1
00:00:00,267 --> 00:00:03,033
<font color="#e3a113"><b>[ඔබට ස්පිරිට් ෆින්ගර්ස් හා එක් වීමට කැමතිද?]</b></font>

2
00:00:21,067 --> 00:00:25,633
<font color="#ffffff"><b><i>♫ කාලයත් සමඟ වෙනස් නොවන හදවතක් ♫</i></b></font>

3
00:00:25,633 --> 00:00:31,100
<font color="#ffffff"><b><i>♫ සදාකාලිකව පවතින අපගේ අනන්ත කතාවයි ♫</i></b></font>

4
00:00:35,567 --> 00:00:37,387
<font color="#ffd88f"><b>💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</b></font>

5
00:00:37,387 --> 00:00:39,767


6
00:00:52,500 --> 00:00:53,967
<font color="#ffdc20">මොකද මේ කරන්නේ?</font>

7
00:00:53,967 --> 00:00:55,833
<font color="#ffdc20">මොකක්ද?</font>

8
00:00:57,133 --> 00:01:00,256
<font color="#ffdc20">ඔයා ඇහැ හයියෙන් අතුල්ලනවා දැක්කා,
ඉතින් මං හිතුවා රිදෙනවා ඇති කියලා.</font>

9
00:01:00,256 --> 00:01:01,280
<font color="#ffdc20">මොකක් කිව්වා?</font>

10
00:01:01,280 --> 00:01:03,900
<font color="#ffdc20">නෑ, නෑ. මම අදහස් කළේ ඒක නෙවෙයි.</font>

11
00:01:03,900 --> 00:01:07,100
<font color="#ffdc20">මට තිබහ වැඩි නිසා, ඔයාගේ
කඳුළු බොන්න හිතුණා නිකමට වගේ.</font>

12
00:01:07,100 --> 00:01:09,500
<font color="#ffdc20">මොකක්ද? සමාවෙන්න!</font>

13
00:01:09,500 --> 00:01:11,300
<font color="#ffdc20">මටත් හිතාගන්න බැහැ මං මොකද කළේ කියලා.</font>

14
00:01:11,300 --> 00:01:14,067
<font color="#ffdc20">මට හිතුණේ ඔයාව සනසන්න ඕනේ කියලා.</font>

15
00:01:14,067 --> 00:01:18,733
<font color="#ffdc20">එහෙම කරන එකෙන් ඔයාට සහනයක්
ලැබෙන්නේ කොහොමද කියලා ඇහුවොත්,</font>

16
00:01:18,733 --> 00:01:21,333
<font color="#ffdc20">මට නිකම්ම හිතුණා මම
එහෙම කරන්න ඕනේ කියලා...</font>

17
00:01:21,333 --> 00:01:23,300
<font color="#ffdc20">ඔය කියවන එක නවත්තන්න!</font>

18
00:01:27,067 --> 00:01:28,704
<font color="#ffdc20">ඔයාට...</font>

19
00:01:28,704 --> 00:01:30,567
<font color="#ffdc20">තරහ ගිහිල්ලද?</font>

20
00:01:31,367 --> 00:01:33,833
<font color="#ffdc20">එහෙනම් ඔයා ඒකට කැමති වුණාද? නෑ, ඒකත් නෙවෙයි!</font>

21
00:01:35,933 --> 00:01:38,900
<font color="#ffdc20">එහෙනම් ඒක තමයි අද අපේ පළමු හාදුව...</font>

22
00:01:40,096 --> 00:01:42,900
<font color="#ffdc20">ඔයා මොනවා ගැනද මේ කියවන්නේ?</font>

23
00:01:42,900 --> 00:01:45,533
<font color="#ffdc20">මුකුත් කියන්න එපා.</font>

24
00:01:45,533 --> 00:01:49,167
<font color="#ffdc20">වචනයක්වත් කතා නොකර දැන්ම යන්න.</font>

25
00:01:49,167 --> 00:01:51,067
<font color="#ffdc20">හරි.</font>

26
00:02:01,100 --> 00:02:02,200
<font color="#ffdc20">ඉතින්...</font>

27
00:02:02,200 --> 00:02:04,000
<font color="#ffdc20">අයි‍යෝ! අයියෝ!</font>

28
00:02:10,400 --> 00:02:12,433
<font color="#ffdc20">ඇත්තටම...</font>

29
00:02:12,433 --> 00:02:14,967
<font color="#ffdc20">ඇයි එයා මේක මෙතන දාලා ගියේ?</font>

30
00:02:19,500 --> 00:02:20,700
<font color="#ff9332"><b>[7 වන කොටස]</b></font> <font color="#ffdc20">ඇහැක්?</font>

31
00:02:20,700 --> 00:02:21,733
<font color="#ffdc20">ඔයාගේ ඇහැටද?</font>

32
00:02:21,733 --> 00:02:23,067
<font color="#ffdc20">ඒයි!</font>

33
00:02:23,067 --> 00:02:25,933
<font color="#ffdc20">වාව්, පූ ගි ජොන් හරිම පිරිමියෙක් වගේනේ.</font>

34
00:02:25,933 --> 00:02:27,533
<font color="#ffdc20">ඒක හරිම ආදරණීයයි වගේ.</font>

35
00:02:27,533 --> 00:02:28,600
<font color="#ffdc20">ඒයි.</font>

36
00:02:28,600 --> 00:02:30,933
<font color="#ffdc20">පිස්සු හැදෙනවා.</font>

37
00:02:30,933 --> 00:02:32,067
<font color="#ffdc20">ඒක ඇඳලා පෙන්නන්නකෝ.</font>

38
00:02:32,067 --> 00:02:33,633
<font color="#ffdc20">මොකක්ද? අපිට පෙන්නන්නකෝ.</font>

39
00:02:33,633 --> 00:02:35,100
<font color="#ffdc20">අනේ!</font>

40
00:02:35,100 --> 00:02:37,700
<font color="#ffdc20">අනේ මන්දා, ඔයාලට මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම.</font>

41
00:02:37,700 --> 00:02:41,267
<font color="#ffdc20">මි රේ, සිහියට එන්න.</font>

42
00:02:41,267 --> 00:02:43,167
<font color="#ffdc20">ඉතින් ඊට පස්සේ මොකද වුණේ?</font>

43
00:02:43,167 --> 00:02:48,400
<font color="#ffdc20">මම දන්නේ නෑ. මම එයාට ඉක්මනට
යන්න කිව්වා විතරයි. මට සිහියක් තිබුණේ නෑ.</font>

44
00:02:48,400 --> 00:02:50,900
<font color="#ffdc20">මම ඉස්කෝලෙට ආවේ කොහොමද කියලවත් මට මතක නෑ.</font>

45
00:02:50,900 --> 00:02:52,133
<font color="#ffdc20">අනිවාර්යයෙන්ම මතක නැතුව ඇති.</font>

46
00:02:52,133 --> 00:02:53,967
<font color="#ffdc20">එයා ඔයාගේ ඇහැට එහෙම කළානේ.</font>

47
00:02:53,967 --> 00:02:56,267
<font color="#ffdc20">එයා තොල් තියලා ඔයාගේ කඳුළු උරා බිව්වනේ.</font>

48
00:02:56,267 --> 00:02:58,000
<font color="#ffdc20">ඔයාට සිහිය තිබුණනම් තමයි පුදුම.</font>

49
00:02:58,000 --> 00:02:59,367
<font color="#ffdc20">ම්වා!</font>

50
00:02:59,367 --> 00:03:00,633
<font color="#ffdc20">ජෝ මි රේ! දැන් ඇති.</font>

51
00:03:00,633 --> 00:03:03,467
<font color="#ffdc20">වාව්, එයා එහෙම කළා කියලා
හිතාගන්නවත් බෑ. ඇත්තටම.</font>

52
00:03:03,467 --> 00:03:05,467
<font color="#ffdc20">ඔයා හොඳින්ද?</font>

53
00:03:05,467 --> 00:03:07,367
<font color="#ffdc20">මොකක්ද?</font>

54
00:03:09,733 --> 00:03:12,933
<font color="#ffdc20">ඇත්තම කියනවා නම්...</font>

55
00:03:12,933 --> 00:03:15,467
<font color="#ffdc20">ඒ වෙලාවේ,</font>

56
00:03:16,867 --> 00:03:21,133
<font color="#ffdc20">මට පුදුම විදිහට සහනයක් දැනුණා.</font>

57
00:03:21,133 --> 00:03:22,700
<font color="#ffdc20">එහෙනම් ඉවරයිනේ.</font>

58
00:03:22,700 --> 00:03:24,533
<font color="#ffdc20">දැන් අත් අල්ලගෙන වැඩේ ස්ථිර කරගන්න!</font>

59
00:03:24,533 --> 00:03:26,133
<font color="#ffdc20">ඒයි!</font>

60
00:03:26,133 --> 00:03:27,967
<font color="#ffdc20">මේකද ඒ? මේ විදිහ හරිද?</font>

61
00:03:27,967 --> 00:03:29,433
<font color="#ffdc20">ඔයා දැක්කද පූප් බෝයිගෙ හකු පාඩම?</font>

62
00:03:29,433 --> 00:03:31,467
<font color="#ffdc20">ජෝ මි රේ! ජෝ මි රේ!</font>

63
00:03:35,367 --> 00:03:40,333
<font color="#ffdc20">එයා කඳුළු සිපගත්ත නිසා,
මෙතනින් හදවතක් අඳින්න.</font>

64
00:03:41,233 --> 00:03:42,467
<font color="#ffdc20">හකු පාඩම.</font>

65
00:03:42,467 --> 00:03:45,867
<font color="#ffdc20">මේ කවිය කියන්නේ කවුද?</font>

66
00:03:45,867 --> 00:03:49,800
<font color="#ffdc20">මුල් පදයෙන්ම, කවියා කවුද
කියලා පැහැදිලිව පේන්නේ නැහැ.</font>

67
00:03:49,800 --> 00:03:51,767
<font color="#ffdc20">[පූප් බෝයි: මම වගකීම ගන්නම්]</font>

68
00:03:51,767 --> 00:03:54,600
<font color="#ffdc20">මේ මොකක්ද මේ?</font>

69
00:04:01,567 --> 00:04:03,367
<font color="#ffdc20">වූ යොන්.</font>

70
00:04:13,400 --> 00:04:15,267
<font color="#ffdc20">ඇයි අපි මේ වගේ තැනක හම්බවෙන්නේ?</font>

71
00:04:15,267 --> 00:04:18,067
<font color="#ffdc20">මිනිස්සු බලන් ඉන්නවා.</font>

72
00:04:18,067 --> 00:04:20,933
<font color="#ffdc20">අද විශේෂ දවසක්නේ, ඉතින්
මට ඕන වුණා හොඳට කරන්න.</font>

73
00:04:20,933 --> 00:04:22,800
<font color="#ffdc20">මොන විශේෂ දවසක්ද?</font>

74
00:04:22,800 --> 00:04:25,267
<font color="#ffdc20">අනික වගකීම ගන්නවා කියන්නේ මොකක්ද?</font>

75
00:04:26,700 --> 00:04:29,033
<font color="#ffdc20">අවසරයක් නැතුව ඔයාව සිපගත්ත එකට.</font>

76
00:04:29,033 --> 00:04:30,467
<font color="#ffdc20">අපි සිපගත්තා කියන්නේ?</font>

77
00:04:30,467 --> 00:04:31,533
<font color="#ffdc20">ආයෙත් ඕක කියන්න එපා.</font>

78
00:04:31,533 --> 00:04:33,000
<font color="#ffdc20">මම ඉස්සෙල්ලා ඔයාගේ ඇහැ සිපගත්තනේ.</font>

79
00:04:33,000 --> 00:04:35,467
<font color="#ffdc20">අපි ඒකට නිකම්ම 'ඒ වැඩේ' කියලා කියමු.</font>

80
00:04:35,467 --> 00:04:37,633
<font color="#ffdc20">'ඒ වැඩේ'? ඔව්, 'ඒ වැඩේ'.</font>

81
00:04:37,633 --> 00:04:39,067
<font color="#ffdc20">'ඒ වැඩේ'.</font>

82
00:04:39,067 --> 00:04:40,100
<font color="#ffdc20">හරි, කමක් නෑ.</font>

83
00:04:40,100 --> 00:04:42,367
<font color="#ffdc20">ඔයාට ඇත්තටම ඕන ඒක නම්.</font>

84
00:04:42,367 --> 00:04:45,500
<font color="#ffdc20">ඉතින් අර අපි 'ඒ වැඩේ' කරපු වෙලාවේ...</font>

85
00:04:47,600 --> 00:04:50,600
<font color="#ffdc20">ඒයි! ඇත්තටම...</font>

86
00:04:56,000 --> 00:04:58,000
<font color="#ffdc20">මගේ ළඟට මීටර් 100ක්වත් එන්න එපා.</font>

87
00:04:58,000 --> 00:05:00,467
<font color="#ffdc20">ඒයි! ඉන්නකෝ!</font>

88
00:05:00,467 --> 00:05:01,933
<font color="#ffdc20">ඈතට වෙලා ඉන්න!</font>

89
00:05:01,933 --> 00:05:04,433
<font color="#ffdc20">මම වගකීම ගන්නම් කිව්වනේ!</font>

90
00:05:08,000 --> 00:05:10,033
<font color="#ffdc20">ඒයි!</font>

91
00:05:14,167 --> 00:05:15,233
<font color="#ffdc20">ඇයි ඔයා ඔච්චර පරණ විදිහට හිතන්නේ?</font>

92
00:05:15,233 --> 00:05:17,567
<font color="#ffdc20">මොකක්ද මේ වගකීම් කතාව?</font>

93
00:05:17,567 --> 00:05:21,300
<font color="#ffdc20">ඔයාට වගකියන්න තරම් දෙයක් එතන වුණේ නෑ.</font>

94
00:05:21,300 --> 00:05:23,600
<font color="#ffdc20">ඔයා හැදුවේ මාව සනසන්නනේ, නේද?</font>

95
00:05:23,600 --> 00:05:26,000
<font color="#ffdc20">යාළුවොන්ට එච්චර දෙයක් කරන්න පුළුවන්.</font>

96
00:05:26,000 --> 00:05:28,300
<font color="#ffdc20">ඉතින්... මොනවා වුණත්, මම වගකීම බාරගන්නවා.</font>

97
00:05:28,300 --> 00:05:31,733
<font color="#ffdc20">ඒක තමයි මට ඔයා ගැන හිතෙන විදිහ.</font>

98
00:05:33,567 --> 00:05:36,100
<font color="#ffdc20">අද වෙච්ච දේ ගැන කාටවත් කියන්න එපා.</font>

99
00:05:36,100 --> 00:05:37,824
<font color="#ffdc20">එහෙම කිව්වොත් නම්,</font>

100
00:05:37,824 --> 00:05:39,433
<font color="#ffdc20">මම නිකන් ඉන්නේ නෑ.</font>

101
00:05:43,467 --> 00:05:44,767
<font color="#ffdc20">සොන් වූ යොන්!</font>

102
00:05:44,767 --> 00:05:46,033
<font color="#ffdc20">මම වගකීම ගන්නම්!</font>

103
00:05:46,033 --> 00:05:48,600
<font color="#ffdc20">ඇත්තටම, එයාට මොකද වෙලා තියෙන්නේ?</font>

104
00:05:49,600 --> 00:05:52,233
<font color="#ffdc20">එයා හරිම කියුට්.</font>

105
00:05:52,233 --> 00:05:54,967
<font color="#ffdc20">නම් ගි ජොන් කියන්නේ මාර පිස්සෙක්.</font>

106
00:05:54,967 --> 00:05:57,167
<font color="#ffdc20">එයාට පිස්සු. ඇත්තටම!</font>

107
00:06:03,533 --> 00:06:06,600
<font color="#ffdc20">අනේ මන්දා, ඇත්තටම, නම් ගි ජොන්.</font>

108
00:07:04,533 --> 00:07:06,533
<font color="#ffdc20">පොඩ්ඩක් මෙහෙට එන්න.</font>

109
00:07:09,400 --> 00:07:11,400
<font color="#ffdc20">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

110
00:07:11,400 --> 00:07:14,100
<font color="#ffdc20">කොහොමද ඔයා මට එහෙම කතා කරන්නේ?</font>

111
00:07:14,933 --> 00:07:17,933
<font color="#ffdc20">ඇයි ඔයා එකපාරටම මෙහෙම හැසිරෙන්නේ?</font>

112
00:07:19,433 --> 00:07:21,733
<font color="#ffdc20">මට උත්තරයක් දෙන්නේ නැද්ද?</font>

113
00:07:23,533 --> 00:07:27,967
<font color="#ffdc20">ඔයා මට ගෞරවයෙන් කතා
කරපු වෙලාවට මම උත්තර දෙන්නම්.</font>

114
00:07:27,967 --> 00:07:30,667
<font color="#ffdc20">මොකක්ද කිව්වේ?</font>

115
00:07:31,800 --> 00:07:33,933
<font color="#ffdc20">අම්මෝ, එයා නම් ඇත්තටම...</font>

116
00:07:41,333 --> 00:07:44,533
<font color="#ffdc20">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

117
00:07:44,533 --> 00:07:46,467
<font color="#ffdc20">ඔයාට කවදාවත් මුරණ්ඩු කාලයක්
තිබුණෙත් නෑනේ. ඇයි දැන් පටන් ගත්තේ?</font>

118
00:07:46,467 --> 00:07:49,833
<font color="#ffdc20">වූ යොන්, දොර ඇරන්නකෝ.</font>

119
00:07:50,752 --> 00:07:53,800
<font color="#ffdc20">ඔයා නරක ළමයි ආශ්‍රය කරන්නේ නෑ නේද?</font>

120
00:07:53,800 --> 00:07:55,900
<font color="#ffdc20"><i>අම්මා දන්නේ නෑ</i></font>

121
00:07:55,900 --> 00:08:00,767
<font color="#ffdc20"><i>ඇයි මම නව යොවුන් වියේ
ප්‍රශ්න නැති ගානට හිටියේ කියලා.</i></font>

122
00:08:01,696 --> 00:08:04,200
<font color="#ffdc20">වූ යොන්, ඉක්මන් කරන්න. අපි පරක්කුයි.</font>

123
00:08:08,288 --> 00:08:11,467
<font color="#ffdc20"><i>මගේ ලස්සන, හැමදාම ආත්ම
විශ්වාසයෙන් හිටපු අම්මා.</i></font>

124
00:08:11,467 --> 00:08:13,867
<font color="#ffdc20"><i>අම්මා මගේ ආඩම්බරය වුණා.</i></font>

125
00:08:13,867 --> 00:08:15,733
<font color="#ffdc20">වූ යොන්.</font>

126
00:08:18,656 --> 00:08:21,000
<font color="#ffdc20"><i>ඒත්,</i></font>

127
00:08:21,000 --> 00:08:24,267
<font color="#ffdc20"><i>- අම්මා වගේ වෙන්න මම දක්ෂ
මදි වුණා.</i> අඬන්න එපා, අඬන්න එපා.</font>

128
00:08:24,267 --> 00:08:26,667
<font color="#ffdc20"><i>- මම නිසා,</i> ඔයා හරිම නොසැලකිලිමත්.</font>

129
00:08:26,667 --> 00:08:29,467
<font color="#ffdc20"><i>- අම්මා ටිකෙන් ටික සැර වෙන්න ගත්තා.</i>
ඇයි ඔයා හැම තිස්සෙම වැටෙන්නේ?</font>

130
00:08:29,467 --> 00:08:33,133
<font color="#ffdc20"><i>ඒත්, මට එයාට වෛර කරන්න බැරි වුණා.</i></font>

131
00:08:33,133 --> 00:08:34,467
<font color="#ffdc20">අපි පරක්කුයි. යමු.</font>

132
00:08:34,467 --> 00:08:36,967
<font color="#ffdc20">ජි චොල්ගේ පවුලේ අය ඇවිල්ලා කියලා ආරංචි වුණාද?</font>

133
00:08:36,967 --> 00:08:38,167
<font color="#ffdc20">එයාගේ බිරිඳව දැක්කද?</font>

134
00:08:38,167 --> 00:08:41,300
<font color="#ffdc20">මම එයාව දැක්කේ වෙඩින් එකේදි
විතරයි, ඒ නිසා මට අඳුරගන්න බැරි වෙයි.</font>

135
00:08:41,300 --> 00:08:44,933
<font color="#ffdc20">නැන්දා එයාගේ දක්ෂ පුතා ගැන
ගොඩක් පුරසාරම් දෙඩෙව්වා.</font>

136
00:08:44,933 --> 00:08:45,967
<font color="#ffdc20">ඒ ගැන නම් කතා කරන්න එපා.</font>

137
00:08:45,967 --> 00:08:51,333
<font color="#ffdc20">කවුද හිතුවේ එයා නිකම්ම නළඟනක්ව
බඳියි කියලා? හිතාගන්නත් බෑ.</font>

138
00:08:51,333 --> 00:08:54,800
<font color="#ffdc20">මම අහලා තියෙනවා එයාගේ පුතාලා
දෙන්නත් හරි දක්ෂයි කියලා. මාරයිනේ.</font>

139
00:08:54,800 --> 00:08:56,467
<font color="#ffdc20">එයාලට තාත්තාගේ ජාන ඇවිල්ලා.</font>

140
00:08:56,467 --> 00:08:59,100
<font color="#ffdc20">ඒත් එයාගේ දුව ගැන නම් එච්චර හොඳක් අහන්න නෑ.</font>

141
00:08:59,100 --> 00:09:00,700
<font color="#ffdc20">එහෙනම් එයාට අම්මාගේ ජාන එන්න ඇති.</font>

142
00:09:00,700 --> 00:09:03,200
<font color="#ffdc20">එයා නළඟනක් වෙන්න ඇති.</font>

143
00:09:09,467 --> 00:09:12,000
<font color="#ffdc20"><i>එදා මගේ කන් වහගත්ත ඒ අත්</i></font>

144
00:09:12,000 --> 00:09:15,233
<font color="#ffdc20"><i>එච්චර උණුසුම් නොවුණා නම්,</i></font>

145
00:09:15,233 --> 00:09:18,433
<font color="#ffdc20"><i>මට ඕන තරම් අම්මා එක්ක තරහ වෙන්න තිබුණා.</i></font>

146
00:09:18,433 --> 00:09:20,300
<font color="#ffdc20">සොන් වූ යොන්!</font>

147
00:09:20,300 --> 00:09:22,733
<font color="#ffdc20">දැන්ම මේ දොර අරින්න!</font>

148
00:09:29,152 --> 00:09:30,667
<font color="#ffdc20">මම කැමති විදිහ?</font>

149
00:09:30,667 --> 00:09:34,933
<font color="#ffdc20">ඔයා වගේ විනෝදකාමී, නිර්භීත
කෙනෙක්ට විශේෂ කැමැත්තක් ඇතිනේ.</font>

150
00:09:34,933 --> 00:09:37,633
<font color="#ffdc20">සමහරවිට සොන් හෝ වගේ කෙනෙක්ද?</font>

151
00:09:37,633 --> 00:09:38,667
<font color="#ffdc20">ඒයි!</font>

152
00:09:38,667 --> 00:09:41,100
<font color="#ffdc20">මගේ ඇකාප්‍රියෝ ගැන නම් කතා කරන්න එපා!</font>

153
00:09:41,100 --> 00:09:43,733
<font color="#ffdc20">කවුද ඇකාප්‍රියෝ කියන්නේ?
අලුත් අයිඩොල් කණ්ඩායමක්ද?</font>

154
00:09:43,733 --> 00:09:46,600
<font color="#ffdc20">වැඩක් නෑ. මම අයිඩොල්ලා ගැන හොයන්නේ නෑ.</font>

155
00:09:46,600 --> 00:09:51,067
<font color="#ffdc20">හිරු එළිය වැදිලා බබළන, හුළඟට ලෙලදෙන
රත්තරන් පාට කොණ්ඩයක් සහ මුවෙක්ගේ වගේ ඇස්.</font>

156
00:09:51,067 --> 00:09:53,433
<font color="#ffdc20">මාරක රත් පැහැති තොල්.</font>

157
00:09:53,433 --> 00:09:57,000
<font color="#ffdc20">මිහිරි කටහඬක්. එකම වෙලාවක
වැදගත් වගේම ආකර්ෂණීයයි.</font>

158
00:09:57,000 --> 00:09:59,133
<font color="#ffdc20">විශේෂයෙන්ම ඒ රත්තරන් පාට කොණ්ඩය...</font>

159
00:09:59,900 --> 00:10:01,067
<font color="#ffdc20">අනේ මන්දා, මට හිතාගන්න බෑ.</font>

160
00:10:01,067 --> 00:10:02,900
<font color="#ffdc20">ඒක හරියට අයිඩොල් කෙනෙක් වගේ නේද?</font>

161
00:10:02,900 --> 00:10:04,667
<font color="#ffdc20">ඔව්. මම කියන්නේ, නෑ කියලා!</font>

162
00:10:04,667 --> 00:10:06,267
<font color="#ffdc20">ඔයාලට බලන්න ඕනෙද? ඔව්, පෙන්නන්නකෝ!</font>

163
00:10:06,267 --> 00:10:08,867
<font color="#ffdc20">මටත් ඕනේ! ෆොටෝ එකක් තියෙනවද?</font>

164
00:10:08,867 --> 00:10:10,033
<font color="#ffdc20">ටඩා!</font>

165
00:10:10,033 --> 00:10:13,333
<font color="#ffdc20">මොකක්ද? මේ මොකක්ද? මොකක්ද? පොතක්?</font>

166
00:10:13,333 --> 00:10:16,500
<font color="#ffdc20">මගේ හිත ගිය කෙනා මේ ලෝකේ කෙනෙක් නෙවෙයි.</font>

167
00:10:16,500 --> 00:10:17,536
<font color="#ffdc20">[ඇකාප්‍රියෝගේ දිවුරුම]</font>

168
00:10:17,536 --> 00:10:18,926
<font color="#ffdc20">දැක්කනේ.</font>

169
00:10:32,672 --> 00:10:33,967
<font color="#ffdc20">හපොයි.</font>

170
00:10:33,967 --> 00:10:36,667
<font color="#ffdc20">මේකේ තියෙන විශේෂත්වය මොකක්ද?</font>

171
00:10:44,608 --> 00:10:48,267
<font color="#ffdc20">හලෝ, මට වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද?</font>

172
00:10:48,967 --> 00:10:50,144
<font color="#ffdc20">කොණ්ඩේ පාට කරගන්න.</font>

173
00:10:50,144 --> 00:10:52,533
<font color="#ffdc20">සොන් හෝ!</font>

174
00:10:52,533 --> 00:10:54,700
<font color="#ffdc20">මම පස්සේ ගන්නම්.</font>

175
00:10:56,800 --> 00:10:58,367
<font color="#ffdc20">ඇයි එයා මාව නාට්‍යයක් බලන්න එක්කන් ආවේ?</font>

176
00:10:58,367 --> 00:11:01,033
<font color="#ffdc20">ඔයා ඇවිල්ලා. ඔව් ඉතින් ආවනේ.</font>

177
00:11:01,033 --> 00:11:02,967
<font color="#ffdc20">කොලේජ් නාට්‍ය හරිම කම්මැලියි.</font>

178
00:11:02,967 --> 00:11:05,567
<font color="#ffdc20">ඒත් එයාලා සෙනඟ පුරවගන්න ඕනේ කියලා මට
ආයාචනා කළා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.</font>

179
00:11:05,567 --> 00:11:09,233
<font color="#ffdc20">ඔයා නිකන් අසල්වැසියෙකුට වුණත්
උදව් කරනවනේ. ඔයා හරිම මෘදු කෙනෙක්.</font>

180
00:11:09,233 --> 00:11:10,967
<font color="#ffdc20">මම නිදාගන්න යන්නේ. මාව ඇහැරවන්න එපා.</font>

181
00:11:10,967 --> 00:11:13,300
<font color="#ffdc20">ගොරවන්න නම් එපා.</font>

182
00:11:18,464 --> 00:11:22,633
<font color="#ffdc20">හලෝ? මම දැන් කැම්පස් එකේ ඉන්නේ.</font>

183
00:11:24,200 --> 00:11:25,200
<font color="#ffdc20">මම ඉන්නේ...</font>

184
00:11:25,200 --> 00:11:27,233
<font color="#ffdc20">ඒයි, අරයාගේ කොණ්ඩේ දිහා බලන්නකෝ!</font>

185
00:11:27,233 --> 00:11:28,933
<font color="#ffdc20">රත්තරන් පාට එයාට ගොඩක් ගැළපෙනවා.</font>

186
00:11:28,933 --> 00:11:32,100
<font color="#ffdc20">ඒ නාට්‍ය සංගමයේ සී රෝ (Zero) නේද?</font>

187
00:11:32,100 --> 00:11:34,067
<font color="#ffdc20">එයා මාරම කූල්.</font>

188
00:11:34,067 --> 00:11:36,067
<font color="#ffdc20">ස්තූතියි. ස්තූතියි.</font>

189
00:11:36,067 --> 00:11:38,167
<font color="#ffdc20">ඒ නාට්‍යයක්ද?</font>

190
00:11:42,816 --> 00:11:47,167
<font color="#ffdc20">මම හිතන්නේ ඒක තමයි නාට්‍යය.
ඒක විනෝදජනක වෙයි වගේ.</font>

191
00:11:47,776 --> 00:11:50,267
<font color="#ffdc20">ඇකාප්‍රියෝ.</font>

192
00:11:53,067 --> 00:11:55,584
<font color="#ffdc20">[ඇකාප්‍රියෝගේ දිවුරුම]</font>

193
00:11:55,584 --> 00:11:58,233
<font color="#ffdc20">ඇකාප්‍රියෝ.</font>

194
00:12:05,856 --> 00:12:08,167
<font color="#ffdc20">අපි මේක හෙට වෙද්දි ආපහු දෙන්න ඕනේ නේද?</font>

195
00:12:08,167 --> 00:12:10,000
<font color="#ffdc20">ඔව්.</font>

196
00:12:28,384 --> 00:12:30,633
<font color="#ffdc20">ඔයා අද හරිම ලස්සනයි.</font>

197
00:12:32,600 --> 00:12:34,433
<font color="#ffdc20">විහිළු කරන්න එපා.</font>

198
00:12:35,200 --> 00:12:38,267
<font color="#ffdc20">සොන් හෝ, ඇත්තටම මාව පොඩි ළමයෙක් වගේ පේනවද?</font>

199
00:12:38,267 --> 00:12:41,600
<font color="#ffdc20">නෑ, මට හිතෙන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්.</font>

200
00:12:41,600 --> 00:12:42,667
<font color="#ffdc20">විරුද්ධ දෙයක්?</font>

201
00:12:42,667 --> 00:12:45,367
<font color="#ffdc20">ඔයා වයසට වඩා මුහුකුරා ගිය කෙනෙක්
කියලා කට්ටිය කියනවා අහලා නැද්ද?</font>

202
00:12:45,367 --> 00:12:47,933
<font color="#ffdc20">ඔයා ඔයාගේ වයසට වඩා ගොඩක් මේරූ කෙනෙක්.</font>

203
00:12:47,933 --> 00:12:49,767
<font color="#ffdc20">ඔයා ඇත්තටම එහෙම හිතනවද?</font>

204
00:12:50,533 --> 00:12:52,800
<font color="#ffdc20">ඔයා ඒකට කැමතිද?</font>

205
00:12:52,800 --> 00:12:55,133
<font color="#ffdc20">ඔව්, මම කැමතියි.</font>

206
00:13:01,184 --> 00:13:04,000
<font color="#ffdc20">එයා හමුදාවට බැඳෙනවද?</font>

207
00:13:04,000 --> 00:13:06,592
<font color="#ffdc20">කූ සොන් හෝ හමුදාවට බැඳෙනවා.</font>

208
00:13:06,592 --> 00:13:08,992
<font color="#ffdc20">ඒ මෝඩයා.</font>

209
00:13:08,992 --> 00:13:11,867
<font color="#ffdc20">එයා කොහොමද එහෙම යන්නේ?</font>

210
00:13:14,800 --> 00:13:19,400
<font color="#ffdc20">නෑ, එයාට යන්න වෙනවනේ.</font>

211
00:13:19,400 --> 00:13:21,733
<font color="#ffdc20">ඒත් කොහොමද එච්චර හදිස්සියෙන් යන්නේ?</font>

212
00:13:22,567 --> 00:13:25,600
<font color="#ffdc20">ඉතින් ඔයාට මාව ජීවිත කාලෙම</font>

213
00:13:25,600 --> 00:13:28,000
<font color="#ffdc20">ආශ්‍රය කරන්න තියෙන්නේ එක ක්‍රමයයි.</font>

214
00:13:29,333 --> 00:13:31,900
<font color="#ffdc20">මට නම්, ඔයා කෙල්ලෙක්.</font>

215
00:13:31,900 --> 00:13:33,300
<font color="#ffdc20">මෝඩයා.</font>

216
00:13:33,300 --> 00:13:36,333
<font color="#ffdc20">එයා හමුදාවට යනවා දැන දැනම යෝජනා කළාද?</font>

217
00:13:37,000 --> 00:13:41,067
<font color="#ffdc20">වාව්, කූ සොන් හෝ! එයාට හිතක් පපුවක් නැද්ද?</font>

218
00:13:41,067 --> 00:13:43,367
<font color="#ffdc20">කූ සොන් හෝ, තමුන් මහ මෝඩයෙක්!</font>

219
00:13:45,167 --> 00:13:48,288
<font color="#ffdc20">හිතාගන්නවත් බෑ.</font>

220
00:13:48,288 --> 00:13:50,533
<font color="#ffdc20">මූ දවසම මගේ කෝල්ස් ආන්සර් කරන්නේ නෑනේ.</font>

221
00:13:50,533 --> 00:13:51,967
<font color="#ffdc20">ඒකනේ. එයා අද ටිකක් අමුතු විදිහට හැසිරෙන්නේ.</font>

222
00:13:51,967 --> 00:13:53,867
<font color="#ffdc20">ඒයි, නම් ගි ජොන්!</font>

223
00:13:55,767 --> 00:13:57,900
<font color="#ffdc20">එයා මෙහෙ නෑ.</font>

224
00:13:57,900 --> 00:14:00,333
<font color="#ffdc20">මොකක්ද? මොකක්ද ඒ සද්දේ?</font>

225
00:14:15,936 --> 00:14:17,900
<font color="#ffdc20">ඔයා මෙහේ උඩ මොකද කරන්නේ?</font>

226
00:14:21,300 --> 00:14:23,008
<font color="#ffdc20">ඒයි,</font>

227
00:14:23,008 --> 00:14:24,933
<font color="#ffdc20">සාදරයෙන් පිළිගන්නවා.</font>

228
00:14:24,933 --> 00:14:27,867
<font color="#ffdc20">ඉර බහින හැටි හරිම ලස්සනයි.</font>

229
00:14:27,867 --> 00:14:28,967
<font color="#ffdc20">ඒයි, පූප් බෝයි.</font>

230
00:14:28,967 --> 00:14:33,000
<font color="#ffdc20">ඇයි ඔයාට එකපාරටම ඉර
බහින එක ලස්සනට පේන්නේ?</font>

231
00:14:33,000 --> 00:14:35,136
<font color="#ffdc20">මට හරියටම කියන්න බෑ.</font>

232
00:14:35,136 --> 00:14:37,733
<font color="#ffdc20">වැඩිහිටියෙක්ගේ ඇස් වලින් ලෝකය දිහා බලද්දි</font>

233
00:14:37,733 --> 00:14:42,267
<font color="#ffdc20">ඉර බැසීම පවා වෙනස් විදිහට පේනවා.</font>

234
00:14:42,267 --> 00:14:43,500
<font color="#ffdc20">වැඩිහිටියෙක්ගේ ඇස් වලින්?</font>

235
00:14:43,500 --> 00:14:45,067
<font color="#ffdc20">ඒ මොකද කියනවා නම්</font>

236
00:14:45,067 --> 00:14:46,833
<font color="#ffdc20">මිස් පිගී සහ මම...</font>

237
00:14:46,833 --> 00:14:49,504
<font color="#ffdc20"><i>අද වෙච්ච දේ ගැන කාටවත් කියන්න එපා.</i></font>

238
00:14:49,504 --> 00:14:52,267
<font color="#ffdc20"><i>එහෙම කිව්වොත් නම්, මම නිකන් ඉන්නේ නෑ.</i></font>

239
00:14:52,267 --> 00:14:53,433
<font color="#ffdc20">මොකද වුණේ?</font>

240
00:14:53,433 --> 00:14:56,967
<font color="#ffdc20">ඒත් ඒක රහසක්.</font>

241
00:15:00,096 --> 00:15:01,767
<font color="#ffdc20">හරි.</font>

242
00:15:01,767 --> 00:15:04,567
<font color="#ffdc20">මම දැන් වැඩිහිටියෙක් වෙන්න හේතුව තමයි...</font>

243
00:15:04,567 --> 00:15:06,900
<font color="#ffdc20">හේතුව? හේතුව?</font>

244
00:15:06,900 --> 00:15:10,933
<font color="#ffdc20">මිස් පිගී සහ මම අර වැඩේ කළා.</font>

245
00:15:11,800 --> 00:15:13,696
<font color="#ffdc20">අයියෝ,</font>

246
00:15:13,696 --> 00:15:15,767
<font color="#ffdc20">ඒකට නම් මට එකපාරටම හිරිගඩු පිපුණා...</font>

247
00:15:28,067 --> 00:15:30,467
<font color="#ffdc20"><i>මේ සතියේ තේමාව රතු.</i></font>

248
00:15:30,467 --> 00:15:32,333
<font color="#ffdc20">රතු?</font>

249
00:15:33,000 --> 00:15:36,767
<font color="#ffdc20">ඒත් මට රතු පාට ඇඳුම් මුකුත් නෑනේ.</font>

250
00:15:36,767 --> 00:15:38,100
<font color="#ffdc20"><i>රතු?</i></font>

251
00:15:38,100 --> 00:15:40,233
<font color="#ffdc20"><i>උද්‍යෝගිමත් රතු! ඒක ගොඩක් උණුසුම් වෙයි.</i></font>

252
00:15:40,233 --> 00:15:41,800
<font color="#ffdc20"><i>ආහ්, තද රතු පාට...</i></font>

253
00:15:41,800 --> 00:15:44,160
<font color="#ffdc20"><i>අන්තිමේදී ගි ජොන්ගේ පාට.</i></font>

254
00:15:47,456 --> 00:15:49,667
<font color="#ffdc20">අයියෝ.</font>

255
00:15:49,667 --> 00:15:52,064
<font color="#ffdc20">නම් ගි ජොන් කියන්නේ රතු.</font>

256
00:15:55,033 --> 00:15:57,167
<font color="#ffdc20">[ස්පිරිට් ෆින්ගර්ස්, 9 වන හමුව]</font>

257
00:15:57,167 --> 00:16:00,233
<font color="#ffdc20">අද මම මේකට නොගිහින් ඉන්නද?</font>

258
00:16:10,033 --> 00:16:12,367
<font color="#ffdc20">එයා කට වහගෙන හිටියොත් තමයි හොඳ.</font>

259
00:16:20,200 --> 00:16:22,900
<font color="#ffdc20">කවුද ඔය සද්ද දාන්නේ?</font>

260
00:16:26,033 --> 00:16:28,500
<font color="#ffdc20">මට ෂුවර් ඒ එයා තමයි.</font>

261
00:16:46,100 --> 00:16:49,567
<font color="#ffdc20">මම වගකීම භාරගන්නම්! මම දිවුරනවා!</font>

262
00:16:51,400 --> 00:16:52,633
<font color="#ffdc20">ඔය පිස්සා.</font>

263
00:16:52,633 --> 00:16:55,133
<font color="#ffdc20">එයාට අද හොඳටම පිස්සු හැදිලා.</font>

264
00:16:56,320 --> 00:16:58,833
<font color="#ffdc20">ඔයා ඇත්තටම ඔය හෙඩ්බෑන්ඩ් එක දාගත්තද?</font>

265
00:16:58,833 --> 00:17:01,267
<font color="#ffdc20">හරිම කැතයි.</font>

266
00:17:05,433 --> 00:17:07,400
<font color="#ffdc20">ඕක ඕනවට වැඩියි.</font>

267
00:17:07,400 --> 00:17:09,300
<font color="#ffdc20">මට නම් ලැජ්ජයි.</font>

268
00:17:09,300 --> 00:17:10,867
<font color="#ffdc20">මම ලැජ්ජා වෙන්න ඕන කියලද ඔයා ඔය කියන්නේ?</font>

269
00:17:10,867 --> 00:17:13,133
<font color="#ffdc20">තිස් ගණන්වල කෙනෙක් මේ වගේ
ළමයි අඳින ඇඳුමක් ඇඳගෙන ඉන්න නිසාද?</font>

270
00:17:13,133 --> 00:17:15,033
<font color="#ffdc20">නෑ, කොහෙත්ම නෑ.</font>

271
00:17:15,033 --> 00:17:19,500
<font color="#ffdc20">ඔයා මේ ක්ලබ් එකට බැඳුණේ සතියකට වතාවක්වත්
විශේෂ කෙනෙක් වෙන්න ඕන නිසා නෙවෙයිද?</font>

272
00:17:19,500 --> 00:17:22,633
<font color="#ffdc20">ඔයා මෙතනත් අනිත් අයගේ අදහස් ගැන වද
වෙනවා දැක්කම මට ලොකු කලකිරීමක් ඇති වුණා.</font>

273
00:17:22,633 --> 00:17:24,833
<font color="#ffdc20">ඇත්තටම ඒක ගැන කණගාටුයි.</font>

274
00:17:28,928 --> 00:17:31,367
<font color="#ffdc20">ඔයාට හරියට වෙනස් වෙන්න බැරි නම්, අපිට
පුළුවන් ඔයාගේ සාමාජිකත්වය අයින් කරන්න.</font>

275
00:17:31,367 --> 00:17:32,448
<font color="#ffdc20">මට පුළුවන්...</font>

276
00:17:32,448 --> 00:17:34,467
<font color="#ffdc20">මට ඒක කරන්න පුළුවන්!</font>

277
00:17:55,533 --> 00:17:57,133
<font color="#ffdc20">[හැන්ඩ්සම් කොල්ලන්ට හැමෝම ගරු කරන්න ඕන]</font>

278
00:17:57,133 --> 00:18:00,500
<font color="#ffdc20">බේබ්ලූ ෆින්ගර් ඇතුලට එනවා!</font>

279
00:18:00,500 --> 00:18:02,233
<font color="#ffdc20">මෙන්න එනවා!</font>

280
00:18:02,233 --> 00:18:04,267
<font color="#ffdc20">අනේ, එපා!</font>

281
00:18:04,267 --> 00:18:05,433
<font color="#ffdc20">මොකක්ද 'එපා' කියන්නේ?</font>

282
00:18:05,433 --> 00:18:06,433
<font color="#ffdc20">දැන්ම මෙහෙන් ඇතුලට එන්න.</font>

283
00:18:06,433 --> 00:18:07,667
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න, එක තත්පරයක්!</font>

284
00:18:07,667 --> 00:18:09,400
<font color="#ffdc20">මම කිව්වේ ඇතුලට එන්න කියලා! ඒයි!</font>

285
00:18:09,400 --> 00:18:13,100
<font color="#ffdc20">ඕක ඔහොමම කරගෙන
ගියොත් ඔයා ක්ලබ් එකෙන් එළියට.</font>

286
00:18:13,100 --> 00:18:15,467
<font color="#ffdc20">අනේ ප්ලීස්. මොකද මේ වෙන්නේ?</font>

287
00:18:15,467 --> 00:18:17,133
<font color="#ffdc20">එයා කිව්වා රතු පාට ඇන්දම ලැජ්ජයි කියලා.</font>

288
00:18:17,133 --> 00:18:18,567
<font color="#ffdc20">ඔයා කියන්නේ මම දිහා බලන්න ලැජ්ජයි කියලද?</font>

289
00:18:18,567 --> 00:18:20,768
<font color="#ffdc20">නිකන් ඇතුලට යන්න!</font>

290
00:18:38,600 --> 00:18:41,233
<font color="#ffdc20">වාව්.</font>

291
00:18:41,233 --> 00:18:42,800
<font color="#ffdc20">ඒයි, ළමයි.</font>

292
00:18:42,800 --> 00:18:45,367
<font color="#ffdc20">දැන් ඕක නවත්තන්න.</font>

293
00:18:48,500 --> 00:18:51,500
<font color="#ffdc20">රෙඩ් ඇත්තටම එයාගේ නමට
ගැළපෙනවා. මාර රතු පාටයිනේ. අයියෝ.</font>

294
00:18:51,500 --> 00:18:52,967
<font color="#ffdc20">එයාලා නම් හැසිරෙන්න දන්නෙ නෑ.</font>

295
00:18:52,967 --> 00:18:54,333
<font color="#ffdc20">ඒ වුණාට ඔයානේ අපිව තල්ලු
කළේ! ඔයානේ අපිව තල්ලු කළේ!</font>

296
00:18:54,333 --> 00:18:56,400
<font color="#ffdc20">මම පොඩ්ඩක් තල්ලු කළා, ඒත් බදාගන්න කිව්වෙ නෑනේ.</font>

297
00:18:56,400 --> 00:18:57,467
<font color="#ffdc20">ඒත් ටැං ජා! ඇති දැන්, ටැං ජා!</font>

298
00:18:57,467 --> 00:18:59,367
<font color="#ffdc20">එයාලා ඉන්නේ ඒ වයසෙනේ. මට තේරෙනවා.</font>

299
00:18:59,367 --> 00:19:01,133
<font color="#ffdc20">හෝමෝනවලට වහල් වෙලා.</font>

300
00:19:01,133 --> 00:19:03,467
<font color="#ffdc20">ඒක මාර ෂෝක් ඇති.</font>

301
00:19:03,467 --> 00:19:05,300
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න.</font>

302
00:19:09,567 --> 00:19:11,367
<font color="#ffdc20">ඇයි?</font>

303
00:19:12,333 --> 00:19:14,067
<font color="#ffdc20">ඔය දෙන්නා අතර මොකක් හරි වුණාද?</font>

304
00:19:14,067 --> 00:19:16,533
<font color="#ffdc20">නෑ! නෑ!</font>

305
00:19:16,533 --> 00:19:19,633
<font color="#ffdc20">මොකක්? වෙන්න බෑ.</font>

306
00:19:19,633 --> 00:19:21,900
<font color="#ffdc20">මුකුත්ම වුණේ නෑ.</font>

307
00:19:26,467 --> 00:19:29,728
<font color="#ffdc20">ළමයින්ට විහිළු කරන එක
නම් කවදාවත් එපා වෙන්නෙ නෑ.</font>

308
00:19:29,728 --> 00:19:31,933
<font color="#ffdc20">එයාලා වැඩේ කරලා. මට ෂුවර්.</font>

309
00:19:31,933 --> 00:19:32,967
<font color="#ffdc20">මොකක්?</font>

310
00:19:32,967 --> 00:19:35,700
<font color="#ffdc20">මගේ පළවෙනි කිස් එක වුණෙත් ඔය විදිහටමයි.</font>

311
00:19:36,533 --> 00:19:38,133
<font color="#ffdc20">ඇයි ඔයා ඔච්චර කලබල වෙන්නේ?</font>

312
00:19:38,133 --> 00:19:39,167
<font color="#ffdc20">බලන්න කවුද කතා කරන්නේ කියලා.</font>

313
00:19:39,167 --> 00:19:40,833
<font color="#ffdc20">නෑ, ඔයා වැඩියෙන් කලබල වුණා.</font>

314
00:19:40,833 --> 00:19:43,100
<font color="#ffdc20">නෑ, ඔයා තමයි වැඩියෙන්ම.</font>

315
00:19:43,100 --> 00:19:44,200
<font color="#ffdc20">ආයෙ ඒ වගේ හැසිරෙන්න එපා.</font>

316
00:19:44,200 --> 00:19:46,033
<font color="#ffdc20">නිකන් සාමාන්‍ය විදිහට ඉන්න.</font>

317
00:19:46,033 --> 00:19:47,833
<font color="#ffdc20">හා හරි.</font>

318
00:19:51,520 --> 00:19:54,400
<font color="#ffdc20">මම කාටවත් කිව්වෙ නෑ.</font>

319
00:19:55,840 --> 00:19:56,967
<font color="#ffdc20">මොකක් ගැනද?</font>

320
00:19:56,967 --> 00:19:57,967
<font color="#ffdc20">අර සිද්ධිය.</font>

321
00:19:57,967 --> 00:19:59,567
<font color="#ffdc20">ඔයානේ කිව්වේ කාටවත් කියන්න එපා කියලා.</font>

322
00:19:59,567 --> 00:20:01,824
<font color="#ffdc20">මම මැරෙනකම්ම අර සිද්ධිය
ගැන කාටවත්ම කියන්නෙ නෑ...</font>

323
00:20:01,824 --> 00:20:03,433
<font color="#ffdc20">ඒකට 'අර සිද්ධිය' කියලා කියන්න එපා!</font>

324
00:20:03,433 --> 00:20:05,967
<font color="#ffdc20">නිකන් මුකුත්ම නොකියා ඉන්න.</font>

325
00:20:07,264 --> 00:20:08,567
<font color="#ffdc20">මට සමා වෙන්න.</font>

326
00:20:08,567 --> 00:20:10,967
<font color="#ffdc20">මම ඔයා එක්ක තරහා නෑ.</font>

327
00:20:10,967 --> 00:20:12,800
<font color="#ffdc20">ඒයි.</font>

328
00:20:13,440 --> 00:20:16,667
<font color="#ffdc20">රතු පාටට ඔයා මාර ලස්සනයි.</font>

329
00:20:17,833 --> 00:20:22,667
<font color="#ffdc20">දැන් ඔයා කොච්චර කියුට්ද කියලා ඔයා දන්නවද?</font>

330
00:20:25,100 --> 00:20:27,700
<font color="#ffdc20">හලෝ. හායි.</font>

331
00:20:27,700 --> 00:20:28,833
<font color="#ffdc20">ඔය දෙන්නා ආයෙත් රණ්ඩු වෙනවද?</font>

332
00:20:28,833 --> 00:20:30,500
<font color="#ffdc20">නෑ, අපි රණ්ඩු වෙන්නෙ නෑ.</font>

333
00:20:30,500 --> 00:20:32,867
<font color="#ffdc20">වු යොන්, ඔයා අද ලස්සන මායාකාරියක් වගේ ඇඳගෙන.</font>

334
00:20:32,867 --> 00:20:35,133
<font color="#ffdc20">ඔයා බයෙන් හිටියට, රතු පාට
ඔයාට ගොඩක් ගැළපෙනවා.</font>

335
00:20:35,133 --> 00:20:37,000
<font color="#ffdc20">අපෝ නෑ, ගැළපෙන්නෙ නෑ!</font>

336
00:20:37,633 --> 00:20:38,633
<font color="#ffdc20">[හැන්ඩ්සම් කොල්ලන්ට හැමෝම ගරු කරන්න ඕන]</font>

337
00:20:38,633 --> 00:20:41,000
<font color="#ffdc20">ඒක මට තමයි වැඩියෙන්ම ගැළපෙන්නේ.</font>

338
00:20:43,232 --> 00:20:45,233
<font color="#ffdc20">ඔයා හරි.</font>

339
00:20:47,067 --> 00:20:49,120
<font color="#ffdc20">ඔයා තමයි හොඳම.</font>

340
00:20:55,744 --> 00:20:59,033
<font color="#ffdc20">ඒයි, අර කලින් වුණ දේ...
අනේ මං එනකල් ඉන්න!</font>

341
00:21:00,267 --> 00:21:02,833
<font color="#ffdc20">ගු රින් විතරයි තාම ආවේ නැත්තේ.</font>

342
00:21:07,136 --> 00:21:10,100
<font color="#ffdc20">මගේ නිගමනය තමයි කූ සොන්
හෝ කියන්නේ බයගුල්ලෙක් කියලා.</font>

343
00:21:10,100 --> 00:21:15,133
<font color="#ffdc20">ඒ නිසා මට, ඒ කියන්නේ නම් ගු රින්ට,
එයා වගේ කෙනෙක් එක්ක යාළු වෙන්න බෑ.</font>

344
00:21:15,133 --> 00:21:16,967
<font color="#ffdc20">මම හමුදාවට බැඳෙනවා...</font>

345
00:21:18,533 --> 00:21:19,733
<font color="#ffdc20">මිලිටරි සර්විස් එකට.</font>

346
00:21:19,733 --> 00:21:21,733
<font color="#ffdc20">මොකක්? මොකක්?</font>

347
00:21:23,500 --> 00:21:26,100
<font color="#ffdc20">ගු රින් අද එන්නෙ නැත්තේ ඒක නිසාද?</font>

348
00:21:26,100 --> 00:21:28,633
<font color="#ffdc20">මගේ අක්කා හමුදාවට බැඳෙනවා?</font>

349
00:21:30,767 --> 00:21:33,733
<font color="#ffdc20">ඒත් එයාට හිතන්න තියෙන්නේ මොකක් ගැනද?</font>

350
00:21:33,733 --> 00:21:35,733
<font color="#ffdc20">යාළු වෙනවද නැද්ද කියන එක ගැනද?</font>

351
00:21:35,733 --> 00:21:37,567
<font color="#ffdc20">මොකක්?</font>

352
00:21:39,552 --> 00:21:43,800
<font color="#ffdc20">මට වොෂ් රූම් එකට යන්න ඕන.</font>

353
00:21:45,088 --> 00:21:49,000
<font color="#ffdc20">ගු රින් ඔය ගැන හිත හිත ලතවෙනවා කියන්නේ...</font>

354
00:21:49,000 --> 00:21:51,968
<font color="#ffdc20">ඒ කියන්නේ සොන් හෝ එයාගේ
කැමැත්ත කියලා තියෙන්න ඕන...</font>

355
00:21:51,968 --> 00:21:54,667
<font color="#ffdc20">ඔයා කොහොමද ඒක දන්නේ?</font>

356
00:21:54,667 --> 00:21:57,433
<font color="#ffdc20">මගේ පළවෙනි සම්බන්ධෙත් ඔය වගේමයි.</font>

357
00:21:57,433 --> 00:21:59,233
<font color="#ffdc20">එයා කැමැත්ත අහලා හමුදාවට ගියා.</font>

358
00:21:59,233 --> 00:22:00,233
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න.</font>

359
00:22:00,233 --> 00:22:03,500
<font color="#ffdc20">බ්ලැක් ෆින්ගර්, ඔයා හමුදාවේ හිටියද?</font>

360
00:22:15,424 --> 00:22:17,700
<font color="#ffdc20">මම සීමාව පැන්නද මන්දා?</font>

361
00:22:18,467 --> 00:22:19,567
<font color="#ffdc20">නෑ.</font>

362
00:22:19,567 --> 00:22:22,200
<font color="#ffdc20">වාඩි වෙන්න. මමත් වාඩි වෙන්නම්.</font>

363
00:22:25,472 --> 00:22:28,600
<font color="#ffdc20">වාව්, ඒක නම් මාර සිද්ධියක්.</font>

364
00:22:28,600 --> 00:22:31,667
<font color="#ffdc20">මම කවදාවත් දැකලා නෑ ඔයා ඔහොම කලබල වෙනවා.</font>

365
00:22:31,667 --> 00:22:34,667
<font color="#ffdc20">දැන් තමයි ඔයත් මනුස්සයෙක් වගේ පේන්නේ.</font>

366
00:22:34,667 --> 00:22:37,067
<font color="#ffdc20">මම කොහොමත් මනුස්සයෙක් තමයි.</font>

367
00:22:37,067 --> 00:22:38,767
<font color="#ffdc20">ඔයා ඕනවට වඩා තදයි.</font>

368
00:22:38,767 --> 00:22:42,100
<font color="#ffdc20">මිනිස්සු ඔච්චර තද වෙන්න හොඳ නෑ.</font>

369
00:22:42,100 --> 00:22:44,067
<font color="#ffdc20">සමා වෙන්න.</font>

370
00:22:46,333 --> 00:22:48,833
<font color="#ffdc20">ගු රින් ඔයාව ප්‍රතික්ෂේප කළාද?</font>

371
00:22:54,733 --> 00:22:57,533
<font color="#ffdc20">ඔයා හිනා වෙනවා. ඒ කියන්නේ
ඔයා ඒක දරාගෙන ඉන්නවා නේද?</font>

372
00:22:57,533 --> 00:22:58,567
<font color="#ffdc20">හරියටම එහෙම නෙවෙයි...</font>

373
00:22:58,567 --> 00:23:00,267
<font color="#ffdc20">බය වෙන්න එපා.</font>

374
00:23:00,267 --> 00:23:01,800
<font color="#ffdc20">ගු රින් ඔයාට කැමතියි.</font>

375
00:23:01,800 --> 00:23:04,033
<font color="#ffdc20">ඔයාලා දෙන්නා එකිනෙකා එක්ක ඕනවට
වඩා සුහදව ඉන්න නිසා ඒක තේරෙන්නේ නෑ.</font>

376
00:23:04,033 --> 00:23:06,400
<font color="#ffdc20">යන්න කලින් හිතේ තියෙන දේ කියපු එක හොඳයි.</font>

377
00:23:06,400 --> 00:23:09,733
<font color="#ffdc20">හොඳ කුතුහලයක් ඇති කරනවා. නියම සැලැස්ම.</font>

378
00:23:09,733 --> 00:23:10,767
<font color="#ffdc20">ඔයා එහෙම හිතනවද?</font>

379
00:23:10,767 --> 00:23:13,400
<font color="#ffdc20">අනිවාර්යයෙන්ම. ඔය දෙන්නා ගොඩක් ගැළපෙනවා.</font>

380
00:23:13,400 --> 00:23:15,267
<font color="#ffdc20">ඔයා ඒක දැනගෙන හිටියා නේද?</font>

381
00:23:18,800 --> 00:23:20,100
<font color="#ffdc20">යමු ඇතුලට.</font>

382
00:23:20,100 --> 00:23:23,200
<font color="#ffdc20">ගු රින් නැතුව වුණත් ක්‍රොකී දිගටම යනවා.</font>

383
00:23:44,100 --> 00:23:47,733
<font color="#ffdc20"><i>ඇයි අපි එකපාරටම මේක කරන්නේ?</i></font>

384
00:23:48,433 --> 00:23:51,400
<font color="#ffdc20">හිත හදාගන්න මීට වඩා හොඳ දෙයක් නෑ.</font>

385
00:23:52,600 --> 00:23:54,600
<font color="#ffdc20">අයි ඈම් ග්‍රවුන්ඩ්. අයි ඈම් ග්‍රවුන්ඩ්.</font>

386
00:23:54,600 --> 00:23:57,067
<font color="#ffdc20">තමන්ව වර්ණනා කිරීම. තමන්ව වර්ණනා කිරීම.</font>

387
00:23:57,067 --> 00:24:00,900
<font color="#ffdc20">මම පින්ක් ෆින්ගර්. මට තියෙන්නේ නියම හැඩයක්.</font>

388
00:24:00,900 --> 00:24:04,733
<font color="#ffdc20">මම බ්ලූ ෆින්ගර්. මම හරිම පිළිවෙලයි.</font>

389
00:24:04,733 --> 00:24:08,567
<font color="#ffdc20">මම බ්ලැක් ෆින්ගර්. මම හරි ජනප්‍රියයි.</font>

390
00:24:08,567 --> 00:24:12,367
<font color="#ffdc20">මම කාකි ෆින්ගර්. මම උසයි.</font>

391
00:24:12,367 --> 00:24:15,808
<font color="#ffdc20">මම බ්‍රවුන් ෆින්ගර්. මට
තියෙන්නේ ලස්සන කොණ්ඩයක්.</font>

392
00:24:15,808 --> 00:24:18,067
<font color="#ffdc20"><i>අනේ, මම මොකද කරන්නේ?</i></font>

393
00:24:18,067 --> 00:24:19,133
<font color="#ffdc20"><i>මම මොකද කරන්නේ?</i></font>

394
00:24:19,133 --> 00:24:20,800
<font color="#ffdc20">මම රෙඩ් ෆින්ගර්.</font>

395
00:24:20,800 --> 00:24:22,233
<font color="#ffdc20">මම කොහොමත් හැන්ඩ්සම්</font>

396
00:24:22,233 --> 00:24:23,967
<font color="#ffdc20">ඒ වගේම උසයි. මගේ කකුල්
විතරක්ම මීටර් දෙකක් විතර උසයි.</font>

397
00:24:23,967 --> 00:24:25,400
<font color="#ffdc20">කට්! ඒ වගේම</font>

398
00:24:25,400 --> 00:24:27,367
<font color="#ffdc20">මට තියෙන්නේ නියම කටහඬක් සහ හොඳ පෞරුෂයක්.
<i>- ඔව්, දිගටම කරගෙන යන්න.</i></font>

399
00:24:27,367 --> 00:24:28,700
<font color="#ffdc20">මට තියෙන්නේ නිරෝගී බඩක්...
<i>- කරුණාකරලා කරගෙන යන්න.</i></font>

400
00:24:28,700 --> 00:24:30,733
<font color="#ffdc20">ෆෝන් එකෙන් කතා කළත් මගේ
කටහඬ හරි ස්වීට්. මම ගු රින් වගේ ඉන්නම්.</font>

401
00:24:30,733 --> 00:24:32,367
<font color="#ffdc20">ඒයි!</font>

402
00:24:32,367 --> 00:24:33,767
<font color="#ffdc20">මේක තනි පුද්ගල සංදර්ශනයක් නෙවෙයි, මෝඩයා!</font>

403
00:24:33,767 --> 00:24:35,033
<font color="#ffdc20">බුන් හොං.</font>

404
00:24:35,033 --> 00:24:38,167
<font color="#ffdc20">බේබ්ලූ ෆින්ගර් තමයි ඊළඟට.</font>

405
00:24:46,752 --> 00:24:49,267
<font color="#ffdc20">මම බේබ්ලූ ෆින්ගර්.</font>

406
00:24:49,267 --> 00:24:51,267
<font color="#ffdc20">මට වර්ණනා කරන්න දෙයක් නෑ.</font>

407
00:24:51,267 --> 00:24:52,633
<font color="#ffdc20">මම බේබ්ලූ වගේ කරන්නම්.</font>

408
00:24:52,633 --> 00:24:54,400
<font color="#ffdc20">මම බේබ්ලූ ෆින්ගර්.</font>

409
00:24:54,400 --> 00:24:57,067
<font color="#ffdc20">මම හරිම කියුට්, ආකර්ෂණීයයි,
ඒ වගේම බුද්ධිමත්.</font>

410
00:24:57,067 --> 00:24:59,533
<font color="#ffdc20">ඒත් කවුරුහරි ඔයා වෙනුවෙන් පෙනී ඉන්නවා නම්,
ඔයාට සාමාජිකත්වයෙන් අයින් වෙන්න සිද්ධ වෙයි.</font>

411
00:24:59,533 --> 00:25:00,567
<font color="#ffdc20">ඔයාට මේක කරගන්න බැරි නම්, අපි
ඔයාව අයින් කරන්න කටයුතු කරනවා...</font>

412
00:25:00,567 --> 00:25:02,633
<font color="#ffdc20">මම ආයෙත් උත්සාහ කරන්නම්.</font>

413
00:25:03,767 --> 00:25:05,733
<font color="#ffdc20">5, 6, 7, 8.</font>

414
00:25:05,733 --> 00:25:09,967
<font color="#ffdc20">අයි ඈම් ග්‍රවුන්ඩ්. තමන්ව වර්ණනා කිරීම.
අයි ඈම් ග්‍රවුන්ඩ්. තමන්ව වර්ණනා කිරීම.</font>

415
00:25:15,000 --> 00:25:17,433
<font color="#ffdc20">මම බේබ්ලූ ෆින්ගර්.</font>

416
00:25:17,433 --> 00:25:18,867
<font color="#ffdc20">මට තියෙන්නේ ලස්සන හමක්.</font>

417
00:25:18,867 --> 00:25:20,567
<font color="#ffdc20">මට කුරුලෑ එනවා හරි අඩුයි.</font>

418
00:25:20,567 --> 00:25:22,400
<font color="#ffdc20">මම ව්‍යාකරණවලට දක්ෂයි.</font>

419
00:25:22,400 --> 00:25:25,267
<font color="#ffdc20">ස්කිපින් කරන්නත් මම හරි දක්ෂයි.</font>

420
00:25:25,267 --> 00:25:28,267
<font color="#ffdc20">ඒ වගේම මම ගිය පාර විභාගෙට
මහන්සි වෙලා පාඩම් කළා,</font>

421
00:25:28,267 --> 00:25:31,100
<font color="#ffdc20">ඒ නිසා වාර විභාගෙ ලකුණුත් ටිකක් වැඩි වුණා!</font>

422
00:25:31,100 --> 00:25:32,900
<font color="#ffdc20">එච්චරයි!</font>

423
00:25:37,633 --> 00:25:40,967
<font color="#ffdc20">හැමෝම බේබ්ලූ ෆින්ගර්ට අත්පුඩියක් ගහන්න!</font>

424
00:25:49,856 --> 00:25:52,567
<font color="#ffdc20">මම පුළුවන් උපරිමය කළා.</font>

425
00:26:04,576 --> 00:26:07,033
<font color="#ffdc20">තමන්ව වර්ණනා කරන්න ඔයා ගොඩක් දක්ෂයිනේ.</font>

426
00:26:08,700 --> 00:26:12,133
<font color="#ffdc20">මිනිස්සු ඉස්සරහා කතා කරන්න මට බයයි.</font>

427
00:26:12,133 --> 00:26:16,233
<font color="#ffdc20">ඒත් මම හිතුවෙ මගේ චිත්‍ර අනිත්
සාමාජිකයන්ට පෙන්නනවා වගේ දෙයක් කියලා.</font>

428
00:26:16,233 --> 00:26:18,767
<font color="#ffdc20">මම ඒකට මූණ දුන්නේ ඒ විදිහට.</font>

429
00:26:18,767 --> 00:26:20,667
<font color="#ffdc20">ඔයා හිතපු තරම් ඒක බය හිතෙන දෙයක් නෙවෙයි නේද?</font>

430
00:26:20,667 --> 00:26:22,433
<font color="#ffdc20">ඔව්.</font>

431
00:26:22,433 --> 00:26:26,333
<font color="#ffdc20">මිනිස්සුන්ගේ බැල්ම ඉස්සරහා ඔයා තවත් නිර්භීත වුණා.</font>

432
00:26:26,333 --> 00:26:29,600
<font color="#ffdc20">ඔව්. මම ඔයාව මෙතනට
එක්කගෙන ආපු එක හොඳයි නේද?</font>

433
00:26:29,600 --> 00:26:31,467
<font color="#ffdc20">ඔව්.</font>

434
00:26:32,800 --> 00:26:35,400
<font color="#ffdc20">ඒත් එදා,</font>

435
00:26:35,400 --> 00:26:37,400
<font color="#ffdc20">ඇයි මේ මාවම තෝරගත්තේ?</font>

436
00:26:37,400 --> 00:26:40,633
<font color="#ffdc20">ඔතන දක්ෂ අය ගොඩක් හිටියනේ.</font>

437
00:26:40,633 --> 00:26:42,367
<font color="#ffdc20">නියමයි!</font>

438
00:26:42,367 --> 00:26:44,767
<font color="#ffdc20">මම තාම වැටිලා නෑ.</font>

439
00:26:48,200 --> 00:26:50,133
<font color="#ffdc20">ඒක නිකන්</font>

440
00:26:50,133 --> 00:26:52,767
<font color="#ffdc20">ඔයා දැක්කම මට මගේ තරුණ කාලේ මතක් වුණා.</font>

441
00:26:52,767 --> 00:26:54,700
<font color="#ffdc20">මමත් ඉස්සර</font>

442
00:26:54,700 --> 00:26:59,100
<font color="#ffdc20">අනිත් අය මොනවා හිතයිද කියලා බය නිසා
නිතරම මගේ ආසාවන් යටපත් කරගෙන හිටියේ.</font>

443
00:26:59,100 --> 00:27:01,467
<font color="#ffdc20">ඔයා එහෙම හිටියද?</font>

444
00:27:01,467 --> 00:27:03,100
<font color="#ffdc20">වෙන්න බෑ.</font>

445
00:27:03,100 --> 00:27:05,067
<font color="#ffdc20">ඒක ඇත්ත.</font>

446
00:27:10,700 --> 00:27:14,400
<font color="#ffdc20">මට SF එකට එකතු වෙන්න දුන්නට ස්තූතියි.</font>

447
00:27:20,352 --> 00:27:23,133
<font color="#ffdc20">අම්මෝ, කවුද මේ ඇවිත් ඉන්නේ?</font>

448
00:27:23,133 --> 00:27:25,100
<font color="#ffdc20">ගු රින්!</font>

449
00:27:25,100 --> 00:27:27,067
<font color="#ffdc20">ඔයා දැන් ද ආවේ? වැඩේ ඉවරත් වුණා.</font>

450
00:27:27,067 --> 00:27:29,533
<font color="#ffdc20">වු යොන්, අද ඔයා ලස්සනයි.</font>

451
00:27:29,533 --> 00:27:30,567
<font color="#ffdc20">අනිත් සාමාජිකයෝ තමයි මාව ලෑස්ති කළේ.</font>

452
00:27:30,567 --> 00:27:33,600
<font color="#ffdc20">බැලූ බැල්මට මම නැතුව වුණත්
වැඩ ටික හොඳට කෙරෙන පාටයි.</font>

453
00:27:39,200 --> 00:27:41,800
<font color="#ffdc20">මම කලින්ම ඇතුලට යනවා.</font>

454
00:27:47,712 --> 00:27:49,833
<font color="#ffdc20">ඇයි ඒ මූණ එල්ලගෙන?</font>

455
00:28:13,233 --> 00:28:15,200
<font color="#ffdc20">මම ඔයා වෙනුවෙන් ඒක අරන් දෙන්නද?</font>

456
00:28:24,667 --> 00:28:26,500
<font color="#ffdc20">මට සමා වෙන්න.</font>

457
00:28:26,500 --> 00:28:28,667
<font color="#ffdc20">කොහොමත් ඒක අලුත් කරන්නයි
තිබුණේ. ඒ ගැන වද වෙන්න එපා.</font>

458
00:28:28,667 --> 00:28:30,100
<font color="#ffdc20">නෑ, මම කොහොමහරි...</font>

459
00:28:30,100 --> 00:28:32,267
<font color="#ffdc20">ඒක අමතක කරලා දාන්න.</font>

460
00:28:32,267 --> 00:28:33,433
<font color="#ffdc20">ඒත් ඒක මගේ වැරැද්දක්නේ.</font>

461
00:28:33,433 --> 00:28:34,667
<font color="#ffdc20">මම කිව්වේ ඒක අමතක කරන්න කියලා.</font>

462
00:28:34,667 --> 00:28:37,267
<font color="#ffdc20">ඔයාට සල්ලි තියෙන්න ඔයා තාම පොඩි වැඩිිනේ.</font>

463
00:28:39,968 --> 00:28:42,167
<font color="#ffdc20">මට සල්ලි තියෙනවා.</font>

464
00:28:42,167 --> 00:28:43,744
<font color="#ffdc20">අනික...</font>

465
00:28:43,744 --> 00:28:45,567
<font color="#ffdc20">මම පොඩි ළමයෙක් නෙවෙයි.</font>

466
00:28:50,208 --> 00:28:52,700
<font color="#ffdc20">ඒක මගේ අතින් වුණු නිසා,</font>

467
00:28:52,700 --> 00:28:54,600
<font color="#ffdc20">මම අලුත් එකක් අරන් දෙන්නම්.</font>

468
00:28:57,967 --> 00:29:00,033
<font color="#ffdc20">කාකි, ඔයා යනවද?</font>

469
00:29:01,733 --> 00:29:03,833
<font color="#ffdc20">කාකිට තරහ ගිහින්ද?</font>

470
00:29:03,833 --> 00:29:06,400
<font color="#ffdc20">අද හැමදේම හරිම අමුතුයි.</font>

471
00:29:06,400 --> 00:29:08,867
<font color="#ffdc20">කවුද හිතුවේ එයාට තරහ යයි කියලා?</font>

472
00:29:12,767 --> 00:29:14,733
<font color="#ffdc20">කාකි, ඔයා යනවද?</font>

473
00:29:19,904 --> 00:29:21,984
<font color="#ffdc20">එතකොට ඔයාට</font>

474
00:29:21,984 --> 00:29:23,767
<font color="#ffdc20">තව කාලය ඕනෙද?</font>

475
00:29:23,767 --> 00:29:27,700
<font color="#ffdc20">කෙටියෙන්ම කිව්වොත්, ඔයා මාව දෙපාරක්ම පුදුම කළානේ.</font>

476
00:29:27,700 --> 00:29:30,467
<font color="#ffdc20">මගේ හැඟීම් ගැන හිතලා බලන්න මටත් කාලය ඕනේ.</font>

477
00:29:30,467 --> 00:29:32,067
<font color="#ffdc20">හරි.</font>

478
00:29:32,067 --> 00:29:34,100
<font color="#ffdc20">ඔයාට කොච්චර කාලයක් ඕනෙද?</font>

479
00:29:34,100 --> 00:29:36,233
<font color="#ffdc20">ඔයා දන්නවනේ, මට වැඩි කාලයක් නෑ කියලා.</font>

480
00:29:36,233 --> 00:29:37,767
<font color="#ffdc20">ඉතින් මම කොහොමද ඒක දන්නේ?</font>

481
00:29:37,767 --> 00:29:38,867
<font color="#ffdc20">නිකන් ගලාගෙන යන්න ඉඩ දෙන්න...</font>

482
00:29:38,867 --> 00:29:41,133
<font color="#ffdc20">එහෙනම් ඉක්මනට තීරණයක්
ගන්න මම උදව් කරන්නම්.</font>

483
00:29:41,133 --> 00:29:43,367
<font color="#ffdc20">මට වඩා හොඳට කවුරුත් ඔයාව දන්නේ නෑ.</font>

484
00:29:43,367 --> 00:29:45,167
<font color="#ffdc20">මොකක්ද?</font>

485
00:29:46,368 --> 00:29:50,133
<font color="#ffdc20">අලියෙක් ගැන හිතන්න එපා කිව්වොත්,</font>

486
00:29:50,133 --> 00:29:51,967
<font color="#ffdc20">එකපාරටම මැවිලා පේන්නේ අලියෙක්වමයි.</font>

487
00:29:51,967 --> 00:29:54,500
<font color="#ffdc20">මොකක්? අලි?</font>

488
00:29:54,500 --> 00:29:56,500
<font color="#ffdc20">මොකද මේ එකපාරටම අලි ගැන කියවන්නේ?</font>

489
00:29:56,500 --> 00:29:58,368
<font color="#ffdc20">මම මගේ ආදරේ ප්‍රකාශ කරපු එක</font>

490
00:29:58,368 --> 00:30:00,567
<font color="#ffdc20">දැනට ඉල්ලා අස් කරගන්නවා.</font>

491
00:30:00,567 --> 00:30:02,600
<font color="#ffdc20">හැබැයි,</font>

492
00:30:02,600 --> 00:30:05,400
<font color="#ffdc20">කවදාවත් මාව මතක් කරගන්න එපා.</font>

493
00:30:06,880 --> 00:30:10,400
<font color="#ffdc20">මම කොච්චර ආකර්ෂණීයද කියලා හිතන්න එපා.</font>

494
00:30:10,400 --> 00:30:13,200
<font color="#ffdc20">මම ගැන අමුතුවට හිතන්න එපා.</font>

495
00:30:14,592 --> 00:30:16,667
<font color="#ffdc20">තේරුණාද?</font>

496
00:30:19,800 --> 00:30:21,633
<font color="#ffdc20">යමු දැන්.</font>

497
00:30:27,767 --> 00:30:29,600
<font color="#ffdc20">පිස්සෙක්...</font>

498
00:30:47,200 --> 00:30:49,300
<font color="#ffdc20">මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා.</font>

499
00:30:49,300 --> 00:30:50,600
<font color="#ffdc20">මොකක්ද?</font>

500
00:30:50,600 --> 00:30:51,733
<font color="#ffdc20">ආයෙත් විකාර කියවන්නද යන්නේ?</font>

501
00:30:51,733 --> 00:30:54,900
<font color="#ffdc20">නෑ, අහන්නකෝ.</font>

502
00:30:57,152 --> 00:30:59,200
<font color="#ffdc20">ඔයා දන්නවනේ,</font>

503
00:30:59,200 --> 00:31:02,912
<font color="#ffdc20">මම ඔයාගේ ඇහැට අර දේ කළානේ.</font>

504
00:31:02,912 --> 00:31:05,233
<font color="#ffdc20">ඒත් ඔයා තාම දන්නේ නැද්ද
ඔයා මට කැමතිද නැද්ද කියලා?</font>

505
00:31:05,233 --> 00:31:06,800
<font color="#ffdc20">අයියෝ, ඔයා ආයෙත් විකාර කියවනවා!</font>

506
00:31:06,800 --> 00:31:08,733
<font color="#ffdc20">ඒක කොහොමද විකාරයක් වෙන්නේ?</font>

507
00:31:08,733 --> 00:31:11,067
<font color="#ffdc20">එදා අපි... අරහේ යන්න!</font>

508
00:31:14,752 --> 00:31:16,533
<font color="#ffdc20">සොරි.</font>

509
00:31:16,533 --> 00:31:20,800
<font color="#ffdc20">ඒත් මම මේක ඕනකමින් කරන දෙයක් නෙවෙයි.</font>

510
00:31:21,567 --> 00:31:24,033
<font color="#ffdc20">මම කෙනෙක්ට කැමති වුණු පළවෙනි වතාව මේක,</font>

511
00:31:24,033 --> 00:31:26,533
<font color="#ffdc20">ඉතින් මම දන්නේ නෑ කොහොමද හැසිරෙන්න ඕනේ කියලා.</font>

512
00:31:28,233 --> 00:31:30,167
<font color="#ffdc20">පළවෙනි වතාව?</font>

513
00:31:30,167 --> 00:31:32,833
<font color="#ffdc20">ඔයා කවදාවත් කාටවත් කැමති වෙලා නැද්ද?</font>

514
00:31:32,833 --> 00:31:34,933
<font color="#ffdc20">නෑ.</font>

515
00:31:34,933 --> 00:31:36,000
<font color="#ffdc20">බොරුකාරයා.</font>

516
00:31:36,000 --> 00:31:37,733
<font color="#ffdc20">මම ඇයි ඔයාට බොරු කියන්නේ?</font>

517
00:31:37,733 --> 00:31:39,200
<font color="#ffdc20">කවුද ඕක විශ්වාස කරන්නේ?</font>

518
00:31:39,200 --> 00:31:41,067
<font color="#ffdc20">ඔයා වගේ කොල්ලෙක්ට කෙල්ලෙක් ඉඳලම නැද්ද?</font>

519
00:31:41,067 --> 00:31:42,700
<font color="#ffdc20">අයියෝ, නෑ කියනවනේ!</font>

520
00:31:42,700 --> 00:31:44,400
<font color="#ffdc20">කවදාවත් ඉඳලා නෑ!</font>

521
00:31:44,400 --> 00:31:46,600
<font color="#ffdc20">ඔයා තමයි මගේ පළවෙනියා!</font>

522
00:31:51,167 --> 00:31:55,200
<font color="#ffdc20">හරි, හරි.</font>

523
00:31:55,200 --> 00:31:56,600
<font color="#ffdc20">සෝයා පේස්ට් හදන්නේ</font>

524
00:31:56,600 --> 00:31:58,900
<font color="#ffdc20">සෝයා ඇටවලින් කිව්වත් මම ඔයාව විශ්වාස කරනවා.</font>

525
00:31:58,900 --> 00:32:01,467
<font color="#ffdc20">ඒත් ඔයාට මාව විශ්වාස නැද්ද?</font>

526
00:32:02,867 --> 00:32:06,533
<font color="#ffdc20">කොහොමත් සෝයා පේස්ට් හදන්නේ සෝයා වලින්නේ.</font>

527
00:32:08,256 --> 00:32:11,333
<font color="#ffdc20">එහෙනම් රතු ඇට වලින් හදන්නේ මොනවද?</font>

528
00:32:11,333 --> 00:32:13,433
<font color="#ffdc20">රතු ඇට කැඳ වෙන්න ඇති.</font>

529
00:32:17,504 --> 00:32:19,648
<font color="#ffdc20">[සහතික පත්‍රය]</font>

530
00:32:23,136 --> 00:32:26,867
<font color="#ffdc20">හෙට අනිවාර්යයෙන්ම මේවා දාගෙන එන්න ඕනේ, හරිද?</font>

531
00:32:32,032 --> 00:32:33,667
<font color="#ffdc20">ඒයි, බොං ගූ.</font>

532
00:32:33,667 --> 00:32:36,033
<font color="#ffdc20">ඇයි ඔයා දිගටම සොං උ දොල් එක්ක රස්තියාදු වෙන්නේ?</font>

533
00:32:36,033 --> 00:32:38,100
<font color="#ffdc20">ඇයි බැරි?</font>

534
00:32:38,100 --> 00:32:39,433
<font color="#ffdc20">ඇයි මට එයා එක්ක ඉන්න බැරි?</font>

535
00:32:39,433 --> 00:32:42,700
<font color="#ffdc20">ඒයි. එයා ඔයාව යාළුවෙක් කියලා හිතන්නෙවත් නෑ.</font>

536
00:32:42,700 --> 00:32:44,400
<font color="#ffdc20">ඔයා දීපු මේස් දෙකත් එයා විසි කරලා දාන්න ඇති.</font>

537
00:32:44,400 --> 00:32:46,633
<font color="#ffdc20">පිස්සුද.</font>

538
00:32:46,633 --> 00:32:49,633
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න. අන්න සොං උ දොල්.</font>

539
00:32:49,633 --> 00:32:50,800
<font color="#ffdc20">ඒයි, සොං උ දොල්.</font>

540
00:32:50,800 --> 00:32:52,400
<font color="#ffdc20">බොං ගූ ඔයාට මේස් දෙකක් දුන්නා නේද?</font>

541
00:32:52,400 --> 00:32:54,200
<font color="#ffdc20">ඔයාලා යාළුවො නිසා ඔයා ඒක දාගෙන නේද ඉන්නේ?</font>

542
00:32:54,200 --> 00:32:57,233
<font color="#ffdc20">සපත්තු ගලවන්න. බලන්න අපිට.</font>

543
00:32:59,767 --> 00:33:00,967
<font color="#ffdc20">අනේ, පෙන්නන්නකෝ!</font>

544
00:33:00,967 --> 00:33:02,667
<font color="#ffdc20">සපත්තු ගලවන්න! ඕක කරන්න එපා!</font>

545
00:33:02,667 --> 00:33:04,900
<font color="#ffdc20">නිකන් ඉන්න!</font>

546
00:33:05,696 --> 00:33:09,000
<font color="#ffdc20">එපා! නවත්තන්න කිව්වම!</font>

547
00:33:09,733 --> 00:33:10,833
<font color="#ffdc20">දැක්කද?</font>

548
00:33:10,833 --> 00:33:12,500
<font color="#ffdc20">එයා මහ ජරා විදිහට ඉන්නේ.</font>

549
00:33:12,500 --> 00:33:16,467
<font color="#ffdc20">පව් ඔයා, බොං ගූ. උ දොල්!</font>

550
00:33:16,467 --> 00:33:18,267
<font color="#ffdc20">මගේ ආච්චි කියලා තියෙන්නේ,</font>

551
00:33:18,267 --> 00:33:21,233
<font color="#ffdc20">කෙනෙක්ව වටකරගෙන
කරදර කරන එක වැරදියි කියලා.</font>

552
00:33:21,233 --> 00:33:23,776
<font color="#ffdc20">ඔයාලා හරිම නරකයි!</font>

553
00:33:23,776 --> 00:33:25,600
<font color="#ffdc20">අයියෝ.</font>

554
00:33:25,600 --> 00:33:26,667
<font color="#ffdc20">බොං ගූ.</font>

555
00:33:26,667 --> 00:33:28,933
<font color="#ffdc20">එයා ඔයාට බල්ලෙක්ට වගේ සලකන්නේ.
ඇයි ඔයා එයාගේ පැත්ත ගන්නේ?</font>

556
00:33:28,933 --> 00:33:30,633
<font color="#ffdc20">ඔයා ඇත්තටම ඔච්චර මෝඩද?</font>

557
00:33:30,633 --> 00:33:33,000
<font color="#ffdc20">ඇයි ඔයා දිගටම එහෙම කියන්නේ?</font>

558
00:33:39,133 --> 00:33:41,833
<font color="#ffdc20">කවුද එයාට බල්ලෙක්ට වගේ සැලකුවේ?</font>

559
00:33:48,000 --> 00:33:50,367
<font color="#ffdc20">උ දොල්!</font>

560
00:33:50,367 --> 00:33:53,467
<font color="#ffdc20">මම මේ මේස් දෙක දැම්මා
කියලා, අපි යාළුවො වෙන්නේ නෑ.</font>

561
00:33:53,467 --> 00:33:55,133
<font color="#ffdc20">මට මේක පැහැදිලි කරන්න
ඕනේ. මට යාළුවො ඕනේ නෑ...</font>

562
00:33:55,133 --> 00:33:56,933
<font color="#ffdc20">උ දොල්!</font>

563
00:33:56,933 --> 00:33:58,800
<font color="#ffdc20">යන්න යන්න!</font>

564
00:33:59,999 --> 00:34:01,696
<font color="#ffdc20">අම්මෝ!</font>

565
00:34:01,696 --> 00:34:04,167
<font color="#ffdc20">ඔයාලට ආරංචියක් ආවද?</font>

566
00:34:04,167 --> 00:34:06,600
<font color="#ffdc20">මින් හෝ ගේ අම්මා ඩිවෝස් වෙලාලු නේද.</font>

567
00:34:06,600 --> 00:34:08,533
<font color="#ffdc20">ඇත්තටම?</font>

568
00:34:08,533 --> 00:34:11,533
<font color="#ffdc20">ආරංචි විදිහට එයාගේ මහත්තයා පිට ගිහිල්ලා.</font>

569
00:34:11,533 --> 00:34:13,200
<font color="#ffdc20">අනේ, පව් අප්පා.</font>

570
00:34:13,200 --> 00:34:15,400
<font color="#ffdc20">එයා මේ දවස්වල පේන්න නැත්තේ ඒකයි එහෙනම්.</font>

571
00:34:15,400 --> 00:34:18,048
<font color="#ffdc20">ඔයාලා අනුන්ගේ දේවල් හොයන්න හරිම දක්ෂයිනේ.</font>

572
00:34:18,048 --> 00:34:20,320
<font color="#ffdc20">මේක තමයි</font>

573
00:34:20,320 --> 00:34:22,800
<font color="#ffdc20">උ දොල් කියව කියව හිටපු පොත.</font>

574
00:34:22,800 --> 00:34:25,167
<font color="#ffdc20">ෂා, මම දන්නවා මේ පොත.</font>

575
00:34:25,167 --> 00:34:29,000
<font color="#ffdc20">උ දොල් මේකට කැමතිද?</font>

576
00:34:29,000 --> 00:34:30,848
<font color="#ffdc20">මේකේ කොටස් කීයක් තියෙනවද?</font>

577
00:34:30,848 --> 00:34:32,867
<font color="#ffdc20">මේක සීරීස් එකක්ද?</font>

578
00:34:34,100 --> 00:34:37,600
<font color="#ffdc20">වාව්, නියමයිනේ.</font>

579
00:34:38,848 --> 00:34:40,133
<font color="#ffdc20">මම අලුත් ලිප් ටින්ට් එකක් ගන්න යන්නේ.</font>

580
00:34:40,133 --> 00:34:41,367
<font color="#ffdc20">ඔයා ළඟදි එකක් ගත්තා නේද.</font>

581
00:34:41,367 --> 00:34:42,967
<font color="#ffdc20">අලුත් එකක් ඇවිල්ලා.</font>

582
00:34:42,967 --> 00:34:44,400
<font color="#ffdc20">සොං මේකප් කළා නම් ලස්සනට ඉඳියි.</font>

583
00:34:44,400 --> 00:34:45,633
<font color="#ffdc20">මම දන්නවා.</font>

584
00:34:45,633 --> 00:34:48,333
<font color="#ffdc20">මොකක්? කොහෙන්ද මේ හයියක් ආවේ?</font>

585
00:34:48,333 --> 00:34:51,267
<font color="#ffdc20">ඒත් මම ඉන්න විදිහට මම කැමතියි.</font>

586
00:34:51,267 --> 00:34:53,067
<font color="#ffdc20">මට කුරුලෑ නෑ</font>

587
00:34:53,067 --> 00:34:54,300
<font color="#ffdc20">අනික මගේ ඇස් දෙක තියෙන විදිහටත් මම කැමතියි.</font>

588
00:34:54,300 --> 00:34:57,067
<font color="#ffdc20">මොකද මේ සොං? කවද ඉඳන්ද
මෙච්චර විශ්වාසයක් ආවේ?</font>

589
00:34:57,067 --> 00:34:58,267
<font color="#ffdc20">ආදරේට මිනිස්සු වෙනස් කරන්න පුළුවන්ලුනේ.</font>

590
00:34:58,267 --> 00:34:59,500
<font color="#ffdc20">එහෙම දෙයක් නෙවෙයි.</font>

591
00:34:59,500 --> 00:35:02,033
<font color="#ffdc20">අද රොමෑන්ටික් ගූ බෝයි එනවද?</font>

592
00:35:02,033 --> 00:35:03,867
<font color="#ffdc20">කොහොමද තත්ත්වේ? වෙන මොනවද කළේ?</font>

593
00:35:03,867 --> 00:35:06,067
<font color="#ffdc20">එහෙම දෙයක් නෙවෙයි.</font>

594
00:35:07,900 --> 00:35:08,900
<font color="#ffdc20">මේක බලන්න.</font>

595
00:35:08,900 --> 00:35:10,167
<font color="#ffdc20">පාට මරු නේද?</font>

596
00:35:10,167 --> 00:35:12,833
<font color="#ffdc20">ගිය පාර ගත්ත එකමනේ.</font>

597
00:35:12,833 --> 00:35:14,700
<font color="#ffdc20">නෑ, මේක වෙනස්!</font>

598
00:35:16,667 --> 00:35:17,700
<font color="#ffdc20">මට නම් පේන්නේ එක වගේ.</font>

599
00:35:17,700 --> 00:35:20,400
<font color="#ffdc20">අයියෝ, එහෙම නෑ!</font>

600
00:35:20,400 --> 00:35:22,233
<font color="#ffdc20">නිකන් ගාලා බලන්නකෝ.</font>

601
00:35:25,800 --> 00:35:27,900
<font color="#ffdc20">මේ පාට ලස්සනයි නේද?</font>

602
00:35:27,900 --> 00:35:28,933
<font color="#ffdc20">නරක නෑ.</font>

603
00:35:28,933 --> 00:35:31,867
<font color="#ffdc20">අලුත් ඒවා ගොඩක් ඇවිල්ලා. මරු.</font>

604
00:35:31,867 --> 00:35:33,133
<font color="#ffdc20">ඇයි සොං?</font>

605
00:35:33,133 --> 00:35:34,400
<font color="#ffdc20">ඒයි, මොකද වුණේ?</font>

606
00:35:34,400 --> 00:35:36,200
<font color="#ffdc20">නිකන් ඉන්න.</font>

607
00:35:36,200 --> 00:35:38,967
<font color="#ffdc20">පොඩ්ඩක් නිකන් ඉන්නකෝ.</font>

608
00:35:38,967 --> 00:35:42,367
<font color="#ffdc20">ෂා, ලස්සනයි.</font>

609
00:35:42,367 --> 00:35:46,667
<font color="#ffdc20">වාව්, මේක මට නියමෙට ගැලපෙනවා.</font>

610
00:35:46,667 --> 00:35:48,067
<font color="#ffdc20">කෝ බලන්න. දිලිසෙනවා වගේ.</font>

611
00:35:48,067 --> 00:35:50,133
<font color="#ffdc20">මටත් දාලා බලන්න පුළුවන්ද?
ඉන්න මම දාලා දෙන්නම්.</font>

612
00:35:50,133 --> 00:35:51,867
<font color="#ffdc20">ලස්සනට දාන්න. දාලා බලන්නකෝ.</font>

613
00:35:51,867 --> 00:35:53,833
<font color="#ffdc20">මේක නම් ඇත්තටම ලස්සනයි.</font>

614
00:35:55,904 --> 00:35:57,533
<font color="#ffdc20">මම කොහොමද?</font>

615
00:35:57,533 --> 00:35:59,033
<font color="#ffdc20">ලස්සනද? මොකක්ද?</font>

616
00:35:59,033 --> 00:36:00,633
<font color="#ffdc20">ඇයි කලින් අපිට කිව්වේ නැත්තේ?</font>

617
00:36:00,633 --> 00:36:03,167
<font color="#ffdc20">අමතක කරන්න. මම දැන් හොඳින්.</font>

618
00:36:03,167 --> 00:36:04,833
<font color="#ffdc20">මොකක්ද 'හොඳින්' කියන්නේ?</font>

619
00:36:04,833 --> 00:36:06,400
<font color="#ffdc20">මම නම් නිකන් ඉන්නේ නෑ. ඕක අතෑරලා දාන්න.</font>

620
00:36:06,400 --> 00:36:08,267
<font color="#ffdc20">මම කිව්වේ මම දැන් හොඳින් කියලා.</font>

621
00:36:08,267 --> 00:36:10,500
<font color="#ffdc20">යමු දැන්.</font>

622
00:36:10,500 --> 00:36:13,100
<font color="#ffdc20">අයියෝ, මේක හරිම කරදරයක්.</font>

623
00:36:13,100 --> 00:36:14,560
<font color="#ffdc20">ඒයි,</font>

624
00:36:14,560 --> 00:36:16,200
<font color="#ffdc20">ඔයා අඬනවද?</font>

625
00:36:16,200 --> 00:36:18,233
<font color="#ffdc20">ඔව්.</font>

626
00:36:18,233 --> 00:36:20,100
<font color="#ffdc20">ඔයා ලොකු ප්‍රශ්නෙක හිරවෙලා ඉඳලා තියෙන්නේ,</font>

627
00:36:20,100 --> 00:36:21,280
<font color="#ffdc20">ඒත් මම කිසි දෙයක් නොදැන හිනා වෙවී හිටියා.</font>

628
00:36:21,280 --> 00:36:22,667
<font color="#ffdc20">මට මම ගැනම දුක හිතිලා අඬන්නේ.</font>

629
00:36:22,667 --> 00:36:24,367
<font color="#ffdc20">මිරේ හරි.</font>

630
00:36:24,367 --> 00:36:26,133
<font color="#ffdc20">ඔයාට තිබුණා වෙච්ච දේ අපිට කියන්න.</font>

631
00:36:26,133 --> 00:36:27,967
<font color="#ffdc20">අපි යාළුවොනේ.</font>

632
00:36:28,933 --> 00:36:30,767
<font color="#ffdc20">මට සමා වෙන්න.</font>

633
00:36:31,767 --> 00:36:33,500
<font color="#ffdc20">මම බය වුණා ඔයාලා මම ගැන කලකිරෙයි කියලා.</font>

634
00:36:33,500 --> 00:36:34,800
<font color="#ffdc20">ඒයි!</font>

635
00:36:34,800 --> 00:36:36,900
<font color="#ffdc20">ඔයා අපි ගැන මොකක්ද හිතාගෙන ඉන්නේ?</font>

636
00:36:36,900 --> 00:36:40,000
<font color="#ffdc20">ඔයා හිතුවද අපි එච්චර පහත් කියලා?</font>

637
00:36:40,733 --> 00:36:42,833
<font color="#ffdc20">මට ඇත්තටම සමා වෙන්න.</font>

638
00:36:44,100 --> 00:36:46,233
<font color="#ffdc20">නෑ, මට සමා වෙන්න.</font>

639
00:36:47,233 --> 00:36:49,533
<font color="#ffdc20">නෑ, ඔයා මොකටද සමාව ගන්නේ?</font>

640
00:36:49,533 --> 00:36:51,533
<font color="#ffdc20">නෑ, මමයි සමාව ගන්න ඕනේ.</font>

641
00:36:51,533 --> 00:36:53,500
<font color="#ffdc20">නවත්තන්න! මට ඇත්තටම සමා වෙන්න.</font>

642
00:36:53,500 --> 00:36:55,367
<font color="#ffdc20">නෑ, මට ඇත්තටම සමා
වෙන්න! ඔයාලා නම්, ඇත්තටම...</font>

643
00:36:55,367 --> 00:36:56,533
<font color="#ffdc20">නෑ!</font>

644
00:36:56,533 --> 00:36:57,667
<font color="#ffdc20">මට සමා වෙන්න! එහෙම කියන්න එපා.</font>

645
00:36:57,667 --> 00:37:00,567
<font color="#ffdc20">අනේ මේක නවත්තන්නකෝ. මට සමා වෙන්න.</font>

646
00:37:00,567 --> 00:37:02,368
<font color="#ffdc20">අයියෝ, ලැජ්ජාවේ බෑ.</font>

647
00:37:03,900 --> 00:37:06,633
<font color="#ffdc20"><i>අලියෙක් ගැන හිතන්න එපා කිව්වොත්,</i></font>

648
00:37:06,633 --> 00:37:09,000
<font color="#ffdc20"><i>එකපාරටම මැවිලා පේන්නේ අලියෙක්වමයි.</i></font>

649
00:37:10,467 --> 00:37:12,067
<font color="#ffdc20">මොකක්ද ඒ කිව්වේ?</font>

650
00:37:12,067 --> 00:37:14,267
<font color="#ffdc20">මන්තරයක්වත්ද?</font>

651
00:37:15,600 --> 00:37:17,933
<font color="#ffdc20">වෙන්න බෑ.</font>

652
00:37:17,933 --> 00:37:19,667
<font color="#ffdc20">නෑ, පොඩ්ඩක් ඉන්න.</font>

653
00:37:19,667 --> 00:37:21,433
<font color="#ffdc20">මේක හරිම පුරුදුයි වගේ.</font>

654
00:37:21,433 --> 00:37:23,667
<font color="#ffdc20">නිකන් ඩේජා වූ එකක් වගේ.</font>

655
00:37:23,667 --> 00:37:28,367
<font color="#ffdc20">අයියෝ, මොකක්ද ඒ...</font>

656
00:37:30,133 --> 00:37:32,233
<font color="#ffdc20">දෙවියනේ, කූ සෝන් හෝ මේ මොන විකාරයක්ද?</font>

657
00:37:32,233 --> 00:37:33,867
<font color="#ffdc20">මහ බියගුල්ලෙක්!</font>

658
00:37:33,867 --> 00:37:36,100
<font color="#ffdc20">මගේ පරණ සෝන් හෝව ආපහු
ගේන්න! එයාව ආපහු දෙන්න!</font>

659
00:37:36,100 --> 00:37:37,433
<font color="#ffdc20">කට වහගන්නවා, ඇත්තටම!</font>

660
00:37:37,433 --> 00:37:38,633
<font color="#ffdc20">සෝන් හෝ, සෝන් හෝ.</font>

661
00:37:38,633 --> 00:37:40,384
<font color="#ffdc20">දැන් ඇති! ඇත්තටම.</font>

662
00:37:41,967 --> 00:37:44,200
<font color="#ffdc20">කොහොමද ඔයා මගේ කාමරේට කඩා වදින්නේ!</font>

663
00:37:44,200 --> 00:37:45,267
<font color="#ffdc20">විශ්වාස කරන්නත් බැහැ.</font>

664
00:37:45,267 --> 00:37:47,433
<font color="#ffdc20">ඔයාව එක්කන් යන්න මම
දැන්ම සෝන් හෝට කතා කරනවා.</font>

665
00:37:47,433 --> 00:37:48,733
<font color="#ffdc20">ආයේ එහෙම කරලා තිබුණොත්.</font>

666
00:37:48,733 --> 00:37:51,733
<font color="#ffdc20">මම වූ යොන්ට ඔයාගේ දවස් 100
බබාලගේ ෆොටෝ ටික පෙන්නනවා.</font>

667
00:37:51,733 --> 00:37:54,700
<font color="#ffdc20">මොකක්ද? ඔයාගේ දවස් 100 බබා කාලේ ෆොටෝ.</font>

668
00:37:54,700 --> 00:37:57,733
<font color="#ffdc20">ඔයා හෙළුවෙන් ඉන්න ඒ බබා කාලේ ෆොටෝ ටික!</font>

669
00:37:59,000 --> 00:38:00,267
<font color="#ffdc20">ඔයාට මැරෙන්න ඕන වෙලාද?</font>

670
00:38:00,267 --> 00:38:01,600
<font color="#ffdc20">ඇයි බැරි? අපි එකටම පහළට යමු!</font>

671
00:38:01,600 --> 00:38:04,833
<font color="#ffdc20">කතා කරනවා එයාට! කරනවා!</font>

672
00:38:04,833 --> 00:38:07,667
<font color="#ffdc20">නිකමට හරි පෙන්නලා බලනවා!</font>

673
00:38:07,667 --> 00:38:09,700
<font color="#ffdc20">ඒයි, ඉන්න!</font>

674
00:38:10,400 --> 00:38:13,000
<font color="#ffdc20">අලියෙක් ගැන හිතන්න එපා කිව්වම, ඔයාට
එකපාරටම මතක් වෙන්නේ අලියෙක්වමයි.</font>

675
00:38:13,000 --> 00:38:15,000
<font color="#ffdc20">මේක මන්තරයක් වගේ දෙයක්ද?</font>

676
00:38:15,000 --> 00:38:16,800
<font color="#ffdc20">මොන විකාරයක්ද?</font>

677
00:38:19,100 --> 00:38:21,267
<font color="#ffdc20">නොසන්ඩාලයා.</font>

678
00:38:26,467 --> 00:38:28,667
<font color="#ffdc20">කූ සෝන් හෝ.</font>

679
00:38:33,100 --> 00:38:34,900
<font color="#ffdc20">සෝන් හෝ!</font>

680
00:38:37,500 --> 00:38:39,600
<font color="#ffdc20">ඔයාගේ පාඩම් සටහන් පොත
අපිත් එක්ක බෙදාගන්න පුළුවන්ද?</font>

681
00:38:39,600 --> 00:38:41,333
<font color="#ffdc20">හා, මම ඒක පස්සේ දෙන්නම්.</font>

682
00:38:41,333 --> 00:38:45,267
<font color="#ffdc20">මූ නම්. කවදා ඉඳලද එයාගේ
හිනාව මේ තරම් ලස්සන වුණේ...</font>

683
00:38:45,267 --> 00:38:47,267
<font color="#ffdc20">මම කොච්චර ආකර්ෂණීයද
කියලා කවදාවත් හිතන්න එපා.</font>

684
00:38:47,267 --> 00:38:48,600
<font color="#ffdc20">මම මේ මොනවද කියන්නේ?</font>

685
00:38:48,600 --> 00:38:50,833
<font color="#ffdc20">කට වහගන්න! කට වහගන්න!</font>

686
00:38:54,100 --> 00:38:55,667
<font color="#ffdc20">ඉන්න.</font>

687
00:38:55,667 --> 00:38:58,133
<font color="#ffdc20">ඇයි මේ මන්තරේ හුරුපුරුදු ගතියක් දැනෙන්නේ?</font>

688
00:38:58,867 --> 00:39:01,567
<font color="#ffdc20">අපරාදේ, මගේ ෆෝන් එක
අමතක වුණා. මම ඉක්මනට එන්නම්.</font>

689
00:39:01,567 --> 00:39:03,067
<font color="#ffdc20">මම ඔයාත් එක්ක එන්නම්.</font>

690
00:39:03,067 --> 00:39:05,433
<font color="#ffdc20">කරදර වෙන්න එපා. මම ඉක්මනට එන්නම්.</font>

691
00:39:05,433 --> 00:39:08,600
<font color="#ffdc20">ඇස් දිහා කෙලින් බලන්න එපා.</font>

692
00:39:08,600 --> 00:39:09,600
<font color="#ffdc20">මොකක්?</font>

693
00:39:09,600 --> 00:39:11,000
<font color="#ffdc20">ඔයා දන්නේ නැද්ද?</font>

694
00:39:11,000 --> 00:39:13,967
<font color="#ffdc20">ඔයා ඇපලෝගේ ප්‍රතිමාව දිහා කෙලින්ම බැලුවොත්</font>

695
00:39:13,967 --> 00:39:16,457
<font color="#ffdc20">පාළු ස්ටුඩියෝ එකක් ඇතුළේ,</font>

696
00:39:16,457 --> 00:39:18,700
<font color="#ffdc20">ඔයාට භූතයෝ පෙනෙයි.</font>

697
00:39:20,544 --> 00:39:21,667
<font color="#ffdc20">ඈ?</font>

698
00:39:21,667 --> 00:39:23,033
<font color="#ffdc20">පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න එපා.</font>

699
00:39:23,033 --> 00:39:27,633
<font color="#ffdc20">මම ගිහින් අරගෙන එනකම් මෙතනට වෙලා ඉන්න.</font>

700
00:39:30,200 --> 00:39:32,300
<font color="#ffdc20">මම විහිළුවක් නෙවෙයි කළේ.</font>

701
00:39:41,633 --> 00:39:45,184
<font color="#ffdc20">[ජෝ මැන්ග් අවන්හල]</font>

702
00:39:49,133 --> 00:39:50,688
<font color="#ffdc20">[හොන්ගි කලා ඇකඩමිය]</font>

703
00:39:56,433 --> 00:39:59,133
<font color="#ffdc20">ඇයි මේක ඔන් වෙන්නේ නැත්තේ?</font>

704
00:39:59,133 --> 00:40:02,200
<font color="#ffdc20"><i>ඔයා ඇපලෝගේ ප්‍රතිමාව දිහා කෙලින්ම බැලුවොත්</i></font>

705
00:40:02,200 --> 00:40:05,900
<font color="#ffdc20"><i>පාළු ස්ටුඩියෝ එකකදි, ඔයාට භූතයෝ පෙනෙයි.</i></font>

706
00:40:05,900 --> 00:40:09,433
<font color="#ffdc20">ඇයි සෝන් හෝ ඒ වගේ විකාර කතාවක් කිව්වේ?</font>

707
00:40:12,133 --> 00:40:16,640
<font color="#ffdc20"><i>ඔයා ඇපලෝගේ ප්‍රතිමාව දිහා කෙලින්ම
බැලුවොත්, ඔයාට භූතයෝ පෙනෙයි.</i></font>

708
00:40:16,640 --> 00:40:18,367
<font color="#ffdc20">දෙවියනේ.</font>

709
00:40:18,367 --> 00:40:20,600
<font color="#ffdc20">ඒ ගැන හිතන්නේ නැතුව ඉමු.</font>

710
00:40:22,233 --> 00:40:25,833
<font color="#ffdc20">ඇයි එයාට ඒක කියන්න ඕන වුණේ?</font>

711
00:40:25,833 --> 00:40:30,867
<font color="#ffdc20">අද්මිරාල් යී සුන් සින්ගේ ප්‍රතිමාව!</font>

712
00:40:30,867 --> 00:40:32,700
<font color="#ffdc20">යී සුන් සින්!</font>

713
00:40:38,733 --> 00:40:40,160
<font color="#ffdc20">අම්මෝ,</font>

714
00:40:40,160 --> 00:40:41,967
<font color="#ffdc20">මම බය වුණානේ!</font>

715
00:40:48,933 --> 00:40:50,900
<font color="#ffdc20">ඇයි මේක මෙතන තියෙන්නේ?</font>

716
00:41:04,767 --> 00:41:06,300
<font color="#ffdc20"><i>කවුරුත් මම තරම් ඔයාව දන්නේ නැහැ.</i></font>

717
00:41:06,300 --> 00:41:08,833
<font color="#ffdc20"><i>අලියෙක් ගැන හිතන්න එපා කිව්වම, ඔයාට
එකපාරටම මතක් වෙන්නේ අලියෙක්වමයි.</i></font>

718
00:41:08,833 --> 00:41:09,967
<font color="#ffdc20"><i>කවදාවත් මාව මතක් කරගන්න එපා.</i></font>

719
00:41:09,967 --> 00:41:11,000
<font color="#ffdc20"><i>මම කොච්චර ආකර්ෂණීයද
කියලා කවදාවත් හිතන්න එපා.</i></font>

720
00:41:11,000 --> 00:41:15,033
<font color="#ffdc20"><i>කවදාවත් මම ගැන අලුත් විදියකට හිතන්න එපා.</i></font>

721
00:41:15,033 --> 00:41:16,767
<font color="#ffdc20"><i>තේරුණාද?</i></font>

722
00:41:16,767 --> 00:41:18,433
<font color="#ffdc20"><i>ඒ මෝඩයා ආයෙත් මට මන්තරයක් දාලා.</i></font>

723
00:41:18,433 --> 00:41:19,433
<font color="#ffdc20">හෙලෝ, ග්‍යු රින්.</font>

724
00:41:19,433 --> 00:41:21,333
<font color="#ffdc20"><i>- පැරදුම බාරගන්න බැරි කෙනෙක්.</i> හෙලෝ.</font>

725
00:41:28,067 --> 00:41:31,467
<font color="#ffdc20"><i>අලියෙක් ගැන හිතන්න එපා කිව්වම,</i></font>

726
00:41:31,467 --> 00:41:33,933
<font color="#ffdc20"><i>ඔයාට එකපාරටම මතක් වෙන්නේ අලියෙක්වමයි.</i></font>

727
00:41:44,900 --> 00:41:46,510
<font color="#ffdc20"><i>ඒයි, නම් ග්‍යු රින්,</i></font>

728
00:41:46,510 --> 00:41:48,267
<font color="#ffdc20"><i>ඔයා මොකද කරන්නේ?</i></font>

729
00:41:49,100 --> 00:41:53,467
<font color="#ffdc20"><i>ඔයා ආවේ කූ සෝන් හෝව බලන්නද? ඇත්තටම?</i></font>

730
00:41:53,467 --> 00:41:57,200
<font color="#ffdc20"><i>ඔයා දිගටම මෙහෙම කළොත්,
ඔයා අහුවෙන්නේ එයාගේ ගැටේට.</i></font>

731
00:41:58,633 --> 00:42:00,167
<font color="#ffdc20"><i>නැහැ.</i></font>

732
00:42:00,167 --> 00:42:03,667
<font color="#ffdc20"><i>මම ආවේ එයාට මාව වසඟ
කරගන්න බැහැ කියලා ඔප්පු කරන්න.</i></font>

733
00:42:09,733 --> 00:42:13,367
<font color="#ffdc20">අනේ මන්දා, එයා දැන් නේද පුස්තකාලයට ගියේ?</font>

734
00:42:13,367 --> 00:42:16,800
<font color="#ffdc20">අපේ පන්තියේ දක්ෂම ළමයාගේ ඇත්ත
ස්වරූපය මේක කියලා කවුරුහරි දන්නවද?</font>

735
00:42:34,367 --> 00:42:36,667
<font color="#ffdc20"><i>මම කොච්චර ආකර්ෂණීයද
කියලා කවදාවත් හිතන්න එපා.</i></font>

736
00:42:36,667 --> 00:42:39,367
<font color="#ffdc20"><i>ආකර්ෂණීය, මගේ කකුල.</i></font>

737
00:42:52,467 --> 00:42:55,733
<font color="#ffdc20"><i>ඉන්න, එයාගේ ඇස් පිහාටු
හැමදාම මෙච්චර ලස්සනටද තිබුණේ?</i></font>

738
00:42:55,733 --> 00:42:58,600
<font color="#ffdc20"><i>එයාගේ නහය හැමදාම මෙච්චර කැපිලා පෙනුනද?</i></font>

739
00:43:00,480 --> 00:43:04,333
<font color="#ffdc20"><i>එයාගේ තොල් හැමදාම මෙච්චර...</i></font>

740
00:43:04,333 --> 00:43:06,467
<font color="#ffdc20"><i>මොකක්ද, මොකක්ද මම මේ කරන්නේ?</i></font>

741
00:43:06,467 --> 00:43:08,300
<font color="#ffdc20"><i>කවදාවත් මම ගැන අලුත් විදියකට හිතන්න එපා.</i></font>

742
00:43:08,300 --> 00:43:11,033
<font color="#ffdc20"><i>නම් ග්‍යු රින්, මොකක්ද ඔයා මේ
කරන්නේ? එයා ගැන හිතන එක නවත්තන්න!</i></font>

743
00:43:11,033 --> 00:43:13,667
<font color="#ffdc20"><i>කවදාවත් මාව මතක් වෙන්න ඉඩ තියන්න එපා.</i></font>

744
00:43:13,667 --> 00:43:16,400
<font color="#ffdc20"><i>කවදාවත් මම ගැන අලුත් විදියකට හිතන්න එපා.</i></font>

745
00:43:22,784 --> 00:43:25,133
<font color="#ffdc20">ග්‍යු රින්.</font>

746
00:43:25,133 --> 00:43:27,700
<font color="#ffdc20">මම කිව්වේ මම ගැන හිතන්න එපා කියලා.</font>

747
00:43:38,933 --> 00:43:40,900
<font color="#ffdc20">මේක ඇත්තක්ද?</font>

748
00:43:41,767 --> 00:43:44,767
<font color="#ffdc20"><i>මම කොච්චර ආකර්ෂණීයද
කියලා කවදාවත් හිතන්න එපා.</i></font>

749
00:43:44,767 --> 00:43:48,100
<font color="#ffdc20"><i>කවදාවත් මාව මතක් වෙන්න ඉඩ තියන්න එපා.</i></font>

750
00:43:48,100 --> 00:43:51,900
<font color="#ffdc20"><i>කවදාවත් මම ගැන අලුත් විදියකට හිතන්න එපා.</i></font>

751
00:43:51,900 --> 00:43:54,567
<font color="#ffdc20">මම ඉවරයි.</font>

752
00:43:54,567 --> 00:43:57,000
<font color="#ffdc20">කූ සෝන් හෝ, මෝඩයා.</font>

753
00:43:59,033 --> 00:44:01,467
<font color="#ffdc20">ආ, ළමයෝ.</font>

754
00:44:01,467 --> 00:44:04,133
<font color="#ffdc20">ඔයාට මේ සතියෙත් ආයෙත් උඩට එන්න බැරිද?</font>

755
00:44:04,133 --> 00:44:06,933
<font color="#ffdc20">ඔයාට ඒක හරිම අමාරු ඇති.</font>

756
00:44:06,933 --> 00:44:09,900
<font color="#ffdc20">වූ සොක් පාන්දරම ගියා.</font>

757
00:44:09,900 --> 00:44:12,933
<font color="#ffdc20">වූ දොල් දැන් නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා.</font>

758
00:44:16,333 --> 00:44:18,400
<font color="#ffdc20">ඒයි, වූ යොන්.</font>

759
00:44:18,400 --> 00:44:20,833
<font color="#ffdc20">මම ඔයාට සැන්ඩ්විච් එකක් හැදුවා.</font>

760
00:44:20,833 --> 00:44:22,100
<font color="#ffdc20">යන්න කලින් කාලා යන්න.</font>

761
00:44:22,100 --> 00:44:23,333
<font color="#ffdc20">මට පරක්කු වෙලා.</font>

762
00:44:23,333 --> 00:44:26,033
<font color="#ffdc20">මුලින් කාලා ඉන්නකෝ.</font>

763
00:44:27,033 --> 00:44:29,733
<font color="#ffdc20">ඔයා දිගටම මට මෙහෙම කරනවද?</font>

764
00:44:30,867 --> 00:44:32,700
<font color="#ffdc20">මෙන්න.</font>

765
00:44:32,700 --> 00:44:34,200
<font color="#ffdc20">ඔව් අම්මේ. නැහැ, කමක් නැහැ.</font>

766
00:44:34,200 --> 00:44:35,367
<font color="#ffdc20">ඒක මොකුත් නැහැ.</font>

767
00:44:35,367 --> 00:44:36,928
<font color="#ffdc20">ලොකු දෙයක් නෙවෙයි.</font>

768
00:44:36,928 --> 00:44:38,233
<font color="#ffdc20">ඔව්.</font>

769
00:44:38,233 --> 00:44:40,500
<font color="#ffdc20"><i>ලොකු දෙයක් නෙවෙයි.</i></font>

770
00:44:41,600 --> 00:44:44,267
<font color="#ffdc20"><i>ඒ දවසට පස්සෙත්, අම්මා</i></font>

771
00:44:45,700 --> 00:44:47,733
<font color="#ffdc20"><i>තාම ඉන්නේ ඒ විදියටමයි.</i></font>

772
00:44:49,067 --> 00:44:51,600
<font color="#ffdc20"><i>මම තාමත්</i></font>

773
00:44:51,600 --> 00:44:54,200
<font color="#ffdc20"><i>කිසි වටිනාකමක් නැති කෙනෙක්.</i></font>

774
00:45:00,900 --> 00:45:03,232
<font color="#ffdc20"><i>ඒත්</i></font>

775
00:45:03,232 --> 00:45:06,433
<font color="#ffdc20"><i>මම තවදුරටත් රිදවගන්නේ නැහැ.</i></font>

776
00:45:09,792 --> 00:45:12,033
<font color="#ffdc20">ඇත්තටම මගේ පස්සෙන් කවුරුහරි එනවා.</font>

777
00:45:12,033 --> 00:45:14,100
<font color="#ffdc20">ජෝ මි ර්‍යෝ මගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලුවා.</font>

778
00:45:14,100 --> 00:45:15,900
<font color="#ffdc20">අනේ දෙවියනේ, මේක බරපතලයි.</font>

779
00:45:15,900 --> 00:45:17,500
<font color="#ffdc20">මම සේ රාට කැමතියි, දන්නවද?</font>

780
00:45:17,500 --> 00:45:20,500
<font color="#ffdc20">ෂා, ඇත්තටම? ඔයාට කරදරයක් වෙයි.</font>

781
00:45:20,500 --> 00:45:22,467
<font color="#ffdc20">සේ රා.</font>

782
00:45:22,467 --> 00:45:23,833
<font color="#ffdc20">මම ඇත්ත කියන්නේ!</font>

783
00:45:23,833 --> 00:45:26,720
<font color="#ffdc20">අර කැත මනුස්සයා 100% ක්ම මට කැමතියි.</font>

784
00:45:26,720 --> 00:45:28,400
<font color="#ffdc20">අනේ මන්දා.</font>

785
00:45:28,400 --> 00:45:30,600
<font color="#ffdc20">ඒත් මම තේ සෝන්ට කැමතියි.</font>

786
00:45:30,600 --> 00:45:32,633
<font color="#ffdc20">මට හොඳටම විශ්වාසයි එයාට කෙල්ලෙක් ඉන්නවා.</font>

787
00:45:32,633 --> 00:45:35,100
<font color="#ffdc20">මොකක්? තේ සෝන්ට කෙල්ලෙක් ඉන්නවා?</font>

788
00:45:35,100 --> 00:45:36,600
<font color="#ffdc20">[මම පාඩම් කාමරයට යනවා.]
ඔයා කොහොමද ඒක දන්නේ?</font>

789
00:45:36,600 --> 00:45:39,367
<font color="#ffdc20">මම එක පාරක් දැක්කා එයාලා එකට ඉන්නවා.</font>

790
00:45:39,367 --> 00:45:41,333
<font color="#ffdc20">[පූප් බෝයි: හුඟක් මහන්සි වෙලා පාඩම් කරනවද?
අමාරුවෙන් ගන්න.] කොහෙදිද? කොහොමද?</font>

791
00:45:41,333 --> 00:45:42,833
<font color="#ffdc20">ඒයි, ඒක කොහොමද වෙන්නේ?</font>

792
00:45:42,833 --> 00:45:47,267
<font color="#ffdc20">['අමාරුවෙන් ගන්න' නෙවෙයි, 'සැහැල්ලුවෙන් ගන්න'.]</font>

793
00:45:47,267 --> 00:45:51,033
<font color="#ffdc20">[මම අද ඉඳන් අකුරු ඉගෙන
ගන්න පටන් ගන්නවා.]</font>

794
00:45:51,033 --> 00:45:54,272
<font color="#ffdc20">[අක්ෂර වින්‍යාසය]</font>

795
00:45:57,376 --> 00:46:00,667
<font color="#ffdc20">යේ රිම්, ඔයා වේලාසනයිනේ.</font>

796
00:46:00,667 --> 00:46:02,800
<font color="#ffdc20">ආ, ඔව්. ඉයුන් ගී පරක්කු වෙනවා.</font>

797
00:46:02,800 --> 00:46:04,667
<font color="#ffdc20">ඇත්තටම?</font>

798
00:46:04,667 --> 00:46:07,333
<font color="#ffdc20">අපි ඉතින් බලන් ඉමු.</font>

799
00:46:07,333 --> 00:46:08,533
<font color="#ffdc20">හායි, ගී ජොන්ග්.</font>

800
00:46:08,533 --> 00:46:10,300
<font color="#ffdc20">ඒයි.</font>

801
00:46:10,300 --> 00:46:12,367
<font color="#ffdc20">අම්මෝ, රස්නෙයි.</font>

802
00:46:12,367 --> 00:46:14,800
<font color="#ffdc20">එයා කවද්ද එන්නේ? කවුද දන්නේ?</font>

803
00:46:24,267 --> 00:46:28,000
<font color="#ffdc20">ඔයාට හුඟක් රස්නේ ඇති. ඔයාට දාඩිය දාලා හොඳටම.</font>

804
00:46:28,000 --> 00:46:29,833
<font color="#ffdc20">කරදර වෙන්න එපා.</font>

805
00:46:56,733 --> 00:46:57,867
<font color="#ffdc20">හැමදේම හොඳින් වෙනවද?</font>

806
00:46:57,867 --> 00:46:59,867
<font color="#ffdc20">ඔව්, එහෙමයි.</font>

807
00:46:59,867 --> 00:47:01,900
<font color="#ffdc20">ඔයාගේ කාර්යබහුල වෙලාවට බාධා කළාට සොරි.</font>

808
00:47:01,900 --> 00:47:03,800
<font color="#ffdc20">කොහෙත්ම නැහැ.</font>

809
00:47:03,800 --> 00:47:05,633
<font color="#ffdc20">ඉතින් මොකක් ගැනද කතා කරන්න ඕන වුණේ?</font>

810
00:47:05,633 --> 00:47:07,667
<font color="#ffdc20">මට යාළුවෝ නැහැ</font>

811
00:47:07,667 --> 00:47:11,000
<font color="#ffdc20">නැත්නම් මගේ ප්‍රශ්න ගැන කතා කරන්න කෙනෙක් නැහැ,</font>

812
00:47:11,000 --> 00:47:13,900
<font color="#ffdc20">ඉතින් මට ඔයාගේ උපදෙස් ඕන වුණා.</font>

813
00:47:15,133 --> 00:47:18,867
<font color="#ffdc20">මට උදව් කරන්න පුළුවන්ද කියලා
ෂුවර් නැහැ, ඒත් කමක් නැහැ.</font>

814
00:47:18,867 --> 00:47:20,533
<font color="#ffdc20">මොකක්ද වෙන්නේ?</font>

815
00:47:20,533 --> 00:47:24,133
<font color="#ffdc20">මම අර්ධ කාලීනව වැඩ කරනවා සාප්පු
සංකීර්ණයක මොඩල් කෙනෙක් විදියට.</font>

816
00:47:24,133 --> 00:47:25,767
<font color="#ffdc20">ඒත් මම දිගටම ඒක කරන්න ඕනද</font>

817
00:47:25,767 --> 00:47:28,867
<font color="#ffdc20">නැත්නම් ඉගෙන ගන්න එක ගැන හිතන්න ඕනද?</font>

818
00:47:28,867 --> 00:47:30,500
<font color="#ffdc20">මට මොකක් කරන්නද කියලා තේරෙන්නේ නැහැ.</font>

819
00:47:30,500 --> 00:47:31,933
<font color="#ffdc20">ඔයා මොඩල් කෙනෙක්ද?</font>

820
00:47:31,933 --> 00:47:34,067
<font color="#ffdc20">ඔව්, ඔයාට මගේ ෆොටෝ බලන්න ඕනද?</font>

821
00:47:34,067 --> 00:47:35,900
<font color="#ffdc20">හා.</font>

822
00:47:37,200 --> 00:47:39,000
<font color="#ffdc20">ෂා.</font>

823
00:47:39,633 --> 00:47:42,200
<font color="#ffdc20">මේ ඔයාද, යේ රිම්?</font>

824
00:47:42,200 --> 00:47:44,900
<font color="#ffdc20">ඔයා හරිම ලස්සනයි.</font>

825
00:47:44,900 --> 00:47:46,800
<font color="#ffdc20">මට හරි ඉරිසියයි.</font>

826
00:47:46,800 --> 00:47:49,433
<font color="#ffdc20">මම ප්‍රසිද්ධවත් නැහැනේ.</font>

827
00:47:49,433 --> 00:47:52,133
<font color="#ffdc20">නැහැ, මට ඇත්තටම ඉරිසියයි.</font>

828
00:47:56,320 --> 00:47:57,832
<font color="#ffdc20">ඈ?</font>

829
00:48:04,033 --> 00:48:06,133
<font color="#ffdc20">නම් ගී ජොන්ග්?</font>

830
00:48:06,133 --> 00:48:08,800
<font color="#ffdc20">ඔයා ගී ජොන්ග්ව දන්නවද?</font>

831
00:48:08,800 --> 00:48:10,733
<font color="#ffdc20">මොකක්?</font>

832
00:48:12,533 --> 00:48:13,533
<font color="#ffdc20">ඔව්.</font>

833
00:48:13,533 --> 00:48:16,100
<font color="#ffdc20">ඔයා කොහොමද ගී ජොන්ග්ව දන්නේ?</font>

834
00:48:16,100 --> 00:48:19,500
<font color="#ffdc20">එයයි මායි එකම චිත්‍ර සමාජයේ ඉන්නේ.</font>

835
00:48:25,433 --> 00:48:28,833
<font color="#ffdc20">ගී ජොන්ග් කාටහරි කැමැත්තෙන් ඉන්නවා.</font>

836
00:48:28,833 --> 00:48:30,900
<font color="#ffdc20">මොකක්?</font>

837
00:48:31,567 --> 00:48:36,200
<font color="#ffdc20">එයාලා හම්බවෙලා තියෙන්නේ චිත්‍ර අඳින
ක්ලබ් එකේදි, හරි මොකක් හරි එකකදි.</font>

838
00:48:36,200 --> 00:48:38,367
<font color="#ffdc20">එතකොට ඔයාට</font>

839
00:48:40,233 --> 00:48:43,267
<font color="#ffdc20">එයාව හැමදාම මුණගැහෙනවද?</font>

840
00:48:43,267 --> 00:48:45,100
<font color="#ffdc20">ඔව්.</font>

841
00:48:47,936 --> 00:48:49,933
<font color="#ffdc20">ඇයි ඔයා එහෙම අහන්නේ?</font>

842
00:48:49,933 --> 00:48:51,833
<font color="#ffdc20">ඇත්තටම,</font>

843
00:48:51,833 --> 00:48:55,533
<font color="#ffdc20">ගී ජොන්ග් කියන්නේ මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ්.</font>

844
00:48:55,533 --> 00:48:56,567
<font color="#ffdc20">මොකක්?</font>

845
00:48:56,567 --> 00:48:59,067
<font color="#ffdc20">අපි අතරේ පොඩි වැරදි වටහාගැනීමක් තිබුණා,</font>

846
00:48:59,067 --> 00:49:03,167
<font color="#ffdc20">ඉතින් දැන් අපි එකට මොඩලින් වැඩ විතරයි කරන්නේ.</font>

847
00:49:03,167 --> 00:49:04,544
<font color="#ffdc20">ආ,</font>

848
00:49:04,544 --> 00:49:06,067
<font color="#ffdc20">මට තේරෙනවා.</font>

849
00:49:06,067 --> 00:49:07,967
<font color="#ffdc20">ඒක එහෙම තමයි.</font>

850
00:49:10,833 --> 00:49:12,367
<font color="#ffdc20">වූ යොන්.</font>

851
00:49:12,367 --> 00:49:15,000
<font color="#ffdc20">ඔයාට පුළුවන්ද මට එකම
එක පාරක් උදව් කරන්න?</font>

852
00:49:15,000 --> 00:49:17,833
<font color="#ffdc20">ප්ලීස් මාව අර චිත්‍ර අඳින
ක්ලබ් එකට එක්කන් යන්නකෝ.</font>

853
00:49:17,833 --> 00:49:20,833
<font color="#ffdc20">මට ඕනේ ගී ජොන්ග් චිත්‍ර අඳිනවා බලන්න</font>

854
00:49:20,833 --> 00:49:25,533
<font color="#ffdc20">ඒ වගේම මට ඕනේ එයාත් එක්ක ආයෙත් යාළු වෙන්න.</font>

855
00:49:26,267 --> 00:49:29,000
<font color="#ffdc20">ප්ලීස්, වූ යොන්.</font>

856
00:49:37,856 --> 00:49:40,933
<font color="#ffdc20">අද මාත් එක්ක කතා කරාට ස්තුතියි, වූ යොන්.</font>

857
00:49:40,933 --> 00:49:42,528
<font color="#ffdc20">මම දැන් යනවා.</font>

858
00:49:42,528 --> 00:49:44,167
<font color="#ffdc20">ආයෙත් ඉක්මනට හම්බවෙමු.</font>

859
00:49:44,167 --> 00:49:46,333
<font color="#ffdc20">හරි, පරිස්සමින් යන්න.</font>

860
00:49:56,160 --> 00:49:59,333
<font color="#ffdc20">මම කෙනෙක්ට කැමති වුන පලවෙනි වතාව මේක.</font>

861
00:49:59,333 --> 00:50:01,200
<font color="#ffdc20">පලවෙනි වතාව?</font>

862
00:50:01,200 --> 00:50:03,933
<font color="#ffdc20">ඔයා කවදාවත් කාටවත් කැමති වෙලා නැද්ද?</font>

863
00:50:03,933 --> 00:50:05,933
<font color="#ffdc20">නෑ.</font>

864
00:50:05,933 --> 00:50:07,067
<font color="#ffdc20">බොරුකාරයා.</font>

865
00:50:07,067 --> 00:50:10,500
<font color="#ffdc20">ඔයා මට කැමති වෙන එක හොඳයි.</font>

866
00:50:10,500 --> 00:50:12,500
<font color="#ffdc20">මම නිකම්ම ඔයාට කැමතියි.</font>

867
00:50:12,500 --> 00:50:16,900
<font color="#ffdc20">කෙනෙක් තව කෙනෙක්ට කැමති
වෙද්දී, හේතුවක් තියෙන්නම ඕනෙද?</font>

868
00:50:16,900 --> 00:50:18,112
<font color="#ffdc20">එහෙනම්,</font>

869
00:50:18,112 --> 00:50:20,500
<font color="#ffdc20">මට දිගටම ඔයාට කැමති වෙන්න පුළුවන් නේද?</font>

870
00:50:20,500 --> 00:50:22,800
<font color="#ffdc20">මොකක්ද?</font>

871
00:50:22,800 --> 00:50:24,933
<font color="#ffdc20">බොරුකාරයා.</font>

872
00:50:31,867 --> 00:50:33,033
<font color="#ffdc20">[පූප් බෝයි: පිගී නෝනා,
මම ඉස්පිලි පාඩම් කරනවා.]</font>

873
00:50:33,033 --> 00:50:35,168
<font color="#ffdc20">[ස්පෙලින් (Spelling).]</font>

874
00:50:38,656 --> 00:50:41,267
<font color="#ffdc20">මම නම් ගි ජොන්ග් එක්ක යාළු වෙලාවත් නෑ.</font>

875
00:50:41,267 --> 00:50:43,933
<font color="#ffdc20">එයා බොරු කිව්වම මට මොකද?</font>

876
00:50:48,864 --> 00:50:51,367
<font color="#ffdc20">එයා ඇයි එහෙම කිව්වේ?</font>

877
00:50:52,100 --> 00:50:53,967
<font color="#ffdc20">මෝඩයා.</font>

878
00:50:55,033 --> 00:50:56,033
<font color="#ffdc20">එයා කිව්වා එයාව විශ්වාස කරන්න කියලා.</font>

879
00:50:56,033 --> 00:51:00,000
<font color="#ffdc20">විකාර. මම දැනන් හිටියා මෙහෙම වෙයි කියලා.</font>

880
00:51:07,967 --> 00:51:13,536
<font color="#ffdc20">[ආන් යේ රිම්: වූ යොන්, මගේ ඉල්ලීම හරිම
මෝඩයි. අනේ ඒ ගැන හිතන්න එපා. මට සමාවෙන්න.]</font>

881
00:51:19,520 --> 00:51:22,733
<font color="#ffdc20"><i>මේ මනෝ විකාරෙ කොහෙද ගියේ?</i></font>

882
00:51:28,064 --> 00:51:30,112
<font color="#ffdc20"><i>හරි,</i></font>

883
00:51:30,112 --> 00:51:33,533
<font color="#ffdc20"><i>මම නම් ගි ජොන්ග්ට කැමතිවත් නෑ,</i></font>

884
00:51:33,533 --> 00:51:36,433
<font color="#ffdc20"><i>අපි යාළු වෙලත් නෑ,</i></font>

885
00:51:36,433 --> 00:51:37,920
<font color="#ffdc20"><i>අනික</i></font>

886
00:51:37,920 --> 00:51:40,700
<font color="#ffdc20"><i>අපිව එකට ගැලපෙන්නෙත් නෑ.</i></font>

887
00:51:54,833 --> 00:51:57,933
<font color="#ffdc20"><i>මේ සතියේ හම්බවෙද්දී මට
යාළුවෙක්ව එක්කන් එන්න පුළුවන්ද?</i></font>

888
00:51:57,933 --> 00:51:59,767
<font color="#ffdc20">මොකක්ද මේ?</font>

889
00:52:11,168 --> 00:52:14,533
<font color="#ffdc20"><i>යේ රිම්, මේ සතියේ ඔයාට නිවාඩුද?</i></font>

890
00:52:33,984 --> 00:52:36,233
<font color="#ffdc20">මේ ඔයාට එක්කන් එන්න ඕන වුන කෙනාද?</font>

891
00:52:36,233 --> 00:52:38,767
<font color="#ffdc20">ඔයාට ඇත්තටම තේරෙන්නේ නෑ. එයා මට කැමතියි.</font>

892
00:52:38,767 --> 00:52:41,167
<font color="#ffdc20">ඒක මට අදාළ වෙන්නේ කොහොමද? මොකක්?</font>

893
00:52:41,167 --> 00:52:42,848
<font color="#ffdc20">හුරතල් සහ සරාගී.</font>

894
00:52:42,848 --> 00:52:45,467
<font color="#ffdc20">කූ සොන් හෝ කාට හරි ආදරේ කරනවා?</font>

895
00:52:45,467 --> 00:52:46,800
<font color="#ffdc20">මට ඒක එච්චර ඇල්ලුවේ නෑ.</font>

896
00:52:46,800 --> 00:52:48,633
<font color="#ffdc20">අපි නොදැන හිටියා නම් කමක් නෑ.</font>

897
00:52:48,633 --> 00:52:50,333
<font color="#ffdc20">ඒත් දැන් අපි දන්න නිසා, කොහොමද නිකන් ඉන්නේ?</font>

898
00:52:50,333 --> 00:52:53,967
<font color="#ffdc20">බේබ්ලූගේ යාළුවෝ හොඳයිනේ. බේබ්ලූ ඒක බලාගනීවි, නේද?</font>

899
00:52:53,967 --> 00:52:56,333
<font color="#ffdc20">ඔයා කොච්චර කල් මාව මගහරිනවද?</font>

900
00:52:56,333 --> 00:52:57,767
<font color="#ffdc20">කූ සොන් හෝ එක්ක ඉන්න එක විනෝදයිද?</font>

901
00:52:57,767 --> 00:53:01,600
<font color="#ffdc20">ඔයා නිසා, මම වූ යොන් ට
ජීවිත කාලෙටම ණය ගැතියි.</font>

902
00:53:01,600 --> 00:53:03,233
<font color="#ffdc20">ස්තුතියි, ආන් යේ රිම්.</font>

903
00:53:03,233 --> 00:53:06,208
<font color="#ffdc20">ස්තුතියි, යේ රිම්.</font>

904
00:53:15,552 --> 00:53:17,200
<font color="#ffdc20">ඔයා එයාට එච්චරටම කැමතිද?</font>

905
00:53:17,200 --> 00:53:20,133
<font color="#ffdc20">එයා ලස්සනයි, බුද්ධිමත්, අනික
හොඳ ගතිගුණත් තියෙනවා.</font>

906
00:53:20,133 --> 00:53:23,267
<font color="#ffdc20">එයාට අකමැති වෙන්නේ මෝඩයෙක් විතරයි.</font>

907
00:53:23,267 --> 00:53:25,433
<font color="#ffdc20">අන්න මෝඩයා එනවා.</font>

908
00:53:25,433 --> 00:53:27,467
<font color="#ffdc20">ඒයි, ගඳයා!</font>

909
00:53:27,467 --> 00:53:29,033
<font color="#ffdc20">[ආන් යේ රිම්: ගි ජොන්ග්, ඔයා කාර්යබහුලද?]</font>

910
00:53:29,033 --> 00:53:31,168
<font color="#ffdc20">[මේ මම අද ගත්ත පිංතූරයක්.]</font>

911
00:53:31,192 --> 00:53:33,192
<font color="#ffd88f"><b>💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</b></font>

