1
00:01:03,041 --> 00:01:05,041
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:05,065 --> 00:01:06,734
<font color="#ff7f21"><b>6 වැනි කොටස</b></font>

3
00:01:06,817 --> 00:01:07,943
<font color="#ffbf46">එහෙනම් මොකක්ද?</font>

4
00:01:09,236 --> 00:01:11,363
<font color="#ffbf46">මම සීමාව පනීවි කියලා
හිතලා නෙවෙයි නම්,</font>

5
00:01:11,447 --> 00:01:13,574
<font color="#ffbf46">ඇයි ඔයාට ඔච්චර කේන්ති ගියේ?</font>

6
00:01:21,289 --> 00:01:22,458
<font color="#ffbf46">තත්පර දහයයි.</font>

7
00:01:25,586 --> 00:01:26,629
<font color="#ffbf46">තත්පර නවයයි.</font>

8
00:01:33,219 --> 00:01:34,887
<font color="#ffbf46">මම බය වුණා මම සීමාව පනීවි කියලා.</font>

9
00:02:04,542 --> 00:02:07,878
<font color="#ffbf46">ඒ කියන්නේ, ඔයා කියන්නේ...</font>

10
00:02:09,338 --> 00:02:12,508
<font color="#ffbf46">ඔයාට මාත් එක්ක සීමාව පනින්න ඕන කියලද?</font>

11
00:02:12,591 --> 00:02:13,717
<font color="#ffbf46">නෑ.</font>

12
00:02:14,885 --> 00:02:17,805
<font color="#ffbf46">මම කිව්වේ මම සීමාව පනින්නේ නෑ කියලා.</font>

13
00:02:18,848 --> 00:02:19,849
<font color="#ffbf46">ඔයා එක්ක.</font>

14
00:02:22,226 --> 00:02:25,521
<font color="#ffbf46">අනේ මන්දා, මේ සෝල් වල අය
කතා කරන විදිය හරිම පුදුමයිනේ.</font>

15
00:02:28,607 --> 00:02:30,651
<font color="#ffbf46">ඇයි ඔයාට සීමාව පනින්න ඕන නැත්තේ</font>

16
00:02:32,194 --> 00:02:33,279
<font color="#ffbf46">මාත් එක්ක?</font>

17
00:02:57,928 --> 00:02:58,846
<font color="#ffbf46">හලෝ?</font>

18
00:02:59,513 --> 00:03:01,807
<font color="#ffbf46">මම ඔයාගේ ගෙදර ඉස්සරහ ඉන්නේ.
පොඩ්ඩක් එළියට එන්නකෝ.</font>

19
00:03:05,102 --> 00:03:06,979
<font color="#ffbf46">ඇයි මගේ මැසේජ් වලට රිප්ලයි නොකරන්නේ?</font>

20
00:03:10,024 --> 00:03:13,110
<font color="#ffbf46">ඒකෙන් මට ඔයාව තවත් මතක් වෙනවා.</font>

21
00:03:13,193 --> 00:03:15,988
<font color="#ffbf46">ඔයා කොහොමද මම ඉන්න තැන හොයා ගත්තේ?</font>

22
00:03:16,780 --> 00:03:18,449
<font color="#ffbf46">ආයෙ කවදාවත් මෙහෙම කරන්න එපා.</font>

23
00:03:19,783 --> 00:03:21,744
<font color="#ffbf46">නැත්නම් මම පැමිණිලි කරනවා.</font>

24
00:03:22,328 --> 00:03:23,203
<font color="#ffbf46">පැමිණිලි කරනවා?</font>

25
00:03:25,164 --> 00:03:26,165
<font color="#ffbf46">ඒ වුණාට...</font>

26
00:03:28,250 --> 00:03:29,209
<font color="#ffbf46">ඔයා නේද</font>

27
00:03:30,711 --> 00:03:33,047
<font color="#ffbf46">මට ඉස්සෙල්ලම ලයින් එක දැම්මේ, නේද?</font>

28
00:03:34,340 --> 00:03:36,133
<font color="#ffbf46">ඔයානේ ඉස්සෙල්ලම කිව්වේ මට කැමතියි කියලා.</font>

29
00:03:36,216 --> 00:03:37,927
<font color="#ffbf46">මම කිව්වේ,</font>

30
00:03:38,469 --> 00:03:42,473
<font color="#ffbf46">ඔයා කිව්වනේ මම වගේ අනිත් අය ගැන හිතන කෙනෙක්ට කැමතියි කියලා!</font>

31
00:03:43,098 --> 00:03:43,974
<font color="#ffbf46">ටීචර් යූන්!</font>

32
00:03:50,105 --> 00:03:53,984
<font color="#ffbf46">මම ෂින්සු වලට එද්දි මටම පොරොන්දු දෙකක් වුණා.</font>

33
00:03:55,319 --> 00:03:56,487
<font color="#ffbf46">පළවෙනි එක,</font>

34
00:03:57,071 --> 00:04:00,824
<font color="#ffbf46">"මම ආයෙ කවදාවත්
ළමයෙක්ගෙ දෙමව්පියෙක් එක්ක පැටලෙන්නේ නෑ."</font>

35
00:04:01,700 --> 00:04:02,701
<font color="#ffbf46">දෙවෙනි එක,</font>

36
00:04:03,285 --> 00:04:07,247
<font color="#ffbf46">"මම කිසිම වෙලාවක දෙමව්පියෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නේ නෑ."</font>

37
00:04:09,291 --> 00:04:10,167
<font color="#ffbf46">ඉතින්,</font>

38
00:04:11,293 --> 00:04:14,588
<font color="#ffbf46">මම ඔයාගේ ශිෂ්‍යයාගේ භාරකරු නිසා
අපි අතර මුකුත් වෙන්න බැරිද?</font>

39
00:04:15,381 --> 00:04:16,214
<font color="#ffbf46">ඔව්.</font>

40
00:04:17,091 --> 00:04:18,257
<font color="#ffbf46">මම භාරකරුවෙක් නෙවෙයි නම්?</font>

41
00:04:19,510 --> 00:04:24,056
<font color="#ffbf46">මම හන්-ග්‍යුල්ගේ මාමා නෙවෙයි නම්,
ඔයා මාත් එක්ක සීමාව පනිනවද?</font>

42
00:04:26,225 --> 00:04:27,559
<font color="#ffbf46">-නෑ.
-ඔව්.</font>

43
00:04:28,310 --> 00:04:29,186
<font color="#ffbf46">"ඔව්"?</font>

44
00:04:30,562 --> 00:04:31,855
<font color="#ffbf46">-නෑ.
-ඔව්.</font>

45
00:04:32,731 --> 00:04:34,441
<font color="#ffbf46">-"ඔව්"?
-අයියෝ, නෑ.</font>

46
00:04:34,525 --> 00:04:37,528
<font color="#ffbf46">මේකයි, මගේ මොළේට ඕන වුණේ බෑ කියන්න,</font>

47
00:04:38,112 --> 00:04:41,532
<font color="#ffbf46">ඒත් මගේ මේ කටට එන්නේම ඕන නැති දේවල්නේ.</font>

48
00:04:42,366 --> 00:04:45,577
<font color="#ffbf46">මට හිතෙන්නේ මගේ ස්නායු පද්ධතියේ
ලොකු අවුලක් තියෙනවා.</font>

49
00:04:46,328 --> 00:04:47,246
<font color="#ffbf46">එහෙනම් මම ඉන්නම්කෝ.</font>

50
00:04:48,831 --> 00:04:49,665
<font color="#ffbf46">මොකක්?</font>

51
00:04:50,249 --> 00:04:53,377
<font color="#ffbf46">ඒත් හන්-ග්‍යුල් පාසලෙන් අස් වෙන්න
තව අවුරුදු දෙකක් තියෙනවනේ.</font>

52
00:04:54,169 --> 00:04:57,339
<font color="#ffbf46">අවුරුදු දෙකක් කියන්නේ ෂෝක් එකට ගෙවිලා යන කාලයක්.</font>

53
00:04:57,423 --> 00:04:59,967
<font color="#ffbf46">අද ඉඳන් දවස් වලින් ගත්තොත්,</font>

54
00:05:00,968 --> 00:05:02,261
<font color="#ffbf46">දවස් 620යි.</font>

55
00:05:02,344 --> 00:05:06,932
<font color="#ffbf46">පැය වලින් නම්, පැය 14,880යි.</font>

56
00:05:07,016 --> 00:05:09,351
<font color="#ffbf46">විනාඩි වලින්... කීයක්ද?</font>

57
00:05:11,311 --> 00:05:13,564
<font color="#ffbf46">විනාඩි 892,800යි.</font>

58
00:05:14,982 --> 00:05:16,275
<font color="#ffbf46">ඒක හුඟක් කල් යනවනේ.</font>

59
00:05:17,026 --> 00:05:18,444
<font color="#ffbf46">කල් යනවා තමයි, ඒත්...</font>

60
00:05:18,527 --> 00:05:20,779
<font color="#ffbf46">මේක හරියට ආමි ගිය කෙනෙක් එනකම්
බලන් ඉන්නවා වගේනේ.</font>

61
00:05:21,363 --> 00:05:23,699
<font color="#ffbf46">ඔයා හිතන්නේ
අවුරුදු දෙකක් බලන් ඉන්න එක ලේසියි කියලද?</font>

62
00:05:23,782 --> 00:05:24,992
<font color="#ffbf46">අපෝ නෑ.</font>

63
00:05:25,951 --> 00:05:28,871
<font color="#ffbf46">හැබැයි, මම සාමාන්‍යයෙන් කරන විදියට කළා නම්,</font>

64
00:05:29,747 --> 00:05:33,042
<font color="#ffbf46">අපි කෝපි බීලා,
එකතු වෙලා ෆිල්ම් එකක් බලන්න යාවි.</font>

65
00:05:35,961 --> 00:05:38,047
<font color="#ffbf46">අපේ විශේෂ දවස් සමරාවි,</font>

66
00:05:38,130 --> 00:05:40,299
<font color="#ffbf46">මම ඔයාගේ අතින් අල්ලගෙන තුරුල් කර ගනීවි.</font>

67
00:05:42,634 --> 00:05:45,637
<font color="#ffbf46">ඒත් ඔයා අකමැති නම්, මම ඒ දේවල් කවදාවත් කරන්නේ නෑ.</font>

68
00:05:47,264 --> 00:05:49,850
<font color="#ffbf46">මම යූන් බොම් එනකම් අවුරුදු 36ක් බලන් හිටියා,</font>

69
00:05:49,933 --> 00:05:52,478
<font color="#ffbf46">ඉතින් තව අවුරුදු දෙකක් මොකක්ද?</font>

70
00:05:56,023 --> 00:05:56,857
<font color="#ffbf46">ඉතින්...</font>

71
00:05:58,567 --> 00:05:59,693
<font color="#ffbf46">මාව විශ්වාස කරන්න.</font>

72
00:06:01,612 --> 00:06:04,823
<font color="#ffbf46">හැබැයි හන්-ග්‍යුල් පාසලෙන් අස් වෙන දවසට,</font>

73
00:06:05,616 --> 00:06:07,034
<font color="#ffbf46">අපි ආයෙ මෙතනම හම්බ වෙමු.</font>

74
00:06:07,701 --> 00:06:10,037
<font color="#ffbf46">සන් ජේ-ග්‍යුයි යූන් බොමුයි
කපල් එකක් වෙන දවස</font>

75
00:06:10,662 --> 00:06:11,622
<font color="#ffbf46">එදාට තමයි.</font>

76
00:06:12,372 --> 00:06:13,248
<font color="#ffbf46">හාද?</font>

77
00:06:32,643 --> 00:06:34,228
<font color="#ffbf46">ඔයා කා එක්කද මේ රණ්ඩු වෙන්නේ?</font>

78
00:06:34,311 --> 00:06:35,229
<font color="#ffbf46">හුළඟ එක්කද?</font>

79
00:06:36,313 --> 00:06:39,983
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු පේන්නවත් නෑනේ,
අනිත් අයත් යන්න ගිහිල්ලා.</font>

80
00:06:40,067 --> 00:06:42,528
<font color="#ffbf46">ඇයි ඔයා මේ තනියම මැරෙන්න හදන්නේ?</font>

81
00:06:42,611 --> 00:06:45,823
<font color="#ffbf46">තනිකඩ මනුස්සයෙක් ගෙදර ගිහින්
ගේම් ගහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?</font>

82
00:06:47,366 --> 00:06:50,744
<font color="#ffbf46">එතකොට ඔයා?
ඔයා ඇයි මේ රෑ වෙලත් තාම මෙහෙ?</font>

83
00:06:50,828 --> 00:06:53,539
<font color="#ffbf46">දැන් ටීවී එකේ යන කතා එච්චරටම වැඩක් නෑ.</font>

84
00:06:54,957 --> 00:06:57,292
<font color="#ffbf46">මෙතන ලයිව් බලන එක ඊට වඩා හොඳයි.</font>

85
00:07:02,422 --> 00:07:04,508
<font color="#ffbf46">හරි හරි, ඔයාගෙ කැමැත්තක්.</font>

86
00:07:13,100 --> 00:07:14,393
<font color="#ffbf46">බලන්නකෝ?</font>

87
00:07:15,853 --> 00:07:18,230
<font color="#ffbf46">ඔයා අලුත් ළමයෙක්ද?
අදට ක්ලාස් ඉවරයි ළමයිෝ.</font>

88
00:07:18,313 --> 00:07:19,898
<font color="#ffbf46">ආ, ආයුබෝවන්.</font>

89
00:07:20,399 --> 00:07:23,652
<font color="#ffbf46">අපි උඩ තට්ටුවේ අලුත් ඔෆිස් එකක් දැම්මා,
ඉතින් මම මේ රයිස් කේක් ටිකක් ගෙනාවා.</font>

90
00:07:24,570 --> 00:07:25,988
<font color="#ffbf46">මම චෝයි අයි-ජුන් නීති කාර්යාලයෙන්.</font>

91
00:07:26,822 --> 00:07:30,742
<font color="#ffbf46">චෝයි අයි-ජුන් කියන්නේ
චෝයි සේ-ජින්ගේ අයියා නේද?</font>

92
00:07:30,826 --> 00:07:32,536
<font color="#ffbf46">ඔව්, හරි.</font>

93
00:07:32,619 --> 00:07:33,662
<font color="#ffbf46">අනේ ෂෝක්නේ.</font>

94
00:07:35,372 --> 00:07:36,707
<font color="#ffbf46">බොහොම ස්තූතියි.</font>

95
00:07:44,047 --> 00:07:46,508
<font color="#ffbf46">මම ඕ සොන්ග්-ටේ, නීති සහයකයෙක්.</font>

96
00:07:47,509 --> 00:07:48,760
<font color="#ffbf46">මම සියෝ හයි-සුක්.</font>

97
00:07:48,844 --> 00:07:50,345
<font color="#ffbf46">-වාඩි වෙන්නකෝ.
-හරි.</font>

98
00:07:50,429 --> 00:07:53,140
<font color="#ffbf46">අපරාධ සහ සිවිල් නඩු සඳහා
නීති උපදෙස් දෙනවා.</font>

99
00:07:53,223 --> 00:07:55,683
<font color="#ffbf46">පවුල් ආරවුල් සහ දික්කසාද නඩු
වෙනුවෙනුත් කතා කරන්න පුළුවන්.</font>

100
00:07:56,393 --> 00:07:59,563
<font color="#ffbf46">මට හිතෙන්නේ දික්කසාද ගැන නම්,
මෙයා ඔයාට වඩා හොඳට දන්නවා.</font>

101
00:08:00,147 --> 00:08:01,481
<font color="#ffbf46">මොකක්ද මේ කරන්නේ?</font>

102
00:08:02,399 --> 00:08:05,110
<font color="#ffbf46">ඇයි ඔයා මාව මේ නාඳුනන කෙනෙක් ඉස්සරහ
විහිළුවක් කරන්නේ?</font>

103
00:08:05,903 --> 00:08:06,737
<font color="#ffbf46">ඇයි දික්කසාදය...</font>

104
00:08:08,071 --> 00:08:08,906
<font color="#ffbf46">විහිළුවක් වෙන්නේ?</font>

105
00:08:10,115 --> 00:08:11,241
<font color="#ffbf46">සමාවෙන්න?</font>

106
00:08:12,117 --> 00:08:13,744
<font color="#ffbf46">ඇත්තටම, මමත් දික්කසාද වෙලා ඉන්නේ.</font>

107
00:08:13,827 --> 00:08:15,204
<font color="#ffbf46">ඇත්තටම?</font>

108
00:08:15,871 --> 00:08:18,248
<font color="#ffbf46">ඒ කියන්නේ, ඔයා හොඳට ඇඳලා කරලා, සුවඳට ඉන්න නිසා,</font>

109
00:08:18,332 --> 00:08:20,584
<font color="#ffbf46">මම හිතුවේ ඔයා තනිකඩයෙක් කියලා.
දික්කසාද වෙලාද?</font>

110
00:08:20,667 --> 00:08:24,046
<font color="#ffbf46">ඔව්. මුලින් මම හිතුවෙත් හයි-සුක් ඔයත්
තනිකඩයි කියලා.</font>

111
00:08:24,922 --> 00:08:28,634
<font color="#ffbf46">අනේ අම්මපා.
මෙයා මට හයි-සුක් කියලත් කතා කරනවා. ෂා.</font>

112
00:08:29,259 --> 00:08:32,011
<font color="#ffbf46">ඒක නෙවෙයි, ඔයා කවද්ද දික්කසාද වුණේ?</font>

113
00:08:32,095 --> 00:08:33,513
<font color="#ffbf46">2017දි.</font>

114
00:08:35,807 --> 00:08:37,558
<font color="#ffbf46">මට නම් 2017 මාර්තු වල.</font>

115
00:08:37,643 --> 00:08:38,559
<font color="#ffbf46">මට මැයි වල.</font>

116
00:08:38,644 --> 00:08:40,020
<font color="#ffbf46">කතා කරගෙනද? නඩු කියලාද?</font>

117
00:08:40,102 --> 00:08:41,438
<font color="#ffbf46">-නඩු කියලා.
-මමත් එහෙමයි.</font>

118
00:08:43,023 --> 00:08:45,651
<font color="#ffbf46">අනේ වාසනාවන්. අපි දෙන්නම එකම විදියටනේ වෙන් වෙලා තියෙන්නේ!</font>

119
00:08:45,734 --> 00:08:47,778
<font color="#ffbf46">අපි දෙන්නගේ අදහස් හරි සමානයි වගේ.</font>

120
00:08:47,861 --> 00:08:48,820
<font color="#ffbf46">ඔව් නේන්නම්!</font>

121
00:08:49,780 --> 00:08:52,783
<font color="#ffbf46">මේ රයිස් කේක් කොහෙන්ද ගත්තේ?
මේවා හරි හයියයිනේ.</font>

122
00:08:53,617 --> 00:08:56,328
<font color="#ffbf46">රයිස් කේක් කොහොමත් හයියයි තමයි.
මොකෝ, මේවා කරස් ගාලා හැපෙන්න ඕනද?</font>

123
00:08:57,454 --> 00:08:58,413
<font color="#ffbf46">ඔයා ගෙදර යන්නේ නැද්ද?</font>

124
00:08:58,497 --> 00:08:59,873
<font color="#ffbf46">ඔයාට හදිසි නම් යන්න.</font>

125
00:08:59,957 --> 00:09:01,041
<font color="#ffbf46">අපි යමු.</font>

126
00:09:01,124 --> 00:09:03,794
<font color="#ffbf46">මම මගේ මේ යාළුවත් එක්ක තව ටිකක් කතා කරන්න ඕන.
ඔයා යන්නකෝ.</font>

127
00:09:06,672 --> 00:09:08,757
<font color="#ffbf46">හයි-සුක්, ඔයා සති අන්තෙට මොනවද කරන්නේ?</font>

128
00:09:08,840 --> 00:09:11,635
<font color="#ffbf46">සති අන්තෙට නම්,
මම රෙදි හෝදනවා... ඊට පස්සේ...</font>

129
00:09:13,470 --> 00:09:14,513
<font color="#ffbf46">ලොකුවට මුකුත් නෑ.</font>

130
00:09:14,596 --> 00:09:17,224
<font color="#ffbf46">මම මෙහෙට අලුත්නේ,
ඒ නිසා තාම මේ පැත්තේ පාරවල් දන්නේ නෑ.</font>

131
00:09:17,307 --> 00:09:19,017
<font color="#ffbf46">එහෙනම් මම ඔයාට මේ පැත්ත පෙන්නන්නද?</font>

132
00:09:19,101 --> 00:09:21,270
<font color="#ffbf46">ඇත්තටම? ඔයාට ඒක අවුලක් නැද්ද?</font>

133
00:09:21,353 --> 00:09:22,729
<font color="#ffbf46">මට ගොඩක් නිවාඩු පාඩු තියෙනවා.</font>

134
00:09:24,356 --> 00:09:27,985
<font color="#ffbf46">එහෙනම් මම ඔයාව විශ්වාස කරන්නම්කෝ.</font>

135
00:09:28,568 --> 00:09:30,862
<font color="#ffbf46">හැබැයි ඔයා කවදාවත් ඒක අනිත් අය ඉස්සරහ
පෙන්නන්න බෑ,</font>

136
00:09:30,946 --> 00:09:34,449
<font color="#ffbf46">විශේෂයෙන්ම
ළමයි සහ ගුරුවරු ඉස්සරහ.</font>

137
00:09:37,035 --> 00:09:38,620
<font color="#ffbf46">දවස් හයසිය විස්සක්.</font>

138
00:09:41,790 --> 00:09:43,333
<font color="#ffbf46">අද ඉඳන්,</font>

139
00:09:43,417 --> 00:09:46,169
<font color="#ffbf46">යූන් බොම් කියන්නේ හන්-ග්‍යුල්ගේ ගුරුවරිය විතරයි.</font>

140
00:09:47,045 --> 00:09:49,756
<font color="#ffbf46">එයාට කාරුණික වෙන්න එපා. හිනා වෙන්නත් එපා.</font>

141
00:09:49,840 --> 00:09:52,384
<font color="#ffbf46">එයා වෙනුවෙන් පෞද්ගලිකව මුකුත් කරන්න යන්න එපා.
හරිද?</font>

142
00:10:00,434 --> 00:10:02,811
<font color="#ffbf46">අර කාන්තාව</font>

143
00:10:15,157 --> 00:10:16,950
<font color="#ffbf46">ඔයාලා මොනවද ඔය බලන්නේ?</font>

144
00:10:18,994 --> 00:10:21,288
<font color="#ffbf46">ඉක්මනට බලන්නකෝ.
අන්න. අරක බලන්න.</font>

145
00:10:27,252 --> 00:10:28,128
<font color="#ffbf46">අර...</font>

146
00:10:29,379 --> 00:10:32,674
<font color="#ffbf46">අර මම ඔයාට කිව්වේ ගිය පාර එයා එක්ක ඉන්නවා දැක්කා කියලා,
අන්න ඒ ගෑනු කෙනා තමයි ඔය.</font>

147
00:10:33,425 --> 00:10:35,093
<font color="#ffbf46">එයා හරිම ලස්සනයිනේ.</font>

148
00:10:35,177 --> 00:10:37,512
<font color="#ffbf46">මට හිතෙන්නේ එයා ඉපදිලා තියෙන්නේ
මුළු ලෝකෙම සතුටු කරන්නද කොහෙද.</font>

149
00:10:37,596 --> 00:10:39,431
<font color="#ffbf46">මේක අදහගන්නත් බෑ නේද?</font>

150
00:10:39,514 --> 00:10:43,727
<font color="#ffbf46">ඇයි අර සන් ජේ-ග්‍යුටම මෙච්චර ලස්සන
ගෑනු ළමයෙක්ව හම්බ වෙන්නේ? මාර ලකී නේ.</font>

151
00:10:43,810 --> 00:10:45,687
<font color="#ffbf46">මට නම් තේරෙන්නෙම නෑ.</font>

152
00:10:53,320 --> 00:10:56,114
<font color="#ffbf46">ටීචර් බොම්, ඔයා දැක්කද ඒක?</font>

153
00:11:00,243 --> 00:11:02,871
<font color="#ffbf46">මම යූන් බොම් එනකම් අවුරුදු 36ක් බලන් හිටියා,</font>

154
00:11:02,954 --> 00:11:04,915
<font color="#ffbf46">ඉතින් තව අවුරුදු දෙකක් මොකක්ද?</font>

155
00:11:04,998 --> 00:11:06,375
<font color="#ffbf46">මාව විශ්වාස කරන්න.</font>

156
00:11:08,251 --> 00:11:09,294
<font color="#ffbf46">ඕක මගේ.</font>

157
00:11:19,930 --> 00:11:22,516
<font color="#ffbf46">ළමයෙක්ගෙ භාරකරුවෙක් හම්බ වෙන්නේ කාටද කියන එක
ඔයාට අදාළ නෑනේ.</font>

158
00:11:22,599 --> 00:11:25,727
<font color="#ffbf46">රටේ අනාගතය හදන ගුරුවරු විදියට,
ඔයාලට වෙලාව තියෙනවා නම්,</font>

159
00:11:26,436 --> 00:11:29,731
<font color="#ffbf46">ඒ වෙලාව ඉගැන්වීම් වැඩ වලටයි ළමයිගේ
වාර්තා වලටයි යෙදෙව්වා නම් හොඳයි.</font>

160
00:11:29,815 --> 00:11:30,982
<font color="#ffbf46">එහෙනම්, මම යනවා.</font>

161
00:11:32,150 --> 00:11:33,402
<font color="#ffbf46">මොකක්ද එයා ඒ කිව්වේ?</font>

162
00:11:33,485 --> 00:11:34,611
<font color="#ffbf46">එයාට මොනවා වෙලාද?</font>

163
00:11:37,447 --> 00:11:40,283
<font color="#ffbf46">මොකක්ද, අවුරුදු දෙකක් බලන් ඉන්නම් කියලා,
එයා දැන් පිට යනවා වගේද?</font>

164
00:11:40,367 --> 00:11:44,621
<font color="#ffbf46">නැත්නම් අර ටීචර් සියෝ කිව්වා වගේ,
දකින දකින ලස්සන ගෑනු කෙනා පස්සේ එයා යනවා වගේද?</font>

165
00:11:46,873 --> 00:11:48,333
<font color="#ffbf46">එයා හරිම ලස්සනයි.</font>

166
00:11:48,417 --> 00:11:50,669
<font color="#ffbf46">මට හිතෙන්නේ එයා ඉපදිලා තියෙන්නේ
මුළු ලෝකෙම සතුටු කරන්නද කොහෙද.</font>

167
00:11:59,553 --> 00:12:00,387
<font color="#ffbf46">හරි,</font>

168
00:12:01,304 --> 00:12:05,183
<font color="#ffbf46">එතකොට මම ඉපදිලා තියෙන්නේ මනුස්ස වර්ගයාගේ
අඳුරු අනාගතය නිරූපණය කරන්න වෙන්න ඇති.</font>

169
00:12:06,935 --> 00:12:11,440
<font color="#ffbf46">මම පෙන්වන්නම් මේ ෂින්සු වල මොකද වෙන්නේ කියලා</font>

170
00:12:11,523 --> 00:12:14,109
<font color="#ffbf46">මමත් ලස්සන වෙන්න තීරණය කළාම.</font>

171
00:12:14,192 --> 00:12:16,862
<font color="#ffbf46">මම යූන් බොම්. බලාගමු මිනිස්සුනේ.</font>

172
00:12:18,071 --> 00:12:19,531
<font color="#ffbf46">මම කොණ්ඩේ උඩට කරලා බැන්දොත් හොඳද?</font>

173
00:12:22,200 --> 00:12:23,994
<font color="#ffbf46">අද ඉඳන් මම තමයි දිව්‍යාංගනාව.</font>

174
00:12:52,731 --> 00:12:53,982
<font color="#ffbf46">එයා එක්ක මොකද වුණේ?</font>

175
00:12:56,109 --> 00:12:57,027
<font color="#ffbf46">ඒක ඉවරයි.</font>

176
00:12:58,987 --> 00:12:59,863
<font color="#ffbf46">මොකක්ද ඉවර?</font>

177
00:13:02,491 --> 00:13:03,366
<font color="#ffbf46">සන් හන්-ග්‍යුල්.</font>

178
00:13:05,410 --> 00:13:06,369
<font color="#ffbf46">ඔයා...</font>

179
00:13:08,288 --> 00:13:09,623
<font color="#ffbf46">මට කැමතිද?</font>

180
00:13:14,169 --> 00:13:16,463
<font color="#ffbf46">මම කලින් ස්පෝට්ස් මීට් එකේ වීඩියෝ එක බැලුවා,</font>

181
00:13:17,881 --> 00:13:20,008
<font color="#ffbf46">මම දිනද්දි ඔයා හිනා වෙවී හිටියා.</font>

182
00:13:21,551 --> 00:13:23,970
<font color="#ffbf46">ඒත් මට ඒක තේරෙන්නේ නෑ.</font>

183
00:13:25,055 --> 00:13:26,097
<font color="#ffbf46">ඔයා කොහොමද හිනා වුණේ?</font>

184
00:13:27,265 --> 00:13:30,143
<font color="#ffbf46">රොමෑන්ස් එකකට වඩා අපිට ත්‍රිලර් එකක් ගැලපෙනවා.</font>

185
00:13:31,770 --> 00:13:32,729
<font color="#ffbf46">ත්‍රිලර් එකක්?</font>

186
00:13:33,396 --> 00:13:36,733
<font color="#ffbf46">ඔයා දැකලා තියෙනවද සාලියෙරියි මොසාටුයි එකිනෙකාට සුබ පතගන්නවා?</font>

187
00:13:37,567 --> 00:13:41,446
<font color="#ffbf46">අපි කරන්න ඕන හැමදාම ගොරවා ගන්න එකයි,
අනිත් කෙනාගේ මළගෙදරදි විතරක් හිනා වෙන එකයි නේද?</font>

188
00:13:43,323 --> 00:13:46,618
<font color="#ffbf46">ඔයා කියන්නේ මම මැරුණොත් විතරද ඔයාට හිනා වෙන්න පුළුවන්?</font>

189
00:13:47,160 --> 00:13:48,620
<font color="#ffbf46">-එහෙමද?
-ඔව්.</font>

190
00:13:49,454 --> 00:13:50,288
<font color="#ffbf46">ඇත්තටම නෑ.</font>

191
00:13:51,706 --> 00:13:53,667
<font color="#ffbf46">ඔයා මැරුණොත් මට හිනා වෙන්න බෑ.</font>

192
00:13:54,251 --> 00:13:57,128
<font color="#ffbf46">ඔයා නැතුව මට පළවෙනියා වෙන්න බෑනේ,
ග්‍රේඩ් රේෂියෝ එක නිසා.</font>

193
00:14:05,303 --> 00:14:07,556
<font color="#ffbf46">හරි, ඒක ත්‍රිලර් එකක්.</font>

194
00:14:08,431 --> 00:14:09,266
<font color="#ffbf46">එහෙමද?</font>

195
00:14:11,685 --> 00:14:13,270
<font color="#ffbf46">ඔයා දැක්කේ නැද්ද ස්පෝට්ස් මීට් එකේදි?</font>

196
00:14:13,937 --> 00:14:16,147
<font color="#ffbf46">ඉස්කෝලේ ඉන්න ඔක්කොම කෙල්ලෝ මට පිස්සු වැටිලා ඉන්නේ.</font>

197
00:14:16,648 --> 00:14:18,483
<font color="#ffbf46">ඇයි මම ඔයා වගේ කෙල්ලෙක්ට කැමති වෙන්නේ?</font>

198
00:14:19,609 --> 00:14:22,946
<font color="#ffbf46">ඔයා පණ දාගෙන දිව්වා,
හැබැයි ඒකෙන් අපේ රිසාල්ට්ස් වලට කිසි බලපෑමක් නෑනේ.</font>

199
00:14:23,029 --> 00:14:24,364
<font color="#ffbf46">මම ඔයාට හිනා වුණේ ඒකයි.</font>

200
00:14:26,908 --> 00:14:29,202
<font color="#ffbf46">දෙයියනේ, ඔයා ඇයි එහෙම කළේ?</font>

201
00:14:29,286 --> 00:14:32,038
<font color="#ffbf46">එයා එකපාරටම ත්‍රිලර් එකක් ගැන කියවද්දි,</font>

202
00:14:32,122 --> 00:14:35,417
<font color="#ffbf46">මට කේන්ති ගියා, ඉතින් මට කියවුණා මම හිතුවේ නැති දේවල්.</font>

203
00:14:37,127 --> 00:14:38,962
<font color="#ffbf46">මට කොහොමත් එයාට මගේ හිතේ තියෙන දේ කියන්න බෑනේ,</font>

204
00:14:39,462 --> 00:14:41,089
<font color="#ffbf46">ඉතින් මම ඒක හිතේ තද කරගෙන ඉන්නවා.</font>

205
00:14:41,172 --> 00:14:43,800
<font color="#ffbf46">පිරිමි වුණාම කෙලින් කතා කරන්න ඕන.
එයාට කියන්න.</font>

206
00:14:51,474 --> 00:14:53,643
<font color="#ffbf46">දැන් ඔයාට එයා ගැන හැඟීමක් තියෙන නිසා,</font>

207
00:14:54,477 --> 00:14:55,729
<font color="#ffbf46">දැන් පරක්කු වැඩි,</font>

208
00:14:56,938 --> 00:14:59,065
<font color="#ffbf46">ඒ ඉරණමෙන් ගැලවෙන්න.</font>

209
00:15:01,234 --> 00:15:03,236
<font color="#ffbf46">ඔයා කාලා ඉවර නම් ඉස්කෝලේ යන්න. පරක්කුයි.</font>

210
00:15:03,320 --> 00:15:05,447
<font color="#ffbf46">ටීචර් බොම් එක්ක වැඩේ හරි ගියාද?</font>

211
00:15:08,533 --> 00:15:10,744
<font color="#ffbf46">ඔයාගේ මාමා පිරිමියෙක් වගේ...</font>

212
00:15:10,827 --> 00:15:12,829
<font color="#ffbf46">-දැන් එයාව හම්බ වෙනවද?
-අවුරුදු දෙකක්.</font>

213
00:15:15,206 --> 00:15:16,166
<font color="#ffbf46">මම එයා වෙනුවෙන් බලන් ඉන්නවා.</font>

214
00:15:16,249 --> 00:15:17,292
<font color="#ffbf46">අවුරුදු දෙකක්?</font>

215
00:15:18,209 --> 00:15:21,171
<font color="#ffbf46">අවුරුදු දෙකක් කියන්නේ
පෘථිවියේ උෂ්ණත්වය අංශක 2කින් වැඩි වෙන්න පුළුවන්,</font>

216
00:15:21,254 --> 00:15:23,465
<font color="#ffbf46">ආමි එකට බැඳුණු අය ආයේ ගෙදර එන්න යන කාලයක්නේ.</font>

217
00:15:23,548 --> 00:15:24,841
<font color="#ffbf46">ඔයා කොහොමද එච්චර කල් බලන් ඉන්නේ?</font>

218
00:15:24,924 --> 00:15:28,053
<font color="#ffbf46">මම කැමති කෙනා එහෙම කියනවා නම්,
මොන දේ වුණත් මම එහෙම කරනවා.</font>

219
00:15:28,136 --> 00:15:29,220
<font color="#ffbf46">දන්නවද?</font>

220
00:15:30,805 --> 00:15:32,432
<font color="#ffbf46">අනේ මාමේ, දැන් යන්නකෝ.</font>

221
00:15:33,058 --> 00:15:35,143
<font color="#ffbf46">මේක බරයි.
ඉන්න මම ගේට්ටුව ගාවට ගිහින් දාන්නම්.</font>

222
00:15:37,437 --> 00:15:39,314
<font color="#ffbf46">ෂා, එයා බැබළෙනවා.</font>

223
00:15:39,981 --> 00:15:41,608
<font color="#ffbf46">එයා නිළියක් වගේ.</font>

224
00:15:41,691 --> 00:15:42,734
<font color="#ffbf46">එයා හරිම ලස්සනයි.</font>

225
00:15:46,946 --> 00:15:47,781
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?</font>

226
00:15:51,868 --> 00:15:52,911
<font color="#ffbf46">මොනවද මේ වෙන්නේ?</font>

227
00:15:54,204 --> 00:15:55,747
<font color="#ffbf46">වසන්ත කාලේ ආවා වගේ.</font>

228
00:15:57,082 --> 00:15:59,000
<font color="#ffbf46">මම ඔයාට ආදරෙයි!</font>

229
00:15:59,084 --> 00:16:00,210
<font color="#ffbf46">එයා දිව්‍යාංගනාවක්!</font>

230
00:16:03,129 --> 00:16:04,964
<font color="#ffbf46">ආ, හන්-ග්‍යුල්.</font>

231
00:16:18,603 --> 00:16:19,646
<font color="#ffbf46">එයා ලස්සනයි.</font>

232
00:16:37,205 --> 00:16:38,373
<font color="#ffbf46">එයා හරිම ලස්සනයි.</font>

233
00:16:39,665 --> 00:16:42,377
<font color="#ffbf46">මිස්ටර් සන්, මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා.</font>

234
00:16:54,597 --> 00:16:57,600
<font color="#ffbf46">මොකක්ද? එයා මාව මඟ හරිනවද?</font>

235
00:16:58,768 --> 00:17:00,854
<font color="#ffbf46">කොහෙද එයා ඔය හදිස්සියේ යන්නේ?</font>

236
00:17:14,534 --> 00:17:16,035
<font color="#ffbf46">-ඔයා.
-ඇයි?</font>

237
00:17:16,578 --> 00:17:19,329
<font color="#ffbf46">ඇයි එයා ඔය පිස්සුවෙන් වගේ කුඹුර හාන්නේ?</font>

238
00:17:19,414 --> 00:17:21,165
<font color="#ffbf46">මතකද මම කිව්ව දේ?</font>

239
00:17:21,249 --> 00:17:23,917
<font color="#ffbf46">එයාගේ අවධානය වෙනස් කර ගන්න
එයාට මොනවා හරි කරන්න වෙලා වගේ,</font>

240
00:17:24,002 --> 00:17:26,171
<font color="#ffbf46">ඔළුවේ තියෙන නරක සිතිවිලි අයින් කරගන්න.</font>

241
00:17:26,796 --> 00:17:30,383
<font color="#ffbf46">මම දන්නේ නෑ
එයාගේ ඔළුවේ නරක සිතිවිලි තියෙනවද කියලා,</font>

242
00:17:30,467 --> 00:17:32,969
<font color="#ffbf46">හැබැයි මම දන්නවා
මගේ මේ කෘතිම හන්දි කියන දේ.</font>

243
00:17:33,052 --> 00:17:34,012
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

244
00:17:34,095 --> 00:17:39,225
<font color="#ffbf46">ඒවා කියනවා එයාගේ ඔළුවේ හැමදාම
නරක සිතිවිලි තිබුණොත් හොඳයි කියලා.</font>

245
00:17:41,978 --> 00:17:42,854
<font color="#ffbf46">අනේ මන්දා.</font>

246
00:17:43,438 --> 00:17:44,481
<font color="#ffbf46">මම එයාට ආදරෙයි.</font>

247
00:17:46,566 --> 00:17:48,109
<font color="#ffbf46">මම සන් ජේ-ග්‍යු.</font>

248
00:17:48,693 --> 00:17:50,320
<font color="#ffbf46">මම බලන් ඉන්නවා.</font>

249
00:17:51,279 --> 00:17:54,449
<font color="#ffbf46">හන්-ග්‍යුල් ආඩම්බර වෙන මාමා මමයි!</font>

250
00:18:09,506 --> 00:18:11,174
<font color="#ffbf46">ඇයි මේක ආයෙත් නරක් වුණේ?</font>

251
00:18:13,259 --> 00:18:16,638
<font color="#ffbf46">සමාවෙන්න, බොම්-සික්.
මම ඉක්මනට එන්නම්. සොරි.</font>

252
00:18:17,847 --> 00:18:19,015
<font color="#ffbf46">ශික්.</font>

253
00:18:20,141 --> 00:18:20,975
<font color="#ffbf46">අයියෝ.</font>

254
00:18:34,572 --> 00:18:35,448
<font color="#ffbf46">ඔයා.</font>

255
00:18:46,501 --> 00:18:48,503
<font color="#ffbf46">ඔයා අර ස්කියුවර් කඩේ ඉඳන්ද එන්නේ?</font>

256
00:18:50,839 --> 00:18:55,260
<font color="#ffbf46">ඔයා අර කලින් හදිස්සියේ ගිය නිසා,
මට අහගන්න බැරි වුණා.</font>

257
00:18:58,763 --> 00:19:01,224
<font color="#ffbf46">දොර ඇරගත්තට පස්සෙ අපි කතා කරමු.</font>

258
00:19:01,307 --> 00:19:02,684
<font color="#ffbf46">යතුර ආයෙත් වැඩ කරන්නෙ නෑ වගේ.</font>

259
00:19:03,268 --> 00:19:06,354
<font color="#ffbf46">ගිය පාර වගේ ඔයාට බැරිද තාප්පෙන් පැනලා
මට මේක ඇරලා දෙන්න?</font>

260
00:19:10,817 --> 00:19:11,734
<font color="#ffbf46">මිස්ටර් සන්?</font>

261
00:19:33,715 --> 00:19:35,133
<font color="#ffbf46">මේ මොකද මේ?</font>

262
00:19:35,216 --> 00:19:37,594
<font color="#ffbf46">ඉන්න, මිස්ටර් සන්! ඒයි!</font>

263
00:19:37,677 --> 00:19:40,013
<font color="#ffbf46">මහ බයගුල්ලෙක්නේ ඔයා!</font>

264
00:19:40,096 --> 00:19:41,180
<font color="#ffbf46">අපරාදේ.</font>

265
00:19:46,144 --> 00:19:47,145
<font color="#ffbf46">හන්-ග්‍යුල්.</font>

266
00:19:47,645 --> 00:19:48,897
<font color="#ffbf46">ආවාද මාමේ?</font>

267
00:19:50,064 --> 00:19:51,024
<font color="#ffbf46">මෙන්න.</font>

268
00:19:56,154 --> 00:19:56,988
<font color="#ffbf46">මොකක්ද?</font>

269
00:19:57,071 --> 00:19:59,741
<font color="#ffbf46">ඔයා පිස්සුවෙන් වගේ දුවලා නේද.
තාම හුමාලෙත් එනවා.</font>

270
00:19:59,824 --> 00:20:02,076
<font color="#ffbf46">ඉස්කෝලෙන් අස් වෙලා
පිටින් විභාගෙ ලියන්නද කල්පනාව?</font>

271
00:20:02,160 --> 00:20:03,870
<font color="#ffbf46">මම මොකටද එහෙම කරන්නෙ?</font>

272
00:20:03,953 --> 00:20:04,871
<font color="#ffbf46">ඔයාට එහෙම කරන්න ඕනෙ නැද්ද?</font>

273
00:20:04,954 --> 00:20:06,539
<font color="#ffbf46">නෑ.
හරි එහෙනම්.</font>

274
00:20:07,123 --> 00:20:09,876
<font color="#ffbf46">ළඟදි එහෙම ටයිම් මැෂින් එකක්
හොයාගන්න එකක් නෑ නේද?</font>

275
00:20:10,460 --> 00:20:11,586
<font color="#ffbf46">නෑ.</font>

276
00:20:11,669 --> 00:20:13,755
<font color="#ffbf46">සාපේක්ෂතාවාදය අනුව නම්...
එපා.</font>

277
00:20:14,255 --> 00:20:16,883
<font color="#ffbf46">විද්‍යාඥයෝ මොනවා කරනවද මන්දා?
ඔයිට වඩා මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ එයාලා.</font>

278
00:20:28,019 --> 00:20:29,062
<font color="#ffbf46">බොම්-සික්.</font>

279
00:20:30,313 --> 00:20:33,441
<font color="#ffbf46">එයා ඕනකමින්මයි ඔය විදියට කරන්නෙ.</font>

280
00:20:33,942 --> 00:20:36,319
<font color="#ffbf46">එයා මගේ මූණ දිහා බලන්නෙවත් නෑ,
මට උත්තර දෙන්නෙත් නෑ.</font>

281
00:20:37,946 --> 00:20:40,823
<font color="#ffbf46">බල්ලෙක් එළියෙ හිටියත්
ඔයා දොර ඇරලා දෙනවනේ.</font>

282
00:20:51,626 --> 00:20:54,128
<font color="#ffbf46">"ඔබ යන මග මෘදුව පා තබන්න."</font>

283
00:21:07,141 --> 00:21:08,476
<font color="#ffbf46">ස්තූතියි.</font>

284
00:21:08,559 --> 00:21:10,979
<font color="#ffbf46">ඔයා ඔෆිස් එකක් පටන් ගත්තා කියලා
මිස් සෝ කිව්වා,</font>

285
00:21:11,062 --> 00:21:12,689
<font color="#ffbf46">ඒත් ඔයා මේ පාරෙන් යයි කියලා මම හිතුවෙ නෑ.</font>

286
00:21:16,526 --> 00:21:19,237
<font color="#ffbf46">සෝල් වලදි නම් මම හැමදාම
හන් ගඟ අයිනෙ පාක් එකේ දිව්වා,</font>

287
00:21:19,320 --> 00:21:21,698
<font color="#ffbf46">ඒත් මෙහේ දුවන්න හොඳ තැනක්
මම තාම දන්නෙ නෑ.</font>

288
00:21:23,408 --> 00:21:27,620
<font color="#ffbf46">ඉතින් මම ශින්සු වල
දුවන්න හොඳ පාරක් හොයන ගමන්.</font>

289
00:21:29,414 --> 00:21:33,292
<font color="#ffbf46">ඇත්තටම, මට ඔයා එක්ක
කතා කරන්න දෙයක් තියෙනවා.</font>

290
00:21:33,376 --> 00:21:36,713
<font color="#ffbf46">මේ සති අන්තයේ ඔයාට වෙලාව තියෙනවද?</font>

291
00:21:39,632 --> 00:21:42,677
<font color="#ffbf46">අපි අපේ ආරක්ෂාව ගැන හිතන්නෙ නැති වුණාම
සිතුවිලි ගලාගෙන එනවා,</font>

292
00:21:43,344 --> 00:21:47,098
<font color="#ffbf46">ඒ වගේම වෙලාවකට ඒකෙන්
අපිව මානසිකව වැටෙනවා.</font>

293
00:21:48,474 --> 00:21:50,601
<font color="#ffbf46">ඔයාගේ සිතුවිලි වලට වහලෙක් වෙන්න එපා.</font>

294
00:21:51,561 --> 00:21:56,941
<font color="#ffbf46">ඒ වගේම ඒ සිතුවිලි
ඔයාගේ සැබෑ ස්වරූපය කියලා හිතන්නත් එපා.</font>

295
00:21:57,859 --> 00:21:59,944
<font color="#ffbf46">සිතුවිලි කියන්නෙ නිකන්ම සිතුවිලි විතරයි.</font>

296
00:22:01,029 --> 00:22:06,743
<font color="#ffbf46">හොඳට හුස්ම ගන්න පහසු වෙන්න,
කෙළින් ඉඳගන්න.</font>

297
00:22:22,842 --> 00:22:24,052
<font color="#ffbf46">සහතික කළ ලිපියක්</font>

298
00:22:27,472 --> 00:22:28,598
<font color="#ffbf46">"සහතික කළ ලිපියක්."</font>

299
00:22:28,681 --> 00:22:30,600
<font color="#ffbf46">ෂා, මේක නියමයිනේ.</font>

300
00:22:30,683 --> 00:22:33,061
<font color="#ffbf46">"2025 දී,
ශින්සු හයි ස්කූල් ක්‍රීඩා උළෙල අතරතුර,</font>

301
00:22:33,144 --> 00:22:36,230
<font color="#ffbf46">ඔයා පහත සඳහන් පොරොන්දු වුණා."
ඔව්.</font>

302
00:22:36,314 --> 00:22:37,148
<font color="#ffbf46">"එක."</font>

303
00:22:37,231 --> 00:22:40,651
<font color="#ffbf46">මම මේකට සහභාගි වුණොත්,
මම ආයෙත් හමුදාවට බැඳෙනවා.</font>

304
00:22:40,735 --> 00:22:42,153
<font color="#ffbf46">"ආයෙත් හමුදාවට බැඳෙනවා."</font>

305
00:22:42,904 --> 00:22:45,406
<font color="#ffbf46">"දෙක. බාබකියු කඩවලදී..."</font>

306
00:22:45,490 --> 00:22:46,324
<font color="#ffbf46">එළවළු විතරයි.</font>

307
00:22:46,407 --> 00:22:48,284
<font color="#ffbf46">"...ඔයා කන්නේ එළවළු විතරයි."</font>

308
00:22:48,367 --> 00:22:50,453
<font color="#ffbf46">"තුන. ඔයාගේ ජීවිත කාලය පුරාවටම..."</font>

309
00:22:50,536 --> 00:22:51,746
<font color="#ffbf46">මම ඔයාට "පැටියෝ" කියලා කතා කරනවා.</font>

310
00:22:53,706 --> 00:22:55,374
<font color="#ffbf46">"...එවපු කෙනාට 'පැටියෝ' කියන්න ඕනෙ."</font>

311
00:22:55,458 --> 00:22:56,834
<font color="#ffbf46">ඒයි, පැටියෝ.</font>

312
00:23:07,303 --> 00:23:10,098
<font color="#ffbf46">මම ඇත්තටම ආරක්ෂක අමාත්‍යාංශයට
කතා කරලා ඇහුවා,</font>

313
00:23:10,181 --> 00:23:12,642
<font color="#ffbf46">ඒත් එයාලා කිව්වා මට දෙපාරක්
හමුදාවේ සේවය කරන්න බෑ කියලා.</font>

314
00:23:13,810 --> 00:23:14,644
<font color="#ffbf46">ඒත්...</font>

315
00:23:15,603 --> 00:23:18,189
<font color="#ffbf46">මේකේ ලියලා තියෙන අනිත් පොරොන්දු ගැන නම්,</font>

316
00:23:19,440 --> 00:23:21,734
<font color="#ffbf46">ඒවා හරියටම ඉෂ්ට කරනවා කියලා මම පොරොන්දු වෙනවා.</font>

317
00:23:23,611 --> 00:23:25,530
<font color="#ffbf46">පැටියෝ.</font>

318
00:23:31,160 --> 00:23:36,290
<font color="#ffbf46">ආයෙත් හිතලා බලද්දි නම්, මට හිතෙනවා
අන්තිම පොරොන්දුව අමතක කරලා දාන්න පුළුවන් කියලා.</font>

319
00:23:36,374 --> 00:23:38,543
<font color="#ffbf46">නෑ නෑ. පොරොන්දුවක් නම් පොරොන්දුවක්මයි.</font>

320
00:23:38,626 --> 00:23:41,003
<font color="#ffbf46">ඔයා ඉවර නම් මම යන්නද පැටියෝ?</font>

321
00:23:41,087 --> 00:23:41,921
<font color="#ffbf46">මම යනවා.</font>

322
00:23:50,721 --> 00:23:52,181
<font color="#ffbf46">ඒ ආරංචිය ඇත්තද?</font>

323
00:23:56,727 --> 00:23:57,645
<font color="#ffbf46">ඒ ගෙදරදි,</font>

324
00:23:58,813 --> 00:24:00,022
<font color="#ffbf46">ඔයා එහෙම දෙයක් කළාද...</font>

325
00:24:02,775 --> 00:24:03,985
<font color="#ffbf46">ඔයාගේ තාත්තට?</font>

326
00:24:04,068 --> 00:24:05,778
<font color="#ffbf46">අපි දෙන්නට යාළුවො වෙන්න බැරි ඕකයි.</font>

327
00:24:06,863 --> 00:24:10,366
<font color="#ffbf46">දන්නවද, යාළුවො වුණාම
කටකතා විශ්වාස කරන්න හොඳ නෑ.</font>

328
00:24:10,992 --> 00:24:12,702
<font color="#ffbf46">එයාලා එකිනෙකාව විශ්වාස කරන්න ඕනෙ.</font>

329
00:24:17,707 --> 00:24:18,958
<font color="#ffbf46">මගේ උදව්වක් ඕනෙ වුණොත් එන්න.</font>

330
00:24:20,751 --> 00:24:24,005
<font color="#ffbf46">මම... ශින්සු වල ඔෆිස් එකක් දැම්මා.</font>

331
00:24:28,843 --> 00:24:29,760
<font color="#ffbf46">ම්ම්ම්,</font>

332
00:24:30,511 --> 00:24:33,514
<font color="#ffbf46">කොරියාවේ කැමති තැනක ජීවත් වෙන්න
ඔයාට අයිතියක් තියෙනවා,</font>

333
00:24:33,598 --> 00:24:35,308
<font color="#ffbf46">ඉතින් ඔයාට කැමති තැනක ඉන්න පුළුවන්.</font>

334
00:24:35,892 --> 00:24:38,769
<font color="#ffbf46">ඒත් මම අපරාධයක් කරලා හිරේ ගියත්,</font>

335
00:24:38,853 --> 00:24:41,022
<font color="#ffbf46">කවදාවත් ඔයාගෙන් උදව් ඉල්ලගෙන නම් එන්නෙ නෑ.</font>

336
00:24:41,814 --> 00:24:45,318
<font color="#ffbf46">ඒ හින්දා මේක මම වෙනුවෙන් විසි කරන්න.
හරිද පැටියෝ?</font>

337
00:24:50,156 --> 00:24:51,282
<font color="#ffbf46">ඔව්, මිස් බොම්.</font>

338
00:24:53,117 --> 00:24:54,035
<font color="#ffbf46">කොෆී එකක්?</font>

339
00:24:55,912 --> 00:24:56,996
<font color="#ffbf46">මම කැමතියි.</font>

340
00:24:57,079 --> 00:24:59,665
<font color="#ffbf46">එහෙනම් අපි ළඟදිම එතනදි හම්බවෙමු.</font>

341
00:25:05,171 --> 00:25:06,923
<font color="#ffbf46">මිස් බොම් ඇයි ඔයාට කතා කරන්නෙ?</font>

342
00:25:09,800 --> 00:25:10,968
<font color="#ffbf46">"පැටියෝ."</font>

343
00:25:11,052 --> 00:25:14,055
<font color="#ffbf46">ඇයි මිස් බොම් ඔයාට පැටියෝ කියන්නේ?</font>

344
00:25:14,138 --> 00:25:18,601
<font color="#ffbf46">අම්මපා, මේ යන විදියට මට දොං-ප්‍යෝගෙ
ආච්චිගේ වත්තම හාන්න සිද්ධ වෙයි වගේ.</font>

345
00:25:18,684 --> 00:25:20,561
<font color="#ffbf46">මම මටම කියලා වත්තක් ගන්න ඕනෙ.</font>

346
00:25:20,645 --> 00:25:24,065
<font color="#ffbf46">මට දැනෙන දේ එයාට තේරෙන්නෙ නෑ.
එයා දිගටම මාව අවුල් කරනවා.</font>

347
00:25:24,982 --> 00:25:26,442
<font color="#ffbf46">එයාට මොකක් වෙලාද?</font>

348
00:25:26,525 --> 00:25:27,818
<font color="#ffbf46">අපරාදේ!</font>

349
00:25:30,488 --> 00:25:32,865
<font color="#ffbf46">මේ හරියේ සීසීටීවී කැමරා නෑ.</font>

350
00:25:32,949 --> 00:25:35,117
<font color="#ffbf46">එහෙනම් නෝනා ඊයේ රෑ කොහෙද හිටියේ?</font>

351
00:25:35,201 --> 00:25:36,786
<font color="#ffbf46">මොකද වුණේ?
දොං-ප්‍යෝ, මොකද මේ?</font>

352
00:25:36,869 --> 00:25:39,080
<font color="#ffbf46">මිස් සෝ, ඊයේ රෑ අපේ ගෙදරට හොරු පැනලා.</font>

353
00:25:39,163 --> 00:25:40,706
<font color="#ffbf46">අනේ දෙවියනේ.
හොරු පැනලා?</font>

354
00:25:41,499 --> 00:25:46,420
<font color="#ffbf46">මේ මූසල හොරා මගේ ස්පෝට්ස් මීට් එකේ
මෙඩ්ල් එකත් අරන් ගිහින්,</font>

355
00:25:46,504 --> 00:25:48,422
<font color="#ffbf46">වත්තේ එල්ලලා තිබුණ සෝයා කේක් ටිකත් අරන්,</font>

356
00:25:48,506 --> 00:25:51,259
<font color="#ffbf46">වේලපු පළා ටිකත් අරන් ගිහින්. සේරම උස්සලා.</font>

357
00:25:51,342 --> 00:25:52,718
<font color="#ffbf46">අම්මපා.</font>

358
00:25:52,802 --> 00:25:54,720
<font color="#ffbf46">හොරාට කෑම ගැන හොඳ දැනුමක් ඇති.</font>

359
00:25:54,804 --> 00:25:57,515
<font color="#ffbf46">නැත්නම් කොහොමද එයා ඔයාගේ
සෝයා පේස්ට් රසයි කියලා දැනගෙන</font>

360
00:25:57,598 --> 00:25:59,267
<font color="#ffbf46">ඒ සේරම උස්සගෙන යන්නෙ?</font>

361
00:25:59,350 --> 00:26:01,519
<font color="#ffbf46">ඔයාගේ ගෙවල් පැත්තෙත් සීසීටීවී නෑ නේද?</font>

362
00:26:01,602 --> 00:26:03,271
<font color="#ffbf46">දොරවල් එහෙම හොඳට ලොක් කරගන්න.</font>

363
00:26:03,896 --> 00:26:06,274
<font color="#ffbf46">අනේ මන්දා. මම එයාටත් කියන්න ඕනෙ.</font>

364
00:26:23,582 --> 00:26:25,668
<font color="#ffbf46">"වෘත්තීයවේදියෙක් මුණගැසෙමු."</font>

365
00:26:25,751 --> 00:26:27,169
<font color="#ffbf46">ඔයා මට කොෆී අරන් දෙන්නෙ</font>

366
00:26:27,670 --> 00:26:29,880
<font color="#ffbf46">හොඳ රෙස්ටොරන්ට් එකකින් කෑමක් අරන් දෙන්නෙත්</font>

367
00:26:30,631 --> 00:26:31,799
<font color="#ffbf46">මේක හින්දා නේද.</font>

368
00:26:32,425 --> 00:26:34,593
<font color="#ffbf46">මගේ ඉස්කෝලෙ තියෙන්නෙ හරි දුෂ්කර පළාතක,</font>

369
00:26:34,677 --> 00:26:37,555
<font color="#ffbf46">ඉතින් ළමයින්ට එක එක වෘත්තීන් කරන
අයව මුණගැහෙන්න විදියක් නෑ.</font>

370
00:26:37,638 --> 00:26:38,597
<font color="#ffbf46">මිස් සෝ හ්යේ-සුක්</font>

371
00:26:45,354 --> 00:26:48,691
<font color="#ffbf46">ඉතින් අපි හැම අවුරුද්දෙම
ළමයි වෙනුවෙන් දේශනයක් තියනවා.</font>

372
00:26:49,317 --> 00:26:51,527
<font color="#ffbf46">මම දැනගෙන හිටියෙ නෑ ශින්සු වල මගේ පළවෙනි ජොබ් එක</font>

373
00:26:51,610 --> 00:26:54,196
<font color="#ffbf46">නඩුවක් නොවී දේශනයක් වෙයි කියලා.</font>

374
00:26:55,114 --> 00:26:58,701
<font color="#ffbf46">මම ඇත්තටම කල්පනා කළේ,
ඔයා ඇයි මෙහේ වැඩ පටන් ගත්තෙ කියලා?</font>

375
00:27:02,496 --> 00:27:03,914
<font color="#ffbf46">2020 නොවැම්බර් වල,</font>

376
00:27:05,791 --> 00:27:08,627
<font color="#ffbf46">දෙමව්පියෙක් පහර දීපු හින්දා
ටීචර් කෙනෙක්ගේ දත්වලට හානි වුණා.</font>

377
00:27:09,211 --> 00:27:12,923
<font color="#ffbf46">මොකද ළමයි ගහගන්න එක ටීචර් නැවැත්තුවෙ නෑ කියලා
දෙමව්පියෝ හිතපු හින්දා.</font>

378
00:27:14,717 --> 00:27:16,177
<font color="#ffbf46">ඊට පස්සෙ 2023 දී,</font>

379
00:27:16,761 --> 00:27:20,473
<font color="#ffbf46">විභාගෙදි කොපි කරපු ළමයින්ට
ටීචර් කෙනෙක් බිංදුව දුන්නා කියලා,</font>

380
00:27:21,057 --> 00:27:22,600
<font color="#ffbf46">එක් ළමයෙක්ගේ දෙමව්පියෙක්</font>

381
00:27:23,100 --> 00:27:25,186
<font color="#ffbf46">අනිත් ළමයි ඉස්සරහම ටීචර්ට ගැහුවා.</font>

382
00:27:26,103 --> 00:27:28,647
<font color="#ffbf46">ඇයි ඔයා එකපාරටම මට මේවා කියන්නෙ?</font>

383
00:27:31,400 --> 00:27:32,276
<font color="#ffbf46">මම පුරසාරම් දොඩනවා.</font>

384
00:27:32,860 --> 00:27:36,280
<font color="#ffbf46">ඔය නඩු සේරම, මම දින්නා.</font>

385
00:27:40,576 --> 00:27:43,162
<font color="#ffbf46">ඕන තැනක මිනිස්සුන්ට අසාධාරණකම් වෙනවා,</font>

386
00:27:43,245 --> 00:27:45,581
<font color="#ffbf46">ශින්සු වල ඉන්න එකම ලෝයර් මමයි.</font>

387
00:27:45,664 --> 00:27:48,376
<font color="#ffbf46">ෂා, මට මෙහේ ඒකාධිකාරයක් තියෙනවනේ.</font>

388
00:27:49,585 --> 00:27:53,089
<font color="#ffbf46">දන්නවද, "එකම එක්කෙනා", "අසමසම"
වගේ වචන ඇහෙනකොට</font>

389
00:27:53,714 --> 00:27:56,384
<font color="#ffbf46">මට සල්ලි වලට වඩා සතුටක් දැනෙනවා.</font>

390
00:27:57,927 --> 00:28:00,054
<font color="#ffbf46">ඉතින් ඔයාට අසාධාරණයක් වුණොත්,</font>

391
00:28:00,638 --> 00:28:02,098
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම මට කතා කරන්න.</font>

392
00:28:02,807 --> 00:28:06,685
<font color="#ffbf46">ඔයාගේ දෙයක් නම්,
ප්‍රශ්න අහන්නෙ නැතුවම මම ඒ නඩුව බාරගන්නම්.</font>

393
00:28:12,858 --> 00:28:13,901
<font color="#ffbf46">මේක ලස්සනයි.</font>

394
00:28:23,327 --> 00:28:26,914
<font color="#ffbf46">ඔයා අර කලින් ටීචර්ලාගේ නඩු ගැන කිව්වනේ.</font>

395
00:28:27,790 --> 00:28:28,624
<font color="#ffbf46">ඔව්.</font>

396
00:28:30,126 --> 00:28:34,797
<font color="#ffbf46">මේක මගේ සහෝදර සේවකයෙක්ගේ යාළුවෙක්ගේ
යාළුවෙක්ට වුණ දෙයක් ගැන.</font>

397
00:28:36,090 --> 00:28:37,258
<font color="#ffbf46">කියන්නකො බලන්න.</font>

398
00:28:40,928 --> 00:28:42,179
<font color="#ffbf46">පන්තිය වෙලාවේ,</font>

399
00:28:43,431 --> 00:28:46,934
<font color="#ffbf46">ළමයෙක්ගේ දෙමව්පියෙක්
පන්ති කාමරේට කඩා වැදුණා.</font>

400
00:28:48,769 --> 00:28:49,687
<font color="#ffbf46">ඊට පස්සෙ...</font>

401
00:28:51,147 --> 00:28:53,774
<font color="#ffbf46">එයා ටීචර්ගේ මූණට ගැහුවා...</font>

402
00:29:04,827 --> 00:29:06,954
<font color="#ffbf46">මොකක්? ඒ මගේ ගෙදරනේ.</font>

403
00:29:09,165 --> 00:29:11,333
<font color="#ffbf46">ඉක්මනට!
ඉක්මනට!</font>

404
00:29:12,001 --> 00:29:15,045
<font color="#ffbf46">මිනිහා ඇතුළේ.
ඉක්මනට!</font>

405
00:29:16,464 --> 00:29:18,466
<font color="#ffbf46">මිස් යූන්, ඔයා කොහෙද ගියේ?</font>

406
00:29:18,549 --> 00:29:19,508
<font color="#ffbf46">මොකද වුණේ?</font>

407
00:29:19,592 --> 00:29:23,637
<font color="#ffbf46">අපි මේ පාරේ යනකොට දැක්කා කවුද මනුස්සයෙක්
ඔයාගේ ගෙදර කඩන්න හදනවා.</font>

408
00:29:23,721 --> 00:29:24,889
<font color="#ffbf46">ඉතින් අපි පොලිසියට කතා කළා.</font>

409
00:29:25,473 --> 00:29:26,348
<font color="#ffbf46">මොකක්?</font>

410
00:29:38,277 --> 00:29:41,322
<font color="#ffbf46">ඔව්, තමුන්ට නිහඬව ඉන්න අයිතියක් තියෙනවා...</font>

411
00:29:41,405 --> 00:29:42,448
<font color="#ffbf46">නිකන් හිටපන්!</font>

412
00:29:42,531 --> 00:29:45,409
<font color="#ffbf46">තමුන් කියන ඕනම දෙයක් තමුන්ට විරුද්ධව
සාක්ෂි විදියට පාවිච්චි කරන්න පුළුවන්...</font>

413
00:29:45,493 --> 00:29:48,370
<font color="#ffbf46">මූට මොන හයියක්ද මේ තියෙන්නෙ? නිකන් හිටපන්!</font>

414
00:29:49,455 --> 00:29:50,289
<font color="#ffbf46">මම ජීවත් වෙන්නෙ මෙහේ.</font>

415
00:29:51,290 --> 00:29:53,083
<font color="#ffbf46">හොරා අහු වුණාද?</font>

416
00:29:59,840 --> 00:30:02,510
<font color="#ffbf46">එයාගේ මාමා... හොරෙක්ද?</font>

417
00:30:03,511 --> 00:30:04,428
<font color="#ffbf46">මිස් බොම්!</font>

418
00:30:07,264 --> 00:30:10,309
<font color="#ffbf46">මම වුණත් හිතන්නෙ මම හොරෙක් කියලා, ඒත්...</font>

419
00:30:10,851 --> 00:30:11,977
<font color="#ffbf46">ඔයා එයාව දන්නවද?</font>

420
00:30:12,061 --> 00:30:14,813
<font color="#ffbf46">මම දන්නවා,
ඒත් මට කියන්න බෑ එයා හොරෙක් නෙවෙයි කියලා.</font>

421
00:30:15,397 --> 00:30:16,899
<font color="#ffbf46">ඉන්න, ඇයි ඔයාලා...</font>

422
00:30:16,982 --> 00:30:18,359
<font color="#ffbf46">ඇයි මට මාංචු දැම්මේ?</font>

423
00:30:18,901 --> 00:30:22,196
<font color="#ffbf46">මිස් බොම්, අද තමා මම බොම්-සික්ව බලන්න යන දවස.</font>

424
00:30:22,279 --> 00:30:23,614
<font color="#ffbf46">මම එයාව එක්කන් යන්න ආවේ...</font>

425
00:30:25,824 --> 00:30:27,952
<font color="#ffbf46">අන්න අරූ! හොරා මෙතන!</font>

426
00:30:28,035 --> 00:30:29,662
<font color="#ffbf46">කොහෙද යන්නේ? නවතිනවා ඔතන.</font>

427
00:30:31,038 --> 00:30:32,790
<font color="#ffbf46">පොඩි එවුන් ටික, අයින් වෙයල්ලා.</font>

428
00:30:32,873 --> 00:30:34,708
<font color="#ffbf46">පලයල්ලා.
තොපිලා, මම...</font>

429
00:30:34,792 --> 00:30:37,253
<font color="#ffbf46">මාමේ, අන්න අරූ තමා හොරා.</font>

430
00:30:40,172 --> 00:30:42,174
<font color="#ffbf46">තෝ අද ඉවරයි.</font>

431
00:30:42,883 --> 00:30:43,717
<font color="#ffbf46">වරෙන් මෙහෙට.</font>

432
00:30:47,680 --> 00:30:48,681
<font color="#ffbf46">වරෙන්.</font>

433
00:31:09,994 --> 00:31:11,870
<font color="#ffbf46">එපා, එපා! නගින්න!</font>

434
00:31:13,706 --> 00:31:14,707
<font color="#ffbf46">මොකක්ද? අපිට හදිසියි.</font>

435
00:31:14,790 --> 00:31:18,627
<font color="#ffbf46">මේ කාලේ හැටියට,
අපි කකුල් පාවිච්චි කරන්න හොඳ නෑ.</font>

436
00:31:20,379 --> 00:31:22,006
<font color="#ffbf46">අපි මොළේ පාවිච්චි කරන්න ඕනෙ.</font>

437
00:31:23,007 --> 00:31:24,800
<font color="#ffbf46">අන්න අරූ! අල්ලගන්නවා එයාව!</font>

438
00:31:24,883 --> 00:31:26,218
<font color="#ffbf46">අර රතු ෂර්ට් එක ඇඳන් ඉන්න එකා.</font>

439
00:31:26,302 --> 00:31:27,553
<font color="#ffbf46">මොකක්?</font>

440
00:31:33,309 --> 00:31:37,896
<font color="#ffbf46">මගේ ෆෝන් එකේ වැදගත් දේවල් තියෙනවා,
ඒ හින්දා මම GPS ට්‍රැකින් ඇප් එකක් දාලා තියෙන්නෙ.</font>

441
00:31:37,980 --> 00:31:39,523
<font color="#ffbf46">මෙතන බලන්න.</font>

442
00:31:40,232 --> 00:31:43,569
<font color="#ffbf46">මගේ ෆෝන් එක තියෙන තැන තමා
හොරා ඉන්නෙත්.</font>

443
00:32:32,743 --> 00:32:35,245
<font color="#ffbf46">අර පිස්සු යකා.
ඇයි මූ දිගටම මගේ පස්සෙන් එන්නෙ?</font>

444
00:32:37,456 --> 00:32:38,749
<font color="#ffbf46">නවතිනවා!</font>

445
00:32:50,636 --> 00:32:53,430
<font color="#ffbf46">උණුසුම් හිරු එළිය සහ මෘදු හුළඟ.</font>

446
00:32:54,139 --> 00:32:57,643
<font color="#ffbf46">ගොඩ කාලෙකට පස්සෙ ශින්සු වල
ලොකු සැනසීමක් දැනෙනවා නේද?</font>

447
00:32:57,726 --> 00:33:01,230
<font color="#ffbf46">ඔව්, ඒත් මට නම් හිතෙන්නෙ නෑ
ඇත්තටම එහෙමයි කියලා.</font>

448
00:33:01,313 --> 00:33:02,940
<font color="#ffbf46">මොකක්?
බලන්න.</font>

449
00:33:05,317 --> 00:33:06,735
<font color="#ffbf46">අයින් වෙයල්ලා!</font>

450
00:33:14,118 --> 00:33:16,036
<font color="#ffbf46">අයින් වෙයල්ලා!</font>

451
00:33:16,120 --> 00:33:17,579
<font color="#ffbf46">අයින් වෙයල්ලා! අයින්...</font>

452
00:33:24,378 --> 00:33:25,212
<font color="#ffbf46">තමුන්...</font>

453
00:33:26,255 --> 00:33:28,090
<font color="#ffbf46">මම නරක මිනිහෙක් නෙවෙයි. මම...</font>

454
00:33:29,216 --> 00:33:32,302
<font color="#ffbf46">ඒ හන්-ග්‍යුල්ගේ මාමා නේද?</font>

455
00:33:32,386 --> 00:33:33,387
<font color="#ffbf46">ඔව්.</font>

456
00:33:33,470 --> 00:33:36,765
<font color="#ffbf46">මිනිහා මොන ජරා වැඩක් කරලද මන්දා
මාංචු දාගෙන ඉන්නෙ?</font>

457
00:33:41,311 --> 00:33:42,271
<font color="#ffbf46">ඕක බිමින් තියන්න.</font>

458
00:33:42,980 --> 00:33:44,022
<font color="#ffbf46">තමුන් කවුද?</font>

459
00:33:45,107 --> 00:33:46,108
<font color="#ffbf46">හෙලවෙන්න එපා!</font>

460
00:34:48,754 --> 00:34:50,755
<font color="#ffbf46">මේකේ කිසි තේරුමක් නෑනේ.</font>

461
00:34:50,839 --> 00:34:52,632
<font color="#ffbf46">ඇයි මම වැරදිකාරයා වෙන්නේ? ඇයි?</font>

462
00:34:54,259 --> 00:34:55,177
<font color="#ffbf46">රාලහාමි.</font>

463
00:34:55,260 --> 00:34:57,721
<font color="#ffbf46">මෙයාව යන්න දෙන්න එපා හරිද?</font>

464
00:34:57,805 --> 00:35:00,182
<font color="#ffbf46">හරි, කලබල වෙන්න එපා.
ලියාපදිංචි අංකය?</font>

465
00:35:00,265 --> 00:35:02,726
<font color="#ffbf46">ඒයි. මොකද වුණේ?</font>

466
00:35:03,393 --> 00:35:05,938
<font color="#ffbf46">අර නෝනා තමයි මට එහෙම කරන්න කිව්වේ.</font>

467
00:35:07,147 --> 00:35:08,023
<font color="#ffbf46">මොකක්?</font>

468
00:35:12,319 --> 00:35:13,737
<font color="#ffbf46">පැය 3කට කලින්</font>

469
00:35:15,030 --> 00:35:19,117
<font color="#ffbf46">අපෝ, මට බලන් ඉන්න වෙලාවක් නෑ.
අද මට හරිම වැඩ වැඩි දවසක්.</font>

470
00:35:20,035 --> 00:35:22,287
<font color="#ffbf46">අම්මපා, ඇයි මෙයා කෝල් එක ගන්නේ නැත්තේ?</font>

471
00:35:22,371 --> 00:35:25,499
<font color="#ffbf46">දොරේ අගුල තියෙන හැටියට,
රෑට හොරු පනීවිද දන්නෙත් නෑ.</font>

472
00:35:25,582 --> 00:35:27,626
<font color="#ffbf46">මම මොකද කරන්නේ? මාරු කරනවද නැද්ද?</font>

473
00:35:29,461 --> 00:35:32,130
<font color="#ffbf46">මෙයා ගෙදර ඉන්න වෙලාවක
ආයෙ එන එක හොඳයි නේද?</font>

474
00:35:32,214 --> 00:35:34,633
<font color="#ffbf46">එතකොට ඉතින් ආයේ එන්න තව ගාණක්
ගන්න වෙනවා.</font>

475
00:35:37,719 --> 00:35:39,346
<font color="#ffbf46">හා කමක් නෑ, කරලා දානවා.</font>

476
00:35:39,429 --> 00:35:43,058
<font color="#ffbf46">මම අගුල මාරු කරලා එයාට පාස්වර්ඩ් එක
දෙනවා. එතකොට හරිනේ.</font>

477
00:35:43,141 --> 00:35:44,059
<font color="#ffbf46">හරිනේ?</font>

478
00:35:44,142 --> 00:35:46,144
<font color="#ffbf46">ඔව්, කොහොමත් ආපු එකේ
කරලා දාන එක හොඳයි.</font>

479
00:35:46,228 --> 00:35:47,479
<font color="#ffbf46">එතකොට ආයේ එන්න ඕනේ නෑනේ.</font>

480
00:35:48,063 --> 00:35:51,149
<font color="#ffbf46">මට බුකින්ස් ගොඩක් තියෙනවා,
ඒ නිසා මාව අල්ලගන්න හරි අමාරුයි.</font>

481
00:35:51,233 --> 00:35:54,611
<font color="#ffbf46">මම කළේ අයිතිකාරයා කිව්ව විදිහට
දොරේ අගුල මාරු කරපු එක විතරයි.</font>

482
00:35:56,655 --> 00:35:58,490
<font color="#ffbf46">මොන ඉතුරුවක්ද අනේ.</font>

483
00:36:02,828 --> 00:36:04,454
<font color="#ffbf46">පොලිසියේ නොම්මරේ මොකක්ද?</font>

484
00:36:05,122 --> 00:36:07,666
<font color="#ffbf46">හෙලෝ? පොලිසියෙන්ද?</font>

485
00:36:08,250 --> 00:36:10,335
<font color="#ffbf46">මේ කතා කරන්නේ කිම් මින් ගුක්,
අනාගත නිර්භීත පුරවැසියා.</font>

486
00:36:12,296 --> 00:36:14,840
<font color="#ffbf46">මේක හරියන්නේ නෑ. මම යකඩ පොල්ලක් ගේන්න ඕනේ.</font>

487
00:36:18,844 --> 00:36:20,095
<font color="#ffbf46">බොම් සික්.</font>

488
00:36:20,637 --> 00:36:21,680
<font color="#ffbf46">බොම්...</font>

489
00:36:23,640 --> 00:36:24,516
<font color="#ffbf46">මොකද?</font>

490
00:36:25,309 --> 00:36:26,310
<font color="#ffbf46">ඇයි මේක ඇරලා?</font>

491
00:36:27,769 --> 00:36:28,812
<font color="#ffbf46">මේකයි,</font>

492
00:36:28,896 --> 00:36:32,900
<font color="#ffbf46">දොර ඇරලා තිබුණේ, මම හිතුවේ හොරෙක්වත් පැනලද කියලා,
ඉතින් මම ඇතුළට ගියා.</font>

493
00:36:35,152 --> 00:36:39,489
<font color="#ffbf46">මම මුල ඉඳන්ම හිතුවා මේක වරදවා වටහාගැනීමක් වෙන්න ඇති කියලා.</font>

494
00:36:40,532 --> 00:36:41,950
<font color="#ffbf46">මොකද දොරේ අගුල</font>

495
00:36:42,576 --> 00:36:45,579
<font color="#ffbf46">හරිම ලස්සනට ගලවලා තිබුණනේ.</font>

496
00:36:45,662 --> 00:36:49,249
<font color="#ffbf46">අනේ මන්දා. එහෙනම් ඔයාට තිබුණනේ
යතුරු හදන කෙනෙක් කියලා කියන්න.</font>

497
00:36:49,333 --> 00:36:51,919
<font color="#ffbf46">ඇයි ඉතින් දිව්වේ?
කට්ටියම ඔයාව සැක කළානේ.</font>

498
00:36:52,753 --> 00:36:54,963
<font color="#ffbf46">එයාගේ ඇස් දෙක දැක්කනම් එහෙම කියන්නේ නෑ.</font>

499
00:36:57,925 --> 00:37:01,094
<font color="#ffbf46">එයා මගේ පැත්තට දුවගෙන ආවේ,
"අද තෝ ඉවරයි!" කියල කෑගහගෙන.</font>

500
00:37:01,678 --> 00:37:03,847
<font color="#ffbf46">මගේ කකුල් දෙකත් ගැහෙන්න ගත්තා දන්නවද?</font>

501
00:37:03,931 --> 00:37:05,349
<font color="#ffbf46">මම හොඳටම බය වුණා.</font>

502
00:37:07,517 --> 00:37:10,103
<font color="#ffbf46">මට වචනයක්වත් කතා කරගන්න බැරි වුණා.
මේක නම් මහ පිස්සුවක්.</font>

503
00:37:11,313 --> 00:37:13,690
<font color="#ffbf46">ඕන නම් මූව හිරේ දාන්න.</font>

504
00:37:13,774 --> 00:37:16,526
<font color="#ffbf46">මූගේ අර නිවුන් සහෝදරයාවත් දාන්න.</font>

505
00:37:16,610 --> 00:37:17,444
<font color="#ffbf46">ඒ ඇයි මාව?</font>

506
00:37:17,527 --> 00:37:18,528
<font color="#ffbf46">සන්සුන් වෙන්න.</font>

507
00:37:18,612 --> 00:37:21,365
<font color="#ffbf46">පොඩි වැරදි වැටහීමක් වෙලා තියෙන්නේ,</font>

508
00:37:21,448 --> 00:37:24,034
<font color="#ffbf46">කාටවත් කරදරයක් වෙලා නෑනේ,
අපි මේක ගොඩින් බේරගමු...</font>

509
00:37:24,117 --> 00:37:26,370
<font color="#ffbf46">රාලහාමි, පොඩ්ඩක් ඉන්න. මට අමුත්තක් දැනෙනවා.</font>

510
00:37:26,453 --> 00:37:28,246
<font color="#ffbf46">මට ඇඟට පණ නෑ වගේ.</font>

511
00:37:28,330 --> 00:37:31,917
<font color="#ffbf46">මට හිතෙන්නේ මම වැටුණු වෙලාවේ
මගේ කොන්දට මොනවා හරි වෙලා.</font>

512
00:37:32,417 --> 00:37:34,211
<font color="#ffbf46">එක පාරටම? තමුසෙට...</font>

513
00:37:34,294 --> 00:37:35,128
<font color="#ffbf46">තමුසෙට මැරෙන්න ඕනෙද?</font>

514
00:37:36,880 --> 00:37:38,382
<font color="#ffbf46">ඒයි, කෑ නොගහා ඉන්නවා!</font>

515
00:37:38,465 --> 00:37:39,633
<font color="#ffbf46">අතාරිනවා මාව!</font>

516
00:37:39,716 --> 00:37:42,928
<font color="#ffbf46">දෙවියනේ, මේ තත්වෙන් නම් මට
වැඩක් පලක් කරගන්න පුළුවන් වෙයිද මන්දා.</font>

517
00:37:43,929 --> 00:37:46,932
<font color="#ffbf46">නැමිලා වැඩක් කරගන්න බැරි වුණොත්
මට රස්සාව කරන්න වෙන්නේ නෑ.</font>

518
00:37:47,015 --> 00:37:49,226
<font color="#ffbf46">මම මොකද කරන්නේ? මගේ ගෑණියි ළමයිනුයි...</font>

519
00:37:50,018 --> 00:37:53,814
<font color="#ffbf46">මම කොහොමද ගෑණිටයි ළමයින්ටයි කන්න දෙන්නේ?
අපොයි දෙවියනේ.</font>

520
00:37:55,607 --> 00:37:56,525
<font color="#ffbf46">මිස් බොම්.</font>

521
00:37:57,943 --> 00:38:00,904
<font color="#ffbf46">මම හොඳින්. ඔයාට කොහොමද?
තුවාලද?</font>

522
00:38:03,156 --> 00:38:04,658
<font color="#ffbf46">ඇයි ඔයා ඔච්චර හිතුවක්කාර?</font>

523
00:38:08,036 --> 00:38:09,079
<font color="#ffbf46">හිතුවක්කාරයි?</font>

524
00:38:09,162 --> 00:38:13,041
<font color="#ffbf46">එතන පොලිස් නිලධාරියෝ හිටියනේ. ඇයි ඔයා
මැද්දට පැනලා ප්‍රශ්නේ ලොකු කළේ?</font>

525
00:38:13,542 --> 00:38:16,378
<font color="#ffbf46">ඔයා දන්නේ නැද්ද කවදද මැදිහත් වෙන්න ඕනේ,
කවදද පැත්තකට වෙලා ඉන්න ඕනේ කියලා?</font>

526
00:38:19,673 --> 00:38:21,383
<font color="#ffbf46">මිස් බොම්. මේ අහන්නකෝ.</font>

527
00:38:22,801 --> 00:38:25,762
<font color="#ffbf46">ප්‍රශ්නේ ඔයා ගැන නම්, මම හැම තිස්සෙම මැදිහත් වෙනවා.
මම කවදාවත් පස්ස ගහන්නේ නෑ.</font>

528
00:38:26,346 --> 00:38:28,265
<font color="#ffbf46">ආයේ මේ වගේ දෙයක් වුණොත්,</font>

529
00:38:28,890 --> 00:38:31,727
<font color="#ffbf46">ඒ මනුස්සයා හොරෙක් වෙන්න 1%ක හරි
ඉඩක් තිබුණොත්,</font>

530
00:38:31,810 --> 00:38:33,895
<font color="#ffbf46">මම පස්සෙන් එලවනවා. ඒක තමයි...</font>

531
00:38:35,522 --> 00:38:36,690
<font color="#ffbf46">සුන් ජේ ග්‍යුගේ විදිහ.</font>

532
00:38:37,274 --> 00:38:38,942
<font color="#ffbf46">ඒකට තමයි හිතුවක්කාරකම කියන්නේ.</font>

533
00:38:39,776 --> 00:38:41,361
<font color="#ffbf46">බලන්නකෝ මිස්ටර් චෝයි දිහා.</font>

534
00:38:41,445 --> 00:38:44,239
<font color="#ffbf46">ඔයා දැක්කේ නැද්ද එයා කොහොමද
අර මනුස්සයා ඉන්න තැන හොයා ගත්තේ කියලා?</font>

535
00:38:45,365 --> 00:38:47,784
<font color="#ffbf46">පුළුවන් නම් ඔය ඇඟ පාවිච්චි කරන එක නවත්තලා</font>

536
00:38:48,660 --> 00:38:50,287
<font color="#ffbf46">ටිකක් මොළේ පාවිච්චි කරන්නකෝ?</font>

537
00:38:51,413 --> 00:38:52,873
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

538
00:38:53,457 --> 00:38:57,127
<font color="#ffbf46">ඇයි ඔයා හැම තිස්සෙම
මාව චෝයි ඊ ජුන් එක්ක සසඳන්නේ?</font>

539
00:38:58,253 --> 00:39:00,088
<font color="#ffbf46">මොකද ඔයාලා දෙන්නා හරිම වෙනස්.</font>

540
00:39:00,172 --> 00:39:02,215
<font color="#ffbf46">මම මේක නොකියා ඉන්නයි හිටියේ,</font>

541
00:39:03,675 --> 00:39:08,930
<font color="#ffbf46">ඒත් අද බොම් සික්ව අමතක කරලා
ඔයා මොකද කළේ?</font>

542
00:39:09,514 --> 00:39:11,850
<font color="#ffbf46">ඊ ජුන් එක්ක කොෆී බොන්න ගියා කියලා</font>

543
00:39:12,517 --> 00:39:13,685
<font color="#ffbf46">මම දන්නේ නෑ කියලා හිතුවද?</font>

544
00:39:17,939 --> 00:39:20,442
<font color="#ffbf46">ඔයා දැන් මගේ පිටද වැරැද්ද දාන්නේ?</font>

545
00:39:20,525 --> 00:39:22,277
<font color="#ffbf46">මේක නම් මාර වැඩක්නේ.</font>

546
00:39:24,279 --> 00:39:25,614
<font color="#ffbf46">එතකොට ඔයා?</font>

547
00:39:28,742 --> 00:39:29,868
<font color="#ffbf46">ඔයා කියන්නේ මට...</font>

548
00:39:30,660 --> 00:39:31,495
<font color="#ffbf46">මොකක්ද?</font>

549
00:39:32,621 --> 00:39:33,538
<font color="#ffbf46">මට බැරිද එහෙම කරන්න?</font>

550
00:39:33,622 --> 00:39:34,790
<font color="#ffbf46">මොකක්ද ඒ කතාවේ තේරුම?</font>

551
00:39:38,794 --> 00:39:39,753
<font color="#ffbf46">දැන් මොකද කරන්නේ?</font>

552
00:39:41,338 --> 00:39:42,297
<font color="#ffbf46">දැනට තත්ත්වය මේකයි.</font>

553
00:39:43,465 --> 00:39:45,675
<font color="#ffbf46">අර මනුස්සයා කැමතිම නෑ බේරගන්න.</font>

554
00:39:46,760 --> 00:39:50,639
<font color="#ffbf46">ඉතින් මේ ෂින්සු වල ඉන්න එකම ලෝයර්,</font>

555
00:39:50,722 --> 00:39:52,599
<font color="#ffbf46">මම විතරයි, චෝයි ඊ ජුන්.</font>

556
00:39:59,272 --> 00:40:00,398
<font color="#ffbf46">ඇයි මේක ගන්නේ නැත්තේ?</font>

557
00:40:07,405 --> 00:40:11,326
<font color="#ffbf46">මම, සුන් ජේ ග්‍යු, කවදාවත් මගේ පොරොන්දුවක් කඩ කරන්නේ නෑ.</font>

558
00:40:12,119 --> 00:40:15,872
<font color="#ffbf46">පැය පහකට කලින්,
මම එයාට කිව්වා මම කවදාවත් එයාගෙන් උදව් ගන්නේ නෑ කියලා...</font>

559
00:40:18,041 --> 00:40:20,085
<font color="#ffbf46">මම හිරේ ගියත් එච්චරයි කියලා.</font>

560
00:40:29,302 --> 00:40:30,470
<font color="#ffbf46">මිස් බොම්...</font>

561
00:40:35,308 --> 00:40:37,477
<font color="#ffbf46">අර යකා... ශික්.</font>

562
00:40:43,358 --> 00:40:47,654
<font color="#ffbf46">එයා හැම තිස්සෙම ඔහොම හිතුවක්කාරයි. ඒකනේ
එයා ගැන අමුතු කතා පැතිරෙන්නේ.</font>

563
00:40:48,738 --> 00:40:50,615
<font color="#ffbf46">මොකක්? හිරේ යනවා?</font>

564
00:40:53,618 --> 00:40:55,078
<font color="#ffbf46">ඔයා හිරේ ගියොත්...</font>

565
00:40:57,539 --> 00:40:59,124
<font color="#ffbf46">එතකොට මට මොකද වෙන්නේ?</font>

566
00:41:07,382 --> 00:41:10,302
<font color="#ffbf46">මම පොරොන්දුව රකින්න මැරීගෙන ට්‍රයි කළා,</font>

567
00:41:10,385 --> 00:41:13,346
<font color="#ffbf46">ඒ වුණාට එයා වෙන මිනිහෙක් එක්ක
කොෆී බොන්න ගිහින්නේ?</font>

568
00:41:16,683 --> 00:41:17,517
<font color="#ffbf46">හරි හරි.</font>

569
00:41:18,476 --> 00:41:21,354
<font color="#ffbf46">මේ තැන හොඳයි. මේක හොඳයි.</font>

570
00:41:21,438 --> 00:41:22,731
<font color="#ffbf46">ඉඩකඩත් තියෙනවානේ.</font>

571
00:41:27,152 --> 00:41:28,653
<font color="#ffbf46">මේක හොඳයි.</font>

572
00:41:48,381 --> 00:41:50,217
<font color="#ffbf46">බොම් සික්, අපි නිදාගමු.</font>

573
00:42:12,781 --> 00:42:13,698
<font color="#ffbf46">නිදාගමු.</font>

574
00:42:14,950 --> 00:42:15,951
<font color="#ffbf46">නිදාගමු.</font>

575
00:42:16,910 --> 00:42:18,787
<font color="#ffbf46">දැන් නිදාගමු, හොඳද?</font>

576
00:42:54,572 --> 00:42:56,199
<font color="#ffbf46">සුන් ජේ ග්‍යු, එළියට.</font>

577
00:43:18,388 --> 00:43:19,472
<font color="#ffbf46">චෝයි ඊ ජුන් නීති කාර්යාලය</font>

578
00:43:20,807 --> 00:43:22,267
<font color="#ffbf46">"මේ එකඟතාවයත් එක්ක, වින්දිතයා</font>

579
00:43:22,350 --> 00:43:25,353
<font color="#ffbf46">සිවිල් හෝ අපරාධමය නඩු නොපවරන්නට
එකඟ වේ."</font>

580
00:43:25,437 --> 00:43:28,732
<font color="#ffbf46">"පහර දුන් තැනැත්තා මෙම එකඟතාවය
කඩ කළහොත්,</font>

581
00:43:28,815 --> 00:43:31,735
<font color="#ffbf46">එයින් සිදුවන සියලුම අලාභහානි</font>

582
00:43:32,485 --> 00:43:33,445
<font color="#ffbf46">ගෙවීමට ඔහු බැඳී සිටී."</font>

583
00:43:35,363 --> 00:43:36,489
<font color="#ffbf46">අපි මේක පැහැදිලි කරගමු.</font>

584
00:43:37,365 --> 00:43:39,409
<font color="#ffbf46">මම ඔයාව කුලියට ගත්තේ මේකට නෙවෙයි.</font>

585
00:43:39,492 --> 00:43:41,161
<font color="#ffbf46">ඔයානේ මට මේක කරන්න කිව්වේ.</font>

586
00:43:45,623 --> 00:43:47,042
<font color="#ffbf46">එකඟතාවය</font>

587
00:43:56,676 --> 00:43:58,887
<font color="#ffbf46">ඒත් ඇයි ඔයා එකපාරටම මට උදව් කරන්නේ?</font>

588
00:43:58,970 --> 00:44:01,222
<font color="#ffbf46">අනික අර මනුස්සයා ඊයේ කැමති වුණේ නෑනේ.</font>

589
00:44:01,306 --> 00:44:03,308
<font color="#ffbf46">ඇයි මිනිහා එකපාරටම කැමති වුණේ?</font>

590
00:44:05,477 --> 00:44:08,521
<font color="#ffbf46">සෝල් වලදී නම්, මගේ පැයක ගාණ වොන් ලක්ෂ 4ක්.</font>

591
00:44:09,230 --> 00:44:11,066
<font color="#ffbf46">ඔයා මට ගෙවන්න කැමති නම්,</font>

592
00:44:12,567 --> 00:44:14,861
<font color="#ffbf46">මම ඒ ගැන ඔයාට පැහැදිලි කරන්නම් මහත්තයෝ.</font>

593
00:44:24,829 --> 00:44:25,830
<font color="#ffbf46">එපා.</font>

594
00:44:26,414 --> 00:44:27,248
<font color="#ffbf46">දැන් මොකද?</font>

595
00:44:29,459 --> 00:44:32,212
<font color="#ffbf46">ඉස්සෙල්ලම කරන්න ඕන දේ කරලා ඉන්න එපැයි?</font>

596
00:44:35,673 --> 00:44:36,925
<font color="#ffbf46">තාවකාලිකව වසා ඇත</font>

597
00:44:37,008 --> 00:44:38,718
<font color="#ffbf46">එයා කොහෙ හරි ගිහිල්ලද?</font>

598
00:44:38,802 --> 00:44:41,304
<font color="#ffbf46">ශින්සු යතුරු සාප්පුව</font>

599
00:44:46,684 --> 00:44:48,478
<font color="#ffbf46">අපරාදේ, මට එයා එක්ක කතා කරන්න ඕන වෙලා තිබුණේ.</font>

600
00:44:51,481 --> 00:44:52,440
<font color="#ffbf46">බෑ.</font>

601
00:44:53,149 --> 00:44:55,610
<font color="#ffbf46">මම සමාව ගන්න යනවා නම්,
හිස් අතින් යන්න හොඳ නෑනේ.</font>

602
00:45:05,954 --> 00:45:09,040
<font color="#ffbf46">ආන්ටි, මේ සිකේ බීම එක නම් මරු වගේ.</font>

603
00:45:10,750 --> 00:45:11,668
<font color="#ffbf46">ආ.</font>

604
00:45:21,386 --> 00:45:22,804
<font color="#ffbf46">මේ, මම...</font>

605
00:45:29,894 --> 00:45:32,021
<font color="#ffbf46">මම එළියට ආවේ කොහොමද කියලවත්
මෙයාට දැනගන්න ඕන නෑ වගේ?</font>

606
00:45:37,360 --> 00:45:39,571
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න නෝනා.</font>

607
00:45:41,406 --> 00:45:42,323
<font color="#ffbf46">මේක බීලා බලන්න.</font>

608
00:45:46,119 --> 00:45:48,329
<font color="#ffbf46">මම මේක හැදුවේ මමම වගා කරපු වට්ටක්කා වලින්.</font>

609
00:45:48,413 --> 00:45:50,165
<font color="#ffbf46">හරිම රහයි. බීලා බලන්නකෝ.</font>

610
00:45:52,917 --> 00:45:54,377
<font color="#ffbf46">රහයි.
ඇත්තට?</font>

611
00:45:54,461 --> 00:45:56,713
<font color="#ffbf46">මට මේකෙන් බෝතල් පහක් දෙන්න.</font>

612
00:45:56,796 --> 00:45:57,881
<font color="#ffbf46">බෝතල් පහක්?</font>

613
00:45:58,840 --> 00:46:02,552
<font color="#ffbf46">අම්මෝ. ඒක හරි බර වෙයි.
නෝනා කොහොමද ඒවා උස්සගෙන යන්නේ?</font>

614
00:46:02,635 --> 00:46:06,139
<font color="#ffbf46">මේකයි ආන්ටි, ළඟදි ඉඳන් මගේ හිත රිදෙන
දේවල් ගොඩක් සිද්ධ වුණා.</font>

615
00:46:06,222 --> 00:46:08,892
<font color="#ffbf46">ඒ නිසා හිත හදාගන්න මට මේ වගේ ගොඩක් බොන්න වෙයි.</font>

616
00:46:08,975 --> 00:46:12,479
<font color="#ffbf46">මට බෝතල් පහක් දෙන්න.
හරි. ස්තූතියි.</font>

617
00:46:18,109 --> 00:46:19,903
<font color="#ffbf46">ඇයි මගේ උරහිස් මෙච්චර රිදෙන්නේ?</font>

618
00:46:19,986 --> 00:46:21,404
<font color="#ffbf46">මට වැරදිලා නිදා ගැනුනද මන්දා.</font>

619
00:46:24,282 --> 00:46:25,200
<font color="#ffbf46">ෂික්.</font>

620
00:46:25,992 --> 00:46:28,244
<font color="#ffbf46">එයාගේ කොන්ද කැඩෙයිද දන්නෙත් නෑ.</font>

621
00:46:30,163 --> 00:46:31,289
<font color="#ffbf46">දෙවියනේ.</font>

622
00:46:31,372 --> 00:46:32,582
<font color="#ffbf46">ආ, මතක් වුණා.</font>

623
00:46:32,665 --> 00:46:33,708
<font color="#ffbf46">ආන්ටි.</font>

624
00:46:34,501 --> 00:46:37,795
<font color="#ffbf46">මම පැල මාරු කරන්න පෝච්චියක් හෙව්වා.</font>

625
00:46:37,879 --> 00:46:40,006
<font color="#ffbf46">මෙච්චර පළල</font>

626
00:46:40,089 --> 00:46:43,051
<font color="#ffbf46">මෙච්චර උස එකක්.
ඔයා ළඟ එහෙම එකක් තියෙනවද?</font>

627
00:46:45,261 --> 00:46:46,471
<font color="#ffbf46">අන්න අතන.</font>

628
00:46:56,523 --> 00:46:57,440
<font color="#ffbf46">සුන් ජේ ග්‍යු.</font>

629
00:46:58,316 --> 00:47:03,112
<font color="#ffbf46">වතුර දාන්නෙත් නැති එකේ ඇයි මේ
මල වද ගහ මෙච්චර හොඳට හැදෙන්නේ?</font>

630
00:47:17,001 --> 00:47:18,628
<font color="#ffbf46">මට ඔයාගේ උදව් එපා. යන්න යන්න.</font>

631
00:47:18,711 --> 00:47:19,546
<font color="#ffbf46">බෑ.</font>

632
00:47:20,922 --> 00:47:23,341
<font color="#ffbf46">ඔයා හිතුවද මම මේක කරන්නේ ඔයාට උදව් කරන්න කියලා?</font>

633
00:47:23,967 --> 00:47:26,678
<font color="#ffbf46">මගේ ජේ ග්‍යු පෝච්චියට
හරියට වතුර ලැබෙන්නේ නෑ.</font>

634
00:47:26,761 --> 00:47:28,638
<font color="#ffbf46">මට ඕනේ ඒක මේ ලොකු පෝච්චියේ තියන්න.</font>

635
00:47:29,264 --> 00:47:30,181
<font color="#ffbf46">යමු.</font>

636
00:47:30,265 --> 00:47:31,849
<font color="#ffbf46">මම මේක මාරු කරලා යන්නම්.</font>

637
00:48:04,591 --> 00:48:06,926
<font color="#ffbf46">අපරාදේ, දැන් අහල වැඩක් නෑ.</font>

638
00:48:07,594 --> 00:48:10,513
<font color="#ffbf46">ගිය සතියේ එයා හම්බවුණ ගැහැණු කෙනා ගැන ඇහුවොත්,</font>

639
00:48:11,431 --> 00:48:14,309
<font color="#ffbf46">මගේ ගැම්ම බහීවිද දන්නේ නෑ.</font>

640
00:48:20,565 --> 00:48:23,443
<font color="#ffbf46">ඇයි ඇඳ හදලා තියෙන්නේ?</font>

641
00:48:24,819 --> 00:48:26,154
<font color="#ffbf46">නිකන්.</font>

642
00:48:26,237 --> 00:48:29,365
<font color="#ffbf46">ඔයාට මට කියන්න දෙයක් තියෙනවද?</font>

643
00:48:30,158 --> 00:48:31,034
<font color="#ffbf46">අපෝ නෑ.</font>

644
00:48:32,452 --> 00:48:35,371
<font color="#ffbf46">මම නිකමට බැලුවේ ගිය සතියේ
නිවාඩු දවස් ටිකේ ඔයා මොකද කළේ කියලා.</font>

645
00:48:38,249 --> 00:48:39,792
<font color="#ffbf46">මම හන් ග්‍යුල්ගේ යුනිෆෝම් එක හේදුවා,</font>

646
00:48:39,876 --> 00:48:42,503
<font color="#ffbf46">ඊට පස්සේ හරක් මස් ටිකක් හැදුවා.</font>

647
00:48:43,087 --> 00:48:44,756
<font color="#ffbf46">ආ, එහෙමද?</font>

648
00:48:47,884 --> 00:48:49,677
<font color="#ffbf46">එයා කවදාවත් මට මුලින් කියන්නේ නෑ.</font>

649
00:48:50,762 --> 00:48:51,596
<font color="#ffbf46">කොහොම හරි මිස් බොම්,</font>

650
00:48:52,639 --> 00:48:54,349
<font color="#ffbf46">ඔයා දන්නවද ඔයා ටිකක් වෙනස් වෙලා කියලා?</font>

651
00:48:55,683 --> 00:48:57,810
<font color="#ffbf46">ඔයා කතා කරන්නේ හරියට ෆ්‍රිජ් එකක් වගේ සීතලට,</font>

652
00:48:57,894 --> 00:49:00,647
<font color="#ffbf46">අනික ඔයා අමුතු මූණූත් හදනවා.</font>

653
00:49:01,230 --> 00:49:03,399
<font color="#ffbf46">මම දන්න මිස් බොම් වගේ නෙවෙයි.</font>

654
00:49:07,320 --> 00:49:08,488
<font color="#ffbf46">තමුන් කවුද ඕවා කියන්න?</font>

655
00:49:09,072 --> 00:49:13,701
<font color="#ffbf46">මම හිතුවේ ඔයා පොරොන්දුවක් වුණොත්
ඒක හරියටම කරන කෙනෙක් කියලා.</font>

656
00:49:14,369 --> 00:49:16,454
<font color="#ffbf46">ඔයා කොහොමද එහෙම කියන්නේ?</font>

657
00:49:16,537 --> 00:49:18,873
<font color="#ffbf46">ඔයා නිසා මගේ මූණේ ලප ඇවිත්,</font>

658
00:49:18,956 --> 00:49:21,501
<font color="#ffbf46">මම හැමදාම උදේට මන්තරයක් ජප කරනවා වගේ.</font>

659
00:49:21,584 --> 00:49:22,835
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියන්නේ?</font>

660
00:49:23,544 --> 00:49:25,630
<font color="#ffbf46">මම අව්වට කර වුණත්,</font>

661
00:49:25,713 --> 00:49:27,882
<font color="#ffbf46">ඔයාට දුන්න පොරොන්දුව රකින්න මම ගොඩක් මහන්සි වෙනවා.</font>

662
00:49:31,636 --> 00:49:32,845
<font color="#ffbf46">"පොරොන්දුව"?</font>

663
00:49:34,097 --> 00:49:36,099
<font color="#ffbf46">මම ඔයා පොරොන්දු රකින්න මහන්සි වෙන්න ඕන ජාතියේ කෙනෙක්ද?</font>

664
00:49:36,182 --> 00:49:37,892
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම කියන්නේ?</font>

665
00:49:37,975 --> 00:49:40,353
<font color="#ffbf46">මම කිව්වේ ඒක මට ඒ තරම් අමාරුයි කියලා.</font>

666
00:49:40,436 --> 00:49:42,438
<font color="#ffbf46">ඒ තරම් අමාරු නම්, ඒක කඩලා දාන්න.</font>

667
00:49:45,733 --> 00:49:46,567
<font color="#ffbf46">ඉන්න.</font>

668
00:49:47,485 --> 00:49:50,363
<font color="#ffbf46">මොකක්ද ඔයා දැන් කිව්වේ?</font>

669
00:49:51,614 --> 00:49:53,825
<font color="#ffbf46">ඔයා කිව්වේ, පොරොන්දුව කඩන්න කියලද?</font>

670
00:49:55,159 --> 00:49:58,913
<font color="#ffbf46">ඔයා මං වෙනුවෙන් බලන් ඉන්නේ යුතුකමට නම්,
මට ඒක එපා.</font>

671
00:49:59,664 --> 00:50:00,790
<font color="#ffbf46">ඔයා දන්නවනේ,</font>

672
00:50:02,250 --> 00:50:03,126
<font color="#ffbf46">මම…</font>

673
00:50:05,211 --> 00:50:06,254
<font color="#ffbf46">මට ඕන දේ තමයි…</font>

674
00:50:15,888 --> 00:50:16,848
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

675
00:50:19,475 --> 00:50:20,643
<font color="#ffbf46">මම ඔයාට කිව්වනේ.</font>

676
00:50:21,227 --> 00:50:24,063
<font color="#ffbf46">ඔයා අකමැති දෙයක් මම
කවදාවත් කරන්නේ නෑ කියලා.</font>

677
00:50:24,147 --> 00:50:28,359
<font color="#ffbf46">ඔයාට ඕන පොරොන්දුව කඩන්න නම්,
අපි එහෙම කරමු.</font>

678
00:50:29,777 --> 00:50:32,822
<font color="#ffbf46">එහෙනම් පරිස්සමෙන් ඉන්න,
ඔයාගේ පවුලේ අයටත් සැනසීම ලැබෙන්න ඕන.</font>

679
00:50:32,905 --> 00:50:35,658
<font color="#ffbf46">ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.</font>

680
00:50:37,326 --> 00:50:38,369
<font color="#ffbf46">බොම්-සික්.</font>

681
00:50:39,746 --> 00:50:42,206
<font color="#ffbf46">තාත්තා දැන් යනවා, හරිද? පරිස්සමෙන් ඉන්න.</font>

682
00:50:43,124 --> 00:50:43,958
<font color="#ffbf46">අඬන්න එපා.</font>

683
00:50:46,753 --> 00:50:47,837
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න…</font>

684
00:50:57,096 --> 00:50:58,598
<font color="#ffbf46">එයා මට කැමති නෑ වගේ.</font>

685
00:50:59,557 --> 00:51:03,144
<font color="#ffbf46">මම මහා මෝඩයෙක් වගේ,
පොරොන්දුව රකින්න ගිහින් නිකන් දඟලලා තියෙන්නේ.</font>

686
00:51:06,731 --> 00:51:07,774
<font color="#ffbf46">ශින්සු යතුරු අලුත්වැඩියා</font>

687
00:51:11,944 --> 00:51:12,945
<font color="#ffbf46">මොකක්?</font>

688
00:51:20,620 --> 00:51:21,871
<font color="#ffbf46">මට ෂුවර් නෑ,</font>

689
00:51:22,455 --> 00:51:24,499
<font color="#ffbf46">ඒත් අර ගෑනු කෙනා එක්ක
මොකක් හරි සම්බන්ධයක් ඇති.</font>

690
00:51:25,917 --> 00:51:28,294
<font color="#ffbf46">ඒකයි එයා ආපහු හැරිලවත් නොබලා
යන්න ගියේ.</font>

691
00:51:31,589 --> 00:51:33,716
<font color="#ffbf46">මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑනේ…</font>

692
00:52:02,537 --> 00:52:03,663
<font color="#ffbf46">සර්.</font>

693
00:52:03,746 --> 00:52:07,166
<font color="#ffbf46">එයා පේන්න ටිකක් සැර පාට වුණාට,
නරක කෙනෙක් නෙවෙයි.</font>

694
00:52:07,250 --> 00:52:09,669
<font color="#ffbf46">අපි ඔයාගේ තුවාල වලට වන්දි ගෙවන්නම්, ඒ නිසා--</font>

695
00:52:09,752 --> 00:52:13,464
<font color="#ffbf46">අනේ ඕක නවත්තන්නකෝ. ඇයි මේ උදේ පාන්දරම
මගේ ඔළුව කන්නේ?</font>

696
00:52:14,257 --> 00:52:16,884
<font color="#ffbf46">වන්දි එපා. මම ඒක පැහැදිලිවම කිව්වනේ.</font>

697
00:52:22,431 --> 00:52:25,101
<font color="#ffbf46">ඔයාට මොකක් හරි ලෙඩක්ද, ඇත්තටම?</font>

698
00:52:25,184 --> 00:52:27,270
<font color="#ffbf46">අයියෝ, නෑ. කකුල් ආයෙත් ඉබේම නැවුණා.</font>

699
00:52:27,854 --> 00:52:30,565
<font color="#ffbf46">සර්, මගේ හිතේ මගේ දණහිස් වලට
සෙන්සර් එකක් හයි කරලා තියෙනවා.</font>

700
00:52:30,648 --> 00:52:33,317
<font color="#ffbf46">සමාව ඉල්ලන්න ඕන වුණාම
ඒවා ඉබේම නැවෙනවා.</font>

701
00:52:33,401 --> 00:52:35,653
<font color="#ffbf46">කොහොමත් දැන් දණගහගෙන ඉන්න එකේ,</font>

702
00:52:35,736 --> 00:52:37,738
<font color="#ffbf46">මම තව එක පාරක් අහන්නම්.</font>

703
00:52:38,364 --> 00:52:41,284
<font color="#ffbf46">මේ පාර විතරක් සමාව දුන්නොත්…</font>

704
00:52:41,367 --> 00:52:44,245
<font color="#ffbf46">ඔයාට පහර දීමේ චෝදනාවට අමතරව
රාජකාරියට බාධා කිරීමේ චෝදනාවත් ඕනද?</font>

705
00:52:53,546 --> 00:52:54,881
<font color="#ffbf46">එයා ගියාද?</font>

706
00:52:57,592 --> 00:52:58,676
<font color="#ffbf46">එන්නකෝ!</font>

707
00:53:00,303 --> 00:53:03,306
<font color="#ffbf46">මෙතන ඉඳන් අතනට වෙනකම්.</font>

708
00:53:03,389 --> 00:53:05,933
<font color="#ffbf46">මම මෙතනට ආවේ කස්ටමර් කෙනෙක් විදිහට.</font>

709
00:53:06,017 --> 00:53:08,019
<font color="#ffbf46">මෙතන තියෙන දොර අගුලු ඔක්කොම,</font>

710
00:53:08,978 --> 00:53:10,730
<font color="#ffbf46">මම ගන්නවා. මෙන්න.</font>

711
00:53:11,856 --> 00:53:13,608
<font color="#ffbf46">ඇයි, ඔයාගේ ගෙදර දොරවල් 100ක් තියෙනවද?</font>

712
00:53:14,275 --> 00:53:16,360
<font color="#ffbf46">මොකටද මේ තරම් ගොඩක් ගන්නේ?</font>

713
00:53:16,444 --> 00:53:17,987
<font color="#ffbf46">මගේ අසල්වැසියාගේ ගෙදරට හොරු පැනලා.</font>

714
00:53:18,070 --> 00:53:20,656
<font color="#ffbf46">ඉතින් එහේ දොර අගුලු සේරම මාරු කළොත්,</font>

715
00:53:20,740 --> 00:53:22,617
<font color="#ffbf46">වැඩේ ආරක්ෂිතයිනේ. නිකන් කරලා දෙන්නකෝ.</font>

716
00:53:23,200 --> 00:53:27,371
<font color="#ffbf46">අනේ මන්දා, ඔයා හිතනවද ඔච්චර අගුලු ගත්තා කියලා
මම නඩුව ඉල්ලා අස්කර ගනී කියලා?</font>

717
00:53:27,455 --> 00:53:29,749
<font color="#ffbf46">අපෝ නෑ. හිතන්නවත් එපා.</font>

718
00:53:30,374 --> 00:53:31,292
<font color="#ffbf46">බලමුකෝ.</font>

719
00:53:36,464 --> 00:53:38,132
<font color="#ffbf46">ආදරණීය සොන්ග් ගා-ඉන්</font>

720
00:53:39,508 --> 00:53:41,636
<font color="#ffbf46">ඔයා සොන්ග් ගා-ඉන්ගේ ලොකු ෆෑන් කෙනෙක් වගේ.</font>

721
00:53:41,719 --> 00:53:45,222
<font color="#ffbf46">අනේ, කොරියාවේ කවුද
සොන්ග් ගා-ඉන්ට අකමැති?</font>

722
00:53:45,723 --> 00:53:49,769
<font color="#ffbf46">මට අද එයාගේ කොන්සර්ට් එකට යන්න ඕන වෙලා තිබුණේ,
ඒත් ටිකට් ටික ඉක්මනටම ඉවර වෙලානේ.</font>

723
00:53:56,609 --> 00:53:57,860
<font color="#ffbf46">සර්, ඔයා දන්නවද වැඩක්?</font>

724
00:53:58,736 --> 00:53:59,695
<font color="#ffbf46">ෂිහ්.</font>

725
00:54:01,572 --> 00:54:03,366
<font color="#ffbf46">මම සොන්ග් ගා-ඉන්ව ටිකක් දන්නවා.</font>

726
00:54:04,492 --> 00:54:06,077
<font color="#ffbf46">-සිරාවට?
-ඔව්.</font>

727
00:54:07,078 --> 00:54:10,122
<font color="#ffbf46">මම ගොඩක් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් එක්ක
එයා ගොඩක් ළඟයි,</font>

728
00:54:11,165 --> 00:54:12,416
<font color="#ffbf46">හරිම ෆිට්.</font>

729
00:54:13,167 --> 00:54:15,586
<font color="#ffbf46">ඒ කියන්නේ ඔයා ළඟින් හිටපු කෙනෙක් එක්ක
එයා ළඟයි කියලද?</font>

730
00:54:16,462 --> 00:54:18,714
<font color="#ffbf46">දැන් ඔයා කියන්නේ
ඔයා එයා එක්ක ෆිට් කියලද නැද්ද?</font>

731
00:54:23,219 --> 00:54:24,095
<font color="#ffbf46">එපා.</font>

732
00:54:25,137 --> 00:54:28,057
<font color="#ffbf46">ඔයා ගුරුවරියක් වෙන්න කලින්,
ඔයා ජොන්ග් නන්-හීගේ දුව.</font>

733
00:54:28,140 --> 00:54:30,726
<font color="#ffbf46">ඔයා හිතනවද මිනිස්සු ඔයාගේ නිර්දෝෂීකම ගැන
හොයයි කියලා?</font>

734
00:54:30,810 --> 00:54:33,771
<font color="#ffbf46">එයාලා උනන්දු වෙන්නේ ඇත්ත ගැන නෙවෙයි,
ඕපාදූප ගැන.</font>

735
00:54:36,983 --> 00:54:39,652
<font color="#ffbf46">අන්න දැක්කද. මම දැනන් හිටියා.</font>

736
00:54:39,735 --> 00:54:41,862
<font color="#ffbf46">ඔයා කොහොමද සොන්ග් ගා-ඉන්ව දන්නේ?</font>

737
00:54:41,946 --> 00:54:43,364
<font color="#ffbf46">ඒක වෙන්න බැරි දෙයක්නේ.</font>

738
00:54:43,948 --> 00:54:47,743
<font color="#ffbf46">ඔයා නම් අමු බොරුවක් කියන්නේ.
ඒක ඇත්ත නම්, මම එයාගේ අයියා.</font>

739
00:54:49,120 --> 00:54:52,248
<font color="#ffbf46">එයා නිකන් ඉන්න අය එක්ක
යාළුකම් පවත්වන්නේ නෑ.</font>

740
00:54:53,916 --> 00:54:56,961
<font color="#ffbf46">අම්මා</font>

741
00:55:06,887 --> 00:55:10,099
<font color="#ffbf46">දුව</font>

742
00:55:12,643 --> 00:55:14,186
<font color="#ffbf46">දැන් තමයි නින්ද ගියේ.</font>

743
00:55:14,854 --> 00:55:18,524
<font color="#ffbf46">කවුද මේ උදේ පාන්දර කතා කරන්නේ?
වදයක්නේ.</font>

744
00:55:25,865 --> 00:55:27,283
<font color="#ffbf46">පැටියෝ.</font>

745
00:55:28,659 --> 00:55:31,871
<font color="#ffbf46">මොකක්ද? කවුද ඔය?</font>

746
00:55:37,001 --> 00:55:37,877
<font color="#ffbf46">ෆෝන් එක ගන්න.</font>

747
00:55:38,544 --> 00:55:39,587
<font color="#ffbf46">දැන්ම.</font>

748
00:55:47,261 --> 00:55:48,929
<font color="#ffbf46">මේ බොම් නේද?</font>

749
00:55:50,056 --> 00:55:51,390
<font color="#ffbf46">කොහොමද ඉතින්…</font>

750
00:55:54,518 --> 00:55:55,436
<font color="#ffbf46">ඔව්.</font>

751
00:55:56,437 --> 00:55:57,271
<font color="#ffbf46">ඔව්.</font>

752
00:55:58,439 --> 00:55:59,899
<font color="#ffbf46">මොකක්? කවුද?</font>

753
00:56:03,152 --> 00:56:05,446
<font color="#ffbf46">නෑ, මම බැහැ කියනවා නෙවෙයි…</font>

754
00:56:07,114 --> 00:56:10,076
<font color="#ffbf46">හරි. මම ඒක කරන්නම්.</font>

755
00:56:10,159 --> 00:56:10,993
<font color="#ffbf46">ඔයා…</font>

756
00:56:12,620 --> 00:56:13,496
<font color="#ffbf46">බොම්.</font>

757
00:56:14,163 --> 00:56:15,081
<font color="#ffbf46">බොම්? යූන් බොම්?</font>

758
00:56:17,708 --> 00:56:18,667
<font color="#ffbf46">එයා කට් කළා.</font>

759
00:56:19,877 --> 00:56:22,421
<font color="#ffbf46">එයා මොනවද කිව්වේ? මොකක්ද මේ වෙන්නේ?</font>

760
00:56:23,756 --> 00:56:26,884
<font color="#ffbf46">ඔයා දන්නවනේ ගා-ඉන්ව. සොන්ග් ගා-ඉන්.</font>

761
00:56:26,967 --> 00:56:29,762
<font color="#ffbf46">ඔයාගේ කම්පැණියේ ඉන්න අර සින්දු කියන එක්කෙනා?</font>

762
00:56:29,845 --> 00:56:34,809
<font color="#ffbf46">එයා ඇහුවා එයාගේ කොන්සර්ට් එකට ටිකට් එකක් ගැන.</font>

763
00:56:35,518 --> 00:56:36,727
<font color="#ffbf46">මොකක්?</font>

764
00:56:36,811 --> 00:56:38,521
<font color="#ffbf46">අන්න ඒ හින්දා තමයි</font>

765
00:56:38,604 --> 00:56:42,483
<font color="#ffbf46">මම කඩේ වහලා
අද එයාගේ කොන්සර්ට් එකට ගියේ!</font>

766
00:56:43,901 --> 00:56:47,071
<font color="#ffbf46">මේක බලන්නකෝ.
ඔයා කවදාවත් මෙහෙම දෙයක් දැකලා තියෙනවද?</font>

767
00:56:47,863 --> 00:56:52,743
<font color="#ffbf46">ඔන්න බලාගන්න, මම මේ ඔටෝග්‍රැෆ් එක ගත්තේ
කෙළින්ම සොන්ග් ගා-ඉන්ගෙන්මයි.</font>

768
00:56:53,577 --> 00:56:58,124
<font color="#ffbf46">"ඔයාගේ බිස්නස් දියුණු වේවා,
ශින්සු යතුරු අලුත්වැඩියා. සොන්ග් ගා-ඉන් ගෙන්."</font>

769
00:56:58,874 --> 00:57:00,501
<font color="#ffbf46">ඔයා ළඟ මේ වගේ ඒව නැතුව ඇති නේ.</font>

770
00:57:01,335 --> 00:57:02,920
<font color="#ffbf46">ඔයා ළඟ කොහොමත් නෑනේ.</font>

771
00:57:29,989 --> 00:57:30,865
<font color="#ffbf46">මිස්ටර් සන්?</font>

772
00:57:34,243 --> 00:57:37,329
<font color="#ffbf46">ඔයා "පරිස්සමෙන් ඉන්න" කියලා ගියානේ.
ඇයි මේ ආයේ ඇවිල්ලා?</font>

773
00:57:40,583 --> 00:57:41,750
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම කළේ?</font>

774
00:57:42,626 --> 00:57:43,586
<font color="#ffbf46">ඔයා මොකක් ගැනද අහන්නේ?</font>

775
00:57:44,545 --> 00:57:46,964
<font color="#ffbf46">මට දැන් අර අගුලු හදන කෙනාගෙන් විස්තරේ දැනගත්තා.</font>

776
00:57:49,842 --> 00:57:53,304
<font color="#ffbf46">මම ඒක කළේ ඒ සිද්ධිය වුණේ මගේ තැන නිසා,
ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා.</font>

777
00:57:53,387 --> 00:57:55,347
<font color="#ffbf46">ඒක එයාගේ ගෙදර වුණත්,</font>

778
00:57:55,973 --> 00:57:57,641
<font color="#ffbf46">කවුද ඔච්චර අගුලු තොගයක් ගන්නේ?</font>

779
00:57:58,267 --> 00:57:59,935
<font color="#ffbf46">කවුද මම වෙනුවෙන් දණගහන්නේ?</font>

780
00:58:00,644 --> 00:58:02,897
<font color="#ffbf46">කවුද එයාට කොන්සර්ට් ටිකට් එකක් අරන් දෙන්නේ?</font>

781
00:58:08,277 --> 00:58:09,862
<font color="#ffbf46">ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ?</font>

782
00:58:11,655 --> 00:58:13,866
<font color="#ffbf46">ඔයා මට නොදැනෙන්න මං වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා,</font>

783
00:58:14,491 --> 00:58:16,660
<font color="#ffbf46">ඒත් ඇයි මගේ ඉස්සරහදී ඔච්චර ගණන් උස්සන්නේ?</font>

784
00:58:34,678 --> 00:58:35,512
<font color="#ffbf46">මොකද…</font>

785
00:58:44,563 --> 00:58:47,733
<font color="#ffbf46">ඇයි මේ එකපාරටම අඬන්නේ?</font>

786
00:58:51,570 --> 00:58:53,155
<font color="#ffbf46">ඔයා වෙන ගෑනු කෙනෙක්ව හම්බුණානේ.</font>

787
00:58:55,616 --> 00:58:57,618
<font color="#ffbf46">ගිය සතියේ අන්තිමේදී, මම දැක්කා ඔයා</font>

788
00:58:58,577 --> 00:58:59,912
<font color="#ffbf46">වෙන ගෑනු කෙනෙක් එක්ක ඉන්නවා.</font>

789
00:59:02,498 --> 00:59:03,707
<font color="#ffbf46">එයා ලස්සනයි.</font>

790
00:59:04,291 --> 00:59:05,584
<font color="#ffbf46">ගොඩක් ලස්සනයි.</font>

791
00:59:07,086 --> 00:59:10,839
<font color="#ffbf46">මම තාම ඔයාගේ ඇඟිල්ලක්වත් අල්ලලා නෑ, ඒත්…</font>

792
00:59:12,049 --> 00:59:13,217
<font color="#ffbf46">ඒත් ඔයා...</font>

793
00:59:14,718 --> 00:59:16,220
<font color="#ffbf46">එයා එක්ක කෝපි බිව්වා...</font>

794
00:59:18,097 --> 00:59:19,306
<font color="#ffbf46">එයාගේ අතින් අල්ලගත්තා.</font>

795
00:59:23,269 --> 00:59:24,270
<font color="#ffbf46">ඉතින්…</font>

796
00:59:26,647 --> 00:59:29,066
<font color="#ffbf46">ඔයා මං එක්ක තරහ වුණේ ඒ හින්දද?</font>

797
00:59:29,650 --> 00:59:32,861
<font color="#ffbf46">ඔයා කිව්වා ඔයාව විශ්වාස කරන්න කියලා,
ඒත් ඔයා වෙන ගෑනු කෙනෙක් එක්ක එහෙම කළා.</font>

798
00:59:35,531 --> 00:59:36,740
<font color="#ffbf46">ඔයා හරි, මිස් බොම්.</font>

799
00:59:39,451 --> 00:59:40,286
<font color="#ffbf46">මොකක්?</font>

800
00:59:41,036 --> 00:59:42,246
<font color="#ffbf46">මම, සන් ජේ-ග්‍යු...</font>

801
00:59:44,081 --> 00:59:45,708
<font color="#ffbf46">පොරොන්දු රකින්නේ නෑ.</font>

802
00:59:46,417 --> 00:59:48,252
<font color="#ffbf46">මම පේන තරම් ශක්තිමත් නෑ,</font>

803
00:59:49,753 --> 00:59:53,966
<font color="#ffbf46">ඒ වගේම මම බුද්ධිමත්, වැදගත්,
හික්මීමක් තියෙන නැත්නම් ඉවසන කෙනෙක් නෙවෙයි.</font>

804
00:59:59,471 --> 01:00:00,556
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

805
01:00:02,933 --> 01:00:04,143
<font color="#ffbf46">මට තවත් ඉවසන්න බෑ.</font>

806
01:02:05,931 --> 01:02:09,017
<font color="#ffbf46">අපේ 'ග්‍රීන් නාරේ' පැල තවානට සාදරයෙන් පිළිගන්නවා!</font>

807
01:02:09,601 --> 01:02:12,771
<font color="#ffbf46">ඔයයි ජේ-ග්‍යුයි අතර මොකක් හරි
තියෙනවා නේද? නිවුන් ළමයි දෙන්න දැකලා.</font>

808
01:02:12,855 --> 01:02:17,359
<font color="#ffbf46">එයා තමයි නියම සැමියෙක්ට ගැලපෙන කෙනා.
එයා ශක්තිමත්, බලවත්, ඒ වගේම සල්ලිකාරයෙක්.</font>

809
01:02:17,443 --> 01:02:18,360
<font color="#ffbf46">ඔයා කැමතිද?</font>

810
01:02:18,444 --> 01:02:20,028
<font color="#ffbf46">ඇයි ඔයා ඕකම අහන්නේ?</font>

811
01:02:20,112 --> 01:02:23,449
<font color="#ffbf46">-අපිව අතේ මාට්ටු වුණොත්?
-මම නියම තැනක් හොයාගන්නම්.</font>

812
01:02:24,700 --> 01:02:26,618
<font color="#ffbf46">-කවුරුත් නෑ මෙතන.
-මම කිව්වනේ මාව විශ්වාස කරන්න කියලා.</font>

813
01:02:27,744 --> 01:02:29,621
<font color="#ffbf46">-මිස්ටර් සන්.
-කියන්න, මිස් බොම්.</font>

814
01:02:29,705 --> 01:02:31,665
<font color="#ffbf46">මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණු දේ කියන්නද?</font>

815
01:02:35,711 --> 01:02:37,713
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

