1
00:00:00,267 --> 00:00:02,233
<font color="#e3a113"><b>[ඔබ ස්පිරිට් ෆින්ගර්ස් (Spirit
Fingers) හා එක් වීමට කැමතිද?]</b></font>

2
00:00:21,067 --> 00:00:24,867
<b><font color="#ffffff"><i>♫ කාලයත් සමඟ නොවෙනස්ව පවතින හදවතක් ♫</i></font></b>

3
00:00:25,633 --> 00:00:30,300
<b><font color="#ffffff"><i>♫ සදාකාලිකව පවතින අපගේ අනන්ත වූ කතාව ♫</i></font></b>

4
00:00:35,567 --> 00:00:37,387
<font color="#ffd88f"><b>💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</b></font>

5
00:00:37,387 --> 00:00:38,967


6
00:00:42,133 --> 00:00:43,167
<font color="#ffdc20">එතකොට...</font>

7
00:00:44,233 --> 00:00:45,233
<font color="#ffdc20">මොකක්ද?</font>

8
00:00:46,433 --> 00:00:47,700
<font color="#ffdc20">එතකොට...</font>

9
00:00:47,700 --> 00:00:48,733
<font color="#ffdc20">මොකක්ද?</font>

10
00:00:52,300 --> 00:00:53,633
<font color="#ffdc20">අපි කිස් කරල බලමුද?</font>

11
00:00:55,167 --> 00:00:56,167
<font color="#ffdc20">මොකක්?</font>

12
00:00:56,167 --> 00:00:57,200
<font color="#ffdc20">කිස් එකක්.</font>

13
00:01:03,467 --> 00:01:05,500
<font color="#ffdc20">අපිට අඩුම ගානේ යාළුවෝ වෙන්නවත් බැහැ.</font>

14
00:01:06,200 --> 00:01:07,567
<font color="#ffdc20">මොකක්?</font>

15
00:01:07,567 --> 00:01:09,300
<font color="#ffdc20">ඔයා ආයෙ මගේ යාළුවෙක් නෙවෙයි!</font>

16
00:01:09,300 --> 00:01:10,767
<font color="#ffdc20">මම ආයෙ ඔයාගේ යාළුවෙක් නෙවෙයි?</font>

17
00:01:11,633 --> 00:01:13,067
<font color="#ffdc20">ඒයි, මම ආයෙ ඔයාගේ යාළුවෙක් නෙවෙයිද?</font>

18
00:01:13,067 --> 00:01:14,467
<font color="#ffdc20">යාළුකමක් කොහොමද එහෙම වෙනස් වෙන්නේ?</font>

19
00:01:14,467 --> 00:01:17,033
<font color="#ffdc20">ඇත්ත යාළුවෝ කොහොමහරි ආපහු එකතු වෙනවා!</font>

20
00:01:21,333 --> 00:01:24,633
<font color="#ff9332"><b>[6 වන කොටස]</b></font>

21
00:01:24,633 --> 00:01:26,100
<font color="#ffdc20">අපි කිස් කරල බලමුද?</font>

22
00:01:29,233 --> 00:01:31,200
<font color="#ffdc20">ඔයාට සතුටු හිතුණා නේද?</font>

23
00:01:38,667 --> 00:01:41,000
<font color="#ffdc20">ඔයාට සතුටක් දැනුණා. මම හරි නේද?</font>

24
00:01:44,667 --> 00:01:46,100
<font color="#ffdc20">මම දන්නවා ඔයාට සතුටුයි කියලා.</font>

25
00:01:49,433 --> 00:01:51,333
<font color="#ffdc20">නෑ, මට එහෙම හිතුණෙ නෑ. මට එහෙම හිතෙන්නේ ඇයි?</font>

26
00:01:51,333 --> 00:01:52,500
<font color="#ffdc20">එහෙනම් ඇයි ඔයා දුවලා ගියේ?</font>

27
00:01:52,500 --> 00:01:54,533
<font color="#ffdc20">ඉතින්, එයා එකපාරටම කිස් කරන්න ඇහුව...</font>

28
00:01:55,433 --> 00:01:59,067
<font color="#ffdc20">එයා ඇහුවනේ අපි කිස් කරල බලමුද
කියලා. මම කොහොමද එතන ඉන්නේ?</font>

29
00:01:59,067 --> 00:02:01,767
<font color="#ffdc20">මම කැමති නැති කෙනෙක්ව කිස් කරන්නේ කොහොමද?</font>

30
00:02:01,767 --> 00:02:03,933
<font color="#ffdc20">ඔයා තාම දන්නෙවත් නෑනේ
ඔයා එයාට කැමතිද නැද්ද කියලා.</font>

31
00:02:03,933 --> 00:02:06,367
<font color="#ffdc20">ඒක හොයාගන්න අනිවාර්යයෙන්ම කිස් කරන්න ඕන නෑනේ.</font>

32
00:02:06,367 --> 00:02:08,100
<font color="#ffdc20">මම එයාව කිස් කරල, මම එයාට කැමති
නෑ කියල තේරුණොත් මොකද කරන්නේ?</font>

33
00:02:10,067 --> 00:02:11,533
<font color="#ffdc20">ඒක මගේ පළවෙනි කිස් එක වෙනවා.</font>

34
00:02:12,400 --> 00:02:15,100
<font color="#ffdc20">මගේ පළවෙනි කිස් එක මම කැමති
කෙනෙක් වෙනුවෙන් ඉතුරු කරගන්නවා.</font>

35
00:02:15,100 --> 00:02:16,300
<font color="#ffdc20">එහෙනම්...</font>

36
00:02:17,700 --> 00:02:21,333
<font color="#ffdc20">සොන් හෝ (Seon Ho) ඇහුවොත්,
ඔයා එයාව කිස් කරනවද?</font>

37
00:02:22,300 --> 00:02:23,700
<font color="#ffdc20">සොන් හෝ?</font>

38
00:02:23,700 --> 00:02:25,533
<font color="#ffdc20">ඔයා සොන් හෝට කැමතියිනේ.</font>

39
00:02:25,533 --> 00:02:27,667
<font color="#ffdc20">සොන් හෝ කිව්වොත් එයා ඔයාට කැමතියි කියලා,</font>

40
00:02:27,667 --> 00:02:29,667
<font color="#ffdc20">ඔයා එයාව කිස් කරනවද?</font>

41
00:02:33,033 --> 00:02:34,933
<font color="#ffdc20">මට එහෙම කරන්න පුළුවන්
වෙයි කියලා මම හිතන්නේ නෑ.</font>

42
00:02:34,933 --> 00:02:37,533
<font color="#ffdc20">ඇයි බැරි? ඔයා කිව්වනේ කෙනෙක්ට
කැමති නම් එහෙම කරනවා කියලා.</font>

43
00:02:38,300 --> 00:02:39,333
<font color="#ffdc20">ඒක නිකන්...</font>

44
00:02:40,567 --> 00:02:42,500
<font color="#ffdc20">- ඒක නිකන්...
- ඔයා ඔයාගේ ජීවිතේම ගත කළේ</font>

45
00:02:42,500 --> 00:02:45,367
<font color="#ffdc20">හිතින් මවාගත්ත ආදර කතා පස්සේ ගිහින්.</font>

46
00:02:45,367 --> 00:02:48,933
<font color="#ffdc20">ඇත්ත ජීවිතේ සැබෑ හැඟීම් ඇති වෙන
කොට ඔයාට ඒක දරාගන්න බැරි වෙනවා.</font>

47
00:02:49,700 --> 00:02:53,333
<font color="#ffdc20">මැරෙනකම්ම හිතින් ආදරේ කර කර ඉන්න
එක ඊට වඩා හොඳයි කියලා ඔයා හිතනවා.</font>

48
00:02:54,433 --> 00:02:56,567
<font color="#ffdc20">කවුරුහරි මට කැමති වෙයි කියන අදහස</font>

49
00:02:58,167 --> 00:03:00,633
<font color="#ffdc20">කවදාවත් මගේ හිතට ඇවිත් නෑ.</font>

50
00:03:01,367 --> 00:03:03,900
<font color="#ffdc20">ඒ නිසාද ගි ජොන්ග් (Gi Jeong) ඔයා
ගැන තියෙන හැඟීම් ඔයාට පිළිගන්න බැරි?</font>

51
00:03:04,667 --> 00:03:05,667
<font color="#ffdc20">මොකක්?</font>

52
00:03:15,600 --> 00:03:19,133
<font color="#ffdc20">මම සම්පූර්ණයෙන්ම විනාශයි. මට පිස්සු.</font>

53
00:03:19,133 --> 00:03:20,367
<font color="#ffdc20">හැමදේම විනාශ වුණා.</font>

54
00:03:21,267 --> 00:03:22,633
<font color="#ffdc20">අපිට අඩුම ගානේ යාළුවෝ වෙන්නවත් බැරිද?</font>

55
00:03:22,633 --> 00:03:23,700
<font color="#ffdc20">යාළුවෝ වෙන්නවත් බැරිද?</font>

56
00:03:24,967 --> 00:03:26,067
<font color="#ffdc20">ඇත්තටම...</font>

57
00:03:28,200 --> 00:03:30,467
<font color="#ffdc20">අපොයි, හරිම සීතලයි. ඊයා!</font>

58
00:03:30,467 --> 00:03:32,000
<font color="#ffdc20">[හැසොල් උසස් පාසල]</font>

59
00:03:32,000 --> 00:03:33,500
<font color="#ffdc20">- කිස් එකක්?
- කිස් එකක්?</font>

60
00:03:33,500 --> 00:03:35,433
<font color="#ffdc20">[ඔබේම මාවතේ යන්න] නෑ, අපි එහෙම කළේ නෑ.</font>

61
00:03:35,433 --> 00:03:37,100
<font color="#ffdc20">එහෙනම් මොකක්ද? ඔයාලා එහෙම කරන්න ගියාද?</font>

62
00:03:37,100 --> 00:03:38,633
<font color="#ffdc20">නෑ, කවදාවත් නෑ.</font>

63
00:03:38,633 --> 00:03:40,600
<font color="#ffdc20">එහෙනම් මොකද වුණේ? කියනවකෝ ඉතින්!</font>

64
00:03:41,467 --> 00:03:45,633
<font color="#ffdc20">එයා ඇහුවා, 'අපි කිස් කරල බලමුද?' කියලා.</font>

65
00:03:46,800 --> 00:03:48,767
<font color="#ffdc20">- ඉතින්? ඉතින් ඊට පස්සේ?
- ඉතින්? ඉතින්?</font>

66
00:03:48,767 --> 00:03:49,867
<font color="#ffdc20">අනේ කියන්නකො, එළියට දාන්නකෝ ඕක!</font>

67
00:03:49,867 --> 00:03:51,200
<font color="#ffdc20">මම පැනලා ආවා.</font>

68
00:03:53,300 --> 00:03:54,367
<font color="#ffdc20">මොකක්?</font>

69
00:03:54,367 --> 00:03:56,700
<font color="#ffdc20">ඔයාට පිස්සුද, ඔයාට හොඳටම පිස්සු!</font>

70
00:03:56,700 --> 00:04:00,800
<font color="#ffdc20">ලෙජන්ඩ් මගෙන් කිස් කරන්න
ඇහුවා නම්, මම නිකන්ම... අම්මෝ.</font>

71
00:04:00,800 --> 00:04:03,167
<font color="#ffdc20">ඒයි, මෝඩියේ, ඔයාට තිබුණේ
නිකන්ම ඒකට ඉඩ දෙන්න!</font>

72
00:04:03,167 --> 00:04:05,000
<font color="#ffdc20">මම කැමති නැති කෙනෙක් එක්ක කොහොමද එහෙම කරන්නේ?</font>

73
00:04:05,967 --> 00:04:07,133
<font color="#ffdc20">ඔයාට දැනෙන විදිහ කාටද වැඩක් තියෙන්නේ?</font>

74
00:04:07,133 --> 00:04:10,467
<font color="#ffdc20">ආයේ කවදාද ජීවිතේට ඔය වගේ
හැඩකාරයෙක්ගේ තොල් සිපගන්න ලැබෙන්නේ?</font>

75
00:04:10,467 --> 00:04:13,433
<font color="#ffdc20">එයාට ඉස්සෙල්ලාම තහවුරු කරගන්න ඕන
එයාට එයා ගැන හැඟීමක් තියෙනවද කියලා.</font>

76
00:04:13,433 --> 00:04:16,067
<font color="#ffdc20">නෑ. හැඟීම් තහවුරු කරගන්න
නම් ඉස්සෙල්ලාම කිස් කරන්න ඕන.</font>

77
00:04:16,067 --> 00:04:18,600
<font color="#ffdc20">එයා එයාව කිස් කරන්න කලින්
එයාගේ හැඟීම් තහවුරු කරගන්න ඕන.</font>

78
00:04:18,600 --> 00:04:19,967
<font color="#ffdc20">අනේ මන්දා, මේක මාර කරදරයක්නේ.</font>

79
00:04:19,967 --> 00:04:21,967
<font color="#ffdc20">නෑ. කිස් කරන්න කලින් එයාගේ
හැඟීම් තහවුරු කරගන්න ඕන, හරිද?</font>

80
00:04:21,967 --> 00:04:23,900
<font color="#ffdc20">නෑ, මම නම් එහෙම හිතන්නේ නෑ.
හා, එහෙනම් ඔයා ගිහින් ඕන කෙනෙක්ව කිස් කරගන්න.</font>

81
00:04:23,900 --> 00:04:27,017
<font color="#ffdc20">මම හිතන්නේ නෑ මට ආයේ එයාගේ මූණ
බලන්න පුළුවන් වෙයි කියලා. මම මොකද කරන්නේ?</font>

82
00:04:27,041 --> 00:04:29,100
<font color="#ffdc20">එයාට ඉස්සෙල්ලාම කිස් කරන්න වෙනවා, තේරුණාද?</font>

83
00:04:29,100 --> 00:04:31,400
<font color="#ffdc20">හා ඉතින්. ඔයා ඔහොම හැඟීම්
තහවුරු කර කර ඉන්නකෝ එහෙනම්.</font>

84
00:04:35,767 --> 00:04:36,833
<font color="#ffdc20">කවුද ඒ?</font>

85
00:04:36,833 --> 00:04:38,467
<font color="#ffdc20">ආ, මගේ අම්මා.</font>

86
00:04:38,467 --> 00:04:40,667
<font color="#ffdc20">එයා ඊයේ ජර්මනියේ ඉඳන් ආවා.</font>

87
00:04:40,667 --> 00:04:43,133
<font color="#ffdc20">ලබන සතියේ රෑ කෑමට එන්නලු. හරිම කරදරයක්.</font>

88
00:04:43,833 --> 00:04:46,033
<font color="#ffdc20">ඔයා ඔය ඇත්තටම නෙවෙයි කියන්නේ.</font>

89
00:04:46,033 --> 00:04:48,133
<font color="#ffdc20">ඔයාට එයාව ගොඩක් මතක් වුණානේ.</font>

90
00:04:48,133 --> 00:04:50,033
<font color="#ffdc20">නෑ, මට එහෙම වුණේ නෑ.</font>

91
00:04:56,600 --> 00:04:59,067
<font color="#ffdc20">[විවාහ අධ්‍යයනය 101]</font>

92
00:04:59,700 --> 00:05:01,667
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න, මට ෂෝට්කට් කීස් මතක නෑනේ.</font>

93
00:05:10,667 --> 00:05:13,500
<font color="#ffdc20">ආහ්, කු සොන් හෝ තමයි හොඳම. ස්තූතියි.</font>

94
00:05:18,367 --> 00:05:20,267
<font color="#ffdc20">[විවාහ අධ්‍යයනය 101 කණ්ඩායම් ව්‍යාපෘතිය]</font>

95
00:05:20,267 --> 00:05:21,867
<font color="#ffdc20">විවාහ අධ්‍යයනය අසයිමන්ට් එක වැටිලා.</font>

96
00:05:22,600 --> 00:05:25,700
<font color="#ffdc20">[දිනපතා ඡායාරූප සාක්ෂි
සහිතව ඩේට් එක ගැන වාර්තාවක්]</font>

97
00:05:25,700 --> 00:05:26,933
<font color="#ffdc20">[මහාචාර්යවරයා විසින් කණ්ඩායම්
අහඹු ලෙස නම් කර ඇත] ඩේට් එකක්?</font>

98
00:05:26,933 --> 00:05:30,633
<font color="#ffdc20">අම්මෝ, නාඳුනන කෙනෙක් එක්ක ටීම්
එකකට වැටුණොත් නම් මාරම අවුල් වෙයි.</font>

99
00:05:35,000 --> 00:05:37,833
<font color="#ffdc20">[නම් ගෙව් රින් (Nam Geu Rin)
- කු සොන් හෝ (Koo Seon Ho)]</font>

100
00:05:39,567 --> 00:05:41,333
<font color="#ffdc20">අපි වාසනාවන්තයි.</font>

101
00:05:41,333 --> 00:05:43,200
<font color="#ffdc20">අපිට එච්චර අවුලක් වෙන එකක් නෑ නේද?</font>

102
00:05:45,700 --> 00:05:48,667
<font color="#ffdc20">හරි, ඒක හොඳයි.</font>

103
00:05:48,667 --> 00:05:50,667
<font color="#ffdc20">ඔයා එක්ක වැඩ කරන එක මටත් පහසුයි.</font>

104
00:05:50,667 --> 00:05:51,933
<font color="#ffdc20">අපි 'එස්කේප් රූම්' එකකට යමුද?</font>

105
00:05:52,867 --> 00:05:55,400
<font color="#ffdc20">- හා යමු.
- ඉරිදා මීටින් එකෙන් පස්සේ යමු.</font>

106
00:05:55,400 --> 00:05:57,300
<font color="#ffdc20">- හොඳයි.
- මම බුකින් එකක් දාන්නම්.</font>

107
00:05:57,300 --> 00:05:59,333
<font color="#ffdc20">හරි! ෂා, මේක හරිම සරලයි.</font>

108
00:06:00,700 --> 00:06:01,967
<font color="#ffdc20">මේක නියමයි.</font>

109
00:06:05,626 --> 00:06:07,584
<font color="#ffdc20">[විවාහ අධ්‍යයනය 101]</font>

110
00:06:13,467 --> 00:06:15,633
<font color="#ffdc20">දැන් තමයි මට ටිකක් සැනසීමක් දැනුණේ.</font>

111
00:06:16,833 --> 00:06:18,033
<font color="#ffdc20">මම ඉවරෙටම ඉවරයි.</font>

112
00:06:18,667 --> 00:06:20,433
<font color="#ffdc20">මම ඉවරෙටම ඉවරයි.</font>

113
00:06:21,600 --> 00:06:24,067
<font color="#ffdc20">මම ඉවරෙටම ඉවරයි!</font>

114
00:06:34,000 --> 00:06:35,733
<font color="#ffdc20">අපි කිස් කරල බලමුද?</font>

115
00:06:35,733 --> 00:06:37,333
<font color="#ffdc20">අපි කිස් කරල බලමුද?</font>

116
00:06:37,333 --> 00:06:38,467
<font color="#ffdc20">අපි කිස් කරල බලමුද?</font>

117
00:06:46,900 --> 00:06:48,667
<font color="#ffdc20">ඔයාගේ රිපෝට් කාඩ් මේ සතියේ එනවා නේද?</font>

118
00:06:49,700 --> 00:06:50,700
<font color="#ffdc20">මොකක්?</font>

119
00:06:51,400 --> 00:06:52,900
<font color="#ffdc20">ඔව්.</font>

120
00:06:52,900 --> 00:06:56,067
<font color="#ffdc20">විභාග ඉවර වුණා කියලා නිකන් ඉන්න
එපා. නිදාගන්න කලින් තව පාඩම් කරන්න.</font>

121
00:06:56,733 --> 00:07:00,733
<font color="#ffdc20">ඔයාගේ අයියා විභාග ඉවර
වෙලත් එළිවෙනකම් පාඩම් කළා.</font>

122
00:07:00,733 --> 00:07:02,033
<font color="#ffdc20">හරි හරි ඉතින්.</font>

123
00:07:05,333 --> 00:07:07,267
<font color="#ffdc20">වූ යොන් (U Yeon), ෆ්‍රිජ් එක වහන්න.</font>

124
00:07:31,567 --> 00:07:33,433
<font color="#ffdc20">මේ සතියේ තේමාව මොකක්ද?</font>

125
00:07:33,433 --> 00:07:35,033
<font color="#ffdc20">ඔයාලගේ අදහස් කියන්නකෝ.</font>

126
00:07:35,033 --> 00:07:36,700
<font color="#ffdc20">ම්ම්, මම තාම කල්පනා කරනවා.</font>

127
00:07:36,700 --> 00:07:38,333
<font color="#ffdc20">මමත් එහෙමයි.</font>

128
00:07:38,333 --> 00:07:39,367
<font color="#ffdc20"> හොල්මන් මන්දිරය.</font>

129
00:07:41,033 --> 00:07:43,133
<font color="#ffdc20">මට තේමාවකට අදහසක් තියෙනවා.</font>

130
00:07:45,300 --> 00:07:48,933
<font color="#ffdc20">බං, උඹ ආදරේ ප්‍රකාශ කරලා,
යෝජනා කරලත් ප්‍රතික්ෂේප වුණානේ.</font>

131
00:07:48,933 --> 00:07:51,400
<font color="#ffdc20">නිකන් කිස් එකක් ප්‍රතික්ෂේප
වුණා කියලා ලැජ්ජ වෙන්නේ මොකද?</font>

132
00:07:51,400 --> 00:07:52,967
<font color="#ffdc20">ඒක පූ ගි ජොන්ග්ට ගැලපෙන්නේ නෑනේ.</font>

133
00:07:52,967 --> 00:07:54,400
<font color="#ffdc20">මූට ඇත්තටම ලැජ්ජ හිතෙන්න ඕන.</font>

134
00:07:54,400 --> 00:07:55,667
<font color="#ffdc20">ඒ ඇයි?</font>

135
00:07:55,667 --> 00:07:57,700
<font color="#ffdc20">ඒයි, පූ ගි ජොන්ග්. ඇත්ත කියපන්.</font>

136
00:07:57,700 --> 00:07:59,933
<font color="#ffdc20">උඹට ඇත්තටම ඕන වුණේ මිස්
පිගීව (Miss Piggy) කිස් කරන්න නේද?</font>

137
00:08:01,800 --> 00:08:04,567
<font color="#ffdc20">මොකක්? කිස් කළාම උඹේ හැඟීම්
තහවුරු කරගන්න පුළුවන් හින්දද?</font>

138
00:08:05,600 --> 00:08:08,500
<font color="#ffdc20">ඇත්තම කතාව, උඹට ඕන වුණේ එයාව කිස් කරන්න.</font>

139
00:08:08,500 --> 00:08:11,067
<font color="#ffdc20">එයා උඹව අතටම මාට්ටු කරගත්තා
උඹේ ඔය කැත හිතත් එක්ක.</font>

140
00:08:11,067 --> 00:08:13,267
<font color="#ffdc20">ඒකයි, උඹට දැන් ලැජ්ජා හිතෙන්නේ.</font>

141
00:08:13,267 --> 00:08:14,567
<font color="#ffdc20">මම හරි නේද?</font>

142
00:08:14,567 --> 00:08:15,667
<font color="#ffdc20">ඒකද කාරණේ?</font>

143
00:08:18,267 --> 00:08:21,433
<font color="#ffdc20">එයා කිව්වනේ, අපිට අඩුම ගානේ
යාළුවෝ වෙන්නවත් බෑ කියලා.</font>

144
00:08:22,767 --> 00:08:25,733
<font color="#ffdc20">අයියෝ, මට දැන් මිස් පිගීගේ මූණ බලන්නත් ලැජ්ජයි.</font>

145
00:08:26,733 --> 00:08:29,933
<font color="#ffdc20">මම නිකන්ම සමාව ගන්නද?</font>

146
00:08:29,933 --> 00:08:31,167
<font color="#ffdc20">අපි ප්ලෑන් එක වෙනස් කරමු.</font>

147
00:08:31,800 --> 00:08:33,267
<font color="#ffdc20">පස්සෙන් යන එක නවත්තන්න කාලේ හරි.</font>

148
00:08:33,267 --> 00:08:34,300
<font color="#ffdc20">දැන්.</font>

149
00:08:37,633 --> 00:08:39,333
<font color="#ffdc20">ටිකක් ගණන් උස්සන්න කාලේ හරි.</font>

150
00:08:39,333 --> 00:08:40,500
<font color="#ffdc20">ගණන් උස්සන්න?</font>

151
00:08:44,000 --> 00:08:46,000
<font color="#ffdc20">මුකුත් වුණේ නෑ වගේ ඉන්න.</font>

152
00:08:46,767 --> 00:08:48,267
<font color="#ffdc20">ඒත් ඇත්තටම මුකුත් වුණේ නෑනේ, නේද?</font>

153
00:08:49,933 --> 00:08:51,400
<font color="#ffdc20">මඟ ඇරියොත් නම් ඒක වැඩියෙන්ම කැපිලා පේයි.</font>

154
00:08:53,300 --> 00:08:55,533
<font color="#ffdc20">හායි, බේබ්ලූ (Baeblu).</font>

155
00:08:56,167 --> 00:08:57,333
<font color="#ffdc20">ආයුබෝවන්.</font>

156
00:08:58,500 --> 00:09:00,967
<font color="#ffdc20">ආ, සොන් හෝ. හායි!</font>

157
00:09:01,833 --> 00:09:03,133
<font color="#ffdc20">හෙලෝ.</font>

158
00:09:03,133 --> 00:09:04,433
<font color="#ffdc20">විභාග කොහොමද?</font>

159
00:09:05,067 --> 00:09:06,800
<font color="#ffdc20">- මට ෂුවර් නෑ.
- ආහ්.</font>

160
00:09:06,800 --> 00:09:09,267
<font color="#ffdc20">විභාග ඉවර නිසා, අපි රෑ කෑමකට එළියට යමුද?</font>

161
00:09:09,267 --> 00:09:10,800
<font color="#ffdc20">අපි ඒක ඊළඟ වතාවේ කරමු.</font>

162
00:09:10,800 --> 00:09:12,600
<font color="#ffdc20">අපි අද ඩේට් එකකට යනවා.</font>

163
00:09:19,267 --> 00:09:22,700
<font color="#ffdc20">ඔයාලා දෙන්නා එකට ඉද්දි හරිම ලස්සනයි.</font>

164
00:09:22,700 --> 00:09:24,867
<font color="#ffdc20">වූ යොන්, මේක එහෙම දෙයක් නෙවෙයි.</font>

165
00:09:24,867 --> 00:09:25,967
<font color="#ffdc20">වූ යොන්, ඉන්න මාත් එනවා.</font>

166
00:09:25,967 --> 00:09:27,167
<font color="#ffdc20">වූ යොන්, ඉන්නකෝ!</font>

167
00:09:28,733 --> 00:09:29,767
<font color="#ffdc20">ඕක ගලවන්න.</font>

168
00:09:30,400 --> 00:09:31,600
<font color="#ffdc20">මට බෑ.</font>

169
00:09:31,600 --> 00:09:33,033
<font color="#e3a113"><b>[ස්පිරිට් ෆින්ගර්ස්, 8 වන හමුව]</b></font>
<font color="#ffdc20">මම කිව්වේ ගලවන්න කියලා.</font>

170
00:09:33,033 --> 00:09:34,600
<font color="#ffdc20">අනේ මේ, ඔයා ඔයාගේ එක ගලවගන්නවා!</font>

171
00:09:34,600 --> 00:09:37,400
<font color="#ffdc20">මම පුදුම ට්‍රයි එකක් දුන්නේ
ඔයාට මැච් නොවී ඉන්න!</font>

172
00:09:37,400 --> 00:09:39,500
<font color="#ffdc20">දුඹුරු පාට හාාවෝ කොහෙද ඉන්නේ?</font>

173
00:09:39,500 --> 00:09:40,533
<font color="#ffdc20">ඔයාට වලහෙක් නම් ගැලපෙනවා.</font>

174
00:09:40,533 --> 00:09:41,800
<font color="#ffdc20">රෝස පාට හාවෝ ඉන්නෙත් නෑනේ.</font>

175
00:09:41,800 --> 00:09:43,033
<font color="#ffdc20">අපි අහල බලමුකෝ එහෙනම්</font>

176
00:09:43,033 --> 00:09:44,400
<font color="#ffdc20">- කාටද වඩා හොඳට ගැලපෙන්නේ කියලා.
- හා, යමු.</font>

177
00:09:44,400 --> 00:09:46,467
<font color="#ffdc20">- මම මේක ඊයේ ඉඳන් ඇඳගෙන හිටියේ!
- මගෙන් අහන්න එපා.</font>

178
00:09:57,467 --> 00:10:00,567
<font color="#ffdc20">මාව මේකට ගාවගන්න එපා.</font>

179
00:10:00,567 --> 00:10:03,600
<font color="#ffdc20">ඔයාලගේ ඔය පොඩි ළමා රණ්ඩුවලට
මට සම්බන්ධ වෙන්න ඕන නෑ.</font>

180
00:10:04,667 --> 00:10:05,833
<font color="#ffdc20">ඒක මගේ සීට් එක.</font>

181
00:10:10,467 --> 00:10:12,433
<font color="#ffdc20">ආයුබෝවන්.</font>

182
00:10:13,833 --> 00:10:15,133
<font color="#ffdc20">ආ, ඔයාලා මැච් වෙලානේ.</font>

183
00:10:15,133 --> 00:10:16,767
<font color="#ffdc20">- මැචින්, රෙද්ද!
- මොන මැචින්ද!</font>

184
00:10:17,400 --> 00:10:18,900
<font color="#ffdc20">පුදුම කරදරයක්නේ, ඇත්තටම!</font>

185
00:10:18,900 --> 00:10:20,167
<font color="#ffdc20">මටත් හිතුණේ ඕකමයි.</font>

186
00:10:21,400 --> 00:10:24,233
<font color="#ffdc20">ඇයි ඔයාලා ඔච්චර අවුලෙන්? මම හොඳක්නේ කිව්වේ.</font>

187
00:10:25,000 --> 00:10:27,033
<font color="#ffdc20">- මට වොෂ් රූම් එකට යන්න ඕන.
- හරි.</font>

188
00:10:44,133 --> 00:10:46,200
<font color="#ffdc20">ඔයාට ඕක අස්සෙන් පේනවද?</font>

189
00:10:47,033 --> 00:10:48,267
<font color="#ffdc20">ඔයා අද හරිම කියුට්.</font>

190
00:10:53,133 --> 00:10:54,167
<font color="#ffdc20">විහිළු කරන්න එපා.</font>

191
00:11:00,933 --> 00:11:02,467
<font color="#ffdc20">- හායි.
- හායි.</font>

192
00:11:02,467 --> 00:11:03,500
<font color="#ffdc20">කොහොමද?</font>

193
00:11:04,967 --> 00:11:06,033
<font color="#ffdc20">ඔයාලා කපල් එකක් වගේ මැච් වෙලානේ.</font>

194
00:11:08,033 --> 00:11:09,433
<font color="#ffdc20">අද ඔයාලා කපල් එකක් වගේ පෝස් කරන්න ඕන.</font>

195
00:11:09,433 --> 00:11:10,433
<font color="#ffdc20">ඒක හරිම ලස්සන වෙයි.</font>

196
00:11:10,433 --> 00:11:12,433
<font color="#ffdc20">- ඕක කියන එක නවත්තන්න!
- කපල්, මගෙ කකුල!</font>

197
00:11:12,433 --> 00:11:16,233
<font color="#ffdc20">ඉන්න, කෝ ගි ජොන්ග්?</font>

198
00:11:17,233 --> 00:11:18,933
<font color="#ffdc20">එයා අද එයි කියලා මම හිතන්නේ නෑ.</font>

199
00:11:18,933 --> 00:11:22,267
<font color="#ffdc20">මොකක් හරි හේතුවක් නිසා එයා
ආයෙත් පණුවෙක් වගේ හැංගිලා ඉන්නේ.</font>

200
00:11:24,567 --> 00:11:25,833
<font color="#ffdc20">මේ මොකක්ද?</font>

201
00:11:28,167 --> 00:11:30,000
<font color="#ffdc20">මේ රෙඩ්ගේ (Red) වීඩියෝ එකක් නේද?</font>

202
00:11:30,000 --> 00:11:31,000
<font color="#ffdc20">අහ්?</font>

203
00:11:33,700 --> 00:11:36,133
<font color="#ffdc20">- මේ මොකක්ද?
- පොඩ්ඩක් ඉන්න, ඒ රෙඩ්ම තමයි.</font>

204
00:11:37,167 --> 00:11:38,767
<font color="#ffdc20">ඒ එයා තමයි.</font>

205
00:11:38,767 --> 00:11:40,600
<font color="#ffdc20">[සජීවී, දුම්රිය මාර්ග අංක
2, හාලි ක්වින් (Harley Quinn)]</font>

206
00:11:40,600 --> 00:11:42,267
<font color="#ffdc20">මූට මොන යකෙක් වැහිලද?</font>

207
00:11:43,200 --> 00:11:45,067
<font color="#ffdc20">ඔය පිස්සු...</font>

208
00:11:54,333 --> 00:11:55,667
<font color="#ffdc20">ඔයා නම් මහ පිස්සෙක්!</font>

209
00:11:55,667 --> 00:11:57,433
<font color="#ffdc20">ඔයා ඇත්තටම ඔය විදිහට සබ්වේ එකේ ආවද?</font>

210
00:11:58,133 --> 00:11:59,200
<font color="#ffdc20">ඔව්.</font>

211
00:11:59,200 --> 00:12:01,200
<font color="#ffdc20">ඒ තමයි අපේ රෙඩ්. මාර නිර්භීතයිනේ!</font>

212
00:12:01,200 --> 00:12:02,600
<font color="#ffdc20">ෂා, මට ඊරිසියයි.</font>

213
00:12:02,600 --> 00:12:04,064
<font color="#ffdc20">මටත් ඔය වගේ ධෛර්‍යයක් තිබුණා නම්...</font>

214
00:12:04,064 --> 00:12:05,367
<font color="#ffdc20">නෑ.</font>

215
00:12:08,867 --> 00:12:09,967
<font color="#ffdc20">හායි.</font>

216
00:12:14,600 --> 00:12:18,100
<font color="#ffdc20">වාව්, එයා මාර කූල්.</font>

217
00:12:20,633 --> 00:12:22,000
<font color="#ffdc20">ඔයා මේ මොකෙක් වෙලාද?</font>

218
00:12:25,433 --> 00:12:27,967
<font color="#ffdc20">හාලි ක්වින්. පළිගැනීමේ සංකේතය.</font>

219
00:12:28,733 --> 00:12:30,400
<font color="#ffdc20">ඒයි, අද අපි සත්තු වගේ ඇඳගෙන එන්න තිබුණේ...</font>

220
00:12:30,400 --> 00:12:31,900
<font color="#ffdc20">ෂ්!</font>

221
00:12:31,900 --> 00:12:35,733
<font color="#ffdc20">ඔයා මට කියන්න දුන්නේ නෑනේ.</font>

222
00:12:36,367 --> 00:12:40,500
<font color="#ffdc20">හාලි ක්වින්ගේ උගුලකට අහුවුණු
කුරුල්ලෙක්ව තමයි මම නිරූපණය කරන්නේ.</font>

223
00:12:40,500 --> 00:12:41,733
<font color="#ffdc20">උගුලක්?</font>

224
00:12:41,733 --> 00:12:43,167
<font color="#ffdc20">මොන උගුලක්ද?</font>

225
00:12:43,167 --> 00:12:44,267
<font color="#ffdc20">එකක් තියෙනවා</font>

226
00:12:45,000 --> 00:12:46,300
<font color="#ffdc20">ඒක අටවලා තියෙන්නේ</font>

227
00:12:47,367 --> 00:12:50,100
<font color="#ffdc20">හිතක් පපුවක් නැති සීතල
'බ්ලූ විච්' (Blue Witch) විසින්.</font>

228
00:12:52,233 --> 00:12:54,633
<font color="#ffdc20">මූ මේ මොනවා දොඩවනවද මන්දා? ඕක
කුරුල්ලෙක්ට නම් කිට්ටු කරන්නවත් බෑ...</font>

229
00:12:56,128 --> 00:12:57,310
<font color="#ffdc20">අම්මෝ.</font>

230
00:12:58,767 --> 00:12:59,767
<font color="#ffdc20">කපුටෙක්?</font>

231
00:12:59,767 --> 00:13:01,667
<font color="#ffdc20">ඔයා ඇත්තම කුරුල්ලෙක් වගේ.</font>

232
00:13:01,667 --> 00:13:02,800
<font color="#ffdc20">ඔයා හොඳට ලෑස්ති වෙලානේ.</font>

233
00:13:02,800 --> 00:13:05,056
<font color="#ffdc20">ඔයා හරියටම ඒ වගේමයි. ඇත්තටම.</font>

234
00:13:07,767 --> 00:13:09,567
<font color="#ffdc20">ඔයාට මොකද හිතෙන්නේ, බේබ්ලූ?</font>

235
00:13:09,567 --> 00:13:10,567
<font color="#ffdc20">ඇහුණේ නෑ?</font>

236
00:13:11,667 --> 00:13:14,233
<font color="#ffdc20">ම්ම්, මම...</font>

237
00:13:16,900 --> 00:13:17,933
<font color="#ffdc20">ගොරර්!</font>

238
00:13:19,167 --> 00:13:21,067
<font color="#ffdc20">- හරිම කියුට්!
- ආදරේ හිතෙනවා!</font>

239
00:13:22,733 --> 00:13:24,800
<font color="#ffdc20">- ෂෝක්.
- ඔයා හරිම ලස්සනයි.</font>

240
00:13:24,800 --> 00:13:27,000
<font color="#ffdc20">ඒ මොකක්ද? ඔයා බිග්ෆුට්
(Bigfoot) වගේ වෙන්නද හැදුවේ?</font>

241
00:13:27,000 --> 00:13:29,000
<font color="#ffdc20">- ඔව්.
- ආ, මට තේරුණා.</font>

242
00:13:29,000 --> 00:13:31,633
<font color="#ffdc20">- ඔයා හරියටම බිග්ෆුට් වගේමයි. මාර අදහසක්නේ.
- එයා හරිම කියුට් නේද?</font>

243
00:13:37,433 --> 00:13:39,400
<font color="#ffdc20">ඔයා හරිම ලස්සනයි. ඒක ඔයාට ගැලපෙනවා.</font>

244
00:13:40,033 --> 00:13:41,833
<font color="#ffdc20">ඔයා මේක පම් (Perm) කළාද?</font>

245
00:13:41,833 --> 00:13:43,200
<font color="#ffdc20">- ලස්සනයි.
- මෙයාලා එකටමයි ඉන්නේ.</font>

246
00:13:43,200 --> 00:13:44,567
<font color="#ffdc20">අපි පටන් ගමුද?</font>

247
00:13:44,567 --> 00:13:45,933
<font color="#ffdc20">- හා.
- හරි.</font>

248
00:13:49,300 --> 00:13:51,100
<font color="#ffdc20">කියුට් බේබ්ලූ, ඔයා කැමතිද ඉස්සෙල්ලාම කරන්න?</font>

249
00:13:51,800 --> 00:13:53,200
<font color="#ffdc20">හා.</font>

250
00:13:53,200 --> 00:13:54,200
<font color="#ffdc20">නෑ, මම ඉස්සෙල්ලාම කරන්නම්.</font>

251
00:13:57,100 --> 00:13:58,867
<font color="#ffdc20">මේකේ නම, 'තුවාල වුණු කුරුල්ලෙක්.'</font>

252
00:13:58,867 --> 00:14:01,000
<font color="#ffdc20">ඇත්තටම, මොකක්ද මේ තුවාල වුණු කුරුල්ලා කතාව?</font>

253
00:14:01,000 --> 00:14:02,533
<font color="#ffdc20">මුට නම් පිස්සු, කියවනවකෝ ඉතින්.</font>

254
00:14:02,533 --> 00:14:03,733
<font color="#ffdc20">මගෙ ඉස්සරහින් අයින් වෙනවා.</font>

255
00:14:04,967 --> 00:14:07,000
<font color="#ffdc20">හරියට කරනවා නැත්තම් මැරෙනවා.</font>

256
00:14:07,867 --> 00:14:09,300
<font color="#ffdc20">වූ යොන්, ඔයා පස්සේ කරන්න.</font>

257
00:14:12,533 --> 00:14:14,300
<font color="#ffdc20">හරි, විනාඩිය දැන් පටන් ගන්නවා.</font>

258
00:14:17,167 --> 00:14:18,700
<font color="#ffdc20">වෙලාව ඉවරයි. ඊළඟ.</font>

259
00:14:26,433 --> 00:14:28,467
<font color="#ffdc20">වෙලාව ඉවරයි. ඊළඟ.</font>

260
00:14:36,633 --> 00:14:38,167
<font color="#ffdc20">වෙලාව ඉවරයි. ඊළඟ!</font>

261
00:14:38,167 --> 00:14:39,433
<font color="#ffdc20">ඊළඟ එක්කෙනා, යන්න.</font>

262
00:14:39,433 --> 00:14:41,433
<font color="#ffdc20">ඊළඟ. ඊළඟ එක්කෙනා!</font>

263
00:14:41,433 --> 00:14:42,433
<font color="#ffdc20">නවතින්න!</font>

264
00:14:44,633 --> 00:14:46,567
<font color="#ffdc20">ඇති! තව ඉරියව් කොච්චර කරන්නද හදන්නේ?</font>

265
00:14:46,567 --> 00:14:48,133
<font color="#ffdc20">ඇයි මොකක්ද ප්‍රශ්නේ? මම
තාම 100ක්වත් කළේ නෑනේ!</font>

266
00:14:48,133 --> 00:14:49,300
<font color="#ffdc20">අතහරිනවා, ඇත්තටම!</font>

267
00:14:49,300 --> 00:14:50,867
<font color="#ffdc20">අනිත් අයටත් අවස්ථාවක් ඕනනේ!</font>

268
00:14:56,233 --> 00:14:57,800
<font color="#ffdc20">මොකද බලන් ඉන්නේ, කැතයා?</font>

269
00:15:01,300 --> 00:15:02,833
<font color="#ffdc20">උඹ! තමුන්ට පිස්සුද?</font>

270
00:15:02,833 --> 00:15:04,200
<font color="#ffdc20">ඇයි මට ගැහුවේ?</font>

271
00:15:04,200 --> 00:15:05,467
<font color="#ffdc20">වූ යොන්, මම ඔයා වෙනුවෙන් පලි ගන්නම්!</font>

272
00:15:08,300 --> 00:15:09,533
<font color="#ffdc20">මාත් එක්ක හැප්පෙන්න එපා.</font>

273
00:15:09,533 --> 00:15:10,833
<font color="#ffdc20">මම ඊළඟ ඉරියව්ව කරන්නම්.</font>

274
00:15:18,867 --> 00:15:20,067
<font color="#ffdc20">විනාඩිය පටන් ගත්තා.</font>

275
00:15:30,100 --> 00:15:32,333
<font color="#ffdc20">ආ, ඔයා අඟුරුද පාවිච්චි කරන්නේ?</font>

276
00:15:34,533 --> 00:15:37,433
<font color="#ffdc20">ඔව්, මම හිතුවා ඒක විනෝදයක් වෙයි කියලා.</font>

277
00:15:37,433 --> 00:15:41,600
<font color="#ffdc20">අඟුරු චිත්‍ර අඳිනකොට මූණ පුරාම ගාගන්න ඕනනේ.</font>

278
00:15:43,333 --> 00:15:44,467
<font color="#ffdc20">එහෙමද?</font>

279
00:15:48,167 --> 00:15:49,667
<font color="#ffdc20">මේ වගේද?</font>

280
00:15:49,667 --> 00:15:51,300
<font color="#ffdc20">ඔව්, ඒ වගේ තමයි.</font>

281
00:15:58,167 --> 00:16:00,633
<font color="#ffdc20">ෂා, ඒක නියම ඉරියව්වක්!</font>

282
00:16:00,633 --> 00:16:02,167
<font color="#ffdc20">මට විහිළු කරන්න එපා.</font>

283
00:16:02,167 --> 00:16:04,767
<font color="#ffdc20">හැමෝම මොකද බලන් ඉන්නේ? නැගිටින්න!</font>

284
00:16:04,767 --> 00:16:06,467
<font color="#ffdc20">එන්න, හාවා! ඩයිනෝසර්!</font>

285
00:16:06,467 --> 00:16:08,400
<font color="#ffdc20">සොන් හෝ ඔයා ඇරෙන්න! යමු සත්තු ටික!</font>

286
00:16:08,400 --> 00:16:09,633
<font color="#ffdc20">මගේ පස්සෙන් එන්න!</font>

287
00:16:09,633 --> 00:16:11,433
<font color="#ffdc20">යමු.</font>

288
00:16:11,433 --> 00:16:14,100
<font color="#ffdc20">යමු. මගේ පස්සෙන් එන්න!</font>

289
00:16:18,367 --> 00:16:21,500
<font color="#ffdc20">ෂා, මරු හුළං ටික.</font>

290
00:16:22,733 --> 00:16:26,133
<font color="#ffdc20">හැමෝම බලාගෙන මගේ පස්සෙන් එන්න.</font>

291
00:16:26,133 --> 00:16:29,033
<font color="#ffdc20">ඔය දෙන්නම, වැටෙන්නේ නැතුව අඩි තියලා එන්න.</font>

292
00:16:29,833 --> 00:16:30,867
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න!</font>

293
00:16:36,167 --> 00:16:38,067
<font color="#ffdc20">මම දැකපු ලස්සනම හාවා තමයි මේ.</font>

294
00:16:38,067 --> 00:16:39,133
<font color="#ffdc20">හැමෝම අත්පුඩි ගහන්න!</font>

295
00:16:49,600 --> 00:16:51,367
<font color="#ffdc20">ෂා, දොං ගොන්.</font>

296
00:16:51,367 --> 00:16:53,400
<font color="#ffdc20">ඔයා කැරට් දැන්වීමක ඉන්න ඕන.</font>

297
00:16:53,400 --> 00:16:56,600
<font color="#ffdc20">අද ඔයා මහන්සි වුණ නිසා, මම
ඔයාට විශේෂ ආදරයක් දෙනවා!</font>

298
00:17:01,433 --> 00:17:02,700
<font color="#ffdc20">කැලේ ඉන්න ඩයිනෝසර්!</font>

299
00:17:05,233 --> 00:17:07,633
<font color="#ffdc20">විනාඩි තුනක් ගියා. බේබ්‍ලූ,
ඔයාට ඊළඟට යන්න ඕනද?</font>

300
00:17:07,633 --> 00:17:08,667
<font color="#ffdc20">හරි.</font>

301
00:17:12,500 --> 00:17:14,067
<font color="#ffdc20">බලු පැටියෙක් මොකද මෙතන කරන්නේ?</font>

302
00:17:17,867 --> 00:17:19,200
<font color="#ffdc20">ඒයි, කොහෙද යන්නේ?</font>

303
00:17:20,567 --> 00:17:21,800
<font color="#ffdc20">වැසිකිළියට යන්න.</font>

304
00:17:30,567 --> 00:17:33,300
<font color="#ffdc20">ඇයි එයා අද ඔහොම හැසිරෙන්නේ?</font>

305
00:17:33,300 --> 00:17:35,467
<font color="#ffdc20">ඔයාගේ ඕනෑවට වඩා රඟපෑම
දැන් එච්චර අවුලක් නෑ වගේ.</font>

306
00:17:35,467 --> 00:17:38,067
<font color="#ffdc20">එයා අද බේබ්‍ලූ පිටින් කේන්තිය යවන්නේ.</font>

307
00:17:38,067 --> 00:17:39,800
<font color="#ffdc20">හෝමෝන ප්‍රශ්නයක්වත්ද?</font>

308
00:17:39,800 --> 00:17:42,367
<font color="#ffdc20">එයා අද ගොඩක් අමුතුයි නේද?</font>

309
00:17:42,367 --> 00:17:43,933
<font color="#ffdc20">ඔය දෙන්නා අතරේ මොකක් හරි වුණාද?</font>

310
00:17:43,933 --> 00:17:45,333
<font color="#ffdc20">පිස්සුද.</font>

311
00:17:45,333 --> 00:17:46,367
<font color="#ffdc20">සමාවෙන්න බේබ්‍ලූ.</font>

312
00:17:46,367 --> 00:17:49,767
<font color="#ffdc20">ඒ වගේ මෝඩ සහෝදරයෙක් ඉන්න එක මගේ වැරැද්ද.</font>

313
00:17:49,767 --> 00:17:50,767
<font color="#ffdc20">කමක් නෑ.</font>

314
00:17:50,767 --> 00:17:52,600
<font color="#ffdc20">හැබැයි ඔය සහෝදරයෝ දෙන්නා හරිම විනෝදජනකයි.</font>

315
00:17:52,600 --> 00:17:54,867
<font color="#ffdc20">එකපාරටම යාළු වෙන්න එහෙම එපා, හරිද?</font>

316
00:17:54,867 --> 00:17:57,367
<font color="#ffdc20">එහෙම වුණොත් මම මෙහෙ එන එක නවත්තනවා.</font>

317
00:17:57,367 --> 00:17:58,467
<font color="#ffdc20">අනේ මන්දා. අනේ මන්දා.</font>

318
00:17:58,467 --> 00:17:59,933
<font color="#ffdc20">එහෙම කවදාවත් වෙන්නේ නෑ.</font>

319
00:17:59,933 --> 00:18:01,033
<font color="#ffdc20">ඇති යාන්තම්.</font>

320
00:18:16,233 --> 00:18:17,633
<font color="#ffdc20">බිග්ෆුට්.</font>

321
00:18:17,633 --> 00:18:21,200
<font color="#ffdc20">මම සැලැස්මට වැඩ කළා. ඇයි
මේක කිසි ගතියක් නැත්තේ?</font>

322
00:18:21,200 --> 00:18:22,833
<font color="#ffdc20">මම ගිහින් බිග්ෆුට්ව එක්කන් එන්නම්.</font>

323
00:18:30,833 --> 00:18:32,200
<font color="#ffdc20">ඒයි, ගි ජොං.</font>

324
00:18:34,733 --> 00:18:36,833
<font color="#ffdc20">ඒයි, පොඩ්ඩක් අහන්න.</font>

325
00:18:36,833 --> 00:18:38,400
<font color="#ffdc20">එදා රෑ වුණ දේ ගැන...</font>

326
00:18:38,400 --> 00:18:40,200
<font color="#ffdc20">බේබ්‍ලූ! බිග්ෆුට් මෙතන ඉන්නවද?</font>

327
00:18:41,433 --> 00:18:43,733
<font color="#ffdc20">ආ, ඔව්. එයා මේ ඉන්නේ.</font>

328
00:18:50,667 --> 00:18:52,367
<font color="#ffdc20">බිග්ෆුට්, කොහෙද යන්නේ?</font>

329
00:18:56,467 --> 00:19:00,300
<font color="#ffdc20">අද විශේෂ අමුත්තා වුණ බිග්ෆුට්
අපේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා.</font>

330
00:19:01,367 --> 00:19:02,967
<font color="#ffdc20">අද චිත්‍ර අඳින එක මෙතනින් නවත්තමු.</font>

331
00:19:02,967 --> 00:19:04,067
<font color="#ffdc20">අම්මෝ, හරිම රස්නෙයි.</font>

332
00:19:04,067 --> 00:19:05,900
<font color="#ffdc20">යමු අපි ලොකු අයිස්ක්‍රීම් එකක් කන්න.</font>

333
00:19:05,900 --> 00:19:07,000
<font color="#ffdc20">හරි. නියමයි.</font>

334
00:19:07,000 --> 00:19:10,333
<font color="#ffdc20">එහෙනම් රෙඩ්. ඔයාට පුළුවන්ද ගිහින් අරන් එන්න?</font>

335
00:19:10,333 --> 00:19:12,200
<font color="#ffdc20">බේබ්‍ලූ, ඔයත් එයා එක්ක යන්නකෝ.</font>

336
00:19:12,200 --> 00:19:14,167
<font color="#ffdc20">මොකක්? පිස්සුද.</font>

337
00:19:14,167 --> 00:19:15,200
<font color="#ffdc20">එහෙනම් මම යන්නම්.</font>

338
00:19:17,567 --> 00:19:20,300
<font color="#ffdc20">බේබ්‍ලූ එක්ක යන්න දැන්ම,</font>

339
00:19:20,300 --> 00:19:22,467
<font color="#ffdc20">මම හොඳින් කියන වෙලාවේ.</font>

340
00:19:29,472 --> 00:19:30,848
<font color="#ffdc20">අනේ මන්දා.</font>

341
00:19:33,733 --> 00:19:35,872
<font color="#ffdc20">එහෙනම් මම සල්ලි ගෙවන්නම්.</font>

342
00:19:36,867 --> 00:19:38,533
<font color="#ffdc20">රස එකක් තෝරගන්න, හරිද?</font>

343
00:19:39,267 --> 00:19:41,367
<font color="#ffdc20">අපි ඉක්මනට එන්නම්.</font>

344
00:19:41,367 --> 00:19:42,433
<font color="#ffdc20">මට ඕනේ ඇටසැකිලි අයිස්ක්‍රීම් එකක්.</font>

345
00:19:46,400 --> 00:19:49,900
<font color="#ffdc20">ඒයි කාකි. ඔව්, අන්න ඒක.</font>

346
00:19:49,900 --> 00:19:51,600
<font color="#ffdc20">හරිම රස්නෙයි. මම කියන්නේ එයාලා යාළු වෙයි කියලා.</font>

347
00:19:51,600 --> 00:19:53,467
<font color="#ffdc20">ඒක නම් පෙම්වතුන්ගේ රණ්ඩුවක් වගේමයි.</font>

348
00:19:54,367 --> 00:19:58,467
<font color="#ffdc20">මගේ මෝඩ සහෝදරයා වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.</font>

349
00:19:59,200 --> 00:20:01,467
<font color="#ffdc20">හැබැයි එයා හාලි ක්වීන් වගේ ඇඳගත්ත එක නම් මරු.</font>

350
00:20:02,933 --> 00:20:04,000
<font color="#ffdc20">එයාලා මොකද කරන්නේ?</font>

351
00:20:04,000 --> 00:20:05,200
<font color="#ffdc20">කරන්නකෝ ඉතින්.</font>

352
00:20:05,200 --> 00:20:06,300
<font color="#ffdc20">ග්‍රර්ර්!</font>

353
00:20:06,300 --> 00:20:07,333
<font color="#ffdc20">කාකි ඩ්‍රැගන්!</font>

354
00:20:07,333 --> 00:20:09,067
<font color="#ffdc20">ග්‍රර්ර්!</font>

355
00:20:09,067 --> 00:20:10,867
<font color="#ffdc20">තව ටිකක් ඇත්තට වගේ කරන්න!</font>

356
00:20:11,600 --> 00:20:13,133
<font color="#ffdc20">ග්‍රර්ර්!</font>

357
00:20:13,133 --> 00:20:14,867
<font color="#ffdc20">දැන් ඇති සොන් හෝ.</font>

358
00:20:14,867 --> 00:20:17,600
<font color="#ffdc20">කොතන ගියත් ලැජ්ජා කරන්න නම් එයාලා හරි දක්ෂයි.</font>

359
00:20:18,300 --> 00:20:20,300
<font color="#ffdc20">කාකි ඩ්‍රැගන්, ග්‍රර්ර්!</font>

360
00:20:34,567 --> 00:20:35,700
<font color="#ffdc20">ආ?</font>

361
00:20:35,700 --> 00:20:38,500
<font color="#ffdc20">අපරාදේ. ඇත්තටම ඒක නැද්ද?</font>

362
00:20:42,133 --> 00:20:43,167
<font color="#ffdc20">මොකක්ද හොයන්නේ?</font>

363
00:20:43,167 --> 00:20:45,467
<font color="#ffdc20">බ්ලැක් කියපු අයිස්ක්‍රීම් එක මෙතන නෑ.</font>

364
00:20:47,667 --> 00:20:48,700
<font color="#ffdc20">අයින් වෙන්න.</font>

365
00:21:01,033 --> 00:21:02,267
<font color="#ffdc20">[ඇටසැකිලි අයිස්ක්‍රීම්] හම්බවුණා!</font>

366
00:21:02,267 --> 00:21:03,867
<font color="#ffdc20">ෂා! කොහෙද තිබුණේ?</font>

367
00:21:03,867 --> 00:21:05,467
<font color="#ffdc20">අන්තිම එක යටම හැංගිලා තිබුණේ.</font>

368
00:21:05,467 --> 00:21:07,033
<font color="#ffdc20">ඇයි මට ඒක පෙනුණේ නැත්තේ?</font>

369
00:21:15,733 --> 00:21:18,800
<font color="#ffdc20">හොයන දේ එතන තියෙනවා කියලා විශ්වාස කරන්න ඕනේ.</font>

370
00:21:18,800 --> 00:21:21,500
<font color="#ffdc20">එතන තියෙනවා කියලා විශ්වාස කරන්නේ
නැත්නම්, ඒක හොයාගන්න හම්බවෙන්නේ නෑ.</font>

371
00:21:22,833 --> 00:21:25,100
<font color="#ffdc20">හැබැයි මම විශ්වාස කළා ඒක එතන තියෙනවා කියලා.</font>

372
00:21:26,667 --> 00:21:29,900
<font color="#ffdc20">නෑ, ඔයාගේ අවධානය වෙනස් වෙලා තිබුණේ.</font>

373
00:21:29,900 --> 00:21:32,967
<font color="#ffdc20">ඒක හරියට විශ්වාසයක් නැතුව හෙව්වා වගේ වැඩක්.</font>

374
00:21:32,967 --> 00:21:34,400
<font color="#ffdc20">එහෙමද.</font>

375
00:21:38,433 --> 00:21:40,200
<font color="#ffdc20">මම ගෙවන්නම්.</font>

376
00:21:40,200 --> 00:21:41,200
<font color="#ffdc20">මෙතන ඉන්න.</font>

377
00:21:42,433 --> 00:21:43,867
<font color="#ffdc20">මම සල්ලි ගෙවන්නම්.</font>

378
00:22:05,933 --> 00:22:07,400
<font color="#ffdc20">අර පාර මාරු වෙන තැන හිටපු කෙනා නේද ඒ?</font>

379
00:22:07,400 --> 00:22:08,433
<font color="#ffdc20">ඔව්, ඒ එයා තමයි.</font>

380
00:22:09,200 --> 00:22:11,067
<font color="#ffdc20">දෙවෙනි පාරට දැක්කත් එයා හරිම ලස්සනයි.</font>

381
00:22:11,067 --> 00:22:12,067
<font color="#ffdc20">අර උරහිස් බලන්නකෝ.</font>

382
00:22:13,300 --> 00:22:14,767
<font color="#ffdc20">එතකොට අර හිටියේ එයාගේ පෙම්වතියද?</font>

383
00:22:14,767 --> 00:22:16,000
<font color="#ffdc20">පිස්සුද.</font>

384
00:22:16,000 --> 00:22:17,133
<font color="#ffdc20">එයා හරිම කැතයිනේ.</font>

385
00:22:17,800 --> 00:22:19,367
<font color="#ffdc20">එහෙනම් සහෝදරිය වෙන්න ඇති.</font>

386
00:22:19,367 --> 00:22:20,867
<font color="#ffdc20">ඒක වෙන්න කොහෙත්ම බෑ.</font>

387
00:22:20,867 --> 00:22:23,300
<font color="#ffdc20">සමහරවිට පස්සෙන් යන කෙනෙක්ද?</font>

388
00:22:23,300 --> 00:22:24,633
<font color="#ffdc20">ඒයි, එයා අර ඉන්නේ.</font>

389
00:22:25,700 --> 00:22:26,733
<font color="#ffdc20">කමක් නෑ.</font>

390
00:22:26,733 --> 00:22:28,167
<font color="#ffdc20">එයාට ඇහුණා කියලා මොකද වෙන්නේ?</font>

391
00:22:30,967 --> 00:22:32,000
<font color="#ffdc20">මිස්!</font>

392
00:22:33,733 --> 00:22:35,000
<font color="#ffdc20">මම කාගෙවත් පස්සෙන් යන කෙනෙක් නෙමෙයි, හරිද?</font>

393
00:22:35,000 --> 00:22:38,100
<font color="#ffdc20">ඇත්තටම පස්සෙන් එන කෙනා තමයි අර ඉන්නේ.</font>

394
00:22:38,100 --> 00:22:40,667
<font color="#ffdc20">එයා තමයි මගේ පස්සෙන් වැටිලා ඉන්නේ.</font>

395
00:22:42,000 --> 00:22:43,200
<font color="#ffdc20">ගෙවීම සාර්ථකයි.</font>

396
00:22:43,200 --> 00:22:44,333
<font color="#ffdc20">අපි ඔයාට නෙමෙයි කතා කළේ.</font>

397
00:22:44,333 --> 00:22:47,267
<font color="#ffdc20">ඇයි ඔයා රණ්ඩු අල්ලන්නේ? ඔයා
මාව දන්නේ නෑනේ. නවත්තන්න ඕක.</font>

398
00:22:47,267 --> 00:22:49,333
<font color="#ffdc20">ඔයත් මාව දන්නේ නෑනේ.</font>

399
00:22:49,333 --> 00:22:50,633
<font color="#ffdc20">ඉතින් ඇයි මාව විනිශ්චය කරන්නේ?</font>

400
00:22:50,633 --> 00:22:52,067
<font color="#ffdc20">ඔයාට වයස කීයද?</font>

401
00:22:52,067 --> 00:22:53,433
<font color="#ffdc20">ඒයි, ඕක නවත්තන්න.</font>

402
00:22:53,433 --> 00:22:55,067
<font color="#ffdc20">මෙයා මට කට ගහගෙන එනවනේ.</font>

403
00:22:55,067 --> 00:22:56,600
<font color="#ffdc20">ඔයාලට මොකද වෙලා තියෙන්නේ?</font>

404
00:22:56,600 --> 00:22:58,767
<font color="#ffdc20">කොහොමද ඔයාලා මගේ කෙල්ලට අත තියන්නේ?</font>

405
00:22:58,767 --> 00:23:00,933
<font color="#ffdc20">ඒයි, ඔයා මට කැමතිද නැද්ද?</font>

406
00:23:01,733 --> 00:23:04,100
<font color="#ffdc20">මම කැමතියි! මම ඔයාට ගොඩාක් කැමතියි!</font>

407
00:23:04,100 --> 00:23:05,533
<font color="#ffdc20">දැන් කවුද පස්සෙන් එන කෙනා, ඔයාද මමද?</font>

408
00:23:05,533 --> 00:23:08,167
<font color="#ffdc20">මමයි පස්සෙන් එන කෙනා. මම
තමයි ඔයාගේ පස්සෙන්ම එන්නේ.</font>

409
00:23:09,300 --> 00:23:11,933
<font color="#ffdc20">ඒක ඇහුණද? මේ පිස්සන්ට මොකද වෙලා තියෙන්නේ?</font>

410
00:23:13,067 --> 00:23:14,267
<font color="#ffdc20">සමාවෙන්න.</font>

411
00:23:14,267 --> 00:23:15,400
<font color="#ffdc20">සමාවෙන්න. මට ඇත්තටම සමාවෙන්න.</font>

412
00:23:15,400 --> 00:23:16,933
<font color="#ffdc20">බොලා වගේ එවුන්!</font>

413
00:23:16,933 --> 00:23:18,567
<font color="#ffdc20">'මගේ කෙල්ල?' විකාර!</font>

414
00:23:18,567 --> 00:23:19,933
<font color="#ffdc20">අනේ මන්දා, ඇත්තටම!</font>

415
00:23:19,933 --> 00:23:21,900
<font color="#ffdc20">කොහොමද අපිට එහෙම කතා කරන්නේ!</font>

416
00:23:21,900 --> 00:23:24,300
<font color="#ffdc20">මේ නිසා තමයි අපිට එකට ඉන්න බැරි.</font>

417
00:23:24,300 --> 00:23:26,933
<font color="#ffdc20">මොකක්? මම වැරැද්දක් කළේ නෑනේ!</font>

418
00:23:27,900 --> 00:23:30,800
<font color="#ffdc20">ඒත් ඔයා නිසා, මිනිස්සු මට කැතයි
කියනවා, පස්සෙන් යනවා කියනවා.</font>

419
00:23:30,800 --> 00:23:34,533
<font color="#ffdc20">ඔයා ඉන්න එක විතරක් ඇති මාව පහත්
කරලා මගේ ආත්ම විශ්වාසය නැති කරන්න!</font>

420
00:23:34,533 --> 00:23:37,533
<font color="#ffdc20">ඒ නිසා මට කැමති වෙන එක නවත්තන්න.</font>

421
00:23:37,533 --> 00:23:39,648
<font color="#ffdc20">මාත් ඔයාට කැමති වෙන්නේ නෑ.</font>

422
00:23:39,648 --> 00:23:40,736
<font color="#ffdc20">එ-එපා...</font>

423
00:23:48,800 --> 00:23:51,700
<font color="#ffdc20">අනික මම කැත නෑ, මෝඩයා!</font>

424
00:23:55,300 --> 00:23:58,533
<font color="#ffffff"><b><i>♫ මම ඔයා වෙත දුවගෙන එනවා ♫</i></b></font>

425
00:23:58,533 --> 00:24:01,600
<font color="#ffffff"><b><i>♫ හුස්ම හිරවෙනකම්ම ♫</i></b></font>

426
00:24:01,600 --> 00:24:04,533
<font color="#ffffff"><b><i>♫ හැමදේම අමතක වුණත්, කමක් නෑ ♫</i></b></font>

427
00:24:04,533 --> 00:24:05,933
<font color="#ffdc20">එයා හරිම නියමයි.</font>

428
00:24:17,467 --> 00:24:19,933
<font color="#ffdc20">අද රෑ කෑමට අපි සෙට් වෙමුද?</font>

429
00:24:19,933 --> 00:24:21,033
<font color="#ffdc20">ඒක හොඳයි.</font>

430
00:24:21,767 --> 00:24:24,500
<font color="#ffdc20">ග් රින්ටයි මටයි අද වැඩක් තියෙනවා.</font>

431
00:24:24,500 --> 00:24:26,533
<font color="#ffdc20">මොකද ඔය දෙන්නගේ? ඩේට් එකක්ද?</font>

432
00:24:26,533 --> 00:24:27,667
<font color="#ffdc20">නෑ, ඉස්කෝලේ වැඩක්.</font>

433
00:24:27,667 --> 00:24:30,567
<font color="#ffdc20">මමත් අද ඉක්මනට යන්න ඕනේ.</font>

434
00:24:30,567 --> 00:24:33,267
<font color="#ffdc20">ඒයි, ඒත් විභාග ඉවරනේ. ඇයි?</font>

435
00:24:33,267 --> 00:24:35,467
<font color="#ffdc20">එහෙනම් අද ගෙවල්වල යමු.</font>

436
00:24:35,467 --> 00:24:37,533
<font color="#ffdc20">හරි, එහෙනම් ඊළඟ පාර හම්බවෙමු.</font>

437
00:24:37,533 --> 00:24:39,333
<font color="#ffdc20">මම යනවා. පස්සේ හම්බවෙමු.</font>

438
00:24:39,333 --> 00:24:40,967
<font color="#ffdc20">මම ඉස්සෙල්ලා යන්නම්. හරි පස්සේ හම්බවෙමු.</font>

439
00:24:40,967 --> 00:24:44,000
<font color="#ffdc20">ඩේට් එක ජය වේවා. ඒක ඩේට් එකක්
නෙමෙයි. අපි ගෙදර වැඩ කරන්නේ.</font>

440
00:24:44,000 --> 00:24:45,167
<font color="#ffdc20">මෙහෙ එනවා. තමුන්ට තාම
ඇති වෙන්න ගුටි හම්බවුණේ නෑ.</font>

441
00:24:45,167 --> 00:24:46,467
<font color="#ffdc20">ඇයි අද වූ යොන්ට ඒ විදිහට හැසිරුණේ?</font>

442
00:24:46,467 --> 00:24:48,167
<font color="#ffdc20">රිදෙනවා, කොළ ඌරා! ඒයි, නවත්තන්න.</font>

443
00:24:48,167 --> 00:24:49,533
<font color="#ffdc20">තමුන් නම්!</font>

444
00:24:49,533 --> 00:24:52,000
<font color="#ffdc20">සොන් හෝ! සොන් හෝ.</font>

445
00:24:52,000 --> 00:24:54,533
<font color="#ffdc20">කොළ ඌරා, ඔයාට නම් අද බඩුම තමයි.</font>

446
00:24:54,533 --> 00:24:57,600
<font color="#ffdc20">ඒයි, සොන් හෝගේ නහයෙන් ලේ
එනවා. ඔයා දැන් එයාව බලාගන්න ඕනේ.</font>

447
00:25:01,400 --> 00:25:02,667
<font color="#ffdc20">සොන් හෝ.</font>

448
00:25:02,667 --> 00:25:03,700
<font color="#ffdc20">කමක් නෑ.</font>

449
00:25:05,133 --> 00:25:06,700
<font color="#ffdc20">නහයෙන් ලේ එන එක නැවතුණා.</font>

450
00:25:08,400 --> 00:25:09,867
<font color="#ffdc20">මට සමාවෙන්න සොන් හෝ.</font>

451
00:25:09,867 --> 00:25:11,667
<font color="#ffdc20">ඔයත් මට ගහන්නකෝ, හරිද?</font>

452
00:25:11,667 --> 00:25:13,133
<font color="#ffdc20">මම කිව්වනේ කමක් නෑ කියලා.</font>

453
00:25:13,133 --> 00:25:15,000
<font color="#ffdc20">මම සම්පූර්ණ වගකීම ගන්නම්, හරිද?</font>

454
00:25:15,000 --> 00:25:18,300
<font color="#ffdc20">නහය කැඩිලා නම්, මම සැත්කමට සල්ලි දෙන්නම්.</font>

455
00:25:19,900 --> 00:25:22,833
<font color="#ffdc20">ඇත්තටම ඔයා මගේ වගකීම ගන්නවද?</font>

456
00:25:23,733 --> 00:25:25,067
<font color="#ffdc20">මොකක්ද?</font>

457
00:25:25,067 --> 00:25:26,967
<font color="#ffdc20">එහෙනම් ඉස්සෙල්ලම මගේ
විභාග ලකුණු ගැන වගකියන්නකෝ.</font>

458
00:25:28,233 --> 00:25:29,867
<font color="#ffdc20">අපි ඉස්සෙල්ලම යන්න හිටියේ කොහෙටද?</font>

459
00:25:37,567 --> 00:25:39,700
<font color="#ffdc20">ඒයි! වැඩේ හරි ගියා!</font>

460
00:25:42,833 --> 00:25:44,500
<font color="#ffdc20">ඒක ඇරුණද? අපි බේරුණාද?</font>

461
00:25:44,500 --> 00:25:45,500
<font color="#ffdc20">තව තියෙනවා.</font>

462
00:25:46,200 --> 00:25:48,700
<font color="#ffdc20">මොකක්ද? අපි තාම ඉවර නැද්ද?</font>

463
00:25:50,300 --> 00:25:53,833
<b><font color="#ffffff"><i>♫ ඔයා තරු කැටයක් වගේ බැබළෙනවා ♫</i></font></b>

464
00:25:53,833 --> 00:25:55,033
<font color="#ffdc20">ඒයි, අපි ඒක කරලා බලමු.</font>

465
00:25:56,567 --> 00:25:57,600
<font color="#ffdc20">මට සල්ලි ටිකක් දෙන්න.</font>

466
00:25:59,333 --> 00:26:00,667
<font color="#ffdc20">ආ, මේ මොකද වෙන්නේ?</font>

467
00:26:00,667 --> 00:26:04,600
<b><font color="#ffffff"><i>♫ ඔයාගේම ආලෝකයෙන්, ඔයාගේම පාටින් ♫</i></font></b>

468
00:26:04,600 --> 00:26:08,133
<b><font color="#ffffff"><i>♫ ඔයා මුළු ලෝකයම ලස්සන කරනවා ♫</i></font></b>

469
00:26:08,133 --> 00:26:12,833
<font color="#ffffff"><b><i>♫ මගේ හීන පුරවන ඔයා ♫</i></b></font>

470
00:26:13,800 --> 00:26:17,267
<font color="#ffffff"><b><i>♫ මට ඇත්තටම ඕනේ ඔයා ළඟට එන්නයි ♫</i></b></font>

471
00:26:18,067 --> 00:26:20,333
<font color="#ffdc20">මේක තමයි හරි පාර. මේක දකුණු පැත්තෙන් තියන්න.</font>

472
00:26:20,333 --> 00:26:21,667
<font color="#ffdc20">ඕක කරන විදිය ඕක නෙවෙයි!</font>

473
00:26:21,667 --> 00:26:22,800
<font color="#ffdc20">නිකන් කියවන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා.</font>

474
00:26:22,800 --> 00:26:23,900
<font color="#ffdc20">මම කියන දේ අහන්න, ඕක
කරන විදිය ඕක නෙවෙයි.</font>

475
00:26:23,900 --> 00:26:25,867
<font color="#ffdc20">මේක කරන්න ඕනේ මෙහෙමයි.</font>

476
00:26:25,867 --> 00:26:27,424
<font color="#ffdc20">ඔයාට පස්සේ පසුතැවෙන්න වෙයි. ආ.</font>

477
00:26:27,424 --> 00:26:28,433
<font color="#ffdc20">ආ, හරි හරි.</font>

478
00:26:28,433 --> 00:26:29,867
<font color="#ffdc20">අපි සාක්ෂියටත් එක්ක ෆොටෝ එකක් ගමු.</font>

479
00:26:30,567 --> 00:26:31,567
<font color="#ffdc20">ලෑස්තිද?</font>

480
00:26:33,233 --> 00:26:35,333
<font color="#ffdc20">එකයි, දෙකයි, තුනයි.</font>

481
00:26:37,733 --> 00:26:39,700
<font color="#ffdc20">මම ඇත්තටම බයෙන් හිටියේ.</font>

482
00:26:39,700 --> 00:26:42,900
<font color="#ffdc20">අද මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක ආයෙම
අපි අතරේ අමුත්තක් ඇති වෙයි කියලා.</font>

483
00:26:44,867 --> 00:26:47,267
<font color="#ffdc20">ඔයා රිපෝට් එකේ මොනවා ලියයිද දන්නේ නෑ.</font>

484
00:26:47,267 --> 00:26:49,933
<font color="#ffdc20">මම ඇත්තම ලියන්නම්. මට අද
දවසේ දැනුණ දේ ඒ විදියටම ලියනවා.</font>

485
00:26:49,933 --> 00:26:51,933
<font color="#ffdc20">'අද මගේ ඩේට් එක වුණ කූ සොන් හෝ,</font>

486
00:26:51,933 --> 00:26:55,933
<font color="#ffdc20">හරිම කරුණාවන්තයි, විනෝදකාමීයි, වගේම
එයා එක්ක ඉද්දි හිතට හරි පහසුවක් දැනෙනවා.</font>

487
00:26:55,933 --> 00:26:59,033
<font color="#ffdc20">අනික එයා එයාගේ පොරොන්දු රකිනවා.'</font>

488
00:26:59,900 --> 00:27:03,367
<font color="#ffdc20">ඔයා ආයෙම මගේ පිරිමි යාළුවා විදියට
ඉන්නවා කිව්වම, මම ඒක විශ්වාස කළේ නෑ.</font>

489
00:27:03,367 --> 00:27:04,733
<font color="#ffdc20">මම හිතුවේ හැමදාටම අපේ
අතරේ අමුත්තක් තියේවි කියලා.</font>

490
00:27:08,133 --> 00:27:09,700
<font color="#ffdc20">ගේ රින්. ඇයි?</font>

491
00:27:16,100 --> 00:27:17,133
<font color="#ffdc20">මොකද?</font>

492
00:27:20,333 --> 00:27:21,633
<font color="#ffdc20">ඇයි ඔයා මං දිහා ඔහොම බලන්නේ?</font>

493
00:27:22,433 --> 00:27:23,533
<font color="#ffdc20">ඔයා ආයෙත් අමුතු දෙයක් කියන්නද යන්නේ?</font>

494
00:27:23,533 --> 00:27:24,700
<font color="#ffdc20">ගේ රින්. පොඩ්ඩක් ඉන්න.</font>

495
00:27:24,700 --> 00:27:27,100
<font color="#ffdc20">ඔයා මගේ නම ඔය විදියට කියන හැම
වෙලාවෙම, මම ගොඩක් කලබල වෙනවා</font>

496
00:27:27,100 --> 00:27:28,500
<font color="#ffdc20">ඔයා ආයෙත් මොනවා හරි කියයි කියලා.</font>

497
00:27:28,500 --> 00:27:30,600
<font color="#ffdc20">මම කිව්වේ, ඔයා කරුණාවන්තයි, විනෝදකාමීයි,
වගේම ඔයා එක්ක ඉද්දි පහසුවක් දැනෙනවා කියලා.</font>

498
00:27:30,600 --> 00:27:32,833
<font color="#ffdc20">ඒ වුණාට ඒ ගැන වැඩිය හිතන්න එපා
මොකද ඒක එච්චර විශේෂ දෙයක් නෙවෙයි.</font>

499
00:27:32,833 --> 00:27:36,167
<font color="#ffdc20">මම දන්නවා මම ඔයාව කලබල කළා කියලා.</font>

500
00:27:37,333 --> 00:27:38,967
<font color="#ffdc20">මම ඒ වගේම දන්නවා මම ඔයාට
බල කරන්න හොඳ නෑ කියලා.</font>

501
00:27:38,967 --> 00:27:42,333
<font color="#ffdc20">එහෙනම් ඇයි එහෙම කළේ? ඒක ඔයාගේ
හැටි නෙවෙයිනේ. ඔයා දන්නවද මම කොච්චර...</font>

502
00:27:42,333 --> 00:27:43,433
<font color="#ffdc20">මම හමුදාවට බැඳෙනවා.</font>

503
00:27:49,600 --> 00:27:50,833
<font color="#ffdc20">ඔයා මොකක්ද කිව්වේ?</font>

504
00:27:50,833 --> 00:27:52,433
<font color="#ffdc20">මේ සෙමෙස්ටර් එකෙන් පස්සේ මම යනවා.</font>

505
00:27:56,100 --> 00:27:57,867
<font color="#ffdc20">ඒකයි මට හදිස්සියක් දැනුණේ.</font>

506
00:28:07,700 --> 00:28:08,733
<font color="#ffdc20">ගේ රින්.</font>

507
00:28:23,900 --> 00:28:27,133
<font color="#ffdc20">මේ තැන ළඟදි තමයි ඇරියේ. මම අහලා
තියෙන විදියට මෙතන කෑම ගොඩක් හොඳයි.</font>

508
00:28:27,133 --> 00:28:28,133
<font color="#ffdc20">ආ, ඇත්තටමද?</font>

509
00:28:28,133 --> 00:28:29,467
<font color="#ffdc20">ඔයා මොන වගේ කෑම වලටද කැමති?</font>

510
00:28:29,467 --> 00:28:31,300
<font color="#ffdc20">ඔයා කැමති ඕනම දේකට මම කැමතියි.</font>

511
00:28:31,300 --> 00:28:33,933
<font color="#ffdc20">ඔයාගේ රිසර්වේෂන් එක තහවුරුයි.
කරුණාකරලා මෙයා පස්සෙන් යන්න.</font>

512
00:28:35,033 --> 00:28:36,500
<font color="#ffdc20">සාදරයෙන් පිළිගන්නවා. රිසර්වේෂන් එකක් තියෙනවද?</font>

513
00:28:36,500 --> 00:28:37,833
<font color="#ffdc20">ඔව්. නම කියන්න පුළුවන්ද?</font>

514
00:28:37,833 --> 00:28:39,967
<font color="#ffdc20">කිම් නා යොන්ග්. මිස් කිම් නා යොන්ග්.</font>

515
00:28:49,333 --> 00:28:51,584
<font color="#ffdc20">තේ සොන්, මෙහෙට එන්න. හරි.</font>

516
00:29:01,400 --> 00:29:02,600
<font color="#ffdc20">සමාවෙන්න ඕනේ.</font>

517
00:29:02,600 --> 00:29:06,033
<font color="#ffdc20">ඇයි ඔයා මෙච්චර පරක්කු වුණේ? මම
හිතුවේ මම බඩගින්නේ මැරෙයි කියලා.</font>

518
00:29:12,467 --> 00:29:14,144
<font color="#ffdc20">අම්මේ, ඔයා 'ඇග්ලියෝ ඊ ඔලියෝ' වලට ආසයි නේද?</font>

519
00:29:16,233 --> 00:29:17,700
<font color="#ffdc20">අම්මේ, ඔයා තවත් ලස්සන වෙලානේ.</font>

520
00:29:17,700 --> 00:29:19,533
<font color="#ffdc20">සේ රා! අම්මේ...</font>

521
00:29:23,500 --> 00:29:24,833
<font color="#ffdc20">ආ, මම දන්නවා ඔයා ඒකට ආසයි කියලා.</font>

522
00:29:25,767 --> 00:29:27,167
<font color="#ffdc20">ඔයාගේ ප්‍රියතම කෑමනේ.</font>

523
00:29:29,333 --> 00:29:30,767
<font color="#ffdc20">රසයි.</font>

524
00:29:31,900 --> 00:29:35,900
<font color="#ffdc20">ජූ නී දිගටම කිව්වා එයාට ඔයාව මතක්
වෙනවා කියලා, ඒකයි මම එයාවත් එක්කන් ආවේ.</font>

525
00:29:36,700 --> 00:29:37,700
<font color="#ffdc20">දැන් සතුටුද?</font>

526
00:29:37,700 --> 00:29:39,833
<font color="#ffdc20">ඔව් අම්මේ. ඔයාට සතුටුයි නේද.</font>

527
00:29:39,833 --> 00:29:40,833
<font color="#ffdc20">ඔයාගේ අක්කා හරි ලස්සනයි නේද?</font>

528
00:29:41,667 --> 00:29:42,667
<font color="#ffdc20">ලස්සනයි නේද?</font>

529
00:29:48,500 --> 00:29:50,600
<font color="#ffdc20">අපි ස්ටේක් එකකුත් ඕඩර් කරමුද?</font>

530
00:29:50,600 --> 00:29:51,767
<font color="#ffdc20">ඔයා කැමති දෙයක්.</font>

531
00:29:54,333 --> 00:29:55,633
<font color="#ffdc20">මේ තැන ගැන මොකද හිතෙන්නේ?</font>

532
00:29:58,867 --> 00:30:00,067
<font color="#ffdc20">හොඳයි වගේ.</font>

533
00:30:01,367 --> 00:30:02,667
<font color="#ffdc20">මට සමා වෙන්න සේ රා.</font>

534
00:30:02,667 --> 00:30:06,567
<font color="#ffdc20">මෙයා හරිම දුර්වලයි, ඉතින් එයාගේ
බඩ ඉක්මනටම නරක් වෙනවා.</font>

535
00:30:06,567 --> 00:30:08,433
<font color="#ffdc20">දැන් යන්න. එයාට අමාරුයි වගේ.</font>

536
00:30:08,433 --> 00:30:10,400
<font color="#ffdc20">මට සමා වෙන්න සේ රා.</font>

537
00:30:12,033 --> 00:30:13,533
<font color="#ffdc20">මම ඔයාට කෝල් එකක් දෙන්නම්.</font>

538
00:30:13,533 --> 00:30:14,767
<font color="#ffdc20">අපි ආයෙත් හමුවෙමු.</font>

539
00:30:14,767 --> 00:30:16,833
<font color="#ffdc20">අපිට පුළුවන් ඊටත් වඩා හොඳ
දෙයක් කන්න යන්න. හරිද?</font>

540
00:30:16,833 --> 00:30:17,833
<font color="#ffdc20">පරිස්සමින් ගෙදර යන්න.</font>

541
00:30:17,833 --> 00:30:19,400
<font color="#ffdc20">මට සමා වෙන්න.</font>

542
00:30:19,400 --> 00:30:20,433
<font color="#ffdc20">බායි කියන්න.</font>

543
00:30:38,867 --> 00:30:40,033
<font color="#ffdc20">තේ සොන්.</font>

544
00:30:40,033 --> 00:30:42,367
<font color="#ffdc20">මොකද? ඔයා ආයෙත් කල්පනා ලෝකෙකද?</font>

545
00:30:42,367 --> 00:30:44,100
<font color="#ffdc20">අද ඔයාට මොකද වෙලා
තියෙන්නේ? මේක එච්චර හරි නෑ.</font>

546
00:30:44,100 --> 00:30:45,133
<font color="#ffdc20">ඔයා හරි.</font>

547
00:30:48,767 --> 00:30:50,533
<font color="#ffdc20">ඇයි මන්දා මේකේ කිසි විනෝදයක් නෑ වගේ.</font>

548
00:30:51,300 --> 00:30:54,100
<font color="#ffdc20">ඒයි, ඔයා කොහෙද ගියේ?</font>

549
00:30:54,100 --> 00:30:56,833
<font color="#ffdc20">යනවා නම් ඔයා මට කියන්න තිබුණා.</font>

550
00:30:56,833 --> 00:30:59,700
<font color="#ffdc20">ඔයා ලස්සන නිසා මාව නිකන්
බයිට් එකට අරන්ද තියෙන්නේ?</font>

551
00:30:59,700 --> 00:31:01,600
<font color="#ffdc20">මම සල්ලි වියදම් කරපු නිසා ඔයා
මාව මෝඩයෙක් කියලා හිතුවද?</font>

552
00:31:01,600 --> 00:31:02,733
<font color="#ffdc20">ඔයා හිතන්නේ මම ඔයාගේ යාළුවෙක් කියලද?</font>

553
00:31:02,733 --> 00:31:05,567
<font color="#ffdc20">ආ, මට සමා වෙන්න. හදිසි වැඩක් යෙදුණා.</font>

554
00:31:05,567 --> 00:31:06,867
<font color="#ffdc20">ඒයි!</font>

555
00:31:06,867 --> 00:31:09,100
<font color="#ffdc20">මොනවද ඔය වගේ පහත් හැසිරීම්?</font>

556
00:31:10,400 --> 00:31:12,733
<font color="#ffdc20">අපි දෙන්නා අතරේ ඉවරයි!</font>

557
00:31:12,733 --> 00:31:13,733
<font color="#ffdc20">මාව හලලා දැම්මා.</font>

558
00:31:20,900 --> 00:31:24,000
<font color="#ffdc20">හොඳින් ඉන්නවා වගේ පෙන්නන
එකයි මුකුත් වුණේ නෑ වගේ ඉන්න එකයි.</font>

559
00:31:24,933 --> 00:31:26,567
<font color="#ffdc20">මූණේ හැඟීම් හංගගෙන ඉන්න එක ලේසියි.</font>

560
00:31:31,933 --> 00:31:34,267
<font color="#ffdc20">ඒත් ඒකට ගොඩක් හුරු නොවෙන එක තමයි හොඳ.</font>

561
00:31:37,133 --> 00:31:39,500
<font color="#ffdc20">නැත්තම් අන්තිමට තමන්
ඇත්තටම කවුද කියලත් අමතක වෙයි.</font>

562
00:31:41,700 --> 00:31:43,500
<font color="#ffdc20">ඒගොල්ලෝ අර පැත්තේ මේක විකුණ විකුණ හිටියා.</font>

563
00:31:44,133 --> 00:31:45,600
<font color="#ffdc20">මට අනිත් පැත්තෙන් බස් එක ගන්න තියෙනවා.</font>

564
00:31:47,433 --> 00:31:48,467
<font color="#ffdc20">බායි.</font>

565
00:31:51,067 --> 00:31:53,567
<font color="#ffdc20">කෑම අපරාදේ කළොත් පව් සිද්ධ වෙනවා.</font>

566
00:31:53,567 --> 00:31:54,600
<font color="#ffdc20">ඒ නිසා ඕක කන්න.</font>

567
00:32:21,200 --> 00:32:22,700
<font color="#ffdc20">මම කරපු දේ හරිද?</font>

568
00:32:33,533 --> 00:32:36,000
<font color="#ffdc20">මම මෙච්චර හැඩකාරයෙක් වුණාට සමා වෙන්න.</font>

569
00:32:38,000 --> 00:32:39,900
<font color="#ffdc20">ඔයා කැත නෑ.</font>

570
00:32:40,533 --> 00:32:42,400
<font color="#ffdc20">මම නිකමටයි කලින් එහෙම කිව්වේ.</font>

571
00:32:44,367 --> 00:32:45,567
<font color="#ffdc20">ඔයා ලස්සනයි.</font>

572
00:32:46,200 --> 00:32:48,467
<font color="#ffdc20">ඔයා තමයි මුළු ලෝකෙම ඉන්න ලස්සනම කෙනා.</font>

573
00:33:09,833 --> 00:33:13,333
<font color="#ffdc20">'කොළ ඌරා' හඳ එළිය යට බීලද කොහෙද.</font>

574
00:33:18,400 --> 00:33:19,400
<font color="#ffdc20">ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

575
00:33:39,533 --> 00:33:40,567
<font color="#ffdc20">ඒයි!</font>

576
00:33:42,767 --> 00:33:43,800
<font color="#ffdc20">ෂිහ්.</font>

577
00:33:58,400 --> 00:34:00,000
<font color="#ffdc20">මොකද වෙන්නේ?</font>

578
00:34:04,367 --> 00:34:08,100
<font color="#ffdc20">හා කමක් නෑ. මම කොහොමත්
උත්තරයක් බලාපොරොත්තු වුණේ නෑ.</font>

579
00:34:09,300 --> 00:34:12,767
<font color="#ffdc20">ඒත් අනේ, මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ.</font>

580
00:34:15,767 --> 00:34:17,667
<font color="#ffdc20">ඔයා මට වදයක් වෙනවා. යන්න යන්න.</font>

581
00:34:17,667 --> 00:34:20,767
<font color="#ffdc20">ඇයි මං මේ තරම් අනවශ්‍ය විදියට හැඩ වුණේ?</font>

582
00:34:22,400 --> 00:34:26,667
<font color="#ffdc20">කොළ ඌරෝ, අපි ආවේ එකම කුසකින්නේ.</font>

583
00:34:28,100 --> 00:34:29,933
<font color="#ffdc20">සමහරවිට, අපේ දෙමව්පියෝ වෙනස් ඇති?</font>

584
00:34:35,267 --> 00:34:36,300
<font color="#ffdc20">තමුසෙනම්.</font>

585
00:34:38,900 --> 00:34:39,933
<font color="#ffdc20">මොකක්ද?</font>

586
00:34:41,233 --> 00:34:42,867
<font color="#ffdc20">තව කොච්චර කල් යනවද ඔයා හමුදාවට බැඳෙන්න?</font>

587
00:34:42,867 --> 00:34:45,833
<font color="#ffdc20">අම්මෝ, ඕක ඔයා බනින්න හොයා ගත්ත අලුත් විදියද?</font>

588
00:34:47,500 --> 00:34:50,533
<font color="#ffdc20">ඒක නිර්මාණශීලී තමයි, ඒත් ඇයි ඔයා...</font>

589
00:34:50,533 --> 00:34:52,753
<font color="#ffdc20">ඔයා වගේ කෙනෙක් තමයි හමුදාවට යන්න ඕනේ.</font>

590
00:34:53,472 --> 00:34:55,200
<font color="#ffdc20">ඔයා වගේ කෙනෙක්.</font>

591
00:35:02,500 --> 00:35:04,033
<font color="#ffdc20">ආ.</font>

592
00:35:04,933 --> 00:35:07,400
<font color="#ffdc20">වාව්, 'බේබ්ලූ' ගොඩක් දියුණු වෙලානේ.</font>

593
00:35:07,400 --> 00:35:09,167
<font color="#ffdc20">මේ ඉන්නේ දක්ෂම ආධුනිකයා.</font>

594
00:35:09,167 --> 00:35:11,467
<font color="#ffdc20">ඒක එච්චර හොඳ නෑ.</font>

595
00:35:11,467 --> 00:35:13,300
<font color="#ffdc20">එහෙනම් අපි පොඩි විවේකයක් ගමුද?</font>

596
00:35:13,300 --> 00:35:14,967
<font color="#ffdc20">තාම චිත්‍ර ටික බැලුවේ නැති අය,
කරුණාකරලා ඇවිල්ලා බලන්න.</font>

597
00:35:14,967 --> 00:35:16,933
<font color="#ffdc20">අපි විනාඩි දහයක විවේකයක් ගමු, ඊට
පස්සේ විනාඩි පහේ ක්‍රොකී සැසිය පටන් ගමු.</font>

598
00:35:16,933 --> 00:35:18,900
<font color="#ffdc20">තේරුණා. හරි.</font>

599
00:35:23,033 --> 00:35:24,633
<font color="#ffdc20">නම් ගි ජොන්ග්ගේ ක්‍රොකී පොත?</font>

600
00:35:27,800 --> 00:35:30,800
<font color="#ffdc20">මොකක්? එයා මාව ඇඳලම නෑනේ.</font>

601
00:35:37,033 --> 00:35:39,600
<font color="#ffdc20">ඒයි, මම ඔයාගේ චිත්‍රය දැක්කා.</font>

602
00:35:43,167 --> 00:35:45,867
<font color="#ffdc20">ඔයාට පිස්සුද? මම කිව්වේ මම
ඔයාගේ චිත්‍රය දැක්කා කියලා!</font>

603
00:35:45,867 --> 00:35:48,400
<font color="#ffdc20">ඔයා 'බ්‍රවුන් ෆින්ගර්'ව නම්
හොඳට ඇඳලා තියෙනවා.</font>

604
00:35:48,400 --> 00:35:50,400
<font color="#ffdc20">ඇත්තෙන්ම, මම අඳිනවනේ.</font>

605
00:35:50,400 --> 00:35:51,667
<font color="#ffdc20">ඒත් ඇයි ඔයා මාව ඇන්දේ නැත්තේ?</font>

606
00:35:52,800 --> 00:35:53,800
<font color="#ffdc20">ඒයි!</font>

607
00:35:54,600 --> 00:35:56,000
<font color="#ffdc20">මට උත්තර දෙනවා. නිදි වගේ ඉන්න එපා!</font>

608
00:35:56,000 --> 00:35:57,400
<font color="#ffdc20">මට වද දෙන එක නවත්තනවා, අනේ ඇත්තටම!</font>

609
00:35:58,133 --> 00:36:00,133
<font color="#ffdc20">මම ඔයාව ඇන්දේ නෑ මොකද ඔයා බලන්
ඉන්න බැරි තරම් කැත නිසා. ඉතින් මොකද?</font>

610
00:36:06,933 --> 00:36:07,967
<font color="#ffdc20">ඒයි!</font>

611
00:36:09,367 --> 00:36:11,367
<font color="#ffdc20">මම ගොඩක් කැත වුණාට මට ගොඩක් සමාවෙන්න.</font>

612
00:36:14,633 --> 00:36:17,400
<font color="#ffdc20">මොකක්ද ඔය විකාර හීනේ?</font>

613
00:36:26,567 --> 00:36:28,267
<font color="#ffdc20">ඒත් ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි.</font>

614
00:36:28,267 --> 00:36:30,733
<font color="#ffdc20">එයාගේ වැරැද්දක් තියෙනවා නම්,</font>

615
00:36:30,733 --> 00:36:32,833
<font color="#ffdc20">ඒ එයා ඕනවට වඩා හැඩකාර වුණ එක විතරයි.</font>

616
00:36:33,633 --> 00:36:35,367
<font color="#ffdc20">මම ඒකත් දන්නවා.</font>

617
00:36:47,967 --> 00:36:50,272
<font color="#ffdc20">ඒත් ඇයි ඔයා හැංගෙන්නේ?</font>

618
00:36:52,233 --> 00:36:53,267
<font color="#ffdc20">මම දන්නේ නෑ.</font>

619
00:36:55,167 --> 00:36:58,816
<font color="#ffdc20">ළඟකදි ඉඳන් අපි අතරේ දුරස්
වීමක් තියෙනවා කියලා මට දැනෙනවා.</font>

620
00:37:00,033 --> 00:37:01,033
<font color="#ffdc20">මොකක්?</font>

621
00:37:05,333 --> 00:37:06,400
<font color="#ffdc20">මනස්ගාත.</font>

622
00:37:08,133 --> 00:37:09,200
<font color="#ffdc20">නිකන් මනස්ගාත!</font>

623
00:37:15,967 --> 00:37:18,000
<font color="#ffdc20">[මම කැතයි නේද? ඒ කියන්නේ ගොඩක් කැතයි නේද?]</font>

624
00:37:18,000 --> 00:37:19,333
<font color="#ffdc20">බලන්නකෝ, එයා කොච්චර උත්සාහ කරනවද කියලා.</font>

625
00:37:20,233 --> 00:37:23,200
<font color="#ffdc20">ඔයාගේ කොල්ලා ඔයා වෙනුවෙන්
ඕනම දෙයක් කරන්න ලෑස්තියි.</font>

626
00:37:23,200 --> 00:37:26,033
<font color="#ffdc20">ඒයි, මොන කොල්ලෙක්ද? එහෙම දෙයක් නෑ.</font>

627
00:37:26,033 --> 00:37:27,933
<font color="#ffdc20">ඇත්තෙන්ම, එහෙම දෙයක් නෑ.</font>

628
00:37:27,933 --> 00:37:29,933
<font color="#ffdc20">ෂා, කොහොමද එයා ඔච්චර හැඩකාර වුණේ?</font>

629
00:37:29,933 --> 00:37:32,167
<font color="#ffdc20">එයා එහෙමද? ඔව්, අනිවාර්යයෙන්ම.</font>

630
00:37:32,167 --> 00:37:33,500
<font color="#ffdc20">'ලෙජන්ඩ්'ටත් වඩා?</font>

631
00:37:33,500 --> 00:37:35,000
<font color="#ffdc20">ඒයි, එයාලව සංසන්දනය කරන්න එපා!</font>

632
00:37:35,000 --> 00:37:37,267
<font color="#ffdc20">ඒත් ඔයා කිව්වනේ එයා හැඩයි
කියලා. අනේ සේ රා. නවත්තන්නකෝ.</font>

633
00:37:37,267 --> 00:37:38,333
<font color="#ffdc20">ඔන්න ඔයා ආයෙත් පටන් ගත්තා.</font>

634
00:37:44,467 --> 00:37:46,467
<font color="#ffdc20">ෆොටෝ එවන එක නවත්තනවා!</font>

635
00:37:46,467 --> 00:37:47,567
<font color="#ffdc20">ඒයි.</font>

636
00:37:47,567 --> 00:37:49,367
<font color="#ffdc20">මේවගෙන් වැඩියෙන්ම කැත මොකක්ද?</font>

637
00:37:49,367 --> 00:37:50,933
<font color="#ffdc20">දැන් මොකක්ද?</font>

638
00:37:50,933 --> 00:37:54,267
<font color="#ffdc20">මේකයි, මේකයි, මේකයි.</font>

639
00:37:54,267 --> 00:37:55,300
<font color="#ffdc20">මම ඔයාට ගහන්නද?</font>

640
00:37:57,967 --> 00:38:00,767
<font color="#ffdc20">එහෙම නැත්තම් ඔයා දන්නවද තවත් කැත වෙන්නේ
කොහොමද කියලා? ඔයා දැනගෙන ඉන්න ඕනේ.</font>

641
00:38:01,467 --> 00:38:02,967
<font color="#ffdc20">මම ඇත්තටම ඔයාට ගහන්න ඕනේ. සිරාවටම.</font>

642
00:38:03,867 --> 00:38:05,800
<font color="#ffdc20">කොහොමද ඔයා ඒක නොදන්නේ?</font>

643
00:38:05,800 --> 00:38:07,100
<font color="#ffdc20">ඒයි, 'බියොන් සූන්', ඔයා දන්නවද?</font>

644
00:38:07,100 --> 00:38:08,467
<font color="#ffdc20">ඒයි, බියොන් සූන්ට අගෞරව කරන්න එපා.</font>

645
00:38:08,467 --> 00:38:10,200
<font color="#ffdc20">එයා වැඩිමල් අක්කලා අතරත් ගොඩක් ජනප්‍රියයි.</font>

646
00:38:10,200 --> 00:38:12,433
<font color="#ffdc20">ආ ඒක නෙවෙයි, ඊයේ නා යොන්ග්
එක්ක ගිය ඩේට් එක කොහොමද?</font>

647
00:38:12,433 --> 00:38:14,267
<font color="#ffdc20">ඒක ඔයාට වැඩක් නෑනේ. ඔයා ආයෙත් බූට් එක කෑවද?</font>

648
00:38:15,500 --> 00:38:17,633
<font color="#ffdc20">ඔයා දන්නේ නෑ සම්බන්ධයක් දිගටම
පවත්වගෙන යන්නේ කොහොමද කියලා.</font>

649
00:38:17,633 --> 00:38:18,933
<font color="#ffdc20">ළමයිනේ.</font>

650
00:38:18,933 --> 00:38:21,500
<font color="#ffdc20">දැන් එයා මාව සම්පූර්ණයෙන්ම ගණන් ගන්නේ
නෑ. එයා මගේ මැසේජ් දිහා බලන්නෙවත් නෑ.</font>

651
00:38:25,400 --> 00:38:27,867
<font color="#ffdc20">ඔයාට කියන්න දෙයක් තියෙනවා නම්,
දැන්ම කියන්න. මැද්දට පැනලා බාධා නොකර.</font>

652
00:38:31,367 --> 00:38:33,000
<font color="#ffdc20">මම ඔයාට තෑග්ගක් ගෙනාවා.</font>

653
00:38:33,000 --> 00:38:34,000
<font color="#ffdc20">තෑග්ගක්?</font>

654
00:38:39,200 --> 00:38:41,233
<font color="#ffdc20">එපා ස්තූතියි, මට ඒක ඕනේ නෑ.</font>

655
00:38:41,233 --> 00:38:45,533
<font color="#ffdc20">මම ආච්චිට කිව්වා මේක යාළුවෙක්ට කියලා
ඉතින් එයා මේවා මම වෙනුවෙන් තෝරලා දුන්නා.</font>

656
00:38:51,133 --> 00:38:52,467
<font color="#ffdc20">ඒවා ලස්සනයි නේද?</font>

657
00:38:52,467 --> 00:38:53,667
<font color="#ffdc20">- මේවා ඇඳලා බලන්න.
- එපා, ස්තූතියි.</font>

658
00:38:54,333 --> 00:38:55,433
<font color="#ffdc20">මම උදව් කරන්නම් මේවා දාගන්න.</font>

659
00:38:55,433 --> 00:38:56,833
<font color="#ffdc20">මම එපා කිව්වනේ!</font>

660
00:38:56,833 --> 00:38:58,900
<font color="#ffdc20">හෙට අනිවාර්යයෙන්ම මේවා දාගෙන එන්න, හරිද?</font>

661
00:38:58,900 --> 00:39:00,067
<font color="#ffdc20">අයියෝ, මම එපා කිව්වනේ!</font>

662
00:39:00,067 --> 00:39:01,167
<font color="#ffdc20">බලන්නකෝ ඒගොල්ලො නටන නාඩගම.</font>

663
00:39:01,167 --> 00:39:02,333
<font color="#ffdc20">බොං ගු, මෝඩයා.</font>

664
00:39:02,333 --> 00:39:04,267
<font color="#ffdc20">එයා ඇයි දිගටම අරයාට හොඳින් සලකන්නේ?</font>

665
00:39:04,267 --> 00:39:06,233
<font color="#ffdc20">අපේ අම්මා කිව්වා,</font>

666
00:39:06,233 --> 00:39:09,467
<font color="#ffdc20">සොං වූ දොල්ගේ අම්මත් හරිම නරකයි කියලා.</font>

667
00:39:09,467 --> 00:39:10,767
<font color="#ffdc20">ඔව්. මමත් ඒක අහලා තියෙනවා.</font>

668
00:39:11,733 --> 00:39:14,600
<font color="#ffdc20">අනේ මන්දා, වූ දොල්ගේ අම්මා නම්.</font>

669
00:39:14,600 --> 00:39:17,067
<font color="#ffdc20">ඔයාට තියෙන්නේ පුදුම ලස්සන ඇඟක්නේ.</font>

670
00:39:18,067 --> 00:39:21,033
<font color="#ffdc20">අනේ, මේ දවස්වල හැමෝටම එහෙමනේ.</font>

671
00:39:21,033 --> 00:39:25,400
<font color="#ffdc20">මම මගේ ගැන බලාගන්නෙ නෑ කියල
අහන්න මම කොහොමත් කැමති නෑ.</font>

672
00:39:25,400 --> 00:39:29,100
<font color="#ffdc20">මට මගේ ඇඟ ගැනවත් බලාගන්න බැරි
නම්, ළමයි ගැන බලාගන්නේ කොහොමද?</font>

673
00:39:30,767 --> 00:39:32,500
<font color="#ffdc20">- ඔයා හරි.
- ඒක ඇත්ත.</font>

674
00:39:32,500 --> 00:39:35,133
<font color="#ffdc20">වූ දොල්ගේ අම්මයි අපි අතරයි ලොකු වෙනසක් තියෙනවා.</font>

675
00:39:35,133 --> 00:39:38,667
<font color="#ffdc20">ඔයා ඉස්සර ගොඩක් ප්‍රසිද්ධ
බැලේ නටන කෙනෙක් නේද?</font>

676
00:39:38,667 --> 00:39:39,667
<font color="#ffdc20">ඔයා මොන වගේ සංදර්ශනවලද හිටියේ?</font>

677
00:39:39,667 --> 00:39:42,267
<font color="#ffdc20">ස්වෝන් ලේක්? ජිසෙල්?</font>

678
00:39:42,267 --> 00:39:43,633
<font color="#ffdc20">මම ගොඩක් ඒවගෙ හිටියා.</font>

679
00:39:44,433 --> 00:39:45,900
<font color="#ffdc20">ඉස්සර සාර්ථක වුණා කියලා ඇති වැඩේ මොකක්ද?</font>

680
00:39:45,900 --> 00:39:48,533
<font color="#ffdc20">දැන් මම පුතාලා දෙන්නෙක් විතරක්
ඉන්න නිකම්ම නිකන් ගෘහණියක් විතරයි.</font>

681
00:39:48,533 --> 00:39:53,667
<font color="#ffdc20">අනේ යන්න! එක පුතෙක් සෝල් නැෂනල් යුනිවර්සිටි යනවා,
අනිත් එක්කෙනා අති දක්ෂයෙක්. නිහතමානී වෙන්න එපා!</font>

682
00:39:53,667 --> 00:39:57,767
<font color="#ffdc20">මට ඒ වගේ පෙන්නන්න පුතාලවත්
නැති ගෘහණියක්. මට දුකයි.</font>

683
00:39:57,767 --> 00:40:00,767
<font color="#ffdc20">ආහ්, සමාවෙන්න. සමාවෙන්න.</font>

684
00:40:03,667 --> 00:40:06,067
<font color="#ffdc20">නියමයි! හොඳයි!</font>

685
00:40:06,067 --> 00:40:09,633
<font color="#ffdc20">තව පොඩ්ඩක් කූල් විදියට
ඉන්න. ඔව්, කූල් විදියට.</font>

686
00:40:09,633 --> 00:40:11,033
<font color="#ffdc20">හරි, මෙහෙට අවධානය දෙන්න.</font>

687
00:40:11,033 --> 00:40:13,200
<font color="#ffdc20">මුහුදු ලිහිණියෝ ගැන හිතන්න. කෑගහනවා, කෑගහනවා!</font>

688
00:40:13,200 --> 00:40:14,267
<font color="#ffdc20">ඔව්, නොසෙල්වී ඉන්න.</font>

689
00:40:14,900 --> 00:40:16,800
<font color="#ffdc20">එයාට අද මොකද වෙලා
තියෙන්නේ? එයාට පිස්සු හැදිලද?</font>

690
00:40:19,333 --> 00:40:21,833
<font color="#ffdc20">ඒ නිසා මට කැමති වෙන එක නවත්තන්න.</font>

691
00:40:21,833 --> 00:40:23,433
<font color="#ffdc20">මමත් ඔයාට කැමති වෙන්නෙ නෑ.</font>

692
00:40:26,933 --> 00:40:28,733
<font color="#ffdc20">අපි දැන් ඉවරයි නේද? මම යනවා.</font>

693
00:40:28,733 --> 00:40:29,767
<font color="#ffdc20">නෑ, ඔයාට යන්න බෑ.</font>

694
00:40:29,767 --> 00:40:32,867
<font color="#ffdc20">ඒයි, වැඩේ හොඳට කරගෙන ගියානේ.
ඇයි මගෙන් අහන්නෙ නැතුව නවත්තන්නේ?</font>

695
00:40:32,867 --> 00:40:34,567
<font color="#ffdc20">[මිස් පිගී] ෆෝන් එක පැත්තකින්
තියලා ගිහින් එතනින් හිටගන්න!</font>

696
00:40:34,567 --> 00:40:36,467
<font color="#ffdc20">ඒයි! මමයි ඔයාගේ බොස්.</font>

697
00:40:36,467 --> 00:40:37,700
<font color="#ffdc20">ඔයාට මම කියන දේ ඇහෙන්නෙ නැද්ද?</font>

698
00:40:37,700 --> 00:40:42,200
<font color="#ffdc20">[මිස් පිගී]</font>

699
00:40:45,533 --> 00:40:46,600
<font color="#ffdc20">එයාට මොකද වෙලා තියෙන්නේ?</font>

700
00:40:50,733 --> 00:40:51,867
<font color="#ffdc20">නෑ.</font>

701
00:40:51,867 --> 00:40:54,667
<font color="#ffdc20">මම එහෙම කරන්න හිතුවෙ නෑ. නෑ!</font>

702
00:40:54,667 --> 00:40:56,200
<font color="#ffdc20">මට කෝල් එක කට් කරන්න ඕන වුණේ නෑ!</font>

703
00:40:59,200 --> 00:41:00,567
<font color="#ffdc20">- අර පිස්සා.
- අර පිස්සා.</font>

704
00:41:00,567 --> 00:41:02,067
<font color="#ffdc20">එයා ඇයි ඔච්චර සිහියක් නැතුව ඉන්නේ?</font>

705
00:41:10,800 --> 00:41:12,267
<font color="#ffdc20">සමාවෙන්න, මට ගොඩක් සමාවෙන්න.</font>

706
00:41:12,267 --> 00:41:13,933
<font color="#ffdc20">මම ඔයාගේ කෝල් එක කට් කරන්න හිතාගෙන හිටියේ නෑ.</font>

707
00:41:13,933 --> 00:41:17,433
<font color="#ffdc20">එකපාරටම ෆෝන් එක රින්ග් වෙද්දි මම
කලබල වුණා, ඒ කියන්නේ මම ගැස්සුණා.</font>

708
00:41:19,067 --> 00:41:21,767
<font color="#ffdc20">කොහොම හරි, ඇයි ඔයා කෝල් කළේ?</font>

709
00:41:21,767 --> 00:41:23,867
<font color="#ffdc20">ආහ්, ඒක...</font>

710
00:41:23,867 --> 00:41:24,900
<font color="#ffdc20">ඔයා දන්නවද?</font>

711
00:41:26,967 --> 00:41:28,167
<font color="#ffdc20">මට සුබ ආරංචියක් තියෙනවා.</font>

712
00:41:28,967 --> 00:41:30,833
<font color="#ffdc20">අද මම හරිම කැතයි.</font>

713
00:41:30,833 --> 00:41:31,867
<font color="#ffdc20">ඔයාට මාව හම්බවෙන්න ඕනද?</font>

714
00:41:35,633 --> 00:41:36,667
<font color="#ffdc20">වූ යොන්!</font>

715
00:41:45,133 --> 00:41:47,833
<font color="#ffdc20">මොකක්ද? මේ පැත්තට එන්න එපා!</font>

716
00:41:50,367 --> 00:41:52,967
<font color="#ffdc20">මම හරි නේද? මම කැතයි නේද?</font>

717
00:41:52,967 --> 00:41:53,967
<font color="#ffdc20">මොකක්ද?</font>

718
00:41:57,900 --> 00:41:59,233
<font color="#ffdc20">ඒත් මම හිතුවේ මම කැතයි කියලා.</font>

719
00:42:02,533 --> 00:42:03,633
<font color="#ffdc20">මට සමාවෙන්න.</font>

720
00:42:04,600 --> 00:42:06,767
<font color="#ffdc20">මොකටද?</font>

721
00:42:06,767 --> 00:42:10,467
<font color="#ffdc20">ඊයේ මම මගේ තරහා ඔයා පිටින් යැව්වා.</font>

722
00:42:12,000 --> 00:42:13,433
<font color="#ffdc20">ඒක ඔයාගේ වරදක්වත් නෙවෙයිනේ, දන්නවද?</font>

723
00:42:18,100 --> 00:42:19,167
<font color="#ffdc20">ඕක ගණන් ගන්න එපා.</font>

724
00:42:21,100 --> 00:42:22,933
<font color="#ffdc20">මතකද මම ඉස්සර ඔයාට කියපු දේ?</font>

725
00:42:24,100 --> 00:42:27,136
<font color="#ffdc20">සමහර දවස්වලට මට මාව වොන් 10
කාසියක් වගේ වටිනාකමක් නෑ කියලා හිතෙනවා.</font>

726
00:42:28,133 --> 00:42:29,933
<font color="#ffdc20">ඊයෙත් ඒ වගේ දවසක්.</font>

727
00:42:31,300 --> 00:42:33,367
<font color="#ffdc20">ඒක මගේ අවුල් වුණු හිතුවිලි නිසා වුණේ,</font>

728
00:42:34,067 --> 00:42:35,500
<font color="#ffdc20">ඒත් මම ඒක ඔයා පිටින් යැව්වා.</font>

729
00:42:38,100 --> 00:42:39,167
<font color="#ffdc20">මට සමාවෙන්න.</font>

730
00:42:51,933 --> 00:42:52,967
<font color="#ffdc20">එහෙනම් ඉතින්,</font>

731
00:42:53,833 --> 00:42:55,600
<font color="#ffdc20">මට දිගටම ඔයාට කැමති වෙන්න පුළුවන් නේද?</font>

732
00:42:56,400 --> 00:42:57,171
<font color="#ffdc20">මොකක්ද?</font>

733
00:42:57,195 --> 00:42:59,533
<font color="#ffdc20">ඔයා මට කිව්වනේ තරහෙන් හරි ඔයාට
කැමති වෙන එක නවත්තන්න කියලා.</font>

734
00:42:59,533 --> 00:43:02,600
<font color="#ffdc20">ඇයි ඔයා ආයෙත් ඒ ගැන කතා කරන්නේ?</font>

735
00:43:02,600 --> 00:43:03,900
<font color="#ffdc20">දැන් වැදගත් වෙන්නේ ඒක නෙවෙයි.</font>

736
00:43:03,900 --> 00:43:05,300
<font color="#ffdc20">ඒක මට වැදගත්.</font>

737
00:43:06,133 --> 00:43:08,933
<font color="#ffdc20">ඔයා එපා කියද්දිත් මම ඔයාට දිගටම
කැමති වුණොත්, මම ස්ටෝකර් කෙනෙක් වෙයි.</font>

738
00:43:08,933 --> 00:43:10,600
<font color="#ffdc20">දැන් අර ස්ටෝකර්ලට විරුද්ධව
නීතිත් ගෙනල්ලනේ තියෙන්නේ.</font>

739
00:43:11,367 --> 00:43:13,567
<font color="#ffdc20">එහෙනම් මට දිගටම ඔයාට
කැමති වෙන්න පුළුවන් නේද?</font>

740
00:43:13,567 --> 00:43:14,833
<font color="#ffdc20">මම දන්නේ නෑ. ඕන දෙයක් කරගන්නවා.</font>

741
00:43:15,467 --> 00:43:17,267
<font color="#ffdc20">ඔය වගේ දේවල් අහන එක නවත්තන්න.</font>

742
00:43:17,267 --> 00:43:18,300
<font color="#ffdc20">හරි!</font>

743
00:43:20,833 --> 00:43:23,867
<font color="#ffdc20">එතකොට ඔයත් දැන් මට
කැමති වෙන්න පටන් ගන්නවද?</font>

744
00:43:23,867 --> 00:43:24,867
<font color="#ffdc20">මොකක්ද?</font>

745
00:43:26,067 --> 00:43:30,533
<font color="#ffdc20">ඉතින්, ඔයා මට කිව්වනේ ඔයාට කැමති වෙන්න එපා,
එකෙන් ඔයාගේ ආත්ම විශ්වාසය අඩු වෙනවා කියලා.</font>

746
00:43:30,533 --> 00:43:32,067
<font color="#ffdc20">ඒත් ඔයා කිව්වා ඒක වැරදියි කියලා.</font>

747
00:43:32,067 --> 00:43:34,867
<font color="#ffdc20">ඒ කියන්නේ, අපි ආයෙත් පටන් ගත්ත තැනමයි.</font>

748
00:43:34,867 --> 00:43:36,100
<font color="#ffdc20">මට දිගටම ඔයාට කැමති වෙන්න පුළුවන්,</font>

749
00:43:36,100 --> 00:43:39,200
<font color="#ffdc20">ඔයාටත් පුළුවන් මට කැමති
වෙන්න පටන් ගන්න, හරි නේද?</font>

750
00:43:39,200 --> 00:43:40,200
<font color="#ffdc20">මොකක්ද මේ වෙන්නේ?</font>

751
00:43:40,933 --> 00:43:43,967
<font color="#ffdc20">ඇයි මේක හරි වගේ දැනෙන්නේ?</font>

752
00:43:43,967 --> 00:43:45,300
<font color="#ffdc20">ඔයාට තාම තේරුණේ නැද්ද?</font>

753
00:43:48,567 --> 00:43:49,633
<font color="#ffdc20">එහෙනම්,</font>

754
00:43:51,600 --> 00:43:53,344
<font color="#ffdc20">අපි කිස් කරමුද?</font>

755
00:43:53,344 --> 00:43:54,900
<font color="#ffdc20">ඔන්න ආයෙත් පටන් ගත්තා!</font>

756
00:43:59,767 --> 00:44:00,767
<font color="#ffdc20">ඒයි!</font>

757
00:44:04,767 --> 00:44:05,800
<font color="#ffdc20">ඒයි!</font>

758
00:44:17,267 --> 00:44:18,267
<font color="#ffdc20">ඒයි!</font>

759
00:44:20,000 --> 00:44:22,700
<font color="#ffdc20">ඒයි, මම වැටුණා!</font>

760
00:44:22,700 --> 00:44:24,267
<font color="#ffdc20">සමා... වෙන්න.</font>

761
00:44:25,200 --> 00:44:27,800
<font color="#ffdc20">ඔයා නම් ගණන් උස්සන්න හරි දක්ෂයි.</font>

762
00:44:27,800 --> 00:44:29,667
<font color="#ffdc20">ඔයා නම් මාර සෙල්ලම්කාරයෙක් නේද?</font>

763
00:44:31,833 --> 00:44:33,633
<font color="#ffdc20">මම ගිහින් අපි දෙන්නට බොන්න මොනවා හරි ගේන්නම්.</font>

764
00:44:34,733 --> 00:44:38,433
<font color="#ffdc20">ඒයි, ඕන නෑ. මට එපා!</font>

765
00:45:03,300 --> 00:45:06,600
<font color="#ffdc20">ඇයි මම එකපාරටම එයාව පස්සෙන් බදාගත්තේ?</font>

766
00:45:06,600 --> 00:45:08,233
<font color="#ffdc20">අයියෝ, මට හරි ලැජ්ජයි.</font>

767
00:45:13,067 --> 00:45:14,233
<font color="#ffdc20">එයා මොකද කරන්නේ?</font>

768
00:45:19,967 --> 00:45:21,567
<font color="#ffdc20">ඔයා මෙහෙ තනියමද?</font>

769
00:45:21,567 --> 00:45:22,633
<font color="#ffdc20">මොකක්ද?</font>

770
00:45:22,633 --> 00:45:23,767
<font color="#ffdc20">ඔයා මල් බලන්නද ආවේ?</font>

771
00:45:23,767 --> 00:45:26,633
<font color="#ffdc20">ඔව්, ඇත්තෙන්ම. මම ආවේ මල් බලන්න.</font>

772
00:45:26,633 --> 00:45:28,267
<font color="#ffdc20">ඔයා කොහොමද?</font>

773
00:45:28,267 --> 00:45:31,467
<font color="#ffdc20">මමත් යාළුවෙක් එක්ක මල් බලන්න ආවේ.</font>

774
00:45:31,467 --> 00:45:33,533
<font color="#ffdc20">එයා ගියා බොන්න මොනවා හරි ගේන්න.</font>

775
00:45:33,533 --> 00:45:36,867
<font color="#ffdc20">මගේ නම චිවොන් හයි එකේ 2-3 පන්තියේ ගි ජොං.</font>

776
00:45:36,867 --> 00:45:39,033
<font color="#ffdc20">මොකක්ද?</font>

777
00:45:41,100 --> 00:45:42,933
<font color="#ffdc20">මම ගි ජොං. ගි ජොං!</font>

778
00:45:43,933 --> 00:45:47,367
<font color="#ffdc20">ආච්චි අම්මේ, මේ මගෙන් ඔයාට තෑග්ගක්.</font>

779
00:46:00,767 --> 00:46:01,833
<font color="#ffdc20">වූ යොන්.</font>

780
00:46:25,333 --> 00:46:28,033
<font color="#ffdc20">ආච්චි ඔයා ගොඩක් ලස්සනයි.</font>

781
00:46:28,033 --> 00:46:30,367
<font color="#ffdc20">නාකි මම ලස්සනයි?</font>

782
00:46:31,467 --> 00:46:34,933
<font color="#ffdc20">මේකෙන් මට මගේ පොඩි කාලේ මතක් වුණා.</font>

783
00:46:34,933 --> 00:46:40,100
<font color="#ffdc20">මම පොඩි කාලේ මල් ඔටුනු හැදුවා.</font>

784
00:47:16,767 --> 00:47:17,800
<font color="#ffdc20">මම ඉවරයි!</font>

785
00:47:23,033 --> 00:47:24,033
<font color="#ffdc20">ඒයි.</font>

786
00:47:34,867 --> 00:47:39,000
<font color="#ffdc20">ඔයා තරුණ කාලේ ගැන මතක් කරනවා
වගේ පෙනුණා. මට නිකන් ඉන්න බැරි වුණා.</font>

787
00:47:45,400 --> 00:47:46,467
<font color="#ffdc20">මට සමාවෙන්න.</font>

788
00:47:46,467 --> 00:47:47,933
<font color="#ffdc20">මම ඒක කැතට ඇන්දා නේද?</font>

789
00:47:48,967 --> 00:47:50,700
<font color="#ffdc20">ඔයා ඊට වඩා ගොඩක් ලස්සන වෙන්න ඇති.</font>

790
00:47:50,700 --> 00:47:51,900
<font color="#ffdc20">කොහෙත්ම නෑ.</font>

791
00:47:53,233 --> 00:47:54,867
<font color="#ffdc20">මේක හරියට මම ඉස්සර හිටපු විදියමයි.</font>

792
00:47:58,133 --> 00:48:00,367
<font color="#ffdc20">ස්තූතියි දරුවෝ.</font>

793
00:48:04,200 --> 00:48:06,667
<font color="#ffdc20">මම මගේ හිතේ මැවාගෙන ඇඳපු චිත්‍රය</font>

794
00:48:07,300 --> 00:48:09,733
<font color="#ffdc20">ආච්චි අම්මව අතීත මතකයන් අතරට අරන් ගියා,</font>

795
00:48:11,067 --> 00:48:14,560
<font color="#ffdc20">ඉතින් අපි ආච්චිගේ වටිනා කතාවලට ඇහුම්කන් දුන්නා,</font>

796
00:48:15,633 --> 00:48:19,600
<font color="#ffdc20">ගොඩක් වෙලාවක් යනකම්.</font>

797
00:48:22,267 --> 00:48:24,267
<font color="#ffdc20">ආච්චි අම්මේ, වාහන එයි බලාගෙන!</font>

798
00:48:28,967 --> 00:48:30,833
<font color="#ffdc20">එයාගේ කටහඬ</font>

799
00:48:33,033 --> 00:48:34,567
<font color="#ffdc20">වසන්තයේ හුළඟ වගේම උණුසුම්.</font>

800
00:48:53,467 --> 00:48:56,100
<font color="#ffdc20">ඒයි! ලකුණු වැඩි වෙලා!</font>

801
00:48:56,100 --> 00:48:58,333
<font color="#ffdc20">ලකුණු වැඩි වෙලා!</font>

802
00:48:59,367 --> 00:49:00,667
<font color="#ffdc20">ඒයි, ඔයාගෙත් වැඩි වෙලානේ.</font>

803
00:49:00,667 --> 00:49:03,300
<font color="#ffdc20">ඒයි, සොං ගේ ලකුණු එක්ක බලද්දි මේවා මොනවද.</font>

804
00:49:03,300 --> 00:49:05,667
<font color="#ffdc20">ඔයාට අන්තිමේදී චිත්‍ර අඳින ක්ලබ්
එකට යන්න අම්මගෙන් අවසර ලැබෙයිද?</font>

805
00:49:05,667 --> 00:49:07,000
<font color="#ffdc20">මම අද අහනවා.</font>

806
00:49:07,000 --> 00:49:08,500
<font color="#ffdc20">මේකත් එක්ක, මම හිතන්නේ
අම්මා මට ඒකට යන්න දෙයි.</font>

807
00:49:08,500 --> 00:49:11,733
<font color="#ffdc20">දෙයියනේ, ඔයාට අන්තිමේදී ඔයාගේ ඔය අවදානම්
ඩබල් ඇක්ටින් එක නවත්තන්න පුළුවන් වෙයි.</font>

808
00:49:14,200 --> 00:49:16,267
<font color="#ffdc20">ස්තූතියි. ස්තූතියි!</font>

809
00:49:16,267 --> 00:49:17,267
<font color="#ffdc20">- වූ!
- මි!</font>

810
00:49:17,267 --> 00:49:18,272
<font color="#ffdc20">සේ!</font>

811
00:49:18,272 --> 00:49:20,167
<font color="#ffdc20">ක්‍රොස්!</font>

812
00:49:20,167 --> 00:49:21,300
<font color="#ffdc20">[වාර විභාග ලකුණු] දැක්කද?</font>

813
00:49:21,300 --> 00:49:25,333
<font color="#ffdc20">ඔයාටත් හොඳට කරන්න පුළුවන්නේ, අනේ මන්දා.</font>

814
00:49:25,333 --> 00:49:27,300
<font color="#ffdc20">මම නිකරුනේ ද ඔයාට බල කළේ?</font>

815
00:49:28,767 --> 00:49:32,033
<font color="#ffdc20">හරි එහෙනම්. අපි තව ටියුෂන් පන්තියක් දාගමු.</font>

816
00:49:32,767 --> 00:49:36,267
<font color="#ffdc20">බලමු. ඉරිදා පන්තිය...</font>

817
00:49:37,567 --> 00:49:39,467
<font color="#ffdc20">- අම්මේ.
- ඇයි?</font>

818
00:49:39,467 --> 00:49:41,667
<font color="#ffdc20">මගේ ලකුණු වැඩි වෙලා තියෙන
නිසා, මගේ එක ඉල්ලීමක් ඉටු කරන්න.</font>

819
00:49:41,667 --> 00:49:42,800
<font color="#ffdc20">හා.</font>

820
00:49:42,800 --> 00:49:44,433
<font color="#ffdc20">මොකක්ද ඕනේ? ඩිපාට්මන්ට්
ස්ටෝ එකෙන් ෂොපින් කරන්නද?</font>

821
00:49:44,433 --> 00:49:45,467
<font color="#ffdc20">නෑ.</font>

822
00:49:46,733 --> 00:49:49,000
<font color="#ffdc20">මට බැඳෙන්න ඕන ක්ලබ් එකක් තියෙනවා.</font>

823
00:49:49,000 --> 00:49:50,367
<font color="#ffdc20">මොන ක්ලබ් එකක්ද?</font>

824
00:49:50,367 --> 00:49:51,967
<font color="#ffdc20">පොත් කියවන ක්ලබ් එකක්ද? රචනා ලියන එකක්ද?</font>

825
00:49:51,967 --> 00:49:53,000
<font color="#ffdc20">නෑ.</font>

826
00:49:54,833 --> 00:49:56,733
<font color="#ffdc20">ඒක චිත්‍ර අඳින ක්ලබ් එකක්...</font>

827
00:49:57,633 --> 00:49:58,633
<font color="#ffdc20">මොකක්?</font>

828
00:49:59,467 --> 00:50:00,833
<font color="#ffdc20">ඔයා මේ මොන විකාරයක්ද කියවන්නේ?</font>

829
00:50:00,833 --> 00:50:02,633
<font color="#ffdc20">- මොන ක්ලබ් එකක්?
- මොකක්ද?</font>

830
00:50:02,633 --> 00:50:05,333
<font color="#ffdc20">මොකක්ද ඔයා එකපාරටම
චිත්‍ර අඳින්න ඕන කියන්නේ?</font>

831
00:50:06,700 --> 00:50:10,033
<font color="#ffdc20">ආට් මේජර්ස් කරන්න පුළුවන් පොඩි
කාලෙ ඉඳන් පුරුදු වුණු අයට විතරයි.</font>

832
00:50:10,033 --> 00:50:11,733
<font color="#ffdc20">නෑ, එහෙම එකක් නෙවෙයි.</font>

833
00:50:11,733 --> 00:50:14,033
<font color="#ffdc20">ඒක ක්‍රොකී (croquis) ක්ලබ්
එකක්. දක්ෂකම වැදගත් නෑ.</font>

834
00:50:14,033 --> 00:50:15,500
<font color="#ffdc20">අපි නිකන් එකතු වෙලා චිත්‍ර අඳින්න කැමති
අයත් එක්ක අඳින එක විතරයි කරන්නේ...</font>

835
00:50:15,500 --> 00:50:19,133
<font color="#ffdc20">ඉතින් චිත්‍ර අඳින්න බැරි කෙනෙක් මොකටද
චිත්‍ර අඳින ක්ලබ් එකකට බැඳෙන්නේ?</font>

836
00:50:19,133 --> 00:50:21,500
<font color="#ffdc20">ඔයා එතනට ගිහින් නිකන් කාලේ කයි!</font>

837
00:50:21,500 --> 00:50:23,200
<font color="#ffdc20">මොන විකාර ක්ලබ් එකක්ද ඒ?</font>

838
00:50:23,200 --> 00:50:25,433
<font color="#ffdc20">එහෙම නීතියක් නෑනේ දක්ෂ අයට විතරයි
ඒ වගේ ක්ලබ් වලට යන්න පුළුවන් කියලා.</font>

839
00:50:25,433 --> 00:50:28,267
<font color="#ffdc20">ඇත්තෙන්ම තියෙනවා!</font>

840
00:50:28,267 --> 00:50:29,933
<font color="#ffdc20">ලෝකේ හැටි එහෙම තමයි.</font>

841
00:50:29,933 --> 00:50:32,267
<font color="#ffdc20">තමන් දක්ෂ දේ කළත්, ජීවත් වෙන්න හරි අමාරුයි!</font>

842
00:50:32,267 --> 00:50:33,300
<font color="#ffdc20">බලන්න ඔයාගේ තාත්තා දිහා.</font>

843
00:50:33,300 --> 00:50:36,133
<font color="#ffdc20">එයා එළි වෙනකම් වැඩ කරනවා,
ගෙදර එන්නවත් ලැබෙන්නේ නෑ.</font>

844
00:50:36,133 --> 00:50:38,167
<font color="#ffdc20">ඔය විකාර කතා කරන එක නවත්තන්න, වූ යොන්.</font>

845
00:50:38,867 --> 00:50:40,333
<font color="#ffdc20">අනිත් හැමෝම මහන්සි වෙලා ඉගෙන ගද්දි,</font>

846
00:50:40,333 --> 00:50:43,700
<font color="#ffdc20">ඔයා ඔය වැඩකට නැති චිත්‍ර
අඳින්න කාලය නාස්ති කරනවද?</font>

847
00:50:43,700 --> 00:50:45,500
<font color="#ffdc20">ඔයාගේ ලකුණු එච්චර හොඳත් නෑනේ!</font>

848
00:50:45,500 --> 00:50:48,333
<font color="#ffdc20">ඔයා මැරීගෙන ඉගෙන ගත්තත්, අනිත්
අයත් එක්ක තරඟ කරන්න අමාරුයි.</font>

849
00:50:48,333 --> 00:50:51,067
<font color="#ffdc20">ඔයා කොහොමද ඔය වගේ විකාර කතා කියන්නේ?</font>

850
00:50:52,033 --> 00:50:53,667
<font color="#ffdc20">ඔය විකාර නවත්තලා ගිහින් පාඩම් කරනවා!</font>

851
00:50:55,967 --> 00:50:57,600
<font color="#ffdc20">ඒකට වැඩකට නැති දෙයක් කියන්න එපා!</font>

852
00:50:58,633 --> 00:50:59,633
<font color="#ffdc20">මොකක්?</font>

853
00:51:00,367 --> 00:51:03,333
<font color="#ffdc20">ඔයා ඒකට අකමැති වුණාට ඒක පහත් කරන්න එපා.</font>

854
00:51:03,333 --> 00:51:05,433
<font color="#ffdc20">මම කාවද පහත් කළේ?</font>

855
00:51:07,800 --> 00:51:09,367
<font color="#ffdc20">මාව.</font>

856
00:51:09,367 --> 00:51:10,367
<font color="#ffdc20">මොකක්?</font>

857
00:51:10,367 --> 00:51:12,640
<font color="#ffdc20">ඔයා මාව පහත් කරලයි කතා කළේ, අම්මේ!</font>

858
00:51:13,533 --> 00:51:16,400
<font color="#ffdc20">ඔයා හැමදාම මාව අනිත් අය
එක්ක සසඳ සසඳ මාව පහත් කරනවා!</font>

859
00:51:17,100 --> 00:51:19,667
<font color="#ffdc20">මම ඔයාට නිකම්ම පහත් කරලා
සලකන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.</font>

860
00:51:19,667 --> 00:51:21,567
<font color="#ffdc20">මම ඔයාට ඕන විදියට පයින්
ගහන්න කුණු බක්කියක් නෙමෙයි!</font>

861
00:51:21,567 --> 00:51:22,767
<font color="#ffdc20">මාව පහත් කරන එක නවත්තන්න!</font>

862
00:51:22,767 --> 00:51:23,800
<font color="#ffdc20">ඔයා...</font>

863
00:51:23,800 --> 00:51:26,833
<font color="#ffdc20">ඒ වගේම... ඒ වගේම!</font>

864
00:51:26,833 --> 00:51:29,300
<font color="#ffdc20">මගේ කාමරෙන් අර කිම්චි ෆ්‍රිජ් එක අයින් කරන්න!</font>

865
00:51:45,200 --> 00:51:48,000
<font color="#ffdc20">මට කොච්චර කේන්ති ගියාද කියනවා
නම් කඳුළු නවත්තගන්න බැරි වුණා.</font>

866
00:51:48,000 --> 00:51:51,167
<font color="#ffdc20">වූ යොන්. වූ යොන්!</font>

867
00:51:51,167 --> 00:51:52,800
<font color="#ffdc20">දැන්ම මේ දොර ඇරපන්!</font>

868
00:51:54,933 --> 00:51:56,267
<font color="#ffdc20">දැන්ම එළියට වරෙන්!</font>

869
00:51:57,733 --> 00:51:59,000
<font color="#ffdc20">වූ යොන්!</font>

870
00:52:00,200 --> 00:52:01,467
<font color="#ffdc20">දැන්ම මේ දොර අරිනවා!</font>

871
00:52:01,467 --> 00:52:03,400
<font color="#ffdc20">මම තුනට ගණන් කරනවා.
මම විහිළුවක් නෙමෙයි කරන්නේ!</font>

872
00:52:05,500 --> 00:52:06,700
<font color="#ffdc20">වූ යොන්!</font>

873
00:52:06,700 --> 00:52:09,233
<font color="#ffdc20">මට ක්‍රොකී ක්ලබ් එකට යන්න
අවසර නොලැබුණ නිසා නෙමෙයි මේ.</font>

874
00:52:10,467 --> 00:52:12,567
<font color="#ffdc20">අම්මා ඒ වගේ ජාතියේ කෙනෙක් වුණ එකයි,</font>

875
00:52:13,933 --> 00:52:17,067
<font color="#ffdc20">මට ඒ තරම් කේන්ති යන්නයි
දුක හිතෙන්නයි හේතුව වුණේ.</font>

876
00:52:17,067 --> 00:52:21,967
<font color="#ffdc20">[පූප් බෝයි]</font>

877
00:52:21,967 --> 00:52:25,367
<font color="#ffdc20">ඔබ ඇමතූ පාරිභෝගිකයා සම්බන්ද කරගත නොහැක.</font>

878
00:52:25,367 --> 00:52:28,067
<font color="#ffdc20">මොකද වෙන්නේ? මේක පුදුමයිනේ.</font>

879
00:52:28,900 --> 00:52:30,767
<font color="#ffdc20">මම යැව්ව දේ කැත වැඩිද?</font>

880
00:52:32,167 --> 00:52:33,200
<font color="#ffdc20">මොකක්ද ඔයා ඒ කියන්නේ?</font>

881
00:52:34,267 --> 00:52:36,667
<font color="#ffdc20">පිගී කොහොමත් ඔයාව ගණන් ගන්නේ නෑනේ.</font>

882
00:52:36,667 --> 00:52:37,767
<font color="#ffdc20">මේක වෙනස්.</font>

883
00:52:37,767 --> 00:52:40,233
<font color="#ffdc20">මම කෝල් කරාම එයා ආන්සර් කරනවා අඩුම ගානේ.</font>

884
00:52:41,067 --> 00:52:42,933
<font color="#ffdc20">'තියනවා.'</font>

885
00:52:42,933 --> 00:52:45,300
<font color="#ffdc20">එහෙම නැත්තම්, 'මට කෝල්
කරන්න එපා.' අන්න ඒ වගේ?</font>

886
00:52:46,333 --> 00:52:47,333
<font color="#ffdc20">නෑ.</font>

887
00:52:49,467 --> 00:52:50,700
<font color="#ffdc20">මොකක් හරි දෙයක් වෙලා.</font>

888
00:54:09,833 --> 00:54:12,100
<font color="#ffdc20">ඔයා අපිව දාලා යන්නේ නෑ නේද?</font>

889
00:54:18,900 --> 00:54:20,480
<font color="#ffdc20">මම ඇයි එහෙම කරන්නේ? විකාර කියවන්න එපා.</font>

890
00:54:21,267 --> 00:54:22,667
<font color="#ffdc20">මම මේ ඉස්කෝලේ යනවා.</font>

891
00:54:24,967 --> 00:54:27,000
<font color="#ffdc20">අම්මට කියන්න එපා, හරිද?</font>

892
00:54:27,000 --> 00:54:28,533
<font color="#ffdc20">දැන් ගිහින් නිදාගන්න.</font>

893
00:54:28,533 --> 00:54:31,867
<font color="#ffdc20">අක්කේ, මම ආයේ ඔයාට ගොරිල්ලා කියන්නේ නෑ.</font>

894
00:54:32,533 --> 00:54:35,400
<font color="#ffdc20">ඒ නිසා ඉස්කෝලේ ඇරිලා කෙලින්ම ගෙදර එන්න, හරිද?</font>

895
00:54:36,200 --> 00:54:37,400
<font color="#ffdc20">අනිවාර්යයෙන්ම.</font>

896
00:54:51,600 --> 00:54:52,633
<font color="#ffdc20">පොරොන්දු වෙනවද?</font>

897
00:54:53,367 --> 00:54:54,400
<font color="#ffdc20">පොරොන්දු වෙනවා.</font>

898
00:55:17,100 --> 00:55:19,067
<font color="#ffdc20">තාම ඉදිමිලා වගේනේ.</font>

899
00:55:22,200 --> 00:55:24,700
<font color="#ffdc20">ඉස්කෝලේ ඇරලද දන්නේ නෑ.</font>

900
00:55:28,767 --> 00:55:33,600
<font color="#ffdc20">ඒත් අම්මා එක්ක හැප්පෙන්න
වෙනවට වඩා මෙතන ඉන්න එක හොඳයි.</font>

901
00:55:52,300 --> 00:55:54,533
<font color="#ffdc20">කවුද මේ බ්ලැන්කට් එක මෙතන දාලා ගියේ?</font>

902
00:55:57,867 --> 00:55:59,133
<font color="#ffdc20">ඒක හෙලවුණා.</font>

903
00:56:09,967 --> 00:56:11,467
<font color="#ffdc20">මට නින්ද යන්න ඇති.</font>

904
00:56:15,267 --> 00:56:17,000
<font color="#ffdc20">ඔයා මොකද මෙතන කරන්නේ?</font>

905
00:56:17,000 --> 00:56:18,500
<font color="#ffdc20">ඔයා දැන් ඉස්කෝලේ යන්නද හදන්නේ?</font>

906
00:56:19,400 --> 00:56:20,567
<font color="#ffdc20">ඒත් තාම ඉර පායලවත් නෑනේ.</font>

907
00:56:20,567 --> 00:56:22,033
<font color="#ffdc20">ඇයි අනේ ඔයා මෙතන ඉන්නේ?</font>

908
00:56:22,033 --> 00:56:23,700
<font color="#ffdc20">ඇයි කියලා අහන්නේ? ඇත්තටම.</font>

909
00:56:23,700 --> 00:56:26,667
<font color="#ffdc20">ඇයි ඔයා මාව මගහැරලා මාව දුකේ දැම්මේ?</font>

910
00:56:26,667 --> 00:56:27,967
<font color="#ffdc20">ඇයි මගේ කෝල්ස් ආන්සර් කරේ නැත්තේ?</font>

911
00:56:27,967 --> 00:56:29,024
<font color="#ffdc20">ඔයාට ආන්සර් කරන්න බය හිතුණද...</font>

912
00:56:33,400 --> 00:56:34,933
<font color="#ffdc20">ඔයාගේ මූණට මොකද වුණේ? මොකද වුණේ?</font>

913
00:56:34,933 --> 00:56:36,100
<font color="#ffdc20">කවුරු හරි ගැහුවද?</font>

914
00:56:36,900 --> 00:56:39,900
<font color="#ffdc20">කවුරුවත් ගැහුවේ නෑ. එහෙම දෙයක් නෙමෙයි.</font>

915
00:56:39,900 --> 00:56:40,933
<font color="#ffdc20">ඒයි.</font>

916
00:56:42,267 --> 00:56:43,267
<font color="#ffdc20">ඔයා ඇඬුවද?</font>

917
00:56:44,433 --> 00:56:45,733
<font color="#ffdc20">මම කිව්වනේ එහෙම දෙයක් නෙමෙයි කියලා.</font>

918
00:56:45,733 --> 00:56:47,267
<font color="#ffdc20">අයියෝ!</font>

919
00:56:47,267 --> 00:56:49,000
<font color="#ffdc20">ඔයාව අඬවන්න ඒ යකාට ලොකු හයියක් තියෙන්න ඕනේ.</font>

920
00:56:49,000 --> 00:56:50,667
<font color="#ffdc20">ඒයි, කවුද ඒ? මට කියන්න.</font>

921
00:56:50,667 --> 00:56:52,867
<font color="#ffdc20">ඔයාව අඬවපු එක ගැන
පසුතැවෙන්න මම වැඩේ කරන්නම්.</font>

922
00:56:57,367 --> 00:56:58,367
<font color="#ffdc20">ඇයි හිනා වෙන්නේ?</font>

923
00:56:58,367 --> 00:56:59,800
<font color="#ffdc20">මට කරන්න බෑ කියලා හිතුවද?</font>

924
00:57:02,200 --> 00:57:04,633
<font color="#ffdc20">මගේ අම්මට එහෙම කියන්න
පුළුවන් එකම කෙනා ඔයා විතරයි.</font>

925
00:57:05,933 --> 00:57:07,933
<font color="#ffdc20">ඇත්තටම ඔයා විතරයි.</font>

926
00:57:09,433 --> 00:57:10,467
<font color="#ffdc20">මොකක්?</font>

927
00:57:11,433 --> 00:57:13,120
<font color="#ffdc20">ඔයාට මගේ අම්මව අඬවන්න බෑ.</font>

928
00:57:14,500 --> 00:57:16,700
<font color="#ffdc20">එයා කොච්චර සැරද කියලා ඔයා දන්නවද?</font>

929
00:57:17,600 --> 00:57:19,367
<font color="#ffdc20">එයා කොච්චර බය හිතෙනවද?</font>

930
00:57:21,400 --> 00:57:23,533
<font color="#ffdc20">කොච්චර නපුරුද...</font>

931
00:57:47,067 --> 00:57:51,133
<font color="#ffffff"><b><i>♫ මට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ ♫</i></b></font>

932
00:57:51,133 --> 00:57:53,800
<font color="#ffffff"><b><i>♫ මම ඔයා දිහා නිකන් බලන් ඉද්දිත් ♫</i></b></font>

933
00:57:53,800 --> 00:57:57,433
<font color="#ffffff"><b><i>♫ අපේ ඇඟිලි තුඩු නිකන් ගැවුණත් ♫</i></b></font>

934
00:57:57,433 --> 00:58:01,567
<font color="#ffffff"><b><i>♫ ඔයාට මගේ හිත වේගෙන් ගැහෙන සද්දේ ඇහුණොත් ♫</i></b></font>

935
00:58:01,567 --> 00:58:04,300
<font color="#ffffff"><b><i>♫ මම ඒක මගේ දෑතින් තද කරගන්නවා ♫</i></b></font>

936
00:58:04,300 --> 00:58:10,967
<font color="#ffffff"><b><i>♫ මම ඒක මෙතනම පරිස්සම් කරා ♫</i></b></font>

937
00:58:11,900 --> 00:58:16,667
<font color="#ffffff"><b><i>♫ මෙතනම ♫</i></b></font>

938
00:58:17,667 --> 00:58:22,367
<font color="#ffffff"><b><i>♫ ඔයා ගොඩක් වෙලා බලන් හිටියා,
මම පරක්කුයි, මට සමා වෙන්න ♫</i></b></font>

939
00:58:22,367 --> 00:58:24,320
<font color="#ffdc20">මිස් පිගී යි මමයි එහෙම කරාට පස්සේ...</font>

940
00:58:24,320 --> 00:58:25,376
<font color="#ffdc20">මේකද? මේක හරියනවද?</font>

941
00:58:25,376 --> 00:58:26,400
<font color="#ffdc20">මගේ මීටර් 100 ක්වත් ළඟට එන්න එපා.</font>

942
00:58:26,400 --> 00:58:27,967
<font color="#ffdc20">ඔයා මොනවා කිව්වත්, මම වගකීම ගන්නවා.</font>

943
00:58:27,967 --> 00:58:29,600
<font color="#ffdc20">මාව කවදාවත් මතක් වෙන්න දෙන්න එපා.</font>

944
00:58:29,600 --> 00:58:31,267
<font color="#ffdc20">මම කොච්චර ආකර්ෂණීයද කියලා හිතන්න එපා.</font>

945
00:58:31,267 --> 00:58:32,867
<font color="#ffdc20">මම ගැන කවදාවත් වෙන විදියකට හිතන්න එපා.</font>

946
00:58:32,867 --> 00:58:34,967
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න, එයාගේ ඇස් පිහාටු
හැමදාම මෙච්චර ලස්සනටද තිබුණේ?</font>

947
00:58:34,967 --> 00:58:36,433
<font color="#ffdc20">එයාගේ නහය හැමදාම මෙච්චර කැපිලා පෙනුනද?</font>

948
00:58:36,433 --> 00:58:37,633
<font color="#ffdc20">එයාගේ තොල්...</font>

949
00:58:38,400 --> 00:58:39,700
<font color="#ffdc20">සල්ලි තියාගන්න ඔයා තාම පොඩි වැඩියි.</font>

950
00:58:39,700 --> 00:58:40,733
<font color="#ffdc20">මට සල්ලි තියනවා.</font>

951
00:58:40,733 --> 00:58:42,033
<font color="#ffdc20">එයා ඔයාව යාළුවෙක් විදියටවත් සලකන්නේ නෑ.</font>

952
00:58:42,033 --> 00:58:43,167
<font color="#ffdc20">ඔයා දුන්න මේස් එයා විසි කරලා දාන්න ඇති.</font>

953
00:58:43,167 --> 00:58:44,800
<font color="#ffdc20">ඇයි ඔයා වෙනස් විදියකට හැසිරෙන්නේ?</font>

954
00:58:44,800 --> 00:58:46,133
<font color="#ffdc20">මම තමයි බේබ්ලූ ෆින්ගර්!</font>

955
00:58:46,133 --> 00:58:47,967
<font color="#ffdc20">ඔයා වගේ කොල්ලෙක්ට කෙල්ලෙක් ඉඳලම නැද්ද?</font>

956
00:58:47,967 --> 00:58:49,133
<font color="#ffdc20">අපෝ, කවදාවත් නෑ!</font>

957
00:58:49,133 --> 00:58:51,700
<font color="#ffdc20">ගි ජොන්ග් කියන්නේ මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ්.</font>

958
00:58:51,700 --> 00:58:52,733
<font color="#ffdc20">මොකක්?</font>

959
00:58:56,867 --> 00:59:00,467
<font color="#ffdc20">ඔයා පූ-ගි ලාවා ව දැකලා තියෙන්න තිබුණා, දන්නවද?</font>

960
00:59:01,300 --> 00:59:02,900
<font color="#ffdc20">මෙන්න. මේක බලන්න.</font>

961
00:59:02,900 --> 00:59:05,500
<font color="#ffdc20">එයා එහෙම කරන හැම වෙලාවෙම, මට පිස්සු හැදෙනවා.</font>

962
00:59:05,500 --> 00:59:08,200
<font color="#ffdc20">මේ ලාවා කවරේ එයා මිඩ්ල් ස්කූල්
යනකොට තාත්තා දුන්න තෑග්ගක්.</font>

963
00:59:08,200 --> 00:59:11,133
<font color="#ffdc20">ඇයි මගේ තාත්තා කොල්ලෙක්ට
රෝස පාට එකක් අරන් දුන්නේ?</font>

964
00:59:11,133 --> 00:59:13,933
<font color="#ffdc20">ඒත් එයා ඒක ආරක්ෂිත බ්ලැන්කට්
එකක් වගේ පාවිච්චි කරනවා.</font>

965
00:59:13,933 --> 00:59:14,933
<font color="#ffdc20">ඒයි.</font>

966
00:59:14,933 --> 00:59:17,500
<font color="#ffdc20">මම එයාට හොරෙන් මේක පුච්චලා
දැම්මොත් එයා මාව මරයි කියලා ඔයා හිතනවද?</font>

967
00:59:17,524 --> 00:59:19,524
<font color="#ffd88f"><b>💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</b></font>

