1
00:01:23,076 --> 00:01:25,076
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:25,100 --> 00:01:27,100


3
00:01:27,124 --> 00:01:29,926
<font color="#ffbf46">කවුරුහරි ගොඩක් සතුටින් වගේ ඉන්නේ, හියුන් ජින්.</font>

4
00:01:36,883 --> 00:01:38,927
<font color="#ffbf46">මොකක්ද?</font>

5
00:01:38,927 --> 00:01:40,937
<font color="#ffbf46">මට කුඩයක් නැහැ...</font>

6
00:01:51,398 --> 00:01:53,074
<font color="#ffbf46">යූන් සොන්ග්?</font>

7
00:02:00,240 --> 00:02:01,992
<font color="#ffbf46">කොහෙද යන්නේ?</font>

8
00:02:01,992 --> 00:02:03,952
<font color="#ffbf46">ඔයාගේ කුඩේ මෙතන තියෙනවා.</font>

9
00:02:03,952 --> 00:02:06,087
<font color="#ffbf46">මොකද මේ පැත්තේ?</font>

10
00:02:06,955 --> 00:02:09,041
<font color="#ffbf46">මට දෙයක් කියන්න තියෙනවා.</font>

11
00:02:09,041 --> 00:02:10,758
<font color="#ffbf46">ඔයාට කියන්න තියෙන දෙයක්?</font>

12
00:02:12,127 --> 00:02:13,886
<font color="#ffbf46">මම ඔයාට කැමතියි.</font>

13
00:02:16,715 --> 00:02:19,725
<font color="#ffbf46">මම ඔයාට ගොඩක් කැමතියි, වූ හියුන් ජින්.</font>

14
00:02:20,969 --> 00:02:24,181
<font color="#ffbf46">අවුරුදු හතකට කලින් ඉඳන්, අද වෙනකම්ම,</font>

15
00:02:24,181 --> 00:02:26,315
<font color="#ffbf46">මම තාමත් ඔයාට කැමතියි.</font>

16
00:02:30,645 --> 00:02:33,155
<font color="#ffbf46">මට ඕනේ මේ සැරේ හැමදේම පැහැදිලි කරන්න.</font>

17
00:02:33,815 --> 00:02:36,735
<font color="#ffbf46">මට දැන් නිකන්</font>

18
00:02:36,735 --> 00:02:38,661
<font color="#ffbf46">පැත්තකට වෙලා බලන් ඉන්න බැහැ.</font>

19
00:02:43,033 --> 00:02:44,576
<font color="#ffbf46">යූන් සොන්ග්.</font>

20
00:02:44,576 --> 00:02:46,912
<font color="#ffbf46">මේක හරිම හදිසියෙන්...</font>

21
00:02:46,912 --> 00:02:48,796
<font color="#ffbf46">මේක හදිසියෙන් වුණ දෙයක් නෙවෙයි.</font>

22
00:02:49,498 --> 00:02:51,124
<font color="#ffbf46">මේ වචන ටික කියන්න</font>

23
00:02:51,124 --> 00:02:53,175
<font color="#ffbf46">මට සම්පූර්ණ අවුරුදු හතක් ගියා.</font>

24
00:03:13,438 --> 00:03:14,856
<font color="#ffbf46">වූ ජූ.</font>

25
00:03:14,856 --> 00:03:17,533
<font color="#ffbf46">නැන්දා ආවම මොකක්ද කරන්න කිව්වේ?</font>

26
00:03:18,443 --> 00:03:21,203
<font color="#ffbf46">අත්පුඩි ගහන්න. අන්න හරි.</font>

27
00:03:22,765 --> 00:03:25,518
<font color="#ffbf46">ඇයි එයා තාම නැත්තේ?</font>

28
00:03:26,868 --> 00:03:29,629
<font color="#ffbf46">අපි එයාට කෝල් එකක් ගමුද?</font>

29
00:03:37,254 --> 00:03:38,930
<font color="#ffbf46">මේ මම.</font>

30
00:03:42,509 --> 00:03:43,802
<font color="#ffbf46">ඔයා පරක්කු වෙනවද?</font>

31
00:03:43,802 --> 00:03:45,137
<font color="#ffbf46">ඒ ඇයි?</font>

32
00:03:45,137 --> 00:03:48,431
<font color="#ffbf46">අද රෑත් ඕටී කරනවද?</font>

33
00:03:48,431 --> 00:03:51,150
<font color="#ffbf46">නැහැ, එහෙම නෙවෙයි.</font>

34
00:03:52,227 --> 00:03:55,105
<font color="#ffbf46">අන්තිම මොහොතේ රෑ කෑමකට යන්න සෙට් වුණා.</font>

35
00:03:55,105 --> 00:03:57,732
<font color="#ffbf46">මම ඔයාට කලින් කියන්නයි තිබ්බේ.</font>

36
00:03:57,732 --> 00:03:59,734
<font color="#ffbf46">රෑ කෑමකට?</font>

37
00:03:59,734 --> 00:04:02,195
<font color="#ffbf46">ඔයා උදේ මුකුත් කිව්වේ නෑනේ...</font>

38
00:04:02,195 --> 00:04:04,030
<font color="#ffbf46">මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාම,</font>

39
00:04:04,030 --> 00:04:06,374
<font color="#ffbf46">අපි ඩේට් එකකට යමු.</font>

40
00:04:07,826 --> 00:04:09,161
<font color="#ffbf46">මැනේජර් පාක්...</font>

41
00:04:09,161 --> 00:04:11,671
<font color="#ffbf46">දැන් ඔයාත් එක්කද ඉන්නේ?</font>

42
00:04:18,795 --> 00:04:20,680
<font color="#ffbf46">හරි, මට තේරුණා.</font>

43
00:04:25,051 --> 00:04:27,728
<font color="#ffbf46">මම නිකන් බොරුවට සතුටු වුණේ.</font>

44
00:04:29,639 --> 00:04:30,849
<font color="#ffbf46">නැන්දා එන්න පරක්කු වෙනවා.</font>

45
00:04:30,849 --> 00:04:31,860
<font color="#ffbf46">මම මේක ගලවන්නද?</font>

46
00:04:41,343 --> 00:04:43,969
<font color="#ffbf46"></font>

47
00:04:47,407 --> 00:04:49,667
<font color="#ffbf46">මම කලින් කිව්ව දේ ගැන,</font>

48
00:04:51,077 --> 00:04:53,997
<font color="#ffbf46">මම ඒ වෙලාවෙම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.</font>

49
00:04:53,997 --> 00:04:57,375
<font color="#ffbf46">මම මේක කියන්න හොඳ වෙලාවක් එනකන් හිටියේ,</font>

50
00:04:57,375 --> 00:04:59,169
<font color="#ffbf46">ඒත් ඔයා මාව දන්නවනේ.</font>

51
00:04:59,169 --> 00:05:01,504
<font color="#ffbf46">මම හැමදාම කළේ වැඩියෙන් හිත හිත</font>

52
00:05:01,504 --> 00:05:04,056
<font color="#ffbf46">කිසිම දෙයක් නොකර නිකන් ඉඳපු එකයි.</font>

53
00:05:05,050 --> 00:05:07,969
<font color="#ffbf46">අපේ පිච් එකේ වැඩ තාම තියෙනවා,</font>

54
00:05:07,969 --> 00:05:10,055
<font color="#ffbf46">මම ඔයාට කිසිම බලකිරීමක් කරන්නේ නැහැ,</font>

55
00:05:10,055 --> 00:05:13,225
<font color="#ffbf46">ඒ නිසා ඒ ගැන හිතලා ලෑස්ති වුණාම මට කියන්න.</font>

56
00:05:13,225 --> 00:05:15,852
<font color="#ffbf46">මම මේක අවුරුදු හතක් තිස්සේ හිතේ තියාගෙන හිටියා.</font>

57
00:05:15,852 --> 00:05:18,237
<font color="#ffbf46">තව ටිකක් කල් බලාගෙන හිටියා කියලා මට මුකුත් වෙන්නේ නැහැ.</font>

58
00:05:24,194 --> 00:05:26,245
<font color="#ffbf46">ඔයාට මේක ගැන හිතාගන්න අමාරු නම්,</font>

59
00:05:27,405 --> 00:05:30,283
<font color="#ffbf46">තුන් පාරක් මාව හම්බවෙන්න ට්‍රයි කරන්න.</font>

60
00:05:30,283 --> 00:05:33,662
<font color="#ffbf46">සීනියර් කියන එක හරි බොස් කියන එක හරි අමතක කරන්න,</font>

61
00:05:33,662 --> 00:05:35,629
<font color="#ffbf46">නිකන්ම පිරිමියෙක් විදියට.</font>

62
00:05:36,456 --> 00:05:38,708
<font color="#ffbf46">අපි ආයෙත් හම්බවුණාට පස්සේ,</font>

63
00:05:38,708 --> 00:05:41,469
<font color="#ffbf46">එක පාරක්වත් අපි නිදහසේ වෙලාවක් ගත කරලා නැහැ.</font>

64
00:05:45,048 --> 00:05:46,925
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

65
00:05:46,925 --> 00:05:48,593
<font color="#ffbf46">අන්න ඒකයි.</font>

66
00:05:48,593 --> 00:05:52,438
<font color="#ffbf46">ඒ නිසා ඔයාගේ හිත දිනාගන්න මට එක අවස්ථාවක්වත් දෙන්න, හරිද?</font>

67
00:05:56,267 --> 00:05:57,985
<font color="#ffbf46">අපි කමු.</font>

68
00:06:13,368 --> 00:06:15,127
<font color="#ffbf46">ස්තූතියි.</font>

69
00:06:21,876 --> 00:06:23,636
<font color="#ffbf46">ස්තූතියි.</font>

70
00:06:24,254 --> 00:06:25,714
<font color="#ffbf46">මේ සතියේ පිචින්ග් එක ඉවර වුණාට පස්සේ,</font>

71
00:06:25,714 --> 00:06:27,890
<font color="#ffbf46">මේ වීක්එන්ඩ් එකේ ඩේට් එකකට යමුද?</font>

72
00:06:28,800 --> 00:06:30,559
<font color="#ffbf46">මොකද කියන්නේ?</font>

73
00:06:36,266 --> 00:06:37,851
<font color="#ffbf46">හා.</font>

74
00:06:37,851 --> 00:06:39,269
<font color="#ffbf46">එහෙනම් මේ සැරේ,</font>

75
00:06:39,269 --> 00:06:42,188
<font color="#ffbf46">මම ඔයාට ගොඩක් රස කෑමක් අරන් දෙන්නම්.</font>

76
00:06:42,188 --> 00:06:43,982
<font color="#ffbf46">ඒක හොඳයි.</font>

77
00:06:43,982 --> 00:06:45,734
<font color="#ffbf46">ඇතුළට යන්න.</font>

78
00:06:45,734 --> 00:06:46,985
<font color="#ffbf46">හරි.</font>

79
00:06:46,985 --> 00:06:48,778
<font color="#ffbf46">පරිස්සමින් යන්න.</font>

80
00:06:48,778 --> 00:06:50,989
<font color="#ffbf46">ආ, පොඩ්ඩක් ඉන්න, මේක තියාගන්න.</font>

81
00:06:50,989 --> 00:06:52,915
<font color="#ffbf46">මේ සතියෙත් වහිනවා කියලා තියෙනවා.</font>

82
00:06:53,737 --> 00:06:54,743
<font color="#ffbf46">අනේ නෑ, මට ඕනේ නෑ.</font>

83
00:06:54,743 --> 00:06:56,328
<font color="#ffbf46">මගේ ගෙදරත් එකක් තියෙනවා.</font>

84
00:06:56,328 --> 00:06:57,787
<font color="#ffbf46">මේක ගොඩක් ලොකුයි, ඒ වගේම</font>

85
00:06:57,787 --> 00:06:59,372
<font color="#ffbf46">ඔයාටයි වූ ජූටයි දෙන්නටම පාවිච්චි කරන්න පුළුවන්.</font>

86
00:06:59,372 --> 00:07:01,090
<font color="#ffbf46">ඉක්මනින් යන්න.</font>

87
00:07:06,171 --> 00:07:07,589
<font color="#ffbf46">ස්තූතියි.</font>

88
00:07:07,589 --> 00:07:09,466
<font color="#ffbf46">මම දැන් ඇතුළට යනවා එහෙනම්.</font>

89
00:07:09,466 --> 00:07:11,475
<font color="#ffbf46">පරිස්සමින් ගෙදර යන්න.</font>

90
00:07:35,241 --> 00:07:37,168
<font color="#ffbf46">එයාට ඒ පාරම නින්ද ගියා.</font>

91
00:07:52,342 --> 00:07:55,352
<font color="#ffbf46">මම ඔයාට ගොඩක් කැමතියි, වූ හියුන් ජින්.</font>

92
00:08:15,615 --> 00:08:18,493
<font color="#ffbf46">මැනේජර්, ෆීල්ඩ් විසිට් එක තියෙන්නේ අද නේද?</font>

93
00:08:18,493 --> 00:08:20,745
<font color="#ffbf46">ආ, ෆීල්ඩ් විසිට් එක.</font>

94
00:08:20,745 --> 00:08:22,504
<font color="#ffbf46">යමු.</font>

95
00:08:31,256 --> 00:08:33,474
<font color="#ffbf46">මම ඔයාට ගොඩක් කැමතියි, වූ හියුන් ජින්.</font>

96
00:08:37,345 --> 00:08:38,346
<font color="#ffbf46">අපෝ.</font>

97
00:08:38,346 --> 00:08:41,099
<font color="#ffbf46">වෙලාවට ක්ලයන්ට් ඒක හැදුවේ.</font>

98
00:08:41,099 --> 00:08:43,359
<font color="#ffbf46">නැත්නම් අපිට අදත් රෑ වෙනකන් ඉන්න වෙනවා.</font>

99
00:08:46,187 --> 00:08:48,148
<font color="#ffbf46">මේ මගේ යාළුවෙක් ගැන, මම ගැන නෙවෙයි...</font>

100
00:08:48,148 --> 00:08:49,399
<font color="#ffbf46">මැනේජර්.</font>

101
00:08:49,399 --> 00:08:50,942
<font color="#ffbf46">ඔයාට යාළුවොත් ඉන්නවද?</font>

102
00:08:50,942 --> 00:08:53,027
<font color="#ffbf46">ඔයා හිතන්නේ මට කිසිම යාළුවෙක් නෑ කියලද?</font>

103
00:08:53,027 --> 00:08:53,736
<font color="#ffbf46">ඇත්තටම, ඔව්.</font>

104
00:08:53,736 --> 00:08:55,947
<font color="#ffbf46">ඔයා වැඩටම මැරිලා ඉන්න,</font>

105
00:08:55,947 --> 00:08:57,365
<font color="#ffbf46">හැමදේම හරියටම කරන කෙනෙක්නේ,</font>

106
00:08:57,365 --> 00:08:59,617
<font color="#ffbf46">ඉතින් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නෑ ඔයාට...</font>

107
00:08:59,617 --> 00:09:01,244
<font color="#ffbf46">යාළුවෝ ඉඳියි කියලා?</font>

108
00:09:01,244 --> 00:09:04,372
<font color="#ffbf46">ඒකෙන් වැඩක් නෑ, මේ මගේ යාළුවෙක් ගැන, මම ගැන නෙවෙයි,</font>

109
00:09:04,372 --> 00:09:05,707
<font color="#ffbf46">එයාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා,</font>

110
00:09:05,707 --> 00:09:08,217
<font color="#ffbf46">මට මේ දේවල් ගැන කිසිම අදහසක් නෑ.</font>

111
00:09:08,835 --> 00:09:10,211
<font color="#ffbf46">මොන වගේ ප්‍රශ්නයක්ද?</font>

112
00:09:10,211 --> 00:09:11,921
<font color="#ffbf46">ආදරේ සම්බන්ධ ප්‍රශ්නයක්ද?</font>

113
00:09:11,921 --> 00:09:14,299
<font color="#ffbf46">ඕවා නම් ඉතින් මට කජු කනවා වගේ වැඩ.</font>

114
00:09:14,299 --> 00:09:17,218
<font color="#ffbf46">නෑ, මේ මගේ යාළුවගේ එකක්, මගේ නෙවෙයි.</font>

115
00:09:17,218 --> 00:09:20,013
<font color="#ffbf46">එයා කැමති ගෑනු ළමයට එයාගේ කැමැත්ත කියලා</font>

116
00:09:20,013 --> 00:09:23,565
<font color="#ffbf46">ඒ ගෑනු ළමයා ඒ ගැන ටිකක් අපහසුවෙන් ඉන්නවා වගේලු.</font>

117
00:09:25,351 --> 00:09:30,482
<font color="#ffbf46">ඒත් මොන වගේ අපහසුතාවයක්ද?</font>

118
00:09:30,482 --> 00:09:33,568
<font color="#ffbf46">සමහරවිට එයා යාළුවත් එක්ක ඉන්න කැමති නැතුව ඇති,</font>

119
00:09:33,568 --> 00:09:34,527
<font color="#ffbf46">එහෙමත් නැත්නම්</font>

120
00:09:34,527 --> 00:09:37,530
<font color="#ffbf46">බය නිසා වෙන්නත් පුළුවන්.</font>

121
00:09:37,530 --> 00:09:40,575
<font color="#ffbf46">මම හිතන්නේ, දෙවෙනි එක වෙන්න ඇති?</font>

122
00:09:41,951 --> 00:09:44,412
<font color="#ffbf46">එහෙනම් ඒක අවුලක් නෑ.</font>

123
00:09:44,412 --> 00:09:46,498
<font color="#ffbf46">එයා සමහරවිට ඔයාව ඒ විදියට දකිද්දි කලබල වෙන්න ඇති, නේද?</font>

124
00:09:46,498 --> 00:09:47,832
<font color="#ffbf46">හැබැයි ප්‍රශ්නේ මේකයි.</font>

125
00:09:47,832 --> 00:09:50,251
<font color="#ffbf46">ඒකෙන් මගේ යාළුවගේ හිත රිදිලා.</font>

126
00:09:50,251 --> 00:09:52,670
<font color="#ffbf46">එයා අනිත් පිරිමි ළමයි එක්ක ගොඩක් සාමාන්‍ය විදියට ඉන්නවලු,</font>

127
00:09:52,670 --> 00:09:54,607
<font color="#ffbf46">ඒත් යාළුවා ළඟදි විතරක් වෙනස් වෙනවලු.</font>

128
00:09:56,633 --> 00:09:58,468
<font color="#ffbf46">ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැද්ද</font>

129
00:09:58,468 --> 00:10:00,936
<font color="#ffbf46">එයා හොඳම විදියට පේන්න උත්සාහ කරනවා කියලා?</font>

130
00:10:01,930 --> 00:10:05,433
<font color="#ffbf46">එහෙනම් ඒක හොඳ දෙයක්ද?</font>

131
00:10:05,433 --> 00:10:06,434
<font color="#ffbf46">ඒක ඉතින්,</font>

132
00:10:06,434 --> 00:10:10,146
<font color="#ffbf46">හරියටම විශ්වාස කරන්නත් බැහැ.</font>

133
00:10:10,146 --> 00:10:11,814
<font color="#ffbf46">ඔයා විහිළු කරනවද?</font>

134
00:10:11,814 --> 00:10:14,283
<font color="#ffbf46">ඔයා දැන්මනේ කිව්වේ ඒක හොඳ දෙයක් කියලා.</font>

135
00:10:15,151 --> 00:10:16,653
<font color="#ffbf46">බලන්නකො,</font>

136
00:10:16,653 --> 00:10:19,531
<font color="#ffbf46">එක් එක්කෙනාගේ හැටි වෙනස්.</font>

137
00:10:19,531 --> 00:10:22,833
<font color="#ffbf46">ඒක තත්වෙත් එක්ක වෙනස් වෙනවා, දන්නවනේ?</font>

138
00:10:24,118 --> 00:10:25,753
<font color="#ffbf46">මොකක්?</font>

139
00:10:26,355 --> 00:10:27,372
<font color="#ffbf46">අනේ මේ.</font>

140
00:10:27,372 --> 00:10:28,414
<font color="#ffbf46">ඒයි, දැක්කා නේද?</font>

141
00:10:28,414 --> 00:10:29,332
<font color="#ffbf46">මම ඔයාට මොකක්ද කිව්වේ?</font>

142
00:10:29,332 --> 00:10:31,501
<font color="#ffbf46">මම කිව්වා නේද එයාට තාමත් ඔයා ගැන හැඟීමක් තියෙනවා කියලා.</font>

143
00:10:31,501 --> 00:10:32,835
<font color="#ffbf46">ඒයි.</font>

144
00:10:32,835 --> 00:10:35,147
<font color="#ffbf46">ඔයාට නම් ඇත්තටම...</font>

145
00:10:35,880 --> 00:10:37,298
<font color="#ffbf46">නිධානයක් පහළ වෙලා.</font>

146
00:10:37,298 --> 00:10:39,509
<font color="#ffbf46">ඔයා මම කියන දේ ඇහුවද?</font>

147
00:10:39,509 --> 00:10:40,927
<font color="#ffbf46">මම අහගෙන හිටියේ.</font>

148
00:10:40,927 --> 00:10:42,512
<font color="#ffbf46">කොල්ලො දෙන්නෙක්ම එයාලගේ ආදරේ ප්‍රකාශ කළා</font>

149
00:10:42,512 --> 00:10:44,305
<font color="#ffbf46">එකම වෙලාවක.</font>

150
00:10:44,305 --> 00:10:48,059
<font color="#ffbf46">මිනිස්සුන්ගේ ජීවිතේට එක පාරක්
එනවා කියන ඒ ලොකුම වාසනාව දන්නවද?</font>

151
00:10:48,059 --> 00:10:50,061
<font color="#ffbf46">මේ වෙලාවේ ඔයාට ඒක ලැබිලා තියෙන්නේ.</font>

152
00:10:50,061 --> 00:10:52,272
<font color="#ffbf46">ඒකෙ සතුට විඳින්න.</font>

153
00:10:52,272 --> 00:10:54,649
<font color="#ffbf46">කිසිම බලාපොරොත්තුවක් නැතුව එයා ඩේට්ස් තුනක්ම ඇහුවා.</font>

154
00:10:54,649 --> 00:10:56,776
<font color="#ffbf46">ඔයාගේ තීරණේ ගන්න කවුරුත් හදිස්සි කරන්නේ නැහැ.</font>

155
00:10:56,776 --> 00:11:01,322
<font color="#ffbf46">දෙන්නවම හම්බවෙලා පස්සේ තීරණයක් ගන්න, හරිද?</font>

156
00:11:01,322 --> 00:11:03,491
<font color="#ffbf46">සතුට විඳින්න නෙවෙයි, මගේ ඔළුව රිදෙනවා.</font>

157
00:11:03,491 --> 00:11:04,909
<font color="#ffbf46">කලින් යූන් සොන්ග් දිහා කෙළින් බලද්දි,</font>

158
00:11:04,909 --> 00:11:06,363
<font color="#ffbf46">මට පුදුම විදියේ අපහසුවක් දැණුනා.</font>

159
00:11:07,624 --> 00:11:10,582
<font color="#ffbf46">ඔයා කොහොමත් එයා එක්ක සම්පූර්ණයෙන්ම නිදහසේ හිටපු කෙනෙක් නෙවෙයිනේ.</font>

160
00:11:10,582 --> 00:11:12,250
<font color="#ffbf46">මම?
ඔව්.</font>

161
00:11:12,250 --> 00:11:13,960
<font color="#ffbf46">ඔයාගේ මස්සිනා එක්ක නම් ඔයා හැම</font>

162
00:11:13,960 --> 00:11:15,503
<font color="#ffbf46">හැඟීමක්ම කිසිම හැංගීමක් නැතුව එළියට දානවා,</font>

163
00:11:15,503 --> 00:11:18,089
<font color="#ffbf46">ඒත් යූන් සොන්ග් එක්ක නම්, පොඩිම දේ පවා</font>

164
00:11:18,089 --> 00:11:19,257
<font color="#ffbf46">ඔයා හංගගෙන ඉන්නේ.</font>

165
00:11:19,257 --> 00:11:22,260
<font color="#ffbf46">ඒ වුණාට මගේ මස්සිනා එක්ක එයාව සන්සන්දනය කරන්න බෑනේ.</font>

166
00:11:22,260 --> 00:11:23,511
<font color="#ffbf46">ඇයි එහෙම කරන්න බැරි?</font>

167
00:11:23,511 --> 00:11:27,181
<font color="#ffbf46">මස්සිනා එක්ක නම්, අපි දෙන්නා</font>

168
00:11:27,181 --> 00:11:30,685
<font color="#ffbf46">එකටම හිටපු නිසා අපේ නරකම දේවල් පවා අපි දැකලා තියෙනවා.</font>

169
00:11:30,685 --> 00:11:33,187
<font color="#ffbf46">සමහරවිට ඒක නිසා වෙන්න ඇති එයා</font>

170
00:11:33,187 --> 00:11:36,073
<font color="#ffbf46">මගේ ඇත්තම විදිය එළියට ගන්නේ.</font>

171
00:11:36,941 --> 00:11:40,744
<font color="#ffbf46">ඒත් යූන් සොන්ග්ට ඒක කරන්න බැරිද?</font>

172
00:11:42,322 --> 00:11:44,123
<font color="#ffbf46">එයා නිකන්...</font>

173
00:11:45,325 --> 00:11:47,452
<font color="#ffbf46">හැම විදියකින්ම පරිපූර්ණ කෙනෙක්.</font>

174
00:11:47,452 --> 00:11:51,247
<font color="#ffbf46">එයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා, කිසිම දුර්වලකමක් නෑ.</font>

175
00:11:51,247 --> 00:11:52,707
<font color="#ffbf46">එයා ළඟ ඉද්දි මට හිතෙනවා</font>

176
00:11:52,707 --> 00:11:54,792
<font color="#ffbf46">මමත් තව හොඳ කෙනෙක් වෙන්න ඕනේ කියලා.</font>

177
00:11:54,792 --> 00:11:57,177
<font color="#ffbf46">එයා නිසා මම තව මහන්සි වෙලා වැඩ කරනවා.</font>

178
00:12:01,575 --> 00:12:03,509
<font color="#ffbf46">ඕක අමතක කරන්න.</font>

179
00:12:03,509 --> 00:12:06,330
<font color="#ffbf46">මගේ හිත මටම ප්‍රහේලිකාවක්.</font>

180
00:12:06,330 --> 00:12:09,207
<font color="#ffbf46">ඕක ගැන ඔච්චර හිතලා වැඩක් නෑ.</font>

181
00:12:09,207 --> 00:12:10,975
<font color="#ffbf46">ටිකක් ඉඳලා බලන්න.</font>

182
00:12:10,975 --> 00:12:12,477
<font color="#ffbf46">සමහර වෙලාවට වැදගත්ම උත්තර එන්නේ</font>

183
00:12:12,477 --> 00:12:15,362
<font color="#ffbf46">ඔළුවෙන් හිතන්නත් කලින් හිතෙන්.</font>

184
00:12:18,467 --> 00:12:19,651
<font color="#ffbf46">ඒයි, මොකක්ද ඒ කිව්වේ?</font>

185
00:12:19,651 --> 00:12:20,360
<font color="#ffbf46">මොකක් ගැනද?</font>

186
00:12:20,360 --> 00:12:21,819
<font color="#ffbf46">මම දැන් ලොකු කෙනෙක් වගේ නේද කතා කළේ?</font>

187
00:12:21,819 --> 00:12:23,946
<font color="#ffbf46">නේද?</font>

188
00:12:23,946 --> 00:12:24,989
<font color="#ffbf46">ඇත්තටම...</font>

189
00:12:24,989 --> 00:12:25,782
<font color="#ffbf46">අදහාගන්නත් බැහැ.</font>

190
00:12:25,782 --> 00:12:27,700
<font color="#ffbf46">ඒක ඇත්තටම කිව්වේ මමද?</font>

191
00:12:27,700 --> 00:12:30,461
<font color="#ffbf46">ඔයා නිසා මට හිනත් යනවා.</font>

192
00:12:31,287 --> 00:12:32,497
<font color="#ffbf46">ඔයා ආවද.</font>

193
00:12:34,165 --> 00:12:37,217
<font color="#ffbf46">වූ ජූ, හොඳට සෙල්ලම් කළාද?</font>

194
00:12:40,129 --> 00:12:42,048
<font color="#ffbf46">ඒයි.</font>

195
00:12:42,048 --> 00:12:44,826
<font color="#ffbf46">ඔයා වූ ජූ එක්ක එකම ඇඳෙනේ නිදාගත්තේ.</font>

196
00:12:44,826 --> 00:12:45,885
<font color="#ffbf46">ඒක හිර වැඩියි නේද?</font>

197
00:12:45,885 --> 00:12:48,353
<font color="#ffbf46">ඔයා එන්න පරක්කු වුණ නිසා මට නින්ද ගියා.</font>

198
00:12:49,681 --> 00:12:53,567
<font color="#ffbf46">ඊයේ ගොඩක් විනෝද වෙන්න ඇති නේද.</font>

199
00:12:55,061 --> 00:12:57,112
<font color="#ffbf46">නෑ, එහෙමම නෙවෙයි...</font>

200
00:13:01,025 --> 00:13:02,694
<font color="#ffbf46">ඔයා</font>

201
00:13:02,694 --> 00:13:04,786
<font color="#ffbf46">මම එනකන් ඇහැරගෙනද හිටියේ?</font>

202
00:13:06,197 --> 00:13:08,465
<font color="#ffbf46">අපි මොකුත් ප්ලෑන් කරලා තිබ්බේ නෑනේ, ඉතින් ඇයි?</font>

203
00:13:10,143 --> 00:13:12,145
<font color="#ffbf46">ඇයි රාමන් කන්නේ? හොඳ කෑමක් කන්නකෝ.</font>

204
00:13:12,145 --> 00:13:14,755
<font color="#ffbf46">මම කිම්චි ටිකක් අරන් එන්නද?</font>

205
00:13:17,625 --> 00:13:18,751
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, කේක්?</font>

206
00:13:18,751 --> 00:13:20,044
<font color="#ffbf46">මේ කාටද?</font>

207
00:13:20,044 --> 00:13:21,546
<font color="#ffbf46">ඒක ඔයාට.</font>

208
00:13:21,546 --> 00:13:22,714
<font color="#ffbf46">මට?</font>

209
00:13:22,714 --> 00:13:25,474
<font color="#ffbf46">ඇයි? අද මගේ උපන්දිනේ නෙවෙයිනේ.</font>

210
00:13:26,634 --> 00:13:29,095
<font color="#ffbf46">මට ආරංචි වුණා අර පිච් එක ගොඩක් ලොකු එකක් කියලා.</font>

211
00:13:29,095 --> 00:13:31,222
<font color="#ffbf46">ඔයා ඒක ලෑස්ති කරන්න ගොඩක් මහන්සි වුණානේ.</font>

212
00:13:31,222 --> 00:13:34,608
<font color="#ffbf46">රෑ නිදිමරාගෙන, කෑමත් නොකා හිටියා.</font>

213
00:13:35,518 --> 00:13:37,311
<font color="#ffbf46">මට ආරංචි වුණා ඔයා ඒක සුපිරියටම කළා කියලා,</font>

214
00:13:37,311 --> 00:13:40,189
<font color="#ffbf46">ඒ නිසා මම හිතුවා පොඩි පාටියක් දාන්න ඕනේ කියලා.</font>

215
00:13:40,189 --> 00:13:42,734
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, මේක සප්‍රයිස් එකක්ද?</font>

216
00:13:42,734 --> 00:13:44,402
<font color="#ffbf46">ඇයි ඔයා කලින් මොකුත් නොකිව්වේ?</font>

217
00:13:44,402 --> 00:13:46,411
<font color="#ffbf46">මම එහෙනම් ඉක්මනින් එනවනේ.</font>

218
00:13:48,281 --> 00:13:50,450
<font color="#ffbf46">ආ, චොකලට් කේක්!</font>

219
00:13:50,450 --> 00:13:52,709
<font color="#ffbf46">මම ආසම චොකලට් කේක් වලට.</font>

220
00:13:53,411 --> 00:13:54,972
<font color="#ffbf46">ඔයා චොකලට් කේක් වලට ආසද?</font>

221
00:13:58,332 --> 00:14:00,509
<font color="#ffbf46">මේක ගොඩක් රස පාටයි.</font>

222
00:14:01,919 --> 00:14:03,554
<font color="#ffbf46">ස්තූතියි.</font>

223
00:14:08,509 --> 00:14:10,720
<font color="#ffbf46">මේක ගොඩක් රසයි.</font>

224
00:14:10,720 --> 00:14:12,896
<font color="#ffbf46">ටිකක් පරක්කු වුණාට, කන්ග්‍රැට්ස්.</font>

225
00:14:13,931 --> 00:14:16,483
<font color="#ffbf46">අර පිච් එකට කරපු මහන්සියේ ප්‍රතිඵල ලැබුණා.</font>

226
00:14:17,769 --> 00:14:19,187
<font color="#ffbf46">ස්තූතියි.</font>

227
00:14:19,187 --> 00:14:21,405
<font color="#ffbf46">ඇත්තටම, මේකේ ලොකු ගෞරවයක් ඔයාටත් යන්න ඕනේ.</font>

228
00:14:22,023 --> 00:14:24,825
<font color="#ffbf46">අනේ මේ, මම ඇඟිල්ලක්වත් හෙල්ලුවේ නෑ.</font>

229
00:14:29,197 --> 00:14:31,157
<font color="#ffbf46">මේක ගොඩක් රසයි.</font>

230
00:14:31,157 --> 00:14:33,125
<font color="#ffbf46">මේක ගෙනාවේ ප්‍රසිද්ධ කඩේකින්ද?</font>

231
00:14:42,835 --> 00:14:44,636
<font color="#ffbf46">ඒයි.</font>

232
00:14:49,675 --> 00:14:51,830
<font color="#ffbf46">මම ටිකක් කාලා බැලුවට කමක් නැද්ද?</font>

233
00:14:51,830 --> 00:14:53,283
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, ඔයා කිව්වා නේද රෑට කෑවා කියලා.</font>

234
00:14:54,263 --> 00:14:57,099
<font color="#ffbf46">ඒත් ඒ පැණිරස කෑවට පස්සේ, මට සැරට මොනවා හරි කන්න ඕනේ.</font>

235
00:14:57,099 --> 00:14:58,893
<font color="#ffbf46">මම ඔයාටත් රාමන් ටිකක් හදලා දෙන්නද?</font>

236
00:14:58,893 --> 00:15:01,194
<font color="#ffbf46">මට එක කටක් ඇති.</font>

237
00:15:01,938 --> 00:15:04,106
<font color="#ffbf46">ඇත්තටම, රහ බලන්න විතරයි.</font>

238
00:15:04,106 --> 00:15:06,567
<font color="#ffbf46">මම පොරොන්දු වෙනවා, පොඩි කටක් විතරයි.</font>

239
00:15:06,567 --> 00:15:08,493
<font color="#ffbf46">පරිස්සමින්, ගොඩක් රස්නෙයි.</font>

240
00:15:13,518 --> 00:15:15,660
<font color="#ffbf46">ඒක මාර රසයි.</font>

241
00:15:15,660 --> 00:15:17,328
<font color="#ffbf46">ඔයාගේ රාමන් හදන හැකියාව නම් උපරිමයි.</font>

242
00:15:17,328 --> 00:15:19,204
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

243
00:15:20,084 --> 00:15:22,291
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, ඔතනින් නවත්තන්න.</font>

244
00:15:22,291 --> 00:15:24,460
<font color="#ffbf46">කොණ්ඩෙත් ගැටගහගෙන? කිව්වේ එක කටයි කියලා!</font>

245
00:15:24,460 --> 00:15:26,003
<font color="#ffbf46">එක කටක් කන එක පව් වගේ.</font>

246
00:15:26,003 --> 00:15:27,547
<font color="#ffbf46">මට තව එකක් කන්න දෙන්නකෝ.</font>

247
00:15:27,547 --> 00:15:29,423
<font color="#ffbf46">ආ, කටවල් දෙකක් කන එක දැන් ලොකු දෙයක් වෙලාද?</font>

248
00:15:29,423 --> 00:15:31,008
<font color="#ffbf46">අනේ, තව එක කටක් විතරයි.</font>

249
00:15:31,008 --> 00:15:32,635
<font color="#ffbf46">හරි, එක කටයි. ඊට වඩා බෑ.</font>

250
00:15:32,635 --> 00:15:33,469
<font color="#ffbf46">එක කටක් විතරයි.</font>

251
00:15:33,469 --> 00:15:34,971
<font color="#ffbf46">ඇත්තටම, එකයි.</font>

252
00:15:34,971 --> 00:15:38,148
<font color="#ffbf46">එහෙනම් මම මේ වගේ ලොකු කටක් කන්නම්.</font>

253
00:15:53,515 --> 00:15:55,274
<font color="#ffbf46"></font>

254
00:16:03,040 --> 00:16:04,675
<font color="#ffbf46">කවුද...</font>

255
00:16:05,835 --> 00:16:07,295
<font color="#ffbf46">ආ, ඒ ඔයාද.</font>

256
00:16:07,295 --> 00:16:08,254
<font color="#ffbf46">දැන් ද ඔෆිස් එකේ ඉඳන් ආවේ?</font>

257
00:16:08,254 --> 00:16:11,173
<font color="#ffbf46">එයා වූ ජූව බලාගත්ත නිසා,</font>

258
00:16:11,173 --> 00:16:13,968
<font color="#ffbf46">මම එයාට කිව්වා අපි එකට රෑ කෑම කමු කියලා.</font>

259
00:16:13,968 --> 00:16:16,144
<font color="#ffbf46">විනාඩියකට ඇතුළට එන්න.</font>

260
00:16:19,765 --> 00:16:22,275
<font color="#ffbf46">ඉක්මනට මෙහෙට එන්න.</font>

261
00:16:26,355 --> 00:16:27,773
<font color="#ffbf46">ඔයා මොනවා හරි කෑවා ද?</font>

262
00:16:27,773 --> 00:16:30,818
<font color="#ffbf46">මම අලුත් එළවළු ටිකක් හැදුවා. ඉස්සෙල්ලා ටිකක් කාලා බලන්න.</font>

263
00:16:30,818 --> 00:16:33,704
<font color="#ffbf46">ගොඩක් ස්තූතියි, ඒත් මගේ බඩ පිරිලා තියෙන්නේ.</font>

264
00:16:34,322 --> 00:16:37,165
<font color="#ffbf46">අපි දැන් යන එක හොඳයි.
හරි.</font>

265
00:16:41,370 --> 00:16:43,557
<font color="#ffbf46">මාත් එක්ක සෙල්ලම් කරන එක ඇත්තටම එච්චර විනෝදජනක ද?</font>

266
00:16:47,335 --> 00:16:48,920
<font color="#ffbf46">වූ ජූ, අපි යමු.</font>

267
00:16:48,920 --> 00:16:50,421
<font color="#ffbf46">මෙහෙට එන්න.</font>

268
00:16:50,421 --> 00:16:52,440
<font color="#ffbf46">බායි.</font>

269
00:16:53,382 --> 00:16:55,509
<font color="#ffbf46">මෙන්න. මේක ගන්න.</font>

270
00:16:55,509 --> 00:16:59,388
<font color="#ffbf46">මේ දවස්වල ඩේකෙයා එකේ හෙම්බිරිස්සාවක්
පැතිරෙනවා කියලා මට ආරංචි වුණා.</font>

271
00:16:59,388 --> 00:17:01,057
<font color="#ffbf46">පෙයාර්ස් සහ බෙල්ෆ්ලවර් යුෂ</font>

272
00:17:01,057 --> 00:17:02,850
<font color="#ffbf46">ප්‍රතිශක්තියට ගොඩක් හොඳයිලු,</font>

273
00:17:02,850 --> 00:17:03,684
<font color="#ffbf46">ඒ නිසා මේක වූ ජූට බොන්න දෙන්න.</font>

274
00:17:03,684 --> 00:17:06,187
<font color="#ffbf46">දෙවියනේ, එයාගේ මුණුබුරාට බඩු ගද්දි,</font>

275
00:17:06,187 --> 00:17:09,732
<font color="#ffbf46">එයා හැමදේම හොඳට හොයලා බැලුවා.</font>

276
00:17:09,732 --> 00:17:10,942
<font color="#ffbf46">මේවා ඔක්කොම හදලා තියෙන්නේ අපේ රටේ</font>

277
00:17:10,942 --> 00:17:12,985
<font color="#ffbf46">දේශීය දේවල් වලින්,</font>

278
00:17:12,985 --> 00:17:16,697
<font color="#ffbf46">ඒ නිසා මේක අරන් ගිහින් හැමදාම එයාට ටික ටික බොන්න දෙන්න.</font>

279
00:17:16,697 --> 00:17:18,874
<font color="#ffbf46">එයාට මේක හොඳට බොන්න දෙන්න.</font>

280
00:17:28,626 --> 00:17:30,544
<font color="#ffbf46">මාත් එක්ක සෙල්ලම් කරන එක ඇත්තටම එච්චර විනෝදජනක ද?</font>

281
00:17:30,544 --> 00:17:31,796
<font color="#ffbf46">දෙවියනේ, එයාගේ මුණුබුරාට බඩු ගද්දි,</font>

282
00:17:31,796 --> 00:17:36,183
<font color="#ffbf46">එයා හැමදේම හොඳට හොයලා බැලුවා.</font>

283
00:17:36,801 --> 00:17:39,470
<font color="#ffbf46">සන් වූ ජූ.</font>

284
00:17:39,470 --> 00:17:41,907
<font color="#ffbf46">ඔයා සීයාට ඒ තරම්ම ආදරෙයි ද?</font>

285
00:17:51,565 --> 00:17:53,283
<font color="#ffbf46">කවුද ඒ?</font>

286
00:18:05,350 --> 00:18:06,560
<font color="#ffbf46">ඒ මම.</font>

287
00:18:06,560 --> 00:18:07,478
<font color="#ffbf46">ඔයා කොහෙද ඉන්නේ?</font>

288
00:18:07,478 --> 00:18:08,353
<font color="#ffbf46">මම?</font>

289
00:18:08,353 --> 00:18:10,355
<font color="#ffbf46">මම ළඟම ඉන්නේ. ඇයි?</font>

290
00:18:10,355 --> 00:18:11,648
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

291
00:18:11,648 --> 00:18:13,525
<font color="#ffbf46">ඇත්තටම...</font>

292
00:18:13,525 --> 00:18:16,578
<font color="#ffbf46">මට හිතෙන්නේ ඔයාට මෙහෙට එන්න වෙයි කියලා.</font>

293
00:18:18,655 --> 00:18:21,499
<font color="#ffbf46">මම ආවා. මොකක්ද වෙන්නේ?</font>

294
00:18:22,159 --> 00:18:23,452
<font color="#ffbf46">මේ කවුද?</font>

295
00:18:23,452 --> 00:18:26,880
<font color="#ffbf46">එයා ඉන්ෂුවරන්ස් එකෙන් ආවා කියලා කිව්වා.</font>

296
00:18:31,752 --> 00:18:33,796
<font color="#ffbf46">මරණ ප්‍රතිලාභය වෙනුවෙන්,</font>

297
00:18:33,796 --> 00:18:37,049
<font color="#ffbf46">ඔයාට අවුරුදු තුනක් ඇතුළත ඔයාගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න වෙනවා</font>

298
00:18:37,049 --> 00:18:39,885
<font color="#ffbf46">එතකොට අපිට ගෙවීම් ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්.</font>

299
00:18:39,885 --> 00:18:41,845
<font color="#ffbf46">ඒ වගේම, ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්</font>

300
00:18:41,845 --> 00:18:43,430
<font color="#ffbf46">මේ ගෙවීම් ක්‍රියාවලිය ගැන අද වගේ,</font>

301
00:18:43,430 --> 00:18:46,225
<font color="#ffbf46">අපි මේ වගේ මුහුණට මුහුණ සාකච්ඡා කිරීම්ත් කරනවා.</font>

302
00:18:46,225 --> 00:18:47,434
<font color="#ffbf46">ඔයාට මෙතන පේනවා වගේ,</font>

303
00:18:47,434 --> 00:18:49,686
<font color="#ffbf46">වොන් මිලියන 100 කට වඩා ටිකක් වැඩි මුදලක් ලෑස්ති කරලා තියෙනවා</font>

304
00:18:49,686 --> 00:18:51,396
<font color="#ffbf46">ගෙවන්න</font>

305
00:18:51,396 --> 00:18:53,273
<font color="#ffbf46">වූ හියුන් ජූ සහ සන් වූ ජින් යන දෙදෙනාගේම නම් යටතේ.</font>

306
00:18:53,273 --> 00:18:55,400
<font color="#ffbf46">ඒ වගේම ඔයා මෙතන බැලුවොත්, මේ තියෙන්නේ ලියකියවිලි ලැයිස්තුව</font>

307
00:18:55,400 --> 00:18:57,903
<font color="#ffbf46">ඔයාට සල්ලි ගන්න අවශ්‍ය වෙන.</font>

308
00:18:57,903 --> 00:19:01,164
<font color="#ffbf46">ඔයාට මගෙන් අහන්න තව ප්‍රශ්න තියෙනවා ද?</font>

309
00:19:02,199 --> 00:19:03,917
<font color="#ffbf46">නැහැ.</font>

310
00:19:21,348 --> 00:19:24,525
<font color="#ffbf46"></font>

311
00:19:34,903 --> 00:19:35,945
<font color="#ffbf46">හියුන් ජින්.</font>

312
00:19:35,945 --> 00:19:36,775
<font color="#ffbf46">ආ, හරි.</font>

313
00:19:36,775 --> 00:19:38,152
<font color="#ffbf46">මම වූ ජූට ඩයපර්ස් ගන්න ඕනේ.
මට ඒක සම්පූර්ණයෙන්ම අමතක වුණා.</font>

314
00:19:38,152 --> 00:19:39,111
<font color="#ffbf46">මම ගිහින් ඉක්මනට අරගෙන එන්නම්.</font>

315
00:19:39,111 --> 00:19:40,320
<font color="#ffbf46">දැන්ම? ඒකට කලබල වෙන්න එපා.</font>

316
00:19:40,320 --> 00:19:42,030
<font color="#ffbf46">මම හෙට වැඩ ඇරිලා ගෙදර එන ගමන් ටිකක් අරන් එන්නම්.</font>

317
00:19:42,030 --> 00:19:44,616
<font color="#ffbf46">නැහැ, කඩේ තියෙන්නෙත් කිට්ටුවමනේ.</font>

318
00:19:44,616 --> 00:19:46,459
<font color="#ffbf46">මම ඉක්මනට එන්නම්.</font>

319
00:20:24,323 --> 00:20:26,617
<font color="#ffbf46">වූ ජූ කොහෙද?</font>

320
00:20:26,617 --> 00:20:28,418
<font color="#ffbf46">අල්ලපු ගෙදර.</font>

321
00:20:31,914 --> 00:20:34,966
<font color="#ffbf46">ඔයා ඩයපර්ස් ගන්න යනවා කිව්වට,
ඔයාගේ පර්ස් එක මෙතනම දාලා ගිහින්.</font>

322
00:20:37,377 --> 00:20:41,006
<font color="#ffbf46">මට හිතුණා මෙහෙම වෙයි කියලා, ඒකයි මම ආවේ.</font>

323
00:20:41,006 --> 00:20:43,266
<font color="#ffbf46">ඔයාට මේ දේවල් දරාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ.</font>

324
00:20:47,638 --> 00:20:51,107
<font color="#ffbf46">මම ඇත්තටම හිතුවේ මම හොඳින් ඉන්නවා කියලා.</font>

325
00:20:54,269 --> 00:20:56,487
<font color="#ffbf46">ඒත් මම එහෙම හිටියේ නැහැ.</font>

326
00:21:07,866 --> 00:21:10,752
<font color="#ffbf46">ඔයාට ඒ වගේ දෙයක් නිකම්ම යටපත් කරගෙන ඉන්න බැහැ.</font>

327
00:21:12,412 --> 00:21:14,164
<font color="#ffbf46">ඒක නිකම්...</font>

328
00:21:14,164 --> 00:21:17,425
<font color="#ffbf46">සමහර දවස්වලට ඔයා හොඳින් ඉන්නවා කියලා හිතෙනවා,</font>

329
00:21:20,671 --> 00:21:23,347
<font color="#ffbf46">ඊට පස්සේ වෙනත් දවස්වලට ආයෙත් එයාලව ගොඩක් මතක් වෙනවා.</font>

330
00:21:24,091 --> 00:21:27,477
<font color="#ffbf46">ඔයා ඒ වේදනාවත් උහුලගෙන දිගටම ජීවත් වෙනවා.</font>

331
00:21:28,470 --> 00:21:30,271
<font color="#ffbf46">ඉතින්</font>

332
00:21:31,223 --> 00:21:33,107
<font color="#ffbf46">හිතේ තියෙන දේ පිටකරන්න.</font>

333
00:21:34,643 --> 00:21:36,770
<font color="#ffbf46">මේ වගේ වෙලාවක හිතේ තියාගෙන ඉන්න එකෙන්</font>

334
00:21:36,770 --> 00:21:38,780
<font color="#ffbf46">වෙන්නේ තත්වය තවත් නරක අතට හැරෙන එක විතරයි.</font>

335
00:21:44,027 --> 00:21:46,996
<font color="#ffbf46">මට ඇත්තටම ඕනේ වුණේ ශක්තිමත්ව ඉන්න.</font>

336
00:21:49,658 --> 00:21:52,543
<font color="#ffbf46">මම ඇත්තටම එහෙම හිටියා.</font>

337
00:21:58,004 --> 00:22:01,211
<font color="#ffbf46">ඒත් මරණ ප්‍රතිලාභ ගෙවීමක්?</font>

338
00:22:01,211 --> 00:22:04,222
<font color="#ffbf46">ඒක දරාගන්න හරිම අමාරුයි.</font>

339
00:22:04,923 --> 00:22:08,976
<font color="#ffbf46">ඒක එහෙම කියනකොට ඇහෙන්නෙත් හරිම...</font>

340
00:22:47,132 --> 00:22:49,051
<font color="#ffbf46">ඔයා මොකද කරන්නේ?</font>

341
00:22:49,051 --> 00:22:51,511
<font color="#ffbf46">ග්ලෝමාකට් මීටින් එක ළඟයි නේද?</font>

342
00:22:51,511 --> 00:22:54,389
<font color="#ffbf46">ඔව්, මම දැනටමත් හැමදේම ලෑස්ති කළා, ඒත්...</font>

343
00:22:54,389 --> 00:22:57,100
<font color="#ffbf46">අනේ මට කියන්න ඔයා තාමත් අර කිට් එකේ
ලැයිස්තුව ගැන හිත හිත වද වෙනවා නෙවෙයි කියලා.</font>

344
00:22:57,100 --> 00:22:59,102
<font color="#ffbf46">විධායක රැස්වීමේදී හැමෝම ඒකට කැමැත්ත දුන්නා නේද?</font>

345
00:22:59,102 --> 00:23:00,187
<font color="#ffbf46">මම කියන්නෙත් ඒක තමයි.</font>

346
00:23:00,187 --> 00:23:01,980
<font color="#ffbf46">ඇත්තටම, හියුන් ජින්,</font>

347
00:23:01,980 --> 00:23:03,732
<font color="#ffbf46">ඔයා ඔයාටම ප්‍රශ්න හදාගන්න ජාතියේ කෙනෙක්.</font>

348
00:23:03,732 --> 00:23:06,568
<font color="#ffbf46">අර එක මීල් කිට් එකක් වෙනුවෙන් කී
දෙනෙක් වැඩ කළාද කියලා හිතලා බලන්න.</font>

349
00:23:06,568 --> 00:23:09,328
<font color="#ffbf46">මේ වෙලාවේ ඔයාට තව මොනවා කරන්න පුළුවන්ද?</font>

350
00:23:12,115 --> 00:23:14,292
<font color="#ffbf46">ඒක ඇත්ත, ඒත්...</font>

351
00:23:14,910 --> 00:23:17,621
<font color="#ffbf46">ඒක වූ හියුන් ජින්ගේ අදහසක් ද?</font>

352
00:23:17,621 --> 00:23:20,665
<font color="#ffbf46">ඒකට තොක්බොක්කි බෝල් එකක් දාන්න එයාට කොහොම හිතුණා ද?</font>

353
00:23:20,665 --> 00:23:23,418
<font color="#ffbf46">ඉතින් ග්ලෝමාකට් එක ගනුදෙනුව අවසන් කළාද?</font>

354
00:23:23,418 --> 00:23:26,088
<font color="#ffbf46">ඔව්, අපි BS එක්ක විශේෂ ගිවිසුමකට අත්සන් කළා,</font>

355
00:23:26,088 --> 00:23:27,923
<font color="#ffbf46">අපි තොක්බොක්කි මීල් කිට් එකෙන් පටන් අරගෙන</font>

356
00:23:27,923 --> 00:23:29,800
<font color="#ffbf46">තවත් අයිතම වලට ව්‍යාප්ත කරන්න කලින්.</font>

357
00:23:29,800 --> 00:23:31,009
<font color="#ffbf46">ඒක ඉතින් ඔයාගේ හැටිනේ.</font>

358
00:23:31,009 --> 00:23:33,178
<font color="#ffbf46">තවත් වැඩක් ගොඩදාගත්තා.</font>

359
00:23:33,178 --> 00:23:35,514
<font color="#ffbf46">ඒ ගැන කතා කරද්දි, කොන්ත්‍රාත් පදනමින් ස්ථිර කරන සේවකයෝ,</font>

360
00:23:35,514 --> 00:23:38,691
<font color="#ffbf46">අපි අවසන් අයව තෝරගන්න කාලය හරි නේද?</font>

361
00:23:44,815 --> 00:23:47,567
<font color="#ffbf46">මම අන්තිමට වෙලාවට වැඩ ඉවර කරලා ගියේ කවද්ද?</font>

362
00:23:47,567 --> 00:23:48,652
<font color="#ffbf46">ඩ්‍රින්ක් එකක් දාන්න යමුද?</font>

363
00:23:48,652 --> 00:23:49,694
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

364
00:23:49,694 --> 00:23:51,370
<font color="#ffbf46">මම කැමතියි.</font>

365
00:23:56,326 --> 00:23:58,586
<font color="#ffbf46">සමා වෙන්න.</font>

366
00:24:11,334 --> 00:24:13,647
<font color="#ffbf46">හෙට මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ?</font>

367
00:24:26,982 --> 00:24:28,908
<font color="#ffbf46">අපි දැන් කොහෙද යන්නේ?</font>

368
00:24:30,485 --> 00:24:32,220
<font color="#ffbf46">කවුද දන්නේ.</font>

369
00:24:52,174 --> 00:24:54,092
<font color="#ffbf46">මේක හරිම ලස්සනයි.</font>

370
00:24:54,092 --> 00:24:55,969
<font color="#ffbf46">මට සතුටුයි.</font>

371
00:24:55,969 --> 00:24:58,805
<font color="#ffbf46">ඔයා මේ දවස්වල ස්ක්‍රීන් එකටම ඇලිලානේ හිටියේ,</font>

372
00:24:58,805 --> 00:25:01,057
<font color="#ffbf46">ඒ නිසා මම හිතුවා ඔයාට පොඩි නිදහසක් ඕනේ කියලා.</font>

373
00:25:01,057 --> 00:25:03,067
<font color="#ffbf46">ඔයා ගොඩක් මහන්සි වුණා.</font>

374
00:25:04,311 --> 00:25:05,979
<font color="#ffbf46">මම දන්නවා ඔයා මම වෙනුවෙන් පෙනී හිටියා කියලා</font>

375
00:25:05,979 --> 00:25:09,782
<font color="#ffbf46">ඒ වගේම මට මාව ඔප්පු කරන්න හොඳ අවස්ථාවක් දුන්නා.</font>

376
00:25:10,525 --> 00:25:11,860
<font color="#ffbf46">ඒක මට ගොඩක් වටිනවා, ඇත්තටම.</font>

377
00:25:11,860 --> 00:25:14,613
<font color="#ffbf46">ඔයා වෙනුවෙන්,</font>

378
00:25:14,613 --> 00:25:17,491
<font color="#ffbf46">මම නැති දෙයකින් වුණත් දෙයක් කරනවා.</font>

379
00:25:17,491 --> 00:25:19,743
<font color="#ffbf46">කොහොම වුණත් මම දැනටමත් මගේ උපරිමය කළා,</font>

380
00:25:19,743 --> 00:25:21,836
<font color="#ffbf46">ඒ නිසා දිගටම ඒ විදියටම කරනවා.</font>

381
00:25:24,122 --> 00:25:25,665
<font color="#ffbf46">අපි යමු.</font>

382
00:25:25,665 --> 00:25:27,883
<font color="#ffbf46">අපි කොහොමත් මෙහෙට ආපු එකේ, මේක විඳිමු.</font>

383
00:25:48,480 --> 00:25:50,389
<font color="#ffbf46">ඔහ්, ඔයා මාව බය කළා.</font>

384
00:25:50,389 --> 00:25:51,316
<font color="#ffbf46">හායි.</font>

385
00:25:51,316 --> 00:25:52,817
<font color="#ffbf46">හායි.</font>

386
00:25:52,817 --> 00:25:54,535
<font color="#ffbf46">හරිම හුරතල්.</font>

387
00:26:06,790 --> 00:26:09,467
<font color="#ffbf46">ඔව්, මට ඒක හොඳට කියවන්න පුළුවන්, ඒක ලොකු අකුරෙන් තියෙනවා.</font>

388
00:26:12,337 --> 00:26:14,047
<font color="#ffbf46">ඔයා මේ ඔක්කොම එකට ලෑස්ති කළේ කොහොමද?</font>

389
00:26:14,047 --> 00:26:16,466
<font color="#ffbf46">මම කාලෙකින් කිම්බප් හැදුවේ නැහැ, ඒ
නිසා රස ගැන නම් පොරොන්දු වෙන්න බැහැ.</font>

390
00:26:16,466 --> 00:26:18,184
<font color="#ffbf46">ඔයා කාලා බලන්නකෝ.</font>

391
00:26:23,354 --> 00:26:24,391
<font color="#ffbf46">මේක හරිම රසයි!</font>

392
00:26:24,391 --> 00:26:26,359
<font color="#ffbf46">ඔයත් කන්න.</font>

393
00:26:29,729 --> 00:26:32,440
<font color="#ffbf46">මම තමයි හැදුවේ, ඒත් ඔව් ඒක ටිකක් රසයි.</font>

394
00:26:32,440 --> 00:26:33,483
<font color="#ffbf46">ආ, හරි.</font>

395
00:26:33,483 --> 00:26:35,610
<font color="#ffbf46">මට දැනගන්න ඕනේ කරපු දෙයක් තියෙනවා.</font>

396
00:26:35,610 --> 00:26:38,113
<font color="#ffbf46">ඔයා ඇයි BS තෝරගත්තේ?</font>

397
00:26:38,113 --> 00:26:39,121
<font color="#ffbf46">ඔයාගේ සුදුසුකම් වල හැටියට,</font>

398
00:26:39,121 --> 00:26:42,083
<font color="#ffbf46">ඔයාට මීට වඩා ගොඩක් හොඳ තැනකට යන්න තිබුණා.</font>

399
00:26:43,201 --> 00:26:46,246
<font color="#ffbf46">"කෑම කියන්නේ මතකයේ දොර අරින බොත්තමයි."</font>

400
00:26:46,246 --> 00:26:49,416
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, ඒක තිබුණේ මගේ කවර් ලෙටර් එකේ.</font>

401
00:26:49,416 --> 00:26:51,918
<font color="#ffbf46">ඒ පේළිය මගේ හිතටත් ගොඩක් වැදුණා.</font>

402
00:26:51,918 --> 00:26:55,297
<font color="#ffbf46">මට ඕනේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැතුව ලාබෙට ගන්න කෑම,</font>

403
00:26:55,297 --> 00:26:57,299
<font color="#ffbf46">ඇත්තටම පුදුම රසයකින් තියෙන්න,</font>

404
00:26:57,299 --> 00:27:00,552
<font color="#ffbf46">එතකොට ඒකත් එක්ක බැඳුණු මතකයන් සතුටුදායක ඒවා වෙනවා.</font>

405
00:27:00,552 --> 00:27:02,053
<font color="#ffbf46">මට ඕනේ නැහැ අපේ නිෂ්පාදන</font>

406
00:27:02,053 --> 00:27:05,223
<font color="#ffbf46">මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති
කමට කන්න වෙන ශීත කළ කෑම වෙන්න.</font>

407
00:27:05,223 --> 00:27:06,516
<font color="#ffbf46">මට ඕනේ ඒවා ගොඩක් රසට තියෙන්න</font>

408
00:27:06,516 --> 00:27:10,645
<font color="#ffbf46">එතකොට ඒ මොහොතට, අනිත් හැමදේම අමතක වෙලා යනවා.</font>

409
00:27:10,645 --> 00:27:11,771
<font color="#ffbf46">මටත් දැනෙන්නේ ඒ විදියටමයි.</font>

410
00:27:11,771 --> 00:27:15,108
<font color="#ffbf46">මම BS එකටම එන්න හිතාගෙන හිටපු ප්‍රධානම හේතුවත් ඒකයි.</font>

411
00:27:15,108 --> 00:27:16,985
<font color="#ffbf46">මගේ සහෝදරියයි මමයි</font>

412
00:27:16,985 --> 00:27:19,863
<font color="#ffbf46">පොඩි කාලේ ඉඳන් ශීත කළ කෑම එක්ක ගොඩක් මතකයන් හදාගත්තා.</font>

413
00:27:19,863 --> 00:27:21,448
<font color="#ffbf46">දැන් මම කිම්බප් කන හැම වෙලාවකම,</font>

414
00:27:21,448 --> 00:27:23,491
<font color="#ffbf46">මට ඔයාව මතක් වෙයි.</font>

415
00:27:23,491 --> 00:27:25,418
<font color="#ffbf46">මේ දැන් ඇතුළුව.</font>

416
00:27:27,245 --> 00:27:29,664
<font color="#ffbf46">ඔයා දන්නවාද,</font>

417
00:27:29,664 --> 00:27:32,000
<font color="#ffbf46">ඔයා ඇත්තටම</font>

418
00:27:32,000 --> 00:27:34,051
<font color="#ffbf46">ඔයාගේ කතා ටිකක් බොළඳයි නේද?</font>

419
00:27:35,962 --> 00:27:37,380
<font color="#ffbf46">මම විහිළුවක් කළේ.</font>

420
00:27:37,380 --> 00:27:39,466
<font color="#ffbf46">අපි කමු.</font>

421
00:27:39,466 --> 00:27:42,476
<font color="#ffbf46">මම පළතුරු වලටත් ගොඩක් ආසයි.</font>

422
00:27:45,592 --> 00:27:46,598
<font color="#ffbf46">මොකක්ද අවුල?</font>

423
00:27:46,598 --> 00:27:48,892
<font color="#ffbf46">මෙච්චර උදෙන්ම මේ මොකද වෙලා තියෙන්නේ?</font>

424
00:27:48,892 --> 00:27:50,393
<font color="#ffbf46">හියුන් ජින්,</font>

425
00:27:50,393 --> 00:27:52,646
<font color="#ffbf46">මම තත්පරේකටවත් ඔයාව සැක කළේ නැහැ.</font>

426
00:27:52,646 --> 00:27:54,572
<font color="#ffbf46">ඇත්තටම, මට හරිම ආඩම්බරයි.</font>

427
00:27:55,440 --> 00:27:57,359
<font color="#ffbf46">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

428
00:27:57,359 --> 00:27:58,735
<font color="#ffbf46">ආරංචි විදියට නම්...</font>

429
00:27:58,735 --> 00:28:00,945
<font color="#ffbf46">ඔයාව ස්ථිර කරනවලු.</font>

430
00:28:00,945 --> 00:28:02,030
<font color="#ffbf46">ඔයා මේ ඇත්තමද කියන්නේ?</font>

431
00:28:02,030 --> 00:28:04,115
<font color="#ffbf46">සහතික ඇත්ත.</font>

432
00:28:04,115 --> 00:28:07,035
<font color="#ffbf46">මම එන ගමන් HR එකේ කෙනෙක්ව මට හම්බුණා.</font>

433
00:28:07,035 --> 00:28:08,870
<font color="#ffbf46">කොන්ත්‍රාත් පදනමින් ස්ථිර කරන අයගෙන්,</font>

434
00:28:08,870 --> 00:28:10,914
<font color="#ffbf46">ඔයාගේ ලකුණු අනිත් හැමෝගෙම ඒවාට වඩා ගොඩක් වැඩියිලු.</font>

435
00:28:10,914 --> 00:28:13,958
<font color="#ffbf46">ස්ථිර තනතුරට තෝරගන්න ඉස්සරහින්ම ඉන්නේ ඔයාලු.</font>

436
00:28:13,958 --> 00:28:16,135
<font color="#ffbf46">නැහැ. ඔයා කොහොමත් තේරිලා ඉවරයි.</font>

437
00:28:16,841 --> 00:28:18,338
<font color="#ffbf46">ඔහ් දෙවියනේ.</font>

438
00:28:18,338 --> 00:28:20,048
<font color="#ffbf46">මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.</font>

439
00:28:20,048 --> 00:28:22,471
<font color="#ffbf46">මේක ඇත්තක් කියලාවත් හිතෙන්නේ නැහැ.</font>

440
00:28:22,471 --> 00:28:23,866
<font color="#ffbf46">ඔයා මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා.</font>

441
00:28:23,866 --> 00:28:26,262
<font color="#ffbf46">තනියම වැඩ කරගෙන වූ ජූවත් බලාගෙන ඉන්න එක,</font>

442
00:28:26,262 --> 00:28:28,981
<font color="#ffbf46">ඔයාට කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා මට හිතාගන්න පුළුවන්.</font>

443
00:28:30,438 --> 00:28:31,518
<font color="#ffbf46">ස්තූතියි.</font>

444
00:28:31,518 --> 00:28:34,229
<font color="#ffbf46">සුබ පැතුම්, ඇත්තටම.</font>

445
00:28:34,229 --> 00:28:36,481
<font color="#ffbf46">හරි, කරුණාකරලා අන්තිම පැකේජ් ඩිසයින් එක</font>

446
00:28:36,481 --> 00:28:38,191
<font color="#ffbf46">ෆිල්ම්ප්ලූටෝ එකෙන් ආපු, තව පාරක් බලන්න,</font>

447
00:28:38,191 --> 00:28:40,068
<font color="#ffbf46">ඒ වගේම අනිත් හැමෝම, තව ටිකක් උත්සාහ කරන්න</font>

448
00:28:40,068 --> 00:28:41,778
<font color="#ffbf46">දියත් කරන දවස වෙනකම්.</font>

449
00:28:41,778 --> 00:28:44,072
<font color="#ffbf46">ඔයාලා හැමෝම නියමෙට කළා.</font>

450
00:28:44,072 --> 00:28:45,115
<font color="#ffbf46">හොඳට කළා.
නියමයි, හැමෝම.</font>

451
00:28:45,115 --> 00:28:47,371
<font color="#ffbf46">හොඳට කළා, හැමෝම.</font>

452
00:28:47,371 --> 00:28:48,410
<font color="#ffbf46">අද වගේ දවසක,</font>

453
00:28:48,410 --> 00:28:49,494
<font color="#ffbf46">නිකම්ම කෙළින්ම ගෙදර යනවා ද?</font>

454
00:28:49,494 --> 00:28:50,370
<font color="#ffbf46">ඒ කියන්නේ, අනේ,</font>

455
00:28:50,370 --> 00:28:53,039
<font color="#ffbf46">ඒක කොහොමද හරියන්නේ?</font>

456
00:28:53,039 --> 00:28:54,457
<font color="#ffbf46">අපි පාටියක් දාමු.</font>

457
00:28:54,457 --> 00:28:56,668
<font color="#ffbf46">අනේ, මටත් පුළුවන් වුණා නම් හොඳයි,</font>

458
00:28:56,668 --> 00:28:58,878
<font color="#ffbf46">ඒත් මට ගෙදර ගිහින් වූ ජූව බලන්න ඕනේ.</font>

459
00:28:58,878 --> 00:29:01,430
<font color="#ffbf46">අනේ, එකම එක ඩ්‍රින්ක් එකයි. ප්ලීස්?</font>

460
00:29:03,425 --> 00:29:05,809
<font color="#ffbf46">ඔයා මේ ටිකේම මට වෙලාවක් වෙන් කළේ නෑ,
ඔයා ඒක දන්නවා නේද?</font>

461
00:29:07,470 --> 00:29:09,097
<font color="#ffbf46">ඔයා යන්න.</font>

462
00:29:09,097 --> 00:29:12,399
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, ඔයා තාම ගියේ නැද්ද?</font>

463
00:29:14,144 --> 00:29:15,687
<font color="#ffbf46">හෙලෝ.</font>

464
00:29:15,687 --> 00:29:17,647
<font color="#ffbf46">නේද?</font>

465
00:29:17,647 --> 00:29:19,904
<font color="#ffbf46">අපි අද රෑට එළියට යන්නම ඕනේ නේද?</font>

466
00:29:19,904 --> 00:29:20,872
<font color="#ffbf46">ඔයා දන්නවද,</font>

467
00:29:20,872 --> 00:29:23,403
<font color="#ffbf46">ඇයි ඔයාත් අපිත් එක්ක එන්නේ නැත්තේ?</font>

468
00:29:23,403 --> 00:29:24,738
<font color="#ffbf46">කවුද, මමද?</font>

469
00:29:24,738 --> 00:29:26,721
<font color="#ffbf46">ඔව්, අපිත් එක්ක සමරන්න එන්න.</font>

470
00:29:26,721 --> 00:29:28,116
<font color="#ffbf46">මොකක්ද හරියටම සමරන්නේ?</font>

471
00:29:28,116 --> 00:29:29,284
<font color="#ffbf46">ඔයා තාම දන්නේ නැද්ද?</font>

472
00:29:29,284 --> 00:29:31,578
<font color="#ffbf46">ඒ කියන්නේ, හියුන් ජින්...</font>

473
00:29:31,578 --> 00:29:33,371
<font color="#ffbf46">හියුන් ජින්ව</font>

474
00:29:33,371 --> 00:29:35,915
<font color="#ffbf46">නිල වශයෙන්ම ස්ථිර සේවයට ගන්නයි යන්නේ.</font>

475
00:29:35,915 --> 00:29:37,959
<font color="#ffbf46">මාරයිනේ, ඇත්තටමද?</font>

476
00:29:37,959 --> 00:29:39,252
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

477
00:29:39,252 --> 00:29:41,129
<font color="#ffbf46">ඔයා ඇයි මුකුත් නොකිව්වේ?</font>

478
00:29:41,129 --> 00:29:43,423
<font color="#ffbf46">ඔයා ගොඩක් මහන්සි වුණා.</font>

479
00:29:43,423 --> 00:29:44,799
<font color="#ffbf46">සුබ පැතුම්.</font>

480
00:29:44,799 --> 00:29:46,931
<font color="#ffbf46">ඕ, ස්තූතියි.</font>

481
00:29:46,931 --> 00:29:49,220
<font color="#ffbf46">මම ඔයාට ගෙදරදි කියන්නයි හිටියේ.</font>

482
00:29:49,220 --> 00:29:51,931
<font color="#ffbf46">කොහොම වුණත් තාම නිල වශයෙන් මුකුත් ප්‍රකාශ කරලා නෑ.</font>

483
00:29:51,931 --> 00:29:55,101
<font color="#ffbf46">ගෙදරදි.</font>

484
00:29:55,101 --> 00:29:56,936
<font color="#ffbf46">කරුණාකරලා තත්ත්වය තේරුම් ගන්න.</font>

485
00:29:56,936 --> 00:30:00,148
<font color="#ffbf46">අර කොනේ තියෙන තැනින් ඉක්මනට
බියර් එකක් බිව්වොත් කොහොමද?</font>

486
00:30:00,148 --> 00:30:03,026
<font color="#ffbf46">මේ වගේ රෑක චියර්ස් නොකර ඉන්න බෑ.</font>

487
00:30:03,026 --> 00:30:05,452
<font color="#ffbf46">දැන් තමා තත්ත්වය තේරෙන කෙනෙක් ඉන්නේ.</font>

488
00:30:06,279 --> 00:30:08,239
<font color="#ffbf46">එක ඩ්‍රින්ක් එකක් විතරයි.</font>

489
00:30:08,239 --> 00:30:10,874
<font color="#ffbf46">ඔයාට ඇත්තටම එකක් බොන්න බැරිද?</font>

490
00:30:13,703 --> 00:30:15,246
<font color="#ffbf46">හරි, අපි යමු.</font>

491
00:30:15,246 --> 00:30:16,080
<font color="#ffbf46">අපි යමු.
යමුද?</font>

492
00:30:16,080 --> 00:30:17,165
<font color="#ffbf46">ඔව්.
අපි යමු.</font>

493
00:30:17,165 --> 00:30:18,917
<font color="#ffbf46">ඔව්! අපි යමු.</font>

494
00:30:18,917 --> 00:30:20,794
<font color="#ffbf46">අපි යමු.</font>

495
00:30:20,794 --> 00:30:22,428
<font color="#ffbf46">ඔයා ගොඩක් දේවල්වලට මුහුණ දුන්නා.</font>

496
00:30:23,254 --> 00:30:24,339
<font color="#ffbf46">මේක රසයි.</font>

497
00:30:24,339 --> 00:30:26,257
<font color="#ffbf46">කොහොමද ළමයි? රසයිද?</font>

498
00:30:26,257 --> 00:30:27,592
<font color="#ffbf46">ගොඩක් රසයි!
හරිම රසයි!</font>

499
00:30:27,592 --> 00:30:29,935
<font color="#ffbf46">රස නම්, මට ඇහෙන්න කියන්න!</font>

500
00:30:30,720 --> 00:30:34,140
<font color="#ffbf46">රසයි නේද, වූ ජූ? සීයත් එක්ක?</font>

501
00:30:34,140 --> 00:30:36,810
<font color="#ffbf46">ගෙදරදි ඌරු මස් පුච්චගෙන කනවා
වගේ වෙන මුකුත් නෑ.</font>

502
00:30:36,810 --> 00:30:37,852
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

503
00:30:37,852 --> 00:30:39,646
<font color="#ffbf46">කඩෙන් කනකොට ඒ රහ නෑ.</font>

504
00:30:39,646 --> 00:30:41,815
<font color="#ffbf46">හරියටම හරි.</font>

505
00:30:41,815 --> 00:30:44,317
<font color="#ffbf46">එයාලා පරක්කු වෙනවද?</font>

506
00:30:44,317 --> 00:30:48,071
<font color="#ffbf46">ඔව්, එයා ටිකකට කලින් කතා කරලා
පරක්කු වෙනවා කිව්වා.</font>

507
00:30:48,071 --> 00:30:51,533
<font color="#ffbf46">පේන විදිහට අතිකාල වැඩ නිසා
එයාලා ගොඩක් කාර්යබහුල වෙලා.</font>

508
00:30:51,533 --> 00:30:53,375
<font color="#ffbf46">එයාලා ඉක්මනටම එයි.</font>

509
00:30:55,453 --> 00:30:57,921
<font color="#ffbf46">චියර්ස්!
චියර්ස්!</font>

510
00:31:03,670 --> 00:31:05,922
<font color="#ffbf46">ආයෙමත් සැරයක්, ගොඩක් සුබ පැතුම්.</font>

511
00:31:05,922 --> 00:31:07,799
<font color="#ffbf46">මට ඔයා ගැන මීට වඩා ආඩම්බර වෙන්න බෑ.</font>

512
00:31:07,799 --> 00:31:09,467
<font color="#ffbf46">සුබ පැතුම්.</font>

513
00:31:09,467 --> 00:31:12,007
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්,
ඒ කම්පැනි එක ඔයාව තෝරගත්තේ නැත්නම්,</font>

514
00:31:12,007 --> 00:31:12,846
<font color="#ffbf46">ඒක එයාලගේ පාඩුවක්.</font>

515
00:31:12,846 --> 00:31:15,014
<font color="#ffbf46">එයාව ගත්තත් නැතත්, එයාව ගත්තත් නැතත්?</font>

516
00:31:15,014 --> 00:31:16,266
<font color="#ffbf46">සුබ පැතුම්.</font>

517
00:31:16,266 --> 00:31:18,601
<font color="#ffbf46">ඕ, ස්තූතියි.</font>

518
00:31:18,601 --> 00:31:21,187
<font color="#ffbf46">මට දැන් තමයි නිදහසේ හුස්ම ගන්න පුළුවන් වුණේ වගේ දැනෙන්නේ.</font>

519
00:31:21,187 --> 00:31:24,774
<font color="#ffbf46">ඉතින්, ඔයා කවුද?</font>

520
00:31:24,774 --> 00:31:27,694
<font color="#ffbf46">මම ටේ හියුන්ග් එක්ක ඉඳලා තියෙනවා</font>

521
00:31:27,694 --> 00:31:28,820
<font color="#ffbf46">එයා පාරේ ෆොටෝ ගන්න කාලේ ඉඳන්ම.</font>

522
00:31:28,820 --> 00:31:30,864
<font color="#ffbf46">එයාගේ හොඳම යාළුවා කිව්වත් හරි.</font>

523
00:31:30,864 --> 00:31:32,998
<font color="#ffbf46">මම ඕ ස්‍යුන්ග් ටේක්.</font>

524
00:31:34,325 --> 00:31:36,286
<font color="#ffbf46">හියුන් ජින්වයි මාවයි උසස් පෙළ කාලේ
ඉඳන්ම අඳුරනවා.</font>

525
00:31:36,286 --> 00:31:38,371
<font color="#ffbf46">ඇත්තටම, එයාගේ හොඳම යාළුවා.</font>

526
00:31:38,371 --> 00:31:41,249
<font color="#ffbf46">මම බෙක් සේ යොන්.</font>

527
00:31:41,249 --> 00:31:43,425
<font color="#ffbf46">ඕ, ඔයාව මුණගැහුණු එක ගැන සතුටුයි.</font>

528
00:31:54,762 --> 00:31:56,139
<font color="#ffbf46">කවදා හරි</font>

529
00:31:56,139 --> 00:31:59,267
<font color="#ffbf46">ඔයාට වැඩ කරන තැනදි අසාධාරණයක් වුණාම,</font>

530
00:31:59,267 --> 00:32:01,394
<font color="#ffbf46">මට ගොඩක් කේන්ති ගියා.</font>

531
00:32:01,394 --> 00:32:04,522
<font color="#ffbf46">මම මහ රෑත් කේන්තියෙන්
ඇහැරිලා ඉඳගෙන හිටියා.</font>

532
00:32:04,522 --> 00:32:07,483
<font color="#ffbf46">මම හැමතිස්සෙම හිතුවේ ලොකු කම්පැනිවල මිනිස්සු</font>

533
00:32:07,483 --> 00:32:08,735
<font color="#ffbf46">ගොඩක් පිළිවෙළයි සහ සංවරයි කියලා</font>

534
00:32:08,735 --> 00:32:10,111
<font color="#ffbf46">මැනේජර් පාක් වගේ,</font>

535
00:32:10,111 --> 00:32:11,346
<font color="#ffbf46">ඒත් ඒක එහෙම නෙවෙයි වගේ නේද?</font>

536
00:32:11,346 --> 00:32:12,716
<font color="#ffbf46">ඇත්තටම කිව්වොත්,</font>

537
00:32:12,716 --> 00:32:14,490
<font color="#ffbf46">මැනේජර් පාක් කියන්නේ වෙනස්ම කෙනෙක් නේද?</font>

538
00:32:14,490 --> 00:32:15,909
<font color="#ffbf46">මටත් හරියටම එයා වගේ වෙන්නයි ඕනේ.</font>

539
00:32:15,909 --> 00:32:17,873
<font color="#ffbf46">ඇත්තටමද?</font>

540
00:32:17,873 --> 00:32:18,824
<font color="#ffbf46">ඒ ඇයි?</font>

541
00:32:18,824 --> 00:32:20,709
<font color="#ffbf46">ඔයාමත් ඒ තරම් නරක නෑ, ඔයා දන්නවනේ.</font>

542
00:32:20,709 --> 00:32:22,113
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, මොකක්?</font>

543
00:32:22,113 --> 00:32:25,293
<font color="#ffbf46">ඔයාට එහෙම එකපාරටම ඒ වගේ දෙයක් කියන්න බෑ.</font>

544
00:32:25,293 --> 00:32:27,761
<font color="#ffbf46">මගේ හදවතත් එකපාරටම නැවතුණා වගේ වුණා.</font>

545
00:32:28,634 --> 00:32:31,305
<font color="#ffbf46">මම හිතුවේ මමයි ඔයාගේ ආදර්ශය කියලා.</font>

546
00:32:32,926 --> 00:32:35,303
<font color="#ffbf46">හෙමීට, ඔයා අන්තිමට හොඳටම වෙරි වෙයි.</font>

547
00:32:35,303 --> 00:32:37,764
<font color="#ffbf46">අනේ, එක රෑක් වෙරි වුණාම මොකද වෙන්නේ?</font>

548
00:32:37,764 --> 00:32:38,973
<font color="#ffbf46">ඒ ඇරුණාම,</font>

549
00:32:38,973 --> 00:32:41,893
<font color="#ffbf46">මට පේන විදිහට
ඔයා තාමත් හියුන් ජින්ව හරියට දන්නේ නෑ.</font>

550
00:32:41,893 --> 00:32:44,145
<font color="#ffbf46">එයා වෙන අය ඉස්සරහා වෙරි වෙන්න
කොහොමටවත් කැමති නෑ.</font>

551
00:32:44,145 --> 00:32:45,897
<font color="#ffbf46">කැම්පස් එකේදි, එයා හැම ඩ්‍රින්ක් එකක්ම බොනවා</font>

552
00:32:45,897 --> 00:32:47,607
<font color="#ffbf46">සීනියර්ස්ලා එයාට දුන්නු,</font>

553
00:32:47,607 --> 00:32:49,651
<font color="#ffbf46">හැමෝවම පරිස්සමට ගෙදර යවලා,</font>

554
00:32:49,651 --> 00:32:52,737
<font color="#ffbf46">එයාගේ ගෙදර දොරෙන් ඇතුළට යනකම්ම
එයා පාලනය නැති කරගන්නේ නෑ.</font>

555
00:32:52,737 --> 00:32:53,905
<font color="#ffbf46">ආ ඔව්,</font>

556
00:32:53,905 --> 00:32:55,073
<font color="#ffbf46">ඒක නම් මම වගේම තමයි.</font>

557
00:32:55,073 --> 00:32:57,116
<font color="#ffbf46">ඔයාට හොඳට බොන්න පුළුවන් වගේ.</font>

558
00:32:57,116 --> 00:32:58,792
<font color="#ffbf46">චියර්ස්.</font>

559
00:32:59,535 --> 00:33:01,204
<font color="#ffbf46">ඒක ඇත්තටම එහෙම නෙවෙයි.</font>

560
00:33:01,204 --> 00:33:02,538
<font color="#ffbf46">මම ගොඩක් බිව්වාම, මගේ පාලනය නැති වෙනවා,</font>

561
00:33:02,538 --> 00:33:04,457
<font color="#ffbf46">ඒ වුණාම, මට කාට හරි හේත්තු වෙන්න ඕනේ වෙනවා,</font>

562
00:33:04,457 --> 00:33:06,042
<font color="#ffbf46">මටත් නොදැනීම, එයාලා දකින්නේ</font>

563
00:33:06,042 --> 00:33:07,710
<font color="#ffbf46">මගේ නරකම පැත්ත.</font>

564
00:33:07,710 --> 00:33:09,928
<font color="#ffbf46">මට ඒක වෙන්න දෙන්න ඕනේ නෑ.</font>

565
00:33:11,005 --> 00:33:12,924
<font color="#ffbf46">ඕ, ඒක ආරම්භය විතරයි.</font>

566
00:33:12,924 --> 00:33:15,426
<font color="#ffbf46">හියුන් ජින්වයි මාවයි අඳුරගෙන</font>

567
00:33:15,426 --> 00:33:17,303
<font color="#ffbf46">දැන් සම්පූර්ණ දශකයක් වෙනවා.</font>

568
00:33:17,303 --> 00:33:18,805
<font color="#ffbf46">ඒ මුළු කාලෙටම එක පාරක්වත්</font>

569
00:33:18,805 --> 00:33:20,223
<font color="#ffbf46">මම මේ කෙල්ලව දැකලා නෑ</font>

570
00:33:20,223 --> 00:33:22,892
<font color="#ffbf46">මම ඉස්සරහා එක කඳුළක්වත් වට්ටනවා.</font>

571
00:33:22,892 --> 00:33:24,811
<font color="#ffbf46">නෑ. එයා ඇත්තටම ඒ දෙකටම ගොඩක් දක්ෂයි.</font>

572
00:33:24,811 --> 00:33:26,938
<font color="#ffbf46">අන්න ඒ නිසා තමයි මම ගොඩක් පුදුම වුණේ</font>

573
00:33:26,938 --> 00:33:29,273
<font color="#ffbf46">ඔයාලා බීලා එකට නිදාගත්තා කියලා එයා මට කිව්වම.</font>

574
00:33:29,273 --> 00:33:31,359
<font color="#ffbf46">ඔයාලා නිදාගත්තා</font>

575
00:33:31,359 --> 00:33:32,527
<font color="#ffbf46">එකට?</font>

576
00:33:32,527 --> 00:33:33,569
<font color="#ffbf46">සද්දෙ අඩු කරන්න.</font>

577
00:33:33,569 --> 00:33:35,113
<font color="#ffbf46">ඔයා මේක හැමතැනම පතුරවන්නද හදන්නේ?</font>

578
00:33:35,113 --> 00:33:36,280
<font color="#ffbf46">මම පැහැදිලි කරන්නම්.</font>

579
00:33:36,280 --> 00:33:38,533
<font color="#ffbf46">අපි එකට නිදාගත්තා නෙවෙයි.
අපි ගොඩක් බීලයි හිටියේ.</font>

580
00:33:38,533 --> 00:33:39,867
<font color="#ffbf46">ඉතින් අපි එකම ඇඳේ හිටියේ.</font>

581
00:33:39,867 --> 00:33:41,202
<font color="#ffbf46">එකම ඇඳේද?</font>

582
00:33:41,202 --> 00:33:42,870
<font color="#ffbf46">ඔයා ඇයි ඒක විස්තර කරන්නේ?</font>

583
00:33:42,870 --> 00:33:44,580
<font color="#ffbf46">ඔයා ඒක තවත් නරක විදිහටයි ඇහෙන්න සලස්වන්නේ.</font>

584
00:33:44,580 --> 00:33:45,581
<font color="#ffbf46">අපි නිදාගත්තා විතරයි. එච්චරයි.</font>

585
00:33:45,581 --> 00:33:47,792
<font color="#ffbf46">අපි ඇත්තටම නිදාගත්තා විතරයි.
හරි.</font>

586
00:33:47,792 --> 00:33:50,177
<font color="#ffbf46">ඔයාලා එකිනෙකාව බදාගෙන හිටියද...</font>

587
00:33:53,840 --> 00:33:55,191
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?</font>

588
00:33:57,176 --> 00:33:59,095
<font color="#ffbf46">මම වූ ජූ ගැන වද වෙවී හිටියේ,</font>

589
00:33:59,095 --> 00:34:00,805
<font color="#ffbf46">ඒ නිසා මම කෑම එක ඉක්මනට කෑවා,</font>

590
00:34:00,805 --> 00:34:02,598
<font color="#ffbf46">දැන් මගේ බඩට අමුත්තක් දැනෙනවා.</font>

591
00:34:02,598 --> 00:34:04,017
<font color="#ffbf46">මොන වගේ අමුත්තක්ද?</font>

592
00:34:04,017 --> 00:34:06,227
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

593
00:34:06,227 --> 00:34:08,479
<font color="#ffbf46">සමහරවිට මට අජීර්ණයක් වෙලාද කොහෙද.</font>

594
00:34:08,479 --> 00:34:10,314
<font color="#ffbf46">මේක මට පිස්සු හදවනවා.</font>

595
00:34:10,314 --> 00:34:11,990
<font color="#ffbf46">ඔයාගේ අත දෙන්න බලන්න.</font>

596
00:34:18,031 --> 00:34:19,449
<font color="#ffbf46">ඒක රිදෙනවා.</font>

597
00:34:19,449 --> 00:34:21,576
<font color="#ffbf46">රිදෙනවා තමයි, ඒ නිසා මම මසාජ් කරන්න ඕනේ.</font>

598
00:34:21,576 --> 00:34:23,244
<font color="#ffbf46">ටිකක් ඉවසන් ඉන්න.</font>

599
00:34:23,244 --> 00:34:25,546
<font color="#ffbf46">මම වෙනුවෙන් දහයට ගනින්න.</font>

600
00:34:26,794 --> 00:34:30,084
<font color="#ffbf46">එකයි, දෙකයි, තුනයි, හතරයි.</font>

601
00:34:30,084 --> 00:34:31,802
<font color="#ffbf46">පහයි.</font>

602
00:34:33,254 --> 00:34:34,930
<font color="#ffbf46">හයයි.</font>

603
00:34:39,052 --> 00:34:40,769
<font color="#ffbf46">හතයි.</font>

604
00:34:44,223 --> 00:34:45,983
<font color="#ffbf46">අටයි.</font>

605
00:34:57,491 --> 00:34:58,946
<font color="#ffbf46">මොකක්?</font>

606
00:34:58,946 --> 00:35:00,664
<font color="#ffbf46">හෙලෝ?</font>

607
00:35:03,159 --> 00:35:04,877
<font color="#ffbf46">මොකක්?</font>

608
00:35:06,537 --> 00:35:07,705
<font color="#ffbf46">හියුන් ජින්.</font>

609
00:35:07,705 --> 00:35:09,290
<font color="#ffbf46">වූ ජූ!</font>

610
00:35:09,290 --> 00:35:10,966
<font color="#ffbf46">අපි ඉක්මන් කරන්න ඕනේ.</font>

611
00:35:16,255 --> 00:35:17,715
<font color="#ffbf46">දෙවියනේ, අපි මොකද කරන්නේ?</font>

612
00:35:17,715 --> 00:35:18,883
<font color="#ffbf46">වූ ජූ, ඔයාට අමාරුවක් නෑ නේද?</font>

613
00:35:18,883 --> 00:35:19,884
<font color="#ffbf46">මොකක්ද වෙන්නේ?</font>

614
00:35:19,884 --> 00:35:21,385
<font color="#ffbf46">ඇයි මේක එකපාරටම ආවේ?</font>

615
00:35:21,385 --> 00:35:23,304
<font color="#ffbf46">මේක කවදද පටන්ගත්තේ?</font>

616
00:35:23,304 --> 00:35:26,001
<font color="#ffbf46">වූ ජූ, ඔයාට රිදෙනවද?</font>

617
00:35:26,001 --> 00:35:27,016
<font color="#ffbf46">මොකද වුණේ?</font>

618
00:35:27,016 --> 00:35:28,851
<font color="#ffbf46">මේක බලන්නකෝ, මේක එකපාරටම මතු වුණා.</font>

619
00:35:28,851 --> 00:35:30,228
<font color="#ffbf46">එයාගේ ඇඟේ පලු දාලා.</font>

620
00:35:30,228 --> 00:35:32,633
<font color="#ffbf46">මෙහෙට එන්න.</font>

621
00:35:37,944 --> 00:35:39,612
<font color="#ffbf46">එයා ස්ට්‍රෝබෙරි කෑවද?</font>

622
00:35:39,612 --> 00:35:40,571
<font color="#ffbf46">ස්ට්‍රෝබෙරි...</font>

623
00:35:40,571 --> 00:35:41,781
<font color="#ffbf46">එයා ටිකක් කෑවද?</font>

624
00:35:41,781 --> 00:35:43,199
<font color="#ffbf46">නෑ, එයා එකක්වත් කෑවේ නෑ.</font>

625
00:35:43,199 --> 00:35:45,827
<font color="#ffbf46">එයා කලින් එකක් එක්ක සෙල්ලම් කර කර හිටියා,
ඒ නිසා මම ඒක අරන් දැම්මා.</font>

626
00:35:45,827 --> 00:35:47,453
<font color="#ffbf46">එයාට ස්ට්‍රෝබෙරි ඇලජික්ද?</font>

627
00:35:47,453 --> 00:35:49,956
<font color="#ffbf46">කවුරුත් කවදාවත් ඒ ගැන කියලා නෑ.</font>

628
00:35:49,956 --> 00:35:51,749
<font color="#ffbf46">මේක ස්ට්‍රෝබෙරි ඇලජික් එකක් වගේ.</font>

629
00:35:51,749 --> 00:35:52,834
<font color="#ffbf46">මගේ වැඩිමහල් ළමයටත්</font>

630
00:35:52,834 --> 00:35:54,168
<font color="#ffbf46">ඔය ඇලජික් එකම තිබුණා.</font>

631
00:35:54,168 --> 00:35:56,420
<font color="#ffbf46">දෙවියනේ.
අපි මොකද කරන්නේ?</font>

632
00:35:56,420 --> 00:35:58,714
<font color="#ffbf46">හොඳ වෙලාවට එයා එකක්වත් ගිල්ලේ නෑ.</font>

633
00:35:58,714 --> 00:36:00,299
<font color="#ffbf46">මම ඉස්සෙල්ලා එයාව හෝදලා එන්නම්.</font>

634
00:36:00,299 --> 00:36:01,676
<font color="#ffbf46">මම එයාව හෝදන්නම්,</font>

635
00:36:01,676 --> 00:36:03,427
<font color="#ffbf46">ඒ නිසා කරුණාකරලා අයිස් පැක් එකක්
හරි සීතල තුවායක් හරි ගේන්න.</font>

636
00:36:03,427 --> 00:36:04,345
<font color="#ffbf46">අපි ළඟ අයිස් තියෙනවා.</font>

637
00:36:04,345 --> 00:36:06,305
<font color="#ffbf46">අම්මා, අතන අයිස් තියෙනවා.</font>

638
00:36:06,305 --> 00:36:08,315
<font color="#ffbf46">ඒක අතන තියෙනවා.</font>

639
00:36:12,562 --> 00:36:14,105
<font color="#ffbf46">හේයි.</font>

640
00:36:14,105 --> 00:36:16,858
<font color="#ffbf46">ස්තූතියි.
ඕ, ඔයාත් ආවද?</font>

641
00:36:16,858 --> 00:36:18,947
<font color="#ffbf46">මොකද වුණේ?</font>

642
00:36:18,947 --> 00:36:19,988
<font color="#ffbf46">හියුන් ජින්.</font>

643
00:36:19,988 --> 00:36:22,996
<font color="#ffbf46">එයාට ස්ට්‍රෝබෙරි ඇලජික් එකක් තියෙනවද?</font>

644
00:36:23,823 --> 00:36:25,867
<font color="#ffbf46">මට විශ්වාස නෑ.</font>

645
00:36:25,867 --> 00:36:28,035
<font color="#ffbf46">එයා ගොඩක් කාලෙක ඉඳන් එයාව බලාගන්නේ නෑ,</font>

646
00:36:28,035 --> 00:36:29,537
<font color="#ffbf46">ඒ නිසා එයා දන්නෙ නැතුව ඇති.</font>

647
00:36:29,537 --> 00:36:30,955
<font color="#ffbf46">වාසනාවට,</font>

648
00:36:30,955 --> 00:36:33,291
<font color="#ffbf46">එයාගේ සීයා ඉක්මනටම ඒකට ප්‍රතිකාර කළා,</font>

649
00:36:33,291 --> 00:36:36,127
<font color="#ffbf46">ඒ නිසා එයාට දැන් හොඳයි. කලබල වෙන්න එපා.</font>

650
00:36:36,127 --> 00:36:38,337
<font color="#ffbf46">එයා මැදිහත් වුණේ නැත්නම්,
තත්ත්වය බරපතළ වෙන්න තිබුණා.</font>

651
00:36:38,337 --> 00:36:40,840
<font color="#ffbf46">වූ ජින්ටත් ඇලජික් තිබුණා.</font>

652
00:36:40,840 --> 00:36:42,341
<font color="#ffbf46">එකක් අල්ලපුවමත්</font>

653
00:36:42,341 --> 00:36:43,509
<font color="#ffbf46">එයාට කසන්න අරන් රතු වෙනවා.</font>

654
00:36:43,509 --> 00:36:45,560
<font color="#ffbf46">ඒක කසනවා.</font>

655
00:36:48,055 --> 00:36:49,640
<font color="#ffbf46">වූ ජූ, අපි යමු.</font>

656
00:36:49,640 --> 00:36:51,316
<font color="#ffbf46">අපි යමු.</font>

657
00:36:58,274 --> 00:37:00,117
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

658
00:37:09,952 --> 00:37:11,621
<font color="#ffbf46">එයා නිදාගන්නකන් මම බලන් හිටියේ,</font>

659
00:37:11,621 --> 00:37:13,206
<font color="#ffbf46">ඒ නිසා මම දැන් යන්නම්.</font>

660
00:37:13,206 --> 00:37:15,424
<font color="#ffbf46">ඔයාලා දෙන්නා ඇඟපත හෝදගෙන විවේක ගන්න.</font>

661
00:37:16,500 --> 00:37:18,544
<font color="#ffbf46">ගොඩක් ස්තූතියි.</font>

662
00:37:18,544 --> 00:37:20,421
<font color="#ffbf46">ඔයා හිටියේ නැත්නම්,</font>

663
00:37:20,421 --> 00:37:22,506
<font color="#ffbf46">අපිට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙනවා.</font>

664
00:37:22,506 --> 00:37:24,217
<font color="#ffbf46">ස්තූති කරන්න ඕනේ නැහැ.</font>

665
00:37:24,217 --> 00:37:26,427
<font color="#ffbf46">අද රෑට එයාට කසන්න ගත්තොත්,</font>

666
00:37:26,427 --> 00:37:28,304
<font color="#ffbf46">ගොඩක් කසන්න දෙන්න එපා,</font>

667
00:37:28,304 --> 00:37:31,432
<font color="#ffbf46">තත්වය නරක අතට හැරුණොත් රෝහලට අරන් යන්න.</font>

668
00:37:31,432 --> 00:37:32,598
<font color="#ffbf46">හරි.</font>

669
00:37:32,598 --> 00:37:33,601
<font color="#ffbf46">මම එහෙනම් යනවා.</font>

670
00:37:33,601 --> 00:37:35,360
<font color="#ffbf46">ස්තූතියි.</font>

671
00:38:23,985 --> 00:38:26,877
<font color="#ffbf46">ඔයාට මේක අමතක වුණා.</font>

672
00:38:28,447 --> 00:38:30,199
<font color="#ffbf46">මටත් දේවල් අමතක වෙනවනේ.</font>

673
00:38:30,199 --> 00:38:32,326
<font color="#ffbf46">සමාවෙන්න ඔයාට මේක නිසා</font>

674
00:38:32,326 --> 00:38:34,328
<font color="#ffbf46">මෙච්චර දුරක් එන්න වුණාට.</font>

675
00:38:34,328 --> 00:38:37,964
<font color="#ffbf46">ඇයි ඔයා ඔය පින්තූරෙ ඔයා ගාව තියාගෙන ඉන්නේ?</font>

676
00:38:42,211 --> 00:38:43,970
<font color="#ffbf46">ආ, මේක...</font>

677
00:38:45,506 --> 00:38:47,675
<font color="#ffbf46">මොන තරම් ප්‍රශ්න තිබුණත්,</font>

678
00:38:47,675 --> 00:38:51,470
<font color="#ffbf46">මේ පින්තූරෙ දැක්කම
මට අමුතු ශක්තියක් ලැබෙනවා.</font>

679
00:38:51,470 --> 00:38:53,931
<font color="#ffbf46">මේ දවස්වල ඔයා කොහෙද ඉන්නේ?</font>

680
00:38:53,931 --> 00:38:56,358
<font color="#ffbf46">ආ, මමද?</font>

681
00:38:58,019 --> 00:39:01,029
<font color="#ffbf46">මේ පාරෙ උඩ තියෙන ගොෂිවොන් එකේ.</font>

682
00:39:02,732 --> 00:39:04,312
<font color="#ffbf46">ගොෂිවොන් එකක?</font>

683
00:39:05,609 --> 00:39:07,862
<font color="#ffbf46">දැන්නම් ගොෂිවොන් හදලා තියෙන්නේ හරිම ලස්සනට,</font>

684
00:39:07,862 --> 00:39:09,538
<font color="#ffbf46">හරියට හෝටල් වගේ.</font>

685
00:39:12,700 --> 00:39:16,419
<font color="#ffbf46">කොහොම වුණත්, ඔයා අද කරපු දේට මම ස්තූතිවන්ත වෙනවා.</font>

686
00:39:17,204 --> 00:39:18,873
<font color="#ffbf46">මොකක්?</font>

687
00:39:18,873 --> 00:39:22,509
<font color="#ffbf46">මම කිව්වේ මම ස්තූතිවන්ත වෙනවා කියලා, කලින් පාර වගේම,</font>

688
00:39:23,586 --> 00:39:25,338
<font color="#ffbf46">අදත් ඔයා නිසා,</font>

689
00:39:25,338 --> 00:39:27,889
<font color="#ffbf46">වූ ජූට කරදරයක් වුණේ නැහැ.</font>

690
00:39:35,931 --> 00:39:37,709
<font color="#ffbf46">ටේ හ්‍යොන්ග්.</font>

691
00:39:39,018 --> 00:39:40,519
<font color="#ffbf46">ඔයාට මාව ඕන වුණොත්,</font>

692
00:39:40,519 --> 00:39:43,147
<font color="#ffbf46">ඕනම වෙලාවක මට කතා කරන්න.</font>

693
00:39:43,147 --> 00:39:46,199
<font color="#ffbf46">ඒ පොඩි වූ ජූවත්
මගේ හිතේමයි ඉන්නේ.</font>

694
00:40:03,000 --> 00:40:04,919
<font color="#ffbf46">ඒත් ඔයාට පුළුවන්ද</font>

695
00:40:04,919 --> 00:40:07,637
<font color="#ffbf46">මට එක අවස්ථාවක් දෙන්න?</font>

696
00:40:21,018 --> 00:40:22,777
<font color="#ffbf46">හේයි.</font>

697
00:40:24,438 --> 00:40:26,399
<font color="#ffbf46">ඇයි මේ කිරි?</font>

698
00:40:26,399 --> 00:40:28,618
<font color="#ffbf46">ඔයා ලොකු පීඩනයකින් ඉන්නවා වගේ පෙනුණා.</font>

699
00:40:28,618 --> 00:40:30,486
<font color="#ffbf46">නින්ද යන්නේ නැති වෙලාවට මේක ගොඩක් උදව් වෙනවා.</font>

700
00:40:30,486 --> 00:40:32,363
<font color="#ffbf46">මේක බොන්න.</font>

701
00:40:32,363 --> 00:40:34,080
<font color="#ffbf46">ස්තූතියි.</font>

702
00:40:41,330 --> 00:40:43,082
<font color="#ffbf46">ඒත්</font>

703
00:40:43,082 --> 00:40:45,467
<font color="#ffbf46">කොහොමත් මට නින්ද යන එකක් නැහැ.</font>

704
00:40:46,127 --> 00:40:47,636
<font color="#ffbf46">ඇත්තද?</font>

705
00:40:51,382 --> 00:40:53,305
<font color="#ffbf46">එහෙනම් අපි දෙන්නම ඇහැරන් ඉමුද?</font>

706
00:40:53,305 --> 00:40:54,343
<font color="#ffbf46">මොනවා කරන්නද?</font>

707
00:40:54,343 --> 00:40:56,345
<font color="#ffbf46">එකට ඇහැරලා ඉමු.</font>

708
00:40:56,345 --> 00:40:57,888
<font color="#ffbf46">මේ වගේ රෑක,
තනියම ඇහැරගෙන ඉන්නවා කියන්නේ</font>

709
00:40:57,888 --> 00:40:59,898
<font color="#ffbf46">හරිම පාලු වැඩක්.</font>

710
00:41:01,100 --> 00:41:03,602
<font color="#ffbf46">අපි දෙන්නා එකට හිටියොත්,</font>

711
00:41:03,602 --> 00:41:04,937
<font color="#ffbf46">එතකොට මහන්සි වුණු දෙන්නෙක් විතරයි ඉන්නේ...</font>

712
00:41:08,107 --> 00:41:09,474
<font color="#ffbf46">මට ආයෙත් F එකක් ඇවිත්.</font>

713
00:41:09,474 --> 00:41:11,235
<font color="#ffbf46">ඇත්තටම මම F කෙනෙක් තමයි.</font>

714
00:41:11,235 --> 00:41:12,778
<font color="#ffbf46">මම මිනිස්සුත් එක්ක සම්බන්ධකම් පවත්වන්න හරි දක්ෂයි</font>

715
00:41:12,778 --> 00:41:15,865
<font color="#ffbf46">අනිත් අයව හොඳට බලාගන්නත් මට පුළුවන්.</font>

716
00:41:15,865 --> 00:41:17,575
<font color="#ffbf46">එහෙමත් නැත්නම් මට බැරිද?</font>

717
00:41:17,575 --> 00:41:19,243
<font color="#ffbf46">සමහරවිට මම මගේ ළඟම අයට විතරක් හොඳින් සලකනවා ඇති,</font>

718
00:41:19,243 --> 00:41:21,458
<font color="#ffbf46">මගේ යාළුවන්ට විතරක් ආදරෙන් සලකනවා ඇති?</font>

719
00:41:21,458 --> 00:41:23,296
<font color="#ffbf46">ඒත් එහෙම වෙන්න බැහැ. මම මගේ අක්කා වගේ,</font>

720
00:41:23,296 --> 00:41:24,255
<font color="#ffbf46">ඒ නිසා මම හැමදාම කට්ටියත් එක්ක සුහදව ඉන්න කෙනෙක්.</font>

721
00:41:24,255 --> 00:41:25,395
<font color="#ffbf46"></font>

722
00:41:25,395 --> 00:41:27,571
<font color="#ffbf46">කට ලොකුවට ඇරලා "ආ" කියන්න.</font>

723
00:41:30,400 --> 00:41:33,345
<font color="#ffbf46">වාසනාවකට, හේතුව ඉක්මනින් හොයාගෙන
ප්‍රතිකාර කරපු නිසා,</font>

724
00:41:33,345 --> 00:41:35,141
<font color="#ffbf46">වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ.</font>

725
00:41:36,739 --> 00:41:38,950
<font color="#ffbf46">අසාත්මිකතා පරීක්ෂණයේ ප්‍රතිඵල වලිනුත් පේනවා</font>

726
00:41:38,950 --> 00:41:39,992
<font color="#ffbf46">ස්ට්‍රෝබෙරි අසාත්මිකතාව හැර,</font>

727
00:41:39,992 --> 00:41:41,702
<font color="#ffbf46">වෙන කිසිම අසාත්මිකතාවයක් එයාට නැහැ කියලා,</font>

728
00:41:41,702 --> 00:41:42,829
<font color="#ffbf46">ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ.</font>

729
00:41:42,829 --> 00:41:45,790
<font color="#ffbf46">ඔව්, ස්තූතියි.</font>

730
00:41:45,790 --> 00:41:47,883
<font color="#ffbf46">වූ ජූ, ඔයා ගොඩක් දුක් වින්දා.</font>

731
00:41:51,212 --> 00:41:54,658
<font color="#ffbf46">අද ඔයා ඩොක්ටර් ගාවදි
හොඳ ළමයෙක් වගේ හිටපු නිසා,</font>

732
00:41:54,658 --> 00:41:56,050
<font color="#ffbf46">මම ඔයාට රස කෑමක් අරන් දෙන්නම්,</font>

733
00:41:56,050 --> 00:41:57,809
<font color="#ffbf46">හොඳයි නේද?</font>

734
00:42:00,388 --> 00:42:02,073
<font color="#ffbf46">අපේ වූ ජූ.</font>

735
00:42:03,208 --> 00:42:04,670
<font color="#ffbf46">මාව මතක් වුණාද?</font>

736
00:42:06,894 --> 00:42:09,105
<font color="#ffbf46">ඔයා හොස්පිට්ල් එකේ ඉඳලද එන්නේ?</font>

737
00:42:09,105 --> 00:42:10,565
<font color="#ffbf46">මොකද කිව්වේ? එයාට හොඳයිද?</font>

738
00:42:10,565 --> 00:42:13,276
<font color="#ffbf46">ඔව්, ඊයේ ඔයා එයාව
හොඳට බලාගත්තු නිසා,</font>

739
00:42:13,276 --> 00:42:14,735
<font color="#ffbf46">හැමදේම හොඳයි කියලා කිව්වා.</font>

740
00:42:14,735 --> 00:42:15,403
<font color="#ffbf46">ඇති යන්තම්.</font>

741
00:42:15,403 --> 00:42:18,656
<font color="#ffbf46">ඊයේ කරපු දේට මම ආයෙත් ඔයාට ස්තූති කරනවා.</font>

742
00:42:18,656 --> 00:42:19,532
<font color="#ffbf46">මේක</font>

743
00:42:19,532 --> 00:42:21,284
<font color="#ffbf46">මම මුල ඉඳලම දැනගෙන ඉන්න ඕනෙ දෙයක්.</font>

744
00:42:21,284 --> 00:42:22,827
<font color="#ffbf46">අනේ මේ.</font>

745
00:42:22,827 --> 00:42:24,745
<font color="#ffbf46">කවුරුත් පළවෙනි දවසෙම හැමදේම දැනගෙන ඉන්නේ නැහැ.</font>

746
00:42:24,745 --> 00:42:27,057
<font color="#ffbf46">කාලෙත් එක්ක තමයි ඒ දේවල් ඉගෙන ගන්නේ.</font>

747
00:42:31,002 --> 00:42:32,670
<font color="#ffbf46">ටේ හ්‍යොන්ග්ත් මට ස්තූති කළා.</font>

748
00:42:32,670 --> 00:42:33,963
<font color="#ffbf46">කොහොමත් සීයා කෙනෙක්ට</font>

749
00:42:33,963 --> 00:42:35,923
<font color="#ffbf46">තමන්ගේ මුණුපුරා ලෙඩ වෙලා ඉන්නවා බලන් ඉන්න බැහැනේ,</font>

750
00:42:35,923 --> 00:42:37,800
<font color="#ffbf46">ඒ නිසා මට ඔච්චර ස්තූති කරන එක නවත්තන්න.</font>

751
00:42:37,800 --> 00:42:39,177
<font color="#ffbf46">ඒකෙන් මට ටිකක් දුකත් හිතෙනවා.</font>

752
00:42:39,177 --> 00:42:42,448
<font color="#ffbf46">එයා ඇත්තටම ස්තූති කළාද?</font>

753
00:42:44,432 --> 00:42:45,892
<font color="#ffbf46">ඒකෙන් පේනවා දේවල්</font>

754
00:42:45,892 --> 00:42:48,193
<font color="#ffbf46">කලින්ට වඩා ටිකක් හොඳ අතට හැරෙනවා නේද?</font>

755
00:42:49,061 --> 00:42:51,738
<font color="#ffbf46">ඔව්, වාසනාවකට.</font>

756
00:42:52,648 --> 00:42:55,943
<font color="#ffbf46">මම දන්නවා දැන් පරක්කු වැඩියි කියලා,</font>

757
00:42:55,943 --> 00:42:58,279
<font color="#ffbf46">ඒත් ඉස්සරහට, මට ඇත්තටම ඕනේ</font>

758
00:42:58,279 --> 00:43:01,123
<font color="#ffbf46">ටේ හ්‍යොන්ග්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න.</font>

759
00:43:02,617 --> 00:43:04,327
<font color="#ffbf46">ඉතින්, ඒක නිසා,</font>

760
00:43:04,327 --> 00:43:06,162
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද</font>

761
00:43:06,162 --> 00:43:08,463
<font color="#ffbf46">මට උදව් කරන්න?</font>

762
00:43:09,582 --> 00:43:11,300
<font color="#ffbf46">මට?</font>

763
00:43:17,757 --> 00:43:19,592
<font color="#ffbf46">ආ, ඔයා ආවාද?</font>

764
00:43:19,592 --> 00:43:21,969
<font color="#ffbf46">ඩොක්ටර් මොකද කිව්වේ?</font>

765
00:43:21,969 --> 00:43:23,179
<font color="#ffbf46">කිසිම ප්‍රශ්නයක් නැහැ,</font>

766
00:43:23,179 --> 00:43:24,931
<font color="#ffbf46">අර ස්ට්‍රෝබෙරි අසාත්මිකතාව ඇරෙන්න
වෙන මුකුත් අසාත්මිකතා එයාට නැහැල්ලු.</font>

767
00:43:24,931 --> 00:43:27,566
<font color="#ffbf46">ආ, ඒක අහන්න ලැබුණු එකත් ලොකු දෙයක්.</font>

768
00:43:31,312 --> 00:43:32,980
<font color="#ffbf46">ටේ හ්‍යොන්ග්.</font>

769
00:43:32,980 --> 00:43:35,525
<font color="#ffbf46">අද රෑට ඔයාට විශේෂ වැඩක් තියෙනවද?</font>

770
00:43:35,525 --> 00:43:37,200
<font color="#ffbf46">අද රෑට?</font>

771
00:43:38,277 --> 00:43:40,404
<font color="#ffbf46">එහෙම විශේෂ වැඩක් නම් නැහැ, ඇයි?</font>

772
00:43:40,404 --> 00:43:42,949
<font color="#ffbf46">අපි මේ ටිකේම ගොඩක් විශ්වාසය තිබ්බේ</font>

773
00:43:42,949 --> 00:43:44,909
<font color="#ffbf46">ඔයාගේ තාත්තා ගැනනේ,</font>

774
00:43:44,909 --> 00:43:48,128
<font color="#ffbf46">ඉතින් මම කල්පනා කළා
එයාට කෑම වේලකින් සංග්‍රහ කරන්න.</font>

775
00:43:49,455 --> 00:43:52,632
<font color="#ffbf46">වූ ජූ වුණත් එයාගේ සීයාට ගොඩක් ආදරෙයිනේ.</font>

776
00:44:04,095 --> 00:44:07,473
<font color="#ffbf46">හැබැයි අනිවාර්යයෙන්ම එන්න ඕනේ කියලා බලකිරීමක් නැහැ.</font>

777
00:44:07,473 --> 00:44:08,849
<font color="#ffbf46">ඔයාට එන්න අකමැති නම්,</font>

778
00:44:08,849 --> 00:44:11,735
<font color="#ffbf46">අපි තුන්දෙනාට විතරක් වුණත් කෑම කන්න පුළුවන්.</font>

779
00:44:13,854 --> 00:44:16,440
<font color="#ffbf46">අපි එයා එක්කම කෑම කමු.</font>

780
00:44:16,440 --> 00:44:17,483
<font color="#ffbf46">ඇත්තද?</font>

781
00:44:17,483 --> 00:44:19,159
<font color="#ffbf46">ඇත්තටමද?</font>

782
00:44:20,861 --> 00:44:23,906
<font color="#ffbf46">මම කිව්වේ, මේක නිකම්ම කෑම වේලක් විතරනේ.
ඒක ලොකු දෙයක් කරගන්න එපා.</font>

783
00:44:23,906 --> 00:44:26,666
<font color="#ffbf46">අනික ඔයා කොහොමද වූ ජූව
වෙන කොහේ හරි අරන් යන්නේ?</font>

784
00:44:30,705 --> 00:44:32,748
<font color="#ffbf46">නවතින්න.</font>

785
00:44:32,748 --> 00:44:34,601
<font color="#ffbf46">පොලිස් කාර් එක.</font>

786
00:44:41,007 --> 00:44:43,016
<font color="#ffbf46">ඔයා මෙතන එළියට වෙලා මොකද කරන්නේ?</font>

787
00:44:46,762 --> 00:44:51,100
<font color="#ffbf46">එයාලා මට කෑම කන්න එන්න කිව්වා.</font>

788
00:44:51,100 --> 00:44:53,193
<font color="#ffbf46">හරි.</font>

789
00:44:54,365 --> 00:44:56,731
<font color="#ffbf46">එහෙනම් ඇයි ඇතුළට යන්නේ නැත්තේ?
නිකම් මෙතනට වෙලා ඉන්නේ.</font>

790
00:44:56,731 --> 00:44:58,615
<font color="#ffbf46">බලන්නකෝ සැක හිතෙන විදිහට ඉන්න හැටි.</font>

791
00:44:59,442 --> 00:45:03,847
<font color="#ffbf46">නැහැ, මේ...
දැන් ඇතුළට යන්න හදනකොට,</font>

792
00:45:03,847 --> 00:45:05,434
<font color="#ffbf46">මට ටිකක්... තේරෙනවනේ.</font>

793
00:45:21,005 --> 00:45:22,965
<font color="#ffbf46">ආ, මාව බයත් වුණා.</font>

794
00:45:22,965 --> 00:45:24,766
<font color="#ffbf46">හලෝ.</font>

795
00:45:26,302 --> 00:45:27,845
<font color="#ffbf46">හායි.</font>

796
00:45:27,845 --> 00:45:30,355
<font color="#ffbf46">එන්න, ඇතුළට එන්න.</font>

797
00:45:34,352 --> 00:45:35,394
<font color="#ffbf46">ඔව්,</font>

798
00:45:35,394 --> 00:45:37,404
<font color="#ffbf46">පරිස්සමින් යන්න.</font>

799
00:45:41,676 --> 00:45:45,112
<font color="#ffbf46">ඔයා ගොඩක් මහන්සි වෙලා. එහෙම කරන්න ඕනේ නෑනේ.</font>

800
00:45:45,112 --> 00:45:46,614
<font color="#ffbf46">මම මේවා ඉක්මනින් හැදුවේ.</font>

801
00:45:46,614 --> 00:45:48,491
<font color="#ffbf46">බෙදාගෙන කන්න.</font>

802
00:45:48,491 --> 00:45:51,251
<font color="#ffbf46">හොඳයි, එහෙනම් මම කන්නම්.</font>

803
00:45:57,667 --> 00:46:00,628
<font color="#ffbf46">එයාලා කිව්වා ඔයා කෑම හදන සමාගමක වැඩ කරන්නේ කියලා,</font>

804
00:46:00,628 --> 00:46:03,339
<font color="#ffbf46">ඔයාට හොඳට උයන්න පුළුවන් කියලත් කිව්වා.</font>

805
00:46:03,339 --> 00:46:06,050
<font color="#ffbf46">මේවා ඔයාගේ රසට ගැලපෙයි කියලා හිතනවා.</font>

806
00:46:06,050 --> 00:46:08,101
<font color="#ffbf46">මේක නම් මාරයි.</font>

807
00:46:12,306 --> 00:46:14,392
<font color="#ffbf46">ටේ හ්‍යොන්ග්, ටිකක් කාලා බලන්න.</font>

808
00:46:14,392 --> 00:46:16,276
<font color="#ffbf46">මේක හරිම රසයි.</font>

809
00:46:25,027 --> 00:46:26,445
<font color="#ffbf46">බතුත් ටිකක් කන්න.</font>

810
00:46:26,445 --> 00:46:30,533
<font color="#ffbf46">අන්න හරි, බලන්නකෝ ඔයා හොඳට කන හැටි.</font>

811
00:46:30,533 --> 00:46:33,953
<font color="#ffbf46">ඔයා හොඳට කනවා.</font>

812
00:46:33,953 --> 00:46:35,795
<font color="#ffbf46">මම හොඳට කනවා.</font>

813
00:46:40,835 --> 00:46:43,170
<font color="#ffbf46">මම කවන්නම්. කට ලොකුවට අරින්න!</font>

814
00:46:43,170 --> 00:46:45,222
<font color="#ffbf46">ඔයා හොඳට කනවා.</font>

815
00:46:46,090 --> 00:46:49,434
<font color="#ffbf46">වූ ජූ ඔයාට ගොඩක් ආදරෙයි වගේ.</font>

816
00:46:50,094 --> 00:46:52,930
<font color="#ffbf46">එයා මෙච්චර පොඩි වුණත් මම පවුලේ කෙනෙක්
කියලා එයාට තේරෙනවා වගේ.</font>

817
00:46:52,930 --> 00:46:54,606
<font color="#ffbf46">නේද?</font>

818
00:46:59,979 --> 00:47:01,939
<font color="#ffbf46">ආ, හරි. මට එයාගේ නැපිය මාරු කරන්න ඕනේ.</font>

819
00:47:01,939 --> 00:47:02,773
<font color="#ffbf46">මම ඒක කරන්නම්.</font>

820
00:47:02,773 --> 00:47:04,692
<font color="#ffbf46">නැහැ, මම කරන්නම්.</font>

821
00:47:04,692 --> 00:47:06,193
<font color="#ffbf46">ඔයා වාඩිවෙලා ඉන්න.</font>

822
00:47:06,193 --> 00:47:08,531
<font color="#ffbf46">එන්න, වූ ජූ, අපි නැපිය මාරු කරමු.</font>

823
00:47:10,614 --> 00:47:12,332
<font color="#ffbf46">යමු.</font>

824
00:47:17,955 --> 00:47:19,589
<font color="#ffbf46">හරි.</font>

825
00:47:31,594 --> 00:47:33,311
<font color="#ffbf46">එක දෙයක් තියෙනවා...</font>

826
00:47:35,181 --> 00:47:38,775
<font color="#ffbf46">මට හැමදාම දැනගන්න ඕන වෙලා තිබුණු.</font>

827
00:47:40,144 --> 00:47:42,028
<font color="#ffbf46">ඒ කාලේ...</font>

828
00:47:42,897 --> 00:47:45,441
<font color="#ffbf46">ඇයි ඔයා මාව දාලා ගියේ?</font>

829
00:47:45,441 --> 00:47:47,443
<font color="#ffbf46">මොකක්?</font>

830
00:47:47,443 --> 00:47:49,403
<font color="#ffbf46">මම කිව්වේ, නිකම්...</font>

831
00:47:49,403 --> 00:47:51,538
<font color="#ffbf46">මට ඇත්තටම දැනගන්න ඕනේ.</font>

832
00:47:52,823 --> 00:47:54,950
<font color="#ffbf46">කවුරුත් කවදාවත් මට හේතුව කිව්වේ නැහැ,</font>

833
00:47:54,950 --> 00:47:57,877
<font color="#ffbf46">ඒක මගේ මුළු ජීවිත කාලෙම මට වද දුන්නා.</font>

834
00:48:02,374 --> 00:48:04,759
<font color="#ffbf46">ඇත්තටම, මටත් ඕන වුණා</font>

835
00:48:05,586 --> 00:48:07,637
<font color="#ffbf46">ඔයාව සම්බන්ධ කරගන්න.</font>

836
00:48:09,423 --> 00:48:12,468
<font color="#ffbf46">මට ඔයාව දකින්න කොච්චර ඕන වෙලා තිබුණද කියලා
ඔයාට හිතාගන්නවත් බැරි වෙයි.</font>

837
00:48:12,468 --> 00:48:16,730
<font color="#ffbf46">ඒත් මම අන්තිමේදී ඒ ප්‍රශ්නවලින් ගොඩවිලා
ගෙදර එනකොට,</font>

838
00:48:17,765 --> 00:48:19,691
<font color="#ffbf46">ඔයා ඒ වෙද්දිත් ගිහින් ඉවරයි.</font>

839
00:48:22,269 --> 00:48:23,687
<font color="#ffbf46">වූ ජින් කිව්ව විදිහට,</font>

840
00:48:23,687 --> 00:48:27,483
<font color="#ffbf46">ඔයාට වැඩකට නැති තාත්තා කෙනෙක් එක්ක
කිසිම සම්බන්ධයක් තියාගන්න ඕන වුණේ නැහැ.</font>

841
00:48:27,483 --> 00:48:29,276
<font color="#ffbf46">ඒ නිසයි මම කවදාවත් ඔයාට කතා නොකළේ.</font>

842
00:48:29,276 --> 00:48:31,661
<font color="#ffbf46">නැහැ, මම කතා නොකර ඉන්න තීරණය කළා.</font>

843
00:48:32,446 --> 00:48:34,539
<font color="#ffbf46">උදව් කරනවා තියා,</font>

844
00:48:35,533 --> 00:48:38,335
<font color="#ffbf46">ඔයාට බරක් වෙන තාත්තා කෙනෙක් වෙන්න මට ඕන වුණේ නැහැ.</font>

845
00:48:39,620 --> 00:48:40,913
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, වූ ජින් එහෙම කිව්වද?</font>

846
00:48:40,913 --> 00:48:42,922
<font color="#ffbf46">එයා කිව්වේ මම එහෙම කිව්වා කියලද?</font>

847
00:48:43,666 --> 00:48:45,634
<font color="#ffbf46">වූ ජින් මට කිව්වා</font>

848
00:48:47,127 --> 00:48:51,181
<font color="#ffbf46">එකිනෙකාට බරක් වෙන පවුලක් ගැන
එයාටත් එපා වෙලා කියලා.</font>

849
00:48:52,925 --> 00:48:55,477
<font color="#ffbf46">එයාට ඕන වුණා අපි කවදාවත්
හිටියේ නැහැ වගේ ඉන්න.</font>

850
00:48:56,470 --> 00:48:58,722
<font color="#ffbf46">එයා කිව්වා හැමදේම අතෑරියම</font>

851
00:48:58,722 --> 00:49:00,899
<font color="#ffbf46">එයාට ලොකු නිදහසක් දැනුණා කියලා.</font>

852
00:49:03,811 --> 00:49:07,064
<font color="#ffbf46">ඇත්තටම බැලුවොත්, එයා කිව්ව කතාවෙත් ඇත්තක් තිබුණා.</font>

853
00:49:07,064 --> 00:49:08,990
<font color="#ffbf46">ඔයා දැනටමත් දන්නවනේ.</font>

854
00:49:10,317 --> 00:49:13,028
<font color="#ffbf46">මම ණය වෙලා නේද හිටියේ?</font>

855
00:49:13,028 --> 00:49:14,954
<font color="#ffbf46">මම ආවා නම්,</font>

856
00:49:15,823 --> 00:49:18,792
<font color="#ffbf46">ඔයාවත් මගේ ප්‍රශ්නවලට පැටලෙනවා.</font>

857
00:49:22,872 --> 00:49:26,584
<font color="#ffbf46">ඉතින් දැන් ඒ ඔක්කොම ගෙවලා ඉවරද?</font>

858
00:49:26,584 --> 00:49:29,169
<font color="#ffbf46">ඔව්, අනිවාර්යයෙන්ම.</font>

859
00:49:29,169 --> 00:49:31,680
<font color="#ffbf46">නැත්නම් මට කීයටවත් මෙහෙ එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.</font>

860
00:49:35,551 --> 00:49:38,262
<font color="#ffbf46">මට සමාවෙන්න.
ඔයාගේ තාත්තා මේ තරම් අසරණ වෙන්න හොඳ නැහැ.</font>

861
00:49:38,262 --> 00:49:40,806
<font color="#ffbf46">අනේ, දැන් සමාව ගත්තා ඇති.</font>

862
00:49:40,806 --> 00:49:43,316
<font color="#ffbf46">ඇත්තටම ඔයාට කියන්න තියෙන්නේ එච්චරද?</font>

863
00:49:44,226 --> 00:49:46,277
<font color="#ffbf46">මට ගොඩක් දුක හිතුණා.</font>

864
00:49:47,062 --> 00:49:49,189
<font color="#ffbf46">මට පුළුවන්කමක් තිබුණා නම්,</font>

865
00:49:49,189 --> 00:49:51,775
<font color="#ffbf46">මම හැමදාම ඔයාගේ මූණ බලනවා</font>

866
00:49:51,775 --> 00:49:54,411
<font color="#ffbf46">ඒ වගේම කලින් දෙන්න බැරි වුණු හැමදේම ඔයාට දෙනවා...</font>

867
00:49:57,573 --> 00:50:00,534
<font color="#ffbf46">ඔයාට ඕනෙම වෙලාවක වූ ජූව මාත් එක්ක තියලා යන්න පුළුවන්.</font>

868
00:50:00,534 --> 00:50:02,494
<font color="#ffbf46">කොහොම වුණත් අපි පවුලේ අයනේ.</font>

869
00:50:02,494 --> 00:50:05,755
<font color="#ffbf46">අඳුරන්නෙ නැති කෙනෙක් ළඟ තියලා යනවට වඩා
ඒක හොඳයි නේද?</font>

870
00:50:25,684 --> 00:50:28,027
<font color="#ffbf46">ඒක 2435.</font>

871
00:50:30,632 --> 00:50:32,358
<font color="#ffbf46">මොකක්?</font>

872
00:50:32,358 --> 00:50:35,410
<font color="#ffbf46">ඔයාට දොරේ පාස්වර්ඩ් එක ඕන වෙයි නේද?</font>

873
00:50:36,487 --> 00:50:40,248
<font color="#ffbf46">ඔයා කොයි වෙලාවක හරි වූ ජූව බලාගන්නවා නම්.</font>

874
00:50:44,703 --> 00:50:46,288
<font color="#ffbf46">ඔව්.</font>

875
00:50:46,288 --> 00:50:48,506
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

876
00:50:49,208 --> 00:50:51,342
<font color="#ffbf46">ඔයාට මාව ඕන වුණාම, කතා කරන්න.</font>

877
00:51:25,536 --> 00:51:27,705
<font color="#ffbf46">එයාට ඕන වුණේ</font>

878
00:51:27,705 --> 00:51:30,124
<font color="#ffbf46">අපි කවදාවත් අඳුරන්නේ නෑ වගේ ඉන්න.</font>

879
00:51:30,124 --> 00:51:32,084
<font color="#ffbf46">එයා කිව්වා හැමදේම අතෑරියට පස්සේ,</font>

880
00:51:32,084 --> 00:51:34,385
<font color="#ffbf46">එයාට ලොකු නිදහසක් දැනුණා කියලා.</font>

881
00:51:37,506 --> 00:51:38,674
<font color="#ffbf46">ඉතින්,</font>

882
00:51:38,674 --> 00:51:40,592
<font color="#ffbf46">ඔයා ඇත්තටම එයා එක්ක කවදාවත් යාලු වෙන්නේ නැද්ද?</font>

883
00:51:40,592 --> 00:51:42,845
<font color="#ffbf46">එයා ඔයා ගැන ගොඩක් වද වෙනවා.</font>

884
00:51:42,845 --> 00:51:44,221
<font color="#ffbf46">අනේ දැන්වත් ගෙදර එන්නකෝ.</font>

885
00:51:44,221 --> 00:51:45,806
<font color="#ffbf46">මට ඕනෙ නෑ.</font>

886
00:51:45,806 --> 00:51:48,392
<font color="#ffbf46">ඇත්ත කියන්න, මම ඉන්න එක ඔයාට වදයක් නේද.</font>

887
00:51:48,392 --> 00:51:51,152
<font color="#ffbf46">ඒක කිසිසේත්ම ඇත්තක් නෙවෙයි.</font>

888
00:51:52,771 --> 00:51:54,514
<font color="#ffbf46">හියුන් ජින්.</font>

889
00:51:54,514 --> 00:51:55,649
<font color="#ffbf46">මම පොඩ්ඩක්වත් දුක් වුණේ නැත්තේ ඇයි දන්නවද,</font>

890
00:51:55,649 --> 00:51:57,943
<font color="#ffbf46">හියුන් ජූ මාව ප්‍රතික්ෂේප කළත්</font>

891
00:51:57,943 --> 00:52:00,245
<font color="#ffbf46">මම ප්‍රපෝස් කරපු හැම වෙලාවෙම?</font>

892
00:52:01,572 --> 00:52:02,990
<font color="#ffbf46">ඒ ඇයි?</font>

893
00:52:02,990 --> 00:52:05,250
<font color="#ffbf46">මොකද මමත් කරන්නේ ඒ දේමයි.</font>

894
00:52:05,868 --> 00:52:07,828
<font color="#ffbf46">මම එයාගේ තැන හිටියා නම්,</font>

895
00:52:07,828 --> 00:52:10,330
<font color="#ffbf46">මටත් මුලින්ම වැදගත් වෙන්නේ මගේ නංගිව.</font>

896
00:52:10,330 --> 00:52:12,624
<font color="#ffbf46">ඒක සාමාන්‍ය දෙයක්.</font>

897
00:52:12,624 --> 00:52:14,043
<font color="#ffbf46">ඉතින්</font>

898
00:52:14,043 --> 00:52:16,128
<font color="#ffbf46">මේ පාර, ඔයා තමයි මුලින්ම</font>

899
00:52:16,128 --> 00:52:18,297
<font color="#ffbf46">ඔයාගේ අක්කට සමාවෙන්න කියන්න ඕනේ.</font>

900
00:52:18,297 --> 00:52:22,426
<font color="#ffbf46">ඔයා එයාට කිව්වා නේද ඔයා එයාට
බරක් විතරයි කියලා?</font>

901
00:52:22,426 --> 00:52:26,312
<font color="#ffbf46">ඇත්තටම, පවුලේ අයට එහෙම කියන්නේ නෑ.</font>

902
00:52:44,406 --> 00:52:46,492
<font color="#ffbf46">අනේ, දැක්ක කල්.</font>

903
00:52:46,492 --> 00:52:47,576
<font color="#ffbf46">මෙන්න, අයිස්ක්‍රීම් ටිකක් කන්න.</font>

904
00:52:47,576 --> 00:52:48,786
<font color="#ffbf46">ඒකට කමක් නෑ.</font>

905
00:52:48,786 --> 00:52:50,329
<font color="#ffbf46">ඔයා වැඩ නේද?
ඔව්.</font>

906
00:52:50,329 --> 00:52:52,122
<font color="#ffbf46">ඒක නෙවෙයි, හොරා</font>

907
00:52:52,122 --> 00:52:53,582
<font color="#ffbf46">පහුගිය දවස්වල අපේ විලා එකට පැනපු,</font>

908
00:52:53,582 --> 00:52:54,666
<font color="#ffbf46">එයාට මොකද වුණේ?</font>

909
00:52:54,666 --> 00:52:57,570
<font color="#ffbf46">මිනිහා බ්ලොක් එකේ හැම ගෙයක්ම සුද්ද කරලා තිබුණා,</font>

910
00:52:57,570 --> 00:52:58,796
<font color="#ffbf46">ඒක නම් මාරම වැඩක්.</font>

911
00:52:58,796 --> 00:53:01,215
<font color="#ffbf46">ඒ මීයාව මතක් වෙද්දිත්
මට තාම කේන්ති යනවා.</font>

912
00:53:01,215 --> 00:53:04,093
<font color="#ffbf46">එයාගේ නඩුව දැනටමත් රජයේ නීතිඥයාට යවලා තියෙන්නේ.</font>

913
00:53:04,093 --> 00:53:04,802
<font color="#ffbf46">එහෙමද?</font>

914
00:53:04,802 --> 00:53:05,803
<font color="#ffbf46">අපි එයාගේ තැන පරීක්ෂා කළා</font>

915
00:53:05,803 --> 00:53:08,164
<font color="#ffbf46">එයා සොරකම් කරපු බඩු
ගොඩක් එකතු කරලා තිබුණා.</font>

916
00:53:08,164 --> 00:53:09,973
<font color="#ffbf46">ඒත් පුදුම වැඩේ කියන්නේ,</font>

917
00:53:09,973 --> 00:53:12,226
<font color="#ffbf46">එයා යූසොං විලා එකේ 206 වෙනි ගෙදරට ගියා කියන එක
සහමුලින්ම ප්‍රතික්ෂේප කළා,</font>

918
00:53:12,226 --> 00:53:13,560
<font color="#ffbf46">අන්තිම වෙනකම්ම ඒක පිළිගත්තේ නෑ.</font>

919
00:53:13,560 --> 00:53:15,312
<font color="#ffbf46">ඒක නම් විශ්වාස කරන්න අමාරුයි.</font>

920
00:53:15,312 --> 00:53:16,730
<font color="#ffbf46">ඒගොල්ලෝ කිව්වා දොරත් ඇරලලු තිබුණේ.</font>

921
00:53:16,730 --> 00:53:17,815
<font color="#ffbf46">ඔව්, ඒක තමයි මාත් කියන්නේ.</font>

922
00:53:17,815 --> 00:53:18,857
<font color="#ffbf46">පැහැදිලි සාක්ෂි තිබිලත්,</font>

923
00:53:18,857 --> 00:53:21,652
<font color="#ffbf46">එයා දිගටම කිව්වේ 206 ට ගියේ නෑ කියලයි.</font>

924
00:53:21,652 --> 00:53:24,279
<font color="#ffbf46">එයා 206 ට පනින්න
ප්ලෑන් කළා කියලා පිළිගත්තා,</font>

925
00:53:24,279 --> 00:53:26,698
<font color="#ffbf46">ඒත් එයා ඒක කළේ නෑ කියලයි කිව්වේ.</font>

926
00:53:26,698 --> 00:53:28,784
<font color="#ffbf46">එයා කියන්නේ 206 නෙවෙයි කියලද?</font>

927
00:53:28,784 --> 00:53:31,161
<font color="#ffbf46">ඒගොල්ලෝ කිව්වේ මගේ සාක්ෂිය උදව් වුණා කියලයි.</font>

928
00:53:31,161 --> 00:53:34,957
<font color="#ffbf46">කවුරුහරි ඒ දොර ළඟ කැරකෙනවා
මම දැක්කා,</font>

929
00:53:34,957 --> 00:53:36,917
<font color="#ffbf46">ඒක මට සැක හිතුණා,</font>

930
00:53:36,917 --> 00:53:39,302
<font color="#ffbf46">ඒ නිසා මම එයාගේ පෙනුම මතක තියාගත්තා.</font>

931
00:53:41,197 --> 00:53:42,756
<font color="#ffbf46">අපි පස්සේ හම්බවෙමු.</font>

932
00:53:42,756 --> 00:53:44,641
<font color="#ffbf46">හරි, පරිස්සමින්.</font>

933
00:53:47,203 --> 00:53:50,172
<font color="#ffbf46"></font>

934
00:53:57,839 --> 00:54:00,607
<font color="#ffbf46">මෙන්න ඔයාගේ අලුතින් නිකුත් කරපු රක්ෂණ සහතිකය.</font>

935
00:54:00,607 --> 00:54:03,318
<font color="#ffbf46">කරුණාකරලා මේක පොඩ්ඩක් බලන්න පුළුවන්ද?</font>

936
00:54:03,318 --> 00:54:04,994
<font color="#ffbf46">හරි.</font>

937
00:54:08,000 --> 00:54:10,367
<font color="#ffbf46"></font>

938
00:54:10,367 --> 00:54:13,203
<font color="#ffbf46">මගේ අක්කා ලියකියවිලි ලෑස්ති කරලා තියෙනවා
මම දැක්කා,</font>

939
00:54:13,203 --> 00:54:15,755
<font color="#ffbf46">ඒත් ඒවා කොහෙවත් හොයාගන්න තිබුණේ නෑ.</font>

940
00:54:16,409 --> 00:54:18,985
<font color="#ffbf46">එතකොට දැන් ඕන කරන හැම ලියවිල්ලක්ම
දීලා තියෙන්නේ, හරි නේද?</font>

941
00:54:18,985 --> 00:54:20,002
<font color="#ffbf46">ඔව්.</font>

942
00:54:20,002 --> 00:54:22,296
<font color="#ffbf46">ඔයාගේ පෞද්ගලික මුද්‍රාව
කලින්ම ලෑස්ති කරලා තියාගන්න,</font>

943
00:54:22,296 --> 00:54:23,797
<font color="#ffbf46">ඉතුරු වැඩ ටික ඉවර වුණාම,</font>

944
00:54:23,797 --> 00:54:25,549
<font color="#ffbf46">මම ඉක්මනින්ම ඔයාට කතා කරන්නම්.</font>

945
00:54:25,549 --> 00:54:27,551
<font color="#ffbf46">ආහ්, ඔයාට පුළුවන් වුණාද</font>

946
00:54:27,551 --> 00:54:29,678
<font color="#ffbf46">අනිත් භාරකාරයාට හැමදේම පැහැදිලි කරලා දෙන්න?</font>

947
00:54:29,678 --> 00:54:33,398
<font color="#ffbf46">පහුගිය වතාවේ ඉඳන් එයාට
ප්‍රශ්න ගොඩක් තියෙනවා වගේ පෙණුනා.</font>

948
00:54:34,016 --> 00:54:36,150
<font color="#ffbf46">අනිත් භාරකාරයා?</font>

949
00:54:40,063 --> 00:54:42,441
<font color="#ffbf46">මම මේක කලිනුත් කිව්වා,</font>

950
00:54:42,441 --> 00:54:43,859
<font color="#ffbf46">ඒත් ඒ භාරකාරයා</font>

951
00:54:43,859 --> 00:54:46,153
<font color="#ffbf46">දිගටම කෝල් කරලා</font>

952
00:54:46,153 --> 00:54:48,238
<font color="#ffbf46">මුදල් ගෙවීම් ගැනයි සුදුසුකම් ගැනයි ඇහුවා,</font>

953
00:54:48,238 --> 00:54:51,408
<font color="#ffbf46">ඒ නිසා අපි ගිහින් එයාව පෞද්ගලිකව හම්බවුණා.</font>

954
00:54:51,408 --> 00:54:53,243
<font color="#ffbf46">එයා නමක් කිව්වේ නෑ,</font>

955
00:54:53,243 --> 00:54:55,329
<font color="#ffbf46">භාරකාරයෙක් කියලා විතරයි හඳුන්වලා දුන්නේ.</font>

956
00:54:55,329 --> 00:54:59,458
<font color="#ffbf46">පිරිමි කෙනෙක්, මැදි වයසේ කෙනෙක් වගේ පෙණුනේ.</font>

957
00:54:59,458 --> 00:55:01,084
<font color="#ffbf46">හේයි, වූ හියුන් ජින්,</font>

958
00:55:01,084 --> 00:55:03,177
<font color="#ffbf46">මොනවද කල්පනා කරන්නේ?</font>

959
00:55:15,291 --> 00:55:16,308
<font color="#ffbf46">හියුන් ජින්.</font>

960
00:55:16,308 --> 00:55:18,727
<font color="#ffbf46">ආහ්, හලෝ.</font>

961
00:55:18,727 --> 00:55:20,771
<font color="#ffbf46">ඔයා කොහොමද වූ ජූව එක්කන් එන්න ගියේ?</font>

962
00:55:20,771 --> 00:55:22,564
<font color="#ffbf46">අල්ලපු ගෙදර ඇන්ටිගේ කොන්දේ අමාරුවක් ආවා,</font>

963
00:55:22,564 --> 00:55:24,782
<font color="#ffbf46">ඒ නිසා මම ගිහින් වූ ජූව ඩේකෙයා එකෙන් එක්කන් ආවා.</font>

964
00:55:25,776 --> 00:55:27,903
<font color="#ffbf46">අනේ, ලොකු උදව්වක්.</font>

965
00:55:27,903 --> 00:55:30,489
<font color="#ffbf46">අනේ, ඒක සුළු දෙයක්නේ.</font>

966
00:55:30,489 --> 00:55:34,409
<font color="#ffbf46">මට වතුර එකක් දෙන්න පුළුවන්ද?</font>

967
00:55:34,409 --> 00:55:35,994
<font color="#ffbf46">ආහ්, ඔව් අනිවාර්යයෙන්ම.</font>

968
00:55:35,994 --> 00:55:37,712
<font color="#ffbf46">ඇතුළට එන්න.</font>

969
00:55:43,919 --> 00:55:47,005
<font color="#ffbf46">ඇයි අර කාමරේ දිහා බලන් ඉන්නේ?</font>

970
00:55:47,005 --> 00:55:49,424
<font color="#ffbf46">මේ කාමරේ කවුරුත් පාවිච්චි කරන්නේ නැද්ද?</font>

971
00:55:49,424 --> 00:55:52,302
<font color="#ffbf46">නෑ, එහෙම නෑ.</font>

972
00:55:52,302 --> 00:55:54,346
<font color="#ffbf46">භාරකාරයෙක් කියලා විතරයි හඳුන්වලා දුන්නේ.</font>

973
00:55:54,346 --> 00:55:58,066
<font color="#ffbf46">පිරිමි කෙනෙක්, මැදි වයසේ කෙනෙක් වගේ පෙණුනේ.</font>

974
00:55:59,017 --> 00:56:02,111
<font color="#ffbf46">ඔයා දන්නවද...</font>

975
00:56:07,901 --> 00:56:10,054
<font color="#ffbf46">මම ආවා.</font>

976
00:56:10,054 --> 00:56:13,532
<font color="#ffbf46">ආහ්, ඔයා වැඩ ඉවර වෙලාද ආවේ?</font>

977
00:56:13,532 --> 00:56:15,708
<font color="#ffbf46">ඔව්.</font>

978
00:56:17,536 --> 00:56:19,288
<font color="#ffbf46">හියුන් ජින්,</font>

979
00:56:19,288 --> 00:56:21,297
<font color="#ffbf46">ඔයා මොකක්ද කියන්න ගියේ?</font>

980
00:56:26,362 --> 00:56:29,118
<font color="#ffbf46">මෙන්න ඔයාගේ වතුර එක.</font>

981
00:56:35,413 --> 00:56:38,098
<font color="#ffbf46"></font>

982
00:56:38,098 --> 00:56:40,309
<font color="#ffbf46">අනේ,</font>

983
00:56:40,309 --> 00:56:42,936
<font color="#ffbf46">තව ටිකක් ඉවසන්නකෝ.</font>

984
00:56:42,936 --> 00:56:45,071
<font color="#ffbf46">මම මේ පාර නම් ඇත්තමයි කියන්නේ.</font>

985
00:56:50,027 --> 00:56:51,953
<font color="#ffbf46">මගුල.</font>

986
00:56:53,973 --> 00:56:56,812
<font color="#ffbf46">සල්ලි ගැන මට හොඳ ආරංචියක් තියෙනවා.</font>

987
00:56:57,409 --> 00:56:59,669
<font color="#ffbf46">ඔව්, අර මම කලින් කියපු වැඩේ.</font>

988
00:57:00,454 --> 00:57:03,840
<font color="#ffbf46">බලන්න, මට වද දෙන්නැතුව ටිකක් ඉවසලා ඉන්නකෝ.</font>

989
00:57:07,073 --> 00:57:09,071
<font color="#ffbf46">බස් එක තව විනාඩි 15 කින් යනවා.
අපි යන්න ඕනේ.</font>

990
00:57:09,071 --> 00:57:10,380
<font color="#ffbf46">හරි, යමු.</font>

991
00:57:10,380 --> 00:57:12,306
<font color="#ffbf46">ආහ්, පොඩ්ඩක් ඉන්න.</font>

992
00:57:19,431 --> 00:57:20,557
<font color="#ffbf46">ඇවිල්ලා. නගිමු.</font>

993
00:57:22,059 --> 00:57:23,477
<font color="#ffbf46">ආහ් ඔව්, ලිප!</font>

994
00:57:23,477 --> 00:57:25,437
<font color="#ffbf46">මම හිතන්නේ නෑ මම ලිප ඕෆ් කළා කියලා.</font>

995
00:57:25,437 --> 00:57:26,980
<font color="#ffbf46">ඔයා ඒක කලින් ඕෆ් කළා නේද?</font>

996
00:57:26,980 --> 00:57:29,649
<font color="#ffbf46">මට මතක නෑ...</font>

997
00:57:29,649 --> 00:57:32,152
<font color="#ffbf46">ඔයා යන්න. මම ඕෆ් කරලා පස්සෙන් එන්නම්.</font>

998
00:57:32,152 --> 00:57:33,779
<font color="#ffbf46">හියුන් ජින්.</font>

999
00:57:33,779 --> 00:57:35,947
<font color="#ffbf46">හේයි.</font>

1000
00:57:35,947 --> 00:57:37,874
<font color="#ffbf46">ඔයා නගින්නේ නැද්ද?</font>

1001
00:58:27,024 --> 00:58:29,614
<font color="#ffbf46">මේක කොහෙද මන්දා තියෙන්නේ?</font>

1002
00:58:49,729 --> 00:58:51,906
<font color="#ffbf46">ආහ්, හම්බවුණා.</font>

1003
00:58:59,197 --> 00:59:01,249
<font color="#ffbf46">මටත් අමතක වෙන හැටි.</font>

1004
00:59:06,496 --> 00:59:09,298
<font color="#ffbf46">ඇති යාන්තම්, ඒක කලින්ම ඕෆ් කරලා තිබුණේ.</font>

1005
00:59:17,424 --> 00:59:19,183
<font color="#ffbf46">මොකක්ද ඒ සද්දේ?</font>

1006
00:59:19,968 --> 00:59:21,394
<font color="#ffbf46">මොකක්?</font>

1007
01:00:37,196 --> 01:00:38,239
<font color="#ffbf46">ඔයාට පිස්සුද?</font>

1008
01:00:38,239 --> 01:00:39,584
<font color="#ffbf46">ඔයා හියුන් ජින්ව අනතුරේ දැම්මේ</font>

1009
01:00:39,584 --> 01:00:41,375
<font color="#ffbf46">මේ කීවෙනි වතාවටද?</font>

1010
01:00:41,375 --> 01:00:42,959
<font color="#ffbf46">ඒත් අපි පවුලේ අයනේ.</font>

1011
01:00:42,959 --> 01:00:45,459
<font color="#ffbf46">පවුලේ අය? ඒකෙන් අපිට
ඇති වැඩේ මොකක්ද?</font>

1012
01:00:45,459 --> 01:00:48,207
<font color="#ffbf46">ඔයා දන්නවනේ, ඔයා ළමයි එක්ක ඉන්න හරි දක්ෂයි.</font>

1013
01:00:48,207 --> 01:00:51,961
<font color="#ffbf46">ඔයාටයි වූ ජූටයි හැමදාම
විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වෙන්න මට පුළුවන්.</font>

1014
01:00:51,961 --> 01:00:53,959
<font color="#ffbf46">අර දෙන්නා හැසිරෙන විදිහ පොඩ්ඩක් බලන්නකෝ.</font>

1015
01:00:53,959 --> 01:00:55,714
<font color="#ffbf46">ඒ දෙන්නා අනිවාර්යයෙන්ම කපල් එකක්, මාව විශ්වාස කරන්න.</font>

1016
01:00:55,714 --> 01:00:58,092
<font color="#ffbf46">සුන් තේ හියුන්, අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?</font>

1017
01:00:58,092 --> 01:00:59,927
<font color="#ffbf46">ඔයාට ඔහොම යන්න බෑනේ...</font>

1018
01:00:59,927 --> 01:01:01,470
<font color="#ffbf46">ඒත් ඇත්තටම, ඔයා මේකට කැමතිද?</font>

1019
01:01:01,470 --> 01:01:03,813
<font color="#ffbf46">ඔයා එයාට කැමතියි, නේද?</font>

1020
01:01:05,957 --> 01:01:07,957
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

