1
00:00:06,545 --> 00:00:08,545
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:08,569 --> 00:00:10,569


3
00:00:10,593 --> 00:00:14,639
<font color="#ffbf46"><i>අපරාධකරු වින්දිතයා බවට පත්වෙනවා,</i>
<i>එතකොට ඔයාට තිබුණ වාසිය නැතිවෙලා යනවා.</i></font>

4
00:00:15,140 --> 00:00:16,808
<font color="#ffbf46"><i>ඒ ඔක්කොම බොරු!</i></font>

5
00:00:17,308 --> 00:00:21,062
<font color="#ffbf46"><i>අඩුපාඩු තියෙන පරීක්ෂණයක් නිසා</i>
<i>ජීවත් වෙන මනුස්සයෙක් මිනියක් බවට පත්වුණා.</i></font>

6
00:00:21,146 --> 00:00:26,151
<font color="#ffbf46"><i>ඊට පස්සේ එයා අතුරුදහන් වුණා,</i>
<i>හරියට එයා කවදාවත් හිටියේ නෑ වගේ.</i></font>

7
00:00:26,234 --> 00:00:27,527
<font color="#ffbf46">අවශ්‍ය කර තිබේ: වංචාවකට පලාගිය අයෙක්</font>

8
00:00:27,610 --> 00:00:29,738
<font color="#ffbf46">එයාට එච්චර විශ්වාසයක් තිබුණේ ඇයි කියලා ඔයා හිතන්නේ?</font>

9
00:00:30,280 --> 00:00:31,448
<font color="#ffbf46">පෙනෙන සාක්ෂි නිසාද?</font>

10
00:00:31,531 --> 00:00:32,490
<font color="#ffbf46">සැකකරු</font>

11
00:00:32,574 --> 00:00:33,700
<font color="#ffbf46">පිටත යන කටකතා නිසාද?</font>

12
00:00:34,200 --> 00:00:35,452
<font color="#ffbf46">ඒක රටාවක්.</font>

13
00:00:37,037 --> 00:00:38,872
<font color="#ffbf46">සැකකරුගේ අපරාධ යන්නේ එක රටාවකට.</font>

14
00:00:39,581 --> 00:00:42,709
<font color="#ffbf46">එයා ලොකු මුදලක් වංචා කරනවා,
තමන් මැරුණා කියලා බොරු කරනවා,</font>

15
00:00:42,792 --> 00:00:45,128
<font color="#ffbf46">අලුත් අනන්‍යතාවයක් ගන්නවා,</font>

16
00:00:45,962 --> 00:00:47,797
<font color="#ffbf46">ඊටත් වඩා ලොකු වංචාවක් සැලසුම් කරනවා.</font>

17
00:00:48,298 --> 00:00:50,759
<font color="#ffbf46">සෝදිසි වරෙන්තුවට
බුඩුවා ගිණුමත් ඇතුළත් ද?</font>

18
00:00:51,551 --> 00:00:53,553
<font color="#ffbf46">නෑ, මම දැන් ඉල්ලුම් කරන්නම්.
ඒක පරක්කු වැඩි වෙයි.</font>

19
00:00:54,054 --> 00:00:56,181
<font color="#ffbf46">ඒක නැතුව පරීක්ෂා කරන්න ක්‍රමයක් තියෙනවා.
මගේ පස්සෙන් එන්න.</font>

20
00:00:58,933 --> 00:01:01,519
<font color="#ffbf46">ඇයි සල්ලි ආවේ?
කවුරුත් බැලුවේ නැද්ද?</font>

21
00:01:01,603 --> 00:01:02,604
<font color="#ffbf46">මට සමා වෙන්න මැඩම්.</font>

22
00:01:02,687 --> 00:01:05,648
<font color="#ffbf46">දරුණු අපරාධ අංශයට කතා කරනවා.
මොන මගුලක්ද මේ කරන්න හදන්නේ?</font>

23
00:01:08,276 --> 00:01:09,360
<font color="#ffbf46">මොකද වෙන්නේ?</font>

24
00:01:09,903 --> 00:01:10,987
<font color="#ffbf46">"මොකද වෙන්නේ?"</font>

25
00:01:11,613 --> 00:01:13,281
<font color="#ffbf46">ඔයා කිව්වා බුඩුවා කියන්නේ සම්පූර්ණ වංචාවක් කියලා.</font>

26
00:01:13,782 --> 00:01:15,742
<font color="#ffbf46">එහෙනම් කොහොමද යකෝ සල්ලි එන්නේ?</font>

27
00:01:16,367 --> 00:01:17,952
<font color="#ffbf46">ඔයා මොන සල්ලි ගැනද මේ කතා කරන්නේ?</font>

28
00:01:18,036 --> 00:01:20,371
<font color="#ffbf46">ජොන්ග් යෝ-ජින් වංචා කරපු
වොන් බිලියන 15!</font>

29
00:01:21,956 --> 00:01:24,084
<font color="#ffbf46">මුළු මුදලම ආපහු ගෙවලා ඉවරයි.</font>

30
00:01:25,668 --> 00:01:26,503
<font color="#ffbf46">මුදල් ආපසු ගැනීමක්</font>

31
00:01:27,420 --> 00:01:30,048
<font color="#ffbf46">මම දන්නවා මේක නඩුව යට ගහන්න
කරන බොරු වැඩක් කියලා.</font>

32
00:01:30,548 --> 00:01:32,884
<font color="#ffbf46">ඇයි ඔයාලා ගිණුම තහනම් කළේවත් නැත්තේ?</font>

33
00:01:32,967 --> 00:01:34,844
<font color="#ffbf46">ඒ තැන වටලද්දී ඔයා හරිම උජාරුවෙන් හිටියේ.</font>

34
00:01:34,928 --> 00:01:36,930
<font color="#ffbf46">මොකද, ඔයා අල්ලස් ගත්තද?</font>

35
00:01:37,013 --> 00:01:38,848
<font color="#ffbf46">තමුසෙ නම් මහ ජරා යකෙක්!
මැඩම්, එපා.</font>

36
00:01:38,932 --> 00:01:40,100
<font color="#ffbf46">මාව අතාරිනවා!
පොඩ්ඩක් ඉන්න.</font>

37
00:01:40,183 --> 00:01:41,017
<font color="#ffbf46">තමුසේ!
නෑ, නවත්තන්න.</font>

38
00:01:41,101 --> 00:01:43,103
<font color="#ffbf46">ඔයා උසස්වීම් ගත්තේ ඔහොමද, කාලකන්නියා?</font>

39
00:01:43,186 --> 00:01:44,270
<font color="#ffbf46">අපිට තාම එයාව අල්ලගන්න පුළුවන්.</font>

40
00:01:44,354 --> 00:01:46,481
<font color="#ffbf46">"අල්ලගන්න"? සැකකරු මැරිලා.</font>

41
00:01:46,564 --> 00:01:48,108
<font color="#ffbf46">සැකකරු තාම පණපිටින්!</font>

42
00:01:50,944 --> 00:01:51,778
<font color="#ffbf46">මොකක්?</font>

43
00:01:53,321 --> 00:01:54,155
<font color="#ffbf46">හේයි.</font>

44
00:01:54,656 --> 00:01:57,575
<font color="#ffbf46">බලන් ගියාම අපේ නඩු දෙක ඇත්තටම සම්බන්ධයි වගේ.</font>

45
00:01:58,368 --> 00:02:02,163
<font color="#ffbf46">මටත් දැන් හොඳටම මල පැනලා ඉන්නේ,
ඒ නිසා බුඩුවා බැංකු වාර්තා මට දෙනවා.</font>

46
00:02:05,917 --> 00:02:08,545
<font color="#ffbf46">නොක්ස් ගිණුම් පස්සේ පන්නන අතරේ
ඔයා ඒවා බලන්න ඇතිනේ.</font>

47
00:02:11,840 --> 00:02:12,841
<font color="#ffbf46">ඒක මට දෙනවා.</font>

48
00:02:16,845 --> 00:02:19,264
<font color="#ffbf46">අපිට ජොන්ග්ව රඳවා තබා ගන්න
දවස් තුනකටත් අඩු කාලයක් තියෙන්නේ.</font>

49
00:02:19,347 --> 00:02:21,224
<font color="#ffbf46">මොන දේ වුණත් ඊට කලින් මේක විසඳගන්න.</font>

50
00:02:22,100 --> 00:02:24,060
<font color="#ffbf46">කරුණාකරලා අවශ්‍ය බවට දැන්වීමක් නිකුත් කරන්න අවසර දෙන්න.</font>

51
00:02:25,436 --> 00:02:29,107
<font color="#ffbf46">මේ යන විදිහට, අපිත් සැකකරුගේ
අපරාධයට උදව් කරනවා වගේ වැඩක් වෙන්නේ.</font>

52
00:02:31,568 --> 00:02:33,653
<font color="#ffbf46">එයාව වගකීමෙන් අත්අඩංගුවට ගන්න අපිට උදව් කරන්න.</font>

53
00:02:34,654 --> 00:02:37,532
<font color="#ffbf46">අපි ප්‍රසිද්ධ දැන්වීමක් දැම්මා කියමුකෝ. ඊට පස්සේ?</font>

54
00:02:37,615 --> 00:02:40,785
<font color="#ffbf46">සැකකරු මේ වෙනකම් එයාගේ අඩිපාර
බොහොම හොඳට මැකුවා.</font>

55
00:02:41,286 --> 00:02:43,329
<font color="#ffbf46">ඒත් එයාට එක දෙයක් මකන්න බෑ.</font>

56
00:02:43,413 --> 00:02:44,914
<font color="#ffbf46">මිනිස්සුන්ට එයා ගැන තියෙන මතකයන්.</font>

57
00:02:45,707 --> 00:02:49,210
<font color="#ffbf46">එයා අලුත් අනන්‍යතාවයක් ගන්න කලින්
එයාව මතක තියෙන කෙනෙක් අනිවාර්යයෙන් ඉන්න ඕනේ.</font>

58
00:02:49,711 --> 00:02:50,712
<font color="#ffbf46">අපි එයාලව හොයාගත්තොත්...</font>

59
00:02:53,006 --> 00:02:54,924
<font color="#ffbf46">අපිට සැකකරුව හඳුනාගන්න පුළුවන්.</font>

60
00:02:55,008 --> 00:02:56,426
<font color="#ffbf46">ඒක මදි.</font>

61
00:02:56,926 --> 00:03:02,098
<font color="#ffbf46">නමක් ගමක් නැති වංචාකාරියක්
හැමෝම දන්න ඉහළ පැලැන්තියේ අයව රවට්ටලා තියෙනවා.</font>

62
00:03:02,182 --> 00:03:06,728
<font color="#ffbf46">මේක එළියට ගියොත්,
මිනිස්සුම සැකකරු හොයාගෙන යයි.</font>

63
00:03:06,811 --> 00:03:09,981
<font color="#ffbf46">අපි එයා පැනලා යන පාර හොයාගන්න එක
කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.</font>

64
00:03:12,192 --> 00:03:13,318
<font color="#ffbf46">අපිට එයාව මගහැරුණොත්?</font>

65
00:03:13,401 --> 00:03:14,319
<font color="#ffbf46">එයාට වැඩි කාලයක් ඉන්න බැරි වෙයි.</font>

66
00:03:14,402 --> 00:03:17,906
<font color="#ffbf46">අන්තිමේදී,
එයා කලබල වෙලා එයා කවුද කියලා එළි කරයි.</font>

67
00:03:17,989 --> 00:03:19,282
<font color="#ffbf46">ඒක තමයි අපිට තියෙන එකම අවස්ථාව...</font>

68
00:03:19,365 --> 00:03:22,869
<font color="#ffbf46">කානුවේ හමුවූ නාඳුනන මළ සිරුර ගැන
එයාගෙන් ප්‍රශ්න කරන්න.</font>

69
00:03:22,952 --> 00:03:24,078
<font color="#ffbf46">ඒත් ඔයා දැන් කිව්වා...</font>

70
00:03:24,162 --> 00:03:27,373
<font color="#ffbf46">බුඩුවා වංචාවේ සැකකරු විදිහට
එයාව හොයන්න ප්‍රසිද්ධ දැන්වීමක් දාන්න ඕනේ කියලා.</font>

71
00:03:27,457 --> 00:03:30,585
<font color="#ffbf46">මේ වෙනකම්,
අපි හිටියේ සැකකරුගේ සැලැස්මේ ඉත්තෝ වගේ.</font>

72
00:03:31,294 --> 00:03:35,048
<font color="#ffbf46">මේ පාර, මම එයාව මගේ සැලැස්මට කොටු කරගන්නවා.</font>

73
00:03:35,131 --> 00:03:37,133
<font color="#ffbf46">ඔයාට ඕනේ වංචාකාරයාව රවට්ටන්නද?</font>

74
00:03:38,593 --> 00:03:39,677
<font color="#ffbf46">එතකොට සාක්ෂි?</font>

75
00:03:39,761 --> 00:03:41,638
<font color="#ffbf46">අපිට තාම තියෙන්නේ වටපිටාවේ සාක්ෂි විතරයි.</font>

76
00:03:41,721 --> 00:03:43,306
<font color="#ffbf46">ඔයා ළඟ මුකුත් නැද්ද?</font>

77
00:03:43,806 --> 00:03:46,643
<font color="#ffbf46">ඔයා මගෙන් අහන්නේ
ප්‍රසිද්ධ සෝදිසි කිරීමකට අවසර දෙන්න කියලාද?</font>

78
00:03:46,726 --> 00:03:48,144
<font color="#ffbf46">සැකකරුගේ ප්‍රකාශය,</font>

79
00:03:48,228 --> 00:03:51,689
<font color="#ffbf46">නෑ, එයාගේ පැමිණීමම තමයි
හොඳම සාක්ෂිය වෙන්නේ.</font>

80
00:03:51,773 --> 00:03:54,651
<font color="#ffbf46">මට විශ්වාසයි මට පාපොච්චාරණයක් ගන්න පුළුවන් කියලා.</font>

81
00:04:15,421 --> 00:04:16,464
<font color="#ffbf46">මම කියන දේ අහගන්න.</font>

82
00:04:17,423 --> 00:04:19,550
<font color="#ffbf46">මේකෙන් ඔයාගේ රස්සාව නැතිවෙන්නත් පුළුවන්.</font>

83
00:04:25,848 --> 00:04:26,683
<font color="#ffbf46">ස්තූතියි සර්.</font>

84
00:04:27,183 --> 00:04:29,811
<font color="#ffbf46">සියෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සිය
ප්‍රාදේශීය විමර්ශන අංශය</font>

85
00:04:32,563 --> 00:04:35,566
<font color="#ffbf46">මේ සියෝල් දරුණු අපරාධ ඒකකයේ පාක් මූ-ග්‍යොන්ග්.</font>

86
00:04:35,650 --> 00:04:37,443
<font color="#ffbf46">අවුරුදු ගාණක් තිස්සේ, සැකකරු එයාගේ...</font>

87
00:04:37,527 --> 00:04:39,737
<font color="#ffbf46">නම, වයස, ජාතිය, රස්සාව සහ අධ්‍යාපනය
වෙනස් කරලා තියෙනවා,</font>

88
00:04:39,821 --> 00:04:42,115
<font color="#ffbf46">අඩුම තරමේ බොරු අනන්‍යතා තුනකින්වත්
ජීවත් වෙලා තියෙනවා.</font>

89
00:04:42,198 --> 00:04:45,952
<font color="#ffbf46">අපරාධයේ බරපතලකම නිසා,
ප්‍රසිද්ධ අවශ්‍ය බවට දැන්වීමක් නිකුත් කළා.</font>

90
00:04:46,452 --> 00:04:47,704
<font color="#ffbf46">මේ මොහොතේ සිට ක්‍රියාත්මකයි.</font>

91
00:04:48,329 --> 00:04:51,958
<font color="#ffbf46"><i>කවුරුහරි දන්නවා නම්,</i>
<i>නැත්නම් ළඟදී සැකකරුව දැක්කා නම්,</i></font>

92
00:04:52,041 --> 00:04:54,877
<font color="#ffbf46">කරුණාකරලා සියෝල් දරුණු අපරාධ ඒකකය අමතන්න.</font>

93
00:04:56,546 --> 00:04:57,380
<font color="#ffbf46">මොකද වෙන්නේ?</font>

94
00:04:57,463 --> 00:04:59,424
<font color="#ffbf46">අපි සමාව ඉල්ලනවා. අපි දැන්වීම ආපහු ගන්නවා.</font>

95
00:04:59,507 --> 00:05:02,677
<font color="#ffbf46">අපේ පරීක්ෂණය ඉවර වුණ ගමන්
අපි මාධ්‍ය සාකච්ඡාවක් තියනවා...</font>

96
00:05:03,177 --> 00:05:04,095
<font color="#ffbf46">ඔයා මොකද කරන්නේ?</font>

97
00:05:04,178 --> 00:05:05,013
<font color="#ffbf46">මේ, බලන්නකෝ...</font>

98
00:05:05,638 --> 00:05:08,141
<font color="#ffbf46">සාරා කිම් කැමැත්තෙන්ම ඇවිල්ලා ඉන්නේ.</font>

99
00:05:12,020 --> 00:05:13,187
<font color="#ffbf46">ඇයි මේ වගේ වෙලාවකම...</font>

100
00:05:14,105 --> 00:05:15,148
<font color="#ffbf46">මේක සිද්ධ වෙන්න ඕනේ වුණේ?</font>

101
00:05:18,943 --> 00:05:21,029
<font color="#ffbf46">ඔයා ලැයිස්තුවේ තියෙන ඔක්කොම සාක්ෂි එකතු කළාද?</font>

102
00:05:21,112 --> 00:05:22,864
<font color="#ffbf46">ඔව්, මම ඔක්කොම මෙතනට ගත්තා.
හරි.</font>

103
00:05:24,282 --> 00:05:27,952
<font color="#ffbf46">හැම දෙයක්ම එකතු කරගන්න.
මොකුත් මගහරින්න එපා.</font>

104
00:05:28,036 --> 00:05:28,911
<font color="#ffbf46">හරි සර්.</font>

105
00:05:28,995 --> 00:05:30,413
<font color="#ffbf46">එයා පාපොච්චාරණය කරයි කියලා හිතනවද?</font>

106
00:05:30,496 --> 00:05:32,248
<font color="#ffbf46">සැකකරු කැමැත්තෙන්මනේ ආවේ.</font>

107
00:05:32,334 --> 00:05:34,250
<font color="#ffbf46">හැමෝම අවධානය ගන්න, හරිද?
හරි සර්.</font>

108
00:05:34,334 --> 00:05:35,585
<font color="#ffbf46">කානුවේ හමුවූ නාඳුනන මළ සිරුර පිළිබඳ වාර්තාව</font>

109
00:05:41,883 --> 00:05:47,138
<font color="#ffbf46">1 වන ප්‍රශ්න කිරීමේ කාමරය</font>

110
00:05:47,221 --> 00:05:50,099
<font color="#ffbf46"><i>කැමැත්තෙන්ම අතුරුදහන් වෙන අයව</i>
<i>හොයාගන්නේ කවදද කියලා දන්නවද?</i></font>

111
00:05:51,517 --> 00:05:53,102
<font color="#ffbf46"><i>එයාලා ආපහු එන්න තීරණය කරපු දවසට.</i></font>

112
00:06:28,096 --> 00:06:30,056
<font color="#ffbf46">ප්‍රකාශ සටහන (සැකකරු)</font>

113
00:06:30,765 --> 00:06:32,308
<font color="#ffbf46">ඔයා භාර වෙනවද?</font>

114
00:06:32,934 --> 00:06:34,852
<font color="#ffbf46">නෑ. මම කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.</font>

115
00:06:37,855 --> 00:06:39,399
<font color="#ffbf46">මම ප්‍රශ්නය වෙනස් කරන්නම්.</font>

116
00:06:40,733 --> 00:06:41,901
<font color="#ffbf46">ඔයාගේ නම මොකක්ද?</font>

117
00:06:42,860 --> 00:06:44,070
<font color="#ffbf46">ඒක සාරා කිම්.</font>

118
00:06:44,570 --> 00:06:47,573
<font color="#ffbf46">සාරා කිම් කියලා කෙනෙක් ගැන වාර්තාවක් කොහෙවත් නෑ.</font>

119
00:06:48,074 --> 00:06:50,952
<font color="#ffbf46">නමක්, උපන් ස්ථානයක්, වයසක්, නැත්නම් අධ්‍යාපනයක් නෑ.</font>

120
00:06:52,412 --> 00:06:53,746
<font color="#ffbf46">මම ආයෙත් අහන්නම්.</font>

121
00:06:54,580 --> 00:06:55,748
<font color="#ffbf46">ඔයාගේ නම මොකක්ද?</font>

122
00:06:58,167 --> 00:07:00,628
<font color="#ffbf46">මම කලින් කිව්වනේ. සාරා කිම්.</font>

123
00:07:04,841 --> 00:07:07,009
<font color="#ffbf46">ඔයා කවුද කියලා හෙළි නොකර ඉන්නද කැමති?</font>

124
00:07:08,636 --> 00:07:11,264
<font color="#ffbf46">ඒකෙන් අදහස් වෙන්නේ මම කවුද කියන එක වැදගත් නෑ කියන එක.</font>

125
00:07:11,973 --> 00:07:14,767
<font color="#ffbf46">ඔයා මාව වංචාකාරියක් විදිහට දකිනවා නම්,
මම වංචාකාරියක්.</font>

126
00:07:15,268 --> 00:07:17,520
<font color="#ffbf46">ඔයා මාව ව්‍යාපාරික කාන්තාවක් විදිහට දකිනවා නම්,
මම ව්‍යාපාරික කාන්තාවක්.</font>

127
00:07:18,938 --> 00:07:21,023
<font color="#ffbf46">හැබැයි ඔයා මාව නිකන් මනුස්සයෙක් විදිහට දැක්කොත්,</font>

128
00:07:22,942 --> 00:07:24,652
<font color="#ffbf46">ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් වෙයි.</font>

129
00:07:29,782 --> 00:07:31,701
<font color="#ffbf46">මට ඔයාව තේරුම් ගන්න බැරි වුණොත්?</font>

130
00:07:35,413 --> 00:07:37,331
<font color="#ffbf46">එහෙනම් ඔයා කවදාවත් මාව දැනගන්න එකක් නෑ.</font>

131
00:07:40,334 --> 00:07:42,628
<font color="#ffbf46">සාරාගේ කලාව</font>

132
00:07:44,380 --> 00:07:47,884
<font color="#ffbf46">බුඩුවා</font>

133
00:07:56,476 --> 00:07:58,102
<font color="#ffbf46">ඔයාට ඕනම දෙයක් කියන්න පුළුවන්.</font>

134
00:07:58,603 --> 00:08:00,480
<font color="#ffbf46">ඔයාට විශ්වාස කරන විදිහේ බොරුවක් කියන්න පුළුවන්,</font>

135
00:08:00,980 --> 00:08:02,815
<font color="#ffbf46">මෙච්චර කල් අනිත් අයට කළා වගේ.</font>

136
00:08:06,903 --> 00:08:11,407
<font color="#ffbf46">ඔයා මගේ වළලුකර දිහා බලලා විතරක්
ඔයා හිතනවා ඔයා මාව දන්නවා කියලා.</font>

137
00:08:12,450 --> 00:08:14,744
<font color="#ffbf46">ඔයා තමයි බුඩුවා නිර්මාණය කරපු කෙනා.</font>

138
00:08:15,745 --> 00:08:16,579
<font color="#ffbf46">ඔව් මම තමයි.</font>

139
00:08:17,079 --> 00:08:18,164
<font color="#ffbf46">මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ.</font>

140
00:08:18,664 --> 00:08:20,541
<font color="#ffbf46">ඔයා වංචා චෝදනාව පිළිගන්නවද?</font>

141
00:08:20,625 --> 00:08:22,210
<font color="#ffbf46">ඒක වංචාවක් නෙවෙයි.</font>

142
00:08:24,837 --> 00:08:27,632
<font color="#ffbf46">බුඩුවා සැලසුම් කරලා නිෂ්පාදනය කළේ මම තමයි.</font>

143
00:08:28,341 --> 00:08:31,677
<font color="#ffbf46">ඕන කෙනෙක්ට බෑග් එකක් මහන්න පුළුවන්,
ඒත් හැමෝටම සුඛෝපභෝගී සන්නාමයක් හදන්න බෑ.</font>

144
00:08:33,471 --> 00:08:35,014
<font color="#ffbf46">මම ඒක කළා.</font>

145
00:08:36,182 --> 00:08:38,017
<font color="#ffbf46">ඉතින් ඇයි මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ?</font>

146
00:08:40,311 --> 00:08:42,647
<font color="#ffbf46">ඔය පුටුවේ වාඩි වුණාම හැමෝම එක වගේ.</font>

147
00:08:42,730 --> 00:08:44,398
<font color="#ffbf46">අන්තිමට හැඟීම්වලට බර වෙනවා.</font>

148
00:08:44,482 --> 00:08:46,484
<font color="#ffbf46">මම මැරෙන්න කලින් එක දවසක් හරි
පොහොසත් වෙලා ඉන්න කැමතියි.</font>

149
00:08:48,110 --> 00:08:50,321
<font color="#ffbf46">දඬුවම අඩු කරගන්න එක තමයි
එයාට බේරෙන්න තියෙන එකම ක්‍රමය.</font>

150
00:08:51,113 --> 00:08:53,699
<font color="#ffbf46">මට නම්, ඒක වංචාවක් නෙවෙයි.
ඒක ජීවත් වෙන්න කරපු දෙයක්.</font>

151
00:08:54,867 --> 00:08:57,078
<font color="#ffbf46">ලෝකය කරුණාවන්තයි වගේම නොසැලකිලිමත්.</font>

152
00:08:58,955 --> 00:09:01,249
<font color="#ffbf46">එක පැත්තකින්,
ලොකු සාදයක් පැවැත්වෙනකොට...</font>

153
00:09:01,874 --> 00:09:03,876
<font color="#ffbf46">අනිත් පැත්තේ කෙනෙක් සීතලට ගල් වෙලා මැරෙනවා.</font>

154
00:09:05,378 --> 00:09:10,132
<font color="#ffbf46">ඒකද ඔයා අනුන්ගේ සල්ලි වලින්
සැපට කාලා බීලා සුඛෝපභෝගී බඩු ගත්තේ?</font>

155
00:09:10,216 --> 00:09:12,802
<font color="#ffbf46">චොංඩම් දේවතාවියගේ නැවත විකිණීමේ වංචාව
විමර්ශන වාර්තාව</font>

156
00:09:14,303 --> 00:09:15,930
<font color="#ffbf46">ආ, මේ නඩුව.</font>

157
00:09:16,722 --> 00:09:18,641
<font color="#ffbf46">ඔව්, මම කලිනුත් මේ ගැන අහලා තියෙනවා.</font>

158
00:09:19,642 --> 00:09:20,977
<font color="#ffbf46">ඒත් මට මතකයි අහලා තියෙනවා...</font>

159
00:09:21,477 --> 00:09:23,688
<font color="#ffbf46">සැකකරු සියදිවි නසා ගත්තා කියලා.</font>

160
00:09:24,647 --> 00:09:25,982
<font color="#ffbf46">එතකොට ඒ ඔයා නෙවෙයිද?</font>

161
00:09:28,401 --> 00:09:29,860
<font color="#ffbf46">මම පණපිටින් ඉන්නේ, නැද්ද?</font>

162
00:09:35,700 --> 00:09:37,535
<font color="#ffbf46">එහෙනම් මම කල්පනා කරන්නේ කොහොමද මේ කෙනා...</font>

163
00:09:38,035 --> 00:09:42,248
<font color="#ffbf46">බුඩුවා බාන්ඩ ගැන විචාරයක් ලිව්වේ,
ඒ සන්නාමය එන්නත් කලින්?</font>

164
00:09:42,331 --> 00:09:43,583
<font color="#ffbf46">කවුද දන්නේ?</font>

165
00:09:44,417 --> 00:09:45,793
<font color="#ffbf46">මැරුණ අයට කතා කරන්න බෑනේ.</font>

166
00:09:47,920 --> 00:09:53,259
<font color="#ffbf46">නමුත් නඩු පැවරීමේ බලයක් නැති නිසා
මේ නඩුව දැනටමත් වහලා නේද තිබුණේ?</font>

167
00:09:54,135 --> 00:09:57,930
<font color="#ffbf46">සැකකරු ආපහු පණ ආවේ නැත්නම්
දඬුවම් කරන්න විදිහක් නෑ.</font>

168
00:09:58,723 --> 00:10:01,142
<font color="#ffbf46">ඩිටෙක්ටිව්, මේක නෙවෙයි වැදගත් දේ.</font>

169
00:10:01,642 --> 00:10:04,812
<font color="#ffbf46">මම මේ කියන්න යන දේ ගැන
ඔයාට අබ මල් රේණුවකවත් වැටහීමක් නෑ.</font>

170
00:10:06,439 --> 00:10:08,899
<font color="#ffbf46">සුඛෝපභෝගී සන්නාම එහෙම වුණේ...</font>

171
00:10:09,400 --> 00:10:11,611
<font color="#ffbf46">එයාලා වඩාත්ම වැදගත් දේ අයින් කරපු නිසා.</font>

172
00:10:12,445 --> 00:10:13,321
<font color="#ffbf46">පාරිභෝගිකයන්ව.</font>

173
00:10:14,196 --> 00:10:17,074
<font color="#ffbf46">ඔයා එයාලව ගණන් ගන්නේ නැති තරමට,
එයාලට ඔයාව ඕන වෙනවා.</font>

174
00:10:17,575 --> 00:10:19,785
<font color="#ffbf46">ඒ ආකල්පය තමයි
ඔයාව සුඛෝපභෝගී සන්නාමයක් බවට පත් කරන්නේ.</font>

175
00:10:20,828 --> 00:10:22,955
<font color="#ffbf46">ඒකයි මම මාවම අයින් කරගත්තේ.</font>

176
00:10:24,206 --> 00:10:26,542
<font color="#ffbf46">මුල ඉඳන් පටන් ගන්න ඕන නිසා...</font>

177
00:10:28,919 --> 00:10:30,921
<font color="#ffbf46">මගේ නම කවුරුත් අහන්නේ නැති තැනක ඉඳන්.</font>

178
00:10:39,930 --> 00:10:42,850
<font color="#ffbf46">මඟුල, මේකයි මට පළවෙනි තේරීම
වෙන්න ඕන නැති වුණේ.</font>

179
00:10:42,933 --> 00:10:45,061
<font color="#ffbf46">මිනිහා අතපත ගාන එක නවත්තන්නෙම නෑනේ.</font>

180
00:10:45,144 --> 00:10:46,687
<font color="#ffbf46">ඒයි, අයින් වෙනවා.</font>

181
00:10:56,781 --> 00:10:58,407
<font color="#ffbf46">මොකද රවන්නේ?</font>

182
00:11:01,619 --> 00:11:02,495
<font color="#ffbf46">මේ...</font>

183
00:11:04,080 --> 00:11:06,123
<font color="#ffbf46">මම ඔයාව ෆලෝ කරනවා.</font>

184
00:11:06,624 --> 00:11:09,543
<font color="#ffbf46">මම ඔයා කියපු දේ අහලා
අර ඇස් පිහාටු හදන තැනට ගියා.</font>

185
00:11:10,252 --> 00:11:12,171
<font color="#ffbf46">ඇත්තටම?
ඔව්.</font>

186
00:11:15,383 --> 00:11:16,258
<font color="#ffbf46">මම ෆලෝ බැක් කරන්නම්.</font>

187
00:11:26,852 --> 00:11:27,812
<font color="#ffbf46">මෙන්න.</font>

188
00:11:37,071 --> 00:11:39,156
<font color="#ffbf46">ඔයා කොච්චර කාලයක් තිස්සේ මේ රස්සාව කරනවද?</font>

189
00:11:41,742 --> 00:11:43,327
<font color="#ffbf46">මේක මම තාවකාලිකව කරන වැඩක්.</font>

190
00:11:43,411 --> 00:11:45,955
<font color="#ffbf46">මගේම බිස්නස් එකක් පටන් ගන්න සල්ලි
එකතු වුණ ගමන් මම අයින් වෙනවා.</font>

191
00:11:46,038 --> 00:11:46,997
<font color="#ffbf46">"තාවකාලික වැඩක්"?</font>

192
00:11:49,375 --> 00:11:51,877
<font color="#ffbf46">ඔයාට ඒක තාවකාලිකයි,
ඒත් මට මුළු ජීවිත කාලෙම?</font>

193
00:11:52,795 --> 00:11:53,713
<font color="#ffbf46">ඉතින්?</font>

194
00:11:54,296 --> 00:11:55,798
<font color="#ffbf46">ඔයා කොච්චර එකතු කරලා තියෙනවද?</font>

195
00:11:57,842 --> 00:11:59,885
<font color="#ffbf46">එච්චර නෑ.</font>

196
00:12:01,011 --> 00:12:03,264
<font color="#ffbf46">ඔයා කලින් ගෙවීමක් ගත්තේ නෑ නේද?</font>

197
00:12:07,810 --> 00:12:09,478
<font color="#ffbf46">මෝඩයා.</font>

198
00:12:12,273 --> 00:12:14,859
<font color="#ffbf46">එයාලා සල්ලි වියදම් කරන විදිහ විතරක් බලන්න එපා,</font>

199
00:12:14,942 --> 00:12:17,445
<font color="#ffbf46">එයාලා සල්ලි හොයන විදිහත් බලන්න.</font>

200
00:12:19,780 --> 00:12:21,699
<font color="#ffbf46">පාසල, ප්‍රදේශය, සහ ලේ නෑකම් වගේද?</font>

201
00:12:22,867 --> 00:12:25,327
<font color="#ffbf46">ඒත් ඔයා උත්සාහ කළාට ඒවා ගන්න බෑනේ.</font>

202
00:12:27,747 --> 00:12:28,956
<font color="#ffbf46">ඇත්තෙන්ම පුළුවන්.</font>

203
00:12:30,040 --> 00:12:31,542
<font color="#ffbf46">රැවටෙන කෙනෙක්ව හොයාගන්න,</font>

204
00:12:32,376 --> 00:12:34,420
<font color="#ffbf46">එයා ඔයාට අලුත් අනන්‍යතාවයක් අරන් දෙයි.</font>

205
00:12:37,465 --> 00:12:39,675
<font color="#ffbf46">මේක ඇත්ත ඩයමන්ඩ් එකක්ද?</font>

206
00:12:39,759 --> 00:12:41,135
<font color="#ffbf46">පිස්සුද.</font>

207
00:12:42,428 --> 00:12:45,306
<font color="#ffbf46">ඒත් මම මේක ඔයාට දැම්මොත්
හැමෝම හිතයි මේක ඇත්ත කියලා.</font>

208
00:12:45,389 --> 00:12:48,476
<font color="#ffbf46"><i>මම මගේ ආත්මය පවා විකුණුවා</i>
<i>ඒ ලෝකෙට ඇතුල් වෙන්න.</i></font>

209
00:12:48,559 --> 00:12:51,645
<font color="#ffbf46">අද වෙනකම් මට ඒ පෙනුම තේරුණේ නෑ.
මම කිව්වේ ඒකයි.</font>

210
00:12:51,729 --> 00:12:55,441
<font color="#ffbf46">මමත් හොඳට ඇඳගෙන ඉන්නේ.
යුන්-ජේ දිහා බලන්නකෝ. එයා කොච්චර ලස්සනට ඇඳලද.</font>

211
00:12:55,524 --> 00:12:56,358
<font color="#ffbf46">පැටියෝ, ඔයා...</font>

212
00:12:56,442 --> 00:12:59,445
<font color="#ffbf46"><i>මම ඒ ලෝකෙට ගිය ගමන්ම,</i>
<i>මට එකපාරටම ලොකු බලයක් ලැබුණා.</i></font>

213
00:13:00,029 --> 00:13:01,322
<font color="#ffbf46">ඔයා හරි ඉක්මන් වැඩි නැද්ද?</font>

214
00:13:01,405 --> 00:13:03,073
<font color="#ffbf46"><i>ලෝකය තිබුණේ මගේ පැත්තේ.</i></font>

215
00:13:03,574 --> 00:13:06,869
<font color="#ffbf46">මට දැන් තේරුණේ මෙතන ඉන්න හැමෝම
ඔක්ස්බ්‍රිජ් ගියපු අය කියලා.</font>

216
00:13:07,870 --> 00:13:08,871
<font color="#ffbf46">ආ, ඇත්තටම?</font>

217
00:13:08,954 --> 00:13:11,373
<font color="#ffbf46">කොරියානු කොලේජ් එකක කැම්පස් එකේ
තණකොළ පිට්ටනියේ ඉඳන් මක්ගොලි බොන එක...</font>

218
00:13:11,457 --> 00:13:13,584
<font color="#ffbf46">සුන්දර විනෝදාංශයක් කියලා කියනවා.</font>

219
00:13:13,667 --> 00:13:14,835
<font color="#ffbf46">ඒත් අපිට නම්,</font>

220
00:13:14,919 --> 00:13:19,006
<font color="#ffbf46">අපේ ඔරු පෙරළුණාම
මඩ වතුර බොන එක තමයි වුණේ.</font>

221
00:13:19,965 --> 00:13:23,427
<font color="#ffbf46">මේ දවස්වල,
මට ඒ මඩ වතුරේ රහ මතක් වෙනවා.</font>

222
00:13:24,678 --> 00:13:26,639
<font color="#ffbf46">මම බැලුවා කවදද එයා මේක අදින්නේ කියලා.</font>

223
00:13:27,139 --> 00:13:28,140
<font color="#ffbf46">ඇත්තටම.</font>

224
00:13:29,225 --> 00:13:32,603
<font color="#ffbf46">යුන්-ජේ, මම හිතන්නේ
ඔයා කවදාවත් විභාගයක් ෆේල් වෙලා නෑ නේද?</font>

225
00:13:35,439 --> 00:13:37,149
<font color="#ffbf46">ආ, මම හිතන්නේ නෑ...</font>

226
00:13:37,233 --> 00:13:40,152
<font color="#ffbf46">ඉතින්, ඔයා ගිය පාර කියපු දේ ගැන...</font>

227
00:13:40,236 --> 00:13:41,987
<font color="#ffbf46">එයා නම් මෙලෝ රහක් නෑ නේද?</font>

228
00:13:44,073 --> 00:13:45,908
<font color="#ffbf46">නෑ, මේකයි...</font>

229
00:13:47,993 --> 00:13:50,496
<font color="#ffbf46">ඇත්තටම මම උපාධිය ගත්තේ
වෙන කෙනෙක් ලියලා දීපු නිබන්ධනයකට පින් සිද්ධ වෙන්න.</font>

230
00:13:50,579 --> 00:13:52,373
<font color="#ffbf46">මගේ පැමිණීමත් හරිම අන්තිමයි.</font>

231
00:13:55,042 --> 00:13:57,294
<font color="#ffbf46">ඔයා ඇත්තටම හොඳයි වගේ. කපටි පාටක් නෑ.</font>

232
00:13:58,045 --> 00:14:01,215
<font color="#ffbf46">අපි ඊළඟ පාර හස්බන්ඩ්ලා නැතුව හම්බවෙමු.</font>

233
00:14:01,298 --> 00:14:03,175
<font color="#ffbf46">මම ඔයාව විනෝදජනක තැනකට එක්කන් යන්නම්.</font>

234
00:14:04,969 --> 00:14:06,011
<font color="#ffbf46">කොහෙද?</font>

235
00:14:08,013 --> 00:14:12,309
<font color="#ffbf46">කොල්ලෝ හොට් පූල් එකේ ඉන්න තැනකට,
අර මඩ වතුර බොන උන් නැති තැනකට.</font>

236
00:14:13,018 --> 00:14:14,603
<font color="#ffbf46"><i>ජීවිතේ හරි පුදුමයි නේද?</i></font>

237
00:14:16,021 --> 00:14:18,274
<font color="#ffbf46"><i>මම එයාලා වගේ වෙන්න කොච්චර උත්සාහ කළාද...</i></font>

238
00:14:18,357 --> 00:14:19,441
<font color="#ffbf46">අපි කියමු...</font>

239
00:14:19,525 --> 00:14:22,403
<font color="#ffbf46"><i>…ඒත් එයාලා උත්සාහ කරන්නේ</i>
<i>මම ඉස්සර හිටියා වගේ වෙන්න.</i></font>

240
00:14:22,987 --> 00:14:27,658
<font color="#ffbf46">මේක හරියට හිතවතුන් අතර
අඳුරගැනීම් වලින්ම හැදුණු දැලක් වගේ.</font>

241
00:14:30,202 --> 00:14:32,746
<font color="#ffbf46">මේ ඔයාගේ පළවෙනි එකද?
ඔව්.</font>

242
00:14:33,581 --> 00:14:36,125
<font color="#ffbf46">ඔයා ගොඩක් බාල නිසා,
ගෙදරට වෙලා ඉද්දි හිර වෙලා වගේ දැනෙනවා ඇති.</font>

243
00:14:36,625 --> 00:14:38,711
<font color="#ffbf46">ඇත්තටම, මම බිස්නස් අදහසක් ගැන
හිතමින් හිටියේ...</font>

244
00:14:39,795 --> 00:14:41,463
<font color="#ffbf46">මෙහෙට සුඛෝපභෝගී සන්නාමයක් ගේන්න.</font>

245
00:14:42,298 --> 00:14:44,466
<font color="#ffbf46">ඒත් මම සියෝල්වල විස්තර හරියට දන්නේ නෑ,</font>

246
00:14:44,550 --> 00:14:46,886
<font color="#ffbf46">ඒ නිසා කඩේ දාන්න ඕන කොතනද කියලා මට ෂුවර් නෑ.</font>

247
00:14:46,969 --> 00:14:48,929
<font color="#ffbf46">මට චොංඩම්වල බිල්ඩිමක් තියෙනවා.</font>

248
00:14:49,013 --> 00:14:51,223
<font color="#ffbf46">තැන හොඳයි. බලන්න කැමතිද?</font>

249
00:14:51,307 --> 00:14:53,684
<font color="#ffbf46">ඔව්, සභාපතිතුමිය ජොන්ග්,
ඔයා එයාට උදව් කරන්න ඕනේ.</font>

250
00:14:53,767 --> 00:14:55,477
<font color="#ffbf46">මම ඔයාට අඩුවට කුලියට දෙන්නම්,</font>

251
00:14:55,561 --> 00:14:58,606
<font color="#ffbf46">ඔයාට පුළුවන් මගේ බිල්ඩිමේ
වටිනාකම වැඩි කරලා දෙන්න, යුන්-ජේ.</font>

252
00:14:59,106 --> 00:15:01,692
<font color="#ffbf46">මොකක් හරි හේතුවක් නිසා,
එන හැම කුලීකාරයෙක්ම බංකොලොත් වෙලා යනවා.</font>

253
00:15:01,775 --> 00:15:04,361
<font color="#ffbf46">ඔව් අනේ.
ඒක තියෙන්නේ ප්‍රධානම හරියෙනේ.</font>

254
00:15:04,445 --> 00:15:06,280
<font color="#ffbf46">145, චොංඩම්-දොං, ගංනම්-ගු, සියෝල්</font>

255
00:15:07,031 --> 00:15:08,449
<font color="#ffbf46">ඒක තියෙන්නේ සුඛෝපභෝගී දිස්ත්‍රික්කයේ.</font>

256
00:15:12,202 --> 00:15:13,370
<font color="#ffbf46">හායි.</font>

257
00:15:13,454 --> 00:15:14,288
<font color="#ffbf46">කාලෙකින් දැක්කේ.</font>

258
00:15:14,371 --> 00:15:16,665
<font color="#ffbf46"><i>මම කියන්නෙ නෑ මම සම්පූර්ණයෙන්ම නිවැරදියි කියලා.</i></font>

259
00:15:16,749 --> 00:15:19,460
<font color="#ffbf46">හැබැයි මිනිස්සු බොරු උපාධි ගන්න සල්ලි ගෙවනවා.</font>

260
00:15:19,543 --> 00:15:21,587
<font color="#ffbf46">මම කළේ මට කවදාවත් තිබුණෙ නැති සුදුසුකම් මවාපාපු එක විතරයි.</font>

261
00:15:22,087 --> 00:15:23,714
<font color="#ffbf46">කවුද වැඩිපුර වැරදි?</font>

262
00:15:23,797 --> 00:15:25,549
<font color="#ffbf46">ඔයාලත් කවදාවත් සාධාරණව මහන්සි වෙන්නෙ නෑනේ.</font>

263
00:15:26,467 --> 00:15:27,885
<font color="#ffbf46">ඩිටෙක්ටිව්, ඔයා ගැන මොකද කියන්න තියෙන්නෙ?</font>

264
00:15:27,968 --> 00:15:30,763
<font color="#ffbf46">ඔයාගෙ සාධාරණ මහන්සියට
හරියන ප්‍රතිලාභයක් ලැබෙනවද?</font>

265
00:15:33,974 --> 00:15:35,976
<font color="#ffbf46">ඔයාගේ අත් ඔරලෝසුව අදට ගැලපෙන්නෙ නෑ.</font>

266
00:15:37,353 --> 00:15:38,312
<font color="#ffbf46">ඔයා ළඟ සල්ලි නැද්ද?</font>

267
00:15:40,064 --> 00:15:43,108
<font color="#ffbf46">එහෙම නැත්නම් අනිත් අය ඔයා ගැන හිතන විදිය ඔයාට වැඩක් නැද්ද?</font>

268
00:15:44,693 --> 00:15:45,861
<font color="#ffbf46">ඒකත් නෙවෙයි නම්,</font>

269
00:15:45,945 --> 00:15:48,822
<font color="#ffbf46">මිනිස්සු හිතන දේ ගැන ඔයාට වැඩක් නෑ වගේ පෙන්නන්නෙ</font>

270
00:15:48,906 --> 00:15:51,617
<font color="#ffbf46">ඔයාට ගණන් වැඩි ඔරලෝසුවක් ගන්න වත්කමක් නෑ කියන එක හංගන්නද?</font>

271
00:15:51,700 --> 00:15:53,494
<font color="#ffbf46">ඔයා දැන් පිළිගත්තා</font>

272
00:15:54,328 --> 00:15:58,540
<font color="#ffbf46">කොරියානු ඇමරිකානුවෙක් විදියට පෙනී සිටියා කියලයි
අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ ලෙස සකස් කළා කියලයි.</font>

273
00:15:58,624 --> 00:15:59,458
<font color="#ffbf46">මම හරි නේද?</font>

274
00:15:59,541 --> 00:16:01,210
<font color="#ffbf46">ඔව්, මම ඒක පිළිගන්නවා.</font>

275
00:16:02,544 --> 00:16:05,673
<font color="#ffbf46">වෙන කෙනෙක් විදියට පෙනී සිටපු එකට මට
සදාචාරාත්මකව දොස් කියන්න පුළුවන් වුණාට,</font>

276
00:16:05,756 --> 00:16:07,758
<font color="#ffbf46">ඒකට විරුද්ධව ඇත්තටම නීතියක් නෑ නේද?</font>

277
00:16:07,841 --> 00:16:10,135
<font color="#ffbf46">අනික අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ ලෙස
සකස් කරපු එකට දඩයක් විතරයිනෙ,</font>

278
00:16:10,219 --> 00:16:11,929
<font color="#ffbf46">මම ඉහළ පෙළේ නිලධාරියෙක් නෙවෙයි නම්.</font>

279
00:16:12,429 --> 00:16:14,181
<font color="#ffbf46">වොන් 80,000ක දඩයක්, හරි නේද?</font>

280
00:16:14,264 --> 00:16:18,060
<font color="#ffbf46">මූල්‍යමය වාසියක් ලබාගන්න කළා නම්,
ඔය චෝදනා දෙකම වංචාවක් ලෙස සැලකෙනවා.</font>

281
00:16:18,143 --> 00:16:21,105
<font color="#ffbf46">වොන් බිලියන 50ක වංචාවකට
බරපතල දඬුවම් ලැබෙනවා.</font>

282
00:16:21,188 --> 00:16:22,856
<font color="#ffbf46">ඒක නම් ටිකක් ඕනවට වැඩියි.</font>

283
00:16:23,565 --> 00:16:26,735
<font color="#ffbf46">බෑග් එකක් ගන්නකොට විකුණන කෙනාගේ අධ්‍යාපනයයි
පසුබිමයි ගැන කවුද හොයන්නෙ?</font>

284
00:16:26,819 --> 00:16:29,405
<font color="#ffbf46">ඔයා ආයෝජනයක් කියලා ජියොන්ගෙන්
වොන් බිලියන 15ක් වංචා කරලා තියෙනවා.</font>

285
00:16:30,447 --> 00:16:33,826
<font color="#ffbf46">ජියොන් සල්ලි දුන්නේ බූඩුවාර් එක නිල වශයෙන් පටන් ගන්නත් කලින්.</font>

286
00:16:33,909 --> 00:16:37,121
<font color="#ffbf46">වෙලාව බලද්දි පේනවා එයා ආයෝජනය කළේ බ්‍රෑන්ඩ් එකට නෙවෙයි කියලා</font>

287
00:16:37,204 --> 00:16:40,666
<font color="#ffbf46">එයා ආයෝජනය කළේ ඔයාගේ ව්‍යාජ පසුබිමයි
අධ්‍යාපනයයි විශ්වාස කරලා. ඒකත් ඕනවට වැඩියිද?</font>

288
00:16:41,709 --> 00:16:44,503
<font color="#ffbf46">ජියොන් යෝ-ජින්ව මුදල් වංචාවකට අත්අඩංගුවට ගත්තහම,</font>

289
00:16:45,004 --> 00:16:47,006
<font color="#ffbf46">ඔයාට කොහොම හරි ඒක වහගන්න ඕන වුණා වගේ.</font>

290
00:16:47,506 --> 00:16:49,299
<font color="#ffbf46">ඔයා ඉක්මනටම සම්පූර්ණ මුදල ආපහු ගෙවන්න හැදුවා.</font>

291
00:16:50,509 --> 00:16:51,802
<font color="#ffbf46">මම හිතන්නෙ ඔයාට වැරදිලා.</font>

292
00:16:51,885 --> 00:16:54,013
<font color="#ffbf46">හැම ගනුදෙනුවක්ම තහවුරු කරලයි තියෙන්නෙ.</font>

293
00:16:54,096 --> 00:16:57,182
<font color="#ffbf46">නෑ, ඒවා ලාභාංශ, ආයෝජනය ආපහු ගෙවීමක් නෙවෙයි.</font>

294
00:16:58,350 --> 00:17:00,644
<font color="#ffbf46">අවුරුද්දකටත් අඩු කාලෙකින් තමන් යොදපු මුදල ආපහු ලැබෙනවා නම්,</font>

295
00:17:00,728 --> 00:17:02,688
<font color="#ffbf46">ඔයා හිතන්නෙ නැද්ද ඒක හොඳ ආයෝජනයක් කියලා?</font>

296
00:17:03,897 --> 00:17:06,567
<font color="#ffbf46">පටන් ගන්නේ බොරුවකින් වුණාට, සාර්ථකව ඉවර වෙනවා නම්,</font>

297
00:17:07,443 --> 00:17:09,361
<font color="#ffbf46">ඒක ව්‍යාපාරයක්, වංචාවක් නෙවෙයි.</font>

298
00:17:11,447 --> 00:17:12,448
<font color="#ffbf46">මම ආයෙමත් කියන්නම්.</font>

299
00:17:13,365 --> 00:17:16,326
<font color="#ffbf46">මම බූඩුවාර් හැදුවේ කාවවත් රවට්ටන්න නෙවෙයි.</font>

300
00:17:17,161 --> 00:17:19,079
<font color="#ffbf46">මම බූඩුවාර් හැදුවේ</font>

301
00:17:19,580 --> 00:17:20,998
<font color="#ffbf46">මට එහෙම කරන්න අවශ්‍ය නොවෙන්නයි.</font>

302
00:17:26,670 --> 00:17:29,298
<font color="#ffbf46">සර්, බූඩුවාර් එකේ තක්සේරු වාර්තාව ආවා.</font>

303
00:17:30,799 --> 00:17:33,761
<font color="#ffbf46">ඒකේ මොකක්ද තියෙන්නෙ කියලා ඔයා හරියටම දන්නවා ඇති නේද?</font>

304
00:17:34,595 --> 00:17:37,431
<font color="#ffbf46">ඔයා වොන් 180,000ක් වටින බෑග් මිලියන ගණන්වලට විකුණුවා,</font>

305
00:17:38,140 --> 00:17:40,642
<font color="#ffbf46">වොන් මිලියන දහයක්, සමහරවිට මිලියන සියයක් වුණත්.</font>

306
00:17:42,102 --> 00:17:45,105
<font color="#ffbf46">සුඛෝපභෝගී භාණ්ඩවල වටිනාකම
තීරණය වෙන්නෙ නිෂ්පාදන වියදම මත නෙවෙයි.</font>

307
00:17:45,939 --> 00:17:49,693
<font color="#ffbf46">මිනිස්සු පස්සෙන් යන්නෙ බ්‍රෑන්ඩ් එකෙන්
ලැබෙන තත්ත්වෙට මිසක් භාණ්ඩෙට නෙවෙයි.</font>

308
00:17:50,235 --> 00:17:53,238
<font color="#ffbf46">"මම බ්‍රෑන්ඩ් එකේ ඉතිහාසයට කැමතියි."
"මම ඒකේ අනන්‍යතාවයට කැමතියි."</font>

309
00:17:53,322 --> 00:17:54,406
<font color="#ffbf46">ඕවා ඔක්කොම බොරු.</font>

310
00:17:55,491 --> 00:17:57,826
<font color="#ffbf46">මම විකුණුවේ අනිත් අයට වඩා උසස් කියන හැඟීමයි</font>

311
00:17:57,910 --> 00:18:00,579
<font color="#ffbf46">ඒකට හරියන්න සාධාරණ ගානක් මම නියම කළා.</font>

312
00:18:13,425 --> 00:18:16,678
<font color="#ffbf46">දඬුවම් මග හරින ගමන් එයා චෝදනාවලට වැරදිකාරයා වෙනවා.</font>

313
00:18:18,472 --> 00:18:19,848
<font color="#ffbf46">ඒ තර්කය වැරදියි,</font>

314
00:18:20,724 --> 00:18:21,809
<font color="#ffbf46">හැබැයි ඒකෙ තේරුමක් තියෙනවා.</font>

315
00:18:22,976 --> 00:18:23,977
<font color="#ffbf46">මෙහෙම වෙන්නෙ කොහොමද?</font>

316
00:18:24,478 --> 00:18:25,646
<font color="#ffbf46">අහන්නත් දෙයක්ද.</font>

317
00:18:25,729 --> 00:18:27,689
<font color="#ffbf46">එයාවත් රවට්ටලා තියෙනවා.</font>

318
00:18:28,190 --> 00:18:31,193
<font color="#ffbf46">නෑ, එයා බලන් ඉන්නෙ පරස්පරතාවය උපරිමයට එනකල්.</font>

319
00:18:31,693 --> 00:18:33,028
<font color="#ffbf46">මූල්‍ය අපරාධ අංශයට කතා කරමු.</font>

320
00:18:33,529 --> 00:18:35,239
<font color="#ffbf46">ජියොන් යෝ-ජින්</font>

321
00:18:35,322 --> 00:18:38,659
<font color="#ffbf46">නිෂ්පාදන වියදම දැනගෙන හිටියා නම් මිනිස්සු ඒක ගනීවිද?</font>

322
00:18:39,243 --> 00:18:43,664
<font color="#ffbf46">සුඛෝපභෝගී භාණ්ඩ ගණන් යන්නෙ බ්‍රෑන්ඩ්
එකේ වටිනාකම නිසා කියලා කවුරුත් දන්නවා.</font>

323
00:18:43,747 --> 00:18:45,916
<font color="#ffbf46">ඒ බෑග් හැදුවේ කොරියාවේ කියලා දන්නවා නම් මොකද වෙන්නෙ?</font>

324
00:18:49,837 --> 00:18:53,090
<font color="#ffbf46">මේ තියෙන්නෙ බූඩුවාර් සාප්පුවෙන් සොයා ගත්තු ආනයන ප්‍රකාශන ලියවිල්ල.</font>

325
00:18:53,173 --> 00:18:54,842
<font color="#ffbf46">මේ ව්‍යාජ ලියවිල්ලෙන්,</font>

326
00:18:54,925 --> 00:18:58,262
<font color="#ffbf46">ඔයා සින්වොල්-ඩොං වල හදපු බෑග්
"එංගලන්තයේ නිෂ්පාදිත" ඒවා බවට පත් කළා.</font>

327
00:18:58,345 --> 00:19:00,597
<font color="#ffbf46">ඔව්, බෑග් හැදුවේ සින්වොල්-ඩොං වල තමයි.</font>

328
00:19:01,098 --> 00:19:03,100
<font color="#ffbf46">හැබැයි ඒ ලියවිල්ල ව්‍යාජ එකක් නෙවෙයි.</font>

329
00:19:04,893 --> 00:19:07,271
<font color="#ffbf46">බෑග් හැදුවේ උඩ හැන්ඩ්ල් එක හයි කරන්නෙ නැතුව</font>

330
00:19:07,354 --> 00:19:08,689
<font color="#ffbf46"><i>ඊට පස්සෙ ඒවා එංගලන්තයට යැව්වා.</i></font>

331
00:19:09,565 --> 00:19:11,567
<font color="#ffbf46"><i>එහේ ගියාම, ඒවා ආපහු එකලස් කරලා,</i></font>

332
00:19:12,067 --> 00:19:14,570
<font color="#ffbf46"><i>ලියකියවිලි ගන්න ආපහු කොරියාවට ගෙන්නුවා.</i></font>

333
00:19:14,653 --> 00:19:15,779
<font color="#ffbf46"><i>නීත්‍යානුකූලව.</i></font>

334
00:19:39,469 --> 00:19:41,638
<font color="#ffbf46"><i>ඒකට නීත්‍යානුකූලයි කියන්න බෑ.</i>
<i>ඔයා පාවිච්චි කළේ නීතියේ හිඩැසක්.</i></font>

335
00:19:42,181 --> 00:19:44,892
<font color="#ffbf46"><i>ඔයාට එහෙම කියන්න පුළුවන්,</i>
<i>හැබැයි ඒක නීතිවිරෝධීත් නෑ.</i></font>

336
00:19:45,601 --> 00:19:49,521
<font color="#ffbf46">බූඩුවාර් එක සුඛෝපභෝගී බ්‍රෑන්ඩ් එකක්
කරන්න මම කොච්චර දේවල් කළාද කියලා දන්නවද?</font>

337
00:19:50,147 --> 00:19:52,983
<font color="#ffbf46"><i>මම ඕනකමින්ම ව්‍යාජ භාණ්ඩ හදලා බෙදාහැරියා.</i></font>

338
00:19:53,066 --> 00:19:55,110
<font color="#ffbf46"><i>සුඛෝපභෝගී භාණ්ඩ නැතුව ව්‍යාජ භාණ්ඩ තියෙන්න බැහැනෙ.</i></font>

339
00:19:55,194 --> 00:19:59,156
<font color="#ffbf46">අනිත් අතට, ව්‍යාජ භාණ්ඩ තියෙනවා නම්,
ඒක සුඛෝපභෝගී බ්‍රෑන්ඩ් එකක් වෙන්නම ඕන.</font>

340
00:20:57,923 --> 00:21:00,509
<font color="#ffbf46"><i>ඉතින් මම වංචාකාරයෙක් නම්,</i>
<i>අනිත් හැම බ්‍රෑන්ඩ් එකක්ම වංචාවක්.</i></font>

341
00:21:01,176 --> 00:21:02,886
<font color="#ffbf46"><i>ඒ වගේම එයාලා වංචාකාරයො නෙවෙයි නම්,</i></font>

342
00:21:03,553 --> 00:21:05,055
<font color="#ffbf46"><i>මම වංචාකාරයෙක් වෙන්නෙත් නෑ.</i></font>

343
00:21:06,848 --> 00:21:09,226
<font color="#ffbf46">බූඩුවාර් කියන්නෙ මට මොකක්ද කියලා ඔයාට තේරෙනවද...</font>

344
00:21:11,228 --> 00:21:14,231
<font color="#ffbf46">වගේම ඔයා මේ පැටලෙන්නෙ මොකක් එක්කද කියලා?</font>

345
00:21:16,066 --> 00:21:17,651
<font color="#ffbf46">දැන් තේරෙනවද?</font>

346
00:21:19,361 --> 00:21:22,322
<font color="#ffbf46">බූඩුවාර් එක ආරක්ෂා කරන්න මම ඕනම දෙයක් කරනවා.</font>

347
00:21:23,323 --> 00:21:25,158
<font color="#ffbf46">ශික්.</font>

348
00:21:26,910 --> 00:21:29,371
<font color="#ffbf46">වෙළඳ ලකුණු නීති උල්ලංඝනය කළා කියලා
ඔප්පු කරන එකත් ලේසි වෙන එකක් නෑ.</font>

349
00:21:29,454 --> 00:21:30,831
<font color="#ffbf46">මම දන්නවා.</font>

350
00:21:31,999 --> 00:21:36,128
<font color="#ffbf46">ඒකද ඔයා සුඛෝපභෝගී බ්‍රෑන්ඩ් එකක ඉතිහාසය හොරකම් කළේ?</font>

351
00:21:36,920 --> 00:21:39,589
<font color="#ffbf46">"අවුරුදු 100ක් තිස්සේ යුරෝපීය රාජකීයයන් වෙනුවෙන් නිපදවා ඇත."</font>

352
00:21:39,673 --> 00:21:41,717
<font color="#ffbf46">"බ්‍රිතාන්‍ය රාජකීය බලපත්‍රලාභියෙක්."</font>

353
00:21:41,800 --> 00:21:45,429
<font color="#ffbf46">නැති ඉතිහාසයක් මවාපාලා බ්‍රෑන්ඩ් එක ප්‍රසිද්ධ කරපු එක
ඔයා සාධාරණීකරණය කරන්නෙ කොහොමද?</font>

354
00:21:47,681 --> 00:21:49,266
<font color="#ffbf46">ඒක ප්‍රචාරණයක්ම නෙවෙයි.</font>

355
00:21:49,766 --> 00:21:51,435
<font color="#ffbf46">මම හිතන්නෙ ඒක කටින් කට ගියපු දෙයක්.</font>

356
00:21:52,060 --> 00:21:52,894
<font color="#ffbf46">ඒවා බෙදලා දෙන්න.</font>

357
00:21:52,978 --> 00:21:54,187
<font color="#ffbf46"><i>වැදගත්ම දේ තියෙන්නෙ පුංචි දේවල්වල.</i></font>

358
00:21:54,271 --> 00:21:55,605
<font color="#ffbf46">"බූ-ඩු-වාර්"?
මොකක්ද මේ?</font>

359
00:21:55,689 --> 00:21:56,523
<font color="#ffbf46">"බූ-ඩු-වාර්."</font>

360
00:21:56,606 --> 00:21:58,108
<font color="#ffbf46">දැක්කමයි නේද?</font>

361
00:21:58,734 --> 00:22:00,110
<font color="#ffbf46">ඒයි, පරිස්සමෙන් අරින්න.</font>

362
00:22:00,193 --> 00:22:01,361
<font color="#ffbf46">මේ සල්ලි...</font>

363
00:22:01,445 --> 00:22:02,446
<font color="#ffbf46">මේක මගේ.</font>

364
00:22:02,529 --> 00:22:04,239
<font color="#ffbf46">මේක ප්‍රචාරණයට. පටන් ගන්න.</font>

365
00:22:04,323 --> 00:22:05,324
<font color="#ffbf46">ස්තූතියි.</font>

366
00:22:05,407 --> 00:22:07,117
<font color="#ffbf46"><i>ඒ පුංචි දේවල් එකතු වෙලා විශ්වාසය ගොඩනැගෙනවා.</i></font>

367
00:22:11,830 --> 00:22:12,664
<font color="#ffbf46">ඒයි.</font>

368
00:22:13,206 --> 00:22:14,708
<font color="#ffbf46">ඔයා අලුත් බෑග් එකක් ගන්න ඕන.</font>

369
00:22:16,043 --> 00:22:18,170
<font color="#ffbf46">ඇයි? ඒක කැතයිද?</font>

370
00:22:19,046 --> 00:22:20,589
<font color="#ffbf46">නෑ, ඒක නෙවෙයි</font>

371
00:22:20,672 --> 00:22:24,301
<font color="#ffbf46">එහා කාමරේ හිටපු ඇමති නෝනලා ඔක්කොම
බූඩුවාර් ගැන කියවන එක නවත්තන්නෙම නෑ.</font>

372
00:22:24,384 --> 00:22:28,347
<font color="#ffbf46">එයාලා කියන විදියට මේ දවස්වල බූඩුවාර් බෑග් එකක් තියෙන එක
ඇත්තම ධනවත්කමේ ලකුණක්ලු.</font>

373
00:22:30,474 --> 00:22:31,308
<font color="#ffbf46">ඒයි.</font>

374
00:22:31,391 --> 00:22:32,225
<font color="#ffbf46">ඔව්.</font>

375
00:22:33,310 --> 00:22:35,437
<font color="#ffbf46"><i>විශ්වාසවන්තකම විශ්වාසයක් බවට පත් වෙනවා.</i></font>

376
00:22:40,108 --> 00:22:42,527
<font color="#ffbf46"><i>ඒ විශ්වාසය වැඩි වුණාම, ඒක භක්තියක් වෙනවා.</i></font>

377
00:22:43,362 --> 00:22:45,447
<font color="#ffbf46">හැබැයි මම ඒකට කිසිම සම්බන්දයක් නෑ.</font>

378
00:22:46,114 --> 00:22:48,075
<font color="#ffbf46">ඉතින් මම වංචාකාරයෙක් නම්,</font>

379
00:22:49,576 --> 00:22:51,870
<font color="#ffbf46">ඒකෙන් එයාලා හවුල්කාරයො වෙනවා මිසක් වින්දිතයො වෙන්නෙ නෑ.</font>

380
00:22:51,953 --> 00:22:54,581
<font color="#ffbf46">වින්දිතයො ඉස්සරහට ගිහින්</font>

381
00:22:54,664 --> 00:22:56,291
<font color="#ffbf46">එයාලා හවුල්කාරයො කියලා ඔයාට කියන්න පුළුවන්ද?</font>

382
00:22:56,375 --> 00:22:57,876
<font color="#ffbf46">මට බැරි වෙන්න හේතුවක් නෑ.</font>

383
00:22:58,627 --> 00:22:59,920
<font color="#ffbf46">හැබැයි...</font>

384
00:23:01,088 --> 00:23:05,342
<font color="#ffbf46">මම වංචාවක් කළා කියලා පැමිණිලි කරන්න
එක වින්දිතයෙක්වත් ඉස්සරහට ආවද?</font>

385
00:23:07,219 --> 00:23:09,471
<font color="#ffbf46">ඔයා ගැනුම්කරුවන්ව හම්බ වුණාද?</font>

386
00:23:10,013 --> 00:23:11,932
<font color="#ffbf46">එයාලා කටඋත්තර දෙන්න කැමති වුණාද?</font>

387
00:23:14,434 --> 00:23:17,646
<font color="#ffbf46">එයාලා සමාජ තත්ත්වෙ පෙන්නන්න බෑග්
එකකට වොන් මිලියන ගාණක් වියදම් කරනවා.</font>

388
00:23:18,730 --> 00:23:21,400
<font color="#ffbf46">මට හිතෙන්නෙ නෑ එයාලා වංචාවක වින්දිතයො විදියට
ඉස්සරහට එයි කියලා.</font>

389
00:23:28,448 --> 00:23:30,075
<font color="#ffbf46">මම මේ කියන්නෙ...</font>

390
00:23:32,577 --> 00:23:34,079
<font color="#ffbf46">කිසිම වින්දිතයෙක් නෑ.</font>

391
00:23:34,746 --> 00:23:36,331
<font color="#ffbf46">ඉතින් කොහොමද මේක වංචාවක් වෙන්නෙ?</font>

392
00:23:37,374 --> 00:23:38,959
<font color="#ffbf46">මේ නඩුව</font>

393
00:23:39,459 --> 00:23:43,338
<font color="#ffbf46">මුල ඉඳලම ගොනු කරන්නවත් බෑ.</font>

394
00:23:51,930 --> 00:23:53,432
<font color="#ffbf46">පොඩි විවේකයක් ගමු.</font>

395
00:23:57,644 --> 00:23:58,603
<font color="#ffbf46">දැන්.</font>

396
00:24:28,049 --> 00:24:28,884
<font color="#ffbf46">දෙවියනේ.</font>

397
00:24:29,384 --> 00:24:30,886
<font color="#ffbf46">තමුසෙ මැරෙන්න තිබුණෙ.</font>

398
00:24:30,969 --> 00:24:33,096
<font color="#ffbf46">ඇයි තමුසෙ තාම පණපිටින් ඉන්නෙ? ඇයි?</font>

399
00:24:33,180 --> 00:24:34,806
<font color="#ffbf46">මොකක්ද මේ කරන්නෙ?</font>

400
00:24:34,890 --> 00:24:36,266
<font color="#ffbf46">ඉක්මනට ඇතුළට යනවා.</font>

401
00:24:36,349 --> 00:24:38,477
<font color="#ffbf46">තමුසෙ මොන මගුලක්ද මේ කළේ?</font>

402
00:24:38,977 --> 00:24:39,978
<font color="#ffbf46">ඒයි!</font>

403
00:24:40,061 --> 00:24:41,646
<font color="#ffbf46">ප්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතී</font>

404
00:24:46,985 --> 00:24:49,362
<font color="#ffbf46">ජියොන් යෝ-ජින් වංචාවට අහු වුණා කියලා
කිසිම දෙයක් කිව්වෙ නෑ</font>

405
00:24:49,446 --> 00:24:51,490
<font color="#ffbf46">මොකද එයා හිතාගෙන හිටියේ සාරා කිම් මැරිලා කියලා.</font>

406
00:24:52,532 --> 00:24:55,368
<font color="#ffbf46">දැන් කිම් පණපිටින් ඉන්නවා දැක්ක නිසා,
එයා තීරණය කරයි</font>

407
00:24:55,869 --> 00:24:57,579
<font color="#ffbf46">එයාවත් එක්කගෙනම වලපල්ලට යන්න.</font>

408
00:24:57,662 --> 00:25:00,457
<font color="#ffbf46">මිනියකට කෙළ ගහන්න තරම්
ලොකු වෛරයක් එයාගෙ හිතේ තියෙනවා.</font>

409
00:25:01,166 --> 00:25:02,918
<font color="#ffbf46">අපි හිතමු අපිට ඒක විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා.</font>

410
00:25:20,185 --> 00:25:23,855
<font color="#ffbf46">මම පැහැදිලි කරන්න ඕන නෑනේ
ඇයි අපි මෙහෙම මුණගැහුණෙ කියලා.</font>

411
00:25:24,481 --> 00:25:27,400
<font color="#ffbf46">මිස් ජියොන්, ඔයාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ පවත්වනවා,</font>

412
00:25:27,484 --> 00:25:29,277
<font color="#ffbf46">වොන් බිලියන 15ක් වංචා කිරීමේ සැකය මත.</font>

413
00:25:29,361 --> 00:25:32,572
<font color="#ffbf46">මම වංචා කළේ නෑ.
මම කළේ ආයෝජනයක්.</font>

414
00:25:34,199 --> 00:25:35,283
<font color="#ffbf46">ඒක වැඩක් නෑ.</font>

415
00:25:35,367 --> 00:25:37,786
<font color="#ffbf46">මිස් ජියොන්, අපි ආවේ ඔයාගෙන් ප්‍රශ්න කරන්න නෙවෙයි,</font>

416
00:25:38,578 --> 00:25:40,747
<font color="#ffbf46">මේ සැකකාරියගේ අපරාධ ඔප්පු කරන්න.</font>

417
00:25:41,623 --> 00:25:44,167
<font color="#ffbf46">මිස් ජියොන්, කලින් වතාවේ කතා කරද්දි,</font>

418
00:25:44,251 --> 00:25:47,379
<font color="#ffbf46">ඔයා කිව්වා සාරා කිම් එක්ක වොන් බිලියන 15ක් ආයෝජනය කළා කියලා</font>

419
00:25:47,462 --> 00:25:49,798
<font color="#ffbf46">එයා හොටෙල් බූඩුවාර් ගැන ඔයාට කිව්වට පස්සෙ.</font>

420
00:25:49,881 --> 00:25:50,966
<font color="#ffbf46">ඒක හරි නේද?</font>

421
00:25:51,925 --> 00:25:53,218
<font color="#ffbf46">මට මතක නෑ.</font>

422
00:25:54,261 --> 00:25:56,471
<font color="#ffbf46">එතකොට මම හිටියේ සිහියෙන් නෙවෙයි,</font>

423
00:25:57,430 --> 00:25:59,391
<font color="#ffbf46">මගේ ළඟම යාළුවෙක් නැති වුණ නිසා.</font>

424
00:26:02,018 --> 00:26:03,061
<font color="#ffbf46">මිස් ජියොන් යෝ-ජින්.</font>

425
00:26:04,187 --> 00:26:06,147
<font color="#ffbf46">ඔයා කිව්වෙ "ළඟම යාළුවෙක්" කියලද?</font>

426
00:26:06,856 --> 00:26:09,859
<font color="#ffbf46">ඔයා එයාගෙ ඇත්ත නම දන්නවද?
වයස? ගිය ඉස්කෝලෙ?</font>

427
00:26:09,943 --> 00:26:10,902
<font color="#ffbf46">අඩුම තරමේ මොනවා හරි?</font>

428
00:26:12,487 --> 00:26:13,697
<font color="#ffbf46">"ළඟම යාළුවෙක්"?</font>

429
00:26:15,198 --> 00:26:16,533
<font color="#ffbf46">ඔයා ආයෙත් රැවටෙන්නද යන්නෙ?</font>

430
00:26:17,325 --> 00:26:18,952
<font color="#ffbf46">හොඳට හිතලා බලන්න.</font>

431
00:26:20,662 --> 00:26:22,539
<font color="#ffbf46">එයාගෙ හැම දෙයක්ම බොරුවක්.</font>

432
00:26:23,415 --> 00:26:26,710
<font color="#ffbf46">ඔයා හිතනවද එයා එක මොහොතකට හරි
ඔයා එක්ක අවංක වුණා කියලා?</font>

433
00:26:30,797 --> 00:26:32,465
<font color="#ffbf46">සැකකාරිය ප්‍රතික්ෂේප කරනවා</font>

434
00:26:32,549 --> 00:26:36,720
<font color="#ffbf46">කවුරුත් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැති නිසා
එයාට විරුද්ධව තියෙන චෝදනා ඔක්කොම.</font>

435
00:26:38,138 --> 00:26:39,222
<font color="#ffbf46">කවුරුත් නෑ?</font>

436
00:26:40,932 --> 00:26:42,142
<font color="#ffbf46">ඔව්. මේ විදියට ගියොත්,</font>

437
00:26:42,642 --> 00:26:45,604
<font color="#ffbf46">දඬුවම් දෙන එක කෙසේ වෙතත්,
චෝදනා ඔප්පු කරන එකත් අමාරු වෙයි.</font>

438
00:26:48,898 --> 00:26:50,942
<font color="#ffbf46">මට කිසිම පාඩුවක් වෙලා නෑ.</font>

439
00:26:53,653 --> 00:26:55,530
<font color="#ffbf46">ඔයාට තේරෙන්නෙ නැද්ද ප්‍රතිවිපාක</font>

440
00:26:56,865 --> 00:26:59,075
<font color="#ffbf46">ඔයා දැන් කරපු ප්‍රකාශයේ?</font>

441
00:27:00,160 --> 00:27:03,330
<font color="#ffbf46">සැකකාරියගේ අපරාධවලින් එයා නිදහස් වෙනවට
ඔයා කැමතිද?</font>

442
00:27:05,165 --> 00:27:07,250
<font color="#ffbf46">බූඩුවාර් එක වංචාවක් නෙවෙයි නම්,</font>

443
00:27:08,543 --> 00:27:11,546
<font color="#ffbf46">එතකොට ජියොන් කරපු දේ
මුදල් වංචාවක් වෙන්නෙත් නෑ නේද?</font>

444
00:27:14,299 --> 00:27:15,133
<font color="#ffbf46">ඒක හරි.</font>

445
00:27:21,681 --> 00:27:23,433
<font color="#ffbf46">ඔයා දන්නවද ඔයා මේ මොනවද නැති කරගන්නෙ කියලා</font>

446
00:27:24,809 --> 00:27:26,269
<font color="#ffbf46">වගේම ඔයා මොකක්ද මේ ආරක්ෂා කරන්නෙ කියලා?</font>

447
00:27:29,356 --> 00:27:31,608
<font color="#ffbf46">මම කිසිම දෙයක් නැති කරගෙන නෑ.</font>

448
00:27:34,903 --> 00:27:36,363
<font color="#ffbf46">මගේ විරුද්ධත්වයක් නෑ.</font>

449
00:27:39,199 --> 00:27:40,450
<font color="#ffbf46">අපි ඉවරද?</font>

450
00:27:41,910 --> 00:27:43,411
<font color="#ffbf46">මට යන්න පුළුවන්ද?</font>

451
00:27:49,209 --> 00:27:51,211
<font color="#ffbf46">ගිහින් ජියොන් යෝ-ජින්ව එළියට ගන්න.</font>

452
00:28:25,620 --> 00:28:28,039
<font color="#ffbf46">මම හිතාගෙන හිටියේ අපහාස කළා කියලා
ඔයාට විරුද්ධව නඩු දාන්න...</font>

453
00:28:30,041 --> 00:28:31,334
<font color="#ffbf46">ඒත් මම එහෙම කරන්නෙ නෑ.</font>

454
00:28:31,418 --> 00:28:33,336
<font color="#ffbf46">ඔයා දැනටමත් ඇති වෙන්න විඳවනවා වගේ.</font>

455
00:28:36,381 --> 00:28:37,215
<font color="#ffbf46">ඇත්තටම...</font>

456
00:28:37,799 --> 00:28:39,676
<font color="#ffbf46">මෝඩ යකා.</font>

457
00:28:41,219 --> 00:28:42,470
<font color="#ffbf46">මට සමාවෙන්න සර්.</font>

458
00:28:42,554 --> 00:28:44,264
<font color="#ffbf46">මම ඔයාට නෙමෙයි කතා කළේ.</font>

459
00:28:45,223 --> 00:28:46,641
<font color="#ffbf46">මම මටමයි කතා කරගත්තේ.</font>

460
00:28:47,976 --> 00:28:50,603
<font color="#ffbf46">අවස්ථාව දෙන්න ඕනේ
ඒකෙන් වැඩක් ගන්න දන්න අයට.</font>

461
00:28:52,313 --> 00:28:53,773
<font color="#ffbf46">මට වැරදීමක් වුණා.</font>

462
00:28:55,859 --> 00:29:02,490
<font color="#ffbf46">සියෝල් නගර පොලිස් ඒජන්සිය
ප්‍රාදේශීය විමර්ශන අංශය</font>

463
00:29:24,971 --> 00:29:28,224
<font color="#ffbf46"><i>පොහොසත් වෙන්න හිතුපු එකත්</i>
<i>මගෙ අතින් වුණු වැරැද්දක්.</i></font>

464
00:29:29,434 --> 00:29:32,479
<font color="#ffbf46"><i>කවුරුත් පොහොසත් වෙන්නේ නෑ.</i>
<i>පොහොසත් වෙලා ඉපදෙන්න ඕනේ.</i></font>

465
00:29:34,022 --> 00:29:36,441
<font color="#ffbf46"><i>මම මේ වගේ ඉපදුණු එක</i>
<i>මගෙ වැරැද්දක්.</i></font>

466
00:29:37,442 --> 00:29:39,235
<font color="#ffbf46"><i>මම ඉපදුණු විදිය වැරදියි.</i></font>

467
00:29:39,736 --> 00:29:41,863
<font color="#ffbf46">ඉස්සෙල්ලාම අපි මෙම්බර්ෂිප් එක
අරගෙන ඉමු.</font>

468
00:29:41,946 --> 00:29:43,281
<font color="#ffbf46">ඔයාගේ නම කියන්නකෝ?</font>

469
00:29:47,869 --> 00:29:49,204
<font color="#ffbf46">සේරා.</font>

470
00:29:51,080 --> 00:29:52,248
<font color="#ffbf46">සේරා කිම්.</font>

471
00:30:17,148 --> 00:30:18,983
<font color="#ffbf46">අසරණ අයට උදව් කරන්න.</font>

472
00:30:19,692 --> 00:30:20,693
<font color="#ffbf46">ගැලවීමේ හමුදාව</font>

473
00:30:20,777 --> 00:30:21,986
<font color="#ffbf46">අසරණ අයට උදව් කරන්න.</font>

474
00:30:24,113 --> 00:30:26,032
<font color="#ffbf46">අපේ ආදරය බෙදාගමු.</font>

475
00:30:38,378 --> 00:30:42,090
<font color="#ffbf46">අපි අසරණ අයට උදව් කරන්න
මේ කැටේ තියලා තියෙන්නේ.</font>

476
00:30:45,718 --> 00:30:46,803
<font color="#ffbf46">රතු කැටය</font>

477
00:30:47,303 --> 00:30:48,972
<font color="#ffbf46">අසරණ අයට උදව් කරන්න.</font>

478
00:30:53,852 --> 00:30:56,229
<font color="#ffbf46">මොකක්... එයා ඔය ඔක්කොම දෙනවාද?</font>

479
00:30:58,022 --> 00:31:00,775
<font color="#ffbf46">ස්තූතියි.</font>

480
00:31:00,859 --> 00:31:02,819
<font color="#ffbf46">ඔව්, මෙතන තියෙන්නේ.</font>

481
00:31:02,902 --> 00:31:04,237
<font color="#ffbf46">මේකේ රතු පාට එකකුත් තියෙනවා.</font>

482
00:31:04,737 --> 00:31:08,366
<font color="#ffbf46">මේ මොඩල් එකට කැමතිද?
ඒකේ සරාගී පෙනුම ඔයාට ගොඩක් ගැළපෙනවා.</font>

483
00:31:09,617 --> 00:31:12,036
<font color="#ffbf46">ඔයා මේක ගොඩක් කාලෙකට රෙන්ට් කරන්නද බලන්නේ?</font>

484
00:31:12,912 --> 00:31:14,455
<font color="#ffbf46">නෑ, දවසකට විතරයි.</font>

485
00:31:15,373 --> 00:31:17,375
<font color="#ffbf46">එහෙනම් මේකට මොකද කියන්නේ?</font>

486
00:31:17,458 --> 00:31:19,544
<font color="#ffbf46">වීදුරුව පාත් කළාම, පැත්ත පේන විදිය...</font>

487
00:31:20,420 --> 00:31:22,088
<font color="#ffbf46">ඇත්තටම මාර ලස්සනයි.</font>

488
00:31:23,923 --> 00:31:25,758
<font color="#ffbf46">ඔයා විශේෂයෙන් කැමති කාර් එකක් තියෙනවාද?</font>

489
00:31:28,595 --> 00:31:30,013
<font color="#ffbf46">රෝල්ස් රොයිස් එකක්.</font>

490
00:31:31,598 --> 00:31:32,682
<font color="#ffbf46">මේක.</font>

491
00:31:32,765 --> 00:31:35,476
<font color="#ffbf46"><i>මේ </i>තියෙන්නේ රෝල්ස් රොයිස් එකක්.</font>

492
00:31:36,060 --> 00:31:36,895
<font color="#ffbf46">මෙන්න.</font>

493
00:32:06,174 --> 00:32:08,551
<font color="#ffbf46">ඒක එතනින් තියන්න.
හරි මැඩම්.</font>

494
00:32:11,095 --> 00:32:12,805
<font color="#ffbf46">සුභ දවසක් වේවා.</font>

495
00:32:14,515 --> 00:32:15,767
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

496
00:32:29,155 --> 00:32:29,989
<font color="#ffbf46">ස්තූතියි.</font>

497
00:32:46,839 --> 00:32:47,674
<font color="#ffbf46">සමාව අයැදීම</font>

498
00:32:47,757 --> 00:32:48,758
<font color="#ffbf46">චොන්ග්ඩෑම් දේවතාවිය</font>

499
00:32:48,841 --> 00:32:51,094
<font color="#ffbf46">හදිසි තත්වයක් නිසා
මට බඩු එවන්න වෙන්නේ නෑ</font>

500
00:32:51,177 --> 00:32:52,011
<font color="#ffbf46">මට සමාවෙන්න</font>

501
00:33:10,029 --> 00:33:12,323
<font color="#ffbf46">ආයෙමත් ඉපදෙන්න තිබුණා නම් හොඳයි.</font>

502
00:33:38,391 --> 00:33:40,768
<font color="#ffbf46">මම ආයේ යන්නේ නෑ, නවතින්නමයි ආවේ.</font>

503
00:33:41,644 --> 00:33:43,021
<font color="#ffbf46">දන්නවද, මට දැන් හීනයක් තියෙනවා.</font>

504
00:33:43,688 --> 00:33:45,606
<font color="#ffbf46">මට මේ බෑග් එකට ගැළපෙන
කෙනෙක් වෙන්න ඕනේ.</font>

505
00:35:18,783 --> 00:35:19,784
<font color="#ffbf46">එඩිට්</font>

506
00:35:40,179 --> 00:35:43,015
<font color="#ffbf46">අවුරුදු 100ක් තිස්සේ යුරෝපීය රාජකීයයන්
පාවිච්චි කරපු බුඩෝ බෑග් එක මට ලැබුණා</font>

507
00:35:50,648 --> 00:35:53,151
<font color="#ffbf46"><i>ලෝකේ කරුණාවන්ත වුණාට</i>
<i>හරිම නොසැලකිලිමත්.</i></font>

508
00:35:54,652 --> 00:35:57,155
<font color="#ffbf46"><i>එක පැත්තක ලොකු පාටියක්</i>
<i>තියෙන අතරේ</i></font>

509
00:35:57,738 --> 00:35:59,824
<font color="#ffbf46"><i>තවත් කෙනෙක් හීතලෙන්</i>
<i>මිදිලා මැරෙනවා.</i></font>

510
00:36:03,369 --> 00:36:04,287
<font color="#ffbf46">ඔතන නවත්තන්න!</font>

511
00:36:06,706 --> 00:36:07,832
<font color="#ffbf46">ආපහු දාන්න.
සර්?</font>

512
00:36:07,915 --> 00:36:09,458
<font color="#ffbf46">මම කිව්වේ ආපහු දාන්න කියලා.
හරි සර්.</font>

513
00:36:13,296 --> 00:36:15,882
<font color="#ffbf46"><i>ලෝකේ කරුණාවන්ත වුණාට හරිම නොසැලකිලිමත්.</i></font>

514
00:36:17,049 --> 00:36:19,260
<font color="#ffbf46"><i>එක පැත්තක ලොකු පාටියක්</i>
<i>තියෙන අතරේ</i></font>

515
00:36:19,844 --> 00:36:21,929
<font color="#ffbf46"><i>තවත් කෙනෙක් හීතලෙන්</i>
<i>මිදිලා මැරෙනවා.</i></font>

516
00:36:23,848 --> 00:36:24,891
<font color="#ffbf46">එයාව අල්ලගන්න.</font>

517
00:36:24,974 --> 00:36:25,808
<font color="#ffbf46">හරි සර්.</font>

518
00:36:44,076 --> 00:36:45,953
<font color="#ffbf46">අපිට තව කතා කරන්න දේවල් තියෙනවාද?</font>

519
00:36:46,037 --> 00:36:50,917
<font color="#ffbf46">කාණුවේ මිනීමැරුම සම්බන්ධයෙන්
වරෙන්තුවක් නැතුව ඔයාව අත්අඩංගුවට ගන්නවා.</font>

520
00:37:00,426 --> 00:37:04,013
<font color="#ffbf46">ඔයාට නීතිඥයෙක්ව හම්බවෙන්නත්, තමන්ට එරෙහිව
සාක්ෂි නොදී ඉන්නත් අයිතියක් තියෙනවා.</font>

521
00:37:04,096 --> 00:37:06,182
<font color="#ffbf46">ඔයාට නිදහසට කරුණු කියන්න
අවස්ථාව ලැබෙයි</font>

522
00:37:07,850 --> 00:37:10,519
<font color="#ffbf46">ඒ වගේම අත්අඩංගුවට ගැනීම ගැන
උසාවියෙන් විමසන්නත් අයිතියක් තියෙනවා.</font>

523
00:37:10,603 --> 00:37:13,648
<font color="#ffbf46">ඇයි මාව අත්අඩංගුවට ගන්න ඔච්චර දඟලන්නේ?</font>

524
00:37:22,823 --> 00:37:26,035
<font color="#ffbf46">මේ සැරේ මොන හේතුවකටද
මාව මිනීමරුවෙක් කරන්නේ?</font>

525
00:37:28,371 --> 00:37:30,289
<font color="#ffbf46">කාණුවේ හමුවූ මළ සිරුරේ නඩුව.</font>

526
00:37:31,249 --> 00:37:36,254
<font color="#ffbf46">ඒ මිනීමැරුම වෙලා තියෙන්නේ
ඔයාගේ බුඩෝ පාටිය තිබුණු රෑමයි.</font>

527
00:37:38,673 --> 00:37:40,633
<font color="#ffbf46">එහෙනම් ඔයා දැනටමත් දන්නවා ඇතිනේ.</font>

528
00:37:41,217 --> 00:37:43,177
<font color="#ffbf46">එදාට මට ඕන තරම් සාක්ෂි තියෙනවා කියලා.</font>

529
00:37:47,515 --> 00:37:49,809
<font color="#ffbf46"><i>ලෝකේ කරුණාවන්ත වුණාට හරිම නොසැලකිලිමත්.</i></font>

530
00:37:50,393 --> 00:37:52,770
<font color="#ffbf46"><i>එක පැත්තක ලොකු පාටියක්</i>
<i>තියෙන අතරේ</i></font>

531
00:37:53,271 --> 00:37:55,314
<font color="#ffbf46"><i>තවත් කෙනෙක් හීතලෙන්</i>
<i>මිදිලා මැරෙනවා.</i></font>

532
00:37:55,815 --> 00:37:59,151
<font color="#ffbf46">සැකකාරයයි පොලිසියයි විතරක් දන්න දෙයක්
ඔයාගේ කටින් පිටවුණා.</font>

533
00:37:59,986 --> 00:38:03,572
<font color="#ffbf46">ඒ කෙනා මැරුණේ මිදිලා කියලා
මාධ්‍යවලට කිව්වේ නෑ.</font>

534
00:38:05,241 --> 00:38:07,076
<font color="#ffbf46">ඉතින් ඔයා කියපු ඒ කතාවත් එක්ක,</font>

535
00:38:07,576 --> 00:38:12,331
<font color="#ffbf46">ඒ මැරුණු කෙනාව පණ පිටින් දැක්ක
අන්තිම කෙනා ඔයා වෙනවා</font>

536
00:38:12,415 --> 00:38:14,917
<font color="#ffbf46">ඒ වගේම මරණයට හේතුව දන්න
එකම සැකකාරයාත් ඔයා වෙනවා.</font>

537
00:38:20,339 --> 00:38:23,551
<font color="#ffbf46">ඔයා බිලියන 50ම අරගෙන
පැනලා ගියා නම්,</font>

538
00:38:24,093 --> 00:38:26,721
<font color="#ffbf46">මේක හොඳට ප්ලෑන් කරලා කරපු
මිනීමැරුමක් කියලා මට හිතන්න තිබුණා.</font>

539
00:38:27,388 --> 00:38:29,098
<font color="#ffbf46">ඒත් ඔයා එහෙම කළේ නෑනේ.</font>

540
00:38:30,308 --> 00:38:32,393
<font color="#ffbf46">එදා මොකක් හරි දෙයක් වුණා නේද?</font>

541
00:38:36,522 --> 00:38:38,983
<font color="#ffbf46">වැරදීමකින් මරණයක් වුණා නම්
දඬුවම අඩු වෙන්න පුළුවන්.</font>

542
00:38:43,154 --> 00:38:44,864
<font color="#ffbf46">මේක ප්ලෑන් කරලද කළේ?</font>

543
00:38:44,947 --> 00:38:45,865
<font color="#ffbf46">එහෙම නැත්නම්</font>

544
00:38:46,615 --> 00:38:48,200
<font color="#ffbf46">හදිසි ආවේගයකින් කරපු දෙයක්ද?</font>

545
00:38:52,246 --> 00:38:54,457
<font color="#ffbf46">මට සිගරට් එකක් දෙනවාද?</font>

546
00:38:55,082 --> 00:38:56,375
<font color="#ffbf46">හරි වැඩේ ගොඩ.</font>

547
00:38:57,335 --> 00:38:59,795
<font color="#ffbf46">ප්ලෑන් කරලා කළත් නැතත්,</font>

548
00:39:00,296 --> 00:39:02,715
<font color="#ffbf46">එයා අන්තිමේදී මිනීමැරුම පිළිගන්නයි යන්නේ.</font>

549
00:39:06,344 --> 00:39:08,846
<font color="#ffbf46">අයියෝ, මම මේවා නවත්තන්න
කොච්චර ට්‍රයි කළාද.</font>

550
00:39:11,474 --> 00:39:12,767
<font color="#ffbf46">ඔයා දන්නවද?</font>

551
00:39:14,435 --> 00:39:17,646
<font color="#ffbf46">මට හම්බවුණු හැම සල්ලි කාරයෙක්ම
සිගරට් බොන එක නැවැත්තුවා</font>

552
00:39:18,314 --> 00:39:19,940
<font color="#ffbf46">වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන නිසා.</font>

553
00:39:21,859 --> 00:39:24,278
<font color="#ffbf46">ඩිටෙක්ටිව්, ඔයාට කවදාවත් හිතිලා තියෙනවද,</font>

554
00:39:24,362 --> 00:39:26,447
<font color="#ffbf46">"මට තව එක දවසක් හරි ජීවත් වෙන්න ඕනේ" කියලා?</font>

555
00:39:29,617 --> 00:39:32,078
<font color="#ffbf46">මම කොච්චර ඒ අය වගේ වෙන්න දැඟලුවත්,</font>

556
00:39:33,746 --> 00:39:36,707
<font color="#ffbf46">මට කවදාවත් ඒ වගේ දෙයක්
හිතාගන්නවත් බැරි වුණා.</font>

557
00:40:25,631 --> 00:40:28,175
<font color="#ffbf46">මම මේ වගේ වුණේ
මහන්සි වෙලා වැඩ කරපු නිසාද?</font>

558
00:40:29,677 --> 00:40:32,263
<font color="#ffbf46">එහෙම නැත්නම් මේ වගේ වෙන්නද
මම මහන්සි වුණේ?</font>

559
00:40:32,763 --> 00:40:34,056
<font color="#ffbf46">ඩිටෙක්ටිව්.</font>

560
00:40:34,598 --> 00:40:36,642
<font color="#ffbf46">මිනිස්සු මාව විශ්වාස කළේ</font>

561
00:40:37,143 --> 00:40:40,062
<font color="#ffbf46">මට විශේෂ හැකියාවක් තිබුණු නිසා නෙමෙයි.</font>

562
00:40:41,981 --> 00:40:43,274
<font color="#ffbf46">මම දැනගෙන හිටියා</font>

563
00:40:44,692 --> 00:40:47,278
<font color="#ffbf46">එයාලට ඇත්තටම ඕන කරලා තිබුණේ මොනවද කියලා.</font>

564
00:40:48,446 --> 00:40:50,656
<font color="#ffbf46">බලන් ගියාම ඔයාටත් මගෙන්
මොකක් හරි ඕන වෙලා වගේ.</font>

565
00:40:52,158 --> 00:40:54,285
<font color="#ffbf46">ඔයාට ඕන වෙලා තියෙන්නේ
මගේ කටින්ම මේක පිළිගන්නවා දකින්නනේ.</font>

566
00:41:02,293 --> 00:41:03,419
<font color="#ffbf46">ඩිටෙක්ටිව්.</font>

567
00:41:03,502 --> 00:41:06,130
<font color="#ffbf46">මම මෙහෙ එන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවා.</font>

568
00:41:07,298 --> 00:41:12,386
<font color="#ffbf46">"සැකකරුවෙක් අත්අඩංගුවට අරගෙන
පැය 48ක් ඇතුළත වරෙන්තුවක් ඉල්ලන්න ඕනේ."</font>

569
00:41:12,470 --> 00:41:17,600
<font color="#ffbf46">"පැය 48ක් ඇතුළත වරෙන්තුවක් ඉල්ලුවේ නැත්නම්
හරි ලැබුණේ නැත්නම්,</font>

570
00:41:17,683 --> 00:41:20,478
<font color="#ffbf46">සැකකරුව නිදහස් කරන්න ඕනේ."</font>

571
00:41:21,353 --> 00:41:22,605
<font color="#ffbf46">ඊට පස්සේ මොකද වෙන්නේ?</font>

572
00:41:24,273 --> 00:41:25,107
<font color="#ffbf46">හරි.</font>

573
00:41:26,901 --> 00:41:29,069
<font color="#ffbf46">"මේ නීතිය යටතේ නිදහස් වුණු කෙනෙක්ව</font>

574
00:41:29,153 --> 00:41:34,033
<font color="#ffbf46">වරෙන්තුවක් නැතුව ආයේ ඒ වැරැද්දටම
අත්අඩංගුවට ගන්න බෑ."</font>

575
00:41:35,409 --> 00:41:38,370
<font color="#ffbf46">මම පැනලා ගියොත් වංචාකාරියක් වෙනවා.
අහුවුණොත් මිනීමරුවෙක් වෙනවා.</font>

576
00:41:40,039 --> 00:41:41,957
<font color="#ffbf46">හැබැයි මම මෙතනින් නිදහස් වුණොත්,</font>

577
00:41:42,708 --> 00:41:44,543
<font color="#ffbf46">මිනිස්සු මට මොනවා කියයිද?</font>

578
00:41:50,633 --> 00:41:52,635
<font color="#ffbf46">ඔයාට දැන් පැය 47යි ඉතුරු.</font>

579
00:42:06,357 --> 00:42:09,485
<font color="#ffbf46">වරෙන්තු ඉල්ලුම් කිරීමේ අවසාන කාලය</font>

580
00:43:34,570 --> 00:43:39,575
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

