ජාවක්නේ.</font>

168
00:11:20,846 --> 00:11:22,139
<font color="#ffbf46">ඔයා මොකද හිතන්නේ?</font>

169
00:11:22,973 --> 00:11:24,558
<font color="#ffbf46">මේක වඩා විශ්වාස කරන්න පුළුවන් නේද</font>

170
00:11:25,059 --> 00:11:26,602
<font color="#ffbf46">චෝයි චේ-වූගේ කට උත්තරේට වඩා?</font>

171
00:11:29,271 --> 00:11:30,481
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

172
00:11:32,316 --> 00:11:33,859
<font color="#ffbf46">මට පේනවා ඔයාට මතක නෑ කියලා.</font>

173
00:11:37,405 --> 00:11:39,490
<font color="#ffbf46"><i>පල යන්න!</i></font>

174
00:11:39,990 --> 00:11:42,326
<font color="#ffbf46"><i>තෝ හැදිගෑවිලාම යන්න ඕන!</i></font>

175
00:11:42,410 --> 00:11:44,620
<font color="#ffbf46"><i>පලයන් යන්න මෝඩයා! මඟුල!</i></font>

176
00:11:44,704 --> 00:11:46,205
<font color="#ffbf46"><i>ශික්!</i> <i>මොකද මේ කරන්නේ?</i></font>

177
00:11:56,632 --> 00:11:59,385
<font color="#ffbf46"><i>පොඩ්ඩක් ඉන්න. කරුණාකරලා ඇතුළට වෙලා ඉන්න.</i></font>

178
00:12:03,139 --> 00:12:04,682
<font color="#ffbf46">තෝ විනාශ වෙලා පල</font>

179
00:12:04,765 --> 00:12:06,392
<font color="#ffbf46">කරුණාකරලා පෝලිමට ඇතුළු වෙන්න.</font>

180
00:12:06,934 --> 00:12:09,687
<font color="#ffbf46">උඩට වෙලා හිටියා නම් අපි අගය කරනවා.</font>

181
00:12:14,734 --> 00:12:16,485
<font color="#ffbf46">"කවුද මේක කරන්න ඇත්තේ?"</font>

182
00:12:16,569 --> 00:12:18,654
<font color="#ffbf46">කොච්චර කල්පනා කළත්,
ඔයාට හිතාගන්න බැරි වුණා.</font>

183
00:12:19,280 --> 00:12:22,908
<font color="#ffbf46">සැක හිතෙන මූණු ගොඩක්
ඔයාගේ ඔලුවට එන්න ඇති.</font>

184
00:12:46,098 --> 00:12:47,767
<font color="#ffbf46">හලෝ.</font>

185
00:12:49,477 --> 00:12:53,564
<font color="#ffbf46"><i>අන්තිමේදී, ඔයාට මතක් කරගන්නවත් අකමැතිම කෙනාව</i>
<i>මුණගැහෙන්න වුණා.</i></font>

186
00:13:03,783 --> 00:13:05,576
<font color="#ffbf46"><i>අසරණකම.</i></font>

187
00:13:07,745 --> 00:13:10,873
<font color="#ffbf46">මඟුල.</font>

188
00:13:28,182 --> 00:13:29,266
<font color="#ffbf46"><i>ඊටපස්සේ?</i></font>

189
00:13:29,809 --> 00:13:30,935
<font color="#ffbf46"><i>ඊටපස්සේ මොකද වුණේ?</i></font>

190
00:13:34,814 --> 00:13:36,315
<font color="#ffbf46">ඔයාට දැනගන්න විදියක් නෑනේ.</font>

191
00:13:37,149 --> 00:13:39,235
<font color="#ffbf46">එතන මොකද වුණේ කියලා දන්නේ මම විතරයි.</font>

192
00:13:39,318 --> 00:13:40,152
<font color="#ffbf46">නෑ.</font>

193
00:13:40,236 --> 00:13:42,446
<font color="#ffbf46">එතන තව එක්කෙනෙක් හිටියා.</font>

194
00:13:44,949 --> 00:13:46,492
<font color="#ffbf46">වින්දිතයා, කිම් මි-ජොන්ග්.</font>

195
00:13:47,827 --> 00:13:50,955
<font color="#ffbf46">පශ්චාත් මරණ පරීක්ෂණය තමයි
වින්දිතයාගේ අවසන් ප්‍රකාශය.</font>

196
00:13:51,455 --> 00:13:53,165
<font color="#ffbf46"><i>වින්දිතයා ළඟ ආයුධයක් තිබිලා තියෙනවා,</i></font>

197
00:13:53,666 --> 00:13:55,960
<font color="#ffbf46"><i>ගොඩක් දුරට එයාට හුරුපුරුදු මෙවලමක්.</i></font>

198
00:14:39,461 --> 00:14:41,797
<font color="#ffbf46"><i>වින්දිතයා මිනීමැරුම ප්ලෑන් කරන්න ඇති,</i></font>

199
00:14:41,881 --> 00:14:44,758
<font color="#ffbf46"><i>ඒත් ඔයාටත් ඒ වගේම මිනීමරු චේතනාවක් තිබිලා තියෙනවා.</i></font>

200
00:14:48,262 --> 00:14:49,847
<font color="#ffbf46"><i>කිසිම පැකිලීමක් නැතුව</i></font>

201
00:14:50,347 --> 00:14:52,516
<font color="#ffbf46"><i>ඔයා එයාගේ මූණට ගොඩක් පාරවල් ගැහුවා.</i></font>

202
00:14:56,228 --> 00:14:57,062
<font color="#ffbf46">හොඳට බලාගන්න</font>

203
00:14:58,230 --> 00:15:00,524
<font color="#ffbf46">ඔයා මොකක්ද කළේ කියලා.</font>

204
00:15:35,643 --> 00:15:39,647
<font color="#ffbf46"><i>ඊටපස්සේ ඔයා මළ සිරුර හංගන්න ඉක්මනට ප්ලෑන් එකක් ගැහුවා,</i></font>

205
00:15:41,273 --> 00:15:45,110
<font color="#ffbf46"><i>හැබැයි ඒක ඔයාට තනියම කරගන්න බැරි දෙයක්.</i></font>

206
00:15:46,612 --> 00:15:49,198
<font color="#ffbf46">ඔයාට හැමදේම කරලා දෙන්න
කෙනෙක් ඕන වුණා.</font>

207
00:15:49,281 --> 00:15:53,160
<font color="#ffbf46">ඔයාගේ අත්දැකීමෙන් ඔයා දැනන් හිටියා චෝයි චේ-වූට...</font>

208
00:15:55,245 --> 00:15:57,748
<font color="#ffbf46"><i>දේවල් සිද්ධ වුණේ නෑ වගේ පෙන්නන්න පුළුවන් කියලා.</i></font>

209
00:15:58,582 --> 00:15:59,458
<font color="#ffbf46">ඔයාගේ පිළිතුර?</font>

210
00:16:00,167 --> 00:16:01,168
<font color="#ffbf46">මම අත්සන් කරන්නම්.</font>

211
00:16:02,169 --> 00:16:04,755
<font color="#ffbf46">මම දැනන් හිටියා ඔයා කැමති වෙයි කියලා,
ඒකයි මම වැඩ පටන් ගත්තේ.</font>

212
00:16:05,422 --> 00:16:08,258
<font color="#ffbf46">මට මේ සුඛෝපභෝගී ඉඩ නිකන් තියන්න බෑ.
මේ මාසේ ඇතුළට එන්න.</font>

213
00:16:09,134 --> 00:16:11,303
<font color="#ffbf46">මම හිතන්නේ මම අදම පටන් ගන්නම්.</font>

214
00:16:12,137 --> 00:16:13,722
<font color="#ffbf46">මෙහෙ එන්න. උස්සන්න.</font>

215
00:16:13,806 --> 00:16:15,391
<font color="#ffbf46">ඇයි එන්නේ නැත්තේ?</font>

216
00:16:16,475 --> 00:16:17,351
<font color="#ffbf46">ඉක්මන් කරන්න.</font>

217
00:16:17,851 --> 00:16:19,353
<font color="#ffbf46">මේවාත් මහත්තයා. එනවා.</font>

218
00:16:41,291 --> 00:16:44,878
<font color="#ffbf46">මේවාත් යන්නේ
බුඩුවා ප්‍රධාන ස්ටෝර් එකටද?</font>

219
00:16:45,713 --> 00:16:47,006
<font color="#ffbf46">සම්වොල් ඩිපාට්මන්ට් ස්ටෝර් එකට.</font>

220
00:16:47,089 --> 00:16:48,007
<font color="#ffbf46">හරි. <i>ඔයා දැනගෙන හිටියා.</i></font>

221
00:16:48,090 --> 00:16:50,843
<font color="#ffbf46"><i>බොඩිය හම්බවෙන්නේ නැති තැනක් ගැන</i>
<i>දැනගෙන හිටියා.</i></font>

222
00:17:05,816 --> 00:17:09,194
<font color="#ffbf46"><i>සම්වොල් එක ඇතුළට ගියාම,</i>
<i>වැඩේ ලේසියි.</i></font>

223
00:17:10,029 --> 00:17:12,740
<font color="#ffbf46"><i>ඔයා ඒ තැන ගැන</i>
<i>හොඳටම දැනගෙන හිටියා.</i></font>

224
00:18:20,099 --> 00:18:22,935
<font color="#ffbf46"><i>ඔයා හිතුවේ</i>
<i>ඒක කවදාවත් අහුවෙන්නේ නැති අපරාධයක් වෙයි කියලා.</i></font>

225
00:18:32,069 --> 00:18:33,320
<font color="#ffbf46"><i>හැබැයි ඒ වෙලාවේ,</i></font>

226
00:18:34,154 --> 00:18:36,615
<font color="#ffbf46"><i>වින්දිතයා තාම පණ පිටින් හිටියේ.</i></font>

227
00:18:37,741 --> 00:18:40,702
<font color="#ffbf46"><i>ආයුබෝවන්, සාදරයෙන් පිළිගන්නවා.</i></font>

228
00:18:41,203 --> 00:18:44,456
<font color="#ffbf46"><i>අපේ පාරිභෝගිකයින්ට ස්තූතිවන්ත වෙනවා</i></font>

229
00:18:44,540 --> 00:18:46,542
<font color="#ffbf46"><i>අද දින සම්වොල් ඩිපාට්මන්ට් ස්ටෝර් වෙත පැමිණීම වෙනුවෙන්.</i></font>

230
00:19:12,860 --> 00:19:14,069
<font color="#ffbf46"><i>එළිය එන පැත්ත දිගේ,</i></font>

231
00:19:14,778 --> 00:19:16,905
<font color="#ffbf46"><i>එයා ජරා කාණුව දිගේ බඩගාගෙන ආවා.</i></font>

232
00:19:19,867 --> 00:19:23,996
<font color="#ffbf46"><i>කාණුවේ බිත්ති වලින් අපිට වින්දිතයාගේ ඇඟිලි සලකුණු</i>
<i>සිය ගාණක් හම්බුණා.</i></font>

233
00:19:24,872 --> 00:19:28,083
<font color="#ffbf46"><i>ඒකෙන් පේනවා එයා අන්තිම වෙනකන්ම ජීවත් වෙන්න</i>
<i>සටන් කරලා තියෙනවා කියලා.</i></font>

234
00:19:36,842 --> 00:19:38,594
<font color="#ffbf46"><i>හැබැයි අපි එයාව හොයාගන්නකොට,</i></font>

235
00:19:40,387 --> 00:19:41,638
<font color="#ffbf46"><i>ගොඩක් පරක්කු වැඩි වෙලා තිබුණේ.</i></font>

236
00:19:43,515 --> 00:19:44,349
<font color="#ffbf46"><i>ඔයා දැනන් හිටියා</i></font>

237
00:19:44,850 --> 00:19:47,644
<font color="#ffbf46">ඒ වෙලාවේ වින්දිතයා පණ පිටින් හිටියා කියලා.</font>

238
00:19:48,145 --> 00:19:49,146
<font color="#ffbf46">ඒත් එක්කම...</font>

239
00:19:54,443 --> 00:20:00,157
<font color="#ffbf46">හ්යුන් ජේ-හ්යුන්, දරුණු අපරාධ අංශය 1</font>

240
00:20:11,960 --> 00:20:13,879
<font color="#ffbf46">ප්‍රතිඵල ආවට පස්සේ,</font>

241
00:20:14,630 --> 00:20:15,756
<font color="#ffbf46">ආපහු හැරීමක් නෑ.</font>

242
00:20:18,217 --> 00:20:20,302
<font color="#ffbf46">ඊටපස්සේ ඔයාගේ දඬුවම අඩු කරන්න බෑ.</font>

243
00:20:22,304 --> 00:20:23,764
<font color="#ffbf46">මම කියන්නේ ඔයා වැඩේ අතාරින්න.</font>

244
00:20:28,227 --> 00:20:30,479
<font color="#ffbf46">මට අතාරින්න කියලා මොනවද ඉතුරු වෙලා තියෙන්නේ?</font>

245
00:20:35,734 --> 00:20:37,611
<font color="#ffbf46">මම ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ.</font>

246
00:20:51,250 --> 00:20:52,334
<font color="#ffbf46">මොකද වුණේ?</font>

247
00:20:53,168 --> 00:20:54,544
<font color="#ffbf46">එයා කලින්ම ඒකට ළඟා වෙලා.</font>

248
00:20:55,045 --> 00:20:56,338
<font color="#ffbf46">පටක සාම්පල් එක එතන නෑ.</font>

249
00:21:03,553 --> 00:21:04,554
<font color="#ffbf46">ඒත් කවුද එහෙම...</font>

250
00:21:26,076 --> 00:21:27,703
<font color="#ffbf46">අන්තිමේදී මම දිනුම්.</font>

251
00:21:30,080 --> 00:21:32,207
<font color="#ffbf46">ඔයා හිතපු විදිය තාර්කිකයි.</font>

252
00:21:32,874 --> 00:21:34,835
<font color="#ffbf46">ඒත් ඇත්ත සිද්ධිය ඒ වගේ නෙවෙයි.</font>

253
00:21:35,794 --> 00:21:38,630
<font color="#ffbf46">ඒක විශ්වාස කරන්න අමාරුයි,
ඒ වගේම තේරුමක් නෑ වගේ.</font>

254
00:21:43,593 --> 00:21:45,512
<font color="#ffbf46">මම දන්නවා මේක ඔයාට ලේසි නෑ කියලා,</font>

255
00:21:46,305 --> 00:21:48,974
<font color="#ffbf46">ඒත් මම මේ කියන්න යන්නේ ඇත්ත.</font>

256
00:21:56,148 --> 00:21:57,566
<font color="#ffbf46">ඔයාට පිස්සුද?</font>

257
00:21:58,066 --> 00:21:59,735
<font color="#ffbf46">ඔයා කොහොමද දැනගත්තේ මෙතනට එන්න?</font>

258
00:21:59,818 --> 00:22:01,570
<font color="#ffbf46">මට මෙතන ඉන්න අවසර නැද්ද?</font>

259
00:22:02,571 --> 00:22:06,033
<font color="#ffbf46">අනිත් අය නොදන්නවා වුණාට, ඔයා දන්නවනේ.</font>

260
00:22:07,701 --> 00:22:08,785
<font color="#ffbf46">බුඩුවා.</font>

261
00:22:10,746 --> 00:22:12,706
<font color="#ffbf46">මම ඒක හැදුවේ මගේම අත්වලින්.</font>

262
00:22:12,789 --> 00:22:15,459
<font color="#ffbf46">මේ හැමදේම ඇති කළේ මමයි.</font>

263
00:22:19,004 --> 00:22:22,257
<font color="#ffbf46">මෙතනට එන්න මම කොච්චර කැප කිරීම් කළාද කියලා
ඔයාට හිතාගන්නවත් බෑ.</font>

264
00:22:23,925 --> 00:22:26,178
<font color="#ffbf46">තමුන් මොන මගුලක් කළා කියලද හිතාගෙන ඉන්නේ?</font>

265
00:22:26,887 --> 00:22:28,680
<font color="#ffbf46">පාටි එක ඉවර වෙනකන් මෙතනට වෙලා ඉන්න.</font>

266
00:22:29,181 --> 00:22:30,974
<font color="#ffbf46">ඔයා දිගටම කරගෙන ගියොත් මම මොනවා කරයිද දන්නේ නෑ.</font>

267
00:22:32,601 --> 00:22:35,187
<font color="#ffbf46">ඔයා කිව්වනේ ඔයා දන්න කෙනෙක්ව මගෙන් මතක් වෙනවා කියලා.</font>

268
00:22:36,188 --> 00:22:37,522
<font color="#ffbf46">ඔයා කිව්වේ ඔයා ගැනමයි නේද?</font>

269
00:22:40,484 --> 00:22:41,902
<font color="#ffbf46">බලන් ගියාම මම හරි වගේ.</font>

270
00:22:45,739 --> 00:22:48,283
<font color="#ffbf46">එහෙනම් ඇයි මේ දන්න බබා වෙන්න හදන්නේ?</font>

271
00:22:55,624 --> 00:22:57,667
<font color="#ffbf46">ඕකෙන් මොනවා කරන්නද හදන්නේ?</font>

272
00:22:58,960 --> 00:23:00,837
<font color="#ffbf46">ඔයා මාව මරන්නද හදන්නේ?</font>

273
00:23:01,713 --> 00:23:03,673
<font color="#ffbf46">ඔයා මම වෙනවා,</font>

274
00:23:05,467 --> 00:23:07,761
<font color="#ffbf46">ඒ වගේම දැන් මම ඔයා වෙනවා.</font>

275
00:23:08,261 --> 00:23:09,262
<font color="#ffbf46">ශික්.</font>

276
00:23:10,013 --> 00:23:11,848
<font color="#ffbf46">දැන් ඉතුරු වෙලා ඉන්න එකම කෙනා ඔයා...</font>

277
00:23:13,350 --> 00:23:15,602
<font color="#ffbf46">මම කිම් මි-ජොන්ග් කියලා දන්න.</font>

278
00:23:16,770 --> 00:23:18,480
<font color="#ffbf46">පිස්සු කියවන්නේ නැතුව ඉන්නවා.</font>

279
00:23:18,980 --> 00:23:20,690
<font color="#ffbf46">මේ හැම තැනම කැමරා තියෙනවා.</font>

280
00:23:22,359 --> 00:23:24,903
<font color="#ffbf46">ඒවා කාලෙක ඉඳන් වැඩ කරන්නේ නෑ.</font>

281
00:23:24,986 --> 00:23:26,696
<font color="#ffbf46">ඔයාට ඒක තේරුණේ නැද්ද?</font>

282
00:23:27,197 --> 00:23:30,117
<font color="#ffbf46">මම ෆැක්ටරියේ වැඩ කරන ඔක්කොම අයව
ආපහු එයාලගේ රටවල්වලට යැව්වා.</font>

283
00:23:31,368 --> 00:23:35,038
<font color="#ffbf46">ඇඟිලි සලකුණක්වත් ඉතුරු නොවෙන්න
එතන සුද්ද කරන්න මම මාර කට්ටක් කෑවේ.</font>

284
00:23:38,500 --> 00:23:41,420
<font color="#ffbf46">ඔය දොරෙන් එහා පැත්තේ ඉන්න සිය ගාණක් මිනිස්සු
දන්නවා මම කවුද කියලා.</font>

285
00:23:42,671 --> 00:23:47,050
<font color="#ffbf46">ඒ මිනිස්සුන්ගෙන් කවුරුහරි ඇත්තටම ඔයාව දන්නවද?</font>

286
00:23:48,009 --> 00:23:52,222
<font color="#ffbf46">ඔයා නැති වුණොත් කවුරුහරි ඔයාව හොයයිද?</font>

287
00:23:56,726 --> 00:23:59,521
<font color="#ffbf46">ඔයා කොච්චර දැඟලුවත්,
ව්‍යාජ දේ කොහොමත් ව්‍යාජයි.</font>

288
00:24:02,357 --> 00:24:04,443
<font color="#ffbf46">ඇත්තයි බොරුවයි වෙන් කරලා අඳුරගන්න බැරි නම්,</font>

289
00:24:04,943 --> 00:24:06,736
<font color="#ffbf46">ඒක ඇත්තටම ව්‍යාජ එකක්ද?</font>

290
00:24:26,089 --> 00:24:27,090
<font color="#ffbf46">මිස් කිම්,</font>

291
00:24:27,591 --> 00:24:29,968
<font color="#ffbf46">මම ඔයා වෙන්න උත්සාහ කරන්නේ</font>

292
00:24:30,510 --> 00:24:32,179
<font color="#ffbf46">මම ෆේක් කෙනෙක් නිසා නෙවෙයි.</font>

293
00:24:32,262 --> 00:24:34,389
<font color="#ffbf46">ඒක කරන්න පුළුවන් වුණේ ඔයා ෆේක් කෙනෙක් නිසයි.</font>

294
00:24:54,784 --> 00:24:57,078
<font color="#ffbf46">කටමැත දොඩවන්න ඔයා මම ගැන මොනවද දන්නේ?</font>

295
00:24:57,579 --> 00:24:59,706
<font color="#ffbf46"><i>එයාව මරන්න මගේ කිසි අදහසක් තිබුණේ නෑ.</i></font>

296
00:25:00,207 --> 00:25:03,043
<font color="#ffbf46">සාරා කිම් මගෙන් සමාව ගත්තා නම්...</font>

297
00:25:05,045 --> 00:25:07,297
<font color="#ffbf46">මේ දේවල් මේ තරම් දුරදිග යන්නේ නෑ.</font>

298
00:25:11,927 --> 00:25:13,386
<font color="#ffbf46">"මට සමා වෙන්න."</font>

299
00:25:16,806 --> 00:25:19,184
<font color="#ffbf46">අන්තිම මොහොත වෙනකන් එයා ඒ වචනේ කියන්න කැමති වුණේ නෑ.</font>

300
00:25:43,250 --> 00:25:45,210
<font color="#ffbf46">අනේ මට උදව් කරන්න. කවුදෝ කෙනෙක්...</font>

301
00:25:46,545 --> 00:25:49,130
<font color="#ffbf46">අනේ මට උදව් කරන්න. කවුදෝ කෙනෙක්...</font>

302
00:25:51,633 --> 00:25:52,592
<font color="#ffbf46">කිම් ඉයුන්-ජේ.</font>

303
00:26:06,106 --> 00:26:07,148
<font color="#ffbf46">ඉයුන්-ජේ.</font>

304
00:26:32,841 --> 00:26:34,676
<font color="#ffbf46">ඔයාට වැරදිලා, මම එයා නෙවෙයි.</font>

305
00:27:04,748 --> 00:27:07,208
<font color="#ffbf46">ඇත්තයි බොරුවයි වෙන් කරලා අඳුරගන්න බැරි නම්,</font>

306
00:27:08,335 --> 00:27:10,003
<font color="#ffbf46">ඒක ඇත්තටම ව්‍යාජ එකක්ද?</font>

307
00:27:26,227 --> 00:27:28,271
<font color="#ffbf46"><i>සාරා කිම් නතර වෙන්න ඕන තැන දැනගෙන හිටියේ නෑ.</i></font>

308
00:27:30,440 --> 00:27:32,192
<font color="#ffbf46">එයා මැරුණේ ඒකයි.</font>

309
00:27:34,110 --> 00:27:35,070
<font color="#ffbf46">විනාශයි.</font>

310
00:27:35,153 --> 00:27:37,614
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතනවද ඔයාට
කිම් මි-ජොන්ග් වෙන්න පුළුවන් කියලා?</font>

311
00:27:37,697 --> 00:27:38,948
<font color="#ffbf46">මට ඔයා ගැන විශ්වාසයි.</font>

312
00:27:40,367 --> 00:27:42,994
<font color="#ffbf46">ඔයා මාව මේ විදියට නිදහස් වෙලා යන්න දෙන එකක් නෑ.</font>

313
00:27:47,457 --> 00:27:49,793
<font color="#ffbf46">මම හැමදේම පාපොච්චාරණය කළේ කිම් මි-ජොන්ග් විදියට.</font>

314
00:27:50,293 --> 00:27:54,130
<font color="#ffbf46">මම සාරා කිම් විදියට පාපොච්චාරණ ඔක්කොම ඉල්ලා අස් කරගෙන
චෝදනා ප්‍රතික්ෂේප කරනවා.</font>

315
00:27:59,719 --> 00:28:01,513
<font color="#ffbf46">වැඩේ තියෙන්නේ ඔයාගේ අතේ, ඩිටෙක්ටිව්.</font>

316
00:28:04,182 --> 00:28:05,141
<font color="#ffbf46">මොකක්ද ඔයාගේ ප්ලෑන් එක?</font>

317
00:28:05,225 --> 00:28:08,061
<font color="#ffbf46">මේකෙන් කෙළවෙන්නේ ඔයාට විතරක් නෙවෙයි.
අනිත් හැමෝටම කෙළවෙනවා.</font>

318
00:28:12,774 --> 00:28:13,608
<font color="#ffbf46">තීරණය ඔයාගේ අතේ.</font>

319
00:28:13,692 --> 00:28:17,404
<font color="#ffbf46">සැකකරුගේ පාපොච්චාරණය
මුළු විමර්ශනයටම හරියටම ගැළපෙනවා.</font>

320
00:28:17,904 --> 00:28:21,116
<font color="#ffbf46">මිනී මැරුමට හේතුව සහ සිද්ධ වුණු විදිය ගැන
එයා පිළිගත්තා.</font>

321
00:28:21,616 --> 00:28:24,244
<font color="#ffbf46">සමහර කරුණු වෙනස් කරලා තිබුණා,
ඒත් ඒවා බොරු නෙවෙයි.</font>

322
00:28:24,744 --> 00:28:27,414
<font color="#ffbf46">එයා කවුරු වුණත් වැරදිකාරයා එයාමයි.</font>

323
00:28:27,497 --> 00:28:29,874
<font color="#ffbf46">ඔව්.
ඒ වගේම එයා කිම් මි-ජොන්ග් නෙවෙයි.</font>

324
00:28:30,709 --> 00:28:34,170
<font color="#ffbf46">අපි එයාව දැන් නිදහස් කළත්, අපිට
පුළුවන් එයා කවුද කියලා තහවුරු කරගෙන...</font>

325
00:28:34,254 --> 00:28:38,007
<font color="#ffbf46">එයාට අනන්‍යතාවයක් නැති කොට කොහොමද යකෝ
එයා කවුද කියලා තහවුරු කරගන්නේ?</font>

326
00:28:40,051 --> 00:28:41,678
<font color="#ffbf46">හිතාගන්නත් බෑ.</font>

327
00:28:48,309 --> 00:28:49,144
<font color="#ffbf46">ශික්.</font>

328
00:28:52,856 --> 00:28:54,023
<font color="#ffbf46">වෙලාව හයයි.</font>

329
00:29:26,222 --> 00:29:27,974
<font color="#ffbf46"><i>වැඩේ තියෙන්නේ ඔයාගේ අතේ, ඩිටෙක්ටිව්.</i></font>

330
00:29:28,558 --> 00:29:31,269
<font color="#ffbf46">ඔයා මාව අහිංසක කෙනෙක් විදියට නිදහස් කරනවද...</font>

331
00:29:33,271 --> 00:29:35,690
<font color="#ffbf46">නැත්නම් කිම් මි-ජොන්ග් විදියට හිරේ දානවද?</font>

332
00:29:36,274 --> 00:29:39,569
<font color="#ffbf46">වරෙන්තුවක් සඳහා ඉල්ලීම
නම</font>

333
00:29:46,493 --> 00:29:47,911
<font color="#ffbf46">නම</font>

334
00:29:49,621 --> 00:29:53,958
<font color="#ffbf46">කිම් මි-ජොන්ග්</font>

335
00:30:06,429 --> 00:30:08,223
<font color="#ffbf46">වෙන තොප්පියක් නැද්ද?</font>

336
00:30:17,440 --> 00:30:18,441
<font color="#ffbf46">යමු.</font>

337
00:30:19,275 --> 00:30:21,194
<font color="#ffbf46">අන්න එනවා!
එයාලා මෙහේ.</font>

338
00:30:21,694 --> 00:30:24,489
<font color="#ffbf46">මොනවා හරි කියන්න.
වින්දිතයා ගැන කියන්න දෙයක් තියෙනවද?</font>

339
00:30:24,572 --> 00:30:26,199
<font color="#ffbf46">මේ වෙලාවේ මොකද හිතෙන්නේ?</font>

340
00:30:26,282 --> 00:30:28,368
<font color="#ffbf46">බලපෑම් කරලා ප්‍රශ්න කළාද?</font>

341
00:30:36,125 --> 00:30:39,796
<font color="#ffbf46">මිනී මැරුම ඉතා සියුම්ව සැලසුම් කර තිබීමත්,</font>

342
00:30:39,879 --> 00:30:45,260
<font color="#ffbf46">ජීවිත අවදානමක් තියෙද්දිත් වින්දිතයාව
හිතාමතාම අත්හැර දමා ගොස් තිබීමත් නිසා,</font>

343
00:30:45,760 --> 00:30:49,639
<font color="#ffbf46">විත්තිකරු තමන් කළ අපරාධයේ බරපතලකමට සරිලන
දඬුවමකට මුහුණ දිය යුතුයි.</font>

344
00:30:50,139 --> 00:30:53,268
<font color="#ffbf46">මේ කරුණු සහ
දඬුවම් නියම කිරීමේ අනෙකුත් සාධක සලකා බලා,</font>

345
00:30:53,351 --> 00:30:55,770
<font color="#ffbf46">නියෝග කළ පරිදි දඬුවම ක්‍රියාත්මක කරනවා.</font>

346
00:30:56,312 --> 00:30:59,941
<font color="#ffbf46">විත්තිකාර කිම් මි-ජොන්ග්ට
අවුරුදු දහයක සිර දඬුවමක් නියම කරනවා.</font>

347
00:31:13,746 --> 00:31:15,331
<font color="#ffbf46">රස්නෙයි.</font>

348
00:31:20,753 --> 00:31:24,507
<font color="#ffbf46">"ප්‍රාදේශීය විමර්ශන අංශයේ
පරීක්ෂක පාර්ක් මූ-ගොන්ග්."</font>

349
00:31:24,591 --> 00:31:27,886
<font color="#ffbf46">"කොරියානු පොලිස් නිලධාරියෙකු ලෙස
ඔබ කළ ආදර්ශවත් සේවය අගයමින්,</font>

350
00:31:27,969 --> 00:31:29,721
<font color="#ffbf46">අපි මෙම ඇගයීම පිරිනමන්නෙමු."</font>

351
00:31:29,804 --> 00:31:33,558
<font color="#ffbf46">"මෙය පිරිනමනු ලැබුවේ 2024 අගෝස්තු 5 වන දින
සෝල් මෙට්‍රොපොලිටන් පොලිසියේ</font>

352
00:31:33,641 --> 00:31:35,184
<font color="#ffbf46">කොමසාරිස් කිම් කි-චුල් විසිනි."</font>

353
00:31:44,777 --> 00:31:45,612
<font color="#ffbf46">සලියුට්.</font>

354
00:31:58,833 --> 00:32:00,126
<font color="#ffbf46">සර්.</font>

355
00:32:02,629 --> 00:32:04,380
<font color="#ffbf46">දැන් මම ඔබට 'චීෆ්' කියලනේ කියන්න ඕනේ.</font>

356
00:32:04,964 --> 00:32:07,759
<font color="#ffbf46">ඔයා මුර සංචාර ඒකකයට මාරු වුණා කියලා ආරංචි වුණා.
ඔයා ඒක දැක්කද?</font>

357
00:32:07,842 --> 00:32:09,469
<font color="#ffbf46">මම ඒක කියන්නමයි හිටියේ.
ඔහොම ඉන්නකෝ.</font>

358
00:32:10,678 --> 00:32:12,805
<font color="#ffbf46">මම මෙහේ ඉන්න මැරීගෙන වැඩ කරනවා.</font>

359
00:32:13,306 --> 00:32:14,390
<font color="#ffbf46">ඇයි එහෙට යන්නේ?</font>

360
00:32:15,725 --> 00:32:18,269
<font color="#ffbf46">මට හිතෙනවා ඒක ජොලි වැඩක් වෙයි කියලා.</font>

361
00:32:19,562 --> 00:32:20,396
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

362
00:32:22,565 --> 00:32:23,399
<font color="#ffbf46">යන්න.</font>

363
00:32:23,483 --> 00:32:24,317
<font color="#ffbf46">හොඳයි සර්.</font>

364
00:32:34,577 --> 00:32:35,662
<font color="#ffbf46">"ජොලි"?</font>

365
00:32:38,122 --> 00:32:40,041
<font color="#ffbf46">බල්ලෝ හරිම සංවේදියි,</font>

366
00:32:40,124 --> 00:32:43,336
<font color="#ffbf46">ඒ නිසා මේ විදියට තදින් අල්ලගෙන හෙමීට කපන්න.</font>

367
00:32:48,174 --> 00:32:50,677
<font color="#ffbf46">2389. අමුත්තෙක් ඇවිල්ලා.</font>

368
00:32:52,053 --> 00:32:54,889
<font color="#ffbf46">මම හිතුවේ ඔයාව බලන්න කවුරුත් එන්නේ නෑ
කියලා ඔයා කිව්වා කියලා.</font>

369
00:33:12,115 --> 00:33:13,574
<font color="#ffbf46">2389.</font>

370
00:33:20,581 --> 00:33:22,125
<font color="#ffbf46">කොහොමද මෙහේ ජීවිතේ?</font>

371
00:33:22,875 --> 00:33:24,627
<font color="#ffbf46">ඔයා ආවේ ඒක අහන්නද?</font>

372
00:33:25,336 --> 00:33:26,212
<font color="#ffbf46">නෑ.</font>

373
00:33:28,006 --> 00:33:29,841
<font color="#ffbf46">මම ආවේ මොකද වුණේ කියලා කියන්න.</font>

374
00:33:33,636 --> 00:33:36,806
<font color="#ffbf46"><i>සාරා කිම්ගේ අවසන් කටයුතු සිදු කළේ</i>
<i>නාඳුනන මළ සිරුරක් විදියට.</i></font>

375
00:33:38,141 --> 00:33:39,892
<font color="#ffbf46">මියගිය නාඳුනන කාන්තාව</font>

376
00:33:39,976 --> 00:33:41,310
<font color="#ffbf46"><i>ඒ වගේම බුඩුවා එකත්</i></font>

377
00:33:42,437 --> 00:33:44,230
<font color="#ffbf46"><i>කවදාවත් නැති තරම් සාර්ථකයි.</i></font>

378
00:33:48,943 --> 00:33:50,528
<font color="#ffbf46">මම නැතුව වුණත්?</font>

379
00:33:52,238 --> 00:33:53,239
<font color="#ffbf46">ඔව්.</font>

380
00:33:54,282 --> 00:33:55,408
<font color="#ffbf46">ඒක ලොකු දෙයක්.</font>

381
00:34:01,664 --> 00:34:05,376
<font color="#ffbf46">ලෝකෙටම දැනෙන්න ලොකු වංචාවක් කරාම
කොහොමද දැනෙන්නේ?</font>

382
00:34:07,754 --> 00:34:09,672
<font color="#ffbf46">මාව අල්ල ගත්තට ඔයාට ප්‍රොමෝෂන් එකක් හම්බුණා,</font>

383
00:34:09,756 --> 00:34:11,632
<font color="#ffbf46">මට පුළුවන් වුණා බුඩුවා එක බේරගන්න.</font>

384
00:34:12,258 --> 00:34:14,802
<font color="#ffbf46">කිම් මි-ජොන්ග් එයාට ඕන විදියටම
සාරා කිම් බවට පත් වුණා.</font>

385
00:34:16,971 --> 00:34:19,348
<font color="#ffbf46">වින්දිතයෝ කවුරුත් නැත්නම්,
කොහොමද ඒක වංචාවක් වෙන්නේ?</font>

386
00:34:25,354 --> 00:34:26,397
<font color="#ffbf46">ඉතින්,</font>

387
00:34:27,440 --> 00:34:28,691
<font color="#ffbf46">දැන් ඔයා සතුටුද?</font>

388
00:34:32,612 --> 00:34:34,989
<font color="#ffbf46">මේ ලෝකේ එකම සතුට කියන්නේ</font>

389
00:34:35,823 --> 00:34:38,117
<font color="#ffbf46">"සතුට" කියන වචනය විතරයි.</font>

390
00:34:41,120 --> 00:34:43,289
<font color="#ffbf46">මට ඔයාගෙන් අහන්න අන්තිම ප්‍රශ්නයක් තියෙනවා.</font>

391
00:34:44,290 --> 00:34:46,959
<font color="#ffbf46">ඒක තමයි ලෝකේ තියෙන ලේසිම ප්‍රශ්නය.</font>

392
00:34:48,211 --> 00:34:50,213
<font color="#ffbf46">උත්තරෙත් හරිම සරලයි වගේම කෙටියි.</font>

393
00:34:57,386 --> 00:34:58,554
<font color="#ffbf46">මොකක්ද ඔයාගේ නම?</font>

394
00:35:08,147 --> 00:35:09,816
<font color="#ffbf46">සාරාගේ කලාව</font>

395
00:37:10,186 --> 00:37:15,191
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

