1
00:00:40,162 --> 00:00:42,162
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:42,186 --> 00:00:44,186


3
00:00:44,210 --> 00:00:45,980
<font color="#ffde44">පිස්සුද! මෙහෙම වෙන්න බැහැ!</font>

4
00:00:47,080 --> 00:00:48,080
<font color="#ffde44">මොකද වුණේ, හා මහත්තයා?</font>

5
00:00:53,890 --> 00:00:55,120
<font color="#ffde44">(2 වැනි යාවත්කාලීන කිරීම: "මොමෝගේ මව වන
හියුන් රන් හී සියදිවි නසාගත් බවට සැක කෙරේ")</font>

6
00:00:58,090 --> 00:00:59,330
<font color="#ffde44">ඒ තමයි ග්‍යුම් බා රා කියන්නේ.</font>

7
00:00:59,330 --> 00:01:01,360
<font color="#ffde44">එයා තමයි මුලින්ම එතනට ගිහින් හොඳම තොරතුරු ගේන්නේ.
අපේ අලුත් කෙනා වුණාට මාර වැඩකාරියක්.</font>

8
00:01:01,430 --> 00:01:02,960
<font color="#ffde44">මොකක්ද මේ වෙන්නේ?</font>

9
00:01:03,100 --> 00:01:05,130
<font color="#ffde44">අර රහස් විවාහ ගිවිස ගැනීමේ කතාව හැමතැනම පැතිරිලා.</font>

10
00:01:05,200 --> 00:01:08,530
<font color="#ffde44">දෙයියනේ, දැන් හැමදාම කවුරුහරි මැරෙනවනේ.</font>

11
00:01:08,600 --> 00:01:09,600
<font color="#ffde44">තුන්වෙනි අප්ඩේට් එකත් ඇවිත්.</font>

12
00:01:12,270 --> 00:01:13,270
<font color="#ffde44">ඉක්මන් කරන්න!</font>

13
00:01:27,750 --> 00:01:29,820
<font color="#ffde44">නෝනා, මේක භයානකයි.
අනේ, ඔයා මේ මොකද කරන්නේ?</font>

14
00:01:30,790 --> 00:01:33,860
<font color="#ffde44">දෙයියනේ චීෆ්!
ඔයා නම් මාරයි. සිරාවටම.</font>

15
00:01:49,040 --> 00:01:51,580
<font color="#ffde44">(උන්පෝ පොලිස් ස්ථානය)</font>

16
00:02:02,360 --> 00:02:03,360
<font color="#ffde44">සමාවෙන්න.</font>

17
00:02:04,320 --> 00:02:06,630
<font color="#ffde44">ගෙදර වැඩට උදව්වට කවුරුහරි ඉන්නවද?</font>

18
00:02:07,930 --> 00:02:09,760
<font color="#ffde44">කවුද අස්පස් කරන්නේ...</font>

19
00:02:11,230 --> 00:02:13,530
<font color="#ffde44">ඔයයි ඔයාගේ අම්මයි විතරද මෙහේ හිටියේ?</font>

20
00:02:19,770 --> 00:02:22,140
<font color="#ffde44">ඔයා එයාව ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න එපැයි?</font>

21
00:02:22,440 --> 00:02:24,680
<font color="#ffde44">ඔයා අඩුම තරමේ CPR වත් කරලා නැහැ.</font>

22
00:02:25,810 --> 00:02:27,810
<font color="#ffde44">CPR කරන්න පරක්කු වැඩියි.</font>

23
00:02:28,380 --> 00:02:30,450
<font color="#ffde44">ඒ වෙලාවේ ඒක කරා නම් එයාගේ ඉළඇට කැඩෙන එක විතරයි වෙන්නේ.</font>

24
00:02:36,520 --> 00:02:37,860
<font color="#ffde44">අපි එයාව ගෙනියමුද?
ඔව්.</font>

25
00:02:41,190 --> 00:02:43,460
<font color="#ffde44">අම්මේ!</font>

26
00:02:45,930 --> 00:02:47,230
<font color="#ffde44">අපි ඇතුළට යනවා.
ඔයාලට ඇතුළට යන්න බැහැ.</font>

27
00:02:47,300 --> 00:02:48,630
<font color="#ffde44">අපි වැඩවලදි වගේම පෞද්ගලිකවත් එයාට ගොඩක් කිට්ටු අය.</font>

28
00:02:48,630 --> 00:02:50,500
<font color="#ffde44">අපිට යන්න බැරිනම් වෙන කාටද පුළුවන්?
අපිට ඇතුළට යන්න දෙන්න.</font>

29
00:02:51,240 --> 00:02:52,240
<font color="#ffde44">අපි හරියට පවුලේ අය වගේ.</font>

30
00:02:53,310 --> 00:02:55,440
<font color="#ffde44">කවුද මෙතන භාරව ඉන්නේ?
පොලීසිය!</font>

31
00:02:56,610 --> 00:02:57,840
<font color="#ffde44">අපිට එක දෙයක් කියන්න!</font>

32
00:02:57,840 --> 00:02:59,110
<font color="#ffde44">හේයි, අපිට යන්න දෙන්න.
හරි සර්.</font>

33
00:03:02,980 --> 00:03:04,280
<font color="#ffde44">ඒක ස්ථිරද චීෆ්?
මෙහාට බලන්න!</font>

34
00:03:04,350 --> 00:03:05,350
<font color="#ffde44">පාර දෙන්න!
පස්සට යන්න!</font>

35
00:03:20,700 --> 00:03:21,700
<font color="#ffde44">මේ මම.</font>

36
00:03:25,500 --> 00:03:26,510
<font color="#ffde44">මේක සියදිවි නසාගැනීමක් කියලා අපිට විශ්වාසද?</font>

37
00:03:26,810 --> 00:03:28,310
<font color="#ffde44">ඔව්.
මරණයට හේතුව?</font>

38
00:03:28,370 --> 00:03:30,740
<font color="#ffde44">ගොඩක් දුරට හයිපෝතර්මියා වෙන්න ඇති.
හයිපෝතර්මියා?</font>

39
00:03:30,810 --> 00:03:32,350
<font color="#ffde44">නිදන කාමරේ හරියට ශීතකරණයක් වගේ.</font>

40
00:03:32,480 --> 00:03:33,610
<font color="#ffde44">AC එක...</font>

41
00:03:37,320 --> 00:03:38,650
<font color="#ffde44">මේක ඒකට වෙලාවවත් තැනවත් නෙවෙයි!</font>

42
00:04:09,580 --> 00:04:10,580
<font color="#ffde44">එයාලා එළියට එනවා!</font>

43
00:04:32,810 --> 00:04:33,810
<font color="#ffde44">මොමෝ.</font>

44
00:04:55,490 --> 00:04:56,500
<font color="#ffde44">හලෝ.</font>

45
00:04:58,100 --> 00:05:00,900
<font color="#ffde44">ඔයා මොමෝගේ අම්මා වෙන්න ඇති,
CEO හියුන් රන් හී.</font>

46
00:05:11,480 --> 00:05:12,480
<font color="#ffde44">බා රා.</font>

47
00:05:13,050 --> 00:05:14,910
<font color="#ffde44">ඔයා ඇත්තටම ආවා.
අනිවාර්යයෙන්ම.</font>

48
00:05:15,180 --> 00:05:16,320
<font color="#ffde44">ඔයාගේ අම්මත් මෙහේ ඉන්නවා.</font>

49
00:05:16,780 --> 00:05:17,780
<font color="#ffde44">දෙවියනේ.</font>

50
00:05:19,920 --> 00:05:20,990
<font color="#ffde44">මිස්. හියුන්.</font>

51
00:05:21,690 --> 00:05:23,220
<font color="#ffde44">මම බලාපොරොත්තු වුණේ නැහැ ඔයාව මෙහේදි දකීවි කියලා.</font>

52
00:05:23,820 --> 00:05:24,920
<font color="#ffde44">මාත් එහෙමයි.</font>

53
00:05:25,420 --> 00:05:26,430
<font color="#ffde44">මොකද මේ පැත්තේ?</font>

54
00:05:26,690 --> 00:05:28,290
<font color="#ffde44">මේ ඉන්නේ සුංවූ ඩේලි එකේ වාර්තාකාරිනියක් වෙන
ග්‍යුම් බා රා.</font>

55
00:05:29,530 --> 00:05:31,330
<font color="#ffde44">හලෝ.
හලෝ.</font>

56
00:05:31,700 --> 00:05:35,030
<font color="#ffde44">එයා අද ප්‍රදර්ශනය වාර්තා කරනවා,
ඉතින් මමත් වෙලාව තිබුණ නිසා ආවා.</font>

57
00:05:37,440 --> 00:05:39,240
<font color="#ffde44">ඔයා CEO ජූ යොං ඒ එක්ක කිට්ටුද?</font>

58
00:05:40,170 --> 00:05:42,710
<font color="#ffde44">නැහැ. මගේ ප්‍රධාන කර්තෘ තමයි මාව මේක වාර්තා කරන්න එව්වේ.</font>

59
00:05:42,910 --> 00:05:44,710
<font color="#ffde44">අම්මේ, ඔයාගේ ප්‍රදර්ශනයක් ළඟදි තියෙනවද?</font>

60
00:05:44,710 --> 00:05:45,810
<font color="#ffde44">ඒක ලෑස්ති කරගෙන යනවා.</font>

61
00:05:46,110 --> 00:05:47,510
<font color="#ffde44">අර මොමෝ නේද?
ඔව්.</font>

62
00:05:47,910 --> 00:05:49,450
<font color="#ffde44">එයා හැබැහින් දැක්කාම ගොඩක් ලස්සනයි.</font>

63
00:05:50,480 --> 00:05:51,480
<font color="#ffde44">මම ගිහින් එන්නම්.</font>

64
00:05:55,250 --> 00:05:56,920
<font color="#ffde44">බලන්නකෝ CEO ජූ කතා කරන හැටි.</font>

65
00:06:11,740 --> 00:06:14,270
<font color="#ffde44">ඔයාට කලින් වගේ එකපාරටම
මාව දාලා යන්න බැහැ.</font>

66
00:06:15,240 --> 00:06:16,540
<font color="#ffde44">සභාපති කන්ග් ඇවිත්.</font>

67
00:06:16,540 --> 00:06:17,640
<font color="#ffde44">සාදරයෙන් පිළිගන්නවා.
ඒක මගේ සතුටක්.</font>

68
00:06:18,980 --> 00:06:20,010
<font color="#ffde44">පොඩ්ඩක් සමාවෙන්න.</font>

69
00:06:25,820 --> 00:06:26,820
<font color="#ffde44">හලෝ.</font>

70
00:06:29,290 --> 00:06:30,560
<font color="#ffde44">මේ මගේ දුව.</font>

71
00:06:30,760 --> 00:06:33,360
<font color="#ffde44">චිත්‍ර ශිල්පී පෝල් කිම්. එයා හිටියේ ජර්මනියේ.</font>

72
00:06:33,960 --> 00:06:34,960
<font color="#ffde44">ඔයාව හමුවීම සතුටක්.</font>

73
00:06:36,060 --> 00:06:37,060
<font color="#ffde44">හලෝ.</font>

74
00:06:37,560 --> 00:06:40,200
<font color="#ffde44">ඔයාගේ නිර්මාණ දැනටමත් විකිණිලා ඉවරයි.
ඒ දෙකම.</font>

75
00:06:43,040 --> 00:06:45,400
<font color="#ffde44">එයා මගේ කිට්ටු යාළුවෙක්,
සුංවූ ඩේලි එකේ වාර්තාකාරිනියක්.</font>

76
00:06:48,010 --> 00:06:50,940
<font color="#ffde44">සමාවෙන්න. චිත්‍ර ශිල්පී පෝල් කිම් මෙහේද ඉන්නේ?
ඔව්.</font>

77
00:06:51,640 --> 00:06:54,280
<font color="#ffde44">අර ඉන්නේ එයා.
ඔයාගේ වැඩ කටයුතු කොහොමද?</font>

78
00:06:54,580 --> 00:06:55,680
<font color="#ffde44">මේ ටිකේ ටිකක් හිමින් තමයි යන්නේ.</font>

79
00:06:56,380 --> 00:06:58,680
<font color="#ffde44">විවේක වෙලාවට ඔයා මොනවද කරන්නේ?
ෆොටෝ ගන්න යනවා ඇරුණම?</font>

80
00:06:59,350 --> 00:07:00,990
<font color="#ffde44">මම පොත්පත් කියවනවා වගේ දේවල් කරනවා.</font>

81
00:07:02,990 --> 00:07:04,390
<font color="#ffde44">කොරියාව ගොඩක් වෙනස් වෙලා නේද?</font>

82
00:07:05,390 --> 00:07:07,390
<font color="#ffde44">ඔයා නිතරම මෙහෙට ආවද?</font>

83
00:07:07,730 --> 00:07:08,760
<font color="#ffde44">නැහැ.</font>

84
00:07:09,630 --> 00:07:10,700
<font color="#ffde44">එයා ඔයා වගේ නෙවෙයි.</font>

85
00:07:13,330 --> 00:07:15,070
<font color="#ffde44">මට වඩා ගොඩක් ලස්සනයි නේද?</font>

86
00:07:15,530 --> 00:07:18,070
<font color="#ffde44">මම එයාව කවදාවත් දැකලා නැහැ,
ඒත් මම මගේ ආච්චි වගේ කියලා හැමෝම කියනවා.</font>

87
00:07:20,070 --> 00:07:22,640
<font color="#ffde44">සමාවෙන්න, මට ෆොටෝ එකක් ගන්න පුළුවන්ද?</font>

88
00:07:25,880 --> 00:07:27,010
<font color="#ffde44">ස්තූතියි.</font>

89
00:07:28,210 --> 00:07:30,080
<font color="#ffde44">ඊළඟ වතාවේ සෝල් වලට ආවාම මට කෝල් එකක් දෙන්න.</font>

90
00:07:30,420 --> 00:07:31,580
<font color="#ffde44">ඔයා කාර්යබහුල ඇති නේද.</font>

91
00:07:31,580 --> 00:07:33,420
<font color="#ffde44">අන්තිම මොහොතේ නැතුව කලින් කිව්වොත් හරි.</font>

92
00:07:35,890 --> 00:07:37,160
<font color="#ffde44">මේ ඉන්නේ චිත්‍ර ශිල්පී පෝල් කිම්.</font>

93
00:07:38,690 --> 00:07:41,630
<font color="#ffde44">හලෝ. මම සුංවූ ඩේලි එකේ සංස්කෘතික අංශයේ
ග්‍යුම් බා රා.</font>

94
00:07:43,100 --> 00:07:45,930
<font color="#ffde44">හායි. මගේ ළඟ තවම කාඩ් එකක් නැහැ.
කමක් නැහැ.</font>

95
00:07:45,930 --> 00:07:47,800
<font color="#ffde44">ඔයාගේ නිර්මාණ තමයි ඔයාගේ බිස්නස් කාඩ් එක.</font>

96
00:07:50,640 --> 00:07:52,440
<font color="#ffde44">ඔයාගේ නිර්මාණය ගැන ටිකක් විස්තර කරන්න පුළුවන්ද?</font>

97
00:07:57,440 --> 00:07:58,610
<font color="#ffde44">මම ඉස්සෙල්ලා ෆොටෝ එකක් ගන්නම්.</font>

98
00:07:58,980 --> 00:08:00,780
<font color="#ffde44">මම මේ කතාව දැන්මම දාන්න අදහසක් නැහැ.</font>

99
00:08:05,780 --> 00:08:07,920
<font color="#ffde44">මේ ෆොටෝ එක එළියට ගියාම ඔයාට ෆෑන්ස්ලා හැදෙයි නේද?</font>

100
00:08:36,920 --> 00:08:37,920
<font color="#ffde44">අර සියදිවි නසාගැනීමේ ලියුම කෝ?</font>

101
00:08:40,750 --> 00:08:43,220
<font color="#ffde44">ඒක අපරාධ විමර්ශන කණ්ඩායම ළඟ තියෙනවා.
ඒකේ මොනවද තියෙන්නේ?</font>

102
00:08:50,430 --> 00:08:52,600
<font color="#ffde44">(හදිසි වෛද්‍ය මධ්‍යස්ථානය)</font>

103
00:09:01,410 --> 00:09:03,140
<font color="#ffde44">මොකද වුණේ?
පේන විදිහට මේක සියදිවි නසාගැනීමක්.</font>

104
00:09:03,210 --> 00:09:04,210
<font color="#ffde44">හරි, මේ පැත්තෙන් එන්න.</font>

105
00:10:52,720 --> 00:10:55,620
<font color="#ffde44">නෝනා, ඔයාට පොලීසියට එන්න වෙයි.</font>

106
00:10:59,830 --> 00:11:03,000
<font color="#ffde44">අපි අත් අකුරු පරීක්ෂාවකින් ඒක තහවුරු කරගන්නම්.
තේරුණා.</font>

107
00:11:03,060 --> 00:11:06,830
<font color="#ffde44">මිස් හියුන් අතින් ලියපු ලියකියවිලි ගෙදරින් නෙවෙයි,
ගැලරි ඔෆිස් එකෙන් හොයන්න.</font>

108
00:11:07,070 --> 00:11:08,100
<font color="#ffde44">තේරුණා.</font>

109
00:11:08,700 --> 00:11:10,800
<font color="#ffde44">මට ඒ ලියුම බලන්න දෙන්න. මම ඒක ලිපියේ දාන්නේ නැහැ.</font>

110
00:11:11,400 --> 00:11:13,310
<font color="#ffde44">ඔයාට දැනටමත් ඕනේ කරන තොරතුරු හම්බුණානේ.</font>

111
00:11:16,940 --> 00:11:17,980
<font color="#ffde44">මගේ ඔෆිස් එකට යන්න.</font>

112
00:11:17,980 --> 00:11:19,410
<font color="#ffde44">තව ටිකකින් වාර්තාකාරයෝ
මෙතන පිරෙයි.</font>

113
00:11:23,350 --> 00:11:26,790
<font color="#ffde44">ඔයාට දැනෙන දේ මට හිතාගන්නවත් බැහැ,
ඒත් අපිට ඔයාගේ කටඋත්තරය ගන්න වෙනවා.</font>

114
00:11:29,560 --> 00:11:31,320
<font color="#ffde44">මොකද වුණේ කියලා අපිට විස්තර කරන්න පුළුවන්ද?</font>

115
00:11:31,960 --> 00:11:33,590
<font color="#ffde44">ඔයා එයාව දැක්කේ කීයටද?</font>

116
00:11:35,560 --> 00:11:36,800
<font color="#ffde44">මම දන්නේ නැහැ.</font>

117
00:11:37,330 --> 00:11:40,700
<font color="#ffde44">මට අද කරන්න විශේෂ දෙයක් තිබුණේ නැහැ,
ඒ නිසා මම ටිකක් වෙලා නිදාගත්තා.</font>

118
00:11:44,700 --> 00:11:45,870
<font color="#ffde44">ඉතින් මම නැගිට්ටාම,</font>

119
00:11:48,140 --> 00:11:49,340
<font color="#ffde44">ගෙදර හරිම නිහඬයි,</font>

120
00:11:50,580 --> 00:11:52,510
<font color="#ffde44">ඒ නිසා මම හිතුවා එයා ගැලරියට යන්න ඇති කියලා.</font>

121
00:11:59,990 --> 00:12:02,590
<font color="#ffde44">කෝල් කරන්න ඕනේ කියලා කොහොමද දැනගත්තේ?
මම මේ දැන් ආවා විතරයි.</font>

122
00:12:03,660 --> 00:12:04,890
<font color="#ffde44">ජේම්ස් මේ දැන් මට කිව්වා.</font>

123
00:12:05,490 --> 00:12:06,790
<font color="#ffde44">නත්තල් දවසට කලින් දවසේ ඔයාට මොනවාහරි ප්ලෑන් තියෙනවද?</font>

124
00:12:06,790 --> 00:12:08,290
<font color="#ffde44">ඔයා දන්නවනේ මම එහෙම විශේෂ ප්ලෑන් හදන්නේ නැහැ කියලා.</font>

125
00:12:08,690 --> 00:12:10,900
<font color="#ffde44">මම හැමදාම නත්තල් දවසට කලින්
දවසට ඔයා එක්ක රෑ කෑම කනවනේ.</font>

126
00:12:12,000 --> 00:12:13,670
<font color="#ffde44">මම සහතික කරලා කියනවා, අපි ලේ නෑයන්ටත් වඩා කිට්ටුයි කියලා.</font>

127
00:12:13,800 --> 00:12:15,400
<font color="#ffde44">ලේ නෑකමක් තිබුණ පළියටම පවුලේ අය වෙනවද?</font>

128
00:12:15,570 --> 00:12:16,570
<font color="#ffde44">සහතික ඇත්ත.</font>

129
00:12:17,140 --> 00:12:18,740
<font color="#ffde44">මොකද ගොඩක් සහෝදර සහෝදරියෝ පිට අයටත් වඩා අන්තයි.</font>

130
00:12:18,800 --> 00:12:19,970
<font color="#ffde44">(රෝහල් අධ්‍යක්ෂක, ෂින් ජූ ෂින්)</font>

131
00:12:20,040 --> 00:12:21,310
<font color="#ffde44">ඔයා මේ සැරේ ඔයාගේ දක්ෂතාවයෙන් උදව්වක් කරන්න ඕනේ.</font>

132
00:12:22,010 --> 00:12:23,380
<font color="#ffde44">මට මොන දක්ෂකමක්ද තියෙන්නේ?</font>

133
00:12:23,440 --> 00:12:26,380
<font color="#ffde44">නුවා ළමා නිවාසයේ අනුග්‍රාහකයන් අගය කිරීමේ රාත්‍රියේදී
මොනවාහරි ඉදිරිපත් කරන්න.</font>

134
00:12:26,380 --> 00:12:27,650
<font color="#ffde44">මගේ ඇඟිලි දැන් තද වෙලා.</font>

135
00:12:27,710 --> 00:12:29,110
<font color="#ffde44">පුහුණු වුණොත් ඒවා හරි යාවි.</font>

136
00:12:29,780 --> 00:12:31,250
<font color="#ffde44">ජේම්ස්ටත් එන්න පුළුවන් වුණොත් ගොඩක් හොඳයි.</font>

137
00:12:31,480 --> 00:12:33,450
<font color="#ffde44">(ශ්‍රවණාගාරය)</font>

138
00:12:33,520 --> 00:12:34,750
<font color="#ffde44">එන්න, අපි යමු.</font>

139
00:12:39,830 --> 00:12:42,160
<font color="#ffde44">හලෝ.
අපි නිතරම මුණගැහෙනවානේ.</font>

140
00:12:42,260 --> 00:12:44,600
<font color="#ffde44">මේක ඉවර නැහැ නේද?
දෙවෙනි කොටස පටන්ගන්නයි යන්නේ.</font>

141
00:12:45,530 --> 00:12:48,600
<font color="#ffde44">(නුවා ළමා නිවාසයේ
අනුග්‍රාහකයන් අගය කිරීමේ රාත්‍රිය)</font>

142
00:12:53,310 --> 00:12:55,040
<font color="#ffde44">ස්තූතියි.
මම ඔයාගේ ලොකු රසිකයෙක්.</font>

143
00:12:59,610 --> 00:13:01,380
<font color="#ffde44">හලෝ.
හලෝ.</font>

144
00:13:01,780 --> 00:13:03,120
<font color="#ffde44">කෑම රසද?</font>

145
00:13:18,330 --> 00:13:21,330
<font color="#ffde44">(නුවා මහ රෝහලය)</font>

146
00:13:22,530 --> 00:13:24,200
<font color="#ffde44">ඔයා හැම අවුරුද්දෙම මේකට එනවද?</font>

147
00:13:24,740 --> 00:13:25,740
<font color="#ffde44">ඔව්.</font>

148
00:13:28,270 --> 00:13:31,180
<font color="#ffde44">මියුසික් එක්ක මෙතන මාරම ගතියක් තියෙන්නේ.</font>

149
00:13:34,780 --> 00:13:36,110
<font color="#ffde44">ඔයා අද ටිකක් වැඩියෙන් බොනවා.</font>

150
00:13:37,020 --> 00:13:38,050
<font color="#ffde44">අද නත්තල් දවසට කලින් දවසනේ.</font>

151
00:13:38,850 --> 00:13:40,750
<font color="#ffde44">ලබන අවුරුද්දේ, මම මගේ වැඩ ඔක්කොම ඉවර කරලා,</font>

152
00:13:40,750 --> 00:13:43,060
<font color="#ffde44">කලින්ම ඇවිත්, ළමයි එක්ක කෑම වේලක් කනවා.</font>

153
00:13:43,590 --> 00:13:44,590
<font color="#ffde44">ඔයා අනිවාර්යයෙන්ම එහෙම කරන්න ඕනේ.</font>

154
00:13:59,270 --> 00:14:00,670
<font color="#ffde44">(නුවා ළමා නිවාසයේ
අනුග්‍රාහකයන් අගය කිරීමේ රාත්‍රිය)</font>

155
00:15:54,290 --> 00:15:55,850
<font color="#ffde44">(නුවා ළමා නිවාසයේ
අනුග්‍රාහකයන් අගය කිරීමේ රාත්‍රිය)</font>

156
00:16:23,820 --> 00:16:26,020
<font color="#ffde44">(නුවා ළමා නිවාසය)</font>

157
00:16:37,860 --> 00:16:39,160
<font color="#ffde44">(නුවා ළමා නිවාසය)</font>

158
00:16:39,230 --> 00:16:40,970
<font color="#ffde44">සැත්කම කොහොමද?
ඒක හොඳට කෙරුණා.</font>

159
00:16:40,970 --> 00:16:43,340
<font color="#ffde44">සභාපතිතුමා තානාපති යූ ගු ජොං එක්ක
කෝල් එකක ඉන්නේ.</font>

160
00:16:43,340 --> 00:16:45,400
<font color="#ffde44">හරි. මොමෝ තවම ආවේ නැද්ද?</font>

161
00:16:45,540 --> 00:16:47,910
<font color="#ffde44">ඔව්, එයා ආපු අමුත්තන් අතරෙ ගොඩක් ජනප්‍රියයි.</font>

162
00:16:52,080 --> 00:16:53,410
<font color="#ffde44">මට හරිම ඉරිසියයි.</font>

163
00:16:53,480 --> 00:16:56,010
<font color="#ffde44">(නුවා ළමා නිවාසයේ
අනුග්‍රාහකයන් අගය කිරීමේ රාත්‍රිය)</font>

164
00:17:03,220 --> 00:17:04,320
<font color="#ffde44">ඔයා මෙහේ.</font>

165
00:17:04,660 --> 00:17:07,030
<font color="#ffde44">උපදේශකතුමා.
කොහෙද ඔයාගේ තාත්තා?</font>

166
00:17:08,990 --> 00:17:10,860
<font color="#ffde44">උපදේශකතුමා!
මොකද වුණේ?</font>

167
00:17:10,930 --> 00:17:12,400
<font color="#ffde44">මොකක්ද මේ වෙන්නේ?
උපදේශකතුමා!</font>

168
00:17:19,270 --> 00:17:20,740
<font color="#ffde44">ඔයා තවත් කෙනෙක්ව හදාගන්න ගන්නවද?</font>

169
00:17:23,010 --> 00:17:24,010
<font color="#ffde44">නැහැ.</font>

170
00:17:25,140 --> 00:17:28,010
<font color="#ffde44">ඔයිජි නැතිවෙලා වැඩි කාලයක් නැහැනේ.
ඔයා කොහෙද ඉන්නේ?</font>

171
00:17:28,780 --> 00:17:29,850
<font color="#ffde44">මෙතන.</font>

172
00:17:34,120 --> 00:17:36,220
<font color="#ffde44">මම හිතුවේ ඔයා ජූ ෂින් එක්ක
මුළු රෑම නිදාගන්නේ නැතිව ඉඳියි කියලා.</font>

173
00:17:36,520 --> 00:17:38,420
<font color="#ffde44">මොමෝට අනුග්‍රහය දක්වන්නේ ඔයාගේ කොම්පැනියෙන් නේද?</font>

174
00:17:38,720 --> 00:17:40,690
<font color="#ffde44">ඔව්.
මාව අඳුන්වලා දෙන්න.</font>

175
00:17:40,760 --> 00:17:42,560
<font color="#ffde44">මොමෝත් පාටි එකට ආවද?
ඔව්.</font>

176
00:17:43,460 --> 00:17:46,500
<font color="#ffde44">ඕක අමතක කරලා දාන්න.
එයා ළඟදීම ජූ ෂින් එක්ක විවාහ ගිවිසගන්නවා.</font>

177
00:17:48,930 --> 00:17:49,940
<font color="#ffde44">ඇත්තටම?</font>

178
00:17:50,340 --> 00:17:51,340
<font color="#ffde44">ඔව්.</font>

179
00:17:53,640 --> 00:17:56,810
<font color="#ffde44">ඔයාද එයාලව අඳුන්වලා දුන්නේ?
ජූ ෂින් එයාට පිස්සුවෙන් වගේ ආදරෙයි.</font>

180
00:17:57,210 --> 00:18:00,950
<font color="#ffde44">ඒකයි මොමෝ මෙහෙට ආවේ.
එයා තමයි පදනමේ පළවෙනි නෝනා වෙන්නේ.</font>

181
00:18:04,180 --> 00:18:06,690
<font color="#ffde44">නිකම්ම වතුර බොන්නේ නැතුව ගිහින් ඇඟ නිවෙන්නත් එක්ක
කූල් බියර් එකක් බොන්න.</font>

182
00:18:08,890 --> 00:18:10,120
<font color="#ffde44">ඔයයි යුන් ආ අතරෙ තත්ත්වය කොහොමද?</font>

183
00:18:14,730 --> 00:18:17,400
<font color="#ffde44">හැමෝම අතරින් මොමෝද?
මම ඉන්නේ ග්‍යුම් බා රාගේ පැත්තේ.</font>

184
00:18:42,490 --> 00:18:43,490
<font color="#ffde44">හලෝ.</font>

185
00:18:48,460 --> 00:18:49,460
<font color="#ffde44">මෙළියේ ගොඩක් සීතලයි.</font>

186
00:18:49,960 --> 00:18:51,260
<font color="#ffde44">ඇතුළේ ගොඩක් රස්නෙයි.</font>

187
00:18:52,660 --> 00:18:55,970
<font color="#ffde44">එදා මම මහ මෝඩ වැඩක් කළේ.
මම දැනගෙන හිටියේ නැහැ ඔයා ජූ ෂින්ගේ යාළුවෙක් කියලා.</font>

188
00:18:57,240 --> 00:18:59,910
<font color="#ffde44">කාලෙකින් ලයිව් මියුසික් ඇහුණාම
මට මාවම පාලනය කරගන්න බැරිවුණා.</font>

189
00:19:01,810 --> 00:19:02,940
<font color="#ffde44">ඔයා වෙනත් රස්සාවකුත් කරනවද?</font>

190
00:19:04,210 --> 00:19:05,610
<font color="#ffde44">මම ඒ තරම් දක්ෂ නැහැ අමතරව වැඩක් කරන්න.</font>

191
00:19:06,680 --> 00:19:08,510
<font color="#ffde44">සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් අය ගැන
මට හරි ඉරිසියයි.</font>

192
00:19:09,150 --> 00:19:11,820
<font color="#ffde44">ඔයාට ඉගෙනගන්න පුළුවන්නේ.
එහෙනම් ඔයාට පුළුවන් මට පාට් ටයිම් උගන්වන්න.</font>

193
00:19:15,850 --> 00:19:16,960
<font color="#ffde44">ජූ ෂින් කොහෙද?</font>

194
00:19:17,720 --> 00:19:19,930
<font color="#ffde44">වොෂ් රූම් එකේ.
එයාගේ බඩ ආයෙත් අවුල් වෙලාද?</font>

195
00:19:20,230 --> 00:19:23,160
<font color="#ffde44">ඔව්.
එයා එන ගමන් බිව්වෙත් ජූස් විතරයි.</font>

196
00:19:24,260 --> 00:19:25,860
<font color="#ffde44">මම හිතන්නේ සොබාදහම
හැමදේම සමබර කරන්නේ එහෙමයි.</font>

197
00:19:25,860 --> 00:19:27,530
<font color="#ffde44">ජූ ෂින්ගේ බඩ දුර්වල වුණාට,</font>

198
00:19:28,270 --> 00:19:29,800
<font color="#ffde44">එයා අනිත් හැමදේකින්ම උපරිමයි.</font>

199
00:19:33,840 --> 00:19:34,940
<font color="#ffde44">කොහොම වුණත් මම හා යොං ජූන්.</font>

200
00:19:35,310 --> 00:19:39,580
<font color="#ffde44">එදා උපදේශකතුමාට අසනීප වුණ නිසා,
ජූ ෂින්ට අපිව අඳුන්වලා දෙන්න බැරිවුණා.</font>

201
00:19:41,110 --> 00:19:42,210
<font color="#ffde44">මම මොමෝ.</font>

202
00:19:42,210 --> 00:19:44,850
<font color="#ffde44">මම ඔයා ගැන හොයලා බැලුවා. ඒක ඔයාගේ ඇත්ත නමනේ.</font>

203
00:19:45,520 --> 00:19:48,020
<font color="#ffde44">ඔව්,
ගොඩක් අය හිතන්නේ ඒක මගේ අන්වර්ථ නම කියලා.</font>

204
00:19:49,860 --> 00:19:51,290
<font color="#ffde44">ඉතින් ඔයා ඇයි මම ගැන හොයලා බැලුවේ?</font>

205
00:19:54,960 --> 00:19:56,130
<font color="#ffde44">නිළියක් විදිහට මම ගැන කුතුහලයක් තිබුණද?</font>

206
00:19:57,900 --> 00:19:59,460
<font color="#ffde44">නැත්නම් ඔයාගේ යාළුවාගේ පෙම්වතිය විදිහටද?</font>

207
00:20:02,430 --> 00:20:04,370
<font color="#ffde44">දෙකම තමයි.</font>

208
00:20:09,240 --> 00:20:11,010
<font color="#ffde44">මට ආරංචි වුණා ඔයා ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ කියලා.</font>

209
00:20:11,340 --> 00:20:14,250
<font color="#ffde44">මම ටික කාලෙකට ඈත් වෙලා හිටියේ,
ඒ නිසා මට ගොඩක් දේවල් ආවරණය කරගන්න තියෙනවා.</font>

210
00:20:14,450 --> 00:20:17,520
<font color="#ffde44">හැමෝම හිරවෙලා ඉන්නේ.
විශේෂයෙන්ම ජූ ෂින්.</font>

211
00:20:19,420 --> 00:20:20,490
<font color="#ffde44">ජූ ෂින්...</font>

212
00:20:21,450 --> 00:20:23,460
<font color="#ffde44">කලින් කවදාවත් ගෑනු අය ගැන
ඒ හැටි උනන්දුවක් පෙන්නුවේ නැහැ.</font>

213
00:20:24,660 --> 00:20:27,130
<font color="#ffde44">මටත් හිතුණා
එයාට මම ගැනවත් කැමැත්තක් තියෙනවද කියලා.</font>

214
00:20:38,640 --> 00:20:39,640
<font color="#ffde44">ඔක්කොම ලෑස්තියි.</font>

215
00:20:41,410 --> 00:20:42,410
<font color="#ffde44">මොකක්ද ඒ කිව්වේ?</font>

216
00:20:44,740 --> 00:20:45,910
<font color="#ffde44">ඔයා සතුටින් වගේ ඉන්නේ.</font>

217
00:20:49,450 --> 00:20:50,880
<font color="#ffde44">ඔයා විශ්වාස කරන අසුබ දේවල් එහෙම තියෙනවද?</font>

218
00:20:51,950 --> 00:20:53,080
<font color="#ffde44">මොන වගේ අසුබ දේවල්ද?</font>

219
00:20:53,080 --> 00:20:54,950
<font color="#ffde44">ඔයාට නටන්න හිතෙන විදිහේ දේවල්.</font>

220
00:20:55,650 --> 00:20:57,360
<font color="#ffde44">දැන් මියුසික් එකක්වත් ප්ලේ වුණා නම්...</font>

221
00:20:57,720 --> 00:20:59,820
<font color="#ffde44">මට එකපාරටම වෝල්ට්ස් නටන්න හිතුණා.</font>

222
00:21:03,430 --> 00:21:04,430
<font color="#ffde44">මාත් එක්කද?</font>

223
00:21:06,360 --> 00:21:07,370
<font color="#ffde44">ඔව්.</font>

224
00:21:58,550 --> 00:22:01,550
<font color="#ffde44">වසන්ත කාලය ලංවෙලා තියෙද්දිත්
අපිට හිම කුණාටුවකට මුහුණ දෙන්න වුණා.</font>

225
00:22:02,390 --> 00:22:03,790
<font color="#ffde44">ඔයා වෝල්ට්ස් නටන්න දන්නවද?</font>

226
00:22:04,960 --> 00:22:05,990
<font color="#ffde44">මමත් නිළියක්නේ.</font>

227
00:22:06,860 --> 00:22:08,360
<font color="#ffde44">මට ටැන්ගෝ නටන්නත් ටිකක් පුළුවන්.</font>

228
00:22:09,260 --> 00:22:12,260
<font color="#ffde44">අද වගේ දවසකට මමත්
ඒක ඉගෙනගත්තා නම් හොඳයි කියලා හිතෙනවා.</font>

229
00:22:14,730 --> 00:22:17,270
<font color="#ffde44">මට ආරංචි වුණා ඔයාගේ අම්මා
ඩබල් බේස් ප්ලේ කරන කෙනෙක් කියලා.</font>

230
00:22:17,740 --> 00:22:18,740
<font color="#ffde44">ඔව්, එයා එහෙමයි.</font>

231
00:22:19,940 --> 00:22:20,940
<font color="#ffde44">ජූ ෂින්...</font>

232
00:22:21,540 --> 00:22:23,680
<font color="#ffde44">මම ගැන හොඳ දේවල් විතරක් නෙවෙයි කිව්වේ,
නේද?</font>

233
00:22:25,040 --> 00:22:26,850
<font color="#ffde44">එයා කිව්වා ඔයා තමයි
එයාට ඉන්න කරදරකාරීම යාළුවා කියලා.</font>

234
00:22:33,520 --> 00:22:35,420
<font color="#ffde44">මගේ මේකප් වැඩිද?</font>

235
00:22:37,190 --> 00:22:38,190
<font color="#ffde44">නැහැ.</font>

236
00:22:48,630 --> 00:22:49,770
<font color="#ffde44">ඇයි ඔයා මෙතනට වෙලා ඉන්නේ?</font>

237
00:22:52,600 --> 00:22:54,410
<font color="#ffde44">මේ ඇඳුමට මට ගොඩක් රස්නෙයි.</font>

238
00:22:56,470 --> 00:22:59,240
<font color="#ffde44">(මියගිය අයගේ පවුලේ සැමට
අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු)</font>

239
00:23:29,310 --> 00:23:30,310
<font color="#ffde44">(පවුලේ අය රැඳී සිටින කාමරය)</font>

240
00:23:39,020 --> 00:23:41,050
<font color="#ffde44">මගේ මිස්ටර් ජෝ එක්ක තියෙන මීටින් එක හෙටට දාන්න.</font>

241
00:23:41,790 --> 00:23:44,160
<font color="#ffde44">ක්‍රොස් ෂූට් එක හවස 3 ට තියෙන්නේ.
මැනේජර් චෝයිව යවන්න.</font>

242
00:23:45,190 --> 00:23:47,890
<font color="#ffde44">ජින් ජූ, අපි ගිහින් අපේ ශෝකය ප්‍රකාශ කරලා එමු.
මම දැනටමත් ගිහින් ආවේ.</font>

243
00:23:48,230 --> 00:23:50,330
<font color="#ffde44">කවද්ද?
ඊයේ රෑ.</font>

244
00:23:56,940 --> 00:23:57,940
<font color="#ffde44">මොමෝ.</font>

245
00:23:59,200 --> 00:24:00,370
<font color="#ffde44">මම කළේ හරි දෙයක්ද?</font>

246
00:24:01,540 --> 00:24:02,940
<font color="#ffde44">මට ඇත්තටම ඔයාට මේ විදිහට යන්න දෙන්නම වෙනවද?</font>

247
00:25:16,080 --> 00:25:17,220
<font color="#ffde44">ඔයාට නිදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවද?</font>

248
00:25:18,520 --> 00:25:20,590
<font color="#ffde44">ඔයා මොමෝ එක්ක කතා කරනවා වගේ මාත් එක්ක කතා කරන්න.</font>

249
00:25:20,990 --> 00:25:22,190
<font color="#ffde44">කවුරුහරි ඇහුවොත්...</font>

250
00:25:22,550 --> 00:25:24,160
<font color="#ffde44">කොහොමත් අපි තව වැඩි කාලයක්
මුණගැහෙන්නේ නැහැනේ.</font>

251
00:25:29,790 --> 00:25:32,130
<font color="#ffde44">ලබන අවුරුද්ද වෙනකොට ඔයාලා
සාමාන්‍ය විදිහටම වෙන්වුණා කියලා කියන්න පුළුවන්නේ.</font>

252
00:25:35,100 --> 00:25:36,100
<font color="#ffde44">යන්න.</font>

253
00:25:38,440 --> 00:25:40,410
<font color="#ffde44">මම නින්ද යනකම්ම බොනවා.</font>

254
00:25:42,470 --> 00:25:44,340
<font color="#ffde44">මට ඇත්තටම දැනෙන්නේ
මම මොමෝ වෙනවා වගේ.</font>

255
00:25:45,040 --> 00:25:48,650
<font color="#ffde44">එයා පිට කෙනෙක් නෙවෙයි.
එයා මගේම ලේ.</font>

256
00:25:49,450 --> 00:25:52,780
<font color="#ffde44">මම මෝමෝ, මෝමෝ කියන්නේ මම.</font>

257
00:25:56,350 --> 00:25:57,860
<font color="#ffde44">බලු පැටව් සහ වයින්...</font>

258
00:25:58,420 --> 00:26:00,430
<font color="#ffde44">කියන්නේ දෙවියන් මනුෂ්‍යත්වයට දුන්න තෑග්ගක්.</font>

259
00:26:07,030 --> 00:26:08,030
<font color="#ffde44">ඔයා මුකුත් ගන්නේ නැද්ද?</font>

260
00:26:08,300 --> 00:26:09,470
<font color="#ffde44">මම ඩ්‍රයිව් කරගෙන ආවේ.</font>

261
00:26:09,730 --> 00:26:11,040
<font color="#ffde44">අපිට වාහනයක් කතා කරගන්න පුළුවන්.</font>

262
00:26:15,270 --> 00:26:16,570
<font color="#ffde44">මම කණ්ණාඩියෙන් බලද්දී,</font>

263
00:26:16,980 --> 00:26:18,910
<font color="#ffde44">මෝමෝ මැරිලා කියලා මට දැනෙන්නේ නෑ.</font>

264
00:26:20,010 --> 00:26:24,150
<font color="#ffde44">මට දැනෙන්නේ නිකම්
මම මගේ දුව දිහා බලන් ඉන්නවා වගේ.</font>

265
00:26:27,590 --> 00:26:28,950
<font color="#ffde44">හ්යුන් රන් හී තමයි මැරුණේ.</font>

266
00:26:31,420 --> 00:26:33,090
<font color="#ffde44">එයාලා කියනවා පේන දේට වඩා දෙයක් තියෙනවා කියලා,</font>

267
00:26:33,630 --> 00:26:35,660
<font color="#ffde44">ඒත් පේන දේ එහෙම්මම පිළිගන්න.</font>

268
00:26:36,330 --> 00:26:38,000
<font color="#ffde44">ඒ ගැන ඕනෑවට වඩා හිතන්න ඕනේ නෑ.</font>

269
00:26:45,540 --> 00:26:46,840
<font color="#ffde44">මෙතන ගොඩක් නිහඬයි.</font>

270
00:26:52,010 --> 00:26:54,280
<font color="#ffde44">එයාගේ නළල හරිම කඩවසම්.</font>

271
00:26:54,980 --> 00:26:56,850
<font color="#ffde44">හරියට රජ කුමාරයෙක් වගේ.</font>

272
00:26:57,350 --> 00:26:59,080
<font color="#ffde44">හරියට සුදු පෝසිලේන් වගේ.</font>

273
00:27:01,820 --> 00:27:02,820
<font color="#ffde44">යන්නද හදන්නේ?</font>

274
00:27:07,030 --> 00:27:08,530
<font color="#ffde44">යන්න කලින් ටයි එක ටිකක් බුරුල් කරගන්න.</font>

275
00:27:08,860 --> 00:27:10,460
<font color="#ffde44">ඒක ගොඩක් හිරයි, හුස්ම ගන්නත් අමාරු පාටයි.</font>

276
00:27:39,620 --> 00:27:40,990
<font color="#ffde44">ටික කාලෙකට රට යන්න.</font>

277
00:27:41,760 --> 00:27:42,760
<font color="#ffde44">මේ මම.</font>

278
00:27:46,030 --> 00:27:47,230
<font color="#ffde44">ඒ මොකටද?</font>

279
00:27:48,330 --> 00:27:50,000
<font color="#ffde44">(CEO ජේම්ස් හා)</font>

280
00:27:51,940 --> 00:27:54,670
<font color="#ffde44">හලෝ?
හායි, මම ජේම්ස්.</font>

281
00:27:54,870 --> 00:27:56,170
<font color="#ffde44">මිස්ටර් හා. හලෝ.</font>

282
00:27:56,370 --> 00:28:00,210
<font color="#ffde44">මෝමෝගෙ අම්මා නැති නිසා
මට විශ්වාසයි ඔයාට කෑම රුචියක් නැතුව ඇති කියලා.</font>

283
00:28:00,410 --> 00:28:02,580
<font color="#ffde44">මම හිතුවා ඔයා තනියම ගෙදර බඩගින්නේ ඇති කියලා,</font>

284
00:28:02,650 --> 00:28:04,120
<font color="#ffde44">ඒ නිසා මම කෑම ටිකක් හැදුවා.</font>

285
00:28:04,920 --> 00:28:08,120
<font color="#ffde44">මැනේජර් කෙනෙක් අතේ එවන එක හරි නෑ වගේ හිතුණා,
අනික මම ඔයා ගැන වද වුණා.</font>

286
00:28:08,950 --> 00:28:09,950
<font color="#ffde44">මට තේරෙනවා.</font>

287
00:28:10,660 --> 00:28:12,820
<font color="#ffde44">මම එහෙට ආවොත් කමක් නැද්ද?</font>

288
00:28:13,220 --> 00:28:15,760
<font color="#ffde44">ඒවා අදම කන්න ඕනේ කෑම නෙවෙයි
නේද?</font>

289
00:28:15,830 --> 00:28:17,060
<font color="#ffde44">අපෝ නෑ.</font>

290
00:28:17,330 --> 00:28:18,660
<font color="#ffde44">ඔයා ගෙදර යන ගමන්ද ඉන්නේ?</font>

291
00:28:19,030 --> 00:28:20,400
<font color="#ffde44">ඔයා වැඩ ඉවර වෙලාද ඉන්නේ?</font>

292
00:28:20,700 --> 00:28:21,800
<font color="#ffde44">දැන් ඉවර කරන්නයි හදන්නේ.</font>

293
00:28:23,230 --> 00:28:24,240
<font color="#ffde44">වාඩි වෙන්න.</font>

294
00:28:26,870 --> 00:28:28,740
<font color="#ffde44">ඔයාගේ ගෙදර කෑම තියෙනවද?</font>

295
00:28:29,540 --> 00:28:31,980
<font color="#ffde44">මම කෑම ගැන ඒ තරම් උනන්දු නෑ.</font>

296
00:28:32,640 --> 00:28:36,450
<font color="#ffde44">ඇයි නැත්තේ? කන එක ගොඩක් වැදගත්.</font>

297
00:28:38,280 --> 00:28:39,780
<font color="#ffde44">ඒක නම් හොඳ දෙයක් නෙවෙයි.</font>

298
00:28:39,780 --> 00:28:42,250
<font color="#ffde44">වයසට යද්දී නිරෝගීව ඉන්න නම් තරුණ කාලේ හොඳට කන්න ඕනේ.</font>

299
00:28:42,350 --> 00:28:46,060
<font color="#ffde44">හිපොක්‍රටීස් ඒක හොඳටම කිව්වා. "ඔයා කන දේ අනුව
තමයි ඔයාගේ සෞඛ්‍යය තීරණය වෙන්නේ" කියන එකද?</font>

300
00:28:46,120 --> 00:28:47,130
<font color="#ffde44">හරියටම හරි.</font>

301
00:28:50,960 --> 00:28:52,500
<font color="#ffde44">ඔයාට බල්ලෙක් ඉන්නවද?</font>

302
00:28:53,360 --> 00:28:55,200
<font color="#ffde44">ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මට එයාව නැති වුණා.</font>

303
00:29:01,740 --> 00:29:03,310
<font color="#ffde44">ඔයා බල්ලන්ට කැමතිද?</font>

304
00:29:03,910 --> 00:29:05,110
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

305
00:29:05,940 --> 00:29:07,550
<font color="#ffde44">එයාගේ නම ඕජි ද?</font>

306
00:29:08,250 --> 00:29:09,780
<font color="#ffde44">මේවට සම්මානත් දෙනවද?</font>

307
00:29:10,520 --> 00:29:11,550
<font color="#ffde44">ඔව්.</font>

308
00:29:11,750 --> 00:29:14,020
<font color="#ffde44">එයා ගොඩක් දුක් වින්දා.</font>

309
00:29:26,260 --> 00:29:27,730
<font color="#ffde44">මට ලෙමන් රහක් දැනෙනවා.</font>

310
00:29:27,800 --> 00:29:29,800
<font color="#ffde44">ඒකයි, තව ගුණදායක දේවල් ටිකකුයි දැම්මා.</font>

311
00:29:30,130 --> 00:29:31,570
<font color="#ffde44">රෑ කෑම ටිකක් කාලම යන්න.</font>

312
00:29:31,800 --> 00:29:34,810
<font color="#ffde44">එපා, මම කාලා ඉන්නේ.
ඒක කරදරයක් නෙවෙයි. කෑම හදලයි තියෙන්නේ.</font>

313
00:30:02,630 --> 00:30:05,900
<font color="#ffde44">මේක පැකට් එකකින් ගත්තු එකක් නෙවෙයි.
මම හොඳම හරක් මස් දාලා හෙමීට ඉව්වේ.</font>

314
00:30:06,040 --> 00:30:07,510
<font color="#ffde44">ඔයා මේ තරම් කාර්යබහුල වෙලත් මේවා තනියම හැදුවද?</font>

315
00:30:07,570 --> 00:30:09,370
<font color="#ffde44">එයාලා කියනවනේ, "වැඩක් හරියට කෙරෙන්න ඕනේ නම්,
තමන්ම ඒක කරන්න" කියලා.</font>

316
00:30:10,270 --> 00:30:11,510
<font color="#ffde44">මම ඒක අහලා තියෙනවා.</font>

317
00:30:12,010 --> 00:30:13,180
<font color="#ffde44">ඕනේ නම් ලුණු ටිකක් දාගන්න.</font>

318
00:30:17,980 --> 00:30:19,150
<font color="#ffde44">කෑම එකට ස්තූතියි.</font>

319
00:30:25,020 --> 00:30:26,720
<font color="#ffde44">මේකෙ කිසිම අඩුවක් නෑ.
හොඳයි.</font>

320
00:30:26,720 --> 00:30:28,760
<font color="#ffde44">මේක නියමයි. මම ඇත්තටම කැමති ලුණු අඩුවෙන් කන්න.</font>

321
00:30:28,830 --> 00:30:30,760
<font color="#ffde44">අන්න එහෙමයි ඉන්න ඕනේ.</font>

322
00:30:37,340 --> 00:30:39,670
<font color="#ffde44">මේ විදිහට ජීවත් වෙන එක කොච්චර හොඳද?</font>

323
00:30:39,670 --> 00:30:41,340
<font color="#ffde44">මම එයාට රැජිනකට වගේ සලකනවා,</font>

324
00:30:41,410 --> 00:30:43,240
<font color="#ffde44">එයාට ඇඟිල්ලක්වත් උස්සන්න වෙන එකක් නෑ.</font>

325
00:30:48,680 --> 00:30:50,850
<font color="#ffde44">දෙයියනේ, බලන්න එයා කෑම කන දිහා.</font>

326
00:30:52,950 --> 00:30:55,820
<font color="#ffde44">එයා කිසිම දුකකින් ඉන්නවා වගේ පෙනුණේ නෑ.</font>

327
00:30:56,450 --> 00:31:00,360
<font color="#ffde44">හරි. සමහරවිට මෝමෝ විදිහට
එයාගේ රංගන ජීවිතේ කඩා වැටුණා නම්...</font>

328
00:31:00,860 --> 00:31:04,030
<font color="#ffde44">එයා බඳින්නයි හිටියේ...
මම දන්නවා.</font>

329
00:31:04,030 --> 00:31:05,200
<font color="#ffde44">එයාට ජනප්‍රිය තරුවක් වුණු දුවෙක් හිටියා,</font>

330
00:31:05,260 --> 00:31:07,900
<font color="#ffde44">ඩිරෙක්ටර් ෂින් වගේ කෙනෙක් එක්ක
එයා විවාහ ගිවිසගෙන හිටියා,</font>

331
00:31:07,900 --> 00:31:09,300
<font color="#ffde44">එයාගේ ගැලරි එකත් හොඳට කරගෙන ගියා.</font>

332
00:31:09,570 --> 00:31:11,770
<font color="#ffde44">ඔයා හිතනවද කිසිම ප්‍රශ්නයක් නැති එකත්
එක විදිහක ප්‍රශ්නයක් කියලා?</font>

333
00:31:13,200 --> 00:31:14,640
<font color="#ffde44">මෝමෝ කොහොමද ජීවත් වෙන්නේ?</font>

334
00:31:17,310 --> 00:31:18,310
<font color="#ffde44">ඒක නෙවෙයි,</font>

335
00:31:18,640 --> 00:31:21,810
<font color="#ffde44">ඔයා යොං ජූන්ගේ අයියා නිසා,
මට සාමාන්‍ය විදිහට කතා කළාට කමක් නෑ.</font>

336
00:31:22,850 --> 00:31:24,880
<font color="#ffde44">ඔයාට විශ්වාසද?
ඔව්.</font>

337
00:31:24,950 --> 00:31:27,450
<font color="#ffde44">ඒකේ තේරුමක් තියෙනවා,
ඔයා යොං ජූන් එක්ක ගොඩක් කිට්ටු නිසා.</font>

338
00:31:29,120 --> 00:31:31,060
<font color="#ffde44">සමහරවිට එයාටත් මාත් එක්ක එහෙම හිතෙයි.</font>

339
00:31:32,720 --> 00:31:35,660
<font color="#ffde44">හා යොං ජූන්ගේ කාර් එක දැන් එනවා.
එයා ඇවිත් තියෙන්නේ කෑම ටික අරන් යන්න.</font>

340
00:31:36,890 --> 00:31:39,360
<font color="#ffde44">ඔක්කොම එකම ජාති, ඒ නිසා එක ගානේ ගන්න.</font>

341
00:31:39,660 --> 00:31:43,570
<font color="#ffde44">මටත් එකක්ද?
ඒවා ගොඩක් හැදුවම තවත් රහයි.</font>

342
00:31:43,700 --> 00:31:46,100
<font color="#ffde44">මම බා රාව බස්සලා මේක මෝමෝට දෙන්නම්.</font>

343
00:31:46,600 --> 00:31:47,610
<font color="#ffde44">ඔයා ඇයි එහෙම කරන්නේ?</font>

344
00:31:48,070 --> 00:31:50,440
<font color="#ffde44">බා රා එයාගේ කාර් එකෙන්ද ආවේ?
එයාට කැබ් එකක යන්න පුළුවන්.</font>

345
00:31:50,740 --> 00:31:51,740
<font color="#ffde44">නේද?</font>

346
00:31:52,680 --> 00:31:54,750
<font color="#ffde44">ඔයා රිපෝටර් කෙනෙක්ට කියලද
නිළියකගේ වැඩ කරවගන්න හදන්නේ?</font>

347
00:31:54,810 --> 00:31:57,110
<font color="#ffde44">එයාලගේ රස්සාවල්වලට ඒක අදාළ නෑ.
එයාලා ගොඩක් කිට්ටු යාළුවෝ.</font>

348
00:31:57,620 --> 00:31:58,680
<font color="#ffde44">නේද?</font>

349
00:32:00,220 --> 00:32:03,960
<font color="#ffde44">කොහොම වුණත්.
එයා ගෙදර තනියම ඉන්නේ, උදව්වට කවුරුවත් නෑ.</font>

350
00:32:04,190 --> 00:32:06,190
<font color="#ffde44">මට පුළුවන් එයාට
ලොබියට එන්න කියන්න.</font>

351
00:32:06,420 --> 00:32:10,160
<font color="#ffde44">මෝමෝ කියන්නේ නිකම්ම කෙනෙක්ද?
ජූ ෂින් වැරදියට හිතුවොත් එහෙම?</font>

352
00:32:10,230 --> 00:32:12,460
<font color="#ffde44">ඒක මෝමෝටත් අපහසුවක් වෙයි.</font>

353
00:32:12,800 --> 00:32:14,330
<font color="#ffde44">ඒක ඔයාට පොඩි වැඩක්නේ.
ඒකෙ තියෙන ලොකු කම මොකක්ද?</font>

354
00:32:15,030 --> 00:32:18,070
<font color="#ffde44">මම ඔයාට කිව්වේ නෑනේ. මාව ඕකෙන් අයින් කරන්න.
එහෙනම් කමක් නෑ.</font>

355
00:32:18,870 --> 00:32:20,540
<font color="#ffde44">මමම මේක කන්නම්. ඒක අමතක කරන්න.</font>

356
00:32:21,810 --> 00:32:24,310
<font color="#ffde44">මම හිතන්නේ එයා එයා ගැන වද වෙනවා.</font>

357
00:32:24,680 --> 00:32:26,440
<font color="#ffde44">මම කිව්වෙත් ඒක තමයි.</font>

358
00:32:26,440 --> 00:32:28,650
<font color="#ffde44">එයා ඇයි තමන්ගෙ හොඳම යාළුවගෙ මනමාලි ගැන
ඔච්චර වද වෙන්නේ?</font>

359
00:32:28,710 --> 00:32:30,650
<font color="#ffde44">ජූ ෂින් එයාව බලාගනී.</font>

360
00:32:30,650 --> 00:32:32,220
<font color="#ffde44">ඔයා හිතනවද ජූ ෂින් උයනවා, අස් කරනවා කියලා?</font>

361
00:32:32,520 --> 00:32:33,650
<font color="#ffde44">ඔයා හිතනවද එයාට වෙලාවක් තියෙනවා කියලා?</font>

362
00:32:33,650 --> 00:32:35,290
<font color="#ffde44">එයාට ඇඟවල් තුනක් තිබ්බත් මදි...
ඉතින් ඔයාට?</font>

363
00:32:35,620 --> 00:32:36,650
<font color="#ffde44">ඔයාට වෙලාව තියෙනවද?</font>

364
00:32:36,720 --> 00:32:38,390
<font color="#ffde44">හිතලා බලන්න දැන් එයාට
කොච්චර අමාරු ඇද්ද කියලා.</font>

365
00:32:39,320 --> 00:32:40,730
<font color="#ffde44">අපිත් ඒ දේවලට මුහුණ දුන්නා.</font>

366
00:32:41,530 --> 00:32:42,530
<font color="#ffde44">ඔයාට අමතක වෙලාද?</font>

367
00:32:47,000 --> 00:32:49,300
<font color="#ffde44">අපි හෙට උදේ එයාව බලන්න යමු.</font>

368
00:32:49,530 --> 00:32:51,340
<font color="#ffde44">මටත් මේක නිකම්ම අමතක කරලා දාන්න බෑ.</font>

369
00:32:51,670 --> 00:32:53,500
<font color="#ffde44">අද රෑට ගොඩක් පරක්කු වැඩියි.</font>

370
00:33:06,550 --> 00:33:07,550
<font color="#ffde44">එයාගේ ඇඩ්‍රස් එක.</font>

371
00:33:14,960 --> 00:33:16,160
<font color="#ffde44">ඔයාටත් ඒක තේරෙන්නේ නෑ නේද?</font>

372
00:33:31,910 --> 00:33:34,080
<font color="#ffde44">සමාවෙන්න, මගේ ළඟ තියෙන්නේ වතුරයි කෝපියි විතරයි.</font>

373
00:33:36,050 --> 00:33:37,150
<font color="#ffde44">මට තිබහයි.</font>

374
00:33:51,400 --> 00:33:52,400
<font color="#ffde44">අර මනුස්සයා...</font>

375
00:33:53,060 --> 00:33:54,670
<font color="#ffde44">එයා මම හිතුවට වඩා හොඳට කරගෙන යනවා.</font>

376
00:33:57,170 --> 00:33:58,940
<font color="#ffde44">බොඩිගාඩ් කෙනෙක් වෙන එකෙන් හොඳට හම්බ කරන්න පුළුවන්.</font>

377
00:34:00,370 --> 00:34:01,570
<font color="#ffde44">ඒක අවදානමට දෙන පඩියක්.</font>

378
00:34:04,180 --> 00:34:06,180
<font color="#ffde44">මට අලුත් තැන හම්බවුණාම,
මම මේ තැන විකුණනවා...</font>

379
00:34:06,180 --> 00:34:08,180
<font color="#ffde44">ඊටපස්සේ ඒ සල්ලි අන් හීගේ නමින් පරිත්‍යාග කරනවා.</font>

380
00:34:09,950 --> 00:34:11,650
<font color="#ffde44">ඔයා දන්නවනේ මට ඔයාට උදව් කරන්න පුළුවන් කියලා.</font>

381
00:34:14,790 --> 00:34:16,490
<font color="#ffde44">මම ඔයාටයි අන් හීටයි වෙනස් විදිහටද සැලකුවේ?</font>

382
00:34:18,160 --> 00:34:20,990
<font color="#ffde44">මම ගොඩක් වෙනස්කම්වලට මුහුණ දීලා තියෙනවා,
මට ඒ වචනේ ඇහෙන්නවත් ඕනේ නෑ.</font>

383
00:34:24,660 --> 00:34:26,330
<font color="#ffde44">නීතිඥ තේ වොන් යන්ග් කිව්වා එයා ඔයාව දන්නවා කියලා.</font>

384
00:34:29,070 --> 00:34:30,630
<font color="#ffde44">මම එයාගේ ලෝ ෆර්ම් එකත් එක්ක ගිවිසුමකට අත්සන් කළා,</font>

385
00:34:31,170 --> 00:34:32,670
<font color="#ffde44">ඒ වගේම අපි අර ඉන්ටවිව් ආටිකල් එක ගැන
කතා කර කර ඉද්දි...</font>

386
00:34:35,770 --> 00:34:37,710
<font color="#ffde44">මට ඇහුණා එයා ආයෙත් කසාද බැඳලා කියලා.</font>

387
00:34:39,710 --> 00:34:40,910
<font color="#ffde44">එයා සතුටින්ද ඉන්නේ?</font>

388
00:34:41,410 --> 00:34:42,480
<font color="#ffde44">එයා ආයෙත් බැඳලද?</font>

389
00:34:43,480 --> 00:34:46,150
<font color="#ffde44">එයා මම ගැන මොනවද කිව්වේ?
එහෙම මුකුත් කිව්වේ නෑ.</font>

390
00:34:46,150 --> 00:34:48,090
<font color="#ffde44">අනිත් කෙනෙකුත් එතන හිටියා.</font>

391
00:34:48,490 --> 00:34:49,790
<font color="#ffde44">ඔයාලා දෙන්නා අතරේ මොකක් හරි සම්බන්ධයක් තිබුණද?</font>

392
00:35:06,100 --> 00:35:07,540
<font color="#ffde44">ඔයා යේ ජොන්ග්ගේ තාත්තද?</font>

393
00:35:07,570 --> 00:35:08,610
<font color="#ffde44">ඔව්.</font>

394
00:35:10,340 --> 00:35:11,580
<font color="#ffde44">මම ආවේ යේ ජොන්ග් නිසා.</font>

395
00:35:12,710 --> 00:35:14,910
<font color="#ffde44">මම පොලිසියට යන ගමන් හිටියේ,
ඒත් ඒ වෙනුවට මම මෙහෙට ආවා.</font>

396
00:35:18,380 --> 00:35:19,420
<font color="#ffde44">යේ ජොන්ග්!</font>

397
00:35:20,450 --> 00:35:22,820
<font color="#ffde44">ඔයාගේ තාත්තා කිව්වා
එයා කලින් නිදාගන්න යනවා කියලා.</font>

398
00:35:22,890 --> 00:35:24,120
<font color="#ffde44">එයාට පල්ලෙහාට එන්න කියන්න.</font>

399
00:35:35,500 --> 00:35:36,500
<font color="#ffde44">වාඩි වෙන්න.</font>

400
00:35:39,200 --> 00:35:40,600
<font color="#ffde44">අපි මේ ගැන ඇතුළට ගිහින් කතා කරමු.</font>

401
00:35:46,110 --> 00:35:47,680
<font color="#ffde44">මම ආවා තාත්තේ.
හරි.</font>

402
00:35:49,680 --> 00:35:50,680
<font color="#ffde44">ඔයා කවුද?</font>

403
00:35:52,980 --> 00:35:54,290
<font color="#ffde44">මගේ නම ග්‍යුම් බා රා.</font>

404
00:35:54,820 --> 00:35:56,650
<font color="#ffde44">මම තේ යේ ජොන්ග් ඉන්න පන්තියේ
නෙවෙයි හැබැයි.</font>

405
00:36:05,060 --> 00:36:06,330
<font color="#ffde44">හැමෝම වාඩි වෙන්න.</font>

406
00:36:08,170 --> 00:36:09,670
<font color="#ffde44">මොනවා හරි ගේන්න.</font>

407
00:36:10,270 --> 00:36:11,270
<font color="#ffde44">මට එපා.</font>

408
00:36:16,540 --> 00:36:18,780
<font color="#ffde44">මම හැදුණේ අනාථ නිවාසෙක...</font>

409
00:36:18,780 --> 00:36:20,580
<font color="#ffde44">මගේ පන්තියේ ඉන්න කින් ජින් ජු කියන ළමයා එක්ක.</font>

410
00:36:21,310 --> 00:36:23,450
<font color="#ffde44">ඔයා නුවා ළමා නිවාසය ගැන දන්නවද?</font>

411
00:36:23,850 --> 00:36:25,750
<font color="#ffde44">පල්ලිය පිටිපස්සේ තියෙන එකද?</font>

412
00:36:26,120 --> 00:36:30,090
<font color="#ffde44">ඔව්. ජින් ජුයි මමයි ජීවිත කාලෙම
එකම කාමරේ හිටියේ,</font>

413
00:36:30,620 --> 00:36:32,990
<font color="#ffde44">ඒත් තේ යේ ජොන්ග් හැමතිස්සෙම එයාට හිරිහැර කරනවා.</font>

414
00:36:32,990 --> 00:36:35,560
<font color="#ffde44">අද, එයා තව දෙන්නෙක් එක්ක එකතු වෙලා ජින් ජුට ගැහුවා.</font>

415
00:36:38,230 --> 00:36:40,360
<font color="#ffde44">ඒක ඉවර වෙලා ගිය දෙයක්.
කොහොමද ඒක ඉවර වෙන්නේ?</font>

416
00:36:40,430 --> 00:36:41,530
<font color="#ffde44">මම ඒක ඉවර කළා.</font>

417
00:36:41,630 --> 00:36:43,430
<font color="#ffde44">ඒත් ඔයා තමයි
මේක ආයෙත් පටන් ගත්තේ.</font>

418
00:36:44,000 --> 00:36:46,300
<font color="#ffde44">මටත් ගුටි කන්න වුණා!
කටවහගන්නවා!</font>

419
00:36:48,140 --> 00:36:49,870
<font color="#ffde44">ඒ තුන්දෙනා එකතු වෙලා ජින් ජුට
කරදර කරනවා මම දැක්කා,</font>

420
00:36:49,940 --> 00:36:52,940
<font color="#ffde44">ඒ නිසා එයාව බේරගන්න මට
එයාලට ගහන්න සිද්ධ වුණා.</font>

421
00:36:53,610 --> 00:36:55,750
<font color="#ffde44">එයාලා මගේ පස්සෙනුත් එන්න ගත්තා.
මම මොනවද කරන්න ඕනේ?</font>

422
00:36:56,350 --> 00:36:58,350
<font color="#ffde44">අනාථ නිවාසෙක හැදෙන එක
කොහොමත් ගොඩක් අමාරු දෙයක්,</font>

423
00:36:58,780 --> 00:37:00,350
<font color="#ffde44">ඒක රිදෙන තුවාලයක්.</font>

424
00:37:02,190 --> 00:37:05,620
<font color="#ffde44">ඒත් එයාලා අපිට විහිළු කළා,
අම්මලා තාත්තලා නැති එවුන් කියලා.</font>

425
00:37:06,590 --> 00:37:08,430
<font color="#ffde44">ඒත් මම ඒවා ඉවසගෙන ඒක ඉවරයක් කළා.</font>

426
00:37:10,190 --> 00:37:13,260
<font color="#ffde44">ඔයා දන්නවද ඔයාගේ දුව අහිංසක ළමයින්ට
හිරිහැර කරනවා කියලා?</font>

427
00:37:15,500 --> 00:37:16,530
<font color="#ffde44">මම එහෙම මුකුත්...</font>

428
00:37:17,470 --> 00:37:18,770
<font color="#ffde44">ඒක ඉස්කෝලේ යන ළමයෙක් කරන වැඩක් නෙවෙයි.</font>

429
00:37:19,000 --> 00:37:21,340
<font color="#ffde44">එයා කිසිම හිතක් පපුවක් නැතුව
අමානුෂික දේවල් කරනවා.</font>

430
00:37:21,610 --> 00:37:24,780
<font color="#ffde44">ඔයා කවදාහරි හිතලා තියෙනවද
ඒ වගේ කරදර විඳින කෙනෙක්ට කොහොම දැනෙනවද කියලා?</font>

431
00:37:24,780 --> 00:37:25,780
<font color="#ffde44">ඔයා බොරු කියන්නේ.</font>

432
00:37:27,110 --> 00:37:28,980
<font color="#ffde44">ඕනෑවට වඩා ලොකු කරලා කියන්න එපා.
ඔයා හිතන්නේ මම ඕනෑවට වඩා කියනවා කියලද?</font>

433
00:37:29,380 --> 00:37:30,380
<font color="#ffde44">ඉතින්...</font>

434
00:37:30,710 --> 00:37:33,880
<font color="#ffde44">ඔයා කියන්නේ මගේ යේ ජොන්ග්
ඔයාට මෙහෙම කළා කියලද?</font>

435
00:37:35,390 --> 00:37:36,450
<font color="#ffde44">එයාගේ "මහත්තයා" තමයි කළේ.</font>

436
00:37:36,890 --> 00:37:37,890
<font color="#ffde44">හේයි!</font>

437
00:37:39,860 --> 00:37:41,790
<font color="#ffde44">ඒක ඉස්කෝලේ ළමයි අතරේ තියෙන
මෝඩ විහිළුවක් විතරයි.</font>

438
00:37:41,860 --> 00:37:43,560
<font color="#ffde44">මට ඒක පැහැදිලිව ඇහුණා. යූන් සොන්ග් තේ.</font>

439
00:37:43,560 --> 00:37:44,860
<font color="#ffde44">එයා අපේ ඉස්කෝලේ සීනියර් කෙනෙක්,</font>

440
00:37:45,030 --> 00:37:46,800
<font color="#ffde44">එයා කිව්වා,
"උඹ මගේ වයිෆ්ගේ මූණ හීරුවා" කියලා.</font>

441
00:37:46,800 --> 00:37:47,830
<font color="#ffde44">මොන...</font>

442
00:37:47,830 --> 00:37:48,900
<font color="#ffde44">තාත්තේ.</font>

443
00:37:51,900 --> 00:37:54,070
<font color="#ffde44">එයා නිකම් ඕනෑවට වඩා කලබල වෙන
අයියා කෙනෙක් විතරයි.</font>

444
00:37:54,940 --> 00:37:56,370
<font color="#ffde44">මට මෙහෙම කරන එකද "කලබල වෙනවා" කියන්නේ?</font>

445
00:37:56,740 --> 00:37:59,580
<font color="#ffde44">එතකොට ඔයා දන්න ඒ කොල්ලෝ සෙට් එක මාව ඉස්සුවේ
එයාලට කම්මැලි හිතුණු නිසාද?</font>

446
00:37:59,740 --> 00:38:00,840
<font color="#ffde44">ඊටපස්සේ මට මෙහෙම කළේ?</font>

447
00:38:02,480 --> 00:38:05,050
<font color="#ffde44">ඔයා එයාලව කුපිත කළා!
මම දන්නේ නෑ ඔයා එයාලට මොනවා කිව්වද කියලා,</font>

448
00:38:05,820 --> 00:38:06,950
<font color="#ffde44">ඒත් එයාලට හොඳටම පිස්සු හැදිලා හිටියේ.</font>

449
00:38:07,420 --> 00:38:09,020
<font color="#ffde44">ඔයාට ඇහුණද නැද්ද...</font>

450
00:38:09,020 --> 00:38:10,220
<font color="#ffde44">සීනියර් කොල්ලෝ හතරදෙනෙක් කෑගහනවා
මම ඔයාගේ මූණ හීරුවා කියලා...</font>

451
00:38:10,220 --> 00:38:12,520
<font color="#ffde44">එයාලා මගේ ඇඳුම් ගලවලා මට ගහන්න පටන් ගද්දි?</font>

452
00:38:13,290 --> 00:38:15,590
<font color="#ffde44">ඔයා හිනාවෙවී හිටියේ,
"මට හොඳ පාඩමක් උගන්නන්න" කියලා එයාලව දිරිමත් කරන ගමන්.</font>

453
00:38:16,490 --> 00:38:18,200
<font color="#ffde44">තේ යේ ජොන්ග් මගේ ඔලුවට ගැහුවා
ලී පටියකින්.</font>

454
00:38:18,460 --> 00:38:20,230
<font color="#ffde44">ඇවිත් මගේ ඔලුව අල්ලලා බලන්න ඒක කොච්චර දරුණුද කියලා.</font>

455
00:38:21,030 --> 00:38:22,530
<font color="#ffde44">තමුසේ... තමුසේ...</font>

456
00:38:22,800 --> 00:38:25,370
<font color="#ffde44">ඔයාගේ දුව මේ වගේ දේවල් කර කර ඇවිදිනවා කියලා
ඔයා දැනගෙන හිටියේ නැද්ද?</font>

457
00:38:28,770 --> 00:38:29,770
<font color="#ffde44">මොනවා හරි කියන්නකෝ!</font>

458
00:38:30,770 --> 00:38:31,780
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

459
00:38:33,110 --> 00:38:34,950
<font color="#ffde44">ඔයාගේ කාමරයට යන්න.
බැහැ.</font>

460
00:38:35,880 --> 00:38:37,410
<font color="#ffde44">මම තාම කතා කරලා ඉවර නැහැ.</font>

461
00:38:39,120 --> 00:38:40,220
<font color="#ffde44">මම...</font>

462
00:38:40,950 --> 00:38:42,290
<font color="#ffde44">රණ්ඩු වෙන්න දන්නවා.</font>

463
00:38:42,750 --> 00:38:45,120
<font color="#ffde44">මගේ ආරක්ෂාවට,
නිකන්ම ගුටි කන්න බැරි නිසා.</font>

464
00:38:46,220 --> 00:38:48,330
<font color="#ffde44">අද මම මගේ මුළු ශක්තියම යොදලා පාලනය කරගත්තේ නැත්නම්,</font>

465
00:38:49,130 --> 00:38:50,890
<font color="#ffde44">මේ වෙද්දි තේ යේ ජොං මුළු ඇඟේම ප්ලාස්ටර් දාගෙන ඉඳීවි.</font>

466
00:38:52,560 --> 00:38:53,800
<font color="#ffde44">මහ ලොකු දෙයක්.</font>

467
00:38:54,530 --> 00:38:55,970
<font color="#ffde44">ඔයා හැමතිස්සෙම ඔයාගේ තාත්තගේ නම විකුණනවා නේද?</font>

468
00:38:56,700 --> 00:38:58,170
<font color="#ffde44">සෝල් වල ලොකු ආයතනයක නීතිඥයෙක් කියලා.</font>

469
00:38:58,670 --> 00:39:00,040
<font color="#ffde44">ඉතින් ඔයා අයට ගැහුවට පස්සේ කවුද ඔයාට විරුද්ධව නඩු දාන්නේ?</font>

470
00:39:00,870 --> 00:39:03,370
<font color="#ffde44">මම දන්නවා.
ගුරුවරුත් ඔයාට බයෙන් පරිස්සමෙන් ඉන්නේ.</font>

471
00:39:04,410 --> 00:39:06,740
<font color="#ffde44">ඒ මදිවට ඔයාට ප්‍රධාන චණ්ඩියා වෙන යූන් සොං තේව
"සැමියා" විදිහටත් ඉන්නවා.</font>

472
00:39:06,740 --> 00:39:08,510
<font color="#ffde44">එයා මගේ සැමියා නෙවෙයි යකින්නි!</font>

473
00:39:09,110 --> 00:39:10,110
<font color="#ffde44">කට වහගන්නවා.</font>

474
00:39:10,380 --> 00:39:13,680
<font color="#ffde44">මෙයා ඉපදිලා තියෙන්නේ මේ පවුලට ලැජ්ජා කරන්නමයි.</font>

475
00:39:15,020 --> 00:39:16,350
<font color="#ffde44">තවත් ගොඩක් වින්දිතයෝ ඉන්නවා.</font>

476
00:39:16,890 --> 00:39:19,160
<font color="#ffde44">ඒ වගේම එයාලා හැමෝම
ජීවිත කාලෙටම ඒ ලොකු තුවාල කැලැල් උහුලගෙන ඉඳීවි.</font>

477
00:39:20,320 --> 00:39:21,660
<font color="#ffde44">හරි, අපිට තේරෙනවා.</font>

478
00:39:22,260 --> 00:39:24,760
<font color="#ffde44">එයාට ආයේ කවදාවත් එහෙම නොකරන්න අපි තදින් දඬුවම් කරන්නම්.</font>

479
00:39:25,400 --> 00:39:28,630
<font color="#ffde44">ඒත් දැන් මහ රෑනෙ,
අනික මෙයාගේ රුධිර පීඩනය එක්ක...</font>

480
00:39:28,700 --> 00:39:30,430
<font color="#ffde44">මම මේ දුර ආවේ මේකටයි.</font>

481
00:39:33,300 --> 00:39:35,140
<font color="#ffde44">ඔයාලා මගේ ඉස්සරහදීම එයාට දහ පාරක් ගහන්න ඕනේ.</font>

482
00:39:36,870 --> 00:39:41,180
<font color="#ffde44">නැත්නම් අද සොං තේගේ සෙට් එක මට ගැහුවා වගේ
මමම එයාට ගහනවා,</font>

483
00:39:41,480 --> 00:39:43,150
<font color="#ffde44">ඊට පස්සේ මමම පොලිසියට භාර වෙනවා.</font>

484
00:39:47,080 --> 00:39:48,090
<font color="#ffde44">ඇත්තම කිව්වොත්,</font>

485
00:39:49,150 --> 00:39:50,790
<font color="#ffde44">මට ජීවත් වෙන්න කියලා ලොකු හේතුවක් නැහැ.</font>

486
00:39:53,390 --> 00:39:55,790
<font color="#ffde44">යේ ජොං මට අපහාස කරලා මගේ දුර්වල තැන්වලටම ගැහුවා වගේ,</font>

487
00:39:56,860 --> 00:39:58,330
<font color="#ffde44">මගේම දෙමාපියෝ මාව දාලා ගියා.</font>

488
00:39:59,400 --> 00:40:01,500
<font color="#ffde44">ඉතින් මට ජීවත් වෙන්න ආසාවක් හරි
මගේ ජීවිතේ ගැන බැඳීමක් හරි තියෙන්නේ ඇයි?</font>

489
00:40:03,400 --> 00:40:06,700
<font color="#ffde44">අනිත් අය වගේ එක පාරක්වත් "අම්මා" හරි "තාත්තා" හරි
කියලා කියන්න බැරුවයි මම හැදුනේ.</font>

490
00:40:07,540 --> 00:40:10,310
<font color="#ffde44">ඔයාලා කාටහරි ඒක කොහොම දැනෙනවද කියලා
හිතාගන්නවත් පුළුවන්ද?</font>

491
00:40:12,610 --> 00:40:14,710
<font color="#ffde44">මගේ ආරක්ෂාවට විතරයි
මම ඔයාට කිහිප සැරයක් ආපහු ගැහුවේ.</font>

492
00:40:15,250 --> 00:40:18,780
<font color="#ffde44">ඒ ගුටි දෙක තුනට ඔයා කොච්චර තරහා ගත්තද කිව්වොත්
ඔයාගේ චණ්ඩි "සැමියාව" මගේ පස්සෙන් එව්වා.</font>

493
00:40:19,980 --> 00:40:24,150
<font color="#ffde44">එයා ඇත්තටම ඔයාගේ කෙනාද නැත්නම්
මිනිස්සුන්ට පේන්න ඉන්නවා විතරද කියලා මම දන්නේ නැහැ.</font>

494
00:40:25,220 --> 00:40:27,120
<font color="#ffde44">ඔයා ඔහොම දේවල් නිකන්ම කියන්න හොඳ නැහැ...</font>

495
00:40:27,190 --> 00:40:29,560
<font color="#ffde44">ඔයාලගේ එකම දුවව
ඔයාලා හොඳටම හදලා තියෙනවා.</font>

496
00:40:31,930 --> 00:40:33,460
<font color="#ffde44">ඒ ළමයි කොහොම...</font>

497
00:40:34,230 --> 00:40:35,630
<font color="#ffde44">ඔයා වද දීලා ගහපු අයට කොහොම දැනෙනවා ඇද්ද කියලා හිතලා බලන්න.</font>

498
00:40:36,730 --> 00:40:40,140
<font color="#ffde44">එයාලා හිතින් දහස් වතාවක්
ඔයාව ඉරලා දානවා කියලා හිතලා ඇති.</font>

499
00:40:42,070 --> 00:40:43,240
<font color="#ffde44">මොකද අද මමත් කළේ ඒකයි.</font>

500
00:40:45,580 --> 00:40:46,880
<font color="#ffde44">මම යන්තම් මාව පාලනය කරගෙන...</font>

501
00:40:48,310 --> 00:40:49,710
<font color="#ffde44">මේක සාධාරණව විසඳගන්නයි
මෙහෙට ආවේ.</font>

502
00:40:51,350 --> 00:40:52,420
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

503
00:40:52,550 --> 00:40:53,750
<font color="#ffde44">අපිට තේරෙනවා, ඒ නිසා කරුණාකරලා යන්න.</font>

504
00:40:54,650 --> 00:40:56,950
<font color="#ffde44">අද වගේ දෙයක් ආයෙ කවදාවත්...
ඔයාලට එයාට දහ පාරක් ගහන්නවත් බැරිද?</font>

505
00:40:58,060 --> 00:41:00,990
<font color="#ffde44">අපි ඒ ගැන කතා කරලා
අපිම එයාට දඬුවම් කරන්නම්.</font>

506
00:41:01,120 --> 00:41:02,160
<font color="#ffde44">මගේ ඉස්සරහ.</font>

507
00:41:04,760 --> 00:41:05,760
<font color="#ffde44">එතකොට විතරයි,</font>

508
00:41:07,000 --> 00:41:08,170
<font color="#ffde44">මට මේක දරාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ.</font>

509
00:41:09,730 --> 00:41:11,240
<font color="#ffde44">ගිහින් මට මොනවා හරි ගේන්න.</font>

510
00:41:13,000 --> 00:41:14,000
<font color="#ffde44">ඉක්මන් කරන්න.</font>

511
00:41:14,910 --> 00:41:17,710
<font color="#ffde44">මෙතන සුදුසු කිසිම දෙයක් නැහැ.
මම හෙට වෙද්දි මොනවා හරි ලෑස්ති කරලා තියන්නම්.</font>

512
00:41:17,770 --> 00:41:20,010
<font color="#ffde44">අපිට ගොල්ෆ් පිත්ත තියෙනවා.
තාත්තේ!</font>

513
00:41:20,280 --> 00:41:21,280
<font color="#ffde44">මගේ අතින් වැරැද්දක් වුණා!</font>

514
00:41:21,350 --> 00:41:24,780
<font color="#ffde44">වැරදියි කියලා කිව්වම
මගේ තුවාලයි කැලැල් ටිකයි මැකිලා යනවා නම්,</font>

515
00:41:25,820 --> 00:41:26,820
<font color="#ffde44">මම ඔයාගේ සමාව භාර ගන්නවා.</font>

516
00:41:31,790 --> 00:41:34,630
<font color="#ffde44">ඔයා එයාට දහ පාරක් ගහන්න.</font>

517
00:41:34,990 --> 00:41:38,600
<font color="#ffde44">තාත්තේ!
ඔයා එයාට දහ පාරක් ගහන්න,</font>

518
00:41:39,930 --> 00:41:41,770
<font color="#ffde44">එතකොට එයාගේ තාත්තා මගෙන් ගුටි කනවා.</font>

519
00:41:43,100 --> 00:41:45,300
<font color="#ffde44">ඔයා මේක ඔයාගේ ඇස් දෙකෙන්ම දකින්න ඕනේ.</font>

520
00:41:45,440 --> 00:41:46,740
<font color="#ffde44">මේ ඔක්කොම මේ එක කෙල්ලෙක් නිසා!</font>

521
00:41:46,800 --> 00:41:49,040
<font color="#ffde44">සීයෙ, මම හැදෙන්නම්.
අද ඉඳන්ම.</font>

522
00:41:49,110 --> 00:41:50,810
<font color="#ffde44">අර රස්තියාදුකාරයා එක්ක
ඔයාට තියෙන සම්බන්ධය මොකක්ද?</font>

523
00:41:51,070 --> 00:41:52,280
<font color="#ffde44">ඔයාට තවම කිරි සුවඳවත් ගිහින් නෑ.</font>

524
00:41:52,610 --> 00:41:54,510
<font color="#ffde44">කරුණාකරලා, මම දිවුරනවා.</font>

525
00:41:54,580 --> 00:41:57,110
<font color="#ffde44">එයා හැමතිස්සෙම මට විහිළු කරනවා වගේ හැසිරෙනවා විතරයි.</font>

526
00:41:57,350 --> 00:41:58,720
<font color="#ffde44">අපි අතරේ මුකුත් නැහැ.</font>

527
00:41:58,720 --> 00:42:00,420
<font color="#ffde44">එයා මගේ ආරක්ෂකයා විතරයි.</font>

528
00:42:00,520 --> 00:42:02,420
<font color="#ffde44">අද ළමා නිවාසයේ මගේ යාළුවා
එතන හිටියේ නැත්නම්,</font>

529
00:42:02,420 --> 00:42:03,850
<font color="#ffde44">මොනවා වෙයිද කියලා කවුද දන්නේ?</font>

530
00:42:03,920 --> 00:42:06,260
<font color="#ffde44">එයාලා මාව නිරුවත් කරන්න හැදුවා...
හේයි! මෙහෙට එනවා. දැන්ම.</font>

531
00:42:06,320 --> 00:42:07,320
<font color="#ffde44">තාත්තේ, මට සමාවෙන්න! මගේ අතින් වැරැද්දක් වුණා!</font>

532
00:42:07,590 --> 00:42:10,690
<font color="#ffde44">මහත්තයා.
මේ පවුලට වෙලා තියෙන ලස්සන වැඩේ.</font>

533
00:42:10,990 --> 00:42:13,000
<font color="#ffde44">ඔයා එයාට හොඳට කන්න දීලා,
ලස්සන ඇඳුම් අන්දලා,</font>

534
00:42:13,200 --> 00:42:16,100
<font color="#ffde44">ඉගෙනගන්න සල්ලි විසි කරපු පලියට
ළමයෙක්ව හදනවා කියන්නේ ඒකටද?</font>

535
00:42:16,500 --> 00:42:17,500
<font color="#ffde44">ශික්.</font>

536
00:42:17,770 --> 00:42:18,900
<font color="#ffde44">සීයෙ!
මහත්තයා.</font>

537
00:42:20,500 --> 00:42:22,570
<font color="#ffde44">සීයෙ.
තාත්තේ.</font>

538
00:42:24,470 --> 00:42:26,510
<font color="#ffde44">නැහැ මහත්තයා, ඔයා එයාව නවත්තන්න ඕනේ.</font>

539
00:42:48,030 --> 00:42:49,330
<font color="#ffde44">සමහරවිට ඒක කර්මය වෙන්න ඇති,</font>

540
00:42:50,970 --> 00:42:52,940
<font color="#ffde44">ඒත් මාස දෙකකට පස්සේ, තේ යේ ජොං මැරුණා.</font>

541
00:42:54,340 --> 00:42:56,040
<font color="#ffde44">ජේජු දූපතේ තියෙන එයාලගේ නිවාඩු නිකේතනයේදී,</font>

542
00:42:57,210 --> 00:42:58,380
<font color="#ffde44">ගෙදර ඉස්සරහම තියෙන වෙරළේදී.</font>

543
00:43:02,910 --> 00:43:05,920
<font color="#ffde44">මට දෙමාපියෝ නැති නිසා
සහ මම ළමා නිවාසෙක හැදුණු නිසා,</font>

544
00:43:07,250 --> 00:43:10,450
<font color="#ffde44">මම ගොඩක් දුක් වින්දා
වගේම හැමෝම මාව පහත් කරලයි සැලකුවේ.</font>

545
00:43:12,420 --> 00:43:14,960
<font color="#ffde44">මම මිනිස්සුන්ට පෙන්නන හැඟීම්...</font>

546
00:43:15,690 --> 00:43:16,730
<font color="#ffde44">සහ මම පිට කරන මගේ හැඟීම්...</font>

547
00:43:17,790 --> 00:43:20,500
<font color="#ffde44">මේ ඔක්කොම නිකන්ම රඟපෑමක්ද කියලා සමහර වෙලාවට මට හිතෙනවා.</font>

548
00:43:23,500 --> 00:43:25,100
<font color="#ffde44">මම කිසිම වටිනාකමක් නැති කෙනෙක් කියලා මට දැනෙද්දි,</font>

549
00:43:25,740 --> 00:43:27,670
<font color="#ffde44">මට ඇත්තටම ආදරය කරපු අය හිටියා.</font>

550
00:43:29,370 --> 00:43:30,370
<font color="#ffde44">ඒ අන් හී,</font>

551
00:43:31,940 --> 00:43:32,940
<font color="#ffde44">ඒ වගේම ඔයා.</font>

552
00:43:36,550 --> 00:43:39,050
<font color="#ffde44">අපි දෙන්නම එකම බෝට්ටුවේ හිටපු නිසා
අන් හී මාව බලාගත්තා,</font>

553
00:43:40,020 --> 00:43:41,020
<font color="#ffde44">ඒත් ඔයා...</font>

554
00:43:42,250 --> 00:43:44,250
<font color="#ffde44">මම පොඩි කාලේදී මට ඇත්තටම ආදරය කළා.</font>

555
00:43:47,320 --> 00:43:49,560
<font color="#ffde44">මට එහෙම දැනුණු
පළවෙනි වතාව ඒකයි.</font>

556
00:43:50,060 --> 00:43:53,100
<font color="#ffde44">"ආ, කෙනෙක්ගේ ආදරය ලැබෙනවා කියන්නේ
මේකට තමයි."</font>

557
00:43:54,930 --> 00:43:56,130
<font color="#ffde44">ඒක මාස කිහිපයකට විතරක් වුණත්...</font>

558
00:44:00,840 --> 00:44:03,940
<font color="#ffde44">මට හැමදාම ඒ උණුසුම නැති අඩුව දැනුණා.</font>

559
00:44:04,910 --> 00:44:06,840
<font color="#ffde44">ඒ ගැන හිතපු එක
මට අමාරු කාලවල් පහු කරන්න උදව් වුණා.</font>

560
00:44:14,690 --> 00:44:15,690
<font color="#ffde44">ඉතින් ඔයා...</font>

561
00:44:16,720 --> 00:44:19,190
<font color="#ffde44">නපුරු මායාකාරියකට ආදරය කරත්,</font>

562
00:44:21,460 --> 00:44:23,790
<font color="#ffde44">ඒක තේරුම් ගන්න එක මගේ යුතුකම කියලා මට හිතෙනවා.</font>

563
00:44:25,600 --> 00:44:27,100
<font color="#ffde44">සමහරවිට වෙන කාටවත් එහෙම කරන්න ඕන වෙන එකක් නැහැ,</font>

564
00:44:29,270 --> 00:44:30,270
<font color="#ffde44">ඒත් මම කරනවා.</font>

565
00:44:39,440 --> 00:44:40,440
<font color="#ffde44">මම හැමදාම...</font>

566
00:44:42,050 --> 00:44:43,050
<font color="#ffde44">ඔයාගේ ළඟින්ම ඉන්නවා.</font>

567
00:44:44,680 --> 00:44:46,280
<font color="#ffde44">අපි ආයේ කවදාවත් වෙන් වෙන්නේ නැහැ.</font>

568
00:44:48,190 --> 00:44:49,190
<font color="#ffde44">සදහටම?</font>

569
00:44:51,050 --> 00:44:52,060
<font color="#ffde44">සදහටම.</font>

570
00:44:53,460 --> 00:44:55,190
<font color="#ffde44">ඔයා බලෙන් එහෙම කරන්න ඕනේ නැහැ.</font>

571
00:44:56,360 --> 00:44:57,390
<font color="#ffde44">මම බලෙන් නෙවෙයි.</font>

572
00:44:59,000 --> 00:45:02,630
<font color="#ffde44">මගේ අයියයි මමයි ලේ නෑයෝ නෙවෙයි,
ඒත් මට ඉන්න එකම අයියා එයා විතරයි.</font>

573
00:45:05,500 --> 00:45:06,500
<font color="#ffde44">ඔයාටත් එහෙමයි.</font>

574
00:45:09,110 --> 00:45:10,270
<font color="#ffde44">මට එක දෙයක් පොරොන්දු වෙන්න.</font>

575
00:45:12,340 --> 00:45:13,380
<font color="#ffde44">මොකක්ද?</font>

576
00:45:13,380 --> 00:45:14,780
<font color="#ffde44">ප්‍රශ්න ඇවිත් ඔයාට අමාරු වෙනකොට,</font>

577
00:45:16,280 --> 00:45:17,810
<font color="#ffde44">ඒ හැමදේම තනියම දරාගන්න උත්සාහ කරන්න එපා.</font>

578
00:45:19,050 --> 00:45:20,350
<font color="#ffde44">දැන් ඔයාට මම ඉන්නවා.</font>

579
00:45:21,650 --> 00:45:23,250
<font color="#ffde44">ඔයා...</font>

580
00:45:24,450 --> 00:45:26,390
<font color="#ffde44">මගේ ළඟින් හරි ඈතින් හරි ඉන්නවා නම් ඒක මට ප්‍රමාණවත්.</font>

581
00:45:28,190 --> 00:45:29,260
<font color="#ffde44">මගේ ආදරණීය බා රා...</font>

582
00:45:30,560 --> 00:45:32,200
<font color="#ffde44">ඔයා ඔයාගේ ජීවිතේ ගොඩක් දුර ඇවිත් තියෙනවා.</font>

583
00:45:34,330 --> 00:45:35,930
<font color="#ffde44">ඒ ගැන හිතනකොට,
මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි,</font>

584
00:45:38,540 --> 00:45:39,540
<font color="#ffde44">ඒ වගේම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.</font>

585
00:45:45,680 --> 00:45:47,580
<font color="#ffde44">අන් හී අපිව දාලා ගියේ ඇයි?</font>

586
00:45:48,550 --> 00:45:50,150
<font color="#ffde44">එයා දැන් අපි එක්ක හිටියා නම්
කොච්චර හොඳද කියලා හිතලා බලන්න.</font>

587
00:45:54,120 --> 00:45:55,490
<font color="#ffde44">මටත් ඔයාගෙන් දෙයක් ඉල්ලන්න තියෙනවා.</font>

588
00:45:57,150 --> 00:45:58,160
<font color="#ffde44">මොකක්ද ඒ?</font>

589
00:45:58,760 --> 00:46:00,020
<font color="#ffde44">ගොඩක් කල් ජීවත් වෙන්න.</font>

590
00:46:01,890 --> 00:46:02,890
<font color="#ffde44">මට පොරොන්දු වෙන්න.</font>

591
00:46:06,800 --> 00:46:07,800
<font color="#ffde44">හරි.</font>

592
00:46:08,770 --> 00:46:10,830
<font color="#ffde44">මගේ ලොකු කෙල්ල ඉල්ලන ඕනෑම දෙයක්
මම දෙන්න ඕනේ.</font>

593
00:46:12,940 --> 00:46:14,640
<font color="#ffde44">හැබැයි හඳ නම් ඉල්ලන්න එපා.</font>

594
00:46:15,710 --> 00:46:17,470
<font color="#ffde44">සමහර දේවල් කරන්න බැහැ.</font>

595
00:46:32,190 --> 00:46:33,560
<font color="#ffde44">ඔයාට එයාව හම්බවුණොත්,</font>

596
00:46:33,890 --> 00:46:35,930
<font color="#ffde44">එයාට කියන්න...</font>

597
00:46:36,630 --> 00:46:37,630
<font color="#ffde44">එයාගේ අම්මා ගොඩක් කනගාටු වුණා කියලා.</font>

598
00:46:44,000 --> 00:46:46,340
<font color="#ffde44">ඔයා කොහොමහරි එයාව හොයාගන්නම ඕනේ.</font>

599
00:46:58,050 --> 00:46:59,980
<font color="#ffde44">මේ දවස්වල ඔයාගේ වැඩ ගොඩක් සාර්ථකයිනේ.</font>

600
00:47:00,350 --> 00:47:02,220
<font color="#ffde44">එක දිගට ග්‍යුම් බා රාගේ සුවිශේෂී පුවත් පළවෙනවා.</font>

601
00:47:08,120 --> 00:47:10,830
<font color="#ffde44">(එක වාක්‍යයකින් ලෝකය වෙනස් කරන්න පුළුවන්.
සත්‍යය හඹා යාම)</font>

602
00:47:13,300 --> 00:47:14,300
<font color="#ffde44">නගින්න.</font>

603
00:47:17,400 --> 00:47:19,100
<font color="#ffde44">(එක වාක්‍යයකින් ලෝකය වෙනස් කරන්න පුළුවන්.
සත්‍යය හඹා යාම)</font>

604
00:47:19,600 --> 00:47:21,540
<font color="#ffde44">අනිත් මාධ්‍ය ආයතන
එකිනෙකාගේ ප්‍රවෘත්ති කොපි කරගන්න කාර්යබහුල වෙලා ඉද්දි,</font>

605
00:47:24,210 --> 00:47:28,250
<font color="#ffde44">ඔයාලට සේවකයොත් අඩු නිසා,
මේවා කරගෙන යන්න ගොඩක් අමාරු ඇති.</font>

606
00:47:28,310 --> 00:47:29,310
<font color="#ffde44">ඔයා හොඳට වැඩ කරනවා.</font>

607
00:47:29,580 --> 00:47:30,580
<font color="#ffde44">කොහෙත්ම නැහැ සර්.</font>

608
00:47:31,150 --> 00:47:32,550
<font color="#ffde44">මම ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ.</font>

609
00:47:33,420 --> 00:47:34,420
<font color="#ffde44">ස්තූතියි සර්.</font>

610
00:47:35,850 --> 00:47:38,760
<font color="#ffde44">සමාවෙන්න යොං ජූං.
මට හදිසි වැඩක් වැටුණා.</font>

611
00:47:39,490 --> 00:47:40,920
<font color="#ffde44">මගෙන් සමාව ඉල්ලන්න එපා.</font>

612
00:47:43,060 --> 00:47:44,060
<font color="#ffde44">හරිද?</font>

613
00:47:45,160 --> 00:47:46,160
<font color="#ffde44">හරි.</font>

614
00:47:46,660 --> 00:47:48,200
<font color="#ffde44">ඒ වගේම ඔයා තවත් ලස්සන පුරුද්දක් ඇති කරගෙන.</font>

615
00:47:50,900 --> 00:47:53,700
<font color="#ffde44">කවදා ඉඳන්ද මන්දා ඔයා මාත් එක්ක
සාමාන්‍ය විදිහට කතා කරන්න ගත්තා.</font>

616
00:47:54,570 --> 00:47:56,910
<font color="#ffde44">දෙවියනේ, මට මොකද වුණේ?</font>

617
00:47:57,210 --> 00:47:58,210
<font color="#ffde44">මම ආස ඒකටයි.</font>

618
00:47:59,180 --> 00:48:00,310
<font color="#ffde44">ඔයා හිතන්නේ මාව ලේසියෙන් නම්මගන්න පුළුවන් කියලද?</font>

619
00:48:00,910 --> 00:48:01,910
<font color="#ffde44">නැහැ, එහෙම නෙවෙයි.</font>

620
00:48:02,210 --> 00:48:03,210
<font color="#ffde44">ආයෙත් ඒක කියලා බලන්න.</font>

621
00:48:04,850 --> 00:48:05,850
<font color="#ffde44">නැහැ.</font>

622
00:48:05,850 --> 00:48:07,650
<font color="#ffde44">ඔයාට වැඩියෙන්ම පහසුවෙන් ඉන්න පුළුවන් කෙනා මමනේ.</font>

623
00:48:11,990 --> 00:48:12,990
<font color="#ffde44">වැඩේට යන්න.</font>

624
00:48:14,060 --> 00:48:15,230
<font color="#ffde44">ඔව්.</font>

625
00:48:15,230 --> 00:48:16,390
<font color="#ffde44">"ඔව්?"</font>

626
00:48:16,690 --> 00:48:17,960
<font color="#ffde44">හරි, යොං ජූං.</font>

627
00:48:19,500 --> 00:48:20,500
<font color="#ffde44">ඔයා කලින් කෝල් එක තියන්න.</font>

628
00:48:21,300 --> 00:48:22,500
<font color="#ffde44">මෙන්න ඔයාගේ කෝපි එක.</font>

629
00:49:00,170 --> 00:49:01,170
<font color="#ffde44">පිළිගන්නවා.</font>

630
00:49:05,380 --> 00:49:06,380
<font color="#ffde44">මෙන්න...</font>

631
00:49:07,910 --> 00:49:11,050
<font color="#ffde44">මම දැනට මේක ෆ්‍රිජ් එකට දාන්නද?
ඉඩ තියෙනවාද?</font>

632
00:49:12,450 --> 00:49:14,620
<font color="#ffde44">මම ඒක අස් කරලා තියන්නම්...</font>

633
00:49:16,290 --> 00:49:17,350
<font color="#ffde44">ඔයා හරියට කෑවද?</font>

634
00:49:19,020 --> 00:49:20,890
<font color="#ffde44">ඔයාට කතා කරන්න පුළුවන් කවුරුත් නැද්ද?</font>

635
00:49:21,690 --> 00:49:22,830
<font color="#ffde44">මගේ මැනේජර් වෙලාවකට ඇවිත් යනවා...</font>

636
00:49:27,060 --> 00:49:28,060
<font color="#ffde44">ජූ ෂින් ගැන මොකද?</font>

637
00:49:29,730 --> 00:49:31,840
<font color="#ffde44">ටික කාලෙකට වෙන කොහේ හරි
හිටියොත් මොකද?</font>

638
00:49:36,810 --> 00:49:37,870
<font color="#ffde44">අපි...</font>

639
00:49:38,880 --> 00:49:40,310
<font color="#ffde44">ඔක්කොම එකම බෝට්ටුවේ.</font>

640
00:49:41,510 --> 00:49:43,650
<font color="#ffde44">ජූ ෂින්, ඔයා,</font>

641
00:49:44,480 --> 00:49:45,550
<font color="#ffde44">සහ මම.</font>

642
00:49:47,720 --> 00:49:48,850
<font color="#ffde44">කෙනෙක් දවසක් කිව්වා...</font>

643
00:49:49,890 --> 00:49:51,650
<font color="#ffde44">දෙමාපියෝ නැත්නම්
ඔයා අනාථයෙක් කියලා.</font>

644
00:49:53,020 --> 00:49:55,930
<font color="#ffde44">ඔයාගේ දෙමාපියෝ නැති වුණේ කවදද?</font>

645
00:49:57,090 --> 00:49:58,800
<font color="#ffde44">මම දෙක වසරේ ඉද්දි
මගේ තාත්තා නැති වුණා.</font>

646
00:50:00,160 --> 00:50:01,360
<font color="#ffde44">ඒ වගේම මම උසස් පෙළ කරන කාලෙදි
අම්මත් නැති වුණා.</font>

647
00:50:02,100 --> 00:50:04,270
<font color="#ffde44">ඒ නිසා ඔයාට දැනෙන දේ වෙන කාටත් වඩා
මට තේරෙනවා මෝමෝ.</font>

648
00:50:06,270 --> 00:50:07,740
<font color="#ffde44">දැන් ඔයාට කොච්චර අමාරුද කියලා
මම දන්නවා.</font>

649
00:50:17,510 --> 00:50:20,550
<font color="#ffde44">මගේ අම්මා නැති වෙද්දි
මට හරියට අඬාගන්නවත් බැරි වුණා.</font>

650
00:50:22,420 --> 00:50:23,750
<font color="#ffde44">හැබැයි මගේ අයියා ගොඩක් ඇඬුවා.</font>

651
00:50:25,260 --> 00:50:26,820
<font color="#ffde44">මේ එයා මාව බදාගන්න ඕන වෙලාව නේද?</font>

652
00:50:37,170 --> 00:50:39,040
<font color="#ffde44">ජූ ෂින් ඔයාට මගේ අයියා ගැන කිව්වාද?</font>

653
00:50:41,170 --> 00:50:44,640
<font color="#ffde44">ජේම්ස් දවසක් මටම කිව්වා.</font>

654
00:50:45,510 --> 00:50:47,980
<font color="#ffde44">ප්‍රාථමික පාසලේ ඉද්දි එයාව දරුකමට හදාගන්න ගත්තා කියලා.</font>

655
00:50:52,120 --> 00:50:55,450
<font color="#ffde44">මට ආරංචි වුණා ජේම්ස්ගේ අම්මයි
ඔයාගේ අම්මයි...</font>

656
00:50:56,290 --> 00:50:58,790
<font color="#ffde44">ඔයාලා හිටියෙ එකම ඔකෙස්ට්‍රා එකේ නේද?</font>

657
00:50:59,120 --> 00:51:00,120
<font color="#ffde44">ඔව්.</font>

658
00:51:03,760 --> 00:51:05,360
<font color="#ffde44">මේක නිකන් සුලභ කතාවක් වගේ හිතුනත්,
ඒක තමයි ඇත්ත.</font>

659
00:51:06,430 --> 00:51:07,730
<font color="#ffde44">කාලය ගත වෙද්දි,</font>

660
00:51:09,000 --> 00:51:10,430
<font color="#ffde44">දුක තුනී වෙලා යනවා.</font>

661
00:51:12,440 --> 00:51:14,140
<font color="#ffde44">දැනට ඔයාට කරන්න පුළුවන් දරාගන්න එක විතරයි.</font>

662
00:51:14,670 --> 00:51:15,870
<font color="#ffde44">වෙන විකල්පයක් නෑ.</font>

663
00:51:19,810 --> 00:51:20,880
<font color="#ffde44">ස්තූතියි.</font>

664
00:51:31,550 --> 00:51:34,760
<font color="#ffde44">මම ලේක්ටොප් පෙන්ට්හවුස් එක ගත්තා.
ඔයාට ටික කාලයක් එහේ ඉන්න ඕනෙද?</font>

665
00:51:35,590 --> 00:51:36,830
<font color="#ffde44">ඒක හිස්ව තියන එකේ තේරුමක් නෑනෙ?</font>

666
00:51:36,830 --> 00:51:39,100
<font color="#ffde44">කුලියට ඉන්න අය ඒක විනාශ කරයි කියලා බය හිතුනා,
ඒකයි හිස්ව තියෙන්නෙ.</font>

667
00:51:40,400 --> 00:51:43,600
<font color="#ffde44">ඩොලර් මිලියන 18ක ලේක්ටොප් පෙන්ට්හවුස් එක?</font>

668
00:51:49,140 --> 00:51:50,170
<font color="#ffde44">මම යන්නම්.</font>

669
00:51:50,410 --> 00:51:51,880
<font color="#ffde44">ඒ ගැන හිතලා මට මැසේජ් එකක් දාන්න.</font>

670
00:51:53,680 --> 00:51:54,680
<font color="#ffde44">හරි.</font>

671
00:52:14,030 --> 00:52:15,170
<font color="#ffde44">ඔව්!</font>

672
00:52:20,600 --> 00:52:23,610
<font color="#ffde44">ඒක තමයි ගොඩ කාලෙකින් මම කාපු
රසම උදේ කෑම එක.</font>

673
00:52:23,870 --> 00:52:24,940
<font color="#ffde44">ස්තූතියි.</font>

674
00:52:29,280 --> 00:52:32,350
<font color="#ffde44">මොකද මේ අද මූඩ් එක හොඳ?
මේ ගුම් බා රා මිස් නිසා.</font>

675
00:52:32,680 --> 00:52:34,020
<font color="#ffde44">එයා මගේ කෑම වලට ගොඩක් ආසයි කිව්වා.</font>

676
00:52:34,080 --> 00:52:37,220
<font color="#ffde44">ඔයා රෙස්ටුරන්ට් එකක් දැම්මා නම්
හොඳට සල්ලි හොයන්න තිබ්බා.</font>

677
00:52:37,490 --> 00:52:39,620
<font color="#ffde44">ඔයා ඔයාගෙ මල්ලිට ගොඩක් ආදරෙයිනෙ,</font>

678
00:52:39,620 --> 00:52:40,990
<font color="#ffde44">ඉතින් එයා කසාද බඳින්න හිතන්නෙ නැති එක
පුදුමයක් නෙවෙයි.</font>

679
00:52:41,290 --> 00:52:42,490
<font color="#ffde44">එයාට ඕන කරන හැමදේම තියෙනවා.</font>

680
00:52:43,830 --> 00:52:45,730
<font color="#ffde44">සෙරා ලෝරන් මැගසින් එකට
අපේ නිර්මාණ කීයක් විතර ගියාද?</font>

681
00:52:48,570 --> 00:52:50,500
<font color="#ffde44">(වර්ල්ඩ්නෙට් ප්‍රධාන විධායක නිලධාරී, හා යොං ජූං)</font>

682
00:52:53,940 --> 00:52:57,510
<font color="#ffde44">(වාර්තා තැබූ අතිසාර්ථක "ලොස්ට් නයිට්ස්" ක්‍රීඩාවේ
නිර්මාතෘ, හා යොං ජූං)</font>

683
00:53:03,350 --> 00:53:04,380
<font color="#ffde44">(බා රා)</font>

684
00:53:04,480 --> 00:53:06,120
<font color="#ffde44">මට තේරෙනවා මේක ගොඩක් අමාරු කාලයක් කියලා,</font>

685
00:53:06,880 --> 00:53:08,620
<font color="#ffde44">ඒත් මිනිස්සු මේ ගැන දැනගන්න කුතුහලයෙන් ඉන්නෙ.</font>

686
00:53:09,190 --> 00:53:11,920
<font color="#ffde44">ඒ නිසා ඔයාගේ අනාගත සැලසුම් ගැන
කෙටියෙන් නිවේදනය කරන එක හොඳයි.</font>

687
00:53:12,720 --> 00:53:14,620
<font color="#ffde44">එතකොට මීඩියා වල අයත් නිහඬ වෙයි.</font>

688
00:53:15,560 --> 00:53:17,360
<font color="#ffde44">මට ටිකකට එහේ එන්න පුළුවන්,</font>

689
00:53:17,760 --> 00:53:19,730
<font color="#ffde44">නැත්නම් ඔයාට පහසු තැනක
අපිට හමුවෙන්න පුළුවන්.</font>

690
00:53:23,100 --> 00:53:24,270
<font color="#ffde44">ඔයාට නින්ද යනවද?</font>

691
00:53:25,770 --> 00:53:28,540
<font color="#ffde44">හොඳටම මහන්සි වුණාට පස්සෙ
ටිකක් නින්ද යනවා විතරයි.</font>

692
00:53:30,210 --> 00:53:31,510
<font color="#ffde44">ඔයා තනියමද එයාගෙ බඩු අස් කරන්නෙ?</font>

693
00:53:34,380 --> 00:53:35,710
<font color="#ffde44">මම උදව් කරන්නම්.</font>

694
00:53:36,450 --> 00:53:37,450
<font color="#ffde44">මට අවුලක් නෑ.</font>

695
00:53:39,580 --> 00:53:41,350
<font color="#ffde44">ගිය අවුරුද්දෙ, අපි හමුවෙන්න
හිටපු දවසෙ,</font>

696
00:53:41,750 --> 00:53:44,520
<font color="#ffde44">මම ඔයාගෙ අම්මව එයාපෝට් එකේදි දැක්කා,
එයා ගොඩක් සතුටින් හිටියෙ.</font>

697
00:53:45,860 --> 00:53:48,290
<font color="#ffde44">එයා ප්‍රශ්නෙක හිටියෙ කියලා ඔයාට තේරුනේ නැද්ද?</font>

698
00:53:52,100 --> 00:53:54,800
<font color="#ffde44">එහෙනම් ඇයි ඔයා මෙච්චර කාලයක්
කිසිම සම්බන්ධයක් නැතුව හිටියෙ...</font>

699
00:53:56,200 --> 00:53:59,470
<font color="#ffde44">මම ටිකක් සැහැල්ලු වුණ ගමන්,
මට හොඳටම මහන්සි දැනුණා.</font>

700
00:54:01,140 --> 00:54:02,970
<font color="#ffde44">මමත් මාස කිහිපයක් ලෝසෑන් වල හිටියා.</font>

701
00:54:04,510 --> 00:54:05,640
<font color="#ffde44">ස්විට්සර්ලන්තයේ ලෝසෑන් වල?</font>

702
00:54:09,010 --> 00:54:10,450
<font color="#ffde44">මගේ සමුගැනීම ගැන
ඔයා පුවතක් පළ කරන්න ඕනෙ.</font>

703
00:54:12,080 --> 00:54:14,320
<font color="#ffde44">කාර්යබහුලව ඉන්න එක ඊට වඩා හොඳ නැද්ද?</font>

704
00:54:15,250 --> 00:54:16,390
<font color="#ffde44">මට ඒකට හිත දෙන්නෙ නෑ.</font>

705
00:54:16,920 --> 00:54:17,920
<font color="#ffde44">මම ඒක කා වෙනුවෙන් කරන්නද...?</font>

706
00:54:18,790 --> 00:54:20,420
<font color="#ffde44">ඔයාගෙ ෆෑන්ස්ලා ගොඩක් දුක් වෙයි.</font>

707
00:54:23,090 --> 00:54:25,060
<font color="#ffde44">ඩිරෙක්ටර් ෂින් එක්ක ඔයාගෙ වෙඩින් එක
තාම කෙරෙනවද?</font>

708
00:54:26,660 --> 00:54:28,100
<font color="#ffde44">ඔයාට අකමැති නම්
ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ.</font>

709
00:54:28,900 --> 00:54:30,470
<font color="#ffde44">මේක හරිම විකාරයක්.</font>

710
00:54:31,170 --> 00:54:32,740
<font color="#ffde44">ගොඩක් නිරෝගීව හිටපු ප්‍රොෆෙසර් ෂින්...</font>

711
00:54:36,310 --> 00:54:39,710
<font color="#ffde44">ඒ කියන්නෙ, ජූ ෂින්ගෙ තාත්තා
හදිස්සියෙම නැති වුණා,</font>

712
00:54:40,640 --> 00:54:41,740
<font color="#ffde44">දැන් මගේ අම්මත්.</font>

713
00:54:44,610 --> 00:54:46,420
<font color="#ffde44">ඔලුව රිදෙනවද?
මම ඒකට මොනවහරි ගේන්නද?</font>

714
00:54:46,420 --> 00:54:47,520
<font color="#ffde44">නෑ, මං ගාව තියෙනවා.</font>

715
00:54:48,120 --> 00:54:50,620
<font color="#ffde44">මම ඉන්නෙ හොඳ තත්වෙක නෙවෙයි,
ඒ නිසා මම වැඩිය පේන්න හිටියෙ නැත්නම්...</font>

716
00:54:52,760 --> 00:54:54,990
<font color="#ffde44">මට තේරෙනවා. සනීප වෙනකන් විවේක ගන්න.</font>

717
00:54:57,090 --> 00:54:58,360
<font color="#ffde44">යොං ජූං ඇවිත් ගියා නේද?</font>

718
00:54:59,600 --> 00:55:01,260
<font color="#ffde44">ඔයාලා ඒ තරම් කිට්ටුද? ඔයාලා යාළු වෙලාද ඉන්නෙ?</font>

719
00:55:03,570 --> 00:55:07,270
<font color="#ffde44">එයා අනාථ නිවාසෙ ඉඳන්ම මගේ පරණ යාළුවෙක්.
හයිස්කූල් එකේදි අපි හොඳම යාළුවො.</font>

720
00:55:07,900 --> 00:55:09,740
<font color="#ffde44">මම ඔයාට මේක කලිනුත් කියලා තියෙනවා.</font>

721
00:55:14,110 --> 00:55:15,980
<font color="#ffde44">මගේ මොළේ හොඳටම විකාර වෙලා.</font>

722
00:55:17,110 --> 00:55:18,610
<font color="#ffde44">මට කන්නත් අමතක වෙනවා.</font>

723
00:55:31,190 --> 00:55:33,900
<font color="#ffde44">ඇත්තම කිව්වොත්,
මුලදි එයාගෙ තත්වය ගොඩක් අසාධ්‍යයි.</font>

724
00:55:34,060 --> 00:55:37,030
<font color="#ffde44">එයා සනීප වුණේ ඩිරෙක්ටර් ෂින්
එයාව හයිපර්බරික් ඔක්සිජන් ප්‍රතිකාරයේ තියපු නිසා.</font>

725
00:55:37,430 --> 00:55:38,530
<font color="#ffde44">ඒක කොච්චර දරුණු වුණාද?</font>

726
00:55:38,740 --> 00:55:41,300
<font color="#ffde44">මම නම් එයාව කවදාවත් දැක්කෙ නෑ.
මම ඒක ඇහුවෙ විධායක නිලධාරියෙක්ගෙන්.</font>

727
00:55:42,070 --> 00:55:43,440
<font color="#ffde44">එයා ඇත්තටම සමුගන්නද යන්නෙ?</font>

728
00:55:44,240 --> 00:55:47,580
<font color="#ffde44">ඔව්.
ඩිරෙක්ටර් චෝයි ඔයාට වෙන දෙයක් කිව්වද?</font>

729
00:55:48,540 --> 00:55:49,550
<font color="#ffde44">(හා යොං ජූං: "ලොස්ට් නයිට්ස්" නිර්මාතෘ)</font>

730
00:55:49,610 --> 00:55:51,450
<font color="#ffde44">(නිළි මෝමෝ හදිසියේම සමුගනී.
ඒජන්සිය ඇගේ කැමැත්තට ගරු කරයි.)</font>

731
00:55:51,550 --> 00:55:53,020
<font color="#ffde44">ගුම් බා රාට
තවත් ලොකු නිවුස් එකක් හම්බවෙලා වගේ.</font>

732
00:55:53,480 --> 00:55:55,620
<font color="#ffde44">මොකක්ද ඒ?
මෝමෝ එයාගෙ සමුගැනීම නිවේදනය කරලා.</font>

733
00:55:55,950 --> 00:55:56,950
<font color="#ffde44">දෙවියනේ!</font>

734
00:55:57,450 --> 00:56:00,160
<font color="#ffde44">(26 හැවිරිදි නිළි මෝමෝ අද දහවල්
හදිසියේම සිය රංගන දිවියෙන් සමුගන්නා බව නිවේදනය කළාය)</font>

735
00:56:00,220 --> 00:56:03,290
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

736
00:56:03,360 --> 00:56:05,530
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

737
00:56:05,600 --> 00:56:06,700
<font color="#ffde44">(ස්නායු ශල්‍ය අංශය)</font>

738
00:56:14,840 --> 00:56:18,670
<font color="#ffde44">කරුණාකරලා මේක
ඩිරෙක්ටර් ෂින්ට දෙන්න පුළුවන්ද?</font>

739
00:56:34,320 --> 00:56:35,530
<font color="#ffde44">ඔයා මේ චිත්‍රෙට ආසද?</font>

740
00:56:37,690 --> 00:56:39,160
<font color="#ffde44">මේක පෝල් කිම්ගේ එකක් නේද?</font>

741
00:56:43,730 --> 00:56:44,900
<font color="#ffde44">ඔය චිත්‍රෙ ගලවන්න.</font>

742
00:56:45,840 --> 00:56:47,800
<font color="#ffde44">ඇයි? ඒක ලස්සන චිත්‍රයක්නෙ.
මම මේක රිපෝටර් ගුම්ට දෙනවා.</font>

743
00:56:51,870 --> 00:56:52,880
<font color="#ffde44">හේයි.</font>

744
00:56:55,040 --> 00:56:56,550
<font color="#ffde44">ඔයාගෙ හිතේ බා රා ගැන අදහසක් නෑ නේද?</font>

745
00:57:01,720 --> 00:57:04,020
<font color="#ffde44">අදහසක් තියෙනවද?
මම ඒ ගැන හිතුවා.</font>

746
00:57:04,820 --> 00:57:06,660
<font color="#ffde44">ඔයා දන්නවනෙ මම බුද්ධිමත් ගෑනු ළමයින්ට කැමතියි කියලා.</font>

747
00:57:07,120 --> 00:57:08,190
<font color="#ffde44">ඔයාට පිස්සුද?</font>

748
00:57:08,760 --> 00:57:11,090
<font color="#ffde44">ඔයාගෙ සිහිය හොඳ නැද්ද? ඔයාට දැන් 50යි!</font>

749
00:57:11,190 --> 00:57:12,330
<font color="#ffde44">ඉතින් මට 50 වුණාම මොකද?</font>

750
00:57:12,460 --> 00:57:14,260
<font color="#ffde44">වයස කියන්නෙ නිකන් ඉලක්කමක් විතරයි.</font>

751
00:57:14,260 --> 00:57:15,300
<font color="#ffde44">ඒක ගොඩක් වැදගත් ඉලක්කමක්.</font>

752
00:57:15,360 --> 00:57:17,930
<font color="#ffde44">මිනිස්සු හිතන්නෙ මට තවම 30 ගණන්වල අග හරියෙ වයසක් කියලා.</font>

753
00:57:18,770 --> 00:57:19,970
<font color="#ffde44">ඔයා ඒ බොරු කතාවලට රැවටෙනවද?</font>

754
00:57:19,970 --> 00:57:22,240
<font color="#ffde44">තව අවුරුදු දහයකින්, ඔයාට 60යි.</font>

755
00:57:22,310 --> 00:57:24,240
<font color="#ffde44">බා රාට තවම 30 ගණන්.
එයාට 30 ගණන්වල අග.</font>

756
00:57:24,970 --> 00:57:27,780
<font color="#ffde44">පිස්සු නැතුව ඉන්න.
එයා ඔයාට ගැලපෙන කෙනෙක් නෙවෙයි.</font>

757
00:57:27,880 --> 00:57:29,110
<font color="#ffde44">ඒ ගැන හිතන්නවත් එපා.</font>

758
00:57:30,810 --> 00:57:32,480
<font color="#ffde44">වෙන ඕන තරම් බුද්ධිමත් ගෑනු අය
ඉන්නවා.</font>

759
00:57:32,950 --> 00:57:35,590
<font color="#ffde44">ප්‍රොෆෙසර් ලී ජින් හී, ඩොක්ටර් ෂින්...
ඔයා කිව්වෙ එයාලා දෙන්නම කැමතියි කියලනෙ?</font>

760
00:57:35,650 --> 00:57:37,020
<font color="#ffde44">ඒත් මටනෙ එයාලව හිතට අල්ලන්න ඕනෙ.</font>

761
00:57:37,890 --> 00:57:39,420
<font color="#ffde44">ඒක කෑදරකමක්.</font>

762
00:57:39,420 --> 00:57:41,090
<font color="#ffde44">ඔයා කොහොමද බා රා පස්සෙ යන්නෙ?
එයා ඔයාගෙ දුවෙක්ගෙ වයසෙ.</font>

763
00:57:41,260 --> 00:57:43,330
<font color="#ffde44">හොලිවුඩ් නළුවන්ව බලන්න.
ඒක තමයි අලුත් ට්‍රෙන්ඩ් එක.</font>

764
00:57:43,760 --> 00:57:46,660
<font color="#ffde44">අනුගමනය කරන්න මීට වඩා හොඳ ට්‍රෙන්ඩ් එකක් හොයාගන්න.
ඔයා හොලිවුඩ් තරුවක් නෙවෙයි.</font>

765
00:57:46,730 --> 00:57:47,930
<font color="#ffde44">හේයි, මාත් ඒ තරම් නරක නෑනෙ.</font>

766
00:57:48,530 --> 00:57:51,300
<font color="#ffde44">ලිම් කම්පැනි එකේ ජේම්ස්.
ඉන්ඩස්ට්‍රි එකේ හැමෝම මම කවුද කියලා දන්නවා.</font>

767
00:57:51,670 --> 00:57:53,940
<font color="#ffde44">කරුණාකරලා නවත්තන්න. ඔයාම ලැජ්ජ වෙන්න එපා.</font>

768
00:57:54,200 --> 00:57:56,010
<font color="#ffde44">වාසනාව තියෙන්නෙ නිර්භීත අයටයි.</font>

769
00:57:56,070 --> 00:57:57,640
<font color="#ffde44">ජේම්ස්.
ඔයාට නිකන් ඕනෙ නෑ...</font>

770
00:57:57,640 --> 00:57:59,210
<font color="#ffde44">එයාට නෑනා කියලා කතා කරන්න, නේද?</font>

771
00:57:59,810 --> 00:58:01,040
<font color="#ffde44">ඔයාට නම් ඇත්තටම පිස්සු.</font>

772
00:58:01,610 --> 00:58:04,880
<font color="#ffde44">ඒක මරු කතාව. ඔයා පිස්සුවෙන් වගේ ආදරේ කළේ
ඔයාගෙ හොඳම යාළුවගෙ විවාහ වෙන්න හිටපු කෙනාටනෙ.</font>

773
00:58:04,950 --> 00:58:05,980
<font color="#ffde44">මම එයා කවුද කියලා දැනගෙන හිටියෙ නෑනෙ!</font>

774
00:58:06,650 --> 00:58:08,650
<font color="#ffde44">කොහොම වුණත්, මාව මේ ප්‍රශ්නෙට පටලවගන්න එපා.</font>

775
00:58:10,790 --> 00:58:14,720
<font color="#ffde44">ඔයාට වඩා අවුරුදු 23ක් වැඩිමල් ගෑනු කෙනෙක්
ඔයාගෙ පස්සෙන් ආවොත් ඔයාට කොහොම දැනෙයිද?</font>

776
00:58:14,790 --> 00:58:16,190
<font color="#ffde44">පිරිමි අයටයි ගෑනු අයටයි ඒක වෙනස්.</font>

777
00:58:16,960 --> 00:58:18,590
<font color="#ffde44">ඔයා එහෙම කළොත් ඔයාව විනාශ වෙලා යයි.</font>

778
00:58:23,000 --> 00:58:25,400
<font color="#ffde44">මට මඩ ගැහුවත්
මට කමක් නෑ.</font>

779
00:58:28,400 --> 00:58:31,510
<font color="#ffde44">(සත්‍ය නිවැරදි කිරීම, දීප්තිමත් අනාගතයක්)</font>

780
00:58:51,730 --> 00:58:54,700
<font color="#ffde44">මගේ අම්මා නැති වෙන්න කලින්,</font>

781
00:58:54,800 --> 00:58:57,070
<font color="#ffde44">එයා මට කිව්වා මට අක්කා කෙනෙක් ඉන්නවා කියලා.</font>

782
00:58:57,970 --> 00:58:59,100
<font color="#ffde44">ඒක හරියට මැරෙන මොහොතෙ කරපු පාපොච්චාරණයක් වගේ.</font>

783
00:59:01,270 --> 00:59:03,340
<font color="#ffde44">ඔයාලා දෙන්නා හයිස්කූල් එකේ ඉන්න කාලෙ.</font>

784
00:59:06,910 --> 00:59:08,410
<font color="#ffde44">ඉතින් ඔයා තාම එයාව හොයාගත්තෙ නැද්ද?</font>

785
00:59:11,580 --> 00:59:12,780
<font color="#ffde44">ඒක එච්චර ලේසි නෑ.</font>

786
00:59:14,480 --> 00:59:15,550
<font color="#ffde44">කොහොම වුණත්,</font>

787
00:59:16,750 --> 00:59:19,190
<font color="#ffde44">මම කවදාවත් එයාව දැකලා නෑ,
ඒත් ඔයා මගේ අක්කාගෙ තාත්තා,</font>

788
00:59:20,020 --> 00:59:21,520
<font color="#ffde44">අනික ඔයා මගේ අම්මගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්.</font>

789
00:59:22,790 --> 00:59:24,030
<font color="#ffde44">ඔයා මාත් එක්ක ඔච්චර විධිමත් වෙන්න ඕනෙ නෑ.</font>

790
00:59:28,100 --> 00:59:29,170
<font color="#ffde44">ඒක...</font>

791
00:59:30,030 --> 00:59:31,570
<font color="#ffde44">මොනවා හරි ප්‍රශ්නයක් ඇති කළාද?</font>

792
00:59:32,400 --> 00:59:33,400
<font color="#ffde44">නෑ.</font>

793
00:59:33,800 --> 00:59:36,210
<font color="#ffde44">අතීතය ගැන මොනවා හරි කියන්න
මට අයිතියක් නෑ.</font>

794
00:59:37,040 --> 00:59:38,270
<font color="#ffde44">මම පිළිගන්නවා මම පුදුම වුණා කියලා.</font>

795
00:59:39,540 --> 00:59:41,840
<font color="#ffde44">මගේ තාත්තා එයාට වඩා ගොඩක් වැඩිමල්,</font>

796
00:59:41,980 --> 00:59:44,380
<font color="#ffde44">ඒ නිසා මට පොඩි සැකයක් තිබ්බා...</font>

797
00:59:44,680 --> 00:59:45,950
<font color="#ffde44">ඒකට පිටුපසින් කතාවක් ඇති කියලා.</font>

798
00:59:48,850 --> 00:59:50,720
<font color="#ffde44">මොකක්හරි හාස්කමකින් අපි එයාව හොයාගත්තොත්,</font>

799
00:59:51,750 --> 00:59:56,260
<font color="#ffde44">මට අක්කයි නංගියි වගේ එකමුතුව ඉන්න ඕනෙ,
මගේ අම්මා එහෙම වෙන්න ඕනෙ කියලා හිතපු නිසාම නෙවෙයි.</font>

800
00:59:56,790 --> 00:59:59,660
<font color="#ffde44">මොනවා වුණත් එයානෙ මගේ එකම ලේ නෑයා.</font>

801
01:00:01,130 --> 01:00:02,130
<font color="#ffde44">ඒ නිසා කරුණාකරලා, මට දැනුම් දෙන්න.</font>

802
01:00:07,940 --> 01:00:09,040
<font color="#ffde44">ඔයා මාව පිටත් කරන්න එළියට එන්න ඕනෙ නෑ.</font>

803
01:00:32,460 --> 01:00:34,000
<font color="#ffde44">(පරීක්ෂක පාර්ක්)</font>

804
01:00:42,840 --> 01:00:43,840
<font color="#ffde44">හලෝ?</font>

805
01:00:44,810 --> 01:00:46,240
<font color="#ffde44">මට හිතෙන්නෙ අපි ඔයාගෙ දුවව හොයාගත්තා.</font>

806
01:00:48,910 --> 01:00:49,910
<font color="#ffde44">ඇත්තද?</font>

807
01:01:15,470 --> 01:01:18,270
<font color="#ffde44">(ඩොක්ටර් ෂින්)</font>

808
01:01:18,540 --> 01:01:19,540
<font color="#ffde44">මුලින්ම කාන්තාවන්ට.</font>

809
01:01:19,940 --> 01:01:21,410
<font color="#ffde44">අපි කපල් එකක් විදිහට ඉන්න පළවෙනි දවස මේක.</font>

810
01:01:21,710 --> 01:01:23,510
<font color="#ffde44">මේ සමරන විදිහ නම් ටිකක් මදි වගේ.
මේක හොඳටම ඇති.</font>

811
01:01:23,580 --> 01:01:24,580
<font color="#ffde44">එහෙනම් මම තමයි ඔයාගෙ අංක එක?</font>

812
01:01:25,350 --> 01:01:28,050
<font color="#ffde44">මට කියන්න එපා ඒ අර කිම් ජින් ජූ කියලා.</font>

813
01:01:28,620 --> 01:01:31,050
<font color="#ffde44">ඔයා ගුම් බා රාගේ යාළුවෙක්ද?
ඔව්.</font>

814
01:01:31,050 --> 01:01:32,390
<font color="#ffde44">ඔයාලා දෙන්නම තාම සිංගල්ද?</font>

815
01:01:32,690 --> 01:01:34,660
<font color="#ffde44">බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්.
හරි.</font>

816
01:01:34,720 --> 01:01:38,090
<font color="#ffde44">මගේ හිතේ ඩිරෙක්ටර් ෂින් ජූ ෂින් විතරක්ම
හිටියොත් මොකද වෙන්නෙ?</font>

817
01:01:38,160 --> 01:01:40,760
<font color="#ffde44">ෂින් ජූ ෂින් කියන්නෙ
ගෑනු අය ආකර්ෂණය වෙන කෙනෙක්.</font>

818
01:01:40,830 --> 01:01:43,770
<font color="#ffde44">එයාට හැමදේම තියෙනවා.
හලෝ සර්.</font>

819
01:01:43,830 --> 01:01:45,230
<font color="#ffde44">ඔයා ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි.</font>

820
01:01:45,230 --> 01:01:46,240
<font color="#ffde44">මට අද එයාව බලන්න පුළුවන්ද?</font>

821
01:01:46,300 --> 01:01:48,340
<font color="#ffde44">මම මෝමෝ ගැන
ගොඩක් හිතන නිසාද දන්නෙ නෑ?</font>

822
01:01:48,970 --> 01:01:49,970
<font color="#ffde44">සර්.</font>

823
01:01:51,640 --> 01:01:55,340
<font color="#ffde44">මට මගේ හැමදේම දෙන්න පුළුවන් කෙනෙක්
හිටියා නම් කියලා මට හිතෙනවා.</font>

824
01:01:55,580 --> 01:01:57,480
<font color="#ffde44"><i>මම මගේ හදවත ඔයාට දුන්නා</i></font>

825
01:01:58,650 --> 01:02:00,920
<font color="#ffde44"><i>මම මගේ කඳුළු ඔයාට දුන්නා</i></font>

826
01:02:01,480 --> 01:02:04,150
<font color="#ffde44"><i>ඒ වගේම මගේ හීන ඔයාට දුන්නා</i></font>

827
01:02:04,174 --> 01:02:06,174


828
01:02:06,198 --> 01:02:08,198
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

