1
00:00:31,942 --> 00:00:33,942
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:33,966 --> 00:00:35,966


3
00:00:35,990 --> 00:00:39,634
<font color="#b67a07">අවසාන කොටස</font>

4
00:00:42,424 --> 00:00:45,562
<font color="#ffbf46">ව්‍යාපාරය වසා ඇති බවට දැන්වීමයි</font>

5
00:00:47,903 --> 00:00:50,389
<font color="#ffbf46">ආ, මේ සුනයින්ගෙ කඩේනෙ.</font>

6
00:00:50,389 --> 00:00:52,599
<font color="#ffbf46">මේ කඩේ වහලා මාසයක් විතර ඇති.</font>

7
00:00:52,599 --> 00:00:54,734
<font color="#ffbf46">ඔයාට මෙතන ආරක්ෂිතව ඉන්න පුළුවන්.</font>

8
00:01:01,191 --> 00:01:03,234
<font color="#ffbf46">රෝස පාට.</font>

9
00:01:06,697 --> 00:01:08,532
<font color="#ffbf46">ඔයා ඕනකමින්මයි මේක තෝරගත්තේ නේද?</font>

10
00:01:08,532 --> 00:01:10,951
<font color="#ffbf46">හොයාගන්න බැරි කාර් එකක් මම ලෑස්ති කරා.</font>

11
00:01:10,951 --> 00:01:13,035
<font color="#ffbf46">ෆෝන් ටික මම නිකන් දෙන්නම්.</font>

12
00:01:14,930 --> 00:01:16,039
<font color="#ffbf46">මෙන්න සල්ලි.</font>

13
00:01:16,039 --> 00:01:18,959
<font color="#ffbf46">මේක මාස හැටකින් පොලී නැතුව
ගෙවන්න පුළුවන්.</font>

14
00:01:18,959 --> 00:01:22,102
<font color="#ffbf46">විනිසුරුවරයෙක් මට සල්ලි
නොගෙවා ඉන්නෙ නෑනේ.</font>

15
00:01:25,090 --> 00:01:28,051
<font color="#ffbf46">මට තිබ්බ ලොකුම දේ තමයි
විනිසුරුවරයෙක්ව අඳුරන එක.</font>

16
00:01:28,051 --> 00:01:30,661
<font color="#ffbf46">අර කාන්ග් ෂින් ජින් බල්ලා, ඇත්තටම...</font>

17
00:01:33,355 --> 00:01:35,966
<font color="#ffbf46">පොඩ්ඩක් සන්සුන් වෙන්න.
මට ගොඩක් කේන්තියි.</font>

18
00:01:35,966 --> 00:01:38,389
<font color="#ffbf46">ඒත් ඔයා ඉවසගෙන ඉන්න ඕනේ.</font>

19
00:01:43,567 --> 00:01:45,485
<font color="#ffbf46">ඔයාගෙ බෙල්ලෙ ලේ ගෑවිලා.</font>

20
00:01:45,485 --> 00:01:47,486
<font color="#ffbf46">ඔයා තාම කහිනවා.</font>

21
00:02:07,841 --> 00:02:13,485
<font color="#ffbf46">ඔයා නිසා මට ආයෙත් මැරෙන්න බැහැ.</font>

22
00:02:17,350 --> 00:02:19,727
<font color="#ffbf46">ඔයාටත් එහෙම හිතෙනවා නේද, කාන්ග් ෂින් ජින්?</font>

23
00:02:40,123 --> 00:02:42,626
<font color="#ffbf46">අපි ආයෙමත් හම්බවුණා නේද?</font>

24
00:02:42,626 --> 00:02:45,419
<font color="#ffbf46">මං ගැන වද වුණා කියලා ආරංචියි.</font>

25
00:02:53,220 --> 00:02:55,471
<font color="#ffbf46">මොකද වුණේ?</font>

26
00:02:56,114 --> 00:02:58,850
<font color="#ffbf46">කාන්ග් ෂින් ජින් 'සුවෝජේ' එකේ
කැරැල්ලක් පටන් ගත්තා.</font>

27
00:02:58,850 --> 00:03:01,294
<font color="#ffbf46">මේ මිනීමැරුම් වලට හේතුව ඒකයි.</font>

28
00:03:01,294 --> 00:03:02,604
<font color="#ffbf46">ඔයාගෙ රස්සාව ආයෙ හම්බවෙන එක ගැන නම්...</font>

29
00:03:02,604 --> 00:03:05,457
<font color="#ffbf46">මං කිව්වනෙ මට ඔයාව ඕන වෙයි කියලා.</font>

30
00:03:05,457 --> 00:03:08,151
<font color="#ffbf46">ඉතින් මං අගවිනිසුරුතුමාට කිව්වා.</font>

31
00:03:08,151 --> 00:03:09,861
<font color="#ffbf46">ඒක ලොකු දෙයක්.</font>

32
00:03:09,861 --> 00:03:10,921
<font color="#ffbf46">මම ආයෙ වැඩට ගියාම,</font>

33
00:03:10,921 --> 00:03:13,897
<font color="#ffbf46">සභාපති ජෑන්ග් ගොඩක් සතුටු වෙයි.</font>

34
00:03:15,200 --> 00:03:17,201
<font color="#ffbf46">එහෙනම් අපි පටන් ගමු.</font>

35
00:03:22,332 --> 00:03:25,584
<font color="#ffbf46">ඔයා ආයෙ එයි කියලා මං හිතුවෙ නෑ.</font>

36
00:03:27,671 --> 00:03:30,130
<font color="#ffbf46">ඔයාට මේවට පුදුම දක්ෂකමක් තියෙන්නෙ.</font>

37
00:03:32,634 --> 00:03:34,035
<font color="#ffbf46">මේක සාක්ෂිකාරයෙක්ගෙන් ප්‍රශ්න කිරීමක් විතරයි.</font>

38
00:03:34,035 --> 00:03:35,679
<font color="#ffbf46">මේ විදියට හරි මුණගැහෙන්න ලැබුණ එක...</font>

39
00:03:35,679 --> 00:03:37,480
<font color="#ffbf46">ඒක ලොකු දෙයක්.</font>

40
00:03:39,673 --> 00:03:42,684
<font color="#ffbf46">කොහොම වුණත්, මේ කාලෙ ළමයි...</font>

41
00:03:42,684 --> 00:03:46,940
<font color="#ffbf46">වැඩිහිටියන්ට කතා කරන්නෙ මෙහෙමද?</font>

42
00:03:46,940 --> 00:03:49,950
<font color="#ffbf46">කාලේ ගොඩක් වෙනස් වෙලා.</font>

43
00:03:50,610 --> 00:03:53,245
<font color="#ffbf46">දැන් හැමදේම පිස්සු කෙළියක් වෙලා!</font>

44
00:04:06,167 --> 00:04:07,919
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

45
00:04:07,919 --> 00:04:10,713
<font color="#ffbf46">අපි කඩේ වහලා.</font>

46
00:04:15,218 --> 00:04:17,469
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

47
00:04:18,221 --> 00:04:21,673
<font color="#ffbf46">මම වැඩ කරන්නෙ විනිසුරු ලී හන් යොන්ග් එක්ක.</font>

48
00:04:35,780 --> 00:04:37,991
<font color="#ffbf46">එයාගෙ සැත්කම හොඳින් කෙරුණා.</font>

49
00:04:37,991 --> 00:04:39,534
<font color="#ffbf46">එයා දැන් හොඳින් ඉන්නවා.</font>

50
00:04:39,534 --> 00:04:41,119
<font color="#ffbf46">ඇත්තටමද?</font>

51
00:04:41,119 --> 00:04:42,270
<font color="#ffbf46">ඔව්.
මට...</font>

52
00:04:42,270 --> 00:04:45,432
<font color="#ffbf46">මගේ පුතා ඇත්තටම හොඳින්ද?</font>

53
00:04:45,432 --> 00:04:46,791
<font color="#ffbf46">ඔව්,</font>

54
00:04:46,791 --> 00:04:48,685
<font color="#ffbf46">ඒ නිසා කිසි දේකට බය වෙන්න එපා.</font>

55
00:04:48,685 --> 00:04:50,045
<font color="#ffbf46">කාලා බීලා</font>

56
00:04:50,045 --> 00:04:54,396
<font color="#ffbf46">එයා එනකල් පරිස්සමට ඉන්න.</font>

57
00:04:54,396 --> 00:04:56,450
<font color="#ffbf46">හරිද?</font>

58
00:04:58,328 --> 00:05:00,513
<font color="#ffbf46">ඒත් මට කියන්න...</font>

59
00:05:00,513 --> 00:05:02,932
<font color="#ffbf46">හන් යොන්ග්</font>

60
00:05:06,061 --> 00:05:08,804
<font color="#ffbf46">ඇත්තටම එහෙම දෙයක් කළාද?</font>

61
00:05:10,398 --> 00:05:11,816
<font color="#ffbf46">පිස්සුද, එහෙම දෙයක් නෑ.</font>

62
00:05:11,816 --> 00:05:14,268
<font color="#ffbf46">මේ හැමදේම එයා පිට දාලා තියෙන්නෙ.</font>

63
00:05:15,820 --> 00:05:17,405
<font color="#ffbf46">අනේ මගේ අහිංසක හන් යොන්ග්.</font>

64
00:05:17,405 --> 00:05:19,074
<font color="#ffbf46">කවුද දෙවියනේ මෙහෙම කළේ?</font>

65
00:05:19,074 --> 00:05:23,235
<font color="#ffbf46">මගේ පුතාව මේ වගේ අමාරුවක දැම්මෙ
මොන වගේ මිනිස්සුද?</font>

66
00:05:27,123 --> 00:05:28,708
<font color="#ffbf46">තාත්තේ,</font>

67
00:05:28,708 --> 00:05:29,918
<font color="#ffbf46">අම්මේ,</font>

68
00:05:29,918 --> 00:05:32,253
<font color="#ffbf46">මාව අමාරුවේ දාපු කෙනාව අල්ලගෙන,</font>

69
00:05:32,253 --> 00:05:34,422
<font color="#ffbf46">මගේ නිර්දෝෂීකම ඔප්පු කරලා,</font>

70
00:05:34,422 --> 00:05:37,191
<font color="#ffbf46">ආඩම්බරෙන් ආයෙ ගෙදර එනවා.</font>

71
00:05:41,429 --> 00:05:43,556
<font color="#ffbf46">එයා මෙතන හිටියා නම්</font>

72
00:05:43,556 --> 00:05:48,652
<font color="#ffbf46">කියන්නෙ මේ ටික කියලා මට හිතුණා.</font>

73
00:05:50,730 --> 00:05:52,082
<font color="#ffbf46">ස්තූතියි.</font>

74
00:05:52,082 --> 00:05:54,692
<font color="#ffbf46">කලබල වෙන්න එපා.</font>

75
00:06:01,866 --> 00:06:04,635
<font color="#ffbf46">වොන් 3,500යි.</font>

76
00:06:15,380 --> 00:06:16,840
<font color="#ffbf46">ඔයත්</font>

77
00:06:16,840 --> 00:06:20,675
<font color="#ffbf46">නිවුස් වල යන දේවල් ඇත්ත කියලා හිතනවද?</font>

78
00:06:20,675 --> 00:06:23,462
<font color="#ffbf46">කවුද අනේ ඕවා විශ්වාස කරන්නෙ?</font>

79
00:06:28,018 --> 00:06:29,561
<font color="#ffbf46">අඬන්න එපා.</font>

80
00:06:29,561 --> 00:06:32,564
<font color="#ffbf46">එයා දන්නවා ඔයාට දැනෙන විදිය.</font>

81
00:06:32,564 --> 00:06:35,926
<font color="#ffbf46">මේ වගේ වෙලාවක ඔයා තවත්
හොඳට ඉගෙනගන්න ඕනෙ.</font>

82
00:06:35,926 --> 00:06:36,843
<font color="#ffbf46">මෙන්න,</font>

83
00:06:36,843 --> 00:06:39,478
<font color="#ffbf46">පැණිරස මොනවහරි කන්න අමතක කරන්න එපා.</font>

84
00:06:40,905 --> 00:06:42,698
<font color="#ffbf46">හරි.</font>

85
00:06:54,878 --> 00:06:57,355
<font color="#ffbf46">මට එන්න කිව්වද?</font>

86
00:06:58,256 --> 00:07:01,092
<font color="#ffbf46">බීලනම් ගෙදර යන්න තිබුණනේ.</font>

87
00:07:01,092 --> 00:07:03,318
<font color="#ffbf46">ඉතින් ඔයානෙ එන්න කිව්වෙ.</font>

88
00:07:29,412 --> 00:07:31,513
<font color="#ffbf46">රට ගිහින් ඉගෙනගන්න.</font>

89
00:07:40,215 --> 00:07:42,592
<font color="#ffbf46">විනිසුරු ලීට විරුද්ධව සාක්ෂි ගෙනාවේ ඔයා.</font>

90
00:07:42,592 --> 00:07:45,611
<font color="#ffbf46">ඔයත් මේ ප්‍රශ්නෙට පැටලෙයි.</font>

91
00:08:09,577 --> 00:08:11,578
<font color="#ffbf46">කොහොමත්,</font>

92
00:08:12,789 --> 00:08:15,374
<font color="#ffbf46">මට මේ ලෝකෙ එපා වෙලයි තිබුණෙ.</font>

93
00:08:23,383 --> 00:08:25,509
<font color="#ffbf46">ඉන්න, ඔයා නෙවෙයිද...</font>

94
00:08:26,678 --> 00:08:29,129
<font color="#ffbf46">මං යනවා කිව්වනෙ.</font>

95
00:08:34,452 --> 00:08:37,029
<font color="#ffbf46">මං යනවා කිව්වනෙ!</font>

96
00:08:47,282 --> 00:08:50,100
<font color="#ffbf46">මං යනවා! රට ගිහින් ඉගෙනගන්නවා.</font>

97
00:08:53,580 --> 00:08:55,874
<font color="#ffbf46">අගවිනිසුරු කාන්ග් ෂින් ජින්</font>

98
00:08:55,874 --> 00:08:58,251
<font color="#ffbf46">හිටියෙ හැමතිස්සෙම මාත් එක්ක.</font>

99
00:08:58,251 --> 00:08:59,794
<font color="#ffbf46">දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ,</font>

100
00:08:59,794 --> 00:09:02,955
<font color="#ffbf46">බලන්න නඩු ප්‍රශ්නයක් නැති එක බලවතෙක්
ඉන්නවද කියලා.</font>

101
00:09:05,383 --> 00:09:09,079
<font color="#ffbf46">නඩුකාරයොන්ට, ලෝයර්ලට
ඕන දෙයක් කියන්න පුළුවන්,</font>

102
00:09:09,079 --> 00:09:10,622
<font color="#ffbf46">ඒත් දවස අන්තිමට,</font>

103
00:09:10,622 --> 00:09:12,623
<font color="#ffbf46">අන්තිම තීරණේ තියෙන්නෙ විනිසුරුවරයා අතේ.</font>

104
00:09:15,435 --> 00:09:17,861
<font color="#ffbf46">ඉතින් මේ සැරේ කවුද?</font>

105
00:09:17,861 --> 00:09:19,680
<font color="#ffbf46">මට දැනගන්න ඕනෙ.</font>

106
00:09:28,823 --> 00:09:31,834
<font color="#ffbf46">මුලින්ම ආවේ ඔයාගෙ නම.</font>

107
00:09:36,539 --> 00:09:38,732
<font color="#ffbf46">වෙන්න ඇතිනේ.</font>

108
00:09:40,877 --> 00:09:44,004
<font color="#ffbf46">එයා ලොකු වෛරයකින් ඉන්න ඇත්තෙ.</font>

109
00:10:03,274 --> 00:10:05,944
<font color="#ffbf46">ඇයි ඔයා ඔච්චර කලබල?</font>

110
00:10:05,944 --> 00:10:07,953
<font color="#ffbf46">මාත් එක්ක එන්න.</font>

111
00:10:09,989 --> 00:10:11,032
<font color="#ffbf46">ඇමති මණ්ඩලය,</font>

112
00:10:11,032 --> 00:10:13,201
<font color="#ffbf46">හන්යන්ග් ව්‍යාපෘතිය,
විශ්‍රාම වැටුප් ආයෝජන,</font>

113
00:10:13,201 --> 00:10:15,161
<font color="#ffbf46">'සුවෝජේ' එක හැමදේටම අත දාලා තිබුණෙ.</font>

114
00:10:15,161 --> 00:10:17,747
<font color="#ffbf46">ඇත්තටම සුවෝජේ එකේ මොකද වුණේ?</font>

115
00:10:17,747 --> 00:10:19,699
<font color="#ffbf46">ඉතින්...</font>

116
00:10:19,699 --> 00:10:21,042
<font color="#ffbf46">මේ.</font>

117
00:10:21,042 --> 00:10:23,603
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?</font>

118
00:10:24,337 --> 00:10:25,880
<font color="#ffbf46">මම හොඳින්...</font>

119
00:10:25,880 --> 00:10:27,423
<font color="#ffbf46">ඒක නෙවෙයි ප්‍රශ්නෙ.</font>

120
00:10:27,423 --> 00:10:28,967
<font color="#ffbf46">මම දැන් මිනීමැරුම් සැකකාරයෙක්.</font>

121
00:10:28,967 --> 00:10:29,917
<font color="#ffbf46">ඔයාට ඒ ගැන දැනගන්න ඕනෙ නැද්ද?</font>

122
00:10:29,917 --> 00:10:32,111
<font color="#ffbf46">කවුද අනේ ඕවා විශ්වාස කරන්නෙ!
ඊළඟට මොකද? කාලය හරහා යනවද?</font>

123
00:10:32,111 --> 00:10:33,179
<font color="#ffbf46">මම මෙහෙ එන්න කලින්,</font>

124
00:10:33,179 --> 00:10:34,739
<font color="#ffbf46">ඔයාගෙ දෙමව්පියෝ, නා යොන්ග්,</font>

125
00:10:34,739 --> 00:10:35,974
<font color="#ffbf46">මම ඒ හැමෝම හම්බවෙන්න ගියා.</font>

126
00:10:35,974 --> 00:10:37,392
<font color="#ffbf46">ඔයා නිවැරදියි කියලා මං කිව්වා,</font>

127
00:10:37,392 --> 00:10:40,236
<font color="#ffbf46">කලබල වෙන්න එපා කිව්වා,
හැමෝම ළඟ ඉඳන් කරුණු පැහැදිලි කළා,</font>

128
00:10:40,236 --> 00:10:41,521
<font color="#ffbf46">ඒත් ඔයාට ඒකේ වගක්වත් නෑනේ.</font>

129
00:10:41,521 --> 00:10:43,571
<font color="#ffbf46">ස්තූතියි.</font>

130
00:10:43,571 --> 00:10:44,482
<font color="#ffbf46">හරි.</font>

131
00:10:44,482 --> 00:10:48,184
<font color="#ffbf46">කාන්ග් ෂින් ජින් කැරැල්ලක් ගැහුවා.</font>

132
00:10:49,487 --> 00:10:50,780
<font color="#ffbf46">මුලින්ම,</font>

133
00:10:50,780 --> 00:10:53,157
<font color="#ffbf46">අපි ඔයාගෙ නම සුද්ද කරගන්න ඕනෙ.</font>

134
00:10:53,157 --> 00:10:54,993
<font color="#ffbf46">කවුරුහරි ඔයාගෙ ලේ අරන්</font>

135
00:10:54,993 --> 00:10:56,761
<font color="#ffbf46">හැමතැනම ගාලා,</font>

136
00:10:56,761 --> 00:10:59,163
<font color="#ffbf46">මිනිය, සාක්ෂි, මේ හැමදේම එක්ක.</font>

137
00:10:59,163 --> 00:11:02,125
<font color="#ffbf46">කවුරු කළත්, ඒක පිටිපස්සෙ ඉන්නෙ කාන්ග් ෂින් ජින්.</font>

138
00:11:02,125 --> 00:11:04,669
<font color="#ffbf46">එහෙනම් අපි මුලින්ම එයා පස්සෙන් යමු.</font>

139
00:11:04,669 --> 00:11:06,963
<font color="#ffbf46">පවුලක් නෑ, නෑදෑයෝ නෑ, මුකුත් නෑ.</font>

140
00:11:06,963 --> 00:11:09,299
<font color="#ffbf46">එයා හැංගිලා ඉන්න තැනක් අපි දන්නෙ නෑනේ.</font>

141
00:11:09,299 --> 00:11:11,951
<font color="#ffbf46">පොලිසියට කලින් මාව හම්බවෙන්න එන්න.</font>

142
00:11:11,951 --> 00:11:14,053
<font color="#ffbf46">මිනීමැරුම් චෝදනාවෙන් බේරෙන්න නම්</font>

143
00:11:14,053 --> 00:11:16,629
<font color="#ffbf46">ඔයාට කරන්න තියෙන එකම දේ ඒකයි.</font>

144
00:11:17,890 --> 00:11:22,117
<font color="#ffbf46">කාන්ග් ෂින් ජින් මට එන්න කියනවා.</font>

145
00:11:23,688 --> 00:11:26,356
<font color="#ffbf46">ඔව්, මේ හන් ජොන්ග් හූන්.</font>

146
00:11:27,233 --> 00:11:29,319
<font color="#ffbf46">පහුගිය මහ මැතිවරණයට</font>

147
00:11:29,319 --> 00:11:32,812
<font color="#ffbf46">ඔයා දාපු කළු සල්ලි,</font>

148
00:11:32,812 --> 00:11:34,368
<font color="#ffbf46">සහ පක්ෂ නායකත්වය ගන්න බෙදපු
සල්ලි මිටි,</font>

149
00:11:34,368 --> 00:11:36,993
<font color="#ffbf46">මම ඒ ඔක්කොම නැති කරලා දාන්නම්.</font>

150
00:11:36,993 --> 00:11:40,344
<font color="#ffbf46">හරි, තේරුණා.</font>

151
00:12:08,232 --> 00:12:09,901
<font color="#ffbf46">කට්ටියම ඇවිල්ලා.</font>

152
00:12:09,901 --> 00:12:11,985
<font color="#ffbf46">ඔබතුමාට පටන් ගන්න පුළුවන්.</font>

153
00:12:14,197 --> 00:12:17,866
<font color="#ffbf46">ඔයාලගේ නූල් තියෙන්නෙ
මගෙයි ජනාධිපතිතුමාගෙයි අතේ.</font>

154
00:12:18,701 --> 00:12:20,995
<font color="#ffbf46">ඔයාලගේ කුණු කන්දල් ඔක්කොම තියෙන
ෆයිල් එකක් දැන් ලැබෙන්න ඇති.</font>

155
00:12:20,995 --> 00:12:23,246
<font color="#ffbf46">සමූහ ව්‍යාපාර වත්කම් වාර්තාව</font>

156
00:12:26,265 --> 00:12:27,625
<font color="#ffbf46">අගමැති ලී තේ ගුන්ගේ
නීතිවිරෝධී අරමුදල් වාර්තා</font>

157
00:12:27,625 --> 00:12:31,152
<font color="#ffbf46">ඒත් මට ආයෙ එන්න
උදව් කළොත්,</font>

158
00:12:31,152 --> 00:12:34,389
<font color="#ffbf46">ඒ ෆයිල් එක ආයෙ කවුරුවත් දකින එකක් නෑ.</font>

159
00:12:34,389 --> 00:12:37,627
<font color="#ffbf46">ජනාධිපතිතුමා අපේ හැම දුර්වලකමක්ම ගැන</font>

160
00:12:37,627 --> 00:12:39,821
<font color="#ffbf46">නීතිපති කාර්යාලයට ඔක්කොම කියන ගමන් ඉන්නෙ.</font>

161
00:12:45,853 --> 00:12:49,148
<font color="#ffbf46">එයා මැරුණම,
රහස් ටිකත් එයා එක්කම වැළලෙයි.</font>

162
00:12:49,148 --> 00:12:51,775
<font color="#ffbf46">මම ඒක බලාගන්නම්.</font>

163
00:13:11,212 --> 00:13:14,449
<font color="#ffbf46">වෙනස් වෙන දෙයක් නෑ.</font>

164
00:13:14,449 --> 00:13:16,284
<font color="#ffbf46">ජනාධිපතිතුමා වෙනුවට,</font>

165
00:13:16,284 --> 00:13:19,262
<font color="#ffbf46">ඔයාලා හැමෝම එක්ක එකතු වෙලා,</font>

166
00:13:19,262 --> 00:13:22,164
<font color="#ffbf46">මම මේ රට පාලනය කරනවා.</font>

167
00:13:40,371 --> 00:13:44,177
<font color="#ffbf46">පැනලා යන කෙනෙක් හැටියට මේක මරුනේ.</font>

168
00:13:45,144 --> 00:13:47,832
<font color="#ffbf46">සුවෝජේ එකේ හැමෝම
එයාගෙ මිට මොළවගෙන ඉන්නෙ.</font>

169
00:13:47,832 --> 00:13:48,833
<font color="#ffbf46">එයා ඒක පාවිච්චි කරලා,</font>

170
00:13:48,833 --> 00:13:50,835
<font color="#ffbf46">ආයෙත් හිටපු තැනටම එන්නයි හදන්නෙ.</font>

171
00:13:50,835 --> 00:13:53,421
<font color="#ffbf46">එයා මන්ත්‍රී වූ ජියෝ හූන්ව මැරුවා.</font>

172
00:13:53,421 --> 00:13:54,797
<font color="#ffbf46">මිනිස්සු අමාරුවෙ දාලා,</font>

173
00:13:54,797 --> 00:13:57,133
<font color="#ffbf46">කට වහන්න මිනී මරලා,</font>

174
00:13:57,133 --> 00:13:59,010
<font color="#ffbf46">එයා හිතාගෙන ඉන්නෙ
ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.</font>

175
00:13:59,010 --> 00:14:01,262
<font color="#ffbf46">එයාගෙ හැටි ඔහොම තමයි.</font>

176
00:14:01,262 --> 00:14:03,222
<font color="#ffbf46">අපිට එහෙම වෙන්න දෙන්න බෑ.</font>

177
00:14:03,222 --> 00:14:05,116
<font color="#ffbf46">මං හිතුවට වඩා ඉක්මනට ආවනේ.</font>

178
00:14:05,116 --> 00:14:07,018
<font color="#ffbf46">ඉතින් කොහොමද?</font>

179
00:14:07,018 --> 00:14:10,153
<font color="#ffbf46">වරදක් නෑ.</font>

180
00:14:17,236 --> 00:14:19,322
<font color="#ffbf46">මේ තියෙන්නෙ සුවෝජේ සාමාජිකයන්ගෙ විස්තර.</font>

181
00:14:19,322 --> 00:14:23,174
<font color="#ffbf46">එයාලගෙ හොර ෆෝන් නම්බර් ඔක්කොම තියෙනවා.</font>

182
00:14:27,597 --> 00:14:30,031
<font color="#ffbf46">හැබැයි, මේ දවස්වල මට වැඩ ටිකක් වැඩියි.</font>

183
00:14:30,031 --> 00:14:31,876
<font color="#ffbf46">ගෝවා හොරකමක් තියෙනවා,</font>

184
00:14:31,876 --> 00:14:33,961
<font color="#ffbf46">බ්ලැකී කියන එළුවා නැතිවෙලා...</font>

185
00:14:33,961 --> 00:14:35,546
<font color="#ffbf46">ගෝවා හොරකමකුයි</font>

186
00:14:35,546 --> 00:14:37,089
<font color="#ffbf46">එළුවෙකුයි?</font>

187
00:14:37,089 --> 00:14:41,468
<font color="#ffbf46">එහෙනම් මේ පොඩි වැඩෙත්
ඒ අස්සෙන් කරලා දෙන්න.</font>

188
00:14:43,012 --> 00:14:45,473
<font color="#ffbf46">ඔයා දන්නවනේ හේනාම් කියන්නෙ
ලෝකෙ කෙළවර කියලා.</font>

189
00:14:45,473 --> 00:14:47,016
<font color="#ffbf46">මට තවත් ප්‍රශ්න ආවොත්,</font>

190
00:14:47,016 --> 00:14:49,602
<font color="#ffbf46">වහ කාලා මැරෙන්න තමයි වෙන්නෙ.</font>

191
00:14:49,602 --> 00:14:51,187
<font color="#ffbf46">සුවෝජේ එක කැඩිලා විසිරිලා යන්න ළඟයි,</font>

192
00:14:51,187 --> 00:14:53,481
<font color="#ffbf46">ඉතින් හැමෝම තමන්ගෙ පාඩුව බලාගන්න ඕනෙ.</font>

193
00:14:53,481 --> 00:14:58,784
<font color="#ffbf46">අපි මුලින්ම එයාලගෙ ෆෝන් ට්‍රැක් කරලා ඉමු.</font>

194
00:14:58,784 --> 00:15:00,678
<font color="#ffbf46">එකෙක්වත් මග අරින්න බෑනේ.</font>

195
00:15:00,678 --> 00:15:02,240
<font color="#ffbf46"></font>

196
00:15:02,240 --> 00:15:04,033
<font color="#ffbf46">ආ, ඔව්, පරීක්ෂක කිම්.</font>

197
00:15:04,033 --> 00:15:06,577
<font color="#ffbf46">අර ගෝවා හොරකම ගැන,</font>

198
00:15:06,577 --> 00:15:07,828
<font color="#ffbf46">මම බැලුවා,</font>

199
00:15:07,828 --> 00:15:09,981
<font color="#ffbf46">ඒක අපි හිතුවට වඩා ලොකු කේස් එකක් වගේ.</font>

200
00:15:09,981 --> 00:15:13,501
<font color="#ffbf46">මට ෆෝන් කොම්පැණියට කියලා
ට්‍රැක් කරන්න වෙනවා.</font>

201
00:15:13,501 --> 00:15:17,654
<font color="#ffbf46">මං රස්සාවත් පරදුවට තියලා
මේක හොයලා දුන්නෙ.</font>

202
00:15:31,452 --> 00:15:32,453
<font color="#ffbf46">අපි හොයාගන්න ඕනෙ</font>

203
00:15:32,453 --> 00:15:34,789
<font color="#ffbf46">කාන්ග් ෂින් ජින් ගාව තියෙන
හ්වං නම් යොන්ග්ගෙ USB එක.</font>

204
00:15:34,789 --> 00:15:37,525
<font color="#ffbf46">ඒකෙන් තමයි මේ ඔක්කොම
එකපාර අල්ලගන්න පුළුවන් වෙන්නෙ.</font>

205
00:15:37,525 --> 00:15:40,026
<font color="#ffbf46">ඒක හම්බවුණත් තාම ප්‍රශ්නයක් තියෙනවා නේද?</font>

206
00:15:40,701 --> 00:15:43,555
<font color="#ffbf46">ඒ ගැන පස්සෙ බලමු.</font>

207
00:15:55,074 --> 00:15:57,687
<font color="#ffbf46">ඉතින් අපි කාන්ග් එක්ක</font>

208
00:15:57,687 --> 00:15:59,297
<font color="#ffbf46">එකතු වෙනවද නැද්ද?</font>

209
00:15:59,297 --> 00:16:02,032
<font color="#ffbf46">අපිට එහෙම කරන්න වෙනවා.</font>

210
00:16:06,429 --> 00:16:09,505
<font color="#ffbf46">අලුත් ජනාධිපතිතුමා අපේ පස්සෙන් එයිද?</font>

211
00:16:09,505 --> 00:16:11,976
<font color="#ffbf46">අලුත් ආණ්ඩුවක්නෙ.
එයාලට කාගෙහරි බෙල්ලක් ඕන වෙයි.</font>

212
00:16:11,976 --> 00:16:14,886
<font color="#ffbf46">ඔයා හිතන්නෙ ජනාධිපතිතුමා</font>

213
00:16:14,886 --> 00:16:17,356
<font color="#ffbf46">ඡන්ද වලට මූණ දීලා නෑ කියලද?</font>

214
00:16:17,356 --> 00:16:18,983
<font color="#ffbf46">කාන්ග් වගේ නපුරු මනුස්සයෙක්,</font>

215
00:16:18,983 --> 00:16:21,419
<font color="#ffbf46">එයා අපිව විතරක් නෙවෙයි</font>

216
00:16:21,419 --> 00:16:24,947
<font color="#ffbf46">පාලනය කරන්නෙ.</font>

217
00:16:24,947 --> 00:16:27,607
<font color="#ffbf46">ඡන්දෙට පාවිච්චි කරපු කළු සල්ලි.</font>

218
00:16:42,632 --> 00:16:44,967
<font color="#ffbf46">ඔයා කට්ටියට කතා කළාද?</font>

219
00:16:44,967 --> 00:16:48,153
<font color="#ffbf46">මං මොකටද? එයාලා මුලින්ම කුදලගෙන යන්නෙ ඔයාව.</font>

220
00:17:25,957 --> 00:17:28,744
<font color="#ffbf46">වීදුරුව පාත් කරලා අත් දෙක පෙන්නන්න!</font>

221
00:17:34,125 --> 00:17:35,416
<font color="#ffbf46">ඔයාලා මහන්සි වෙලා වැඩ කරනවානේ.</font>

222
00:17:35,416 --> 00:17:37,219
<font color="#ffbf46"></font>

223
00:17:39,897 --> 00:17:41,923
<font color="#ffbf46">මම රාජකාරි වැඩකට ආවේ.</font>

224
00:18:03,452 --> 00:18:04,547
<font color="#ffbf46">ඔව්.</font>

225
00:18:04,547 --> 00:18:06,424
<font color="#ffbf46">ඒකෙ තියෙන්නෙ නඩු ගැන කරපු</font>

226
00:18:06,424 --> 00:18:09,356
<font color="#ffbf46">රහස් ගනුදෙනු ගැන විස්තර.</font>

227
00:18:09,356 --> 00:18:11,470
<font color="#ffbf46"></font>

228
00:18:11,470 --> 00:18:13,414
<font color="#ffbf46">ලී හන් යොන්ග් ඕක ගැන දන්නවා,</font>

229
00:18:13,414 --> 00:18:16,474
<font color="#ffbf46">ඒ නිසා ඕන වෙලාවක පනියි.</font>

230
00:18:17,591 --> 00:18:21,538
<font color="#ffbf46">මට ආයෙ බලය ලැබෙනකල්
ඕක ආරක්ෂිත තැනක හංගන්න.</font>

231
00:18:24,390 --> 00:18:27,709
<font color="#ffbf46">හරි. තේරුණා.</font>

232
00:18:58,924 --> 00:19:01,253
<font color="#ffbf46">ඔයාගෙ කපටිකම්වල නම් ඉවරයක් නෑ.</font>

233
00:19:02,138 --> 00:19:04,956
<font color="#ffbf46">මට තාම හිරගෙදරට යන්න එන්න පුළුවන්කම තියෙනවා.</font>

234
00:19:04,956 --> 00:19:06,692
<font color="#ffbf46">ඉතින්?</font>

235
00:19:06,692 --> 00:19:08,819
<font color="#ffbf46">ඔයාගෙ රහස් ගිණුම් ටික දෙන්න.</font>

236
00:19:08,819 --> 00:19:11,947
<font color="#ffbf46">ඒකෙන් මට මොකක්ද ලැබෙන්නෙ?</font>

237
00:19:11,947 --> 00:19:15,241
<font color="#ffbf46">මම ඔයාට සුවෝජේ එකේ තැන ආයෙ අරන් දෙන්නම්.</font>

238
00:19:17,369 --> 00:19:19,788
<font color="#ffbf46">මාව මරන්න හදපු කෙනෙක්ගෙන් ලොකු කතාවක්නෙ.</font>

239
00:19:19,788 --> 00:19:22,323
<font color="#ffbf46">දැන් තත්වය වෙනස්.</font>

240
00:19:27,078 --> 00:19:29,079
<font color="#ffbf46">ඔයා පරක්කු වැඩි.</font>

241
00:19:29,079 --> 00:19:32,009
<font color="#ffbf46">මම දැනටමත් පැමිණිලි පාර්ශවයට ගොඩක් දේවල් කිව්වා.</font>

242
00:19:32,009 --> 00:19:34,902
<font color="#ffbf46">ඔයාගෙ නමත් කියවුණා.</font>

243
00:19:34,902 --> 00:19:36,320
<font color="#ffbf46">මම සාක්ෂි දුන්න ගමන්,</font>

244
00:19:36,320 --> 00:19:38,797
<font color="#ffbf46">ඔයාලා ඔක්කොම ඉවරයි.</font>

245
00:19:39,799 --> 00:19:41,550
<font color="#ffbf46">තාම පරක්කු නෑ.</font>

246
00:19:41,550 --> 00:19:43,619
<font color="#ffbf46">බලෙන් ගත්ත කට උත්තරයක්</font>

247
00:19:43,619 --> 00:19:46,472
<font color="#ffbf46">ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්.</font>

248
00:19:46,472 --> 00:19:47,790
<font color="#ffbf46">නෑ.</font>

249
00:19:47,790 --> 00:19:49,934
<font color="#ffbf46">දැන් හැමදේම වෙනස් වෙලා.</font>

250
00:19:49,934 --> 00:19:53,479
<font color="#ffbf46">හ්වං නම් යොන්ග් මැතිවරණ කොමසාරිස් කාලෙ එකතු කරපු
විස්තර මං ළඟ තියෙන්නෙ.</font>

251
00:19:53,479 --> 00:19:55,881
<font color="#ffbf46">මන්ත්‍රීලගෙයි ජනාධිපතිවරුන්ගෙයි
කළු සල්ලි විස්තර,</font>

252
00:19:55,881 --> 00:19:57,817
<font color="#ffbf46">හ්වං නම් යොන්ග් හොයාගත්ත</font>

253
00:19:57,817 --> 00:19:59,927
<font color="#ffbf46">රහස් ඔක්කොම.</font>

254
00:19:59,927 --> 00:20:02,321
<font color="#ffbf46">ඉතින් ඔයාගෙ ෆයිල් එකත් ඒකෙ තියෙනවා.</font>

255
00:20:02,321 --> 00:20:04,514
<font color="#ffbf46">මම ඒක දන්නවා.</font>

256
00:20:13,516 --> 00:20:15,484
<font color="#ffbf46">හරි.</font>

257
00:20:15,484 --> 00:20:17,153
<font color="#ffbf46">තේරී පත්වුණ ජනාධිපතිතුමා...</font>

258
00:20:17,153 --> 00:20:20,489
<font color="#ffbf46">ගිය මහ මැතිවරණයේදී එයාගේ මන්ත්‍රීකම.</font>

259
00:20:20,489 --> 00:20:21,657
<font color="#ffbf46">එයාට ඒ තරගෙට වියදම් කරන්න</font>

260
00:20:21,657 --> 00:20:23,409
<font color="#ffbf46">සාධාරණ සල්ලි විතරක් තිබුණා වෙන්න බැහැ.</font>

261
00:20:23,409 --> 00:20:25,453
<font color="#ffbf46">සාධාරණ සල්ලි විතරක්.</font>

262
00:20:25,453 --> 00:20:28,722
<font color="#ffbf46">තේරී පත්වුණ ජනාධිපතිගේ කළු සල්ලි ගැන
විස්තර එළියට දැම්මොත්,</font>

263
00:20:28,722 --> 00:20:32,192
<font color="#ffbf46">අලුත් ආණ්ඩුවට
කැබිනට් එකක් හදාගන්නවත් බැරි වෙයි.</font>

264
00:20:32,893 --> 00:20:35,604
<font color="#ffbf46">යෝජනා කරන කිසිම කෙනෙක්
විභාගවලින් බේරෙන්නේ නැහැ.</font>

265
00:20:35,604 --> 00:20:39,366
<font color="#ffbf46">පටන් ගන්න කලින්ම වැඩේ ඉවරයිද?</font>

266
00:20:42,486 --> 00:20:44,029
<font color="#ffbf46">ජනාධිපතිතුමාට</font>

267
00:20:44,029 --> 00:20:46,122
<font color="#ffbf46">කොහෙත්ම ඕන නැති දේත් ඒකයි.</font>

268
00:20:52,413 --> 00:20:54,957
<font color="#ffbf46">වොන් බිලියන 30ක ගිණුමකින්</font>

269
00:20:54,957 --> 00:20:56,800
<font color="#ffbf46">වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද?</font>

270
00:21:15,769 --> 00:21:18,988
<font color="#ffbf46">අන්තිමට හැමදේම තීරණය වෙන්නේ
සල්ලි සහ බලය මත.</font>

271
00:21:34,288 --> 00:21:36,172
<font color="#ffbf46">එයා දැන් ගියා විතරයි.</font>

272
00:21:37,166 --> 00:21:39,134
<font color="#ffbf46">හරි.</font>

273
00:21:40,210 --> 00:21:43,012
<font color="#ffbf46">සේ හී පිටරට යවන එකත් ඉක්මන් කරන්න.</font>

274
00:21:57,603 --> 00:21:59,279
<font color="#ffbf46">ස්තූතියි.</font>

275
00:22:07,112 --> 00:22:09,823
<font color="#ffbf46">කන්ග් ෂින් ජින් ඇවිත් ගියා.</font>

276
00:22:09,823 --> 00:22:12,785
<font color="#ffbf46">එයා හ්වං නම් යොන්ග් ගාව තිබුණ
ෆයිල් ගැන කතා කළා.</font>

277
00:22:12,785 --> 00:22:16,288
<font color="#ffbf46">තේරී පත්වුණ ජනාධිපතිගේ විස්තරත්
ඒකේ තියෙනවා.</font>

278
00:22:16,288 --> 00:22:18,390
<font color="#ffbf46">කන්ග් ෂින් ජින්.</font>

279
00:22:18,390 --> 00:22:20,334
<font color="#ffbf46">එයා ජනාධිපතිගේ කුණු ටික පාවිච්චි කරලා</font>

280
00:22:20,334 --> 00:22:22,044
<font color="#ffbf46">ආපහු බලයට එන්නයි හදන්නේ.</font>

281
00:22:22,044 --> 00:22:24,254
<font color="#ffbf46">මම දන්නවා. ඒත් ඒ පාහරයා පොරොන්දු වුණා</font>

282
00:22:24,254 --> 00:22:26,356
<font color="#ffbf46">මාව ආපහු සුවෝජේ එකට ගන්නවා කියලා.</font>

283
00:22:26,356 --> 00:22:29,259
<font color="#ffbf46">ඒක බොරුවක් බව පැහැදිලියි,
ඒත් ඉතින් අහන්නත් ආසයිනේ.</font>

284
00:22:29,259 --> 00:22:30,678
<font color="#ffbf46">ඒ නිසා</font>

285
00:22:30,678 --> 00:22:32,888
<font color="#ffbf46">මම එයාට දුන්නා</font>

286
00:22:32,888 --> 00:22:34,556
<font color="#ffbf46">සන්ජින් සතුට පදනමේ ව්‍යාජ ගිණුම,</font>

287
00:22:34,556 --> 00:22:36,900
<font color="#ffbf46">මාසෙට 10%ක් තැන්පත් වෙන.</font>

288
00:22:47,695 --> 00:22:50,072
<font color="#ffbf46">මොන විහිළුවක්ද.</font>

289
00:22:50,072 --> 00:22:52,373
<font color="#ffbf46">පුදුම චරිත ටිකක්නේ.</font>

290
00:22:53,200 --> 00:22:55,077
<font color="#ffbf46">නියමයි.</font>

291
00:22:55,077 --> 00:22:58,046
<font color="#ffbf46">දැන් අපිට පුළුවන් කන්ග් ෂින් ජින්ව කොටු කරගන්න.</font>

292
00:23:00,223 --> 00:23:02,334
<font color="#ffbf46"></font>

293
00:23:02,334 --> 00:23:04,302
<font color="#ffbf46">ඔව්, රිපෝටර් සොන්ග්.</font>

294
00:23:20,936 --> 00:23:23,205
<font color="#ffbf46">නීතිඥ පාක්.</font>

295
00:23:23,205 --> 00:23:25,232
<font color="#ffbf46">මම ප්‍රවෘත්තිවලට දැක්කා
සන්ජින් සතුට පදනමේ විමර්ශනය ගැන.</font>

296
00:23:25,232 --> 00:23:27,151
<font color="#ffbf46">ප්‍රවෘත්තිවල ගියා.</font>

297
00:23:27,151 --> 00:23:29,111
<font color="#ffbf46">හොඳ වැඩක්.</font>

298
00:23:29,111 --> 00:23:31,739
<font color="#ffbf46">ඔයා ආවේ භාර වෙන්නද?</font>

299
00:23:31,739 --> 00:23:33,540
<font color="#ffbf46">භාර වෙන්න?</font>

300
00:23:34,867 --> 00:23:37,327
<font color="#ffbf46">නැහැ, මම හිතන්නේ මොකක් හරි වැරදි වැටහීමක් වෙලා.</font>

301
00:23:37,327 --> 00:23:39,963
<font color="#ffbf46">ඒක නෙවෙයි, මොනවා හරි කෑවද?</font>

302
00:23:51,050 --> 00:23:54,310
<font color="#ffbf46">මන්ත්‍රී වූ ග්යෝ හූන්ව ඝාතනය කළ බව
ඔයා පිළිගන්නවද?</font>

303
00:23:59,725 --> 00:24:01,901
<font color="#ffbf46">මම කිව්වනේ, මේක වැරදි වැටහීමක් කියලා.</font>

304
00:24:02,644 --> 00:24:05,947
<font color="#ffbf46">ක්වක් සූන් වොන්, වෙඩි වැදිලා මැරුණ කෙනා.
මතකයක් තියෙනවද?</font>

305
00:24:16,283 --> 00:24:18,084
<font color="#ffbf46">මතකයක් නෑනේ.</font>

306
00:24:42,559 --> 00:24:44,429
<font color="#ffbf46">අරන් යන්න.</font>

307
00:25:30,714 --> 00:25:32,999
<font color="#ffbf46"></font>

308
00:25:41,016 --> 00:25:43,235
<font color="#ffbf46"></font>

309
00:26:20,908 --> 00:26:23,535
<font color="#ffbf46">පක්ෂ සභාපතියි සුවෝජේ කට්ටියයි</font>

310
00:26:23,535 --> 00:26:26,121
<font color="#ffbf46">ඔක්කොම කියන්නේ මන්ත්‍රී වූව මැරුවේ ඔයා කියලා,</font>

311
00:26:26,121 --> 00:26:28,499
<font color="#ffbf46">කන්ග් ෂින් ජින් නෙවෙයි.</font>

312
00:26:28,499 --> 00:26:30,508
<font color="#ffbf46">මේ විදිහට ගියොත්,</font>

313
00:26:34,296 --> 00:26:36,806
<font color="#ffbf46">එයාට ආපහු බලයට එන්න පුළුවන් වෙයි.</font>

314
00:26:38,634 --> 00:26:40,510
<font color="#ffbf46">බය වෙන්න එපා.</font>

315
00:26:40,510 --> 00:26:42,979
<font color="#ffbf46">මුළු සෙල්ලමම අනිත් පැත්ත පෙරළෙන්නයි යන්නේ.</font>

316
00:26:49,353 --> 00:26:52,113
<font color="#ffbf46">ඔයා ප්‍රධාන විනිසුරු කන්ග් එක්ක
ඩීල් එකක් දැම්මා නේද?</font>

317
00:26:55,776 --> 00:26:57,361
<font color="#ffbf46">එයා පැනලා ගිය කෙනෙක්නේ.</font>

318
00:26:57,361 --> 00:26:59,696
<font color="#ffbf46">මම දිවුරලා කියන්නම් මම මුකුත් කළේ නැහැ!</font>

319
00:26:59,696 --> 00:27:02,366
<font color="#ffbf46">ඔයා උත්සාහ නොකර හිටියේ නැහැ.
ඔයාට බැරි වුණා විතරයි.</font>

320
00:27:02,366 --> 00:27:04,333
<font color="#ffbf46">ඒ කියන්නේ ඒක මිනීමැරුම් තැතක්.</font>

321
00:27:07,704 --> 00:27:09,998
<font color="#ffbf46">අපි මෙහෙම කිව්වොත්?</font>

322
00:27:09,998 --> 00:27:13,043
<font color="#ffbf46">කන්ග් ෂින් ජින් මිනීමැරුමක් කරන්න කියද්දී</font>

323
00:27:13,043 --> 00:27:14,795
<font color="#ffbf46">ඔයා ඒක ප්‍රතික්ෂේප කළා කියලා?</font>

324
00:27:14,795 --> 00:27:16,471
<font color="#ffbf46">මොකක්ද?</font>

325
00:27:19,841 --> 00:27:21,260
<font color="#ffbf46">ඔව්.</font>

326
00:27:21,260 --> 00:27:23,144
<font color="#ffbf46">මම එයාට බෑ කිව්වා.</font>

327
00:27:26,765 --> 00:27:29,142
<font color="#ffbf46">මේ කතාව පැවැත්වූයේ</font>

328
00:27:29,142 --> 00:27:32,229
<font color="#ffbf46">අලුත් ආණ්ඩුව පිහිටුවීමට පෙර
ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගතයුතු</font>

329
00:27:32,229 --> 00:27:34,356
<font color="#ffbf46">විශේෂ පියවර ගැන දැනුම් දීමටයි.</font>

330
00:27:34,356 --> 00:27:37,401
<font color="#ffbf46">තේරී පත්වුණ ජනාධිපති කිම් කිව්වා
අද තියෙන ආර්ථික අර්බුදය...</font>

331
00:27:37,401 --> 00:27:38,485
<font color="#ffbf46">අපට ලැබුණු විශේෂ පුවතක්.</font>

332
00:27:38,485 --> 00:27:40,904
<font color="#ffbf46">සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ
හිටපු ප්‍රධාන විනිසුරු කන්ග් ෂින් ජින්ට</font>

333
00:27:40,904 --> 00:27:43,323
<font color="#ffbf46">චෝදනා එල්ල වෙලා තියෙනවා මිනීමැරුම් නියෝග දීම</font>

334
00:27:43,323 --> 00:27:45,325
<font color="#ffbf46">සහ නීතිවිරෝධී වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන්.</font>

335
00:27:45,325 --> 00:27:47,202
<font color="#ffbf46">මිරේ රෝහලේ "A" ලෙස හඳුනාගත් වෛද්‍යවරියක්</font>

336
00:27:47,202 --> 00:27:49,162
<font color="#ffbf46">පිළිඅරගෙන තියෙනවා
හිටපු ප්‍රධාන විනිසුරු ඇයට නියෝග කළ බව</font>

337
00:27:49,162 --> 00:27:51,748
<font color="#ffbf46">අසාධ්‍ය රෝගියෙක්ව මරන්න කියලා.</font>

338
00:27:51,748 --> 00:27:55,085
<font color="#ffbf46">ඒ වගේම, අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති
පාක්ගේ සාක්ෂිවලින් හෙළි වෙලා තියෙනවා</font>

339
00:27:55,085 --> 00:27:58,213
<font color="#ffbf46">සන්ජින් සතුට පදනමේ රහස් ගිණුමේ
ඇත්ත අයිතිකාරයා</font>

340
00:27:58,213 --> 00:28:00,799
<font color="#ffbf46"></font>

341
00:28:00,799 --> 00:28:02,884
<font color="#ffbf46">කන්ග් ෂින් ජින්ම බව.</font>

342
00:28:02,884 --> 00:28:06,096
<font color="#ffbf46">විනිසුරුවරයා අවුරුදු ගාණක් තිස්සේ
දේශපාලකයින්ගෙන්</font>

343
00:28:06,096 --> 00:28:07,472
<font color="#ffbf46">සහ ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන,</font>

344
00:28:07,472 --> 00:28:09,474
<font color="#ffbf46">හොර රහසේ නඩු තීන්දු වෙනස් කරලා</font>

345
00:28:09,474 --> 00:28:11,818
<font color="#ffbf46">විශාල ලාභයක් ලබලා තියෙන බවට සාක්ෂි තියෙනවා.</font>

346
00:28:33,457 --> 00:28:35,258
<font color="#ffbf46">බයිබලය.</font>

347
00:28:52,225 --> 00:28:53,810
<font color="#ffbf46">පාක් ක්වං ටෝ නැති නිසා,</font>

348
00:28:53,810 --> 00:28:57,655
<font color="#ffbf46">කන්ග් ෂින් ජින් තනියම තමයි
මේ හැමෝවම පාලනය කරන්නේ.</font>

349
00:28:58,690 --> 00:29:01,109
<font color="#ffbf46">එයාගේ හිර මැදිරියේ තිබිලා
මොනවා හරි හම්බ වුණාද?</font>

350
00:29:01,109 --> 00:29:02,652
<font color="#ffbf46">අපි හැම තැනම බැලුවා.</font>

351
00:29:02,652 --> 00:29:05,447
<font color="#ffbf46">පෞද්ගලික බඩු වගයකුයි බයිබලයකුයි විතරයි...</font>

352
00:29:05,447 --> 00:29:07,331
<font color="#ffbf46">බයිබලයක්?</font>

353
00:29:08,175 --> 00:29:10,535
<font color="#ffbf46">මම පාක් ක්වං ටෝ කියන
ඒ යකැදුරා පස්සෙන් යන මෝඩයව පැත්තකට කරලා,</font>

354
00:29:10,535 --> 00:29:12,287
<font color="#ffbf46">සුවෝජේ එක මගේ යටතට ගන්නවා.</font>

355
00:29:12,287 --> 00:29:14,414
<font color="#ffbf46">එදාට මට ඕන වෙනවා</font>

356
00:29:14,414 --> 00:29:17,459
<font color="#ffbf46">අලුත් විදිහේ යුක්තියක් හදන්න
මට සහායකයෙක්ව.</font>

357
00:29:17,459 --> 00:29:18,877
<font color="#ffbf46">යකැදුරුකම් පස්සේ ඔය තරම් යන මනුස්සයෙක්</font>

358
00:29:18,877 --> 00:29:20,629
<font color="#ffbf46">බයිබලයක් අල්ලන්නෙවත් නැහැ.</font>

359
00:29:20,629 --> 00:29:23,799
<font color="#ffbf46">ඔයාලා ඒ බයිබලේ
මොකක් හරි අමුතු දෙයක් දැක්කද?</font>

360
00:29:23,799 --> 00:29:26,259
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්, ඔයා මාව බය කරනවා.</font>

361
00:29:26,259 --> 00:29:29,478
<font color="#ffbf46">බයිබලය ඇතුලේ යන්ත්‍රයක් හංගලා තිබුණා.</font>

362
00:29:59,101 --> 00:30:01,850
<font color="#ffbf46"></font>

363
00:30:47,099 --> 00:30:49,505
<font color="#ffbf46"></font>

364
00:30:50,552 --> 00:30:53,096
<font color="#ffbf46">සුවෝජේ සාමාජිකයෝ හැමෝම ගැන
පාක් ක්වං ටෝ ගාව තිබුණ කුණු තමයි මේ.</font>

365
00:30:53,096 --> 00:30:54,764
<font color="#ffbf46">ඕකේ ඉන්න කුණු ටික අයින් කළාම,</font>

366
00:30:54,764 --> 00:30:57,767
<font color="#ffbf46">කන්ග් ෂින් ජින්ගේ බලයත් නැති වෙලා යයි.</font>

367
00:30:57,767 --> 00:30:59,853
<font color="#ffbf46">මේ සුද්ද කිරීමට නම් ටික කාලයක් යයි.</font>

368
00:30:59,853 --> 00:31:01,480
<font color="#ffbf46">සුවෝජේ එක සුද්ද කළත්,</font>

369
00:31:01,480 --> 00:31:04,316
<font color="#ffbf46">කන්ග් ෂින් ජින් ගාව තව එක තුරුම්පුවක් ඉතුරුයි.</font>

370
00:31:04,316 --> 00:31:05,567
<font color="#ffbf46">කවුද?</font>

371
00:31:05,567 --> 00:31:07,277
<font color="#ffbf46">සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ.</font>

372
00:31:07,277 --> 00:31:08,934
<font color="#ffbf46">විනිසුරු කිම් යුන් හ්යොක්.</font>

373
00:31:08,934 --> 00:31:10,743


374
00:31:10,743 --> 00:31:13,543


375
00:31:18,872 --> 00:31:21,090
<font color="#ffbf46">නියෝජ්‍ය නීතිපති යූ වොන් ඉක්.</font>

376
00:31:31,676 --> 00:31:33,477
<font color="#ffbf46">ඔයා එන්න ඕන අපිත් එක්ක යන්න.</font>

377
00:31:43,522 --> 00:31:46,024
<font color="#ffbf46">විමර්ශක බෙක්.
ඔව්.</font>

378
00:31:46,024 --> 00:31:47,825
<font color="#ffbf46">යමු.</font>

379
00:31:49,886 --> 00:31:53,073
<font color="#ffbf46"></font>

380
00:31:53,073 --> 00:31:54,407
<font color="#ffbf46">මම කිව්වනේ කලබල වෙන්න එපා කියලා.</font>

381
00:31:54,407 --> 00:31:56,868
<font color="#ffbf46">ඇත්තටම තේරෙන්නේ නැද්ද අපි ඉන්න තත්ත්වේ?</font>

382
00:31:56,868 --> 00:31:59,287
<font color="#ffbf46">අපි දැන්ම මේ ෆයිල් එක මකලා දාන්න ඕන.</font>

383
00:31:59,287 --> 00:32:01,213
<font color="#ffbf46">මම කියන දේ හොඳට අහගන්න.</font>

384
00:32:03,516 --> 00:32:05,961
<font color="#ffbf46">අපි සෝල් මධ්‍යම දිස්ත්‍රික්කයේ
විශේෂ විමර්ශන අංශයෙන්.</font>

385
00:32:05,961 --> 00:32:07,379
<font color="#ffbf46">මේ කාමරේ ඉන්න හැමෝවම</font>

386
00:32:07,379 --> 00:32:09,047
<font color="#ffbf46">හදිසි අත්අඩංගුවට ගන්නවා,</font>

387
00:32:09,047 --> 00:32:10,590
<font color="#ffbf46">චෝදනා තමයි</font>

388
00:32:10,590 --> 00:32:11,841
<font color="#ffbf46">අල්ලස් ගැනීම, බලය අවභාවිතය,</font>

389
00:32:11,841 --> 00:32:13,009
<font color="#ffbf46">ජාතික ආරක්ෂාව උල්ලංඝනය කිරීම,</font>

390
00:32:13,009 --> 00:32:16,645
<font color="#ffbf46">රාජකාරිය පැහැර හැරීම සහ තවත් දේවල්.</font>

391
00:32:19,975 --> 00:32:22,777
<font color="#ffbf46">ආයෙත් හම්බ වුණ එක සතුටක්, සභාපති ජෑන්ග්.</font>

392
00:32:26,606 --> 00:32:29,200
<font color="#ffbf46">ඔයාට තවත් මම ගැන වද වෙන්න දෙයක් නැහැ.</font>

393
00:32:34,672 --> 00:32:38,184
<font color="#ffbf46"></font>

394
00:33:08,189 --> 00:33:10,066
<font color="#ffbf46">ඔව් තාත්තේ. සේ හී ආරක්ෂිතව ගියා.</font>

395
00:33:10,066 --> 00:33:12,368
<font color="#ffbf46">එයා දැන් ප්ලේන් එකේ ඇති.</font>

396
00:33:13,528 --> 00:33:15,496
<font color="#ffbf46">හොඳ වැඩක්.</font>

397
00:33:24,456 --> 00:33:26,916
<font color="#ffbf46">මේ වෙද්දී අත්අඩංගුවට ගත් අය අතර</font>

398
00:33:26,916 --> 00:33:29,836
<font color="#ffbf46">නියෝජ්‍ය නීතිපති, S ගෲප් සභාපති ජෑන්ග් යොන්ග් හ්යුන්,</font>

399
00:33:29,836 --> 00:33:31,880
<font color="#ffbf46">දේහන් ජූන්සිම් පක්ෂ නායක හන් ජොන්ග් හූන්,</font>

400
00:33:31,880 --> 00:33:34,341
<font color="#ffbf46">සහ දේජින් ඩේලි ප්‍රධාන විධායක ලී ජූ චෑන් ඉන්නවා.</font>

401
00:33:34,341 --> 00:33:36,468
<font color="#ffbf46">ඒ වගේම තවත් දේශපාලකයින්, ව්‍යාපාරිකයින්</font>

402
00:33:36,468 --> 00:33:39,304
<font color="#ffbf46">සහ මාධ්‍ය ප්‍රධානීන් රැසක් ඊට ඇතුළත්.</font>

403
00:33:39,304 --> 00:33:42,015
<font color="#ffbf46">සුවෝජේ X-ෆයිල් එක
පැමිණිලි අංශයට ලැබීමත් එක්ක</font>

404
00:33:42,015 --> 00:33:44,392
<font color="#ffbf46">හිටපු ජනාධිපති පාක්ගේ සුවෝජේ සාමාජිකයින්</font>

405
00:33:44,392 --> 00:33:45,769
<font color="#ffbf46">සහ ප්‍රධාන විනිසුරු කන්ග් ෂින් ජින්</font>

406
00:33:45,769 --> 00:33:48,521
<font color="#ffbf46">කරපු අපරාධ ගැන සාක්ෂි ගොඩක්
හෙළි වෙලා තියෙනවා.</font>

407
00:33:48,521 --> 00:33:50,065
<font color="#ffbf46"></font>

408
00:33:50,065 --> 00:33:52,359
<font color="#ffbf46">යුක්තියේ අවසන් නවාතැන වෙන්න තිබුණ උසාවිය,</font>

409
00:33:52,359 --> 00:33:54,861
<font color="#ffbf46">මෙච්චර කල් අපරාධකරුවන්ගේ
තෝතැන්නක් වෙලා තිබුණද?</font>

410
00:33:54,861 --> 00:33:56,863
<font color="#ffbf46">ප්‍රධාන විනිසුරු කන්ග් ෂින් ජින්ට,</font>

411
00:33:56,863 --> 00:33:58,490
<font color="#ffbf46">දැන් මිනීමැරුම් චෝදනා එල්ල වෙලා තියෙන අතර,</font>

412
00:33:58,490 --> 00:34:00,033
<font color="#ffbf46">දේශපාලන සහ ව්‍යාපාරික අංශවලින්</font>

413
00:34:00,033 --> 00:34:03,286
<font color="#ffbf46">අල්ලස් අරගෙන නඩු තීන්දු වෙනස් කළ බව
හෙළිවෙලා තියෙනවා.</font>

414
00:34:03,286 --> 00:34:07,082
<font color="#ffbf46">ඒත් අපිව වඩාත්ම කම්පනයට පත් කළේ වෙනත් දෙයක්.</font>

415
00:34:07,082 --> 00:34:09,501
<font color="#ffbf46">ප්‍රධාන විනිසුරුවරුන් 50කට අධික පිරිසක්</font>

416
00:34:09,501 --> 00:34:13,463
<font color="#ffbf46">මේ දැවැන්ත අපරාධ ජාලයට
සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා.</font>

417
00:34:13,463 --> 00:34:16,591
<font color="#ffbf46">මේක හිතාගන්නවත් බැරි තත්ත්වයක්.</font>

418
00:34:16,591 --> 00:34:21,061
<font color="#ffbf46">දකුණු කොරියාවේ මුළු අධිකරණ පද්ධතියම
බිඳ වැටිලා.</font>

419
00:34:23,932 --> 00:34:25,774
<font color="#ffbf46">ආපහු එන්න.</font>

420
00:34:27,477 --> 00:34:28,978
<font color="#ffbf46">මම තවම මිනීමැරුම් සැකකරුවෙක්.</font>

421
00:34:28,978 --> 00:34:32,565
<font color="#ffbf46">මළ සිරුරේ සහ ආයුධයේ තිබුණ ලේ පැල්ලම්
වක්‍ර සාක්ෂි විතරයි.</font>

422
00:34:32,565 --> 00:34:34,859
<font color="#ffbf46">සුවෝජේ සාක්ෂිකාරයෝ කොහොමත්
එයාලගේ කට උත්තර වෙනස් කරනවා.</font>

423
00:34:34,859 --> 00:34:36,403
<font color="#ffbf46">කන්ග් ෂින් ජින් වෙනුවෙන් අමාරුවේ වැටෙන්න එපා.</font>

424
00:34:36,403 --> 00:34:38,822
<font color="#ffbf46">කැමැත්තෙන්ම භාර වෙන්න.</font>

425
00:34:38,822 --> 00:34:41,533
<font color="#ffbf46">මම පොරොන්දු වෙනවා ඔයාව හිරේ දාන්නේ නැතුව
විමර්ශනය කරනවා කියලා.</font>

426
00:34:41,533 --> 00:34:44,502
<font color="#ffbf46">මම ඇත්තටම ඒක කළා නම්?</font>

427
00:34:48,123 --> 00:34:51,167
<font color="#ffbf46">කන්ග් ෂින් ජින් දැක්කේ එයාට ඕන දේ විතරයි.</font>

428
00:34:51,167 --> 00:34:54,170
<font color="#ffbf46">එයා කවදාවත් එයාගේ තීන්දු ගැන සැක කළේ නැහැ.</font>

429
00:34:54,170 --> 00:34:56,881
<font color="#ffbf46">අන්න ඒ නිසයි විනිසුරුවරුන් 50 දෙනෙක්වම</font>

430
00:34:56,881 --> 00:34:59,175
<font color="#ffbf46">එයා එක්කම වළපල්ලට ඇදගෙන ගියේ.</font>

431
00:34:59,175 --> 00:35:01,386
<font color="#ffbf46">අධිකරණය සතුව පරිපූර්ණ යුක්තියක් නැහැ.</font>

432
00:35:01,386 --> 00:35:03,722
<font color="#ffbf46">ඒක උත්සාහ කරන්නේ යුක්තිය ඉෂ්ට කරන්න විතරයි.</font>

433
00:35:03,722 --> 00:35:05,223
<font color="#ffbf46">ඒ මිනුම් දණ්ඩට අනුව,</font>

434
00:35:05,223 --> 00:35:06,933
<font color="#ffbf46">විනිසුරුවරයෙක් විදිහට මම වගේ මිනීමැරුම් සැකකරුවෙක්</font>

435
00:35:06,933 --> 00:35:09,602
<font color="#ffbf46">විමර්ශනයක් අතරතුර නිදැල්ලේ ඉන්න එක
ගැළපෙන්නේ නැහැ.</font>

436
00:35:09,602 --> 00:35:11,104
<font color="#ffbf46">යුක්තිය</font>

437
00:35:11,104 --> 00:35:13,489
<font color="#ffbf46">හැමෝටම එක සමාන වෙන්න ඕන.</font>

438
00:35:16,776 --> 00:35:19,828
<font color="#ffbf46">අඩුම ගානේ මම එක ගෝලයෙක්ව හරි හරියට හැදුවා.</font>

439
00:35:20,947 --> 00:35:22,615
<font color="#ffbf46">ඔයා හරි.</font>

440
00:35:22,615 --> 00:35:25,076
<font color="#ffbf46">මට ඒ කෙනා වෙන්න පුළුවන්.</font>

441
00:35:25,076 --> 00:35:28,879
<font color="#ffbf46">පොඩ්ඩක් හරි වැරදුණා නම්
මමත් කන්ග් ෂින් ජින්ට වඩා වෙනස් වෙන්නේ නැහැ.</font>

442
00:35:32,417 --> 00:35:35,587
<font color="#ffbf46">ඔයාමද සුවෝජේ X-ෆයිල් එක
පැමිණිලි අංශයට භාර දුන්නේ?</font>

443
00:35:35,587 --> 00:35:37,714
<font color="#ffbf46">ඔව්.</font>

444
00:35:37,714 --> 00:35:40,633
<font color="#ffbf46">ඔයාට ඒකෙන් ගොඩ යන්න තිබුණා.</font>

445
00:35:40,633 --> 00:35:42,677
<font color="#ffbf46">සල්ලි, බලය.</font>

446
00:35:42,677 --> 00:35:46,146
<font color="#ffbf46">ඔයාට තවත් සුවෝජේ එකක් හදාගන්න තිබුණා.</font>

447
00:35:47,932 --> 00:35:51,144
<font color="#ffbf46">මම දන්න රස්සාව මම කරන්නම්.
නඩු වාර්තා කියවලා,</font>

448
00:35:51,144 --> 00:35:53,153
<font color="#ffbf46">පැන්සල් උල් කර කර,</font>

449
00:35:55,023 --> 00:35:57,241
<font color="#ffbf46">නඩු තීන්දු ලියන එක.</font>

450
00:36:01,279 --> 00:36:04,498
<font color="#ffbf46">මම කන්ග් ෂින් ජින්ව ඇතුලට දාලා,
ආපහු මගේ විනිසුරු පුටුවට යනවා.</font>

451
00:36:05,241 --> 00:36:06,910
<font color="#ffbf46">හොඳයි.</font>

452
00:36:06,910 --> 00:36:10,004
<font color="#ffbf46">ඔයා ආපහු ආවම,
ඔයා තමයි එයාගේ නඩුව අහන්නේ.</font>

453
00:36:44,322 --> 00:36:47,075
<font color="#ffbf46">හිටපු ජනාධිපති පාක්ගේ සුවෝජේ X-ෆයිල් එක නිසා</font>

454
00:36:47,075 --> 00:36:50,370
<font color="#ffbf46">කන්ග් ෂින් ජින්ගේ සිද්ධිය දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා.</font>

455
00:36:50,370 --> 00:36:52,580
<font color="#ffbf46">මේ අතරේ, හිටපු ජනාධිපති පාක්ගේ</font>

456
00:36:52,580 --> 00:36:55,291
<font color="#ffbf46">මරණය සැක සහිත බවට මත පළවෙනකොට,</font>

457
00:36:55,291 --> 00:36:56,709
<font color="#ffbf46">සමහරු සැක කරනවා</font>

458
00:36:56,709 --> 00:36:59,170
<font color="#ffbf46"><i>මේකත් හිටපු ප්‍රධාන විනිසුරු කැන්ග් ෂින් ජින්ගේ</i></font>

459
00:36:59,170 --> 00:37:00,922
<font color="#ffbf46"><i>අණ පරිදි ක්‍රියා කරපු කෙනෙක්</i></font>

460
00:37:00,922 --> 00:37:03,307
<font color="#ffbf46"><i>අතින් සිද්ධ වුණ දෙයක් වෙන්න පුළුවන්.</i></font>

461
00:37:14,435 --> 00:37:16,479
<font color="#ffbf46"><i>ඒ තැන ලී හන් යොන්ග්ගේ ඇස ගැටිලා තියෙන්නේ,</i></font>

462
00:37:16,479 --> 00:37:19,524
<font color="#ffbf46"><i>ඒ නිසා ඕනම දවසක වැටලීමක් වෙන්න පුළුවන්.</i></font>

463
00:37:19,524 --> 00:37:23,077
<font color="#ffbf46"><i>මම ආපහු බලයට එනකම්
ඒක ආරක්ෂිත තැනක හංගලා තියන්න.</i></font>

464
00:37:24,988 --> 00:37:27,156
<font color="#ffbf46">ආපහු බලයට එන්න? විහිළු කරන්න එපා.</font>

465
00:37:27,156 --> 00:37:29,200
<font color="#ffbf46">එයා දීපු හැම අණක්ම මම පිළිපැද්දා,</font>

466
00:37:29,200 --> 00:37:31,327
<font color="#ffbf46">දැන් මගේ බෙල්ල තමයි හිරවෙලා තියෙන්නේ.</font>

467
00:37:31,327 --> 00:37:34,372
<font color="#ffbf46">මේ යන විදිහට,
මේ ඔක්කොටම වගකියන්න වෙන්නේ මටයි.</font>

468
00:37:37,834 --> 00:37:39,961
<font color="#ffbf46">මම මේවට මොනවා කරන්නද?</font>

469
00:37:39,961 --> 00:37:42,388
<font color="#ffbf46">සමහරවිට මේ ඔක්කොම ගිනි තියලා දාන එක හොඳයි.</font>

470
00:37:50,263 --> 00:37:52,265
<font color="#ffbf46">මේක පොඩ්ඩක් අල්ලගන්න.</font>

471
00:37:52,265 --> 00:37:53,516
<font color="#ffbf46">මේක...</font>

472
00:37:53,516 --> 00:37:55,984
<font color="#ffbf46">මේක වටින දෙයක්නේ.</font>

473
00:37:58,229 --> 00:38:00,148
<font color="#ffbf46">ඔයා මේවා දාගන්න දන්නවනේ, නේද?</font>

474
00:38:00,148 --> 00:38:02,066
<font color="#ffbf46">ඇයි ඔයා වටේ අරන් යන්නේ</font>

475
00:38:02,066 --> 00:38:03,693
<font color="#ffbf46">මේ වගේ භයානක දෙයක්?</font>

476
00:38:03,693 --> 00:38:05,028
<font color="#ffbf46">මමම මේවා ඔයාට දාන්නද?</font>

477
00:38:05,028 --> 00:38:07,871
<font color="#ffbf46">නෑ, මම කිව්වේ ඒක නෙවෙයි.</font>

478
00:38:10,909 --> 00:38:13,877
<font color="#ffbf46">නීතිඥ පාක්.
වැඩේ ඉවරයි.</font>

479
00:38:20,627 --> 00:38:22,253
<font color="#ffbf46">මම මේක තේරී පත්වුණු ජනාධිපතිතුමාට දුන්නොත්,</font>

480
00:38:22,253 --> 00:38:23,838
<font color="#ffbf46">මට නිවැරදිකරු වෙන්න හරි</font>

481
00:38:23,838 --> 00:38:26,473
<font color="#ffbf46">සමාවක් ගන්න හරි පුළුවන් වෙයිද?</font>

482
00:38:30,311 --> 00:38:33,331


483
00:38:34,849 --> 00:38:37,143
<font color="#ffbf46">ෆයිල් ටිකේ වැඩේ හරිද?</font>

484
00:38:37,143 --> 00:38:39,194
<font color="#ffbf46"><i>මේ ලී හන් යොන්ග්.</i></font>

485
00:38:39,871 --> 00:38:41,397
<font color="#ffbf46">ඔයා කොච්චර අමාරු තත්වයක හිටියත්,</font>

486
00:38:41,397 --> 00:38:44,025
<font color="#ffbf46">කිම් යුන් හ්යොක්ව විශ්වාස කරන්න තිබුණේ නෑ.</font>

487
00:38:44,025 --> 00:38:45,109
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

488
00:38:45,109 --> 00:38:47,612
<font color="#ffbf46">නීතිඥ පාක් ඔයාට ස්තූති කරන්න කිව්වා.</font>

489
00:38:47,612 --> 00:38:49,614
<font color="#ffbf46">ඔයාට පින් සිද්ධ වෙන්න නඩු ගනුදෙනු ෆයිල් ටික
එයාට ලැබුණා කියලා එයා කිව්වා.</font>

490
00:38:49,614 --> 00:38:51,074
<font color="#ffbf46">ඔයාටම එයාට ස්තූති කරන්න ඕනද?</font>

491
00:38:51,074 --> 00:38:52,742
<font color="#ffbf46">ස්තූතියි.</font>

492
00:38:52,742 --> 00:38:55,119
<font color="#ffbf46">මම කිව්වේ පොලිසියට කලින් මාව හොයාගන්න කියලා,</font>

493
00:38:55,119 --> 00:38:56,871
<font color="#ffbf46">ඒත් ඔයා වෙන වැඩක්නේ කර කර ඉඳලා තියෙන්නේ.</font>

494
00:38:56,871 --> 00:38:58,331
<font color="#ffbf46">ඉවසලා ඉන්න.</font>

495
00:38:58,331 --> 00:39:01,209
<font color="#ffbf46">ඔයා අතපය නැතිව ලේ විලක් මැද ඉන්නකොට,</font>

496
00:39:01,209 --> 00:39:03,670
<font color="#ffbf46">මම එතනම ඉඳන් ඔයා දිහා බලාගෙන ඉන්නම්.</font>

497
00:39:03,670 --> 00:39:05,421
<font color="#ffbf46">ඒක නෙවෙයි මට දැනගන්න ඕන,</font>

498
00:39:05,421 --> 00:39:08,390
<font color="#ffbf46">ඔයා ළඟ තව මොනවා හරි තුරුම්පු ඉතුරු වෙලා තියෙනවද?</font>

499
00:39:10,760 --> 00:39:12,345
<font color="#ffbf46">ඇයි ඔච්චර විශ්වාසෙන් කියන්නේ?</font>

500
00:39:12,345 --> 00:39:15,481
<font color="#ffbf46">ඔයා තේරී පත්වුණු ජනාධිපතිතුමාට තර්ජනය කරනවාද?</font>

501
00:39:16,766 --> 00:39:19,936
<font color="#ffbf46">මම සෝල් මධ්‍යම දිස්ත්‍රික් නීති කාර්යාලයෙන්
නිකන්ම එළියට ආවා,</font>

502
00:39:19,936 --> 00:39:22,738
<font color="#ffbf46">වැඩි දවසක් යන්න කලින් මම මගේ තැන ආපහු ගන්නවා.</font>

503
00:39:23,606 --> 00:39:27,527
<font color="#ffbf46">ඒ අතරේ, ඔයා තාමත් මිනීමැරුමකට හොයන සැකකාරයෙක්.</font>

504
00:39:27,527 --> 00:39:29,870
<font color="#ffbf46">මම ඔයා නම් මගේ ආරක්ෂාව ගැන බලාගන්නවා.</font>

505
00:39:36,494 --> 00:39:38,871
<font color="#ffbf46"><i>එයා මට අභියෝග කළා එයාව දඩයම් කරන්න කියලා,</i></font>

506
00:39:38,871 --> 00:39:42,007
<font color="#ffbf46"><i>දැන් එයා කියනවා එයා ආපහු එනවා කියලා?</i></font>

507
00:39:43,710 --> 00:39:45,594
<font color="#ffbf46">ඒක බොරුවක්.</font>

508
00:39:46,587 --> 00:39:48,506
<font color="#ffbf46">එහෙනම්...</font>

509
00:39:48,506 --> 00:39:51,884
<font color="#ffbf46">ඔයා චු යොං ජින්ව අල්ලගන්න
ජාවාරම්කාරයෝ එක්ක සම්බන්ධ වුණා නේද?</font>

510
00:39:51,884 --> 00:39:53,970
<font color="#ffbf46">ඒක හරි. ඇයි ඒ ගැන අහන්නේ?</font>

511
00:39:53,970 --> 00:39:56,222
<font color="#ffbf46">බලන් ගියාම කැන්ග් ෂින් ජින්</font>

512
00:39:56,222 --> 00:39:58,315
<font color="#ffbf46">බෝට්ටුවෙන් රටින් පැනගන්න හදන්නේ.</font>

513
00:40:01,519 --> 00:40:04,696
<font color="#ffbf46">හිතුණා. එයාලා හැමතිස්සෙම පැනලා යන්නේ මුහුදෙන් තමයි.</font>

514
00:40:05,314 --> 00:40:07,115
<font color="#ffbf46">හරි.</font>

515
00:40:12,572 --> 00:40:14,282
<font color="#ffbf46">එයා ඉදිරිපත් වුණාද?</font>

516
00:40:14,282 --> 00:40:15,450
<font color="#ffbf46">යූ සේ හී</font>

517
00:40:15,450 --> 00:40:17,751
<font color="#ffbf46">මාව හම්බවෙන්න ආවා.</font>

518
00:40:18,369 --> 00:40:20,504
<font color="#ffbf46"><i>නීතිඥ කිම්.</i></font>

519
00:40:37,764 --> 00:40:39,140
<font color="#ffbf46">එයා පිළිගත්තා</font>

520
00:40:39,140 --> 00:40:42,276
<font color="#ffbf46">ඔයාගේ ලේ ගෑවුණු ගෝස් කෑල්ලක් ගත්තා කියලා.</font>

521
00:40:43,144 --> 00:40:44,145
<font color="#ffbf46">එයා කිව්වා එයා ඒක පාවිච්චි කළා කියලා</font>

522
00:40:44,145 --> 00:40:46,488
<font color="#ffbf46">මිනීමැරුම් සාක්ෂි ව්‍යාජ විදිහට හදන්න.</font>

523
00:40:49,484 --> 00:40:52,111
<font color="#ffbf46">කැන්ග් ෂින් ජින් අණ දෙන්න ඇති,</font>

524
00:40:52,111 --> 00:40:53,863
<font color="#ffbf46">ඊටපස්සේ යූ සොන් චොල්</font>

525
00:40:53,863 --> 00:40:55,907
<font color="#ffbf46">ඒක සේ හී පිට පැටවුවා වෙන්න ඇති.</font>

526
00:40:55,907 --> 00:40:58,284
<font color="#ffbf46">සේ හී ගැන කියනවා නම්...</font>

527
00:40:58,284 --> 00:41:00,995
<font color="#ffbf46">එයාට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.</font>

528
00:41:00,995 --> 00:41:02,838
<font color="#ffbf46">ඔයා මේ හැමදේම දැනගෙන හිටියද?</font>

529
00:41:06,209 --> 00:41:08,552
<font color="#ffbf46">ඔයාලා දෙන්නා අතරේ ඇත්තටම සම්බන්ධයක් තියෙනවද?</font>

530
00:41:09,670 --> 00:41:11,798
<font color="#ffbf46">අපි ගිය ආත්මේ බැඳලා හිටියේ.</font>

531
00:41:11,798 --> 00:41:14,092
<font color="#ffbf46">මොකක්?</font>

532
00:41:14,092 --> 00:41:16,059
<font color="#ffbf46">මම විහිළුවක් කළේ.</font>

533
00:41:17,386 --> 00:41:20,325
<font color="#ffbf46">ඒක මොන ජාතියේ විහිළුවක්ද?</font>

534
00:41:20,325 --> 00:41:22,493
<font color="#ffbf46">ඇත්තටම, මොකක්ද ඇත්ත කතාව?</font>

535
00:41:26,734 --> 00:41:28,710


536
00:41:37,448 --> 00:41:38,991
<font color="#ffbf46">මිස්ටර් කිම්! කොහොමද ඉතින්!</font>

537
00:41:38,991 --> 00:41:40,368
<font color="#ffbf46">මේ සොක් ජොං හෝ නේ.</font>

538
00:41:40,368 --> 00:41:41,661
<font color="#ffbf46">හරි.</font>

539
00:41:41,661 --> 00:41:43,121
<font color="#ffbf46">ඔයා හොඳින් හිටියා නේද?</font>

540
00:41:43,121 --> 00:41:44,247
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

541
00:41:44,247 --> 00:41:46,833
<font color="#ffbf46">මම කෙලින්ම කාරෙණාවට එන්නම්...</font>

542
00:41:46,833 --> 00:41:48,417
<font color="#ffbf46">ඔයා තාම කරනවද</font>

543
00:41:48,417 --> 00:41:50,802
<font color="#ffbf46">අර රෑ බෝට්ටු සවාරි?</font>

544
00:41:51,546 --> 00:41:54,514
<font color="#ffbf46">ආ නෑ, මම නෙවෙයි යන්නේ.</font>

545
00:42:27,707 --> 00:42:29,633
<font color="#ffbf46">ඔයාට ඇත්තටම අවුලක් නෑ නේද?</font>

546
00:42:32,545 --> 00:42:35,931
<font color="#ffbf46">ඔයා මාව දැක්ක පළවෙනි පාරත් ඕකමයි කිව්වේ.</font>

547
00:42:37,466 --> 00:42:39,552
<font color="#ffbf46">එතකොට හරිම පොඩියි,</font>

548
00:42:39,552 --> 00:42:43,097
<font color="#ffbf46">මම දැකපු අසරණම හිඟන්නා.</font>

549
00:42:43,097 --> 00:42:45,933
<font color="#ffbf46">මම ඔයාට දුන්නා එක සීතල ඩම්ප්ලින්ග් එකක්,</font>

550
00:42:45,933 --> 00:42:49,736
<font color="#ffbf46">ඔයා ඒක එකපාරටම ගිලලා දැම්මා,
කවුරුහරි උදුරගනී කියලා බයෙන්.</font>

551
00:42:52,815 --> 00:42:54,825
<font color="#ffbf46">අද වෙනකම්,</font>

552
00:42:56,360 --> 00:42:59,162
<font color="#ffbf46">මම ඊට වඩා රස දෙයක් කාලා නෑ.</font>

553
00:43:06,329 --> 00:43:09,624
<font color="#ffbf46">මේ ඉන්චොන්වල ඉන්න ජෝ ගේ නම්බර් එක.</font>

554
00:43:09,624 --> 00:43:12,585
<font color="#ffbf46">සල්ලි තියෙනවා නම්, මිනිහා වැඩේ කරලා දෙයි,</font>

555
00:43:12,585 --> 00:43:14,720
<font color="#ffbf46">මුහුදෙන් පැනගන්න විදිහක් මිනිහා ලෑස්ති කරලා දෙයි.</font>

556
00:43:35,942 --> 00:43:38,194
<font color="#ffbf46">මම ආපහු එන්නම්.</font>

557
00:43:38,194 --> 00:43:41,455
<font color="#ffbf46">පොරොන්දුව ඉෂ්ට කරන්න.</font>

558
00:44:03,511 --> 00:44:05,179
<font color="#ffbf46"><i>ජාවාරම් තැරැව්කාරයා දැන් කතා කළා.</i></font>

559
00:44:05,179 --> 00:44:07,348
<font color="#ffbf46"><i>ඉන්චොන් පැත්තෙන්. මට විශ්වාසයි ඒ එයා තමයි.</i></font>

560
00:44:07,348 --> 00:44:08,934
<font color="#ffbf46"><i>මම දැන් ඔයාට ඇඩ්‍රස් එක එවනවා. චෙක් කරන්න.</i></font>

561
00:44:08,934 --> 00:44:10,977


562
00:44:10,977 --> 00:44:12,019
<font color="#ffbf46">හරි.</font>

563
00:44:12,019 --> 00:44:14,689
<font color="#ffbf46"><i>මම නීතිඥ පාක්ටයි නීතිඥ කිම්ටයි දෙන්නටම මැසේජ් කළා.</i></font>

564
00:44:14,689 --> 00:44:16,565
<font color="#ffbf46"><i>මම දැන් එන ගමන් ඉන්නේ.</i></font>

565
00:44:16,565 --> 00:44:18,283
<font color="#ffbf46">හරි.</font>

566
00:45:02,278 --> 00:45:04,329
<font color="#ffbf46">ඇතුලට එන්න.</font>

567
00:45:09,118 --> 00:45:10,961
<font color="#ffbf46">අපි කීයටද පිටත් වෙන්නේ?</font>

568
00:45:11,912 --> 00:45:14,548
<font color="#ffbf46">දළ වශයෙන් පැය දෙක තුනකින් විතර.</font>

569
00:45:23,132 --> 00:45:25,684
<font color="#ffbf46">ඉතුරු සල්ලි ටික ගියාම දෙන්නම්.</font>

570
00:45:29,430 --> 00:45:31,349
<font color="#ffbf46">ඒක සාධාරණයි.</font>

571
00:45:31,349 --> 00:45:35,193
<font color="#ffbf46">මොකද යකෝ බලන් ඉන්නේ?
අපේ අමුත්තාට බොන්න මොනවා හරි දීපන්.</font>

572
00:45:42,860 --> 00:45:44,945
<font color="#ffbf46">ජීවත් වෙන එක ඇත්තටම</font>

573
00:45:44,945 --> 00:45:46,822
<font color="#ffbf46">හරිම මහන්සි වැඩක්.</font>

574
00:45:46,822 --> 00:45:48,540
<font color="#ffbf46">මෙන්න.</font>

575
00:45:51,202 --> 00:45:53,920
<font color="#ffbf46">ගන්න.</font>

576
00:45:56,165 --> 00:45:58,633
<font color="#ffbf46">ඔයා ලැජ්ජාශීලී කෙනෙක්නේ.</font>

577
00:46:08,511 --> 00:46:10,312
<font color="#ffbf46">අල්ලගන්න ඕකව!</font>

578
00:46:53,013 --> 00:46:54,940
<font color="#ffbf46">ඒයි!</font>

579
00:46:58,185 --> 00:47:00,445
<font color="#ffbf46">ඔය බෑග් එක දියන්.</font>

580
00:47:01,605 --> 00:47:04,233
<font color="#ffbf46">මොනවද ඕකේ තියෙන්නේ, රත්තරන් පාටයක්ද?</font>

581
00:47:04,233 --> 00:47:06,034
<font color="#ffbf46">ඕක මෙහෙට දියන්.</font>

582
00:47:13,784 --> 00:47:15,828
<font color="#ffbf46">මොකද මෙතන වෙන්නේ?</font>

583
00:47:15,828 --> 00:47:17,705
<font color="#ffbf46">තමුන් කොහොමද මෙතනට ආවේ?</font>

584
00:47:17,705 --> 00:47:20,590
<font color="#ffbf46">ඒක අමතක කරන්න. ඔයා මට ස්තූති කරන්න ඕනේ.</font>

585
00:47:21,333 --> 00:47:23,461
<font color="#ffbf46">ඔයාට තිබුණනේ තව කට්ටිය එක්ක එන්න.</font>

586
00:47:23,461 --> 00:47:25,337
<font color="#ffbf46">ඒක මගේ විදිහ නෙවෙයි.</font>

587
00:47:25,337 --> 00:47:27,798
<font color="#ffbf46">ඔයා හිතන් ඉන්නේ මේක ඇක්ෂන් ෆිල්ම් එකක් කියලද?</font>

588
00:47:27,798 --> 00:47:30,092
<font color="#ffbf46">ඔයාට වැඩක් කරන්න හැමදේම
අකුරක් නෑර කියන්න ඕනද?</font>

589
00:47:30,092 --> 00:47:31,469
<font color="#ffbf46">තොපි වගේ වැඩක් නැති එවුන්!</font>

590
00:47:31,469 --> 00:47:33,186
<font color="#ffbf46">ඕකුන්ට කුඩු වෙන්න ගහපියව්!</font>

591
00:47:48,961 --> 00:47:51,322
<font color="#ffbf46">ඔයා රටින් පැනලා යනවා නම්,
මීට වඩා හොඳ පාරක් හොයාගන්න තිබුණා.</font>

592
00:47:51,322 --> 00:47:53,073
<font color="#ffbf46">මාත් කියන්නේ ඒකයි.</font>

593
00:47:53,073 --> 00:47:55,385
<font color="#ffbf46">මාත් මීට කලින් මේ වගේ දෙයක් කරලා නෑනේ, ඉතින්...</font>

594
00:47:59,121 --> 00:48:00,789
<font color="#ffbf46">අපි මෙතනින් එළියට ගියාම,</font>

595
00:48:00,789 --> 00:48:04,251
<font color="#ffbf46">මම ඔප්පු කරනවා වූ ග්යෝ හූන්ගේ මිනීමැරුමට
ඔයා නිර්දෝෂී කියලා.</font>

596
00:48:04,251 --> 00:48:06,553
<font color="#ffbf46">ඒක දැනටමත් විසඳිලා තියෙන්නේ.</font>

597
00:48:07,755 --> 00:48:09,173
<font color="#ffbf46">එහෙනම් මොකටද මෙහෙට ආවේ?</font>

598
00:48:09,173 --> 00:48:11,433
<font color="#ffbf46">ඔයාව නීතිය ඉස්සරහට ගේන්න.</font>

599
00:48:14,303 --> 00:48:16,222
<font color="#ffbf46">මම නැති වුණොත්,</font>

600
00:48:16,222 --> 00:48:18,565
<font color="#ffbf46">ඔයා හිතනවද ඔයාගේ යුක්තිය ඉෂ්ට වෙයි කියලා?</font>

601
00:48:19,475 --> 00:48:21,143
<font color="#ffbf46">මම පෙන්නන්න හදන්නේ</font>

602
00:48:21,143 --> 00:48:23,737
<font color="#ffbf46">මගේ යුක්තියේ මාර්ගය තමයි හරි එක කියලා.</font>

603
00:48:50,714 --> 00:48:52,515
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑනේ?</font>

604
00:49:16,240 --> 00:49:18,041
<font color="#ffbf46">තොපි කවුද යකෝ?</font>

605
00:49:22,621 --> 00:49:24,373
<font color="#ffbf46">ඕකුන්ව ඉවරයක් කරලා දාපල්ලා.</font>

606
00:49:24,373 --> 00:49:26,174
<font color="#ffbf46">හන් යොන්ග්!</font>

607
00:49:38,637 --> 00:49:40,438
<font color="#ffbf46">හෙලවෙන්න එපා!</font>

608
00:49:41,640 --> 00:49:43,441
<font color="#ffbf46">හෙලවෙන්න එපා!</font>

609
00:49:53,110 --> 00:49:55,453
<font color="#ffbf46">යමු ඔයාගේ වැරදිවලට වන්දි ගෙවන්න.</font>

610
00:49:57,281 --> 00:49:59,074
<font color="#ffbf46">ඔයා හිතනවද දැන් ඔක්කොම ඉවරයි කියලා?</font>

611
00:49:59,074 --> 00:50:00,743
<font color="#ffbf46">කොහොමද ඉවරයක් වෙන්නේ?</font>

612
00:50:00,743 --> 00:50:03,420
<font color="#ffbf46">මේ ලෝකේ අපරාධකාරයෝ පිරිලා ඉන්නකොට.</font>

613
00:50:14,102 --> 00:50:16,015
<font color="#ffbf46">යූ සොන් චොල්.</font>

614
00:50:19,762 --> 00:50:21,930
<font color="#ffbf46">තමුන්ව අත්අඩංගුවට ගන්නවා</font>

615
00:50:21,930 --> 00:50:23,307
<font color="#ffbf46">කරුණු ගොතපු එකටයි</font>

616
00:50:23,307 --> 00:50:25,442
<font color="#ffbf46">නීති විරෝධී නඩු ගනුදෙනු වලටයි.</font>

617
00:50:33,192 --> 00:50:35,336
<font color="#ffbf46">තාත්තේ.</font>

618
00:50:35,336 --> 00:50:36,362
<font color="#ffbf46">තමුන් කවුද?</font>

619
00:50:36,362 --> 00:50:37,863
<font color="#ffbf46">තමුන් දන්නවද මේ කොහෙද ඉන්නේ කියලා...</font>

620
00:50:37,863 --> 00:50:39,831
<font color="#ffbf46">යූ ජින් ග්වන්ග්.</font>

621
00:50:47,790 --> 00:50:49,674
<font color="#ffbf46">මේ තියෙන්නේ තමුන්ගේ වරෙන්තුව.</font>

622
00:50:51,752 --> 00:50:53,087
<font color="#ffbf46">අපිත් එක්ක යමු.</font>

623
00:50:53,087 --> 00:50:54,421
<font color="#ffbf46">බදු වංචා සහ</font>

624
00:50:54,421 --> 00:50:57,007
<font color="#ffbf46">සාක්ෂිකරුවන්ට අල්ලස් දීමේ චෝදනා යටතේ
යූ හා නා දැන් ඉන්නේ</font>

625
00:50:57,007 --> 00:50:59,476
<font color="#ffbf46">ප්‍රශ්න කිරීමේ කාමරයේ.</font>

626
00:51:04,419 --> 00:51:06,817


627
00:51:17,544 --> 00:51:20,280


628
00:51:20,280 --> 00:51:23,534
<font color="#ffbf46"><i>හිටපු ප්‍රධාන විනිසුරු කැන්ග් ෂින් ජින්ගේ නඩුව</i></font>

629
00:51:23,534 --> 00:51:25,119
<font color="#ffbf46"><i>තව එක දවසකින් තියෙද්දී,</i></font>

630
00:51:25,119 --> 00:51:27,329
<font color="#ffbf46"><i>නීති ක්ෂේත්‍රය වගේම දේශපාලන</i></font>

631
00:51:27,329 --> 00:51:31,125
<font color="#ffbf46"><i>සහ ව්‍යාපාරික ලෝකයම
තීන්දුව එනකම් බලාගෙන ඉන්නවා.</i></font>

632
00:51:31,125 --> 00:51:34,753
<font color="#ffbf46"><i>හිටපු ප්‍රධාන විනිසුරු කැන්ග් ෂින් ජින්ට එරෙහිව,</i></font>

633
00:51:34,753 --> 00:51:38,048
<font color="#ffbf46"><i>පැමිණිලි පාර්ශවය ජීවිතාන්තය දක්වා
සිර දඬුවම් ඉල්ලයි කියලා බලාපොරොත්තු වෙනවා,</i></font>

634
00:51:38,048 --> 00:51:40,509
<font color="#ffbf46"><i>ඒ වගේම පළවෙනි නඩුව මෙහෙයවන
විනිසුරු ලී හන් යොන්ග්,</i></font>

635
00:51:40,509 --> 00:51:42,928
<font color="#ffbf46"><i>විත්තිකාර කැන්ග් ෂින් ජින්ගේ ඉල්ලීම අනුමත කරලා තියෙනවා</i></font>

636
00:51:42,928 --> 00:51:45,772
<font color="#ffbf46"><i>නඩු විභාගය සජීවීව විකාශය කරන්න.</i></font>

637
00:51:51,478 --> 00:51:53,105
<font color="#ffbf46"><i>තව කොච්චර කල්</i></font>

638
00:51:53,105 --> 00:51:55,761
<font color="#ffbf46"><i>මට ලැබිලා තියෙන මේ කාලය තියෙයිද?</i></font>

639
00:52:08,078 --> 00:52:09,455
<font color="#ffbf46"><i>මම දිගටම ජීවත් වෙයිද</i></font>

640
00:52:09,455 --> 00:52:11,081
<font color="#ffbf46"><i>මේ ලෝකේ,</i></font>

641
00:52:11,081 --> 00:52:14,300
<font color="#ffbf46"><i>අලුත් තීරණ ගනිමින්?</i></font>

642
00:52:36,023 --> 00:52:37,357
<font color="#ffbf46"><i>මෙතනින්ද</i></font>

643
00:52:37,357 --> 00:52:41,703
<font color="#ffbf46"><i>විත්තිකාර ලී හන් යොන්ග්ගේ පරිවාස කාලය
අන්තිමට ඉවර වෙන්නේ?</i></font>

644
00:53:18,524 --> 00:53:20,867
<font color="#ffbf46">අසුන් වලින් නැගිටින්න.</font>

645
00:53:33,163 --> 00:53:35,548
<font color="#ffbf46">වාඩිවෙන්න.</font>

646
00:53:40,717 --> 00:53:45,287


647
00:53:46,827 --> 00:53:50,639


648
00:53:50,639 --> 00:53:51,849
<font color="#ffbf46">අංක 2025 ගෝහප් 1562 දරන නඩුවේ</font>

649
00:53:51,849 --> 00:53:54,977
<font color="#ffbf46">අවසන් විභාගය,</font>

650
00:53:54,977 --> 00:53:56,395
<font color="#ffbf46">විත්තිකාර කැන්ග් ෂින් ජින්ට අදාළව,</font>

651
00:53:56,395 --> 00:53:58,480
<font color="#ffbf46">දැන් ආරම්භ වෙනවා.</font>

652
00:53:58,480 --> 00:54:00,774
<font color="#ffbf46">උසාවිය අවසර දුන්නා</font>

653
00:54:00,774 --> 00:54:02,276
<font color="#ffbf46">සජීවී විකාශයකට</font>

654
00:54:02,276 --> 00:54:04,827
<font color="#ffbf46">විත්තිකාරයාගේ ඉල්ලීම පරිදි.</font>

655
00:54:05,529 --> 00:54:07,155
<font color="#ffbf46">ඉතින් අද තමයි</font>

656
00:54:07,155 --> 00:54:10,875
<font color="#ffbf46">කැන්ග් ෂින් ජින්ගේ අවසාන නඩු විභාගය.</font>

657
00:54:11,869 --> 00:54:13,579
<font color="#ffbf46">විත්තිකාර කැන්ග් ෂින් ජින්</font>

658
00:54:13,579 --> 00:54:16,164
<font color="#ffbf46"><i>එක් අයෙක්ව මැරුවා</i></font>

659
00:54:16,164 --> 00:54:19,050
<font color="#ffbf46"><i>තවත් පස් දෙනෙක්ව මරන්න අණ දුන්නා.</i></font>

660
00:54:25,883 --> 00:54:27,885
<font color="#ffbf46">මේවා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ,</font>

661
00:54:27,885 --> 00:54:32,806
<font color="#ffbf46">තමන්ගේ බලය පාවිච්චි කරලා මිනිස් ගරුත්වය පාගලා දාන.</font>

662
00:54:32,806 --> 00:54:35,851
<font color="#ffbf46">නීතිය රකිනවා කියලා දිවුරුම් දීපු විත්තිකරු,</font>

663
00:54:35,851 --> 00:54:39,646
<font color="#ffbf46">පූජනීය උසාවිය අපරාධයක් වෙන තැනක් කළා,</font>

664
00:54:39,646 --> 00:54:41,982
<font color="#ffbf46">තීන්දු තීරණ සල්ලිවලටයි බලයටයි වික්කා,</font>

665
00:54:41,982 --> 00:54:43,817
<font color="#ffbf46">සාක්ෂිකරුවන්ට තර්ජනය කළා,</font>

666
00:54:43,817 --> 00:54:46,369
<font color="#ffbf46">වගේම බොරු සාක්ෂි දෙන්න බල කළා.</font>

667
00:54:48,614 --> 00:54:50,949
<font color="#ffbf46">එයා සාක්ෂි විනාශ කළා</font>

668
00:54:50,949 --> 00:54:53,918
<font color="#ffbf46">ඇත්ත වසන් කරන්න.</font>

669
00:55:01,209 --> 00:55:03,211
<font color="#ffbf46">ස්වාමීනි,</font>

670
00:55:03,211 --> 00:55:04,546
<font color="#ffbf46">පැමිණිල්ල ඉල්ලා සිටිනවා</font>

671
00:55:04,546 --> 00:55:07,215
<font color="#ffbf46">මරණ දඬුවම ලබා දෙන්න කියලා</font>

672
00:55:07,215 --> 00:55:10,844
<font color="#ffbf46">විත්තිකරු කාන්ග් ෂින් ජින්ට,</font>

673
00:55:10,844 --> 00:55:13,847
<font color="#ffbf46">අපරාධ නීති සංග්‍රහයේ 250 වගන්තිය යටතේ මිනීමැරුම් චෝදනා,</font>

674
00:55:13,847 --> 00:55:16,642
<font color="#ffbf46">31 වගන්තිය යටතේ මිනීමැරුම්වලට අනුබල දීම,</font>

675
00:55:16,642 --> 00:55:20,479
<font color="#ffbf46">129 වගන්තිය යටතේ අල්ලස් ගැනීම,</font>

676
00:55:20,479 --> 00:55:24,073
<font color="#ffbf46">123 වගන්තිය යටතේ බලය අයුතු ලෙස භාවිතා කිරීම,</font>

677
00:55:24,900 --> 00:55:28,294
<font color="#ffbf46">බොරු සාක්ෂි මෙහෙයවීම</font>

678
00:55:28,294 --> 00:55:30,656
<font color="#ffbf46">152 වගන්තිය යටතේ,</font>

679
00:55:30,656 --> 00:55:33,499
<font color="#ffbf46">සහ 155 වගන්තිය යටතේ සාක්ෂි විනාශ කිරීමට පෙළඹවීම ඇතුළු,</font>

680
00:55:36,453 --> 00:55:39,213
<font color="#ffbf46">අනෙකුත් බරපතල වැරදිවලට.</font>

681
00:55:59,702 --> 00:56:03,981


682
00:56:03,981 --> 00:56:06,616
<font color="#ffbf46">විත්තිකරු කාන්ග් ෂින් ජින්.</font>

683
00:56:35,765 --> 00:56:38,134


684
00:56:47,941 --> 00:56:51,202
<font color="#ffbf46">මේ රටේ යුක්තිය කොහෙටද ගිහින් තියෙන්නේ?</font>

685
00:56:55,449 --> 00:56:57,159
<font color="#ffbf46">පැමිණිලි පාර්ශවය සාක්ෂි ගොතලා</font>

686
00:56:57,159 --> 00:57:00,002
<font color="#ffbf46">වින්දිතයන්ව අපරාධකාරයෝ කළා.</font>

687
00:57:01,705 --> 00:57:06,008
<font color="#ffbf46">විනිසුරුවරු නීතිය වෙනස් කළා
වරදේ බරපතලකම අඩු කරන්න.</font>

688
00:57:07,794 --> 00:57:12,174
<font color="#ffbf46">මාධ්‍ය කියන්නේ සල්ලි පස්සේ දුවන මැෂින් එකක් වුණා
ලාභය බලාගෙනම වැඩ කරන.</font>

689
00:57:12,174 --> 00:57:14,225
<font color="#ffbf46"><i>මගේ අත්වල</i></font>

690
00:57:18,430 --> 00:57:20,682
<font color="#ffbf46">ලේ තැවරුණා</font>

691
00:57:20,682 --> 00:57:24,061
<font color="#ffbf46">ඒ වගේම හැම ජරාවක්ම මම බාරගත්තා.</font>

692
00:57:24,061 --> 00:57:26,938
<font color="#ffbf46">මම තීරණය කළා බිල්ලක් වෙන්න, වෙනස් කරන්න</font>

693
00:57:26,938 --> 00:57:29,866
<font color="#ffbf46">දූෂිත බලයේ ජරා ක්‍රමයෙන්</font>

694
00:57:31,777 --> 00:57:34,912
<font color="#ffbf46">විනාශ වෙලා තියෙන මේ රට.</font>

695
00:57:42,829 --> 00:57:46,591
<font color="#ffbf46">අර මෝඩයා මගේ පාර හරස් කළේ නැත්නම්,</font>

696
00:57:47,584 --> 00:57:50,136
<font color="#ffbf46">මගේ කැපකිරීමට</font>

697
00:57:51,421 --> 00:57:53,757
<font color="#ffbf46">පුළුවන්කම තිබුණා ගේන්න</font>

698
00:57:53,757 --> 00:57:56,767
<font color="#ffbf46">යුක්තිය පිරුණු දීප්තිමත් ගිම්හානයක් මේ රටට.</font>

699
00:58:08,522 --> 00:58:10,907
<font color="#ffbf46">උණ සහ කුණාටු.</font>

700
00:58:15,487 --> 00:58:17,280
<font color="#ffbf46">කාන්ග් ෂින් ජින්,</font>

701
00:58:17,280 --> 00:58:19,290
<font color="#ffbf46">ඔහේගේ ඔය ගිම්හානය</font>

702
00:58:19,950 --> 00:58:22,702
<font color="#ffbf46">උණ සහ කුණාටු පිරුණු කාලයක් විතරක්ම වෙයි.</font>

703
00:58:22,702 --> 00:58:26,255
<font color="#ffbf46">ඒකේ කිසිම ගෞරවයක් නෑ.</font>

704
00:58:27,207 --> 00:58:29,042
<font color="#ffbf46">ඔහේත්</font>

705
00:58:29,042 --> 00:58:30,627
<font color="#ffbf46">සාක්ෂි ගොතලා,</font>

706
00:58:30,627 --> 00:58:32,295
<font color="#ffbf46">සාක්ෂිකරුවන්ව මරලා,</font>

707
00:58:32,295 --> 00:58:33,880
<font color="#ffbf46">නඩු තීන්දු වෙනස් කළා</font>

708
00:58:33,880 --> 00:58:37,058
<font color="#ffbf46">වැරදිකාරයා සහ නිවැරදිකාරයා තෝරන්න.</font>

709
00:58:39,344 --> 00:58:42,264
<font color="#ffbf46">ඒක මඟහරින්න බැරි කැපකිරීමක් විතරයි</font>

710
00:58:42,264 --> 00:58:44,808
<font color="#ffbf46">ලොකු යුක්තියක් වෙනුවෙන් කරපු.</font>

711
00:58:44,808 --> 00:58:47,318
<font color="#ffbf46">කවුද ඒකට කැමති වුණේ?</font>

712
00:58:50,355 --> 00:58:52,232
<font color="#ffbf46">නෑ</font>

713
00:58:52,232 --> 00:58:54,659
<font color="#ffbf46">එක මනුස්සයෙක්වත් නෑ.</font>

714
00:59:01,074 --> 00:59:02,959
<font color="#ffbf46">නෑ.</font>

715
00:59:03,910 --> 00:59:06,955
<font color="#ffbf46">හැමෝම පිළිගන්න යුක්තියක් කියලා දෙයක් නෑ.</font>

716
00:59:06,955 --> 00:59:09,791
<font color="#ffbf46">කැපකිරීමක් නැතුව, යුක්තිය ඉස්සරහට යන්නේ නෑ.</font>

717
00:59:09,791 --> 00:59:11,960
<font color="#ffbf46">එහෙම වෙනකල්,</font>

718
00:59:11,960 --> 00:59:16,256
<font color="#ffbf46">නපුර ලෝකෙම විනාශ කරනවා, වේගෙන් වගේම දරුණු විදිහට.</font>

719
00:59:16,256 --> 00:59:18,683
<font color="#ffbf46">විනිසුරු ලී හන් යොන්ග්!</font>

720
00:59:26,558 --> 00:59:29,936
<font color="#ffbf46">අන්න ඒ නිසා තමයි තමුන්ගේ යුක්තිය පාපයක් වෙන්නේ.</font>

721
00:59:29,936 --> 00:59:33,781
<font color="#ffbf46">ලෝකය වෙනස් කරන්න අලුත් විදිහේ යුක්තියක් ඕනේ.</font>

722
00:59:37,027 --> 00:59:38,528
<font color="#ffbf46">පරණ කොළ එකතු කරන කෙනෙක්ට,</font>

723
00:59:38,528 --> 00:59:40,989
<font color="#ffbf46">යුක්තිය කියන්නේ කාඩ්බෝඩ් කිලෝ එකක්.</font>

724
00:59:40,989 --> 00:59:42,657
<font color="#ffbf46">විභාගවලට පාඩම් කරන ළමයෙක්ට,</font>

725
00:59:42,657 --> 00:59:45,994
<font color="#ffbf46">යුක්තිය කියන්නේ එයාගේ ලකුණු
සහ එයාට යන්න පුළුවන් කැම්පස් එක.</font>

726
00:59:45,994 --> 00:59:47,245
<font color="#ffbf46">ඉතින්</font>

727
00:59:47,245 --> 00:59:49,664
<font color="#ffbf46">යුක්තිය කියන දේ එක්කෙනෙක්ට අයිති දෙයක් වෙන්න බෑ.</font>

728
00:59:49,664 --> 00:59:51,374
<font color="#ffbf46">ඒක හැමෝටම අයිති දෙයක් වෙන්න ඕනේ.</font>

729
00:59:51,374 --> 00:59:55,670
<font color="#ffbf46">ඔය වගේ යුක්තියක් කියන්නේ හෙමින් සිද්ධ වෙන පාපයක් විතරයි!</font>

730
00:59:55,670 --> 00:59:56,796
<font color="#ffbf46">නෑ.</font>

731
00:59:56,796 --> 00:59:59,216
<font color="#ffbf46">යුක්තිය කියන්නේ වේගය නෙවෙයි. ඒක යන්න ඕනේ දිශාව.</font>

732
00:59:59,216 --> 01:00:00,550
<font color="#ffbf46">තනි මනුස්සයෙක් හිතාගෙන ඉන්න යුක්තියකට</font>

733
01:00:00,550 --> 01:00:02,677
<font color="#ffbf46">කවදාවත් බැහැ ලෝකය වෙනස් කරන්න.</font>

734
01:00:02,677 --> 01:00:06,355
<font color="#ffbf46">තමන්ට තනිවම ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා හිතපු අය</font>

735
01:00:17,651 --> 01:00:18,818
<font color="#ffbf46">ආඥාදායකයෝ විතරයි.</font>

736
01:00:18,818 --> 01:00:20,661
<font color="#ffbf46">නෑ!</font>

737
01:00:34,167 --> 01:00:36,385
<font color="#ffbf46">යුක්තිය කියන්නේ විශේෂ දෙයක් නෙවෙයි.</font>

738
01:00:37,045 --> 01:00:38,713
<font color="#ffbf46">හරි දේ</font>

739
01:00:38,713 --> 01:00:42,050
<font color="#ffbf46">සහ වැරදි දේ ගැන හැම මනුස්සයෙක්
ළඟම තියෙන සාමාන්‍ය හැඟීමත් එක්ක,</font>

740
01:00:42,050 --> 01:00:44,351
<font color="#ffbf46">මම දැන් තීන්දුව ප්‍රකාශ කරනවා</font>

741
01:00:45,178 --> 01:00:47,146
<font color="#ffbf46">විත්තිකරු කාන්ග් ෂින් ජින්ට අදාළව.</font>

742
01:00:55,397 --> 01:00:57,607
<font color="#ffbf46">උසාවිය නියෝග කරනවා!</font>

743
01:00:57,607 --> 01:01:00,860
<font color="#ffbf46">මම කරපු එකම පව තමයි තමුන්ව විශ්වාස කරපු එක.</font>

744
01:01:00,860 --> 01:01:02,862
<font color="#ffbf46">විත්තිකරු කාන්ග් ෂින් ජින්.</font>

745
01:01:02,862 --> 01:01:04,948
<font color="#ffbf46">ඒ වගේම අලුත් යුක්තියක් හදන්න බැරි වුණ එක</font>

746
01:01:04,948 --> 01:01:08,042
<font color="#ffbf46">තමුන් මගේ පාර හරස් කරපු නිසා.</font>

747
01:01:21,464 --> 01:01:22,674
<font color="#ffbf46">මරණ දඬුවම නියම කරනවා.</font>

748
01:01:22,674 --> 01:01:24,809
<font color="#ffbf46">ලී හන් යොන්ග්!</font>

749
01:01:34,227 --> 01:01:35,729
<font color="#ffbf46">යුක්තිය,</font>

750
01:01:35,729 --> 01:01:37,738
<font color="#ffbf46">ඒක මහා පුදුම දෙයක් නෙවෙයි.</font>

751
01:01:58,126 --> 01:02:01,629
<font color="#ffbf46">ඉතින් එයාලා කාන්ග් ෂින් ජින් ළඟ තිබ්බ
හ්වං නම් යොන්ග්ගේ පෙන් ඩ්‍රයිව් එක හොයාගත්තේ නැද්ද?</font>

752
01:02:01,629 --> 01:02:04,299
<font color="#ffbf46">එයා කට ඇරියේ නෑනේ.</font>

753
01:02:04,299 --> 01:02:07,986
<font color="#ffbf46">මෙච්චර දේවල් වෙලත්,
එයා තාම අර තේරුමක් නැති පිස්සුව බදාගෙන ඉන්නවා.</font>

754
01:02:07,986 --> 01:02:09,054
<font color="#ffbf46">මොන මෝඩයෙක්ද...</font>

755
01:02:09,054 --> 01:02:11,639
<font color="#ffbf46">පේන විදිහට පැමිණිල්ලෙනුත් එයාට වැඩිය බල කරලා නෑ වගේ.</font>

756
01:02:11,639 --> 01:02:13,141
<font color="#ffbf46">ඒ ගැන නම් මට පුදුමයක් නෑ.</font>

757
01:02:13,141 --> 01:02:14,142
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

758
01:02:14,142 --> 01:02:17,687
<font color="#ffbf46">මම හැන්ල් ලෝ ෆර්ම් එකට ජොයින් වෙන්නේ නෑ.</font>

759
01:02:17,687 --> 01:02:19,731
<font color="#ffbf46">යූ සේ හී ඔයාට කතා කළාද?</font>

760
01:02:19,731 --> 01:02:21,524
<font color="#ffbf46">ඒ වගේ දෙයක්.</font>

761
01:02:21,524 --> 01:02:25,403
<font color="#ffbf46">එයාලා කතා කරලා කිව්වා
නීති උපදේශක කොන්ත්‍රාත්තුව කැන්සල් කියලා.</font>

762
01:02:25,403 --> 01:02:26,696
<font color="#ffbf46">යූ සෝන් චොල් සභාපතිතුමා,</font>

763
01:02:26,696 --> 01:02:29,657
<font color="#ffbf46">යූ ජින් ග්වං, යූ හා නා ඔක්කොම හිරේ ගිය නිසා,</font>

764
01:02:29,657 --> 01:02:32,994
<font color="#ffbf46">යූ සේ හීට තනියම මේක කරගන්න බැරි වෙලා,</font>

765
01:02:32,994 --> 01:02:36,964
<font color="#ffbf46">එයා හැන්ල් ලෝ ෆර්ම් එක ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්ට බාර දීලා.</font>

766
01:02:38,249 --> 01:02:40,467
<font color="#ffbf46">ඔයා එයාට කතා කළේ නැද්ද?</font>

767
01:02:41,586 --> 01:02:43,304
<font color="#ffbf46">නෑ.</font>

768
01:02:48,009 --> 01:02:50,595
<font color="#ffbf46">එයාට දැනටමත් අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?</font>

769
01:02:50,595 --> 01:02:52,222
<font color="#ffbf46">එයා කිව්වේ එයාලා එකට වැඩ කරන අය විතරයි කියලා.</font>

770
01:02:52,222 --> 01:02:54,099
<font color="#ffbf46">අනේ නිකන් යන්න.</font>

771
01:02:54,099 --> 01:02:56,684
<font color="#ffbf46">කවදා ඉඳන්ද විනිසුරුවරයෙක් සහ රජයේ නීතිඥවරියක්</font>

772
01:02:56,684 --> 01:02:58,228
<font color="#ffbf46">එකට වැඩ කරන අය වුණේ?</font>

773
01:02:58,228 --> 01:02:59,896
<font color="#ffbf46">ඔයා කවදාවත් උසාවියකට ගිහින් තියනවද?</font>

774
01:02:59,896 --> 01:03:02,273
<font color="#ffbf46">එයාලා හැමෝම ජීවත් වෙන්නේ නීතියෙන්.</font>

775
01:03:02,273 --> 01:03:04,200
<font color="#ffbf46">එයාලා එකම කාසියක දෙපැත්ත වගේ.</font>

776
01:03:04,200 --> 01:03:08,363
<font color="#ffbf46">එහෙමද?</font>

777
01:03:08,363 --> 01:03:09,823
<font color="#ffbf46">ඒ වුණාට,</font>

778
01:03:09,823 --> 01:03:11,658
<font color="#ffbf46">එයා හුඟක් දැකලා පුරුදුයි වගේ.</font>

779
01:03:11,658 --> 01:03:12,992
<font color="#ffbf46">මම එයාව දැකලා තියෙන්නේ කොහේද?</font>

780
01:03:12,992 --> 01:03:14,702
<font color="#ffbf46">අනේ මන්දා.</font>

781
01:03:14,702 --> 01:03:17,914
<font color="#ffbf46">ඔයා එයාව කොහේ දකින්නද?</font>

782
01:03:17,914 --> 01:03:20,216
<font color="#ffbf46">අනේ මන්දා.
ඇත්තනේ?</font>

783
01:03:21,835 --> 01:03:24,595
<font color="#ffbf46">එයාලගේ කුටු කුටුව නම් හිමින් නෙවෙයි.</font>

784
01:03:26,631 --> 01:03:28,766
<font color="#ffbf46">මගේ අම්මලා</font>

785
01:03:29,426 --> 01:03:31,852
<font color="#ffbf46">එක සැරයක් ඔයා ගැන කිව්වා.</font>

786
01:03:32,929 --> 01:03:34,305
<font color="#ffbf46">ඉස්කෝලේ යන ළමයෙක් ඇවිල්ලා</font>

787
01:03:34,305 --> 01:03:37,183
<font color="#ffbf46">එයාලට වැඳලා ඉල්ලුවලු එයාගේ තාත්තට සමාව දෙන්න කියලා,</font>

788
01:03:37,183 --> 01:03:40,277
<font color="#ffbf46">එයාලට හරි දුකයිලු
එයාව වේලක්වත් කන්න නොදී යැව්ව එක ගැන.</font>

789
01:03:49,988 --> 01:03:53,992
<font color="#ffbf46">මම කවදාවත් එයාලගෙන් හරිහැටි සමාව ගත්තේ නෑ,</font>

790
01:03:53,992 --> 01:03:56,293
<font color="#ffbf46">මම තාමත් එයාලට ගොඩක් ණය ගැතියි...</font>

791
01:03:57,745 --> 01:03:59,622
<font color="#ffbf46">එකට කෑම කන එකෙන් තමයි ඒ ණය ගෙවන්න පුළුවන්.</font>

792
01:03:59,622 --> 01:04:01,632
<font color="#ffbf46">ඔයා මේ දැන් කරන්නෙත් ඒකනේ.</font>

793
01:04:05,670 --> 01:04:07,255
<font color="#ffbf46">ඔව්.</font>

794
01:04:07,255 --> 01:04:10,015
<font color="#ffbf46">අද කෑම ගොඩක් රසයි.</font>

795
01:04:10,633 --> 01:04:12,302
<font color="#ffbf46">කෑම ජාති ඔයාට ඇතිද?</font>

796
01:04:12,302 --> 01:04:13,887
<font color="#ffbf46">ඔව්, ඒව හරිම රසයි.</font>

797
01:04:13,887 --> 01:04:15,180
<font color="#ffbf46">තව ටිකක් බෙදාගන්න.</font>

798
01:04:15,180 --> 01:04:17,356
<font color="#ffbf46">බත් ගොඩක් තියෙනවා.
ස්තූතියි.</font>

799
01:04:24,355 --> 01:04:26,399
<font color="#ffbf46">මම එතකොට පොඩි ළමයෙක්,</font>

800
01:04:26,399 --> 01:04:28,109
<font color="#ffbf46">මම දුවගෙන ගියා</font>

801
01:04:28,109 --> 01:04:30,069
<font color="#ffbf46">හරියට සමාව ගන්නෙවත් නැතුව.</font>

802
01:04:30,069 --> 01:04:31,912
<font color="#ffbf46">මට ඒ ගැන ගොඩක් කණගාටුයි.</font>

803
01:04:32,906 --> 01:04:37,001
<font color="#ffbf46">මම හිතනවා ඔයාගේ තාත්තට ඉක්මනට සනීප වෙයි කියලා.</font>

804
01:04:37,702 --> 01:04:39,537
<font color="#ffbf46">එයාට දැන් ගොඩක් සනීපයි.</font>

805
01:04:39,537 --> 01:04:40,914
<font color="#ffbf46">අවුලක් නෑ.</font>

806
01:04:40,914 --> 01:04:42,832
<font color="#ffbf46">ඒක අහන්න ලැබුණ එක සතුටක්.</font>

807
01:04:42,832 --> 01:04:45,718
<font color="#ffbf46">ඒක නෙවෙයි, ඔයා දැන් ලොකු ළමයෙක් වෙලා.</font>

808
01:04:47,212 --> 01:04:49,847
<font color="#ffbf46">ස්තූතියි.
ඔයා හරිම ලස්සනයි.</font>

809
01:04:52,133 --> 01:04:53,551
<font color="#ffbf46">ඇපල් ටිකක් කන්න.</font>

810
01:04:53,551 --> 01:04:55,227
<font color="#ffbf46">ආහ්, ස්තූතියි.</font>

811
01:05:01,580 --> 01:05:05,595


812
01:06:13,631 --> 01:06:17,768
<font color="#ffbf46"><i>මම දැනන් හිටියේ නෑ එයා ඇත්තටම නීතිය ඉගෙනගනියි කියලා.</i></font>

813
01:06:46,206 --> 01:06:48,833


814
01:06:48,833 --> 01:06:50,627
<font color="#ffbf46">විත්තිකරු ජැන්ග් සු ග්යොන්ග්</font>

815
01:06:50,627 --> 01:06:53,004
<font color="#ffbf46">සුනිට කරපු වැරැද්දට වන්දි ගෙව්වා</font>

816
01:06:53,004 --> 01:06:56,098
<font color="#ffbf46">එයා එයාගේ ජීවිතේ ගත කරපු විදිහෙන්.</font>

817
01:06:57,133 --> 01:07:00,386
<font color="#ffbf46">මාර්කට් එකේ වෙළෙන්දෝ අතර විත්තිකරු ගැන තියෙන පිළිගැනීමෙන්
ඒක හොඳටම ඔප්පු වෙනවා,</font>

818
01:07:00,386 --> 01:07:02,430
<font color="#ffbf46">සොන්ග් වාර්තාකාරිය වාර්තා කරපු විදිහට,</font>

819
01:07:02,430 --> 01:07:05,183
<font color="#ffbf46">සහ සොක් ජොන්ග් හෝ ගේ සාක්ෂියෙන්,</font>

820
01:07:05,183 --> 01:07:09,236
<font color="#ffbf46">එයා පොඩි කාලේ ඉඳන් මාර්කට් එකේ එයා එක්කමයි හැදුනේ.</font>

821
01:07:12,815 --> 01:07:14,575
<font color="#ffbf46">උසාවිය නියෝග කරනවා.</font>

822
01:07:18,363 --> 01:07:21,157
<font color="#ffbf46">විත්තිකරු ජැන්ග් සු ග්යොන්ග්</font>

823
01:07:21,157 --> 01:07:24,035
<font color="#ffbf46">මෙච්චර කාලයක් හිටියා වගේම දිගටම ජීවත් වෙන්න ඕනේ,</font>

824
01:07:24,035 --> 01:07:27,754
<font color="#ffbf46">අවංකව සහ ආදරෙන්,
වටේ ඉන්න අය ගැන හොයලා බලන ගමන්,</font>

825
01:07:30,500 --> 01:07:33,093
<font color="#ffbf46">සහ ජීවිතේ උපරිමයෙන් විඳින්න ඕනේ</font>

826
01:07:36,089 --> 01:07:39,141
<font color="#ffbf46">සුනිගේ මතකය එක්කම,</font>

827
01:07:42,095 --> 01:07:44,972
<font color="#ffbf46">සුනිට කවදාවත්</font>

828
01:07:44,972 --> 01:07:46,982
<font color="#ffbf46">ජීවත් වෙන්න නොලැබුණ ඒ ජීවිතේ වෙනුවෙන්.</font>

829
01:08:03,157 --> 01:08:05,702
<font color="#ffbf46">සු ග්යොන්ග් මැරි කළා,</font>

830
01:08:05,702 --> 01:08:08,913
<font color="#ffbf46">ඊට අවුරුද්දකට පස්සේ සුනි හම්බුණා.</font>

831
01:08:08,913 --> 01:08:10,456
<font color="#ffbf46">එදා කඩේට බඩු ගන්න සෙනඟ පිරිලා හිටපු නිසා
එයාට කාමරේ පැත්ත බලන්න බැරි වෙලා,</font>

832
01:08:13,217 --> 01:08:15,712
<font color="#ffbf46"></font>

833
01:08:15,712 --> 01:08:17,554
<font color="#ffbf46">පොරවනය</font>

834
01:08:18,673 --> 01:08:20,891
<font color="#ffbf46">වැටිලා තිබුණා බබාගේ මූණ උඩට...</font>

835
01:08:25,096 --> 01:08:26,848
<font color="#ffbf46">එදා ඉඳන්,</font>

836
01:08:26,848 --> 01:08:29,483
<font color="#ffbf46">එයා හැමෝටම කිව්වේ එයා "සුනිනේ" කියලා.</font>

837
01:08:31,477 --> 01:08:34,696
<font color="#ffbf46">මොකද එයාට සුනි ගැන ගොඩක් දුක හිතුණා,
අවුරුද්දක්වත් ජීවත් වුණේ නැති.</font>

838
01:08:35,773 --> 01:08:38,242
<font color="#ffbf46">හිරේටවත් නොගිය පව්කාරයෙක්...</font>

839
01:08:39,819 --> 01:08:44,073
<font color="#ffbf46">ඒකෙන් සුනි ගැන එයාගේ හිතේ තිබුණ වරදකාරී හැඟීම තවත් වැඩි වුණා,</font>

840
01:08:44,073 --> 01:08:45,916
<font color="#ffbf46">ඉතින් එයා දිවුරුම් දුන්නා</font>

841
01:08:48,369 --> 01:08:50,921
<font color="#ffbf46">ජීවිත කාලෙම ඒ වරදකාරී හැඟීම විඳවනවා කියලා...</font>

842
01:09:03,468 --> 01:09:05,511
<font color="#ffbf46">හිස් ඔෆිස් එකක් තියනවද</font>

843
01:09:05,511 --> 01:09:08,222
<font color="#ffbf46">දුප්පත්</font>

844
01:09:08,222 --> 01:09:11,212
<font color="#ffbf46">ඒත් අවංක වාර්තාකාරියකට?</font>

845
01:09:12,560 --> 01:09:14,152
<font color="#ffbf46">මොකක්?</font>

846
01:09:15,021 --> 01:09:17,106
<font color="#ffbf46">මම ඩේජින් ඩේලි එකෙන් අයින් වුණා.</font>

847
01:09:17,106 --> 01:09:18,900
<font color="#ffbf46">මම මගේම මාධ්‍ය ආයතනයක් පටන් ගන්නවා.</font>

848
01:09:18,900 --> 01:09:21,034
<font color="#ffbf46">සොන්ග් නා යොන් ටීවී.</font>

849
01:09:22,278 --> 01:09:24,864
<font color="#ffbf46">අපි දෙන්නා එකතු වෙලා වැඩ කරමුද?
හා.</font>

850
01:09:24,864 --> 01:09:26,073
<font color="#ffbf46">එච්චර ඉක්මනට?</font>

851
01:09:26,073 --> 01:09:27,450
<font color="#ffbf46">ඔව්, මොකක් වුණත් මම කැමතියි.</font>

852
01:09:27,450 --> 01:09:28,159
<font color="#ffbf46">ආහ්, එහෙමද?</font>

853
01:09:28,159 --> 01:09:29,160
<font color="#ffbf46">ඉතින්</font>

854
01:09:29,160 --> 01:09:31,028
<font color="#ffbf46">අපි කොහොමද ලාභය බෙදාගන්නේ?</font>

855
01:09:51,390 --> 01:09:53,400
<font color="#ffbf46">එයා කිව්වා ඔයා මේවට ආසයි කියලා, ඒකයි මම ගෙනාවේ.</font>

856
01:10:13,287 --> 01:10:15,213
<font color="#ffbf46">එයාට කොහොමද?</font>

857
01:10:16,332 --> 01:10:18,759
<font color="#ffbf46">එහේ ජාජන්මියොන් මාර රහයි.</font>

858
01:10:19,418 --> 01:10:22,220
<font color="#ffbf46">අයිති කෙනාමයි උයන්නේ,
ඒ හින්දා එයා එහේ ඉන්න එක හොඳයි.</font>

859
01:12:27,646 --> 01:12:30,614


860
01:12:34,887 --> 01:12:37,481
<font color="#ffbf46">මේ හැමදේම දැන් ඇත්තටම ඉවරද?</font>

861
01:12:39,976 --> 01:12:42,228
<font color="#ffbf46">මේ හැම දේකටම පස්සේ,</font>

862
01:12:42,228 --> 01:12:44,863
<font color="#ffbf46">මේක ඇත්තටම අවසානයද?</font>

863
01:12:48,275 --> 01:12:50,535
<font color="#ffbf46"><i>එහෙම නැත්නම්</i></font>

864
01:12:51,445 --> 01:12:53,781
<font color="#ffbf46"><i>මම දිගටම මේ විදිහට යයිද,</i></font>

865
01:12:53,781 --> 01:12:58,001
<font color="#ffbf46"><i>ගිය ආත්මෙක කරපු පව් ගෙව ගෙවා?</i></font>

866
01:12:59,954 --> 01:13:02,373
<font color="#ffbf46"><i>ප්‍රශ්නෙ ඒකයි.</i></font>

867
01:13:02,373 --> 01:13:04,333
<font color="#ffbf46"><i>මොන දේ වුණත්,</i></font>

868
01:13:04,333 --> 01:13:07,378
<font color="#ffbf46"><i>මගේ තීරණ</i></font>

869
01:13:07,378 --> 01:13:10,722
<font color="#ffbf46"><i>තාමත් හරි වෙන්න පුලුවන්ද?</i></font>

870
01:13:17,596 --> 01:13:19,640
<font color="#ffbf46">මෙන්න මස් ටික!</font>

871
01:13:19,640 --> 01:13:21,575
<font color="#ffbf46">හරිම රසයි.</font>

872
01:13:21,575 --> 01:13:23,704


873
01:13:27,189 --> 01:13:29,442
<font color="#ffbf46">ඒයි!</font>

874
01:13:29,442 --> 01:13:31,493
<font color="#ffbf46">හන් යොන්ග්!</font>

875
01:13:34,697 --> 01:13:36,240
<font color="#ffbf46">සාදරයෙන් පිළිගන්නවා.</font>

876
01:13:36,240 --> 01:13:37,867
<font color="#ffbf46">හන් යොන්ග්ට සුප් එකක් දෙන්න.</font>

877
01:13:37,867 --> 01:13:39,160
<font color="#ffbf46">ඔයා මොනවා හරි කන්න ඕනේ.
ඇති වෙන්න කෑවද?</font>

878
01:13:39,160 --> 01:13:41,393
<font color="#ffbf46">තව සුන්ඩේ සහ තම්බපු ඌරු මස් ටිකකුත් දෙන්න.</font>

879
01:13:41,417 --> 01:13:43,417
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

