1 -00:00:00,008 --> 00:00:01,992 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜 2 00:00:02,016 --> 00:00:04,016 3 00:00:04,040 --> 00:00:09,380 (Everlasting Love පොත් සාප්පුව) 4 00:00:26,630 --> 00:00:28,530 තාත්තේ! දෙවියනේ, ඔයා මාව බය කළානේ! 5 00:00:29,600 --> 00:00:30,800 මොකක්ද? 6 00:00:31,670 --> 00:00:33,810 හේයි, සොල් ජේ හී, ඔයා තාම ඉස්කෝලේ ගියේ නැද්ද? 7 00:00:34,270 --> 00:00:36,040 ඔයාට පරක්කු වෙයි. 8 00:00:36,370 --> 00:00:38,880 මට තාම ඕන තරම් වෙලා තියෙනවා. 9 00:00:40,180 --> 00:00:41,650 ඔව් ඒක ඇත්ත. 10 00:00:43,720 --> 00:00:45,580 තාත්තේ, ඔයා ආයෙත් සිගරට් බිව්වා නේද? 11 00:00:46,920 --> 00:00:50,960 ඔයාට තියෙන්නේ බල්ලෙකුගේ වගේ ඉවක්. අනේ මන්දා ඇත්තටම. 12 00:00:51,560 --> 00:00:54,530 ඔයාට සිගරට් බොන්න නම් හැමතිස්සෙම මතකයි, ඒත් මේවා බොන්න හැමදාම අමතක වෙනවා. 13 00:00:56,760 --> 00:00:57,760 අපෝ. 14 00:01:00,730 --> 00:01:05,600 දවල් කෑමෙන් පස්සේ මේ දෙක බොන්න, ඊට පස්සේ... ඔව්, මම දන්නවා. 15 00:01:05,870 --> 00:01:09,110 මගේ දුව නිසා, මම අවුරුදු සීයක් වුණත් ජීවත් වෙයි. 16 00:01:09,740 --> 00:01:12,880 ඒකනේ? මම නැත්නම් ඔයා මොනවා කරයිද? 17 00:01:13,480 --> 00:01:18,320 ඔයත් එක්ක සතුටින් ජීවත් වෙන්න නම් මම මේවා බොන එක හොඳයි වගේ. 18 00:01:18,920 --> 00:01:20,990 මම අද රෑට හොයලා බලනවා. 19 00:01:21,890 --> 00:01:24,360 ආ! අමතක කරන්න එපා. අද රෑ. 20 00:01:24,620 --> 00:01:28,830 අනිවාර්යයෙන්ම. ඔයාට පරක්කු වෙයි. දැන් යන්න. මම ගියා! 21 00:01:28,890 --> 00:01:31,130 හේයි, හැමදේම ගත්තද? ඔව්. 22 00:01:32,030 --> 00:01:33,830 (නිර්මාණාත්මක ලේඛන පන්තිය) 23 00:01:34,500 --> 00:01:37,400 මම හිතන්නේ පබ්ලිෂ් කරන්න කලින් අපි මේ ඡේදය අයින් කරන්න ඕනේ. 24 00:01:38,340 --> 00:01:39,670 ඇත්තද? ඒ ඇයි? 25 00:01:39,800 --> 00:01:43,840 එකක් තමයි, මේකෙන් කියවන කෙනාට අවසානය බලෙන් පටවනවා වගේ දැනෙන එකට මම කැමති නැහැ. 26 00:01:45,310 --> 00:01:50,350 ඒ වෙනුවට, අපිට මේක ඇතුළත් කරලා එක කොපියක් විතරක් පබ්ලිෂ් කරන්න පුළුවන්ද? 27 00:01:50,980 --> 00:01:53,120 මම කැමතියි ඒක විශේෂ තෑග්ගක් විදිහට දෙන්න. 28 00:01:54,220 --> 00:01:56,990 මම දන්නේ නැහැ. ඒක ටිකක් අමාරු වෙයි. 29 00:02:01,960 --> 00:02:04,930 හරි, හරි. මම ඔයා වෙනුවෙන් එයාලගෙන් අහලා බලන්නම්. 30 00:02:05,360 --> 00:02:06,630 ස්තූතියි, මිස්ටර් සොල්. 31 00:02:06,700 --> 00:02:09,100 අනේ නෑ. මමයි ඔයාට ස්තූති කරන්න ඕනේ, රචක යැං. 32 00:02:09,230 --> 00:02:12,200 නවත්තන්න. මම කොහොමටවත් රචකයෙක් නෙවෙයි. නෑ ඔයා රචකයෙක් තමයි. 33 00:02:14,110 --> 00:02:15,340 ස්තූතියි. 34 00:02:15,740 --> 00:02:18,180 (නිර්මාණාත්මක ලේඛන පන්තිය) 35 00:02:24,880 --> 00:02:28,450 සුභ උපන්දිනයක් වේවා! 36 00:02:28,650 --> 00:02:32,660 සුභ උපන්දිනයක් වේවා, ආදරණීය මිස්ටර් සොල් 37 00:02:33,120 --> 00:02:36,330 සුභ උපන්දිනයක් වේවා! 38 00:02:37,530 --> 00:02:39,030 ඉටිපන්දම් නිමන්න. ස්තූතියි. 39 00:02:39,830 --> 00:02:41,370 ලස්සනයි! 40 00:03:17,640 --> 00:03:20,640 ලව් ෆෝබියා 41 00:03:28,350 --> 00:03:29,810 මගේ ලස්සන දුව. 42 00:03:30,450 --> 00:03:31,550 මගේ හුරතල්, ලස්සන දුව. 43 00:03:35,250 --> 00:03:38,620 අම්මේ, අම්මේ! අනේ, අම්මේ! 44 00:03:39,260 --> 00:03:40,260 අතහරින්න! 45 00:03:43,360 --> 00:03:44,430 ඔයාලා කවුද? 46 00:03:46,160 --> 00:03:47,370 කෝ මගේ දුව? 47 00:03:49,200 --> 00:03:50,370 කොහෙද මගේ දුව ඉන්නේ? 48 00:03:51,400 --> 00:03:53,610 මගේ දුව! මම ඇහුවේ, මගේ දුව කොහෙද? 49 00:03:54,740 --> 00:03:55,810 මගේ පැටියා. 50 00:03:56,610 --> 00:03:58,310 බි ආ! 51 00:04:02,380 --> 00:04:03,480 කරුණාකරලා, බි ආ ව බලාගන්න! 52 00:04:10,320 --> 00:04:12,790 අපි ඇතුළට ගිහින්... මාව අතහරින්න. 53 00:04:16,390 --> 00:04:17,400 අනේ. 54 00:04:19,560 --> 00:04:20,570 අනේ. 55 00:04:21,900 --> 00:04:23,600 අනේ, කරුණාකරලා... 56 00:04:34,280 --> 00:04:35,280 ඉතින්. 57 00:04:37,720 --> 00:04:39,780 ඔයා එයාව මෙහෙට ගෙනාවේ මාව බ්ලැක්මේල් කරන්න. 58 00:04:40,650 --> 00:04:41,720 මට සමාවෙන්න. 59 00:04:42,250 --> 00:04:43,450 ඔයාට පිස්සුද? 60 00:04:43,820 --> 00:04:47,090 කරුණාකරලා, සර්වර්ස් ආපහු ඔන්ලයින් කරන්න. 61 00:04:47,630 --> 00:04:48,630 පුළුවන්ද? 62 00:04:49,130 --> 00:04:52,530 මගේ පැටියා නැතුව මගේ ජීවිතේ වැඩක් නෑ! 63 00:04:52,960 --> 00:04:54,770 අර ඩමී සිද්ධිය නිසා, 64 00:04:54,830 --> 00:04:57,700 මට ආරංචි වුණා It's YOU සම්පූර්ණයෙන්ම වහලා දාන්න යනවා කියලා. 65 00:04:59,200 --> 00:05:00,200 ඒක ඇත්තක් නෙවෙයි නේද? 66 00:05:01,940 --> 00:05:04,980 මම මගේ පැටියා වෙනුවෙන් සෑහෙන සල්ලි වියදම් කළා! කරුණාකරලා සන්සුන් වෙන්න, මැඩම්. 67 00:05:13,150 --> 00:05:14,150 අර ගෑනු කෙනා. 68 00:05:15,890 --> 00:05:17,520 ඔයාට විශ්වාසද එයා... 69 00:05:19,020 --> 00:05:20,020 CEO යූන් බි ආගේ අම්මා කියලා? 70 00:05:25,930 --> 00:05:28,300 අපිත් තාම මේ තත්ත්වය තේරුම් ගන්න උත්සාහ කරනවා විතරයි. 71 00:05:28,700 --> 00:05:31,270 මේකට සම්බන්ධ සේවකයාට විරුද්ධව අපි විනය පියවර ගන්නවා. 72 00:05:31,970 --> 00:05:33,040 අපිට ගොඩක් කණගාටුයි. 73 00:05:50,420 --> 00:05:53,319 මම ඔයාගේ අම්මාව කෙයාර් සෙන්ටර් එකට එක්කන් යන්නම්. 74 00:05:53,320 --> 00:05:54,490 අපිට පස්සේ කතා කරන්න පුළුවන්. 75 00:05:55,060 --> 00:05:56,360 ඔයා දැනට ගෙදර යන්න. 76 00:06:07,110 --> 00:06:09,270 මොකක්ද වෙන්නේ? අපි යමු. 77 00:06:11,040 --> 00:06:12,040 මමත් ඔයා එක්ක එනවා. 78 00:06:16,710 --> 00:06:17,820 ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නේ නැත්තේ ඇයි? 79 00:06:18,650 --> 00:06:20,250 බි ආ ව තවත් අවුල් කරන්න ඔයාට ඕනේ නැත්නම්. 80 00:06:21,090 --> 00:06:22,090 මොකක් කිව්වා? 81 00:06:22,620 --> 00:06:24,190 මේක කාගේ වරදක් කියලද ඔයා හිතන්නේ? 82 00:06:51,250 --> 00:06:55,320 සුභ උපන්දිනයක් වේවා, ආදරණීය මිස්ටර් සොල් 83 00:06:55,620 --> 00:06:58,720 සුභ උපන්දිනයක් වේවා! 84 00:06:59,960 --> 00:07:01,630 ඉටිපන්දම් නිමන්න. ස්තූතියි. 85 00:07:02,260 --> 00:07:03,690 ලස්සනයි! 86 00:07:18,080 --> 00:07:19,180 මොකක්ද අවුල? 87 00:07:20,610 --> 00:07:21,610 ඔයා ඇයි එහෙම කළේ? 88 00:07:24,880 --> 00:07:26,080 මම ඇහුවේ, ඔයා ඇයි ඒක කළේ? 89 00:07:36,390 --> 00:07:37,500 ගමන හොඳට යනවා නේද? 90 00:07:37,860 --> 00:07:40,500 ඔයාට මොනවා හරි ඕනේ නම්, මට කියන්න. මට පුළුවන් විදිහට මම උදව් කරන්නම්. 91 00:07:41,330 --> 00:07:43,570 තමන්ගේ දෙයක් නැති වුණාම දැනෙන වේදනාව එයාට කවදාවත් තේරෙන්නේ නැහැ. 92 00:07:44,570 --> 00:07:45,600 අනිත් අයගේ දේවල් ගන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට ඒක තේරෙන්නේ නෑ. 93 00:07:50,310 --> 00:07:51,310 ඒක ඇත්ත නේද? 94 00:07:56,980 --> 00:07:59,520 (සතියකට පසු) 95 00:08:02,790 --> 00:08:03,790 (ForMe Version 2 හඳුන්වාදීම, වෙනදාටත් වඩා ඔබට සමීපව) 96 00:08:03,860 --> 00:08:07,020 "ඩමී සින්ඩ්‍රෝම්" මතභේදයට පැටලී සිටින It's YOU සමාගම... 97 00:08:07,090 --> 00:08:10,290 නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. 98 00:08:10,700 --> 00:08:15,070 වාර්තාවලට අනුව සමහර සමාගම් නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙන්නේ... 99 00:08:15,130 --> 00:08:16,930 වත්මන් තත්ත්වය තක්සේරු කරන බව පමණයි. 100 00:08:17,400 --> 00:08:19,940 ForMe දෙවන සංස්කරණය සාර්ථකව නිකුත් කිරීමෙන් පසුව, 101 00:08:20,000 --> 00:08:24,040 දිනෙන් දින වර්ධනය වුණ It's YOU කොටස් දැන් සීඝ්‍රයෙන් කඩා වැටෙමින් තියෙනවා. 102 00:08:24,280 --> 00:08:28,950 ඉදිරියේදී පැවැත්වෙන රැස්වීමේ අවධානය යොමු වෙලා තියෙන්නේ CEO යූන් බි ආ ගේ වගකීම ගැනයි. 103 00:08:29,680 --> 00:08:33,550 ඒ අතරේ, ForMe දෙවන සංස්කරණයේ මුහුණුවර වුණු රචක හන් සොන් හෝ ටත්, 104 00:08:33,620 --> 00:08:37,490 මේ සිද්ධියේ බලපෑමෙන් බේරෙන්න පුළුවන් වෙලා නැහැ. 105 00:08:37,620 --> 00:08:40,730 අපි මේ වෙලාවේ ඔෆිස් එකට එන එකේ තේරුමක් තියෙනවද? 106 00:08:42,130 --> 00:08:46,330 ඒත් මුකුත් නොකර ඉන්නවාට වඩා ඒක හොඳයි. අපි හම්බවෙලා මොකක් හරි ප්ලෑන් එකක් හදන්න බලමු. 107 00:08:46,530 --> 00:08:48,100 අනේ මන්දා. "ප්ලෑන් එකක්?" 108 00:08:48,500 --> 00:08:52,640 CEO ලා වැඩ කරන්නේ අසාධාරණ විදිහට. එහෙනම් ඇයි රචකයෝ අස් කරන්නේ? 109 00:08:52,700 --> 00:08:54,010 එයාලා කිසිම වැරැද්දක් කළා නෙවෙයිනේ. 110 00:08:54,270 --> 00:08:55,569 සන්සුන් වෙන්න, යූ ක්‍යුං. 111 00:08:55,570 --> 00:08:58,180 ඒ රචකයෝ මේකට පැටලෙන එක නතර කරන්න වෙන්න ඇති. 112 00:08:58,480 --> 00:09:00,240 "පැටලෙන එක?" අනේ නිකන් ඉන්න. 113 00:09:00,540 --> 00:09:03,380 එහෙනම් CEO යූන් එන එක රහසක් කරන්නේ ඇයි? 114 00:09:03,550 --> 00:09:06,120 මම රචක ජී යොංව කන්ටැක්ට් කරගන්න බලන්නම්. 115 00:09:06,250 --> 00:09:09,450 කාටවත් කෝල් කරන්න එපා කියලා CEO සොල් කිව්වා. අපි දැනට බලන් ඉමු. 116 00:09:16,390 --> 00:09:17,600 දෙවියනේ, මේ තියෙන පීඩනය... 117 00:09:23,270 --> 00:09:25,200 (සෙම්ප්‍රතිශ්‍යා බෙහෙත්) 118 00:09:33,110 --> 00:09:34,250 ඔයා ආයෙත් කෑවේ නැද්ද? 119 00:09:35,650 --> 00:09:37,450 අපේ කොටස්කරුවන්ගේ රැස්වීම තියෙන්නේ කවද්ද? 120 00:09:38,880 --> 00:09:40,020 සතියකින්. 121 00:09:40,950 --> 00:09:42,350 සතියකින්... 122 00:09:43,250 --> 00:09:44,260 මොනවද වෙලා තියෙන පාඩු? 123 00:09:45,320 --> 00:09:46,320 බි ආ. 124 00:09:46,960 --> 00:09:48,960 බලන්න, මම ඒක බලාගන්නම්, 125 00:09:49,590 --> 00:09:50,860 ඒ නිසා කරුණාකරලා, මොනවා හරි කන්න. 126 00:09:56,930 --> 00:09:58,400 යූන් බි ආ, ඔයා මෙහෙම කඩා වැටෙන්නද යන්නේ? 127 00:09:59,600 --> 00:10:02,110 අපිට ආයෙත් මුල ඉඳන් පටන්ගන්න පුළුවන්. කොටස්කරුවෝ? 128 00:10:02,970 --> 00:10:05,280 අපි තමයි මේ කම්පැනි එක හැදුවේ. අපිව එලවන්න එයාලා කවුද? 129 00:10:08,910 --> 00:10:09,910 අපි... 130 00:10:11,420 --> 00:10:12,650 අපි වෙනස් වෙලාද? 131 00:10:17,290 --> 00:10:18,290 ඔයා මොකක්ද අදහස් කරන්නේ? 132 00:10:19,090 --> 00:10:20,490 අපි වෙනස් වෙලා කියලා ඔයා හිතන්නේ ඇයි? 133 00:10:21,030 --> 00:10:22,030 ඒක... 134 00:10:23,060 --> 00:10:25,030 මට හිතෙනවා අපි ඇත්තටම හිනාවෙලා ගොඩක් කල් වගේ. 135 00:10:33,600 --> 00:10:34,810 ඒත් මම ඔයා වෙනුවෙන් ඉන්නවා. 136 00:10:35,740 --> 00:10:37,010 හැමදේම හරි යයි. 137 00:10:37,910 --> 00:10:42,150 ඔයාට ඔයාගේ හැකියාව තියෙනවා, ඒ වගේම මමත් ඉන්නවා. බය වෙන්න දෙයක් නෑනේ? 138 00:10:42,980 --> 00:10:45,020 ඒ කාලෙත් ඒක ඇත්ත, දැනුත් ඒක ඇත්ත. 139 00:10:46,450 --> 00:10:47,990 අපිට ආයෙත් මුල ඉඳන් පටන්ගන්න පුළුවන්. 140 00:10:50,050 --> 00:10:51,060 හරිද? 141 00:10:53,420 --> 00:10:55,130 හරි, මම පිළිගන්නම්. සොල් ජේ හී පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. 142 00:10:55,960 --> 00:10:56,960 ඔයා ඒ විදිහමයි. 143 00:10:57,460 --> 00:10:58,460 ඒක ප්‍රශංසාවක් නේද? 144 00:11:03,370 --> 00:11:04,370 ජේ හී. 145 00:11:06,970 --> 00:11:10,740 මම හිතන්නේ මම කවදාවත් හරියට සමාව ගත්තේ නැහැ කියලා. 146 00:11:12,840 --> 00:11:16,180 මගේ අම්මා ගැන ඔයාට කලින් කිව්වේ නැති එකට... 147 00:11:16,250 --> 00:11:18,050 එපා. මට ඒක අහන්න ඕනේ නෑ. 148 00:11:21,650 --> 00:11:27,190 ඔයා මට කලින් නොකියන්න හේතු තියෙන්න ඇති කියලා මට විශ්වාසයි. 149 00:11:27,860 --> 00:11:28,860 කමක් නෑ. 150 00:11:29,890 --> 00:11:32,560 වැදගත්ම දේ තමයි දැන් ඔයාගේ අම්මා හොඳින් ඉන්න එක. 151 00:11:35,070 --> 00:11:38,100 ඔයා ඔයා ගැන බලාගන්න ඕනේ. ඇත්තටම. 152 00:11:38,370 --> 00:11:40,570 මම වගේ යාළුවෙක් නැත්නම් ඔයා මොනවා කරයිද? 153 00:11:42,810 --> 00:11:43,870 අහන්න, මම කලින්මත් කිව්වා. 154 00:11:44,240 --> 00:11:46,940 අපිට කියන්න දෙයක් නැහැ, ඒ වගේම අපි මුකුත් දන්නෙත් නැහැ. 155 00:11:47,680 --> 00:11:50,450 අපිටවත් දැන් It's YOU එකට ඇතුළු වෙන්න බැහැ! 156 00:11:50,550 --> 00:11:52,220 කොටස්කරුවන්ගේ රැස්වීමේදී, CEO යූන් බි ආ ගේ වගකීම... 157 00:11:52,550 --> 00:11:53,580 තවත් රිපෝටර්ස්ලා? 158 00:11:54,150 --> 00:11:56,150 දෙවියනේ, එයාලා අතාරින්නේ නෑනේ. 159 00:11:56,690 --> 00:11:58,320 ටික වෙලාවකට කිසිම කෝල් එකක් ආන්සර් කරන්න එපා. 160 00:11:58,420 --> 00:12:00,460 CEO යූන් ගැන මොකද? තාම ආරංචියක් නැද්ද? 161 00:12:01,690 --> 00:12:04,160 එයා මගේ මැසේජ් වලටවත් කෝල් වලටවත් උත්තර දෙන්නේ නෑ. 162 00:12:05,430 --> 00:12:06,930 එයාගේ ගෙදර ගියේ නැද්ද? 163 00:12:07,400 --> 00:12:08,600 සමහර පාරිභෝගිකයින්... 164 00:12:09,230 --> 00:12:10,270 යූ ක්‍යුං ගැන මොකද? 165 00:12:10,570 --> 00:12:11,940 එයාව කන්ටැක්ට් කරගන්න බැලුවද? 166 00:12:12,040 --> 00:12:14,740 කර්මාන්තයේ ප්‍රතිචාරයත්... එයා ආන්සර් කරන්නේ නෑ. 167 00:12:15,640 --> 00:12:18,210 මේ මතභේදය සම්බන්ධයෙන්, හාන් ඒජන්සි... 168 00:12:18,410 --> 00:12:21,810 ප්‍රකාශ කළේ ඔවුන් දැනට... දෙවියනේ, මෙයාලා කූඩැල්ලෝ වගේනේ! 169 00:12:21,880 --> 00:12:22,950 මේ වෙලාවේ මුකුත් ප්‍රකාශ කරන්න බැරි තත්වයක ඉන්නේ. 170 00:12:23,080 --> 00:12:24,119 බලන්න, මම කලින්මත් කිව්වා... 171 00:12:24,120 --> 00:12:25,579 අපිට කියන්න දෙයක් නැහැ. ඊට ප්‍රතිචාර වශයෙන්, 172 00:12:25,580 --> 00:12:27,819 රචක හන්ගේ සමහර රසිකයෝ... මොකක්? 173 00:12:27,820 --> 00:12:31,520 It's YOU හි CEO, යූන් බි ආ ව දැඩි ලෙස විවේචනය කරනවා. 174 00:12:31,590 --> 00:12:33,590 සොන් හෝ. ඔව්? 175 00:12:33,720 --> 00:12:35,190 ඔයාව හම්බවෙන්න රහස් පරීක්ෂකයෙක් ඇවිත් ඉන්නවා. 176 00:12:36,890 --> 00:12:37,900 රහස් පරීක්ෂකයෙක්? 177 00:12:40,600 --> 00:12:42,530 වෙලාව වෙන් කළාට ස්තූතියි, රචක හන්. 178 00:12:44,270 --> 00:12:45,440 මේ මොකක් ගැනද? 179 00:12:47,040 --> 00:12:48,270 ඔයා යැං සොන් ඒ ව දන්නවා නේද? 180 00:12:49,240 --> 00:12:50,240 මොකක් කිව්වා? 181 00:12:51,140 --> 00:12:52,480 යැං සොන් ඒ? එයාට මොකද? 182 00:12:52,880 --> 00:12:54,610 එයා දැන් අතුරුදන් වෙලා. 183 00:12:54,880 --> 00:12:57,820 කෙයාර් සෙන්ටර් එකෙන් අතුරුදන් වීමක් ගැන පැමිණිලි කරලා තියෙනවා. 184 00:12:58,420 --> 00:12:59,420 එයා අතුරුදන් වෙලා? 185 00:12:59,480 --> 00:13:03,490 සේවකයෙක් අවසරයක් නැතුව එයාව එළියට එක්කන් ගියා කියලා ඔයා දන්නවා නේද? 186 00:13:03,890 --> 00:13:05,260 ඒක වෙද්දී ඔයා එතන හිටියා. 187 00:13:06,690 --> 00:13:09,130 ඒ දවසට මේකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? 188 00:13:09,590 --> 00:13:10,900 අපි පරීක්ෂා කරන්නේ ඒක තමයි. 189 00:13:11,300 --> 00:13:15,570 මට දැනගන්න ලැබුණා සොල් ජේ හී මිසිස් යැං ව ආපහු ගෙදරට එක්කන් ගියා කියලා. 190 00:13:16,230 --> 00:13:19,270 ඒ වගේම එදාම, යැං සොන් ඒ ගේ ලියාපදිංචි භාරකරු... 191 00:13:19,340 --> 00:13:22,110 ඇගේ නියෝජිතයා විදිහට සොල් ජේ හී ට වෙනස් කරලා තියෙනවා. 192 00:13:23,070 --> 00:13:25,210 එයා අතුරුදන් වෙලා කියලා අපි සොල් ජේ හී ට දැනුම් දුන්නාම, 193 00:13:25,540 --> 00:13:26,980 එයා අපේ උදව් ප්‍රතික්ෂේප කළා. 194 00:13:28,380 --> 00:13:31,150 ඒත් මේකෙ මොකක් හරි සැකහිතෙන දෙයක් තියෙනවා, 195 00:13:31,450 --> 00:13:33,050 ඒ නිසයි මම මෙහෙ ඇවිත් ඔයා එක්ක කතා කරන්නේ. 196 00:13:33,920 --> 00:13:36,620 මේ ගැන ඔයා දන්න මොනවා හරි තියෙනවද? 197 00:13:42,790 --> 00:13:43,790 ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නේ නැත්තේ ඇයි? 198 00:13:44,760 --> 00:13:46,430 බි ආ ව තවත් අවුල් කරන්න ඔයාට ඕනේ නැත්නම්. 199 00:13:51,000 --> 00:13:53,840 කොහෙද ඒ කෙයාර් සෙන්ටර් එක තියෙන්නේ? 200 00:13:58,140 --> 00:13:59,839 (It's YOU ForMe V2 ප්‍රොටෝටයිප් එකේ ප්‍රධාන නිරූපකයා වුණු රචක හන් සොන් හෝ...) 201 00:13:59,840 --> 00:14:00,840 (ඩමී සෝලියට සම්බන්ධද?) 202 00:14:04,650 --> 00:14:05,979 (It's YOU ForMe V2 ප්‍රොටෝටයිප් එකේ ප්‍රධාන නිරූපකයා වුණු රචක හන් සොන් හෝ...) 203 00:14:05,980 --> 00:14:07,320 (ඩමී සෝලියට සම්බන්ධද?) 204 00:14:19,030 --> 00:14:22,400 දේවල් ඔයාට ඕන විදිහට වෙන්නේ නැති නිසා ඔයා අවුලෙන් ඉන්නකොට... 205 00:14:24,640 --> 00:14:25,700 මම ගැන හිතන්න. 206 00:14:33,180 --> 00:14:36,510 මම කිව්ව ඒ ආටිකල් එක, කරුණාකරලා හෙට වෙද්දී ලෑස්ති කරලා තියන්න. 207 00:14:49,590 --> 00:14:51,830 (මම කිව්ව ඒ ආටිකල් එක, කරුණාකරලා හෙට වෙද්දී ලෑස්ති කරලා තියන්න) 208 00:14:57,470 --> 00:14:58,470 ජේ හී. 209 00:14:58,540 --> 00:14:59,600 (CEO යූන් බි ආ) 210 00:15:00,170 --> 00:15:02,240 මට ආටිකල් එකක් පබ්ලිෂ් කරලා දෙන්න පුළුවන්ද? 211 00:15:05,680 --> 00:15:07,010 රචක හන්ට මේකට... 212 00:15:07,410 --> 00:15:09,650 කිසිම සම්බන්ධයක් නැහැ කියලා. 213 00:15:15,590 --> 00:15:16,820 කිසිම සම්බන්ධයක් නෑ... 214 00:15:17,490 --> 00:15:18,790 ඒත් ඒක ඇත්තක් නෙවෙයිනේ. 215 00:15:23,530 --> 00:15:24,530 අපි... 216 00:15:25,460 --> 00:15:26,660 අපි වෙනස් වෙලාද? 217 00:15:28,200 --> 00:15:29,470 ඔයා හරි බි ආ. 218 00:15:30,670 --> 00:15:32,040 ඔයා වෙනස් වෙලා. 219 00:15:36,170 --> 00:15:38,180 ඔයා කවදාවත් බොරු කිව්වේ නැහැ. 220 00:15:42,380 --> 00:15:44,320 ඒත් ඔයා බොරු කියන්න යනවා නම්, 221 00:15:46,320 --> 00:15:47,820 ඔයාත් අනිත් අය වගේමයි. 222 00:15:54,360 --> 00:15:55,490 හරියට ඔයාගේ අම්මා වගේ. 223 00:15:55,560 --> 00:15:59,360 (CCTV 61) 224 00:16:35,830 --> 00:16:37,330 දොර අරින්න. 225 00:16:44,580 --> 00:16:45,580 ජූ යොන්. 226 00:16:46,610 --> 00:16:47,980 පැහැදිලි කරන්නකෝ. 227 00:16:48,580 --> 00:16:50,710 ඩෝල් එක, CCTV එක... 228 00:16:52,120 --> 00:16:53,220 ඒ ඔක්කොම කළේ ඔයාද? 229 00:16:54,120 --> 00:16:55,590 ඒ මම නෙවෙයි. 230 00:16:56,490 --> 00:16:57,650 ඉතින්, ඒ මම තමයි, ඒත්... 231 00:16:58,260 --> 00:17:00,260 ඒ කියන්නේ, මම ඒක හිතාමතා කළේ නැහැ. 232 00:17:02,430 --> 00:17:03,730 ඔයාට මට කියන්න ඕන වුණේ මොකක්ද? 233 00:17:06,400 --> 00:17:07,560 CEO යූන්... 234 00:17:08,500 --> 00:17:10,300 කරුණාකරලා, ඔයා CEO යූන් ව ආරක්ෂා කරන්න ඕනේ. 235 00:17:11,640 --> 00:17:13,570 මොකක්? ඒ වගේම... 236 00:17:13,940 --> 00:17:16,310 CEO සොල් ගැන පරිස්සම් වෙන්න. 237 00:17:25,220 --> 00:17:27,850 යූන් බි ආ. ඔයාගේ අම්මා ගැන... 238 00:17:34,120 --> 00:17:36,730 (CEO යූන් බි ආ) 239 00:17:36,790 --> 00:17:38,660 මේක දැක්කහම මට කෝල් කරන්න. 240 00:17:38,730 --> 00:17:43,100 (යූන් බි ආ, මේක දැක්කහම මට කෝල් කරන්න.) 241 00:17:57,180 --> 00:17:59,180 බි ආ. 242 00:17:59,880 --> 00:18:00,880 බි ආ! 243 00:18:03,220 --> 00:18:04,290 අපි ඇතුළට ගිහින්... 244 00:18:04,690 --> 00:18:05,790 මාව අතහරින්න. 245 00:18:09,160 --> 00:18:10,190 අනේ. 246 00:18:12,500 --> 00:18:13,560 අනේ. 247 00:18:14,770 --> 00:18:16,330 අනේ, කරුණාකරලා... 248 00:18:30,550 --> 00:18:31,750 (රචක හන් සොන් හෝ) 249 00:18:31,820 --> 00:18:33,550 (යූන් බි ආ, මේක දැක්කහම මට කෝල් කරන්න.) 250 00:18:40,290 --> 00:18:43,330 (Everlasting Love පොත් සාප්පුව) 251 00:18:47,430 --> 00:18:50,170 (Everlasting Love පොත් සාප්පුව) 252 00:18:58,640 --> 00:18:59,680 මට මෙතනින්... 253 00:19:00,540 --> 00:19:01,810 යන්න දෙන්න. 254 00:19:02,480 --> 00:19:03,850 මට බි ආ ළඟට යන්න ඕනෙ. 255 00:19:07,520 --> 00:19:08,620 ඔයා කොහේ යන්නද හදන්නේ? 256 00:19:10,250 --> 00:19:12,220 විශේෂයෙන්ම ඔයා මෙහෙට ගොඩක් කැමති වුණු නිසා. 257 00:19:16,390 --> 00:19:17,390 මෙන්න. 258 00:19:18,160 --> 00:19:19,500 ඔයා ඉල්ලපු එක පිටපත. 259 00:19:20,760 --> 00:19:22,200 ඇත්තටම ගොඩක් ස්තුතියි. 260 00:19:22,930 --> 00:19:25,370 ඔයා මේ ටික කාලෙට ගොඩක් දියුණු වෙලා. 261 00:19:26,040 --> 00:19:29,010 මම කවදාවත් හිතුවේ නෑ මට ඇත්තටම... 262 00:19:29,570 --> 00:19:31,070 පොතක් පල කරන්න පුළුවන් වෙයි කියලා. 263 00:19:32,580 --> 00:19:34,550 ඒක මම ගොඩක් කාලෙකට කලින් අත්හැරලා දාපු හීනයක්. 264 00:19:35,410 --> 00:19:36,410 ඉතින්, 265 00:19:37,450 --> 00:19:39,280 කාටද ඔය එක පිටපත? 266 00:19:44,720 --> 00:19:45,720 ජේ හී. 267 00:19:48,290 --> 00:19:49,690 ඉතින් ඔයා තමයි ජේ හී. 268 00:19:50,330 --> 00:19:53,860 හමුවීම සතුටක්. මට ඇහුණා ඔයා මගේ දුවගෙ වයසෙමයි කියලා. 269 00:19:55,200 --> 00:19:56,970 එතකොට ඔයාද අර අසරණ ගෑනු කෙනා? 270 00:19:57,600 --> 00:20:00,240 අසනීප සැමියෙක් ඉන්න කෙනා? සෝල් ජේ හී! 271 00:20:04,740 --> 00:20:06,340 ඔව්, හරි. 272 00:20:07,140 --> 00:20:09,250 මම ගොඩක් අමාරු කාලයක් ගත කරමින් හිටියේ, 273 00:20:09,510 --> 00:20:11,980 ඒත් ඔයාගේ තාත්තා මට ශක්තියක් වුණා. 274 00:20:12,920 --> 00:20:14,850 දැන් මම පොතකුත් පල කරනවා. 275 00:20:16,150 --> 00:20:17,150 (මගේ පුංචි නිවහන) 276 00:20:18,490 --> 00:20:22,090 ජේ හී, ඔයාට මොකද වෙලා තියෙන්නේ? මට යන්න දෙන්න! මම කිව්වා මාව අතාරින්න කියලා! 277 00:20:22,360 --> 00:20:24,130 (මගේ පුංචි නිවහන) 278 00:20:24,700 --> 00:20:27,160 නෑ. කමක් නෑ. 279 00:20:30,230 --> 00:20:31,270 (මගේ පුංචි නිවහන) 280 00:20:31,770 --> 00:20:34,070 මම දැන් යන්න ඕනේ. 281 00:20:34,540 --> 00:20:35,540 පොඩ්ඩක් ඉන්න... 282 00:20:36,570 --> 00:20:37,670 ඔයා කොහේ පැනලා යන්නද හදන්නේ? 283 00:20:38,540 --> 00:20:39,740 අසරණයි කියලා ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්ද? 284 00:20:40,040 --> 00:20:42,810 මගේ තාත්තට ළං වෙන්නද හදන්නේ? ජේ හී! 285 00:20:44,850 --> 00:20:45,980 මිස්ටර් සෝල්. 286 00:20:55,160 --> 00:20:56,660 ඔයා මට කිව්වේ ආයේ කසාද බඳින්න අදහසක් නෑ කියලා. 287 00:20:57,190 --> 00:20:58,200 මේ අහන්න... 288 00:20:59,100 --> 00:21:01,570 මට සමාවෙන්න, ජේ හී. ඒත්... 289 00:21:01,970 --> 00:21:05,270 මමයි එයා අතරෙයි කිසිම දෙයක් නෑ. 290 00:21:05,500 --> 00:21:08,710 ඔයා එයාව මුණගැහෙන්න ගත්ත දවසේ ඉඳන් මාව මඟහැරියා. 291 00:21:08,770 --> 00:21:10,470 ඒ අපි එයාගේ පොතේ වැඩ කරපු නිසයි. 292 00:21:10,540 --> 00:21:13,110 ඔය මෝඩ පොත! පොත පලිහක් කරගන්න එක නවත්තන්න. 293 00:21:13,180 --> 00:21:14,280 ඒක හරිම අප්‍රසන්නයි. 294 00:21:20,280 --> 00:21:21,920 ඔයා ආයෙත් එයාව හමුවුණොත්, 295 00:21:24,350 --> 00:21:25,760 මම ඒ ගෑනිව මරනවා. 296 00:21:27,420 --> 00:21:28,590 සෝල් ජේ හී! 297 00:21:34,530 --> 00:21:36,000 (සැමියා, රෝහල) 298 00:21:37,430 --> 00:21:38,500 ඔව්, හලෝ? 299 00:21:41,710 --> 00:21:44,440 මොකක්? යමු. මම ඔයාව ගිහින් දාන්නම්. 300 00:21:49,280 --> 00:21:51,720 තාත්තේ, යන්න එපා. කරුණාකරලා! 301 00:21:51,920 --> 00:21:55,350 යන්න එපා. සෝල් ජේ හී, අපි පස්සේ කතා කරමු. 302 00:21:57,990 --> 00:21:58,990 තාත්තේ. 303 00:22:03,490 --> 00:22:04,590 තාත්තේ. 304 00:22:09,470 --> 00:22:10,470 (හදිසි ප්‍රතිකාර අංශය) 305 00:22:10,471 --> 00:22:12,970 100ට චාර්ජ් කරන්න. චාර්ජ් කරනවා. 306 00:22:13,270 --> 00:22:14,270 ක්ලියර්! 307 00:22:14,570 --> 00:22:16,010 ෂොක්! දෙවියනේ. 308 00:22:16,070 --> 00:22:17,110 නාඩි නෑ. 309 00:22:17,870 --> 00:22:19,880 200ට චාර්ජ් කරන්න. චාර්ජ් කරනවා. 310 00:22:19,940 --> 00:22:20,940 ක්ලියර්! 311 00:22:22,380 --> 00:22:23,380 ෂොක්! 312 00:22:42,900 --> 00:22:43,900 තාත්තේ. 313 00:22:46,270 --> 00:22:48,000 තාත්තේ. 314 00:22:49,240 --> 00:22:50,270 තාත්තේ. 315 00:22:52,810 --> 00:22:54,140 තාත්තේ, ටිකක් ඉවසන්න. 316 00:22:55,350 --> 00:22:56,550 නෝනා, ඔයා හොඳින්ද? 317 00:22:57,050 --> 00:22:58,420 ඔයා යැං සන් ඒ වෙනුවෙන්ද ආවේ? 318 00:22:59,250 --> 00:23:00,450 නෝනා, ඔයාට තුවාල වෙලාද? 319 00:23:01,890 --> 00:23:02,990 ඔයාට මාව පේනවද? 320 00:23:05,620 --> 00:23:06,690 ඔයා හොඳින්ද? 321 00:23:07,560 --> 00:23:08,930 නෝනා, ඔයාට අවුලක් නෑනේ? 322 00:23:31,080 --> 00:23:32,480 ඔයා එදාම මැරෙන්න තිබුණේ. 323 00:23:34,790 --> 00:23:36,550 බි ආ ට තවත් රිද්දන්න බෑ. 324 00:23:39,590 --> 00:23:41,120 මොකද මේ කිසි දෙයක් එයාගේ වැරැද්දක් නෙවෙයි. 325 00:23:42,860 --> 00:23:43,890 ඔයා හරි. 326 00:23:45,600 --> 00:23:46,660 මගේ බි ආ... 327 00:23:47,830 --> 00:23:49,100 කිසිම වැරැද්දක් කරලා නෑ. 328 00:23:52,400 --> 00:23:53,500 මුලදී, 329 00:23:54,440 --> 00:23:57,040 මම බි ආව හොයාගෙන ගියේ ඔයාගෙන් පළිගන්නයි. 330 00:23:57,940 --> 00:23:59,040 ඒත්... 331 00:24:01,080 --> 00:24:03,050 මට තේරුණා ඔයා ඇත්තටම බි ආ ගැන හිතන්නේ නෑ කියලා. 332 00:24:04,850 --> 00:24:05,880 ඒක බොරුවක්. 333 00:24:06,550 --> 00:24:07,620 මගේ දුව තමයි... 334 00:24:08,920 --> 00:24:10,490 මට මේ ලෝකේ තියෙන වටිනාම දේ. 335 00:24:11,960 --> 00:24:13,460 බි ආ ඒක දන්නවා කියලා මම හිතන්නේ නෑ. 336 00:24:17,390 --> 00:24:19,500 මොකද එයා ඔයා ගැන ලැජ්ජ වුණා, 337 00:24:21,060 --> 00:24:22,700 එයා ඔයාව මුළු ජීවිත කාලෙටම සාත්තු නිවාසෙක හිරකරලා තිබ්බා... 338 00:24:23,300 --> 00:24:26,040 ඒ වගේම ඔයාව එයාගේ ජීවිතෙන් මකලා දාන්න බොරු අම්මා කෙනෙකුත් නිර්මාණය කළා. 339 00:24:26,740 --> 00:24:27,800 මගේ ආදරණීය බි ආ. 340 00:24:28,910 --> 00:24:30,510 මට ගොඩක් සමාවෙන්න. 341 00:24:32,410 --> 00:24:33,510 ඔයාට ඔච්චරම සමාව ඕනෙනම්, 342 00:24:34,340 --> 00:24:36,110 අම්මා කෙනෙක් වෙන්න හදන ඔය බොරු රඟපෑම නවත්තලා... 343 00:24:37,980 --> 00:24:39,150 නොපෙනී යන්න. 344 00:24:42,720 --> 00:24:44,820 බි ආට සතුටින් ඉන්න පුළුවන් මගේ ළඟ විතරයි, 345 00:24:46,290 --> 00:24:47,460 ඔයාට අමතරව, 346 00:24:48,560 --> 00:24:50,060 මගේ පාර හරස් කරන තව දෙයක් තියෙනවා. 347 00:24:56,530 --> 00:24:57,599 (රචක හන් සොන් හෝ) 348 00:24:57,600 --> 00:24:59,140 අපි හෙට හමුවෙලා කතා කරමු. 349 00:25:03,470 --> 00:25:05,880 (ඉට්ස් යූ) 350 00:25:05,940 --> 00:25:06,940 (මාධ්‍ය නිවේදනය) 351 00:25:06,941 --> 00:25:09,009 (විශේෂයි: CEO යූන් බි ආ ඇගේ ජීවතුන් අතර සිටින මවගේ AI එකක් නිර්මාණය කරයි) 352 00:25:09,010 --> 00:25:10,980 මේ වගේ ලිපියක් නිකුත් කරන එක ගැන අපි විශ්වාසයෙන්ද ඉන්නේ? 353 00:25:11,350 --> 00:25:14,150 මේක ඇත්තටම හරිද? CEO සෝල් මේකට අණ දුන්නා කියන එක විශ්වාසද? 354 00:25:14,480 --> 00:25:15,690 ඔයාට ඇහුණා වැරදිලා නෙවෙයි නේද? 355 00:25:16,020 --> 00:25:18,020 CEO යූන් මේකට අණ දුන්නත්, 356 00:25:18,560 --> 00:25:20,060 මම හිතුවේ CEO සෝල් මේක නවත්වයි කියලා, 357 00:25:20,520 --> 00:25:21,990 මේක ඇත්තටම කරන කෙනා වෙයි කියලා නෙවෙයි. 358 00:25:23,290 --> 00:25:25,830 මම දන්නේ නෑ. මට මේක කරන්න බෑ. සන්, ඔයා කරන්න. 359 00:25:26,060 --> 00:25:28,330 මොකක්? මම ඉන්නේ සංවර්ධන කණ්ඩායමේ. 360 00:25:29,400 --> 00:25:30,630 ක්‍යුං තේ තමයි මේක කරන්න ඕනේ. 361 00:25:30,770 --> 00:25:33,170 මට බෑ. ඔයා දන්නවනේ මම අඳුරන්නේ නැති අය එක්ක කතා කරන්න බයයි කියලා. 362 00:25:33,840 --> 00:25:35,510 මම කොහොමද ෆෝන් එකෙන් වාර්තාකරුවන් එක්ක කතා කරන්නේ? 363 00:25:35,640 --> 00:25:38,340 මොකක්? ඔයා හැමතිස්සෙම වාර්තාකරුවන් එක්ක බොන්න යනවනේ. 364 00:25:38,410 --> 00:25:40,080 මට එයාලා එක්ක බොන්න පුළුවන්, ඒත් ෆෝන් එකෙන් කතා කරන්න බෑ. 365 00:25:40,880 --> 00:25:41,880 මොක වුණත් කමක් නෑ. 366 00:25:42,210 --> 00:25:44,080 මම කිව්වා බෑ කියලා. මට ඇත්තටම මේක කරන්න බෑ. 367 00:25:44,150 --> 00:25:45,620 මම ඔයාට කියනවනේ, මට මේක කරන්න බෑ. 368 00:25:46,020 --> 00:25:49,020 (මාධ්‍ය නිවේදනය) 369 00:25:55,960 --> 00:25:58,400 CEO සෝල්, අපි ඇත්තටම මේක නිකුත් කරනවද? 370 00:25:58,600 --> 00:26:01,130 අපේ සමාගමේ ප්‍රතිරූපය දැනටමත් ගොඩක් නරක් වෙලයි තියෙන්නේ. 371 00:26:01,670 --> 00:26:03,470 CEO යූන් ට මොකක් හරි සැලැස්මක් ඇති. 372 00:26:04,940 --> 00:26:06,800 ප්‍රශ්නවලට කෙළින්ම මුහුණ දෙනවා කියලා අහලා නැද්ද? 373 00:26:11,470 --> 00:26:12,510 රචක හන්. 374 00:26:21,990 --> 00:26:25,560 ඔයා මෙච්චර උදෙන් මාව හම්බවෙන්න ඉල්ලුවා නම්, හොඳ හේතුවක් තියෙන්න ඕනේ. 375 00:26:26,520 --> 00:26:28,730 ඔයා ඇයි එහෙම කළේ? මොකක්ද කළේ? 376 00:26:29,230 --> 00:26:31,290 මාව අයින් කරන්න ඔයා ජූ යොන්ට කියලා කරවපු හැමදේම. 377 00:26:33,000 --> 00:26:34,000 ආ, ඒකද. 378 00:26:34,760 --> 00:26:35,830 එයා ඔයාට ඒකද කිව්වේ? 379 00:26:39,200 --> 00:26:40,340 ඉතින් ඔයා එයාව විශ්වාස කළාද? 380 00:26:43,570 --> 00:26:45,910 මම හිතුවට වඩා ඔයා මෝඩයි, හන් සොන් හෝ. 381 00:26:51,310 --> 00:26:52,380 එයා... 382 00:26:53,480 --> 00:26:54,880 බි ආ ට ආදරේ කළා. 383 00:26:56,390 --> 00:26:57,920 එයා ඔයාට ඊර්ෂ්‍යා කළා, හන් සොන් හෝ. 384 00:26:58,360 --> 00:26:59,760 ඒ නිසයි එයා ඒ හැමදේම කළේ. 385 00:27:01,830 --> 00:27:02,860 ඊර්ෂ්‍යාවෙන්? 386 00:27:03,760 --> 00:27:06,160 "එයා හැමදාම මගේ ළඟ ඉන්න මම එයාගේ අත් කකුල් ගැටගහනවා." 387 00:27:07,660 --> 00:27:09,300 "මම ඔයාට තියෙන හැමදේම ගත්තොත්," 388 00:27:10,730 --> 00:27:11,970 "එතකොට ඔයා මගේම වෙනවා." 389 00:27:13,300 --> 00:27:14,470 ඒක අමුතු විදිහේ ආදරයක්. 390 00:27:15,810 --> 00:27:17,040 මුළුමනින්ම කුණු වෙලා ගිය එකක්. 391 00:27:22,350 --> 00:27:23,810 එහෙනම් ඔයා ඇයි එයාව ඒ තත්ත්වෙට පත් කළේ? 392 00:27:24,810 --> 00:27:26,720 මොකක්? ඔයා දන්නවද? 393 00:27:27,980 --> 00:27:30,290 ඇත්තම කතාව, බි ආ ගේ දුක පටන් ගත්තේ... 394 00:27:31,120 --> 00:27:34,220 ඔයා එයාව අරගෙන පැනලා ගිය දවසේ, හන් සොන් හෝ. 395 00:27:35,430 --> 00:27:36,630 ඒ ගැන හොඳට කල්පනා කරලා බලන්න. 396 00:27:37,730 --> 00:27:39,330 (ඉට්ස් යූ) සහ බි ආ අතර... 397 00:27:39,800 --> 00:27:42,270 මුලින්ම ප්‍රශ්න ඇතිවෙන්න ගත්තේ කවදද කියලා හිතන්න. 398 00:27:43,870 --> 00:27:44,970 යැං සන් ඒ. 399 00:27:45,470 --> 00:27:47,370 ඔයා එදා එයාව ආපහු සාත්තු නිවාසෙට එක්කන් ගියා, 400 00:27:48,610 --> 00:27:49,640 නේද? 401 00:27:52,140 --> 00:27:53,180 මට ආරංචි වුණා එයා අතුරුදන් කියලා. 402 00:27:53,710 --> 00:27:55,810 යැං සන් ඒ. අතුරුදන්? 403 00:27:57,310 --> 00:27:58,420 බි ආ ට මුකුත් කියන්න එපා. 404 00:27:58,950 --> 00:28:00,050 මම ඒ ගැන හොයලා බලන්නම්. 405 00:28:02,820 --> 00:28:05,760 එයාගේ හොඳම යාළුවා වුණු මගෙන් පවා හංගපු අම්මා... 406 00:28:06,490 --> 00:28:07,690 අම්මා අතුරුදන් වෙලා කියලා දැනගත්තොත්, 407 00:28:09,060 --> 00:28:10,430 ඒකෙන් එයාට කොහොම බලපායිද කියලා ඔයා දන්නවා නේද? 408 00:28:17,670 --> 00:28:18,670 තව දෙයක්. 409 00:28:20,140 --> 00:28:23,240 ඔයාට එයාව තවත් රිද්දන්න ඕනේ නැත්නම්, එයාගෙන් ඈත් වෙලා ඉන්න. 410 00:28:24,070 --> 00:28:26,310 මොකද එයාව සතුටු කරන්නේ මමයි. 411 00:28:32,750 --> 00:28:34,450 නිකම්ම පැයක සතුටක් විතරද? 412 00:28:35,090 --> 00:28:36,090 නිකම්ම? 413 00:28:36,350 --> 00:28:39,590 ඒ පැය එකට එයා කොච්චර සතුටු වුණාද කියලා ඔයාට තේරෙනවද? 414 00:28:40,190 --> 00:28:44,560 එයා එයාගේ වේදනාවල්, ප්‍රශ්න ඔක්කොම අමතක කළා. එයා හිටියේ සතුටින්. 415 00:28:44,660 --> 00:28:45,830 සම්පූර්ණයෙන්ම. 416 00:28:47,060 --> 00:28:50,000 ඒ සතුට නැති කළේ ඔයා. එහෙම කරලත් ඔයාට කියන්න පුළුවන්ද... 417 00:28:50,630 --> 00:28:51,630 "නිකම්ම?" 418 00:28:52,100 --> 00:28:53,140 ඔයාට ඒක විශ්වාසද? 419 00:28:53,740 --> 00:28:55,110 යූන් බි ආ ඇත්තටම සතුටින් හිටියා කියලා? 420 00:28:56,540 --> 00:28:57,710 කවුරුහරි දවසක් මට කිව්වා... 421 00:28:58,040 --> 00:28:59,710 තේරුම්ගැනීමයි වැරදියට වටහා ගැනීමයි අතර තියෙන පුංචි වෙනස ගැන. 422 00:29:00,210 --> 00:29:01,310 ඔයාවම රවට්ටගන්න එපා. 423 00:29:02,150 --> 00:29:04,050 යූන් බි ආ කියන්නේ හැමදාමත් නිදහස් කෙනෙක්. 424 00:29:05,580 --> 00:29:06,920 ඔයාවත් මමවත් නෙවෙයි... 425 00:29:08,120 --> 00:29:10,250 බි ආ ව සතුටු කළේ. 426 00:29:12,220 --> 00:29:13,820 එයාගේ ළඟින් ඉන්න ඕනෙකම තියෙන්නේ අපිටයි, 427 00:29:15,390 --> 00:29:17,430 එයා හරහා අපේම සතුට හොයාගන්න බලාපොරොත්තුවෙන්. 428 00:29:33,780 --> 00:29:35,550 ඔයා ඉල්ලපු ලිපිනය යවනවා. 429 00:29:49,760 --> 00:29:50,760 බි ආ. 430 00:29:53,400 --> 00:29:55,600 දැන් ඔයාට ටිකක් හොඳද? ඔව්. 431 00:29:55,900 --> 00:29:56,900 ඔයා ආවද. 432 00:30:01,800 --> 00:30:04,340 ඔයා කෑම කන එක මඟහරිනකොටම මම දැනගෙන හිටියා මේක වෙයි කියලා. 433 00:30:05,580 --> 00:30:07,140 ඔන්න, ඔයාගේ කැඳ එක බීලා බෙහෙත් බොන්න. 434 00:30:08,310 --> 00:30:09,880 ජේ හී, අර ලිපිය ගැන මොකද වුණේ? 435 00:30:15,290 --> 00:30:16,420 යූන් බි ආ. 436 00:30:21,390 --> 00:30:22,690 ඔයා ඇත්තටම එයාට ඒ තරම් කැමතිද? 437 00:30:26,760 --> 00:30:28,670 දැනට ඔයාගේ අසනීපෙ සනීප කරගන්න එක ගැන විතරක් හිතන්න. 438 00:30:38,510 --> 00:30:42,410 (ඩොල්බොම් සාත්තු නිවාසය) 439 00:30:56,590 --> 00:30:58,290 එයාගේ බඩු ඔක්කොම විසි කරන්න කියලද එයා කිව්වේ? 440 00:30:59,230 --> 00:31:02,130 ඔව්, එයාගේ අලුත් භාරකරු අපිට එහෙම කිව්වා. 441 00:31:02,670 --> 00:31:05,100 ඒ සෝල් ජේ හී ද? 442 00:31:08,100 --> 00:31:09,370 ඔව්, හරි. 443 00:31:10,240 --> 00:31:11,240 මේ පැත්තෙන් එන්න. 444 00:31:24,320 --> 00:31:27,760 ඒත් මොනවා හරි වුණොත් කියලා මම ඒවා තියාගත්තා. 445 00:31:28,860 --> 00:31:32,900 මේවා එයාගේ බිත්තියේ අලවලා තිබුණේ. මේ මොනවද කියලා මම දන්නේ නෑ, ඒත්... 446 00:31:33,330 --> 00:31:36,000 එයා එකම දේ දිගින් දිගටම ලියලා තිබුණා. 447 00:31:36,730 --> 00:31:37,800 ඒක පොතක තියෙන වාක්‍යයක්. 448 00:31:38,230 --> 00:31:39,240 එහෙමද? 449 00:31:39,970 --> 00:31:41,870 (එයා පැනලා දිව්වා, එයාගේ කකුල්වලට යන්න පුළුවන් හැමතැනකම) 450 00:31:43,510 --> 00:31:46,240 මට මේවා එයාට ගිහින් දෙන්න පුළුවන්ද? 451 00:31:47,380 --> 00:31:49,080 (ඉට්ස් යූ) 452 00:31:50,080 --> 00:31:51,150 අනේ මන්දා. 453 00:31:52,580 --> 00:31:53,920 හේයි, සන්, ඔයා මොකද කියන්නේ? 454 00:31:53,980 --> 00:31:55,749 CEO ලත් නැති එකේ, මානසිකත්වයත් ටිකක් අවුල් නිසා, 455 00:31:55,750 --> 00:31:58,419 අපි එළියට ගිහින් මොනවා හරි බොමුද? 456 00:31:58,420 --> 00:31:59,590 බියර් එකක් බොමුද? 457 00:32:00,620 --> 00:32:02,730 මට බෑ. මගේ වැඩ තහනම ඉවර වුණා විතරයි. 458 00:32:03,030 --> 00:32:04,060 අනේ මන්දා. 459 00:32:07,000 --> 00:32:08,700 යූ කියුන්ග්. ඔව්? 460 00:32:08,770 --> 00:32:09,770 ඔයා ආටිකල් එක යැව්වාද? 461 00:32:12,900 --> 00:32:15,239 ඔව්, මම හිතන්නේ... 462 00:32:15,240 --> 00:32:18,440 ඒ කියන්නේ ඔයා ඒක යවලා නැහැ. 463 00:32:20,380 --> 00:32:23,880 මම කිව්වා නේද මට ඒක කරන්න බෑ කියලා! ඇයි මමම මේක කරන්න ඕනේ? 464 00:32:24,110 --> 00:32:28,480 මොකද CEO සෝල් විශේෂයෙන්ම ඒක ඔයාට පවරපු නිසා. 465 00:32:29,320 --> 00:32:32,160 ඒකනේ, ඉතින් ඇයි මටම? 466 00:32:32,290 --> 00:32:34,460 ඇත්තටම මට තේරෙන්නේ නෑ මේ මොකද වෙන්නේ කියලා. 467 00:32:34,860 --> 00:32:37,330 මේ සමාගම වැටුණොත්, මම කොහොමද ජීවත් වෙන්නේ? 468 00:32:39,000 --> 00:32:40,000 දෙවියනේ! 469 00:33:00,150 --> 00:33:02,120 ("මගේ කුඩා නවාතැන") 470 00:33:02,190 --> 00:33:03,290 මේක පළ කරනවාද? 471 00:33:07,620 --> 00:33:09,030 එතකොට ඔයා දැන් පොතක් පළ කරපු ලේඛිකාවක්ද? 472 00:33:11,030 --> 00:33:12,630 ලේඛිකාවක් කියන්න තරම් නෑ. 473 00:33:14,930 --> 00:33:17,300 දැන් ඔයාට මම 'ලේඛිකා තුමිය'. ලේඛිකා තුමිය. 474 00:33:17,600 --> 00:33:18,600 ලේඛිකා තුමිය. 475 00:33:21,270 --> 00:33:22,270 සුබ පැතුම්. 476 00:33:23,340 --> 00:33:24,340 මට ගොඩක් ඉරිසියයි. 477 00:33:24,870 --> 00:33:28,440 සොන් හෝ, මට වඩා හොඳ ලේඛකයෙක් වෙන්න ඔයාට පුළුවන් වෙයි. 478 00:33:29,080 --> 00:33:31,350 ඉතින් මේකේ තේරුම මට අන්තිමේදී මේක කියවන්න පුළුවන් කියන එකද? 479 00:33:31,780 --> 00:33:34,520 මම ඔයාට එකක් වෙන් කරලා තියන්නම්. ඔව්! 480 00:33:34,950 --> 00:33:36,520 මට මේක මොකක් ගැනද කියලා දැනගන්න ලොකු ආසාවක් තිබුණා. 481 00:33:37,190 --> 00:33:39,760 මේක සාමාන්‍ය ආදර කතාවක් විතරයි. 482 00:33:41,290 --> 00:33:42,390 මේක ආදර කතාවක්ද? 483 00:33:43,430 --> 00:33:44,430 ඔව්. 484 00:33:48,030 --> 00:33:49,370 මේක ඔයාගේ මහත්තයා ගැනද? 485 00:33:49,630 --> 00:33:50,630 නැහැ. 486 00:33:50,970 --> 00:33:52,200 ඒත් ඔයා කලින් මට කිව්වනේ. 487 00:33:53,070 --> 00:33:55,370 ඔයා මේක ලිව්වේ කා ගැන හරි හිතාගෙන කියලා. 488 00:33:56,410 --> 00:33:57,410 කෙනෙක් ඉන්නවා. 489 00:33:58,410 --> 00:33:59,740 මගේ අන්තිම ආදරය. 490 00:34:04,710 --> 00:34:07,780 මම ලබන සිකුරාදා 'Everlasting Love' පොත් සාප්පුව ඉස්සරහාදී ඔයාව හමුවෙන්නම්. 491 00:34:21,160 --> 00:34:22,700 සමහරවිට... 492 00:34:23,170 --> 00:34:24,470 ඔයා හන් සොන් හෝ ද? 493 00:34:24,830 --> 00:34:26,200 ඔව්. 494 00:34:28,400 --> 00:34:30,240 කෙනෙක් මට කිව්වා මේක ඔයාට දෙන්න කියලා. 495 00:34:31,640 --> 00:34:32,980 ("මගේ කුඩා නවාතැන") 496 00:34:38,880 --> 00:34:41,580 ("මගේ කුඩා නවාතැන") 497 00:34:48,360 --> 00:34:51,590 "ඇයට පුළුවන් තරම් දුරට, ඇය පලා ගියා." 498 00:34:52,730 --> 00:34:54,730 "අන්ධකාරයට තවත් ඇයව ලුහුබඳින්න බැරි වෙනකම්." 499 00:34:55,970 --> 00:34:59,100 ඈතින් එළියක් පේනවා කියලා ඇයට හිතුණා. 500 00:35:00,600 --> 00:35:01,740 මට එතැනට යන්න පුළුවන් නම්, 501 00:35:02,370 --> 00:35:03,570 මට ඒ තැනට යන්න විතරක් පුළුවන් නම්, 502 00:35:03,710 --> 00:35:07,480 මගේ මේ දුකින් මාව බේරගන්න පුළුවන් නවාතැනක් එහේ ඇති. 503 00:35:08,780 --> 00:35:10,680 ඒත් ඒ තරම් දුරක් දුවලා එතැනට ගියාම... 504 00:35:11,310 --> 00:35:12,750 එතැන මුකුත්ම තිබුණේ නැහැ. 505 00:35:13,580 --> 00:35:14,680 කිසිම දෙයක් තිබුණේ නැහැ. 506 00:35:16,020 --> 00:35:19,320 ඇයට ඒක තේරුම් ගියේ එතකොටයි. "ඇයට ඒක තේරුම් ගියේ එතකොටයි." 507 00:35:25,390 --> 00:35:26,430 "ඇය පලා ආපු තැන," 508 00:35:27,200 --> 00:35:28,930 "ඇය ඒ තරම් උත්සාහ කළේ එතැනින් පැනලා යන්න වුණත්," 509 00:35:29,970 --> 00:35:32,770 "ඇය හීන දැකපු ඒ නවාතැන තිබුණේ ඒ අන්ධකාරය ඇතුළෙමයි කියලා." 510 00:35:41,940 --> 00:35:43,880 ("මගේ කුඩා නවාතැන") 511 00:35:44,450 --> 00:35:46,750 (අපේ ආදරණීය ලේඛක සොන් හෝ ට, ආදරයෙන්) 512 00:35:49,690 --> 00:35:51,350 (ඇය එතැනට ගියාම, එතැන මුකුත්ම තිබුණේ නැහැ. කිසිම දෙයක් තිබුණේ නැහැ) 513 00:35:56,090 --> 00:35:58,160 (ඇගේම කුඩා නවාතැන, හුඟක් කුඩා වුණත් ගොඩක් සතුටින් පිරුණු) 514 00:35:59,300 --> 00:36:00,460 "හුඟක් කුඩායි, ඒත්..." 515 00:36:01,460 --> 00:36:03,430 හුඟක් කුඩා වුණත් ගොඩක් සතුටින් පිරුණු. 516 00:36:04,470 --> 00:36:06,400 ඇගේම කුඩා නවාතැන. 517 00:36:17,280 --> 00:36:18,380 මේ මහ රෑ මොකද කරන්නේ? 518 00:36:18,950 --> 00:36:19,980 ඔයා මගේ කාර් එකේ යතුරු දැක්කාද? 519 00:36:24,250 --> 00:36:25,250 මේ තියෙන්නේ. 520 00:36:26,020 --> 00:36:27,020 ස්තූතියි. 521 00:36:28,320 --> 00:36:30,290 හේයි, මේ වෙලාවේ කොහේ යන්නද? 522 00:36:46,610 --> 00:36:47,640 ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? 523 00:36:51,480 --> 00:36:54,250 හන් සොන් හෝ? ඔයා මෙහේ මොකද කරන්නේ? 524 00:36:55,080 --> 00:36:57,290 හොඳටම හීතලයි. ඔයා ඇයි මේ වගේ තුනී ඇඳුමක් ඇඳන් ඉන්නේ? 525 00:36:57,890 --> 00:36:58,960 කාලා බීලා හොඳින් ඉන්නවාද? 526 00:36:59,590 --> 00:37:01,060 හරියට නිදාගන්නවාද? 527 00:37:04,630 --> 00:37:06,400 ඔයා ඔච්චර දුරක් ආවේ ඕක අහන්න විතරද? 528 00:37:07,530 --> 00:37:11,330 ඒක 'විතරක්' නෙවෙයි. මට ඒ දේවල් ගොඩක් වටිනවා. 529 00:37:11,970 --> 00:37:13,300 එච්චරයි නම්, ඔයා යන්න. 530 00:37:19,380 --> 00:37:20,410 මේක ගන්න. 531 00:37:21,280 --> 00:37:22,550 මොකක්ද මේ? 532 00:37:22,980 --> 00:37:24,250 මේවා යැන්ග් සොන් ඒ ගේ දේවල්. 533 00:37:24,880 --> 00:37:26,050 ඔයාගේ අම්මාගේ දේවල්. 534 00:37:26,120 --> 00:37:27,480 ("මගේ කුඩා නවාතැන") 535 00:37:27,680 --> 00:37:28,680 මේක... 536 00:37:29,750 --> 00:37:30,790 මේක... 537 00:37:31,790 --> 00:37:33,360 මේක කොහොමද ඔයාගේ ළඟට ආවේ? 538 00:37:34,060 --> 00:37:37,630 මතකද මම කිව්වා ටික කාලෙකට කලින් කෙනෙක් මට උදව් කළා කියලා? 539 00:37:39,030 --> 00:37:42,130 හැංගිලා හිටපු මට එළියට එන්න උදව් කරපු කෙනා. 540 00:37:44,000 --> 00:37:45,330 ඒ තමයි සොන් ඒ මහත්මිය. 541 00:37:52,440 --> 00:37:53,840 ඒ ගෑනු කෙනා මගේ අම්මා නෙවෙයි. 542 00:37:56,050 --> 00:37:59,050 මගේ අම්මා මැරිලා. බී ආ, එයා විතරයි ඔයාගේ එකම පවුල. 543 00:37:59,280 --> 00:38:00,280 පවුල? 544 00:38:02,950 --> 00:38:04,590 තමන්ගේ මහත්තයාවයි, දුවවයි දාලා ගිහින්... 545 00:38:05,450 --> 00:38:08,020 වෙන පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පවත්වපු ගෑනු කෙනෙක්ටද? ඔයා ඒකටද පවුල කියන්නේ? 546 00:38:08,390 --> 00:38:11,290 එදා ඒ අනතුරින් මැරුණා නම් මීට වඩා හොඳයි. 547 00:38:11,490 --> 00:38:14,160 ඒ නිසා ඔයා දන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා. 548 00:38:14,800 --> 00:38:16,100 අනික මට බණ කියන්න එන්න එපා. 549 00:38:17,400 --> 00:38:19,200 මගේ එකම පවුල ජේ හී විතරයි. 550 00:38:20,700 --> 00:38:21,940 හැමතිස්සෙම මගේ ළඟින් හිටපු එකම කෙනා. 551 00:38:26,940 --> 00:38:28,410 නෑ, එයා ඔයා වෙනුවෙන් 'ළඟින් හිටියේ' නෑ. 552 00:38:29,950 --> 00:38:30,980 එයා ඔයාව හිර කරගත්තා. 553 00:38:31,710 --> 00:38:34,050 මට හිතෙන්නේ ඔයා මේක වැරදියට තේරුම් අරන් තියෙන්නේ, හන් සොන් හෝ. 554 00:38:35,380 --> 00:38:37,750 ඔයා මාව හරියට දන්නවාද? 555 00:38:38,150 --> 00:38:39,159 ඔයා මම ගැන කිසිම දෙයක් දන්නේ නෑ, 556 00:38:39,160 --> 00:38:40,720 ඉතින් ඇයි මගේ ජීවිතේට ඇඟිලි ගහන්නේ? 557 00:38:41,920 --> 00:38:43,030 මේක ආපහු අරන් යන්න. 558 00:38:44,160 --> 00:38:45,160 නැත්නම් මේක විසි කරලා දාන්න. 559 00:38:48,030 --> 00:38:49,070 අනික... 560 00:38:52,030 --> 00:38:53,470 අපි දෙන්නගේ පාඩුවේ ඉමු. 561 00:38:56,870 --> 00:38:58,040 ඔයා ඇයි පැනලා යන්නේ? 562 00:39:00,280 --> 00:39:01,880 ඇයි ඔයා ආයෙත් තනියම හැංගෙන්න හදන්නේ? 563 00:39:03,010 --> 00:39:04,550 මේ තරම් කාලයක් ඔයා තනි වෙලා හිටියට හේතුව, 564 00:39:05,450 --> 00:39:06,920 සහ ඔයා ආයෙත් තනි වෙන්න හදන එකට හේතුව... 565 00:39:08,380 --> 00:39:09,820 මේ හැමදේකටම හේතුව සෝල් ජේ හී. 566 00:39:10,790 --> 00:39:14,720 ඔයා තමයි මාව ආයෙත් තනි කරන්නේ, ජේ හී නෙවෙයි. 567 00:39:15,490 --> 00:39:17,490 කෙනෙක් ළඟ ඉන්නවා කියන එකේ හැඟීම මට කවදාවත් දැනිලා තිබුණේ නැත්නම්, 568 00:39:18,590 --> 00:39:20,160 ඒක මීට වඩා හොඳ වෙන්න තිබුණා. 569 00:39:21,260 --> 00:39:23,130 මම හොඳින් ඉඳියි කියලා ඔයා කිව්වා. 570 00:39:24,730 --> 00:39:25,740 නැහැ. 571 00:39:27,370 --> 00:39:29,000 ඔයා වැරදියි, හන් සොන් හෝ. 572 00:39:30,270 --> 00:39:31,440 මම ඉන්න තත්ත්වය දිහා බලන්නකො. 573 00:39:36,710 --> 00:39:37,750 මේක... 574 00:39:39,010 --> 00:39:40,050 මේක කියවලා බලන්න. 575 00:39:43,450 --> 00:39:48,320 ("මගේ කුඩා නවාතැන") 576 00:40:05,210 --> 00:40:06,610 නෑ, එයා ඔයා වෙනුවෙන් 'ළඟින් හිටියේ' නෑ. 577 00:40:08,180 --> 00:40:09,180 එයා ඔයාව හිර කරගත්තා. 578 00:40:11,280 --> 00:40:12,410 ඔයා ඇයි පැනලා යන්නේ? 579 00:40:14,120 --> 00:40:15,550 ඇයි ඔයා ආයෙත් තනියම හැංගෙන්න හදන්නේ? 580 00:40:21,120 --> 00:40:23,930 ("මගේ කුඩා නවාතැන") 581 00:40:34,300 --> 00:40:39,110 ඇයට පුළුවන් තරම් දුරට, ඇය පලා ගියා. 582 00:40:40,280 --> 00:40:42,880 අන්ධකාරයට තවත් ඇයව ලුහුබඳින්න බැරි වෙනකම්. 583 00:40:44,410 --> 00:40:47,320 ඈතින් එළියක් පේනවා කියලා ඇයට හිතුණා. 584 00:40:50,390 --> 00:40:51,420 මට එතැනට යන්න පුළුවන් නම්, 585 00:40:52,190 --> 00:40:53,360 මට ඒ තැනට යන්න විතරක් පුළුවන් නම්, 586 00:40:53,490 --> 00:40:57,290 මගේ මේ දුකින් මාව බේරගන්න පුළුවන් නවාතැනක් එහේ ඇති. 587 00:41:00,200 --> 00:41:02,499 ඒත් ඒ තරම් දුරක් දුවලා එතැනට ගියාම... 588 00:41:02,500 --> 00:41:04,100 එතැන මුකුත්ම තිබුණේ නැහැ. 589 00:41:05,000 --> 00:41:06,040 කිසිම දෙයක් තිබුණේ නැහැ. 590 00:41:09,340 --> 00:41:11,210 ඇයට ඒක තේරුම් ගියේ එතකොටයි. 591 00:41:12,680 --> 00:41:13,780 ඇය පලා ආපු තැන, 592 00:41:14,410 --> 00:41:17,350 ඇය ඒ තරම් උත්සාහ කළේ එතැනින් පැනලා යන්න වුණත්, 593 00:41:18,450 --> 00:41:21,220 ඇය හීන දැකපු ඒ නවාතැන තිබුණේ ඒ අන්ධකාරය ඇතුළෙමයි කියලා. 594 00:41:24,450 --> 00:41:26,390 හුඟක් කුඩා වුණත් ගොඩක් සතුටින් පිරුණු. 595 00:41:27,460 --> 00:41:29,090 ඇගේම කුඩා නවාතැන. 596 00:41:47,080 --> 00:41:50,850 රහස් පරීක්ෂකතුමා, මම ඔයාට ලිපිනයක් දෙන්නම්. ඔයාට පුළුවන්ද මෙහේ එන්න? 597 00:41:51,580 --> 00:41:54,580 මට හිතෙන්නේ යැන්ග් සොන් ඒ එහේ ඇති කියලා. 598 00:42:28,420 --> 00:42:29,420 යැන්ග් මහත්මිය! 599 00:42:32,860 --> 00:42:33,860 යැන්ග් මහත්මිය! 600 00:42:35,890 --> 00:42:36,890 සොන් ඒ මහත්මිය! 601 00:42:45,130 --> 00:42:46,140 සොන් ඒ මහත්මිය! 602 00:42:57,110 --> 00:43:00,850 ("Everlasting Love" පොත් සාප්පුව) 603 00:43:28,640 --> 00:43:29,650 යැන්ග් මහත්මිය! 604 00:43:30,380 --> 00:43:32,720 සොන් ඒ මහත්මිය! මේ මම, සොන් හෝ. 605 00:43:33,450 --> 00:43:34,650 යැන්ග් මහත්මිය, සිහියෙන් ඉන්න. 606 00:43:35,920 --> 00:43:36,920 බී ආ... 607 00:43:38,120 --> 00:43:39,120 යැන්ග් මහත්මිය! 608 00:43:45,130 --> 00:43:48,030 කරුණාකරලා, සිහියෙන් ඉන්න! බී ආ... 609 00:44:03,510 --> 00:44:04,610 යැන්ග් මහත්මිය! 610 00:44:04,634 --> 00:44:06,634 611 00:44:06,658 --> 00:44:08,658 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜