1
00:00:07,444 --> 00:00:09,444
<font color="#deffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:09,468 --> 00:00:15,974
<font color="#ffcc46">1970, ටෝකියෝ, ජපානය</font>

3
00:00:19,645 --> 00:00:23,607
<font color="#ffcc46">හෙට ෆුකුවෝකා යන
පළමු ප්ලේන් එකේ යන්න.</font>

4
00:00:24,566 --> 00:00:27,319
<font color="#ffcc46">ඔයා එහෙට ගියාම,
කෙනෙක් ඔයා එනකල් බලන් ඉඳියි.</font>

5
00:00:31,323 --> 00:00:32,658
<font color="#ffcc46">ඒ කවුද?</font>

6
00:00:34,576 --> 00:00:37,371
<font color="#ffcc46">ඉකෙඩා යූජිව හම්බවෙලා
මේ බ්‍රීෆ්කේස් එක එයාට දෙන්න.</font>

7
00:00:45,003 --> 00:00:46,129
<font color="#ffcc46">ඉකෙඩා යූජි?</font>

8
00:00:47,172 --> 00:00:48,882
<font color="#ffcc46">ඔයාගේ බිස්නස් පාට්නර්.</font>

9
00:00:50,759 --> 00:00:53,220
<font color="#ffcc46">ඔයා ඉකෙඩා එක්ක තියෙන
සම්බන්ධේ නැති කරගත්ත ගමන්,</font>

10
00:00:54,137 --> 00:00:55,514
<font color="#ffcc46">ඩීල් එක ඉවරයි.</font>

11
00:01:03,814 --> 00:01:05,440
<font color="#ffcc46">ව්‍යාපාරිකයෙක්</font>

12
00:01:12,072 --> 00:01:13,782
<font color="#ffcc46">මගේ නම මට්සුඩා කෙන්ජි,</font>

13
00:01:14,533 --> 00:01:17,035
<font color="#ffcc46">වැඩකට ෆුකුවෝකා යන බිස්නස්මන් කෙනෙක්.</font>

14
00:01:19,746 --> 00:01:23,584
<font color="#ffcc46">මගේ රාජකාරිය තමයි මේ බ්‍රීෆ්කේස් එක පරිස්සමින්
ඉකෙඩා යූජිට භාර දෙන එක.</font>

15
00:01:32,467 --> 00:01:34,970
<font color="#ffcc46">ඔයාට අසනීප පාටයි වගේ?</font>

16
00:01:35,053 --> 00:01:36,763
<font color="#ffcc46">ප්ලේන් වල යන්න බයද?</font>

17
00:01:37,598 --> 00:01:38,890
<font color="#ffcc46">-මම බය නෑ.
-ම්?</font>

18
00:01:39,474 --> 00:01:41,268
<font color="#ffcc46">මේ මම යන පළවෙනි පාර.</font>

19
00:01:41,893 --> 00:01:45,355
<font color="#ffcc46">පළවෙනි පාරට ප්ලේන් එකක යනකොට
හැමෝටම ඔහොම තමා.</font>

20
00:01:45,981 --> 00:01:50,277
<font color="#ffcc46">ප්ලේන් එක උඩට ගන්නකොට,
කන් ටිකක් අගුල් වැටෙයි.</font>

21
00:01:51,945 --> 00:01:53,989
<font color="#ffcc46">චුයින්ගම් එකක් කෑවම ඒක හරියනවා.</font>

22
00:01:57,284 --> 00:01:58,660
<font color="#ffcc46">මොකද කියන්නේ?</font>

23
00:01:58,744 --> 00:02:00,245
<font color="#ffcc46">ස්තූතියි.</font>

24
00:02:01,830 --> 00:02:02,831
<font color="#ffcc46">එල.</font>

25
00:02:06,335 --> 00:02:09,338
<font color="#ffcc46">සුභ උදෑසනක් නෝනාවරුනි මහත්වරුනි.
මෙම ගුවන් යානය නියමිත පරිදි...</font>

26
00:02:09,421 --> 00:02:12,257
<font color="#ffcc46">ජපාන ගුවන් සේවයේ 351 යානය පිටත් වීමට සූදානම්.</font>

27
00:02:12,341 --> 00:02:13,634
<font color="#ffcc46">ධාවන පථය 33.</font>

28
00:02:13,717 --> 00:02:14,718
<font color="#ffcc46">තහවුරුයි.</font>

29
00:02:14,801 --> 00:02:17,054
<font color="#ffcc46">...ෆුකුවෝකා ඉටසුකේ ගුවන් තොටුපළ වෙත ළඟා වීමට</font>

30
00:02:17,137 --> 00:02:18,138
<font color="#ffcc46">නියමිත වේලාව උදේ 8:50 වේ.</font>

31
00:02:18,221 --> 00:02:19,723
<font color="#ffcc46">අපි දැන් පිටත් වෙන්න යන්නේ.</font>

32
00:02:19,806 --> 00:02:24,061
<font color="#ffcc46">කරුණාකර අසුන්ගෙන
ආසන පටි පැළඳ ගන්න.</font>

33
00:02:24,144 --> 00:02:25,854
<font color="#ffcc46">අපි දැන් පිටත් වෙන්න යන්නේ.</font>

34
00:02:25,937 --> 00:02:30,359
<font color="#ffcc46">කරුණාකර අසුන්ගෙන
ආසන පටි පැළඳ ගන්න.</font>

35
00:02:32,319 --> 00:02:33,904
<font color="#ffcc46">ටේක් ඕෆ් ත්‍රස්ට් එක සෙට් කරන්න.</font>

36
00:02:33,987 --> 00:02:35,155
<font color="#ffcc46">ටේක් ඕෆ් ත්‍රස්ට් එක සෙට් කරනවා.</font>

37
00:02:35,739 --> 00:02:36,782
<font color="#ffcc46">ත්‍රස්ට් එක හරි.</font>

38
00:02:36,865 --> 00:02:37,908
<font color="#ffcc46">චෙක් කළා.</font>

39
00:02:51,713 --> 00:02:54,758
<font color="#ffcc46">ජපාන ගුවන් සේවයේ 351, හනෙඩා පිටත්වීම.</font>

40
00:02:54,841 --> 00:02:58,595
<font color="#ffcc46">ටෝකියෝ පාලක මැදිරිය 134.1 සම්බන්ධ කරගන්න.</font>

41
00:02:59,096 --> 00:03:00,097
<font color="#ffcc46">සුභ දවසක්.</font>

42
00:03:04,685 --> 00:03:05,936
<font color="#ffcc46">හරි.</font>

43
00:03:12,067 --> 00:03:13,777
<font color="#ffcc46">ඔයා බොන්න මොනවා හරි ගන්නවද?</font>

44
00:03:13,860 --> 00:03:15,946
<font color="#ffcc46">-කෝලා එකක් දෙන්න.
-හරි.</font>

45
00:03:19,491 --> 00:03:20,742
<font color="#ffcc46">-මෙන්න ගන්න.
-ස්තූතියි.</font>

46
00:03:21,660 --> 00:03:23,078
<font color="#ffcc46">ආහ්, සමාවෙන්න.</font>

47
00:03:27,791 --> 00:03:29,418
<font color="#ffcc46">ඔයා බොන්න මොනවා හරි ගන්නවද?</font>

48
00:04:01,908 --> 00:04:03,076
<font color="#ffcc46">සුභ උදෑසනක්.</font>

49
00:04:10,417 --> 00:04:11,668
<font color="#ffcc46">කවුරුත් හෙලවෙන්න එපා!</font>

50
00:04:11,751 --> 00:04:13,420
<font color="#ffcc46">හෙලවෙන්න එපා!</font>

51
00:04:13,503 --> 00:04:15,797
<font color="#ffcc46">එහාට යනවා!</font>

52
00:04:16,381 --> 00:04:17,841
<font color="#ffcc46">හෙලවුනොත් මරනවා!</font>

53
00:04:18,633 --> 00:04:20,260
<font color="#ffcc46">හෙලවෙන්න එපා!</font>

54
00:04:21,094 --> 00:04:23,430
<font color="#ffcc46">මේඩේ, මේඩේ,
හයිජැක් කරලා, හයිජැක් කරලා.</font>

55
00:04:23,513 --> 00:04:25,015
<font color="#ffcc46">-මේ ජපාන ගුවන්...
-නවත්තපන්.</font>

56
00:04:25,098 --> 00:04:28,310
<font color="#ffcc46">අපි කොමියුනිස්ට් ලීගයේ
විප්ලවවාදී හමුදාව.</font>

57
00:04:28,393 --> 00:04:29,728
<font color="#ffcc46">අනේ මාව මරන්න එපා! අනේ!</font>

58
00:04:29,811 --> 00:04:31,480
<font color="#ffcc46">කට වහගෙන ඔළුව පහත් කරගන්නවා!</font>

59
00:04:32,439 --> 00:04:33,732
<font color="#ffcc46">ඔළුව පහත් කරගන්නවා!</font>

60
00:04:35,192 --> 00:04:37,527
<font color="#ffcc46">අපි යන්නේ උතුරු කොරියාවට.</font>

61
00:04:38,028 --> 00:04:39,863
<font color="#ffcc46">-කට වහපන්!
-ඒයි!</font>

62
00:04:39,946 --> 00:04:41,281
<font color="#ffcc46">අම්මේ.</font>

63
00:04:42,699 --> 00:04:44,493
<font color="#ffcc46">අපි මැරෙයිද?</font>

64
00:04:46,995 --> 00:04:48,038
<font color="#ffcc46">කට වහපන්!</font>

65
00:04:48,121 --> 00:04:49,122
<font color="#ffcc46">බය වෙන්න එපා.</font>

66
00:04:49,831 --> 00:04:52,751
<font color="#ffcc46">ඔයයි අම්මයි
මෙතනින් පරිස්සමින් ගෙදර යයි.</font>

67
00:04:54,586 --> 00:04:56,922
<font color="#ffcc46">කට වහපන්!</font>

68
00:04:57,005 --> 00:04:58,298
<font color="#ffcc46">ජපාන ගුවන් සේවයේ 351 යානය,</font>

69
00:04:58,381 --> 00:05:03,595
<font color="#ffcc46">ටෝකියෝ හනෙඩා ගුවන් තොටුපළේ ඉඳන් ෆුකුවෝකා බලා
පිටත් වුණ මගීන් සහ කාර්ය මණ්ඩලය 138ක් සිටි,</font>

70
00:05:04,304 --> 00:05:07,057
<font color="#ffcc46">ජපන් ගුවන් යානයක් අහසේදීම පැහැරගනු ලැබුවා.</font>

71
00:05:09,142 --> 00:05:10,894
<font color="#ffcc46">පැහැරගත්ත අය විප්ලවවාදී හමුදාව කියලයි කියන්නේ,</font>

72
00:05:10,977 --> 00:05:13,355
<font color="#ffcc46">එයාලා ජපන් කොමියුනිස්ට් ලීගයේ
රැඩිකල් වාමවාදී කණ්ඩායමක්,</font>

73
00:05:13,438 --> 00:05:15,482
<font color="#ffcc46">තමන්ව "විප්ලවවාදී යුද්ධය සඳහා වූ හමුදාව"
කියලා හඳුන්වා ගන්නවා.</font>

74
00:05:16,233 --> 00:05:18,985
<font color="#ffcc46">එයාලා උතුරු කොරියාවේ හමුදා පුහුණුව ලබලා
නැවත ජපානයට ඇවිත් තියෙන්නේ,</font>

75
00:05:19,861 --> 00:05:24,074
<font color="#ffcc46">විප්ලවවාදී යුද්ධයක් පටන් ගන්න බලාගෙන
සිවිල් ගුවන් යානයක් පැහැරගෙන තියෙනවා.</font>

76
00:05:24,574 --> 00:05:26,910
<font color="#ffcc46">ඔළුව පහත් කරගන්නවා! පහත් කරගන්නවා!</font>

77
00:06:22,465 --> 00:06:25,635
<font color="#ffcc46">ප්‍රවාහන අමාත්‍යාංශය, ජපානය</font>

78
00:06:28,680 --> 00:06:31,391
<font color="#ffcc46">හදිසි වාර්තාවක්, ගුවන් යානයක් පැහැරගැනීමක් ගැන</font>

79
00:06:31,474 --> 00:06:32,893
<font color="#ffcc46">අපි තත්ත්වය බලමින් ඉන්නේ,</font>

80
00:06:32,976 --> 00:06:35,437
<font color="#ffcc46">-ඒත් තාම පැහැදිලි නෑ.
-කරුණාකරලා පොඩ්ඩක් ඉන්න.</font>

81
00:06:35,520 --> 00:06:39,608
<font color="#ffcc46">-ඒයි! කවුරුත් ෆෝන් එක ආන්සර් කරන්න එපා!
-ෆෝන් උස්සන්න එපා!</font>

82
00:06:39,691 --> 00:06:40,901
<font color="#ffcc46">ඒයි, තියන්න! ෆෝන් එක තියන්න!</font>

83
00:06:42,360 --> 00:06:45,906
<font color="#ffcc46">කැප්ටන්ගෙ හදිසි පණිවිඩයෙන් පස්සේ
සම්බන්ධතා ඔක්කොම නැති වුණා.</font>

84
00:06:45,989 --> 00:06:46,990
<font color="#ffcc46">එහෙමද.</font>

85
00:06:47,073 --> 00:06:48,700
<font color="#ffcc46">ප්‍රවාහන අමාත්‍ය
මොරියාමා යොෂිරෝ</font>

86
00:06:48,783 --> 00:06:50,493
<font color="#ffcc46">ඉතින්, අපි දැන් මොකද කරන්න ඕනේ?</font>

87
00:06:50,994 --> 00:06:52,704
<font color="#ffcc46">නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය
නට්සුමේ ජුන්ජි</font>

88
00:06:52,787 --> 00:06:55,457
<font color="#ffcc46">අපි මුලින්ම මේක කැබිනට් එකට
රිපෝට් කරලා ඉමු.</font>

89
00:06:55,540 --> 00:06:56,583
<font color="#ffcc46">හරි.</font>

90
00:06:57,459 --> 00:07:00,170
<font color="#ffcc46">එහෙනම් ඉක්මනට වාර්තාවක් හදමු.</font>

91
00:07:01,755 --> 00:07:04,716
<font color="#ffcc46">විප්ලවවාදී හමුදාව තුවක්කු පිහි ගොඩක් අරගෙන
ප්ලේන් එකට නැගලා තියෙන්නේ,</font>

92
00:07:04,799 --> 00:07:06,468
<font color="#ffcc46">කිසිම කරදරයක් නැතුව.</font>

93
00:07:07,135 --> 00:07:10,013
<font color="#ffcc46">ඊට කලින්, සර් අපි පොලිසියට
දැනුම් දුන්නොත් නරකද?</font>

94
00:07:10,930 --> 00:07:12,349
<font color="#ffcc46">ඒකත් හොඳ අදහසක්.</font>

95
00:07:13,141 --> 00:07:18,271
<font color="#ffcc46">ඒත් මට ෂුවර් නෑ කාටද මුලින්ම කතා කරන්න ඕනේ කියලා,
ටෝකියෝ පොලිසියද නැත්නම් ෆුකුවෝකාද...</font>

96
00:07:18,355 --> 00:07:21,441
<font color="#ffcc46">ඒ කාලේ, ප්ලේන් එකට නගින්න කලින්
සිකියුරිටි චෙක් තිබුණේ නෑ.</font>

97
00:07:22,067 --> 00:07:23,526
<font color="#ffcc46">හයිජැක් වලට මැනුවල් එකක්?</font>

98
00:07:23,610 --> 00:07:25,945
<font color="#ffcc46">අපිට මුලින්ම පරණ සිද්ධි ගැන
බලන්න වෙයි නේද?</font>

99
00:07:26,029 --> 00:07:28,323
<font color="#ffcc46">එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ.</font>

100
00:07:28,406 --> 00:07:30,950
<font color="#ffcc46">හරි ඉතින්,
රිපෝට් එක යවන්න ඕනේ</font>

101
00:07:31,034 --> 00:07:32,702
<font color="#ffcc46">අගමැතිතුමාට නේද?</font>

102
00:07:33,286 --> 00:07:35,372
<font color="#ffcc46">අන්න ඒකත් අපි චෙක් කරගන්න ඕනේ.</font>

103
00:07:35,872 --> 00:07:36,873
<font color="#ffcc46">ඇත්ත නේන්නම්.</font>

104
00:07:38,375 --> 00:07:39,376
<font color="#ffcc46">ඒත්...</font>

105
00:07:41,002 --> 00:07:44,005
<font color="#ffcc46">අපිට ෂුවර්ද
ඇත්තටම ප්ලේන් එක හයිජැක් කරලා කියලා?</font>

106
00:07:44,589 --> 00:07:46,091
<font color="#ffcc46">ඔව් සර්. ඒක තහවුරු වුණා.</font>

107
00:07:51,137 --> 00:07:52,889
<font color="#ffcc46">ඔළුව පහත් කරගන්නවා!</font>

108
00:07:52,972 --> 00:07:55,141
<font color="#ffcc46">අත් පහලට දැම්මොත් ඉවරයි කියලා හිතාගන්නවා!</font>

109
00:07:55,642 --> 00:07:56,810
<font color="#ffcc46">ඔළුව පහත් කරගන්නවා!</font>

110
00:07:57,977 --> 00:07:59,479
<font color="#ffcc46">කැලඹිලි සහගතයි.</font>

111
00:07:59,562 --> 00:08:01,314
<font color="#ffcc46">අපි කඩාගෙන වැටෙන්න පුළුවන්!</font>

112
00:08:02,524 --> 00:08:04,859
<font color="#ffcc46">-අපි පාර වෙනස් කරමුද?
-උඹ මොකද කරන්නේ?</font>

113
00:08:04,943 --> 00:08:07,570
<font color="#ffcc46">කාලගුණය නරක අතට හැරෙනවා,
යානය අස්ථාවරයි.</font>

114
00:08:07,654 --> 00:08:11,324
<font color="#ffcc46">අපි ඉක්මනට මොනවා හරි නොකළොත්,
හදිසි ගොඩබෑමක් කරන්න වෙයි.</font>

115
00:08:11,408 --> 00:08:12,617
<font color="#ffcc46">එහෙනම් මොනවා හරි කරපන්!</font>

116
00:08:13,284 --> 00:08:14,911
<font color="#ffcc46">හයිජැක් එකයි, අයහපත් කාලගුණයයි.</font>

117
00:08:15,745 --> 00:08:18,915
<font color="#ffcc46">මේ සේරම කලබල අස්සේ,
ලොකුම සහනය වුණේ</font>

118
00:08:18,998 --> 00:08:22,877
<font color="#ffcc46">කැප්ටන් හොන්ඩා කුනිහිකෝ පැය 10,000කට වඩා
පියාසර කරපු පළපුරුදු කෙනෙක් වීම.</font>

119
00:08:22,961 --> 00:08:24,337
<font color="#ffcc46">යානය ස්ථාවර වුණා.</font>

120
00:08:24,421 --> 00:08:26,214
<font color="#ffcc46">මේක දේශීය ගුවන් ගමනක්.</font>

121
00:08:26,798 --> 00:08:28,675
<font color="#ffcc46">අපිට ප්යොන්යැන්ග් වලටම යන්න බෑ.</font>

122
00:08:28,758 --> 00:08:30,593
<font color="#ffcc46">තව ඉන්ධන නැතුව,
මගදි තෙල් ඉවර වෙලා කඩා වැටෙයි.</font>

123
00:08:30,677 --> 00:08:33,680
<font color="#ffcc46">ඔව්, කැප්ටන් හරි.</font>

124
00:08:36,307 --> 00:08:38,852
<font color="#ffcc46">දැනට, අපි මුලින් ප්ලෑන් කරපු විදිහට
ඉටසුකේ ගුවන් තොටුපළට ගොඩබාලා,</font>

125
00:08:39,644 --> 00:08:42,731
<font color="#ffcc46">එහෙන් තෙල් ගහගමුද?</font>

126
00:08:43,314 --> 00:08:45,108
<font color="#ffcc46">එයාලා ඉටසුකේ වලට එනවා?</font>

127
00:08:47,986 --> 00:08:49,946
<font color="#ffcc46">ඔව් සර්.</font>

128
00:08:50,030 --> 00:08:51,489
<font color="#ffcc46">මම හිතුවේ එයාලා උතුරු කොරියාවට යනවා කියලා.</font>

129
00:08:51,573 --> 00:08:53,491
<font color="#ffcc46">ඇයි එයාලා ඉටසුකේ එන්නේ?</font>

130
00:08:53,575 --> 00:08:55,160
<font color="#ffcc46">ආහ්. ඇයි ඇත්තටම?</font>

131
00:08:55,744 --> 00:08:58,204
<font color="#ffcc46">හරි, අපි පියවර ගන්න ඕනේ.</font>

132
00:08:59,205 --> 00:09:01,332
<font color="#ffcc46">මොන වගේ පියවරද?</font>

133
00:09:01,416 --> 00:09:02,625
<font color="#ffcc46">මම කිව්වේ...</font>

134
00:09:05,045 --> 00:09:06,046
<font color="#ffcc46">ඈ?</font>

135
00:09:11,051 --> 00:09:12,761
<font color="#ffcc46">-කැප්ටන් හිතපු විදිහටම,
-යානය සුරක්ෂිතව ගොඩබෑවා</font>

136
00:09:12,844 --> 00:09:15,805
<font color="#ffcc46">මුලින් යන්න තිබුණ ඉටසුකේ ගුවන් තොටුපළටම.</font>

137
00:09:15,889 --> 00:09:17,265
<font color="#ffcc46">ඉටසුකේ ගුවන් තොටුපළ, ෆුකුවෝකා, ජපානය</font>

138
00:09:17,348 --> 00:09:20,435
<font color="#ffcc46">එක මොහොතකට, මගීන්ට
පොඩි බලාපොරොත්තුවක් ආවා</font>

139
00:09:20,518 --> 00:09:22,395
<font color="#ffcc46">මේ භයානක හීනය ඉක්මනින් ඉවර වෙයි කියලා.</font>

140
00:09:22,479 --> 00:09:24,773
<font color="#ffcc46">මේ වෙනකොට,
කිසිම දෙයක් ස්ථිර නෑ.</font>

141
00:09:24,856 --> 00:09:29,527
<font color="#ffcc46">අහ්, දැනට, අපේ ප්‍රධානම දේ තමයි
මගීන්ගේ ආරක්ෂාව.</font>

142
00:09:29,611 --> 00:09:32,072
<font color="#ffcc46">හයිජැක් කරපු කීදෙනෙක් ප්ලේන් එකේ ඉන්නවද?</font>

143
00:09:32,155 --> 00:09:34,365
<font color="#ffcc46">මගීන් කවුරුහරි මියගිහින්
නැත්නම් තුවාල වෙලාද?</font>

144
00:09:34,449 --> 00:09:35,700
<font color="#ffcc46">අන්තිමට කතා කළේ කීයටද?</font>

145
00:09:35,784 --> 00:09:37,035
<font color="#ffcc46">හයිජැක් කරපු අය ළඟ ආයුධ තියෙනවද?</font>

146
00:09:37,118 --> 00:09:40,747
<font color="#ffcc46">-කවුරුහරි එයාලට උදව් කරනවා කියන්නේ ඇත්තද?
-මගීන් ඔක්කොම හොඳින්ද?</font>

147
00:09:46,002 --> 00:09:47,045
<font color="#ffcc46">මම කිව්වා වගේ,</font>

148
00:09:47,545 --> 00:09:50,965
<font color="#ffcc46">අපේ ප්‍රධානම අරමුණ
මගීන්ගේ ආරක්ෂාව.</font>

149
00:09:51,549 --> 00:09:52,884
<font color="#ffcc46">අපිට ඕනේ</font>

150
00:09:54,636 --> 00:09:56,054
<font color="#ffcc46">ටැංකි ෆුල් කරන්න,</font>

151
00:09:56,971 --> 00:09:59,724
<font color="#ffcc46">ධාවන පථය ක්ලියර් කරන්න,
අනික අපිට පියාසර සිතියම් දැන්ම ඕනේ.</font>

152
00:10:00,517 --> 00:10:02,811
<font color="#ffcc46">අපි ඉල්ලන දේවල් දුන්නේ නැත්නම්,</font>

153
00:10:02,894 --> 00:10:05,772
<font color="#ffcc46">අපි එකා ගානේ
මගීන්ව මරන්න පටන් ගන්නවා!</font>

154
00:10:05,855 --> 00:10:08,608
<font color="#ffcc46">තෙල් ගහන්න
කොච්චර වෙලාවක් යයිද?</font>

155
00:10:08,691 --> 00:10:11,611
<font color="#ffcc46">ඇත්තටම, එයාලා ප්යොන්යැන්ග් යන්න
හදනවා නම්,</font>

156
00:10:11,694 --> 00:10:13,488
<font color="#ffcc46">දැනට තියෙන තෙල් ඇති.</font>

157
00:10:13,571 --> 00:10:16,157
<font color="#ffcc46">ඔයා මොනවද කියවන්නේ?
ඒක නෙවෙයි ප්‍රශ්නේ.</font>

158
00:10:16,241 --> 00:10:19,327
<font color="#ffcc46">අපිට සාකච්ඡා කරන්න ඕනේ නම්,
පුළුවන් තරම් කාලය ඇදගන්න ඕනේ.</font>

159
00:10:28,837 --> 00:10:30,004
<font color="#ffcc46">අනේ වෙඩි තියන්න එපා.</font>

160
00:10:30,088 --> 00:10:32,257
<font color="#ffcc46">ඔයාලා ඉල්ලපු සිතියම් මම ගෙනාවා.</font>

161
00:10:32,340 --> 00:10:33,633
<font color="#ffcc46">මේ තියෙන්නේ.</font>

162
00:10:33,716 --> 00:10:35,093
<font color="#ffcc46">එහාට යනවා!</font>

163
00:10:41,808 --> 00:10:43,059
<font color="#ffcc46">ශික්.</font>

164
00:10:43,143 --> 00:10:44,519
<font color="#ffcc46">මුන් හිතන්නේ අපි මෝඩයෝ කියලාද?</font>

165
00:10:44,602 --> 00:10:47,355
<font color="#ffcc46">නෑ. වෙලාව මදි වුණා,
ඒකයි හදිසියේ ලෑස්ති කළේ.</font>

166
00:10:47,438 --> 00:10:48,857
<font color="#ffcc46">කෝ ඉන්ධන?</font>

167
00:10:48,940 --> 00:10:51,734
<font color="#ffcc46">අපි ඒක කරනවා.
අපිට තව පොඩි වෙලාවක් දුන්නොත්...</font>

168
00:11:00,994 --> 00:11:02,370
<font color="#ffcc46">පැයකට එක මගියෙක් ගානේ.</font>

169
00:11:03,204 --> 00:11:04,873
<font color="#ffcc46">උඹලා අපේ ඉල්ලීම් නොසලකා හැරියොත්,</font>

170
00:11:05,540 --> 00:11:06,875
<font color="#ffcc46">අපි එයාලව මරනවා.</font>

171
00:11:07,375 --> 00:11:08,376
<font color="#ffcc46">පලයන්.</font>

172
00:11:15,008 --> 00:11:16,009
<font color="#ffcc46">යමන්!</font>

173
00:11:16,509 --> 00:11:17,510
<font color="#ffcc46">හරි.</font>

174
00:11:18,970 --> 00:11:21,222
<font color="#ffcc46">ඒයි, එකෙක්ව එළියට ඇදලා ගනින් මුලින්ම.</font>

175
00:11:21,306 --> 00:11:24,100
<font color="#ffcc46">මොකද කරන්නේ?
යමඩා මහත්තයාගේ අණක් නැතුව බෑ.</font>

176
00:11:24,184 --> 00:11:26,269
<font color="#ffcc46">දෙවෙනියට ඉන්න කෙනා අවසර දුන්නා.</font>

177
00:11:26,352 --> 00:11:28,313
<font color="#ffcc46">අපි එකඟ වුණා නේද අනවශ්‍ය ලේ වැගිරීම් එපා කියලා!</font>

178
00:11:28,813 --> 00:11:31,649
<font color="#ffcc46">මගීන් කලබල වුණොත්,
එයාලව පාලනය කරන්න අමාරු වෙයි.</font>

179
00:11:31,733 --> 00:11:33,318
<font color="#ffcc46">ඕවා ගැන වද වෙන්නේ</font>

180
00:11:33,401 --> 00:11:36,279
<font color="#ffcc46">උඹලා වගේ කැම්පස් ගියපු
දුර්වල එවුන් විතරයි.</font>

181
00:11:37,155 --> 00:11:38,823
<font color="#ffcc46">මොකද බලන් ඉන්නේ?</font>

182
00:11:40,033 --> 00:11:42,243
<font color="#ffcc46">ඒයි, උඹ. වරෙන් මෙහෙට.</font>

183
00:11:42,327 --> 00:11:44,245
<font color="#ffcc46">-එපා, ඉන්න! අනේ මාව මරන්න එපා!
-වරෙන් යන්න!</font>

184
00:11:46,414 --> 00:11:47,457
<font color="#ffcc46">යමගතා!</font>

185
00:11:48,541 --> 00:11:50,210
<font color="#ffcc46">කවුරුහරි මාව බේරගන්න!</font>

186
00:11:59,802 --> 00:12:00,845
<font color="#ffcc46">කට වහපන්!</font>

187
00:12:00,929 --> 00:12:02,931
<font color="#ffcc46">උඹට ඕනෙද මිනිහා වෙනුවට මැරෙන්න?</font>

188
00:12:04,682 --> 00:12:06,142
<font color="#ffcc46">තකාෂි, දීපන් වැඩේ!</font>

189
00:12:06,684 --> 00:12:07,769
<font color="#ffcc46">කරපන්!</font>

190
00:12:11,564 --> 00:12:13,191
<font color="#ffcc46">උඹ කවුද යකෝ?</font>

191
00:12:18,404 --> 00:12:21,574
<font color="#ffcc46">සාකච්ඡා ඉවර වෙනකල් උඹලා
ප්‍රාණ ඇපකාරයන්ට පරිස්සමින් සලකන්න ඕනේ.</font>

192
00:12:21,658 --> 00:12:24,202
<font color="#ffcc46">මොකද එයාලගේ ජීවිත උඹලගේ ජීවිත එක්ක බැඳිලා තියෙන්නේ.</font>

193
00:12:35,755 --> 00:12:38,049
<font color="#ffcc46">උඹ කවුද යකෝ?
උඹ මොනවා කරනවා කියලද හිතන්නේ?</font>

194
00:12:39,467 --> 00:12:43,054
<font color="#ffcc46">උඹලගේ ලොක්කට කියපන් මට කතා කරන්න ඕනේ කියලා.</font>

195
00:13:02,699 --> 00:13:04,325
<font color="#ffcc46">උඹ හිතනවද උඹට පුළුවන් කියලා අපිට උදව් කරන්න?</font>

196
00:13:05,159 --> 00:13:07,161
<font color="#ffcc46">ඒ කොහොමද?</font>

197
00:13:07,870 --> 00:13:11,749
<font color="#ffcc46">මුලින්ම, ගෑනු අය, ළමයි
සහ වයසක අයව යන්න දෙනවා.</font>

198
00:13:12,417 --> 00:13:13,543
<font color="#ffcc46">අපි ඇයි එහෙම කරන්නේ?</font>

199
00:13:13,626 --> 00:13:15,878
<font color="#ffcc46">උඹලට ඕනේ විප්ලවයක් නේද?</font>

200
00:13:17,297 --> 00:13:22,385
<font color="#ffcc46">උඹලා දන්නවනේ, මහජන සහයෝගය
නැති විප්ලවයක් අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා.</font>

201
00:13:23,177 --> 00:13:26,597
<font color="#ffcc46">ඒත් ගෑනු අයයි ළමයින්වයි නිදහස් කරන
ත්‍රස්තවාදීන්ට පුළුවන්</font>

202
00:13:26,681 --> 00:13:28,725
<font color="#ffcc46">මිනිස්සුන්ගෙයි මාධ්‍යවලයි කැමැත්ත දිනාගන්න.</font>

203
00:13:29,559 --> 00:13:32,854
<font color="#ffcc46">උඹලා මුල් පියවර තිබ්බොත්,
බැනුම් අහන්න වෙන්නේ ආණ්ඩුවට.</font>

204
00:13:33,438 --> 00:13:38,109
<font color="#ffcc46">ඊට පස්සේ, උඹලා මොනවා කළත්,
වැරැද්ද පැටවෙන්නේ ආණ්ඩුව පිට.</font>

205
00:13:39,235 --> 00:13:42,030
<font color="#ffcc46">අන්තිමට, එයාලට වෙන කරන්න දෙයක් නෑ
උඹලට යන්න දෙනවා ඇරෙන්න.</font>

206
00:13:44,073 --> 00:13:48,077
<font color="#ffcc46">එතකොටත් උඹලා ළඟ
ප්‍රාණ ඇපකාරයෝ සීයකට වඩා ඉන්නවා.</font>

207
00:13:49,537 --> 00:13:51,497
<font color="#ffcc46">නරකම නෑ නේද?</font>

208
00:13:53,583 --> 00:13:55,043
<font color="#ffcc46">ඉතින් ඊට පස්සේ?</font>

209
00:13:56,127 --> 00:13:57,837
<font color="#ffcc46">උඹලා ප්යොන්යැන්ග් ගියාම,</font>

210
00:13:57,920 --> 00:14:00,298
<font color="#ffcc46">ඉතුරු මගීන්වයි කාර්ය මණ්ඩලයයි
ආපහු ප්ලේන් එකට දාලා</font>

211
00:14:00,381 --> 00:14:01,758
<font color="#ffcc46">එයාලව ආයේ ජපානයට එවන්න.</font>

212
00:14:02,842 --> 00:14:06,262
<font color="#ffcc46">එතකොට මාධ්‍යවලින් උඹලට හයිජැකර්ලා කියන එකක් නෑ.</font>

213
00:14:06,929 --> 00:14:10,141
<font color="#ffcc46">එයාලා උඹලව පෙන්නයි නිර්භීත මෙහෙයුමක් කරපු
වීරයෝ වගේ.</font>

214
00:14:11,851 --> 00:14:12,852
<font color="#ffcc46">ම්ම්, සමහරවිට.</font>

215
00:14:17,398 --> 00:14:19,901
<font color="#ffcc46">අපිට නිකන්ම ප්ලේන් එක ආපහු එවන්න බෑ.</font>

216
00:14:21,277 --> 00:14:24,030
<font color="#ffcc46">අපිට උතුරු කොරියාවට මොනවා හරි
පෙන්නන්න දෙයක් ඕනේ,</font>

217
00:14:25,406 --> 00:14:27,116
<font color="#ffcc46">නැත්නම් එයාලා අපිව භාරගන්න එකක් නෑ.</font>

218
00:14:29,660 --> 00:14:31,037
<font color="#ffcc46">මට පුළුවන් ඒකට උදව් කරන්න.</font>

219
00:14:47,303 --> 00:14:48,346
<font color="#ffcc46">ඒක...</font>

220
00:14:49,347 --> 00:14:50,348
<font color="#ffcc46">යමඩා මහත්තයා.</font>

221
00:14:51,891 --> 00:14:52,934
<font color="#ffcc46">මම කිව්වනේ.</font>

222
00:14:53,601 --> 00:14:55,353
<font color="#ffcc46">මට පුළුවන් උදව් කරන්න කියලා.</font>

223
00:14:57,480 --> 00:15:00,775
<font color="#ffcc46">මට පොඩ්ඩක් විශ්වාස කරලා බලන්න.</font>

224
00:15:01,275 --> 00:15:05,029
<font color="#ffcc46">මම කියන විදිහට කරන්න, කාටවත් කරදරයක් නොවී
උඹලට ඕන දේ ලැබෙයි.</font>

225
00:15:17,542 --> 00:15:19,293
<font color="#ffcc46">ඇරෙනවා!</font>

226
00:15:53,494 --> 00:15:57,039
<font color="#ffcc46">අන්තිමට, එයාලා මම කියපු දේ අහලා
මගීන් 23 දෙනෙක්ව නිදහස් කළා.</font>

227
00:15:57,123 --> 00:15:59,041
<font color="#ffcc46">ගෑනු අය, ළමයි, සහ වයසක අය.</font>

228
00:16:00,251 --> 00:16:04,463
<font color="#ffcc46">මගේ බ්‍රීෆ්කේස් එකේ තිබ්බ බඩු ටිකේ වටිනාකම
යෙන් මිලියන 90ක් විතර වුණා,</font>

229
00:16:04,547 --> 00:16:07,341
<font color="#ffcc46">ප්යොන්යැන්ග් වල ලොකු ලොක්කෝ
මේ බඩු වලට මැරීගෙන ඉන්නවා කියලා</font>

230
00:16:07,425 --> 00:16:08,885
<font color="#ffcc46">ජපානය පුරාම ආරංචිය ගිහින් තිබුණේ.</font>

231
00:16:09,385 --> 00:16:13,723
<font color="#ffcc46">මේ යක්කුන්ට, මම නිකන්
එයාලගේ ඔළුවට පාත් වෙච්ච වාසනාවක් වගේ වුණා.</font>

232
00:16:13,806 --> 00:16:15,641
<font color="#ffcc46">එයාලා ඔක්කොම මගීන් 23ක් නිදහස් කරලා.</font>

233
00:16:15,725 --> 00:16:17,727
<font color="#ffcc46">ගෑනු අය, ළමයි, සහ වයසක අය.</font>

234
00:16:17,810 --> 00:16:19,103
<font color="#ffcc46">එයාලා ඇත්තටම එයාලව යැව්වද?</font>

235
00:16:19,187 --> 00:16:20,188
<font color="#ffcc46">ඔව් සර්.</font>

236
00:16:20,271 --> 00:16:21,522
<font color="#ffcc46">ඒත්...</font>

237
00:16:21,606 --> 00:16:24,734
<font color="#ffcc46">එයාලා කියනවා අපි ඉන්ධන දීලා
ධාවන පථය ඉක්මනට ක්ලියර් කළේ නැත්නම්,</font>

238
00:16:24,817 --> 00:16:26,903
<font color="#ffcc46">ඉතුරු මගීන් ටිකත් මරනවා කියලා.</font>

239
00:16:26,986 --> 00:16:28,779
<font color="#ffcc46">-මොකක්?
-මරනවා?</font>

240
00:16:29,530 --> 00:16:31,699
<font color="#ffcc46">-අපි මොකද කරන්නේ?
-මේක ප්‍රශ්නයක්.</font>

241
00:16:32,700 --> 00:16:33,826
<font color="#ffcc46">මේක හරි නෑ.</font>

242
00:16:33,910 --> 00:16:35,536
<font color="#ffcc46">දැනට, එයාලා ඉල්ලන දේ දෙන්න.</font>

243
00:16:35,620 --> 00:16:37,538
<font color="#ffcc46">මගීන්ගේ ආරක්ෂාව තමයි
අපේ ප්‍රධානම දේ.</font>

244
00:16:37,622 --> 00:16:38,623
<font color="#ffcc46">අපි මොකද කරන්නේ?</font>

245
00:16:44,378 --> 00:16:47,006
<font color="#ffcc46">එයාලා ආපහු යනවා!
ෆයිටර් ජෙට් ටික අයින් වෙනවා!</font>

246
00:16:49,133 --> 00:16:51,052
<font color="#ffcc46">එයාලා අපිට යන්න දෙනවා.</font>

247
00:16:54,430 --> 00:16:56,432
<font color="#ffcc46">අපි යනවා ප්යොන්යැන්ග්!</font>

248
00:17:05,233 --> 00:17:07,068
<font color="#ffcc46">එයාලා තෙල් ගහනවා!</font>

249
00:17:07,151 --> 00:17:09,737
<font color="#ffcc46">අපි යනවා ප්යොන්යැන්ග්!</font>

250
00:17:09,820 --> 00:17:11,489
<font color="#ffcc46">අපි යමු උතුරු කොරියාවට!</font>

251
00:17:16,369 --> 00:17:19,455
<font color="#ffcc46">ඇයි උඹ අපිට උදව් කරන්නේ?</font>

252
00:17:19,956 --> 00:17:22,250
<font color="#ffcc46">ප්‍රශ්න සද්ද නැතුව විසඳගන්න එක කොහොමත් හොඳයිනේ.</font>

253
00:17:23,626 --> 00:17:26,045
<font color="#ffcc46">ලොකුවට සද්ද දාලා
වෙන හොඳක් නෑනේ, නේද?</font>

254
00:17:27,171 --> 00:17:29,465
<font color="#ffcc46">උඹ කවුද?</font>

255
00:17:29,549 --> 00:17:30,716
<font color="#ffcc46">ඔයාලට පේනවනේ,</font>

256
00:17:31,717 --> 00:17:33,261
<font color="#ffcc46">මම නිකන්ම බිස්නස්මන් කෙනෙක්.</font>

257
00:17:34,220 --> 00:17:35,888
<font color="#ffcc46">ඔයා ව්‍යාපාරිකයෙක් කිව්වහම...</font>

258
00:17:38,099 --> 00:17:40,226
<font color="#ffcc46">අදහස් කළේ මේ වගේ බිස්නස් එකක් ගැනද?</font>

259
00:17:40,851 --> 00:17:42,395
<font color="#ffcc46">සල්ලි හොයන්න මීට වඩා හොඳ ක්‍රමයක් නෑ.</font>

260
00:17:42,478 --> 00:17:44,230
<font color="#ffcc46">හැබැයි ලොකු අවදානමකුත් තියෙනවා.</font>

261
00:17:46,107 --> 00:17:47,483
<font color="#ffcc46">ඔයා යකුසා එකේ කෙනෙක්ද?</font>

262
00:17:48,401 --> 00:17:49,402
<font color="#ffcc46">නෑ.</font>

263
00:17:50,403 --> 00:17:52,572
<font color="#ffcc46">එයාලා හරියට බිස්නස් පාට්නර්ලා වගේ.</font>

264
00:17:53,114 --> 00:17:54,156
<font color="#ffcc46">ඒ වගේ දෙයක්.</font>

265
00:17:59,912 --> 00:18:01,622
<font color="#ffcc46">මට සිගරට් එකක් ඉල්ලගන්න පුළුවන්ද?</font>

266
00:18:11,090 --> 00:18:12,508
<font color="#ffcc46">ඒක අන්තිම එකද?</font>

267
00:18:15,761 --> 00:18:18,806
<font color="#ffcc46">අපි දැන් කොහොමත් ඉන්නේ එකම බෝට්ටුවේනේ.</font>

268
00:18:19,390 --> 00:18:21,058
<font color="#ffcc46">මට සිගරට් එකක් දෙන්න පුළුවන් නේද?</font>

269
00:18:30,526 --> 00:18:32,612
<font color="#ffcc46">අපොයි. ඒක එයාගෙ අන්තිම එක.</font>

270
00:18:46,334 --> 00:18:49,420
<font color="#ffcc46">කට්ටිය කියනවා මෙත් පාවිච්චි කළොත්,
ආයෙ කවදාවත් නවත්තන්න බෑ කියලා.</font>

271
00:18:49,503 --> 00:18:50,713
<font color="#ffcc46">ඔයා ඒක ට්‍රයි කරලා තියෙනවද?</font>

272
00:18:52,173 --> 00:18:54,884
<font color="#ffcc46">ඔයාට ඒ ගැන දැනගන්න ඕන නම්,
ඇයි දැන්ම ඒක ට්‍රයි කරලා බලන්නේ නැත්තේ?</font>

273
00:18:57,970 --> 00:18:59,972
<font color="#ffcc46">සර්, අපි දැන් යන්න ලෑස්තියි.</font>

274
00:19:11,817 --> 00:19:17,907
<font color="#ffcc46">J, A, Y, 3, 5, 1.</font>

275
00:19:18,616 --> 00:19:23,329
<font color="#ffcc46">3, 8, 1, 1, 7.</font>

276
00:19:35,508 --> 00:19:40,054
<font color="#ffcc46">කොරියා ගිම්පෝ ගුවන්තොටුපළ රැප්කොන්,</font>

277
00:19:44,475 --> 00:19:46,852
<font color="#ffcc46">රැප්කොන් අයිති
ඇමරිකන් එයාර් ෆෝස් එකට, කොරියාවට නෙමෙයි!</font>

278
00:19:46,936 --> 00:19:49,397
<font color="#ffcc46">සාජන් චේ ජිසොක්
තව ටිකකින් මෙතනට එයි, හරිද?</font>

279
00:19:49,480 --> 00:19:51,982
<font color="#ffcc46">රැප්කොන් එකේ වැඩ එයාගෙ.
එයාටම ඕක බලාගන්න කියපන්.</font>

280
00:19:52,817 --> 00:19:54,902
<font color="#ffcc46">අපි මේවට අත දාන්න යන්නේ නෑ.</font>

281
00:19:57,071 --> 00:19:58,072
<font color="#ffcc46">සර්.</font>

282
00:20:02,326 --> 00:20:03,327
<font color="#ffcc46">සර් මට කතා කළාද?</font>

283
00:20:11,043 --> 00:20:13,879
<font color="#ffcc46">මේ මොහොතේ ඉඳන්, කොරියාවේ ඉන්න ඇමරිකානු හමුදාව
රැප්කොන් එකෙන් අයින් වෙනවා.</font>

284
00:20:13,963 --> 00:20:17,258
<font color="#ffcc46">ඉස්සරහට වෙන කිසිම දේකට
අපි සම්බන්ධ වෙන්නේ නෑ.</font>

285
00:20:18,092 --> 00:20:20,928
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න සර්, මට තේරුණේ නෑ.</font>

286
00:20:21,637 --> 00:20:23,472
<font color="#ffcc46">එතකොට කවුද මෙතන භාරව ඉන්නේ?</font>

287
00:20:24,098 --> 00:20:25,099
<font color="#ffcc46">ඒයි.</font>

288
00:20:26,183 --> 00:20:27,435
<font color="#ffcc46">මෙහෙ වරෙන්.</font>

289
00:20:32,898 --> 00:20:35,109
<font color="#ffcc46">තමුසෙද ප්‍රධාන පාලකවරයා?</font>

290
00:20:36,026 --> 00:20:37,027
<font color="#ffcc46">ඔව්.</font>

291
00:20:37,611 --> 00:20:38,779
<font color="#ffcc46">නිලය සහ නම!</font>

292
00:20:39,572 --> 00:20:42,241
<font color="#ffcc46">සර්! සාජන් චේ ජිසොක්.</font>

293
00:20:52,960 --> 00:20:54,003
<font color="#ffcc46">හරි සර්.</font>

294
00:20:55,755 --> 00:20:57,256
<font color="#ffcc46">හරි සර්. ඕකේ.</font>

295
00:20:58,215 --> 00:20:59,216
<font color="#ffcc46">ගන්නවා මේක.</font>

296
00:21:00,551 --> 00:21:01,677
<font color="#ffcc46">ගන්නවා.</font>

297
00:21:07,850 --> 00:21:10,811
<font color="#ffcc46">KCIA අධ්‍යක්ෂක කතා කරන්නේ.
තමුසෙද ප්‍රධාන පාලකවරයා?</font>

298
00:21:10,895 --> 00:21:11,896
<font color="#ffcc46">එහෙමයි සර්!</font>

299
00:21:11,979 --> 00:21:13,814
<font color="#ffcc46">KCIA එක.</font>

300
00:21:13,898 --> 00:21:16,942
<font color="#ffcc46">ඒක හමුදා පාලනය විසින් කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලගෙන,
ඒ බලය රැකගන්න හදපු</font>

301
00:21:17,026 --> 00:21:18,778
<font color="#ffcc46">රාජ්‍ය බුද්ධි අංශයක්.</font>

302
00:21:18,861 --> 00:21:22,114
<font color="#ffcc46">ඇමරිකාවේ CIA එක ආදර්ශයට අරන් හදපු මේක,
කොමියුනිස්ට් විරෝධී ධජය යටතේ</font>

303
00:21:22,198 --> 00:21:24,408
<font color="#ffcc46">ජාතික ආරක්ෂාව, බුද්ධි තොරතුරු රැස් කිරීම</font>

304
00:21:24,492 --> 00:21:25,785
<font color="#ffcc46">සහ විදේශ රහස් මෙහෙයුම් සිදු කළා.</font>

305
00:21:25,868 --> 00:21:28,037
<font color="#ffcc46">නමුත් ඇත්ත තත්ත්වය ඊට වෙනස්.</font>

306
00:21:28,621 --> 00:21:33,209
<font color="#ffcc46">නීතිය නොසලකා හරිමින්, ඔවුන් ජනතාව බිය වද්දලා
අසීමිත බලයක් පාවිච්චි කළා.</font>

307
00:21:33,918 --> 00:21:37,713
<font color="#ffcc46">KCIA එක ජනාධිපතිගෙ පුද්ගලික
ආරක්ෂක අංශයක් වගේ තමයි වැඩ කළේ.</font>

308
00:21:38,339 --> 00:21:40,674
<font color="#ffcc46">මම මේ කියන දේ
හොඳට අහගන්නවා.</font>

309
00:21:40,758 --> 00:21:42,301
<font color="#ffcc46">මේක ජනාධිපතිතුමාගේ නියෝගයක්.</font>

310
00:21:42,384 --> 00:21:44,845
<font color="#ffcc46">තව ටිකකින් ප්ලේන් එකක් අපේ පැත්තට එනවා.</font>

311
00:21:45,346 --> 00:21:49,058
<font color="#ffcc46">මොන දේ කරලා හරි පියොංයැංවලට කලින්
ඒ ප්ලේන් එක අල්ලගන්න ඕන.</font>

312
00:21:49,141 --> 00:21:52,186
<font color="#ffcc46">කිසිම හේතුවක් මත ඒක
පියොංයැංවලට යන්න දෙන්න බෑ.</font>

313
00:21:52,269 --> 00:21:53,395
<font color="#ffcc46">තේරුණාද?</font>

314
00:21:53,479 --> 00:21:54,522
<font color="#ffcc46">එහෙමයි සර්. තේරුණා.</font>

315
00:22:00,694 --> 00:22:03,656
<font color="#ffcc46">අන්තිමේදී,
ප්ලේන් එක ඉටසුකේ එයාර්පෝට් එකෙන් පිටත් වෙලා</font>

316
00:22:03,739 --> 00:22:05,032
<font color="#ffcc46">පියොංයැං බලා යන්න පටන් ගත්තා.</font>

317
00:22:08,077 --> 00:22:10,496
<font color="#ffcc46">ඒත් විප්ලවවාදී හමුදාවට ඕන විදිහට
අපි පියොංයැං වෙත ළඟා නොවී ඉන්න එක</font>

318
00:22:10,579 --> 00:22:12,581
<font color="#ffcc46">ගොඩක් වැදගත් වුණා.</font>

319
00:22:14,667 --> 00:22:18,128
<font color="#ffcc46">පියොංයැංවලට යනවට වඩා
මැරෙන එක හොඳයි.</font>

320
00:22:27,471 --> 00:22:29,723
<font color="#ffcc46">යානය අපේ ගුවන් සීමාවට ඇතුළු වුණා.</font>

321
00:22:31,433 --> 00:22:33,352
<font color="#ffcc46">ඕනෑම මධ්‍යස්ථානයක්, ඕනෑම මධ්‍යස්ථානයක් අමතන්න.</font>

322
00:22:33,435 --> 00:22:35,980
<font color="#ffcc46">මේ ජැපෑන් එයාර්වේස් 351.</font>

323
00:22:36,730 --> 00:22:37,898
<font color="#ffcc46">ජැපෑන් එයාර්වේස් 351.</font>

324
00:22:37,982 --> 00:22:40,067
<font color="#ffcc46">මේ සෝල් පාලක මැදිරිය, පැහැදිලිව ඇහෙනවා.</font>

325
00:22:41,068 --> 00:22:44,738
<font color="#ffcc46">සෝල් පාලක මැදිරිය, මේ ජැපෑන් එයාර්වේස් 351.</font>

326
00:22:45,573 --> 00:22:48,659
<font color="#ffcc46">අපිට උතුරු කොරියාවේ පියොංයැං එයාර්පෝට් එකට
බාන්න අවශ්‍යයි.</font>

327
00:22:48,742 --> 00:22:50,327
<font color="#ffcc46">තොරතුරු ලබාදෙන්න.</font>

328
00:22:50,828 --> 00:22:52,037
<font color="#ffcc46">මොහොතක් රැඳී සිටින්න.</font>

329
00:23:06,051 --> 00:23:08,012
<font color="#ffcc46">ෆයිටර් ජෙට් යානා අපි පස්සෙන් එනවා.</font>

330
00:23:09,054 --> 00:23:10,431
<font color="#ffcc46">ඒ කොරියානු ගුවන් හමුදාව.</font>

331
00:23:12,349 --> 00:23:14,476
<font color="#ffcc46">ජැපෑන් එයාර්වේස් 351.</font>

332
00:23:14,560 --> 00:23:16,896
<font color="#ffcc46">සංඛ්‍යාතය 131.4 ට මාරු කරන්න.</font>

333
00:23:30,284 --> 00:23:34,580
<font color="#ffcc46">පියොංයැං පාලක මැදිරිය,
මේ ජැපෑන් එයාර්වේස් 351.</font>

334
00:23:34,663 --> 00:23:35,873
<font color="#ffcc46">අපිව ඇහෙනවද?</font>

335
00:23:36,373 --> 00:23:39,293
<font color="#ffcc46">අපිට පියොංයැං එයාර්පෝට් එකට බාන්න අවශ්‍යයි.</font>

336
00:23:39,376 --> 00:23:40,794
<font color="#ffcc46">තොරතුරු ලබාදෙන්න.</font>

337
00:23:40,878 --> 00:23:46,216
<font color="#ffcc46">පියොංයැං පාලක මැදිරිය, පියොංයැං පාලක මැදිරිය,
මේ ජැපෑන් එයාර්වේස් 351.</font>

338
00:23:46,884 --> 00:23:47,885
<font color="#ffcc46">රේඩියෝ චෙක්.</font>

339
00:23:49,219 --> 00:23:51,680
<font color="#ffcc46">පියොංයැං පාලක මැදිරිය, පියොංයැං පාලක මැදිරිය.</font>

340
00:23:51,764 --> 00:23:54,767
<font color="#ffcc46">මේ ජැපෑන් එයාර්වේස් 351.</font>

341
00:23:54,850 --> 00:23:56,143
<font color="#ffcc46">රේඩියෝ චෙක්.</font>

342
00:23:59,229 --> 00:24:02,316
<font color="#ffcc46">පියොංයැං පාලක මැදිරිය, පියොංයැං පාලක මැදිරිය,</font>

343
00:24:02,399 --> 00:24:05,152
<font color="#ffcc46">මේ ජැපෑන් එයාර්වේස් 351.</font>

344
00:24:05,819 --> 00:24:07,071
<font color="#ffcc46">රේඩියෝ චෙක්.</font>

345
00:24:22,378 --> 00:24:26,215
<font color="#ffcc46">ජැපෑන් එයාර්වේස් 351,
මේ පියොංයැං පාලක මැදිරිය. පැහැදිලිව ඇහෙනවා.</font>

346
00:24:26,298 --> 00:24:30,052
<font color="#ffcc46">අපි පියොංයැං එයාර්පෝට් එකට මඟ පෙන්වන්නම්.
දිශා අංක 270 ඔස්සේ එන්න.</font>

347
00:24:30,135 --> 00:24:31,762
<font color="#ffcc46">පියොංයැං එකෙන් උත්තර දුන්නා.</font>

348
00:24:31,845 --> 00:24:33,389
<font color="#ffcc46">සුබ පැතුම්, යාමාඩා මහත්තයා!</font>

349
00:24:34,848 --> 00:24:37,685
<font color="#ffcc46">මාස කිහිපයකට කලින්, මගීන් විදිහට වෙස්වලා ගත්තු
උතුරු කොරියානු නියෝජිතයෝ</font>

350
00:24:37,768 --> 00:24:39,937
<font color="#ffcc46">ගංනං ඉඳන් සෝල්වලට යමින් තිබුණු ගුවන් යානයක්</font>

351
00:24:40,020 --> 00:24:41,271
<font color="#ffcc46">උතුරු කොරියාවට පැහැරගෙන ගියා.</font>

352
00:24:42,314 --> 00:24:46,527
<font color="#ffcc46">පැහැරගත්ත මගීන් 50 දෙනාගෙන් 39 දෙනෙක්
පන්මුන්ජොම් හරහා ආපහු ආවා.</font>

353
00:24:46,610 --> 00:24:48,988
<font color="#ffcc46">ඒත් කපිතාන්වරයා සහ තවත් මගීන් කිහිපදෙනෙක් ඇතුළු
11 දෙනෙක්</font>

354
00:24:49,071 --> 00:24:50,739
<font color="#ffcc46">තවමත් උතුරු කොරියාවේ රඳවාගෙන ඉන්නවා.</font>

355
00:24:51,740 --> 00:24:54,243
<font color="#ffcc46">කොරියා දෙක අතර තියෙන මේ නොපෙනෙන යුද්ධයට</font>

356
00:24:54,326 --> 00:24:55,619
<font color="#ffcc46">චේ ජිසොක්වත් ඇදලා දාලයි තිබුණේ.</font>

357
00:24:55,703 --> 00:24:59,832
<font color="#ffcc46">පියොංයැං පාලක මැදිරිය,
මේ ජැපෑන් එයාර්වේස් 351.</font>

358
00:24:59,915 --> 00:25:02,751
<font color="#ffcc46">දිශා අංක 270 ඔස්සේ එනවා.</font>

359
00:25:03,252 --> 00:25:04,753
<font color="#ffcc46">ඉදිරි උපදෙස් බලාපොරොත්තු වෙනවා.</font>

360
00:25:07,965 --> 00:25:11,593
<font color="#ffcc46">දැන් මේ ප්ලේන් එක ආයෙත් පාරක්
පැහැර ගැනීමකට ලක් වෙනවා.</font>

361
00:25:12,094 --> 00:25:13,887
<font color="#ffcc46">සර්, ෆයිටර් ජෙට් ටික ඈතට යනවා!</font>

362
00:25:20,769 --> 00:25:24,148
<font color="#ffcc46">ජැපෑන් එයාර්වේස් 351,
මේ පියොංයැං පාලක මැදිරිය.</font>

363
00:25:24,231 --> 00:25:26,608
<font color="#ffcc46">වමට හරවා දිශා අංක 200ට එන්න.</font>

364
00:25:26,692 --> 00:25:28,152
<font color="#ffcc46">තේරුණා, පියොංයැං පාලක මැදිරිය.</font>

365
00:25:28,235 --> 00:25:30,654
<font color="#ffcc46">දිශා අංක 200ට හරවනවා.</font>

366
00:25:38,162 --> 00:25:42,124
<font color="#ffcc46">දෙපැත්තෙන්ම පැහැරගැනීමක්.
ගිම්පෝ එයාර්පෝට් එකේ පාලක මැදිරියේ හිටපු</font>

367
00:25:42,207 --> 00:25:45,085
<font color="#ffcc46">ගුවන් ගමන් පාලක චේ ජිසොක්,
පියොංයැං බලා යමින් තිබුණු පණිවිඩයකට මැදිහත් වෙලා</font>

368
00:25:45,169 --> 00:25:47,379
<font color="#ffcc46">ප්ලේන් එක දකුණු පැත්තට හරවාගත්තා.</font>

369
00:25:47,463 --> 00:25:50,549
<font color="#ffcc46">ජැපෑන් එයාර්වේස් 351, ධාවන පථ අංක 32, දකුණ.</font>

370
00:25:50,632 --> 00:25:53,510
<font color="#ffcc46">තේරුණා, ධාවන පථ අංක 32, දකුණ.</font>

371
00:25:53,594 --> 00:25:56,138
<font color="#ffcc46">සුබ සන්ධ්‍යාවක්, ජැපෑන් එයාර්වේස් 351.</font>

372
00:25:56,221 --> 00:25:57,514
<font color="#ffcc46">දිගටම පහත් කරන්න.</font>

373
00:25:58,891 --> 00:26:01,977
<font color="#ffcc46">ගිම්පෝ ගුවන්තොටුපළ, කොරියාව</font>

374
00:26:02,061 --> 00:26:04,688
<font color="#ffcc46">මේ මොහොතේ ඉඳන්,
මේක පියොංයැං ගුවන්තොටුපළ!</font>

375
00:26:05,773 --> 00:26:09,902
<font color="#ffcc46">කොල්ලකාරයෝ ප්ලේන් එකෙන් එළියට බැස්ස ගමන්,
ඔක්කොම පණපිටින් අල්ලගන්න ඕන.</font>

376
00:26:10,903 --> 00:26:14,907
<font color="#ffcc46">එයාලා විරුද්ධ වුණොත්,
එකපාරම වෙඩි තියන්න පුළුවන්.</font>

377
00:26:17,034 --> 00:26:18,327
<font color="#ffcc46">ඔවුන්ට නොදැනෙන්නම,</font>

378
00:26:18,410 --> 00:26:19,578
<font color="#ffcc46">යානය පියොංයැං හරහා ගිහින්,</font>

379
00:26:19,661 --> 00:26:23,123
<font color="#ffcc46">බටහිර මුහුදත් පහුකරගෙන,
අන්තිමේදී ගිම්පෝ එයාර්පෝට් එකට ගොඩ බැස්සුවා.</font>

380
00:26:42,476 --> 00:26:45,687
<font color="#ffcc46">උතුරු කොරියානු පිළිගැනීමේ කමිටුවක් විදිහට පේන්න
ඔවුන් ප්‍රදේශවාසීන්, ශිෂ්‍යයන් සහ සොල්දාදුවන්ව</font>

381
00:26:45,771 --> 00:26:48,190
<font color="#ffcc46">එකතු කරගෙන හිටියා.</font>

382
00:26:51,610 --> 00:26:56,031
<font color="#ffcc46">ටර්මිනල් එකේ උතුරු කොරියානු කොඩි දාන තරමටම
ඔවුන් වැඩේ කළත්,</font>

383
00:26:56,115 --> 00:26:58,283
<font color="#ffcc46">මේ නාඩගම සාර්ථක වුණේ නෑ.</font>

384
00:27:02,246 --> 00:27:04,873
<font color="#ffcc46">සර්, මොකක් හරි අවුලක් තියෙනවා.</font>

385
00:27:07,167 --> 00:27:08,168
<font color="#ffcc46">එහාට යනවා!</font>

386
00:27:14,675 --> 00:27:15,968
<font color="#ffcc46">හිතුවා වගේම,</font>

387
00:27:16,051 --> 00:27:18,011
<font color="#ffcc46">විප්ලවවාදී හමුදාවට මොකක් හරි වැරැද්දක් තියෙන බව තේරුණා.</font>

388
00:27:18,720 --> 00:27:21,515
<font color="#ffcc46">අයියෝ, එයාලා ප්ලෑන් කරපු
ඒ ලොකු මෙහෙයුම...</font>

389
00:27:23,392 --> 00:27:24,393
<font color="#ffcc46">ඒයි!</font>

390
00:27:27,229 --> 00:27:28,230
<font color="#ffcc46">තමුසෙ!</font>

391
00:27:30,399 --> 00:27:32,651
<font color="#ffcc46">මේ, සෝල් නේද?</font>

392
00:27:34,236 --> 00:27:35,320
<font color="#ffcc46">ඔව්!</font>

393
00:27:36,196 --> 00:27:37,990
<font color="#ffcc46">...අසාර්ථක වුණා.</font>

394
00:27:40,367 --> 00:27:41,577
<font color="#ffcc46">තමුසෙට ඕන මම තමුසෙව මරනව දකින්නද?</font>

395
00:27:41,660 --> 00:27:42,786
<font color="#ffcc46">මොන විකාරයක්ද මේ?</font>

396
00:27:44,663 --> 00:27:47,416
<font color="#ffcc46">ඇයි අපි දකුණු කොරියාවේ ඉන්නේ?</font>

397
00:27:47,499 --> 00:27:48,500
<font color="#ffcc46">මම දන්නේ නෑ.</font>

398
00:27:48,584 --> 00:27:51,128
<font color="#ffcc46">දන්නේ නෑ? මම තමුසෙව මරනවා!</font>

399
00:27:51,211 --> 00:27:54,006
<font color="#ffcc46">කපිතාන්වරයාව මැරුවොත්,
කවුද ප්ලේන් එක එළවන්නේ?</font>

400
00:27:57,301 --> 00:27:59,595
<font color="#ffcc46">එතකොට පියොංයැං?
ආයෙ එහෙ යන්නේ නැද්ද?</font>

401
00:28:04,099 --> 00:28:05,517
<font color="#ffcc46">මම තමුසෙව මරනවා.</font>

402
00:28:05,601 --> 00:28:07,603
<font color="#ffcc46">මම හැදුවේ ඔයාට උදව් කරන්න විතරයි.</font>

403
00:28:09,146 --> 00:28:11,231
<font color="#ffcc46">මාව මැරුවොත් ඔයාට පියොංයැං යන්න පුළුවන් වෙයිද?</font>

404
00:28:11,315 --> 00:28:14,192
<font color="#ffcc46">මට බයිලා ගහන්න එපා.
මම දැන්ම තමුසෙව මරනවා.</font>

405
00:28:14,276 --> 00:28:15,611
<font color="#ffcc46">ඉස්සෙල්ලා සන්සුන් වෙන්නකෝ.</font>

406
00:28:16,695 --> 00:28:18,822
<font color="#ffcc46">ඔයාට ආරක්ෂිතව එහෙ යන්න
තව ක්‍රමයක් තියෙනවා.</font>

407
00:28:18,906 --> 00:28:20,073
<font color="#ffcc46">කට වහපන්!</font>

408
00:28:20,908 --> 00:28:23,952
<font color="#ffcc46">මම ආයෙ මේ සයිනිචි කාරයොන්ගේ වචනවලට
රැවටෙන්නේ නෑ.</font>

409
00:28:27,331 --> 00:28:29,124
<font color="#ffcc46">තමුසෙ හිතුවද මට තේරෙන එකක් නෑ කියලා?</font>

410
00:28:30,500 --> 00:28:33,253
<font color="#ffcc46">තමුසෙලා වගේ සයිනිචි එවුන්ගෙන් ගඳ ගහනවා.</font>

411
00:28:34,671 --> 00:28:37,341
<font color="#ffcc46">ඌරන්ගෙනුයි බල්ලන්ගෙනුයි එන
ගඳමයි එන්නේ.</font>

412
00:28:37,424 --> 00:28:38,467
<font color="#ffcc46">නවත්තන්න.</font>

413
00:28:41,303 --> 00:28:43,221
<font color="#ffcc46">අපිට පියොංයැං යන්න ක්‍රමයක් තියෙනවද?</font>

414
00:28:45,682 --> 00:28:47,017
<font color="#ffcc46">මම පොරොන්දු වෙනවා.</font>

415
00:28:49,269 --> 00:28:52,189
<font color="#ffcc46">මම ඔයාලව පරිස්සමින් පියොංයැංවලට යවන්නම්.</font>

416
00:28:53,148 --> 00:28:55,233
<font color="#ffcc46">ඔයා ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ වුණත් ඔට්ටු තියනවද?</font>

417
00:28:56,944 --> 00:28:58,528
<font color="#ffcc46">මම ජීවිතේ වුණත් ඔට්ටු තියනවා.</font>

418
00:28:59,821 --> 00:29:01,907
<font color="#ffcc46">ජපානය
ප්ලේන් එක ගැන බොහොම විපරමින් හිටියේ.</font>

419
00:29:01,990 --> 00:29:03,492
<font color="#ffcc46">සිද්ධිය නිසා කලබල වුණු ඔවුන්,</font>

420
00:29:03,575 --> 00:29:06,453
<font color="#ffcc46">තත්ත්වය හොයලා බලන්න
දකුණු කොරියාවට නියෝජිත පිරිසක් එව්වා.</font>

421
00:29:06,536 --> 00:29:08,956
<font color="#ffcc46">ප්ලේන් එක මෙහෙට ගොඩබෑවේ කොහොමද කියලා
නම් මම දන්නේ නෑ.</font>

422
00:29:09,039 --> 00:29:13,543
<font color="#ffcc46">හැබැයි දැන් ඒක අපේ රටේ තියෙන නිසා,
කිසිම හේතුවක් මත පියොංයැංවලට යවන්න බෑ.</font>

423
00:29:13,627 --> 00:29:15,837
<font color="#ffcc46">"කිසිම හේතුවක් මත පියොංයැංවලට යවන්න බෑ."</font>

424
00:29:17,214 --> 00:29:19,299
<font color="#ffcc46">මයික් එක. ජියොන්ග් මහත්තයා, මයික් එකේ ස්විච් එක.</font>

425
00:29:19,383 --> 00:29:20,801
<font color="#ffcc46">-ඇයි මොකක්ද?
-මයික් එක.</font>

426
00:29:20,884 --> 00:29:22,260
<font color="#ffcc46">ආහ්, සමාවෙන්න.</font>

427
00:29:23,303 --> 00:29:27,015
<font color="#ffcc46">කවුද කැමති ඕක පියොංයැං යනවට?
අපි කවුරුත් කැමති නෑ.</font>

428
00:29:27,099 --> 00:29:28,976
<font color="#ffcc46">"කවුද කැමති ඕක පියොංයැං යනවට?"</font>

429
00:29:29,059 --> 00:29:30,519
<font color="#ffcc46">ඒත් අහන්නකෝ.</font>

430
00:29:30,602 --> 00:29:32,896
<font color="#ffcc46">මගීන්ගේ ජීවිත අනතුරේ තියෙද්දී,</font>

431
00:29:33,480 --> 00:29:36,692
<font color="#ffcc46">සාකච්ඡා කරන්න අපි ඉඩ තියාගන්න ඕන.</font>

432
00:29:37,985 --> 00:29:40,153
<font color="#ffcc46">ඉතින් ඇයි මුලින්ම ඒක මෙහෙට එන්න ඉඩ දුන්නේ?</font>

433
00:29:40,237 --> 00:29:41,989
<font color="#ffcc46">මේක ජපානයේදීම විසඳගන්න තිබුණා!</font>

434
00:29:42,072 --> 00:29:43,699
<font color="#ffcc46">"මේක ජපානයේදීම විසඳගන්න තිබුණා."</font>

435
00:29:43,782 --> 00:29:46,994
<font color="#ffcc46">ඇත්තටම මේක අපිටත් ලොකු ප්‍රශ්නයක්,</font>

436
00:29:47,494 --> 00:29:49,788
<font color="#ffcc46">නමුත් ජනාධිපතිතුමාගේ තීරණය ස්ථිරයි.</font>

437
00:29:49,871 --> 00:29:51,832
<font color="#ffcc46">"...තීරණය ස්ථිරයි."</font>

438
00:29:53,792 --> 00:29:56,211
<font color="#ffcc46">අපි හොඳටම දන්නවා දකුණු කොරියාවේ</font>

439
00:29:56,294 --> 00:29:57,671
<font color="#ffcc46">මහජන මතය එච්චර හොඳ නෑ කියලා.</font>

440
00:29:57,754 --> 00:29:59,756
<font color="#ffcc46">මොකද ළඟදී වෙච්ච ගුවන් යානා පැහැරගැනීම නිසා.</font>

441
00:29:59,840 --> 00:30:03,051
<font color="#ffcc46">ඒත් මෙතන ජීවිත සියයකට වඩා අනතුරේ තියෙනවා.</font>

442
00:30:03,135 --> 00:30:07,389
<font color="#ffcc46">ඉතින් අපි දේශපාලනිකව හිතනවට වඩා
මානුෂීය විදිහට මේ ගැන හිතන්න ඕන නේද?</font>

443
00:30:07,472 --> 00:30:08,932
<font color="#ffcc46">එහෙම නේද?</font>

444
00:30:10,642 --> 00:30:12,894
<font color="#ffcc46">බලන්න, අපි මහජන මතය ගැන නෙමෙයි වද වෙන්නේ.</font>

445
00:30:12,978 --> 00:30:15,480
<font color="#ffcc46">අපේ ප්‍රධානම අරමුණ දකුණු කොරියානු යානයේ</font>

446
00:30:15,564 --> 00:30:17,274
<font color="#ffcc46">සහ උතුරේ රඳවාගෙන ඉන්න අපේ පුරවැසියන්ගේ ආරක්ෂාවයි.</font>

447
00:30:17,357 --> 00:30:19,609
<font color="#ffcc46">ඔයාලට එයාලත් එක්ක සාකච්ඡා කරන්න බෑ කියලා අපි කියන්නේ නෑ.</font>

448
00:30:19,693 --> 00:30:21,403
<font color="#ffcc46">අපි කියන්නේ ඒක පියොංයැං යවන එක නම්</font>

449
00:30:21,486 --> 00:30:23,488
<font color="#ffcc46">-කොහෙත්ම කරන්න බෑ කියලයි.
-ඒක හරි...</font>

450
00:30:25,907 --> 00:30:28,035
<font color="#ffcc46">-අනේ මන්දා, මොකක්ද...
-ඒක හරි.</font>

451
00:30:28,118 --> 00:30:31,496
<font color="#ffcc46">කොහොමත්, අපි එළියෙන් ඉඳන් එන්ජින් පණගන්වන්නේ නැතුව,</font>

452
00:30:31,580 --> 00:30:34,082
<font color="#ffcc46">ඒ ප්ලේන් එකට ආපහු යන්න බෑනේ.</font>

453
00:30:34,166 --> 00:30:36,293
<font color="#ffcc46">එයාලා මොනවා හරි මැජික්කාරයෝ නෙමෙයිනේ.</font>

454
00:30:36,376 --> 00:30:39,880
<font color="#ffcc46">අන්තිමේදී,
වැඩේ අතහැරලා දානවා ඇරෙන්න එයාලට වෙන විකල්පයක් නෑ.</font>

455
00:30:39,963 --> 00:30:42,674
<font color="#ffcc46">දකුණු කොරියානු රජය කවදාවත් පිළිගත්තේ නෑ</font>

456
00:30:42,758 --> 00:30:44,634
<font color="#ffcc46">ඔවුන් ඒ ප්ලේන් එක
හිතාමතාම වෙන පැත්තකට යැව්වා කියලා.</font>

457
00:30:45,135 --> 00:30:47,637
<font color="#ffcc46">ඒ ප්ලේන් එකේ ඉන්නේ
අපේ රටේ පුරවැසියෝ.</font>

458
00:30:47,721 --> 00:30:49,765
<font color="#ffcc46">ජපන් ජාතිකයෝ.</font>

459
00:30:51,058 --> 00:30:54,227
<font color="#ffcc46">ඔයාලා වගේම කිසිම වරදක් නැති
අහිංසක මිනිස්සු.</font>

460
00:30:54,895 --> 00:30:58,607
<font color="#ffcc46">දකුණු කොරියානු රජයේ ස්ථාවරය ගැන
අපිට හොඳටම තේරෙනවා.</font>

461
00:30:58,690 --> 00:31:02,360
<font color="#ffcc46">ඒත් මේ වෙලාවේ, කරුණාකරලා
මගීන්ගේ ජීවිත ගැනයි</font>

462
00:31:02,444 --> 00:31:05,238
<font color="#ffcc46">ආරක්ෂාව ගැනයි විතරක් හිතන්න.</font>

463
00:31:05,322 --> 00:31:08,492
<font color="#ffcc46">මම ඔයාලගෙන් බැගෑපත්ව ඉල්ලනවා.</font>

464
00:31:08,575 --> 00:31:10,327
<font color="#ffcc46">දෙපැත්තෙ අදහස් අතර ලොකු පරතරයක් තිබුණා,</font>

465
00:31:10,410 --> 00:31:12,329
<font color="#ffcc46">සමථයකට පත්වෙන පාටක් පෙනුනෙත් නෑ.</font>

466
00:31:15,082 --> 00:31:18,710
<font color="#ffcc46">මේ ජැපෑන් එයාර් වේස් 351 යානයයි.</font>

467
00:31:18,794 --> 00:31:20,921
<font color="#ffcc46">අපිට කැබින් එකට හුලං ඕනේ.</font>

468
00:31:21,797 --> 00:31:23,423
<font color="#ffcc46">එන්ජින් සේරම නතර වෙලා තියෙන්නේ,</font>

469
00:31:23,507 --> 00:31:27,094
<font color="#ffcc46">කරන්ට් එකයි වාතාශ්‍රය ලැබෙන සිස්ටම්
ඔක්කොමයි ඕෆ් වෙලා.</font>

470
00:31:27,636 --> 00:31:30,931
<font color="#ffcc46">අපිට ඉක්මනටම කැබින් එකට හුලං ලැබුණේ නැත්නම්,</font>

471
00:31:31,014 --> 00:31:33,058
<font color="#ffcc46">හුස්ම ගන්න අමාරු වෙයි.</font>

472
00:31:34,017 --> 00:31:35,227
<font color="#ffcc46">මම ආයෙත් කියනවා.</font>

473
00:31:36,603 --> 00:31:38,730
<font color="#ffcc46">අපිට කැබින් එකට හුලං ඕනේ.</font>

474
00:31:39,481 --> 00:31:41,691
<font color="#ffcc46">එන්ජින් සේරම නතර වෙලා...</font>

475
00:31:41,775 --> 00:31:44,820
<font color="#ffcc46">...කරන්ට් එකයි වාතාශ්‍රය ලැබෙන සිස්ටම්
ඔක්කොමයි ඕෆ් වෙලා.</font>

476
00:31:45,487 --> 00:31:48,657
<font color="#ffcc46">අපිට ඉක්මනටම කැබින් එකට හුලං ලැබුණේ නැත්නම්,</font>

477
00:31:48,740 --> 00:31:50,826
<font color="#ffcc46">හුස්ම ගන්න අමාරු වෙයි.</font>

478
00:31:54,204 --> 00:31:55,831
<font color="#ffcc46">මේ සෝල් පාලක මැදිරියයි.</font>

479
00:31:56,915 --> 00:31:58,083
<font color="#ffcc46">දොර අරින්න.</font>

480
00:31:58,750 --> 00:32:01,753
<font color="#ffcc46">මම ආයෙත් කියනවා, දොර අරින්න.</font>

481
00:32:03,255 --> 00:32:04,589
<font color="#ffcc46">ඔයා කියපු විදිහටම,</font>

482
00:32:05,549 --> 00:32:08,760
<font color="#ffcc46">අපි වැරැද්ද ජපන් ආණ්ඩුව පිට පැටෙව්වා.</font>

483
00:32:09,386 --> 00:32:10,470
<font color="#ffcc46">හොඳයි.</font>

484
00:32:11,763 --> 00:32:15,767
<font color="#ffcc46">ජපන් ආණ්ඩුව මේ වෙද්දි කල්පනා කරනවා ඇති
මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්</font>

485
00:32:15,851 --> 00:32:19,020
<font color="#ffcc46">ඔයාලව ප්යොංයැං වලට යවන්න ක්‍රමයක් ගැන.</font>

486
00:32:22,983 --> 00:32:24,985
<font color="#ffcc46">ප්‍රශ්නේ තියෙන්නේ දකුණු කොරියානු ආණ්ඩුවයි.</font>

487
00:32:29,322 --> 00:32:31,616
<font color="#ffcc46">එයාලා ඔයාලව ලේසියෙන් යන්න දෙන එකක් නෑ.</font>

488
00:32:40,667 --> 00:32:41,668
<font color="#ffcc46">මම ඔයාට ණය ගැතියි.</font>

489
00:32:49,551 --> 00:32:51,094
<font color="#ffcc46">ඉතින් මොකක්ද ඔයාගේ ප්ලෑන් එක?</font>

490
00:32:52,679 --> 00:32:54,639
<font color="#ffcc46">ඔයාට සාධාරණ හේතුවක් ඕනේ.</font>

491
00:33:00,187 --> 00:33:02,731
<font color="#ffcc46">ඉතුරු වෙලා ඉන්න මගීන් ඔක්කොම නිදහස් කරන්න.</font>

492
00:33:02,814 --> 00:33:05,775
<font color="#ffcc46">තෝ නම් මහ... උඹ හිතුවද
අපි ආයෙත් ඕකට අහුවෙයි කියලා?</font>

493
00:33:10,030 --> 00:33:11,448
<font color="#ffcc46">ඒයි.</font>

494
00:33:12,282 --> 00:33:14,868
<font color="#ffcc46">කවුද යකෝ ඇත්තටම උඹ?</font>

495
00:33:15,452 --> 00:33:16,745
<font color="#ffcc46">මම කිව්වනේ.</font>

496
00:33:17,329 --> 00:33:19,331
<font color="#ffcc46">මම බිස්නස් කරන කෙනෙක්.</font>

497
00:33:19,956 --> 00:33:21,666
<font color="#ffcc46">මොකක්ද මේ නටන නාඩගම?</font>

498
00:33:30,050 --> 00:33:33,303
<font color="#ffcc46">මට ඕනේ මේක සද්ද නැතුව විසඳගන්න විතරයි.</font>

499
00:33:34,387 --> 00:33:36,181
<font color="#ffcc46">ඔයාලව ප්යොංයැං වලට යවලා...</font>

500
00:33:36,806 --> 00:33:38,558
<font color="#ffcc46">...මගේ වැඩේ ඉවරයක් කරගන්න.</font>

501
00:33:39,184 --> 00:33:41,519
<font color="#ffcc46">අපි ආයෙ කිසිම මගියෙක්ව නිදහස් කරන්නේ නෑ.</font>

502
00:33:43,188 --> 00:33:46,274
<font color="#ffcc46">දකුණු කොරියානු ආණ්ඩුව
අපේ ඉල්ලීම් වලට කැමති වුණේ නැත්නම්,</font>

503
00:33:46,358 --> 00:33:48,443
<font color="#ffcc46">අපි මේ ඔක්කොම මරලා දානවා!</font>

504
00:33:48,526 --> 00:33:51,780
<font color="#ffcc46">හැබැයි ඊට කලින්
අපි තමුසෙගේ බෙල්ල කපලයි පටන් ගන්නේ.</font>

505
00:33:52,572 --> 00:33:53,657
<font color="#ffcc46">හා, කමක් නෑ.</font>

506
00:33:55,825 --> 00:33:57,911
<font color="#ffcc46">එහෙනම් අපි වෙන විදිහකට කරමු.</font>

507
00:33:59,704 --> 00:34:01,957
<font color="#ffcc46">මම දීපු බ්‍රීෆ්කේස් එක අරන් එන්න.</font>

508
00:34:02,540 --> 00:34:04,501
<font color="#ffcc46">ඔයාලව ප්යොංයැං යවන උත්තරේ...</font>

509
00:34:04,584 --> 00:34:07,420
<font color="#ffcc46">...ඒක ඇතුලේ තියෙනවා.</font>

510
00:35:56,696 --> 00:35:58,990
<font color="#ffcc46">මොකක්ද ඒ සද්දේ?</font>

511
00:35:59,491 --> 00:36:00,659
<font color="#ffcc46">වෙඩි සද්දයක් නේද?</font>

512
00:36:00,742 --> 00:36:03,036
<font color="#ffcc46">මොකක්? අපේ ළඟ තුවක්කු තියෙනවද?</font>

513
00:36:10,835 --> 00:36:12,253
<font color="#ffcc46">ඕක බිම දාපන් දැන්ම!</font>

514
00:36:16,508 --> 00:36:17,842
<font color="#ffcc46">නැත්නම්,</font>

515
00:36:18,385 --> 00:36:19,719
<font color="#ffcc46">අපි ඔක්කොම එකට මැරෙයි.</font>

516
00:36:21,721 --> 00:36:23,890
<font color="#ffcc46">වෙඩි තියපන් බලන්න.</font>

517
00:36:28,687 --> 00:36:29,688
<font color="#ffcc46">හා, තියපන්කෝ ඉතින්.</font>

518
00:37:04,097 --> 00:37:05,974
<font color="#ffcc46">ප්ලේන් එක ඇතුලෙන් වෙඩි සද්දයක් ඇහුණලු.</font>

519
00:37:06,057 --> 00:37:07,892
<font color="#ffcc46">ප්ලේන් එක ඇතුලෙන් වෙඩි සද්දයක් ඇහුණලු!</font>

520
00:37:07,976 --> 00:37:09,227
<font color="#ffcc46">වෙඩි සද්දයක්?</font>

521
00:37:09,310 --> 00:37:11,354
<font color="#ffcc46">-දෙයියනේ.
-ඇත්තටම?</font>

522
00:37:12,689 --> 00:37:13,857
<font color="#ffcc46">දැන් දැක්කනේ,</font>

523
00:37:15,608 --> 00:37:18,445
<font color="#ffcc46">මේක ඔයාලගේ අතේ තියෙන සෙල්ලම් බඩු වගේ නෙවෙයි.</font>

524
00:37:19,571 --> 00:37:21,489
<font color="#ffcc46">මේකෙන් ඇත්තටම මනුස්සයෙක්ව මරන්න පුළුවන්.</font>

525
00:37:24,576 --> 00:37:25,577
<font color="#ffcc46">එහෙනම්,</font>

526
00:37:27,203 --> 00:37:28,747
<font color="#ffcc46">ඔයා මොකක්ද අපිට කරන්න යන්නේ?</font>

527
00:37:29,247 --> 00:37:30,915
<font color="#ffcc46">මෙතන ඉඳන්,</font>

528
00:37:30,999 --> 00:37:34,627
<font color="#ffcc46">ඔයාලා කට වහගෙන මම කියන විදිහට ප්යොංයැං යන්න ඕනේ.</font>

529
00:37:36,421 --> 00:37:37,422
<font color="#ffcc46">ඒක හරි.</font>

530
00:37:37,505 --> 00:37:40,550
<font color="#ffcc46">එයාලා ප්ලේන් එක අත්පත් කරගන්න
මගීන්ව ප්‍රාණ ඇපයට ගත්තා.</font>

531
00:37:40,633 --> 00:37:45,054
<font color="#ffcc46">දැන්, මම මෙතනින් එලියට යන්න
එයාලව ප්‍රාණ ඇපයට ගන්නවා.</font>

532
00:37:45,138 --> 00:37:48,808
<font color="#ffcc46">දැන් ඉඳන්, මම මේ කියන ටික
අකුරක් නෑර එයාලට කියන්න ඕනේ.</font>

533
00:37:52,061 --> 00:37:53,855
<font color="#ffcc46">අපිට ඕනේ...</font>

534
00:37:54,731 --> 00:37:58,401
<font color="#ffcc46">අපිට ඊට වඩා දෙයක් ඕනේ නෑ.</font>

535
00:37:59,903 --> 00:38:03,198
<font color="#ffcc46">"අපිට ඊට වඩා දෙයක් ඕනේ නෑ."</font>

536
00:38:05,366 --> 00:38:06,868
<font color="#ffcc46">ඔයාලා අපේ ඉල්ලීම් ඉටු කළේ නැත්නම්...</font>

537
00:38:06,951 --> 00:38:09,204
<font color="#ffcc46">"ඔයාලා අපේ ඉල්ලීම් ඉටු කළේ නැත්නම්..."</font>

538
00:38:09,287 --> 00:38:10,330
<font color="#ffcc46">...හරියටම දවල් 12 වෙද්දි...</font>

539
00:38:10,413 --> 00:38:11,664
<font color="#ffcc46">"...හරියටම දවල් 12 වෙද්දි..."</font>

540
00:38:11,748 --> 00:38:14,375
<font color="#ffcc46">...අපි මේ ප්ලේන් එකේ තියෙන බෝම්බ පුපුරවගෙන මැරෙනවා.</font>

541
00:38:14,459 --> 00:38:17,170
<font color="#ffcc46">"...අපි මේ ප්ලේන් එකේ තියෙන
බෝම්බ පුපුරවගෙන මැරෙනවා."</font>

542
00:38:17,253 --> 00:38:19,589
<font color="#ffcc46">හැබැයි ඔයාලා අපි කියන දේ කළොත්...</font>

543
00:38:19,672 --> 00:38:21,716
<font color="#ffcc46">"හැබැයි ඔයාලා අපි කියන දේ කළොත්..."</font>

544
00:38:22,217 --> 00:38:24,469
<font color="#ffcc46">...අපි ආරක්ෂිතව නිදහස් කරනවා...</font>

545
00:38:24,552 --> 00:38:25,970
<font color="#ffcc46">"...අපි ආරක්ෂිතව නිදහස් කරනවා..."</font>

546
00:38:26,054 --> 00:38:27,055
<font color="#ffcc46">...ප්ලේන් එකේ ඉන්න ඔක්කොම මගීන්ව.</font>

547
00:38:27,138 --> 00:38:28,223
<font color="#ffcc46">"...ප්ලේන් එකේ ඉන්න ඔක්කොම මගීන්ව."</font>

548
00:38:34,687 --> 00:38:35,688
<font color="#ffcc46">ලොකු දෙයක්.</font>

549
00:38:36,356 --> 00:38:39,400
<font color="#ffcc46">අපිට කොහොමද ෂුවර් කරන්නේ
එයාලා පොරොන්දුව ඉටු කරයි කියලා?</font>

550
00:38:40,193 --> 00:38:45,073
<font color="#ffcc46">එයාලගේ කැමැත්ත පෙන්නන්න,
දැන්ම මගීන්ගෙන් භාගයක් නිදහස් කරනවා කිව්වා.</font>

551
00:38:45,615 --> 00:38:47,909
<font color="#ffcc46">ඔක්කොම පනස් අට දෙනෙක්.</font>

552
00:38:50,245 --> 00:38:53,414
<font color="#ffcc46">එයාලා ඇත්තටම මගීන්ව නිදහස් කරනවද?</font>

553
00:38:54,123 --> 00:38:55,458
<font color="#ffcc46">ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමක්.</font>

554
00:38:55,542 --> 00:38:57,710
<font color="#ffcc46">යමඩා අතේ මම යවපු කොන්දේසිය තමයි,</font>

555
00:38:57,794 --> 00:39:01,172
<font color="#ffcc46">ජපන් ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙක්
මගීන් වෙනුවට ඉදිරිපත් වෙලා</font>

556
00:39:01,256 --> 00:39:03,508
<font color="#ffcc46">කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවා වෙන එක.</font>

557
00:39:04,217 --> 00:39:06,886
<font color="#ffcc46">මම මත්ද්‍රව්‍ය අරන් ප්ලේන් එකට නැගපු
ජපන් බිස්නස්කාරයෙක්.</font>

558
00:39:06,970 --> 00:39:09,389
<font color="#ffcc46">උතුරු කොරියාවට කොටු නොවී
මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න නම්,</font>

559
00:39:09,472 --> 00:39:11,474
<font color="#ffcc46">මට මේක විසඳන්න විදිහක් හොයාගන්න වුණා.</font>

560
00:39:13,017 --> 00:39:16,396
<font color="#ffcc46">අලුත් ප්‍රාණ ඇපකරුවෙක් හම්බවුණාම,
විප්ලවවාදී හමුදාව එයාලගේ ආරක්ෂාව තහවුරු කරගත්තා.</font>

561
00:39:17,021 --> 00:39:20,275
<font color="#ffcc46">ඒ වගේම මගීන්ගේ ආරක්ෂාව පෙන්නලා
ප්ලේන් එක නවත්තන් ඉන්න</font>

562
00:39:20,358 --> 00:39:23,236
<font color="#ffcc46">දකුණු කොරියාවට තිබුණ අයිතියත්
ඒකෙන් නැති වෙලා ගියා.</font>

563
00:39:23,945 --> 00:39:26,906
<font color="#ffcc46">උතුරු කොරියාව විප්ලවවාදී හමුදාවට
රැකවරණය දුන්නා.</font>

564
00:39:26,990 --> 00:39:28,700
<font color="#ffcc46">හරියටම මම හිතුවා වගේම,</font>

565
00:39:28,783 --> 00:39:31,035
<font color="#ffcc46">දවස් කීපයකට පස්සේ ප්ලේන් එක
ආපහු ජපානයට එව්වා.</font>

566
00:39:31,619 --> 00:39:35,290
<font color="#ffcc46">ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑම
එයාලට මගහරින්න බැරි වුණා.</font>

567
00:39:36,040 --> 00:39:39,252
<font color="#ffcc46">ආපහු රටට ආවට පස්සේ, නියෝජ්‍ය ඇමති නට්සුමෙයි
කැප්ටන් හොන්ඩායි</font>

568
00:39:39,335 --> 00:39:43,423
<font color="#ffcc46">ජපානයේ වීරයෝ විදිහට පිලිගත්තා,
ඒකෙන් එයාලා දේශපාලනයෙනුත් ඉස්සරහට ගියා.</font>

569
00:39:45,300 --> 00:39:48,011
<font color="#ffcc46">ඒත් ප්ලේන් එක හරවලා මගීන්ව බේරගත්ත</font>

570
00:39:48,094 --> 00:39:50,805
<font color="#ffcc46">පාලක මැදිරියේ චේ ජි-සොක්ව
කවුරුත් වීරයෙක් විදිහට දැක්කේ නෑ.</font>

571
00:39:50,889 --> 00:39:54,058
<font color="#ffcc46">ඒ වෙනුවට එදා වෙච්ච දේ ගැන කට වහගෙන ඉන්න කියලා
එයාට බලපෑම් කළා,</font>

572
00:39:54,142 --> 00:39:56,185
<font color="#ffcc46">අන්තිමට එයාට රස්සාවත් දාලා යන්න වුණා.</font>

573
00:39:56,269 --> 00:39:57,270
<font color="#ffcc46">ඒක ඇත්ත.</font>

574
00:39:58,229 --> 00:40:02,483
<font color="#ffcc46">ජනාධිපතියි KCIA එකයි මේ රට පාලනය කරන්නේ
අන්න ඒ විදිහට.</font>

575
00:40:04,903 --> 00:40:07,447
<font color="#ffcc46">-අන්න එයා එනවා!
-ඒයි, අන්න එනවා!</font>

576
00:40:08,656 --> 00:40:09,657
<font color="#ffcc46">ගිම්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ</font>

577
00:40:09,741 --> 00:40:11,993
<font color="#ffcc46">පැහැර ගැනීමට ලක්වුණු මගීන්ව</font>

578
00:40:12,076 --> 00:40:14,621
<font color="#ffcc46">නිරුපද්‍රිතව සෝල් වෙත බේරාගැනීමේ සතුට</font>

579
00:40:14,704 --> 00:40:18,458
<font color="#ffcc46">ලෝකවාසී සියලු ජනතාව සමග අපි සමරනවා.</font>

580
00:40:19,417 --> 00:40:20,919
<font color="#ffcc46">මේ අවස්ථාවේදී,</font>

581
00:40:21,002 --> 00:40:25,882
<font color="#ffcc46">කොමියුනිස්ට් හමුදාවන්ගේ කුරිරු ක්‍රියාවන්ට එරෙහිව
අපේ රජය සහ ජනතාව</font>

582
00:40:25,965 --> 00:40:28,509
<font color="#ffcc46">නැවත වරක් දැඩි අවධානයෙන් ඉන්න බව
සිහිපත් කරනවා.</font>

583
00:40:30,136 --> 00:40:34,015
<font color="#ffcc46">මේ සිද්ධියෙන් පස්සේ,
ජපානය එයාපෝට් වල ආරක්ෂාව වැඩි කළා.</font>

584
00:40:34,098 --> 00:40:36,267
<font color="#ffcc46">එයාලා ගුවන් යානා පැහැරගැනීම් වලට එරෙහිව
නීති පවා ගෙනාවා.</font>

585
00:40:37,977 --> 00:40:41,230
<font color="#ffcc46">ඒ කියන්නේ මත්ද්‍රව්‍ය පිරවූ බ්‍රීෆ්කේස් එකක් අරන්
නිකන්ම ප්ලේන් එකක යන්න පුළුවන්කම තිබුණු</font>

586
00:40:41,314 --> 00:40:43,775
<font color="#ffcc46">සුන්දර කාලේ ඒකත් එක්කම ඉවර වුණා.</font>

587
00:40:48,363 --> 00:40:52,408
<font color="#ffcc46">බ්‍රීෆ්කේස් එක ගැන නම් දුකයි,
ඒත් ඒක දාලා ආපු එක හොඳයි.</font>

588
00:41:01,793 --> 00:41:02,919
<font color="#ffcc46">මේක තෑග්ගක්.</font>

589
00:41:04,629 --> 00:41:06,714
<font color="#ffcc46">අපි ආයේ කවදාවත් හම්බවෙන එකක් නෑ,
ඒත්...</font>

590
00:41:10,843 --> 00:41:11,970
<font color="#ffcc46">කට වහගෙන හිටියට.</font>

591
00:41:19,811 --> 00:41:23,064
<font color="#ffcc46">ඉටසුකේ ගුවන් තොටුපළ, ෆුකුවෝකා, ජපානය</font>

592
00:41:24,941 --> 00:41:28,486
<font color="#ffcc46">ඔන්න ඔහොම,
මම හිතුවට වඩා පරක්කු වෙලා ෆුකුවෝකා වලට ආවා.</font>

593
00:41:29,278 --> 00:41:32,323
<font color="#ffcc46">පොඩි පොඩි බාධා ටිකක් ආවා,
ඒත් බිස්නස් කියන්නේ බිස්නස්නේ.</font>

594
00:41:35,034 --> 00:41:38,538
<font color="#ffcc46">අන්තිමට, මම මගේ බිස්නස් පාට්නර් වෙන
ඉකෙඩා යූජිව හම්බවෙන්න ගියා.</font>

595
00:41:39,622 --> 00:41:40,623
<font color="#ffcc46">ගෑනු කෙනෙක්ද?</font>

596
00:41:41,416 --> 00:41:42,417
<font color="#ffcc46">ගෑනු කෙනෙක්.</font>

597
00:41:44,502 --> 00:41:47,672
<font color="#ffcc46">මට කිව්වේ සභාපති ඉකෙඩාව හම්බවෙන්න නම්
එයා හරහා යන්න ඕනේ කියලා.</font>

598
00:41:47,755 --> 00:41:50,967
<font color="#ffcc46">එයාට මාව එපා වුණ ගමන්,
ඩීල් එක එතනින්ම ඉවරයි.</font>

599
00:42:07,108 --> 00:42:08,276
<font color="#ffcc46">මම ඉකෙඩා යූජි.</font>

600
00:42:09,318 --> 00:42:10,570
<font color="#ffcc46">මම මට්සුඩා කෙන්ජි.</font>

601
00:42:12,780 --> 00:42:14,449
<font color="#ffcc46">ඔයා ගොඩක් පරක්කුයි.</font>

602
00:42:15,241 --> 00:42:17,326
<font color="#ffcc46">හදිසි වැඩක් යෙදුණා.</font>

603
00:42:19,787 --> 00:42:20,788
<font color="#ffcc46">බඩු කෝ?</font>

604
00:42:26,169 --> 00:42:28,087
<font color="#ffcc46">ලයිටරේ පොඩ්ඩක් දෙනවද?</font>

605
00:42:39,724 --> 00:42:42,310
<font color="#ffcc46">මම බඩු ටික ප්ලේන් එකේ දාලා ආවා.</font>

606
00:42:44,103 --> 00:42:46,230
<font color="#ffcc46">විප්ලවවාදී හමුදාව නිසා මට එහෙම කරන්න වුණා.</font>

607
00:42:49,275 --> 00:42:51,986
<font color="#ffcc46">ඔය කියන්නේ ප්යොංයැං වලට ගිය ප්ලේන් එක ගැනද?</font>

608
00:42:53,071 --> 00:42:55,448
<font color="#ffcc46">අන්න හරි. මම ඒකේ හිටියා.</font>

609
00:42:56,157 --> 00:42:57,658
<font color="#ffcc46">මට සමා වෙන්න.</font>

610
00:42:58,659 --> 00:43:01,245
<font color="#ffcc46">කොහොම වුණත් මම හිතන්නේ
අපේ බිස්නස් එක මෙතනින් ඉවරයි.</font>

611
00:43:02,246 --> 00:43:03,247
<font color="#ffcc46">ගිහින් එන්නම්.</font>

612
00:43:03,956 --> 00:43:04,999
<font color="#ffcc46">අපරාදේ.</font>

613
00:43:06,125 --> 00:43:08,920
<font color="#ffcc46">මම හිතාගෙන හිටියේ සභාපති ඉකෙඩාට
සුපිරිම බඩු ටිකක් පෙන්නන්න.</font>

614
00:43:17,678 --> 00:43:18,763
<font color="#ffcc46">අපි ආයේ හම්බවෙමු.</font>

615
00:43:53,089 --> 00:43:55,758
<font color="#ffcc46">ෂික්.
මේ කන්ද නගිනකොට පණ යනවනේ.</font>

616
00:43:55,842 --> 00:43:57,260
<font color="#ffcc46">බුසාන් දිස්ත්‍රික් නීතිපති කාර්යාලය, කොරියාව</font>

617
00:44:00,513 --> 00:44:02,265
<font color="#ffcc46">කට කැඩෙනකම් සාකච්ඡා කරාට පස්සේ,</font>

618
00:44:02,348 --> 00:44:05,017
<font color="#ffcc46">ජපානයේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති නට්සුමෙ
ප්ලේන් එකට නැග්ගා...</font>

619
00:44:05,101 --> 00:44:06,769
<font color="#ffcc46">-ප්‍රාණ ඇපකරුවෙක් විදිහට...
-ෂා.</font>

620
00:44:06,853 --> 00:44:09,188
<font color="#ffcc46">මම හිතුවේ මුන් මෙලෝ රහක් නැති
මෝඩයෝ ටිකක් කියලා.</font>

621
00:44:09,272 --> 00:44:10,815
<font color="#ffcc46">බැලින්නම් එකෙක් හරි ඉඳලා තියෙනවනේ</font>

622
00:44:10,898 --> 00:44:13,276
<font color="#ffcc46">-ටිකක් මොලේ පාවිච්චි කරන.
-ඔව්, සෑහෙන මොළකාරයෙක්.</font>

623
00:44:14,777 --> 00:44:15,945
<font color="#ffcc46">හරි හරි, වැඩ පටන් ගමු.</font>

624
00:44:16,028 --> 00:44:17,280
<font color="#ffcc46">-හරි මිස්ටර් ජැං.
-හරි සර්.</font>

625
00:44:17,363 --> 00:44:18,447
<font color="#ffcc46">-හරි සර්.
-යමු.</font>

626
00:44:24,120 --> 00:44:25,121
<font color="#ffcc46">අම්මෝ ඇති යාන්තම්.</font>

627
00:44:27,915 --> 00:44:29,834
<font color="#ffcc46">-මිස්ටර් කිම්.
-ඔව්?</font>

628
00:44:30,418 --> 00:44:34,005
<font color="#ffcc46">මැන්ජේ කල්ලියේ හැසිරීම ගැන ළඟදි ඉඳන්
ඔයාට සැකයක් හිතුණේ නැද්ද?</font>

629
00:44:34,547 --> 00:44:35,548
<font color="#ffcc46">හිතුණා.</font>

630
00:44:36,757 --> 00:44:39,343
<font color="#ffcc46">ඒ කියන්නේ, මේ කාලකන්නි හදන්නේ
කුඩු විකුණලා</font>

631
00:44:39,427 --> 00:44:41,804
<font color="#ffcc46">-එක්ස්පෝට් වීරයෝ වෙන්නද?
-ඒකනේ.</font>

632
00:44:41,888 --> 00:44:44,140
<font color="#ffcc46">ඇයි මුන් හැමතිස්සෙම
යකූසලා එක්ක ගනුදෙනු කරන්නේ?</font>

633
00:44:44,724 --> 00:44:46,475
<font color="#ffcc46">-ඒකනේ මාත් බැලුවේ.
-මේ කවුද?</font>

634
00:44:48,561 --> 00:44:51,898
<font color="#ffcc46">ම්... අපිට තාම බැරි වුණා සර්
මේ කවුද කියලා හොයාගන්න.</font>

635
00:45:02,033 --> 00:45:04,911
<font color="#ffcc46">ජෝ මැන්ජේ සහ හඳුනා නොගත්
කෝට් ඇඳගත් අයෙකු අතර හමුවීමක්...</font>

636
00:46:00,675 --> 00:46:02,009
<font color="#ffcc46">බෙක්!</font>

637
00:46:04,345 --> 00:46:05,513
<font color="#ffcc46">මෙහෙ වරෙන්.</font>

638
00:46:08,933 --> 00:46:11,560
<font color="#ffcc46">නිවාඩුව ජයටම ගත්තද?
ෂෝක් ඇති නේ?</font>

639
00:46:11,644 --> 00:46:13,980
<font color="#ffcc46">බිස්නස් ට්‍රිප් යනවටද තමුසෙ නිවාඩු යනවා කියන්නේ?</font>

640
00:46:16,857 --> 00:46:19,110
<font color="#ffcc46">කොහෙද යන්නේ? බොස් අරහේ ඉන්නේ.</font>

641
00:46:28,411 --> 00:46:30,955
<font color="#ffcc46">කට ඇරපන් යකෝ! මම කිව්වේ කතා කරපන් කියලා!</font>

642
00:46:34,166 --> 00:46:35,543
<font color="#ffcc46">පලයන් යන්න, පරයා!</font>

643
00:46:39,588 --> 00:46:43,217
<font color="#ffcc46">කතා කරපන් බූරුවා. කතා කරපන්!</font>

644
00:46:48,681 --> 00:46:52,435
<font color="#ffcc46">මෙහෙ වරෙන් පරයා!
වමාරපන්! දැන්ම වමාරපන්!</font>

645
00:46:55,146 --> 00:46:56,314
<font color="#ffcc46">ඔයා මට කතා කළාද සර්?</font>

646
00:46:56,397 --> 00:46:58,733
<font color="#ffcc46">ආ, ඔයා ආවද.</font>

647
00:46:58,816 --> 00:46:59,984
<font color="#ffcc46">නියම වැඩක් කළේ.</font>

648
00:47:02,737 --> 00:47:04,113
<font color="#ffcc46">යමු අපි මගේ කාමරේට ගිහින් කතා කරමු.</font>

649
00:47:05,448 --> 00:47:09,577
<font color="#ffcc46">ඒයි! කතා කරපන් යකෝ!</font>

650
00:47:11,704 --> 00:47:13,122
<font color="#ffcc46">නැගිටපන් දැන්ම!</font>

651
00:47:38,272 --> 00:47:40,274
<font color="#ffcc46">අධ්‍යක්ෂ ජනරාල් හ්වං ගුක්-ප්යොං</font>

652
00:47:43,569 --> 00:47:44,737
<font color="#ffcc46">මොනවද ඔය?</font>

653
00:47:45,946 --> 00:47:49,533
<font color="#ffcc46">අ.. මම විස්කි වගයකුයි සිගරුයි ගෙනාවා.</font>

654
00:47:51,452 --> 00:47:52,745
<font color="#ffcc46">අයියෝ.</font>

655
00:47:53,579 --> 00:47:54,872
<font color="#ffcc46">ඕවා මොකටද.</font>

656
00:48:05,800 --> 00:48:08,552
<font color="#ffcc46">ෂික්. මගේ ඇඟේ ගෑවුණානේ.</font>

657
00:48:11,680 --> 00:48:13,057
<font color="#ffcc46">මට ඒක ඇල්ලුවා.</font>

658
00:48:13,641 --> 00:48:16,477
<font color="#ffcc46">ඩබල් හයිජැකින් එක. නියම අදහස.</font>

659
00:48:17,561 --> 00:48:18,896
<font color="#ffcc46">ස්තූතියි සර්.</font>

660
00:48:18,979 --> 00:48:23,025
<font color="#ffcc46">උඩ ඉන්න ලොක්කෝ ඒ ගැන පුදුම විදියට කතා වෙන්නේ.</font>

661
00:48:23,109 --> 00:48:24,693
<font color="#ffcc46">351 ඩබල් හයිජැකින් ගිම්පෝ
බෙක් කිතේ</font>

662
00:48:24,777 --> 00:48:27,071
<font color="#ffcc46">DHJ, ඒ කියන්නේ ඩබල් හයිජැකින්.</font>

663
00:48:27,154 --> 00:48:29,448
<font color="#ffcc46">JAY351 ඉල්ලීම් කරයි
ගිම්පෝ ගුවන්තොටුපළේ ඩබල් හයිජැකින් එකක්</font>

664
00:48:29,532 --> 00:48:31,283
<font color="#ffcc46">මගේ කෝඩ් නම්බර් එක, B73.</font>

665
00:48:36,038 --> 00:48:39,458
<font color="#ffcc46">මම අර පොඩි එකාගෙ අම්මට දීලයි තිබුණේ
KCIA හදිසි ඇමතුම් අංකය.</font>

666
00:48:39,959 --> 00:48:42,336
<font color="#ffcc46">"3, 8, 1, 1, 7, 7…"</font>

667
00:48:42,420 --> 00:48:46,382
<font color="#ffcc46">වෙලාවට එයා කලබල නොවී ඒ කෝල් එක ගත්තා.</font>

668
00:48:46,465 --> 00:48:48,717
<font color="#ffcc46">6, 7, 1, B, 7, 3…</font>

669
00:48:48,801 --> 00:48:53,222
<font color="#ffcc46">KCIA එක වහාම ක්‍රියාත්මක වුණා,
හරියටම මම සැලසුම් කරපු විදියටම...</font>

670
00:48:53,305 --> 00:48:56,809
<font color="#ffcc46">පියොන්ග්යැන්ග් යන්න තිබුණ ප්ලේන් එක
ගිම්පෝ එයාපෝට් එකට ගොඩබෑවා.</font>

671
00:48:56,892 --> 00:48:58,811
<font color="#ffcc46">ඒක නෙවෙයි...</font>

672
00:48:59,311 --> 00:49:00,729
<font color="#ffcc46">...ජෝ මැන්ජේ ගැන.</font>

673
00:49:01,730 --> 00:49:04,233
<font color="#ffcc46">මිනිහා යකුසා එකත් එක්ක එකතු වෙලා
'මෙත්' බිස්නස් කරනවා කියලා මට ආරංචියි.</font>

674
00:49:05,568 --> 00:49:06,902
<font color="#ffcc46">ඔව්, මම දන්නවා.</font>

675
00:49:09,989 --> 00:49:11,198
<font color="#ffcc46">තමුන් දන්නවා?</font>

676
00:49:12,741 --> 00:49:13,742
<font color="#ffcc46">ඔව් සර්.</font>

677
00:49:21,333 --> 00:49:23,586
<font color="#ffcc46">ඉතින් ඇයි ඒක මට රිපෝට් කළේ නැත්තේ?</font>

678
00:49:24,253 --> 00:49:25,421
<font color="#ffcc46">මිස්ටර් බෙක්?</font>

679
00:49:27,173 --> 00:49:28,257
<font color="#ffcc46">බෙක් කිතේ.</font>

680
00:49:35,764 --> 00:49:36,765
<font color="#ffcc46">ඒක හරි.</font>

681
00:49:37,308 --> 00:49:38,767
<font color="#ffcc46">මගේ නම බෙක් කිතේ.</font>

682
00:49:39,435 --> 00:49:42,354
<font color="#ffcc46">KCIA බුසාන් ශාඛාවේ
බුද්ධි අංශ ප්‍රධානියා.</font>

683
00:52:18,218 --> 00:52:20,220
<font color="#deffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

