1
00:01:23,581 --> 00:01:25,581
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:25,605 --> 00:01:27,605


3
00:01:27,629 --> 00:01:29,005
<font color="#ffde44">නීතිඥතුමා, මොකද මේ පැත්තේ?</font>

4
00:01:30,548 --> 00:01:31,883
<font color="#ffde44">ඇයි ඔයා මෙහෙ ආවේ?</font>

5
00:01:35,011 --> 00:01:36,513
<font color="#ffde44">මම දන්නේ නෑ.</font>

6
00:01:36,596 --> 00:01:40,725
<font color="#ffde44">මගේ කකුල් දෙක ගියපු දිහාට මම ගියා
අන්තිමට මෙතනට ආවා.</font>

7
00:01:43,978 --> 00:01:45,438
<font color="#ffde44">ඇයි ඔයා තාම…</font>

8
00:01:47,357 --> 00:01:48,942
<font color="#ffde44">අර සුරය පිච්චුවේ නැත්තේ?</font>

9
00:01:51,945 --> 00:01:53,238
<font color="#ffde44">මට හරියටම කියන්න බෑ.</font>

10
00:01:55,031 --> 00:01:56,282
<font color="#ffde44">සමහරවිට මට ඕන වෙන්න ඇති</font>

11
00:01:57,617 --> 00:02:00,745
<font color="#ffde44">ඒක නොපිච්චුවා කියන්න පොඩි හරි නිදහසට කරුණක් හොයාගන්න.</font>

12
00:02:04,207 --> 00:02:05,208
<font color="#ffde44">ඒත්…</font>

13
00:02:07,502 --> 00:02:09,546
<font color="#ffde44">අනිත් අය කියන දේවල් අහන්න අහන්න…</font>

14
00:02:12,173 --> 00:02:13,758
<font color="#ffde44">මගේ කලකිරීම තවත් වැඩි වුණා.</font>

15
00:02:19,013 --> 00:02:20,014
<font color="#ffde44">දැන්…</font>

16
00:02:21,182 --> 00:02:23,017
<font color="#ffde44">මම නිදහසට කරුණු හොයන එක නැවැත්තුවා.</font>

17
00:02:26,604 --> 00:02:28,064
<font color="#ffde44">අනිත් අය මොනවා කිව්වත්,</font>

18
00:02:29,107 --> 00:02:30,191
<font color="#ffde44">මම තීරණය කළා</font>

19
00:02:31,943 --> 00:02:33,528
<font color="#ffde44">විශ්වාස කරන්න…</font>

20
00:02:36,739 --> 00:02:38,324
<font color="#ffde44">මම ඔයා ගැන දන්න සහ මට මතක තියෙන දේවල්.</font>

21
00:02:47,083 --> 00:02:48,751
<font color="#ffde44">ඔයා ඉපදුණේ</font>

22
00:02:50,587 --> 00:02:51,921
<font color="#ffde44">1963 අගෝස්තු 15 වෙනිදා.</font>

23
00:02:53,840 --> 00:02:55,008
<font color="#ffde44">ඔයාගේ නම ෂින් ගි-ජුං.</font>

24
00:02:59,512 --> 00:03:00,513
<font color="#ffde44">ඔයා…</font>

25
00:03:05,143 --> 00:03:06,644
<font color="#ffde44">මගේ තාත්තා.</font>

26
00:03:20,617 --> 00:03:22,702
<font color="#ffde44">තාත්තේ!
සා-රං.</font>

27
00:03:25,121 --> 00:03:26,998
<font color="#ffde44">හරි. අපි බෝල් ගහමු, ඊ-රං.</font>

28
00:03:27,790 --> 00:03:29,042
<font color="#ffde44">හරිද?</font>

29
00:03:37,425 --> 00:03:38,551
<font color="#ffde44">තාත්තේ!</font>

30
00:04:23,304 --> 00:04:24,305
<font color="#ffde44">ඔයා…</font>

31
00:04:24,389 --> 00:04:25,390
<font color="#ffde44">තාත්තේ!</font>

32
00:04:37,402 --> 00:04:38,403
<font color="#ffde44">…මගේ පුතා…</font>

33
00:04:41,239 --> 00:04:42,573
<font color="#ffde44">ඊ-රං.</font>

34
00:04:45,868 --> 00:04:47,245
<font color="#ffde44">තාත්තේ…</font>

35
00:04:50,290 --> 00:04:51,332
<font color="#ffde44">ඊ-රං.</font>

36
00:05:33,541 --> 00:05:35,043
<font color="#ffde44">ඔයාගේ අත් ඉස්සර ගොඩක් පොඩියි.</font>

37
00:05:37,378 --> 00:05:38,755
<font color="#ffde44">දැන් ගොඩක් ලොකු වෙලා.</font>

38
00:05:46,345 --> 00:05:47,346
<font color="#ffde44">ඔයාගේ අම්මා…</font>

39
00:05:50,475 --> 00:05:51,476
<font color="#ffde44">හොඳින් ඉන්නවා නේද?</font>

40
00:05:55,271 --> 00:05:56,272
<font color="#ffde44">ඔව්, ඉන්නවා.</font>

41
00:06:00,234 --> 00:06:01,235
<font color="#ffde44">හොඳ සනීපෙන් ඉන්නවද?</font>

42
00:06:03,112 --> 00:06:05,239
<font color="#ffde44">ඔව්, එයා ගොඩක් හොඳ සනීපෙන් ඉන්නවා.</font>

43
00:06:07,241 --> 00:06:08,242
<font color="#ffde44">සා-රං කොහොමද?</font>

44
00:06:08,993 --> 00:06:09,994
<font color="#ffde44">ආ, ඔව්.</font>

45
00:06:10,787 --> 00:06:13,873
<font color="#ffde44">අර නීති සහකාරයා ඔයාට මස්සිනා කිව්වා.</font>

46
00:06:16,584 --> 00:06:18,169
<font color="#ffde44">එයා මගේ බෑණා වෙන්න ඇති.</font>

47
00:06:20,004 --> 00:06:21,005
<font color="#ffde44">ඔව්, ඒක හරි.</font>

48
00:06:22,048 --> 00:06:25,593
<font color="#ffde44">එයා ටිකක් විහිළුකාරයෙක් වගේම අමුතු කෙනෙක් වුණාට,</font>

49
00:06:26,385 --> 00:06:29,764
<font color="#ffde44">එයා ඇත්තටම...
හොඳ කෙනෙක්, මම දන්නවා. එයා හොඳ මනුස්සයෙක්.</font>

50
00:06:31,557 --> 00:06:33,142
<font color="#ffde44">මට එයා එක්ක කතා කරන්න හම්බවුණේ ටිකයි,</font>

51
00:06:34,727 --> 00:06:36,020
<font color="#ffde44">ඒත් මට ඒක ඉක්මනටම තේරුණා.</font>

52
00:06:49,492 --> 00:06:52,703
<font color="#ffde44">අම්මා වැඩ කරන්නේ මෙතනයි.</font>

53
00:06:53,287 --> 00:06:55,623
<font color="#ffde44">ඔයාගේ අම්මා මස් කඩයක්ද කරන්නේ?</font>

54
00:06:57,250 --> 00:06:58,251
<font color="#ffde44">ඔව්.</font>

55
00:06:58,876 --> 00:07:01,796
<font color="#ffde44">ඒකට එහා පැත්තෙන් තියෙන්නේ සා-රං කරන රෙස්ටුරන්ට් එක.</font>

56
00:07:02,797 --> 00:07:04,715
<font color="#ffde44">මේක නම් මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි.</font>

57
00:07:05,299 --> 00:07:08,678
<font color="#ffde44">මේක මේ පැත්තේ ගොඩක් ප්‍රසිද්ධයි.</font>

58
00:07:09,929 --> 00:07:11,097
<font color="#ffde44">එහෙමද.</font>

59
00:07:14,225 --> 00:07:15,685
<font color="#ffde44">අපි ඇතුළට යමු.</font>

60
00:07:16,269 --> 00:07:17,270
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

61
00:07:18,646 --> 00:07:21,232
<font color="#ffde44">ඔයා දැනට තනියම යන එක හොඳයි.</font>

62
00:07:22,525 --> 00:07:24,777
<font color="#ffde44">ඔයා මගේ ඇඟට ආරූඪ වෙලා හිටියොත් එයාලා භය වෙයි.</font>

63
00:07:25,778 --> 00:07:27,363
<font color="#ffde44">මම මගේ ඔෆිස් එකේ ඉන්නම්.</font>

64
00:07:28,823 --> 00:07:29,907
<font color="#ffde44">හරි.</font>

65
00:07:47,467 --> 00:07:49,760
<font color="#ffde44">ඔයාට ඔයා ගැනම විශ්වාසයක් නැති වෙලාවට,</font>

66
00:07:50,386 --> 00:07:53,723
<font color="#ffde44">ගැඹුරු හුස්මක් අරගෙන ඔයාට මේක කරන්න පුළුවන් කියලා හිතන්න.</font>

67
00:07:53,806 --> 00:07:56,309
<font color="#ffde44">ඒකෙන් ඔයාට ඇත්තම ධෛර්යයක් ලැබෙයි.</font>

68
00:08:24,587 --> 00:08:26,172
<font color="#ffde44">ඔයාට මං වෙනුවෙන් මේක කරන්න පුළුවන්ද?</font>

69
00:08:47,151 --> 00:08:48,277
<font color="#ffde44">මහත්තයෝ.</font>

70
00:09:21,185 --> 00:09:22,770
<font color="#ffde44">මේ තියෙන්නේ. රස විඳින්න.</font>

71
00:09:22,853 --> 00:09:24,564
<font color="#ffde44">ස්තූතියි.
ස්තූතියි.</font>

72
00:09:24,647 --> 00:09:25,648
<font color="#ffde44">ස්තූතියි.</font>

73
00:09:32,446 --> 00:09:34,574
<font color="#ffde44">ඔයා ඕඩර් කළේ ස්පයිසි පෝක් නේද?
ඔව්.</font>

74
00:09:35,616 --> 00:09:37,243
<font color="#ffde44">මේ තියෙන්නේ.</font>

75
00:09:37,326 --> 00:09:40,454
<font color="#ffde44">ඔයාගේ ස්පයිසි පෝක්. මේ තියෙන්නේ හොද්ද. පරිස්සමෙන්, ඒක රස්නෙයි.</font>

76
00:09:40,538 --> 00:09:43,040
<font color="#ffde44">මොනවා හරි ඕන නම් කියන්න.
තාත්තේ!</font>

77
00:09:43,833 --> 00:09:46,252
<font color="#ffde44">මට අයිස්ක්‍රීම් ඕනේ.</font>

78
00:09:46,335 --> 00:09:47,753
<font color="#ffde44">"තාත්තේ"?
මට අයිස්ක්‍රීම් අරන් දෙන්න.</font>

79
00:09:47,837 --> 00:09:49,171
<font color="#ffde44">අයිස්ක්‍රීම්?</font>

80
00:09:49,797 --> 00:09:54,635
<font color="#ffde44">ඔයා කලින් චිප්ස් කෑවනේ.
අයිස්ක්‍රීම් හෙට කමු, දා-බොං.</font>

81
00:09:54,719 --> 00:09:57,972
<font color="#ffde44">ඔයා මගේ මිනිබිරී වෙන්න ඇති.
අයිස්ක්‍රීම් සහ චිප්ස් කියන්නේ දෙකක්.</font>

82
00:09:58,514 --> 00:10:00,308
<font color="#ffde44">ඔව්, මම දන්නවා.
දා-බොං...</font>

83
00:10:00,391 --> 00:10:04,270
<font color="#ffde44">මම දන්නවා, ඒත් ඔයාගේ අම්මා දන්නේ නෑ.
හරිම ලස්සන නමක්.</font>

84
00:10:04,353 --> 00:10:06,856
<font color="#ffde44">හ්ම්. මම ඔයාට තරහයි අම්මේ!</font>

85
00:10:06,939 --> 00:10:08,399
<font color="#ffde44">මමත් ඔයාට තරහයි!</font>

86
00:10:08,482 --> 00:10:09,984
<font color="#ffde44">දා-බොං.</font>

87
00:10:12,194 --> 00:10:15,364
<font color="#ffde44">ඔයාගේ තාත්තට කතා කරන විදිය හදාගන්න.</font>

88
00:10:17,533 --> 00:10:18,576
<font color="#ffde44">සා-රං?</font>

89
00:10:22,204 --> 00:10:23,205
<font color="#ffde44">මගේ දුව...</font>

90
00:10:25,750 --> 00:10:27,043
<font color="#ffde44">මගේ රත්තරන්, සා-රං.</font>

91
00:10:36,469 --> 00:10:37,845
<font color="#ffde44">සාදරයෙන් පිළිගන්නවා.</font>

92
00:10:40,514 --> 00:10:43,684
<font color="#ffde44">දා-බොං, අපි පස්සේ කතා කරමු.</font>

93
00:10:44,310 --> 00:10:46,687
<font color="#ffde44">බෑ.
බෑ කියන්නේ මොකක්ද?</font>

94
00:10:48,397 --> 00:10:50,274
<font color="#ffde44">ඔයා හොඳින් හිටියද නැත්තං දඟ වැඩ කළාද?</font>

95
00:10:50,358 --> 00:10:52,735
<font color="#ffde44">පෝක් බෙලි ද මහත්මයා? හරි.
මම දඟ වැඩ කළා.</font>

96
00:11:03,079 --> 00:11:04,205
<font color="#ffde44">ඊ-රං.</font>

97
00:11:06,374 --> 00:11:08,376
<font color="#ffde44">ඔයාට මගෙන් අහන්න
ප්‍රශ්න ගොඩක් ඇති.</font>

98
00:11:09,835 --> 00:11:10,836
<font color="#ffde44">මොනවා?</font>

99
00:11:10,920 --> 00:11:13,756
<font color="#ffde44">ඔයා කිව්වා මම මිනිස්සුන්ව රැවැට්ටුවා කියලා.</font>

100
00:11:17,134 --> 00:11:18,135
<font color="#ffde44">ඒ වගේම…</font>

101
00:11:19,428 --> 00:11:22,390
<font color="#ffde44">ඔයා කිව්වා ලැජ්ජාව නිසා මට ආයේ මැරෙන්න හිතෙයි කියලා</font>

102
00:11:23,182 --> 00:11:24,642
<font color="#ffde44">මම කවුද කියලා ඔයා කිව්වොත්.</font>

103
00:11:26,477 --> 00:11:30,398
<font color="#ffde44">ඇයි ඔයා එහෙම දෙයක් කිව්වේ කියලා මට කියන්න පුළුවන්ද?</font>

104
00:11:32,483 --> 00:11:34,443
<font color="#ffde44">මට ඇත්තටම මතක නෑ</font>

105
00:11:35,403 --> 00:11:36,946
<font color="#ffde44">මගේ අන්තිම මොහොත.</font>

106
00:11:38,823 --> 00:11:41,033
<font color="#ffde44">ඒ වගේම මම කොහොමද මැරුණේ කියලත් මතක නෑ.</font>

107
00:11:42,159 --> 00:11:43,744
<font color="#ffde44">මට මතක තියෙන දේ තමයි</font>

108
00:11:44,286 --> 00:11:47,790
<font color="#ffde44">මම ගියේ ගොඩක් වැදගත් සාක්ෂි වගයක් එකතු කරගන්න</font>

109
00:11:48,624 --> 00:11:51,335
<font color="#ffde44">එදා යූන් මහත්මයාගේ නඩුවට.</font>

110
00:11:56,674 --> 00:11:58,092
<font color="#ffde44">ළඟා වෙන්න තව විනාඩි තුනක් තියෙනවා.</font>

111
00:12:22,783 --> 00:12:23,951
<font color="#ffde44">මට හරියටම මතක නෑ</font>

112
00:12:25,703 --> 00:12:26,912
<font color="#ffde44">ඊට පස්සේ මොකද වුණේ කියලා.</font>

113
00:12:28,539 --> 00:12:30,124
<font color="#ffde44">අනතුරක් වුණා.</font>

114
00:12:40,759 --> 00:12:42,511
<font color="#ffde44">ඔයාව හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනිච්චා,</font>

115
00:12:44,221 --> 00:12:45,890
<font color="#ffde44">ඒත් ඔයා නැතිවුණා</font>

116
00:12:47,475 --> 00:12:49,018
<font color="#ffde44">අපි එතනට එන්න කලින්.</font>

117
00:12:52,188 --> 00:12:53,189
<font color="#ffde44">ඉතින්…</font>

118
00:12:57,234 --> 00:12:58,277
<font color="#ffde44">මට…</font>

119
00:13:01,447 --> 00:13:03,866
<font color="#ffde44">ඔයාගේ පැත්තේ කතාව අහන්න ඕනේ,</font>

120
00:13:05,576 --> 00:13:08,829
<font color="#ffde44">අනිත් අය ඔයා ගැන කියන දේවල් නෙවෙයි.</font>

121
00:13:23,802 --> 00:13:25,596
<font color="#ffde44">මම දන්න දේ…</font>

122
00:13:29,141 --> 00:13:30,267
<font color="#ffde44">හරි.</font>

123
00:13:39,985 --> 00:13:44,532
<font color="#ffde44">මට යූන් මහත්මයාව මුලින්ම හම්බවුණේ
ඉස්කෝලේ ප්‍රචණ්ඩත්වයට අදාළ නඩුවක් නිසා.</font>

124
00:13:45,407 --> 00:13:48,619
<font color="#ffde44">ගොඩක් මිනිස්සු කියන්න ගත්ත නිසා
සමාජය තුළ ලොකු කෝපයක් ඇතිවෙලා තිබුණා</font>

125
00:13:48,702 --> 00:13:51,288
<font color="#ffde44">ගුරුවරයා දරුණු විදියට දඬුවම් කරලා
ළමයෙකුගේ ජීවිතේ විනාශ කළා කියලා.</font>

126
00:13:51,372 --> 00:13:53,249
<font color="#ffde44">ඒත් අපි මුලින්ම හම්බවුණාම,</font>

127
00:13:55,167 --> 00:13:57,878
<font color="#ffde44">යූන් මහත්මයා ඒ ගැන ස්ථිරව හිටියා.</font>

128
00:13:58,963 --> 00:14:03,884
<font color="#ffde44">ගුරුවරයෙක් ළමයින්ට තමන්ගේ වැරදි වලට වගකියන්න උගන්වන්න ඕනේ.</font>

129
00:14:05,135 --> 00:14:06,303
<font color="#ffde44">එහෙමද.</font>

130
00:14:06,387 --> 00:14:07,388
<font color="#ffde44">විමර්ශන වාර්තාව</font>

131
00:14:10,933 --> 00:14:11,934
<font color="#ffde44">ප්‍රශ්න කිරීමේ වාර්තාව</font>

132
00:14:16,647 --> 00:14:17,940
<font color="#ffde44">නෙරපා හැරීම ක්‍රියාත්මක කරන ලදී</font>

133
00:14:19,066 --> 00:14:20,526
<font color="#ffde44">අපරාධ සහ විමර්ශන වාර්තා</font>

134
00:14:21,110 --> 00:14:23,028
<font color="#ffde44">ඇත්ත විමර්ශනයේදී,</font>

135
00:14:23,112 --> 00:14:26,282
<font color="#ffde44">ඒ හිරිහැර කරපු අයට ගුරුවරයා දීපු
තීරණය සාධාරණයි කියලා ඔප්පු වුණා.</font>

136
00:14:32,329 --> 00:14:34,623
<font color="#ffde44">නෑ!
මළකෙළියයි, මේක මාර ගඳයිනේ.</font>

137
00:14:34,707 --> 00:14:38,168
<font color="#ffde44">17 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම, එනම් යහපත්
හැසිරීමක් පවත්වා ගැනීමේ යුතුකම කඩකිරීම නිසා,</font>

138
00:14:38,252 --> 00:14:39,378
<font color="#ffde44">මම ඔයාව ඉස්කෝලෙන් අස් කරනවා.</font>

139
00:14:39,461 --> 00:14:41,297
<font color="#ffde44">මොකක්? ඉස්කෝලෙන් අස් කරනවා?
ඒක මගේ...</font>

140
00:14:41,380 --> 00:14:42,381
<font color="#ffde44">මම කිව්වානේ ඒක මගේ වැරැද්ද නෙවෙයි කියලා.</font>

141
00:14:44,341 --> 00:14:46,260
<font color="#ffde44">ඒකේ නීත්‍යානුකූලව කිසිම වැරැද්දකුත් තිබුණේ නෑ.</font>

142
00:14:46,886 --> 00:14:49,597
<font color="#ffde44">සැක කිරීමට පදනමක් නැත</font>

143
00:14:49,680 --> 00:14:52,641
<font color="#ffde44">ඒ නිසා, මම තීරණය කළා එයාට විරුද්ධව නඩු පවරන්නේ නෑ කියලා</font>

144
00:14:52,725 --> 00:14:54,852
<font color="#ffde44">ඒ වගේම හිතුවා නඩුව ඉවරයි කියලා.</font>

145
00:14:55,853 --> 00:14:57,229
<font color="#ffde44">මැයි 12
යූන් දේ-මියොං</font>

146
00:14:58,063 --> 00:15:00,149
<font color="#ffde44">"යූන් දේ-මියොං"?</font>

147
00:15:00,232 --> 00:15:04,612
<font color="#ffde44">ඒත් දවස් කීපයකට පස්සේ,</font>

148
00:15:05,362 --> 00:15:10,117
<font color="#ffde44">යූන් මහත්මයාට විරුද්ධව නඩු සහ පැමිණිලි
ගොඩක් එන්න පටන් ගත්තා.</font>

149
00:15:10,826 --> 00:15:13,037
<font color="#ffde44">පැමිණිලි කරලා තිබුණේ දෙමව්පියන්, සහෝදර ගුරුවරුන්,
සහ පිටින් ආපු අය.</font>

150
00:15:13,120 --> 00:15:16,874
<font color="#ffde44">ඒ නඩු ඔක්කොම එකිනෙකට වෙනස්.</font>

151
00:15:17,583 --> 00:15:20,628
<font color="#ffde44">යූන් මහත්මයා මගේ දුවව ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කළා.</font>

152
00:15:20,711 --> 00:15:23,923
<font color="#ffde44">ඒක එයාගේ මනසට ලොකු බලපෑමක් වුණා.</font>

153
00:15:24,006 --> 00:15:27,176
<font color="#ffde44">කටකතා තිබුණා එයා ගෑණු ළමයින්ව අල්ලනවා කියලා.</font>

154
00:15:27,259 --> 00:15:29,929
<font color="#ffde44">උපදේශනයට කියලා කතා කරලා
එයා හොරෙන්ම එයාලව අල්ලනවා.</font>

155
00:15:30,012 --> 00:15:32,848
<font color="#ffde44">කටකතාවක් තියෙනවා එයා දෙමව්පියන්ගෙන් අල්ලස් ගන්නවා කියලා</font>

156
00:15:32,932 --> 00:15:35,893
<font color="#ffde44">ඒ වගේම පාසලේ සල්ලි පෞද්ගලික වැඩ වලට ගන්නවා කියලත්.</font>

157
00:15:39,772 --> 00:15:41,482
<font color="#ffde44">ඒකෙන් පේනවා එයාට සදාචාරයක් නෑ කියලා.</font>

158
00:15:41,565 --> 00:15:44,401
<font color="#ffde44">ඒ පැමිණිලි ලැබුණාට පස්සේ,</font>

159
00:15:44,485 --> 00:15:45,861
<font color="#ffde44">රජයේ නීතිඥයෙක් විදියට මට ඒ ගැන හොයලා බලනවා ඇරෙන්න
වෙන විකල්පයක් තිබුණේ නෑ.</font>

160
00:15:45,945 --> 00:15:48,489
<font color="#ffde44">මගේ නිගමනය වුණේ</font>

161
00:15:49,448 --> 00:15:51,241
<font color="#ffde44">යූන් මහත්මයා සදාචාර සම්පන්න</font>

162
00:15:51,825 --> 00:15:52,910
<font color="#ffde44">සහ අවංක කෙනෙක් කියන එකයි.</font>

163
00:15:53,494 --> 00:15:56,664
<font color="#ffde44">ප්‍රශ්නේ වුණේ</font>

164
00:15:58,749 --> 00:16:00,960
<font color="#ffde44">එයා වගේ කෙනෙක්...</font>

165
00:16:02,753 --> 00:16:04,213
<font color="#ffde44">සමහර අයට ඇහේ කටුවක් වගේ වෙන්න පුළුවන් කමයි.</font>

166
00:16:07,341 --> 00:16:09,385
<font color="#ffde44">ඇහේ කටුවක්?</font>

167
00:16:09,468 --> 00:16:15,015
<font color="#ffde44">මට හිතුණා මේ එක දිගට එන පැමිණිලි</font>

168
00:16:16,350 --> 00:16:19,061
<font color="#ffde44">නිකම්ම වැරදීමක් හරි තරහක් හරි නිසා වෙන දෙයක් නෙවෙයි,</font>

169
00:16:20,521 --> 00:16:24,483
<font color="#ffde44">යූන් මහත්මයාව වට්ටන්න හිතාමතාම කරන වැඩක් කියලා.</font>

170
00:16:26,151 --> 00:16:28,320
<font color="#ffde44">නීතිය කපටි විදියට පාවිච්චි කරන අයගේ නොපසුබට උත්සාහය ගැන
මම දැනගෙන හිටියා,</font>

171
00:16:29,154 --> 00:16:30,155
<font color="#ffde44">ඒ නිසා මම එයාට පරිස්සමෙන් උපදෙසක් දුන්නා.</font>

172
00:16:31,448 --> 00:16:32,449
<font color="#ffde44">යූන් මහත්මයා.</font>

173
00:16:34,201 --> 00:16:37,663
<font color="#ffde44">ඔයා…</font>

174
00:16:41,041 --> 00:16:43,377
<font color="#ffde44">කාත් එක්ක හරි ප්‍රශ්නයක් දාගෙනද ඉන්නේ?</font>

175
00:16:44,628 --> 00:16:45,879
<font color="#ffde44">සමහරු මට කැමති නැතුව ඇති.</font>

176
00:16:47,047 --> 00:16:50,134
<font color="#ffde44">ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ</font>

177
00:16:53,512 --> 00:16:55,222
<font color="#ffde44">මම කරන්න ඕන දේ කරන එක නවත්තන්න ඕන කියලා.</font>

178
00:16:56,473 --> 00:17:00,853
<font color="#ffde44">ගෞරවයෙන් කියන්නේ,</font>

179
00:17:01,770 --> 00:17:05,315
<font color="#ffde44">ඇයි ඔයා වටේ ඉන්න අය එක්ක තියෙන සම්බන්ධකම් ගැන
ආයෙත් සැරයක් හිතලා බලන්නේ නැත්තේ?</font>

180
00:17:05,399 --> 00:17:09,653
<font color="#ffde44">ඔයා කාත් එක්ක හරි ප්‍රශ්නයක් දාගෙන ඉන්නවා නම්,</font>

181
00:17:13,407 --> 00:17:14,742
<font color="#ffde44">ඒක සාමකාමීව විසඳගන්න එක හොඳයි.</font>

182
00:17:16,535 --> 00:17:18,620
<font color="#ffde44">ඊටපස්සේ…</font>

183
00:17:19,496 --> 00:17:21,623
<font color="#ffde44">ඒකට මාස තුනක් විතර ගියා.</font>

184
00:17:28,630 --> 00:17:29,631
<font color="#ffde44">මට යූන් මහත්මයාගෙන් කෝල් එකක් ආවා.</font>

185
00:17:30,132 --> 00:17:32,926
<font color="#ffde44">හලෝ?</font>

186
00:17:34,344 --> 00:17:39,266
<font color="#ffde44">නීතිඥ ෂින්, මම ඒක හොයාගත්තා.</font>

187
00:17:46,732 --> 00:17:50,569
<font color="#ffde44">එයා නිසා අසාධාරණයක් වුණා කියලා හිතෙන අයව
එයා බලන්න යන්න ඇති.</font>

188
00:18:09,713 --> 00:18:14,051
<font color="#ffde44">එයා මුලින්ම ගියේ
අර හිරිහැර කරපු ළමයාගේ ගෙදරට.</font>

189
00:18:14,635 --> 00:18:17,679
<font color="#ffde44">එහේදී, එයා නොහිතපු විදියට දැක්කා
ඒ ළමයාගේ තාත්තා</font>

190
00:18:20,015 --> 00:18:21,975
<font color="#ffde44">නීතිපති කාර්යාලයේදී එයා දැකලා තියෙන
රජයේ නීතිඥයෙක් එක්ක ඉන්නවා.</font>

191
00:18:22,059 --> 00:18:26,188
<font color="#ffde44">රජයේ නීතිඥයෙක්?</font>

192
00:18:26,271 --> 00:18:28,607
<font color="#ffde44">එයා නීතිපති කාර්යාලයට නිතර යන නිසා ඔහුව දැකලා තිබුණේ
කිහිප වතාවක් විතරයි.</font>

193
00:18:30,234 --> 00:18:32,569
<font color="#ffde44">එයා ඔහුගේ නමවත් අංශයවත් දැනගෙන හිටියේ නෑ.</font>

194
00:18:32,653 --> 00:18:34,530
<font color="#ffde44">එයාට ඕන වෙලා තිබුණා ඒ ගැන මගෙන් අහන්න,</font>

195
00:18:35,489 --> 00:18:37,491
<font color="#ffde44">ඒත් ඊටපස්සේ එයාට හිතුණා ඒක අවුල් වෙයි කියලා</font>

196
00:18:38,617 --> 00:18:43,205
<font color="#ffde44">ඒ ඔක්කොම වැරදීමක් වුණොත්.</font>

197
00:18:49,545 --> 00:18:50,754
<font color="#ffde44">ඒ නිසා, එයා ඒ ගැන හොඳට හොයලා බලන්න
වෙන විදියක් පාවිච්චි කළා.</font>

198
00:18:50,838 --> 00:18:54,216
<font color="#ffde44">හලෝ?</font>

199
00:18:54,883 --> 00:18:56,510
<font color="#ffde44">නීතිඥ ෂින්, මම ඒක හොයාගත්තා.</font>

200
00:18:56,593 --> 00:18:58,887
<font color="#ffde44">ඒ කිව්වේ මොකක්ද?</font>

201
00:18:59,847 --> 00:19:03,350
<font color="#ffde44">මම එයාලගේ කතාව රෙකෝඩ් කරගත්තා.</font>

202
00:19:04,351 --> 00:19:06,770
<font color="#ffde44">මොනවා හරි වුණොත් කියලා මම රෙකෝඩර් එක හැංගුවා.</font>

203
00:19:07,437 --> 00:19:08,438
<font color="#ffde44">මට විශ්වාස කරන්න පුළුවන් ඔයාව විතරයි.</font>

204
00:19:09,314 --> 00:19:11,358
<font color="#ffde44">කරුණාකරලා,</font>

205
00:19:13,527 --> 00:19:14,903
<font color="#ffde44">ඇත්ත ලෝකෙට ගේන්න.</font>

206
00:19:22,369 --> 00:19:23,370
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, යූන් මහත්මයා.</font>

207
00:19:28,750 --> 00:19:29,751
<font color="#ffde44">ඔව්.</font>

208
00:19:30,586 --> 00:19:31,920
<font color="#ffde44">හරි.</font>

209
00:19:32,754 --> 00:19:33,797
<font color="#ffde44">මම දැන් එන ගමන් ඉන්නේ.</font>

210
00:19:36,216 --> 00:19:39,261
<font color="#ffde44">ඊටපස්සේ…</font>

211
00:19:40,345 --> 00:19:42,139
<font color="#ffde44">මගේ මතකය එතනින් ඉවර වෙනවා</font>

212
00:19:46,560 --> 00:19:47,561
<font color="#ffde44">මම ඒ රෙකෝඩර් එක ගන්න ගියාට පස්සේ.</font>

213
00:19:49,479 --> 00:19:50,772
<font color="#ffde44">එදා,</font>

214
00:19:51,857 --> 00:19:53,692
<font color="#ffde44">යූන් මහත්මයා</font>

215
00:19:54,318 --> 00:19:55,319
<font color="#ffde44">සියදිවි නසාගෙන කියලා දැනගන්න ලැබුණා.</font>

216
00:19:56,987 --> 00:19:58,197
<font color="#ffde44">මොකක්?</font>

217
00:19:59,865 --> 00:20:02,117
<font color="#ffde44">ඒක නම් විකාරයක්.</font>

218
00:20:03,952 --> 00:20:07,915
<font color="#ffde44">අපි අන්තිමට කතා කරපු වෙලාවේ,</font>

219
00:20:09,374 --> 00:20:10,375
<font color="#ffde44">එයාගේ බොරු චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා
එයා ලොකු බලාපොරොත්තුවකින් හිටියේ.</font>

220
00:20:20,093 --> 00:20:21,094
<font color="#ffde44">ඒත් එයා සියදිවි නසා ගත්තා?</font>

221
00:20:22,512 --> 00:20:26,183
<font color="#ffde44">මම…</font>

222
00:20:29,978 --> 00:20:30,979
<font color="#ffde44">මැරුණේ යූන් මහත්මයා මැරුණ දවසෙමද?</font>

223
00:20:33,023 --> 00:20:36,610
<font color="#ffde44">ඔව්.</font>

224
00:20:38,195 --> 00:20:41,365
<font color="#ffde44">ඒ වගේම ඔයාගේ ඇඟේ මත්ද්‍රව්‍ය තිබිලා අහුවුණා.</font>

225
00:20:41,949 --> 00:20:42,950
<font color="#ffde44">ඔයාගේ කබඩ් එක ඇතුළේ
දූෂණ වලට අදාළ සාක්ෂි පිරිලා තිබුණා.</font>

226
00:20:44,701 --> 00:20:46,536
<font color="#ffde44">මත්ද්‍රව්‍ය</font>

227
00:20:47,955 --> 00:20:49,998
<font color="#ffde44">සහ දූෂණ වලට අදාළ සාක්ෂි?</font>

228
00:20:50,082 --> 00:20:51,208
<font color="#ffde44">මට තේරෙන්නේ නෑ.</font>

229
00:20:52,417 --> 00:20:56,672
<font color="#ffde44">මිනිස්සු හිතුවේ</font>

230
00:20:57,297 --> 00:20:59,591
<font color="#ffde44">ඔයා කාගෙන් හරි අල්ලස් අරගෙන
ඔයාගේ රජයේ නීතිඥ කම පාවිච්චි කළා කියලා</font>

231
00:21:00,509 --> 00:21:01,635
<font color="#ffde44">යූන් මහත්මයාට දිගින් දිගටම වධ දෙන්න,</font>

232
00:21:02,552 --> 00:21:04,763
<font color="#ffde44">ඒ නිසා</font>

233
00:21:04,846 --> 00:21:07,266
<font color="#ffde44">යූන් මහත්මයා සියදිවි නසා ගත්තා කියලා.</font>

234
00:21:13,105 --> 00:21:15,107
<font color="#ffde44">ඔයා මේ මොනවා ගැනද කියන්නේ? ඒක විහිළුවක්!</font>

235
00:21:15,732 --> 00:21:18,819
<font color="#ffde44">ඒක ඇත්තක් නෙවෙයි.</font>

236
00:21:18,902 --> 00:21:20,195
<font color="#ffde44">ඊ-රං, ඒ කිසිම දෙයක තේරුමක් නෑ.</font>

237
00:21:21,571 --> 00:21:23,156
<font color="#ffde44">මට සමාවෙන්න, තාත්තේ.</font>

238
00:21:24,199 --> 00:21:25,659
<font color="#ffde44">මමත් හිතුවේ</font>

239
00:21:27,369 --> 00:21:30,747
<font color="#ffde44">අනිත් හැමෝම වගේමයි.</font>

240
00:21:32,541 --> 00:21:34,876
<font color="#ffde44">මට ඕන වුණා ඊට වඩා වෙනස් දෙයක් විශ්වාස කරන්න,</font>

241
00:21:36,712 --> 00:21:38,338
<font color="#ffde44">ඒත් මුළු ලෝකෙම වැරදිකාරයා කරපු</font>

242
00:21:39,881 --> 00:21:42,592
<font color="#ffde44">ඒ දූෂිත නීතිඥයාට මමත් බැනලා වෛර කළා.</font>

243
00:21:42,676 --> 00:21:44,469
<font color="#ffde44">ඒකයි මම ඔයාට එච්චර දරුණු විදියට සැලකුවේ</font>

244
00:21:46,763 --> 00:21:47,764
<font color="#ffde44">ඔයා මගේ ඉස්සරහට ආවාම.</font>

245
00:21:54,646 --> 00:21:55,814
<font color="#ffde44">එහෙමද.</font>

246
00:21:57,232 --> 00:21:58,775
<font color="#ffde44">ඒත් අන්තිමට,</font>

247
00:22:01,028 --> 00:22:02,988
<font color="#ffde44">ඔයා මාව විශ්වාස කරන්න තීරණය කළා.</font>

248
00:22:06,199 --> 00:22:07,200
<font color="#ffde44">මාව විශ්වාස කරන එකම කෙනා.</font>

249
00:22:08,201 --> 00:22:09,995
<font color="#ffde44">ඔව්, ඒක.</font>

250
00:22:14,124 --> 00:22:15,542
<font color="#ffde44">මට ඕනෙත් එච්චරයි.</font>

251
00:22:17,586 --> 00:22:19,046
<font color="#ffde44">ඔයා ගැන මට මතක තිබුණ දේ…</font>

252
00:22:26,720 --> 00:22:27,763
<font color="#ffde44">හරි.
මෙතැන් ඉඳන්,</font>

253
00:22:28,513 --> 00:22:29,598
<font color="#ffde44">අපි හැමදේම හරියට විසඳමු.</font>

254
00:22:32,225 --> 00:22:33,435
<font color="#ffde44">මම ඒක ඔයා වෙනුවෙන් කරන්නම්.</font>

255
00:22:36,104 --> 00:22:37,355
<font color="#ffde44">ස්තූතියි.</font>

256
00:23:08,720 --> 00:23:10,347
<font color="#ffde44">මට තාත්තට දෙයක් කියන්න තියෙනවා.</font>

257
00:23:12,057 --> 00:23:13,100
<font color="#ffde44">ඔතනින් වාඩි වෙන්න.</font>

258
00:23:25,028 --> 00:23:27,572
<font color="#ffde44">මම දැන් ශාමන්ව හම්බවුණා.</font>

259
00:23:30,033 --> 00:23:31,409
<font color="#ffde44">ෂින් ඊ-රැන්ග්ගේ තාත්තා.</font>

260
00:23:32,577 --> 00:23:36,456
<font color="#ffde44">ඇයි ඔයා එයා ගැන වද වෙන්නේ?
ෂින් ගි-ජුන්ග් මැරිලා දැන් අවුරුදු 20ක් වෙනවා.</font>

261
00:23:39,876 --> 00:23:42,254
<font color="#ffde44">අපි හිතමුකෝ ෂින් ඊ-රැන්ග්ට
එයාගේ තාත්තගේ ආත්මය පේනවා කියලා.</font>

262
00:23:42,337 --> 00:23:43,922
<font color="#ffde44">ඒත් ඒක ඔයාට අදාළ වෙන්නේ කොහොමද?</font>

263
00:23:44,714 --> 00:23:46,508
<font color="#ffde44">ඇයි ඔයා ඒ ගැන ඔච්චර වද වෙන්නේ</font>

264
00:23:47,217 --> 00:23:48,844
<font color="#ffde44">ශාමන්ව මේ ගොඩනැගිල්ලේ හිර කරගෙන ඉන්න තරමටම?</font>

265
00:23:49,386 --> 00:23:52,639
<font color="#ffde44">මම හිතුවේ නෑ ඔයා ඔය හැමදේම හොයාගනීවි කියලා.</font>

266
00:23:53,140 --> 00:23:54,141
<font color="#ffde44">හොඳ වැඩක්.</font>

267
00:23:54,933 --> 00:23:56,226
<font color="#ffde44">තාත්තේ.</font>

268
00:23:59,229 --> 00:24:02,149
<font color="#ffde44">ෂින් ගි-ජුන්ග් කියන්නේ මට කෙලින්ම යටතේ හිටිය නිලධාරියා.</font>

269
00:24:04,401 --> 00:24:07,737
<font color="#ffde44">එයා අසමසම උනන්දුවක් තිබ්බ
දක්ෂ රජයේ නීතිඥයෙක්</font>

270
00:24:07,821 --> 00:24:10,657
<font color="#ffde44">ඒ වගේම හැම නඩුවක් ගැනම එයාට ගැඹුරු අවබෝධයක් තිබුණා.</font>

271
00:24:16,079 --> 00:24:17,080
<font color="#ffde44">හලෝ?</font>

272
00:24:17,164 --> 00:24:18,331
<font color="#ffde44">බ්යුන්ග්-ඉල්.</font>

273
00:24:18,415 --> 00:24:19,708
<font color="#ffde44">මට හිතුණ දේ හරි.</font>

274
00:24:21,668 --> 00:24:24,045
<font color="#ffde44">මොකක්ද කාරණාව?
ඔහොම කලබල වෙන එක ඔයාගේ හැටියක් නෙවෙයිනේ.</font>

275
00:24:24,129 --> 00:24:28,008
<font color="#ffde44">මම ඔයාට කිව්වනේ මොකක් හරි බලවේගයකින්
යූන් මහත්තයාට ඕනෑකමින්ම කරදර කරනවා කියලා.</font>

276
00:24:30,051 --> 00:24:31,178
<font color="#ffde44">ඒක කරලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයෙක්.</font>

277
00:24:33,513 --> 00:24:34,723
<font color="#ffde44">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

278
00:24:34,806 --> 00:24:37,934
<font color="#ffde44">අර හිරිහැර කරපු ළමයාගේ තාත්තගෙන්
රජයේ නීතිඥයෙක් අල්ලස් අරගෙන</font>

279
00:24:38,018 --> 00:24:39,853
<font color="#ffde44">යූන් මහත්තයාව විමර්ශනයක් සඳහා ඉලක්ක කරලා තියෙනවා.</font>

280
00:24:41,104 --> 00:24:42,981
<font color="#ffde44">මොනවා... ඔයාට මේ ගැන විශ්වාසද?</font>

281
00:24:43,773 --> 00:24:45,734
<font color="#ffde44">කලබල වෙලා වැඩ කළොත්</font>

282
00:24:45,817 --> 00:24:48,528
<font color="#ffde44">ඔයාට තොරතුරු හෙළි කරන්නෙක් විදිහට
ලේබල් වෙලා කරදරේ වැටෙන්න වෙයි.</font>

283
00:24:48,612 --> 00:24:50,947
<font color="#ffde44">ඒ නිසා මම ඒක ආයෙත් පරීක්ෂා කරලා බලන්නයි යන්නේ.</font>

284
00:24:51,781 --> 00:24:54,743
<font color="#ffde44">යූන් මහත්තයා මට කිව්වා
එයා ඒ රෙකෝඩ් කරපු සාක්ෂි හැංගුවේ කොහෙද කියලා.</font>

285
00:24:55,410 --> 00:24:57,662
<font color="#ffde44">මම මේ ඒක ගන්න යන ගමන්.</font>

286
00:24:58,246 --> 00:24:59,331
<font color="#ffde44">ගි-ජුන්ග්.</font>

287
00:24:59,915 --> 00:25:01,416
<font color="#ffde44">පරිස්සමෙන්.</font>

288
00:25:01,499 --> 00:25:02,500
<font color="#ffde44">අනිවාර්යයෙන්ම, මම පරිස්සම් වෙන්නම්.</font>

289
00:25:02,584 --> 00:25:05,545
<font color="#ffde44">කලබල වෙන්න එපා.
මම ආවම ඔයාට ආයෙත් කතා කරන්නම්.</font>

290
00:25:06,546 --> 00:25:09,507
<font color="#ffde44">ඒත් ඊට පස්සේ මට එයාගෙන් කිසිම ආරංචියක් ලැබුණේ නෑ.</font>

291
00:25:11,301 --> 00:25:15,096
<font color="#ffde44">එදා රෑ මට ආරංචි වුණා
ගි-ජුන්ග් සහ යූන් මහත්තයා මැරිලා කියලා.</font>

292
00:25:16,514 --> 00:25:17,515
<font color="#ffde44">ඉතින් මොකක්ද?</font>

293
00:25:17,599 --> 00:25:18,725
<font color="#ffde44">ෂින් ගි-ජුන්ග් තමයි</font>

294
00:25:20,060 --> 00:25:22,687
<font color="#ffde44">රෙකෝඩරය තියෙන තැන දන්න
එකම කෙනා.</font>

295
00:25:22,771 --> 00:25:24,940
<font color="#ffde44">ඇයි ඔයා මේ රෙකෝඩරය ගැන
ඔච්චර වද වෙන්නේ?</font>

296
00:25:29,653 --> 00:25:33,323
<font color="#ffde44">යූන් දේ-ම්යොන්ග්ට කරදර කරපු
ප්‍රධාන රජයේ නීතිඥයා මමයි</font>

297
00:25:34,407 --> 00:25:35,992
<font color="#ffde44">අර හිරිහැර කරපු ළමයාගේ තාත්තගේ ඉල්ලීමට.</font>

298
00:25:37,535 --> 00:25:38,536
<font color="#ffde44">මොකක්?</font>

299
00:25:49,381 --> 00:25:50,382
<font color="#ffde44">ඇයි, තාත්තේ?</font>

300
00:25:50,465 --> 00:25:51,758
<font color="#ffde44">මම එහෙම කළේ බේරෙන්න.</font>

301
00:25:55,470 --> 00:25:58,139
<font color="#ffde44">ඒ කාලේ, මගේ තනතුර අනතුරේ තිබුණේ</font>

302
00:25:58,223 --> 00:26:00,976
<font color="#ffde44">මම වැඩ කරපු ප්‍රධාන නීතිඥයාව අයින් කළාට පස්සේ.</font>

303
00:26:02,477 --> 00:26:05,772
<font color="#ffde44">අන්න ඒ වෙලාවේ තමයි මට යෝජනාවක් ආවේ.</font>

304
00:26:05,855 --> 00:26:09,609
<font color="#ffde44">දේහුන් නීති සමාගම</font>

305
00:26:09,693 --> 00:26:12,487
<font color="#ffde44">මට ආරංචි වුණා ඔයා සම්බන්ධ වෙන්න
නීති සමාගමක් හොයනවා කියලා.</font>

306
00:26:14,948 --> 00:26:18,201
<font color="#ffde44">ඔයා මගේ දුවගේ නඩුව
සද්ද නැතුව බලාගත්තොත්,</font>

307
00:26:19,035 --> 00:26:21,830
<font color="#ffde44">මම ඔයාව විශේෂ වරප්‍රසාද සහිතව
බඳවා ගන්නම්.</font>

308
00:26:25,083 --> 00:26:26,376
<font color="#ffde44">ඉතින්,</font>

309
00:26:27,752 --> 00:26:30,088
<font color="#ffde44">මට ඒ ටික තනියම කරගන්න පුළුවන්.</font>

310
00:26:31,089 --> 00:26:32,465
<font color="#ffde44">මට විශ්වාස නෑ</font>

311
00:26:33,633 --> 00:26:36,928
<font color="#ffde44">මේ වගේ අවදානමක් ගන්න එක
වටිනවද කියලා.</font>

312
00:26:39,055 --> 00:26:41,141
<font color="#ffde44">එහෙනම් ඔයාට ඒ වෙනුවට මොනවාද ඕනේ?</font>

313
00:26:44,436 --> 00:26:45,437
<font color="#ffde44">අනාගතයක්.</font>

314
00:26:48,106 --> 00:26:49,649
<font color="#ffde44">සහතික කරපු අනාගතයක්</font>

315
00:26:50,942 --> 00:26:52,277
<font color="#ffde44">කවදාවත් හෙල්ලෙන්නේ නැති.</font>

316
00:26:56,448 --> 00:27:00,535
<font color="#ffde44">පෞද්ගලික පසුබිම් තොරතුරු
නම: යූන් දේ-ම්යොන්ග්</font>

317
00:27:09,085 --> 00:27:11,629
<font color="#ffde44">ඒක තමයි නීතියේ මිනිහෙක් විදිහට
මම මගේ ප්‍රතිපත්ති පාවා දුන්නු</font>

318
00:27:11,713 --> 00:27:12,964
<font color="#ffde44">පළවෙනි සහ අවසාන වතාව.</font>

319
00:27:14,215 --> 00:27:17,510
<font color="#ffde44">පැමිණිලි සහ නඩු දාන්න
මම මිනිස්සුන්ව කුලියට ගත්තා.</font>

320
00:27:18,511 --> 00:27:21,181
<font color="#ffde44">යූන් දේ-ම්යොන්ග් ගොඩක් ලේසියෙන්ම
එයාගේ ජීවිතේ අත්හැරියා.</font>

321
00:27:23,141 --> 00:27:24,142
<font color="#ffde44">ඊටපස්සේ,</font>

322
00:27:25,852 --> 00:27:27,645
<font color="#ffde44">මම තේබෙක් එකේ අයිතිකාරයා වුණා.</font>

323
00:27:30,231 --> 00:27:31,232
<font color="#ffde44">ඔයාද</font>

324
00:27:32,776 --> 00:27:34,444
<font color="#ffde44">යූන් දේ-ම්යොන්ග්වයි</font>

325
00:27:35,445 --> 00:27:36,613
<font color="#ffde44">ෂින් ගි-ජුන්ග්වයි මැරුවේ?</font>

326
00:27:39,532 --> 00:27:40,533
<font color="#ffde44">නෑ.</font>

327
00:27:41,409 --> 00:27:43,119
<font color="#ffde44">මම කාටවත් මැරුවේ නෑ.</font>

328
00:27:52,921 --> 00:27:57,759
<font color="#ffde44">අඟුරු කැබලි</font>

329
00:28:14,109 --> 00:28:17,487
<font color="#ffde44">මම කිව්වා වගේ, එයාට කිසිම බලාපොරොත්තුවක්
තිබුණේ නැති නිසා එයාම ජීවිතේ නැතිකරගත්තා.</font>

330
00:28:31,251 --> 00:28:34,671
<font color="#ffde44">ඒ වගේම ෂින් ගි-ජුන්ග් අවාසනාවන්ත
අනතුරකින් මැරුණා.</font>

331
00:28:43,513 --> 00:28:44,514
<font color="#ffde44">ඔව්?</font>

332
00:28:45,056 --> 00:28:46,307
<font color="#ffde44">හැමදේම බලාගත්තා.</font>

333
00:29:42,530 --> 00:29:43,782
<font color="#ffde44">මට කිසිම අදහසක් තිබුණේ නෑ</font>

334
00:29:45,033 --> 00:29:47,202
<font color="#ffde44">ගි-ජුන්ග් මත්ද්‍රව්‍ය පාවිච්චි කළා කියලා.</font>

335
00:30:15,104 --> 00:30:20,235
<font color="#ffde44">ඒ වගේම, එයාගේ අනිත් හැම දූෂිත වැඩක්ම
එයාගේ කැබිනට් එකේ තිබිලා හම්බවුණා.</font>

336
00:30:22,070 --> 00:30:23,279
<font color="#ffde44">අන්න ඒකයි වුණේ.</font>

337
00:30:25,406 --> 00:30:27,700
<font color="#ffde44">ෂින් ගි-ජුන්ග් තමයි ඒ දූෂණය කළේ,</font>

338
00:30:29,410 --> 00:30:31,830
<font color="#ffde44">ඒත් මට කියන්න බෑ මම සම්පූර්ණයෙන්ම නිවැරදියි කියලා.</font>

339
00:30:38,753 --> 00:30:39,879
<font color="#ffde44">ඔයා මාත් එක්ක කලකිරිලද ඉන්නේ?</font>

340
00:30:43,341 --> 00:30:44,342
<font color="#ffde44">නෑ.</font>

341
00:30:46,177 --> 00:30:49,681
<font color="#ffde44">මට අන්තිමේදී ඔයා ගැන බැඳීමක් දැනෙනවා.</font>

342
00:30:51,850 --> 00:30:52,851
<font color="#ffde44">ඔයා මාව විශ්වාස කරලා</font>

343
00:30:54,102 --> 00:30:56,187
<font color="#ffde44">හැමදේම අවංකව කිව්වා.</font>

344
00:31:03,903 --> 00:31:06,030
<font color="#ffde44">ෂින් ගි-ජුන්ග්ගේ ආත්මය ආපහු ඇවිල්ලා නම්,</font>

345
00:31:06,114 --> 00:31:08,950
<font color="#ffde44">එයා අනිවාර්යයෙන්ම ඒ රෙකෝඩරය හොයන්න උත්සාහ කරයි.</font>

346
00:31:09,951 --> 00:31:11,953
<font color="#ffde44">එයා ඒකෙන් මාව හිර කරන්න උත්සාහ කරයි.</font>

347
00:31:13,079 --> 00:31:14,956
<font color="#ffde44">කවුරුත් එයාව නැවැත්තුවේ නැත්නම්,</font>

348
00:31:15,039 --> 00:31:16,833
<font color="#ffde44">තේබෙක් එක විනාශ වෙයි.</font>

349
00:31:16,916 --> 00:31:17,959
<font color="#ffde44">නෑ.</font>

350
00:31:19,127 --> 00:31:21,504
<font color="#ffde44">තේබෙක් කවදාවත් විනාශ වෙන්නේ නෑ, තාත්තේ.</font>

351
00:31:23,256 --> 00:31:24,757
<font color="#ffde44">බය වෙන්න එපා.</font>

352
00:31:24,841 --> 00:31:25,842
<font color="#ffde44">මම එයාව නවත්තන්නම්.</font>

353
00:31:25,925 --> 00:31:28,177
<font color="#ffde44">මේ වගේ වැඩවලට වඩා හොඳින්
ගැළපෙන මිනිස්සු ඉන්නවා.</font>

354
00:31:50,408 --> 00:31:51,868
<font color="#ffde44">කිසිම කලබලකාරී තීරණයක් ගන්න එපා.</font>

355
00:31:53,453 --> 00:31:55,788
<font color="#ffde44">නියම වෙලාව එනකම් ඉන්න.</font>

356
00:32:09,844 --> 00:32:11,054
<font color="#ffde44">හරි, තාත්තේ.</font>

357
00:32:17,185 --> 00:32:19,896
<font color="#ffde44">යූන් මහත්තයාට අමතරව</font>

358
00:32:20,563 --> 00:32:22,315
<font color="#ffde44">ඒ රෙකෝඩරය ගැන දන්න වෙන කවුරුහරි ඉන්නවද?</font>

359
00:32:22,899 --> 00:32:24,192
<font color="#ffde44">ඔව්.</font>

360
00:32:24,275 --> 00:32:25,401
<font color="#ffde44">කවුද?</font>

361
00:32:27,362 --> 00:32:29,572
<font color="#ffde44">ප්‍රධාන රජයේ නීතිඥ යැන්ග් බ්යුන්ග්-ඉල්.
එයා තමයි මගේ ජ්‍යෙෂ්ඨයා.</font>

362
00:32:34,786 --> 00:32:35,870
<font color="#ffde44">මම එයාව දන්නවා.</font>

363
00:32:36,829 --> 00:32:41,125
<font color="#ffde44">එයා තේබෙක් කියලා ලොකු
නීති සමාගමක සභාපති.</font>

364
00:32:42,210 --> 00:32:43,586
<font color="#ffde44">ඒ එයා වෙන්න බෑ.</font>

365
00:32:43,670 --> 00:32:45,922
<font color="#ffde44">අපි හරියට සහෝදරයෝ වගේ හිටියේ.</font>

366
00:32:46,547 --> 00:32:47,715
<font color="#ffde44">වැරදිකාරයා</font>

367
00:32:49,217 --> 00:32:53,471
<font color="#ffde44">ඔයාවයි යූන් මහත්තයාවයි මරලා හරි
සාක්ෂි එළියට යන එක නවත්තන්න උත්සාහ කරලා තියෙනවා.</font>

368
00:32:54,430 --> 00:32:57,976
<font color="#ffde44">රෙකෝඩරය තියෙන්නේ කොහෙද කියලා ඔයා දන්නවා නේද?</font>

369
00:33:03,398 --> 00:33:04,816
<font color="#ffde44">යූන් දේ-ම්යොන්ග්ගේ නඩුවද?</font>

370
00:33:06,943 --> 00:33:09,946
<font color="#ffde44">යූන් මහත්තයා එකතු කරපු වාර්තා මම පරීක්ෂා කළා</font>

371
00:33:10,029 --> 00:33:12,365
<font color="#ffde44">ඒ වගේම මූලික විමර්ශනයේ
ගොඩක් අඩුපාඩු දැක්කා.</font>

372
00:33:12,448 --> 00:33:15,785
<font color="#ffde44">නා-හ්යුන්, ඒක මීට අවුරුදු 20කට කලින්
සියදිවි නසාගැනීමක් විදිහට වහලා දාපු එකක්.</font>

373
00:33:15,868 --> 00:33:17,120
<font color="#ffde44">එයා විතරක් නෙවෙයි වෙන්න පුළුවන්.</font>

374
00:33:17,745 --> 00:33:19,664
<font color="#ffde44">මොකක්? වින්දිතයා ගැන මම කිව්වේ.</font>

375
00:33:20,748 --> 00:33:22,834
<font color="#ffde44">යූන් මහත්තයාව මැරුවා නම්,</font>

376
00:33:22,917 --> 00:33:27,088
<font color="#ffde44">එදාම මැරුණු ෂින් ගි-ජුන්ග්ගේ මරණයත්
සැක සහිතයි.</font>

377
00:33:27,714 --> 00:33:29,382
<font color="#ffde44">මොකක් හරි සම්බන්ධයක් ඇති.</font>

378
00:33:31,759 --> 00:33:33,803
<font color="#ffde44">ඉතින්, මම ඔයාට කොහොමද උදව් කරන්න ඕනේ?</font>

379
00:33:34,387 --> 00:33:37,265
<font color="#ffde44">මට පළවෙනි සාක්ෂිකරුව හම්බවෙන්න ඕනේ.</font>

380
00:33:37,932 --> 00:33:41,310
<font color="#ffde44">ඒ ප්‍රකාශයේ නොගැළපෙන
තැන් තියෙනවා.</font>

381
00:33:41,811 --> 00:33:45,940
<font color="#ffde44">සාක්ෂිකරු කිව්වා එයා මේ සිද්ධිය දැක්කේ
රෑ 10ට කියලා.</font>

382
00:33:46,024 --> 00:33:49,986
<font color="#ffde44">ඒත් වාර්තාවල තියෙන්නේ
පැමිණිල්ල කරලා තියෙන්නේ පාන්දර 3ට කියලයි.</font>

383
00:33:50,570 --> 00:33:53,197
<font color="#ffde44">ඒ වගේම එයා කිව්වා
එතකොටත් පොලිසිය එතන හිටියා කියලා,</font>

384
00:33:53,281 --> 00:33:55,575
<font color="#ffde44">ඒත් ප්‍රාදේශීය පොලිස් ස්ථානයේ නිලධාරීන්
ගියපු බවට කිසිම වාර්තාවක් නෑ.</font>

385
00:33:56,159 --> 00:33:57,660
<font color="#ffde44">ඒක වුණේ ගොඩක් කාලෙකට කලින්.</font>

386
00:33:57,744 --> 00:33:59,662
<font color="#ffde44">සාක්ෂිකරු සමහරවිට තාම කොරියාවේ නැතුව ඇති</font>

387
00:33:59,746 --> 00:34:01,330
<font color="#ffde44">එහෙම නැත්නම් ජීවතුන් අතර නැතුව ඇති.</font>

388
00:34:01,414 --> 00:34:03,166
<font color="#ffde44">කමක් නෑ, ඒක මං වෙනුවෙන් හොයලා බලන්න.</font>

389
00:34:05,501 --> 00:34:06,753
<font color="#ffde44">මම ඔයාට පෞද්ගලික විස්තර දෙන්නේ නෑ.</font>

390
00:34:07,462 --> 00:34:10,381
<font color="#ffde44">මම එයාට කතා කරලා අහන්නම්
ඔයාව හම්බවෙන්න පුළුවන්ද කියලා.</font>

391
00:34:11,090 --> 00:34:12,383
<font color="#ffde44">ස්තූතියි.</font>

392
00:34:25,688 --> 00:34:26,814
<font color="#ffde44">මොනවා හරි හොයනවද?</font>

393
00:34:29,025 --> 00:34:30,026
<font color="#ffde44">අම්මේ.</font>

394
00:34:31,486 --> 00:34:32,737
<font color="#ffde44">කොහෙද තියෙන්නේ</font>

395
00:34:33,613 --> 00:34:37,700
<font color="#ffde44">ඔයාලා අලුත බැඳපු කාලේ තාත්තා
අරන් දීපු ඒ දුඹුරු පාට හෑන්ඩ්බෑග් එක?</font>

396
00:34:38,951 --> 00:34:40,411
<font color="#ffde44">ඇයි ඔයාට එකපාරටම ඒක ඕනේ වුණේ?</font>

397
00:34:42,121 --> 00:34:44,123
<font color="#ffde44">මේකයි... තාත්තා...</font>

398
00:34:46,459 --> 00:34:48,920
<font color="#ffde44">ඔයාගේ තාත්තා කිව්වද ඒකට මොනවා හරි දැම්මා කියලා?</font>

399
00:35:25,790 --> 00:35:26,791
<font color="#ffde44">ඒත් අම්මේ...</font>

400
00:35:27,708 --> 00:35:29,377
<font color="#ffde44">අම්මා කොහොමද දැනගත්තේ?</font>

401
00:35:37,635 --> 00:35:39,220
<font color="#ffde44">දවස් කිහිපයකට කලින්,</font>

402
00:35:40,054 --> 00:35:44,642
<font color="#ffde44">මම ඔයාට ලෑස්ති කරපු කෑම පෙට්ටියේ
කඩදාසි කොකෙක් තිබුණා.</font>

403
00:35:48,146 --> 00:35:51,023
<font color="#ffde44">ඔයාගේ තාත්තා එයාගේ කෑම පෙට්ටියට</font>

404
00:35:51,774 --> 00:35:53,401
<font color="#ffde44">දාන ජාතියේම කඩදාසි කොකෙක්.</font>

405
00:36:08,291 --> 00:36:09,292
<font color="#ffde44">එහෙනම්,</font>

406
00:36:10,209 --> 00:36:11,669
<font color="#ffde44">ඇයි අම්මා</font>

407
00:36:12,670 --> 00:36:14,005
<font color="#ffde44">දන්නේ නැති ගාණට හිටියේ?</font>

408
00:36:18,926 --> 00:36:20,178
<font color="#ffde44">ඇත්තම කතාව...</font>

409
00:36:22,180 --> 00:36:25,099
<font color="#ffde44">ඔයාට අවතාර පේනවා කියලා ඇහුවාම,</font>

410
00:36:26,225 --> 00:36:28,811
<font color="#ffde44">මම හිතුවා ඔයාගේ තාත්තා එයි කියලා.</font>

411
00:36:30,396 --> 00:36:33,357
<font color="#ffde44">ඔයා අවතාරවලට සාධාරණය ඉටු කරනවා දැක්කාම,</font>

412
00:36:33,983 --> 00:36:36,611
<font color="#ffde44">මගේ ඒ බලාපොරොත්තුව තවත් වැඩි වුණා.</font>

413
00:36:37,153 --> 00:36:38,154
<font color="#ffde44">ඒත්...</font>

414
00:36:39,697 --> 00:36:42,533
<font color="#ffde44">මම දැනගෙන හිටියා</font>

415
00:36:42,617 --> 00:36:45,870
<font color="#ffde44">ආයෙත් තාත්තව හම්බවෙන එක
ඔයාට කොච්චර වේදනාකාරී, අමාරු දෙයක්ද කියලා.</font>

416
00:36:47,288 --> 00:36:49,081
<font color="#ffde44">ඒ නිසා මට ඒක ඔයාට කියන්න හිතුණේ නෑ.</font>

417
00:36:51,250 --> 00:36:52,251
<font color="#ffde44">අම්මේ.</font>

418
00:36:53,377 --> 00:36:54,378
<font color="#ffde44">බලන් ගියාම</font>

419
00:36:56,005 --> 00:36:57,757
<font color="#ffde44">තාත්තාව බොරුවට පටලවලා තියෙන්නේ.</font>

420
00:37:05,473 --> 00:37:07,433
<font color="#ffde44">එයා කොහෙද ඉන්නේ?</font>

421
00:37:07,516 --> 00:37:08,643
<font color="#ffde44">ඔෆිස් එකේ.</font>

422
00:37:10,311 --> 00:37:11,896
<font color="#ffde44">හැමදේම ඉවර වුණාට පස්සේ,</font>

423
00:37:13,147 --> 00:37:16,651
<font color="#ffde44">පවුලේ අයව ආඩම්බරෙන් මූණ දෙන්නයි
එයාට ඕනේ වෙලා තියෙන්නේ.</font>

424
00:37:19,695 --> 00:37:24,242
<font color="#ffde44">දැන් එයා අවතාරයක්, ඒත්
තාමත් එයා එයාගේ මතේමයි ඉන්නේ.</font>

425
00:37:25,868 --> 00:37:29,914
<font color="#ffde44">හරි. හැමදේම විසඳගත්තට පස්සේ
එයාව ගෙදර එක්කන් එන්න.</font>

426
00:37:30,581 --> 00:37:32,583
<font color="#ffde44">ඒ වගේම එයාට කියන්න</font>

427
00:37:32,667 --> 00:37:34,210
<font color="#ffde44">පාර්ක් ග්යොන්ග්-හ්වා වෙන මම,</font>

428
00:37:34,961 --> 00:37:38,965
<font color="#ffde44">ලෝකේ විනාශ වුණත් ෂින් ගි-ජුන්ග් කියන දේ
විශ්වාස කරනවා කියලා.</font>

429
00:37:42,385 --> 00:37:43,427
<font color="#ffde44">හරි.</font>

430
00:38:37,690 --> 00:38:38,733
<font color="#ffde44">මම යැන්ග් දෝ-ක්යුන්ග්.</font>

431
00:38:38,816 --> 00:38:40,109
<font color="#ffde44">ඔහ්.</font>

432
00:38:40,192 --> 00:38:42,486
<font color="#ffde44">මට සභාපතිතුමාගෙන් ආරංචි වුණා.</font>

433
00:38:42,570 --> 00:38:44,488
<font color="#ffde44">මම ඔයාගේ කෝල් එක එනකම් හිටියේ</font>

434
00:38:45,281 --> 00:38:46,949
<font color="#ffde44">මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.</font>

435
00:38:47,992 --> 00:38:48,993
<font color="#ffde44">මම අහගෙන ඉන්නේ.</font>

436
00:38:49,577 --> 00:38:54,040
<font color="#ffde44">මගේ කොල්ලෙක්ට ටිකකට කලින්
රජයේ නීතිඥයෙකුගෙන් කෝල් එකක් ආවා.</font>

437
00:38:55,041 --> 00:38:59,837
<font color="#ffde44">එයා කිව්වා නීතිඥවරියකට අවුරුදු 20කට කලින්
වුණු යූන්ගේ නඩුව ගැන හොයලා බලන්න ඕනෙ වෙලා තියෙනවා කියලා.</font>

438
00:38:59,920 --> 00:39:00,921
<font color="#ffde44">කවුද ඒ?</font>

439
00:39:01,005 --> 00:39:04,258
<font color="#ffde44">එයා කියපු ඒ නීතිඥවරිය ගැන මම හොයලා බැලුවා.</font>

440
00:39:06,886 --> 00:39:07,928
<font color="#ffde44">එයාගේ නම හන් නා-හ්යුන්.</font>

441
00:39:08,888 --> 00:39:11,390
<font color="#ffde44">එයා ෂින් ඊ-රැන්ග් එක්ක වැඩ කරන කෙනෙක්.</font>

442
00:39:12,016 --> 00:39:13,642
<font color="#ffde44">සභාපතිතුමාට මේක ආරංචි වුණොත්...</font>

443
00:39:13,726 --> 00:39:15,186
<font color="#ffde44">එයා ගැන ගණන් ගන්න එපා.</font>

444
00:39:15,978 --> 00:39:16,979
<font color="#ffde44">ඒ ඇයි?</font>

445
00:39:17,063 --> 00:39:18,689
<font color="#ffde44">නීතිඥ හන් ඉන්නේ අපේ පැත්තේ.</font>

446
00:39:19,357 --> 00:39:20,358
<font color="#ffde44">එයාට පාඩුවේ ඉන්න දෙන්න.</font>

447
00:39:49,762 --> 00:39:52,723
<font color="#ffde44">ඔයාට මාත් එක්ක එන්න ඕන වුණේ මෙතනටද?</font>

448
00:39:53,474 --> 00:39:54,475
<font color="#ffde44">ඔව්.</font>

449
00:39:55,559 --> 00:39:56,727
<font color="#ffde44">මට එන්න ඕන වුණා.</font>

450
00:39:58,646 --> 00:39:59,855
<font color="#ffde44">මේ තැන නම් කිසි වෙනසක් වෙලා නෑ.</font>

451
00:40:01,732 --> 00:40:05,152
<font color="#ffde44">මම ලොකු නඩු වලට මුහුණ දෙන හැම වෙලාවකම මෙතනට ආවා.</font>

452
00:40:07,780 --> 00:40:09,490
<font color="#ffde44">ඔය විදිහටම ඇඳගෙනද?</font>

453
00:40:13,035 --> 00:40:15,871
<font color="#ffde44">මම අවුරුදු 22ක් තිස්සේ මේ ඇඳුම ඇඳගෙන ඉන්නේ
මට ඒක ගලවන්න බැහැ.</font>

454
00:40:30,136 --> 00:40:32,721
<font color="#ffde44">ඔයා පොඩි කාලේ මම ඔයත් එක්ක සමහර වෙලාවට මෙහෙ ආවා, මතකද?</font>

455
00:40:34,014 --> 00:40:35,015
<font color="#ffde44">ඔව් මතකයි.</font>

456
00:40:37,435 --> 00:40:38,936
<font color="#ffde44">මම මේක ඔයාට පොතු ඇරලා දෙන්නයි ඕනේ.</font>

457
00:40:40,187 --> 00:40:41,772
<font color="#ffde44">ඒත් මට මේක අල්ලගන්නවත් බැහැ.</font>

458
00:40:44,567 --> 00:40:47,570
<font color="#ffde44">මට දැන් තනියම ඒක කරගන්න පුළුවන්.</font>

459
00:40:51,782 --> 00:40:52,992
<font color="#ffde44">තාත්තේ.</font>

460
00:41:04,044 --> 00:41:05,045
<font color="#ffde44">තාත්තේ!</font>

461
00:41:05,671 --> 00:41:07,256
<font color="#ffde44">ඔයා මට කලින් කියන්න එපැයි.</font>

462
00:41:08,048 --> 00:41:10,509
<font color="#ffde44">මම පොතු ඇරලා දුන්නම ඔයා ඒකට කැමතියි නේද</font>

463
00:41:10,593 --> 00:41:13,596
<font color="#ffde44">මේ වගේ ලුණු වල ඔබලා දෙනවට.</font>

464
00:41:21,937 --> 00:41:22,938
<font color="#ffde44">මේක රසයි.</font>

465
00:41:26,859 --> 00:41:29,236
<font color="#ffde44">බාත්හවුස් එකේදි තම්බපු බිත්තර කන එක
ඇත්තටම මාරයි.</font>

466
00:41:29,778 --> 00:41:31,113
<font color="#ffde44">ඔව් ඒක ඇත්ත.</font>

467
00:41:31,197 --> 00:41:32,490
<font color="#ffde44">ගිලින්න අමාරුයි නේද?</font>

468
00:41:34,408 --> 00:41:37,411
<font color="#ffde44">සුජොං බාත්හවුස්</font>

469
00:41:46,504 --> 00:41:47,505
<font color="#ffde44">අපි යමුද?</font>

470
00:41:51,675 --> 00:41:54,178
<font color="#ffde44">පිටර් පැටර් බුචර් ස්ටයිල් BBQ</font>

471
00:42:12,071 --> 00:42:13,072
<font color="#ffde44">මිස්ටර් යැං.</font>

472
00:42:14,573 --> 00:42:15,824
<font color="#ffde44">මොකද මේ පැත්තේ?</font>

473
00:42:15,908 --> 00:42:17,785
<font color="#ffde44">ඔයා දැන් කරන දේ නවත්තන්න.</font>

474
00:42:18,953 --> 00:42:19,954
<font color="#ffde44">ඒ ඇයි?</font>

475
00:42:20,037 --> 00:42:21,455
<font color="#ffde44">ඔයාට ආපහු තේබෙක් වලට යන්න ඕනේ නැහැ.</font>

476
00:42:22,081 --> 00:42:24,333
<font color="#ffde44">ඔයාට ෂින් ඊ රැං එක්ක වැඩ කරන්න පුළුවන්.</font>

477
00:42:24,959 --> 00:42:27,211
<font color="#ffde44">ඒත් මේ කේස් එක පිටිපස්සේ තියෙන ඇත්ත
හොයන්න උත්සාහ කරන්න එපා.</font>

478
00:42:27,294 --> 00:42:29,797
<font color="#ffde44">ඇයි මම ඇත්ත හොයන්න නරක?
ඒක භයානකයි.</font>

479
00:42:32,383 --> 00:42:34,343
<font color="#ffde44">මම කරන්න හදන දේ ඔයා දන්නවනේ</font>

480
00:42:34,843 --> 00:42:36,387
<font color="#ffde44">ඒ වගේම ඒක භයානකයි කියලත් දන්නවා.</font>

481
00:42:37,596 --> 00:42:39,473
<font color="#ffde44">එහෙනම්, මාව අනතුරේ දාන්නේ කවුද
කියලත් ඔයා දන්නවා ඇති.</font>

482
00:42:42,017 --> 00:42:43,519
<font color="#ffde44">කවුද ඒ?</font>

483
00:42:49,650 --> 00:42:51,318
<font color="#ffde44">මම මේක කියන්නේ ඔයා ගැන හිතන නිසයි</font>

484
00:42:52,778 --> 00:42:54,280
<font color="#ffde44">ඒ වගේම අපි එකට වැඩ කරපු නිසයි.</font>

485
00:42:56,782 --> 00:42:58,242
<font color="#ffde44">මම ඔයාට අනතුරු ඇඟෙව්වා.</font>

486
00:43:16,093 --> 00:43:17,136
<font color="#ffde44">ප්‍රොසිකියුටර් කිම්?</font>

487
00:43:17,219 --> 00:43:18,304
<font color="#ffde44">හායි, නා හ්යුන්.</font>

488
00:43:18,387 --> 00:43:21,473
<font color="#ffde44">ඔයා ගියාට පස්සේ මම යූන් දේ මියොංගේ කේස් එක
ගැන හොයලා බැලුවා.</font>

489
00:43:21,557 --> 00:43:24,727
<font color="#ffde44">පළවෙනි සාක්ෂිකරුවා ෆෝ ඩ්‍රැගන්ස් කල්ලියේ
සාමාජිකයෙක්</font>

490
00:43:24,810 --> 00:43:27,438
<font color="#ffde44">ඒ කල්ලිය මීට අවුරුදු 20කට කලින්
චයිනාටවුන් වලදී විනාශ කරලා දැම්මා.</font>

491
00:43:28,022 --> 00:43:29,398
<font color="#ffde44">ෆෝ ඩ්‍රැගන්ස් කල්ලියේ සාමාජිකයෙක්?</font>

492
00:43:29,481 --> 00:43:31,358
<font color="#ffde44">ඊට වඩා වැදගත් දේ තමයි</font>

493
00:43:32,401 --> 00:43:34,612
<font color="#ffde44">ඒ කල්ලිය විනාශ කරපු නීතිඥයා</font>

494
00:43:36,447 --> 00:43:37,781
<font color="#ffde44">ෂින් ගි ජුං වීමයි.</font>

495
00:43:57,885 --> 00:43:59,678
<font color="#ffde44">2003 ඔක්තෝබර් 10
සොම්ගැං ඉලෙක්ට්‍රොනික්ස්</font>

496
00:44:01,055 --> 00:44:04,391
<font color="#ffde44">සොම්ගැං ඉලෙක්ට්‍රොනික්ස්</font>

497
00:44:15,861 --> 00:44:19,365
<font color="#ffde44">මම ඉන්චොන් නීතිඥ කාර්යාලයේ
ප්‍රොසිකියුටර් ෂින් ගි ජුංගේ පුතා.</font>

498
00:45:23,512 --> 00:45:26,723
<font color="#ffde44">ෂින් ඊ රැං නීති කාර්යාලය
පිටර් පැටර් බුචර් ස්ටයිල් BBQ</font>

499
00:45:28,809 --> 00:45:29,810
<font color="#ffde44">නීතිඥ ෂින්?</font>

500
00:45:40,737 --> 00:45:42,197
<font color="#ffde44">ඒ එයා නෙවෙයි.</font>

501
00:46:09,558 --> 00:46:10,559
<font color="#ffde44">ඔයා කවුද?</font>

502
00:46:13,770 --> 00:46:15,355
<font color="#ffde44">ඇයි මුකුත් කියන්නේ නැත්තේ?</font>

503
00:46:20,402 --> 00:46:22,613
<font color="#ffde44">මට විශ්වාස නෑ</font>

504
00:46:23,489 --> 00:46:25,908
<font color="#ffde44">ඔයා මිතුරෙක්ද</font>

505
00:46:26,867 --> 00:46:28,076
<font color="#ffde44">එහෙමත් නැත්නම් හතුරෙක්ද කියලා</font>

506
00:46:29,703 --> 00:46:30,704
<font color="#ffde44">මගේ ඊ රැංට.</font>

507
00:46:32,206 --> 00:46:33,582
<font color="#ffde44">හතුරෙක්?</font>

508
00:46:34,166 --> 00:46:35,959
<font color="#ffde44">ඔයා දන්නේ නෑ මම කොච්චර කැමතිද කියලා...</font>

509
00:46:38,378 --> 00:46:39,713
<font color="#ffde44">මම කිව්වේ, එයාට උදව් කරන්න.</font>

510
00:46:43,342 --> 00:46:45,135
<font color="#ffde44">ආ, මාලේ බලන්නකෝ.</font>

511
00:46:45,844 --> 00:46:48,263
<font color="#ffde44">මගේ නම්බර් එක ඒකේ කොටලා තියෙනවා.</font>

512
00:46:57,272 --> 00:46:59,024
<font color="#ffde44">ෂින් ඊ රැං
010 0976 1425</font>

513
00:47:03,320 --> 00:47:04,488
<font color="#ffde44">නීතිඥ ෂින් ඊ රැං</font>

514
00:47:05,906 --> 00:47:07,866
<font color="#ffde44">නීතිඥ හන් නා හ්යුන්
010 0976 1425</font>

515
00:47:07,950 --> 00:47:09,117
<font color="#ffde44">දැක්කා නේද?</font>

516
00:47:15,791 --> 00:47:17,543
<font color="#ffde44">ඉතින්, ඔයා කවුද?</font>

517
00:47:17,626 --> 00:47:21,964
<font color="#ffde44">ඇයි ඔයා නීතිඥ ෂින්ට "මගේ ඊ රැං" කියලා කතා කරන්නේ?</font>

518
00:47:23,340 --> 00:47:24,591
<font color="#ffde44">ඔයා එයාගේ යාළුවෙක්ද?</font>

519
00:47:24,675 --> 00:47:27,135
<font color="#ffde44">නැත්නම්... පවුලේ කෙනෙක්ද?</font>

520
00:47:29,179 --> 00:47:31,348
<font color="#ffde44">ඔව්.
මොකක්?</font>

521
00:47:32,099 --> 00:47:33,350
<font color="#ffde44">හමුවීම සතුටක්.</font>

522
00:47:34,434 --> 00:47:35,978
<font color="#ffde44">මම දන්නවා මේක ටිකක් පැටලිලි සහගත ඇති කියලා,</font>

523
00:47:37,104 --> 00:47:39,731
<font color="#ffde44">ඒත් මම ඊ රැංගේ තාත්තා...</font>

524
00:47:41,817 --> 00:47:43,235
<font color="#ffde44">ෂින් ගි ජුං.</font>

525
00:47:44,486 --> 00:47:46,530
<font color="#ffde44">රළු විදියට කතා කළාට මට සමාවෙන්න...</font>

526
00:47:46,613 --> 00:47:48,282
<font color="#ffde44">නැහැ, ඒකට කමක් නැහැ.</font>

527
00:47:48,365 --> 00:47:49,783
<font color="#ffde44">අම්...</font>

528
00:47:49,866 --> 00:47:50,867
<font color="#ffde44">අංකල්.</font>

529
00:47:51,827 --> 00:47:54,746
<font color="#ffde44">මගේ අගෞරවයට සමාවෙන්න.</font>

530
00:47:55,622 --> 00:47:56,832
<font color="#ffde44">මට ගොඩක් කණගාටුයි.</font>

531
00:47:56,915 --> 00:47:58,750
<font color="#ffde44">නැහැ, එහෙම හිතන්න එපා.</font>

532
00:47:58,834 --> 00:48:00,085
<font color="#ffde44">මම ගොඩක් සතුටු වෙනවා</font>

533
00:48:00,669 --> 00:48:03,714
<font color="#ffde44">ඔයා මගේ පුතා ගැන කොච්චර හිතනවද කියලා දැක්කම.</font>

534
00:48:05,382 --> 00:48:06,633
<font color="#ffde44">ඒක හොඳයි.</font>

535
00:48:07,843 --> 00:48:09,761
<font color="#ffde44">මම නිල වශයෙන් මාව හඳුන්වලා දෙන්නම්.</font>

536
00:48:11,597 --> 00:48:14,725
<font color="#ffde44">මම නීතිඥ ෂින් ඊ රැං එක්ක වැඩ කරන කෙනෙක්.</font>

537
00:48:15,309 --> 00:48:16,893
<font color="#ffde44">මම නීතිඥ හන් නා හ්යුන්.</font>

538
00:48:16,977 --> 00:48:18,270
<font color="#ffde44">හමුවීම සතුටක්.</font>

539
00:48:21,481 --> 00:48:25,110
<font color="#ffde44">ඉතින්, ඇයි ඔයා එයාව ඇහැරවන්නේ නැත්තේ?</font>

540
00:48:28,155 --> 00:48:30,866
<font color="#ffde44">කොහොමද කරන්නේ කියලා දන්නේ නැත්නම්, මම...</font>

541
00:48:30,949 --> 00:48:32,159
<font color="#ffde44">නැහැ, එහෙම නෙවෙයි.</font>

542
00:48:33,327 --> 00:48:34,328
<font color="#ffde44">මම නිකන්...</font>

543
00:48:38,415 --> 00:48:43,128
<font color="#ffde44">මේ රෙකෝඩරේ තියෙනවා මිස්ටර් යූන්ව
කොටු කරපු අයගේ කතාබහක්.</font>

544
00:48:45,047 --> 00:48:49,926
<font color="#ffde44">ඊ රැංව අනතුරේ දාන්න පුළුවන් විදියේ
ඇත්තක් මේකේ තියෙනවා නම්...</font>

545
00:48:52,763 --> 00:48:54,598
<font color="#ffde44">එයා ඒ ගැන නොදැන ඉන්නවාට මම කැමතියි.</font>

546
00:48:55,932 --> 00:48:57,809
<font color="#ffde44">මට මගේ පුතාව අනතුරේ දාන්න බැහැ</font>

547
00:48:57,893 --> 00:49:00,395
<font color="#ffde44">මගේ පලිය ගන්න ගිහින්.</font>

548
00:49:04,024 --> 00:49:06,276
<font color="#ffde44">නීතිඥ ෂින්ට ඔයාව මතකයි</font>

549
00:49:07,569 --> 00:49:09,946
<font color="#ffde44">සාධාරණ වීරයෙක් විදියට.</font>

550
00:49:11,573 --> 00:49:14,868
<font color="#ffde44">ඔයා බොරු චෝදනාවලට ලක්වෙලා මැරුණත්,</font>

551
00:49:15,452 --> 00:49:17,454
<font color="#ffde44">එයාට ඕනේ වුණා අවසානය වෙනකල්ම ඔයාව විශ්වාස කරන්න.</font>

552
00:49:19,539 --> 00:49:21,792
<font color="#ffde44">ඒක තමයි එයාව නීතිඥයෙක් කළේ.</font>

553
00:49:24,086 --> 00:49:29,174
<font color="#ffde44">ඔයාගේ පුතා වෙන කාටත් වඩා උනන්දුයි
වගේම වගකීමක් තියෙන කෙනෙක්.</font>

554
00:49:31,176 --> 00:49:34,096
<font color="#ffde44">එයා අමාරු කේස් ගොඩක් හසුරවලා තියෙනවා</font>

555
00:49:34,971 --> 00:49:36,348
<font color="#ffde44">තනියම.</font>

556
00:49:38,100 --> 00:49:41,019
<font color="#ffde44">මේ පාරත් එයා ඒ විදියටම කරයි කියලා මට විශ්වාසයි.</font>

557
00:49:42,813 --> 00:49:43,897
<font color="#ffde44">නීතිඥ හන්.</font>

558
00:49:47,025 --> 00:49:49,778
<font color="#ffde44">මට තේරුම් කරලා දුන්නට ස්තුතියි...</font>

559
00:49:53,699 --> 00:49:54,700
<font color="#ffde44">මම ඕනේ කියලා...</font>

560
00:49:57,536 --> 00:49:59,830
<font color="#ffde44">තීරණය එයාට බාර දෙන්න.</font>

561
00:50:04,668 --> 00:50:06,753
<font color="#ffde44">ඔයාට පුළුවන්ද එයාව ඇහැරවන්න?</font>

562
00:50:07,587 --> 00:50:08,714
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

563
00:50:31,153 --> 00:50:32,529
<font color="#ffde44">නීතිඥ හන්?</font>

564
00:50:33,864 --> 00:50:34,906
<font color="#ffde44">ඔයා හොඳින්ද?</font>

565
00:50:37,576 --> 00:50:38,577
<font color="#ffde44">ඇයි අපි...</font>

566
00:50:40,704 --> 00:50:41,830
<font color="#ffde44">මම ඔයාගේ තාත්තාව හම්බවුණා.</font>

567
00:50:43,457 --> 00:50:44,458
<font color="#ffde44">ඒ වගේම...</font>

568
00:50:45,751 --> 00:50:47,544
<font color="#ffde44">ඔය රෙකෝඩරේ මොකක්ද කියලා මම දන්නවා.</font>

569
00:50:49,588 --> 00:50:52,132
<font color="#ffde44">ඔයාට නොකියා හිටියට මට සමාවෙන්න.</font>

570
00:50:52,215 --> 00:50:55,343
<font color="#ffde44">කමක් නෑ. මම ඒක අත්දැකලා තියෙනවනේ.</font>

571
00:50:57,804 --> 00:50:59,973
<font color="#ffde44">ඔයා හරි.</font>

572
00:51:01,975 --> 00:51:03,351
<font color="#ffde44">මම</font>

573
00:51:04,352 --> 00:51:06,354
<font color="#ffde44">මගේ තාත්තා ගැන ගොඩක් වැරදියටයි හිතන් හිටියේ.</font>

574
00:51:08,565 --> 00:51:09,941
<font color="#ffde44">ඒක ලොකු සහනයක්.</font>

575
00:51:15,197 --> 00:51:17,741
<font color="#ffde44">ඔයා දැන්ම මේ රෙකෝඩින් එක අහන්න ඕනේ.</font>

576
00:51:18,325 --> 00:51:19,826
<font color="#ffde44">මාත් එක්ක ඒක අහන්න.</font>

577
00:51:19,910 --> 00:51:21,369
<font color="#ffde44">අපි ඇතුළට යමු.</font>

578
00:51:22,162 --> 00:51:23,455
<font color="#ffde44">හරි.</font>

579
00:51:27,667 --> 00:51:28,668
<font color="#ffde44">හලෝ?</font>

580
00:51:30,754 --> 00:51:33,006
<font color="#ffde44">ෂින් ඊ රැං දැන් කාර්යාලයට ආවා.</font>

581
00:51:33,089 --> 00:51:34,841
<font color="#ffde44">පිටර් පැටර් බුචර් ස්ටයිල් BBQ</font>

582
00:51:34,925 --> 00:51:36,551
<font color="#ffde44">මුලින්ම එයාගෙන් රෙකෝඩරේ ගන්න.</font>

583
00:51:36,635 --> 00:51:38,512
<font color="#ffde44">හරි, ඒත්...</font>

584
00:51:39,095 --> 00:51:42,599
<font color="#ffde44">නීතිඥ හන් නා හ්යුන් එයා එක්ක ඉන්නවා.</font>

585
00:51:43,975 --> 00:51:46,144
<font color="#ffde44">අපි එයාට මොකද කරන්නේ?</font>

586
00:51:51,066 --> 00:51:52,234
<font color="#ffde44">දෝ කියුං.</font>

587
00:52:07,415 --> 00:52:08,542
<font color="#ffde44">තමුසෙලා කවුද?</font>

588
00:52:15,507 --> 00:52:16,633
<font color="#ffde44">වාව්.</font>

589
00:52:16,716 --> 00:52:19,344
<font color="#ffde44">මම මේ කාර්යාලයේ වටපිටාවට කැමතියි.</font>

590
00:52:21,721 --> 00:52:23,598
<font color="#ffde44">මේක මළගෙදරකට කියාපු තැන.</font>

591
00:52:27,727 --> 00:52:29,896
<font color="#ffde44">ආ, ඒක වෙන්න ඇති.</font>

592
00:52:30,438 --> 00:52:32,816
<font color="#ffde44">ඒක මෙහෙට ගේනවා.
කවුද එහෙම කියන්නේ?</font>

593
00:52:36,111 --> 00:52:37,237
<font color="#ffde44">ඊ රැං.</font>

594
00:52:39,948 --> 00:52:41,867
<font color="#ffde44">මාව විශ්වාස කරලා ඒක ගන්න.</font>

595
00:52:54,629 --> 00:52:55,630
<font color="#ffde44">හරි.</font>

596
00:52:57,465 --> 00:52:59,634
<font color="#ffde44">මෙන්න, ගන්නවා.</font>

597
00:53:25,160 --> 00:53:27,579
<font color="#ffde44">තමුසේ තාමත් හැදිලා නැහැ නේද ලී තේ ගොන්?</font>

598
00:53:28,830 --> 00:53:29,831
<font color="#ffde44">මොකක්?</font>

599
00:53:30,415 --> 00:53:32,375
<font color="#ffde44">බොස්!
ඔයා හොඳින්ද, සර්?</font>

600
00:53:32,459 --> 00:53:34,377
<font color="#ffde44">තමුසෙලා මොනවද බලන් ඉන්නේ? අල්ලගන්නවා එයාව!</font>

601
00:54:04,366 --> 00:54:05,784
<font color="#ffde44">එයාව අල්ලගන්නවා කොල්ලනේ.</font>

602
00:54:19,965 --> 00:54:20,966
<font color="#ffde44">ඔලුව!</font>

603
00:55:09,681 --> 00:55:10,849
<font color="#ffde44">ෂින් ඊ රැං!</font>

604
00:55:18,273 --> 00:55:20,400
<font color="#ffde44">තමුසේ අවතාරයක්ද මනුස්සයෙක්ද කියලා මට වැඩක් නෑ.</font>

605
00:55:23,403 --> 00:55:24,529
<font color="#ffde44">රෙකෝඩරේ.</font>

606
00:55:27,407 --> 00:55:28,533
<font color="#ffde44">ඒක මෙහෙට ගේනවා.</font>

607
00:55:34,956 --> 00:55:36,291
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

608
00:55:38,251 --> 00:55:39,252
<font color="#ffde44">මට තේරෙනවා,</font>

609
00:55:40,086 --> 00:55:41,087
<font color="#ffde44">ඒ නිසා නවත්තන්න.</font>

610
00:55:46,009 --> 00:55:48,470
<font color="#ffde44">එපා, ඊ රැං. ඒක කරන්න එපා.</font>

611
00:55:49,888 --> 00:55:51,556
<font color="#ffde44">මට ඔයාව මේ විදියට යවන්න බැහැ.</font>

612
00:55:52,807 --> 00:55:53,808
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

613
00:56:30,136 --> 00:56:31,513
<font color="#ffde44">එයාව මෙහෙට ඇදගෙන එනවා.</font>

614
00:56:41,689 --> 00:56:44,359
<font color="#ffde44">තමුසෙට කවදාවත් මේක අහන්න ලැබෙන්නේ නෑ.</font>

615
00:56:45,151 --> 00:56:46,152
<font color="#ffde44">තේරුණාද?</font>

616
00:56:54,160 --> 00:56:55,286
<font color="#ffde44">ෂින් ඊ රැං!</font>

617
00:57:08,800 --> 00:57:10,510
<font color="#ffde44">මම කවදාවත් ඒක ආයෙත් නැති කරගන්නේ නෑ.</font>

618
00:57:52,635 --> 00:57:56,556
<font color="#ffde44">චෝයි වොන් යොං සහ ජුං ජේ සුංට විශේෂ ස්තූතිය</font>

619
00:58:12,655 --> 00:58:16,576
<font color="#ffde44">ෂින් ඊ රැං
010 0976 1425</font>

620
00:58:23,541 --> 00:58:24,626
<font color="#ffde44">සාදරයෙන් පිළිගන්නවා.</font>

621
00:58:25,460 --> 00:58:26,544
<font color="#ffde44">ඒක...</font>

622
00:58:26,628 --> 00:58:28,296
<font color="#ffde44">දුර ගමනක් වෙන්න ඇති... ඌෆ්!</font>

623
00:58:28,379 --> 00:58:29,839
<font color="#ffde44">මම ආයෙත් යන්නම්.
හරි, කට්.</font>

624
00:58:30,840 --> 00:58:31,841
<font color="#ffde44">මහත්තයා.</font>

625
00:58:32,926 --> 00:58:35,637
<font color="#ffde44">මට එහේ යන්න ඕනේ.</font>

626
00:58:36,846 --> 00:58:38,014
<font color="#ffde44">ඔයා...</font>

627
00:58:38,973 --> 00:58:40,099
<font color="#ffde44">හලෝ?</font>

628
00:58:41,684 --> 00:58:42,685
<font color="#ffde44">අපි ආයෙත් යමු.</font>

629
00:58:44,395 --> 00:58:46,981
<font color="#ffde44">ඔයා ආපහු එතනට යනවද?</font>

630
00:58:47,065 --> 00:58:48,525
<font color="#ffde44">මම ගෑනු කෙනෙක් කියලා එයාලා හිතුවා...</font>

631
00:58:49,067 --> 00:58:51,027
<font color="#ffde44">මම මැරයෙක් කියලා හිතලා එයාලා මාව කොටු කළා.</font>

632
00:58:51,110 --> 00:58:52,278
<font color="#ffde44">සමාවෙන්න!</font>

633
00:58:52,362 --> 00:58:53,363
<font color="#ffde44">මගේ වැරැද්ද.</font>

634
00:58:54,030 --> 00:58:57,325
<font color="#ffde44">එයාගේ ලාභ සපත්තු වල දිලිසෙන ගතියෙන් පේනවා</font>

635
00:58:57,408 --> 00:58:58,785
<font color="#ffde44">එයාගේ උනන්දුව.</font>

636
00:58:59,327 --> 00:59:02,038
<font color="#ffde44">සම් මතුපිට හොඳ තත්ත්වයේ තියෙනවා වගේ පේනවා,</font>

637
00:59:02,121 --> 00:59:03,957
<font color="#ffde44">ඒකෙන් පේනවා...</font>

638
00:59:05,542 --> 00:59:06,543
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

639
00:59:07,085 --> 00:59:08,336
<font color="#ffde44">තේ ඉන්, ඔයා ඒක කරන්න.</font>

640
00:59:08,419 --> 00:59:10,255
<font color="#ffde44">අපිට ලොකු පිරිසක් ඉන්නවද?</font>

641
00:59:10,338 --> 00:59:11,714
<font color="#ffde44">ඊ රැං ටිකක් අමුතුයි.</font>

642
00:59:13,049 --> 00:59:14,634
<font color="#ffde44">ආ, සමාවෙන්න. ඒක නෙවෙයි දෙබස.</font>

643
00:59:21,933 --> 00:59:22,934
<font color="#ffde44">ආව්, ඒක රිදෙනවා.</font>

644
00:59:24,352 --> 00:59:25,562
<font color="#ffde44">ඒක කැඩුණේ නෑ.</font>

645
00:59:25,645 --> 00:59:29,566
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

