1
00:01:01,017 --> 00:01:03,017
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:03,041 --> 00:01:05,041


3
00:01:05,065 --> 00:01:06,984
<font color="#ff7e16"><b>10 වැනි කොටස</b></font>

4
00:01:13,699 --> 00:01:15,910
<font color="#ffbf46"><i>මාර්ගය නැවත ගණනය කරමින්.</i></font>

5
00:01:15,993 --> 00:01:17,828
<font color="#ffbf46">ඒයි. ඒයි!</font>

6
00:01:18,579 --> 00:01:19,997
<font color="#ffbf46">ෂික්.</font>

7
00:01:20,581 --> 00:01:24,794
<font color="#ffbf46">ජීපීඑස් එකටත් පිස්සු හැදෙන විදිහේ
මේ වගේ තැනක බොම් ඉන්නේ කොහොමද මන්දා?</font>

8
00:01:36,555 --> 00:01:38,766
<font color="#ffbf46">හෙයුන්-ගිල් 44-5, ෂින්සු-යුප්, ජුවාන්-ගුන්</font>

9
00:01:42,061 --> 00:01:43,646
<font color="#ffbf46">ඒ අර තියෙන්නේ?</font>

10
00:02:04,750 --> 00:02:05,584
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

11
00:02:06,252 --> 00:02:07,711
<font color="#ffbf46">හරිම හිමින් යන්නේ.</font>

12
00:02:12,258 --> 00:02:13,592
<font color="#ffbf46">අපොයි.</font>

13
00:02:16,637 --> 00:02:19,390
<font color="#ffbf46">ඇයි මේ මෙච්චර හිමින් යන්නේ?</font>

14
00:02:19,974 --> 00:02:21,475
<font color="#ffbf46">මේක ගොඩක් වෙලා යයි වගේ.</font>

15
00:02:33,821 --> 00:02:35,865
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

16
00:02:37,575 --> 00:02:39,368
<font color="#ffbf46">අපි බහිමුද?</font>

17
00:02:43,747 --> 00:02:45,541
<font color="#ffbf46">අපොයි, දැන් මම මොකද කරන්නේ?</font>

18
00:03:01,265 --> 00:03:02,975
<font color="#ffbf46">මේක නම් හරි නෑ.</font>

19
00:03:06,979 --> 00:03:10,316
<font color="#ffbf46">අර යූන් බොම් නම්!
එයා මාව මරවයි!</font>

20
00:03:13,736 --> 00:03:15,487
<font color="#ffbf46">දෙයියනේ, අනේ මට උදව් කරන්න.</font>

21
00:03:16,530 --> 00:03:17,823
<font color="#ffbf46">මාව ජීවත් කෙරෙව්වොත්,</font>

22
00:03:18,574 --> 00:03:21,994
<font color="#ffbf46">මගේ දුවටයි මට වෛර කරන අයටයි මම සමාව දෙනවා.</font>

23
00:03:22,578 --> 00:03:24,538
<font color="#ffbf46">මාව බේරගන්න එන්න බැරි තරම් කාර්යබහුල නම්,</font>

24
00:03:25,205 --> 00:03:29,668
<font color="#ffbf46">ඔබ වෙනුවට විශ්වාසවන්ත කෙනෙක්ව එවන්න.</font>

25
00:03:58,948 --> 00:04:01,742
<font color="#ffbf46">ඔයාට කමක් නෑ නේද? තුවාල වුණේ නෑ නේද?</font>

26
00:04:06,830 --> 00:04:10,709
<font color="#ffbf46">ඔයාගේ නම මොකක්ද?</font>

27
00:04:19,093 --> 00:04:20,844
<font color="#ffbf46">අම්මෝ.</font>

28
00:04:28,352 --> 00:04:30,729
<font color="#ffbf46">මාව බේරගත්තට ගොඩක් ස්තූතියි.</font>

29
00:04:32,648 --> 00:04:33,899
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

30
00:04:34,650 --> 00:04:38,112
<font color="#ffbf46">මම නිකමට වගේ අහන්නේ.
ඔයා දන්නවද මම කවුද...</font>

31
00:04:38,195 --> 00:04:41,699
<font color="#ffbf46">ඔයා නිළි ජොන්ග් නන්-හී නේ.
මොකද මේ පිටිසර පැත්තේ කරන්නේ?</font>

32
00:04:41,782 --> 00:04:42,992
<font color="#ffbf46">අනේ.</font>

33
00:04:43,075 --> 00:04:45,786
<font color="#ffbf46">එහෙනම් ඔයා දැනගෙන හිටියා.
මම හිතුවේ ඔයා මාව අඳුරගන්න එකක් නෑ කියලා.</font>

34
00:04:47,496 --> 00:04:48,998
<font color="#ffbf46">මගේ ඉස්කෝලේ යාළුවෙක්...</font>

35
00:04:51,041 --> 00:04:52,918
<font color="#ffbf46">මම දන්න කෙනෙක් ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්.</font>

36
00:04:54,086 --> 00:04:57,297
<font color="#ffbf46">අපි හැම තිස්සෙම එකට හිටියේ,
ඉතින් මම ඔයාගේ ෆිල්ම් ගොඩක් බලලා තියෙනවා.</font>

37
00:04:57,381 --> 00:05:00,342
<font color="#ffbf46">මම හිතුවා මම ඔයාව අඳුරගත්ත බව පෙන්නුවොත්
ඔයාට අපහසු හිතෙයි කියලා.</font>

38
00:05:01,385 --> 00:05:02,261
<font color="#ffbf46">ඒකයි එහෙම කළේ.</font>

39
00:05:04,638 --> 00:05:07,683
<font color="#ffbf46">ඔයා හරිම ශක්තිමත්,
ඒ වගේම හරිම කල්පනාකාරියි.</font>

40
00:05:07,766 --> 00:05:09,101
<font color="#ffbf46">අනේ මේ.</font>

41
00:05:09,768 --> 00:05:13,981
<font color="#ffbf46">මම මෙහෙ ආවේ කෙනෙක්ව හොයාගෙන.</font>

42
00:05:15,274 --> 00:05:16,650
<font color="#ffbf46">ඔයාට යන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ.</font>

43
00:05:19,695 --> 00:05:21,196
<font color="#ffbf46">කාර් එකේ සස්පෙන්ෂන් එක කැඩිලා.</font>

44
00:05:22,531 --> 00:05:24,158
<font color="#ffbf46">අපොයි.</font>

45
00:05:25,701 --> 00:05:26,827
<font color="#ffbf46">මේක දාගන්න.</font>

46
00:05:28,245 --> 00:05:30,539
<font color="#ffbf46">කාර් එක හදපු ගමන්,
එයාලා ඔයාට කතා කරයි.</font>

47
00:05:30,622 --> 00:05:32,166
<font color="#ffbf46">එන්න, ඇතුළට යමු.</font>

48
00:05:33,000 --> 00:05:35,961
<font color="#ffbf46">මම දන්නේ නෑ
මේ විදිහට ඔයාට කරදර කරන එක හරිද කියලා.</font>

49
00:05:36,045 --> 00:05:39,923
<font color="#ffbf46">අන්තර්ජාලයට වඩා වේගෙන්
ෂින්සු වල ඕපාදූප පැතිරෙනවා.</font>

50
00:05:40,007 --> 00:05:43,177
<font color="#ffbf46">අනික, ඔයා ප්‍රසිද්ධ කෙනෙක්නේ.
ඔයා වෙන කොහේ යන්නද?</font>

51
00:05:44,178 --> 00:05:46,555
<font color="#ffbf46">එහෙනම් මම එන්නම්.
හරි.</font>

52
00:05:52,478 --> 00:05:54,438
<font color="#ffbf46">ගුණගරුක දරුවා සම්මානය</font>

53
00:05:57,816 --> 00:06:00,194
<font color="#ffbf46">ඔයා ඇත්තටම කවුද?</font>

54
00:06:00,277 --> 00:06:05,282
<font color="#ffbf46">ඔයා ශක්තිමත් වගේම කල්පනාකාරියි.
ඔයා ඔයාගේ පුතාවත් හරිම හොඳට හදලා තියෙනවා.</font>

55
00:06:07,576 --> 00:06:10,287
<font color="#ffbf46">හන්-ග්‍යුල් පොඩි කාලේ ඉඳන්ම
සම්මාන ගොඩක් දිනලා තියෙනවා,</font>

56
00:06:10,370 --> 00:06:12,664
<font color="#ffbf46">මම පොඩි සම්මාන පාවිච්චි කරන්නේ
රස්නේ භාජන තියන්න,</font>

57
00:06:12,748 --> 00:06:17,169
<font color="#ffbf46">ඒ වගේම රිදී පදක්කම් පාවිච්චි කරනවා
කබඩ් වල කකුල් අසමතුලිත වුණාම තියන්න.</font>

58
00:06:23,717 --> 00:06:25,094
<font color="#ffbf46">ඔයා කාලා නෑ නේද?</font>

59
00:06:25,803 --> 00:06:26,637
<font color="#ffbf46">ඔව්.</font>

60
00:06:27,805 --> 00:06:29,681
<font color="#ffbf46">මම ගාව ගැන්ග්සිගි කැඳ ටිකක් තියෙනවා.</font>

61
00:06:29,765 --> 00:06:34,269
<font color="#ffbf46">ඔයා කැමතිද ජොන්ගුජි පෑන්කේක් එක්ක
ජෙරෙගි ටිකක් කන්න?</font>

62
00:06:34,353 --> 00:06:36,563
<font color="#ffbf46">ඒක හරිම රිද්මයානුකූලයි.</font>

63
00:06:37,272 --> 00:06:39,775
<font color="#ffbf46">මට ඒකෙන් කිසි දෙයක් තේරුණේ නෑ හැබැයි.</font>

64
00:06:40,734 --> 00:06:44,196
<font color="#ffbf46">ඒත් ඔයා කියපු විදිහ හරිම ලස්සනයි.</font>

65
00:06:57,960 --> 00:06:59,002
<font color="#ffbf46"><i>හලෝ?</i></font>

66
00:07:00,295 --> 00:07:02,422
<font color="#ffbf46">පරිස්සමෙන් ගෙදර ගියා නේද?</font>

67
00:07:03,090 --> 00:07:06,051
<font color="#ffbf46">මම කල්පනා කළේ ඔයා බොම්-සික්ව
එක්කන් යන්න එන්නේ කීයටද කියලා.</font>

68
00:07:07,427 --> 00:07:09,721
<font color="#ffbf46">සමාවෙන්න, මගේ ගෙදර අමුත්තෙක් ඉන්නවා.</font>

69
00:07:15,936 --> 00:07:17,229
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

70
00:07:17,896 --> 00:07:20,566
<font color="#ffbf46">එහෙනම් මම ඉස්කෝලේ ඇරිලා එන්නම්.</font>

71
00:07:20,649 --> 00:07:23,443
<font color="#ffbf46"><i>ඒක හරිම රසයි.</i>
<i>මේ රසට හේතුව මොකක්ද?</i></font>

72
00:07:25,195 --> 00:07:26,155
<font color="#ffbf46">ඒ කවුද?</font>

73
00:07:26,989 --> 00:07:28,448
<font color="#ffbf46">ගෑනු කෙනෙක්ගේ කටහඬක්.</font>

74
00:07:34,246 --> 00:07:37,124
<font color="#ffbf46">ඔයාට කියන්න පුළුවන්ද පළමු ඩේට් එකේදි
කරන්න හොඳ දේවල් මොනවද කියලා?</font>

75
00:07:37,207 --> 00:07:40,544
<font color="#ffbf46"><i>ෂා, පළමු ඩේට් එක. ඒක හරිම අපූරුයිනේ.</i></font>

76
00:07:40,627 --> 00:07:44,965
<font color="#ffbf46"><i>චිත්‍රපටයක් බලන්න යනවා වගේ</i>
<i>සරල දෙයක් කළොත් මොකද?</i></font>

77
00:07:46,842 --> 00:07:49,511
<font color="#ffbf46"><i>චිත්‍රපටයක් බලන්න යමුද?</i>
<i>ඔයා බලන්න ආස දෙයක් තියෙනවද?</i></font>

78
00:07:50,179 --> 00:07:51,013
<font color="#ffbf46">චිත්‍රපටයක්?</font>

79
00:07:54,349 --> 00:07:57,686
<font color="#ffbf46">පිරිමි කෙනෙක් පළමු ඩේට් එකේදි
චිත්‍රපටයක් බලන්න යමු කියන එකේ තේරුම මොකක්ද?</font>

80
00:07:57,769 --> 00:07:59,730
<font color="#ffbf46"><i>චිත්‍රපටයක් බලන්න යමු කියන එක</i></font>

81
00:07:59,813 --> 00:08:02,357
<font color="#ffbf46"><i>නිකන්ම සරල දෙයක් වගේ ඇහුනට,</i></font>

82
00:08:02,441 --> 00:08:05,277
<font color="#ffbf46"><i>එයාට වෙන අදහස් තියෙන්නත් පුළුවන්.</i></font>

83
00:08:05,360 --> 00:08:09,615
<font color="#ffbf46"><i>උදාහරණයක් විදිහට, ශාලාවේ තියෙන කළුවර ප්‍රයෝජනයට අරන්</i>
<i>ශාරීරිකව ළං වෙන්න උත්සාහ කරන්න පුළුවන්.</i></font>

84
00:08:11,450 --> 00:08:12,492
<font color="#ffbf46">ශාරීරිකව ළං වෙන්න?</font>

85
00:08:13,118 --> 00:08:14,828
<font color="#ffbf46"><i>අපි 'අ කිලර්ස් ඩිනර් ' බලමුද?</i></font>

86
00:08:15,412 --> 00:08:16,955
<font color="#ffbf46"><i>'අ කිලර්ස් ඩිනර් '?</i></font>

87
00:08:19,124 --> 00:08:20,667
<font color="#ffbf46">එයාට ඕන හොරර් ෆිල්ම් එකක් බලන්න.</font>

88
00:08:21,627 --> 00:08:23,587
<font color="#ffbf46"><i>වාව්, ඒක හොඳ ලකුණක්.</i></font>

89
00:08:23,670 --> 00:08:26,423
<font color="#ffbf46"><i>එයාට හොරර් ෆිල්ම් එකක් බලන්න ඕන නම්,</i>
<i>ඒකෙන් අදහස් වෙන්නේ,</i></font>

90
00:08:26,506 --> 00:08:29,968
<font color="#ffbf46"><i>භයානක අවස්ථාවකදි ඔයා කොච්චර විශ්වාසවන්තද</i>
<i>සහ කල්පනාකාරීද කියලා</i></font>

91
00:08:30,052 --> 00:08:32,179
<font color="#ffbf46"><i>එයාට දැනගන්න ඕන ඇති.</i>
කල්පනාකාරී?</font>

92
00:08:33,347 --> 00:08:34,348
<font color="#ffbf46">විශ්වාසවන්ත?</font>

93
00:08:37,601 --> 00:08:40,103
<font color="#ffbf46"><i>මම ටිකට් ගන්නම්. ඔයා නිකන් එන්න.</i></font>

94
00:08:40,187 --> 00:08:41,438
<font color="#ffbf46">"ඔයා නිකන් එන්න"?</font>

95
00:08:42,981 --> 00:08:45,317
<font color="#ffbf46">එයා හරිම උනන්දුවෙන් ඉන්නේ.</font>

96
00:08:46,318 --> 00:08:49,238
<font color="#ffbf46">පළමු ඩේට් එකේදි එයා මොනවා කරන්නද හිතන් ඉන්නේ?</font>

97
00:09:06,296 --> 00:09:07,714
<font color="#ffbf46">ඔයා මොකක්ද ඔය අහන්නේ?</font>

98
00:09:07,798 --> 00:09:09,424
<font color="#ffbf46">ආ, මුකුත් නෑ.</font>

99
00:09:15,055 --> 00:09:17,224
<font color="#ffbf46">ඇයි? අමුත්තා ගියාද?</font>

100
00:09:18,100 --> 00:09:19,184
<font color="#ffbf46">ගේට්ටුව ඇරලා.</font>

101
00:09:21,770 --> 00:09:24,773
<font color="#ffbf46">මිස්ටර් සන්. මිස්ටර් සන් ජේ-ග්‍යු.</font>

102
00:09:26,900 --> 00:09:27,859
<font color="#ffbf46">යමු.</font>

103
00:09:37,577 --> 00:09:40,289
<font color="#ffbf46">බොම්-සික්, අපි තාත්තව පුදුම කරමුද?</font>

104
00:09:46,586 --> 00:09:47,671
<font color="#ffbf46">ජේ-ග්‍යු!</font>

105
00:09:47,754 --> 00:09:48,964
<font color="#ffbf46">අම්මෝ!</font>

106
00:09:50,007 --> 00:09:50,966
<font color="#ffbf46">අම්මෝ!</font>

107
00:09:52,843 --> 00:09:54,011
<font color="#ffbf46">අම්මා.</font>

108
00:09:55,637 --> 00:09:57,889
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?
ඇයි ඔයා මේ ගෙදර ඉන්නේ?</font>

109
00:09:58,473 --> 00:10:01,184
<font color="#ffbf46">ඒක මමයි ඔයාගෙන් අහන්න ඕන.
අම්මා ඇයි මෙහෙ?</font>

110
00:10:03,228 --> 00:10:04,438
<font color="#ffbf46">ඉන්නකෝ.</font>

111
00:10:04,521 --> 00:10:06,982
<font color="#ffbf46">ඔයා මේ යාලු වෙලා ඉන්න පිරිමි කෙනා මෙයාද?</font>

112
00:10:07,065 --> 00:10:08,608
<font color="#ffbf46">ඔයා පෞද්ගලික රහස් පරීක්ෂකයෙක්වත් දැම්මද?</font>

113
00:10:08,692 --> 00:10:12,112
<font color="#ffbf46">කොහොමද ඔයා හරියටම දැනගත්තේ
මම යාලු වෙලා ඉන්නේ කා එක්කද, එයා ඉන්නේ කොහෙද කියලා?</font>

114
00:10:12,195 --> 00:10:14,072
<font color="#ffbf46">දෙයියනේ, ඔයා නම් හරිම නරක දුවෙක්.</font>

115
00:10:14,156 --> 00:10:17,284
<font color="#ffbf46">ඔයා මට වෛර කරනවා ඇති,
ඒත් මම මෙච්චර දුරක් ආවේ ඔයාව බලන්න.</font>

116
00:10:17,367 --> 00:10:19,369
<font color="#ffbf46">ඔයාගේ කේන්තිය පොඩ්ඩක් පාලනය කරගන්න බැරිද?</font>

117
00:10:22,289 --> 00:10:23,999
<font color="#ffbf46">මම කේන්තිය පාලනය කරගෙන ඉවසගෙන හිටියා,</font>

118
00:10:24,791 --> 00:10:26,001
<font color="#ffbf46">ඔයා මට කියපු විදිහටම.</font>

119
00:10:27,753 --> 00:10:31,923
<font color="#ffbf46">ගුරුවරයෙක්ගේ ජීවිතේට වඩා නිළි ජොන්ග් නන්-හීගේ
ජීවිතේ වටිනවා කිව්වනේ.</font>

120
00:10:32,674 --> 00:10:36,845
<font color="#ffbf46">ඔයාගේ නිළි ජීවිතේට මම නිසා හානියක් වෙනවට
මම කැමති වුණේ නෑ,</font>

121
00:10:38,013 --> 00:10:41,308
<font color="#ffbf46">ඒකෙන් මගේ ජීවිතේ විනාශ වෙනවා කියලා දැන දැනත්
මම ඔයා කියපු විදිහටම කළා.</font>

122
00:10:43,018 --> 00:10:47,272
<font color="#ffbf46">එහෙම කරපු එකෙන්ම, දුවෙක් විදිහට මම කරන්න ඕන දේවල්
උපරිමයෙන්ම කළා කියලා මම හිතනවා.</font>

123
00:10:48,023 --> 00:10:51,068
<font color="#ffbf46">ඒ නිසා කරුණාකරලා,
අපි දැන් අපේ පාඩුවේ ජීවත් වෙමු.</font>

124
00:10:56,531 --> 00:10:58,158
<font color="#ffbf46">මේ මම ඉල්ලපු ටිකට් එකට සල්ලි.</font>

125
00:10:58,742 --> 00:11:00,494
<font color="#ffbf46">උදව් කළාට ස්තූතියි.</font>

126
00:11:02,329 --> 00:11:04,456
<font color="#ffbf46">මිස් ජොන්ග් නන්-හී.</font>

127
00:11:05,040 --> 00:11:06,708
<font color="#ffbf46">අම්මෝ.</font>

128
00:11:06,792 --> 00:11:09,753
<font color="#ffbf46">කාර් එක බලන අතරේ මට
හොඳ දර්ශනයක් මග හැරුණා වගේ.</font>

129
00:11:09,836 --> 00:11:12,381
<font color="#ffbf46">මම හිතන්නේ ඔයාලා දෙන්නා දැනටමත් මුණගැහිලා.</font>

130
00:11:14,049 --> 00:11:15,967
<font color="#ffbf46">බිල ගෙව්වනේ, දැන් කරුණාකරලා යන්න.</font>

131
00:11:16,051 --> 00:11:18,345
<font color="#ffbf46">මගේම දුව අර වෛර කරන ෆෑන්ස්ලාටත් වඩා අන්තයි.</font>

132
00:11:18,929 --> 00:11:20,347
<font color="#ffbf46">අම්මට ඔහොම කතා කරනවානේ.</font>

133
00:11:20,931 --> 00:11:22,057
<font color="#ffbf46">"අම්මා"?</font>

134
00:11:24,142 --> 00:11:25,477
<font color="#ffbf46">"අම්මා"?</font>

135
00:11:26,853 --> 00:11:31,316
<font color="#ffbf46">ඒ කියන්නේ ඔයාගේ දුව...</font>

136
00:11:32,609 --> 00:11:34,986
<font color="#ffbf46">බොම් ද? ඒකද මේ කියන්නේ?</font>

137
00:11:36,113 --> 00:11:37,697
<font color="#ffbf46">අනේ දෙයියනේ.</font>

138
00:11:37,781 --> 00:11:41,034
<font color="#ffbf46">මම කොහොමත් දැනගෙන හිටියේ නෑ. මම උදව් කළේ
ඔයාගේ කාර් එක කැඩුණ නිසයි.</font>

139
00:11:42,411 --> 00:11:43,787
<font color="#ffbf46">මම හරියට අඳුන්වලා දෙන්නම්.</font>

140
00:11:44,538 --> 00:11:45,747
<font color="#ffbf46">මම සන් ජේ-ග්‍යු.</font>

141
00:11:51,169 --> 00:11:55,048
<font color="#ffbf46">මේ වගේ ගොඩේ ගමක ඉන්න මිනිහෙක්ව
ඔයා කොහොම හොයාගත්තද මන්දා?</font>

142
00:11:56,258 --> 00:11:57,217
<font color="#ffbf46">මිස් ජොන්ග්.</font>

143
00:11:57,300 --> 00:12:00,303
<font color="#ffbf46">දැන් ටිකකට කලින්, ඔයා මට කිව්වා ඔයාගේ වීරයා කියලා,</font>

144
00:12:00,387 --> 00:12:02,055
<font color="#ffbf46">ඔයා කිව්වා මම හැංගිලා ඉන්න මැණිකක් කියලා.</font>

145
00:12:02,639 --> 00:12:06,601
<font color="#ffbf46">හොඳ ශරීරයක් තියෙන, කල්පනාකාරී,
වගේම හරිම ලස්සනට කතා කරන කෙනෙක් කියලා.</font>

146
00:12:07,727 --> 00:12:10,981
<font color="#ffbf46">ඒ මම ඔයාව අඳුරන්නේ නැති කාලෙනේ.</font>

147
00:12:12,524 --> 00:12:17,070
<font color="#ffbf46">ඔයාට කියන්න පුළුවන්ද හරියටම
මගේ මොනවටද ඔයා අකමැති කියලා?</font>

148
00:12:17,946 --> 00:12:19,531
<font color="#ffbf46">මුලින්ම, ඔයාට ළමයෙක් ඉන්නවා.</font>

149
00:12:20,198 --> 00:12:21,324
<font color="#ffbf46">එයා මගේ සහෝදරියගේ පුතා.</font>

150
00:12:22,200 --> 00:12:24,161
<font color="#ffbf46">ඔයා තාත්තා කෙනෙක් වගේමයි පේන්නේ.</font>

151
00:12:25,120 --> 00:12:27,330
<font color="#ffbf46">අනික, ඔයාගේ මස් පිඩු ඕනවට වඩා වැඩියි.</font>

152
00:12:27,414 --> 00:12:28,623
<font color="#ffbf46">මම ඒවා අඩු කරගන්නම්.</font>

153
00:12:28,707 --> 00:12:30,584
<font color="#ffbf46">අනික ඔයා කතා කරන භාෂාව මට තේරෙන්නෙත් නෑ.</font>

154
00:12:31,626 --> 00:12:33,503
<font color="#ffbf46">මගේ අම්මා හිටියේ සෝල් වල, ඒ නිසා...</font>

155
00:12:34,713 --> 00:12:36,965
<font color="#ffbf46">ආයුබෝවන්. මම සන් ජේ-ග්‍යු.</font>

156
00:12:40,719 --> 00:12:42,929
<font color="#ffbf46">මට ඕන නම් සෝල් උච්චාරණයෙන්
කතා කරන්න පුළුවන්.</font>

157
00:12:43,013 --> 00:12:45,265
<font color="#ffbf46">කොහොම වුණත්, මම ඔයාගේ මූණට කැමති නෑ.</font>

158
00:12:45,348 --> 00:12:47,517
<font color="#ffbf46">ඔයාගේ ඇඳුම් වලටයි කොණ්ඩෙටයිත් මම කැමති නෑ.</font>

159
00:12:49,311 --> 00:12:50,645
<font color="#ffbf46">මම කිව්වනේ යන්න කියලා.</font>

160
00:12:50,729 --> 00:12:52,022
<font color="#ffbf46">බොම්.</font>

161
00:12:52,105 --> 00:12:53,356
<font color="#ffbf46">මම යනවා.</font>

162
00:12:54,649 --> 00:12:55,942
<font color="#ffbf46">අපොයි.</font>

163
00:12:59,237 --> 00:13:02,199
<font color="#ffbf46">දැන් මම කෑම වලටයි මෙහේ නිදාගත්තටයි
සල්ලි ගෙවලා තියෙන්නේ,</font>

164
00:13:02,282 --> 00:13:05,160
<font color="#ffbf46">ඒ නිසා අන්තර්ජාලයේ මට බැනලා දාන්න එපා. හරිද?</font>

165
00:13:08,497 --> 00:13:10,457
<font color="#ffbf46">මිස් ජොන්ග්.</font>

166
00:13:10,540 --> 00:13:12,292
<font color="#ffbf46">මම කොහොමද මේක ගන්නේ?</font>

167
00:13:12,375 --> 00:13:13,627
<font color="#ffbf46">ඔයා එයා පස්සෙන් ගියොත්,</font>

168
00:13:14,794 --> 00:13:16,379
<font color="#ffbf46">අපි ඉවරයි.</font>

169
00:13:17,797 --> 00:13:18,965
<font color="#ffbf46">ඒත්...</font>

170
00:13:36,399 --> 00:13:38,610
<font color="#ffbf46">ඒ වුණාට, ඔයා කොහොමද මගේ ඔෆිස් එකට ආවේ?</font>

171
00:13:38,693 --> 00:13:41,488
<font color="#ffbf46">බොම් අපි ගැන දැනගත්තොත් මොකද වෙන්නේ?</font>

172
00:13:41,571 --> 00:13:44,324
<font color="#ffbf46">දැන් වෙන්න තියෙන දේ වුණානේ, මට ඒක අදාළ නෑ.</font>

173
00:13:45,617 --> 00:13:46,910
<font color="#ffbf46">එතකොට මම?</font>

174
00:13:46,993 --> 00:13:51,122
<font color="#ffbf46">මම ඔයා එක්ක සම්බන්ධයි කියලා එයා දැනගත්තොත්?</font>

175
00:13:52,040 --> 00:13:53,542
<font color="#ffbf46">එයාට ගොඩක් කේන්ති යයි.</font>

176
00:13:54,251 --> 00:13:57,087
<font color="#ffbf46">එයා ඉන්නේ කොහෙද කියලා මට කිව්වේ කවුද කියලා අහලා
එයා ලොකු කලබලයක් කළා.</font>

177
00:13:59,464 --> 00:14:00,507
<font color="#ffbf46">ඔයා යන එක හොඳයි.</font>

178
00:14:01,258 --> 00:14:03,802
<font color="#ffbf46">එයා අපිව මෙහෙම දැක්කොත්,
එයා තවත් දුක් වෙයි.</font>

179
00:14:05,011 --> 00:14:06,596
<font color="#ffbf46">මම දුකෙන් ඉන්න බව ඔයාට පේන්නේ නැද්ද?</font>

180
00:14:07,264 --> 00:14:10,725
<font color="#ffbf46">ඔයා 'නන්-හීගේ වංශකතාව' ෆෑන් ක්ලබ් එකේ
සභාපතිනේ,</font>

181
00:14:10,809 --> 00:14:12,894
<font color="#ffbf46">යූන් බොම් ගේ නෙවෙයිනේ.</font>

182
00:14:14,729 --> 00:14:16,690
<font color="#ffbf46">වෙන දේවල් ගැන කරදර වෙන්න එපා,</font>

183
00:14:16,773 --> 00:14:19,192
<font color="#ffbf46">මට කියන්න එයා කවුද, එයා මොනවද කරන්නේ කියලා.</font>

184
00:14:19,276 --> 00:14:20,652
<font color="#ffbf46">විස්තර ඇතිව කියන්න.</font>

185
00:14:25,323 --> 00:14:26,658
<font color="#ffbf46">එයා ඔයාගේ හතුරෙක්නේ.</font>

186
00:14:27,284 --> 00:14:29,369
<font color="#ffbf46">ඔයා කිව්වා එයා ඔයාගේ සල්ලි අරන් පැනලා ගියා කියලා.</font>

187
00:14:29,452 --> 00:14:32,122
<font color="#ffbf46">ඇත්තටම ඔයාලා දෙන්නා අතරේ මොකද වුණේ?</font>

188
00:14:45,885 --> 00:14:46,845
<font color="#ffbf46">මොකද වුණේ?</font>

189
00:14:47,679 --> 00:14:48,680
<font color="#ffbf46">එයා ආයෙත් ඔයාට ගැහුවද?</font>

190
00:14:51,433 --> 00:14:54,227
<font color="#ffbf46">මම ගෙදර හිටියා නම් දේවල් දෙකෙන් එකක් වෙන්න තිබුණා,
ඒකයි මම ආවේ.</font>

191
00:14:56,605 --> 00:14:59,608
<font color="#ffbf46">එක්කෝ එයා මාව මරලා දායි...</font>

192
00:15:02,694 --> 00:15:04,821
<font color="#ffbf46">නැත්නම් මම එයාව මරලා දායි.</font>

193
00:15:08,074 --> 00:15:09,409
<font color="#ffbf46">එහෙම දෙයක් කවදාවත් වෙන්නේ නෑ.</font>

194
00:15:11,244 --> 00:15:12,078
<font color="#ffbf46">මොකද...</font>

195
00:15:14,122 --> 00:15:16,291
<font color="#ffbf46">ඔයාගේ තාත්තගෙන් බේරෙන්න මම උදව් කරනවා.</font>

196
00:15:23,173 --> 00:15:24,883
<font color="#ffbf46">ඔයා කොහොමද ඒක කරන්නේ?</font>

197
00:15:28,053 --> 00:15:30,513
<font color="#ffbf46">මට මගේ අක්කාගෙන් ආරංචියක් නෑ,</font>

198
00:15:31,139 --> 00:15:33,350
<font color="#ffbf46">හන්-ග්‍යුල්ට තාම ඇවිදගන්නවත් බෑ.</font>

199
00:15:33,433 --> 00:15:35,769
<font color="#ffbf46">මට පැනලා යන්න ඕන වුණත් මගේ අතේ සල්ලි නෑ.</font>

200
00:15:49,616 --> 00:15:50,533
<font color="#ffbf46">ඔයා...</font>

201
00:15:52,535 --> 00:15:53,411
<font color="#ffbf46">ඔයා මේක හොරකම් කළාද?</font>

202
00:15:56,247 --> 00:15:58,416
<font color="#ffbf46">ඔයාට කොහෙන්ද මෙච්චර සල්ලි?</font>

203
00:15:59,292 --> 00:16:00,168
<font color="#ffbf46"><i>ළමයෝ.</i></font>

204
00:16:00,251 --> 00:16:02,420
<font color="#ffbf46">එයා හැම වාර විභාගයකින්ම පළවෙනියා වෙලා තියෙනවා.</font>

205
00:16:02,504 --> 00:16:03,838
<font color="#ffbf46">බලන්න. මේ.</font>

206
00:16:03,922 --> 00:16:04,923
<font color="#ffbf46">මේ තියෙන්නේ.
ඇත්තටම?</font>

207
00:16:06,007 --> 00:16:06,925
<font color="#ffbf46">තාත්තේ.</font>

208
00:16:07,676 --> 00:16:10,595
<font color="#ffbf46">තාත්තා පොරොන්දු වුණානේ මම හන්ගුක් විශ්වවිද්‍යාලයට තේරුණොත්
කාර් එකක් අරන් දෙනවා කියලා.</font>

209
00:16:11,805 --> 00:16:14,224
<font color="#ffbf46">මේ ලකුණු වල හැටියට, මම අනිවාර්යයෙන්ම තේරෙනවා.</font>

210
00:16:14,307 --> 00:16:15,350
<font color="#ffbf46">මට පුළුවන්ද ඒ සල්ලි ටික</font>

211
00:16:17,310 --> 00:16:18,603
<font color="#ffbf46">දැන්ම ඉල්ලා ගන්න?</font>

212
00:16:24,234 --> 00:16:25,235
<font color="#ffbf46">මගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා.</font>

213
00:16:26,569 --> 00:16:28,196
<font color="#ffbf46">ඔයාට කොහෙන්ද මෙච්චර සල්ලි?</font>

214
00:16:29,739 --> 00:16:30,573
<font color="#ffbf46">යාළුවා.</font>

215
00:16:31,825 --> 00:16:34,327
<font color="#ffbf46">මම මේක හම්බ කළේ සාධාරණව,
ඒ නිසා බය වෙන්න එපා,</font>

216
00:16:35,286 --> 00:16:36,913
<font color="#ffbf46">හොඳට ඉගෙනගන්න.</font>

217
00:16:38,498 --> 00:16:41,626
<font color="#ffbf46">මේක ඔයාගේ කැම්පස් ගාස්තු වලට ඇති වෙයි.</font>

218
00:16:46,256 --> 00:16:49,509
<font color="#ffbf46">ඔයා මට කියන්නේ කැම්පස් යන්න කියලද?</font>

219
00:16:51,219 --> 00:16:54,556
<font color="#ffbf46">අපි සෝල් වල කැම්පස් ගියොත්,
අපිට ඕන දෙයක් කරන්න පුළුවන්.</font>

220
00:16:56,683 --> 00:16:58,852
<font color="#ffbf46">මට මගේ තාත්තාගෙන් බේරෙන්න පුළුවන්...</font>

221
00:17:01,479 --> 00:17:03,440
<font color="#ffbf46">ඔයාට ඔයාගේ තාත්තාගෙන්.</font>

222
00:17:13,908 --> 00:17:16,911
<font color="#ffbf46"><i>මේක නම් හරිම භයානකයි.</i>
<i>මම අහපු විදිහට ජේ-ග්‍යුගේ ගෙදර ගිනි අරන්.</i></font>

223
00:17:16,995 --> 00:17:20,206
<font color="#ffbf46"><i>ගිනි නිවන හමුදාවයි පොලීසියයි ඇවිල්ලා.</i>
<i>එතන ලොකු කලබලයක්.</i></font>

224
00:17:27,046 --> 00:17:30,091
<font color="#ffbf46">අපොයි. තාත්තා නැතිවෙලා වගේ.</font>

225
00:17:35,430 --> 00:17:37,599
<font color="#ffbf46">එතකොට ජේ-ග්‍යු?</font>

226
00:17:38,558 --> 00:17:40,351
<font color="#ffbf46">එයාගේ පුතා, සන් ජේ-ග්‍යු කෝ?</font>

227
00:17:40,435 --> 00:17:42,645
<font color="#ffbf46">එයා පැනලා යන්න ඇති.
කතා කරනකොට පරිස්සමෙන්.</font>

228
00:17:42,729 --> 00:17:44,439
<font color="#ffbf46">ඔයා දන්නේ නෑනේ මොකද වුණේ කියලා.</font>

229
00:17:44,522 --> 00:17:49,819
<font color="#ffbf46">තාත්තා හැමදාම බීගෙන ඇවිත්
පුතාට ගහනවා.</font>

230
00:17:49,903 --> 00:17:52,405
<font color="#ffbf46">ඉතින් එයා කොහොමද සිහිකල්පනාවෙන් ඉන්නේ?</font>

231
00:17:52,489 --> 00:17:53,740
<font color="#ffbf46">මම නම් ඕක ඉවසන්නේ නෑ.</font>

232
00:17:53,823 --> 00:17:56,785
<font color="#ffbf46">ඔයා කියන්නේ පුතා ගෙදරට ගිනි තියලා
පැනලා ගියා කියලද?</font>

233
00:17:58,912 --> 00:18:01,998
<font color="#ffbf46">ඔයා හෙචොන් ඉස්කෝලේ ළමයෙක් නේද?
ඔයා සන් ජේ-ග්‍යු ව දන්නවද?</font>

234
00:18:06,127 --> 00:18:07,086
<font color="#ffbf46">ඒයි!</font>

235
00:18:09,422 --> 00:18:12,008
<font color="#ffbf46">ඒයි!</font>

236
00:18:33,029 --> 00:18:36,241
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නේ? ඔයාලා දෙන්නා අතරේ මොකද වුණේ?</font>

237
00:18:42,205 --> 00:18:43,081
<font color="#ffbf46">යන්න.</font>

238
00:18:43,164 --> 00:18:47,585
<font color="#ffbf46">ගෙදර යන්න ටැක්සි එකක් හරි චොපර් එකක් හරි ගෙන්නගන්න තරම්
ඔයා පොහොසත් ඇතිනේ.</font>

239
00:18:49,921 --> 00:18:51,047
<font color="#ffbf46">මම යන්නේ නෑ.</font>

240
00:18:51,130 --> 00:18:52,507
<font color="#ffbf46">ඒ ඇයි?</font>

241
00:18:52,590 --> 00:18:54,509
<font color="#ffbf46">ඔයා මට කියන්නේ නැත්නම්,
මමම හොයාගන්නම්.</font>

242
00:18:55,093 --> 00:18:56,636
<font color="#ffbf46">කොහොමත් මගේ වැඩ ඔක්කොම අවලංගු කළානේ.</font>

243
00:18:56,719 --> 00:19:00,974
<font color="#ffbf46">මම මෙහේ ඉන්න ටිකේ, මම හොයාගන්නම්
මේ සන් ජේ-ග්‍යු කියන්නේ ඇත්තටම මොන වගේ මිනිහෙක්ද කියලා.</font>

244
00:19:07,522 --> 00:19:10,942
<font color="#ffbf46">අහන්න. ඇත්ත,
මම ඔයාට ලං වුණේ අරමුණක් ඇතිව තමයි,</font>

245
00:19:11,025 --> 00:19:13,528
<font color="#ffbf46">ඒත් මට දැනිච්ච දේවල් ගැන මම බොරු කළේ නෑ.</font>

246
00:19:13,611 --> 00:19:16,322
<font color="#ffbf46">මම ඔයා එක්ක ඉන්නකොට,
මම ගොඩක් සතුටින් හිටියේ...</font>

247
00:19:18,867 --> 00:19:20,410
<font color="#ffbf46">මට අමුතු සතුටක් දැනුණා.</font>

248
00:19:20,493 --> 00:19:22,704
<font color="#ffbf46">ඔයා මගේ ව්‍යායාම වලට බාධා කරනවා. යන්න.</font>

249
00:19:22,787 --> 00:19:26,958
<font color="#ffbf46">නැත්නම්, ඇයි මම මගේ කාලයයි සල්ලියි නාස්ති කරගෙන
ඔයාව හම්බ වෙන්නේ?</font>

250
00:19:27,041 --> 00:19:30,086
<font color="#ffbf46">අපි දෙන්නම තනියෙන් හිටියේ,
ඉතින් අපි හිතමු අපිට වැරදීමක් වුණා කියලා,</font>

251
00:19:30,169 --> 00:19:31,379
<font color="#ffbf46">දැන් අපි වෙන් වෙමු.</font>

252
00:19:32,046 --> 00:19:33,673
<font color="#ffbf46">මාස්ටර්, දැන් මම මොකද කරන්න ඕන?</font>

253
00:19:33,756 --> 00:19:35,508
<font color="#ffbf46">එයාව අතාරින්න. නෑ, මම අදහස් කළේ...</font>

254
00:19:35,592 --> 00:19:37,677
<font color="#ffbf46">අපි දැන් ටෙක්නිකල් ස්ටෑන්ඩ් අප් එකක් කරමු.</font>

255
00:19:44,517 --> 00:19:46,936
<font color="#ffbf46">හේ-සුක්, මට වෙන් වෙන්න ඕන නෑ.</font>

256
00:19:47,854 --> 00:19:50,398
<font color="#ffbf46">අපේ ආරම්භය හොඳ නැති වුණා තමයි,</font>

257
00:19:50,982 --> 00:19:54,068
<font color="#ffbf46">ඒත් අපි දෙන්නා එකිනෙකා මත යැපෙන නිසා
අපිට හොඳ සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්.</font>

258
00:19:54,152 --> 00:19:55,361
<font color="#ffbf46">මාත් එක්ක එහෙම කරමු.</font>

259
00:19:55,445 --> 00:19:57,947
<font color="#ffbf46">මොකක්? මොකක්ද කරන්න කියන්නේ?</font>

260
00:19:58,031 --> 00:19:59,532
<font color="#ffbf46">හොඳ යාළුකමක් ඇතිකරගමු.</font>

261
00:19:59,616 --> 00:20:02,160
<font color="#ffbf46">මම ගෙදර ගියත් මාව පිළිගන්න කවුරුත් නෑනේ.</font>

262
00:20:02,243 --> 00:20:03,912
<font color="#ffbf46">මටත් කම්මැලියි, ඉතින් මේක හොඳයිනේ.</font>

263
00:20:03,995 --> 00:20:06,456
<font color="#ffbf46">සති අන්තෙ අපි විනෝද උද්‍යානයකට යමු</font>

264
00:20:06,539 --> 00:20:07,749
<font color="#ffbf46">ඊටපස්සේ ෆිල්ම් එකක් බලන්න යමු.</font>

265
00:20:07,832 --> 00:20:10,835
<font color="#ffbf46">මොකක්... මම මොකටද ඔයත් එක්ක ෆිල්ම් බලන්න යන්නේ?</font>

266
00:20:10,919 --> 00:20:12,086
<font color="#ffbf46">ඒකට කැමති නැත්නම්,</font>

267
00:20:12,795 --> 00:20:14,797
<font color="#ffbf46">අපේ ගෙදර ගියොත් කොහොමද?
ඔයාගේ ගෙදර?</font>

268
00:20:14,881 --> 00:20:16,716
<font color="#ffbf46">අද රෑට කොහොමද? එනවද අපේ ගෙදර</font>

269
00:20:18,092 --> 00:20:19,218
<font color="#ffbf46">මාත් එක්ක රාමෙන් එකක් කන්න?</font>

270
00:20:19,802 --> 00:20:20,845
<font color="#ffbf46">නෑ. අයියෝ.</font>

271
00:20:21,638 --> 00:20:25,391
<font color="#ffbf46">අනික, මම මේ දවස්වල රෑට කන්නේ නෑ.</font>

272
00:20:25,975 --> 00:20:27,435
<font color="#ffbf46">එහෙනම්. මම යනවා.</font>

273
00:20:39,072 --> 00:20:40,281
<font color="#ffbf46">ඇයි මගේ පස්සෙන් එන්නේ?</font>

274
00:20:41,199 --> 00:20:43,034
<font color="#ffbf46">මම නිකන් ඔයාව ගෙදරට ඇරලන්න එන්නේ.</font>

275
00:20:43,660 --> 00:20:44,911
<font color="#ffbf46">ඒ මොකටද?</font>

276
00:20:46,663 --> 00:20:49,666
<font color="#ffbf46">අර පිස්සා ආයෙත් ඔයාට කරදර කරයි කියලා බය හිතුණා.</font>

277
00:20:51,668 --> 00:20:54,253
<font color="#ffbf46">ඔයාට මං ගැන අදහසක් තියෙනවද?</font>

278
00:20:55,421 --> 00:20:56,422
<font color="#ffbf46">ඒ කිව්වේ?</font>

279
00:20:57,131 --> 00:20:58,967
<font color="#ffbf46">මම පැහැදිලිවම කියන්නම්.</font>

280
00:20:59,467 --> 00:21:01,594
<font color="#ffbf46">මගේ ජීවිතේට ආයේ පිරිමියෙක්ව නම් කවදාවත් ලං කරගන්නේ නෑ.</font>

281
00:21:02,178 --> 00:21:04,472
<font color="#ffbf46">මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා.</font>

282
00:21:04,555 --> 00:21:08,393
<font color="#ffbf46">මට පිරිමි ගැන කිසිම උනන්දුවක් නෑ,
අනික මට මං ගැනම විශ්වාසයක් නෑ.</font>

283
00:21:08,476 --> 00:21:10,186
<font color="#ffbf46">ඔයා හිතනවද මට මං ගැන විශ්වාසයි කියලා?</font>

284
00:21:12,021 --> 00:21:15,566
<font color="#ffbf46">ඔයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්,
දික්කසාද වෙලා, ළමයිනුත් ඉන්නවා.</font>

285
00:21:15,650 --> 00:21:18,069
<font color="#ffbf46">ඒ කියන්නේ, මම ඔයාට කැමති වෙන්න කිසිම හේතුවක් නෑ.</font>

286
00:21:18,152 --> 00:21:21,239
<font color="#ffbf46">අන්න හරි! ඔයා මගේ අඩුපාඩු එකින් එක පෙන්නුවානේ.</font>

287
00:21:21,322 --> 00:21:23,074
<font color="#ffbf46">මම ඔයා වුණා නම් මාත් මට කැමති වෙන්නේ නෑ.</font>

288
00:21:23,157 --> 00:21:25,159
<font color="#ffbf46">දැන් මම දන්නවා ඔයාට කැමැත්තක් නෑ කියලා.</font>

289
00:21:25,243 --> 00:21:27,954
<font color="#ffbf46">ඒත් මට කරන්න දෙයක් නෑ. මම උත්සාහ කරලා බලනවා.</font>

290
00:21:29,288 --> 00:21:31,874
<font color="#ffbf46">ඔයා මට විහිළු කරනවද නැත්නම් මට කැමතියි කියනවද?</font>

291
00:21:34,794 --> 00:21:35,878
<font color="#ffbf46">මෙන්න බලන්න.</font>

292
00:21:35,962 --> 00:21:39,298
<font color="#ffbf46">මම ගෑනු ළමයෙක්ව ආශ්‍රය කරන්නෙ බඳින්න බලාගෙන විතරයි.</font>

293
00:21:40,174 --> 00:21:41,134
<font color="#ffbf46">බඳින්න?</font>

294
00:21:41,217 --> 00:21:43,302
<font color="#ffbf46">මට මේ බාධක ජයගන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නෑ.</font>

295
00:21:43,970 --> 00:21:46,556
<font color="#ffbf46">ඒත් ඔයත් එක්ක රණ්ඩු කර කර ඉද්දි මගේ හිත ඔයාට ඇදිලා ගියා.</font>

296
00:21:47,473 --> 00:21:49,976
<font color="#ffbf46">නිවුන් ළමයි මට හුරු වෙයිද දන්නේ නෑ.</font>

297
00:21:50,059 --> 00:21:53,438
<font color="#ffbf46">මම එයාලට කෑම අරන් දෙන්නම්, ෆුට්බෝල්
ගහන්නම්. මට පුළුවන් උපරිමය කරන්න ඕනේ!</font>

298
00:21:57,400 --> 00:22:01,612
<font color="#ffbf46">ඒත් හරිගියේ නැත්නම්, මම නිකම්ම අතඇරලා දාන්නම්.</font>

299
00:22:03,448 --> 00:22:05,199
<font color="#ffbf46">ඒ නිසා වද වෙන්න එපා.</font>

300
00:22:06,325 --> 00:22:08,327
<font color="#ffbf46">මම එදාට මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්නම්.</font>

301
00:22:15,334 --> 00:22:16,711
<font color="#ffbf46">හරි, යමු දැන්.</font>

302
00:22:47,617 --> 00:22:48,493
<font color="#ffbf46">ඇයි ඔයා...</font>

303
00:23:03,091 --> 00:23:04,050
<font color="#ffbf46">හීනය...</font>

304
00:23:08,179 --> 00:23:09,305
<font color="#ffbf46">ආයෙත් පේන්න පටන් අරන්.</font>

305
00:23:33,704 --> 00:23:37,583
<font color="#ffbf46">ඔයා කිව්වනේ ඔයාගේ යාළුවාගේ යාළුවෙක් ගැන</font>

306
00:23:37,667 --> 00:23:39,585
<font color="#ffbf46">ළමයෙක්ගේ දෙමව්පියෙක්ගෙන් ගුටි කාපු.</font>

307
00:23:41,254 --> 00:23:45,133
<font color="#ffbf46">මම කරපු නඩුවල විස්තරයි උසාවි නියෝගයි ඔක්කොම එකතු කළා.</font>

308
00:23:56,602 --> 00:23:57,937
<font color="#ffbf46">ගුරුවරුන්ට පහරදීම් පිළිබඳ උසාවි නියෝග</font>

309
00:23:59,647 --> 00:24:01,899
<font color="#ffbf46">ටික කාලෙකට පස්සේ ඒක මතක් වුණ නිසාද</font>

310
00:24:03,317 --> 00:24:04,277
<font color="#ffbf46">නැත්නම්...</font>

311
00:24:06,195 --> 00:24:07,947
<font color="#ffbf46">අම්මව දැක්ක නිසාද?</font>

312
00:24:14,078 --> 00:24:15,163
<font color="#ffbf46">ඔව්, මිස්ටර් සන්.</font>

313
00:24:23,629 --> 00:24:26,132
<font color="#ffbf46">ඔයා කෑම ජාති කීයක් ඇණවුම් කළාද?</font>

314
00:24:28,176 --> 00:24:29,719
<font color="#ffbf46">මේ ඩෙමි-ග්ලේස් සෝස් එක්ක පෝක් කට්ලට් එක.</font>

315
00:24:29,802 --> 00:24:31,929
<font color="#ffbf46">මේක කට්සුඩොන් එක.</font>

316
00:24:32,013 --> 00:24:35,057
<font color="#ffbf46">පෝක් කට්ලට් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්.</font>

317
00:24:35,641 --> 00:24:37,852
<font color="#ffbf46">මස් ගොඩක් තියෙන ගනකම ඒවා.</font>

318
00:24:37,935 --> 00:24:40,521
<font color="#ffbf46">අනික කරකර ගාන ගතිය වැඩි තුනී ඒවා.</font>

319
00:24:41,522 --> 00:24:43,274
<font color="#ffbf46">ඔයා කැමති මොන වර්ගෙටද?</font>

320
00:24:43,357 --> 00:24:44,775
<font color="#ffbf46">කරකර ගාන ඒවට, අනිවාර්යයෙන්ම.</font>

321
00:24:45,359 --> 00:24:46,485
<font color="#ffbf46">හරි.</font>

322
00:25:01,542 --> 00:25:03,544
<font color="#ffbf46">හිතුවා වගේම, කරකර ගාන එක මරු.</font>

323
00:25:07,715 --> 00:25:10,718
<font color="#ffbf46">ෂා, මේකෙ මස් ගොඩක් තියෙනවා, රසයි නේද?</font>

324
00:25:13,012 --> 00:25:14,055
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

325
00:25:15,598 --> 00:25:20,144
<font color="#ffbf46">ඊයේ අපේ අම්මා කියපු දේට ඔයාගේ හිත රිදුණද?</font>

326
00:25:22,230 --> 00:25:25,942
<font color="#ffbf46">ඒක නෙවෙයි, ඇයි ඔයා වෙන ඇඳුමක් ඇඳගෙන? කොණ්ඩෙත්...</font>

327
00:25:26,025 --> 00:25:28,110
<font color="#ffbf46">මට එයා කියපු දේ මතකවත් නෑ.</font>

328
00:25:28,194 --> 00:25:29,111
<font color="#ffbf46">වද වෙන්න එපා.</font>

329
00:25:30,821 --> 00:25:33,741
<font color="#ffbf46">ඔයාට කොහොමද? මට හිතෙන්නේ මම
නිසා ඔයා අම්මා එක්ක රණ්ඩු වුණා කියලා.</font>

330
00:25:38,579 --> 00:25:40,039
<font color="#ffbf46">ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

331
00:25:40,665 --> 00:25:42,416
<font color="#ffbf46">නෑ මුකුත් නෑ. අපි කමු.</font>

332
00:25:42,500 --> 00:25:45,086
<font color="#ffbf46">මම හිතුවා ඊයේ සිද්ධිය නිසා ඔයා අවුලෙන් ඇත්තේ කියලා,</font>

333
00:25:45,169 --> 00:25:47,463
<font color="#ffbf46">ඉතින් මම කල්පනා කළා ඔයාගේ හිත හදන්නේ කොහොමද කියලා</font>

334
00:25:48,089 --> 00:25:51,550
<font color="#ffbf46">ඒත් හිත අවුලෙන් ඉන්නකොට, වෙන බෙහෙත් නෑ.</font>

335
00:25:52,343 --> 00:25:54,762
<font color="#ffbf46">රස කෑමක් කාලා දාඩිය දාන්න මහන්සි වෙන එක තමයි බෙහෙත.</font>

336
00:25:54,845 --> 00:25:56,889
<font color="#ffbf46">සරලම ක්‍රමය තමයි හොඳම.</font>

337
00:25:58,307 --> 00:25:59,141
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

338
00:26:02,728 --> 00:26:06,524
<font color="#ffbf46">දාඩිය දාන්න මහන්සි වෙනවා කිව්වේ, ඇත්තටම දාඩිය දාන වැඩක් ගැනද?</font>

339
00:26:07,233 --> 00:26:10,444
<font color="#ffbf46">හැමදේම උපමාවක් විදියට ගන්න බෑනේ.</font>

340
00:26:12,321 --> 00:26:15,241
<font color="#ffbf46">ඔයාට දාඩිය දාන්න මොනවද කරවන්න ඕනේ?</font>

341
00:26:15,324 --> 00:26:17,285
<font color="#ffbf46">ඔයාට ඉගෙන ගන්න ඕන විශේෂ දේවල් මොනවහරි තියෙනවද?</font>

342
00:26:20,663 --> 00:26:21,580
<font color="#ffbf46">ඔව්.</font>

343
00:26:24,125 --> 00:26:28,212
<font color="#ffbf46">මට ඕන... මගේ ආරක්ෂාව සලසගන්න පුළුවන් දෙයක්.</font>

344
00:26:31,382 --> 00:26:32,258
<font color="#ffbf46">හොඳයි.</font>

345
00:26:32,883 --> 00:26:36,053
<font color="#ffbf46">මම ඔයාට හරියටම උගන්නන්නම්, ඒ නිසා හොඳට කරන්න, හරිද?</font>

346
00:26:36,137 --> 00:26:38,306
<font color="#ffbf46">දැන්, මට ගහන්න.</font>

347
00:26:42,226 --> 00:26:43,853
<font color="#ffbf46">මේ විදියට වලක්වන්න,</font>

348
00:26:43,936 --> 00:26:45,730
<font color="#ffbf46">අත මේ විදියට අදින්න,</font>

349
00:26:45,813 --> 00:26:47,398
<font color="#ffbf46">ඊට පස්සේ බෙල්ල මේ විදියට හිර කරන්න!</font>

350
00:26:48,274 --> 00:26:51,402
<font color="#ffbf46">පිටිපස්සෙන් ගිහින් බෙල්ල හිරකරලා දණහිස පිටිපස්සට පයින් ගහන්න,</font>

351
00:26:51,485 --> 00:26:53,029
<font color="#ffbf46">එතකොට ඒක රියර් චෝක් එකක්.
නවත්තන්න.</font>

352
00:26:53,863 --> 00:26:55,448
<font color="#ffbf46">තේරුණාද? පැහැදිලිද?</font>

353
00:26:56,157 --> 00:26:58,576
<font color="#ffbf46">හරි. මං දිහා බලන්න.</font>

354
00:27:02,288 --> 00:27:04,081
<font color="#ffbf46">ඔව්! අදින්න!</font>

355
00:27:04,165 --> 00:27:08,461
<font color="#ffbf46">දකුණු කකුල මේ විදියට පස්සට යන්න ඕනේ.</font>

356
00:27:08,544 --> 00:27:09,462
<font color="#ffbf46">හරිද? ආයෙමත්.</font>

357
00:27:09,545 --> 00:27:11,047
<font color="#ffbf46">ආ හරි.
හරි එහෙනම්.</font>

358
00:27:12,715 --> 00:27:14,717
<font color="#ffbf46">අල්ලගන්න! ඔව්!</font>

359
00:27:14,800 --> 00:27:15,801
<font color="#ffbf46">හිර කරන්න!</font>

360
00:27:15,885 --> 00:27:18,387
<font color="#ffbf46">පිටිපස්සෙන්. ඊළඟට මොකක්ද?
ඊළඟට?</font>

361
00:27:18,471 --> 00:27:20,306
<font color="#ffbf46">දණහිස පිටිපස්ස!
මොකක්?</font>

362
00:28:58,988 --> 00:29:00,281
<font color="#ffbf46">මිස් ජොන්ග්.</font>

363
00:29:11,917 --> 00:29:14,753
<font color="#ffbf46">මාව අතාරින්න. අතාරින්න.</font>

364
00:29:15,713 --> 00:29:17,548
<font color="#ffbf46">ඔයා මොකද මෙතන කරන්නේ?</font>

365
00:29:17,631 --> 00:29:20,509
<font color="#ffbf46">අර සන් ජේ-ග්‍යු කියන මනුස්සයා මහා නරකයි.</font>

366
00:29:21,051 --> 00:29:24,430
<font color="#ffbf46">එයා එයාට ගහගන්න උගන්නනවා, මැරයෙක් වගේ හැසිරෙන්න.</font>

367
00:29:27,600 --> 00:29:29,310
<font color="#ffbf46">මම ඇත්ත කියන්න ඕනේ.</font>

368
00:29:29,393 --> 00:29:30,478
<font color="#ffbf46">මොන ඇත්තද?</font>

369
00:29:32,229 --> 00:29:33,272
<font color="#ffbf46">ඔයාට බොම් ගැන තියෙන අදහස ගැනද?</font>

370
00:29:33,355 --> 00:29:36,525
<font color="#ffbf46">මම හිතුවා මම බොම්ට කැමති නිසා
මට උදව්වක් වෙන්න පුළුවන් වෙයි කියලා.</font>

371
00:29:37,985 --> 00:29:40,821
<font color="#ffbf46">මට ඕන වුණේ ඔයාලා දෙන්නා අතර තියෙන
වැරදි වැටහීම නැති කරගන්න උදව් කරන්න</font>

372
00:29:40,905 --> 00:29:41,989
<font color="#ffbf46">සහ ඔයාලව යාළු කරන්න.</font>

373
00:29:42,948 --> 00:29:44,992
<font color="#ffbf46">ඒත් අන්තිමට ඒකෙන් වැඩේ තවත් අවුල් වුණා.</font>

374
00:29:46,118 --> 00:29:50,581
<font color="#ffbf46">පරක්කු වෙන්න කලින්, මම ගිහින් බොම්ට අපි ගැන හැමදේම කියනවා.</font>

375
00:29:52,082 --> 00:29:54,543
<font color="#ffbf46">ඒයි, නීතිඥ චෝයි. චෝයි ඊ-ජුන්!</font>

376
00:30:23,155 --> 00:30:25,950
<font color="#ffbf46">මොකක්? අයියෝ!</font>

377
00:30:26,033 --> 00:30:27,952
<font color="#ffbf46">මට සමාවෙන්න. ඔයාට අවුලක් නෑ නේද?</font>

378
00:30:29,912 --> 00:30:30,996
<font color="#ffbf46">සමාවෙන්න.</font>

379
00:30:31,622 --> 00:30:33,123
<font color="#ffbf46">අයියෝ. ඔයාට අමාරුද?</font>

380
00:30:34,291 --> 00:30:35,918
<font color="#ffbf46">මට ගොඩක් සමාවෙන්න.</font>

381
00:30:36,001 --> 00:30:39,171
<font color="#ffbf46">මම හිතුවේ මිස්ටර් සන් මට පුහුණු වෙන්න කියනවා කියලා.</font>

382
00:30:39,255 --> 00:30:41,048
<font color="#ffbf46">ඔයාට තුවාලද?
මම හොඳින්.</font>

383
00:30:41,924 --> 00:30:44,468
<font color="#ffbf46">මගේ නම්බුවට නම් පොඩි හානියක් වුණා.</font>

384
00:30:47,846 --> 00:30:49,181
<font color="#ffbf46">චෝයි ඊ-ජුන්?</font>

385
00:30:52,893 --> 00:30:56,021
<font color="#ffbf46">මම මෙහෙ ආවේ මිස් බොම්ට දෙයක් කියන්න තියෙන නිසා.</font>

386
00:30:56,105 --> 00:30:57,606
<font color="#ffbf46">ඒක හොඳයි.</font>

387
00:30:57,690 --> 00:30:59,984
<font color="#ffbf46">මටත් ඔයාට දෙයක් කියන්න තියෙනවා.</font>

388
00:31:01,652 --> 00:31:03,279
<font color="#ffbf46">ඔයා මට දුන්න ලියකියවිලි වගයක් තිබුණේ,</font>

389
00:31:04,738 --> 00:31:08,617
<font color="#ffbf46">මගේ යාළුවාගේ යාළුවා අන්තිමේදී අද ඒවා කියෙව්වා.</font>

390
00:31:08,701 --> 00:31:10,411
<font color="#ffbf46">ඔයාගේ යාළුවාගේ යාළුවා?</font>

391
00:31:10,494 --> 00:31:12,246
<font color="#ffbf46">එයා ඒවා කියවපු එක ගැන සතුටුයි.</font>

392
00:31:12,913 --> 00:31:13,747
<font color="#ffbf46">කොහොම හරි...</font>

393
00:31:13,831 --> 00:31:16,125
<font color="#ffbf46">එයා කිව්වා ළඟදීම තීරණයක් ගන්නවා කියලා.</font>

394
00:31:17,626 --> 00:31:18,544
<font color="#ffbf46">එහෙමද?</font>

395
00:31:19,169 --> 00:31:22,131
<font color="#ffbf46">එයා මගෙන් උපදෙස් ගන්න ආවොත්, මම එයාට උදව් කරන්නම්.</font>

396
00:31:22,715 --> 00:31:24,883
<font color="#ffbf46">ඔයාට වැඩත් ඇතිනේ, ඒත් ඔයා උදව් කරන්න හදනවා.</font>

397
00:31:25,467 --> 00:31:27,428
<font color="#ffbf46">ඔයාට ගොඩක් ස්තූතියි, මිස්ටර් චෝයි.</font>

398
00:31:30,723 --> 00:31:32,474
<font color="#ffbf46">මොකක්? ඇයි මොකද?</font>

399
00:31:33,142 --> 00:31:34,184
<font color="#ffbf46">ඔයා මට උගන්නපු දේ...</font>

400
00:31:35,144 --> 00:31:36,312
<font color="#ffbf46">මම එයාට ඒක කළානේ.</font>

401
00:31:36,395 --> 00:31:38,272
<font color="#ffbf46">නියමයි.
මට දෙන්න...</font>

402
00:31:49,408 --> 00:31:54,079
<font color="#ffbf46">උදාහරණයක් විදියට, ෆිල්ම් හෝල්
එකේ කරුවල වාසියට අරන් ළං වෙන එක.</font>

403
00:32:09,511 --> 00:32:11,555
<font color="#ffbf46">ෂා, අද මගේ මේකප් එකත් නියමෙටම තියෙනවා.</font>

404
00:32:14,683 --> 00:32:16,810
<font color="#ffbf46">මේ විදියට විතරයි මට ඒ ලස්සන ගන්න පුළුවන්.</font>

405
00:32:23,400 --> 00:32:24,485
<font color="#ffbf46">ඔයා ගොඩක් වෙලා බලාගෙන හිටියද?</font>

406
00:32:26,987 --> 00:32:27,905
<font color="#ffbf46">ඔයා අද...</font>

407
00:32:30,240 --> 00:32:31,241
<font color="#ffbf46">ලස්සනයි.</font>

408
00:32:33,452 --> 00:32:36,747
<font color="#ffbf46">අද විතරක් නෙවෙයි. මම දිගටම ලස්සනට ඉන්නයි කල්පනාව.</font>

409
00:32:38,707 --> 00:32:40,876
<font color="#ffbf46">මොකද කරන්නේ? එන්න මාත් එක්ක.</font>

410
00:32:50,302 --> 00:32:52,763
<font color="#ffbf46">ළං වෙන එක...</font>

411
00:32:56,183 --> 00:32:58,394
<font color="#ffbf46">සැලකිලිමත්. විශ්වාසවන්තයි.</font>

412
00:33:28,465 --> 00:33:29,508
<font color="#ffbf46">අයියෝ!</font>

413
00:33:44,773 --> 00:33:47,025
<font color="#ffbf46">ඔයා බය වෙයි කියලා හිතුණ නිසා මම මේක ගෙනාවා.</font>

414
00:33:50,863 --> 00:33:51,905
<font color="#ffbf46">අල්ලගන්න.</font>

415
00:34:12,217 --> 00:34:14,636
<font color="#ffbf46">ෆිල්ම් එක මරු නේද?</font>

416
00:34:16,054 --> 00:34:17,055
<font color="#ffbf46">මට නම් ශුවර් නෑ.</font>

417
00:34:18,390 --> 00:34:22,227
<font color="#ffbf46">මගේ පපුවත් සීතල වුණා, අත් දෙකත් සීතල වුණා, ඉතින්...</font>

418
00:34:23,562 --> 00:34:26,482
<font color="#ffbf46">ඔයාට... සීතල වුණාද?</font>

419
00:34:34,072 --> 00:34:35,032
<font color="#ffbf46">ඒයි.</font>

420
00:34:44,082 --> 00:34:45,083
<font color="#ffbf46">අන්තිමේදී.</font>

421
00:34:55,385 --> 00:34:56,303
<font color="#ffbf46">චෝයි සේ-ජින්!</font>

422
00:34:57,638 --> 00:34:58,889
<font color="#ffbf46">මොකද මේ කරන්නේ?</font>

423
00:35:01,809 --> 00:35:03,018
<font color="#ffbf46">මූ නම්...
ඔයා...</font>

424
00:35:03,101 --> 00:35:04,102
<font color="#ffbf46">අනේ මන්දා.
මම...</font>

425
00:35:04,686 --> 00:35:07,856
<font color="#ffbf46">අමාරුවෙන් ඔයාගේ අතින් අල්ලගත්තා විතරයි, මාට්ටු වුණානේ.</font>

426
00:35:18,242 --> 00:35:20,828
<font color="#ffbf46">ඔයා ක්ලාස් නොගියේ අසනීපයි කියලා නේද?</font>

427
00:35:21,620 --> 00:35:23,205
<font color="#ffbf46">අනේ මේ.</font>

428
00:35:23,288 --> 00:35:24,998
<font color="#ffbf46">වාර විභාගේ ඉවර වුණේ දවස් දෙකකට කලින්නේ.</font>

429
00:35:29,503 --> 00:35:30,629
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

430
00:35:30,712 --> 00:35:33,549
<font color="#ffbf46">මම සන් හන්-ග්‍යුල්, සේ-ජින්ගේ පන්තියේ.</font>

431
00:35:35,759 --> 00:35:39,346
<font color="#ffbf46">අයියෝ. මේ වගේ වෙලාවක පාඩම් කරලා
පන්තියේ පළවෙනියා වෙන්න ට්‍රයි කරන්න එපායැ.</font>

432
00:35:39,972 --> 00:35:42,057
<font color="#ffbf46">ඔයා මෙතන පිරිමි ළමයෙක් එක්ක විනෝද වෙන අතරේ,</font>

433
00:35:42,140 --> 00:35:44,142
<font color="#ffbf46">පන්තියේ පළවෙනියා පාඩම් කරනවා ඇති කියලා හිතෙන්නේ නැද්ද?</font>

434
00:35:44,226 --> 00:35:46,687
<font color="#ffbf46">එයා අද පාඩම් කරන්නේ නෑ.</font>

435
00:35:46,770 --> 00:35:47,688
<font color="#ffbf46">ඇත්තට.</font>

436
00:35:47,771 --> 00:35:51,149
<font color="#ffbf46">ඒක කියන්නේ හැඩ විතරක් තියෙන යාළුවනේ.</font>

437
00:35:52,067 --> 00:35:52,943
<font color="#ffbf46">තාත්තේ.</font>

438
00:35:53,026 --> 00:35:54,486
<font color="#ffbf46">කොහොම වුණත්, චෝයි සේ-ජින්,</font>

439
00:35:54,570 --> 00:35:58,657
<font color="#ffbf46">ඔයා ආයෙමත් දෙවෙනියා වුණොත්, මම ඔයාව වෙන ඉස්කෝලෙකට දානවා.</font>

440
00:35:58,740 --> 00:35:59,950
<font color="#ffbf46">එහෙම කවදාවත් වෙන්නේ නෑ.</font>

441
00:36:03,662 --> 00:36:04,580
<font color="#ffbf46">මොකක්?</font>

442
00:36:04,663 --> 00:36:08,083
<font color="#ffbf46">සේ-ජින් විභාගෙට ගොඩක් මහන්සි වුණා.</font>

443
00:36:08,166 --> 00:36:10,919
<font color="#ffbf46">පුස්තකාලෙන් හැමදාම අන්තිමට එළියට ආවේ එයා</font>

444
00:36:11,003 --> 00:36:13,422
<font color="#ffbf46">එයා වර්ක්බුක් ආයේ ආයේ බැලුවා.</font>

445
00:36:13,505 --> 00:36:16,633
<font color="#ffbf46">පොත්වල කොළ ගැලවෙනකම්ම එයා ඒවා කියෙව්වා.</font>

446
00:36:19,052 --> 00:36:22,347
<font color="#ffbf46">පාඩම් කරන නිසා එයා යාළුවෝ එක්ක තොක්බොක්කි කන්නවත් ගියේ නෑ,</font>

447
00:36:22,973 --> 00:36:26,560
<font color="#ffbf46">ටොයිලට් එකට යද්දිත් එයා ඉංග්‍රීසි නෝට්ස් අරගෙන ගියේ.</font>

448
00:36:28,520 --> 00:36:29,479
<font color="#ffbf46">සේ-ජින්.</font>

449
00:36:31,690 --> 00:36:35,110
<font color="#ffbf46">බය වෙන්න එපා. ඔයා ගොඩක් මහන්සි වුණානේ.</font>

450
00:36:36,778 --> 00:36:40,157
<font color="#ffbf46">පන්තියේ පළවෙනියා වෙන්න ඔයාට හොඳටම සුදුසුකම් තියෙනවා.</font>

451
00:36:52,085 --> 00:36:53,837
<font color="#ffbf46">ඔයා කොහෙද ඉන්නේ?</font>

452
00:36:53,921 --> 00:36:56,757
<font color="#ffbf46">ඔයා නිසා ෂූටින් වල වැඩ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ.</font>

453
00:36:56,840 --> 00:36:58,425
<font color="#ffbf46">ආ, එයා එළියට ඇවිත්.</font>

454
00:36:58,508 --> 00:36:59,593
<font color="#ffbf46">මම පස්සේ ගන්නම්.</font>

455
00:37:00,135 --> 00:37:01,053
<font color="#ffbf46">බායි.</font>

456
00:37:51,770 --> 00:37:53,480
<font color="#ffbf46">මෙයාට රස්සාවක් නැද්ද මන්දා?</font>

457
00:37:53,563 --> 00:37:55,941
<font color="#ffbf46">මේ වෙලාවේ එයා කොහෙද මේ යන්නේ?</font>

458
00:38:13,667 --> 00:38:14,501
<font color="#ffbf46">මොකක්ද?</font>

459
00:38:15,544 --> 00:38:16,753
<font color="#ffbf46">එයා කොහෙද ගියේ?</font>

460
00:38:21,550 --> 00:38:23,844
<font color="#ffbf46">ඒයි. අපි මෙතන නවතිමු.</font>

461
00:38:24,344 --> 00:38:26,346
<font color="#ffbf46">ඊයේ කකුල්වලට එක්සසයිස් කරපු නිසා,
මගේ කකුල් රිදෙනවා.</font>

462
00:38:26,930 --> 00:38:28,974
<font color="#ffbf46">කවුද මේ, මගේ පස්සෙන් එන්නේ?</font>

463
00:38:29,057 --> 00:38:31,977
<font color="#ffbf46">මොකක්ද? එයා දන්නවද මම පස්සෙන් ආවා කියලා?</font>

464
00:38:33,520 --> 00:38:36,231
<font color="#ffbf46">ඔයා ඔය පැත්තට ගියොත්,
ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්.</font>

465
00:39:15,270 --> 00:39:17,314
<font color="#ffbf46">අහෝ! මිස්ටර් සන්!</font>

466
00:39:17,397 --> 00:39:18,482
<font color="#ffbf46">අනේ දෙවියනේ.</font>

467
00:39:19,066 --> 00:39:21,151
<font color="#ffbf46">මිස්ටර් සන්! ඇහැරෙන්න!</font>

468
00:39:21,234 --> 00:39:22,819
<font color="#ffbf46">මේ හන්-ග්‍යුල්ගෙ මාමා නේද?</font>

469
00:39:22,903 --> 00:39:25,072
<font color="#ffbf46">ඒයි. ඇම්බියුලන්ස් එකකට කතා කරන්න.</font>

470
00:39:28,492 --> 00:39:30,202
<font color="#ffbf46">නඩු වාර්තා</font>

471
00:39:33,330 --> 00:39:35,540
<font color="#ffbf46">බොම් නෝනා!</font>

472
00:39:35,624 --> 00:39:37,626
<font color="#ffbf46">ඇයි, මොකද? මොකක්ද ප්‍රශ්නේ?</font>

473
00:39:37,709 --> 00:39:41,296
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගෙ මාමා කාර් එකක හැප්පිලා
ඉස්පිරිතාලෙට ගෙනිච්චා.</font>

474
00:39:41,379 --> 00:39:42,255
<font color="#ffbf46">මොකක්ද?</font>

475
00:39:43,173 --> 00:39:44,674
<font color="#ffbf46">එයාට ගොඩක් අමාරුද?</font>

476
00:39:45,592 --> 00:39:47,594
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගෙ මාමාට... තුවාලද?</font>

477
00:39:51,723 --> 00:39:53,391
<font color="#ffbf46">සමහරවිට මොළේ ගැස්සිලා වෙන්න ඇති.</font>

478
00:39:53,475 --> 00:39:55,310
<font color="#ffbf46">ඔළුව හයියෙන් වැදුණාම,</font>

479
00:39:55,393 --> 00:39:58,355
<font color="#ffbf46">ඔය වගේ සිහිය නැති වෙන එක සාමාන්‍ය දෙයක්.</font>

480
00:39:58,939 --> 00:40:01,316
<font color="#ffbf46">සමහරවිට මොළේ ඇතුළේ ලේ ගැලීමක් වෙන්න ඇති.</font>

481
00:40:01,900 --> 00:40:05,403
<font color="#ffbf46">මගේ නැන්දා කාර් ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවේ,
පිටින් බලද්දි හොඳට හිටියා,</font>

482
00:40:05,487 --> 00:40:08,156
<font color="#ffbf46">ඒත් ඇතුළෙන් ලේ ගලලා එයා කෝමා එකකට ගියා.</font>

483
00:40:09,324 --> 00:40:12,285
<font color="#ffbf46">ඒත් එයා පොඩ්ඩක්වත් හෙලවෙන්නෙ නෑනේ.
සමහරවිට කෝමා එකක නෙවෙයි,</font>

484
00:40:12,369 --> 00:40:14,454
<font color="#ffbf46">සදාකාලිකව සිහිය නැති වෙලාද දන්නෙ නෑ.</font>

485
00:40:16,081 --> 00:40:17,666
<font color="#ffbf46">ලොක්කා!</font>

486
00:40:18,416 --> 00:40:19,251
<font color="#ffbf46">ලොක්කා!</font>

487
00:40:20,335 --> 00:40:21,378
<font color="#ffbf46">ඒයි.
මොකද?</font>

488
00:40:23,797 --> 00:40:26,424
<font color="#ffbf46">මම ඕකයි ඔයාට හැමතිස්සෙම කිව්වේ</font>

489
00:40:26,508 --> 00:40:30,095
<font color="#ffbf46">අනිත් අය වෙනුවෙන් ඔහොම පන දාගෙන
ඉදිරිපත් වෙන්න එපා කියලා.</font>

490
00:40:31,513 --> 00:40:32,764
<font color="#ffbf46">මේක ඒකට වෙලාව නෙවෙයි.</font>

491
00:40:32,848 --> 00:40:35,100
<font color="#ffbf46">ළමයිනේ. කාර් එක හොඳින් නේද?</font>

492
00:40:35,183 --> 00:40:36,685
<font color="#ffbf46">මොකක්ද?
ඇයි?</font>

493
00:40:36,768 --> 00:40:38,436
<font color="#ffbf46">එයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා නම්,</font>

494
00:40:38,520 --> 00:40:41,940
<font color="#ffbf46">කාර් එකේ බම්පර් එක හරි දොර හරි
කැඩිලා තියෙන්න ඕනනේ. නේද?</font>

495
00:40:42,816 --> 00:40:44,234
<font color="#ffbf46">ඔයා වද වෙන්නෙ කාර් එක ගැනද?</font>

496
00:40:44,317 --> 00:40:47,737
<font color="#ffbf46">දැන් පැයකටත් වැඩි වෙලා,
ඒත් එයා තාම ඇහැරුණේ නෑ.</font>

497
00:40:47,821 --> 00:40:49,614
<font color="#ffbf46">අනේ, ජේ-ග්‍යු.</font>

498
00:40:49,698 --> 00:40:50,782
<font color="#ffbf46">එයාට හොඳ ඇති.</font>

499
00:40:58,790 --> 00:41:00,542
<font color="#ffbf46">මාමේ!
ඔයාට අමාරුද?</font>

500
00:41:04,880 --> 00:41:06,339
<font color="#ffbf46">හේයි. එයා පන පිටින්!</font>

501
00:41:06,423 --> 00:41:08,133
<font color="#ffbf46">එයාට කිසි අවුලක් නෑ!</font>

502
00:41:12,971 --> 00:41:15,015
<font color="#ffbf46">ඔයාලා ඔක්කොම ආවේ මාව බලන්නද?</font>

503
00:41:15,098 --> 00:41:17,893
<font color="#ffbf46">මම හොඳින්, ඒ නිසා ඔයාලට යන්න පුළුවන්.</font>

504
00:41:17,976 --> 00:41:19,936
<font color="#ffbf46">මම ගැන වද වුණාට ස්තූතියි.</font>

505
00:41:22,397 --> 00:41:24,316
<font color="#ffbf46">අම්මපා, මේක පාටි එකක් වගේනේ.</font>

506
00:41:25,984 --> 00:41:26,985
<font color="#ffbf46">ඩොක්ටර්.</font>

507
00:41:27,819 --> 00:41:29,029
<font color="#ffbf46">රිපෝට්වල තත්ත්වේ කොහොමද?</font>

508
00:41:30,030 --> 00:41:33,200
<font color="#ffbf46">ඔයාගෙ ඇටකටුයි නහරයි හදලා තියෙන්නේ
යකඩයි කොන්ක්‍රීට්වලින්ද?</font>

509
00:41:33,283 --> 00:41:36,453
<font color="#ffbf46">කාර් එකක හැප්පිලත්, ඔයාගෙ
ඇටකටුවක පොඩි ඉරක්වත් ගිහිල්ලා නෑ.</font>

510
00:41:37,245 --> 00:41:38,079
<font color="#ffbf46">බලන්න.</font>

511
00:41:39,748 --> 00:41:44,169
<font color="#ffbf46">මගේ අවුරුදු 17ක සේවා කාලෙට,
මම මෙච්චර ලස්සන ස්කෑන් එකක් දැකලා නෑ.</font>

512
00:41:44,252 --> 00:41:46,254
<font color="#ffbf46">එයාගෙ ඔළුවයි බෙල්ලයි හොඳටම හොඳයි.</font>

513
00:41:46,755 --> 00:41:48,256
<font color="#ffbf46">කොතනද රිදෙන්නෙ කියලා බලන්න දෙන්නකෝ.</font>

514
00:41:48,340 --> 00:41:50,634
<font color="#ffbf46">රිදෙන්නෙ කොතනද? ආ, මෙතන.</font>

515
00:41:52,802 --> 00:41:53,845
<font color="#ffbf46">අනේ හෙමින් කරන්නකෝ.</font>

516
00:41:55,305 --> 00:41:56,139
<font color="#ffbf46">එච්චරද?</font>

517
00:41:56,723 --> 00:41:57,724
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

518
00:41:59,976 --> 00:42:01,770
<font color="#ffbf46">කැලලක් හිටින එකක් නෑ නේද?</font>

519
00:42:04,064 --> 00:42:06,524
<font color="#ffbf46">ඔයාට ඇති තරම් නින්ද ගියා නම්, ගෙදර යන්න පුළුවන්.</font>

520
00:42:06,608 --> 00:42:08,777
<font color="#ffbf46">හැබැයි ඉන්න එකේ, මේ සේලයින් එක ඉවර කරලම යන්න.</font>

521
00:42:11,571 --> 00:42:13,490
<font color="#ffbf46">අම්මපා, මේක කලා කෘතියක් වගේනේ.</font>

522
00:42:13,573 --> 00:42:15,158
<font color="#ffbf46">මට මේකේ කොපියක් තියාගන්න ඕනේ.</font>

523
00:42:16,493 --> 00:42:18,161
<font color="#ffbf46">කෝ මට බලන්න දෙන්න.
මොකක්ද?</font>

524
00:42:18,787 --> 00:42:19,704
<font color="#ffbf46">මම හොඳින්.</font>

525
00:42:21,623 --> 00:42:25,835
<font color="#ffbf46">ඒක නෙවෙයි, එයා බේරගත්ත අර ගැහැණු කෙනා කෝ?</font>

526
00:42:25,919 --> 00:42:27,295
<font color="#ffbf46">ඔයා එයාගෙ මූණ දැක්කද?</font>

527
00:42:27,379 --> 00:42:29,381
<font color="#ffbf46">එයා කැප් එකක් දාගෙන හිටියේ,</font>

528
00:42:30,173 --> 00:42:32,384
<font color="#ffbf46">ඒ නිසා මට එයාගෙ මූණ පෙනුණේ නෑ.</font>

529
00:42:34,386 --> 00:42:37,055
<font color="#ffbf46">එයාට කොහොමද තමන්ගේ මූණවත් නොපෙන්න ඉන්න පුළුවන් වුණේ?</font>

530
00:42:37,138 --> 00:42:39,808
<font color="#ffbf46">හරි හරි. මම හොඳින්නේ, ඒ නිසා ඔයාලා යන්න.</font>

531
00:42:39,891 --> 00:42:41,851
<font color="#ffbf46">ස්තූතියි, මිස්ටර් හොන්ග්. ගිහින් එන්නම්.</font>

532
00:42:42,769 --> 00:42:44,145
<font color="#ffbf46">එහෙම කරන්න එපා.
පිලිප්, යන්න.</font>

533
00:42:48,692 --> 00:42:49,526
<font color="#ffbf46">මේ අහන්න.</font>

534
00:42:50,318 --> 00:42:53,154
<font color="#ffbf46">මට සන් ජේ-ග්‍යු මහත්මයාගේ බිල ගෙවන්න ඕනේ.</font>

535
00:42:53,238 --> 00:42:56,324
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගෙ මාමා මාරයි නේද?</font>

536
00:42:57,075 --> 00:43:00,787
<font color="#ffbf46">එයාට ලැජ්ජාවක් බයක් ඇත්තෙම නෑ.</font>

537
00:43:00,870 --> 00:43:04,040
<font color="#ffbf46">මොන වගේ මනුස්සයෙක්ද එයා නිසා කෙනෙක්ට
තුවාල වුණාම පැනලා යන්නේ?</font>

538
00:43:04,124 --> 00:43:08,044
<font color="#ffbf46">එයාටත් හේතු ඇතිනේ.</font>

539
00:43:08,128 --> 00:43:11,214
<font color="#ffbf46">ඉවරයි.
බිල ගෙවලා ඔයාට ගෙදර යන්න පුළුවන්.</font>

540
00:43:11,298 --> 00:43:12,132
<font color="#ffbf46">ස්තූතියි.</font>

541
00:43:13,008 --> 00:43:14,551
<font color="#ffbf46">මොන හේතුද?</font>

542
00:43:14,634 --> 00:43:18,305
<font color="#ffbf46">ඔයා එයාව බේරගත්තා.
අඩුම ගානේ එයා ඇවිත් මූණ පෙන්නන්නවත් එපායැ.</font>

543
00:43:19,097 --> 00:43:21,599
<font color="#ffbf46">අපි ඕන ඒ වගේ අයට විරුද්ධව
පොලිසියේ පැමිණිල්ලක් දාන්න.</font>

544
00:43:21,683 --> 00:43:23,310
<font color="#ffbf46">එහෙම කරන්න එපා.
ඇයි?</font>

545
00:43:26,271 --> 00:43:27,105
<font color="#ffbf46">ඒක...</font>

546
00:43:28,023 --> 00:43:29,774
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්, එයා...</font>

547
00:43:31,067 --> 00:43:32,110
<font color="#ffbf46">එයා...</font>

548
00:43:35,155 --> 00:43:37,407
<font color="#ffbf46">මිස්ටර් සන් ජේ-ග්‍යු! මිස්ටර් සන්!</font>

549
00:43:38,033 --> 00:43:40,118
<font color="#ffbf46">අනේ දෙවියනේ. ඇහැරෙන්න!</font>

550
00:43:43,747 --> 00:43:45,332
<font color="#ffbf46">ඒ ජොන්ග් නන්-හී නෝනා.</font>

551
00:43:49,544 --> 00:43:51,504
<font color="#ffbf46">ඔයා කියන්නේ මගේ අම්මා?</font>

552
00:43:56,551 --> 00:43:58,845
<font color="#ffbf46">මට ෂුවර් එයාට එන්න ඕන වුණත් එන්න බැරුව ඇති.</font>

553
00:43:58,928 --> 00:44:01,473
<font color="#ffbf46">ප්‍රසිද්ධ කෙනෙක්ට මෙහෙට එන එක ලේසි නෑනේ.</font>

554
00:44:01,556 --> 00:44:05,018
<font color="#ffbf46">ඒකම ඇතිනේ එයා ඇවිල්ලා ඔයාට ස්තූති කරන්න.</font>

555
00:44:05,101 --> 00:44:07,604
<font color="#ffbf46">මේක වගකීමක් නැති කමක් විතරක් නෙවෙයි.
මේක ලැජ්ජා නැති වැඩක්.</font>

556
00:44:07,687 --> 00:44:10,106
<font color="#ffbf46">ඒ වුණාට මම හොඳින්නේ.</font>

557
00:44:11,816 --> 00:44:15,236
<font color="#ffbf46">මම හොඳින්, ඒ නිසා ඔච්චර කේන්ති ගන්න එපා. සන්සුන් වෙන්නකෝ.</font>

558
00:44:20,241 --> 00:44:21,951
<font color="#ffbf46">මම මොකටද එහෙම කරන්නේ?</font>

559
00:44:25,038 --> 00:44:28,583
<font color="#ffbf46">ඇයි හැමෝම එයා නිසා දුක් විඳිද්දිත්
එයාව ඉවසගෙන ඉන්න ඕනේ?</font>

560
00:44:35,465 --> 00:44:36,508
<font color="#ffbf46">එපා.</font>

561
00:44:38,218 --> 00:44:40,887
<font color="#ffbf46">ඔයා ගුරුවරියක් වෙන්න කලින්,
ඔයා ජොන්ග් නන්-හීගෙ දුව.</font>

562
00:44:41,763 --> 00:44:45,683
<font color="#ffbf46">"අර සම්බන්ධයක් තියෙන ගුරුවරිය ජොන්ග් නන්-හීගෙ දුව."
"කසාද බැඳපු මිනිහෙක් එක්ක පැටලිලා."</font>

563
00:44:45,767 --> 00:44:49,145
<font color="#ffbf46">ඔය වගේ ලිපි පල වුණොත්,
කාටද ඒක බලපාන්නේ?</font>

564
00:44:49,229 --> 00:44:50,522
<font color="#ffbf46">තාත්තට.</font>

565
00:44:53,316 --> 00:44:55,777
<font color="#ffbf46">කෙරෙන්න ඕන දේ කෙරෙන්න ඕනේ.</font>

566
00:44:57,695 --> 00:44:58,655
<font color="#ffbf46">බොම්.</font>

567
00:45:00,323 --> 00:45:01,408
<font color="#ffbf46">ඒක...</font>

568
00:45:04,411 --> 00:45:05,495
<font color="#ffbf46">ඇත්තටම බොරුවක්ද?</font>

569
00:45:07,455 --> 00:45:09,374
<font color="#ffbf46"><i>මට හිතුණේ</i></font>

570
00:45:10,708 --> 00:45:13,503
<font color="#ffbf46"><i>මේ ලෝකේ කාගෙවත් පිහිටක් නෑ වගේ.</i></font>

571
00:45:15,338 --> 00:45:19,801
<font color="#ffbf46">මට ජීවත් වෙන්න හේතුවක් නෑ වගේ...</font>

572
00:45:22,470 --> 00:45:23,805
<font color="#ffbf46">තවත්.</font>

573
00:45:33,940 --> 00:45:35,650
<font color="#ffbf46">ඇයි ඔයා මට කිව්වේ නැත්තේ?</font>

574
00:45:38,027 --> 00:45:42,240
<font color="#ffbf46">ඔයා මට ඒ ගැන ඔක්කොම කියන්න තිබුණා
එතකොට අපිට එකට අඬන්න, කේන්ති ගන්න,</font>

575
00:45:42,323 --> 00:45:44,993
<font color="#ffbf46">බනින්න තිබුණා.
ඇයි ඔයා මෙච්චර කල් ඒක හිතේ තද කරගෙන හිටියේ?</font>

576
00:45:46,619 --> 00:45:50,748
<font color="#ffbf46">සමහර දේවල් තියෙනවා
කතා කරන්නත් වේදනාකාරී.</font>

577
00:45:53,084 --> 00:45:55,170
<font color="#ffbf46">මම මිස්ටර් චෝයිට කිව්ව කතාව.</font>

578
00:45:55,837 --> 00:45:57,464
<font color="#ffbf46">මගේ යාළුවෙක්ගෙ යාළුවෙක් ගැන.</font>

579
00:46:02,802 --> 00:46:06,639
<font color="#ffbf46">ඒක ඇත්තටම මම ගැන, යාළුවෙක් ගැන නෙවෙයි.</font>

580
00:46:15,857 --> 00:46:17,484
<font color="#ffbf46">යමු.
කොහෙද යන්නේ?</font>

581
00:46:18,693 --> 00:46:20,528
<font color="#ffbf46">අපි ගිහින් ඊ-ජුන්ට කියමු මේක විසඳන්න කියලා.</font>

582
00:46:21,529 --> 00:46:25,700
<font color="#ffbf46">ඔයා මට කලින් කිව්වා වගේම,
කෙරෙන්න ඕන දේ කෙරෙන්න ඕනේ.</font>

583
00:46:28,953 --> 00:46:29,787
<font color="#ffbf46">යමු.</font>

584
00:46:36,127 --> 00:46:37,879
<font color="#ffbf46">ශික්.</font>

585
00:46:40,089 --> 00:46:42,675
<font color="#ffbf46"><i>ඔයා කාර්යබහුල ඇති,</i>
<i>ඒත් ඔයා උදව් කරන්න හදනවා.</i></font>

586
00:46:42,759 --> 00:46:44,427
<font color="#ffbf46"><i>ගොඩක් ස්තූතියි, මිස්ටර් චෝයි.</i></font>

587
00:46:46,930 --> 00:46:48,556
<font color="#ffbf46">මම එදාම මගේ හිතේ තියෙන දේ කියන්න තිබුණේ.</font>

588
00:46:49,140 --> 00:46:51,226
<font color="#ffbf46">ඔයා හදිසි වෙලා
ඔයාගේ හැඟීම් ප්‍රකාශ නොකර ඉන්න ඕනේ.</font>

589
00:46:51,309 --> 00:46:53,770
<font color="#ffbf46">ඔයා දන්නවනේ, මමත් ළඟදි
ඒ වගේ දෙයක් කළා...</font>

590
00:46:53,853 --> 00:46:56,397
<font color="#ffbf46">ඇත්තටම, එයාලා කොහෙද මේ ගියේ?
මිස්ටර් චෝයි.</font>

591
00:46:56,481 --> 00:46:59,692
<font color="#ffbf46">ඔයා දැක්කද මගේ කැප් එකයි කලු හූඩි එකයි
මම ඔෆිස් එකේ දාලා ගිය?</font>

592
00:46:59,776 --> 00:47:01,152
<font color="#ffbf46">මම දිවුරලා කියන්නම් මම ඒක මෙතන තිබ්බේ.</font>

593
00:47:05,406 --> 00:47:08,117
<font color="#ffbf46">අන්න! මගේ කැප් එකයි හූඩි එකයි!
ඒයි...</font>

594
00:47:08,993 --> 00:47:11,955
<font color="#ffbf46">ඒක නෙවෙයි, ඔයා කවද්ද මෙහෙට ආවේ?</font>

595
00:47:12,038 --> 00:47:14,874
<font color="#ffbf46">ඔයා තාම මෙහෙද?
ඔයා ඇත්තටම යන්නෙ නැද්ද?</font>

596
00:47:15,708 --> 00:47:18,294
<font color="#ffbf46">මම කාර් ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න ගියා.
දැන් සතුටුද?</font>

597
00:47:19,504 --> 00:47:20,713
<font color="#ffbf46">ආයෙත්?</font>

598
00:47:20,797 --> 00:47:23,466
<font color="#ffbf46">ඔයා හොඳින්ද? තුවාල වුණාද?</font>

599
00:47:23,550 --> 00:47:25,134
<font color="#ffbf46">මට තුවාල නෑ.</font>

600
00:47:25,718 --> 00:47:27,387
<font color="#ffbf46">ඒත් සන් ජේ-ග්‍යුට තුවාලයි.</font>

601
00:47:28,096 --> 00:47:29,305
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගෙ මාමා?</font>

602
00:47:29,889 --> 00:47:32,100
<font color="#ffbf46">එයා මාව කාර් එකේ හැප්පෙන්න නොදී බේරගත්තා.</font>

603
00:47:32,809 --> 00:47:35,311
<font color="#ffbf46">එයා හිටියෙ නැත්නම්,</font>

604
00:47:35,395 --> 00:47:39,941
<font color="#ffbf46">මගේ ෆොටෝ එකක් යන්නේ එක්කෝ පත්තරේ මුල් පිටුවේ
නැත්නම් මරණ දැන්වීම්වල.</font>

605
00:47:41,192 --> 00:47:42,735
<font color="#ffbf46">එයා නම් මාරයි තමයි.</font>

606
00:47:43,486 --> 00:47:46,281
<font color="#ffbf46">නෑ, එයා තමයි ප්‍රශ්නේ. එයා තමයි.</font>

607
00:47:46,864 --> 00:47:47,907
<font color="#ffbf46">කොහොම වුණත්, මිස්ටර් චෝයි,</font>

608
00:47:49,284 --> 00:47:53,204
<font color="#ffbf46">ඔයා මට කිව්වනේ එයා ඔයාගෙ සල්ලි අරන් පැන්නා,
එයා ඔයාගෙ පරම හතුරෙක් කියලා.</font>

609
00:47:53,288 --> 00:47:54,581
<font color="#ffbf46">ඒක ඇත්තටම ඇත්තද?</font>

610
00:47:55,665 --> 00:47:57,000
<font color="#ffbf46">ඔයා මොකක්ද අදහස් කරන්නේ?</font>

611
00:47:57,083 --> 00:47:58,793
<font color="#ffbf46">මම කිව්වේ, ඔයා මට කියපු දේ</font>

612
00:47:59,377 --> 00:48:02,714
<font color="#ffbf46">ගොඩක් වෙනස්නේ මම අනිත් මිනිස්සුන්ගෙන්
එයා ගැන අහපු දේවල් එක්ක බැලුවාම.</font>

613
00:48:04,299 --> 00:48:06,718
<font color="#ffbf46">ඒ වුණාට, එයා හොඳින් ඉන්න එක ලොකු දෙයක්.</font>

614
00:48:07,302 --> 00:48:10,263
<font color="#ffbf46">අම්මපා, ඔයා හරි.
මට ඒක ඇහුණාම මගේ පපුව හෝස් ගාලා ගියා.</font>

615
00:48:10,930 --> 00:48:14,058
<font color="#ffbf46">මට තේරෙන්නෙ නෑ ඇයි ඔයා
එයා ගැන ඔච්චර වද වෙන්නේ කියලා.</font>

616
00:48:14,601 --> 00:48:15,685
<font color="#ffbf46">ප්‍රින්සිපල්.</font>

617
00:48:15,768 --> 00:48:19,689
<font color="#ffbf46">ඔයාට අමතක වුණාද එදා හිම වැටුණ දවසේ
එයා ඉස්කෝලේ කලබලයක් කරපු හැටි?</font>

618
00:48:19,772 --> 00:48:22,775
<font color="#ffbf46">මිස්ටර් ජොන්ග්, ඔයාට අමතක වුණාද
එයා අර මැරයෝ එක්ක රස්තියාදු ගහන</font>

619
00:48:22,859 --> 00:48:24,736
<font color="#ffbf46">නිකන්ම නිකන් මැරයෙක් විතරයි කියලා?</font>

620
00:48:24,819 --> 00:48:26,613
<font color="#ffbf46">අනේ මේ, එයාලා මැරයෝ නෙවෙයි.</font>

621
00:48:27,322 --> 00:48:31,534
<font color="#ffbf46">එයා එක්ක රස්තියාදු ගහන අය ඔක්කොම
පුහුණුවීම් කරන්නේ මගේ ජූ-ජිට්සු ජිම් එකේ.</font>

622
00:48:32,118 --> 00:48:34,203
<font color="#ffbf46">එයාලා ඇඟපත තියෙන මැරයෝ වගේ පෙනුණට,</font>

623
00:48:34,287 --> 00:48:38,875
<font color="#ffbf46">එයාලා තොක්බොක්කි සහ ජොල්මියොන් කන්න ආස
හොඳ කොල්ලෝ ටිකක්. එයාලව වැරදියට තේරුම් ගන්න එපා.</font>

624
00:48:38,958 --> 00:48:41,044
<font color="#ffbf46">එයා හරි. එයාලා ඇත්තටම හොඳ කොල්ලෝ.</font>

625
00:48:41,711 --> 00:48:45,923
<font color="#ffbf46">අනික මතකද එයා මගේ ගෙදර ඉස්සරහදි
කාර් එකක් ඉස්සුවා?</font>

626
00:48:46,007 --> 00:48:48,009
<font color="#ffbf46">බලද්දි එයා ඒක කරලා තියෙන්නේ ගිනි නිවන රථයට.</font>

627
00:48:48,092 --> 00:48:52,138
<font color="#ffbf46">එතන ගින්නක් තිබිලා, ඒත් වාහනේට එන්න බැරි වෙලා
නීති විරෝධී විදියට පාක් කරපු කාර් එකක් නිසා.</font>

628
00:48:52,221 --> 00:48:55,016
<font color="#ffbf46">මට මේක කිව්වේ සත්තු දොස්තර ළඟ වැඩ කරන නර්ස්.</font>

629
00:48:55,099 --> 00:48:57,435
<font color="#ffbf46">එයා කැලේ පස් කප කප හිටියේ,</font>

630
00:48:57,518 --> 00:49:00,772
<font color="#ffbf46">නායයෑමකට අහුවෙලා හිටපු
බල්ලෙක්ව බේරගන්නලු.</font>

631
00:49:00,855 --> 00:49:02,190
<font color="#ffbf46">ඔයා කියන්නේ බොම්-සික් ගැනද?</font>

632
00:49:02,774 --> 00:49:05,234
<font color="#ffbf46">එතකොට ඔයාගේ කතාව? ඒක ඇත්තද?</font>

633
00:49:05,318 --> 00:49:06,444
<font color="#ffbf46">මොකක්ද?</font>

634
00:49:07,070 --> 00:49:10,823
<font color="#ffbf46">ඔයාගේ අත්ලෙ තියෙන කැළල,
ඒක ඇත්තටම මිස්ටර් සන් කරපු වැඩක්ද?</font>

635
00:49:12,408 --> 00:49:14,243
<font color="#ffbf46">වොෂ් රූම් එක කොහෙද?
අර පැත්තේ.</font>

636
00:49:14,327 --> 00:49:15,495
<font color="#ffbf46">මම ඉක්මනට එන්නම්.</font>

637
00:49:15,578 --> 00:49:16,913
<font color="#ffbf46">අපිට ඇත්ත කියන්න.</font>

638
00:49:16,996 --> 00:49:18,665
<font color="#ffbf46">කියන්නකෝ.
මිස්ටර් හොන්ග්.</font>

639
00:49:24,545 --> 00:49:26,673
<font color="#ffbf46">ඔයා දැන් මාව සැක කරනවද?</font>

640
00:49:27,757 --> 00:49:30,426
<font color="#ffbf46">මම ඔයාව සැක කරනවද?</font>

641
00:49:30,510 --> 00:49:33,388
<font color="#ffbf46">නැත්නම් ඔයා සන් ජේ-ග්‍යුට මඩ ගහනවද?</font>

642
00:49:36,265 --> 00:49:37,558
<font color="#ffbf46">මට කියන්න.</font>

643
00:49:38,142 --> 00:49:43,356
<font color="#ffbf46">ඔයා එයා ගැන මට නරක විදියට කිව්වේ
හිතාමතාම නේද?</font>

644
00:49:44,607 --> 00:49:45,441
<font color="#ffbf46">මොකක්?</font>

645
00:49:46,025 --> 00:49:50,571
<font color="#ffbf46">ඔයා දන්නවනේ, ඔයා කෙනෙක්ට කැමති වුණාම,
සමහර වෙලාවට ඉරිසියාවක් ඇති වෙනවා.</font>

646
00:49:51,155 --> 00:49:53,282
<font color="#ffbf46">ඔයාට ඕන වුණා බොම්ව දිනාගන්න,</font>

647
00:49:53,366 --> 00:49:57,036
<font color="#ffbf46">ඒත් ඔයාට තේරුණාම එයා ඉද්දි
ඔයාට චාන්ස් එකක් නෑ කියලා...</font>

648
00:50:05,002 --> 00:50:06,838
<font color="#ffbf46">හැමෝම රැවටිලා ඉන්නේ!</font>

649
00:50:10,216 --> 00:50:12,635
<font color="#ffbf46">ඔයා මගෙන් ඇහුවා නේද
සන් ජේ-ග්‍යු කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා?</font>

650
00:50:14,762 --> 00:50:16,139
<font color="#ffbf46">ජේ-ග්‍යු කියන්නේ...</font>

651
00:50:16,222 --> 00:50:18,057
<font color="#ffbf46">ජේ-ග්‍යු ගැන මොකද?</font>

652
00:50:18,975 --> 00:50:20,810
<font color="#ffbf46">මොකද මේ සන් ජේ-ග්‍යු පුතා ගැන කියන්නේ?</font>

653
00:50:20,893 --> 00:50:21,728
<font color="#ffbf46">ඒ පරයා...</font>

654
00:50:21,811 --> 00:50:22,937
<font color="#ffbf46">එයා පැනලා යන්න ඇති.</font>

655
00:50:23,020 --> 00:50:24,939
<font color="#ffbf46">කට පරිස්සම් කරගන්න.</font>

656
00:50:25,022 --> 00:50:26,858
<font color="#ffbf46">ඔයා දන්නෙ නෑ මොකද වුණේ කියලා.</font>

657
00:50:26,941 --> 00:50:28,359
<font color="#ffbf46">මම දැක්කා.</font>

658
00:50:28,443 --> 00:50:30,778
<font color="#ffbf46">යටි පාලම ඉස්සරහා, ලොකු ඇඟක් තියෙන මනුස්සයෙක්</font>

659
00:50:30,862 --> 00:50:33,156
<font color="#ffbf46">බබෙක්වත් පිටේ එල්ලගෙන දුවනවා මම දැක්කා.</font>

660
00:50:33,239 --> 00:50:36,701
<font color="#ffbf46">ඔයා කියන්නේ පුතා ගෙදරට ගිනි තියලා
පැනලා ගියා කියලද?</font>

661
00:50:36,784 --> 00:50:42,248
<font color="#ffbf46">තාත්තා හැමදාම හොඳටම බීගෙන ඇවිත්
පුතාට ගහනවලු.</font>

662
00:50:42,331 --> 00:50:45,251
<font color="#ffbf46">ඉතින් කොහොමද මිනිහෙක් හොඳ සිහියෙන් ඉන්නේ?</font>

663
00:50:45,334 --> 00:50:46,836
<font color="#ffbf46">මම නම් ඕවා ඉවසන් ඉන්නේ නෑ.</font>

664
00:50:48,087 --> 00:50:50,840
<font color="#ffbf46"><i>මම ගෙදර හිටියා නම්,</i>
<i>දේවල් දෙකෙන් එකක් වෙන්න තිබුණා, ඒකයි මම ගියේ.</i></font>

665
00:50:52,258 --> 00:50:55,261
<font color="#ffbf46">එක්කෝ එයා මාව මරයි...</font>

666
00:50:58,347 --> 00:51:00,016
<font color="#ffbf46">නැත්නම් මම එයාව මරයි.</font>

667
00:51:01,225 --> 00:51:02,769
<font color="#ffbf46"><i>සන් ජේ-ග්‍යු, ඒ පිස්සා...</i></font>

668
00:51:06,647 --> 00:51:08,649
<font color="#ffbf46">තමන්ගේම තාත්තව මරලා!</font>

669
00:51:12,236 --> 00:51:13,070
<font color="#ffbf46">මොකක්...</font>

670
00:51:16,824 --> 00:51:19,827
<font color="#ffbf46">ඔයා මේ මොනවද කියන්නේ?</font>

671
00:51:20,495 --> 00:51:21,412
<font color="#ffbf46">මහත්තයා.</font>

672
00:51:22,705 --> 00:51:23,623
<font color="#ffbf46">චෝයි මහත්තයා.</font>

673
00:51:24,749 --> 00:51:25,792
<font color="#ffbf46">අර තියෙන්නේ.</font>

674
00:52:13,214 --> 00:52:16,717
<font color="#ffbf46">කොහොමද විස්තරේ? බොම් ගැන මොකද?
ඔයා එයාව දැක්කද? එයා හොඳින්ද?</font>

675
00:52:16,801 --> 00:52:18,678
<font color="#ffbf46">ප්‍රශ්නයක් නෑ නේද?
පැටියෝ.</font>

676
00:52:19,220 --> 00:52:21,556
<font color="#ffbf46">මට ඉස්සෙල්ලා ටිකක් නිදාගන්න දෙන්නකො.</font>

677
00:52:21,639 --> 00:52:22,598
<font color="#ffbf46">හා හොඳයි.</font>

678
00:53:08,352 --> 00:53:09,186
<font color="#ffbf46">බොම් මෙනවිය.</font>

679
00:53:12,273 --> 00:53:14,025
<font color="#ffbf46">මම ඔයාට කලින් නොකිව්වට සමා වෙන්න ඕනේ.</font>

680
00:53:14,775 --> 00:53:18,738
<font color="#ffbf46">මම ගොඩක් කාලෙක ඉඳන් ජොන්ග් මහත්මියගේ
ෆෑන් කැෆේ එකේ ඇඩ්මින් විදිහට හිටියා.</font>

681
00:53:23,701 --> 00:53:25,703
<font color="#ffbf46">මට දැන් තමයි තේරුණේ.</font>

682
00:53:26,454 --> 00:53:29,332
<font color="#ffbf46">ඇයි ඔයා මේ පිටිසර පැත්තේ ඔෆිස් එකක් දැම්මේ කියලා</font>

683
00:53:29,874 --> 00:53:32,084
<font color="#ffbf46">ඒ වගේම මගේ අම්මා කොහොමද මගේ
හැම විස්තරයක්ම දැනගෙන හිටියේ කියලා.</font>

684
00:53:33,628 --> 00:53:37,798
<font color="#ffbf46">මම පිළිගන්නවා ජොන්ග් මහත්මියට ඔයාගේ විස්තර කිව්වා කියලා,</font>

685
00:53:37,882 --> 00:53:40,593
<font color="#ffbf46">ඒත් මම දිවුරලා කියනවා,
මම ඕනකමකින් ඔයාට ලං වුණේ නෑ.</font>

686
00:53:41,552 --> 00:53:44,639
<font color="#ffbf46">සේ-ජින් සෝල් වලට ආපු දවසේ,
මම අහම්බෙන් දැනගත්තා ඔයා ඉන්නේ කොහෙද කියලා,</font>

687
00:53:45,139 --> 00:53:47,516
<font color="#ffbf46">ඔයා මෙහෙ තනියම ඉන්න එක ගැන මට බයක් හිතුණා.</font>

688
00:53:48,476 --> 00:53:51,354
<font color="#ffbf46">මම හිතුවා ඔයාලා දෙන්නව ආයිමත් යාළු කරන්න
මේක හොඳ අවස්ථාවක් කියලා.</font>

689
00:53:52,480 --> 00:53:54,607
<font color="#ffbf46">ඒකයි ඔයා මට දිගටම ඒ ලියකියවිලි එව්වේ.</font>

690
00:53:56,692 --> 00:54:00,154
<font color="#ffbf46">ඔයා දැනගෙන හිටියනේ
මම සෝල් වලදී මොන වගේ දේවල් වලටද මූණ දුන්නේ කියලා.</font>

691
00:54:02,406 --> 00:54:04,575
<font color="#ffbf46">ඔයාට කේන්ති ගියේ ඇයි කියලා මට තේරෙනවා.</font>

692
00:54:05,409 --> 00:54:09,914
<font color="#ffbf46">ඒත්, මට ඕන වුණේ ඔයාගේ නිර්දෝෂී
භාවය ඔප්පු කරන්න උදව් කරන්න විතරයි.</font>

693
00:54:09,997 --> 00:54:11,666
<font color="#ffbf46">එතකොට සන් මහත්තයා ගැන මොකද කියන්නේ?</font>

694
00:54:14,126 --> 00:54:17,630
<font color="#ffbf46">එයාට ඒ විදිහට මඩ ගහද්දි ඔයාගේ අරමුණ මොකක්ද වුණේ?</font>

695
00:54:20,091 --> 00:54:21,008
<font color="#ffbf46">මඩ ගැහුවා?</font>

696
00:54:26,472 --> 00:54:28,683
<font color="#ffbf46">ඔයත් හිතන්නේ එහෙමද?</font>

697
00:54:30,393 --> 00:54:33,437
<font color="#ffbf46">මම…</font>

698
00:54:37,733 --> 00:54:39,235
<font color="#ffbf46">ජේ-ග්‍යුට මඩ ගැහුවා කියලා?</font>

699
00:55:19,191 --> 00:55:22,111
<font color="#ffbf46"><i>සන් ජේ-ග්‍යු, ඒ පිස්සා…</i></font>

700
00:55:25,740 --> 00:55:27,742
<font color="#ffbf46"><i>තමන්ගේම තාත්තව මරලා!</i></font>

701
00:55:34,415 --> 00:55:35,374
<font color="#ffbf46">ජේ-ග්‍යු…</font>

702
00:55:38,085 --> 00:55:39,295
<font color="#ffbf46">ජේ-ග්‍යු…</font>

703
00:56:10,493 --> 00:56:12,244
<font color="#ffbf46"><i>කෑවද?</i></font>

704
00:56:21,545 --> 00:56:23,714
<font color="#ffbf46">බොම් යූන් මෙනවිය</font>

705
00:56:50,074 --> 00:56:53,536
<font color="#ffbf46">බලන් ගියාම චෝයි මහත්තයා කියන්නේ
අපේ අම්මගේ ෆෑන් කැෆේ එකේ සභාපතිනේ.</font>

706
00:56:54,036 --> 00:56:57,331
<font color="#ffbf46">පුදුමයක් නෑ අම්මා මම කරන කියන හැමදේම
දැනගෙන හිටපු එක ගැන.</font>

707
00:56:57,414 --> 00:56:59,041
<font color="#ffbf46">අර <i>බෙක්සුක්</i> එකත් එහෙමයි.</font>

708
00:56:59,125 --> 00:57:02,378
<font color="#ffbf46">චෝයි මහත්තයා නෙවෙයි ඒක හදලා තියෙන්නේ.
එයා කරලා තියෙන්නේ තාත්තා හදපු එක ගෙනත් දුන්න එක විතරයි.</font>

709
00:57:07,800 --> 00:57:10,803
<font color="#ffbf46">අපි ආපහු යමුද?</font>

710
00:57:12,221 --> 00:57:13,556
<font color="#ffbf46">ඇයි ඔයා අහන්නේ නැත්තේ?</font>

711
00:57:17,518 --> 00:57:19,812
<font color="#ffbf46">ඊ-ජුන් ගෙන් ඔහොම කතාවක් ඇහුවම,</font>

712
00:57:20,855 --> 00:57:22,898
<font color="#ffbf46">ඔයා මගෙන් අහන්න එපැයි ඒක ඇත්තද කියලා.</font>

713
00:57:24,108 --> 00:57:25,401
<font color="#ffbf46">ඇයි ඔයා හංගගෙන ඉන්නේ?</font>

714
00:57:27,153 --> 00:57:28,404
<font color="#ffbf46">මම හංගගෙන ඉන්නවා නෙවෙයි.</font>

715
00:57:29,530 --> 00:57:30,781
<font color="#ffbf46">මම ඔයාව විශ්වාස කරනවා.</font>

716
00:57:40,207 --> 00:57:41,041
<font color="#ffbf46">බොම් මෙනවිය...</font>

717
00:57:45,588 --> 00:57:47,256
<font color="#ffbf46">හොඳට අහගන්න…</font>

718
00:57:49,466 --> 00:57:50,551
<font color="#ffbf46">මම මේ කියන්න යන දේ.</font>

719
00:57:54,513 --> 00:57:55,723
<font color="#ffbf46">මගේ තාත්තා…</font>

720
00:58:00,519 --> 00:58:01,729
<font color="#ffbf46">මගේ තාත්තා…</font>

721
00:58:10,696 --> 00:58:11,906
<font color="#ffbf46">මැරුවේ මම.</font>

722
00:59:24,061 --> 00:59:27,690
<font color="#ffbf46">මම හිතන්නේ දෙවියෝ මට මේ කැළල ඉතිරි කළේ
මගේ පාපය අමතක නොවෙන්න වෙන්න ඇති.</font>

723
00:59:27,773 --> 00:59:29,942
<font color="#ffbf46">ඔයා දවස් ගාණක ඉඳන් ෆෝන් එක දිහා බලන් ඉන්නවා.</font>

724
00:59:30,025 --> 00:59:31,986
<font color="#ffbf46"><i>බොම් ගැන මගෙන් අහපු කෙනා…</i></font>

725
00:59:32,069 --> 00:59:35,739
<font color="#ffbf46"><i>පුදුමෙ කියන්නේ,
ලඟදි ඉඳන් මම යන යන තැන එයාව දකිනවා.</i></font>

726
00:59:35,823 --> 00:59:36,657
<font color="#ffbf46">හලෝ?</font>

727
00:59:36,740 --> 00:59:40,577
<font color="#ffbf46"><i>මාධ්‍යවේදියෝ ඔයාව හොයාගෙන එයි බොම් මෙනවිය,
ඒ නිසා කෙලින්ම ගෙදර යන්න.</i></font>

728
00:59:40,661 --> 00:59:43,247
<font color="#ffbf46">ෆෝන් එක දැන්ම ඕෆ් කරන්න.
කමෙන්ට්ස් මුකුත් කියවන්න එපා.</font>

729
00:59:43,330 --> 00:59:44,164
<font color="#ffbf46">මොකක්ද ඔයා ඒ කියන්නේ?</font>

730
00:59:44,248 --> 00:59:47,459
<font color="#ffbf46">එයා මට කිව්වා ඔයාට බය වෙන්න එපා කියන්න කියලා
ඒ වගේම මේක ඔයාට දෙන්න කිව්වා.</font>

731
00:59:47,543 --> 00:59:49,461
<font color="#ffbf46"><i>මේ දවස ගොඩක් දිග දවසක් වෙයි වගේ.</i></font>

732
00:59:52,923 --> 00:59:54,925
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

