1
00:00:03,320 --> 00:00:09,320
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:21,830 --> 00:00:23,660
<font color="#ffdd58">මම යාලුවො හම්බෙලා ඉක්මනට එන්නම්.</font>

3
00:00:23,720 --> 00:00:24,440
<font color="#ffdd58">(අවුරුදු 7කට පෙර, 2009 මාර්තු)</font>

4
00:00:24,470 --> 00:00:26,990
<font color="#ffdd58">දැන් රෑ වෙලානෙ. ඔයාට මහන්සි නැද්ද?</font>

5
00:00:27,020 --> 00:00:29,430
<font color="#ffdd58">එයා ආයෙත් ඉන්ටර්නෙට් කැෆේ එකට යන්න නේද හදන්නෙ?</font>

6
00:00:29,570 --> 00:00:31,000
<font color="#ffdd58">අපිට අස්පස් කරන්න ඔයා උදව් වෙන්න ඕනෙ.</font>

7
00:00:31,100 --> 00:00:32,400
<font color="#ff7f21"><b>2 වන කොටස</b></font>

8
00:00:32,460 --> 00:00:35,450
<font color="#ffdd58">මම දවසම කෑම ඩිලිවරි කළා. තව මොනවද මගෙන් ඕනෙ?</font>

9
00:00:35,480 --> 00:00:36,450
<font color="#ffdd58">(ආදරයේ කෑම කරත්තය)</font>

10
00:00:37,620 --> 00:00:40,780
<font color="#ffdd58">අපි මේක කරන්නෙ මාසෙකට සැරයක්නෙ, මෝඩයෝ.</font>

11
00:00:40,880 --> 00:00:43,980
<font color="#ffdd58">උදව් කරන්නෙ නැත්නම්, ගෙදරින් යන්න.</font>

12
00:00:44,580 --> 00:00:46,980
<font color="#ffdd58">හමුදාවෙන් අස්වෙලා ඇවිත් මාස තුනක් වෙනවා.</font>

13
00:00:46,980 --> 00:00:48,220
<font color="#ffdd58">ඔහේ නිකම් රස්තියාදු ගහනවා.</font>

14
00:00:48,220 --> 00:00:50,050
<font color="#ffdd58">හරි හරි, මට තේරුණා. දැන් ඔය කියවිල්ල නවත්තන්න.</font>

15
00:00:50,050 --> 00:00:52,880
<font color="#ffdd58">මෙයා දවල්ට නිදාගෙන රෑට එළියට බහිනවා.</font>

16
00:00:52,880 --> 00:00:54,450
<font color="#ffdd58">ඇයි ඔයා ඔය ෆෝන් එක දිහාම බලන් ඉන්නෙ?</font>

17
00:00:54,450 --> 00:00:56,520
<font color="#ffdd58">ඒකෙන් ඔයාට සල්ලි හම්බෙනව යැ. කොහෙද මේ යන්නෙ?</font>

18
00:00:56,620 --> 00:00:58,150
<font color="#ffdd58">මම කොහෙවත් යන්නෙ නෑ.</font>

19
00:00:58,250 --> 00:01:00,520
<font color="#ffdd58">මම මේ තාත්තගෙන් ඈත් වෙලා ඉන්නෙ, එයා ලඟ ඉන්න අකමැති නිසා.</font>

20
00:01:00,520 --> 00:01:01,980
<font color="#ffdd58">මූ මහ...</font>

21
00:01:02,580 --> 00:01:03,920
<font color="#ffdd58">ඇති. නවත්තන්න ඕක.</font>

22
00:01:04,520 --> 00:01:06,520
<font color="#ffdd58">එයා හැමතිස්සෙම මාව අවුස්සනවා.</font>

23
00:01:08,080 --> 00:01:09,850
<font color="#ffdd58">කවුද මේ ෆොටෝ ගත්තෙ?</font>

24
00:01:17,820 --> 00:01:18,820
<font color="#ffdd58">මේ... එක්ස්කියුස් මී.</font>

25
00:01:20,520 --> 00:01:21,890
<font color="#ffdd58">ඔයා දැන් මගේ ෆොටෝ එකක් ගත්තද?</font>

26
00:01:24,350 --> 00:01:26,350
<font color="#ffdd58">තමුන් කතා කරන්නෙ මාත් එක්කද? - ඔයා දැන් ෆොටෝ එකක් ගත්තා.</font>

27
00:01:26,350 --> 00:01:28,750
<font color="#ffdd58">මොනවද මේ කියන්නෙ? මම ඇයි ඔයාගෙ ෆොටෝ ගන්නෙ?</font>

28
00:01:29,880 --> 00:01:31,620
<font color="#ffdd58">ඔයා හොරෙන් ගත්තු ෆොටෝ එකෙන් මොනවද කරන්න යන්නෙ?</font>

29
00:01:32,320 --> 00:01:33,850
<font color="#ffdd58">මම මොකටද හොරෙන් ෆොටෝ ගන්නෙ?</font>

30
00:01:33,950 --> 00:01:35,780
<font color="#ffdd58">ෆෝන් එක පෙන්නන්න. ඇත්ත දැනගන්න පුලුවන්නෙ.</font>

31
00:01:35,880 --> 00:01:38,580
<font color="#ffdd58">අනේ මන්ද, මේක මාර වැඩක්නෙ. ඇයි
ඔයාට මගේ ෆෝන් එක බලන්න ඕනෙ?</font>

32
00:01:39,050 --> 00:01:40,950
<font color="#ffdd58">මේ අර "පිගී" නේද?</font>

33
00:01:42,950 --> 00:01:45,080
<font color="#ffdd58">අම්මප, මේ පිගී ම තමයි.</font>

34
00:01:46,520 --> 00:01:47,620
<font color="#ffdd58">අපි ඉස්සෙල්ල බැහැල ඉමු.</font>

35
00:01:48,450 --> 00:01:49,680
<font color="#ffdd58">බැස්සට පස්සෙ මම ෆෝන් එක බලන්නම්.</font>

36
00:01:51,250 --> 00:01:52,720
<font color="#ffdd58">මට ඒක හරියටම මතක නෑ,</font>

37
00:01:53,380 --> 00:01:56,680
<font color="#ffdd58">ඒත් මම අමුතු ගෑනු කෙනෙක් එක්ක පොඩි වලියක් දාගත්තා.</font>

38
00:01:56,780 --> 00:01:58,950
<font color="#ffdd58">හරි. අපි බැහැල දෙන්නත් එක්කම ෆෝන් එක චෙක් කරමු.</font>

39
00:01:59,050 --> 00:02:00,050
<font color="#ffdd58">මට බය නෑ.</font>

40
00:02:00,050 --> 00:02:03,150
<font color="#ffdd58">මට හිතුනා ඒක මාරු වෙන්න හොඳ චාන්ස් එකක් කියලා.</font>

41
00:02:03,150 --> 00:02:04,220
<font color="#ffdd58">කොහෙද මේ යන්නෙ?</font>

42
00:02:09,850 --> 00:02:11,180
<font color="#ffdd58">තැන්ක් යූ.</font>

43
00:02:12,150 --> 00:02:13,320
<font color="#ffdd58">කොහෙද මේ යන්නෙ?</font>

44
00:02:14,050 --> 00:02:15,180
<font color="#ffdd58">ෆෝන් එක පෙන්නන්න.</font>

45
00:02:16,120 --> 00:02:18,820
<font color="#ffdd58">මම මොකටද නොදන්න කෙනෙක්ගෙ ෆොටෝ ගන්නෙ?</font>

46
00:02:18,920 --> 00:02:20,520
<font color="#ffdd58">ඔයාට මොකක් හරි මානසික ලෙඩක්ද කොහෙද.</font>

47
00:02:20,820 --> 00:02:22,350
<font color="#ffdd58">එහෙනම් බලන්න දෙන්නකො.</font>

48
00:02:22,950 --> 00:02:26,580
<font color="#ffdd58">මම දැක්කා ඔයා මගේ ෆොටෝ එකක් ගන්නවා.</font>

49
00:02:27,050 --> 00:02:30,320
<font color="#ffdd58">මට පෙන්නන්න පුලුවන්, ඒත් මම කැමති නෑ.</font>

50
00:02:30,650 --> 00:02:31,950
<font color="#ffdd58">මට ඒක මදි කමක්.</font>

51
00:02:32,220 --> 00:02:34,020
<font color="#ffdd58">පැහැදිලිවම ඔයා ෆොටෝ එක ගත්තා.</font>

52
00:02:34,290 --> 00:02:35,290
<font color="#ffdd58">දැන්ම ඒක මකන්න.</font>

53
00:02:35,290 --> 00:02:38,180
<font color="#ffdd58">අනේ දෙවියනේ, ඔයා නම් පුදුම කෙනෙක්නෙ.</font>

54
00:02:38,350 --> 00:02:39,450
<font color="#ffdd58">ඕයි.</font>

55
00:02:39,790 --> 00:02:41,250
<font color="#ffdd58">මගේ ෆොටෝ එක මකන්න.</font>

56
00:02:45,850 --> 00:02:48,250
<font color="#ffdd58">මොකක්ද ඒ වුනේ? - මොකද වුනේ? මොකද මේ වෙන්නෙ?</font>

57
00:02:58,150 --> 00:02:59,750
<font color="#ffdd58">ගිලන් රථයකට කතා කරන්න!</font>

58
00:03:07,450 --> 00:03:08,550
<font color="#ffdd58">අම්මේ...</font>

59
00:03:10,950 --> 00:03:12,320
<font color="#ffdd58">ඒයි, ඔයාට ඔතනට යන්න බෑ!</font>

60
00:03:12,320 --> 00:03:15,380
<font color="#ffdd58">අන්න එහෙමයි, මට අහම්බෙන්
හම්බුණු ඒ ගෑනු කෙනාට පින් සිද්ධ වෙන්න,</font>

61
00:03:16,080 --> 00:03:17,880
<font color="#ffdd58">මම විතරක් තනිවම බේරුණා.</font>

62
00:03:24,880 --> 00:03:26,350
<font color="#ffdd58">දානෙ දීපු 49 වෙනි දවසෙ,</font>

63
00:03:27,650 --> 00:03:30,320
<font color="#ffdd58">මට ඕනෙ උනේ අන්තිම වතාවට සමුගන්න.</font>

64
00:04:16,350 --> 00:04:17,450
<font color="#ffdd58">එදා තමයි ඒක සිද්ධ වුනේ.</font>

65
00:04:46,550 --> 00:04:49,120
<font color="#ffdd58">ඒයි, ඔයාට තුවාල නෑ නේද?</font>

66
00:04:49,750 --> 00:04:50,820
<font color="#ffdd58">ඒයි.</font>

67
00:04:53,550 --> 00:04:55,850
<font color="#ffdd58">ඒක තමයි මගේ පළවෙනි කාල තරණය.</font>

68
00:04:56,180 --> 00:04:57,180
<font color="#ffdd58">අම්මපා...</font>

69
00:04:57,180 --> 00:04:58,180
<font color="#ffdd58">(සෝල් ස්ටේෂන්)</font>

70
00:05:04,750 --> 00:05:07,280
<font color="#ffdd58">(ඔබ සැමට සුභ නව වසරක් වේවා!)</font>

71
00:05:12,090 --> 00:05:13,380
<font color="#ffdd58">ඔයාට හිතාගන්න බැරුව නේද ඇත්තෙ.</font>

72
00:05:13,620 --> 00:05:14,650
<font color="#ffdd58">මොකක්?</font>

73
00:05:17,450 --> 00:05:18,750
<font color="#ffdd58">ඔයාට සීතල නැද්ද?</font>

74
00:05:21,880 --> 00:05:23,950
<font color="#ffdd58">ඔයා නිකන් පාරෙ ඉන්න බල්ලෙක් වගේ.</font>

75
00:05:25,380 --> 00:05:27,520
<font color="#ffdd58">ඔහොම ඉඳලා ඔයා කොහොමද කාල තරණය කරන කෙනෙක් වෙන්නෙ?</font>

76
00:05:27,950 --> 00:05:30,050
<font color="#ffdd58">කෝ අත් දෙක ඇතුලට දාගන්න.</font>

77
00:05:30,050 --> 00:05:31,150
<font color="#ffdd58">එදා,</font>

78
00:05:31,520 --> 00:05:33,720
<font color="#ffdd58">මට කාල තරණය කරන තව කෙනෙක් හම්බුණා.</font>

79
00:05:34,350 --> 00:05:36,350
<font color="#ffdd58">මෙතන ඉඳන්, ඔයා හැමතිස්සෙම...</font>

80
00:05:36,350 --> 00:05:39,450
<font color="#ffdd58">කෝච්චියේ යද්දි ග්‍රීෂ්ම කාලෙටයි ශීත කාලෙටයි
දෙකටම හරියන ඇඳුම් අරන් යන්න ඕනෙ.</font>

81
00:05:39,450 --> 00:05:42,620
<font color="#ffdd58">ඔයා මේකට තාම අලුත් නිසා, ඔයා යන්න කැමති කාලෙ තෝරගන්න බෑ.</font>

82
00:05:42,620 --> 00:05:43,950
<font color="#ffdd58">ඔයා කවුද?</font>

83
00:05:43,950 --> 00:05:46,620
<font color="#ffdd58">නිකන් ඇඳගන්නවා. හොටුත් පෙරෙනවා.</font>

84
00:05:49,150 --> 00:05:50,550
<font color="#ffdd58">හරි. ඉතින්?</font>

85
00:05:51,180 --> 00:05:54,520
<font color="#ffdd58">අම්මල තාත්තල නැති වුණාට පස්සෙ ඔයාට හිත හදාගන්න පුලුවන් වුණාද?</font>

86
00:05:55,250 --> 00:05:56,450
<font color="#ffdd58">ඔයා ඇත්තටම කවුද?</font>

87
00:05:57,750 --> 00:05:59,650
<font color="#ffdd58">අනික මම මේ කොහෙද ඉන්නෙ?</font>

88
00:06:00,620 --> 00:06:02,220
<font color="#ffdd58">ඔයා කවුද?</font>

89
00:06:02,320 --> 00:06:04,220
<font color="#ffdd58">සැර දාන්න එපා.</font>

90
00:06:04,420 --> 00:06:06,080
<font color="#ffdd58">ඔයා යූ සෝ ජූන්,</font>

91
00:06:06,080 --> 00:06:09,180
<font color="#ffdd58">මම තමයි ඔයා අද මෙතන ඉන්නවා කියල කලින් දැනගෙන හිටපු කෙනා.</font>

92
00:06:10,120 --> 00:06:11,520
<font color="#ffdd58">මම ඔයාගෙ උපදේශකයා කියල කියමුකෝ?</font>

93
00:06:11,780 --> 00:06:14,550
<font color="#ffdd58">මට 'මාස්ටර්' කියන්න. මං හිතන්නෙ ඒක හොඳයි.</font>

94
00:06:15,850 --> 00:06:18,150
<font color="#ffdd58">පොඩි එකා. එනව මාත් එක්ක යන්න.</font>

95
00:06:18,550 --> 00:06:19,950
<font color="#ffdd58">අපි ගිහින් අරක ගමුද?</font>

96
00:06:25,250 --> 00:06:29,380
<font color="#ffdd58">එයා මට මේ ලෝකෙ නීති ගොඩක් ඉගැන්නුවා.</font>

97
00:06:30,520 --> 00:06:32,420
<font color="#ffdd58">නම්යොන් ස්ටේෂන් එකයි සෝල් ස්ටේෂන් එකයි අතර.</font>

98
00:06:33,220 --> 00:06:35,420
<font color="#ffdd58">ඇක්සිඩන්ට් එක වෙච්ච තැන පහුකරගෙන යන හැම වතාවකම,</font>

99
00:06:35,650 --> 00:06:37,520
<font color="#ffdd58">මට අනාගතේට යන්න පුලුවන්.</font>

100
00:06:39,150 --> 00:06:41,850
<font color="#ffdd58">වෙන විදියකට කියනවනම්, නම්යොන් වලින් කෝච්චියට නැග්ගම...</font>

101
00:06:41,950 --> 00:06:44,180
<font color="#ffdd58">සෝල් ස්ටේෂන් එක පැත්තට යන එකෙන් මාව අනාගතේට යවනවා.</font>

102
00:06:44,450 --> 00:06:45,950
<font color="#ffdd58">මට ආයෙ වර්තමානයට එන්න ඕනෙ වුණාම,</font>

103
00:06:45,950 --> 00:06:48,180
<font color="#ffdd58">මම සෝල් ස්ටේෂන් එකෙන් කෝච්චියට නගින්න ඕනෙ...</font>

104
00:06:48,350 --> 00:06:50,250
<font color="#ffdd58">නම්යොන් ස්ටේෂන් එක පැත්තට.</font>

105
00:06:50,420 --> 00:06:52,380
<font color="#ffdd58">මූලික දේවල් ඇතුළුව එයා මට හැම දෙයක්ම ඉගැන්නුවා...</font>

106
00:07:00,620 --> 00:07:01,850
<font color="#ffdd58">දුවන්න!</font>

107
00:07:03,650 --> 00:07:05,750
<font color="#ffdd58">ඒ වගේම වැදගත්ම නීතිය තමයි...</font>

108
00:07:06,220 --> 00:07:09,020
<font color="#ffdd58">අනාගතේ ඉන්න මම මුණගැහුනොත් මම විනාශ වෙයි කියන එක.</font>

109
00:07:10,380 --> 00:07:12,380
<font color="#ffdd58">අනේ මන්ද, මේ. ඕයි.</font>

110
00:07:12,650 --> 00:07:14,780
<font color="#ffdd58">මම කිව්වනෙ තමන්වම මුණ ගැහෙන්න එපා කියලා.</font>

111
00:07:14,780 --> 00:07:17,150
<font color="#ffdd58">ඒකෙන් ඇත්තටම ඔයා මැරෙන්න පුලුවන්.</font>

112
00:07:17,620 --> 00:07:18,820
<font color="#ffdd58">ඒ වගේම...</font>

113
00:07:19,280 --> 00:07:21,850
<font color="#ffdd58">මගේ අන්තිම මොහොත ගැන පවා.</font>

114
00:07:22,550 --> 00:07:24,450
<font color="#ffdd58">එයා හැම දෙයක්ම දැනගෙන හිටියා.</font>

115
00:07:24,950 --> 00:07:26,780
<font color="#ffdd58">මේ, එනව මාත් එක්ක යන්න.</font>

116
00:07:26,780 --> 00:07:28,320
<font color="#ffdd58">ඔයාට තියෙන්නෙ...</font>

117
00:07:28,880 --> 00:07:31,220
<font color="#ffdd58">තව අවුරුදු තුනකටත් අඩු කාලයක්.</font>

118
00:07:40,650 --> 00:07:45,380
<font color="#ffdd58">(Tomorrow With You - ඔයා සමඟ හෙට)</font>

119
00:08:09,180 --> 00:08:10,420
<font color="#ffdd58">පැටියො?</font>

120
00:08:13,250 --> 00:08:15,450
<font color="#ffdd58">ආ! ඔයා දැනටමත් ඇවිල්ලද.</font>

121
00:08:17,180 --> 00:08:19,650
<font color="#ffdd58">තාම ඔයාගෙ වැඩ ඉවර වෙන්න වේලාසන වැඩි නැද්ද.</font>

122
00:08:20,950 --> 00:08:22,950
<font color="#ffdd58">ඔයා හිතන්නෙ නැද්ද අපි අලුත බැඳපු
ජෝඩුවක් කියල ඔයා ඕනවට වඩා නටනවා කියලා?</font>

123
00:08:27,850 --> 00:08:29,550
<font color="#ffdd58">අලුත බැඳපු?</font>

124
00:08:30,250 --> 00:08:33,950
<font color="#ffdd58">ඔහොම බලන්න එපා. මට ලැජ්ජයි.</font>

125
00:08:35,250 --> 00:08:37,550
<font color="#ffdd58">අපි...</font>

126
00:08:37,950 --> 00:08:39,280
<font color="#ffdd58">අලුත බැඳපු ජෝඩුවක්?</font>

127
00:08:42,380 --> 00:08:43,450
<font color="#ffdd58">මොකද වුනේ?</font>

128
00:08:44,320 --> 00:08:46,020
<font color="#ffdd58">ඔයාට හීනයක් වගේද?</font>

129
00:08:46,780 --> 00:08:48,850
<font color="#ffdd58">මේ...</font>

130
00:08:49,190 --> 00:08:51,780
<font color="#ffdd58">අපි කවද්ද...</font>

131
00:08:52,080 --> 00:08:55,550
<font color="#ffdd58">අපි බැඳල දැන් කොච්චර කල් වෙනවද?</font>

132
00:08:56,080 --> 00:08:57,320
<font color="#ffdd58">මොකක්?</font>

133
00:08:57,420 --> 00:09:01,420
<font color="#ffdd58">මේ, ඒක... තාම හීනයක් වගේ දැනෙනවා.</font>

134
00:09:03,250 --> 00:09:06,650
<font color="#ffdd58">අපි හනිමූන් එක ගිහින් ආවෙ...</font>

135
00:09:07,080 --> 00:09:10,780
<font color="#ffdd58">දවස් දෙකකට කලින්! අපි බැඳල තාම චුට්ටයිනෙ.</font>

136
00:09:14,950 --> 00:09:16,190
<font color="#ffdd58">ඔයාට සීතල දාඩිය දාලා.</font>

137
00:09:17,080 --> 00:09:18,350
<font color="#ffdd58">එහෙම වෙන්න එපා.</font>

138
00:09:18,650 --> 00:09:20,350
<font color="#ffdd58">ඊයෙ ඔයාට හොඳටම මහන්සි වුනානෙ.</font>

139
00:09:21,150 --> 00:09:22,550
<font color="#ffdd58">ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ?</font>

140
00:09:22,550 --> 00:09:23,720
<font color="#ffdd58">පොඩ්ඩක් ඉන්න.</font>

141
00:09:24,780 --> 00:09:26,450
<font color="#ffdd58">ඔයා කලින් යද්දි ඇඳන් හිටියෙ මේකද?</font>

142
00:09:26,520 --> 00:09:29,550
<font color="#ffdd58">ආ, මම ඇඳුම් මාරු කළා.</font>

143
00:09:29,650 --> 00:09:30,650
<font color="#ffdd58">ඇයි?</font>

144
00:09:30,880 --> 00:09:32,880
<font color="#ffdd58">මොකද මට ඕන වුනා.</font>

145
00:09:33,320 --> 00:09:37,350
<font color="#ffdd58">ඔයා ගිහින් ඇඳුමක් ඇඳගත්තනම් හොඳයි නේද?</font>

146
00:09:37,850 --> 00:09:40,350
<font color="#ffdd58">මම මේක ඇඳන් ඉන්නෙ. මගේ බාත්රෝබ් එක.</font>

147
00:09:40,950 --> 00:09:43,550
<font color="#ffdd58">දවසට දෙපාරකට වඩා නාන්න එපා.</font>

148
00:09:43,550 --> 00:09:44,920
<font color="#ffdd58">ඔයාට හෙම්බිරිස්සාව හැදෙයි.</font>

149
00:09:46,450 --> 00:09:47,550
<font color="#ffdd58">මම යන්න ඕනෙ.</font>

150
00:09:47,650 --> 00:09:48,750
<font color="#ffdd58">කොහෙද මේ යන්නෙ?</font>

151
00:09:49,550 --> 00:09:51,120
<font color="#ffdd58">අම්මපා.</font>

152
00:09:53,880 --> 00:09:56,150
<font color="#ffdd58">කොහෙද මේ යන්නෙ? - මොකක්?</font>

153
00:09:58,250 --> 00:09:59,250
<font color="#ffdd58">ඔයාට දෙයක් අමතක වුනා.</font>

154
00:10:05,050 --> 00:10:06,450
<font color="#ffdd58">කියන්න.</font>

155
00:10:12,280 --> 00:10:14,120
<font color="#ffdd58">මට ඒක අහන්න ඕනෙ.</font>

156
00:10:14,880 --> 00:10:16,150
<font color="#ffdd58">පැටියො.</font>

157
00:10:16,190 --> 00:10:17,280
<font color="#ffdd58">පැටියො?</font>

158
00:10:17,450 --> 00:10:19,920
<font color="#ffdd58">මොකක්ද ඒ? බල්ලෙක්ගෙ නමක්ද?</font>

159
00:10:20,050 --> 00:10:22,120
<font color="#ffdd58">"මම පස්සෙ හම්බෙන්නම්, පැටියො."</font>

160
00:10:22,350 --> 00:10:24,220
<font color="#ffdd58">ඔයා යන්න කලින් ඒක කියන්න ඕනෙ.</font>

161
00:10:24,220 --> 00:10:26,850
<font color="#ffdd58">මට 'පැටියො' වෙන්න ඕනෙ, 'පිගී' වෙන්න නෙවෙයි.</font>

162
00:10:27,650 --> 00:10:29,950
<font color="#ffdd58">ඒ එයාගෙ සුරතල් නමද? මම එයාට කතා කරන්නෙ එහෙමද?</font>

163
00:10:29,950 --> 00:10:31,320
<font color="#ffdd58">මට පිස්සුද?</font>

164
00:10:31,320 --> 00:10:32,750
<font color="#ffdd58">"පැටියො."</font>

165
00:10:33,150 --> 00:10:35,350
<font color="#ffdd58">ඔයා මට එහෙම කතා කරද්දි මට මාර සතුටක් දැනෙනවා.</font>

166
00:10:40,250 --> 00:10:41,280
<font color="#ffdd58">මේ...</font>

167
00:10:43,150 --> 00:10:45,550
<font color="#ffdd58">ජීවිතේ හොඳම දේවල් විඳින්න ඕනෙ හිමින් සැරේ.</font>

168
00:10:52,550 --> 00:10:53,820
<font color="#ffdd58">අද මෙයාට මොකද වෙලා තියෙන්නෙ?</font>

169
00:10:55,250 --> 00:10:56,550
<font color="#ffdd58">(පියානෝ පන්තිය)</font>

170
00:10:56,550 --> 00:11:01,220
<font color="#ffdd58">(වර්තමානය, ජුනි, 2016)</font>

171
00:11:01,880 --> 00:11:03,550
<font color="#ffdd58">දිගටම පුරුදු වෙන්න, හරිද?</font>

172
00:11:07,820 --> 00:11:09,220
<font color="#ffdd58">මේ...</font>

173
00:11:09,780 --> 00:11:11,880
<font color="#ffdd58">එයා පාරෙදි මගේ පස්සෙන් ආවා.</font>

174
00:11:12,450 --> 00:11:14,450
<font color="#ffdd58">එයා කිව්ව එයා මට වහ වැටිලා කියලා.</font>

175
00:11:14,750 --> 00:11:17,050
<font color="#ffdd58">එයා මාව මෙහෙම අල්ලගත්තා.</font>

176
00:11:17,850 --> 00:11:18,920
<font color="#ffdd58">සිරාවටම?</font>

177
00:11:20,780 --> 00:11:22,120
<font color="#ffdd58">ටික වෙලාවකට කලින්,</font>

178
00:11:22,120 --> 00:11:24,650
<font color="#ffdd58">මට එයාව හම්බවුනා, මම හොඳටම බීලත් හිටියෙ.</font>

179
00:11:25,650 --> 00:11:26,880
<font color="#ffdd58">එහෙනම් ඉතින් සොරිම තමයි.</font>

180
00:11:26,880 --> 00:11:28,380
<font color="#ffdd58">ඔයා නොබී ඉන්න ට්‍රයි කරන්න තිබුණා.</font>

181
00:11:29,780 --> 00:11:32,650
<font color="#ffdd58">ඔයාට දැන් 31 යි. ඔයා දන්නෙ නැද්ද
ඔයාගෙ ලොකුම ප්‍රශ්නෙ මොකක්ද කියලා?</font>

182
00:11:32,780 --> 00:11:33,920
<font color="#ffdd58">අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.</font>

183
00:11:36,080 --> 00:11:38,650
<font color="#ffdd58">මම ඒ ගැන දිගටම කල්පනා කරනවා, ඒත් මට තේරෙන්නෙම නෑ.</font>

184
00:11:38,650 --> 00:11:41,250
<font color="#ffdd58">මම බීල පිස්සු කෙලපු හැටි එයා දැක්කා,</font>

185
00:11:41,280 --> 00:11:44,250
<font color="#ffdd58">ඒත් එයා පහුවදා මගේ ගෙදර ආවෙ මුකුත් වුනේ නෑ වගේ.</font>

186
00:11:44,250 --> 00:11:46,750
<font color="#ffdd58">මගේ මූණට බොරු කියන්න එපා. මොන වගේ පිරිමියෙක්ද එහෙම කරන්නෙ?</font>

187
00:11:48,350 --> 00:11:50,620
<font color="#ffdd58">මම දන්නවා ඒක අමුතු නිසා බොරුවක් වගේ පේනවා කියලා.</font>

188
00:11:50,950 --> 00:11:52,280
<font color="#ffdd58">මාර අමුතු ගෑනියෙක්.</font>

189
00:11:52,280 --> 00:11:54,350
<font color="#ffdd58">නවත්තන්න. ඔයා කිව්ව එයා ලස්සනයි කියලා.</font>

190
00:11:54,350 --> 00:11:55,650
<font color="#ffdd58">ඉතින් මොකද?</font>

191
00:11:55,650 --> 00:11:58,550
<font color="#ffdd58">හොඳ පෙනුමක් තියෙන ගෑනු කෙනෙක්
දැක්කම, "ආ, එයා ලස්සනයි" කියල හිතෙනවා.</font>

192
00:11:58,550 --> 00:12:01,120
<font color="#ffdd58">ඒක හැමතිස්සෙම වෙන දෙයක්. එච්චරයි ඉතින්.</font>

193
00:12:01,220 --> 00:12:03,180
<font color="#ffdd58">එයා නිකම්ම අමුතු නෑ.</font>

194
00:12:03,380 --> 00:12:05,280
<font color="#ffdd58">එයා මාරම අමුතුයි.</font>

195
00:12:05,380 --> 00:12:07,380
<font color="#ffdd58">එයා කොහෙත්ම මට හරියන කෙනෙක් නෙවෙයි.</font>

196
00:12:07,780 --> 00:12:09,780
<font color="#ffdd58">මම එයා එක්ක පාළු දූපතක තනි වුණත්,</font>

197
00:12:09,780 --> 00:12:11,380
<font color="#ffdd58">මම කවදාවත් එයා දිහා බලන්නෙවත් නෑ.</font>

198
00:12:11,380 --> 00:12:13,780
<font color="#ffdd58">ඕන එකක්. - මම සිරාවටම කියන්නෙ, මෝඩයා.</font>

199
00:12:13,780 --> 00:12:15,950
<font color="#ffdd58">මම එයාව අල්ලන්නෙ නෑ. කවදාවත් නෑ.</font>

200
00:12:15,950 --> 00:12:18,650
<font color="#ffdd58">ඒත් ඔයා කියන්නෙ ඔයා එයාව මැරි කළා කියලා.</font>

201
00:12:18,650 --> 00:12:21,690
<font color="#ffdd58">මම බිත්තියේ ගහල තියෙන අපේ වෙඩින් ෆොටෝ එකත් දැක්කා.</font>

202
00:12:21,720 --> 00:12:25,490
<font color="#ffdd58">මම මේ කියන්නෙ අවුරුදු 3ක් 30ක් ගැන නෙවෙයි.
මම කොහොමද තව මාස 3කින් මැරි කරන්නෙ?</font>

203
00:12:26,190 --> 00:12:27,220
<font color="#ffdd58">අම්මපා.</font>

204
00:12:27,720 --> 00:12:29,390
<font color="#ffdd58">මේකෙන් ඔයාට තේරුමක් තියෙනවද?</font>

205
00:12:29,590 --> 00:12:31,890
<font color="#ffdd58">මම කවදාවත් මැරි කරන එක ගැන හිතලවත් නෑ...</font>

206
00:12:31,890 --> 00:12:33,390
<font color="#ffdd58">අපිට එච්චර දුර හිතන්න ඕනෙත් නෑ.</font>

207
00:12:33,390 --> 00:12:34,720
<font color="#ffdd58">මට යාලු වෙන්නවත් ඕනකමක් තිබුණෙ නෑ.</font>

208
00:12:34,720 --> 00:12:37,360
<font color="#ffdd58">ඉතින් ඔයා මුලින්ම එයාට උදව් කලේ ඇයි?</font>

209
00:12:43,820 --> 00:12:45,760
<font color="#ffdd58">මට හේතුවක් තිබුණා.</font>

210
00:12:47,360 --> 00:12:48,520
<font color="#ffdd58">එයා ඇත්තටම මට වහ වැටිලද?</font>

211
00:12:48,520 --> 00:12:49,990
<font color="#ffdd58">මේ වගේ බොරු වෙන මිනිස්සුන්ට කියන්න එපා.</font>

212
00:12:49,990 --> 00:12:51,990
<font color="#ffdd58">අනේ, මම ඇත්තමයි කියන්නෙ.</font>

213
00:12:52,090 --> 00:12:55,190
<font color="#ffdd58">මට තේරුම් ගන්න පුලුවන්, ඒත් වෙන මිනිස්සු ඔයාට හිනා වෙයි.</font>

214
00:12:56,520 --> 00:12:57,790
<font color="#ffdd58">මේ එයා. - අර මනුස්සයද?</font>

215
00:12:57,790 --> 00:12:58,790
<font color="#ffdd58">ඔව්.</font>

216
00:12:59,190 --> 00:13:01,820
<font color="#ffdd58">කිව්ව ගමන් මෙන්න. දැක්කද? එයා මට කෝල් කරනවා.</font>

217
00:13:02,620 --> 00:13:04,290
<font color="#ffdd58">ආන්සර් කරන්නකො. - දෙයියනේ.</font>

218
00:13:06,490 --> 00:13:07,520
<font color="#ffdd58">හලෝ?</font>

219
00:13:07,890 --> 00:13:09,690
<font color="#ffdd58">අපිට දැන් හම්බෙන්න පුලුවන්ද?</font>

220
00:13:09,990 --> 00:13:12,160
<font color="#ffdd58">මම මේ වෙලාවෙ පොඩ්ඩක් බිසී.</font>

221
00:13:12,260 --> 00:13:14,260
<font color="#ffdd58">මට අදාල නෑ. දැන්ම මාව හම්බෙන්න ඕනෙ.</font>

222
00:13:14,260 --> 00:13:15,290
<font color="#ffdd58">මේක හදිස්සියක්.</font>

223
00:13:17,020 --> 00:13:19,390
<font color="#ffdd58">මේ, එයා ඔයාට මාරෙට ලව්.</font>

224
00:13:19,490 --> 00:13:21,090
<font color="#ffdd58">ඒක එහෙම නෙවෙයි.</font>

225
00:13:21,090 --> 00:13:22,260
<font color="#ffdd58">මොනවද මේ කියන්නෙ?</font>

226
00:13:22,260 --> 00:13:24,590
<font color="#ffdd58">ඔයා බීල නටපු නාඩගම දැකලත් එයාට ඔයාව හම්බෙන්න ඕනෙලු.</font>

227
00:13:24,690 --> 00:13:27,660
<font color="#ffdd58">එයා ඔයා ගැන මාර විදියට පිස්සු වැටිලා ඇත්තෙ.</font>

228
00:13:28,260 --> 00:13:30,560
<font color="#ffdd58">ඔයා හිතනවද? දෙයියනේ, මම මොකද කරන්නෙ?</font>

229
00:13:31,660 --> 00:13:34,090
<font color="#ffdd58">මම පස්සෙ හම්බෙන්නම්. - පස්සෙ හම්බෙමු!</font>

230
00:13:34,620 --> 00:13:35,990
<font color="#ffdd58">වැදගත් විදියට ඇවිදින්න!</font>

231
00:13:37,160 --> 00:13:39,020
<font color="#ffdd58">ඔහොම පස්ස වනන්න එපා!</font>

232
00:13:43,460 --> 00:13:46,560
<font color="#ffdd58">එයා ඇත්තටම මට පිස්සු වැටිලද?</font>

233
00:13:47,620 --> 00:13:50,990
<font color="#ffdd58">එයාගෙ මොන දේට වසඟ වෙලාද මම එයාව මැරි කළේ?</font>

234
00:13:54,760 --> 00:13:57,390
<font color="#ffdd58">ඔයානෙ හම්බෙන්න ඕනෙ කිව්වෙ. මොකක් හරි කියන්නකො.</font>

235
00:13:57,990 --> 00:13:59,790
<font color="#ffdd58">ඔයා මං දිහා බලන විදිය නම්...</font>

236
00:14:00,190 --> 00:14:01,490
<font color="#ffdd58">මොකද ඒකෙ අවුල?</font>

237
00:14:01,790 --> 00:14:03,590
<font color="#ffdd58">ඒක වැඩියි වගේ කියල කියන්නද?</font>

238
00:14:05,260 --> 00:14:06,890
<font color="#ffdd58">මම හැමෝම දිහා බලන්නෙ මෙහෙම තමයි.</font>

239
00:14:07,590 --> 00:14:10,090
<font color="#ffdd58">හරි හරි. මම විශ්වාස කරන්නම්කො.</font>

240
00:14:14,360 --> 00:14:16,890
<font color="#ffdd58">ඔයාට කොල්ලෙක් නෑ නේද?</font>

241
00:14:17,590 --> 00:14:20,920
<font color="#ffdd58">ඔයාට දැනගන්න ඕනෙ මම තනියමද ඉන්නෙ නැද්ද කියලද. ඒකද?</font>

242
00:14:21,390 --> 00:14:23,190
<font color="#ffdd58">මට කොල්ලෙක් නැත්නම් ඔයා මොනව කරන්නද?</font>

243
00:14:23,690 --> 00:14:25,460
<font color="#ffdd58">ඔයා හිතනවද ඔයා හැමදාම තනියම ඉඳීවි කියලා?</font>

244
00:14:25,560 --> 00:14:28,620
<font color="#ffdd58">ඔයා ලයින් කරන නැත්නම් හිත ගිය කවුරු හරි ඉන්නවද?</font>

245
00:14:29,460 --> 00:14:32,490
<font color="#ffdd58">"මට මෙයාව මැරි කරන්න ඕනෙ." එහෙම හිතුණු කෙනෙක් ඉන්නවද?</font>

246
00:14:32,490 --> 00:14:34,390
<font color="#ffdd58">"අපි දෙන්නම 30 පැන්නට පස්සෙත් තනියම නම්,"</font>

247
00:14:34,390 --> 00:14:35,890
<font color="#ffdd58">"අපි දෙන්නා බඳිමු."</font>

248
00:14:35,890 --> 00:14:38,990
<font color="#ffdd58">ඔයා එහෙම පොරොන්දු වෙච්ච කෙනෙක් ඉන්නවද?</font>

249
00:14:39,190 --> 00:14:41,260
<font color="#ffdd58">මට පිරිමි ගැන ලොකු උනන්දුවක් නෑ.</font>

250
00:14:42,260 --> 00:14:43,290
<font color="#ffdd58">ඇයි ඔයා අහන්නෙ?</font>

251
00:14:43,290 --> 00:14:45,760
<font color="#ffdd58">ඔයා කැමති කෙනෙක් ඉන්නවනම් මට ඕනෙ උදව් කරන්න.</font>

252
00:14:45,820 --> 00:14:48,560
<font color="#ffdd58">මම මේක කරන්නෙ මනුස්සකමට.</font>

253
00:14:52,790 --> 00:14:55,560
<font color="#ffdd58">ඔයා තනියම ඉන්න එක ඔයාට අනතුරක් වෙයි වගේ.</font>

254
00:14:55,560 --> 00:14:58,720
<font color="#ffdd58">අඩුම ගානෙ ඔයාට අඩියක් ගහන්න
සෙට් වෙන පිරිමි යාලුවෙක්වත් ඉන්න ඕනෙ.</font>

255
00:14:59,090 --> 00:15:00,990
<font color="#ffdd58">මම හිතන්නෙ මම තනිවෙලා වගේ පේන්න ඇති.</font>

256
00:15:03,260 --> 00:15:05,490
<font color="#ffdd58">හරි. ඔයා කියන්න හදන දේ මට තේරෙනවා.</font>

257
00:15:05,490 --> 00:15:08,690
<font color="#ffdd58">ඕකෙ හංගපු තේරුමක් නෑ. ඔයාට ඇහුණ විදියම තමයි.</font>

258
00:15:09,190 --> 00:15:11,360
<font color="#ffdd58">නිකම්ම යාළුවෙක් විදියට...</font>

259
00:15:11,460 --> 00:15:12,820
<font color="#ffdd58">අපි කොහොමද දැනටමත් යාළුවො වෙන්නේ?</font>

260
00:15:12,820 --> 00:15:15,290
<font color="#ffdd58">අනික, ඔයා හිතනවද පිරිමි අයටයි ගෑණු
අයටයි යාළුවො වෙලා ඉන්න පුළුවන් කියලා?</font>

261
00:15:15,760 --> 00:15:17,160
<font color="#ffdd58">මම නම් එහෙම හිතන්නෙ නෑ.</font>

262
00:15:17,160 --> 00:15:19,660
<font color="#ffdd58">එහෙනම් ඔයා මං ගැන ඔයාගෙ අයියා කෙනෙක් වගේ හිතුවොත් මොකද?</font>

263
00:15:20,690 --> 00:15:24,190
<font color="#ffdd58">හරි. එහෙනම් අද ඉඳන් මම ඔයාට කතා කරන්නෙ එහෙමයි.</font>

264
00:15:25,360 --> 00:15:26,520
<font color="#ffdd58">අක්කේ.</font>

265
00:15:28,260 --> 00:15:29,920
<font color="#ffdd58">අම්මෝ, මට එකපාරටම රස්නෙ වීගෙන ආවා.</font>

266
00:15:30,290 --> 00:15:31,890
<font color="#ffdd58">මේකට වෙන්න ඇති මේ හැඟීම දැනෙන්නෙ.</font>

267
00:15:32,820 --> 00:15:35,590
<font color="#ffdd58">අපෝ, මහ අමුතුයිනේ. මම කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ?</font>

268
00:15:35,590 --> 00:15:37,820
<font color="#ffdd58">ඒක අමතක කරලා දාන්න, ප්ලීස්. සොරි.</font>

269
00:15:37,920 --> 00:15:39,190
<font color="#ffdd58">ඒක නම් මෝඩ අදහසක්.</font>

270
00:15:39,190 --> 00:15:42,390
<font color="#ffdd58">අම්මපා, ඔයාට නම් කෙල්ලෙක්ව දාගන්න කිසිම හැකියාවක් නෑ.</font>

271
00:15:42,690 --> 00:15:44,660
<font color="#ffdd58">පේනවට වඩා ඔයා හරි බොළඳයිනේ.</font>

272
00:15:44,890 --> 00:15:46,720
<font color="#ffdd58">මම එහෙම මෝඩ නෑ.</font>

273
00:15:47,090 --> 00:15:49,160
<font color="#ffdd58">මට කාරණාව තේරුණා,</font>

274
00:15:49,520 --> 00:15:51,460
<font color="#ffdd58">ඒ හින්දා අදට ඔය ඇති.</font>

275
00:15:54,020 --> 00:15:56,020
<font color="#ffdd58">මම ඒ ගැන සීරියස් විදියට හිතලා බලන්නම්,</font>

276
00:15:56,020 --> 00:15:59,160
<font color="#ffdd58">ඒ හින්දා මාත් එක්ක වැඩිය ඕනෑවට වඩා එන්න එපා.</font>

277
00:15:59,160 --> 00:16:00,590
<font color="#ffdd58">මට නිකන්...</font>

278
00:16:01,260 --> 00:16:02,390
<font color="#ffdd58">පොඩි අපහසු ගතියක් දැනෙනවා.</font>

279
00:16:02,390 --> 00:16:03,990
<font color="#ffdd58">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

280
00:16:04,490 --> 00:16:06,390
<font color="#ffdd58">මම කෙලින්ම කියන්නම්.</font>

281
00:16:07,360 --> 00:16:09,520
<font color="#ffdd58">මං ගැන හිතක් ඇති කරගන්න එපා, හරිද?</font>

282
00:16:09,520 --> 00:16:11,760
<font color="#ffdd58">ඔයා කොහොමටවත් මං ගැන හිතක් ඇති කරගන්න හොඳ නෑ.</font>

283
00:16:12,690 --> 00:16:15,890
<font color="#ffdd58">හරි. මම ඔයා ගැන හිතක් ඇති කරගන්නෙ නෑ.</font>

284
00:16:18,760 --> 00:16:20,460
<font color="#ffdd58">මම හරිම කාර්යබහුල කෙනෙක්.</font>

285
00:16:21,460 --> 00:16:22,720
<font color="#ffdd58">හලෝ? මාරින්.</font>

286
00:16:22,720 --> 00:16:25,720
<font color="#ffdd58">මට තෑග්ගක් දෙන්න ඕනේ. මම මේ ෆොටෝ ෂූට් එකක ඉන්නේ,</font>

287
00:16:25,720 --> 00:16:28,190
<font color="#ffdd58">ඒත් ෆොටෝග්‍රැෆර් ආවෙ නෑ, ඉතින් මම ඔයාව රෙකමදාරු කළා.</font>

288
00:16:28,190 --> 00:16:29,460
<font color="#ffdd58">ඔය ඇත්තටමද කියන්නේ?</font>

289
00:16:30,790 --> 00:16:31,890
<font color="#ffdd58">මරුනේ.</font>

290
00:16:32,290 --> 00:16:33,560
<font color="#ffdd58">ඔයා කොහෙද යන්නේ?</font>

291
00:16:33,990 --> 00:16:36,190
<font color="#ffdd58">මට පැයක් ඇතුළත ස්ටුඩියෝ එකට යන්න ඕනේ.</font>

292
00:16:36,190 --> 00:16:38,990
<font color="#ffdd58">කැමරාව ගන්න ඉස්සෙල්ලා ගෙදර යන්නත් ඕනේ, ඒ නිසා මට වෙලාවක් නෑ.</font>

293
00:16:39,090 --> 00:16:40,460
<font color="#ffdd58">ඔයා වාහනේ පාක් කළේ කොහෙද?</font>

294
00:16:40,460 --> 00:16:42,260
<font color="#ffdd58">ඔයා කියන්නෙ මම ඔයාව එක්කන් යන්න ඕන කියලද?</font>

295
00:16:42,260 --> 00:16:43,520
<font color="#ffdd58">ඔයාට ලකුණු ටිකක් දාගන්න පුළුවන් වෙයිනේ.</font>

296
00:16:43,520 --> 00:16:45,090
<font color="#ffdd58">අනේ යංකෝ. මම මේ හදිස්සියක ඉන්නේ!</font>

297
00:16:45,360 --> 00:16:47,290
<font color="#ffdd58">ඔයාට නම් ලැජ්ජාවක් නෑ.</font>

298
00:16:47,290 --> 00:16:48,920
<font color="#ffdd58">මේකද ඔයාගේ කාර් එක?</font>

299
00:16:51,620 --> 00:16:53,020
<font color="#ffdd58">මේක තමයි මගේ කාර් එක.</font>

300
00:16:59,460 --> 00:17:01,290
<font color="#ffdd58">මම ඇයි මේක කරන්නේ?</font>

301
00:17:23,160 --> 00:17:24,560
<font color="#ffdd58">හායි හැමෝටම! ආයුබෝවන්.</font>

302
00:17:24,560 --> 00:17:26,790
<font color="#ffdd58">මම ඇයි දැන් මේයාට උදව් කරන්නේ?</font>

303
00:17:31,790 --> 00:17:32,830
<font color="#ffdd58">දැන් අපි අතරේ අවුලක් නෑනේ?</font>

304
00:17:34,160 --> 00:17:35,990
<font color="#ffdd58">ඔයා වැරදියට තේරුම් ගනී කියලා මට බයයි.</font>

305
00:17:36,090 --> 00:17:38,090
<font color="#ffdd58">මම උදව් කළේ ඔයා මගෙන් බලෙන්ම වගේ උදව් ඉල්ලපු නිසා විතරයි.</font>

306
00:17:38,090 --> 00:17:39,920
<font color="#ffdd58">ආ, බිත් නා! මාරින්!</font>

307
00:17:39,920 --> 00:17:43,360
<font color="#ffdd58">අනේ, ගොඩක් ස්තූතියි.</font>

308
00:17:43,360 --> 00:17:44,890
<font color="#ffdd58">මේ වැඩේ මට සෙට් කරලා දුන්නෙත් ඔයානේ.</font>

309
00:17:44,890 --> 00:17:46,790
<font color="#ffdd58">ඒ වුණාට. මම ඒක ඇත්තටම අගය කරනවා.</font>

310
00:17:46,790 --> 00:17:47,890
<font color="#ffdd58">මේ කවුද?</font>

311
00:17:47,990 --> 00:17:49,390
<font color="#ffdd58">ඔයාද අලුත් මොඩල්?</font>

312
00:17:49,990 --> 00:17:52,290
<font color="#ffdd58">ෂා. ඔයාට මරු ඇඟක්නේ තියෙන්නේ.</font>

313
00:17:52,290 --> 00:17:55,260
<font color="#ffdd58">ආයුබෝවන්. මම තමයි ෆොටෝග්‍රැෆර්, සොං මාරින්.</font>

314
00:17:55,260 --> 00:17:56,690
<font color="#ffdd58">මේ මගේ යාළුවෙක් විතරයි.</font>

315
00:17:56,690 --> 00:17:58,260
<font color="#ffdd58">එයා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් නෙවෙයි.</font>

316
00:17:58,260 --> 00:17:59,290
<font color="#ffdd58">මම යනවා.</font>

317
00:17:59,620 --> 00:18:01,190
<font color="#ffdd58">එහෙමද? පොඩ්ඩක් ඉන්නකෝ.</font>

318
00:18:05,390 --> 00:18:08,890
<font color="#ffdd58">මේ ඇඳුම් ටික ඔයාට නියමෙට ගැලපෙයි.</font>

319
00:18:10,390 --> 00:18:13,190
<font color="#ffdd58">මොකද කියන්නේ? අත්දැකීමක් විදියට අපිට මොඩල් කරන්න කැමතිද?</font>

320
00:18:13,390 --> 00:18:14,720
<font color="#ffdd58">නෑ, මට බෑ.</font>

321
00:18:14,720 --> 00:18:16,090
<font color="#ffdd58">මෙයා හරිම ආකර්ෂණීයයි.</font>

322
00:18:16,090 --> 00:18:18,160
<font color="#ffdd58">පොඩ්ඩක් ඉන්න. මැඩම්. මැඩම්.</font>

323
00:18:18,620 --> 00:18:21,890
<font color="#ffdd58">අපි අද ෂූට් කරන මේ ඇඳුම් ටික නම් මාරම ලස්සනයි.</font>

324
00:18:21,990 --> 00:18:24,020
<font color="#ffdd58">ඔයාට හොඳ ඇහැක් තියෙනවා.</font>

325
00:18:24,290 --> 00:18:26,830
<font color="#ffdd58">මේ ඇඳුම් ටික මීටත් වඩා...</font>

326
00:18:26,830 --> 00:18:29,090
<font color="#ffdd58">ලස්සනට පේන විදියට මම ෆොටෝස් ගන්නම්.</font>

327
00:18:30,790 --> 00:18:31,890
<font color="#ffdd58">ලෑස්ති වෙන්න.</font>

328
00:18:33,090 --> 00:18:34,990
<font color="#ffdd58">මම මුල ඉඳන්ම මෙයත් එක්ක පැටලෙන්න හොඳ නැතිව තිබුණේ.</font>

329
00:18:34,990 --> 00:18:38,520
<font color="#ffdd58">කොහොම හරි මම මේ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ.</font>

330
00:18:38,520 --> 00:18:47,290
<font color="#ffdd58">එයාගෙ කෝල්ස් ආන්සර් නොකර ඉන්නවා,
පාරෙදි මුණගැහුණත් මග ඇරලා යනවා.</font>

331
00:18:50,190 --> 00:18:52,990
<font color="#ffdd58">සර්, මේ පරිවරණ හරියට හයි කරලා නෑනේ.</font>

332
00:18:54,190 --> 00:18:55,790
<font color="#ffdd58">මම කිව්වනේ වේලිච්ච ලී තිබුණා කියලා හරියන්නෙ නෑ කියලා.</font>

333
00:18:55,790 --> 00:18:57,690
<font color="#ffdd58">හරියට මිම්මට වැඩේ කෙරෙන්න ඕනේ...</font>

334
00:18:57,690 --> 00:19:00,190
<font color="#ffdd58">පරිවරණ වලට පවා. මම කොච්චර නම් කිව්වද.</font>

335
00:19:00,190 --> 00:19:02,590
<font color="#ffdd58">මට නම් කිසි ප්‍රශ්නයක් පේන්න නෑ.</font>

336
00:19:05,790 --> 00:19:06,790
<font color="#ffdd58">අතාරිනවා!</font>

337
00:19:08,590 --> 00:19:11,390
<font color="#ffdd58">බලන්න. මේ හිඩැස ඔයාට පේන්නෙ නැද්ද?</font>

338
00:19:11,760 --> 00:19:14,160
<font color="#ffdd58">ඕකෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.</font>

339
00:19:14,560 --> 00:19:16,290
<font color="#ffdd58">ඔයාට ඕක ප්‍රශ්නයක් වගේ පේනවා නම්,</font>

340
00:19:16,290 --> 00:19:19,090
<font color="#ffdd58">ඇතුළෙ වැඩ කරන කොට ඒක හදන්න පුළුවන්.</font>

341
00:19:19,090 --> 00:19:21,990
<font color="#ffdd58">ඔයා මෙතනට එන්නේ අපිට ඇද කුද කියන්නමයි නේද?</font>

342
00:19:22,090 --> 00:19:24,090
<font color="#ffdd58">අපි මෙතන ඉන්නේ ඔයා කියන විදියට නටන්න නෙවෙයි, හරිද?</font>

343
00:19:24,690 --> 00:19:26,090
<font color="#ffdd58">දෙයියනේ.</font>

344
00:19:26,590 --> 00:19:28,690
<font color="#ffdd58">එයා හැමතිස්සෙම මාව කනවා.</font>

345
00:19:28,690 --> 00:19:30,720
<font color="#ffdd58">මම වයසින් අඩු හින්දයි, ගෑණු ළමයෙක්
හින්දයි මිනිහා මාව පාතට දානවා.</font>

346
00:19:30,720 --> 00:19:32,290
<font color="#ffdd58">එයා හිතන් ඉන්නේ එයා කවුරු කියලද?</font>

347
00:19:32,290 --> 00:19:33,390
<font color="#ffdd58">දැන් ඇති.</font>

348
00:19:35,090 --> 00:19:36,720
<font color="#ffdd58">කොහොම වුණත්, ඒක පේන්න නම් හොඳ නෑ.</font>

349
00:19:36,720 --> 00:19:38,520
<font color="#ffdd58">අපිට බජට් එක වැඩි කරගන්න වෙයි.</font>

350
00:19:38,790 --> 00:19:40,460
<font color="#ffdd58">ගංවොන් පළාතේ ඇති වුණ ලැව් ගින්න...</font>

351
00:19:40,460 --> 00:19:42,260
<font color="#ffdd58">අපේ බජට් එකෙන් සෑහෙන ගාණක් කපාගනියි.</font>

352
00:19:42,260 --> 00:19:43,990
<font color="#ffdd58">එහෙම කියලා අපි බාල විදියට වැඩ කරන්නද?</font>

353
00:19:43,990 --> 00:19:45,390
<font color="#ffdd58">මිනිස්සුනේ ඕකේ ජීවත් වෙන්නේ.</font>

354
00:19:46,690 --> 00:19:49,020
<font color="#ffdd58">මට හිතෙන්නේ අපිට ආයෙත් සෝ ජූන්ගෙන් උදව් ඉල්ලන්න වෙයි වගේ.</font>

355
00:19:49,460 --> 00:19:51,360
<font color="#ffdd58">මේ පාර ඔයාට බැරිද එයාගෙන් අහන්න?</font>

356
00:19:51,660 --> 00:19:52,760
<font color="#ffdd58">මට නම් අහන්නත් ලැජ්ජයි.</font>

357
00:19:52,760 --> 00:19:55,290
<font color="#ffdd58">ඔයා ඇයි ගංවොන් පළාතේ ප්‍රොජෙක්ට් එක කරන්න කැමති වුණේ?</font>

358
00:19:55,790 --> 00:19:57,660
<font color="#ffdd58">සෝ ජූන් කියන්නේ ඔයාගෙ බැංකුවද?</font>

359
00:19:58,720 --> 00:20:01,190
<font color="#ffdd58">මොකක්ද? ඔයාගෙයි ඔය කේන්තියෙයි අඩුවක් නෑනේ.</font>

360
00:20:01,290 --> 00:20:04,190
<font color="#ffdd58">සෙ යොං. යන්න කලින් මාත් එක්ක දවල්ට කන්න එන්නකෝ.</font>

361
00:20:05,190 --> 00:20:06,560
<font color="#ffdd58">අද වැඩ ටික හොඳයි.</font>

362
00:20:06,990 --> 00:20:09,390
<font color="#ffdd58">හොඳ ආරම්භයක් සහ උත්සාහයක්
තිබුණොත් සම්බන්ධයක් දිගටම තියෙයිලුනේ.</font>

363
00:20:09,490 --> 00:20:13,090
<font color="#ffdd58">හොඳ ආරම්භයක් ගන්න පුළුවන් වෙන්න අද
මම ඔයාව ඉම්ප්‍රෙස් කරන්න ඇති කියලා හිතනවා.</font>

364
00:20:14,890 --> 00:20:18,160
<font color="#ffdd58">මොකද හිතන්නේ? අපි දිගටම එකට වැඩ කරමුද?</font>

365
00:20:18,560 --> 00:20:19,790
<font color="#ffdd58">මම ඒ ගැන හිතලා බලන්නම්.</font>

366
00:20:20,260 --> 00:20:23,990
<font color="#ffdd58">අර ඔයාගේ යාළුවා. අර මොඩල් කෙනෙක් වගේ පෙනුම තියෙන එක්කෙනා.</font>

367
00:20:24,660 --> 00:20:26,830
<font color="#ffdd58">ඔයාට පුළුවන්ද එයාව එක්කන් එන්න?</font>

368
00:20:28,190 --> 00:20:30,890
<font color="#ffdd58">එයා ඉතින් දේපළ වෙළඳාම් කරන කෙනෙක්නේ.</font>

369
00:20:30,990 --> 00:20:32,020
<font color="#ffdd58">එයාව එක්කන් එන්න.</font>

370
00:20:32,560 --> 00:20:36,520
<font color="#ffdd58">ඔයාගේ උනන්දුව පෙන්නන්න, එතකොට මට තීරණය කරන්න පුළුවන්...</font>

371
00:20:36,620 --> 00:20:38,160
<font color="#ffdd58">මම ඔයත් එක්ක දිගටම වැඩ කරනවද නැද්ද කියලා.</font>

372
00:20:42,090 --> 00:20:44,560
<font color="#ffdd58">එයා නම් හරිම කුහකයි,</font>

373
00:20:44,560 --> 00:20:47,290
<font color="#ffdd58">ඒත් ඔයාට පුළුවන්ද එයාගෙන් අහලා බලන්න?</font>

374
00:20:47,660 --> 00:20:50,720
<font color="#ffdd58">ඔයාට මෙහෙන් දිගටම වැඩ ලැබෙනවා නම් ඒක ඔයාට හොඳයිනේ.</font>

375
00:20:50,920 --> 00:20:55,190
<font color="#ffdd58">මම කිව්වොත් එයා අනිවාර්යයෙන්ම ඒක කරයි.</font>

376
00:20:55,660 --> 00:20:57,490
<font color="#ffdd58">ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ,</font>

377
00:20:58,160 --> 00:21:02,090
<font color="#ffdd58">ඒත් මට හිතෙන්නේ මට කැමති කෙනෙක්ව
මගේ වාසියට පාවිච්චි කරනවා වගේ.</font>

378
00:21:02,190 --> 00:21:04,660
<font color="#ffdd58">මම තවම එයාට මගේ හිත ඇරලා පෙන්නන්න ලෑස්ති නෑ.</font>

379
00:21:07,290 --> 00:21:09,160
<font color="#ffdd58">එයාට ඔයා ගැන අදහසක් තියෙනවද?</font>

380
00:21:10,830 --> 00:21:12,290
<font color="#ffdd58">මුකුත් දන්නෙ නෑ වගේ ඉන්න.</font>

381
00:21:12,290 --> 00:21:14,560
<font color="#ffdd58">දැන් ඉඳන් ඔයාට එයාව නිතර දකින්න ලැබෙයි.</font>

382
00:21:18,290 --> 00:21:19,690
<font color="#ffdd58">එයාට වැඳලා හරි කියන්න.</font>

383
00:21:19,790 --> 00:21:21,190
<font color="#ffdd58">හේ ග්‍යොං කියන්නේ හොඳ කෙනෙක්.</font>

384
00:21:21,190 --> 00:21:23,520
<font color="#ffdd58">ඔයාලා දෙන්නා ගොඩක් කල් එකට හිටියා, ඒකයි ඔය.</font>

385
00:21:25,590 --> 00:21:27,720
<font color="#ffdd58">සෝ ජූන් කීයට එනවා කියලද කිව්වේ?</font>

386
00:21:28,190 --> 00:21:31,090
<font color="#ffdd58">එයාට බිල ගෙවන්න කියන්න. එයාට ඉතින් සල්ලි තියෙනවනේ.</font>

387
00:21:31,190 --> 00:21:33,990
<font color="#ffdd58">දෙයියනේ. එයා අපේ පර්ස් එක නෙවෙයිනේ.</font>

388
00:21:34,090 --> 00:21:35,620
<font color="#ffdd58">එයා තමයි ඉතින්.</font>

389
00:21:35,790 --> 00:21:37,290
<font color="#ffdd58">ඔයත් එයාගෙන් කකා බිබී ඉන්නවනේ.</font>

390
00:21:37,290 --> 00:21:38,590
<font color="#ffdd58">මේකෙන් තව බෝතලයක් ඕඩර් කරන්න.</font>

391
00:21:38,590 --> 00:21:40,560
<font color="#ffdd58">ඔයාට වෙරිද? නෑ, මට වෙරි නෑ.</font>

392
00:21:40,660 --> 00:21:41,690
<font color="#ffdd58">ඔයාලා ගොඩක් බිව්වද?</font>

393
00:21:41,690 --> 00:21:43,360
<font color="#ffdd58">ආ, සෝ ජූන්. ඔයා ආවද.</font>

394
00:21:43,660 --> 00:21:44,690
<font color="#ffdd58">හේයි.</font>

395
00:21:45,830 --> 00:21:48,660
<font color="#ffdd58">මට අද දවසම එපා වෙලා තියෙන්නේ. හේ
ග්‍යොං මාත් එක්ක තිබුණ සම්බන්ධෙ නතර කළා.</font>

396
00:21:48,920 --> 00:21:50,820
<font color="#ffdd58">මෙයා මේ කෙල්ලෙක් හින්දද මේ මූණ එල්ලන් ඉන්නේ?</font>

397
00:21:50,820 --> 00:21:52,760
<font color="#ffdd58">ඔයාට වෙන කෙල්ලොන්ව ආශ්‍රය කරන්න පුළුවන්නේ.</font>

398
00:21:52,820 --> 00:21:54,090
<font color="#ffdd58">මම ඔයාට කාව හරි සෙට් කරන්නද?</font>

399
00:21:54,360 --> 00:21:56,890
<font color="#ffdd58">මේ, මම හේ ග්‍යොං ගැන සීරියස් හිටියේ.</font>

400
00:21:57,490 --> 00:22:00,290
<font color="#ffdd58">වෙන කෙල්ලෝ ගැනත් ඔයාට ඔහොම හිතෙයි කියලා මම දන්නවා.</font>

401
00:22:00,290 --> 00:22:02,260
<font color="#ffdd58">වැඩිය ඕන නෑ. මම කියන එක හරි නේද?</font>

402
00:22:02,260 --> 00:22:03,260
<font color="#ffdd58">ඒයි.</font>

403
00:22:03,520 --> 00:22:05,520
<font color="#ffdd58">ආදරේ කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නෙවත් නෑනේ.</font>

404
00:22:07,020 --> 00:22:08,190
<font color="#ffdd58">ආදරේ?</font>

405
00:22:08,920 --> 00:22:11,460
<font color="#ffdd58">ඔයා කෙල්ලොත් එක්ක ඉඳලා එපා වුණාම හරි...</font>

406
00:22:11,460 --> 00:22:13,290
<font color="#ffdd58">ප්‍රශ්න එනකොට හරි එයාලව අතාරිනවා. ඔයා ඒකටද ආදරේ කියන්නේ?</font>

407
00:22:13,290 --> 00:22:16,090
<font color="#ffdd58">හරි හරි. දැන් ඇති. ඔය ගාණට බහින්න එපා.</font>

408
00:22:16,090 --> 00:22:18,020
<font color="#ffdd58">මෙන්න මෙහෙන් වාඩි වෙන්න.</font>

409
00:22:18,160 --> 00:22:21,020
<font color="#ffdd58">ෂෝ දාන්නෙ නැතුව ඉන්නවා. බීලා ගෙදර යන්න.</font>

410
00:22:21,290 --> 00:22:23,260
<font color="#ffdd58">අපෝ, මම හිතුවේ ලොකු ප්‍රශ්නයක් කියලා.</font>

411
00:22:29,590 --> 00:22:30,620
<font color="#ffdd58">ශික්.</font>

412
00:22:33,090 --> 00:22:35,090
<font color="#ffdd58">මම... සන්සුන් වෙන්න.</font>

413
00:22:35,090 --> 00:22:36,220
<font color="#ffdd58">නවත්තන්න.</font>

414
00:22:36,220 --> 00:22:38,060
<font color="#ffdd58">මම යනවා. - මූ නම් මාව කන්න හදන්නේ.</font>

415
00:22:38,060 --> 00:22:39,790
<font color="#ffdd58">යන්න. - බොන්න.</font>

416
00:22:46,190 --> 00:22:48,190
<font color="#ffdd58">යන්න එපා. මේ පාර මම ගෙවන්නම්.</font>

417
00:22:48,190 --> 00:22:49,290
<font color="#ffdd58">ඕක තියාගන්නවා.</font>

418
00:22:49,290 --> 00:22:51,720
<font color="#ffdd58">ඔයා නිසා අපිටත් එපා වෙනවා.</font>

419
00:22:51,820 --> 00:22:52,890
<font color="#ffdd58">ගන්න.</font>

420
00:22:56,690 --> 00:22:59,460
<font color="#ffdd58">එයා හේ ග්‍යොංට වැඳලා ආයෙත් එයත් එක්ක යාළු වෙයි.</font>

421
00:23:00,160 --> 00:23:02,320
<font color="#ffdd58">ඊට පස්සේ මිනිහා වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙනවා.</font>

422
00:23:02,320 --> 00:23:05,160
<font color="#ffdd58">එයා කැනඩාවට ගියාම එහෙදි
කොරියන්-කැනේඩියන් කෙල්ලෙක්ව සෙට් කරගන්නවා.</font>

423
00:23:05,290 --> 00:23:06,360
<font color="#ffdd58">අපෝ.</font>

424
00:23:06,890 --> 00:23:09,620
<font color="#ffdd58">සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා මම දන්න හින්දා මට හිනා යනවා.</font>

425
00:23:10,220 --> 00:23:12,090
<font color="#ffdd58">එයා නැතුව ජීවත් වෙන්න බෑ වගේ මිනිහා රඟපානවා.</font>

426
00:23:12,090 --> 00:23:14,960
<font color="#ffdd58">ඔයා දන්නවනේ, ඒත් එයාට එහෙම අවුලක් නෑ කියලා.</font>

427
00:23:16,890 --> 00:23:18,790
<font color="#ffdd58">සං මින්ට දැන් ලොකුම දේ හේ ග්‍යොං විතරයි.</font>

428
00:23:18,790 --> 00:23:22,060
<font color="#ffdd58">ඉස්සරහට වෙන්නෙ මොනවද කියලා එයා දන්නෙ නෑනේ.</font>

429
00:23:22,160 --> 00:23:24,790
<font color="#ffdd58">එයා හේ ග්‍යොංව රවට්ටනවා කියලා එයාට හිතාගන්නවත් බෑ.</font>

430
00:23:24,890 --> 00:23:26,620
<font color="#ffdd58">මේ වෙලාවේ, සං මින් ඉන්නේ හරිම අමාරුවෙන්.</font>

431
00:23:28,390 --> 00:23:29,690
<font color="#ffdd58">ඒත් පව් ඉතින්.</font>

432
00:23:30,090 --> 00:23:31,790
<font color="#ffdd58">මම හැමදේම දන්නවා, ඉතින් මට හිනා.</font>

433
00:23:34,090 --> 00:23:35,460
<font color="#ffdd58">මම දන්නෙ නෑ.</font>

434
00:23:36,320 --> 00:23:38,390
<font color="#ffdd58">මම කවදාවත් ඔයා වගේ ජීවත් වෙලා නෑ.</font>

435
00:23:39,360 --> 00:23:41,590
<font color="#ffdd58">ඔයා වර්තමානයයි අනාගතයයි දෙකේම එකපාර ජීවත් වෙනවා.</font>

436
00:23:41,690 --> 00:23:43,360
<font color="#ffdd58">ඒත් අපිට තියෙන්නේ වර්තමානය විතරයි.</font>

437
00:23:43,590 --> 00:23:45,490
<font color="#ffdd58">මේ ලෝකේ හැමෝම ජීවත් වෙන්නේ එහෙමයි.</font>

438
00:23:45,690 --> 00:23:47,460
<font color="#ffdd58">ඔයාට ඒක විහිළුවක් වගේ පේනවා නම්, මට කියන්න දෙයක් නෑ.</font>

439
00:23:49,090 --> 00:23:51,290
<font color="#ffdd58">ඔයා ඇයි හැමතිස්සෙම අනාගතේ ගැනම හිත හිත ඉන්නේ?</font>

440
00:23:54,190 --> 00:23:56,090
<font color="#ffdd58">ඇතුළට යන්න. මම හෙට හම්බවෙන්නම්.</font>

441
00:24:59,500 --> 00:25:02,600
<font color="#ffdd58">ආයුබෝවන්. ආයුබෝවන්.</font>

442
00:25:02,720 --> 00:25:04,220
<font color="#ffdd58">ආයුබෝවන් සර්. ආයුබෝවන්.</font>

443
00:25:06,800 --> 00:25:08,200
<font color="#ffdd58">(සොං මාරින්)</font>

444
00:25:08,280 --> 00:25:11,440
<font color="#ffdd58">කැෆේ එක තියෙන තැන මම එවන්නම්. හවස 3ට හම්බවෙමු.</font>

445
00:25:12,700 --> 00:25:14,100
<font color="#ffdd58">මම ආයෙ එයා එක්ක පැටලෙන්නෙ නෑ.</font>

446
00:25:14,820 --> 00:25:17,060
<font color="#ffdd58">ඔයාට මොඩල් වැඩේ කරන්න වෙලා තියෙන්නේ මම හින්දා.</font>

447
00:25:18,040 --> 00:25:21,540
<font color="#ffdd58">මම ස්ටුඩියෝ එකක් රෙන්ට් කරගන්න උදව් කරන්නම්. හරිද?</font>

448
00:25:21,640 --> 00:25:22,640
<font color="#ffdd58">ඔයා මට ස්තූති කරන්නෙ නැද්ද?</font>

449
00:25:28,910 --> 00:25:30,310
<font color="#ffdd58">ස්ටුඩියෝ එකේ අයිතිකාරයා...</font>

450
00:25:30,440 --> 00:25:33,040
<font color="#ffdd58">ඔයාව එක්කන් ගියේ නැත්නම් මාව ගන්නෙ නෑලු.</font>

451
00:25:33,810 --> 00:25:35,110
<font color="#ffdd58">ඔයා මට උදව් කරනවා නේද?</font>

452
00:25:40,240 --> 00:25:42,070
<font color="#ffdd58">අවංක වෙන එක හැමතිස්සෙම හොඳ නෑ.</font>

453
00:25:42,540 --> 00:25:44,110
<font color="#ffdd58">තමන්ව පාත් කරගත්තොත්, ඔයාව පේන්නේ නිකන් කාලකන්නියෙක් වගේ.</font>

454
00:25:44,310 --> 00:25:46,840
<font color="#ffdd58">ඔයා එහෙම පෙනුණොත්, මිනිස්සු ඔයාව ගණන් ගන්නෙ නෑ.</font>

455
00:25:48,540 --> 00:25:50,840
<font color="#ffdd58">මේ, අර පිගී නේද?</font>

456
00:25:52,240 --> 00:25:53,470
<font color="#ffdd58">මේ එයා නේද.</font>

457
00:25:54,370 --> 00:25:56,110
<font color="#ffdd58">එයා දැන් වයස පාටයි නේද?</font>

458
00:25:57,570 --> 00:25:58,840
<font color="#ffdd58">ඔයා දැක්කද එයා ගැන ගියපු නිව්ස් එක?</font>

459
00:25:59,110 --> 00:26:02,310
<font color="#ffdd58">මම එයා නම්, ලැජ්ජාවෙ මූණ පෙන්නන්නෙවත් නෑ.</font>

460
00:26:02,370 --> 00:26:04,270
<font color="#ffdd58">නිව්ස් එකක්? එයා නම් මහා පුදුම චරිතයක්.</font>

461
00:26:05,640 --> 00:26:07,540
<font color="#ffdd58">මට එයා ගැන පව් කියලත් හිතෙනවා.</font>

462
00:26:09,570 --> 00:26:10,640
<font color="#ffdd58">(කවුද මේ අපි කවුරුත් පව් කියලා හිතන හිටපු ළමා නිළිය?)</font>

463
00:26:13,140 --> 00:26:14,740
<font color="#ffdd58">ආයෙත් අර රිපෝටර් නේද.</font>

464
00:26:16,010 --> 00:26:17,640
<font color="#ffdd58">ශික්.</font>

465
00:26:23,070 --> 00:26:24,110
<font color="#ffdd58">මම මේ කතා කරන්නෙ.</font>

466
00:26:24,270 --> 00:26:26,910
<font color="#ffdd58">ඔයාලා ඔය දුක් වෙන "පිගී" තමයි මේ.</font>

467
00:26:28,240 --> 00:26:30,210
<font color="#ffdd58">තමුසෙ ආයෙත් මම ගැන ආටිකල් එකක් ලිව්වා නේද.</font>

468
00:26:30,640 --> 00:26:33,040
<font color="#ffdd58">මේක නිකන් බැංකුවෙන් ඉබේ සල්ලි කැපෙනවා වගේ වැඩක්ද?</font>

469
00:26:33,540 --> 00:26:36,810
<font color="#ffdd58">මම මේක අමතක කරන්න හදනකොටම තමුසෙ තව එකක් ලියනවා.</font>

470
00:26:37,210 --> 00:26:38,740
<font color="#ffdd58">මම ඇති වෙනකම් බැනුම් අහලයි තියෙන්නෙ.</font>

471
00:26:40,470 --> 00:26:43,540
<font color="#ffdd58">මගේ නිළිකම නැති වුණේ මම හැදුණු
වැඩුණු විදිහේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි.</font>

472
00:26:43,640 --> 00:26:45,570
<font color="#ffdd58">මට රඟපාන්න බැරි නිසා තමයි මම අයින් වුණේ.</font>

473
00:26:46,010 --> 00:26:47,640
<font color="#ffdd58">තමුසෙ ඇත්ත විස්තර මුකුත් දන්නෙ නෑ.</font>

474
00:26:48,040 --> 00:26:49,070
<font color="#ffdd58">තව දෙයක්.</font>

475
00:26:49,740 --> 00:26:51,810
<font color="#ffdd58">තමුසෙ මාව හැබෑවට දැකලාවත් තියෙනවද?</font>

476
00:26:51,810 --> 00:26:53,210
<font color="#ffdd58">මම මගේ ෆොටෝ එකක් එවන්නද?</font>

477
00:26:53,910 --> 00:26:56,040
<font color="#ffdd58">කොහොමද මනුස්සයෙක්ගෙ මෙහෙම ෆොටෝ එකක් දාන්නෙ?</font>

478
00:26:56,110 --> 00:26:57,910
<font color="#ffdd58">ෆෝන් එක තියන්න ලෑස්ති වෙන්න එපා!</font>

479
00:27:00,110 --> 00:27:03,440
<font color="#ffdd58">තමුසෙලා ජීවත් වෙන්නෙ තව කෙනෙක්ගෙ ජීවිතයක් විහිළුවට අරගෙනනේ.</font>

480
00:27:03,640 --> 00:27:05,740
<font color="#ffdd58">තමුසෙලා මේ ලියන ජරා ආටිකල් නිසා...</font>

481
00:27:06,370 --> 00:27:08,570
<font color="#ffdd58">මිනිස්සු කියන හැම දේම මට ඇහෙනවා.</font>

482
00:27:09,240 --> 00:27:12,340
<font color="#ffdd58">මට ඇහෙනවා කියලා දැන දැනත් එයාලා
කියනවා මම මහා පව්කාර චරිතයක්ලු...</font>

483
00:27:12,340 --> 00:27:16,210
<font color="#ffdd58">මම මම ගැනම ලැජ්ජා වෙන්න ඕනලු.</font>

484
00:27:16,310 --> 00:27:17,840
<font color="#ffdd58">එයාලා මහා ලැජ්ජා නැති මිනිස්සු.</font>

485
00:27:19,640 --> 00:27:22,070
<font color="#ffdd58">ඔව්. තමුසෙගෙ ආටිකල් එක නිසා...</font>

486
00:27:22,070 --> 00:27:24,940
<font color="#ffdd58">මිනිස්සුන්ව ලැජ්ජා නැති තත්ත්වෙට පත් කරනවා.</font>

487
00:27:25,840 --> 00:27:27,240
<font color="#ffdd58">තමුසෙ ඉපදුණේ මේකටද?</font>

488
00:27:28,440 --> 00:27:30,170
<font color="#ffdd58">ජීවිත කාලෙම ඔහොම ජීවත් වෙයන්.</font>

489
00:27:30,170 --> 00:27:31,840
<font color="#ffdd58">කවදා හරි අපි උසාවියේදී හම්බෙමු.</font>

490
00:27:37,270 --> 00:27:38,310
<font color="#ffdd58">මොකද?</font>

491
00:27:38,540 --> 00:27:40,270
<font color="#ffdd58">මට කියන්න දෙයක් තියෙනවා නම් දැන්ම කියන්න.</font>

492
00:27:40,670 --> 00:27:41,840
<font color="#ffdd58">මම අහගෙන ඉන්නම්.</font>

493
00:27:42,370 --> 00:27:43,740
<font color="#ffdd58">අනේ මන්දා.</font>

494
00:27:43,740 --> 00:27:46,540
<font color="#ffdd58">මූණට කියන්න බැරි වුණාට, පිටිපස්සෙන්
ඉඳන් නම් කියන්න පුළුවන් නේද.</font>

495
00:27:47,270 --> 00:27:49,070
<font color="#ffdd58">ඇයි නිකන් කමෙන්ට්ස් දාන්නෙ නැත්තෙ?</font>

496
00:27:49,170 --> 00:27:51,740
<font color="#ffdd58">එතකොට මට පොලිසියේ යාළුවො ටිකක් හොයාගන්න පුළුවන් වෙයි.</font>

497
00:28:03,270 --> 00:28:06,240
<font color="#ffdd58">ඔයා දන්නවද පිගී කියන්නෙ කවුද කියලා? මොකක්?</font>

498
00:28:08,740 --> 00:28:09,810
<font color="#ffdd58">ඇයි එහෙම ඇහුවේ?</font>

499
00:28:09,810 --> 00:28:13,040
<font color="#ffdd58">කවුරු හරි එයා ගැන සැරෙන් සැරේට ලියනවා.</font>

500
00:28:13,110 --> 00:28:15,310
<font color="#ffdd58">අම්මෝ මේක නම්...</font>

501
00:28:15,310 --> 00:28:17,540
<font color="#ffdd58">මේක මාර ජෝක් එකක්නේ.</font>

502
00:28:21,110 --> 00:28:23,340
<font color="#ffdd58">පරණ වැඩ ටික මට ගෙනත් දෙන්න.</font>

503
00:28:23,340 --> 00:28:25,010
<font color="#ffdd58">මම අද මහන්සි වෙලා වැඩ කරනවා.</font>

504
00:28:25,640 --> 00:28:27,840
<font color="#ffdd58">ගෙනාපු දේවල් දෙන්නකෝ.</font>

505
00:28:29,210 --> 00:28:30,940
<font color="#ffdd58">ඔයාට මොකද වෙලා තියෙන්නෙ?</font>

506
00:28:33,940 --> 00:28:37,440
<font color="#ffdd58">මම කැෆේ එකට එන පාර එවන්නම්. තුනට හම්බෙමු.</font>

507
00:28:42,440 --> 00:28:44,240
<font color="#ffdd58">(සොන්ග් මා රින්)</font>

508
00:28:49,070 --> 00:28:50,670
<font color="#ffdd58">එයා තාම බලන් ඉන්නවා කියන්න නම් එපා.</font>

509
00:28:57,040 --> 00:28:58,170
<font color="#ffdd58">ඔව්?</font>

510
00:28:58,440 --> 00:29:00,740
<font color="#ffdd58">අද වෙච්ච දේට සොරි. මම එන්නම් කියලා මගහැරියට.</font>

511
00:29:02,010 --> 00:29:04,210
<font color="#ffdd58">හදිසි වැඩක් යෙදුණා, මට කලින්ම යන්න වුණා.</font>

512
00:29:07,910 --> 00:29:10,340
<font color="#ffdd58">මම මේ නරක ගෑනු ළමයෙක් නෙමෙයි.</font>

513
00:29:11,440 --> 00:29:14,440
<font color="#ffdd58">ගෑනු ළමයෙක්ට පිරිමි ළමයෙක්ව
මගහරින්න පුළුවන් කියලා හිතන එක...</font>

514
00:29:14,440 --> 00:29:16,540
<font color="#ffdd58">හරිම පරණ විදිහේ මානසිකත්වයක්.</font>

515
00:29:16,640 --> 00:29:18,910
<font color="#ffdd58">මට හිතෙන්නෙ ඒක හරිම පහත් දෙයක්.</font>

516
00:29:20,110 --> 00:29:22,110
<font color="#ffdd58">මම මේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව හිතන කෙනෙක්.</font>

517
00:29:26,010 --> 00:29:27,440
<font color="#ffdd58">ඇයි ඔයා මුකුත් කියන්නෙ නැත්තෙ?</font>

518
00:29:28,840 --> 00:29:30,940
<font color="#ffdd58">මම මගහැරපු නිසා ඔයා අවුලෙන් ඇත්තෙ.</font>

519
00:29:33,110 --> 00:29:35,740
<font color="#ffdd58">ඒයි, මම ගියේ නෑ.</font>

520
00:29:36,140 --> 00:29:38,540
<font color="#ffdd58">ඒ නිසා ඔයා ඔච්චර වද වෙන්න ඕන නෑ.</font>

521
00:29:39,340 --> 00:29:41,140
<font color="#ffdd58">එහෙම කිව්වට ස්තූතියි.</font>

522
00:29:41,940 --> 00:29:43,540
<font color="#ffdd58">ඔයා කැමති නෑ මම දුක් වෙනවට.</font>

523
00:29:44,840 --> 00:29:48,440
<font color="#ffdd58">ඔයාගේ දෙමාපියෝ ඔයාව හොඳට හදලා තියෙනවා.</font>

524
00:29:49,370 --> 00:29:50,940
<font color="#ffdd58">ඔයා හරිම හොඳ කෙනෙක්.</font>

525
00:29:52,070 --> 00:29:56,810
<font color="#ffdd58">නෑ, මමත් ඔයාව මගහැරියා.</font>

526
00:29:57,070 --> 00:29:59,270
<font color="#ffdd58">පුළුවන් නම් වෙච්ච දේ ඒ විදිහට පිළිගන්නවද?</font>

527
00:30:00,840 --> 00:30:02,070
<font color="#ffdd58">මට හිතෙන්නේ...</font>

528
00:30:02,940 --> 00:30:04,270
<font color="#ffdd58">ගඟට පනින්න.</font>

529
00:30:04,940 --> 00:30:05,940
<font color="#ffdd58">මොකක්?</font>

530
00:30:08,440 --> 00:30:10,840
<font color="#ffdd58">මම නිකන් විහිළුවක් කළේ.</font>

531
00:30:12,110 --> 00:30:13,640
<font color="#ffdd58">මාව හිනැස්සුවට ස්තූතියි.</font>

532
00:30:15,270 --> 00:30:16,540
<font color="#ffdd58">මෙයාට මොකද වෙලා තියෙන්නෙ?</font>

533
00:30:17,640 --> 00:30:19,810
<font color="#ffdd58">අද මොකක්දෝ හේතුවකට,</font>

534
00:30:21,440 --> 00:30:22,640
<font color="#ffdd58">මට මාර පාළුයි.</font>

535
00:30:24,040 --> 00:30:26,210
<font color="#ffdd58">සොරි, ඒත් මට අද තනියම ඉන්න ඕන.</font>

536
00:30:26,540 --> 00:30:27,940
<font color="#ffdd58">මටත් මූද බලන්න යන්න හිතෙනවා.</font>

537
00:30:31,040 --> 00:30:32,040
<font color="#ffdd58">හලෝ?</font>

538
00:30:35,940 --> 00:30:37,010
<font color="#ffdd58">එයා කට් කළා.</font>

539
00:30:40,840 --> 00:30:43,040
<font color="#ffdd58">හරි. ඔයාට මාත් එක්ක තරහ වෙන්න ඕන තරම් හේතු තියෙනවා.</font>

540
00:30:43,170 --> 00:30:44,540
<font color="#ffdd58">ඔයාව කෙනෙක් මගහැරියනේ.</font>

541
00:30:46,840 --> 00:30:47,840
<font color="#ffdd58">ශික්.</font>

542
00:30:48,370 --> 00:30:49,470
<font color="#ffdd58">අනේ මන්දා.</font>

543
00:30:51,670 --> 00:30:53,440
<font color="#ffdd58">මම එයාට කිව්වා මම ගියේ නෑ කියලා.</font>

544
00:30:55,440 --> 00:30:58,040
<font color="#ffdd58">මම කිව්වනේ මම ගියේ නෑ කියලා.</font>

545
00:30:58,040 --> 00:31:00,670
<font color="#ffdd58">මම ගියේ නෑ. මම ගියේ නෑ!</font>

546
00:31:00,670 --> 00:31:02,940
<font color="#ffdd58">මොකද වුණේ? ඔයා අවුලෙන්ද?</font>

547
00:31:02,940 --> 00:31:04,910
<font color="#ffdd58">මම පරණ වැඩ ටික ගෙනාවා. මොකද අවුල?</font>

548
00:31:05,010 --> 00:31:06,040
<font color="#ffdd58">මට වැඩ කරන්න මූඩ් එකක් නෑ. මොකක්?</font>

549
00:31:06,040 --> 00:31:07,070
<font color="#ffdd58">මට හිතෙන්නේ මගේ පපුව පුපුරයි වගේ.</font>

550
00:31:07,070 --> 00:31:08,740
<font color="#ffdd58">ඔයා මොනවද මේ කියන්නෙ? ඔයා මේ ටික බලන්න ඕන.</font>

551
00:31:08,840 --> 00:31:11,070
<font color="#ffdd58">ඒයි, ඔහොම යන්න බෑ.</font>

552
00:31:11,070 --> 00:31:12,140
<font color="#ffdd58">ඕවා දාගෙන යන්න එපා.</font>

553
00:31:12,470 --> 00:31:13,570
<font color="#ffdd58">රිදෙනවා.</font>

554
00:31:28,970 --> 00:31:30,610
<font color="#ffdd58">ඒයි, මේ මම.</font>

555
00:31:33,570 --> 00:31:35,010
<font color="#ffdd58">පොඩ්ඩක් එළියට එන්න පුළුවන්ද?</font>

556
00:31:36,940 --> 00:31:38,440
<font color="#ffdd58">ඒයි.</font>

557
00:31:41,240 --> 00:31:43,610
<font color="#ffdd58">පොඩ්ඩක් එළියට එනවද? මට දෙයක් කියන්න තියෙනවා.</font>

558
00:31:45,670 --> 00:31:47,070
<font color="#ffdd58">ඒයි!</font>

559
00:31:48,640 --> 00:31:51,370
<font color="#ffdd58">ගෙදර නෑ වගේ ඉන්න එපා. එළියට එනවා පොඩ්ඩකට.</font>

560
00:31:55,940 --> 00:31:58,640
<font color="#ffdd58">එයා ගෙදර නැද්ද? ෂික්.</font>

561
00:32:15,540 --> 00:32:16,970
<font color="#ffdd58">මම මෙහේ හිටියේ.</font>

562
00:32:18,010 --> 00:32:20,810
<font color="#ffdd58">මේක දැක්ක ගමන් මට කෝල් එකක් දෙන්න.</font>

563
00:32:29,240 --> 00:32:32,910
<font color="#ffdd58">ජූනි 13, 2016, රෑ 9ට.</font>

564
00:32:33,940 --> 00:32:36,110
<font color="#ffdd58">යූ සෝ ජූන් ඇවිත් ගියා.</font>

565
00:32:52,640 --> 00:32:54,640
<font color="#ffdd58">(සොන්ග් මා රින්)</font>

566
00:33:14,140 --> 00:33:16,840
<font color="#ffdd58">සොරි වෙන්න ඕන. මගේ රට ඉඳි ටික වැටුණා.</font>

567
00:33:18,010 --> 00:33:19,440
<font color="#ffdd58">ඒවා පාගන්න එපා. මොකක්?</font>

568
00:33:19,440 --> 00:33:22,340
<font color="#ffdd58">එකක්වත් පාගන්න එපා. හරි හරි. මට සමාවෙන්න.</font>

569
00:33:24,580 --> 00:33:25,870
<font color="#ffdd58">අනේ මන්දා.</font>

570
00:33:30,940 --> 00:33:32,040
<font color="#ffdd58">දෙයියනේ.</font>

571
00:33:35,940 --> 00:33:37,470
<font color="#ffdd58">ඒයි.</font>

572
00:33:37,740 --> 00:33:40,440
<font color="#ffdd58">ඇයි මේ පාරේ යන ගමන් චෙස්නට් කන්නෙ?</font>

573
00:33:41,470 --> 00:33:44,040
<font color="#ffdd58">මේවා රට ඉඳි, මෝඩයෝ.</font>

574
00:33:45,140 --> 00:33:47,470
<font color="#ffdd58">මේවා රට ඉඳිද? ආ හරි.</font>

575
00:33:49,170 --> 00:33:52,740
<font color="#ffdd58">මම හැදුණේ සිටි එකේනේ, ඉතින් මම ගොවිතැන් ගැන එච්චර දන්නෙ නෑ.</font>

576
00:33:52,840 --> 00:33:54,970
<font color="#ffdd58">මම එළවළු, පලතුරු, මාළු ගැන එච්චර දන්නෙ නෑ.</font>

577
00:33:55,670 --> 00:33:57,770
<font color="#ffdd58">ඔයාට සාමාන්‍ය දැනුම නෑනේ.</font>

578
00:33:58,340 --> 00:33:59,940
<font color="#ffdd58">මම දැනන් හිටියේ නෑ ඔයා මෝඩියෙක් කියලා!</font>

579
00:33:59,940 --> 00:34:02,640
<font color="#ffdd58">පාරේ යන ගමන් රට ඉඳි කන එක හොඳ පුරුද්දක්ද?</font>

580
00:34:02,640 --> 00:34:04,940
<font color="#ffdd58">කවුද කාගේ පස්සෙන්ද යන්නෙ? බලන්නකො ඔයා දිහා.</font>

581
00:34:05,140 --> 00:34:06,910
<font color="#ffdd58">ඔයා තාමත් එන්නෙ මගේ පස්සෙන්නේ.</font>

582
00:34:08,710 --> 00:34:10,610
<font color="#ffdd58">පොඩ්ඩක් ඉන්න.</font>

583
00:34:10,810 --> 00:34:12,810
<font color="#ffdd58">ඔයානේ මට කතා කළේ.</font>

584
00:34:12,810 --> 00:34:14,340
<font color="#ffdd58">ඔයානේ කිව්වේ මං අතරමං වෙලා කියලා.</font>

585
00:34:14,440 --> 00:34:16,710
<font color="#ffdd58">මම ඔයාට උදව් කළේ ඔයාගේ ගෙදර හොයාගන්නනේ.</font>

586
00:34:17,740 --> 00:34:20,640
<font color="#ffdd58">ඔයාට කවදාවත් හිතිලා නැද්ද ඔයා
ඔයා ගැනම විහිළුවක් කරගන්නවා කියලා?</font>

587
00:34:21,140 --> 00:34:23,810
<font color="#ffdd58">ඕක නිසා තමයි මිනිස්සු ඔයාට "පිගී" කියලා විහිළු කරන්නෙ.</font>

588
00:34:27,540 --> 00:34:29,910
<font color="#ffdd58">මොකද කරන්නෙ? යමු.</font>

589
00:34:34,810 --> 00:34:36,910
<font color="#ffdd58">ඒයි, මොකක්ද...</font>

590
00:34:37,370 --> 00:34:38,940
<font color="#ffdd58">මොකද අවුල?</font>

591
00:34:39,010 --> 00:34:41,440
<font color="#ffdd58">මම මොකක්ද කළේ?</font>

592
00:34:45,840 --> 00:34:47,510
<font color="#ffdd58">අර අයිතිකාරයා...</font>

593
00:34:48,270 --> 00:34:51,580
<font color="#ffdd58">අර එදා ෂූට් එකේදි හම්බවුණේ...</font>

594
00:34:52,810 --> 00:34:55,970
<font color="#ffdd58">එයා කිව්වා ඔයත් එනවා නම් විතරක් මට ජොබ් එක දෙන්නම් කියලා.</font>

595
00:34:58,110 --> 00:35:03,040
<font color="#ffdd58">ඉතින් මම හිතුවා ඔයාව හම්බෙලා මට උදව්වක් කරන්න කියන්න.</font>

596
00:35:04,640 --> 00:35:07,670
<font color="#ffdd58">ඇත්තටම මම ගෙදර යන පාර දන්නවා.</font>

597
00:35:08,580 --> 00:35:11,340
<font color="#ffdd58">මම හිතුවා ඔයාගෙන් අහන්න...</font>

598
00:35:11,740 --> 00:35:13,540
<font color="#ffdd58">මොඩල් විදිහට එන්න පුළුවන්ද කියලා.</font>

599
00:35:16,610 --> 00:35:18,970
<font color="#ffdd58">මට දැන් මාර ලැජ්ජයි.</font>

600
00:35:23,040 --> 00:35:26,040
<font color="#ffdd58">මම මෙහෙම මැරුණත්, මිනිස්සු මේ වගේ දේවල් කියයි.</font>

601
00:35:26,670 --> 00:35:29,640
<font color="#ffdd58">"අර පිගී ගැන මට පව් කියලා හිතෙනවා."</font>

602
00:35:33,240 --> 00:35:36,370
<font color="#ffdd58">මම මැරුණත්, මම නිකන් විහිළුවක් විතරයි.</font>

603
00:35:40,110 --> 00:35:41,240
<font color="#ffdd58">අනේ මන්දා.</font>

604
00:35:43,110 --> 00:35:44,240
<font color="#ffdd58">ඒයි.</font>

605
00:35:44,740 --> 00:35:46,910
<font color="#ffdd58">ජීවත් වෙන එක ගැන විතරක් හිතන්නකො.</font>

606
00:35:47,540 --> 00:35:48,870
<font color="#ffdd58">මොකටද මේ...</font>

607
00:35:50,270 --> 00:35:51,510
<font color="#ffdd58">මැරෙන එක ගැන වද වෙන්නෙ?</font>

608
00:36:06,170 --> 00:36:07,810
<font color="#ffdd58">ඔයා හොඳින්ද?</font>

609
00:36:10,470 --> 00:36:13,370
<font color="#ffdd58">මම අවුරුදු පහක ඉතුරු කිරීමේ ගිණුමක් හැදුවා.</font>

610
00:36:15,010 --> 00:36:17,770
<font color="#ffdd58">මම අවුරුදු පහක් තිස්සේ පුළුවන් තරම් සල්ලි ඉතුරු කරලා...</font>

611
00:36:18,440 --> 00:36:21,670
<font color="#ffdd58">කොරියන්කාරයෝ අඩුම රටකට ගිහින් ජීවත් වෙනවා.</font>

612
00:36:22,440 --> 00:36:25,080
<font color="#ffdd58">සල්ලි ඉතුරු කරන්න එපා. ඔක්කොම වියදම් කරන්න.</font>

613
00:36:25,170 --> 00:36:27,110
<font color="#ffdd58">ඔයා කොහොමද දන්නෙ අවුරුදු පහකට පස්සෙ මොනවා වෙයිද කියලා?</font>

614
00:36:29,340 --> 00:36:30,640
<font color="#ffdd58">මම මොකද මේ හෙටක් නැති ගාණට?</font>

615
00:36:31,240 --> 00:36:32,640
<font color="#ffdd58">මට එදාවේල හොයන් ජීවත් වෙන්න බෑ.</font>

616
00:36:32,640 --> 00:36:34,940
<font color="#ffdd58">හෙටක් ගැන නොහිතා ජීවත් වෙන එක ඊට වඩා හොඳයි.</font>

617
00:36:34,940 --> 00:36:38,040
<font color="#ffdd58">ඔයාට කරන්න ඕන හැම දේම කරන්න, කන්න ඕන හැම දේම කන්න.</font>

618
00:36:38,240 --> 00:36:39,940
<font color="#ffdd58">ඔයාට ඕන තරම් කොල්ලො ආශ්‍රය කරන්න.</font>

619
00:36:40,340 --> 00:36:41,470
<font color="#ffdd58">පුළුවන් තරම්.</font>

620
00:36:41,940 --> 00:36:44,140
<font color="#ffdd58">ජීවත් වෙන්න ඔච්චර මැරෙන්නෙ මොකටද?</font>

621
00:36:44,940 --> 00:36:46,140
<font color="#ffdd58">මිනිස්සු කියන්නෙ ජීවිතේ...</font>

622
00:36:46,910 --> 00:36:48,440
<font color="#ffdd58">අපි හිතනවට වඩා කෙටියි කියලා.</font>

623
00:36:48,510 --> 00:36:49,610
<font color="#ffdd58">මා රින්.</font>

624
00:36:53,440 --> 00:36:54,640
<font color="#ffdd58">අපේ අම්මා.</font>

625
00:36:56,010 --> 00:36:57,140
<font color="#ffdd58">කවුද මේ?</font>

626
00:36:57,540 --> 00:36:59,240
<font color="#ffdd58">එයා මගේ යාළුවෙක්.</font>

627
00:37:00,470 --> 00:37:03,440
<font color="#ffdd58">ආන්ටි. අපි පරක්කු වුණාට සොරි.</font>

628
00:37:03,440 --> 00:37:06,540
<font color="#ffdd58">තමුසෙලා කොහොමද රෑ වෙනකම් බොන්නේ? ලැජ්ජ නැද්ද?</font>

629
00:37:07,640 --> 00:37:09,640
<font color="#ffdd58">ඔයා කොහොමද මෙයාට මෙච්චර බොන්න දෙන්නෙ?</font>

630
00:37:09,840 --> 00:37:11,670
<font color="#ffdd58">අනේ මන්දා. මොකක්ද කරන්න හැදුවේ?</font>

631
00:37:11,910 --> 00:37:13,840
<font color="#ffdd58">අම්මා මේ මටද කියන්නෙ? ඔයාට මොකද වෙලා තියෙන්නෙ?</font>

632
00:37:14,270 --> 00:37:16,440
<font color="#ffdd58">ඔයා මෙයාව බේබද්දෙක් කළා. බලනවා මූණ රතු වෙලා තියෙන හැටි.</font>

633
00:37:16,440 --> 00:37:18,840
<font color="#ffdd58">ඇතුළට යන්න. මාව තල්ලු කරන්න එපා.</font>

634
00:37:18,940 --> 00:37:20,740
<font color="#ffdd58">ඇයි ඔයා එළියට ආවේ? කවුද මේ?</font>

635
00:37:20,740 --> 00:37:22,670
<font color="#ffdd58">දෙයියනේ. යමු යන්න.</font>

636
00:37:22,670 --> 00:37:24,440
<font color="#ffdd58">මෙයාගේ කලිසමත් ඉරිලා.</font>

637
00:37:24,940 --> 00:37:27,610
<font color="#ffdd58">නවත්තන්නකො අම්මේ.</font>

638
00:37:29,810 --> 00:37:30,840
<font color="#ffdd58">මොකක්?</font>

639
00:37:31,810 --> 00:37:32,840
<font color="#ffdd58">මම මොකක්ද...</font>

640
00:37:33,240 --> 00:37:35,940
<font color="#ffdd58">ඇයි ඔයා මේ රෑ දවල් නැතුව බොන්නෙ?</font>

641
00:37:36,040 --> 00:37:39,110
<font color="#ffdd58">මෙයාට තියෙන්නෙ ඔය ලස්සන මූණ විතරයිනේ.</font>

642
00:37:39,240 --> 00:37:41,110
<font color="#ffdd58">හැදෙන්න බලනවා පොඩ්ඩක්.</font>

643
00:37:41,440 --> 00:37:43,240
<font color="#ffdd58">ඇයි ඔයා මෙහේ ආවේ?</font>

644
00:37:43,340 --> 00:37:45,910
<font color="#ffdd58">ඔයා ගැන තව ආටිකල් එකක් ගිහින්.</font>

645
00:37:46,110 --> 00:37:47,440
<font color="#ffdd58">ඔයා ෆෝන් එක ආන්සර් කළෙත් නෑ.</font>

646
00:37:47,540 --> 00:37:50,080
<font color="#ffdd58">දෙයියනේ. ඔයා ඇඳුම් හෝදලත් නෑනේ.</font>

647
00:37:50,240 --> 00:37:51,840
<font color="#ffdd58">මම ආවේ මට ඉන්න බැරිම තැන.</font>

648
00:37:52,440 --> 00:37:54,940
<font color="#ffdd58">ඕක අලුත් දෙයක් නෙමෙයිනේ.</font>

649
00:37:55,910 --> 00:37:57,170
<font color="#ffdd58">ශික්.</font>

650
00:37:57,270 --> 00:37:59,440
<font color="#ffdd58">හරි. ඔයා...</font>

651
00:38:00,440 --> 00:38:01,470
<font color="#ffdd58">යෝජනාවකින් කෙනෙක්ව හම්බෙන්න ඕන.</font>

652
00:38:02,370 --> 00:38:04,110
<font color="#ffdd58">මම හොඳ කෙනෙක්ව තේරුවා.</font>

653
00:38:04,340 --> 00:38:05,770
<font color="#ffdd58">එයා දේසුන් ඩේලි එකේ ජර්නලිස්ට් කෙනෙක්.</font>

654
00:38:06,370 --> 00:38:09,440
<font color="#ffdd58">දේසුන් ඩේලි එකේ ජර්නලිස්ට් කෙනෙක් මොකටද මාව හම්බෙන්නෙ?</font>

655
00:38:09,440 --> 00:38:11,470
<font color="#ffdd58">අනික මම ජර්නලිස්ට්ලා කාටවත් කැමති නෑ.</font>

656
00:38:11,840 --> 00:38:14,470
<font color="#ffdd58">අනේ, ඔය මැසිවිලි නවත්තන්නකෝ.</font>

657
00:38:15,240 --> 00:38:16,840
<font color="#ffdd58">දැන් ඉඳන්, මම කියන දේ විතරයි ඔයා කරන්න ඕනේ.</font>

658
00:38:16,840 --> 00:38:19,240
<font color="#ffdd58">මම ඔයාගේ ඒජන්ට් විදිහට වැඩ කරන්නම්.</font>

659
00:38:19,840 --> 00:38:22,640
<font color="#ffdd58">ඔයා දවසින් දවස වයසට යනවා,</font>

660
00:38:22,640 --> 00:38:25,040
<font color="#ffdd58">ඒ මදිවට ඔයා ගැන නරක කටකතා යනවා, නපුරු කමෙන්ට්ස් එනවා.</font>

661
00:38:26,740 --> 00:38:29,840
<font color="#ffdd58">ඔයා දන්නවද මම කොච්චර ලැජ්ජ වුණාද කියලා...</font>

662
00:38:29,840 --> 00:38:31,440
<font color="#ffdd58">හයිකින් ක්ලබ් එකේදි මට කොච්චර නින්දාවක් වුණාද?</font>

663
00:38:33,340 --> 00:38:35,640
<font color="#ffdd58">ඔයාට ලැජ්ජාවක් වුණාට මට සමාවෙන්න.</font>

664
00:38:36,770 --> 00:38:39,710
<font color="#ffdd58">මට අවුරුදු හයේදි මාව ටීවී ස්ටේෂන් එකකට එක්කන් ගියේ ඔයානේ.</font>

665
00:38:39,840 --> 00:38:42,770
<font color="#ffdd58">හැමෝම කිව්වා මට ඒක කරන්න බෑ
කියලා. මට ඒක කරන්න ඕනෙ වුණෙත් නෑ.</font>

666
00:38:42,940 --> 00:38:45,140
<font color="#ffdd58">ඒත් ඔයා මාව රඟපාන්න කියලා හැම තැනම ඇදගෙන ගියා...</font>

667
00:38:45,140 --> 00:38:47,540
<font color="#ffdd58">මට හොඳටම මහන්සි වෙනකල්ම. ඔයා තමයි ඒක කළේ.</font>

668
00:38:48,440 --> 00:38:49,580
<font color="#ffdd58">මම...</font>

669
00:38:50,140 --> 00:38:53,670
<font color="#ffdd58">මට මතකවත් නෑ මම කොහොමද මෙතනට ආවේ කියලා.</font>

670
00:38:53,670 --> 00:38:57,240
<font color="#ffdd58">හරි කමක් නෑ. ඔයා හිතපු විදිහට මට ඉන්න බැරි වුණාට සමාවෙන්න.</font>

671
00:39:00,240 --> 00:39:03,040
<font color="#ffdd58">ඔයා කියන්නේ මමයි ඔයාව මේ තත්ත්වෙට පත් කළේ කියලද?</font>

672
00:39:03,540 --> 00:39:06,340
<font color="#ffdd58">යන්න අම්මේ. යන්නකෝ.</font>

673
00:39:06,670 --> 00:39:08,740
<font color="#ffdd58">එහෙනම් ඔයා හැමදේම තනියම කරගන්නකෝ.</font>

674
00:39:08,740 --> 00:39:10,610
<font color="#ffdd58">මම මුකුත් කරන්නෑ.</font>

675
00:39:11,540 --> 00:39:13,810
<font color="#ffdd58">හැමදේම තනියම කරගන්න. තනියම ජීවත් වෙන්න.</font>

676
00:39:27,140 --> 00:39:28,970
<font color="#ffdd58">මම මොනවද කළේ?</font>

677
00:39:52,670 --> 00:39:54,010
<font color="#ffdd58">මේවා කොහෙන්ද ගත්තේ?</font>

678
00:39:54,240 --> 00:39:55,440
<font color="#ffdd58">මේක මට ගෙනාපු තෑග්ගක්ද?</font>

679
00:39:55,840 --> 00:39:58,440
<font color="#ffdd58">ඔයා මට ඕවා ගෙනාවේ උපන්දින තෑග්ගක් විදිහටනේ.</font>

680
00:40:01,710 --> 00:40:03,270
<font color="#ffdd58">ඔයාගේ කිසිම අවංකකමක් නෑනේ.</font>

681
00:40:03,370 --> 00:40:05,340
<font color="#ffdd58">ඔයා දැක්ක පලවෙනි එකම තෝරගත්තද?</font>

682
00:40:05,340 --> 00:40:06,740
<font color="#ffdd58">ඔයා මගේ සයිස් එකවත් දන්නෑනේ.</font>

683
00:40:06,740 --> 00:40:07,740
<font color="#ffdd58">ඒක ඔයාගේ සයිස් එක නෙවෙයිද?</font>

684
00:40:07,740 --> 00:40:11,670
<font color="#ffdd58">ඔයා කිව්වනේ මගේ කකුල් සයිස් පහ නිසා හරි ලස්සනයි කියලා.</font>

685
00:40:11,910 --> 00:40:13,740
<font color="#ffdd58">මම කියන කිසි දෙයක් ඔයාට මතක නෑ, නේද?</font>

686
00:40:13,740 --> 00:40:15,580
<font color="#ffdd58">පිරිමි ඔක්කොම එකයි.</font>

687
00:40:16,640 --> 00:40:17,840
<font color="#ffdd58">ඔයා ඕක ගත්තේ කොහෙන්ද?</font>

688
00:40:17,840 --> 00:40:18,970
<font color="#ffdd58">මම ගිහින් මාරු කරගෙන එන්නම්.</font>

689
00:40:19,740 --> 00:40:22,370
<font color="#ffdd58">ඕක මාරු කරන්න බෑ. නිකන් සිහිවටනයක් විදිහට තියාගන්න.</font>

690
00:40:22,440 --> 00:40:24,140
<font color="#ffdd58">සපත්තු හැම තිස්සෙම දාන්න ඕන නෑනේ.</font>

691
00:40:24,140 --> 00:40:26,580
<font color="#ffdd58">ඇයි මාරු කරන්න බැරි? මට ඒක කරගන්න පුළුවන්.</font>

692
00:40:28,010 --> 00:40:29,870
<font color="#ffdd58">මට මතක නෑ මම ඒක ගත්තේ කොහෙන්ද කියලා.</font>

693
00:40:33,440 --> 00:40:35,270
<font color="#ffdd58">එහෙනම් මට වෙන උපන්දින තෑග්ගක් දෙන්න.</font>

694
00:40:35,340 --> 00:40:36,910
<font color="#ffdd58">'Happiness' එකට ස්පොන්සර් කරන්න.</font>

695
00:40:36,910 --> 00:40:38,270
<font color="#ffdd58">හරි.</font>

696
00:40:38,910 --> 00:40:41,670
<font color="#ffdd58">කැලෑ ගින්න නිසා මුළු ගම්මානයක්ම වගේ පිච්චිලා ගිහින්.</font>

697
00:40:41,810 --> 00:40:44,170
<font color="#ffdd58">මිනිස්සු 80ක් විතර පාරට වැටෙන්න ඔන්න මෙන්න ඉන්නේ.</font>

698
00:40:44,580 --> 00:40:47,940
<font color="#ffdd58">ආණ්ඩුවේ සහයෝගයත් මදි, හානිය ගොඩක් ලොකුයි.</font>

699
00:40:47,940 --> 00:40:50,080
<font color="#ffdd58">හෙට මට අයවැය වාර්තාවක් එවන්න. මම ඔයාට උදව් කරන්නම්.</font>

700
00:40:52,240 --> 00:40:53,640
<font color="#ffdd58">ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

701
00:40:53,640 --> 00:40:55,670
<font color="#ffdd58">නෑ, එහෙම දෙයක් නෑ.</font>

702
00:40:56,170 --> 00:40:57,910
<font color="#ffdd58">මට සමාවෙන්න, ඒත් අපි දැන් යමු.</font>

703
00:40:57,910 --> 00:40:59,240
<font color="#ffdd58">මට යන්න තැනක් තියෙනවා.</font>

704
00:40:59,240 --> 00:41:00,940
<font color="#ffdd58">ඒත් අපි තාම හම්බුණා විතරනේ.</font>

705
00:41:01,140 --> 00:41:03,640
<font color="#ffdd58">ඇයි ඔයා මේ දවස්වල මේ තරම් කාර්යබහුල? මට දුක හිතෙනවා.</font>

706
00:41:03,640 --> 00:41:05,170
<font color="#ffdd58">සොරි. අපි යමු.</font>

707
00:41:06,910 --> 00:41:09,670
<font color="#ffdd58">බිට් නා, මම මේ එන ගමන්.</font>

708
00:41:09,910 --> 00:41:11,910
<font color="#ffdd58">මම එනකල් ඉන්න. අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ.</font>

709
00:41:16,740 --> 00:41:19,110
<font color="#ffdd58">ඔයා හරි දක්ෂ කෙනෙක්නේ.</font>

710
00:41:19,110 --> 00:41:21,340
<font color="#ffdd58">එයා ආවද? - එයා කොණ්ඩේ හදාගන්නවා.</font>

711
00:41:23,940 --> 00:41:27,270
<font color="#ffdd58">මාරින්, මම දැනගෙන හිටියේ නෑ ඔයා මේ තරම් උනන්දුයි කියලා.</font>

712
00:41:27,540 --> 00:41:29,610
<font color="#ffdd58">මම අහගත්තා ඔයා අර මොඩල්ව ඔයාගේ බාරෙට අරන් කියලා.</font>

713
00:41:29,970 --> 00:41:32,370
<font color="#ffdd58">අනේ එහෙම දෙයක් නෑ.</font>

714
00:41:33,040 --> 00:41:34,170
<font color="#ffdd58">මම ඔයාට කැමතියි.</font>

715
00:41:34,170 --> 00:41:36,310
<font color="#ffdd58">වැඩ කරනකොට ලොකු බලාපොරොත්තු තියාගන්න ඕනේ.</font>

716
00:41:37,310 --> 00:41:39,140
<font color="#ffdd58">ඔයා මොකද කරන්නේ? ෂූට් එකට ලෑස්ති වෙන්න.</font>

717
00:41:39,140 --> 00:41:40,770
<font color="#ffdd58">හරි. - ඉක්මන් කරන්න.</font>

718
00:41:40,770 --> 00:41:41,870
<font color="#ffdd58">හරි මැඩම්.</font>

719
00:41:55,170 --> 00:41:56,970
<font color="#ffdd58">වෙලාව මදි. ෂූට් එක පටන්ගන්න.</font>

720
00:41:57,770 --> 00:41:59,170
<font color="#ffdd58">ඔයාට ගොඩක් ස්තූතියි.</font>

721
00:41:59,270 --> 00:42:01,740
<font color="#ffdd58">ඔයාට තිබ්බා මට කලින් කියන්නවත්.</font>

722
00:42:01,840 --> 00:42:04,310
<font color="#ffdd58">මේක හරිම අමුතුයි,</font>

723
00:42:04,410 --> 00:42:05,840
<font color="#ffdd58">ඒ නිසා අපි මේක ඉක්මනට ඉවර කරමු.</font>

724
00:42:06,080 --> 00:42:08,970
<font color="#ffdd58">ඒත් මම මොනවද කරන්න ඕනේ?</font>

725
00:42:09,710 --> 00:42:12,270
<font color="#ffdd58">පොඩ්ඩක් මෙතන ඉන්නකෝ. මාව විශ්වාස කරන්න.</font>

726
00:42:16,040 --> 00:42:17,270
<font color="#ffdd58">මෙන්න. එක්ස්කියුස් මී.</font>

727
00:42:26,270 --> 00:42:27,940
<font color="#ffdd58">මූණේ මස්පිඩු ටිකක් බුරුල් කරමු.</font>

728
00:42:28,210 --> 00:42:29,470
<font color="#ffdd58">හරි.</font>

729
00:42:29,870 --> 00:42:31,040
<font color="#ffdd58">රිලැක්ස් වෙලා ඉන්න.</font>

730
00:42:31,110 --> 00:42:32,110
<font color="#ffdd58">තේරුණා.</font>

731
00:42:34,040 --> 00:42:37,840
<font color="#ffdd58">අනේ මන්දා, මම හිතුවේ මේක ලේසි ඇති කියලා, ඒත් මේක අමාරුයිනේ.</font>

732
00:42:50,160 --> 00:42:52,060
<font color="#ffdd58">පළවෙනි පාරට කරනවා කියල හිතද්දි ඔයා ගොඩක් දක්ෂයි.</font>

733
00:42:52,390 --> 00:42:53,960
<font color="#ffdd58">සමහරවිට ඔයා ඉපදිලා තියෙන්නේ මේකට වෙන්න ඇති.</font>

734
00:42:54,610 --> 00:42:55,680
<font color="#ffdd58">අනේ මන්දා.</font>

735
00:42:59,580 --> 00:43:00,810
<font color="#ffdd58">නියමයි.</font>

736
00:43:03,010 --> 00:43:05,080
<font color="#ffdd58">මම කවදාවත් ඔයාව ඇරලවන්නම් කිව්වේ නෑනේ.</font>

737
00:43:05,180 --> 00:43:06,280
<font color="#ffdd58">ඔයාට බහින්න පුළුවන්ද?</font>

738
00:43:07,210 --> 00:43:08,250
<font color="#ffdd58">ඒක ඇත්ත.</font>

739
00:43:10,810 --> 00:43:13,250
<font color="#ffdd58">ෂා. ඔයාට පේනවද අහස කොච්චර ලස්සනද කියලා?</font>

740
00:43:13,550 --> 00:43:15,080
<font color="#ffdd58">බලන්නකෝ.</font>

741
00:43:24,560 --> 00:43:26,790
<font color="#ffdd58">අද දවසට ගොඩක් ස්තූතියි.</font>

742
00:43:27,280 --> 00:43:31,210
<font color="#ffdd58">මම දැනන් හිටියේ නෑ ඔයා මං ගැන මේ තරම් හිතනවා කියලා.</font>

743
00:43:32,080 --> 00:43:33,410
<font color="#ffdd58">මට ගොඩක් සතුටු හිතුණා.</font>

744
00:43:35,710 --> 00:43:36,910
<font color="#ffdd58">මට දෙයක් කියන්න තියෙනවා.</font>

745
00:43:37,150 --> 00:43:38,210
<font color="#ffdd58">කියන්න.</font>

746
00:43:39,180 --> 00:43:41,150
<font color="#ffdd58">මම ඔයාට කවදාවත් කැමති වුණේ නෑ, මාරින්.</font>

747
00:43:42,090 --> 00:43:43,120
<font color="#ffdd58">මොකක්?</font>

748
00:43:43,710 --> 00:43:45,250
<font color="#ffdd58">ඔයා එහෙම හිතන් ඉන්නවනම්,</font>

749
00:43:45,250 --> 00:43:47,080
<font color="#ffdd58">ඔයාට වැරදිලා.</font>

750
00:43:48,910 --> 00:43:51,080
<font color="#ffdd58">මම දිගටම ඇත්ත කිව්වා,</font>

751
00:43:51,510 --> 00:43:52,980
<font color="#ffdd58">ඒත් ඔයා දිගටම වැරදියට තේරුම් ගත්තා.</font>

752
00:43:53,810 --> 00:43:55,980
<font color="#ffdd58">මම හිතුවා මේක විසඳගන්න එක හොඳයි කියලා.</font>

753
00:43:58,710 --> 00:44:01,080
<font color="#ffdd58">මම විහිළුවක් කළේ.</font>

754
00:44:02,780 --> 00:44:04,750
<font color="#ffdd58">පේන විදිහට ඔයා ඒකට අහු වුණා.</font>

755
00:44:04,980 --> 00:44:06,550
<font color="#ffdd58">ඔයාට වැරදිලා. මම නිකන්...</font>

756
00:44:06,550 --> 00:44:09,780
<font color="#ffdd58">ඔයා ලැජ්ජ වෙනකොට කියුට් නිසා මම පොඩි සෙල්ලමක් දැම්මේ.</font>

757
00:44:10,680 --> 00:44:12,810
<font color="#ffdd58">ඒ ගැන හිතන්න එපා. ඒක නිකන් විහිළුවක්.</font>

758
00:44:12,810 --> 00:44:14,980
<font color="#ffdd58">මම බලාපොරොත්තු වෙනවා අපි හැම සම්බන්ධයක්ම නවත්තයි කියලා.</font>

759
00:44:15,980 --> 00:44:17,980
<font color="#ffdd58">මට ඔයාව ආයේ හම්බෙන්න ඕනෙත් නෑ.</font>

760
00:44:18,610 --> 00:44:21,510
<font color="#ffdd58">අපි මෙතනින් නවත්තමු.</font>

761
00:44:29,510 --> 00:44:31,510
<font color="#ffdd58">දැන් යන්න පුළුවන්ද?</font>

762
00:44:35,610 --> 00:44:36,750
<font color="#ffdd58">පරිස්සමෙන් ඉන්න.</font>

763
00:44:39,480 --> 00:44:41,180
<font color="#ffdd58">මට වැරදුණේ නෑ,</font>

764
00:44:42,410 --> 00:44:44,180
<font color="#ffdd58">මට කුතුහලයක් තිබුණේ.</font>

765
00:44:46,750 --> 00:44:48,510
<font color="#ffdd58">අනිත් හැමදේම වැරදීමක් කියමුකෝ.</font>

766
00:44:49,450 --> 00:44:52,180
<font color="#ffdd58">ඇයි ඔයා අද ආවේ?</font>

767
00:44:54,610 --> 00:44:56,180
<font color="#ffdd58">ඇයි ඔයා මට උදව් කළේ?</font>

768
00:44:56,280 --> 00:44:59,080
<font color="#ffdd58">ඔයා ගැන පව් කියලා හිතුණා.</font>

769
00:45:00,210 --> 00:45:03,380
<font color="#ffdd58">මට ඕන වුණා අන්තිම පාරට හරි ඔයාට උදව්වක් කරන්න.</font>

770
00:45:09,750 --> 00:45:10,910
<font color="#ffdd58">පොඩ්ඩක් ඉන්න.</font>

771
00:45:15,180 --> 00:45:17,610
<font color="#ffdd58">ඔයාගේ නම මොකක්ද?</font>

772
00:45:19,480 --> 00:45:23,480
<font color="#ffdd58">දැන් බැලුවම, මම කවදාවත් ඔයාගේ නම අහල නෑනේ.</font>

773
00:45:25,650 --> 00:45:29,010
<font color="#ffdd58">ඔක්කොම බැලුවම, මේක මාර ඩ්‍රැමටික් සමුගැනීමක්නේ.</font>

774
00:45:30,750 --> 00:45:32,250
<font color="#ffdd58">ඔයාටත් වැඩේ මීටර් වුණා නේද.</font>

775
00:46:06,680 --> 00:46:09,080
<font color="#ffdd58">මම ආයේ මාරින්ව හම්බෙන්නේ නෑ.</font>

776
00:46:10,080 --> 00:46:12,710
<font color="#ffdd58">මම මගේ අනාගතේ මමම බලාගන්නම්.</font>

777
00:46:14,180 --> 00:46:17,080
<font color="#ffdd58">ඒත්,</font>

778
00:46:17,280 --> 00:46:19,280
<font color="#ffdd58">එකම දවසේ එකම වෙලාවක මැරෙනවා කියන්නේ...</font>

779
00:46:19,280 --> 00:46:21,480
<font color="#ffdd58">ලොකු දෛවයක්.</font>

780
00:46:21,910 --> 00:46:25,180
<font color="#ffdd58">ඔයා හොයලා බලන්න ඕනේ එයා කවුද කියලා.</font>

781
00:46:25,180 --> 00:46:26,680
<font color="#ffdd58">දෛවය? විකාරනේ.</font>

782
00:46:27,310 --> 00:46:29,980
<font color="#ffdd58">මම හිතන්නේ මම එයාව හම්බවුණොත් ප්‍රශ්න වැඩි වෙයි.</font>

783
00:46:30,580 --> 00:46:33,580
<font color="#ffdd58">ඇයි ඔයා හැමදේටම ඔච්චර යටත් වෙන්නේ?</font>

784
00:46:33,680 --> 00:46:35,280
<font color="#ffdd58">එහෙ යන්න එපා.</font>

785
00:46:35,380 --> 00:46:37,980
<font color="#ffdd58">ඒ වෙනුවට කරුණාකරලා අර ඇක්සිඩන්ට් එක ගැන ටිකක් හොයන්නකෝ.</font>

786
00:46:38,080 --> 00:46:39,210
<font color="#ffdd58">මොකක්? - ඔයා දන්නවනේ, නේද?</font>

787
00:46:39,210 --> 00:46:41,650
<font color="#ffdd58">මොකක්ද දන්නේ? - මට අන්තිම දවසට යන්න බෑ.</font>

788
00:46:42,680 --> 00:46:45,680
<font color="#ffdd58">මට ආයෙත් එච්චර භයානක දෙයක් දකින්න ඕන නෑ.</font>

789
00:46:46,410 --> 00:46:49,650
<font color="#ffdd58">ජීවිතය සහ මරණය ගැන මට කරන්න පුළුවන් දෙයක් නෑ.</font>

790
00:46:50,450 --> 00:46:53,080
<font color="#ffdd58">මෝඩයා. ඇයි ඔයා දිගටම උදව් ඉල්ලන්නේ?</font>

791
00:46:53,380 --> 00:46:54,610
<font color="#ffdd58">මම ඔයාගේ තාත්තා වගේ පේනවද?</font>

792
00:46:54,610 --> 00:46:56,180
<font color="#ffdd58">ඒක ඔයාගේ ජීවිතේ, මගේ නෙවෙයිනේ.</font>

793
00:46:56,280 --> 00:46:57,880
<font color="#ffdd58">ඔයා හරි නපුරුයිනේ.</font>

794
00:46:57,880 --> 00:46:59,880
<font color="#ffdd58">මම පේන්නේ ඔයාගේ ගෝලයා වගේද?</font>

795
00:47:01,110 --> 00:47:03,180
<font color="#ffdd58">එහෙනම් ඔයා කට වහගෙන ඉන්න තිබුණා...</font>

796
00:47:03,350 --> 00:47:06,210
<font color="#ffdd58">මම ජීවත් වුණත් මැරුණත්.</font>

797
00:47:06,310 --> 00:47:07,410
<font color="#ffdd58">ඔයා පිළිගන්නවා නේද?</font>

798
00:47:08,080 --> 00:47:09,280
<font color="#ffdd58">ඔව්, ඔයා හරි.</font>

799
00:47:09,280 --> 00:47:11,250
<font color="#ffdd58">අම්මෝ. හරි රස්නෙයි.</font>

800
00:47:11,380 --> 00:47:13,510
<font color="#ffdd58">මම දන්නවා.</font>

801
00:47:13,610 --> 00:47:15,910
<font color="#ffdd58">ඔයා ඇයි මේ ග්‍රීස්මේ ස්වෙටර් එකක් ඇඳන් ඉන්නේ?</font>

802
00:47:16,010 --> 00:47:17,880
<font color="#ffdd58">ඒක රතු පාටයිනේ.</font>

803
00:47:17,980 --> 00:47:19,680
<font color="#ffdd58">මම පොඩි ගමනක් ගියා.</font>

804
00:47:20,380 --> 00:47:23,080
<font color="#ffdd58">ෂා. ඔයා හරි කඩිසරයිනේ.</font>

805
00:47:25,650 --> 00:47:26,710
<font color="#ffdd58">රස්නෙයි නේද?</font>

806
00:47:27,410 --> 00:47:29,150
<font color="#ffdd58">අපි ගිහින් නෙන්ග්මියොන් ටිකක් කමු.</font>

807
00:47:29,880 --> 00:47:30,980
<font color="#ffdd58">යමුද?</font>

808
00:47:32,650 --> 00:47:35,210
<font color="#ffdd58">ඔයාටත් මාර කේන්තියක්නේ තියෙන්නේ.</font>

809
00:47:35,580 --> 00:47:37,350
<font color="#ffdd58">බෑග් එක ගන්න. - ආ ඔව්.</font>

810
00:47:37,550 --> 00:47:39,110
<font color="#ffdd58">මම ඉක්මනට ඒක අරන් එන්නම්.</font>

811
00:47:40,980 --> 00:47:43,780
<font color="#ffdd58">ඔයා හරි අලසයිනේ. යමු.</font>

812
00:48:31,610 --> 00:48:32,910
<font color="#ffdd58">එයා එක වතාවක්වත් උත්සාහ කළේ නෑ...</font>

813
00:48:33,450 --> 00:48:36,080
<font color="#ffdd58">මට කතා කරන්න.</font>

814
00:48:36,610 --> 00:48:38,410
<font color="#ffdd58">මාසයක් නිකන්ම ගෙවිලා ගියා.</font>

815
00:48:42,450 --> 00:48:45,080
<font color="#ffdd58">බෝඩෝ වල ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න එක කොහොමද?</font>

816
00:48:48,150 --> 00:48:49,750
<font color="#ffdd58">මගේ අම්මා ඔයාට කිව්වේ එහෙමද?</font>

817
00:48:49,880 --> 00:48:51,310
<font color="#ffdd58">එයා කිව්වද මම බෝඩෝ ගියා කියලා?</font>

818
00:48:51,310 --> 00:48:52,310
<font color="#ffdd58">ඔව්.</font>

819
00:48:54,110 --> 00:48:55,350
<font color="#ffdd58">ඒක බොරුවක්.</font>

820
00:48:56,280 --> 00:48:59,980
<font color="#ffdd58">මම කරන්නේ ඉන්ටර්නෙට් ෂොපින් සයිට් වලට ෆොටෝ ගන්න එක...</font>

821
00:48:59,980 --> 00:49:02,080
<font color="#ffdd58">ඒ වගේම මගේ හීනෙට යන එක.</font>

822
00:49:03,150 --> 00:49:04,480
<font color="#ffdd58">මට සමාවෙන්න.</font>

823
00:49:04,980 --> 00:49:06,880
<font color="#ffdd58">පේන විදිහට අම්මා ඔයාව රවට්ටලා.</font>

824
00:49:08,310 --> 00:49:10,450
<font color="#ffdd58">මම දන්නවා ඔයා ආපු හේතු වලින් එකක් ඒක කියලා.</font>

825
00:49:10,650 --> 00:49:11,880
<font color="#ffdd58">අපි යමුද?</font>

826
00:49:11,980 --> 00:49:14,250
<font color="#ffdd58">වෙච්ච කරදරේට මට කණගාටුයි, ඒ නිසා කෑම වලට මම ගෙවන්නම්.</font>

827
00:49:14,280 --> 00:49:16,380
<font color="#ffdd58">බිල මට ගෙවන්න දෙන්න.</font>

828
00:49:16,380 --> 00:49:19,280
<font color="#ffdd58">මම හිතුවේ මම රිපෝටර් කෙනෙක්
නිසා ඔයා මාව ප්‍රතික්ෂේප කරයි කියලා.</font>

829
00:49:19,480 --> 00:49:21,910
<font color="#ffdd58">මට ෂුවර් එකටම හිතුණා ඔයා රිපෝටර්ලාට කැමති නෑ කියලා.</font>

830
00:49:31,250 --> 00:49:33,480
<font color="#ffdd58">සෝ ජූන්! ඒයි, සෝ ජූන්.</font>

831
00:49:33,480 --> 00:49:34,980
<font color="#ffdd58">ඇඳගන්නකෝ.</font>

832
00:49:34,980 --> 00:49:36,910
<font color="#ffdd58">මම යන්නේ නෑ.</font>

833
00:49:36,910 --> 00:49:38,810
<font color="#ffdd58">සුබ පැතුවම ඇතිනේ.</font>

834
00:49:38,910 --> 00:49:41,880
<font color="#ffdd58">නිවාඩු දවසක මම ඇයි මිස්ටර් කිම්ගේ වෙඩින් එකට යන්නේ?</font>

835
00:49:41,880 --> 00:49:43,880
<font color="#ffdd58">මේ, සතිය පුරාම ඔයාට ඉරිදා වගේනේ තිබුණේ.</font>

836
00:49:43,880 --> 00:49:45,350
<font color="#ffdd58">මම හිතුවේ ඔයාට ඉරිදා දවස් එපා වෙලා ඇත්තේ කියලා.</font>

837
00:49:45,350 --> 00:49:49,280
<font color="#ffdd58">ඔයා ඔෆිස් එකේ එක පාටියකටවත් ඉවෙන්ට් එකකටවත් ගියේ නෑනේ.</font>

838
00:49:49,480 --> 00:49:53,080
<font color="#ffdd58">ඔයා වැඩ කරන කෙනෙක්ගේ වෙඩින්
එකටවත් ගියේ නැත්තම් මිනිස්සු මොනවා හිතයිද?</font>

839
00:49:53,230 --> 00:49:56,460
<font color="#ffdd58">ඇයි ඔයා උදේ පාන්දරම ඇත්ත කියලා මගේ ඔළුව කන්නේ?</font>

840
00:49:56,780 --> 00:49:58,280
<font color="#ffdd58">ඔයා දන්නවනේ මම ඇත්ත අහන්න කැමති නෑ කියලා?</font>

841
00:49:58,280 --> 00:50:00,550
<font color="#ffdd58">ඒකනේ ඔයා ලෑස්ති වෙන්න ඕනේ.</font>

842
00:50:00,550 --> 00:50:02,510
<font color="#ffdd58">මිස්ටර් කිම් කියන්නේ එහෙම අමතක කරන්න හොඳ කෙනෙක් නෙවෙයි.</font>

843
00:50:02,510 --> 00:50:03,980
<font color="#ffdd58">අනේ මන්දා. - සිරිත් විරිත් රකින්න එපායැ.</font>

844
00:50:03,980 --> 00:50:07,580
<font color="#ffdd58">ඒයි! මම යන්නැත්තේ මට දකින්න අකමැති කෙනෙක් එතන ඉන්න නිසයි.</font>

845
00:50:07,580 --> 00:50:09,250
<font color="#ffdd58">කවුද? මම නොදන්න කෙනෙක්ද?</font>

846
00:50:09,250 --> 00:50:11,210
<font color="#ffdd58">මම ඔයාගේ යාළුවෝ හැමෝවම දන්නවනේ.</font>

847
00:50:11,210 --> 00:50:12,210
<font color="#ffdd58">ඔයා නේද මේ.</font>

848
00:50:13,310 --> 00:50:15,180
<font color="#ffdd58">ඇයි ඔයා අද මෙච්චර හැඩ?</font>

849
00:50:15,480 --> 00:50:16,550
<font color="#ffdd58">ඒ නිසා ඔයා තනියම යන්න, හරිද?</font>

850
00:50:16,650 --> 00:50:18,710
<font color="#ffdd58">විකාර නැතුව ලෑස්ති වෙන්න.</font>

851
00:50:18,710 --> 00:50:20,480
<font color="#ffdd58">මගේ පස්සෙන් එන එක නවත්තන්නකෝ.</font>

852
00:50:20,480 --> 00:50:22,980
<font color="#ffdd58">ඔයාට ගුටි කන්න වෙයි. - නෑ සිරාවටම. මම යන්නේ නෑ.</font>

853
00:50:22,980 --> 00:50:24,650
<font color="#ffdd58">මම යන්නේ නෑ. - ඉක්මන් කරන්න. ඒයි!</font>

854
00:50:24,750 --> 00:50:26,450
<font color="#ffdd58">නෑ, මට බෑ. - ලෑස්ති වෙන්න.</font>

855
00:50:27,510 --> 00:50:28,650
<font color="#ffdd58">ඒයි.</font>

856
00:50:33,480 --> 00:50:36,250
<font color="#ffdd58">මේ, අඬන එක නවත්තන්නකො.</font>

857
00:50:36,250 --> 00:50:39,080
<font color="#ffdd58">ඔයා දන්නවද දැනටමත් කී සැරයක් මේකප් එක හදන්න වුණාද කියලා?</font>

858
00:50:39,610 --> 00:50:41,550
<font color="#ffdd58">මට ඕන තරම් මම අඬනවා.</font>

859
00:50:41,650 --> 00:50:44,480
<font color="#ffdd58">මගේ වෙඩින් එක දවසෙ මම ඇඬුවොත්, ඒක
හරියට මට ලොකු දුකක් තියෙනවා වගේ පේනවානේ.</font>

860
00:50:44,480 --> 00:50:45,580
<font color="#ffdd58">අනේ මන්ද. ඔයා විහිළු කරනවද?</font>

861
00:50:45,580 --> 00:50:48,010
<font color="#ffdd58">මෙයාට මොකද වෙලා තියෙන්නේ? දෙයියනේ.</font>

862
00:50:48,110 --> 00:50:49,510
<font color="#ffdd58">ඊයෙ වෙනකම් මෙයා හොඳට හිනාවෙලානේ හිටියෙ.</font>

863
00:50:49,910 --> 00:50:51,650
<font color="#ffdd58">මගේ හිතේ ගොඩක් දේවල් හිරවෙලා තියෙනවා.</font>

864
00:50:52,010 --> 00:50:55,580
<font color="#ffdd58">මම හිතන්නේ මම ගොඩක් දුක් වින්දා...</font>

865
00:50:55,580 --> 00:50:58,510
<font color="#ffdd58">දැන් ඉන්න තැනට එන්න.</font>

866
00:50:58,750 --> 00:51:01,810
<font color="#ffdd58">ඒක මාර ආදර්ශවත් කතාවක්නේ.</font>

867
00:51:02,480 --> 00:51:04,810
<font color="#ffdd58">අනේ මන්ද. මේක නම්...</font>

868
00:51:08,280 --> 00:51:10,480
<font color="#ffdd58">මම ඔයා වෙනුවෙන් ඉමර්ජන්සි එකට
කතා කරන්නද? ඒක හොඳ අදහසක්.</font>

869
00:51:11,150 --> 00:51:13,050
<font color="#ffdd58">ඔයාලට මේක තේරෙන්නෙ නෑ.</font>

870
00:51:13,150 --> 00:51:15,680
<font color="#ffdd58">මම කවදාවත් දැකලා නෑ කවුරුත් අඬනවා...</font>

871
00:51:15,680 --> 00:51:17,010
<font color="#ffdd58">හොඳ තැනකට විවාහ වුණා කියලා. සහතික ඇත්ත.</font>

872
00:51:17,010 --> 00:51:18,480
<font color="#ffdd58">දෙයියනේ. දැන් අඬන එක නවත්තන්න.</font>

873
00:51:18,950 --> 00:51:20,580
<font color="#ffdd58">මේ, මේක බීලා පොඩ්ඩක් සන්සුන් වෙන්න.</font>

874
00:51:24,010 --> 00:51:25,780
<font color="#ffdd58">අද දවසට විතරක්, මම හිත පතුලෙන්ම පිළිගන්නවා...</font>

875
00:51:25,780 --> 00:51:28,110
<font color="#ffdd58">ඔයා ගොඩක් මහන්සි වුණා කියලා...</font>

876
00:51:28,110 --> 00:51:30,050
<font color="#ffdd58">හොඳ තැනකට කසාද බඳින්න.</font>

877
00:51:30,150 --> 00:51:31,280
<font color="#ffdd58">මට ඔයා ගැන ආඩම්බරයි.</font>

878
00:51:32,380 --> 00:51:34,010
<font color="#ffdd58">ඔයා කොහොමහරි ගොඩ ගියානේ.</font>

879
00:51:34,880 --> 00:51:37,510
<font color="#ffdd58">ස්තූතියි මට සුබ පැතුවට.</font>

880
00:51:38,680 --> 00:51:40,310
<font color="#ffdd58">ඔව්, ඔව්. සුබ පැතුම්.</font>

881
00:51:44,250 --> 00:51:46,980
<font color="#ffdd58">අපොයි. දැන් මොකද කරන්නේ?</font>

882
00:51:47,080 --> 00:51:48,480
<font color="#ffdd58">ඇයි ඔයා මට කෝපි දුන්නේ?</font>

883
00:51:48,580 --> 00:51:50,680
<font color="#ffdd58">දෙයියනේ. ඇයි ඔයා මට කෝපි දුන්නේ?</font>

884
00:51:50,680 --> 00:51:52,350
<font color="#ffdd58">ඕක ගලවන්න. මොකක්?</font>

885
00:51:52,350 --> 00:51:54,780
<font color="#ffdd58">නිකන් ගලවන්නකො, මට ඕකේ පැල්ලම යවන්න පුළුවන්.</font>

886
00:51:54,780 --> 00:51:56,880
<font color="#ffdd58">ඔයා දන්නවද මේක කීයක් වෙනවද කියලා?
වතුර වැටුණොත් මේක සවුත්තු වෙනවා.</font>

887
00:51:56,880 --> 00:51:58,810
<font color="#ffdd58">ඔයා කෝපි හැලුවනේ. වතුර නෙවෙයි දැන් ප්‍රශ්නෙ.</font>

888
00:51:58,910 --> 00:52:00,610
<font color="#ffdd58">ඕක ගලවන්න. මෙයාව එළියට ගන්න.</font>

889
00:52:00,680 --> 00:52:01,910
<font color="#ffdd58">මොකක්ද? ඇත්තටම?</font>

890
00:52:03,710 --> 00:52:05,080
<font color="#ffdd58">මේකෙන් මාව පිස්සු හැදෙනවා.</font>

891
00:52:08,780 --> 00:52:10,680
<font color="#ffdd58">මා රින්, ඔයාට හොඳයිද? ඔයාට අවුලක් නෑ නේද?</font>

892
00:52:11,480 --> 00:52:13,310
<font color="#ffdd58">ඔයාට අවුලක් නෑ. ඔයා පරිස්සම් වෙන්න තිබුණා.</font>

893
00:52:14,180 --> 00:52:15,680
<font color="#ffdd58">ඔයාට තුවාලද? ස්තූතියි.</font>

894
00:52:15,780 --> 00:52:16,780
<font color="#ffdd58">ස්තූතියි.</font>

895
00:52:22,480 --> 00:52:24,080
<font color="#ffdd58">ඔයා මාව අඳුරනවද?</font>

896
00:52:24,910 --> 00:52:25,910
<font color="#ffdd58">මොකක්ද කිව්වේ?</font>

897
00:52:26,050 --> 00:52:27,580
<font color="#ffdd58">කමක් නෑ.</font>

898
00:52:27,580 --> 00:52:28,580
<font color="#ffdd58">සර්.</font>

899
00:52:28,950 --> 00:52:30,080
<font color="#ffdd58">සර්.</font>

900
00:52:30,980 --> 00:52:33,080
<font color="#ffdd58">ඔයා ඇවිල්ලා. සුබ පැතුම්.</font>

901
00:52:33,080 --> 00:52:34,150
<font color="#ffdd58">බොහොම ස්තූතියි සර්.</font>

902
00:52:35,680 --> 00:52:36,750
<font color="#ffdd58">මිස්ටර් යූන්.</font>

903
00:52:37,310 --> 00:52:39,750
<font color="#ffdd58">සුබ පැතුම්. බොහොම ස්තූතියි.</font>

904
00:52:39,980 --> 00:52:42,580
<font color="#ffdd58">අඳුරගන්න.</font>

905
00:52:43,050 --> 00:52:45,410
<font color="#ffdd58">මේ ඉන්නේ මිස්ටර් යූ,</font>

906
00:52:45,410 --> 00:52:46,880
<font color="#ffdd58">මයිලිට්ස් එකේ CEO.</font>

907
00:52:47,280 --> 00:52:49,310
<font color="#ffdd58">ඔයා අඳුරනවා ඇතිනේ මිස්ටර් කිම්ව...</font>

908
00:52:49,310 --> 00:52:50,680
<font color="#ffdd58">හ්‍යුන්සින් කැපිටල් එකේ.</font>

909
00:52:50,680 --> 00:52:54,480
<font color="#ffdd58">දෙයියනේ, මෙයා කම්පැනි එකක් කරනවා වගේනේ පේන්නේ.</font>

910
00:52:54,680 --> 00:52:56,180
<font color="#ffdd58">මම අහලා තියෙනවා ඒක මාර කම්පැනි එකක් කියලා.</font>

911
00:52:56,410 --> 00:52:58,180
<font color="#ffdd58">කොහොමද CEO කෙනෙක් මෙච්චර තරුණ වෙන්නේ?</font>

912
00:52:59,110 --> 00:53:01,080
<font color="#ffdd58">මම මෙතන ඉන්නම් අමුත්තන්ව පිළිගන්න.</font>

913
00:53:01,080 --> 00:53:02,480
<font color="#ffdd58">ඔයාලා ඇතුළට යන්න.</font>

914
00:53:07,310 --> 00:53:09,480
<font color="#ffdd58">ඔයා හැමතිස්සෙම හැමෝටම ඔච්චර මිත්‍රශීලීද?</font>

915
00:53:13,350 --> 00:53:14,380
<font color="#ffdd58">මේ මා රින්.</font>

916
00:53:19,880 --> 00:53:20,880
<font color="#ffdd58">ආ, මේ අර පිගී නේද.</font>

917
00:53:23,480 --> 00:53:25,180
<font color="#ffdd58">ඔයා දන්නවද අර කලින් වැටුණු ගෑනු ළමයව?</font>

918
00:53:25,350 --> 00:53:26,880
<font color="#ffdd58">එයා දැකලා පුරුදුයි වගේ.</font>

919
00:53:28,050 --> 00:53:30,880
<font color="#ffdd58">මම හිතන්නේ එයා ඉස්සෙල්ලා ඔයා දිහා බලාගෙන හිටියා.</font>

920
00:53:34,710 --> 00:53:35,710
<font color="#ffdd58">ඒයි.</font>

921
00:53:36,380 --> 00:53:39,310
<font color="#ffdd58">දැන් මනමාල මහත්මයා...</font>

922
00:53:39,610 --> 00:53:41,510
<font color="#ffdd58">සහ මනමාලිය...</font>

923
00:53:41,980 --> 00:53:43,480
<font color="#ffdd58">මුදු මාරු කරගන්නවා.</font>

924
00:54:09,710 --> 00:54:11,380
<font color="#ffdd58">(නම්යොන් ස්ටේෂන් එක)</font>

925
00:54:47,710 --> 00:54:48,780
<font color="#ffdd58">මා රින්.</font>

926
00:54:50,710 --> 00:54:51,910
<font color="#ffdd58">මා රින්? ඇයි?</font>

927
00:54:52,480 --> 00:54:53,510
<font color="#ffdd58">ඇයි?</font>

928
00:54:53,510 --> 00:54:55,080
<font color="#ffdd58">ඔයාට අවුලක් නෑ නේද?</font>

929
00:54:55,180 --> 00:54:56,580
<font color="#ffdd58">වෙඩින් එක නිසා ඔයාට හොඳටම මහන්සි පාටයි.</font>

930
00:54:58,380 --> 00:55:00,780
<font color="#ffdd58">මම දවසම මගේ බෑග් එකත් උස්සගෙන එහේ මෙහේ දිව්වනේ.</font>

931
00:55:02,580 --> 00:55:04,350
<font color="#ffdd58">මේ අහන්නකො,</font>

932
00:55:04,980 --> 00:55:08,050
<font color="#ffdd58">ඔයා අහලා තියෙනවද මයිලිට්ස් ගැන?
ඒක දේපළ වෙළඳාම් ආයෝජන සමාගමක්.</font>

933
00:55:08,510 --> 00:55:11,110
<font color="#ffdd58">ඔයා දන්නවද ඒක ගැන? අනිවාර්යයෙන්ම. ඒක ගොඩක් ප්‍රසිද්ධයිනේ.</font>

934
00:55:13,480 --> 00:55:14,780
<font color="#ffdd58">ඒක ලොකු ආයතනයක් වෙන්න ඇති.</font>

935
00:55:14,980 --> 00:55:17,480
<font color="#ffdd58">ඒක රටේ තියෙන ප්‍රධාන පෙළේ ආයතනයක්.</font>

936
00:55:18,580 --> 00:55:20,280
<font color="#ffdd58">ඇයි එකපාරටම? ඔයාට ආයෝජනයක් කරන්න ඕනද?</font>

937
00:55:21,150 --> 00:55:22,180
<font color="#ffdd58">නෑ.</font>

938
00:55:22,680 --> 00:55:24,180
<font color="#ffdd58">අපි වෙන දෙයක් ගැන කතා කරමු.</font>

939
00:55:26,380 --> 00:55:29,780
<font color="#ffdd58">ඉන්ටවීව් එකක් දෙන්න බැරි තරම් ඔයාට මහන්සි පාටයි.</font>

940
00:55:30,910 --> 00:55:31,950
<font color="#ffdd58">ඉන්ටවීව් එකක්?</font>

941
00:55:32,850 --> 00:55:35,380
<font color="#ffdd58">මම කල්පනා කළේ ඔයා ගැන ලිපියක් ලියන්න.</font>

942
00:55:36,380 --> 00:55:39,210
<font color="#ffdd58">අර පිගී ගැන නෙවෙයි, ඔයාගේ ඇත්ත ජීවිතේ ගැන.</font>

943
00:55:40,380 --> 00:55:42,480
<font color="#ffdd58">මම හිතනවා ඒකෙන් ඔයාට උදව්වක් වෙයි කියලා.</font>

944
00:55:43,150 --> 00:55:46,010
<font color="#ffdd58">ඒක කමක් නෑ, මම ජනප්‍රිය කෙනෙක් නෙවෙයිනේ.</font>

945
00:55:46,880 --> 00:55:48,680
<font color="#ffdd58">මිනිස්සු ඕක ගැන උනන්දු වෙයි කියලා මම හිතන්නෙ නෑ.</font>

946
00:55:49,080 --> 00:55:51,310
<font color="#ffdd58">මම ඒක බලාගන්නම්කො.</font>

947
00:55:51,310 --> 00:55:53,180
<font color="#ffdd58">ඉතින් ඔයාගේ ජීවිතේ ගැන විස්තර ටිකක් සැහැල්ලුවෙන් කියන්න.</font>

948
00:55:53,480 --> 00:55:55,110
<font color="#ffdd58">නාටකීය දේවල් තියෙනවා නම් වඩා හොඳයි.</font>

949
00:55:57,610 --> 00:55:59,680
<font color="#ffdd58">ස්තූතියි, ඒත්...</font>

950
00:56:00,950 --> 00:56:03,380
<font color="#ffdd58">ඉන්ටවීව් එකක්?</font>

951
00:56:31,110 --> 00:56:33,110
<font color="#ffdd58">හැමදේම ආයේ යථා තත්ත්වයට පත් වෙලා.</font>

952
00:56:55,580 --> 00:56:57,910
<font color="#ffdd58">ඔයා නම්යොන් ස්ටේෂන් එකේ අනතුරින් දිවි ගලවා ගත්ත කෙනෙක්ද?</font>

953
00:56:58,950 --> 00:56:59,950
<font color="#ffdd58">ඔව්.</font>

954
00:56:59,950 --> 00:57:01,310
<font color="#ffdd58">(සොන් මා රින්)</font>

955
00:57:01,310 --> 00:57:04,380
<font color="#ffdd58">ඔව්, ඒක තමයි මගේ ජීවිතේ වඩාත්ම නාටකීය අවස්ථාව.</font>

956
00:57:06,750 --> 00:57:09,680
<font color="#ffdd58">මම සබ්වේ එකේදි පිරිමි කෙනෙක් එක්ක රණ්ඩු වුණා...</font>

957
00:57:09,680 --> 00:57:11,150
<font color="#ffdd58">ඊටපස්සෙ අහම්බෙන් කලින් බැස්සා.</font>

958
00:57:11,610 --> 00:57:13,480
<font color="#ffdd58">ඒත් මම බැහැපු ගමන්ම වගේ තමයි අනතුර සිද්ධ වුණේ.</font>

959
00:57:13,480 --> 00:57:14,580
<font color="#ffdd58">(පිගීගේ පාපොච්චාරණය: මම නම්යොන්
ස්ටේෂන් එකේ අනතුරින් දිවි ගලවා ගත්ත කෙනෙක්)</font>

960
00:57:15,250 --> 00:57:17,280
<font color="#ffdd58">මම බේරුණේ හාස්කමකින්.</font>

961
00:57:21,110 --> 00:57:22,280
<font color="#ffdd58">(පිගීගේ පාපොච්චාරණය: මම නම්යොන්
ස්ටේෂන් එකේ අනතුරින් දිවි ගලවා ගත්ත කෙනෙක්)</font>

962
00:57:24,680 --> 00:57:25,750
<font color="#ffdd58">ඒකයි...</font>

963
00:57:26,080 --> 00:57:28,780
<font color="#ffdd58">මම ගොඩක් කාලයක් ජීවත් වෙන්න උපරිම උත්සාහ කරන්න ඕන.</font>

964
00:57:30,050 --> 00:57:31,610
<font color="#ffdd58">මම දැන් ජීවත් වෙලා ඉන්නවනේ.</font>

965
00:57:32,850 --> 00:57:35,750
<font color="#ffdd58">ඒත් මේක පත්තරේට දාන්න තරම් හොඳ කරුණක්ද?</font>

966
00:57:36,150 --> 00:57:38,350
<font color="#ffdd58">ඒ ඔයාද?</font>

967
00:57:38,880 --> 00:57:40,680
<font color="#ffdd58">ඔයා හොරෙන් ගත්ත ෆොටෝ එකෙන් මොනවා කරන්නද හදන්නේ?</font>

968
00:57:40,750 --> 00:57:43,480
<font color="#ffdd58">මාව බේරගත්ත ගෑනු ළමයා ඔයාද?</font>

969
00:57:49,580 --> 00:57:52,150
<font color="#ffdd58">අපි එකම දවසේ හාස්කමකින් වගේ බේරුණා...</font>

970
00:57:53,750 --> 00:57:55,810
<font color="#ffdd58">ඒ වගේම අපි මැරෙන්නෙත් එකටමයි.</font>

971
00:57:57,210 --> 00:57:59,810
<font color="#ffdd58">මොකක්ද ඒ කතාව? කොහොමද එහෙම වෙන්නේ...</font>

972
00:58:00,350 --> 00:58:01,750
<font color="#ffdd58">අපි අතර සම්බන්ධයක් තියෙනවද?</font>

973
00:58:05,150 --> 00:58:09,010
<font color="#ffdd58">මිනිස්සු අද ඉන්ටවීව් එකේ විස්තර කියෙව්වම,</font>

974
00:58:09,980 --> 00:58:13,110
<font color="#ffdd58">එයාලා මං දිහා බලන විදිහ වෙනස් වෙයි කියලා ඔයා හිතනවද?</font>

975
00:58:13,110 --> 00:58:14,880
<font color="#ffdd58">කෑම කෑව වෙලාවෙ ඉඳන් ඔයා ඕක...</font>

976
00:58:14,880 --> 00:58:16,480
<font color="#ffdd58">පස් වතාවක් විතර ඇහුවා.</font>

977
00:58:17,580 --> 00:58:18,750
<font color="#ffdd58">ඇත්තටම?</font>

978
00:58:22,580 --> 00:58:24,180
<font color="#ffdd58">මම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ.</font>

979
00:58:24,850 --> 00:58:27,680
<font color="#ffdd58">මට ඕන මිනිස්සු දැනගන්න...</font>

980
00:58:28,480 --> 00:58:31,910
<font color="#ffdd58">මමත් එයාලා වගේම හිතන පතන සාමාන්‍ය කෙනෙක් කියලා විතරයි.</font>

981
00:58:31,910 --> 00:58:33,150
<font color="#ffdd58">එහෙම වුණොත් ගොඩක් හොඳයි.</font>

982
00:58:33,680 --> 00:58:36,010
<font color="#ffdd58">අනිත් අය හිතන දේවල් ගැන ඔච්චර වද වෙන්න එපා.</font>

983
00:58:37,810 --> 00:58:39,380
<font color="#ffdd58">ඒක කියන තරම් ලේසි නෑ.</font>

984
00:58:42,750 --> 00:58:44,680
<font color="#ffdd58">තව ටිකකින් සරත් කාලය එයි.</font>

985
00:58:46,110 --> 00:58:48,280
<font color="#ffdd58">මම දන්නෙ නෑ ඇයි කාලය මෙච්චර ඉක්මනට යන්නේ කියලා.</font>

986
00:58:48,780 --> 00:58:51,150
<font color="#ffdd58">එහෙනම් කාලය යවන්න කාත් එක්ක හරි යාළු වෙන්නකො?</font>

987
00:58:53,280 --> 00:58:54,780
<font color="#ffdd58">ෆිල්ම් එකක් බලන්න යමුද?</font>

988
00:58:55,880 --> 00:58:56,880
<font color="#ffdd58">මා රින්.</font>

989
00:58:57,480 --> 00:58:59,150
<font color="#ffdd58">පොඩි කතාවක් තියෙනවා. සමාවෙන්න, ඒත් ඔයා කවුද?</font>

990
00:58:59,150 --> 00:59:00,510
<font color="#ffdd58">මට සමාවෙන්න. එක්ස්කියුස් මී.</font>

991
00:59:00,510 --> 00:59:02,010
<font color="#ffdd58">චූටි වෙලාවයි යන්නේ. මේ.</font>

992
00:59:02,010 --> 00:59:03,410
<font color="#ffdd58">මා රින්. සොරි.</font>

993
00:59:04,250 --> 00:59:05,750
<font color="#ffdd58">මම ඔයාට ආයෙ කතා කරන්නම්.</font>

994
00:59:06,210 --> 00:59:07,250
<font color="#ffdd58">මේ.</font>

995
00:59:07,580 --> 00:59:08,680
<font color="#ffdd58">මේ.</font>

996
00:59:09,980 --> 00:59:11,010
<font color="#ffdd58">මේ.</font>

997
00:59:13,750 --> 00:59:16,150
<font color="#ffdd58">ඇයි ඔයා එකපාරටම මෙහෙම හැසිරෙන්නේ?</font>

998
00:59:20,380 --> 00:59:22,310
<font color="#ffdd58">ඔයා ඉස්සෙල්ලා මාව අඳුරන්නෙ නෑ වගේ හිටියා.</font>

999
00:59:24,580 --> 00:59:26,050
<font color="#ffdd58">මම හිතුවේ ඔයාට සම්බන්ධකම් තියාගන්න ඕන නෑ කියලා...</font>

1000
00:59:26,480 --> 00:59:27,710
<font color="#ffdd58">නැත්නම් මාව හම්බෙන්න අකමැති ඇති කියලා.</font>

1001
00:59:30,150 --> 00:59:31,180
<font color="#ffdd58">පොඩ්ඩක් ඉන්න.</font>

1002
00:59:32,250 --> 00:59:34,510
<font color="#ffdd58">ඔයාගේ නම මොකක්ද?</font>

1003
00:59:38,280 --> 00:59:41,850
<font color="#ffdd58">දැන් බැලුවම, මම කවදාවත් ඔයාගේ නම ඇහුවේ නෑනේ.</font>

1004
00:59:43,680 --> 00:59:44,750
<font color="#ffdd58">මගේ නම...</font>

1005
00:59:46,150 --> 00:59:47,180
<font color="#ffdd58">ඇයි?</font>

1006
00:59:48,580 --> 00:59:50,180
<font color="#ffdd58">දැන් එකපාරටම දුක හිතුණද?</font>

1007
00:59:51,380 --> 00:59:52,610
<font color="#ffdd58">එහෙම වෙන්න ඕන නෑ.</font>

1008
00:59:53,180 --> 00:59:54,210
<font color="#ffdd58">අපි එච්චරටම හිතවත් නෑනේ.</font>

1009
00:59:54,210 --> 00:59:55,210
<font color="#ffdd58">මගේ නම...</font>

1010
00:59:59,510 --> 01:00:00,510
<font color="#ffdd58">මම...</font>

1011
01:00:01,510 --> 01:00:02,580
<font color="#ffdd58">යූ සෝ ජූන්.</font>

1012
01:00:04,380 --> 01:00:05,380
<font color="#ffdd58">ඒත්...</font>

1013
01:00:06,980 --> 01:00:08,050
<font color="#ffdd58">මොකක්ද...</font>

1014
01:00:09,110 --> 01:00:10,150
<font color="#ffdd58">ඔයා?</font>

1015
01:00:35,480 --> 01:00:38,680
<font color="#db9809"><b>(ටුමාරෝ විත් යූ)</b></font>

1016
01:00:39,480 --> 01:00:42,480
<font color="#ffdd58">ඔයා ඇත්තටම නම්යොන් ස්ටේෂන් එකේ අනතුරින් බේරුණු කෙනෙක්ද?</font>

1017
01:00:42,580 --> 01:00:46,280
<font color="#ffdd58">මම හිතුවේ ඇත්තටම දෛවය තමයි මේකට හේතුව කියලා.</font>

1018
01:00:46,280 --> 01:00:48,950
<font color="#ffdd58">ඔයා මොනවා කළත්, මම ඕවට අහුවෙන්නෙ නෑ.</font>

1019
01:00:49,050 --> 01:00:50,350
<font color="#ffdd58">අපි මැරෙන දවස හරියටම...</font>

1020
01:00:50,350 --> 01:00:52,610
<font color="#ffdd58">අනතුර වෙලා අවුරුදු 10කට පස්සෙ.</font>

1021
01:00:52,980 --> 01:00:54,180
<font color="#ffdd58">එහෙමද.</font>

1022
01:00:54,850 --> 01:00:57,280
<font color="#ffdd58">බලමුකෝ. ඔයා හුරතල් පාටයි.</font>

1023
01:00:57,280 --> 01:01:00,380
<font color="#ffdd58">ඇයි ඔයා මට මෙච්චර විශේෂ විදිහට
සලකන්නේ? අපි එච්චර හිතවත් නෑනේ.</font>

1024
01:01:00,380 --> 01:01:01,550
<font color="#ffdd58">මම...</font>

1025
01:01:02,380 --> 01:01:03,480
<font color="#ffdd58">මම ඔයාව...</font>

1026
01:01:04,550 --> 01:01:05,750
<font color="#ffdd58">බේරගන්නම්.</font>

1027
01:01:05,774 --> 01:01:07,774
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

