1
00:01:14,633 --> 00:01:16,633
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:16,657 --> 00:01:18,657


3
00:01:18,681 --> 00:01:19,681
<font color="#ffbf46">මගේ දුව...</font>

4
00:01:21,781 --> 00:01:23,451
<font color="#ffbf46">කරුණාකරලා මගේ දුවව, මින් සෝව බේරගන්න.</font>

5
00:01:30,521 --> 00:01:31,561
<font color="#ffbf46">මම...</font>

6
00:01:35,431 --> 00:01:36,531
<font color="#ffbf46">මම ඔයාට පිංසෙන්ඩු වෙන්නම්.</font>

7
00:01:38,631 --> 00:01:40,571
<font color="#ffbf46">හේයි, ඔයා මොකද මේ කරන්නේ, උපදේශකතුමා?</font>

8
00:01:50,511 --> 00:01:52,881
<font color="#ffbf46">මම එයාව බේරගන්නම්, උපදේශකතුමා.</font>

9
00:01:55,721 --> 00:01:57,051
<font color="#ffbf46">හැබැයි ඒ වෙනුවට මට උදව්වක් ඕනේ.</font>

10
00:01:58,781 --> 00:02:00,751
<font color="#ffbf46">මොකක්? මහාචාර්ය හන්?</font>

11
00:02:01,351 --> 00:02:02,361
<font color="#ffbf46">ඔව්.</font>

12
00:02:03,791 --> 00:02:06,731
<font color="#ffbf46">එක්කෝ එයා මැරිලා නැත්නම් එයාව ප්‍රාණ
ඇපයට අරන්. මේ දෙකෙන් එකක් වෙන්නම ඕනේ.</font>

13
00:02:07,491 --> 00:02:09,561
<font color="#ffbf46">මම අද දවල් දෙකට එයාව හම්බවෙන්න හිටියේ,</font>

14
00:02:10,631 --> 00:02:11,631
<font color="#ffbf46">ඒත් එයා ආවේ නැහැ.</font>

15
00:02:12,501 --> 00:02:13,501
<font color="#ffbf46">ඇයි ඒ?</font>

16
00:02:13,901 --> 00:02:15,901
<font color="#ffbf46">මහාචාර්ය හන් කිව්වා එයා මට උදව් කරනවා කියලා.</font>

17
00:02:17,041 --> 00:02:18,301
<font color="#ffbf46">මාව මෙතනින් එළියට ගන්න.</font>

18
00:02:20,971 --> 00:02:22,041
<font color="#ffbf46">මෙතනින් එළියට ගන්න?</font>

19
00:02:25,241 --> 00:02:26,951
<font color="#ffbf46">අපිට තව විනාඩි තුනයි තියෙන්නේ.</font>

20
00:02:27,711 --> 00:02:29,181
<font color="#ffbf46">දැන් ඉඳන් මම කියන විදිහටම ඔයා වැඩ කරන්න ඕනේ.</font>

21
00:02:30,721 --> 00:02:34,691
<font color="#ffbf46">මම ඔයාට පොරොන්දු වෙනවා, මින්
සෝට ප්‍රතිකාර කරන එක මම බලාගන්නම්.</font>

22
00:02:36,621 --> 00:02:38,521
<font color="#ffbf46">මහාචාර්ය හන් වෙනුවට,</font>

23
00:02:39,161 --> 00:02:41,161
<font color="#ffbf46">මාව මෙතනින් එළියට ගන්න ඔයා මට උදව් කරන්න ඕනේ.</font>

24
00:02:42,431 --> 00:02:46,330
<font color="#ffbf46">නඩු විභාගයේදී වගේම ඔයා ආයෙත් මාව විශ්වාස කරන්න ඕනේ.</font>

25
00:02:46,331 --> 00:02:48,501
<font color="#ffbf46">(ද මෝබියස් ස්ට්‍රිප්)</font>

26
00:02:49,271 --> 00:02:51,271
<font color="#ffbf46">(කාලීන සිදුවීම් විමර්ශනය)</font>

27
00:02:56,581 --> 00:02:58,341
<font color="#ffbf46">මින් ග්යොං, අපි චිකන් ටිකක් කමු.</font>

28
00:02:58,711 --> 00:03:02,111
<font color="#ffbf46">වාර්තාකරු ජෝ, ඇවිත් මේක බලන්න.
ඒක හදිසි නැත්නම්, අපි මුලින්ම කාලා ඉමු.</font>

29
00:03:02,351 --> 00:03:03,621
<font color="#ffbf46">මම මේ කියන්නේ. දැන්ම මෙහෙට එන්න!</font>

30
00:03:03,921 --> 00:03:06,921
<font color="#ffbf46">ලී ග්යු හ්යොංව දන්න මිනිස්සු හොයන්න මම දවසම ගත කළා...</font>

31
00:03:06,991 --> 00:03:09,291
<font color="#ffbf46">ඊටපස්සේ කෙලින්ම ගුවාම් පොලිසියට ගියා. මම මුකුත් කාලා නැහැ.</font>

32
00:03:10,461 --> 00:03:12,991
<font color="#ffbf46">මොකක්ද? මොකක්ද මේ? චේඋම්?</font>

33
00:03:14,691 --> 00:03:16,931
<font color="#ffbf46">මොනවා හරි කියන්නකෝ.
පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න.</font>

34
00:03:17,401 --> 00:03:20,071
<font color="#ffbf46">ඇයි?
මට තේරුණා. ඒ හැඟීම.</font>

35
00:03:21,671 --> 00:03:23,871
<font color="#ffbf46">මට සුවිශේෂී පුවතක ඉවක් දැනෙනවා.</font>

36
00:03:25,341 --> 00:03:29,081
<font color="#ffbf46">චේඋම් එකෙන් මන්ත්‍රී බෙක්ට මොනවා හරි දේශපාලන
අරමුදල් ගිහින් තියෙනවද කියලා හොයලා බලන්න.</font>

37
00:03:30,011 --> 00:03:34,351
<font color="#ffbf46">මම මහාචාර්ය චේ ජොං හුන්ගේ පුතා වෙන සභාපති චේ ජොං සූ පස්සේ යනවා.</font>

38
00:03:35,281 --> 00:03:36,921
<font color="#ffbf46">දැන් කාලය හරි එයාව හොඳට පරීක්ෂා කරලා බලන්න.</font>

39
00:03:42,221 --> 00:03:43,561
<font color="#ffbf46">ඔයාට නම් මාර හයියක් තියෙන්නේ.</font>

40
00:03:44,661 --> 00:03:47,961
<font color="#ffbf46">ඔයා ලී වූ ග්යොම්ව හම්බවෙලා මොනවද කරමින් හිටියේ?</font>

41
00:03:48,891 --> 00:03:49,901
<font color="#ffbf46">වූ ග්යොම්ට යන්න දෙන්න.</font>

42
00:03:51,331 --> 00:03:52,871
<font color="#ffbf46">ඔයා ඒක සටහන් වල දකින්න ඇති.</font>

43
00:03:53,601 --> 00:03:55,371
<font color="#ffbf46">අපිට බෙහෙත හදන්න ඕනේ නම්,</font>

44
00:03:55,771 --> 00:03:57,871
<font color="#ffbf46">අපි වහාම එයාගේ ප්‍රතිකාර නවත්වන්න ඕනේ.</font>

45
00:03:59,041 --> 00:04:01,371
<font color="#ffbf46">ඔයා මේ වගේ දිගටම එයාව පාවිච්චි කළොත්,</font>

46
00:04:02,011 --> 00:04:05,341
<font color="#ffbf46">ඔයාගේ තාත්තයි මමයි කරපු පරීක්ෂණ ඔක්කොම වතුරේ යාවි.</font>

47
00:04:06,181 --> 00:04:07,551
<font color="#ffbf46">එයාට තව කොච්චර දරාගන්න පුළුවන් වෙයිද?</font>

48
00:04:08,381 --> 00:04:09,651
<font color="#ffbf46">මම අදහස් කළේ, එයාගේ ඇඟට.</font>

49
00:04:10,581 --> 00:04:12,151
<font color="#ffbf46">එයාගේම ගණනය කිරීම් වලට අනුව,</font>

50
00:04:12,691 --> 00:04:13,890
<font color="#ffbf46">මිනිස්සු දහදෙනෙක්ට.</font>

51
00:04:13,891 --> 00:04:15,921
<font color="#ffbf46">නැහැ. දහදෙනෙක්ට කරන එකත් ලොකු අවදානමක්.</font>

52
00:04:16,721 --> 00:04:18,421
<font color="#ffbf46">මම හරියටම විස්තර දන්නේ නැහැ,</font>

53
00:04:18,621 --> 00:04:22,901
<font color="#ffbf46">හැබැයි එයාලා ලේ ගන්න ගන්න එයාගේ ඇඟ වෙනස් වෙනවා, සභාපති චේ!</font>

54
00:04:24,031 --> 00:04:25,901
<font color="#ffbf46">අපි වහාම එයාව මේකෙන් අයින් කරන්න ඕනේ.</font>

55
00:04:26,631 --> 00:04:29,801
<font color="#ffbf46">අපේ ජීවිත කාලෙටම එයා වගේ තවත් පරීක්ෂණියකු හොයාගන්න බැරි වෙයි,</font>

56
00:04:29,901 --> 00:04:31,301
<font color="#ffbf46">ඒ වගේම තවත් කෙනෙක් කවදාවත් බිහි වෙන එකක් නැහැ.</font>

57
00:04:31,901 --> 00:04:34,841
<font color="#ffbf46">මම ඔයාට උදව් කරන්නම්. ඔයාට ඔච්චර ඕන
වෙලා තියෙන බෙහෙත විශාල වශයෙන් නිපදවන්න.</font>

58
00:04:38,041 --> 00:04:42,311
<font color="#ffbf46">එයාගේ තත්වය වෙනස් වෙන්න කලින් ඇයි
අපි එයාගේ ලේ ඔක්කොම ගන්නේ නැත්තේ?</font>

59
00:04:43,451 --> 00:04:45,651
<font color="#ffbf46">මොකක්? අපි එහෙම කළොත්...</font>

60
00:04:45,991 --> 00:04:48,491
<font color="#ffbf46">මට කියන්න එපා ඔයා ඇත්තටම ලී වූ ග්යොම් ගැන වද වෙනවා කියලා.</font>

61
00:04:48,991 --> 00:04:50,021
<font color="#ffbf46">නැහැ. ඒක නෙවෙයි.</font>

62
00:04:50,621 --> 00:04:54,331
<font color="#ffbf46">එහෙනම් මේ ඔයාගේ ජීවිත කාලෙම කරපු දේ ගැන තියෙන උමතුවද?</font>

63
00:04:57,431 --> 00:04:58,431
<font color="#ffbf46">කාරණේ මොකක් වුණත්,</font>

64
00:04:59,301 --> 00:05:02,701
<font color="#ffbf46">ඔයා නම් පුදුම කෙනෙක්, මහාචාර්යතුමා.</font>

65
00:05:04,041 --> 00:05:08,141
<font color="#ffbf46">ඔයා අවුරුදු ගාණක් තිස්සේ චේඋම්
එකට කරපු මහන්සිය සහ කැපවීම...</font>

66
00:05:09,281 --> 00:05:10,581
<font color="#ffbf46">මම කවදාවත් අමතක කරන්නේ නැහැ.</font>

67
00:05:12,811 --> 00:05:14,181
<font color="#ffbf46">මගේ තාත්තාව මතක් කළා කියන්න.</font>

68
00:05:28,131 --> 00:05:29,131
<font color="#ffbf46">අධ්‍යක්ෂක ආන්.</font>

69
00:05:29,831 --> 00:05:32,801
<font color="#ffbf46">දැන් මේ තත්වෙට ඇවිත් තියෙන නිසා, මේක හොඳට සැලසුම් කරන්න.</font>

70
00:05:33,131 --> 00:05:35,671
<font color="#ffbf46">මේවා ඔයාට සාමාන්‍ය දේවල්නේ, නේද?</font>

71
00:05:36,641 --> 00:05:38,741
<font color="#ffbf46">ඔව්, සභාපතිතුමා. මම ඒක රහසින්ම බලාගන්නම්.</font>

72
00:05:39,441 --> 00:05:40,441
<font color="#ffbf46">හොඳයි.</font>

73
00:05:46,151 --> 00:05:47,511
<font color="#ffbf46">හේයි, මේක මෙතනින් අයින් කරන්න. දැන්ම.</font>

74
00:06:02,131 --> 00:06:03,461
<font color="#ffbf46">සාදරයෙන් පිළිගන්නවා, ඔබතුමා.</font>

75
00:06:03,961 --> 00:06:05,201
<font color="#ffbf46">"ඔබතුමා?" විකාර කියවන්න එපා.</font>

76
00:06:05,801 --> 00:06:06,801
<font color="#ffbf46">වාඩි වෙන්න.</font>

77
00:06:11,171 --> 00:06:14,841
<font color="#ffbf46">දකුණු කොරියාවේ සහායකයෙකුට හොඳ පඩියක් ගෙවනවා ඇති.</font>

78
00:06:15,041 --> 00:06:16,241
<font color="#ffbf46">හොඳයි? කොහෙත්ම නැහැ.</font>

79
00:06:16,881 --> 00:06:20,081
<font color="#ffbf46">මගේ පුතා මධ්‍යම විද්‍යාලය පටන් ගත්තාම, වියදම් සැරයි.</font>

80
00:06:20,151 --> 00:06:23,251
<font color="#ffbf46">අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක්ට, මේක නම්
ගොඩක් ලොකු කෑමක්, ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

81
00:06:23,951 --> 00:06:25,481
<font color="#ffbf46">මන්ත්‍රී බෙක්ද මේක ලෑස්ති කළේ?</font>

82
00:06:27,121 --> 00:06:28,520
<font color="#ffbf46">එහෙමත් නැත්නම් මේක...</font>

83
00:06:28,521 --> 00:06:32,421
<font color="#ffbf46">"බළලුන් නැති තැන මීයන් නටනවා" වගේ වැඩක්ද?</font>

84
00:06:34,391 --> 00:06:37,001
<font color="#ffbf46">හරිම කෙලින් වගේම සාධාරණයි. ඔයා නම් ටිකක්වත් වෙනස් වෙලා නැහැ.</font>

85
00:06:37,801 --> 00:06:39,031
<font color="#ffbf46">මේවා අලුතෙන්ම අල්ලපුවා.</font>

86
00:06:39,431 --> 00:06:44,271
<font color="#ffbf46">කරුණාකරලා කෑම ටිකක් කාලා මොනවා හරි බොමු.
අපි මේ බොරු විහිළු නවත්තමු.</font>

87
00:06:44,641 --> 00:06:45,841
<font color="#ffbf46">කෙලින්ම කාරණාවට එන්න.</font>

88
00:06:49,981 --> 00:06:50,981
<font color="#ffbf46">හොඳයි.</font>

89
00:06:53,111 --> 00:06:55,581
<font color="#ffbf46">රජයේ නීතිඥතුමා, ඇයි ඔයා මේ ලී වූ
ග්යොම්ගේ නඩුව ගැන මෙච්චර වද වෙන්නේ?</font>

90
00:06:58,821 --> 00:07:00,751
<font color="#ffbf46">මම ඔයාගෙන් අහන්න ඕනෙත් ඒකමයි, ප්‍රධානී ප්යෝ.</font>

91
00:07:01,621 --> 00:07:04,261
<font color="#ffbf46">ඇයි ඔයා මගේ නඩුව ගැන මෙච්චර වද වෙන්නේ?</font>

92
00:07:05,721 --> 00:07:10,331
<font color="#ffbf46">නඩුව දැනටමත් ඉවරයි, ඒ නිසා ඒක දැන් ඔයාගේ නඩුවක් නෙවෙයි නේද?</font>

93
00:07:11,661 --> 00:07:13,031
<font color="#ffbf46">අපි වචන සෙල්ලම් කරන එක නවත්තමු.</font>

94
00:07:14,131 --> 00:07:15,801
<font color="#ffbf46">ඒ වගේම අපි දෙන්නා ඇත්ත කතා කරමු.</font>

95
00:07:17,371 --> 00:07:19,541
<font color="#ffbf46">පහුගිය දවසක ඔයා මගේ කාර්යාලයට ආපු වෙලාවේ...</font>

96
00:07:20,171 --> 00:07:21,740
<font color="#ffbf46">ඇයි ඔයා අර තොරතුරු පිට කළේ...</font>

97
00:07:21,741 --> 00:07:23,741
<font color="#ffbf46">මහාචාර්ය හන් ලී වූ ග්යොම්ට කරපු පරීක්ෂණ ගැන?</font>

98
00:07:24,611 --> 00:07:26,751
<font color="#ffbf46">ලී වූ ග්යොම් කෝමා තත්වයේ ඉඳිද්දී...</font>

99
00:07:26,911 --> 00:07:31,651
<font color="#ffbf46">මහාචාර්ය හන් එයාව පරීක්ෂණියෙක් විදිහට
පාවිච්චි කළා කියලා ඔයා දැනගෙන හිටියද?</font>

100
00:07:31,921 --> 00:07:33,151
<font color="#ffbf46">ඔයාට ඒ තොරතුරු කොහෙන්ද ලැබුණේ?</font>

101
00:07:33,421 --> 00:07:37,361
<font color="#ffbf46">ඒක කොහෙන් ආවාද කියන එක වැදගත්
නැහැ. වැදගත් වෙන්නේ ඔයා දැනගන්න කලින්,</font>

102
00:07:37,691 --> 00:07:42,901
<font color="#ffbf46">කවුරුහරි දැනටමත් ලී වූ ග්යොම් ගැන
දේවල් බලාගෙන තියෙනවා කියන එකයි.</font>

103
00:07:48,931 --> 00:07:50,001
<font color="#ffbf46">ඇත්තටම ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.</font>

104
00:07:51,301 --> 00:07:52,711
<font color="#ffbf46">මිනිහෙක්ට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න එපැයි.</font>

105
00:07:53,811 --> 00:07:55,541
<font color="#ffbf46">බළලුන් නැති තැන මීයන් නටන්න ඕනෙනේ, ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

106
00:08:02,621 --> 00:08:03,881
<font color="#ffbf46">එතකොට, ඔයා කියන්නේ...</font>

107
00:08:04,651 --> 00:08:07,721
<font color="#ffbf46">ඔයාට මන්ත්‍රී බෙක්ව විනාශ කරන්න
ඕනේ, ඒකට මාව පාවිච්චි කරන්නද හදන්නේ?</font>

108
00:08:08,591 --> 00:08:09,791
<font color="#ffbf46">"මාව පාවිච්චි කරන්න?"</font>

109
00:08:10,591 --> 00:08:13,291
<font color="#ffbf46">මම ඔයාට පැහැදිලිවම කිව්වා වැඩිය හොයන්න යන්න එපා කියලා.</font>

110
00:08:13,861 --> 00:08:16,601
<font color="#ffbf46">නවත්තන්නේ නැතුව හිටියේ ඔයානේ.
මන්ත්‍රී බෙක්...</font>

111
00:08:17,301 --> 00:08:20,001
<font color="#ffbf46">මහාචාර්ය හන්ගේ නීතිවිරෝධී වෛද්‍ය
කටයුතු වලට එයා කොච්චර සම්බන්ධද?</font>

112
00:08:20,471 --> 00:08:21,471
<font color="#ffbf46">අපි ඒ ගැන කතා කරන්න කලින්,</font>

113
00:08:21,901 --> 00:08:24,671
<font color="#ffbf46">මගේ ආරක්ෂාව සහතික කරනවා කියන
ඔයාගේ පොරොන්දුව ඉස්සර වෙන්න ඕනේ නේද?</font>

114
00:08:40,051 --> 00:08:41,051
<font color="#ffbf46">හරි, කමක් නැහැ...</font>

115
00:08:41,551 --> 00:08:42,961
<font color="#ffbf46">මම අහගෙන ඉන්නම්කෝ...</font>

116
00:08:43,521 --> 00:08:44,591
<font color="#ffbf46">ඔයා මාව පාවිච්චි කරන්න හදන්නේ කොහොමද කියලා.</font>

117
00:08:46,561 --> 00:08:48,891
<font color="#ffbf46">ඒක ගොඩක් දිග කතාවක්.</font>

118
00:08:49,331 --> 00:08:51,731
<font color="#ffbf46">රජයේ නීතිඥතුමා, ඔයා මුල ඉඳන්ම
මේක දිහා වැරදි විදිහටයි බලලා තියෙන්නේ.</font>

119
00:08:52,131 --> 00:08:53,131
<font color="#ffbf46">ඔයා මොකක්ද අදහස් කරන්නේ?</font>

120
00:08:53,831 --> 00:08:56,201
<font color="#ffbf46">මේ හැමදෙයක්ම පටන් ගත්තේ ලී වූ ග්යොම්ගෙන් නෙවෙයි.</font>

121
00:08:57,671 --> 00:08:58,671
<font color="#ffbf46">මොකක්?</font>

122
00:08:59,171 --> 00:09:01,771
<font color="#ffbf46">සභාපති චේ ජොං සූගේ තාත්තා, මහාචාර්ය චේ ජොං හුන්.</font>

123
00:09:02,571 --> 00:09:04,581
<font color="#ffbf46">ඔයාට මහාචාර්ය චේ ජොං හුන්ගේ ඉඳන්ම හොයාගෙන යන්න වෙනවා.</font>

124
00:10:40,411 --> 00:10:41,411
<font color="#ffbf46">හමුවීම සතුටක්.</font>

125
00:10:42,511 --> 00:10:43,981
<font color="#ffbf46">සභාපති චේ ජොං සූ.</font>

126
00:10:47,811 --> 00:10:49,721
<font color="#ffbf46">මොනවා ගැන කතා කරන්නද මාව හම්බවෙන්න ඕනේ වුණේ?</font>

127
00:10:50,881 --> 00:10:52,891
<font color="#ffbf46">මට ඔයාට ස්තූති කරන්න ඕනේ වුණා.</font>

128
00:10:53,451 --> 00:10:54,891
<font color="#ffbf46">ඔයාගේ සහයෝගයට ස්තූතියි,</font>

129
00:10:55,491 --> 00:10:57,091
<font color="#ffbf46">මට රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් වෙලා තියෙනවා...</font>

130
00:10:58,491 --> 00:10:59,991
<font color="#ffbf46">මේ අපූරු පරිසරය ඇතුළේ.</font>

131
00:11:03,601 --> 00:11:05,401
<font color="#ffbf46">"අපූරු පරිසරය?"</font>

132
00:11:06,231 --> 00:11:08,331
<font color="#ffbf46">මිස්ටර් ලී වූ ග්යොම්, ඔයා නම් පුදුම කෙනෙක්.</font>

133
00:11:12,911 --> 00:11:15,011
<font color="#ffbf46">ඔයාව ආයෙත් පැය විසිහතර පුරාම නිරීක්ෂණය කරනවා,</font>

134
00:11:15,271 --> 00:11:16,781
<font color="#ffbf46">තවත් එක පරීක්ෂණියෙක් විදිහට.</font>

135
00:11:18,181 --> 00:11:19,181
<font color="#ffbf46">ඔයාට ඇත්තටම ඒක ප්‍රශ්නයක් නැද්ද?</font>

136
00:11:22,151 --> 00:11:23,351
<font color="#ffbf46">ඒක ටිකක් දරුණු වැඩියි.</font>

137
00:11:24,821 --> 00:11:28,691
<font color="#ffbf46">ජීවත් වෙන කෙනෙක්ට මූණටම "පරීක්ෂණියෙක්" කියලා කියන එක.</font>

138
00:11:31,661 --> 00:11:33,731
<font color="#ffbf46">ටිකකට කලින්, ඔයා මගේ සටහන් ගත්තා...</font>

139
00:11:34,731 --> 00:11:35,861
<font color="#ffbf46">මහාචාර්ය හන්ගෙන්, නේද?</font>

140
00:11:39,331 --> 00:11:43,141
<font color="#ffbf46">මට කියන්න එපා ඔයා ඒවා තේරුම් ගන්න හදලා කාලේ නාස්ති කළා කියලා.</font>

141
00:11:48,241 --> 00:11:52,341
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතුවද ඔයාට මොනවා
හරි දෙයක් කරන්න පුළුවන් කියලා...</font>

142
00:11:53,751 --> 00:11:55,711
<font color="#ffbf46">ලෝකේ පුරාම ඉන්න වෛද්‍ය විශේෂඥයින්ට බැරි වුණු දෙයක්?</font>

143
00:11:58,321 --> 00:12:01,021
<font color="#ffbf46">ඔයා ඔයා ගැනම ගොඩක් ඉහළින් හිතාගෙන ඉන්නේ.</font>

144
00:12:06,191 --> 00:12:07,191
<font color="#ffbf46">සභාපතිතුමා.</font>

145
00:12:08,461 --> 00:12:11,731
<font color="#ffbf46">මම නැතුව ඔයාට බෙහෙත විශාල වශයෙන් නිපදවන්න බැහැ.</font>

146
00:12:15,901 --> 00:12:18,401
<font color="#ffbf46">මම දැනටමත් සටහන් දැකලා තියෙන්නේ, ඒ නිසා මම දන්නවා.</font>

147
00:12:19,541 --> 00:12:23,181
<font color="#ffbf46">ඒකයි අපි ඔයාව චේඋම් එකට ගෙනාවේ...
මට ප්‍රශ්නයක් තියෙනවා.</font>

148
00:12:24,811 --> 00:12:26,041
<font color="#ffbf46">මගේ ඇඟේ තවමත් ලේ තියෙනවා නේද?</font>

149
00:12:27,611 --> 00:12:30,121
<font color="#ffbf46">සුව කරන්න බැරි ලෙඩ සදහටම සුව
කරන්න මගේ ලේ පාවිච්චි කරන්න පුළුවන්ද?</font>

150
00:12:31,351 --> 00:12:32,551
<font color="#ffbf46">ඔයා මොකක්ද අදහස් කරන්නේ?</font>

151
00:12:33,421 --> 00:12:37,221
<font color="#ffbf46">හැම වෙලාවෙම මම ලෙඩ්ඩුන්ට ලේ දෙද්දී, මගේ ඇඟ අලුත් ලේ නිපදවනවා.</font>

152
00:12:37,461 --> 00:12:42,291
<font color="#ffbf46">මගේ ඇඟෙන් නිපදවන ඒ අලුත් ලේ වල... බෙහෙත තියෙයිද නැද්ද?</font>

153
00:12:44,601 --> 00:12:45,761
<font color="#ffbf46">ඉතින්, මට කියන්න.</font>

154
00:12:46,371 --> 00:12:48,131
<font color="#ffbf46">මේක තමයි උත්තරයක් දෙන්න ඔයාට තියෙන එකම අවස්ථාව.</font>

155
00:12:51,671 --> 00:12:53,071
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

156
00:12:53,941 --> 00:12:56,341
<font color="#ffbf46">නැත්නම් කොහොමද ඔයා මෙච්චර
රෝගීන් ගාණකට මේ වෙනකල් ප්‍රතිකාර කළේ?</font>

157
00:12:58,341 --> 00:12:59,651
<font color="#ffbf46">මෙන්න වඩාත් රසවත් ප්‍රශ්නයක්.</font>

158
00:13:02,111 --> 00:13:05,051
<font color="#ffbf46">මේ වෙලාවේ මගේ ලේ වල බෙහෙත කොච්චර ප්‍රතිශතයක් තියෙනවද?</font>

159
00:13:05,251 --> 00:13:08,491
<font color="#ffbf46">ඒ වගේම මම මගේ ජීවිත කාලෙම ලේ දෙනවා.</font>

160
00:13:08,751 --> 00:13:11,261
<font color="#ffbf46">හැම වතාවකම බෙහෙතේ බලය අඩුවෙලා යාවිද?</font>

161
00:13:11,561 --> 00:13:14,661
<font color="#ffbf46">ඒක ස්ථාවරව තියෙයිද? නැත්නම්...</font>

162
00:13:16,261 --> 00:13:17,431
<font color="#ffbf46">ඒක සම්පූර්ණයෙන්ම නැතිවෙලා යාවිද?</font>

163
00:13:23,671 --> 00:13:24,671
<font color="#ffbf46">සභාපති චේ.</font>

164
00:13:25,501 --> 00:13:27,271
<font color="#ffbf46">ඔයාට තාමත් මාව පේන්නේ නිකම්ම පරීක්ෂණියෙක් විදිහට විතරද?</font>

165
00:13:30,041 --> 00:13:32,311
<font color="#ffbf46">මෙතන පරීක්ෂණය කරන්නේ මමයි.</font>

166
00:13:32,981 --> 00:13:35,811
<font color="#ffbf46">ඔයත් ඇතුළුව මගෙන් ප්‍රයෝජන ගන්න හදපු හැමෝම...</font>

167
00:13:35,981 --> 00:13:39,451
<font color="#ffbf46">මගේ පරීක්ෂණයේ පරීක්ෂණියෝ විතරයි. ඒ 17 දෙනාම.</font>

168
00:13:40,221 --> 00:13:42,451
<font color="#ffbf46">එයාලගේ අරමුණ ඉටු කරන්න බැරි වුණු මගේ පරීක්ෂණියෝ.</font>

169
00:13:42,961 --> 00:13:44,491
<font color="#ffbf46">එයාලා මැරුණේ කොහොමද කියලා ඔයාට මතකයි නේද?</font>

170
00:13:52,161 --> 00:13:53,501
<font color="#ffbf46">ඉතින්, සභාපතිතුමා...</font>

171
00:13:54,831 --> 00:13:57,441
<font color="#ffbf46">ඔයයි මමයි හොඳට වැඩ කරන්න ඕනේ.</font>

172
00:13:58,601 --> 00:14:01,241
<font color="#ffbf46">මුළු ලෝකයක්ම බලාගෙන ඉද්දී මම මේ ප්‍රතිකාරය අසාර්ථක කළොත්,</font>

173
00:14:04,141 --> 00:14:05,381
<font color="#ffbf46">චේඋම් එකට මොනවා වෙයිද?</font>

174
00:14:06,351 --> 00:14:07,451
<font color="#ffbf46">මොනවා වෙයිද කියලා ඔයා හොඳටම දන්නවා.</font>

175
00:14:16,661 --> 00:14:19,161
<font color="#ffbf46">ලී වූ ග්යොම්ගේ... හනා රෝහලේ ඉඳන් මම සජීවීව වාර්තා කරනවා.</font>

176
00:14:19,261 --> 00:14:22,761
<font color="#ffbf46">එයාගේ පළවෙනි බාහිර රෝගී සැසිය
විදිහට 3 වෙනි ප්‍රතිකාරය පටන් ගන්නයි යන්නේ.</font>

177
00:14:23,301 --> 00:14:28,131
<font color="#ffbf46">රෝගියා වෙන ජොන් ස්‍යුං හුන්ට ක්‍රෝන්ස් රෝගය
සහ හිමොෆීලියාව කියන රෝග දෙකම තියෙනවා,</font>

178
00:14:28,231 --> 00:14:30,571
<font color="#ffbf46">ඒ නිසා එයාගේ තත්වය ගොඩක් දුර්ලභයි.</font>

179
00:14:31,001 --> 00:14:33,441
<font color="#ffbf46">ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද මෙතනට
වාර්තාකරුවන් විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා,</font>

180
00:14:33,511 --> 00:14:35,511
<font color="#ffbf46">සම්පූර්ණ මාධ්‍ය සංදර්ශනයක් නිර්මාණය කරමින්.</font>

181
00:14:39,081 --> 00:14:43,281
<font color="#ffbf46">අම්මේ.
ලී වූ ග්යොම්ව විශ්වාස කරන පුරවැසියෝ...</font>

182
00:14:43,451 --> 00:14:47,921
<font color="#ffbf46">වගේම රෝගියා වෙනුවෙන් යාච්ඤා කරන පුරවැසියන්
මෙතනට එකතු වෙන්න පටන් අරන් තියෙනවා.</font>

183
00:14:48,421 --> 00:14:51,261
<font color="#ffbf46">මේ මොහොතේදී, කනස්සල්ල සහ බලාපොරොත්තුව
කියන දෙකම හැමෝගෙම හිතේ තියෙනවා.</font>

184
00:14:51,491 --> 00:14:53,631
<font color="#ffbf46">හැමෝගෙම ඇස් එක දෙයක් දිහා බලාගෙන ඉන්නේ.</font>

185
00:14:54,031 --> 00:14:58,101
<font color="#ffbf46">ලී වූ ග්යොම් සහ සිද්ධ වෙන්න පුළුවන් ආශ්චර්යය දිහා.</font>

186
00:15:02,571 --> 00:15:05,641
<font color="#ffbf46">චේඋම් වෛද්‍ය ආයතනයේ කොටස් මිල දවස් කිහිපයක්
තිස්සේම දෛනික උපරිමයට ළඟා වෙලා තියෙනවා,</font>

187
00:15:05,701 --> 00:15:07,611
<font color="#ffbf46">ඒ නිසා වෙළඳපොලේ ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා.</font>

188
00:15:08,111 --> 00:15:11,841
<font color="#ffbf46">බලාපොරොත්තු සහ කනස්සල්ල මැද තමයි
මේ මෑතකාලීන වර්ධනය ඇතිවෙලා තියෙන්නේ,</font>

189
00:15:12,111 --> 00:15:16,721
<font color="#ffbf46">ලී වූ ග්යොම්ගේ ලේ ඊළඟ වෛද්‍ය විප්ලවය
වෙයිද කියලා හැමෝම බලාගෙන ඉන්නවා.</font>

190
00:15:17,451 --> 00:15:18,721
<font color="#ffbf46">(එච්.බී.එන්. අද)</font>

191
00:15:18,781 --> 00:15:20,021
<font color="#ffbf46">(ලී වූ ග්යොම්ගේ 3 වෙනි රෝගියා: ජොන් ස්‍යුං හුන්)</font>

192
00:15:20,091 --> 00:15:21,151
<font color="#ffbf46">(බෙක් විසින් ලී වූ ග්යොම් පනත යෝජනා කරයි)</font>

193
00:15:24,221 --> 00:15:26,531
<font color="#ffbf46">(නිලධාරිනී ලී හ්යේ ඉන්)</font>

194
00:15:30,561 --> 00:15:31,901
<font color="#ffbf46">(ලී වූ ග්යොම්ගේ 3 වෙනි රෝගියා: ජොන් ස්‍යුං හුන්)</font>

195
00:15:31,961 --> 00:15:33,071
<font color="#ffbf46">(බෙක් විසින් ලී වූ ග්යොම් පනත යෝජනා කරයි)</font>

196
00:15:33,131 --> 00:15:34,371
<font color="#ffbf46">(චේඋම් වෛද්‍ය ආයතනයේ කොටස් දිගටම ඉහළට)</font>

197
00:15:34,601 --> 00:15:37,341
<font color="#ffbf46">රජයේ නීතිඥතුමා, අපි ලෑස්තියි. අපි යමු.</font>

198
00:15:39,071 --> 00:15:40,071
<font color="#ffbf46">අර ඉන්නේ ලී වූ ග්යොම්!</font>

199
00:15:42,211 --> 00:15:44,211
<font color="#ffbf46">(අධිකරණ අමාත්‍යාංශය)</font>

200
00:15:45,181 --> 00:15:46,951
<font color="#ffbf46">අර ඉන්නේ ලී වූ ග්යොම්!
ලී වූ ග්යොම්!</font>

201
00:15:47,011 --> 00:15:48,181
<font color="#ffbf46">වචනයක් කියන්න කරුණාකරලා!
ලී වූ ග්යොම්!</font>

202
00:15:48,251 --> 00:15:50,421
<font color="#ffbf46">රෝගියාට කොහොමද?
අද දවස ගැන...</font>

203
00:15:51,921 --> 00:15:54,351
<font color="#ffbf46">(වෛද්‍ය නිදර්ශන භූමිය)</font>

204
00:15:56,461 --> 00:15:57,461
<font color="#ffbf46">මිස්ටර් ලී!
එක වචනයක් කියන්න!</font>

205
00:15:58,921 --> 00:15:59,931
<font color="#ffbf46">කරුණාකරලා මේ පැත්තට!</font>

206
00:16:22,551 --> 00:16:23,551
<font color="#ffbf46">තේරුණා.</font>

207
00:16:24,481 --> 00:16:25,481
<font color="#ffbf46">හරි.</font>

208
00:16:26,281 --> 00:16:27,291
<font color="#ffbf46">ඔව්.</font>

209
00:16:32,891 --> 00:16:34,761
<font color="#ffbf46">මට වැඩ ගොඩයි. ඇයි ඔයාලා ඔක්කොම එකපාරටම මෙහෙට ආවේ?</font>

210
00:16:36,361 --> 00:16:38,761
<font color="#ffbf46">රජයේ නීතිඥතුමා, ඔයා මුල ඉඳන්ම
මේක දිහා වැරදි විදිහටයි බලලා තියෙන්නේ.</font>

211
00:16:39,601 --> 00:16:40,601
<font color="#ffbf46">ඔයා මොකක්ද අදහස් කරන්නේ?</font>

212
00:16:41,271 --> 00:16:43,741
<font color="#ffbf46">මේ හැමදෙයක්ම පටන් ගත්තේ ලී වූ ග්යොම්ගෙන් නෙවෙයි.</font>

213
00:16:44,471 --> 00:16:45,471
<font color="#ffbf46">මොකක්?</font>

214
00:16:45,472 --> 00:16:47,671
<font color="#ffbf46">සභාපති චේ ජොං සූගේ තාත්තා, මහාචාර්ය චේ ජොං හුන්.</font>

215
00:16:48,311 --> 00:16:50,281
<font color="#ffbf46">ඔයාට මහාචාර්ය චේ ජොං හුන්ගේ ඉඳන්ම හොයාගෙන යන්න වෙනවා.</font>

216
00:16:57,221 --> 00:16:58,451
<font color="#ffbf46">(2022 ජාතික සභාවේ විගණන වාර්තාව)</font>

217
00:17:03,721 --> 00:17:04,961
<font color="#ffbf46">නිලධාරිනී ලී, ප්‍රධානී බෑන්ග්.</font>

218
00:17:05,491 --> 00:17:08,991
<font color="#ffbf46">ඔයාලා දෙන්නා චේඋම් විගණන වාර්තා
පරීක්ෂා කරන එකෙන් පටන් ගන්න ඕනේ.</font>

219
00:17:09,291 --> 00:17:12,061
<font color="#ffbf46">චේඋම් පර්යේෂණ ආයතනයේ හිටපු සේවකයින්ව හම්බවෙලා...</font>

220
00:17:12,261 --> 00:17:13,470
<font color="#ffbf46">තොරතුරු එකතු කරන්න.</font>

221
00:17:13,471 --> 00:17:16,331
<font color="#ffbf46">ඒ කාලේ රෝගීන්ට මොන වගේ ප්‍රතිකාරද කළේ කියලා ඔයාට මතකද?</font>

222
00:17:17,401 --> 00:17:20,411
<font color="#ffbf46">ගොඩක් රෝගීන් දිගු කාලයක් රෝහල්ගත කරලා හිටියා කියලා මට මතකයි.</font>

223
00:17:20,641 --> 00:17:24,211
<font color="#ffbf46">මේ ප්‍රතිකාර අනුමත කරලා තිබුණේ නැහැ නේද?</font>

224
00:17:24,311 --> 00:17:25,311
<font color="#ffbf46">නැහැ.
නැහැ.</font>

225
00:17:25,381 --> 00:17:28,481
<font color="#ffbf46">ඔයා කියන්නේ වෛද්‍ය සොං මින් සූ ගැනද?
එයා තරුණ වගේම ගොඩක් දක්ෂ වෛද්‍යවරයෙක්.</font>

226
00:17:28,751 --> 00:17:32,121
<font color="#ffbf46">ඒ දෙන්නා මොන වගේ පරීක්ෂණයක්ද කළේ කියලා ඔයා දන්නවද?</font>

227
00:17:33,221 --> 00:17:37,461
<font color="#ffbf46">මට මතක විදිහට, චේඋම් එක ඇතුළෙත් මහාචාර්ය හන්ගේ
ව්‍යාපෘතිය රහසක් විදිහටයි තියාගෙන හිටියේ.</font>

228
00:17:37,691 --> 00:17:38,691
<font color="#ffbf46">රහසක් විදිහට?</font>

229
00:17:39,721 --> 00:17:41,531
<font color="#ffbf46">එයාලගේ අනන්‍යතාවය කවදාවත් හෙළි නොවුණත්,</font>

230
00:17:41,761 --> 00:17:45,661
<font color="#ffbf46">ඒක පටන් ගත්තේ චේඋම් පර්යේෂණ ආයතනයේම කෙනෙක් දුන්නු ඔත්තුවකින්.</font>

231
00:17:46,201 --> 00:17:49,431
<font color="#ffbf46">පවුලේ ඥාතීන් නැති රෝගීන්ගේ ශල්‍යකර්ම
අනුමැති පත්‍ර චේඋම් එකෙන් ව්‍යාජව හැදුවා.</font>

232
00:17:49,501 --> 00:17:51,971
<font color="#ffbf46">ශල්‍යකර්මය අතරතුර රෝගියෙක් මැරුණාම,
රජයේ නීතිඥයින් චෝදනා ගොනු කළා,</font>

233
00:17:52,041 --> 00:17:53,741
<font color="#ffbf46">නඩු විභාගයෙන් පස්සේ, ඒක ජාතික විගණනයක් දක්වාම දුර දිග ගියා.</font>

234
00:17:53,811 --> 00:17:56,741
<font color="#ffbf46">ඒ කාලේ ඒ නඩුවේ රජයේ නීතිඥයා වුණේ ඕ හ්යොන් ද්‍යුක්.</font>

235
00:17:56,981 --> 00:18:00,311
<font color="#ffbf46">ඒක අනුමත කරපු දිස්ත්‍රික් නීතිඥයා
තමයි දැන් ඉන්න මන්ත්‍රී බෙක් සන්ග් හ්වා.</font>

236
00:18:00,511 --> 00:18:04,151
<font color="#ffbf46">ඒ වගේම ශල්‍යකර්මය කරලා ජාතික
සභාවේ සාක්ෂි දුන්න කෙනා තමයි...</font>

237
00:18:04,481 --> 00:18:06,521
<font color="#ffbf46">නැසීගිය වෛද්‍ය සොං මින් සූ.</font>

238
00:18:12,261 --> 00:18:13,991
<font color="#ffbf46">(2022 චේඋම් වෛද්‍ය මධ්‍යස්ථානයේ ජාතික සභා විගණන වාර්තාව)</font>

239
00:18:15,531 --> 00:18:18,101
<font color="#ffbf46">මේ මොකක්ද?
ඔයා හසුරුවපු නඩුව.</font>

240
00:18:18,501 --> 00:18:20,871
<font color="#ffbf46">2022 දී මහාචාර්ය හන්ගේ නීතිවිරෝධී වෛද්‍ය කටයුතු පිළිබඳ නඩුව.</font>

241
00:18:21,901 --> 00:18:23,500
<font color="#ffbf46">ඒ වගේම ඒකට අදාළ හැමදෙයක්ම...</font>

242
00:18:23,501 --> 00:18:25,841
<font color="#ffbf46">චේඋම් වෛද්‍ය ආයතනයේ ජාතික සභා විගණනය...</font>

243
00:18:26,001 --> 00:18:27,811
<font color="#ffbf46">ඒ කාලේ දිස්ත්‍රික් නීතිඥයා වුණු මන්ත්‍රී බෙක්,</font>

244
00:18:28,211 --> 00:18:30,081
<font color="#ffbf46">ඔයාට නියෝග කළා එයාලට සුළු දඬුවමක් දීලා...</font>

245
00:18:30,511 --> 00:18:31,711
<font color="#ffbf46">ඒක ඉවරයක් කරන්න කියලා, නේද?</font>

246
00:18:35,051 --> 00:18:36,681
<font color="#ffbf46">ඒ නඩුව වහලා දැන් ගොඩක් කල්.</font>

247
00:18:37,181 --> 00:18:39,581
<font color="#ffbf46">වහලා? ඒත් ලී වූ ග්යොම්, අර රාක්ෂයා,</font>

248
00:18:40,421 --> 00:18:42,150
<font color="#ffbf46">මේ හැමදේකම ප්‍රතිඵලයක්නේ.
හේයි, චා යි යොන්!</font>

249
00:18:42,151 --> 00:18:43,861
<font color="#ffbf46">එදා ඇත්තටම මොකක්ද වුණේ?</font>

250
00:18:45,991 --> 00:18:46,991
<font color="#ffbf46">ඒක අතාරින්න.</font>

251
00:18:48,631 --> 00:18:50,461
<font color="#ffbf46">ඔයා මේ නඩුව ගැන දිගටම හෙව්වොත්...</font>

252
00:18:50,701 --> 00:18:51,701
<font color="#ffbf46">ඔයා හිතන්නේ මමයි මන්ත්‍රී බෙකුයි විතරක්...</font>

253
00:18:51,701 --> 00:18:52,701
<font color="#ffbf46">විනාශ වෙයි කියලද?</font>

254
00:18:52,961 --> 00:18:57,241
<font color="#ffbf46">ඔයා මේක තවත් දුරට අරන් ගියොත්,
ඔයාටත් ලොකු කරදරේක වැටෙන්න වෙයි!</font>

255
00:19:08,551 --> 00:19:09,551
<font color="#ffbf46">මොකක්ද?</font>

256
00:19:10,551 --> 00:19:11,621
<font color="#ffbf46">ඒ මින් ග්යොං.</font>

257
00:19:12,451 --> 00:19:13,521
<font color="#ffbf46">බාධා කළාට සමාවෙන්න.</font>

258
00:19:13,891 --> 00:19:16,621
<font color="#ffbf46">එහෙනම් දැන් අපි චා නීතිඥතුමියත් එක්කද වැඩ කරන්නේ?</font>

259
00:19:17,061 --> 00:19:20,131
<font color="#ffbf46">රජයේ නීතිඥ චාට මොනවා හරි ඕන වුණොත්,
ඇයට ඕන කරන ඕනෑම උදව්වක් කරන්න.</font>

260
00:19:30,201 --> 00:19:33,271
<font color="#ffbf46">ඒක නම් වෙන්නේ නැහැ.</font>

261
00:19:35,941 --> 00:19:36,941
<font color="#ffbf46">(බෙක්ගේ දුරාචාරය: හන් සන්ග් හෝ නඩුව)</font>

262
00:19:37,911 --> 00:19:39,681
<font color="#ffbf46">මන්ත්‍රී බෙක් එයාගේ යාළුවගේ තාත්තගේ නම පාවිච්චි කරලා...</font>

263
00:19:39,741 --> 00:19:43,081
<font color="#ffbf46">හොර කම්පැනියක් හදලා ඡන්ද ව්‍යාපාරයට සල්ලි හොයාගත්තා.</font>

264
00:19:44,781 --> 00:19:47,391
<font color="#ffbf46">එයාට පහළින් ඉන්න කෙනෙක් විදිහට, ඒක ටිකක් නින්දිත
වැඩක් කියලා ඔබට හිතුණේ නැද්ද, ඩිරෙක්ටර් ඕ?</font>

265
00:19:49,491 --> 00:19:52,991
<font color="#ffbf46">විමර්ශන අධිකාරිය බෙදෙන්න කලින් රහස්
පරීක්ෂක ගොන්ග් එක්ක වැඩ කරපු කෙනා.</font>

266
00:19:53,391 --> 00:19:54,731
<font color="#ffbf46">බලද්දි ඒ රජයේ නීතිඥ චාගේ බොස් නේ.</font>

267
00:19:54,791 --> 00:19:57,260
<font color="#ffbf46">බලද්දි ඒ රජයේ නීතිඥ ඕ හ්යොන් ද්‍යුක්...</font>

268
00:19:57,261 --> 00:19:58,931
<font color="#ffbf46">ප්‍රොෆෙසර් හන්ගේ වෛද්‍ය දෝෂ නඩුව මෙහෙයවපු කෙනා.</font>

269
00:19:59,431 --> 00:20:00,431
<font color="#ffbf46">රජයේ නීතිඥ ඕ හ්යොන් ද්‍යුක්?</font>

270
00:20:02,331 --> 00:20:03,341
<font color="#ffbf46">හරි, මුලින්ම, මම...</font>

271
00:20:03,941 --> 00:20:07,171
<font color="#ffbf46">ලී වූ ග්‍යොම්ව හම්බවෙලා එයාගේ අම්මා, ඒ කියන්නේ
කිම් හ්යේ ජූගේ මරණය ගැන තවත් විස්තර හොයලා බලන්නම්,</font>

272
00:20:07,571 --> 00:20:10,011
<font color="#ffbf46">ඒ වගේම ප්‍රොෆෙසර් හන් ගැනත් තවත් විස්තර හොයාගන්නම්.</font>

273
00:20:10,511 --> 00:20:13,481
<font color="#ffbf46">ප්‍රොෆෙසර් හන්ගේ නීතිවිරෝධී වෛද්‍ය වංචා නඩුව කාලේ...</font>

274
00:20:13,781 --> 00:20:15,911
<font color="#ffbf46">වාර්තාකරු ජෝ, චේඋම් එකේ අය මොනවද
කළේ කියලා ඔයා හොයලා බලන්න ඕනේ.</font>

275
00:20:16,311 --> 00:20:19,251
<font color="#ffbf46">මින් ග්‍යොන්ග්, ඔයා මන්ත්‍රී බෙක්ගේ අය ගැන හොයලා බලන්න.</font>

276
00:20:19,881 --> 00:20:20,891
<font color="#ffbf46">තේරුණා.</font>

277
00:20:34,001 --> 00:20:37,741
<font color="#ffbf46">වාර්තාකරු ජෝ, මම කොහෙන් පටන් ගන්නද කියලවත් දන්නේ නැහැ.</font>

278
00:20:38,601 --> 00:20:41,611
<font color="#ffbf46">දිගටම හොයන්න, එතකොට මොනවා හරි
හම්බවෙයි, ඒ නිසා වැඩිය කලබල වෙන්න එපා.</font>

279
00:20:43,441 --> 00:20:46,881
<font color="#ffbf46">ඒත් මට දැන්ම ඕනේ ඔයාගේ වැඩ කිඩ ටිකක්.</font>

280
00:20:46,981 --> 00:20:50,821
<font color="#ffbf46">ඔයා හිතන්නේ මේසයක් ගාවට වෙලා මේක විසඳන්න පුළුවන්
කියලද? මම වගේ එළියට බැහැලා වැඩ කරන්න ඕනේ.</font>

281
00:20:50,881 --> 00:20:52,421
<font color="#ffbf46">(නීතිඥ පාර්ක් මී හ්යොන්, චේඋම් වෛද්‍ය මධ්‍යස්ථානයේ උපදේශක)</font>

282
00:20:54,691 --> 00:20:56,491
<font color="#ffbf46">දෙයියනේ, මේක හරිම ලස්සනයි.
ගොඩක් ලස්සනයි.</font>

283
00:20:56,691 --> 00:20:57,721
<font color="#ffbf46">ගොඩක්, ගොඩක් ලස්සනයි.</font>

284
00:21:20,211 --> 00:21:22,151
<font color="#ffbf46">සමාවෙන්න, තව කොච්චර වෙලා යයිද?</font>

285
00:21:22,651 --> 00:21:23,851
<font color="#ffbf46">තව ගොඩක් වෙලා යයි.</font>

286
00:21:24,981 --> 00:21:26,481
<font color="#ffbf46">කොහොම හරි ඉවසගෙන ඉන්න.</font>

287
00:21:27,051 --> 00:21:30,791
<font color="#ffbf46">මේ දවස්වල මේ හැම ඉන්ටීරියර් එකක්ම එක වගේ.</font>

288
00:21:34,131 --> 00:21:35,560
<font color="#ffbf46">මේකෙන් මගේ කොණ්ඩෙත් සවුත්තු වෙයි.</font>

289
00:21:35,561 --> 00:21:37,761
<font color="#ffbf46">මේ තැනින් අලුත් ස්ටයිලිස්ට් කෙනෙක්ව හොයන්න, තේරුණාද?</font>

290
00:21:38,501 --> 00:21:39,501
<font color="#ffbf46">එච්චරයි.</font>

291
00:21:43,741 --> 00:21:45,371
<font color="#ffbf46">මෙතනට මාර චරිත එනවා නේද?</font>

292
00:21:46,701 --> 00:21:47,871
<font color="#ffbf46">මෙන්න, මම ඕක විසි කරන්නම්.</font>

293
00:22:05,491 --> 00:22:06,761
<font color="#ffbf46">(ඕ හ්යොන් ද්‍යුක්: ලී වූ ග්‍යොම්ගේ නඩුවේ සැකකරු)</font>

294
00:22:08,361 --> 00:22:10,801
<font color="#ffbf46">(බෙක් සන්ග් හ්වා: ගුවාම් හි මන්ත්‍රී)</font>

295
00:22:15,901 --> 00:22:17,471
<font color="#ffbf46">හලෝ, රජයේ නීතිඥ චා.</font>

296
00:22:18,601 --> 00:22:21,011
<font color="#ffbf46">මේ යූන් මින් ග්‍යොන්ග්. අපි ටිකකට කලින් හම්බවුණා.</font>

297
00:22:21,511 --> 00:22:23,041
<font color="#ffbf46">කතා කරන්න ටිකක් වෙලා තියෙනවද?</font>

298
00:22:23,311 --> 00:22:26,281
<font color="#ffbf46">මන්ත්‍රී බෙක්ගේ දූෂණ නොදැක්කා වගේ
ඉඳලා එයා කියන ඕනෑම දෙයක් කරපු එක...</font>

299
00:22:27,051 --> 00:22:29,981
<font color="#ffbf46">ඔයාගේ දැන් තියෙන ඩිරෙක්ටර් තනතුරටයි,
සුරක්ෂිත අනාගතයක පොරොන්දුවටයි වටිනවද?</font>

300
00:22:30,051 --> 00:22:31,751
<font color="#ffbf46">චා යී යොන්! කොහොමද ඔයාට එහෙම කියන්න හිතෙන්නේ!
ඩිරෙක්ටර් ඕ හ්යොන් ද්‍යුක්!</font>

301
00:22:34,551 --> 00:22:36,691
<font color="#ffbf46">මින්පස්සේ, කෑගහන්න ඕනේ මමයි.</font>

302
00:22:37,021 --> 00:22:38,790
<font color="#ffbf46">ඉතින් ඔයා අහගෙන ඉන්නවා.
මොකක්?</font>

303
00:22:38,791 --> 00:22:41,791
<font color="#ffbf46">ඔයාට පහළින් ඉන්න කෙනෙක් විදිහට මම ඔයාට
පොඩ්ඩක් හරි ගෞරව කරනවා දකින්න ඕනෙ නම්,</font>

304
00:22:41,991 --> 00:22:45,161
<font color="#ffbf46">දැන්ම වරෙන්තුව අනුමත කරන්න, මූසලයා.</font>

305
00:23:33,851 --> 00:23:35,851
<font color="#ffbf46">(හදිසි වෛද්‍ය මධ්‍යස්ථානය)</font>

306
00:23:46,591 --> 00:23:48,061
<font color="#ffbf46">(පවුලේ අය රැඳී සිටින කාමරය)</font>

307
00:23:58,671 --> 00:24:00,671
<font color="#ffbf46">(විකිරණවේද අංශය)</font>

308
00:24:04,341 --> 00:24:05,841
<font color="#ffbf46">(සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානය)</font>

309
00:24:18,861 --> 00:24:21,531
<font color="#ffbf46">මේක මතක තියාගන්න. එක තත්පරයක් හරි පරක්කු වුණොත්,</font>

310
00:24:21,891 --> 00:24:24,461
<font color="#ffbf46">ඔයාගේ මේ අවුරුදු ගාණක සැලසුම් ඔක්කොම වතුරේ යනවා.</font>

311
00:24:37,281 --> 00:24:38,281
<font color="#ffbf46">(මන්ත්‍රී බෙක් සන්ග් හ්වා)</font>

312
00:24:43,781 --> 00:24:44,781
<font color="#ffbf46">ප්‍රධානී ප්යෝ!</font>

313
00:24:45,121 --> 00:24:47,691
<font color="#ffbf46">කෝ ප්‍රධානී ප්යෝ?
සර්, අපිට ඔයාගේ සහයෝගය ඕනේ.</font>

314
00:24:47,891 --> 00:24:48,921
<font color="#ffbf46">මේ පොඩි එකා.</font>

315
00:24:50,321 --> 00:24:53,961
<font color="#ffbf46">දැන්ම ගිහින් ප්‍රධාන නීතිඥයාව එක්කන්
එන්න. තමුසේ දන්නේ නැද්ද මම කවුද කියලා?</font>

316
00:24:54,131 --> 00:24:58,931
<font color="#ffbf46">මම තමුසෙට වඩා සීනියර්. මම බෙක් සන්ග්
හ්වා, ගුවාම් වල 63 වෙනි ප්‍රධාන නීතිඥයා.</font>

317
00:24:59,001 --> 00:25:03,901
<font color="#ffbf46">ඔව්, අපි ඒක දන්නවා. ඒක මෙතනම ලියලා
තියෙනවා, මන්ත්‍රී බෙක් සන්ග් හ්වා කියලා.</font>

318
00:25:04,901 --> 00:25:06,041
<font color="#ffbf46">මගේ නඩුව මෙහෙයවන නීතිඥයා කවුද?</font>

319
00:25:29,961 --> 00:25:30,961
<font color="#ffbf46">උපදේශකතුමිය.</font>

320
00:25:31,261 --> 00:25:35,101
<font color="#ffbf46">ඔයාට පැනගන්න ඕන කරන දේවල් මම A ගොඩනැගිල්ලේ 3
වෙනි තට්ටුවේ ගිනි නිවන කැබිනට් එකේ හැංගුවා.</font>

321
00:25:49,251 --> 00:25:51,421
<font color="#ffbf46">මම ශල්‍යාගාරයේ ලෙඩාට ප්‍රතිකාර කරන ගමන් ඉන්නකොට,</font>

322
00:25:53,051 --> 00:25:55,551
<font color="#ffbf46">මම කිව්ව තැනට ඔයා යන්න ඕනේ.</font>

323
00:25:57,761 --> 00:26:00,431
<font color="#ffbf46">මම කියන පාරෙම ඔයා ගියොත්,</font>

324
00:26:00,961 --> 00:26:04,101
<font color="#ffbf46">ඔයාට CCTV සහ ආරක්ෂකයින්ගෙන් බේරිලා යන්න පුළුවන් වෙයි.</font>

325
00:26:12,241 --> 00:26:13,441
<font color="#ffbf46">(දැනට වෙලාව)</font>

326
00:26:28,051 --> 00:26:29,391
<font color="#ffbf46">(දැනට වෙලාව)</font>

327
00:26:29,451 --> 00:26:31,561
<font color="#ffbf46">හරියටම දොළහට.</font>

328
00:26:42,431 --> 00:26:44,171
<font color="#ffbf46">මගේ ශල්‍යකර්මය ඉවර වෙන තත්පරේටම,</font>

329
00:26:45,341 --> 00:26:48,041
<font color="#ffbf46">මුළු ඉස්පිරිතාලෙම කරන්ට් එක කපලා දානවා,</font>

330
00:26:48,841 --> 00:26:50,211
<font color="#ffbf46">ඒකෙන් අපේ සැලසුම පටන් ගන්නවා,</font>

331
00:26:51,941 --> 00:26:52,941
<font color="#ffbf46">ඊටපස්සේ ඔක්කොම ලයිට්ස්...</font>

332
00:26:55,151 --> 00:26:56,151
<font color="#ffbf46">නිවිලා යයි.</font>

333
00:27:00,751 --> 00:27:01,751
<font color="#ffbf46">මොකක්ද වෙන්නේ?</font>

334
00:27:03,451 --> 00:27:05,521
<font color="#ffbf46">කරන්ට් එක ගියාද? මොකද වෙන්නේ?
මොකද වුණේ?</font>

335
00:27:05,591 --> 00:27:07,291
<font color="#ffbf46">පල්ලෙහා තට්ටුවෙත් කරන්ට් එක ගිහින්ද?
ඔව්.</font>

336
00:28:44,691 --> 00:28:46,720
<font color="#ffbf46">ඇතුල්වෙන තැන මිනිස්සු හතර දෙනයි. ටීම් ටූ, කොරිඩෝ ටික වහන්න.</font>

337
00:28:46,721 --> 00:28:47,831
<font color="#ffbf46">අනිත් අය, මාත් එක්ක එන්න.</font>

338
00:28:56,171 --> 00:28:57,171
<font color="#ffbf46">(තහනම් කලාපය)</font>

339
00:28:58,041 --> 00:29:00,541
<font color="#ffbf46">ඇයි එකපාරටම කරන්ට් එක ගියේ?
මොකක්ද වෙන්නේ?</font>

340
00:29:01,871 --> 00:29:03,111
<font color="#ffbf46">මුලින්ම ලෙඩ්ඩු ටික බලන්න.</font>

341
00:29:03,541 --> 00:29:04,541
<font color="#ffbf46">හරි ඩොක්ටර්.</font>

342
00:29:04,841 --> 00:29:06,541
<font color="#ffbf46">මොකද වුණේ?
හරි, තේරුණා.</font>

343
00:29:13,721 --> 00:29:14,721
<font color="#ffbf46">පරිස්සමෙන්.</font>

344
00:29:16,191 --> 00:29:17,891
<font color="#ffbf46">(හනා රෝහල)</font>

345
00:29:32,971 --> 00:29:35,641
<font color="#ffbf46">කවුරුහරි සිකියුරිටි ඔෆිස් එක බැලුවද?
කවද්ද ආයේ කරන්ට් එක එන්නේ?</font>

346
00:29:36,571 --> 00:29:37,581
<font color="#ffbf46">මේක ඉස්පිරිතාලයක්! ඇයි කරන්ට් එක ගියේ?</font>

347
00:29:40,041 --> 00:29:41,911
<font color="#ffbf46">මේක හදිසි අවස්ථාවක්. එයාලා දැන්ම ඒක හදන්න ඕනේ!</font>

348
00:29:42,211 --> 00:29:43,311
<font color="#ffbf46">එයාලට බැකප් ජෙනරේටර් එකක් නැද්ද?</font>

349
00:30:18,681 --> 00:30:20,051
<font color="#ffbf46">එයා කොහෙද ගියේ?
එයාව හොයන්න! දැන්ම!</font>

350
00:30:20,121 --> 00:30:21,121
<font color="#ffbf46">පල්ලෙහාට යන්න!</font>

351
00:30:26,091 --> 00:30:28,831
<font color="#ffbf46">ලී වූ ග්‍යොම්ගේ වළලුකරේ තියෙන මොනිටර්
එකේ සිග්නල් දෙවෙනි බිම් මහලේදී නැති වුණා.</font>

352
00:30:36,501 --> 00:30:38,041
<font color="#ffbf46">මොනවා හරි හම්බවුණාද?
තාම නෑ සර්.</font>

353
00:30:46,341 --> 00:30:47,711
<font color="#ffbf46">මේ පැත්තෙන් සර්.
අර පැත්තෙන්!</font>

354
00:31:46,871 --> 00:31:48,811
<font color="#ffbf46">මම නැවුම් හුළඟක් වැඳගත්තෙත් කාලෙකින්.</font>

355
00:31:51,911 --> 00:31:53,481
<font color="#ffbf46">ඒත් මම හිතපු තරම්ම ඒක නැවුම් නැහැ.</font>

356
00:32:03,151 --> 00:32:04,161
<font color="#ffbf46">මඟුල.</font>

357
00:32:05,061 --> 00:32:07,661
<font color="#ffbf46">මොකක්ද?
මට හිතෙන්නේ කවුරුහරි අපි පස්සෙන් එනවා වගේ.</font>

358
00:32:18,041 --> 00:32:19,601
<font color="#ffbf46">(ජෝ වූ චොල්, දේහන් ඉල්බෝ නිවුස්)</font>

359
00:32:26,541 --> 00:32:28,911
<font color="#ffbf46">ඔව්, මිස්ටර් පාර්ක්.
වාර්තාකරු ජෝ, ඔයා කොහෙද ඉන්නේ?</font>

360
00:32:29,111 --> 00:32:30,111
<font color="#ffbf46">මම චේඋම් එකේ ඉන්නේ.</font>

361
00:32:30,451 --> 00:32:32,081
<font color="#ffbf46">මම සභාපති චේ ගැන විස්තර ටිකක් හොයන්නයි යන්නේ.</font>

362
00:32:33,821 --> 00:32:37,221
<font color="#ffbf46">හරි. ඕකේ, තේරුණා.</font>

363
00:32:49,301 --> 00:32:50,401
<font color="#ffbf46">මොකක්ද වෙන්නේ?</font>

364
00:32:50,471 --> 00:32:52,041
<font color="#ffbf46">අර ඉන්නේ මම ප්‍රොෆෙසර් හන්ගේ ගේට්ටුව ගාවදි දැක්ක කෙනා නේද.</font>

365
00:33:30,671 --> 00:33:32,141
<font color="#ffbf46">ඉතින්, දැන් අපි කොහෙද යන්නේ?</font>

366
00:33:34,081 --> 00:33:35,081
<font color="#ffbf46">දැනට...</font>

367
00:33:44,961 --> 00:33:46,861
<font color="#ffbf46">අපි දැන් හදිසි දැනුවත් කිරීම පටන් ගන්නවා.</font>

368
00:33:47,761 --> 00:33:49,331
<font color="#ffbf46">අද දවල් 12:03 ට විතර,</font>

369
00:33:49,791 --> 00:33:51,561
<font color="#ffbf46">පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවලා හිටපු ලී වූ ග්‍යොම්,</font>

370
00:33:51,861 --> 00:33:55,701
<font color="#ffbf46">වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටතට ගිය වෙලාවක
ආරක්ෂාව කඩකරලා පැනලා ගිහින් තියෙනවා.</font>

371
00:33:56,501 --> 00:34:00,471
<font color="#ffbf46">චේඋම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙක්
විදිහට හිටපු දාම ඝාතක ලී වූ ග්‍යොම්,</font>

372
00:34:00,771 --> 00:34:03,711
<font color="#ffbf46">වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටතට ගිය වෙලාවක පැනලා ගිහින්.</font>

373
00:34:04,071 --> 00:34:06,741
<font color="#ffbf46">පොලිසිය මේ වෙද්දි ලී වූ ග්‍යොම් ඉන්න තැනක් හොයමින් ඉන්නවා.</font>

374
00:34:12,081 --> 00:34:13,081
<font color="#ffbf46">ඔයාට හරි නේද?</font>

375
00:34:43,051 --> 00:34:44,051
<font color="#ffbf46">හේයි, මා දිහා බලන්න.</font>

376
00:34:48,051 --> 00:34:49,051
<font color="#ffbf46">ඔයාට හොඳින් නේද?</font>

377
00:34:51,261 --> 00:34:52,861
<font color="#ffbf46">මේක සැලැස්මේ තිබුණ දෙයක් නෙමෙයි.</font>

378
00:34:57,291 --> 00:34:59,401
<font color="#ffbf46">එයාලා සමහරවිට චේඋම් එකේ අය වෙන්න ඇති.</font>

379
00:35:00,931 --> 00:35:03,231
<font color="#ffbf46">කොහොම වුණත් එයාලට මගේ ඇඟට අතක්වත් තියන්න බෑ, ඒ නිසා...</font>

380
00:35:14,981 --> 00:35:17,821
<font color="#ffbf46">වූ ග්‍යොම්. එහෙම්මම ඉන්න.</font>

381
00:35:18,981 --> 00:35:19,981
<font color="#ffbf46">උපදේශකතුමිය.</font>

382
00:35:24,461 --> 00:35:25,461
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

383
00:35:26,091 --> 00:35:27,091
<font color="#ffbf46">විනාඩියක් ඉන්න.</font>

384
00:35:29,631 --> 00:35:30,631
<font color="#ffbf46">තමුසෙලා...</font>

385
00:35:31,401 --> 00:35:34,001
<font color="#ffbf46">තමුසෙලා මේ දැන් කළේ මොකක්ද කියලා දන්නවද?</font>

386
00:35:34,971 --> 00:35:36,131
<font color="#ffbf46">පැත්තකට වෙන්න, උපදේශකතුමිය.</font>

387
00:35:36,771 --> 00:35:38,141
<font color="#ffbf46">අපි ආවේ ලී වූ ග්‍යොම්ව ගන්න විතරයි.</font>

388
00:35:39,101 --> 00:35:40,101
<font color="#ffbf46">තමුසෙලා.</font>

389
00:35:40,601 --> 00:35:43,311
<font color="#ffbf46">තමුසෙලා මොන මඟුලකටද මේවා කරන්නේ?</font>

390
00:35:43,841 --> 00:35:47,041
<font color="#ffbf46">ජීවිතයක් බේරගන්න හේතුවක් ඕනෙද?
මොකක්?</font>

391
00:35:52,521 --> 00:35:54,181
<font color="#ffbf46">උපදේශකතුමිය!
වාර්තාකරු ජෝ.</font>

392
00:35:59,221 --> 00:36:03,361
<font color="#ffbf46">ඔයාට හරි නේද? දෙයියනේ, පොඩ්ඩක් ඉන්න. ඉන්න, විනාඩියක් ඉන්න.</font>

393
00:36:03,991 --> 00:36:05,001
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

394
00:36:05,761 --> 00:36:07,631
<font color="#ffbf46">වූ ග්‍යොම්ට තුවාල වෙලා. අපි එයාව
ඉක්මනට මෙතනින් අරන් යන්න ඕනේ.</font>

395
00:36:07,701 --> 00:36:10,531
<font color="#ffbf46">මම පුළුවන් උපරිමයෙන් මුන්ව අල්ලගන්නම්.
මගේ කාර් එක අරන් එයාව මෙතනින් අරන් යන්න.</font>

396
00:36:10,601 --> 00:36:11,601
<font color="#ffbf46">හරි.</font>

397
00:36:13,871 --> 00:36:14,871
<font color="#ffbf46">වූ ග්‍යොම්, යමු.</font>

398
00:36:15,911 --> 00:36:18,081
<font color="#ffbf46">හේයි, පොඩ්ඩක් ඉන්න. තමුසෙලාට මාත් එක්ක හැප්පෙන්න පුළුවන්.</font>

399
00:36:18,341 --> 00:36:21,381
<font color="#ffbf46">තමුසෙලා ඇයි මේ විදිහට හැසිරෙන්නේ?
ඌව අල්ලගනිල්ලා.</font>

400
00:36:23,711 --> 00:36:26,881
<font color="#ffbf46">ඉක්මන් කරන්න, නගින්න.
එන්න.</font>

401
00:36:27,821 --> 00:36:29,521
<font color="#ffbf46">දෙයියනේ, ගොඩ කාලෙකින්.</font>

402
00:36:29,621 --> 00:36:31,661
<font color="#ffbf46">මට හිතෙන්නේ කීබෝඩ් එක ඔබනවා වෙනුවට
මට අද කට්ටියකට නෙළන්න වෙනවා වගේ.</font>

403
00:36:59,181 --> 00:37:02,021
<font color="#ffbf46">අප්පටසිරි, උඹ නම් මරු.</font>

404
00:37:03,021 --> 00:37:04,661
<font color="#ffbf46">උඹට තාම ආතල්ද?</font>

405
00:37:21,841 --> 00:37:23,871
<font color="#ffbf46">වූ ග්‍යොම්. හේයි, වූ ග්‍යොම්!</font>

406
00:37:26,241 --> 00:37:27,541
<font color="#ffbf46">අපි ළඟටම ආවා. සිහියෙන් ඉන්න.</font>

407
00:37:36,721 --> 00:37:38,061
<font color="#ffbf46">හේයි, වූ ග්‍යොම්.</font>

408
00:37:39,161 --> 00:37:40,161
<font color="#ffbf46">අනේ, සිහිය ගන්නකෝ. අපි එළියට යමු.</font>

409
00:37:40,861 --> 00:37:41,861
<font color="#ffbf46">යමු.</font>

410
00:37:57,941 --> 00:37:59,541
<font color="#ffbf46">හේයි, හේයි. නැගිටින්න.</font>

411
00:38:00,111 --> 00:38:01,751
<font color="#ffbf46">සිහියෙන් ඉන්න. ඔයාට හොඳින් නේද?</font>

412
00:38:02,851 --> 00:38:03,851
<font color="#ffbf46">අනේ.</font>

413
00:38:15,291 --> 00:38:16,291
<font color="#ffbf46">පැටියෝ.</font>

414
00:38:30,011 --> 00:38:31,611
<font color="#ffbf46">ඇයි මෙච්චර පරක්කු වුණේ?</font>

415
00:38:33,741 --> 00:38:35,511
<font color="#ffbf46">එයාට තුවාල වුණා. ඔයාට පුළුවන්ද එයාගේ තුවාලේ බලන්න?</font>

416
00:38:36,351 --> 00:38:37,351
<font color="#ffbf46">දෙයියනේ.</font>

417
00:38:49,961 --> 00:38:51,061
<font color="#ffbf46">ඔයා මින් සෝ වෙන්න ඇති.</font>

418
00:38:58,701 --> 00:39:02,611
<font color="#ffbf46">හේයි... අපි මුලින්ම ඔයාගේ තුවාල වලට බෙහෙත් දාමු.</font>

419
00:39:03,011 --> 00:39:04,541
<font color="#ffbf46">ඔව්. අපි මුලින්ම ලේ යන එක නවත්තමු.</font>

420
00:39:05,311 --> 00:39:06,311
<font color="#ffbf46">මින් සෝ...</font>

421
00:39:07,811 --> 00:39:09,411
<font color="#ffbf46">මම මුලින්ම මින් සෝට ප්‍රතිකාර කරන්න ඕනේ.</font>

422
00:40:42,241 --> 00:40:43,241
<font color="#ffbf46">මින් සෝ.</font>

423
00:40:58,261 --> 00:40:59,721
<font color="#ffbf46">(රජයේ නීතිඥ චා යී යොන්)</font>

424
00:41:10,501 --> 00:41:11,601
<font color="#ffbf46">හේයි. ලී වූ ග්‍යොම්.</font>

425
00:41:11,901 --> 00:41:14,201
<font color="#ffbf46">ලී වූ ග්‍යොම්!
එපා!</font>

426
00:41:22,151 --> 00:41:25,151
<font color="#ffbf46">ඔයාට මාර විශ්වාසයක්නේ තිබුණේ. දැන් ඔයා මොකද කරන්න යන්නේ?</font>

427
00:41:26,951 --> 00:41:30,891
<font color="#ffbf46">කොටස් වල වටිනාකම බාගෙකට බහින එකක්
නෑ. ඒක සම්පූර්ණයෙන්ම වටින්නේ නැති වෙලා යයි.</font>

428
00:41:32,121 --> 00:41:33,861
<font color="#ffbf46">ඒ වගේම බෙහෙතක් හොයාගන්න එක ගැන නම් අමතක කරලා දාන්න.</font>

429
00:41:35,131 --> 00:41:36,331
<font color="#ffbf46">ලී වූ ග්‍යොම් පැනලා ගියා.</font>

430
00:41:38,131 --> 00:41:40,661
<font color="#ffbf46">රජයේ නීතිඥ චා ඇයි චේඋම් එක වැටලුවේ?</font>

431
00:41:43,531 --> 00:41:46,571
<font color="#ffbf46">සභාපති චේ ජොන්ග් සූ. ඉතින්? මොකක්ද ඔයාගේ නිදහසට කාරණය?</font>

432
00:41:47,341 --> 00:41:50,771
<font color="#ffbf46">ඔයා ආරක්ෂා කරපු ඒ කාලකණ්ණියාව රජයේ නීතිඥ චා අල්ලගෙන ගියා.</font>

433
00:41:51,941 --> 00:41:54,981
<font color="#ffbf46">ඔයා හිරේ ගියොත්, අපිත් ඔයා එක්කම
හිරේ යනවා කියලා ඔයාට අමතක වුණාද?</font>

434
00:41:55,551 --> 00:41:58,121
<font color="#ffbf46">ඔයා මොනවා හරි හංගගෙන ඉන්නවා නම්, දැන්ම ඒක කියනවා.</font>

435
00:41:59,321 --> 00:42:01,751
<font color="#ffbf46">මම දැනගෙන හිටියා මේක වෙයි කියලා.</font>

436
00:42:02,751 --> 00:42:05,761
<font color="#ffbf46">නිකම්ම නිකන් මන්ත්‍රී කෙනෙක්ව තමන්ගේ
පාලනය යටතේ තියාගෙන ඉන්න මිනිහෙකුයි,</font>

437
00:42:05,861 --> 00:42:08,591
<font color="#ffbf46">ඒ බල්ලයි අතරේ. මොකක්ද තියෙන වෙනස?</font>

438
00:42:09,591 --> 00:42:11,061
<font color="#ffbf46">හරිම නින්දිතයි.</font>

439
00:42:17,031 --> 00:42:18,041
<font color="#ffbf46">සභාපති චේ.</font>

440
00:42:19,571 --> 00:42:20,701
<font color="#ffbf46">ඔයා මොකද කරන්න යන්නේ?</font>

441
00:42:27,711 --> 00:42:29,451
<font color="#ffbf46">මට අද දවස ඉවරවෙනකන් විතරක් කල් දෙන්න.</font>

442
00:42:30,251 --> 00:42:31,781
<font color="#ffbf46">මම ලී වූ ග්‍යොම්ව ආයේ ගෙනාවට පස්සේ,</font>

443
00:42:32,651 --> 00:42:34,121
<font color="#ffbf46">හැමදේම ආයේ සාමාන්‍ය විදිහට වෙයි.</font>

444
00:42:35,521 --> 00:42:38,561
<font color="#ffbf46">ඒත් බෙහෙතක් හොයාගන්න එක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද?</font>

445
00:42:40,691 --> 00:42:42,061
<font color="#ffbf46">අනේ මේ.</font>

446
00:42:42,831 --> 00:42:44,731
<font color="#ffbf46">ඔයා මුල ඉඳන්ම වැඩ ටික හරියට කරන්න තිබුණා.</font>

447
00:42:45,401 --> 00:42:46,401
<font color="#ffbf46">මිස්ටර්.</font>

448
00:42:50,431 --> 00:42:51,971
<font color="#ffbf46">මේකට අපිට යන්නේ පොඩි ගාණක් නෙමෙයිනේ.</font>

449
00:42:52,541 --> 00:42:54,941
<font color="#ffbf46">මේ වගේ වෙලාවක, ඔයා ඇත්තටම හිතනවාද
මම සදාචාර සම්පන්නව හැසිරෙයි කියලා?</font>

450
00:42:58,581 --> 00:43:02,051
<font color="#ffbf46">එයා ඇහුවේ බෙහෙත හොයාගන්න එක සුවර්ද කියලයි.</font>

451
00:43:11,791 --> 00:43:12,821
<font color="#ffbf46">මම ආපහු ආවම ඔයාට බලාගන්න පුළුවන් වෙයි.</font>

452
00:43:13,791 --> 00:43:15,391
<font color="#ffbf46">මම ඒක ඔයාගේ ඇස් ඉස්සරහම ඔප්පු කරලා පෙන්නන්නම්.</font>

453
00:43:20,761 --> 00:43:21,771
<font color="#ffbf46">දෙවියනේ.</font>

454
00:43:23,901 --> 00:43:25,841
<font color="#ffbf46">අපි සභාපති චේ ගැන මොකද කරන්නේ, සර්?</font>

455
00:43:27,301 --> 00:43:29,371
<font color="#ffbf46">ඔයාගේ දුව නිසා ඔයාට මොනවා හරි අවුලක් තියෙනවා නම්,</font>

456
00:43:29,641 --> 00:43:31,071
<font color="#ffbf46">මට පුළුවන් තනියම සභාපති චේ ගැන බලාගන්න.</font>

457
00:43:31,371 --> 00:43:32,381
<font color="#ffbf46">ඔයා ඒ ගැන වද වෙන්න එපා.</font>

458
00:43:34,851 --> 00:43:36,251
<font color="#ffbf46">මම මේක තනියම බලාගන්නම්.</font>

459
00:43:36,275 --> 00:43:38,275
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜

