1
00:00:30,925 --> 00:00:32,925
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:32,949 --> 00:00:35,952
<font color="#db9809"><b>ප්‍රෝ බොනෝ</b></font>

3
00:00:38,371 --> 00:00:39,289
<font color="#ffbf46">අන්න එයා එනවා.</font>

4
00:00:40,415 --> 00:00:41,750
<font color="#ffbf46">මේ එයාම තමා.</font>

5
00:00:44,127 --> 00:00:44,961
<font color="#ffbf46">මිස් චා ජින්-හුයි.</font>

6
00:00:45,837 --> 00:00:47,297
<font color="#ffbf46">ඔයාට ඕන එකක් තෝරගන්න.</font>

7
00:00:48,506 --> 00:00:49,632
<font color="#ffbf46">එලයිජා!</font>

8
00:00:50,175 --> 00:00:52,135
<font color="#ffbf46">අනේ මන්දා, සුබ පැතුම්!</font>

9
00:00:54,763 --> 00:00:58,516
<font color="#ffbf46">- සුබ පැතුම්!
- එලයිජාගෙ අම්මමයි අපිට ඔත්තුව දුන්නෙ.</font>

10
00:00:59,434 --> 00:01:00,351
<font color="#ffbf46">ඔයා ඒක දන්නවද?</font>

11
00:01:01,519 --> 00:01:05,565
<font color="#ffbf46">මා යොන්-සුක් නිසා
මම පුදුම තරහකින් හිටියෙ.</font>

12
00:01:06,983 --> 00:01:07,901
<font color="#ffbf46">කොහොමද වෙලාව වෙන් කරගත්තෙ?</font>

13
00:01:07,984 --> 00:01:11,863
<font color="#ffbf46">ඉතින් මම එන්නම එපැයි.
අද මට ලොකු ආරංචියක් ආවනේ.</font>

14
00:01:11,946 --> 00:01:13,782
<font color="#ffbf46">ටිකක් පැටලෙනවා වගේ නේද?</font>

15
00:01:15,784 --> 00:01:16,618
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

16
00:01:17,243 --> 00:01:18,870
<font color="#ffbf46">- අපි ඒ අයට ස්තූති කරමු.
- කරමුද?</font>

17
00:01:20,497 --> 00:01:21,790
<font color="#ffbf46">බොහොම ස්තූතියි කාන්ග් මහත්තයා.</font>

18
00:01:21,873 --> 00:01:24,584
<font color="#ffbf46">- ඔව්, ඔයා ලොකු දෙයක් කළේ.
- ඒක සුළු දෙයක් මැඩම්.</font>

19
00:01:24,667 --> 00:01:27,087
<font color="#ffbf46">අනේ මන්දා, මගෙන්
වරදක් වුණා නම් සමා වෙන්න ඕන.</font>

20
00:01:27,670 --> 00:01:28,963
<font color="#ffbf46">මම සමාව ඉල්ලනවා.</font>

21
00:01:29,672 --> 00:01:33,301
<font color="#ffbf46">ලැජ්ජයි තමයි,
ඒත් අම්මා කෙනෙක් වුණාම ඔහොම තමා.</font>

22
00:01:33,384 --> 00:01:37,055
<font color="#ffbf46">තමන්ගෙ දරුවට ප්‍රශ්නයක් වුණාම
බය හිතිලා කලබල වෙනවනේ.</font>

23
00:01:37,764 --> 00:01:39,849
<font color="#ffbf46">ඒ වෙලාවට තරහ නිසා මුකුත් පේන්නෙ නෑ.</font>

24
00:01:39,933 --> 00:01:41,768
<font color="#ffbf46">ඒක සාමාන්‍ය දෙයක්. මට සමා වෙන්න.</font>

25
00:01:41,851 --> 00:01:43,937
<font color="#ffbf46">නෑ, මට හොඳටම තේරෙනවා.</font>

26
00:01:44,020 --> 00:01:48,316
<font color="#ffbf46">අම්මා කෙනෙක් වුණාම
දැනෙන විදිහ ගැන මම දන්නවා.</font>

27
00:01:49,567 --> 00:01:51,444
<font color="#ffbf46">- ස්තූතියි.
- අම්මෙ.</font>

28
00:01:52,278 --> 00:01:54,781
<font color="#ffbf46">මේ නීතිඥ මහත්තුරුත්
මාරම වැඩක් කළේ.</font>

29
00:01:55,448 --> 00:01:57,242
<font color="#ffbf46">ඔව් නේද. අනේ, ඔයාලට ගොඩක් ස්තූතියි.</font>

30
00:01:57,325 --> 00:01:58,868
<font color="#ffbf46">ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි.</font>

31
00:01:58,952 --> 00:02:00,745
<font color="#ffbf46">මිස්ටර් ජෑන්ග් රෑ එළි වෙනකම්ම</font>

32
00:02:00,829 --> 00:02:02,956
<font color="#ffbf46">IP ඇඩ්‍රස් ට්‍රැක් කරන
අමාරුම හරිය කළා.</font>

33
00:02:03,748 --> 00:02:06,417
<font color="#ffbf46">ඇත්තද? ඒ ඔක්කොම… ස්තූතියි ඈ.</font>

34
00:02:06,501 --> 00:02:08,837
<font color="#ffbf46">ස්තූති කරන්න ඕන නෑ. ඒක සුළු දෙයක්නේ.</font>

35
00:02:08,920 --> 00:02:09,754
<font color="#ffbf46">- යොන්ග්-සිල්.
- ඇයි?</font>

36
00:02:09,838 --> 00:02:13,216
<font color="#ffbf46">ඔයා කිව්ව නේද ජි-හේ එලයිජාගෙ ෆෑන් කෙනෙක් කියලා.
එයාගෙන් අත්සනක් ඉල්ලගන්න.</font>

37
00:02:13,299 --> 00:02:15,009
<font color="#ffbf46">- මටත් එකක් ඕන.
- මගේ අත්සනක්?</font>

38
00:02:15,718 --> 00:02:18,054
<font color="#ffbf46">මේ ළඟදි ඉඳන් මම උපදෙස් දෙන
ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා,</font>

39
00:02:18,138 --> 00:02:19,681
<font color="#ffbf46">එයා ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්.</font>

40
00:02:19,764 --> 00:02:23,935
<font color="#ffbf46">ඔයාගේ අත්සනක් ලැබුණොත්
එයා ගොඩක් සතුටු වෙයි.</font>

41
00:02:24,018 --> 00:02:27,605
<font color="#ffbf46">ඔයා එයාට උදව් කරනවා නම්,
එයා ඉන්නෙ ලොකු අමාරුවක වෙන්න ඇති.</font>

42
00:02:28,648 --> 00:02:32,068
<font color="#ffbf46">වෙලාවක එයත් එක්ක එන්නකෝ.
මම එයාටම අත්සන දෙන්නම්.</font>

43
00:02:32,152 --> 00:02:34,696
<font color="#ffbf46">- ඔයා එයාව හම්බවෙනවද?
- ඔව්.</font>

44
00:02:35,405 --> 00:02:36,698
<font color="#ffbf46">එයාට නම් පිස්සු හැදෙයි.</font>

45
00:02:37,282 --> 00:02:38,658
<font color="#ffbf46">ස්තූතියි එලයිජා.</font>

46
00:02:40,577 --> 00:02:43,163
<font color="#ffbf46">අපිට පොඩි වැඩ වගයක් තියෙනවා.</font>

47
00:02:43,246 --> 00:02:45,248
<font color="#ffbf46">- ඒ නිසා අපි යන්නම්.
- හරි එහෙනම්.</font>

48
00:02:45,331 --> 00:02:48,334
<font color="#ffbf46">ඔයාලා ගැන හිතාගන්නවත් බෑනේ.</font>

49
00:02:48,418 --> 00:02:50,920
<font color="#ffbf46">එහෙනම් අපි ගිහින් එන්නම්.</font>

50
00:02:51,004 --> 00:02:52,172
<font color="#ffbf46">ස්තූතියි!</font>

51
00:02:52,255 --> 00:02:53,882
<font color="#ffbf46">- සුබ දවසක්.
- ගිහින් එන්නම්!</font>

52
00:02:55,967 --> 00:02:57,010
<font color="#ffbf46">ඔයා හිතන්නේ ඒක ඇත්තක් කියලද?</font>

53
00:02:57,677 --> 00:03:00,305
<font color="#ffbf46">"අම්මා කෙනෙක් කොහොමද එහෙම කරන්නෙ?"</font>

54
00:03:01,890 --> 00:03:02,807
<font color="#ffbf46">ඔයා කියන්නේ ඒ ගැනද?</font>

55
00:03:04,183 --> 00:03:06,019
<font color="#ffbf46">මොකක්ද ඒ? අම්මා කෙනෙක් ගැන කිව්වෙ?</font>

56
00:03:07,520 --> 00:03:08,646
<font color="#ffbf46">ඔයාට පුදුම කනක්නේ තියෙන්නෙ.</font>

57
00:03:12,066 --> 00:03:13,526
<font color="#ffbf46">ඒක නම් වෙන්න බැරි දෙයක්.</font>

58
00:03:14,110 --> 00:03:15,570
<font color="#ffbf46">එයාගේ අම්මද එයාලට ඔත්තුව දීලා තියෙන්නේ?</font>

59
00:03:15,653 --> 00:03:16,487
<font color="#ff7f21"><b>8 වෙනි කොටස</b></font>

60
00:03:16,571 --> 00:03:19,407
<font color="#ffbf46">ඔව් නේද? එයාට එහෙම කරන්න හේතුවක් නෑනේ.</font>

61
00:03:19,490 --> 00:03:22,619
<font color="#ffbf46">අම්මා කෙනෙක් වෙන්න කලින්,
එයා ඒජන්සි එකේ CEO නේ.</font>

62
00:03:22,702 --> 00:03:23,953
<font color="#ffbf46">ඉතින් එයාට මොකක්ද ලැබෙන්නේ?</font>

63
00:03:24,037 --> 00:03:26,706
<font color="#ffbf46">මට හිතෙන්නේ ගූ ජි-හ්වාන් හරි කියලා.</font>

64
00:03:27,332 --> 00:03:28,625
<font color="#ffbf46">මොකක්? ඒ ඇයි?</font>

65
00:03:28,708 --> 00:03:32,503
<font color="#ffbf46">එයා ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ එන්ටර්ටේන්මන්ට්
ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය වෙනුවෙන්</font>

66
00:03:32,587 --> 00:03:34,464
<font color="#ffbf46">ජරා වැඩ කරලා සල්ලි හොයන කෙනෙක් විදිහට.</font>

67
00:03:34,547 --> 00:03:37,300
<font color="#ffbf46">මිස් චා එයාට කියලා
මොකක් හරි කරවගන්න ඇති.</font>

68
00:03:37,383 --> 00:03:39,719
<font color="#ffbf46">පිස්සුද. එයාලා එක පවුලක්නේ.</font>

69
00:03:39,802 --> 00:03:42,347
<font color="#ffbf46">අම්මා කෙනෙක් කොහොමද
තමන්ගෙ දරුවට එහෙම කරන්නෙ?</font>

70
00:03:42,430 --> 00:03:44,390
<font color="#ffbf46">පවුලේ අය තමයි සමහර වෙලාවට
වෙන කවුරුවත් නැති තරම් නපුරු.</font>

71
00:03:45,308 --> 00:03:47,936
<font color="#ffbf46">ඔයා ඔහොම කතා කරනවා ඇහෙන එකත්
පුදුමයි.</font>

72
00:03:48,019 --> 00:03:48,853
<font color="#ffbf46">මොකක්ද?</font>

73
00:03:49,896 --> 00:03:51,272
<font color="#ffbf46">ඒක නිකන්…</font>

74
00:03:51,356 --> 00:03:55,109
<font color="#ffbf46">මම මේ දවස්වල කරන ජි-හේගේ කේස් එක නිසා
වෙන්න ඇති මට එහෙම හිතෙන්නෙ.</font>

75
00:03:55,902 --> 00:03:57,820
<font color="#ffbf46">මොනවා වුණත්, අපි අද දින්නානේ.</font>

76
00:03:57,904 --> 00:04:01,115
<font color="#ffbf46">අද වැඩේ ගොඩ දාන්න මුල් වුණේ නෑන්-හුයි,
ඒ නිසා එයා තමයි අද වියදම් කරන්නෙ.</font>

77
00:04:01,741 --> 00:04:03,701
<font color="#ffbf46">- මරුනේ.
- මොකක්ද? ඇයි ඔයා…</font>

78
00:04:03,785 --> 00:04:07,080
<font color="#ffbf46">මම ගෙවන්නම්! මම ලෝබ නෑනේ!</font>

79
00:04:07,163 --> 00:04:09,123
<font color="#ffbf46">කැමති තරම් කන්න බොන්න! චියර්ස්!</font>

80
00:04:09,207 --> 00:04:10,792
<font color="#ffbf46">චියර්ස්!</font>

81
00:04:11,376 --> 00:04:12,752
<font color="#ffbf46">ඔයා දන්නවනේ මම කොච්චර ලෝබද කියලා.</font>

82
00:04:18,675 --> 00:04:19,509
<font color="#ffbf46">මොකක්ද ඒ?</font>

83
00:04:20,218 --> 00:04:22,262
<font color="#ffbf46">අර එලයිජාගෙ කොල්ලා නේද?</font>

84
00:04:22,345 --> 00:04:23,179
<font color="#ffbf46">ඇයි? මොකද වුණේ?</font>

85
00:04:23,263 --> 00:04:24,514
<font color="#ffbf46">එලයිජාගේ කොල්ලා වංචාකාරයෙක්ද?</font>

86
00:04:25,390 --> 00:04:28,017
<font color="#ffbf46">- මූට පිස්සුද?
- ඒයි, ඕක මගේ.</font>

87
00:04:29,102 --> 00:04:30,311
<font color="#ffbf46">මහ කාලකන්නියෙක්!</font>

88
00:04:30,812 --> 00:04:32,522
<font color="#ffbf46">- කවුද කාලකන්නියා?
- මිස්ටර් කාන්ග්.</font>

89
00:04:33,481 --> 00:04:36,109
<font color="#ffbf46">- මොකක්?
- අපි දැන්මම මිස් චා ව හම්බවෙන්න යමු.</font>

90
00:04:36,192 --> 00:04:37,193
<font color="#ffbf46">ඇයි?</font>

91
00:04:37,277 --> 00:04:39,696
<font color="#ffbf46">මට හිතාගන්න පුළුවන්
එයා ගූ ජි-හ්වාන්ට කරන්න කිව්වෙ මොකක්ද කියලා.</font>

92
00:04:47,870 --> 00:04:49,080
<font color="#ffbf46">ඔයා මට විහිළු කරනවද?</font>

93
00:04:49,163 --> 00:04:51,624
<font color="#ffbf46">ඇයි ඔයාට තේරුම් ගන්න බැරි?</font>

94
00:04:51,708 --> 00:04:54,585
<font color="#ffbf46">ඔයා හිතනවද මම සිංදු ලියද්දි
වචන නිකන්ම ගලාගෙන එනවා කියලා?</font>

95
00:04:54,669 --> 00:04:58,464
<font color="#ffbf46">ඒක මම වැඩ කරන ගමන් වෙච්ච
පොඩි අතපසුවීමක් විතරයි!</font>

96
00:04:58,548 --> 00:05:00,383
<font color="#ffbf46"><i>ඕක අමතක කරලා දාන්නකෝ.</i></font>

97
00:05:00,925 --> 00:05:02,468
<font color="#ffbf46">කට වහපන් කාලකන්නියා!</font>

98
00:05:08,474 --> 00:05:09,726
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

99
00:05:12,687 --> 00:05:14,105
<font color="#ffbf46">ඔව්, මට ප්‍රශ්නයක් නෑ.</font>

100
00:05:15,815 --> 00:05:19,569
<font color="#ffbf46">අර නීතිඥයෝ කට්ටිය
දැන් මිස් චා ගේ ඔෆිස් එකේ ඉන්නවා.</font>

101
00:05:20,153 --> 00:05:20,987
<font color="#ffbf46">මොකක්?</font>

102
00:05:22,155 --> 00:05:22,989
<font color="#ffbf46">ඇයි?</font>

103
00:05:24,991 --> 00:05:26,159
<font color="#ffbf46">ඇවිල්ලා වාඩි වෙන්න.</font>

104
00:05:28,077 --> 00:05:31,039
<font color="#ffbf46">මට ඉස්සෙල්ලම මේක කියන්න ඕන.</font>

105
00:05:31,122 --> 00:05:33,207
<font color="#ffbf46">ඔයාලා විශ්වාස කරයිද දන්නෙ නෑ,</font>

106
00:05:33,291 --> 00:05:35,209
<font color="#ffbf46">ඒත් අම්මෙකුයි දරුවෙකුයි අතර ප්‍රශ්න වලදි,</font>

107
00:05:35,293 --> 00:05:36,711
<font color="#ffbf46">මට පැත්තක් නොගෙන ඉන්න බෑ.</font>

108
00:05:36,794 --> 00:05:39,130
<font color="#ffbf46">මම හැමතිස්සෙම ඉන්නේ අම්මගේ පැත්තේ.</font>

109
00:05:41,340 --> 00:05:43,676
<font color="#ffbf46">හරි, ඇයි ඔයා එහෙම කියන්නේ?</font>

110
00:05:49,140 --> 00:05:50,308
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම කළේ?</font>

111
00:05:50,391 --> 00:05:53,019
<font color="#ffbf46">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

112
00:05:53,102 --> 00:05:56,105
<font color="#ffbf46">එලයිජාගෙ කොල්ලා ගැන
ඔත්තුව දුන්නේ ඔයා නේද?</font>

113
00:05:58,066 --> 00:06:00,568
<font color="#ffbf46">ඔයා මොකක් ගැනද මේ කියන්නේ?</font>

114
00:06:00,651 --> 00:06:02,612
<font color="#ffbf46">මට නම් මුකුත් තේරෙන්නෙ නෑ.</font>

115
00:06:02,695 --> 00:06:05,782
<font color="#ffbf46">වංචාකාර බෝයිෆ්‍රෙන්ඩ් ගැන ආටිකල් එක
පළ කරපු වෙබ්සයිට් එක</font>

116
00:06:05,865 --> 00:06:09,410
<font color="#ffbf46">කරගෙන යන්නේ ගූ ජි-හ්වාන්,
වෙන නමකින්.</font>

117
00:06:10,036 --> 00:06:12,705
<font color="#ffbf46">මිස් චා, ඔයා දන්නවද
එයා මොන වගේ මනුස්සයෙක්ද කියලා?</font>

118
00:06:12,789 --> 00:06:16,501
<font color="#ffbf46">එයා නීතිඥයෙක්, හැබැයි එයා ජීවත් වෙන්නේ
අනිත් අයගේ වැරදි හොයලා තර්ජනය කරලා.</font>

119
00:06:16,584 --> 00:06:19,796
<font color="#ffbf46">එහෙම කෙනෙක් තමන්ගේ ක්ලයන්ට්ලව
ආරක්ෂා කරන්න මහන්සි වෙන්නේ නෑ.</font>

120
00:06:19,879 --> 00:06:23,341
<font color="#ffbf46">එයා අමාරුවේ වැටුණ ගමන්
ඔයාව පාවලා දුන්නා.</font>

121
00:06:25,426 --> 00:06:26,636
<font color="#ffbf46">ඔයා එයාගේ අම්මා.</font>

122
00:06:26,719 --> 00:06:28,930
<font color="#ffbf46">කොහොමද ඔයා එයාට
ඔයාගෙ දුවගේ සම්බන්ධයක් ගැන කියන්නේ?</font>

123
00:06:31,432 --> 00:06:32,725
<font color="#ffbf46">මම එයාගේ අම්මා නිසා.</font>

124
00:06:33,559 --> 00:06:34,393
<font color="#ffbf46">මොකක්?</font>

125
00:06:35,645 --> 00:06:39,190
<font color="#ffbf46">මගේ දරුවා වෙනුවෙන් මීට වඩා දේවල් වුණත්
මම කරනවා.</font>

126
00:06:43,444 --> 00:06:45,113
<font color="#ffbf46">- ඒක කළේ ඔයාද?
- අපි එළියට ගිහින් කතා කරමු.</font>

127
00:06:45,196 --> 00:06:46,155
<font color="#ffbf46">එළියට යමු.</font>

128
00:06:46,739 --> 00:06:48,491
<font color="#ffbf46">මේක මගේ පෞද්ගලික දෙයක්.</font>

129
00:06:48,574 --> 00:06:49,784
<font color="#ffbf46">ඔයා ඇත්තටම ඒක කළාද?</font>

130
00:06:49,867 --> 00:06:52,036
<font color="#ffbf46">ඇයි දෙයියනේ ඔයා එහෙම කළේ?</font>

131
00:06:52,120 --> 00:06:53,955
<font color="#ffbf46">ඔයාට ඕන වුණේ මාව විනාශ කරන්නද?</font>

132
00:06:54,038 --> 00:06:55,581
<font color="#ffbf46">නෑ!</font>

133
00:06:55,665 --> 00:06:57,625
<font color="#ffbf46">ඇයි මට එහෙම ඕන වෙන්නේ?</font>

134
00:06:57,708 --> 00:06:59,293
<font color="#ffbf46">මම එයාට කිව්වෙ,</font>

135
00:06:59,377 --> 00:07:02,088
<font color="#ffbf46">අර ජරා මනුස්සයව ඔයාගෙන් ඈත් කරන්න කියලා විතරයි.</font>

136
00:07:02,171 --> 00:07:05,133
<font color="#ffbf46">මාව විශ්වාස කරන්න. මම ඒක කළේ ඔයාගේ හොඳට.</font>

137
00:07:06,968 --> 00:07:07,844
<font color="#ffbf46">නෑ, අනේ ප්ලීස්.</font>

138
00:07:08,469 --> 00:07:11,013
<font color="#ffbf46">ඔයා වැරදි පාරක යයි කියලා
මට බය හිතුණා. අනේ ප්ලීස්.</font>

139
00:07:12,014 --> 00:07:14,267
<font color="#ffbf46">එයාලා අනිත් අයගේ කුණු අවුස්සන මිනිස්සු.</font>

140
00:07:14,350 --> 00:07:16,727
<font color="#ffbf46">ඔයා දන්නෙ නැද්ද
එයාලා මොන වගේ මිනිස්සුද කියලා?</font>

141
00:07:16,811 --> 00:07:18,688
<font color="#ffbf46">ඔයාගෙන් සල්ලි ගත්තට පස්සෙ,</font>

142
00:07:18,771 --> 00:07:21,899
<font color="#ffbf46">එයාලා හැදුවේ දුවගේ බෝයිෆ්‍රෙන්ඩ් ගැන එළි කරලා
ඒකෙනුත් තව ගාණක් කඩාගන්න.</font>

143
00:07:24,819 --> 00:07:26,028
<font color="#ffbf46">මට පිස්සු හැදෙන්න ඇති.</font>

144
00:07:27,238 --> 00:07:31,409
<font color="#ffbf46">මම දැනගෙන හිටියා ඒ මිනිහා ඔයාට හරියන්නෙ නෑ කියලා,
ඒත් මගේ එලයිජා එයා ගැනම නහයෙන් අඬ අඬා හිටියනේ.</font>

145
00:07:32,201 --> 00:07:33,828
<font color="#ffbf46">අම්මා කෙනෙක් කොහොමද</font>

146
00:07:33,911 --> 00:07:37,290
<font color="#ffbf46">තමන්ගෙ දරුවා වරදක් කරද්දි
නිකන් බලන් ඉන්නේ?</font>

147
00:07:37,373 --> 00:07:38,207
<font color="#ffbf46">කොහොමද?</font>

148
00:07:39,375 --> 00:07:40,293
<font color="#ffbf46">ඔයා හරි.</font>

149
00:07:40,918 --> 00:07:42,086
<font color="#ffbf46">එයා කුණු ගොඩක්.</font>

150
00:07:42,170 --> 00:07:45,465
<font color="#ffbf46">ඔව්. දැන් ඔයාටත් ඒක තේරෙනවා නේද?</font>

151
00:07:46,007 --> 00:07:49,218
<font color="#ffbf46">ඒත් ඒ කුණු ගොඩ තෝරගත්තේ මම.</font>

152
00:07:49,927 --> 00:07:50,928
<font color="#ffbf46">අනේ…</font>

153
00:07:51,012 --> 00:07:53,639
<font color="#ffbf46">එයාව අතාරින්න තිබුණේ මමයි.</font>

154
00:07:55,016 --> 00:07:56,893
<font color="#ffbf46">එලයිජා.</font>

155
00:07:57,768 --> 00:08:00,021
<font color="#ffbf46">මම ඒක කළේ ඔයාගේ හොඳට.</font>

156
00:08:00,104 --> 00:08:03,149
<font color="#ffbf46">මම එහෙම කළේ මගේ රත්තරන් දුව වෙනුවෙන් විතරයි.</font>

157
00:08:07,945 --> 00:08:10,281
<font color="#ffbf46">මට දැන් ඇති වෙලා අම්මෙ.</font>

158
00:08:12,950 --> 00:08:13,910
<font color="#ffbf46">එලයිජා.</font>

159
00:08:18,456 --> 00:08:19,999
<font color="#ffbf46">මම දැන් මොකද කරන්නේ?</font>

160
00:08:23,920 --> 00:08:27,423
<font color="#ffbf46">එලයිජා!</font>

161
00:08:27,507 --> 00:08:28,591
<font color="#ffbf46">අනේ මන්දා.</font>

162
00:08:30,176 --> 00:08:32,053
<font color="#ffbf46">කලබල නොවී ඉන්නකෝ.</font>

163
00:08:33,137 --> 00:08:34,889
<font color="#ffbf46">දැන්වත් සන්සුන් වෙන්න.</font>

164
00:08:41,729 --> 00:08:43,564
<font color="#ffbf46">එයාගේ කොල්ලා එයාට වංචා කරනවා,</font>

165
00:08:44,232 --> 00:08:47,777
<font color="#ffbf46">ඒ මදිවට එයාගේ අම්මා ඒ ගැන
ජරා යූටියුබ් චැනල් එකකට කියලා.</font>

166
00:08:48,903 --> 00:08:52,281
<font color="#ffbf46">ඇත්තටම ඇයි මේ මිනිස්සු
මගේ එලයිජාට මෙහෙම කරන්නෙ?</font>

167
00:08:52,365 --> 00:08:53,241
<font color="#ffbf46">ඒකනේ.</font>

168
00:08:53,324 --> 00:08:56,118
<font color="#ffbf46">කොහොමද එලයිජා වගේ කෙනෙක්ට වංචා කරන්නේ?</font>

169
00:08:56,202 --> 00:08:57,495
<font color="#ffbf46">ඔහොම ඉන්නකෝ.</font>

170
00:08:59,372 --> 00:09:01,415
<font color="#ffbf46">කොල්ලො කී දෙනෙක් එයා පස්සෙන් ආවද,</font>

171
00:09:01,499 --> 00:09:03,793
<font color="#ffbf46">ඒත් මාස හයක් යන්න කලින් උන් ඔක්කොම පැනලා යනවා.</font>

172
00:09:03,876 --> 00:09:07,088
<font color="#ffbf46">මේක හිතාගන්න බෑ.
එයාගේ අකමැති වෙන්න තරම් මොනවද තියෙන්නේ?</font>

173
00:09:40,871 --> 00:09:43,207
<font color="#ffbf46">පණිවිඩයක්</font>

174
00:09:49,547 --> 00:09:51,173
<font color="#ffbf46"><i>මට ඇත්තටම සමා වෙන්න.</i></font>

175
00:09:51,257 --> 00:09:53,009
<font color="#ffbf46"><i>ආයේ කවදාවත් එහෙම වෙන්නෙ නෑ.</i></font>

176
00:09:54,427 --> 00:09:55,886
<font color="#ffbf46"><i>මම පොරොන්දු වෙනවා.</i></font>

177
00:09:55,970 --> 00:09:58,139
<font color="#ffbf46"><i>අනේ මට සමා වෙන්න.</i></font>

178
00:10:07,064 --> 00:10:09,609
<font color="#ffbf46"><i>මේ පාරවත් මට ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද?</i></font>

179
00:10:14,739 --> 00:10:16,574
<font color="#ffbf46">ඔයා අද මුකුත්ම කාලා නෑ.</font>

180
00:10:17,450 --> 00:10:19,535
<font color="#ffbf46">ඔහොම හිටියොත් ඔයාට අමාරු වෙයි.</font>

181
00:10:19,619 --> 00:10:22,204
<font color="#ffbf46">යමු. මොනවා හරි කන්න ඕන. යමුකෝ.</font>

182
00:10:22,288 --> 00:10:23,664
<font color="#ffbf46">මට කමක් නෑ.</font>

183
00:10:23,748 --> 00:10:25,708
<font color="#ffbf46">ප්‍රැක්ටිස් කරන එක තාම ඉවර නෑ.</font>

184
00:10:25,791 --> 00:10:27,251
<font color="#ffbf46">ඔහොම ඉන්න එපා අනේ.</font>

185
00:10:28,544 --> 00:10:32,256
<font color="#ffbf46">ඔයා දන්නවනේ අපේ ඒජන්සි එකේ අනාගතේ
තියෙන්නෙ මගේ ඇමරිකානු ගමන උඩ කියලා.</font>

186
00:10:32,340 --> 00:10:33,883
<font color="#ffbf46">අපි මේ ඇල්බම් එකට ගොඩක් වියදම් කළා.</font>

187
00:10:34,592 --> 00:10:36,177
<font color="#ffbf46">මට තාම දරාගන්න පුළුවන්.</font>

188
00:10:36,260 --> 00:10:37,887
<font color="#ffbf46">ඇයි ඔයා හැමතිස්සෙම ඔච්චර බය වෙන්නේ?</font>

189
00:10:42,266 --> 00:10:43,476
<font color="#ffbf46">අපි ආයේ පටන් ගමු.</font>

190
00:11:02,787 --> 00:11:05,915
<font color="#ffbf46">අපි එකම වෘත්තියේ ඉන්න අයනේ.
මමත් නීතිඥයෙක්.</font>

191
00:11:05,998 --> 00:11:08,292
<font color="#ffbf46">බිස්නස් හොඳ නෑ,
ඉතින් මට වෙන කරන්න දෙයක් නෑනේ.</font>

192
00:11:08,376 --> 00:11:10,836
<font color="#ffbf46">මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ
අනිත් නීතිඥයන්ව ගොදුරු කරගෙන.</font>

193
00:11:11,420 --> 00:11:13,547
<font color="#ffbf46">මම ලෑස්ති වෙන්නේ ඔයාගෙන් අසාධාරණේට ලක්වුණ අයව</font>

194
00:11:13,631 --> 00:11:17,259
<font color="#ffbf46">එකතු කරගෙන ඔයාට විරුද්ධව නඩු දාන්න.</font>

195
00:11:18,386 --> 00:11:20,346
<font color="#ffbf46">තරහ වෙන්න එපා ඉතින්.</font>

196
00:11:20,429 --> 00:11:22,098
<font color="#ffbf46">මටත් මේක ගැන දුකයි.</font>

197
00:11:22,848 --> 00:11:24,016
<font color="#ffbf46">අනේ මට උදව් කරන්නකෝ.</font>

198
00:11:24,100 --> 00:11:27,353
<font color="#ffbf46">එහෙම කරන්න එපා ජජ් කාන්ග්.</font>

199
00:11:27,436 --> 00:11:30,356
<font color="#ffbf46">මොකද මේ?
ඔයා දන්නවනේ වැඩ වෙන විදිහ.</font>

200
00:11:31,065 --> 00:11:32,483
<font color="#ffbf46">මම කිව්වනේ මටත් දුකයි කියලා.</font>

201
00:11:33,317 --> 00:11:34,443
<font color="#ffbf46">මම ඕන දෙයක් කරන්නම්…</font>

202
00:11:35,319 --> 00:11:38,197
<font color="#ffbf46">ඔයා කියන ඕනම දෙයක් මම කරන්නම්.
ඇත්තමයි.</font>

203
00:11:39,115 --> 00:11:40,658
<font color="#ffbf46">මේ එක පාරට විතරක් මට උදව් කරන්න.</font>

204
00:11:40,741 --> 00:11:43,369
<font color="#ffbf46">මට ඔයාගෙන් කිසි දෙයක් එපා.</font>

205
00:11:43,452 --> 00:11:44,620
<font color="#ffbf46">- ඒත්…
- හැබැයි…</font>

206
00:11:46,414 --> 00:11:48,374
<font color="#ffbf46">මට දැනගන්න දෙයක් තියෙනවා.</font>

207
00:11:49,083 --> 00:11:52,044
<font color="#ffbf46">ඔව්. අහන්න. ඕන දෙයක් අහන්න.</font>

208
00:11:52,128 --> 00:11:54,296
<font color="#ffbf46">එලයිජාගෙ අම්මා, මිස් චා.</font>

209
00:11:55,005 --> 00:11:57,425
<font color="#ffbf46">- ඔව්.
- මේකද එයා එක්ක කරපු පළවෙනි ඩීල් එක?</font>

210
00:11:58,426 --> 00:12:02,054
<font color="#ffbf46">මෙහෙමයි… අපි කාලයක් තිස්සේ
බිස්නස් කරනවා.</font>

211
00:12:02,138 --> 00:12:06,267
<font color="#ffbf46">මුලින්ම මම කළේ එන්ටර්ටේන්මන්ට් ෆීල්ඩ් එකේ
ඇතුළේ තොරතුරු හොයලා දෙන එක.</font>

212
00:12:07,768 --> 00:12:09,437
<font color="#ffbf46">එලයිජා කැම්පස් ගියාට පස්සෙ?</font>

213
00:12:09,520 --> 00:12:11,981
<font color="#ffbf46">මම කළේ නිකමෝ එයාට ළං නොවෙන්න
වගබලා ගත්ත එක.</font>

214
00:12:12,064 --> 00:12:16,318
<font color="#ffbf46">ෂා, මරුනේ. ඔයා පරණ විදිහට චණ්ඩි දාලා
තර්ජනය කළාද?</font>

215
00:12:16,402 --> 00:12:17,570
<font color="#ffbf46">නෑ.</font>

216
00:12:17,653 --> 00:12:19,488
<font color="#ffbf46">- ඒ ක්‍රමේ දැන් පරණයිනේ.
- එහෙමද?</font>

217
00:12:19,572 --> 00:12:20,906
<font color="#ffbf46">ඔව්. ඉතින්…</font>

218
00:12:20,990 --> 00:12:24,452
<font color="#ffbf46">මම කරන්නේ ලස්සන කොල්ලෙක්ව හයර් කරන එක.</font>

219
00:12:25,202 --> 00:12:26,078
<font color="#ffbf46">කොල්ලෙක්ව?</font>

220
00:12:26,162 --> 00:12:27,288
<font color="#ffbf46">එලයිජා පස්සෙන් එන අයට</font>

221
00:12:27,913 --> 00:12:29,165
<font color="#ffbf46">ඌ ගිහින් කියනවා,</font>

222
00:12:29,248 --> 00:12:32,918
<font color="#ffbf46">"මම තමයි එලයිජා එක්ක යාළු වෙලා ඉන්නේ."</font>

223
00:12:33,711 --> 00:12:35,463
<font color="#ffbf46">"පලයන් යන්න. ආයේ එයා පස්සෙන් එන්න එපා!"</font>

224
00:12:36,380 --> 00:12:38,674
<font color="#ffbf46">ඉතින් අර අය ඌ කියන දේ විශ්වාස කරනවද?</font>

225
00:12:38,757 --> 00:12:40,134
<font color="#ffbf46">- ඔව් කරනවා.
- මොකක්?</font>

226
00:12:40,217 --> 00:12:44,555
<font color="#ffbf46">එලයිජා නිදාගෙන ඉන්න ෆොටෝ පෙන්නුවම
කවුද ඉතින් විශ්වාස නොකර ඉන්නේ.</font>

227
00:12:45,514 --> 00:12:48,184
<font color="#ffbf46">එලයිජා නිදාගෙන ඉන්න ෆොටෝ?
ඔයා කොහෙන්ද ඒවා හොයාගත්තේ…</font>

228
00:12:48,267 --> 00:12:49,101
<font color="#ffbf46">මිස් චා.</font>

229
00:12:50,269 --> 00:12:53,481
<font color="#ffbf46">එයාම තමයි මට ෆොටෝ දීලා
වැඩේ කරන්න කිව්වෙ.</font>

230
00:12:53,564 --> 00:12:57,401
<font color="#ffbf46">"මේවා පාවිච්චි කරලා අර හිඟන්නො ටිකව
එලවලා දාන්න. හරිද?"</font>

231
00:12:58,194 --> 00:12:59,236
<font color="#ffbf46">පිස්සු නේද?</font>

232
00:12:59,320 --> 00:13:03,240
<font color="#ffbf46">සෙලිබ්‍රිටිලගේ අම්මලා කැමති නෑ
තමන්ගේ දරුවෝ කා එක්කවත් යාළු වෙනවට.</font>

233
00:13:03,324 --> 00:13:05,951
<font color="#ffbf46">ඒ අයට ඕන එයාලව තියාගෙන
දිගටම එයාලගෙන් යැපෙන්න.</font>

234
00:13:06,035 --> 00:13:07,745
<font color="#ffbf46">ඉතින් වෙන කෙනෙක් ඇවිත් එයාලව අරන් යනවා නම්,</font>

235
00:13:08,913 --> 00:13:10,206
<font color="#ffbf46">ඒක අසාධාරණයිනේ.</font>

236
00:13:11,916 --> 00:13:12,917
<font color="#ffbf46">කාලකන්නියා.</font>

237
00:13:13,584 --> 00:13:14,418
<font color="#ffbf46">මොකක්?</font>

238
00:13:15,044 --> 00:13:16,795
<font color="#ffbf46">- මහ කාලකන්නියෙක්.
- මමද?</font>

239
00:13:19,298 --> 00:13:21,759
<font color="#ffbf46">- හැබැයි මම ඔයාව කොහේදි හරි දැකලා තියෙනවා.
- මොකක්?</font>

240
00:13:24,011 --> 00:13:25,179
<font color="#ffbf46">ඔයා අර…</font>

241
00:13:25,804 --> 00:13:27,389
<font color="#ffbf46">ඔයා මට උදව් කරනවා නේද?</font>

242
00:13:28,015 --> 00:13:29,308
<font color="#ffbf46">මේක කොහොමද?</font>

243
00:13:29,808 --> 00:13:30,935
<font color="#ffbf46">ඒක නම් වැඩක් නෑ.</font>

244
00:13:31,018 --> 00:13:33,395
<font color="#ffbf46">මට ටිකක් කැපී පේන එකක් ගේන්න.</font>

245
00:13:34,605 --> 00:13:35,439
<font color="#ffbf46">හරි මිස් චා.</font>

246
00:13:41,987 --> 00:13:45,324
<font color="#ffbf46">ඔයා අලුතෙන් ආපු කෙනා නේද?
ඔයාට වැඩ පුළුවන්.</font>

247
00:13:45,407 --> 00:13:46,242
<font color="#ffbf46">ස්තූතියි මැඩම්.</font>

248
00:13:46,909 --> 00:13:48,786
<font color="#ffbf46">හිමින් බලලා තෝරගන්න මිස් චා.</font>

249
00:13:49,495 --> 00:13:51,247
<font color="#ffbf46">ඔයා දන්නවනේ මම කැමති දේවල්.</font>

250
00:13:55,334 --> 00:13:56,377
<font color="#ffbf46">මිස් චා.</font>

251
00:13:57,503 --> 00:14:00,089
<font color="#ffbf46">හා. මේක කොහොමද?</font>

252
00:14:04,635 --> 00:14:06,220
<font color="#ffbf46">මම උදව් කරන්නම්--</font>

253
00:14:06,303 --> 00:14:09,431
<font color="#ffbf46">නෑ, ඔයා එපා. ඔයා කරන්න.</font>

254
00:14:10,599 --> 00:14:11,433
<font color="#ffbf46">හරි මිස් චා.</font>

255
00:14:33,247 --> 00:14:34,498
<font color="#ffbf46">ආයුබෝවන් කාන්ග් මහත්තයා.</font>

256
00:14:35,040 --> 00:14:36,542
<font color="#ffbf46">ආයුබෝවන්, මේ කාන්ග් දා-විත්.</font>

257
00:14:36,625 --> 00:14:38,627
<font color="#ffbf46">මම මේ ගැන කල්පනා කළා,</font>

258
00:14:39,587 --> 00:14:41,505
<font color="#ffbf46">ඒත් මම හිතනවා මම ඔයාට ඇත්ත කියන්න ඕන කියලා.</font>

259
00:14:42,423 --> 00:14:43,883
<font color="#ffbf46">මොකක්ද ඒ?</font>

260
00:14:47,261 --> 00:14:48,178
<font color="#ffbf46">මොකක්ද?</font>

261
00:14:53,934 --> 00:14:56,186
<font color="#ffbf46">මට එලයිජා ගැන බයයි.</font>

262
00:14:56,854 --> 00:14:59,899
<font color="#ffbf46">මම දන්නවා. එයාට ගොඩක් ෂොක් එකක් වෙන්න ඇති.</font>

263
00:15:06,113 --> 00:15:07,114
<font color="#ffbf46">හෙලෝ.</font>

264
00:15:07,197 --> 00:15:08,532
<font color="#ffbf46">හායි.</font>

265
00:15:11,410 --> 00:15:13,621
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. එලයිජා, ඔයා කොහෙද මේ යන්නේ?</font>

266
00:15:16,123 --> 00:15:19,126
<font color="#ffbf46">ඔයාගේ ඔෆිස් එක මම හිතුවට වඩා
ලොකුයි වගේම ලස්සනයිනේ.</font>

267
00:15:26,342 --> 00:15:27,343
<font color="#ffbf46">මට කියන්න එපා...</font>

268
00:15:36,560 --> 00:15:37,519
<font color="#ffbf46">මේකයි අම්මේ...</font>

269
00:15:37,603 --> 00:15:39,480
<font color="#ffbf46">ඔයා මොනවද මේ කර කර හිටියේ?</font>

270
00:15:39,563 --> 00:15:43,067
<font color="#ffbf46">ඔයා කම්පැණියේ ඩිරෙක්ටර් වෙලත් දැනන් හිටියේ නැද්ද
එයා ගියා කියලා? ඔයා මොනවද කළේ?!</font>

271
00:15:43,150 --> 00:15:45,235
<font color="#ffbf46">මම ආරංචි වුණා ඔයා අද
වැඩට ආවෙත් නෑ කියලා!</font>

272
00:15:46,445 --> 00:15:47,780
<font color="#ffbf46">ඇත්තටම අම්මේ,</font>

273
00:15:48,948 --> 00:15:52,493
<font color="#ffbf46">මම අද සෝ-යොන් එක්ක
ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියා.</font>

274
00:15:52,576 --> 00:15:53,911
<font color="#ffbf46">ඔයා නම්...</font>

275
00:15:54,870 --> 00:15:57,081
<font color="#ffbf46">දෙවියනේ. දැන් අපි මොකද කරන්නේ?</font>

276
00:15:57,915 --> 00:15:59,750
<font color="#ffbf46">ඉක්මනට එයාව හොයාගන්න!</font>

277
00:15:59,833 --> 00:16:02,127
<font color="#ffbf46">ඔයා ගෙදරින් පැනලා ආවද?</font>

278
00:16:03,712 --> 00:16:06,006
<font color="#ffbf46">අම්මගේ ගෙදර තියෙන්නෙත් මගේ ගෙදරට එහා පැත්තෙමනේ.</font>

279
00:16:06,632 --> 00:16:08,384
<font color="#ffbf46">මට තවත් මේ විදියට ඉන්න බෑ.</font>

280
00:16:08,467 --> 00:16:10,552
<font color="#ffbf46">එතකොට ඔයා කොහෙද ඉන්න යන්නේ?</font>

281
00:16:12,888 --> 00:16:15,474
<font color="#ffbf46">දැනට මම අලුත් තැනක් හොයාගන්නකම්
හෝටලේක නවතිනවා.</font>

282
00:16:16,475 --> 00:16:18,060
<font color="#ffbf46">ඒත් ඒක නෙවෙයි වැදගත්ම දේ.</font>

283
00:16:18,143 --> 00:16:20,354
<font color="#ffbf46">මම නීතිය ගැන ලොකුවට දන්නේ නෑ,</font>

284
00:16:20,437 --> 00:16:23,732
<font color="#ffbf46">ඒත් මේක අම්මයි දුවයි අතර තියෙන
පුංචි ප්‍රශ්නයක් නෙවෙයි.</font>

285
00:16:25,109 --> 00:16:26,151
<font color="#ffbf46">මම හරි නේද?</font>

286
00:16:27,653 --> 00:16:31,198
<font color="#ffbf46">ඔව්, මේක ශිල්පියෙක් සහ එයාගේ ආයතනය
අතර තියෙන නඩුවක්.</font>

287
00:16:31,824 --> 00:16:32,866
<font color="#ffbf46">ඔව්.</font>

288
00:16:32,950 --> 00:16:35,411
<font color="#ffbf46">ඒජන්සිය තමන්ගේ ශිල්පියාව රවට්ටලා,</font>

289
00:16:35,494 --> 00:16:37,454
<font color="#ffbf46">එයාගේ පෞද්ගලික දේවල්වලට ඇඟිලි ගහලා
ඒවා එළියට ලීක් කරලා තියෙනවා.</font>

290
00:16:37,538 --> 00:16:39,873
<font color="#ffbf46">ඒක කොන්ත්‍රාත්තුව අමු අමුවේ කැඩීමක්.</font>

291
00:16:43,836 --> 00:16:44,670
<font color="#ffbf46">එහෙනම්...</font>

292
00:16:46,797 --> 00:16:49,508
<font color="#ffbf46">මට ඕන මගේ කම්පැණි එකත් එක්ක තියෙන
මේ ගිවිසුම ඉවරයක් කරන්න.</font>

293
00:16:51,844 --> 00:16:53,345
<font color="#ffbf46">කරුණාකරලා නඩුවක් ෆයිල් කරන්න.</font>

294
00:17:00,477 --> 00:17:01,687
<font color="#ffbf46">නැගෙනහිර දිස්ත්‍රික් උසාවිය</font>

295
00:17:03,439 --> 00:17:05,232
<font color="#ffbf46">අප්පා, මේ කවුද මේ.</font>

296
00:17:06,108 --> 00:17:10,904
<font color="#ffbf46">මේ අර උපාධියක්වත් නැති කෙනෙක් හින්දා තමන්ගේ ක්ලයන්ට්ව
නැති කරගත්ත වූ මහත්තයා නේද?</font>

297
00:17:13,032 --> 00:17:15,159
<font color="#ffbf46">අප්පා, මේ කවුද මේ.</font>

298
00:17:15,242 --> 00:17:17,703
<font color="#ffbf46">මේ අර එලයිජාගේ ෆෑන්ස්ලව පාවිච්චි කරලා
අනුන්ගේ ක්ලයන්ට්ලව උස්සන,</font>

299
00:17:17,786 --> 00:17:21,081
<font color="#ffbf46">උපාධියක් නැති කාන් ලෝයර් මහත්තයා නේද?</font>

300
00:17:21,915 --> 00:17:24,626
<font color="#ffbf46">මම අහපු විදියට ඔයාට ඒක අතාරින්න බැරුව
චා මහත්මියව හම්බවෙන්න ගිහින්,</font>

301
00:17:24,710 --> 00:17:26,670
<font color="#ffbf46">මේ නඩුව ඔයාට දෙන්න කියලා ඉල්ලුවලු නේද.</font>

302
00:17:27,755 --> 00:17:29,548
<font color="#ffbf46">ඔයාට මාත් එක්ක පැරදෙන්න එච්චරටම ආසද?</font>

303
00:17:30,299 --> 00:17:31,550
<font color="#ffbf46">හොටු ටිකක් විසි වුණා.</font>

304
00:17:32,593 --> 00:17:33,969
<font color="#ffbf46">තමන්ට ඕන දෙයක් හිතාගන්නවා.</font>

305
00:17:34,053 --> 00:17:35,512
<font color="#ffbf46">- යමු.
- හරි සර්.</font>

306
00:17:35,596 --> 00:17:38,098
<font color="#ffbf46">මාත් මට ඕන විදියට හිතාගන්නම්කෝ.</font>

307
00:17:39,600 --> 00:17:40,726
<font color="#ffbf46">තනි අයිතිය පිළිබඳ නඩුව</font>

308
00:17:40,809 --> 00:17:42,728
<font color="#ffbf46">ස්වාමීනි,
පැමිණිලිකාරිය දැනටමත්</font>

309
00:17:42,811 --> 00:17:45,481
<font color="#ffbf46">එයාගේ ගිවිසුම අවලංගු කරන බව දන්වලා
ලිපියක් යවලා තියෙන්නේ.</font>

310
00:17:45,564 --> 00:17:47,066
<font color="#ffbf46">අපි ඔබතුමාගෙන් ඉල්ලනවා</font>

311
00:17:47,149 --> 00:17:50,861
<font color="#ffbf46">මේ දෙපාර්ශ්වය අතර තනි අයිතිය පිළිබඳ ගිවිසුමක්
නොපවතින බව තහවුරු කරන්න කියලා.</font>

312
00:17:50,944 --> 00:17:53,572
<font color="#ffbf46">ගිවිසුම අවලංගු කරන්න තරම් හේතුවක්
ගිවිසුමේ මොන කොටසෙද තියෙන්නේ?</font>

313
00:17:53,655 --> 00:17:58,786
<font color="#ffbf46">ස්වාමීනි, සමහරවිට මට තවම
නීතිය ගැන ලොකු අත්දැකීමක් නැතුව ඇති.</font>

314
00:17:58,869 --> 00:18:00,871
<font color="#ffbf46">ඒත් මම මීට කලින් කවදාවත්
මේ වගේ ගිවිසුමක් දැකලා නෑ.</font>

315
00:18:01,455 --> 00:18:04,333
<font color="#ffbf46">විත්තිකාර, ඊකේ එන්ටර්ටේන්මන්ට් ආයතනය
තමයි බලවත් පාර්ශ්වය.</font>

316
00:18:04,416 --> 00:18:07,628
<font color="#ffbf46">පැමිණිලිකාර, එලයිජා මෙනවිය
තමයි යටත් පාර්ශ්වය.</font>

317
00:18:07,711 --> 00:18:11,757
<font color="#ffbf46">ඔබතුමාට පේනවා ඇති, යටත් පාර්ශ්වයේ
ගිවිසුම්ගත වගකීම් විදියට තියෙන්නේ...</font>

318
00:18:11,840 --> 00:18:13,717
<font color="#ffbf46">එකයි, දෙකයි, තුනයි, හතරයි...</font>

319
00:18:15,344 --> 00:18:18,097
<font color="#ffbf46">කීයක් තියෙනවද?
විස්සකට වඩා තියෙනවා.</font>

320
00:18:18,180 --> 00:18:21,016
<font color="#ffbf46">"ප්‍රශ්න කිරීමකින් තොරව සමාගමේ නියෝගවලට
අනුකූල වීම."</font>

321
00:18:21,100 --> 00:18:24,645
<font color="#ffbf46">"සෝෂල් මීඩියා තහනම්. දැඩි ආහාර පාලනයක් පවත්වා ගැනීම."</font>

322
00:18:24,728 --> 00:18:28,524
<font color="#ffbf46">අනිත් අතට, බලවත් පාර්ශ්වයට
කිසිම වගකීමක් පැවරෙන්නේ නෑ.</font>

323
00:18:29,274 --> 00:18:30,275
<font color="#ffbf46">බින්දුවයි.</font>

324
00:18:32,611 --> 00:18:34,446
<font color="#ffbf46">ඇත්තටම ඔයාලා තමයි බලවත් පාර්ශ්වය.</font>

325
00:18:34,988 --> 00:18:38,283
<font color="#ffbf46">පැමිණිලිකාරිය ගිවිසුම කියවලා
අත්සන් කළා නේද?</font>

326
00:18:38,367 --> 00:18:40,160
<font color="#ffbf46">තමන්ගේ අම්මා අත්සන් කරන්න කියලා
ගිවිසුමක් දෙනකොට,</font>

327
00:18:40,244 --> 00:18:43,122
<font color="#ffbf46">ඒක පේළියෙන් පේළියට කියවලා බලන්නේ
කොයි ළමයාද?</font>

328
00:18:43,205 --> 00:18:45,874
<font color="#ffbf46">ඒ මදිවට,
එයා එතකොට හයි ස්කූල් ඉවර වුණා විතරයි.</font>

329
00:18:45,958 --> 00:18:49,878
<font color="#ffbf46">වැඩිහිටියෙක් විදියට, එයා අඩුම තරමේ දැනගන්න ඕන
තමන් අත්සන් කරන ගිවිසුමට</font>

330
00:18:49,962 --> 00:18:52,714
<font color="#ffbf46">තමන් වගකියන්න ඕන කියලා.</font>

331
00:18:52,798 --> 00:18:55,968
<font color="#ffbf46">ඒත් මොන පදනමක් උඩද</font>

332
00:18:56,051 --> 00:18:57,928
<font color="#ffbf46">ඔබතුමන්ලා මේ තනි අයිතිය පිළිබඳ ගිවිසුම
අවලංගු කරන්නේ?</font>

333
00:18:58,011 --> 00:19:00,222
<font color="#ffbf46">විශ්වාසය පළුදු වීම නිසයි.</font>

334
00:19:02,307 --> 00:19:06,436
<font color="#ffbf46">ගිවිසුමේ මොන වගන්තියේ, මොන ඡේදයේද
එහෙම දෙයක් සඳහන් වෙලා තියෙන්නේ?</font>

335
00:19:06,520 --> 00:19:08,480
<font color="#ffbf46">ඒක ගිවිසුමේ තිබුණත් නැතත්,</font>

336
00:19:08,564 --> 00:19:11,900
<font color="#ffbf46">තනි අයිතියක් තියෙන ගිවිසුමක ස්වභාවය අනුව
විශ්වාසය කියන දේ අත්‍යවශ්‍යයි.</font>

337
00:19:11,984 --> 00:19:15,529
<font color="#ffbf46">විශ්වාසය කැඩුණම ගිවිසුම අවලංගු කරන්න පුළුවන් කියලා
පූර්ව නඩු තීන්දු පෙන්නලා දීලා තියෙනවා.</font>

338
00:19:15,612 --> 00:19:17,865
<font color="#ffbf46">රජයේ නීතිඥයෙක් විදියට ගොඩක් කල් වැඩ කරලා
ඔබතුමාට</font>

339
00:19:17,948 --> 00:19:20,033
<font color="#ffbf46">සිවිල් පනත ගැන ගොඩක් දේවල් අමතක වෙලා වගේ.</font>

340
00:19:20,117 --> 00:19:21,410
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

341
00:19:21,493 --> 00:19:23,704
<font color="#ffbf46">ඇත්තටම අමතක වෙලා තියෙන්නේ ඔබතුමාට නේද,</font>

342
00:19:23,787 --> 00:19:27,416
<font color="#ffbf46">පැමිණිලිකාරිය සහ විත්තිකාරිය අතර තියෙන
සම්බන්ධය ගැන?</font>

343
00:19:27,499 --> 00:19:30,002
<font color="#ffbf46">- ඒක ප්‍රශ්නයක්ද?
- ඒක උත්තරයක් වගේ ඇහුණද?</font>

344
00:19:30,085 --> 00:19:32,504
<font color="#ffbf46">මම ඔබතුමා වෙනුවෙන් උත්තර දෙන්නම්,
මොකද ඔබතුමා දන්නේ නෑ වගේනේ.</font>

345
00:19:32,588 --> 00:19:34,923
<font color="#ffbf46">මේ දෙන්නා අම්මයි දුවයි.</font>

346
00:19:35,007 --> 00:19:36,884
<font color="#ffbf46">- ආහ්, එහෙමද.
- ඔබතුමා දැනන් හිටියේ නෑනේ.</font>

347
00:19:37,676 --> 00:19:40,345
<font color="#ffbf46">අම්මයි දුවයි අතර විශ්වාසය පළුදු වීමක්.</font>

348
00:19:40,429 --> 00:19:44,850
<font color="#ffbf46">ඔබතුමන්ලා මේ හදන්නේ පවුලක් අතර තියෙන
පූජනීය බැඳීමක් කඩන්නද?</font>

349
00:19:44,933 --> 00:19:47,144
<font color="#ffbf46">මම එච්චරටම වැරදි දෙයක් මොනවද කළේ?</font>

350
00:19:47,227 --> 00:19:49,938
<font color="#ffbf46">මම මගේ දුව වෙනුවෙන් මට පුළුවන් උපරිමය කළා.</font>

351
00:19:50,022 --> 00:19:54,193
<font color="#ffbf46">ඔබතුමිය කවදාවත් පැමිණිලිකාරියගේ
ස්වාධීන කැමැත්තට ගරු කළේ නෑ.</font>

352
00:19:54,276 --> 00:19:58,780
<font color="#ffbf46">මොකද, මගේ රත්තරන් දුව නරක මිනිහෙක් එක්ක යාළුවෙයි
කියලා මම බය වුණු එකද වැරැද්ද?</font>

353
00:19:58,864 --> 00:20:01,742
<font color="#ffbf46">එයාට ලොකු හීනවලට යන්න කියලා
මම තල්ලු කරපු එකද වැරැද්ද?</font>

354
00:20:01,825 --> 00:20:03,452
<font color="#ffbf46">ඒක වැරදිද?</font>

355
00:20:03,535 --> 00:20:06,038
<font color="#ffbf46">එහෙනම් මේ රටේ ඉන්න හැම අම්මා තාත්තෙක්ම වැරදියි!</font>

356
00:20:06,121 --> 00:20:10,751
<font color="#ffbf46">චා මහත්මිය, ඔබතුමිය පැමිණිලිකාරියට
අසාමාන්‍ය විදියට කෑම පාලනය කරන්න බල කරලා තියෙනවා.</font>

357
00:20:10,834 --> 00:20:13,712
<font color="#ffbf46">ඒක එයාගේ කායික සහ මානසික සෞඛ්‍යයට
ලොකු හානියක් කරලා තියෙනවා.</font>

358
00:20:13,795 --> 00:20:15,839
<font color="#ffbf46">මේක නිතරම ප්‍රසිද්ධියේ ඉන්න ඕන රස්සාවක් නිසා,</font>

359
00:20:15,923 --> 00:20:19,718
<font color="#ffbf46">එයා නිකම්ම දුවට පෙන්නලා දුන්නා විතරයි
අනිත් අයට වඩා එයා කැපවෙන්න ඕන කියලා.</font>

360
00:20:20,344 --> 00:20:23,722
<font color="#ffbf46">අනිත් අය කරන දේම කළොත්
එයා කොහොමද අනිත් අයට වඩා දක්ෂයෙක් වෙන්නේ?</font>

361
00:20:24,556 --> 00:20:26,725
<font color="#ffbf46">මම එයාගේ අම්මා.</font>

362
00:20:26,808 --> 00:20:30,520
<font color="#ffbf46">මොන අම්මද තමන්ගේ දුවට
කැමැත්තෙන් රිද්දන්නේ?</font>

363
00:20:30,604 --> 00:20:32,022
<font color="#ffbf46">හරි, හරි.</font>

364
00:20:32,105 --> 00:20:34,191
<font color="#ffbf46">කරුණාකරලා සන්සුන් වෙන්න. පැමිණිලි පාර්ශ්වය.</font>

365
00:20:34,274 --> 00:20:36,109
<font color="#ffbf46">කරුණාකරලා ඔයාලගේ තර්කය ඉදිරිපත් කරන්න.</font>

366
00:20:36,193 --> 00:20:39,071
<font color="#ffbf46">අපිට වෙන විකල්පයක් නෑ ස්වාමීනි.</font>

367
00:20:39,154 --> 00:20:41,907
<font color="#ffbf46">මම ඉල්ලා සිටිනවා විත්ති පාර්ශ්වයට නියෝග කරන්න කියලා</font>

368
00:20:41,990 --> 00:20:44,451
<font color="#ffbf46">පැමිණිලිකාරියගේ මුළු වෘත්තීය ජීවිතයටම අදාළ
ආදායම් සහ වියදම් විස්තර හෙළි කරන්න කියලා.</font>

369
00:20:44,534 --> 00:20:47,913
<font color="#ffbf46">ඒ වගේම ඊට අදාළ ගිණුම් පොත්පත් ඉදිරිපත් කරන්න.</font>

370
00:20:47,996 --> 00:20:49,248
<font color="#ffbf46">මොකක්?!</font>

371
00:20:49,331 --> 00:20:50,207
<font color="#ffbf46">අම්මපා.</font>

372
00:20:50,290 --> 00:20:52,584
<font color="#ffbf46">ඔයාලට ඇත්තටම මේක
අන්තිමය වෙනකම්ම ගෙනියන්න ඕනද?</font>

373
00:20:52,668 --> 00:20:57,005
<font color="#ffbf46">පැමිණිලි පාර්ශ්වය, කරුණාකරලා අදාළ හේතු
ලිඛිතව ඉදිරිපත් කරන්න.</font>

374
00:21:03,011 --> 00:21:05,472
<font color="#ffbf46">එලයිජා, ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?</font>

375
00:21:06,265 --> 00:21:08,225
<font color="#ffbf46">ඔයාට තිබුණා උසාවියට නෑවි ඉන්න.</font>

376
00:21:08,308 --> 00:21:09,768
<font color="#ffbf46">මම මේක මගහරින්නේ නෑ.</font>

377
00:21:10,686 --> 00:21:11,853
<font color="#ffbf46">මේක මගේ වැඩක්.</font>

378
00:21:11,937 --> 00:21:15,023
<font color="#ffbf46">මේක ඉස්සරහට තවත් කැත වෙයි.
නඩු කියන්නේ එහෙම තමයි.</font>

379
00:21:15,107 --> 00:21:16,608
<font color="#ffbf46">මම ඒකට ලෑස්තියි.</font>

380
00:21:20,570 --> 00:21:22,823
<font color="#ffbf46">අනේ මන්දා, මම හොඳින්.</font>

381
00:21:22,906 --> 00:21:26,618
<font color="#ffbf46">කොහොම වුණත්, අවුරුදු අටකට පස්සේ පළවෙනි වතාවට
ප්‍රැක්ටිස් කරන එක මගහැරියම,</font>

382
00:21:26,702 --> 00:21:28,453
<font color="#ffbf46">දවස හරිම දිගයි වගේ දැනෙනවා.</font>

383
00:21:29,121 --> 00:21:32,249
<font color="#ffbf46">හෝටලේට වෙලා තනියම ඉන්නකොට
හරිම පාළුයි.</font>

384
00:21:35,043 --> 00:21:35,877
<font color="#ffbf46">එලයිජා.</font>

385
00:21:36,461 --> 00:21:38,964
<font color="#ffbf46">අපේ ගෙදර හිස් කාමරයක් තියෙනවා.</font>

386
00:21:39,047 --> 00:21:41,591
<font color="#ffbf46">- ලොකු සැප පහසුකම් නම් නෑ, ඒත් එනවද යන්න?
- ඇත්තටමද?</font>

387
00:21:42,926 --> 00:21:44,303
<font color="#ffbf46">මම කැමතියි.</font>

388
00:21:44,386 --> 00:21:47,556
<font color="#ffbf46">- ඒත් ඔයාට ඒක ප්‍රශ්නයක් නැද්ද?
- අපෝ නෑ. යමු යන්න.</font>

389
00:21:47,639 --> 00:21:48,640
<font color="#ffbf46">හා!</font>

390
00:21:49,516 --> 00:21:50,851
<font color="#ffbf46">පාක් මහත්මිය,</font>

391
00:21:50,934 --> 00:21:54,104
<font color="#ffbf46">ඔයා එයාව ලවා බේකරියේ කෑම බෙදවන්න එහෙම නෙවෙයි නේද හදන්නේ?</font>

392
00:21:54,187 --> 00:21:56,773
<font color="#ffbf46">ලෝකෙ වටේම ඉන්න ෆෑන්ස්ලව ගෙන්නගෙන
සල්ලි හොයන්න නේද ප්ලෑන් එක?</font>

393
00:21:56,857 --> 00:21:58,275
<font color="#ffbf46">කාන් මහත්තයා!</font>

394
00:21:58,358 --> 00:22:01,278
<font color="#ffbf46">හැමතිස්සෙම ලෝකේ දිහා ඔයාගේ කෝණයෙන් බලන්න එපා.</font>

395
00:22:06,658 --> 00:22:08,243
<font color="#ffbf46">මම හිතන්නේ ඔයා ඒ අදහසට කැමති වුණා.</font>

396
00:22:12,372 --> 00:22:13,957
<font color="#ffbf46">ශික්, ඊකේ එන්ටර්ටේන්මන්ට්!</font>

397
00:22:14,583 --> 00:22:17,044
<font color="#ffbf46">අපි ඉල්ලුවේ ආදායම් සහ වියදම් විස්තරනේ,</font>

398
00:22:17,127 --> 00:22:19,379
<font color="#ffbf46">මුන් වැඩකට නැති තව ගොඩක් දේවලුත්
එවලා තියෙනවනේ!</font>

399
00:22:21,048 --> 00:22:24,426
<font color="#ffbf46">මුන් හදන්නේ අපිව අවුල් කරන්නද?
දෙවියනේ!</font>

400
00:22:24,509 --> 00:22:27,512
<font color="#ffbf46">තනි අයිතිය අවලංගු කරන නඩුවක් දිනන එක
ලේසි නෑ.</font>

401
00:22:27,596 --> 00:22:29,014
<font color="#ffbf46">අර බෝයිෆ්‍රෙන්ඩ්ගේ කතාව ගත්තොත්,</font>

402
00:22:29,097 --> 00:22:31,975
<font color="#ffbf46">එයාලා අම්මයි දුවයි කතාව අස්සට දාලා
මේක බොඳ කරලා දායි,</font>

403
00:22:32,601 --> 00:22:34,519
<font color="#ffbf46">ඒ නිසා අපි ගෙවීම් ගැන හොයන්නම ඕන.</font>

404
00:22:34,603 --> 00:22:37,481
<font color="#ffbf46">අපිට මෙතනින් මොනවා හරි හොයාගන්න පුළුවන් වුණොත්,
එයාලට ගැලවීමක් නෑ.</font>

405
00:22:38,398 --> 00:22:40,442
<font color="#ffbf46">ඔයාලා මොකද කරන්නේ?
නිදි මරන්න ලෑස්ති වෙන්න.</font>

406
00:22:41,026 --> 00:22:42,152
<font color="#ffbf46">ජැන්ග් දිහා බලන්නකෝ.</font>

407
00:22:44,780 --> 00:22:46,573
<font color="#ffbf46">එතන ඉඩ මදි,
මෙහෙට ඇවිත් වැඩ කරන්න.</font>

408
00:22:48,325 --> 00:22:50,744
<font color="#ffbf46">මේක මාර වැඩ කරන පරිසරයක්නේ.</font>

409
00:22:51,828 --> 00:22:54,247
<font color="#ffbf46">නොමිලේ වැඩ කරන ලෝයර් කෙනෙක් වෙන එක...</font>

410
00:22:54,831 --> 00:22:55,874
<font color="#ffbf46">හරිම භයානකයි.</font>

411
00:22:55,957 --> 00:22:57,209
<font color="#ffbf46">අපිට පුළුවන්!</font>

412
00:22:57,292 --> 00:22:58,710
<font color="#ffbf46">- යමු!
- අපිට පුළුවන්!</font>

413
00:23:08,136 --> 00:23:11,598
<font color="#ffbf46">අර ඉන්නේ. එයා ප්‍රසිද්ධ සිංදුව කියන කෙනෙක්.</font>

414
00:23:15,560 --> 00:23:16,728
<font color="#ffbf46">හෙලෝ...</font>

415
00:23:19,064 --> 00:23:19,898
<font color="#ffbf46">හෙලෝ.</font>

416
00:23:19,981 --> 00:23:21,316
<font color="#ffbf46">හෙලෝ.</font>

417
00:23:21,399 --> 00:23:23,860
<font color="#ffbf46">මම දවස් කිහිපයකට මෙහෙ නවතිනවා.</font>

418
00:23:24,736 --> 00:23:25,821
<font color="#ffbf46">ඔයා සංඥා භාෂාව දන්නවද?</font>

419
00:23:27,739 --> 00:23:29,032
<font color="#ffbf46">ඉස්සර,</font>

420
00:23:29,116 --> 00:23:31,118
<font color="#ffbf46">මම ෆිල්ම් එකක් වෙනුවෙන් ඉගෙනගත්තා.</font>

421
00:23:31,201 --> 00:23:33,495
<font color="#ffbf46">ඒත් මම කරන්නේ හරිද කියලා මට ෂුවර් නෑ.</font>

422
00:23:33,578 --> 00:23:35,705
<font color="#ffbf46">ඒක හරි. ඔයා ඇත්තටම දක්ෂයි.</font>

423
00:23:35,789 --> 00:23:36,748
<font color="#ffbf46">තැන්ක් යූ.</font>

424
00:23:38,917 --> 00:23:39,835
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

425
00:23:43,046 --> 00:23:44,589
<font color="#ffbf46">කමක් නෑ.</font>

426
00:23:49,678 --> 00:23:51,596
<font color="#ffbf46">නිකන් ඉන්න බැරි කමට.</font>

427
00:23:51,680 --> 00:23:53,098
<font color="#ffbf46">මම උදව් කළාට කමක් නැද්ද?</font>

428
00:23:53,682 --> 00:23:57,686
<font color="#ffbf46">අපි ඔයාට වැඩ සිද්ධ කළොත්
ගි-ප්පම් අපිට බනීවි.</font>

429
00:23:59,896 --> 00:24:03,483
<font color="#ffbf46">මම පොරොන්දු වෙනවා මම එයාට කියන්නේ නෑ කියලා.</font>

430
00:24:05,986 --> 00:24:06,987
<font color="#ffbf46">කමක් නෑ.</font>

431
00:24:08,697 --> 00:24:09,698
<font color="#ffbf46">අපි මොකද කරන්නේ?</font>

432
00:24:09,781 --> 00:24:10,824
<font color="#ffbf46">අපි අමාරුවේ වැටෙයිද දන්නෙ නෑ.</font>

433
00:24:14,077 --> 00:24:17,622
<font color="#ffbf46">සිංදු විකුණලා වගේම ෂෝ වලින් හම්බවෙන ආදායම
සෑහෙන වැඩියි.</font>

434
00:24:17,706 --> 00:24:20,333
<font color="#ffbf46">මෙච්චර හොඳට සල්ලි හොයද්දි
ඇයි තවත් පිටින් ආයෝජනයන් ගත්තේ?</font>

435
00:24:20,417 --> 00:24:24,087
<font color="#ffbf46">මම කල්පනා කරන්නේ එයාලා එලයිජාට
හරියට ගෙවලා තියෙනවද කියලයි.</font>

436
00:24:24,171 --> 00:24:26,089
<font color="#ffbf46">මට නම් සැකයි.</font>

437
00:24:26,173 --> 00:24:27,674
<font color="#ffbf46">ගොඩක් වෙලාවට නැතුව ඇති.</font>

438
00:24:30,886 --> 00:24:32,262
<font color="#ffbf46">- ජැන්ග් මහත්තයා.
- ඇයි?</font>

439
00:24:32,971 --> 00:24:34,848
<font color="#ffbf46">පුළුවන්ද මේක දිහා පොඩ්ඩක් බලන්න?</font>

440
00:24:35,473 --> 00:24:37,893
<font color="#ffbf46">මේ සල්ලි ගලාගෙන ගිහින් තියෙන්නේ
මේ පිටරට කොම්පැණිවලට.</font>

441
00:24:37,976 --> 00:24:40,562
<font color="#ffbf46">- හරි.
- මේක හරිම අමුතු ගලා යාමක්නේ.</font>

442
00:24:40,645 --> 00:24:43,190
<font color="#ffbf46">- මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි.
- මට මොකක් හරි අමුත්තක් දැනෙනවා.</font>

443
00:24:44,232 --> 00:24:45,483
<font color="#ffbf46">මේ එන්නේ රාමෙන් සුවඳක් නේද?</font>

444
00:24:47,444 --> 00:24:49,029
<font color="#ffbf46">එයා තනියම කනවද? මහා ලෝබයෙක්නේ.</font>

445
00:24:51,448 --> 00:24:52,866
<font color="#ffbf46">විශ්වාසය නැති ගඳක් එන්නේ නැද්ද?</font>

446
00:24:53,783 --> 00:24:55,994
<font color="#ffbf46">කාන් දා-විත් තමයි සුපිරිම!</font>

447
00:24:56,077 --> 00:24:58,914
<font color="#ffbf46">මම අද මොකක්දෝ හේතුවකට
රාමෙන් කන්න ආසාවෙන් හිටියේ.</font>

448
00:24:59,539 --> 00:25:01,583
<font color="#ffbf46">- තැන්ක් යූ!
- තැන්ක් යූ!</font>

449
00:25:01,666 --> 00:25:03,043
<font color="#ffbf46">ස්තූතියි.</font>

450
00:25:03,126 --> 00:25:04,127
<font color="#ffbf46">මේ අපි කොහෙද මේ ඉන්නේ?</font>

451
00:25:04,711 --> 00:25:07,505
<font color="#ffbf46">පාක් මහත්මිය අපිට දෙයක් පෙන්නුවා.</font>

452
00:25:07,589 --> 00:25:10,133
<font color="#ffbf46">- ඔයා මේක බලන්න ඕන.
- හරි.</font>

453
00:25:12,219 --> 00:25:15,639
<font color="#ffbf46">කිම් මහත්තයා, ඊකේ එන්ටර්ටේන්මන්ට් එකේ ඩිරෙක්ටර් විදියට,</font>

454
00:25:15,722 --> 00:25:18,266
<font color="#ffbf46">ඔබතුමා තමයි මූල්‍ය සහ ගිණුම් කටයුතුවලට
වගකියන්නේ. හරි නේද?</font>

455
00:25:18,350 --> 00:25:19,476
<font color="#ffbf46">ඔව්, මමයි.</font>

456
00:25:19,559 --> 00:25:22,938
<font color="#ffbf46">ගිය අවුරුද්දේ ඉඳන්, එලයිජාගේ ඇතුළත් වීම වෙනුවෙන්
ආයෝජනයන් ගේන්න ඔබතුමා මූලික වුණා</font>

457
00:25:23,021 --> 00:25:24,731
<font color="#ffbf46">ඇමරිකානු වෙළඳපොළේ, හරිද?</font>

458
00:25:24,814 --> 00:25:25,774
<font color="#ffbf46">ඔව්, හරි.</font>

459
00:25:25,857 --> 00:25:31,279
<font color="#ffbf46">එලයිජා එයාගෙ සින්දු විකුණලා, ෂෝස් කරලා
ගොඩක් සල්ලි හොයන්න ඇතිනේ.</font>

460
00:25:31,363 --> 00:25:34,908
<font color="#ffbf46">ඒත් ඔයාලට තව පිටින්
ආයෝජන ඕන වුණාද?</font>

461
00:25:34,991 --> 00:25:39,037
<font color="#ffbf46">ඔයා දන්නෙ නෑ මේ බිස්නස් එක
වෙන්නේ කොහොමද කියලා. එහෙමද.</font>

462
00:25:39,120 --> 00:25:42,624
<font color="#ffbf46">ජාත්‍යන්තර මට්ටමේ කලාකරුවෙක් හදන්න
ලොකු වියදමක් යනවා.</font>

463
00:25:42,707 --> 00:25:47,087
<font color="#ffbf46">පිටරට මාකට් එකට යන්න කරන
උපදේශන සහ මාකටිං වියදම්...</font>

464
00:25:47,170 --> 00:25:48,922
<font color="#ffbf46">ඇත්තද? මේ වගේ වියදම්ද?</font>

465
00:25:49,506 --> 00:25:55,595
<font color="#ffbf46">LA වල තියෙන හැල්ෆර්ඩ් & බ්‍රවුන් සමාගම
සහ නිව් යෝක් වල ජේසී මැකෙන්සි එක.</font>

466
00:25:56,304 --> 00:25:57,305
<font color="#ffbf46">කොහොමද ඔයා...</font>

467
00:25:58,390 --> 00:26:00,100
<font color="#ffbf46">හැබැයි වැඩේ කියන්නේ,</font>

468
00:26:00,183 --> 00:26:03,103
<font color="#ffbf46">අපිට සාක්ෂි හම්බවුණා මේ සමාගම්වලට
යැව්වා කියන සල්ලිවලින් භාගයකට වඩා,</font>

469
00:26:03,186 --> 00:26:07,899
<font color="#ffbf46">තුන්වෙනි සමාගමකට
මාරු කරලා තියෙනවා කියලා.</font>

470
00:26:07,983 --> 00:26:10,777
<font color="#ffbf46">කළු සල්ලි සුදු කරන පියවර ගණනාවක්
පහු කරාට පස්සේ,</font>

471
00:26:10,860 --> 00:26:13,029
<font color="#ffbf46">සල්ලි ටික නතර වෙලා තියෙන්නේ මෙතන.</font>

472
00:26:13,571 --> 00:26:16,408
<font color="#ffbf46">පිටරට බදු සහන තියෙන ප්‍රදේශයක පිහිටි
ලිමිටඩ් සමාගමක්...</font>

473
00:26:20,036 --> 00:26:22,122
<font color="#ffbf46">ඒකේ නම "Hope" (බලාපොරොත්තුව), නේද?</font>

474
00:26:22,622 --> 00:26:24,791
<font color="#ffbf46">මම දන්නේ නෑ.
ඒකේ මගේ තියෙන සම්බන්ධය මොකක්ද?</font>

475
00:26:25,375 --> 00:26:28,378
<font color="#ffbf46">ඔයාට අන්තිමේදී ආයෝජන ගන්න බැරි වුණා.
ඒ ඇයි?</font>

476
00:26:29,337 --> 00:26:32,090
<font color="#ffbf46">ඒක ආයෝජකයින්ගේ තීරණයක්.
ඇයි ඒක මගෙන් අහන්නේ?</font>

477
00:26:32,882 --> 00:26:35,135
<font color="#ffbf46">ආයෝජන නැති වුණේ
ගිණුම් වංචාවක් නිසා නේද?</font>

478
00:26:35,218 --> 00:26:39,681
<font color="#ffbf46">ස්වාමීනි, මිස්ටර් කාන්ග් මේ අහන්නේ
අනුමාන මත පදනම් වෙච්ච ප්‍රශ්න.</font>

479
00:26:41,182 --> 00:26:43,143
<font color="#ffbf46">නීතිඥතුමා, ඔබතුමා ගාව සාක්ෂි තියෙනවද?</font>

480
00:26:43,852 --> 00:26:45,520
<font color="#ffbf46">අවශ්‍ය නම් අපි ඒවා ඉදිරිපත් කරන්නම්.</font>

481
00:26:46,146 --> 00:26:49,774
<font color="#ffbf46">මේ තියෙන්නේ ආයෝජකයෙක්ගේ ගිණුම් අංශයෙන්
ලැබුණු සත්‍ය විගණන වාර්තාවක්.</font>

482
00:26:50,442 --> 00:26:53,611
<font color="#ffbf46">"EK එන්ටර්ටේන්මන්ට් එකේ ශේෂ පත්‍රය
විශ්වාස කරන්න බැහැ."</font>

483
00:26:53,695 --> 00:26:56,072
<font color="#ffbf46">"ප්‍රාග්ධනය පිටට ඇදී ගිය බව තහවුරු විය."</font>

484
00:26:56,656 --> 00:26:59,534
<font color="#ffbf46">පැමිණිලිකාරියට ගෙවන්න තිබුණ ලාභ
ඔයා හොරෙන් අරගෙන තියෙනවා.</font>

485
00:26:59,617 --> 00:27:01,870
<font color="#ffbf46">නෑ! ඕවා ඔක්කොම බොරු!</font>

486
00:27:02,537 --> 00:27:04,414
<font color="#ffbf46">මාට්ටු. මම තව එක දෙයක් අහන්නම්.</font>

487
00:27:04,497 --> 00:27:07,625
<font color="#ffbf46">ඔයාලා එවපු ලොරි ගාණක
ඩොකියුමන්ට් අස්සේ තිබිලා,</font>

488
00:27:07,709 --> 00:27:09,085
<font color="#ffbf46">කෙනෙක්ට මේක හම්බවුණා.</font>

489
00:27:10,128 --> 00:27:13,465
<font color="#ffbf46">මිස්ටර් කිම්, ඔයාගේ වියදම් ලිස්ට් එකේ
ඉන්ෂුවරන්ස් ගාස්තුත් තිබුණා.</font>

490
00:27:14,591 --> 00:27:15,759
<font color="#ffbf46">ඒක ලොකු ගාණක්.</font>

491
00:27:15,842 --> 00:27:16,718
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

492
00:27:16,801 --> 00:27:19,095
<font color="#ffbf46">මම කොහොමද ඔය විස්තර ඔක්කොම මතක තියාගන්නේ?</font>

493
00:27:19,179 --> 00:27:21,139
<font color="#ffbf46">මම හිතන්නේ ඔයාට ඔක්කොම හොඳට මතකයි.</font>

494
00:27:22,432 --> 00:27:24,851
<font color="#ffbf46">අපි ඒ ගැන හෙව්වා,
ඒක ජීවිත රක්ෂණ සැලැස්මක්.</font>

495
00:27:24,934 --> 00:27:29,189
<font color="#ffbf46">ඔයාගේ නංගි, එලයිජා වෙනුවෙන් දාපු
ජීවිත රක්ෂණයක්.</font>

496
00:27:30,106 --> 00:27:31,358
<font color="#ffbf46">ඒක...</font>

497
00:27:31,441 --> 00:27:32,484
<font color="#ffbf46">සමාගම...</font>

498
00:27:33,568 --> 00:27:35,278
<font color="#ffbf46">සමාගමක් විදියට,</font>

499
00:27:35,362 --> 00:27:36,738
<font color="#ffbf46">කලාකරුවා වෙනුවෙන්--</font>

500
00:27:36,821 --> 00:27:39,991
<font color="#ffbf46">"කලාකරුවා වෙනුවෙන්."
හැබැයි ප්‍රතිලාභ අයිති කාටද?</font>

501
00:27:42,077 --> 00:27:45,413
<font color="#ffbf46">එලයිජාට යම්කිසි දෙයක් වුණොත්
ඒ සල්ලි ලැබෙන කෙනා.</font>

502
00:27:45,497 --> 00:27:48,708
<font color="#ffbf46">අර සල්ලි යවපු Hope සමාගමේ
තනි කොටස් හිමිකාරයා.</font>

503
00:27:48,792 --> 00:27:51,169
<font color="#ffbf46">මේ දෙන්නම එක්කෙනෙක්.</font>

504
00:27:55,006 --> 00:27:56,966
<font color="#ffbf46">අවුරුදු හතක් වයස කිම් සො-යොන්.</font>

505
00:27:57,592 --> 00:27:58,843
<font color="#ffbf46">ඔයාගේ එකම දුව.</font>

506
00:27:59,719 --> 00:28:01,930
<font color="#ffbf46">නෑ! ඕවා ඔක්කොම බොරු...</font>

507
00:28:02,013 --> 00:28:03,056
<font color="#ffbf46">HOPE සමාගමේ තනි කොටස් හිමිකරු</font>

508
00:28:03,139 --> 00:28:04,015
<font color="#ffbf46">මේක බොරුවක්.</font>

509
00:28:04,724 --> 00:28:08,061
<font color="#ffbf46">ස්වාමීනි, මේ ඔක්කොම නිකන්
අනුමාන කිරීම් විතරයි.</font>

510
00:28:08,728 --> 00:28:11,481
<font color="#ffbf46">ගිණුමක් අරින්න තමන්ගේ පවුලේ කෙනෙක්ගේ
නම පාවිච්චි කරන්න පුළුවන්.</font>

511
00:28:11,564 --> 00:28:15,110
<font color="#ffbf46">පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥතුමා, ඔයා මීට වඩා හොඳයි
වංචා කළා කියලා අපරාධ නඩුවක් දාන එක.</font>

512
00:28:15,193 --> 00:28:19,072
<font color="#ffbf46">තහවුරු නොකරපු සාක්ෂි මත පදනම් වෙලා
ද්වේශ සහගත චෝදනා එල්ල කරන එක නවත්තන්න.</font>

513
00:28:20,323 --> 00:28:21,282
<font color="#ffbf46">තේරුණාද?</font>

514
00:28:23,868 --> 00:28:25,412
<font color="#ffbf46">අපි අදාළ සාක්ෂි ඉදිරිපත් කරන්නම්.</font>

515
00:28:35,505 --> 00:28:37,340
<font color="#ffbf46">තමුන් කොහොමද තමුන්ගෙ අම්මවම රවට්ටන්නේ?</font>

516
00:28:37,424 --> 00:28:38,675
<font color="#ffbf46">මෝඩ මූසලයා!</font>

517
00:28:38,758 --> 00:28:40,552
<font color="#ffbf46">මම තමුසෙට කිව්වා කෑදර වෙන්න එපා කියලා!</font>

518
00:28:41,219 --> 00:28:44,180
<font color="#ffbf46">මම ගත්තට වඩා ඔයා ගත්තනේ,
ඉතින් ඇයි මට කෑගහන්නේ?</font>

519
00:28:44,264 --> 00:28:46,433
<font color="#ffbf46">එහෙනම් මාට්ටු නොවී ඉන්න තිබුණා!</font>

520
00:28:46,516 --> 00:28:48,476
<font color="#ffbf46">තමුසෙ කවුද ඔච්චර කෑදර වෙන්න?</font>

521
00:28:49,894 --> 00:28:52,647
<font color="#ffbf46">මොකක්? ඇයි මට කෑදර වෙන්න බැරිද?</font>

522
00:28:53,440 --> 00:28:54,357
<font color="#ffbf46">මොකක්?</font>

523
00:28:54,441 --> 00:28:55,817
<font color="#ffbf46">ආච්චි අම්මේ!</font>

524
00:28:55,900 --> 00:28:57,819
<font color="#ffbf46">සො-යොන්, ඇයි එළියට ආවේ?</font>

525
00:28:59,154 --> 00:29:00,530
<font color="#ffbf46">හායි, ආච්චි අම්මේ.</font>

526
00:29:01,156 --> 00:29:02,449
<font color="#ffbf46">මාත් එක්ක සෙල්ලම් කරන්නකෝ.</font>

527
00:29:02,532 --> 00:29:04,492
<font color="#ffbf46">මට තාත්තා එක්ක කතා කරන්න තියෙනවා,
දුව ඇතුළට යන්න.</font>

528
00:29:04,576 --> 00:29:07,287
<font color="#ffbf46">සො-යොන්, මෙතන හිටියොත් ලෙඩ වෙයි.
යමු ඉක්මනට ඇතුළට.</font>

529
00:29:08,121 --> 00:29:09,539
<font color="#ffbf46">ආච්චි අම්මේ.</font>

530
00:29:12,751 --> 00:29:14,919
<font color="#ffbf46">නිකන් යන්න ළමයිනේ. දරුවට කැස්සත් හැදිලා!</font>

531
00:29:17,088 --> 00:29:18,798
<font color="#ffbf46">ඔය කාලකන්නියා...</font>

532
00:29:19,966 --> 00:29:22,802
<font color="#ffbf46">එලයිජාට වඩා හොඳට
මම මගේ දුවව හදාගන්නවා. තේරුණාද?</font>

533
00:29:23,386 --> 00:29:27,182
<font color="#ffbf46">එයා ඉල්ලන ඕනම දෙයක් මම දෙනවා.
හැමදේම හොඳම විදියට!</font>

534
00:29:36,566 --> 00:29:37,859
<font color="#ffbf46">ආයුබෝවන්. ජි-හේ.</font>

535
00:29:38,777 --> 00:29:39,861
<font color="#ffbf46">එලයිජා.</font>

536
00:29:39,944 --> 00:29:42,197
<font color="#ffbf46">මේ ඉන්නේ ජි-හේ.</font>

537
00:29:43,531 --> 00:29:44,741
<font color="#ffbf46">හෙලෝ.</font>

538
00:29:45,784 --> 00:29:46,826
<font color="#ffbf46">එලයිජා.</font>

539
00:29:48,119 --> 00:29:49,996
<font color="#ffbf46">ඔයා ඇත්තටම එලයිජාද?</font>

540
00:29:51,456 --> 00:29:52,957
<font color="#ffbf46">ඔව්. මේ මම, ජි-හේ.</font>

541
00:29:54,751 --> 00:29:56,377
<font color="#ffbf46">ඔයා මගේ නම දන්නවද?</font>

542
00:29:56,461 --> 00:29:59,464
<font color="#ffbf46">මට බෑ... මම මේ හීනයක් දකිනවා නෙවෙයි නේද?</font>

543
00:29:59,547 --> 00:30:01,132
<font color="#ffbf46">අපෝ නෑ, ජි-හේ.</font>

544
00:30:01,216 --> 00:30:03,802
<font color="#ffbf46">අක්කෙ, මම ඔයාගේ සින්දුවලට හරි ආසයි.</font>

545
00:30:04,719 --> 00:30:06,930
<font color="#ffbf46">ඊළඟ සින්දුව එනකම් මම බලන් ඉන්නේ.</font>

546
00:30:10,558 --> 00:30:11,643
<font color="#ffbf46">මම ඇත්තටම ඔයාගේ අක්කද?</font>

547
00:30:12,352 --> 00:30:14,562
<font color="#ffbf46">ඔව්. කට්ටිය කියන්නේ අක්කලා හරිම කූල් කියලා.</font>

548
00:30:16,773 --> 00:30:18,316
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

549
00:30:18,399 --> 00:30:22,070
<font color="#ffbf46">අපි ජි-හේ වෙනුවෙන් ගෙනාපු බඩු ටික
එළියට ගමුද?</font>

550
00:30:23,571 --> 00:30:25,323
<font color="#ffbf46">තෑගි!</font>

551
00:30:26,991 --> 00:30:29,911
<font color="#ffbf46">ටඩා! මේ මගේ බඩු එකතුවක්.
පෝනීස්ලව දන්නවා නේද?</font>

552
00:30:29,994 --> 00:30:33,748
<font color="#ffbf46">මේවා මම ගත්තට කමක්
නැද්ද? අපෝ පුළුවන්. මෙන්න.</font>

553
00:30:35,458 --> 00:30:38,086
<font color="#ffbf46">මේ ටී-ෂර්ට් එකේ මගේ මූණත් තියෙනවා.</font>

554
00:30:39,337 --> 00:30:41,047
<font color="#ffbf46">ඒ එලයිජා!</font>

555
00:30:41,130 --> 00:30:42,882
<font color="#ffbf46">ස්තූතියි.</font>

556
00:30:44,634 --> 00:30:45,844
<font color="#ffbf46">ගොඩක් බඩු තියෙනවා.</font>

557
00:30:50,014 --> 00:30:51,140
<font color="#ffbf46">එයා තෑගි ගොඩක් දුන්නා.</font>

558
00:30:57,480 --> 00:30:59,148
<font color="#ffbf46">ස්තූතියි, එලයිජා.</font>

559
00:31:00,567 --> 00:31:02,110
<font color="#ffbf46">අපි එහෙනම් යන්නම්.</font>

560
00:31:08,324 --> 00:31:09,242
<font color="#ffbf46">ගුඩ් නයිට්.</font>

561
00:31:13,121 --> 00:31:17,375
<font color="#ffbf46">ඔයා කිව්වේ ජි-හේගේ මාමා එයාගේ දෙමව්පියන්ගේ
මරණාධාර සල්ලිත් ගත්තා කියලද?</font>

562
00:31:18,084 --> 00:31:20,545
<font color="#ffbf46">ඔව්. මිස්ටර් ජෑං කියන විදියට,</font>

563
00:31:22,171 --> 00:31:24,215
<font color="#ffbf46">එයා ඒ ළමයට වද දෙනවත් ඇති.</font>

564
00:31:24,757 --> 00:31:26,926
<font color="#ffbf46">එච්චර හොඳ ළමයෙක්ට එහෙම කරන්නේ කොහොමද?</font>

565
00:31:29,178 --> 00:31:32,682
<font color="#ffbf46">ඇත්තටම පවුලක් කියන්නේ මොකක්ද?</font>

566
00:31:34,684 --> 00:31:35,560
<font color="#ffbf46">එලයිජා.</font>

567
00:31:36,436 --> 00:31:40,189
<font color="#ffbf46">ඔයාට ඇත්තටම තේරුණේ නැද්ද
ඔයාට හරියට ගෙවන්නේ නෑ කියලා?</font>

568
00:31:41,733 --> 00:31:43,276
<font color="#ffbf46">අම්මා හැමතිස්සෙම කිව්වේ,</font>

569
00:31:44,485 --> 00:31:46,821
<font color="#ffbf46">සල්ලි ගැන එයා බලාගන්නම්,</font>

570
00:31:46,905 --> 00:31:49,741
<font color="#ffbf46">මට සල්ලි ගැන වද නොවී
සින්දු ගැන විතරක් හිතන්න කියලා.</font>

571
00:31:49,824 --> 00:31:50,867
<font color="#ffbf46">ඉතින් ඔයා ඒක විශ්වාස කළාද?</font>

572
00:31:53,494 --> 00:31:54,913
<font color="#ffbf46">එයා මගේ අම්මානේ.</font>

573
00:31:56,080 --> 00:31:58,750
<font color="#ffbf46">මට හොඳම දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක්.</font>

574
00:31:58,833 --> 00:32:02,503
<font color="#ffbf46">ඔයා එයාව විශ්වාස කළාද?
නැත්නම් විශ්වාස කරන්න ඕන වුණාද?</font>

575
00:32:10,887 --> 00:32:12,513
<font color="#ffbf46">විත්තිකරු</font>

576
00:32:15,099 --> 00:32:16,392
<font color="#ffbf46">පැමිණිල්ලේ නීතිඥතුමා.</font>

577
00:32:18,978 --> 00:32:20,229
<font color="#ffbf46">පැමිණිල්ලේ නීතිඥතුමා!</font>

578
00:32:21,314 --> 00:32:22,398
<font color="#ffbf46">ඔව්, ස්වාමීනි.</font>

579
00:32:23,191 --> 00:32:24,442
<font color="#ffbf46">ස්වාමීනි.</font>

580
00:32:24,525 --> 00:32:28,988
<font color="#ffbf46">විත්තිකරු විසින් සින්දුවල ආදායම නොගෙවීම
සහ වංචා කිරීම හෙළි කරන්න,</font>

581
00:32:29,072 --> 00:32:32,909
<font color="#ffbf46">මිස්ටර් කිම්ට විරුද්ධව මුදල් වංචා කිරීම යටතේ
අපි නඩුවක් ගොනු කරනවා.</font>

582
00:32:32,992 --> 00:32:36,746
<font color="#ffbf46">පරීක්ෂණ වාර්තා එනකම් නඩුව අහන දිනය
කල් දාන්න කියලා අපි ඉල්ලනවා.</font>

583
00:32:36,829 --> 00:32:38,206
<font color="#ffbf46">පැමිණිල්ලේ නීතිඥතුමා.</font>

584
00:32:38,289 --> 00:32:42,126
<font color="#ffbf46">ඔයා ඕවා ඉගෙනගෙන ගොඩක් කල් නිසා
දණ්ඩ නීති සංග්‍රහය ගැන අමතක වුණාද?</font>

585
00:32:43,252 --> 00:32:44,712
<font color="#ffbf46">මොකක්ද ඒ කිව්වේ?</font>

586
00:32:45,797 --> 00:32:48,091
<font color="#ffbf46">361 වගන්තිය,</font>

587
00:32:48,174 --> 00:32:50,593
<font color="#ffbf46">සහ දණ්ඩ නීති සංග්‍රහයේ 328 වගන්තියේ
පළමු ඡේදය.</font>

588
00:32:53,513 --> 00:32:55,181
<font color="#ffbf46">පවුලේ අය විසින් කරන අපරාධ නිදහස් කිරීම.</font>

589
00:32:55,807 --> 00:32:59,560
<font color="#ffbf46">මේවා මූලික නීතිනේ.
අනික ඔයා විනිසුරුවරයෙක් වෙලත් හිටියා.</font>

590
00:33:00,645 --> 00:33:04,148
<font color="#ffbf46">පවුල ඇතුළේ වෙන දේපළ සම්බන්ධ අපරාධවලට
දඬුවම් කරන්න බැහැ.</font>

591
00:33:05,733 --> 00:33:08,111
<font color="#ffbf46">සහෝදරයෙක්ට දඬුවම් කරන්න බැරි
එක ගෙදරක ඉන්නවා නම් විතරයි කියල</font>

592
00:33:08,194 --> 00:33:10,238
<font color="#ffbf46">ඔයාට අමතක වුණාද?</font>

593
00:33:11,406 --> 00:33:13,282
<font color="#ffbf46">වෙන වෙනම ජීවත් වෙනවා නම්, දඬුවම් කරන්න පුළුවන්.</font>

594
00:33:14,200 --> 00:33:16,869
<font color="#ffbf46">මිස්ටර් කිම් ජීවත් වෙන්නේ පැමිණිලිකාරිය එක්කද?</font>

595
00:33:17,870 --> 00:33:18,871
<font color="#ffbf46">ඕක පෙන්නන්න.</font>

596
00:33:20,373 --> 00:33:23,668
<font color="#ffbf46">මේක ගිය අවුරුද්දේ මුල ගත්ත
පවුලේ ඡායාරූපයක්.</font>

597
00:33:23,751 --> 00:33:26,421
<font color="#ffbf46">ඒ කාලේ මුළු පවුලම ජීවත් වුණේ එකට.</font>

598
00:33:26,504 --> 00:33:30,591
<font color="#ffbf46">පැමිණිලිකාරිය ඒ ගැන දන්නවා.
පැමිණිල්ලේ නීතිඥතුමා ඒක දැනගෙන හිටියේ නැද්ද?</font>

599
00:33:32,427 --> 00:33:35,763
<font color="#ffbf46">ස්වාමීනි, පැමිණිලිකාරිය කියන විදියට
ප්‍රාග්ධනය පිටට ගලා යාම,</font>

600
00:33:35,847 --> 00:33:39,517
<font color="#ffbf46">ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ
එයා මේ ගෙදර ජීවත් වෙන අතරතුර,</font>

601
00:33:39,600 --> 00:33:41,728
<font color="#ffbf46">ඒ නිසා පවුලේ අපරාධ නිදහස් කිරීමේ නීතිය
මේකට අදාළයි.</font>

602
00:33:41,811 --> 00:33:46,190
<font color="#ffbf46">නඩුවක් දැම්මොත් ඒක එකපාරටම ප්‍රතික්ෂේප වෙයි.
එයාලගේ මේ ඉල්ලීම කාලය නාස්ති කිරීමක්.</font>

603
00:33:50,361 --> 00:33:52,613
<font color="#ffbf46">ඒක වුණේ එයාලා එකට ජීවත් වෙනකොට නම්,</font>

604
00:33:52,697 --> 00:33:53,573
<font color="#ffbf46">ඔයා කියන දේ හරි.</font>

605
00:33:54,574 --> 00:33:58,828
<font color="#ffbf46">හරි. අන්තිම සිද්ධිය වුණේ
එයා ගෙදරින් ගියාට පස්සේ.</font>

606
00:33:59,704 --> 00:34:02,623
<font color="#ffbf46">ඕන නම් ඒකට නඩුවක් දාන්න.
කීයද ගාණ කිව්වේ?</font>

607
00:34:03,458 --> 00:34:05,334
<font color="#ffbf46">වොන් 820,000යි. වොන් 820,000කට නඩුවක්.</font>

608
00:34:08,671 --> 00:34:09,714
<font color="#ffbf46">ස්වාමීනි,</font>

609
00:34:10,882 --> 00:34:14,427
<font color="#ffbf46">එයා ඒ ගෙදර ජීවත් වෙන අතරතුර
මේක වුණා කියන එක ඇත්ත.</font>

610
00:34:14,510 --> 00:34:17,972
<font color="#ffbf46">හැබැයි, විත්තිකරුගේ නීතිඥවරයාට
එක කාරණාවක් මග ඇරිලා තියෙනවා.</font>

611
00:34:18,723 --> 00:34:21,434
<font color="#ffbf46">කිම් ජු-වොන්ගේ දුව, කිම් සො-යොන්ට,</font>

612
00:34:21,517 --> 00:34:24,687
<font color="#ffbf46">පිට අයත් එක්ක ගැවසෙන එක
පුළුවන් තරම් අඩු කරන්න වෙලා තිබුණේ,</font>

613
00:34:24,771 --> 00:34:27,398
<font color="#ffbf46">දරුණු විදියට ඇලජික් හැදෙන නිසා.</font>

614
00:34:28,107 --> 00:34:31,819
<font color="#ffbf46">ඒ නිසා, මිස්ටර් කිම් එයාගේ පවුලේ අය
ජීවත් වුණ දෙවෙනි තට්ටුවට</font>

615
00:34:31,903 --> 00:34:34,113
<font color="#ffbf46">වෙනම දොරක් දාලා තිබුණේ,</font>

616
00:34:34,197 --> 00:34:38,284
<font color="#ffbf46">අනිත් අයට එතනට එන්න තහනම් කරලා තිබුණා.</font>

617
00:34:38,367 --> 00:34:40,870
<font color="#ffbf46">එයාලා පාවිච්චි කළේ වෙනම
නාන කාමරයක් සහ සාලයක්.</font>

618
00:34:40,953 --> 00:34:44,373
<font color="#ffbf46">අනික, ජීවන වියදම් පවා ගියේ වෙන වෙනම.</font>

619
00:34:44,957 --> 00:34:50,797
<font color="#ffbf46">සරලවම කිව්වොත්, එයා එයාගේ අම්මගේ ගෙදර
දෙවෙනි තට්ටුවේ නිකන් ඉඳලා තියෙන්නේ.</font>

620
00:34:52,048 --> 00:34:54,926
<font color="#ffbf46">ඉතින් එයාලා එකට ජීවත් වුණා කියලා
කියන්න පුළුවන්ද?</font>

621
00:35:03,684 --> 00:35:05,853
<font color="#ffbf46">ඔයා හොඳට ලෑස්ති වෙලා ඇවිත් තියෙන්නේ.</font>

622
00:35:07,438 --> 00:35:08,564
<font color="#ffbf46">හැබැයි...</font>

623
00:35:08,648 --> 00:35:09,857
<font color="#ffbf46">ස්වාමීනි.</font>

624
00:35:10,691 --> 00:35:15,696
<font color="#ffbf46">මිස් චාට වචන කිහිපයක් කතා කරන්න ඕනලු.</font>

625
00:35:16,322 --> 00:35:18,157
<font color="#ffbf46">හරි. කතා කරන්න.</font>

626
00:35:20,576 --> 00:35:21,661
<font color="#ffbf46">ස්තූතියි.</font>

627
00:35:27,333 --> 00:35:28,459
<font color="#ffbf46">මේ හැමදේම මගේ වැරැද්ද.</font>

628
00:35:30,795 --> 00:35:35,758
<font color="#ffbf46">කිම් ජු-වොන් කළේ CEO විදියට
මම කරන්න කියපු දේ විතරයි.</font>

629
00:35:36,801 --> 00:35:38,511
<font color="#ffbf46">ඒක වංචාවක් වුණත්, සල්ලි හොරකමක් වුණත්,</font>

630
00:35:39,804 --> 00:35:41,097
<font color="#ffbf46">අනේ මට විරුද්ධව නඩු දාන්න.</font>

631
00:35:42,682 --> 00:35:43,891
<font color="#ffbf46">එලයිජා.</font>

632
00:35:45,226 --> 00:35:46,477
<font color="#ffbf46">ඔයාට ඕන වුණේ මේකද?</font>

633
00:35:48,646 --> 00:35:49,981
<font color="#ffbf46">තමන්ගෙ අම්මට නඩු දාන්න.</font>

634
00:35:55,153 --> 00:35:57,071
<font color="#ffbf46">ටිෂූ එකක් තියෙනවද? ටිෂූ...</font>

635
00:36:00,241 --> 00:36:01,325
<font color="#ffbf46">හරි.</font>

636
00:36:02,535 --> 00:36:06,706
<font color="#ffbf46">අම්මලා එක්ක නම්, එකට ජීවත් වුණත් නැතත්
ඒක අදාළ වෙන්නේ නෑ.</font>

637
00:36:07,331 --> 00:36:10,918
<font color="#ffbf46">එයා ඍජු ලේ ඥාතියෙක් නිසා,
එයා දඬුවම්වලින් නිදහස්.</font>

638
00:36:11,002 --> 00:36:13,462
<font color="#ffbf46">දේපළ වංචා සඳහා
ඍජු ලේ ඥාතීන් දඬුවම්වලින් නිදහස්</font>

639
00:36:13,546 --> 00:36:14,881
<font color="#ffbf46">දැන් ඔයාගේ කාලේ නාස්ති වෙන එකක් නෑ.</font>

640
00:36:16,507 --> 00:36:19,635
<font color="#ffbf46">මේ පාර ඍජු ලේ ඥාතියෙක්ද?</font>

641
00:36:19,719 --> 00:36:20,553
<font color="#ffbf46">ඔව්.</font>

642
00:36:29,395 --> 00:36:31,564
<font color="#ffbf46">එතකොට, ඔයාට එයාගේ අම්මට නඩු දාන්න වෙනවද?</font>

643
00:36:32,190 --> 00:36:34,025
<font color="#ffbf46">ඔට්ටුව අතාරිනවද,
නීතිඥ කාන්ග්?</font>

644
00:36:35,359 --> 00:36:36,819
<font color="#ffbf46">සර් මොකක්ද මේ කියන්නේ?</font>

645
00:36:37,403 --> 00:36:41,199
<font color="#ffbf46">අපි දැනටමත් බෙක්සූන්ග් එකෙන් කේස් එක
අරගෙන දිනලා ඉවරයිනේ. අනික--</font>

646
00:36:41,282 --> 00:36:42,575
<font color="#ffbf46">ඔයාට වැරදිලා.</font>

647
00:36:42,658 --> 00:36:44,160
<font color="#ffbf46">ඔයා දාපු ඔට්ටුව තමයි</font>

648
00:36:44,952 --> 00:36:48,623
<font color="#ffbf46">එයාලගෙන් සේවාදායකයෝ ගන්න එක මිසක්,
එක නඩුවක් ගන්න එක නෙවෙයි.</font>

649
00:36:49,415 --> 00:36:53,836
<font color="#ffbf46">නඩු ගාස්තු ගෙවන සේවාදායකයා කියන්නේ
අර පුංචි කෙල්ල එලයිජා නෙවෙයි.</font>

650
00:36:54,545 --> 00:36:55,463
<font color="#ffbf46">ඒක EK එන්ටර්ටේන්මන්ට්.</font>

651
00:36:56,088 --> 00:36:57,840
<font color="#ffbf46">මම අහලා තියෙන විදියට අර ළමයා ගාව සතයක් නෑ.</font>

652
00:36:57,924 --> 00:37:01,552
<font color="#ffbf46">ඔයා මේ අමාරුවෙන් දිනාගත්ත සේවාදායකයා එක්ක
ප්‍රශ්න දාගන්න යන්නේ,</font>

653
00:37:01,636 --> 00:37:02,511
<font color="#ffbf46">සතයක් නැති කෙල්ලෙක් වෙනුවෙන්ද?</font>

654
00:37:06,641 --> 00:37:09,977
<font color="#ffbf46">ඇයි මුල ඉඳන් මාව නවත්තන්නේ නැතුව
දැන් මේක කරන්නේ?</font>

655
00:37:10,061 --> 00:37:11,854
<font color="#ffbf46">ඔයා හිතනවද මට ඔච්චර
නිවාඩු පාඩුයි කියලා? සමාවෙන්න?</font>

656
00:37:11,938 --> 00:37:14,649
<font color="#ffbf46">මම මොකටද මේ වගේ පොඩි කේස් එකක් පස්සේ
පන්න පන්න ඉන්නේ?</font>

657
00:37:18,486 --> 00:37:19,570
<font color="#ffbf46">ඔට්ටුව අතාරින්න.</font>

658
00:37:19,654 --> 00:37:23,241
<font color="#ffbf46">පොරොන්දු වුනු විදිහටම සද්ද නැතුව
ටීම් එක විසුරුවලා දාන්න.</font>

659
00:37:23,324 --> 00:37:24,325
<font color="#ffbf46">මට පොරොන්දු වෙනවද?</font>

660
00:37:27,286 --> 00:37:29,080
<font color="#ffbf46">ඔයාට යන්න පුළුවන්. එපා, ඩොක්ටර් ඕ--</font>

661
00:37:44,470 --> 00:37:45,471
<font color="#ffbf46">ඒ වුනාට,</font>

662
00:37:46,597 --> 00:37:48,808
<font color="#ffbf46">අපි දින්නොත් ඒක අපිට ලොකු වාසියක් වෙයි.</font>

663
00:37:48,891 --> 00:37:50,726
<font color="#ffbf46">ඒජන්සිවලින් අසාධාරණම් වුනු
අනිත් ප්‍රසිද්ධ අයගේ</font>

664
00:37:50,810 --> 00:37:52,561
<font color="#ffbf46">නඩුත් අපිට බාරගන්න පුළුවන් වෙයි.</font>

665
00:37:53,562 --> 00:37:54,397
<font color="#ffbf46">හරි.</font>

666
00:37:54,480 --> 00:37:55,439
<font color="#ffbf46">මේකද</font>

667
00:37:56,107 --> 00:37:59,944
<font color="#ffbf46">ඔයාට හදන්න ඕන වුනු අලුත් 'ඕ ඇන්ඩ් පාට්නර්ස්' එක?</font>

668
00:38:00,695 --> 00:38:03,990
<font color="#ffbf46">කොරියාවෙම පන්චින් බෑග් එකද?
දෙමව්පියන්ට එරෙහි වෙන නීති සමාගමක්ද?</font>

669
00:38:05,616 --> 00:38:10,788
<font color="#ffbf46">එහෙම නැත්නම් ඔයාට ඕනවට වඩා දුක හිතුනද?</font>

670
00:38:12,290 --> 00:38:15,334
<font color="#ffbf46">තමන්ගේ අම්මව එලවන්න හදන දුව ගැන
ඔයාට අනුකම්පාවක් හිතුනද?</font>

671
00:38:18,129 --> 00:38:19,463
<font color="#ffbf46">මම ඔයා ගැන කණගාටු වෙනවා.</font>

672
00:38:20,339 --> 00:38:22,216
<font color="#ffbf46">මම හිතුවේ ඔයා මම වගේ කියලා.</font>

673
00:38:23,301 --> 00:38:24,927
<font color="#ffbf46">ඒත් මම හිතපු විදිහ වැරදියි.</font>

674
00:38:25,970 --> 00:38:28,389
<font color="#ffbf46">ඔය නඩුව දැන්ම නවත්තන්න.</font>

675
00:38:28,472 --> 00:38:29,849
<font color="#ffbf46">ඒ වගේම ටීම් එක විසුරුවලා දාන්න.</font>

676
00:38:34,770 --> 00:38:36,856
<font color="#ffbf46">අංක 4 මේස දෙකයි.
අඩි 4.5 මේස එකයි.</font>

677
00:38:36,939 --> 00:38:37,982
<font color="#ffbf46">සර්. ඔව්?</font>

678
00:38:38,065 --> 00:38:39,817
<font color="#ffbf46">ඔයාලා මොකද මේ කරන්නේ?</font>

679
00:38:39,900 --> 00:38:41,736
<font color="#ffbf46">මට කිව්වේ මේස ඔක්කොම එළියට දාන්න කියලා.</font>

680
00:38:41,819 --> 00:38:42,987
<font color="#ffbf46">මොකක්? මොකක්?</font>

681
00:38:43,863 --> 00:38:44,697
<font color="#ffbf46">ඇත්තටමද?</font>

682
00:38:44,780 --> 00:38:46,073
<font color="#ffbf46">ඔව්, ඇත්තටම.</font>

683
00:38:48,868 --> 00:38:49,952
<font color="#ffbf46">කන්ග් මහත්තයා.</font>

684
00:38:50,828 --> 00:38:54,540
<font color="#ffbf46">අපි මේ නඩුව කළොත් ඇත්තටම
අපේ ටීම් එක විසුරුවලා දායිද?</font>

685
00:38:55,458 --> 00:38:59,211
<font color="#ffbf46">අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න
මේ මල ජරා ෆර්ම් එක අපිට ඉඩ දෙන්නේ නෑ.</font>

686
00:39:03,549 --> 00:39:04,550
<font color="#ffbf46">ම්ම්...</font>

687
00:39:05,676 --> 00:39:08,721
<font color="#ffbf46">මුල ඉඳලම මටත් මේක වදයක් වෙලයි තිබුනේ.</font>

688
00:39:09,555 --> 00:39:10,389
<font color="#ffbf46">මේක හරි නෑ.</font>

689
00:39:11,766 --> 00:39:13,642
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්, මේක සමාජ සේවයක් නෙවෙයිනේ.</font>

690
00:39:13,726 --> 00:39:15,811
<font color="#ffbf46">ප්‍රසිද්ධ කෙනෙක් කියන්නේ
සමාජයේ කොන් වෙච්ච කෙනෙක් නෙවෙයිනේ.</font>

691
00:39:15,895 --> 00:39:19,482
<font color="#ffbf46">එයා තනි වෙලා ඉන්නේ, එයාට එයාගේ අම්මව,
අයියව, කම්පැණි එක කා ගැනවත් විශ්වාසයක් නෑ.</font>

692
00:39:19,565 --> 00:39:22,485
<font color="#ffbf46">අපි නොමිලේ නඩු කතා කරන්න බාරගත්තේ
එයා වගේ අයට උදව් කරන්න නෙවෙයිද?</font>

693
00:39:23,402 --> 00:39:25,488
<font color="#ffbf46">මාව රස්සාවෙන් අයින් කළොත්,
මමත් රස්සාව නැති වෙච්ච කෙනෙක් වෙනවා.</font>

694
00:39:29,492 --> 00:39:31,160
<font color="#ffbf46">මගේ රස්සාව රැකගන්න හදන එකත් වැරැද්දක්ද?</font>

695
00:39:34,830 --> 00:39:36,707
<font color="#ffbf46">මම විතරද ආයෙත් නරක මනුස්සයා වුනේ?</font>

696
00:39:37,917 --> 00:39:39,794
<font color="#ffbf46">මටත් මේක ඕනෙ!</font>

697
00:39:40,336 --> 00:39:41,379
<font color="#ffbf46">ජුන්-උ.</font>

698
00:39:54,475 --> 00:39:56,060
<font color="#ffbf46">ඔයාලා මොකද මේ කරන්න හදන්නේ?</font>

699
00:39:58,020 --> 00:40:00,106
<font color="#ffbf46">මේ කේස් එක නිසා ඇත්තටම
ටීම් එක නැති කරගන්නද ඕන?</font>

700
00:40:00,189 --> 00:40:01,607
<font color="#ffbf46">අපි මේක නැවැත්තුවොත්,</font>

701
00:40:02,483 --> 00:40:04,485
<font color="#ffbf46">කොරියාවේ ඉන්න ආදරණීයම කෙනාව
අම්මට විරුද්ධව නඩු දාන්න පොළඹවලා</font>

702
00:40:04,568 --> 00:40:06,570
<font color="#ffbf46">පැනලා ගිය ටීම් එක විදිහට අපිව නම් වෙයි.</font>

703
00:40:06,654 --> 00:40:08,239
<font color="#ffbf46">කොරියාවේ තියෙන ජරාම ටීම් එක විදිහට.</font>

704
00:40:08,322 --> 00:40:09,824
<font color="#ffbf46">ඔයා තමයි ඒකේ කැප්ටන්.</font>

705
00:40:14,453 --> 00:40:16,664
<font color="#ffbf46">කැප්ටන්, ඔයාට මොකද කරන්න ඕන?</font>

706
00:40:23,712 --> 00:40:24,880
<font color="#ffbf46">ෂික්.</font>

707
00:40:36,058 --> 00:40:37,226
<font color="#ffbf46">ජි-හේ.</font>

708
00:40:37,977 --> 00:40:39,186
<font color="#ffbf46">අපි ඇතුලට යමුද, ජි-හේ?</font>

709
00:40:39,270 --> 00:40:41,188
<font color="#ffbf46">පරිස්සමින්.</font>

710
00:40:43,190 --> 00:40:44,733
<font color="#ffbf46">එලයිජා.</font>

711
00:40:45,484 --> 00:40:47,903
<font color="#ffbf46">එයා ඔයා ගැන වද වුනු නිසා</font>

712
00:40:47,987 --> 00:40:51,073
<font color="#ffbf46">ඔයාව ඇවිත් බලන්න කියලා
මට නිතරම කිව්වා.</font>

713
00:40:52,992 --> 00:40:55,661
<font color="#ffbf46">මම ඔයා කැමතිම ස්ට්‍රෝබෙරි ගෙනාවා.</font>

714
00:41:01,417 --> 00:41:02,668
<font color="#ffbf46">ඒත් ඔයාටත් අමාරුයිනේ.</font>

715
00:41:04,753 --> 00:41:06,088
<font color="#ffbf46">ජි-හේ!</font>

716
00:41:06,922 --> 00:41:07,882
<font color="#ffbf46">ජි-හේ?</font>

717
00:41:09,800 --> 00:41:11,844
<font color="#ffbf46">ජි-හේ, මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

718
00:41:14,513 --> 00:41:16,265
<font color="#ffbf46">අපි පොඩ්ඩක් වාඩි වෙමුද?</font>

719
00:41:18,434 --> 00:41:20,019
<font color="#ffbf46">කෝ බලන්න. හා.</font>

720
00:41:23,481 --> 00:41:24,398
<font color="#ffbf46">ජි-හේ!</font>

721
00:41:27,860 --> 00:41:28,694
<font color="#ffbf46">ජි-හේ.</font>

722
00:41:32,865 --> 00:41:34,074
<font color="#ffbf46">කවුද ඔයාට මේක කළේ?</font>

723
00:41:44,210 --> 00:41:45,211
<font color="#ffbf46">යොන්ග්-සිල්!</font>

724
00:41:53,677 --> 00:41:54,678
<font color="#ffbf46">කොහොමද වුනේ?</font>

725
00:42:01,227 --> 00:42:03,229
<font color="#ffbf46">ජි-හේගේ නඩුව හරියට ගියේ නැද්ද?</font>

726
00:42:08,025 --> 00:42:10,945
<font color="#ffbf46">ජි-හේගේ මාමාට දඬුවම් කරන්නත් බැරිද?</font>

727
00:42:11,570 --> 00:42:14,448
<font color="#ffbf46">පහර දීම නිසා එයාට ලැබෙන්නේ
පොඩි දඬුවමක් විතරයි.</font>

728
00:42:15,199 --> 00:42:17,868
<font color="#ffbf46">ජි-හේගේ දෙමව්පියන්ගේ මරණ වන්දි මුදල්
වංචා කිරීමේ චෝදනාව</font>

729
00:42:17,952 --> 00:42:20,704
<font color="#ffbf46">විමර්ශනයක්වත් කරන්නේ නැතුව
ඉවත දාලා තියෙනවා.</font>

730
00:42:20,788 --> 00:42:25,042
<font color="#ffbf46">සිවිල් නඩුවකුත් තියෙන නිසා මම ඒ ගැන
විමර්ශනය කරන්න කියලා එයාලගෙන් ඉල්ලුවා.</font>

731
00:42:27,419 --> 00:42:28,420
<font color="#ffbf46">මේ මොන වගේ නීතියක්ද?</font>

732
00:42:28,504 --> 00:42:30,464
<font color="#ffbf46">එතකොට පවුලේ කෙනෙක් නම් හොරකම් කළාට කමක් නැද්ද?</font>

733
00:42:31,131 --> 00:42:34,510
<font color="#ffbf46">ඒකයි සමහර අය තමන්ගේ නඩු
ශ්‍රේෂ්ඨාධිකරණයට අරගෙන ගියේ.</font>

734
00:42:34,593 --> 00:42:38,097
<font color="#ffbf46">ඒත් අවුරුදු දහයකට විතර කලින් ඒක
ව්‍යවස්ථාවට අනුකූලයි කියලා තීරණය කරලා තියෙනවා.</font>

735
00:42:43,477 --> 00:42:45,479
<font color="#ffbf46">එතකොට අපිට දැන් වෙන කරන්න දෙයක් නැද්ද?</font>

736
00:42:45,563 --> 00:42:46,730
<font color="#ffbf46">ජි-හේටත් මටත් දෙන්නටම?</font>

737
00:42:46,814 --> 00:42:50,234
<font color="#ffbf46">නීතිමය පැත්තෙන් බැලුවොත්, ඔව්.</font>

738
00:42:52,194 --> 00:42:53,654
<font color="#ffbf46">මේක හරිද?</font>

739
00:42:55,030 --> 00:42:56,824
<font color="#ffbf46">ඔයාලා නීතීඥයෝනේ.</font>

740
00:42:57,408 --> 00:42:58,742
<font color="#ffbf46">නීතිය හැම තිස්සෙම හරිද?</font>

741
00:42:58,826 --> 00:43:02,454
<font color="#ffbf46">පවුලේ කෙනෙක් නම් කැමති ඕනම දෙයක් කරන්න පුළුවන්ද?</font>

742
00:43:10,713 --> 00:43:12,089
<font color="#ffbf46">නෑ, බෑ.</font>

743
00:43:14,216 --> 00:43:15,301
<font color="#ffbf46">එලයිජා.</font>

744
00:43:17,177 --> 00:43:19,888
<font color="#ffbf46">ඇත්තටම, ඔයා ගෙදරින් පැනලා යන්න කලින්
මමයි ගෙදරින් පැනලා ගියේ.</font>

745
00:43:19,972 --> 00:43:23,392
<font color="#ffbf46">මම හයි ස්කූල් යන කාලේ ගෙදර දාලා ගියා.</font>

746
00:43:24,768 --> 00:43:26,937
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. ඔයා ඒ ගැන කවදාවත් කියලා නෑනේ.</font>

747
00:43:27,021 --> 00:43:28,397
<font color="#ffbf46">ඒක එච්චර හොඳ කතාවක් නෙවෙයි.</font>

748
00:43:30,024 --> 00:43:32,109
<font color="#ffbf46">මගේ තාත්තා ලොකු බිස්නස් එකක් කළේ.</font>

749
00:43:32,192 --> 00:43:34,945
<font color="#ffbf46">එයාට භාර්යාවන් දෙන්නෙක් හිටියා.</font>

750
00:43:35,029 --> 00:43:35,863
<font color="#ffbf46">ප්‍රශ්නේ වුනේ</font>

751
00:43:36,905 --> 00:43:39,992
<font color="#ffbf46">මගේ අම්මා තමයි දෙවෙනි එක්කෙනා.</font>

752
00:43:42,620 --> 00:43:43,662
<font color="#ffbf46">යොන්ග්-සිල්.</font>

753
00:43:43,746 --> 00:43:46,832
<font color="#ffbf46">තාත්තා ගෙදර ආවේ සතියකට සැරයක්.</font>

754
00:43:48,542 --> 00:43:50,753
<font color="#ffbf46">ඒත් එයා මට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.</font>

755
00:43:50,836 --> 00:43:52,671
<font color="#ffbf46">මම ගොත ගැහුවා</font>

756
00:43:52,755 --> 00:43:54,506
<font color="#ffbf46">මම එයාව දකින හැම වෙලාවෙම</font>

757
00:43:55,424 --> 00:43:56,675
<font color="#ffbf46">මම ගොඩක් බය වෙලා හිටියේ.</font>

758
00:43:57,635 --> 00:44:00,596
<font color="#ffbf46">මට පොඩ්ඩක් හරි බය හිතුනම
මම තාමත් ගොත ගහනවා.</font>

759
00:44:00,679 --> 00:44:02,014
<font color="#ffbf46">දැන් වගේම...</font>

760
00:44:03,974 --> 00:44:05,684
<font color="#ffbf46">මම ගොත ගහනවා.</font>

761
00:44:07,561 --> 00:44:11,357
<font color="#ffbf46">මම මේ වගේ වෙලා කොහොමද
නීතීඥයෙක් වෙන්නේ?</font>

762
00:44:12,650 --> 00:44:13,567
<font color="#ffbf46">ඒක විහිළුවක් වගේ නේද?</font>

763
00:44:15,944 --> 00:44:18,614
<font color="#ffbf46">ඔයා ඒක නිසාද සද්ද නැතුව හිටියේ?</font>

764
00:44:18,697 --> 00:44:21,116
<font color="#ffbf46">මම ගොත ගහන හැම වෙලාවෙම,</font>

765
00:44:21,200 --> 00:44:24,536
<font color="#ffbf46">තාත්තා මට හොඳටම ගැහුවා.</font>

766
00:44:26,413 --> 00:44:28,123
<font color="#ffbf46">එයා කිව්වේ ඒක හොඳ කරන්න තියෙන
එකම විදිහ ඒක කියලා.</font>

767
00:44:28,749 --> 00:44:30,209
<font color="#ffbf46">හයි ස්කූල් යනකම්ම,</font>

768
00:44:30,834 --> 00:44:35,172
<font color="#ffbf46"><i>මම හැම සතියෙම ගුටි කෑවා.</i></font>

769
00:44:35,255 --> 00:44:37,966
<font color="#ffbf46"><i>දැන්, මට ඒ ගැන විශ්වාසයි.</i></font>

770
00:44:38,050 --> 00:44:38,884
<font color="#ffbf46">ඒක...</font>

771
00:44:40,052 --> 00:44:43,097
<font color="#ffbf46">ඒක අපරාධයක්.</font>

772
00:44:43,972 --> 00:44:46,266
<font color="#ffbf46">අපිට තවදුරටත් අපරාධ වහගන්න බෑ</font>

773
00:44:47,142 --> 00:44:49,103
<font color="#ffbf46">පවුල කියන නම ඉස්සරහට දාගෙන.</font>

774
00:44:50,854 --> 00:44:52,064
<font color="#ffbf46">කන්ග් මහත්තයා.</font>

775
00:44:52,773 --> 00:44:55,776
<font color="#ffbf46">අපි මොකක් හරි කරන්න ඕන.</font>

776
00:45:02,282 --> 00:45:03,117
<font color="#ffbf46">ජෑන්ග් මහත්තයා.</font>

777
00:45:07,079 --> 00:45:09,540
<font color="#ffbf46">මේ සැරේ, මේක සම්පූර්ණයෙන්ම වෙනස් කේස් එකක්.</font>

778
00:45:09,623 --> 00:45:12,876
<font color="#ffbf46">පවුලේ අපරාධ සඳහා දඬුවම් නොකිරීමේ නීතිය
නීතිමය වගන්තියක් විදිහට තියෙනවා</font>

779
00:45:12,960 --> 00:45:15,671
<font color="#ffbf46">1953 ව්‍යවස්ථාව පිහිටුවපු කාලේ ඉඳලා.</font>

780
00:45:15,754 --> 00:45:19,800
<font color="#ffbf46">ඒක 2012 දිත් ව්‍යවස්ථාවට අනුකූලයි කියලා
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනවා.</font>

781
00:45:19,883 --> 00:45:22,719
<font color="#ffbf46">ඒකෙන් මහජන විරෝධයකුත් එන්න පුළුවන්.</font>

782
00:45:22,803 --> 00:45:24,847
<font color="#ffbf46">ඒ වගේම-- මාව පාවිච්චි කරන්න.</font>

783
00:45:26,890 --> 00:45:27,766
<font color="#ffbf46">මොකක්ද?</font>

784
00:45:27,850 --> 00:45:30,561
<font color="#ffbf46">ජි-හේ වගේ කී දෙනෙක් එළියේ ඉන්නවද කියලා
නිකමට හිතන්න.</font>

785
00:45:32,020 --> 00:45:34,731
<font color="#ffbf46">මම මිනිස්සුන්ගේ අවධානයෙන්
ජීවත් වෙන ප්‍රසිද්ධ කෙනෙක්.</font>

786
00:45:35,732 --> 00:45:40,654
<font color="#ffbf46">ජි-හේ වගේ අය ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න
මාව පාවිච්චි කරන්න.</font>

787
00:45:41,280 --> 00:45:43,532
<font color="#ffbf46">පවුල කියන නම නිසා මිනිස්සු පීඩා විඳිනවා,</font>

788
00:45:44,158 --> 00:45:46,952
<font color="#ffbf46">නීතියෙන් එයාලට ආරක්ෂාවක් ලැබෙන්නෙත් නෑ.</font>

789
00:45:47,035 --> 00:45:48,495
<font color="#ffbf46">එලයිජා.</font>

790
00:45:48,579 --> 00:45:50,831
<font color="#ffbf46">අපි පවුලේ දේපළ අපරාධවලට ගොදුරු වුනු අයව</font>

791
00:45:50,914 --> 00:45:52,458
<font color="#ffbf46">එකතු කරලා එකට නඩුවක් දැම්මොත් මොකද?</font>

792
00:45:52,541 --> 00:45:54,126
<font color="#ffbf46">මම ඒ ඔක්කොටම වියදම් කරන්නම්.</font>

793
00:45:55,252 --> 00:45:57,129
<font color="#ffbf46">ජි-හේගේ නඩුවටත් එක්කම, අනිවාර්යයෙන්ම.</font>

794
00:46:02,634 --> 00:46:04,136
<font color="#ffbf46">අපි ඒකට ස්තූතිවන්ත වෙනවා,</font>

795
00:46:06,013 --> 00:46:06,930
<font color="#ffbf46">ඒත් ඔයාට බෑ.</font>

796
00:46:07,681 --> 00:46:08,974
<font color="#ffbf46">මොකක්? ඇයි බැරි?</font>

797
00:46:10,058 --> 00:46:11,143
<font color="#ffbf46">මොකද...</font>

798
00:46:14,480 --> 00:46:16,565
<font color="#ffbf46">ඒක අපි වගේ නොමිලේ සේවය කරන
නීතීඥයෝ කරන්න ඕන දෙයක්.</font>

799
00:46:20,027 --> 00:46:21,320
<font color="#ffbf46">හරි නේද, කන්ග් මහත්තයා?</font>

800
00:46:24,615 --> 00:46:27,242
<font color="#ffbf46">ටීම් එක විසුරුවා හරින මට්ටමේ තියෙන්නේ.</font>

801
00:46:27,326 --> 00:46:29,203
<font color="#ffbf46">ඔයාලට ඕන දිනන්න තියෙන අවස්ථාව අඩු,</font>

802
00:46:29,286 --> 00:46:33,415
<font color="#ffbf46">ඒ වගේම බැනුම් අහන්න වෙන්න පුළුවන්
සටනක් පටන් ගන්නද?</font>

803
00:46:33,499 --> 00:46:35,125
<font color="#ffbf46">ඔව්!</font>

804
00:46:35,209 --> 00:46:38,170
<font color="#ffbf46">ඒකනේ ප්‍රෝ බෝනෝ (නොමිලේ සේවය කරන)
නීතීඥයෝ කරන්නේ.</font>

805
00:46:45,093 --> 00:46:47,179
<font color="#ffbf46">ඔයාලා හැමෝටම ඇත්තටම එහෙම හිතෙනවද?</font>

806
00:46:49,932 --> 00:46:50,849
<font color="#ffbf46">ඇත්තටම?</font>

807
00:47:06,240 --> 00:47:08,075
<font color="#ffbf46">සුභ උපන්දිනයක්</font>

808
00:47:13,288 --> 00:47:15,999
<font color="#ffbf46"><i>මම ඔයාට වුනු පොරොන්දුව රකින්න ඕන, අම්මේ.</i></font>

809
00:47:16,083 --> 00:47:17,334
<font color="#ffbf46"><i>මම මොකද කරන්න ඕන?</i></font>

810
00:47:18,669 --> 00:47:22,339
<font color="#ffbf46"><i>මම මොකුත් නොදන්න මෝඩයෝ ටිකක් එක්ක පැටලිලා ඉන්නේ.</i></font>

811
00:47:27,052 --> 00:47:29,596
<font color="#ffbf46">ඔයා තාම නඩුව අයින් කරගත්තේ නෑනේ.</font>

812
00:47:30,180 --> 00:47:32,099
<font color="#ffbf46">ඔයා මට අකීකරු වෙනවද?</font>

813
00:47:34,685 --> 00:47:35,519
<font color="#ffbf46">ඔයා කියන්නේ,</font>

814
00:47:36,311 --> 00:47:38,188
<font color="#ffbf46">"මම තාම මෙහේ CEO" කියලද?</font>

815
00:47:38,272 --> 00:47:39,147
<font color="#ffbf46">එච්චරද?</font>

816
00:47:41,900 --> 00:47:43,819
<font color="#ffbf46">කොටස්කාරයින්ගේ රැස්වීමක් කැඳවන්න</font>

817
00:47:44,945 --> 00:47:46,655
<font color="#ffbf46">CEO තනතුරට වෙන කෙනෙක් පත් කරන එක ගැන කතා කරන්න.</font>

818
00:47:47,781 --> 00:47:49,074
<font color="#ffbf46">හරි, තාත්තේ.</font>

819
00:47:53,203 --> 00:47:54,288
<font color="#ffbf46">ඒත් මම ඒක කරන්න කලින්,</font>

820
00:47:55,038 --> 00:47:56,748
<font color="#ffbf46">කරුණාකරලා මේක බලන්න.</font>

821
00:47:57,749 --> 00:47:58,917
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

822
00:47:59,501 --> 00:48:02,087
{\an8}<font color="#ffbf46">මේක ඔයා අයින් කරපු මිස් සෝ හදපු
රෙකෝඩින් එකක පිටපතක්.</font>

823
00:48:02,671 --> 00:48:06,091
<font color="#ffbf46">CEO ජෑන්ග් හියොන්-බේගේ අභියාචනා නඩුව ගැන
ඔයා ෆෝන් එකෙන් කතා කරපු දේවල්.</font>

824
00:48:06,174 --> 00:48:07,426
<font color="#ffbf46">ශ්‍රේෂ්ඨාධිකරණයේ කෙනෙක් එක්ක.</font>

825
00:48:08,969 --> 00:48:10,345
<font color="#ffbf46">ඔයා මොකද මේ කරන්නේ? ඔයා මොකද කරන්න යන්නේ?</font>

826
00:48:10,429 --> 00:48:12,889
<font color="#ffbf46">නඩු තීන්දුව වෙනස් කරන්න බලපෑම් කළා කියලා චෝදනාවක් ආවොත්
ඒක අපේ ෆර්ම් එකට ලොකු ප්‍රශ්නයක් වෙයි.</font>

827
00:48:12,973 --> 00:48:16,351
<font color="#ffbf46">ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ මේ පිටපත ගැන දැනගත්තොත්,</font>

828
00:48:18,186 --> 00:48:20,606
<font color="#ffbf46">ලොකු කලබලයක් ඇති වෙයි.</font>

829
00:48:22,065 --> 00:48:23,817
<font color="#ffbf46">ඔයා උගුලක් ඇටෙව්වද?</font>

830
00:48:26,320 --> 00:48:27,696
<font color="#ffbf46">එහෙම දෙයක් නෑ.</font>

831
00:48:30,240 --> 00:48:31,241
<font color="#ffbf46">මිස් සෝ මගේ ලඟට ආවා,</font>

832
00:48:31,325 --> 00:48:33,368
<font color="#ffbf46">අඬ අඬා මේක අසාධාරණයි කියලා.</font>

833
00:48:33,452 --> 00:48:35,370
<font color="#ffbf46">ඔයා එයාව මගේ ඉස්සරහම කිසිම අනුකම්පාවක්
නැතුව අයින් කළානේ.</font>

834
00:48:35,996 --> 00:48:38,707
<font color="#ffbf46">විකාර කියවන්න එපා.</font>

835
00:48:41,668 --> 00:48:42,669
<font color="#ffbf46">ඔයා කලින්ම එයාව සල්ලි වලට ගන්න ඇති.</font>

836
00:48:43,337 --> 00:48:45,297
<font color="#ffbf46">මම එහෙම කළා නම්,</font>

837
00:48:49,343 --> 00:48:51,178
<font color="#ffbf46">මම ඒක ඉගෙන ගන්න ඇත්තේ ඔයාගෙන්.</font>

838
00:48:52,012 --> 00:48:53,513
<font color="#ffbf46">"දුර්වලකමක් නැති කෙනෙක්</font>

839
00:48:54,640 --> 00:48:57,392
<font color="#ffbf46">මේ ලෝකේ නෑ."</font>

840
00:48:58,226 --> 00:49:00,520
<font color="#ffbf46">"එහෙම කෙනෙක් ඉන්නවා නම්,</font>

841
00:49:01,813 --> 00:49:04,524
<font color="#ffbf46">දුර්වලකමක් ඇති කරන්න."</font>

842
00:49:13,659 --> 00:49:14,993
<font color="#ffbf46">නියමයි.</font>

843
00:49:17,704 --> 00:49:18,538
<font color="#ffbf46">හරි.</font>

844
00:49:19,706 --> 00:49:23,168
<font color="#ffbf46">මම ඔයාගේ ඔය පොඩි ළමා සෙල්ලම දිහා
තව ටිකක් බලන් ඉන්නම්.</font>

845
00:49:39,059 --> 00:49:41,520
<font color="#ffbf46">පිටපත</font>

846
00:49:58,161 --> 00:49:59,413
<font color="#ffbf46">ඒයි, ජුන්ග්-ඉන්.</font>

847
00:49:59,496 --> 00:50:00,455
<font color="#ffbf46">අපි ඒක කරමු.</font>

848
00:50:01,081 --> 00:50:03,250
<font color="#ffbf46">ඔයා ඩොක්ටර් ඕ ව කැමති කරගත්තද?</font>

849
00:50:03,333 --> 00:50:04,459
<font color="#ffbf46">කැමති කරගත්තා?</font>

850
00:50:04,960 --> 00:50:08,130
<font color="#ffbf46">ඔයා පැරදුනොත්,
ඒක මටත් ඔයාටත් දෙන්නටම ප්‍රශ්නයක් වෙයි.</font>

851
00:50:25,981 --> 00:50:26,815
<font color="#ffbf46">කන්ග් මහත්තයා!</font>

852
00:50:28,775 --> 00:50:30,694
<font color="#ffbf46">මගේ ආදර්ශ පාඨය වෙලා තිබුනේ,</font>

853
00:50:31,319 --> 00:50:34,489
<font color="#ffbf46">"දිනන්න බැරි සටන් පටන් ගන්න එපා" කියන එක.</font>

854
00:50:37,033 --> 00:50:38,452
<font color="#ffbf46">ඒත් මේ සැරේ මට ඒක කරන්න බෑ...</font>

855
00:50:41,163 --> 00:50:42,706
<font color="#ffbf46">මොකුත් නොදන්න මෝඩයෝ ටිකක් නිසා.</font>

856
00:50:43,457 --> 00:50:44,791
<font color="#ffbf46">කන්ග් මහත්තයා, ඒ කියන්නේ...</font>

857
00:50:47,711 --> 00:50:48,545
<font color="#ffbf46">යමු.</font>

858
00:50:48,628 --> 00:50:51,298
<font color="#ffbf46">ඇත්තටම? ව්‍යවස්ථා අධිකරණයටද?</font>

859
00:50:51,381 --> 00:50:52,674
<font color="#ffbf46">ඒකට නම් සෑහෙන කල් යයි.</font>

860
00:50:52,758 --> 00:50:54,259
<font color="#ffbf46">එහෙනම්, ඔයාට කොහෙද යන්න ඕන?</font>

861
00:50:54,342 --> 00:50:56,470
<font color="#ffbf46">මම ව්‍යවස්ථා අධිකරණය ගැන හෙව්වා,</font>

862
00:50:56,553 --> 00:50:58,597
<font color="#ffbf46">දැනටමත් ඒ ගැන පැමිණිල්ලක් දාලා තියෙන්නේ.</font>

863
00:50:58,680 --> 00:51:00,599
<font color="#ffbf46">දාලා ටික කාලයක් වුණත්
තාම විසඳුමක් නෑ.</font>

864
00:51:01,308 --> 00:51:02,768
<font color="#ffbf46">ඒකට කාගෙවත් අවධානයක් ලැබිලා නෑ.</font>

865
00:51:02,851 --> 00:51:06,938
<font color="#ffbf46">අපි වැඩේ කරමු හැමෝගෙම අවධානය ලැබෙන විදිහට.</font>

866
00:51:07,022 --> 00:51:08,106
<font color="#ffbf46">මොකද අපිට ඉන්නවනේ...</font>

867
00:51:09,274 --> 00:51:10,400
<font color="#ffbf46">සුපිරි තරුවක්.</font>

868
00:51:10,484 --> 00:51:11,985
<font color="#ffbf46">පිස්සුද!</font>

869
00:51:12,068 --> 00:51:14,154
<font color="#ffbf46">ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් ඉල්ලලා
පාරේ සිංදු කියන්නද?</font>

870
00:51:14,237 --> 00:51:15,447
<font color="#ffbf46">ඒක නිකන් ෂෝ දානවා වගේනේ.</font>

871
00:51:15,530 --> 00:51:17,783
<font color="#ffbf46">එහෙනම් මොකක්ද? නීතිය වෙනස් කරමුද?</font>

872
00:51:17,866 --> 00:51:20,076
<font color="#ffbf46">ඒකට හොඳම වේදිකාව තමයි...</font>

873
00:51:21,495 --> 00:51:22,329
<font color="#ffbf46">යොයිඩෝ.</font>

874
00:51:28,460 --> 00:51:30,253
<font color="#ffbf46">අපි යමු පාර්ලිමේන්තුවට,</font>

875
00:51:30,337 --> 00:51:32,464
<font color="#ffbf46">අසාධාරණ නීතියක් වෙනස් කරන්න.</font>

876
00:51:33,840 --> 00:51:34,800
<font color="#ffbf46">එළ!</font>

877
00:51:34,883 --> 00:51:35,884
<font color="#ffbf46">යමු!</font>

878
00:51:40,889 --> 00:51:44,100
<font color="#ffbf46">ඔයාට ඕන නම් නොවිත් ඉන්න පුළුවන්.
මම ඕ ජන්ග්-ඉන් එක්ක කතා...</font>

879
00:51:44,184 --> 00:51:45,185
<font color="#ffbf46">කමක් නෑ.</font>

880
00:51:46,603 --> 00:51:48,438
<font color="#ffbf46">බහුතරයේ කැමැත්තනේ,</font>

881
00:51:49,064 --> 00:51:50,232
<font color="#ffbf46">ඉතින් මමත් ඒකට එකඟ වෙන්න ඕන.</font>

882
00:51:52,067 --> 00:51:52,984
<font color="#ffbf46">ජුන්-වූ.</font>

883
00:51:53,068 --> 00:51:55,570
<font color="#ffbf46">කණ්ඩායමේ කෙනෙක් විදිහට
මම මගේ වැඩේ කරන්නම්.</font>

884
00:51:56,363 --> 00:51:58,240
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්,
ඔයත් ඔයාගේ වැඩේ හරියට කරන්න.</font>

885
00:51:58,907 --> 00:51:59,825
<font color="#ffbf46">මට පොරොන්දු වෙන්න...</font>

886
00:52:01,576 --> 00:52:02,536
<font color="#ffbf46">මේක දිනනවා කියලා.</font>

887
00:52:20,595 --> 00:52:21,888
<font color="#ffbf46"><i>ජනප්‍රිය ගායිකා එලියා,</i></font>

888
00:52:21,972 --> 00:52:24,599
<font color="#ffbf46"><i>රජයේ විගණන පරීක්ෂණයේ සාක්ෂිකාරියක් ලෙස</i>
<i>තෝරා ගැනීමත් සමඟ,</i></font>

889
00:52:24,683 --> 00:52:26,268
<font color="#ffbf46"><i>මේ ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.</i></font>

890
00:52:26,351 --> 00:52:28,019
<font color="#ffbf46"><i>හැමෝම බලාගෙන ඉන්නේ එලියා,</i></font>

891
00:52:28,103 --> 00:52:31,231
<font color="#ffbf46"><i>තමන්ගේ මවගේ මුදල් වංචා චෝදනා ගැන</i>
<i>පාර්ලිමේන්තුවේදී...</i></font>

892
00:52:31,314 --> 00:52:33,108
<font color="#ffbf46"><i>සාක්ෂි දෙයිද කියලා.</i></font>

893
00:52:33,733 --> 00:52:36,069
<font color="#ffbf46"><i>එලියා ගැන දැනටමත්
ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ,</i></font>

894
00:52:36,152 --> 00:52:39,114
<font color="#ffbf46"><i>පවුලේ දේපළ වංචා සම්බන්ධයෙන්
ඇය මෑතකදී ගත් නීතිමය පියවර නිසයි.</i></font>

895
00:52:39,197 --> 00:52:41,658
<font color="#ffbf46"><i>ඇගේ මව සහ ඒජන්සියේ ප්‍රධානියා වන චා ජින්-හීට විරුද්ධව,</i>
<i>ඇය නඩු පවරා ඇත්තේ...</i></font>

896
00:52:41,741 --> 00:52:43,952
<font color="#ffbf46"><i>ඇගේ ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලමින්.</i></font>

897
00:52:44,035 --> 00:52:46,997
<font color="#ffbf46">මේ, මන්ත්‍රීතුමන්ලා හැමෝම ෆුල් ගැම්මෙන් ඉන්නේ.</font>

898
00:52:47,080 --> 00:52:49,624
<font color="#ffbf46">එයාලටත් චාන්ස් එකක්නෙ
ටීවී නිව්ස් වලට එන්න.</font>

899
00:52:49,708 --> 00:52:50,625
<font color="#ffbf46">එහෙමද?</font>

900
00:52:50,709 --> 00:52:52,836
<font color="#ffbf46">යොයිඩෝ වල සැලුන් ඔක්කොම බුක් වෙලා ලු.</font>

901
00:52:52,919 --> 00:52:55,964
<font color="#ffbf46">මම ඇහුවා එයාලා එලියාව
ඒකමතිකව තෝරගත්තා කියලා.</font>

902
00:52:56,047 --> 00:52:58,383
<font color="#ffbf46">මේ වගේ වෙලාවට
සෙලිබ්‍රිටි කෙනෙක් වෙන එකත් මරු හැබැයි.</font>

903
00:53:02,053 --> 00:53:04,472
<font color="#ffbf46">චා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වයි,
ප්‍රතිචාර දැක්වීමට සූදානම් වන්න</font>

904
00:53:04,556 --> 00:53:06,308
<font color="#ffbf46">මොකක්ද මේ? මොකක්?</font>

905
00:53:06,391 --> 00:53:07,726
<font color="#ffbf46">මොකක් හරි අවුලක්ද?</font>

906
00:53:08,351 --> 00:53:09,269
<font color="#ffbf46">මේ.</font>

907
00:53:10,270 --> 00:53:12,230
<font color="#ffbf46">මෙන්න බලන්න. මොකක්ද මේ?</font>

908
00:53:12,898 --> 00:53:14,274
<font color="#ffbf46"><i>හදිසි පුවතක්.</i></font>

909
00:53:14,357 --> 00:53:16,735
<font color="#ffbf46"><i>සුපිරි තරුව එලියා හෙට පාර්ලිමේන්තුවට පැමිණීම ගැන</i></font>

910
00:53:16,818 --> 00:53:19,195
<font color="#ffbf46"><i>මුළු රටේම අවධානය යොමු වී ඇති වෙලාවක,</i></font>

911
00:53:19,279 --> 00:53:21,615
<font color="#ffbf46"><i>ඇගේ මව, ප්‍රධාන නිලධාරී චා ජින්-හී,</i></font>

912
00:53:21,698 --> 00:53:24,200
<font color="#ffbf46"><i>මීට සුළු මොහොතකට පෙර
හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා.</i></font>

913
00:53:24,784 --> 00:53:26,786
<font color="#ffbf46">වූ මියොන්ග්-හුන්, මූසලයා.</font>

914
00:53:30,081 --> 00:53:31,583
<font color="#ffbf46">මටම බැනලා දාන්න.</font>

915
00:53:31,666 --> 00:53:33,043
<font color="#ffbf46">මම නරක...</font>

916
00:53:37,881 --> 00:53:39,049
<font color="#ffbf46">මම නරක අම්මා කෙනෙක්.</font>

917
00:53:41,718 --> 00:53:44,846
<font color="#ffbf46">ඔයාලට පේනවනේ, මිස් චා
එයාගේ දරුවට කොච්චර ආදරේද කියලා,</font>

918
00:53:44,930 --> 00:53:47,265
<font color="#ffbf46">ඒකයි මේ හැම දේටම මුල.</font>

919
00:53:48,350 --> 00:53:50,310
<font color="#ffbf46">මොකක්ද ඒ කතාවේ තේරුම?</font>

920
00:53:57,400 --> 00:53:58,610
<font color="#ffbf46">මගේ දුව...</font>

921
00:54:01,071 --> 00:54:05,075
<font color="#ffbf46">කොල්ලෙක් නිසා මාව දාලා ගෙදරින් ගියා.</font>

922
00:54:05,742 --> 00:54:10,580
<font color="#ffbf46">ගිහින් මට විරුද්ධව නඩුවකුත් දැම්මා.</font>

923
00:54:10,664 --> 00:54:14,834
<font color="#ffbf46">එයා කියනවා එයාගේ අම්මා
හොරකම් කළාය, වංචා කළාය කියලා.</font>

924
00:54:16,711 --> 00:54:20,548
<font color="#ffbf46">මට මේක දරාගන්න බෑ.</font>

925
00:54:22,759 --> 00:54:24,594
<font color="#ffbf46">මේක පාවිච්චි කරන්න, මිස් චා.</font>

926
00:54:27,347 --> 00:54:30,016
<font color="#ffbf46">මේ දවස්වල "MOW" කියලා වචනයක් තියෙනවා.</font>

927
00:54:30,100 --> 00:54:33,895
<font color="#ffbf46">ඒ කියන්නේ පිරිමි පිස්සුවක් තියෙන...</font>

928
00:54:34,854 --> 00:54:37,107
<font color="#ffbf46">අන්න ඒ වගේ දෙයක්.
ලස්සනට කියනවා නම්,</font>

929
00:54:37,190 --> 00:54:39,192
<font color="#ffbf46">ආදරේ නිසා පිස්සු වැටිලා ඉන්නේ.</font>

930
00:54:40,276 --> 00:54:41,778
<font color="#ffbf46">මිස් චා පිළිගත්තා නේද,</font>

931
00:54:41,861 --> 00:54:44,614
<font color="#ffbf46">සිවිල් උසාවියේදී
සියලුම වංචා චෝදනා වලට,</font>

932
00:54:44,698 --> 00:54:47,200
<font color="#ffbf46">ඒත් "පවුලේ අය අතර අපරාධ" නීතිය නිසා
පරීක්ෂණයක් තිබ්බේ නෑ නේද?</font>

933
00:54:53,123 --> 00:54:55,959
<font color="#ffbf46">මිස් චා, අපිට වෙන කරන්න දෙයක් නෑ.</font>

934
00:54:56,042 --> 00:54:59,671
<font color="#ffbf46">කරුණාකරලා මේ ගැන ඇත්තම කියන්න.</font>

935
00:54:59,754 --> 00:55:01,297
<font color="#ffbf46">මිස්ටර් වූ, ඔයා හරි නපුරුයි.</font>

936
00:55:01,381 --> 00:55:05,802
<font color="#ffbf46">කොහොමද මටම ඒක කියන්න කියන්නේ?</font>

937
00:55:10,724 --> 00:55:13,435
<font color="#ffbf46">එහෙනම් මම එතුමිය වෙනුවෙන් කියන්නම්.</font>

938
00:55:13,518 --> 00:55:14,394
<font color="#ffbf46">මිස් චා...</font>

939
00:55:14,477 --> 00:55:17,814
<font color="#ffbf46">නෑ, ප්‍රධාන නිලධාරිනියක් වෙන්න කලින්
අම්මා කෙනෙක් වන චා ජින්-හී,</font>

940
00:55:17,897 --> 00:55:21,860
<font color="#ffbf46">වංචාවේ වගකීම තමන් පිටට දාගෙන
බොරු පාපොච්චාරණයක් කළා...</font>

941
00:55:21,943 --> 00:55:23,737
<font color="#ffbf46">තමන්ගේ පුතා තනියම කරපු වැරැද්දට...</font>

942
00:55:23,820 --> 00:55:26,031
<font color="#ffbf46">එයාමයි ඒක කළේ කියලා කිව්වා.</font>

943
00:55:26,114 --> 00:55:27,574
<font color="#ffbf46">මොනවද මේ කියන්නේ?</font>

944
00:55:28,575 --> 00:55:29,409
<font color="#ffbf46">අම්මේ.</font>

945
00:55:30,702 --> 00:55:31,703
<font color="#ffbf46">ඔයා දන්නවනේ ඒක ඇත්ත නෙවෙයි කියලා.</font>

946
00:55:39,836 --> 00:55:40,670
<font color="#ffbf46">අම්මේ?</font>

947
00:55:42,047 --> 00:55:43,923
<font color="#ffbf46">මිස් චා! මිස් චා!</font>

948
00:55:44,007 --> 00:55:45,550
<font color="#ffbf46">මට ප්‍රශ්නයක් තියෙනවා!</font>

949
00:55:45,633 --> 00:55:46,551
<font color="#ffbf46">මොකක්?</font>

950
00:55:46,634 --> 00:55:47,802
<font color="#ffbf46">දැක්කද?</font>

951
00:55:48,970 --> 00:55:50,430
<font color="#ffbf46">අම්මා කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ට.</font>

952
00:55:51,139 --> 00:55:53,600
<font color="#ffbf46">දරුවන්ගේ වැරදි
තමන්ගේ පිටට දාගන්න කෙනෙක්.</font>

953
00:55:53,683 --> 00:55:57,187
<font color="#ffbf46"><i>අම්මලා කොහොමත් එහෙමනේ. ඒත්...</i></font>

954
00:55:57,771 --> 00:56:00,148
<font color="#ffbf46"><i>ඒත් "කොරියාවේ දියණිය" කියන එලියා...</i></font>

955
00:56:00,231 --> 00:56:01,608
<font color="#ffbf46"><i>තමන්ගේ අම්මව හිරේ යවන්න හදනවා--</i></font>

956
00:56:01,691 --> 00:56:04,152
<font color="#ffbf46"><i>මට ෂොක් වගේ.
කොහොමද එයා අම්මට එහෙම කරන්නේ?</i></font>

957
00:56:04,235 --> 00:56:06,780
<font color="#ffbf46"><i>ඒ වුණාට අම්මා කෙනෙක්ට බෑනේ</i>
<i>ලොකු වෙච්ච දුවෙක්ගේ කොල්ලව අයින් කරන්න.</i></font>

958
00:56:06,863 --> 00:56:08,823
<font color="#ffbf46"><i>මගේ දුවත් එහෙම කරයි කියලා බයයි.</i></font>

959
00:56:08,907 --> 00:56:11,785
<font color="#ffbf46"><i>එයා "කොරියාවේ දියණිය" නෙවෙයි.</i>
<i>එයා "කොරියාවේ අකීකරු දුව".</i></font>

960
00:56:18,875 --> 00:56:24,839
<font color="#ffbf46">එලියා! එලියා!</font>

961
00:56:24,923 --> 00:56:27,717
<font color="#ffbf46">සුපිරි තරුව එලියා තව ටිකකින් පාර්ලිමේන්තුවට...</font>

962
00:56:27,801 --> 00:56:29,052
<font color="#ffbf46">කට ඇරියොත් බොරු.</font>

963
00:56:29,135 --> 00:56:30,261
<font color="#ffbf46">අපි ඔයාට ආදරෙයි එලියා</font>

964
00:56:30,887 --> 00:56:34,265
<font color="#ffbf46">එලියාට කැමති අයයි අකමැති අයයි
පාර්ලිමේන්තුව ඉස්සරහා රැස් වෙලා ඉන්නවා.</font>

965
00:56:34,349 --> 00:56:39,062
<font color="#ffbf46">එයාලා කෑගහලා තමන්ගේ අදහස් කියනවා.</font>

966
00:56:39,145 --> 00:56:40,647
<font color="#ffbf46">මෙයාට මොනවා කරන්නද මන්දා?</font>

967
00:56:40,730 --> 00:56:42,273
<font color="#ffbf46">එලියා ආවා!</font>

968
00:56:42,357 --> 00:56:43,399
<font color="#ffbf46">එලියා!</font>

969
00:56:49,614 --> 00:56:51,407
<font color="#ffbf46">එලියා! එලියා!</font>

970
00:56:53,451 --> 00:56:54,452
<font color="#ffbf46">විරුද්ධයි! විරුද්ධයි!</font>

971
00:56:55,411 --> 00:56:56,371
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑනේ?</font>

972
00:56:57,247 --> 00:56:58,123
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

973
00:56:58,206 --> 00:56:59,374
<font color="#ffbf46">අපි යමු.</font>

974
00:57:04,838 --> 00:57:07,590
<font color="#ffbf46">අපරාධ නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ
රජයේ විගණනය</font>

975
00:57:09,300 --> 00:57:11,678
<font color="#ffbf46">ඊයේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ,</font>

976
00:57:11,761 --> 00:57:14,848
<font color="#ffbf46">සාධාරණත්වය වෙනුවෙන්
අපි මිස් චා ජින්-හීවත්</font>

977
00:57:14,931 --> 00:57:17,308
<font color="#ffbf46">සාක්ෂිකාරියක් විදිහට කැඳෙව්වා.</font>

978
00:57:17,809 --> 00:57:19,853
<font color="#ffbf46">පාර්ශව දෙකේම නීතීඥවරු ඇවිත්ද ඉන්නේ?</font>

979
00:57:19,936 --> 00:57:22,105
<font color="#ffbf46">එහෙමයි. එහෙමයි.</font>

980
00:57:22,188 --> 00:57:25,108
<font color="#ffbf46">ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ අවසරය ඇතුව,</font>

981
00:57:25,191 --> 00:57:27,902
<font color="#ffbf46">පුළුවන්ද මිස් චා ජින්-හීට
වචන ටිකක් කතා කරන්න දෙන්න,</font>

982
00:57:27,986 --> 00:57:31,656
<font color="#ffbf46">එලියා සාක්ෂි දෙන්න කලින්?</font>

983
00:57:33,116 --> 00:57:34,826
<font color="#ffbf46">හරි. කතා කරන්න.</font>

984
00:57:34,909 --> 00:57:35,827
<font color="#ffbf46">ස්තූතියි.</font>

985
00:57:36,536 --> 00:57:38,163
<font color="#ffbf46">ස්තූතියි.</font>

986
00:57:38,246 --> 00:57:40,081
<font color="#ffbf46">ගරු සභා සාමාජිකතුමන්ලාගෙන්...</font>

987
00:57:40,165 --> 00:57:46,254
<font color="#ffbf46">මේ මෝඩ අම්මා ලැජ්ජා නැති ඉල්ලීමක් කරන්නයි යන්නේ.</font>

988
00:57:46,337 --> 00:57:49,215
<font color="#ffbf46">මගේ දුවගේ තාත්තා</font>

989
00:57:49,299 --> 00:57:51,176
<font color="#ffbf46">පොඩි කාලේ කෑගහලා, තරහා ගිහින් හිටපු නිසා,</font>

990
00:57:51,259 --> 00:57:54,762
<font color="#ffbf46">එයාට ඒක ලොකු මානසික කම්පනයක් වුණා.
ඉතින් ඒ වගේ වෙලාවට එයා ගොඩක් කලබල වෙනවා.</font>

991
00:57:55,346 --> 00:57:56,848
<font color="#ffbf46">මම දන්නවා මේක ගොඩක් බරපතල තැනක් කියලා,</font>

992
00:57:56,931 --> 00:58:00,143
<font color="#ffbf46">ඒත් මම කරුණාවෙන් ඉල්ලනවා
එයාගෙන් ප්‍රශ්න අහද්දී...</font>

993
00:58:00,226 --> 00:58:02,479
<font color="#ffbf46">පුළුවන් තරම් සැර බාල කරලා අහන්න කියලා.</font>

994
00:58:04,939 --> 00:58:08,276
<font color="#ffbf46">මේ වගේ වෙලාවකත් ඔබතුමිය දුව ගැන වද වෙනවනේ.</font>

995
00:58:09,819 --> 00:58:11,362
<font color="#ffbf46">මොකද මම එයාගේ අම්මානේ.</font>

996
00:58:12,030 --> 00:58:16,910
<font color="#ffbf46">එයා මගේ පපුවට ඇන්නත්,
මගේ හැම දේම මගෙන් උදුරගත්තත්,</font>

997
00:58:17,619 --> 00:58:21,498
<font color="#ffbf46">අම්මා කෙනෙක් බලන්නේ දරුවට යන ගමන</font>

998
00:58:21,581 --> 00:58:23,124
<font color="#ffbf46">වැටෙන්නේ නැතුව යන්න දෙන්න.</font>

999
00:58:25,126 --> 00:58:26,419
<font color="#ffbf46">අපි ඒක මතක තියාගන්නම්.</font>

1000
00:58:27,128 --> 00:58:29,923
<font color="#ffbf46">මම මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලනවා
ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා.</font>

1001
00:58:30,006 --> 00:58:34,719
<font color="#ffbf46">හරි එහෙනම්. මිස් එලියා,
සාක්ෂි කූඩුවට එන්න.</font>

1002
00:58:34,802 --> 00:58:36,095
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

1003
00:58:45,021 --> 00:58:47,815
<font color="#ffbf46">මිස් එලියා,
අපි ඔයාට "සාක්ෂිකරු" කියලා කතා කරන්නම්.</font>

1004
00:58:47,899 --> 00:58:49,108
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

1005
00:58:49,192 --> 00:58:51,778
<font color="#ffbf46">ඔයා ඊයේ මාධ්‍ය සාකච්ඡාව දැක්කද?</font>

1006
00:58:52,654 --> 00:58:55,573
<font color="#ffbf46">ඔව්. එතුමිය කිව්ව දේවල් ඇත්තද?</font>

1007
00:58:59,244 --> 00:59:02,956
<font color="#ffbf46">සමහර දේවල් ඇත්ත,
ඒත් සමහර දේවල් බොරු.</font>

1008
00:59:03,039 --> 00:59:05,208
<font color="#ffbf46">මොනවද ඇත්ත දේවල්?</font>

1009
00:59:12,257 --> 00:59:13,633
<font color="#ffbf46">මම පොඩි කාලේ,</font>

1010
00:59:15,593 --> 00:59:17,595
<font color="#ffbf46">තාත්තා ගෙදර බඩු මුට්ටු පොළවේ ගැහුවා...</font>

1011
00:59:18,721 --> 00:59:21,391
<font color="#ffbf46">බිව්වම කිසිම හේතුවක් නැතුව.</font>

1012
00:59:22,392 --> 00:59:23,893
<font color="#ffbf46">එහෙම කරන හැම වෙලාවෙම,</font>

1013
00:59:24,894 --> 00:59:27,230
<font color="#ffbf46">අම්මා අපිව බදාගෙන
එයාගේ ඇඟෙන් වහගෙන ආරක්ෂා කළා.</font>

1014
00:59:28,523 --> 00:59:31,359
<font color="#ffbf46">ඊට පස්සේ එයා අපි වෙනුවෙන් තාත්තගෙන් දික්කසාද වෙලා</font>

1015
00:59:32,151 --> 00:59:34,028
<font color="#ffbf46">අපිව ජීවත් කරවන්න ගොඩක් දුක් වින්දා.</font>

1016
00:59:34,612 --> 00:59:35,697
<font color="#ffbf46">ඒ ඔක්කොම ඇත්ත.</font>

1017
00:59:38,241 --> 00:59:40,535
<font color="#ffbf46">ගරු මන්ත්‍රී කිම් ජුන්-පියෝ,</font>

1018
00:59:40,618 --> 00:59:44,122
<font color="#ffbf46">සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.</font>

1019
00:59:45,540 --> 00:59:48,084
<font color="#ffbf46">ඔබතුමාට අහන්න පුළුවන්. ස්තූතියි.</font>

1020
00:59:50,169 --> 00:59:51,129
<font color="#ffbf46">සාක්ෂිකරු.</font>

1021
00:59:52,380 --> 00:59:53,214
<font color="#ffbf46">කියන්න?</font>

1022
00:59:53,298 --> 00:59:56,593
<font color="#ffbf46">ඔබ දන්නවා නේද "පවුලේ අය අතර
අපරාධවලට දඬුවම් නොකිරීමේ නීතිය" ගැන</font>

1023
00:59:56,676 --> 00:59:59,345
<font color="#ffbf46">පැමිණිල්ලක් විභාග වෙනවා කියලා?</font>

1024
01:00:00,096 --> 01:00:00,930
<font color="#ffbf46">ඔව්.</font>

1025
01:00:01,014 --> 01:00:03,975
<font color="#ffbf46">ඔයා මෙතනට ආවේ මහජන මතයක් හදලා</font>

1026
01:00:04,058 --> 01:00:08,187
<font color="#ffbf46">ඒ නඩු තීන්දුවට බලපෑම් කරන්න නේද?</font>

1027
01:00:09,981 --> 01:00:10,857
<font color="#ffbf46">ඔව්, ඒක හරි.</font>

1028
01:00:11,524 --> 01:00:13,151
<font color="#ffbf46">ඉතින් අන්තිමට,</font>

1029
01:00:13,234 --> 01:00:16,279
<font color="#ffbf46">ඔයා නීතිය වෙනස් කරන්න හදන්නේ...</font>

1030
01:00:16,362 --> 01:00:19,657
<font color="#ffbf46">ඔයාව දුක් විඳලා හදපු අම්මට
දඬුවම් දෙන්න නේද?</font>

1031
01:00:20,325 --> 01:00:21,159
<font color="#ffbf46">හරි නේද?</font>

1032
01:00:33,254 --> 01:00:34,339
<font color="#ffbf46">ඔව්, ඒක හරි.</font>

1033
01:00:37,842 --> 01:00:38,968
<font color="#ffbf46">එච්චරයි.</font>

1034
01:00:39,052 --> 01:00:40,094
<font color="#ffbf46">ස්තූතියි මන්ත්‍රීතුමනි.</font>

1035
01:00:41,679 --> 01:00:45,725
<font color="#ffbf46">මම හිතන්නේ මේකෙන් පේනවා ඇයි අපිට පවුලේ අය අතර
අපරාධවලට දඬුවම් නොකරන නීතියක් ඕන කියලා.</font>

1036
01:00:45,808 --> 01:00:47,393
<font color="#ffbf46">සාක්ෂිකාරිය අපිට පෙන්නුවා</font>

1037
01:00:47,477 --> 01:00:50,980
<font color="#ffbf46">පවුලක් රැකගන්න නම්...</font>

1038
01:00:51,064 --> 01:00:53,191
<font color="#ffbf46">දේපළ ප්‍රශ්න නිසා දෙමව්පියෝ දරුවෝ</font>

1039
01:00:53,274 --> 01:00:55,985
<font color="#ffbf46">නඩු කියන එක නවත්තන
සීමාවක් තියෙන්න ඕන කියලා.</font>

1040
01:00:57,362 --> 01:00:58,446
<font color="#ffbf46">එහෙම නේද, සාක්ෂිකරු?</font>

1041
01:01:01,407 --> 01:01:02,533
<font color="#ffbf46">සාක්ෂිකරු?</font>

1042
01:01:03,701 --> 01:01:04,827
<font color="#ffbf46">ස්වාමීනි.</font>

1043
01:01:05,536 --> 01:01:08,748
<font color="#ffbf46">මම සාක්ෂිකාරියගේ නීතීඥ,
කාන්ග් ඩාවිත්.</font>

1044
01:01:08,831 --> 01:01:10,750
<font color="#ffbf46">මම වචනයක් කියන්නද?</font>

1045
01:01:10,833 --> 01:01:12,919
<font color="#ffbf46">කියන්න. ස්තූතියි.</font>

1046
01:01:19,676 --> 01:01:20,510
<font color="#ffbf46">මිස් චා.</font>

1047
01:01:21,552 --> 01:01:25,765
<font color="#ffbf46">ඔයා දන්නවනේ ඔයාගේ දුව
කොච්චර දක්ෂද, බුද්ධිමත්ද කියලා?</font>

1048
01:01:26,724 --> 01:01:29,143
<font color="#ffbf46">ඔයාට තේරෙන්නේ නැද්ද ඇයි එච්චර බුද්ධිමත් කෙනෙක්
මෙච්චර කාලයක්...</font>

1049
01:01:29,227 --> 01:01:31,729
<font color="#ffbf46">අම්මා කියන හැම දේම කරලා,</font>

1050
01:01:31,813 --> 01:01:34,232
<font color="#ffbf46">අම්මා දෙන හැම කොන්ත්‍රාත්තුවකටම අත්සන් කරලා,</font>

1051
01:01:34,315 --> 01:01:36,442
<font color="#ffbf46">තමන්ට හරියට ගෙවනවද කියලවත්</font>

1052
01:01:36,526 --> 01:01:39,237
<font color="#ffbf46">අහන්නේ නැතුව හිටියේ ඇයි කියලා?</font>

1053
01:01:40,947 --> 01:01:43,991
<font color="#ffbf46">තාම තේරුනේ නැද්ද? මොනවද මේ කියන්නේ?</font>

1054
01:01:45,410 --> 01:01:47,704
<font color="#ffbf46">ඔයා හිතුවද එයා ඇත්තටම මුකුත් දන්නේ නෑ කියලා?</font>

1055
01:01:54,085 --> 01:01:55,712
<font color="#ffbf46">මම ඕකට උත්තර දෙන්න ඕනද?</font>

1056
01:01:55,795 --> 01:01:57,505
<font color="#ffbf46">නෑ, පුළුවන් දේට විතරක් උත්තර දෙන්න.</font>

1057
01:01:58,589 --> 01:02:00,717
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතනවද එයා ඒක දැනගෙන හිටියෙ නෑ කියලා?</font>

1058
01:02:05,847 --> 01:02:06,723
<font color="#ffbf46">මිස් එලයිජා.</font>

1059
01:02:09,934 --> 01:02:13,062
<font color="#ffbf46">ඔයා හැමදේම දැනගෙනත්
ඒ ඔක්කොම ඉවසගෙන හිටියා නේද?</font>

1060
01:02:16,649 --> 01:02:18,484
<font color="#ffbf46">ඔයා ඒ ගැන කෘතඥ වුණා
එයා ඔයාව ආරක්ෂා කරපු විදිය ගැන</font>

1061
01:02:18,568 --> 01:02:20,153
<font color="#ffbf46">ඔයා පොඩි කාලෙදි.</font>

1062
01:02:20,903 --> 01:02:22,029
<font color="#ffbf46">හැමදේම දැනගෙන හිටියත්,</font>

1063
01:02:24,157 --> 01:02:25,032
<font color="#ffbf46">ඔයා ඒක ඉවසුවා.</font>

1064
01:02:26,284 --> 01:02:27,660
<font color="#ffbf46">හරි නේද?</font>

1065
01:02:46,721 --> 01:02:51,476
<font color="#ffbf46">කොච්චර හංගන්න හැදුවත්,
ඇත්ත කවදාහරි එළිවෙනවා.</font>

1066
01:02:51,559 --> 01:02:54,228
<font color="#ffbf46">ඒ මොකද දන්නවද, මෙතන මිනිස්සු ඉන්නවා</font>

1067
01:02:54,979 --> 01:02:56,773
<font color="#ffbf46">මේ සාක්ෂිකාරිය ගැන ඇත්තටම වද වෙන.</font>

1068
01:03:00,985 --> 01:03:03,613
<font color="#ffbf46">EK එන්ටර්ටේන්මන්ට් එක ඇතුළෙත්,</font>

1069
01:03:03,696 --> 01:03:08,493
<font color="#ffbf46">ඔයා දන්නවද මිස් චා, කොච්චර මිනිස්සු
ඔයා ගැන ඇත්තටම වද වෙනවද කියලා?</font>

1070
01:03:08,576 --> 01:03:12,205
<font color="#ffbf46">ඒ වගේම ලොකු බ්‍රෑන්ඩ්ස් වලට තියෙන ඔයාගේ ආසාව
සහ ඔයාගේ නාස්තිකාර ජීවිතේ?</font>

1071
01:03:14,540 --> 01:03:17,126
<font color="#ffbf46">මොනවද මේ කියවන්නේ?</font>

1072
01:03:17,210 --> 01:03:19,712
<font color="#ffbf46">මේක උත්තරීතර ජාතික සභාවක්.</font>

1073
01:03:19,796 --> 01:03:21,964
<font color="#ffbf46">මොන පදනමක් උඩද,
තමුන් ඔය වගේ චෝදනා--</font>

1074
01:03:22,048 --> 01:03:24,592
<font color="#ffbf46">එතකොට කාගේ නමටද තියෙන්නේ
ඔයා ගත්ත සොන්ග්සු-දොන්ග් වල ඇපාට්මන්ට් එක</font>

1075
01:03:24,675 --> 01:03:26,511
<font color="#ffbf46">එලයිජාගෙන් හොරකම් කරපු සල්ලි වලින්?</font>

1076
01:03:28,012 --> 01:03:29,263
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

1077
01:03:29,347 --> 01:03:31,224
<font color="#ffbf46">ඉන්න. මොනවද මේ කියන්නේ?</font>

1078
01:03:31,307 --> 01:03:34,101
<font color="#ffbf46">එයා නීතිඥයෙක් වුණා කියලා
එයාට ඕන දෙයක් කියන්න පුළුවන්ද?</font>

1079
01:03:34,185 --> 01:03:36,771
<font color="#ffbf46">මිස් චා, කරුණාකරලා සන්සුන් වෙන්න.</font>

1080
01:03:36,854 --> 01:03:39,524
<font color="#ffbf46">නීතිඥතුමනි, ඔය දෙන්නා මෙතනට ආවේ රණ්ඩු වෙන්නද?</font>

1081
01:03:40,399 --> 01:03:42,985
<font color="#ffbf46">මේක කරුණු පැහැදිලි කරන, අහගෙන ඉන්න
සහ ප්‍රශ්න අහන තැනක්.</font>

1082
01:03:43,945 --> 01:03:45,488
<font color="#ffbf46">පරිස්සමෙන් කතා කරන්න.</font>

1083
01:03:45,571 --> 01:03:47,281
<font color="#ffbf46">හරි. කරුණාකරලා කරගෙන යන්න නීතිඥතුමා.</font>

1084
01:03:47,365 --> 01:03:50,743
<font color="#ffbf46">සභාපතිතුමනි, අපිට තව එක ප්‍රධාන සාක්ෂිකාරයෙක් ඉන්නවා.</font>

1085
01:03:50,827 --> 01:03:51,869
<font color="#ffbf46">එයාට එන්න කියන්නද?</font>

1086
01:03:54,539 --> 01:03:56,165
<font color="#ffbf46">මම අවසර දෙනවා. එන්න කියන්න.</font>

1087
01:03:56,249 --> 01:03:58,209
<font color="#ffbf46">බොහොම ස්තුතියි. මිස්ටර් හ්වාන්ග්? කවුද සාක්ෂිකාරයා?</font>

1088
01:04:00,419 --> 01:04:03,506
<font color="#ffbf46">එහෙම කරන්න පුළුවන්ද?
නෑ. සාමාන්‍යයෙන් එහෙම බෑ.</font>

1089
01:04:13,140 --> 01:04:15,226
<font color="#ffbf46"><i>ඔයා නෙවෙයි. ඔයාම කරන්න.</i></font>

1090
01:04:19,730 --> 01:04:22,650
<font color="#ffbf46">සභාපතිතුමනි, එයාට වේදිකාවට එන්න පුළුවන්ද?</font>

1091
01:04:23,359 --> 01:04:24,193
<font color="#ffbf46">ඔව්.</font>

1092
01:04:25,403 --> 01:04:26,445
<font color="#ffbf46">එලයිජා.</font>

1093
01:04:33,411 --> 01:04:34,453
<font color="#ffbf46">මිස්ටර් කාන්ග් මින්-හා.</font>

1094
01:04:36,038 --> 01:04:38,958
<font color="#ffbf46">ඔයා VIP පාරිභෝගික නිලධාරියෙක්</font>

1095
01:04:39,041 --> 01:04:42,420
<font color="#ffbf46">චොන්ග්ඩෑම්-දොන්ග් වල තියෙන
ලොකු බ්‍රෑන්ඩ් ෂොප් එකක. හරිද?</font>

1096
01:04:43,504 --> 01:04:44,380
<font color="#ffbf46">ඔව්, ඒක හරි.</font>

1097
01:04:45,006 --> 01:04:49,510
<font color="#ffbf46">අපිට කියන්න පුළුවන්ද කවුද ඔයාට
ඔයා දැන් ඉන්න ඇපාට්මන්ට් එක අරගෙන දුන්නේ කියලා?</font>

1098
01:04:52,179 --> 01:04:55,308
<font color="#ffbf46">ඔව්. ඒ මේ මෙතන වාඩි වෙලා ඉන්න
මිස් චා.</font>

1099
01:05:05,443 --> 01:05:08,029
<font color="#ffbf46">සමාවෙන්න, මට පුළුවන්ද ඔයා ළඟ තියෙන
කම්පැණි කාඩ් එක බලන්න?</font>

1100
01:05:08,738 --> 01:05:09,572
<font color="#ffbf46">ඔව්.</font>

1101
01:05:11,365 --> 01:05:13,075
<font color="#ffbf46">අම්මෝ, මේක බ්ලැක් කාඩ් එකක්නෙ!</font>

1102
01:05:14,035 --> 01:05:17,246
<font color="#ffbf46">දෙයියනේ. මේක මොන කම්පැණියෙ කාඩ් එකක්ද?</font>

1103
01:05:17,330 --> 01:05:19,707
<font color="#ffbf46">මම අහලා තියෙනවා මේ කාඩ් එකේ
ලොකු ලිමිට් එකක් තියෙනවා කියලා.</font>

1104
01:05:20,291 --> 01:05:22,209
<font color="#ffbf46">මේක අයිති EK එන්ටර්ටේන්මන්ට් එකේ CEOට.</font>

1105
01:05:24,170 --> 01:05:27,173
<font color="#ffbf46">අනේ දෙවියනේ.</font>

1106
01:05:27,256 --> 01:05:28,966
<font color="#ffbf46">පවුලේ අය අතර වෙන අපරාධවලට දඬුවම් නොලැබෙන නීතිය</font>

1107
01:05:29,050 --> 01:05:31,844
<font color="#ffbf46">වලංගු වෙන්නෙ නෑ
ආයතනික මුදල් වංචා කිරීම් වලට.</font>

1108
01:05:31,928 --> 01:05:35,139
<font color="#ffbf46">ඕක බොරුවක්. එයා බොරු කියන්නේ.</font>

1109
01:05:35,222 --> 01:05:36,515
<font color="#ffbf46">මට ඔය කාඩ් එක මතක නෑ.</font>

1110
01:05:36,599 --> 01:05:38,267
<font color="#ffbf46">අනික මම දන්නෙවත් නෑ මේ කවුද කියලා.</font>

1111
01:05:38,351 --> 01:05:42,063
<font color="#ffbf46">එහෙමද. මම දැනගෙන හිටියෙ නෑ
ඔයා මේ වගේ නාඳුනන කෙනෙක්ට</font>

1112
01:05:42,146 --> 01:05:45,608
<font color="#ffbf46">මේකක් දෙන්න තරම් ත්‍යාගශීලී කෙනෙක් කියලා.</font>

1113
01:05:45,691 --> 01:05:46,776
<font color="#ffbf46">මම තේරුම් ගත්තා.</font>

1114
01:05:47,777 --> 01:05:51,155
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්, ඇයි මිස් චා
මේවා ඔයාට දුන්නේ?</font>

1115
01:05:57,453 --> 01:05:59,872
<font color="#ffbf46">මේක කියන්නත් ලැජ්ජයි,</font>

1116
01:06:00,790 --> 01:06:02,333
<font color="#ffbf46">ඒත් එයා කිව්වා එයා මට කැමතියි කියලා.</font>

1117
01:06:09,256 --> 01:06:10,257
<font color="#ffbf46">හරි හරි.</font>

1118
01:06:16,013 --> 01:06:17,264
<font color="#ffbf46">කළේගුණ නොදන්න ළමයා.</font>

1119
01:06:17,932 --> 01:06:20,309
<font color="#ffbf46">මමයි එයාව ස්ටාර් කෙනෙක් කළේ.</font>

1120
01:06:20,393 --> 01:06:24,063
<font color="#ffbf46">එයා නිකම්ම නිකන් කෙල්ලෙක්, එයා හිතන් ඉන්නේ එයා සාර්ථක වුණේ
එයා විශේෂ හින්දා කියලා.</font>

1121
01:06:34,657 --> 01:06:37,118
<font color="#ffbf46">මම දැන් ඉඳන් ජීවත් වෙන්නෙ මම වෙනුවෙන්...</font>

1122
01:06:39,370 --> 01:06:40,287
<font color="#ffbf46">ඔයා එක්ක</font>

1123
01:06:41,831 --> 01:06:42,707
<font color="#ffbf46">සතුටින්.</font>

1124
01:06:44,542 --> 01:06:45,710
<font color="#ffbf46">සභාපතිතුමනි.</font>

1125
01:06:46,544 --> 01:06:49,213
<font color="#ffbf46">මේ දවස්වල "MOW" කියලා වචනයක් තියෙනවා.</font>

1126
01:06:49,296 --> 01:06:51,340
<font color="#ffbf46">මොකක්? මොව්...</font>

1127
01:06:51,424 --> 01:06:53,217
<font color="#ffbf46">ඒ කියන්නෙ "පිරිමි පිස්සුව..."</font>

1128
01:06:55,928 --> 01:06:59,849
<font color="#ffbf46">ඒ වගේ දෙයක්. ලස්සනට කියනවා නම්,
ආදරේ හින්දා සිහි විකල් වෙලා ඉන්නේ.</font>

1129
01:06:59,932 --> 01:07:01,267
<font color="#ffbf46">කාන්ග් ඩේ-විට්, ඕකා මහ පිස්සු...</font>

1130
01:07:02,268 --> 01:07:04,562
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්, ඒක ලොකු තීරණයක් වෙන්න ඇති</font>

1131
01:07:04,645 --> 01:07:08,065
<font color="#ffbf46">ලොකු ෂුගර් මමා කෙනෙක්ට විරුද්ධව යන එක... සොරි.</font>

1132
01:07:08,149 --> 01:07:10,026
<font color="#ffbf46">තමන් ගොඩක් ණයගැති වෙච්ච කෙනෙක්ට
විරුද්ධව යන එක.</font>

1133
01:07:10,109 --> 01:07:13,904
<font color="#ffbf46">ඇයි ඔයා තීරණය කළේ
මේ ඇත්ත එළි කරන්න?</font>

1134
01:07:13,988 --> 01:07:17,199
<font color="#ffbf46">මොකක්? ඒ ඔයා කිව්ව හින්දා නෙවෙයිද</font>

1135
01:07:17,283 --> 01:07:18,701
<font color="#ffbf46">මාවත් හවුල්කාරයෙක් කරලා නඩු දානවා කියලා...</font>

1136
01:07:24,415 --> 01:07:26,125
<font color="#ffbf46">වෙන හේතුවක් නැද්ද?</font>

1137
01:07:27,585 --> 01:07:30,004
<font color="#ffbf46">ආ හරි. මෙහෙමයි...</font>

1138
01:07:30,588 --> 01:07:32,882
<font color="#ffbf46">මිස් චා මට අරන් දුන්න ඇපාට්මන්ට් එක</font>

1139
01:07:32,965 --> 01:07:35,092
<font color="#ffbf46">බැලින්නම් අබලන් වෙච්ච තැනක්.</font>

1140
01:07:35,176 --> 01:07:37,428
<font color="#ffbf46">සම්පූර්ණ ණයක් තියෙන හින්දා ඒකේ වටිනාකමක් නෑ.</font>

1141
01:07:37,511 --> 01:07:38,846
<font color="#ffbf46">නෑ, මේක පට්ටපල් බොරුවක්!</font>

1142
01:07:39,889 --> 01:07:40,765
<font color="#ffbf46">තමුන් කවුද ඇත්තටම?</font>

1143
01:07:40,848 --> 01:07:42,600
<font color="#ffbf46">සාක්ෂිකාරයා, එයා කියනවා එයා ඔයාව දන්නෙ නෑ කියලා.</font>

1144
01:07:42,683 --> 01:07:46,854
<font color="#ffbf46">ඔයා බොරු සාක්ෂි දුන්නොත්, ඔයාට--
මිස් චා, මම සිරාවටම ඔයාව විශ්වාස කළා.</font>

1145
01:07:46,937 --> 01:07:50,900
<font color="#ffbf46">ඒත් එයා හොඳම එක දීලා තියෙන්නේ
ටොප් හෝස්ට් බාර් එකක කොල්ලෙක්ට.</font>

1146
01:07:50,983 --> 01:07:53,944
<font color="#ffbf46">කොහොමද ඔයාට පුළුවන් වුණේ…
සභාපතිතුමනි, මේක මඩ ගැහීමක්!</font>

1147
01:07:54,028 --> 01:07:57,448
<font color="#ffbf46">කොහොමද ආදරේ වෙනස් වෙන්නේ? සන්සුන් වෙන්න!</font>

1148
01:07:58,741 --> 01:08:00,743
<font color="#ffbf46">සන්සුන් වෙන්න. මේක උසාවියක් නෙවෙයි.</font>

1149
01:08:01,494 --> 01:08:04,330
<font color="#ffbf46">නීතිඥවරු දෙන්නම, දැන් ඇති.</font>

1150
01:08:05,748 --> 01:08:08,209
<font color="#ffbf46">පොඩි විවේකයකින් පස්සෙ ආයෙ පටන් ගමු.</font>

1151
01:08:11,212 --> 01:08:13,380
<font color="#ffbf46">එලයිජා, වතුර ටිකක් බොන්න.</font>

1152
01:08:18,594 --> 01:08:20,137
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්, ඔයා නියමෙටම කළා.</font>

1153
01:08:20,888 --> 01:08:23,974
<font color="#ffbf46">දැන් ඔයාට පුළුවන් ඔයාට ඇත්තටම කියන්න ඕන වෙලා තිබ්බ දේ
කියන්න.</font>

1154
01:08:24,058 --> 01:08:25,059
<font color="#ffbf46">ඔක්කොම ලෑස්තියි.</font>

1155
01:08:26,727 --> 01:08:27,895
<font color="#ffbf46">හරි.</font>

1156
01:08:28,938 --> 01:08:30,231
<font color="#ffbf46">මිස්ටර් ජෑන්ග්!</font>

1157
01:08:30,314 --> 01:08:31,649
<font color="#ffbf46">එලයිජා.</font>

1158
01:08:31,732 --> 01:08:33,317
<font color="#ffbf46">හායි, එලයිජා.</font>

1159
01:08:33,400 --> 01:08:34,568
<font color="#ffbf46">හායි, ජි-හේ!</font>

1160
01:08:38,614 --> 01:08:41,450
<font color="#ffbf46">ස්තුතියි මිස්ටර් ජෑන්ග්. ඒක සුළු දෙයක්.</font>

1161
01:08:41,534 --> 01:08:44,036
<font color="#ffbf46">ගුඩ් ලක්, එලයිජා! ගුඩ් ලක්!</font>

1162
01:08:47,540 --> 01:08:48,415
<font color="#ffbf46">ඔයාට පුළුවන්.</font>

1163
01:08:52,753 --> 01:08:54,171
<font color="#ffbf46">කොහොමද මගේ අම්මයි මමයි…</font>

1164
01:08:58,134 --> 01:08:59,844
<font color="#ffbf46">මේ වගේ තත්ත්වෙකට පත් වුණේ?</font>

1165
01:09:02,263 --> 01:09:04,431
<font color="#ffbf46">මම පොඩි කාලෙ එයා මාරම හොඳ අම්මා කෙනෙක්.</font>

1166
01:09:08,853 --> 01:09:10,729
<font color="#ffbf46">මේ ඔක්කොම සල්ලි හින්දද?</font>

1167
01:09:11,856 --> 01:09:13,232
<font color="#ffbf46">වෙන්න ඇති.</font>

1168
01:09:15,276 --> 01:09:18,320
<font color="#ffbf46">අපේ පවුල කවදාවත්
ඒ වගේ සල්ලි කන්දරාවක් අතගාලා තිබුණේ නෑ,</font>

1169
01:09:18,404 --> 01:09:20,447
<font color="#ffbf46">ඉතින් සල්ලි ගලාගෙන එන්න ගත්තාම,</font>

1170
01:09:21,031 --> 01:09:23,075
<font color="#ffbf46">මම හිතන්නේ ඒක පටන් ගත්තේ එතනින්.</font>

1171
01:09:25,077 --> 01:09:26,328
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්,</font>

1172
01:09:26,412 --> 01:09:28,873
<font color="#ffbf46">මට ඕන වුණේ නෑ මේ තරම් දුරක් ඇවිත්
මගේ අම්මා එක්ක රණ්ඩු වෙන්න.</font>

1173
01:09:29,748 --> 01:09:30,624
<font color="#ffbf46">සල්ලි?</font>

1174
01:09:30,708 --> 01:09:33,377
<font color="#ffbf46">මම ඒ ඔක්කොම එයාට දුන්නත් මට ප්‍රශ්නයක් තිබුණේ නෑ.</font>

1175
01:09:37,464 --> 01:09:38,799
<font color="#ffbf46">මට ඕන වුණේ</font>

1176
01:09:39,675 --> 01:09:41,343
<font color="#ffbf46">නිදහස විතරයි.</font>

1177
01:09:44,597 --> 01:09:48,100
<font color="#ffbf46">මට ඕන වුණේ නෑ ජීවිත කාලෙම
එයාගේ ATM මැෂින් එක විදියට ඉන්න.</font>

1178
01:09:48,184 --> 01:09:50,686
<font color="#ffbf46">මට කොහොමහරි පුළුවන් වුණා නම්
අර කොන්ත්‍රාත්තුව කැන්සල් කරගන්න,</font>

1179
01:09:52,354 --> 01:09:53,772
<font color="#ffbf46">මම යන්නයි හිටියේ.</font>

1180
01:09:55,900 --> 01:09:57,026
<font color="#ffbf46">ඒත්…</font>

1181
01:10:02,198 --> 01:10:03,199
<font color="#ffbf46">එලයිජා.</font>

1182
01:10:10,039 --> 01:10:11,916
<font color="#ffbf46">මට අර ඉන්න ජි-හේ ව මුණගැහුණාම,</font>

1183
01:10:13,334 --> 01:10:16,962
<font color="#ffbf46">මට තේරුණා මේක මම ගැන විතරක් නෙවෙයි කියලා.</font>

1184
01:10:18,088 --> 01:10:20,090
<font color="#ffbf46">ජි-හේගේ මාමයි නැන්දයි</font>

1185
01:10:20,174 --> 01:10:22,676
<font color="#ffbf46">එයාගේ ආබාධිත විශ්‍රාම වැටුප වංචා කළා විතරක් නෙවෙයි,</font>

1186
01:10:23,510 --> 01:10:27,306
<font color="#ffbf46">එයාලා එයාව පාරට ඇදලා දැම්මා
හිඟා කාලා සල්ලි හොයන්න කියලා.</font>

1187
01:10:28,265 --> 01:10:30,684
<font color="#ffbf46">එයා සල්ලි හෙව්වේ නැත්නම්,
එයාලා එයාට ගැහුවා.</font>

1188
01:10:32,770 --> 01:10:34,313
<font color="#ffbf46">මේක කණගාටුදායකයි, ඒත් සමහර වෙලාවට,</font>

1189
01:10:35,481 --> 01:10:38,984
<font color="#ffbf46">ඔයාට ඉන්න ළඟම කෙනා, ඔයාගේ පවුලම
ඔයාට වද දෙන කෙනා වෙන්න පුළුවන්.</font>

1190
01:10:41,320 --> 01:10:43,739
<font color="#ffbf46">එයා මේ වද දෙන කෙනා කියලා කියන්නේ මම ගැනද?</font>

1191
01:10:44,490 --> 01:10:45,616
<font color="#ffbf46">නිකන් අහගෙන ඉන්න.</font>

1192
01:10:48,869 --> 01:10:50,496
<font color="#ffbf46">පුළුවන්ද පොඩ්ඩක් නැගිටින්න?</font>

1193
01:10:52,706 --> 01:10:53,749
<font color="#ffbf46">ජි-හේ.</font>

1194
01:10:57,461 --> 01:11:02,174
<font color="#ffbf46">මේ ඉන්නේ මගේ ෆෑන් ක්ලබ් එකේ සාමාජිකයෝ
සහ පවුලේ දේපළ වංචාවලට අහුවුණු වින්දිතයෝ,</font>

1195
01:11:02,258 --> 01:11:04,760
<font color="#ffbf46">එයාලා මෙතනට එකතු වෙලා ඉන්නේ
නොමිලේ උදව් කරන නීතිඥවරුන්ට පිං සිද්ධ වෙන්න.</font>

1196
01:11:05,261 --> 01:11:08,973
<font color="#ffbf46">තමන්ගේ ළමයා විසින් මුළු දේපළම හොරකම් කරපු
වයසක තාත්තා කෙනෙක්.</font>

1197
01:11:09,056 --> 01:11:12,184
<font color="#ffbf46">අම්මාගෙන් ලැබුණු දේපළ
බාප්පා විසින් හොරකම් කරපු පිරිමි ළමයෙක්.</font>

1198
01:11:13,686 --> 01:11:15,813
<font color="#ffbf46">ශාරීරික ආබාධයක් තියෙන කෙනෙක්,</font>

1199
01:11:15,896 --> 01:11:18,983
<font color="#ffbf46">එයාගේ අයියා එයාගේ සල්ලි ගන්න එක
නවත්වාගන්න බැරි වුණු.</font>

1200
01:11:19,775 --> 01:11:21,819
<font color="#ffbf46">මට කියන්නත් ලැජ්ජයි,</font>

1201
01:11:23,112 --> 01:11:25,114
<font color="#ffbf46">මට මට හිමිවෙන්න ඕන ප්‍රමාණයට වඩා ආදරයක් ලැබුණා,</font>

1202
01:11:25,823 --> 01:11:28,242
<font color="#ffbf46">ඒත් මම ඒකට
පූර්ණ වගකීමක් අරගෙන නෑ.</font>

1203
01:11:29,285 --> 01:11:33,664
<font color="#ffbf46">මම අද මෙතන ඉන්නේ ඔයාලා මා ගැන වද වෙන හින්දා
සහ මා ගැන උනන්දු වෙන හින්දා.</font>

1204
01:11:34,248 --> 01:11:37,251
<font color="#ffbf46">මේ ආදරේට ණය ගෙවන්න තියෙන එකම විදිය තමයි
මෙවලමක් වෙන එක</font>

1205
01:11:37,334 --> 01:11:39,044
<font color="#ffbf46">ලෝකෙට මේ ගැන කියන්න උදව් වෙන,</font>

1206
01:11:39,128 --> 01:11:41,005
<font color="#ffbf46">මිනිස්සු විඳින දුක ගැන</font>

1207
01:11:41,088 --> 01:11:43,757
<font color="#ffbf46">කාගෙවත් අවධානයට ලක් නොවුණු
ඒත් දැනගත යුතුම දෙයක් ගැන.</font>

1208
01:11:45,759 --> 01:11:48,554
<font color="#ffbf46">කරුණාකරලා එයාලට උදව් කරන්න ඒ වේදනාව නැති කරන්න</font>

1209
01:11:49,305 --> 01:11:54,143
<font color="#ffbf46">නීතිය සහ තමන්ගේ පවුල එයාලව ආරක්ෂා නොකරද්දි
එයාලට දැනෙන ඒ අසාධාරණය නැති කරන්න.</font>

1210
01:11:54,935 --> 01:11:56,645
<font color="#ffbf46">එලයිජා.</font>

1211
01:12:00,566 --> 01:12:04,236
<font color="#ffbf46">පවුලේ අය අතර වෙන අපරාධවලට දඬුවම් නොදීමේ නීතිය
පුරාණ රෝමයේ ඉඳන්ම පැවතගෙන එන එකක්.</font>

1212
01:12:04,320 --> 01:12:07,489
<font color="#ffbf46">ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, "නීතිය
ගෙදර දොරකඩින් නවතිනවා" කියලා.</font>

1213
01:12:07,573 --> 01:12:09,992
<font color="#ffbf46">මේක ගොඩක් පරණ සිරිතක්.</font>

1214
01:12:10,075 --> 01:12:11,160
<font color="#ffbf46">කොරියාවෙත්,</font>

1215
01:12:11,243 --> 01:12:14,121
<font color="#ffbf46">මේ නීතිය හදපු දවසේ ඉඳන් අවුරුදු 70කට වැඩිය
කිසිම වෙනසක් වෙලා නෑ.</font>

1216
01:12:14,204 --> 01:12:18,542
<font color="#ffbf46">නීතිමය ස්ථාවරත්වය කියන්නේ
ගොඩක් වටිනාකමක් තියෙන දෙයක්,</font>

1217
01:12:18,625 --> 01:12:22,629
<font color="#ffbf46">සමහර විට නිශ්චිත වලංගු භාවයටත් වඩා
වැදගත් දෙයක් වෙන්න පුළුවන්.</font>

1218
01:12:23,964 --> 01:12:25,049
<font color="#ffbf46">ඔව්, ඔයා හරි.</font>

1219
01:12:26,050 --> 01:12:29,595
<font color="#ffbf46">නීතිමය ස්ථාවරත්වය.
ඒක වැදගත් දෙයක් තමයි.</font>

1220
01:12:29,678 --> 01:12:34,600
<font color="#ffbf46">ඒත් සභාපතිතුමනි, අවුරුදු 70ක් තිස්සේ
ඒක වෙනස් වෙලා නැත්නම්,</font>

1221
01:12:34,683 --> 01:12:37,311
<font color="#ffbf46">ඒකෙන් කියවෙන්නේ නැද්ද</font>

1222
01:12:38,687 --> 01:12:42,649
<font color="#ffbf46">සමහරු අවුරුදු 70ක් තිස්සේ දුක් විඳිනවා කියලා?</font>

1223
01:12:44,651 --> 01:12:47,029
<font color="#ffbf46">නීතිය ගෙදර දොරකඩින් නවතිනවා නම්,</font>

1224
01:12:47,112 --> 01:12:52,242
<font color="#ffbf46">ඒ දොරෙන් එහා පැත්තේ සිද්ධ වෙන්නේ
නීතියක් නැති ම්ලේච්ඡ විනාශයක්.</font>

1225
01:12:52,868 --> 01:12:55,120
<font color="#ffbf46">ගෞරවනීය සභා සාමාජිකතුමනි,</font>

1226
01:12:56,455 --> 01:13:00,793
<font color="#ffbf46">කාලය වෙනස් වෙනවා වගේම
නීතියත් වෙනස් වෙන්න ඕන.</font>

1227
01:13:01,502 --> 01:13:04,213
<font color="#ffbf46">මම විශ්වාස කරනවා මේක ජාතික සභාවේ
උතුම් වගකීමක් කියලා</font>

1228
01:13:04,296 --> 01:13:07,049
<font color="#ffbf46">නීතියට පණ දෙන එක</font>

1229
01:13:07,132 --> 01:13:09,927
<font color="#ffbf46">එතකොට ඒක කාලයත් එක්ක ජීවත් වෙන
ප්‍රමිතියක් වෙයි,</font>

1230
01:13:10,427 --> 01:13:12,513
<font color="#ffbf46">අතීතයේ හිරවෙලා තියෙන ෆොසිලයක් නොවී.</font>

1231
01:13:14,515 --> 01:13:16,558
<font color="#ffbf46">සභාවේ සාමාජිකතුමනි,</font>

1232
01:13:17,893 --> 01:13:19,269
<font color="#ffbf46">මම කාරුණිකව ඉල්ලා සිටිනවා</font>

1233
01:13:21,063 --> 01:13:22,481
<font color="#ffbf46">ඔබතුමන්ලාගේ බුද්ධිමත් තීරණය ලබා දෙන්න කියලා.</font>

1234
01:13:48,799 --> 01:13:49,842
<font color="#ffbf46">මිස්ටර් වූ.</font>

1235
01:13:51,510 --> 01:13:52,928
<font color="#ffbf46">මිස්ටර් වූ.</font>

1236
01:13:53,011 --> 01:13:54,930
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න මිස්ටර් වූ!</font>

1237
01:13:57,558 --> 01:13:58,767
<font color="#ffbf46">අපි දැන් මොකද කරන්නේ?</font>

1238
01:13:58,851 --> 01:14:02,771
<font color="#ffbf46">අපි නීතිපති කාර්යාලයට කතා
කරමු-- ඇයි ඔයා මාව අල්ලන්නෙම?</font>

1239
01:14:02,855 --> 01:14:04,398
<font color="#ffbf46">ඔයත් මට කැමතියි කියලා කියන්නද යන්නේ?</font>

1240
01:14:05,441 --> 01:14:07,526
<font color="#ffbf46">මිස්ටර් වූ! කවදාවත් නෑ!</font>

1241
01:14:07,609 --> 01:14:10,863
<font color="#ffbf46">මට හැමදේම කියන්නෙ නැති සේවාදායකයෝ
මම කවදාවත් භාරගන්නෙ නෑ.</font>

1242
01:14:10,946 --> 01:14:12,573
<font color="#ffbf46">වෙන නීතිඥයෙක්ව හොයාගන්න.</font>

1243
01:14:14,074 --> 01:14:15,284
<font color="#ffbf46">ඉන්නකෝ.</font>

1244
01:14:15,367 --> 01:14:17,411
<font color="#ffbf46">ඉන්නකෝ, මිස්ටර් වූ.</font>

1245
01:14:17,494 --> 01:14:19,121
<font color="#ffbf46">අනේ මිස්ටර් වූ!</font>

1246
01:14:19,204 --> 01:14:20,456
<font color="#ffbf46">ඉන්න!</font>

1247
01:14:20,539 --> 01:14:21,707
<font color="#ffbf46">මේ ඔයා!</font>

1248
01:14:26,503 --> 01:14:30,299
<font color="#ffbf46">අනේ මන්දා! මොකද මේ? මම මේක
පිළිගන්න කොහෙත්ම කැමති නෑ…</font>

1249
01:14:34,052 --> 01:14:35,846
<font color="#ffbf46">ඒත් අද ඔයා නියමෙටම වැඩේ කළා, මිස්ටර් කාන්ග්.</font>

1250
01:14:37,556 --> 01:14:40,142
<font color="#ffbf46">අනේ නිකන් ඉන්න හලෝ.</font>

1251
01:14:40,225 --> 01:14:42,102
<font color="#ffbf46">ඒක අමුතු දෙයක් නෙවෙයිනේ.</font>

1252
01:14:42,186 --> 01:14:43,604
<font color="#ffbf46">මම කවද්ද නියම නැත්තේ?</font>

1253
01:14:44,438 --> 01:14:46,940
<font color="#ffbf46">ඔන්න ආයෙත් පම්පෝරිය ගහනවා. ඕක හින්දා තමයි…</font>

1254
01:14:47,024 --> 01:14:50,903
<font color="#ffbf46">ඒත් මේක කොහොම වෙයිද?
අපිට දිනන්න පුළුවන් වෙයිද?</font>

1255
01:14:52,821 --> 01:14:55,574
<font color="#ffbf46">අපි දන්නේ නෑ. අපි පරාද වෙන්නත් පුළුවන්.</font>

1256
01:14:55,657 --> 01:14:56,700
<font color="#ffbf46">ඒත් ඔයා දන්නවද?</font>

1257
01:14:57,701 --> 01:15:00,621
<font color="#ffbf46">අපි අද පැරදුනත්,
ඒක පාරක් හදාවි</font>

1258
01:15:00,704 --> 01:15:04,166
<font color="#ffbf46">හෙට ලෝකයාට
එක පියවරක් ඉස්සරහට තියන්න.</font>

1259
01:15:04,249 --> 01:15:08,962
<font color="#ffbf46">ඊළඟ වතාවේ කාටහරි පුළුවන් වෙයි
එතන ඉඳන් අලුතින් පටන් ගන්න.</font>

1260
01:15:10,756 --> 01:15:12,174
<font color="#ffbf46">මිස්ටර් කැන්ග්!</font>

1261
01:15:15,093 --> 01:15:16,386
<font color="#ffbf46">මමයි කිව්වේ,</font>

1262
01:15:16,470 --> 01:15:18,764
<font color="#ffbf46">ඒත් ඒක මරු නේද? මොකද හිතන්නේ?</font>

1263
01:15:20,224 --> 01:15:21,391
<font color="#ffbf46">නේද, ජූන්-වූ?</font>

1264
01:15:21,475 --> 01:15:23,852
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.
ටික වෙලාවකට ඔයාව අඳුරගන්න බැරි වුනා,</font>

1265
01:15:23,936 --> 01:15:26,813
<font color="#ffbf46">ඒත් දැන් නම් මම දන්න කියන
මිස්ටර් කැන්ග් වගේමයි.</font>

1266
01:15:26,897 --> 01:15:28,607
<font color="#ffbf46">මොකක්? "අපි අද පැරදුනත්,</font>

1267
01:15:29,816 --> 01:15:32,027
<font color="#ffbf46">අද දිනුම පාරක් හදාවි..."</font>

1268
01:15:32,110 --> 01:15:32,945
<font color="#ffbf46">අමතක කරන්න.</font>

1269
01:15:33,028 --> 01:15:34,530
<font color="#ffbf46">යූ මෙනවිය, මට දැන් ලොකු අයියා කියන්න. ඇයි?</font>

1270
01:15:34,613 --> 01:15:36,615
<font color="#ffbf46">වැඩ්ඩෙක් වගේ නම් ඉතින්
ලොකු අයියා වෙන්න එපැයි නේද?</font>

1271
01:15:36,698 --> 01:15:38,367
<font color="#ffbf46">මම මොකටද? "අපි අද පැරදුනත්..."</font>

1272
01:15:38,450 --> 01:15:40,494
<font color="#ffbf46">ඔයා තමයි ඒක කිව්වේ! මම නෙමෙයි!</font>

1273
01:15:41,078 --> 01:15:42,371
<font color="#ffbf46">මාසයකට පසුව</font>

1274
01:15:42,454 --> 01:15:45,666
<font color="#ffbf46">මේ නඩුවට අදාළ පවුලේ අයට
දඬුවම් නොදීමේ ප්‍රතිපාදනය මගින්</font>

1275
01:15:45,749 --> 01:15:48,877
<font color="#ffbf46">නෑදෑයන් විශාල පිරිසකට
දඬුවම් නොලැබී යනවා</font>

1276
01:15:49,503 --> 01:15:53,090
<font color="#ffbf46">දේපළ සම්බන්ධ වැරදි සඳහා
වරදේ ස්වභාවය ගැන නොසිතා.</font>

1277
01:15:53,799 --> 01:15:55,592
<font color="#ffbf46">ඒ නිසා, අවදානමක් තියෙනවා</font>

1278
01:15:56,176 --> 01:15:58,845
<font color="#ffbf46">මේ නිසා අසරණ තත්ත්වයේ ඉන්න</font>

1279
01:15:58,929 --> 01:16:02,182
<font color="#ffbf46">පවුලේ සාමාජිකයන්ගේ
මුදල් සූරාකෑමට ඉඩ ලැබීමේ.</font>

1280
01:16:02,766 --> 01:16:05,394
<font color="#ffbf46"><i>එබැවින්, සියලුම සාමාජිකයන්ගේ
ඒකමතික එකඟත්වය ඇති ව්‍යවස්ථා අධිකරණය,</i></font>

1281
01:16:05,477 --> 01:16:09,356
<font color="#ffbf46"><i>මෙසේ තීන්දු කරනවා.</i></font>

1282
01:16:09,439 --> 01:16:11,316
<font color="#ffbf46"><i>අධිකරණය තීන්දු කරනවා</i></font>

1283
01:16:12,776 --> 01:16:13,610
<font color="#ffbf46"><i>අපරාධ පනතේ</i></font>

1284
01:16:14,444 --> 01:16:18,282
<font color="#ffbf46"><i>328 වගන්තියේ 1 වන ඡේදය</i></font>

1285
01:16:18,365 --> 01:16:21,785
<font color="#ffbf46"><i>ව්‍යවස්ථාවට පටහැනි බව.</i></font>

1286
01:16:37,009 --> 01:16:41,138
<font color="#ffbf46"><i>අද, ව්‍යවස්ථා අධිකරණය</i>
<i>ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා</i></font>

1287
01:16:41,221 --> 01:16:44,641
<font color="#ffbf46"><i>පවුලේ අයට දඬුවම් ලිහිල් කිරීම
ව්‍යවස්ථාවට පටහැනියි කියලා.</i></font>

1288
01:16:44,725 --> 01:16:46,435
<font color="#ffbf46"><i>දැන් පාරක් විවෘත වෙලා තියෙනවා</i></font>

1289
01:16:46,518 --> 01:16:48,729
<font color="#ffbf46"><i>නීතිමය හිඩැස්වලින් මිනිස්සුන්ව බේරගන්න</i></font>

1290
01:16:48,812 --> 01:16:51,732
<font color="#ffbf46"><i>තමන්ගේම පවුලේ අය කරන</i>
<i>දේපළ වැරදි සම්බන්ධයෙන්.</i></font>

1291
01:16:51,815 --> 01:16:53,442
<font color="#ffbf46">මමයි මෙහේ CEO! දඟලන්න එපා.</font>

1292
01:16:53,525 --> 01:16:54,359
<font color="#ffbf46">අම්මෝ!</font>

1293
01:16:54,443 --> 01:16:56,069
<font color="#ffbf46">එලයිජා.</font>

1294
01:16:56,153 --> 01:16:57,446
<font color="#ffbf46">ඉන්න. මට වැරදුනා.</font>

1295
01:16:57,529 --> 01:16:59,448
<font color="#ffbf46">යමු. මට වැරදුනා.</font>

1296
01:16:59,531 --> 01:17:01,366
<font color="#ffbf46">ඒක වැරදි වැටහීමක්.</font>

1297
01:17:01,450 --> 01:17:02,451
<font color="#ffbf46">අම්මේ.</font>

1298
01:17:03,327 --> 01:17:05,787
<font color="#ffbf46">ඉන්න. ඇයි එලයිජා?</font>

1299
01:17:10,459 --> 01:17:11,752
<font color="#ffbf46">ස්තූතියි</font>

1300
01:17:13,295 --> 01:17:14,880
<font color="#ffbf46">මාව මේ ලෝකෙට බිහි කළාට</font>

1301
01:17:15,714 --> 01:17:16,632
<font color="#ffbf46">සහ මාව හදාවඩා ගත්තට.</font>

1302
01:17:22,095 --> 01:17:24,765
<font color="#ffbf46">ඔව්. මගේ හොඳ එලයිජා.</font>

1303
01:17:24,848 --> 01:17:26,892
<font color="#ffbf46">හරි, දැන් ඔයාට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න පුළුවන්,</font>

1304
01:17:26,975 --> 01:17:28,060
<font color="#ffbf46">එතකොට අපිට...</font>

1305
01:17:28,143 --> 01:17:28,977
<font color="#ffbf46">ඒත් අම්මේ...</font>

1306
01:17:32,272 --> 01:17:33,482
<font color="#ffbf46">ඔයාව රස්සාවෙන් අයින් කරනවා.</font>

1307
01:17:34,650 --> 01:17:36,568
<font color="#ffbf46">මගේ ජීවිතෙන් යන්න ඕන.</font>

1308
01:17:38,570 --> 01:17:40,113
<font color="#ffbf46">යමු. යන්න.</font>

1309
01:17:40,197 --> 01:17:41,823
<font color="#ffbf46">මම කොච්චර කට්ටක් කෑවද ඔයාව හදන්න?</font>

1310
01:17:41,907 --> 01:17:43,283
<font color="#ffbf46">නවත්තන්න. ඒයි!</font>

1311
01:17:43,367 --> 01:17:44,951
<font color="#ffbf46">තමුසෙ වගේ මහ ජරා ගැහැනියක්!</font>

1312
01:17:46,078 --> 01:17:48,622
<font color="#ffbf46">මමයි තමුසෙව ස්ටාර් කෙනෙක් කළේ!</font>

1313
01:18:25,617 --> 01:18:26,743
<font color="#ffbf46">ඇත්තටම.</font>

1314
01:18:28,412 --> 01:18:30,330
<font color="#ffbf46">මේ 'Team Pro Bono' එකද?</font>

1315
01:18:30,414 --> 01:18:32,999
<font color="#ffbf46">ඔව්, ඒක තමයි. කවුද ඔයා?</font>

1316
01:18:34,876 --> 01:18:37,045
<font color="#ffbf46">අධිකරණ වින්දිතයන්ගේ එකමුතුවෙන්
මාව ඔයාලා ගාවට එව්වේ.</font>

1317
01:18:37,129 --> 01:18:39,256
<font color="#ffbf46">එයාලා කිව්වා ඔයාලා මගේ නඩුව බාරගනීවි කියලා.</font>

1318
01:18:39,339 --> 01:18:40,966
<font color="#ffbf46">හරි. එයාලා ඔයා ගැන කිව්වා.</font>

1319
01:18:41,049 --> 01:18:43,510
<font color="#ffbf46">අසාධාරණ නඩු තීන්දුවක් නිසා
ඔයාගේ තාත්තා නැති වුනා.</font>

1320
01:18:45,053 --> 01:18:45,929
<font color="#ffbf46">ඔව්.</font>

1321
01:18:47,055 --> 01:18:49,266
<font color="#ffbf46">මුලසුන හොබවපු විනිසුරු
එයාගේ බලතල අනිසි විදිහට පාවිච්චි කරලා</font>

1322
01:18:50,434 --> 01:18:53,145
<font color="#ffbf46">නඩුව වෙනස් කරලා
මගේ තාත්තව මැරුවා.</font>

1323
01:18:54,062 --> 01:18:55,772
<font color="#ffbf46">කවුද ඒ විනිසුරු?</font>

1324
01:19:01,027 --> 01:19:02,154
<font color="#ffbf46">කැන්ග් ඩාවිත්.</font>

1325
01:19:13,707 --> 01:19:15,083
<font color="#ffbf46">පාක් ගි-ප්පුම් මෙනවිය.</font>

1326
01:19:43,361 --> 01:19:45,363
<font color="#ffbf46">පහුගිය අවුරුදු දහයම මම
මේවා එකතු කළා.</font>

1327
01:19:45,447 --> 01:19:46,948
<font color="#ffbf46">සාක්ෂි විශ්වාස කරන්න.</font>

1328
01:19:47,032 --> 01:19:48,408
<font color="#ffbf46">මම අපායට ගියත් කමක් නෑ</font>

1329
01:19:48,492 --> 01:19:51,369
<font color="#ffbf46">මට පුළුවන් නම්
කැන්ග් ඩාවිත්ගේ බොරු මූණ එළි කරන්න.</font>

1330
01:19:51,453 --> 01:19:53,413
<font color="#ffbf46"><i>අපේ අතර ලොකු පරණ කේන්තියක් තියෙනවා.</i></font>

1331
01:19:53,497 --> 01:19:55,999
<font color="#ffbf46">යූ ජේ-බොම් ගැන,
එයාගේ තාත්තා තමයි CEO.</font>

1332
01:19:56,082 --> 01:19:58,835
<font color="#ffbf46">විත්තිකරුව වෙනස් කළේ මිස්ටර් කැන්ග්.</font>

1333
01:19:58,919 --> 01:20:00,545
<font color="#ffbf46">යූ බෙක්-මන්ව එක්කන් එන්න.</font>

1334
01:20:00,629 --> 01:20:01,755
<font color="#ffbf46"><i>නැත්නම් මට ඉස්සරහට යන්න බෑ.</i></font>

1335
01:20:01,838 --> 01:20:03,089
<font color="#ffbf46">ඒක වෙනස් කරපු නඩුවක්.</font>

1336
01:20:03,173 --> 01:20:05,801
<font color="#ffbf46">මොකක්ද වෙන්නේ?
CEO ජැන්ග්ගේ නඩුවත් වෙනස් කරලද?</font>

1337
01:20:05,884 --> 01:20:07,260
<font color="#ffbf46">කැන්ග් ඩාවිත්ට පිස්සුද?</font>

1338
01:20:07,344 --> 01:20:08,595
<font color="#ffbf46">මම ඒක බලාගන්නම්.</font>

1339
01:20:08,678 --> 01:20:09,805
<font color="#ffbf46">අයින් වෙන්න.</font>

1340
01:20:10,388 --> 01:20:12,307
<font color="#ffbf46">- ඇයි ඔයා මේ නඩුව බාරගන්නේ
නැත්තේ? අපි කොහොමද...</font>

1341
01:20:12,390 --> 01:20:16,144
<font color="#ffbf46">බලය අනිසි ලෙස පාවිච්චි කිරීමෙන් අගතියට
පත්වුණ අයට උදව් කරන එක ඔයාලගේ රස්සාව නෙමෙයිද?</font>

1342
01:20:16,228 --> 01:20:17,896
<font color="#ffbf46">ඇත්තටම ඔයාලා මගේ නඩුව බාරගන්නවද?</font>

1343
01:20:17,979 --> 01:20:18,980
<font color="#ffbf46">හැමෝටම ඕනද?</font>

1344
01:20:19,064 --> 01:20:20,607
<font color="#ffbf46">කරුණාකරලා අපිට හැමදේම කියන්න.</font>

1345
01:20:28,740 --> 01:20:30,742
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

