1
00:00:00,062 --> 00:00:02,062
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:02,086 --> 00:00:04,086


3
00:00:04,110 --> 00:00:07,750
<font color="#ffde44">මම ඔයාලට ඉදිරිපත් කරනවා It's
YOU හි mixed-reality dating AI එක.</font>

4
00:00:07,910 --> 00:00:10,250
<font color="#ffde44">මේක මම දැකපු බාලම කොපියක්.</font>

5
00:00:10,320 --> 00:00:14,249
<font color="#ffde44">ඔයා අහුවෙයි කියලා බයෙන් ඉන්නේ. "විශේෂ පුවතක්,
It's YOU හි ප්‍රධාන විධායක නිලධාරිනී යූන් බි ආ."</font>

6
00:00:14,250 --> 00:00:16,389
<font color="#ffde44">"මිනිස්සු ළඟ පැයක් හිටියම කලන්තෙ දාලා වැටෙනවා."</font>

7
00:00:16,390 --> 00:00:17,390
<font color="#ffde44">දැන්...</font>

8
00:00:17,391 --> 00:00:19,020
<font color="#ffde44">මට මොනවා වෙයිද?</font>

9
00:00:19,290 --> 00:00:20,859
<font color="#ffde44">ඔයා කලන්තෙ දාලා වැටෙන්නෙ නැති එක ගැන...</font>

10
00:00:20,860 --> 00:00:23,530
<font color="#ffde44">ඔයා හිතනවද ඒක රචක හාන් සොන් හෝට සම්බන්ධයි කියලා?</font>

11
00:00:23,630 --> 00:00:25,729
<font color="#ffde44">"යූන් බි ආ සහ හාන් සොන් හෝ අත්වැල් බැඳගෙන ඉන්නවා දැකලා."</font>

12
00:00:25,730 --> 00:00:27,000
<font color="#ffde44">පෙම්වතුන්ගේ පැන යෑමක්ද?</font>

13
00:00:27,070 --> 00:00:28,730
<font color="#ffde44">ඔයා එක ප්‍රශ්නයක් යටපත් කරන්නේ තව ප්‍රශ්නයකින්.</font>

14
00:00:28,800 --> 00:00:31,140
<font color="#ffde44">එහෙනම් ඇයි CEO යූන් බි ආ ඔයාලා
ආදරේ කරනවා කියලා තහවුරු කළේ?</font>

15
00:00:31,200 --> 00:00:32,840
<font color="#ffde44">ඔයාලා ගිහින් එයාගෙන්ම අහන්න.</font>

16
00:00:32,940 --> 00:00:36,440
<font color="#ffde44">එයා ගොඩක් නළු නිළියන්ට වඩා ජනප්‍රියයි.</font>

17
00:00:36,740 --> 00:00:39,080
<font color="#ffde44">ඒකෙන් පේන්නේ යූන් බි ආ සටන් කරන්න ලෑස්ති වෙනවා කියලයි.</font>

18
00:00:39,140 --> 00:00:40,610
<font color="#ffde44">මේ ගෑනි මොනවා කල්පනා කරනවා ඇත්ද?</font>

19
00:00:40,910 --> 00:00:43,150
<font color="#ffde44">ඒ ගෑනි ප්ලෑන් කරන්නේ ඔයාව පණපිටින් කන්නයි.</font>

20
00:00:43,450 --> 00:00:44,819
<font color="#ffde44">එයා ඔයාගේ රහස දැනගත්තොත්...</font>

21
00:00:44,820 --> 00:00:46,449
<font color="#ffde44">අපිට තියෙන්නේ වාසිය අපේ පැත්තට හරවගන්න එකයි.</font>

22
00:00:46,450 --> 00:00:47,690
<font color="#ffde44">ඔයාට පිස්සුද?</font>

23
00:00:48,020 --> 00:00:51,160
<font color="#ffde44">අපේ කම්පැනිය ඇත්තටම කඩා වැටෙන්නද යන්නේ?
ඔයා අපිත් එක්ක එනවා.</font>

24
00:00:51,220 --> 00:00:53,730
<font color="#ffde44">එයාගෙන් අත ගන්නවා.
මොකද ඒක මගේ.</font>

25
00:00:53,960 --> 00:00:54,960
<font color="#ffde44">හෙට ඉඳන්,</font>

26
00:00:54,961 --> 00:00:56,960
<font color="#ffde44">ඔයා වැඩ කරන්නේ It's YOU එකේ.</font>

27
00:00:57,060 --> 00:00:59,760
<font color="#ffde44">ඔයා මොනවද කරන්න හදන්නේ කියලවත් මම දැනගන්න ඕනේ නැද්ද?</font>

28
00:01:00,270 --> 00:01:01,429
<font color="#ffde44">අපේ අරමුණ...</font>

29
00:01:01,430 --> 00:01:04,640
<font color="#ffde44">කාටවත් අහු නොවී රචක හාන් ගැන තොරතුරු හොයන එකයි.</font>

30
00:01:04,800 --> 00:01:07,540
<font color="#ffde44">ඇත්තටම, එයා මගේ රූපයේ අයිතිය අරන් මොනවා කරන්නද හදන්නේ?</font>

31
00:01:07,610 --> 00:01:10,839
<font color="#ffde44">It's YOU එකේ ForMe දෙවන සංස්කරණයේ පළමු පෙනුම...</font>

32
00:01:10,840 --> 00:01:12,040
<font color="#ffde44">වෙන කවුරුවත් නෙවෙයි හාන් සොන් හෝම තමයි.</font>

33
00:01:12,110 --> 00:01:14,910
<font color="#ffde44">කවුරුහරි අපේ firewall එක කඩන්න හැදුවා වගේ.</font>

34
00:01:14,980 --> 00:01:16,980
<font color="#ffde44">යූන් බි ආ, මා දිහා බලන්න!</font>

35
00:01:17,450 --> 00:01:20,420
<font color="#ffde44">ඔයා හැමතිස්සෙම මං ගැන මේ තරම් උනන්දු වුණාද?</font>

36
00:01:20,490 --> 00:01:21,920
<font color="#ffde44">දැන් නම් එහෙමයි.</font>

37
00:01:22,350 --> 00:01:24,189
<font color="#ffde44">මම ඔයා එක්ක ඉද්දී, හාන් සොන් හෝ,</font>

38
00:01:24,190 --> 00:01:25,590
<font color="#ffde44">මට හොඳක් දැනෙනවා.</font>

39
00:01:25,960 --> 00:01:27,489
<font color="#ffde44">අහම්බයක් ගැන බලාපොරොත්තු තියාගන්න එක...</font>

40
00:01:27,490 --> 00:01:28,730
<font color="#ffde44">ඔයාට ගැලපෙන්නෙ නැහැ, යූන් බි ආ.</font>

41
00:01:29,160 --> 00:01:31,560
<font color="#ffde44">හෙට ඉඳන් ඔයා වැඩට එන්න ඕන නැහැ.</font>

42
00:01:31,630 --> 00:01:33,000
<font color="#ffde44">යූන් බි ආ මේකට කැමතිද?</font>

43
00:01:33,300 --> 00:01:34,930
<font color="#ffde44">යැං සොන් ඒ ව අතුරුදහන්.</font>

44
00:01:35,030 --> 00:01:37,439
<font color="#ffde44">කාලකණ්ණියා! මාව මේකෙ හිර කරලත්...</font>

45
00:01:37,440 --> 00:01:38,839
<font color="#ffde44">ඔයා එයාව එකම විදිහට පේන්නයි දැනෙන්නයි හැදුවා කියලා,</font>

46
00:01:38,840 --> 00:01:40,810
<font color="#ffde44">ඒකෙන් කියවෙන්නෙ නෑ ඇත්තම මි නා ආපහු එනවා කියලා.</font>

47
00:01:42,210 --> 00:01:44,010
<font color="#ffde44">යමු. එළියට යමු.</font>

48
00:01:44,240 --> 00:01:45,709
<font color="#ffde44">ඔයා මේ තරම් කරදර වෙන්න ඕන නැහැ.</font>

49
00:01:45,710 --> 00:01:47,610
<font color="#ffde44">අනික, ඔයා කොහොමත් ඉක්මනින්ම යනවනේ.</font>

50
00:01:47,680 --> 00:01:51,880
<font color="#ffde44">ඔයා මාව මෙහෙට ගෙනාවේ ඔයාට ඕන විදිහට වුණාට,
මට යන්න දෙන එක ඒ තරම් ලේසි වෙන එකක් නෑ.</font>

51
00:01:52,120 --> 00:01:53,319
<font color="#ffde44">ඔයා කොහෙද යන්නේ?</font>

52
00:01:53,320 --> 00:01:54,520
<font color="#ffde44">ඔයා කොහෙද යන්නේ?</font>

53
00:01:54,790 --> 00:01:56,290
<font color="#ffde44">ඔයාට ඇත්තටම වාසනාව තිබුණා, යූන් බි ආ.</font>

54
00:01:56,350 --> 00:01:58,520
<font color="#ffde44">මගේ දුර්වලකම හොයාගත්තා කියලා මාව
ලේසියෙන් වට්ටන්න පුළුවන් කියලා හිතුවද?</font>

55
00:01:58,590 --> 00:02:01,630
<font color="#ffde44">ඔයා මට කොහොමටවත් ලේසි කෙනෙක් නෙවෙයි, යූන් බි ආ.</font>

56
00:02:01,860 --> 00:02:04,330
<font color="#ffde44">මම ඇත්තටම එහෙම කිව්වොත්? ඔයා මට ඉඩ දෙනවද?</font>

57
00:02:04,500 --> 00:02:06,499
<font color="#ffde44">CEO යූනුත් ඔයාට කැමතිද?</font>

58
00:02:06,500 --> 00:02:08,070
<font color="#ffde44">ඔයා ආයෙත් රිදවාගත්තත්?</font>

59
00:02:08,500 --> 00:02:09,670
<font color="#ffde44">ඔයාට ඒක අවුලක් නැද්ද?</font>

60
00:02:09,930 --> 00:02:11,600
<font color="#ffde44">ඔයාට පාර්සලයක් ඇවිත්.</font>

61
00:02:11,800 --> 00:02:13,609
<font color="#ffde44">ඔයාට හිතෙන්නෙ නැද්ද මේ බෝනික්කා මොකක් හරි පණිවිඩයක් කියලා?</font>

62
00:02:13,610 --> 00:02:15,570
<font color="#ffde44">මේක නිකන්ම විහිළුවක් වගේ පේන්නෙ නෑ.</font>

63
00:02:15,710 --> 00:02:18,010
<font color="#ffde44">මෙතනින් එළියට යනවා! මම කිව්වා එළියට යන්න කියලා!</font>

64
00:02:18,080 --> 00:02:20,580
<font color="#ffde44">පාරට හරස් වෙන ඕනම දෙයක් මුලින්ම විනාශ කරලා දාන්න ඕනේ.</font>

65
00:02:21,450 --> 00:02:22,810
<font color="#ffde44">ඔයා මේ ගැන පසුතැවෙයි.</font>

66
00:02:23,050 --> 00:02:26,550
<font color="#ffde44">"උඹට මැරෙන්න ඕන නැත්නම් යූන් බි ආගෙන් ඈත් වෙලා හිටපන්."</font>

67
00:02:27,090 --> 00:02:28,549
<font color="#ffde44">මුළු ලෝකෙම ඔයාට පිටුපෑවත්,</font>

68
00:02:28,550 --> 00:02:29,820
<font color="#ffde44">මම ඔයාගේ ළඟින්ම ඉන්නවා.</font>

69
00:02:30,260 --> 00:02:31,260
<font color="#ffde44">මිසිස් යැං?</font>

70
00:02:32,360 --> 00:02:34,460
<font color="#ffde44">ඔයා මෙහෙද හිටියේ. මගේ ලස්සන කෙල්ල.</font>

71
00:02:34,860 --> 00:02:35,860
<font color="#ffde44">අම්මා?</font>

72
00:02:36,900 --> 00:02:40,600
<font color="#ffde44">ඔයා කිව්වා මට හොඳින් ඉන්න පුළුවන්
වෙයි කියලා. ඔයා වැරදියි, හාන් සොන් හෝ.</font>

73
00:02:40,700 --> 00:02:42,029
<font color="#ffde44">එයාගෙන් ඈත් වෙලා ඉන්න.</font>

74
00:02:42,030 --> 00:02:44,570
<font color="#ffde44">මොකද එයාව සතුටු කරන්න පුළුවන් මට විතරයි.</font>

75
00:02:44,800 --> 00:02:45,869
<font color="#ffde44">බොරුවට හිතාගන්න එපා.</font>

76
00:02:45,870 --> 00:02:47,839
<font color="#ffde44">ඇත්තටම එයාගේ ළඟින් ඉන්න ඕන කරන්නේ අපිටයි,</font>

77
00:02:47,840 --> 00:02:50,040
<font color="#ffde44">එයා හරහා අපේ සතුට හොයාගන්න බලාපොරොත්තුවෙන්.</font>

78
00:02:50,110 --> 00:02:53,110
<font color="#ffde44">ඔයා යැං සොන් ඒ ව දන්නවා නේද? එයා දැන් අතුරුදහන් වෙලා.</font>

79
00:02:53,280 --> 00:02:55,950
<font color="#ffde44">අනික ඔයාට අමතරව, තව දෙයක් මගේ ගමනට හරස් වෙනවා.</font>

80
00:02:56,010 --> 00:02:59,780
<font color="#ffde44">රහස් පරීක්ෂකතුමා, මම ඔයාට ලිපිනයක්
දෙන්නම්. කරුණාකරලා මෙහෙට එන්න පුළුවන්ද?</font>

81
00:03:00,390 --> 00:03:03,760
<font color="#ffde44">මම හිතන්නේ යැං සොන් ඒ එතන ඇති.</font>

82
00:03:30,050 --> 00:03:33,620
<font color="#ffde44">ඔයාට සුබ උපන්දිනයක් වේවා!</font>

83
00:03:33,790 --> 00:03:38,020
<font color="#ffde44">සුබ උපන්දිනයක්, ආදරණීය මිස්ටර් සොල්</font>

84
00:03:38,220 --> 00:03:41,560
<font color="#ffde44">ඔයාට සුබ උපන්දිනයක් වේවා!</font>

85
00:03:42,860 --> 00:03:44,200
<font color="#ffde44">ඉටිපන්දම් නිවන්න.
ස්තූතියි.</font>

86
00:03:46,930 --> 00:03:48,770
<font color="#ffde44">ආයෙත් ඒ දවසට.</font>

87
00:03:54,210 --> 00:03:56,270
<font color="#ffde44">ජීවත් වෙන්නේ නැති කෙනෙක් වුණ දවසට.</font>

88
00:04:03,180 --> 00:04:04,220
<font color="#ffde44">ආපහු යන්න.</font>

89
00:04:13,590 --> 00:04:14,830
<font color="#ffde44">අහකට යනවා!</font>

90
00:04:21,670 --> 00:04:22,900
<font color="#ffde44">ඔයා කවුද?</font>

91
00:04:28,710 --> 00:04:29,710
<font color="#ffde44">ඔයා?</font>

92
00:04:30,840 --> 00:04:32,540
<font color="#ffde44">ඔයා එයාව තව එක පාරක් හරි දැක්කොත්,</font>

93
00:04:34,610 --> 00:04:36,110
<font color="#ffde44">මම ඒ ගෑනිව මරනවා.</font>

94
00:04:43,550 --> 00:04:45,060
<font color="#ffde44">ඔයා කොහේ දුවන්නද හදන්නේ?</font>

95
00:05:40,450 --> 00:05:42,850
<font color="#ffde44">ඔයා දැන් බි ආ වත් මගෙන් ඈත් කරන්නද හදන්නේ?</font>

96
00:05:43,850 --> 00:05:45,120
<font color="#ffde44">මේ පාර නම් බෑ.</font>

97
00:06:45,710 --> 00:06:47,210
<font color="#ffde44">මිසිස් යැං, සිහියෙන් ඉන්න.</font>

98
00:06:47,710 --> 00:06:48,850
<font color="#ffde44">මිසිස් සොන් ඒ!</font>

99
00:06:49,680 --> 00:06:50,820
<font color="#ffde44">මේ මම, සොන් හෝ.</font>

100
00:06:51,450 --> 00:06:52,950
<font color="#ffde44">මිසිස් යැං, සිහියෙන් ඉන්න.</font>

101
00:06:53,820 --> 00:06:54,890
<font color="#ffde44">බි ආ...</font>

102
00:06:56,650 --> 00:06:57,920
<font color="#ffde44">බි ආ...</font>

103
00:07:04,260 --> 00:07:06,700
<font color="#ffde44">අනතුරක් වෙන්න යනවා කියලා දැනදැනත්,</font>

104
00:07:07,830 --> 00:07:09,430
<font color="#ffde44">සමහර වෙලාවට අපිට ඒක පේන්නේ නෑ.</font>

105
00:07:12,100 --> 00:07:14,070
<font color="#ffde44">අහම්බෙන් වුණත්,</font>

106
00:07:17,010 --> 00:07:18,180
<font color="#ffde44">සැලසුම් කරලා වුණත්,</font>

107
00:07:22,280 --> 00:07:23,450
<font color="#ffde44">ඒක වළක්වන්න බැහැ.</font>

108
00:07:31,690 --> 00:07:33,960
<font color="#ffde44">ඒක ඇත්ත නේද?
සමාවෙන්න, අපි ඇතුළට එනවා.</font>

109
00:07:34,190 --> 00:07:35,190
<font color="#ffde44">ඒක ඇත්තද?</font>

110
00:07:35,560 --> 00:07:37,130
<font color="#ffde44">කරුණාකරලා, පැහැදිලි කරන්න...
අපිට ඇත්ත කියන්න.</font>

111
00:07:37,630 --> 00:07:40,159
<font color="#ffde44">ඔයාලට මෙහෙම ඇතුළට එන්න බැහැ!
කරුණාකරලා, මොනවා හරි කියන්න.</font>

112
00:07:40,160 --> 00:07:41,799
<font color="#ffde44">නෑ, කරුණාකරලා නවත්තන්න.
කරුණාකරලා මොනවා හරි කියන්න.</font>

113
00:07:41,800 --> 00:07:43,000
<font color="#ffde44">නෑ, නෑ, ඔයාලට මෙහෙම කරන්න බැහැ.
කරුණාකරලා, පැහැදිලි කරන්න.</font>

114
00:07:43,400 --> 00:07:46,000
<font color="#ffde44">කරුණාකරලා පස්සේ එන්න.
එක ප්‍රශ්නයක් විතරක් අහන්නම්.</font>

115
00:08:10,900 --> 00:08:14,100
<font color="#ffde44">(අපගේ බලවත් ශෝකය)</font>

116
00:08:22,170 --> 00:08:23,170
<font color="#ffde44">(බොන ඖෂධ)</font>

117
00:08:28,150 --> 00:08:29,480
<font color="#ffde44">ඔයාට තාමත් උණ තියෙනවා.</font>

118
00:08:39,460 --> 00:08:41,360
<font color="#ffde44">මම දන්නවා ඔයා ලොකු ප්‍රශ්න ගොඩක් මැද ඉන්නේ කියලා,</font>

119
00:08:42,390 --> 00:08:44,830
<font color="#ffde44">ඒත් ඇයි ඔයා හැමතිස්සෙම මේ විදිහට ඔයා ගැනම නොසලකා හරින්නේ?</font>

120
00:08:45,600 --> 00:08:47,060
<font color="#ffde44">මට දැන් ඒකට වෙලාවක් නැහැ.</font>

121
00:08:48,600 --> 00:08:50,470
<font color="#ffde44">කම්පැනිය, මිනිස්සු...</font>

122
00:08:50,840 --> 00:08:54,810
<font color="#ffde44">හැමදේම කඩා වැටෙනවා. මට නිකන් බලාගෙන ඉන්න බැහැ.</font>

123
00:08:55,570 --> 00:08:56,670
<font color="#ffde44">ඔයාට දැන් යන්න පුළුවන්.</font>

124
00:08:58,710 --> 00:09:00,440
<font color="#ffde44">මට තනියම ඉන්න ඕනේ.</font>

125
00:09:01,750 --> 00:09:04,150
<font color="#ffde44">ඔයාට දරාගන්න බැරිනම්, මට වාරු වෙන්න.</font>

126
00:09:04,980 --> 00:09:06,650
<font color="#ffde44">මම කිව්වා මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා.</font>

127
00:09:35,680 --> 00:09:38,220
<font color="#ffde44">(යොන්වූ, කිම් හ්‍යුන් ජින්)</font>

128
00:09:44,090 --> 00:09:46,820
<font color="#ffde44">(ජෝ යූන් සෝ, චෝයි බියුං චන්)</font>

129
00:09:48,830 --> 00:09:51,560
<font color="#ffde44">(ලිම් ජි ඉයුන්)</font>

130
00:10:00,100 --> 00:10:03,210
<font color="#ffde44">(ලව් ෆෝබියා)</font>

131
00:10:03,370 --> 00:10:07,610
<font color="#ffde44">නැගී එන AI සමාගමක් වන It's YOU මේ වෙද්දි දරුණුතම අර්බුදයකට මුහුණ දීලයි තියෙන්නේ.</font>

132
00:10:07,680 --> 00:10:09,780
<font color="#ffde44">රිය අනතුර කර පලා යාමේ ප්‍රධාන සැකකරු වන්නේ...</font>

133
00:10:09,850 --> 00:10:13,120
<font color="#ffde44">It's YOU හි CEO යූන් බි ආගේ මව වන යැං සොන් ඒ ගේ</font>

134
00:10:13,180 --> 00:10:16,890
<font color="#ffde44">සම-ප්‍රධාන විධායක නිලධාරී සොල් ජේ හී ය.
ඔහු මේ වන විට පලා ගොස් ඇති බව වාර්තා වේ.</font>

135
00:10:16,950 --> 00:10:19,760
<font color="#ffde44">මේ අතර, කෝපයට පත් පරිශීලකයින් සහ ආයෝජකයින්...</font>

136
00:10:19,820 --> 00:10:22,560
<font color="#ffde44">සේවාව අත්හිටුවන ලෙසත්, It's YOU මේ වෙනුවෙන්
වගකීම භාරගත යුතු බවටත් ඉල්ලා සිටින අතර,</font>

137
00:10:22,630 --> 00:10:25,400
<font color="#ffde44">ඔවුන් විරෝධතා පවත්වන බව ද වාර්තා වේ.</font>

138
00:10:25,460 --> 00:10:29,030
<font color="#ffde44">It's YOU වහාම වහලා දානු!</font>

139
00:10:29,100 --> 00:10:30,970
<font color="#ffde44">වහලා දානු!
වහලා දානු!</font>

140
00:10:31,040 --> 00:10:34,140
<font color="#ffde44">CEO යූන් බි ආ, වහාම ඉල්ලා අස්වෙනු!</font>

141
00:10:34,210 --> 00:10:35,639
<font color="#ffde44">අස්වෙනු!
අස්වෙනු!</font>

142
00:10:35,640 --> 00:10:37,040
<font color="#ffde44">CEO යූන්! අර ඉන්නේ එයා!</font>

143
00:10:37,110 --> 00:10:40,280
<font color="#ffde44">හේයි, එයාව නවත්තන්න!
CEO යූන්! ඔයා මොන මූණකින්ද මෙහෙ ආවේ?</font>

144
00:10:40,410 --> 00:10:41,710
<font color="#ffde44">CEO යූන්!
එළියට යනවා!</font>

145
00:10:41,780 --> 00:10:43,350
<font color="#ffde44">ඔයාලා දෙන්නා අතර මොකක් හරි ආරවුලක් තිබුණද?</font>

146
00:10:43,810 --> 00:10:47,250
<font color="#ffde44">එළියට යනවා!
කරුණාකරලා, මොනවා හරි කියන්න! CEO යූන්!</font>

147
00:10:47,320 --> 00:10:48,520
<font color="#ffde44">ඉතින් ඔයා දැන් මොනවද කරන්න යන්නේ?</font>

148
00:10:49,490 --> 00:10:51,720
<font color="#ffde44">මගේ සල්ලි ආපහු දෙනවා!
එළියට යනවා!</font>

149
00:10:51,860 --> 00:10:53,290
<font color="#ffde44">මගේ ආයෝජනය ආපහු දෙනවා!
ඔයා කොහොමද මෙහෙ ආවේ!</font>

150
00:10:53,360 --> 00:10:55,890
<font color="#ffde44">CEO යූන්! ඇයි CEO සොල් ඔයාගේ අම්මට අනතුරක් කළේ?</font>

151
00:10:55,960 --> 00:10:57,360
<font color="#ffde44">ඔයාලා දෙන්නා අතර ආරවුලක් තිබුණද?</font>

152
00:10:57,430 --> 00:10:58,830
<font color="#ffde44">මේ අර්බුදයට ඔයා ගාව විසඳුමක් තියෙනවද?</font>

153
00:10:58,900 --> 00:11:00,329
<font color="#ffde44">අපේ ආයෝජන ආපහු දෙනවා!</font>

154
00:11:00,330 --> 00:11:01,900
<font color="#ffde44">අපි දැන් මොකද කරන්නේ?</font>

155
00:11:02,200 --> 00:11:03,570
<font color="#ffde44">මගේ සල්ලි දෙනවා!</font>

156
00:11:04,500 --> 00:11:05,600
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

157
00:11:11,710 --> 00:11:14,550
<font color="#ffde44">CEO යූන්, ඔයාව අස් කිරීමේ යෝජනාවකට අද ඡන්දයක් තියෙනවද?</font>

158
00:11:14,610 --> 00:11:16,450
<font color="#ffde44">කැමැත්තෙන්ම ඉල්ලා අස්වෙන්න අදහසක් තියෙනවද?</font>

159
00:11:18,920 --> 00:11:21,350
<font color="#ffde44">මොනවා හරි කියන්නකෝ!
අනේ, මොනවා හරි කියන්න!</font>

160
00:11:21,420 --> 00:11:24,390
<font color="#ffde44">කරුණාකරලා ප්‍රකාශයක් දෙන්න!
ඔයා කොහොමද මේක විසඳන්නේ?</font>

161
00:11:30,290 --> 00:11:32,030
<font color="#ffde44">(It's YOU, වහාම සේවාව වසා දමනු!)</font>

162
00:11:33,000 --> 00:11:34,030
<font color="#ffde44">මුලින්ම,</font>

163
00:11:35,470 --> 00:11:37,000
<font color="#ffde44">මේ සිදුවීම් මාලාව නිසා අපහසුතාවයට පත් වුණ...</font>

164
00:11:37,670 --> 00:11:40,440
<font color="#ffde44">සහ කලබලයට පත් වුණ හැමෝගෙන්ම,</font>

165
00:11:41,770 --> 00:11:43,270
<font color="#ffde44">මම අවංකවම සමාව ඉල්ලනවා.</font>

166
00:11:44,210 --> 00:11:45,910
<font color="#ffde44">වැඩිදුර විස්තර,</font>

167
00:11:46,880 --> 00:11:49,750
<font color="#ffde44">නිල මාධ්‍ය හමුවකදී මම දැනුම් දෙන්නම්.</font>

168
00:11:53,320 --> 00:11:56,150
<font color="#ffde44">මොකක්? ඒක නම් විහිළුවක්!
ඔයා කොහෙද යන්නේ?</font>

169
00:11:58,060 --> 00:12:00,520
<font color="#ffde44">කොටස්කරුවන්ට වෙලා තියෙන මුළු පාඩුව ගැන ඔයාට අදහසක් තියෙනවද?</font>

170
00:12:01,090 --> 00:12:03,330
<font color="#ffde44">වහාම ඔයාව අස් කිරීමේ යෝජනාවක් ගේන්න ඕනේ...</font>

171
00:12:03,660 --> 00:12:06,800
<font color="#ffde44">නැත්නම් අපි මේ දැන්ම මෙතනදි ඒකට ඡන්දෙ දෙනවා!</font>

172
00:12:06,860 --> 00:12:11,200
<font color="#ffde44">දෙවියනේ, ප්‍රතිඵලේ පැහැදිලියි. එයා
හැමදාම හිටියේ CEO සොල්ගේ හෙවණැල්ලේ.</font>

173
00:12:11,270 --> 00:12:12,799
<font color="#ffde44">එයාට තනියම මොනවා කරන්නද?</font>

174
00:12:12,800 --> 00:12:15,210
<font color="#ffde44">ඔයාගේ මහන්සියට ස්තූතියි, CEO යූන්.</font>

175
00:12:16,110 --> 00:12:20,410
<font color="#ffde44">කොහොම වුණත්, It's YOU නිසා අපිට
වුණු පාඩු වලට කවුද වන්දි ගෙවන්නේ?</font>

176
00:12:20,510 --> 00:12:21,650
<font color="#ffde44">ඔව්, සල්ලි දෙනවා!</font>

177
00:12:21,710 --> 00:12:24,380
<font color="#ffde44">ඔයාට මේකට ප්ලෑන් එකක්වත් තියෙනවද?
ඔයා මේකට වගකියන්න ඕනේ!</font>

178
00:12:24,450 --> 00:12:26,050
<font color="#ffde44">CEO යූන් බි ආ වන මම,</font>

179
00:12:27,420 --> 00:12:28,550
<font color="#ffde44">අද ඉඳන්,</font>

180
00:12:29,920 --> 00:12:32,160
<font color="#ffde44">ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වෙනවා.</font>

181
00:12:34,560 --> 00:12:37,130
<font color="#ffde44">(It's YOU හි පළමු විශේෂ කොටස්කරුවන්ගේ රැස්වීම)</font>

182
00:12:39,000 --> 00:12:41,600
<font color="#ffde44">It's YOU නිසා හානියට පත්වුණ හැමෝටම,</font>

183
00:12:41,930 --> 00:12:46,600
<font color="#ffde44">විසඳුමක් හොයලා වන්දි ගෙවන්න මම මගේ උපරිමය කරනවා.</font>

184
00:12:47,400 --> 00:12:48,440
<font color="#ffde44">හැමෝටම ස්තූතියි...</font>

185
00:12:49,270 --> 00:12:50,440
<font color="#ffde44">හැමදේකටම.</font>

186
00:12:54,710 --> 00:12:58,480
<font color="#ffde44">කොහොමද CEO සොල් CEO යූන්ගේ අම්මාට එහෙම දෙයක් කළේ?</font>

187
00:12:59,120 --> 00:13:03,250
<font color="#ffde44">අම්මා නැතිවෙන එකත් දරාගන්න අමාරුයි,
දැන් කම්පැනියටත් මේ වගේ ප්‍රශ්නයක්.</font>

188
00:13:03,420 --> 00:13:05,390
<font color="#ffde44">ඇත්තටම මොකක්ද වුණේ?</font>

189
00:13:06,860 --> 00:13:11,100
<font color="#ffde44">එයා It's YOU වෙනුවෙන් කරපු කැපවීම් දැක්කම.</font>

190
00:13:12,600 --> 00:13:13,600
<font color="#ffde44">CEO යූන්?</font>

191
00:13:18,500 --> 00:13:19,600
<font color="#ffde44">මම දැන්...</font>

192
00:13:20,970 --> 00:13:22,010
<font color="#ffde44">CEO නෙවෙයි.</font>

193
00:13:23,370 --> 00:13:25,240
<font color="#ffde44">ඔයා ඇත්තටම මේ විදිහට යන්නද යන්නේ?</font>

194
00:13:27,810 --> 00:13:29,510
<font color="#ffde44">මගේ කොටස මෙතනින් ඉවරයි.</font>

195
00:13:31,350 --> 00:13:32,420
<font color="#ffde44">මෙච්චර කාලයක්,</font>

196
00:13:33,680 --> 00:13:35,120
<font color="#ffde44">මගේ අඩුපාඩුකම් මැද වුණත් ඔයාලා මාව විශ්වාස කරලා,</font>

197
00:13:36,620 --> 00:13:38,290
<font color="#ffde44">මෙච්චර දුරක් මාත් එක්ක ආවා.</font>

198
00:13:39,790 --> 00:13:40,890
<font color="#ffde44">ඒ ගැන මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.</font>

199
00:13:49,800 --> 00:13:50,940
<font color="#ffde44">CEO යූන්!</font>

200
00:13:55,110 --> 00:13:57,640
<font color="#ffde44">ඔයා නැතුව It's YOU, It's YOU නෙවෙයි.</font>

201
00:13:57,780 --> 00:14:00,140
<font color="#ffde44">අපි ඔයා එක්කම ඉන්නවා.</font>

202
00:14:00,640 --> 00:14:01,650
<font color="#ffde44">මාත්.</font>

203
00:14:02,910 --> 00:14:04,280
<font color="#ffde44">CEO යූන්!</font>

204
00:14:09,250 --> 00:14:10,420
<font color="#ffde44">රචක හාන්!</font>

205
00:14:10,720 --> 00:14:12,920
<font color="#ffde44">රචක හාන්!
රචක හාන්!</font>

206
00:14:13,720 --> 00:14:14,729
<font color="#ffde44">හේයි, ඇයි මාව බදාගන්නේ?</font>

207
00:14:14,730 --> 00:14:16,290
<font color="#ffde44">රචක හාන්, මම ආදරෙයි... මගේ අදහස, මම ඔයාට කැමතියි!</font>

208
00:14:16,360 --> 00:14:17,360
<font color="#ffde44">මමත් ඔයාට ආදරෙයි!</font>

209
00:14:17,630 --> 00:14:20,130
<font color="#ffde44">මාව අතහරින්න. සෑන්, අතහරින්න! මාව දැන් අතහරින්න!</font>

210
00:14:20,200 --> 00:14:21,269
<font color="#ffde44">බෑ, මම අතහරින්නෙ නෑ!</font>

211
00:14:21,270 --> 00:14:22,900
<font color="#ffde44">It's YOU එකේ මම කැමතිම කෙනා ඔයා!
කරුණාකරලා මාව අතහරින්න.</font>

212
00:14:27,970 --> 00:14:29,840
<font color="#ffde44">පේන විදිහට ඔයාගේ සේවකයෝ, බි ආ,</font>

213
00:14:30,240 --> 00:14:32,980
<font color="#ffde44">ඒ කියන්නේ CEO යූන්, ඇත්තටම ඔයා ගැන ගොඩක් හිතනවා.</font>

214
00:14:33,840 --> 00:14:34,950
<font color="#ffde44">එයාලට ඒක කියාගන්න බැරි වුණත්.</font>

215
00:14:35,710 --> 00:14:37,780
<font color="#ffde44">මම මීට කලින් එයාලට හොඳින් සලකන්න තිබුණා.</font>

216
00:14:38,520 --> 00:14:42,250
<font color="#ffde44">ආදරේ ලබන එක කොච්චර සතුටක්ද කියලා මම දැනගෙන හිටියා නම්.</font>

217
00:14:55,600 --> 00:14:59,100
<font color="#ffde44">මට ජේ හී එක්ක කතා කරන්න ඕනේ. තනියම.</font>

218
00:15:26,230 --> 00:15:28,070
<font color="#ffde44">ඔයා මෙහෙට ආවේ මට මොනවා හරි කියන්න නේද?</font>

219
00:15:33,400 --> 00:15:35,270
<font color="#ffde44">ඔයාට මොනවද අහන්න ඕනේ?</font>

220
00:15:37,370 --> 00:15:39,580
<font color="#ffde44">ඔයාට මට බනින්න ඕනෙද?</font>

221
00:15:41,050 --> 00:15:42,250
<font color="#ffde44">මට දැනගන්න ඕනේ.</font>

222
00:15:43,250 --> 00:15:44,850
<font color="#ffde44">ඇයි ඔයාට මේ තරම් දුර යන්න වුණේ කියලා.</font>

223
00:15:46,780 --> 00:15:47,820
<font color="#ffde44">ඔයා මගෙන් ඇයි කියලා අහනවද?</font>

224
00:15:59,860 --> 00:16:01,370
<font color="#ffde44">ඔයාගේ අම්මා නිසයි...</font>

225
00:16:02,530 --> 00:16:04,070
<font color="#ffde44">මට මගේ තාත්තව නැති වුණේ.</font>

226
00:16:07,370 --> 00:16:09,340
<font color="#ffde44">මොකද එයා අම්මා කෙනෙක් වෙන්න කවදාවත් සුදුසු කෙනෙක් නෙවෙයි.</font>

227
00:16:10,740 --> 00:16:12,440
<font color="#ffde44">ඔයාගේ අම්මා හැමෝවම විනාශ කළා.</font>

228
00:16:13,640 --> 00:16:16,510
<font color="#ffde44">මගේ තාත්තව, ඔයාගේ තාත්තව, ඔයාව, වගේම මාවත්!</font>

229
00:16:20,350 --> 00:16:21,490
<font color="#ffde44">ඒ නිසයි මට එයාව මරන්න ඕන වුණේ.</font>

230
00:16:26,220 --> 00:16:27,220
<font color="#ffde44">ඉතින්?</font>

231
00:16:29,360 --> 00:16:30,360
<font color="#ffde44">ඔයාට දැන් සතුටුද?</font>

232
00:16:36,930 --> 00:16:41,370
<font color="#ffde44">මම ඒ හැමදේම කළේ ඔයා වෙනුවෙන්. ඔයාට
තේරෙන්නෙ නැද්ද? මට ඔයාගේ ළඟින් ඉන්න ඕනේ...</font>

233
00:16:41,640 --> 00:16:43,570
<font color="#ffde44">අපිට දෙන්නටම සතුටින් ඉන්න.</font>

234
00:16:44,210 --> 00:16:46,010
<font color="#ffde44">ඉතින්...
මම ඒ ගැන දන්නෙ නැහැ.</font>

235
00:16:47,610 --> 00:16:48,850
<font color="#ffde44">මමත් විශ්වාස කළා ජේ හී, ඔයා,</font>

236
00:16:50,280 --> 00:16:52,380
<font color="#ffde44">මට ඉතිරි වෙලා හිටපු එකම පවුල කියලා.</font>

237
00:16:53,550 --> 00:16:57,150
<font color="#ffde44">ඒත් ඔයා මාව වෙනුවෙන් හදපු හිරගෙදර
ඇතුළෙ මාව ටිකෙන් ටික විනාශ වෙන්න ඇරියා.</font>

238
00:17:00,420 --> 00:17:01,430
<font color="#ffde44">හිරගෙදරක්?</font>

239
00:17:06,900 --> 00:17:07,900
<font color="#ffde44">ඔව්.</font>

240
00:17:08,500 --> 00:17:10,730
<font color="#ffde44">මෙච්චර කල්, මම හිටියේ මමම හදාගත්ත හිරගෙදරක.</font>

241
00:17:11,740 --> 00:17:13,200
<font color="#ffde44">ඒත් මට එතන තනියම ඉන්න ඕන වුණේ නැහැ.</font>

242
00:17:14,870 --> 00:17:16,740
<font color="#ffde44">ඒ නිසයි මම මගේ කාලය ඇතුළෙ ඔයාවත් හිර කරගත්තේ.</font>

243
00:17:23,080 --> 00:17:24,080
<font color="#ffde44">බි ආ.</font>

244
00:17:25,420 --> 00:17:28,390
<font color="#ffde44">ඔයා මාව දාලා යාවි කියලා මම ගොඩක් බයෙන් හිටියේ.</font>

245
00:17:29,090 --> 00:17:30,090
<font color="#ffde44">ඔයාටත් එහෙම දැනෙනවා නේද?</font>

246
00:17:30,690 --> 00:17:33,690
<font color="#ffde44">අපි තමයි අතහැරලා දාපු අය. නේද?</font>

247
00:17:35,960 --> 00:17:37,760
<font color="#ffde44">අපිට වෙන් වෙන්න බැහැ, ඔයාටයි මටයි.</font>

248
00:17:53,240 --> 00:17:54,550
<font color="#ffde44">ඔයා මට දීපු ඔරලෝසුව...</font>

249
00:17:55,380 --> 00:17:57,250
<font color="#ffde44">මට මුළු ලෝකෙම වගේ වුණා.</font>

250
00:17:58,750 --> 00:17:59,750
<font color="#ffde44">ඒත් දැන් මට තේරෙනවා...</font>

251
00:18:02,850 --> 00:18:04,190
<font color="#ffde44">ඒකෙන් වුණේ මාව පස්සට ඇදලා දාපු එක විතරයි කියලා.</font>

252
00:18:10,130 --> 00:18:12,430
<font color="#ffde44">ඒත් ඔයා නැතුව ඉස්සරහට යන්නේ කොහොමද කියලා මම දන්නෙ නෑ.</font>

253
00:18:12,860 --> 00:18:15,130
<font color="#ffde44">ඒක ඔයාම හොයාගන්න ඕන දෙයක්.</font>

254
00:18:16,970 --> 00:18:18,170
<font color="#ffde44">අපි ඒ දවස ඇතුළෙම හිරවෙලා හිටියොත්,</font>

255
00:18:19,140 --> 00:18:20,570
<font color="#ffde44">අපි දෙන්නම දුක් විඳීවි.</font>

256
00:18:24,510 --> 00:18:25,510
<font color="#ffde44">දුක් විඳීවි?</font>

257
00:18:27,510 --> 00:18:28,750
<font color="#ffde44">දැන් ඔයා දිහා බලන්න.</font>

258
00:18:39,560 --> 00:18:42,390
<font color="#ffde44">ඔයා එයා එක්ක හැමදාම කතා කරනවා
කියලා මම දැනගන්න එකක් නෑ කියලද හිතුවේ?</font>

259
00:18:42,690 --> 00:18:44,390
<font color="#ffde44">ඒ අපි එයාගේ පොතේ වැඩ කරපු නිසයි.</font>

260
00:18:44,460 --> 00:18:47,200
<font color="#ffde44">ඒ මෝඩ පොත! ඔයාගේ පොත නිදහසට කරුණක් කරගන්න එක නවත්තන්න.</font>

261
00:18:47,260 --> 00:18:48,270
<font color="#ffde44">ඒක පිළිකුල් සහගතයි.</font>

262
00:18:55,240 --> 00:18:57,010
<font color="#ffde44">ප්‍රධාන විධායක නිලධාරිනි යූන්, පේන විදිහට නෙවෙයි.</font>

263
00:18:59,540 --> 00:19:00,740
<font color="#ffde44">හේයි, සෝල් ජේ හී.</font>

264
00:19:02,810 --> 00:19:06,780
<font color="#ffde44">ඔයා පුදුම කෙනෙක්, යූන් බී ආ.
මම දන්නවා මම එහෙමයි කියලා, සෝල් ජේ හී.</font>

265
00:19:14,590 --> 00:19:16,060
<font color="#ffde44">දැන් මට මගේම කාලය ලැබිලා තියෙනවා.</font>

266
00:19:17,860 --> 00:19:18,930
<font color="#ffde44">ඒත් ඔයා තාමත්...</font>

267
00:19:19,900 --> 00:19:21,230
<font color="#ffde44">අතීතයේ හිරවෙලා.</font>

268
00:19:26,140 --> 00:19:27,140
<font color="#ffde44">ජේ හී.</font>

269
00:19:32,110 --> 00:19:33,110
<font color="#ffde44">ජේ හී.</font>

270
00:19:37,250 --> 00:19:38,820
<font color="#ffde44">ඔයාට එතනම හිරවෙලා ඉන්න බෑ.</font>

271
00:19:42,150 --> 00:19:43,620
<font color="#ffde44">ඔයා මාව එළියට ගත්තා වගේම,</font>

272
00:19:45,990 --> 00:19:47,260
<font color="#ffde44">දැන් මගේ වාරය ඔයාව එළියට ගන්න.</font>

273
00:20:19,160 --> 00:20:20,590
<font color="#ffde44">මේක හදිසි පුවතක්.</font>

274
00:20:21,020 --> 00:20:24,630
<font color="#ffde44">අභාවප්‍රාප්ත යැං සොන් ඒ රිය අනතුරකට
ලක් කර පලා යාමේ ප්‍රධාන සැකකාරිය වන,</font>

275
00:20:24,860 --> 00:20:29,370
<font color="#ffde44">It's YOU ආයතනයේ හිටපු සම ප්‍රධාන විධායක
නිලධාරිනි සෝල් ජේ හී, අද පොලිසියට භාර වුණා.</font>

276
00:20:30,000 --> 00:20:33,400
<font color="#ffde44">මෙම සිදුවීමේ තොරතුරු පිළිබඳව පොලිසිය
මෙනවිය සෝල්ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා...</font>

277
00:20:33,470 --> 00:20:36,640
<font color="#ffde44">ඒ වගේම ඇයගේ පලා යාමේ මාර්ගය ගැනත් ඔවුන්ගේ
පරීක්ෂණයේ කොටසක් විදිහට හොයලා බලනවා.</font>

278
00:20:36,710 --> 00:20:40,240
<font color="#ffde44">(අභාවප්‍රාප්ත යැං සොන් ඒ)</font>

279
00:20:40,310 --> 00:20:41,310
<font color="#ffde44">මම...</font>

280
00:20:42,910 --> 00:20:44,750
<font color="#ffde44">ඔයාට ගොඩක් වෛර කළා,</font>

281
00:20:47,520 --> 00:20:49,390
<font color="#ffde44">මම ඔයාව අතහැරියා කියලා මමම හිතාගත්තා.</font>

282
00:20:50,920 --> 00:20:51,920
<font color="#ffde44">ඒත්...</font>

283
00:20:56,430 --> 00:20:57,430
<font color="#ffde44">ඇත්තම කතාව නම්,</font>

284
00:20:59,400 --> 00:21:01,000
<font color="#ffde44">මම ඔයාට ගොඩක් ආදරේ කළා.</font>

285
00:21:02,670 --> 00:21:04,100
<font color="#ffde44">ඒ වගේම මට ඔයාව අතාරින්න බැරි වුණු නිසා,</font>

286
00:21:06,570 --> 00:21:07,570
<font color="#ffde44">මම හිටියේ ලොකු වේදනාවකින්.</font>

287
00:21:11,340 --> 00:21:12,410
<font color="#ffde44">සමුගන්නවා, අම්මේ.</font>

288
00:21:53,280 --> 00:21:55,220
<font color="#ffde44">අම්මා කතා කරපු ඒ පුංචි ක්ෂේම භූමිය...</font>

289
00:21:56,590 --> 00:21:57,650
<font color="#ffde44">ඒක මොකක් වෙන්න ඇති කියලද ඔයා හිතන්නේ?</font>

290
00:22:00,490 --> 00:22:01,590
<font color="#ffde44">ඒක අනිවාර්යයෙන්ම ආදරය වෙන්න ඇති.</font>

291
00:22:04,700 --> 00:22:06,560
<font color="#ffde44">මම අයියා වුණත්, මම බෙක් හෝ වගේ වුණේ නෑ.</font>

292
00:22:07,600 --> 00:22:08,870
<font color="#ffde44">මම එච්චර නිර්භීත කෙනෙක් නෙවෙයි.</font>

293
00:22:10,500 --> 00:22:11,940
<font color="#ffde44">අපේ අම්මා නැති වුණාට පස්සේ,</font>

294
00:22:12,270 --> 00:22:14,140
<font color="#ffde44">මම මගේම පුංචි ලෝකෙක හැංගුණා.</font>

295
00:22:15,640 --> 00:22:17,970
<font color="#ffde44">ඒත් මාව ලෝකෙට ගෙනාපු කාන්තාව, මිසිස් සොන් ඒ,</font>

296
00:22:18,980 --> 00:22:21,510
<font color="#ffde44">ඇය කොහොමද තනියම සැබෑ ලෝකයට පියවර තිබ්බේ?</font>

297
00:22:24,210 --> 00:22:25,220
<font color="#ffde44">මම හැමතිස්සෙම ඒ ගැන කල්පනා කළා.</font>

298
00:22:26,750 --> 00:22:28,650
<font color="#ffde44">සොන් ඒ යම් කෙනෙක් ගැන කතා කරන හැම වෙලාවකම,</font>

299
00:22:29,450 --> 00:22:31,860
<font color="#ffde44">ඇය ලෝකේ සතුටුම කෙනා වගේ දීප්තිමත් වෙනවා.</font>

300
00:22:33,790 --> 00:22:35,060
<font color="#ffde44">ඇය නිතරම කිව්වේ...</font>

301
00:22:36,090 --> 00:22:37,490
<font color="#ffde44">ඔයා ඇත්තටම කාටහරි ආදරය කරනකොට,</font>

302
00:22:37,890 --> 00:22:39,530
<font color="#ffde44">අන්න එතකොටයි ඔයාට නියම නවකතාවක් ලියන්න පුළුවන් වෙන්නේ කියලා.</font>

303
00:22:42,470 --> 00:22:44,200
<font color="#ffde44">ඇයට ගොඩක් ඕන වෙලා තිබුණු ඒ මිදෙන්න බැරි අඳුරේ...</font>

304
00:22:44,770 --> 00:22:47,100
<font color="#ffde44">ඇය හීන දැක්ක ඒ පාරාදීසය හැංගිලා තිබුණා.</font>

305
00:22:50,340 --> 00:22:51,980
<font color="#ffde44">පොඩි තැනක් වුණත්, සතුටින් පිරුණු තැනක්.</font>

306
00:22:55,210 --> 00:22:56,480
<font color="#ffde44">ඇගේම පුංචි ක්ෂේම භූමිය.</font>

307
00:23:00,650 --> 00:23:01,790
<font color="#ffde44">මට හිතෙන්නේ ඒ කවුද කියලා.</font>

308
00:23:06,620 --> 00:23:10,489
<font color="#ffde44">(සම-ප්‍රධාන විධායක නිලධාරිනි යූන් බී ආගේ හදිසි මාධ්‍ය හමුව)</font>

309
00:23:10,490 --> 00:23:12,800
<font color="#ffde44">(It's YOU අපවාදය, නිල ප්‍රකාශය)</font>

310
00:23:12,930 --> 00:23:17,429
<font color="#ffde44">(සම-ප්‍රධාන විධායක නිලධාරිනි යූන් බී ආගේ හදිසි මාධ්‍ය හමුව)</font>

311
00:23:17,430 --> 00:23:20,040
<font color="#ffde44">(It's YOU අපවාදය, නිල ප්‍රකාශය)</font>

312
00:23:20,670 --> 00:23:22,840
<font color="#ffde44">පළමුව, මම පටන් ගන්න කලින්,</font>

313
00:23:23,210 --> 00:23:26,080
<font color="#ffde44">මේ සිදුවීමෙන් හානියට පත් වුණු අපගේ
කොටස්කරුවන්ට සහ පරිශීලකයින්ට,</font>

314
00:23:26,910 --> 00:23:27,910
<font color="#ffde44">මම මගේ අවංක සමාව අයදිනවා.</font>

315
00:23:29,680 --> 00:23:30,810
<font color="#ffde44">මම මේ ගැන සම්පූර්ණ වගකීම භාර ගන්නවා...</font>

316
00:23:30,880 --> 00:23:33,550
<font color="#ffde44">යූන් මහත්මිය, අනාගතය ගැන ඔයාගේ සැලසුම් මොනවාද?</font>

317
00:23:33,750 --> 00:23:36,420
<font color="#ffde44">It's YOU එකට මොකද වෙන්නේ?
ඔයා දිගටම සමාගමේ ඉන්නවාද?</font>

318
00:23:36,490 --> 00:23:37,650
<font color="#ffde44">ඔයාව ප්‍රධාන විධායක නිලධාරිනි
තනතුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලාද?</font>

319
00:23:37,720 --> 00:23:38,920
<font color="#ffde44">කවුද සමාගම භාර ගන්නේ?</font>

320
00:23:39,020 --> 00:23:40,860
<font color="#ffde44">රචක හැන් සොන් හෝට මොකද වෙන්නේ?</font>

321
00:23:46,300 --> 00:23:47,900
<font color="#ffde44">(මගේ ජීවිත කාලෙම ඉතුරුම් It's YOU එක
විශ්වාස කරලා දැම්මා, දැන් ඔක්කොම ඉවරයි)</font>

322
00:23:56,810 --> 00:23:59,340
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, රචක හැන් සොන් හෝ
දැන් සමාජ මාධ්‍යවල පෝස්ට් එකක් දැම්මා.</font>

323
00:23:59,510 --> 00:24:00,510
<font color="#ffde44">ඒකෙ මොකක්ද තියෙන්නේ?</font>

324
00:24:00,940 --> 00:24:02,180
<font color="#ffde44">ඔහු අලුත් පොතක් ගැන නිවේදනය කරනවා.</font>

325
00:24:02,650 --> 00:24:03,650
<font color="#ffde44">මොකක්ද මාතෘකාව?</font>

326
00:24:03,980 --> 00:24:08,080
<font color="#ffde44">"ආදර භීතිකාව?" භීතිකාව? ඒ කියන්නේ මොකකට හරි බය වෙන එකද?</font>

327
00:24:09,950 --> 00:24:10,990
<font color="#ffde44">ආදර...</font>

328
00:24:12,520 --> 00:24:13,520
<font color="#ffde44">භීති...</font>

329
00:24:14,990 --> 00:24:15,990
<font color="#ffde44">බී ආ?</font>

330
00:24:18,400 --> 00:24:19,400
<font color="#ffde44">අලුත් පොතක්?</font>

331
00:24:23,870 --> 00:24:26,670
<font color="#ffde44">සොන් හෝ, මොකක්ද මේ? ඔයා මේ ගැන මාත් එක්ක කතා කළෙත් නෑනේ.</font>

332
00:24:27,800 --> 00:24:30,410
<font color="#ffde44">අනික, මේක නිවේදනය කරන්න මේකද හරි වෙලාව?</font>

333
00:24:30,610 --> 00:24:32,680
<font color="#ffde44">මේකෙන් පැහැදිලිවම ප්‍රශ්න තවත් වැඩි වෙනවා විතරයි.</font>

334
00:24:35,180 --> 00:24:36,550
<font color="#ffde44">මම මේක ඉගෙන ගත්තේ ප්‍රධාන විධායක නිලධාරිනි යූන්ගෙන්.</font>

335
00:24:36,880 --> 00:24:37,950
<font color="#ffde44">මහජන මතය කොහොමද සම්පූර්ණයෙන්ම කණපිට හරවන්නේ කියලා.</font>

336
00:24:38,580 --> 00:24:40,980
<font color="#ffde44">බී ආට එල්ල වෙන ප්‍රහාර මම මගේ පැත්තට හරවගන්නවා.</font>

337
00:24:42,290 --> 00:24:45,520
<font color="#ffde44">ඒ වගේම මට ඕනේ මිනිස්සුන්ට අවසානයේදී තේරුම් කරන්න...</font>

338
00:24:46,820 --> 00:24:49,690
<font color="#ffde44">It's YOU නිර්මාණය කරන්න බී ආට
තිබුණු ඒ උද්යෝගය මොන වගේද කියලා.</font>

339
00:24:50,330 --> 00:24:51,830
<font color="#ffde44">මට ඒක තේරෙනවා, ඒත්.</font>

340
00:24:52,460 --> 00:24:55,470
<font color="#ffde44">ඔයා ළඟ මොනවා හරි ලියලා තියෙනවද?
තියෙනවා නම්, මට මුලින්ම ඒක බලන්න දෙන්න...</font>

341
00:25:08,580 --> 00:25:11,650
<font color="#ffde44">(සම-ප්‍රධාන විධායක නිලධාරිනි යූන් බී ආගේ හදිසි මාධ්‍ය හමුව)</font>

342
00:25:11,850 --> 00:25:14,850
<font color="#ffde44">ඔබ කවදාහරි තදින්ම වේදනාවට පත්වෙලා තියෙනවද...</font>

343
00:25:16,420 --> 00:25:17,450
<font color="#ffde44">ඔබ වැඩියෙන්ම ආදරය කරපු කෙනාගෙන්?</font>

344
00:25:17,520 --> 00:25:19,320
<font color="#ffde44">(It's YOU, වගකීම භාරගන්න!)</font>

345
00:25:19,390 --> 00:25:20,490
<font color="#ffde44">මට නම් එහෙම වෙලා තියෙනවා.</font>

346
00:25:21,830 --> 00:25:24,430
<font color="#ffde44">ආදරය අවිනිශ්චිතයි, ඒ වගේම අනපේක්ෂිතයි,</font>

347
00:25:25,430 --> 00:25:26,430
<font color="#ffde44">ඒත් අපි මෝඩ විදිහට...</font>

348
00:25:27,230 --> 00:25:28,800
<font color="#ffde44">ඒක සදහටම තියේවි කියලා විශ්වාස කරනවා.</font>

349
00:25:29,530 --> 00:25:31,030
<font color="#ffde44">මම ඒක ලෙඩක් විදිහටයි දැක්කේ.</font>

350
00:25:32,240 --> 00:25:33,240
<font color="#ffde44">ඒ නිසා,</font>

351
00:25:34,400 --> 00:25:36,270
<font color="#ffde44">මම මගේම පුංචි ලෝකයක් හැදුවා...</font>

352
00:25:37,110 --> 00:25:38,340
<font color="#ffde44">ඒ වගේම ඒක ඇතුළේ මාව හංගගත්තා.</font>

353
00:25:39,880 --> 00:25:40,880
<font color="#ffde44">ඒත්...</font>

354
00:25:41,440 --> 00:25:42,450
<font color="#ffde44">දෛවයේ සරදමකට වගේ,</font>

355
00:25:44,150 --> 00:25:47,150
<font color="#ffde44">කිසිම දෙයක් සදහටම පවතින්නේ නෑ කියලා විශ්වාස කරද්දිත්,</font>

356
00:25:47,850 --> 00:25:50,750
<font color="#ffde44">මම දැඩිව ප්‍රාර්ථනා කළා මොකක් හරි දෙයක් එහෙම තියේවි කියලා.</font>

357
00:25:53,460 --> 00:25:54,460
<font color="#ffde44">මොකද It's YOU කියන්නේ නිකම්ම...</font>

358
00:25:55,130 --> 00:25:57,590
<font color="#ffde44">මගේ පුංචි ලෝකය, මගේ පෞද්ගලික රහස් තැන විතරක් නෙවෙයි.</font>

359
00:25:58,660 --> 00:26:00,000
<font color="#ffde44">ඒක තවත් කෙනෙකුටත් අයිති වුණා...</font>

360
00:26:01,560 --> 00:26:03,500
<font color="#ffde44">කවදාවත් ආදරය අතනාරිය කෙනෙකුට.</font>

361
00:26:08,470 --> 00:26:09,810
<font color="#ffde44">ඊටපස්සේ මට තේරුම් ගියා...</font>

362
00:26:11,680 --> 00:26:14,180
<font color="#ffde44">ඒකේ තියෙන ඒ අවිනිශ්චිත සහ අනපේක්ෂිත වෙනස්වීම් පවා...</font>

363
00:26:15,710 --> 00:26:17,080
<font color="#ffde44">ආදරයේම කොටසක් කියලා.</font>

364
00:26:18,980 --> 00:26:22,590
<font color="#ffde44">ඒ වගේම, It's YOU මොන වගේ තත්ත්වයකට පත්වෙයිද කියලා,</font>

365
00:26:22,690 --> 00:26:24,920
<font color="#ffde44">මට මේ වෙලාවේ හරියටම කියන්න බෑ.</font>

366
00:26:25,620 --> 00:26:28,360
<font color="#ffde44">ඒත් මම එක දෙයක් පැහැදිලිවම කියන්නම්.</font>

367
00:26:29,130 --> 00:26:33,900
<font color="#ffde44">It's YOU හැංගෙන්නේවත් පස්සට යන්නේවත්
නෑ. අපි සම්පූර්ණ වගකීම භාර ගන්නවා,</font>

368
00:26:34,500 --> 00:26:37,600
<font color="#ffde44">ඒ වගේම ධනාත්මක දිශාවකට දිගටම වර්ධනය වෙනවා.</font>

369
00:26:39,240 --> 00:26:40,800
<font color="#ffde44">මම ඒ ගැන පොරොන්දු වෙනවා.</font>

370
00:26:51,850 --> 00:26:53,180
<font color="#ffde44">බලන්න, ඒ රචක හැන් සොන් හෝ!</font>

371
00:26:56,420 --> 00:26:58,590
<font color="#ffde44">රචක හැන්, ඔයාගේ අලුත් නිර්මාණය කවද්ද නිකුත් වෙන්නේ?</font>

372
00:26:58,790 --> 00:27:00,720
<font color="#ffde44">සර්, "ආදර භීතිකාව" කියන්නේ මොකක්ද?</font>

373
00:27:00,790 --> 00:27:02,430
<font color="#ffde44">කරුණාකරලා, ඔයාගේ අලුත් පොත ගැන එකම එක අදහසක් දෙන්න!</font>

374
00:27:02,490 --> 00:27:03,490
<font color="#ffde44">ඒක ආදර කතාවක්ද?</font>

375
00:27:03,790 --> 00:27:05,730
<font color="#ffde44">සර්, යූන් මහත්මියත් එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකක්ද?</font>

376
00:27:16,840 --> 00:27:20,810
<font color="#ffde44">ඒයි, ඔයා හැන් සොන් හෝගේ පෝස්ට් එක දැක්කාද?
එයා අන්තිමේදී අලුත් පොතක් නිකුත් කරනවා!</font>

377
00:27:21,110 --> 00:27:22,850
<font color="#ffde44">මේ දවස්වල It's YOU ගැන හැමතැනම කතා වෙනවානේ.</font>

378
00:27:23,080 --> 00:27:25,050
<font color="#ffde44">ඒ අස්සේ මේකත් මගේ ෆීඩ් එකේ වැටුණා.</font>

379
00:27:25,420 --> 00:27:29,420
<font color="#ffde44">මම දන්න ප්‍රධාන විධායක නිලධාරිනි
යූන් කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නෑ.</font>

380
00:27:29,820 --> 00:27:31,890
<font color="#ffde44">දැක්කාද? මම දැනගෙන හිටියා මේකේ තව දෙයක් තියෙනවා කියලා.</font>

381
00:27:32,220 --> 00:27:35,290
<font color="#ffde44">ඇය It's YOU පටන් ගත්තේ නරක චේතනාවකින් වෙන්න බෑ.</font>

382
00:27:35,930 --> 00:27:38,190
<font color="#ffde44">ප්‍රධාන විධායක නිලධාරිනිය නරක කෙනෙක් වගේ පේන්නේ නෑ.</font>

383
00:27:38,600 --> 00:27:41,100
<font color="#ffde44">ඇයට මොකක් හරි හේතුවක් තියෙන්න ඇති.
ඔව් නේද?</font>

384
00:27:42,300 --> 00:27:44,200
<font color="#ffde44">දෙවියනේ, ලොකු සහනයක්.</font>

385
00:27:44,470 --> 00:27:46,800
<font color="#ffde44">අනූනවයෙන් බේරුණේ.
මේ වයසේදී මට මගේ රස්සාවත් නැතිවෙනවා.</font>

386
00:27:48,240 --> 00:27:51,240
<font color="#ffde44">ඒත්, යූ කියුන්ග්. ඔයා කොහොමද එහෙම දෙයක් හිතුවේ?</font>

387
00:27:52,110 --> 00:27:53,740
<font color="#ffde44">ඒක හරිම ලේසි වැඩක්.</font>

388
00:27:54,080 --> 00:27:57,210
<font color="#ffde44">මම කළේ ප්‍රධාන විධායක නිලධාරිනි යූන් කරපු
හොඳ වැඩ ටිකක් ඉස්මතු කරලා පෙන්නපු එක විතරයි.</font>

389
00:27:57,610 --> 00:27:58,620
<font color="#ffde44">ඒක මාරයි.</font>

390
00:27:59,020 --> 00:28:00,620
<font color="#ffde44">එහෙනම් ඒකට, චියර්ස්!</font>

391
00:28:00,920 --> 00:28:01,920
<font color="#ffde44">චියර්ස්!</font>

392
00:28:02,520 --> 00:28:04,249
<font color="#ffde44">අනේ, මේක ඇත්තම මත්පැන් වුණා නම්.</font>

393
00:28:04,250 --> 00:28:06,220
<font color="#ffde44">ඇත්තමයි.
ඔව්. බියර් එකක් වුණත් මරු.</font>

394
00:28:06,820 --> 00:28:08,990
<font color="#ffde44">(It's YOU)</font>

395
00:28:43,430 --> 00:28:46,560
<font color="#ffde44">(ඔයා හොයන කෙනා, It's YOU හරහා පමණයි)</font>

396
00:28:57,140 --> 00:28:59,040
<font color="#ffde44">ගොඩක් කාලෙකින් නේද, මගේ දුවේ.</font>

397
00:28:59,740 --> 00:29:00,740
<font color="#ffde44">ඔව්.</font>

398
00:29:01,510 --> 00:29:02,650
<font color="#ffde44">ගොඩක් කාලෙකින් තමයි, අම්මේ.</font>

399
00:29:04,280 --> 00:29:05,280
<font color="#ffde44">මේ කාලය පුරාම ඔයා කොහොමද හිටියේ?</font>

400
00:29:06,450 --> 00:29:07,950
<font color="#ffde44">මම...</font>

401
00:29:09,990 --> 00:29:10,990
<font color="#ffde44">ගොඩක් දිග හීනයක් දැක්කා.</font>

402
00:29:12,460 --> 00:29:14,160
<font color="#ffde44">මට ගොඩක් කාලයක් යනකල් අවදි වෙන්න බැරි වුණු හීනයක්,</font>

403
00:29:15,530 --> 00:29:17,790
<font color="#ffde44">ඒ වගේම ඒ හීනෙන්,</font>

404
00:29:18,630 --> 00:29:19,800
<font color="#ffde44">මම හිතුවා මම සදහටම ඒකේ ජීවත් වෙයි කියලා.</font>

405
00:29:21,500 --> 00:29:23,130
<font color="#ffde44">ඒත් දැන් එහෙම නෑ.</font>

406
00:29:25,700 --> 00:29:26,700
<font color="#ffde44">ඒ හීනෙන් ඔයාව අවදි කරපු කෙනා...</font>

407
00:29:28,000 --> 00:29:29,770
<font color="#ffde44">ඒ ඔහුද? හැන් සොන් හෝ?</font>

408
00:29:31,170 --> 00:29:32,510
<font color="#ffde44">ඔයා කොහොමද දන්නේ?</font>

409
00:29:33,780 --> 00:29:34,980
<font color="#ffde44">මම ඔයාට කිව්වා මතකද? ඔහු ඔයාගේ සහකරු කියලා.</font>

410
00:29:35,680 --> 00:29:38,720
<font color="#ffde44">ඒක හරි. ඔයා කිව්වා.</font>

411
00:29:41,250 --> 00:29:43,190
<font color="#ffde44">ඒත්...</font>

412
00:29:45,190 --> 00:29:46,190
<font color="#ffde44">මට හිතෙන්නේ නෑ ඒක දෛවය කියලා.</font>

413
00:29:47,390 --> 00:29:48,960
<font color="#ffde44">එහෙනම්?</font>

414
00:29:49,790 --> 00:29:50,790
<font color="#ffde44">ඔහු හිටියේ නැත්නම්,</font>

415
00:29:51,090 --> 00:29:52,560
<font color="#ffde44">මම කවදාවත් සැබෑ ලෝකයට එන එකක් නෑ.</font>

416
00:29:53,260 --> 00:29:55,930
<font color="#ffde44">ඒත්...</font>

417
00:29:57,400 --> 00:29:58,400
<font color="#ffde44">අවසානයේදී, මට හිතෙන්නේ ඒක මගේම තේරීමක් කියලා.</font>

418
00:30:00,000 --> 00:30:02,010
<font color="#ffde44">ඔයා දැන් ගොඩක් ලොකුයි, මගේ ආදරණීය දුවේ.</font>

419
00:30:05,310 --> 00:30:06,910
<font color="#ffde44">ඉතින්...</font>

420
00:30:08,580 --> 00:30:09,580
<font color="#ffde44">දැන්,</font>

421
00:30:10,110 --> 00:30:11,110
<font color="#ffde44">මම මේ හීනය පස්සට දාලා...</font>

422
00:30:12,920 --> 00:30:14,120
<font color="#ffde44">සැබෑ ලෝකයේ ජීවත් වෙන්න යනවා.</font>

423
00:30:16,020 --> 00:30:17,050
<font color="#ffde44">මට සමාවෙන්න, අම්මේ.</font>

424
00:30:27,730 --> 00:30:28,730
<font color="#ffde44">ඒ වගේම...</font>

425
00:30:34,640 --> 00:30:35,640
<font color="#ffde44">හැමදේටම ස්තුතියි.</font>

426
00:30:38,210 --> 00:30:39,210
<font color="#ffde44">ForMe.</font>

427
00:30:46,520 --> 00:30:47,520
<font color="#ffde44">යැං සොන් ඒ වැඩසටහන.</font>

428
00:30:49,820 --> 00:30:51,250
<font color="#ffde44">මකන්න.</font>

429
00:30:56,960 --> 00:30:57,960
<font color="#ffde44">මම ඔයාට ආදරෙයි, බී ආ.</font>

430
00:31:00,730 --> 00:31:02,200
<font color="#ffde44">දැන් නම් ඇත්තටම අවසානයට ඇවිත්.</font>

431
00:31:25,620 --> 00:31:26,960
<font color="#ffde44">සමහරවිට අන්තිමේදී අවසානය පේන්න තියෙන නිසා වෙන්න ඇති...</font>

432
00:31:28,190 --> 00:31:30,330
<font color="#ffde44">ඒත් ඒක පුදුමයි.</font>

433
00:31:31,060 --> 00:31:32,060
<font color="#ffde44">මට හරි නිදහසක් දැනෙනවා. ගොඩක් නිදහස්.</font>

434
00:31:32,930 --> 00:31:34,060
<font color="#ffde44">ඇත්තම කිව්වොත්, අර වගේ ලයිට් එළි පවා...</font>

435
00:31:35,430 --> 00:31:38,600
<font color="#ffde44">අතීතයේදී, මගේ හදවතේ එක කොටසක් ගොඩක් සීතල වෙලා තිබුණා...</font>

436
00:31:39,370 --> 00:31:41,740
<font color="#ffde44">මම කවදාවත් දැනගෙන හිටියේ නෑ ඒවා මෙච්චර ලස්සනයි කියලා.</font>

437
00:31:42,110 --> 00:31:43,470
<font color="#ffde44">දැන් ඒක වෙනස්ද?</font>

438
00:31:45,840 --> 00:31:46,910
<font color="#ffde44">කෙනෙක්ට පින් සිද්ද වෙන්න.</font>

439
00:31:49,680 --> 00:31:50,680
<font color="#ffde44">අඳුර පවා මෙච්චර ලස්සන වෙන්න පුළුවන් කියලා මම ඉගෙන ගත්තා.</font>

440
00:31:52,050 --> 00:31:55,320
<font color="#ffde44">ඒක නෙවෙයි, මොකක්ද ඔයාගේ බෑග් එකේ තියෙන්නේ?</font>

441
00:32:01,090 --> 00:32:03,990
<font color="#ffde44">මෙන්න!</font>

442
00:32:07,060 --> 00:32:08,060
<font color="#ffde44">ඔයා මේක හැමතැනම අරන් ගියාද?</font>

443
00:32:10,200 --> 00:32:11,830
<font color="#ffde44">ඔයා ඔයාගේ එක ගෙනියන්නේ නැද්ද?
මොකක්?</font>

444
00:32:12,240 --> 00:32:14,470
<font color="#ffde44">අනේ, මගේ හිත ටිකක් රිදුණා.</font>

445
00:32:14,740 --> 00:32:16,040
<font color="#ffde44">ඔයා ඒක විසි කළේ නෑ නේද?</font>

446
00:32:16,710 --> 00:32:17,710
<font color="#ffde44">විසි කළා? අපෝ නෑ. ඒකට මගේ ගෙදර විශේෂ තැනක් තියෙනවා.</font>

447
00:32:19,080 --> 00:32:21,640
<font color="#ffde44">මට නම් ඔයාව එච්චර විශ්වාස නෑ.</font>

448
00:32:22,850 --> 00:32:23,850
<font color="#ffde44">එහෙනම් ඔයාටම ඇවිත් බලන්න පුළුවන්.</font>

449
00:32:24,180 --> 00:32:25,850
<font color="#ffde44">ඔයා හරි නිර්භීතයිනේ.</font>

450
00:32:27,050 --> 00:32:28,050
<font color="#ffde44">මොකක්ද?</font>

451
00:32:29,120 --> 00:32:30,120
<font color="#ffde44">මේක "රමියොන් ටිකක් කන්න එන්න
කැමතිද?" කියන එකේ අලුත් විදිහද?</font>

452
00:32:31,020 --> 00:32:33,160
<font color="#ffde44">ඔයාට නම් පිස්සු.</font>

453
00:32:34,960 --> 00:32:36,090
<font color="#ffde44">ඒයි, කොහෙද ඔයා යන්නේ?</font>

454
00:32:49,670 --> 00:32:52,810
<font color="#ffde44">(වසරකට පසු)</font>

455
00:32:58,480 --> 00:33:00,020
<font color="#ffde44">ඔයා ඇහැරුණාද?</font>

456
00:33:02,220 --> 00:33:03,320
<font color="#ffde44">මොනවද මේ?</font>

457
00:33:04,590 --> 00:33:05,860
<font color="#ffde44">මම හිතුවා උදේ කෑම ටිකක් හදන්න.</font>

458
00:33:22,740 --> 00:33:23,740
<font color="#ffde44">ඔයාට මොකද හිතෙන්නේ?</font>

459
00:33:29,580 --> 00:33:31,750
<font color="#ffde44">හන් සොන් හෝ...
රසයි නේද?</font>

460
00:33:32,320 --> 00:33:35,220
<font color="#ffde44">කෑම හදන එක අමතක කරලා ඔයාගේ
ලිවීමේ වැඩේ විතරක් කරන්න, හරිද?</font>

461
00:33:37,990 --> 00:33:38,990
<font color="#ffde44">එහෙම වෙන්න බැහැ.</font>

462
00:33:39,660 --> 00:33:40,760
<font color="#ffde44">මේක කාලා බලන්නකෝ.</font>

463
00:33:44,160 --> 00:33:46,360
<font color="#ffde44">රහ අමුතුයි නේද?
මට නම් අවුලක් නෑ.</font>

464
00:33:46,700 --> 00:33:48,900
<font color="#ffde44">මොකක්?
අනේ මේ, ඔයා බොරුවට රඟපානවා.</font>

465
00:33:49,370 --> 00:33:51,930
<font color="#ffde44">අනිත් කෑම ජාතිත් කාලා බලන්න.
එපා, මට පුළුවන් වෙයි කියලා හිතෙන්නේ නෑ...</font>

466
00:33:52,600 --> 00:33:55,240
<font color="#ffde44">මේක කෑවට පස්සේ, මම කොහොමද
ඔයා හදපු වෙන දෙයක් විශ්වාස කරන්නේ?</font>

467
00:33:56,070 --> 00:33:57,370
<font color="#ffde44">ඔයා මුලින්ම කාලා බලන්නකෝ.</font>

468
00:33:57,940 --> 00:33:59,680
<font color="#ffde44">ඔයා කනවා දැක්කමත් මගේ බඩ පිරෙනවා බි ආ.</font>

469
00:34:00,340 --> 00:34:02,380
<font color="#ffde44">(බොරම් ඩිමෙන්ශියා මධ්‍යස්ථානය)</font>

470
00:34:04,480 --> 00:34:06,450
<font color="#ffde44">(පළමු දේශන ශාලාව)</font>

471
00:34:06,520 --> 00:34:11,050
<font color="#ffde44">(AI මිශ්‍ර යථාර්ථය හරහා නව්‍ය ඩිමෙන්ශියා ප්‍රතිකාර)</font>

472
00:34:16,530 --> 00:34:17,530
<font color="#ffde44">හැමෝටම ආයුබෝවන්.</font>

473
00:34:17,990 --> 00:34:20,030
<font color="#ffde44">මම It's YOU ආයතනයේ කොන්ත්‍රාත් සේවිකාවක් වෙන යූන් බි ආ.</font>

474
00:34:20,860 --> 00:34:23,830
<font color="#ffde44">අද මෙතනට එන්න කාලය වෙන් කරගත්තට ඔයාලා හැමෝටම ස්තුතියි.</font>

475
00:34:29,210 --> 00:34:31,640
<font color="#ffde44">(AI මිශ්‍ර යථාර්ථය හරහා නව්‍ය ඩිමෙන්ශියා ප්‍රතිකාර)</font>

476
00:34:38,380 --> 00:34:40,450
<font color="#ffde44">It's YOU ආයතනයේ මූලික අරමුණ වුණේ...</font>

477
00:34:40,820 --> 00:34:43,890
<font color="#ffde44">මිනිස්සුන්ගේ තනිකම නැති කරන්න AI තාක්ෂණය භාවිතා කරන එක...</font>

478
00:34:44,190 --> 00:34:47,920
<font color="#ffde44">ඒ වගේම මානසික සහ චිත්තවේගීය රැකවරණයක් ලබා දෙන එක.</font>

479
00:34:48,720 --> 00:34:50,690
<font color="#ffde44">මේ මූලික අරමුණ නැවත ඇති කරන්න,</font>

480
00:34:50,860 --> 00:34:53,129
<font color="#ffde44">අපි AI මිශ්‍ර යථාර්ථ තාක්ෂණය භාවිතා කරනවා...</font>

481
00:34:53,130 --> 00:34:54,230
<font color="#ffde44">It's YOU ආයතනය විසින් ගොඩනගාගත්...</font>

482
00:34:54,600 --> 00:34:56,600
<font color="#ffde44">ඩිමෙන්ශියා රෝගීන්ට සහ වැඩිහිටි සුබසාධනයට සහාය වෙන්න,</font>

483
00:34:57,000 --> 00:34:59,540
<font color="#ffde44">ඒ වගේම මානසික සෞඛ්‍ය වැඩසටහන් සඳහා
භාවිතා කරන්න අපි ඒක ප්‍රතිසංවිධානය කරනවා.</font>

484
00:34:59,800 --> 00:35:00,870
<font color="#ffde44">මේක තමයි අපේ අලුත් මාවත.</font>

485
00:35:02,470 --> 00:35:06,240
<font color="#ffde44">ඩිමෙන්ශියා රෝගීන් සඳහා වන විශේෂිත
වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද?</font>

486
00:35:06,910 --> 00:35:11,150
<font color="#ffde44">මිශ්‍ර-යථාර්ථ අන්තර්ගතයන් හරහා, රෝගීන්ට
ඔවුන්ගේ සුන්දර මතකයන් නැවත අත්විඳින්න පුළුවන්,</font>

487
00:35:11,450 --> 00:35:14,350
<font color="#ffde44">එහෙමත් නැත්නම් ආරක්ෂිතව සංජානන
පුහුණු අභ්‍යාසවලට සම්බන්ධ වෙන්න පුළුවන්.</font>

488
00:35:15,020 --> 00:35:16,950
<font color="#ffde44">ඒ වගේම මේ හැමදේම නොමිලේ තමයි දෙන්නේ.</font>

489
00:35:18,790 --> 00:35:20,019
<font color="#ffde44">නොමිලේ?</font>

490
00:35:20,020 --> 00:35:21,260
<font color="#ffde44">ඇය කිව්වේ නොමිලේ කියලයි.</font>

491
00:35:23,190 --> 00:35:25,130
<font color="#ffde44">මම නම් මගේ වගකීමෙන් පැනලා යන්නේ නැහැ,</font>

492
00:35:25,630 --> 00:35:28,730
<font color="#ffde44">ඒ වගේම මේක අවසානය වෙනකම්ම කරන්න මම කැපවෙලා ඉන්නවා.</font>

493
00:35:29,630 --> 00:35:32,570
<font color="#ffde44">මට ඕනේ AI කියන්නේ ධනාත්මක තාක්ෂණයක් කියලා ඔප්පු කරන්න...</font>

494
00:35:33,040 --> 00:35:36,940
<font color="#ffde44">ඒකෙන් අසරණ අයට උදව් කරන්නත්,
තුවාල සුව කරන්නත් පුළුවන් කියලා.</font>

495
00:35:37,370 --> 00:35:39,339
<font color="#ffde44">මට ඇත්තටම ඔයාලට පෙන්නන්න ඕනේ ඒකයි.</font>

496
00:35:39,340 --> 00:35:41,940
<font color="#ffde44">ඇහුම්කන් දුන්නාට ස්තුතියි.</font>

497
00:36:04,100 --> 00:36:06,139
<font color="#ffde44">(ඝෝෂාකාරී රතු අනතුරු ඇඟවීම සහ සුසුම් හෙලීම්, )</font>

498
00:36:06,140 --> 00:36:08,140
<font color="#ffde44">(කියන්න බැරි දෙයක් දැක්කා වගේ...)</font>

499
00:36:14,380 --> 00:36:19,220
<font color="#ffde44">දැන් එයා වැඩේ පටන් ගත්ත නිසා,
එයාගේ ව්‍යාපෘති ඉක්මනින්ම එළියට එයි.</font>

500
00:36:19,680 --> 00:36:21,050
<font color="#ffde44">හරි. පොඩ්ඩක් ඉන්න.</font>

501
00:36:23,720 --> 00:36:24,720
<font color="#ffde44">ඔව්.</font>

502
00:36:25,620 --> 00:36:27,060
<font color="#ffde44">සම්මුඛ සාකච්ඡාවක් කිව්වා?</font>

503
00:36:27,560 --> 00:36:30,360
<font color="#ffde44">අනිවාර්යයෙන්ම! එයාගේ මූණත් එක්ක...</font>

504
00:36:36,170 --> 00:36:39,100
<font color="#ffde44">නැහැ, කමක් නැහැ. පොඩ්ඩක් ඉන්න.</font>

505
00:36:41,340 --> 00:36:43,570
<font color="#ffde44">ඔයා සම්මුඛ සාකච්ඡාව කරනවා නේද?</font>

506
00:36:44,540 --> 00:36:45,540
<font color="#ffde44">රචක හන්?</font>

507
00:36:48,880 --> 00:36:52,050
<font color="#ffde44">එයා දැන් ලියමින් ඉන්නේ. එයා හොඳ අවධානයකින් ඉන්නේ.</font>

508
00:36:52,950 --> 00:36:54,550
<font color="#ffde44">ඔව්, ඔව්, පොඩ්ඩක් ඉන්න.</font>

509
00:36:56,690 --> 00:36:57,690
<font color="#ffde44">හලෝ?</font>

510
00:36:59,290 --> 00:37:01,160
<font color="#ffde44">රචක ජි යොං! කොහොමද ඔයාට?</font>

511
00:37:01,890 --> 00:37:02,890
<font color="#ffde44">හොඳයි.</font>

512
00:37:03,960 --> 00:37:04,960
<font color="#ffde44">මටත් හොඳයි.</font>

513
00:37:06,500 --> 00:37:08,630
<font color="#ffde44">(බි ආ)</font>

514
00:37:12,270 --> 00:37:13,500
<font color="#ffde44">(බි ආ)</font>

515
00:37:16,070 --> 00:37:18,310
<font color="#ffde44">වැඩේ කොහොමද?
මම දැන් ඉවර කළා.</font>

516
00:37:18,810 --> 00:37:20,710
<font color="#ffde44">ලිවීමේ වැඩ කටයුතු කොහොමද?</font>

517
00:37:21,840 --> 00:37:23,080
<font color="#ffde44">මම එක තැනක හිර වෙලා ඉන්නේ.</font>

518
00:37:24,180 --> 00:37:26,680
<font color="#ffde44">ප්‍රධාන නළුවා ප්‍රධාන නිළියගේ ගෙදර නිදාගන්නවා,</font>

519
00:37:27,380 --> 00:37:29,520
<font color="#ffde44">එයා නිදාගෙන ඉද්දි, නිළිය එයාගේ මූණේ චිත්‍රයක් අඳිනවා.</font>

520
00:37:30,020 --> 00:37:31,290
<font color="#ffde44">ඊට පස්සේ එයා ඇහැරෙද්දි,</font>

521
00:37:31,820 --> 00:37:35,090
<font color="#ffde44">ඒක මකන ගමන් නිළිය එයාට හාදුවක් දෙනවා.</font>

522
00:37:35,760 --> 00:37:37,590
<font color="#ffde44">ඒ වෙලාවේ නිළියට මොනවා හිතෙන්න ඇද්ද කියලා ඔයා හිතන්නේ?</font>

523
00:37:38,530 --> 00:37:40,560
<font color="#ffde44">මට හරියටම කියන්න බෑ.</font>

524
00:37:41,360 --> 00:37:44,100
<font color="#ffde44">ඒ කොටස රචකයාම තේරුම් ගන්න ඕනේ නේද?</font>

525
00:37:44,730 --> 00:37:47,870
<font color="#ffde44">මේ අහන්නකෝ, මට යන්න වෙනවා.</font>

526
00:37:56,180 --> 00:37:59,080
<font color="#ffde44">පැය එකහමාරක් මම ඉදිරිපත් කළා කියලා මටම විශ්වාස කරන්න බෑ.</font>

527
00:38:01,420 --> 00:38:04,850
<font color="#ffde44">සම්පූර්ණ පැය එකහමාරක්.</font>

528
00:38:06,960 --> 00:38:08,990
<font color="#ffde44">(කරුණාකර ඔබට ළඟම ඇති ඩිමෙන්ශියා මධ්‍යස්ථානය සොයාගන්න.)</font>

529
00:38:09,590 --> 00:38:12,360
<font color="#ffde44">(පොදු AI මිශ්‍ර යථාර්ථ පර්යේෂණ ආයතනය, It's YOU)</font>

530
00:38:14,200 --> 00:38:16,200
<font color="#ffde44">(අලුත්ම ForMe හමුවන්න)</font>

531
00:38:16,270 --> 00:38:20,170
<font color="#ffde44">(පොදු AI මිශ්‍ර යථාර්ථය, නොමිලේ AI ForMe සේවාව)</font>

532
00:38:23,440 --> 00:38:26,239
<font color="#ffde44">අපේ සමාගමේ නම වෙනස් කළාට පස්සේ, අපිට ගොඩක් විමසීම් එනවා,</font>

533
00:38:26,240 --> 00:38:28,380
<font color="#ffde44">ඒත් ඒක ගොඩක් වටිනවා නේද?</font>

534
00:38:28,710 --> 00:38:29,710
<font color="#ffde44">ඒකනේ?</font>

535
00:38:30,250 --> 00:38:32,250
<font color="#ffde44">ප්‍රධාන විධායක නිලධාරී යූන් නම් ඇත්තටම පුදුමයි.</font>

536
00:38:32,580 --> 00:38:36,620
<font color="#ffde44">රාජ්‍ය සේවාවක් වුණාට පස්සේ අපිට රාජ්‍ය අරමුදල් ගොඩක් ලැබෙනවා.</font>

537
00:38:37,290 --> 00:38:41,190
<font color="#ffde44">ඒ වගේම මහන්සියත් ගොඩක් අඩුයි
නේද? අර නිදිමරපු රෑවල් ගැන හිතුවම...</font>

538
00:38:42,290 --> 00:38:43,290
<font color="#ffde44">නේද?</font>

539
00:38:44,030 --> 00:38:45,460
<font color="#ffde44">මම කවදාවත් අතිකාල වැඩ කරලා නෑ.</font>

540
00:38:46,300 --> 00:38:47,300
<font color="#ffde44">මොකක්?</font>

541
00:38:50,800 --> 00:38:53,100
<font color="#ffde44">මම කිව්වා වගේ, පුරුද්දට අතිකාල
වැඩ කරන එකෙන් කිසි තේරුමක් නැහැ.</font>

542
00:38:54,140 --> 00:38:55,170
<font color="#ffde44">ජූ යොන්!</font>

543
00:38:55,770 --> 00:38:58,040
<font color="#ffde44">අප්පේ, මේ කවුද කියලා බලන්නකෝ.</font>

544
00:38:58,410 --> 00:39:00,110
<font color="#ffde44">ඔයාට හොඳින් නේද?
ඔව් මට හොඳින්.</font>

545
00:39:01,180 --> 00:39:01,410
<font color="#ffde44">ආපහු ආවම කොහොමද දැනෙන්නේ?</font>

546
00:39:03,180 --> 00:39:04,650
<font color="#ffde44">ඔයාලට මාව පාළු දැනුණා නේද?</font>

547
00:39:04,980 --> 00:39:05,980
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

548
00:39:06,920 --> 00:39:07,920
<font color="#ffde44">අයියෝ.</font>

549
00:39:08,280 --> 00:39:10,490
<font color="#ffde44">දැන් මොකක්ද?
මම මොකද කරන්නේ?</font>

550
00:39:11,190 --> 00:39:12,190
<font color="#ffde44">එයාට මොකද වෙලා තියෙන්නේ?</font>

551
00:39:14,120 --> 00:39:16,730
<font color="#ffde44">ජූ යොන්, අපි ටිකකින් කතා කරමු.
හරි.</font>

552
00:39:17,360 --> 00:39:18,360
<font color="#ffde44">ඒ කියන්නේ...</font>

553
00:39:19,330 --> 00:39:21,360
<font color="#ffde44">එයා කොහෙද මේ යන්නේ?
මම දන්නෙ නෑ.</font>

554
00:39:21,830 --> 00:39:22,830
<font color="#ffde44">ස්තුතියි.</font>

555
00:39:22,900 --> 00:39:25,400
<font color="#ffde44">(රචක හන් සොන් හෝගේ පොත් අත්සන් කිරීම)</font>

556
00:39:25,470 --> 00:39:27,070
<font color="#ffde44">(ආදරයට බය ඔයාට මේ කතාව දැනේවා)</font>

557
00:39:27,140 --> 00:39:28,140
<font color="#ffde44">ඔයාගේ නම මොකක්ද?</font>

558
00:39:31,310 --> 00:39:33,780
<font color="#ffde44">ඊළඟ කෙනා.
හලෝ, රචක හන්.</font>

559
00:39:35,010 --> 00:39:36,980
<font color="#ffde44">නම?
යූ සොල්.</font>

560
00:39:38,280 --> 00:39:39,420
<font color="#ffde44">(සොල් ට)</font>

561
00:39:42,490 --> 00:39:44,290
<font color="#ffde44">ස්තුතියි.
ස්තුතියි.</font>

562
00:39:44,650 --> 00:39:46,220
<font color="#ffde44">නම?
යේ ජූ.</font>

563
00:39:47,190 --> 00:39:49,590
<font color="#ffde44">රචක හන්, මම ඔයාගේ පොතට ගොඩක් කැමතියි.</font>

564
00:39:51,130 --> 00:39:55,060
<font color="#ffde44">ස්තුතියි.
ඔයාගේ චරිතය It's YOU එකෙන්ද?</font>

565
00:39:56,300 --> 00:39:58,630
<font color="#ffde44">අපි හිතමු ඒක එයාලගේ ආදරයෙන් සහ
පෞද්ගලික වර්ධනයෙන් ආභාෂය ලැබුවා කියලා.</font>

566
00:39:59,400 --> 00:40:00,400
<font color="#ffde44">අපොයි දෙවියනේ.</font>

567
00:40:00,670 --> 00:40:01,840
<font color="#ffde44">ස්තුතියි.
ස්තුතියි.</font>

568
00:40:03,140 --> 00:40:04,140
<font color="#ffde44">ඊළඟ කෙනා.</font>

569
00:40:05,040 --> 00:40:06,040
<font color="#ffde44">හලෝ.</font>

570
00:40:12,210 --> 00:40:13,220
<font color="#ffde44">ඊළඟ කෙනා.</font>

571
00:40:16,520 --> 00:40:17,919
<font color="#ffde44">ඔයා රචක හන් වෙනුවෙන් පොත් අත්සන් කිරීමක් කරනවා...</font>

572
00:40:17,920 --> 00:40:19,420
<font color="#ffde44">ඒත් මට වචනයක්වත් කිව්වේ නෑ.</font>

573
00:40:20,490 --> 00:40:23,030
<font color="#ffde44">ඔයා එහෙමද ඉන්න හදන්නේ?
මම ඕනෑකමින් හැංගුවේ නෑ.</font>

574
00:40:23,730 --> 00:40:25,860
<font color="#ffde44">සමාගම ආයෙත් පටන් ගන්න එකත් එක්ක
ඔයා මේ ටිකේ ගොඩක් කාර්යබහුල වෙලා වගේ...</font>

575
00:40:26,500 --> 00:40:30,070
<font color="#ffde44">ඉතින් ඔයාව බලන්න මට වෙලාවක්
නොතිබුණු නිසා ඔයා තරහ වෙලාද ඉන්නේ?</font>

576
00:40:30,830 --> 00:40:34,670
<font color="#ffde44">ඔයා සොන් හෝ ගැන උනන්දුවක් නෑ වගේ
පෙනුණු නිසා මට ඒකේ තේරුමක් පෙනුණේ නෑ.</font>

577
00:40:35,170 --> 00:40:37,270
<font color="#ffde44">ආ, ඒ කියන්නේ ඔයා ඊර්ෂ්‍යා කරනවා?</font>

578
00:40:37,810 --> 00:40:39,880
<font color="#ffde44">ඊර්ෂ්‍යා කරනවා? විහිළු කරන්න එපා. මමත් කාර්යබහුලයි.</font>

579
00:40:40,280 --> 00:40:41,510
<font color="#ffde44">ඔයා හිතන්නේ ඔයා විතරක් කාර්යබහුලයි කියලද?</font>

580
00:40:42,710 --> 00:40:45,850
<font color="#ffde44">හොඳයි. අපි දෙන්නම එච්චර කාර්යබහුල
නම්, ඇයි සම්බන්ධකම් පවත්වගෙන යන්නේ?</font>

581
00:40:46,420 --> 00:40:47,550
<font color="#ffde44">අපි අපේ පාඩුවේ ජීවත් වෙමු.</font>

582
00:40:47,920 --> 00:40:49,390
<font color="#ffde44">අපි ආදරය කරනවා වගේ දෙයක් නෙමෙයිනේ.</font>

583
00:40:51,150 --> 00:40:53,260
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, අපි ආදරය කරන්නේ නෑ කියන්නේ මොකක්ද?</font>

584
00:40:54,390 --> 00:40:55,790
<font color="#ffde44">අපි කවද ඉඳන්ද ආදරය කරන්න ගත්තේ?</font>

585
00:40:56,790 --> 00:40:58,490
<font color="#ffde44">යූ කියුං, තරහ ගන්න එපා.</font>

586
00:40:58,760 --> 00:41:02,060
<font color="#ffde44">මේ මොකක්ද? අපි ආගන්තුකයෝ.
පොඩ්ඩක් ඉන්න, ආගන්තුකයෝ කියන්නේ මොකක්ද?</font>

587
00:41:02,930 --> 00:41:03,930
<font color="#ffde44">එහෙනම්...</font>

588
00:41:05,030 --> 00:41:07,940
<font color="#ffde44">ඔයාට අද ඉඳන් මාත් එක්ක යාලු වෙන්න පුළුවන්!</font>

589
00:41:08,570 --> 00:41:11,740
<font color="#ffde44">("ආදරයට බිය")</font>

590
00:41:20,880 --> 00:41:22,950
<font color="#ffde44">(රචක හන් සොන් හෝගේ පොත් අත්සන් කිරීම)</font>

591
00:41:26,090 --> 00:41:27,720
<font color="#ffde44">ඔයාලා දෙන්නා අන්තිමේදී එකතු වෙනවාද?</font>

592
00:41:29,090 --> 00:41:31,190
<font color="#ffde44">මේක ගොඩක් හොඳයි!</font>

593
00:41:31,560 --> 00:41:34,000
<font color="#ffde44">රචක ජි යොං.
ඔයාට කොහොමද?</font>

594
00:41:34,160 --> 00:41:35,230
<font color="#ffde44">සුබපැතුම්!</font>

595
00:41:35,730 --> 00:41:36,730
<font color="#ffde44">අත්පොළසන්නාදයක් දෙමු!</font>

596
00:41:38,370 --> 00:41:40,000
<font color="#ffde44">සුබපැතුම්.
කොච්චර ආදරණීයද.</font>

597
00:41:40,200 --> 00:41:41,900
<font color="#ffde44">නියමයි.
ඒක නියමයි.</font>

598
00:41:42,570 --> 00:41:43,710
<font color="#ffde44">ඔයාලා දෙන්නා එකට ඉද්දි ගොඩක් ලස්සනයි!</font>

599
00:41:44,640 --> 00:41:46,679
<font color="#ffde44">හොඳම යුවළ!
එයාලා එකට ඉද්දි නියමයි.</font>

600
00:41:46,680 --> 00:41:48,080
<font color="#ffde44">(හන් සොන් හෝගේ "ආදරයට බිය")</font>

601
00:41:49,210 --> 00:41:50,480
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

602
00:41:51,080 --> 00:41:52,080
<font color="#ffde44">("ආදරයට බිය")</font>

603
00:41:52,080 --> 00:41:53,080
<font color="#ffde44">එතකොට ඔයාගේ නම?</font>

604
00:41:53,920 --> 00:41:54,920
<font color="#ffde44">යූන් බි ආ.</font>

605
00:41:59,520 --> 00:42:00,520
<font color="#ffde44">ඔයා කවද්ද මෙහෙට ආවේ?</font>

606
00:42:00,820 --> 00:42:02,690
<font color="#ffde44">මේ මගේ කැමතිම රචකයාගේ පොත් අත්සන් කිරීමනේ...</font>

607
00:42:05,430 --> 00:42:07,960
<font color="#ffde44">ඔයාගේ පොත් අත්සන් කරන වෙලාව මම මගහරින්නේ කොහොමද?</font>

608
00:42:08,930 --> 00:42:10,100
<font color="#ffde44">අනේ, මටත් ඉක්මනින් අත්සන් කරලා දෙන්නකෝ.</font>

609
00:42:16,740 --> 00:42:18,740
<font color="#ffde44">(හන් සොන් හෝගේ "ආදරයට බිය")</font>

610
00:42:20,780 --> 00:42:21,780
<font color="#ffde44">සුබපැතුම්.</font>

611
00:42:22,180 --> 00:42:23,180
<font color="#ffde44">ස්තුතියි.</font>

612
00:42:31,220 --> 00:42:32,820
<font color="#ffde44">හරි හැමෝම.
චියර්ස්!</font>

613
00:42:33,290 --> 00:42:35,260
<font color="#ffde44">ඔයාව දැක්ක එක සතුටක්.
ගොඩක් කාලෙකින්.</font>

614
00:42:39,760 --> 00:42:40,760
<font color="#ffde44">මේක රසයි.</font>

615
00:42:42,000 --> 00:42:44,970
<font color="#ffde44">ජි යොං, ගොඩක් කල් වුණා නේද.
ඒකනේ. ඉතින් ඔයාට කොහොමද?</font>

616
00:42:45,030 --> 00:42:46,240
<font color="#ffde44">ඔව්, මම හොඳින් හිටියා.</font>

617
00:42:46,500 --> 00:42:48,240
<font color="#ffde44">ඒත් ඉතින් ආයෙත්...
ඒ වගේ තමයි.</font>

618
00:42:49,240 --> 00:42:53,380
<font color="#ffde44">ඔයා මොනවද කරන්නේ?
හරි. හැමෝම අහගන්නකෝ.</font>

619
00:42:55,480 --> 00:42:56,480
<font color="#ffde44">රචක ජි යොං.</font>

620
00:42:57,550 --> 00:42:58,550
<font color="#ffde44">එන්නකෝ, ඒක එළියට ගන්න.</font>

621
00:42:59,650 --> 00:43:00,920
<font color="#ffde44">මට ටිකක් ලැජ්ජයි වගේ.</font>

622
00:43:01,180 --> 00:43:02,180
<font color="#ffde44">අනේ එන්නකෝ.</font>

623
00:43:03,420 --> 00:43:04,420
<font color="#ffde44">මොකක්ද ඒ?</font>

624
00:43:08,260 --> 00:43:10,430
<font color="#ffde44">හැමෝම අහන්න, මගේ පොත එළියට ආවා!</font>

625
00:43:10,890 --> 00:43:11,990
<font color="#ffde44">ඇත්තද?</font>

626
00:43:12,360 --> 00:43:13,530
<font color="#ffde44">අප්පේ, මට ටිකක් බලන්න පුළුවන්ද?</font>

627
00:43:14,530 --> 00:43:16,600
<font color="#ffde44">මුලින්ම අත්පුඩියක් ගහන්නකෝ!</font>

628
00:43:17,530 --> 00:43:20,300
<font color="#ffde44">ස්තුතියි.</font>

629
00:43:21,070 --> 00:43:25,470
<font color="#ffde44">කරුණාකරලා මේක අනිත් අයටත් කියන්න
උදව් කරන්න. ඔයා දන්න හැමෝටම කියන්න!</font>

630
00:43:26,280 --> 00:43:30,450
<font color="#ffde44">මට මේක කියවනකම් ඉවසිල්ලක් නෑ.
ඔයාලා මේකට කැමති වෙයි කියලා මම හිතනවා. ස්තුතියි.</font>

631
00:43:30,510 --> 00:43:32,650
<font color="#ffde44">මේ කවරයේ තියෙන පින්තූරය නම් ඔයා වගේම නෙමෙයි.</font>

632
00:43:32,780 --> 00:43:34,680
<font color="#ffde44">ඔයා මේ මොනවද කියන්නේ? ඒක හරියටම මම වගේමයි.</font>

633
00:43:39,320 --> 00:43:40,820
<font color="#ffde44">ඉතින්, ඒක ඇත්තටම ඉවර වෙන්න ළඟයි.</font>

634
00:43:41,960 --> 00:43:44,960
<font color="#ffde44">ඒත් බි ආ, ඔයාගේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නේ මෙතනින් තමයි.</font>

635
00:43:47,260 --> 00:43:48,260
<font color="#ffde44">අපි කොහෙද යන්න ඕනේ?</font>

636
00:43:50,100 --> 00:43:51,930
<font color="#ffde44">ඕනම තැනකට.</font>

637
00:43:59,510 --> 00:44:00,880
<font color="#ffde44">අද රෑට හඳ ගොඩක් ලොකුයි.</font>

638
00:44:03,450 --> 00:44:07,020
<font color="#ffde44">ඔයාට වැඩියෙන්ම ඕන වුණේ සාමාන්‍ය කාර්යාල රස්සාවක් කරන්න,</font>

639
00:44:07,480 --> 00:44:09,990
<font color="#ffde44">සමාගමේ රෑ කෑම වලට යන්න, දවල්ට
කන්නේ මොනවද කියලා තෝරන්න...</font>

640
00:44:11,350 --> 00:44:12,350
<font color="#ffde44">එච්චරයි නේද?</font>

641
00:44:13,720 --> 00:44:14,790
<font color="#ffde44">ඉතින් දැන් මම ඒක කරනවා.</font>

642
00:44:17,260 --> 00:44:20,160
<font color="#ffde44">අපි ඒ ලැයිස්තුවට තව සාමාන්‍ය දෙයක් එකතු කරමුද?</font>

643
00:44:21,330 --> 00:44:24,830
<font color="#ffde44">ඒ මොකක්ද?
හැමෝම කරන සාමාන්‍ය දෙයක්.</font>

644
00:44:43,820 --> 00:44:45,290
<font color="#ffde44">මුදු පිටිපස්සේ තියෙන කතාව ඔයා දන්නවද?</font>

645
00:44:47,220 --> 00:44:49,490
<font color="#ffde44">එයාලා කියන්නේ මුදුවක් කියන්නේ යුගලයකින් එක භාගයක් විතරයි කියලා.</font>

646
00:44:50,930 --> 00:44:51,960
<font color="#ffde44">ඒ දෙක එකක් වෙනවා.</font>

647
00:45:04,470 --> 00:45:07,680
<font color="#ffde44">මම හැමදාම ඔයාගේ ළඟින් ඉන්නවා.</font>

648
00:45:11,750 --> 00:45:13,150
<font color="#ffde44">ඉතින් මේක තමයි ඒ හැඟීම.</font>

649
00:45:14,520 --> 00:45:15,520
<font color="#ffde44">ඔයා අදහස් කළේ මොකක්ද?</font>

650
00:45:16,890 --> 00:45:19,320
<font color="#ffde44">ඔයාගේ නවකතාවේ ප්‍රධාන නිළියට දැනුණු හැඟීම...</font>

651
00:45:19,820 --> 00:45:23,460
<font color="#ffde44">එයා ප්‍රධාන නළුවාව සිප ගනිද්දි.</font>

652
00:45:28,760 --> 00:45:29,970
<font color="#ffde44">ආදරය කරනවා කියන හැඟීම.</font>

653
00:45:44,210 --> 00:45:46,120
<font color="#ffde44">මම ඉස්සර හිතුවේ ආදරය කියන්නේ රිදවීමක් නොවෙන දෙයක් කියලා,</font>

654
00:45:46,550 --> 00:45:50,120
<font color="#ffde44">බාහිර පෙනුම පවත්වාගෙන යන එක ගැන.
සුබ උදෑසනක්.</font>

655
00:45:51,590 --> 00:45:54,890
<font color="#ffde44">ස්තූතියි.
මම හිතුවෙ වෙනස් වෙන්නෙ නැති ආදරයක්...</font>

656
00:45:55,390 --> 00:45:57,730
<font color="#ffde44">තමයි වඩාත්ම පරිපූර්ණ දේ කියලා,</font>

657
00:45:59,260 --> 00:46:00,300
<font color="#ffde44">ඒත් මම වැරදියි.</font>

658
00:46:00,360 --> 00:46:02,130
<font color="#ffde44">(සොං ජි යොං: පොත් අත්සන් කිරීමේ
උත්සවය මංසන්ධියකින් ඇරඹෙන නව ගමනක්)</font>

659
00:46:02,200 --> 00:46:03,300
<font color="#ffde44">දැන් මට තේරෙනවා.</font>

660
00:46:04,070 --> 00:46:05,400
<font color="#ffde44">අපි කොච්චර වෙනස් වුණත්,</font>

661
00:46:05,830 --> 00:46:08,100
<font color="#ffde44">අපේ අඩුපාඩු දුර්වලකම් එකිනෙකාට පෙන්නුවත්,</font>

662
00:46:10,140 --> 00:46:12,610
<font color="#ffde44">කවදාහරි දවසක අපි වෙනස් වුණත්,</font>

663
00:46:14,880 --> 00:46:16,710
<font color="#ffde44">මේ මොහොතේ එකට ඉන්න තියෙන කැමැත්ත...</font>

664
00:46:17,650 --> 00:46:18,650
<font color="#ffde44">ඒ ධෛර්යය තමයි...</font>

665
00:46:19,780 --> 00:46:21,350
<font color="#ffde44">සැබෑම ආදරය කියන්නේ.</font>

666
00:46:21,374 --> 00:46:23,374


667
00:46:23,398 --> 00:46:25,398
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

