1
00:00:42,291 --> 00:00:44,291
<font color="#e32a44"><b>💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</b></font>

2
00:00:44,315 --> 00:00:48,945
<font color="#e3a113"><b>ආදරණීය X</b></font>

3
00:00:49,821 --> 00:00:51,865


4
00:00:51,948 --> 00:00:53,491


5
00:02:04,854 --> 00:02:06,106
<font color="#ffd220">දෙක, තුන. ඉවත් වන්න!</font>

6
00:02:15,031 --> 00:02:17,700
<font color="#ffd220">හෘද පේස්මේකරය</font>

7
00:02:44,727 --> 00:02:46,229
<font color="#ffd220">එක, දෙක, තුන. ඉවත් වන්න!
<i>- ජීවිතයත් මරණයත් අතර සටනක් පවතින...</i></font>

8
00:02:47,105 --> 00:02:49,607
<font color="#ffd220"><i>ඒ තීරණාත්මක මොහොතේ...</i></font>

9
00:02:51,734 --> 00:02:53,862
<font color="#ffd220"><i>අසරණ වූ ආ-ජින් කවරාකාරයේ ප්‍රාර්ථනාවක් කළාද?</i></font>

10
00:02:55,530 --> 00:02:57,031
<font color="#ffd220"><i>ඇය පැතුවේ කුමක්ද?</i></font>

11
00:02:59,534 --> 00:03:00,994
<font color="#ffd220"><i>මරණයේ දොරකඩ සිටියේ...</i></font>

12
00:03:02,370 --> 00:03:03,997
<font color="#ffd220"><i>ඇගේ ජීවිතයද...</i></font>

13
00:03:05,582 --> 00:03:06,583
<font color="#ffd220"><i>නැතිනම් ඇගේ අවසානයද?</i></font>

14
00:03:19,262 --> 00:03:20,263
<font color="#ffd220"><i>ඒ මරණය...</i></font>

15
00:03:22,056 --> 00:03:24,475
<font color="#ffd220"><i>ආ-ජින්ගේ ප්‍රාර්ථනාවට දෙවියන් දුන් පිළිතුරද...</i></font>

16
00:03:26,269 --> 00:03:27,270
<font color="#ffd220"><i>නැත්නම් ඔහු දුන් දඬුවමද?</i></font>

17
00:03:42,410 --> 00:03:43,411
<font color="#ffd220">බලවත් ශෝකය ප්‍රකාශ කරමු</font>

18
00:04:42,136 --> 00:04:43,137
<font color="#ffd220">නැහැ!</font>

19
00:04:51,896 --> 00:04:53,564
<font color="#ffd220">ආච්චි!</font>

20
00:05:20,675 --> 00:05:25,596
<i><b><font color="#ff9231">[8 වන කොටස]</font> : <font color="#e3a113">විනිශ්චයට පෙර</font></b></i>

21
00:05:28,391 --> 00:05:30,935
<font color="#ffd220">සම්යුන් සෝල් රෝහල් අනුස්මරණ ශාලාව</font>

22
00:05:31,019 --> 00:05:33,438
<font color="#ffd220">මාධ්‍ය ආවරණය පිළිබඳ දැන්වීමයි</font>

23
00:06:27,158 --> 00:06:29,535
<font color="#ffd220">සමාදානයේ සැතපේවා!</font>

24
00:06:33,748 --> 00:06:34,874
<font color="#ffd220">ටිකක් විවේක ගන්න.</font>

25
00:06:34,957 --> 00:06:36,459
<font color="#ffd220">මේ විදියට ගියොත් ඔයා වැටෙයි.</font>

26
00:06:36,542 --> 00:06:38,294
<font color="#ffd220">මම මෙයාව පොඩ්ඩකට එළියට එක්කන් යන්නම්.</font>

27
00:06:41,547 --> 00:06:43,341
<font color="#ffd220">හොං කියුං-සුක්</font>

28
00:06:50,807 --> 00:06:52,850
<font color="#ffd220">ඔයාලා දෙන්නා අඳුරනවද? ඔව්.</font>

29
00:06:52,934 --> 00:06:54,685
<font color="#ffd220">එයා මට ගොඩක් උදව් කළා.</font>

30
00:06:54,769 --> 00:06:57,563
<font color="#ffd220">මම අවුරුද්දක් විතර එයාගේ
කැෆේ එකේ අර්ධකාලීනව වැඩ කළා.</font>

31
00:07:01,651 --> 00:07:05,780
<font color="#ffd220">අර්ධකාලීන සේවකයෙකුගේ පියෙකු ඝාතනය කිරීම
සම්බන්ධයෙන් බේස්බෝල් ක්‍රීඩක චෝයි අත්අඩංගුවට</font>

32
00:07:05,863 --> 00:07:08,116
<font color="#ffd220">වරද අර්ධ වශයෙන් පිළිගනී "එය
ආවේගශීලීව සිදුවූවක්" බව පවසයි</font>

33
00:07:20,670 --> 00:07:22,797
<font color="#ffd220">මම හිටියේ ගෙදර යන්න...</font>

34
00:07:24,132 --> 00:07:25,466
<font color="#ffd220">ඉන්-ගැන්ග් ගියාට පස්සේ.</font>

35
00:07:27,218 --> 00:07:28,886
<font color="#ffd220">ඒත් මම ගියේ එයාගේ ගෙදරට.</font>

36
00:07:31,264 --> 00:07:33,057
<font color="#ffd220">එයා මගෙන් ඉල්ලීමක් කරලා තිබුණේ...</font>

37
00:07:34,809 --> 00:07:39,772
<font color="#ffd220">අනික මට මතක් වුණා එයා ළඟක
ඉඳන් රෑට හරියට නිදාගත්තෙත් නෑ කියලා.</font>

38
00:07:42,316 --> 00:07:44,527
<font color="#ffd220">මට ඕන වුණේ එයාගේ තනියට ඉන්න.</font>

39
00:07:44,610 --> 00:07:47,780
<font color="#ffd220"><i>මම හිතුවේ ඔයා මගේ දුවගෙන් ලැබුණු තෑග්ගක් කියලා.</i></font>

40
00:07:49,699 --> 00:07:53,286
<font color="#ffd220">මම ඉන්-ගැන්ග්ට බැන්නා ඔයාව
සැක කරනවට, ඔයාව ඈත් කරනවට.</font>

41
00:07:54,787 --> 00:07:56,497
<font color="#ffd220">මම ඒකට එයාට දොස් කිව්වා.</font>

42
00:07:57,415 --> 00:08:00,751
<font color="#ffd220">මම ඔයාව මුලින්ම දකිද්දී ඔයා
හරිම අසරණයි වගේ පෙනුණේ.</font>

43
00:08:00,835 --> 00:08:03,087
<font color="#ffd220">ඉතින් මම විශ්වාස කළා ඔයාට කවදාවත්
ඒ වගේ දෙයක් කරන්න බැහැ කියලා.</font>

44
00:08:03,838 --> 00:08:04,839
<font color="#ffd220">මාව රැවැට්ටුවේ...</font>

45
00:08:05,465 --> 00:08:06,466
<font color="#ffd220">නැහැ.</font>

46
00:08:06,966 --> 00:08:08,926
<font color="#ffd220">මගේ මුළු පවුලම රැවැට්ටුවේ...</font>

47
00:08:10,094 --> 00:08:11,888
<font color="#ffd220">මම මෝඩයෙක් වගේ ඔයාව විශ්වාස කළා.</font>

48
00:08:12,638 --> 00:08:15,600
<font color="#ffd220">ඒ වගේම මම මගේම මුණුපුරාව...</font>

49
00:08:17,643 --> 00:08:19,604
<font color="#ffd220">ආයේ ගොඩ එන්න බැරි අගාධයකට ඇදලා දැම්මා.</font>

50
00:08:25,943 --> 00:08:26,944
<font color="#ffd220">මොකක්ද...</font>

51
00:08:27,862 --> 00:08:29,322
<font color="#ffd220">මම මොකක්ද කරන්න ඕනේ?</font>

52
00:08:31,157 --> 00:08:33,534
<font color="#ffd220">ආ-ජින්, මම දැන් මොකක්ද කරන්න ඕනේ?</font>

53
00:08:35,828 --> 00:08:38,956
<font color="#ffd220">ඔයාට පැහැදිලි කරන්න පුළුවන්ද</font>

54
00:08:39,040 --> 00:08:41,542
<font color="#ffd220">වැටෙන්න කලින් සහ පස්සේ මොකද වුණේ කියලා?</font>

55
00:08:46,422 --> 00:08:47,632
<font color="#ffd220">පූසෙක්.</font>

56
00:08:50,009 --> 00:08:51,969
<font color="#ffd220">එයා එළියට ගියේ</font>

57
00:08:53,471 --> 00:08:56,474
<font color="#ffd220">පැත්තට ආපු පූස් පැටියව මට පෙන්නන්න.</font>

58
00:08:57,975 --> 00:08:58,976
<font color="#ffd220">පූසෙක්?</font>

59
00:09:01,354 --> 00:09:02,563
<font color="#ffd220">එයා පුරුද්දක් විදියට</font>

60
00:09:03,898 --> 00:09:06,901
<font color="#ffd220">අසල්වැසි වීදි පූසන්ට කෑම දැම්මා.</font>

61
00:09:07,151 --> 00:09:11,239
<font color="#ffd220">ඉන්-මෝට ඇලජික් නිසා, එයාට
එයාලව ගෙට ගන්න බැරි වුණා.</font>

62
00:09:13,991 --> 00:09:17,036
<font color="#ffd220">එයා කළේ එයාලට එළියෙන් කෑම තියපු එක විතරයි.</font>

63
00:09:18,329 --> 00:09:22,333
<font color="#ffd220">සමහර වෙලාවට, රෑට ඒ පූසෝ පැටව් එක්ක</font>

64
00:09:22,959 --> 00:09:24,210
<font color="#ffd220">එයාගේ දොරකඩට</font>

65
00:09:25,461 --> 00:09:27,338
<font color="#ffd220">එනවා.</font>

66
00:09:28,047 --> 00:09:29,048
<font color="#ffd220">කරුණාකරලා දිගටම කියන්න.</font>

67
00:09:30,508 --> 00:09:32,593
<font color="#ffd220">එයාලට කෑම තිබ්බට පස්සේ...</font>

68
00:09:34,929 --> 00:09:36,264
<font color="#ffd220">එයා හිටගෙන හිටියේ...</font>

69
00:09:38,474 --> 00:09:42,311
<font color="#ffd220">එකපාරටම කලන්තේ හැදුණා වගේ එයා පැද්දුණා.</font>

70
00:09:52,905 --> 00:09:54,448
<font color="#ffd220">ඊටපස්සේ එයාට සිහිය නැති වුණා.</font>

71
00:10:01,414 --> 00:10:02,415
<font color="#ffd220">මට තේරෙනවා.</font>

72
00:10:03,332 --> 00:10:05,126
<font color="#ffd220">මේක අමාරු බව මම දන්නවා</font>

73
00:10:06,544 --> 00:10:08,212
<font color="#ffd220">ඒත් මට තව ප්‍රශ්න ටිකක් තියෙනවා.</font>

74
00:10:27,690 --> 00:10:28,774
<font color="#ffd220">මම ඒක බලාගන්නම්.</font>

75
00:10:29,609 --> 00:10:31,819
<font color="#ffd220">මම හැම සීසීටීවී එකක්ම, ඩෑෂ්
කැම් එකක්ම මකලා දාන්නම්</font>

76
00:10:33,446 --> 00:10:34,655
<font color="#ffd220">ඒ නිසා මෙයාව මෙතනින් අරන් යන්න.</font>

77
00:10:35,156 --> 00:10:37,158
<font color="#ffd220">මම මෙතන හිටියා කියන එක වඩාත් ස්වභාවිකයි.</font>

78
00:10:39,160 --> 00:10:40,870
<font color="#ffd220">අනික මෙතන සීසීටීවී නැහැ.</font>

79
00:10:42,538 --> 00:10:43,789
<font color="#ffd220">මෝඩ වැඩ කරන්න එපා.</font>

80
00:10:58,554 --> 00:11:01,307
<font color="#ffd220">ආච්චි කෙනෙක් පඩිපෙළෙන් වැටුණා.</font>

81
00:11:03,601 --> 00:11:04,727
<font color="#ffd220">ඉක්මනට එන්න.</font>

82
00:11:15,780 --> 00:11:16,781
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න!</font>

83
00:11:20,034 --> 00:11:22,495
<font color="#ffd220">මට දැනගන්න ඕනේ හරියටම
ඔයා සහ බෙක් ආ-ජින් අතර</font>

84
00:11:22,912 --> 00:11:24,205
<font color="#ffd220">තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියලා.</font>

85
00:11:24,580 --> 00:11:25,748
<font color="#ffd220">මම ඔයා ගැන හෙව්වා.</font>

86
00:11:26,123 --> 00:11:28,000
<font color="#ffd220">නොජොං-දොං වහල මත මිනීමැරුම් සිද්ධිය.</font>

87
00:11:28,626 --> 00:11:31,504
<font color="#ffd220">දර්ම සොහොයුරි යොන්හ්වාගේ මරණයට
ඒකේ තියෙන සම්බන්ධය මොකක්ද?</font>

88
00:11:31,587 --> 00:11:33,339
<font color="#ffd220">මම දැක්කා ඔයා සාක්ෂි දීලා තියෙනවා
ඔයා අහුවුණේ වින්දිතයාගේ දුව</font>

89
00:11:33,422 --> 00:11:35,925
<font color="#ffd220">අටවපු උගුලකට කියලා. එයා ඔයාගේ
කැෆේ එකේ අර්ධකාලීනව වැඩ කළා නේද?</font>

90
00:11:36,008 --> 00:11:38,010
<font color="#ffd220">ඇත්තටම ඔයා මොකක්ද මේ අහන්න හදන්නේ?</font>

91
00:11:38,928 --> 00:11:41,597
<font color="#ffd220">බෙක් ආ-ජින් සහ එයාගේ තාත්තාගේ මිනීමැරුම අතර</font>

92
00:11:41,681 --> 00:11:43,766
<font color="#ffd220">සම්බන්ධයක් තියෙනවද කියලද?</font>

93
00:11:43,849 --> 00:11:45,142
<font color="#ffd220">ඔයාට ඒකට උත්තර දෙන්න පුළුවන්ද?</font>

94
00:11:45,893 --> 00:11:47,186
<font color="#ffd220">ඔයාට උත්තරයක් ඕනෙද?</font>

95
00:11:51,857 --> 00:11:53,943
<font color="#ffd220">බෙක් සොන්-ග්‍යු මහත්තයාගේ මිනීමැරුමයි...</font>

96
00:11:56,070 --> 00:11:57,780
<font color="#ffd220">බෙක් ආ-ජින් මෙනවියයි අතර...</font>

97
00:12:01,951 --> 00:12:02,952
<font color="#ffd220">කිසිම සම්බන්ධයක් නැහැ.</font>

98
00:12:03,828 --> 00:12:04,829
<font color="#ffd220">මොකක්?</font>

99
00:12:04,912 --> 00:12:06,455
<font color="#ffd220">කිසිම සම්බන්ධයක් නැහැ.</font>

100
00:12:07,289 --> 00:12:10,000
<font color="#ffd220">එදා මම එහෙම සාක්ෂි දුන්නේ
අපරාධකාරයෙක් වෙන්න බය නිසා</font>

101
00:12:10,084 --> 00:12:12,837
<font color="#ffd220">නීතියෙන් රිංගලා යන්න තිබුණු</font>

102
00:12:12,920 --> 00:12:14,338
<font color="#ffd220">බියගුලු ආසාවට.</font>

103
00:12:15,381 --> 00:12:16,882
<font color="#ffd220">දැන් මම ඒ ගැන පසුතැවෙනවා.</font>

104
00:12:18,175 --> 00:12:22,054
<font color="#ffd220">මම අවුරුදු පහක් හිරේ හිටියා, වන්දි ගෙව්වා.</font>

105
00:12:22,847 --> 00:12:24,348
<font color="#ffd220">ඒත් මියගිය අයට මම ගෙවන්න ඕන ණය</font>

106
00:12:25,599 --> 00:12:27,560
<font color="#ffd220">ජීවිත කාලෙම මගේ කර මත තියෙනවා.</font>

107
00:12:30,187 --> 00:12:31,272
<font color="#ffd220">බෙක් ආ-ජින් කියන්නේ...</font>

108
00:12:32,106 --> 00:12:34,942
<font color="#ffd220">තමන්ගේ පවුල අහිමි වුණු අසරණ දියණියක් විතරයි.</font>

109
00:12:35,025 --> 00:12:36,235
<font color="#ffd220">එයාට මම...</font>

110
00:12:37,069 --> 00:12:38,863
<font color="#ffd220">මැරෙනකම්ම සමාව ගන්න ඕනේ.</font>

111
00:12:39,488 --> 00:12:41,699
<font color="#ffd220">එයා ගොඩක් ප්‍රසිද්ධ වුණු නිසා</font>

112
00:12:42,491 --> 00:12:45,911
<font color="#ffd220">නොයෙක් කටකතා හැදෙන්න පුළුවන්.</font>

113
00:12:45,995 --> 00:12:47,913
<font color="#ffd220">ඒත් ඒවා බොරු.</font>

114
00:12:48,581 --> 00:12:49,582
<font color="#ffd220">ඒක අහන්න ලැබුණු එක ලොකු දෙයක්.</font>

115
00:12:50,374 --> 00:12:51,834
<font color="#ffd220">ආවට ස්තූතියි.</font>

116
00:13:01,594 --> 00:13:03,345
<font color="#ffd220">ඇයි ඔයා එයාට එහෙම කිව්වේ?</font>

117
00:13:10,811 --> 00:13:12,188
<font color="#ffd220">ඒක පළිගන්න හොඳ අවස්ථාවක්.</font>

118
00:13:15,733 --> 00:13:17,026
<font color="#ffd220">ඇයි මාව ආරක්ෂා කළේ?</font>

119
00:13:23,783 --> 00:13:25,326
<font color="#ffd220">හිරේ හිටපු පළමු අවුරුද්දේ...</font>

120
00:13:27,870 --> 00:13:29,580
<font color="#ffd220">මම කල්පනා කළා මම එළියට ආවම...</font>

121
00:13:31,081 --> 00:13:32,541
<font color="#ffd220">ඔයාට මොනවා කරයිද කියලා.</font>

122
00:13:34,710 --> 00:13:35,961
<font color="#ffd220">ඔයාගෙන් පළිගන්නේ කොහොමද කියලා.</font>

123
00:13:38,297 --> 00:13:39,423
<font color="#ffd220">දෙවැනි අවුරුද්දේ...</font>

124
00:13:40,966 --> 00:13:42,343
<font color="#ffd220">මම හිතුවා...</font>

125
00:13:44,804 --> 00:13:46,013
<font color="#ffd220">"ඇයි මටම මේ දේ වුණේ?" කියලා.</font>

126
00:13:48,724 --> 00:13:50,601
<font color="#ffd220">තුන්වැනි ශීත කාලෙට පස්සේ...</font>

127
00:13:53,229 --> 00:13:55,731
<font color="#ffd220">මම කල්පනා කරන්න ගත්තා
ඔයාව ඒ වගේ දරුණු දෙයක් කරන්න...</font>

128
00:13:58,359 --> 00:14:00,027
<font color="#ffd220">පෙලඹුවේ මොකක්ද කියලා.</font>

129
00:14:02,154 --> 00:14:03,489
<font color="#ffd220">ඊළඟ අවුරුද්දේ...</font>

130
00:14:06,492 --> 00:14:08,494
<font color="#ffd220">මට ඔයා ගැන අනුකම්පාවක් ඇති වුණා.</font>

131
00:14:11,455 --> 00:14:14,625
<font color="#ffd220">ඔයා පොඩි කාලේ ඔයා වෙනුවෙන් හිටගන්න
එක හරියකාර වැඩිහිටියෙක් හිටියා නම්...</font>

132
00:14:16,168 --> 00:14:17,837
<font color="#ffd220">ඔයාගේ ජීවිතය</font>

133
00:14:18,420 --> 00:14:22,716
<font color="#ffd220">වෙනස් වෙන්න තිබුණා කියලා මට හිතුණා.</font>

134
00:14:24,426 --> 00:14:25,886
<font color="#ffd220">ඉතින්, අන්තිම අවුරුද්දේ...</font>

135
00:14:28,055 --> 00:14:29,390
<font color="#ffd220">මම තීරණය කළා ඔයා වෙනුවෙන් යාච්ඤා කරන්න.</font>

136
00:14:31,600 --> 00:14:33,018
<font color="#ffd220">මම කල්පනා කළා මට පුළුවන් වෙයිද කියලා...</font>

137
00:14:33,894 --> 00:14:37,773
<font color="#ffd220">ඔයාට හිටපු නැති ඒ වැඩිහිටියා වෙන්න.</font>

138
00:14:41,318 --> 00:14:42,945
<font color="#ffd220">එහෙම හිතුවට පස්සේ...</font>

139
00:14:44,697 --> 00:14:46,532
<font color="#ffd220">මට ඔයා ගැන තිබුණු තරහ නැති වුණා.</font>

140
00:14:49,076 --> 00:14:50,619
<font color="#ffd220">ඒ නිසා වරදකාරී හැඟීමක් තියාගන්න එපා.</font>

141
00:14:52,580 --> 00:14:53,622
<font color="#ffd220">එදා වුණේ...</font>

142
00:14:55,082 --> 00:14:56,625
<font color="#ffd220">මගේ දෛවය.</font>

143
00:14:58,836 --> 00:15:00,337
<font color="#ffd220">ඒක නම් ඔයා වගේම කතාවක්.</font>

144
00:15:01,547 --> 00:15:03,132
<font color="#ffd220">මම ඔයාට සුබ පතනවා.</font>

145
00:15:03,674 --> 00:15:04,800
<font color="#ffd220">ඒක තමා මගේ ක්‍රමය.</font>

146
00:15:07,386 --> 00:15:11,807
<font color="#ffd220">ඒ නිසා, ජීවත් වෙන්න. මතක තියාගන්න
කොහේ හරි කෙනෙක් ඉන්නවා කියලා...</font>

147
00:15:12,474 --> 00:15:15,311
<font color="#ffd220">ඔයා ගැන අවංකවම අනුකම්පා කරන...</font>

148
00:15:17,605 --> 00:15:18,856
<font color="#ffd220">සහ අවංකවම ඔයාට ජය පතන.</font>

149
00:15:21,483 --> 00:15:22,776
<font color="#ffd220">ඒ විදියට ජීවත් වෙන්න උත්සාහ කරන්න.</font>

150
00:15:26,655 --> 00:15:28,574
<font color="#ffd220">මට දෙන්න පුළුවන් හොඳම පළිගැනීම ඒකයි.</font>

151
00:15:34,747 --> 00:15:37,082
<font color="#ffd220">ඒත් චෝයි මහත්තයා.</font>

152
00:15:42,046 --> 00:15:44,298
<font color="#ffd220">"හොඳම පළිගැනීම" කියලා දෙයක් නැහැ.</font>

153
00:15:46,091 --> 00:15:47,593
<font color="#ffd220">දැන් වුණේ...</font>

154
00:15:48,552 --> 00:15:50,554
<font color="#ffd220">ඔයාට මගෙන් පළිගන්න තිබුණු</font>

155
00:15:51,597 --> 00:15:53,599
<font color="#ffd220">එකම අවස්ථාව මග හැරුණු එක විතරයි.</font>

156
00:15:59,021 --> 00:16:00,022
<font color="#ffd220">ස්තූතියි.</font>

157
00:16:10,074 --> 00:16:11,617
<font color="#ffd220">හියෝ ඉන්-ගැන්ග් තමන්ගේ ආච්චිට
පුදුම ආදරයක් තිබුණේ කියලා ප්‍රසිද්ධයි...</font>

158
00:16:11,700 --> 00:16:13,077
<font color="#ffd220">බෙක් ආ-ජින් සහ හියෝ ඉන්-ගැන්ග්?</font>

159
00:16:13,160 --> 00:16:14,870
<font color="#ffd220">කොච්චර කල් ඔයාලා මෙයාලව විකුණන් කන්නද?</font>

160
00:16:15,329 --> 00:16:17,456
<font color="#ffd220">මිනිස්සු ඕවට කැමතියි.</font>

161
00:16:17,539 --> 00:16:18,874
<font color="#ffd220">එයාලා හරියට සුප් කැටයක් වගේ.</font>

162
00:16:19,416 --> 00:16:20,751
<font color="#ffd220">උණු කරලා උණු කරලා ගත්තත් තව රස එනවා.</font>

163
00:16:20,834 --> 00:16:23,253
<font color="#ffd220">හැබැයි දැන් එයාලා වෙන් වෙන්න කාලේ හරි.</font>

164
00:16:23,337 --> 00:16:26,215
<font color="#ffd220">මම හිතන් හිටියේ ඒ වෙන්වීම "විශේෂ
පුවතක්" විදියට දාලා වැඩේ ඉවර කරන්න.</font>

165
00:16:26,757 --> 00:16:29,051
<font color="#ffd220">හොඳට ඉන්න ජෝඩුවක් වෙන් කරන්නේ මොකටද?</font>

166
00:16:29,134 --> 00:16:30,636
<font color="#ffd220">ඒක පැහැදිලි නැද්ද?</font>

167
00:16:30,719 --> 00:16:32,805
<font color="#ffd220">ආ-ජින් කියන්නේ පායන ඉරක්.
ඉන්-ගැන්ග් කියන්නේ බැස යන ඉරක්.</font>

168
00:16:32,888 --> 00:16:34,598
<font color="#ffd220">එයාගෙන් ගන්න පුළුවන් හැම දේම ආ-ජින් ගත්තා.</font>

169
00:16:35,015 --> 00:16:37,518
<font color="#ffd220">තවත් එයා එක්ක ඉඳියිද?</font>

170
00:16:38,060 --> 00:16:41,730
<font color="#ffd220">කවුද දන්නේ?</font>

171
00:16:41,814 --> 00:16:44,400
<font color="#ffd220">සමහර විට ඒක සැබෑ ආදරය වෙන්න ඇති.</font>

172
00:16:44,483 --> 00:16:46,276
<font color="#ffd220">"සැබෑ ආදරය"?</font>

173
00:16:46,360 --> 00:16:47,528
<font color="#ffd220">ඔයා මුකුත් දන්නේ නැහැ.</font>

174
00:17:22,187 --> 00:17:23,647
<font color="#ffd220">මොකද ඕනේ?</font>

175
00:17:23,731 --> 00:17:24,982
<font color="#ffd220"><i>මුකුත් නෑ.</i></font>

176
00:17:25,065 --> 00:17:28,777
<font color="#ffd220"><i>මම නිකන් කතා කළේ අලුත්
විස්තරයක් තියෙනවද බලන්න.</i></font>

177
00:17:28,861 --> 00:17:32,573
<font color="#ffd220"><i>ඔයයි ඉන්-ගැන්ග් ගැනයි තරම්
හිට් වෙන නිවුස් එකක් තවත් නෑ.</i></font>

178
00:17:33,032 --> 00:17:35,367
<font color="#ffd220">අපි ඉන්නේ මළ ගෙදරක. පොඩ්ඩක් ගරු කරන්න.</font>

179
00:17:35,451 --> 00:17:37,119
<font color="#ffd220"><i>මට දැනගන්න දෙයක් තියෙනවා...</i></font>

180
00:17:37,202 --> 00:17:38,203
<font color="#ffd220">හලෝ?</font>

181
00:17:38,620 --> 00:17:39,621
<font color="#ffd220">හලෝ...</font>

182
00:17:41,999 --> 00:17:43,459
<font color="#ffd220">හරි.</font>

183
00:17:44,334 --> 00:17:46,253
<font color="#ffd220">මේ වගේ වෙලාවක...</font>

184
00:17:48,047 --> 00:17:49,048
<font color="#ffd220">අයදුම්පත</font>

185
00:17:49,131 --> 00:17:50,340
<font color="#ffd220">ඡායාරූපය</font>

186
00:17:51,300 --> 00:17:53,135
<font color="#ffd220">හලෝ, සිම් සුං-හී මහත්මියද?</font>

187
00:17:53,552 --> 00:17:55,262
<font color="#ffd220">මම කිව්වනේ මම කවදාවත්
එහෙම දෙයක් කළේ නෑ කියලා.</font>

188
00:17:55,345 --> 00:17:57,890
<font color="#ffd220"><i>පේන විදියට ආ-ජින්ගේ පැත්තෙන්
දැනටමත් වැඩ පටන් අරන් වගේ.</i></font>

189
00:17:57,973 --> 00:17:59,641
<font color="#ffd220"><i>ඒ ලෝන්ග්ස්ටාර් එකේ සීඊඕ සෝ මි-රි ද?</i></font>

190
00:18:00,100 --> 00:18:01,643
<font color="#ffd220">මම දන්නේ නෑ ඔයා මොනවා කියනවද කියලා.</font>

191
00:18:02,853 --> 00:18:05,147
<font color="#ffd220">ඔයා දිගටම ඔය විකාර කියවනවා
නම් මම කෝල් එක තියනවා.</font>

192
00:18:13,030 --> 00:18:14,656
<font color="#ffd220">ඔයා කියපු විදියට මම කළා.</font>

193
00:18:15,324 --> 00:18:16,575
<font color="#ffd220">බැලින්නම් ඔයා බය වෙලානේ.</font>

194
00:18:20,245 --> 00:18:21,246
<font color="#ffd220">වෙන්න එපැයි.</font>

195
00:18:21,622 --> 00:18:24,374
<font color="#ffd220">ඔයාගේ තාත්තා වංචාකාර නීතීඥයෙක් වුණු එකයි...</font>

196
00:18:24,666 --> 00:18:27,127
<font color="#ffd220">පන්ති කාමරේ ළමයිගේ බඩු
හොරකම් කරපු ඔයාගේ අතීතයයි...</font>

197
00:18:27,211 --> 00:18:29,004
<font color="#ffd220">ගුරුවරුන්ගෙන් සහ ළමයින්ගෙන් ගුටි කාලා...</font>

198
00:18:29,088 --> 00:18:30,631
<font color="#ffd220">ඉස්කෝලෙන් අස් වෙන්න වුණු එකයි...</font>

199
00:18:31,882 --> 00:18:34,176
<font color="#ffd220">ඕවා ඔයාගේ වැඩ කරන තැන
පැතිරුණොත් ඔයාට හොඳ නැති වෙයි.</font>

200
00:18:37,012 --> 00:18:39,515
<font color="#ffd220">ඔයා දැක්කා නේද ගිය පාර ඔයාගේ
පෝස්ට් එකට වැටුණු කමෙන්ට්ස්?</font>

201
00:18:40,808 --> 00:18:42,643
<font color="#ffd220">ගොඩක් අයට තාම ඔයාව මතකයි.</font>

202
00:18:43,435 --> 00:18:45,979
<font color="#ffd220">ඒ නිසා, ඔයාගේ අතීතය
එළියට එනවට කැමති නැත්නම්...</font>

203
00:18:46,063 --> 00:18:47,564
<font color="#ffd220">කට වහගෙන පැත්තකට වෙලා ඉන්න.</font>

204
00:18:51,110 --> 00:18:52,111
<font color="#ffd220">එහෙම නැත්නම්...</font>

205
00:18:53,403 --> 00:18:55,948
<font color="#ffd220">ඔයා යන යන තැන මම
ඔයාගේ අතීතයත් අරන් එනවා.</font>

206
00:19:07,459 --> 00:19:08,460
<font color="#ffd220">ශික්.</font>

207
00:19:08,544 --> 00:19:11,839
<font color="#ffd220">සම්යුන් සෝල් රෝහල් අනුස්මරණ ශාලාව</font>

208
00:19:14,883 --> 00:19:15,884
<font color="#ffd220">අධ්‍යක්ෂතුමා.</font>

209
00:19:18,053 --> 00:19:19,054
<font color="#ffd220">ආයුබෝවන්.</font>

210
00:19:21,223 --> 00:19:22,641
<font color="#ffd220">ඔබතුමා යන්නද හදන්නේ?</font>

211
00:19:23,058 --> 00:19:24,643
<font color="#ffd220">ආ, බෙක් ආ-ජින් මෙනවිය.</font>

212
00:19:25,769 --> 00:19:27,479
<font color="#ffd220">ඔබතුමා මගේ නම දන්න එක ගැන සතුටුයි.</font>

213
00:19:27,563 --> 00:19:29,314
<font color="#ffd220">නොදැන ඉඳියි කියලා මම බයෙන් හිටියේ.</font>

214
00:19:29,565 --> 00:19:32,067
<font color="#ffd220">අනිවාර්යයෙන්ම මම දන්නවා.
මම ඔයාගේ නිර්මාණ රස වින්දා.</font>

215
00:19:32,609 --> 00:19:33,610
<font color="#ffd220">ස්තූතියි.</font>

216
00:19:34,528 --> 00:19:36,780
<font color="#ffd220">මමත් ඔබතුමාගේ නිර්මාණ ඔක්කොම වගේ බලලා තියෙනවා.</font>

217
00:19:37,030 --> 00:19:38,657
<font color="#ffd220">මම ලොකු රසිකයෙක්.</font>

218
00:19:38,740 --> 00:19:40,868
<font color="#ffd220">අනික ඉන්-ගැන්ග් ඔයා ගැන නිතරම කතා කරනවා.</font>

219
00:19:40,951 --> 00:19:44,329
<font color="#ffd220">එයා එහෙම කරනවද? මම කවදාහරි
එයාට කෑම වේලක් අරන් දෙන්න ඕනේ.</font>

220
00:19:44,413 --> 00:19:45,414
<font color="#ffd220">ඕනේ නැහැ.</font>

221
00:19:45,914 --> 00:19:47,791
<font color="#ffd220">අද ඔයා මෙහෙ ආපු නිසා...</font>

222
00:19:47,875 --> 00:19:53,630
<font color="#ffd220">එයා ටිකක් සන්සුන් වුණාම, මම
ඔයාලා දෙන්නටම කෑම වේලක් දෙන්නම්.</font>

223
00:19:55,048 --> 00:19:56,258
<font color="#ffd220">මොකද කියන්නේ?</font>

224
00:19:56,508 --> 00:19:58,385
<font color="#ffd220">මම ගොඩක් කැමතියි. ඕනම වෙලාවක.</font>

225
00:19:59,094 --> 00:20:00,929
<font color="#ffd220">අදට, කරුණාකරලා එයා ළඟින් ඉඳලා...</font>

226
00:20:01,513 --> 00:20:02,931
<font color="#ffd220">එයාගේ හිත හදන්න.</font>

227
00:20:03,765 --> 00:20:04,766
<font color="#ffd220">මම එහෙම කරන්නම්.</font>

228
00:20:06,643 --> 00:20:08,729
<font color="#ffd220">පරිස්සමෙන් ගෙදර යන්න. ස්තූතියි.</font>

229
00:20:12,399 --> 00:20:13,483
<font color="#ffd220">ආ-ජින් මෙනවිය.</font>

230
00:20:15,319 --> 00:20:17,029
<font color="#ffd220">ඔයා අකමැති නැත්නම්...</font>

231
00:20:17,112 --> 00:20:19,615
<font color="#ffd220">දවසක මගේ ස්ටුඩියෝ පැත්තේ ඇවිත් යන්න පුළුවන්ද?</font>

232
00:20:23,702 --> 00:20:26,580
<font color="#ffd220">එයා ඉන්-ගැන්ග්ගේ ආච්චිගේ
මළ ගෙදරදී ආ-ජින්ව දකින්න ඇති.</font>

233
00:20:26,830 --> 00:20:28,582
<font color="#ffd220">එයා කිව්වා එයා හොය හොය හිටපු රූපය ඇය කියලා.</font>

234
00:20:28,665 --> 00:20:32,961
<font color="#ffd220">එයාගේ අලුත් නිර්මාණයේ ප්‍රධාන
චරිතයක් ඇයට දෙන්න ඕනෙලු.</font>

235
00:20:33,462 --> 00:20:35,255
<font color="#ffd220">අධ්‍යක්ෂ සොල් යොං-උක් කියන්නේ...</font>

236
00:20:35,339 --> 00:20:37,132
<font color="#ffd220">කාන්ස් චිත්‍රපට උළෙලට ආරාධනා
ලැබෙන මට්ටමේ කෙනෙක්.</font>

237
00:20:37,216 --> 00:20:39,760
<font color="#ffd220">ඒකෙන් ස්වභාවිකවම ජාත්‍යන්තර
වෙළඳපොළට පාරක් හැදෙනවා.</font>

238
00:20:39,843 --> 00:20:42,137
<font color="#ffd220">නළුවෙක්ට ඊට වඩා හොඳ අවස්ථාවක් නැහැ.</font>

239
00:20:42,221 --> 00:20:44,389
<font color="#ffd220">ඒක ඕනම නළුවෙක් දකින හීනයක්.</font>

240
00:20:47,559 --> 00:20:51,021
<font color="#ffd220">ඉන්-ගැන්ග්ගේ ආච්චි නැති වෙලා යන
ගමන් ආ-ජින්ට ලොකු තෑග්ගක් දීලා ගිහින්.</font>

241
00:21:09,957 --> 00:21:11,375
<font color="#ffd220">ඔයාට දැනගන්න ඕනේ නේද?</font>

242
00:21:12,251 --> 00:21:15,379
<font color="#ffd220">එදා රෑ එයාට ඒක කළේ මමද කියලා.</font>

243
00:21:23,095 --> 00:21:24,471
<font color="#ffd220">ඔයා මොකද හිතන්නේ?</font>

244
00:21:26,014 --> 00:21:28,016
<font color="#ffd220">මම ඒ තරම් දුරක් යයි කියලා ඔයා හිතනවද?</font>

245
00:21:32,980 --> 00:21:34,147
<font color="#ffd220">මට ඔයාව තේරෙන්නේ නැහැ.</font>

246
00:21:38,485 --> 00:21:40,070
<font color="#ffd220">හිත හිත ඉන්න එක ඔයාට අමාරු වෙන්න ඇති...</font>

247
00:21:40,320 --> 00:21:42,864
<font color="#ffd220">මිනීමැරුමක් කරපු කෙල්ලෙක්
ගැන මොනවා කරන්නද කියලා.</font>

248
00:21:44,199 --> 00:21:45,200
<font color="#ffd220">කියන්න.</font>

249
00:21:47,703 --> 00:21:49,121
<font color="#ffd220">ඒ ඔයා නෙවෙයි නේද?</font>

250
00:21:49,204 --> 00:21:51,665
<font color="#ffd220">ඒ මම නම් මොකද වෙන්නේ?</font>

251
00:21:57,337 --> 00:21:58,422
<font color="#ffd220">ඔයා හරි.</font>

252
00:22:00,090 --> 00:22:01,758
<font color="#ffd220">එයා මට කරදරයක් වෙන්න ගත්තේ.</font>

253
00:22:02,759 --> 00:22:04,636
<font color="#ffd220">එයාගෙන් මට තවත් වැඩක් තිබුණේ නැහැ.</font>

254
00:22:05,345 --> 00:22:07,055
<font color="#ffd220">එයා දිගින් දිගටම මගේ ගමනට හරස් වුණා.</font>

255
00:22:08,974 --> 00:22:11,768
<font color="#ffd220">අනික එයා දැනගෙන හිටියා මම
එයාට ළං වුණේ වුවමනාවකින් කියලා.</font>

256
00:22:15,772 --> 00:22:19,401
<font color="#ffd220">ඉතින්, ඔයා මොකද හිතන්නේ
මම එයාට මොනවා කළා කියලා?</font>

257
00:22:21,028 --> 00:22:22,029
<font color="#ffd220">ඒක ඇත්තද?</font>

258
00:22:22,487 --> 00:22:23,780
<font color="#ffd220">ඔයා ඇත්තටම ඒක කළාද?</font>

259
00:22:25,240 --> 00:22:26,950
<font color="#ffd220">ඔයා හිතන ඕනම දෙයක් තමයි ඇත්ත.</font>

260
00:22:27,034 --> 00:22:28,035
<font color="#ffd220">බෙක් ආ-ජින්.</font>

261
00:22:34,541 --> 00:22:36,084
<font color="#ffd220">මේක හරිම වෙහෙසකරයි.</font>

262
00:23:29,554 --> 00:23:31,390
<font color="#ffd220">සමාවෙන්න.</font>

263
00:23:31,807 --> 00:23:34,559
<font color="#ffd220">ඔයා අංක 401 හිටපු ආච්චිගේ මුණුපුරා නේද?</font>

264
00:23:38,146 --> 00:23:39,981
<font color="#ffd220">මගේ ආච්චි අඬ අඬාද හිටියේ?</font>

265
00:23:40,565 --> 00:23:44,069
<font color="#ffd220">ඔව්, එයා කෑ ගගහ ඇඬුවේ, මම බය වුණා.</font>

266
00:23:44,152 --> 00:23:45,612
<font color="#ffd220">එයා සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ.</font>

267
00:23:46,113 --> 00:23:48,073
<font color="#ffd220">එයා සන්සුන් වෙනකොටම</font>

268
00:23:48,156 --> 00:23:50,909
<font color="#ffd220">ලස්සන තරුණ ගැහැණු ළමයෙක් එයාගේ ගෙදරට ගියා.</font>

269
00:23:51,201 --> 00:23:54,287
<font color="#ffd220">මම එයාට රෙඩ් බීන් කැඳ ටිකක් ගෙනිච්චා</font>

270
00:23:54,538 --> 00:23:56,665
<font color="#ffd220">එතකොට දොර ළඟ අමුතු දෙයක් දැක්කා.</font>

271
00:23:57,958 --> 00:23:59,042
<font color="#ffd220">ඒ මොකක්ද?</font>

272
00:23:59,126 --> 00:24:02,546
<font color="#ffd220">ඔයාගේ ආච්චි අර තරුණ ළමයාගේ පපුවට ගගහ</font>

273
00:24:02,963 --> 00:24:07,175
<font color="#ffd220">කිව්වේ, "මුළු පවුලම රවට්ටපු
ඔයාව මම විශ්වාස කළානේ" කියලා.</font>

274
00:24:07,259 --> 00:24:09,344
<font color="#ffd220">ඒ වගේ දෙයක් තමයි කිව්වේ.</font>

275
00:24:11,888 --> 00:24:15,350
<font color="#ffd220">ඒ වගේම, 409 ඉන්න කෙනා කිව්වා</font>

276
00:24:15,434 --> 00:24:17,310
<font color="#ffd220">කවුරුහරි එයාගේ පාර්සල් දිගටම හොරකම් කරන නිසා</font>

277
00:24:17,394 --> 00:24:20,272
<font color="#ffd220">එයා හොරෙන්ම කොරිඩෝවේ කැමරාවක් හයි කළා කියලා.</font>

278
00:24:21,231 --> 00:24:23,775
<font color="#ffd220">ඒත් ඒක නීතිවිරෝධී නිසා</font>

279
00:24:23,859 --> 00:24:26,153
<font color="#ffd220">එයා පොලිසියට කියන්න නැතුව ඇති.</font>

280
00:24:26,236 --> 00:24:28,572
<font color="#ffd220">හැබැයි ඔයාගේ ආච්චි පඩිපෙළෙන් වැටුණේ</font>

281
00:24:28,655 --> 00:24:30,365
<font color="#ffd220">හතරවෙනි තට්ටුවයි තුන්වෙනි තට්ටුවයි මැද්දෙදි නම්</font>

282
00:24:30,449 --> 00:24:32,492
<font color="#ffd220">ඒක වීඩියෝ වෙලා ඇති.</font>

283
00:24:34,953 --> 00:24:37,998
<font color="#ffd220">මට එයාව හම්බෙන්න පුළුවන්ද?</font>

284
00:24:38,707 --> 00:24:41,751
<font color="#ffd220">මගේ මහත්තයා හදිස්සියකට ඕන
වෙයි කියලා ඒකේ කොපියක් තියාගත්තා</font>

285
00:24:41,835 --> 00:24:43,503
<font color="#ffd220">ඒත් ඩිටෙක්ටිව් කෙනෙක් ඇවිත් ඒක අරන් ගියා.</font>

286
00:24:44,045 --> 00:24:45,672
<font color="#ffd220">එහෙමද.</font>

287
00:24:46,506 --> 00:24:47,549
<font color="#ffd220">ස්තූතියි.</font>

288
00:25:06,109 --> 00:25:07,736
<font color="#ffd220">ආයේ කවදාවත් මට මෙහෙම වැඩ කරන්න කියන්න එපා.</font>

289
00:25:08,403 --> 00:25:11,072
<font color="#ffd220">අනිත් හැමෝටම වඩා, උඹ ආ-ජින්ව
විශ්වාස කරන්න ඕනේ යකෝ.</font>

290
00:25:13,116 --> 00:25:14,743
<font color="#ffd220">උඹ ඒක දැක්කද? නෑ.</font>

291
00:25:15,368 --> 00:25:16,411
<font color="#ffd220">මට බලන්න ඕනේ නෑ.</font>

292
00:25:16,870 --> 00:25:18,413
<font color="#ffd220">මම එයාව විශ්වාස කරනවා. එයා නිර්දෝෂියි.</font>

293
00:25:28,340 --> 00:25:29,758
<font color="#ffd220">අනික සුං-හී ගැන වද වෙන්න එපා.</font>

294
00:25:30,342 --> 00:25:32,802
<font color="#ffd220">මම එයාට හොඳටම බය කළා, ඒ නිසා
එයා ආයේ කට හොල්ලන එකක් නෑ.</font>

295
00:25:32,886 --> 00:25:34,429
<font color="#ffd220">එයා ආ-ජින් ගැන කේලම් කිය කිය යන එකක් නෑ.</font>

296
00:25:35,263 --> 00:25:36,264
<font color="#ffd220">හොඳයි.</font>

297
00:26:04,459 --> 00:26:06,795
<font color="#ffd220"><i>ඉන්-ගං, ඔයා තාම ඇඳේද?</i></font>

298
00:26:06,878 --> 00:26:08,129
<font color="#ffd220">ඔව්, ඇයි?</font>

299
00:26:08,588 --> 00:26:10,507
<font color="#ffd220"><i>අනේ මන්දා. ඔයත් මෙහෙමද?</i></font>

300
00:26:11,508 --> 00:26:13,760
<font color="#ffd220"><i>මම අහගත්තා ඔයා කරන්න හිටපු
ෆිල්ම් එකෙනුත් අයින් වුණා කියලා.</i></font>

301
00:26:14,594 --> 00:26:16,888
<font color="#ffd220"><i>අපි වෙනදටත් වඩා දැන්
තමයි ශක්තිමත්ව ඉන්න ඕනේ.</i></font>

302
00:26:17,556 --> 00:26:19,015
<font color="#ffd220"><i>බඩගින්නේ ඉන්න එපා.</i></font>

303
00:26:19,766 --> 00:26:21,226
<font color="#ffd220"><i>කෑම කන්න.</i></font>

304
00:26:22,435 --> 00:26:24,271
<font color="#ffd220">ආ-ජින් මට කැඳ වගයක් ගෙනත් දුන්නා.</font>

305
00:26:25,438 --> 00:26:26,565
<font color="#ffd220">මම පස්සේ කන්නම්.</font>

306
00:26:45,250 --> 00:26:47,794
<font color="#ffd220"><i>ඔයා නිදාගෙන හිටපු නිසා මම ආවා.</i></font>

307
00:26:47,877 --> 00:26:49,754
<font color="#ffd220"><i>කෑම මගහරින්න එපා, හරිද?</i></font>

308
00:26:50,463 --> 00:26:51,506
<font color="#ffd220"><i>මම ඔයාට ආදරෙයි.</i></font>

309
00:26:55,844 --> 00:26:57,178
<font color="#ffd220">හො ඉන්-ගං හොංකොං වල මුදු තෝරනවා දැකලා</font>

310
00:26:58,054 --> 00:27:01,141
<font color="#ffd220">දැන් ඔයා කසාද බඳින්න
යනවා කියලා ප්‍රවෘත්ති යනවා.</font>

311
00:27:01,224 --> 00:27:03,018
<font color="#ffd220">මේක ප්‍රශ්නයක් මිස් බෙක්.</font>

312
00:27:03,268 --> 00:27:04,978
<font color="#ffd220">ඔයා දන්නවනේ</font>

313
00:27:05,061 --> 00:27:07,314
<font color="#ffd220">ඔයා රඟපාන්නේ මොන වගේ චරිතයක්ද කියලා, නේද?</font>

314
00:27:07,397 --> 00:27:10,400
<font color="#ffd220">ඔයාගේ ඇත්ත ජීවිතේ සම්බන්ධයක්
හරි කසාදයක් හරි ගැන යන කටකතා නිසා</font>

315
00:27:10,483 --> 00:27:13,778
<font color="#ffd220">ප්‍රේක්ෂකයන්ට ෆිල්ම් එකට
අවධානය දෙන්න බැරි නම්</font>

316
00:27:13,862 --> 00:27:16,072
<font color="#ffd220">මම ඔයාව ගන්න එකේ තේරුමක් නෑනේ, නේද?</font>

317
00:27:17,532 --> 00:27:18,533
<font color="#ffd220">සමාවෙන්න.</font>

318
00:27:19,242 --> 00:27:21,870
<font color="#ffd220">මමත් මේ වගේ කටකතා හැදෙයි කියලා හිතුවේ නෑ.</font>

319
00:27:25,874 --> 00:27:29,461
<font color="#ffd220">ඇත්තටම මම කැමතියි
ඔයයි ඉන්-ගංයි එකට ඉන්නවට.</font>

320
00:27:29,544 --> 00:27:33,715
<font color="#ffd220">මට ඔයා එක්ක වැඩ කරන්න ලැබුණේ
එයා නිසා, මම ඒක අගය කරනවා.</font>

321
00:27:33,798 --> 00:27:36,551
<font color="#ffd220">හැබැයි අපි පෞද්ගලික දේවල් සහ
රස්සාවේ දේවල් පටලගන්නේ නැතුව ඉමු.</font>

322
00:27:36,635 --> 00:27:38,595
<font color="#ffd220">ඒවා පටලගන්න තරම් ඔයා මෝඩ නෑනේ,</font>

323
00:27:39,429 --> 00:27:40,430
<font color="#ffd220">නේද?</font>

324
00:27:41,598 --> 00:27:42,599
<font color="#ffd220">නෑ, ඩිරෙක්ටර්.</font>

325
00:27:44,184 --> 00:27:46,019
<font color="#ffd220">ඩිරෙක්ටර්, ඔයා කලින්ම ඇවිල්ලා!</font>

326
00:27:46,102 --> 00:27:47,562
<font color="#ffd220">මම පුළුවන් ඉක්මනට ආවා.</font>

327
00:27:48,563 --> 00:27:50,315
<font color="#ffd220">ගොඩ කාලෙකින් දැක්කේ මිස් සෝ.</font>

328
00:27:50,607 --> 00:27:51,608
<font color="#ffd220">හායි.</font>

329
00:27:53,568 --> 00:27:56,321
<font color="#ffd220">මිස්ටර් යූන් පේන්න නෑනේ. එයා පරක්කුද?</font>

330
00:27:57,155 --> 00:28:00,325
<font color="#ffd220">එයා කිව්වා අපි වෙන හොඳ දවසක හම්බෙමු කියලා.</font>

331
00:28:01,034 --> 00:28:03,536
<font color="#ffd220">අද බොන්න හොඳ දවසක් නෙවෙයි කිව්වා.</font>

332
00:28:04,663 --> 00:28:08,583
<font color="#ffd220">කොහොම හරි, මම දැන්
යන්නම්. අපි ළඟදිම කතා කරමු.</font>

333
00:28:09,334 --> 00:28:10,460
<font color="#ffd220">අනිවාර්යයෙන්ම.</font>

334
00:28:10,835 --> 00:28:12,045
<font color="#ffd220">අපි ඉක්මනටම හම්බෙමු.</font>

335
00:28:12,545 --> 00:28:13,755
<font color="#ffd220">පරිස්සමෙන් යන්න!</font>

336
00:28:20,804 --> 00:28:23,014
<font color="#ffd220">මේ ප්‍රශ්න විසඳන එක ලේසි වෙන්න නැතුව ඇති.</font>

337
00:28:24,099 --> 00:28:26,810
<font color="#ffd220">මම නිකන් බොරු කටකතා පතුරවන්න
එපා කියලා නිවේදනයක් දැම්මා විතරයි.</font>

338
00:28:27,435 --> 00:28:28,478
<font color="#ffd220">ඉන්-ගං ගැන මොකද?</font>

339
00:28:29,562 --> 00:28:31,898
<font color="#ffd220">එයා කවදද පත්තරවල යන ඒවා ගණන් ගත්තේ?</font>

340
00:28:32,357 --> 00:28:34,901
<font color="#ffd220">එයාට දැන්ම කසාද බඳින්න බැහැ
කියලා ෆෑන්ස්ලා කලබල වෙලා ඉන්නේ.</font>

341
00:28:35,568 --> 00:28:37,445
<font color="#ffd220">ඒ අස්සේ මෙයා කොන්ත්‍රාත් එක
ඉවර වුණාම රිටයර් වෙනවා කියනවා.</font>

342
00:28:37,529 --> 00:28:38,947
<font color="#ffd220">මට පිස්සු හැදෙන්න වගේ.</font>

343
00:28:41,991 --> 00:28:43,910
<font color="#ffd220">එයා ඇත්තටම එහෙම කිව්වද?</font>

344
00:28:45,704 --> 00:28:47,122
<font color="#ffd220">එයා ඔයාට කිව්වේ නැද්ද?</font>

345
00:28:47,622 --> 00:28:49,582
<font color="#ffd220">මම ෆෝන් එක ඕෆ් කරලා තිබුණේ.</font>

346
00:28:50,542 --> 00:28:52,794
<font color="#ffd220">දිගටම කෝල් එන නිසා කරදරයි.</font>

347
00:28:56,798 --> 00:28:59,509
<font color="#ffd220">මුද්ද ගැනත් ඔයා දන්නේ නෑනේ එහෙනම්?</font>

348
00:29:01,094 --> 00:29:02,095
<font color="#ffd220">නෑ.</font>

349
00:29:03,972 --> 00:29:06,015
<font color="#ffd220">ඔයා එයාව බඳින්නද ඉන්නේ?</font>

350
00:29:11,271 --> 00:29:13,273
<font color="#ffd220">නෑ, මම මේක නවත්තන්න හදන්නේ.</font>

351
00:29:14,482 --> 00:29:15,859
<font color="#ffd220">ඔයා මගේ පැත්තේ ඉන්නවා නේද?</font>

352
00:29:18,319 --> 00:29:19,320
<font color="#ffd220"><i>ආ-ජින්.</i></font>

353
00:29:19,946 --> 00:29:21,614
<font color="#ffd220"><i>ඔයාගේ උපන්දිනයට ලෑස්ති වෙනකොට</i></font>

354
00:29:22,782 --> 00:29:24,784
<font color="#ffd220"><i>මට තේරුණා</i></font>

355
00:29:24,868 --> 00:29:27,203
<font color="#ffd220"><i>කෙනෙක් ඉපදුණු එක ගැන මට මේ තරම්
සතුටක් දනුනු පළවෙනි වතාව මේක කියලා.</i></font>

356
00:29:27,871 --> 00:29:28,997
<font color="#ffd220"><i>මගේ හිතේ ඔයා ගැන</i></font>

357
00:29:30,165 --> 00:29:35,253
<font color="#ffd220"><i>තියෙන ආදරේ කොච්චර ලොකුද
කියලා මට එකපාරටම තේරුණා.</i></font>

358
00:29:36,671 --> 00:29:37,922
<font color="#ffd220"><i>මේ ආදරේ වෙන්න ඇති.</i></font>

359
00:29:39,716 --> 00:29:41,676
<font color="#ffd220"><i>අපි අපේ ජීවිත බෙදාගමු.</i></font>

360
00:29:43,219 --> 00:29:45,972
<font color="#ffd220"><i>හැමදාම එකට ඉඳන්</i></font>

361
00:29:46,806 --> 00:29:48,016
<font color="#ffd220"><i>අපේ ආදරේ බෙදාගමු.</i></font>

362
00:29:49,476 --> 00:29:50,769
<font color="#ffd220"><i>මට ඔයාව බඳින්න ඕනේ.</i></font>

363
00:29:52,353 --> 00:29:53,480
<font color="#ffd220"><i>ඔයා ගෙදර නේද ඉන්නේ?</i></font>

364
00:30:05,867 --> 00:30:08,161
<font color="#ffd220"><i>මම විනාඩි දහයකින් එනවා.</i></font>

365
00:30:08,703 --> 00:30:09,704
<font color="#ffd220"><i>අපිට කතා කරන්න දෙයක් තියෙනවා.</i></font>

366
00:30:13,458 --> 00:30:15,376
<font color="#ffd220"><i>ඔයා මගේ ළඟින් ඉන්නවද?</i></font>

367
00:30:35,271 --> 00:30:36,481
<font color="#ffd220">ඇයි ඔයා පසුබට වෙන්නේ?</font>

368
00:30:36,856 --> 00:30:38,149
<font color="#ffd220">මේක සතුටු හිතෙන දෙයක්ද?</font>

369
00:30:39,484 --> 00:30:40,568
<font color="#ffd220">බය හිතෙන දෙයක්.</font>

370
00:30:40,819 --> 00:30:42,737
<font color="#ffd220">මට මේක දරාගන්න පුළුවන් වෙයිද මන්දා.</font>

371
00:30:42,821 --> 00:30:43,863
<font color="#ffd220">බය හිතෙන?</font>

372
00:30:44,239 --> 00:30:45,240
<font color="#ffd220">ඒ මොකක්ද?</font>

373
00:30:46,032 --> 00:30:47,242
<font color="#ffd220">නිකන්ම බයයි.</font>

374
00:30:49,744 --> 00:30:51,329
<font color="#ffd220">එහෙනම් අත ඇරලා දාන්න.</font>

375
00:30:51,412 --> 00:30:52,622
<font color="#ffd220">මටත් එහෙම කරන්න තිබුණා නම් හොඳයි.</font>

376
00:30:58,878 --> 00:31:01,089
<font color="#ffd220">ඇයි එයා තාම ගෙදර නැත්තේ?</font>

377
00:31:06,719 --> 00:31:07,846
<font color="#ffd220">අප්පා.</font>

378
00:31:09,472 --> 00:31:10,473
<font color="#ffd220">මොකද මේ කරන්නේ?</font>

379
00:31:11,641 --> 00:31:13,184
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න, ඔයා කවුද?</font>

380
00:31:13,893 --> 00:31:14,894
<font color="#ffd220">"ඔයා කවුද?"</font>

381
00:31:14,978 --> 00:31:15,979
<font color="#ffd220">ඔයා සිරාවටමද අහන්නේ?</font>

382
00:31:16,521 --> 00:31:18,940
<font color="#ffd220">ගිය පාර ඔයා බදාගත්ත කෙනාවවත් මතක නැද්ද?</font>

383
00:31:20,859 --> 00:31:22,151
<font color="#ffd220">ගිහින් රාමෙන් එකක් හදන් එන්න.</font>

384
00:31:22,777 --> 00:31:23,778
<font color="#ffd220">මොකක්?</font>

385
00:31:25,864 --> 00:31:27,657
<font color="#ffd220">ජුන්-සෝට බඩගිනි ඇති.</font>

386
00:31:28,449 --> 00:31:30,743
<font color="#ffd220">වෙරි හිඳෙන්න සැරට මොනවා හරි කන්න ඕනේ.</font>

387
00:31:34,080 --> 00:31:35,623
<font color="#ffd220">මෝඩයා.</font>

388
00:31:55,143 --> 00:31:56,144
<font color="#ffd220">අයියෝ.</font>

389
00:32:20,919 --> 00:32:23,379
<font color="#ffd220">මම බයෙන් හිටියේ ඔයාට කරදරයක් වෙලාද කියලා.</font>

390
00:32:25,214 --> 00:32:26,841
<font color="#ffd220">ඔයාගේ මූණ දැක්කම තමයි හිතට සහනයක් දැනුණේ.</font>

391
00:32:30,553 --> 00:32:33,765
<font color="#ffd220">ඉන්-ගං, ඔයා රඟපාන එක නවත්තන්නද හදන්නේ?</font>

392
00:32:36,392 --> 00:32:37,644
<font color="#ffd220">මි-රි ඔයාට කිව්වද?</font>

393
00:32:39,228 --> 00:32:41,606
<font color="#ffd220">ඇයි ඔයා මට කලින් කිව්වේ නැත්තේ?</font>

394
00:32:42,523 --> 00:32:44,150
<font color="#ffd220">මට හංගන්න ඕනකමක් තිබුණේ නෑ.</font>

395
00:32:45,026 --> 00:32:47,278
<font color="#ffd220">ඒ තීරණය ගන්න ලේසි වුණේ නෑ.</font>

396
00:32:47,654 --> 00:32:50,531
<font color="#ffd220">මම හරියටම තීරණය කළාම ඔයාට කියන්න හිටියේ.</font>

397
00:32:59,040 --> 00:33:03,252
<font color="#ffd220">රිටයර් වුණාට පස්සේ ඔයා
මාව බඳින්නද හිතන් ඉන්නේ?</font>

398
00:33:08,132 --> 00:33:09,884
<font color="#ffd220">මම හිතුවේ අපි දෙන්නගෙම අදහස් එකයි කියලා.</font>

399
00:33:11,928 --> 00:33:13,054
<font color="#ffd220">මම හිතපු විදිය වැරදිද?</font>

400
00:33:14,889 --> 00:33:17,600
<font color="#ffd220">එහෙනම් ඔයා ඒක නිවුස්
එකක් වෙන්න දෙන්න තිබුණේ නෑ.</font>

401
00:33:18,226 --> 00:33:19,268
<font color="#ffd220">මොකක්?</font>

402
00:33:22,730 --> 00:33:24,691
<font color="#ffd220">මට හරිම අවුල්.</font>

403
00:33:26,442 --> 00:33:27,568
<font color="#ffd220">අද ඩිරෙක්ටර් ඉස්සරහ</font>

404
00:33:27,652 --> 00:33:29,529
<font color="#ffd220">මම කොච්චර ලැජ්ජා වුණාද කියලා ඔයා දන්නවද?</font>

405
00:33:31,030 --> 00:33:32,448
<font color="#ffd220">ඇයි මම ඔයා නිසා</font>

406
00:33:33,116 --> 00:33:34,659
<font color="#ffd220">ඒ වගේ බැනුම් අහන්නේ?</font>

407
00:33:37,036 --> 00:33:38,037
<font color="#ffd220">ආ-ජින්.</font>

408
00:33:43,167 --> 00:33:44,544
<font color="#ffd220">මම ඔයාගෙන් එක උදව්වක් ඉල්ලන්නම්.</font>

409
00:33:46,212 --> 00:33:49,632
<font color="#ffd220">මම දෙයක් ඉල්ලුවම ඔයා ඒක
කරලා දෙන හොඳ කෙනෙක්නේ</font>

410
00:33:49,882 --> 00:33:52,176
<font color="#ffd220">ඉතින් මේ පාරත් ඔයා ඒක කරයි කියලා හිතනවා.</font>

411
00:33:56,472 --> 00:33:58,349
<font color="#ffd220">අපි වෙන් වෙමු.</font>

412
00:34:07,442 --> 00:34:08,693
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න.</font>

413
00:34:09,360 --> 00:34:11,279
<font color="#ffd220">මොන විකාරයක්ද මේ?</font>

414
00:34:11,362 --> 00:34:13,197
<font color="#ffd220">මේක මහා හදිස්සියක්නේ.</font>

415
00:34:14,449 --> 00:34:15,908
<font color="#ffd220">මම දන්නවා ඔයාට කේන්ති ගිහින් කියලා, ඒත්...</font>

416
00:34:17,744 --> 00:34:19,620
<font color="#ffd220">මේ මම දන්න ආ-ජින්මද?</font>

417
00:34:19,704 --> 00:34:23,207
<font color="#ffd220">එතකොට මේ මම දන්න ඉන්-ගං ද?</font>

418
00:34:24,500 --> 00:34:26,377
<font color="#ffd220">ඔයාට සිහියක් නෑ.</font>

419
00:34:27,128 --> 00:34:28,796
<font color="#ffd220">රිටයර් වෙන එකයි හීන ලෝක ගැනයි කියව කියව</font>

420
00:34:28,880 --> 00:34:30,965
<font color="#ffd220">ඔයාට හැඟීම් පාලනය කරගන්නවත් බැරි වෙලා.</font>

421
00:34:31,049 --> 00:34:32,759
<font color="#ffd220">සිහියට එන්න.</font>

422
00:34:33,593 --> 00:34:37,513
<font color="#ffd220">අපි එකට හිටපු අවුරුද්දට ඔයාට ෆෑන්ස්ලා
කොච්චර නැති වුණාද කියලා දන්නවද?</font>

423
00:34:37,764 --> 00:34:39,974
<font color="#ffd220">දැන් ඔයාට ඕනේ මම ඔයාව බඳින්නද?</font>

424
00:34:42,226 --> 00:34:44,937
<font color="#ffd220">මාව හිනස්සන්න එපා. එතකොට මම?</font>

425
00:34:46,272 --> 00:34:48,483
<font color="#ffd220">ඔයාට ඕනේ මගේ රඟපාන චාන්ස් නැති කරලා</font>

426
00:34:48,566 --> 00:34:51,819
<font color="#ffd220">මගේ කැරියර් එක විනාශ වෙනකම් බලාගෙන ඉන්න 'කසාද
බැඳපු ගෑනියෙක්' කියන ලේබල් එක මට ගහන්නද?</font>

427
00:34:53,821 --> 00:34:57,492
<font color="#ffd220">කොහොමද මනුස්සයෙක් එක
රැයකින් මෙච්චර වෙනස් වෙන්නේ?</font>

428
00:34:58,743 --> 00:34:59,744
<font color="#ffd220">ඇයි?</font>

429
00:35:02,497 --> 00:35:04,290
<font color="#ffd220">ඔයා මේ අලුත් මට කැමති නැද්ද?</font>

430
00:35:05,708 --> 00:35:08,753
<font color="#ffd220">එහෙනම් ඔයා කැමති මම හිනා වෙලා ලස්සනට</font>

431
00:35:10,129 --> 00:35:11,672
<font color="#ffd220">ඔයාගෙන් වෙන් වෙන්න අහනවටද?</font>

432
00:35:13,508 --> 00:35:15,218
<font color="#ffd220">එතකොට ඔයාට ලේසි වෙයිද?</font>

433
00:35:20,473 --> 00:35:21,933
<font color="#ffd220">අපි අවුරුද්දක් එකට හිටියා.</font>

434
00:35:23,851 --> 00:35:27,063
<font color="#ffd220">මම හිතුවේ මම ඔයාව දන්නවා කියලා,
අපේ සම්බන්ධෙ ගැන මට විශ්වාසයක් තිබුණා.</font>

435
00:35:28,564 --> 00:35:30,691
<font color="#ffd220">ඒකයි මම අපි ගැන අනාගතයක් දැක්කේ.</font>

436
00:35:31,818 --> 00:35:33,277
<font color="#ffd220">ඒක වැරදිද?</font>

437
00:35:34,070 --> 00:35:36,072
<font color="#ffd220">ඔයා දන්නවනේ මම දැන් කොච්චර
වේදනාවකින්ද ඉන්නේ කියලා.</font>

438
00:35:37,448 --> 00:35:38,616
<font color="#ffd220">ඔයාට මාව තේරුම් ගන්නවත් බැරිද--</font>

439
00:35:38,699 --> 00:35:41,035
<font color="#ffd220">ඇයි මම ඔයාව තේරුම් ගන්නේ?</font>

440
00:35:42,370 --> 00:35:44,288
<font color="#ffd220">අවුරුදු දහයක් නෙවෙයි, පහක්වත් නෙවෙයිනේ.</font>

441
00:35:44,372 --> 00:35:47,208
<font color="#ffd220">අවුරුද්දක සම්බන්ධයක් කාටද වැඩක්?</font>

442
00:35:47,834 --> 00:35:50,378
<font color="#ffd220">ඔයා හිතුවේ මම ඔයාව දන්නවා කියලද? මම...</font>

443
00:35:52,839 --> 00:35:55,341
<font color="#ffd220">මම මගේ ජීවිතේට මෙච්චර අහංකාර කතාවක් අහලා නෑ.</font>

444
00:36:00,263 --> 00:36:01,931
<font color="#ffd220">මට මේක විශ්වාස කරන්න බෑ.</font>

445
00:36:04,016 --> 00:36:05,643
<font color="#ffd220">මේක හීනයක් නම්.</font>

446
00:36:07,228 --> 00:36:09,105
<font color="#ffd220">ඔයාගේ ඔය දුක හිතෙන ජීවිතේ හැටියට</font>

447
00:36:09,188 --> 00:36:10,898
<font color="#ffd220">මම නපුරු හීනයක් වෙන්නවත් වටින එකක් නෑ.</font>

448
00:36:13,192 --> 00:36:16,112
<font color="#ffd220">වෙන් වෙන එක වගේ සාමාන්‍ය
දෙයකට මෙතන නාට්‍යයක් කරන්න එපා.</font>

449
00:36:23,119 --> 00:36:24,328
<font color="#ffd220">ආ-ජින්, මොකද මේ?</font>

450
00:36:24,412 --> 00:36:25,454
<font color="#ffd220">නවත්තන්න.</font>

451
00:36:27,540 --> 00:36:29,375
<font color="#ffd220">මෙහෙම කරන්න එපා. ඉන්-ගං.</font>

452
00:36:32,712 --> 00:36:33,838
<font color="#ffd220">මම මේ කියන්න යන දේට</font>

453
00:36:35,006 --> 00:36:36,215
<font color="#ffd220">ඔයාට රිදෙයි.</font>

454
00:36:43,681 --> 00:36:45,308
<font color="#ffd220">මට දැනටමත් රිදෙනවා.</font>

455
00:36:48,936 --> 00:36:50,479
<font color="#ffd220">ඔයා නොදන්නවා වගේ රඟපෑවා.</font>

456
00:37:06,245 --> 00:37:07,371
<font color="#ffd220">කොහොම වුණත් අහන්න.</font>

457
00:37:08,748 --> 00:37:09,916
<font color="#ffd220">ඒක මගහරින්න හදන්න එපා.</font>

458
00:37:15,922 --> 00:37:17,131
<font color="#ffd220">ඔයාගෙ ආච්චිගෙ සටහන් පොත.</font>

459
00:37:19,592 --> 00:37:20,885
<font color="#ffd220">මම ඒක හොරකම් කළා.</font>

460
00:37:24,305 --> 00:37:27,683
<font color="#ffd220">මට ඕන වුණේ එයාගෙ හිත
දිනාගෙන ඔයා එක්ක යාළු වෙන්න.</font>

461
00:37:29,769 --> 00:37:33,022
<font color="#ffd220">ටික කාලෙකට කලින් එයාට
ඒක මගේ ළඟ තිබිලා අහුවුණා.</font>

462
00:37:34,232 --> 00:37:35,441
<font color="#ffd220">එයා දැනගත්තා...</font>

463
00:37:37,276 --> 00:37:38,653
<font color="#ffd220">මම මොන වගේ කෙනෙක්ද කියලා.</font>

464
00:37:40,905 --> 00:37:42,031
<font color="#ffd220">ඒ කම්පනය නිසා...</font>

465
00:37:43,282 --> 00:37:44,283
<font color="#ffd220">එයා...</font>

466
00:37:48,996 --> 00:37:50,706
<font color="#ffd220">මම කියන දේ ඔයාට තේරෙනවා නේද?</font>

467
00:37:57,964 --> 00:37:58,965
<font color="#ffd220">ඉන්-ගැන්ග්.</font>

468
00:38:01,259 --> 00:38:02,260
<font color="#ffd220">ඔයා කොහොමද...</font>

469
00:38:04,220 --> 00:38:06,180
<font color="#ffd220">මම ගැන ආදරයක් ඇති කරගත්තෙ...</font>

470
00:38:08,599 --> 00:38:10,268
<font color="#ffd220">ඒ වගේම ආච්චිට මොකද වුණේ...</font>

471
00:38:10,351 --> 00:38:11,644
<font color="#ffd220">ඔයා මොන මගුලක්ද කළේ?</font>

472
00:38:14,105 --> 00:38:15,106
<font color="#ffd220">මම කළේ...</font>

473
00:38:17,858 --> 00:38:19,819
<font color="#ffd220">එයාට ඇත්ත කියපු එක විතරයි.</font>

474
00:38:22,280 --> 00:38:24,949
<font color="#ffd220">මම ඇහුවේ ඔයා මගේ ආච්චිට මොකද කළේ කියලා!</font>

475
00:38:31,622 --> 00:38:33,374
<font color="#ffd220">මම එයාට අවංකවම විස්තරේ කිව්වා.</font>

476
00:38:34,834 --> 00:38:37,503
<font color="#ffd220">මගේ ජීවිතේ එක වතාවක් හරි.</font>

477
00:38:56,480 --> 00:38:57,648
<font color="#ffd220">ආයෙත් ඒක කියන්න බලන්න.</font>

478
00:39:02,069 --> 00:39:03,571
<font color="#ffd220">ඔයා දැන්ම මාව අත ඇරියේ නැත්තම්,</font>

479
00:39:04,488 --> 00:39:07,074
<font color="#ffd220">ඔයා එයාව මතක් වෙන හැම
වෙලාවකම නිරා දුක් විඳීවි.</font>

480
00:39:08,284 --> 00:39:10,828
<font color="#ffd220">ඒ වගේ දෙයක් දරාගන්න පුළුවන්
ජාතියේ කෙනෙක් නෙවෙයි ඔයා.</font>

481
00:39:14,332 --> 00:39:15,416
<font color="#ffd220">ඒ නිසා, ඒක පිළිගන්න.</font>

482
00:39:16,709 --> 00:39:18,878
<font color="#ffd220">අපේ අවසානය කලින්ම තීරණය වෙලයි තිබුණේ.</font>

483
00:39:23,049 --> 00:39:24,925
<font color="#ffd220">අපි වෙන් වෙන බවට ලිපියක් මම පළ කරන්නම්,</font>

484
00:39:25,009 --> 00:39:28,387
<font color="#ffd220">මම දන්න වාර්තාකරුවෙක් මාර්ගයෙන් හරියටම වෙලාවට.</font>

485
00:39:29,263 --> 00:39:34,268
<font color="#ffd220">හේතුව විදිහට දාන්නෙ
"කාර්යබහුලකම නිසා දුරස් වුණා" කියලා.</font>

486
00:39:35,770 --> 00:39:37,104
<font color="#ffd220">මිස් සියෝ ගැන...</font>

487
00:39:39,648 --> 00:39:41,609
<font color="#ffd220">මමම එයාට කියන්නම්, දැනට
ගිහින් ටිකක් විවේක ගන්න.</font>

488
00:39:43,402 --> 00:39:45,529
<font color="#ffd220">ආච්චි නැති වුණාට පස්සේ ඔයා
හරියට නිදාගෙන වත් නෑ වගේ පේන්නෙ.</font>

489
00:39:48,783 --> 00:39:49,784
<font color="#ffd220">හොඳට නිදාගන්න.</font>

490
00:40:36,497 --> 00:40:38,040
<font color="#ffd220">මේ මම, මිස්ටර් ලිම්.</font>

491
00:40:38,124 --> 00:40:40,000
<font color="#ffd220"><i>මොකද මේ, මේ වෙලාවේ?</i></font>

492
00:40:40,084 --> 00:40:42,503
<font color="#ffd220">මම හිතන්නේ අපේ පොඩි
ගනුදෙනුව ඉවර කරන්න කාලය හරි.</font>

493
00:40:43,212 --> 00:40:44,213
<font color="#ffd220"><i>මොකක්?</i></font>

494
00:40:44,463 --> 00:40:46,590
<font color="#ffd220"><i>මට කියන්න එපා ඔයා ඉන්-ගැන්ග්ව
කසාද බඳින්න යනවා කියලා.</i></font>

495
00:40:46,674 --> 00:40:48,050
<font color="#ffd220">නෑ, ඒකෙ අනිත් පැත්ත.</font>

496
00:40:48,134 --> 00:40:49,135
<font color="#ffd220"><i>අනිත් පැත්ත?</i></font>

497
00:40:49,218 --> 00:40:51,470
<font color="#ffd220">අපි වෙන් වෙන බවට ලිපියක් ලෑස්ති කරන්න.</font>

498
00:40:51,554 --> 00:40:53,264
<font color="#ffd220"><i>වෙන් වෙනවා? පොඩ්ඩක් ඉන්න.</i></font>

499
00:40:53,347 --> 00:40:56,392
<font color="#ffd220">නිකන් ලියන්න අපි කාර්යබහුලකම
නිසා දුරස් වුණා කියලා.</font>

500
00:40:56,475 --> 00:40:59,186
<font color="#ffd220"><i>- ඔයා ඇත්තටමද මේ--</i>
පුළුවන් ඉක්මනට කරන්න, ප්ලීස්.</font>

501
00:41:02,022 --> 00:41:04,900
<font color="#ffd220">ප්‍රධාන විධායක නිලධාරිනී සියෝ මි-රි</font>

502
00:41:17,246 --> 00:41:18,289
<font color="#ffd220"><i>බොස්.</i></font>

503
00:41:18,372 --> 00:41:19,373
<font color="#ffd220">ඔයා කොහෙද ඉන්නේ?</font>

504
00:41:34,805 --> 00:41:37,016
<font color="#ffd220">බොස්, වාහනේ නවත්තන්න එපා. දිගටම එලවන්න.</font>

505
00:41:37,099 --> 00:41:38,392
<font color="#ffd220"><i>වාහනයක් ඔයාගෙ පස්සෙන් එනවා.</i></font>

506
00:42:14,845 --> 00:42:16,055
<font color="#ffd220">තමුසෙලා කවුද?</font>

507
00:42:16,347 --> 00:42:18,224
<font color="#ffd220">ස්ටෝකර්ලා ද?</font>

508
00:42:18,516 --> 00:42:19,517
<font color="#ffd220">නැත්තම් මැරයෝ ද?</font>

509
00:42:20,059 --> 00:42:21,936
<font color="#ffd220">තමුසෙලාට මීට වඩා කරන්න වැදගත් දෙයක් නැද්ද?</font>

510
00:42:23,562 --> 00:42:24,563
<font color="#ffd220">බැහැපියව් එළියට.</font>

511
00:42:45,292 --> 00:42:46,293
<font color="#ffd220">අල්ලගන්නවා ඕකව.</font>

512
00:42:47,002 --> 00:42:48,712
<font color="#ffd220">එපා! කාලකණ්ණියා.</font>

513
00:43:08,816 --> 00:43:09,858
<font color="#ffd220">අපි මේ සේරම නවත්තමු.</font>

514
00:43:10,109 --> 00:43:11,986
<font color="#ffd220">දැන් ආ-ජින් ගැන අමතක කරලා දාන්න.</font>

515
00:43:25,374 --> 00:43:27,543
<font color="#ffd220">එයා ඔයාට ගැළපෙන කෙල්ලෙක් නෙවෙයි.</font>

516
00:43:27,626 --> 00:43:29,086
<font color="#ffd220">අපි එයාගේ කොන්ත්‍රාත්තුව අලුත් කරන්නෙත් නෑ.</font>

517
00:43:29,878 --> 00:43:31,046
<font color="#ffd220">මම දන්නවා.</font>

518
00:43:33,173 --> 00:43:36,051
<font color="#ffd220">හැම ආදරයක්ම අන්තිමට වෙන් වෙනවා.</font>

519
00:43:39,221 --> 00:43:41,181
<font color="#ffd220">මේ වගේ වෙන්වීම් ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්.</font>

520
00:43:43,684 --> 00:43:44,935
<font color="#ffd220">අද දවස විතරයි.</font>

521
00:43:46,645 --> 00:43:48,856
<font color="#ffd220">මම අද දවස විතරක් මේ දුක විඳිනවා.</font>

522
00:43:54,612 --> 00:43:55,821
<font color="#ffd220">අද විතරක්?</font>

523
00:44:03,621 --> 00:44:05,956
<font color="#ffd220">හරි. එහෙනම් අපි බොමු.</font>

524
00:44:09,835 --> 00:44:11,587
<font color="#ffd220">අපි අද රෑට හොඳටම වෙරි වෙමු.</font>

525
00:44:15,716 --> 00:44:17,343
<font color="#ffd220">මට පරණ දේවල් මතක් වෙනවා.</font>

526
00:44:23,390 --> 00:44:24,433
<font color="#ffd220">ස්තූතියි, මි-රි.</font>

527
00:44:25,976 --> 00:44:26,977
<font color="#ffd220">මොකටද?</font>

528
00:44:31,857 --> 00:44:32,858
<font color="#ffd220">ස්තූතියි.</font>

529
00:44:36,153 --> 00:44:37,154
<font color="#ffd220">මෝඩයා.</font>

530
00:44:37,738 --> 00:44:39,156
<font color="#ffd220">තව ටිකක් දාන්න. මේක විහිළුවක්ද?</font>

531
00:45:05,224 --> 00:45:06,225
<font color="#ffd220">ආ-ජින්</font>

532
00:45:18,612 --> 00:45:19,822
<font color="#ffd220">ආ-ජින්.</font>

533
00:45:20,322 --> 00:45:22,825
<font color="#ffd220"><i>ජේ-ඕ, කවුද අර මගේ
පස්සෙන් ආපු කාර් එකේ හිටියේ?</i></font>

534
00:45:25,285 --> 00:45:26,286
<font color="#ffd220">පැපරාසීන්.</font>

535
00:45:27,538 --> 00:45:29,415
<font color="#ffd220">මම එයාලට කතා කරලා යැව්වා,</font>

536
00:45:30,165 --> 00:45:31,166
<font color="#ffd220">ඒ නිසා බය වෙන්න එපා.</font>

537
00:45:33,502 --> 00:45:36,046
<font color="#ffd220">ඔයා මට කතා කළේ හදිසියකට නෙවෙයි නේද?</font>

538
00:45:36,880 --> 00:45:40,259
<font color="#ffd220"><i>නෑ, මට අද ටිකක් මහන්සියි.
මම පස්සෙ කතා කරන්නම්.</i></font>

539
00:45:42,469 --> 00:45:43,846
<font color="#ffd220">මම ගන්නම්.</font>

540
00:46:21,216 --> 00:46:22,301
<font color="#ffd220">මොකක්?</font>

541
00:46:22,384 --> 00:46:24,011
<font color="#ffd220">හියෝ ඉන්-ගැන්ග් සහ බෙක්
ආ-ජින් වසරකට පසුව වෙන් වෙයි</font>

542
00:46:24,094 --> 00:46:25,387
<font color="#ffd220">කාර්යබහුලකම නිසා දුරස් වෙලා</font>

543
00:46:25,471 --> 00:46:26,972
<font color="#ffd220">ප්‍රසිද්ධ යුවළක් වන හියෝ
ඉන්-ගැන්ග් සහ බෙක් ආ-ජින්</font>

544
00:46:27,055 --> 00:46:28,599
<font color="#ffd220">වසරක සම්බන්ධයකින් පසුව වෙන් වෙයි</font>

545
00:46:36,565 --> 00:46:38,233
<font color="#ffd220">මිස් සියෝ, මේ ලිපි ලේඛන ඔයාට.</font>

546
00:46:39,151 --> 00:46:40,986
<font color="#ffd220">ඔව්, මම ලකුණු කරපු තැන් හදන්න.</font>

547
00:46:42,237 --> 00:46:43,322
<font color="#ffd220">කෝ ඉන්-ගැන්ග්?</font>

548
00:46:43,572 --> 00:46:44,823
<font color="#ffd220">එයාගේ මැනේජර් කතා කරලා කිව්වා</font>

549
00:46:44,907 --> 00:46:46,825
<font color="#ffd220">එයා නිදි පෙති බීලා නිදාගත්තා කියලා.</font>

550
00:46:48,452 --> 00:46:50,287
<font color="#ffd220">එහෙනම් හවස් වෙනකන් නැගිටින එකක් නෑ.</font>

551
00:46:50,871 --> 00:46:52,080
<font color="#ffd220">ඒ මෝඩයා කන්නෙත් නැතුව</font>

552
00:46:52,164 --> 00:46:53,707
<font color="#ffd220">හිස් බඩටම බොන්න ඇති.</font>

553
00:46:56,001 --> 00:46:58,170
<font color="#ffd220">මේ ළඟපාත හොඳ සුප් කඩයක් තියෙනවද?</font>

554
00:46:58,921 --> 00:47:00,422
<font color="#ffd220">ඔයා ඒක එයාට ගිහින් දෙන්නද හදන්නේ?</font>

555
00:47:00,506 --> 00:47:02,549
<font color="#ffd220">මම ගෙදර යන ගමන් එයාගේ
දිහාට ගොඩ වෙලා යන්නම්.</font>

556
00:47:03,342 --> 00:47:06,929
<font color="#ffd220">මම එයාට මොනවා හරි කන්න දීලා
එයාව යථා තත්ත්වයට ගන්න ඕන.</font>

557
00:47:39,545 --> 00:47:41,463
<font color="#ffd220"><i>මම මේ වෙලාවේ නගරයෙන් පිට ඉන්නේ.</i></font>

558
00:47:41,547 --> 00:47:43,215
<font color="#ffd220"><i>ඒත් ඉන්-ගැන්ග් ෆෝන් එක ගන්නෙ නෑ.</i></font>

559
00:47:43,674 --> 00:47:46,051
<font color="#ffd220">එයා බීලා වැඩි වෙලා සිහිය නැතුව ඇති.</font>

560
00:47:46,134 --> 00:47:47,636
<font color="#ffd220">මම දැන් එහෙට යන ගමන් ඉන්නේ.</font>

561
00:47:47,719 --> 00:47:50,305
<font color="#ffd220">මම එයාට කන්න දීලා ඔයාට කතා කරන්න කියන්නම්.</font>

562
00:47:50,389 --> 00:47:51,390
<font color="#ffd220">හරි.</font>

563
00:47:51,473 --> 00:47:53,141
<font color="#ffd220">බය වෙන්න එපා ඉන්-මෝ. ඔයාගෙ වැඩේ කරගන්න.</font>

564
00:47:53,225 --> 00:47:54,351
<font color="#ffd220">හරි.</font>

565
00:48:17,457 --> 00:48:20,043
<font color="#ffd220">ඉන්-ගැන්ග්, නැගිටින්න! වෙරි හිඳගන්න වෙලාව හරි.</font>

566
00:48:21,253 --> 00:48:25,132
<font color="#ffd220">මම ඔයාට නියම සුප් එකක් ගෙනාවා.</font>

567
00:48:32,055 --> 00:48:34,349
<font color="#ffd220">එයා තාම නිදි වගේ?</font>

568
00:48:36,602 --> 00:48:37,811
<font color="#ffd220">ඉන්-ගැන්ග්!</font>

569
00:48:41,565 --> 00:48:43,567
<font color="#ffd220">එයා කොහෙද?</font>

570
00:50:20,872 --> 00:50:21,873
<font color="#ffd220">ඉන්-ගැන්ග්.</font>

571
00:50:23,959 --> 00:50:25,293
<font color="#ffd220">ඉන්-ගැන්ග්, එපා.</font>

572
00:50:27,421 --> 00:50:29,548
<font color="#ffd220">එපා!</font>

573
00:50:30,966 --> 00:50:33,385
<font color="#ffd220">නැහැ!</font>

574
00:51:11,089 --> 00:51:12,090
<font color="#ffd220">මේ.</font>

575
00:51:12,924 --> 00:51:14,217
<font color="#ffd220">මම දිහා බලන්න.</font>

576
00:51:15,260 --> 00:51:16,261
<font color="#ffd220">මේක විහිළුවක් නේද?</font>

577
00:51:21,349 --> 00:51:22,350
<font color="#ffd220">මොකද වුණේ?</font>

578
00:51:22,934 --> 00:51:24,352
<font color="#ffd220">ඔයා කවදාවත් මෙච්චර රිද්දගෙන නෑ.</font>

579
00:51:24,853 --> 00:51:25,979
<font color="#ffd220">ඔයා මොනවද කළේ?</font>

580
00:51:28,356 --> 00:51:31,193
<font color="#ffd220">මට වෙලාව හොඳ නෑ.</font>

581
00:51:33,195 --> 00:51:34,196
<font color="#ffd220">බොස් කොහොමද?</font>

582
00:51:35,530 --> 00:51:36,531
<font color="#ffd220">මොකක්?</font>

583
00:51:36,948 --> 00:51:37,991
<font color="#ffd220">එයා හොඳින් ද?</font>

584
00:51:38,492 --> 00:51:39,618
<font color="#ffd220">ඇයි ඔයා එහෙම අහන්නේ?</font>

585
00:51:42,204 --> 00:51:43,914
<font color="#ffd220">එයාට කරදරයක් වුණේ නැත්තම් ඇති.</font>

586
00:51:55,509 --> 00:51:57,219
<font color="#ffd220">කවුද අර මිනිස්සු?</font>

587
00:51:57,302 --> 00:51:58,845
<font color="#ffd220">හියෝ ඉන්-ගැන්ග් මැරිලා.</font>

588
00:52:00,097 --> 00:52:01,473
<font color="#ffd220">සිරාවටම? සියදිවි නසාගෙනද?</font>

589
00:52:01,973 --> 00:52:04,226
<font color="#ffd220">ඒත් එයා ළඟදි බෙක් ආ-ජින් එක්ක වෙන් වුණානේ.</font>

590
00:52:04,309 --> 00:52:07,229
<font color="#ffd220">ඒ කියන්නේ එයා මැරුණේ ආ-ජින් නිසාද?</font>

591
00:52:07,312 --> 00:52:08,688
<font color="#ffd220">ඒක වෙන්න බෑ.</font>

592
00:52:08,772 --> 00:52:10,065
<font color="#ffd220">ආරංචියෙ හැටියට එයාට විශාදය තිබිලා.</font>

593
00:52:45,392 --> 00:52:47,227
<font color="#ffd220">ඔයා මට කලින් මොකක්ද කිව්වේ?</font>

594
00:52:47,477 --> 00:52:49,271
<font color="#ffd220">ඔයා මට ගිය පාර මොනවද කිව්වේ?</font>

595
00:52:51,106 --> 00:52:53,567
<font color="#ffd220">ඔයා කිව්වා සාමාන්‍ය විදිහට
යාළු වෙලා වෙන් වෙනවා කියලා.</font>

596
00:52:53,650 --> 00:52:56,069
<font color="#ffd220">ඔයාමයි කිව්වේ එයාට දුකක් දැනෙන එකක් නෑ කියලා.</font>

597
00:52:56,862 --> 00:52:58,113
<font color="#ffd220">ඔයා හරි පුදුමයිනේ.</font>

598
00:52:58,738 --> 00:52:59,739
<font color="#ffd220">ඇයි ඔයා තරහ අරන්?</font>

599
00:53:01,366 --> 00:53:03,160
<font color="#ffd220">මට කෑගහන්න ඔයා කවුද?</font>

600
00:53:04,995 --> 00:53:07,205
<font color="#ffd220">එයාට වෙන්වීම දරාගන්න
බැරි වුණා. ඒක එයාගේ වරදක්.</font>

601
00:53:07,289 --> 00:53:08,957
<font color="#ffd220">මම මට පුළුවන් හැමදේම කළා.</font>

602
00:53:09,583 --> 00:53:11,001
<font color="#ffd220">ඒක කොහොමද මගේ වැරැද්දක් වෙන්නේ?</font>

603
00:53:11,668 --> 00:53:14,796
<font color="#ffd220">එයාට එහෙම වුණේ එයාගේ වෙලාව නරක නිසා.</font>

604
00:53:16,506 --> 00:53:17,924
<font color="#ffd220">ඒක මගේ වැරැද්දක් නෙවෙයි.</font>

605
00:53:23,180 --> 00:53:24,556
<font color="#ffd220">එයා මැරිලා.</font>

606
00:53:26,016 --> 00:53:28,560
<font color="#ffd220">එක මොහොතකින් මුළු පවුලක්ම විනාශ වුණා.</font>

607
00:53:31,188 --> 00:53:32,606
<font color="#ffd220">ඔයාට කියන්න තියෙන්නේ එච්චරද?</font>

608
00:53:33,690 --> 00:53:36,276
<font color="#ffd220">ඔයා කතා කරන්නේ හරියට මම එයාව මැරුවා වගේ.</font>

609
00:53:36,359 --> 00:53:37,402
<font color="#ffd220">නැද්ද?</font>

610
00:53:39,571 --> 00:53:42,365
<font color="#ffd220">ඔයා හිතුවද මම වැරදිකාරියක් කියලා හිතයි කියලා?</font>

611
00:53:42,449 --> 00:53:44,034
<font color="#ffd220">මගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.</font>

612
00:53:44,618 --> 00:53:46,494
<font color="#ffd220">අන්තිමට රිද්දගෙන කලකිරෙන්නේ ඔයා විතරයි.</font>

613
00:53:52,834 --> 00:53:53,877
<font color="#ffd220">ඔයාට බැරිද...</font>

614
00:53:55,712 --> 00:53:57,422
<font color="#ffd220">නිකන් සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න?</font>

615
00:54:02,886 --> 00:54:04,846
<font color="#ffd220">ඔයා ළඟ මනුස්සකම ගෑවිලාවත් ඇතියි කියලා</font>

616
00:54:04,930 --> 00:54:06,765
<font color="#ffd220">මම හිතපු එක මගේ වැරැද්දක්.</font>

617
00:54:08,350 --> 00:54:10,602
<font color="#ffd220">මම කොහොමද මනුස්සයෙක් වෙන්නේ?</font>

618
00:54:11,478 --> 00:54:14,231
<font color="#ffd220">ඔයා හිතනවද ඔයා මාව අර
බාත් ටබ් එකෙන් ගොඩ ගත්තා නම්</font>

619
00:54:14,314 --> 00:54:16,233
<font color="#ffd220">දේවල් මීට වඩා වෙනස් වෙයි කියලා?</font>

620
00:54:17,275 --> 00:54:18,985
<font color="#ffd220">ඒත් ඔයා එහෙම කළේ නෑ.</font>

621
00:54:19,069 --> 00:54:21,404
<font color="#ffd220">ජේ-ඕ නම් බාත්රූම් එකට කඩා වැදිලා</font>

622
00:54:21,488 --> 00:54:24,199
<font color="#ffd220">අර ගෑනිගෙ ඔළුව පොඩි
කරනවා, ඒත් ඔයා එහෙම කළේ නෑ.</font>

623
00:54:24,741 --> 00:54:26,993
<font color="#ffd220">එහෙම කරලා ඔයා මාව විනිශ්චය කරන්න එනවා?</font>

624
00:54:30,830 --> 00:54:34,125
<font color="#ffd220">ඔයා මනුස්සකම නිසාද නිකන් බලාගෙන හිටියේ?</font>

625
00:54:36,169 --> 00:54:37,921
<font color="#ffd220">මේක මගේ වැරැද්ද නෙවෙයි.</font>

626
00:54:38,964 --> 00:54:40,799
<font color="#ffd220">මාව මේ තත්ත්වෙට පත් කළේ ඔයා.</font>

627
00:54:43,510 --> 00:54:46,513
<font color="#ffd220">ඔයාට මම ගැන දුකක්
හිතෙනවා නම්, සමාව ඉල්ලන්න.</font>

628
00:54:47,597 --> 00:54:50,267
<font color="#ffd220">මාව මේ වගේ කෙනෙක් කළාට සමාව ඉල්ලන්න.</font>

629
00:54:51,768 --> 00:54:53,353
<font color="#ffd220">ඔයා මට බනිද්දි</font>

630
00:54:53,436 --> 00:54:55,146
<font color="#ffd220">ඇත්තටම ඔයා බනින්නේ ඔයාගේ අතීතයටමයි.</font>

631
00:55:05,323 --> 00:55:07,200
<font color="#ffd220">ඔයාට ඕන තරම් මට බනින්න පුළුවන්</font>

632
00:55:08,618 --> 00:55:10,245
<font color="#ffd220">ඒත් මම කවදාවත් ඔයාට බනින්නේ නෑ.</font>

633
00:55:20,046 --> 00:55:22,966
<font color="#ffd220">ඔයාට මාව දාලා යන්න ඕන නම්, යන්න.</font>

634
00:55:27,387 --> 00:55:29,431
<font color="#ffd220">මගෙන් පැනලා දුවන්න</font>

635
00:55:29,931 --> 00:55:31,558
<font color="#ffd220">හරියට ඔයා අතීතයේදී කළා වගේම...</font>

636
00:55:33,601 --> 00:55:35,937
<font color="#ffd220">ඒත් මම කවදාවත් ඔයාට දොස් කියන්නේ නෑ.</font>

637
00:55:42,068 --> 00:55:44,988
<font color="#ffd220">මොකද මගේ ළඟ තියාගන්න මම
තෝරගත්ත පළවෙනි කෙනා ඔයා.</font>

638
00:56:25,695 --> 00:56:28,782
<font color="#ffd220">මම බයෙන් හිටියේ ආච්චිට
සැත්කම කරගන්න බැරි වෙයි කියලා.</font>

639
00:56:29,741 --> 00:56:31,368
<font color="#ffd220">ස්තූතියි, මැනේජර්.</font>

640
00:56:32,035 --> 00:56:33,495
<font color="#ffd220">මම මේක කවදාවත් අමතක කරන්නේ නෑ.</font>

641
00:56:33,578 --> 00:56:35,205
<font color="#ffd220">මම දැන් මැනේජර් කෙනෙක් නෙවෙයි.</font>

642
00:56:35,288 --> 00:56:37,832
<font color="#ffd220">ඔයාට දැන් මට ලොක්කා කියලා කියන්න පුළුවන්.</font>

643
00:56:37,916 --> 00:56:39,042
<font color="#ffd220">ඔයා දැනගන්න ඕන දෙයක්,</font>

644
00:56:39,125 --> 00:56:41,252
<font color="#ffd220">මම කාටහරි කරපු උදව්වක්
කවදාවත් අමතක කරන්නේ නෑ.</font>

645
00:56:41,336 --> 00:56:42,545
<font color="#ffd220">බොහොම ස්තූතියි.</font>

646
00:56:45,090 --> 00:56:46,091
<font color="#ffd220">හෙලෝ.</font>

647
00:56:51,721 --> 00:56:53,473
<font color="#ffd220">ඔයා කිව්වා ඔයා කරපු උදව්වක්
කවදාවත් අමතක කරන්නේ නෑ කියලා.</font>

648
00:56:53,723 --> 00:56:55,392
<font color="#ffd220">ඔයාට ගොඩක් සාර්ථක වෙන්න ලැබෙන්න ඕන, මිස් සියෝ.</font>

649
00:56:57,018 --> 00:56:58,311
<font color="#ffd220">ස්තූතියි.</font>

650
00:56:59,896 --> 00:57:02,107
<font color="#ffd220">නියෝජිත: සියෝ මි-රි නම: හියෝ ඉන්-ගැන්ග්</font>

651
00:57:05,777 --> 00:57:07,695
<font color="#ffd220">මට ලැබුණු උදව්වක්වත් මම
කවදාවත් අමතක කරන්නේ නෑ.</font>

652
00:57:08,113 --> 00:57:09,656
<font color="#ffd220">මම හරියටම දන්නවා ගැළපෙන
මිනිස්සු තෝරගන්න හැටි.</font>

653
00:57:17,956 --> 00:57:21,167
<font color="#ffd220"><i>මට ඔයාට ස්තූති කරන්න විතරයි ඕන.</i></font>

654
00:57:36,558 --> 00:57:39,144
<font color="#ffd220">හියෝ ඉන්-ගැන්ග්</font>

655
00:58:50,465 --> 00:58:52,217
<font color="#ffd220"><i>හැමෝම අන්තිමට තනි වෙනවා</i></font>

656
00:58:52,884 --> 00:58:54,135
<font color="#ffd220"><i>ජීවිතේ කඩාවැටිලා.</i></font>

657
00:58:55,428 --> 00:58:57,305
<font color="#ffd220"><i>ඔයා හරිම දුර්වලයි.</i></font>

658
00:59:08,650 --> 00:59:10,818
<font color="#ffd220"><i>ඔයත් එක්කම මටත් කඩාවැටෙන්න බෑනේ.</i></font>

659
00:59:21,037 --> 00:59:22,413
<font color="#ffd220">කරුණාකරලා මාව තේරුම්ගන්න.</font>

660
00:59:54,988 --> 00:59:56,823
<font color="#ffd220">එයාව එළවලා දාන්න! එයාව එළවලා දාන්න!</font>

661
00:59:56,906 --> 00:59:58,491
<font color="#ffd220">බෙක් ආ-ජින්ව පන්නලා දාන්න!</font>

662
00:59:58,575 --> 01:00:00,326
<font color="#ffd220">එයාව එළවලා දාන්න! එයාව එළවලා දාන්න!</font>

663
01:00:00,410 --> 01:00:01,828
<font color="#ffd220">මේක අසාධාරණයි!</font>

664
01:00:01,911 --> 01:00:03,705
<font color="#ffd220">අසාධාරණයි! අසාධාරණයි!</font>

665
01:00:03,788 --> 01:00:05,582
<font color="#ffd220">ලෝන්ග්ස්ටාර් වගකියනු!</font>

666
01:00:05,665 --> 01:00:07,500
<font color="#ffd220">වගකියනු! වගකියනු!</font>

667
01:00:07,584 --> 01:00:09,210
<font color="#ffd220">මේක අසාධාරණයි!</font>

668
01:00:09,294 --> 01:00:11,212
<font color="#ffd220">අසාධාරණයි! අසාධාරණයි!</font>

669
01:00:11,296 --> 01:00:13,089
<font color="#ffd220">බෙක් ආ-ජින් අපරාධකාරියක්!</font>

670
01:00:13,172 --> 01:00:15,049
<font color="#ffd220">අපරාධකාරියක්! අපරාධකාරියක්!</font>

671
01:00:15,133 --> 01:00:16,843
<font color="#ffd220">බෙක් ආ-ජින්ව පන්නලා දාන්න!</font>

672
01:00:16,926 --> 01:00:18,845
<font color="#ffd220">එයාව එළවලා දාන්න! එයාව එළවලා දාන්න!</font>

673
01:00:18,928 --> 01:00:20,555
<font color="#ffd220">ඉන්-ගැන්ග්ව ආපසු දෙන්න!</font>

674
01:00:20,638 --> 01:00:22,307
<font color="#ffd220">එයාව ආපසු දෙන්න! එයාව ආපසු දෙන්න!</font>

675
01:00:22,390 --> 01:00:24,475
<font color="#ffd220">ලෝන්ග්ස්ටාර් වගකියනු!</font>

676
01:00:24,559 --> 01:00:26,561
<font color="#ffd220">වගකියනු! වගකියනු!</font>

677
01:00:26,644 --> 01:00:28,354
<font color="#ffd220">ඉන්-ගැන්ග්ව ආපසු දෙන්න!</font>

678
01:00:28,438 --> 01:00:30,356
<font color="#ffd220">එයාව ආපසු දෙන්න! එයාව ආපසු දෙන්න!</font>

679
01:00:30,440 --> 01:00:31,441
<font color="#ffd220">බෙක් ආ-ජින්!</font>

680
01:00:32,692 --> 01:00:34,986
<font color="#ffd220">එයාව ආපසු දෙන්න. ඉන්-ගැන්ග්ව ආපසු දෙන්න.</font>

681
01:00:35,737 --> 01:00:37,655
<font color="#ffd220">යක්ෂණී! තමුන් මහ නසරානියක්!</font>

682
01:00:38,364 --> 01:00:39,907
<font color="#ffd220">ඔයා කවුද? අයින් වෙනවා!</font>

683
01:00:40,491 --> 01:00:42,827
<font color="#ffd220">මම එයාගේ පන්තියේ හිටියේ.</font>

684
01:00:42,910 --> 01:00:44,704
<font color="#ffd220">එයාට මෙහෙම අපහාස කරන එක වැරදියි!</font>

685
01:00:44,787 --> 01:00:46,831
<font color="#ffd220">තමුන් මේ කොහෙද යන්නේ? එහාට යන්න!</font>

686
01:00:46,914 --> 01:00:49,417
<font color="#ffd220">මෙහෙ එනවා! බෙක් ආ-ජින්!</font>

687
01:00:49,500 --> 01:00:52,128
<font color="#ffd220">තමුන් යක්ෂණියක්! එයාව ආපහු අපිට දෙන්න!</font>

688
01:00:53,087 --> 01:00:56,132
<font color="#ffd220">නවත්තන්න! ඉන්-ගැන්ග්ව ආපසු දෙන්න!</font>

689
01:00:56,424 --> 01:00:57,925
<font color="#ffd220">එයාගෙන් ඈත් වෙලා ඉන්නවා! මෙහෙ එනවා!</font>

690
01:00:59,052 --> 01:01:00,762
<font color="#ffd220">මේ යකා කවුද?</font>

691
01:01:06,142 --> 01:01:09,228
<font color="#ffd220">ඒයි, ඔයා හින්දා මගේ ඇඟම ජරා වුණා, ඒ
නිසා මට ඉස්සෙල්ලාම ඇඟ හෝදගන්න ඕනේ.</font>

692
01:01:10,396 --> 01:01:11,939
<font color="#ffd220">මහ පුදුමයක්නේ.</font>

693
01:01:12,774 --> 01:01:13,775
<font color="#ffd220">ඒයි.</font>

694
01:01:19,030 --> 01:01:21,324
<font color="#ffd220">ගෙදර නම් මරු.</font>

695
01:01:41,969 --> 01:01:43,638
<font color="#ffd220">මාර සැපයිනේ.</font>

696
01:01:44,639 --> 01:01:45,640
<font color="#ffd220">මේක නම් පිස්සුවක්.</font>

697
01:01:49,060 --> 01:01:51,020
<font color="#ffd220">ඔයාට ලස්සන ඇඳුම් ගොඩක් තියෙනවා.</font>

698
01:01:53,940 --> 01:01:55,149
<font color="#ffd220">මට ඔයාව මතක් වුණා.</font>

699
01:01:56,025 --> 01:01:57,902
<font color="#ffd220">අනාථයෙක්ට වරදක් නෑනේ.</font>

700
01:01:59,696 --> 01:02:01,280
<font color="#ffd220">ඔයා දැන් සාර්ථකයි.</font>

701
01:02:01,364 --> 01:02:02,657
<font color="#ffd220">පුදුමයි යාළුවා.</font>

702
01:02:08,538 --> 01:02:11,582
<font color="#ffd220">මට බොන්න මොනවා හරි ගේන්න. ඔයා බොනවා නේද?</font>

703
01:02:12,542 --> 01:02:13,543
<font color="#ffd220">නේද?</font>

704
01:02:18,589 --> 01:02:19,632
<font color="#ffd220">මගේ ගෙදරින් එළියට යනවා.</font>

705
01:02:23,302 --> 01:02:25,346
<font color="#ffd220">ඉස්කෝලේ කාලේ ළමයින්ට පොලියට
ණය දීපු ඔයා දැන් ඉන්න තැන බලන්නකෝ.</font>

706
01:02:25,430 --> 01:02:27,473
<font color="#ffd220">දැන් දිහා බලන්නකෝ.</font>

707
01:02:30,685 --> 01:02:32,395
<font color="#ffd220">මටත් පොඩ්ඩක් ඔය බිස්නස් එක කියලා දෙන්නකෝ.</font>

708
01:02:33,938 --> 01:02:35,148
<font color="#ffd220">දවසකට ලක්ෂයක් මදිද?</font>

709
01:02:40,611 --> 01:02:43,489
<font color="#ffd220">දිනන්න බැරි රණ්ඩු වලට
එන්න නැතුව, එළියට යනවා.</font>

710
01:02:47,452 --> 01:02:48,453
<font color="#ffd220">හා එහෙනම්.</font>

711
01:02:49,036 --> 01:02:50,037
<font color="#ffd220">දැනට...</font>

712
01:02:53,416 --> 01:02:55,042
<font color="#ffd220">මම මේක අරගෙන ඔයාට පාඩුවේ ඉන්නම්.</font>

713
01:03:02,759 --> 01:03:04,469
<font color="#ffd220">මහජන මතය ගොඩක්ම නරකයි.</font>

714
01:03:04,552 --> 01:03:07,305
<font color="#ffd220">ලෝන්ග්ස්ටාර් එකෙනුත් තාම හරියට
මුකුත් කියලා නෑ, ඒ නිසා ඕපදූප වැහි වැහැලා.</font>

715
01:03:07,388 --> 01:03:09,432
<font color="#ffd220">ඒ නිසා ඕපදූප වැහි වැහැලා.</font>

716
01:03:11,225 --> 01:03:15,062
<font color="#ffd220">ඒජන්සියේ නළුවාට බැන වදිද්දී,
එයාලා නිකන්ම බලන් ඉන්නවාද?</font>

717
01:03:27,658 --> 01:03:29,952
<font color="#ffd220">මම දන්නවා ඔයා ආ-ජින්ගේ තාත්තාගේ
මරණය ගැන හාර අවුස්සමින් හිටියේ කියලා,</font>

718
01:03:30,036 --> 01:03:32,288
<font color="#ffd220">එයා එක්ක වැඩ කරන්න ගත්තම ඒක නැවැත්තුවා නේද.</font>

719
01:03:34,415 --> 01:03:36,417
<font color="#ffd220">මම කියන්නේ දැන් මාත් එක්ක වැඩ කරන්න කියලා.</font>

720
01:03:39,587 --> 01:03:41,881
<font color="#ffd220">අපිට සම්පූර්ණ නඩුවම ආයේ අදින්න බැරි වෙයි,</font>

721
01:03:41,964 --> 01:03:43,800
<font color="#ffd220">ඒත් එයාගේ ප්‍රතිරූපය විනාශ
කරන්න මේ ටික හොඳටම ඇති.</font>

722
01:03:43,883 --> 01:03:45,593
<font color="#ffd220">මොකද එයා ජීවත් වෙන්නේ ප්‍රතිරූපයෙන්නේ.</font>

723
01:03:46,886 --> 01:03:48,095
<font color="#ffd220">මේ ඔක්කොමද?</font>

724
01:03:48,179 --> 01:03:49,388
<font color="#ffd220">මේ ටිකක් විතරයි.</font>

725
01:03:50,348 --> 01:03:53,434
<font color="#ffd220">ඔයා කැමති වුණු ගමන් මම ඉතුරු ටික දෙන්නම්.</font>

726
01:03:53,976 --> 01:03:56,395
<font color="#ffd220">හිතලා බලලා මට කියන්නකෝ.</font>

727
01:03:57,647 --> 01:03:58,856
<font color="#ffd220">මිස් සෝ.</font>

728
01:04:00,358 --> 01:04:02,276
<font color="#ffd220">හෙළිදරව් කිරීමකදී වෙලාව තමයි
වැදගත්ම දේ කියලා ඔයා දන්නවනේ?</font>

729
01:04:02,360 --> 01:04:03,528
<font color="#ffd220">ඒ වෙලාව ගැන කිව්වොත්...</font>

730
01:04:04,862 --> 01:04:07,114
<font color="#ffd220">කොච්චර ඉක්මන් වෙනවද, එච්චරටම හොඳයි.</font>

731
01:04:45,111 --> 01:04:46,237
<font color="#ffd220">මොකද මේ කරන්නේ?</font>

732
01:04:47,572 --> 01:04:48,573
<font color="#ffd220">මට සමාවෙන්න.</font>

733
01:04:50,283 --> 01:04:51,284
<font color="#ffd220">ආ-ජින්.</font>

734
01:04:52,743 --> 01:04:54,453
<font color="#ffd220">මේක ඔයාගේ අලුත් රඟපෑමක්ද?</font>

735
01:04:57,707 --> 01:04:59,208
<font color="#ffd220">මොකක් ගැන සමාවෙන්න කියලද ඔය කියන්නේ?</font>

736
01:05:00,543 --> 01:05:03,004
<font color="#ffd220">මට ඇත්තටම සමාව ඉල්ලන්න ඕනේ.</font>

737
01:05:06,674 --> 01:05:08,134
<font color="#ffd220">මම කරපු හැමදේටම...</font>

738
01:05:10,720 --> 01:05:11,888
<font color="#ffd220">මට සමාවෙන්න.</font>

739
01:05:13,723 --> 01:05:14,724
<font color="#ffd220">ආ-ජින්.</font>

740
01:05:16,601 --> 01:05:17,602
<font color="#ffd220">දැන්ද මතක් වුණේ?</font>

741
01:05:29,196 --> 01:05:31,073
<font color="#ffd220">මම මේ දණගහගෙන ඉන්නේ.</font>

742
01:05:34,118 --> 01:05:37,204
<font color="#ffd220">අනේ මගේ සමාව පිළිගන්නකෝ?</font>

743
01:05:38,623 --> 01:05:39,624
<font color="#ffd220">ප්ලීස්?</font>

744
01:05:53,387 --> 01:05:54,388
<font color="#ffd220">ඇයි මම එහෙම කරන්නේ?</font>

745
01:05:55,973 --> 01:05:58,517
<font color="#ffd220">ඇයි මම ඔයාගේ සමාව පිළිගන්න ඕනේ?</font>

746
01:06:02,188 --> 01:06:03,189
<font color="#ffd220">මිස් හ්වන්ග්.</font>

747
01:06:03,814 --> 01:06:05,316
<font color="#ffd220">එක පාරක් දණගැහුවා කියලාද?</font>

748
01:06:07,151 --> 01:06:09,111
<font color="#ffd220">ඔයා මට කරපු දේවල් හැටියට...</font>

749
01:06:09,195 --> 01:06:11,697
<font color="#ffd220">ඔයාගේ දණහිස් ඇට කටු මතු
වෙනකම්ම ගෙවිලා යන්න ඕනේ.</font>

750
01:06:16,535 --> 01:06:18,204
<font color="#ffd220">ඔයා හිත යටින් මගේ සමාව බලාපොරොත්තුවෙන් හිටියේ.</font>

751
01:06:19,372 --> 01:06:20,623
<font color="#ffd220">මම දන්නවා.</font>

752
01:06:26,420 --> 01:06:27,588
<font color="#ffd220">මට ඒක වැඩක් නෑ.</font>

753
01:06:30,758 --> 01:06:31,759
<font color="#ffd220">එහෙමද?</font>

754
01:06:37,139 --> 01:06:38,724
<font color="#ffd220">හරි, කොහොමහරි මම සමාව ගත්තනේ.</font>

755
01:06:45,272 --> 01:06:47,149
<font color="#ffd220">ජුන්-සෝට කියන්න අමතක කරන්න එපා...</font>

756
01:06:48,109 --> 01:06:50,528
<font color="#ffd220">මම ඇවිල්ලා සමාව ගත්තා කියලා.</font>

757
01:06:53,489 --> 01:06:55,282
<font color="#ffd220">එයාට දැනගන්න ඉඩ තියන්න...</font>

758
01:06:56,367 --> 01:06:57,493
<font color="#ffd220">මම දණගැහුවා කියලා.</font>

759
01:08:38,803 --> 01:08:39,804
<font color="#ffd220">ඔයා දන්නවද...</font>

760
01:08:44,058 --> 01:08:46,852
<font color="#ffd220">මම ඔයාට වැඩියෙන්ම වෛර කළේ කවද්ද කියලා?</font>

761
01:09:12,795 --> 01:09:15,381
<font color="#ffd220"><i>මම ඇහුවේ මගේ ආච්චිට මොකද කළේ කියලා!</i></font>

762
01:09:17,216 --> 01:09:18,342
<font color="#ffd220"><i>මම පිළිගන්නවා...</i></font>

763
01:09:19,301 --> 01:09:22,304
<font color="#ffd220">මුලින් මගේ අදහස වුණේ ඒක තමයි.</font>

764
01:09:24,765 --> 01:09:26,016
<font color="#ffd220">ඒත්...</font>

765
01:09:32,106 --> 01:09:33,524
<font color="#ffd220">මම...</font>

766
01:09:34,817 --> 01:09:36,235
<font color="#ffd220">ඉන්-ගැන්ග්ට ගොඩක් කැමති වුණා.</font>

767
01:09:40,072 --> 01:09:41,282
<font color="#ffd220">ඉතින් මට...</font>

768
01:09:44,743 --> 01:09:48,330
<font color="#ffd220">ඕනේ වුණා ඔයත් මට ආදරේ කරනවා දකින්න.</font>

769
01:09:58,299 --> 01:10:00,384
<font color="#ffd220">මම මේක බලාගන්නම්.</font>

770
01:10:06,599 --> 01:10:08,392
<font color="#ffd220">මම...</font>

771
01:10:10,269 --> 01:10:12,479
<font color="#ffd220">ඉන්-ගැන්ග්ට ඇත්ත කියන්නම්...</font>

772
01:10:16,150 --> 01:10:17,484
<font color="#ffd220">මේක ඉවරයක් කරන්නම්.</font>

773
01:10:25,826 --> 01:10:27,077
<font color="#ffd220">මම දිහා බලන්න.</font>

774
01:10:40,216 --> 01:10:42,134
<font color="#ffd220">මම තාමත් ඒ මතයේමයි ඉන්නේ.</font>

775
01:10:46,013 --> 01:10:47,014
<font color="#ffd220">ඒ කියන්නේ...</font>

776
01:10:48,599 --> 01:10:50,434
<font color="#ffd220">ඔයත් හරියට ඉන්-ගැන්ග් සහ ඉන්-මෝ වගේම...</font>

777
01:10:51,894 --> 01:10:53,979
<font color="#ffd220">මගේ දරුවන්ගෙන් කෙනෙක් කියන එක.</font>

778
01:10:56,023 --> 01:10:58,692
<font color="#ffd220">තමන්ගේ ළමයෙක් වැරැද්දක් කළාම, එයාලට බැනලා...</font>

779
01:10:59,652 --> 01:11:01,237
<font color="#ffd220">ආපහු ආදරෙන් වැළඳගන්නවා.</font>

780
01:11:03,781 --> 01:11:05,241
<font color="#ffd220">ඒක තමයි දෙමව්පියෝ කරන්නේ.</font>

781
01:11:21,006 --> 01:11:22,258
<font color="#ffd220">ආ-ජින්.</font>

782
01:11:23,592 --> 01:11:24,802
<font color="#ffd220">බෙක් ආ-ජින්.</font>

783
01:11:26,720 --> 01:11:27,721
<font color="#ffd220">ඇයි?</font>

784
01:11:28,806 --> 01:11:30,266
<font color="#ffd220">ඔයා වැරැද්දක් කළා, නේද?</font>

785
01:11:36,397 --> 01:11:38,148
<font color="#ffd220">ඔයා ආයේ එහෙම කරන්නේ නෑ, නේද?</font>

786
01:11:44,738 --> 01:11:46,156
<font color="#ffd220">එච්චරයි මට දැනගන්න ඕනේ.</font>

787
01:11:49,243 --> 01:11:50,244
<font color="#ffd220">ආ-ජින්.</font>

788
01:11:52,162 --> 01:11:53,956
<font color="#ffd220">අපි මෙහෙම කරමු.</font>

789
01:11:55,624 --> 01:11:59,461
<font color="#ffd220">අපි මේක අපි අතර විතරක් තියාගමු.</font>

790
01:12:00,379 --> 01:12:01,588
<font color="#ffd220">කවදාවත් කාටවත් කියන්න එපා.</font>

791
01:12:11,473 --> 01:12:14,476
<font color="#ffd220">මගේ අනිත් දරුවෝ ටික ඇවිල්ලා ඇති.</font>

792
01:12:21,775 --> 01:12:23,444
<font color="#ffd220">ඔයාට එයාලව හම්බවෙන්න ඕනෙද?</font>

793
01:12:32,578 --> 01:12:33,662
<font color="#ffd220"><i>මම ඔයාට වැඩියෙන්ම වෛර කළේ...</i></font>

794
01:12:36,040 --> 01:12:38,459
<font color="#ffd220"><i>ඔයා ඉඳලා හිටලා මට කාරුණික වෙන වෙලාවට.</i></font>

795
01:12:49,011 --> 01:12:51,138
<font color="#ffd220"><i>මොකද මම ඔයාගේ ඒ කරුණාවට රැවටෙන නිසා.</i></font>

796
01:12:53,182 --> 01:12:55,434
<font color="#ffd220"><i>මම ආයෙත් ඒකට අහුවෙනවා.</i></font>

797
01:13:02,149 --> 01:13:04,818
<font color="#ffd220"><i>මම බය වුණා පොඩි හරි බොරු
බලාපොරොත්තුවක් ඇතිවෙයි කියලා.</i></font>

798
01:13:10,574 --> 01:13:11,992
<font color="#ffd220">ඒකටයි මම බය වුණේ.</font>

799
01:14:09,842 --> 01:14:11,885
<font color="#ffd220">යමු. යමු.</font>

800
01:16:57,801 --> 01:16:59,428
<font color="#ffd220"><i>ඒත් දැන් මට ඒක සහතිකයි.</i></font>

801
01:17:22,409 --> 01:17:24,703
<font color="#ffd220">මේ හැමදේම මගේ වැරැද්ද.</font>

802
01:17:27,247 --> 01:17:28,582
<font color="#ffd220">එයාගේ ජීවිතේ බේරගන්න.</font>

803
01:17:33,420 --> 01:17:35,297
<font color="#ffd220">අනේ එයාගේ ජීවිතේ බේරගන්න.</font>

804
01:17:36,256 --> 01:17:37,841
<font color="#ffd220"><i>නරකාදියක ඉන්නකොට, බලාපොරොත්තු කියන්නේ...</i></font>

805
01:17:42,679 --> 01:17:44,556
<font color="#ffd220"><i>කවදාවත් තියාගන්න හොඳ දෙයක් නෙවෙයි.</i></font>

806
01:18:49,329 --> 01:18:51,456
<font color="#ffd220">එයාලා අපි කවුද කියලා තාම දන්නේ නෑ වගේ.</font>

807
01:18:51,540 --> 01:18:53,417
<font color="#ffd220">පේන විදිහට එයා අපි පස්සෙන්
ඇවිත් තියෙන්නේ අහම්බෙන් වගේ.</font>

808
01:18:53,500 --> 01:18:55,794
<font color="#ffd220">එයා දැනට ඉස්පිරිතාලේ ඉන්නේ.</font>

809
01:18:56,461 --> 01:18:57,629
<font color="#ffd220">මම මොකද කරන්න ඕනේ?</font>

810
01:19:01,091 --> 01:19:02,217
<font color="#ffd220">දැනට අපි බලන් ඉමු.</font>

811
01:19:03,552 --> 01:19:07,097
<font color="#ffd220">එයාලගේ තියෙන සම්බන්ධය
මොකක්ද කියලා හොයලා බලන්න.</font>

812
01:19:07,180 --> 01:19:08,181
<font color="#ffd220">හරි සර්.</font>

813
01:20:24,382 --> 01:20:28,720
<font color="#e3a113"><b>ආදරණීය X</b></font>

814
01:22:46,151 --> 01:22:48,153
<font color="#e32a44"><b>💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</b></font>

