1
00:00:21,063 --> 00:00:23,482
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,566 --> 00:00:26,026


3
00:02:17,888 --> 00:02:18,889
<font color="#ffc88f"><b><i>නවත්තපන්.</i></b></font>

4
00:02:19,139 --> 00:02:21,183
<font color="#ffc446">උඹ හිතනවද මම ඕක විශ්වාස කරයි කියලා?</font>

5
00:02:24,520 --> 00:02:27,022
<font color="#ffc446">බෙක් බෙක් ගයෝ ප්‍රධාන දේවස්ථානය</font>

6
00:02:32,862 --> 00:02:35,865
<font color="#ffc446">මේක විශ්වාස කරනවද නැද්ද
කියන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි.</font>

7
00:02:36,407 --> 00:02:41,537
<font color="#ffc446">උඹට වෙච්ච හැම දෙයක්ම අහම්බෙන්
වුණා කියලද උඹ හිතන්නේ?</font>

8
00:02:41,620 --> 00:02:43,163
<font color="#ffc446">කට වහපන්.</font>

9
00:02:43,247 --> 00:02:45,833
<font color="#ffc446">උඹ තෝරාගත් කෙනෙක්.</font>

10
00:02:46,041 --> 00:02:51,297
<font color="#ffc446">අපි උඹව විශ්වාස කරන නිසා,
උඹ ඒකට සුදුසුයි කියලා ඔප්පු කරපන්.</font>

11
00:02:51,839 --> 00:02:55,009
<font color="#ffc446">මම යක්ෂයෙක් වුණේ උඹලා වගේ
එවුන් මාව රවට්ටපු නිසා.</font>

12
00:02:56,677 --> 00:02:57,887
<font color="#ffc446">මම ආයේ රැවටෙන්නේ නෑ.</font>

13
00:03:01,807 --> 00:03:03,017
<font color="#ffc446">ඒ වගේම මේක…</font>

14
00:03:05,728 --> 00:03:08,814
<font color="#ffc446">උඹට ඒක තේරුම් ගන්න උදව් වෙයි.</font>

15
00:03:09,398 --> 00:03:11,942
<font color="#ffc446">උඹ මොනවා කරන්න හැදුවත්, දැන්ම නවත්තපන්.</font>

16
00:03:12,026 --> 00:03:13,944
<font color="#ffc446">මොකද මගේ කිසිම අදහසක් නෑ උඹට උදව් කරන්න.</font>

17
00:03:17,615 --> 00:03:18,616
<font color="#ffc446">නෑ…</font>

18
00:03:20,951 --> 00:03:23,037
<font color="#ffc446">උදව් ඕන වෙලා තියෙන්නේ අපිට නෙවෙයි.</font>

19
00:03:23,871 --> 00:03:26,999
<font color="#ffc446">මේ තත්ත්වෙ හැටියට උඹට
මොනවද කරන්න පුළුවන්?</font>

20
00:03:52,775 --> 00:03:53,776
<font color="#ffc446">තොපි වගේ එවුන්…</font>

21
00:03:55,277 --> 00:03:57,112
<font color="#ffc446">මම තොපි ඔක්කොමලව ඉරා දානවා!</font>

22
00:03:59,198 --> 00:04:01,075
<font color="#ffc446">ජොන්ග්-රියොන්ග් කියලා කෙනෙක් හිටියා,</font>

23
00:04:01,909 --> 00:04:03,494
<font color="#ffc446">මට විශ්වාසයි උඹ එයාව හොඳට දන්නවා ඇති කියලා.</font>

24
00:04:04,119 --> 00:04:05,621
<font color="#ffc446">උඹ ජොන්ග්-රියොන්ග්ව දන්නවද?</font>

25
00:04:06,330 --> 00:04:10,668
<font color="#ffc446">එයා විශ්වාස කරපු දේ ගැන දැඩිව හිටියා
වගේම පුදුම ආත්ම ශක්තියක් තිබුණා.</font>

26
00:04:10,751 --> 00:04:15,506
<font color="#ffc446">අපේ සැලැස්මට එයා තමයි
හරියටම ගැලපෙන කෙනා වුණේ.</font>

27
00:04:15,589 --> 00:04:17,633
<font color="#ffc446">තෝ කවුද යකෝ?</font>

28
00:04:21,762 --> 00:04:24,306
<font color="#ffc446">මම එයාගේ හිත පාලනය කළා</font>

29
00:04:26,225 --> 00:04:29,937
<font color="#ffc446">තේජංසා පන්සලේ යක්ෂ
දඩයම්කරුවන්ව පුහුණු කරවන්න,</font>

30
00:04:35,150 --> 00:04:39,613
<font color="#ffc446">වොන්ජොන්ග්ව මරල දාන්න බලාපොරොත්තුවෙන්.</font>

31
00:04:41,907 --> 00:04:43,409
<font color="#ffc446">ඒත් අවාසනාවකට…</font>

32
00:04:45,828 --> 00:04:47,663
<font color="#ffc446">ඒ සැලැස්ම අසාර්ථක වුණා.</font>

33
00:04:48,539 --> 00:04:49,540
<font color="#ffc446">වෑන් නිසා</font>

34
00:04:49,999 --> 00:04:51,458
<font color="#ffc446">සහ උඹ නිසා.</font>

35
00:04:55,337 --> 00:04:58,007
<font color="#ffc446">මම උඹව ආපහු අවදි කළේ…</font>

36
00:05:04,388 --> 00:05:10,185
<font color="#ffc446">උඹේ අසාර්ථකත්වයට වන්දි ගෙවන්න
උඹට දෙවැනි අවස්ථාවක් දෙන්න.</font>

37
00:06:14,583 --> 00:06:17,628
<font color="#ffc446">දැන් උඹ ලෑස්තිද මම වෙනුවෙන් වැඩ කරන්න?</font>

38
00:06:28,847 --> 00:06:31,433
<font color="#ffc446">උඹයි අපියි ගන්න මේ පියවර</font>

39
00:06:32,643 --> 00:06:36,021
<font color="#ffc446">මේ හැම දෙයක්ම මනුෂ්‍යත්වයේ
පැවැත්ම සහ අභිමානය වෙනුවෙන්.</font>

40
00:06:37,314 --> 00:06:39,817
<font color="#ffc446">ඒ නිසා උඹ යන පාර ගැන
කිසිම සැකයක් තියාගන්න එපා.</font>

41
00:06:41,110 --> 00:06:42,528
<font color="#ffc446">මනුෂ්‍යත්වය වෙනුවෙන්?</font>

42
00:06:42,611 --> 00:06:45,405
<font color="#ffc446">මම කියන්නේ නෑ අපි දැන් ඉන්න
මිනිස්සුන්ව බේරගන්නවා කියලා.</font>

43
00:06:48,450 --> 00:06:49,451
<font color="#ffc446">ඊට වඩා හොඳ…</font>

44
00:06:51,912 --> 00:06:54,039
<font color="#ffc446">වඩා වටිනා මනුෂ්‍යත්වයක් වෙනුවෙන්…</font>

45
00:06:56,458 --> 00:06:57,543
<font color="#ffc446">අපි ඒකට කියන්නේ…</font>

46
00:07:00,504 --> 00:07:02,589
<font color="#ffc446">සෘෂිවරයා කියලා.</font>

47
00:07:09,388 --> 00:07:10,722
<font color="#ffc446">පරිපූර්ණ ලෝකයක් වෙනුවෙන්</font>

48
00:07:11,348 --> 00:07:14,726
<font color="#ffc446">උඹයි මායි වගේ තෝරාගත්
සෘෂිවරු සදහටම ජීවත් වෙන,</font>

49
00:07:16,186 --> 00:07:19,815
<font color="#ffc446">ඒ වගේම සුදු පැහැති සෘෂිවරුන් වෙනුවෙන්…</font>

50
00:07:20,107 --> 00:07:21,567
<font color="#ffc446">පරිපූර්ණ ලෝකයක්?</font>

51
00:07:21,942 --> 00:07:24,486
<font color="#ffc446">මගේ කිසිම අදහසක් නෑ ඕකට හවුල් වෙන්න.</font>

52
00:07:25,654 --> 00:07:28,365
<font color="#ffc446">මාව පොළව යට හිර කරපු ඒ බැල්ලව
මම මරලා දානවා</font>

53
00:07:28,740 --> 00:07:31,827
<font color="#ffc446">වගේම මට යක්ෂයෙක් වගේ ජීවත් වෙන්න
සිද්ධ කරපු හැම මිනිහෙක්වම මරනවා.</font>

54
00:07:36,498 --> 00:07:38,417
<font color="#ffc446">උඹට ඕනෙත් ඒකමද?</font>

55
00:07:40,377 --> 00:07:42,462
<font color="#ffc446">එහෙමනම්, මට පුළුවන් වෙයි උඹට උදව් කරන්න.</font>

56
00:08:36,892 --> 00:08:37,935
<font color="#ffc446">ඇයි මෙච්චර වෙලා ගියේ?</font>

57
00:08:45,609 --> 00:08:47,986
<font color="#ffc446">මම කිව්වා නේද අනවශ්‍ය දේවල්
කරන්න එපා කියලා?</font>

58
00:08:49,821 --> 00:08:51,740
<font color="#ffc446">පේන විදිහට,
වොන්ජොන්ග් කියන්නේ හදන කෙනෙක්…</font>

59
00:08:53,700 --> 00:08:55,535
<font color="#ffc446">ඒ නිසා මම හිතුවා මට එයාව බේරගන්න පුළුවන් වෙයි කියලා.</font>

60
00:08:56,203 --> 00:08:57,496
<font color="#ffc446">මට ඕන වුණේ</font>

61
00:08:58,580 --> 00:09:00,040
<font color="#ffc446">ඔයාගේ බර බෙදාගන්න.</font>

62
00:09:03,794 --> 00:09:04,795
<font color="#ffc446">මේ මොකද කරන්නේ?</font>

63
00:09:05,170 --> 00:09:07,130
<font color="#ffc446">මේක බර ඇති කියලා මම හිතුවා,</font>

64
00:09:07,214 --> 00:09:08,799
<font color="#ffc446">ඒත් මේ තරම් රස්නෙයි කියලා හිතුවේ නෑ.</font>

65
00:09:08,882 --> 00:09:11,593
<font color="#ffc446">රාග යක්ෂයෙක් එක්ක ඉඳලා ඔයාට
බය කියන එක නැති වෙලාද?</font>

66
00:09:11,760 --> 00:09:12,761
<font color="#ffc446">එහෙමද?</font>

67
00:09:20,477 --> 00:09:22,896
<font color="#ffc446">ඔයා හිතනවද රාග යක්ෂයෙක් එක්ක
යාළු වෙන්න පුළුවන් කියලා?</font>

68
00:09:23,397 --> 00:09:24,898
<font color="#ffc446">පොඩ්ඩක් හිතන්න.</font>

69
00:09:25,357 --> 00:09:26,566
<font color="#ffc446">ඇයි බැරි?</font>

70
00:09:29,945 --> 00:09:31,113
<font color="#ffc446">මම ඔයා එක්ක යාළු වෙනවා.</font>

71
00:09:31,196 --> 00:09:32,239
<font color="#ffc446">මිස්ටර් රාග යක්ෂයා එක්ක.</font>

72
00:09:35,075 --> 00:09:36,451
<font color="#ffc446">අපි හොඳ යාළුවො වෙමු, මචං.</font>

73
00:09:39,288 --> 00:09:40,330
<font color="#ffc446">වෑන්.</font>

74
00:09:41,707 --> 00:09:43,834
<font color="#ffc446">ඔයා දන්නවද ඇයි මිනිස්සු නැවත ඉපදෙන්නේ කියලා?</font>

75
00:09:45,002 --> 00:09:46,795
<font color="#ffc446">එයාලා ආපහු ඉපදෙන්නේ</font>

76
00:09:48,046 --> 00:09:50,716
<font color="#ffc446">ගිය ආත්මෙ වැරදිවලට පව් සමා කරගන්න
සහ පව් හෝදගන්න.</font>

77
00:09:51,174 --> 00:09:52,384
<font color="#ffc446">ඔයාගේ ඇඟට කොහොමද?</font>

78
00:09:52,676 --> 00:09:53,677
<font color="#ffc446">ඔයා හොඳින් නේද?</font>

79
00:10:13,530 --> 00:10:17,576
<font color="#ffc446">ඔයාට තාම උත්තරයක් හම්බුණේ නැද්ද?</font>

80
00:10:23,915 --> 00:10:29,254
<font color="#ffc446">ඔයා ඔය ලොකු පටලැවිල්ලක් අස්සේ
හිර වෙන්න එපා,</font>

81
00:10:29,796 --> 00:10:30,797
<font color="#ffc446">ජොහාන් පියතුමනි.</font>

82
00:10:32,007 --> 00:10:36,762
<font color="#ffc446">කොහොම වුණත්, එක දෙයක් ගැන විතරයි
ඔයා අවධානය දෙන්න ඕනේ.</font>

83
00:10:41,016 --> 00:10:42,351
<font color="#ffc446">ඒ තමයි මගේ රාජකාරිය.</font>

84
00:10:43,685 --> 00:10:44,686
<font color="#ffc446">හරි.</font>

85
00:10:45,937 --> 00:10:47,147
<font color="#ffc446">ඔයාගේ රාජකාරිය.</font>

86
00:10:49,024 --> 00:10:54,029
<font color="#ffc446">අන්තිමට,
ඒක මිස් මි-හෝව ආරක්ෂා කරන එක නේද?</font>

87
00:10:59,284 --> 00:11:00,285
<font color="#ffc446">ඒක පුළුවන්.</font>

88
00:11:06,958 --> 00:11:10,003
<font color="#ffc446">ඒක පුළුවන් වෙන්නේ ඔයා මනුෂ්‍යයෙක් නිසා.</font>

89
00:11:15,759 --> 00:11:17,761
<font color="#ffc446">ඔයා ආයෙත් වොන් මි-හෝව අනතුරේ දායි.</font>

90
00:11:21,056 --> 00:11:24,518
<font color="#ffc446">මිනිස්සු එයාලට කැමති දේ විශ්වාස කරනවා
ඒක හරි කියලා හිතාගෙන.</font>

91
00:11:26,353 --> 00:11:28,313
<font color="#ffc446">එයාලා ඒක ලොකු අරමුණක් විදිහට පෙන්නනවා.</font>

92
00:11:32,275 --> 00:11:33,735
<font color="#ffc446">ඔයා කිව්වනේ මාව පරීක්ෂා කරනවා කියලා.</font>

93
00:11:35,237 --> 00:11:38,031
<font color="#ffc446">හොඳට කල්පනා කරලා බලන්න
ඇත්තටම පරීක්ෂා කරන්න ඕනේ කාගෙද කියලා.</font>

94
00:12:10,480 --> 00:12:11,523
<font color="#ffc88f"><b><i>මට දැන් තේරෙන්නේ නෑ</i></b></font>

95
00:12:12,774 --> 00:12:18,280
<font color="#ffc88f"><b><i>වැඩියෙන්ම සාධාරණ මොන පැත්තද කියලා, පියතුමනි.</i></b></font>

96
00:12:29,040 --> 00:12:33,044
<font color="#ffc88f"><b><i>මිස් හන් පාසලෙන් අස්වීමේ ලිපිය</i>
<i>භාර දුන්නා.</i></b></font>

97
00:12:33,920 --> 00:12:36,506
<font color="#ffc88f"><b><i>එයාගේ දෙමව්පියෝත් දැනටමත් ගිහිල්ලා.</i></b></font>

98
00:12:37,466 --> 00:12:41,011
<font color="#ffc88f"><b><i>අවමංගල්‍යයෙන් පස්සේ එයා කා එක්කවත් හම්බෙලා නෑ.</i></b></font>

99
00:12:41,386 --> 00:12:42,721
<font color="#ffc88f"><b><i>සුභ පැතුම්!</i></b></font>

100
00:12:43,805 --> 00:12:45,140
<font color="#ffc446">සුභ පැතුම්.</font>

101
00:13:10,207 --> 00:13:12,542
<font color="#ffc88f"><b><i>ඔයාට නොකියා ආවට මට සමාවෙන්න.</i></b></font>

102
00:13:14,336 --> 00:13:16,213
<font color="#ffc88f"><b><i>ඒත් මම හොඳින්.</i></b></font>

103
00:13:17,214 --> 00:13:18,632
<font color="#ffc88f"><b><i>මම ඉක්මනට සනීප වෙයි.</i></b></font>

104
00:13:19,633 --> 00:13:21,885
<font color="#ffc88f"><b><i>ඔයා දන්නවනේ මම නිර්භීතයි කියලා.</i></b></font>

105
00:13:22,427 --> 00:13:24,804
<font color="#ffc88f"><b><i>ඒ නිසා මම ගැන වද වෙන්න එපා.</i></b></font>

106
00:13:25,222 --> 00:13:28,600
<font color="#ffc88f"><b><i>හොඳට කාලා බීලා, ප්‍රශ්න ඇති නොකර ඉන්න.</i></b></font>

107
00:13:29,768 --> 00:13:30,810
<font color="#ffc88f"><b><i>අපි ඉක්මනට ආයෙත් හම්බෙමු.</i></b></font>

108
00:13:32,229 --> 00:13:33,855
<font color="#ffc446">නිකන් හරියට ඔයා හොඳින් වගේ…</font>

109
00:13:46,076 --> 00:13:47,827
<font color="#ffc446">යමු. කොහෙද?</font>

110
00:13:48,828 --> 00:13:50,413
<font color="#ffc446">මට තවත් කාවවත් නැති කරගන්න බෑ.</font>

111
00:13:57,629 --> 00:14:03,218
<font color="#ffc446">වළ දාන්න තියෙන්නේ එක හදවතයි,
ඒත් ළමයි 46 දෙනෙක් හිටියා.</font>

112
00:14:04,803 --> 00:14:08,431
<font color="#ffc446">ඉතින් මේ හදවත</font>

113
00:14:09,307 --> 00:14:12,310
<font color="#ffc446">කෑලි 46කට ඉරීලා ගියා.</font>

114
00:14:13,103 --> 00:14:15,772
<font color="#ffc446">ඔයා ආයෙත් පටන් ගත්තද. ආච්චි ඔයාට වෙරි වෙලා.</font>

115
00:14:16,898 --> 00:14:19,234
<font color="#ffc446">මම ඕක තව එක පාරක් ඇහුවොත්,
ඒක 100 වෙනි වතාව වෙයි…</font>

116
00:14:19,693 --> 00:14:21,611
<font color="#ffc446">නෑ, ඇත්තටම, ඒක 189 වෙනි වතාව.</font>

117
00:14:23,613 --> 00:14:25,740
<font color="#ffc446">අඩුම ගානේ,
මීට වඩා රසවත් දෙයක්වත් විශ්වාස කරන්නකෝ.</font>

118
00:14:26,866 --> 00:14:30,662
<font color="#ffc446">සමහර වෙලාවට, දේවල් පේන්නේ
විශ්වාස කළාම විතරයි.</font>

119
00:14:44,634 --> 00:14:45,635
<font color="#ffc446">ඒක ඇත්තයි කියමුකෝ.</font>

120
00:14:46,219 --> 00:14:48,054
<font color="#ffc446">එහෙනම් කෝ ඒ ළමයි ඔක්කොම?</font>

121
00:14:50,056 --> 00:14:52,726
<font color="#ffc446">එයාලා දුකෙන් බලාගෙන ඉන්නවා.</font>

122
00:14:53,268 --> 00:14:55,020
<font color="#ffc446">කොහේද එයාලා ඉන්නේ? කොහේද?</font>

123
00:14:55,687 --> 00:14:56,855
<font color="#ffc446">මට කියන්න එයාලා ඉන්නේ කොහේද කියලා.</font>

124
00:15:01,651 --> 00:15:03,236
<font color="#ffc446">මට පේනවා තව එක්කෙනෙක් අරෙහේ ඉන්නවා.</font>

125
00:15:04,404 --> 00:15:05,905
<font color="#ffc446">හරිම දුකෙන්.</font>

126
00:15:09,993 --> 00:15:12,120
<font color="#ffc446">මම ඔයාට කෙලින්ම කියන්නම්.</font>

127
00:15:13,413 --> 00:15:18,001
<font color="#ffc446">මම කොහොමද වොන්ජොන්ග් කියන කෙනා වෙන්නේ?</font>

128
00:15:20,295 --> 00:15:24,966
<font color="#ffc446">ඔයා මට කිව්වනේ වොන්ජොන්ග් කියන්නේ
කැඩිච්ච දේවල් හදන කෙනෙක් කියලා.</font>

129
00:15:26,134 --> 00:15:28,219
<font color="#ffc446">මම බැලුවේ ඒක කරලා බලන්න.</font>

130
00:15:29,596 --> 00:15:31,598
<font color="#ffc446">මම හිතුවා ඔයා විදිහ දන්නවා ඇති කියලා.</font>

131
00:15:32,682 --> 00:15:35,268
<font color="#ffc446">ඕක ඔයාට ඕන වුණා කියලා
නිකන්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.</font>

132
00:15:35,644 --> 00:15:40,565
<font color="#ffc446">වොන්ජොන්ග් එයාගේ මුළු ජීවිත කාලෙම පුහුණු වුණා,
ඒක ඇටකටු කපනවා වගේ වේදනාකාරී වුණා.</font>

133
00:15:41,107 --> 00:15:44,319
<font color="#ffc446">හදවත ඉරීලා යනවට වඩා
ඇටකටු කපන එක හොඳයි.</font>

134
00:15:44,986 --> 00:15:46,446
<font color="#ffc446">ඒ නිසා අනේ මට කියන්න.</font>

135
00:15:46,529 --> 00:15:48,448
<font color="#ffc446">හැමෝටම තියෙන්නේ එක භාජනයයි.</font>

136
00:15:50,450 --> 00:15:52,577
<font color="#ffc446">අලුත් දෙයකින් ඒක පුරවන්න නම්,</font>

137
00:15:53,495 --> 00:15:57,666
<font color="#ffc446">ඔයා පුරවන ප්‍රමාණයටම
ඒක හිස් කරන්නත් ඕනේ.</font>

138
00:15:58,625 --> 00:15:59,668
<font color="#ffc446">ඔයා මොනවද--</font>

139
00:15:59,751 --> 00:16:02,796
<font color="#ffc446">ඔයා මෙච්චර කාලයක් හිටපු කෙනා
නොවෙන්න පුළුවන්.</font>

140
00:16:03,755 --> 00:16:04,964
<font color="#ffc446">ඔයා තාම ඒක කරනවද?</font>

141
00:16:10,303 --> 00:16:12,514
<font color="#ffc446">මම ඒක කරන්නේ මෙච්චර කල් හිටපු මම
ගැන මම කැමති නැති නිසා.</font>

142
00:16:14,224 --> 00:16:15,850
<font color="#ffc446">ඒ නිසා මගේ උත්තරේ තාම ඒකමයි.</font>

143
00:16:17,852 --> 00:16:18,853
<font color="#ffc446">මම උත්සාහ කරන්නම්.</font>

144
00:16:55,348 --> 00:16:57,267
<font color="#ffc446">ඔයා අර ඈතින් ඉන්න.</font>

145
00:16:59,936 --> 00:17:00,937
<font color="#ffc446">ඇයි?</font>

146
00:17:14,909 --> 00:17:15,910
<font color="#ffc446">ළමයෝ.</font>

147
00:17:17,537 --> 00:17:19,205
<font color="#ffc446">මේක ඇතුල බලන්න.</font>

148
00:17:22,333 --> 00:17:25,211
<font color="#ffc446">මේක ටිකක් අමාරු වෙයි.</font>

149
00:17:46,065 --> 00:17:47,567
<font color="#ffc446">මොකක්ද මේ?</font>

150
00:17:48,777 --> 00:17:50,111
<font color="#ffc446">මම ඔයාට කිව්වා නේද</font>

151
00:17:50,820 --> 00:17:52,655
<font color="#ffc446">මේක ඇටකටු කපනවා වගේ වේදනාකාරීයි කියලා?</font>

152
00:18:14,886 --> 00:18:16,221
<font color="#ffc446">මම කාර් එකේ ඉන්නම්.</font>

153
00:18:20,767 --> 00:18:21,893
<font color="#ffc446">මොකද වුණේ?</font>

154
00:18:23,686 --> 00:18:27,524
<font color="#ffc446">මේ තාම පටන් ගැන්ම විතරයි,
ඇයි ඔයා ඔච්චර පුදුම වෙලා?</font>

155
00:18:27,607 --> 00:18:30,485
<font color="#ffc446">මම පුදුම වුණේ නෑ. මම නිකන් ඇහුවේ.</font>

156
00:18:30,568 --> 00:18:33,530
<font color="#ffc446">ඔයාගේ නිදහසට කරුණත් වැඩක් නෑ.</font>

157
00:19:01,015 --> 00:19:02,016
<font color="#ffc446">යොම්-ජි.</font>

158
00:19:03,184 --> 00:19:05,228
<font color="#ffc446">සු-රියොන් කිව්වා එයාට ඔයාට
කියන්න දෙයක් තියෙනවා කියලා.</font>

159
00:19:11,734 --> 00:19:12,735
<font color="#ffc446">මොකක්ද මට?</font>

160
00:19:15,363 --> 00:19:16,781
<font color="#ffc446">මොකක්ද මේ?</font>

161
00:19:18,032 --> 00:19:19,117
<font color="#ffc446">මේක ස්කාෆ් එකක්.</font>

162
00:19:20,243 --> 00:19:25,331
<font color="#ffc446">මම කලින් අම්මා මේක එකින් එක ගොතන හැටි බලන්
ඉන්නකොට හිතුනා මේක හරිම එපා වෙන වැඩක් කියලා.</font>

163
00:19:25,957 --> 00:19:29,168
<font color="#ffc446">ඒත් පුදුමෙ කියන්නේ, මම තනියම කරනකොට
කාලය ගියා දැනුනෙවත් නෑ.</font>

164
00:19:30,211 --> 00:19:33,089
<font color="#ffc446">ඒ වගේම, කාලය ගෙවෙනවත් එක්කම
මගේ හිතේ තිබ්බ දේවල් නිරාකරණය වුණා.</font>

165
00:19:35,008 --> 00:19:38,511
<font color="#ffc446">ඒකෙන් කියන්නේ නෑ
දැන් හැම දෙයක්ම හරි කියලා,</font>

166
00:19:39,178 --> 00:19:40,179
<font color="#ffc446">ඒත්…</font>

167
00:19:41,055 --> 00:19:46,311
<font color="#ffc446">මම දේවල් බලෙන් කරන්න හදන එකයි කලබල වෙන
එකයි නැති කරගන්න උත්සාහ කරනවා.</font>

168
00:19:48,897 --> 00:19:50,273
<font color="#ffc446">ඔයා මට වඩා හොඳට කරනවා.</font>

169
00:19:51,316 --> 00:19:52,400
<font color="#ffc446">ඇහ්?</font>

170
00:19:52,483 --> 00:19:55,028
<font color="#ffc446">මට තිබුණා ඉක්මනට ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක්,</font>

171
00:19:55,486 --> 00:19:59,616
<font color="#ffc446">ඒත් මම කරන්න ඕනේ මොකක්ද
කියලා හිත හිතා පැකිළුණා.</font>

172
00:20:00,533 --> 00:20:01,534
<font color="#ffc446">නමුත්</font>

173
00:20:02,744 --> 00:20:06,164
<font color="#ffc446">මම මේ වගේ එකින් එක පියවරෙන්
පියවර යන්න ඕනේ.</font>

174
00:20:17,759 --> 00:20:20,053
<font color="#ffc446">ෂා, මේක හරිම උණුසුම්.</font>

175
00:20:22,013 --> 00:20:23,097
<font color="#ffc446">ස්තූතියි.</font>

176
00:20:23,848 --> 00:20:25,099
<font color="#ffc446">මමයි ඔයාට ස්තූති කරන්න ඕනේ.</font>

177
00:20:26,893 --> 00:20:29,354
<font color="#ffc446">ඔයා හරි දක්ෂයිනේ?</font>

178
00:20:30,355 --> 00:20:31,564
<font color="#ffc446">කොහොමද? ලස්සනයිද?</font>

179
00:20:31,856 --> 00:20:33,191
<font color="#ffc446">ගොඩක් ලස්සනයි.</font>

180
00:20:48,873 --> 00:20:49,874
<font color="#ffc446">මේ…</font>

181
00:20:51,125 --> 00:20:55,505
<font color="#ffc446">මගේ මතකය ආපහු ආවොත්,
මම වොන්ජොන්ග් වෙයිද නැත්තම් වොන් මි-හෝ වෙයිද?</font>

182
00:20:58,007 --> 00:20:59,342
<font color="#ffc446">ඔයා මොනවද කියන්න හදන්නේ?</font>

183
00:21:00,385 --> 00:21:01,928
<font color="#ffc446">මම වොන්ජොන්ග් වෙනුවෙන් තියෙන භාජනයක්නේ?</font>

184
00:21:02,470 --> 00:21:05,098
<font color="#ffc446">ඉතින් වඩා වැදගත් වෙන්නේ
ඒක පිරෙන්නේ මොකකින්ද කියන එකයි.</font>

185
00:21:07,141 --> 00:21:11,062
<font color="#ffc446">හරියට වතුර වීදුරුවකට වතුරයි
බීම වීදුරුවකට බීමයි පිරෙනවා වගේ.</font>

186
00:21:14,148 --> 00:21:17,610
<font color="#ffc446">මට හිතෙනවා කවුරුවත් භාජනය ගැන
වද වෙන එකක් නෑ කියලා.</font>

187
00:21:17,694 --> 00:21:19,112
<font color="#ffc446">ඒ නිසා මට පොඩි බයක් තියෙනවා.</font>

188
00:21:19,195 --> 00:21:21,239
<font color="#ffc446">ඔයා ඔය වගේ දේවල් ගැන වද වෙන කෙනෙක් නෙවෙයිනේ.</font>

189
00:21:21,572 --> 00:21:22,865
<font color="#ffc446">ඔයා ඔයා විදිහට ඉන්න.</font>

190
00:21:23,449 --> 00:21:27,078
<font color="#ffc446">කැමති නැත්නම් හලලා දාන්න තියෙන්නේ.
එච්චරයි.</font>

191
00:21:28,746 --> 00:21:31,708
<font color="#ffc446">ඔයා හරි.
භාජනය තමයි ලොක්කා, හරියට මම වගේ.</font>

192
00:21:33,001 --> 00:21:34,961
<font color="#ffc446">හරි. පිළිගත්තා.</font>

193
00:21:37,672 --> 00:21:38,673
<font color="#ffc446">භාජනය තමයි…</font>

194
00:21:43,428 --> 00:21:46,889
<font color="#ffc446">මිස්ටර්, ඇයි එක පාරටම ෂූටින්
යමු කියලා අහන්නේ?</font>

195
00:21:48,766 --> 00:21:52,270
<font color="#ffc446">මොකද පේන විදිහට ඔයා මේ දවස්වල
හරිම පීඩනයකින් ඉන්නේ.</font>

196
00:21:53,730 --> 00:21:56,607
<font color="#ffc446">පීඩනය නැති කරගන්න මීට වඩා හොඳ දෙයක් නෑ.</font>

197
00:22:06,159 --> 00:22:09,579
<font color="#ffc446">ෂා, ගොඩ කාලෙකින් නිසා මට පොඩ්ඩක්
නොසන්සුන් ගතියක් දැනෙනවා.</font>

198
00:22:09,662 --> 00:22:11,539
<font color="#ffc446">කරට බරක් දෙන්න එපා.</font>

199
00:22:12,915 --> 00:22:14,667
<font color="#ffc446">හැමදාම කරනවා වගේ කරන්න.</font>

200
00:22:14,751 --> 00:22:16,252
<font color="#ffc446">හුස්ම අල්ලගන්න.</font>

201
00:22:31,309 --> 00:22:34,062
<font color="#ffc446">හිතුවා වගේම, ඔයා තාම වැඩකාරයා.</font>

202
00:22:34,395 --> 00:22:38,649
<font color="#ffc446">මට තනියම ආරක්ෂා වෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලා
ඔයා තමයි මට ඉගැන්නුවේ.</font>

203
00:22:39,901 --> 00:22:42,987
<font color="#ffc446">ඔයා හැමතිස්සෙම සභාපතිතුමාට වඩා හොඳට කළා.</font>

204
00:22:43,529 --> 00:22:46,407
<font color="#ffc446">ඉතින් එයාට කේන්ති ගියා නේද?</font>

205
00:22:47,158 --> 00:22:48,743
<font color="#ffc446">මොකටද?</font>

206
00:22:48,826 --> 00:22:50,578
<font color="#ffc446">දැන් ඕවයින් වැඩක් නෑ.</font>

207
00:22:52,663 --> 00:22:53,664
<font color="#ffc446">මිස්ටර්.</font>

208
00:22:54,415 --> 00:22:57,126
<font color="#ffc446">මම ටික කාලෙකට ගුම් බෙක්-ජු ආච්චිගේ ගෙදර නවතින්න යනවා.</font>

209
00:22:58,461 --> 00:22:59,462
<font color="#ffc446">ඇහ්?</font>

210
00:23:06,427 --> 00:23:08,638
<font color="#ffc446">මිස්ටර්, මට මේක ඕන වෙන එකක් නෑ නේද?</font>

211
00:23:10,681 --> 00:23:11,682
<font color="#ffc446">ඕක ඕනේ නෑ.</font>

212
00:23:12,642 --> 00:23:13,643
<font color="#ffc446">ජැකට් එකක්.</font>

213
00:23:17,897 --> 00:23:19,148
<font color="#ffc446">මම මොනවා හරි අතෑරියද?</font>

214
00:23:19,607 --> 00:23:21,109
<font color="#ffc446">ඔයා ඔක්කොම ලෑස්ති කරගෙනනේ.</font>

215
00:23:22,276 --> 00:23:23,277
<font color="#ffc446">ඔක්කොම?</font>

216
00:23:23,694 --> 00:23:25,363
<font color="#ffc446">ඔයා කොහොමද ඒක දන්නේ?</font>

217
00:23:25,988 --> 00:23:28,199
<font color="#ffc446">නොදැන ඉන්න එක තමයි අමාරු.</font>

218
00:23:30,576 --> 00:23:31,786
<font color="#ffc446">මේක වැඩිද මන්දා?</font>

219
00:23:31,869 --> 00:23:35,832
<font color="#ffc446">ඔයා ඔයාගේ දේවල් අස් කරන ගමන්,
මගේ දේවලුත් එකක් අරන් යන්න.</font>

220
00:23:35,915 --> 00:23:38,084
<font color="#ffc446">ඔයාගේ? මොකක්ද?</font>

221
00:23:43,589 --> 00:23:44,590
<font color="#ffc446">මේ මොකද කරන්නේ?</font>

222
00:23:51,430 --> 00:23:52,557
<font color="#ffc446">පිස්සුද.</font>

223
00:23:54,600 --> 00:23:57,937
<font color="#ffc446">ඉන්න මම විස්තර කරන්නම්. ජොහාන්…</font>

224
00:23:58,229 --> 00:24:00,565
<font color="#ffc446">තනියම ඉන්නකොට පාළුයි වගේම එපා වෙනවා.</font>

225
00:24:00,648 --> 00:24:04,443
<font color="#ffc446">මට පුළුවන් උඹව දෙකට පලන්න.
තිරස් අතටද සිරස් අතටද ඕනේ කියලා කියපන්.</font>

226
00:24:08,030 --> 00:24:09,031
<font color="#ffc446">තිරස් අතට.</font>

227
00:24:09,407 --> 00:24:12,785
<font color="#ffc446">එයා කියනවා ඔයාව දෙකට පලනවා කියලා,
ඉතින් ඔයා අත ඇරලා දැම්මොත් නරකද?</font>

228
00:24:12,869 --> 00:24:14,453
<font color="#ffc446">මට ඔයාලත් එක්ක එන්න දෙන්නකෝ.</font>

229
00:24:14,537 --> 00:24:15,872
<font color="#ffc446">අපි මේ නිවාඩුවක් යන්නේ නෑ.</font>

230
00:24:16,247 --> 00:24:20,209
<font color="#ffc446">හා එහෙනම්. මම කියන්නම්
පරෙස්සම් වෙන්න ඕනේ දේවල් ටිකක් ගැන.</font>

231
00:24:20,418 --> 00:24:24,422
<font color="#ffc446">මි-හෝ උදේ කෑමට කලින් ඩීටොක්ස්
තේ එකක් බොන්න කැමතියි.</font>

232
00:24:24,505 --> 00:24:28,467
<font color="#ffc446">එයා හැමදාම දවල් 12ට දවල් කෑම ගන්නවා වගේම
හවස 5:30ට රෑ කෑම ගන්නවා, හැමදාම.</font>

233
00:24:28,551 --> 00:24:31,554
<font color="#ffc446">පොඩ්ඩක් හරි පරක්කු වුණොත්,
එයාට තියෙන යකාගේ කේන්තිය--</font>

234
00:24:32,555 --> 00:24:34,599
<font color="#ffc446">මම කිව්වේ, එයා
ටිකක් සංවේදී වෙන්න පුළුවන්.</font>

235
00:24:34,682 --> 00:24:39,478
<font color="#ffc446">එයා නිදාගන්න කලින් නින්ද යන්න
හොඳ හර්බල් තේ එකකුත් බොනවා.</font>

236
00:24:39,562 --> 00:24:41,856
<font color="#ffc446">බෑග් එකේ පෝෂණ අතිරේකත් තියෙනවා--</font>

237
00:24:41,939 --> 00:24:42,940
<font color="#ffc446">ජොහාන්, ඔයත් යමු.</font>

238
00:24:43,024 --> 00:24:44,025
<font color="#ffc446">මේක…</font>

239
00:24:44,859 --> 00:24:47,320
<font color="#ffc446">මි-හෝ, මම මේක ගන්නම්.</font>

240
00:24:54,535 --> 00:24:58,915
<font color="#ffc446">හෙන්යෝ ආච්චිගේ නිවස</font>

241
00:25:24,398 --> 00:25:25,524
<font color="#ffc446">ඔයා මෙහෙද ඉන්නේ…</font>

242
00:25:27,777 --> 00:25:28,778
<font color="#ffc446">ආයුබෝවන්.</font>

243
00:25:29,654 --> 00:25:30,738
<font color="#ffc446">ඔයාගේ ඇඳුම හරිම ලස්සනයි.</font>

244
00:25:31,280 --> 00:25:33,241
<font color="#ffc446">මි-හෝ, එයාගේ තේජස-- හරියට කතා කරනවා.</font>

245
00:25:34,158 --> 00:25:35,868
<font color="#ffc446">මේ තමයි ගුම් බෙක්-ජු ආච්චි.</font>

246
00:25:38,537 --> 00:25:39,538
<font color="#ffc446">හමුවීම සතුටක්.</font>

247
00:25:39,872 --> 00:25:43,542
<font color="#ffc446">මෙයා ගුම් බෙක්-ජු ආච්චි නම්,
ජෙජු මිත්‍යා කතාවල ඉන්න දෙවිවරුන්ගේ මව…</font>

248
00:25:46,003 --> 00:25:47,004
<font color="#ffc446">නැතුව ඇති.</font>

249
00:25:47,088 --> 00:25:49,966
<font color="#ffc446">කොහොම වුණත්, ඔබතුමියව
හමුවෙන්න ලැබීම ගෞරවයක්.</font>

250
00:25:50,716 --> 00:25:52,635
<font color="#ffc446">ඔයා පූජක චෑන්ග්ට වඩා හාත්පසින්ම වෙනස්.</font>

251
00:25:53,803 --> 00:25:55,012
<font color="#ffc446">කවුද පූජක චෑන්ග් කියන්නේ?</font>

252
00:25:55,888 --> 00:25:57,765
<font color="#ffc446">අපි දැන් යන්න ඕනේ.</font>

253
00:25:57,848 --> 00:25:59,392
<font color="#ffc446">අපි කොහෙද යන්න ඕනේ?</font>

254
00:25:59,475 --> 00:26:00,476
<font color="#ffc446">මගේ පස්සෙන් එන්න.</font>

255
00:26:01,227 --> 00:26:02,228
<font color="#ffc446">ඇහ්?</font>

256
00:26:02,478 --> 00:26:03,604
<font color="#ffc446">අපි මේ කොහෙද යන්නේ?</font>

257
00:26:04,397 --> 00:26:07,650
<font color="#ffc446">ඔය ඇඳුම ඇඳගෙන
දේව පුහුණුවීම් කරන්න බැහැ.</font>

258
00:26:54,030 --> 00:26:55,031
<font color="#ffc446">මම පස්සෙන් එන්න.</font>

259
00:26:59,702 --> 00:27:00,995
<font color="#ffc446">ඔයා මෙතන ඉන්න.</font>

260
00:27:01,912 --> 00:27:02,913
<font color="#ffc446">ඇයි?</font>

261
00:27:02,997 --> 00:27:05,958
<font color="#ffc446">ඒ ශක්තීන් ඔයාට වදින එක
ඔයාට එච්චර හොඳ නැහැ.</font>

262
00:27:06,459 --> 00:27:09,378
<font color="#ffc446">- ඒ වුණාට...
- ඒක එයාට හොඳත් නැහැ.</font>

263
00:27:10,338 --> 00:27:13,841
<font color="#ffc446">මේ වෙලාවේ පොඩි හුළඟක් වැදුණත්
එයාගේ ශක්තියට බාධා වෙන්න පුළුවන්.</font>

264
00:27:14,925 --> 00:27:15,926
<font color="#ffc446">හරි.</font>

265
00:27:16,260 --> 00:27:17,261
<font color="#ffc446">පරිස්සමෙන් ඉන්න.</font>

266
00:27:18,179 --> 00:27:19,555
<font color="#ffc446">හරි, හරි කොල්ලෝ.</font>

267
00:27:21,182 --> 00:27:23,851
<font color="#ffc446">මම සද්දයක්වත් නොකර ඉන්නම්කෝ, මේ පැත්තට...</font>

268
00:27:25,061 --> 00:27:26,562
<font color="#ffc446">ඒයි, මට යන්න බැරිද?</font>

269
00:28:04,600 --> 00:28:08,312
<font color="#ffc446">මුළු ඇඟෙන්ම
පොළොවේ ශක්තිය ලබාගන්න.</font>

270
00:28:19,115 --> 00:28:21,575
<font color="#ffc446">මම එක පාරයි කියන්නේ,
ඒ නිසා හොඳට අහගන්න.</font>

271
00:28:22,660 --> 00:28:27,540
<font color="#ffc446">සාමාන්‍යයෙන්, ආරක්ෂක වළල්ලක් කියන්නේ
ශක්තීන් ඒකාබද්ධ කිරීමක්.</font>

272
00:28:28,624 --> 00:28:31,252
<font color="#ffc446">මේ ලෝකය හැදිලා තියෙන්නේ
ශක්තීන් පහකින්.</font>

273
00:28:32,044 --> 00:28:36,924
<font color="#ffc446">ජලය, පස්, හුළඟ, ඉර සහ අහස.</font>

274
00:28:37,550 --> 00:28:41,429
<font color="#ffc446">මේ හැමදේම ඇඟට අරගෙන
ඒවා පිළිවෙළකට හදාගන්න.</font>

275
00:28:41,971 --> 00:28:44,140
<font color="#ffc446">මේ ශක්තීන් ස්ථාවර වුණාම,</font>

276
00:28:44,682 --> 00:28:46,809
<font color="#ffc446">ඔයාට පුළුවන් වෙන්න ඕනේ
ඒවා හිතින් එකට මුසු කරලා</font>

277
00:28:46,892 --> 00:28:49,520
<font color="#ffc446">ඔයාගේ ඇඟෙන් පිටතට මුදාහරින්න.</font>

278
00:28:50,479 --> 00:28:53,357
<font color="#ffc446">ශක්තීන් මුසු කරලා මුදාහරින්න?</font>

279
00:28:55,693 --> 00:28:56,694
<font color="#ffc446">ඒ කොහොමද?</font>

280
00:28:59,405 --> 00:29:00,948
<font color="#ffc446">ඒක අමාරු වෙන එකක් නැහැ.</font>

281
00:29:02,658 --> 00:29:06,662
<font color="#ffc446">මම කිව්වේ මතකද
ඔයා ඇතුළාන්තයෙන් බැබළෙන්න ඕනේ කියලා?</font>

282
00:29:09,874 --> 00:29:11,750
<font color="#ffc446">ඔයාගේ ඇඟ ඇතුළේ දෙයක් තියෙනවා.</font>

283
00:29:13,252 --> 00:29:15,129
<font color="#ffc446">මායා මැණිකක්.</font>

284
00:29:16,505 --> 00:29:19,049
<font color="#ffc446">ඒක ශක්තියෙන් පිරුණම,</font>

285
00:29:19,133 --> 00:29:21,385
<font color="#ffc446">ඒක ඉබේම බැබළෙන්න පටන් ගනීවි.</font>

286
00:29:23,095 --> 00:29:25,848
<font color="#ffc446">ගිය පාර කළේ හැඳින්වීමක් විතරයි.</font>

287
00:29:26,682 --> 00:29:29,894
<font color="#ffc446">ශක්තිය වැඩි වෙද්දී,
වේදනාවත් ඒ වගේම වැඩි වේවි.</font>

288
00:29:30,603 --> 00:29:34,356
<font color="#ffc446">ජලය සහ ගොඩබිම එකතු වෙන තැනක ඉඳන්
භාවනා කරන්න,</font>

289
00:29:34,440 --> 00:29:36,525
<font color="#ffc446">එතකොට පොළොවේ ශක්තිය දැනේවි.</font>

290
00:29:37,776 --> 00:29:39,778
<font color="#ffc446">එතකොට සාගරයට පාර හැදේවි.</font>

291
00:29:39,862 --> 00:29:45,493
<font color="#ffc446">ඒක මනුස්සයන් තුළ තියෙන ජල ශක්තිය එක්ක
එකතු වෙලා පාරක් හැදුණම,</font>

292
00:29:46,243 --> 00:29:47,244
<font color="#ffc446">අන්තිමට,</font>

293
00:29:48,412 --> 00:29:50,664
<font color="#ffc446">ඒක ගලාගෙන යන්න පටන් ගනීවි.</font>

294
00:30:11,602 --> 00:30:12,645
<font color="#ffc446">ඇයි ඔයා තනියම ආවේ?</font>

295
00:30:12,728 --> 00:30:15,648
<font color="#ffc446">මම උගන්වන්න ඕනේ ටික ඉගැන්නුවා,
දැන් ඔයාට යන්න පුළුවන්.</font>

296
00:30:16,732 --> 00:30:17,733
<font color="#ffc446">ඒත්...</font>

297
00:30:18,526 --> 00:30:21,820
<font color="#ffc446">එයාගෙන් අඩි 50ක්වත් ඈතින් ඉන්න.
ඊට වඩා ළඟට යන්න එපා.</font>

298
00:30:23,489 --> 00:30:24,490
<font color="#ffc446">හරි.</font>

299
00:30:25,991 --> 00:30:27,868
<font color="#ffc446">- මම අර පැත්තට...
- මේ පැත්තට එනවා!</font>

300
00:30:29,036 --> 00:30:31,372
<font color="#ffc446">- අර පැත්තට...
- ඔයා මේ නාකි මනුස්සයෙක්ව දාලා යන්නද හදන්නේ?</font>

301
00:30:35,626 --> 00:30:36,627
<font color="#ffc446">එහෙනම් යමු.</font>

302
00:31:16,333 --> 00:31:17,835
<font color="#ffc446">ඇයි මම මේවා කරන්නේ?</font>

303
00:31:19,795 --> 00:31:23,257
<font color="#ffc446">කතාවට කියනවනේ කෑමවල රස එන්නේ
අතේ පදමයි ගින්දරයි නිසා කියලා.</font>

304
00:31:23,757 --> 00:31:25,509
<font color="#ffc446">කුකුළෙක්වත් උයන්නද හදන්නේ?</font>

305
00:31:28,012 --> 00:31:32,057
<font color="#ffc446">කඳුකරයේ ශක්තිය පිරුණු දරවලින්
ගින්දර අවුළුවලා,</font>

306
00:31:32,433 --> 00:31:36,604
<font color="#ffc446">කඳුකරයේ වතුර ඒ ගින්දරෙන් රත් කළාම
හොඳ ඔසුවක් හැදෙනවා.</font>

307
00:31:37,896 --> 00:31:41,233
<font color="#ffc446">මොකද එයා බලෙන් පුරවගන්න නිසා, මි-හෝ...</font>

308
00:31:42,610 --> 00:31:44,820
<font color="#ffc446">ඒ ළමයාගේ ඇඟ ඇතුළේ
උණ ගතියක් ඇති වේවි.</font>

309
00:31:45,487 --> 00:31:50,159
<font color="#ffc446">එයාගේ ඇතුළාන්තය රත් වෙද්දී,
පිටතින් එයා අයිස් වගේ සීතල වේවි.</font>

310
00:31:50,534 --> 00:31:55,164
<font color="#ffc446">ඒ නිසා හැමදාම පුහුණුවීම් ඉවර වුණාම,
එයා උණු වතුරේ බැහැලා ඉන්න ඕනේ</font>

311
00:31:55,247 --> 00:31:58,083
<font color="#ffc446">ඇතුළාන්තයයි පිටතයි අතරේ
සංසරණය සමබර කරගන්න.</font>

312
00:32:00,628 --> 00:32:01,629
<font color="#ffc446">හරි ආච්චි.</font>

313
00:32:09,386 --> 00:32:11,263
<font color="#ffc446">- ඇයි ඔයා උදව් කරන්නේ?
- මොකක්?</font>

314
00:32:12,014 --> 00:32:15,017
<font color="#ffc446">වොන්ජොන්ග්ගේ බලය අවදි කරන්න
ඇයි ඔයා උදව් කරන්නේ?</font>

315
00:32:16,018 --> 00:32:19,897
<font color="#ffc446">ලෝකය බේරාගන්න.
මම ඉපදුණෙත් ඒකටනේ.</font>

316
00:32:19,980 --> 00:32:23,942
<font color="#ffc446">වොන්ජොන්ග්ගේ බලය අවදි කරන්න
කාටහරි රිද්දන්න වුණොත්?</font>

317
00:32:24,902 --> 00:32:28,781
<font color="#ffc446">එතකොටත් ඔයාට එයාගේ බලය අවදි කරන්න ඕනෙද?</font>

318
00:32:30,616 --> 00:32:36,372
<font color="#ffc446">ජීවිත බිලි දීලා හරි මුළු ලෝකෙම බේරාගන්න එකද
ඔයාට වඩා වැදගත්,</font>

319
00:32:36,455 --> 00:32:39,625
<font color="#ffc446">එහෙම නැත්නම් එක මනුස්සයෙක්ව හරි
ආරක්ෂා කරන එකද?</font>

320
00:32:44,463 --> 00:32:47,508
<font color="#ffc446">උත්තරයක් හොයාගන්න බැරි නම්,
අඩුම ගානේ හිත හදාගන්න.</font>

321
00:32:47,883 --> 00:32:50,678
<font color="#ffc446">එහෙම කළොත්, කොහොම වුණත්
ඔයාට අවසානය දකින්න පුළුවන් වේවි.</font>

322
00:33:37,224 --> 00:33:38,851
<font color="#ffc446">මොකද වෙන්නේ? ඔයා කවද්ද මෙහෙ ආවේ?</font>

323
00:33:39,393 --> 00:33:40,602
<font color="#ffc446">ඔයා ආවා කියලවත් මම දැනගෙන හිටියේ නෑනේ.</font>

324
00:33:41,353 --> 00:33:42,354
<font color="#ffc446">ඔයාට අවුලක් නෑනේ?</font>

325
00:33:42,563 --> 00:33:45,482
<font color="#ffc446">ඔව් අනේ. මේවා මොනවද,
මට මේවා මහා ලොකු දේවල් නෙවෙයි.</font>

326
00:33:56,952 --> 00:33:58,036
<font color="#ffc446">මහා ලොකු දෙයක් නෙවෙයි කිව්වනේ.</font>

327
00:33:58,871 --> 00:34:00,289
<font color="#ffc446">දුර්වල වෙන්නේ නැතුව, නැගිටිනවා.</font>

328
00:34:02,332 --> 00:34:05,002
<font color="#ffc446">ඔයා අත දුන්නේ නැත්නම්
මට තනියම නැගිටගන්න බැරි වෙයි කියලා හිතුවද?</font>

329
00:34:05,085 --> 00:34:06,211
<font color="#ffc446">ඔයා තාම මාව දන්නේ නෑ.</font>

330
00:34:10,966 --> 00:34:11,967
<font color="#ffc446">ඇයි මේ?</font>

331
00:34:12,301 --> 00:34:15,387
<font color="#ffc446">ඇයි ඔහොම සීරියස් මූණක් දාගෙන ඉන්නේ?
මාව අපහසුතාවයට පත් වෙනවනේ.</font>

332
00:34:16,513 --> 00:34:17,514
<font color="#ffc446">වැඩක් නෑ.</font>

333
00:34:18,599 --> 00:34:20,642
<font color="#ffc446">ඔයා මහ කැතයි හරිද,
මම තනියම නැගිටින්නම්.</font>

334
00:34:23,103 --> 00:34:24,104
<font color="#ffc446">හරිම සීතලයිනේ.</font>

335
00:34:34,281 --> 00:34:35,282
<font color="#ffc446">ඔයා මොකද කරන්නේ?</font>

336
00:34:36,825 --> 00:34:37,826
<font color="#ffc446">ඒයි.</font>

337
00:34:38,702 --> 00:34:41,747
<font color="#ffc446">ඕක ඊට වඩා ලස්සනට දාගන්න තිබ්බනේ.
ඕක කොණ්ඩ මෝස්තරයක්ද?</font>

338
00:34:44,708 --> 00:34:49,338
<font color="#ffc446">ඉතින් වොන්ජොන්ග් මේක
අවුරුදු ගාණක් කළාද?</font>

339
00:34:50,464 --> 00:34:51,465
<font color="#ffc446">කොහොමද?</font>

340
00:34:52,341 --> 00:34:55,260
<font color="#ffc446">ඒක වැඩක් නෑ. වොන්ජොන්ග් කොයි වගේද?</font>

341
00:34:59,264 --> 00:35:02,017
<font color="#ffc446">කවුද දන්නේ? මගේ මතකය ආපහු ගන්න
ඒක උදව් වෙයිනේ.</font>

342
00:35:05,187 --> 00:35:07,940
<font color="#ffc446">එයා හරිම මෘදු, ඒ වගේම තීරණ කෙලින් ගන්න කෙනෙක්.</font>

343
00:35:09,858 --> 00:35:10,859
<font color="#ffc446">තව මොනවද?</font>

344
00:35:13,445 --> 00:35:14,446
<font color="#ffc446">මට මතක නෑ.</font>

345
00:35:15,405 --> 00:35:16,824
<font color="#ffc446">ඇයි? වයස වැඩි නිසාද?</font>

346
00:35:17,616 --> 00:35:18,617
<font color="#ffc446">මොකක්?</font>

347
00:35:19,743 --> 00:35:21,036
<font color="#ffc446">ඇත්තම කියන්නකෝ.</font>

348
00:35:21,662 --> 00:35:22,955
<font color="#ffc446">ඔයාගේ ඇත්ත වයස කීයද?</font>

349
00:35:23,497 --> 00:35:25,582
<font color="#ffc446">උපන්දිනය කවද්ද?
ඒකවත් මතකද?</font>

350
00:35:27,000 --> 00:35:28,544
<font color="#ffc446">මම දන්නේ නෑ. මට ඒකත් මතක නෑ.</font>

351
00:35:28,752 --> 00:35:30,462
<font color="#ffc446">ඇයි? ඒකත් වයසට ගිය නිසාද?</font>

352
00:35:31,964 --> 00:35:32,965
<font color="#ffc446">උපන්දිනය?</font>

353
00:35:34,341 --> 00:35:37,594
<font color="#ffc446">මම ඉපදිලා හැදුණේ උපන්දින සමරන්නවත්
වත්කමක් නැති දෙමව්පියෝ ළඟ.</font>

354
00:35:38,053 --> 00:35:40,514
<font color="#ffc446">එයාලා මැරුණ දවසේ ඉඳන්,
මාව හැදුවේ රාක්ෂයෙක් වගේ.</font>

355
00:35:41,098 --> 00:35:42,516
<font color="#ffc446">ඒ නිසා මට ඕවා මතක නෑ.</font>

356
00:35:51,191 --> 00:35:52,192
<font color="#ffc446">මොකද වුණේ?</font>

357
00:35:55,153 --> 00:35:56,154
<font color="#ffc446">නිකන්...</font>

358
00:35:58,323 --> 00:36:01,326
<font color="#ffc446">මම නිකමට හිතුවා,
මම මොකුත් නොදන්න ඒ කාලේ,</font>

359
00:36:01,410 --> 00:36:05,998
<font color="#ffc446">ඔයා ගෙවපු ජීවිතේ
මේ තරම් නරක නැතුව ඇති කියලා.</font>

360
00:36:14,715 --> 00:36:15,716
<font color="#ffc446">යමු යන්න!</font>

361
00:36:27,728 --> 00:36:29,605
<font color="#ffc446">ජොහාන්, මොකද මේ කරන්නේ?</font>

362
00:36:32,024 --> 00:36:33,025
<font color="#ffc446">මි-හෝ.</font>

363
00:36:33,817 --> 00:36:36,486
<font color="#ffc446">ඔයාට පුළුවන්නේ උණු වතුරේ බැහැලා ඉන්න, නේද?</font>

364
00:36:37,946 --> 00:36:38,947
<font color="#ffc446">උණු වතුරේ?</font>

365
00:36:46,288 --> 00:36:47,289
<font color="#ffc446">එන්න, මි-හෝ.</font>

366
00:36:51,168 --> 00:36:52,294
<font color="#ffc446">ෂා, රස පාටයිනේ.</font>

367
00:36:52,920 --> 00:36:54,171
<font color="#ffc446">ආච්චි, කෝ යොම්-ජි?</font>

368
00:36:54,671 --> 00:36:56,882
<font color="#ffc446">මම එියාව යාලුවෙක්ගේ ගෙදර යැව්වා
දවස් ටිකකට.</font>

369
00:36:57,341 --> 00:36:58,342
<font color="#ffc446">ආච්චි.</font>

370
00:37:01,178 --> 00:37:03,138
<font color="#ffc446">ඔයත් පුහුණුවීම් කරන්න එපැයි.</font>

371
00:37:04,097 --> 00:37:05,891
<font color="#ffc446">ඒක මට පුහුණුවීමක් වගේ තමයි තිබුණේ.</font>

372
00:37:05,974 --> 00:37:07,893
<font color="#ffc446">හෙට තවත් අමාරු වෙයි.</font>

373
00:37:08,685 --> 00:37:11,772
<font color="#ffc446">කාලා, වෙන මොකුත් කරන්න එපා,
කලින්ම නිදාගන්න.</font>

374
00:37:12,522 --> 00:37:14,316
<font color="#ffc446">- හරි.
- කෝ කන්නකෝ ඉතින්.</font>

375
00:37:15,359 --> 00:37:16,944
<font color="#ffc446">ආච්චි හැමදාම මේවා දානවනේ.</font>

376
00:37:19,655 --> 00:37:20,739
<font color="#ffc446">එපා.</font>

377
00:38:58,920 --> 00:39:01,715
<font color="#ffc446">ඔයාට මහන්සි නම්
දවසක් නිවාඩු ගන්න පුළුවන්.</font>

378
00:39:03,050 --> 00:39:04,885
<font color="#ffc446">දැන් ඔයාට මම ගැන දුක හිතුණද?</font>

379
00:39:05,510 --> 00:39:06,803
<font color="#ffc446">දුක හිතුණා?</font>

380
00:39:07,846 --> 00:39:10,766
<font color="#ffc446">මේක හදිස්සියේ කරන්න පුළුවන් දෙයක්
නොවන නිසයි කිව්වේ.</font>

381
00:39:11,600 --> 00:39:15,020
<font color="#ffc446">ඉස්සෙල්ලම මාව හදිස්සි කළේ ඔයානේ...</font>

382
00:39:25,572 --> 00:39:26,907
<font color="#ffc446">ඉතිරි ටික කරන්න කලින් කාලා ඉන්න.</font>

383
00:39:27,824 --> 00:39:30,327
<font color="#ffc446">බඩගින්නේ ඉද්දි පුහුණුවීම් කරන්න බෑ.</font>

384
00:39:48,929 --> 00:39:50,680
<font color="#ffc446">ඔහොම ගියොත් ඔයා තමයි ඉස්සෙල්ලම වැටෙන්නේ.</font>

385
00:39:52,599 --> 00:39:58,230
<font color="#ffc446">ඒ ළමයා විඳින දුකත් එක්ක බැලුවම
මේවා මොනවද.</font>

386
00:39:58,313 --> 00:39:59,314
<font color="#ffc446">ආච්චි!</font>

387
00:40:05,237 --> 00:40:08,031
<font color="#ffc446">ඔයා තව ටික දවසක් ඉන්නවා කිව්වනේ.
ඇයි මේ ඉක්මනටම ආවේ?</font>

388
00:40:08,115 --> 00:40:10,242
<font color="#ffc446">අනේ මේ මූණේ හැටි!</font>

389
00:40:10,534 --> 00:40:11,785
<font color="#ffc446">මම නොවිත් කොහොමද?</font>

390
00:40:11,868 --> 00:40:14,871
<font color="#ffc446">ඇයි වොන් මහත්තයා මෙච්චර දවස් මෙහෙ ඉන්නේ?</font>

391
00:40:15,080 --> 00:40:16,915
<font color="#ffc446">මම මේ ඔයාට කෑම වගයක් හදාගෙන
එන ගමන් හිටියේ.</font>

392
00:40:16,998 --> 00:40:17,999
<font color="#ffc446">අනේ මන්දා.</font>

393
00:40:18,083 --> 00:40:20,252
<font color="#ffc446">ඔයා දන්නේ අනුන් ගැන බලන්න විතරයි.</font>

394
00:40:20,335 --> 00:40:21,545
<font color="#ffc446">යමු ඉක්මනට ගිහින් කමු.</font>

395
00:40:21,837 --> 00:40:24,214
<font color="#ffc446">ඔයා එයාව හොඳට හදලා තියෙනවා.
එයා ඕන තැනක පණ බේරගනීවි.</font>

396
00:40:25,048 --> 00:40:27,217
<font color="#ffc446">ඒත් එයාව වෙන කොහේවත් යවන්න
මම බයයි.</font>

397
00:40:27,300 --> 00:40:28,301
<font color="#ffc446">යමු.</font>

398
00:40:28,385 --> 00:40:29,386
<font color="#ffc446">මේ ගන්න.</font>

399
00:40:29,970 --> 00:40:32,597
<font color="#ffc446">- ෂා. ඔයා ගොඩක් කෑම හදලනේ.
- නේද?</font>

400
00:40:32,681 --> 00:40:33,849
<font color="#ffc446">රස පාටයි.</font>

401
00:40:34,391 --> 00:40:35,475
<font color="#ffc446">එහෙනම් අපි කමුද?</font>

402
00:40:54,077 --> 00:40:55,078
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න...</font>

403
00:41:06,506 --> 00:41:08,508
<font color="#ffc446">මේ ශක්තිය...</font>

404
00:41:08,800 --> 00:41:09,801
<font color="#ffc446">ඇයි? මොකක්ද?</font>

405
00:41:10,802 --> 00:41:11,803
<font color="#ffc446">ඇයි?</font>

406
00:43:07,252 --> 00:43:10,255
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

