1
00:00:03,320 --> 00:00:09,320
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:24,590 --> 00:00:28,020
<font color="#db9809"><b>ටුමාරෝ විත් යූ</b></font>

3
00:00:29,690 --> 00:00:32,490
<font color="#ff7f21"><b>15 වන කොටස</b></font>

4
00:00:39,060 --> 00:00:40,290
<font color="#ffbf46">ඔයාට කොහොමද?</font>

5
00:00:47,990 --> 00:00:49,620
<font color="#ffbf46">මා රින්, ඔයා තාම ගෙදරද?</font>

6
00:00:49,620 --> 00:00:50,820
<font color="#ffbf46">මම දැන් පොඩ්ඩක් කාර්යබහුලයි.</font>

7
00:00:56,990 --> 00:00:58,020
<font color="#ffbf46">ඔයා මොකද කරන්නේ?</font>

8
00:00:58,590 --> 00:01:00,420
<font color="#ffbf46">මම කිව්වනේ. මම මේ වෙලාවේ වැඩක ඉන්නේ.</font>

9
00:01:00,420 --> 00:01:01,620
<font color="#ffbf46">ඔයා දැන් කොහෙද ඉන්නේ?</font>

10
00:01:02,390 --> 00:01:05,160
<font color="#ffbf46">මා රින්... එයා කොහෙද?</font>

11
00:01:05,160 --> 00:01:06,790
<font color="#ffbf46">පොඩ්ඩක් හිතලා බලනවා, මෝඩයෝ.</font>

12
00:01:06,790 --> 00:01:10,660
<font color="#ffbf46">එයා දැන් මාත් එක්ක ඉන්න නිසා තමයි මම මේ
එයාගේ ෆෝන් එකට ආන්සර් කළේ. ඒක තේරෙන්නේ නැද්ද?</font>

13
00:01:10,660 --> 00:01:12,220
<font color="#ffbf46">තමුන් දැන් කොහෙද ඉන්නේ?</font>

14
00:01:12,420 --> 00:01:13,420
<font color="#ffbf46">ඒයි.</font>

15
00:01:16,260 --> 00:01:18,120
<font color="#ffbf46">දැන්ම මාව හම්බවෙනවා. ඒයි.</font>

16
00:01:18,990 --> 00:01:22,020
<font color="#ffbf46">උඹේ ඩෑෂ් කැම් එක දැන් මගේ ළඟ තියෙන්නේ.</font>

17
00:01:22,360 --> 00:01:25,760
<font color="#ffbf46">උඹට මොළයක් කියලා දෙයක් තියෙනවා නම්
පොලිසියට කතා නොකර ඉන්න එක හොඳයි.</font>

18
00:01:25,760 --> 00:01:27,160
<font color="#ffbf46">මම ආයේ කතා කරන්නම්.</font>

19
00:01:27,760 --> 00:01:31,590
<font color="#ffbf46">මම කියපු දේ පැහැදිලියි නේද, යූ සෝ ජූන් මහත්තයා?</font>

20
00:01:31,590 --> 00:01:33,320
<font color="#ffbf46">ඒයි, යොන්ග් ජින්.</font>

21
00:01:39,760 --> 00:01:40,760
<font color="#ffbf46">නෑ...</font>

22
00:01:44,320 --> 00:01:47,660
<font color="#ffbf46">සෝ ජූන්! ඒයි, මොකද වුණේ?</font>

23
00:01:48,890 --> 00:01:49,890
<font color="#ffbf46">දැන් පරක්කු වැඩිද?</font>

24
00:01:49,890 --> 00:01:52,790
<font color="#ffbf46">මා රින් දැන් ඉන්නේ යොන්ග් ජින් එක්ක.</font>

25
00:01:54,320 --> 00:01:56,260
<font color="#ffbf46">ඌ එයාව කොහෙට එක්කන් යනවද කියලා මට හිතාගන්න බෑ.</font>

26
00:01:56,260 --> 00:01:58,920
<font color="#ffbf46">මම දන්නවා. මම ඒ ගැන හොයලා බැලුවා.</font>

27
00:01:58,920 --> 00:02:00,620
<font color="#ffbf46">එහෙනම් ඔයා එතනට යන්න ඕනේ.</font>

28
00:02:00,620 --> 00:02:03,820
<font color="#ffbf46">හරි. මම එයාව අල්ලගන්නම්. මම ඌව අල්ලගන්නම්,</font>

29
00:02:03,820 --> 00:02:06,520
<font color="#ffbf46">ඊටපස්සේ ඔයා... - එපා. මා රින් ඉන්නේ එයා එක්ක.</font>

30
00:02:06,520 --> 00:02:08,820
<font color="#ffbf46">මේකෙන් එයාගේ ජීවිතේට අනතුරක් වෙන්න
පුළුවන්, ඒ නිසා අවදානම් දේවල් කරන්න එපා.</font>

31
00:02:08,820 --> 00:02:11,120
<font color="#ffbf46">කොහොමත් එයාට මාව හම්බවෙන්න ඕනෙ වෙයි,</font>

32
00:02:11,790 --> 00:02:13,230
<font color="#ffbf46">ඒ නිසා එයා එතනින් යනකම් ඉඳලා...</font>

33
00:02:13,230 --> 00:02:14,730
<font color="#ffbf46">එයාව බේරගන්න.</font>

34
00:02:14,730 --> 00:02:16,290
<font color="#ffbf46">සෝ ජූන්. - එයාට අහු නොවෙන්න වගබලා ගන්න.</font>

35
00:02:16,390 --> 00:02:19,420
<font color="#ffbf46">සෝ ජූන්. ඔයා ඇත්තටම ඌව හම්බවෙන්න යන්නේ නෑ නේද?</font>

36
00:02:20,120 --> 00:02:23,460
<font color="#ffbf46">ඒයි, ඔයාට බෑ. ඔයා ඒ වගේ පාහරයෙක්ව හම්බවෙන්න යන්න හොඳ නෑ!</font>

37
00:02:23,460 --> 00:02:26,390
<font color="#ffbf46">ඔයා කිව්වා නේද ඌ හදන්නේ මේ සාක්ෂිය උදුරගන්න කියලා?</font>

38
00:02:26,390 --> 00:02:27,790
<font color="#ffbf46">මේක ඩෑෂ් කැම් එකෙන් ගත්ත එකක්ද?</font>

39
00:02:28,090 --> 00:02:30,260
<font color="#ffbf46">ඔව්, ඌට ඕනෙ මේක ගන්න.</font>

40
00:02:30,260 --> 00:02:32,990
<font color="#ffbf46">එහෙනම් මම ඉස්සෙල්ලාම මේක පොලිසියට බාර දෙන්නම්.</font>

41
00:02:34,120 --> 00:02:37,420
<font color="#ffbf46">එයාගේ තර්ජන වලට බයේ මම තනියම කෝච්චියට නගින්නද?</font>

42
00:02:37,420 --> 00:02:39,460
<font color="#ffbf46">ඌ මා රින්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න
නිසා ඔයාට වෙන කරන්න දෙයක් නැතුව ඇති.</font>

43
00:02:39,460 --> 00:02:41,490
<font color="#ffbf46">ඒකයි ඌට පැනලා යන්න පුළුවන් වුණේ.</font>

44
00:02:42,660 --> 00:02:45,720
<font color="#ffbf46">සිද්ධ වෙන්න ගිය ඒ වැරැද්ද ආයේ සිද්ධ වෙන්න මම ඉඩ තියන්නේ නෑ.</font>

45
00:02:46,160 --> 00:02:48,790
<font color="#ffbf46">අනික මම අද අනිවාර්යයෙන්ම ඌව හිරේ යවනවා.</font>

46
00:02:48,790 --> 00:02:50,890
<font color="#ffbf46">සෝ ජූන්. සෝ ජූන්, ඉන්න.</font>

47
00:02:51,660 --> 00:02:53,260
<font color="#ffbf46">ඒකෙන් ඔයා අනතුරේ වැටෙයි.</font>

48
00:02:53,260 --> 00:02:56,020
<font color="#ffbf46">මම මේක අද විසඳුවේ නැත්නම් හෙට ආයේ පාරක් මම අනතුරේ වැටෙනවා.</font>

49
00:02:56,020 --> 00:02:58,790
<font color="#ffbf46">අවස්ථාව තියෙන වෙලාවෙම අපි ඌව අල්ලගන්න ඕනේ.</font>

50
00:03:00,420 --> 00:03:02,060
<font color="#ffbf46">ගිහින් මා රින්ව හොයාගන්න.</font>

51
00:03:02,290 --> 00:03:06,120
<font color="#ffbf46">මම මේ කියපු හැමදේම කරන්න පුළුවන්
වෙන්නේ ඔයා එයාව හොයාගත්තොත් විතරයි.</font>

52
00:03:06,490 --> 00:03:07,790
<font color="#ffbf46">ඔයා එයාව බේරගන්න ඕනේ, තේරුණාද?</font>

53
00:03:08,420 --> 00:03:09,790
<font color="#ffbf46">මම ඔයාව විශ්වාස කරනවා.</font>

54
00:03:10,690 --> 00:03:13,890
<font color="#ffbf46">කොහොම වුණත් ඔයානේ එයාගේ තාත්තා.</font>

55
00:03:43,290 --> 00:03:45,190
<font color="#ffbf46">(සෝ ජූන්)</font>

56
00:03:48,660 --> 00:03:50,990
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ? ඔයා අද වැඩට ආවෙත් නෑ.</font>

57
00:03:53,890 --> 00:03:54,920
<font color="#ffbf46">ඔයා මේ මොනවද කියන්නේ?</font>

58
00:03:55,790 --> 00:03:57,190
<font color="#ffbf46">යොන්ග් ජින් පැහැරගත්තේ කාවද?</font>

59
00:04:03,260 --> 00:04:05,720
<font color="#ffbf46">සෝ ජූන්, ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?
මා රින්ගෙන් තාම ආරංචියක් නැද්ද?</font>

60
00:04:05,890 --> 00:04:09,290
<font color="#ffbf46">නෑ. මේක දැන්ම පොලිසියට අරන් යන්න.</font>

61
00:04:09,290 --> 00:04:10,290
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

62
00:04:10,290 --> 00:04:12,090
<font color="#ffbf46">යොන්ග් ජින්ගේ ඩෑෂ් කැම් එකේ වීඩියෝ වගයක්.</font>

63
00:04:12,090 --> 00:04:13,790
<font color="#ffbf46">හැබැයි මම තාම මේක බැලුවේ නෑ.</font>

64
00:04:13,790 --> 00:04:15,530
<font color="#ffbf46">මට තාම හරියටම ෂුවර් නෑ,</font>

65
00:04:15,530 --> 00:04:18,790
<font color="#ffbf46">ඒත් සේ යොන්ග්ගේ තාත්තා ගැන... සමහරවිට
ඒක කරන්න ඇත්තේ යොන්ග් ජින් වෙන්න ඇති.</font>

66
00:04:18,790 --> 00:04:20,030
<font color="#ffbf46">ඔයා මොකක්ද ඒ කිව්වේ?</font>

67
00:04:20,030 --> 00:04:22,460
<font color="#ffbf46">මේක ඒකට සාක්ෂියක් වෙන්න පුළුවන්.</font>

68
00:04:22,460 --> 00:04:24,920
<font color="#ffbf46">ඔයා දැන් කියපු දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න
පුළුවන්ද? සේ යොන්ග්ගේ තාත්තට මොකද වුණේ?</font>

69
00:04:24,920 --> 00:04:26,760
<font color="#ffbf46">මේක දැන්ම පොලිසියට අරන් යන්න.</font>

70
00:04:26,760 --> 00:04:29,030
<font color="#ffbf46">වීඩියෝ එක බලන්න. ඒකේ වැදගත් දෙයක් නැති වුණත්,</font>

71
00:04:29,030 --> 00:04:30,490
<font color="#ffbf46">අපිට යොන්ග් ජින්ව අල්ලගන්න වෙනවා, ඒ නිසා...</font>

72
00:04:30,490 --> 00:04:32,420
<font color="#ffbf46">ඉස්සෙල්ලා මට බලන්න ඉඩ දෙන්න මොකද වෙන්නේ කියලා.</font>

73
00:04:32,420 --> 00:04:34,530
<font color="#ffbf46">යමු. - පොලිසිය ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්න හොඳ නෑ.</font>

74
00:04:34,530 --> 00:04:36,290
<font color="#ffbf46">ඌට ආරංචි වෙලා ඌ පැනලා ගියොත්,</font>

75
00:04:36,290 --> 00:04:38,420
<font color="#ffbf46">අපිට කවදාවත් ඌව අල්ලගන්න චාන්ස් එකක් ලැබෙන එකක් නෑ.</font>

76
00:04:38,620 --> 00:04:40,160
<font color="#ffbf46">මම ඉස්සෙල්ලාම ඌව අල්ලගන්නම්.</font>

77
00:04:40,160 --> 00:04:42,790
<font color="#ffbf46">මම ඌව අල්ලගත්තට පස්සේ පොලිසියට
කියන්න ඇවිත් වටලන්න කියලා. තේරුණාද?</font>

78
00:05:39,560 --> 00:05:40,660
<font color="#ffbf46">අපි මේක බලමු.</font>

79
00:05:41,060 --> 00:05:42,790
<font color="#ffbf46">ආ, ඒ මේ දවසේනේ.</font>

80
00:05:43,820 --> 00:05:44,820
<font color="#ffbf46">අන්න.</font>

81
00:05:47,020 --> 00:05:48,990
<font color="#ffbf46">හරි, මම හිතන්නේ ඒ මගේ ෆෝන් එක.</font>

82
00:05:48,990 --> 00:05:50,120
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

83
00:05:51,160 --> 00:05:53,120
<font color="#ffbf46">හරි, මම හිතන්නේ ඒ මගේ ෆෝන් එක.</font>

84
00:05:53,120 --> 00:05:54,490
<font color="#ffbf46">ඒ ෂින් මහත්තයාගේ කටහඬනේ.</font>

85
00:05:54,490 --> 00:05:56,020
<font color="#ffbf46">ෂින් මහත්තයා? - මම මගේ ෆෝන් එක කොහෙද තිබ්බේ?</font>

86
00:05:56,020 --> 00:05:57,520
<font color="#ffbf46">හැපිනස් එකේ සභාපතිතුමා.</font>

87
00:05:57,520 --> 00:05:58,790
<font color="#ffbf46">කරුණාකරලා ආන්සර් කරන්න එපා.</font>

88
00:05:59,060 --> 00:06:00,890
<font color="#ffbf46">ඩිටෙක්ටිව් කිම්, මෙහෙට එන්න.</font>

89
00:06:00,890 --> 00:06:02,060
<font color="#ffbf46">මොකක්ද? - මේක පොඩ්ඩක් බලන්න.</font>

90
00:06:02,690 --> 00:06:05,020
<font color="#ffbf46">අපි ඉස්සෙල්ලා කතා කරමු. - ඉක්මන් කරන්න.</font>

91
00:06:05,020 --> 00:06:07,360
<font color="#ffbf46">හැපිනස් එකේ සභාපතිතුමාගේ කේස් එක භාරව ඉන්නේ ඔයා නේද?</font>

92
00:06:07,360 --> 00:06:09,020
<font color="#ffbf46">ඔව්. ඇයි එහෙම අහන්නේ? - මේකට ඇහුම්කන් දෙන්නකෝ.</font>

93
00:06:09,020 --> 00:06:10,320
<font color="#ffbf46">ඒ එයාගේ කටහඬ. - පොඩ්ඩක් ඉන්න.</font>

94
00:06:11,220 --> 00:06:13,490
<font color="#ffbf46">මම හිතන්නේ නෑ මේ යන්නේ එයාර්පෝට් එක පැත්තට කියලා.</font>

95
00:06:14,090 --> 00:06:16,760
<font color="#ffbf46">ඔයා චෝයි මහත්තයට මොකක්දෝ අමුතු දෙයක් කිව්වා.</font>

96
00:06:17,390 --> 00:06:20,020
<font color="#ffbf46">කරුණාකරලා මාව මෙතනින් බස්සන්න.</font>

97
00:06:20,220 --> 00:06:22,290
<font color="#ffbf46">මට තනියම යන්න ඕනේ.</font>

98
00:06:23,990 --> 00:06:25,260
<font color="#ffbf46">අපි ගනුදෙනුවක් කරමු.</font>

99
00:06:26,820 --> 00:06:29,890
<font color="#ffbf46">යූ සෝ ජූන්, හොඳට අහගන්නවා.</font>

100
00:06:31,520 --> 00:06:33,720
<font color="#ffbf46">තමුන්ට තමුන්ගේ වයිෆ්ව නිරුපද්‍රිතව ආපහු ඕනෙ නම්, අද...</font>

101
00:06:33,720 --> 00:06:35,990
<font color="#ffbf46">උඹ මට නම්යොන්ග් ස්ටේෂන් එකට එන්න කියලද කියන්න හදන්නේ?</font>

102
00:06:36,820 --> 00:06:38,820
<font color="#ffbf46">හරි. අපි එහෙම කරමු.</font>

103
00:06:41,560 --> 00:06:43,690
<font color="#ffbf46">උඹ ගැන මට මාර පුදුමයි.</font>

104
00:06:44,090 --> 00:06:46,890
<font color="#ffbf46">උඹට ඇත්තටම අනාගතේ දකින්න පුළුවන් නේද?</font>

105
00:06:47,990 --> 00:06:49,490
<font color="#ffbf46">ගිය පාර,</font>

106
00:06:50,520 --> 00:06:52,690
<font color="#ffbf46">උඹ මගේ ඇස් ඉස්සරහම අතුරුදහන් වුණා.</font>

107
00:06:53,520 --> 00:06:56,620
<font color="#ffbf46">ඊට පස්සේ, කුතුහලය වැඩි කමට මම හොරෙන් අහගෙන හිටියා.</font>

108
00:06:56,620 --> 00:06:59,990
<font color="#ffbf46">දැන් මම හැමදේම දන්නවා. උඹ අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි.</font>

109
00:07:00,320 --> 00:07:04,790
<font color="#ffbf46">උඹ කාටූන් කැරැක්ටර් එකක්ද? අප්පා, උඹ මාර විකාරයක්නේ.</font>

110
00:07:05,160 --> 00:07:09,120
<font color="#ffbf46">කොහොම වුණත්, උඹට තියෙන දේවල් ලබාගන්න...</font>

111
00:07:09,360 --> 00:07:12,790
<font color="#ffbf46">අනිත් මිනිස්සු කොච්චර දුකක් විඳිනවද කියලා උඹ දන්නවද?</font>

112
00:07:12,990 --> 00:07:15,190
<font color="#ffbf46">මම මාර කට්ටක් කෑවා.</font>

113
00:07:15,860 --> 00:07:18,120
<font color="#ffbf46">මම ගොඩක් දුක් වින්දා, මාර බාධක මැදින් ආවේ,</font>

114
00:07:18,120 --> 00:07:20,120
<font color="#ffbf46">ඒත් තාම මට උඹට තියෙන දේවල් ලබාගන්න බෑ.</font>

115
00:07:20,120 --> 00:07:24,390
<font color="#ffbf46">ඒක නම් මාර අසාධාරණයි, මට ඒක මතක් වෙද්දිත් ලේ රත් වෙනවා.</font>

116
00:07:24,890 --> 00:07:26,620
<font color="#ffbf46">හැමදේටම ඇඟිලි ගහන එකා.</font>

117
00:07:27,760 --> 00:07:30,520
<font color="#ffbf46">උඹේ ජීවිතේ හරි ලේසියි නේද?</font>

118
00:07:30,860 --> 00:07:35,160
<font color="#ffbf46">උඹට දැන් පොඩ්ඩක් දුක් විඳින්න පුළුවන්. උඹට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

119
00:07:36,820 --> 00:07:39,390
<font color="#ffbf46">හැමෝම උඹ වගේ වෙන්නේ නෑ.</font>

120
00:07:39,920 --> 00:07:43,520
<font color="#ffbf46">ඔව්, මම අනාගතේ ගැන දේවල් ටිකක් දන්නවා.</font>

121
00:07:44,460 --> 00:07:48,360
<font color="#ffbf46">මම උඹට ඇත්තම කියලා අද උඹට මොකද වෙන්නේ කියලා කියන්නද?</font>

122
00:07:50,660 --> 00:07:54,220
<font color="#ffbf46">අද, උඹ මගෙන් බේරිලා...</font>

123
00:07:55,260 --> 00:07:56,920
<font color="#ffbf46">සාර්ථකව පැනලා යනවා.</font>

124
00:07:58,120 --> 00:07:59,790
<font color="#ffbf46">උඹට ඕන වුණ විදිහටම.</font>

125
00:08:03,160 --> 00:08:06,020
<font color="#ffbf46">සිරාවට? බොහොම ස්තූතියි.</font>

126
00:08:06,790 --> 00:08:08,920
<font color="#ffbf46">උඹ මගේ ඔලුව අවුල් කරනවා, යූ මහත්තයා.</font>

127
00:08:08,920 --> 00:08:10,990
<font color="#ffbf46">ඒක දැන දැනත් උඹට තාම ඕනෙද මාව හම්බවෙන්න?</font>

128
00:08:11,360 --> 00:08:13,590
<font color="#ffbf46">මට ඒක වෙන්න ඉඩ තියන්න බෑ.</font>

129
00:08:14,890 --> 00:08:17,390
<font color="#ffbf46">උඹ මොනවට සැලසුම් කරනවද මන්දා,</font>

130
00:08:17,720 --> 00:08:21,960
<font color="#ffbf46">ඒත් මගේ ප්ලෑන් එක තමයි කෝච්චියේදී උඹව හම්බවෙලා...</font>

131
00:08:22,320 --> 00:08:25,560
<font color="#ffbf46">උඹෙන් මගේ ඩෑෂ් කැම් එක ගන්න එක. බලමුකෝ මොකද වෙන්නේ කියලා.</font>

132
00:08:25,560 --> 00:08:28,420
<font color="#ffbf46">උඹ අනිවාර්යයෙන්ම මගේ ඩෑෂ් කැම් එක ගේන්න ඕනේ. තේරුණාද?</font>

133
00:08:29,460 --> 00:08:31,860
<font color="#ffbf46">ඒ වගේම උඹ පොලිසිය ගාව ගන්න නම් කොහෙත්ම හොඳ නෑ.</font>

134
00:08:32,060 --> 00:08:33,890
<font color="#ffbf46">උඹ පොලිසියට කතා කළොත්,</font>

135
00:08:33,890 --> 00:08:36,920
<font color="#ffbf46">උඹට ආයේ කවදාවත් උඹේ වයිෆ්ව
දකින්න හම්බවෙන්නේ නෑ. පැහැදිලියි නේද?</font>

136
00:08:37,260 --> 00:08:39,520
<font color="#ffbf46">මම මේ අහන්නේ මම කියන දේ උඹට තේරෙනවද කියලා.</font>

137
00:08:39,990 --> 00:08:43,720
<font color="#ffbf46">මාව පොලිසියට අහු වුණත් මම කිසිම දෙයක් කියන්නේ නෑ.</font>

138
00:08:44,060 --> 00:08:46,630
<font color="#ffbf46">එතකොට උඹේ වයිෆ් බඩගින්නේ මැරිලා යයි.</font>

139
00:08:47,960 --> 00:08:52,490
<font color="#ffbf46">උඹේ වයිෆ්. එයා සීතලේ ගැහි ගැහි මැරෙයි. එයා මැරෙනවා!</font>

140
00:08:52,490 --> 00:08:56,220
<font color="#ffbf46">යොන්ග් ජින්, කට වහගනින්.</font>

141
00:08:57,090 --> 00:08:58,490
<font color="#ffbf46">අපි හම්බවෙමු.</font>

142
00:09:08,590 --> 00:09:10,020
<font color="#ffbf46">සෝ ජූන්...</font>

143
00:09:13,630 --> 00:09:15,260
<font color="#ffbf46">මට උදව් කරන්න.</font>

144
00:09:19,090 --> 00:09:20,660
<font color="#ffbf46">මා රින්, මා රින්.</font>

145
00:09:21,190 --> 00:09:22,660
<font color="#ffbf46">මා රින්, මා රින්!</font>

146
00:09:33,690 --> 00:09:35,420
<font color="#ffbf46">මා රින්, මා රින්.</font>

147
00:09:39,130 --> 00:09:40,360
<font color="#ffbf46">මොකද වෙන්නේ?</font>

148
00:09:40,960 --> 00:09:42,790
<font color="#ffbf46">ඔයා හොඳින් නේද, මා රින්?</font>

149
00:09:43,320 --> 00:09:44,560
<font color="#ffbf46">ඔයා කවුද?</font>

150
00:09:45,690 --> 00:09:47,220
<font color="#ffbf46">මම ඔයාගේ තාත්තා.</font>

151
00:09:47,220 --> 00:09:50,090
<font color="#ffbf46">මම ඔයාගේ තාත්තා. මම ඔයාගේ තාත්තා.</font>

152
00:09:58,260 --> 00:09:59,290
<font color="#ffbf46">සෝ ජූන්.</font>

153
00:10:00,060 --> 00:10:02,290
<font color="#ffbf46">මම මා රින්ව ඉස්පිරිතාලෙකට අරන් යනවා.</font>

154
00:10:02,760 --> 00:10:05,360
<font color="#ffbf46">අපි හොඳින් ඉන්නවා, ඒ නිසා බය වෙන්න එපා.</font>

155
00:10:12,190 --> 00:10:13,190
<font color="#ffbf46">ඔයා කොහෙද ඉන්නේ?</font>

156
00:10:17,990 --> 00:10:19,690
<font color="#ffbf46">ඔයාට මේ කෝච්චියේ එන්න පුළුවන්.</font>

157
00:10:19,690 --> 00:10:21,720
<font color="#ffbf46">මම ඉන්නේ කෝච්චියේ අග ඉඳන් දෙවැනි හරි තුන්වෙනි පෙට්ටියේ හරි.</font>

158
00:10:22,520 --> 00:10:25,160
<font color="#ffbf46">බලමුකෝ මොකද වෙන්නේ කියලා, උඹ මහ කරදරකාරයෙක්නේ.</font>

159
00:10:25,260 --> 00:10:26,460
<font color="#ffbf46">ළඟදීම හම්බවෙමු.</font>

160
00:10:40,690 --> 00:10:41,760
<font color="#ffbf46">මම කෝච්චියට නැග්ගහම,</font>

161
00:10:41,760 --> 00:10:45,220
<font color="#ffbf46">හරියටම විනාඩියයි තත්පර 30කට පස්සේ මම අතුරුදහන් වෙනවා.</font>

162
00:10:45,590 --> 00:10:48,630
<font color="#ffbf46">ඔයා විනාඩියයි තත්පර 30ක් ඇතුළත එයාව අල්ලගන්න ඕනේ.</font>

163
00:10:50,690 --> 00:10:52,820
<font color="#ffbf46">දොර ඇරෙනවා.</font>

164
00:11:00,490 --> 00:11:01,990
<font color="#ffbf46">මෙතනට වෙලා ඉන්න. - අපේ පස්සෙන් එන්න එපා.</font>

165
00:11:01,990 --> 00:11:03,490
<font color="#ffbf46">මට එන්න පුළුවන්.</font>

166
00:11:15,690 --> 00:11:17,890
<font color="#ffbf46">මම හිටියේ ඉස්සරහා.</font>

167
00:11:18,090 --> 00:11:19,420
<font color="#ffbf46">මම ඔයාව මැදදි හම්බවෙන්නම්.</font>

168
00:11:20,390 --> 00:11:21,490
<font color="#ffbf46">හරිද?</font>

169
00:11:40,420 --> 00:11:44,090
<font color="#ffbf46">මම ඌ පස්සෙන් ගියේ මට මොනවා හරි වෙයිද කියලා බලන්න.</font>

170
00:11:45,690 --> 00:11:47,320
<font color="#ffbf46">ඊට පස්සේ මම ආපහු හැරුණා.</font>

171
00:11:48,390 --> 00:11:50,790
<font color="#ffbf46">ඉතින් මම ඊළඟ දවසෙත් එතනට ගියා.</font>

172
00:11:51,890 --> 00:11:53,520
<font color="#ffbf46">ඔයා දන්නවද මම මොකක්ද දැක්කේ කියලා?</font>

173
00:11:56,060 --> 00:11:57,420
<font color="#ffbf46">මම අතීතයේ හිටපු මාව දැක්කා.</font>

174
00:11:57,760 --> 00:12:00,560
<font color="#ffbf46">නෑ, ඔයා මෙතන ඉන්නකොට දේවල් සංකීර්ණ වෙනවා.</font>

175
00:12:13,760 --> 00:12:14,820
<font color="#ffbf46">යූ සෝ ජූන්?</font>

176
00:12:16,690 --> 00:12:17,890
<font color="#ffbf46">එයා ඇඳගෙන ඉන්නේ වෙන ඇඳුමක්.</font>

177
00:12:24,120 --> 00:12:25,290
<font color="#ffbf46">කොහොම හරි ඌ පස්සෙන් යන්න.</font>

178
00:12:31,190 --> 00:12:33,720
<font color="#ffbf46">ඇයි උඹ දුවන්නේ? උඹට ඒ තරම්ම හදිස්සිද?</font>

179
00:12:47,090 --> 00:12:48,320
<font color="#ffbf46">එළියට බැහැපියව්!</font>

180
00:12:48,690 --> 00:12:49,890
<font color="#ffbf46">තොපි ඔක්කොමලා!</font>

181
00:12:50,420 --> 00:12:51,660
<font color="#ffbf46">කාලකන්නියා!</font>

182
00:12:54,490 --> 00:12:55,860
<font color="#ffbf46">ඉඳපන්. ඉඳපන්.</font>

183
00:12:57,690 --> 00:12:59,090
<font color="#ffbf46">උඹට මාව පරද්දන්න බෑ.</font>

184
00:12:59,260 --> 00:13:00,990
<font color="#ffbf46">උඹේ අතින් මම මැරුණත්,</font>

185
00:13:01,020 --> 00:13:02,890
<font color="#ffbf46">උඹට කවදාවත් මාව පරද්දන්න බෑ.</font>

186
00:13:03,020 --> 00:13:04,520
<font color="#ffbf46">උඹ දැනටමත් පැරදිලා ඉවරයි.</font>

187
00:13:04,520 --> 00:13:06,160
<font color="#ffbf46">කට වහගනින්!</font>

188
00:13:08,190 --> 00:13:09,690
<font color="#ffbf46">ඩෑෂ් කැම් එක මට දීපන්.</font>

189
00:13:09,690 --> 00:13:11,690
<font color="#ffbf46">ඉතුරු ටික කාලේ මොකුත් නැතුව ජීවත් වෙයන්.</font>

190
00:13:11,690 --> 00:13:13,860
<font color="#ffbf46">සල්ලි, ප්‍රසිද්ධිය, යාළුවෝ, පවුලේ අය කවුරුත් නැතුව ජීවත් වෙයන්.</font>

191
00:13:13,860 --> 00:13:16,820
<font color="#ffbf46">පාරේ තියෙන කුණු ගොඩක් වගේ මොකුත් නැතුව ජීවත් වෙයන්.</font>

192
00:13:33,390 --> 00:13:35,290
<font color="#ffbf46">මැරියන්!</font>

193
00:13:35,890 --> 00:13:37,290
<font color="#ffbf46">මැරියන්!</font>

194
00:13:38,220 --> 00:13:39,260
<font color="#ffbf46">මැරියන්!</font>

195
00:14:29,890 --> 00:14:31,760
<font color="#ffbf46">අයින් වෙන්න! - අයින් වෙන්න!</font>

196
00:14:31,760 --> 00:14:34,190
<font color="#ffbf46">ඉඩ දෙන්න! - අයින් වෙන්න! ඉක්මන් කරන්න!</font>

197
00:14:34,190 --> 00:14:36,390
<font color="#ffbf46">අයින් වෙන්න! - ඉඩ දෙන්න!</font>

198
00:14:36,390 --> 00:14:37,560
<font color="#ffbf46">අයින් වෙන්න! - සෝ ජූන්!</font>

199
00:14:39,220 --> 00:14:40,360
<font color="#ffbf46">ඔතනම හිටු!</font>

200
00:14:47,590 --> 00:14:48,790
<font color="#ffbf46">සෝ ජූන් කොහෙද?</font>

201
00:14:49,220 --> 00:14:50,460
<font color="#ffbf46">සෝ ජූන් කොහෙද?</font>

202
00:14:52,120 --> 00:14:54,690
<font color="#ffbf46">සෝ ජූන් කොහෙද?</font>

203
00:14:58,890 --> 00:15:00,120
<font color="#ffbf46">එයා ගියා.</font>

204
00:15:01,990 --> 00:15:03,160
<font color="#ffbf46">එයා ගියා.</font>

205
00:15:05,020 --> 00:15:06,290
<font color="#ffbf46">එයා මෙහෙන් ගියා.</font>

206
00:15:06,520 --> 00:15:08,520
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියන්නේ? සෝ ජූන් කොහෙද?</font>

207
00:15:08,520 --> 00:15:11,220
<font color="#ffbf46">එයා කොහෙද ගියේ? මට උත්තර දෙනවා.</font>

208
00:15:11,260 --> 00:15:12,290
<font color="#ffbf46">ඒයි!</font>

209
00:15:17,960 --> 00:15:20,220
<font color="#ffbf46">අඬන එක නවත්තලා මට උත්තර දෙනවා!</font>

210
00:15:22,590 --> 00:15:24,690
<font color="#ffbf46">එයාට පැයක් දෙකක් ඇතුළත සිහිය එයි.</font>

211
00:15:24,690 --> 00:15:27,520
<font color="#ffbf46">එයාට හොඳට විවේක ගන්න ඕනේ, ඒ නිසා පරිස්සමට බලාගන්න.</font>

212
00:15:27,520 --> 00:15:29,390
<font color="#ffbf46">හරි. ස්තූතියි.</font>

213
00:15:39,120 --> 00:15:42,490
<font color="#ffbf46">ඔයා ආපහු ගියාම මාව හම්බවෙන්න පුළුවන්ද?</font>

214
00:15:43,790 --> 00:15:45,790
<font color="#ffbf46">මට ඔයාව මතක් වුණා වගේ.</font>

215
00:15:54,320 --> 00:15:55,990
<font color="#ffbf46">ඉන්න.</font>

216
00:15:58,390 --> 00:16:00,620
<font color="#ffbf46">ඔයා කොහොමද දැනගත්තේ...</font>

217
00:16:00,960 --> 00:16:02,720
<font color="#ffbf46">මම එතන හිරවෙලා හිටියා කියලා,</font>

218
00:16:05,660 --> 00:16:06,890
<font color="#ffbf46">තාත්තේ?</font>

219
00:16:17,220 --> 00:16:19,190
<font color="#ffbf46">ඔයා කිව්වා ඔයා මගේ තාත්තා කියලා.</font>

220
00:16:20,490 --> 00:16:22,590
<font color="#ffbf46">කලින් ඔයා මාව වඩාගෙන එනකොට ඔයා එහෙම කිව්වා.</font>

221
00:16:24,290 --> 00:16:25,390
<font color="#ffbf46">ඇයි...</font>

222
00:16:25,690 --> 00:16:29,990
<font color="#ffbf46">ඔයා හොඳට නිදාගත්තට පස්සේ අපි මේ ගැන කතා කරමුද?</font>

223
00:16:30,760 --> 00:16:32,190
<font color="#ffbf46">මම හීනයක් දකිනවද?</font>

224
00:16:34,690 --> 00:16:36,660
<font color="#ffbf46">මම කවදාවත්...</font>

225
00:16:37,160 --> 00:16:40,320
<font color="#ffbf46">මගේ හීනෙදි ඔයාව මෙච්චර පැහැදිලිව දැකලා නෑ.</font>

226
00:16:40,490 --> 00:16:41,660
<font color="#ffbf46">මේක හීනයක් නෙවෙයි.</font>

227
00:16:45,690 --> 00:16:47,360
<font color="#ffbf46">මට සමා වෙන්න. මට සමා වෙන්න.</font>

228
00:16:56,590 --> 00:16:57,890
<font color="#ffbf46">මා රින්?</font>

229
00:16:57,890 --> 00:16:59,190
<font color="#ffbf46">ඔයා කවුද?</font>

230
00:16:59,590 --> 00:17:01,190
<font color="#ffbf46">මම පොලිසියෙන්.</font>

231
00:17:02,190 --> 00:17:03,860
<font color="#ffbf46">අද, කිම් යොන්ග් ජින්...</font>

232
00:17:03,860 --> 00:17:05,760
<font color="#ffbf46">ඔයාලා එයාව ඇල්ලුවද?</font>

233
00:17:05,960 --> 00:17:08,420
<font color="#ffbf46">ඔව්, අපි එයාව එතනදිම අත්අඩංගුවට ගත්තා.</font>

234
00:17:10,290 --> 00:17:12,260
<font color="#ffbf46">මට ප්‍රශ්න වගයක් තියෙනවා... - පොඩ්ඩක් ඉන්න.</font>

235
00:17:12,260 --> 00:17:16,020
<font color="#ffbf46">අපි එළියට ගිහින් කතා කරමුද?</font>

236
00:17:16,120 --> 00:17:17,420
<font color="#ffbf46">ඔයා කවුද?</font>

237
00:17:17,520 --> 00:17:19,660
<font color="#ffbf46">එන්න අපි එළියට යමු.</font>

238
00:17:19,660 --> 00:17:20,720
<font color="#ffbf46">බෑ.</font>

239
00:17:21,160 --> 00:17:25,860
<font color="#ffbf46">ඩොක්ටර් කිව්වා එයාට හොඳට විවේක ගන්න කියලා.</font>

240
00:17:26,160 --> 00:17:27,490
<font color="#ffbf46">අපි එළියට යමු.</font>

241
00:17:32,760 --> 00:17:33,920
<font color="#ffbf46">මොකක්ද...</font>

242
00:17:34,420 --> 00:17:36,120
<font color="#ffbf46">ඔයාගේ සහ වින්දිතයාගේ තියෙන සම්බන්ධය මොකක්ද?</font>

243
00:17:37,490 --> 00:17:38,790
<font color="#ffbf46">එයා මගේ දුව.</font>

244
00:17:40,390 --> 00:17:41,760
<font color="#ffbf46">ආ එහෙමද. - මොකක්ද...</font>

245
00:17:42,760 --> 00:17:45,790
<font color="#ffbf46">සෝ ජූන්ට මොකද වුණේ?</font>

246
00:17:45,790 --> 00:17:48,620
<font color="#ffbf46">එයාගේ නම යූ සෝ ජූන්.</font>

247
00:17:48,860 --> 00:17:52,520
<font color="#ffbf46">මම දන්නේ නෑ කොහොම පැහැදිලි කරන්නද කියලා.</font>

248
00:17:53,490 --> 00:17:56,690
<font color="#ffbf46">මට තේරෙන්නේ නෑ එයා අතුරුදහන් වුණා කියලා කියන්නද කියලා.</font>

249
00:17:56,690 --> 00:17:58,420
<font color="#ffbf46">එයා අතුරුදහන් වුණාද...</font>

250
00:17:59,660 --> 00:18:00,990
<font color="#ffbf46">කෝච්චිය ඇතුළෙදි?</font>

251
00:18:02,660 --> 00:18:03,990
<font color="#ffbf46">ඔයා කොහොමද ඒක දන්නේ?</font>

252
00:18:11,020 --> 00:18:14,330
<font color="#ffbf46">ඩිටෙක්ටිව්, ඔයා දැනට යන්න.</font>

253
00:18:14,330 --> 00:18:15,330
<font color="#ffbf46">කරුණාකරලා හෙට එන්න.</font>

254
00:18:15,330 --> 00:18:17,660
<font color="#ffbf46">මට සොන්ග් මෙනවියගෙන් ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා.</font>

255
00:18:18,390 --> 00:18:20,120
<font color="#ffbf46">එයා මුකුත් දන්නේ නෑ.</font>

256
00:18:20,690 --> 00:18:22,720
<font color="#ffbf46">එයාට ඉස්සෙල්ලම හොඳ වෙන්න ඕන.</font>

257
00:18:23,860 --> 00:18:26,560
<font color="#ffbf46">මම ඔයාට වඳින්නම්.</font>

258
00:18:29,590 --> 00:18:31,220
<font color="#ffbf46">ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා.</font>

259
00:18:31,820 --> 00:18:34,790
<font color="#ffbf46">ඔයා යොං ජින්ව හොයනවද?</font>

260
00:18:35,690 --> 00:18:37,150
<font color="#ffbf46">එයාලා යොං ජින්ව අල්ලගත්තා.</font>

261
00:18:37,790 --> 00:18:40,760
<font color="#ffbf46">මම ඉස්පිරිතාලෙ ඉන්නේ,</font>

262
00:18:41,790 --> 00:18:43,490
<font color="#ffbf46">මට තාත්තවත් හම්බවුණා.</font>

263
00:18:44,390 --> 00:18:48,420
<font color="#ffbf46">මොනවා වෙනවද කියලා මට හිතාගන්න බෑ. ගොඩක් දේවල් සිද්ධ වුණා.</font>

264
00:18:49,690 --> 00:18:52,150
<font color="#ffbf46">මේ මැසේජ් එක දැක්ක ගමන් මට කෝල් එකක් ගන්න.</font>

265
00:18:56,450 --> 00:18:59,050
<font color="#ffbf46">ඇයි මේ නැගිටලා?</font>

266
00:18:59,320 --> 00:19:02,090
<font color="#ffbf46">ඔයා ටිකක් නිදාගන්න ඕන.</font>

267
00:19:02,420 --> 00:19:05,390
<font color="#ffbf46">මට මැසේජ් එකක් යවන්න ඕන වුණා.</font>

268
00:19:09,390 --> 00:19:11,260
<font color="#ffbf46">මම බැඳපු කෙනෙක් කියලා දන්නවනේ?</font>

269
00:19:11,590 --> 00:19:13,260
<font color="#ffbf46">ඔව්.</font>

270
00:19:14,290 --> 00:19:17,390
<font color="#ffbf46">එයා බය වෙලා ඇත්තේ. ඒත් මට එයාව කන්ටැක්ට් කරගන්න බෑ.</font>

271
00:19:23,150 --> 00:19:25,490
<font color="#ffbf46">ඩිටෙක්ටිව් මොකද කිව්වේ?</font>

272
00:19:26,590 --> 00:19:29,290
<font color="#ffbf46">එයා මගේ මහත්තයාව හම්බවුණාද දන්නේ නෑ නේද?</font>

273
00:19:29,290 --> 00:19:33,190
<font color="#ffbf46">එයා පොලිසියේ ඉන්නේ.</font>

274
00:19:33,190 --> 00:19:35,320
<font color="#ffbf46">එයාට කට උත්තරයක් දෙන්න වෙලා.</font>

275
00:19:37,290 --> 00:19:39,090
<font color="#ffbf46">ඒකයි එයාව සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙන්නේ.</font>

276
00:19:44,320 --> 00:19:45,890
<font color="#ffbf46">එයා හොඳ මනුස්සයෙක්.</font>

277
00:19:47,520 --> 00:19:50,590
<font color="#ffbf46">එයා හරිම ආදරණීයයි, විහිලු කරන...</font>

278
00:19:50,850 --> 00:19:52,220
<font color="#ffbf46">විශ්වාසවන්ත කෙනෙක්.</font>

279
00:19:54,120 --> 00:19:56,150
<font color="#ffbf46">මම ඉන්නේ ගොඩක් සතුටින්.</font>

280
00:19:57,050 --> 00:19:58,150
<font color="#ffbf46">එහෙමද.</font>

281
00:19:58,520 --> 00:20:02,050
<font color="#ffbf46">ඒක නෙමෙයි, අද මොකද වුණේ?</font>

282
00:20:02,450 --> 00:20:05,420
<font color="#ffbf46">කොහොමද මාව හොයාගත්තේ?
ඔයා ඉස්සෙල්ලම...</font>

283
00:20:06,260 --> 00:20:08,760
<font color="#ffbf46">ටිකක් රෙස්ට් කරන්නකෝ.</font>

284
00:20:08,820 --> 00:20:10,820
<font color="#ffbf46">අපි ඒ ගැන හිමින් කතා කරමු.</font>

285
00:20:11,020 --> 00:20:13,290
<font color="#ffbf46">අපිට ඕන තරම් වෙලාව තියෙනවා.</font>

286
00:20:23,820 --> 00:20:26,550
<font color="#ffbf46">සභාපති ෂින් ගැනයි මිස්ටර් චොයි ගැනයි මම පිළිගන්නවා.</font>

287
00:20:26,550 --> 00:20:27,820
<font color="#ffbf46">ඒත් මම...
යූ සෝ ජූන් ගැන මොකද කියන්නේ?</font>

288
00:20:28,520 --> 00:20:30,550
<font color="#ffbf46">මම තමුසෙට කී පාරක් කියන්න ඕනද?</font>

289
00:20:31,220 --> 00:20:34,820
<font color="#ffbf46">සාක්ෂි නෑනේ. මිනිහා තුවාල වෙලා නම් මෙහාට ගේනවා.</font>

290
00:20:34,820 --> 00:20:36,550
<font color="#ffbf46">මැරිලා නම් මිනිය හරි ගේනවා.</font>

291
00:20:36,550 --> 00:20:38,490
<font color="#ffbf46">සාක්ෂි නෑනේ.
තෝ වගේ බල්ලෙක්!</font>

292
00:20:38,790 --> 00:20:41,020
<font color="#ffbf46">ඒයි, නවත්තපන්!</font>

293
00:20:41,020 --> 00:20:42,450
<font color="#ffbf46">මෙහෙ වරෙන්!
මෙහෙ වරෙන් යකෝ!</font>

294
00:20:42,450 --> 00:20:43,850
<font color="#ffbf46">මෙහෙ වරෙන් පරයෝ!
මූව ගනින්.</font>

295
00:20:43,850 --> 00:20:45,650
<font color="#ffbf46">මූව ගනින්.
අතඇරපන්!</font>

296
00:20:45,650 --> 00:20:47,820
<font color="#ffbf46">මූව එළියට ගනින්!
තෝව මරනවා මම!</font>

297
00:20:49,050 --> 00:20:50,820
<font color="#ffbf46">පර බල්ලා!
සෝ ජූන්ව මෙහාට ගෙනෙන්.</font>

298
00:20:50,820 --> 00:20:54,590
<font color="#ffbf46">එයාව මෙහාට ගෙනෙන් මෝඩයෝ!
නවත්තපන්!</font>

299
00:20:58,820 --> 00:21:01,020
<font color="#ffbf46">පොලිසියේ වැඩ කටයුතු ගොඩක් වැඩිද?</font>

300
00:21:07,420 --> 00:21:09,620
<font color="#ffbf46">එයාට තිබුණා මට මැසේජ් එකක්වත් එවන්න.</font>

301
00:21:47,790 --> 00:21:50,720
<font color="#ffbf46">මම හිතන්නේ මම ගෙදර යන්න ඕන.</font>

302
00:21:51,390 --> 00:21:53,520
<font color="#ffbf46">මේ මගේ නම්බර් එක. මට කෝල් එකක් දෙන්න.</font>

303
00:21:53,990 --> 00:21:55,490
<font color="#ffbf46">මට අහන්න දේවල් ගොඩක් තියෙනවා.</font>

304
00:22:03,390 --> 00:22:04,750
<font color="#ffbf46">ඔයා?</font>

305
00:22:07,250 --> 00:22:08,720
<font color="#ffbf46">එයා තාම ගෙදර ඇවිත් නැද්ද?</font>

306
00:22:16,220 --> 00:22:17,750
<font color="#ffbf46">ඔයා ගෙදරද?</font>

307
00:22:27,750 --> 00:22:29,490
<font color="#ffbf46">එයා හොඳට කාලා ඇත්තේ.</font>

308
00:22:31,820 --> 00:22:34,120
<font color="#ffbf46">මිස්ටර් ෂින්ට වුණ දේ ගැන එයා ගොඩක් ෂොක් වෙලා ඇත්තේ.</font>

309
00:22:34,620 --> 00:22:37,750
<font color="#ffbf46">මට හොඳට උයන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද?</font>

310
00:22:38,220 --> 00:22:39,790
<font color="#ffbf46">මට එයා වෙනුවෙන් රසට කෑමක් හදලා දෙන්න තිබුණා.</font>

311
00:22:44,150 --> 00:22:46,250
<font color="#ffbf46">මම සෝ රි ගෙන් රෙසිපි වගයක් ඉල්ලගන්නද?</font>

312
00:22:47,020 --> 00:22:48,490
<font color="#ffbf46">සෝ රි ට රසට උයන්න පුළුවන්නේ.</font>

313
00:22:56,790 --> 00:22:57,820
<font color="#ffbf46">හලෝ?</font>

314
00:23:00,090 --> 00:23:01,290
<font color="#ffbf46">පොලිසියෙන්?</font>

315
00:23:03,220 --> 00:23:04,790
<font color="#ffbf46">කවුරු අතුරුදහන් වෙලා කියලද කිව්වේ?</font>

316
00:23:09,650 --> 00:23:11,490
<font color="#ffbf46">මම හිතන්නේ ඔයාට වැරදිලා.</font>

317
00:23:12,590 --> 00:23:14,920
<font color="#ffbf46">එයා ඊයේ පොලිසියට ගියා කියලා මට ආරංචි වුණා.</font>

318
00:23:17,650 --> 00:23:19,650
<font color="#ffbf46">නෑ, මම හිතන්නේ ඔයාට වැරදිලා.</font>

319
00:23:51,320 --> 00:23:53,620
<font color="#ffbf46">ඒක මට ලොකු කරදරයක්.</font>

320
00:23:57,590 --> 00:24:00,520
<font color="#ffbf46">පොලිසියට කිසිම හෝඩුවාවක් නෑ.</font>

321
00:24:02,620 --> 00:24:04,220
<font color="#ffbf46">අපි කොහොමද එයාලව විශ්වාස කරන්නේ?</font>

322
00:24:22,290 --> 00:24:23,450
<font color="#ffbf46">කී ඩූන්.</font>

323
00:24:24,750 --> 00:24:25,890
<font color="#ffbf46">මම මා රින්.</font>

324
00:24:28,450 --> 00:24:29,490
<font color="#ffbf46">මට නිකන්...</font>

325
00:24:30,690 --> 00:24:34,220
<font color="#ffbf46">පොලිසියෙන් අමුතු කෝල් එකක් ආවා.</font>

326
00:24:39,020 --> 00:24:40,450
<font color="#ffbf46">එයාලා කිව්වා...</font>

327
00:24:46,820 --> 00:24:48,650
<font color="#ffbf46">එයාලා කිව්වා සෝ ජූන්...</font>

328
00:24:52,020 --> 00:24:53,090
<font color="#ffbf46">ඒක ඇත්ත නෙමෙයි නේද?</font>

329
00:24:54,250 --> 00:24:56,720
<font color="#ffbf46">එයාලට වැරදිලා නේද?</font>

330
00:24:57,050 --> 00:24:59,390
<font color="#ffbf46">එයාලා නිකන් විකාරයක් කිව්වේ.</font>

331
00:25:02,720 --> 00:25:06,450
<font color="#ffbf46">මම හිතන්නේ එයා දේවල් වගයක් හොයාගන්න අනාගතේට යන්න ඇති.</font>

332
00:25:07,950 --> 00:25:11,890
<font color="#ffbf46">යොං ජින් අහුවුණා කියලා නොදැන එයා තනියම ඇවිදිනවා ඇති.</font>

333
00:25:12,350 --> 00:25:15,950
<font color="#ffbf46">පොලිසියෙන් පිස්සු කතාවක් කිව්වේ.</font>

334
00:25:16,490 --> 00:25:17,650
<font color="#ffbf46">කී ඩූන්.</font>

335
00:25:19,090 --> 00:25:20,550
<font color="#ffbf46">ඒක බොරු නේද, කී ඩූන්?</font>

336
00:25:21,850 --> 00:25:24,150
<font color="#ffbf46">එයාලට වැරදිලා නේද?</font>

337
00:25:26,020 --> 00:25:27,550
<font color="#ffbf46">එයා ආපහු එයි.</font>

338
00:25:29,420 --> 00:25:31,120
<font color="#ffbf46">ඔයාට පිළිගන්න අමාරු වෙයි,</font>

339
00:25:32,850 --> 00:25:37,290
<font color="#ffbf46">ඒත් මගේ මහත්තයා කෝච්චියේ යනකොට ඔහොම දේවල් වෙනවා.</font>

340
00:25:38,320 --> 00:25:40,720
<font color="#ffbf46">එයා අතුරුදහන් වෙලා...</font>

341
00:25:41,190 --> 00:25:43,120
<font color="#ffbf46">ආයිමත් මතු වෙනවා.</font>

342
00:25:44,750 --> 00:25:47,890
<font color="#ffbf46">එයා එක පාරක් මගේ ඉස්සරහපිටම අතුරුදහන් වුණා.</font>

343
00:25:48,750 --> 00:25:49,950
<font color="#ffbf46">ඒත්...</font>

344
00:25:51,450 --> 00:25:52,850
<font color="#ffbf46">එයා ආපහු මාත් එක්ක ආවා.</font>

345
00:25:53,920 --> 00:25:55,050
<font color="#ffbf46">එයා ඒ වගේ.</font>

346
00:25:59,320 --> 00:26:01,890
<font color="#ffbf46">ඒත් ඉතින්, එයා කාලය හරහා යන
කෙනෙක් කියන එක වෙන්න බැරි දෙයක්නේ.</font>

347
00:26:01,890 --> 00:26:04,390
<font color="#ffbf46">ඔයාට විශ්වාස කරන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ.</font>

348
00:26:05,990 --> 00:26:08,190
<font color="#ffbf46">ඒත් එයා දැන් ඉන්නේ වෙන කාලයක.</font>

349
00:26:08,750 --> 00:26:10,490
<font color="#ffbf46">එයා මෙහේ වෙන දේවල් ගැන වද වෙනවා ඇති.</font>

350
00:26:11,050 --> 00:26:14,790
<font color="#ffbf46">මම කිව්වා වගේ, එතන හිටපු වික්ටිම්ගෙන්
ගොඩක් ලේ ගිහින් තිබුණා, ඉතින්...</font>

351
00:26:14,790 --> 00:26:19,250
<font color="#ffbf46">ඉතින් එයා දැනට අවුරුදු 3කට 5කට
පස්සේ කාලෙක ප්‍රතිකාර ගන්නවා ඇති.</font>

352
00:26:20,420 --> 00:26:23,850
<font color="#ffbf46">අනාගතේ වෛද්‍ය තාක්ෂණය ගොඩක් දියුණු ඇතිනේ.</font>

353
00:26:24,790 --> 00:26:27,550
<font color="#ffbf46">එයා ප්‍රතිකාර අරන් ඉවර වුණාම ආපහු එයි.</font>

354
00:26:28,420 --> 00:26:30,390
<font color="#ffbf46">එයා හැමදාම එහෙම කළා.</font>

355
00:26:33,450 --> 00:26:34,450
<font color="#ffbf46">මා රින්,</font>

356
00:26:35,290 --> 00:26:37,090
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?
මා රින්.</font>

357
00:26:39,450 --> 00:26:40,590
<font color="#ffbf46">අපි එයාට ඉන්න දෙමු.</font>

358
00:26:42,650 --> 00:26:44,290
<font color="#ffbf46">එයා ගොඩක් ෂොක් වෙලා ඉන්නේ.</font>

359
00:26:44,650 --> 00:26:47,850
<font color="#ffbf46">එයාගේ මහත්තයා කාලය හරහා යන
කෙනෙක් කියලා එයා දිගටම පිස්සු කතා කියනවා.</font>

360
00:26:48,350 --> 00:26:50,950
<font color="#ffbf46">එයා හැම තිස්සෙම ඔය වගේ විකාර කියනවද?</font>

361
00:26:51,220 --> 00:26:52,850
<font color="#ffbf46">මොකක්ද?
මුකුත් නෑ.</font>

362
00:26:52,890 --> 00:26:56,590
<font color="#ffbf46">අපි සෝ ජූන්ව කෝච්චියේදී දැක්ක සාක්ෂිකාරයෝ ඉන්නවද කියලා හොයනවා...</font>

363
00:26:56,590 --> 00:26:59,320
<font color="#ffbf46">ළඟ තියෙන හැම බෙහෙත් ශාලාවකම චෙක් කරනවා.
ඔයත් දැක්කනේ.</font>

364
00:26:59,820 --> 00:27:01,450
<font color="#ffbf46">ඔයත් දැක්කනේ සෝ ජූන් වගේම පෙනුම තියෙන දෙන්නෙක්ව.</font>

365
00:27:01,850 --> 00:27:02,990
<font color="#ffbf46">මම දන්නවා.</font>

366
00:27:03,590 --> 00:27:06,620
<font color="#ffbf46">මට යකෙක් වැහිලද මන්දා?</font>

367
00:27:08,220 --> 00:27:09,690
<font color="#ffbf46">ඔයා මොකක්ද කියන්නේ?</font>

368
00:27:22,390 --> 00:27:24,450
<font color="#ffbf46">ඔයා කියන්නේ මේ හැමදේම අනාගතෙන් ආපුවා කියලද?</font>

369
00:27:26,890 --> 00:27:29,290
<font color="#ffbf46">එයා හැමදේම වගේ ගෙදර අරන් ගිහින්,</font>

370
00:27:29,620 --> 00:27:30,920
<font color="#ffbf46">ඉතින් මෙහේ වැඩිය මුකුත් ඉතුරු වෙලා නෑ.</font>

371
00:27:33,750 --> 00:27:36,550
<font color="#ffbf46">සෝ ජූන්ට රහසක් තියෙනවා කියලා මම දැනන් හිටියා, ඒත්...</font>

372
00:27:39,920 --> 00:27:41,550
<font color="#ffbf46">දැන් තමයි මට හැමදේම තේරුණේ.</font>

373
00:27:44,650 --> 00:27:47,190
<font color="#ffbf46">අපි ඔයාට කලින් නොකිව්වට සමා වෙන්න ඕන.</font>

374
00:27:51,690 --> 00:27:52,790
<font color="#ffbf46">මට ආරංචි වුණා...</font>

375
00:27:54,990 --> 00:27:57,620
<font color="#ffbf46">ඔයා අර මිනීමරුවට පොලිසියේදී මැරෙන්නම ගැහුවා කියලා.</font>

376
00:28:00,320 --> 00:28:01,320
<font color="#ffbf46">නෑ.</font>

377
00:28:02,690 --> 00:28:03,790
<font color="#ffbf46">මට ඌට වැඩිය ගහන්න හම්බවුණේ නෑ.</font>

378
00:28:07,290 --> 00:28:08,950
<font color="#ffbf46">මට ඇත්තටම සමා වෙන්න.</font>

379
00:28:09,190 --> 00:28:13,420
<font color="#ffbf46">හිරේ යන්න වුණත් මම ඌව මරන්නමයි හිටියේ.</font>

380
00:28:19,420 --> 00:28:20,590
<font color="#ffbf46">මට ඇත්තටම සමා වෙන්න.</font>

381
00:28:24,320 --> 00:28:25,950
<font color="#ffbf46">ඔයා ඇයි සමාව ඉල්ලන්නේ?</font>

382
00:28:27,990 --> 00:28:30,190
<font color="#ffbf46">ඔයා මාත් එක්ක ඉන්න එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.</font>

383
00:28:30,920 --> 00:28:32,320
<font color="#ffbf46">ඔයා හිටියේ නැත්නම්,</font>

384
00:28:34,290 --> 00:28:35,820
<font color="#ffbf46">මට මේක දරාගන්න බැරි වෙන්න තිබුණා.</font>

385
00:28:40,090 --> 00:28:41,620
<font color="#ffbf46">සෝ ජූන්ට කමක් නැති වෙයි නේද?</font>

386
00:28:43,420 --> 00:28:44,820
<font color="#ffbf46">මා රින්ට මොනවා වෙයිද?</font>

387
00:28:47,850 --> 00:28:51,890
<font color="#ffbf46">එයා හැම තැනම සෝ ජූන්ව හොය හොය යන එකක් නෑ කියලා මම හිතනවා.</font>

388
00:29:41,020 --> 00:29:42,750
<font color="#ffbf46">අන්තිම කෝච්චිය ගිහින් තියෙන්නේ.</font>

389
00:30:14,150 --> 00:30:15,350
<font color="#ffbf46">ඉතින්...</font>

390
00:30:18,550 --> 00:30:20,950
<font color="#ffbf46">සෝ ජූන් මේක කලින්ම ලෑස්ති කරලද තිබුණේ?</font>

391
00:30:21,850 --> 00:30:25,050
<font color="#ffbf46">ඔව්, එයාට මොකක් හරි දැනෙන්න ඇති.</font>

392
00:30:25,320 --> 00:30:27,520
<font color="#ffbf46">එයා මට කිව්වා මේක ඔයාට දෙන්න කියලා...</font>

393
00:30:27,520 --> 00:30:29,990
<font color="#ffbf46">එයාට මොකක් හරි වුණොත්.</font>

394
00:30:31,420 --> 00:30:34,350
<font color="#ffbf46">එහෙමද.
මේක...</font>

395
00:30:35,350 --> 00:30:36,990
<font color="#ffbf46">ලියවිල්ලක්...</font>

396
00:30:36,990 --> 00:30:40,990
<font color="#ffbf46">එයා නැති අතරේ එයාගේ වැඩ බලන්න මිස්ටර් වෑන්ග්ට භාර දීලා තියෙන්නේ.</font>

397
00:30:40,990 --> 00:30:44,220
<font color="#ffbf46">මේක කොම්පැනිය වෙනුවෙන් හදපු හදිසි සැලැස්මක්.</font>

398
00:30:44,990 --> 00:30:48,350
<font color="#ffbf46">එයාට ඕන නෑ කොම්පැනිය ලොකු ප්‍රොජෙක්ට් භාර ගන්නවට...</font>

399
00:30:48,350 --> 00:30:50,490
<font color="#ffbf46">එයා නැති අතරේ.</font>

400
00:30:50,990 --> 00:30:54,490
<font color="#ffbf46">එයාට ඕන කොම්පැනිය ස්ථාවරව තියාගන්න.</font>

401
00:30:56,520 --> 00:30:58,220
<font color="#ffbf46">එයා දැනන් හිටියා ඒක අනතුරුදායකයි කියලා.</font>

402
00:31:01,350 --> 00:31:03,820
<font color="#ffbf46">ඒත් එයා කෝච්චියට ගියා.</font>

403
00:31:11,920 --> 00:31:15,720
<font color="#ffbf46">දෙසැම්බර් 3 වෙනිදා ඔයාගේ ගෙදරදී හම්බවෙමු.</font>

404
00:31:16,750 --> 00:31:18,520
<font color="#ffbf46">මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා.</font>

405
00:31:19,320 --> 00:31:23,120
<font color="#ffbf46">එදාට කොහොම හරි ගෙදර ඉන්න.</font>

406
00:31:23,620 --> 00:31:25,150
<font color="#ffbf46">එදාට මම හැමදේම විස්තර කරන්නම්.</font>

407
00:31:44,090 --> 00:31:45,090
<font color="#ffbf46">හායි, කී ඩූන්.</font>

408
00:31:45,090 --> 00:31:47,350
<font color="#ffbf46">ඔයාට සෝ ජූන්ව හම්බවෙන්න විදිහක් තියෙනවා.</font>

409
00:31:48,050 --> 00:31:49,150
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

410
00:31:49,150 --> 00:31:53,190
<font color="#ffbf46">හැබැයි ඒ මේ වර්තමානයේ ඉන්න සෝ ජූන් නම් නෙමෙයි.</font>

411
00:31:54,450 --> 00:31:55,950
<font color="#ffbf46">ඔයා මොකක්ද කියන්නේ?</font>

412
00:31:56,350 --> 00:31:59,220
<font color="#ffbf46">ඒ අතීතයෙන් එන සෝ ජූන්.</font>

413
00:31:59,220 --> 00:32:00,790
<font color="#ffbf46">එයා මට පොරොන්දු වුණා...</font>

414
00:32:00,790 --> 00:32:03,190
<font color="#ffbf46">දෙසැම්බර් 3 වෙනිදා මාව හම්බවෙන්න එනවා කියලා.</font>

415
00:32:03,190 --> 00:32:04,890
<font color="#ffbf46">එයාට මගෙන් දෙයක් අහන්න ඕනලු.</font>

416
00:32:05,250 --> 00:32:06,520
<font color="#ffbf46">ඉතින්...</font>

417
00:32:07,820 --> 00:32:10,990
<font color="#ffbf46">අතීතයෙන් එන සෝ ජූන් හෙට ඔයාව හම්බවෙන්න එනවද?</font>

418
00:32:11,090 --> 00:32:14,750
<font color="#ffbf46">ඔව්. අපි එයාට යොං ජින් ගැන හැමදේම කියමු...</font>

419
00:32:14,750 --> 00:32:18,650
<font color="#ffbf46">එතකොට එයාට මේක නවත්තන්න පුළුවන්.
එතකොට වර්තමානය වෙනස් වෙයි නේද?</font>

420
00:32:19,750 --> 00:32:21,490
<font color="#ffbf46">හෙට එයාව ඇවිත් හම්බවෙන්න.</font>

421
00:32:23,790 --> 00:32:24,790
<font color="#ffbf46">හරි.</font>

422
00:32:39,220 --> 00:32:42,090
<font color="#ffbf46">අපිට ටිකක් කතා කරන්න පුළුවන්ද?</font>

423
00:32:53,550 --> 00:32:56,790
<font color="#ffbf46">මට දැන් මොකුත් හිතාගන්න බෑ.</font>

424
00:32:56,890 --> 00:32:58,650
<font color="#ffbf46">අපි වෙන වෙලාවක කතා කරමුද?</font>

425
00:32:58,650 --> 00:33:01,420
<font color="#ffbf46">සෝ ජූන් ආපහු එන්නේ නෑ.</font>

426
00:33:06,450 --> 00:33:07,990
<font color="#ffbf46">ඔයා කොහොමද සෝ ජූන්ව දන්නේ?</font>

427
00:33:10,450 --> 00:33:13,350
<font color="#ffbf46">අපි දැන අඳුරගෙන ගොඩක් කල්.</font>

428
00:33:14,250 --> 00:33:16,050
<font color="#ffbf46">ඒ 2009 අවුරුද්ද...</font>

429
00:33:17,190 --> 00:33:21,720
<font color="#ffbf46">ඒක ගොඩක් ඉස්සර.</font>

430
00:33:24,690 --> 00:33:28,090
<font color="#ffbf46">මමත් ඔයා හිටපු කෝච්චියේමයි හිටියේ...</font>

431
00:33:28,920 --> 00:33:31,090
<font color="#ffbf46">නම්යොන්ග් ස්ටේෂන් එකේ ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේ.</font>

432
00:33:35,220 --> 00:33:36,850
<font color="#ffbf46">මම ඔයාව කෝච්චියේදී දැක්කා.</font>

433
00:33:37,660 --> 00:33:39,790
<font color="#ffbf46">මේවා සුපර් මාකට් වල තියෙනවා.</font>

434
00:33:39,790 --> 00:33:41,690
<font color="#ffbf46">ඩොලර් එකට තුනක් ගන්න පුළුවන්.</font>

435
00:33:42,090 --> 00:33:44,420
<font color="#ffbf46">සුපර් මාකට් වල එකක් ඩොලර් එකයි.</font>

436
00:33:44,420 --> 00:33:46,920
<font color="#ffbf46">ඒත් මම ඩොලර් එකට තුනක් දෙනවා.</font>

437
00:33:46,920 --> 00:33:48,420
<font color="#ffbf46">බලන්නකෝ.</font>

438
00:33:48,420 --> 00:33:50,090
<font color="#ffbf46">මිස්.
ඔව්?</font>

439
00:33:50,090 --> 00:33:51,450
<font color="#ffbf46">මට තුනක් දෙන්න.</font>

440
00:33:51,450 --> 00:33:53,120
<font color="#ffbf46">ඔයාට තුනක් ඕනද?</font>

441
00:33:54,690 --> 00:33:56,090
<font color="#ffbf46">මෙන්න ගන්න. බොහොම ස්තූතියි.</font>

442
00:33:56,090 --> 00:33:58,350
<font color="#ffbf46">ඉතුරු සල්ලි තියාගන්න.</font>

443
00:33:59,350 --> 00:34:04,550
<font color="#ffbf46">මේ... මම හිඟන්නෙක් නෙමෙයි. මම බඩු විකුණන කෙනෙක්.</font>

444
00:34:04,550 --> 00:34:05,890
<font color="#ffbf46">මේවා ගන්න.</font>

445
00:34:06,720 --> 00:34:08,220
<font color="#ffbf46">මේවයින් සපත්තු හෝදන්නත් පුළුවන්.</font>

446
00:34:09,290 --> 00:34:12,720
<font color="#ffbf46">ඩොලර් එකට තුනක් ගන්න. පිට පැත්තේ...</font>

447
00:34:13,620 --> 00:34:16,520
<font color="#ffbf46">හලෝ. එක්ස්කියුස් මී.</font>

448
00:34:16,920 --> 00:34:19,850
<font color="#ffbf46">මම විකුණන්නේ හරිම හොඳ ටූත් බ්‍රෂ්.</font>

449
00:34:19,850 --> 00:34:20,920
<font color="#ffbf46">තුනක්ම ඩොලර් එකයි.</font>

450
00:34:20,920 --> 00:34:22,490
<font color="#ffbf46">ඔයා දැන් මගේ ෆොටෝ එකක් ගත්තද?</font>

451
00:34:22,750 --> 00:34:24,160
<font color="#ffbf46">නියම ගාන නම් එකක් ඩොලර් එකයි.</font>

452
00:34:24,160 --> 00:34:25,850
<font color="#ffbf46">ඔයා දැන් මගේ ෆොටෝ එකක් ගත්තා.</font>

453
00:34:26,890 --> 00:34:28,320
<font color="#ffbf46">මම මොකටද එහෙම කරන්නේ?</font>

454
00:34:28,320 --> 00:34:29,950
<font color="#ffbf46">ඔයා මොකක්ද ඒකෙන් කරන්න හදන්නේ?</font>

455
00:34:30,160 --> 00:34:31,850
<font color="#ffbf46">මම කිසිම ෆොටෝ එකක් ගත්තේ නෑ.</font>

456
00:34:31,850 --> 00:34:33,090
<font color="#ffbf46">ෆෝන් එක දෙනවා බලන්න.</font>

457
00:34:33,390 --> 00:34:35,190
<font color="#ffbf46">මොකක්ද? මේක මගේනේ. දෙනවා ඕක මෙහාට.</font>

458
00:34:35,190 --> 00:34:36,720
<font color="#ffbf46">මට බලන්න ඕනේ.</font>

459
00:34:36,720 --> 00:34:38,420
<font color="#ffbf46">ඔයාට නම් පිස්සු.</font>

460
00:34:39,160 --> 00:34:41,190
<font color="#ffbf46">මේ අර පිගී නේද?</font>

461
00:34:41,190 --> 00:34:44,290
<font color="#ffbf46">ඔව් මේ පිගී තමයි.</font>

462
00:34:47,590 --> 00:34:48,690
<font color="#ffbf46">එන්න මාත් එක්ක යන්න. මා රින්.</font>

463
00:34:51,390 --> 00:34:52,750
<font color="#ffbf46">මට කිසි දේකට බය නෑ.</font>

464
00:34:53,420 --> 00:34:54,450
<font color="#ffbf46">මා රින්.</font>

465
00:34:55,490 --> 00:34:57,490
<font color="#ffbf46">මා රින්...</font>

466
00:34:58,550 --> 00:35:00,220
<font color="#ffbf46">දොරවල් වැහෙනවා.</font>

467
00:35:02,750 --> 00:35:04,190
<font color="#ffbf46">ස්තූතියි.</font>

468
00:35:05,190 --> 00:35:07,850
<font color="#ffbf46">ඔයාට මොකද වෙලා තියෙන්නේ? ෆෝන් එක දෙනවා බලන්න.</font>

469
00:35:08,660 --> 00:35:11,390
<font color="#ffbf46">මම මොකටද නොදන්න කෙනෙක්ගෙ ෆොටෝ ගන්නේ?</font>

470
00:35:11,620 --> 00:35:15,320
<font color="#ffbf46">මම හොඳට දැක්කා. ඔයා මගේ ෆොටෝ එකක් ගත්තා.</font>

471
00:35:15,820 --> 00:35:19,490
<font color="#ffbf46">මට පුළුවන් ෆෝන් එක පෙන්නන්න, ඒත් මම කැමති නෑ.</font>

472
00:35:19,490 --> 00:35:20,950
<font color="#ffbf46">ඔයා මගේ හිත රිද්දුවා.</font>

473
00:35:20,950 --> 00:35:22,920
<font color="#ffbf46">මට ඔයාගේ මූණෙන් පේනවා ඔයා ෆොටෝ එකක් ගත්තා කියලා.</font>

474
00:35:23,950 --> 00:35:25,190
<font color="#ffbf46">දැන්ම ඕක මකලා දාන්න.</font>

475
00:35:26,250 --> 00:35:28,190
<font color="#ffbf46">ඔයා නම් මහා විකාරයක්.</font>

476
00:35:28,190 --> 00:35:29,660
<font color="#ffbf46">ඒයි! මොකක්ද?</font>

477
00:35:29,660 --> 00:35:30,920
<font color="#ffbf46">යන්න කලින් ඕක මකලා දාන්න.</font>

478
00:35:39,420 --> 00:35:40,450
<font color="#ffbf46">ඒ මොකක්ද ඒ වුණේ?</font>

479
00:35:46,550 --> 00:35:48,090
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?</font>

480
00:35:48,090 --> 00:35:49,490
<font color="#ffbf46">නවතින්න! ඒයි!</font>

481
00:35:49,520 --> 00:35:50,520
<font color="#ffbf46">එයා මොකද ඒ කරන්නේ?</font>

482
00:35:57,290 --> 00:35:58,290
<font color="#ffbf46">ඔයා...</font>

483
00:35:59,850 --> 00:36:01,450
<font color="#ffbf46">අනිත්...</font>

484
00:36:02,320 --> 00:36:04,790
<font color="#ffbf46">කාල තරණය කරන කෙනාද?</font>

485
00:36:07,160 --> 00:36:10,850
<font color="#ffbf46">සෝ ජූන්ට මාව හම්බවෙන්න කිව්වේ ඔයාද?</font>

486
00:36:13,020 --> 00:36:14,120
<font color="#ffbf46">ඔව්.</font>

487
00:36:18,160 --> 00:36:19,790
<font color="#ffbf46">මගේ පපුව පැලෙනවා වගේ...</font>

488
00:36:20,990 --> 00:36:22,920
<font color="#ffbf46">මේක කියන්න වුණාට,</font>

489
00:36:23,920 --> 00:36:24,920
<font color="#ffbf46">ඒත්...</font>

490
00:36:27,850 --> 00:36:29,790
<font color="#ffbf46">සෝ ජූන් ආයේ එන්නේ නෑ.</font>

491
00:36:31,250 --> 00:36:33,350
<font color="#ffbf46">එයා කවදාවත් ආයේ එන්නේ නෑ.</font>

492
00:36:34,690 --> 00:36:38,220
<font color="#ffbf46">එයා තීරණයක් ගත්තා...</font>

493
00:36:38,220 --> 00:36:40,590
<font color="#ffbf46">හැමදේම දැනගෙන.</font>

494
00:36:40,590 --> 00:36:41,660
<font color="#ffbf46">ඇයි එයාට එන්න බැරි?</font>

495
00:36:43,250 --> 00:36:45,160
<font color="#ffbf46">ඔයාට අනාගතේට යන්න පුළුවන්නේ.</font>

496
00:36:47,290 --> 00:36:48,890
<font color="#ffbf46">ඔයාට බැරිද එයාව හොයන්න?</font>

497
00:36:49,890 --> 00:36:53,550
<font color="#ffbf46">එයා දැන් කොහෙද ඉන්නේ?</font>

498
00:36:53,550 --> 00:36:55,250
<font color="#ffbf46">එයාට කරදරයක් වෙලාද?</font>

499
00:36:55,850 --> 00:36:58,920
<font color="#ffbf46">ඇයි එයාට එන්න බැරි? ඔයාට එයාව හොයන්න බැරිද?</font>

500
00:36:59,160 --> 00:37:00,160
<font color="#ffbf46">මට එයාව හොයාගන්න බෑ.</font>

501
00:37:02,390 --> 00:37:04,020
<font color="#ffbf46">මම හෙව්වා, ඒත් එයා කොහේවත් නෑ.</font>

502
00:37:06,520 --> 00:37:09,420
<font color="#ffbf46">මට ඇත්තටම කණගාටුයි මේක කියන්න වුණාට.</font>

503
00:37:10,920 --> 00:37:11,920
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

504
00:37:12,690 --> 00:37:16,050
<font color="#ffbf46">සෝ ජූන් ආයේ කවදාවත් එන්නේ නෑ.</font>

505
00:37:17,090 --> 00:37:18,220
<font color="#ffbf46">ඒ නිසා...</font>

506
00:37:20,660 --> 00:37:21,660
<font color="#ffbf46">ඔයාට සිද්ධ වෙනවා...</font>

507
00:37:23,160 --> 00:37:24,750
<font color="#ffbf46">ඇත්ත පිළිගන්න...</font>

508
00:37:24,950 --> 00:37:26,450
<font color="#ffbf46">පිළිගෙන හිත හදාගන්න.</font>

509
00:37:28,590 --> 00:37:29,660
<font color="#ffbf46">මම කියන්නේ...</font>

510
00:37:30,890 --> 00:37:32,890
<font color="#ffbf46">ඔයා එකපාරටම මෙතනට කඩා පාත් වෙලා...</font>

511
00:37:34,090 --> 00:37:36,160
<font color="#ffbf46">මට කියනවා ඔයා සෝ ජූන්ව හොඳට දන්නවා කියලා...</font>

512
00:37:36,590 --> 00:37:38,050
<font color="#ffbf46">අනික අනාගතේ වෙන්න යන දේවලුත් දන්නවා කියලා.</font>

513
00:37:38,820 --> 00:37:40,920
<font color="#ffbf46">ඔයා මට කියනවා සෝ ජූන් ආයේ එන්නේ නෑ කියලා.</font>

514
00:37:41,090 --> 00:37:44,420
<font color="#ffbf46">ඔයා හිතනවද මම "හා, මම එයා එනකම් ඉන්නේ නෑ" කියයි කියලා?</font>

515
00:37:45,050 --> 00:37:46,050
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

516
00:37:46,720 --> 00:37:49,160
<font color="#ffbf46">අවුරුදු 20 කට පස්සේ පළවෙනි පාරට ඇවිල්ලා,</font>

517
00:37:49,160 --> 00:37:52,120
<font color="#ffbf46">ඔයා මේ මොකක්ද මට කියන්නේ?</font>

518
00:37:53,290 --> 00:37:54,990
<font color="#ffbf46">ඔයා එක පාරක් මගේ ජීවිතේ බේරගත්තා පලියට,</font>

519
00:37:55,490 --> 00:37:57,390
<font color="#ffbf46">ඔයාට බෑ මට ඔය වගේ දරුණු දෙයක් කියන්න.</font>

520
00:37:57,490 --> 00:38:00,320
<font color="#ffbf46">ඔයාට බෑ මට මොකද කරන්න ඕනේ
කියලා කියන්න. එහෙම කියන්න ඔයා කවුද?</font>

521
00:38:00,720 --> 00:38:01,720
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

522
00:38:03,050 --> 00:38:05,350
<font color="#ffbf46">ඔයාට අනාගතේ පේනවා නම්,</font>

523
00:38:05,850 --> 00:38:08,750
<font color="#ffbf46">එදා ඔයා මට කලින් සෝ ජූන්ව බේරගන්න තිබුණා.</font>

524
00:38:09,420 --> 00:38:12,890
<font color="#ffbf46">ඔයා හැමදේම දැනගෙන හිටියා.</font>

525
00:38:12,890 --> 00:38:15,660
<font color="#ffbf46">ඇයි ඔයා සෝ ජූන්ව බේරගත්තේ නැත්තේ? ඇයි?</font>

526
00:38:24,190 --> 00:38:26,120
<font color="#ffbf46">සෝ ජූන්ව හොයන්න.</font>

527
00:38:28,090 --> 00:38:30,050
<font color="#ffbf46">එයාව දැන්ම හොයන්න.</font>

528
00:38:39,090 --> 00:38:40,920
<font color="#ffbf46">උදව්... උදව් කරන්න...</font>

529
00:38:54,890 --> 00:38:56,020
<font color="#ffbf46">ඒයි.</font>

530
00:38:57,420 --> 00:38:58,890
<font color="#ffbf46">මට බයයි.</font>

531
00:38:59,490 --> 00:39:01,020
<font color="#ffbf46">නැගිටින්න. මොකද වුණේ?</font>

532
00:39:23,660 --> 00:39:25,450
<font color="#ffbf46">මම හොඳටම බය වුණා.</font>

533
00:39:48,020 --> 00:39:51,160
<font color="#ffbf46">ඒයි, ඇයි ඔයා කෑගැහුවේ?</font>

534
00:39:56,120 --> 00:39:57,290
<font color="#ffbf46">ගොන් සූක්.</font>

535
00:39:57,920 --> 00:39:59,920
<font color="#ffbf46">මම හිතන්නේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බුණොත් හොඳයි.</font>

536
00:40:01,660 --> 00:40:03,250
<font color="#ffbf46">මට හරිම බයයි.</font>

537
00:40:04,520 --> 00:40:06,220
<font color="#ffbf46">මගේ ඇඟ සීතල වෙලා යනවා,</font>

538
00:40:08,020 --> 00:40:09,820
<font color="#ffbf46">මට තාම හිතාගන්න බෑ.</font>

539
00:40:16,220 --> 00:40:18,390
<font color="#ffbf46">එයා මා රින්ව පැහැරගෙනත් ගියානේ.</font>

540
00:40:18,990 --> 00:40:22,090
<font color="#ffbf46">එයාට මොකක් හරි වුණා නම් මිනිහා මොනවා නොකරයිද?</font>

541
00:40:22,920 --> 00:40:26,120
<font color="#ffbf46">මට කියන්න දෙයක් හිතාගන්න බෑ.</font>

542
00:40:28,120 --> 00:40:30,220
<font color="#ffbf46">මිනිහා මාව මරන්න මෙහෙට ආවොත්?</font>

543
00:40:32,620 --> 00:40:34,820
<font color="#ffbf46">අපි පැනලා යමු.</font>

544
00:40:35,720 --> 00:40:37,450
<font color="#ffbf46">මාව ඕවට ගාවගන්න එපා.</font>

545
00:40:37,450 --> 00:40:40,420
<font color="#ffbf46">මට හරි බයයි. මට තනියම ඉන්න බෑ.</font>

546
00:40:40,450 --> 00:40:42,690
<font color="#ffbf46">අපි දෙන්නම පැනලා යමු, හාද? සෝ රී.</font>

547
00:40:44,120 --> 00:40:45,160
<font color="#ffbf46">අනේ ප්ලීස්?</font>

548
00:40:55,990 --> 00:40:58,220
<font color="#ffbf46">මට එයාගේ කෝල් එක ආන්සර්
කරන්නවත් බෑ, මට ලොකු අවුලක් දැනෙනවා.</font>

549
00:40:58,520 --> 00:40:59,950
<font color="#ffbf46">ආන්සර් කරන්න.</font>

550
00:41:00,190 --> 00:41:02,250
<font color="#ffbf46">එයා කතා කරන්නේ මොකක් හරි කියන්න තියෙන නිසා වෙන්න ඇති.</font>

551
00:41:05,090 --> 00:41:08,220
<font color="#ffbf46">(පිගී)</font>

552
00:41:11,090 --> 00:41:12,450
<font color="#ffbf46">හෙලෝ.</font>

553
00:41:12,920 --> 00:41:14,160
<font color="#ffbf46">ගොන් සූක්.</font>

554
00:41:15,090 --> 00:41:18,120
<font color="#ffbf46">මම පොලිසියෙන් හැම විස්තරයක්ම දැනගත්තා.</font>

555
00:41:18,120 --> 00:41:19,550
<font color="#ffbf46">ඔයා හොඳින් නේද?</font>

556
00:41:20,490 --> 00:41:22,890
<font color="#ffbf46">සෝ ජූන්ගේ ඇක්සිඩන්ට් එක ගැන...</font>

557
00:41:23,890 --> 00:41:25,620
<font color="#ffbf46">ඔයා කාටද දැනටමත් කියලා තියෙන්නේ?</font>

558
00:41:25,620 --> 00:41:28,250
<font color="#ffbf46">මම සෝ රීට විතරයි කිව්වේ.</font>

559
00:41:29,620 --> 00:41:31,520
<font color="#ffbf46">සෝ ජූන්ට වුණ දේ...</font>

560
00:41:32,020 --> 00:41:33,790
<font color="#ffbf46">දැන් ඉඳන් රහසක් විදියට තියාගන්න ඕනේ.</font>

561
00:41:34,220 --> 00:41:35,290
<font color="#ffbf46">මොකක්?</font>

562
00:41:35,720 --> 00:41:36,750
<font color="#ffbf46">ඇයි ඒ?</font>

563
00:41:36,890 --> 00:41:38,250
<font color="#ffbf46">කාටවත් කියන්න එපා.</font>

564
00:41:38,820 --> 00:41:41,590
<font color="#ffbf46">සෝ රීටත් කියන්න කට වහගෙන ඉන්න කියලා.</font>

565
00:41:42,420 --> 00:41:45,550
<font color="#ffbf46">අනික, අම්මටත් කියන්න ඒ ගැන තැන තැන කියවන්න එපා කියලා.</font>

566
00:41:47,920 --> 00:41:49,750
<font color="#ffbf46">මම කියපු දේ එයාලට කියන්න.</font>

567
00:41:50,720 --> 00:41:53,250
<font color="#ffbf46">ඔයා කාටවත්ම ඒ ගැන කියන්න එපා, තේරුණාද?</font>

568
00:41:54,820 --> 00:41:57,320
<font color="#ffbf46">හරි, මම කියන්නේ නෑ.</font>

569
00:41:57,350 --> 00:41:58,660
<font color="#ffbf46">මම තියන්නම්.</font>

570
00:42:00,620 --> 00:42:01,620
<font color="#ffbf46">බායි.</font>

571
00:42:44,120 --> 00:42:45,890
<font color="#ffbf46">හෙට එයාව බලන්න එන්න.</font>

572
00:42:57,950 --> 00:43:00,350
<font color="#ffbf46">ඒයි, මා රින්. සෝ ජූන් තාම ආවේ නෑ.</font>

573
00:43:00,350 --> 00:43:01,450
<font color="#ffbf46">ඇතුළට එන්න.</font>

574
00:43:12,550 --> 00:43:16,650
<font color="#ffbf46">අතීතය වෙනස් වුණාම වර්තමානයට මොනවා වෙයිද කියලා මට ෂුවර් නෑ.</font>

575
00:43:16,920 --> 00:43:18,290
<font color="#ffbf46">සෝ ජූන් ආවම,</font>

576
00:43:19,020 --> 00:43:21,990
<font color="#ffbf46">අපි එයාට උදව් කරන්න ඕනේ ආපහු
අතීතයට ගිහින් ඒ සිද්ධිය නවත්තගන්න.</font>

577
00:43:21,990 --> 00:43:23,290
<font color="#ffbf46">එතකොට මේ දේවල් වෙන එකක් නෑ.</font>

578
00:43:23,290 --> 00:43:24,450
<font color="#ffbf46">නෑ.</font>

579
00:43:26,550 --> 00:43:28,690
<font color="#ffbf46">අද ඔයා එයාව තනියම හම්බවෙන්න ඕනේ.</font>

580
00:43:30,290 --> 00:43:33,790
<font color="#ffbf46">ඔයා කියන්නේ ඔයාට අද එයාව බලන්න ඕනේ නෑ කියලද?</font>

581
00:43:34,020 --> 00:43:36,720
<font color="#ffbf46">අපි එයාට යොන්ග් ජින් ගැන අනතුරු ඇඟෙව්වොත්,</font>

582
00:43:38,020 --> 00:43:40,350
<font color="#ffbf46">ඒ දෙන්නගේ ඉරණම කොහොමත් විසඳෙන්නේ නරක විදියට.</font>

583
00:43:41,820 --> 00:43:44,050
<font color="#ffbf46">ඒකෙන් වෙන්නේ එයා ආයෙත් අනතුරේ වැටෙන එක විතරයි.</font>

584
00:43:45,550 --> 00:43:47,150
<font color="#ffbf46">සෝ ජූන් ආවම,</font>

585
00:43:48,390 --> 00:43:49,620
<font color="#ffbf46">එයාට කියන්න...</font>

586
00:43:51,350 --> 00:43:53,550
<font color="#ffbf46">එයා රට ගියා කියලා...</font>

587
00:43:54,220 --> 00:43:56,420
<font color="#ffbf46">ඔයාට එයාව සම්බන්ධ කරගන්න විදියක් නෑ කියලා.</font>

588
00:43:56,920 --> 00:43:59,050
<font color="#ffbf46">මම හිතන්නේ ඒක තමයි කරන්න තියෙන හොඳම දේ.</font>

589
00:44:00,320 --> 00:44:01,420
<font color="#ffbf46">මොකක්?</font>

590
00:44:02,520 --> 00:44:04,820
<font color="#ffbf46">එයාට කියන්න අපි දෙන්නා බැඳපු දවසේ
ඉඳන් ගොඩක් ප්‍රශ්න තිබුණා කියලා...</font>

591
00:44:06,820 --> 00:44:10,120
<font color="#ffbf46">ඒවා එපා වෙලා එයා දාලා ගියා කියලා.</font>

592
00:44:13,820 --> 00:44:16,320
<font color="#ffbf46">එයාට කියන්න පුළුවන් ඉක්මනට මගෙන් අයින් වෙන්න කියලා.</font>

593
00:44:19,650 --> 00:44:22,150
<font color="#ffbf46">ඔයා මේ මොනවා ගැනද කියවන්නේ මා රින්?</font>

594
00:44:22,150 --> 00:44:23,350
<font color="#ffbf46">සෝ ජූන්...</font>

595
00:44:25,720 --> 00:44:28,650
<font color="#ffbf46">එයා මට කිව්වා අපි දෙන්නට මුණගැහෙන්න උරුමයක් තිබුණේ නෑ කියලා.</font>

596
00:44:30,720 --> 00:44:32,920
<font color="#ffbf46">එයාට ඕනේ වුණේ තනියම නිදහසේ ජීවත් වෙන්න.</font>

597
00:44:35,290 --> 00:44:38,120
<font color="#ffbf46">ඒත් එයාට මාව හම්බවුණා, එයාගේ අනාගතේ වෙනස් වුණා.</font>

598
00:44:40,620 --> 00:44:43,250
<font color="#ffbf46">යොන්ග් ජින් එක්ක වුණ දේත්...</font>

599
00:44:45,390 --> 00:44:46,920
<font color="#ffbf46">එයාට ඒ දේවල්වලට මූණ දෙන්න වුවමනාවක් තිබුණේ නෑ.</font>

600
00:44:46,920 --> 00:44:47,990
<font color="#ffbf46">ඒක ඇත්ත නෙවෙයි.</font>

601
00:44:48,720 --> 00:44:51,090
<font color="#ffbf46">මා රින්, ඔයා ඔයාටම දොස් පවරගන්න එපා.</font>

602
00:44:51,090 --> 00:44:52,890
<font color="#ffbf46">ඕක ඇත්තක් නෙවෙයි. අපි නිකන්...</font>

603
00:44:52,890 --> 00:44:54,620
<font color="#ffbf46">වෙච්ච දේ ගැන එයාට අනතුරු ඇඟෙව්වා නම්...</font>

604
00:44:54,620 --> 00:44:56,590
<font color="#ffbf46">එයා ඒ ගැන දැනගෙන හිටියා, ඒත් ඒක කොහොම හරි වුණා.</font>

605
00:45:00,620 --> 00:45:02,950
<font color="#ffbf46">මම රෑ තිස්සේම මේ ගැන කල්පනා කළා,</font>

606
00:45:04,720 --> 00:45:06,190
<font color="#ffbf46">ඒත් උත්තරේ එකයි තියෙන්නේ.</font>

607
00:45:09,620 --> 00:45:12,790
<font color="#ffbf46">එයාට මාව හම්බවෙන්න කලින් තිබුණ
විදියටම අපි හැමදේම හදන්න ඕනේ.</font>

608
00:45:14,220 --> 00:45:15,490
<font color="#ffbf46">ඒ නිසා...</font>

609
00:45:16,550 --> 00:45:17,920
<font color="#ffbf46">අනේ එයාට කියන්න...</font>

610
00:45:18,290 --> 00:45:21,450
<font color="#ffbf46">මගෙන් වෙන් වෙන්න කියලා.</font>

611
00:45:28,090 --> 00:45:29,250
<font color="#ffbf46">එයාට කියන්න අපි හිටියේ...</font>

612
00:45:33,890 --> 00:45:35,750
<font color="#ffbf46">ගොඩක් අසතුටින් කියලා.</font>

613
00:45:38,720 --> 00:45:41,950
<font color="#ffbf46">පුළුවන් ඉක්මනට මගෙන් අයින් වෙන්න කියලා එයාට කියන්න පුළුවන්ද?</font>

614
00:45:42,720 --> 00:45:45,390
<font color="#ffbf46">එතකොට විතරයි අපිට එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙන්නේ.</font>

615
00:46:14,220 --> 00:46:15,620
<font color="#ffbf46">ඔයා ඇත්තටම ආවා.</font>

616
00:46:17,620 --> 00:46:18,650
<font color="#ffbf46">ඔයා දන්නවා...</font>

617
00:46:19,020 --> 00:46:20,520
<font color="#ffbf46">මම කවුද කියලා, නේද?</font>

618
00:46:20,650 --> 00:46:21,750
<font color="#ffbf46">ඔව්.</font>

619
00:46:22,250 --> 00:46:25,420
<font color="#ffbf46">දෙසැම්බර් 3 වෙනිදා. අපි අද හම්බවෙන්න පොරොන්දු වුණා.</font>

620
00:46:26,420 --> 00:46:31,020
<font color="#ffbf46">ඒක හරි. ඔයාව මෙහෙම දකිද්දි නිකන් අමුතුයි වගේ.</font>

621
00:46:32,220 --> 00:46:33,390
<font color="#ffbf46">කොහොමද ඉතින් විස්තර?</font>

622
00:46:38,090 --> 00:46:40,750
<font color="#ffbf46">මම නැති වෙලා ගිහින්, කි ඩූන්ග්.</font>

623
00:46:41,220 --> 00:46:43,120
<font color="#ffbf46">මට මොකද වුණේ?</font>

624
00:46:44,220 --> 00:46:45,920
<font color="#ffbf46">ඔයා රට ගියා.</font>

625
00:46:46,920 --> 00:46:48,420
<font color="#ffbf46">ඔයයි මා රිනුයි වෙන් වුණා.</font>

626
00:46:50,550 --> 00:46:53,350
<font color="#ffbf46">මොකක්? ඔයා බැඳපු දවසේ ඉඳන් ඔයාලා අතරේ ප්‍රශ්න තිබුණා...</font>

627
00:46:53,350 --> 00:46:54,650
<font color="#ffbf46">ඒ නිසා එපා වෙලා වගේ ජීවත් වුණේ.</font>

628
00:46:55,820 --> 00:46:59,420
<font color="#ffbf46">ඒයි, ඔයාට ෂුවර්ද ඔයාට වැරදුණේ නෑ කියලා?</font>

629
00:47:00,090 --> 00:47:01,890
<font color="#ffbf46">මේක විහිළුවක්ද?</font>

630
00:47:01,890 --> 00:47:03,420
<font color="#ffbf46">මම කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ.</font>

631
00:47:04,220 --> 00:47:08,650
<font color="#ffbf46">ඔයා කියන විදියට මා රින් එක්ක ප්‍රශ්න තිබුණා වුණත්,</font>

632
00:47:09,020 --> 00:47:11,190
<font color="#ffbf46">මම කවදාවත් එහෙම තනියම පැනලා යන්නේ නෑ.</font>

633
00:47:11,350 --> 00:47:13,420
<font color="#ffbf46">මට එහෙම කරන්න බැරි ලොකු හේතුවක් තියෙනවා.</font>

634
00:47:13,420 --> 00:47:17,550
<font color="#ffbf46">සෝ ජූන්. මට ඇත්තටම කණගාටුයි මේක කියන්න වුණාට,</font>

635
00:47:18,520 --> 00:47:20,920
<font color="#ffbf46">ඒත් ඔයා ආපහු ගියාම එයාගෙන් අයින් වෙන්න.</font>

636
00:47:21,550 --> 00:47:23,950
<font color="#ffbf46">ඒක ඔයාලා දෙන්නටම හොඳයි.</font>

637
00:47:24,820 --> 00:47:26,750
<font color="#ffbf46">මට කියන්න තියෙන්නේ එච්චරයි.</font>

638
00:47:27,020 --> 00:47:28,690
<font color="#ffbf46">විකාර කියවන්න එපා.</font>

639
00:48:24,720 --> 00:48:25,720
<font color="#ffbf46">ඒයි!</font>

640
00:48:28,950 --> 00:48:31,620
<font color="#ffbf46">ඔයාට ප්‍රශ්නයක් නෑ නේද මිස්?</font>

641
00:48:31,620 --> 00:48:33,620
<font color="#ffbf46">මම හොඳින්. මොකක්?</font>

642
00:48:33,950 --> 00:48:34,990
<font color="#ffbf46">ස්තූතියි.</font>

643
00:48:35,320 --> 00:48:36,990
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

644
00:48:38,150 --> 00:48:40,220
<font color="#ffbf46">මම ඔයාව දැකලා තියෙන්නේ කොහෙදිද?</font>

645
00:48:40,520 --> 00:48:42,120
<font color="#ffbf46">ඔයාව මට හුඟක් පුරුදුයි.</font>

646
00:48:44,050 --> 00:48:46,820
<font color="#ffbf46">ඔයා පිගී!</font>

647
00:48:47,650 --> 00:48:50,290
<font color="#ffbf46">පිගී! පිගී!</font>

648
00:48:50,790 --> 00:48:52,450
<font color="#ffbf46">මොකක්? යනවා යන්න.</font>

649
00:48:53,290 --> 00:48:55,950
<font color="#ffbf46">මොකක්? තමුන් කවුද?</font>

650
00:49:15,020 --> 00:49:17,290
<font color="#ffbf46">මට එයාව බලාගන්න තිබුණා.</font>

651
00:49:20,220 --> 00:49:22,320
<font color="#ffbf46">මට ඈත ඉඳන් හරි එයාව බලාගන්න තිබුණා.</font>

652
00:49:58,750 --> 00:50:00,090
<font color="#ffbf46">එයා ඇවිල්ලා ගියා.</font>

653
00:50:01,550 --> 00:50:03,050
<font color="#ffbf46">ඒක හොඳ ආරංචියක්.</font>

654
00:50:03,850 --> 00:50:05,920
<font color="#ffbf46">සෝ ජූන් අනාගතෙන් ආපු එකෙන් කියන්නේ...</font>

655
00:50:06,050 --> 00:50:08,020
<font color="#ffbf46">සෝ ජූන් දැන් ජීවතුන් අතර කියලා.</font>

656
00:50:08,620 --> 00:50:11,250
<font color="#ffbf46">එයා කලින් මට කිව්වා, ඒත් මට ඒක මතක් වුණේ දැන්.</font>

657
00:50:12,790 --> 00:50:16,590
<font color="#ffbf46">එයා කිව්වේ එයා පණපිටින් ඉන්නකම් විතරයි
එයාට කාලය හරහා යන්න පුළුවන් කියලා.</font>

658
00:50:17,390 --> 00:50:20,090
<font color="#ffbf46">ඒ නිසා සෝ ජූන් අනිවාර්යයෙන්ම ජීවත් වෙලා ඇති.</font>

659
00:50:47,050 --> 00:50:49,250
<font color="#ffbf46">(මාසයකට පසු)</font>

660
00:50:49,250 --> 00:50:50,750
<font color="#ffbf46">ඔයා ආයෙත් මා රින්ගේ තාත්තව හම්බවෙන්නද යන්නේ?</font>

661
00:50:50,890 --> 00:50:54,450
<font color="#ffbf46">අනේ මන්දා, එයා මාව හම්බවෙන්න ඕනේ කියලා වද දෙනවානේ.</font>

662
00:50:54,450 --> 00:50:56,050
<font color="#ffbf46">මට පාඩුවේ ඉන්න දුන්නා නම් හොඳයි.  අනේ මන්දා.</font>

663
00:50:56,050 --> 00:50:57,850
<font color="#ffbf46">ඔයාට නම් ගොඩක් සතුටුයි වගේ.</font>

664
00:50:58,090 --> 00:51:01,290
<font color="#ffbf46">ඇයි ඔයාලා දෙන්නා ආයෙත් එකතු වෙන්නේ නැත්තේ?</font>

665
00:51:01,320 --> 00:51:03,450
<font color="#ffbf46">මම මොකටද එහෙම කරන්නේ?</font>

666
00:51:04,050 --> 00:51:05,090
<font color="#ffbf46">මම යනවා.</font>

667
00:51:06,320 --> 00:51:09,020
<font color="#ffbf46">ඔය උකුල වන වන යන එක නවත්තන්නකෝ.</font>

668
00:51:09,650 --> 00:51:10,920
<font color="#ffbf46">අනේ මන්දා.</font>

669
00:51:21,750 --> 00:51:22,990
<font color="#ffbf46">හරි.</font>

670
00:51:25,790 --> 00:51:26,990
<font color="#ffbf46">මේක...</font>

671
00:51:29,120 --> 00:51:31,990
<font color="#ffbf46">මේක හොයාගන්න හරිම අමාරු දෙයක්.</font>

672
00:51:31,990 --> 00:51:33,550
<font color="#ffbf46">ඒ නිසා මේක කාටවත් දෙන්න එපා.</font>

673
00:51:34,750 --> 00:51:36,120
<font color="#ffbf46">ඔයා මේක කාටවත් පෙන්නන්නත් එපා.</font>

674
00:51:37,420 --> 00:51:39,990
<font color="#ffbf46">ඔයා තනියම බලන්නකෝ.  අනේ මන්දා.</font>

675
00:51:39,990 --> 00:51:41,120
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

676
00:51:46,450 --> 00:51:49,390
<font color="#ffbf46">අපොයි. මට දැන් ඇති වෙලා තියෙන්නේ.</font>

677
00:51:49,450 --> 00:51:50,520
<font color="#ffbf46">මම බැලුවේ මේ මොකක්ද කියලා.</font>

678
00:51:51,520 --> 00:51:53,290
<font color="#ffbf46">ඔයාටත් පර්යේෂක යාළුවෙක් ඉන්නවද?</font>

679
00:51:54,620 --> 00:51:56,320
<font color="#ffbf46">මම ඉස්කෝලේ ගිහිල්ලත් නෑනේ.</font>

680
00:51:56,590 --> 00:51:59,850
<font color="#ffbf46">ඔයා මට කතා කළේ රාමෙන් දෙන්නද?</font>

681
00:52:00,020 --> 00:52:01,320
<font color="#ffbf46">මේ වෙලාවේ හැටියට මට මේක හරි අපහසුයි.</font>

682
00:52:02,650 --> 00:52:05,990
<font color="#ffbf46">ඔයාට තේරුම් ගන්න බැරි වුණාට කමක් නෑ.</font>

683
00:52:06,590 --> 00:52:08,290
<font color="#ffbf46">මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.</font>

684
00:52:10,490 --> 00:52:12,890
<font color="#ffbf46">මම මේ ඔයාගේ වැරදි හොයන්න හදනවා නෙවෙයි,</font>

685
00:52:12,950 --> 00:52:16,020
<font color="#ffbf46">ඒ නිසා තරහ ගන්න එපා.</font>

686
00:52:17,120 --> 00:52:18,120
<font color="#ffbf46">මේකයි...</font>

687
00:52:19,950 --> 00:52:24,020
<font color="#ffbf46">මම හිතන්නේ ඔයා මම ගැන මා රින්ට ලොකු බොරු ටිකක් කියලා තියෙනවා.</font>

688
00:52:24,150 --> 00:52:25,150
<font color="#ffbf46">මම මොනවද කිව්වේ?</font>

689
00:52:26,320 --> 00:52:29,620
<font color="#ffbf46">ඔයා කියලා තියෙනවා මම ඔයාට පැණි හැලුවා කියලා...</font>

690
00:52:30,220 --> 00:52:33,190
<font color="#ffbf46">ඔයාට වයස 20 දි විතර, ඔයා අහිංසක විදිහට ඉන්නකොට.</font>

691
00:52:33,190 --> 00:52:34,620
<font color="#ffbf46">ඒක ඇත්ත නේද?</font>

692
00:52:35,390 --> 00:52:38,090
<font color="#ffbf46">බලන්නකෝ ඔයාගේ අහිංසකකම.  ඇයි මොකද?</font>

693
00:52:41,520 --> 00:52:44,390
<font color="#ffbf46">එතකොට මට වයස අවුරුදු 17යි, දන්නවද?</font>

694
00:52:44,690 --> 00:52:47,450
<font color="#ffbf46">ඔයා පැණි හැලුවේ ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්ට.</font>

695
00:52:47,520 --> 00:52:50,450
<font color="#ffbf46">ඔයා ඉස්කෝලේ මැර කල්ලියක හිටියේ.</font>

696
00:52:50,450 --> 00:52:52,390
<font color="#ffbf46">මම ඔයාට කොච්චර බය වුණාද කියනවා නම් මම හැම
තිස්සෙම ඔයාට පේන්නේ නැති වෙන්න හැංගිලා හිටියේ.</font>

697
00:52:52,390 --> 00:52:55,050
<font color="#ffbf46">ඒයි, ඔයා හින්දා තමයි මට ඉස්කෝලේ
ගමනත් ඉවර කරගන්න බැරි වුණේ!</font>

698
00:52:55,050 --> 00:52:56,390
<font color="#ffbf46">ඔයා...  නවත්තන්න!</font>

699
00:52:56,390 --> 00:52:57,590
<font color="#ffbf46">මම වයසයි කියලා ඕක ලොකු කරලා කියන එක නවත්තන්න!</font>

700
00:52:59,290 --> 00:53:01,250
<font color="#ffbf46">ක්ලබ් එකේදි මුලින්ම වයස ගැන බොරු කිව්වේ ඔයානේ.</font>

701
00:53:01,790 --> 00:53:03,320
<font color="#ffbf46">ඔයා මාව හොයාගෙන ආවේ මේකටද?</font>

702
00:53:03,650 --> 00:53:06,650
<font color="#ffbf46">ඔයා මේ පරණ දේවල් ගැන කතා කරලා...</font>

703
00:53:06,650 --> 00:53:08,020
<font color="#ffbf46">මාව ආයෙත් රවට්ටගන්නද හදන්නේ?</font>

704
00:53:08,320 --> 00:53:09,390
<font color="#ffbf46">මොනවද මේ කියන්නේ?</font>

705
00:53:09,750 --> 00:53:13,550
<font color="#ffbf46">මම ඔයාට කතා කළේ මා රින් ගැන බය හිතුණු නිසා.</font>

706
00:53:14,350 --> 00:53:17,820
<font color="#ffbf46">ඔයා මා රින්ව පාවිච්චි කරලා මට ලං වෙන්න හදන්නේ.</font>

707
00:53:17,820 --> 00:53:20,150
<font color="#ffbf46">ඕවා දැන් පරණ වැඩ.</font>

708
00:53:20,620 --> 00:53:21,820
<font color="#ffbf46">මේක...  ඔයා නාකි නෑනේ, නේද?</font>

709
00:53:21,920 --> 00:53:24,890
<font color="#ffbf46">මමත් නාකි නෑ. ඒ නිසා නිකන් ඉන්න...</font>

710
00:53:25,320 --> 00:53:26,390
<font color="#ffbf46">දැන් කියන්නකෝ.</font>

711
00:53:27,350 --> 00:53:30,550
<font color="#ffbf46">මොනවා කියන්නද? මොකක්ද මේ?</font>

712
00:53:31,350 --> 00:53:35,750
<font color="#ffbf46">මම මෙහෙට ආවේ මා රින් ගැන ඇත්තටම බය වුණු නිසා විතරයි.</font>

713
00:53:35,750 --> 00:53:37,390
<font color="#ffbf46">මා රින් හොඳින් ඉන්නවා.</font>

714
00:53:37,950 --> 00:53:42,090
<font color="#ffbf46">සෝ ජූන් ඇමරිකාවට ගියා ඉඩම් වගයක්
ගන්න, ඉතින් අපි ළඟදීම පොහොසත් වෙයි.</font>

715
00:53:43,220 --> 00:53:45,890
<font color="#ffbf46">එයා එයාගේ පාඩුවේ ඉන්නවා. එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා,</font>

716
00:53:45,890 --> 00:53:47,620
<font color="#ffbf46">එක එක සංදර්ශන බලනවා, ඇවිදිනවා, එයා හරිම කාර්යබහුලයි.</font>

717
00:53:47,850 --> 00:53:51,050
<font color="#ffbf46">එයා මේ මාසෙම ගොඩක් කාර්යබහුල
වෙලා හිටියේ, මටවත් එයාව බලන්න බැරි වුණා.</font>

718
00:53:52,150 --> 00:53:53,790
<font color="#ffbf46">ඔයා නිතර එයාට කතා කරනවා නේද?</font>

719
00:53:53,790 --> 00:53:56,320
<font color="#ffbf46">එයා හරිම කාර්යබහුලයි.  එයා ඉන්නේ තනියමනේ,</font>

720
00:53:56,320 --> 00:53:58,120
<font color="#ffbf46">ඔයා එයාට කතා කරන්නෙවත් නැද්ද!  අනේ මන්දා.</font>

721
00:53:58,120 --> 00:54:00,550
<font color="#ffbf46">ඔයා එකපාරටම කඩා පාත් වෙලා, දැන් තාත්තා වගේ කතා කරනවා.</font>

722
00:54:00,550 --> 00:54:02,990
<font color="#ffbf46">ඔයානේ එයාගේ අම්මා.</font>

723
00:54:02,990 --> 00:54:05,550
<font color="#ffbf46">ඔයා නේද එයාට නිතර කතා කරන්න ඕනේ?</font>

724
00:54:06,320 --> 00:54:07,590
<font color="#ffbf46">මෙයා ආයෙත් පටන් ගත්තා.</font>

725
00:54:39,720 --> 00:54:40,890
<font color="#ffbf46">ආ අම්මේ.</font>

726
00:54:43,920 --> 00:54:47,820
<font color="#ffbf46">නෑ, මම එළියට යන ගමන්. මම ෆොටෝ වගයක් ගන්න යන්නේ.</font>

727
00:54:50,150 --> 00:54:53,820
<font color="#ffbf46">ඔයා දැන් ආවත් මම ගෙදර නෑ. මම එද්දි රෑ වෙයි.</font>

728
00:54:55,790 --> 00:54:57,820
<font color="#ffbf46">මම ඔයාව මග අරිනවා නෙවෙයි.</font>

729
00:54:59,320 --> 00:55:01,520
<font color="#ffbf46">ඔව්. මම එළියට යන ගමන්.</font>

730
00:55:06,820 --> 00:55:08,190
<font color="#ffbf46">ඔයාට දොරේ සද්දේ ඇහුණා නේද?</font>

731
00:55:09,150 --> 00:55:10,890
<font color="#ffbf46">මම ඇත්තටම එළියට යන ගමන්.</font>

732
00:55:12,390 --> 00:55:14,450
<font color="#ffbf46">මම පස්සේ ගන්නම්.</font>

733
00:55:15,750 --> 00:55:17,350
<font color="#ffbf46">සෝ ජූනුත් හොඳින් ඉන්නවා.</font>

734
00:55:18,290 --> 00:55:19,990
<font color="#ffbf46">මම පස්සේ ගන්නම්කෝ.</font>

735
00:55:32,450 --> 00:55:33,450
<font color="#ffbf46">මාර වදයක්නේ මේක.</font>

736
00:55:57,590 --> 00:56:01,550
<font color="#ffbf46">(සෝ ජූන්ගෙන්, සොන්ග් මා රින් වෙත)</font>

737
00:56:14,050 --> 00:56:15,750
<font color="#ffbf46">අනාගතයේ ඉන්න මා රින්ට.</font>

738
00:56:17,520 --> 00:56:19,750
<font color="#ffbf46">ආයුබෝවන්, අනාගත මා රින්.</font>

739
00:56:21,390 --> 00:56:23,350
<font color="#ffbf46">මේ 2016 ඔක්තෝබර් මාසය.</font>

740
00:56:23,750 --> 00:56:26,720
<font color="#ffbf46">අපි සේ යොන්ග්ට සමුදෙන්න ආපු වෙරළේ තමයි මම දැන් ඉන්නේ.</font>

741
00:56:26,720 --> 00:56:28,390
<font color="#ffbf46">මම අතින් ලියුමක් නොලියා ගොඩක් කල් වුණා.</font>

742
00:56:28,550 --> 00:56:31,590
<font color="#ffbf46">ඔයා දැන් මට එව්වේ...</font>

743
00:56:31,590 --> 00:56:33,250
<font color="#ffbf46">ඔයාගේ ලස්සන පින්තූරයක්.</font>

744
00:56:34,590 --> 00:56:37,720
<font color="#ffbf46">මම කාලය හරහා යන කෙනෙක් කියලා ඔයා තාම දන්නේ නෑ.</font>

745
00:56:38,290 --> 00:56:39,850
<font color="#ffbf46">ඒ වගේම අපි දැන් ඉන්නේ සතුටින්.</font>

746
00:56:41,090 --> 00:56:43,390
<font color="#ffbf46">කාලය හරහා යනවට වඩා, කාලය එක තැන නතර කරන්න...</font>

747
00:56:43,950 --> 00:56:47,650
<font color="#ffbf46">මට පුළුවන් වුණා නම් කියලා මට හිතෙනවා.</font>

748
00:56:48,650 --> 00:56:50,350
<font color="#ffbf46">ඔයාට මේ ලියුම ලැබෙනකොට...</font>

749
00:56:51,350 --> 00:56:53,550
<font color="#ffbf46">ඔයා මට වෛර නොකර ඉඳීවි කියලා මම හිතනවා.</font>

750
00:56:56,020 --> 00:56:58,150
<font color="#ffbf46">අපේ අනාගතය අවාසනාවන්ත වුණත්,</font>

751
00:56:58,650 --> 00:57:00,590
<font color="#ffbf46">අපි දැන් ගත කරන ජීවිතේ ගැන මම සතුටු වෙනවා.</font>

752
00:57:02,050 --> 00:57:04,590
<font color="#ffbf46">මට ආයෙත් අතීතයට ගිහින් වෙනත් තීරණයක් ගන්න අවස්ථාව ලැබුණත්,</font>

753
00:57:05,890 --> 00:57:08,590
<font color="#ffbf46">මම තෝරගන්නේ ඔයාවමයි.</font>

754
00:57:09,850 --> 00:57:13,050
<font color="#ffbf46">අපි එකට ගත කරපු සුන්දර කාලය අමතක කරන්න එපා.</font>

755
00:57:13,790 --> 00:57:16,420
<font color="#ffbf46">මීට ඔයාගේ සැමියා, සෝ ජූන්.</font>

756
00:57:47,650 --> 00:57:49,520
<font color="#ffbf46">ඇයි මට මේක කලින් හිතුණේ නැත්තේ?</font>

757
00:57:51,020 --> 00:57:52,790
<font color="#ffbf46">මට පුළුවන්නේ ඊමේල් පස්සේ යන්න හදලා තියන්න...</font>

758
00:57:53,020 --> 00:57:54,920
<font color="#ffbf46">එතකොට මට අනාගතයේදී ඒවා කියවන්න පුළුවන්.</font>

759
00:58:02,390 --> 00:58:03,390
<font color="#ffbf46">හායි.</font>

760
00:58:04,390 --> 00:58:07,290
<font color="#ffbf46">වෙරළේ ඉඳන් ඔයා එවපු ඊමේල් එක මම දැයි කියෙව්වේ,</font>

761
00:58:07,290 --> 00:58:08,550
<font color="#ffbf46">ඉතින් මම ඔයාට පෙරලා ලියනවා.</font>

762
00:58:09,750 --> 00:58:12,320
<font color="#ffbf46">මම මේක අවුරුද්දකට පස්සේ ලැබෙන්න
හැදුවොත්, ඔයාට කියවන්න පුළුවන් වෙයිද?</font>

763
00:58:13,450 --> 00:58:14,550
<font color="#ffbf46">එහෙම නැත්නම් අවුරුදු දෙකකින්?</font>

764
00:58:15,620 --> 00:58:18,320
<font color="#ffbf46">නැත්නම් ඊටත් පස්සේ?</font>

765
00:58:19,320 --> 00:58:22,520
<font color="#ffbf46">හරි, මගේ මහත්තයා මේ වෙලාවේ රාමෙන් හදනවා.</font>

766
00:58:22,520 --> 00:58:24,790
<font color="#ffbf46">මම ඔයාට පෙන්නන්නම් මොන වගේ රාමෙන් එකක්ද කියලා.</font>

767
00:58:25,250 --> 00:58:27,150
<font color="#ffbf46">සෝ ජූන්.</font>

768
00:58:27,590 --> 00:58:30,220
<font color="#ffbf46">දෙවියනේ.  ඔයා දැන් මොනවද හදන්නේ?</font>

769
00:58:30,220 --> 00:58:32,890
<font color="#ffbf46">මම හදන්නේ තාරා රාමෙන්.</font>

770
00:58:32,890 --> 00:58:35,290
<font color="#ffbf46">රාමෙන් වර්ග වලින් හොඳම එක තමයි තාරා රාමෙන් කියන්නේ.</font>

771
00:58:36,350 --> 00:58:37,350
<font color="#ffbf46">හරි.</font>

772
00:58:37,950 --> 00:58:39,450
<font color="#ffbf46">දැන්. යමු.</font>

773
00:58:40,650 --> 00:58:42,150
<font color="#ffbf46">ඉක්මන් කරන්න.</font>

774
00:58:42,550 --> 00:58:43,550
<font color="#ffbf46">ඔන්න අපි යනවා.</font>

775
00:58:44,590 --> 00:58:46,090
<font color="#ffbf46">මේක කම්මැලියි. වෙනස් කරමු.</font>

776
00:58:46,090 --> 00:58:47,090
<font color="#ffbf46">වෙනස් කරමු.</font>

777
00:58:49,120 --> 00:58:53,890
<font color="#ffbf46">මම ඔයාට කිව්වත් මාත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා,</font>

778
00:58:55,250 --> 00:58:57,950
<font color="#ffbf46">ඔයා අනාගතයේ ඉඳන් එනකම් මම බලන් ඉන්නවා.</font>

779
00:58:59,690 --> 00:59:02,520
<font color="#ffbf46">කොච්චර කල් ගියත් කමක් නෑ,</font>

780
00:59:03,190 --> 00:59:04,320
<font color="#ffbf46">මම ඔයා එනකම් ඉන්නවා.</font>

781
00:59:05,550 --> 00:59:08,950
<font color="#ffbf46">මම හිතන්නේ, ඔයා එනකම් බලන් ඉන්න
එකත් ඔයාට තියෙන ආදරේම කොටසක් කියලා.</font>

782
00:59:10,590 --> 00:59:14,050
<font color="#ffbf46">ඔයත් එක්ක ගෙවපු මතකයන් මම ආදරයෙන් රැකගන්නවා.</font>

783
00:59:15,450 --> 00:59:18,490
<font color="#ffbf46">අපි ආයෙත් මුණගැහෙන මොහොත ගැන මම හීන දකිනවා.</font>

784
00:59:19,690 --> 00:59:23,720
<font color="#ffbf46">ඔයා කොහේ හිටියත් හොඳින් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා.</font>

785
00:59:25,320 --> 00:59:29,190
<font color="#ffbf46">ඔයා මගෙන් කොච්චර අවුරුදු ගාණක් ඈතින් හිටියත්,</font>

786
00:59:29,450 --> 00:59:31,120
<font color="#ffbf46">මම මෙහේ ඉඳන් ඔයා එනකම් බලන් ඉන්නවා.</font>

787
00:59:32,820 --> 00:59:33,820
<font color="#ffbf46">මම ඔයාට ආදරෙයි.</font>

788
00:59:35,120 --> 00:59:38,420
<font color="#ffbf46">මීට ඔයාගේ බිරිඳ, මා රින්. 2017 ජනවාරි.</font>

789
00:59:41,820 --> 00:59:47,290
<font color="#ffbf46">(නිශ්චිත වේලාවක යැවීමට සකසන්න)</font>

790
01:00:05,950 --> 01:00:12,350
<font color="#ffbf46">(වසර දෙකකට පසු, 2019 පෙබරවාරි)</font>

791
01:00:17,190 --> 01:00:18,950
<font color="#ffbf46">මෙතන ටිකක් අඳුරුයි වගේ.</font>

792
01:00:18,950 --> 01:00:19,950
<font color="#ffbf46">හරි.</font>

793
01:00:20,620 --> 01:00:21,690
<font color="#ffbf46">දැන් ගානට හරි.</font>

794
01:00:21,690 --> 01:00:23,090
<font color="#ffbf46">නියමයි.  ස්තූතියි.</font>

795
01:00:25,690 --> 01:00:27,720
<font color="#ffbf46">මා රින්, ඔයාට අමුත්තො වගයක් ඇවිල්ලා.</font>

796
01:00:28,050 --> 01:00:29,050
<font color="#ffbf46">අමුත්තො?</font>

797
01:00:29,050 --> 01:00:31,920
<font color="#ffbf46">ඡායාරූප ශිල්පිනී සොන්ග් මා රින්.  සුබ පැතුම්.</font>

798
01:00:32,590 --> 01:00:34,390
<font color="#ffbf46">ඔයාගේ පළවෙනි ඒක පුද්ගල ප්‍රදර්ශනයට සුබ පැතුම්.</font>

799
01:00:34,390 --> 01:00:36,220
<font color="#ffbf46">වැඩේ නම් නියමයි.</font>

800
01:00:36,390 --> 01:00:39,250
<font color="#ffbf46">තාම පටන් ගත්තෙත් නෑනේ. ඇයි ඔයාලා මෙච්චර කලින් ආවේ?</font>

801
01:00:39,250 --> 01:00:41,450
<font color="#ffbf46">අපිට හිතුණා ඔයාට උදව්වක් ඕනෙ වෙයි කියලා.</font>

802
01:00:41,450 --> 01:00:42,990
<font color="#ffbf46">අපිට කරන්න දෙයක් තියෙනවද?</font>

803
01:00:42,990 --> 01:00:46,390
<font color="#ffbf46">මට උදව් කරන්න පුළුවන්ද?  සමාවෙන්න?</font>

804
01:00:46,390 --> 01:00:48,890
<font color="#ffbf46">අපිට බර දේවල් ටිකක් උස්සන්න තියෙනවා.</font>

805
01:00:48,890 --> 01:00:51,250
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම. මම දැන් එන්නම්.</font>

806
01:00:51,250 --> 01:00:52,850
<font color="#ffbf46">මම දැනගන්න කැමතියි ඔයාගේ වයස කීයද කියලා?</font>

807
01:00:52,850 --> 01:00:55,450
<font color="#ffbf46">ඔයා දැක්කම පේනවා හරිම හොඳ කෙනෙක් කියලා.</font>

808
01:00:55,720 --> 01:00:57,690
<font color="#ffbf46">මෙයාට මොනවා කරන්නද මන්දා?</font>

809
01:00:58,120 --> 01:01:01,250
<font color="#ffbf46">මෙයා මේ දවස්වල ටිකක් පාළුවෙන් ඉන්නේ.</font>

810
01:01:01,250 --> 01:01:02,990
<font color="#ffbf46">දකින දකින හැම කොල්ලටම පැණි හලනවා.</font>

811
01:01:03,450 --> 01:01:05,990
<font color="#ffbf46">ළඟදීම දවසක මෙයා විහිළුවක් වෙයි.</font>

812
01:01:05,990 --> 01:01:07,250
<font color="#ffbf46">එයා නම් මහ පුදුම කෙනෙක්.</font>

813
01:01:07,720 --> 01:01:10,250
<font color="#ffbf46">මෙන්න. වැඩ කටයුතු ඔක්කොම හොඳට වෙනවද?</font>

814
01:01:10,550 --> 01:01:13,290
<font color="#ffbf46">ස්තූතියි, සේ යොන්ග්.</font>

815
01:01:13,290 --> 01:01:16,350
<font color="#ffbf46">සූදානම් වීමේ කටයුතු ඔක්කොම හොඳින් කෙරීගෙන යනවා.</font>

816
01:01:17,290 --> 01:01:19,790
<font color="#ffbf46">මේක හැපිනස් ආයතනයටත් හොඳ දැන්වීමක් වෙයි.</font>

817
01:01:21,190 --> 01:01:23,890
<font color="#ffbf46">හැපිනස් එක නිසා මට ලස්සන පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුණා.</font>

818
01:01:25,150 --> 01:01:28,320
<font color="#ffbf46">ඔයා දැන් ඇත්තටම ඡායාරූප ශිල්පිනියක් වගේ.</font>

819
01:01:29,150 --> 01:01:31,050
<font color="#ffbf46">මටත් නිකන් අමුත්තක් දැනෙනවා.</font>

820
01:01:31,990 --> 01:01:36,290
<font color="#ffbf46">ඡායාරූප ශිල්පීන්ව බැලූ බැල්මට අඳුරගන්න බෑනේ.</font>

821
01:01:38,220 --> 01:01:40,720
<font color="#ffbf46">පොඩ්ඩක් වටපිට බලන්නකෝ. මට පොඩි දෙයක් බලන්න තියෙනවා.</font>

822
01:01:40,720 --> 01:01:42,390
<font color="#ffbf46">හරි.  මේකට ගොඩක් ස්තූතියි.</font>

823
01:02:01,390 --> 01:02:07,120
<font color="#ffbf46">(සොන්ග් මා රින් ඡායාරූප ප්‍රදර්ශනය)</font>

824
01:02:13,150 --> 01:02:15,490
<font color="#ffbf46">මම මේ ඉන්නේ 2019 අවුරුද්දේ.</font>

825
01:02:15,890 --> 01:02:18,590
<font color="#ffbf46">මගේ පළවෙනි ඒක පුද්ගල ප්‍රදර්ශනය ළඟදීම පටන් ගන්නවා.</font>

826
01:02:18,590 --> 01:02:19,920
<font color="#ffbf46">(සොන්ග් මා රින් ඡායාරූප ප්‍රදර්ශනය)</font>

827
01:02:19,920 --> 01:02:22,390
<font color="#ffbf46">ඔයාට මේක දකින්න ලැබුණා නම් කොච්චර හොඳද.</font>

828
01:02:24,690 --> 01:02:27,790
<font color="#ffbf46">ඔයා මේ වෙලාවේ කොහේ ඉන්නවද?</font>

829
01:02:27,814 --> 01:02:29,814
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

