1
00:00:47,421 --> 00:00:49,421
<font color="#e32a44"><b>💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</b></font>

2
00:00:49,445 --> 00:00:51,445
<font color="#e3a113"><b>අකමැත්තෙන් පටන් ගත් අමුතු හමුවීම</b></font>

3
00:00:51,469 --> 00:00:52,803
<font color="#ff9231"><b>කථාංගය 01</b></font>

4
00:00:52,887 --> 00:00:54,430
<font color="#ffd220">ඉම්පීරියල් මුද්‍රණාලය</font>

5
00:01:07,318 --> 00:01:08,611
<font color="#ffd220">ආයෙත් වැඩ නවත්තන්නද හදන්නෙ?</font>

6
00:01:08,694 --> 00:01:10,905
<font color="#ffd220">මට තව කරන්න තියෙන්නෙ වැඩ දෙකයි!</font>

7
00:01:12,490 --> 00:01:14,074
<font color="#ffd220">අර නැවත මුද්‍රණය කරන වැඩේ කළාද?</font>

8
00:01:14,158 --> 00:01:16,327
<font color="#ffd220">ඔව්, රෆ්-ග්ලොස් කොල වලට මාරු කළා.</font>

9
00:01:16,410 --> 00:01:18,370
<font color="#ffd220">හොඳ තීරණයක්! නියමයි. ස්තූතියි මචං.</font>

10
00:01:20,706 --> 00:01:22,291
<font color="#ffd220">ආ ඔන්න ආවා! ආ කොහොමද!</font>

11
00:01:22,374 --> 00:01:26,629
<font color="#ffd220">කට්ටිය එන්න! ෆ්‍රයිඩ් චිකන්
ගෙනාවා. කන්න. එල එල! ෆ්‍රයිඩ් චිකන්.</font>

12
00:01:26,712 --> 00:01:28,631
<font color="#ffd220">ඒයි හ්වාං! ෆ්‍රයිඩ් චිකන්. මරු!</font>

13
00:01:29,423 --> 00:01:33,385
<font color="#ffffff"><i><b>♪ මම මගේ හදවත, මගේ ආදරය, මගේ හැමදේම
ඔයාට දුන්නා ♪ ♪ මගේ ආදරය, මගේ හැමදේම ♪</b></i></font>

14
00:01:33,469 --> 00:01:36,931
<font color="#ffffff"><i><b>♪ ඒත් දැන් ඔයා ආගන්තුකයෙක් වගේ යන්න යනවා ♪</b></i></font>

15
00:01:37,014 --> 00:01:40,476
<font color="#ffffff"><i><b>♪ සමුගැනීමේ වේදනාවත් අරගෙනම යන්න ♪
♪ සමුගැනීමේ වේදනාවත් අරගෙනම යන්න ♪</b></i></font>

16
00:01:43,270 --> 00:01:45,314
<font color="#ffffff"><i><b>♪ ඔයා හරිම කුරිරු කෙනෙක් ♪
♪ ඔයා හරිම කුරිරු කෙනෙක් ♪</b></i></font>

17
00:01:45,397 --> 00:01:47,358
<font color="#ffd220">මගේ කන් පැලෙන්න ආවා ඇත්තටම. අහන්නකො.</font>

18
00:01:47,441 --> 00:01:49,985
<font color="#ffd220">තමන් ගැන ලොකුවට හිතන් ඉන්න,</font>

19
00:01:50,069 --> 00:01:52,822
<font color="#ffd220">ආඩම්බර කුකුලෙක්ට කියන්නෙ මොකක්ද? දන්නවද?</font>

20
00:01:52,905 --> 00:01:57,618
<font color="#ffd220">ප්‍රයිඩ් චිකන්!</font>

21
00:01:58,619 --> 00:02:01,247
<font color="#ffd220">පෙනුම නරුම නෑ. ඔව්, ප්‍රයිඩ් චිකන්!</font>

22
00:02:01,330 --> 00:02:03,082
<font color="#ffd220">මට ඇහුණා සර් කියපු දේ.</font>

23
00:02:03,999 --> 00:02:06,210
<font color="#ffd220">මචං, මට නම් ඒක මාර ජෝක් එක.</font>

24
00:02:06,293 --> 00:02:08,003
<font color="#ffd220">චිකන් වලට ස්තූතියි හොඳේ. අපොයි.</font>

25
00:02:08,087 --> 00:02:10,589
<font color="#ffd220">හා හා, පොඩ්ඩක් ඉන්නකො.</font>

26
00:02:12,049 --> 00:02:13,592
<font color="#ffd220">රහ පාටයි.</font>

27
00:02:14,844 --> 00:02:16,053
<font color="#ffd220">අයියෝ, මේක නිවිලනෙ.</font>

28
00:02:20,766 --> 00:02:23,519
<font color="#ffd220">ෂික්, කොහොමද ඔයා ඒක දැක්කෙ? මම කියන්නම්...</font>

29
00:02:27,523 --> 00:02:28,941
<font color="#ffd220">ඉම්පීරියල් මුද්‍රණාලය</font>

30
00:02:29,024 --> 00:02:31,944
<font color="#ffd220">මම අද ගොඩක් වැඩ කළා. ඔන්න, ඉවරයි.</font>

31
00:02:32,695 --> 00:02:34,572
<font color="#ffd220">ඒයි, මේක...</font>

32
00:02:35,197 --> 00:02:37,283
<font color="#ffd220">මේක ඔයාටම ගිහින් දෙන්න බැරිද?</font>

33
00:02:38,492 --> 00:02:41,662
<font color="#ffd220">තේරෙනවා. ඔයාට ඒක කරන්න බෑ නේද?</font>

34
00:02:41,745 --> 00:02:43,789
<font color="#ffd220">ඔයා මම වුණා නම්, ඔයා ඒක කරනවද?</font>

35
00:02:43,873 --> 00:02:46,458
<font color="#ffd220">මේකයි, අද චේ-බින්ගෙ උපන්දිනේ...</font>

36
00:02:47,334 --> 00:02:49,003
<font color="#ffd220">ෂහ්.</font>

37
00:02:49,086 --> 00:02:51,839
<font color="#ffd220">හරි කමක් නෑ. ළඟනෙ තියෙන්නෙ,
මම ගිහින් දෙන්නම්. අවුලක් නෑ.</font>

38
00:02:51,922 --> 00:02:53,507
<font color="#ffd220">ආ, අද චේ-බින්ගෙ උපන්දිනේද?</font>

39
00:02:54,341 --> 00:02:57,303
<font color="#ffd220">ඔයා ගෙදර යන්න. මම මේක කරන්නම්. පිස්සුද.</font>

40
00:02:57,386 --> 00:03:00,264
<font color="#ffd220">සේ-නාව හම්බුණොත් මොකද
කරන්නෙ? ඒක මාර අවුල් නේ.</font>

41
00:03:00,347 --> 00:03:01,348
<font color="#ffd220">ඒයි.</font>

42
00:03:02,641 --> 00:03:04,101
<font color="#ffd220">මම මෙහෙම ගියොත්?</font>

43
00:03:05,060 --> 00:03:06,353
<font color="#ffd220">එතකොට අඳුරගන්න බැරි වෙයි.</font>

44
00:03:06,437 --> 00:03:09,523
<font color="#ffd220">ඔය මෝඩ තොප්පිය දාගත්තට පරණ පෙම්වතියට
ඔයාව අඳුරගන්න බැරි වෙයි කියලද හිතන්නෙ?</font>

45
00:03:09,607 --> 00:03:11,191
<font color="#ffd220">අපොයි.</font>

46
00:03:11,275 --> 00:03:14,111
<font color="#ffd220">ඔයාගෙ ජීවිතේ දැන් මේ වගේ
කියලා එයා දන්නවද මන්දා.</font>

47
00:03:15,321 --> 00:03:16,488
<font color="#ffd220">ඔයාට ෂුවර්ද මේක කරන්න පුළුවන් කියලා?</font>

48
00:03:16,572 --> 00:03:18,616
<font color="#ffd220">මගේ හිත වෙනස් වෙන්න කලින් යනවා නම් හොඳයි.</font>

49
00:03:18,699 --> 00:03:21,076
<font color="#ffd220">ස්තූතියි මචං. පස්සෙ සෙට් වෙමු! එල!</font>

50
00:03:34,924 --> 00:03:36,175
<font color="#ffd220">මෙලෝඩ්‍රාමා රැජින</font>

51
00:03:41,472 --> 00:03:42,473
<font color="#ffd220">වසර 15කට පෙර</font>

52
00:03:46,101 --> 00:03:47,478
<font color="#ffd220">ඔයා මෙතනින් යන්න.</font>

53
00:03:47,561 --> 00:03:48,687
<font color="#ffd220">මට ගෙදර යන්න ඕන.</font>

54
00:03:49,480 --> 00:03:51,023
<font color="#ffd220">මිස්ටර් හොං.</font>

55
00:03:51,106 --> 00:03:53,984
<font color="#ffd220">මේක වැරදි වැටහීමක්.</font>

56
00:03:54,068 --> 00:03:57,696
<font color="#ffd220">"සැඩ් වෝල්ට්ස්" හින්දා අපි මුණගැහිලා
ටික කාලයක් ඇසුරු කළා කියන එක ඇත්ත,</font>

57
00:03:57,780 --> 00:03:59,990
<font color="#ffd220">ඒත් අපි වෙන් වෙලා ගොඩක්
කල් කියල මම දිවුරලා කියනවා!</font>

58
00:04:01,116 --> 00:04:03,869
<font color="#ffd220">ඉතින්, මේ සම්බන්ධය ගැන කතාව එළියට ගියොත්,</font>

59
00:04:03,953 --> 00:04:07,456
<font color="#ffd220">මට ලැබුනු දැන්වීම්, චිත්‍රපට, ටෙලි
නාට්‍ය ඔක්කොම නැති වෙනවා.</font>

60
00:04:07,539 --> 00:04:10,334
<font color="#ffd220">ඒ මදිවට මට ලොකු වන්දියකුත්
ගෙවන්න වෙනවා, ඒ නිසා අනේ ප්ලීස්!</font>

61
00:04:10,417 --> 00:04:11,585
<font color="#ffd220">හරි, හරි. අහන්නකො.</font>

62
00:04:11,669 --> 00:04:14,004
<font color="#ffd220">මේ හැමදේම ඔයාගෙ ප්‍රශ්නයක්නෙ?</font>

63
00:04:14,088 --> 00:04:16,507
<font color="#ffd220">අපි මොකටද ඒකට කරදර වෙන්නෙ?
සාක්ෂි ඔක්කොම මෙතන තියෙනවනෙ.</font>

64
00:04:16,590 --> 00:04:18,092
<font color="#ffd220">මට බොරු කියන්න එපා.</font>

65
00:04:18,175 --> 00:04:19,718
<font color="#ffd220">නෑ, ඔයාට වැරදිලා.</font>

66
00:04:21,136 --> 00:04:25,224
<font color="#ffd220">එයා මගේ පස්සෙන් ඇවිත් හම්බවෙන්න
ඕන කියලා බල කරපු නිසාමයි මම කැමති වුණේ.</font>

67
00:04:25,808 --> 00:04:29,645
<font color="#ffd220">හම්බුනේ නැත්නම් ෂූටින් තියෙන තැනට එනවා
කිව්ව නිසා මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.</font>

68
00:04:29,728 --> 00:04:31,605
<font color="#ffd220">මට වෙන තේරීමක් තිබුනෙ නෑ.</font>

69
00:04:34,650 --> 00:04:36,860
<font color="#ffd220">මොනවාහරි කියන්නකො. අනේ.</font>

70
00:04:36,944 --> 00:04:40,322
<font color="#ffd220">ඒක ඇත්ත නේද? එතුමාට ඇත්ත කියන්න.</font>

71
00:04:42,032 --> 00:04:43,033
<font color="#ffd220">ප්ලීස්.</font>

72
00:04:43,701 --> 00:04:45,119
<font color="#ffd220">අයියෝ.</font>

73
00:04:45,202 --> 00:04:47,454
<font color="#ffd220">ඇයි මේ දණ ගහගෙන? මාර අවුල්නෙ මේක.</font>

74
00:04:47,538 --> 00:04:50,791
<font color="#ffd220">පොඩ්ඩක් නැගිටින්නවද? සර්, ඇත්තටම වුණේ ඒකයි.</font>

75
00:04:51,667 --> 00:04:52,668
<font color="#ffd220">මම...</font>

76
00:04:54,169 --> 00:04:55,754
<font color="#ffd220">ඒක ඇත්ත. මම එයාට තර්ජනය කළා.</font>

77
00:04:56,672 --> 00:04:57,673
<font color="#ffd220">මිස්ටර් හොං.</font>

78
00:04:59,508 --> 00:05:01,927
<font color="#ffd220">ඔයාට එහෙම කරන්න බෑ.
නිවුස් එක දාන්න එපා. දැක්කනෙ?</font>

79
00:05:02,011 --> 00:05:05,431
<font color="#ffd220">මම කිව්වෙ. අපේ අතරෙ කිසිම
සම්බන්ධයක් නෑ. මම දිවුරලා කියන්නම්.</font>

80
00:05:05,514 --> 00:05:08,767
<font color="#ffd220">මම පොරොන්දු වෙනවා මිස්ටර්
හොං. අනේ මාව විශ්වාස කරන්න.</font>

81
00:05:30,539 --> 00:05:33,292
<font color="#ffd220">එයාලා ඔක්කොම ලොකු මිනිස්සු නේද?
ඇයි මේ වගේ තැනක හම්බවෙන්නෙ?</font>

82
00:06:03,113 --> 00:06:05,074
<font color="#ffd220">ආ, සමාවෙන්න මැඩම්. සමාවෙන්න.</font>

83
00:06:19,296 --> 00:06:20,339
<font color="#ffd220">මිස් වී, ඔයා ආවනේ.</font>

84
00:06:23,801 --> 00:06:25,219
<font color="#ffd220">ඇයි ඔයා තනියම?</font>

85
00:06:25,844 --> 00:06:28,055
<font color="#ffd220">කෝ මන්ත්‍රීතුමා? ඔයා වගේ මාධ්‍යවේදියෙක්ට</font>

86
00:06:28,138 --> 00:06:30,516
<font color="#ffd220">එතුමාව පෞද්ගලිකව හමුවෙන්න
තරම් වටිනාකමක් නෑ මම හිතන්නෙ.</font>

87
00:06:33,852 --> 00:06:34,853
<font color="#ffd220">වාඩි වෙන්න.</font>

88
00:06:48,867 --> 00:06:53,497
<font color="#ffd220">"සෙව් සෝන්" දෙවෙනි සීසන් එක ෂූට් කරන්න
මාස අටක් විතර මම ඇමරිකාවේ ඉන්නෙ,</font>

89
00:06:54,039 --> 00:06:55,666
<font color="#ffd220">ඒ නිසා වෙලාව හරි යන එකක් නෑ. එහෙමද.</font>

90
00:06:55,749 --> 00:06:58,043
<font color="#ffd220">අලුත් වැඩක් පටන් ගත්තම කොහොමත්
කාලය යනවා තේරෙන්නෙ නෑනෙ,</font>

91
00:06:58,127 --> 00:06:59,503
<font color="#ffd220">ඉතින් මාස අටක් කියන්නෙ සුළු දෙයක්.</font>

92
00:06:59,586 --> 00:07:02,840
<font color="#ffd220">ඔයා එනවා කියල ෂුවර් නම්, මම
අවුරුදු අටක් වුනත් බලන් ඉන්න ලෑස්තියි.</font>

93
00:07:06,510 --> 00:07:08,637
<font color="#ffd220">ආයුබෝවන්. පිටපත දෙන්න ආවේ.</font>

94
00:07:08,720 --> 00:07:10,556
<font color="#ffd220">ආ, මිස්ටර් ලිම්. ඉක්මන් නේ. ස්තූතියි.</font>

95
00:07:10,639 --> 00:07:12,349
<font color="#ffd220">ආ! ඇයි මේක තෙමිලා?</font>

96
00:07:12,432 --> 00:07:14,017
<font color="#ffd220">එළියෙ වහිනවා.</font>

97
00:07:14,101 --> 00:07:15,102
<font color="#ffd220">හරි කමක් නෑ.</font>

98
00:07:16,854 --> 00:07:17,980
<font color="#ffd220">මොකක්ද මේ?</font>

99
00:07:18,063 --> 00:07:20,440
<font color="#ffd220">ඔයා වෙනුවෙන්ම විශේෂයෙන් මුද්‍රණය කරපු පිටපතක්.</font>

100
00:07:20,524 --> 00:07:22,693
<font color="#ffd220">එහෙනම් මම ගිහින් එන්නම්.</font>

101
00:07:22,776 --> 00:07:24,236
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න.</font>

102
00:07:25,028 --> 00:07:26,155
<font color="#ffd220">ස්තූතියි.</font>

103
00:07:30,159 --> 00:07:31,285
<font color="#ffd220">මුද්‍රණය නම් හොඳයි වගේ.</font>

104
00:07:31,368 --> 00:07:33,078
<font color="#ffd220">හිතනවද එහෙම?</font>

105
00:07:33,162 --> 00:07:36,123
<font color="#ffd220">ඔයා වෙනුවෙන්ම විශේෂයෙන්
ඇණවුම් කරපු විශේෂ පිටපතක් ඒක!</font>

106
00:07:38,333 --> 00:07:39,501
<font color="#ffd220">සර්!</font>

107
00:07:45,048 --> 00:07:46,466
<font color="#ffd220">මම දෙයක් අහන්නද.</font>

108
00:07:46,967 --> 00:07:49,970
<font color="#ffd220">මන්ත්‍රී හා ජී-වන් සහායකයින්ව තියාගෙන
ඉන්නෙ එයාගෙ ආරක්ෂාවට පාවිච්චි කරන්න විතරද?</font>

109
00:07:50,053 --> 00:07:53,974
<font color="#ffd220">චොන්වොන් නගර සංවර්ධන ව්‍යාපෘතියට එතුමාගේ
කිසිම සම්බන්ධයක් නෑ කියලද ඔයා කියන්නෙ?</font>

110
00:07:54,057 --> 00:07:57,102
<font color="#ffd220">සල්ලි ඔක්කොම අරගෙන වියදම්
කළේ එතුමාගෙ සහායකයා විතරද?</font>

111
00:07:57,186 --> 00:08:00,189
<font color="#ffd220">ඔව්, මම දන්නවා ඔයාට කේන්ති ගිහින්
ඉන්නෙ ඇයි කියලා. එයා මාර මිනිහෙක් නේද?</font>

112
00:08:00,272 --> 00:08:01,690
<font color="#ffd220">වූ යොං-සක් මහත්තයා,</font>

113
00:08:02,900 --> 00:08:04,860
<font color="#ffd220">මම හෙට එයාව හම්බවෙන්න හිටියෙ.</font>

114
00:08:05,736 --> 00:08:07,613
<font color="#ffd220">ඉතින් ඇයි එයා දැන් මැරිලා තියෙන්නෙ?</font>

115
00:08:07,696 --> 00:08:10,699
<font color="#ffd220">විශේෂ පුවතක්. අද උදෑසන
සෝල් නුවර පෞද්ගලික රථගාලකදී,</font>

116
00:08:10,782 --> 00:08:12,701
<font color="#ffd220">චොන්වොන් නගර සංවර්ධන ව්‍යාපෘතියට
අදාළව විශේෂ නීතියක් යෝජනා කළ,</font>

117
00:08:12,784 --> 00:08:16,079
<font color="#ffd220">පාර්ලිමේන්තු මන්ත්‍රී හා
ජී-වන්ගේ සහායකයෙක් වුනු වූ,</font>

118
00:08:16,163 --> 00:08:17,372
<font color="#ffd220">මියගොස් සිටියදී හමුවුණා.</font>

119
00:08:17,456 --> 00:08:20,000
<font color="#ffd220">සියදිවි නසාගැනීමක් යැයි සැක
කෙරෙන ලිපියක් සහ ගල් අඟුරු උඳුනක්</font>

120
00:08:20,083 --> 00:08:22,502
<font color="#ffd220">එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.</font>

121
00:08:22,586 --> 00:08:26,048
<font color="#ffd220">බලන්න මිස් වී, තරුණ ජවසම්පන්න මාධ්‍යවේදියෙක්
විදියට මේ වගේ ලොකු නිවුස් එකක් මඟහැරුනට</font>

122
00:08:26,131 --> 00:08:27,925
<font color="#ffd220">ඔයා දුකෙන් ඇති,</font>

123
00:08:28,008 --> 00:08:30,302
<font color="#ffd220">ඒත් ඇත්ත ඒකයි.</font>

124
00:08:30,385 --> 00:08:33,931
<font color="#ffd220">මම දුකෙන් කියලද ඔයා හිතන්නෙ? විහිළු කරනවද?</font>

125
00:08:34,514 --> 00:08:37,434
<font color="#ffd220">මිස්ටර් වූ ගේ පවුලේ අයවත් කැමති
නෑ මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න.</font>

126
00:08:37,517 --> 00:08:40,520
<font color="#ffd220">ඒ නිසා ඔයා මේක දිගින් දිගටම හාර
ඇවිස්සුවොත්, ගොඩක් අයට රිදෙන්න පුළුවන්.</font>

127
00:08:40,604 --> 00:08:43,232
<font color="#ffd220">අපි මේක තේරුම් ගත්තා කියලා හිතනවා මිස් වී.</font>

128
00:08:44,066 --> 00:08:45,067
<font color="#ffd220">ඇරලා බලන්න.</font>

129
00:08:49,696 --> 00:08:51,490
<font color="#ffd220">මාධ්‍යවේදියෙක්ට වාහනයක් ඕන වෙනවනෙ.</font>

130
00:08:53,367 --> 00:08:54,785
<font color="#ffd220">හොඳ ජීප් එකක් ගන්න මේ ගාණ ඇතිවෙයි.</font>

131
00:08:54,868 --> 00:08:56,787
<font color="#ffd220">ඔක්කොම පහසුකම් තියෙන එකක්ම ගන්න පුළුවන් වෙයි.</font>

132
00:08:58,121 --> 00:08:59,623
<font color="#ffd220">දැන් මෙතනින් යනවා යන්න.</font>

133
00:09:17,266 --> 00:09:18,433
<font color="#ffd220">මොකද මේ කරන්නෙ?</font>

134
00:09:32,030 --> 00:09:34,032
<font color="#ffd220">ඔයාට පින් සිද්ධ වෙන්න මම
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.</font>

135
00:09:34,950 --> 00:09:36,576
<font color="#ffd220">මේකෙන් ඒ පාඩමට ගෙවන්නම්.</font>

136
00:09:46,169 --> 00:09:47,963
<font color="#ffd220">ඇත්තටම? ඕක ඔච්චර ලැජ්ජා වෙන්න දෙයක්ද?</font>

137
00:09:48,505 --> 00:09:51,300
<font color="#ffd220">මේ මෝඩ තොප්පිය දාගෙන එන්න
තරම් මොකක්ද තියෙන ලැජ්ජාව?</font>

138
00:10:02,936 --> 00:10:04,730
<font color="#ffd220">මට හිතුනා මේ ඔයා කියලා.</font>

139
00:10:05,564 --> 00:10:06,565
<font color="#ffd220">ගොඩ කාලෙකින්.</font>

140
00:10:07,399 --> 00:10:09,318
<font color="#ffd220">කියන්නම ඕන, ඔයා තාම වෙනස් වෙලා නෑ.</font>

141
00:10:13,405 --> 00:10:14,698
<font color="#ffd220">ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.</font>

142
00:10:16,700 --> 00:10:19,077
<font color="#ffd220">ඇයි මෙහෙට ආවේ? මම දැනගන්න කැමතියි.</font>

143
00:10:20,162 --> 00:10:22,247
<font color="#ffd220">ඔයා දැනගෙන හිටියා මම අද රෑ මෙහෙ ඉන්නවා කියලා,</font>

144
00:10:22,331 --> 00:10:23,707
<font color="#ffd220">ඉතින් ඔයා එන්න හොඳ නෑනෙ.</font>

145
00:10:25,417 --> 00:10:28,795
<font color="#ffd220">ඔය විදියට දැක්කම මට දුක හිතෙයි,
වරදකාරී හැඟීමක් එයි කියලා හිතුවද?</font>

146
00:10:28,879 --> 00:10:31,048
<font color="#ffd220">මොකක්? එහෙම නැත්නම්, ජීවිතේ ඒ තරම් අමාරුද?</font>

147
00:10:31,131 --> 00:10:32,299
<font color="#ffd220">ජීවත් වෙන්න අරගල කරනවද?</font>

148
00:10:43,477 --> 00:10:45,270
<font color="#ffd220">මම හිතන්නෙ ඒක නොඇහුනා වගේ ඉන්න එක හොඳයි.</font>

149
00:10:49,232 --> 00:10:50,650
<font color="#ffd220">පරිස්සමෙන් ඉන්න.</font>

150
00:11:12,798 --> 00:11:14,883
<font color="#ffd220">ඔයා දැනගෙන හිටියා මම අද රෑ මෙහෙ ඉන්නවා කියලා,</font>

151
00:11:15,550 --> 00:11:17,427
<font color="#ffd220">ඉතින් ඔයා එන්න හොඳ නෑනෙ.</font>

152
00:11:24,893 --> 00:11:29,398
<font color="#ffd220">වසර 15කට පෙර</font>

153
00:11:46,957 --> 00:11:47,958
<font color="#ffd220">හරි කට්!</font>

154
00:11:57,843 --> 00:11:57,428
<font color="#ffd220">ඕක මට දෙන්න.</font>

155
00:12:01,972 --> 00:12:03,765
<font color="#ffd220">ඒයි. එපා.</font>

156
00:12:03,849 --> 00:12:05,142
<font color="#ffd220">හරි මම ගත්තා.</font>

157
00:12:13,650 --> 00:12:14,901
<font color="#ffd220">කවුද ඔයා?</font>

158
00:12:17,612 --> 00:12:18,864
<font color="#ffd220">මොකක්ද මේ-- මම බය වුණා.</font>

159
00:12:18,947 --> 00:12:20,365
<font color="#ffd220">කවුද ඔයා? ඔයා කවුද?</font>

160
00:12:21,032 --> 00:12:22,284
<font color="#ffd220">මොකක්?</font>

161
00:12:22,367 --> 00:12:23,994
<font color="#ffd220">මම මැරෙන්න ගියා. ඔයා කොහොමද කාර් එකට නැග්ගෙ?</font>

162
00:12:24,077 --> 00:12:26,496
<font color="#ffd220">මොන කාර් එකක්ද? මොනවද මේ
කියන්නෙ? ඔයා මාව බය කරනවා.</font>

163
00:12:26,580 --> 00:12:28,874
<font color="#ffd220">ඔව්, හලෝ. මාව කවුරුහරි පැහැරගෙන යනවා!</font>

164
00:12:28,957 --> 00:12:31,668
<font color="#ffd220">මොනවද මෙයා කියන්නෙ? මොන පැහැරගැනීමක්ද? ඒයි!</font>

165
00:12:31,751 --> 00:12:33,253
<font color="#ffd220">බලාගෙන! දොර අරින්න එපා! ඔව්.</font>

166
00:12:33,336 --> 00:12:35,005
<font color="#ffd220">අපි දැන් පාලමක් උඩින් යන්නෙ.</font>

167
00:12:35,088 --> 00:12:37,424
<font color="#ffd220">සමාවෙන්න. අපි මේ දැන් යන පාලම මොකක්ද?</font>

168
00:12:38,216 --> 00:12:39,551
<font color="#ffd220">මේ යොංදොන් පාලම!</font>

169
00:12:39,634 --> 00:12:40,969
<font color="#ffd220">යොංදොන් පාලම! මේ යොංදොන්...</font>

170
00:12:41,052 --> 00:12:43,722
<font color="#ffd220">අනේ ඉක්මනට යොංදොන් පාලම ළඟට
එන්න! මොකක්ද? මේ ගෑනිට පිස්සුද?</font>

171
00:12:43,805 --> 00:12:45,348
<font color="#ffd220">යොංදොන් පාලම. ෂික්.</font>

172
00:12:45,432 --> 00:12:47,100
<font color="#ffd220">ඒක උස පාලමක්. හොයාගන්න ලේසියි.</font>

173
00:12:47,767 --> 00:12:49,686
<font color="#ffd220">විශ්වාසවන්ත පොලීසියක්, සුරක්ෂිත රටක්</font>

174
00:12:49,769 --> 00:12:53,315
<font color="#ffd220">හරි. මේ වැරදි වැටහීම හින්දා ඔයාලා
දෙන්නම කැමැත්තෙන්ම මෙතනට ආපු නිසා,</font>

175
00:12:53,398 --> 00:12:56,026
<font color="#ffd220">අපි එකට ඉඳගෙන ඩෑෂ් කැම් දර්ශන බලමු.</font>

176
00:12:58,028 --> 00:12:59,029
<font color="#ffd220">මෙන්න බලන්න.</font>

177
00:13:08,413 --> 00:13:09,831
<font color="#ffd220">අයියෝ.</font>

178
00:13:11,750 --> 00:13:13,335
<font color="#ffd220">නියමයි. ඇත්තටම.</font>

179
00:13:13,418 --> 00:13:15,712
<font color="#ffd220">හරි. මේ ඉස්සරහ කැමරාවේ දර්ශන.</font>

180
00:13:16,880 --> 00:13:18,048
<font color="#ffd220">හරි, ඊළඟ එක.</font>

181
00:13:22,469 --> 00:13:24,971
<font color="#ffd220">බලන්නකො රාලහාමි. මම නෙවෙයි බොරු කියන්නෙ.</font>

182
00:13:25,055 --> 00:13:27,182
<font color="#ffd220">මෙයාමයි මගේ කාර් එකට නැග්ගෙ
කියලා මේකෙන් පේනවා නේද?</font>

183
00:13:27,265 --> 00:13:29,601
<font color="#ffd220">ඉතින් මම කිසිම වැරැද්දක්
කරලා නෑ. අපි දිගටම බලමුකො.</font>

184
00:13:29,684 --> 00:13:33,021
<font color="#ffd220">කවුද දන්නෙ? මම කාර් එකේ ඉන්නවා
කියලා එයා මුල ඉඳලම දැනගෙන ඉන්න ඇති.</font>

185
00:13:33,772 --> 00:13:36,316
<font color="#ffd220">වාව්, මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ?</font>

186
00:13:37,943 --> 00:13:40,195
<font color="#ffd220">හරි කමක් නෑ. ප්ලේ කරන්නකො. අපි දිගටම බලමු.</font>

187
00:13:40,278 --> 00:13:41,404
<font color="#ffd220">හරි, එහෙනම්.</font>

188
00:13:42,697 --> 00:13:44,324
<font color="#ffd220">ඒ ගෑනු කෙනා. ඇත්තටම.</font>

189
00:13:47,410 --> 00:13:48,828
<font color="#ffd220">"ඔයා එන්න හොඳ නෑනෙ"?</font>

190
00:13:49,579 --> 00:13:52,874
<font color="#ffd220">නෑ... මම ඒ ගෑනු කෙනා කිව්වේ...</font>

191
00:13:52,958 --> 00:13:54,626
<font color="#ffd220">එයා හිතන් ඉන්නෙ එයා කවුරු කියලද? ඇත්තටම.</font>

192
00:13:54,709 --> 00:13:57,128
<font color="#ffd220">එයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා
නෑ කියලා මම කිව්වේ බොරුවට.</font>

193
00:13:57,212 --> 00:14:00,048
<font color="#ffd220">එයාගෙ මූණ රැලි වැටිලා, ඇස් වටේත් රැලි ගිහින්.</font>

194
00:14:01,550 --> 00:14:05,345
<font color="#ffd220">අනික ඔයාගෙ රඟපෑමේ කිසිම
දියුණුවක් පේන්න නැත්තෙ ඇයි?</font>

195
00:14:05,929 --> 00:14:08,306
<font color="#ffd220">ඔයාගෙ කිසිම දියුණුවක් නෑ. පොඩ්ඩක්වත් නෑ.</font>

196
00:14:08,390 --> 00:14:10,517
<font color="#ffd220">වෙනසක් නෑ. නෑ!</font>

197
00:14:11,268 --> 00:14:15,355
<font color="#ffd220">ඒ දිග කොණ්ඩෙමයි, මෙලෝ
රහක් නැති රඟපෑමයි, එකම මූණයි.</font>

198
00:14:15,438 --> 00:14:17,357
<font color="#ffd220">එපා වෙනවා! මට නම් ඇති වෙලා!</font>

199
00:14:17,440 --> 00:14:20,694
<font color="#ffd220">මට ඇති වෙලා තියෙන්නෙ!
මෙලෝ රහක් නෑ! හරිම කම්මැලියි!</font>

200
00:14:22,404 --> 00:14:23,780
<font color="#ffd220">කවුද ඔයා?</font>

201
00:14:27,409 --> 00:14:28,410
<font color="#ffd220">අර බලන්න, ඒක...</font>

202
00:14:29,077 --> 00:14:33,540
<font color="#ffd220">මම හිතන්නෙ ඔයාට හොඳටම
කේන්ති ගිහින් තිබිලා තියෙන්නෙ?</font>

203
00:14:34,124 --> 00:14:36,626
<font color="#ffd220">කොහොමහරි දැන් ඔයාලා දෙන්නා හොඳයි නේද?</font>

204
00:14:39,421 --> 00:14:40,589
<font color="#ffd220">ම්ම්, මම...</font>

205
00:14:42,507 --> 00:14:44,718
<font color="#ffd220">මම... මට ඇත්තටම සමාවෙන්න.</font>

206
00:14:46,011 --> 00:14:47,637
<font color="#ffd220">සමාව ඉල්ලනවා නම්, එච්චරයි.</font>

207
00:14:48,680 --> 00:14:50,849
<font color="#ffd220">ඒත් ඔයා කිව්වනෙ මම ඔයාව පැහැරගත්තා කියලා...</font>

208
00:14:51,725 --> 00:14:53,560
<font color="#ffd220">අනේ මන්දා. ඒක නිකන්...</font>

209
00:14:53,643 --> 00:14:54,894
<font color="#ffd220">මම දන්නවා...</font>

210
00:14:54,978 --> 00:14:57,772
<font color="#ffd220">මම හින්දා අහිංසක මනුස්සයෙක් මැරුණා.</font>

211
00:14:58,732 --> 00:15:00,275
<font color="#ffd220">ඔයත් මෙතන ඉන්නෙ මම හින්දා.</font>

212
00:15:03,903 --> 00:15:06,114
<font color="#ffd220">මම දන්නෙ නෑ මට මොකක් වෙලාද කියලා.</font>

213
00:15:08,491 --> 00:15:10,744
<font color="#ffd220">ඔයා මාර මෝඩයි! මෝඩයෙක්!</font>

214
00:15:14,164 --> 00:15:18,460
<font color="#ffd220">රාලහාමි, මාව අත්අඩංගුවට ගන්න. මම
වගේ කෙනෙක්ව අත්අඩංගුවට ගන්නම ඕන.</font>

215
00:15:18,543 --> 00:15:22,464
<font color="#ffd220">මම මේ වගේ එළියෙ හිටියොත්, තව
මොන මෝඩ වැඩක් කරයිද දන්නෙ නෑ.</font>

216
00:15:22,547 --> 00:15:23,798
<font color="#ffd220">මාව හිරේ දැම්මා නම් හොඳයි.</font>

217
00:15:23,882 --> 00:15:26,635
<font color="#ffd220">අනේ, අනේ. අනේ මාව හිරේ දාන්නකෝ!</font>

218
00:15:26,718 --> 00:15:28,595
<font color="#ffd220">අනේ, මාව හිර කරන්න. මාව දැන්ම අරගෙන යන්න.</font>

219
00:15:28,678 --> 00:15:30,555
<font color="#ffd220">මට තවත් මේක දරාගන්න බැහැ.
එයා හොඳටම බීලා දොඩවනවා.</font>

220
00:15:30,639 --> 00:15:31,973
<font color="#ffd220">ඉතින්, මං දැන් ගෙදර යනවා, හරිද?</font>

221
00:15:32,057 --> 00:15:34,351
<font color="#ffd220">මට යන්න පුළුවන් නේද?</font>

222
00:15:36,519 --> 00:15:38,104
<font color="#ffd220">ස්තූතියි මහත්තයා. යනවා.</font>

223
00:15:38,855 --> 00:15:43,026
<font color="#ffd220">නිකම්ම මාව හිරේ දාන්න, ප්ලීස්. අනේ.</font>

224
00:16:09,427 --> 00:16:10,929
<font color="#ffd220">ඕක බොන්න. ඕකෙන් මත හිඳෙයි.</font>

225
00:16:11,971 --> 00:16:13,932
<font color="#ffd220">ආයෙ අනුන්ගේ කාර් වලට නගින්න එපා.</font>

226
00:16:15,183 --> 00:16:17,894
<font color="#ffd220">ඔහේ දන්නෙ නැද්ද එළියෙ ලෝකේ හරි භයානකයි කියලා?</font>

227
00:16:18,645 --> 00:16:21,523
<font color="#ffd220">ඇත්තටම මිස්, ඔයා හරිම වාසනාවන්තයි
මේක මගේ කාර් එක වුණු නිසා.</font>

228
00:16:23,733 --> 00:16:24,734
<font color="#ffd220">ගොඩක් ස්තූතියි.</font>

229
00:16:28,446 --> 00:16:30,615
<font color="#ffd220">ඔයා දැක්කම පේන්නේ රස්සාවක් කරන කෙනෙක් වගේ.</font>

230
00:16:31,282 --> 00:16:34,494
<font color="#ffd220">ඉතින් මට තේරෙන්නෙ නෑ ඇයි
ඔයා මේ තරම් බොන්නේ කියලා.</font>

231
00:16:35,328 --> 00:16:37,163
<font color="#ffd220">මං එක දෙයක් හොඳටම දන්නවා.</font>

232
00:16:37,247 --> 00:16:40,041
<font color="#ffd220">නරක දේවල් සිද්ධ උනත්, ගොඩක්
වෙලාවට ඒක ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.</font>

233
00:16:40,125 --> 00:16:43,128
<font color="#ffd220">ඒ නිසා තමන්ටම දොස් කියාගන්න
එක නවත්තලා ඉස්සරහට යන්න.</font>

234
00:16:43,837 --> 00:16:45,088
<font color="#ffd220">මොකද ඔයා දියුණු වෙන්න ඕනේ...</font>

235
00:16:46,089 --> 00:16:48,508
<font color="#ffd220">නැත්තං මොකක්ද? ජීවත් වෙන්න
අමාරුයි? මැරීගෙන ජීවත් වෙන්න ඕනෙද?</font>

236
00:16:50,301 --> 00:16:52,053
<font color="#ffd220">නැත්නම් මිනිස්සු ඔයාව පහත් කරලා බලයි.</font>

237
00:16:53,888 --> 00:16:56,391
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න.</font>

238
00:17:01,229 --> 00:17:03,565
<font color="#ffd220">ස්තූතියි ඉයුන්සොන්ග් ඉල්බෝ</font>

239
00:17:05,859 --> 00:17:08,361
<font color="#ffd220">ආ, ඔයාට කවදාහරි මගෙන් උදව්වක් ඕන උනොත්,</font>

240
00:17:08,945 --> 00:17:10,321
<font color="#ffd220">මාව සම්බන්ධ කරගන්න.</font>

241
00:17:21,374 --> 00:17:23,084
<font color="#ffd220">හරි, අනිවාර්යයෙන්ම.</font>

242
00:17:23,168 --> 00:17:24,627
<font color="#ffd220">අයියෝ, ඔහොම බලන්න එපා.</font>

243
00:17:25,253 --> 00:17:27,213
<font color="#ffd220">මට බය හිතෙනවා.</font>

244
00:17:28,715 --> 00:17:30,467
<font color="#ffd220">කොහොමහරි, මං යනවා. බායි.</font>

245
00:18:37,200 --> 00:18:41,204
<font color="#ffd220">මිස්ටර් වූ යන්ග්-සුක්. මං එයාව
හෙට හම්බවෙන්නයි හිටියේ.</font>

246
00:18:41,996 --> 00:18:43,998
<font color="#ffd220">ඉතින් කොහොමද එයා දැන් මැරිලා ඉන්නේ?</font>

247
00:19:10,191 --> 00:19:11,359
<font color="#ffd220">ක්වොන් සේ-නා සුපිරි සන්නාමයක
මුහුණුවර බවට පත්වෙයි</font>

248
00:19:13,444 --> 00:19:15,488
<font color="#ffd220">ක්වොන් සේ-නාගේ 'සේව් සෝන්' ලොව පුරා ජනප්‍රියයි</font>

249
00:19:37,302 --> 00:19:38,386
<font color="#ffd220">ආයුබෝවන්.</font>

250
00:19:39,345 --> 00:19:40,388
<font color="#ffd220">ඔව්? ආයුබෝවන්.</font>

251
00:19:40,471 --> 00:19:42,390
<font color="#ffd220">මම ටික කාලෙකට කලින්
මෙහෙන් පිටපතක් ප්‍රින්ට් කරා,</font>

252
00:19:42,473 --> 00:19:45,476
<font color="#ffd220">මම දැක්කා ඒකේ පොඩි අවුලක් තියෙනවා.</font>

253
00:19:46,060 --> 00:19:47,061
<font color="#ffd220">මට ඒක පෙන්නන්න ඕනේ.</font>

254
00:19:48,980 --> 00:19:49,981
<font color="#ffd220">මොන වගේ එකක්ද?</font>

255
00:19:50,565 --> 00:19:51,691
<font color="#ffd220">ගුඩ් ඩිටෙක්ටිව් කන්ග් පිල්-ගු</font>

256
00:19:53,359 --> 00:19:54,903
<font color="#ffd220">ආ, මේක.</font>

257
00:19:56,279 --> 00:19:58,406
<font color="#ffd220">මං හිතන්නේ මිස්ටර් හ්වං තමයි මේක කළේ.</font>

258
00:19:58,489 --> 00:20:02,285
<font color="#ffd220">මට ආරංචි උනා මේක ඉන්ඩි ෆිල්ම්
එකක්, කැම්පස් ප්‍රොජෙක්ට් එකක් කියලා,</font>

259
00:20:02,368 --> 00:20:04,829
<font color="#ffd220">ඉතින් අපි ලාභයක් ගත්තේ
නෑ, වියදම විතරයි අය කළේ.</font>

260
00:20:04,913 --> 00:20:06,122
<font color="#ffd220">එහෙමද? ඔව් ඒක හරි.</font>

261
00:20:06,205 --> 00:20:08,541
<font color="#ffd220">එයා කාරුණික උනා ප්‍රින්ට්
කරන්න ඩිස්කවුන්ට් එකකුත් දෙන්න.</font>

262
00:20:08,625 --> 00:20:10,084
<font color="#ffd220">වෙලාව ගොඩක් අඩු උනත්,</font>

263
00:20:10,168 --> 00:20:12,003
<font color="#ffd220">එයා හැම ඩෙඩ්ලයින් එකටම වැඩේ ඉවර කළා</font>

264
00:20:12,086 --> 00:20:13,880
<font color="#ffd220">කවර් එක දහ පාරකට වඩා වෙනස් කළා.</font>

265
00:20:13,963 --> 00:20:15,131
<font color="#ffd220">ඒකට ගොඩක් ස්තූතියි.</font>

266
00:20:15,214 --> 00:20:16,382
<font color="#ffd220">ආ, ඔව්.</font>

267
00:20:16,466 --> 00:20:18,343
<font color="#ffd220">මිස්ටර් හ්වං ඔයා වෙනුවෙන් ගොඩක් මහන්සි උනා.</font>

268
00:20:18,426 --> 00:20:19,427
<font color="#ffd220">එයා වැඩේ ගොඩදාලා දුන්නා.</font>

269
00:20:19,510 --> 00:20:21,512
<font color="#ffd220">එයා කරපු හැමදේටම මම
ඇත්තටම ස්තූතිවන්ත වෙනවා,</font>

270
00:20:21,596 --> 00:20:25,141
<font color="#ffd220">ඒත් මේක බිස්නස් එකක්නේ, ඉතින්
වැරදි දැක දැක නිකන් ඉන්න එක හරි නෑනේ.</font>

271
00:20:27,101 --> 00:20:29,979
<font color="#ffd220">ඔයා ඇත්තටම ස්තූතිවන්ත වෙනවා නම්,
පොඩි පොඩි දේවල් අමතක කරන්න තිබුනා.</font>

272
00:20:30,063 --> 00:20:32,523
<font color="#ffd220">ඒත් මේක මගේ පළවෙනි ෆිල්ම්
එක, ඉතින් තරහ වෙන්න එපා,</font>

273
00:20:32,607 --> 00:20:34,817
<font color="#ffd220">මට මේවා නිකන් මගහරින්න බැහැ.</font>

274
00:20:41,908 --> 00:20:43,868
<font color="#ffd220">හරි හරි. මොනවද වැරදි?</font>

275
00:20:44,494 --> 00:20:45,703
<font color="#ffd220">ඔව්, පොඩ්ඩක් ඉන්න.</font>

276
00:20:45,787 --> 00:20:48,748
<font color="#ffd220">මුලින්ම, ලයිටින් කරන කෙනාගේ නම නා යුන්-සොන්,</font>

277
00:20:48,831 --> 00:20:51,125
<font color="#ffd220">ඒත් මෙතන තියෙන්නේ "නා උන්-සොන්" කියලා.</font>

278
00:20:51,209 --> 00:20:53,878
<font color="#ffd220">අනික කවර් එකේ පොඩි රතු පාට ගතියක්
තියෙනවා, ඒත් මම බලාපොරොත්තු උනේ</font>

279
00:20:53,962 --> 00:20:57,590
<font color="#ffd220">මීට වඩා සියුම්, සාමාන්‍ය පාටක්.</font>

280
00:20:57,674 --> 00:20:59,926
<font color="#ffd220">කොහොම උනත්, වම්/දකුණු
පැතිවල බැලන්ස් එක අවුල්.</font>

281
00:21:00,009 --> 00:21:02,387
<font color="#ffd220">පැති දෙක අතර මිලිමීටර් 2ක
විතර වෙනසක් තියෙනවා. පේනවද?</font>

282
00:21:02,470 --> 00:21:04,973
<font color="#ffd220">මම එයාට කිව්වේ 'හම්චොරොන්ග් බටැන්ග් එක්ස්ටෙන්ඩඩ්
බෝල්ඩ්' ෆොන්ට් එක පාවිච්චි කරන්න කියලා,</font>

283
00:21:05,056 --> 00:21:06,349
<font color="#ffd220">ඒත් එයා පාවිච්චි කරලා තියෙන්නේ
'එක්ස්ටෙන්ඩඩ් නොන්-බෝල්ඩ්'.</font>

284
00:21:06,933 --> 00:21:09,602
<font color="#ffd220">පුළුවන්ද ඒක 'හම්චොරොන්ග් බටැන්ග්
එක්ස්ටෙන්ඩඩ් බෝල්ඩ්' එකට මාරු කරන්න?</font>

285
00:21:13,439 --> 00:21:15,191
<font color="#ffd220">එච්චරද? ඉවරද? ඔව්.</font>

286
00:21:16,567 --> 00:21:18,152
<font color="#ffd220">ඔයා කිව්වා නේද වෙලාව හරි මදි කියලා?</font>

287
00:21:18,236 --> 00:21:21,948
<font color="#ffd220">ඇත්ත. හදිසියේ කියනවට සොරි, ඒත්
මට මේක හෙට වෙනකොට කරගන්න ඕනේ.</font>

288
00:21:23,116 --> 00:21:25,827
<font color="#ffd220">මම කියන්නෙ, ඒ තැන මාරයි.</font>

289
00:21:28,538 --> 00:21:30,039
<font color="#ffd220">නෑ, ඔයා නෙවෙයි, එයා.</font>

290
00:21:32,208 --> 00:21:33,501
<font color="#ffd220">දැන් මොකද?</font>

291
00:21:33,584 --> 00:21:36,462
<font color="#ffd220">එයාට ඕන උනේ 'හම්චොරොන්ග් බටැන්ග් බෝල්ඩ්'.</font>

292
00:21:37,171 --> 00:21:38,172
<font color="#ffd220">බෝල්ඩ්.</font>

293
00:21:41,509 --> 00:21:44,262
<font color="#ffd220">හරි, පස්සේ හම්බවෙමු.</font>

294
00:21:45,930 --> 00:21:48,850
<font color="#ffd220">අරූ ටීවී ස්ටේෂන් එකේ ඉන්න උන්ටත් වඩා අන්තයිනේ.</font>

295
00:21:48,933 --> 00:21:50,560
<font color="#ffd220">මම හිතුවේ ඔයා එයාට ගහයි කියලා.</font>

296
00:21:50,643 --> 00:21:53,021
<font color="#ffd220">ඒකයි මම ඔයාට එන්න කිව්වේ. මට
බය හිතුනා මම එහෙම කරයි කියලා.</font>

297
00:21:53,104 --> 00:21:54,272
<font color="#ffd220">ඒක නම් ඔන්න මෙන්න තිබුනේ.</font>

298
00:21:54,355 --> 00:21:56,983
<font color="#ffd220">නොගහපු එක හොඳයි. ඒ මෝඩයා නිසා
ඔයාගේ අත තුවාල කරගන්න එක විතරයි වෙන්නේ.</font>

299
00:22:01,404 --> 00:22:02,405
<font color="#ffd220">ආ, හේයි!</font>

300
00:22:03,114 --> 00:22:05,408
<font color="#ffd220">පස්සේ හම්බවෙමු. ඇයි මේ
ෆොන්ට්කාරයා තාම මෙතන ඉන්නේ?</font>

301
00:22:06,784 --> 00:22:09,495
<font color="#ffd220">මෑන්, මූ මාරම අමුතුයිනේ.
ඇයි මූ අපිට මෙහෙම කරන්නේ?</font>

302
00:22:09,579 --> 00:22:10,747
<font color="#ffd220">මම ලුණු ටිකක් ඉහිම්ද?</font>

303
00:22:10,830 --> 00:22:12,457
<font color="#ffd220">සමහරවිට ඒකෙන් මූව එළවන්න පුළුවන් වෙයි.</font>

304
00:22:12,540 --> 00:22:13,541
<font color="#ffd220">සිරාවටම.</font>

305
00:22:13,624 --> 00:22:15,293
<font color="#ffd220">ඇයි මට එයාව පුරුදු පාටක් තියෙන්නේ?</font>

306
00:22:17,003 --> 00:22:18,713
<font color="#ffd220">"ගුඩ් ඩිටෙක්ටිව් කන්ග් පිල්-ගු"?</font>

307
00:22:19,297 --> 00:22:22,091
<font color="#ffd220">සිරාවටම, ඒක මහා විකාර
නමක්. ඇත්තටම මහා විකාරයක්.</font>

308
00:22:37,315 --> 00:22:39,817
<font color="#ffd220">කාලකන්නියා.</font>

309
00:22:41,986 --> 00:22:42,987
<font color="#ffd220">ඌ වැඩ්ඩෙක්.</font>

310
00:22:57,251 --> 00:22:59,504
<font color="#ffd220">ඒයි! මොකද මේ?</font>

311
00:23:01,964 --> 00:23:04,342
<font color="#ffd220">පුළුවන්ද ඒක 'හම්චොරොන්ග් බටැන්ග්
එක්ස්ටෙන්ඩඩ් බෝල්ඩ්' එකට මාරු කරන්න?</font>

312
00:23:04,425 --> 00:23:07,637
<font color="#ffd220">හම්චොරොන්ග්? ඔයා... ඔයාට පිස්සුද?</font>

313
00:23:07,720 --> 00:23:09,639
<font color="#ffd220">ඔයා මාව හොඳටම බය කළා.</font>

314
00:23:09,722 --> 00:23:11,015
<font color="#ffd220">මට දැන් ඔයාව මතකයි.</font>

315
00:23:13,017 --> 00:23:14,185
<font color="#ffd220">කියන දෙයක් කියනවා.</font>

316
00:23:14,268 --> 00:23:17,146
<font color="#ffd220">මට ෂුවර් මම ඔයාව කොහේ
හරි දැකලා තියෙනවා කියලා,</font>

317
00:23:17,230 --> 00:23:19,190
<font color="#ffd220">ඒත් ගෙදර යනකම් මට මතක් උනේ නෑ.</font>

318
00:23:19,273 --> 00:23:21,275
<font color="#ffd220">මම කන ගමන්, බල්ලව
එක්කන් යන ගමන් කල්පනා කළා,</font>

319
00:23:21,359 --> 00:23:23,528
<font color="#ffd220">කුණු දාන්න යනකොටත්
කල්පනා කළා, ඒත් මතක් උනේ නෑ.</font>

320
00:23:23,611 --> 00:23:26,531
<font color="#ffd220">මට හිතුනා මට පිස්සු හැදීගෙන
එනවද කියලා, ඊටපස්සේ ඇඳට ගිය ගමන්,</font>

321
00:23:26,614 --> 00:23:27,824
<font color="#ffd220">මම දැනගත්තා ඔයා කවුද කියලා.</font>

322
00:23:27,907 --> 00:23:29,992
<font color="#ffd220">ඔයා හිටියේ 'සෑඩ් වෝල්ට්ස්' ෆිල්ම් එකේ.</font>

323
00:23:30,076 --> 00:23:31,994
<font color="#ffd220">ඔයා නළුවෙක්!</font>

324
00:23:33,454 --> 00:23:36,040
<font color="#ffd220">ඔයා ගෙදර ගිහින් ආයේ මෙහෙට
ආවේ ඕක කියන්න විතරද?</font>

325
00:23:36,124 --> 00:23:37,125
<font color="#ffd220">ආ, නෑ.</font>

326
00:23:37,792 --> 00:23:38,876
<font color="#ffd220">මම ආවේ ඔයාව මගේ ෆිල්ම් එකට ගන්න.</font>

327
00:23:41,546 --> 00:23:42,880
<font color="#ffd220">එහෙමද?</font>

328
00:23:42,964 --> 00:23:46,217
<font color="#ffd220">මම කැමතියි ඔයා මගේ 'ගුඩ් ඩිටෙක්ටිව්
කන්ග් පිල්-ගු' ෆිල්ම් එකේ ඉන්නවට,</font>

329
00:23:46,300 --> 00:23:49,387
<font color="#ffd220">මේන් කැරැක්ටර් එක විදියට,
කන්ග් පිල්-ගු කියන ඩිටෙක්ටිව් විදියට.</font>

330
00:24:00,273 --> 00:24:02,817
<font color="#ffd220">යමු. යමු යන්න. මොන මගුලක්ද...</font>

331
00:24:05,069 --> 00:24:06,571
<font color="#ffd220">ගුඩ් ඩිටෙක්ටිව් කන්ග් පිල්-ගු</font>

332
00:24:06,654 --> 00:24:08,614
<font color="#ffd220">නගින්න, නගින්න.</font>

333
00:24:11,993 --> 00:24:14,537
<font color="#ffd220">අයින් වෙන්න, අයින් වෙන්න.
අපි බිසී. අයින් වෙන්න.</font>

334
00:24:14,620 --> 00:24:16,372
<font color="#ffd220">අපි බිසී මනුස්සයෝ, ශික්. අයින් වෙන්නකෝ!</font>

335
00:24:16,455 --> 00:24:18,082
<font color="#ffd220">මට මේවට වෙලාවක් නෑ!</font>

336
00:24:18,166 --> 00:24:20,376
<font color="#ffd220">ඉතින් පාට හරියට වැදිලා නැද්ද?</font>

337
00:24:20,960 --> 00:24:24,088
<font color="#ffd220">...ඒත් එයා ඒ ඔක්කොම විසඳනවා.</font>

338
00:24:24,172 --> 00:24:25,173
<font color="#ffd220">මෙහෙට එන්න.</font>

339
00:24:25,256 --> 00:24:27,925
<font color="#ffd220">ආ, මට තේරෙනවා. එහෙනම් අපි
ඒක ආයේ ප්‍රින්ට් කරලා දෙන්නම්.</font>

340
00:24:28,009 --> 00:24:29,177
<font color="#ffd220">ඔව්, අනිවාර්යයෙන්ම.</font>

341
00:24:37,185 --> 00:24:38,978
<font color="#ffd220">ෂික්! ඔයා මාව බය කළානේ.</font>

342
00:24:39,061 --> 00:24:41,230
<font color="#ffd220">ලීඩිං මෑන්. ගෙදර යනවද?</font>

343
00:24:41,814 --> 00:24:44,775
<font color="#ffd220">සිරාවටම? තමුසේ ඇයි තාම මෙතන ඉන්නේ?</font>

344
00:24:44,859 --> 00:24:46,986
<font color="#ffd220">යනවකො ගෙදර. මං යන
ගමන්, මට මේක දෙන්න ඕන උනා.</font>

345
00:24:47,069 --> 00:24:48,237
<font color="#ffd220">යනවකො මනුස්සයෝ යන්න.</font>

346
00:24:48,321 --> 00:24:49,906
<font color="#ffd220">මේ එක පාරක් විතරක්? ඔයා
පොඩ්ඩක් හිතලා බලනවද?</font>

347
00:24:49,989 --> 00:24:52,116
<font color="#ffd220">මම කලින්ම කිව්වනේ මම කැමති
නෑ කියලා. මෙතනින් යනවා යන්න.</font>

348
00:24:52,200 --> 00:24:53,826
<font color="#ffd220">ඔයාට දොර ලොක් කරගන්න ඕන උනේ නෑ.</font>

349
00:24:53,910 --> 00:24:55,077
<font color="#ffd220">මේක කරදරයක්.</font>

350
00:24:55,161 --> 00:24:57,455
<font color="#ffd220">මම මගේ තීරණය වෙනස් කරන්නේ නෑ. යනවා
යන්න! මේ එක පාරක් මට උදව් කරන්නකෝ, ප්ලීස්?</font>

351
00:24:58,956 --> 00:25:00,124
<font color="#ffd220">ලීඩිං මෑන්.</font>

352
00:25:00,208 --> 00:25:02,376
<font color="#ffd220">සිරාවටම?</font>

353
00:25:02,460 --> 00:25:04,545
<font color="#ffd220">මූ මාව පිස්සු වට්ටනවා. ලීඩිං මෑන්, අනේ.</font>

354
00:25:04,629 --> 00:25:07,632
<font color="#ffd220">ඕක නවත්තපන්! මට ලීඩිං මෑන් කියන එක
නවත්තපන්. දැන්ම මෙතනින් පලයන්, හරිද?</font>

355
00:25:07,715 --> 00:25:10,551
<font color="#ffd220">මේ අහන්න, මිස්ටර් ලිම්, මට ඇත්තටම
ඕන ඔයා මගේ ෆිල්ම් එකේ රඟපාන්න.</font>

356
00:25:10,635 --> 00:25:13,262
<font color="#ffd220">ඔයාගේ ඉස්කෝලේ හොඳම එකක් නේද?</font>

357
00:25:13,346 --> 00:25:15,556
<font color="#ffd220">එහේ නළුවෝ ඕන තරම්
ඇතිනේ. ඇයි මාවම ඕන කරන්නේ?</font>

358
00:25:15,640 --> 00:25:17,516
<font color="#ffd220">ඇයි ඔයා හිතන්නේ මට ඒ
රෝල් එක කරන්න පුළුවන් කියලා?</font>

359
00:25:17,600 --> 00:25:21,437
<font color="#ffd220">ඒයි! මට තේරෙනවා මේක ග්‍රැජුවේෂන් ප්‍රොජෙක්ට්
එකක් කියලා, ඒත් ඔයාට මේක ෆේල් වෙන්න බෑනේ.</font>

360
00:25:21,520 --> 00:25:23,773
<font color="#ffd220">මම මේක කරන්නේ මේක සාර්ථක කරගන්න.</font>

361
00:25:23,856 --> 00:25:25,775
<font color="#ffd220">හරි, කමක් නෑ.</font>

362
00:25:27,276 --> 00:25:28,819
<font color="#ffd220">මටත් දැනගන්න ආසයි.</font>

363
00:25:28,903 --> 00:25:31,781
<font color="#ffd220">ඉතින් ඇයි ඔයාට මාවම ඕනේ? ඇයි ඒ වගේ
රළු ඩිටෙක්ටිව් කෙනෙක්ට මාව තෝරගත්තේ?</font>

364
00:25:31,864 --> 00:25:34,450
<font color="#ffd220">මොකද මම දන්නවා ඔයා ඒක සුපිරියට කරයි කියලා.</font>

365
00:25:34,533 --> 00:25:37,370
<font color="#ffd220">මට වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ, ඒත්
මට ෂුවර් ඔයාට මම කියන දේ තේරෙනවා කියලා.</font>

366
00:25:37,453 --> 00:25:40,498
<font color="#ffd220">මේක වරදින්නේ නෑ. ඔයා මට චාන්ස් එකක්
දුන්නොත්, අපි දෙන්නට මේක ගොඩදාන්න පුළුවන්.</font>

367
00:25:40,581 --> 00:25:41,874
<font color="#ffd220">මම දන්නවා අපි මේක කරනවා කියලා, සර්.</font>

368
00:25:43,209 --> 00:25:45,670
<font color="#ffd220">මේකේ හඹා යාම්, ගහගන්න සීන් එක දිගට තියෙනවා.</font>

369
00:25:45,753 --> 00:25:47,380
<font color="#ffd220">ඒත්, මට ගහගන්න බෑනේ!</font>

370
00:25:47,463 --> 00:25:50,841
<font color="#ffd220">මගේ ඇඟේ තියෙන්නේ සාමකාමී ලේ.
මගේ ඇටකටු වල පවා තියෙන්නේ ඒක.</font>

371
00:25:50,925 --> 00:25:52,093
<font color="#ffd220">මම බිසී. නිකන් මෙතනින් යනවා යන්න.</font>

372
00:25:54,595 --> 00:25:57,139
<font color="#ffd220">ඕහ්! ඉන්නකෝ, පොඩ්ඩක් ඉන්න.
ඕක ඔහොම වීසි කරන්න එපා.</font>

373
00:25:57,223 --> 00:25:58,266
<font color="#ffd220">පරිස්සමට කියවන්න.</font>

374
00:25:58,349 --> 00:26:00,685
<font color="#ffd220">ආ, මිස්ටර් හ්වං. ගොඩක් බොන්න එපා.</font>

375
00:26:00,768 --> 00:26:03,271
<font color="#ffd220">බයවෙන්න එපා, මම හොඳින්. ස්තූතියි.</font>

376
00:26:07,108 --> 00:26:09,944
<font color="#ffd220">අනේ මචං. ඕක කරපන්කෝ.</font>

377
00:26:10,027 --> 00:26:11,988
<font color="#ffd220">උඹ මාර වදයක්නේ දෙන්නේ.</font>

378
00:26:12,071 --> 00:26:16,242
<font color="#ffd220">කවුද බන් කැම්පස් කොල්ලෙක් කරන
ඉන්ඩි ෆිල්ම් එකක් බලන්නේ? දෙයියනේ කියලා.</font>

379
00:26:16,325 --> 00:26:18,077
<font color="#ffd220">මම දන්න එකෙක්වත් මේක දැක්කොත් එහෙම?</font>

380
00:26:18,160 --> 00:26:19,412
<font color="#ffd220">මට ලැජ්ජාවේ පණ යයි.</font>

381
00:26:20,204 --> 00:26:24,125
<font color="#ffd220">අනික, කවුරුත් බලන්නේ නැත්නම්, ඇයි ඕක කරන්නේ?</font>

382
00:26:27,086 --> 00:26:28,713
<font color="#ffd220">මමත් ඕක කියෙව්වා, හරිද?</font>

383
00:26:29,505 --> 00:26:32,591
<font color="#ffd220">අම්මෝ! ඒක නම් මාරම ස්ටෝරි එකක්.</font>

384
00:26:32,675 --> 00:26:35,678
<font color="#ffd220">වැඩ දන්න ඩිරෙක්ටර් කෙනෙක්ද නැද්ද
කියන එක කාටද වැඩක් තියෙන්නේ?</font>

385
00:26:35,761 --> 00:26:38,472
<font color="#ffd220">ඒක ඇත්තටම මාර ගැම්මක් එන කතාවක්.</font>

386
00:26:38,556 --> 00:26:40,683
<font color="#ffd220">උඹ දන්නවනේ මම කියන දේ ඇත්ත කියලා. නේද?</font>

387
00:26:42,101 --> 00:26:43,102
<font color="#ffd220">ඔව්.</font>

388
00:26:49,317 --> 00:26:53,112
<font color="#ffd220">මචං. මම ස්ටේජ් ඩ්‍රාමා කරන
කාලේ ඒජන්සි එකෙන් මාව ගනිද්දී,</font>

389
00:26:53,779 --> 00:26:55,740
<font color="#ffd220">මගේ පළවෙනි මැනේජර් උනේ උඹ.</font>

390
00:26:55,823 --> 00:26:56,907
<font color="#ffd220">ඔව්.</font>

391
00:26:56,991 --> 00:26:58,326
<font color="#ffd220">මම එතකොට කොහොමද හිටියේ?</font>

392
00:26:59,827 --> 00:27:00,953
<font color="#ffd220">උඹ?</font>

393
00:27:01,537 --> 00:27:02,538
<font color="#ffd220">උඹ</font>

394
00:27:03,581 --> 00:27:04,582
<font color="#ffd220">වෙනස්.</font>

395
00:27:07,126 --> 00:27:09,337
<font color="#ffd220">මම හිතුවා උඹට ඉහළටම
යන්න පුළුවන් වෙයි කියලා.</font>

396
00:27:09,420 --> 00:27:11,756
<font color="#ffd220">ඔයා බොරු නේද මේ කියන්නේ.</font>

397
00:27:13,716 --> 00:27:17,470
<font color="#ffd220">ඔයා කවදාවත් ග්වොන් සේ-නා එක්ක යාළු වුනේ නැත්නම්,</font>

398
00:27:17,553 --> 00:27:19,638
<font color="#ffd220">අද ඔයාට මේ වගේ ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.</font>

399
00:27:20,639 --> 00:27:24,060
<font color="#ffd220">එයා හරිම නපුරු, කෙළෙහිගුණ නොදන්න කෙනෙක්.</font>

400
00:27:24,810 --> 00:27:27,021
<font color="#ffd220">මචං, ඔයා එයාගෙම හොඳටයි එයාගෙන් වෙන් වුනේ.</font>

401
00:27:27,104 --> 00:27:31,484
<font color="#ffd220">ඉතින් එයා ස්තුතිවන්ත වෙන්න ඕනේ, ඒත්
එයාගෙ නම රැකගන්න එයා ඔයාව පාවා දුන්නා.</font>

402
00:27:33,235 --> 00:27:35,363
<font color="#ffd220">ඇයි මචං ඔහොම බලන්නේ?</font>

403
00:27:35,446 --> 00:27:37,907
<font color="#ffd220">ඔයා හිතනවා නෙවෙයි නේද මේ ඉන්ඩි ෆිල්ම් එක නිසා</font>

404
00:27:37,990 --> 00:27:41,494
<font color="#ffd220">එකපාරටම ඔයාව ලෝක ප්‍රසිද්ධ නළුවෙක්
වෙයි කියලා. සිරාවටම? විහිළු කරන්න එපා බං.</font>

405
00:27:41,577 --> 00:27:42,953
<font color="#ffd220">මම එහෙම හිතුවේ නෑ!</font>

406
00:27:44,080 --> 00:27:45,915
<font color="#ffd220">මට කෑගහන්න ඕන නෑ. ඇයි ඔයා එහෙම කිව්වේ?</font>

407
00:27:45,998 --> 00:27:48,250
<font color="#ffd220">ඇයි මේ ඔච්චර කලබල වෙලා?</font>

408
00:27:50,795 --> 00:27:52,880
<font color="#ffd220">හරි. කමක් නෑ.</font>

409
00:27:52,963 --> 00:27:56,384
<font color="#ffd220">අපි දෙන්නා මුකුත් නැතුව මේ ප්‍රින්ට් ෂොප් එක
පටන් ගත්තේ, ඒත් දැන් බිස්නස් එක හොඳට තියෙනවා.</font>

410
00:27:56,467 --> 00:27:57,718
<font color="#ffd220">දැන් වැඩ ටික හොඳයිනේ.</font>

411
00:27:58,511 --> 00:28:01,597
<font color="#ffd220">ඔයාට වඩා අඩුවෙන් හම්බ කරන මිනිස්සුත්
අලුත් කාර් අරගෙන ගොල්ෆ් ගහන්න යනවා.</font>

412
00:28:01,680 --> 00:28:04,600
<font color="#ffd220">එයාලා ජොලියෙ ඉන්නවා. ඒත් ඔයා?
ඔයා ඔයා වෙනුවෙන් මොනවද කරගන්නේ?</font>

413
00:28:05,518 --> 00:28:06,644
<font color="#ffd220">ඒයි, මේ අහන්නකෝ.</font>

414
00:28:06,727 --> 00:28:09,855
<font color="#ffd220">මේක නිකන් විනෝදාංශයක් කියලා
හිතන්න. පීඩනයක් නැති විනෝද වැඩක් විතරයි.</font>

415
00:28:09,939 --> 00:28:13,150
<font color="#ffd220">කලාතුරකින් හරි තමන් කැමති
දෙයක් කළාට කමක් නෑ. මම වැරදිද?</font>

416
00:28:13,984 --> 00:28:16,237
<font color="#ffd220">ප්‍රින්ට් ෂොප් එක ගැන වද වෙන්න එපා, හරිද?</font>

417
00:28:16,320 --> 00:28:17,321
<font color="#ffd220">මම ඒක බලාගන්නම්.</font>

418
00:28:18,072 --> 00:28:19,365
<font color="#ffd220">ඉම්පීරියල් ප්‍රින්ට්!</font>

419
00:28:36,424 --> 00:28:38,592
<font color="#ffd220">මිස්ටර් ලීඩින් මෑන්, මම අන්තිම වතාවටයි අහන්නේ.</font>

420
00:28:38,676 --> 00:28:41,637
<font color="#ffd220">ප්ලීස් මගේ ෆිල්ම් එකේ ඉන්න. ඔයා
ආයෙත් බෑ කිව්වොත්, මම මේක නවත්තනවා.</font>

421
00:28:41,720 --> 00:28:44,598
<font color="#ffd220">ඒත් මම ඉල්ලනවා මේ ගැන
ධනාත්මක විදිහට හිතලා බලන්න කියලා.</font>

422
00:28:57,903 --> 00:28:59,864
<font color="#ffd220">ඔයා මට ගෙවනවද?</font>

423
00:29:05,327 --> 00:29:08,581
<font color="#ffd220">"එයා මාංචු කුට්ටම කරකවලා
එක්ස්ගෙ අත් දෙකට ඉක්මනට දානවා."</font>

424
00:29:10,791 --> 00:29:13,627
<font color="#ffd220">"මිනිස්සු කියනවා අපිට
මිනිස්සුන්ව හදන්න බෑ කියලා,</font>

425
00:29:14,545 --> 00:29:17,673
<font color="#ffd220">ඒත්... ...මම දන්නවා මට පුළුවන් කියලා."</font>

426
00:29:18,466 --> 00:29:22,386
<font color="#ffd220">"ඊටපස්සේ එයා බිම දිගා
වෙනවා, හරියටම එක්ස් ගාවින්ම."</font>

427
00:29:22,470 --> 00:29:25,389
<font color="#ffd220">හරි, අපි මෙතනින් නවත්තමු. අද
ස්ක්‍රිප්ට් එක කියවන එක ඉවරයි.</font>

428
00:29:25,890 --> 00:29:27,266
<font color="#ffd220">අද හොඳට කළා.</font>

429
00:29:27,975 --> 00:29:29,643
<font color="#ffd220">හැමෝම හොඳට කළා.</font>

430
00:29:29,727 --> 00:29:32,480
<font color="#ffd220">ඔව්, නියමයි. හැමෝම හොඳටම කළා. නියමයි.</font>

431
00:29:33,272 --> 00:29:34,565
<font color="#ffd220">හොඳට කළා. ස්තුතියි.</font>

432
00:29:34,648 --> 00:29:37,610
<font color="#ffd220">මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?</font>

433
00:29:37,693 --> 00:29:39,570
<font color="#ffd220">පුළුවන්. එයා ඒ චරිතෙට මාරම ගැලපෙනවා.</font>

434
00:29:39,653 --> 00:29:41,155
<font color="#ffd220">ඊළඟට එයා මොනවද කරන්නේ
කියලා බලන්න මම ආසාවෙන් ඉන්නේ.</font>

435
00:29:59,840 --> 00:30:03,719
<font color="#ffd220">මම අර කලින් ටිකක් ඕනවට වඩා කළා නේද?</font>

436
00:30:06,472 --> 00:30:08,224
<font color="#ffd220">හ්යොන්-ජුන්. ම්ම්?</font>

437
00:30:08,307 --> 00:30:10,434
<font color="#ffd220">මම මේ කියන්න යන දේ
සම්පූර්ණයෙන්ම අපේ ෆිල්ම් එක වෙනුවෙන්,</font>

438
00:30:10,518 --> 00:30:14,188
<font color="#ffd220">මට පැහැදිලි කරන්න ඕනේ මම මේ ඔයාට
උගන්නන්නවත් දේශනාවක් දෙන්නවත් හදනවා නෙවෙයි.</font>

439
00:30:14,271 --> 00:30:17,066
<font color="#ffd220">ආ ඔව්, ඇත්තෙන්ම. ඔය කියන්නකෝ ඉතින්.</font>

440
00:30:17,149 --> 00:30:19,735
<font color="#ffd220">ඔයාට ඕන දෙයක් කියන්න
පුළුවන්. බය වෙන්න එපා. කියන්න.</font>

441
00:30:19,818 --> 00:30:23,447
<font color="#ffd220">ඒකට කලින්, මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම තීරණය
කරන්න ඕනේ අපි කොහොමද කතා කරගන්නේ කියලා.</font>

442
00:30:23,531 --> 00:30:25,324
<font color="#ffd220">අපේ චරිතවලට ගරු කිරීමක් විදිහට.</font>

443
00:30:25,407 --> 00:30:29,203
<font color="#ffd220">හරි. ගරු කිරීම. ගරු කිරීම.</font>

444
00:30:30,454 --> 00:30:31,956
<font color="#ffd220">ඔයා හරි. අපි එහෙම කරමු.</font>

445
00:30:33,666 --> 00:30:35,709
<font color="#ffd220">ඒක හොඳයි, අධ්‍යක්ෂකතුමා.</font>

446
00:30:36,835 --> 00:30:40,673
<font color="#ffd220">ඉතින් හ්යොන්-ජුන්, කොහොමද ඔයා ඔයාගේ
චරිතය විග්‍රහ කරන්නේ නැත්නම් විස්තර කරන්නේ?</font>

447
00:30:40,756 --> 00:30:43,008
<font color="#ffd220">ම්ම්, හොඳයි,</font>

448
00:30:43,092 --> 00:30:46,387
<font color="#ffd220">එයා හිතන්නේ නරක මිනිස්සුන්ව
හදන්න හොඳට ගහන්න ඕනේ කියලා නේද?</font>

449
00:30:46,470 --> 00:30:50,516
<font color="#ffd220">අනික, එයාට අනිවාර්යයෙන්ම
අර මැර ගතිගුණත් තියෙනවා.</font>

450
00:30:50,599 --> 00:30:52,768
<font color="#ffd220">ම්ම්. මම හිතන්නේ එහෙමයි.</font>

451
00:30:52,851 --> 00:30:54,353
<font color="#ffd220">අධ්‍යක්ෂකතුමා.</font>

452
00:30:55,020 --> 00:30:58,440
<font color="#ffd220">ඉතින් ඔයා මොකද හිතන්නේ ප්‍රචණ්ඩත්වයට
තවත් ප්‍රචණ්ඩත්වයකින් දඬුවම් දෙන අදහස ගැන?</font>

453
00:30:58,524 --> 00:31:02,444
<font color="#ffd220">හොඳයි, ඒක ඉතින් ඒ ප්‍රචණ්ඩත්වය කොච්චර
දරුණුද කියන එක මත තමයි තීරණය වෙන්නේ.</font>

454
00:31:02,528 --> 00:31:04,989
<font color="#ffd220">ම්ම්? අවස්ථාව අනුව වෙනස් වෙනවා නේද?</font>

455
00:31:05,072 --> 00:31:06,699
<font color="#ffd220">එතකොට ඒක තීරණය වෙන්නේ අවස්ථාව අනුවද?</font>

456
00:31:06,782 --> 00:31:09,285
<font color="#ffd220">ම්ම්, ඔව්!</font>

457
00:31:10,327 --> 00:31:12,913
<font color="#ffd220">හරි. ඔයාගේ රඟපෑමෙන් ඒක හොඳටම පේනවා.</font>

458
00:31:12,997 --> 00:31:14,623
<font color="#ffd220">ඔයාට විශ්වාස නෑ මේක හරිද වැරදිද කියලා,</font>

459
00:31:14,707 --> 00:31:18,085
<font color="#ffd220">ඒත් ඔයා උත්සාහ කරනවා අර ගහන එක
පුළුවන් තරම් ස්වාභාවික විදිහට කරන්න.</font>

460
00:31:18,168 --> 00:31:19,545
<font color="#ffd220">එහෙම තමයි ඒක පේන්නේ.</font>

461
00:31:19,628 --> 00:31:21,422
<font color="#ffd220">ඇයි මේ මනුස්සයා නීතියට
වඩා අතපය පාවිච්චි කරන්නේ?</font>

462
00:31:21,505 --> 00:31:25,718
<font color="#ffd220">පොඩි කාලේ එයාට මුහුණ දෙන්න වුණු දේවල් නිසා එයාට
එයාගෙම වටිනාකම් ගැන දැඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා.</font>

463
00:31:25,801 --> 00:31:27,928
<font color="#ffd220">ඒක නිසා නරක අයට ගහද්දි එයාට
කිසිම පසුතැවීමක් දැනෙන්නේ නෑ.</font>

464
00:31:28,012 --> 00:31:29,263
<font color="#ffd220">මේ චරිතය තාත්වික වෙන්න නම්,</font>

465
00:31:29,346 --> 00:31:32,975
<font color="#ffd220">එයා කිසිම සැකයක් නැතුව විශ්වාස කරන්න
ඕනේ එයා කරන දේ තමයි හරිම දේ කියලා.</font>

466
00:31:33,058 --> 00:31:35,227
<font color="#ffd220">ඔයා චරිතයත් එක්ක එකතු වෙන්න ඕනේ.</font>

467
00:31:35,311 --> 00:31:37,062
<font color="#ffd220">අහ්?</font>

468
00:31:41,317 --> 00:31:42,318
<font color="#ffd220">හරි.</font>

469
00:31:42,401 --> 00:31:43,902
<font color="#ffd220">හොඳ රහස් පරීක්ෂක කාං පිල්-ගු</font>

470
00:31:46,071 --> 00:31:47,740
<font color="#ffd220">ඒයි, මොකද ඔයා කරන්නේ?</font>

471
00:31:48,282 --> 00:31:49,908
<font color="#ffd220">එන්නකෝ බං, අද අපිට වැඩ ගොඩක් තියෙනවා.</font>

472
00:31:49,992 --> 00:31:51,785
<font color="#ffd220">ඕඩර්ස් ටික ගිහින් දාන්න. ආ, හරි හරි.</font>

473
00:31:56,832 --> 00:31:59,668
<font color="#ffd220">මිනිස්සු කියනවා අපිට මිනිස්සුන්ව හදන්න
බෑ කියලා, ඒත් මම දන්නවා මට පුළුවන් කියලා.</font>

474
00:31:59,752 --> 00:32:01,420
<font color="#ffd220">ඒත් මට පුළුවන්. මට ඒක කරන්න පුළුවන්.</font>

475
00:32:01,503 --> 00:32:03,505
<font color="#ffd220">ඒත් මට පුළුවන්! මම දන්නවා මට පුළුවන් කියලා!</font>

476
00:32:03,589 --> 00:32:05,382
<font color="#ffd220">මට ඒක කරන්න පුළුවන්!</font>

477
00:32:05,466 --> 00:32:07,509
<font color="#ffd220">මට පුළුවන්!</font>

478
00:32:07,593 --> 00:32:09,470
<font color="#ffd220">ඔතනම නවතිනවා!</font>

479
00:32:09,553 --> 00:32:13,098
<font color="#ffd220">ඒත් මට පුළුවන්. මට පුළුවන්.</font>

480
00:32:29,239 --> 00:32:30,240
<font color="#ffd220">"ඔතනම නවතිනවා!"</font>

481
00:32:31,617 --> 00:32:32,618
<font color="#ffd220">නවතිනවා.</font>

482
00:32:34,370 --> 00:32:36,622
<font color="#ffd220">ඒයි තමුසෙ. ඔතනම නවතිනවා!</font>

483
00:32:50,344 --> 00:32:52,096
<font color="#ffd220">කට්!</font>

484
00:32:55,265 --> 00:32:57,184
<font color="#ffd220">මෙයාට පිස්සුද මන්දා?</font>

485
00:32:58,310 --> 00:33:00,521
<font color="#ffd220">දෙයියනේ, එක දුවන සීන් එකකට දවස් තුනක්ද?</font>

486
00:33:03,440 --> 00:33:05,025
<font color="#ffd220">ඇත්තටම දවස් දෙකහමාරයි.</font>

487
00:33:06,026 --> 00:33:08,362
<font color="#ffd220">කැමරාවට පේන්නේ ඔයා හොඳටම
හෙම්බත් වෙලා ඉන්නවා කියලා විතරයි,</font>

488
00:33:08,445 --> 00:33:09,738
<font color="#ffd220">සිහි නැති වෙන්න ඔන්න මෙන්න වගේ.</font>

489
00:33:10,781 --> 00:33:12,616
<font color="#ffd220">ඉතින් ඒක ස්වාභාවිකයි නේද?</font>

490
00:33:12,700 --> 00:33:16,161
<font color="#ffd220">කාං පිල්-ගුත් හොඳටම මහන්සි වෙලානේ ඇත්තේ?</font>

491
00:33:16,245 --> 00:33:18,539
<font color="#ffd220">පිස්සුද. මේක අමාරුයි, ඇත්ත,
ඒත් ඔයා පෙන්නන්න ඕනේ,</font>

492
00:33:18,622 --> 00:33:22,543
<font color="#ffd220">මොන දේ වුනත් අරූගෙන් පලි
ගන්නවා කියන ඒ දැඩි අධිෂ්ඨානය.</font>

493
00:33:22,626 --> 00:33:24,586
<font color="#ffd220">ම්ම්? ආයෙත් මුල ඉඳන් යමු.</font>

494
00:33:32,511 --> 00:33:34,972
<font color="#ffd220">හරි, රෙඩිද? ඇක්ෂන්!</font>

495
00:33:37,474 --> 00:33:39,226
<font color="#ffd220">හරි, කට්, කට්, කට්!</font>

496
00:33:39,309 --> 00:33:41,186
<font color="#ffd220">ඇක්ෂන්! කට්, කට්, කට්, කට්!</font>

497
00:33:42,646 --> 00:33:43,647
<font color="#ffd220">ඇක්ෂන්!</font>

498
00:33:44,982 --> 00:33:46,191
<font color="#ffd220">ඔයාට අවුලක් නෑ නේද?</font>

499
00:33:47,860 --> 00:33:49,153
<font color="#ffd220">ඔයා හොඳින්ද?</font>

500
00:33:49,236 --> 00:33:51,071
<font color="#ffd220">ඔව්, ඔව්, ස්තුතියි. නවත්තන්න එපා.</font>

501
00:33:51,155 --> 00:33:52,531
<font color="#ffd220">මම "කට්" කිව්වෙ නැත්නම් දිගටම කරන්න.</font>

502
00:33:52,614 --> 00:33:54,450
<font color="#ffd220">නිකන්ම ගලාගෙන යන්න දෙන්න.</font>

503
00:33:57,244 --> 00:33:58,245
<font color="#ffd220">එන්නකෝ.</font>

504
00:33:59,371 --> 00:34:01,331
<font color="#ffd220">හරි, අපි ආයෙත් පටන් ගමු.</font>

505
00:34:01,415 --> 00:34:03,500
<font color="#ffd220">හරි, රෙඩි? ඇක්ෂන්.</font>

506
00:34:10,883 --> 00:34:13,469
<font color="#ffd220">ෂික්. අපරාදේ. කට්.</font>

507
00:34:17,806 --> 00:34:19,933
<font color="#ffd220">හ්යොන්-ජුන්, තව එක පාරක්. දැන්ම ගමු.</font>

508
00:34:21,393 --> 00:34:24,271
<font color="#ffd220">මූ නම් මහා විසකුරු සතෙක්.</font>

509
00:34:27,983 --> 00:34:29,568
<font color="#ffd220">රෙඩි? ඇක්ෂන්!</font>

510
00:34:32,362 --> 00:34:35,032
<font color="#ffd220">මොකක්ද? කට්.</font>

511
00:34:35,115 --> 00:34:36,867
<font color="#ffd220">මොකක්ද මේ මගුල?</font>

512
00:34:40,746 --> 00:34:42,331
<font color="#ffd220">අදට ඉවරයි. ස්තුතියි.</font>

513
00:34:42,414 --> 00:34:44,750
<font color="#ffd220">ස්තුතියි. බඩු ටික අස් කරගන්න.</font>

514
00:34:51,799 --> 00:34:53,383
<font color="#ffd220">අදට ෂූටිං නවත්තමු.</font>

515
00:34:55,886 --> 00:34:58,972
<font color="#ffd220">හැබැයි අපි තාම ඉවර නෑනේ.</font>

516
00:35:00,349 --> 00:35:03,310
<font color="#ffd220">මට පේන විදිහට ඔයාට ඔයාගේ චරිතය ගැන
හරියට තේරුම් ගන්න වෙලාවක් ලැබිලා නෑ වගේ,</font>

517
00:35:03,393 --> 00:35:06,772
<font color="#ffd220">ඒක නිසා අදට නවත්තලා අපි වෙන
වෙලාවක මේ ටික ආයේ ෂූට් කරමු.</font>

518
00:35:07,606 --> 00:35:08,732
<font color="#ffd220">බඩු පැක් කරගන්න. අදට ඉවරයි. ඈ?</font>

519
00:35:08,816 --> 00:35:10,818
<font color="#ffd220">ඒයි, ඒයි, ඒයි, ඒයි! නෑ,
පොඩ්ඩක් ඉන්න. මොකක්ද මේ.</font>

520
00:35:11,527 --> 00:35:13,862
<font color="#ffd220">ඒයි! හරි, මේ අහන්න
අධ්‍යක්ෂකතුමා, ඔයාට පිස්සු හැදිලද?</font>

521
00:35:13,946 --> 00:35:16,406
<font color="#ffd220">ඔයාට ලොකු බජට් එකක් තියෙනවා නෙවෙයිනේ.</font>

522
00:35:16,490 --> 00:35:19,034
<font color="#ffd220">මේක ඉන්ඩි ෆිල්ම් එකක්නේ,
ඉතින් ඒ විදිහට ෂූට් කරන්නකෝ.</font>

523
00:35:19,117 --> 00:35:21,411
<font color="#ffd220">ඔයාට කිසිම තේරුමක් නැද්ද
කොහොමද බැලන්ස් කරන්නේ කියලා?</font>

524
00:35:21,495 --> 00:35:23,455
<font color="#ffd220">වෙලා තියෙන දේ තේරුම් ගන්න ඔයාට මොළයක් නැද්ද?</font>

525
00:35:23,539 --> 00:35:26,041
<font color="#ffd220">ඔයා හිතන් ඉන්නේ ඔයාගේ මේ නිර්මාණය කාන්
සම්මාන උළෙලට යවන්න පුළුවන් මට්ටමේ එකක් කියලද?</font>

526
00:35:26,124 --> 00:35:28,252
<font color="#ffd220">බොං හෝ පාක් වත් මේ විදිහට ෂූට් කරන්නේ නෑ.</font>

527
00:35:29,628 --> 00:35:30,629
<font color="#ffd220">ඔයා කොහොමද ඒක දන්නේ?</font>

528
00:35:30,712 --> 00:35:34,758
<font color="#ffd220">ලොකු ටෝක්ස් දෙන්න එපා. ඔයා කවදාවත් බොං
ජූන්-හෝ හෝ පාක් චෑන්-වුක් එක්ක වැඩ කරලා නෑනේ.</font>

529
00:35:34,842 --> 00:35:36,426
<font color="#ffd220">මොකක්ද කිව්වේ? ආයේ කියන්න බලන්න.</font>

530
00:35:36,510 --> 00:35:38,053
<font color="#ffd220">තමුසෙ මොකක්ද කිව්වේ?</font>

531
00:35:38,136 --> 00:35:40,013
<font color="#ffd220">මෙහෙ එනවා! මගේ මූණටම ඕක
ආයේ කියනවා බලන්න. සිරාවටම?</font>

532
00:35:40,097 --> 00:35:42,724
<font color="#ffd220">මම ඔයාට සර් කිව්වේ අධ්‍යක්ෂකවරයෙක්
විදිහට ගරු කරන්න, දැන් මේ මොකක්ද?</font>

533
00:35:42,808 --> 00:35:45,143
<font color="#ffd220">ඔයා හිඟා කන තරමට වැටිලා
ඉන්නවා දැකලා මට දුක හිතුනා,</font>

534
00:35:45,227 --> 00:35:47,688
<font color="#ffd220">ඒකයි මම ඔයාගේ ඔය පොඩි ෆිල්ම් එකේ
සල්ලිත් නැතුව රඟපාන්න කැමති වුනේ!</font>

535
00:35:47,771 --> 00:35:50,357
<font color="#ffd220">දැන්... ...තමුසෙ මොකක්ද යකෝ ඒ කිව්වේ?</font>

536
00:35:50,858 --> 00:35:54,027
<font color="#ffd220">ඇත්තම කිව්වොත් සර්, ඔයා මෙච්චර චාටර් නළුවෙක් කියලා
දන්නවා නම් මම කීයටවත් ඔයාට බැගෑපත් වෙන්නේ නෑ.</font>

537
00:35:57,865 --> 00:36:01,118
<font color="#ffd220">හරි. ඉතින් ඔයාට දැන් ඕන සීමාව පනින්න නේද?</font>

538
00:36:02,202 --> 00:36:04,663
<font color="#ffd220">තමුසෙම කරගෙන බලනවා එහෙනම්, මෝඩයා.</font>

539
00:36:04,746 --> 00:36:06,123
<font color="#ffd220">මම යනවා යන්න!</font>

540
00:36:14,089 --> 00:36:15,799
<font color="#ffd220">කට්. අපි ඒක ආයේ කරමු.</font>

541
00:36:17,926 --> 00:36:19,386
<font color="#ffd220">මොකක්ද? කට්. ආයේ පාරක්.</font>

542
00:36:19,469 --> 00:36:22,222
<font color="#ffd220">අපි මෙතන ඉඳන්ම පටන් ගමු. හරි, රෙඩිද?</font>

543
00:36:22,806 --> 00:36:23,974
<font color="#ffd220">ඇක්ෂන්!</font>

544
00:36:25,559 --> 00:36:26,977
<font color="#ffd220">මොකක්ද? කට්!</font>

545
00:36:27,060 --> 00:36:28,353
<font color="#ffd220">හරි. රෙඩිද?</font>

546
00:36:29,146 --> 00:36:30,397
<font color="#ffd220">ඇක්ෂන්!</font>

547
00:36:33,775 --> 00:36:36,361
<font color="#ffd220">මොකක්ද? මේ හැම දේම
උඹ නිසා, රහස් පරීක්ෂක කාං!</font>

548
00:36:36,445 --> 00:36:38,739
<font color="#ffd220">අපි ආයේ කරමු. ඔයා විහිළු කරනවද?</font>

549
00:36:38,822 --> 00:36:40,157
<font color="#ffd220">මූට හොඳටම පිස්සු!</font>

550
00:37:36,213 --> 00:37:38,799
<font color="#ffd220">මිනිස්සු කියනවා අපිට මිනිස්සුන්ව හදන්න බෑ කියලා.</font>

551
00:37:41,051 --> 00:37:42,052
<font color="#ffd220">ඒත්...</font>

552
00:37:45,013 --> 00:37:46,473
<font color="#ffd220">...මම දන්නවා මට පුළුවන් කියලා.</font>

553
00:37:51,520 --> 00:37:52,896
<font color="#ffd220">කට්! හරි!</font>

554
00:37:54,523 --> 00:38:00,028
<font color="#ffd220">හරි, "හොඳ රහස් පරීක්ෂක කාං පිල්-ගු" චිත්‍රපටයේ
රූගත කිරීම් මෙතනින් ඉවරයි. හැමෝටම ජය වේවා!</font>

555
00:38:03,198 --> 00:38:05,784
<font color="#ffd220">බියර් එකක් බොමුද? හරි. යමන්! අනිවාර්යයෙන්ම.</font>

556
00:38:07,244 --> 00:38:09,663
<font color="#ffd220">හරි, හැමෝම වීදුරු පුරවගන්න.</font>

557
00:38:11,081 --> 00:38:14,084
<font color="#ffd220">"හොඳ රහස් පරීක්ෂක කාං පිල්-ගු" වෙනුවෙන්
කැපවුණු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.</font>

558
00:38:14,167 --> 00:38:17,045
<font color="#ffd220">සතුටු වෙන්න, හොඳට
බොන්න. එන්න, අපි චියර්ස් කරමු!</font>

559
00:38:21,133 --> 00:38:23,802
<font color="#ffd220">හොඳ වැඩක්, හොඳ වැඩක්.</font>

560
00:38:23,885 --> 00:38:27,472
<font color="#ffd220">හරි, ඔන්න එහෙනම්! තවත් පිස්සු
අධ්‍යක්ෂකවරයෙක්ගෙන් බේරුණු අපිට ජය වේවා.</font>

561
00:38:27,556 --> 00:38:29,057
<font color="#ffd220">ඊළඟ පාර මම සවුන්ඩ් කරනවා.</font>

562
00:38:29,141 --> 00:38:32,728
<font color="#ffd220">අන්තිමේදී ඉවරයි නේද? දැන් ඔයාට
නිදහසේ හුස්ම ගන්න පුළුවන් හ්යොන්-ජුන්.</font>

563
00:38:33,603 --> 00:38:36,940
<font color="#ffd220">මම දන්නවා මම ලොකු කරදරයක් වුණා කියලා.
මම ගොඩක් බලපෑම් කළා, වැරදි දේවල් කිව්වා.</font>

564
00:38:37,024 --> 00:38:38,650
<font color="#ffd220">ඔව්, ඒක මගේ වැරැද්ද. මම තාම ඉගෙන ගන්නවා.</font>

565
00:38:38,734 --> 00:38:41,069
<font color="#ffd220">මම තාම දේවල් හරියට කරන්න උත්සාහ
කරන අලුත් අධ්‍යක්ෂකවරයෙක්නේ.</font>

566
00:38:41,153 --> 00:38:42,946
<font color="#ffd220">මම දන්නවා ඔයාට තරහා යන
දේවල් ගොඩක් වෙන්න ඇති කියලා.</font>

567
00:38:43,030 --> 00:38:46,366
<font color="#ffd220">ඒත් කරුණාකරලා මේ ඩ්‍රින්ක් එක
අරගෙන ඒ ඔක්කොම අමතක කරලා දාන්න.</font>

568
00:38:47,409 --> 00:38:49,119
<font color="#ffd220">ආහ්, ආහ්, ආහ්, ආහ්!</font>

569
00:38:53,790 --> 00:38:55,625
<font color="#ffd220">ඔහ්!</font>

570
00:38:57,586 --> 00:38:59,046
<font color="#ffd220">ඔහ්!</font>

571
00:38:59,588 --> 00:39:00,589
<font color="#ffd220">බීලා දාන්න.</font>

572
00:39:00,672 --> 00:39:03,008
<font color="#ffd220">අපේ ප්‍රධාන නළුවට ලොකු
අත්පොළසන් නාදයක් දෙන්න හැමෝම!</font>

573
00:39:03,091 --> 00:39:04,634
<font color="#ffd220"></font>

574
00:39:04,718 --> 00:39:07,471
<font color="#ffd220">ලිම් හ්යොන්-ජුන්! ලිම් හ්යොන්-ජුන්!</font>

575
00:39:07,554 --> 00:39:10,682
<font color="#ffd220">ලිම් හ්යොන්-ජුන්! ලිම් හ්යොන්-ජුන්!</font>

576
00:39:12,934 --> 00:39:14,019
<font color="#ffd220"></font>

577
00:39:17,939 --> 00:39:19,649
<font color="#ffd220"></font>

578
00:39:22,360 --> 00:39:23,779
<font color="#ffd220">මම මේක බොන්නයි යන්නේ, හරිද?</font>

579
00:39:23,862 --> 00:39:25,447
<font color="#ffd220">හ්ම්.</font>

580
00:39:26,865 --> 00:39:28,992
<font color="#ffd220">වාව්!</font>

581
00:39:29,576 --> 00:39:31,328
<font color="#ffd220"></font>

582
00:39:36,708 --> 00:39:38,710
<font color="#ffd220">තව එක දෙයක් තියෙනවා.</font>

583
00:39:38,794 --> 00:39:42,464
<font color="#ffd220">තමුසේ මහ කාලකණ්ණියෙක්! මට ආයේ
කවදාවත් තමුසෙගේ මූණ දකින්න ඕන නෑ!</font>

584
00:39:42,547 --> 00:39:43,548
<font color="#ffd220"></font>

585
00:39:43,632 --> 00:39:45,092
<font color="#ffd220">හොඳම නළුවට හිමි සම්මානය දිනා ගන්නේ...</font>

586
00:39:45,175 --> 00:39:48,804
<font color="#ffd220">"ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු" හි ලිම් හ්යොන්-ජුන්.</font>

587
00:39:48,887 --> 00:39:51,473
<font color="#ffd220">හරි, දැන් අපි එයාගේ කතාව අහලා බලමු.</font>

588
00:39:55,644 --> 00:39:59,189
<font color="#ffd220">මට ලැබුණු මේ ආශ්චර්යමත් අවස්ථාවට
ස්තූතිවන්ත වෙන්න මට ආපහු එන්න පුළුවන් වුණා.</font>

589
00:40:00,315 --> 00:40:02,234
<font color="#ffd220">මම මේකෙන් උපරිම ප්‍රයෝජන
ගන්න බලාපොරොත්තු වෙනවා.</font>

590
00:40:03,527 --> 00:40:07,114
<font color="#ffd220">මට ඕන තව ටික කාලයක් නළුවෙක් විදිහට ඉන්න.</font>

591
00:40:07,197 --> 00:40:08,406
<font color="#ffd220">කාටවත් අමතක නොවන කෙනෙක් විදිහට.</font>

592
00:40:09,407 --> 00:40:10,909
<font color="#ffd220"></font>

593
00:40:12,828 --> 00:40:16,373
<font color="#ffd220">මම බලාපොරොත්තු වෙනවා තව ගොඩක්
කාලයක් මට මේ දේ කරන්න පුළුවන් වෙයි කියලා.</font>

594
00:40:16,456 --> 00:40:18,667
<font color="#ffd220">ගොඩක් ස්තූතියි! ස්තූතියි!</font>

595
00:40:18,750 --> 00:40:21,336
<font color="#ffd220">අන්න ඒ විදිහට, එක රැයකින් මගේ
ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.</font>

596
00:40:21,419 --> 00:40:23,004
<font color="#ffd220">ස්තූතියි! ස්තූතියි!</font>

597
00:40:23,088 --> 00:40:24,172
<font color="#ffd220">මම මගේ උපරිමය කරනවා.</font>

598
00:40:24,256 --> 00:40:25,298
<font color="#ffd220">ස්තූතියි!</font>

599
00:40:25,382 --> 00:40:26,383
<font color="#ffd220">බොහොම ස්තූතියි.</font>

600
00:40:26,466 --> 00:40:28,135
<font color="#ffd220"></font>

601
00:40:28,218 --> 00:40:30,762
<font color="#ffd220">කළු සුදු වාර්තා වැඩසටහනක් වගේ තිබුණු මගේ ජීවිතේ,</font>

602
00:40:30,846 --> 00:40:34,432
<font color="#ffd220">හිටිහැටියේම ලස්සන ආදර කතාවක්
තියෙන චිත්‍රපටයක් බවට පත් වුණා.</font>

603
00:40:34,933 --> 00:40:36,518
<font color="#ffd220">ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු
ඩ්‍රාමා එකක් ලෙස තහවුරු කරයි</font>

604
00:40:37,269 --> 00:40:38,311
<font color="#ffd220">ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර: 24.3%</font>

605
00:40:38,395 --> 00:40:40,438
<font color="#ffd220">ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු
දෙවන සීසන් එක තහවුරු කරයි</font>

606
00:40:40,522 --> 00:40:41,857
<font color="#ffd220">ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර: 26.5%</font>

607
00:40:41,940 --> 00:40:43,817
<font color="#ffd220">ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු
තුන්වන සීසන් එක තහවුරු කරයි</font>

608
00:40:43,900 --> 00:40:45,443
<font color="#ffd220">ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර: 27.3%</font>

609
00:40:45,986 --> 00:40:47,195
<font color="#ffd220">හැමෝම පිල්-ගුට සහ හ්යොන්-ජුන්ට ආදරෙයි</font>

610
00:40:47,279 --> 00:40:48,280
<font color="#ffd220">දැන්වීම් වලට දිගින් දිගටම ආරාධනා</font>

611
00:40:49,531 --> 00:40:50,907
<font color="#ffd220">රසිකයන්ට නැවත දකින්නට ඕන
අංක එකේ තරුව: කාන්ග් පිල්-ගු</font>

612
00:40:50,991 --> 00:40:52,367
<font color="#ffd220">ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු
සීසන් 4 තුළින් නැවතත් ඔබ හමුවට</font>

613
00:40:52,450 --> 00:40:54,536
<font color="#ffd220">මේක කොච්චර දුර යයිද?
ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර: 28.5%</font>

614
00:41:03,962 --> 00:41:06,256
<font color="#ffd220">ආ...</font>

615
00:41:07,757 --> 00:41:09,801
<font color="#ffd220">අනේ මන්දා.</font>

616
00:41:11,887 --> 00:41:13,597
<font color="#ffd220">ඒයි! මොකක්ද මනුස්සයෝ මේ කරන්නේ?</font>

617
00:41:13,680 --> 00:41:14,973
<font color="#ffd220">තමුසෙට ඕක එළියට ගන්න ඕනද?</font>

618
00:41:15,473 --> 00:41:18,643
<font color="#ffd220">මෑන්, මම මේක නිකන් ස්ටාර්ට් කළේ
බැටරිය බැහැලද කියලා බලන්න, එච්චරයි.</font>

619
00:41:18,727 --> 00:41:20,520
<font color="#ffd220">ම්... පොඩ්ඩක් ඉන්න.</font>

620
00:41:20,604 --> 00:41:22,022
<font color="#ffd220">මේක මම ගත්තේ මගේ සල්ලි වලින්නේ,</font>

621
00:41:22,105 --> 00:41:24,149
<font color="#ffd220">ඉතින් ඇයි මට බැරි මට ඕන
වෙලාවක මගේම කාර් එක එළවන්න?</font>

622
00:41:24,232 --> 00:41:27,068
<font color="#ffd220">අනික ඔයා දන්නවනේ හැමෝම
ඔයා දිහා බලාගෙන ඉන්නේ කියලා.</font>

623
00:41:27,861 --> 00:41:30,322
<font color="#ffd220">ඔයාට වැඩක් තියෙනවා නම්
කම්පැණි එකේ කාර් එක අරන් යන්න.</font>

624
00:41:30,405 --> 00:41:32,490
<font color="#ffd220">අන්න ඒ නිසා තමයි මට ඕන</font>

625
00:41:32,574 --> 00:41:34,784
<font color="#ffd220">සල්ලි තියෙන උරුමක්කාරයෙක්, ලෝයර් කෙනෙක්
එහෙම නැත්නම් ඩොක්ටර් කෙනෙක්ගේ චරිතයක් කරන්න.</font>

626
00:41:34,868 --> 00:41:38,205
<font color="#ffd220">එතකොට කවුරුත් මුකුත් කියන එකක්
නෑ මම මේ වගේ කාර් එකක යනවා දැක්කම.</font>

627
00:41:38,288 --> 00:41:41,124
<font color="#ffd220">මම හැම තිස්සෙම කරන්නේ සල්ලි නැති
ඩිටෙක්ටිව් චරිත. ඒක මගේ කරුමේ වගේ.</font>

628
00:41:41,208 --> 00:41:44,461
<font color="#ffd220">ඉතින් මිනිස්සු පුදුම වෙන එක අහන්න
දෙයක් නෑ මාව මේ වගේ කාර් එකක දකිද්දී!</font>

629
00:41:44,544 --> 00:41:46,671
<font color="#ffd220">දැන් මිනිස්සු මාව දකින්නේ මම විදිහට නෙවෙයි.</font>

630
00:41:46,755 --> 00:41:48,423
<font color="#ffd220">දැන් එයාලට මම ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු.</font>

631
00:41:48,506 --> 00:41:50,926
<font color="#ffd220">සමහර වෙලාවට මටත් පැටලෙනවා</font>

632
00:41:51,551 --> 00:41:52,969
<font color="#ffd220">මම කාන්ග් පිල්-ගු ද නැත්නම්
ලිම් හ්යොන්-ජුන් ද කියලා.</font>

633
00:41:53,053 --> 00:41:54,429
<font color="#ffd220">හරි බොස්, මට තේරෙනවා.</font>

634
00:41:54,512 --> 00:41:56,640
<font color="#ffd220">ඔයාගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක විදිහට, අපි බලමු</font>

635
00:41:56,723 --> 00:41:58,516
<font color="#ffd220">ඔයාගේ ප්‍රතිරූපය වෙනස්
කරගන්න පුළුවන් දෙයක් කරන්න.</font>

636
00:41:58,600 --> 00:42:01,978
<font color="#ffd220">ඔව්. කරුණාකරලා ඒ දේ කරන්න, මිස්ටර් හ්වාන්ග්.</font>

637
00:42:03,021 --> 00:42:05,565
<font color="#ffd220">අනික මට මිනිස්සු ඉස්සරහා
"බොස්" කියන්න එපා, හරිද?</font>

638
00:42:07,067 --> 00:42:09,903
<font color="#ffd220">මොකක්? ඇයි නැත්තේ? ඔයා
ආසයිනේ මගේ බොස් වගේ හැසිරෙන්න.</font>

639
00:42:09,986 --> 00:42:12,906
<font color="#ffd220">ඔයා මට බොස් කිව්වොත්, මම
නිකන් වයසක පාටයි වගේ පේනවා.</font>

640
00:42:12,989 --> 00:42:15,283
<font color="#ffd220">ඔයා කැමති නැද්ද ඔයාගේ කලාකරුවාගේ
ප්‍රතිරූපය හදාගන්න උදව් කරන්න?</font>

641
00:42:15,867 --> 00:42:18,787
<font color="#ffd220">මො..මොකක්? මගේ ප්‍රසිද්ධ ප්‍රතිරූපය ගැනද?</font>

642
00:42:22,374 --> 00:42:25,669
<font color="#ffd220">වාව්, ඔයාට මාර ඇඟක්නේ තියෙන්නේ.</font>

643
00:42:25,752 --> 00:42:29,047
<font color="#ffd220">යමු මගේ කාමරේට. මම ඔයාට හොඳ ගාණක් දෙන්නම්.</font>

644
00:42:29,130 --> 00:42:31,299
<font color="#ffd220">වාව්. ඔයා මාරම හොට්, ඇත්තමයි.</font>

645
00:42:32,968 --> 00:42:34,678
<font color="#ffd220">මාව අල්ලන්න එපා, තිරිසනා. තිරිසනා?</font>

646
00:42:35,720 --> 00:42:38,723
<font color="#ffd220">මෙතනින් යනවා යන්න. ආහ්. යමු, යමු.</font>

647
00:42:38,807 --> 00:42:41,101
<font color="#ffd220">මෑන්, මුන් මේ කෙල්ලන්ට හරියට උගන්නලා නෑනේ.</font>

648
00:42:45,105 --> 00:42:47,274
<font color="#ffd220">නම: වි ජොන්ග්-සින්, වයස අවුරුදු 36යි.</font>

649
00:42:47,357 --> 00:42:48,817
<font color="#ffd220">"ඉයුන්සොන්ගිල්බෝ" පුවත්පතේ
අවුරුදු 12ක සේවා කාලයක්,</font>

650
00:42:48,900 --> 00:42:50,694
<font color="#ffd220">සහ දේශපාලන අංශයේ විශිෂ්ට වාර්තාගත කිරීම් සමඟ,</font>

651
00:42:50,777 --> 00:42:52,153
<font color="#ffd220">ඇයගේ වෘත්තීය ජීවිතය ගැන
අමුතුවෙන් කියන්න දෙයක් නෑ.</font>

652
00:42:53,613 --> 00:42:56,825
<font color="#ffd220">හන්කුක් විශ්ව විද්‍යාලයේ මාධ්‍ය හා සන්නිවේදන
අංශයේ කණ්ඩායමේ පළමු වැනියා වුණු ඇය,</font>

653
00:42:56,908 --> 00:43:00,036
<font color="#ffd220">ඉංග්‍රීසි, චීන, අරාබි සහ කොරියානු යන
භාෂා හතරම චතුර ලෙස කතා කරන්න පුළුවන්.</font>

654
00:43:00,662 --> 00:43:02,205
<font color="#ffd220">වානේ වගේ ශක්තිමත් හිතක් තියෙන ඇය,</font>

655
00:43:02,289 --> 00:43:05,834
<font color="#ffd220">පොලිසියට වඩා එක පියවරක් ඉදිරියෙන්
ඉඳලා වැදගත් සාක්ෂි හොයාගන්න සමත් වුණා.</font>

656
00:43:05,917 --> 00:43:08,336
<font color="#ffd220">අවුරුදු 20ක් පරණ පළපුරුදු ඩිටෙක්ටිව් කෙනෙක් පවා</font>

657
00:43:08,420 --> 00:43:10,422
<font color="#ffd220">මිනීමැරුමක් වෙච්ච තැනකදී වමනේ
දාලා කලන්තේ දාද්දීත් ඇය සැලුනේ නෑ.</font>

658
00:43:10,922 --> 00:43:13,883
<font color="#ffd220">ඇය අඩි 300ක් උස දොඹකරයක් උඩට
නැග්ගා විරෝධතාකරුවන් එක්ක කතා කරන්න,</font>

659
00:43:13,967 --> 00:43:15,176
<font color="#ffd220">ඒකෙන් අසාධාරණ විදිහට අස් කරපු</font>

660
00:43:15,260 --> 00:43:18,722
<font color="#ffd220">කොන්ත්‍රාත් පදනම මත හිටපු ඉදිකිරීම් සේවකයින්ට
නැවත රැකියා ලබා දෙන්න ලොකු බලපෑමක් වුණා.</font>

661
00:43:18,805 --> 00:43:21,725
<font color="#ffd220">ආවරණය ගන්න, ආවරණය ගන්න!</font>

662
00:43:21,808 --> 00:43:23,184
<font color="#ffd220">යුද වාර්තාකරුවෙක් විදිහට,</font>

663
00:43:23,268 --> 00:43:27,272
<font color="#ffd220">සීරියන් සිවිල් යුද්ධයේ භයානකකම
ලෝකයටම පෙන්නලා දුන්නේ ඇයයි.</font>

664
00:43:28,732 --> 00:43:30,734


665
00:43:36,781 --> 00:43:39,284
<font color="#ffd220">ඇය ජීවිතයත් මරණයත් අතර සටනකින්
පස්සේ අමාරුවෙන් ජීවිතේ බේරගත්තේ,</font>

666
00:43:39,367 --> 00:43:42,245
<font color="#ffd220">ෂෙල් වෙඩි ප්‍රහාරයකින් වෙච්ච
පිපිරීමක කෑල්ලක් ඇඟේ වැදුණු නිසයි,</font>

667
00:43:42,329 --> 00:43:44,205
<font color="#ffd220">ඒකෙන් ඇයගේ කකුලත් නැතිවෙන්න ගියා.</font>

668
00:43:45,540 --> 00:43:48,793
<font color="#ffd220">ඒ නිසා ඇය වසරේ හොඳම කොරියානු මාධ්‍යවේදියා
සම්මානය දිනාගත්ත ලාබාලතම කෙනා බවට පත් වුණා.</font>

669
00:43:48,877 --> 00:43:51,671
<font color="#ffd220">මේ වසරේ හොඳම මාධ්‍යවේදියා සම්මානය
හිමි වෙන්නේ මෙනවිය වි ජොන්ග්-සින් ට.</font>

670
00:43:51,755 --> 00:43:53,965


671
00:43:54,049 --> 00:43:56,384
<font color="#ffd220">වසරේ හොඳම මාධ්‍යවේදියා සම්මාන උළෙල</font>

672
00:43:56,468 --> 00:43:59,304
<font color="#ffd220">ඔන්නුරි මාධ්‍යවේදීන්ගේ සංගමය</font>

673
00:44:02,474 --> 00:44:04,059
<font color="#ffd220">වසරේ හොඳම මාධ්‍යවේදියා සම්මානය - වි ජොන්ග්-සින්</font>

674
00:44:04,142 --> 00:44:05,143
<font color="#ffd220">ප්‍රධාන කර්තෘ යුන් හ්වා-යොන්ග්</font>

675
00:44:05,226 --> 00:44:07,479
<font color="#ffd220">මේ රිපෝට් එක, මේක ඔයා ලිව්ව එකක්ද? ඔව්.</font>

676
00:44:08,104 --> 00:44:09,814
<font color="#ffd220">මොකක්ද මේක? සුරංගනා කතාවක්ද?</font>

677
00:44:09,898 --> 00:44:11,274
<font color="#ffd220">මම හැමදේම පිළිගන්නේ නෑ.</font>

678
00:44:11,358 --> 00:44:12,901
<font color="#ffd220">ඔයාට සිද්ධ වෙනවා එයාට
කියන්න! මම බෑ. ඔයා කියන්න.</font>

679
00:44:12,984 --> 00:44:15,528
<font color="#ffd220">ඒත් එයා යන්නේ වෙනත් පත්තරේක විනෝදාස්වාද අංශයට,</font>

680
00:44:15,612 --> 00:44:18,156
<font color="#ffd220">ප්‍රධාන එකටත් නෙවෙයි. මොකක්ද මේ වෙන්නේ?</font>

681
00:44:18,239 --> 00:44:19,240
<font color="#ffd220">ඔයා මොකද හිතන්නේ?</font>

682
00:44:19,991 --> 00:44:21,743
<font color="#ffd220">කවුරු හරි ළඟදීම ගෙදර යන්නයි හදන්නේ.</font>

683
00:44:23,995 --> 00:44:25,163
<font color="#ffd220">දැන්ම රැස්වීම් ශාලාවට එන්න.</font>

684
00:44:25,246 --> 00:44:26,623
<font color="#ffd220">මොකක්... දැන්ම? මොකක්ද?</font>

685
00:44:26,706 --> 00:44:28,083
<font color="#ffd220">අයියෝ. හරි.</font>

686
00:44:29,334 --> 00:44:30,460
<font color="#ffd220">පස්සේ හම්බෙමු.</font>

687
00:44:35,215 --> 00:44:37,592
<font color="#ffd220">ෂා. ඔයාගේ අලුත් කොණ්ඩ මෝස්තරේ නියමයිනේ.</font>

688
00:44:38,259 --> 00:44:39,761
<font color="#ffd220">කොහෙන්ද කරගත්තේ?</font>

689
00:44:39,844 --> 00:44:41,596
<font color="#ffd220">ටවුන් එකේ සැලෝන් එකකින්.</font>

690
00:44:42,180 --> 00:44:43,181
<font color="#ffd220">ඔයා අලුත් කෙනෙක්ද?</font>

691
00:44:44,682 --> 00:44:45,725
<font color="#ffd220">එහෙමම නෑ.</font>

692
00:44:46,684 --> 00:44:48,520
<font color="#ffd220">ඔයා බාන් සූ-ජන්ග් නේද? ඔව්.</font>

693
00:44:49,938 --> 00:44:52,315
<font color="#ffd220">කොහොමද ඔයා දන්නේ මම කවුද කියලා?
ඔයා ළඟ අර වීඩියෝ එක තියෙනවා නේද?</font>

694
00:44:52,399 --> 00:44:55,068
<font color="#ffd220">පෙබරවාරි 20 වෙනිදා, ඔයා
අර වීඅයිපී කට්ටිය එක්ක ගියා,</font>

695
00:44:55,151 --> 00:44:59,406
<font color="#ffd220">ඊටපස්සේ ඒක වීඩියෝ කරගත්තා, කවදා හරි ඒකෙන්
මොකක් හරි වාසියක් ගන්න පුළුවන් වෙයි කියලා.</font>

696
00:45:01,074 --> 00:45:02,492
<font color="#ffd220">ඔයා කවුද? ම්...</font>

697
00:45:03,785 --> 00:45:04,786
<font color="#ffd220">මාධ්‍යවේදියෙක්.</font>

698
00:45:05,745 --> 00:45:06,788


699
00:45:06,871 --> 00:45:07,872
<font color="#ffd220">චීෆ්.</font>

700
00:45:09,332 --> 00:45:10,542
<font color="#ffd220">මම හොයාගත්තා ලොකු නිවුස් එකක්.</font>

701
00:45:14,712 --> 00:45:17,674
<font color="#ffd220">ප්‍රේක්ෂක ප්‍රතිචාර 28%ක් වුණා</font>

702
00:45:17,757 --> 00:45:21,094
<font color="#ffd220">ඊටපස්සේ ඒක තවත් වැඩි වුණා, සීසන්
4ම යනකන් 30%ට කිට්ටු ගාණක තිබුණා.</font>

703
00:45:21,177 --> 00:45:23,388
<font color="#ffd220">කවදාවත් අඩු වුණේ නෑ.
වැඩිම වුණේ 30%ක් විතර! වාව්.</font>

704
00:45:23,471 --> 00:45:27,559
<font color="#ffd220">ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? 30%, 30%.
ඉතින් අපේ නිෂ්පාදන ආයතනයට ලොකු වාසියක් වුණා</font>

705
00:45:27,642 --> 00:45:29,978
<font color="#ffd220">"ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු"
නිසා, අපි බිල්ඩින් එකක් පවා ගත්තා.</font>

706
00:45:30,061 --> 00:45:33,773
<font color="#ffd220">නාලිකා වලින් කිව්වා එයාලගේ ඩ්‍රාමා
බිස්නස් එකෙන් දැන් ලාභයක් නෑ කියලා,</font>

707
00:45:33,857 --> 00:45:35,733
<font color="#ffd220">ඒ නිසා එයාලා ඒක නවත්තලා දාන්න හැදුවේ.</font>

708
00:45:35,817 --> 00:45:38,069
<font color="#ffd220">"කාන්ග් පිල්-ගු"ට පින් සිද්ධ වෙන්න,
අපිට ආයේ ගොඩ එන්න පුළුවන් වුණා.</font>

709
00:45:38,153 --> 00:45:39,946
<font color="#ffd220">හැමදේම ඉවරයි කියලා හිතන්
ඉද්දි තමයි ගොඩ ගියේ. අම්මෝ.</font>

710
00:45:40,029 --> 00:45:43,116
<font color="#ffd220">මම කියන නිසා විහිළුවක් වගේ පේන්න පුළුවන්,
ඒත් "කාන්ග් පිල්-ගු" ජීවිත ගොඩක් බේරගත්තා.</font>

711
00:45:43,199 --> 00:45:44,492
<font color="#ffd220">ඔව්, ඒක ඇත්ත!</font>

712
00:45:44,576 --> 00:45:47,162
<font color="#ffd220">ඉතින් ඔයා මේ වගේ ඩ්‍රාමා
දිගටම ලියන්න ඕන, තේරුණාද?</font>

713
00:45:47,245 --> 00:45:51,166
<font color="#ffd220">ආ! මතකද? "කන්ට්‍රි ඩයරීස්"? ගොඩක්
ඉස්සර එකක්. ඒක ගොඩක් කල් ගියානේ.</font>

714
00:45:51,249 --> 00:45:53,042
<font color="#ffd220">මේකත් යන්න ඕන, අඩුම
තරමේ අවුරුදු දහයක් විස්සක්වත්!</font>

715
00:45:53,126 --> 00:45:56,588
<font color="#ffd220">මම කියන්නේ අනිවාර්යයෙන්ම, අර ඇමරිකන්
ෂෝස් බලන්නකෝ CSI, NCSI වගේ ඒවා.</font>

716
00:45:56,671 --> 00:45:59,591
<font color="#ffd220">ලාස් වේගාස්, මියාමි, නිව් යෝර්ක්!</font>

717
00:45:59,674 --> 00:46:03,845
<font color="#ffd220">ඒ ඔක්කොම එකතු කළොත්, ඔයාට ගණන් කරන්නවත්
බැරි වෙයි සීසන් කීයක් තියෙනවද කියලා!</font>

718
00:46:03,928 --> 00:46:07,515
<font color="#ffd220">ඉතින්, ඇයි අපිට බැරි "ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග්
පිල්-ගු" සීසන් දහයක් විස්සක් විතර කරන්න?</font>

719
00:46:07,599 --> 00:46:09,100
<font color="#ffd220">ඔව්, ඔව්. ඔයා කියන කතාව ඇත්ත.</font>

720
00:46:09,184 --> 00:46:12,437
<font color="#ffd220">ඒත් ඉතින්, ඒක තීරණය වෙන්නේ
අපේ මේ ප්‍රධාන නළුවා අතේ නේද?</font>

721
00:46:12,520 --> 00:46:13,688
<font color="#ffd220">ඔයා ඒකට ලෑස්තිද?</font>

722
00:46:14,564 --> 00:46:16,149


723
00:46:23,990 --> 00:46:26,993
<font color="#ffd220">ඔයා මට කියන්නේ මැරෙනකම්ම
ඩිටෙක්ටිව් කෙනෙක් වෙලා ඉන්න කියලද?</font>

724
00:46:27,076 --> 00:46:29,496
<font color="#ffd220">"CSI: ලාස් වේගාස්" එකේ
චීෆ් ගිල් ග්‍රිසම් පවා අයින් වුණා</font>

725
00:46:29,579 --> 00:46:32,582
<font color="#ffd220">මොකද එයාට ඕන වුණා වෙන චරිත කරලා
බලන්න! එයාට ඕන වුණේ නෑ එක තැනක හිර වෙන්න!</font>

726
00:46:32,665 --> 00:46:34,918
<font color="#ffd220">මිනිස්සුන්ට මතක තියෙන
එකම දේ කාන්ග් පිල්-ගු විතරයි</font>

727
00:46:35,001 --> 00:46:37,253
<font color="#ffd220">මගේ රංගන ජීවිතේ ගැන!</font>

728
00:46:37,337 --> 00:46:38,588
<font color="#ffd220">දැන් ඇති, තේරුණාද!</font>

729
00:46:43,468 --> 00:46:45,678


730
00:46:46,596 --> 00:46:48,640
<font color="#ffd220">ඔව්, මමත්...</font>

731
00:46:50,266 --> 00:46:51,726
<font color="#ffd220">මමත් ඒකට කැමතියි. ඔයා හිතනවටත් වඩා.</font>

732
00:46:51,809 --> 00:46:53,811
<font color="#ffd220">හරි නේද? මම දැනගෙන
හිටියා එයා කැමති වෙයි කියලා.</font>

733
00:46:53,895 --> 00:46:55,730
<font color="#ffd220">ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු සදහටම!</font>

734
00:46:55,813 --> 00:46:58,399
<font color="#ffd220">ප්‍රතිචාර 2%ක් විතර තියෙන වැඩකට නැති
රොමෑන්ටික් කොමඩි කරන එකේ තේරුමක් නෑ,</font>

735
00:46:58,483 --> 00:47:01,069
<font color="#ffd220">නිකන් කාන්ග් පිල්-ගු කරගෙන
ඉන්න... ඔව්, අනිවාර්යයෙන්ම.</font>

736
00:47:01,152 --> 00:47:02,153
<font color="#ffd220">ඔව්.</font>

737
00:47:03,780 --> 00:47:05,448
<font color="#ffd220">කිසිම තේරුමක් නෑ. හ්ම්.</font>

738
00:47:05,532 --> 00:47:06,533


739
00:47:06,616 --> 00:47:08,076
<font color="#ffd220">ඒත් මට කියන්න තියෙන්නේ...</font>

740
00:47:08,701 --> 00:47:11,788
<font color="#ffd220">පහුගිය සති ටිකේ මම හිටියේ ටිකක් බයෙන් වගේ.</font>

741
00:47:11,871 --> 00:47:13,790
<font color="#ffd220">නළුවෙක් විදිහට ගොඩ කාලයක් ඉන්න නම්,</font>

742
00:47:13,873 --> 00:47:15,833
<font color="#ffd220">මම හිතන්නේ "කාන්ග් පිල්-ගු"ට හොඳම දේ</font>

743
00:47:16,876 --> 00:47:18,836
<font color="#ffd220">මෙතැනින් නවතින එක, මට දුකක් දැනුනත්...</font>

744
00:47:18,920 --> 00:47:20,880
<font color="#ffd220">ඒ මොකද ඔයා දක්ෂ නළුවෙක් නිසා!</font>

745
00:47:20,964 --> 00:47:23,800
<font color="#ffd220">මම කියන්නේ, ඔයාලා දන්නවනේ, නිළියෙක් අර උදේ
යන නාට්‍යවල අනියම් බිරිඳගේ චරිතය කරද්දී,</font>

746
00:47:23,883 --> 00:47:26,302
<font color="#ffd220">මිනිස්සු ඒක කොච්චර සීරියස් ගන්නවද කියනවා
නම්, පාරෙදි දැක්කම කම්මුලට ගහන්න හදනවා,</font>

747
00:47:26,386 --> 00:47:27,387
<font color="#ffd220">කැත විදිහට බැනලා කතා කරනවා!</font>

748
00:47:27,470 --> 00:47:28,930
<font color="#ffd220">ඒක ගෞරවයක්.</font>

749
00:47:29,013 --> 00:47:31,641
<font color="#ffd220">ඒක ඇත්තටම ගෞරවයක්.
ඒක ඇත්තටම එහෙමයි. ඔව්.</font>

750
00:47:31,724 --> 00:47:32,725
<font color="#ffd220">හෙලෝ?</font>

751
00:47:32,809 --> 00:47:34,936
<font color="#ffd220">ආ, ඔව්, ඔව්, ඔව්. පොඩ්ඩක් ඉන්න.</font>

752
00:47:35,770 --> 00:47:36,938
<font color="#ffd220">ආ. හරි.</font>

753
00:47:37,522 --> 00:47:39,232
<font color="#ffd220">ඔව්. ඔව්.</font>

754
00:47:39,857 --> 00:47:41,150
<font color="#ffd220">ආ, මට තේරෙනවා.</font>

755
00:47:45,780 --> 00:47:47,365


756
00:47:48,241 --> 00:47:50,743
<font color="#ffd220">අහ්, සමාවෙන්න, පිරිමි වොෂ්
රූම් එක තියෙන්නේ කොහෙද?</font>

757
00:47:50,827 --> 00:47:52,620
<font color="#ffd220">ඒක අර පැත්තේ. හොයාගන්න ලේසියි. ආ.</font>

758
00:47:52,704 --> 00:47:54,289
<font color="#ffd220">අර පැත්තේද? ස්තූතියි. ඔව් සර්.</font>

759
00:47:55,582 --> 00:47:56,624


760
00:48:06,342 --> 00:48:09,345
<font color="#ffd220">ශිට්. ඇයි යකෝ මේක කැඩිලා තියෙන්නේ?</font>

761
00:48:12,640 --> 00:48:13,683


762
00:48:15,643 --> 00:48:17,478


763
00:48:18,563 --> 00:48:20,148


764
00:48:20,815 --> 00:48:22,900


765
00:48:25,236 --> 00:48:26,529


766
00:48:27,655 --> 00:48:29,824
<font color="#ffd220">එයා කොහොම හරි බෑ කිව්වොත් අපි මොකද කරන්නේ?</font>

767
00:48:29,907 --> 00:48:32,118
<font color="#ffd220">දැනට එයාට ලැබෙන්නේ පොඩි පොඩි චරිත විතරයිනේ.</font>

768
00:48:32,201 --> 00:48:34,495
<font color="#ffd220">එයාගේ වයසත් එක්ක කවුද එයාට රොමෑන්ටික්
කොමඩි වලට හරි ඩ්‍රාමා වලට හරි කතා කරන්නේ?</font>

769
00:48:34,579 --> 00:48:36,831
<font color="#ffd220">එයාට තියෙන්නේ කාන්ග් පිල්-ගු විතරයි.
එයාට වෙන මොනවද කරන්න පුළුවන්?</font>

770
00:48:36,914 --> 00:48:39,584
<font color="#ffd220">එයා උත්සාහ කරනවා ඇත්තේ එයාගේ ගාණ වැඩි
කරගන්න, ඉතින් අපිත් එයා කියන දේට එකඟ වෙමු</font>

771
00:48:39,667 --> 00:48:41,085
<font color="#ffd220">අපි ඒක පිළිගන්නවා වගේ පෙන්නමු.</font>

772
00:48:43,212 --> 00:48:44,297


773
00:48:53,848 --> 00:48:56,100
<font color="#ffd220">ඒයි. ඇහුණද පත්තරේකින් කෙනෙක් රිංගලා කියලා?</font>

774
00:48:56,184 --> 00:48:58,353
<font color="#ffd220">පත්තරේකින්? මොකක්ද වෙන්නේ?</font>

775
00:48:58,436 --> 00:49:01,064
<font color="#ffd220">මේ කෙනාව දැක්කද? බවුන්සර්ලා මොනවද කරන්නේ?</font>

776
00:49:01,648 --> 00:49:03,191
<font color="#ffd220">ඒයි, පොඩ්ඩක් ඉන්න!</font>

777
00:49:04,901 --> 00:49:05,943
<font color="#ffd220">ඒයි! ඒයි!</font>

778
00:49:07,654 --> 00:49:10,198


779
00:49:15,953 --> 00:49:17,372


780
00:49:24,379 --> 00:49:25,505


781
00:49:27,340 --> 00:49:29,550


782
00:49:31,678 --> 00:49:32,804


783
00:49:34,722 --> 00:49:36,432


784
00:49:36,516 --> 00:49:38,935
<font color="#ffd220">තමුසේ මොන මගුලක්ද
කරන්නේ? අහ්, සොරි වෙන්න ඕන!</font>

785
00:49:39,018 --> 00:49:40,395
<font color="#ffd220">සද්ද කරන්න එපා. මම ඉක්මනට යන්නම්.</font>

786
00:49:40,478 --> 00:49:42,313
<font color="#ffd220">හරි. මේක පිරිමි අයගේ... මම
කිව්වේ කට වහගෙන ඉන්න කියලා!</font>

787
00:49:43,815 --> 00:49:46,567
<font color="#ffd220">කට වහගන්න. ඇයි? මොන මගුලක්ද මේ වෙන්නේ?</font>

788
00:49:48,152 --> 00:49:50,697
<font color="#ffd220">මට සමාවෙන්න. මම ඔයාගේ උඩින් යනවා.</font>

789
00:49:51,322 --> 00:49:53,491
<font color="#ffd220">ඈ?</font>

790
00:49:53,574 --> 00:49:54,951
<font color="#ffd220">මගේ කකුල! මගේ කකුල!</font>

791
00:49:55,034 --> 00:49:56,452


792
00:49:58,663 --> 00:50:01,124
<font color="#ffd220">මගේ බෙල්ල! මගේ බෙල්ල! මගේ බෙල්ල!</font>

793
00:50:01,207 --> 00:50:02,959
<font color="#ffd220">අයියෝ දෙවියනේ!</font>

794
00:50:05,503 --> 00:50:06,546


795
00:50:07,630 --> 00:50:10,174
<font color="#ffd220">ඒයි! මගේ සපත්තු! මගේ සපත්තු!
මගේ සපත්තු! මගේ සපත්තු!</font>

796
00:50:10,675 --> 00:50:12,593
<font color="#ffd220">ඉක්මනට, ඉක්මනට. මගේ සපත්තු!</font>

797
00:50:12,677 --> 00:50:13,761
<font color="#ffd220">මේ. ස්තූතියි.</font>

798
00:50:13,845 --> 00:50:17,849
<font color="#ffd220">මම ඔයාගේ ෆෝන් එකට ගෙවන්නම්.
0259-2151. මට කෝල් කරන්න.</font>

799
00:50:17,932 --> 00:50:19,308
<font color="#ffd220">මගේ ෆෝන් එක? ම්.</font>

800
00:50:20,101 --> 00:50:22,603
<font color="#ffd220">අයියෝ නෑ! මගේ ෆෝන් එක!</font>

801
00:50:22,687 --> 00:50:23,771
<font color="#ffd220">ශික්!</font>

802
00:50:25,106 --> 00:50:27,024
<font color="#ffd220">මොන මගුලක්ද?</font>

803
00:50:29,193 --> 00:50:30,528
<font color="#ffd220">අයියෝ ෂිට්.</font>

804
00:50:35,658 --> 00:50:36,659
<font color="#ffd220">ඒයි!</font>

805
00:50:37,994 --> 00:50:39,871
<font color="#ffd220">පිස්සු ගෑනියෙක් ඇවිල්ලා ඉන්නවා.</font>

806
00:50:39,954 --> 00:50:42,206
<font color="#ffd220">දැන්, එයා කෙලින්ම පිරිමි වොෂ්
රූම් එකට ආවා, ඊටපස්සේ...</font>

807
00:50:42,999 --> 00:50:44,459
<font color="#ffd220">ඉන්න. එයා ස්ටෝකර් කෙනෙක්ද?</font>

808
00:50:44,542 --> 00:50:47,086
<font color="#ffd220">කොහොම හරි, එයා මට ගැහුවා මාව හොඳටම බය කළා!</font>

809
00:50:47,170 --> 00:50:48,838
<font color="#ffd220">මගේ බඩේ අවුලක් නිසා, මම වොෂ් රූම් එකට ගියා,</font>

810
00:50:48,921 --> 00:50:50,631
<font color="#ffd220">එතකොටම එයා කඩාගෙන පැන්නා, මාව තල්ලු කළා...</font>

811
00:50:50,715 --> 00:50:52,508
<font color="#ffd220">ඌහ්. මාව පාගගෙන ගියා.</font>

812
00:50:53,134 --> 00:50:54,677
<font color="#ffd220">ඊළඟට මට මතක මගේ ෆෝන් එක
ටොයිලට් එකේ... ඔයා කාන්ග් පිල්-ගු!</font>

813
00:50:54,761 --> 00:50:55,887
<font color="#ffd220">ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු නේද?</font>

814
00:50:55,970 --> 00:50:57,680


815
00:50:59,807 --> 00:51:01,517
<font color="#ffd220">වාව්, ඩිටෙක්ටිව්.</font>

816
00:51:01,601 --> 00:51:03,311
<font color="#ffd220">මට හිතාගන්නත් බෑ ඔයාව මෙතැනදී හම්බුණා
කියලා. මම ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්.</font>

817
00:51:03,394 --> 00:51:05,354
<font color="#ffd220">මම හැම සීසන් එකක්ම බැලුවා, හැම කොටසක්ම.</font>

818
00:51:06,606 --> 00:51:07,940
<font color="#ffd220">ආහ්, ස්තූතියි ඒකට.</font>

819
00:51:08,691 --> 00:51:10,693
<font color="#ffd220">ඉතින් එයා කඩාගෙන පැන්නද?</font>

820
00:51:12,069 --> 00:51:14,322
<font color="#ffd220">නෑ, එහෙම නෑ. ඒ ගැන හිතන්න එපා. ආහ්.</font>

821
00:51:14,989 --> 00:51:16,532
<font color="#ffd220">වාව්. මම ඔයා එක්ක ඉන්නවා, කාන්ග් පිල්-ගු!</font>

822
00:51:17,200 --> 00:51:19,118
<font color="#ffd220">වාව්.</font>

823
00:51:24,373 --> 00:51:26,709
<font color="#ffd220">දැනට එයාට ලැබෙන්නේ පොඩි පොඩි චරිත විතරයිනේ.</font>

824
00:51:26,793 --> 00:51:28,795
<font color="#ffd220">එයාගේ වයසත් එක්ක කවුද එයාට රොමෑන්ටික්
කොමඩි වලට හරි ඩ්‍රාමා වලට හරි කතා කරන්නේ?</font>

825
00:51:28,878 --> 00:51:31,297
<font color="#ffd220">එයාට තියෙන්නේ කාන්ග් පිල්-ගු විතරයි.
එයාට වෙන මොනවද කරන්න පුළුවන්?</font>

826
00:51:31,380 --> 00:51:32,381


827
00:51:34,091 --> 00:51:35,259


828
00:51:36,636 --> 00:51:37,762


829
00:51:37,845 --> 00:51:39,347


830
00:51:41,057 --> 00:51:42,809
<font color="#ffd220">මොකද, ඔයා ආයේ මොකක් හරි
ගැන අප්සෙට් එකෙන්ද ඉන්නේ?</font>

831
00:51:42,892 --> 00:51:45,394
<font color="#ffd220">ඇත්තමයි, මම දන්නවා නම්
මෙහෙමයි කියලා මම එන්නේ නෑ.</font>

832
00:51:45,478 --> 00:51:46,854
<font color="#ffd220">මේ වගේ තැනකට.</font>

833
00:51:46,938 --> 00:51:49,774
<font color="#ffd220">ඔව්, මම දන්නවා. ඒකයි
මම ඒ ගැන කිව්වේ නැත්තේ.</font>

834
00:51:49,857 --> 00:51:50,858
<font color="#ffd220">ඉස්සෙල්ලා සිද්ධිය ගැන...</font>

835
00:51:51,984 --> 00:51:53,486
<font color="#ffd220">මම නිකන් නෙවෙයි කිව්වේ.</font>

836
00:51:53,569 --> 00:51:55,947
<font color="#ffd220">මට ඇති වෙලා තියෙන්නේ
කාන්ග් පිල්-ගු ව, ඇත්තටමයි, හරිද?</font>

837
00:51:56,030 --> 00:51:59,116
<font color="#ffd220">හරි, මට තේරෙනවා. අපිට ඒ
ගැන පස්සේ කතා කරන්න පුළුවන්.</font>

838
00:51:59,909 --> 00:52:01,869
<font color="#ffd220">ඒක නෙවෙයි, ඔයා සම්මාන
උළෙල ගැන බයකින්ද ඉන්නේ?</font>

839
00:52:01,953 --> 00:52:04,330
<font color="#ffd220">ඔයා දිගටම අර බෙහෙත් පෙති බොනවා.</font>

840
00:52:04,413 --> 00:52:05,414


841
00:52:05,498 --> 00:52:08,251
<font color="#ffd220">මම ඇත්තටම සම්මාන උළෙලට යන්නම ඕනද?</font>

842
00:52:08,334 --> 00:52:10,086
<font color="#ffd220">මට සම්මානයක් ලැබෙන්නෙත් නෑනේ.</font>

843
00:52:11,587 --> 00:52:12,839


844
00:52:12,922 --> 00:52:17,635
<font color="#ffd220">ඔයාට ගිය අවුරුද්දේ එකක් ලැබුණා නේද? ඉතින්
මේ පාර, ඔයාට පුළුවන් සම්මාන ප්‍රදානය කරන්න.</font>

845
00:52:17,718 --> 00:52:19,136
<font color="#ffd220">ඒත් මට අසනීපයි.</font>

846
00:52:20,471 --> 00:52:22,765
<font color="#ffd220">මම ඇත්තටමයි කියන්නේ, මට අමාරුයි.</font>

847
00:52:22,849 --> 00:52:25,351
<font color="#ffd220">හරි. ඔහොම දිගටම ඔය බෙහෙත් ටික බොන්නකෝ.</font>

848
00:52:27,103 --> 00:52:30,106


849
00:52:30,189 --> 00:52:31,566


850
00:52:32,149 --> 00:52:34,318


851
00:52:35,069 --> 00:52:37,280


852
00:52:38,573 --> 00:52:40,074


853
00:52:41,617 --> 00:52:42,785


854
00:52:43,703 --> 00:52:45,162


855
00:52:57,341 --> 00:52:58,759
<font color="#ffd220">වීඩියෝවක් ලැබුණා</font>

856
00:52:58,843 --> 00:53:00,219
<font color="#ffd220">තත්ව සාක්ෂි නැත</font>

857
00:53:10,021 --> 00:53:11,105
<font color="#ffd220">වූ යොන්ග්-සක්, සහයක</font>

858
00:53:12,523 --> 00:53:14,233
<font color="#ffd220">ඔයා කියන්නේ චොන්ග්වොන්
සිටි එකේ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියට</font>

859
00:53:14,317 --> 00:53:16,402
<font color="#ffd220">එයාගේ කිසිම සම්බන්ධයක් නෑ කියලද?</font>

860
00:53:16,485 --> 00:53:19,280
<font color="#ffd220">ඔය මුදල් ඔක්කොම අරගෙන වියදම්
කළේ එයාගේ සහයකයා විතරයි කියලද?</font>

861
00:53:19,363 --> 00:53:21,616
<font color="#ffd220">මන්ත්‍රී හා ගී-වාන්ගේ සහයකයා
වූ වූ, මියගොස් සිටියදී හමු විය.</font>

862
00:53:21,699 --> 00:53:24,785
<font color="#ffd220">ලිප ගල් සහ සියදිවි නසා ගැනීමේ
ලිපියක් සිද්ධිය වූ ස්ථානයේ තිබී හමුවිය.</font>

863
00:53:24,869 --> 00:53:27,288
<font color="#ffd220">මිස්ටර් වූ ගේ පවුලේ අයටවත් ඕන
නෑ මේක ලොකු දෙයක් කරගන්න.</font>

864
00:53:27,371 --> 00:53:30,374
<font color="#ffd220">ඉතින් ඔයා දිගටම මේක හාර අවුස්සන්න
ගියොත්, ගොඩක් මිනිස්සුන්ට කරදර වෙයි.</font>

865
00:53:30,458 --> 00:53:32,835
<font color="#ffd220">මම හිතනවා අපිට එකඟතාවයකට
එන්න පුළුවන් වෙයි කියලා, මිස් වි.</font>

866
00:53:56,484 --> 00:53:58,486
<font color="#ffd220">වූ යොන්ග්-සක්</font>

867
00:54:05,034 --> 00:54:06,702
<font color="#ffd220">හෙලෝ, මිස් වි. පුංචි ලෝකයක්.</font>

868
00:54:07,912 --> 00:54:09,497
<font color="#ffd220">ගොඩ කාලෙකින් මැඩම්.</font>

869
00:54:09,580 --> 00:54:11,666
<font color="#ffd220">දැන් අවුරුදු හතක් වෙනවා.</font>

870
00:54:11,749 --> 00:54:14,293
<font color="#ffd220">මිස් වි, ඔයාට තවදුරටත් එන්න ඕන නෑ.</font>

871
00:54:15,211 --> 00:54:17,463
<font color="#ffd220">ස්තූතියි මේ අවුරුදු ගාණ
පුරාවටම ඔයා කරපු දේවල් වලට.</font>

872
00:54:19,590 --> 00:54:21,258
<font color="#ffd220">ඒත් තාම ඉවර නෑ.</font>

873
00:54:22,051 --> 00:54:24,637
<font color="#ffd220">මිස්ටර් වූ ට කියන්න ඕන වුණ දේ...</font>

874
00:54:25,221 --> 00:54:27,682
<font color="#ffd220">සහ කොහොමද එයාගේ මරණය සියදිවි
නසා ගැනීමක් විදිහට පෙන්නුවේ කියන එක.</font>

875
00:54:30,393 --> 00:54:32,061
<font color="#ffd220">මම ඇත්ත එළිදරව් කරනවා, මම පොරොන්දු වෙනවා.</font>

876
00:54:32,561 --> 00:54:33,938
<font color="#ffd220">ඉයුන්සොන්ගිල්බෝ</font>

877
00:54:42,113 --> 00:54:43,322
<font color="#ffd220">මට සමාවෙන්න සර්.</font>

878
00:54:43,406 --> 00:54:45,658
<font color="#ffd220">මම විශ්වාස කරනවා ඔයා අර
මාධ්‍යවේදියා ගැන බලාගනියි කියලා.</font>

879
00:54:45,741 --> 00:54:47,368
<font color="#ffd220">ඔව්. තේරුණා සර්.</font>

880
00:54:49,662 --> 00:54:50,663
<font color="#ffd220">විනෝදාස්වාද අංශයේ පත්තරයක්?</font>

881
00:54:50,746 --> 00:54:53,165
<font color="#ffd220">මේ මොකක් ගැනද?</font>

882
00:54:53,249 --> 00:54:54,917
<font color="#ffd220">හැමෝම, ආයේ වැඩට යන්න.</font>

883
00:54:56,043 --> 00:54:58,087
<font color="#ffd220">අවුරුද්දකට විනෝදාස්වාද අංශයට මාරු වෙන්න.</font>

884
00:54:58,170 --> 00:54:59,797
<font color="#ffd220">විනෝදාස්වාද?</font>

885
00:54:59,880 --> 00:55:02,883
<font color="#ffd220">මාව මේ වගේ තැනකට මාරු කරන
එක නිකන්ම මාරු කිරීමක් නෙවෙයි.</font>

886
00:55:02,967 --> 00:55:05,261
<font color="#ffd220">ඒත් චීෆ්, ඔයා වීඩියෝ එක
දැක්කනේ? ඒක ලොකු කතාවක්!</font>

887
00:55:05,344 --> 00:55:06,971
<font color="#ffd220">වීඩියෝ එකේ අර මනුස්සයාගේ මූණවත් පේන්නේ නෑ,</font>

888
00:55:07,054 --> 00:55:09,640
<font color="#ffd220">කටහඬවත් හරියට ඇහෙන්නේ නෑ.
කොහොමද ඒක නිවුස් එකක් වෙන්නේ?</font>

889
00:55:09,724 --> 00:55:12,893
<font color="#ffd220">හරි. මට තේරෙනවා ඔයාට ඕන මුකුත්
නොදැක්කා වගේ, නාහුනා වගේ ඉන්න කියලා.</font>

890
00:55:12,977 --> 00:55:15,479
<font color="#ffd220">ඒත් චීෆ්. ඔයා අඳුරගත්තා නේද ඒ කවුද කියලා?</font>

891
00:55:16,188 --> 00:55:17,398
<font color="#ffd220">අහන්න.</font>

892
00:55:17,481 --> 00:55:20,234
<font color="#ffd220">ඔයාට ඇත්තටම ඕනද ඔයාගේ පොඩි
උවමනාවන් හින්දා අපි හැමෝවම අමාරුවේ දාන්න?</font>

893
00:55:20,776 --> 00:55:22,153
<font color="#ffd220">මට පවත්වාගෙන යන්න ආයතනයක් තියෙනවා!</font>

894
00:55:22,778 --> 00:55:24,822
<font color="#ffd220">ඔයාට ඕනද මේ අංශයම නැති වෙනවා දකින්න?</font>

895
00:55:24,905 --> 00:55:27,366
<font color="#ffd220">ඔයා මාධ්‍යවේදියෙක් වුණේ
පඩිපතට විතරක් වැඩ කරන්නද?</font>

896
00:55:27,450 --> 00:55:28,743
<font color="#ffd220">මොකක්ද ඔයා දැන් කිව්වේ?</font>

897
00:55:28,826 --> 00:55:31,078
<font color="#ffd220">ඔයා... ඔයා සීමාව පැන්නා. කොහොමද
ඔයාට පුළුවන් එහෙම කියන්න?</font>

898
00:55:31,162 --> 00:55:33,372
<font color="#ffd220">අම්මෝ.</font>

899
00:55:33,456 --> 00:55:34,874
<font color="#ffd220">මම දේශපාලන මාධ්‍යවේදියෙක්.</font>

900
00:55:35,791 --> 00:55:37,293
<font color="#ffd220">මම කැමති නෑ මාරු වෙන්න</font>

901
00:55:38,169 --> 00:55:39,420
<font color="#ffd220">සහ මගේ කැමැත්ත නැතුව මාව එළියට දානවට.</font>

902
00:55:39,503 --> 00:55:41,005


903
00:55:43,049 --> 00:55:45,509
<font color="#ffd220">මට රස්සාව නැති කරගන්න
ඕන නෑ. මාර චරිතයක්නේ.</font>

904
00:55:46,010 --> 00:55:47,428
<font color="#ffd220">ඇයි එයාව මෙහෙට එවලා තියෙන්නේ?</font>

905
00:55:47,511 --> 00:55:50,556
<font color="#ffd220">එයාලා බලන් ඉඳලා තියෙන්නේ
කොහොම හරි එයාව එළවගන්නකම්.</font>

906
00:55:50,639 --> 00:55:53,476
<font color="#ffd220">මට ආරංචි වුණා එයා වැඩ විතරක්ම කරන,
කිසිම සමාජ සම්බන්ධයක් නැති කෙනෙක් කියලා.</font>

907
00:55:53,559 --> 00:55:55,770
<font color="#ffd220">වැඩ කරන්න හරිම අමාරුයිලු.
නිකන් ලොකු හිසරදයක් වගේ.</font>

908
00:55:55,853 --> 00:55:57,772
<font color="#ffd220">අපි දැන් බෝම්බ නිෂ්ක්‍රීය අංශයක් වෙලාද? දෙවියනේ.</font>

909
00:55:58,314 --> 00:56:01,358
<font color="#ffd220">දැන් ඇති. ඇයි එක්කෙනෙක් මෙහෙට
එන එක ගැන මෙච්චර කලබල වෙන්නේ?</font>

910
00:56:01,942 --> 00:56:05,196
<font color="#ffd220">ඔයාලා අද කරපු වැඩක් නැති රිපෝට් කිරීම් එක්ක
බැලුවම, ඔයාලා බය වෙන්න ඕන ඔයාලගේ රස්සාවල් ගැන.</font>

911
00:56:06,447 --> 00:56:08,532
<font color="#ffd220">ගියුම්සැන්ග් කලා සම්මාන උළෙල අද රෑ නේද?</font>

912
00:56:09,116 --> 00:56:12,244
<font color="#ffd220">හොයලා බලන්න කවුද එක වගේ ඇඳුම් ඇඳන්
ඉන්නේ කියලා, කවුද කැතට ඇඳන් ඉන්නේ කියලා,</font>

913
00:56:12,328 --> 00:56:14,955
<font color="#ffd220">සම්මාන උළෙල පටන් ගන්න කලින් නිවුස් එක දාන්න.</font>

914
00:56:15,039 --> 00:56:19,085
<font color="#ffd220">රතු පලස මත ඇඳුම් යුද්ධය. කවුද
ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ?</font>

915
00:56:19,168 --> 00:56:22,463
<font color="#ffd220">මේ උත්සවය පටන් ගන්න අමුත්තන්
දෙන්නෙක් රතු පලසට ආවා විතරයි.</font>

916
00:56:22,546 --> 00:56:24,423
<font color="#ffd220">මුලින්ම, මේ සම්මාන උළෙලේ සත්කාරකයා</font>

917
00:56:24,507 --> 00:56:26,300
<font color="#ffd220">සහ අද මේ උත්සවය පවත්වන්න
හැකියාව ලබා දුන්න කෙනා,</font>

918
00:56:26,383 --> 00:56:28,135
<font color="#ffd220">සභාපති ලී දේ-හෝ, තරුණ නායකයෙක්</font>

919
00:56:28,219 --> 00:56:29,637
<font color="#ffd220">කර්මාන්තය ඉදිරියට ගෙන යන. මිස්ටර් චෙයාර්මන්!</font>

920
00:56:29,720 --> 00:56:33,390
<font color="#ffd220">ඕනෑම නළුවෙක් එක්ක තරඟ කරන්න පුළුවන්
පෙනුමක් එක්ක රතු පලසට ගොඩ වෙනවා.</font>

921
00:56:33,474 --> 00:56:35,684
<font color="#ffd220">සහ ඔහු සමඟ, මේ වසරේ වැඩිපුරම
කතා බහට ලක් වුණු... මිස්ටර් චෙයාර්මන්!</font>

922
00:56:35,768 --> 00:56:37,436
<font color="#ffd220">තරුව... මම දේශපාලන අංශයෙන්!</font>

923
00:56:37,520 --> 00:56:39,271
<font color="#ffd220">මිස්ටර් චෙයාර්මන්! චෙයාර්මන් ලී!</font>

924
00:56:39,355 --> 00:56:41,148
<font color="#ffd220">...ලස්සන ගවුමක්. ඔයාලට දැනෙනවා
ඇති... සමාවෙන්න, චෙයාර්මන් ලී!</font>

925
00:56:41,232 --> 00:56:43,192


926
00:56:43,943 --> 00:56:45,402
<font color="#ffd220">මම දේශපාලන අංශයෙන්!</font>

927
00:56:45,486 --> 00:56:48,030
<font color="#ffd220">මිස්ටර් චෙයාර්මන්! චෙයාර්මන් ලී!</font>

928
00:56:48,114 --> 00:56:51,742
<font color="#ffd220">දැන් රතු පලසට එන මේ පුද්ගලයාව
ඔයාලට අනිවාර්යයෙන්ම මග ඇරෙන්නේ නෑ.</font>

929
00:56:51,826 --> 00:56:53,828
<font color="#ffd220">ඔහු තමයි සාර්ථක ඩ්‍රාමා එකක්
වුණු "ගුඩ් ඩිටෙක්ටිව් කාන්ග් පිල්-ගු" හි</font>

930
00:56:53,911 --> 00:56:56,747
<font color="#ffd220">සීසන් හතර පුරාවටම ප්‍රධාන චරිතය රඟපෑවේ.</font>

931
00:56:56,831 --> 00:56:59,458
<font color="#ffd220">ඒ වගේම ගිය අවුරුද්දේ
ගියුම්සැන්ග් කලා සම්මාන උළෙලේ</font>

932
00:56:59,542 --> 00:57:02,169
<font color="#ffd220">ඩ්‍රාමා අංශයෙන් හොඳම නළුවා
සම්මානය දිනාගත්තා. සහ දැන්...</font>

933
00:57:02,253 --> 00:57:05,756
<font color="#ffd220">මිස්ටර් චෙයාර්මන්! ඔයාට පුළුවන්ද යමක්
කියන්න ඉයුන්සොන්ගිල්බෝ හි සිද්ධ වෙන</font>

934
00:57:05,840 --> 00:57:07,925
<font color="#ffd220">පළිගැනීමේ මාරු කිරීම් ගැන?</font>

935
00:57:08,008 --> 00:57:10,803
<font color="#ffd220">ඔයා කොහෙන් කියලද කිව්වේ? මම වි
ජොන්ග්-සින්, ඉයුන්සොන්ගිල්බෝ එකෙන්!</font>

936
00:57:10,886 --> 00:57:12,388
<font color="#ffd220">ඔයා මගේ කෝල්ස්, මීටින්ග්ස් හැම එකක්ම මග ඇරියා,</font>

937
00:57:12,471 --> 00:57:14,557
<font color="#ffd220">ඒකයි මට සිද්ධ වුණේ මෙතැනට එන්න!</font>

938
00:57:14,640 --> 00:57:15,975
<font color="#ffd220">අපි පස්සේ කතා කරමු, හරිද? මිස්ටර් චෙයාර්මන්!</font>

939
00:57:16,058 --> 00:57:18,018
<font color="#ffd220">කරුණාකරලා මගේ මාරුව අවලංගු කරන්න!</font>

940
00:57:18,102 --> 00:57:19,353
<font color="#ffd220">අපි පස්සේ කතා කරමු.</font>

941
00:57:20,312 --> 00:57:22,439
<font color="#ffd220">සොරි. අයින් වෙන්න, කරුණාකරලා.</font>

942
00:57:26,986 --> 00:57:28,237


943
00:57:46,547 --> 00:57:48,382


944
00:58:05,482 --> 00:58:06,734


945
00:58:06,817 --> 00:58:08,903


946
00:58:09,778 --> 00:58:11,780


947
00:58:13,782 --> 00:58:14,992
<font color="#ffd220">හ්යොන්-ජුන්!</font>

948
00:58:15,075 --> 00:58:17,077


949
00:58:23,876 --> 00:58:25,711


950
00:58:25,794 --> 00:58:26,879


951
00:58:35,137 --> 00:58:36,347


952
00:58:40,392 --> 00:58:41,393


953
00:58:51,237 --> 00:58:52,321


954
00:59:22,810 --> 00:59:25,187
<font color="#ffd220">විශේෂ ස්තූතිය: ඔහ් යොන්-සෝ පැමිණීම වෙනුවෙන්</font>

955
00:59:28,232 --> 00:59:30,317
<font color="#ffd220">මේ ඔක්කොම වුණාට පස්සේ මම කොහොමද හොඳින් ඉන්නේ?</font>

956
00:59:30,401 --> 00:59:32,319
<font color="#ffd220">ඔයාට ඇත්තේ මාර නරක මතකයක්.</font>

957
00:59:32,403 --> 00:59:34,488
<font color="#ffd220">අපි මීට කලින් දෙපාරක් හම්බෙලා
තියෙනවා. නාට්‍යමය හමුවීම් දෙකක්.</font>

958
00:59:34,571 --> 00:59:38,075
<font color="#ffd220">මේ ගෑනු කෙනා නම් කොහෙත්ම මාධ්‍යවේදියෙක් වෙන්න බෑ.</font>

959
00:59:38,158 --> 00:59:39,743
<font color="#ffd220">ඔයාට බෑ මාධ්‍ය එක්ක ඔහොම සෙල්ලම් කරන්න!</font>

960
00:59:39,827 --> 00:59:41,870
<font color="#ffd220">ඔයාට ඕනද ලිම් හ්යොන්-ජුන් ව නැති කරන්න? ඔව්!</font>

961
00:59:41,954 --> 00:59:45,082
<font color="#ffd220">හැමෝටම හංගන්න දේවල් තියෙනවා,
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ.</font>

962
00:59:45,165 --> 00:59:47,876
<font color="#ffd220">මිස් වි, මට ගොඩක් කණගාටුයි
ඒත් ඔයාට යන්න වෙනවා.</font>

963
00:59:47,960 --> 00:59:50,921
<font color="#ffd220">ඇත්තම කියනවා නම්, එයා
මගෙන් දණගහලා සමාව ගන්න ඕනේ!</font>

964
00:59:51,005 --> 00:59:52,673
<font color="#ffd220">මට ඕනෙ එයාටත් ඒ දේම ආපහු දෙන්න විතරයි.</font>

965
00:59:52,756 --> 00:59:55,384
<font color="#ffd220">ඇත්තටම මේ මාධ්‍යවේදියාට පිස්සුද මන්දා?</font>

966
00:59:55,408 --> 00:59:57,408
<font color="#e32a44"><b>💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</b></font>

