1
00:00:03,320 --> 00:00:09,320
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,240 --> 00:00:25,970
<font color="#ff7f21"><b>14 වැනි කොටස</b></font>

3
00:00:44,660 --> 00:00:45,760
<font color="#ffbf46">යූ මහත්තයා.</font>

4
00:00:52,860 --> 00:00:54,160
<font color="#ffbf46">ගොඩ කාලෙකින් දැක්කේ.</font>

5
00:00:58,630 --> 00:01:00,460
<font color="#ffbf46">මට තමුසෙත් එක්ක කතා කරන්න ඕන නෑ.</font>

6
00:01:08,360 --> 00:01:10,490
<font color="#ffbf46">තමුසෙගේ මහත්තයාගේ...</font>

7
00:01:12,430 --> 00:01:13,790
<font color="#ffbf46">ඩෑෂ් කැමරාව මට දෙනවා.</font>

8
00:01:16,260 --> 00:01:19,130
<font color="#ffbf46">තමුසෙට මොනවද ඕනේ? අතාරිනවා මාව.</font>

9
00:01:20,030 --> 00:01:21,230
<font color="#ffbf46">යූ සෝ ජූන්.</font>

10
00:01:22,330 --> 00:01:25,330
<font color="#ffbf46">මට තමුසෙගෙන් අහන්න දෙයක් තියෙනවා.</font>

11
00:01:53,990 --> 00:01:56,060
<font color="#ffbf46">ශික්.</font>

12
00:02:06,090 --> 00:02:08,130
<font color="#ffbf46">මේ දැන් මොකක්ද වුණේ?</font>

13
00:02:12,230 --> 00:02:14,300
<font color="#ffbf46">කොහොමද මිනිහෙක් එහෙම අතුරුදහන් වෙන්නේ?</font>

14
00:02:15,690 --> 00:02:17,960
<font color="#ffbf46">කවුද මේ යූ සෝ ජූන් කියන්නේ?</font>

15
00:02:19,160 --> 00:02:21,390
<font color="#ffbf46">ඒයි, ඉක්මන් කරන්න. මම උත්සාහ කරනවා.</font>

16
00:02:21,390 --> 00:02:22,430
<font color="#ffbf46">අර ගැජට් එක. මේකද?</font>

17
00:02:22,430 --> 00:02:23,730
<font color="#ffbf46">ඔව්. ඕක ඔබන්න.</font>

18
00:02:24,530 --> 00:02:25,690
<font color="#ffbf46">අම්මෝ ඇති, වැඩ කළා.</font>

19
00:02:30,560 --> 00:02:32,760
<font color="#ffbf46">මේක හරි ගිය ගමන් මම කෝල් එකක් දෙන්නම්.</font>

20
00:02:33,160 --> 00:02:35,390
<font color="#ffbf46">දැනට වෙන මුකුත් ගැන හිතන්න එපා.</font>

21
00:02:36,490 --> 00:02:39,300
<font color="#ffbf46">මේක ඔයාගේ මහත්තයාට කිව්වොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.</font>

22
00:02:39,990 --> 00:02:41,430
<font color="#ffbf46">මම කොහොමද එයාට කියන්නේ?</font>

23
00:02:41,960 --> 00:02:45,360
<font color="#ffbf46">මේක හදපු ගමන්ම ඔයා මට ගෙනත් දෙන්න ඕනේ හරිද.</font>

24
00:02:45,830 --> 00:02:47,590
<font color="#ffbf46">ඔයා මේක බලන්න එහෙම එපා.</font>

25
00:02:47,790 --> 00:02:50,690
<font color="#ffbf46">මටත් ෂුවර් නෑ මේකේ මොනවා තියෙනවද කියලා.</font>

26
00:02:50,990 --> 00:02:52,290
<font color="#ffbf46">බය වෙන්න එපා.</font>

27
00:02:52,790 --> 00:02:56,260
<font color="#ffbf46">අපි මේ බලන්නේ නරක දෙයක් වෙලා නෑ
කියලා තහවුරු කරගන්න කියලා හිතමුකෝ.</font>

28
00:02:56,730 --> 00:02:58,490
<font color="#ffbf46">හරි. මම කෝල් කරන්නම්.</font>

29
00:02:58,530 --> 00:02:59,560
<font color="#ffbf46">හරි.</font>

30
00:03:03,030 --> 00:03:04,630
<font color="#ffbf46">එයා වෙන්න බෑ.</font>

31
00:03:05,690 --> 00:03:08,360
<font color="#ffbf46">නෑ. එයා වෙන්නම බෑ.</font>

32
00:03:12,160 --> 00:03:13,160
<font color="#ffbf46">හෙලෝ.</font>

33
00:03:16,490 --> 00:03:17,790
<font color="#ffbf46">ගොඩ කාලෙකින් දැක්කේ.</font>

34
00:03:18,760 --> 00:03:20,030
<font color="#ffbf46">මොකද මේ පැත්තේ?</font>

35
00:03:20,190 --> 00:03:22,760
<font color="#ffbf46">මම යූ මහත්තයාව හම්බවෙන්න ආවේ,</font>

36
00:03:22,760 --> 00:03:25,730
<font color="#ffbf46">ඒත් එයා ගෙදර නෑ වගේ. එයා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ.</font>

37
00:03:26,360 --> 00:03:27,890
<font color="#ffbf46">එයා ඔෆිස් එකේ ඇත්තේ.</font>

38
00:03:28,090 --> 00:03:30,330
<font color="#ffbf46">මේක ටිකක් හදිසි කාරණයක්.</font>

39
00:03:30,330 --> 00:03:33,430
<font color="#ffbf46">මම ඇතුළට වෙලා එයා එනකම් ඉන්නද?</font>

40
00:03:34,290 --> 00:03:37,030
<font color="#ffbf46">මම දන්නේ නෑ මොකක්ද ප්‍රශ්නේ කියලා,</font>

41
00:03:37,030 --> 00:03:38,660
<font color="#ffbf46">ඒත් සෝ ජූන් ගෙදර ආපු ගමන් මම
කියන්නම් ඔයාට කෝල් එකක් දෙන්න කියලා.</font>

42
00:03:38,660 --> 00:03:41,560
<font color="#ffbf46">නෑ, මම කොහොමත් මෙතනට ආපු එකේ,</font>

43
00:03:41,560 --> 00:03:44,590
<font color="#ffbf46">මම පාඩුවේ එයා එනකම් ඉන්නම්. අපි එහෙම කරමු.</font>

44
00:04:06,330 --> 00:04:08,460
<font color="#ffbf46">ඔයයි ගොන් සූකුයි හොඳින් ඉන්නවා නේද?</font>

45
00:04:09,690 --> 00:04:12,430
<font color="#ffbf46">ඔව්, අපි සුපුරුදු විදියට හොඳින් ඉන්නවා.</font>

46
00:04:18,830 --> 00:04:20,730
<font color="#ffbf46">මම ඇහුවට කමක් නැද්ද ඇයි මෙහේ ආවේ කියලා?</font>

47
00:04:21,100 --> 00:04:22,890
<font color="#ffbf46">මේක හදිස්සියක් වෙන්නම ඕනේ.</font>

48
00:04:23,260 --> 00:04:26,730
<font color="#ffbf46">මට එයාගෙන් අහන්න දෙයක් තියෙනවා.</font>

49
00:04:29,960 --> 00:04:34,060
<font color="#ffbf46">මට අද එයාව අහම්බෙන් වගේ හම්බවුණා.</font>

50
00:04:35,390 --> 00:04:37,890
<font color="#ffbf46">මම මේක කොහොම කියන්නද මන්දා?</font>

51
00:04:41,390 --> 00:04:44,260
<font color="#ffbf46">එයා එකපාරටම අතුරුදහන් වුණා.</font>

52
00:04:44,960 --> 00:04:46,190
<font color="#ffbf46">එයා අතුරුදහන් වුණා.</font>

53
00:04:46,730 --> 00:04:47,730
<font color="#ffbf46">මොකක්?</font>

54
00:04:50,030 --> 00:04:51,560
<font color="#ffbf46">ඔයා මොකක්ද මේ කියන්නේ?</font>

55
00:04:51,560 --> 00:04:53,160
<font color="#ffbf46">එයා ඇත්තටම අතුරුදහන් වුණා.</font>

56
00:04:53,160 --> 00:04:55,600
<font color="#ffbf46">එයා වාෂ්ප වුණා වගේ නැති වෙලා ගියා.</font>

57
00:04:59,760 --> 00:05:01,760
<font color="#ffbf46">ඔව් නේද? මේක වෙන්න බැරි දෙයක්නේ.</font>

58
00:05:02,690 --> 00:05:04,630
<font color="#ffbf46">මටත් එහෙම හිතෙනවා.</font>

59
00:05:05,660 --> 00:05:06,690
<font color="#ffbf46">ඒත්...</font>

60
00:05:08,990 --> 00:05:10,290
<font color="#ffbf46">ඒත් ඔයා දන්නවද...</font>

61
00:05:12,230 --> 00:05:14,290
<font color="#ffbf46">මම එයාගේ ඉස්සරහමයි හිටියේ,</font>

62
00:05:15,460 --> 00:05:18,060
<font color="#ffbf46">මම එයාගේ අතින් අල්ලගෙන හිටියේ.</font>

63
00:05:18,790 --> 00:05:20,160
<font color="#ffbf46">ඔයා මේ දැකපු හීනයක් ගැන කියනවා නෙවෙයි නේද?</font>

64
00:05:20,160 --> 00:05:22,460
<font color="#ffbf46">ඔයාගේ මහත්තයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි නේද?</font>

65
00:05:23,190 --> 00:05:24,760
<font color="#ffbf46">එයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි තමයි.</font>

66
00:05:25,990 --> 00:05:28,330
<font color="#ffbf46">එයා මට ගොඩක් විශේෂ කෙනෙක්.</font>

67
00:05:30,590 --> 00:05:32,430
<font color="#ffbf46">ඔයා මේ මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.</font>

68
00:05:32,830 --> 00:05:36,230
<font color="#ffbf46">මනුස්සයෙක් කොහොමද වාෂ්ප වෙලා යන්නේ? ඕක වෙන්න බැරි දෙයක්නේ.</font>

69
00:05:39,030 --> 00:05:41,730
<font color="#ffbf46">මට පේන්නේ ඔයා හැමදේම දන්නවා වගේ.</font>

70
00:05:51,390 --> 00:05:53,530
<font color="#ffbf46">අපේ අම්මා අද මෙහේ එනවා කිව්වා.</font>

71
00:05:54,990 --> 00:05:58,190
<font color="#ffbf46">සෝ ජූන් ආවම මම කියන්නම් ඔයා ඇවිත් ගියා කියලා.</font>

72
00:06:02,160 --> 00:06:04,860
<font color="#ffbf46">හරි. එහෙනම් මම යන්නම්.</font>

73
00:06:05,890 --> 00:06:08,390
<font color="#ffbf46">ගෙට කඩාගෙන වැදුණාට සමා වෙන්න ඕනේ.</font>

74
00:06:08,390 --> 00:06:09,390
<font color="#ffbf46">හරි.</font>

75
00:06:24,030 --> 00:06:26,390
<font color="#ffbf46">මොකක්? යොං ජින් මෙහේ ආවා කිව්වා?</font>

76
00:06:28,330 --> 00:06:31,190
<font color="#ffbf46">එයා කිව්වා ඔයා සබ්වේ එකේදී අතුරුදහන් වෙනවා දැක්කා කියලා.</font>

77
00:06:31,190 --> 00:06:34,790
<font color="#ffbf46">ඉතින්? එයා ඇත්තටම ගේ ඇතුළට ආවද?</font>

78
00:06:35,890 --> 00:06:38,530
<font color="#ffbf46">එයා නම් මහ පිස්සෙක්, නේද?</font>

79
00:06:40,160 --> 00:06:42,590
<font color="#ffbf46">එයා කිව්වා ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා කියලා.</font>

80
00:06:43,060 --> 00:06:45,690
<font color="#ffbf46">එයා ඔයා එනකම් ඉන්නම ඕනේ කිව්වා, ඒත් මම එයාව යැව්වා.</font>

81
00:06:45,890 --> 00:06:49,590
<font color="#ffbf46">ඔයා මොකටද එයාව ගේ ඇතුළට ගත්තේ? ඔයා නම් හරිම අපරීක්ෂාකාරියි.</font>

82
00:06:49,890 --> 00:06:53,130
<font color="#ffbf46">අපි දැන් මොකද කරන්නේ?</font>

83
00:06:53,430 --> 00:06:55,860
<font color="#ffbf46">එයා මාව දැක්කා නම් එයා මොනවා කරයිද?</font>

84
00:06:55,860 --> 00:06:59,430
<font color="#ffbf46">එයා හිතාගෙන ඉන්නේ එයා ගිහින් කටකතාවක්
පැතිරෙව්වොත් මිනිස්සු ඒක විශ්වාස කරයි කියලද?</font>

85
00:06:59,430 --> 00:07:00,830
<font color="#ffbf46">ඒක ගැන කරදර වෙන්න එපා.</font>

86
00:07:01,630 --> 00:07:04,090
<font color="#ffbf46">ඔයා කාලය හරහා යන කෙනෙක් කියලා එයා දන්නේ නෑනේ, නේද?</font>

87
00:07:04,860 --> 00:07:07,460
<font color="#ffbf46">එයා එච්චර දෙයක් නම් දැනගන්න විදියක් නෑනේ?</font>

88
00:07:08,260 --> 00:07:12,430
<font color="#ffbf46">මොකක්? එයා මොකක්ද කිව්වේ?</font>

89
00:07:28,090 --> 00:07:29,090
<font color="#ffbf46">ඉතින්,</font>

90
00:07:29,990 --> 00:07:32,990
<font color="#ffbf46">කවුද හිතන්නේ ඔයා අනාගතයට යන්නේ සබ්වේ එකෙන් කියලා?</font>

91
00:07:33,560 --> 00:07:34,960
<font color="#ffbf46">එයා කොහෙද කිව්වේ ඔයාට සබ්වේ එකෙන් යන්න පුළුවන් කියලා?</font>

92
00:07:35,990 --> 00:07:38,260
<font color="#ffbf46">එයා කිව්වද ඔයාට සබ්වේ එකෙන් අනාගතයට යන්න පුළුවන් කියලා?</font>

93
00:07:38,260 --> 00:07:39,930
<font color="#ffbf46">එයා ගැන වද වෙන්න එපා.</font>

94
00:07:39,930 --> 00:07:42,330
<font color="#ffbf46">එයා ප්‍රශ්නයක් දාගෙන රස්සාවෙනුත් අස් කරලා ඉන්නේ.</font>

95
00:07:42,530 --> 00:07:44,930
<font color="#ffbf46">එයා මේ දවස්වල සිහිකල්පනාවෙන් නෙවෙයි ඉන්නේ.</font>

96
00:07:45,060 --> 00:07:47,460
<font color="#ffbf46">එයා නිසා අපේ ප්‍රොජෙක්ට් එකත් නැති වෙන්නයි යන්නේ.</font>

97
00:07:48,360 --> 00:07:49,460
<font color="#ffbf46">එයාව රස්සාවෙන් අයින් කළාද?</font>

98
00:07:51,490 --> 00:07:53,330
<font color="#ffbf46">ගොන් සූක් මට කවදාවත් ඒක කිව්වේ නෑනේ.</font>

99
00:07:53,330 --> 00:07:54,860
<font color="#ffbf46">මොකක් හරි වෙලා තියෙනවා.</font>

100
00:07:55,460 --> 00:07:57,430
<font color="#ffbf46">ඒ නිසා වෙන්න ඇති එයා එයත් එක්ක වියට්නාම් යන්න කිව්වේ?</font>

101
00:07:57,430 --> 00:07:59,230
<font color="#ffbf46">ඔයා මේ කොහේ යන්නද හදන්නේ?</font>

102
00:07:59,330 --> 00:08:01,460
<font color="#ffbf46">ඇයි ඒක වැදගත් වෙන්නේ?</font>

103
00:08:01,460 --> 00:08:02,530
<font color="#ffbf46">නෑ.</font>

104
00:08:06,960 --> 00:08:11,230
<font color="#ffbf46">ගොන් සූක් කිව්වා එයාලා වියට්නාමයට පදිංචියට යනවා කියලා.</font>

105
00:08:11,690 --> 00:08:13,490
<font color="#ffbf46">එයාට යන්න ඕන නෑලු,</font>

106
00:08:13,590 --> 00:08:17,230
<font color="#ffbf46">ඒත් යොං ජින් බල කරනවලු යන්නම ඕනේ කියලා.</font>

107
00:08:17,330 --> 00:08:18,790
<font color="#ffbf46">ඇයි කියලා එයාට තේරෙන්නේ නෑලු.</font>

108
00:08:20,030 --> 00:08:21,030
<font color="#ffbf46">වියට්නාමය?</font>

109
00:08:21,560 --> 00:08:22,560
<font color="#ffbf46">ඔව්.</font>

110
00:08:24,390 --> 00:08:27,830
<font color="#ffbf46">හැබැයි කොරියාව දාලා යන්න...</font>

111
00:08:28,960 --> 00:08:30,490
<font color="#ffbf46">වෙන හේතුවක් ඇති.</font>

112
00:08:30,490 --> 00:08:31,590
<font color="#ffbf46">මොකක්ද ඒ හේතුව?</font>

113
00:08:32,060 --> 00:08:33,700
<font color="#ffbf46">මට හරියටම ෂුවර් නෑ, ඒත්...</font>

114
00:08:36,030 --> 00:08:39,090
<font color="#ffbf46">ඒක වැඩක් නෑ. ඒක වැඩක් නෑ.</font>

115
00:08:39,590 --> 00:08:40,730
<font color="#ffbf46">ගිහින් වොෂ් එකක් දාගන්න.</font>

116
00:08:41,130 --> 00:08:42,490
<font color="#ffbf46">වොෂ් එකක් දාගන්න. මට සමා වෙන්න.</font>

117
00:08:46,200 --> 00:08:47,260
<font color="#ffbf46">නෑ.</font>

118
00:08:47,790 --> 00:08:48,790
<font color="#ffbf46">මොකක්?</font>

119
00:08:49,890 --> 00:08:51,230
<font color="#ffbf46">අයියෝ.</font>

120
00:08:53,630 --> 00:08:56,030
<font color="#ffbf46">මට තවදුරටත් ඒක ඇහෙන්නේ නෑ.</font>

121
00:08:57,760 --> 00:08:58,760
<font color="#ffbf46">ෂික්.</font>

122
00:09:00,730 --> 00:09:02,730
<font color="#ffbf46">ඔයාට හොඳටම පුදුම හිතෙන්න ඇති නේද.</font>

123
00:09:04,230 --> 00:09:05,630
<font color="#ffbf46">ඔයා මාට්ටු වුණානේ.</font>

124
00:09:07,090 --> 00:09:08,790
<font color="#ffbf46">එච්චර පුදුම වෙන්න දෙයක් ඒකේ මොනවද තියෙන්නේ?</font>

125
00:09:09,490 --> 00:09:12,200
<font color="#ffbf46">මම ඒක ඇත්ත නෙවෙයි කියලා තදින්ම කිව්වොත් එයාට මොනවා කරන්නද?</font>

126
00:09:12,430 --> 00:09:14,200
<font color="#ffbf46">අනික එයා ඒ ගැන දැනගත්තා කියලත් මොකද?</font>

127
00:09:14,590 --> 00:09:15,960
<font color="#ffbf46">මම අපරාධයක් කළා යැයි.</font>

128
00:09:17,460 --> 00:09:19,530
<font color="#ffbf46">අනේ මන්දා.</font>

129
00:09:20,760 --> 00:09:22,760
<font color="#ffbf46">ඔයා ඔය වීරයා වෙන්න හදන්න ඕනේ නෑ.</font>

130
00:09:23,390 --> 00:09:24,730
<font color="#ffbf46">ඔයා පොඩ්ඩක් බය වුණා නේද?</font>

131
00:09:28,360 --> 00:09:29,360
<font color="#ffbf46">ටිකක් විතර.</font>

132
00:09:29,830 --> 00:09:33,090
<font color="#ffbf46">අනේ මන්දා, එයා ඔයාව බය කරලානේ.</font>

133
00:09:33,090 --> 00:09:35,130
<font color="#ffbf46">එයාට මට මොකුත් කරන්න බෑ.</font>

134
00:09:41,960 --> 00:09:43,660
<font color="#ffbf46">මුකුත් වෙන එකක් නෑ නේද?</font>

135
00:09:43,960 --> 00:09:46,730
<font color="#ffbf46">ඕක ගැන වද වෙන එක නවත්තන්න.</font>

136
00:09:51,360 --> 00:09:52,530
<font color="#ffbf46">සමහර විට...</font>

137
00:09:53,460 --> 00:09:55,030
<font color="#ffbf46">ඔයාව ඇමරිකාවට අරන් ගිහින්,</font>

138
00:09:55,030 --> 00:09:57,330
<font color="#ffbf46">කපලා බලලා, කූඩුවක දාලා හිර කරලා තියයි.</font>

139
00:09:57,330 --> 00:09:59,390
<font color="#ffbf46">ඔයත් මට පිටසක්වල ජීවියෙක්ට වගේද සලකන්නේ?</font>

140
00:10:00,290 --> 00:10:02,530
<font color="#ffbf46">ඔයත් කියන්නේ කි දූං කියන කතාවමයි.</font>

141
00:10:02,860 --> 00:10:05,460
<font color="#ffbf46">අනික, ඇයි මාව ඇමරිකාවට අරන් යන්නේ?</font>

142
00:10:05,460 --> 00:10:07,730
<font color="#ffbf46">ඇමරිකාව තමයි හැම තිස්සෙම ඔය වගේ දේවල් කරන්නේ.</font>

143
00:10:08,990 --> 00:10:11,260
<font color="#ffbf46">ඔයාට කාලය හරහා යන්න පුළුවන් කියලා දැනගත්තම,</font>

144
00:10:11,490 --> 00:10:13,460
<font color="#ffbf46">ඇමරිකන් කාරයොන්ට කට උත්තර නැති වෙයි.</font>

145
00:10:15,060 --> 00:10:17,090
<font color="#ffbf46">එයාලා හිතාගෙන ඉන්නේ හැම සුපිරි බලයක් තියෙන කෙනෙක්ම...</font>

146
00:10:17,090 --> 00:10:19,460
<font color="#ffbf46">ඉන්නේ එයාලගේ රටේ කියලා.</font>

147
00:10:20,790 --> 00:10:23,730
<font color="#ffbf46">අපි එයාලගේ උඩඟුකම නැති කරන්න ඕනේ.</font>

148
00:10:24,230 --> 00:10:25,890
<font color="#ffbf46">අපි එයාලට හොඳ පාඩමක් උගන්වමුද?</font>

149
00:10:26,730 --> 00:10:28,230
<font color="#ffbf46">අපි අපේ රටේ නම ලෝකෙට ගෙනියමුද?</font>

150
00:10:28,860 --> 00:10:31,990
<font color="#ffbf46">නිදාගන්න. විකාර කියවන්නේ නැතුව.</font>

151
00:10:33,990 --> 00:10:37,930
<font color="#ffbf46">මම කොච්චර බය වෙලාද කියන්නේ මට නවත්තගන්න බෑ...</font>

152
00:10:38,490 --> 00:10:39,930
<font color="#ffbf46">මේ කියවෙන එක එක විකාර දේවල්.</font>

153
00:10:39,930 --> 00:10:42,760
<font color="#ffbf46">නිදාගන්න. නිදාගන්න.</font>

154
00:10:43,330 --> 00:10:44,330
<font color="#ffbf46">හරි.</font>

155
00:11:09,430 --> 00:11:11,160
<font color="#ffbf46">මම අහුවා ඔයා අපේ ගෙදර ආවා කියලා.</font>

156
00:11:12,390 --> 00:11:15,630
<font color="#ffbf46">මට විශ්වාස කරන්නත් බෑ මොකක්ද වුණේ කියලා.</font>

157
00:11:16,290 --> 00:11:17,490
<font color="#ffbf46">ඒත් අපි එච්චරම එකිනෙකාට ක්ලෝස් ද...</font>

158
00:11:17,630 --> 00:11:20,660
<font color="#ffbf46">ගෙවල් වලට යන්න තරම්? එහෙමද?</font>

159
00:11:20,660 --> 00:11:21,890
<font color="#ffbf46">ඔයා දන්නේ නෑ...</font>

160
00:11:24,130 --> 00:11:26,560
<font color="#ffbf46">අද වුණු දේ ගැන පැහැදිලි කරන්නේ කොහොමද කියලා, නේද?</font>

161
00:11:26,560 --> 00:11:29,390
<font color="#ffbf46">මම හිතන්නේ නෑ මේක වෙන කෙනෙක්ගේ ජීවිතයක් ගැන හොයන්න වෙලාව කියලා.</font>

162
00:11:30,090 --> 00:11:31,460
<font color="#ffbf46">ඔයා ඔයා ගැන බලාගන්න.</font>

163
00:11:31,460 --> 00:11:34,430
<font color="#ffbf46">තමුසෙට පුදුම උද්දච්චකමක්නේ තියෙන්නේ.</font>

164
00:11:34,430 --> 00:11:37,730
<font color="#ffbf46">තමුසේ තාමත් හිතන්නේ මම තමුසෙගේ වැඩකාරයෙක් කියලද?</font>

165
00:11:40,830 --> 00:11:42,190
<font color="#ffbf46">තමුසේ මත් එක්ක රණ්ඩුවක් දාගන්නද හදන්නේ?</font>

166
00:11:42,190 --> 00:11:44,630
<font color="#ffbf46">මට තමුසෙ ගැන බයයි.</font>

167
00:11:44,960 --> 00:11:46,060
<font color="#ffbf46">මම කොහොමද එහෙම කරන්නේ?</font>

168
00:11:46,890 --> 00:11:50,590
<font color="#ffbf46">තමුසේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයිනේ.
මම කොහොමද තමුසෙත් එක්ක ගහගන්නේ?</font>

169
00:11:51,790 --> 00:11:54,690
<font color="#ffbf46">තමුසෙත් සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ.</font>

170
00:11:55,560 --> 00:11:58,790
<font color="#ffbf46">කොහොම වුණත්, මම මීට වඩා මුකුත් කියන්නේ නෑ.</font>

171
00:11:59,760 --> 00:12:01,760
<font color="#ffbf46">ජීවිතේ කියන්නේ...</font>

172
00:12:02,660 --> 00:12:06,890
<font color="#ffbf46">මාර අසාධාරණ දෙයක්, නේද? ඇත්තටම මාර අසාධාරණයි.</font>

173
00:12:08,460 --> 00:12:11,460
<font color="#ffbf46">මට ඒක පිළිගන්නම වෙනවා. මට වෙන මොනවා කරන්නද? නේද?</font>

174
00:12:13,130 --> 00:12:15,690
<font color="#ffbf46">ඔයා කිව්වා වගේම, මටත් මගේම කියලා ප්‍රශ්න තියෙනවා විසඳගන්න.</font>

175
00:12:16,430 --> 00:12:17,430
<font color="#ffbf46">ඒයි.</font>

176
00:12:19,890 --> 00:12:23,330
<font color="#ffbf46">ආයේ කවදාවත් මගේ කිට්ටුවට...</font>

177
00:12:23,790 --> 00:12:25,330
<font color="#ffbf46">නැත්නම් මගේ ගෙදර පැත්තේ එන්න එපා.</font>

178
00:12:25,330 --> 00:12:26,760
<font color="#ffbf46">මොකක්ද තමුසේ කිව්වේ?</font>

179
00:12:27,690 --> 00:12:28,930
<font color="#ffbf46">ඒයි! හෙලෝ?</font>

180
00:12:30,390 --> 00:12:31,490
<font color="#ffbf46">ෂික්.</font>

181
00:12:43,790 --> 00:12:45,590
<font color="#ffbf46">යොං ජින් ගැන අලුතෙන් මුකුත් හොයාගත්තේ නෑ නේද?</font>

182
00:12:45,960 --> 00:12:48,230
<font color="#ffbf46">පරීක්ෂණ කණ්ඩායම හොයාගෙන තියෙන්නේ...</font>

183
00:12:48,230 --> 00:12:50,390
<font color="#ffbf46">කළමනාකරණ වියදම් වංචා කරපු එක ගැන විතරයි.</font>

184
00:12:51,090 --> 00:12:53,990
<font color="#ffbf46">එයාලා බලනවා එයා ඉස්සර පාලනය කරපු බිල්ඩිං ගැන.</font>

185
00:12:54,290 --> 00:12:57,060
<font color="#ffbf46">අපි දැනටමත් දන්න දේවල් ඇරෙන්න අලුත් දෙයක් නෑ.</font>

186
00:12:57,690 --> 00:12:59,560
<font color="#ffbf46">එයා වියට්නාම් යන්න කල්පනා කරනවා.</font>

187
00:12:59,760 --> 00:13:01,530
<font color="#ffbf46">මට හිතෙන්නේ එයා රටින් පැනලා යන්න හදන්නේ.</font>

188
00:13:03,060 --> 00:13:05,460
<font color="#ffbf46">එයා හොඳටම ප්ලෑන් කරලා තියෙන්නේ බේරිලා යන්න.</font>

189
00:13:05,460 --> 00:13:06,790
<font color="#ffbf46">එයා පැනලා යන්න කලින්,</font>

190
00:13:06,790 --> 00:13:10,060
<font color="#ffbf46">අපි එයාව පොලිසියට අල්ලලා දෙමු වංචා කළා කියලා.</font>

191
00:13:11,290 --> 00:13:13,960
<font color="#ffbf46">දවස් 2ක් 3ක් ඇති වෙයි...</font>

192
00:13:13,960 --> 00:13:15,190
<font color="#ffbf46">නඩුවක් ෆයිල් කරන්න.</font>

193
00:13:15,190 --> 00:13:16,290
<font color="#ffbf46">තේරුණා.</font>

194
00:13:16,360 --> 00:13:18,990
<font color="#ffbf46">පොඩ්ඩක් හොයලා බලන්න එයා බිල්ඩිං
මේන්ටේනන්ස් ගණන් හිලව් වෙනස් කරලද කියලා.</font>

195
00:13:18,990 --> 00:13:20,030
<font color="#ffbf46">හරි.</font>

196
00:13:21,330 --> 00:13:23,460
<font color="#ffbf46">එයා ගැන මට දවසින් දවස සැක හිතෙනවා.</font>

197
00:13:23,690 --> 00:13:26,360
<font color="#ffbf46">කරුණාකරලා මම වෙනුවෙන් කිම් යොං ජින්ගේ ප්‍රශ්නේ බලාගන්න.</font>

198
00:13:26,560 --> 00:13:27,730
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?</font>

199
00:13:28,360 --> 00:13:30,460
<font color="#ffbf46">එයා වෙනුවෙන් කාලය නාස්ති කරන එක අපරාධයක්.</font>

200
00:13:30,460 --> 00:13:31,530
<font color="#ffbf46">මේකත් රස්සාවේ කොටසක්ද?</font>

201
00:13:31,530 --> 00:13:34,860
<font color="#ffbf46">මම කියන්නේ නිකන් ඉඳගෙන වැඩ
කරන එක කාලය නාස්ති කිරීමක් කියලා.</font>

202
00:13:35,260 --> 00:13:37,960
<font color="#ffbf46">එතකොට මමයි මගේ වෙලාවයි ගැන මොකද කියන්නේ?</font>

203
00:13:38,060 --> 00:13:39,630
<font color="#ffbf46">ඒයි.</font>

204
00:13:41,060 --> 00:13:44,190
<font color="#ffbf46">මේක මම නේල් ආට් කරන ගමන් කතා කරන්න ඕන දෙයක් නෙවෙයි,</font>

205
00:13:44,560 --> 00:13:47,090
<font color="#ffbf46">ඒත් මම ඒක කර කර ඉද්දිමයි ඔයා ආවේ.</font>

206
00:13:47,790 --> 00:13:49,460
<font color="#ffbf46">මේ දවස්වල මට හරිම අමාරුයි.</font>

207
00:13:49,530 --> 00:13:51,130
<font color="#ffbf46">පිටින් පේන දේ නෙවෙයි ඇත්තටම වෙන්නේ.</font>

208
00:13:53,060 --> 00:13:56,560
<font color="#ffbf46">දැන් වෙලාව නෙවෙයි...</font>

209
00:13:56,560 --> 00:13:58,330
<font color="#ffbf46">ඔහොම හැසිරෙන්න, මැඩම්.</font>

210
00:13:59,060 --> 00:14:02,630
<font color="#ffbf46">යොං ජින් මට ප්ලේන් ටිකට් එකක් දුන්නා.</font>

211
00:14:02,830 --> 00:14:04,530
<font color="#ffbf46">එයා මට කිව්වා කලින් යන්න කියලා.</font>

212
00:14:04,930 --> 00:14:07,460
<font color="#ffbf46">මම නම් කොහෙවත් යන්නේ නෑ, ඒත්...</font>

213
00:14:08,060 --> 00:14:12,290
<font color="#ffbf46">යොං ජින්ට ඉඩම් තියෙනවද?</font>

214
00:14:13,090 --> 00:14:15,060
<font color="#ffbf46">එයා කතා කළේ එයාට ගොඩක් ඉඩම් තියෙනවා වගේ.</font>

215
00:14:15,260 --> 00:14:16,260
<font color="#ffbf46">ඉඩම්?</font>

216
00:14:16,260 --> 00:14:18,160
<font color="#ffbf46">එයා කිව්වා එයා ඉඩම් විකුණනවා කියලා...</font>

217
00:14:18,160 --> 00:14:20,160
<font color="#ffbf46">කුණු කොල්ලෙට.</font>

218
00:14:20,160 --> 00:14:22,890
<font color="#ffbf46">එයා පොරොන්දු වුණා මගේ පස්සෙන් එනවා කියලා...</font>

219
00:14:22,890 --> 00:14:24,460
<font color="#ffbf46">ඒ ගනුදෙනු ඉවර වුණු ගමන්ම.</font>

220
00:14:25,260 --> 00:14:28,230
<font color="#ffbf46">එයා ගාව හංගපු සල්ලි ගොඩක් තියෙනවා වගේ නේද? එහෙමද?</font>

221
00:14:28,460 --> 00:14:30,760
<font color="#ffbf46">මට හිතෙන්නේ එයා කියන්නේ...</font>

222
00:14:30,760 --> 00:14:33,730
<font color="#ffbf46">මේ එක විශේෂ ඩීල් එකක් ගැන. මොන ඩීල් එකද?</font>

223
00:14:34,730 --> 00:14:36,930
<font color="#ffbf46">මම ඇත්තටම මුකුත් දන්නේ නෑ.</font>

224
00:14:37,090 --> 00:14:39,060
<font color="#ffbf46">අනේ මගෙන් අහන එක නවත්තන්න.</font>

225
00:14:39,060 --> 00:14:42,730
<font color="#ffbf46">ඇයි හැමෝම මගේ ජීවිතේ විනාශ කරන්න හදන්නේ?</font>

226
00:14:43,690 --> 00:14:44,690
<font color="#ffbf46">මිස්ටර් හ්වාං.</font>

227
00:14:44,690 --> 00:14:47,060
<font color="#ffbf46">ඔයාට බෑ මාව මේ විදියට ගෙන්නගන්න.</font>

228
00:14:47,060 --> 00:14:48,860
<font color="#ffbf46">මටත් කරන්න වැඩ තියෙනවා.</font>

229
00:14:49,960 --> 00:14:52,260
<font color="#ffbf46">මිස්ටර් හ්වාං.</font>

230
00:14:52,260 --> 00:14:54,090
<font color="#ffbf46">මට සමා වෙන්න. මම යනවා. එයා කොහෙද?</font>

231
00:14:54,090 --> 00:14:55,860
<font color="#ffbf46">මොකක්ද මේ වෙන්නේ? කොහෙද යොං ජින් ඉන්නේ?</font>

232
00:14:55,860 --> 00:14:57,060
<font color="#ffbf46">මැඩම්. කවුද ඔයා?</font>

233
00:14:57,060 --> 00:14:59,330
<font color="#ffbf46">තමුසේ කොහොමද මගේ කෝල් මග අරින්නේ?</font>

234
00:14:59,330 --> 00:15:01,660
<font color="#ffbf46">මේ මුළු තැනම හෝදලා දානවා.</font>

235
00:15:01,790 --> 00:15:03,090
<font color="#ffbf46">හරි මැඩම්. හරි මැඩම්.</font>

236
00:15:03,090 --> 00:15:06,160
<font color="#ffbf46">මැඩම්, අනේ ඕක කරන්න එපා. කරුණාකරලා සංසුන් වෙන්න.</font>

237
00:15:06,160 --> 00:15:08,960
<font color="#ffbf46">තවම නිල නිවේදනයක් නිකුත් කරලා නෑ.</font>

238
00:15:09,930 --> 00:15:12,430
<font color="#ffbf46">එයාව හිරේ යවන එක නම් ලේසි වෙයි වංචා කළා කියලා,</font>

239
00:15:12,430 --> 00:15:16,290
<font color="#ffbf46">ඒත් යොං ජින්ට කියනවා ඉස්සෙල්ලා මගේ සල්ලි ටික ගෙනත් දෙන්න කියලා.</font>

240
00:15:16,330 --> 00:15:19,860
<font color="#ffbf46">එයා මගේ සල්ලි ටික දෙනකම්, එයාට
ලේසියෙන් හිරේ යන්න හම්බවෙන්නේ නෑ.</font>

241
00:15:20,090 --> 00:15:21,490
<font color="#ffbf46">මොනවද මේ ගෑනි කියවන්නේ?</font>

242
00:15:21,630 --> 00:15:24,630
<font color="#ffbf46">මැඩම්, මේක නීතිවිරෝධීයි.</font>

243
00:15:24,630 --> 00:15:26,060
<font color="#ffbf46">සමා වෙන්න. මොනවද මේ ගෑනි කියවන්නේ?</font>

244
00:15:26,060 --> 00:15:27,430
<font color="#ffbf46">ඕක ඔහොම තියෙන්න දෙන්නකෝ.</font>

245
00:15:29,930 --> 00:15:34,160
<font color="#ffbf46">ඔයා නිකමටවත් ඇහුවද එයා බිල්ඩිං ගනුදෙනු කරනවා කියලා?</font>

246
00:15:34,160 --> 00:15:37,260
<font color="#ffbf46">එහෙම නැත්නම් එයා ඉඩම් ජාවාරම්කාරයෝ කාව හරි හම්බවුණාද?</font>

247
00:15:37,260 --> 00:15:38,630
<font color="#ffbf46">කොහෙත්ම නෑ.</font>

248
00:15:40,260 --> 00:15:43,460
<font color="#ffbf46">අපේ සේවකයෙක් වෙන කිම් යොං ජින් මෙහෙට ආවද?</font>

249
00:15:43,460 --> 00:15:44,560
<font color="#ffbf46">අර මනුස්සයා...</font>

250
00:15:45,460 --> 00:15:49,490
<font color="#ffbf46">හැම තිස්සෙම සල්ලි ගැනමයි කියවන්නේ ෆෝන් එක කනෙන් ගලවන්නෙම නෑ.</font>

251
00:15:53,160 --> 00:15:55,430
<font color="#ffbf46">ඔයා අද කරපු උදව්වට ගොඩක් ස්තූතියි.</font>

252
00:15:55,430 --> 00:15:57,930
<font color="#ffbf46">ගිහින් එන්නම්. ස්තූතියි.</font>

253
00:16:05,630 --> 00:16:08,660
<font color="#ffbf46">මම මේ රහස් පරීක්ෂකයෙක් වගේ නෙවෙයිනේ.</font>

254
00:16:09,460 --> 00:16:11,260
<font color="#ffbf46">අද දවසට මේ හොයාගත්ත ටික ඇති.</font>

255
00:16:16,960 --> 00:16:21,890
<font color="#ffbf46">සේ යං මොනවා කරනවා ඇද්ද දන්නේ නෑ?</font>

256
00:16:27,360 --> 00:16:29,460
<font color="#ffbf46">හායි, සේ යොන්ග්.</font>

257
00:16:29,560 --> 00:16:34,060
<font color="#ffbf46">මං මේ ඔයා ඉන්න පැත්තේ ආවා කම්පැණියේ වැඩකට.</font>

258
00:16:34,060 --> 00:16:36,330
<font color="#ffbf46">වෙලාවක් තියනවද? කෝපි එකක් බොමුද?</font>

259
00:16:36,330 --> 00:16:37,530
<font color="#ffbf46">මට ෂුවර් නෑ.</font>

260
00:16:37,660 --> 00:16:39,060
<font color="#ffbf46">මම මේ වෙලාවේ පොඩ්ඩක් බිසී.</font>

261
00:16:39,060 --> 00:16:42,160
<font color="#ffbf46">අනේ. එළියට එන්නකෝ. මං ඔයාගේ ඔෆිස් එක ළඟ ඉන්නේ.</font>

262
00:16:42,330 --> 00:16:43,660
<font color="#ffbf46">ඔයා දැන් වැඩ නෙමෙයිද ඉන්නේ?</font>

263
00:16:44,160 --> 00:16:45,230
<font color="#ffbf46">මොකක්?</font>

264
00:16:45,630 --> 00:16:47,260
<font color="#ffbf46">මං වැඩ තමයි ඉන්නේ.</font>

265
00:16:47,260 --> 00:16:48,830
<font color="#ffbf46">ඔයාට පිටිපස්සෙන් සද්දේ ඇහෙන්නේ නැද්ද?</font>

266
00:16:49,330 --> 00:16:51,460
<font color="#ffbf46">වැඩ කරන තැනක සද්දේ වෙනස්ද?</font>

267
00:16:52,560 --> 00:16:56,430
<font color="#ffbf46">එහෙනම් ඔයා ගිහින් ඉන්නකෝ අපි හැමදාම යන කැෆේ එකට.</font>

268
00:16:57,060 --> 00:16:59,560
<font color="#ffbf46">ඒත් මට වැඩ ටිකක් තියනවා ඉවර කරන්න, ඒ නිසා දැන්ම එන්න බෑ.</font>

269
00:16:59,560 --> 00:17:01,460
<font color="#ffbf46">කමක් නෑ. හිමින් එන්නකෝ.</font>

270
00:17:01,730 --> 00:17:03,690
<font color="#ffbf46">හරි. ළඟදිම හම්බෙමු.</font>

271
00:17:05,560 --> 00:17:07,090
<font color="#ffbf46">මං කොහොමද වෙලාවට එතනට යන්නේ?</font>

272
00:17:09,160 --> 00:17:10,560
<font color="#ffbf46">අපොයි. දෙයියනේ.</font>

273
00:17:10,560 --> 00:17:12,560
<font color="#ffbf46">එතනට යන්න විනාඩි 30කට වඩා යනවනේ.</font>

274
00:17:13,630 --> 00:17:14,730
<font color="#ffbf46">දුවන්න වෙලාව හරි.</font>

275
00:17:17,900 --> 00:17:19,660
<font color="#ffbf46">ඇයි මේ හති දාන්නේ?</font>

276
00:17:20,960 --> 00:17:22,360
<font color="#ffbf46">මම අස් කර කර හිටියේ...</font>

277
00:17:23,260 --> 00:17:24,560
<font color="#ffbf46">බඩු වගයක්.</font>

278
00:17:26,900 --> 00:17:29,360
<font color="#ffbf46">ඇයි ඔච්චර දාඩිය දාලා?</font>

279
00:17:29,360 --> 00:17:32,960
<font color="#ffbf46">ආ, මේකද? මං මේ දවස්වල ෆිට් නෑ.</font>

280
00:17:34,830 --> 00:17:37,530
<font color="#ffbf46">ඔයා කොහොමද ඔය දුර්වල ඇඟෙන් බඩු උස්සන්නේ?</font>

281
00:17:37,760 --> 00:17:39,830
<font color="#ffbf46">කොහොම වුණත් මට ඔයාට වගේ දාඩිය දාන්නේ නෑනේ.</font>

282
00:17:41,460 --> 00:17:43,060
<font color="#ffbf46">කෝපි එකක් බිව්වොත් හොඳයි වගේ.</font>

283
00:17:43,260 --> 00:17:44,530
<font color="#ffbf46">හොඳට කූල් එකට හදන්න.</font>

284
00:17:45,730 --> 00:17:48,190
<font color="#ffbf46">මට තිබහයි. - හරි. දැන්ම ගේන්නම්.</font>

285
00:17:58,530 --> 00:17:59,560
<font color="#ffbf46">ඇයි හිනාවෙන්නේ?</font>

286
00:18:01,460 --> 00:18:02,490
<font color="#ffbf46">මං හිනාවුණාද?</font>

287
00:18:03,760 --> 00:18:06,360
<font color="#ffbf46">නෑනේ. මං හිනාවුණේ නෑ.</font>

288
00:18:11,960 --> 00:18:13,360
<font color="#ffbf46">ඔයා වැඩ හිටියේ නෑ, නේද?</font>

289
00:18:17,630 --> 00:18:19,360
<font color="#ffbf46">මොකක්ද ඔය බැල්ම?</font>

290
00:18:20,430 --> 00:18:24,160
<font color="#ffbf46">ඔයා ගැන කතා කරමු. ඔයා නම් පේන විදිහට වැඩ කරලා නෑ වගේ.</font>

291
00:18:24,160 --> 00:18:26,930
<font color="#ffbf46">ඔයා බොරු කියලා ගොඩක් දුර ඉඳන් දුවගෙන ආවා නේද?</font>

292
00:18:26,930 --> 00:18:28,060
<font color="#ffbf46">ඔයා කොහොමද මාව ඔච්චර හොඳට දන්නේ?</font>

293
00:18:28,060 --> 00:18:29,830
<font color="#ffbf46">ඔයා කතා කරන්නේ අත්දැකීම් තියනවා වගේනේ.</font>

294
00:18:32,360 --> 00:18:34,830
<font color="#ffbf46">අනේ මන්දා. ඔයා නම් පුදුමයි. ඔයාට මැරෙන්නද ඕනේ?</font>

295
00:18:36,990 --> 00:18:39,460
<font color="#ffbf46">සේ යොන්ග්, ඇත්ත කියන්න. ඔයා වැඩ හිටියේ නෑ නේද?</font>

296
00:18:39,460 --> 00:18:41,330
<font color="#ffbf46">නේද? - මං කිව්වනේ හිටියා කියලා.</font>

297
00:18:41,330 --> 00:18:43,060
<font color="#ffbf46">ඇත්තටම?</font>

298
00:18:43,060 --> 00:18:44,790
<font color="#ffbf46">ඔයත් වැඩ හිටියේ නෑනේ.</font>

299
00:18:44,790 --> 00:18:46,230
<font color="#ffbf46">අපෝ නෑ.</font>

300
00:18:46,630 --> 00:18:49,190
<font color="#ffbf46">මගේ පපුව දැන් හරි හයියෙන් ගැහෙනවා...</font>

301
00:18:49,190 --> 00:18:50,960
<font color="#ffbf46">මට හිතෙන්නේ ඒක පිපිරෙයි කියලා.</font>

302
00:18:52,690 --> 00:18:53,990
<font color="#ffbf46">මට පුදුම සතුටක් දැනෙනවා.</font>

303
00:18:53,990 --> 00:18:56,230
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියන්නේ?</font>

304
00:18:57,630 --> 00:18:58,790
<font color="#ffbf46">මගේ දෙයියනේ.</font>

305
00:18:59,260 --> 00:19:01,760
<font color="#ffbf46">ඔයා මාව බලන්න දුවගෙන ආවනේ.</font>

306
00:19:04,460 --> 00:19:05,630
<font color="#ffbf46">මට ගොඩක් සතුටුයි.</font>

307
00:19:07,330 --> 00:19:08,460
<font color="#ffbf46">අනේ මන්දා.</font>

308
00:19:09,160 --> 00:19:10,960
<font color="#ffbf46">බ්ලැක් බොක්ස් දර්ශන...</font>

309
00:19:11,530 --> 00:19:14,560
<font color="#ffbf46">වෙන ඩේටා ස්ටෝරේජ් ක්‍රමවලට වඩා
බ්ලැක් බොක්ස් රිකවර් කරන එක අමාරුයි.</font>

310
00:19:14,560 --> 00:19:16,230
<font color="#ffbf46">මට කිසිම ගැරන්ටියක් දෙන්න බෑ.</font>

311
00:19:17,330 --> 00:19:20,560
<font color="#ffbf46">මට ඇත්තටම ඕනේ ඔක්තෝබර් 27 වෙනිදා දර්ශන ටික බලන්න.</font>

312
00:19:20,560 --> 00:19:23,260
<font color="#ffbf46">සාර්ථක වෙන්න වැඩි ඉඩක් තියන විදිහට කරනවා නම්...</font>

313
00:19:23,360 --> 00:19:24,760
<font color="#ffbf46">ගාණ ඊට වඩා වැඩි වෙයි.</font>

314
00:19:24,960 --> 00:19:26,130
<font color="#ffbf46">ඒකට කමක් නෑ.</font>

315
00:19:27,530 --> 00:19:29,190
<font color="#ffbf46">කොච්චර වෙලාවක් ඉන්න වෙයිද?</font>

316
00:19:30,090 --> 00:19:32,030
<font color="#ffbf46">ඒවා ආයේ ගන්න පුළුවන් වුණොත්,</font>

317
00:19:32,190 --> 00:19:34,090
<font color="#ffbf46">සමහර විට මේ මාසේ අන්තිම වෙනකොට පුළුවන් වෙයි.</font>

318
00:19:34,090 --> 00:19:35,790
<font color="#ffbf46">මේ මාසේ අන්තිම?</font>

319
00:19:39,060 --> 00:19:41,460
<font color="#ffbf46">දැන් ජනවාරිනේ.</font>

320
00:19:43,690 --> 00:19:45,460
<font color="#ffbf46">පුළුවන් උපරිම ට්‍රයි එකක් දෙන්නකෝ.</font>

321
00:19:45,660 --> 00:19:46,730
<font color="#ffbf46">හරි.</font>

322
00:19:46,730 --> 00:19:47,830
<font color="#ffbf46">(දත්ත ප්‍රතිසාධන වෘත්තිකයන්)</font>

323
00:19:51,330 --> 00:19:53,160
<font color="#ffbf46">ඒක ෂුවර් නෑ.</font>

324
00:19:54,930 --> 00:19:57,400
<font color="#ffbf46">මම මුලින්ම හැමදේම තහවුරු කරගන්නකම්...</font>

325
00:19:58,190 --> 00:20:01,090
<font color="#ffbf46">සෝ ජූන්ගෙන් රහසක් විදිහට තියාගන්න එක හොඳයි.</font>

326
00:20:10,430 --> 00:20:11,460
<font color="#ffbf46">හෙලෝ?</font>

327
00:20:13,460 --> 00:20:15,190
<font color="#ffbf46">'දේපළ බෙදීමක්' කිව්වේ මොකක්ද?</font>

328
00:20:16,090 --> 00:20:17,630
<font color="#ffbf46">ඔයාට ආරංචි වුණේ නැද්ද?</font>

329
00:20:18,960 --> 00:20:22,960
<font color="#ffbf46">එයාගේ දේපළවලින් භාගයක් ඔයාගේ නමට ලියන්න හදන්නේ.</font>

330
00:20:25,630 --> 00:20:27,160
<font color="#ffbf46">මට නම් ඒක අලුත්ම ආරංචියක්.</font>

331
00:20:30,260 --> 00:20:32,330
<font color="#ffbf46">එයා ඒක පෙන්නුවේ නෑ වගේ.</font>

332
00:20:32,530 --> 00:20:36,900
<font color="#ffbf46">එයා ඔයාට ඇත්තටම ආදරේ ඇති.</font>

333
00:20:38,360 --> 00:20:40,360
<font color="#ffbf46">මං හරි නේද?</font>

334
00:20:40,360 --> 00:20:43,090
<font color="#ffbf46">ඔයාලා තාම අලුත බැඳපු ජෝඩුවනේ.</font>

335
00:20:43,560 --> 00:20:46,260
<font color="#ffbf46">ඒත් දේපළ මේ විදිහට හරියටම භාගයක් බෙදන එක...</font>

336
00:20:46,260 --> 00:20:49,060
<font color="#ffbf46">සාමාන්‍යයෙන් කරන්න අමාරු දෙයක්.</font>

337
00:20:49,060 --> 00:20:52,130
<font color="#ffbf46">එයා ළඟදි මැරෙන්න යනවා නෙමෙයිනේ.</font>

338
00:20:56,630 --> 00:20:58,830
<font color="#ffbf46">ඉතින්,</font>

339
00:20:58,900 --> 00:21:02,160
<font color="#ffbf46">ඔයා ලෑස්ති කරන්න ඕන දෙයක් තියනවා.</font>

340
00:21:02,360 --> 00:21:04,990
<font color="#ffbf46">මට ඔයාගේ ID නම්බර් එකයි, සීල් එකයි ඕන වෙනවා.</font>

341
00:21:04,990 --> 00:21:08,160
<font color="#ffbf46">ඔයා මාව බලයලත් නියෝජිතයා විදිහට පත් කරනවා නම්...</font>

342
00:21:08,160 --> 00:21:10,830
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

343
00:21:11,960 --> 00:21:14,790
<font color="#ffbf46">ඒත් මට හිතෙන්නේ මම මුලින්ම එයා
එක්ක මේ ගැන කතා කරලා ඉන්න ඕන කියලා.</font>

344
00:21:15,930 --> 00:21:17,400
<font color="#ffbf46">මා රින්ගේ තාත්තා?</font>

345
00:21:19,090 --> 00:21:21,630
<font color="#ffbf46">මට හිතුණා එයාව හොයාගන්න මේක හොඳ වෙලාවක් කියලා.</font>

346
00:21:22,260 --> 00:21:24,530
<font color="#ffbf46">අම්මා මොකද හිතන්නේ?</font>

347
00:21:24,960 --> 00:21:27,400
<font color="#ffbf46">ඇයි ඔයා එකපාරටම එයා ගැන කතා කරන්නේ?</font>

348
00:21:28,190 --> 00:21:30,760
<font color="#ffbf46">මා රින්ටත් දැනගන්න ඕන වෙලා වගේ තියෙන්නේ.</font>

349
00:21:31,430 --> 00:21:33,690
<font color="#ffbf46">අම්මට දැනගන්න ඕන නැද්ද?</font>

350
00:21:33,690 --> 00:21:36,490
<font color="#ffbf46">ඒ ඔක්කොම දැන් අතීතයට අයිති දේවල්.</font>

351
00:21:38,060 --> 00:21:39,400
<font color="#ffbf46">මට ඕවට පැටලෙන්න ඕන නෑ.</font>

352
00:21:44,460 --> 00:21:46,860
<font color="#ffbf46">මා රින් කිව්වද එයාව හොයන්න ඕන කියලා?</font>

353
00:21:46,990 --> 00:21:49,590
<font color="#ffbf46">එයා එහෙම කෙලින්ම කිව්වේ නෑ, ඒත් මට හිතෙන්නේ එහෙමයි.</font>

354
00:21:49,930 --> 00:21:53,090
<font color="#ffbf46">එයාට දැනගන්න ඕන ඇති එයා කවුද...</font>

355
00:21:53,890 --> 00:21:55,530
<font color="#ffbf46">එයා කොහෙද ජීවත් වෙන්නේ කියලා.</font>

356
00:21:57,560 --> 00:22:00,530
<font color="#ffbf46">එහෙනම් ඔයා ඉස්සෙල්ලා එයාගෙන් අහලා බලන්නකෝ?</font>

357
00:22:01,430 --> 00:22:04,890
<font color="#ffbf46">එයාට හොයන්න ඕන නම් මට නවත්තන්න බෑනේ.</font>

358
00:22:04,890 --> 00:22:07,260
<font color="#ffbf46">එහෙනම් අපිට දෙන්න පුළුවන් විස්තරයක් තියනවද එයා ගැන?</font>

359
00:22:07,460 --> 00:22:10,290
<font color="#ffbf46">එයාගේ ID නම්බර් එක හරි ෆොටෝ එකක් හරි?</font>

360
00:22:10,460 --> 00:22:12,890
<font color="#ffbf46">එහෙම තියනවා නම්, මට දැන්ම හොයන්න පටන් ගන්න පුළුවන්.</font>

361
00:22:13,060 --> 00:22:15,460
<font color="#ffbf46">දවසක් දෙකක් ඇති වෙයි.</font>

362
00:22:15,460 --> 00:22:17,330
<font color="#ffbf46">ඔයා ඉස්සෙල්ලා මා රින්ගෙන් අහන්න ඕන.</font>

363
00:22:18,830 --> 00:22:21,160
<font color="#ffbf46">ඔයා මේක එයාට හොරෙන් කරනවා කියලා දැනගත්තොත්,</font>

364
00:22:21,190 --> 00:22:23,060
<font color="#ffbf46">එයා ලොකු කලබලයක් කරයි.</font>

365
00:22:23,060 --> 00:22:25,590
<font color="#ffbf46">ඇත්ත නේ? එයා එහෙම කරයි.</font>

366
00:22:27,160 --> 00:22:29,190
<font color="#ffbf46">අපි දෙන්නා හිතන්නේ එකම විදිහට වගේ.</font>

367
00:22:29,190 --> 00:22:31,560
<font color="#ffbf46">එයා කොහොමත් හැම වෙලේම කලබල කරනවනේ.</font>

368
00:22:33,560 --> 00:22:35,460
<font color="#ffbf46">කෑම එක හොඳයි නේද, අම්මේ?</font>

369
00:22:35,460 --> 00:22:37,590
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම. මං ටිකක් ගෙදර ගේන්නයි තිබුණේ.</font>

370
00:22:37,730 --> 00:22:38,790
<font color="#ffbf46">ඒක හොඳයි.</font>

371
00:22:38,830 --> 00:22:40,090
<font color="#ffbf46">මං ඔයාව ගිහින් දාන්නම්.</font>

372
00:22:40,090 --> 00:22:42,090
<font color="#ffbf46">නෑ. ඒක කමක් නෑ. මගේ ගෙදර ළඟනේ තියෙන්නේ.</font>

373
00:22:42,090 --> 00:22:43,290
<font color="#ffbf46">ඒකට කමක් නෑ අම්මේ. මං ඔයාව ගෙදරට ඇරලවන්නම්.</font>

374
00:22:43,290 --> 00:22:45,130
<font color="#ffbf46">කමක් නෑ පුතේ.</font>

375
00:22:46,190 --> 00:22:48,430
<font color="#ffbf46">මට ලැජ්ජයි.</font>

376
00:22:48,990 --> 00:22:51,590
<font color="#ffbf46">මගේ පවුල හරිම අවුල් සහගතයි.</font>

377
00:22:52,330 --> 00:22:54,860
<font color="#ffbf46">මං පාරේ හාන්සි වෙලා හිටපු සිද්ධියයි...</font>

378
00:22:54,860 --> 00:22:56,460
<font color="#ffbf46">පිස්සුවෙන් වගේ හැසිරුණු එක ගැන, මං...</font>

379
00:22:56,460 --> 00:22:58,190
<font color="#ffbf46">අම්මේ. - ඇයි?</font>

380
00:22:58,830 --> 00:23:00,360
<font color="#ffbf46">ඒකට කමක් නෑ.</font>

381
00:23:01,790 --> 00:23:03,530
<font color="#ffbf46">ඔයා කිව්වනේ මාව ඔයාගේම පුතා වගේ කියලා.</font>

382
00:23:03,890 --> 00:23:05,860
<font color="#ffbf46">ඔයා මට පුතා කියලා විතරයි කතා කරන්නේ.</font>

383
00:23:06,490 --> 00:23:08,460
<font color="#ffbf46">මගේ හිත රිදුණා.</font>

384
00:23:09,190 --> 00:23:11,860
<font color="#ffbf46">අනේ, මගේ රත්තරන් පුතා.</font>

385
00:23:11,990 --> 00:23:14,730
<font color="#ffbf46">මම ඇත්තම කියන්නද?</font>

386
00:23:14,730 --> 00:23:16,790
<font color="#ffbf46">මොන අම්මද පුතාට මෙහෙම කරන්නේ?</font>

387
00:23:17,160 --> 00:23:18,490
<font color="#ffbf46">මේක ටිකක් නුසුදුසුයි වගේ නේද?</font>

388
00:23:19,030 --> 00:23:21,060
<font color="#ffbf46">මම ඔයාට ගොඩක් ආදරෙයි.</font>

389
00:23:22,160 --> 00:23:23,660
<font color="#ffbf46">ඔයා හරිම කියුට්.</font>

390
00:23:25,790 --> 00:23:27,260
<font color="#ffbf46">මා රින්!</font>

391
00:23:29,030 --> 00:23:30,960
<font color="#ffbf46">ඔයාගේ මහත්තයා ආවා.</font>

392
00:23:31,660 --> 00:23:33,290
<font color="#ffbf46">ඔයා කොහෙද?</font>

393
00:23:36,990 --> 00:23:38,090
<font color="#ffbf46">එයා මෙහේ නැද්ද?</font>

394
00:23:41,830 --> 00:23:45,390
<font color="#ffbf46">මා රින්! මා රින්.</font>

395
00:23:47,390 --> 00:23:48,390
<font color="#ffbf46">ආ ඔයා මෙතනනේ.</font>

396
00:23:49,430 --> 00:23:50,630
<font color="#ffbf46">ආ, ඔයා ආවද.</font>

397
00:23:51,590 --> 00:23:54,360
<font color="#ffbf46">ඔයා මොකද මෙතන කරන්නේ? මම එන සද්දේවත් ඇහුණේ නැද්ද.</font>

398
00:23:54,730 --> 00:23:57,660
<font color="#ffbf46">සොරි. මම මේ කල්පනා කර කර හිටියේ.</font>

399
00:24:00,590 --> 00:24:01,690
<font color="#ffbf46">මොනවා ගැනද?</font>

400
00:24:09,330 --> 00:24:10,990
<font color="#ffbf46">ප්‍රශ්නයක් තියනවද?</font>

401
00:24:11,460 --> 00:24:12,890
<font color="#ffbf46">ඔයාගේ මූඩ් එක හරි නෑ වගේ.</font>

402
00:24:15,360 --> 00:24:16,460
<font color="#ffbf46">නෑ.</font>

403
00:24:18,430 --> 00:24:19,630
<font color="#ffbf46">මේක බොන්න.</font>

404
00:24:20,690 --> 00:24:22,230
<font color="#ffbf46">ඔයා රෑට කෑවා කිව්වනේ.</font>

405
00:24:26,230 --> 00:24:28,390
<font color="#ffbf46">මෙන්න. ඔයත් එකක් බොන්න.</font>

406
00:24:28,890 --> 00:24:30,390
<font color="#ffbf46">ඔයත් නිරෝගීව ඉන්නවට මම කැමතියි.</font>

407
00:24:32,560 --> 00:24:33,790
<font color="#ffbf46">තෑන්ක්ස්.</font>

408
00:24:37,430 --> 00:24:40,590
<font color="#ffbf46">ඔයා සප්ලිමන්ට් එකක් බොනකොටත් ඔච්චර කියුට් වෙන්නේ කොහොමද?</font>

409
00:24:41,230 --> 00:24:42,390
<font color="#ffbf46">ඇයි මේ මාව ෆෝම් කරන්නේ?</font>

410
00:24:43,230 --> 00:24:45,990
<font color="#ffbf46">ඔයාට උදව්වක් ඕන වෙලාද? - ඔයා මේ මොනවද කියන්නේ?</font>

411
00:24:47,430 --> 00:24:48,490
<font color="#ffbf46">ම්ම්...</font>

412
00:24:49,960 --> 00:24:51,790
<font color="#ffbf46">මම ඔයාගේ තාත්තව හොයලා දෙන්නද?</font>

413
00:24:54,160 --> 00:24:56,630
<font color="#ffbf46">ඔයාගේ තාත්තා. ඒ කියන්නේ,</font>

414
00:24:57,030 --> 00:24:58,330
<font color="#ffbf46">අම්මගේ මහත්තයා.</font>

415
00:24:58,930 --> 00:25:01,730
<font color="#ffbf46">මගේ මාමණ්ඩි.</font>

416
00:25:02,190 --> 00:25:04,860
<font color="#ffbf46">ම්ම්... මම තාත්තා කියලා කතා කරන්නද?</font>

417
00:25:07,660 --> 00:25:10,930
<font color="#ffbf46">මට එයාව හොයන්න ඕන. මට හිතුණා ඔයා
මොකද හිතන්නේ කියලා අහන්න ඕන කියලා.</font>

418
00:25:12,460 --> 00:25:13,490
<font color="#ffbf46">ඇයි?</font>

419
00:25:14,560 --> 00:25:16,560
<font color="#ffbf46">ඇයි එකපාරටම මගේ තාත්තව හොයන්න හිතුණේ?</font>

420
00:25:17,460 --> 00:25:20,660
<font color="#ffbf46">ඉතින්... කවදා හරි දවසක හොයන්න එපැයි.</font>

421
00:25:26,190 --> 00:25:27,290
<font color="#ffbf46">මා රින්.</font>

422
00:25:29,160 --> 00:25:31,430
<font color="#ffbf46">ඒ ගැන ඔච්චර හිතන්න ඕන නෑ.</font>

423
00:25:33,730 --> 00:25:35,130
<font color="#ffbf46">ඇයි ඔයා එකපාරටම මෙහෙම?</font>

424
00:25:36,190 --> 00:25:37,330
<font color="#ffbf46">ඔයා කොහේ හරි යන්නද හදන්නේ?</font>

425
00:25:38,190 --> 00:25:41,560
<font color="#ffbf46">එදා ඔයයි අම්මයි රණ්ඩු වුණෙත් එයා නිසානේ.</font>

426
00:25:43,390 --> 00:25:44,560
<font color="#ffbf46">යූ සෝ ජූන්.</font>

427
00:25:45,960 --> 00:25:47,330
<font color="#ffbf46">මම ඔයාගේ වයිෆ්.</font>

428
00:25:48,060 --> 00:25:51,990
<font color="#ffbf46">මට ඔයාගේ ඇස් දැක්කම ඔයා හිතන දේ තේරුම් ගන්න පුළුවන්.</font>

429
00:25:54,760 --> 00:25:56,260
<font color="#ffbf46">අපිට වෙන මොකක් හරි වෙයිද?</font>

430
00:25:56,530 --> 00:25:58,490
<font color="#ffbf46">මොකුත් වෙන්නේ නෑ.</font>

431
00:25:58,490 --> 00:26:02,260
<font color="#ffbf46">මම අද දවල් ඔයාගේ ලෝයර්ව හම්බුණා.</font>

432
00:26:03,360 --> 00:26:06,160
<font color="#ffbf46">දේපළ බෙදීමක්? එයා කිව්වේ ඒ වගේ විකාර කතාවක්.</font>

433
00:26:06,160 --> 00:26:07,630
<font color="#ffbf46">ඔයාට ඒක ගැන සතුටු නැද්ද?</font>

434
00:26:07,860 --> 00:26:09,930
<font color="#ffbf46">මම මගේ දේවල් පරිත්‍යාගශීලීව බෙදනවනේ.</font>

435
00:26:10,030 --> 00:26:11,190
<font color="#ffbf46">ඇයි එකපාරටම?</font>

436
00:26:11,960 --> 00:26:14,530
<font color="#ffbf46">ඇයි ඔයාගේ දේපළ මගේ නමට ලියන්න හදන්නේ?</font>

437
00:26:14,830 --> 00:26:18,760
<font color="#ffbf46">ඔයා මේ දවස්වල මට හරිම හොඳයි. ඇයි
ඔයාට මගේ තාත්තව හොයන්න ඕන වුණේ?</font>

438
00:26:20,730 --> 00:26:22,030
<font color="#ffbf46">මට ඔයාට හොඳ වෙන්න බැරිද?</font>

439
00:26:22,030 --> 00:26:24,530
<font color="#ffbf46">ඇයි ඔයා එකපාරටම මට මෙච්චර හොඳ?</font>

440
00:26:25,190 --> 00:26:27,190
<font color="#ffbf46">මොකද මම හිතන්නේ නෑ මම මෙච්චර කාලෙකට ඔයාට හොඳින් හිටියා කියලා.</font>

441
00:26:27,990 --> 00:26:30,060
<font color="#ffbf46">"මේ වගේ කෙනෙක් ලැබුණු එක මගේ ලොකු වාසනාවක්."</font>

442
00:26:30,230 --> 00:26:33,090
<font color="#ffbf46">මට ඕන ඔයා මම ගැන පිස්සුවෙන් වගේ ඉන්නවට.</font>

443
00:26:33,660 --> 00:26:35,490
<font color="#ffbf46">එතකොට මට ආඩම්බර හිතෙයි.</font>

444
00:26:38,360 --> 00:26:40,160
<font color="#ffbf46">ඇත්තටම හැමදේම හොඳින් නේද?</font>

445
00:26:41,060 --> 00:26:42,330
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

446
00:26:42,590 --> 00:26:43,890
<font color="#ffbf46">ඔයා හැසිරෙන්නේ අමුතු විදිහට.</font>

447
00:26:44,530 --> 00:26:46,790
<font color="#ffbf46">නිකන් ඔයා දාලා යන්න හදනවා වගේ.</font>

448
00:26:46,790 --> 00:26:49,760
<font color="#ffbf46">මම ඇයි දාලා යන්නේ? මේ මගේ ගෙදරනේ.</font>

449
00:26:50,890 --> 00:26:52,660
<font color="#ffbf46">ඔයාට ෂුවර්ද මොකුත් වෙන්නේ නෑ කියලා?</font>

450
00:26:53,490 --> 00:26:54,630
<font color="#ffbf46">ඔව්.</font>

451
00:26:59,860 --> 00:27:01,790
<font color="#ffbf46">ඔයා දන්නවද මම කොච්චර බය වුණාද කියලා?</font>

452
00:27:03,030 --> 00:27:05,730
<font color="#ffbf46">ඇයි ඔයා මාව ඒ විදිහට පුදුම කළේ?</font>

453
00:27:05,730 --> 00:27:09,260
<font color="#ffbf46">හොඳක් කරන්න ගිහින් බැනුම් අහනවා කියන්නේ මේකට තමයි.</font>

454
00:27:09,430 --> 00:27:12,730
<font color="#ffbf46">ඒ වගේ දේවල් කරන්න එපා. ඔයාගේ දේවල් මට දෙන්න එපා,</font>

455
00:27:13,190 --> 00:27:14,560
<font color="#ffbf46">මට තෑගි දෙන්නත් එපා.</font>

456
00:27:15,590 --> 00:27:16,660
<font color="#ffbf46">එහෙනම් මොකක්ද?</font>

457
00:27:17,590 --> 00:27:19,160
<font color="#ffbf46">මම ඔයා ලඟට වෙලා නිකන් ඉන්නද?</font>

458
00:27:25,260 --> 00:27:27,360
<font color="#ffbf46">ඔයා මට වඩා ගොඩක් හොඳයි.</font>

459
00:27:28,390 --> 00:27:31,560
<font color="#ffbf46">මම හැමදාම ඔයාට අලුතින් ආදරේ වෙනවා.</font>

460
00:27:33,890 --> 00:27:35,160
<font color="#ffbf46">ඉතින්...</font>

461
00:27:36,490 --> 00:27:39,790
<font color="#ffbf46">හැමදාම උදේට මගේ ලඟින් නැගිටින්න...</font>

462
00:27:40,190 --> 00:27:42,360
<font color="#ffbf46">වැඩට ගියාම මට මැසේජ් එකක් දාන්න.</font>

463
00:27:42,660 --> 00:27:45,430
<font color="#ffbf46">මාත් එක්ක රෑ කෑම කාලා ෆිල්ම් බලන්න,</font>

464
00:27:45,430 --> 00:27:46,930
<font color="#ffbf46">ඊටපස්සේ මාත් එක්කම නිදාගන්න.</font>

465
00:27:48,360 --> 00:27:50,230
<font color="#ffbf46">මට ඕන එච්චරයි.</font>

466
00:27:52,060 --> 00:27:54,660
<font color="#ffbf46">ඔහොම එකපාරටම ඒ වගේ දේවල් කියලා මාව පුදුම කරන්න එපා.</font>

467
00:27:56,790 --> 00:28:00,760
<font color="#ffbf46">ඔයා හින්දා මම දැන්මම හොඳ ජීවිතයක් ගත කරනවා.</font>

468
00:28:02,060 --> 00:28:03,560
<font color="#ffbf46">මම මේ කියන්න හදන දේ තේරෙනවද?</font>

469
00:28:06,230 --> 00:28:08,230
<font color="#ffbf46">මම නැතුව ඔයා මොකද කරන්නෙ?</font>

470
00:28:09,290 --> 00:28:11,130
<font color="#ffbf46">ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ.</font>

471
00:28:12,090 --> 00:28:13,560
<font color="#ffbf46">ඔය වගේ නරක කතා කියන්න එපා.</font>

472
00:28:23,280 --> 00:28:26,220
<font color="#ffbf46">ඔව්. මම දැන් එතනට කිට්ටුයි. හරි.</font>

473
00:28:26,650 --> 00:28:27,650
<font color="#ffbf46">හරි.</font>

474
00:28:28,250 --> 00:28:31,450
<font color="#ffbf46">කිම් මහත්තයා නිතරම මෙහෙ එනවා.</font>

475
00:28:32,980 --> 00:28:34,550
<font color="#ffbf46">එහෙමද?</font>

476
00:28:34,850 --> 00:28:38,150
<font color="#ffbf46">ඔව්. සුන්ජින් ට්‍රේඩින් එකේ චොයි මහත්තයා
එක්ක එයා හම්බවෙනවා මම දැක්කා...</font>

477
00:28:38,150 --> 00:28:39,750
<font color="#ffbf46">ගොඩක් වෙලාවට.</font>

478
00:28:40,480 --> 00:28:44,320
<font color="#ffbf46">ආ, චොයි මහත්තයා. ඔයා අද එයාව
දැක්කද? මට එයාව හම්බවෙන්න පුළුවන් වෙයිද?</font>

479
00:28:44,320 --> 00:28:48,380
<font color="#ffbf46">අනේ දෙවියනේ, එයා නැතිවුණානේ. මම හිතුවෙ ඔයා දන්නවා ඇති කියලා.</font>

480
00:28:49,620 --> 00:28:50,750
<font color="#ffbf46">කොහොමද?</font>

481
00:28:51,920 --> 00:28:54,580
<font color="#ffbf46">එයා රෑ තනියම මාළු බාන්න ගිහින් අනතුරක් වෙලා.</font>

482
00:28:55,050 --> 00:28:57,280
<font color="#ffbf46">මට හිතෙන්නේ බීලා හිටපු නිසා වතුරේ ගිලිලා මැරිලා.</font>

483
00:29:05,920 --> 00:29:07,650
<font color="#ffbf46">සෝ ජූන්. - කියන්න.</font>

484
00:29:10,220 --> 00:29:11,980
<font color="#ffbf46">මට අමුතු දෙයක් ආරංචි වුණා.</font>

485
00:29:13,350 --> 00:29:15,420
<font color="#ffbf46">එයා මැරිලද?</font>

486
00:29:16,050 --> 00:29:19,980
<font color="#ffbf46">ඔව්. ඒත් වෙලාව නම් හරිම අමුතුයි.</font>

487
00:29:20,980 --> 00:29:23,350
<font color="#ffbf46">ආරංචියේ හැටියට කිම් යොන්ග් ජින්
එයාගේ ඔෆිස් එකට නිතරම ගිහින් තියෙනවා.</font>

488
00:29:24,520 --> 00:29:25,950
<font color="#ffbf46">තව අමුතු දෙයක් තියෙනවා.</font>

489
00:29:26,820 --> 00:29:29,820
<font color="#ffbf46">මට ආරංචි විදියට චොයි මහත්තයා වටේ ඉන්න අයට කියලා තියෙනවා...</font>

490
00:29:29,820 --> 00:29:31,850
<font color="#ffbf46">එයා ළඟදීම බිල්ඩිමේ අයිතිකාරයා වෙනවා කියලා.</font>

491
00:29:32,320 --> 00:29:33,980
<font color="#ffbf46">හැමෝම හිතලා තියෙන්නේ එයා බොරුවක් කරනවා කියලා.</font>

492
00:29:37,020 --> 00:29:40,920
<font color="#ffbf46">කිම් යොන්ග් ජින් ඇත්තටම කන්ට්‍රැක්ට්
එකත් එක්ක මොකක් හරි වංචාවක් කළා නම්,</font>

493
00:29:41,080 --> 00:29:42,650
<font color="#ffbf46">ඊලඟ ඉලක්කය එයා වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.</font>

494
00:29:43,620 --> 00:29:44,750
<font color="#ffbf46">හරියටම හරි.</font>

495
00:29:46,320 --> 00:29:47,980
<font color="#ffbf46">ඒත් එයා නැති වුණ නිසා...</font>

496
00:29:50,850 --> 00:29:52,880
<font color="#ffbf46">ආ, ඇත්ත. සුන්ජින් ට්‍රේඩින් කියලා කොම්පැණියක් තියෙනවා.</font>

497
00:29:53,120 --> 00:29:55,650
<font color="#ffbf46">එකේ CEO චොයි මහත්තයා මගේ ඉස්කෝලේ යාළුවෙක්.</font>

498
00:29:55,980 --> 00:29:57,780
<font color="#ffbf46">එයා කිව්වා එයා බිල්ඩිම ගන්නයි හදන්නේ කියලා.</font>

499
00:29:57,980 --> 00:29:59,820
<font color="#ffbf46">ඔයා කිව්වේ සුන්ජින් ට්‍රේඩින් කියලා නේද?</font>

500
00:30:01,680 --> 00:30:04,020
<font color="#ffbf46">ඇයි ඒ? ඔයාට මොකක් හරි හිතුණද?</font>

501
00:30:04,580 --> 00:30:07,480
<font color="#ffbf46">පොලිසියට කතා කරලා...</font>

502
00:30:07,580 --> 00:30:09,520
<font color="#ffbf46">කිම් යොන්ග් ජින්ව ඉක්මනට ගෙන්වන්න කියන්න.</font>

503
00:30:09,650 --> 00:30:10,780
<font color="#ffbf46">හරි.</font>

504
00:30:20,250 --> 00:30:22,450
<font color="#ffbf46">හලෝ, ඩිටෙක්ටිව්. කොහොමද?</font>

505
00:30:22,650 --> 00:30:25,050
<font color="#ffbf46">මම මයිලිට්ස් එකේ කාන්ග් කි ඩූන්ග්.</font>

506
00:30:26,680 --> 00:30:29,120
<font color="#ffbf46">සෝ ජූන්, පොඩ්ඩක් ඉන්න. - මොකද?</font>

507
00:30:29,580 --> 00:30:31,820
<font color="#ffbf46">කිම් යොන්ග් ජින් දැනටමත් පැනලා ගිහින්. - දෙවියනේ.</font>

508
00:30:31,820 --> 00:30:35,450
<font color="#ffbf46">මට හිතෙන්නේ ණයකාරයෝ එයාගේ ගෙදරට
ඇවිල්ලා. එයා දැනටමත් අතුරුදහන් වෙලා.</font>

509
00:30:37,050 --> 00:30:40,450
<font color="#ffbf46">හරි. මම ඒ ගැන වෙනම හොයලා
බලන්නම්. ඔයත් තව ටිකක් හොයලා බලන්න.</font>

510
00:30:40,680 --> 00:30:41,750
<font color="#ffbf46">මම පස්සේ ගන්නම්.</font>

511
00:30:45,220 --> 00:30:47,780
<font color="#ffbf46">ඔයා කිව්වා කිම් යොන්ග් ජින් ඩොලර් මිලියන
නමයක් වංචා කළා කියලා. ඔයාට විශ්වාසද?</font>

512
00:30:47,980 --> 00:30:49,780
<font color="#ffbf46">ඔයා දන්න හැමදේම මට කියන්න.</font>

513
00:30:51,750 --> 00:30:54,050
<font color="#ffbf46">ඔව්, මම දන්නවා එයා එහෙම කළා කියලා.</font>

514
00:30:54,750 --> 00:30:58,080
<font color="#ffbf46">ඒත් අනාගතේදිවත් ඒකට සාක්ෂි නෑ.</font>

515
00:30:58,750 --> 00:31:01,920
<font color="#ffbf46">මම කියන්නේ එයා කිසිම සාක්ෂියක් ඉතුරු
කරන්නේ නැතුව රටින් පැනලා යනවා කියලා.</font>

516
00:31:02,080 --> 00:31:04,720
<font color="#ffbf46">එතකොට සමහරවිට එයා...</font>

517
00:31:07,950 --> 00:31:09,780
<font color="#ffbf46">එයා කාව හරි මැරුවද?</font>

518
00:31:11,650 --> 00:31:12,850
<font color="#ffbf46">ඔයා මොකක්ද මේ කියන්නේ...</font>

519
00:31:13,220 --> 00:31:15,720
<font color="#ffbf46">එයා එක්ක සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් මැරුණා,</font>

520
00:31:16,050 --> 00:31:17,850
<font color="#ffbf46">මට නිකන් අමුතු සැකයක් දැනෙනවා.</font>

521
00:31:18,980 --> 00:31:19,980
<font color="#ffbf46">කවුද?</font>

522
00:31:20,450 --> 00:31:22,780
<font color="#ffbf46">එයා අපේ බිල්ඩිමේ තියෙන කොම්පැනියක CEO කෙනෙක්.</font>

523
00:31:23,320 --> 00:31:25,280
<font color="#ffbf46">එයා කලින් හිටපු සභාපතිතුමාගෙ යාළුවෙක්.</font>

524
00:31:27,450 --> 00:31:30,450
<font color="#ffbf46">සේ යන්ග්ගේ තාත්තා මැරෙන්න කලින් මට අමුතු දෙයක් කිව්වා...</font>

525
00:31:30,450 --> 00:31:33,950
<font color="#ffbf46">ඉතින්? ඔයා දැන් මොකක්ද හිතන්නේ?</font>

526
00:31:35,750 --> 00:31:36,880
<font color="#ffbf46">මමත් දන්නේ නෑ.</font>

527
00:31:37,120 --> 00:31:38,850
<font color="#ffbf46">මට උදව් කරන්න විතරයි ඕන වුණේ...</font>

528
00:31:39,180 --> 00:31:41,780
<font color="#ffbf46">මොකද කිම් යොන්ග් ජින් දිගටම
ඔයාගේ බිස්නස් වලට කරදර කරන නිසා...</font>

529
00:31:41,820 --> 00:31:45,880
<font color="#ffbf46">ඔයා කිව්වා මම අතුරුදහන් වෙනවා කියලා. ඒකත් එයාට සම්බන්ධද?</font>

530
00:31:46,720 --> 00:31:49,880
<font color="#ffbf46">ඔයා කිව්වේ මම මොකක් හරි හොයන්න
ගිහින් ප්‍රශ්න වැඩි කරගන්නවා කියලා නේද?</font>

531
00:31:50,850 --> 00:31:52,850
<font color="#ffbf46">ඒක කිම් යොන්ග් ජින්ට සම්බන්ධයි, නේද?</font>

532
00:31:55,080 --> 00:31:56,250
<font color="#ffbf46">ඔව්, ඒක එහෙම තමයි.</font>

533
00:31:57,480 --> 00:31:59,020
<font color="#ffbf46">එයා ගැන විස්තර හොයන්න,</font>

534
00:31:59,020 --> 00:32:00,980
<font color="#ffbf46">ඔයා සබ්වේ එකේ එහා මෙහා යනවා,</font>

535
00:32:00,980 --> 00:32:02,680
<font color="#ffbf46">ඊටපස්සේ ඔයා අතුරුදහන් වෙනවා.</font>

536
00:32:04,180 --> 00:32:08,080
<font color="#ffbf46">සෝ ජූන්, හෙට නොවැම්බර් 30 වෙනිදා.</font>

537
00:32:09,150 --> 00:32:10,580
<font color="#ffbf46">ඉතින්...</font>

538
00:32:10,580 --> 00:32:12,020
<font color="#ffbf46">මේක සේ යන්ග්ගේ තාත්තට සම්බන්ධ දෙයක් වෙන්න ඇති.</font>

539
00:32:12,020 --> 00:32:15,780
<font color="#ffbf46">ඒක ඔයාගේ අනුමානයක් විතරයි නේද?</font>

540
00:32:16,180 --> 00:32:18,420
<font color="#ffbf46">අනික, ඔයාට මොනවා හොයාගන්නද...</font>

541
00:32:18,420 --> 00:32:20,820
<font color="#ffbf46">මේ දවස් දෙක ඇතුළත?</font>

542
00:32:22,820 --> 00:32:25,880
<font color="#ffbf46">ඔයාට තියෙන්නේ මේ දවස් දෙක කොහොම හරි පහු කරන්න විතරයි.</font>

543
00:32:28,750 --> 00:32:29,980
<font color="#ffbf46">දවස් දෙකක් ඉවසගෙන ඉන්න.</font>

544
00:32:41,420 --> 00:32:44,480
<font color="#ffbf46">ඇයි යොන්ග් ජින් ඔයාට එහෙම කළේ?</font>

545
00:32:46,820 --> 00:32:49,350
<font color="#ffbf46">ඒ බ්ලැක් බොක්ස් වීඩියෝ එකේ මොනවද තියෙන්නේ?</font>

546
00:32:53,850 --> 00:32:56,580
<font color="#ffbf46">ඔයාට වැඩියෙන්ම වැදගත් දේ ගැන හිතන්න.</font>

547
00:32:57,020 --> 00:32:58,520
<font color="#ffbf46">ඔයාට මොකක් හරි වුණොත්,</font>

548
00:32:58,850 --> 00:33:01,180
<font color="#ffbf46">ඔයා විතරක් ඉන්න කෙනාට මොනවා වෙයිද?</font>

549
00:33:01,880 --> 00:33:03,680
<font color="#ffbf46">ඔයාට තියෙන්නේ දවස් දෙකක් පරිස්සම් වෙන්න විතරයි.</font>

550
00:33:04,050 --> 00:33:05,720
<font color="#ffbf46">දවස් දෙකකට කිසිම කරදරයකට පැටලෙන්න එපා.</font>

551
00:33:09,880 --> 00:33:11,820
<font color="#ffbf46">අම්මේ, මම වැඩ.</font>

552
00:33:11,820 --> 00:33:13,520
<font color="#ffbf46">ඔයා කීයටද ගෙදර එන්නේ?</font>

553
00:33:14,350 --> 00:33:15,620
<font color="#ffbf46">මම එන්න හොඳ නෑ වගේ.</font>

554
00:33:16,220 --> 00:33:17,480
<font color="#ffbf46">ඔයා ඉන්නේ අපේ ගෙදරද?</font>

555
00:33:17,620 --> 00:33:20,880
<font color="#ffbf46">ඔව්. ඒක නෙවෙයි, මෙහේ අමුතු ජාතියේ එකක් ගේ වටේම ඇවිදිනවා.</font>

556
00:33:21,550 --> 00:33:22,550
<font color="#ffbf46">මොකක්?</font>

557
00:33:22,680 --> 00:33:25,220
<font color="#ffbf46">මම ටිෂූ එකක් විසි කළාම,</font>

558
00:33:25,220 --> 00:33:27,620
<font color="#ffbf46">වැකියුම් ක්ලීනර් එක ඇවිල්ලා ඒක කනවා. හරියට බලු පැටියෙක් වගේ.</font>

559
00:33:28,220 --> 00:33:29,580
<font color="#ffbf46">අම්මේ. - අර බලන්නකෝ.</font>

560
00:33:29,580 --> 00:33:30,680
<font color="#ffbf46">එපා අම්මේ.</font>

561
00:33:31,290 --> 00:33:32,420
<font color="#ffbf46">එහෙන් යන්න.</font>

562
00:33:32,420 --> 00:33:34,080
<font color="#ffbf46">ගෙදරින් එළියට යන්න. - ඇයි?</font>

563
00:33:34,080 --> 00:33:36,980
<font color="#ffbf46">මම කිව්වනේ කවුරුත් නැති වෙලාවට මගේ ගෙදර යන්න එපා කියලා.</font>

564
00:33:36,980 --> 00:33:39,480
<font color="#ffbf46">සෝ ජූන් මට "අම්මා" කියලා කතා කළා.</font>

565
00:33:39,480 --> 00:33:41,050
<font color="#ffbf46">එයා මාත් එක්ක හරිම ෆිට්.</font>

566
00:33:44,050 --> 00:33:46,750
<font color="#ffbf46">අම්මේ, උඩහට යන්න එපා. එතනට යන්න එපා.</font>

567
00:33:47,290 --> 00:33:48,850
<font color="#ffbf46">ඒ තට්ටුව අපිට විතරක් වෙන් කරපු තැනක්.</font>

568
00:33:48,850 --> 00:33:51,350
<font color="#ffbf46">අම්මේ, ගෙදරින් යන්නකෝ.</font>

569
00:33:54,350 --> 00:33:56,420
<font color="#ffbf46">එයා හරිම වෙනස් කෙනෙක් නේද?</font>

570
00:33:57,550 --> 00:33:59,380
<font color="#ffbf46">සමහර වෙලාවට එයා හොඳයි.</font>

571
00:33:59,380 --> 00:34:00,920
<font color="#ffbf46">සමහර වෙලාවට එයාට හොඳටම පිස්සු.</font>

572
00:34:02,620 --> 00:34:03,880
<font color="#ffbf46">ඔයත් ඒ වගේ තමයි.</font>

573
00:34:04,350 --> 00:34:05,350
<font color="#ffbf46">මොකක්?</font>

574
00:34:05,580 --> 00:34:07,290
<font color="#ffbf46">ඔයත් සමහර වෙලාවට හරිම හොඳයි.</font>

575
00:34:08,520 --> 00:34:11,450
<font color="#ffbf46">එතකොට සමහර වෙලාවට මම හරි නරකයිද?</font>

576
00:34:15,380 --> 00:34:17,480
<font color="#ffbf46">මම තමයි හොඳම කෙනා.</font>

577
00:34:25,180 --> 00:34:28,290
<font color="#ffbf46">මම මොකද කරන්නේ? මනුෂ්‍ය වර්ගයාගේ
ලොකුම රහසක් එළිවෙන්නයි යන්නේ.</font>

578
00:34:32,650 --> 00:34:35,020
<font color="#ffbf46">දෙවෙනි තට්ටුවේ මොනවද තියෙන්නේ?</font>

579
00:34:35,750 --> 00:34:37,580
<font color="#ffbf46">අම්මෝ, රිදෙනවා.</font>

580
00:34:38,020 --> 00:34:39,420
<font color="#ffbf46">අනේ දෙවියනේ.</font>

581
00:34:42,250 --> 00:34:44,790
<font color="#ffbf46">රිදෙනවා. මොනවද දන්නේ නෑ ඒ?</font>

582
00:34:45,880 --> 00:34:46,880
<font color="#ffbf46">අම්මේ.</font>

583
00:34:49,620 --> 00:34:50,750
<font color="#ffbf46">අම්මේ.</font>

584
00:34:53,350 --> 00:34:54,480
<font color="#ffbf46">අම්මේ.</font>

585
00:34:55,150 --> 00:34:56,880
<font color="#ffbf46">එයා කොහෙද ගියේ?</font>

586
00:34:57,320 --> 00:34:58,720
<font color="#ffbf46">දෙවියනේ.</font>

587
00:34:59,320 --> 00:35:00,320
<font color="#ffbf46">අම්මේ!</font>

588
00:35:02,580 --> 00:35:03,580
<font color="#ffbf46">අම්මේ.</font>

589
00:35:05,520 --> 00:35:06,520
<font color="#ffbf46">අම්මේ.</font>

590
00:35:07,550 --> 00:35:10,220
<font color="#ffbf46">මම කිව්වනේ මෙහෙට එන්න එපා කියලා.</font>

591
00:35:10,220 --> 00:35:11,220
<font color="#ffbf46">මොකක්?</font>

592
00:35:11,290 --> 00:35:12,290
<font color="#ffbf46">අනේ.</font>

593
00:35:12,790 --> 00:35:16,020
<font color="#ffbf46">මේ මොනවද මේ සේරම?</font>

594
00:35:16,020 --> 00:35:18,050
<font color="#ffbf46">මේ සපත්තු වලින් මගේ කකුල් තද කරගන්නවා.</font>

595
00:35:18,290 --> 00:35:21,580
<font color="#ffbf46">ඒක තාම හදන ගමන් තියෙන්නේ.</font>

596
00:35:21,580 --> 00:35:23,750
<font color="#ffbf46">සෝ ජූන්ගේ පර්යේෂකයෙක් වෙන යාළුවෙක් එයාට දීලා තියෙන්නේ.</font>

597
00:35:24,290 --> 00:35:26,150
<font color="#ffbf46">එයාට මේ සේරම හම්බවෙලා තියෙන්නේ එතනින්.</font>

598
00:35:27,120 --> 00:35:28,120
<font color="#ffbf46">අම්මේ.</font>

599
00:35:29,050 --> 00:35:31,150
<font color="#ffbf46">සෝ ජූන්ට හොඳ සම්බන්ධකම් තියෙනවා නේද?</font>

600
00:35:31,420 --> 00:35:33,420
<font color="#ffbf46">මේ තියෙන්නේ ලබන අවුරුද්දේ පත්තරයක්නේ.</font>

601
00:35:34,020 --> 00:35:36,050
<font color="#ffbf46">බලන්න. මේ මනුස්සයා ලබන අවුරුද්දේ ඡන්දෙන් දිනනවා.</font>

602
00:35:37,950 --> 00:35:39,290
<font color="#ffbf46">ආ, ඒක.</font>

603
00:35:39,290 --> 00:35:42,150
<font color="#ffbf46">සල්ලි තියෙන අය පත්තර කලින්ම කියවනවද?</font>

604
00:35:42,620 --> 00:35:44,350
<font color="#ffbf46">මේ ලෝකේ හැමදේම කලින් ලියවිලාද තියෙන්නේ?</font>

605
00:35:44,350 --> 00:35:46,350
<font color="#ffbf46">අපි මේ රැවටිලාද ඉන්නේ?</font>

606
00:35:48,080 --> 00:35:50,580
<font color="#ffbf46">මේක නාට්‍ය බඩුවක්.</font>

607
00:35:50,920 --> 00:35:53,620
<font color="#ffbf46">මම අනාගතය ගැන ෆොටෝ ෂූට් එකක් කරනවා.</font>

608
00:35:53,820 --> 00:35:56,150
<font color="#ffbf46">ඒකේ ඉන්නේ කාල තරණය කරන කෙනෙක්ගේ බිරිඳයි...</font>

609
00:35:56,150 --> 00:35:58,420
<font color="#ffbf46">කාල තරණය කරන කෙනාගේ නැන්දම්මයි.</font>

610
00:35:58,420 --> 00:36:00,750
<font color="#ffbf46">ඒකයි මම මේවා හැදුවේ.</font>

611
00:36:00,750 --> 00:36:04,680
<font color="#ffbf46">මම එකපාරටම හිතුවේ සෝ ජූන් ඔත්තුකාරයෙක් කියලා.</font>

612
00:36:08,980 --> 00:36:10,350
<font color="#ffbf46">සමහර වෙලාවට,</font>

613
00:36:10,350 --> 00:36:13,220
<font color="#ffbf46">මට හිතෙනවා ඔයයි මමයි එක වගේ හිතනවා කියලා.</font>

614
00:36:13,220 --> 00:36:14,220
<font color="#ffbf46">අපි එහෙමද?</font>

615
00:36:14,920 --> 00:36:17,650
<font color="#ffbf46">අනේ දෙවියනේ, මේ මොකක්ද? මේක වළල්ලක්ද?</font>

616
00:36:17,920 --> 00:36:20,220
<font color="#ffbf46">අම්මෝ, මම හොඳටම බය වුණා.</font>

617
00:36:21,550 --> 00:36:22,980
<font color="#ffbf46">ඔයාට දැනෙන විදිය මට තේරෙනවා.</font>

618
00:36:24,150 --> 00:36:25,150
<font color="#ffbf46">මේ.</font>

619
00:36:25,750 --> 00:36:29,850
<font color="#ffbf46">අපි ටිකක් කතා කරමු. මෙහෙට එන්න.</font>

620
00:36:30,320 --> 00:36:31,450
<font color="#ffbf46">මොනවා ගැන කතා කරන්නද?</font>

621
00:36:32,180 --> 00:36:34,980
<font color="#ffbf46">වාඩි වෙන්නකෝ. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.</font>

622
00:36:37,520 --> 00:36:38,550
<font color="#ffbf46">මොකක්ද?</font>

623
00:36:43,620 --> 00:36:45,450
<font color="#ffbf46">සෝ ජූන් මාව හම්බවෙන්න ආවා.</font>

624
00:36:48,380 --> 00:36:50,320
<font color="#ffbf46">ඇයි ඒක කියන්න ඔච්චර අමාරු?</font>

625
00:36:53,320 --> 00:36:54,620
<font color="#ffbf46">එයා තාත්තව හොයන්න යනවා කිව්වද?</font>

626
00:36:56,790 --> 00:36:57,790
<font color="#ffbf46">ඔව්.</font>

627
00:36:59,080 --> 00:37:02,150
<font color="#ffbf46">එයා කිව්වා තාත්තගේ ඩෙන්ටි කාඩ් එක
දුන්නොත් තාත්තව හොයලා දෙන්නම් කියලා.</font>

628
00:37:02,920 --> 00:37:05,350
<font color="#ffbf46">ඒ මට තාත්තව හොයන්න ඕන නිසා නෙවෙයි.</font>

629
00:37:05,850 --> 00:37:08,120
<font color="#ffbf46">මම හිතුවා ඔයාට සමහරවිට තාත්තව හොයාගන්න ඕන ඇති කියලා.</font>

630
00:37:08,350 --> 00:37:10,320
<font color="#ffbf46">පවුලේ ලේඛනවල ඒක තියෙනවා.</font>

631
00:37:12,180 --> 00:37:14,080
<font color="#ffbf46">මා ළඟ එයාගේ පින්තූරයකුත් තියෙනවා.</font>

632
00:37:17,290 --> 00:37:18,850
<font color="#ffbf46">ඔයා කිව්වේ ඔයා හැමදේම පිච්චුවා කියලනේ.</font>

633
00:37:26,550 --> 00:37:29,290
<font color="#ffbf46">ඔයා පොඩි කාලේ නිතරම එයාව හෙව්වනේ,</font>

634
00:37:30,120 --> 00:37:32,950
<font color="#ffbf46">ඉතින් මම හිතුවා ඔයාට එයාව ඉක්මනට
අමතක කරන්න දෙන එක හොඳයි කියලා.</font>

635
00:37:34,980 --> 00:37:36,850
<font color="#ffbf46">මම හිතාගෙන හිටියේ ඔයා ලොකු වුණාම මේක පෙන්නන්න.</font>

636
00:37:45,820 --> 00:37:47,920
<font color="#ffbf46">මම එතකොට වයසින් අඩුයි.</font>

637
00:37:49,020 --> 00:37:51,650
<font color="#ffbf46">මම ඔයාටත් වඩා වයසින් අඩුයි.</font>

638
00:37:54,250 --> 00:37:55,620
<font color="#ffbf46">මම දන්නවා.</font>

639
00:37:56,920 --> 00:38:00,350
<font color="#ffbf46">ඔයා මටත් වඩා වයසින් අඩු වෙලත් ඔයාට දරුවෙක් හිටියා.</font>

640
00:38:01,020 --> 00:38:03,050
<font color="#ffbf46">ඒත් එයා ඔයාව දාලා ගියා.</font>

641
00:38:03,550 --> 00:38:07,320
<font color="#ffbf46">අනේ මන්දා. ඇත්තටම, වගකීම් කියන දේට...</font>

642
00:38:07,580 --> 00:38:09,120
<font color="#ffbf46">ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක්
අතර තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ.</font>

643
00:38:09,120 --> 00:38:12,080
<font color="#ffbf46">ඔයා මේක මෙච්චර කාලයක් හැංගුවා. ඇයි දැන් මට මේක පෙන්නන්නේ?</font>

644
00:38:12,080 --> 00:38:14,220
<font color="#ffbf46">ඔයා කිව්වනේ ඔයා එයා එක්ක තරහයි කියලා.</font>

645
00:38:14,680 --> 00:38:16,650
<font color="#ffbf46">මම ඔයාගේ හැඟීම් ගැන හිතුවේ නෑ.</font>

646
00:38:16,650 --> 00:38:18,880
<font color="#ffbf46">අනික මම ඒ කාලේ මුහුකුරා ගිහින් හිටියේ නෑ.</font>

647
00:38:19,850 --> 00:38:21,350
<font color="#ffbf46">අනේ.</font>

648
00:38:22,420 --> 00:38:24,820
<font color="#ffbf46">ඔයාට මේ වගේ දේවල් විඳින්න වුණ එකට මට සමාවෙන්න.</font>

649
00:38:27,480 --> 00:38:29,350
<font color="#ffbf46">ඕක කියන්න එපා.</font>

650
00:38:29,650 --> 00:38:31,180
<font color="#ffbf46">ඔයා මොකක්ද කරපු වැරැද්ද?</font>

651
00:38:32,080 --> 00:38:34,250
<font color="#ffbf46">මේ වගේ දේවල් කියන්නේ මම දැන් නාකි වේගෙන එන නිසා වෙන්න ඇති.</font>

652
00:38:34,250 --> 00:38:36,620
<font color="#ffbf46">ඔයා නාකි නෑ. ඔයා තාම ගොඩක් තරුණයි.</font>

653
00:38:36,920 --> 00:38:40,380
<font color="#ffbf46">ඇයි ඔයා ටීවී එකේ ඉන්න අම්මලා වගේ කතා කරන්නේ?</font>

654
00:38:47,980 --> 00:38:50,650
<font color="#ffbf46">ඔයාටත් ළඟදීම දරුවෝ ලැබේවි,</font>

655
00:38:50,650 --> 00:38:52,120
<font color="#ffbf46">එතකොට ඔයත් අම්මා කෙනෙක් වෙයි.</font>

656
00:38:52,620 --> 00:38:54,120
<font color="#ffbf46">දැන් ඔයා ලොකු ළමයෙක්.</font>

657
00:38:54,720 --> 00:38:56,250
<font color="#ffbf46">ඒ නිසා ඔයා තාත්තව හොයාගන්න ඕනේ.</font>

658
00:38:57,850 --> 00:39:00,880
<font color="#ffbf46">මම ඔයාව හොඳට හැදුවා කියලා එයාට ආඩම්බරෙන් කියන්න මට ඕනේ...</font>

659
00:39:01,480 --> 00:39:04,650
<font color="#ffbf46">ඒ වගේම මට පුදුම දක්ෂ බෑණා කෙනෙක් ලැබුනා කියලත් කියන්න ඕනේ.</font>

660
00:39:11,620 --> 00:39:14,820
<font color="#ffbf46">ඊළඟ ආත්මෙදිත් මම ඔයාගේ අම්මා වුනොත්,</font>

661
00:39:16,620 --> 00:39:19,150
<font color="#ffbf46">මම මීට වඩා හොඳ අම්මා කෙනෙක් වෙන්න බලන්නම්.</font>

662
00:39:25,450 --> 00:39:26,450
<font color="#ffbf46">අඬන්න එපා.</font>

663
00:39:43,550 --> 00:39:44,550
<font color="#ffbf46">මා රින්.</font>

664
00:39:48,290 --> 00:39:49,450
<font color="#ffbf46">ඔයා එතන මොකද කරන්නේ?</font>

665
00:39:54,080 --> 00:39:55,150
<font color="#ffbf46">ඔයා ඇඬුවද?</font>

666
00:40:00,120 --> 00:40:02,150
<font color="#ffbf46">තාත්තාගේ රූපේ මට මතක් වුනා.</font>

667
00:40:04,620 --> 00:40:06,320
<font color="#ffbf46">අම්මා මට එයාගේ ෆොටෝ එකක් දුන්නා.</font>

668
00:40:11,850 --> 00:40:14,980
<font color="#ffbf46">ඉතින්? ඔයාට මොකද හිතෙන්නේ?</font>

669
00:40:20,320 --> 00:40:21,420
<font color="#ffbf46">හරිම අමුතුයි.</font>

670
00:40:23,650 --> 00:40:25,720
<font color="#ffbf46">මම හිතුවේ මට එයාව අමතක වෙලා කියලා.</font>

671
00:40:27,180 --> 00:40:28,580
<font color="#ffbf46">ඒත් මේ ෆොටෝ එක දැක්කම,</font>

672
00:40:29,680 --> 00:40:31,950
<font color="#ffbf46">මට එයාව මතක් වුනා.</font>

673
00:40:40,290 --> 00:40:41,380
<font color="#ffbf46">ස්තූතියි.</font>

674
00:40:45,580 --> 00:40:48,820
<font color="#ffbf46">ඔයාට එයාව හම්බවෙන්න ඕනෙද? අපි එයාව හොයමුද?</font>

675
00:40:52,620 --> 00:40:54,220
<font color="#ffbf46">මම තාම දන්නේ නෑ.</font>

676
00:40:56,680 --> 00:40:57,980
<font color="#ffbf46">මම එයාව හම්බවුනාට පස්සේ...</font>

677
00:40:58,880 --> 00:41:01,420
<font color="#ffbf46">කලකිරීමක් විතරක් ඇති වුනොත්?</font>

678
00:41:02,980 --> 00:41:06,680
<font color="#ffbf46">එයා නරක මනුස්සයෙක් වුනොත්?</font>

679
00:41:08,380 --> 00:41:10,880
<font color="#ffbf46">මට බයයි අම්මා ආයෙමත් දුක් වෙයි කියලා.</font>

680
00:41:14,250 --> 00:41:16,850
<font color="#ffbf46">අපි එයාව හොයාගත්තම එයා කැමති වෙයිද?</font>

681
00:41:27,580 --> 00:41:28,950
<font color="#ffbf46">ඔයාට ෆොටෝ එක බලන්න ඕනෙද?</font>

682
00:41:29,050 --> 00:41:30,980
<font color="#ffbf46">ඔව්. මට කුතුහලයක් තියෙනවා.</font>

683
00:41:37,080 --> 00:41:38,790
<font color="#ffbf46">ඒයි, සෝ ජූන්.</font>

684
00:41:40,580 --> 00:41:43,050
<font color="#ffbf46">ඔයා මාව විශ්වාස කරන්න ඕනේ. ඔයා මාව විශ්වාස කරන්නම ඕනේ.</font>

685
00:41:43,050 --> 00:41:44,750
<font color="#ffbf46">අර අමුතු ගෑනු කෙනා...</font>

686
00:41:44,750 --> 00:41:46,420
<font color="#ffbf46">එයා මැරෙන්න නියම වෙලා තිබුනේ කාර් ඇක්සිඩන්ට් එකෙන්.</font>

687
00:41:46,420 --> 00:41:48,720
<font color="#ffbf46">මම එයාට උදව් කරන්න පුළුවන් හැමදේම කළා.</font>

688
00:41:48,720 --> 00:41:49,790
<font color="#ffbf46">ඔයා ඇයි එහෙම කරන්නේ?</font>

689
00:41:50,080 --> 00:41:51,880
<font color="#ffbf46">ඇයි ඔයා මගේ වටේ ඉන්න අයට උදව් කරන්නේ?</font>

690
00:41:51,880 --> 00:41:54,050
<font color="#ffbf46">මොකද මට දැනෙන්නේ ඔයා මගේ පුතා වගේ කියලා.</font>

691
00:41:57,020 --> 00:41:58,320
<font color="#ffbf46">මට දුවෙක් හිටියා.</font>

692
00:41:59,820 --> 00:42:01,250
<font color="#ffbf46">එයා තමයි මගේ දුව.</font>

693
00:42:03,050 --> 00:42:04,180
<font color="#ffbf46">මොකද වුනේ?</font>

694
00:42:04,680 --> 00:42:05,880
<font color="#ffbf46">මේ මනුස්සයා...</font>

695
00:42:06,680 --> 00:42:08,480
<font color="#ffbf46">ඔයාගේ තාත්තා නේද?</font>

696
00:42:09,420 --> 00:42:10,520
<font color="#ffbf46">ඔව්.</font>

697
00:42:16,880 --> 00:42:19,790
<font color="#ffbf46">මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්.</font>

698
00:42:24,680 --> 00:42:26,120
<font color="#ffbf46">අපි එකට එළියට යමු.</font>

699
00:42:29,550 --> 00:42:31,950
<font color="#ffbf46">මම 'පිගී' විදියට හිටපු කාලේ දැන් ගොඩක් ඈතයි වගේ.</font>

700
00:42:33,180 --> 00:42:34,680
<font color="#ffbf46">මම හැමතිස්සෙම...</font>

701
00:42:35,580 --> 00:42:38,050
<font color="#ffbf46">හිතුවේ මම අනිත් අයට වඩා පහත් කියලා...</font>

702
00:42:38,620 --> 00:42:41,580
<font color="#ffbf46">ජීවිතේ මම අසාර්ථකයි කියලයි මම හිතාගෙන හිටියේ.</font>

703
00:42:42,720 --> 00:42:44,680
<font color="#ffbf46">'පිගී' කියන නම මගේ මුළු ජීවිතේම වගේ වෙලා තිබුනේ.</font>

704
00:42:46,580 --> 00:42:49,450
<font color="#ffbf46">මට කවදාවත් ඒ නමෙන් ගැලවෙන්න ලැබෙයි කියලා මම හිතුවේ නෑ.</font>

705
00:42:51,620 --> 00:42:53,450
<font color="#ffbf46">ඒත් ඔයාව හම්බවුනාට පස්සේ,</font>

706
00:42:53,980 --> 00:42:55,950
<font color="#ffbf46">මගේ ජීවිතේ හරි පාරට වැටුනා වගේ.</font>

707
00:42:58,050 --> 00:43:00,220
<font color="#ffbf46">මට හිතෙන්නේ දැන් මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා.</font>

708
00:43:02,180 --> 00:43:03,380
<font color="#ffbf46">හරි.</font>

709
00:43:04,050 --> 00:43:05,420
<font color="#ffbf46">අපි එකට හොඳ ජීවිතයක් ගත කරමු.</font>

710
00:43:06,950 --> 00:43:08,150
<font color="#ffbf46">ඔව් කරමු.</font>

711
00:43:09,250 --> 00:43:11,420
<font color="#ffbf46">අපි ඇත්තටම හොඳ ජීවිතයක් ගත කරමු.</font>

712
00:43:16,480 --> 00:43:18,780
<font color="#ffbf46">මට ඔයාට ඇත්තම කියන්න දෙයක් තියෙනවා.</font>

713
00:43:20,250 --> 00:43:21,320
<font color="#ffbf46">මොකක්ද ඒ?</font>

714
00:43:22,780 --> 00:43:24,150
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්,</font>

715
00:43:27,080 --> 00:43:29,420
<font color="#ffbf46">අපි එකට ඉන්න දෛවයේ ලියවිලා තිබුනේ නෑ.</font>

716
00:43:32,150 --> 00:43:33,380
<font color="#ffbf46">ඔයා මොකක්ද මේ කියන්නේ?</font>

717
00:43:35,250 --> 00:43:37,350
<font color="#ffbf46">ඔයා මගේ අනාගතේ හිටපු කෙනෙක් නෙවෙයි.</font>

718
00:43:38,420 --> 00:43:39,850
<font color="#ffbf46">අපි...</font>

719
00:43:40,420 --> 00:43:43,320
<font color="#ffbf46">යාළු වෙන්නවත්, කසාද බඳින්නවත් හිටපු දෙන්නෙක් නෙවෙයි.</font>

720
00:43:46,380 --> 00:43:48,250
<font color="#ffbf46">ඒත් කෙනෙක් මට හම්බවෙලා...</font>

721
00:43:48,620 --> 00:43:50,620
<font color="#ffbf46">මට කිව්වා ඔයාව හම්බවෙන්න කියලා.</font>

722
00:43:52,950 --> 00:43:54,020
<font color="#ffbf46">කවුද?</font>

723
00:43:55,150 --> 00:43:56,580
<font color="#ffbf46">මම දන්න මනුස්සයෙක්.</font>

724
00:43:57,080 --> 00:44:00,520
<font color="#ffbf46">මම ඉස්සර කිව්වේ මම වගේම තව කෙනෙක් ඉන්නවා කියලා.</font>

725
00:44:01,180 --> 00:44:03,420
<font color="#ffbf46">සබ්වේ එකේ හිටපු අර මනුස්සයාද?</font>

726
00:44:04,550 --> 00:44:07,580
<font color="#ffbf46">එක සැරයක් ඔයා එක්ක කුඩේ යට හිටපු කෙනාද?</font>

727
00:44:08,350 --> 00:44:10,780
<font color="#ffbf46">ඔව්. එයා කොහොමද මාව දන්නේ?</font>

728
00:44:10,880 --> 00:44:12,080
<font color="#ffbf46">මම හරියටම දන්නේ නෑ.</font>

729
00:44:12,950 --> 00:44:14,780
<font color="#ffbf46">අපි හෙට එකට ගිහින් එයාගෙන්ම අහමු.</font>

730
00:44:15,480 --> 00:44:17,320
<font color="#ffbf46">මුලදි ඒක ටිකක් අමුතු දෙයක් වගේ පෙනෙයි,</font>

731
00:44:17,480 --> 00:44:19,450
<font color="#ffbf46">ඒත් මට විශ්වාසයි ඔයත් එයාට කැමති වෙයි කියලා.</font>

732
00:44:21,880 --> 00:44:23,980
<font color="#ffbf46">මට තාම තේරෙන්නේ නෑ ඔයා මොකක්ද මේ කියන්නේ කියලා.</font>

733
00:44:24,820 --> 00:44:28,380
<font color="#ffbf46">ඔයා කියන්නේ අපි හම්බවුනේ එයා නිසා කියලද...</font>

734
00:44:28,580 --> 00:44:31,080
<font color="#ffbf46">අපේ දෛවයේ අපිව එකතු කරන්න තිබුනේ නැති වුනත්?</font>

735
00:44:31,080 --> 00:44:32,280
<font color="#ffbf46">ඔව්.</font>

736
00:44:32,680 --> 00:44:35,780
<font color="#ffbf46">හැබැයි ඊටපස්සේ වෙච්ච හැමදේම මගේ තීරණයක්.</font>

737
00:44:36,520 --> 00:44:39,280
<font color="#ffbf46">එතකොට දෛවයේ මට ඔයාව හම්බවෙන්න තිබුනේ නැද්ද?</font>

738
00:44:40,680 --> 00:44:41,850
<font color="#ffbf46">නෑ.</font>

739
00:44:43,250 --> 00:44:44,880
<font color="#ffbf46">අපි අපේ දෛවය වෙනස් කරගත්තා.</font>

740
00:44:49,350 --> 00:44:52,780
<font color="#ffbf46">මම දෛවය කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නෑ,</font>

741
00:44:53,880 --> 00:44:55,580
<font color="#ffbf46">ඒත් මේ වෙන්න ඇත්තේ ඒක තමයි.</font>

742
00:44:59,250 --> 00:45:02,920
<font color="#ffbf46">අපි හෙට එකට ගිහින් එයාව හම්බවෙමු.</font>

743
00:45:06,050 --> 00:45:07,250
<font color="#ffbf46">හරි.</font>

744
00:45:09,280 --> 00:45:10,520
<font color="#ffbf46">ඊට කලින්,</font>

745
00:45:12,180 --> 00:45:13,720
<font color="#ffbf46">අපි ගිහින් අපේ කසාදේ ලියාපදිංචි කරමු.</font>

746
00:45:15,980 --> 00:45:18,020
<font color="#ffbf46">අපි කොච්චර කල් මේක කල් දාන්නද?</font>

747
00:45:18,180 --> 00:45:19,550
<font color="#ffbf46">ඔයා තාමත් අපේ සම්බන්ධය ගැන හිතනවා වැඩියිද?</font>

748
00:45:20,250 --> 00:45:21,350
<font color="#ffbf46">නෑ.</font>

749
00:45:21,350 --> 00:45:24,150
<font color="#ffbf46">එහෙනම් අපි හෙට ගිහින් මැ මැරේජ් එක රෙජිස්ටර් කරමු, හාද?</font>

750
00:45:25,580 --> 00:45:27,780
<font color="#ffbf46">මට ඇත්තටම ඔයාව බඳින්න ඕනේ.</font>

751
00:45:29,080 --> 00:45:30,520
<font color="#ffbf46">ඔයා මාව බඳිනවද?</font>

752
00:45:32,820 --> 00:45:33,880
<font color="#ffbf46">ඔව්.</font>

753
00:45:34,720 --> 00:45:36,450
<font color="#ffbf46">අපි නීත්‍යානුකූලව කසාද බඳිමු.</font>

754
00:45:43,480 --> 00:45:45,780
<font color="#ffbf46">තව එක රවුමක් ගිහින් අපි ඇතුලට යමු.</font>

755
00:45:46,450 --> 00:45:47,780
<font color="#ffbf46">හොඳයි.</font>

756
00:45:48,180 --> 00:45:50,820
<font color="#ffbf46">හෙට ඉඳන් අපි නීත්‍යානුකූල ජෝඩුවක් වෙයි.</font>

757
00:45:50,880 --> 00:45:52,550
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

758
00:45:52,880 --> 00:45:54,520
<font color="#ffbf46">නිල ලියකියවිලි එක්කම.</font>

759
00:46:08,480 --> 00:46:09,650
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

760
00:46:25,980 --> 00:46:27,020
<font color="#ffbf46">දැන් මොකද?</font>

761
00:46:27,780 --> 00:46:30,880
<font color="#ffbf46">ඔයා ඇත්තටම මම කියන දේ අහන්නේ නෑ නේද?</font>

762
00:46:31,480 --> 00:46:32,480
<font color="#ffbf46">මම ඔයාට කිව්වනේ අම්මලාගේ ගෙදරට වෙලා ඉන්න කියලා.</font>

763
00:46:32,480 --> 00:46:34,680
<font color="#ffbf46">ඔයා මෙතන මොකද කරන්නේ? ඔයාට එයාලව කලබල කරන්නද ඕනේ?</font>

764
00:46:37,250 --> 00:46:38,680
<font color="#ffbf46">ඇයි ඔයා මෙහෙට ආවේ?</font>

765
00:46:38,980 --> 00:46:40,780
<font color="#ffbf46">ඔයාට ණය දුන්න අය ඔයාව හොයාගත්තොත්?</font>

766
00:46:44,350 --> 00:46:45,450
<font color="#ffbf46">ඔයා...</font>

767
00:46:45,880 --> 00:46:47,980
<font color="#ffbf46">මගේ බ්ලැක් බොක්ස් එක ඇල්ලුවා නේද?</font>

768
00:46:48,720 --> 00:46:51,150
<font color="#ffbf46">නෑ. මම මොකටද එහෙම කරන්නේ?</font>

769
00:46:51,480 --> 00:46:52,750
<font color="#ffbf46">නොදන්නවා වගේ ඉන්න එපා.</font>

770
00:46:53,320 --> 00:46:54,750
<font color="#ffbf46">මෙමරි කාඩ් එක දෙනවා.</font>

771
00:46:55,420 --> 00:46:57,150
<font color="#ffbf46">මට ආරංචියි ඔයා ඒක හැංගුවා කියලා. කෝ ඒක? මට දෙනවා.</font>

772
00:46:57,150 --> 00:46:58,680
<font color="#ffbf46">මම කිව්වනේ මම දන්නේ නෑ කියලා.</font>

773
00:47:01,880 --> 00:47:04,150
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියන්නේ? ඔයා ඒක ගත්තා!</font>

774
00:47:04,150 --> 00:47:05,950
<font color="#ffbf46">මම බැලුවේ ඔයා මොනවද කරන්නේ කියලා.</font>

775
00:47:07,420 --> 00:47:09,720
<font color="#ffbf46">මම ඒක සාක්ෂියක් විදියට පාවිච්චි කරනවා.</font>

776
00:47:09,720 --> 00:47:11,980
<font color="#ffbf46">මම ප්ලේන් එකේ යන්නේ නෑ. අපි දික්කසාද වෙනවා.</font>

777
00:47:12,280 --> 00:47:14,520
<font color="#ffbf46">ඔය විකාර නවත්තන්න. විකාර?</font>

778
00:47:14,520 --> 00:47:17,180
<font color="#ffbf46">ඔය පිස්සුව නවත්තලා ඒක ගිහින් ගේනවා.</font>

779
00:47:18,280 --> 00:47:20,680
<font color="#ffbf46">කෝ ඔයාගේ යාළුවගේ ගෙදර? ඔයා මොකද කරන්නේ? ඒක මෙහේ නෑ.</font>

780
00:47:20,680 --> 00:47:22,080
<font color="#ffbf46">මම ඒක වෙන කෙනෙක්ට බාර දුන්නා.</font>

781
00:47:23,080 --> 00:47:24,680
<font color="#ffbf46">මම ඒක මා රින්ට දුන්නා.</font>

782
00:47:27,520 --> 00:47:29,720
<font color="#ffbf46">ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයාට පිස්සුද?</font>

783
00:47:30,080 --> 00:47:31,280
<font color="#ffbf46">සොන්ග් මා රින්ට?</font>

784
00:47:32,180 --> 00:47:35,680
<font color="#ffbf46">ඔව්. ඇයි ඔයා ඒක එයාට දුන්නේ?</font>

785
00:47:37,050 --> 00:47:38,720
<font color="#ffbf46">යොන්ග් ජින්.</font>

786
00:47:38,820 --> 00:47:40,780
<font color="#ffbf46">ඔයාට හොඳටම පිස්සු හැදිලා.</font>

787
00:47:42,050 --> 00:47:43,220
<font color="#ffbf46">ඒයි.</font>

788
00:47:44,050 --> 00:47:45,320
<font color="#ffbf46">ඇයි ඔයා...</font>

789
00:47:46,050 --> 00:47:48,050
<font color="#ffbf46">ඒක ඔයාට අයිති දෙයක් නෙවෙයි!</font>

790
00:47:48,050 --> 00:47:49,520
<font color="#ffbf46">නවත්තන්නකෝ. දැන් ඇති.</font>

791
00:47:49,520 --> 00:47:52,250
<font color="#ffbf46">ඇයි ඔයා ඒක එයාට දුන්නේ?</font>

792
00:47:52,250 --> 00:47:53,320
<font color="#ffbf46">යොන්ග් ජින්.</font>

793
00:47:55,720 --> 00:47:58,680
<font color="#ffbf46">ගොන් සූක්, ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

794
00:48:00,650 --> 00:48:04,490
<font color="#ffbf46">(2016 නොවැම්බර් 30)</font>

795
00:48:04,490 --> 00:48:07,120
<font color="#ffbf46">හලෝ? ඒයි. මොකද වුනේ...</font>

796
00:48:07,120 --> 00:48:08,390
<font color="#ffbf46">ගොන් සූක්ගේ බ්ලැක් බොක්ස් වීඩියෝ එකට?</font>

797
00:48:08,390 --> 00:48:10,550
<font color="#ffbf46">මම මේ ඒක ගන්න යන ගමන්.</font>

798
00:48:10,550 --> 00:48:12,820
<font color="#ffbf46">ඒක ඔයා පැටලෙන්න හොඳ නැති දෙයක් වගේ පෙනුනා.</font>

799
00:48:13,790 --> 00:48:16,320
<font color="#ffbf46">ගොන් සූක්ගේ මහත්තයා ඊයේ මෙහේ ආවා.</font>

800
00:48:19,420 --> 00:48:21,520
<font color="#ffbf46">එයා කෑගහලා ඉල්ලුවා ඒක එයාට දෙන්න කියලා.</font>

801
00:48:21,920 --> 00:48:23,790
<font color="#ffbf46">එයා පිස්සුවෙන් වගේ කෑගැහුවේ.</font>

802
00:48:24,350 --> 00:48:26,750
<font color="#ffbf46">මම හොඳටම බය වුනා.</font>

803
00:48:26,750 --> 00:48:27,820
<font color="#ffbf46">ඇත්තටම?</font>

804
00:48:28,650 --> 00:48:31,820
<font color="#ffbf46">ගොන් සූක් ඇත්තටම ඩිවෝස් වෙන්න ඕනේ.</font>

805
00:48:32,020 --> 00:48:33,890
<font color="#ffbf46">එයාට හොඳටම පිස්සු.</font>

806
00:48:34,350 --> 00:48:36,990
<font color="#ffbf46">මම යන්තම් පාලනය වුනේ පොලිසියට කතා නොකර.</font>

807
00:48:38,650 --> 00:48:40,190
<font color="#ffbf46">දැනට,</font>

808
00:48:40,750 --> 00:48:42,850
<font color="#ffbf46">එයා එක්ක සද්ද නැතුව ඉන්න.</font>

809
00:48:43,220 --> 00:48:44,520
<font color="#ffbf46">මම හවස් වෙලා කතා කරන්නම්.</font>

810
00:48:44,520 --> 00:48:45,690
<font color="#ffbf46">ඔයා මොකද කරන්න යන්නේ?</font>

811
00:48:46,490 --> 00:48:47,950
<font color="#ffbf46">මම ඒක බලාගන්නම්.</font>

812
00:48:54,550 --> 00:48:56,050
<font color="#ffbf46">මට හිතට හරි නෑ.</font>

813
00:49:07,390 --> 00:49:09,150
<font color="#ffbf46">මා රින් කොහෙද ගියේ?</font>

814
00:49:13,950 --> 00:49:15,920
<font color="#ffbf46">මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්.</font>

815
00:49:16,420 --> 00:49:18,320
<font color="#ffbf46">ඔයා දන්නවනේ අද අපි මැ මැරේජ් එක රෙජිස්ටර් කරනවා කියලා?</font>

816
00:49:18,750 --> 00:49:20,390
<font color="#ffbf46">ඊටපස්සේ,</font>

817
00:49:20,390 --> 00:49:23,020
<font color="#ffbf46">අපිව එකතු කරපු කෙනාව හම්බවෙන්න යමු.</font>

818
00:49:23,290 --> 00:49:24,420
<font color="#ffbf46">මම ඔයාට ආදරෙයි.</font>

819
00:49:28,850 --> 00:49:29,990
<font color="#ffbf46">ඒ මා රින් ද?</font>

820
00:49:37,450 --> 00:49:39,890
<font color="#ffbf46">මම ඇත්තටම ඔයාට කතා කරන්න හිටියේ.</font>

821
00:49:41,590 --> 00:49:42,650
<font color="#ffbf46">ඔයා ඉන්නේ මගේ ගෙදර ඉස්සරහද?</font>

822
00:49:45,950 --> 00:49:49,220
<font color="#ffbf46">ඒයි, සෝ ජූන්. මට ඔයාට හදිස්සියෙන් කියන්න දෙයක් තියෙනවා.</font>

823
00:49:49,220 --> 00:49:50,620
<font color="#ffbf46">මම ඉස්සෙල්ලා කියන්නම්.</font>

824
00:49:50,950 --> 00:49:51,950
<font color="#ffbf46">මොකක්ද?</font>

825
00:49:52,490 --> 00:49:55,290
<font color="#ffbf46">මම හොයාගත්තා ඔයා කවුද කියලා.</font>

826
00:49:56,650 --> 00:49:58,650
<font color="#ffbf46">ඔයා මොකක්ද අදහස් කරන්නේ?</font>

827
00:49:58,650 --> 00:50:00,490
<font color="#ffbf46">මට තේරෙනවා ඇයි ඔයා මට උදව් කලේ කියලා.</font>

828
00:50:01,320 --> 00:50:04,690
<font color="#ffbf46">මම දන්නවා ඇයි ඔයා මාව ඔයාගේ පුතා වගේ සැලකුවේ කියලා.</font>

829
00:50:06,320 --> 00:50:09,450
<font color="#ffbf46">මා රින්ට එයාගේ තාත්තව ගොඩක් මතක් වෙනවා.</font>

830
00:50:11,950 --> 00:50:13,290
<font color="#ffbf46">ඔයා කොහොමද දැනගත්තේ?</font>

831
00:50:14,520 --> 00:50:18,150
<font color="#ffbf46">ඔයා කොහොමද මෙච්චර කල් මගේ සැර පරුෂකම් ඉවසුවෙ?</font>

832
00:50:21,150 --> 00:50:22,290
<font color="#ffbf46">ඇයි ඔයා ඒක අපිගෙන් හැංගුවේ?</font>

833
00:50:22,290 --> 00:50:25,650
<font color="#ffbf46">සෝ ජූන්, අපි ඕක දැනට පැත්තකින් තියමු...</font>

834
00:50:25,650 --> 00:50:26,920
<font color="#ffbf46">පස්සේ ඒ ගැන කතා කරමු.</font>

835
00:50:27,320 --> 00:50:29,820
<font color="#ffbf46">මට ඔයාට හදිස්සියෙන් කියන්න දෙයක් තියෙනවා.</font>

836
00:50:31,250 --> 00:50:34,350
<font color="#ffbf46">මම ඊයේ රෑ මා රින්ව හම්බවුනා.</font>

837
00:50:35,520 --> 00:50:36,520
<font color="#ffbf46">මොකක්?</font>

838
00:50:36,520 --> 00:50:39,320
<font color="#ffbf46">යොන්ග් ජින්ගේ රහස දන්න එකම කෙනා...</font>

839
00:50:39,320 --> 00:50:41,520
<font color="#ffbf46">මා රින්.</font>

840
00:50:41,520 --> 00:50:43,120
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියන්නේ?</font>

841
00:50:53,490 --> 00:50:54,550
<font color="#ffbf46">සමාවෙන්න.</font>

842
00:50:57,450 --> 00:51:00,350
<font color="#ffbf46">ඔයා දන්නවද මම කවුද කියලා?</font>

843
00:51:04,320 --> 00:51:05,350
<font color="#ffbf46">ඔව්.</font>

844
00:51:06,420 --> 00:51:07,820
<font color="#ffbf46">මම ඔයාගේ ෆොටෝ එකක් දැකලා තියෙනවා.</font>

845
00:51:10,350 --> 00:51:14,090
<font color="#ffbf46">මම මේ එකපාරටම ආවට සමාවෙන්න.</font>

846
00:51:14,250 --> 00:51:17,250
<font color="#ffbf46">ම්... මට මොකක් හිතන්නද කියලා තේරෙන්නේ නෑ.</font>

847
00:51:18,220 --> 00:51:20,820
<font color="#ffbf46">මට කල්පනා කරන්න ටිකක් ඉඩ දෙන්න... මම අතීතයෙන් ආවේ.</font>

848
00:51:22,720 --> 00:51:24,050
<font color="#ffbf46">මම මෙහේ ආවේ ඔයාලට උදව් කරන්න.</font>

849
00:51:25,290 --> 00:51:27,350
<font color="#ffbf46">මම ආවේ සෝ ජූන්ගේ ජීවිතේ බේරගන්න.</font>

850
00:51:28,450 --> 00:51:30,920
<font color="#ffbf46">මම ආවේ 2016 නොවැම්බර් 29 වෙනිදා ඉඳන්.</font>

851
00:51:32,120 --> 00:51:33,590
<font color="#ffbf46">තව එක දවසයි ඉතුරු වෙලා තියෙන්නේ.</font>

852
00:51:35,590 --> 00:51:40,220
<font color="#ffbf46">ඒ දවසේ... ඔයාලා දෙන්නට ඒ දවසේ මොකද වුනේ...</font>

853
00:51:42,320 --> 00:51:45,920
<font color="#ffbf46">අනේ මන්දා, මට ඔයාගෙන් මෙහෙම අහන්න ඕන වුනේ නෑ.</font>

854
00:51:47,520 --> 00:51:48,850
<font color="#ffbf46">ඒත් මට වෙන කරන්න දෙයක් නෑ.</font>

855
00:51:52,690 --> 00:51:53,790
<font color="#ffbf46">ඇතුලට එන්න.</font>

856
00:52:00,450 --> 00:52:04,520
<font color="#ffbf46">කිම් යොන්ග් ජින් ගැනද... ඇත්තටම සාක්ෂි නෑ.</font>

857
00:52:07,150 --> 00:52:09,720
<font color="#ffbf46">සෝ ජූන් කාලය හරහා යන කෙනෙක් නිසා,</font>

858
00:52:10,250 --> 00:52:12,020
<font color="#ffbf46">පරීක්ෂණ සිද්ධ වුණේ රහසිගතව.</font>

859
00:52:13,150 --> 00:52:17,050
<font color="#ffbf46">එතකොට කිම් යොන්ග් ජින්ට මොකද වුණේ?</font>

860
00:52:19,790 --> 00:52:22,050
<font color="#ffbf46">මම දන්න විදියට එයා වියට්නාමයට පැනලා ගිහින්.</font>

861
00:52:23,650 --> 00:52:26,120
<font color="#ffbf46">ලොකු සල්ලි ගොඩකුත් අරන් රටින් පැන්නා කියලයි ආරංචිය.</font>

862
00:52:27,150 --> 00:52:28,320
<font color="#ffbf46">මිනිහා හොඳින් ඇති.</font>

863
00:52:28,590 --> 00:52:32,150
<font color="#ffbf46">මට විස්තර ටිකක් කියන්න පුළුවන්ද...</font>

864
00:52:32,220 --> 00:52:34,550
<font color="#ffbf46">එදා මොකද වුණේ කියලා? ඇත්තටම එතන මොකද වුණේ?</font>

865
00:52:38,620 --> 00:52:43,090
<font color="#ffbf46">කිම් යොන්ග් ජින්ගේ ඩෑෂ් කැමරාවේ මෙමරි කාඩ් එක මගේ ළඟ තිබුණා.</font>

866
00:52:44,620 --> 00:52:48,120
<font color="#ffbf46">ඒත් කවුරුත් දන්නේ නෑ එකේ මොනවද තිබුණේ කියලා.</font>

867
00:52:49,120 --> 00:52:52,820
<font color="#ffbf46">මට ඒක බලන්නවත් ලැබුණේ නෑ ඊට කලින් මිනිහා ඒක උදුරගත්තා.</font>

868
00:52:56,220 --> 00:52:58,820
<font color="#ffbf46">මාව පැහැරගත්ත එකයි...</font>

869
00:52:59,220 --> 00:53:01,290
<font color="#ffbf46">මුදල් වංචා කරපු එකයි විතරයි මිනිහට තියෙන චෝදනා.</font>

870
00:53:02,290 --> 00:53:06,320
<font color="#ffbf46">මිනීමැරුමක් කළා කියලා පොලිසියට ඔප්පු කරගන්න බැරි වුණා.</font>

871
00:53:06,350 --> 00:53:07,750
<font color="#ffbf46">එයා පැහැරගත්තා...</font>

872
00:53:09,490 --> 00:53:11,950
<font color="#ffbf46">එතකොට ඔයා ළඟ සාක්ෂි තිබුණද?</font>

873
00:53:13,750 --> 00:53:14,890
<font color="#ffbf46">ඔව්.</font>

874
00:53:17,120 --> 00:53:20,820
<font color="#ffbf46">මම දැනගෙන හිටියේ නෑනේ. මම මෝඩයෙක් වගේ කාලේ නාස්ති කරලා.</font>

875
00:53:23,650 --> 00:53:24,720
<font color="#ffbf46">ඒක...</font>

876
00:53:28,750 --> 00:53:31,950
<font color="#ffbf46">මට අන්තිම කෝච්චිය අල්ලගන්න ඕනේ.</font>

877
00:53:32,590 --> 00:53:33,920
<font color="#ffbf46">මම යන්නම්.</font>

878
00:53:34,320 --> 00:53:35,890
<font color="#ffbf46">එයාව නවත්තගන්න.</font>

879
00:53:37,590 --> 00:53:39,890
<font color="#ffbf46">එදාට සෝ ජූන්ට කෝච්චියේ යන්න දෙන්න එපා...</font>

880
00:53:40,650 --> 00:53:42,590
<font color="#ffbf46">මටත් මොකවත් මෝඩ වැඩක් කරන්න දෙන්න එපා.</font>

881
00:53:43,920 --> 00:53:45,890
<font color="#ffbf46">බයවෙන්න එපා.</font>

882
00:53:46,120 --> 00:53:47,650
<font color="#ffbf46">මම ඒක වෙන්න දෙන්නේ නෑ.</font>

883
00:53:48,690 --> 00:53:50,620
<font color="#ffbf46">යනවා. ඉන්න.</font>

884
00:53:53,850 --> 00:53:58,150
<font color="#ffbf46">සෝ ජූන්වයි මාවයි මුණගැස්සුවේ...</font>

885
00:53:59,450 --> 00:54:00,850
<font color="#ffbf46">තාත්තද?</font>

886
00:54:03,050 --> 00:54:04,150
<font color="#ffbf46">ඔව්.</font>

887
00:54:06,850 --> 00:54:08,790
<font color="#ffbf46">ආපහු ගියාම මාව හම්බවෙන්න.</font>

888
00:54:10,520 --> 00:54:12,420
<font color="#ffbf46">මට ඔයාව ගොඩක් මතක් වුණා.</font>

889
00:54:18,890 --> 00:54:20,020
<font color="#ffbf46">හරි.</font>

890
00:54:21,520 --> 00:54:22,550
<font color="#ffbf46">පරිස්සමෙන් ඉන්න.</font>

891
00:54:23,890 --> 00:54:26,220
<font color="#ffbf46">මම යනවා. ඔයා යන්න.</font>

892
00:54:29,690 --> 00:54:30,750
<font color="#ffbf46">ඇතුළට යන්න!</font>

893
00:54:43,450 --> 00:54:46,590
<font color="#ffbf46">කිම් යොන්ග් ජින් කෝච්චියේදී ඔයාට කරපු දේ විතරයි මම දැනගෙන හිටියේ,</font>

894
00:54:46,690 --> 00:54:48,950
<font color="#ffbf46">ඒ නිසා මම හිතුවේ ඔයා එයාගේ රහස දැනගෙන හිටියා කියලා.</font>

895
00:54:48,950 --> 00:54:51,950
<font color="#ffbf46">ඒකයි මම ඔයාව එයාගෙන් ඈත් කරලා තියන්න හැදුවේ.</font>

896
00:54:52,950 --> 00:54:55,750
<font color="#ffbf46">මම දැනගෙන හිටියේ නෑ මා රින් ළඟ සාක්ෂි තියෙයි කියලා.</font>

897
00:54:56,290 --> 00:55:00,850
<font color="#ffbf46">ඒ නිසා ඔයා දැන්ම ගිහින් එයා මේකට
පැටලෙන්නේ නැති වෙන්න වගබලා ගන්න ඕනේ.</font>

898
00:55:01,190 --> 00:55:02,420
<font color="#ffbf46">එයා දැන් ගෙදර නෑ.</font>

899
00:55:04,190 --> 00:55:05,220
<font color="#ffbf46">මොකක්?</font>

900
00:55:19,950 --> 00:55:21,790
<font color="#ffbf46">ඒක රිකවර් කරගත්තද? ඔව්.</font>

901
00:55:22,720 --> 00:55:24,120
<font color="#ffbf46">ඒත් මේක...</font>

902
00:55:27,490 --> 00:55:28,620
<font color="#ffbf46">කමක් නෑ.</font>

903
00:55:32,320 --> 00:55:33,590
<font color="#ffbf46">ස්තූතියි.</font>

904
00:55:39,290 --> 00:55:41,920
<font color="#ffbf46">(මගේ පිගී)</font>

905
00:55:46,350 --> 00:55:49,120
<font color="#ffbf46">මම දැනගෙන හිටියේ නෑ මා රින් ළඟ සාක්ෂි තියෙයි කියලා.</font>

906
00:55:52,390 --> 00:55:53,950
<font color="#ffbf46">මිනිහා එයාගෙන් සාක්ෂි උදුරගනීවි.</font>

907
00:55:55,290 --> 00:55:56,850
<font color="#ffbf46">කාලකන්නියා!</font>

908
00:55:57,720 --> 00:55:59,820
<font color="#ffbf46">ඊට පස්සේ, එයා ඔයාව අල්ලගන්න එයාව බිල්ලට ගනීවි.</font>

909
00:56:09,750 --> 00:56:10,790
<font color="#ffbf46">මා රින්!</font>

910
00:56:13,950 --> 00:56:16,450
<font color="#ffbf46">සොන්ග් මා රින් මෙහෙට ආවද?</font>

911
00:56:46,750 --> 00:56:48,050
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?</font>

912
00:56:49,390 --> 00:56:51,490
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

913
00:56:58,390 --> 00:56:59,790
<font color="#ffbf46">ඔයා කොහොමද දන්නේ මම මෙතන ඉන්නවා කියලා?</font>

914
00:56:59,790 --> 00:57:02,620
<font color="#ffbf46">මා රින්, ඔයාට කරදරයක් නෑ නේද?</font>

915
00:57:03,190 --> 00:57:04,320
<font color="#ffbf46">මොකක් හරි වුණාද?</font>

916
00:57:05,020 --> 00:57:06,090
<font color="#ffbf46">කෝ කිම් යොන්ග් ජින්?</font>

917
00:57:07,020 --> 00:57:09,150
<font color="#ffbf46">ඔයා එයාව දැක්කද? කිම් යොන්ග් ජින්ව?</font>

918
00:57:10,620 --> 00:57:11,990
<font color="#ffbf46">නෑ, මම දැක්කේ නෑ.</font>

919
00:57:15,950 --> 00:57:17,720
<font color="#ffbf46">ඔයා මෙතනට ආවේ මේක නිසාද?</font>

920
00:57:18,750 --> 00:57:21,150
<font color="#ffbf46">ඇයි ඔයා මේවට පැටලෙන්න හදන්නේ?</font>

921
00:57:22,320 --> 00:57:25,920
<font color="#ffbf46">ඔයාට තිබුණා අඩුගානේ මටවත් කියන්න. ඔයාට බයක් ඇත්තෙම නැද්ද?</font>

922
00:57:25,990 --> 00:57:27,420
<font color="#ffbf46">මේකේ වැදගත් දෙයක් තියෙනවද?</font>

923
00:57:27,620 --> 00:57:30,920
<font color="#ffbf46">ගොන් සුක් ගොඩක් දුකින් හිටපු නිසා
මට ඕනේ වුණේ එයාට උදව් කරන්න විතරයි.</font>

924
00:57:30,920 --> 00:57:32,050
<font color="#ffbf46">යමු යන්න.</font>

925
00:57:32,690 --> 00:57:34,520
<font color="#ffbf46">හරි. ඒත් අපි මේ කොහෙද යන්නේ?</font>

926
00:57:50,090 --> 00:57:51,420
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?</font>

927
00:58:00,420 --> 00:58:03,120
<font color="#ffbf46">මට කියන්න. ඕකේ මොනවද තියෙන්නේ?</font>

928
00:58:03,120 --> 00:58:05,790
<font color="#ffbf46">කෙළින්ම ගෙදර යන්න. වෙන කොහේවත් යන්න එපා.</font>

929
00:58:05,790 --> 00:58:09,520
<font color="#ffbf46">හරිද? ගෙදර ගිය ගමන් දොර ලොක්
කරගන්න. කාටවත් ඇතුළට එන්න දෙන්න එපා.</font>

930
00:58:10,220 --> 00:58:12,550
<font color="#ffbf46">හරි හරි, මට තේරුණා. ෆෝන් එකත් ඔන් එකේ තියාගන්න.</font>

931
00:58:12,550 --> 00:58:13,920
<font color="#ffbf46">ගෙදර ගිය ගමන් මට කෝල් එකක් ගන්න.</font>

932
00:58:32,650 --> 00:58:34,150
<font color="#ffbf46">ඔබ ඇමතූ අංකය...</font>

933
00:58:36,220 --> 00:58:37,450
<font color="#ffbf46">කිම් යොන්ග් ජින්.</font>

934
00:58:38,290 --> 00:58:39,990
<font color="#ffbf46">කිම් යොන්ග් ජින්, කොහෙද ඉන්නේ?</font>

935
00:58:40,620 --> 00:58:41,820
<font color="#ffbf46">කිම් යොන්ග් ජින්!</font>

936
00:58:59,020 --> 00:59:00,390
<font color="#ffbf46">කොහොමද ඉතින්?</font>

937
00:59:33,790 --> 00:59:37,550
<font color="#db9809"><b>ටුමොරෝ විත් යූ</b></font>

938
00:59:38,290 --> 00:59:39,350
<font color="#ffbf46">උඹට අමතක වුණාද?</font>

939
00:59:39,390 --> 00:59:43,150
<font color="#ffbf46">උඹේ ගැනි. එයා සීතලෙ ගැහිලා මැරෙයි!</font>

940
00:59:43,150 --> 00:59:44,550
<font color="#ffbf46">ඔයා දැන් කොහෙද ඉන්නේ?</font>

941
00:59:45,050 --> 00:59:47,490
<font color="#ffbf46">ඔයා මා රින්ගේ තාත්තා නේද.</font>

942
00:59:47,950 --> 00:59:50,950
<font color="#ffbf46">මම කරන්න ගිය වැරැද්ද ආයේ වෙන්න දෙන්නේ නෑ.</font>

943
00:59:51,020 --> 00:59:53,850
<font color="#ffbf46">සෝ ජූන් එන්නේ නැති වෙයි.</font>

944
00:59:54,650 --> 00:59:56,750
<font color="#ffbf46">ඔයා කිව්වා නේද ඔයා හැමදේම දන්නවා කියලා.</font>

945
00:59:56,790 --> 00:59:59,450
<font color="#ffbf46">ඇයි ඔයා සෝ ජූන්ට උදව් කළේ නැත්තේ? ඇයි?</font>

946
01:00:00,290 --> 01:00:03,350
<font color="#ffbf46">අපේ මතකයන් ආයෙත් මතක් කරන ගමන්...</font>

947
01:00:04,120 --> 01:00:06,690
<font color="#ffbf46">ඔයාව ආයෙත් දකින්න හීන මවමින්,</font>

948
01:00:07,190 --> 01:00:08,850
<font color="#ffbf46">මම මෙතනට වෙලා ඔයා එනකම් ඉන්නවා.</font>

949
01:00:10,350 --> 01:00:11,550
<font color="#ffbf46">මම ඔයාට ආදරෙයි.</font>

950
01:00:11,574 --> 01:00:13,574
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

