1
00:00:00,260 --> 00:00:02,920
<font color="#e3a113"><b>[ඔයා Spirit Fingers සමඟ
එකතු වෙන්න කැමතිද?]</b></font>

2
00:00:21,146 --> 00:00:25,536
<font color="#ffffff"><i><b>♫කාලයත් සමඟ නොවෙනස්ව පවතින හදවතක්♫</b></i></font>

3
00:00:25,536 --> 00:00:31,179
<font color="#ffffff"><i><b>♫සදහටම පවතින අපගේ සදාකාලික කතාව♫</b></i></font>

4
00:00:35,616 --> 00:00:37,376
<font color="#ffd88f"><b>💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</b></font>

5
00:00:37,376 --> 00:00:39,712


6
00:00:43,600 --> 00:00:45,580
<font color="#ffdc20">ඔයා සොන් හෝට කැමතිද?</font>

7
00:00:47,920 --> 00:00:49,740
<font color="#ffdc20">මම අහන්නේ ඔයා එයාට කැමතිද කියලා?</font>

8
00:00:56,700 --> 00:00:58,640
<font color="#ffdc20">ඔයා එයාට කැමතියි.</font>

9
00:01:12,448 --> 00:01:16,660
<font color="#ff9231"><b>[3 වන කොටස]</b> </font>
<font color="#ffdc20">අනේ! මොකද්ද මේ දැනෙන හැඟීම?</font>

10
00:01:18,960 --> 00:01:20,896
<font color="#ffdc20">ඔයා සොන් හෝට කැමතිද?</font>

11
00:01:20,896 --> 00:01:24,120
<font color="#ffdc20">මම මොකද කරන්න ඕනේ?</font>

12
00:01:24,120 --> 00:01:25,940
<font color="#ffdc20">ඇයි ඔයාට ඒක කියන්න බැරි?</font>

13
00:01:28,500 --> 00:01:29,510
<font color="#ffdc20">ඇයි ඔයාට ඒක කියන්න බැරි?</font>

14
00:01:29,510 --> 00:01:30,630
<font color="#ffdc20">"මම එයාට කැමතියි."</font>

15
00:01:30,630 --> 00:01:31,660
<font color="#ffdc20">"එයා මගේ සොල්මේට්."</font>

16
00:01:31,660 --> 00:01:33,600
<font color="#ffdc20">ඇයි ඔයාට ඒක කියන්න බැරි?</font>

17
00:01:33,600 --> 00:01:35,880
<font color="#ffdc20">මම ආයෙත් මොකක් හරි වැරද්දක් කළාද?</font>

18
00:01:35,880 --> 00:01:37,714
<font color="#ffdc20">- මම එයාට කියන්න තිබුණාද?
- ඔයාට පිස්සුද?</font>

19
00:01:37,714 --> 00:01:39,428
<font color="#ffdc20">මේ පාර ඔයා හොඳට කළා.</font>

20
00:01:39,428 --> 00:01:42,411
<font color="#ffdc20">- ඔයාගේ ලැජ්ජාවයි මෝඩකමයි ඔයාව බේරගත්තා.
- මොකක්?</font>

21
00:01:42,411 --> 00:01:45,131
<font color="#ffdc20">මොකද බලන් ඉන්නේ? ඔයා දැනටමත් දන්නවනේ.</font>

22
00:01:45,131 --> 00:01:46,765
<font color="#ffdc20">ඔයා ඒක පිළිගත්තොත්,</font>

23
00:01:46,765 --> 00:01:49,337
<font color="#ffdc20">සොන් හෝ ඒක දැනගන්න එක
කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.</font>

24
00:01:50,537 --> 00:01:55,230
<font color="#ffdc20">- එයා කේලම් කියන ජාතියේ කෙනෙක් නෙවෙයි.
- නෑ, එයා එහෙම නෑ තමයි.</font>

25
00:01:55,230 --> 00:01:57,830
<font color="#ffdc20">ඒත් දන්නවද, ඔයාට පුද්ගලයාව විශ්වාස කරන්න
පුළුවන් වුණත්, ඔයාට අවස්ථාව විශ්වාස කරන්න බෑ.</font>

26
00:01:57,830 --> 00:02:01,748
<font color="#ffdc20">එයාට නොදැනිම ඒක කටින්
පිටවෙන අවස්ථාවක් එන්න පුළුවන්.</font>

27
00:02:04,285 --> 00:02:05,737
<font color="#ffdc20">අපි අපේ කතාව දිගටම කරගෙන යමුද?</font>

28
00:02:05,737 --> 00:02:09,565
<font color="#ffdc20">සොන් හෝ දැනගන්නවට ඔයා කැමතිද අකමැතිද?</font>

29
00:02:12,060 --> 00:02:14,857
<font color="#ffdc20">- මම අකමැතියි.
- ඇයි?</font>

30
00:02:16,000 --> 00:02:19,874
<font color="#ffdc20">මොකද මම අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප වෙයි.</font>

31
00:02:19,874 --> 00:02:21,920
<font color="#ffdc20">ඒ ගැන හිතනකොටත් මාව හිරිවැටෙනවා.</font>

32
00:02:21,920 --> 00:02:24,205
<font color="#ffdc20">කට වහගන්න, හරිද?</font>

33
00:02:29,234 --> 00:02:31,100
<font color="#ffdc20">හරි.</font>

34
00:02:33,645 --> 00:02:36,870
<font color="#ffdc20">සුබ රාත්‍රියක්, ආදරෙයි.</font>

35
00:02:43,880 --> 00:02:45,820
<font color="#ffdc20">වෙන්න බෑ!</font>

36
00:02:47,560 --> 00:02:48,582
<font color="#ffdc20">එයා කොහොමද දැනගත්තේ?</font>

37
00:02:48,582 --> 00:02:50,868
<font color="#ffdc20">නොදැන හිටියා නම් තමයි පුදුමේ.</font>

38
00:02:50,868 --> 00:02:52,617
<font color="#ffdc20">ඒක ඕන කෙනෙක්ට තේරෙනවා.</font>

39
00:02:52,617 --> 00:02:54,150
<font color="#ffdc20">ඔයා ඒක පෙන්නන්න ඇති, නේද?</font>

40
00:02:54,150 --> 00:02:56,731
<font color="#ffdc20">ඔයා එයාගේ මූණ දැක්ක ගමන්
මෝඩයෙක් වගේ හිනාවුණා නේද?</font>

41
00:02:56,731 --> 00:02:58,880
<font color="#ffdc20">ටිකක් ආඩම්බර වෙන්නකෝ.</font>

42
00:03:00,468 --> 00:03:02,285
<font color="#ffdc20">ඉතින්? එයා මොකද කිව්වේ?</font>

43
00:03:02,285 --> 00:03:04,137
<font color="#ffdc20">දන්නේ නෑ.</font>

44
00:03:04,800 --> 00:03:06,660
<font color="#ffdc20">එයා නිකන්ම 'ඔයා එයාට
කැමතියි' කියලා යන්න ගියා.</font>

45
00:03:06,660 --> 00:03:08,914
<font color="#ffdc20">එච්චරද?</font>

46
00:03:08,914 --> 00:03:12,240
<font color="#ffdc20">'ඔයා එයාට කැමතියි' කියලා කියද්දි
එයාගේ කටහඬ කොහොමද තිබුණේ?</font>

47
00:03:13,154 --> 00:03:14,530
<font color="#ffdc20">අනේ මන්දා, මට කියන්න තේරෙන්නේ නෑ.</font>

48
00:03:14,530 --> 00:03:16,300
<font color="#ffdc20">මම ගොඩක් ෂොක් වෙලා හිටියේ.</font>

49
00:03:16,300 --> 00:03:18,571
<font color="#ffdc20">ඔයාට විහිළු කරනවා වගේද තිබුණේ?</font>

50
00:03:20,045 --> 00:03:23,332
<font color="#ffdc20">- හොඳට බලන්න, ටා-ඩා!
- ඔයා එයාට කැමතියි.</font>

51
00:03:23,332 --> 00:03:26,948
<font color="#ffdc20">- ඇයි මාව තල්ලු කරන්නේ?
- ඔයා එයාට කැමතියි.</font>

52
00:03:28,068 --> 00:03:30,208
<font color="#ffdc20">ඔයා එයාට කැමතියි.</font>

53
00:03:30,208 --> 00:03:31,268
<font color="#ffdc20">ඔයා එයාට කැමතියි.</font>

54
00:03:31,268 --> 00:03:33,570
<font color="#ffdc20">අනේ, ඔක්කොම පටලැවිලා.</font>

55
00:03:33,570 --> 00:03:35,872
<font color="#ffdc20">ඔයා එයාට කැමතිද?</font>

56
00:03:38,848 --> 00:03:40,704
<font color="#ffdc20">ඔයා එයාට කැමතියි.</font>

57
00:03:41,588 --> 00:03:44,537
<font color="#ffdc20">ඒත් එයා කේන්තියෙන් වගේ හිටියේ.</font>

58
00:03:44,537 --> 00:03:47,050
<font color="#ffdc20">- කේන්තියෙන්?
- ඔව්.</font>

59
00:03:50,868 --> 00:03:52,070
<font color="#ffdc20">හරි, ඒක තමයි.</font>

60
00:03:52,070 --> 00:03:54,200
<font color="#ffdc20">කේන්තියෙන්, සම්පූර්ණයෙන්ම යකා නැගලා.</font>

61
00:03:54,200 --> 00:03:56,274
<font color="#ffdc20">මම අහලා තියෙනවා එයාගේ
නංගියි අර කොල්ලයි කැමතියි කියලා.</font>

62
00:03:56,274 --> 00:03:58,400
<font color="#ffdc20">නෑ, එයා කිව්වේ එයාලා යාළුවෝ විතරයි කියලා.</font>

63
00:03:58,400 --> 00:04:00,251
<font color="#ffdc20">කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර 'යාළුවෝ විතරයි'? විකාර.</font>

64
00:04:00,251 --> 00:04:01,680
<font color="#ffdc20">පේනවනේ එයාලා පැණි හලනවා කියලා.</font>

65
00:04:01,680 --> 00:04:04,674
<font color="#ffdc20">එයා බය වෙලා ඇත්තේ ඔයා එයාගේ
නංගිගේ ආදරේට බාධා කරයි කියලා.</font>

66
00:04:04,674 --> 00:04:07,268
<font color="#ffdc20">එයාලගේ සහෝදර බැඳීම කොච්චර හොඳ
වුණත්, එයාට එයාගේ නංගි තමයි වටින්නේ.</font>

67
00:04:07,268 --> 00:04:09,280
<font color="#ffdc20">නැතුව අහක ඉන්න කෙල්ලෙක් එයාට වැඩක් නෑනේ.</font>

68
00:04:11,348 --> 00:04:15,211
<font color="#ffdc20">- ඇත්ත නේද?
- සමහරවිට එයා ඔයා එයාට කැමති එක ගැන තරහින් ඇත්තේ.</font>

69
00:04:15,907 --> 00:04:17,577
<font color="#ffdc20">අනේ.</font>

70
00:04:17,577 --> 00:04:18,948
<font color="#ffdc20">මට නිකන් හිරිගඩු පිපුණා.</font>

71
00:04:18,948 --> 00:04:22,400
<font color="#ffdc20">ඇත්ත යාළුවෝ ඕන වුණාම සැරට කතා
කරලා හරි ඇස් අරවනවා, ඒක රිදුනත් කමක් නෑ.</font>

72
00:04:22,400 --> 00:04:23,611
<font color="#ffdc20">මම වැරදියි කියන්න මොකද්ද සාක්ෂිය?</font>

73
00:04:23,611 --> 00:04:24,660
<font color="#ffdc20">ඒක මෙතනම තියෙනවා.</font>

74
00:04:24,660 --> 00:04:25,690
<font color="#ffdc20">ආයෙත් හොඳට බලාගන්න.</font>

75
00:04:25,690 --> 00:04:29,644
<font color="#ffdc20">ටා-ඩා! පිස්සු හැදෙන කෙමිස්ට්‍රි එකක්!</font>

76
00:04:33,066 --> 00:04:35,200
<font color="#ffdc20">වූ යොන්.</font>

77
00:04:37,511 --> 00:04:41,620
<font color="#ffdc20">නම් ගි ජොන්ග්! ටා-ඩා! පිස්සු හැදෙනවා!</font>

78
00:04:41,620 --> 00:04:43,860
<font color="#ffdc20">මේ තුන්දෙනාටම තියෙන්නේ මොඩල් පෙනුමක්.</font>

79
00:04:43,860 --> 00:04:46,610
<font color="#ffdc20">ඔයා ඔය වගේ දුක මූණක්
හදාගත්තට කරන්න දෙයක් නෑ.</font>

80
00:04:46,610 --> 00:04:47,780
<font color="#ffdc20">කෙමිස්ට්‍රි කියන්නේ විද්‍යාවක්.</font>

81
00:04:47,780 --> 00:04:49,430
<font color="#ffdc20">නම් ගි ජොන්ග් වූ යොන්ට
කැමති වෙන්න විශේෂ හේතුවක් නෑ,</font>

82
00:04:49,430 --> 00:04:51,580
<font color="#ffdc20">ඒත් එයා වූ යොන්ට අකමැති වෙන්න
ඕන තරම් හේතු තියෙනවා නේද?</font>

83
00:04:51,580 --> 00:04:53,340
<font color="#ffdc20">ඒක පැහැදිලි නැද්ද?</font>

84
00:04:53,340 --> 00:04:54,780
<font color="#ffdc20">- එයා මොඩල් කෙනෙක්.
- ඒයි.</font>

85
00:04:54,780 --> 00:04:57,288
<font color="#ffdc20">අපි දැන් කතා කරන්නේ එයයි මමයි ගැන නෙවෙයි.</font>

86
00:04:57,288 --> 00:04:59,911
<font color="#ffdc20">මට දැන් කේන්ති යන්නයි හැදුවේ.</font>

87
00:05:02,820 --> 00:05:04,920
<font color="#ffdc20">ඒත් මි රේ,</font>

88
00:05:04,920 --> 00:05:06,970
<font color="#ffdc20">ඔයා කියන හැමදේම හරි.</font>

89
00:05:06,970 --> 00:05:09,244
<font color="#ffdc20">ඔයා හරියටම ඉලක්කෙටම දෙනවා කියලා මම දන්නවා,</font>

90
00:05:09,870 --> 00:05:13,955
<font color="#ffdc20">ඒත් සමහර වෙලාවට, අනේ ප්ලීස්,
පොඩ්ඩක් ඉලක්කය වරද්දන්නකෝ. යමු.</font>

91
00:05:15,290 --> 00:05:16,700
<font color="#ffdc20">එයාට ටිකක් බුරුලක් දෙන්න.</font>

92
00:05:16,700 --> 00:05:19,422
<font color="#ffdc20">ඔයාට වැරදුණත්, හැමෝම දන්නවා
ඔයා මගේ හොඳම යාළුවා කියලා.</font>

93
00:05:20,044 --> 00:05:22,844
<font color="#ffdc20">ඒයි, මම මොකද්ද...</font>

94
00:05:30,610 --> 00:05:32,410
<font color="#ffdc20">ඇයි ඔයා මට කතා කළේ?</font>

95
00:05:38,590 --> 00:05:42,470
<font color="#ffdc20">ඊයේ රෑ... ඊයේ රෑ...</font>

96
00:05:42,470 --> 00:05:45,150
<font color="#ffdc20">ඔයා මගෙන් අමුතු දෙයක් ඇහුවා.</font>

97
00:05:45,150 --> 00:05:47,511
<font color="#ffdc20">මම සොන් හෝට කැමති නෑ.</font>

98
00:05:47,511 --> 00:05:50,933
<font color="#ffdc20">ඇයි එකපාරටම එහෙම දෙයක්
ඇහුවේ? මට ඒකෙන් අමුත්තක් දැනුණා.</font>

99
00:05:58,020 --> 00:05:59,980
<font color="#ffdc20">නෑ, මේකයි...</font>

100
00:05:59,980 --> 00:06:02,680
<font color="#ffdc20">මේක ඇත්තටම මම පැහැදිලි
කරන්න ඕන දෙයක් නෙවෙයි,</font>

101
00:06:02,680 --> 00:06:07,911
<font color="#ffdc20">ඒත් ඔයා ඒක ඇත්තක් වගේම
කියලා, තරහා වෙලා ගිය නිසා...</font>

102
00:06:07,911 --> 00:06:09,333
<font color="#ffdc20">මම තරහා වෙලා ගියා?</font>

103
00:06:09,333 --> 00:06:11,155
<font color="#ffdc20">ඊයේ ඔයා තරහෙන් වගේ හිටියේ.</font>

104
00:06:11,155 --> 00:06:12,755
<font color="#ffdc20">මම ඇයි තරහා වෙන්නේ?</font>

105
00:06:12,755 --> 00:06:15,377
<font color="#ffdc20">ඔයා කාට කැමති වුණාම මට මොකද?
මම මොකටද ඒකට අප්සෙට් වෙන්නේ?</font>

106
00:06:15,377 --> 00:06:18,222
<font color="#ffdc20">මම කවදාවත් කිව්වේ නෑ ඔයා අප්සෙට් කියලා.</font>

107
00:06:18,222 --> 00:06:21,377
<font color="#ffdc20">කොහොම වුණත්, මම තරහෙන් නෙවෙයි හිටියේ.</font>

108
00:06:21,377 --> 00:06:24,044
<font color="#ffdc20">එහෙනම් ඇයි ඔයා ඊයේ මට යන්නම්
කියන්නේවත් නැතුව යන්න ගියේ?</font>

109
00:06:25,066 --> 00:06:27,955
<font color="#ffdc20">මොකද... මගේ බඩ රිදෙන්න ගත්තා.</font>

110
00:06:27,955 --> 00:06:31,450
<font color="#ffdc20">- මට IBS (බඩේ අමාරුව) තියෙනවා කියලා දන්නැද්ද?
- මම දැනගෙන හිටියේ නෑ.</font>

111
00:06:31,450 --> 00:06:32,560
<font color="#ffdc20">අනේ ඇත්තටම!</font>

112
00:06:32,560 --> 00:06:33,810
<font color="#ffdc20">කොහොමද ඔයා ඒක දන්නේ නැත්තේ?</font>

113
00:06:33,810 --> 00:06:35,100
<font color="#ffdc20">අපි මුලින්ම හම්බුණේ කොහොමද?</font>

114
00:06:35,100 --> 00:06:39,377
<font color="#ffdc20">මට එහෙම අමාරුවක් තිබුණේ නැත්නම්,
මම නොදන්න කෙනෙක්ගෙන් ටිෂූ ඉල්ලයිද?</font>

115
00:06:39,377 --> 00:06:43,610
<font color="#ffdc20">ඒත් ඔයාට එහෙම අමාරුවක් තිබුණා නම්,
ඔයා ළඟ කොහොමත් ටිෂූ තියෙන්න එපැයි.</font>

116
00:06:43,610 --> 00:06:46,355
<font color="#ffdc20">ඒකයි මම හිතුවේ නෑ ඔයාට IBS තියෙනවා කියලා.</font>

117
00:06:46,355 --> 00:06:50,133
<font color="#ffdc20">ඇයි ඔයා ඔච්චර මොළකාරියෙක් වුණේ?</font>

118
00:06:50,977 --> 00:06:54,355
<font color="#ffdc20">ආ ඇත්ත නේන්නම්, ඔයා
ඉගෙන ගන්න දක්ෂයි කිව්වා නේද.</font>

119
00:06:58,490 --> 00:06:59,760
<font color="#ffdc20">ඇයි ඔයා හිනා වෙන්නේ?</font>

120
00:06:59,760 --> 00:07:03,111
<font color="#ffdc20">ඒක හරි අමුතුයි. ඇයි මම ඔයත්
එක්ක ඉද්දි හැමදේම හරිම ලේසි?</font>

121
00:07:03,111 --> 00:07:07,377
<font color="#ffdc20">ඒක කොච්චර බරපතල වුණත්, අන්තිමට
ඒක මුකුත් නැති ගාණට වැටෙනවා. හරි පුදුමයි.</font>

122
00:07:11,466 --> 00:07:14,488
<font color="#ffdc20">- එහෙනම්, මට සැනසීමක්.
- ඈ?</font>

123
00:07:15,310 --> 00:07:21,955
<font color="#ffdc20">ඉන්න, එතකොට ඔයා සොන් හෝට කැමති නෑ?</font>

124
00:07:23,700 --> 00:07:29,536
<font color="#ffdc20">ඔව්, එයා නිකන්ම හොඳ යාළුවෙක් විතරයි.</font>

125
00:07:30,304 --> 00:07:32,320
<font color="#ffdc20">තේරුණා.</font>

126
00:07:32,320 --> 00:07:35,360
<font color="#ffdc20">මගේ පාට්-ටයිම් ජොබ් එක නිසා මට
මේ සතියේ හුමුවීමට එන්න වෙන්නේ නෑ.</font>

127
00:07:53,200 --> 00:07:56,622
<font color="#ffdc20">ළමයෝ, ඔයා බොරු කියන්න
මීට වඩා ඉගෙන ගන්න ඕනේ.</font>

128
00:07:56,622 --> 00:07:58,710
<font color="#ffdc20">වරදක් නෑ, ඔයාගේ බොරු කියන හැකියාව දියුණු වෙලා.</font>

129
00:07:58,710 --> 00:08:01,940
<font color="#ffdc20">- ඒක අවුලක් නැද්ද?
- ඔයා හොඳට කළා.</font>

130
00:08:01,940 --> 00:08:05,866
<font color="#ffdc20">ඒත් ඔයා පොඩ්ඩක් පැකිලුණා.</font>

131
00:08:07,170 --> 00:08:11,511
<font color="#ffdc20">මම බය වුණේ ඔයා සොන් හෝට කැමතියි කියයි කියලා.</font>

132
00:08:13,870 --> 00:08:16,810
<font color="#ffdc20">ගි ජොන්ග් තමයි බොරු කියන්න
මීට වඩා පුරුදු වෙන්න ඕනේ.</font>

133
00:08:16,810 --> 00:08:19,066
<font color="#ffdc20">එයා කේන්තියෙන් නෙවෙයි කිව්වට,
එයා හිටියේ හොඳටම තරහෙන්.</font>

134
00:08:19,066 --> 00:08:21,555
<font color="#ffdc20">මට හිතෙන්නේ මේ කිව්ව එක තමයි හරිම දේ.</font>

135
00:08:24,270 --> 00:08:26,210
<font color="#ffdc20">මේ පාර ඔයා හොඳට කළා.</font>

136
00:08:26,210 --> 00:08:29,070
<font color="#ffdc20">ඇත්තම කිව්වොත් අවංකව සහ
කෙලින් කතා කරන එක හොඳයි තමයි,</font>

137
00:08:29,070 --> 00:08:31,911
<font color="#ffdc20">ඒත් පනින්න පෙර සිතා බලන්න ඕනේ.</font>

138
00:08:31,911 --> 00:08:36,380
<font color="#ffdc20">ඔයා අවංක වෙලා කෙලින් කතා කරලා, අන්තිමට
ඒක විහිළුවක් වුණොත්, ඔයාට මැරෙන්න හිතෙයි.</font>

139
00:08:36,380 --> 00:08:39,777
<font color="#ffdc20">හැමතිස්සෙම තමන් ගැන මුලින්ම හිතන්න.</font>

140
00:08:43,320 --> 00:08:45,466
<font color="#ffdc20">දැන්, ආයෙත් පරණ විදියටම ඉන්න.</font>

141
00:08:45,466 --> 00:08:48,444
<font color="#ffdc20">සොන් හෝව ඔයාගේ සදාකාලික
ඒක පාර්ශවීය ආදරය විදියට තියාගන්න.</font>

142
00:08:48,444 --> 00:08:50,410
<font color="#ffdc20">ඒක හොඳයි නේද?</font>

143
00:08:50,410 --> 00:08:55,288
<font color="#ffdc20">ඒ උද්‍යෝගය, බඩේ සමනල්ලු දුවන එක
සහ ඉඳලා හිටලා හදවත ගැහෙන හැඟීම.</font>

144
00:09:02,330 --> 00:09:06,847
<font color="#ffdc20">[පද්ධතිය අක්‍රීය වී ඇත.]</font>

145
00:09:07,600 --> 00:09:09,730
<font color="#ffdc20">අපි මේ පැවරුමේ මරණය වෙනුවෙන් ශෝක වෙමු.</font>

146
00:09:09,730 --> 00:09:11,670
<font color="#ffdc20">අනේ, මාර කරදරයක්නේ!</font>

147
00:09:13,600 --> 00:09:16,755
<font color="#ffdc20">මම ඉවරයි.</font>

148
00:09:18,666 --> 00:09:20,800
<font color="#ffdc20">මේක දෛවයේ තීරණයක්.</font>

149
00:09:20,800 --> 00:09:22,880
<font color="#ffdc20">අපි බියර් එකක් බොමුද? හාද?</font>

150
00:09:22,880 --> 00:09:25,240
<font color="#ffdc20">අපිට මේක දෙන්න තව වෙලාව තියෙනවා.</font>

151
00:09:25,240 --> 00:09:27,330
<font color="#ffdc20">- ඉක්මනට මුල ඉඳන් පටන් ගන්න.
- හරි.</font>

152
00:09:27,330 --> 00:09:29,630
<font color="#ffdc20">මේක නම් ඔයාගේ සාමාන්‍ය හැටි.</font>

153
00:09:29,630 --> 00:09:33,777
<font color="#ffdc20">හරි, අපි ආයෙත් බලමු.</font>

154
00:09:36,933 --> 00:09:38,752
<font color="#ffdc20">ඒයි!</font>

155
00:09:40,800 --> 00:09:42,310
<font color="#ffdc20">- ඒයි...
- ඒයි, ඉන්න.</font>

156
00:09:42,310 --> 00:09:43,500
<font color="#ffdc20">හොලවන්න එපා.</font>

157
00:09:43,500 --> 00:09:44,820
<font color="#ffdc20">මගෙන් ලේ එනවද?</font>

158
00:09:44,820 --> 00:09:47,111
<font color="#ffdc20">වෙලාවට, ලේ එන්නේ නෑ.</font>

159
00:09:47,111 --> 00:09:49,955
<font color="#ffdc20">ඊළඟ පාර යනකොට බලාගෙන යන්න.</font>

160
00:09:55,644 --> 00:09:59,911
<font color="#ffdc20">මට ඔයා කෙල්ලෙක්. ඒකයි ප්‍රශ්නේ.</font>

161
00:10:02,816 --> 00:10:10,816
<font color="#ffdc20">[කූ සොන් හෝ, ඔයා මහා නරකයි!]</font>

162
00:10:12,711 --> 00:10:14,977
<font color="#ffdc20">ඒයි, සොන් හෝ.</font>

163
00:10:19,111 --> 00:10:20,533
<font color="#ffdc20">කෝපි ඩිලිවරි එක ආවා.</font>

164
00:10:20,533 --> 00:10:22,666
<font color="#ffdc20">මේ ඉන්නේ පළවෙනි වසරේ මගේ
කනිෂ්ඨ ශිෂ්‍යාව, කාන්ග් ජි වොන්.</font>

165
00:10:23,330 --> 00:10:25,822
<font color="#ffdc20">මම කූ සොන් හෝ, ග්යු රින්ගේ යාළුවෙක්.</font>

166
00:10:25,822 --> 00:10:29,650
<font color="#ffdc20">ළඟින් දැක්කම ඔයා ගොඩක්
ලස්සනයි. සාමාන්‍ය විදියට කතා කරන්න.</font>

167
00:10:29,650 --> 00:10:31,840
<font color="#ffdc20">ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
මේ ළමයා මට පිස්සු හැදෙව්වා,</font>

168
00:10:31,840 --> 00:10:35,370
<font color="#ffdc20">- එයාට ඔයාව අඳුරගන්න ඕනේ කියලා.
- ඇත්ත, මම පොඩි කලබලයක් කළා.</font>

169
00:10:35,370 --> 00:10:38,177
<font color="#ffdc20">මෙයා හරිම අහිංසක, හුරුබුහුටි ළමයෙක්.</font>

170
00:10:38,177 --> 00:10:42,133
<font color="#ffdc20">මියොන්ග් හුනුත් හොඳ ළමයෙක්.</font>

171
00:10:42,950 --> 00:10:45,980
<font color="#ffdc20">මට හොඳ කනිෂ්ඨ ශිෂ්‍යයෙක්ට
වඩා දෙයක් වෙන්න ඕනේ.</font>

172
00:10:46,888 --> 00:10:49,090
<font color="#ffdc20">මියොන්ග් හුන්, අහගන්න.</font>

173
00:10:49,090 --> 00:10:50,740
<font color="#ffdc20">මගේ ජීවිතේ 'හොඳ පිරිමි' අයට ඉඩක් නෑ.</font>

174
00:10:50,740 --> 00:10:53,770
<font color="#ffdc20">හොඳ යාළුවොයි, අයියලයි,
මල්ලිලාට විතරයි ඉඩ තියෙන්නේ.</font>

175
00:10:53,770 --> 00:10:55,960
<font color="#ffdc20">ඔයාට සීමාවේ ඉන්න බැරි නම්,
මම ඉන්නම්. බය වෙන්න එපා.</font>

176
00:10:55,960 --> 00:10:58,340
<font color="#ffdc20">ෂා, ඔයා මාර කෙල්ලෙක්නේ.</font>

177
00:10:58,340 --> 00:11:00,360
<font color="#ffdc20">සීමාවල් පේන්න නෑනේ.</font>

178
00:11:00,360 --> 00:11:01,650
<font color="#ffdc20">ඔයා කොහොමද හරියටම ඒකේ ඉන්නේ?</font>

179
00:11:01,650 --> 00:11:04,844
<font color="#ffdc20">ඒයි, මම ඉන්න කිව්වොත් ඉන්න.
මේක අණට අකීකරු වීමක්ද?</font>

180
00:11:04,844 --> 00:11:06,888
<font color="#ffdc20">මේක අකීකරු වීමක් නෙවෙයි,</font>

181
00:11:06,888 --> 00:11:09,310
<font color="#ffdc20">ඒක නිකන්... මම කැමතියි මාව හොඳ කනිෂ්ඨ
ශිෂ්‍යයෙක්ට වඩා හොඳ පිරිමියෙක් විදියට දකිනවට.</font>

182
00:11:09,310 --> 00:11:10,311
<font color="#ffdc20">මේක අකීකරු වීමක්.</font>

183
00:11:10,311 --> 00:11:13,860
<font color="#ffdc20">නීති තියෙන්නේ කඩන්න,
පොරොන්දු තියෙන්නේ වෙනස් කරන්න.</font>

184
00:11:13,860 --> 00:11:14,960
<font color="#ffdc20">ඇයි ඔයා කට ගහගෙන එන්නේ?</font>

185
00:11:14,960 --> 00:11:16,980
<font color="#ffdc20">ඔයා සීමාව පැන්නේ නැත්නම්, ප්‍රශ්නයක් නෑ.</font>

186
00:11:18,266 --> 00:11:19,880
<font color="#ffdc20">සීමාවල් තියෙන්නේ පනින්න!</font>

187
00:11:19,880 --> 00:11:21,822
<font color="#ffdc20">ඒවා තියෙන්නේ ආරක්ෂා කරන්න.</font>

188
00:11:25,420 --> 00:11:28,044
<font color="#ffdc20">එහෙනම් අපි යනවා.</font>

189
00:11:28,044 --> 00:11:30,530
<font color="#ffdc20">ග්යු රින්, අපි එහෙනම් යනවා.</font>

190
00:11:30,530 --> 00:11:36,622
<font color="#ffdc20">එයාට පැණි හලන එක
නවත්තන්න! හෙට හමුවෙමු. යමු.</font>

191
00:11:36,622 --> 00:11:38,760
<font color="#ffdc20">බයි.</font>

192
00:11:39,955 --> 00:11:43,288
<font color="#ffdc20">ඔය දෙන්නා ගැළපෙනවා.</font>

193
00:11:45,155 --> 00:11:48,210
<font color="#ffdc20">- යමු.
- කූ සොන් හෝ, ගෙදර යන්න.</font>

194
00:11:48,210 --> 00:11:50,311
<font color="#ffdc20">ඔයා මාව ඉස්සෙල්ලා ගෙදරට ඇරලුවොත්,
ඔයාට ආපහු ගොඩක් දුර යන්න වෙනවා.</font>

195
00:11:50,311 --> 00:11:54,780
<font color="#ffdc20">- යන්න. විකාර නටන්නේ නැතුව.
- තාම වේලාසනයි. මම තාම බිව්වෙත් නෑ.</font>

196
00:11:54,780 --> 00:11:58,533
<font color="#ffdc20">මම හොඳටම බිව්වම විතරක්
මගේ පුද්ගලික ජෙට් එක වෙන්න.</font>

197
00:12:04,240 --> 00:12:05,950
<font color="#ffdc20">අනේ, හරිම අවුල්.</font>

198
00:12:05,950 --> 00:12:08,380
<font color="#ffdc20">ඔච්චර සීරියස් වෙන්න එපා. මගේ
අත් කකුල් ගැන මොකද හිතන්නේ?</font>

199
00:12:08,380 --> 00:12:11,400
<font color="#ffdc20">ඒයි!</font>

200
00:12:11,400 --> 00:12:13,550
<font color="#ffdc20">මම මේවා කරන්නේ ඔයාගේ
අනාගත බිරිඳ ගැන දුක නොහිතෙන්නයි.</font>

201
00:12:13,550 --> 00:12:15,880
<font color="#ffdc20">මම ඔක්කොම වැඩ කරලා ඔයාගේ ඇටකටු
ගෙවුණට පස්සේ ඔයාව එයාට භාර දුන්නොත්?</font>

202
00:12:15,880 --> 00:12:19,777
<font color="#ffdc20">ඔයාට ඕන වෙලාවට ඔයාගේ ශක්තිය පාවිච්චි කරන්න
බැරි වුණොත්, මම ඔයාගේ පවුලේ හතුරෙක් වෙයි.</font>

203
00:12:23,866 --> 00:12:26,177
<font color="#ffdc20">නවත්තන්න ඕක.</font>

204
00:12:29,777 --> 00:12:31,377
<font color="#ffdc20">බයි.</font>

205
00:12:31,377 --> 00:12:34,980
<font color="#ffdc20">ආ ඇත්ත, මේ සතියේ සංකල්පය මොකද්ද?</font>

206
00:12:34,980 --> 00:12:38,622
<font color="#ffdc20">බයි, මගේ යාළු කූ සොන් හෝ. හෙට හමුවෙමු.</font>

207
00:12:45,530 --> 00:12:46,940
<font color="#ffdc20">මේ සතියේ සංකල්පය මොකක් වෙන්න ඕනෙද?</font>

208
00:12:46,940 --> 00:12:48,220
<font color="#ffdc20">යෝජනා භාරගනු ලැබේ!</font>

209
00:12:48,220 --> 00:12:49,244
<font color="#ffdc20">- රජුගේ කාන්තාව.
- පොත් සමාජය.</font>

210
00:12:49,244 --> 00:12:50,400
<font color="#ffdc20">- කවියෙකු සොයා.
- මානසික වේදනාව.</font>

211
00:12:50,400 --> 00:12:51,870
<font color="#ffdc20">- මෙන්න අපි ආයෙත් පටන් ගත්තා.
- සුළඟ සමඟ මුසු වී.</font>

212
00:12:51,870 --> 00:12:53,066
<font color="#ffdc20">කිසිම ප්‍රතිචාරයක් නෑ.</font>

213
00:12:53,066 --> 00:12:55,008
<font color="#ffdc20">මේක විනෝදයි.</font>

214
00:12:59,422 --> 00:13:02,590
<font color="#ffdc20">ඒත් ඇයි සොන් හෝ මුකුත් කියන්නේ නැත්තේ?</font>

215
00:13:02,590 --> 00:13:05,377
<font color="#ffdc20">ඇයි බේබ්ලූ මුකුත් කියන්නේ නැත්තේ?</font>

216
00:13:06,470 --> 00:13:10,720
<font color="#ffdc20">මම තීරණය වෙන ඕනම දේකට කැමතියි.</font>

217
00:13:10,720 --> 00:13:13,340
<font color="#ffdc20">එහෙම හරියන්නේ නෑ. පිළිගන්න බෑ.</font>

218
00:13:13,340 --> 00:13:15,330
<font color="#ffdc20">අපි දඬුවමක් දෙමු. මේ පාර
බේබ්ලූ තීරණය කරන්න ඕනේ.</font>

219
00:13:15,330 --> 00:13:19,777
<font color="#ffdc20">ඈ? මම?</font>

220
00:13:21,800 --> 00:13:22,930
<font color="#ffdc20">මේක බේබ්ලූගේ වාරය.</font>

221
00:13:22,930 --> 00:13:29,511
<font color="#ffdc20">බේබ්ලූ! බේබ්ලූ! බේබ්ලූ! බේබ්ලූ!</font>

222
00:13:36,928 --> 00:13:41,422
<font color="#ffdc20">ඒයි! නම් ගි ජොන්ග්! මුකුත් කියන්නේ
නැද්ද? ඇයි නිකන් හැංගිලා බලන් ඉන්නේ?</font>

223
00:13:43,111 --> 00:13:46,177
<font color="#ffdc20">ගි ජොන්ගුත් මුකුත් කියන්නේ නෑනේ.</font>

224
00:13:55,730 --> 00:13:58,660
<font color="#ffdc20">ඔව්...</font>

225
00:13:58,660 --> 00:14:00,800
<font color="#ffdc20">එයාලව පේන්නේ නෑ වගේ. හරියට නොපෙනී ඉන්නවා වගේ.</font>

226
00:14:00,800 --> 00:14:03,155
<font color="#ffdc20">මොකක්? මොකද්ද මේ?</font>

227
00:14:04,755 --> 00:14:06,933
<font color="#ffdc20">ඉන්න, මට අවධානය දෙන්න ඕනේ.</font>

228
00:14:09,740 --> 00:14:12,888
<font color="#ffdc20">ඒයි, ඔයාට දැන් කතා කරන්න පුළුවන්ද?</font>

229
00:14:14,720 --> 00:14:18,800
<font color="#ffdc20">හරිම විනිවිද පෙනෙනවා වගේ නේද?</font>

230
00:14:18,800 --> 00:14:25,066
<font color="#ffdc20">- මොකක්? එයා කොහෙද යන්නේ?
- මරු! එයා කොහෙද මේ යන්නේ?</font>

231
00:14:26,640 --> 00:14:30,933
<font color="#ffdc20">- ගි ජොන්ග්.
- මොකක්ද? මොකක්ද?</font>

232
00:14:30,933 --> 00:14:32,540
<font color="#ffdc20">ඔයා දැක්කා නේද SF ගෲප් චැට් එක?</font>

233
00:14:32,540 --> 00:14:36,580
<font color="#ffdc20">මේ සතියේ සංකල්පය තීරණය
කරන බරපතල වැඩේ මට පැවරුණා.</font>

234
00:14:36,580 --> 00:14:39,260
<font color="#ffdc20">ඕකේ ඔච්චර වැදගත්කම මොකද්ද?</font>

235
00:14:39,260 --> 00:14:42,400
<font color="#ffdc20">ඔයා බියෙනාලේ ප්‍රදර්ශනයකට යන්නද හදන්නේ?</font>

236
00:14:42,400 --> 00:14:45,550
<font color="#ffdc20">එහෙමත් නැත්නම් ඇකඩමි රතු පලසෙ යන්නද?</font>

237
00:14:45,550 --> 00:14:49,060
<font color="#ffdc20">එහෙමත් නැත්නම් ග්‍රැමී
වේදිකාවක් අධ්‍යක්ෂණය කරන්නද?</font>

238
00:14:49,060 --> 00:14:53,955
<font color="#ffdc20">ප්‍රශ්නේ කියන්නේ මම මීට කලින්
කවදාවත් කිසිම දේකට මූලිකත්වය අරන් නෑ.</font>

239
00:14:53,955 --> 00:14:58,533
<font color="#ffdc20">- ඒයි, ඔයා...
- ඒක නෙවෙයි. මම බයයි මම හැමෝවම කලකිරවයි කියලා.</font>

240
00:14:59,150 --> 00:15:01,090
<font color="#ffdc20">හැමෝම ඒකට අකමැති වුණොත්?</font>

241
00:15:01,090 --> 00:15:03,780
<font color="#ffdc20">එයාලා අකමැති වුණත් කැමතියි වගේ පෙන්නුවොත්?</font>

242
00:15:03,780 --> 00:15:05,955
<font color="#ffdc20">- ඒක මහ කරදරයක් වෙයි නේද?
- මෝඩයා.</font>

243
00:15:05,955 --> 00:15:08,380
<font color="#ffdc20">කොහොමද ඒක කරදරයක් වෙන්නේ?</font>

244
00:15:08,380 --> 00:15:12,088
<font color="#ffdc20">ඒයි, එහෙනම් සංකල්පය විදියට
'මහා චාටර් දේවල්' කියලා දාන්න.</font>

245
00:15:12,088 --> 00:15:15,040
<font color="#ffdc20">- එතකොට ප්‍රශ්නෙ ඉවරයි. චාටර් වෙන තරමට හොඳයි.
- ඈ?</font>

246
00:15:15,040 --> 00:15:18,970
<font color="#ffdc20">එතකොට හැමෝම බලයි එයාලට
පුළුවන් උපරිම චාටර් විදියට ඇඳගෙන එන්න.</font>

247
00:15:18,970 --> 00:15:21,850
<font color="#ffdc20">ග්‍රීන් පිග් දිහා බලන්නකෝ.</font>

248
00:15:21,850 --> 00:15:24,900
<font color="#ffdc20">ඔය ගෲප් එකේ ඉන්නවද කලකිරෙන්න
තරම් සාමාන්‍ය මිනිස්සු ටිකක්?</font>

249
00:15:24,900 --> 00:15:27,420
<font color="#ffdc20">- ආ...
- මොකක්ද 'ආ'?</font>

250
00:15:27,420 --> 00:15:30,920
<font color="#ffdc20">ඇයි ඔයා හැමදේටම ඔච්චර කලබල වෙන්නේ?</font>

251
00:15:30,920 --> 00:15:33,377
<font color="#ffdc20">නිකන් කරන්න. ඕන දෙයක්.</font>

252
00:15:34,355 --> 00:15:36,570
<font color="#ffdc20">- මේකයි මම කතා කළේ.
- මොකක්?</font>

253
00:15:36,570 --> 00:15:39,580
<font color="#ffdc20">මම කිව්වනේ ඇයි මට කතා කරන්න ඕන වුණේ කියලා.</font>

254
00:15:39,580 --> 00:15:42,577
<font color="#ffdc20">ඔයා එක්ක කතා කළාම හැමදේම ලේසියි වගේ.</font>

255
00:15:43,200 --> 00:15:48,100
<font color="#ffdc20">ඔයා එක්ක කතා කරද්දි මට ශක්තිමත්
බවක් දැනෙනවා. ඒකට තාර්කික හේතුවක් නෑ...</font>

256
00:15:48,100 --> 00:15:54,222
<font color="#ffdc20">ඒත් ඔයා පුදුමයක්. ස්තුතියි.</font>

257
00:15:54,222 --> 00:15:56,577
<font color="#ffdc20">මම මොකක්ද කරන්න ඕන කියලා
තීරණය කරන්න ඔයා උදව් කළා.</font>

258
00:15:57,333 --> 00:16:00,350
<font color="#ffdc20">හරි එහෙනම්. බායි.</font>

259
00:16:00,350 --> 00:16:03,288
<font color="#ffdc20">- ගි ජොන්ග්!
- මොකක්ද? ඇයි?</font>

260
00:16:04,222 --> 00:16:06,266
<font color="#ffdc20">ඔයා ඇත්තටම තරහින් නෙවෙයිද ඉන්නේ?</font>

261
00:16:14,044 --> 00:16:19,022
<font color="#ffdc20">ඔයා ඇත්තටම සොන් හෝට කැමති නෑ, නේද?</font>

262
00:16:19,955 --> 00:16:23,911
<font color="#ffdc20">- කට වහගන්නවා.
- නෑ.</font>

263
00:16:23,911 --> 00:16:28,090
<font color="#ffdc20">හරි. මටත් තරහක් නෑ. බායි.</font>

264
00:16:34,533 --> 00:16:37,511
<font color="#ffdc20">මම කොහොමහරි හිත හදාගත්තා.
ඇයි ආයෙමත් ඒක මතක් කරන්නේ?</font>

265
00:16:45,950 --> 00:16:49,088
<font color="#ffdc20">- මොකක් ගැනද? ආ?
- අයියෝ!</font>

266
00:16:50,880 --> 00:16:53,430
<font color="#ffdc20">කවුද සොන් හෝට කැමති?</font>

267
00:16:53,430 --> 00:16:55,060
<font color="#ffdc20">ඉන්න, කවුද සොන් හෝ කියන්නේ?</font>

268
00:16:55,060 --> 00:16:56,060
<font color="#ffdc20">ගු රින්ගේ යාළුවා,</font>

269
00:16:56,060 --> 00:16:57,820
<font color="#ffdc20">චිත්‍ර ක්ලබ් එකේ ඉන්න.</font>

270
00:16:57,820 --> 00:17:00,190
<font color="#ffdc20">එයාද? කවුද එයාට කැමති?</font>

271
00:17:00,190 --> 00:17:03,770
<font color="#ffdc20">මිස් පිගීද? අර මිස් පිගී එයාට කැමතිද?</font>

272
00:17:03,770 --> 00:17:07,333
<font color="#ffdc20">ආ... ඒකද ඔයා ඔය අවුලෙන් ඉන්නේ?</font>

273
00:17:07,333 --> 00:17:10,870
<font color="#ffdc20">මගේ අක්කා. මම කියන්නේ 'කොළ ඌරා' ගැන.</font>

274
00:17:10,870 --> 00:17:13,866
<font color="#ffdc20">නම් ගු රින්, සොන් හෝට කැමතියි.</font>

275
00:17:14,755 --> 00:17:18,060
<font color="#ffdc20">හරි. ඒක වෙන්න පුළුවන් දෙයක්නේ.</font>

276
00:17:18,060 --> 00:17:21,155
<font color="#ffdc20">ඒත් ඇයි ඔයා අවුලෙන් ඉන්නේ?</font>

277
00:17:22,444 --> 00:17:25,511
<font color="#ffdc20">මම එයාගේ මල්ලි නේ!</font>

278
00:17:25,511 --> 00:17:28,460
<font color="#ffdc20">ඉතින්, මට පොඩි දුකක් දැනෙනවා
ඇති, සමහරවිට ඒක වෙන්න ඇති.</font>

279
00:17:28,460 --> 00:17:31,066
<font color="#ffdc20">පොඩ්ඩක් හිතලා බලන්නකෝ ළමයි.</font>

280
00:17:32,400 --> 00:17:37,511
<font color="#ffdc20">ඔයා සොන් හෝට කැමතිද? සිරාවටම?</font>

281
00:17:38,190 --> 00:17:40,800
<font color="#ffdc20">ආ... ඒකයි ඔයා අවුලෙන් ඉඳලා තියෙන්නේ.</font>

282
00:17:40,800 --> 00:17:42,800
<font color="#ffdc20">නෑ! ඇත්තටම නෑ! නවත්තන්නකෝ ඕක!</font>

283
00:17:42,800 --> 00:17:45,511
<font color="#ffdc20">අපි යාළුවොනේ! මම ඇත්තමයි කියන්නේ.</font>

284
00:17:45,511 --> 00:17:47,333
<font color="#ffdc20">අපි යාළුවොයි කියන්න එපා!</font>

285
00:17:47,333 --> 00:17:49,555
<font color="#ffdc20">මගේ ළඟට එන්න එපා!</font>

286
00:17:52,488 --> 00:17:54,577
<font color="#ffdc20">මගේ කන්සෙප්ට් එක තමයි...</font>

287
00:17:57,288 --> 00:18:00,355
<font color="#ffdc20">මගේ මුළු ජීවිත කාලෙටම කරලා නැති දෙයක්.</font>

288
00:18:02,400 --> 00:18:05,288
<font color="#ffdc20">ඒ වගේම ආයෙ කවදාවත් කරන එකකුත් නෑ.</font>

289
00:18:05,288 --> 00:18:08,177
<font color="#ffdc20">මොකද මම අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා.</font>

290
00:18:10,444 --> 00:18:17,911
<font color="#ffffff"><i><b>G.O.A.T. G.O.A.T.</b></i></font>

291
00:18:17,911 --> 00:18:22,130
<font color="#ffdc20">මැරෙන්න කලින් එක පාරක්
කරලා බලමු, 'ගර්ල් ක්‍රෂ්' (Girl crush).</font>

292
00:18:22,130 --> 00:18:25,870
<font color="#ffffff"><i><b>♫මම තමයි මෙතන වැදගත්ම කෙනා♫</b></i></font>

293
00:18:25,870 --> 00:18:27,644
<font color="#ffffff"><i><b>♫මම දැන් මගේ වැඩ පෙන්වන්නයි යන්නේ♫</b></i></font>

294
00:18:27,644 --> 00:18:28,730
<font color="#ffffff"><i><b>♫ඉක්මන් කළොත් හොඳයි♫</b></i></font>

295
00:18:28,730 --> 00:18:31,650
<font color="#ffffff"><i><b>♫තව මොකද බලන් ඉන්නේ♫</b></i></font>

296
00:18:31,650 --> 00:18:34,360
<font color="#ffffff"><i><b>♫ඔයාට ඉන්න හොඳම කෙනා මමයි♫</b></i></font>

297
00:18:35,466 --> 00:18:38,844
<font color="#ffdc20">- බේබ්ලූ!
- හලෝ.</font>

298
00:18:40,444 --> 00:18:44,533
<font color="#ffdc20">- බේබ්ලූ, වෙනස් වෙන්න ලෑස්තිද?
- ඔව්.</font>

299
00:18:46,222 --> 00:18:48,577
<font color="#ffdc20">මේක නම් සම්පූර්ණයෙන්ම උ
යොන්ගේ ස්ටයිල් එකක්. උ යොන්!</font>

300
00:18:48,577 --> 00:18:50,710
<font color="#ffdc20">මේක මාර හිප් පාටයි. මාර කූල්.</font>

301
00:18:50,710 --> 00:18:53,422
<font color="#ffdc20">- මේක කොහොමද?
- මේක ඊට වඩා හොඳයි වගේ.</font>

302
00:19:02,577 --> 00:19:04,480
<font color="#ffdc20">මේක හරියන්නේ නැද්ද? එහෙනම් මොකක්ද?</font>

303
00:19:25,644 --> 00:19:28,740
<font color="#ffdc20">මේක 'ගර්ල් ක්‍රෂ්' (Girl
crush) කන්සෙප්ට් එකක්නේ.</font>

304
00:19:28,740 --> 00:19:31,100
<font color="#ffdc20">ඒත් ඇයි මෙයා මොක ඇන්දත් කියුට් පෙනුමක් තියෙන්නේ?</font>

305
00:19:37,555 --> 00:19:40,400
<font color="#ffdc20">ඉන්නකෝ. මම එකක් ට්‍රයි කරලා බලන්නම්.</font>

306
00:19:41,422 --> 00:19:46,130
<font color="#ffdc20">ටඩා! නියමෙටම තියෙනවා. නේද?</font>

307
00:19:46,130 --> 00:19:47,930
<font color="#ffdc20">මම මීට කලින් මේ කොණ්ඩ මෝස්තරේ දාලා නෑ.</font>

308
00:19:47,930 --> 00:19:49,800
<font color="#ffdc20">මම හිතන්නේ ඒක ලස්සනයි.</font>

309
00:19:49,800 --> 00:19:53,090
<font color="#ffdc20">ඉන්න, මම ආසාවෙන් හිටපු
ඇඳුමක් තිබුණා. පොඩ්ඩක් ඉන්නකෝ.</font>

310
00:19:53,090 --> 00:19:54,977
<font color="#ffdc20">මමත් එකක් තෝරාගත්තා.</font>

311
00:20:11,822 --> 00:20:15,777
<font color="#ffdc20">ඇත්තම කිව්වොත්, මම කවදාවත්
හරියට ෂොපින් ගිහිල්ලා නෑ.</font>

312
00:20:22,080 --> 00:20:27,060
<font color="#ffdc20">- ටඩා! කොහොමද පෙනුම?
- හ්ම්, ලස්සනයි වගේම කියුට්.</font>

313
00:20:27,060 --> 00:20:31,130
<font color="#ffdc20">යාළුවොත් එක්ක ෂොපින් ගියාම
වුණත්, අන්තිමට මගේ අතේ මුකුත් නෑ.</font>

314
00:20:31,130 --> 00:20:33,244
<font color="#ffdc20">හැමතිස්සෙම වුණේ මම එයාලා
කියන දේට හා කියන එක විතරයි.</font>

315
00:20:33,244 --> 00:20:35,890
<font color="#ffdc20">සොන්ග්, ඔයා මුකුත් ගන්නේ නැද්ද?</font>

316
00:20:35,890 --> 00:20:38,844
<font color="#ffdc20">ඔයා කිව්වනේ අරක ලස්සනයි කියලා.
අඩුම ගානේ ඇඳලවත් බලන්නකෝ.</font>

317
00:20:44,380 --> 00:20:46,133
<font color="#ffdc20">මම ආස ඇඳුමක් දැක්කත්...</font>

318
00:20:46,133 --> 00:20:50,070
<font color="#ffdc20">නෑ, ඒක මට ලස්සනට තියෙන එකක් නෑ.</font>

319
00:20:50,070 --> 00:20:54,711
<font color="#ffdc20">ඉතින් මම හැමතිස්සෙම ගත්තේ කාගෙවත්
ඇහැට නොවැදෙන ඇඳුම්, හරියට මම වගේම.</font>

320
00:20:57,822 --> 00:20:59,955
<font color="#ffdc20">ඇයි? ඔයා ඒකට කැමතිද?</font>

321
00:21:00,610 --> 00:21:03,060
<font color="#ffdc20">මම නිකන් හිතුවා ඒක ලස්සනයි කියලා.</font>

322
00:21:03,060 --> 00:21:06,230
<font color="#ffdc20">- මට මේ ස්ටයිල් එක ට්‍රයි කරන්න ආසාවක් තිබුණා.
- එහෙනම්, ට්‍රයි කරලා බලන්න.</font>

323
00:21:06,230 --> 00:21:08,355
<font color="#ffdc20">ඇඳුම් ගැන දැනගන්න නම් ඇඳලම බලන්න ඕන.</font>

324
00:21:08,355 --> 00:21:12,177
<font color="#ffdc20">- නෑ, මම කවදාවත් මේ වගේ ඇඳුම් ඇඳලා නෑ...
- අපි මේක ට්‍රයි කරමු.</font>

325
00:21:24,310 --> 00:21:27,480
<font color="#ffdc20">- ඒක කැතයිද?
- නෑ, පොඩ්ඩක්වත් නෑ.</font>

326
00:21:27,480 --> 00:21:29,280
<font color="#ffdc20">ඔයා කැමතිද?</font>

327
00:21:31,940 --> 00:21:34,910
<font color="#ffdc20">- ඔව්! ගොඩක්.
- එහෙනම් වැඩේ ඉවරයිනේ.</font>

328
00:21:34,910 --> 00:21:37,210
<font color="#ffdc20">- ෂොපින් කළා ඉවරයි. මෙයා මේක අඳිනවා.
- ඉන්නකෝ පොඩ්ඩක්.</font>

329
00:21:37,210 --> 00:21:40,133
<font color="#ffdc20">ඇයි? ප්‍රශ්නයක්ද?</font>

330
00:21:40,133 --> 00:21:42,620
<font color="#ffdc20">මම කල්පනා කළේ මීට වඩා
චාම් එකක් ගන්න ඕනද කියලා.</font>

331
00:21:42,620 --> 00:21:45,066
<font color="#ffdc20">කොහොමත් මම ඒක වැඩිය අඳින එකක් නෑනේ.</font>

332
00:21:45,066 --> 00:21:46,720
<font color="#ffdc20">ඔයා අනාගතෙන්ද ආවේ?</font>

333
00:21:46,720 --> 00:21:49,070
<font color="#ffdc20">කලින්ම වැඩේ අතාරිනවද? ඕක නරක පුරුද්දක්.</font>

334
00:21:49,070 --> 00:21:53,370
<font color="#ffdc20">ඉතින් මොකද? එක පාරක් හරි අඳින්නකෝ. යමු!</font>

335
00:21:53,370 --> 00:21:55,740
<font color="#ffdc20">ඇයි ඔයා හැම දේකටම ඔච්චර බයෙන් ඉන්නේ?</font>

336
00:21:55,740 --> 00:21:58,110
<font color="#ffdc20">නිකන් කරලා බලන්නකෝ.</font>

337
00:21:58,110 --> 00:22:01,466
<font color="#ffdc20">එහෙනම් මම මේක ඇඳගෙනම යනවා.</font>

338
00:22:06,844 --> 00:22:11,030
<font color="#ffdc20">ෂා, බලන්නකෝ ඒගොල්ලන්ගේ ලස්සන. එයාලා මොඩල්ලාද?</font>

339
00:22:11,030 --> 00:22:13,470
<font color="#ffdc20">අම්මෝ, මාර ලස්සනයිනේ.</font>

340
00:22:13,470 --> 00:22:17,955
<font color="#ffdc20">ඒයි, අර ඉන්නේ අර ලූසර් කෙල්ල නේද?</font>

341
00:22:18,800 --> 00:22:21,333
<font color="#ffdc20">ඈ? වෙන්න බෑ.</font>

342
00:22:25,090 --> 00:22:26,430
<font color="#ffdc20">ඒක මරු.</font>

343
00:22:26,430 --> 00:22:30,150
<font color="#ffdc20">එයා තනියම හිටියා නම් මම අනිවාර්යයෙන්ම
ගාණක් කඩාගන්නවා. කමක් නෑ ඕනෙ නෑ.</font>

344
00:22:30,150 --> 00:22:31,750
<font color="#ffdc20">ආන් යේ රිම්ගෙන් තාම ආරංචියක් නැද්ද?</font>

345
00:22:31,750 --> 00:22:33,288
<font color="#ffdc20">එයා අද එනවද නැද්ද?</font>

346
00:22:33,288 --> 00:22:37,155
<font color="#ffdc20">අයියෝ! මට මැසේජ් එකක් ආවා.
එයාට එන්න වෙන්නේ නැහැලු.</font>

347
00:22:41,555 --> 00:22:44,768
<font color="#ffdc20">ෂික්, මහ කරදරයක්නේ. මෙච්චර
වෙලා අපිව රස්තියාදු කරානේ.</font>

348
00:22:44,768 --> 00:22:47,420
<font color="#ffdc20">හරි. ඊළඟ පෝස් එක.</font>

349
00:22:48,790 --> 00:22:51,111
<font color="#ffdc20">අපි නිකන් අත් බැඳගෙන ඉන්න ට්‍රයි කරමු.</font>

350
00:22:54,590 --> 00:22:55,750
<font color="#ffdc20">අපි පොඩි බ්‍රේක් එකක් ගමු.</font>

351
00:22:55,750 --> 00:22:57,580
<font color="#ffdc20">අපි තාම හරියට පටන්
ගත්තෙවත් නෑනේ! දැන්ම බ්‍රේක් ද?</font>

352
00:22:57,580 --> 00:22:59,130
<font color="#ffdc20">අපි දිගටම කරගෙන යමු.</font>

353
00:22:59,130 --> 00:23:00,420
<font color="#ffdc20">- ඉක්මනට.
- පොඩි විවේකයක් ගමු.</font>

354
00:23:00,420 --> 00:23:02,666
<font color="#ffdc20">යේ රිම්වත් මුකුත් කියන්නේ නෑනේ.</font>

355
00:23:02,666 --> 00:23:04,220
<font color="#ffdc20">රස්නෙයි හලෝ. විනාඩි පහක්
විතර රෙස්ට් කරමු. සිරාවටම.</font>

356
00:23:04,220 --> 00:23:06,688
<font color="#ffdc20">ඒයි, ලොක්කා කතා කරනවනේ මෙතන.</font>

357
00:23:06,688 --> 00:23:09,020
<font color="#ffdc20">උඹ එන්නේ නැද්ද? එනවද නැද්ද?</font>

358
00:23:09,020 --> 00:23:10,820
<font color="#ffdc20">මම ගිහින් එයාව ඇදගෙන එන්නම්.</font>

359
00:23:10,820 --> 00:23:12,730
<font color="#ffdc20">විනාඩි පහක් රෙස්ට් කරමුකෝ.</font>

360
00:23:12,730 --> 00:23:14,390
<font color="#ffdc20">අපිට ඕන තරම් වෙලාව තියෙනවනේ.</font>

361
00:23:14,390 --> 00:23:18,044
<font color="#ffdc20">හරි හරි. රෙස්ට් කරමු.</font>

362
00:23:27,140 --> 00:23:29,900
<font color="#ffdc20">[ආ! ඔයා උ යොන්ව හම්බුණාද?]</font>

363
00:23:35,511 --> 00:23:38,622
<font color="#ffdc20">අම්මෝ, මේ දවස්වල රස්නේ පිස්සු හැදෙනවා.</font>

364
00:23:42,304 --> 00:23:47,244
<font color="#ffdc20">- ඇයි ඔයාගේ ක්‍රෂ් එකත් එක්ක මොකුත් වෙන්නේ නැත්තේ?
- නවත්තගන්නවා ඕක.</font>

365
00:23:47,244 --> 00:23:50,533
<font color="#ffdc20">- සහෝදරයෝ දෙන්නෙක් එක කොල්ලෙක්ට රණ්ඩු වෙනවා?
- විකාරනේ.</font>

366
00:23:50,533 --> 00:23:52,720
<font color="#ffdc20">- මගේ පපුව රිදෙනවා.
- රිදෙනවා තමයි.</font>

367
00:23:52,720 --> 00:23:55,422
<font color="#ffdc20">- මේක හරි බෝරින්.
- මේක මාර ජොලි! ඇත්තටම!</font>

368
00:23:55,422 --> 00:23:58,220
<font color="#ffdc20">ඒත් දන්නවනේ, සොන් හෝයි ගු
රිනුයි ගොඩක් කල් ඉඳන් ක්ලෝස් කියලා.</font>

369
00:23:58,220 --> 00:24:00,800
<font color="#ffdc20">එයාලා මිඩ්ල් ස්කූල් කාලේ ඉඳන්ම යාළුවෝ.</font>

370
00:24:00,800 --> 00:24:04,000
<font color="#ffdc20">ඔයා කොහොමද එයාලා මැද්දට යන්නේ?</font>

371
00:24:04,000 --> 00:24:06,000
<font color="#ffdc20">ඔයා තාම කැමතියි කිව්වේ නෑ නේද?</font>

372
00:24:06,000 --> 00:24:11,280
<font color="#ffdc20">කියන්න එපා! කියන්න නම් එපා. ප්ලීස්.</font>

373
00:24:11,280 --> 00:24:16,088
<font color="#ffdc20">එහෙම කරලා කැත විදිහට ප්‍රතික්ෂේප වුණොත්,
ඔයා ආයෙත් අල්මාරියේ ඔළුව ගගහා කෑගහයි.</font>

374
00:24:18,580 --> 00:24:21,288
<font color="#ffdc20">- ඔයා ඇත්තටම කැමතියි කිව්වද?
- දෙයියනේ, මම බය වුණා.</font>

375
00:24:22,755 --> 00:24:25,866
<font color="#ffdc20">ඔයා දිගටම ඕක කරන්නද
කල්පනාව? ඒකේ කිසි විහිළුවක් නෑ.</font>

376
00:24:27,200 --> 00:24:28,910
<font color="#ffdc20">ඇයි මොකක්ද විහිළුවක් නැත්තේ?</font>

377
00:24:28,910 --> 00:24:31,377
<font color="#ffdc20">ගි ජොන්ග් කෙල්ලෙක්ට කැමති වෙලා.</font>

378
00:24:32,888 --> 00:24:35,822
<font color="#ffdc20">- තේ සොන්, දේ ඕ, මෙහෙ එන්න.
- ඔව්?</font>

379
00:24:45,030 --> 00:24:47,540
<font color="#ffdc20">ඔයාගේ ෆෝන් එක කැඩිලද?</font>

380
00:24:47,540 --> 00:24:52,360
<font color="#ffdc20">නෑ. මට සෙල්ෆි එවන එක නවත්තන්න.</font>

381
00:24:52,360 --> 00:24:53,550
<font color="#ffdc20">මොකද ඔයා රිප්ලයි කරන්නේ නෑනේ.</font>

382
00:24:53,550 --> 00:24:57,210
<font color="#ffdc20">මම පෙනුම හොඳද අහ අහා මැසේජ්
කරනවා, ඔයා ගණන් ගන්නේ නෑ.</font>

383
00:24:57,210 --> 00:24:59,920
<font color="#ffdc20">- ඇයි ඔයා රිප්ලයි කරන්නේ නැත්තේ?
- ඇයි ඔයා මගෙන් ඕක අහන්නේ?</font>

384
00:24:59,920 --> 00:25:02,177
<font color="#ffdc20">කණ්ණාඩියෙන් බැලුවා නම් ඔයාටම පේනවනේ.</font>

385
00:25:03,400 --> 00:25:06,577
<font color="#ffdc20">මට ඒක ඔයාගෙන් අහගන්න ඕන, එච්චරයි.</font>

386
00:25:10,266 --> 00:25:14,711
<font color="#ffdc20">- තව ඇඳුම් කීයක් තියෙනවද?
- පහක්. ඇයි?</font>

387
00:25:17,600 --> 00:25:19,155
<font color="#ffdc20">මම විනාඩි තිහෙන් ඉවර කරන්නම්.</font>

388
00:25:19,155 --> 00:25:22,810
<font color="#ffdc20">ඔයා ඉවර කරනවා? ෂා, මෙන්න ලොකු වැඩ්ඩෙක්
ඇවිල්ලා. ඔයා කවුරු කියලද හිතාගෙන ඉන්නේ?</font>

389
00:25:22,810 --> 00:25:23,950
<font color="#ffdc20">කියන විදිහට මම කරන්නම්.</font>

390
00:25:23,950 --> 00:25:26,380
<font color="#ffdc20">අත් අල්ලගන්න හරි, කරට අත
දාන්න හරි ඕනම දෙයක් මම කරන්නම්.</font>

391
00:25:26,380 --> 00:25:29,830
<font color="#ffdc20">ඔයාලට ඕන එකට වඩා සැර
පෝස් එකක් වුණත් මට පුළුවන්.</font>

392
00:25:29,830 --> 00:25:32,444
<font color="#ffdc20">එළ! නෙක්ස්ට් පෝස්!</font>

393
00:25:34,304 --> 00:25:36,512
<font color="#ffdc20">හරි.</font>

394
00:25:39,730 --> 00:25:41,866
<font color="#ffdc20">ආ, මේක මරු.</font>

395
00:25:42,880 --> 00:25:47,644
<font color="#ffdc20">හොඳයි. තව! තව චුට්ටක්.</font>

396
00:25:49,911 --> 00:25:51,540
<font color="#ffdc20">හරි, ගත්තා!</font>

397
00:25:51,540 --> 00:25:54,133
<font color="#ffdc20">ෂොට් එක ගත්තා. අපි ඉවරයි.</font>

398
00:25:54,133 --> 00:25:56,940
<font color="#ffdc20">ඉවරද? අපි ඉවරයිනේ? බායි.</font>

399
00:25:57,644 --> 00:26:00,330
<font color="#ffdc20">- ඒයි! ඉස්සෙල්ලා ඇඳුම් මාරු කරගන්න.
- මට පරක්කු වෙලා.</font>

400
00:26:00,330 --> 00:26:02,355
<font color="#ffdc20">ඒයි, කොහෙද මේ දුවන්නේ?</font>

401
00:26:03,511 --> 00:26:05,511
<font color="#ffdc20">මොකක්ද මේ හදිස්සිය?</font>

402
00:26:18,220 --> 00:26:23,240
<font color="#ffdc20">ලස්සනයි. රෝස පාට හෙයාපීස්
එක නිසා ඒක නියමෙට තියෙනවා.</font>

403
00:26:23,240 --> 00:26:25,200
<font color="#ffdc20">ඇත්තටම?</font>

404
00:26:25,200 --> 00:26:28,896
<font color="#ffdc20">අපි මෙතන ඉවරයි. අපි ඉස්සරහට යනවා.</font>

405
00:26:28,896 --> 00:26:31,288
<font color="#ffdc20">අපි ගිහින් වැඩ ඉවර කරන්නම්.</font>

406
00:26:37,066 --> 00:26:39,650
<font color="#ffffff"><i><b>♫ඔයා ගොඩක් වෙලා බලන් හිටියා, මම පරක්කුයි♫</b></i></font>

407
00:26:39,650 --> 00:26:44,540
<font color="#ffffff"><i><b>♫මට සමා වෙන්න, මම මේකට
අලුත්, දැනගෙන හිටියේ නෑ♫</b></i></font>

408
00:26:44,540 --> 00:26:47,777
<font color="#ffffff"><i><b>♫ඒ ඔයා නිසා, මම ඔයාට කැමති නිසාම♫</b></i></font>

409
00:26:47,777 --> 00:26:52,790
<font color="#ffffff"><i><b>♫වචනවලින් කියන්න බෑ♫</b></i></font>

410
00:26:52,790 --> 00:26:53,800
<font color="#ffdc20">නම් ගි ජොන්ග්?</font>

411
00:26:53,800 --> 00:26:56,355
<font color="#ffffff"><i><b>♫වෙන ක්‍රමයක් නෑ♫</b></i></font>

412
00:26:57,422 --> 00:26:59,555
<font color="#ffdc20">ඔයා කිව්වා නේද පාට් ටයිම් ජොබ්
එක නිසා අද එන්න වෙන්නේ නෑ කියලා.</font>

413
00:27:01,866 --> 00:27:05,170
<font color="#ffffff"><i><b>♫මම ඒ හැමදේම මෙතන හිර කරගත්තා♫</b></i></font>

414
00:27:14,088 --> 00:27:15,911
<font color="#ffdc20">ඒක කලින් ඉවර වුණා.</font>

415
00:27:17,000 --> 00:27:18,000
<font color="#ffdc20">'කෙලවුණු' කන්සෙප්ට් එක, කොහොමද?</font>

416
00:27:18,000 --> 00:27:20,000
<font color="#ffdc20">'චාටර් වෙච්ච දේවල්' කන්සෙප්ට් එක.</font>

417
00:27:20,622 --> 00:27:23,680
<font color="#ffdc20">මොන වගේ 'චාටර් වෙච්ච' කන්සෙප්ට් එකක්ද මේ?</font>

418
00:27:23,680 --> 00:27:28,800
<font color="#ffdc20">මට 'ගර්ල් ක්‍රෂ්' එකට වඩා තව මොනවද 'චාටර්' වෙන්න
තියෙන්නේ? කොහොමද? කන්සෙප්ට් එකට ගැලපෙනවා නේද?</font>

419
00:27:30,020 --> 00:27:34,577
<font color="#ffdc20">- මම දන්නේ නෑ.
- ඔයා ආවද? මම හිතුවේ ඔයාට එන්න බැරි වෙයි කියලා.</font>

420
00:27:36,970 --> 00:27:40,000
<font color="#ffdc20">ඇයි අරූ ආයෙමත් අතනින් බැහැලා එන්නේ?</font>

421
00:27:40,000 --> 00:27:44,000
<font color="#ffdc20">- හලෝ.
- උ යොනුයි මගෙයි අද එක වගේ වයිබ් එකක් තියෙන්නේ නේද?</font>

422
00:27:45,022 --> 00:27:46,800
<font color="#ffdc20">ඒක ඔයාට ලස්සනට තියෙනවා.</font>

423
00:27:46,800 --> 00:27:50,280
<font color="#ffdc20">ඇත්තටම? අර කෙල්ලෝ තමයි
මට ලෑස්ති වෙන්න උදව් කළේ.</font>

424
00:27:50,280 --> 00:27:52,260
<font color="#ffdc20">යමු, මිස් පිගී.</font>

425
00:27:52,260 --> 00:27:53,370
<font color="#ffdc20">යමු, ආ?</font>

426
00:27:53,370 --> 00:27:57,688
<font color="#ffdc20">කොහෙද? අද මෙතනද තියෙන්නේ? මෙතන?</font>

427
00:27:57,688 --> 00:27:59,620
<font color="#ffdc20">ආ, මෙතන තමා.</font>

428
00:28:02,208 --> 00:28:03,555
<font color="#ffdc20">ඇයි ඔයා මල පැනලා?</font>

429
00:28:03,555 --> 00:28:06,088
<font color="#ffdc20">ඇත්තටම පුදුම විදිහට ඒක එයාට ගැලපෙනවා.</font>

430
00:28:06,790 --> 00:28:08,700
<font color="#ffdc20">කාටද ගැලපෙන්නේ?</font>

431
00:28:09,370 --> 00:28:11,911
<font color="#ffdc20">ඔයා එහා මෙහා යනකොට පොඩි සද්දයක් එන්න ඕන.</font>

432
00:28:12,844 --> 00:28:15,670
<font color="#ffdc20">අද මගේ පෙනුම කොහොමද? මාරයි නේද?</font>

433
00:28:15,670 --> 00:28:18,910
<font color="#ffdc20">ඔව්, මාරම මාරයි.</font>

434
00:28:27,320 --> 00:28:29,220
<font color="#ffdc20">මේක දාගන්න.</font>

435
00:28:34,960 --> 00:28:37,370
<font color="#ffdc20">ඒයි! මොකද කරන්නේ? මේක
මගේ කන්සෙප්ට් එකේ කොටසක්.</font>

436
00:28:37,370 --> 00:28:40,577
<font color="#ffdc20">ඔයාට හෙම්බිරිස්සාව හැදෙයි. පස්සේ
අපි වැඩ පටන් ගත්තම ඕක මට දෙන්න.</font>

437
00:28:52,133 --> 00:28:53,955
<font color="#ffdc20">මට පේන්නේ අදත් ඔයා ගුටි කන පාටක් තියෙන්නේ.</font>

438
00:28:57,440 --> 00:28:59,644
<font color="#ffdc20">හරි, අපි පටන් ගමුද?</font>

439
00:29:06,666 --> 00:29:08,755
<font color="#ffdc20">ඒයි! අයින් වෙනවා.</font>

440
00:29:08,755 --> 00:29:10,470
<font color="#ffdc20">මේක මගේ තැන, හරිද?</font>

441
00:29:10,470 --> 00:29:12,320
<font color="#ffdc20">එළියට. පලයන් එළියට.</font>

442
00:29:12,320 --> 00:29:15,260
<font color="#ffdc20">ඒයි, මම මගේ ස්කෙච්බුක්
එක තියලා මේක අල්ලගත්තේ.</font>

443
00:29:38,177 --> 00:29:40,960
<i><font color="#ffffff"><b>♫ඔයා දීප්තිමත්ව බැබළෙනවා♫</b></font></i>

444
00:29:40,960 --> 00:29:47,460
<i><font color="#ffffff"><b>♫මගේ හිත එළිය කරන තරුවක් වගේ♫</b></font></i>

445
00:29:47,460 --> 00:29:52,622
<i><font color="#ffffff"><b>♫ඔයාගෙම ආලෝකයෙන්, ඔයාගෙම පාටවලින්♫</b></font></i>

446
00:29:52,622 --> 00:29:59,520
<i><font color="#ffffff"><b>♫මුළු ලෝකයම වගේම මගේ හීනත් ලස්සනෙන් පුරවනවා♫</b></font></i>

447
00:30:09,060 --> 00:30:10,933
<font color="#ffdc20">මගේ පැන්සල කැඩුනා.</font>

448
00:30:13,180 --> 00:30:14,860
<font color="#ffdc20">මට පැන්සලක් දෙන්නකෝ.</font>

449
00:30:14,860 --> 00:30:17,190
<font color="#ffdc20">ඒයි, මම මේක පාවිච්චි කරනවා.</font>

450
00:30:22,577 --> 00:30:24,640
<font color="#ffdc20">හරි, තව විනාඩියයි තියෙන්නේ.</font>

451
00:30:27,200 --> 00:30:29,490
<font color="#ffdc20">මේක නම් කලාකෘතියක්. නියම කලාකෘතියක්!</font>

452
00:30:29,490 --> 00:30:32,044
<font color="#ffdc20">මම ඒ කොස්ප්ලේ තීම් එකට ආසයි.</font>

453
00:30:34,100 --> 00:30:36,088
<font color="#ffdc20">බලන්න, බලන්න!</font>

454
00:30:36,088 --> 00:30:38,350
<font color="#ffdc20">ඒත් කෝ බේබ්ලූගේ චිත්‍රේ?</font>

455
00:30:41,200 --> 00:30:43,111
<font color="#ffdc20">ඇයි ඔයා ඔහොම?</font>

456
00:30:47,200 --> 00:30:48,860
<font color="#ffdc20">කෝ බලන්න.</font>

457
00:30:48,860 --> 00:30:50,950
<font color="#ffdc20">මම ඇඳලා ඒක නාගත්තා.</font>

458
00:30:50,950 --> 00:30:53,030
<font color="#ffdc20">කමක් නෑ. ඒකෙ අවුලක් නෑ.</font>

459
00:30:53,030 --> 00:30:54,350
<font color="#ffdc20">නෑ, ඒකේ අවුලක් තියෙනවා.</font>

460
00:30:54,350 --> 00:30:59,955
<font color="#ffdc20">පටන් අරන් තාම ටික කාලයනේ, අනික
මම කිව්වනේ කැත වුනාට කමක් නෑ කියලා.</font>

461
00:31:10,144 --> 00:31:12,000
<font color="#ffdc20">මේ මමද?</font>

462
00:31:12,755 --> 00:31:14,666
<font color="#ffdc20">මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ, කොළ ඌරෝ?</font>

463
00:31:14,666 --> 00:31:17,410
<font color="#ffdc20">ඔයාව ආයිමත් හදන්න ඕනේ!</font>

464
00:31:26,977 --> 00:31:32,888
<font color="#ffdc20">අහගන්න බේබ්ලු. දක්ෂකමට වඩා
ආත්ම විශ්වාසය වැදගත්. තේරුණාද?</font>

465
00:31:34,300 --> 00:31:36,240
<font color="#ffdc20">යමු.</font>

466
00:31:36,960 --> 00:31:38,844
<font color="#ffdc20">වට වෙන්නකෝ.</font>

467
00:31:39,550 --> 00:31:42,400
<font color="#ffdc20">ඇති දැන්. හරි, නවත්තන්න.</font>

468
00:31:43,500 --> 00:31:45,377
<font color="#ffdc20">කෝ බලන්න.</font>

469
00:31:49,060 --> 00:31:51,777
<font color="#ffdc20">මේ ඉරි වල මාර ගැම්මක් තියෙන්නේ.</font>

470
00:31:55,350 --> 00:31:58,500
<font color="#ffdc20">ම්ම්, බලන් ගියාම ඔයා 'පවර්-ටයිප්' කෙනෙක්නේ.</font>

471
00:31:58,500 --> 00:32:02,190
<font color="#ffdc20">ඔයා 'පිටින් මෘදුයි, ඇතුළින්
ශක්තිමත්' වගේද? මොකක්ද කිව්වේ?</font>

472
00:32:02,190 --> 00:32:03,190
<font color="#ffdc20">සමානුපාතයත් හොඳයි.</font>

473
00:32:03,190 --> 00:32:06,830
<font color="#ffdc20">වැඩිය කල් අඳින්නේ නැති කෙනෙක්ට
සාපේක්ෂව මේක ඇත්තටම නියමයි.</font>

474
00:32:06,830 --> 00:32:09,440
<font color="#ffdc20">ඔයාගේ ඇතුලේ තියෙන අවුල් සහගත බව හොඳට පේනවා.</font>

475
00:32:09,440 --> 00:32:12,090
<font color="#ffdc20">යොවුන් වියේ කුණාටු සමයෙන් බලාපොරොත්තු වෙනවා වගේමයි.</font>

476
00:32:13,111 --> 00:32:15,822
<font color="#ffdc20">කුණාටු, කුණාටු... ඔයා වැඩකාරයෙක් වෙයි.</font>

477
00:32:16,440 --> 00:32:17,720
<font color="#ffdc20">වෙන්න බෑ...</font>

478
00:32:17,720 --> 00:32:20,980
<font color="#ffdc20">එහෙම වෙන්න බෑ. නෑ, ඇත්තටම,</font>

479
00:32:20,980 --> 00:32:24,622
<font color="#ffdc20">හැමෝගෙම ඇස් වලට මොකද වෙලා
තියෙන්නේ? මේක ගැන මොකද... කෝ?</font>

480
00:32:24,622 --> 00:32:26,888
<font color="#ffdc20">පළවෙනි පාරට මෙහෙම අඳින එකත් ලේසි නෑ.</font>

481
00:32:26,888 --> 00:32:30,222
<font color="#ffdc20">හොඳයි. පළවෙනි පාරට මේක හොඳයි.</font>

482
00:32:30,222 --> 00:32:32,880
<font color="#ffdc20">ඔයා තාම ඇති වෙන්න ගුටි
කාලා නෑ! ඔයා! මෙහෙ එනවා!</font>

483
00:32:32,880 --> 00:32:35,410
<font color="#ffdc20">මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ, කොළ ඌරෝ?</font>

484
00:32:42,222 --> 00:32:44,133
<font color="#ffdc20">ගු රින් කියන එක හරි.</font>

485
00:32:46,311 --> 00:32:48,020
<font color="#ffdc20">ඔයාගේ මට්ටමේ හැටියට ඒක හොඳයි, බේබ්ලු.</font>

486
00:32:48,020 --> 00:32:50,740
<font color="#ffdc20">මට මාසයක් යනකම් තනි
ඉරක්වත් ගහගන්න බැරි වුණා.</font>

487
00:32:50,740 --> 00:32:52,540
<font color="#ffdc20">මම පෙන්නන්නද?</font>

488
00:32:57,580 --> 00:33:01,422
<font color="#ffdc20">ආ, මෙන්න.</font>

489
00:33:04,050 --> 00:33:07,000
<font color="#ffdc20">අනික අද...</font>

490
00:33:07,000 --> 00:33:08,820
<font color="#ffdc20">අද, ඔයා පාටත් කරලාද?</font>

491
00:33:08,820 --> 00:33:13,155
<font color="#ffdc20">තත්පර 2ක් ඉතුරු වෙලා තිබුනා,
ඉතින් මම පාට කළා. පාට කළා?</font>

492
00:33:16,355 --> 00:33:17,920
<font color="#ffdc20">මට තාම හිතෙන්නේ මගේ ඉරි ඇඳිල්ල හරි මදි කියලා.</font>

493
00:33:17,920 --> 00:33:20,533
<font color="#ffdc20">මට වඩා නම් හොඳයි.</font>

494
00:33:22,266 --> 00:33:26,340
<font color="#ffdc20">ඔව්, මට මගේ චිත්‍ර ඉවර කරගන්නවත් බෑ. මම හැමතිස්සෙම
අතක් හරි කකුලක් හරි අඳින්නේ නැතුව දානවා.</font>

495
00:33:26,340 --> 00:33:29,610
<font color="#ffdc20">ඒ වුනාට ඔයා මූණු අඳින්න හරි දක්ෂයිනේ.</font>

496
00:33:29,610 --> 00:33:33,380
<font color="#ffdc20">මූණු අඳින එක මට හරි විනෝදයි.</font>

497
00:33:33,380 --> 00:33:37,090
<font color="#ffdc20">බලන්නකෝ. විශේෂයෙන්ම මුහුණේ ඉරියව්.
ඒවා ඔක්කොම එකිනෙකට වෙනස් නේද?</font>

498
00:33:37,090 --> 00:33:42,730
<font color="#ffdc20">මම ඒවා දිහා ඕනකමින් බලන් ඉන්නකොට, මගේ
අවධානය එකටම යොමු වෙනවා... ඒක හරිම විනෝදයි.</font>

499
00:33:42,730 --> 00:33:46,760
<font color="#ffdc20">ඒ නිසා කාකී, වෙලාවකට ඔය තොප්පිය ගලවන්න.</font>

500
00:33:46,760 --> 00:33:49,620
<font color="#ffdc20">හරි, අපි ඔයාගේ මූණ බලමු.</font>

501
00:33:49,620 --> 00:33:53,111
<font color="#ffdc20">හැමෝම ඇත්තටම චිත්‍ර අඳින්න ආසයි.</font>

502
00:33:54,088 --> 00:33:56,710
<font color="#ffdc20">ඒයි, මේ ඔයාද?</font>

503
00:33:56,710 --> 00:33:58,430
<font color="#ffdc20">ඔයා කිව්වේ මේක චිත්‍ර අඳින
අයගේ කණ්ඩායමක් කියලා.</font>

504
00:33:58,430 --> 00:33:59,822
<font color="#ffdc20">මොකක්ද මේ?</font>

505
00:33:59,822 --> 00:34:07,155
<font color="#ffdc20">කවුරුහරි මහන්සි වෙලා ඇඳපු චිත්‍රයකට හිනා
වෙන්න ඔයාලට පුළුවන් කොහොමද? ඒක හරිම කැතයි.</font>

506
00:34:08,350 --> 00:34:10,711
<font color="#ffdc20">ඒක අර මෝඩයා කරන වැඩ වගේමයි.</font>

507
00:34:10,711 --> 00:34:14,533
<font color="#ffdc20">හරි, අපි ජෝඩු ඉරියව්වකින් අද
දවස ඉවර කරමු. කවුද එන්නේ?</font>

508
00:34:14,533 --> 00:34:19,970
<font color="#ffdc20">වූ යොන් සහ සොන් හෝ ආවොත් කොහොමද?
දෙන්නම ජෝඩුවක් වගේ ඇඳගෙන ඉන්නේ.</font>

509
00:34:19,970 --> 00:34:22,933
<font color="#ffdc20">ආ, අලුත් අදහසක්. හොඳයි වගේ.</font>

510
00:34:22,933 --> 00:34:26,622
<font color="#ffdc20">එහෙනම්, පටන් ගමුද? යමු! කරමු.</font>

511
00:34:30,177 --> 00:34:32,032
<font color="#ffdc20">වූ යොන්.</font>

512
00:34:48,860 --> 00:34:50,820
<font color="#ffdc20">මම කරන්නම්.</font>

513
00:34:52,970 --> 00:34:55,250
<font color="#ffdc20">මම මිස් පිගී එක්ක ජෝඩු ඉරියව්ව කරන්නම්.</font>

514
00:34:55,250 --> 00:35:00,800
<font color="#ffdc20">ඔයාගේ ජැකට් එක දෙන්නකෝ. කොහොමත්
ගි ජොන්ග්ට ඒක වඩා ලස්සනට තියෙයි.</font>

515
00:35:26,488 --> 00:35:28,910
<font color="#ffdc20">මේකට ඉරියව්වක් කියන්න පුලුවන්ද?</font>

516
00:35:28,910 --> 00:35:30,888
<font color="#ffdc20">ඒයි, නම් ගි ජොන්ග්, හරියට ඉන්නවකෝ.</font>

517
00:35:30,888 --> 00:35:32,533
<font color="#ffdc20">මෙච්චර දරදඬු මොඩල් කෙනෙක්
එක්ක මම වැඩ කරන්නේ කොහොමද?</font>

518
00:35:32,533 --> 00:35:35,380
<font color="#ffdc20">මම මීට වඩා මොනවා
කරන්නද? අන්න හරි, වූ යොන්.</font>

519
00:35:35,380 --> 00:35:40,355
<font color="#ffdc20">තව ටිකක් සැහැල්ලුවෙන් ඉන්න බලන්න, හරිද? හරි.</font>

520
00:36:33,600 --> 00:36:37,040
<font color="#ffdc20">ඔන්න අදත් සුපිරි නිර්මාණයක්!</font>

521
00:36:37,040 --> 00:36:39,820
<font color="#ffdc20">ගි ජොන්ග් නම් නියම මොඩල් කෙනෙක්.</font>

522
00:36:39,820 --> 00:36:41,950
<font color="#ffdc20">ඔයයි වූ යොනුයි නම් ගැලපෙන්නෙ නෑ.</font>

523
00:36:41,950 --> 00:36:43,950
<font color="#ffdc20">නෑ, මම මේකට තමයි වැඩියෙන්ම කැමති.</font>

524
00:36:43,950 --> 00:36:44,980
<font color="#ffdc20">මම වොෂ් රූම් එකට යනවා.</font>

525
00:36:44,980 --> 00:36:47,860
<font color="#ffdc20">දුඹුරු ඇඳුමින් සැරසුණු නියම පිරිමියාගේ පුනරාගමනය.</font>

526
00:36:47,860 --> 00:36:49,760
<font color="#ffdc20">ගොඩක් අය මේක දන්නේ නෑ,</font>

527
00:36:49,760 --> 00:36:53,288
<font color="#ffdc20">ඒත් මම තමයි මේ යුගයේ ඉන්න නියම පිරිමියා.</font>

528
00:36:53,288 --> 00:36:57,460
<font color="#ffdc20">එහෙනම් මම තමයි 'ගර්ල් ක්‍රෂ්' එක.</font>

529
00:36:58,888 --> 00:37:01,555
<font color="#ffdc20">මට 'ගර්ල් ක්‍රෂ්' කියලා කීප
සැරයක්ම කියලා තියෙනවා.</font>

530
00:37:03,620 --> 00:37:05,466
<font color="#ffdc20">මම ගු රින්ව හොඳට දන්නවා.</font>

531
00:37:05,466 --> 00:37:07,911
<font color="#ffdc20">නුඹ මොනවද දන්නේ, පොඩි එකා?</font>

532
00:37:09,288 --> 00:37:11,040
<font color="#ffdc20">අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.</font>

533
00:37:11,040 --> 00:37:17,230
<font color="#ffdc20">හොඳයි... ගු රින්ට විස්තර කරන්න දෙන්න.</font>

534
00:37:17,230 --> 00:37:20,560
<font color="#ffdc20">සොන් හෝගේ 'නියම පිරිමි' ගතිගුණ
තියෙන වෙලාවල් ඔයාට මතකද?</font>

535
00:37:22,088 --> 00:37:26,500
<font color="#ffdc20">නෑ. කූ සොන් හෝ කවදාවත් රළු චරිතයක් නෙවෙයිනේ.</font>

536
00:37:26,500 --> 00:37:30,970
<font color="#ffdc20">බ්ලැක් ෆින්ගර් නම් හැමදාම
'ගර්ල් ක්‍රෂ්' එකක් තමයි.</font>

537
00:37:30,970 --> 00:37:34,360
<font color="#ffdc20">හරි... කෝ මේ පූ-ගි ගියේ?</font>

538
00:37:34,360 --> 00:37:38,270
<font color="#ffdc20">ඒ මෝඩයා. වෙනදා වගේම කිසි දෙයක් දන්නෙ නෑ.</font>

539
00:37:59,160 --> 00:38:01,260
<font color="#ffdc20">මොකද අවුල?</font>

540
00:38:01,260 --> 00:38:04,550
<font color="#ffdc20">ඔයා සොන් හෝ එක්ක පෝස් කරන්න
බැරි වුන නිසා කේන්තියෙන්ද ඉන්නේ?</font>

541
00:38:04,550 --> 00:38:07,680
<font color="#ffdc20">මම මොනවා කියන්නද? මොකක්ද?</font>

542
00:38:07,680 --> 00:38:10,755
<font color="#ffdc20">ඇයි ඔයා අද ආවේ? ඔයා කිව්වේ එන්නේ නෑ කියලනේ.</font>

543
00:38:12,250 --> 00:38:17,377
<font color="#ffdc20">මම කිව්වනේ මම සොන් හෝට කැමති නෑ කියලා.</font>

544
00:38:18,170 --> 00:38:20,755
<font color="#ffdc20">ඒත් ඔයාට මාව විශ්වාස නැති
නිසා, මං දිහා බලන් ඉන්න ආවා?</font>

545
00:38:23,040 --> 00:38:25,260
<font color="#ffdc20">එක දෙයකට උත්තර දෙන්න.</font>

546
00:38:25,260 --> 00:38:30,280
<font color="#ffdc20">ඇයි මට සොන් හෝට කැමති වෙන්න බැරි?</font>

547
00:38:31,822 --> 00:38:34,755
<font color="#ffdc20">කවුද කිව්වේ බැහැ කියලා-- බොරු කියන්න එපා.</font>

548
00:38:35,830 --> 00:38:40,311
<font color="#ffdc20">මම දන්නවා සොන් හෝට මම
කැමති වෙනවට ඔයා තරහ ඇයි කියලා.</font>

549
00:38:41,288 --> 00:38:45,066
<font color="#ffdc20">ඔයා බයයි මම එයාගෙයි ගු
රින්ගෙයි සම්බන්ධේ කඩයි කියලා.</font>

550
00:38:46,120 --> 00:38:48,355
<font color="#ffdc20">මම ඇයි එහෙම කරන්නේ?</font>

551
00:38:49,310 --> 00:38:51,644
<font color="#ffdc20">කොහොමද මම ඒ දෙන්නා මැද්දට එන්නේ?</font>

552
00:38:52,690 --> 00:38:54,340
<font color="#ffdc20">මම මෝඩ නෑ.</font>

553
00:38:54,340 --> 00:38:57,911
<font color="#ffdc20">ඒ දෙන්නා කොච්චර ගැලපෙනවද
කියලා මම කාටත් වඩා හොඳට දන්නවා.</font>

554
00:39:00,260 --> 00:39:03,111
<font color="#ffdc20">මම ආදරේ ප්‍රකාශ කරයි කියලා බය
වෙලාද ඔයා මෙතනට දුවගෙන ආවේ?</font>

555
00:39:05,140 --> 00:39:07,022
<font color="#ffdc20">මම කොහොමද එහෙම කරන්නේ?</font>

556
00:39:07,980 --> 00:39:14,310
<font color="#ffdc20">මම ආදරේ ප්‍රකාශ කළොත්, මට එයාව ඈතින් ඉඳන්වත්
බලාගන්න බැරි වෙනවා කියලා මම හොඳටම දන්නවා.</font>

557
00:39:14,310 --> 00:39:19,320
<font color="#ffdc20">ඉතින් මම ඇයි එච්චර මෝඩ වැඩක් කරන්නේ?</font>

558
00:39:24,933 --> 00:39:30,710
<font color="#ffdc20">ඒ නිසා ගි ජොන්ග්, මං ගැන
ඔත්තු බලන එක නවත්තන්න.</font>

559
00:39:30,710 --> 00:39:34,488
<font color="#ffdc20">ඔයාගේ නංගි තරම් මම වැදගත් නෑනේ.</font>

560
00:39:34,488 --> 00:39:37,866
<font color="#ffdc20">ඇයි මම රිදෙන බව දැන දැනම
ගින්දරක් එක්ක සෙල්ලම් කරන්නේ?</font>

561
00:39:44,044 --> 00:39:48,933
<font color="#ffdc20">හරි, මම සොන් හෝට කැමතියි.</font>

562
00:39:51,410 --> 00:39:54,810
<font color="#ffdc20">හැබැයි මම ඒක හිතේ තියාගන්නම්.</font>

563
00:39:54,810 --> 00:39:56,720
<font color="#ffdc20">මම කාට කැමති වුනත් ඒක මගේ වැඩක්.</font>

564
00:39:56,720 --> 00:40:00,800
<font color="#ffdc20">ඒ හින්දා, මගේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න එපා.</font>

565
00:40:38,960 --> 00:40:41,760
<font color="#ffdc20">[ගු රින්: ඔයයි පූ ගි ජොන්ගුයි ඉන්න විදිය දැක්කම
තරහත් යනවා. ඔන්න ෆොටෝ එක, මේක අඳින්න බලන්න]</font>

566
00:41:00,222 --> 00:41:02,444
<font color="#ffdc20">ඔයා ආයිමත් කල්පනා ලෝකෙකද? ඈ?</font>

567
00:41:02,444 --> 00:41:05,333
<font color="#ffdc20">ඉස්සෙල්ලත් පෙරලන් හිටපු පිටුවමයි තාම තියෙන්නේ.</font>

568
00:41:05,333 --> 00:41:07,422
<font color="#ffdc20">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

569
00:41:09,280 --> 00:41:11,155
<font color="#ffdc20">වැඩක් බලාගන්නවා.</font>

570
00:41:14,133 --> 00:41:19,555
<font color="#ffdc20">ඔයා මේ පාඩමේ දවස් කීයක් හිරවෙලා
ඉන්නවද? ඔයාගේ අයියා දවස් 2න් මේක ඉවර කළා.</font>

571
00:41:19,555 --> 00:41:23,270
<font color="#ffdc20">ඔයාට තනියම පාඩම් කරන්න පුළුවන්
කිව්ව නිසා මම ස්ටඩි රූම් එකත් කැන්සල් කළා.</font>

572
00:41:23,270 --> 00:41:25,111
<font color="#ffdc20">මම ආයිමත් ටියුෂන් සර් කෙනෙක් ගේන්නද?</font>

573
00:41:26,580 --> 00:41:29,090
<font color="#ffdc20">එපා, මට තනියම පුළුවන්.</font>

574
00:41:29,090 --> 00:41:31,610
<font color="#ffdc20">ගිය පාර විභාගෙදි මගේ ලකුණු ටිකක් වැඩි වුනානේ.</font>

575
00:41:31,610 --> 00:41:35,333
<font color="#ffdc20">ඔයා ඕකටද දියුණුවක් කියන්නේ?</font>

576
00:41:42,933 --> 00:41:44,830
<font color="#ffdc20">මම ඔයා ගැන බලන එක අත ඇරලා දාන්නද?</font>

577
00:41:44,830 --> 00:41:46,711
<font color="#ffdc20">ඒක හොඳ වෙයිද?</font>

578
00:41:48,690 --> 00:41:50,850
<font color="#ffdc20">නිදාගන්න කලින් මේ ඔක්කොම ඉවර කරන්න.</font>

579
00:42:07,980 --> 00:42:09,866
<font color="#ffdc20">ඇයි ඔයා අද ආවේ?</font>

580
00:42:10,488 --> 00:42:12,704
<font color="#ffdc20">ඔයා කිව්වේ එන්නේ නෑ කියලනේ.</font>

581
00:42:12,704 --> 00:42:14,592
<font color="#ffdc20">ඒකනේ.</font>

582
00:42:15,580 --> 00:42:17,370
<font color="#ffdc20">මාත් දන්නෙ නෑ ඇයි කියලා.</font>

583
00:42:17,370 --> 00:42:22,622
<font color="#ffdc20">මම කිව්වනේ මම සොන් හෝට කැමති නෑ කියලා.</font>

584
00:42:23,280 --> 00:42:27,450
<font color="#ffdc20">- ඒත් ඔයාට මාව විශ්වාස නැති
නිසා, මං දිහා බලන් ඉන්න ආවා? නෑ.</font>

585
00:42:27,450 --> 00:42:33,810
<font color="#ffdc20">- මම දන්නවා සොන් හෝට මම කැමති
වෙනවට ඔයා තරහ ඇයි කියලා. හරි.</font>

586
00:42:33,810 --> 00:42:35,510
<font color="#ffdc20">මොනවා හරි කියන්නකෝ.</font>

587
00:42:35,510 --> 00:42:37,250
<font color="#ffdc20">ඇයි මට මේ තරම් තරහ යන්නේ?</font>

588
00:42:37,250 --> 00:42:39,850
<font color="#ffdc20">ඔයා බයයි මම එයාගෙයි ගු
රින්ගෙයි සම්බන්ධේ කඩයි කියලා.</font>

589
00:42:39,850 --> 00:42:41,140
<font color="#ffdc20">ඒක නෙවෙයි හේතුව.</font>

590
00:42:41,140 --> 00:42:45,822
<font color="#ffdc20">මම ඇයි එහෙම කරන්නේ? කොහොමද
මම ඒ දෙන්නා මැද්දට එන්නේ?</font>

591
00:42:48,610 --> 00:42:50,488
<font color="#ffdc20">එක දෙයකට උත්තර දෙන්න.</font>

592
00:43:00,450 --> 00:43:04,577
<font color="#ffdc20">ඇයි මට සොන් හෝට කැමති
වෙන්න බැරි? උත්තර දෙන්න.</font>

593
00:43:08,133 --> 00:43:10,500
<font color="#ffdc20">මට උත්තර දෙන්න.</font>

594
00:43:10,500 --> 00:43:12,320
<font color="#ffdc20">ඇයි බැරි?</font>

595
00:43:30,340 --> 00:43:32,864
<font color="#ffdc20">හවස 5:30 වෙද්දී ගැලරිය ඉස්සරහට
එන්න. ඔයා ආවේ නැතත් මම බලන් ඉන්නවා.</font>

596
00:43:32,864 --> 00:43:40,864
<font color="#ffdc20">[මෝඩයා]</font>

597
00:43:42,240 --> 00:43:44,133
<font color="#ffdc20">හලෝ?</font>

598
00:43:44,755 --> 00:43:46,711
<font color="#ffdc20">ඔව්, මම යන්නෙ නෑ.</font>

599
00:43:52,266 --> 00:43:54,240
<font color="#ffdc20">මට ඕන නෑ--</font>

600
00:44:20,888 --> 00:44:26,570
<font color="#ffdc20">ඔබ ඇමතූ පාරිභෝගිකයාට මේ
මොහොතේ දුරකථනයට පිළිතුරු දිය නොහැක.</font>

601
00:44:26,570 --> 00:44:29,111
<font color="#ffdc20">නම් ගි ජොන්ග්ට මොකද වෙලා තියෙන්නේ?</font>

602
00:44:32,222 --> 00:44:34,112
<font color="#ffdc20">වූ යොන්.</font>

603
00:44:37,911 --> 00:44:40,920
<font color="#ffdc20">ඔයා වෙලාවටම ඇවිත්! ඈ?</font>

604
00:44:40,920 --> 00:44:42,844
<font color="#ffdc20">ගි ජොන්ග්ට අසනීපයිනේ.</font>

605
00:44:42,844 --> 00:44:47,022
<font color="#ffdc20">එයා එකපාරටම ගැලරියට යන්න ඕන කියලා
නටලා, ඊටපස්සේ අසනීපයි කියලා ඔයාව එව්වා නේද?</font>

606
00:44:47,022 --> 00:44:48,940
<font color="#ffdc20">ඒක නිසා නේද ඔයා මෙතන ඉන්නේ?</font>

607
00:44:51,517 --> 00:44:53,415
<font color="#ffdc20">මේ ගි ජොන්ග්.</font>

608
00:44:54,420 --> 00:44:58,190
<font color="#ffdc20">ඒයි, ගි ජොන්ග්. ඔයා වූ යොන්ට කිව්වේ නැද්ද?</font>

609
00:44:58,190 --> 00:45:01,422
<font color="#ffdc20">හරි. තේරුණා. පොඩ්ඩක් ඉන්න.</font>

610
00:45:09,644 --> 00:45:13,790
<font color="#ffdc20">ඔව්.
- සොන් හෝ පොඩි ගැලරි වලට ආසයි.</font>

611
00:45:13,790 --> 00:45:16,577
<font color="#ffdc20">කොළ ඌරයි සොන් හෝයි යාලු වෙලා නෑ.</font>

612
00:45:16,577 --> 00:45:19,330
<font color="#ffdc20">ඒ දෙන්නා නිකන් යාළුවෝ විතරයි.</font>

613
00:45:19,330 --> 00:45:21,890
<font color="#ffdc20">මම අවුරුදු ගාණක ඉඳන් ඒ දෙන්නව දන්නවනේ.</font>

614
00:45:21,890 --> 00:45:23,490
<font color="#ffdc20">බය වෙන්න එපා.</font>

615
00:45:23,490 --> 00:45:27,422
<font color="#ffdc20">වද වෙන එක පැත්තක තියලා, හිතින්
විතරක් එයාට ආදරේ කරන එක නවත්තන්න.</font>

616
00:45:28,060 --> 00:45:32,311
<font color="#ffdc20">අනික ඊයේ වෙච්ච දේට සොරි වෙන්න ඕන.</font>

617
00:45:36,711 --> 00:45:40,930
<font color="#ffdc20">ආ! ඔයා බොරු කියන්නත් හරි දක්ෂයිනේ.</font>

618
00:45:40,930 --> 00:45:45,920
<font color="#ffdc20">ඔයා නේද කිව්වේ මාත් එක්ක
කතා කළාම ප්‍රශ්න විසඳෙනවා කියලා?</font>

619
00:45:45,920 --> 00:45:47,610
<font color="#ffdc20">ඒත් ඊයේ අපි එකට ඉන්නකොටත්,</font>

620
00:45:47,610 --> 00:45:50,488
<font color="#ffdc20">ඔයා ඕනවට වඩා හිත හිතා, හිත
ඇතුලෙන් විඳවන බවක් පෙනුනා.</font>

621
00:45:53,790 --> 00:45:56,440
<font color="#ffdc20">සොන් හෝට කියලා රස කෑමක් අරන් දෙන්න කියන්න.</font>

622
00:45:56,440 --> 00:45:59,600
<font color="#ffdc20">- කෙලින් හිටගන්නවා. ඈ?</font>

623
00:46:07,500 --> 00:46:10,000
<font color="#ffdc20">කෝල් එක හොඳින් විසඳුනාද? ඔව්.</font>

624
00:46:10,000 --> 00:46:11,900
<font color="#ffdc20">එහෙනම් අපි ඇතුලට යමුද?</font>

625
00:46:56,800 --> 00:47:01,377
<font color="#ffdc20">ඔයා විනෝද වුනාද? ඔව්.</font>

626
00:47:03,555 --> 00:47:05,900
<font color="#ffdc20">ඇයි? විනෝදයක් තිබුනේ නැද්ද?</font>

627
00:47:05,900 --> 00:47:08,266
<font color="#ffdc20">නෑ නෑ, විනෝදයි.</font>

628
00:47:11,010 --> 00:47:13,777
<font color="#ffdc20">ඉතින් සොන් හෝ. කියන්න?</font>

629
00:47:15,070 --> 00:47:17,733
<font color="#ffdc20">මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා.</font>

630
00:47:20,820 --> 00:47:24,160
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න. නා නා?</font>

631
00:47:24,160 --> 00:47:29,370
<font color="#ffdc20">ගු රින්ට ආයිමත් හොඳටම වෙරි වෙලා. රෑ වෙලා
සීතල වෙන්න කලින් ඇවිත් මෙයාව එක්කන් යන්න.</font>

632
00:47:29,370 --> 00:47:30,370
<font color="#ffdc20">එයාව අල්ලන් ඉන්න. මම දැන්ම එනවා.</font>

633
00:47:30,370 --> 00:47:31,890
<font color="#ffdc20">එයාව කොහොම හරි අල්ලන් ඉන්න.</font>

634
00:47:31,890 --> 00:47:34,711
<font color="#ffdc20">මට ඉක්මනට එහෙට යන්න වෙනවා.</font>

635
00:47:35,750 --> 00:47:37,970
<font color="#ffdc20">සොරි වූ යොන්, මට යන්න වෙනවා.</font>

636
00:47:37,970 --> 00:47:40,266
<font color="#ffdc20">ගු රින්ට ආයිමත් සිහිය නැති වෙලා වගේ.</font>

637
00:47:41,824 --> 00:47:44,890
<font color="#ffdc20">හරි. ගිහින් එයාව බලන්න. සොරි.</font>

638
00:47:44,890 --> 00:47:46,711
<font color="#ffdc20">ගි ජොන්ග් කිව්වනේ ඔයාට කෑමක් අරන් දෙන්න කියලා.</font>

639
00:47:46,711 --> 00:47:50,430
<font color="#ffdc20">ඕන නෑ. මං ගැන වද වෙන්න එපා.</font>

640
00:47:50,430 --> 00:47:52,444
<font color="#ffdc20">එහෙනම්, ක්ලබ් මීටින් එකේදී හම්බෙමු.</font>

641
00:47:56,880 --> 00:48:02,533
<font color="#ffdc20">වූ යොන්, රෑ වෙද්දී සීතල වෙයි.</font>

642
00:48:02,533 --> 00:48:04,830
<font color="#ffdc20">ඒක මට පස්සේ දෙන්න.</font>

643
00:48:04,830 --> 00:48:06,060
<font color="#ffdc20">නෑ, කමක් නෑ.</font>

644
00:48:06,060 --> 00:48:07,290
<font color="#ffdc20">මට නිකන් යන්න පුළුවන්.</font>

645
00:48:07,290 --> 00:48:09,850
<font color="#ffdc20">මෙහෙම ගියාම මගේ හිතටත් හොඳයි.</font>

646
00:48:19,466 --> 00:48:22,133
<font color="#ffdc20">මම යනවා. පරිස්සමෙන් ගෙදර යන්න.</font>

647
00:48:28,711 --> 00:48:30,533
<font color="#ffdc20">බ්ලූ ෆින්ගර් කියන්නේ මාර කෙනෙක්.</font>

648
00:48:30,533 --> 00:48:34,266
<font color="#ffdc20">- සමාවෙන්න. කියන්න?</font>

649
00:48:34,266 --> 00:48:38,860
<font color="#ffdc20">සමාවෙන්න, පොඩි වෙලාවක් තියෙනවද?</font>

650
00:48:38,860 --> 00:48:41,333
<font color="#ffdc20">මම වගේ කෙනෙක්ව පළවෙනි
දැක්මෙන්ම අඳුරගත්ත කෙනෙක්.</font>

651
00:48:42,190 --> 00:48:46,630
<font color="#ffdc20">- මේ සයිස් එක හරියටම හරි. කොහොමද? හොඳයි.</font>

652
00:48:46,630 --> 00:48:50,977
<font color="#ffdc20">මාව අලුත් ලෝකයකට ගෙනාපු කෙනා.</font>

653
00:48:51,750 --> 00:48:56,560
<font color="#ffdc20">විශේෂ කෙනෙක් තවත් විශේෂ
කෙනෙක්ට කැමති වෙන එක සාමාන්‍ය දෙයක්.</font>

654
00:49:21,160 --> 00:49:28,350
<font color="#ffdc20">ඒ වගේ අගය කළ යුතු කෙනෙක්ට කැමති
වෙන්න හිතපු මගේ හිත... ඔව්. ඒක මගේ හිතනේ.</font>

655
00:49:28,350 --> 00:49:29,950
<font color="#ffdc20">මම කිව්වනේ කූ සොන් හෝට කතා කරන්න එපා කියලා.</font>

656
00:49:29,950 --> 00:49:34,350
<font color="#ffdc20">මම කිව්වෙ මාව නිකන්ම කෙනෙක් ළඟ දාලා
යන්න කියලා නෙවෙයි. 'නිකන්ම කෙනෙක්'?</font>

657
00:49:34,350 --> 00:49:35,640
<font color="#ffdc20">ඔයාට මම 'නිකන්ම කෙනෙක්' ද?</font>

658
00:49:35,640 --> 00:49:39,170
<font color="#ffdc20">මම මේ ඔයාව ඇරලවන්නම් කිව්වෙ.
ඔයාට ඒකටවත් ඉඩ දෙන්න බැරිද?</font>

659
00:49:39,170 --> 00:49:41,960
<font color="#ffdc20">කොහොමත් මගේ පුද්ගලික ජෙට් එක එන්නෙ නැහැනේ.</font>

660
00:49:41,960 --> 00:49:47,530
<font color="#ffdc20">මම තනියම පයින් යන්නම්. ග්‍යු රින්.</font>

661
00:49:48,440 --> 00:49:51,030
<font color="#ffdc20">මේක හරියන්නෙ නෑ. මම ඔයාට
වෙරි හිඳෙන්න බෙහෙතක් අරන් එන්නම්.</font>

662
00:49:51,030 --> 00:49:52,864
<font color="#ffdc20">මෙතනම ඉන්න.</font>

663
00:49:55,066 --> 00:49:57,822
<font color="#ffdc20">නා නාව එක්කන් එන්න.</font>

664
00:50:00,850 --> 00:50:02,650
<font color="#ffdc20">අයි යෝ, මට හරි මහන්සියි.</font>

665
00:50:09,111 --> 00:50:11,230
<font color="#ffdc20">එයා මට කැමති නෑ කිව්වා මම මහත නිසා.</font>

666
00:50:12,311 --> 00:50:15,422
<font color="#ffdc20">එයා ගැන හිතන්න එපා. මාව පාඩුවේ ඉන්න දරන්න.</font>

667
00:50:17,200 --> 00:50:19,520
<font color="#ffdc20">මම බර අඩු කරගන්නවා.</font>

668
00:51:07,155 --> 00:51:09,111
<font color="#ffdc20">ඔයා දැන් මේකට හුරුවෙලා වගේ.</font>

669
00:51:10,060 --> 00:51:12,888
<font color="#ffdc20">මම ඔයා පස්සෙන් එනවා කියලා
දැනගෙනත් සද්ද නැතුව හිටියද?</font>

670
00:51:14,660 --> 00:51:18,666
<font color="#ffdc20">කාගෙන් හරි උදව්වක් ලැබෙනවා
කියන හැඟීම... ඒක හරි ෂෝක්.</font>

671
00:51:21,280 --> 00:51:23,390
<font color="#ffdc20">සොන් හෝ ට මොකද වෙලා තියෙන්නේ?</font>

672
00:51:23,390 --> 00:51:25,490
<font color="#ffdc20">ඇයි එයා නිකන්ම ගියේ?</font>

673
00:51:25,490 --> 00:51:28,266
<font color="#ffdc20">මම එයාට විශේෂයෙන්ම කිව්වනේ
ඔයාට කෑමක් අරන් දෙන්න කියලා.</font>

674
00:51:33,600 --> 00:51:37,066
<font color="#ffdc20">ඔයා නම් ඇත්තටම... ඇයි?</font>

675
00:51:38,266 --> 00:51:43,644
<font color="#ffdc20">මම දන්නේ නෑ ඔයා කොහොමද මේකට පැටලුනේ කියලා,</font>

676
00:51:44,280 --> 00:51:46,355
<font color="#ffdc20">ඒත් ඔයා ආයේ මම ගැන වද වෙන්න ඕනේ නෑ.</font>

677
00:51:48,088 --> 00:51:50,590
<font color="#ffdc20">ඊයේ ඔයා එක්ක කේන්ති ගත්ත එක ගැන...</font>

678
00:51:50,590 --> 00:51:54,222
<font color="#ffdc20">ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. ඒක මගේ වැරැද්ද.</font>

679
00:51:55,866 --> 00:52:02,533
<font color="#ffdc20">සමහර දවස් වලට මට හිතෙන්නේ මම හරියට
බිම පෙරලෙන වොන් 10 කාසියක් වගේ කියලා.</font>

680
00:52:03,555 --> 00:52:08,088
<font color="#ffdc20">වොන් 10 කාසියක්? ඔව්. ඔයා ඒක ඇහිඳගන්නවද?</font>

681
00:52:08,088 --> 00:52:10,390
<font color="#ffdc20">නෑ. දැක්කනේ?</font>

682
00:52:10,390 --> 00:52:12,080
<font color="#ffdc20">කවුරුත් ඒක ඇහිඳගන්නේ නෑ.</font>

683
00:52:12,080 --> 00:52:14,690
<font color="#ffdc20">වොන් 10 කියන්නෙත් සල්ලි වුනාට,
කවුරුත් ඒ ගැන වද වෙන්නේ නෑ.</font>

684
00:52:14,690 --> 00:52:16,760
<font color="#ffdc20">ඒක වැඩකට නැති දෙයක් විදියටයි සලකන්නේ.</font>

685
00:52:16,760 --> 00:52:18,622
<font color="#ffdc20">විහිලු කතාවක් අහන්න ආසද?</font>

686
00:52:18,622 --> 00:52:21,020
<font color="#ffdc20">මම නව යොවුන් වියේ ඉන්න නිසා,
වොන් 10ක් වුනාට කමක් නෑ කියමුකෝ. 687:</font>

687
00:52:21,020 --> 00:52:25,850
<font color="#ffdc20">ඒක ගැලපෙනවනේ. ඒත් පස්සේ
කාලෙක, අවුරුදු 20, 30, 40 දි...</font>

688
00:52:25,850 --> 00:52:29,200
<font color="#ffdc20">මම වයසට යනකොටත් තාම
වොන් 10 කාසියක් වගේ වුනොත්?</font>

689
00:52:29,822 --> 00:52:32,290
<font color="#ffdc20">ඔයා කවදාවත් ඒ ගැන හිතලා තියනවද? නෑ.</font>

690
00:52:32,290 --> 00:52:36,133
<font color="#ffdc20">කවදාවත් නෑ. මගේ බොස් මට
කියන්නේ හිස් චෙක්පතක් කියලා.</font>

691
00:52:37,900 --> 00:52:41,688
<font color="#ffdc20">හිතුවා වගේම, නම් ගි ජොන් මේක ලේසි කරනවා.</font>

692
00:52:49,120 --> 00:52:50,920
<font color="#ffdc20">ඔයා ඒක දැනන් හිටියේ නැද්ද?</font>

693
00:52:53,940 --> 00:52:57,866
<font color="#ffdc20">ඔයා ලස්සනයි. මොකක්?</font>

694
00:52:58,577 --> 00:53:02,311
<font color="#ffdc20">මගේ ඇස් වලට නම්, ඔයා දැන් හරිම ලස්සනයි.</font>

695
00:53:06,800 --> 00:53:11,333
<font color="#ffdc20">උ දොල්, මේ අම්මා. මොකද? මම මොකද කරන්නෙ?</font>

696
00:53:11,333 --> 00:53:13,644
<font color="#ffdc20">අක්කා තාම ගෙදර ආවේ නැද්ද?</font>

697
00:53:13,644 --> 00:53:16,666
<font color="#ffdc20">ඇයි මොකද? මේ අපේ අම්මා. හැංගෙන්න!</font>

698
00:53:20,888 --> 00:53:23,155
<font color="#ffdc20">එයා ඇවිත් ගිය පාටක්වත් පේන්න නැද්ද?</font>

699
00:53:27,000 --> 00:53:30,177
<font color="#ffdc20">දැන් වෙලාව කීයද කියලා දන්නවද?
ඇයි එයා තාම ගෙදර නැත්තේ?</font>

700
00:53:34,370 --> 00:53:37,377
<font color="#ffdc20">ආහ්! දෙයියනේ! මම හිතුවා අපි මාට්ටු වුනා කියලා.</font>

701
00:54:01,111 --> 00:54:02,977
<font color="#ffdc20">ආ, මම යන්නම්.</font>

702
00:54:08,488 --> 00:54:10,336
<font color="#ffdc20">දැන් මට තේරෙනවා.</font>

703
00:54:11,010 --> 00:54:13,244
<font color="#ffdc20">මම අවුලෙන් හිටපු හේතුව.</font>

704
00:54:15,466 --> 00:54:20,130
<font color="#ffdc20">ඔයා කැමති වෙන්න ඕනේ මට.</font>

705
00:54:23,200 --> 00:54:25,111
<font color="#ffdc20">සොන් හෝ ට නෙවෙයි.</font>

706
00:54:39,377 --> 00:54:41,390
<font color="#ffdc20">නෑ. මම මැරිලා යනවා.</font>

707
00:54:41,390 --> 00:54:45,777
<font color="#ffdc20">එයාලා ඔයාව හොයාගත්තා. අලුත් ලෝකයක්
ඉස්සරහට. මම මූව බ්ලොක් කරලා දාන්න ඕනේ.</font>

708
00:54:45,777 --> 00:54:47,280
<font color="#ffdc20">ගෝඩ්ෆාදර් කියන්නේ SF එකේ සුපිරිම සාමාජිකයෙක්.</font>

709
00:54:47,280 --> 00:54:48,933
<font color="#ffdc20">ඔයාගේ යාළුවා සොන් හෝ.</font>

710
00:54:48,933 --> 00:54:51,688
<font color="#ffdc20">මම ඔයා එක්ක යාලු වෙන්නේ
නෑ. මට යාළුවෝ වෙන්න ඕනේ නෑ.</font>

711
00:54:51,688 --> 00:54:53,155
<font color="#ffdc20">මට එච්චර වගකීමක්වත් ගන්න බැරිද?</font>

712
00:54:53,155 --> 00:54:56,310
<font color="#ffdc20">වටිනා දේවල් මුද්දක් ඇතුලට දාගන්න ඕනේ. මට
ආරංචි වුනා පන්තියේ මෝඩයෙක් ඉන්නවා කියලා.</font>

713
00:54:56,310 --> 00:54:57,500
<font color="#ffdc20">මටත්.</font>

714
00:54:57,500 --> 00:55:00,540
<font color="#ffdc20">මගේ යාළුවත් එච්චර හැන්ඩ්සම්.
ආහ්, අයියෝ... ඒ මනුස්සයා මරු.</font>

715
00:55:00,540 --> 00:55:02,280
<font color="#ffdc20">ඇයි එහෙම කරන්නේ?</font>

716
00:55:02,280 --> 00:55:03,900
<font color="#ffdc20">ඒ දෙන්නා එකට ඉද්දි ගැලපෙනවා.
එයාලා ඇත්තටම ගැලපෙනවා, නේද?</font>

717
00:55:03,900 --> 00:55:06,200
<font color="#ffdc20">මමත් මගේ ආදරේ පස්සට ඉතුරු කරගන්නවා.</font>

718
00:55:06,200 --> 00:55:08,560
<font color="#ffdc20">අපි බඳිමු!</font>

719
00:55:16,700 --> 00:55:18,170
<font color="#ffdc20">ඒක නම් හරියට ඔයා වගේමයි.</font>

720
00:55:18,170 --> 00:55:21,310
<font color="#ffdc20">ඔයා පාඩම් කරනවා වෙනුවට... නෑ, මම--</font>

721
00:55:21,310 --> 00:55:24,110
<font color="#ffdc20">මම පොඩි බ්‍රේක් එකක් ගත්තා විතරයි.</font>

722
00:55:24,110 --> 00:55:28,030
<font color="#ffdc20">ඔයා හැම තිස්සෙම ඕකට අහු වෙනවා. ඕක
තමයි ඔයාගේ හැටි. ඔයා පාඩම් කරනවා වෙනුවට...</font>

723
00:55:28,030 --> 00:55:29,900
<font color="#ffdc20">කවුද කිව්වේ ඔයාට නිකන්ම මගේ
කාමරේට එන්න පුළුවන් කියලා? එළියට යන්න!</font>

724
00:55:29,900 --> 00:55:31,910
<font color="#ffdc20">7 වරක් 8 කීයද? 56යි.</font>

725
00:55:31,910 --> 00:55:35,590
<font color="#ffdc20">12 වරක් 4 කීයද? 48යි.</font>

726
00:55:35,590 --> 00:55:38,133
<font color="#ffdc20">345 වරක් 512 කීයද?</font>

727
00:55:38,133 --> 00:55:39,960
<font color="#ffdc20">176,640යි.</font>

728
00:55:39,960 --> 00:55:41,330
<font color="#ffdc20">ඔයා ඒකවත් දන්නේ නැද්ද?</font>

729
00:55:41,330 --> 00:55:44,380
<font color="#ffdc20">ආහ්, මෝඩයෙක් එක්ක සෙල්ලම් කරලා මට මහන්සියි.</font>

730
00:55:44,404 --> 00:55:46,404
<font color="#ffd88f"><b>💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</b></font>

