1
00:00:44,522 --> 00:00:46,522
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:46,546 --> 00:00:50,967
<font color="#e3a113"><b>ඩයිනමයිට් කිස්</b></font>

3
00:01:10,653 --> 00:01:11,696
<font color="#ffeb46">මම ඒවා සල්ලි දීලා ගන්නම්.</font>

4
00:01:13,406 --> 00:01:14,240
<font color="#ffeb46">ක්‍රෙඩිට් කාඩ් ගන්නවද?</font>

5
00:01:15,617 --> 00:01:16,534
<font color="#ffeb46">තමුසේ කවුද?</font>

6
00:01:17,327 --> 00:01:19,746
<font color="#ffeb46">කොහොමත් විකුණන එකේ
කෙලින්ම මට විකුණන්න.</font>

7
00:01:20,288 --> 00:01:21,706
<font color="#ffeb46">කපන ඒවා, අස් කරන ඒවා,</font>

8
00:01:23,166 --> 00:01:24,250
<font color="#ffeb46">ෆ්‍රිජ් වල දාන ඒවා ඕන නෑනේ.</font>

9
00:01:26,419 --> 00:01:28,588
<font color="#ffeb46">මම මේ කියන්නේ ඔය ජරා රස්තියාදු
නැතුව වැඩේ කරමු කියලා.</font>

10
00:01:30,381 --> 00:01:31,216
<font color="#ffeb46">මොකද කියන්නේ?</font>

11
00:01:34,511 --> 00:01:35,345
<font color="#ffeb46">හ්ම්…</font>

12
00:01:37,847 --> 00:01:39,557
<font color="#ffeb46">අපිට සල්ලි ලැබෙනවා නම් එච්චරයි.</font>

13
00:01:48,107 --> 00:01:49,192
<font color="#ffeb46">ඔන්න හරි.</font>

14
00:01:57,408 --> 00:01:59,285
<font color="#ffeb46">කමක් නෑ. නිකම් දුන්නා කියලා හිතාගන්නකෝ.</font>

15
00:01:59,869 --> 00:02:00,703
<font color="#ffeb46">මිස්ටර් ගොං…</font>

16
00:02:15,802 --> 00:02:16,636
<font color="#ffeb46">පොඩ්ඩක් ඉන්න.</font>

17
00:02:16,719 --> 00:02:18,221
<font color="#ffeb46">යමු අපි බොන්න මොනවා හරි ගමු.</font>

18
00:02:21,474 --> 00:02:23,726
<font color="#ffeb46">ආයේ කවදාවත් මෙයා පැත්ත පළාතක එන්න එපා.</font>

19
00:02:27,480 --> 00:02:28,731
<font color="#ffeb46">එහෙම ආවොත්,</font>

20
00:02:30,525 --> 00:02:31,985
<font color="#ffeb46">මම තමුසෙගෙ ඉන්ද්‍රියනුත් සේරම ගන්නවා.</font>

21
00:02:46,416 --> 00:02:48,918
<font color="#ffeb46">සොරි. මගේ කකුල් පණ නැති වුණා.</font>

22
00:03:25,288 --> 00:03:27,165
<font color="#e3a113"><b>5 වන කොටස</b></font>

23
00:03:27,665 --> 00:03:28,499
<font color="#ffeb46">අවසානය.</font>

24
00:03:30,376 --> 00:03:32,253
<font color="#ffeb46">තාත්තේ, අර ලස්සන ආන්ටි ආයේ කවද්ද එන්නේ?</font>

25
00:03:32,837 --> 00:03:33,796
<font color="#ffeb46">"ලස්සන ආන්ටි"?</font>

26
00:03:33,880 --> 00:03:36,215
<font color="#ffeb46">අද මාව එක්කන් එන්න ආපු
තාත්තගෙ යාළුවා.</font>

27
00:03:37,091 --> 00:03:38,176
<font color="#ffeb46">මගේ යාළුවා…</font>

28
00:03:40,803 --> 00:03:41,804
<font color="#ffeb46">යු හා-යොං ද?</font>

29
00:03:42,388 --> 00:03:45,558
<font color="#ffeb46">එයාට තාත්තගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්ද?</font>

30
00:03:46,142 --> 00:03:47,185
<font color="#ffeb46">ඇයි?</font>

31
00:03:48,061 --> 00:03:48,978
<font color="#ffeb46">එයා ලස්සනයිනේ.</font>

32
00:03:50,063 --> 00:03:51,773
<font color="#ffeb46">මම ගැන කරදර වෙන්නෙ නැතුව</font>

33
00:03:51,856 --> 00:03:54,776
<font color="#ffeb46">ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව
හොයාගන්න බලන්නකෝ.</font>

34
00:03:56,444 --> 00:03:57,904
<font color="#ffeb46">දැන් රෑ වෙලා. දැන් නිදාගන්න.</font>

35
00:03:59,280 --> 00:04:00,490
<font color="#ffeb46">කොට්ටෙන් ඔළුව තියාගන්න.</font>

36
00:04:24,931 --> 00:04:26,349
<font color="#ffeb46">දැන් ඔක්කොම ඉවරයි.</font>

37
00:04:29,394 --> 00:04:30,520
<font color="#ffeb46">මට සමාවෙන්න.</font>

38
00:04:31,437 --> 00:04:32,647
<font color="#ffeb46">මම අර වෙලාවේ ගොඩක් බය වුණා.</font>

39
00:04:33,231 --> 00:04:34,274
<font color="#ffeb46">බය හිතෙන එක සාමාන්‍යයිනේ.</font>

40
00:04:34,774 --> 00:04:36,442
<font color="#ffeb46">කවුද ඔහොම වෙලාවක බය නොවෙන්නේ?</font>

41
00:04:38,069 --> 00:04:39,737
<font color="#ffeb46">බොහොම ස්තූතියි, මිස්ටර් ගොං.</font>

42
00:04:40,238 --> 00:04:42,156
<font color="#ffeb46">මම පුළුවන් ඉක්මනටම ණය ගෙවන්න
විදියක් හොයාගන්නම්--</font>

43
00:04:42,240 --> 00:04:44,826
<font color="#ffeb46">දා-රිම්, අපි දැනට මේ හැමදේම
අමතක කරලා</font>

44
00:04:45,827 --> 00:04:47,287
<font color="#ffeb46">ටිකක් රෙස්ට් එකක් ගමු.</font>

45
00:04:49,580 --> 00:04:51,124
<font color="#ffeb46">අපි ගෙදර යමු.</font>

46
00:05:02,719 --> 00:05:04,012
<font color="#ffeb46">හරි.</font>

47
00:05:26,659 --> 00:05:27,493
<font color="#ffeb46">මෙන්න.</font>

48
00:06:00,777 --> 00:06:02,987
<font color="#ffeb46">බැන්ඩේජ්</font>

49
00:06:08,576 --> 00:06:10,411
<font color="#ffeb46">-රෑට කෑවද?
-නෑ තාම.</font>

50
00:06:10,495 --> 00:06:11,454
<font color="#ffeb46">ප්‍රශ්නයක්ද?</font>

51
00:06:11,537 --> 00:06:12,371
<font color="#ffeb46">නෑ.</font>

52
00:06:14,207 --> 00:06:16,417
<font color="#ffeb46">මේක රස පාටයි. තෑන්ක් යූ.</font>

53
00:06:16,501 --> 00:06:17,502
<font color="#ffeb46">මැණික් කටුවට මොකද වුණේ?</font>

54
00:06:18,586 --> 00:06:20,880
<font color="#ffeb46">ආ, මේකද? මේක පොඩි දෙයක්.</font>

55
00:06:20,963 --> 00:06:23,132
<font color="#ffeb46">-පොඩි දෙයක් වෙන්න බෑනේ. කෝ පෙන්නන්න.
-නෑ ඇත්තටම මේක මුකුත් නෑ.</font>

56
00:06:28,513 --> 00:06:29,639
<font color="#ffeb46">ඕක ඔෆිස් එකේද වුණේ?</font>

57
00:06:29,722 --> 00:06:31,474
<font color="#ffeb46">ඒකද ටීම් ලීඩර් ඔයාව
ගෙදරටම ඇරලුවේ?</font>

58
00:06:33,309 --> 00:06:34,143
<font color="#ffeb46">ඔයා දැක්කද?</font>

59
00:06:34,727 --> 00:06:37,563
<font color="#ffeb46">අර ණය කාරයෝ ඉන්නවනේ?</font>

60
00:06:38,231 --> 00:06:39,690
<font color="#ffeb46">එයාලා ඔෆිස් එකට කඩා පැනලා</font>

61
00:06:40,566 --> 00:06:41,651
<font color="#ffeb46">මාව ඇදගෙන ගියානේ.</font>

62
00:06:41,734 --> 00:06:43,653
<font color="#ffeb46">ඉතින් ඔයා මේ දැන් ද මට ඒක කියන්නේ?</font>

63
00:06:45,446 --> 00:06:46,447
<font color="#ffeb46">ඔයාට මොකුත් වුණේ නෑනේ?</font>

64
00:06:46,948 --> 00:06:49,450
<font color="#ffeb46">මිස්ටර් ගොං පස්සෙන් ඇවිත් මාව බේරගත්තා…</font>

65
00:06:53,913 --> 00:06:54,747
<font color="#ffeb46">දා-රිම්?</font>

66
00:06:55,331 --> 00:06:57,834
<font color="#ffeb46">-ගෝ දා-රිම්.
-ආ හරි. සොරි.</font>

67
00:06:57,917 --> 00:07:01,337
<font color="#ffeb46">එයා මාව බේරගෙන මගේ ණයත් ගෙවලා දැම්මා.</font>

68
00:07:02,213 --> 00:07:03,256
<font color="#ffeb46">එයා ගෙව්වා...</font>

69
00:07:04,632 --> 00:07:05,925
<font color="#ffeb46">ඔයාගේ ණය?</font>

70
00:07:06,008 --> 00:07:09,428
<font color="#ffeb46">හදිසියක් වුණු හින්දා එයා ඒක ගෙවන්න
ඇති කියලා මම හිතන්නේ.</font>

71
00:07:09,512 --> 00:07:11,180
<font color="#ffeb46">මම හෙට එයා එක්ක ඒ ගැන කතා කරන්න ඕනේ.</font>

72
00:07:14,392 --> 00:07:17,103
<font color="#ffeb46">මම නම් මගේ වටේ ඉන්න හැමෝටම
මහා කරදරයක්.</font>

73
00:07:17,186 --> 00:07:18,062
<font color="#ffeb46">සමාවෙන්න.</font>

74
00:07:18,771 --> 00:07:20,440
<font color="#ffeb46">මම මීට වඩා හොයලා බලන්න තිබුණා.</font>

75
00:07:20,523 --> 00:07:22,358
<font color="#ffeb46">ඔයා මොකටද සමාව ඉල්ලන්නේ?</font>

76
00:07:22,942 --> 00:07:26,028
<font color="#ffeb46">ඔයාව මේ වගේ දේකට කලබල කලාට
මමයි සමාව ඉල්ලන්න ඕනේ.</font>

77
00:07:27,238 --> 00:07:28,531
<font color="#ffeb46">කොහොම වුණත් ස්තූතියි.</font>

78
00:07:29,115 --> 00:07:30,116
<font color="#ffeb46">මේක හරි රස පාටයි.</font>

79
00:07:49,886 --> 00:07:50,761
<font color="#ffeb46">ක්‍රෙඩිට් කාඩ් ගන්නවද?</font>

80
00:08:00,563 --> 00:08:02,899
<font color="#ffeb46">ආයේ කවදාවත් මෙයා පැත්ත පළාතක එන්න එපා.</font>

81
00:08:35,389 --> 00:08:38,017
<font color="#ffeb46">බොහොම ස්තූතියි, මිස්ටර් ගොං.</font>

82
00:08:39,602 --> 00:08:41,062
<font color="#ffeb46">මිස්ටර් ගොං. මිස්ටර් ගොං.</font>

83
00:08:41,145 --> 00:08:42,104
<font color="#ffeb46">මිස්ටර් ගොං, අපි…</font>

84
00:08:42,188 --> 00:08:44,023
<font color="#ffeb46">මිස්ටර් ගොං. මිස්ටර් ගොං?</font>

85
00:08:48,569 --> 00:08:49,403
<font color="#ffeb46">ඒක ඇත්ත.</font>

86
00:08:49,987 --> 00:08:51,781
<font color="#ffeb46">එයා මගේ ටීම් එකේ කෙනෙක්.</font>

87
00:08:51,864 --> 00:08:53,157
<font color="#ffeb46">ටීම් ලීඩර් විදියට මම කළේ</font>

88
00:08:53,866 --> 00:08:55,201
<font color="#ffeb46">කරන්න ඕන දෙයක් විතරයි.</font>

89
00:08:55,284 --> 00:08:56,827
<font color="#ffeb46">අනිවාර්යෙන්ම. හරි.</font>

90
00:09:03,918 --> 00:09:07,630
<font color="#ffeb46">ඇයි අර මීටින් එක ඔච්චර වෙලා යන්නේ?
මට නිකන් බයයි වගේ.</font>

91
00:09:07,713 --> 00:09:11,342
<font color="#ffeb46">අපි හින්දා මිස්ටර් ගොංට ලොකු
ප්‍රශ්නයක් වෙලාද දන්නේ නෑ.</font>

92
00:09:11,425 --> 00:09:13,928
<font color="#ffeb46">මේ නිසා කාගේ හරි රස්සාව නැති වෙයිද?</font>

93
00:09:15,137 --> 00:09:16,264
<font color="#ffeb46">මම අස් වෙන්නම්.</font>

94
00:09:16,347 --> 00:09:18,599
<font color="#ffeb46">බ්‍රෝඩ්කාස්ට් එක මැද්දෙ
දාලා ගියේ මමනේ.</font>

95
00:09:18,683 --> 00:09:19,934
<font color="#ffeb46">ඇයි ඔයා අස් වෙන්නේ?</font>

96
00:09:20,518 --> 00:09:22,937
<font color="#ffeb46">ඇත්තටම වුණු ඇක්සිඩන්ට් එකට
වගකියන්න ඕන මමයි.</font>

97
00:09:23,020 --> 00:09:26,107
<font color="#ffeb46">නෑ, ඔයා එතන හිටියේ මගේ අඩුව පුරවන්නනේ.</font>

98
00:09:26,190 --> 00:09:28,776
<font color="#ffeb46">-රස්සාව නැති වෙනවා නම් නැති වෙන්න ඕන මගේ.
-අපි ඔක්කොගෙම රස්සාවල් නැති වෙයිද?</font>

99
00:09:34,532 --> 00:09:36,492
<font color="#ffeb46">සමාවෙන්න, මිස්ටර් ගොං?</font>

100
00:09:37,159 --> 00:09:38,744
<font color="#ffeb46">කොහොමද තත්ත්වෙ?</font>

101
00:09:41,080 --> 00:09:42,999
<font color="#ffeb46">අපි හැමෝම අස් කළාද?</font>

102
00:09:44,083 --> 00:09:46,502
<font color="#ffeb46">ඔයාලව අස් කරන්න හේතුවක් නෑනේ.</font>

103
00:09:46,586 --> 00:09:47,628
<font color="#ffeb46">බය වෙන්න එපා.</font>

104
00:09:48,462 --> 00:09:51,215
<font color="#ffeb46">මිස්ටර් ගොං හැමදේම ගොඩ දාලා දුන්නා.</font>

105
00:09:51,299 --> 00:09:52,633
<font color="#ffeb46">එයා කළා?</font>

106
00:09:58,180 --> 00:10:00,641
<font color="#ffeb46">"ඊයේ ලයිව් එකෙන් වෙච්ච අපහසුතාවයට</font>

107
00:10:00,725 --> 00:10:01,892
<font color="#ffeb46">මම අවංකවම සමාව ඉල්ලනවා."</font>

108
00:10:03,769 --> 00:10:05,855
<font color="#ffeb46">"මම තරඟකාරී ආයතනයේ බ්‍රෝඩ්කාස්ට් එක
ගැන වැඩිය හිතලා,"</font>

109
00:10:05,938 --> 00:10:08,149
<font color="#ffeb46">"මේකට සූදානම් නැති ටීම් එකකට
වැඩේ බාර දුන්නා."</font>

110
00:10:08,899 --> 00:10:10,318
<font color="#ffeb46">"ඒක සම්පූර්ණයෙන්ම මගේ වැරැද්ද."</font>

111
00:10:10,401 --> 00:10:13,029
<font color="#ffeb46">"ඇයි ඔයා සමාව ඉල්ලන්නේ, මිස් ගොං?"</font>

112
00:10:14,071 --> 00:10:17,825
<font color="#ffeb46">"අම්මා කෙනෙක් නැපියක් මාරු කරන හැටි
පුරුදු වෙන්න ඕන නෑනේ."</font>

113
00:10:17,908 --> 00:10:19,201
<font color="#ffeb46">"අනික,</font>

114
00:10:19,285 --> 00:10:22,413
<font color="#ffeb46">අනිත් නිවේදිකාව අඬාගෙන දුවපු එක
කිසිම වෘත්තීය මට්ටමක නෑ."</font>

115
00:10:22,496 --> 00:10:24,081
<font color="#ffeb46">"මම හිතන්නේ අපේ සමාගමේ නමට</font>

116
00:10:24,165 --> 00:10:27,126
<font color="#ffeb46">හානියක් වුණා නම් ඒකේ වැරැද්ද
තියෙන්නේ ටීම් ලීඩර් අතේ."</font>

117
00:10:27,209 --> 00:10:29,045
<font color="#ffeb46">බාධා කළාට සමාවෙන්න…</font>

118
00:10:31,088 --> 00:10:33,007
<font color="#ffeb46">ඒත් මම හිතන්නේ අපේ සමාගමේ නම
තවත් ප්‍රසිද්ධ වුණා කියලා.</font>

119
00:10:58,949 --> 00:11:00,534
<font color="#ffeb46">මේ පෙන්නන්නේ අර ලයිව් එකෙන් පස්සේ</font>

120
00:11:00,618 --> 00:11:03,996
<font color="#ffeb46">සෝෂල් මීඩියා වල සහ අම්මලාගේ ගෲප් වල
නැචුරල් බේබේ ගැන</font>

121
00:11:04,080 --> 00:11:05,164
<font color="#ffeb46">කතා වෙලා තියෙන ප්‍රමාණය.</font>

122
00:11:05,247 --> 00:11:08,626
<font color="#ffeb46">මේ වැඩි හරියක් තියෙන්නේ ලී ගෝ-උන් මිස්
එයාගේ කතාව කියපු එක ගැනයි,</font>

123
00:11:08,709 --> 00:11:11,796
<font color="#ffeb46">නැචුරල් බේබේ එකෙන් තනි මව්වරුන්ට
උදව් කරන වැඩසටහන ගැනයි.</font>

124
00:11:11,879 --> 00:11:13,881
<font color="#ffeb46">අපි ප්‍රධාන සෙවුම් යන්ත්‍ර වලත්
ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉන්නවා,</font>

125
00:11:13,964 --> 00:11:16,550
<font color="#ffeb46">අන්තර්ජාලය පුරාම අපි ගැන
ලිපි පළවෙලා තියෙනවා.</font>

126
00:11:16,634 --> 00:11:18,719
<font color="#ffeb46">ලයිව් එක ඉවර වුනු ගමන් මම
කාට් එකට දාගත්තා!</font>

127
00:11:18,803 --> 00:11:20,554
<font color="#ffeb46">ඒන්ජල් හග්ස් වල දෛනික විකුණුම්</font>

128
00:11:20,638 --> 00:11:22,348
<font color="#ffeb46">සාමාන්‍ය දවසකට වඩා දහ ගුණයකින්
වැඩි වෙලා තියෙනවා.</font>

129
00:11:22,890 --> 00:11:25,142
<font color="#ffeb46">මේ පේන විදියට නැචුරල් බේබේ එකේ
වෙළඳ නාමය ඉහළ ගිය නිසා</font>

130
00:11:25,226 --> 00:11:28,437
<font color="#ffeb46">ඒක කෙලින්ම විකුණුම් වැඩි වෙන්න
බලපාලා තියෙනවා.</font>

131
00:11:28,521 --> 00:11:30,439
<font color="#ffeb46">ලයිව් එක යන වෙලාවේ
විකුණුම් අඩු වුණාට,</font>

132
00:11:30,523 --> 00:11:33,943
<font color="#ffeb46">ඒකෙන් වෙළඳ ප්‍රචාරණයට ලැබුණු වාසිය
අපි හිතුවටත් වඩා වැඩියි.</font>

133
00:11:41,075 --> 00:11:44,286
<font color="#ffeb46">"මට හිතෙන්නේ මේකට තමයි
පිනා චාන්ස් එකක් වදිනවා කියන්නේ."</font>

134
00:11:44,370 --> 00:11:47,915
<font color="#ffeb46">"ඔයාලා මොකද හිතන්නේ?
මගේ පුතා එච්චරම මෝඩ නෑ නේද?"</font>

135
00:11:51,919 --> 00:11:53,462
<font color="#ffeb46">ඊට පස්සේ හැමෝම පුදුම වෙලා…</font>

136
00:11:56,465 --> 00:11:57,383
<font color="#ffeb46">ඕනවට වඩා උඩ පනින්න එපා.</font>

137
00:12:00,344 --> 00:12:02,638
<font color="#ffeb46">ඔයා කවද්ද ඕවා ඔක්කොම හොයාගත්තේ?</font>

138
00:12:02,721 --> 00:12:05,015
<font color="#ffeb46">ඔයා ඊයේ රෑ වෙනකන් හිටියේ
අර රිපෝට් එක හද හදනේ.</font>

139
00:12:05,099 --> 00:12:06,350
<font color="#ffeb46">ඔයාට කොහෙන්ද වෙලාව?</font>

140
00:12:06,434 --> 00:12:08,269
<font color="#ffeb46">එයා අද පාන්දරම ඔෆිස් ඇවිල්ලා.</font>

141
00:12:09,311 --> 00:12:11,355
<font color="#ffeb46">මම කිව්වේ?</font>

142
00:12:11,856 --> 00:12:15,025
<font color="#ffeb46">උපතින්ම නායකයෙක්. තමන්ගේ සේවකයින්ට
පණ වුණත් දෙන ආදරයක් තියෙනවා.</font>

143
00:12:15,109 --> 00:12:17,820
<font color="#ffeb46">ඒ තමයි මිස්ටර් ගොං කියන්නේ.</font>

144
00:12:17,903 --> 00:12:21,407
<font color="#ffeb46">පුදුම වෙන්න දෙයක් නෑ. මම මුල ඉඳලම දැනන් හිටියා
එයා ගැන විශ්වාසය තියන්න පුළුවන් කියලා.</font>

145
00:12:21,490 --> 00:12:23,576
<font color="#ffeb46">ඔයා දන්නවනේ, තක්කඩියෝ ජාති ගොඩක් ඉන්නවා.</font>

146
00:12:23,659 --> 00:12:26,078
<font color="#ffeb46">මිස්ටර් ගොං කියන්නේ නූගත් තක්කඩියෙක් නෙවෙයි.</font>

147
00:12:26,162 --> 00:12:28,205
<font color="#ffeb46">එයා හොඳට උගත් කෙනෙක්,
ඒකයි එයා දක්ෂ තක්කඩියෙක් වෙලා තියෙන්නේ.</font>

148
00:12:28,289 --> 00:12:29,957
<font color="#ffeb46">ඔව් මට තේරෙනවා ඒක.</font>

149
00:12:30,040 --> 00:12:33,294
<font color="#ffeb46">එයා කියන හැම වචනයක්ම තරහා යනවා,
ඒත් එයා කියන දේවල් හරි.</font>

150
00:12:33,377 --> 00:12:34,336
<font color="#ffeb46">අන්න හරි.</font>

151
00:12:39,341 --> 00:12:42,720
<font color="#ffeb46">මේ පාර නම් ඔයා බේරුණා,
ඒත් ආයේ එහෙම වෙන්නේ නෑ.</font>

152
00:12:42,803 --> 00:12:44,180
<font color="#ffeb46">මේකෙන් පස්සේ,</font>

153
00:12:44,263 --> 00:12:45,848
<font color="#ffeb46">ඔයා හැමදේම ගැන මගෙන් කලින්
අහන්න ඕනේ,</font>

154
00:12:46,599 --> 00:12:48,350
<font color="#ffeb46">දිගටම මම කියන විදියට වැඩ කරන්න ඕනේ.</font>

155
00:12:49,351 --> 00:12:51,395
<font color="#ffeb46">නිකම් බොරුවට මුරණ්ඩු වෙන්න එපා.</font>

156
00:12:51,479 --> 00:12:52,813
<font color="#ffeb46">මම එපා කිව්වොත්,</font>

157
00:12:53,898 --> 00:12:55,065
<font color="#ffeb46">ඒක එපාම තමයි.</font>

158
00:12:56,817 --> 00:12:57,902
<font color="#ffeb46">තේරුණාද?</font>

159
00:12:57,985 --> 00:12:59,195
<font color="#ffeb46">-තේරුණා සර්.
-තේරුණා සර්.</font>

160
00:12:59,278 --> 00:13:00,362
<font color="#ffeb46">හරි.</font>

161
00:13:04,783 --> 00:13:06,368
<font color="#ffeb46">හරි පුදුමයිනේ.</font>

162
00:13:06,452 --> 00:13:08,078
<font color="#ffeb46">ඇයි ඔයා එකපාරට අදහස වෙනස් කළේ?</font>

163
00:13:08,704 --> 00:13:09,830
<font color="#ffeb46">මොකක්ද?</font>

164
00:13:09,914 --> 00:13:12,208
<font color="#ffeb46">ඔයා හැම පොඩි දේම බලලා
අත්සන් කරන්නද යන්නේ?</font>

165
00:13:12,291 --> 00:13:14,126
<font color="#ffeb46">මොකද වුණේ අර ඔයාට කරදර කරන්න එපා
කියපු කතාවට?</font>

166
00:13:14,919 --> 00:13:16,128
<font color="#ffeb46">තමුසේ.</font>

167
00:13:16,587 --> 00:13:17,505
<font color="#ffeb46">ග්‍යොං-මින්, තමුසේ…</font>

168
00:13:17,588 --> 00:13:18,464
<font color="#ffeb46">මම මොකද?</font>

169
00:13:18,547 --> 00:13:20,132
<font color="#ffeb46">ඔයා මට කිව්වේ උපතින්ම නායකයෙක් කියලා.</font>

170
00:13:20,216 --> 00:13:21,967
<font color="#ffeb46">මට හිතෙන්නේ ඒක මට හොඳට ගැලපෙනවා.</font>

171
00:13:23,177 --> 00:13:25,554
<font color="#ffeb46">මගේ ටීම් එක ගැන හොයන්නෙ නැතුව ඉන්න
මම කොච්චර උත්සහ කළත්,</font>

172
00:13:25,638 --> 00:13:26,764
<font color="#ffeb46">මට නිකන් ඉන්න බෑනේ.</font>

173
00:13:26,847 --> 00:13:28,057
<font color="#ffeb46">මට නින්ද යන්නෙත් නෑ,</font>

174
00:13:28,140 --> 00:13:30,351
<font color="#ffeb46">මගේ පපුව පිච්චෙනවා වගේ දැනෙනවා.</font>

175
00:13:30,434 --> 00:13:33,896
<font color="#ffeb46">මම හිතන්නේ ඒ මගේ නායකත්ව ගතිගුණ
යටපත් කරන්න හදනකොට වෙන අතුරු ආබාධයක්.</font>

176
00:13:34,480 --> 00:13:37,024
<font color="#ffeb46">ඒක නිසා මම තීරණය කළා මම ලෙඩ නොවී ඉන්න නම්
මම මෙහේ ඉන්නකම්</font>

177
00:13:37,107 --> 00:13:38,317
<font color="#ffeb46">මගේ නායකත්වයට ඉඩ දෙන්න ඕනේ කියලා.</font>

178
00:13:40,778 --> 00:13:42,696
<font color="#ffeb46">මේ වගේ පර්ෆෙක්ට් වෙන එකත් හරි මහන්සියි.</font>

179
00:13:43,864 --> 00:13:45,658
<font color="#ffeb46">ග්‍යොං-මින්, මට මහන්සියි.</font>

180
00:13:47,743 --> 00:13:50,579
<font color="#ffeb46">අහම්බෙන් දෙයක් හරිය ගියාට
ඔච්චර ලොකුකම් දාන්න ඕනද?</font>

181
00:13:50,663 --> 00:13:51,789
<font color="#ffeb46">ෂික්.</font>

182
00:13:52,456 --> 00:13:55,751
<font color="#ffeb46">මිස්ටර් ගොං නම් මාර ලකී මනුස්සයෙක්.</font>

183
00:13:55,834 --> 00:13:58,587
<font color="#ffeb46">නිකන් හරියට නිකන් ඉද්දි ගෙඩි
ඉබේටම කඩන් වැටෙනවා වගේ,</font>

184
00:13:58,671 --> 00:14:00,714
<font color="#ffeb46">නෙළාගන්නකම් බලාගෙන ඉන්නවා.</font>

185
00:14:00,798 --> 00:14:01,966
<font color="#ffeb46">ඔහොම නොකර ඉන්නවද?</font>

186
00:14:02,925 --> 00:14:05,928
<font color="#ffeb46">මේක හරියන්නේ නෑ. ආයේ එයාලට මොකුත් කරගන්න
බැරි වෙන්නයි අපි වැඩේ කරන්න ඕනේ.</font>

187
00:14:06,011 --> 00:14:09,682
<font color="#ffeb46">ඒත් අපිට බෑනේ එයාලට මොකුත් වැඩක්
නොදී නිකන් තියන්න, නේද?</font>

188
00:14:09,765 --> 00:14:10,975
<font color="#ffeb46">නෑ, බෑනේ.</font>

189
00:14:11,559 --> 00:14:13,894
<font color="#ffeb46">ඒක නිසා අපි එයාලව යවන්න ඕනේ</font>

190
00:14:14,436 --> 00:14:16,605
<font color="#ffeb46">එයාලා කරන දේවල් කාටවත් පේන්නෙ නැති තැනකට.</font>

191
00:14:19,984 --> 00:14:21,360
<font color="#ffeb46">මේ තියෙන්නේ පොරොන්දු නෝට්ටුවක්.</font>

192
00:14:21,944 --> 00:14:25,322
<font color="#ffeb46">මම හැම මාසෙම වොන් ලක්ෂ හත ගානේ
ගෙවන්නම්.</font>

193
00:14:25,406 --> 00:14:26,782
<font color="#ffeb46">ඒක අමාරු වෙන එකක් නැද්ද?</font>

194
00:14:27,908 --> 00:14:29,159
<font color="#ffeb46">ඔයාට අම්මගේ හොස්පිට්ල් බිල්
ගෙවන්නත් තියෙනවනේ.</font>

195
00:14:29,243 --> 00:14:30,452
<font color="#ffeb46">නෑ කමක් නෑ.</font>

196
00:14:30,536 --> 00:14:32,538
<font color="#ffeb46">මොනවා වුණත් මම මේක කරන්නම ඕනෙනේ.</font>

197
00:14:33,163 --> 00:14:36,792
<font color="#ffeb46">පොලිය ගැන නම්, අපි බැංකු පොලී අනුපාතයට--</font>

198
00:14:36,876 --> 00:14:37,877
<font color="#ffeb46">පොලියක් ඕන නෑ.</font>

199
00:14:37,960 --> 00:14:39,169
<font color="#ffeb46">ගත්ත ගාණ විතරක් ගෙවන්න.</font>

200
00:14:40,921 --> 00:14:42,214
<font color="#ffeb46">ඔයාට විශ්වාසද?</font>

201
00:14:42,298 --> 00:14:44,550
<font color="#ffeb46">මම කොහොමද මගේ ටීම් එකේ කෙනෙක්ගෙන්
පොලියක් ගන්නේ?</font>

202
00:14:45,676 --> 00:14:46,594
<font color="#ffeb46">මිස්ටර් ගොං.</font>

203
00:14:46,677 --> 00:14:47,803
<font color="#ffeb46">හස්බන්ඩ්ට කිව්වද?</font>

204
00:14:47,887 --> 00:14:48,888
<font color="#ffeb46">අනිවාර්යෙන්ම.</font>

205
00:14:48,971 --> 00:14:53,100
<font color="#ffeb46">ඔයාගේ මේ උදව්වට ගොඩක් ස්තූතියි කියලා
ඔයාට කියන්න කිව්වා.</font>

206
00:14:54,810 --> 00:14:56,812
<font color="#ffeb46">සල්ලි ගැන නෙවෙයි,
ඔයා වැටිලා හිටපු අනතුර ගැන.</font>

207
00:14:58,022 --> 00:15:00,274
<font color="#ffeb46">ඔයා පස්සෙන් ණය කාරයෝ එනවා කියලා
දැනගෙන හිටියා නම්</font>

208
00:15:00,357 --> 00:15:02,568
<font color="#ffeb46">එයාට තිබුණනේ දවස් ටිකක්වත්
ඔයාව එක්කන් යන්න එන්න.</font>

209
00:15:02,651 --> 00:15:03,861
<font color="#ffeb46">එයා හැම තිස්සෙම ඔච්චර ගණන් ගන්නේ නැද්ද?</font>

210
00:15:03,944 --> 00:15:07,197
<font color="#ffeb46">අපෝ නෑ. මගේ හස්බන්ඩ් එහෙම කෙනෙක් නෙවෙයි.</font>

211
00:15:07,281 --> 00:15:08,991
<font color="#ffeb46">එයා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.</font>

212
00:15:09,074 --> 00:15:11,243
<font color="#ffeb46">සාමාන්‍යයෙන් එයා ගොඩක් හොයලා බලනවා.</font>

213
00:15:11,327 --> 00:15:14,872
<font color="#ffeb46">මම නම් කියන්නේ එයා මට වැඩිය ගොඩක් හොඳයි.</font>

214
00:15:17,791 --> 00:15:21,045
<font color="#ffeb46">කොහොමද ඔයා එහෙම කියන්නේ ඔයාගේ ඉන්ද්‍රියන්
ටික ඔක්කොම නැති වෙන්න ඔන්න මෙන්න තියෙද්දි?</font>

215
00:15:21,128 --> 00:15:22,713
<font color="#ffeb46">ඔයා දැනගන්න ඕනේ මොනවද රකින්න ඕනේ
මොනවද නැත්තේ කියලා.</font>

216
00:15:22,796 --> 00:15:23,881
<font color="#ffeb46">වැදගත් වෙන්නේ</font>

217
00:15:24,798 --> 00:15:27,051
<font color="#ffeb46">ඕනම වෙලාවක ළඟින් ඉන්න එකනේ.</font>

218
00:15:31,263 --> 00:15:32,723
<font color="#ffeb46">මේ සිද්ධියම බලන්නකෝ!</font>

219
00:15:32,806 --> 00:15:34,892
<font color="#ffeb46">කවුද සල්ලි ගෙවලා මේක විසඳුවේ?</font>

220
00:15:34,975 --> 00:15:35,809
<font color="#ffeb46">සොරි?</font>

221
00:15:37,102 --> 00:15:37,978
<font color="#ffeb46">හොඳට අහගන්නවා.</font>

222
00:15:38,062 --> 00:15:40,230
<font color="#ffeb46">මේ ණය ගෙවලා ඉවර වෙනකම්,</font>

223
00:15:40,314 --> 00:15:41,774
<font color="#ffeb46">දැන් ඔයා මගේ, ගෝ දා-රිම් මෙනවිය.</font>

224
00:15:42,441 --> 00:15:43,692
<font color="#ffeb46">ඒ කියන්නේ මොකක්ද?</font>

225
00:15:43,776 --> 00:15:45,110
<font color="#ffeb46">ඔක්කොම මගේ!</font>

226
00:15:45,194 --> 00:15:48,072
<font color="#ffeb46">ඔයාගේ ඇස්, මොළේ, පෙනහළු, හදවත, අක්මාව,
වකුගඩු, තව අනිත් ඔක්කොමත්! ඔක්කොම!</font>

227
00:15:48,155 --> 00:15:51,450
<font color="#ffeb46">ඔයා මේ දැන් මගේ ඇඟේ කෑලි වලට අයිතිවාසිකම්
කියනවද?</font>

228
00:15:52,034 --> 00:15:54,119
<font color="#ffeb46">ඒක නෙවෙයි, ඔය ඇස් දෙක.</font>

229
00:15:54,703 --> 00:15:56,872
<font color="#ffeb46">මම කැමති නෑ, අහක බලාගන්න.</font>

230
00:15:56,956 --> 00:15:59,208
<font color="#ffeb46">මට කැමති දිහාවක් බලන්නවත් බැරිද?</font>

231
00:15:59,291 --> 00:16:01,293
<font color="#ffeb46">බෑනේ. මොකද ඒවා මගේ.</font>

232
00:16:01,877 --> 00:16:03,504
<font color="#ffeb46">මමනේ ඔය ඇස් දෙක සල්ලි දීලා ගත්තේ.</font>

233
00:16:04,171 --> 00:16:05,297
<font color="#ffeb46">මගේ සල්ලි වලින්!</font>

234
00:16:11,095 --> 00:16:12,846
<font color="#ffeb46">ඇත්තටම, එයාට මොකක් වෙලාද?</font>

235
00:16:14,348 --> 00:16:15,391
<font color="#ffeb46">එයා මාර අමුතුයිනේ.</font>

236
00:16:17,643 --> 00:16:18,560
<font color="#ffeb46">එන්න.</font>

237
00:16:20,145 --> 00:16:22,815
<font color="#ffeb46">ඕවා ඔක්කොම තෙල්.
ඔයාගේ ඉන්ද්‍රියන්ට හොඳ නෑ.</font>

238
00:16:22,898 --> 00:16:24,775
<font color="#ffeb46">-මේ මගේ ලන්ච් එක.
-බෑ.</font>

239
00:16:24,858 --> 00:16:26,777
<font color="#ffeb46">මගේ ඉන්ද්‍රියන්ට මේවා දාන්න මම ඉඩ තියන්නෙ නෑ.</font>

240
00:16:27,361 --> 00:16:30,197
<font color="#ffeb46">-සැලඩ් එකක්?
-කා දාන එක තමයි ඉක්මනටම අයින් කරන්න පුළුවන් ක්‍රමය.</font>

241
00:16:33,659 --> 00:16:34,535
<font color="#ffeb46">හරි.</font>

242
00:16:34,618 --> 00:16:37,079
<font color="#ffeb46">අපරාදේ මගේ සොසේජ් පාන් එක…</font>

243
00:16:40,416 --> 00:16:41,917
<font color="#ffeb46">මේක දාගන්න.</font>

244
00:16:42,001 --> 00:16:44,294
<font color="#ffeb46">මොකක්ද? මේක දාගත්තොත් රිදෙයි වගේනේ.</font>

245
00:16:44,378 --> 00:16:45,587
<font color="#ffeb46">මට අවුලක් නෑ.</font>

246
00:16:45,671 --> 00:16:46,964
<font color="#ffeb46">විකාර කියවන්න එපා.</font>

247
00:16:47,047 --> 00:16:48,757
<font color="#ffeb46">කකුල් දෙක කියන්නේ දෙවැනි හදවත කියනවනේ.</font>

248
00:16:48,841 --> 00:16:51,677
<font color="#ffeb46">මේක නිකන් ශරීරයේ පොඩි ආකෘතියක් වගේ,
හැම ඉන්ද්‍රියකටම සම්බන්ධයි.</font>

249
00:16:52,636 --> 00:16:53,846
<font color="#ffeb46">ඔයා මේක දාගන්නම ඕනේ</font>

250
00:16:53,929 --> 00:16:56,724
<font color="#ffeb46">මගේ ඉන්ද්‍රියන් වල සෞඛ්‍යය වෙනුවෙන්.</font>

251
00:16:56,807 --> 00:16:59,518
<font color="#ffeb46">මට මේවා දාගන්න ඕන නෑ.
මගේ ඉන්ද්‍රියන් කොහොමත් හොඳට තියෙනවා.</font>

252
00:16:59,601 --> 00:17:02,813
<font color="#ffeb46">ඔයාට හිතෙන හිතෙන දේවල් කරන්න ඕන නම්,
ඉස්සෙල්ලා ණය ගෙවලා ඉන්න.</font>

253
00:17:06,233 --> 00:17:07,234
<font color="#ffeb46">ඉන්න…</font>

254
00:17:29,757 --> 00:17:32,259
<font color="#ffeb46">-ඒ මොකක්ද?
-අම්මෝ!</font>

255
00:17:32,342 --> 00:17:33,177
<font color="#ffeb46">ආ.</font>

256
00:17:34,053 --> 00:17:35,929
<font color="#ffeb46">මම ළමයි හදන හැටි ගැන පොත් වගයකුයි
පත්තර වගයකුයි ගත්තා</font>

257
00:17:36,013 --> 00:17:37,347
<font color="#ffeb46">ට්‍රෙන්ඩ් එකට ගැළපෙන්න.</font>

258
00:17:38,557 --> 00:17:40,476
<font color="#ffeb46">-මෙහෙ දෙන්න. මම උස්සන්නම්.
-එපා, මට පුළුවන්.</font>

259
00:17:40,559 --> 00:17:42,144
<font color="#ffeb46">-කමක් නෑ. දෙන්නකෝ.
-නෑ, මට ඇත්තටම පුළුවන්.</font>

260
00:17:42,227 --> 00:17:43,604
<font color="#ffeb46">-එකයි, දෙකයි, තුනයි!
-මම ඇත්තටම…</font>

261
00:17:45,105 --> 00:17:46,106
<font color="#ffeb46">ස්තූතියි.</font>

262
00:17:51,195 --> 00:17:54,156
<font color="#ffeb46">හදවතේ සෞඛ්‍යයට පඩිපෙළ නගින එක තරම්
හොඳ දෙයක් තවත් නෑ.</font>

263
00:17:54,239 --> 00:17:56,533
<font color="#ffeb46">මගේ හදවතේ සෞඛ්‍යය වෙනුවෙන්
ඔයාට මේවා අරන් යන්න වෙනවා.</font>

264
00:17:56,617 --> 00:17:58,285
<font color="#ffeb46">හදිසි පිටවීම තියෙන්නේ අර පැත්තේ.</font>

265
00:18:01,747 --> 00:18:02,581
<font color="#ffeb46">ජය වේවා!</font>

266
00:18:14,551 --> 00:18:18,555
<font color="#ffeb46">මේවා පොලී කාරයන්ට වික්කනම්
මීට වඩා හොඳයි.</font>

267
00:18:43,413 --> 00:18:44,748
<font color="#ffeb46">ජුන් බේබි ස්ටූඩියෝ</font>

268
00:18:44,832 --> 00:18:46,917
<font color="#ffeb46">ෂික්.</font>

269
00:19:39,761 --> 00:19:40,762
<font color="#ffeb46">අපොයි.</font>

270
00:19:45,184 --> 00:19:46,059
<font color="#ffeb46">යූ මෙනවිය!</font>

271
00:19:49,521 --> 00:19:50,355
<font color="#ffeb46">ඩයිනෝ පවර්
ඩිලක්ස් සුපර් කින්ග් බ්ලාස්ට් වින්ග්</font>

272
00:19:50,439 --> 00:19:51,773
<font color="#ffeb46">මේක ජුන් වෙනුවෙන්.</font>

273
00:19:52,774 --> 00:19:54,651
<font color="#ffeb46">මම ඊයේ එයාට පොරොන්දු වුණා
මේක ගෙනත් දෙනවා කියලා.</font>

274
00:19:55,402 --> 00:19:56,236
<font color="#ffeb46">සමාවෙන්න.</font>

275
00:19:57,362 --> 00:19:59,656
<font color="#ffeb46">-මම සල්ලි දෙන්නම්.
-එපා, අනේ එපා.</font>

276
00:20:03,243 --> 00:20:05,245
<font color="#ffeb46">-මමයි ස්තූතිවන්ත වෙන්න ඕනේ.
-ඇයි ඒ?</font>

277
00:20:05,329 --> 00:20:08,248
<font color="#ffeb46">මම දෙයක් අහන්නද?</font>

278
00:20:08,332 --> 00:20:09,499
<font color="#ffeb46">හා.</font>

279
00:20:09,583 --> 00:20:12,961
<font color="#ffeb46">මට ඊයේ අහම්බෙන් දැනගන්න ලැබුණා,</font>

280
00:20:13,587 --> 00:20:16,048
<font color="#ffeb46">ජුන් කවදාවත් එයාගෙ අම්මව දැකලා නෑ කියලා.</font>

281
00:20:16,965 --> 00:20:18,550
<font color="#ffeb46">එයා ඔයාට කිව්වද?</font>

282
00:20:18,634 --> 00:20:19,635
<font color="#ffeb46">ඔව්.</font>

283
00:20:20,219 --> 00:20:21,678
<font color="#ffeb46">එයා පොඩි කාලෙ අපි වෙන් වුණා.</font>

284
00:20:22,387 --> 00:20:24,848
<font color="#ffeb46">ආ, එහෙමද.</font>

285
00:20:25,849 --> 00:20:28,393
<font color="#ffeb46">එතකොට, සමහරවිට,</font>

286
00:20:28,477 --> 00:20:32,272
<font color="#ffeb46">ඔයා මේ දවස්වල කාත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවද?</font>

287
00:20:32,814 --> 00:20:34,316
<font color="#ffeb46">නෑ, නෑ.</font>

288
00:20:35,734 --> 00:20:36,944
<font color="#ffeb46">ලොකු දෙයක්.</font>

289
00:20:39,655 --> 00:20:40,739
<font color="#ffeb46">ගොඩක් ස්තූතියි.</font>

290
00:20:40,822 --> 00:20:41,990
<font color="#ffeb46">මොකටද ස්තූති--</font>

291
00:20:42,074 --> 00:20:43,825
<font color="#ffeb46">මට එකපාරටම බඩගිනි වුණා.</font>

292
00:20:43,909 --> 00:20:46,578
<font color="#ffeb46">මම ජුන්ට මේ රොබෝව ගත්ත නිසා,</font>

293
00:20:46,662 --> 00:20:49,581
<font color="#ffeb46">ඔයාට පුළුවන්ද මට ජජංමියොන් එකක් අරන් දෙන්න?</font>

294
00:20:52,501 --> 00:20:55,712
<font color="#ffeb46">මේක අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ සමාගම විසින්
පවත්වාගෙන යන පවුලේ උද්‍යානයක්.</font>

295
00:20:55,796 --> 00:20:57,923
<font color="#ffeb46">ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් විදිහට තමයි
මේක කරන්නේ.</font>

296
00:20:58,507 --> 00:21:00,676
<font color="#ffeb46">අර පැත්තේ ළමයින්ට සෙල්ලම් කරන්න තැනක් තියෙනවා.</font>

297
00:21:00,759 --> 00:21:03,971
<font color="#ffeb46">අපි වතුර මල් උයනකුයි ස්වභාවධර්මය
ඉගෙන ගන්න මධ්‍යස්ථානයකුයි හැදුවා,</font>

298
00:21:04,054 --> 00:21:05,973
<font color="#ffeb46">පවුලේ අයට විනෝද වෙන්න පුළුවන්
නිදහස් තැනක් කරන්න.</font>

299
00:21:06,640 --> 00:21:09,559
<font color="#ffeb46">මේක හරිම ලොකුයි. මාර ලස්සනයි.</font>

300
00:21:09,643 --> 00:21:11,937
<font color="#ffeb46">ඔව්, අනික ඇතුල් වීමත් නොමිලේ.</font>

301
00:21:12,020 --> 00:21:14,231
<font color="#ffeb46">මම කොහොමද මේ තැන ගැන නොදැන හිටියේ?</font>

302
00:21:14,314 --> 00:21:15,899
<font color="#ffeb46">ඒත් සෙනඟ වැඩිය පේන්න නෑනේ.</font>

303
00:21:16,650 --> 00:21:20,195
<font color="#ffeb46">ළඟදි ඉඳන්,
සමාගමෙන් ලැබෙන උදව් අඩු වුණා.</font>

304
00:21:20,279 --> 00:21:22,948
<font color="#ffeb46">ඒකයි ප්‍රචාරණය අඩු,
පහසුකමුත් දැන් පරණ වෙලා,</font>

305
00:21:23,031 --> 00:21:25,742
<font color="#ffeb46">ඒක නිසා එන අයගේ අඩුවීමක් තියෙනවා.</font>

306
00:21:25,826 --> 00:21:28,078
<font color="#ffeb46">එහෙනම් ඇයි මුලින්ම මේක හැදුවේ?</font>

307
00:21:30,789 --> 00:21:32,291
<font color="#ffeb46">ඉතින්, අපි අද මෙහෙ මොකද කරන්නේ?</font>

308
00:21:37,796 --> 00:21:39,006
<font color="#ffeb46">මගේ කොන්ද කඩන් වැටෙනවා.</font>

309
00:21:39,089 --> 00:21:41,341
<font color="#ffeb46">ලයිව් ස්ට්‍රීම් එක කෑව කියලා
අපිට දඬුවම් කරනවද මන්දා?</font>

310
00:21:41,425 --> 00:21:43,218
<font color="#ffeb46">ලේසර් සත්කාරය කරලා තාම මාසයක්වත් නෑ.</font>

311
00:21:43,302 --> 00:21:44,428
<font color="#ffeb46">ඒක අපරාදේ ගියොත්?</font>

312
00:21:45,554 --> 00:21:47,723
<font color="#ffeb46">රස්සාව හරි ඉතුරු වුණ එක ගැන සතුටු වෙන්න ඕනේ.</font>

313
00:21:47,806 --> 00:21:49,766
<font color="#ffeb46">ළමයි හම්බවෙනකොට විඳින දුකත් එක්ක බැලුවම මේක මොකක්ද.</font>

314
00:21:49,850 --> 00:21:51,643
<font color="#ffeb46">ඔව්, ඔයා හරි.</font>

315
00:21:51,727 --> 00:21:54,187
<font color="#ffeb46">ලොකු එක්කෙනා හම්බවෙනකොට මට සිහිය නැති වුණා.</font>

316
00:21:54,271 --> 00:21:56,523
<font color="#ffeb46">මම පැය 12ක් විතර අමාරුවෙන් හිටියා,</font>

317
00:21:56,606 --> 00:21:59,443
<font color="#ffeb46">ළමයගෙ ඔළුව ලොකු නිසා මගේ උකුලේ හිර වුණා.</font>

318
00:22:00,027 --> 00:22:02,070
<font color="#ffeb46">අන්තිමට වැකියුම් එකක් දාලා ගන්න වුණේ,</font>

319
00:22:02,154 --> 00:22:04,031
<font color="#ffeb46">ළමයගෙ ඔළුව තාම එබිලා තියෙන්නේ.</font>

320
00:22:04,114 --> 00:22:06,742
<font color="#ffeb46">මම ගොඩක් ඇඬුවා ඒක ගැන.</font>

321
00:22:06,825 --> 00:22:08,410
<font color="#ffeb46">මට රිදෙනව කියලත් අමතක වුණා.</font>

322
00:22:08,493 --> 00:22:10,829
<font color="#ffeb46">ඔයාට කොහොමද දා-රිම්?
ඔයාට කොහොමද දැනුණේ?</font>

323
00:22:11,413 --> 00:22:12,247
<font color="#ffeb46">මොකක්?</font>

324
00:22:14,499 --> 00:22:15,876
<font color="#ffeb46">මට නම්…</font>

325
00:22:17,127 --> 00:22:18,462
<font color="#ffeb46">මොකක්ද කියන්නේ?</font>

326
00:22:18,545 --> 00:22:20,589
<font color="#ffeb46">අම්මා මොකක්ද කිව්වේ මගේ උපත ගැන?</font>

327
00:22:22,007 --> 00:22:24,301
<font color="#ffeb46">මට දවස් එකහමාරක් විතර අමාරුවෙන් ඉන්න වුණා,</font>

328
00:22:24,384 --> 00:22:26,762
<font color="#ffeb46">ඒත් අන්තිමට සිසේරියන් සැත්කමක් කරන්න වුණා--</font>

329
00:22:29,056 --> 00:22:31,349
<font color="#ffeb46">-ඇයි මොකද?
-පව් අනේ.</font>

330
00:22:31,433 --> 00:22:33,977
<font color="#ffeb46">ජුන් ඔයාට හොඳ පුතෙක් වෙන්නම ඕනේ.</font>

331
00:22:34,061 --> 00:22:36,104
<font color="#ffeb46">-මොකක්?
-ඒක මහා අසාධාරණයක්නේ.</font>

332
00:22:36,188 --> 00:22:38,523
<font color="#ffeb46">ඔච්චර වේදනාවක් විඳලා
සැත්කමකුත් කරන්න වුණාම.</font>

333
00:22:38,607 --> 00:22:40,067
<font color="#ffeb46">ඒත් ඒක පුදුමයි නේද?</font>

334
00:22:40,150 --> 00:22:43,695
<font color="#ffeb46">බබාව දැක්කම ඔක්කොම අමාරු අමතක වෙනවා.</font>

335
00:22:43,779 --> 00:22:44,780
<font color="#ffeb46">ඒකනම් ඇත්ත.</font>

336
00:22:44,863 --> 00:22:47,240
<font color="#ffeb46">ඔයා හරි.</font>

337
00:22:47,324 --> 00:22:51,203
<font color="#ffeb46">එයා හරි සුදුයි, ලස්සනයි.
මම හිතුවේ මම සුර දූතයෙක් බිහි කළා කියලා.</font>

338
00:22:51,286 --> 00:22:52,996
<font color="#ffeb46">ඉපදුණු ගමන් බබා සුදුයි ලස්සනයි?</font>

339
00:22:53,080 --> 00:22:55,373
<font color="#ffeb46">ඒගොල්ලො රතු වෙලා, රැලි ගැහිලානේ ඉන්නේ.</font>

340
00:22:56,625 --> 00:23:00,295
<font color="#ffeb46">සමහර වෙලාවට ඔයා කතා කරන්නේ
කවදාවත් ළමයෙක් හදපු නැති කෙනෙක් වගේ.</font>

341
00:23:00,921 --> 00:23:02,089
<font color="#ffeb46">-මොකක්?
-දා-රිම්.</font>

342
00:23:02,672 --> 00:23:04,382
<font color="#ffeb46">අර ඩයපර් ප්‍රශ්නෙත් තිබ්බනේ.</font>

343
00:23:05,967 --> 00:23:07,469
<font color="#ffeb46">ඔයා කවදාවත් ළමයෙක් හදලා නෑ නේද?</font>

344
00:23:11,098 --> 00:23:13,016
<font color="#ffeb46">මොනවද ඔයාලා මේ කියන්නේ?</font>

345
00:23:13,100 --> 00:23:14,893
<font color="#ffeb46">මම එයාට කවලා, නෑවුවේ මගේ අතින්මයි.</font>

346
00:23:14,976 --> 00:23:16,853
<font color="#ffeb46">බොරු කියන්න එපා. අපිට පේනවා.</font>

347
00:23:16,937 --> 00:23:18,522
<font color="#ffeb46">ඔයාගේ අත් දැකලා තියෙනවද?
කිසි බර වැඩක් කරලා නෑ වගේ.</font>

348
00:23:18,605 --> 00:23:21,024
<font color="#ffeb46">බලන්නකෝ ඒකේ තියෙන සුමුදු බව.</font>

349
00:23:27,114 --> 00:23:28,240
<font color="#ffeb46">අයියෝ.</font>

350
00:23:28,907 --> 00:23:30,450
<font color="#ffeb46">මාව මාට්ටු වුණාද?</font>

351
00:23:30,992 --> 00:23:34,788
<font color="#ffeb46">මට හිතෙන්නේ එයාගේ ආදරණීය සැමියා</font>

352
00:23:34,871 --> 00:23:38,750
<font color="#ffeb46">ඩයපර් මාරු කරලා,
මෙයාට ඇඟිල්ලක්වත් හොල්ලන්න දීලා නෑ වගේ.</font>

353
00:23:38,834 --> 00:23:40,043
<font color="#ffeb46">අනික බබා,</font>

354
00:23:40,127 --> 00:23:43,338
<font color="#ffeb46">එයාගේ ලස්සන තාත්තා වගේම ඇති.</font>

355
00:23:43,421 --> 00:23:46,049
<font color="#ffeb46">ඒකයි මෙයා හිතන්නේ
එයා සුර දූතයෙක් කියලා.</font>

356
00:23:46,133 --> 00:23:48,635
<font color="#ffeb46">-ඔයාලා දන්නවනේ ඉතින්.
-මොන ආදරණීය සැමියෙක්ද අනේ.</font>

357
00:23:48,718 --> 00:23:52,472
<font color="#ffeb46">-මම මෙතනින් යන්න ඕනේ.
-අම්මපා, එයාගේ මහත්තයා හරි ලස්සනයිලු.</font>

358
00:23:52,556 --> 00:23:54,683
<font color="#ffeb46">-මගේ කොන්ද රිදෙනවා.
-මට ආසයි ඒ ලස්සන මූණ බලන්න.</font>

359
00:23:54,766 --> 00:23:55,684
<font color="#ffeb46">මම කියන්නම් නන්-සුක්.</font>

360
00:23:55,767 --> 00:23:57,978
<font color="#ffeb46">-එයා පිස්සු හැදෙන තරම් ලස්සනයි.
-ඇත්තටම?</font>

361
00:23:58,061 --> 00:24:02,023
<font color="#ffeb46">-ඔව් එයා ලස්සනයි.
-බුදු අම්මෝ.</font>

362
00:24:02,107 --> 00:24:03,692
<font color="#ffeb46">කොහොමද කෙනෙක් ඔච්චර වාසනාවන්ත වෙන්නේ?</font>

363
00:24:03,775 --> 00:24:06,528
<font color="#ffeb46">පුතෙකුත් හම්බ වුණානේ. හරිම ශෝක්.</font>

364
00:24:08,238 --> 00:24:09,573
<font color="#ffeb46">ඒක නූලෙන් බේරුණේ.</font>

365
00:24:10,240 --> 00:24:12,200
<font color="#ffeb46">මම දන්නේ නැත්නම් කට වහන් ඉන්න ඕනේ.</font>

366
00:24:20,208 --> 00:24:22,502
<font color="#ffeb46">උදව්වක් ඕනෙද?</font>

367
00:24:22,586 --> 00:24:23,879
<font color="#ffeb46">ඇත්තටමද?</font>

368
00:24:23,962 --> 00:24:25,172
<font color="#ffeb46">-ගොඩක් ස්තූතියි.
-ඒකට කමක් නෑ.</font>

369
00:24:27,174 --> 00:24:29,134
<font color="#ffeb46">ඔයාට අමාරු ඇතිනේ.</font>

370
00:24:29,718 --> 00:24:31,553
<font color="#ffeb46">පොඩ්ඩක් ඉන්න.</font>

371
00:24:32,137 --> 00:24:33,430
<font color="#ffeb46">ඔන්න එහෙනම්.</font>

372
00:24:33,513 --> 00:24:34,347
<font color="#ffeb46">හරි.</font>

373
00:24:34,431 --> 00:24:35,682
<font color="#ffeb46">ඔයා හරි කියුට්.</font>

374
00:24:36,391 --> 00:24:38,393
<font color="#ffeb46">-ඔක්කොම ඉවරයි.
-අයියෝ.</font>

375
00:24:39,728 --> 00:24:41,396
<font color="#ffeb46">-ස්තූතියි.
-සුළු දෙයක්නේ.</font>

376
00:24:41,479 --> 00:24:43,440
<font color="#ffeb46">මගේ අත පොඩ්ඩක් රිදෙනවා.</font>

377
00:24:43,523 --> 00:24:45,317
<font color="#ffeb46">ඔයාට මේක හොඳට පුළුවන්නේ.</font>

378
00:24:45,400 --> 00:24:48,528
<font color="#ffeb46">මම වීඩියෝ බලලා ගොඩක් පුරුදු වුණා.</font>

379
00:24:49,821 --> 00:24:52,449
<font color="#ffeb46">ඒත් මම දැක්කා ඔයා පිටරට ඩයපර් එකක්
පාවිච්චි කරන්නේ කියලා.</font>

380
00:24:53,116 --> 00:24:56,494
<font color="#ffeb46">නැචුරල් බේබි කියලා කොරියාවේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා
ඒකත් ගොඩක් හොඳයි.</font>

381
00:24:57,829 --> 00:25:01,166
<font color="#ffeb46">මම දන්නවා, ඒත් මේ බ්‍රෑන්ඩ් එකෙන්,</font>

382
00:25:01,249 --> 00:25:02,792
<font color="#ffeb46">පරිසරය රකින්න සල්ලි දෙනවා.</font>

383
00:25:03,293 --> 00:25:06,004
<font color="#ffeb46">බබා හම්බ වුණාට පස්සේ
මම පරිසරය ගැන ගොඩක් හිතනවා.</font>

384
00:25:06,588 --> 00:25:09,507
<font color="#ffeb46">ළමයා ලොකු වෙලා ඉන්න තැන
මේ ලෝකය කියලා හිතුණාම,</font>

385
00:25:10,091 --> 00:25:11,885
<font color="#ffeb46">අදහස් වෙනස් වෙනවා.</font>

386
00:25:12,385 --> 00:25:13,720
<font color="#ffeb46">ආ එහෙමද.</font>

387
00:25:14,387 --> 00:25:16,556
<font color="#ffeb46">මම මේ වගේ වෙනස් වෙන එක දැක්කම,</font>

388
00:25:18,475 --> 00:25:19,809
<font color="#ffeb46">අම්මා කෙනෙක් වෙන එක</font>

389
00:25:20,644 --> 00:25:22,020
<font color="#ffeb46">පුදුම දෙයක් කියලා හිතෙනවා.</font>

390
00:25:58,515 --> 00:26:00,976
<font color="#ffeb46">ඒක හරියට මගේ ගමේ තියෙන 'සීයා ගහ' වගේමයි.</font>

391
00:26:15,699 --> 00:26:16,533
<font color="#ffeb46">මොකක්ද ඒ?</font>

392
00:26:18,076 --> 00:26:19,286
<font color="#ffeb46">"ගොං ජි-හියොක්"?</font>

393
00:26:20,996 --> 00:26:21,830
<font color="#ffeb46">පොඩ්ඩක් ඉන්න.</font>

394
00:26:24,541 --> 00:26:25,375
<font color="#ffeb46">මොකද කරන්නේ?</font>

395
00:26:26,793 --> 00:26:29,671
<font color="#ffeb46">මිස්ටර් ගොං, ඔයාගේ නම මෙතන තියෙනවා.</font>

396
00:26:29,754 --> 00:26:31,006
<font color="#ffeb46">"ගොං ජි-හියොක් ගහ."</font>

397
00:26:35,552 --> 00:26:37,887
<font color="#ffeb46">ගොං ජි-හියොක් ගහ
2002 අප්‍රේල් 5</font>

398
00:26:49,107 --> 00:26:49,983
<font color="#ffeb46">ඔන්න එහෙනම්.</font>

399
00:26:54,654 --> 00:26:55,488
<font color="#ffeb46">ඔක්කොම හරි.</font>

400
00:26:57,866 --> 00:27:00,827
<font color="#ffeb46">ගොං ජි-හියොක් ගහ
2002 අප්‍රේල් 5</font>

401
00:27:00,910 --> 00:27:01,995
<font color="#ffeb46">හරි.</font>

402
00:27:02,078 --> 00:27:03,496
<font color="#ffeb46">මෙහෙ බලන්න.</font>

403
00:27:04,998 --> 00:27:07,500
<font color="#ffeb46">එකයි, දෙකයි, තුනයි.</font>

404
00:27:10,670 --> 00:27:12,589
<font color="#ffeb46">එතකොට මේක ඔයා අම්මත් එක්ක හිටවපු ගහක්.</font>

405
00:27:13,631 --> 00:27:14,799
<font color="#ffeb46">ඔයාට පරණ මතක මතක් වෙනවා ඇති.</font>

406
00:27:15,550 --> 00:27:17,510
<font color="#ffeb46">මම නිකන් හිටෙව්වා විතරයි, සාත්තුවක් කළේ නෑ,</font>

407
00:27:17,594 --> 00:27:19,512
<font color="#ffeb46">ඒත් ඒක තනියම සරුවට හැදිලා.</font>

408
00:27:20,680 --> 00:27:22,640
<font color="#ffeb46">ඔයා වෙලාවක අම්මව මෙහෙ එක්කන් එන්න ඕනේ.</font>

409
00:27:25,352 --> 00:27:26,227
<font color="#ffeb46">මට ෂුවර් නෑ,</font>

410
00:27:26,895 --> 00:27:28,063
<font color="#ffeb46">ඒක කරන්න පුළුවන් වෙයිද කියලා.</font>

411
00:27:29,939 --> 00:27:31,733
<font color="#ffeb46">එයා ඉන්නෙත් ඔයාගේ අම්මා ඉන්න ඉස්පිරිතාලෙමයි.</font>

412
00:27:32,734 --> 00:27:34,152
<font color="#ffeb46">එයා ගොඩ කාලෙක ඉඳන් අසනීපෙන් ඉන්නේ.</font>

413
00:27:36,363 --> 00:27:39,366
<font color="#ffeb46">ආ.. ඒකයි අපි ගිය පාර ඉස්පිරිතාලෙදි
හම්බ වුණේ.</font>

414
00:27:40,700 --> 00:27:42,535
<font color="#ffeb46">ඔයාටත් ඒක අමාරු වෙන්න ඇති.</font>

415
00:27:43,286 --> 00:27:45,622
<font color="#ffeb46">එයාට ඉක්මනට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.</font>

416
00:27:50,502 --> 00:27:52,796
<font color="#ffeb46">එහෙනම් අම්මට පෙන්නන්නත් එක්ක,</font>

417
00:27:52,879 --> 00:27:54,130
<font color="#ffeb46">මම ඔයාගේ පින්තූරයක් ගන්නද?</font>

418
00:27:54,214 --> 00:27:55,840
<font color="#ffeb46">එයා ගොඩක් ආස වෙයි.</font>

419
00:27:55,924 --> 00:27:57,175
<font color="#ffeb46">ඔතනින් හිටගන්න.</font>

420
00:27:57,258 --> 00:27:58,426
<font color="#ffeb46">මම පින්තූරේ ගන්නම්.</font>

421
00:28:00,220 --> 00:28:01,596
<font color="#ffeb46">ඔහොම ඉන්න.</font>

422
00:28:02,180 --> 00:28:03,473
<font color="#ffeb46">ලස්සනයි.</font>

423
00:28:05,225 --> 00:28:06,518
<font color="#ffeb46">පොඩි මෝස්තරයක් දැම්මොත් නරකද?</font>

424
00:28:09,604 --> 00:28:11,689
<font color="#ffeb46">ඒක හොඳයි,</font>

425
00:28:11,773 --> 00:28:14,109
<font color="#ffeb46">අපි ටිකක් කියුට් විදිහට ගත්තොත් නරකද?</font>

426
00:28:14,192 --> 00:28:15,068
<font color="#ffeb46">කියුට්?</font>

427
00:28:15,151 --> 00:28:16,069
<font color="#ffeb46">ඔව්, කියුට්.</font>

428
00:28:19,656 --> 00:28:21,116
<font color="#ffeb46">ඔය ටිකක් කියුට්,</font>

429
00:28:21,699 --> 00:28:22,826
<font color="#ffeb46">කම්මුලට හදවතක් තියලා?</font>

430
00:28:22,909 --> 00:28:24,994
<font color="#ffeb46">නැත්නම් කනට හදවතක්?</font>

431
00:28:25,078 --> 00:28:26,579
<font color="#ffeb46">වලස් හදවතක්, පූස් හදවතක්?</font>

432
00:28:26,663 --> 00:28:28,206
<font color="#ffeb46">නැත්නම් මේ වගේ ලොකු එකක්?</font>

433
00:28:29,499 --> 00:28:31,501
<font color="#ffeb46">හිනාවෙන්නේ නැතුව කරන්නකෝ.</font>

434
00:28:31,584 --> 00:28:32,877
<font color="#ffeb46">අම්මා ගොඩක් ආස වෙයි.</font>

435
00:28:35,630 --> 00:28:36,673
<font color="#ffeb46">ඔන්න එහෙනම්.</font>

436
00:28:36,756 --> 00:28:38,007
<font color="#ffeb46">ලෑස්ති වෙන්න.</font>

437
00:28:38,091 --> 00:28:40,093
<font color="#ffeb46">එයා ඇත්තටම හරිම ලස්සනයි.</font>

438
00:28:40,176 --> 00:28:41,344
<font color="#ffeb46">ආ, ඒකනේ.</font>

439
00:28:41,428 --> 00:28:42,470
<font color="#ffeb46">ලෑස්තිද?</font>

440
00:28:42,554 --> 00:28:43,888
<font color="#ffeb46">එකයි, දෙකයි, තුනයි.</font>

441
00:28:43,972 --> 00:28:45,515
<font color="#ffeb46">හරිම කියුට්.</font>

442
00:28:45,598 --> 00:28:47,350
<font color="#ffeb46">ඊළඟ එක. එකයි, දෙකයි, තුනයි.</font>

443
00:28:48,143 --> 00:28:48,977
<font color="#ffeb46">නියමයි.</font>

444
00:28:49,060 --> 00:28:50,729
<font color="#ffeb46">එකයි, දෙකයි, තුනයි.</font>

445
00:28:51,604 --> 00:28:53,106
<font color="#ffeb46">ඇයි? මොකද වුණේ?</font>

446
00:28:53,189 --> 00:28:54,315
<font color="#ffeb46">-මොකද වුණේ?
-බඹරෙක්! බඹරෙක්!</font>

447
00:28:54,399 --> 00:28:56,109
<font color="#ffeb46">-අන්න බඹරෙක්. බඹරෙක්!
-බඹරෙක්? කොහෙද?</font>

448
00:28:56,192 --> 00:28:57,235
<font color="#ffeb46">කොහෙද?</font>

449
00:29:01,030 --> 00:29:03,616
<font color="#ffeb46">ඒ බඹරෙක් නෙවෙයි. ඒ පෙත්තිගෝමරෙක්.</font>

450
00:29:03,700 --> 00:29:06,244
<font color="#ffeb46">මේ චූටි සතාට ඔච්චර බය වෙන්න දෙයක් තියෙනවද?</font>

451
00:29:06,953 --> 00:29:08,246
<font color="#ffeb46">මේකයි…</font>

452
00:29:08,830 --> 00:29:10,915
<font color="#ffeb46">ඉස්සර මට දෙබරෙක් කාලා ලොකු කරදරයක් වුණා.</font>

453
00:29:15,170 --> 00:29:16,379
<font color="#ffeb46">හිනාවෙන්න එපා.</font>

454
00:29:16,880 --> 00:29:18,089
<font color="#ffeb46">මම කිව්වේ හිනාවෙන්න එපා කියලා.</font>

455
00:29:18,882 --> 00:29:22,635
<font color="#ffeb46">ඉන්ද්‍රිය ජාවාරම්කාරයෝ ඉස්සරහවත්
ඔයා ඇහැක්වත් ඇරියේ නෑනේ.</font>

456
00:29:22,719 --> 00:29:24,763
<font color="#ffeb46">පොඩි කාලේ වෙච්ච දේවල්
ලේසියෙන් අමතක වෙන්නෙ නෑ.</font>

457
00:29:24,846 --> 00:29:27,307
<font color="#ffeb46">ඒක පොඩි කාලේ වෙච්ච කැළලක්ද?</font>

458
00:29:27,390 --> 00:29:29,684
<font color="#ffeb46">-මාව විහිළුවට ගන්න එපා.
-හරි, මට සමාවෙන්න.</font>

459
00:29:29,768 --> 00:29:32,353
<font color="#ffeb46">-ඉන්න, අන්න මී මැස්සෙක්!
-කොහෙද?</font>

460
00:29:34,939 --> 00:29:35,815
<font color="#ffeb46">හිනාවෙන්න එපා.</font>

461
00:29:38,485 --> 00:29:40,320
<font color="#ffeb46">ඉන්න ගොං මහත්තයෝ, මේ පාර නම් ඇත්තටම මී මැස්සෙක්.</font>

462
00:29:40,403 --> 00:29:41,821
<font color="#ffeb46">මම බොරු කියන්නේ නෑ. අයියෝ.</font>

463
00:29:41,905 --> 00:29:43,364
<font color="#ffeb46">දැන් නම් අනීවි.</font>

464
00:29:44,908 --> 00:29:46,117
<font color="#ffeb46">නවත්තන්න!</font>

465
00:29:46,201 --> 00:29:47,577
<font color="#ffeb46">-යමු එයාව අල්ලමු!
-නවත්තන්න!</font>

466
00:29:48,453 --> 00:29:49,662
<font color="#ffeb46">මම කිව්වනේ නවත්තන්න කියලා.</font>

467
00:29:55,293 --> 00:29:57,253
<font color="#ffeb46">අපි මෙහෙට එකට ඇවිත්
දැන් ගොඩක් කල් නේද.</font>

468
00:29:59,297 --> 00:30:00,757
<font color="#ffeb46">අම්මාට කොහොමද?</font>

469
00:30:02,634 --> 00:30:04,636
<font color="#ffeb46">එයාට ටිකක් හොඳයි, ටිකක් නරකයි වගේ ඉතින්.</font>

470
00:30:04,719 --> 00:30:06,221
<font color="#ffeb46">එයාට ඉක්මනට සනීප වෙයි කියලා හිතනවා.</font>

471
00:30:06,930 --> 00:30:07,889
<font color="#ffeb46">ලඟදි ඉඳන්,</font>

472
00:30:07,972 --> 00:30:11,434
<font color="#ffeb46">මම ගොඩක් කල්පනා කලා එයා විධායක
අධ්‍යක්ෂක වෙලා හිටපු කාලේ ගැන.</font>

473
00:30:11,518 --> 00:30:13,269
<font color="#ffeb46">එයා තමයි මේ පාර්ක් එක හැදුවේ,</font>

474
00:30:13,353 --> 00:30:15,605
<font color="#ffeb46">ගස් සිටුවීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා,
ඒ වගේම අරමුදල් පවා රැස් කලා</font>

475
00:30:15,688 --> 00:30:17,065
<font color="#ffeb46">පරිසර ආරක්ෂණය වෙනුවෙන්.</font>

476
00:30:17,148 --> 00:30:20,026
<font color="#ffeb46">ඒ කාලේ මට මගේ රස්සාව ගැන ලොකු ආඩම්බරයක් තිබුනා.</font>

477
00:30:20,109 --> 00:30:23,530
<font color="#ffeb46">ගොං මහත්තයාගේ අම්මා
ගොඩක් හොඳ දේවල් කරලා වගේ.</font>

478
00:30:25,448 --> 00:30:27,325
<font color="#ffeb46">ඒත් දැන්, ඒ ඔක්කොම නවත්තලා,</font>

479
00:30:27,408 --> 00:30:29,953
<font color="#ffeb46">මට ආරංචි වුනා එයාලා මේ පාර්ක් එකත්
විකුණන්නයි හදන්නේ කියලා.</font>

480
00:30:30,036 --> 00:30:31,120
<font color="#ffeb46">ඒ ඇයි?</font>

481
00:30:31,996 --> 00:30:34,374
<font color="#ffeb46">මොකද සමාගමක අරමුණ ලාභ උපරිම කරගන්න එකනේ.</font>

482
00:30:34,457 --> 00:30:36,334
<font color="#ffeb46">පාලනය කරන අයට පැහැදිලි දැක්මක් නැති වුනාම,</font>

483
00:30:36,417 --> 00:30:39,003
<font color="#ffeb46">සමාජ සත්කාරක වැඩ නිකම්ම මඟ ඇරෙනවා.</font>

484
00:30:39,629 --> 00:30:40,713
<font color="#ffeb46">ඒක නම් හරි අපරාධයක්.</font>

485
00:30:41,464 --> 00:30:43,633
<font color="#ffeb46">කොච්චර හොඳද එයාලට තිබුනා නම්
ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන්න</font>

486
00:30:43,716 --> 00:30:46,553
<font color="#ffeb46">මේ ගස් සිටුවීමේ ව්‍යාපාරයයි පාර්ක් එකයි ගැන
මුල ඉඳන්ම.</font>

487
00:30:47,136 --> 00:30:47,971
<font color="#ffeb46">මොකක්ද?</font>

488
00:30:48,054 --> 00:30:49,848
<font color="#ffeb46">නිෂ්පාදනයක කොලිටි එක සමාන නම්,</font>

489
00:30:49,931 --> 00:30:51,391
<font color="#ffeb46">අම්මලා කොහොමත් කැමති වෙනවා</font>

490
00:30:52,100 --> 00:30:55,979
<font color="#ffeb46">පරිසර ආරක්ෂණය වෙනුවෙන්
වැඩ කරන සමාගම් වලට.</font>

491
00:30:57,272 --> 00:30:59,816
<font color="#ffeb46">මොකද මේ ලෝකේ තමයි එයාලගේ
ළමයි හැදිලා ජීවත් වෙන්නේ,</font>

492
00:30:59,899 --> 00:31:01,526
<font color="#ffeb46">ඉතින් එයාලා තමන්ගේ යුතුකම කරන්න කැමතියි.</font>

493
00:31:03,653 --> 00:31:05,572
<font color="#ffeb46">ඇයි මේකෙ මගේ නම තියෙන්නේ?</font>

494
00:31:05,655 --> 00:31:06,489
<font color="#ffeb46">ගොං ජි-හ්යොක් ගස</font>

495
00:31:06,573 --> 00:31:08,241
<font color="#ffeb46">මොකද මේක හිටෙව්වේ ඔයා වෙනුවෙන්.</font>

496
00:31:09,659 --> 00:31:14,622
<font color="#ffeb46">මම ඔයාගේ නම මේකට තිබ්බේ, මේකත් ඔයා වගේම
උසට ශක්තිමත්ව හැදෙයි කියලා ප්‍රාර්ථනා කරමින්,</font>

497
00:31:14,706 --> 00:31:16,416
<font color="#ffeb46">ලෝකය පිරිසිදු තැනක් කරන ගමන්ම.</font>

498
00:31:16,958 --> 00:31:19,002
<font color="#ffeb46">මොකද ඔයා ගොඩක් සතුටින් ඉඳීවි කියලා හිතුනා</font>

499
00:31:19,085 --> 00:31:20,962
<font color="#ffeb46">පිරිසිදු ලෝකයක ජීවත් වෙද්දි.</font>

500
00:31:21,546 --> 00:31:24,340
<font color="#ffeb46">එහෙනම් අපි ගොඩක් ගස් හිටවන්න ඕනේ.</font>

501
00:31:24,924 --> 00:31:26,426
<font color="#ffeb46">එතකොට හැමෝටම සතුටින් ඉන්න පුළුවන්නේ.</font>

502
00:31:31,681 --> 00:31:32,891
<font color="#ffeb46">ටඩා...</font>

503
00:31:32,974 --> 00:31:34,225
<font color="#ffeb46">අම්මේ, ඔයාට මතකද?</font>

504
00:31:34,976 --> 00:31:36,352
<font color="#ffeb46">මේ තියෙන්නේ අපි හිටවපු ගහ.</font>

505
00:31:37,061 --> 00:31:38,146
<font color="#ffeb46">බලන්න මේක කොච්චර හැදිලද කියලා.</font>

506
00:31:38,730 --> 00:31:39,731
<font color="#ffeb46">ඔයා හරි, ඇත්තටම හැදිලා.</font>

507
00:31:40,356 --> 00:31:41,274
<font color="#ffeb46">නේ?</font>

508
00:31:41,357 --> 00:31:45,403
<font color="#ffeb46">ඉස්සර මම ජීවත් වුනේ
පුදුම ආසාවකින් සහ ජවයකින්.</font>

509
00:31:47,280 --> 00:31:48,615
<font color="#ffeb46">ඒත් ඒ ඔක්කොම අපතේ ගියා.</font>

510
00:31:50,950 --> 00:31:53,328
<font color="#ffeb46">මම දන්නෙ නෑ දැන්
මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා.</font>

511
00:31:58,207 --> 00:31:59,334
<font color="#ffeb46">ඇයි නැත්තේ, ඔයා දන්නවා.</font>

512
00:32:00,376 --> 00:32:01,377
<font color="#ffeb46">ඔයාට මම ඉන්නවා.</font>

513
00:32:03,796 --> 00:32:06,966
<font color="#ffeb46">ඔයාගේ පුතා ඔයාගේ ලඟම ඉන්නවා.</font>

514
00:32:10,053 --> 00:32:11,304
<font color="#ffeb46">ඒ ගැන කියද්දි,</font>

515
00:32:11,971 --> 00:32:13,556
<font color="#ffeb46">මම උත්සාහ කරන්නේ අම්මා මහන්සි වුන</font>

516
00:32:14,515 --> 00:32:15,850
<font color="#ffeb46">ඒ හීනය</font>

517
00:32:16,893 --> 00:32:18,519
<font color="#ffeb46">හැබෑවක් කරන්න.</font>

518
00:32:20,021 --> 00:32:21,522
<font color="#ffeb46">ඒ නිසා අම්මා ඉක්මනට සනීප වෙන්න ඕනේ</font>

519
00:32:22,357 --> 00:32:23,816
<font color="#ffeb46">මම ඒක කරන හැටි බලන්න.</font>

520
00:32:24,525 --> 00:32:25,735
<font color="#ffeb46">හරිද?</font>

521
00:32:43,169 --> 00:32:45,046
<font color="#ffeb46">හොලවන්න එපා.</font>

522
00:32:45,129 --> 00:32:47,924
<font color="#ffeb46">ඔයා අද පුදුම ආදරේකින් ඉන්නේ.</font>

523
00:32:48,007 --> 00:32:50,468
<font color="#ffeb46">ඉතින්, ඔයා ගොඩක් දුක් වින්දෙ.</font>

524
00:32:51,052 --> 00:32:51,928
<font color="#ffeb46">ඒ කිව්වේ?</font>

525
00:32:53,096 --> 00:32:54,555
<font color="#ffeb46">ඔයාට මාව ලැබෙන්න ඉද්දි,</font>

526
00:32:55,223 --> 00:32:56,808
<font color="#ffeb46">ඔයාට කොච්චර අසාධාරණයක් වුනාද කියලා හිතෙන්න ඇති</font>

527
00:32:57,934 --> 00:32:59,852
<font color="#ffeb46">එච්චර වේදනාවක් විඳලා
අන්තිමට ඔපරේෂන් එකකුත් කරන්න වුනාම.</font>

528
00:33:00,895 --> 00:33:02,981
<font color="#ffeb46">මම ඒකට දැන් සමාව ඉල්ලනවා.</font>

529
00:33:03,064 --> 00:33:04,983
<font color="#ffeb46">මොකද මට ඒකට ප්‍රතිඵල ලැබෙන්නේ දැන් ද?</font>

530
00:33:05,066 --> 00:33:07,110
<font color="#ffeb46">ෂා, ඔයාට ඒක කරන්නත් මාර කල් ගියානේ.</font>

531
00:33:08,611 --> 00:33:11,489
<font color="#ffeb46">මම ඇහුවා අම්මලා වැඩපලේ කතා වෙනවා.</font>

532
00:33:12,323 --> 00:33:15,118
<font color="#ffeb46">ඒ ගැන අහද්දිත් බය හිතෙනවා.</font>

533
00:33:15,201 --> 00:33:17,495
<font color="#ffeb46">ඔයා කොහොමද ඒ වේදනාව ඉවසුවෙ?</font>

534
00:33:19,789 --> 00:33:22,625
<font color="#ffeb46">-ඒ වේදනාව ඉවසුවම,
-ඔව්?</font>

535
00:33:22,709 --> 00:33:24,669
<font color="#ffeb46">අන්තිමට මේ වගේ දුවෙක් ලැබෙනවනේ.</font>

536
00:33:24,752 --> 00:33:25,670
<font color="#ffeb46">ඉතින් ඇයි බැරි?</font>

537
00:33:27,088 --> 00:33:29,507
<font color="#ffeb46">මට ආයේ පාරක් ඔයාව වදන්න වුනත්
මම ඒක සතුටින් කරනවා.</font>

538
00:33:30,341 --> 00:33:31,384
<font color="#ffeb46">ඔයා හරිම කියුට්.</font>

539
00:33:33,553 --> 00:33:34,387
<font color="#ffeb46">යන්න.</font>

540
00:33:36,931 --> 00:33:38,599
<font color="#ffeb46">-මැඩම් පොඩ්ඩක් ඉන්නකෝ.
-හරි.</font>

541
00:33:39,392 --> 00:33:41,436
<font color="#ffeb46">-බලාගෙන.
-කිචි කවන්න එපා.</font>

542
00:33:48,234 --> 00:33:49,068
<font color="#ffeb46">දැන්ද ගෙදර ආවේ?</font>

543
00:33:49,777 --> 00:33:50,653
<font color="#ffeb46">ඔව්.</font>

544
00:33:50,737 --> 00:33:51,779
<font color="#ffeb46">ඔයා පරක්කුයි.</font>

545
00:33:51,863 --> 00:33:53,489
<font color="#ffeb46">මම අම්මව බලන්න ගියා.</font>

546
00:33:53,573 --> 00:33:54,407
<font color="#ffeb46">රෑ කෑම කෑවද?</font>

547
00:33:56,451 --> 00:33:58,995
<font color="#ffeb46">ඔයා ගාව රාමෙන් තියෙනවද?</font>

548
00:33:59,078 --> 00:34:01,247
<font color="#ffeb46">ඒක නම් මරු වගේ.</font>

549
00:34:01,330 --> 00:34:02,874
<font color="#ffeb46">කාලම බලමුකෝ.</font>

550
00:34:08,254 --> 00:34:09,255
<font color="#ffeb46">-රසයිද?
-ඔව්.</font>

551
00:34:09,964 --> 00:34:12,467
<font color="#ffeb46">ජුන් කලින්ම නිදාගත්තා වගේ.</font>

552
00:34:12,550 --> 00:34:14,594
<font color="#ffeb46">ඔව්, අද ඩේ කෙයාර් එකේ රේස් එකක් තිබිලනේ.</font>

553
00:34:14,677 --> 00:34:15,845
<font color="#ffeb46">එයාට හොඳටම මහන්සියි.</font>

554
00:34:15,928 --> 00:34:17,472
<font color="#ffeb46">එයා හරිම ෂෝක්.</font>

555
00:34:19,807 --> 00:34:20,641
<font color="#ffeb46">මේක සැරයිනේ.</font>

556
00:34:23,811 --> 00:34:26,230
<font color="#ffeb46">අම්මාට කොහොමද?
මම එයාට කලින් කතා කලා.</font>

557
00:34:26,981 --> 00:34:28,149
<font color="#ffeb46">ඩොක්ටර් කිව්වා</font>

558
00:34:28,232 --> 00:34:31,110
<font color="#ffeb46">එයා ඉක්මනට සනීප වෙනවා කියලා,
ලොකු අතුරු ආබාධ මුකුත් නැතුවම.</font>

559
00:34:31,194 --> 00:34:32,278
<font color="#ffeb46">ඒක ලොකු දෙයක්.</font>

560
00:34:35,406 --> 00:34:36,282
<font color="#ffeb46">හිත හයිය කරගන්න.</font>

561
00:34:36,949 --> 00:34:39,535
<font color="#ffeb46">එයා සනීප වෙනවා දකිද්දි
මට ඕන කරන ඔක්කොම හයිය ලැබෙනවා.</font>

562
00:34:39,619 --> 00:34:40,995
<font color="#ffeb46">වැඩ කරන්නත් ආසයි.</font>

563
00:34:41,079 --> 00:34:43,206
<font color="#ffeb46">ටීම් ලීඩර් සල්ලි ගැන මුකුත් කිව්වද?</font>

564
00:34:43,289 --> 00:34:44,624
<font color="#ffeb46">එයාට ඕනේ මුල් මුදල විතරලු.</font>

565
00:34:46,375 --> 00:34:48,086
<font color="#ffeb46">ඔයා දන්නවද,</font>

566
00:34:48,169 --> 00:34:50,505
<font color="#ffeb46">එයා මාව ණයකාරයන්ගෙන්
බේරගන්න වෙලාවෙ නම්,</font>

567
00:34:50,588 --> 00:34:53,591
<font color="#ffeb46">මාර චණ්ඩියා, එයා අහනවා "ක්‍රෙඩිට් කාඩ් ගන්නවද?" කියලා.</font>

568
00:34:53,674 --> 00:34:56,469
<font color="#ffeb46">ඒත් බලද්දි එයා කෘමීන්ට මාර බයයි.</font>

569
00:34:56,552 --> 00:34:58,554
<font color="#ffeb46">පොඩි කුරුමිණියෙක් දැක්කම එයාට පිස්සු වගේ,
එයා කෑගහනවා,</font>

570
00:34:59,097 --> 00:35:00,973
<font color="#ffeb46">"මී මැස්සෙක්! මී මැස්සෙක්!" ගගා.</font>

571
00:35:01,057 --> 00:35:02,725
<font color="#ffeb46">එයාට හොඳටම බය හිතිලා.</font>

572
00:35:04,393 --> 00:35:05,728
<font color="#ffeb46">මාර ජෝක් නේද?</font>

573
00:35:05,812 --> 00:35:07,063
<font color="#ffeb46">ඒක එච්චරටම ජෝක්ද?</font>

574
00:35:07,146 --> 00:35:09,232
<font color="#ffeb46">මොකක්? මට නම් හිතුනේ එහෙමයි.
ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

575
00:35:09,816 --> 00:35:11,609
<font color="#ffeb46">නැත්තේ නෑ. ඔව් ඉතින්.</font>

576
00:35:13,027 --> 00:35:14,028
<font color="#ffeb46">හරිම ජෝක්.</font>

577
00:35:16,364 --> 00:35:17,657
<font color="#ffeb46">මේ කාර්තුවෙ,</font>

578
00:35:17,740 --> 00:35:19,826
<font color="#ffeb46">අපි හිතන් ඉන්නේ ආයතනික ප්‍රතිරූපය
ප්‍රවර්ධනය කරන්න.</font>

579
00:35:20,451 --> 00:35:23,746
<font color="#ffeb46">අපි ප්ලෑන් කරන්නේ ජාත්‍යන්තර ප්‍රසිද්ධ අය දාලා
ගෝලීය මාකටිං කැම්පේන් එකක් කරන්න.</font>

580
00:35:23,830 --> 00:35:25,581
<font color="#ffeb46">මොකද හිතන්නේ ගොං මහත්තයා?</font>

581
00:35:25,665 --> 00:35:26,624
<font color="#ffeb46">මට නම් ෂුවර් නෑ.</font>

582
00:35:28,543 --> 00:35:31,212
<font color="#ffeb46">පරිසර ප්‍රශ්න ගැන කතා කරන එක
ගෝලීය කැම්පේන් එකකට වඩා හොඳ නැද්ද?</font>

583
00:35:31,295 --> 00:35:33,047
<font color="#ffeb46">-ඔයා සිරාවටමද කියන්නේ?
-පොඩ්ඩක් ඉන්න.</font>

584
00:35:34,173 --> 00:35:36,425
<font color="#ffeb46">කියන්නකෝ. මොකක්ද ඔයාගේ යෝජනාව?</font>

585
00:35:37,009 --> 00:35:39,804
<font color="#ffeb46">අපිට පුළුවන් නැවතුන ගස් සිටුවීමේ ව්‍යාපාරය
ආයේ පටන් ගන්න.</font>

586
00:35:39,887 --> 00:35:42,473
<font color="#ffeb46">ඒකෙන් පුළුවන් නැචුරල් බෙබේ (Natural BeBe)
ආයතනය පටන් ගත්ත දා ඉඳන්</font>

587
00:35:42,557 --> 00:35:46,352
<font color="#ffeb46">පරිසර ආරක්ෂණය වෙනුවෙන් කොච්චර කැපවුනාද
කියලා පෙන්නන්න.</font>

588
00:35:46,435 --> 00:35:49,188
<font color="#ffeb46">ලංකාව ඇතුලට නම් ඕක නරක අදහසක් නෙවෙයි.</font>

589
00:35:49,772 --> 00:35:53,484
<font color="#ffeb46">ඒත් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙන්න හදද්දි,
අපිට මුලින්ම ඕනේ ශක්තිමත් ආයතනික ප්‍රතිරූපයක්...</font>

590
00:35:53,568 --> 00:35:56,154
<font color="#ffeb46">අන්න ඒක නිසා තමයි මේ අදහස
වඩාත්ම ගැලපෙන්නේ.</font>

591
00:35:56,237 --> 00:35:59,157
<font color="#ffeb46">දැන් ලෝකෙම ට්‍රෙන්ඩ් එක තමයි
පරිසර ආරක්ෂණය,</font>

592
00:35:59,240 --> 00:36:01,409
<font color="#ffeb46">සමාජ වගකීම සහ විනිවිද පෙනෙන කළමනාකරණය
පෙන්නුම් කරන,</font>

593
00:36:01,492 --> 00:36:02,702
<font color="#ffeb46">ESG කළමනාකරණය.</font>

594
00:36:02,785 --> 00:36:05,997
<font color="#ffeb46">අනික, ESG දර්ශක දැන් ජාත්‍යන්තර මූල්‍ය
වාර්තාකරණ ප්‍රමිතීන් වලටත්</font>

595
00:36:06,080 --> 00:36:07,540
<font color="#ffeb46">ඇතුළත් කරලයි තියෙන්නේ.</font>

596
00:36:07,623 --> 00:36:09,208
<font color="#ffeb46">ඒ කියන්නේ සමාගම් වලට දැන් පුළුවන්</font>

597
00:36:09,292 --> 00:36:11,586
<font color="#ffeb46">ජාත්‍යන්තර ආයෝජන ලබාගන්න
එයාලා කරන දේවල් පදනම් කරගෙන,</font>

598
00:36:12,879 --> 00:36:15,381
<font color="#ffeb46">පරිසර ආරක්ෂණය සහ
සමාජ වගකීම් වෙනුවෙන්.</font>

599
00:36:15,464 --> 00:36:18,843
<font color="#ffeb46">ව්‍යාපාර ව්‍යාප්ත කරන්න හදද්දි
අරමුදල් හොයාගන්න එකට වඩා</font>

600
00:36:20,303 --> 00:36:21,179
<font color="#ffeb46">වැදගත් දෙයක් තියෙනවද?</font>

601
00:36:26,767 --> 00:36:28,019
<font color="#ffeb46">ඔයාගේ කතාවෙ ඇත්තක් තියෙනවා.</font>

602
00:36:28,102 --> 00:36:30,938
<font color="#ffeb46">මට ඕනේ ඔයාලා දෙන්නගෙන්ම විස්තරාත්මක
යෝජනාවලියක් ලබන සතිය වෙද්දි.</font>

603
00:36:31,022 --> 00:36:32,356
<font color="#ffeb46">මම තීරණය කරන්නම් ඉදිරිපත් කිරීමෙන් පස්සේ.</font>

604
00:36:36,819 --> 00:36:38,154
<font color="#ffeb46">තරඟකාරී පිච් එකක්?</font>

605
00:36:38,738 --> 00:36:40,531
<font color="#ffeb46">ඒකත් මාකටිං ටීම් එකත් එක්ක?</font>

606
00:36:40,615 --> 00:36:41,657
<font color="#ffeb46">ඔව්.</font>

607
00:36:41,741 --> 00:36:44,160
<font color="#ffeb46">පළපුරුදු අය නේද ඒවා කරන්න ඕනේ?</font>

608
00:36:44,243 --> 00:36:46,996
<font color="#ffeb46">ඔයා අපිට බැන්නා අපි
හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරනවා කියලා,</font>

609
00:36:47,079 --> 00:36:48,623
<font color="#ffeb46">ඒත් දැන් ඔයා අපිටත් වඩා අන්තයිනේ.</font>

610
00:36:48,706 --> 00:36:49,665
<font color="#ffeb46">ඒකනේ.</font>

611
00:36:49,749 --> 00:36:53,836
<font color="#ffeb46">අපි ළමයි හදන ගමන් ඉන්නේ,
අපි කොහොමද අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන දන්නේ.</font>

612
00:36:53,920 --> 00:36:55,171
<font color="#ffeb46">මම විශ්වාස කරනවා මේ ප්‍රොජෙක්ට් එක</font>

613
00:36:55,963 --> 00:36:58,299
<font color="#ffeb46">කරන්න ඕනේ රැල්ලට නෙවෙයි,
අම්මලාගේ ඇත්තම හැඟීම් එක්ක කියලා.</font>

614
00:36:58,382 --> 00:37:00,259
<font color="#ffeb46">නිකන්ම යන රැල්ලකට කරනවට වඩා.</font>

615
00:37:00,343 --> 00:37:01,594
<font color="#ffeb46">එතකොට,</font>

616
00:37:01,677 --> 00:37:03,221
<font color="#ffeb46">අපිට පුළුවන් වේවි වඩාත් පැහැදිලි</font>

617
00:37:03,304 --> 00:37:05,306
<font color="#ffeb46">සහ හදවතට දැනෙන පණිවිඩයක් දෙන්න
දෙමාපියන්ගේ පැත්තෙන්.</font>

618
00:37:05,890 --> 00:37:09,435
<font color="#ffeb46">අනික, මේ අදහස ආවේ අපේ ටීම් එකෙන්,
ඉතින් අපිම මේක කරන එකයි හරි.</font>

619
00:37:09,518 --> 00:37:11,312
<font color="#ffeb46">අපේ ටීම් එකෙන්? කවුද?</font>

620
00:37:14,065 --> 00:37:15,149
<font color="#ffeb46">ගෝ දා-රිම් මෙනවිය.</font>

621
00:37:15,608 --> 00:37:17,026
<font color="#ffeb46">පේනවට වඩා මොළේ තියෙනවා වගේ.</font>

622
00:37:19,654 --> 00:37:21,781
<font color="#ffeb46">-ඇත්තටම?
-ඔයාට කවද්ද ඒක හිතුනේ?</font>

623
00:37:21,864 --> 00:37:22,740
<font color="#ffeb46">මම?</font>

624
00:37:22,823 --> 00:37:24,742
<font color="#ffeb46">ඔයා CSR ටීම් ලීඩර් එක්ක කතා කලාම.</font>

625
00:37:24,825 --> 00:37:26,244
<font color="#ffeb46">ආ, ඒකද?</font>

626
00:37:26,327 --> 00:37:27,745
<font color="#ffeb46">ඒ ගැන ටීම් එක දැනුවත් කරලා</font>

627
00:37:28,579 --> 00:37:29,997
<font color="#ffeb46">අදහස් ගන්න වැඩේ පටන් ගන්න.</font>

628
00:37:30,081 --> 00:37:31,791
<font color="#ffeb46">හරි සර්. මම කරන්නම්.</font>

629
00:37:34,627 --> 00:37:35,544
<font color="#ffeb46">අපි කොහොමහරි දිනන්න ඕනේ...</font>

630
00:37:39,548 --> 00:37:40,508
<font color="#ffeb46">මේ ඉදිරිපත් කිරීම.</font>

631
00:37:40,591 --> 00:37:41,592
<font color="#ffeb46">හරි.</font>

632
00:37:49,392 --> 00:37:51,644
<font color="#ffeb46">ස්තූතියි අර කලින් අගය කලාට.</font>

633
00:37:53,646 --> 00:37:56,565
<font color="#ffeb46">ඇත්තටම සතුටුයි දැනගන්න ලැබුනම
මම ටීම් එකට උදව්වක් වුනා කියලා.</font>

634
00:37:56,649 --> 00:37:58,401
<font color="#ffeb46">මම ඔයාව අගය කලා?</font>

635
00:37:58,484 --> 00:38:00,069
<font color="#ffeb46">ඔයාව, ගෝ දා-රිම් මෙනවියව? කවද්ද?</font>

636
00:38:00,152 --> 00:38:01,946
<font color="#ffeb46">ඔයා කිව්වේ මම ස්මාර්ට් කියලා.</font>

637
00:38:02,029 --> 00:38:03,572
<font color="#ffeb46">මම කිව්වේ ස්මාර්ට් මොළයක් ගැන.</font>

638
00:38:03,656 --> 00:38:05,700
<font color="#ffeb46">මම කවදාවත් කිව්වේ නෑ ඔයා ස්මාර්ට් කියලා.</font>

639
00:38:06,617 --> 00:38:07,785
<font color="#ffeb46">ඔයා ඒක වැරදියට තේරුම් අරන් වගේ.</font>

640
00:38:10,121 --> 00:38:11,455
<font color="#ffeb46">මම අගය කලේ</font>

641
00:38:12,164 --> 00:38:13,833
<font color="#ffeb46">මෙන්න මේ මොළේ ගැන.</font>

642
00:38:13,916 --> 00:38:15,334
<font color="#ffeb46">ඉතින් ඒක කාගෙද?</font>

643
00:38:15,418 --> 00:38:16,502
<font color="#ffeb46">මගේ.</font>

644
00:38:20,631 --> 00:38:22,925
<font color="#ffeb46">බලද්දි තමන්වම වර්ණනා කරගැනීමක්නේ.</font>

645
00:38:25,511 --> 00:38:26,721
<font color="#ffeb46">නැතුව.</font>

646
00:38:31,809 --> 00:38:33,102
<font color="#ffeb46">-ෆොටෝග්‍රැෆර් කෙනෙක්?
-ඔව්.</font>

647
00:38:33,185 --> 00:38:34,520
<font color="#ffeb46">මම ඇඩ් කොන්සෙප්ට් එකක් හදනවා,</font>

648
00:38:34,603 --> 00:38:37,189
<font color="#ffeb46">මට මතක් වුනා ඔයා කිව්වා ඔයා ෆොටෝ එක්සිබිෂන්
එකකට ලෑස්ති වෙනවා කියලා.</font>

649
00:38:37,690 --> 00:38:39,150
<font color="#ffeb46">මම හිතුවා ඔයා දක්ෂ කෙනෙක්ව දන්නවා ඇති කියලා.</font>

650
00:38:39,233 --> 00:38:41,777
<font color="#ffeb46">ඒක කැන්සල් වුනා.
තාත්තා කැමති නෑ මම ඒක කරනවට.</font>

651
00:38:41,861 --> 00:38:43,571
<font color="#ffeb46">එහෙමද? අපරාදෙ.</font>

652
00:38:44,739 --> 00:38:45,573
<font color="#ffeb46">පොඩ්ඩක් ඉන්න.</font>

653
00:38:45,656 --> 00:38:47,199
<font color="#ffeb46">මම දන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඉන්නවා.</font>

654
00:38:50,953 --> 00:38:51,912
<font color="#ffeb46">ලෙවෙ දෙ සොලේයි
කිම් සොන්-උ</font>

655
00:38:58,586 --> 00:39:00,546
<font color="#ffeb46">මොකද හිතන්නේ? ලස්සනයි නේද?</font>

656
00:39:00,629 --> 00:39:01,505
<font color="#ffeb46">ඔව්.</font>

657
00:39:02,631 --> 00:39:03,966
<font color="#ffeb46">එයා හරිම ස්වභාවිකයි වගේම උණුසුම් පාටයි.</font>

658
00:39:05,343 --> 00:39:06,218
<font color="#ffeb46">නේද?</font>

659
00:39:06,761 --> 00:39:08,554
<font color="#ffeb46">එයා හරිම උණුසුම් ගතිගුණ තියෙන කෙනෙක්.</font>

660
00:39:08,637 --> 00:39:12,350
<font color="#ffeb46">එයාගේ හදවත විතරක් නෙවෙයි කතාවත් හරිම ලෙන්ගතුයි.</font>

661
00:39:12,433 --> 00:39:13,392
<font color="#ffeb46">අනික එයාගේ මූණ</font>

662
00:39:14,310 --> 00:39:15,978
<font color="#ffeb46">ලෙන්ගතුකමින් පිරිලා ඉතිරිලා යනවා.</font>

663
00:39:16,062 --> 00:39:17,897
<font color="#ffeb46">අපි හොයන දේට එයා හරියටම ගැලපෙනවා.</font>

664
00:39:17,980 --> 00:39:19,231
<font color="#ffeb46">එයාගේ නම්බර් එක මට දෙන්න.</font>

665
00:39:19,315 --> 00:39:24,403
<font color="#ffeb46">මේ ෆොටෝග්‍රැෆර්ව හොයාගන්න මම මාර කට්ටක් කෑවේ.</font>

666
00:39:24,487 --> 00:39:27,990
<font color="#ffeb46">හරියට ඩයිනෝසෝර් ෆොසිලයක් වගේ
මෙච්චර කාලයක් හැංගිලා ඉඳලා තියෙන්නේ.</font>

667
00:39:28,074 --> 00:39:29,575
<font color="#ffeb46">ඔයාට මොකක් හරි වාසියක් ඕනේ වගේ.</font>

668
00:39:29,658 --> 00:39:31,369
<font color="#ffeb46">මාවත් ඒ ප්‍රොජෙක්ට් එකට දාගන්නකෝ.</font>

669
00:39:36,791 --> 00:39:39,460
<font color="#ffeb46">-මේ පීඩනේ හින්දා මට කෑම දිරවන්නෙත් නෑ.
-මටත් එහෙමයි.</font>

670
00:39:39,543 --> 00:39:42,380
<font color="#ffeb46">ඊට වඩා හොඳයි වල් පැල ගලවන්න යන එක.</font>

671
00:39:42,463 --> 00:39:44,882
<font color="#ffeb46">මට හිතෙන්නේ ලොකු බජට් එකක් නිසා
මේ පීඩනේ තවත් වැඩි වෙලා වගේ.</font>

672
00:39:45,466 --> 00:39:46,592
<font color="#ffeb46">මාරම පීඩනයක් තියෙන්නේ.</font>

673
00:39:47,968 --> 00:39:50,262
<font color="#ffeb46">දෙයියනේ, මේ කවුද කියලා බලන්නකෝ.</font>

674
00:39:50,971 --> 00:39:53,349
<font color="#ffeb46">මේ අපේ ප්‍රතිවාදී කණ්ඩායමනේ.</font>

675
00:39:54,975 --> 00:39:57,853
<font color="#ffeb46">ඉතින්? ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක
හොඳට කෙරීගෙන යනවද?</font>

676
00:39:58,687 --> 00:40:00,523
<font color="#ffeb46">මේක අපේ පළවෙනි ඇඩ් එකනේ, ඉතින් පොඩි බයක් තියෙනවා.</font>

677
00:40:00,606 --> 00:40:02,233
<font color="#ffeb46">-ඒ වුණාට...
-අනිවාර්යයෙන්ම බය හිතෙනවනේ.</font>

678
00:40:02,316 --> 00:40:03,734
<font color="#ffeb46">ආයේ අහලා.</font>

679
00:40:03,818 --> 00:40:06,946
<font color="#ffeb46">ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලෑන් කරන එක ලේසි නෑ.</font>

680
00:40:07,029 --> 00:40:09,532
<font color="#ffeb46">ඒක යන එන ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් නම්,</font>

681
00:40:09,615 --> 00:40:11,534
<font color="#ffeb46">ඇයි අපිට මාර්කටින් ටීම් එකක් ඉන්නේ?</font>

682
00:40:12,243 --> 00:40:13,077
<font color="#ffeb46">ඔයා පිළිගන්නවා නේද?</font>

683
00:40:13,160 --> 00:40:14,036
<font color="#ffeb46">-ඔව්.
-අනිවාර්යයෙන්ම.</font>

684
00:40:15,246 --> 00:40:16,956
<font color="#ffeb46">ඇයි මොකද? ඔයාලට කේන්ති ගියාද?</font>

685
00:40:17,039 --> 00:40:21,001
<font color="#ffeb46">ඔයාලගේ ඔය අජූත ටීම් එක මුල ඉඳලම
නිකන් නමට විතරයිනේ තිබුණේ!</font>

686
00:40:22,378 --> 00:40:24,088
<font color="#ffeb46">ඔයාලා නිකන් බොරුවට දඟලන්නේ නැතුව</font>

687
00:40:24,171 --> 00:40:27,508
<font color="#ffeb46">ළමයින්ගේ නැපි මාරු කර කර
පාක් එකේ වල් පැල ගලව ගලව හිටියනම් ඉවරනේ.</font>

688
00:40:27,591 --> 00:40:31,345
<font color="#ffeb46">කොහොමද ඔයාලා වෙන කෙනෙක්ගේ
රස්සාවකට ඇඟිලි ගහන්නේ?</font>

689
00:40:32,388 --> 00:40:34,348
<font color="#ffeb46">"අජූත ටීම් එක"?
"යන එන ඕනම කෙනෙක්"?</font>

690
00:40:34,432 --> 00:40:36,392
<font color="#ffeb46">-තමුසෙට පිස්සුද?
-සන්සුන් වෙන්න, නන්-සුක්.</font>

691
00:40:36,475 --> 00:40:38,060
<font color="#ffeb46">මොකක්ද තමුසේ කිව්වේ? මේ ගෑනු මනුස්සයා...</font>

692
00:40:38,144 --> 00:40:40,813
<font color="#ffeb46">වැඩියෙන් කෑගහන කෙනා දිනනවා කියලා හිතුවද?</font>

693
00:40:40,896 --> 00:40:42,440
<font color="#ffeb46">මේක වැඩ කරන තැනක්!</font>

694
00:40:42,523 --> 00:40:43,816
<font color="#ffeb46">තමුසෙලා තරඟ කරන්න ඕනේ දක්ෂතාවයෙන්!</font>

695
00:40:44,567 --> 00:40:45,609
<font color="#ffeb46">ඔව්!</font>

696
00:40:45,693 --> 00:40:47,153
<font color="#ffeb46">ඒක හරි!</font>

697
00:40:52,491 --> 00:40:56,287
<font color="#ffeb46">ඒ නිසානේ අපි තරඟයක් තියලා
තෝරගන්න හදන්නේ, නැද්ද?</font>

698
00:40:56,370 --> 00:40:57,204
<font color="#ffeb46">මොකක්?</font>

699
00:40:57,288 --> 00:41:00,040
<font color="#ffeb46">තමන් ඉන්න තනතුර,
මොන ටීම් එකේද කියන එක,</font>

700
00:41:00,124 --> 00:41:02,835
<font color="#ffeb46">කාගේ හිතවතෙක්ද කියන එක අමතක කරන්න.</font>

701
00:41:02,918 --> 00:41:04,712
<font color="#ffeb46">දක්ෂතාවය මනින්න</font>

702
00:41:04,795 --> 00:41:07,423
<font color="#ffeb46">තරඟෙකට වඩා හොඳ දෙයක් තියෙනවද?</font>

703
00:41:07,506 --> 00:41:08,382
<font color="#ffeb46">නේද?</font>

704
00:41:09,008 --> 00:41:10,968
<font color="#ffeb46">-ඒ වුණාට...
-එයා කියන එක හරි!</font>

705
00:41:11,051 --> 00:41:13,345
<font color="#ffeb46">අපි අපේ දක්ෂතාවයෙන් තරඟ කරන්න හදන්නේ,
ඉතින් මොකක්ද ප්‍රශ්නේ?</font>

706
00:41:13,429 --> 00:41:16,307
<font color="#ffeb46">සමහර විට පරාජිත ටීම් එකකට පැරදිලා
රස්සාව නැති වෙයි කියලා බය ඇති.</font>

707
00:41:16,390 --> 00:41:17,683
<font color="#ffeb46">මොකක්? බයයි?</font>

708
00:41:17,766 --> 00:41:19,477
<font color="#ffeb46">අනිවාර්යයෙන්ම ඒක තමයි.</font>

709
00:41:19,560 --> 00:41:24,273
<font color="#ffeb46">නැපි මාරු කරන එක ඇරෙන්න වෙන දෙයක් දන්නේ නැති
ගෙදරට වෙලා ඉන්න අම්මලාට මම ඇයි බය වෙන්නේ?</font>

710
00:41:25,441 --> 00:41:26,358
<font color="#ffeb46">ඔයා</font>

711
00:41:27,067 --> 00:41:28,027
<font color="#ffeb46">බය වෙන්න ඕනේ.</font>

712
00:41:28,611 --> 00:41:30,279
<font color="#ffeb46">මාර්කටින් ටීම් එක දිනාගන්න ඕන කරන</font>

713
00:41:30,362 --> 00:41:32,948
<font color="#ffeb46">වැදගත්ම පිරිස තමයි ගෙදරට වෙලා ඉන්න අම්මලා කියන්නේ.</font>

714
00:41:33,032 --> 00:41:35,868
<font color="#ffeb46">දැන්, අන්න ඒ අම්මලාම තමයි
මේ වැඩේට කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්නේ.</font>

715
00:41:35,951 --> 00:41:37,495
<font color="#ffeb46">-නේද?
-ඔව්.</font>

716
00:41:37,578 --> 00:41:38,496
<font color="#ffeb46">හරි.</font>

717
00:41:38,579 --> 00:41:41,081
<font color="#ffeb46">එහෙනම් පාඩුවේ කාලා යන්නකෝ.</font>

718
00:41:41,165 --> 00:41:43,042
<font color="#ffeb46">-අපි යමුද දැන්?
-යමු.</font>

719
00:41:43,125 --> 00:41:45,419
<font color="#ffeb46">-මම කාලා ඉවරයි.
-ඔව්.</font>

720
00:41:45,503 --> 00:41:46,962
<font color="#ffeb46">-යමු යන්න.
-අම්මපා.</font>

721
00:41:52,301 --> 00:41:53,302
<font color="#ffeb46">ඔය ගෑනු...</font>

722
00:41:54,303 --> 00:41:56,805
<font color="#ffeb46">මට හිතෙන්නේ...</font>

723
00:42:04,230 --> 00:42:05,940
<font color="#ffeb46">තාමත් ඔයා පීඩනයෙන්ද ඉන්නේ?</font>

724
00:42:06,023 --> 00:42:07,816
<font color="#ffeb46">මොන පීඩනයක්ද.</font>

725
00:42:07,900 --> 00:42:10,277
<font color="#ffeb46">මට මේ කේන්තිය පාලනය කරගන්න බැරිව ඉන්නේ.</font>

726
00:42:10,361 --> 00:42:12,905
<font color="#ffeb46">ඔයාට තාමත් ඕනෙද පාක් එකේ
වල් පැල ගලවන්න යන්න?</font>

727
00:42:12,988 --> 00:42:14,073
<font color="#ffeb46">නෑ.</font>

728
00:42:14,156 --> 00:42:17,243
<font color="#ffeb46">වල් පැල නෙවෙයි,
මට ඕනේ මා ගේ කොණ්ඩේ ගලවන්න.</font>

729
00:42:17,326 --> 00:42:18,452
<font color="#ffeb46">ඔයාට කොහොමද, ගෝ-ඉන්?</font>

730
00:42:18,536 --> 00:42:20,246
<font color="#ffeb46">ඔයාටත් මේ ලොකු බජට් එක ගැන බයද?</font>

731
00:42:20,329 --> 00:42:21,914
<font color="#ffeb46">ඕන එකක් වෙද්දෙන්.</font>

732
00:42:21,997 --> 00:42:23,707
<font color="#ffeb46">නැහුනත් එකයි බැහුනත් එකයි, අපි ගේමක් ගහලා බලමු.</font>

733
00:42:26,085 --> 00:42:29,046
<font color="#ffeb46">ඔයාලා මේ කතාව අහලා ඇතිනේ?</font>

734
00:42:29,630 --> 00:42:32,800
<font color="#ffeb46">මැරෙන්න බලාගෙන සටන් කරන කෙනා ජීවත් වෙනවා,
ජීවත් වෙන්න හිතාගෙන සටන් කරන කෙනා මැරෙනවා.</font>

735
00:42:34,760 --> 00:42:36,011
<font color="#ffeb46">යමු යන්න!</font>

736
00:42:50,609 --> 00:42:51,485
<font color="#ffeb46">-ඔයා හරි.
-ඔන්න ඔය වගේ දෙයක්.</font>

737
00:42:52,152 --> 00:42:53,112
<font color="#ffeb46">මම එකඟයි.</font>

738
00:43:40,909 --> 00:43:41,744
<font color="#ffeb46">මෙන්න.</font>

739
00:43:53,047 --> 00:43:53,922
<font color="#ffeb46">හරි.</font>

740
00:43:55,799 --> 00:43:57,051
<font color="#ffeb46">හොයාගත්තා!</font>

741
00:43:57,134 --> 00:43:58,594
<font color="#ffeb46">මේ තියෙන්නේ.</font>

742
00:43:59,553 --> 00:44:02,431
<font color="#ffeb46">මේ බලන්න. මෙතන තියෙන්නේ.</font>

743
00:44:02,514 --> 00:44:03,974
<font color="#ffeb46">ආකර්ෂණීය ඇඩ් කොපි එකක්</font>

744
00:44:04,058 --> 00:44:05,893
<font color="#ffeb46">ගස් සිටුවීම අපේ ළමයින්ට හොඳ ඇයි කියලා පෙන්නන්න!</font>

745
00:44:11,523 --> 00:44:15,319
<font color="#ffeb46">මූලික වචන: ගස්, සෞඛ්‍යය, ආදරය</font>

746
00:44:18,989 --> 00:44:21,075
<font color="#ffeb46">අපි වැඩේ ඉවර කළා!</font>

747
00:44:21,158 --> 00:44:22,743
<font color="#ffeb46">-අන්තිමේදී!
-මේක මාර ලස්සනයි!</font>

748
00:44:22,826 --> 00:44:24,244
<font color="#ffeb46">-ඔයාලා තාම කෑවේ නෑ නේද?
-අම්මෝ ඇති යාන්තම්!</font>

749
00:44:38,592 --> 00:44:40,260
<font color="#ffeb46">අපි එකට ගොඩනගන හරිත අනාගතයක්</font>

750
00:44:40,344 --> 00:44:42,012
<font color="#ffeb46">ලොකු මහත් වෙනවා කියන්නේ කාටවත් නොදැනී
ශක්තිමත් වෙන එකටයි</font>

751
00:44:52,064 --> 00:44:53,941
<font color="#ffeb46">අපි තොක්බොක්කි එක්ක බැදපු කෑම ගෙනාවා!</font>

752
00:44:54,024 --> 00:44:56,026
<font color="#ffeb46">-කමු.
-නෑ, ඔහොම ඉන්න!</font>

753
00:44:56,110 --> 00:44:57,361
<font color="#ffeb46">-මෙතන නෙවෙයි.
-මම මේවා අරහෙට ගෙනියන්නම්.</font>

754
00:44:57,444 --> 00:44:58,362
<font color="#ffeb46">-හරි.
-හා.</font>

755
00:45:04,368 --> 00:45:05,994
<font color="#ffeb46">කෝ පිඟන්?</font>

756
00:45:06,078 --> 00:45:06,912
<font color="#ffeb46">මෙතන තියෙනවා.</font>

757
00:45:15,629 --> 00:45:16,797
<font color="#ffeb46">කන්සෙප්ට් එක හොඳයි.</font>

758
00:45:16,880 --> 00:45:17,798
<font color="#ffeb46">අපි එකට ගොඩනගන හරිත අනාගතයක්</font>

759
00:45:17,881 --> 00:45:19,174
<font color="#ffeb46">කොපි ටිකත් නියමයි.</font>

760
00:45:19,258 --> 00:45:20,759
<font color="#ffeb46">දැන් අපිට සාම්පල් ෂූට් එක විතරයි නේද ඉතුරු?</font>

761
00:45:21,468 --> 00:45:22,594
<font color="#ffeb46">ඔයා ෆොටෝග්‍රැෆර්ට කතා කළාද?</font>

762
00:45:22,678 --> 00:45:24,054
<font color="#ffeb46">ඔව්. එයා කැමති වුණා.</font>

763
00:45:24,138 --> 00:45:25,472
<font color="#ffeb46">මම හම්බෙන්න වෙලාවකුත් දාගත්තා.</font>

764
00:45:25,556 --> 00:45:27,641
<font color="#ffeb46">හරි. නියමයි.</font>

765
00:45:28,642 --> 00:45:30,477
<font color="#ffeb46">මොකක්? ඔයා කොහෙද වැඩ කරන්න යන්නේ?</font>

766
00:45:30,561 --> 00:45:32,438
<font color="#ffeb46">ඔයාට පිස්සුද?</font>

767
00:45:34,189 --> 00:45:37,943
<font color="#ffeb46">මට හිතුණා ඒක අතාරින්න බැරි තරම්
හොඳ අවස්ථාවක් කියලා.</font>

768
00:45:38,026 --> 00:45:40,404
<font color="#ffeb46">ලොකු කම්පැනි එකක ප්‍රොජෙක්ට් එකක් කරන එක
මගේ CV එකටත් හොඳයිනේ.</font>

769
00:45:41,238 --> 00:45:44,867
<font color="#ffeb46">ඉතින් ඔයාට එපා කියන්න මම කවුද?</font>

770
00:45:44,950 --> 00:45:46,910
<font color="#ffeb46">මට ඔයාගේ රස්සාවට හරස් වෙන්න ඕනේ නෑ.</font>

771
00:45:46,994 --> 00:45:48,662
<font color="#ffeb46">ඒත් ඒ ගැන හිතද්දිත්</font>

772
00:45:48,745 --> 00:45:50,914
<font color="#ffeb46">හුස්ම හිරවෙනවා වගේ.</font>

773
00:45:51,540 --> 00:45:55,210
<font color="#ffeb46">සමහර විට මම එතන ඉන්න එකෙන්
ඔයාට ලේසි වෙයි.</font>

774
00:45:55,794 --> 00:45:58,172
<font color="#ffeb46">මම ඔයාගේ මහත්තයා කියලා හැමෝම දැනගත්තොත්
ප්‍රශ්න ඉවරයිනේ.</font>

775
00:45:58,255 --> 00:46:00,299
<font color="#ffeb46">ඒත් ඒක එහෙම වෙන්නේ නෑනේ, නේද?</font>

776
00:46:00,382 --> 00:46:03,844
<font color="#ffeb46">අපේ බොරු රඟපෑම හින්දා
අපිව මාට්ටු වෙයි කියලා මට හිතෙනවා.</font>

777
00:46:04,470 --> 00:46:05,637
<font color="#ffeb46">"බොරු රඟපෑම"?</font>

778
00:46:06,680 --> 00:46:08,807
<font color="#ffeb46">ස්කෝලේ ඩ්‍රාමා ක්ලබ් එකේ
මම රෝමියෝට හිටියා කියලා අමතක වුණාද?</font>

779
00:46:08,891 --> 00:46:12,311
<font color="#ffeb46">එදා එක චරිතෙකට දොළොස් දෙනෙක් තරඟ කළා.</font>

780
00:46:12,394 --> 00:46:13,979
<font color="#ffeb46">මගේ රඟපෑම ගැන බය වෙන්න එපා.</font>

781
00:46:14,062 --> 00:46:17,399
<font color="#ffeb46">ඔයා දිහා බලන්නකෝ.
මම කොහොමද බය නොවී ඉන්නේ?</font>

782
00:46:17,483 --> 00:46:19,276
<font color="#ffeb46">ඔයාට නම් හොඳටම පිස්සු!</font>

783
00:46:19,359 --> 00:46:22,905
<font color="#ffeb46">ඔයා කල්පනාවෙන් හිටියේ නැත්නම්
අපි දෙන්නම ඉවරයි.</font>

784
00:46:22,988 --> 00:46:25,032
<font color="#ffeb46">-තේරුණාද?
-මගේ රඟපෑම ගැන වද වෙන්න එපා!</font>

785
00:46:25,616 --> 00:46:27,618
<font color="#ffeb46">මට ඔයාව විශ්වාස කරන්නත් බෑ!</font>

786
00:46:31,955 --> 00:46:32,873
<font color="#ffeb46">මොකක්ද?</font>

787
00:46:34,541 --> 00:46:35,417
<font color="#ffeb46">හෙලෝ.</font>

788
00:46:42,633 --> 00:46:43,634
<font color="#ffeb46">ඒයි!</font>

789
00:46:44,885 --> 00:46:45,886
<font color="#ffeb46">පොඩ්ඩක් ඉන්න.</font>

790
00:46:46,386 --> 00:46:47,304
<font color="#ffeb46">මොකද?</font>

791
00:46:47,387 --> 00:46:48,347
<font color="#ffeb46">අපි පොඩ්ඩක් මෙතනට වෙලා ඉමු.</font>

792
00:46:59,608 --> 00:47:01,026
<font color="#ffeb46">-ලිෆ්ට් එක ආවා. යමු.
-ඒයි!</font>

793
00:47:01,109 --> 00:47:02,152
<font color="#ffeb46">දොර අල්ලන්නකෝ!</font>

794
00:47:06,448 --> 00:47:08,867
<font color="#ffeb46">ඔයාට තිබුණේ එයාව බිල්ඩින් එකේ
ඉස්සරහින් බස්සලා එන්නනේ.</font>

795
00:47:09,660 --> 00:47:10,619
<font color="#ffeb46">එයා පොඩි ළමයෙක් නෙවෙයිනේ.</font>

796
00:47:13,163 --> 00:47:14,540
<font color="#ffeb46">මමත් මේ වැඩට යන ගමන්.</font>

797
00:47:16,458 --> 00:47:17,334
<font color="#ffeb46">මෙන්න.</font>

798
00:47:18,252 --> 00:47:20,837
<font color="#ffeb46">මට මිස්ටර් කන්ග් ග්‍යොන්ග්-මින් එක්ක මීටින් එකක් තියෙනවා.</font>

799
00:47:20,921 --> 00:47:22,464
<font color="#ffeb46">ඔයා ඇයි මිස්ටර් කන්ග්ව හම්බෙන්නේ?</font>

800
00:47:22,965 --> 00:47:24,341
<font color="#ffeb46">ඔයාලත් එක්ක වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා.</font>

801
00:47:25,759 --> 00:47:27,052
<font color="#ffeb46">මම කිම් සොන්-වූ.</font>

802
00:47:35,435 --> 00:47:37,229
<font color="#ffeb46">ඔයා කරපු දේ මගේ වයිෆ් මට කිව්වා.</font>

803
00:47:37,312 --> 00:47:39,523
<font color="#ffeb46">ඔයාට ස්තූති කරන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ.</font>

804
00:47:40,566 --> 00:47:42,484
<font color="#ffeb46">අපි පුළුවන් ඉක්මනට ණය ගෙවන්නම්.</font>

805
00:47:43,277 --> 00:47:44,152
<font color="#ffeb46">සල්ලි ගැන අමතක කරන්න.</font>

806
00:47:44,236 --> 00:47:47,531
<font color="#ffeb46">එයා කොච්චර ලොකු අනතුරකද හිටියේ කියලා
ඔයා දැනගෙන හිටියද?</font>

807
00:47:49,825 --> 00:47:50,867
<font color="#ffeb46">එහෙමද?</font>

808
00:47:50,951 --> 00:47:53,287
<font color="#ffeb46">මගේ වයිෆ් ටිකක් හිතුවක්කාරයි.</font>

809
00:47:53,370 --> 00:47:55,539
<font color="#ffeb46">මම එයාට සැරයක් කිව්වා
මම ඇවිල්ලා එක්කන් යන්නම් කියලා,</font>

810
00:47:55,622 --> 00:47:58,584
<font color="#ffeb46">ඒත් එයා වැඩ ඉවර වෙන්නේ කීයටද දන්නේ නෑ කියලා
මට එන්න එපා කිව්වා.</font>

811
00:47:58,667 --> 00:48:01,837
<font color="#ffeb46">ඇත්තටම අපි බැන්දට පස්සේ
පළවෙනි වතාවට රණ්ඩු වුණෙත් ඕක හින්දා.</font>

812
00:48:03,630 --> 00:48:06,300
<font color="#ffeb46">-"පළවෙනි"?
-ඔව්, පළවෙනි වතාවට.</font>

813
00:48:08,510 --> 00:48:11,179
<font color="#ffeb46">ආ, එහෙමද.</font>

814
00:48:12,931 --> 00:48:14,558
<font color="#ffeb46">ඔයාලා කවදාවත් රණ්ඩු වෙලා නෑ.</font>

815
00:48:16,184 --> 00:48:18,228
<font color="#ffeb46">මගේ යාලුවෙක් එයාගේ වයිෆ් එක්ක රණ්ඩු වෙලා,</font>

816
00:48:19,062 --> 00:48:21,648
<font color="#ffeb46">වයිෆ් දවස් ගානකට ජේජු වලටත් පැනලා ගියා.</font>

817
00:48:24,401 --> 00:48:26,069
<font color="#ffeb46">අපිට නම් එහෙම වෙන්නේ නෑ.</font>

818
00:48:26,153 --> 00:48:29,740
<font color="#ffeb46">මම ළඟ නැතුව මගේ රිම්ට නින්ද යන්නෙවත් නෑ.</font>

819
00:48:36,955 --> 00:48:37,914
<font color="#ffeb46">සමාවෙන්න.</font>

820
00:48:50,886 --> 00:48:52,763
<font color="#ffeb46">මිස්ටර් ගොන්ග් ජි-හ්‍යොක්ගේ ඔෆිස් එක කොහෙද?</font>

821
00:48:54,139 --> 00:48:56,183
<font color="#ffeb46">එයා දැන් මීටින් එකක ඉන්නේ.</font>

822
00:48:56,808 --> 00:48:58,685
<font color="#ffeb46">ඔයා වෙලාවක් අරගෙනද තියෙන්නේ?</font>

823
00:48:58,769 --> 00:48:59,978
<font color="#ffeb46">ඒකට කමක් නෑ.</font>

824
00:49:00,062 --> 00:49:02,314
<font color="#ffeb46">එයාව හම්බෙන්න මට වෙලාවල් ඕනේ නෑ.</font>

825
00:49:08,403 --> 00:49:10,739
<font color="#ffeb46">මිස්ටර් ගොන්ග්, ඔයාට අමුත්තෙක් ඉන්නවා.</font>

826
00:49:11,406 --> 00:49:12,616
<font color="#ffeb46">තැන්ක්ස්,</font>

827
00:49:12,699 --> 00:49:13,867
<font color="#ffeb46">පැටියෝ.</font>

828
00:49:14,660 --> 00:49:16,536
<font color="#ffeb46">"පැටියෝ"?</font>

829
00:49:23,752 --> 00:49:24,586
<font color="#ffeb46">හා-යොන්ග්.</font>

830
00:49:25,462 --> 00:49:26,546
<font color="#ffeb46">මොකද මෙහේ?</font>

831
00:49:28,423 --> 00:49:30,842
<font color="#ffeb46">ඔයාගේ පළවෙනි මීටින් එක කියලා ආරංචි වුණ හින්දා ආවේ.</font>

832
00:49:36,723 --> 00:49:39,267
<font color="#ffeb46">ඩෙපියුටි ඩිරෙක්ටර් යූ තමයි මට මිස්ටර් කිම්ව අඳුන්නලා දුන්නේ.</font>

833
00:49:40,477 --> 00:49:41,645
<font color="#ffeb46">මේ ඉන්නේ</font>

834
00:49:42,729 --> 00:49:46,024
<font color="#ffeb46">මගේ ටීම් එකේ මෙම්බර් කෙනෙක් වගේම මිස්ටර් කිම්ගේ වයිෆ්,
ගෝ දා-රිම්.</font>

835
00:49:46,108 --> 00:49:48,777
<font color="#ffeb46">අඳුනගන්න ලැබීම සතුටක්. මම ගෝ දා-රිම්.</font>

836
00:49:50,237 --> 00:49:51,738
<font color="#ffeb46">ඔයා එයාගේ වයිෆ්?</font>

837
00:49:51,822 --> 00:49:53,448
<font color="#ffeb46">-එයාගේ වයිෆ්?
-මිස් යූ?</font>

838
00:49:56,326 --> 00:49:59,037
<font color="#ffeb46">පොඩි වැඩක් ගැන</font>

839
00:49:59,121 --> 00:50:00,372
<font color="#ffeb46">මට ඔයා එක්ක කතා කරන්න තියෙනවා.</font>

840
00:50:01,415 --> 00:50:03,834
<font color="#ffeb46">අපි පොඩ්ඩක් එළියට ගිහින් කතා කරලා එන්නම්.</font>

841
00:50:04,418 --> 00:50:06,044
<font color="#ffeb46">-හා.
-යමු.</font>

842
00:50:06,128 --> 00:50:07,671
<font color="#ffeb46">මගේ පස්සෙන් එන්න.</font>

843
00:50:07,754 --> 00:50:08,755
<font color="#ffeb46">අපිට සමාවෙන්න.</font>

844
00:50:08,839 --> 00:50:09,923
<font color="#ffeb46">යමු.</font>

845
00:50:15,011 --> 00:50:17,806
<font color="#ffeb46">ඒ වුණාට,
කොහොමද ඔයා බැඳලා වගේ රඟපාන්නේ?</font>

846
00:50:18,890 --> 00:50:20,100
<font color="#ffeb46">ඉන්නකෝ.</font>

847
00:50:20,183 --> 00:50:21,017
<font color="#ffeb46">පොඩ්ඩක් ඉන්න.</font>

848
00:50:21,977 --> 00:50:25,313
<font color="#ffeb46">එයාගේ අම්මා මගේ ජීවිතේ බේරගත්තා.</font>

849
00:50:26,523 --> 00:50:29,109
<font color="#ffeb46">මම දන්නවා ඒක වැරදියි කියලා, ඒත් මට උදව් කරන්න සිද්ධ වුණා.</font>

850
00:50:29,818 --> 00:50:33,864
<font color="#ffeb46">ඔයාට පුළුවන්ද මේක රහසක් විදියට තියාගන්න?</font>

851
00:50:33,947 --> 00:50:34,906
<font color="#ffeb46">ප්ලීස්.</font>

852
00:50:35,490 --> 00:50:39,536
<font color="#ffeb46">එතකොට ඔයා කියන්නේ
මේක එයාගේ අම්මා වෙනුවෙන් කරන දෙයක්,</font>

853
00:50:39,619 --> 00:50:41,163
<font color="#ffeb46">එයා වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි කියලනේ?</font>

854
00:50:43,373 --> 00:50:44,291
<font color="#ffeb46">ඔව්.</font>

855
00:50:44,374 --> 00:50:48,503
<font color="#ffeb46">එහෙනම් ඒ කියන්නේ ඔයාලා දෙන්නා අනිවාර්යයෙන්ම,
ෂුවර් එකටම, සහතිකෙන්ම</font>

856
00:50:49,045 --> 00:50:50,297
<font color="#ffeb46">යාලුවෝ විතරයි, නේද?</font>

857
00:50:51,673 --> 00:50:52,758
<font color="#ffeb46">ඔව්.</font>

858
00:50:59,681 --> 00:51:01,349
<font color="#ffeb46">ඒක නම් හරිම අවාසනාවන්ත සිද්ධියක්,</font>

859
00:51:01,433 --> 00:51:05,353
<font color="#ffeb46">ඒත් අපරාධයක් වෙද්දි නොදැක්කා වගේ ඉන්න
මගේ හිත මට ඉඩ දෙන්නේ නෑ.</font>

860
00:51:08,023 --> 00:51:11,234
<font color="#ffeb46">හැබැයි ඉතින් ඔයා වැඩ කරන විදිය බලලා,
මට ඒක නොදැක්කා වගේ ඉන්න පුළුවන්.</font>

861
00:51:11,818 --> 00:51:13,195
<font color="#ffeb46">මම මොකක්ද කරන්න ඕනේ?</font>

862
00:51:13,278 --> 00:51:15,238
<font color="#ffeb46">මම ඕන දෙයක් කරන්නම්. කියන්න විතරයි තියෙන්නේ.</font>

863
00:51:23,622 --> 00:51:25,499
<font color="#ffeb46">ඔයාට ඒක අමාරු නම්,</font>

864
00:51:25,582 --> 00:51:27,834
<font color="#ffeb46">මම මගේ මහත්තයාට අස් වෙන්න කියන්නම්.</font>

865
00:51:29,419 --> 00:51:30,253
<font color="#ffeb46">මට ප්‍රශ්නයක් නෑ.</font>

866
00:51:31,254 --> 00:51:33,381
<font color="#ffeb46">අමාරු නම් අමාරු වෙන්න ඕනේ ඔයාටනේ.</font>

867
00:51:34,257 --> 00:51:37,385
<font color="#ffeb46">සමහරු වගේ මට සහකාරයෙක් නෑනේ.
මම වැරැද්දක් කරලත් නෑ.</font>

868
00:51:38,053 --> 00:51:39,554
<font color="#ffeb46">මම ඉන්නේ හරිම සැහැල්ලුවෙන්.</font>

869
00:51:40,847 --> 00:51:43,934
<font color="#ffeb46">මම ඔයාගේ මහත්තයාට කේලම කියයි කියලා
ඔයා බයෙන් ඇත්තේ.</font>

870
00:51:44,684 --> 00:51:45,727
<font color="#ffeb46">ඒත් බය වෙන්න එපා.</font>

871
00:51:46,937 --> 00:51:49,147
<font color="#ffeb46">මගේ කණ්ඩායමේ අයගේ
පෞද්ගලික ප්‍රශ්නවලට ඇඟිලි ගහන එක...</font>

872
00:51:51,566 --> 00:51:52,651
<font color="#ffeb46">මගේ පුරුද්දක් නෙවෙයි.</font>

873
00:51:53,318 --> 00:51:56,613
<font color="#ffeb46">මම එහෙම හිතාගෙන කිව්වේ නෑ,</font>

874
00:51:56,696 --> 00:51:58,448
<font color="#ffeb46">ඒත් කොහොම වුණත් ස්තූතියි.</font>

875
00:51:58,532 --> 00:52:01,076
<font color="#ffeb46">මම අමතක කරනවා කිව්වොත් අමතක කරනවාමයි.</font>

876
00:52:02,244 --> 00:52:03,745
<font color="#ffeb46">වැරදීමක්නේ.</font>

877
00:52:03,829 --> 00:52:05,038
<font color="#ffeb46">හදිසි අනතුරක් වගේ දෙයක්.</font>

878
00:52:05,121 --> 00:52:08,208
<font color="#ffeb46">නාඳුනන කෙනෙක් එක්ක
පිං පොං ගැහුවා වගේ වැඩක්නේ.</font>

879
00:52:09,584 --> 00:52:11,336
<font color="#ffeb46">මට ඕවා මතක හිටින්නේ නෑ.</font>

880
00:52:11,419 --> 00:52:12,629
<font color="#ffeb46">එහෙමද.</font>

881
00:52:14,798 --> 00:52:16,675
<font color="#ffeb46">එයාට නම් හැම දෙයක්ම මතකයි.</font>

882
00:52:20,720 --> 00:52:22,472
<font color="#ffeb46">ලෝකේ කොච්චර පොඩිද.</font>

883
00:52:22,556 --> 00:52:25,100
<font color="#ffeb46">කවුද හිතුවේ ඔයා
ගෝ මහත්මියගේ මහත්තයා වෙයි කියලා?</font>

884
00:52:25,183 --> 00:52:27,102
<font color="#ffeb46">ඔයාලා දෙන්නා හරිම ගැලපෙනවා.</font>

885
00:52:27,185 --> 00:52:30,021
<font color="#ffeb46">-හරිම ලස්සන ජෝඩුවක්.
-මටත් එහෙම හිතුණා.</font>

886
00:52:30,105 --> 00:52:32,524
<font color="#ffeb46">අනික ඔයාලා දෙන්නගේ ලොකු සමානකමකුත් තියෙනවා.</font>

887
00:52:32,607 --> 00:52:35,902
<font color="#ffeb46">අපි පොඩි කාලේ ඉඳන් යාළුවෝ.</font>

888
00:52:35,986 --> 00:52:38,154
<font color="#ffeb46">ඉතින් අවුරුදු ගාණක් එකට ඉඳලා
අපි එක වගේ වෙලාද කොහෙද</font>

889
00:52:38,238 --> 00:52:39,823
<font color="#ffeb46">මේච්චර කල් ගිහිල්ලත්.</font>

890
00:52:40,740 --> 00:52:43,076
<font color="#ffeb46">ඉතින් කොහොමද ඔයාලා
පොඩි කාලේ යාළුකම ඉඳන්,</font>

891
00:52:43,159 --> 00:52:46,329
<font color="#ffeb46">ආදරේට හැරිලා, අන්තිමට කසාද බැන්දේ?</font>

892
00:52:46,913 --> 00:52:49,791
<font color="#ffeb46">ඒක වුණේ මෙහෙමයි...</font>

893
00:52:49,875 --> 00:52:51,001
<font color="#ffeb46">ඒක නිකන්...</font>

894
00:52:51,084 --> 00:52:54,087
<font color="#ffeb46">ගොඩ කාලයක් යාළුවෝ වෙලා හිටපු නිසා
මුලදි නම් මට තේරුණේ නෑ,</font>

895
00:52:54,170 --> 00:52:57,007
<font color="#ffeb46">ඒත් පස්සේ මට තේරුණා
මම එයාට ආදරේ කරනවා කියලා.</font>

896
00:52:57,966 --> 00:52:58,967
<font color="#ffeb46">ඒක පිස්සුවක් වගේ ආදරයක්.</font>

897
00:52:59,885 --> 00:53:01,219
<font color="#ffeb46">ටික කාලයක් යනකන් ඒක මගේ හිතේ විතරයි තිබුණේ,</font>

898
00:53:01,303 --> 00:53:03,930
<font color="#ffeb46">ඒත් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කම
මට ඒක ඉවසගන්න බැරි වුණා.</font>

899
00:53:04,764 --> 00:53:05,932
<font color="#ffeb46">ඉතින් මම මගේ හිතේ තියෙන දේ කිව්වා.</font>

900
00:53:07,601 --> 00:53:09,436
<font color="#ffeb46">ඇයි මේ මගේ හිත ගැහෙන්නේ?</font>

901
00:53:09,519 --> 00:53:11,271
<font color="#ffeb46">ඔයාලා බැඳලා අවුරුදු හතක් කියන්නේ ඇත්තමද?</font>

902
00:53:13,398 --> 00:53:14,733
<font color="#ffeb46">සමා වෙන්න ඕනේ.</font>

903
00:53:15,567 --> 00:53:16,484
<font color="#ffeb46">-ඇයි ඒ?
-ඔයා දැන් පාවුණානේ.</font>

904
00:53:16,568 --> 00:53:17,611
<font color="#ffeb46">දැන් කතා කළා ඇති.</font>

905
00:53:18,695 --> 00:53:20,488
<font color="#ffeb46">මේ තේයූ ආට් හෝල් එකේ
නියෝජ්‍ය අධ්‍යක්ෂිකා යූ හා-යොන්ග්.</font>

906
00:53:20,572 --> 00:53:21,865
<font color="#ffeb46">මේ ව්‍යාපෘතියත් එක්ක කෙරෙන</font>

907
00:53:21,948 --> 00:53:23,408
<font color="#ffeb46">ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ එතුමිය.</font>

908
00:53:23,491 --> 00:53:24,784
<font color="#ffeb46">ආයුබෝවන්.</font>

909
00:53:24,868 --> 00:53:27,162
<font color="#ffeb46">ව්‍යාපෘතියේ අරමුණ හොඳ නිසා
අපිත් මේකට සම්බන්ධ වෙන්න තීරණය කළා.</font>

910
00:53:27,245 --> 00:53:31,166
<font color="#ffeb46">අපි බලාපොරොත්තු වෙනවා කිම් මහත්තයාට
පුළුවන් උපරිම සහයෝගය දෙන්න,</font>

911
00:53:31,249 --> 00:53:33,543
<font color="#ffeb46">ඉතින් මොනවා හරි ඕන වුණොත් මට කියන්න.</font>

912
00:53:33,627 --> 00:53:35,795
<font color="#ffeb46">එහෙනම් පුළුවන්ද අපට උදව් කරන්න</font>

913
00:53:35,879 --> 00:53:37,964
<font color="#ffeb46">ඉදිරිපත් කිරීමට ඕන කරන
දැන්වීම් ඡායාරූප ටික ගන්න?</font>

914
00:53:38,048 --> 00:53:41,927
<font color="#ffeb46">සමහර විට අපට ෆොටෝ ගන්න
දුර යන්නත් වෙයි.</font>

915
00:53:42,010 --> 00:53:42,886
<font color="#ffeb46">අනිවාර්යයෙන්ම.</font>

916
00:53:42,969 --> 00:53:46,264
<font color="#ffeb46">කොහේ ගියත් වියදම් ඔක්කොම අපි දරන්නම්.</font>

917
00:53:47,057 --> 00:53:49,267
<font color="#ffeb46">රෑ නවතින්න වුණත් අපි වියදම් කරනවා.</font>

918
00:53:50,143 --> 00:53:50,977
<font color="#ffeb46">අත්පුඩි හඬ.</font>

919
00:53:57,233 --> 00:53:58,068
<font color="#ffeb46">-මේ.
-ඇයි?</font>

920
00:53:58,151 --> 00:54:00,111
<font color="#ffeb46">ඔයා නම් මාර නළුවෙක්නේ.</font>

921
00:54:00,195 --> 00:54:01,738
<font color="#ffeb46">මට හිතුණා ඔයා ඇත්තටම මට කැමතියි කියලා.</font>

922
00:54:01,821 --> 00:54:03,031
<font color="#ffeb46">එහෙමද?</font>

923
00:54:03,114 --> 00:54:05,825
<font color="#ffeb46">කොහොමද එකපාරටම
ඔහොම ආදර කතාවක් හදාගත්තේ?</font>

924
00:54:06,660 --> 00:54:08,453
<font color="#ffeb46">අනේ රෝමියෝ!</font>

925
00:54:09,704 --> 00:54:11,247
<font color="#ffeb46">දැන් හිතට නිදහස්ද?</font>

926
00:54:11,331 --> 00:54:12,624
<font color="#ffeb46">ඔව්.</font>

927
00:54:12,707 --> 00:54:14,125
<font color="#ffeb46">ස්තූතියි යාළුවා.</font>

928
00:54:18,964 --> 00:54:21,758
<font color="#ffeb46">පැටියෝ, මම පස්සේ ගෙදරදි හම්බවෙන්නම්.</font>

929
00:54:21,841 --> 00:54:23,134
<font color="#ffeb46">-හා.
-ගෝ දා-රිම් මහත්මිය.</font>

930
00:54:23,218 --> 00:54:24,678
<font color="#ffeb46">ඉස්සරහ එහෙම කරන්න ඕන නෑ...</font>

931
00:54:24,761 --> 00:54:25,804
<font color="#ffeb46">ලිෆ්ට් එක!</font>

932
00:54:27,722 --> 00:54:30,016
<font color="#ffeb46">ආවා.</font>

933
00:54:32,644 --> 00:54:33,728
<font color="#ffeb46">ෂ්, ඒක රහසක්!</font>

934
00:54:33,812 --> 00:54:36,147
<font color="#ffeb46">-ඇයි මගේ කට වැහුවේ?
-ඒකනේ...</font>

935
00:54:36,773 --> 00:54:37,774
<font color="#ffeb46">යූ මහත්මිය.</font>

936
00:54:37,857 --> 00:54:40,110
<font color="#ffeb46">ඔයා රහස රකිනවා කිව්ව නිසා,</font>

937
00:54:40,193 --> 00:54:43,113
<font color="#ffeb46">දා-රිම් ඉස්සරහත් නොදන්නවා වගේ ඉන්න පුළුවන්ද?</font>

938
00:54:43,196 --> 00:54:45,782
<font color="#ffeb46">ඇයි? මගේ ඉස්සරහ රඟපාන්න ඕන නෑනේ.</font>

939
00:54:45,865 --> 00:54:49,411
<font color="#ffeb46">එයා එහෙම පෙනුනට,
එයා හරිම බොළඳයි, බයයි.</font>

940
00:54:50,495 --> 00:54:51,955
<font color="#ffeb46">ඔයා දන්නවා කියලා එයා දැනගත්තොත්,</font>

941
00:54:52,038 --> 00:54:54,165
<font color="#ffeb46">එයා කලබල වෙලා වැඩේ නාගනියි.</font>

942
00:54:55,208 --> 00:54:59,546
<font color="#ffeb46">ඒ නිසා ඒක අපි අතර විතරක් තියාගත්තොත් හොඳයි.</font>

943
00:54:59,629 --> 00:55:01,798
<font color="#ffeb46">ඔයා නම් හරිම හොඳ කෙනෙක්නේ.</font>

944
00:55:05,969 --> 00:55:08,263
<font color="#ffeb46">-එහෙනම් අද මට වෙලාව දෙන්න.
-අද?</font>

945
00:55:09,806 --> 00:55:11,933
<font color="#ffeb46">මට කරන්න ආස හිතෙන දෙයක් මතක් වුණා.</font>

946
00:55:13,184 --> 00:55:14,394
<font color="#ffeb46">මගේ පළවෙනි උපන්දිනේ ෆොටෝ ටික ගන්න.</font>

947
00:55:16,021 --> 00:55:17,439
<font color="#ffeb46">මේක මට පුරවලා දෙන්න.</font>

948
00:55:18,148 --> 00:55:19,065
<font color="#ffeb46">මොකක්ද මේ?</font>

949
00:55:19,149 --> 00:55:22,777
<font color="#ffeb46">ඔයාට හිනා යන දේවල් ලියන්න විතරයි තියෙන්නේ.</font>

950
00:55:22,861 --> 00:55:24,571
<font color="#ffeb46">මට හිනා යන දේවල්?</font>

951
00:55:31,369 --> 00:55:33,288
<font color="#ffeb46">ෆයිඩ්, බබාලා, අශ්වයෝ පැදීම,
ගිටාර්,</font>

952
00:55:33,371 --> 00:55:35,790
<font color="#ffeb46">බීතෝවන්, ක්වොකාලා, කරුණාවන්ත උණුසුම් කෙනෙක්</font>

953
00:55:38,001 --> 00:55:39,294
<font color="#ffeb46">හරි.</font>

954
00:55:44,007 --> 00:55:46,092
<font color="#ffeb46">අපි පොඩ්ඩක් කතා කරමුද?</font>

955
00:55:46,593 --> 00:55:47,552
<font color="#ffeb46">මගේ ඉරියව්ව කොහොමද?</font>

956
00:55:47,635 --> 00:55:48,762
<font color="#ffeb46">පළවෙනි පාරටද පදින්නේ?</font>

957
00:55:49,429 --> 00:55:51,598
<font color="#ffeb46">මම අවුරුදු 6 ඉඳන් අශ්වයෝ පදිනවා.</font>

958
00:55:51,681 --> 00:55:52,932
<font color="#ffeb46">කොහොමද දැනුණේ</font>

959
00:55:53,933 --> 00:55:54,934
<font color="#ffeb46">පළවෙනි පාරට පදිද්දි?</font>

960
00:55:55,685 --> 00:55:56,770
<font color="#ffeb46">හරිම විනෝදයි.</font>

961
00:55:56,853 --> 00:55:59,314
<font color="#ffeb46">මට අශ්වයා එක්ක
හොඳට ගනුදෙනු කරන්න පුළුවන් වුණා.</font>

962
00:55:59,397 --> 00:56:02,358
<font color="#ffeb46">මගේ අශ්වයා හරිම හුරතල්. මට එයා නැතුව පාළුයි.</font>

963
00:56:02,442 --> 00:56:03,401
<font color="#ffeb46">දැන් එයා කොහෙද?</font>

964
00:56:03,485 --> 00:56:05,028
<font color="#ffeb46">ජේජු දූපතේ.</font>

965
00:56:05,820 --> 00:56:08,323
<font color="#ffeb46">එයාලා හරිම හුරතල්. මට එයාලව ගොඩක් මතක් වෙනවා.</font>

966
00:56:57,956 --> 00:56:59,124
<font color="#ffeb46">ඇයි ඔයාට පළවෙනි උපන්දිනේ ෆොටෝ ගන්න ඕන වුණේ?</font>

967
00:56:59,207 --> 00:57:00,625
<font color="#ffeb46">ඒ කාලේ ගත්ත ෆොටෝ නැද්ද?</font>

968
00:57:00,708 --> 00:57:03,545
<font color="#ffeb46">නෑ. අම්මලා තාත්තලා නිතරම කාර්යබහුල වුණානේ.</font>

969
00:57:04,087 --> 00:57:06,589
<font color="#ffeb46">පොඩි කාලේ මම ගොඩක් වෙලාවට තනියම හිටියේ.</font>

970
00:57:06,673 --> 00:57:07,715
<font color="#ffeb46">ගෙදර වැඩ කරන කෙනා නම් හිටියා.</font>

971
00:57:08,299 --> 00:57:10,552
<font color="#ffeb46">ඒකයි මම හිතුවේ
දැන්වත් ඒ වගේ ෆොටෝ ටිකක් ගන්න ඕනේ කියලා.</font>

972
00:57:10,635 --> 00:57:13,471
<font color="#ffeb46">මේ ඔක්කොම එක වගේනේ.
මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බෑ.</font>

973
00:57:18,184 --> 00:57:19,352
<font color="#ffeb46">පොඩ්ඩක් දෙන්නකෝ බලන්න.</font>

974
00:57:21,729 --> 00:57:22,689
<font color="#ffeb46">මට හිතෙන්නේ...</font>

975
00:57:24,315 --> 00:57:26,943
<font color="#ffeb46">මේකයි, මේකයි,</font>

976
00:57:27,527 --> 00:57:29,529
<font color="#ffeb46">මේකයි තමයි හොඳම.</font>

977
00:57:31,823 --> 00:57:33,283
<font color="#ffeb46">ආ, ඇත්තටමද?</font>

978
00:57:33,908 --> 00:57:34,826
<font color="#ffeb46">ඔයාට එහෙම හිතෙනවද?</font>

979
00:57:35,493 --> 00:57:36,661
<font color="#ffeb46">ඔව්, ඒවා ලස්සනයි.</font>

980
00:57:42,125 --> 00:57:43,418
<font color="#ffeb46">ඇයි?</font>

981
00:57:43,501 --> 00:57:45,962
<font color="#ffeb46">ඇයි ඒවා ලස්සන?</font>

982
00:57:46,713 --> 00:57:47,839
<font color="#ffeb46">ඔයා හිනාවෙලා ඉන්නවනේ.</font>

983
00:57:51,176 --> 00:57:52,802
<font color="#ffeb46">ඔයා ඇත්තටම බබෙක් වගේ,</font>

984
00:57:53,386 --> 00:57:54,512
<font color="#ffeb46">ඔහොම ලස්සනට හිනාවෙද්දි.</font>

985
00:57:55,638 --> 00:57:58,183
<font color="#ffeb46">මේක මගේ පළවෙනි උපන්දින ෆොටෝෂූට් එක නිසා,</font>

986
00:57:58,266 --> 00:58:00,435
<font color="#ffeb46">මම බබෙක් වගේ පේන ඒවාම තෝරගන්නම්.</font>

987
00:58:00,518 --> 00:58:01,603
<font color="#ffeb46">හා.</font>

988
00:58:01,686 --> 00:58:04,772
<font color="#ffeb46">එහෙනම් මේකයි, මේකයි, මේකයි.</font>

989
00:58:04,856 --> 00:58:07,108
<font color="#ffeb46">මම ඒ තුන ප්‍රින්ට් කරලා දෙන්නම්.</font>

990
00:58:08,234 --> 00:58:09,277
<font color="#ffeb46">දැන් ඉවරයිනේ?</font>

991
00:58:09,777 --> 00:58:11,154
<font color="#ffeb46">නෑ, තාම නෑ.</font>

992
00:58:11,237 --> 00:58:13,531
<font color="#ffeb46">මට ඇල්බම් එකක් හදන්න ඕනේ.</font>

993
00:58:13,615 --> 00:58:14,616
<font color="#ffeb46">ෆොටෝ 22ක් දාන්න පුළුවන් එකක්.</font>

994
00:58:18,203 --> 00:58:20,371
<font color="#ffeb46">මට වෙන වැඩක් තියෙනවා.</font>

995
00:58:20,455 --> 00:58:21,706
<font color="#ffeb46">මම අද ඔක්කොම ගන්නේ නෑ.</font>

996
00:58:22,290 --> 00:58:24,834
<font color="#ffeb46">වෙලාව, තැන, කරන්න ඕන විදිය මම තීරණය කරන්නම්.</font>

997
00:58:24,918 --> 00:58:27,086
<font color="#ffeb46">ඔයා ඇවිත් ෆොටෝ ටික ගත්තම ඇති.</font>

998
00:58:27,921 --> 00:58:30,632
<font color="#ffeb46">ඒ කියන්නේ තව 19ක් ගන්න තියෙනවා.</font>

999
00:58:31,591 --> 00:58:32,717
<font color="#ffeb46">ඔයාලා දන්නවනේ නේද?</font>

1000
00:58:32,800 --> 00:58:34,844
<font color="#ffeb46">-පොඩ්ඩක් ඉන්න ළමයි.
-ඔයාලට ළමයි ඉන්නවා නම් දන්නවනේ.</font>

1001
00:58:34,928 --> 00:58:36,763
<font color="#ffeb46">-අනිවාර්යයෙන්ම.
-ලොකුවට චලනය වෙන්න ඕනේ.</font>

1002
00:58:36,846 --> 00:58:38,389
<font color="#ffeb46">-ලොකුවට අතපය හොලවන්න ඕනේ.
-ඔව්, ඒක හරි.</font>

1003
00:58:38,473 --> 00:58:40,350
<font color="#ffeb46">අපි කරන්නේ පරිසර හිතකාමී සංකල්පයක්.</font>

1004
00:58:40,433 --> 00:58:42,185
<font color="#ffeb46">-ඔව්, අපි යන්නේ ඒකට තමයි.
-ඒක හරි.</font>

1005
00:58:48,691 --> 00:58:50,568
<font color="#ffeb46">මේ පැත්තට එන්න!</font>

1006
00:58:51,861 --> 00:58:54,864
<font color="#ffeb46">නියමයි! ඔහොම යමු!</font>

1007
00:58:54,948 --> 00:58:56,282
<font color="#ffeb46">අන්න හරි!</font>

1008
00:59:00,703 --> 00:59:02,664
<font color="#ffeb46">දිගටම කරමු!</font>

1009
00:59:03,540 --> 00:59:05,375
<font color="#ffeb46">කවුද මේවා පස්සේ යන්න කැමති?</font>

1010
00:59:05,458 --> 00:59:07,043
<font color="#ffeb46">කවුද මගේ පස්සේ එන්න කැමති?</font>

1011
00:59:07,126 --> 00:59:09,420
<font color="#ffeb46">කවුද ඒවා අල්ලන්න කැමති?</font>

1012
00:59:15,843 --> 00:59:17,637
<font color="#ffeb46">අපි පොඩි විවේකයක් ගමු.</font>

1013
00:59:17,720 --> 00:59:19,097
<font color="#ffeb46">-හා.
-අපි පොඩ්ඩක් නවත්තමු ළමයි.</font>

1014
00:59:19,180 --> 00:59:21,516
<font color="#ffeb46">යමු අපි විවේකයක් ගමු.</font>

1015
00:59:21,599 --> 00:59:22,642
<font color="#ffeb46">ළමයි.</font>

1016
00:59:25,728 --> 00:59:26,729
<font color="#ffeb46">කිම් සොන්-වූ.</font>

1017
00:59:28,106 --> 00:59:30,066
<font color="#ffeb46">-නියමයි.
-මගේ ෆොටෝ ගන්න එපා.</font>

1018
00:59:30,149 --> 00:59:31,109
<font color="#ffeb46">ලස්සනයි. ඔහොම ඉන්න.</font>

1019
00:59:32,944 --> 00:59:33,778
<font color="#ffeb46">බලන්නකෝ.</font>

1020
00:59:34,946 --> 00:59:36,573
<font color="#ffeb46">-මොකක්ද ඒ?
-ඒක ලස්සනට ඇවිත් තියෙනවා.</font>

1021
00:59:37,532 --> 00:59:40,076
<font color="#ffeb46">ඔයා අද මාරයිනේ. නියම වැඩ්ඩෙක් වගේ.</font>

1022
00:59:40,159 --> 00:59:43,079
<font color="#ffeb46">ඕක අලුත් දෙයක් නෙවෙයිනේ.
ඔයා මම වැඩ කරනවා දැකලා තියෙනවනේ.</font>

1023
00:59:43,162 --> 00:59:45,790
<font color="#ffeb46">ඒ වුණාට ස්ටූඩියෝ එකෙන් එළියෙදි දකිද්දි
වෙනස්ම ගතියක් තියෙනවා.</font>

1024
00:59:45,873 --> 00:59:46,874
<font color="#ffeb46">-පොඩ්ඩක් ඉන්න.
-මොකක්ද?</font>

1025
00:59:46,958 --> 00:59:49,043
<font color="#ffeb46">මෙතන මොකක්ද තියෙනවා.</font>

1026
00:59:49,586 --> 00:59:50,503
<font color="#ffeb46">ස්තූතියි.</font>

1027
00:59:51,004 --> 00:59:52,880
<font color="#ffeb46">එහෙනම් මගේ ලස්සන ෆොටෝ එකක් ගන්නකෝ.</font>

1028
00:59:54,757 --> 00:59:55,675
<font color="#ffeb46">පනින්න බලන්න.</font>

1029
00:59:55,758 --> 00:59:56,884
<font color="#ffeb46">හරි ෂෝක්.</font>

1030
00:59:56,968 --> 00:59:58,511
<font color="#ffeb46">තව ජොලි කරන්නකෝ.</font>

1031
00:59:58,595 --> 00:59:59,804
<font color="#ffeb46">ආ, මමද?</font>

1032
01:00:01,556 --> 01:00:04,309
<font color="#ffeb46">-ඕකටද නිකන් යාළුවෝ කියන්නේ?
-පොඩ්ඩක් ඉන්න.</font>

1033
01:00:04,392 --> 01:00:06,978
<font color="#ffeb46">කිම් මහත්තයා, කාලම පටන් ගමු.</font>

1034
01:00:09,355 --> 01:00:10,690
<font color="#ffeb46">මෙතන හුළං හරි නෑ.</font>

1035
01:00:10,773 --> 01:00:11,649
<font color="#ffeb46">යමු.</font>

1036
01:00:13,693 --> 01:00:16,571
<font color="#ffeb46">-අම්මේ!
-ටීම් එක!</font>

1037
01:00:16,654 --> 01:00:17,530
<font color="#ffeb46">අද හොඳට වැඩ කළා.</font>

1038
01:00:17,614 --> 01:00:19,324
<font color="#ffeb46">-හොඳට කළා.
-නියමයි.</font>

1039
01:00:19,407 --> 01:00:21,701
<font color="#ffeb46">-මාර සනීපයි.
-ෂා, මාරයිනේ.</font>

1040
01:00:21,784 --> 01:00:24,579
<font color="#ffeb46">මෙහෙම කෑමක් කෑවේ ගොඩ කාලෙකින්.</font>

1041
01:00:24,662 --> 01:00:25,997
<font color="#ffeb46">මගේ උපන්දිනේ වගේ.</font>

1042
01:00:26,080 --> 01:00:27,081
<font color="#ffeb46">අද වියදම් කරන්නේ මම,</font>

1043
01:00:27,165 --> 01:00:29,250
<font color="#ffeb46">-ඒ නිසා ඇති වෙනකන් කන්න.
-එහෙමයි.</font>

1044
01:00:29,334 --> 01:00:30,752
<font color="#ffeb46">-ස්තූතියි.
-ස්තූතියි.</font>

1045
01:00:30,835 --> 01:00:34,005
<font color="#ffeb46">ළමයි ගැන වද නොවී එළියෙන් කෑවේ
අවුරුදු ගාණකින්.</font>

1046
01:00:34,088 --> 01:00:37,216
<font color="#ffeb46">සතියකට එක සැරයක්
ට්‍රිප් එකක් ගියොත් මොකද?</font>

1047
01:00:37,300 --> 01:00:38,301
<font color="#ffeb46">යමුද?</font>

1048
01:00:40,720 --> 01:00:42,138
<font color="#ffeb46">-දා-රිම්, ඔතන මස් නෑනේ.
-එහෙමද?</font>

1049
01:00:42,221 --> 01:00:43,973
<font color="#ffeb46">-නන්-සුක්, මේක හරි රහයි.
-ඇත්තට?</font>

1050
01:00:45,433 --> 01:00:47,101
<font color="#ffeb46">-ඇබලෝන්.
-ස්තූතියි.</font>

1051
01:00:48,019 --> 01:00:48,853
<font color="#ffeb46">ස්තූතියි.</font>

1052
01:00:53,650 --> 01:00:55,360
<font color="#ffeb46">කිම් මහත්තයත් කන්නකෝ.</font>

1053
01:00:55,443 --> 01:00:58,237
<font color="#ffeb46">අද මහන්සි වුණේ ඔයා,
ඒ වුණාට ඔයා වයිෆ් ගැන විතරයි බලන්නේ.</font>

1054
01:00:58,321 --> 01:00:59,947
<font color="#ffeb46">සමාවෙන්න, ඒක දැන් පුරුද්දක් වෙලා.</font>

1055
01:01:01,699 --> 01:01:02,700
<font color="#ffeb46">කන්න පැටියෝ.</font>

1056
01:01:03,826 --> 01:01:04,952
<font color="#ffeb46">පැටියෝ...</font>

1057
01:01:11,626 --> 01:01:12,794
<font color="#ffeb46">ඔයත්, පැටියෝ.</font>

1058
01:01:14,003 --> 01:01:17,340
<font color="#ffeb46">බලන්නකෝ ඒ ආදරේ උතුරන හැටි.
මම අර ෂූට් එක වෙලාවෙත් දැක්කා.</font>

1059
01:01:17,423 --> 01:01:19,467
<font color="#ffeb46">මේ වගේ මහත්තයෙක්ව
කොහෙන් හොයන්නද?</font>

1060
01:01:19,550 --> 01:01:21,719
<font color="#ffeb46">මහත්තයෙක් එයාගේ නෝනට
ඔච්චර හොඳට සලකනවා කියන්නේ,</font>

1061
01:01:21,803 --> 01:01:23,971
<font color="#ffeb46">ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන්.</font>

1062
01:01:24,055 --> 01:01:26,599
<font color="#ffeb46">එක, එයා මනුස්සයෙක් නෙවෙයි. එයා දේව දූතයෙක්.</font>

1063
01:01:26,683 --> 01:01:30,353
<font color="#ffeb46">එහෙම නැත්නම් දෙක, එයා නෝනගෙන්
ලොකු රහසක් හංගන් ඉන්නවා.</font>

1064
01:01:37,735 --> 01:01:40,279
<font color="#ffeb46">මොනවා හංගන්නද?
එයා පිට යන පාටක් නම් නෑනේ.</font>

1065
01:01:40,363 --> 01:01:41,489
<font color="#ffeb46">අනිවාර්යයෙන්ම.</font>

1066
01:01:41,572 --> 01:01:44,409
<font color="#ffeb46">එයා ඇත්තටම දේව දූතයෙක්. ඒකයි.</font>

1067
01:01:44,492 --> 01:01:47,328
<font color="#ffeb46">-මම දේව දූතයෙක්?
-අනිවාර්යයෙන්ම.</font>

1068
01:01:48,705 --> 01:01:50,289
<font color="#ffeb46">ඒක බොරු.</font>

1069
01:01:51,040 --> 01:01:52,041
<font color="#ffeb46">ඇත්තම දේව දූතයා</font>

1070
01:01:52,792 --> 01:01:54,877
<font color="#ffeb46">ඉන්නේ මෙතන.</font>

1071
01:01:56,045 --> 01:01:58,840
<font color="#ffeb46">-ඕක අමතක කරන්න. අපි බොමු.
-බොමු බොමු.</font>

1072
01:01:58,923 --> 01:02:01,134
<font color="#ffeb46">-මම මේ මොකක්ද දැක්කේ? අප්පා.
-විශ්වාස කරන්නත් බෑ.</font>

1073
01:02:01,217 --> 01:02:03,261
<font color="#ffeb46">බොන්නකෝ, නන්-සුක්.</font>

1074
01:02:03,761 --> 01:02:04,679
<font color="#ffeb46">අනේ මන්දා.</font>

1075
01:02:14,897 --> 01:02:15,898
<font color="#ffeb46">හරිම ලස්සනයි.</font>

1076
01:02:17,608 --> 01:02:20,862
<font color="#ffeb46">පළවෙනි උපන්දිනේ ෆොටෝ ටික ගන්න
මේ කාලගුණය මරු.</font>

1077
01:02:20,945 --> 01:02:22,530
<font color="#ffeb46">මිස් යූ?</font>

1078
01:02:23,448 --> 01:02:26,117
<font color="#ffeb46">මම හිතුවා මේ මල් බැක්ග්‍රවුන්ඩ් එක
ගොඩක් හොඳ වෙයි කියලා.</font>

1079
01:02:26,200 --> 01:02:27,493
<font color="#ffeb46">මේ වෙලාවෙම?</font>

1080
01:02:27,577 --> 01:02:30,288
<font color="#ffeb46">ඔව්, වෙලාවයි, තැනයි, කොන්සෙප්ට් එකයි
තීරණය කරන්නේ මම.</font>

1081
01:02:30,371 --> 01:02:33,082
<font color="#ffeb46">ඔයා කරන්න ඕනේ ෆොටෝ ගන්න එක විතරයි.
ඒකනේ අපේ ගිවිසුම, නේද?</font>

1082
01:02:33,666 --> 01:02:34,834
<font color="#ffeb46">ඒක හරි.</font>

1083
01:02:51,267 --> 01:02:52,477
<font color="#ffeb46">මට නම් වෙරි වීගෙන එන්නේ.</font>

1084
01:02:54,103 --> 01:02:55,646
<font color="#ffeb46">මම පොඩ්ඩක් හුළං වැදිලා එන්නම්.</font>

1085
01:02:56,522 --> 01:02:58,775
<font color="#ffeb46">දා-රිම්, ඔයා කොහෙද යන්නේ?</font>

1086
01:02:58,858 --> 01:03:00,067
<font color="#ffeb46">මම නිකන් පොඩ්ඩක් එළියට යනවා.</font>

1087
01:03:00,151 --> 01:03:01,736
<font color="#ffeb46">ආවම මාත් එක්ක ෂොට් එකක් දාන්න ඕනේ.</font>

1088
01:03:01,819 --> 01:03:04,447
<font color="#ffeb46">-හා.
-ඔයාට වැඩි වෙලා වගේ නේද?</font>

1089
01:03:05,281 --> 01:03:06,824
<font color="#ffeb46">දා-රිම්ට බොන්න බැරිද?</font>

1090
01:03:06,908 --> 01:03:08,409
<font color="#ffeb46">මම නම් එහෙම හිතන්නේ නෑ.</font>

1091
01:03:09,202 --> 01:03:10,870
<font color="#ffeb46">බලන්නකෝ එයාගේ මායම්!</font>

1092
01:03:15,374 --> 01:03:17,794
<font color="#ffeb46">ෂා, මිස්ටර් ගොන්ග්!</font>

1093
01:03:17,877 --> 01:03:20,129
<font color="#ffeb46">මම ඔයාට එකක් දාන්නම්.</font>

1094
01:03:20,213 --> 01:03:22,006
<font color="#ffeb46">මට ඔයා එක්ක නිදහසේ ටිකක් කතා කරන්න ඕනේ.</font>

1095
01:03:23,674 --> 01:03:24,842
<font color="#ffeb46">එක උගුරට බොන්න.</font>

1096
01:03:24,926 --> 01:03:26,093
<font color="#ffeb46">මාර මනුස්සයෙක්නේ.</font>

1097
01:03:27,094 --> 01:03:29,514
<font color="#ffeb46">මටත් එකක් දාන්නකෝ, මිස්ටර් ගොන්ග්.</font>

1098
01:03:29,597 --> 01:03:30,973
<font color="#ffeb46">ස්තූතියි.</font>

1099
01:03:31,057 --> 01:03:32,850
<font color="#ffeb46">-ෂා, මරු පාටයි.
-මටත්!</font>

1100
01:03:32,934 --> 01:03:34,519
<font color="#ffeb46">-මටත්.
-මටත්.</font>

1101
01:03:34,602 --> 01:03:36,020
<font color="#ffeb46">මට නම් ටොයිලට් යන්නම වෙනවා.</font>

1102
01:03:38,105 --> 01:03:39,106
<font color="#ffeb46">හොඳයි.</font>

1103
01:03:39,190 --> 01:03:40,149
<font color="#ffeb46">ඒක හොඳයි.</font>

1104
01:03:42,735 --> 01:03:45,071
<font color="#ffeb46">-කොහොමද?
-පොඩ්ඩක් ඉන්න.</font>

1105
01:03:46,989 --> 01:03:49,158
<font color="#ffeb46">ටිකක් අඳුරට වදින්නේ.</font>

1106
01:03:49,242 --> 01:03:50,868
<font color="#ffeb46">ඊළඟ පාර හොඳට
එළිය තියෙන වෙලාවක ගමු.</font>

1107
01:03:52,203 --> 01:03:53,371
<font color="#ffeb46">හා.</font>

1108
01:03:53,454 --> 01:03:54,580
<font color="#ffeb46">යමු.</font>

1109
01:03:55,164 --> 01:03:58,167
<font color="#ffeb46">ඔයාට අද රෑට මිස් ගෝ එක්ක
කාමරේ ඉන්න වෙයි.</font>

1110
01:03:58,251 --> 01:03:59,210
<font color="#ffeb46">ඔයාට කමක් නැද්ද?</font>

1111
01:03:59,293 --> 01:04:02,213
<font color="#ffeb46">ඔව්, අවුලක් නෑ.
අපි අවුරුදු 20කටත් වඩා යාළුවොනේ.</font>

1112
01:04:02,922 --> 01:04:04,340
<font color="#ffeb46">ඒකයි භයානක...</font>

1113
01:04:04,423 --> 01:04:06,634
<font color="#ffeb46">ඒ කියන්නේ, ඔයාට අපහසුයිනේ.</font>

1114
01:04:07,885 --> 01:04:10,179
<font color="#ffeb46">ඔයා පස්සේ එළියට ආවොත් මොකද?</font>

1115
01:04:10,263 --> 01:04:11,472
<font color="#ffeb46">මම ඔයාට වෙන කාමරයක් අරන් දෙන්නම්.</font>

1116
01:04:11,556 --> 01:04:13,891
<font color="#ffeb46">-ඔයා එහෙම කරන්න ඕන--
-මම ඒකට කැමති නෑ.</font>

1117
01:04:21,357 --> 01:04:22,650
<font color="#ffeb46">එයා කොහෙද?</font>

1118
01:04:23,901 --> 01:04:24,735
<font color="#ffeb46">ශික්.</font>

1119
01:04:27,947 --> 01:04:29,532
<font color="#ffeb46">මොකද වෙන්නේ? එයාලා රණ්ඩු වෙනවද?</font>

1120
01:04:47,216 --> 01:04:49,385
<font color="#ffeb46">ආ, ඔයා මෙතනද මිස්ටර් ගොන්ග්.</font>

1121
01:05:02,398 --> 01:05:04,609
<font color="#ffeb46">ආ, ඔයාටත් හුළං ටිකක් වැදිල එන්න--</font>

1122
01:05:41,604 --> 01:05:46,525
<font color="#e3a113"><b>ඩයිනමයිට් කිස්</b></font>

1123
01:06:16,639 --> 01:06:19,058
<font color="#ffeb46">මොකද මේ? ඔයා හරියට බරටම
ටොයිලට් බර හැදිලා වගේනේ.</font>

1124
01:06:19,141 --> 01:06:20,559
<font color="#ffeb46">ඔයාලා දෙන්නා එකටද ආවේ?</font>

1125
01:06:21,727 --> 01:06:22,895
<font color="#ffeb46">ඔයාට විශ්වාසද?</font>

1126
01:06:22,979 --> 01:06:24,355
<font color="#ffeb46">-එතකොටනේ ගතියක් තියෙන්නේ.
-දඟකාරයා.</font>

1127
01:06:24,438 --> 01:06:26,232
<font color="#ffeb46">ඒ දෙන්නටම පිස්සු හැදිලද කොහෙද.</font>

1128
01:06:26,315 --> 01:06:28,693
<font color="#ffeb46">පිරිමියෙක් විදියට ඔයා මම ගැන මොකද හිතන්නේ?</font>

1129
01:06:28,776 --> 01:06:30,695
<font color="#ffeb46">ජි-හියොක්, මගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා.</font>

1130
01:06:30,778 --> 01:06:32,738
<font color="#ffeb46">මම දැක්කා ඔයයි කිම් සොන්-වූයි කිස් කරනවා.</font>

1131
01:06:33,614 --> 01:06:34,657
<font color="#ffeb46">මට පිස්සු හැදෙයි.</font>

1132
01:06:34,740 --> 01:06:37,702
<font color="#ffeb46">මිස් ගෝ කියන්නේ නිකන්
සාමාන්‍ය ගෑනු කෙනෙක්, අම්මා කෙනෙක්.</font>

1133
01:06:37,785 --> 01:06:39,495
<font color="#ffeb46">ඔයා මොකටද එයා ගැන වද වෙන්නේ?</font>

1134
01:06:40,496 --> 01:06:41,706
<font color="#ffeb46">මොකද එයා මගේ ටීම් එකේ කෙනෙක් නිසා.</font>

1135
01:06:41,789 --> 01:06:45,918
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

