1
00:00:06,297 --> 00:00:09,092
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:09,175 --> 00:00:10,385


3
00:00:43,418 --> 00:00:44,335
<font color="#ffbf46">ඔයාට මතකද?</font>

4
00:00:44,419 --> 00:00:48,423
<font color="#ffbf46">ඔව්. ලී සියෝ-ජින් <i>ග්‍රෑන්ඩ්පාස් ඕවර් ෆ්ලවර්ස් </i> වැඩසටහනට
බයිකර් බෑග් එකක් එක්ක ආවට පස්සේ,</font>

5
00:00:48,506 --> 00:00:50,300
<font color="#ffbf46">ටික කාලෙකට ඒක ගොඩක් හොඳට අලෙවි වුණා.</font>

6
00:00:50,383 --> 00:00:52,969
<font color="#ffbf46"><i>එතකොට ඒ බෑග් ඉවර වෙලා තිබුණේ,</i>
<i>ඉතින් මම අවුරුදු ගාණක් බලන් හිටියා.</i></font>

7
00:00:53,053 --> 00:00:55,680
<font color="#ffbf46"><i>මට අන්තිමේදී ඒක ගන්න පුළුවන් වුණේ</i>
Returns <i>විකාශය වෙනකොටයි.</i></font>

8
00:00:55,764 --> 00:00:57,474
<font color="#ffbf46"><i>එතනදි තමයි මට අර ගැහැණු කෙනාව හම්බවුණේ.</i></font>

9
00:00:58,183 --> 00:01:00,852
<font color="#ffbf46">ඒ වැඩසටහන ගියේ 2018 දි,
ඉතින් ඒ කියන්නේ මීට අවුරුදු පහකට කලින්.</font>

10
00:01:18,912 --> 00:01:21,081
<font color="#ffbf46">ඔයාට එයාගේ නමත් මතකද?</font>

11
00:01:21,164 --> 00:01:22,874
<font color="#ffbf46"><i>ඔව්, එයාගේ නම...</i></font>

12
00:01:22,957 --> 00:01:24,667
<font color="#ffbf46">එයා මොක් ගා-හි නේද?</font>

13
00:01:25,168 --> 00:01:27,212
<font color="#ffbf46">හරියටම හරි! ඔයා කොහොමද දන්නේ?</font>

14
00:01:32,592 --> 00:01:33,802
<font color="#ffbf46">මේ, ඒක මෙතන නෑ.</font>

15
00:01:33,885 --> 00:01:35,095
<font color="#ffbf46">නැද්ද?</font>

16
00:01:35,929 --> 00:01:37,138
<font color="#ffbf46">මේකෙන් මාව පිස්සු වැටෙනවා.</font>

17
00:01:40,642 --> 00:01:42,310
<font color="#ffbf46">ඇයි මට එයාව එකපාරටම අඳුරගන්න බැරි වුණේ?</font>

18
00:01:42,393 --> 00:01:45,271
<font color="#ffbf46">එයාට තිබුණේ ලේසියෙන් අමතක කරන්න බැරි මූණක්.
ශික්.</font>

19
00:01:45,355 --> 00:01:46,439
<font color="#ffbf46"><i>එයා ලස්සන නිසාද?</i></font>

20
00:01:49,400 --> 00:01:50,819
<font color="#ffbf46">වෙන හේතුවක් නිසා.</font>

21
00:01:55,990 --> 00:01:56,825
<font color="#ffbf46">මට හම්බවුණා!</font>

22
00:01:56,908 --> 00:01:58,159
<font color="#ffbf46">2018 සේවක විශේෂ විකුණුම්</font>

23
00:01:58,243 --> 00:02:00,745
<font color="#ffbf46"><i>අපි ළඟදීම ඇතුළුවීම ආරම්භ කරනවා.</i></font>

24
00:02:01,246 --> 00:02:06,292
<font color="#ffbf46"><i>ලේසියෙන් ඇතුළු වෙන්න ඔබේ ආරාධනා පත්‍රය</i>
<i>සහ සේවක හැඳුනුම්පත සූදානම් කරගන්න.</i></font>

25
00:02:06,918 --> 00:02:09,504
<font color="#ffbf46"><i>අපි ළඟදීම ඇතුළුවීම ආරම්භ කරනවා.</i></font>

26
00:02:10,004 --> 00:02:13,716
<font color="#ffbf46"><i>කරුණාකර ඔබේ ආරාධනා පත්‍රය</i>
<i>සහ සේවක හැඳුනුම්පත සූදානම්...</i></font>

27
00:02:13,800 --> 00:02:15,927
<font color="#ffbf46">අපි එතනින් පටන් ගමු.
අපි මීට කලින් එන්න තිබුණේ.</font>

28
00:02:16,010 --> 00:02:17,470
<font color="#ffbf46">කමක් නෑ...
මොකක්ද මේ...</font>

29
00:02:17,554 --> 00:02:18,596
<font color="#ffbf46">ආව්!
මොකක්ද මේ කරන විකාරේ?</font>

30
00:02:18,680 --> 00:02:20,223
<font color="#ffbf46">එයා පෝලිම පැන්නනේ...
එයා මොකද මේ කරන්නේ?</font>

31
00:02:20,890 --> 00:02:21,975
<font color="#ffbf46">එයාට මොකද වෙලා තියෙන්නේ?</font>

32
00:02:22,684 --> 00:02:24,853
<font color="#ffbf46">එයා සමාව ගන්න ඕන.
කමක් නෑ.</font>

33
00:02:26,187 --> 00:02:27,063
<font color="#ffbf46">එයාට කිසිම හැදියාවක් නෑ.</font>

34
00:02:27,147 --> 00:02:28,523
<font color="#ffbf46">අපි මේ පැත්තෙන් යමු.
හරි.</font>

35
00:02:31,109 --> 00:02:32,777
<font color="#ffbf46">එකයි, දෙකයි, තුනයි!</font>

36
00:02:33,903 --> 00:02:35,405
<font color="#ffbf46">එකයි, දෙකයි, තුනයි!</font>

37
00:02:36,197 --> 00:02:37,532
<font color="#ffbf46">ඒයි, මගේ මූණ හරි ලොකුවට පේනවා!</font>

38
00:02:37,615 --> 00:02:39,617
<font color="#ffbf46">හරි, අපි ඉස්සරහට යන්නම්.
ඔයා පිටිපස්සට එන්න.</font>

39
00:02:43,288 --> 00:02:44,414
<font color="#ffbf46">අනේ දෙවියනේ!
අනේ!</font>

40
00:02:44,497 --> 00:02:45,790
<font color="#ffbf46">ඔයා මොකද මේ කරන්නේ?</font>

41
00:02:45,874 --> 00:02:49,127
<font color="#ffbf46">තමුසෙ මගේ ෆොටෝ එකක් ගත්තා නේද. මකනවා ඒක!
අපි ඔයාගේ ෆොටෝ ගත්තේ නෑ!</font>

42
00:02:49,210 --> 00:02:51,588
<font color="#ffbf46">ඇයි ඔයා මේම හැසිරෙන්නේ?
මාර පිස්සු ගෑනියෙක්නේ!</font>

43
00:02:52,755 --> 00:02:53,923
<font color="#ffbf46">ඔයා ඇයි මේම කරන්නේ?</font>

44
00:02:55,300 --> 00:02:56,342
<font color="#ffbf46">පස්සට වෙනවා.</font>

45
00:02:56,426 --> 00:02:58,553
<font color="#ffbf46">ඔයාගේ කොල්ලද ඕක අරන් දුන්නේ!</font>

46
00:02:58,636 --> 00:03:00,638
<font color="#ffbf46">ඒයි, එයා මොකද මේ ඔයාගේ ෆෝන් එකට කරන්නේ?</font>

47
00:03:00,722 --> 00:03:01,723
<font color="#ffbf46">එයාට මොකද වෙලා තියෙන්නේ?</font>

48
00:03:02,223 --> 00:03:03,057
<font color="#ffbf46">ඒයි!</font>

49
00:03:04,809 --> 00:03:06,352
<font color="#ffbf46">මේක වෑන් ක්ලීෆ් එකක්!</font>

50
00:03:11,816 --> 00:03:14,152
<font color="#ffbf46">Sweet කලෙක්ෂන් එකේ කළු පාටින් නෑ.</font>

51
00:03:15,612 --> 00:03:18,865
<font color="#ffbf46">ඔයාගේ කොල්ලා අරන් දුන්නේ ෆේක් එකක්ද,
නැත්නම් මිනිහත් ෆේක්ද?</font>

52
00:03:20,283 --> 00:03:21,993
<font color="#ffbf46">මිස්! ඔහොම යන්න බෑ!</font>

53
00:03:22,076 --> 00:03:22,994
<font color="#ffbf46">කමක් නෑ.</font>

54
00:03:23,995 --> 00:03:25,705
<font color="#ffbf46">සිරාවටම?
මම මේක හදාගන්නම්.</font>

55
00:03:25,788 --> 00:03:27,040
<font color="#ffbf46">එයාට හොඳටම පිස්සු!</font>

56
00:03:27,540 --> 00:03:28,625
<font color="#ffbf46">ඒයි, ඔයාට අවුලක් නෑ නේද?</font>

57
00:03:28,708 --> 00:03:30,376
<font color="#ffbf46">එයා හිටිය පලියට...
ඔයාට අවුලක් නෑනේ?</font>

58
00:03:34,297 --> 00:03:36,841
<font color="#ffbf46"><i>ඒ එකකවත් එයාගේ මූණ පේන්නේ නෑ,</i>
<i>ඒ නිසා වැඩිය ප්‍රයෝජනයක් වෙන එකක් නෑ,</i></font>

59
00:03:36,925 --> 00:03:38,051
<font color="#ffbf46"><i>ඒත් මම කොහොමහරි එව්වා.</i></font>

60
00:03:39,719 --> 00:03:41,638
<font color="#ffbf46">නෑ, මේවා ගොඩක් වටිනවා.</font>

61
00:03:44,891 --> 00:03:46,434
<font color="#ffbf46"><i>දොරවල් වැසෙමින් පවතී.</i></font>

62
00:04:02,951 --> 00:04:05,119
<font color="#ffbf46">මොකක්ද මේ...
මොකක්ද මේ ගඳ?</font>

63
00:04:05,203 --> 00:04:07,789
<font color="#ffbf46"><i>අද දින සම්වොල් වෙත පැමිණි ඔබට ස්තූතියි.</i></font>

64
00:04:08,289 --> 00:04:10,708
<font color="#ffbf46">එයා ළඟ කුණු ගඳයි.
ඒකනේ, අප්පා.</font>

65
00:04:12,335 --> 00:04:13,962
<font color="#ffbf46">එයා කොහොමද මේ වගේ සාප්පුවකට යන්නේ?</font>

66
00:04:17,757 --> 00:04:20,635
<font color="#ffbf46">මෙයා මොකද ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකක කරන්නේ?
අප්පා, මිනිහගෙ ගඳ!</font>

67
00:04:35,441 --> 00:04:37,860
<font color="#ffbf46">සාරාගේ කලාව</font>

68
00:04:40,113 --> 00:04:43,658
<font color="#ffbf46">මොක් ගා-හි</font>

69
00:04:52,500 --> 00:04:54,168
<font color="#ffbf46">සර්!</font>

70
00:04:55,670 --> 00:04:56,504
<font color="#ffbf46">මෙන්න.</font>

71
00:05:04,137 --> 00:05:06,931
<font color="#ffbf46">මොක් ගා-හි මීට අවුරුදු පහකට කලින්</font>

72
00:05:07,432 --> 00:05:09,851
<font color="#ffbf46">වැඩ කරලා තියෙන්නේ මෙන්න මෙතන සම්වොල් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ.</font>

73
00:05:09,934 --> 00:05:11,352
<font color="#ffbf46">වූ හ්යෝ-ඉන් කියන විදිහට,</font>

74
00:05:11,436 --> 00:05:14,105
<font color="#ffbf46">සාරා කිම් මැරෙන්න කලින් උත්සාහ කරමින් ඉඳලා තියෙන්නේ
මේ තැනේ</font>

75
00:05:14,188 --> 00:05:15,606
<font color="#ffbf46">ඉඩක් වෙන් කරවා ගන්න.</font>

76
00:05:15,690 --> 00:05:20,028
<font color="#ffbf46">ඒ වගේම මිනිය හම්බවුණ කානුව
සම්බන්ධ වෙන්නෙත් මෙතනටමයි.</font>

77
00:05:21,362 --> 00:05:24,991
<font color="#ffbf46">මේ මිනීමැරුමයි මේ තැනයි අතර
තියෙන සම්බන්ධය මොකක්ද?</font>

78
00:05:26,492 --> 00:05:28,328
<font color="#ffbf46">ඒක තමයි අපි මෙතනට ආවේ හොයාගන්න.</font>

79
00:05:30,621 --> 00:05:32,415
<font color="#ffbf46">මේක තැනක් නෙවෙයි, පුද්ගලයෙක් නම්?</font>

80
00:05:32,957 --> 00:05:33,958
<font color="#ffbf46">මොකක්ද?</font>

81
00:05:34,042 --> 00:05:35,543
<font color="#ffbf46">ඊතලය යොමු වෙලා තියෙන තැන.</font>

82
00:05:36,836 --> 00:05:38,296
<font color="#ffbf46"><i>දොරවල් වැසෙමින් පවතී.</i></font>

83
00:05:47,972 --> 00:05:52,060
<font color="#ffbf46">පොලිසිය මේ තොරතුරු ඉල්ලුවේ
ස්වේච්ඡා පරීක්ෂණයක කොටසක් විදිහට.</font>

84
00:05:52,143 --> 00:05:55,188
<font color="#ffbf46">ඒ නිසා ඉල්ලපු ලියකියවිලි දෙන්න
සම්වොල් බැඳිලා නෑ.</font>

85
00:05:55,271 --> 00:05:58,274
<font color="#ffbf46">අපිට කැමති දේවල් විතරක් දෙන්න පුළුවන්.</font>

86
00:05:59,400 --> 00:06:00,568
<font color="#ffbf46">මට එහෙම ආරංචි වුණා.</font>

87
00:06:01,069 --> 00:06:02,945
<font color="#ffbf46">මම දන්නවා ඔයාට නැති වෙන්න දේවල් ගොඩක් තියෙනවා කියලා.</font>

88
00:06:03,446 --> 00:06:05,948
<font color="#ffbf46">කොහොමත්, දකුණු කොරියාවේ අනිත් කාටත් වඩා
දේපළ තියෙන්නේ ඔයාටනේ.</font>

89
00:06:06,032 --> 00:06:08,368
<font color="#ffbf46">"සම්වොල් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් හි සභාපතිනි
චෝයි චේ-වූ පවා</font>

90
00:06:08,451 --> 00:06:11,454
<font color="#ffbf46">වංචාකාරයෙකුට අහුවී
බදු ගිවිසුමකට අත්සන් තබයි."</font>

91
00:06:11,537 --> 00:06:13,331
<font color="#ffbf46">ඔය කියන බදු ගිවිසුම</font>

92
00:06:13,414 --> 00:06:16,042
<font color="#ffbf46">අපේ MD කණ්ඩායම විසින් සමාලෝචනය කරලා
වලංගු නොවන බව තීරණය කළා.</font>

93
00:06:16,125 --> 00:06:19,962
<font color="#ffbf46">අපේ අභ්‍යන්තර රෙගුලාසිවලට අනුව
වගකිව යුතු සේවකයාට දඬුවම් කරලා</font>

94
00:06:20,046 --> 00:06:21,839
<font color="#ffbf46">අපි ඒ ප්‍රශ්නය දැනටමත් විසඳලයි තියෙන්නේ.</font>

95
00:06:21,923 --> 00:06:23,257
<font color="#ffbf46">මට එහෙම ආරංචි වුණා.</font>

96
00:06:23,341 --> 00:06:24,592
<font color="#ffbf46">එහෙම නම්,</font>

97
00:06:25,343 --> 00:06:27,303
<font color="#ffbf46">ඒ කියන්නේ ඔයා දැනගෙන හිටියා</font>

98
00:06:27,845 --> 00:06:29,472
<font color="#ffbf46">සාරා කිම් කියන්නේ වංචාකාරියක් කියලා.</font>

99
00:06:33,142 --> 00:06:35,603
<font color="#ffbf46">සැකකරුවාව අඳුරගන්න
ආරක්ෂක කැමරා දර්ශන උදව් වෙයි,</font>

100
00:06:35,686 --> 00:06:36,813
<font color="#ffbf46">ඒත් එයාලා ඒවා දෙන්නේ නෑ.</font>

101
00:06:36,896 --> 00:06:38,022
<font color="#ffbf46">ඒක ලොකු සමාගමක්නේ.</font>

102
00:06:38,106 --> 00:06:39,690
<font color="#ffbf46">සිතාසි නිකුත් කරන්න හරි සෝදිසි වරෙන්තුවක් ගන්න හරි</font>

103
00:06:39,774 --> 00:06:42,151
<font color="#ffbf46">අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි සාක්ෂි ඕන වෙනවා.</font>

104
00:06:46,030 --> 00:06:47,281
<font color="#ffbf46">මේ මොහොතේ ඉඳන්,</font>

105
00:06:47,782 --> 00:06:51,619
<font color="#ffbf46">අපි අවුරුදු පහකට කලින් සම්වොල් එකේ වැඩ කරපු
මොක් ගා-හි ගැන හොයනවා.</font>

106
00:06:51,702 --> 00:06:54,414
<font color="#ffbf46">චෝයි එක්ක තියෙන සම්බන්ධකම්
වැඩි වෙන තරමට හොඳයි.</font>

107
00:06:54,497 --> 00:06:55,832
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, මොක් ගා-හි?</font>

108
00:06:55,915 --> 00:06:57,708
<font color="#ffbf46">මට කියන්න එපා මේ "අර" මොක් ගා-හි කියලා?</font>

109
00:06:59,627 --> 00:07:00,711
<font color="#ffbf46">මේ හරියේ තිබුණා...</font>

110
00:07:00,795 --> 00:07:02,547
<font color="#ffbf46">කවුද ඒ "අර" මොක් ගා-හි?</font>

111
00:07:02,630 --> 00:07:04,632
<font color="#ffbf46">මම නම්දේමුන්වල වැඩ කරන කාලේ
මගේ ඔෆිස් එක තිබුණේ</font>

112
00:07:04,715 --> 00:07:07,135
<font color="#ffbf46">සයිබර් අපරාධ අංශය එක්කමයි.</font>

113
00:07:07,635 --> 00:07:10,430
<font color="#ffbf46">ඒ දවස්වල ඕන තරම් ඔය නම ඇහුණා,
ඒකයි මට මතක.</font>

114
00:07:13,224 --> 00:07:14,058
<font color="#ffbf46">අවශ්‍ය කරන සැකකරුවෙක්</font>

115
00:07:14,767 --> 00:07:16,144
<font color="#ffbf46">එයා හැංගිලා ඉඳලා තියෙන්නේ මෙතනමයි.</font>

116
00:07:19,564 --> 00:07:21,899
<font color="#ffbf46">ත්‍යාග මුදල මිලියන 5ක් දක්වා
වංචා සඳහා අවශ්‍ය කරන පලාගිය සැකකරුවෙක්</font>

117
00:07:22,650 --> 00:07:26,195
<font color="#ffbf46">පුද්ගලික තොරතුරු: මොක් ගා-හි (ගැහැණු, 26)
වළලුකර අසල පච්චයක් ඇත</font>

118
00:07:45,506 --> 00:07:46,883
<font color="#ffbf46">ඔය හොයන්නේ මේකද?</font>

119
00:07:46,966 --> 00:07:49,051
<font color="#ffbf46">චොංඩම් දෙවඟන වංචා සිද්ධිය.</font>

120
00:07:50,761 --> 00:07:54,223
<font color="#ffbf46">එයා සුඛෝපභෝගී බඩු පාවිච්චි කරපුවා කියලා ලිස්ට් කරලා
ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගෙන,</font>

121
00:07:54,307 --> 00:07:56,267
<font color="#ffbf46">පස්සේ සල්ලිත් අරන් පැනලා ගියා.</font>

122
00:07:56,350 --> 00:07:58,936
<font color="#ffbf46">එයා වංචා කරපු මුදල වොන් මිලියන 500ක් විතර වෙනවා.</font>

123
00:08:06,569 --> 00:08:08,362
<font color="#ffbf46">ඔයා ළඟ තියෙන ඔක්කොම ලියකියවිලි මෙච්චරද?</font>

124
00:08:08,863 --> 00:08:11,073
<font color="#ffbf46">ඇඟිලි සලකුණු හරි DNA සාක්ෂි හරි නැද්ද?</font>

125
00:08:12,283 --> 00:08:14,202
<font color="#ffbf46">නිකන් මාව විගණනය කරනවා වගේනේ.</font>

126
00:08:15,036 --> 00:08:18,206
<font color="#ffbf46">ඔයා බරපතල අපරාධ අංශයෙන් නේද?
මොකද වෙන්නේ?</font>

127
00:08:18,289 --> 00:08:21,751
<font color="#ffbf46">මෑතකදී සිදුවුණු මිනීමැරුමක වින්දිතයා
මොක් ගා-හි කියලා අපි සැක කරනවා.</font>

128
00:08:24,378 --> 00:08:26,088
<font color="#ffbf46">මම හිතන්නේ ඔයාට වැරදිලා.</font>

129
00:08:26,589 --> 00:08:29,008
<font color="#ffbf46">මොක් ගා-හි මැරුණේ මීට අවුරුදු පහකට කලින්.</font>

130
00:08:37,600 --> 00:08:39,101
<font color="#ffbf46"><i>එයා පැනලා සියදිවි නසා ගත්තා.</i></font>

131
00:08:39,185 --> 00:08:40,436
<font color="#ffbf46"><i>හේතුව හැමෝටම තියෙන ප්‍රශ්නයක්.</i></font>

132
00:08:40,520 --> 00:08:41,521
<font color="#ffbf46"><i>ආර්ථික ප්‍රශ්න.</i></font>

133
00:08:42,021 --> 00:08:44,148
<font color="#ffbf46"><i>එයා පොලීකාරයන්ට ගොඩක් ණය වෙලා හිටියේ,</i></font>

134
00:08:44,732 --> 00:08:47,527
<font color="#ffbf46"><i>ඒකත් අර සුඛෝපභෝගී බඩු තොග ගණන්</i>
<i>ගත්ත නිසා වෙන්න ඇති.</i></font>

135
00:08:49,612 --> 00:08:53,866
<font color="#ffbf46"><i>එයා එතන සම්පූර්ණයෙන්ම අවුල් කරලා දාලා ගිහින් තිබුණේ,</i>
<i>ඒත් එයාගේ ලියුම නම් සුවඳ විලවුන්වලින් නාවලා තිබුණේ.</i></font>

136
00:08:54,367 --> 00:08:56,452
<font color="#ffbf46"><i>ඒක නම් මහ පිස්සු වැඩක්.</i></font>

137
00:09:00,790 --> 00:09:04,210
<font color="#ffbf46">පනිනකොට එයා අර තදින් අල්ලගෙන ඉන්න
දිලිසෙන දේ පේනවද?</font>

138
00:09:04,877 --> 00:09:06,254
<font color="#ffbf46">ඒකත් ලිමිටඩ් එඩිෂන් එකක්.</font>

139
00:09:06,337 --> 00:09:10,758
<font color="#ffbf46">ඒක එයාට ගොඩක් වටින දෙයක් වෙන්න ඇති.
මැරෙන මොහොතෙවත් අතාරින්න බැරි තරම්.</font>

140
00:09:10,841 --> 00:09:13,219
<font color="#ffbf46">ශරීරය හම්බවුණාද?
නෑ.</font>

141
00:09:13,302 --> 00:09:15,805
<font color="#ffbf46">එයා අතුරුදහන් වුණා,
ඒ නිසා නඩුව තාවකාලිකව නැවැත්තුවා.</font>

142
00:09:15,888 --> 00:09:19,684
<font color="#ffbf46">ඒ කියන්නේ ඒක විසඳුනේ නැති නඩුවක් වුණා නම්,
ඇයි ඔයාලා එයා මැරුණා කියලා තීරණය කළේ?</font>

143
00:09:20,434 --> 00:09:23,688
<font color="#ffbf46">හේතුවයි සිද්ධියයි පැහැදිලියි,
ඒ වගේම සියදිවි නසාගන්න කලින් ලියපු ලියුමක් හම්බවුණා.</font>

144
00:09:23,771 --> 00:09:26,274
<font color="#ffbf46">වැදගත්ම දේ තමයි,
එයා ජීවත් වෙනවා කියන්න කිසිම සාක්ෂියක් තිබුණේ නෑ.</font>

145
00:09:26,774 --> 00:09:28,693
<font color="#ffbf46">කෙනෙක් හොල්මනක් වගේ ජීවත් වුණත්,</font>

146
00:09:28,776 --> 00:09:30,111
<font color="#ffbf46">එයාලගේ සලකුණු ඉතුරු වෙනවා</font>

147
00:09:30,194 --> 00:09:34,073
<font color="#ffbf46">ඉස්පිරිතාලෙට ගියපුවා, බැංකු ගිණුම්,
නැත්නම් ඩිලිවරි ඇප් රෙකෝඩ්ස් වගේ දේවල්වලින්.</font>

148
00:09:34,156 --> 00:09:36,742
<font color="#ffbf46">ඒත් කිසිම දෙයක් තිබුණේ නෑ.</font>

149
00:09:37,618 --> 00:09:39,579
<font color="#ffbf46">චොංඩම් දෙවඟන වංචා සිද්ධිය
සියදිවි නසා ගැනීමේ ලිපිය</font>

150
00:09:40,746 --> 00:09:42,957
<font color="#ffbf46"><i>සිරාවටම ඒ දෙන්නා දෙන්නෙක් වෙන්න බැරිද?</i></font>

151
00:09:48,713 --> 00:09:51,465
<font color="#ffbf46">ශරීර ලක්ෂණ සමානයි
වගේම අපරාධයත් සමානයි.</font>

152
00:09:52,258 --> 00:09:54,218
<font color="#ffbf46">ඔයා හිතනවද මේ ඔක්කොම අහම්බයක් කියලා?</font>

153
00:09:56,137 --> 00:10:00,224
<font color="#ffbf46">එයා ජීවත් වෙනවා කියන්න අපිට සාක්ෂි නෑ,
ඒත් එයා මැරිලා කියන්න සාක්ෂිත් නෑ.</font>

154
00:10:00,891 --> 00:10:04,186
<font color="#ffbf46">පහුගිය අවුරුදු පහේම එයා
සාරා කිම් විදිහට පෙනී හිටියා නම්,</font>

155
00:10:05,730 --> 00:10:08,107
<font color="#ffbf46">එයා අතුරුදහන් වුණා කියලා හිතපු එක සාධාරණයි.</font>

156
00:10:10,568 --> 00:10:13,738
<font color="#ffbf46">රොබට් ගැල්බ්‍රේත් ලියපු
<i>The Cuckoo's Calling</i> පොත ගැන දන්නවද?</font>

157
00:10:14,238 --> 00:10:15,072
<font color="#ffbf46">නෑ.</font>

158
00:10:15,156 --> 00:10:18,451
<font color="#ffbf46">ඒ පොත ප්‍රකාශයට පත් වුණ ගමන්ම,
නම නොදන්න ට්විටර් පාවිච්චි කරන කෙනෙක්</font>

159
00:10:18,534 --> 00:10:22,538
<font color="#ffbf46">කිව්වා රොබට් කියන්නේ
J.K. රෝලින්ග්ගේ අන්වර්ථ නාමය විතරයි කියලා.</font>

160
00:10:23,039 --> 00:10:26,917
<font color="#ffbf46">ටිකක් වාද කළාට පස්සේ, හෙළි වුණා
ඒ දෙන්නම එක්කෙනෙක් කියලා. කොහොමද?</font>

161
00:10:28,586 --> 00:10:29,754
<font color="#ffbf46">පොතේ පූර්විකාවෙන්.</font>

162
00:10:32,173 --> 00:10:35,926
<font color="#ffbf46">"අවාසනාවන්තයා ඔහුයි,
කාගේ කීර්තියද ඔහුගේ අවාසනාවන් ප්‍රසිද්ධ කරන්නේ."</font>

163
00:10:36,010 --> 00:10:38,095
<font color="#ffbf46">ලූසියස් ඇකියස්ගේ කියමන නිසා.</font>

164
00:10:40,681 --> 00:10:43,726
<font color="#ffbf46">ලූසියස් කියන්නේ මැල්ෆෝයිගේ තාත්තාගේ නම,</font>

165
00:10:44,226 --> 00:10:47,688
<font color="#ffbf46">කීර්තිය නිසා තමන්ගේ අවාසනාවත් ප්‍රසිද්ධ වුණ
අනිත් සම්භාව්‍ය උදාහරණය කවුද?</font>

166
00:10:47,772 --> 00:10:48,731
<font color="#ffbf46">හැරී පොටර්!</font>

167
00:10:50,900 --> 00:10:53,694
<font color="#ffbf46">භාෂාවටත් ඇඟිලි සලකුණු තියෙනවා.
අපිට ඕන එක වාක්‍යයක් විතරයි.</font>

168
00:10:54,779 --> 00:10:56,530
<font color="#ffbf46">නෑ, අපිට ඕන එක වචනයක් විතරයි.</font>

169
00:10:56,614 --> 00:10:59,492
<font color="#ffbf46">ඒත් මොක් කවදාවත් පොතක් ලිව්වේ නෑනේ.
එයා වෙන මොකක් හරි ලිව්වා.</font>

170
00:11:00,951 --> 00:11:01,786
<font color="#ffbf46">අර ලියුම!</font>

171
00:11:01,869 --> 00:11:03,329
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, ඔයා ඒක ඉස්සුවද?</font>

172
00:11:03,412 --> 00:11:06,207
<font color="#ffbf46">මොකක්ද ඉස්සුවා කියන්නේ?
මම ඒක බිම තිබිලා ගත්තේ.</font>

173
00:11:09,460 --> 00:11:10,795
<font color="#ffbf46">මම ඔයාට කලින්ම අනතුරු අඟවනවා.</font>

174
00:11:11,379 --> 00:11:13,756
<font color="#ffbf46">මම මේක අරින පරක්කුවට
අපිට සතුරෝ ගොඩක් ඇති වෙයි.</font>

175
00:11:14,256 --> 00:11:15,841
<font color="#ffbf46">එතකොට අපි පහර දෙන්නේ</font>

176
00:11:15,925 --> 00:11:18,219
<font color="#ffbf46">නඩුව කරපු කණ්ඩායමේ, උසාවියේ
සහ පැමිණිලි පාර්ශ්වයේ වැරදිවලට.</font>

177
00:11:18,844 --> 00:11:21,138
<font color="#ffbf46">ඉතින් ඔයාට අයින් වෙන්න ඕන නම්, මේක තමයි වෙලාව.</font>

178
00:11:43,327 --> 00:11:45,621
<font color="#ffbf46">මම සාමාන්‍යයෙන් අවදානම් ගන්න කැමතියි.</font>

179
00:11:47,248 --> 00:11:49,917
<font color="#ffbf46">හෝඩුවාවක් හොයාගන්නකම් අපි යන්නේ නෑ.</font>

180
00:11:50,751 --> 00:11:51,585
<font color="#ffbf46">හරි සර්.</font>

181
00:11:56,215 --> 00:12:00,720
<font color="#ffbf46"><i>මිනිස්සු අනිත් අයව විශ්වාස කරනවා</i>
<i>එහෙම නොකළ යුතුයි කියලා දැන දැනත්,</i></font>

182
00:12:01,929 --> 00:12:04,265
<font color="#ffbf46"><i>තමන්ව විශ්වාස කරනවා,</i>
<i>තමන් වෙනස් වෙයි කියලා හිතාගෙන,</i></font>

183
00:12:05,474 --> 00:12:08,060
<font color="#ffbf46"><i>ලෝකය විශ්වාස කරනවා,</i>
<i>මේ පාර වෙනස් වෙයි කියලා හිතාගෙන,</i></font>

184
00:12:09,311 --> 00:12:13,149
<font color="#ffbf46"><i>ඒ වගේම බොරු විශ්වාස කරනවා</i>
<i>හැමදේම බොරුවක් කියලා දැන දැනත්.</i></font>

185
00:12:13,232 --> 00:12:14,483
<font color="#ffbf46">මොක් ගා-හි?</font>

186
00:12:15,776 --> 00:12:16,861
<font color="#ffbf46">ඔයාට වයස 27යි?</font>

187
00:12:18,487 --> 00:12:20,489
<font color="#ffbf46">සාමාන්‍යයෙන් එයාලා මේ තරම් වයසක ආධුනිකයන්ව ගන්නේ නෑ.</font>

188
00:12:21,407 --> 00:12:23,242
<font color="#ffbf46">ඔයා ළඟ මේකේ ඊළඟ සයිස් එක තියෙනවද?</font>

189
00:12:23,743 --> 00:12:24,827
<font color="#ffbf46">ඔයා මොකද හිතන්නේ?</font>

190
00:12:29,957 --> 00:12:33,002
<font color="#ffbf46">කවුද බඩු ගන්නේ
ලොකු සයිස් අඳින විකුණුම් සේවිකාවකගෙන්?</font>

191
00:12:49,685 --> 00:12:52,021
<font color="#ffbf46">කවදාවත් පාරිභෝගික වැසිකිලි පාවිච්චි කරන්න එපා.</font>

192
00:12:52,521 --> 00:12:54,899
<font color="#ffbf46">විදුලි සෝපාන සහ
එස්කැලේටර්වලටත් ඒක අදාළයි.</font>

193
00:12:55,399 --> 00:12:58,319
<font color="#ffbf46">ඒකෙන් අපහසුතාවයක් ඇති වුණා කියලා
පැමිණිලි එන්න පුළුවන්,</font>

194
00:12:58,402 --> 00:13:01,322
<font color="#ffbf46">ඒ නිසා පාරිභෝගිකයන් ඉස්සරහ
ඒ ගැන වචනයක්වත් කියන්න එපා.</font>

195
00:13:01,405 --> 00:13:03,574
<font color="#ffbf46">නිකන්ම කියන්න ඔයා විවේකයක් ගන්නවා කියලා.</font>

196
00:13:04,074 --> 00:13:07,036
<font color="#ffbf46">මේවා තමයි මේ සීසන් එකේ අලුත් නිෂ්පාදන.
මේ සතිය අන්තිම වෙනකොට මේවා පාඩම් කරගන්න.</font>

197
00:13:08,245 --> 00:13:10,122
<font color="#ffbf46">මට සතිය අන්තිම වෙනකම් ඕන නෑ.</font>

198
00:13:10,206 --> 00:13:13,626
<font color="#ffbf46">මම දැනටමත් ඒ ඔක්කොම මතක තියාගෙන ඉවරයි.
ඒත් මේවා තාම කොරියාවට ඇවිල්ලවත් නෑනේ.</font>

199
00:13:15,336 --> 00:13:18,297
<font color="#ffbf46">මම ආසයි වැඩිපුර දේවල් දැනගන්නකොට
වැඩිපුර දේවල් දකින්න සහ තේරුම් ගන්න ලැබෙනවට.</font>

200
00:13:18,798 --> 00:13:20,299
<font color="#ffbf46">ඔයා මෙහේ වැඩි කාලයක් ඉන්න එකක් නෑ.</font>

201
00:13:20,382 --> 00:13:23,010
<font color="#ffbf46">ඔය විදිහට කතා කරන අය
හැමතිස්සෙම අතුරුදහන් වෙනවා, නැත්නම් අයින් වෙනවා.</font>

202
00:13:23,636 --> 00:13:24,595
<font color="#ffbf46">නෑ.</font>

203
00:13:25,554 --> 00:13:27,556
<font color="#ffbf46">මම ආවේ දිගටම මෙහේ ඉන්න.</font>

204
00:13:28,057 --> 00:13:30,976
<font color="#ffbf46"><i>සම්වොල් පවුලේ සාමාජිකයනි,</i></font>

205
00:13:31,060 --> 00:13:34,855
<font color="#ffbf46"><i>අපගේ වටිනා පාරිභෝගිකයන්ට සේවය සැපයීමට</i>
<i>අපි තව විනාඩි දහයකින් සූදානම්.</i></font>

206
00:13:34,939 --> 00:13:37,399
<font color="#ffbf46"><i>කරුණාකර සියලු කටයුතු සූදානම් කරගන්න.</i></font>

207
00:13:39,860 --> 00:13:41,862
<font color="#ffbf46"><i>පාලක මැදිරියෙන් නිවේදනයක්.</i></font>

208
00:13:42,446 --> 00:13:44,198
<font color="#ffbf46"><i>සම්වොල් පවුලේ සාමාජිකයනි,</i></font>

209
00:13:44,698 --> 00:13:46,992
<font color="#ffbf46"><i>අද දින ඔබගේ මහන්සියට ස්තූතියි.</i></font>

210
00:13:47,660 --> 00:13:53,415
<font color="#ffbf46"><i>කරුණාකර පිටව යාමට පෙර වෙළඳසැලේ ඇති</i>
<i>සියලුම උපාංග පේනු ඉවත් කර විදුලිය විසන්ධි කරන්න.</i></font>

211
00:13:53,499 --> 00:13:57,920
<font color="#ffbf46"><i>ඉහළ වටිනාකමක් ඇති ප්‍රදර්ශන භාණ්ඩ</i>
<i>නිසි ලෙස සුරක්ෂිත කර ඇති බව තහවුරු කරගන්න.</i></font>

212
00:13:59,171 --> 00:14:03,384
<font color="#ffbf46"><i>යම් ගැටලුවක් වෙතොත් වහාම</i>
<i>පාලක මැදිරිය වෙත දන්වන්න.</i></font>

213
00:14:15,896 --> 00:14:16,981
<font color="#ffbf46">ගා-හි.</font>

214
00:14:17,648 --> 00:14:19,024
<font color="#ffbf46">ඔයා මෙතන මොකද කරන්නේ?</font>

215
00:14:20,192 --> 00:14:22,736
<font color="#ffbf46">ඔයා හිතන්නේ පෝසත් අය කොහොමද පෝසත් වුණේ කියලා?</font>

216
00:14:24,196 --> 00:14:26,115
<font color="#ffbf46">ඉතින්, එයාලා ඉපදෙද්දිම එහෙමනේ,
ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

217
00:14:27,908 --> 00:14:29,869
<font color="#ffbf46">දන්නවද, මට දැන් හීනයක් තියෙනවා.</font>

218
00:14:35,249 --> 00:14:37,626
<font color="#ffbf46">මට ඕන මේ බෑග් එක ගැළපෙන
කෙනෙක් වෙන්න.</font>

219
00:14:40,129 --> 00:14:43,966
<font color="#ffbf46">අවුරුදු දහයක් තිස්සේ දවසට එක වේලක් විතරක් කෑවා නම්
සමහරවිට ඒක පුළුවන් වෙයි.</font>

220
00:14:44,717 --> 00:14:47,678
<font color="#ffbf46">හරි, අපි වහලා ඉවර වෙලා ඒ ගැන හිතමුද?</font>

221
00:14:48,470 --> 00:14:49,930
<font color="#ffbf46">එන්න යන්න. ඉක්මන් කරන්න.</font>

222
00:14:55,686 --> 00:14:57,646
<font color="#ffbf46">දෙවියනේ, මේකෙන් නම් මට පිස්සු හැදෙනවා.</font>

223
00:15:04,486 --> 00:15:07,239
<font color="#ffbf46">ලොකු දෙයක් වෙන්න යන්නේ. ලොකු දෙයක්.</font>

224
00:15:07,740 --> 00:15:09,074
<font color="#ffbf46">ඔයාලා ඔක්කොම ආගම දහමට ලැදිද?</font>

225
00:15:09,909 --> 00:15:11,160
<font color="#ffbf46">යාච්ඤා කරන්න. එහෙම නැතත් කමක් නෑ.</font>

226
00:15:11,744 --> 00:15:13,829
<font color="#ffbf46">අනේ මට ඇරෙන්න වෙන කාට වුණත් කමක් නෑ කියලා.</font>

227
00:15:14,788 --> 00:15:16,206
<font color="#ffbf46">ඇයි? මොකද වෙන්නේ?</font>

228
00:15:16,290 --> 00:15:18,208
<font color="#ffbf46">හේතුව මොකක් වුණත්,</font>

229
00:15:18,292 --> 00:15:20,794
<font color="#ffbf46">බඩුවල අඩුපාඩුවක් වුණොත්
ඒක පාඩුවක් විදිහට සලකනවා.</font>

230
00:15:21,337 --> 00:15:23,130
<font color="#ffbf46">ඒ මුළු ගාණම අපි ගෙවන්න ඕන.</font>

231
00:15:23,213 --> 00:15:25,174
<font color="#ffbf46">ඒක තමයි සම්වොල් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ ප්‍රතිපත්තිය.</font>

232
00:15:25,257 --> 00:15:26,091
<font color="#ffbf46">ඒ නිසා යාච්ඤා කරන්න.</font>

233
00:15:26,759 --> 00:15:28,218
<font color="#ffbf46">ඔක්තෝබර් 14 වෙනිදා.</font>

234
00:15:28,302 --> 00:15:29,803
<font color="#ffbf46">කවුද එදා වහන වෙලාවේ හිටියේ?</font>

235
00:15:30,721 --> 00:15:32,014
<font color="#ffbf46">ඔක්තෝබර්...
දාහතර වෙනිදා...</font>

236
00:15:37,311 --> 00:15:39,772
<font color="#ffbf46">ඔක්තෝබර් 14, ඉරිදා
අවසන් මුරය: මොක් ගා-හි</font>

237
00:15:43,359 --> 00:15:46,362
<font color="#ffbf46"><i>අවාසනාව ආවේ කිසිම පෙර දැනුම්දීමක් නැතුව,</i>
<i>හරියට විපතක් වගේ.</i></font>

238
00:15:57,539 --> 00:16:00,876
<font color="#ffbf46">ඇයි ඔයා ඔයාගේ තැන දාලා ගියේ?</font>

239
00:16:01,418 --> 00:16:02,962
<font color="#ffbf46">ඒක වැදගත් දෙයක්ද?</font>

240
00:16:05,297 --> 00:16:08,217
<font color="#ffbf46">ඒක ගොඩක් වැදගත් දෙයක් වුණා නම්
හොඳයි.</font>

241
00:16:08,300 --> 00:16:10,928
<font color="#ffbf46">එතකොටවත් ඔයාට දැනෙන දුක අඩුවෙයිනේ.</font>

242
00:16:16,767 --> 00:16:17,977
<font color="#ffbf46">මම හිටියේ විවේක වෙලාවක.</font>

243
00:16:18,060 --> 00:16:19,395
<font color="#ffbf46">ඔයාට ඉවසගෙන ඉන්න තිබුණේ නැද්ද?</font>

244
00:16:19,478 --> 00:16:21,313
<font color="#ffbf46">මම දවස පුරාම ඉවසගෙන හිටියේ.</font>

245
00:16:23,691 --> 00:16:26,819
<font color="#ffbf46">සේවකයන්ට පාරිභෝගික වැසිකිලි පාවිච්චි කරන්න
පුළුවන් වුණා නම් මේක වෙන්නෙ නෑ.</font>

246
00:16:26,902 --> 00:16:30,239
<font color="#ffbf46">සේවක වැසිකිලියට යන්න පිටිපස්සේ හෝල් එක දිගේ
ගොඩක් දුර පයින් යන්න ඕන,</font>

247
00:16:30,322 --> 00:16:31,991
<font color="#ffbf46">එහෙම ගියත්, එතන පෝලිම.</font>

248
00:16:32,074 --> 00:16:35,369
<font color="#ffbf46">පහළ තට්ටුවේ එකේ සෙනඟ අඩුයි,
ඒත් මට යන්න වෙන්නේ සේවක ලිෆ්ට් එකේ,</font>

249
00:16:35,452 --> 00:16:39,248
<font color="#ffbf46">ඒකට යන්නත් පිටිපස්සේ හෝල් එකට යන්න ඕන,
අනික ඒක හැම තට්ටුවකම නවත්තනවා, ඉතින් මට...</font>

250
00:16:40,082 --> 00:16:40,916
<font color="#ffbf46">රෙද්ද.</font>

251
00:16:41,917 --> 00:16:43,752
<font color="#ffbf46">ඒක එනකම් ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා.</font>

252
00:16:46,046 --> 00:16:48,090
<font color="#ffbf46">ටොයිලට් යන එකත් මාර යුද්ධයක් වුණා.</font>

253
00:16:48,173 --> 00:16:49,717
<font color="#ffbf46">මම කිව්වේ, ඒක නිකන්ම ටොයිලට් එකක්නේ.</font>

254
00:16:51,635 --> 00:16:53,554
<font color="#ffbf46">ඒක වුණේ එක පාරයි.</font>

255
00:16:54,179 --> 00:16:56,765
<font color="#ffbf46">මම මොනවා කරන්නද? ඒක සාප්පුවේ ප්‍රතිපත්තියනේ.</font>

256
00:16:57,266 --> 00:17:00,436
<font color="#ffbf46">එයා අහුවුණත් අපිට බඩු ටික
ආයේ ගන්න බෑ කියලා ඔයා දන්නවනේ.</font>

257
00:17:00,936 --> 00:17:03,188
<font color="#ffbf46">ඇත්තමයි මේක අපරාධකාරයන්ටම හොඳ ලෝකයක්.</font>

258
00:17:03,272 --> 00:17:07,109
<font color="#ffbf46">මේක ජීවිතේට ඉගෙන ගත්ත
ලොකු පාඩමක් කියලා හිතාගන්න.</font>

259
00:17:09,903 --> 00:17:10,821
<font color="#ffbf46">මම</font>

260
00:17:11,613 --> 00:17:13,449
<font color="#ffbf46">කොච්චරක් ගෙවන්න ඕනද?</font>

261
00:17:17,161 --> 00:17:18,245
<font color="#ffbf46">වොන් මිලියන පනහයි.</font>

262
00:17:30,507 --> 00:17:31,341
<font color="#ffbf46">ආයි.</font>

263
00:17:39,349 --> 00:17:40,184
<font color="#ffbf46">ආයි.</font>

264
00:18:00,621 --> 00:18:02,206
<font color="#ffbf46"><i>කොතනද වැරදුනේ?</i></font>

265
00:18:07,586 --> 00:18:09,088
<font color="#ffbf46">තව A එකක් එකතු කරන්න!
හරි.</font>

266
00:18:09,588 --> 00:18:11,298
<font color="#ffbf46">පහක් කිව්වා නේද? තව දෙකක් දාන්න.</font>

267
00:18:11,381 --> 00:18:12,549
<font color="#ffbf46">තව B එකක් හම්බුණා.</font>

268
00:18:12,633 --> 00:18:14,760
<font color="#ffbf46">හරි. මේස අංක දෙකට ඩෙසර්ට් යැව්වා.</font>

269
00:18:16,553 --> 00:18:17,846
<font color="#ffbf46">සෝස් එක ලෑස්ති කරගන්න.</font>

270
00:18:22,684 --> 00:18:25,270
<font color="#ffbf46">මේස අංක හතරට ස්ටේක් දෙකක් යනවා.</font>

271
00:18:25,854 --> 00:18:28,232
<font color="#ffbf46"><i>කොතනද වැරදුනේ?</i></font>

272
00:18:32,736 --> 00:18:34,279
<font color="#ffbf46">ඔයා සිගරට් බොනවා කියලා දැනගෙන හිටියෙ නෑ.</font>

273
00:18:36,073 --> 00:18:37,366
<font color="#ffbf46">මම පටන් ගත්තා.</font>

274
00:18:38,492 --> 00:18:40,786
<font color="#ffbf46">පොඩි බ්‍රේක් එකක් ගන්න තියෙන
එකම විදිහ මේක කියලා මට හිතුණා.</font>

275
00:18:42,162 --> 00:18:43,247
<font color="#ffbf46">මෙන්න.</font>

276
00:18:43,789 --> 00:18:45,791
<font color="#ffbf46">අනිත් අයයි මමයි එකතු වෙලා ගත්තෙ.</font>

277
00:18:46,750 --> 00:18:48,335
<font color="#ffbf46">මේක ලොකු ගාණක් නෙමෙයි, ඒත් උදව්වක් වෙයි.</font>

278
00:18:55,926 --> 00:18:56,927
<font color="#ffbf46">පස්සේ හම්බෙමු.</font>

279
00:19:00,180 --> 00:19:02,432
<font color="#ffbf46"><i>කොතනද වැරදුනේ?</i></font>

280
00:19:05,060 --> 00:19:08,397
<font color="#ffbf46">ඔයා පසුතැවෙන එකක් නෑ නේද?
මේක හරියට නොගියොත් අපිට ගෙවන්න විදිහක් නෑ.</font>

281
00:19:08,480 --> 00:19:10,232
<font color="#ffbf46">මට හරියට ගෙවන්න බලාගන්න, එච්චරයි.</font>

282
00:19:18,907 --> 00:19:21,410
<font color="#ffbf46">හරි, මම අකුරු ටැටූ ගහන්න පුරුදු වෙනවා.</font>

283
00:19:21,910 --> 00:19:23,745
<font color="#ffbf46">ඔයා කැමති විශේෂ වචනයක් තියෙනවද?</font>

284
00:19:29,001 --> 00:19:31,920
<font color="#ffbf46"><i>කොතනද වැරදුනේ?</i></font>

285
00:19:52,900 --> 00:19:56,570
<font color="#ffbf46"><i>ටිකක් කල්පනා කළාම,</i>
<i>මම ඉපදුණු කාලෙට ආයෙත් මගේ හිත ගියා.</i></font>

286
00:19:58,989 --> 00:20:02,826
<font color="#ffbf46">බලයලත් පුද්ගලයන්ට පමණක්
භාවිතා කිරීමටයි</font>

287
00:20:02,910 --> 00:20:05,078
<font color="#ffbf46">මැඩම්, ඔයා ස්ටාෆ් සේල් එකට යනවද?</font>

288
00:20:05,662 --> 00:20:07,873
<font color="#ffbf46">අද හරියටම නැන්දම්මලගේ ගෙදර
දානෙ දවසට සේට් වෙලානේ.</font>

289
00:20:07,956 --> 00:20:10,751
<font color="#ffbf46">අපොයි!
මගේ මනුස්සයාට හෙන ගහන්න එපැයි.</font>

290
00:20:10,834 --> 00:20:13,921
<font color="#ffbf46">මේ පාර සේල් එක පට්ටලු.
කවදාවත් බඳින්න නම් එපා.</font>

291
00:20:15,339 --> 00:20:16,173
<font color="#ffbf46">අනේ මන්දා.</font>

292
00:20:16,715 --> 00:20:17,633
<font color="#ffbf46">ඔව්, නියමයි!</font>

293
00:20:17,716 --> 00:20:20,552
<font color="#ffbf46">ගා-හි, ඔයාට කීයක් හරි හොයාගන්න ඕනෙද?</font>

294
00:20:21,553 --> 00:20:22,387
<font color="#ffbf46">මොකක්ද?</font>

295
00:20:22,971 --> 00:20:25,641
<font color="#ffbf46"><i>මෙහේ වැඩ කරන අයට ස්ටාෆ් සේල්</i>
<i>එකක් තියෙන්න යන්නේ.</i></font>

296
00:20:25,724 --> 00:20:28,060
<font color="#ffbf46"><i>ඒ ගණන් වලට ලක්ෂරි බඩු ගන්න එක පට්ට ලාභයි.</i></font>

297
00:20:28,143 --> 00:20:30,771
<font color="#ffbf46"><i>ඔයාට පුළුවන් නම් මම වෙනුවෙන්</i>
<i>ඒ බඩු ටික අරන් දෙන්න,</i></font>

298
00:20:30,854 --> 00:20:32,689
<font color="#ffbf46"><i>මම ඔයාට හොඳ ගාණක් දෙන්නම්.</i></font>

299
00:20:33,232 --> 00:20:35,150
<font color="#ffbf46">සැම්වොල් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ මොක් ගා-හි.</font>

300
00:20:35,234 --> 00:20:36,485
<font color="#ffbf46">ඔයාට ඇතුලට යන්න පුළුවන්.</font>

301
00:20:39,238 --> 00:20:41,114
<font color="#ffbf46">සැම්වොල් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ ලී හ්‍යුන්-සුක්.</font>

302
00:20:41,198 --> 00:20:42,241
<font color="#ffbf46">සැම්වොල් ඩිපාර්ට්මන්ට්...</font>

303
00:20:44,785 --> 00:20:45,619
<font color="#ffbf46">බෑග්ස්!</font>

304
00:20:45,702 --> 00:20:46,870
<font color="#ffbf46">පරිස්සමින් යන්න.</font>

305
00:20:59,091 --> 00:21:02,010
<font color="#ffbf46"><i>ඒ මොහොතේ,</i>
<i>මගේ ජීවිතේටත් බලාපොරොත්තුවක් මම දැක්කා.</i></font>

306
00:21:07,057 --> 00:21:08,850
<font color="#ffbf46">මොකද මේ කරන්නේ?</font>

307
00:21:08,934 --> 00:21:10,477
<font color="#ffbf46">මම ඒක ගන්නවා. ඉන්න, පොඩ්ඩක් ඉන්න.</font>

308
00:21:10,560 --> 00:21:11,895
<font color="#ffbf46">නෑ, මමයි ඒක ගන්නේ!</font>

309
00:21:11,979 --> 00:21:13,814
<font color="#ffbf46">මමයි ඒක ඇල්ලුවේ.
ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

310
00:21:32,124 --> 00:21:33,792
<font color="#ffbf46">කරුණාකර ඔබේ අන්වර්ථ නාමය ඇතුළත් කරන්න</font>

311
00:21:33,875 --> 00:21:34,960
<font color="#ffbf46">චොන්ඩම් දෙව් දුව</font>

312
00:21:35,043 --> 00:21:37,462
<font color="#ffbf46">සම්බන්ධ වන්න</font>

313
00:21:37,546 --> 00:21:38,463
<font color="#ffbf46">නොබිලිටි වෙත සාදරයෙන් පිළිගනිමු</font>

314
00:21:41,800 --> 00:21:44,386
<font color="#ffbf46">හදිසියක් නිසා අඩුවට දෙනවා
පාවිච්චි කරලා නෑ</font>

315
00:21:45,804 --> 00:21:46,930
<font color="#ffbf46">ගාණ කතා කරගන්න පුළුවන්</font>

316
00:21:47,014 --> 00:21:48,307
<font color="#ffbf46">පළ කරන්න</font>

317
00:21:59,192 --> 00:22:00,444
<font color="#ffbf46">කමෙන්ට්ස්</font>

318
00:22:00,527 --> 00:22:02,738
<font color="#ffbf46"><i>සැම්වොල් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ ෆස්ට් ලවුන්ජ් එක,</i></font>

319
00:22:02,821 --> 00:22:07,117
<font color="#ffbf46"><i>අපගේ වටිනාම පාරිභෝගිකයන්ට සාප්පු සවාරි යන අතරේ</i>
<i>සුවපහසු ලෙස විවේක ගැනීමට ඉඩ සලසමින්</i></font>

320
00:22:07,200 --> 00:22:08,660
<font color="#ffbf46"><i>විවිධ සේවාවන් ලබා දෙනවා...</i></font>

321
00:22:11,621 --> 00:22:12,873
<font color="#ffbf46">කමෙන්ට්ස් කිසිවක් නැත</font>

322
00:22:15,751 --> 00:22:17,210
<font color="#ffbf46">මැනේජර් ඕ සියොන්-ජොන්ග්
බ්‍රේක් එකක්ද?</font>

323
00:22:17,294 --> 00:22:18,378
<font color="#ffbf46">ඉක්මන් කරන්න, බොස් ඇවිල්ලා</font>

324
00:22:25,177 --> 00:22:26,053
<font color="#ffbf46">මට පුපුරන්න වගේ!</font>

325
00:22:26,136 --> 00:22:28,221
<font color="#ffbf46">ඉක්මන් කරන්න!</font>

326
00:22:28,722 --> 00:22:30,307
<font color="#ffbf46">මහා කැතයි.</font>

327
00:22:30,932 --> 00:22:32,851
<font color="#ffbf46">ඇයි ඔයා මේ
හැම තිස්සෙම ටොයිලට් දුවන්නේ?</font>

328
00:22:32,934 --> 00:22:34,394
<font color="#ffbf46">දැන් ටිකක් ෂේප්.</font>

329
00:22:35,062 --> 00:22:36,521
<font color="#ffbf46">මම එන්සයිම් වගයක් ගත්ත නිසා.</font>

330
00:22:36,605 --> 00:22:38,982
<font color="#ffbf46">ඒක ජෙමා කරපු ගෲප්-බයි අයිටම් එකක්,
ඒක විකිණිලා ඉවර වුණා.</font>

331
00:22:39,066 --> 00:22:39,900
<font color="#ffbf46">ඇත්තටම?</font>

332
00:22:39,983 --> 00:22:41,526
<font color="#ffbf46">මමත් ටිකක් ගන්නද?</font>

333
00:22:41,610 --> 00:22:44,863
<font color="#ffbf46">දන්නවද, ජෙමා ගාව තියෙන අර වින්ටේජ්
ෂැන්ල් බෑග් එකත් විකිණිලා ඉවරයිලු.</font>

334
00:22:45,364 --> 00:22:46,615
<font color="#ffbf46">එයා ඒක කොහෙන්ද දන්නෙ නෑ අරන් තියෙන්නේ.</font>

335
00:22:47,115 --> 00:22:48,992
<font color="#ffbf46">මට නම් කොහෙන්වත් හොයාගන්න බැරි වුණා.</font>

336
00:22:49,618 --> 00:22:50,786
<font color="#ffbf46">ඔව්, ඒක ලස්සනයි.</font>

337
00:22:50,869 --> 00:22:52,287
<font color="#ffbf46">එයා ගන්න ෆොටෝ මාර ලස්සනයි.</font>

338
00:22:52,871 --> 00:22:56,124
<font color="#ffbf46">එයාලා කියන්නේ දැම්මම ගන්න කියලා.
එයාට ෆලෝවර්ස්ලා මිලියනයකට වඩා ඉන්නවා.</font>

339
00:22:56,208 --> 00:22:59,127
<font color="#ffbf46">ඒක වෙන්න පුළුවන්.
එයා දාන පෝස්ට් දැක්කම ඒවා ගන්නමයි හිතෙන්නේ.</font>

340
00:23:03,632 --> 00:23:04,800
<font color="#ffbf46">ජෙමා</font>

341
00:23:34,746 --> 00:23:38,417
<font color="#ffbf46">තෑග්ගක් විදිහට මේ වගේම බෑග් එකක් හම්බවුණු නිසා විකුණනවා</font>

342
00:23:38,500 --> 00:23:41,628
<font color="#ffbf46">මේ දවස්වල මේ බෑග් එක හොයාගන්න අමාරු නිසා
මම පොඩි ගාණක් එකතු කළා</font>

343
00:23:41,711 --> 00:23:42,963
<font color="#ffbf46">පළ කරන්න</font>

344
00:23:58,437 --> 00:23:59,729
<font color="#ffbf46">මම ඒක ගන්නවා. මට දැන්ම ගෙවන්න පුළුවන්</font>

345
00:23:59,813 --> 00:24:01,314
<font color="#ffbf46">ඒක අලුත් එකක්ද? හොඳ තත්ත්වයෙන් තියෙනවද?</font>

346
00:24:01,398 --> 00:24:02,941
<font color="#ffbf46">ඔරිජිනල්ද? ඔක්කොම කෑලි තියෙනවද?</font>

347
00:24:07,362 --> 00:24:08,363
<font color="#ffbf46">මම ඒක ගන්නවා! අනේ ප්ලීස්!</font>

348
00:24:08,447 --> 00:24:09,698
<font color="#ffbf46">මම ගොඩක් ආසාවෙන් හිටියේ මේකට</font>

349
00:24:09,781 --> 00:24:10,866
<font color="#ffbf46">ප්ලීස් මට මැසේජ් එකක් දාන්න!</font>

350
00:24:13,034 --> 00:24:16,496
<font color="#ffbf46">විධායක නිලධාරීන්, සේවකයින්
සහ හවුල්කාර සමාගම් සඳහා</font>

351
00:24:16,580 --> 00:24:20,459
<font color="#ffbf46">සැම්වොල් ගෲප් අවුරුදු අවසාන සේල් එක
සේවකයින් සහ විධායක නිලධාරීන් සඳහා</font>

352
00:24:43,482 --> 00:24:45,442
<font color="#ffbf46">අනේ දෙවියනේ, මගේ අයිඩී එක කොහෙද?</font>

353
00:24:47,777 --> 00:24:49,446
<font color="#ffbf46">ඔයා මගේ අයිඩී එක දැක්කද?</font>

354
00:24:49,529 --> 00:24:50,906
<font color="#ffbf46">නෑ, මම දැක්කේ නෑ.</font>

355
00:24:52,365 --> 00:24:55,410
<font color="#ffbf46">කරුණාකර ඔබේ සේවක අයිඩී එක
සහ ආරාධනා පත්‍රය කල්තියා සූදානම් කරගන්න.</font>

356
00:24:55,494 --> 00:24:56,495
<font color="#ffbf46">ජංගම ආරාධනා පත්‍රය</font>

357
00:25:12,677 --> 00:25:15,805
<font color="#ffbf46">ගනුදෙනුව සාර්ථකයි</font>

358
00:25:55,845 --> 00:25:57,764
<font color="#ffbf46">දැක්ක ගමන් හිතිලා ගත්ත එකක්
මගේ ස්ටයිල් එකට හරියන්නෙ නෑ</font>

359
00:26:01,851 --> 00:26:04,938
<font color="#ffbf46">උඩ තට්ටුවේ ඔක්කොම හරිද?
ඔව්, වැඩ ටික ගානට කෙරෙනවා.</font>

360
00:26:10,902 --> 00:26:12,320
<font color="#ffbf46">පරක්කු වුණාට සමාවෙන්න.</font>

361
00:26:15,282 --> 00:26:16,408
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

362
00:26:16,491 --> 00:26:17,826
<font color="#ffbf46">වොන් මිලියන පනහයි.</font>

363
00:26:19,160 --> 00:26:19,995
<font color="#ffbf46">මොකක්?</font>

364
00:26:21,288 --> 00:26:23,039
<font color="#ffbf46">මම ඇඳුම් මාරු කරන් එන්නම්.</font>

365
00:26:24,249 --> 00:26:25,250
<font color="#ffbf46">මම කිව්වේ, මේක...</font>

366
00:26:34,843 --> 00:26:36,344
<font color="#ffbf46">ආ, ඔයා ටැටූ එකක් ගහලා.</font>

367
00:26:36,428 --> 00:26:37,512
<font color="#ffbf46">ඒකේ තේරුම මොකක්ද?</font>

368
00:26:38,680 --> 00:26:40,348
<font color="#ffbf46">විචිත්‍රවත් ශෝකය.</font>

369
00:26:41,391 --> 00:26:42,934
<font color="#ffbf46">"විචිත්‍රවත් ශෝකය"?</font>

370
00:26:44,894 --> 00:26:48,023
<font color="#ffbf46">ඒක හරියට "දුක්ඛිත පොහොසතෙක්"
නැත්නම් "ලස්සන කුණු ගොඩක්" වගේ.</font>

371
00:26:49,816 --> 00:26:53,153
<font color="#ffbf46">මේ වෙලාවේ,
මට දැනෙන්නේ මම හරියට දුක්ඛිත කුණු ගොඩක් වගේ කියලයි.</font>

372
00:26:53,236 --> 00:26:55,989
<font color="#ffbf46"><i>සල්ලි වලින් සල්ලි හම්බකරන්න පුළුවන් වුණා නම්?</i>
<i>මිලියන 50, මිලියන 500 වෙනවා,</i></font>

373
00:26:56,489 --> 00:26:58,825
<font color="#ffbf46"><i>ඊට පස්සේ මිලියන 500, බිලියන 5ක් වෙනවා.</i></font>

374
00:26:59,701 --> 00:27:03,496
<font color="#ffbf46"><i>ඔබේ ජීවිතය</i></font>

375
00:27:03,580 --> 00:27:07,000
<font color="#ffbf46"><i>වෙනස් කරන එකම තේරීම</i></font>

376
00:27:07,083 --> 00:27:10,378
<font color="#ffbf46">මේ එල්ලෙන කෑලි හෙලවෙන සද්දෙට
වාසනාව එනවා කියලා කියනවා.</font>

377
00:27:10,462 --> 00:27:11,880
<font color="#ffbf46">ඔයා හිතනවද මේක මට ගැලපෙයි කියලා?</font>

378
00:27:11,963 --> 00:27:14,466
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම. මේක ඔයාට හරියටම හරියනවා.</font>

379
00:27:17,344 --> 00:27:18,386
<font color="#ffbf46">මම මේක ගන්නවා.</font>

380
00:27:19,804 --> 00:27:21,473
<font color="#ffbf46">දැනට අපි ගාව බඩු ඉවරයි.</font>

381
00:27:21,556 --> 00:27:24,601
<font color="#ffbf46">ඔයාට ඒක ලැබෙන්න ටික දවසක් යයි.
ඒකට කමක් නැද්ද?</font>

382
00:27:26,186 --> 00:27:28,313
<font color="#ffbf46">ඇයි එහෙම අහන්නේ?
කමක් නෑ කිව්වොත් ඔයා මොකද කරන්නේ?</font>

383
00:27:30,065 --> 00:27:30,899
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

384
00:27:30,982 --> 00:27:32,567
<font color="#ffbf46">ගණන් ගන්න එපා. මෙන්න ඇඩ්වාන්ස් එක.</font>

385
00:27:32,651 --> 00:27:34,986
<font color="#ffbf46">හරි. කරුණාකර පොඩ්ඩක් ඉන්න.</font>

386
00:27:35,570 --> 00:27:38,114
<font color="#ffbf46">මට කණගාටුයි ඔයාට මේවා ගන්න බෑ.</font>

387
00:27:38,198 --> 00:27:39,491
<font color="#ffbf46">මොකක්ද? ඒ ඇයි?</font>

388
00:27:39,574 --> 00:27:42,327
<font color="#ffbf46">එක්කෙනෙක්ට ගන්න පුළුවන්
වොන් මිලියන දෙකක් වෙනකන් විතරයි.</font>

389
00:27:42,410 --> 00:27:43,662
<font color="#ffbf46">ඒ කවද ඉඳන්ද?</font>

390
00:27:44,829 --> 00:27:49,042
<font color="#ffbf46">නීතිවිරෝධී විදිහට ආරාධනා පත්‍ර බෙදන ප්‍රශ්නයක් නිසා
බ්‍රෑන්ඩ් එකෙන් ලිමිට් එකක් දැම්මා.</font>

391
00:27:49,125 --> 00:27:52,837
<font color="#ffbf46">ආරංචියෙ හැටියට, ඩීලර්ස්ලා බඩු අරන්
ආයෙ විකුණනවා අහුවෙලා තියෙනවා.</font>

392
00:27:53,838 --> 00:27:56,716
<font color="#ffbf46">ඉතින්, ඔයා කැමතිද මිලියන දෙකේ
ලිමිට් එකට අඩුවෙන් බඩු ගන්න?</font>

393
00:28:03,390 --> 00:28:04,391
<font color="#ffbf46">මොක් ගා-හිට මතක් කිරීමක්</font>

394
00:28:04,474 --> 00:28:05,392
<font color="#ffbf46">මුදල ගෙවිය යුතු දිනය: 01/07/19</font>

395
00:28:05,475 --> 00:28:06,893
<font color="#ffbf46">ණය මුදල: 50,000,000
පොලිය: 24%</font>

396
00:28:06,976 --> 00:28:08,395
<font color="#ffbf46">ද වන් කැපිටල්</font>

397
00:28:15,694 --> 00:28:16,986
<font color="#ffbf46">මේ තියෙන්නේ වොන් මිලියන පනහ.</font>

398
00:28:17,070 --> 00:28:18,530
<font color="#ffbf46">අනේ මේ. මගුල.</font>

399
00:28:19,030 --> 00:28:20,156
<font color="#ffbf46">සල්ලි අඩුයිනේ.</font>

400
00:28:20,240 --> 00:28:23,660
<font color="#ffbf46">ඒක මිලියන පනහක් තියෙනවා.
මම ගත්ත ගාණම ආපහු ගෙනාවා.</font>

401
00:28:23,743 --> 00:28:24,661
<font color="#ffbf46">හරියට හරි.</font>

402
00:28:24,744 --> 00:28:27,956
<font color="#ffbf46">ඇයි ගත්ත ගාණ විතරක් ගෙනාවේ?
කෝ පොලිය?</font>

403
00:28:28,873 --> 00:28:30,750
<font color="#ffbf46">ඒක මේ...</font>

404
00:28:33,086 --> 00:28:35,588
<font color="#ffbf46">හදිසි වැඩක් වුණා,
ඒක නිසා මට දැන්ම ගෙවන්න විදිහක් නෑ.</font>

405
00:28:36,089 --> 00:28:38,425
<font color="#ffbf46">මොනවා කරලා හරි,
ලබන මාසේ වෙද්දි මම ගෙවන්නම්.</font>

406
00:28:38,508 --> 00:28:39,718
<font color="#ffbf46">ඒකට කමක් නෑ නේද?</font>

407
00:28:39,801 --> 00:28:42,011
<font color="#ffbf46">ලබන මාසේ වෙද්දි,
ඔයාට ගෙවන්න තව පොලිය එකතු වෙනවා.</font>

408
00:28:43,179 --> 00:28:45,557
<font color="#ffbf46">මේ අහන්න, ඇයි ඔයාට දැන්ම මේක ගෙවලා දාන්න බැරි?</font>

409
00:28:45,640 --> 00:28:47,559
<font color="#ffbf46">මම ඔයාට ණයට දෙන්නම්.</font>

410
00:28:47,642 --> 00:28:48,476
<font color="#ffbf46">ඒයි.</font>

411
00:28:52,772 --> 00:28:54,023
<font color="#ffbf46">ඔන්න පටන් ගත්තා.</font>

412
00:28:55,942 --> 00:28:58,027
<font color="#ffbf46">ඔයාගේ මහපටැඟිල්ල දෙන්න.</font>

413
00:28:58,111 --> 00:28:59,946
<font color="#ffbf46">ආයි!
හරි, කලබල වෙන්න එපා.</font>

414
00:29:04,576 --> 00:29:06,077
<font color="#ffbf46">අන්න හරි, හොඳ ළමයා.</font>

415
00:29:14,878 --> 00:29:17,672
<font color="#ffbf46">මෙන්න. ගන්න, මේක ගන්න.</font>

416
00:29:19,924 --> 00:29:21,509
<font color="#ffbf46">මේ මම ඔයාට සල්ලි ණයට දුන්නා කියලා,</font>

417
00:29:23,261 --> 00:29:24,679
<font color="#ffbf46">මේ මම ඒක බාර ගත්තා කියලා.</font>

418
00:29:26,931 --> 00:29:30,268
<font color="#ffbf46">අපගේ සේවාවන් ලබා ගත්තාට ස්තූතියි,</font>

419
00:29:30,852 --> 00:29:33,855
<font color="#ffbf46">සැම්වොල් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ මොක් ගා-හි.</font>

420
00:29:34,647 --> 00:29:37,859
<font color="#ffbf46"><i>පොලිය ගොඩ ගැහුණා,</i>
<i>මිලියන 5, මිලියන 50 වුණා,</i></font>

421
00:29:37,942 --> 00:29:39,694
<font color="#ffbf46"><i>ඊට පස්සේ මිලියන 50, මිලියන 500ක් වුණා.</i></font>

422
00:29:40,945 --> 00:29:42,155
<font color="#ffbf46">ගත්තු සල්ලි ආයේ දියන්!</font>

423
00:29:42,238 --> 00:29:43,490
<font color="#ffbf46">හැමෝම අහගන්න.</font>

424
00:29:44,574 --> 00:29:47,869
<font color="#ffbf46">ගත්තු ණය ආපහු ගෙවන්නේ නැති බැල්ලියෙක්</font>

425
00:29:48,369 --> 00:29:51,372
<font color="#ffbf46">සැම්වොල් ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ
ලක්ෂරි සෙක්ෂන් එකේ වැඩ කරනවා.</font>

426
00:29:51,456 --> 00:29:52,290
<font color="#ffbf46">මොක් ගා-හි!</font>

427
00:29:53,792 --> 00:29:55,418
<font color="#ffbf46">ඒයි! මගුල!</font>

428
00:29:55,502 --> 00:29:56,377
<font color="#ffbf46">ඔතනම හිටපන්!</font>

429
00:29:56,461 --> 00:29:57,378
<font color="#ffbf46">අයින් වෙයන්!</font>

430
00:29:57,462 --> 00:29:58,588
<font color="#ffbf46">මොක් ගා-හි!</font>

431
00:30:04,761 --> 00:30:06,930
<font color="#ffbf46">ඒයි, ගා-හි. මොක් ගා-හි.</font>

432
00:30:07,013 --> 00:30:08,598
<font color="#ffbf46">ශික්.</font>

433
00:30:15,563 --> 00:30:17,148
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතනවද එයා ඇතුලේ ඇති කියලා?</font>

434
00:30:17,232 --> 00:30:18,358
<font color="#ffbf46">ඉක්මන් කරපන්!</font>

435
00:31:13,580 --> 00:31:16,749
<font color="#ffbf46"><i>මම කොච්චර ගැලවෙන්න හැදුවත්,</i>
<i>මම වැටෙන්නේ තවත් ගැඹුරු අගාධයකට.</i></font>

436
00:31:20,086 --> 00:31:21,838
<font color="#ffbf46">දැනට ඉන්වෙන්ට්‍රි එක බලාගන්න.</font>

437
00:31:22,630 --> 00:31:24,507
<font color="#ffbf46">ආයේ මගේ ඇහැට පේන්න එන්න එපා.</font>

438
00:31:27,760 --> 00:31:30,054
<font color="#ffbf46"><i>එළිය තියෙන තැන, අඳුරත් තියෙනවා.</i></font>

439
00:31:31,014 --> 00:31:33,474
<font color="#ffbf46"><i>ඇයි මටම අඳුර වෙන්න වුණේ?</i></font>

440
00:31:41,274 --> 00:31:43,818
<font color="#ffbf46">සම්භාවනීය පාරිභෝගික මොක් ගා-හි
ඔබේ බෑගය සූදානම්</font>

441
00:32:30,114 --> 00:32:32,116
<font color="#ffbf46">අනේ ප්ලීස්!</font>

442
00:32:42,877 --> 00:32:44,921
<font color="#ffbf46">ශික්.</font>

443
00:32:57,642 --> 00:33:00,645
<font color="#ffbf46">මම මොකක්ද කරපු ලොකුම වරද?</font>

444
00:33:02,063 --> 00:33:03,523
<font color="#ffbf46">ඇයි මට මෙහෙම කරන්නේ?</font>

445
00:33:04,023 --> 00:33:06,693
<font color="#ffbf46">ඇයි?</font>

446
00:34:05,793 --> 00:34:08,046
<font color="#ffbf46"><i>බැබළෙන්න නම් පිච්චෙන්නම ඕන.</i></font>

447
00:34:35,782 --> 00:34:37,575
<font color="#ffbf46">මොක් ගා-හි</font>

448
00:34:51,422 --> 00:34:52,590
<font color="#ffbf46">දුවන්න.</font>

449
00:34:54,008 --> 00:34:55,968
<font color="#ffbf46">මේක ඔයාට හරියන තැනක් නෙමෙයි.</font>

450
00:35:19,033 --> 00:35:22,578
<font color="#ffbf46"><i>මම අද මැරෙන්න තීරණය කළා.</i></font>

451
00:35:35,967 --> 00:35:38,427
<font color="#ffbf46">මොක් ගා-හි</font>

452
00:35:43,683 --> 00:35:47,061
<font color="#ffbf46"><i>ඒත් මම මැරෙන්න කලින්,</i>
<i>මට ඕන වුණා මම ජීවත් වුණා කියලා ඔප්පු කරන්න.</i></font>

453
00:35:49,063 --> 00:35:50,273
<font color="#ffbf46">ගා-හි කොහේ ගිහින්ද මන්දා?</font>

454
00:35:50,356 --> 00:35:52,650
<font color="#ffbf46">සියොන්-ජොන්ග්, ඔයා එයාගේ යාළුවා නේද?
ඒක මේ මම...</font>

455
00:35:52,733 --> 00:35:54,068
<font color="#ffbf46">මට එයාව කන්ටැක්ට් කරගන්න බෑ.
මොකක්?</font>

456
00:35:54,152 --> 00:35:55,153
<font color="#ffbf46">එයාට කෝල් එකක් අරන් බලන්න.</font>

457
00:35:55,236 --> 00:35:56,237
<font color="#ffbf46">මේකි නම්...</font>

458
00:35:56,988 --> 00:35:58,447
<font color="#ffbf46">අනේ දෙවියනේ!
මට සමාවෙන්න.</font>

459
00:36:02,326 --> 00:36:03,870
<font color="#ffbf46">මේක කොහොමද විසඳන්න ඕන?</font>

460
00:36:05,371 --> 00:36:08,457
<font color="#ffbf46">ස්ප්‍රින්ක්ලර් එකේ දෝෂයක් නිසා වුණ
කලබලයක් කියලා දාන්න.</font>

461
00:36:08,541 --> 00:36:10,293
<font color="#ffbf46"><i>ඉල්ලීම සකසමින් පවතී.</i></font>

462
00:36:14,088 --> 00:36:17,049
<font color="#ffbf46"><i>ඔබේ ගනුදෙනුව සාර්ථකයි. කරුණාකර</i>…</font>

463
00:36:43,075 --> 00:36:44,493
<font color="#ffbf46"><i>මම සුනු විසුනු වී ගියත්,</i></font>

464
00:36:44,994 --> 00:36:46,787
<font color="#ffbf46"><i>මම ඒක දීප්තිමත්ව කරන්නම්.</i></font>

465
00:36:48,122 --> 00:36:49,123
<font color="#ffbf46">මොක් ගා-හුයි</font>

466
00:36:51,918 --> 00:36:52,752
<font color="#ffbf46">"ඔන්න ඔහේ ගියාවේ."</font>

467
00:36:53,252 --> 00:36:54,253
<font color="#ffbf46">"මම ඔයාට ආදරෙයි."</font>

468
00:36:56,005 --> 00:36:57,048
<font color="#ffbf46">සුඛෝපභෝගී බඩු?</font>

469
00:36:58,049 --> 00:37:00,176
<font color="#ffbf46">මම ඇත්තටම ඔයාට කැමතියි.</font>

470
00:37:01,385 --> 00:37:04,263
<font color="#ffbf46">ඒත් මම ඔයාට ඇත්තටම වෛර කරනවා.</font>

471
00:37:05,681 --> 00:37:06,682
<font color="#ffbf46">ඒ වුණාට...</font>

472
00:37:08,267 --> 00:37:09,185
<font color="#ffbf46">මම ඔයාට ආදරෙයි.</font>

473
00:37:10,436 --> 00:37:12,480
<font color="#ffbf46">එහෙම වුණත්, මම ඔයාට වෛර කරනවා.</font>

474
00:37:12,980 --> 00:37:14,232
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

475
00:37:14,315 --> 00:37:15,858
<font color="#ffbf46">මට ඔයාව අයිති කරගන්න ඕන.</font>

476
00:37:15,942 --> 00:37:17,902
<font color="#ffbf46">ඒත් මම ඔයාට වෛර කරනවා.</font>

477
00:37:18,402 --> 00:37:19,654
<font color="#ffbf46">ඒ කෙසේ වෙතත්,</font>

478
00:37:19,737 --> 00:37:22,281
<font color="#ffbf46">මට හැමදාම ඔයා ළඟින් ඉන්න ඕන.</font>

479
00:37:22,949 --> 00:37:25,326
<font color="#ffbf46">ඔයාට ඇත්තටම දැනෙන්නේ කොහොමද දන්නෑ?</font>

480
00:37:29,914 --> 00:37:33,376
<font color="#ffbf46">ඔයා හිතන්නේ ඒක ආදරයයි වෛරයයි දෙකම තියෙන දෙයක් කියලද?
ඒක පුදුම හිතෙන තරම් මනුෂ්‍ය ස්වභාවයක් වෙන්න පුළුවන්.</font>

481
00:37:33,459 --> 00:37:36,128
<font color="#ffbf46">සම්බන්ධක වචන පාවිච්චි නොකරම
ආදරය සහ වෛරය ප්‍රකාශ කරනවා.</font>

482
00:37:37,004 --> 00:37:38,589
<font color="#ffbf46">කැතයි ඒත් ලස්සනයි.</font>

483
00:37:39,131 --> 00:37:42,009
<font color="#ffbf46">මේක වඩාත් මනුෂ්‍ය ස්වභාවයට ළඟයි.
ඒක අපි දන්න දේවල් එක්ක පරස්පර වෙන්නේ නෑ.</font>

484
00:37:42,510 --> 00:37:45,096
<font color="#ffbf46">ඒක සංකීර්ණයි වගේම නිතරම වෙනස් වෙනවා,
හරියටම සාරා කිම් වගේ.</font>

485
00:37:45,179 --> 00:37:47,014
<font color="#ffbf46">මම කිව්වේ, මොක් ගා-හුයි වගේ.</font>

486
00:37:47,098 --> 00:37:50,017
<font color="#ffbf46">එයාට එක රැයකින් වොන් මිලියන 500ක් ලැබුණා
ඊට පස්සේ සියදිවි නසා ගත්තද?</font>

487
00:37:50,518 --> 00:37:54,146
<font color="#ffbf46">අන්න එතන පරස්පරයක් තියෙනවා.
ඒ සල්ලි ඔක්කොම කොහෙටද අතුරුදහන් වුණේ?</font>

488
00:37:55,106 --> 00:37:58,442
<font color="#ffbf46">ඒත් මම මේක කොච්චර කියෙව්වත්,</font>

489
00:37:58,943 --> 00:38:01,612
<font color="#ffbf46">එකම වාක්‍යයකවත් නෑ
මේක ලිව්වේ සාරා කිම් කියලා හිතන්න පුළුවන් විදියට.</font>

490
00:38:02,947 --> 00:38:03,906
<font color="#ffbf46">අපි ඒක අනිත් පැත්ත හරවලා බැලුවොත්...</font>

491
00:38:06,450 --> 00:38:09,203
<font color="#ffbf46">සාරා කිම් තුළින් මොක් ගා-හුයිව හොයන්න උත්සාහ කළොත්?</font>

492
00:38:10,079 --> 00:38:14,166
<font color="#ffbf46">එයා වෙන කෙනෙක් විදියට පෙනී සිටියත්
එයාගේ සලකුණු තියෙන්නම ඕන.</font>

493
00:38:14,250 --> 00:38:17,712
<font color="#ffbf46">රෝස මලක් මොන නමකින් හැඳින්වුවත්
ඒකේ සුවඳ රෝස මලකමයි.</font>

494
00:38:21,007 --> 00:38:22,258
<font color="#ffbf46">සුඛෝපභෝගී බඩු</font>

495
00:38:25,094 --> 00:38:27,054
<font color="#ffbf46">විශිෂ්ට ශෝකය</font>

496
00:38:34,895 --> 00:38:36,981
<font color="#ffbf46">අපි මොක් ගා-හුයිව හෙව්වොත් මොකද
මේ දේවල් අතරින්?</font>

497
00:38:37,481 --> 00:38:38,316
<font color="#ffbf46">සුඛෝපභෝගී බඩු.</font>

498
00:38:38,399 --> 00:38:40,651
<font color="#ffbf46">විශිෂ්ට ශෝකය. හෑන්ඩ් බෑග්.</font>

499
00:38:42,653 --> 00:38:44,488
<font color="#ffbf46">සමහර විට ඒක මීට වඩා ඉවෙන් දැනෙන දෙයක් වෙන්න ඕන,</font>

500
00:38:45,197 --> 00:38:47,825
<font color="#ffbf46">නැත්නම් මේ තුනම එකට හම්බවෙන තැන වෙන්නත් පුළුවන්.</font>

501
00:38:48,951 --> 00:38:50,661
<font color="#ffbf46">Luxury බෑග් එකක්</font>

502
00:38:51,287 --> 00:38:54,290
<font color="#ffbf46">එයාට හඳුන්වා දුන්න
විශිෂ්ට ශෝකී හැඟීමක්...</font>

503
00:38:55,624 --> 00:38:58,419
<font color="#ffbf46">ඔයාට මතකද මොක් ළඟ තිබුණු බෑග් එක
එයා සියදිවි නසාගන්නකොට?</font>

504
00:38:58,502 --> 00:39:00,546
<font color="#ffbf46">ඔව්, අර දිලිසෙන එකනේ.</font>

505
00:39:08,012 --> 00:39:09,096
<font color="#ffbf46">මට ඒක හම්බවුණා සර්.</font>

506
00:39:09,180 --> 00:39:11,265
<font color="#ffbf46">ඒක 2018 ලේඩි ඩයර් එකතුවක්.</font>

507
00:39:18,522 --> 00:39:19,565
<font color="#ffbf46">දිලිසෙන්න නම් පිච්චෙන්න ඕන</font>

508
00:39:22,318 --> 00:39:25,154
<font color="#ffbf46">මම සුනු විසුනු වී ගියත්,
මම ඒක දීප්තිමත්ව කරන්නම්</font>

509
00:39:25,780 --> 00:39:27,698
<font color="#ffbf46">මේ වැකිය සියදිවි නසාගැනීමේ ලිපියට ගැළපෙනවා.</font>

510
00:39:28,199 --> 00:39:30,826
<font color="#ffbf46">ඔයා කිව්වේ කවදා කියලද
චියොන්ග්ඩෑම් දේවතාවිය ඒක පෝස්ට් කරලා තිබුණේ?</font>

511
00:39:30,910 --> 00:39:32,495
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, මට තත්පරයක් දෙන්න.</font>

512
00:39:33,996 --> 00:39:38,125
<font color="#ffbf46">අවුරුදු 100ක් තිස්සේ යුරෝපීය රාජකීයයන් ආදරය කළ
LUXURY බූඩොයර් බෑගය මට ලැබුණා.</font>

513
00:39:38,209 --> 00:39:41,796
<font color="#ffbf46">2018 දෙසැම්බර් 26,
මොක් ගා-හුයි සියදිවි නසාගත්ත දවස.</font>

514
00:39:41,879 --> 00:39:43,881
<font color="#ffbf46">එතකොට සාරා කිම්ව මුලින්ම දැක්කේ කවද්ද?</font>

515
00:39:43,964 --> 00:39:46,175
<font color="#ffbf46">ජොන්ග් යෝ-ජින්ගේ ප්‍රකාශයට අනුව,</font>

516
00:39:47,009 --> 00:39:49,387
<font color="#ffbf46">ඒකත් 2018 දෙසැම්බර් 26.</font>

517
00:39:50,846 --> 00:39:52,848
<font color="#ffbf46">දැන් අපි දන්නවා සල්ලිවලට මොකද වුණේ කියලා.</font>

518
00:39:54,475 --> 00:39:56,143
<font color="#ffbf46">මොක් ගා-හුයිට මැරෙන්න ඕන වුණේ නෑ.</font>

519
00:39:56,644 --> 00:39:58,312
<font color="#ffbf46">එයාට ඕන වුණේ වෙනස් විදියකට ජීවත් වෙන්න.</font>

520
00:39:58,396 --> 00:40:01,065
<font color="#ffbf46">එයා කොච්චර මහන්සි වුණත්,
එයාගේ යථාර්ථය කවදාවත් වෙනස් වුණේ නෑ.</font>

521
00:40:01,148 --> 00:40:03,359
<font color="#ffbf46">එයා සුඛෝපභෝගී බඩු වල මායාවේ එල්ලිලා හිටියා</font>

522
00:40:04,068 --> 00:40:05,611
<font color="#ffbf46">එයා අගාධයට වැටෙනකම්ම.</font>

523
00:40:06,112 --> 00:40:07,530
<font color="#ffbf46">අන්න එතකොටයි එයා තීරණය කළේ.</font>

524
00:40:07,613 --> 00:40:09,240
<font color="#ffbf46">එයාට යථාර්ථය වෙනස් කරන්න බැරි නම්,</font>

525
00:40:09,949 --> 00:40:11,200
<font color="#ffbf46">එයා එයාම වෙනස් වෙනවා කියලා.</font>

526
00:40:20,209 --> 00:40:22,628
<font color="#ffbf46">හරියට ජේ.කේ. රෝලින්,
රොබට් ගල්බ්‍රයිත් වුණා වගේ,</font>

527
00:40:22,711 --> 00:40:24,463
<font color="#ffbf46">මොක් ගා-හුයි සාරා කිම් වුණා.</font>

528
00:40:25,881 --> 00:40:29,009
<font color="#ffbf46">ඊටපස්සේ අර ලේඩි ඩයර් බෑග් එක,
මොක්ට ලොකු සංකේතයක් වුණ...</font>

529
00:40:36,308 --> 00:40:37,601
<font color="#ffbf46">බූඩොයර් බවට පත් වුණා.</font>

530
00:40:52,158 --> 00:40:55,035
<font color="#ffbf46">මම කිව්වේ මිනීමරුවෙක්ව අල්ලන්න කියලා,
නැතුව රස්තියාදු ගහලා කාලය නාස්ති කරන්න නෙවෙයි.</font>

531
00:40:55,995 --> 00:40:57,788
<font color="#ffbf46">මොකක්ද මේ ඩයර් කතාව?</font>

532
00:40:58,289 --> 00:41:01,125
<font color="#ffbf46">තමුන් කියන්නේ
මැරිච්ච මනුස්සයෙක් ආපහු පණ ආවා කියලද?</font>

533
00:41:01,792 --> 00:41:03,085
<font color="#ffbf46">අපිළිවෙල පරීක්ෂණයක් නිසා</font>

534
00:41:03,752 --> 00:41:05,838
<font color="#ffbf46">ජීවත් වෙලා ඉන්න කෙනෙක්ව
මැරුණු කෙනෙක් බවට පත් කරලා.</font>

535
00:41:06,422 --> 00:41:07,631
<font color="#ffbf46">මොකක්ද?
ඒක ස්ථිර දෙයක් නෙවෙයි.</font>

536
00:41:07,715 --> 00:41:12,178
<font color="#ffbf46">සාක්ෂි වලින් පෙන්නුවේ මොක් සියදිවි නසා ගත්තා කියලා විතරයි.
එයාලා කවදාවත් ජලාශය පරීක්ෂා කළේ නෑ.</font>

537
00:41:12,678 --> 00:41:15,306
<font color="#ffbf46">පරීක්ෂා කරලා තහවුරු කරගන්න එක තාම පරක්කු නෑ.</font>

538
00:41:15,389 --> 00:41:17,475
<font color="#ffbf46">මළ සිරුරක් හම්බවුණේ නැත්නම්,</font>

539
00:41:17,558 --> 00:41:19,977
<font color="#ffbf46">අපිට ඔප්පු කරන්න පුළුවන් මොක් සියදිවි නසා ගත්තේ නෑ කියලා.</font>

540
00:41:20,060 --> 00:41:21,645
<font color="#ffbf46">ඒ වගේම මේ සියදිවි නසාගැනීමේ ලිපිය</font>

541
00:41:22,354 --> 00:41:24,064
<font color="#ffbf46">පරීක්ෂණය කරන්න සාධාරණ හේතුවක් වෙයි.</font>

542
00:41:37,411 --> 00:41:40,206
<font color="#ffbf46">එයාලට මළ සිරුරක් හම්බවුණොත්,</font>

543
00:41:40,831 --> 00:41:42,166
<font color="#ffbf46">එතකොට තමුන් මොකද කරන්නේ?</font>

544
00:41:42,249 --> 00:41:43,083
<font color="#ffbf46">කියනවා බලන්න.</font>

545
00:41:43,918 --> 00:41:46,337
<font color="#ffbf46">මේ කාලගුණය අස්සේ මිනිස්සුන්ව රැස් කරලා
කලබලයක් ඇති කරලා</font>

546
00:41:46,420 --> 00:41:50,049
<font color="#ffbf46">වහපු කේස් එකක් ආයේ ඇදලා අරන්
අනිත් කණ්ඩායමට විහිළු කරලා, ආ?</font>

547
00:41:50,883 --> 00:41:52,927
<font color="#ffbf46">මළ සිරුරක් හම්බවෙන්න කිසිම ඉඩක් නෑ.</font>

548
00:41:58,933 --> 00:42:03,521
<font color="#ffbf46">පරීක්ෂකවරයෙක් ප්‍රතිඵලය කලින්ම තීරණය කරන එක
හරිම අවාසනාවන්තයි.</font>

549
00:42:05,523 --> 00:42:08,359
<font color="#ffbf46">තමුන් හැමදේම අතෑරලා දැම්මද
තමුන්ව මග හැරුණට පස්සේ?</font>

550
00:42:10,110 --> 00:42:13,906
<font color="#ffbf46">මම මේ කේස් එකේ එල්ලිලා ඉන්නේ
මම අතෑරලා දාලා නැති නිසා.</font>

551
00:42:13,989 --> 00:42:17,826
<font color="#ffbf46">එහෙනම් මොන මගුලටද මේ කේස් එකේ එල්ලිලා ඉන්නේ
මගේ පස්සෙන් එන්නේ නැතුව?</font>

552
00:42:19,328 --> 00:42:21,288
<font color="#ffbf46">මමයි සේවක තීරණ ගන්නේ.</font>

553
00:42:22,706 --> 00:42:24,750
<font color="#ffbf46">අර සියදිවි නසාගැනීමේ ලිපිය මට සාධාරණ හේතුවක් දෙනවා.</font>

554
00:42:26,835 --> 00:42:28,963
<font color="#ffbf46">ඇති දැන්. තමුන්ට යන්න පුළුවන්.</font>

555
00:43:17,720 --> 00:43:19,430
<font color="#ffbf46">ඔයා මේ පුද්ගලයාව කවදාවත් දැකලා තියෙනවද?</font>

556
00:43:19,513 --> 00:43:22,391
<font color="#ffbf46">මට හරියට කියන්න බෑ. අපිට ගොඩක් පාරිභෝගිකයෝ එනවා.</font>

557
00:43:37,072 --> 00:43:40,200
<font color="#ffbf46">ඔන්න ඔහේ ගියාවේ. මම ඔයාට ආදරෙයි</font>

558
00:43:40,284 --> 00:43:41,285
<font color="#ffbf46"><i>ඔන්න ඔහේ ගියාවේ.</i></font>

559
00:43:41,785 --> 00:43:42,786
<font color="#ffbf46"><i>මම ඔයාට ආදරෙයි.</i></font>

560
00:43:43,412 --> 00:43:45,372
<font color="#ffbf46"><i>ඔන්න ඔහේ ගියාවේ. මම ඔයාට ආදරෙයි.</i></font>

561
00:43:51,045 --> 00:43:52,755
<font color="#ffbf46">ඔන්න ඔහේ ගියාවේ. මම ඔයාට ආදරෙයි
මගේ ආදරේ හැමදේම විනාශ කළා</font>

562
00:43:58,302 --> 00:44:00,512
<font color="#ffbf46">ජි-හ්වොන් එක්ක</font>

563
00:44:01,388 --> 00:44:02,931
<font color="#ffbf46"><i>ඒ ඔක්කොම පොතේ තියෙනවා.</i></font>

564
00:44:03,015 --> 00:44:07,686
<font color="#ffbf46">මම බලාගත්ත VIPලගේ රහස්, රුචිකත්වයන්
සහ පොඩි පොඩි පුරුදු පවා.</font>

565
00:44:07,770 --> 00:44:09,063
<font color="#ffbf46">පිරිමි Host bar එකක නිත්‍ය පාරිභෝගිකයෙක්</font>

566
00:44:09,146 --> 00:44:12,358
<font color="#ffbf46">Male escort කෙනෙක් වුණ කන්ග් ජි-හ්වොන්ට ආදරේ හිතුණා
එයාව එයාගේ පුද්ගලික සහකරු කරගත්තා</font>

567
00:44:17,154 --> 00:44:18,572
<font color="#ffbf46">ඒ චෝයි චේ-උ නෙවෙයි.</font>

568
00:44:21,408 --> 00:44:22,910
<font color="#ffbf46">ඒ කන්ග් ජි-හ්වොන්.</font>

569
00:44:35,422 --> 00:44:36,882
<font color="#ffbf46">ඔයා වරෙන්තුවක් ගෙනාවද?</font>

570
00:44:38,133 --> 00:44:39,968
<font color="#ffbf46">නෑ, හැබැයි මම වෙන දෙයක් ගෙනාවා.</font>

571
00:44:44,807 --> 00:44:46,517
<font color="#ffbf46">සාරා කිම් සහ කන්ග් ජි-හ්වොන්.</font>

572
00:44:46,600 --> 00:44:48,811
<font color="#ffbf46">බලන් යද්දි එයාලා කලින් පෙම්වතුන්.</font>

573
00:44:49,603 --> 00:44:51,772
<font color="#ffbf46">ඔයා කියන්නේ
එයාලා එකතු වෙලා මාව රවට්ටන්න හැදුවා කියලද?</font>

574
00:44:52,398 --> 00:44:54,692
<font color="#ffbf46">ඉතින්, අපි පරීක්ෂණ කළාම ඒක දැනගන්න පුළුවන් වෙයි.</font>

575
00:44:55,484 --> 00:44:58,821
<font color="#ffbf46">ඒක කරන්න නම්, අපිට ඔයාගේ සහයෝගය ඕන.</font>

576
00:44:58,904 --> 00:45:01,448
<font color="#ffbf46">ඔයාට ආරක්ෂිත කැමරා දර්ශන ඕන නම්,
ඔයා පරක්කු වැඩි.</font>

577
00:45:01,532 --> 00:45:03,033
<font color="#ffbf46">අපි system එක අලුත් කළා.</font>

578
00:45:03,117 --> 00:45:04,576
<font color="#ffbf46">ඒක කමක් නෑ.</font>

579
00:45:05,661 --> 00:45:07,913
<font color="#ffbf46">මම දැක්කා ඔයාට මින්මැදුරකුත් තියෙනවා කියලා.</font>

580
00:45:08,747 --> 00:45:10,249
<font color="#ffbf46">මට මාළුවෙක් දෙන්න පුළුවන්ද?</font>

581
00:45:11,583 --> 00:45:12,876
<font color="#ffbf46">සර්!</font>

582
00:45:13,919 --> 00:45:16,797
<font color="#ffbf46">ඔයා කොහෙද ගියේ?
ඊයේ ඉඳන් ඔයාව සම්බන්ධ කරගන්නවත් බැරි වුණා.</font>

583
00:45:16,880 --> 00:45:17,923
<font color="#ffbf46">මාළු බාන්න ගියා.</font>

584
00:45:18,465 --> 00:45:20,092
<font color="#ffbf46">මොකක්ද? සිරාවටම?</font>

585
00:45:20,175 --> 00:45:22,010
<font color="#ffbf46">මේක විනෝදාංශ වලට වෙලාව නෙවෙයි.</font>

586
00:45:22,094 --> 00:45:25,347
<font color="#ffbf46">අංශ ප්‍රධානියා මොකද කිව්වේ?
එයා අපිට ජලාශය පරීක්ෂා කරන්න දෙයිද?</font>

587
00:45:25,431 --> 00:45:27,683
<font color="#ffbf46">නෑ. මම ඒක අතෑරලා දාන්න යන්නේ.</font>

588
00:45:32,312 --> 00:45:33,230
<font color="#ffbf46">එච්චරද?</font>

589
00:45:33,313 --> 00:45:35,357
<font color="#ffbf46">ඔයා සටනක් නොකරම ඒක පිළිගන්නවද?</font>

590
00:45:36,191 --> 00:45:38,068
<font color="#ffbf46">මම විරුද්ධ වෙලා මොනවා කියයි කියලා ඔයා හිතනවද?</font>

591
00:45:38,694 --> 00:45:43,365
<font color="#ffbf46">මම කියන්නද, "මට තාම මුකුත් හම්බවුණේ නෑ,
ඒත් මම දිගටම පරීක්ෂණ කරන්න කැමතියි" කියලා?</font>

592
00:45:43,449 --> 00:45:45,451
<font color="#ffbf46">ඒක ඔප්පු කරන්න තවත් හොඳ හේතුවක්නේ!</font>

593
00:45:45,951 --> 00:45:48,287
<font color="#ffbf46">මේ වගේ වෙලාවට,
ඔයා අහන්න ඕන, විරුද්ධ වෙන්න නරකයි.</font>

594
00:45:48,370 --> 00:45:49,663
<font color="#ffbf46">මම ඔයාට විරුද්ධ වෙන්නේ නෑ.</font>

595
00:45:49,747 --> 00:45:51,248
<font color="#ffbf46">හැබැයි මම අහන්නෙත් නෑ.</font>

596
00:45:51,832 --> 00:45:53,751
<font color="#ffbf46">ඔයා අඩුම ගානේ ඒ දෙකෙන් එකක්වත් කරන්න ඕන.</font>

597
00:45:55,043 --> 00:45:57,421
<font color="#ffbf46">එතකොට ඔයාට මොනවා හරි හොයාගන්න පුළුවන් වෙයි
නහයෙන් අඬ අඬ ඉන්නේ නැතුව.</font>

598
00:45:57,504 --> 00:45:58,714
<font color="#ffbf46">ඔයා හරි.</font>

599
00:45:59,214 --> 00:46:01,341
<font color="#ffbf46">ඒකයි මම මගේ විදියට වැඩ කරන්න හිතුවේ.</font>

600
00:46:12,144 --> 00:46:14,021
<font color="#ffbf46">ඕකද ඔයා Coupang එකෙන් ඕඩර් කළේ?</font>

601
00:46:14,104 --> 00:46:16,315
<font color="#ffbf46">මොකක්ද අනේ ඒ?
ඕක ඔක්සිජන් ටැංකියක් නේද?</font>

602
00:46:16,398 --> 00:46:19,485
<font color="#ffbf46">ඕකද ඔයාගේ විදියට වැඩ කරනවා කියන්නේ?
නොදන්න වතුරට පනින එකද?</font>

603
00:46:20,819 --> 00:46:22,196
<font color="#ffbf46">කොහෙද ළමයෝ යන්නේ?</font>

604
00:46:26,366 --> 00:46:27,576
<font color="#ffbf46">එයා මට අභියෝග කරනවා නේද?</font>

605
00:46:35,876 --> 00:46:37,711
<font color="#ffbf46">ඒයි, ඕක මෙහෙට ගේන්න!</font>

606
00:46:39,588 --> 00:46:40,881
<font color="#ffbf46">ඔන්න ඔතන. ඔව්.</font>

607
00:46:43,926 --> 00:46:45,761
<font color="#ffbf46">මෙහෙට ගේන්න!</font>

608
00:46:46,428 --> 00:46:47,262
<font color="#ffbf46">ඉක්මන් කරන්න!</font>

609
00:46:48,764 --> 00:46:50,265
<font color="#ffbf46">හරි, අපිට හම්බවුණා.</font>

610
00:46:51,099 --> 00:46:53,936
<font color="#ffbf46">සමාවෙන්න සර්,
මේ ප්‍රදේශය මහජනතාවට තහනම්.</font>

611
00:46:54,019 --> 00:46:54,853
<font color="#ffbf46">කරුණාකරලා යන්න.</font>

612
00:46:54,937 --> 00:46:56,438
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?</font>

613
00:46:56,522 --> 00:46:59,900
<font color="#ffbf46">ඊයේ රෑ, ධීවරයෙක් රිපෝට් කරලා තිබුණා
මෙහේ පිරානාවෝ ඉන්නවා දැක්කා කියලා.</font>

614
00:47:00,400 --> 00:47:01,693
<font color="#ffbf46">අපි වතුර හිස් කරනවා.</font>

615
00:47:01,777 --> 00:47:02,945
<font color="#ffbf46">කරුණාකරලා යන්න.</font>

616
00:47:03,028 --> 00:47:04,488
<font color="#ffbf46">තමුන් කාලය නාස්ති කරලා ඉවරද?</font>

617
00:47:06,114 --> 00:47:07,658
<font color="#ffbf46">මේ පැත්තෙන්!</font>

618
00:47:09,326 --> 00:47:10,661
<font color="#ffbf46">මොකක්ද මේ ඔක්කොම?</font>

619
00:47:10,744 --> 00:47:11,829
<font color="#ffbf46">කෝපි.</font>

620
00:47:16,542 --> 00:47:18,168
<font color="#ffbf46">මේ සීත කාලේ මැද පිරානාවෝ?</font>

621
00:47:18,252 --> 00:47:20,337
<font color="#ffbf46">මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ ඔයාද?</font>

622
00:47:24,633 --> 00:47:25,676
<font color="#ffbf46">සාධාරණ හේතුව.</font>

623
00:47:32,057 --> 00:47:33,392
<font color="#ffbf46">දිගටම එහාට යවන්න.</font>

624
00:47:39,273 --> 00:47:40,148
<font color="#ffbf46">මෙහෙට!</font>

625
00:47:40,232 --> 00:47:41,483
<font color="#ffbf46">මෙහෙට!</font>

626
00:47:42,067 --> 00:47:43,569
<font color="#ffbf46">ඉක්මනට! ඉක්මන් කරන්න!</font>

627
00:47:46,488 --> 00:47:48,824
<font color="#ffbf46">මට ආයේ ඉපදෙන්න තිබුණා නම්.</font>

628
00:48:05,007 --> 00:48:06,884
<font color="#ffbf46"><i>කොතනද වැරදුනේ?</i></font>

629
00:48:14,725 --> 00:48:15,726
<font color="#ffbf46">සමාවෙන්න.</font>

630
00:48:19,730 --> 00:48:22,900
<font color="#ffbf46"><i>කොතනද වැරදුනේ?</i></font>

631
00:49:48,360 --> 00:49:53,365
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

