1
00:00:48,026 --> 00:00:50,026
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</font>

2
00:00:50,050 --> 00:00:51,469
<font color="#ffd220">ඔනියන් D-7</font>

3
00:00:51,552 --> 00:00:53,971
<font color="#ffd220">අනේ, අපිට කන්න වෙන මොකුත් නැද්ද?
මේවා විතරනේ තියෙන්නේ.</font>

4
00:00:54,054 --> 00:00:56,098
<font color="#ffd220">නිකන් කියවන්නේ නැතුව වැඩක් බලාගන්නවා.</font>

5
00:00:58,893 --> 00:01:01,020
<font color="#ffd220">එක බත් පතද? නෑ, දෙකක්.</font>

6
00:01:03,022 --> 00:01:04,315
<font color="#ffd220">මොකක්?</font>

7
00:01:04,398 --> 00:01:05,775
<font color="#ffd220">ඉන්න, බත් එක ඉදිලා නෑනේ.</font>

8
00:01:05,858 --> 00:01:07,067
<font color="#ffd220">මේක කැඩිලද කොහෙද?</font>

9
00:01:10,613 --> 00:01:14,492
<font color="#ffd220">ඔනියන් D-4</font>

10
00:01:27,129 --> 00:01:28,422
<font color="#ffd220">රයිස් කුකර්</font>

11
00:01:34,386 --> 00:01:37,515
<font color="#ffd220">ඔනියන් D-2</font>

12
00:01:41,852 --> 00:01:44,104
<font color="#ffd220">ඕක ඔබ ඔබ ඉන්නේ නැතුව එකක් ගන්නකෝ.</font>

13
00:01:44,939 --> 00:01:47,566
<font color="#ffd220">රයිස් කුකර් මාර ගණන්නේ.</font>

14
00:01:48,484 --> 00:01:50,569
<font color="#ffd220">හීට්න් ස්මාර්ට් ෂෙෆ් රයිස් කුකර්
වොන් 350,000</font>

15
00:01:50,653 --> 00:01:52,279
<font color="#ffd220">ආ, මේක නම් හොඳ පාටයි.</font>

16
00:01:54,156 --> 00:01:57,576
<font color="#ffd220">හෙලෝ, රයිස් කුකර් එක තාම තියෙනවද?</font>

17
00:01:57,660 --> 00:01:59,036
<b><font color="#ffd88f"><i>ඔව්, මම ගාව තියෙනවා.</i></font></b>

18
00:01:59,119 --> 00:02:00,996
<b><font color="#ffd88f"><i>වොන් 30,000ක් විතර අඩු කරන්න පුළුවන්ද?</i></font></b>

19
00:02:01,080 --> 00:02:02,122
<font color="#ffd220">තිස් දාහක්?</font>

20
00:02:02,957 --> 00:02:06,210
<font color="#ffd220">හරි, මම අඩු කරන්නම්.</font>

21
00:02:06,293 --> 00:02:09,129
<font color="#ffd88f"><b><i>ඔව්, මට පුළුවන්.</i> එයා හා කිව්වා! ෂෝක්.</b></font>

22
00:02:16,220 --> 00:02:19,765
<font color="#ffd220">ඔනියන් D-DAY</font>

23
00:02:20,558 --> 00:02:21,767
<font color="#ffd220">ඔයා කොහෙද යන්නේ?</font>

24
00:02:21,851 --> 00:02:23,352
<font color="#ffd220">මම පොඩ්ඩක් එළියට යනවා.</font>

25
00:02:23,435 --> 00:02:24,436
<font color="#ffd220">මොකක්ද ඔය ඇඳන් ඉන්නේ?</font>

26
00:02:24,520 --> 00:02:25,938
<font color="#ffd220">මේ හෙම්බිරිස්සාව හින්දා මට කැස්ස එනවා.</font>

27
00:02:26,021 --> 00:02:27,815
<font color="#ffd220">මට ඒක ඕනේ. කෝ අර පොඩි කරත්තෙ?</font>

28
00:02:27,898 --> 00:02:29,984
<font color="#ffd220">සපත්තු රාක්කේ ගාව ඇති.</font>

29
00:02:34,154 --> 00:02:36,866
<font color="#ffd220">මට නිකන් මැරෙන්න වගේ.</font>

30
00:02:53,883 --> 00:02:55,509
<font color="#ffd88f"><b><i>තව විනාඩියකින් එතන.</i></b></font>

31
00:02:55,593 --> 00:02:56,927
<font color="#ffd88f"><b><i>මගේ කරත්තෙත් අරන් එන්නේ.</i></b></font>

32
00:03:04,059 --> 00:03:05,102
<font color="#ffd220">එයා දැනටමත් ඇවිල්ලා.</font>

33
00:03:10,190 --> 00:03:11,442
<font color="#ffd220">අහ්?</font>

34
00:03:11,525 --> 00:03:13,277
<font color="#ffd220">මම ලිම් හියොන්-ජුන්ගේ ෆෑන් කෙනෙක්.</font>

35
00:03:15,070 --> 00:03:16,530
<font color="#ffd220">ආ, එහෙමද. ස්තූතියි.</font>

36
00:03:16,614 --> 00:03:18,574
<font color="#ffd220">මගේ ගාව ගෙදර පෙට්ටියක්ම පුරවලා තියෙනවා, ඉතින්...</font>

37
00:03:19,491 --> 00:03:20,492
<font color="#ffd220">හරි, ස්තූතියි.</font>

38
00:03:24,872 --> 00:03:25,998
<font color="#ffd220">අහ්, පොඩ්ඩක් ඉන්න.</font>

39
00:03:29,209 --> 00:03:30,794
<font color="#ffd220">ඉතින් ඔයා කැමති...</font>

40
00:03:31,879 --> 00:03:32,880
<font color="#ffd220">ලිම් හියොන්-ජුන්ටද?</font>

41
00:03:33,464 --> 00:03:34,924
<font color="#ffd220">ඔව්, මම එයාගේ ෆෑන් කෙනෙක්.</font>

42
00:03:36,717 --> 00:03:38,385
<font color="#ffd220">මගේ ජීවිතේටම පළවෙනි වතාවට තමයි</font>

43
00:03:39,470 --> 00:03:42,348
<font color="#ffd220">මම කාට හරි මෙච්චර කැමති වුණේ.
මම එයාට කොන්දේසි විරහිතව ආදරෙයි.</font>

44
00:04:22,972 --> 00:04:24,515
<font color="#ffd88f"><b><i>මගේ ජීවිතේටම පළවෙනි වතාවට තමයි</i></b></font>

45
00:04:24,598 --> 00:04:26,600
<font color="#ffd220">මම කාට හරි මෙච්චර කැමති වුණේ.</font>

46
00:04:27,726 --> 00:04:29,103
<font color="#ffd220">මම එයාට කොන්දේසි විරහිතව ආදරෙයි.</font>

47
00:04:41,740 --> 00:04:43,826
<font color="#ffd220">මම තව විනාඩියකින් එතන.
මම පොඩි කරත්තෙකුත් ගේනවා.</font>

48
00:04:43,909 --> 00:04:46,286
<font color="#ffd220">SOULISHERE: වොන් 320,000ක් එව්වා
MELOMASTER: වොන් 320,000ක් ලැබුණා</font>

49
00:04:52,793 --> 00:04:54,795
<font color="#ffd220">ඔයා මොකද කරන්නේ? මේක වැඩද කියලා බලනවා.</font>

50
00:04:54,878 --> 00:04:56,588
<font color="#ffd220">මට ෂුවර් ඕක හොඳට වැඩ ඇති.</font>

51
00:04:56,672 --> 00:04:58,841
<font color="#ffd220">ඔව්, ඒත් මේක වැඩ නැත්තම්
මට සල්ලි ආපහු ඉල්ලගන්න පුළුවන්නේ.</font>

52
00:05:00,676 --> 00:05:03,095
<b><font color="#ffd88f"><i>ඔබේ රසවත් සුදු බත්
ඉහළ උෂ්ණත්වයක පිසින ලදී...</i></font></b>

53
00:05:03,178 --> 00:05:04,763
<font color="#ffd220">දැන් හරි.</font>

54
00:05:04,847 --> 00:05:08,017
<b><font color="#ffd88f"><i>කරුණාකර හොඳින් කලවම්
කරන්න.</i> ෂා! බත් එක ඉදිලා! මේක වැඩ.</font></b>

55
00:05:08,600 --> 00:05:10,227
<font color="#ffd220">ආ... <i>ඔනියන්!</i></font>

56
00:05:13,355 --> 00:05:15,441
<b><font color="#ffd88f"><i>ඒක හොඳට වැඩද?
ඒකේ මොකක් හරි අවුලක් තියෙනවා නම්,</i></font></b>

57
00:05:15,524 --> 00:05:17,443
<b><font color="#ffd88f"><i>මම සල්ලි ඔක්කොම ආපහු දෙන්නම්.</i></font></b>

58
00:05:19,737 --> 00:05:20,779
<font color="#ffd220">එහෙනම්...</font>

59
00:05:34,501 --> 00:05:36,670
<font color="#ffd220">බලන්න, මේක හොඳට වැඩනේ.</font>

60
00:05:36,754 --> 00:05:39,590
<b><font color="#ffd88f"><i>අලුත්ම රයිස් කුකර් එකක් අඩුවට
දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි.</i></font></b>

61
00:05:43,177 --> 00:05:44,928
<font color="#ffd220">අම්මෝ, එයා ඒ අස්සේ බත් උයලත් ඉවරද?</font>

62
00:05:47,014 --> 00:05:50,184
<font color="#ffd88f"><b><i>ඇත්තටම, මමත් ලිම් හියොන්-ජුන්ගේ ෆෑන් කෙනෙක්.</i></b></font>

63
00:05:50,267 --> 00:05:53,062
- <font color="#ffd220">ආ, නියමයිනේ.</font> <font color="#ffd88f"><i><b>මම කැන්ග් පිල්-ගුට හරි ආසයි.</b></i></font>

64
00:05:53,645 --> 00:05:55,439
<font color="#ffd88f"><b><i>අපි මුණගැහුණු එක ගැන ගොඩක් සතුටුයි!</i></b></font>

65
00:05:56,940 --> 00:05:58,942
<font color="#ffd88f"><b><i>ඔව්, ඔයාව හම්බවුණු එකත් ලොකු සතුටක්.</i></b></font>

66
00:05:59,026 --> 00:06:01,361
<font color="#ffd88f"><b><i>කැන්ග් පිල්-ගු පස්වෙනි සීසන් එක
ළඟදීම එනවා.</i></b></font>

67
00:06:01,445 --> 00:06:03,113
<font color="#ffd88f"><b><i>මම එනකම් ඉවසිල්ලක් නෑ. හරිම ආසාවෙන් ඉන්නේ.</i></b></font>

68
00:06:06,492 --> 00:06:07,868
<font color="#ffd220">"හරිම ආසාවෙන් ඉන්නේ."</font>

69
00:06:12,831 --> 00:06:15,793
<font color="#ffd88f"><b><i>ඇත්තටම, මගේ යාළුවෙක්
ටීවී ස්ටේෂන් එකක වැඩ කරනවා.</i></b></font>

70
00:06:16,585 --> 00:06:17,586
<font color="#ffd220">ආ...</font>

71
00:06:18,295 --> 00:06:19,922
<font color="#ffd88f"><b><i>ෂා, ඇත්තටමද?</i></b></font>

72
00:06:20,714 --> 00:06:22,758
<font color="#ffd88f"><b><i>ඔව්, මගේ ගාව කැන්ග් පිල්-ගුගේ
බඩු වගයක් තියෙනවා.</i></b></font>

73
00:06:22,841 --> 00:06:24,927
<font color="#ffd88f"><b><i>කුඩේකුයි, ටී-ෂර්ට් එකකුයි,</i></b></font>

74
00:06:25,010 --> 00:06:26,220
<font color="#ffd88f"><i><b>පවර් බෑන්ක් එකකුයි තියෙනවා.</b></i></font>

75
00:06:26,845 --> 00:06:29,932
<font color="#ffd88f"><i><b>ආ, මම දන්නවා නම් ඔයාට මොනවා හරි
ගේනවා අනිවාර්යයෙන්ම.</b></i></font>

76
00:06:30,015 --> 00:06:32,101
<font color="#ffd88f"><i><b>ඔයාට ඕන නම්,
මට තාම වුණත් දෙන්න පුළුවන්.</b></i></font>

77
00:06:32,184 --> 00:06:34,770
<font color="#ffd220">හා, හා, හා, මම කැමතියි, අපි එහෙම කරමු.</font>

78
00:06:36,271 --> 00:06:38,690
<font color="#ffd220">කැමතියි කියන්න.
කැමතියි, ඔයා ඒකට කැමතියි කියන්නකෝ.</font>

79
00:06:38,774 --> 00:06:40,400
<font color="#ffd220">ආ, ඔයා හරිම කාරුණිකයි.</font>

80
00:06:40,484 --> 00:06:42,486
<b><font color="#ffd88f"><i>ස්තූතියි, ඒත් ඒක ඕනේ නෑ.</i></font></b>

81
00:06:44,321 --> 00:06:47,491
<font color="#ffd220">අනේ මන්දා, හරිම ආචාරශීලීයි නේ.
නිකන් හිටියනම් ඉවරනේ.</font>

82
00:06:48,242 --> 00:06:50,619
<font color="#ffd220">ඒත් අද දවසට ගොඩක් ස්තූතියි.
<i>අද දවසට ගොඩක් ස්තූතියි.</i></font>

83
00:06:50,702 --> 00:06:51,703
<font color="#ffd88f"><b><i>සුභ රාත්‍රියක්.</i></b></font>

84
00:06:53,247 --> 00:06:56,041
<font color="#ffd220">හරි, ප්‍රශ්නයක් නෑ.
සුභ රාත්‍රියක්,</font>

85
00:06:56,583 --> 00:06:58,502
<font color="#ffd220">සෝල් ඉස් හියර් (SoulisHere).</font>

86
00:07:12,642 --> 00:07:14,643
<font color="#ffd220">මට ඒවා ඕනේ හැබැයි.</font>

87
00:07:15,269 --> 00:07:16,979
<font color="#ffd220">මට හා කියන්න තිබ්බේ.</font>

88
00:07:20,274 --> 00:07:23,068
<font color="#ffd220">මම රිවීව් එකක් දාන්න ඕනේ.</font>

89
00:07:24,862 --> 00:07:26,989
<font color="#ffd220">කන්න එන්නේ නැද්ද? එනවා!</font>

90
00:07:29,199 --> 00:07:31,201
<font color="#ffd220">"හොඳ ගතිගුණ තියෙන, මිත්‍රශීලී කෙනෙක්,</font>

91
00:07:31,285 --> 00:07:33,495
<font color="#ffd220">බඩුත් හොඳ තත්ත්වයේ තියෙනවා,
ඉක්මනට රිප්ලයි කරනවා,</font>

92
00:07:33,579 --> 00:07:35,747
<font color="#ffd220">පාරත් ලේසියෙන් හොයාගන්න කියලා දුන්නා."</font>

93
00:07:45,215 --> 00:07:46,592
<font color="#ffd220">එපිසෝඩ් 6</font>

94
00:07:48,218 --> 00:07:50,637
<font color="#ffd88f"><i><b>මෙන්න පළමු පන්දු යැවීම සඳහා, පිළිගන්න
තරුව,</b></i></font>

95
00:07:50,721 --> 00:07:52,222
<font color="#ffd220">ගුඩ් ඩිටෙක්ටිව් කැන්ග් පිල්-ගු නාට්‍යයේ,</font>

96
00:07:52,306 --> 00:07:55,559
<font color="#ffd220">ලිම් හියොන්-ජුන්!</font>

97
00:08:03,442 --> 00:08:05,319
<font color="#ffd88f"><b><i>- මටද? ඔව් ඔයාට තමයි.
මේක ඔයාට.</i></b></font>

98
00:08:28,175 --> 00:08:29,718
<font color="#ffd220">රැස්වීම පටන් ගමු.</font>

99
00:08:34,348 --> 00:08:35,891
<font color="#ffd220">සොන්ග්-මින්, පටන් ගන්න. හරි.</font>

100
00:08:35,974 --> 00:08:38,602
<font color="#ffd220">ඉතින් පාර්ක් ජුන්-වූ...
එයයි ජින් සු-ආ යි අතරේ සම්බන්ධයක් තියෙනවා වගේ,</font>

101
00:08:38,685 --> 00:08:40,479
<font color="#ffd220">එයාගේ ෆෑන්ස්ලා එයා දාන පෝස්ට් නිසා කලබල වෙලා ඉන්නේ.</font>

102
00:08:40,562 --> 00:08:41,855
<font color="#ffd220">ඔය නිකන් බොරු කතා.</font>

103
00:08:41,939 --> 00:08:44,524
<font color="#ffd220">පාර්ක් ජුන්-වූ කවදාවත් නිළියෝ එක්ක යාළු වෙන්නේ නෑ.
ඕවා විශ්වාස කරන්න එපා.</font>

104
00:08:44,608 --> 00:08:46,735
<font color="#ffd220">එයාගේ පරණ ගෑනු ළමයා
රට දාලා ගියා නේද?</font>

105
00:08:46,818 --> 00:08:49,780
<font color="#ffd220">ඔව්, එයා ඒක බොරුවට හදාගෙන
කිව්වේ එයාලා ළඟදීම බඳිනවා කියලා.</font>

106
00:08:49,863 --> 00:08:53,325
<font color="#ffd220">එයාව ස්ටෝකර් කෙනෙක් විදියට සලකපු නිසා
ඉගෙන ගන්න යනවා කියලා රට පැන්නා.</font>

107
00:08:54,660 --> 00:08:57,537
<font color="#ffd220">ඇයි ඔයාලා නළුවෙක් කියන දේවල්
විශ්වාස කරන්නේ?</font>

108
00:08:58,080 --> 00:09:02,000
<font color="#ffd220">සාමාන්‍ය කෙනෙක් ජනප්‍රිය කෙනෙක් එක්ක
යාළු වුණාම ඒ සම්බන්ධෙ කොහොමත් හරියන්නේ නෑ.</font>

109
00:09:05,754 --> 00:09:08,507
<font color="#ffd220">ඔයා මගේ ලූනු කොළ කිම්චි වලට ආසයි කියලා
මම දන්නවා, ඇත්ත නේද?</font>

110
00:09:08,590 --> 00:09:10,884
<font color="#ffd220">ඔයාගේ ලූනු කොළ කිම්චි තමයි මගේ ෆේවරිට්ම.</font>

111
00:09:11,927 --> 00:09:13,720
<font color="#ffd220">මෙන්න!</font>

112
00:09:13,804 --> 00:09:15,764
<font color="#ffd220">රස පාටයි නේද? කටට කෙළ උනනවා.</font>

113
00:09:15,847 --> 00:09:17,724
<font color="#ffd220">ඔයා දන්නවනේ, මට බත් පතක්ම වුණත් කන්න පුළුවන්...</font>

114
00:09:19,309 --> 00:09:20,936
<font color="#ffd220">පොඩ්ඩක් මම කියන දේ අහන්නකෝ.</font>

115
00:09:21,019 --> 00:09:24,314
<font color="#ffd220">මම පොරොන්දු වෙනවා මම මැරෙනකම්ම ඔයාට
ලූනු කොළ කිම්චි හදලා දෙනවා කියලා,</font>

116
00:09:25,023 --> 00:09:27,401
<font color="#ffd220">මට ආපහු නිළියක් වෙන්න උදව් කරන්නකෝ. හ්ම්?</font>

117
00:09:28,068 --> 00:09:29,778
<font color="#ffd220">මේකයි, මිස් සොන්ග්...</font>

118
00:09:30,946 --> 00:09:32,739
<font color="#ffd220">මට ඇත්තටම ඔයාට උදව් කරන්න ඕනේ,</font>

119
00:09:32,823 --> 00:09:35,784
<font color="#ffd220">ඒත් මේ ඉන්ඩස්ට්‍රි එක හරි
අමාරුයි, ඒක... මිස්ටර් හ්වන්ග්!</font>

120
00:09:38,495 --> 00:09:40,789
<font color="#ffd220">ඒ-සුක්, ඔයා මොකද මෙහෙ කරන්නේ?</font>

121
00:09:40,872 --> 00:09:42,291
<font color="#ffd220">එතකොට ඔයා?</font>

122
00:09:42,374 --> 00:09:46,169
<font color="#ffd220">ඔයා මේ ඒජන්සි එකේ කෙනෙක් නෙවෙයිනේ.
ඇයි මම ආවේ කියලා ඔයාට හිතාගන්න බැරිද?</font>

123
00:09:47,212 --> 00:09:49,339
<font color="#ffd220">අහන්න, මිස්ටර් හ්වන්ග්.
ඔයා මොකක්ද මේ කර කර ඉන්නේ?</font>

124
00:09:49,423 --> 00:09:51,717
<font color="#ffd220">ඔයා අපිට විරුද්ධව යන ආටිකල් අයින් කරවන්න තිබ්බා.</font>

125
00:09:51,800 --> 00:09:54,594
<font color="#ffd220">මොකද හියොන්-ජුන් සහ ඒ-සුක් හින්දා
මගේ නම කැත වෙනවා.</font>

126
00:09:55,137 --> 00:09:57,097
<font color="#ffd220">මට මේ දවස්වල මගේ පවුලේ අයටවත් මූණ දෙන්න බෑ.</font>

127
00:09:57,180 --> 00:09:58,598
<font color="#ffd220">මට ගොඩක් කණගාටුයි මිස් ඕ.</font>

128
00:09:58,682 --> 00:10:00,726
<font color="#ffd220">අනේ නිකන් ඉන්න, ඇයි ඔයා සමාව ඉල්ලන්නේ?</font>

129
00:10:00,809 --> 00:10:01,893
<font color="#ffd220">බලන්න, ඒ-සුක්.</font>

130
00:10:01,977 --> 00:10:04,688
<font color="#ffd220">මම මේ දවස්වල වීකෙන්ඩ් ඩ්‍රාමා එකක
ආදරණීය අම්මා කෙනෙක්ගේ චරිතයක් කරන්නේ,</font>

131
00:10:04,771 --> 00:10:06,815
<font color="#ffd220">ඒත් ඔයයි හියොන්-ජුනුයි හින්දා... දෙයියනේ.</font>

132
00:10:06,898 --> 00:10:08,191
<font color="#ffd220">ප්‍රේක්ෂකයෝ මාව දැක්කම හිතයි,</font>

133
00:10:08,275 --> 00:10:10,694
<font color="#ffd220">"මේ අර ඉස්සර ඇඳුම් නැතුව ෆිල්ම් වල හිටපු
ගෑනි නේද" කියලා.</font>

134
00:10:10,777 --> 00:10:12,904
<font color="#ffd220">අපිට අපේ ප්‍රතිරූපය තමයි හැමදේම.</font>

135
00:10:12,988 --> 00:10:14,323
<font color="#ffd220">දැන් අහන්න.</font>

136
00:10:14,406 --> 00:10:17,242
<font color="#ffd220">ඔයා නොකරපු දෙයක් ගැන
ඔයාට චෝදනා කරනවා නෙවෙයිනේ.</font>

137
00:10:17,326 --> 00:10:20,245
<font color="#ffd220">ඉස්සර කැමරාව ඉස්සරහා බාගෙට ඇඳුම් ගලවන්
හිටපු එකට මට බැනලා වැඩක් නෑ.</font>

138
00:10:20,329 --> 00:10:23,749
<font color="#ffd220">මොකද ඒ හැමදේම ඔයාගේ
තීරණ නේ. ඔයා කියවලා ඉවර නම්...</font>

139
00:10:23,832 --> 00:10:26,209
<font color="#ffd220">වැඩ කරන නළුවෙක් වෙන එක ගැන
ඔයා මොනවද දන්නේ?</font>

140
00:10:26,293 --> 00:10:27,919
<font color="#ffd220">ඔයාට තියෙන්නේ...</font>

141
00:10:28,003 --> 00:10:31,256
<font color="#ffd220">මම වැඩ කරන නළුවෙක් නෙවෙයි කියන්න,
ඔයාට පිස්සුද?</font>

142
00:10:31,340 --> 00:10:33,842
<font color="#ffd220">මගේ උදව් නැතුව ඉස්සර ඔයාට
මෙහෙකාරියක්ගේ චරිතයක්වත් හොයාගන්න බැරි වුණා,</font>

143
00:10:33,925 --> 00:10:35,135
<font color="#ffd220">ඒක ඔයා හොඳටම දන්නවා!</font>

144
00:10:38,597 --> 00:10:39,598
<font color="#ffd220">මොකක්?</font>

145
00:10:40,682 --> 00:10:41,767
<font color="#ffd220">ඔයාගේ උදව්?</font>

146
00:10:50,400 --> 00:10:51,610
<font color="#ffd220">මිස් ඕ, ඔයා මොකද මේ කරන්නේ?</font>

147
00:10:51,693 --> 00:10:54,321
<font color="#ffd220">ඔයාට මේකට වන්දි ගෙවන්න වෙයි!</font>

148
00:11:03,413 --> 00:11:04,613
<font color="#ffd220">පිස්සු ගෑනි...</font>

149
00:11:04,623 --> 00:11:07,542
<font color="#ffd220">හියොන්-ජුන්, අතාරින්න. ප්ලීස්, එපා.
මොන මඟුලක්ද? මේක හරි නෑ අම්මේ!</font>

150
00:11:07,626 --> 00:11:09,336
<font color="#ffd220">ඇයි ඔයා මෙතනට නිකන්ම කඩා
පාත් වුණේ? අයියෝ දෙයියනේ.</font>

151
00:11:09,419 --> 00:11:11,797
<font color="#ffd220">ඔයා නම් පුදුමයි.
මට තේරෙන්නෙ නෑ ඔයාට මොනවා කියන්නද කියලා.</font>

152
00:11:11,880 --> 00:11:13,048
<font color="#ffd220">අතාරින්නකෝ. මට...</font>

153
00:11:13,131 --> 00:11:14,633
<font color="#ffd220">මට තේරෙන්නේ නෑ ඇයි
ඔයා තනියම ආවේ කියලා.</font>

154
00:11:14,716 --> 00:11:16,635
<font color="#ffd220">ඔයාට තිබ්බනේ මටත් එන්න කියන්න.</font>

155
00:11:16,718 --> 00:11:18,512
<font color="#ffd220">ආ, අම්මේ...</font>

156
00:11:18,595 --> 00:11:20,389
<font color="#ffd220">හොඳටම හලාගෙන නේද.</font>

157
00:11:24,059 --> 00:11:25,185
<font color="#ffd220">ආයේ හම්බවුණා.</font>

158
00:11:25,268 --> 00:11:26,436
<font color="#ffd220">ආ...</font>

159
00:11:27,521 --> 00:11:28,855
<font color="#ffd220">යමු අම්මේ.</font>

160
00:11:28,939 --> 00:11:30,482
<font color="#ffd220">මට තාම කේන්තියි.</font>

161
00:11:31,400 --> 00:11:33,193
<font color="#ffd220">යමු අම්මේ. නෑ, ඉන්න!</font>

162
00:11:33,693 --> 00:11:36,405
<font color="#ffd220">යන්න කලින් මට මේ වැරදි වැටහීම
නිවැරදි කරන්න ඕනේ.</font>

163
00:11:36,488 --> 00:11:37,989
<font color="#ffd220">ඔයා... මොකක්?</font>

164
00:11:38,073 --> 00:11:40,325
<font color="#ffd220">මම හැමදේම දැක්කා,
මොන වැරදි වැටහීමක්ද?</font>

165
00:11:40,909 --> 00:11:43,370
<font color="#ffd220">අනික අම්මා මෙතන මොකද කරන්නේ?
කියන්නකො මට, මොකක්ද?</font>

166
00:11:43,453 --> 00:11:46,164
<font color="#ffd220">ඇත්තටම, ඔයා මාව ලැජ්ජා කළා.
මම ඔයා ගැන ආඩම්බර වෙනවා අම්මේ.</font>

167
00:11:48,000 --> 00:11:49,500
<font color="#ffd220">දුක් වෙන්න ඕනේ නෑ.</font>

168
00:11:50,627 --> 00:11:52,921
<font color="#ffd220">එන්නකෝ ජුන්.</font>

169
00:11:53,004 --> 00:11:55,048
<font color="#ffd220">මට ආපහු රඟපාන්න ආසයි.</font>

170
00:11:55,132 --> 00:11:57,175
<font color="#ffd220">අනේ ඒ ගැන මිස්ටර් හ්වන්ග් එක්ක කතා කරන්නකෝ.</font>

171
00:11:57,259 --> 00:11:59,553
<font color="#ffd220">එයාට මට උදව් කරන්න
කියන්නකෝ. දැන් ඇති. යමු යන්න.</font>

172
00:11:59,636 --> 00:12:01,972
<font color="#ffd220">අනේ ප්ලීස්! මට ඇත්තටම
ආපහු රඟපාන්න ඕනේ.</font>

173
00:12:02,055 --> 00:12:04,850
<font color="#ffd220">එයා එක්ක කතා කරන්නකෝ.</font>

174
00:12:06,393 --> 00:12:08,103
<font color="#ffd220">ග්වොන් සේ-නා? ඔව්.</font>

175
00:12:08,687 --> 00:12:10,939
<font color="#ffd220">ග්වොන් සේ-නා.
ඔයා දන්නවද එයා කාත් එක්ක හරි යාළුයිද කියලා?</font>

176
00:12:11,022 --> 00:12:12,858
<font color="#ffd220">ඔයාට ඇයි එයා ගැන දැනගන්න ඕනේ?</font>

177
00:12:12,941 --> 00:12:15,193
<font color="#ffd220">මට එයාගේ ලව් ලයිෆ් එක ගැන ආටිකල් එකක් ලියන්න පුළුවන්.</font>

178
00:12:15,735 --> 00:12:19,239
<font color="#ffd220">හ්ම්... මට ආරංචියක් ආවා එයා
සල්ලිකාරයෙක් එක්ක යාළුයිලු.</font>

179
00:12:19,322 --> 00:12:21,908
<font color="#ffd88f"><b><i>ඔයා නැවැත්තුවේ, ඉන්ටර්විව් කරන්න හදපු
චෙයාර්මන් කෙනෙක්ව.</i></b></font>

180
00:12:22,534 --> 00:12:25,287
<font color="#ffd220">ඒ එයා තමයි. ග්වොන් සේ-නා යාළු වෙලා හිටපු කෙනා.</font>

181
00:12:25,954 --> 00:12:28,081
<font color="#ffd220">ඒත් ඇයි ග්වොන් සේ-නාට
වයසක සල්ලිකාරයෙක් ඕන වෙන්නේ?</font>

182
00:12:28,748 --> 00:12:30,834
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න, ඔයා දන්නවද ඒ කවුද කියලා?</font>

183
00:12:31,877 --> 00:12:33,545
<font color="#ffd220">මට පේන විදියට එයා දන්නේ නෑ.</font>

184
00:12:33,628 --> 00:12:35,964
<font color="#ffd220">ඒකයි එයා මෙතනට ඇවිල්ලා අහන්නේ. ඒක ඇත්ත.</font>

185
00:12:36,047 --> 00:12:37,299
<font color="#ffd220">මට කියන්න තියෙන්නේ,</font>

186
00:12:37,382 --> 00:12:40,051
<font color="#ffd220">එයා ජනප්‍රිය වුණ ගමන්ම GN විලේජ් එකෙන්
ගෙයක් ගත්ත එක සැකයි.</font>

187
00:12:40,135 --> 00:12:42,888
<font color="#ffd220">ඊට කලින් එයාට මොකුත් තිබ්බේ නෑනේ.</font>

188
00:12:44,097 --> 00:12:46,016
<font color="#ffd220">ඔයාට පුළුවන්ද,</font>

189
00:12:46,766 --> 00:12:49,019
<font color="#ffd220">ග්වොන් සේ-නාගේ විස්තර මට හොයලා දෙන්න?</font>

190
00:12:53,899 --> 00:12:55,525
<font color="#ffd88f"><b>හෙලෝ, මිස්? <i>මේ කවුද?</i></b></font>

191
00:12:55,609 --> 00:12:57,277
<font color="#ffd220">අහ්, මේ ග්වොන් සේ-නා නේද?</font>

192
00:12:57,861 --> 00:13:00,655
<font color="#ffd220">මම වි ජොන්ග්-සින්,
<i>ස්පෝර්ට්ස් යුන්සොන්ග්</i> එකේ රිපෝටර් කෙනෙක්.</font>

193
00:13:00,739 --> 00:13:04,367
<font color="#ffd220">මට ඔයාව ඉන්ටර්විව් කරන්න ඕනේ,
අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?</font>

194
00:13:04,451 --> 00:13:05,827
<font color="#ffd88f"><b><i>කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ?</i></b></font>

195
00:13:06,411 --> 00:13:09,289
<font color="#ffd220">අහ්, අම්... මම එකපාරටම කතා කරාට
සමාවෙන්න.</font>

196
00:13:09,372 --> 00:13:11,249
<font color="#ffd220">අපි හම්බවුණාම මම ඒ ගැන විස්තර කරන්නම්... හෙලෝ? මිස් ග්වොන්?</font>

197
00:13:28,850 --> 00:13:30,560
<font color="#ffd220">එයා මොකද කිව්වේ? ඔයාව හම්බවෙන්න එනවා කිව්වද?</font>

198
00:13:31,394 --> 00:13:33,522
<font color="#ffd220">එයා ෆෝන් එක තිබ්බා. අපරාදේ.</font>

199
00:13:34,231 --> 00:13:35,482
<font color="#ffd220">දැන් මොකද කරන්නේ?</font>

200
00:13:37,192 --> 00:13:38,777
<font color="#ffd220">මට පුළුවන් එයා ලවා කතා කරවගන්න.</font>

201
00:13:39,277 --> 00:13:40,820
<font color="#ffd220">ඔඩිෂන් වේටින් ඒරියා</font>

202
00:13:40,904 --> 00:13:44,032
<font color="#ffd220">නැන්දේ, අහන්නකෝ.
මට පොලිසියට බැඳෙන්න ඕනේ. ඒකයි...</font>

203
00:13:45,784 --> 00:13:47,577
<font color="#ffd220">වි හොන්ග්-සින්? ඔව්? ඇතුළට එන්න.</font>

204
00:13:47,661 --> 00:13:48,912
<font color="#ffd220">ඒත්...</font>

205
00:13:53,375 --> 00:13:55,335
<font color="#ffd220">මට මේ කොටස නම් එච්චර විශ්වාස නෑ.</font>

206
00:13:56,127 --> 00:13:58,088
<font color="#ffd220">ඒක ටිකක් අමුතුයි වගේ.</font>

207
00:14:06,638 --> 00:14:07,722
<font color="#ffd220">හැමෝටම ආයුබෝවන්!</font>

208
00:14:07,806 --> 00:14:10,433
<font color="#ffd220">මම වි හොන්ග්-සින්, ඔයාලා හැමෝම හමුවීම සතුටක්.</font>

209
00:14:12,143 --> 00:14:13,311
<font color="#ffd220">වි හොන්ග්-සින්</font>

210
00:14:14,187 --> 00:14:15,814
<font color="#ffd220">වි හොන්ග්-සින්, නේද?</font>

211
00:14:15,897 --> 00:14:17,732
<font color="#ffd220">ඔව්, ඒක තමයි සහෝ!</font>

212
00:14:17,816 --> 00:14:19,359
<font color="#ffd220">අනේ, සමාවෙන්න, ඒක මගේ කටින් පැන්නා.</font>

213
00:14:19,442 --> 00:14:22,612
<font color="#ffd220">මේ වැඩසටහන නිසා,
ඔයා මගේම යාලුවෙක් වගේ මට දැනුණේ.</font>

214
00:14:24,489 --> 00:14:26,658
<font color="#ffd220">ඒකෙන් වැඩේ ලේසි වෙනවා.
මගේ අකමැත්තක් නෑ.</font>

215
00:14:26,741 --> 00:14:28,785
<font color="#ffd220">අපි ඔයා ලවා මේ කොටස කියවමු, හරිද සහෝ?</font>

216
00:14:28,868 --> 00:14:30,036
<font color="#ffd220">අනිවාර්යයෙන්ම, ඔව්.</font>

217
00:14:31,329 --> 00:14:32,330
<font color="#ffd220">නැන්දේ, මට පොලිස් නිලධාරියෙක් වෙන්න ඕනෙ.</font>

218
00:14:32,414 --> 00:14:34,624
<font color="#ffd220">ඔයා හිතනවද ඕනම කෙනෙක්ට
පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන් කියලා?</font>

219
00:14:35,667 --> 00:14:38,086
<font color="#ffd220">ඒත් මම නිකම්ම කෙනෙක් නෙවෙයි. මම කාන්ග් පිල්-ගූ.</font>

220
00:14:38,169 --> 00:14:40,255
<font color="#ffd220">මම පොලිස් ඇකඩමියට තේරුණොත්?
ඔයා මට උදව් කරනවද?</font>

221
00:14:40,338 --> 00:14:42,465
<font color="#ffd220">එහෙනම් මම දිවුරනවා,
මම මගේ තොප්පිය ගලවලා කනවා ළමයෝ. හරිද?</font>

222
00:14:44,092 --> 00:14:45,969
<font color="#ffd220">අනේ, නැන්දා ඔයාගේ තොප්පිය කනවා
බලන්න මට ඕන නෑ.</font>

223
00:14:46,052 --> 00:14:47,304
<font color="#ffd220">කමක් නෑ, මම පොලිස් නිලධාරියෙක් වෙන්නේ නෑ.</font>

224
00:14:47,387 --> 00:14:48,555
<font color="#ffd220">හරි, ඒ ඇති.</font>

225
00:14:50,515 --> 00:14:51,933
<font color="#ffd220">ඔයාගේ රඟපෑම ගොඩක් හොඳයි.</font>

226
00:14:52,517 --> 00:14:55,478
<font color="#ffd220">ඒ වගේම මොකක් හරි හේතුවකට,
ඔයා මට කාන්ග් පිල්-ගූව පොඩ්ඩක් මතක් කරනවා.</font>

227
00:14:55,562 --> 00:14:57,564
<font color="#ffd220">ආ... ගොඩක් ස්තූතියි!</font>

228
00:14:57,647 --> 00:14:59,274
<font color="#ffd220">හැබැයි එක දෙයක් මට ප්‍රශ්නයක්.</font>

229
00:15:00,275 --> 00:15:02,694
<font color="#ffd220">ඔයා දිගටම දෙබස් වෙනස් කරනවා.</font>

230
00:15:02,777 --> 00:15:04,321
<font color="#ffd220">අහ්, ඔව්. ඒකට සමාවෙන්න.</font>

231
00:15:04,404 --> 00:15:08,199
<font color="#ffd220">ම්ම්, මොකද වුණේ කියනවා නම්, ඔයා මම දිහා
බලන් හිටපු නිසා මට දෙබස් අමතක වුණා.</font>

232
00:15:11,202 --> 00:15:15,040
<font color="#ffd220">මේකයි ඔයාට කලින්ම පිටපත දෙන්නේ,
දෙබස් පාඩම් කරගන්න පුළුවන් වෙන්න.</font>

233
00:15:15,123 --> 00:15:18,585
<font color="#ffd220">"අනේ, නැන්දා ඔයාගේ තොප්පිය කනවා බලන්න මට ඕන නෑ.
කමක් නෑ, මම පොලිස් නිලධාරියෙක් වෙන්නේ නෑ."</font>

234
00:15:18,668 --> 00:15:20,754
<font color="#ffd220">ඒක ලියලා තිබුණේ හරියටම ඔය විදිහට නෙවෙයි.</font>

235
00:15:20,837 --> 00:15:23,548
<font color="#ffd220">ඔව්, හැබැයි ඇත්තටම මට දෙබස් අමතක වුණේ නෑ.</font>

236
00:15:23,632 --> 00:15:27,510
<font color="#ffd220">මම හිතුවා ඒ කොටස පොඩ්ඩක් වෙනස් කරන්න
මොකද ඒකෙන් වැඩි මිත්‍රශීලී බවක් දැනෙන නිසා, තේරෙනවද?</font>

237
00:15:27,594 --> 00:15:30,096
<font color="#ffd220">හරියට මම ඇත්තටම
කාන්ග් පිල්-ගූ වෙලා මගේ නැන්දට කතා කරනවා වගේ.</font>

238
00:15:32,849 --> 00:15:36,061
<font color="#ffd220">තමන්ගේම විදිහට පිටපතේ
වචන වෙනස් කරන්න වරප්‍රසාදයක් ලැබෙන්නේ,</font>

239
00:15:36,144 --> 00:15:39,856
<font color="#ffd220">තමන්ගේ චරිතය ගැන සම්පූර්ණ සහ
ගැඹුරු අධ්‍යයනයක් කරාට පස්සේ විතරයි.</font>

240
00:15:39,939 --> 00:15:42,484
<font color="#ffd220">මොකද ඔයා හිතුමතේට
රඟපාන්න ගත්තොත්, එතකොට...</font>

241
00:15:43,234 --> 00:15:46,863
<font color="#ffd220">ඔයා එක්ක රඟපාන අනිත් අයට
ඒක ගොඩක් අමාරු දෙයක් වේවි.</font>

242
00:15:46,946 --> 00:15:49,616
<font color="#ffd220">ඒ වගේම, මේක සාමාන්‍ය දෙයක්ද...</font>

243
00:15:49,699 --> 00:15:52,077
<font color="#ffd220">...ආධුනික නළුවෙක්
තමන් ගැන මේ තරම් විශ්වාසයකින් ඉන්න එක?</font>

244
00:15:53,620 --> 00:15:55,705
<font color="#ffd220">ඇත්තටම අසාමාන්‍යයි.</font>

245
00:16:08,301 --> 00:16:11,179
<font color="#ffd220">ඇයි හැමදේම මේ තරම් අමාරු?
ඔයාගේ අම්මා...</font>

246
00:16:11,262 --> 00:16:12,514
<font color="#ffd220">අන්තිමට එයා හොඳින් හිටියා නේද?</font>

247
00:16:12,597 --> 00:16:15,183
<font color="#ffd220">එයාට උදව් කරන්න එපා,
එයා ආයෙත් ඔයාගේ ඔෆිස් එකට ආවත්.</font>

248
00:16:15,892 --> 00:16:16,976
<font color="#ffd220">හරි, තේරුණා.</font>

249
00:16:21,356 --> 00:16:24,234
<font color="#ffd220">පේන විදිහට ඔයාගේ අම්මා මේ වැඩේට බහින්නයි යන්නේ.
එයාට ආයෙත් රඟපාන්න ඕන වෙලා.</font>

250
00:16:24,317 --> 00:16:25,985
<font color="#ffd220">ඇත්තම කිව්වොත්, ඔයාගේ රඟපෑම එක්ක බැලුවම,</font>

251
00:16:26,069 --> 00:16:28,822
<font color="#ffd220">ඔයාගේ අම්මා ඔයාට වඩා
ගොඩක් ඉස්සරහින් ඉන්නේ.</font>

252
00:16:29,864 --> 00:16:31,116
<font color="#ffd220">ඔයාට ඕනෙ මගෙන් ගුටි කන්නද?</font>

253
00:16:31,199 --> 00:16:33,660
<font color="#ffd220">කාර් එකේ යතුර දෙනවා.
කෝ දෙන්න ඉක්මනට.</font>

254
00:16:33,743 --> 00:16:35,370
<font color="#ffd220">හරි හරි, ඔන්න ගත්තා.</font>

255
00:16:36,037 --> 00:16:38,748
<font color="#ffd220">ඒක නම් මහ කැත වැඩක්,
මගේ මැසරාටි එක ගන්නවා කිව්ව එක.</font>

256
00:16:41,585 --> 00:16:45,004
<font color="#ffd220">කොහොම වුණත්, අර බේස්බෝල් ක්‍රීඩකයා
ඕ මි-රාන්ගේ පුතා කියලා කවුද හිතුවේ?</font>

257
00:16:45,088 --> 00:16:48,717
<font color="#ffd220">ඔව් මචං, මාර වැඩේ.
ලෝකේ නම් හරිම පුංචියි.</font>

258
00:16:48,800 --> 00:16:51,636
<font color="#ffd220">එයා හොඳ පවුලකින් එනවා විතරක් නෙවෙයි,
එයා කඩවසම් වගේම දක්ෂයි.</font>

259
00:16:51,720 --> 00:16:53,054
<font color="#ffd220">ඒ වගේම හරිම ආදරණීයයි.</font>

260
00:16:53,138 --> 00:16:56,057
<font color="#ffd220">එයා එයාගේ අම්මව හොඳට බලාගත්තා
වගේම ඇයව සනසපු හැටි දැක්කද.</font>

261
00:16:56,141 --> 00:16:58,184
<font color="#ffd220">වාව්... එයා නම් හොඳ වැඩිද මන්දා.</font>

262
00:16:58,268 --> 00:17:00,645
<font color="#ffd220">කටේ රිදී හැන්දක් අරන් ඉපදෙන එක
දක්ෂකමක් නෙවෙයිනේ.</font>

263
00:17:00,729 --> 00:17:03,481
<font color="#ffd220">ඒක හුදු වාසනාව.
ඔව්, ඒ මනුස්සයට ඕන තරම් වාසනාව තියෙනවා.</font>

264
00:17:03,565 --> 00:17:05,442
<font color="#ffd220">ඔයාට ඒකට දක්ෂකම කියන්න බෑ.</font>

265
00:17:05,525 --> 00:17:09,320
<font color="#ffd220">එතකොට අර ඔයා ඔඩිෂන් එකෙන් ෆේල් කරපු කෙනා ගැන මොකද?
මම කිව්වේ, එයාට ඇත්තටම දක්ෂතාවයක් තිබුණා නේද?</font>

266
00:17:10,947 --> 00:17:12,782
<font color="#ffd220">එයා වි ජොන්ග්-සින්ගේ මල්ලි.</font>

267
00:17:12,866 --> 00:17:14,284
<font color="#ffd220">වි ජොන්ග්-සින්. වි හොන්ග්-සින්.</font>

268
00:17:14,367 --> 00:17:18,163
<font color="#ffd220">ආ, මම දැනන් හිටියා.
ඒ ඔඩිෂන් එකේදි මට ඒක දැනුණා.</font>

269
00:17:19,414 --> 00:17:20,582
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න.</font>

270
00:17:21,916 --> 00:17:24,127
<font color="#ffd220">ඔයා එයාව ෆේල් කළේ ඕනකමින්ම නේද?</font>

271
00:17:24,210 --> 00:17:27,088
<font color="#ffd220">මොනවද මේ කියන්නේ?
මම හැමෝටම හරිම සාධාරණව සැලකුවා.</font>

272
00:17:29,466 --> 00:17:30,800
<font color="#ffd220">මොකක්ද?</font>

273
00:17:31,718 --> 00:17:33,136
<font color="#ffd220">ඔයා විහිළු කරනවා නේද.</font>

274
00:17:33,219 --> 00:17:35,096
<font color="#ffd220">මේ ඔක්කොම ඕකට දාන්න පුළුවන්ද?</font>

275
00:17:35,180 --> 00:17:38,433
<font color="#ffd220">ඒත් මේක නම් විශ්වාස කරන්නත් අමාරු තරම්
හොඳයිනේ.</font>

276
00:17:38,516 --> 00:17:39,726
<font color="#ffd220">කට්! හරි.</font>

277
00:17:39,809 --> 00:17:40,810
<font color="#ffd220">ඒක නියමයි.</font>

278
00:17:44,105 --> 00:17:45,607
<font color="#ffd220">මගේ ෆෝන් එක ගන්න.</font>

279
00:17:45,690 --> 00:17:47,734
<font color="#ffd220">එයාට දැන්ම ඒ ලිපිය දකින්න දෙන්න බෑ.</font>

280
00:17:47,817 --> 00:17:50,111
<font color="#ffd220">අපිට සේ-නාට මේක කියවන්න දෙන්න බෑ.
මාත් එකඟයි.</font>

281
00:17:51,946 --> 00:17:53,364
<font color="#ffd220">මොකක්ද මේ?</font>

282
00:17:53,448 --> 00:17:55,074
<font color="#ffd220">ග්වොන් සේ-නා ගුවන්තොටුපළේදී
මාධ්‍යවේදීන්ට බොරු කියයි</font>

283
00:17:55,158 --> 00:17:56,284
<font color="#ffd220">සුපිරි තරුවකගේ අහංකාරකමද?</font>

284
00:17:56,367 --> 00:17:59,287
<font color="#ffd220">ග්වොන් සේ-නා විදෙස්ගතව අසාර්ථක වී
නැවත කොරියාවට පැමිණෙයි</font>

285
00:17:59,370 --> 00:18:01,039
<font color="#ffd220">ඇයව අවමානයට ලක් වී ද, ප්‍රශ්නය ඇයගේ
පළල් උරහිස් ද නැත්නම් ලොකු මූණ ද?</font>

286
00:18:05,752 --> 00:18:07,754
<font color="#ffd220">මාධ්‍යවේදී වි ජොන්ග්-සින්</font>

287
00:18:07,837 --> 00:18:10,673
<font color="#ffd220">මම ස්පෝර්ට්ස් ඉයුන්සොන්ග් හී
මාධ්‍යවේදී වි ජොන්ග්-සින්.</font>

288
00:18:10,757 --> 00:18:14,177
<font color="#ffd220">මට ඔයාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්න ඕනෙ,
අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?</font>

289
00:18:14,260 --> 00:18:15,553
<font color="#ffd220">මාර සයිකෝ කෙනෙක්නේ.</font>

290
00:18:16,137 --> 00:18:17,222
<font color="#ffd220">අනේ මන්දා...</font>

291
00:18:21,935 --> 00:18:23,686
<font color="#ffd220">මාත් එක්ක කතා කරන්න ආවට ස්තූතියි.</font>

292
00:18:24,187 --> 00:18:25,730
<font color="#ffd220">මිස් වි ජොන්ග්-සින්.</font>

293
00:18:25,814 --> 00:18:28,525
<font color="#ffd220">ඔයාව හමුවීම සතුටක්.
ඒක මගෙත් සතුටක්.</font>

294
00:18:28,608 --> 00:18:31,653
<font color="#ffd220">ඇත්තම කිව්වොත්, හමුවෙන්න අහලා
ඔයාගෙන් කෝල් එකක් ආවම මම පුදුම වුණා.</font>

295
00:18:34,489 --> 00:18:37,408
<font color="#ffd220">ඔයා අර ලිපි ලිව්වේ මම ලවා ඔයාට කතා කරවාගන්න
බලාගෙන නේද?</font>

296
00:18:38,243 --> 00:18:40,036
<font color="#ffd220">ආ, ඔයාට එහෙම හිතුනා නම්...</font>

297
00:18:41,246 --> 00:18:42,247
<font color="#ffd220">ඔයා හරිම නුවණක්කාරයි.</font>

298
00:18:49,003 --> 00:18:50,380
<font color="#ffd220">ඔයාගේ උත්සාහය හරි ගියා, ඉතින්...</font>

299
00:18:50,463 --> 00:18:51,965
<font color="#ffd220">අපි අද මොනවා ගැනද කතා කරන්නේ?</font>

300
00:18:52,048 --> 00:18:53,716
<font color="#ffd220">මට ආරංචියි ඔයා බලවත් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.</font>

301
00:18:53,800 --> 00:18:56,010
<font color="#ffd220">ඉතින් එච්චරද? පෙම් හබයක්?</font>

302
00:18:56,845 --> 00:18:59,764
<font color="#ffd220">"පේම සම්බන්ධයක්" කියන එක
ඒකට ගැලපෙන්නෙ නෑ හැබැයි.</font>

303
00:18:59,848 --> 00:19:02,851
<font color="#ffd220">ඒකට වඩා නිවැරදි වෙන්නේ,
"විවාහක මිනිහෙක් එක්ක තියෙන සම්බන්ධයක්" කියන එකයි.</font>

304
00:19:02,934 --> 00:19:05,895
<font color="#ffd220">මොන නම කිව්වත්, මට ඕන නෑ
ඔයා ඒ ගැන ලිපියක් ලියනවට.</font>

305
00:19:05,979 --> 00:19:07,689
<font color="#ffd220">මොකද මම ඒ සම්බන්ධය නවත්තන්නයි හදන්නේ.</font>

306
00:19:08,898 --> 00:19:10,191
<font color="#ffd220">හරිම රසවත්.</font>

307
00:19:10,275 --> 00:19:12,777
<font color="#ffd220">දැනටමත් ඉවර වෙච්ච දෙයක් ගැන ලියනවට වඩා,</font>

308
00:19:13,319 --> 00:19:15,738
<font color="#ffd220">ඔයා අලුතින් පටන් ගන්න යන දෙයක් ගැන
ලිව්වොත් හොඳයි නේද?</font>

309
00:19:15,822 --> 00:19:17,156
<font color="#ffd220">ඇත්තටම? අලුත් දෙයක්?</font>

310
00:19:19,075 --> 00:19:21,619
<font color="#ffd220">මම 'කාන්ග් පිල්-ගූ' පස්වෙනි සීසන් එකට එකතු වෙනවා.</font>

311
00:19:21,703 --> 00:19:24,080
<font color="#ffd220">"ලිම් හ්‍යුන්-ජුන් සහ ග්වොන් සේ-නාගේ සම්බන්ධය
උණුසුම් වෙයි."</font>

312
00:19:24,163 --> 00:19:26,541
<font color="#ffd220">විශේෂ හෙළිදරව්වක්, කොහොමද ඒක?</font>

313
00:19:39,888 --> 00:19:40,930
<font color="#ffd220">හ්ම්...</font>

314
00:19:42,098 --> 00:19:44,767
<font color="#ffd220">යහපත් රහස් පරීක්ෂක කාන්ග් පිල්-ගූ</font>

315
00:19:52,817 --> 00:19:54,736
<font color="#ffd220">මම ලිම් හ්‍යුන්-ජුන්ගේ ලොකු ෆෑන් කෙනෙක්.</font>

316
00:19:54,819 --> 00:19:56,362
<font color="#ffd220">එයාගේ බඩු පෙට්ටියක්ම මගේ ගෙදර තියෙනවා, ඒ නිසා...</font>

317
00:20:05,371 --> 00:20:06,581
<font color="#ffd220">මොකද වුණේ?</font>

318
00:20:07,498 --> 00:20:09,292
<font color="#ffd220">මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

319
00:20:10,168 --> 00:20:11,669
<font color="#ffd220">අනේ නෑ. මම නිකන්...</font>

320
00:20:13,713 --> 00:20:15,882
<font color="#ffd220">ඔයාගේ යාලුවා කිව්වද එයා ඔඩිෂන් එක
ෆේල් වුණේ මගේ වැරැද්දෙන් කියලා?</font>

321
00:20:15,965 --> 00:20:17,926
<font color="#ffd220">කොහෙත්ම නෑ. එයා එහෙම දෙයක් කිව්වේ නෑ.</font>

322
00:20:20,428 --> 00:20:21,888
<font color="#ffd220">එයා ඇත්තටම මුකුත් කිව්වේ නෑ.</font>

323
00:20:21,971 --> 00:20:24,015
<font color="#ffd220">ඒත් මට විශ්වාසයි ඔයා කියපු දේවල් නිසා
එයාගේ හිත රිදුණා කියලා.</font>

324
00:20:24,641 --> 00:20:26,392
<font color="#ffd220">ඔයා හිතන්නේ ඔයාගේ යාලුවා
රඟපාන්න ඇත්තටම දක්ෂයි කියලද?</font>

325
00:20:26,476 --> 00:20:28,519
<font color="#ffd220">ඔව්.
ඒත් එයාට තාම එක චරිතයක්වත් ලැබිලා නෑ.</font>

326
00:20:28,603 --> 00:20:29,812
<font color="#ffd220">හරි නේද?</font>

327
00:20:29,896 --> 00:20:31,564
<font color="#ffd220">ඔව්.
මට හිතෙන විදිහට,</font>

328
00:20:31,648 --> 00:20:34,651
<font color="#ffd220">එයා හිතාගෙන ඉන්නේ අවස්ථාවක් ලැබුණොත්
එයාට එයාගේ දක්ෂකම පෙන්නලා හොඳට කරන්න පුළුවන් කියලා,</font>

329
00:20:34,734 --> 00:20:37,236
<font color="#ffd220">ඒත් කවුරුත් එයාට අවස්ථාවක් දෙන්නේ නෑ, හරි නේද?</font>

330
00:20:37,320 --> 00:20:38,446
<font color="#ffd220">මේකයි, ඒක එහෙම නෙවෙයි.</font>

331
00:20:38,529 --> 00:20:40,865
<font color="#ffd220">එයාට ඕනවට වඩා තමන් ගැන විශ්වාසයි, ඒක හොඳ නෑ.</font>

332
00:20:40,949 --> 00:20:43,326
<font color="#ffd220">ආත්ම විශ්වාසය සහ උඩඟුකම අතර ලොකු වෙනසක් තියෙනවා.</font>

333
00:20:43,409 --> 00:20:45,495
<font color="#ffd220">නළුවෙක් වුණාම තමන් ඉන්න තැන දැනගන්න එක වැදගත්.</font>

334
00:20:48,748 --> 00:20:50,875
<font color="#ffd220">එහෙනම් ඇයි ඔයා මෙලෝඩ්‍රාමා කරන එක නවත්තන්නේ නැත්තේ?</font>

335
00:20:51,668 --> 00:20:53,127
<font color="#ffd220">මොකක්ද?</font>

336
00:20:53,211 --> 00:20:55,338
<font color="#ffd220">ඔයාට දැන් වයසයිනේ,
කවුරුත් ඔයාට අලුත් පිටපත් එවන්නෙත් නෑ,</font>

337
00:20:55,421 --> 00:20:57,298
<font color="#ffd220">ඉතින් ඇයි දිගටම 'කාන්ග් පිල්-ගූ' කරගෙන ඉන්නේ නැත්තේ?</font>

338
00:20:58,132 --> 00:21:00,343
<font color="#ffd220">මොකද තමන් ඉන්න තැන දැනගෙන ඉන්න එක
ගොඩක් වැදගත් නිසා.</font>

339
00:21:04,305 --> 00:21:06,057
<font color="#ffd220">ඔයා මොකක්ද මට දැන් කිව්වේ?</font>

340
00:21:11,479 --> 00:21:14,190
<font color="#ffd220">ඔයා විහිළු කරනවා වෙන්න ඇති මිස් ග්වොන්.
මිස්ටර් ලිම් දන්නවද මේක...</font>

341
00:21:14,273 --> 00:21:15,900
<font color="#ffd220">එයා දන්නවද ඔයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙන විත්තිය?</font>

342
00:21:15,984 --> 00:21:18,903
<font color="#ffd220">ඇයි ඊළඟ එකට යන්න කලින්
දැන් තියෙන සම්බන්ධය ඉවරයක් කරගන්නේ නැත්තේ?</font>

343
00:21:18,987 --> 00:21:20,363
<font color="#ffd220">ඔයා හිතන්නේ ඒක කොහොම දැනෙනවා ඇද්ද...</font>

344
00:21:23,324 --> 00:21:25,034
<font color="#ffd220">ඔයා මේ ගැන ගොඩක් කලබල වෙලා වගේ.</font>

345
00:21:25,118 --> 00:21:27,161
<font color="#ffd220">ඔයාගේ මූණත් රතු වෙලා,
නිකන් ඒක ඔයාට සිද්ධ වුණා වගේ.</font>

346
00:21:27,245 --> 00:21:28,371
<font color="#ffd220">හරි එහෙනම්.</font>

347
00:21:29,914 --> 00:21:33,710
<font color="#ffd220">අපි බලමුකෝ අනාගතයේදි මිස්ටර් ලිම් ඔයාගේ පෙම්වතා වෙයිද කියලා.</font>

348
00:21:33,793 --> 00:21:37,005
<font color="#ffd220">මම අද මෙතනට ආවේ ඔයාගේ දැන් ඉන්න පෙම්වතා
ගැන කතා කරන්න.</font>

349
00:21:37,922 --> 00:21:40,341
<font color="#ffd220">ඔයාගේ අනියම් සම්බන්ධය ගැන මට ලිපි ලියන්න අවශ්‍ය නෑ.</font>

350
00:21:42,844 --> 00:21:44,095
<font color="#ffd220">ඔයා මට එයා ගැන කියනවද?</font>

351
00:21:46,472 --> 00:21:49,142
<font color="#ffd220">පාර්ලිමේන්තු මන්ත්‍රී, හා ජී-වාන්,
ඔයා එයාව දන්නවා නේද?</font>

352
00:21:50,184 --> 00:21:52,311
<font color="#ffd220">ඔයාගේ පෙම්වතාත් එයාව හොඳටම අඳුරනවා වගේ.</font>

353
00:21:53,229 --> 00:21:54,814
<font color="#ffd220">ඒක ඇත්ත නේද මිස් ග්වොන්?</font>

354
00:21:57,608 --> 00:22:01,195
<font color="#ffd220">වි ජොන්ග්-සින්, මට ඇත්තටම දැනගන්න ඕනෙ.
ඔයා කවුද කියලා මට දැනගන්න ඕනෙ.</font>

355
00:22:02,321 --> 00:22:06,743
<font color="#ffd220">මම දන්නවා ළඟදි ඔයා මගේ පෙම්වතාට සම්බන්ධ
ප්‍රශ්නයක් ගැන හෙව්වා කියලා, හරි නේද?</font>

356
00:22:06,826 --> 00:22:09,287
<font color="#ffd220">ඒ නිසා නේද ඔයාව මේ ඕපාදූප හොයන අංශයට
මාරු කළේ?</font>

357
00:22:09,370 --> 00:22:13,458
<font color="#ffd220">ඔයාට දේවල් තවත් නරක් කරගන්න ඕන නැත්නම්,
එයා ගැන හොයන එක දැන්ම නවත්තන්න.</font>

358
00:22:13,541 --> 00:22:15,960
<font color="#ffd220">මාව මාරු කළත්, අස් කළත්,</font>

359
00:22:17,170 --> 00:22:18,171
<font color="#ffd220">මම මේ ප්‍රශ්නය විසඳනවා.</font>

360
00:22:18,254 --> 00:22:19,255
<font color="#ffd220">කොහොම වුණත්,</font>

361
00:22:20,423 --> 00:22:22,550
<font color="#ffd220">ඔයා මට මේ සම්මුඛ සාකච්ඡාවට එන්න කිව්වා,</font>

362
00:22:22,633 --> 00:22:24,302
<font color="#ffd220">ඒ නිසා ඔයා මට එයා ගැන හැමදේම කියන්න ඕනෙ.</font>

363
00:22:27,013 --> 00:22:29,557
<font color="#ffd220">ප්‍රශ්නය තියෙන්නේ, ඇයි කියන එකයි?</font>

364
00:22:31,184 --> 00:22:32,727
<font color="#ffd220">මම හිතනවා ඔයා දන්නවා ඇති කියලා.</font>

365
00:22:32,810 --> 00:22:33,811
<font color="#ffd220">එයා ජරා මනුස්සයෙක්.</font>

366
00:22:34,604 --> 00:22:37,815
<font color="#ffd220">එයා මහජනතාවට හානිකර පිළිකුල් සහගත මිනිහෙක්,</font>

367
00:22:38,566 --> 00:22:39,609
<font color="#ffd220">කිසිම සදාචාරයක් නැති.</font>

368
00:22:44,572 --> 00:22:46,157
<font color="#ffd220">ඔයා මොනවද හිතාගෙන හිටියේ?</font>

369
00:22:46,240 --> 00:22:48,951
<font color="#ffd220">ඔයා හිතුවද එක පාරින්ම ඔයාට ඕන දේ
ලබාගන්න පුළුවන් වෙයි කියලා?</font>

370
00:23:00,671 --> 00:23:02,048
<font color="#ffd220">වි ජොන්ග්-සින්, ඔයා දන්නවද?</font>

371
00:23:02,840 --> 00:23:05,760
<font color="#ffd220">මම හිතන්නේ අපි දෙන්නා යාලුවෝ වෙන්න ඕනෙ.</font>

372
00:23:18,898 --> 00:23:19,899
<font color="#ffd220">හරි එහෙනම්.</font>

373
00:23:23,361 --> 00:23:26,739
<font color="#ffd220">දැන් මම ඔයාට කලින්ම පුංචි දැනුම්දීමක් කරන්නම්.</font>

374
00:23:26,823 --> 00:23:28,741
<font color="#ffd220">සම්බන්ධතා ගැන කටකතා යන විදිහට නම්...</font>

375
00:23:28,825 --> 00:23:30,701
<font color="#ffd220">මේක නම් හරිම රසවත් වෙයි වගේ.</font>

376
00:23:30,785 --> 00:23:33,538
<font color="#ffd220">නිකන් හොලිවුඩ් මට්ටමේ සිද්ධියක් වගේ.</font>

377
00:23:38,292 --> 00:23:39,961
<font color="#ffd220">මොන පිස්සියක්ද මන්දා.</font>

378
00:23:40,753 --> 00:23:42,130
<font color="#ffd220">එයා හිතන් ඉන්නේ එයා කවුරු කියලද?</font>

379
00:23:42,213 --> 00:23:44,215
<font color="#ffd220">එයා ඇත්තටම එයත් එක්ක යාලු වෙයි කියලා හිතුවද?</font>

380
00:23:46,300 --> 00:23:48,219
<font color="#ffd220">ඉතින්, මොනවහරි හොයාගත්තද?</font>

381
00:23:51,305 --> 00:23:52,974
<font color="#ffd220">වැදගත් මුකුත් නෑ.</font>

382
00:23:53,057 --> 00:23:54,058
<font color="#ffd220">මුකුත්ම නැද්ද?</font>

383
00:23:54,142 --> 00:23:57,186
<font color="#ffd220">ඔයාට ඕන දිගටම ඔය විනෝදාස්වාද අංශෙට
වෙලා ඉන්නද?</font>

384
00:23:57,270 --> 00:23:58,813
<font color="#ffd220">ෂික්, මල කරදරේ.</font>

385
00:24:04,110 --> 00:24:06,404
<font color="#ffd220">ඔයා අද වේලාසන ගෙදර ඇවිත්. ඔව්.</font>

386
00:24:16,747 --> 00:24:18,666
<font color="#ffd220">ඉස්සෙල්ල ගිහින් අත් හෝදගන්නකෝ.</font>

387
00:24:25,256 --> 00:24:26,257
<font color="#ffd220">මට ඔයාගෙන් අහන්න ඕන වුණා,</font>

388
00:24:26,340 --> 00:24:28,134
<font color="#ffd220">ඔයා කොහෙන්ද අර රයිස් කුකර් එක ගත්තේ? ඇයි?</font>

389
00:24:28,217 --> 00:24:29,844
<font color="#ffd220">මගේ යාලුවෙක්ට එකක් ඕන වෙලා තියෙනවා.</font>

390
00:24:29,927 --> 00:24:31,345
<font color="#ffd220">ඒක ගණන් වැඩි එකක්.</font>

391
00:24:31,846 --> 00:24:33,514
<font color="#ffd220">මම නිකමට බැලුවේ ඔයා ඒක ගත්තේ කොහෙන්ද කියලා.</font>

392
00:24:33,598 --> 00:24:34,891
<font color="#ffd220">ඔච්චර සැර වෙන්න ඕන නෑනේ.</font>

393
00:24:37,393 --> 00:24:38,561
<font color="#ffd220">මෙලෝමාස්ටර්</font>

394
00:24:41,981 --> 00:24:44,817
<font color="#ffd220">චැට්ස්
මෙලෝමාස්ටර්</font>

395
00:24:47,361 --> 00:24:49,989
<font color="#ffd220">මෙලෝමාස්ටර් විකිණීමට දමා ඇති භාණ්ඩ</font>

396
00:24:59,332 --> 00:25:02,210
<font color="#ffd220">එයා තාම මේක විකුණලා වගේ දාලා නෑනේ.</font>

397
00:25:04,086 --> 00:25:05,463
<font color="#ffd220">සමහරවිට එයා බිස්නස් කරන කෙනෙක් වෙන්න ඇති.</font>

398
00:25:13,971 --> 00:25:14,972
<font color="#ffd220">ඔනියන්!</font>

399
00:25:15,640 --> 00:25:17,099
<font color="#ffd220">සෝල්ඊස්හියර් ඔයාට මැසේජ් එකක් එව්වා.</font>

400
00:25:20,394 --> 00:25:22,271
<font color="#ffd220">හායි,
මම බැලුවේ ඔයාගෙන් තව රයිස් කුකර් වගයක්</font>

401
00:25:22,355 --> 00:25:24,065
<font color="#ffd220">ගන්න පුළුවන් වෙයිද කියලා?</font>

402
00:25:24,148 --> 00:25:25,483
<font color="#ffd220">ඔයා ළඟ තව තියෙනවා වගේ පේනවා.</font>

403
00:25:25,566 --> 00:25:27,818
<font color="#ffd220">ආ, ඔව්, මං ළඟ තව ගොඩක් තියෙනවා.</font>

404
00:25:27,902 --> 00:25:29,946
<font color="#ffd220">ඇත්තටම නෑ, මං ළඟ නෑ.</font>

405
00:25:30,029 --> 00:25:32,323
<font color="#ffd220">තෑගි හම්බවුණු ජැකට් වගයක් මම වික්කා,</font>

406
00:25:32,406 --> 00:25:34,659
<font color="#ffd220">කවුරුහරි මාව බිස්නස් කරන කෙනෙක් කියලා
රිපෝට් කරලා තිබුණා.</font>

407
00:25:39,497 --> 00:25:43,042
<font color="#ffd220">ආ, සමාවෙන්න.
මම අනිත් ඒවා මගේ යාලුවන්ට දුන්නා.</font>

408
00:25:46,295 --> 00:25:49,507
<font color="#ffd220">මම බිස්නස් කරන කෙනෙක් නෙමෙයි. විකුණලා කියලා දාලා
තිබුණේ නැති නිසා මම නිකමට ඇහුවේ. කොහොම වුණත් ස්තූතියි.</font>

409
00:25:49,590 --> 00:25:52,176
<font color="#ffd220">මම ඔනියන් ඇප් එක පාවිච්චි කරන පළවෙනි වතාව මේ,
තාම පුරුදු වෙන ගමන්.</font>

410
00:25:53,511 --> 00:25:54,512
<font color="#ffd220">හරි, දැන් මොකක්ද මම කියන්නේ?</font>

411
00:25:54,595 --> 00:25:55,680
<font color="#ffd220">ඔයා ගොඩක් රෑ වෙනකන් ඇහැරලා ඉන්නවද?</font>

412
00:25:56,264 --> 00:25:57,473
<font color="#ffd220">ඔව්, සාමාන්‍යයෙන් එහෙම තමයි.</font>

413
00:26:00,017 --> 00:26:01,811
<font color="#ffd220">මම ඇත්තටම කාන්ග් පිල්-ගු ව
බලබල හිටියේ.</font>

414
00:26:01,894 --> 00:26:04,188
<font color="#ffd220">අලුත් සීසන් එක පටන් ගන්න කලින්
ආයේ පාරක් බැලුවා.</font>

415
00:26:05,189 --> 00:26:07,650
<font color="#ffd220">ඔයා මටත් වඩා ලොකු ෆෑන් කෙනෙක්නේ!</font>

416
00:26:12,780 --> 00:26:15,491
<font color="#ffd220">ඔයා මීට කලින් කාන්ග් පිල්-ගු ව
ඇත්තටම දැකලා තියෙනවද?</font>

417
00:26:16,325 --> 00:26:17,326
<font color="#ffd220">මම එයාව හම්බවෙලා තියෙනවා.</font>

418
00:26:17,410 --> 00:26:18,661
<font color="#ffd220">ඔයා කාන්ග් පිල්-ගු ව හම්බවෙලා තියෙනවද?</font>

419
00:26:18,744 --> 00:26:20,830
<font color="#ffd220">ආ, මාත් එයාව හම්බවෙලා තියෙනවා. ආ!</font>

420
00:26:20,913 --> 00:26:21,914
<font color="#ffd220">ඇත්තටම?</font>

421
00:26:22,498 --> 00:26:23,582
<font color="#ffd220">ෂා, ඇත්තටමද?</font>

422
00:26:24,709 --> 00:26:26,669
<font color="#ffd220">ඉතින් එයා කොහොම කෙනෙක්ද?</font>

423
00:26:28,754 --> 00:26:30,172
<font color="#ffd220">මට හිතුණේ එයා...</font>

424
00:26:33,301 --> 00:26:34,885
<font color="#ffd220">ආ, එයා හරිම ෂෝක් කෙනෙක්.</font>

425
00:26:34,969 --> 00:26:36,637
<font color="#ffd220">හ්ම්, අනික පිරිමිකම පිරිච්ච කෙනෙක්,</font>

426
00:26:37,305 --> 00:26:39,640
<font color="#ffd220">ඒත් තාම කොල්ලෙක් වගේ ගතියකුත් තියෙනවා.</font>

427
00:26:41,392 --> 00:26:43,144
<font color="#ffd220">ඇත්තටමද?</font>

428
00:26:44,895 --> 00:26:46,480
<font color="#ffd220">නෑ.</font>

429
00:26:46,564 --> 00:26:47,982
<font color="#ffd220">ඔයාට එහෙම හිතෙනවද?</font>

430
00:26:48,983 --> 00:26:51,068
<font color="#ffd220">එයාට දැන් ටිකක් වයසයි කියලා දන්නවනේ?</font>

431
00:26:51,152 --> 00:26:52,194
<font color="#ffd220">කාන්ග් පිල්-ගු</font>

432
00:26:53,779 --> 00:26:55,614
<font color="#ffd220">වයසට යනවා, දුකයි ඉතින්.</font>

433
00:27:39,867 --> 00:27:43,204
<font color="#ffd220">වයසට ගියා කියලා තරුණකම
නැති වෙන්නේ නෑනේ.</font>

434
00:27:43,287 --> 00:27:46,123
<font color="#ffd220">වයස කීය වුණත් හැමෝටම
එයාලටම ආවේණික ලස්සනක් තියෙනවා.</font>

435
00:27:46,874 --> 00:27:48,709
<font color="#ffd220">ආ, ඔයාට එහෙම හිතෙනවද?</font>

436
00:27:48,793 --> 00:27:50,211
<font color="#ffd220">ඔයාට එහෙම හිතෙනවද?</font>

437
00:27:50,294 --> 00:27:52,671
<font color="#ffd220">කොහොම වුණත්, ඇයි ඔයාට
තව රයිස් කුකර් එකක් ඕන වුණේ?</font>

438
00:27:52,755 --> 00:27:54,256
<font color="#ffd220">මගේ අයියාගේ යාලුවෙක්ට එකක් ඕන වෙලා.</font>

439
00:27:55,925 --> 00:27:58,010
<font color="#ffd220">හ්ම්. එතකොට ඔයයි අයියයි එකටද ඉන්නේ?</font>

440
00:27:58,844 --> 00:28:00,346
<font color="#ffd220">මාත් ඉන්නේ මගේ මල්ලිත් එක්ක.</font>

441
00:28:00,429 --> 00:28:02,264
<font color="#ffd220">ආ, ඒක නියමයිනේ.</font>

442
00:28:02,348 --> 00:28:04,433
<font color="#ffd220">ඔව්, මමයි මගේ මල්ලියි විතරයි.</font>

443
00:28:04,517 --> 00:28:06,268
<font color="#ffd220">මම පොඩි කාලෙම අම්මයි තාත්තයි නැති වුණා.</font>

444
00:28:07,269 --> 00:28:08,312
<font color="#ffd220">ආ.</font>

445
00:28:12,608 --> 00:28:13,776
<font color="#ffd220">ඒක හරිම අමාරු වෙන්න ඇති.</font>

446
00:28:16,278 --> 00:28:19,281
<font color="#ffd220">පොඩි කාලේ ඉඳන්ම ගෙදර බර කරට ගන්න වුණේ මට,
ඒ නිසා මට ඒක තේරෙනවා.</font>

447
00:28:20,783 --> 00:28:23,911
<font color="#ffd220">ජීවත් වෙන්න අමාරු ලෝකයක් නිසා,
මට සිද්ධ වුණා හිත හයිය කරගන්න පුරුදු වෙන්න.</font>

448
00:28:23,994 --> 00:28:27,248
<font color="#ffd220">මාව බලාගන්න කවුරුත් නැති නිසා,
මට ශක්තිමත් වෙන්න වුණා,</font>

449
00:28:27,331 --> 00:28:28,958
<font color="#ffd220">හැඟීම් වලට වඩා මොළේ පාවිච්චි කරන්න වුණා.</font>

450
00:28:31,293 --> 00:28:32,378
<font color="#ffd220">වැඩි විස්තර ටිකක් කියලා වගේ.</font>

451
00:29:22,761 --> 00:29:23,971
<font color="#ffd220">සමාවෙන්න, මිස් කිම්?</font>

452
00:29:24,054 --> 00:29:25,222
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න.</font>

453
00:29:27,975 --> 00:29:31,520
<font color="#ffd220">ඔයාට පුළුවන්ද...
මට සිද්ධ වෙනවා අද දවසේ ඉතුරු හම්බවීම් ඔක්කොම කැන්සල් කරන්න.</font>

454
00:29:31,604 --> 00:29:33,439
<font color="#ffd220">අනේ එන අයට මගේ කනගාටුව ප්‍රකාශ කරන්න.</font>

455
00:29:33,522 --> 00:29:34,523
<font color="#ffd220">හරි, තේරුණා.</font>

456
00:29:34,607 --> 00:29:35,774
<font color="#ffd220">ඔයා යූන් ජුන්ග්-හෝ ව දන්නවා නේද?</font>

457
00:29:35,858 --> 00:29:38,152
<font color="#ffd220">එයා මාරම පෞරුෂයක් තියෙන දක්ෂ නළුවෙක්.</font>

458
00:29:38,235 --> 00:29:40,946
<font color="#ffd220">දැන් හරිම රසවත් කටකතාවක් යනවා,</font>

459
00:29:41,030 --> 00:29:43,574
<font color="#ffd220">එයා එයාට වඩා අවුරුදු 30ක් බාල මනෝ වෛද්‍යවරියක්
එක්ක යාලුයි කියලා.</font>

460
00:29:43,657 --> 00:29:46,035
<font color="#ffd220">ආරංචියේ හැටියට, එයා එයාගේ නළු නිළි යාලුවෝ
හැමෝටම මෙයාව අඳුන්වලා දෙනවලු,</font>

461
00:29:46,118 --> 00:29:47,536
<font color="#ffd220">ඉතින් ඒක වේගෙන් පැතිරිලා යනවා.</font>

462
00:29:50,748 --> 00:29:51,874
<font color="#ffd220">ඔව්, මම දැන් මෙතන ඉන්නේ.</font>

463
00:29:51,957 --> 00:29:53,834
<font color="#ffd220">මගේ බෙහෙත් ටික ආයේ ගන්න තිබුණා,
ඒකයි ආවේ.</font>

464
00:29:53,918 --> 00:29:55,294
<font color="#ffd220">බයවෙන්න එපා මිස්ටර් හ්වන්ග්, මම ලෑස්ති වෙලා ආවේ.</font>

465
00:29:55,377 --> 00:29:57,004
<font color="#ffd220">කවුරුත් මාව අඳුරගන්න එකක් නෑ.</font>

466
00:29:58,506 --> 00:29:59,840
<font color="#ffd220">ආ සමාවෙන්න. සමාවෙන්න.</font>

467
00:30:00,508 --> 00:30:02,801
<font color="#ffd220">මම නිකන්... ආ, අහ්.</font>

468
00:30:06,680 --> 00:30:08,057
<font color="#ffd220">මොකක්ද...</font>

469
00:30:12,436 --> 00:30:15,356
<font color="#ffd220">ෂික්. අහ්, මොකක්ද? මොකද මේ කරන්නේ?</font>

470
00:30:15,439 --> 00:30:17,691
<font color="#ffd220">අහ්, මාව අතාරිනවා!</font>

471
00:30:17,775 --> 00:30:19,068
<font color="#ffd220">අහන්නකෝ, මම...</font>

472
00:30:26,951 --> 00:30:29,537
<font color="#ffd220">තමුන් කොහොමද මේ තැන ගැන දැනගත්තේ?
මේක රහසක්නේ!</font>

473
00:30:30,120 --> 00:30:32,373
<font color="#ffd220">තමුන් හොරෙන් රිංගලා මගේ ෆෝන් එකට
හරි ගෙදරට හරි බග් එකක් හයි කළාද?</font>

474
00:30:32,456 --> 00:30:33,874
<font color="#ffd220">මම එහෙම කළේ නෑ.</font>

475
00:30:33,958 --> 00:30:36,043
<font color="#ffd220">මම ඇත්තටම මෙතනට ආවේ...
අනික මේක සාමාන්‍ය දෙයක්ද,</font>

476
00:30:36,126 --> 00:30:38,754
<font color="#ffd220">ආධුනික නළුවෙක් මේ විදිහට තමන් ගැනම
ලොකුවට හිතන් ඉන්න එක.</font>

477
00:30:38,837 --> 00:30:41,632
<font color="#ffd220">හරිම පුදුමයි.</font>

478
00:30:42,800 --> 00:30:44,760
<font color="#ffd220">මම ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා.</font>

479
00:30:44,843 --> 00:30:46,512
<font color="#ffd220">ආ!</font>

480
00:30:46,595 --> 00:30:49,181
<font color="#ffd220">තමුන්ට ඕන පළිගන්න නේද?</font>

481
00:30:49,265 --> 00:30:50,474
<font color="#ffd220">දැන් තේරෙනවද කොහොමද දැනෙන්නේ කියලා,</font>

482
00:30:50,558 --> 00:30:52,309
<font color="#ffd220">කවුරුහරි තමන් ආදරේ කරන අයට බැන වදිනකොට, අහ්?</font>

483
00:30:52,393 --> 00:30:53,852
<font color="#ffd220">මොකක්ද මේ වෙන්නේ?</font>

484
00:30:53,936 --> 00:30:54,937
<font color="#ffd220">මම මෙතනට ආවේ--</font>

485
00:30:55,020 --> 00:30:57,356
<font color="#ffd220">තමුන් මුල ඉඳන්ම ඔච්චර නපුරු වෙන්න තිබුණේ නෑ, තේරුණාද?</font>

486
00:30:57,439 --> 00:30:58,732
<font color="#ffd220">මම ආවේ තමුන්ව හම්බවෙන්න නෙමෙයි, හරිද?</font>

487
00:30:58,816 --> 00:31:00,818
<font color="#ffd220">බොරු කියන්න එපා! මම ඕවා විශ්වාස කරයි කියලා හිතුවද.</font>

488
00:31:00,901 --> 00:31:03,279
<font color="#ffd220">අනේ මේ! මම මෙතනට ආවේ අර ඩොක්ටර්
ප්‍රසිද්ධ කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්න නිසා,</font>

489
00:31:03,362 --> 00:31:04,697
<font color="#ffd220">මෝඩයෝ!</font>

490
00:31:05,489 --> 00:31:06,490
<font color="#ffd220">මොකක්? මෝඩයා?</font>

491
00:31:06,574 --> 00:31:08,033
<font color="#ffd220">ඔව්, තමුන් හැසිරෙන්නේ එහෙමනේ, ගොන් හරකා!</font>

492
00:31:08,117 --> 00:31:09,493
<font color="#ffd220">ආ දැන් "ගොන් හරකෙක්" වුණාද?</font>

493
00:31:13,205 --> 00:31:14,790
<font color="#ffd220">තමුන්ට විශ්වාසද?</font>

494
00:31:14,873 --> 00:31:16,542
<font color="#ffd220">තමුන් මේ මගේ පස්සෙන් ආවේ නෑ කියලා?</font>

495
00:31:18,627 --> 00:31:21,213
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න. පාත් වෙනවා,
පාත් වෙනවා! මොකක්ද ප්‍රශ්නේ?</font>

496
00:31:22,548 --> 00:31:24,174
<font color="#ffd220">ආ! ඒක තමයි, හතරයි හතරයි පහයි එක.</font>

497
00:31:24,258 --> 00:31:25,676
<font color="#ffd220">ඉක්මනට කාර් එක ස්ටාට් කරන්න. ඇයි?</font>

498
00:31:25,759 --> 00:31:28,304
<font color="#ffd220">මොකද මට අර කාර් එක පස්සෙන්
යන්න ඕන! ඒක මට අදාළ නෑනේ.</font>

499
00:31:28,387 --> 00:31:30,014
<font color="#ffd220">ඔව්, ඒ වුණාට තමුන්නේ මාව මෙතනට ඇදලා ගත්තේ.</font>

500
00:31:30,598 --> 00:31:32,099
<font color="#ffd220">කාර් එක යනවා! එළියට බහිනවා ඉතින්!</font>

501
00:31:32,182 --> 00:31:33,642
<font color="#ffd220">කෝ යතුර? දෙනවා යතුර මෙහෙට!</font>

502
00:31:33,726 --> 00:31:36,145
<font color="#ffd220">තමුන්ට පිස්සුද? නවත්තනවා ඕක!
අනේ, අපිට ඉක්මනට මෙතනින් යන්න ඕන.</font>

503
00:31:36,228 --> 00:31:38,689
<font color="#ffd220">යමං, ඉක්මනට! අහ්, දෙයියනේ, මොන මගුලක්ද?</font>

504
00:31:41,775 --> 00:31:44,320
<font color="#ffd220">ගොඩක් ළඟට යන්න එපා,
එයාට අපිව මාට්ටු වෙයි.</font>

505
00:31:44,403 --> 00:31:47,781
<font color="#ffd220">මොකක්, දැන් මේ "මෝඩයා"ගේ කාර් එකේ යද්දි
එයාටම අණ දෙනවද?</font>

506
00:31:47,865 --> 00:31:49,825
<font color="#ffd220">ඇයි තමුන් ඩොක්ටර්ගේ පස්සෙන් යන්නේ?</font>

507
00:31:51,285 --> 00:31:52,911
<font color="#ffd220">කාටවත් කියන්නේ නෑ නේද?</font>

508
00:31:52,995 --> 00:31:55,331
<font color="#ffd220">අනේ මාව හිනස්සන්න එපා.
මම මේවා කාට කියන්නද?</font>

509
00:31:55,914 --> 00:31:57,958
<font color="#ffd220">තමුන්... තමුන් යූන් ජුන්ග්-හෝ ව දන්නවා නේද?</font>

510
00:31:58,792 --> 00:32:00,169
<font color="#ffd220">එයාලා දෙන්නා යාලුයි.</font>

511
00:32:00,961 --> 00:32:02,087
<font color="#ffd220">වෙන්න බෑ, යාලුයි?</font>

512
00:32:02,755 --> 00:32:04,965
<font color="#ffd220">එයා එයාට වඩා අවුරුදු 30ක් බාලයි.
මට නම් තේරෙන්නේ නෑ.</font>

513
00:32:05,049 --> 00:32:06,050
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න.</font>

514
00:32:06,133 --> 00:32:07,968
<font color="#ffd220">මම ඒ දෙන්නවම දන්නවා. ඕක අමතක කරලා දාන්න.
මට බෑ ඕක කරන්න.</font>

515
00:32:08,052 --> 00:32:09,470
<font color="#ffd220">මට මේකට මැදිහත් වෙන්න බෑ.
තමුන් දැන්ම බහින්න ඕන.</font>

516
00:32:09,553 --> 00:32:10,763
<font color="#ffd220">මම කාර් එක හරවනවා.</font>

517
00:32:10,846 --> 00:32:12,765
<font color="#ffd220">මම හිතන්නේ නෑ තමුන්ට
එහෙම කරන්න පුළුවන් කියලා. ඈ?</font>

518
00:32:12,848 --> 00:32:14,892
<font color="#ffd220">තමුන් සිරාවටමද?
එයා යන්නේ හයිවේ එකේනේ!</font>

519
00:32:14,975 --> 00:32:16,185
<font color="#ffd220">ඉතින් දැන් මම මොකද කරන්නේ?</font>

520
00:32:16,268 --> 00:32:17,811
<font color="#ffd220">මොකක්ද? නෑ, අපිට එයා
පස්සෙන් යන්න වෙනවා! අහ්, ෂික්!</font>

521
00:32:17,895 --> 00:32:19,897
<font color="#ffd220">නෑ, මට බෑ. මම හරවනවා!</font>

522
00:32:19,980 --> 00:32:21,357
<font color="#ffd220">හයිවේ එකේ හරවන්න බෑ හලෝ!</font>

523
00:32:21,440 --> 00:32:22,733
<font color="#ffd220">යන්නකෝ ඉතින්. යන්න! බෑ, බෑ!</font>

524
00:32:22,816 --> 00:32:24,985
<font color="#ffd220">ස්පෝර්ට්ස් යුන්සොන්ග්</font>

525
00:32:25,069 --> 00:32:26,278
<font color="#ffd220">අදට වැඩ ඉවරද?</font>

526
00:32:28,197 --> 00:32:29,198
<font color="#ffd220">ඔව්.</font>

527
00:32:31,158 --> 00:32:32,159
<font color="#ffd220">අද රෑට මට කෑම වේලක් අරන් දුන්නොත් මොකද?</font>

528
00:32:34,203 --> 00:32:35,496
<font color="#ffd220">අපි දැන් එකට වැඩ කරන අයනේ.</font>

529
00:32:36,372 --> 00:32:38,082
<font color="#ffd220">මිස්ටර් ලී, මට රෑ කෑම අරන් දෙනවද ප්ලීස්?</font>

530
00:32:38,165 --> 00:32:39,625
<font color="#ffd220">මට අද කන්න වෙලාවක් තිබුණේ නෑ.</font>

531
00:32:42,961 --> 00:32:45,547
<font color="#ffd220">ආ, ඔයා දන්නවද මෙහේ ඉන්න ෂෙෆ්
කලින් නිව් යෝර්ක් වල ෆැෂන් ඉගෙනගෙන තියෙනවා,</font>

532
00:32:45,631 --> 00:32:46,924
<font color="#ffd220">රස්සාව මාරු කරන්න කලින්.</font>

533
00:32:47,883 --> 00:32:50,761
<font color="#ffd220">ඔයාට මතකද අපි ඉස්සර ගිය
හැමිල්ටන් පාර්ක් එක ළඟ රෙස්ටොරන්ට් එක?</font>

534
00:32:50,844 --> 00:32:52,429
<font color="#ffd220">මෙහේ කෑම වල රහයි වටපිටාවයි ඒ වගේමයි.</font>

535
00:32:52,513 --> 00:32:53,806
<font color="#ffd220">දෙයියනේ, ඔයා එහේ තිබුණ ස්ටේක් එකට මාර ආසයිනේ.</font>

536
00:32:53,889 --> 00:32:55,140
<font color="#ffd220">ඒක වහලා දැම්මා.</font>

537
00:32:56,100 --> 00:33:00,104
<font color="#ffd220">ඒක කරපු අඹුසැමි ජෝඩුවෙන් වයිෆ්ට
වෙන සම්බන්ධයක් තිබිලා, එයාලා දික්කසාද වුණා.</font>

538
00:33:01,188 --> 00:33:04,024
<font color="#ffd220">ඊටපස්සේ කෑම වල රහ වෙනස් වුණා,
අන්තිමට තැන වහලා දැම්මා.</font>

539
00:33:07,236 --> 00:33:09,947
<font color="#ffd220">නිකන් මටම දමලා ගැහුවා වගේනේ දැනෙන්නේ.</font>

540
00:33:11,407 --> 00:33:14,326
<font color="#ffd220">ඒක අපි ගැන නෙමෙයි, අර ජෝඩුව ගැන.</font>

541
00:33:14,410 --> 00:33:15,994
<font color="#ffd220">ඔයා හිතන්නේ නැද්ද මටත් හේතු තිබුණා කියලා...</font>

542
00:33:17,996 --> 00:33:19,415
<font color="#ffd220">ඒ විදිහට දාලා යන්න?</font>

543
00:33:19,498 --> 00:33:22,918
<font color="#ffd220">තමන් ආදරේ කරන කෙනා එක්ක මාස තුනකින්
කසාද බඳින්න ඉන්න ගෑනු කෙනෙක්,</font>

544
00:33:23,001 --> 00:33:25,170
<font color="#ffd220">මරණයේ දොරකඩ ඉන්න මිනිහෙක්?</font>

545
00:33:26,088 --> 00:33:29,007
<font color="#ffd220">ඇත්තම කියනවා නම්, ඒක සාධාරණීකරණය කරන්න
මට කිසිම හේතුවක් හිතාගන්න බැහැ.</font>

546
00:33:31,301 --> 00:33:33,846
<font color="#ffd220">ඉතින් ඔයාට, අපි ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලාද?</font>

547
00:33:43,731 --> 00:33:44,940
<font color="#ffd220">ඒ අනතුර නිසා,</font>

548
00:33:45,023 --> 00:33:48,569
<font color="#ffd220">මගේ දකුණු කකුලේ ඇටකටු
බොහොමයක් කුඩුපට්ටම් වුණා.</font>

549
00:33:49,153 --> 00:33:50,863
<font color="#ffd220">මම ආයේ කවදාවත් කෙලින් හිටගන්න
බැරි වෙයි කියලා බයෙන් හිටියේ,</font>

550
00:33:50,946 --> 00:33:52,364
<font color="#ffd220">ඒත් ඊට පස්සේ, හරියට මැජික් එකක් වගේ,</font>

551
00:33:53,782 --> 00:33:55,701
<font color="#ffd220">ටික කාලෙකට පස්සේ මට ඇවිදගන්න පුළුවන් වුණා.</font>

552
00:33:56,744 --> 00:34:00,247
<font color="#ffd220">ඊට පස්සේ, මට දුවන්නත් පුළුවන් වුණා.</font>

553
00:34:01,540 --> 00:34:04,084
<font color="#ffd220">කාලගුණය නරක වුණාම
තාමත් මගේ කකුල රිදෙනවා,</font>

554
00:34:04,835 --> 00:34:06,879
<font color="#ffd220">ඒත් අඩුම ගානේ දැන් මට ආපහු දුවන්න පුළුවන්.</font>

555
00:34:09,006 --> 00:34:11,049
<font color="#ffd220">මම හිතුවේ මට කවදාවත්
ආපහු නැගිටින්න බැරි වෙයි කියලා.</font>

556
00:34:15,554 --> 00:34:16,764
<font color="#ffd220">ඒකෙන් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාද?</font>

557
00:34:54,718 --> 00:34:59,973
<font color="#ffd220">සාමාන්‍ය කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් එක්ක
යාළු වෙන ඕනම සම්බන්ධතාවක් අසාර්ථක වෙනවාමයි.</font>

558
00:35:13,821 --> 00:35:15,823
<font color="#ffd220">සිහියට එන්න, වී ජොන්ග්-සින්.</font>

559
00:35:15,906 --> 00:35:18,867
<font color="#ffd220">මේ ඉන්නේ කාන්ග් පිල්-ගූ නෙවෙයි.
මේ ලිම් හියුන්-ජුන්.</font>

560
00:35:18,951 --> 00:35:21,870
<font color="#ffd220">අනික ඔයා මෙතන ඉන්නේ මාධ්‍යවේදියෙක් විදිහට මිසක්
කාන්ග් පිල්-ගූගේ ෆෑන් කෙනෙක් විදිහට නෙවෙයි.</font>

561
00:35:25,999 --> 00:35:27,626
<font color="#ffd220">ඕක නවත්තන්න දැන්.</font>

562
00:35:30,754 --> 00:35:32,089
<font color="#ffd220">ඔයා මොකක්ද කිව්වේ?</font>

563
00:35:33,340 --> 00:35:35,092
<font color="#ffd220">අහ්, මුකුත් නෑ.</font>

564
00:35:35,175 --> 00:35:37,719
<font color="#ffd220">මේ සේරම අස්සේ ඔයාට නිදාගන්න පුළුවන්
වුණ එක ගැන නම් මට පුදුමයි.</font>

565
00:35:37,803 --> 00:35:40,848
<font color="#ffd220">- ඉතින් අපි දැන් කොහෙද ඉන්නේ?
- ගංග්නං වල!</font>

566
00:35:40,931 --> 00:35:43,767
<font color="#ffd220">හ්ම්? ගං... ගංග්නං, වෙන්න බෑ.</font>

567
00:35:44,726 --> 00:35:47,187
<font color="#ffd220">මම වාහනේ එලවන ගමන් කල්පනා කළේ.</font>

568
00:35:47,271 --> 00:35:50,774
<font color="#ffd220">කිසි ගාණක් නැතුව ඔයා නිදාගෙන ඉන්නකොට,</font>

569
00:35:50,858 --> 00:35:53,735
<font color="#ffd220">ටීවී තරුවක් වෙච්ච මම, ප්‍රවීණ නළුවෙක් පස්සේ පන්නන
මේ මෝඩ සිද්ධිය විසඳගන්නේ කොහොමද කියලා...</font>

570
00:35:53,819 --> 00:35:56,113
<font color="#ffd220">මම කල්පනා කළා.</font>

571
00:35:56,864 --> 00:36:00,325
<font color="#ffd220">හරි, මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැතුව කාර් එක ස්ටාර්ට්
කරපු එකට මම මටම දොස් කියාගන්න ඕනේ කියලා මම දන්නවා.</font>

572
00:36:00,409 --> 00:36:02,995
<font color="#ffd220">ඒත් දැන් අපි මෙතනට ඇවිත් ඉන්න නිසා,</font>

573
00:36:03,078 --> 00:36:06,707
<font color="#ffd220">අපි මොන තරම් විහිළුවක් වගේ පෙනුනත්,
මම මේ වැඩේ කරනවා.</font>

574
00:36:07,291 --> 00:36:10,002
<font color="#ffd220">- ඔයාට විශ්වාසද?
- ඒ වෙනුවට, ඔයා මට ණයයි.</font>

575
00:36:10,878 --> 00:36:12,129
<font color="#ffd220">එකම එක පාරක්,</font>

576
00:36:13,922 --> 00:36:16,049
<font color="#ffd220">- මට ඕන කරන ලිපිය ඔයා ලියන්න ඕනේ.
- මොකක්?</font>

577
00:36:16,133 --> 00:36:20,220
<font color="#ffd220">අහන්න, මාව වට්ටන්න ඔයා ලියපු ලිපි
සේරටම හිලව් වෙන්න,</font>

578
00:36:20,304 --> 00:36:23,098
<font color="#ffd220">මට එකම එක ලිපියක් ලියලා දුන්නොත්
මම මේක අමතක කරලා දාන්නම්.</font>

579
00:36:23,181 --> 00:36:24,641
<font color="#ffd220">මම මේ ලොකු උදව්වක් කරන්නේ,</font>

580
00:36:24,725 --> 00:36:27,978
<font color="#ffd220">ඒ නිසා මම මගේ අදහස වෙනස් කරන්න කලින්
ඔයා ඒකට කැමති වෙන්න ඕනේ.</font>

581
00:36:29,855 --> 00:36:32,900
<font color="#ffd220">සාමාන්‍යයෙන් මම ඉල්ලීම් වලට ලිපි ලියන්නේ නෑ,</font>

582
00:36:32,983 --> 00:36:36,653
<font color="#ffd220">ඒත් කරුණු ප්‍රතික්ෂේප කරන්න බැරි නම්,
වගේම ඒක ලියන්න වටිනවා නම්,</font>

583
00:36:37,654 --> 00:36:38,655
<font color="#ffd220">මම කැමති වෙන්නම්.</font>

584
00:36:38,739 --> 00:36:39,740
<font color="#ffd220">හරි.</font>

585
00:36:40,616 --> 00:36:42,534
<font color="#ffd220">ඔයා මට එක ලිපියක් ණයයි,
ඒක අමතක කරන්න එපා.</font>

586
00:36:42,618 --> 00:36:45,162
<font color="#ffd220">- ඇත්තටම ඒක මොකක් ගැනද?
- මේ වෙලාවේ හැටියට නම්, මම දන්නේ නෑ.</font>

587
00:36:46,955 --> 00:36:48,957
<font color="#ffd220">මෝටෙල් එකක ගත කරපු රැයක්?</font>

588
00:36:49,041 --> 00:36:51,919
<font color="#ffd220">හ්ම්? මම මොකටද ඔයත් එක්ක
මෝටෙල් එකක නවතින්නේ?</font>

589
00:36:52,002 --> 00:36:54,296
<font color="#ffd220">අහ් නෑ, මම කිව්වේ අර මිනිස්සු ගැන!</font>

590
00:36:54,379 --> 00:36:57,132
<font color="#ffd220">ඔයාට පිස්සුද? ඔයා මොනවද මේ හිතන්නේ?</font>

591
00:36:57,215 --> 00:36:59,384
<font color="#ffd220">ඔයාට පේන්නේ නැද්ද එයාලා
අර හොටෙල් එකට යනවා?</font>

592
00:36:59,468 --> 00:37:00,594
<font color="#ffd220">ආ.</font>

593
00:37:01,929 --> 00:37:03,096
<font color="#ffd220">දෙවියනේ, ඇත්තටම.</font>

594
00:37:17,194 --> 00:37:20,739
<font color="#ffd220">වාව්, වයස් පරතරය එයාලට
ප්‍රශ්නයක් නෑ වගේ නේද?</font>

595
00:37:22,240 --> 00:37:24,284
<font color="#ffd220">අම්මපා, එයාට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා</font>

596
00:37:24,368 --> 00:37:26,286
<font color="#ffd220">මම කවදාවත් හිතුවේ නෑ.</font>

597
00:37:26,370 --> 00:37:28,664
<font color="#ffd220">- අයියෝ! මගේ බැටරි බැහැලා!
- මේක මෝටෙල් එකක් නෙවෙයි, මට ඒක සහතිකයි.</font>

598
00:37:28,747 --> 00:37:29,831
<font color="#ffd220">- හියුන්-ජුන්--
- වාව්.</font>

599
00:37:29,915 --> 00:37:31,375
<font color="#ffd220">- ඔයාගේ ෆෝන් එක දෙන්න.
- ඔයා මොකක්ද මේ කියන්නේ?</font>

600
00:37:31,458 --> 00:37:33,418
<font color="#ffd220">- නිකන් දෙන්නකෝ ඉතින්.
- ඔයා ඒකෙන් මොනවා කරන්නද?</font>

601
00:37:33,502 --> 00:37:36,129
<font color="#ffd220">- ඔයා නම් මහා විහිළුවක්.
- අහ්, නෑ. එයාලා ඇතුළට ගියා!</font>

602
00:37:36,213 --> 00:37:38,632
<font color="#ffd220">ඉන්න, ඔයාට ඕන වුණේ මම ලවා
එයාලගේ කැත ෆොටෝ ටිකක් ගන්නද?</font>

603
00:37:38,715 --> 00:37:40,217
<font color="#ffd220">ආ, පොඩ්ඩක් ඉන්න, ඔයාගේ ඩෑෂ් කැම් එක තියෙනවනේ.</font>

604
00:37:40,300 --> 00:37:42,594
<font color="#ffd220">- ඉන්න, මම ඒක බලන්නම්.
- ඒයි, පොඩ්ඩක් ඉන්න, මගේ ඩෑෂ් කැම් එක කැඩිලා.</font>

605
00:37:42,678 --> 00:37:43,929
<font color="#ffd220">- මම ඒක හදන්න දුන්නා.
- මොකක්?</font>

606
00:37:44,596 --> 00:37:46,306
<font color="#ffd220">අයියෝ, අපිට දැන් මෙතන ඉන්න වෙනවද?</font>

607
00:37:46,390 --> 00:37:47,683
<font color="#ffd220">මම නෙවෙයිනේ මේකට හේතුව.</font>

608
00:37:47,766 --> 00:37:49,184
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න.</font>

609
00:37:49,267 --> 00:37:51,186
<font color="#ffd220">ඔයා කියන්නේ එයාලා එළියට එනකල්
අපිට මෙතන ඉන්න වෙනවා කියලද?</font>

610
00:37:51,269 --> 00:37:53,188
<font color="#ffd220">මට ෆොටෝ එකක් ඕනේ.
ඒක නොගෙන මම යන්නේ නෑ.</font>

611
00:37:53,271 --> 00:37:54,982
<font color="#ffd220">ඒයි, ඒක මට අදාළ නෑ, හරිද?</font>

612
00:37:55,065 --> 00:37:56,650
<font color="#ffd220">කරුණාකරලා දැන් එළියට බහින්න. බහින්න එළියට!</font>

613
00:37:56,733 --> 00:37:58,944
<font color="#ffd220">- මගේ කාර් එකෙන් බහින්න. දැන්ම බහින්න!
- ඔයා මොකද මේ කරන්නේ? නවත්තන්න!</font>

614
00:37:59,027 --> 00:38:00,028
<font color="#ffd220">ඇයි?</font>

615
00:38:04,408 --> 00:38:07,828
<font color="#ffd220">මගේ කාර් එකට නැගලා ඒක ඔයාගේ වගේ හැසිරෙන්න
ඔයාට වැඩි වෙලාවක් ගියේ නෑනේ.</font>

616
00:38:07,911 --> 00:38:09,162
<font color="#ffd220">ඔයානේ මාව මෙතනට ඇදගෙන ආවේ.</font>

617
00:38:12,874 --> 00:38:15,711
<font color="#ffd220">ඔයාට කෝපි එක්ක කිම්බාප් ඕනේද?
මම ගිහින් ගේන්නද?</font>

618
00:38:16,670 --> 00:38:17,879
<font color="#ffd220">එපා, කමක් නෑ.</font>

619
00:38:21,425 --> 00:38:24,136
<font color="#ffd220">ඔයාව හම්බවුණ එක මගේ අවාසනාව කියලා මට හිතෙනවා.</font>

620
00:38:24,219 --> 00:38:26,513
<font color="#ffd220">ඔයා සුළි කුණාටුවක් වගේ පිරිමි වැසිකිළියට කඩාගෙන පැන්නා,</font>

621
00:38:26,596 --> 00:38:29,433
<font color="#ffd220">ඊට පස්සේ ඩේටිං රූමර්ස් ගැනයි අනිත් ඕපාදූප ගැනයි
ආටිකල් එකක් ලිව්වා,</font>

622
00:38:29,516 --> 00:38:31,351
<font color="#ffd220">අන්තිමට මගේ අම්මවත් ඒකට ඇදලා ගත්තා.</font>

623
00:38:32,352 --> 00:38:35,230
<font color="#ffd220">ඔයාව හම්බවුණ දවසේ ඉඳන් මම ලොකු පරීක්ෂණයකට
මුහුණ දෙනවා වගේ මට දැනෙනවා.</font>

624
00:38:35,313 --> 00:38:37,065
<font color="#ffd220">දැන් මට බුදු වෙන්න විතරයි ඉතුරු.</font>

625
00:38:37,149 --> 00:38:40,235
<font color="#ffd220">සම්මාන උළෙලේදී ඔයා කරපු දේ නිසා මගේ තනතුර පහත දැම්මා,</font>

626
00:38:40,318 --> 00:38:42,863
<font color="#ffd220">ප්‍රෙස් කොන්ෆරන්ස් එකෙන් මාව එළියට දැම්මා,</font>

627
00:38:43,447 --> 00:38:45,282
<font color="#ffd220">මදිවට ඔයා හිතුවේ මම එස්කොට් කෙනෙක් කියලා.</font>

628
00:38:45,907 --> 00:38:47,909
<font color="#ffd220">බලන්න, මේ හමුවීමම මහා සාපයක්.</font>

629
00:38:49,077 --> 00:38:50,912
<font color="#ffd220">සමහරු නම් කියයි මේකට දෛවය කියලා.</font>

630
00:38:50,996 --> 00:38:52,914
<font color="#ffd220">මොකක්ද? එහෙම කියන්න එපා!
මගේ ඇඟ හිරිවැටිලා ගියා.</font>

631
00:38:52,998 --> 00:38:54,791
<font color="#ffd220">- මං හිතන්නේ ඒකෙන් ඔයාට පණ ආවා.
- ඔව්.</font>

632
00:38:56,668 --> 00:38:58,628
<font color="#ffd220">ඇත්තටම, ඔයා හෙට උදේ වෙනකල්ම
මෙතන ඉන්නද හදන්නේ?</font>

633
00:38:59,504 --> 00:39:01,298
<font color="#ffd220">ඔයාට කලින් මගේ හොස්පිට්ල් රූම් එකට
රිංගන්න පුළුවන් වුණ එකේ,</font>

634
00:39:01,381 --> 00:39:03,008
<font color="#ffd220">ඇයි නිකන්ම මෙතන වාඩි වෙලා ඉන්නේ?</font>

635
00:39:03,091 --> 00:39:05,302
<font color="#ffd220">බලන් ඉන්නවා ඇරෙන්න මම වෙන මොනවා කරන්නද?
ඒක තට්ටු 20ක හොටෙල් එකක්.</font>

636
00:39:05,385 --> 00:39:07,387
<font color="#ffd220">ඉතින් අපි එළි වෙනකල් නිකන් බලන් ඉන්නද කියන්නේ?</font>

637
00:39:07,471 --> 00:39:10,724
<font color="#ffd220">- ඉතින් මොනවා හරි කරන්නකෝ.
- මොකක්ද, ඔයාට ගින්නක් අවුලවන්න ඕනේද?</font>

638
00:39:20,400 --> 00:39:21,526
<font color="#ffd220">ෂික්.</font>

639
00:39:36,458 --> 00:39:38,251
<font color="#ffd220">මේක නම් මහ පිස්සුවක්. ඔයාට නම් පිස්සු.</font>

640
00:39:38,335 --> 00:39:39,377
<font color="#ffd220">ඔයාට සිහියක් නැද්ද?</font>

641
00:39:39,461 --> 00:39:41,755
<font color="#ffd220">- ඔයා ගිහින් ගින්නක් අවුලෙව්වද?
- අන්න එයාලා ඉන්නවා!</font>

642
00:39:46,802 --> 00:39:48,970
<font color="#ffd220">ඔයාගේ ෆෝන් එක දෙන්න, ඉක්මනට,
ෆෝන් එක දෙන්නකෝ.</font>

643
00:39:49,054 --> 00:39:50,680
<font color="#ffd220">ඉක්මනට දෙන්න!</font>

644
00:40:04,694 --> 00:40:06,613
<font color="#ffd220">මට මේක විශ්වාස කරන්නත් බෑ.</font>

645
00:40:06,696 --> 00:40:08,073
<font color="#ffd220">ෂික්, ඇත්තටම!</font>

646
00:40:09,574 --> 00:40:11,368
<font color="#ffd220">මට කියන්නම වෙනවා,
ඕකට කියන්නේ වාර්තාකරණය කියලා නෙවෙයි.</font>

647
00:40:11,451 --> 00:40:13,453
<font color="#ffd220">ඕකට කියන්නේ අපරාධයක් කරනවා කියලා!</font>

648
00:40:13,537 --> 00:40:14,913
<font color="#ffd220">මම ඇත්තටම එහෙම කළේ නෑ.</font>

649
00:40:14,996 --> 00:40:18,208
<font color="#ffd220">මම ගියේ එයාලා ඉන්නේ මොන තට්ටුවෙද කියලා බලන්න,
එතකොටම එලාම් එක වැදුණා.</font>

650
00:40:51,283 --> 00:40:53,326
<font color="#ffd220">අනිවාර්යයෙන්ම මිස් පැපරාසි,
කවුද ඔයාව විශ්වාස කරන්නේ?</font>

651
00:40:53,410 --> 00:40:54,870
<font color="#ffd220">- පැපරාසි?
-</font>

652
00:40:54,953 --> 00:40:56,413
<font color="#ffd220">මට ඇත්තටම ඒ මනුස්සයා ගැන දුකයි.</font>

653
00:40:56,496 --> 00:40:58,248
<font color="#ffd220">එයාට වයස 70යි,
එයාට කැමති කෙනෙක් එක්ක යාළු වෙන්නවත් නිදහසක් නෑ.</font>

654
00:40:58,331 --> 00:41:01,209
<font color="#ffd220">මේක ඇමරිකාව වගේ රටක් වුණා නම්,
එයා වීරයෙක් වෙන්න තිබුණා.</font>

655
00:41:01,293 --> 00:41:04,129
<font color="#ffd220">ඒත් ඔයා වගේ මාධ්‍යවේදියෝ නිසා,
කොරියාවේදී එයාව රාක්ෂයෙක් කරලා.</font>

656
00:41:04,212 --> 00:41:06,089
<font color="#ffd220">හැටි එහෙම තමයි. අපි ඉන්නේ ඇමරිකාවේ නෙවෙයිනේ.</font>

657
00:41:06,173 --> 00:41:09,593
<font color="#ffd220">මට හිතෙන්නේ ඔයාගේම ආදර සම්බන්ධතා වල තියෙන
ප්‍රශ්න නිසා ඔයා මේ වගේ දේවල් කරනවා ඇති.</font>

658
00:41:09,676 --> 00:41:12,554
<font color="#ffd220">දෙන්නෙක් සතුටින් ඉන්නවා දැක්කම,
ඔයාට ඕනේ එයාලව වෙන් කරන්න.</font>

659
00:41:12,637 --> 00:41:14,347
<font color="#ffd220">ඉතින් ඔයා කියන්නේ මම මානසික ලෙඩෙක් කියලද?</font>

660
00:41:14,431 --> 00:41:16,099
<font color="#ffd220">නැහැයි කියන්න සාක්ෂි තියෙනවද?</font>

661
00:41:18,602 --> 00:41:19,644
<font color="#ffd220">හරි, ඇත්ත කියන්න.</font>

662
00:41:20,645 --> 00:41:24,107
<font color="#ffd220">ඔයා කවදාවත් කාත් එක්කවත් යාළු වෙලා නෑ නේද?
ඔයා හැමදාම තනියමනේ හිටියේ.</font>

663
00:41:24,608 --> 00:41:25,609
<font color="#ffd220">ඒක බොරුවක්.</font>

664
00:41:25,692 --> 00:41:28,195
<font color="#ffd220">ඉතින්, ඔයා ඒක පිළිගන්නේ නෑනේ කොහොමත්.</font>

665
00:41:28,278 --> 00:41:29,571
<font color="#ffd220">මම ඔයාව විශ්වාස කළා කියමුකෝ.</font>

666
00:41:29,654 --> 00:41:31,865
<font color="#ffd220">එහෙනම් කොලේජ් එකෙන් පස්සේ ඔයා
පිරිමි ළමයි කී දෙනෙක් එක්ක යාළු වෙලා තියෙනවද?</font>

667
00:41:32,782 --> 00:41:34,284
<font color="#ffd220">ඉතින්.</font>

668
00:41:34,367 --> 00:41:36,620
<font color="#ffd220">හය දෙනෙක් විතර?</font>

669
00:41:38,663 --> 00:41:40,123
<font color="#ffd220">ඔයා දැන් කිව්වේ "හය දෙනෙක් විතර" කියලද?</font>

670
00:41:40,999 --> 00:41:43,293
<font color="#ffd220">- ඔයාට පිස්සු.
- ඒක ඇත්ත, මම බොරු කියනවා නෙවෙයි!</font>

671
00:41:44,711 --> 00:41:46,713
<font color="#ffd220">ඔයා පිරිමි හය දෙනෙක් එක්ක යාළු වෙලා තියෙනවා?</font>

672
00:41:46,796 --> 00:41:49,007
<font color="#ffd220">හරි, ඒක නම් ඊටත් වඩා අමුතුයි. ඇත්තටම.</font>

673
00:41:49,883 --> 00:41:52,719
<font color="#ffd220">මේ ටික කාලෙට ඔයා ඇත්තටම හය දෙනෙක් එක්ක යාළු වෙලා.</font>

674
00:41:52,802 --> 00:41:54,387
<font color="#ffd220">ඔයාට ප්‍රතිපත්තියක් කියලා දෙයක් නෑනේ.</font>

675
00:41:54,471 --> 00:41:56,014
<font color="#ffd220">ඔයා නම් පුදුම කෙනෙක්.</font>

676
00:41:56,097 --> 00:41:59,017
<font color="#ffd220">කොල්ලෝ මගේ පස්සෙන් එන්න ගත්ත නිසා තමයි
ඒක පටන් ගත්තේ,</font>

677
00:41:59,100 --> 00:42:01,186
<font color="#ffd220">මොකද මම ලස්සනයිනේ.</font>

678
00:42:02,562 --> 00:42:04,356
<font color="#ffd220">ආ, ඒක නම් මරු විහිළුව.</font>

679
00:42:04,439 --> 00:42:06,316
<font color="#ffd220">මාව ඔය තරම් හිනැස්සුවට ස්තූතියි.</font>

680
00:42:08,276 --> 00:42:11,238
<font color="#ffd220">ප්‍රශ්නේ කියන්නේ ඒ එකක්වත්
මාස දෙකකට වඩා තිබුණේ නෑ.</font>

681
00:42:13,114 --> 00:42:14,199
<font color="#ffd220">ඒ ඇයි?</font>

682
00:42:14,282 --> 00:42:16,076
<font color="#ffd220">හැමෝම කතා කරන්නේ වැරදිකාරයගෙ අයිතිවාසිකම් ගැන...</font>

683
00:42:16,159 --> 00:42:18,954
<font color="#ffd220">මේ රටේ වින්දිතයන්ට වඩා වැරදිකාරයන්ට මුල් තැන දෙනවා
වගෙයි පේන්නේ.</font>

684
00:42:22,582 --> 00:42:23,750
<font color="#ffd220">යොන්ග්-වූ, ඔයා මොකද ඒ ගැන හිතන්නේ?</font>

685
00:42:23,833 --> 00:42:27,087
<font color="#ffd220">ඉතින් මානව හිමිකම් පිළිබඳ නිර්වචනය,
විශේෂයෙන්ම...</font>

686
00:42:27,170 --> 00:42:30,423
<font color="#ffd220">මගේ රස්සාව නිසා, මට සමාජ ප්‍රශ්න ගැන
ලොකු උනන්දුවක් තිබුණා.</font>

687
00:42:30,507 --> 00:42:33,426
<font color="#ffd220">හරි, කෙලින් හිටගන්න, බාර් එක කෙලින් අල්ලගන්න,
අත් තද කරගන්න.</font>

688
00:42:33,510 --> 00:42:35,428
<font color="#ffd220">දැන් හිමින් පහත් වෙන්න.</font>

689
00:42:35,512 --> 00:42:38,765
<font color="#ffd220">හරි. දැන් උඩට එන්න, හොඳයි.</font>

690
00:42:38,848 --> 00:42:40,141
<font color="#ffd220">ලිංගික හිංසනයක්?</font>

691
00:42:40,225 --> 00:42:42,811
<font color="#ffd220">මෝඩයෝ, එයා කොතනද කොහොමද ඇල්ලුවේ කියලා
මට හරියටම දැනගන්න ඕනේ!</font>

692
00:42:42,894 --> 00:42:44,020
<font color="#ffd220">මොකක්ද?</font>

693
00:42:44,104 --> 00:42:46,648
<font color="#ffd220">ඔයා මට විහිළු කරනවා නේද!
එයා කොහොමද ඇල්ලුවේ කියලා ඔයා දැනගන්න ඕනෙද.</font>

694
00:42:46,731 --> 00:42:49,025
<font color="#ffd220">මොකක්ද යකෝ? පපුවද නැත්නම් පස්සද?</font>

695
00:42:49,109 --> 00:42:50,944
<font color="#ffd220">ඔයාට මැරෙන්න ඕන වෙලාද?
මොනවද මේ කර කර හිටියේ?</font>

696
00:42:51,027 --> 00:42:54,030
<font color="#ffd220">මම කිව්වනේ ඒ වගේ උන්ව ඉරාගෙන කන්න ඕනේ කියලා.</font>

697
00:42:54,114 --> 00:42:55,323
<font color="#ffd220">එහෙනම් ඔයා අස් වෙලා යන්නේ නැත්තේ ඇයි!</font>

698
00:42:56,366 --> 00:42:57,450
<font color="#ffd220">ෂික්!</font>

699
00:42:58,785 --> 00:42:59,786
<font color="#ffd220">ඒයි, පැටියෝ!</font>

700
00:42:59,869 --> 00:43:01,288
<font color="#ffd220">සමහර විට ඒක මගේ වැරැද්ද වෙන්න ඇති,</font>

701
00:43:01,371 --> 00:43:04,040
<font color="#ffd220">ඒත් ඒ මම අනිත් හැම දේටම වඩා මගේ රස්සාවට
කැප වෙලා ඉන්න නිසයි.</font>

702
00:43:05,125 --> 00:43:06,876
<font color="#ffd220">මට මගේ ප්‍රතිපත්ති රැකගන්න ඕන වුණා,</font>

703
00:43:06,960 --> 00:43:08,795
<font color="#ffd220">ඒත් කොන්දක් නැති ඒ පිරිමි ඔක්කොම මාව දාලා ගියා.</font>

704
00:43:10,213 --> 00:43:12,465
<font color="#ffd220">ලස්සන වචන වලින් ඕක වහගන්න හදලා හරියන්නේ නෑ, හරිද?</font>

705
00:43:12,549 --> 00:43:15,093
<font color="#ffd220">මොකද අන්තිමේදී,
ඔයා කළේ ඔයාට ඕන දේ විතරයි,</font>

706
00:43:15,176 --> 00:43:16,636
<font color="#ffd220">ඒකයි ඒ සම්බන්ධතා කවදාවත් වැඩි කාලයක් තිබුණේ නැත්තේ.</font>

707
00:43:29,190 --> 00:43:30,859
<font color="#ffd220">හරි, මට ඔයා කියන දේ තේරෙනවා.</font>

708
00:43:30,942 --> 00:43:32,902
<font color="#ffd220">මං හිතන්නේ දෙපැත්තෙම වැරදි තියෙනවා ඇති.</font>

709
00:43:34,362 --> 00:43:36,573
<font color="#ffd220">මම කරපු දේවල් නිසා එයාලා මාව දාලා යන්න ඇති.</font>

710
00:43:36,656 --> 00:43:40,243
<font color="#ffd220">ඒත් ඔයා ප්‍රතිපත්ති ගැන කතා කරනවා,
හැබැයි ඔයා අර ඩේටිං රූමර්ස් ඔක්කොම බොරු කිව්වා.</font>

711
00:43:40,327 --> 00:43:43,330
<font color="#ffd220">මම යාළු වෙලා හිටියේ එක්කෙනෙක් එක්ක විතරයි.
අවුරුදු තුනකට කලින්, මාසයක් විතර.</font>

712
00:43:43,413 --> 00:43:45,332
<font color="#ffd220">ගොඩක් ප්‍රසිද්ධ අය කරන්නේ එහෙමද?</font>

713
00:43:45,415 --> 00:43:48,043
<font color="#ffd220">ඔයා කාත් එක්ක හරි යාළුයි නම් ඒක පිළිගන්න පුළුවන්නේ,
ඇයි ඒක ඔච්චර අමාරු දෙයක් කරගන්නේ?</font>

714
00:43:48,126 --> 00:43:50,920
<font color="#ffd220">අපිට ඒක එච්චර ලේසි නෑ, තේරුණාද?</font>

715
00:43:51,004 --> 00:43:54,090
<font color="#ffd220">ඔයා එහෙම හිතන එක මට තේරෙනවා,
ඒත් මිනිස්සු කොහෙත් එකයි.</font>

716
00:43:55,008 --> 00:43:58,136
<font color="#ffd220">ඔයා විශේෂයි කියලා හිතන්න ගන්න වෙලාවට
තමයි හැම දෙයක්ම වෙනස් වෙන්නේ.</font>

717
00:44:00,847 --> 00:44:03,641
<font color="#ffd220">'ලිම් හියුන්-ජුන් සහ ග්වොන් සේ-නා අතර සම්බන්ධය දුරදිග යයි.'</font>

718
00:44:03,725 --> 00:44:05,643
<font color="#ffd220">විශේෂ හෙළිදරව්වක්. කොහොමද වැඩේ?</font>

719
00:44:08,855 --> 00:44:11,232
<font color="#ffd220">මට හිතෙන්නේ ඔයා සාමාන්‍ය ගෑනු ළමයි එක්ක ඉන්නවා වගේ
රඟපානවා විතරයි,</font>

720
00:44:11,816 --> 00:44:14,652
<font color="#ffd220">ඒත් ඔයා හොරෙන් ග්වොන් සේ-නා වගේ
තරු එක්ක යාළු වෙලා ඉන්නේ.</font>

721
00:44:19,157 --> 00:44:20,367
<font color="#ffd220">ක්වොන් සේ-නා කියලද කිව්වේ?</font>

722
00:44:23,036 --> 00:44:24,454
<font color="#ffd220">එයා ඔයාව හම්බවෙන්න ආපු වෙලාවේ මම දැක්කා.</font>

723
00:44:24,537 --> 00:44:26,206
<font color="#ffd220"><i>එයා ඉස්පිරිතාලෙට ආවා ඔයාව බලන්න.</i></font>

724
00:44:28,958 --> 00:44:29,959
<font color="#ffd220">කවුද ඔයා?</font>

725
00:44:38,426 --> 00:44:39,844
<font color="#ffd220">බය වෙන්න එපා. මට ඕන නම්,</font>

726
00:44:39,928 --> 00:44:42,263
<font color="#ffd220">මම දැනටමත් ඔයාලා දෙන්නා ගැන
ලිපියක් ලියලා ඉවරයි.</font>

727
00:44:47,227 --> 00:44:50,730
<font color="#ffd220">ඔයා දන්නවද ඔයා හැම තිස්සෙම මම හංගන්න
ඕන දේවල් එළියට අදිනවා කියලා?</font>

728
00:44:52,065 --> 00:44:53,900
<font color="#ffd220">මට අපහසුතාවයක් ඇති කරන දේවල්?</font>

729
00:44:53,983 --> 00:44:55,985
<font color="#ffd220">- ඒ මගේ රස්සාව හින්දා...
- මට යන්න ඕන.</font>

730
00:44:57,278 --> 00:44:58,279
<font color="#ffd220">අහ්, ඉ...</font>

731
00:45:40,447 --> 00:45:43,491
<font color="#ffd220">අද වෙච්ච දේට සමාවෙන්න, ඒක ඕනකමින් කරපු දෙයක් නෙවෙයි.</font>

732
00:45:46,828 --> 00:45:47,829
<font color="#ffd220">පරිස්සමට යන්න.</font>

733
00:45:48,997 --> 00:45:52,333
<font color="#ffd220">ඔයා ආපු දවසෙ ඉඳන්, හැමදේම
එකපාරටම අවුල් වෙන්න පටන් ගත්තා.</font>

734
00:45:54,043 --> 00:45:55,879
<font color="#ffd220">මේක කාගෙ වැරැද්දක්ද කියලා මම දන්නෙ නෑ...</font>

735
00:45:58,047 --> 00:45:59,382
<font color="#ffd220">...ඒත් ආයෙ කවදාවත් හම්බ නොවී ඉමු.</font>

736
00:46:02,677 --> 00:46:04,137
<font color="#ffd220">අපි මේ හැමදේම මෙතනින් ඉවර කරමු.</font>

737
00:46:55,605 --> 00:46:59,234
<font color="#ffd220"><i>ඔයා එහෙම හිතන එක මට තේරෙනවා,
ඒත් මිනිස්සු කොහෙ ගියත් එක වගේ.</i></font>

738
00:46:59,317 --> 00:47:02,695
<font color="#ffd220"><i>ඔයා විශේෂයි කියලා හිතන්න ගත්තම තමයි
දේවල් වෙනස් වෙන්න පටන් ගන්නේ.</i></font>

739
00:47:09,827 --> 00:47:12,288
<font color="#ffd220">මට හිතෙන්නේ ඔයා සාමාන්‍ය ගෑනු ළමයි
ආශ්‍රය කරනවා වගේ රඟපානවා විතරයි,</font>

740
00:47:12,789 --> 00:47:14,749
<font color="#ffd220">ඒත් ඔයා කාටත් හොරා ප්‍රසිද්ධ කෙනෙක් එක්ක
යාලු වෙලා ඉන්නවා,</font>

741
00:47:14,832 --> 00:47:16,292
<font color="#ffd220">උදාහරණයක් විදියට ක්වොන් සේ-නා වගේ කෙනෙක් එක්ක.</font>

742
00:47:21,506 --> 00:47:23,383
<font color="#ffd220">එයා ඔයාව හම්බවෙන්න ආපු වෙලාවේ මම දැක්කා.</font>

743
00:47:24,551 --> 00:47:26,052
<font color="#ffd220">එයා ඉස්පිරිතාලෙට ආවා ඔයාව බලන්න.</font>

744
00:47:43,278 --> 00:47:46,781
<font color="#ffd220"><i>ඔයා දන්නවද ඔයා හැම තිස්සෙම මම හංගන්න
ඕන දේවල් එළියට අදිනවා කියලා?</i></font>

745
00:47:48,116 --> 00:47:49,993
<font color="#ffd220">මට අපහසුතාවයක් ඇති කරන දේවල්?</font>

746
00:47:57,542 --> 00:47:59,961
<font color="#ffd220">යුන් ජං-හෝ</font>

747
00:48:01,921 --> 00:48:03,590
<font color="#ffd220">"ඔබේ දත් කුහර දැන් අත්අඩංගුවේ!"</font>

748
00:48:07,510 --> 00:48:09,345
<font color="#ffd220"><i>ඒත් ආයෙ කවදාවත් හම්බ නොවී ඉමු.</i></font>

749
00:48:09,429 --> 00:48:10,888
<font color="#ffd220">අපි මේ හැමදේම මෙතනින් ඉවර කරමු.</font>

750
00:48:16,477 --> 00:48:18,479
<font color="#ffd220">"අධි-ශක්තිමත් දත් සුදුවීමේ පරීක්ෂක"</font>

751
00:48:35,913 --> 00:48:36,914
<font color="#ffd220"><i>Onion!</i></font>

752
00:48:40,501 --> 00:48:41,919
<font color="#ffd220"><i>ඔයා නිදිද?</i></font>

753
00:48:46,215 --> 00:48:47,550
<font color="#ffd220">නෑ, තවම නෑ.</font>

754
00:48:47,634 --> 00:48:49,969
<font color="#ffd220">ඇයි තවම ඇහැරගෙන, මෙලෝමාස්ටර්?</font>

755
00:48:50,053 --> 00:48:51,971
<font color="#ffd220">ම්ම්, මට අද...</font>

756
00:48:52,555 --> 00:48:55,725
<font color="#ffd220">ගොඩක් පීඩනයක් තිබුණ දවසක්.</font>

757
00:48:56,893 --> 00:48:57,894
<font color="#ffd220">මටත් එහෙමයි.</font>

758
00:48:58,478 --> 00:49:00,521
<font color="#ffd220">ඇයි? මොකද වුණේ, සෝල්-ඊස්-හියර්?</font>

759
00:49:04,067 --> 00:49:05,443
<font color="#ffd220">මේක අද දවස,</font>

760
00:49:05,526 --> 00:49:07,362
<font color="#ffd220">තමන් කවුද, මොනවද වෙන්නේ කියලා
තේරුම් ගන්න බැරි වුණාම දැනෙන විදියේ දවසක්.</font>

761
00:49:07,445 --> 00:49:08,613
<font color="#ffd220">ඔයාට තේරෙනවා ඇතිනේ.</font>

762
00:49:10,323 --> 00:49:13,618
<font color="#ffd220">ඔයාට රස්සාව එපා වෙලා හින්දා වෙන්න ඇති
ඔයා ඔහොම ඉන්නේ.</font>

763
00:49:13,701 --> 00:49:16,579
<font color="#ffd220">ආ, ඔයා හරි.
ඉතින්, ඔයා කොහොමද ඒක දන්නේ?</font>

764
00:49:17,163 --> 00:49:19,999
<font color="#ffd220">මම හිතන්නේ ජීවිතේ කාටත් එක වගේ.</font>

765
00:49:21,084 --> 00:49:22,460
<font color="#ffd220">ඔයා ගැන මොකද හිතන්නේ, මෙලෝමාස්ටර්?</font>

766
00:49:23,169 --> 00:49:25,171
<font color="#ffd220">ඔයා පොඩි කාලේ හිතපු කෙනාමද දැන් වෙලා ඉන්නේ?</font>

767
00:49:32,345 --> 00:49:36,808
<font color="#ffd220">ම්ම්, ඔයා අහන්නේ පොඩි කාලේ දැකපු හීනය ගැන නම්...</font>

768
00:49:37,475 --> 00:49:38,476
<font color="#ffd220">ඒක ඇත්තටම හැබෑ වුණා.</font>

769
00:49:38,559 --> 00:49:39,977
<font color="#ffd220">ඔයා හරිම වාසනාවන්තයි!</font>

770
00:49:41,229 --> 00:49:42,939
<font color="#ffd220">ඉතින් ඔයාට කවුරු වෙන්නද ඕන වුණේ
පොඩි කාලේ?</font>

771
00:49:43,898 --> 00:49:45,525
<font color="#ffd220">මට ඕන වුණේ මගේ අම්මා වගේ වෙන්න.</font>

772
00:49:51,114 --> 00:49:52,115
<font color="#ffd220">ඔයාගේ අම්මා?</font>

773
00:49:53,074 --> 00:49:54,075
<font color="#ffd220"><i>ඔයාගේ අම්මා?</i></font>

774
00:49:54,826 --> 00:49:56,285
<font color="#ffd220"><i>මම පොඩි කාලේ,</i></font>

775
00:49:56,369 --> 00:49:58,162
<font color="#ffd220"><i>අම්මා නිසා මට ගොඩක් අයගේ
අවධානය ලැබුණා.</i></font>

776
00:49:58,246 --> 00:49:59,247
<font color="#ffd220"><i>බෑ, අපි ආයෙ කරමු.</i></font>

777
00:49:59,330 --> 00:50:01,958
<font color="#ffd220">- ගල් කතුර කොළ, ඔන්න එහෙනම්!
- ගල් කතුර කොළ, ඔන්න එහෙනම්!</font>

778
00:50:02,750 --> 00:50:03,751
<font color="#ffd220">ඔයා ආයෙත් දින්නා.</font>

779
00:50:03,835 --> 00:50:05,420
<font color="#ffd220">ජින්-හී, ඔයාට විනෝදද?</font>

780
00:50:05,503 --> 00:50:08,214
<font color="#ffd220">මේ, ඔයා මිස් සොන්ග් ඒ-සුක්ගේ පුතා නේද?</font>

781
00:50:08,297 --> 00:50:09,465
<font color="#ffd220">අනේ, ඔයා හරියටම එයා වගේමයි.</font>

782
00:50:09,549 --> 00:50:11,092
<font color="#ffd220">ඔයා මගේ අම්මව දන්නවද?</font>

783
00:50:11,175 --> 00:50:13,886
<font color="#ffd220">අනිවාර්යෙන්ම!
ඔයාගේ අම්මා ප්‍රසිද්ධ නිළියක්නේ.</font>

784
00:50:13,970 --> 00:50:15,346
<font color="#ffd220"><i>ඒ කාලේ මට තේරුණේ නෑ,</i></font>

785
00:50:15,430 --> 00:50:18,307
<font color="#ffd220"><i>මිනිස්සු එයාලගේ කුතුහලය
කරුණාවෙන් වහගෙන හිටියේ කියලා.</i></font>

786
00:50:18,850 --> 00:50:21,728
<font color="#ffd220"><i>මම ලොකු වෙලා එහෙම වෙන්න
හේතුව දැනගත්තම,</i></font>

787
00:50:21,811 --> 00:50:24,731
<font color="#ffd220"><i>මම හොඳටම ෂොක් වුණා.
ඒ වෙලාවේ මට දැනුණ විදිය මට කවදාවත් අමතක වෙන්නේ නෑ.</i></font>

788
00:50:24,814 --> 00:50:27,108
<font color="#ffd220">- ආව්, රිදෙනවා, හ්යොන්-ජුන්...
- මේක හරි නෑ අම්මේ!</font>

789
00:50:27,191 --> 00:50:29,819
<font color="#ffd220"><i>මගේ අම්මා මට පෙන්නලා දුන්නා
තමන්ගේ හීනවලට යන්න පුළුවන් කියලා,</i></font>

790
00:50:30,403 --> 00:50:32,280
<font color="#ffd220"><i>ඒත් එයා මගේ හීනවලට බාධාවක් වුණා.</i></font>

791
00:50:32,363 --> 00:50:35,908
<font color="#ffd220"><i>මේ, මට ආරංචි වුණා ඔයාගේ අම්මා
ප්‍රසිද්ධ නිළියක් වෙන සොන්ග් ඒ-සුක් කියලා.</i></font>

792
00:50:35,992 --> 00:50:38,661
<font color="#ffd220"><i>...70 දශකයේ කාමුක චිත්‍රපට නිසා
ප්‍රසිද්ධ වුණ නිළිය.</i></font>

793
00:50:38,745 --> 00:50:40,371
<font color="#ffd220"><i>සමහර වෙලාවට, පවුලේ අයමයි</i></font>

794
00:50:40,455 --> 00:50:42,665
<font color="#ffd220"><i>පිට අයට වඩා මගේ ජීවිතේ අමාරු කරන්නේ.</i></font>

795
00:50:43,458 --> 00:50:46,836
<font color="#ffd220"><i>ඒකයි මම අනිත් අය මං ගැන හිතන විදිය ගැන
වැඩියෙන් හිතන්නේ.</i></font>

796
00:50:47,879 --> 00:50:49,672
<font color="#ffd220">ඒ විස්තරේ වැඩි වැඩියි වගේ.</font>

797
00:50:49,756 --> 00:50:52,800
<font color="#ffd220">නොදන්න කෙනෙක්ට මට මේ වගේ දේවල්
එකපාරටම කියන්න බෑ.</font>

798
00:50:53,760 --> 00:50:55,344
<font color="#ffd220">ඇත්තටම, මට හරි ඉරිසියයි.</font>

799
00:50:55,928 --> 00:50:57,472
<font color="#ffd220"><i>මට ගොඩක් ඉරිසියයි.</i></font>

800
00:50:57,555 --> 00:50:58,806
<font color="#ffd220">ම්ම්?</font>

801
00:50:59,557 --> 00:51:00,808
<font color="#ffd220"><i>ඇයි ඔයා ඉරිසියා කරන්නේ?</i></font>

802
00:51:03,186 --> 00:51:07,190
<font color="#ffd220">සමහර වෙලාවට මට හිතෙනවා මගේ පවුලේ අයට
ඕනම දෙයක් අරන් දෙන්න තිබුණා නම් කියලා.</font>

803
00:51:07,774 --> 00:51:08,941
<font color="#ffd220"><i>ලැබෙන පඩිය ඔක්කොම වියදම් කරලා.</i></font>

804
00:51:09,859 --> 00:51:12,862
<font color="#ffd220"><i>එයාලත් එක්ක ෂෝක් කකුළුවෝ කෑම වේලක් කාලා,</i></font>

805
00:51:13,571 --> 00:51:15,823
<font color="#ffd220"><i>අම්මගේ උපන්දිනයට මාස විසි හතරේ
ණය පහසුකම් යටතේ හරි</i></font>

806
00:51:15,907 --> 00:51:18,618
<font color="#ffd220"><i>මිල අධික බෑග් එකක් අරන් දීලා.</i></font>

807
00:51:18,701 --> 00:51:19,952
<font color="#ffd220"><i>ඒ වගේ දේවල් කරන්න.</i></font>

808
00:51:21,162 --> 00:51:24,373
<font color="#ffd220">එක පාරක් හරි එයාලා ඉල්ලන ඕනම දෙයක්
අරන් දෙන්න මට පුළුවන් වෙන්න ඕන.</font>

809
00:51:26,626 --> 00:51:27,919
<font color="#ffd220"><i>මම හිතන්නේ මම මෝඩ විදියට හිතුවේ.</i></font>

810
00:51:31,047 --> 00:51:32,131
<font color="#ffd220">ඔයා දන්නවද?</font>

811
00:51:32,215 --> 00:51:34,217
<font color="#ffd220">ඇත්තටම මම ලිම් හ්යොන්-ජුන්ට ගොඩක් සමානයි.</font>

812
00:51:34,300 --> 00:51:35,718
<font color="#ffd220">ඇත්තටම? ඔයා සමානයි?</font>

813
00:51:35,802 --> 00:51:37,428
<font color="#ffd220">සමහර අය කියනවා මගේ කටහඬත් එයා වගේලු.</font>

814
00:51:37,512 --> 00:51:39,347
<font color="#ffd220">එයාලා කියන්නේ මම හරියටම එයාගෙ කොපියක් වගේ කියලයි.</font>

815
00:51:39,430 --> 00:51:41,474
<font color="#ffd220">දැන් නම් ඔයා විහිළු කරනවා.</font>

816
00:51:41,557 --> 00:51:42,558
<font color="#ffd220">ආ?</font>

817
00:51:42,642 --> 00:51:43,643
<font color="#ffd220"><i>මොකක්? ඇත්තටම.</i></font>

818
00:51:43,726 --> 00:51:45,937
<font color="#ffd220">අපි දෙන්නා ගොඩක් එක වගේ.
ඔයාටම බලාගන්න ඕනද?</font>

819
00:51:49,106 --> 00:51:51,317
<font color="#ffd220">ඔයා ඇප් එකෙන් බඩු ගන්න හරි විකුණන්න හරි
වෙලාවක් දා ගත්තොත්,</font>

820
00:51:51,400 --> 00:51:53,444
<font color="#ffd220">ඔයාට පුළුවන් විකුණන කෙනා එක්ක
පැය භාගයක් විතර කතා කරන්න.</font>

821
00:51:53,528 --> 00:51:55,071
<font color="#ffd220">ඔබට මෙලෝමාස්ටර්ව ඇමතීමට අවශ්‍යද? - "අමතන්න"</font>

822
00:51:55,154 --> 00:51:57,490
<font color="#ffd220">- එතකොට මටම අහගන්න පුළුවන් වෙයිනේ.
- සිකුරාදා ඔයාට පහසුද?</font>

823
00:51:57,573 --> 00:51:58,783
<font color="#ffd220"><i>හා, රෑ 10:30ට.</i></font>

824
00:52:06,374 --> 00:52:08,459
<font color="#ffd220">හමුවීමක් වෙන් කර ඇත.
"කාලසටහන"</font>

825
00:52:22,056 --> 00:52:23,766
<font color="#ffd220">- බබා. ඔයා දැක්කද මේ වීඩියෝ එක?
- ම්ම්?</font>

826
00:52:23,850 --> 00:52:25,393
<font color="#ffd220">- මොන වීඩියෝ එකද?
- යුන් ජං-හෝ ගැන.</font>

827
00:52:25,476 --> 00:52:27,937
<font color="#ffd220">ආරංචි විදියට එයා යාලු වෙලා ඉන්නේ එයාට වඩා
අවුරුදු 30ක් බාල ඩොක්ටර් කෙනෙක් එක්ක.</font>

828
00:52:28,020 --> 00:52:30,606
<font color="#ffd220">- අවුරුදු තිහක්?
- ඊයා! මිනිහා මහ ජරා කෙනෙක්නේ!</font>

829
00:52:30,690 --> 00:52:32,859
<font color="#ffd220">ෂා, මේක නිකන් හොලිවුඩ් ෆිල්ම් එකක් වගේනේ.</font>

830
00:52:32,942 --> 00:52:35,069
<font color="#ffd220">අවුරුදු තිහක් කියන්නේ පිස්සුවක්නේ, නේද?</font>

831
00:52:35,152 --> 00:52:36,779
<font color="#ffd220">යුන් ජං-හෝ</font>

832
00:52:38,447 --> 00:52:39,866
<font color="#ffd220">ජං-හෝ පරම්පරා පරතරය නොතකා
40 හැවිරිදි වෛද්‍යවරියක් සමඟ</font>

833
00:52:39,949 --> 00:52:42,243
<font color="#ffd220">තමාට වඩා වසර 30ක් බාල
මනෝ වෛද්‍යවරියක් සමඟ ප්‍රේමයෙන්</font>

834
00:52:44,579 --> 00:52:45,705
<font color="#ffd220"><i>එයාට තාම බැරි නෑ වගේ.</i></font>

835
00:52:45,788 --> 00:52:47,248
<font color="#ffd220"><i>එයා ඒ ඩොක්ටර් එක්ක යාලුයි කියලා එයා දන්නවද?</i></font>

836
00:52:47,331 --> 00:52:48,875
<font color="#ffd220">- <i>නැත්නම් එයාට සිහිමදි ගතියද?</i>
- <i>මේක නම් කෙලින්ම හොලිවුඩ්වලින් ආපු එකක් වගේ.</i></font>

837
00:52:48,958 --> 00:52:50,418
<font color="#ffd220"><i>ඒ ඩොක්ටර්ගේ විස්තර දැනටමත් ඉන්ටර්නෙට් එකේ යනවා.</i></font>

838
00:52:50,501 --> 00:52:53,254
<font color="#ffd220"><i>යුන් ජං-හෝ දෙවැනි පාර දික්කසාද වෙනකොට,
මේ ඩොක්ටර් තාම නැපි අඳිනවා.</i></font>

839
00:52:53,337 --> 00:52:55,006
<font color="#ffd220"><i>එයාලා සතුටින් නම් ඉන්නේ,
ඔයාලට තියෙන රුදාව මොකක්ද?</i></font>

840
00:52:55,089 --> 00:52:57,341
<font color="#ffd220"><i>තව අවුරුදු තුනක් යන්න කලින් අපිට එයාගේ
පස්වෙනි ඩිවෝස් එක ගැන අහන්න වෙයි.</i></font>

841
00:52:57,425 --> 00:52:59,010
<font color="#ffd220"><i>ඔව් ඉතින් පැපරාසි නෝනා,
කවුද ඔයාව විශ්වාස කරන්නේ?</i></font>

842
00:52:59,093 --> 00:53:00,720
<font color="#ffd220">මට ඇත්තටම එයා ගැන දුකයි.</font>

843
00:53:00,803 --> 00:53:02,513
<font color="#ffd220">එයාට වයස 70යි, එයා කැමති කෙනෙක් එක්ක ඉන්නත් බෑ.</font>

844
00:53:02,597 --> 00:53:05,433
<font color="#ffd220">ඔයා වගේ මාධ්‍යවේදියෝ හින්දා,
කොරියාවෙදි එයාව යක්ෂයෙක් කරලා තියෙන්නේ.</font>

845
00:53:05,516 --> 00:53:08,060
<font color="#ffd220">ක්‍රීඩා යුන්සොන්ග්
ප්‍රේක්ෂක පණිවිඩ පුවරුව</font>

846
00:53:09,437 --> 00:53:11,731
<font color="#ffd220">- අවුරුදු තිහක්?
- ඊයා! මිනිහා මහ ජරා කෙනෙක්නේ!</font>

847
00:53:11,814 --> 00:53:13,941
<font color="#ffd220"><i>ඒ ඩොක්ටර්ගේ විස්තර දැනටමත් ඉන්ටර්නෙට් එකේ යනවා.</i></font>

848
00:53:18,988 --> 00:53:21,657
<font color="#ffd220"><i>ඔයාට මට විශේෂ පුවතක් ගේන්න පුළුවන් නම්...</i></font>

849
00:53:21,741 --> 00:53:23,826
<font color="#ffd220"><i>...මම ඇත්තටම පළ කරන මට්ටමේ එකක්,</i></font>

850
00:53:23,910 --> 00:53:26,787
<font color="#ffd220"><i>මාස තුනක් දෙන්න, ඔයාට ආයෙත් ප්‍රධාන පත්තරේ
වැඩට යන්න පුළුවන් වෙයි.</i></font>

851
00:53:30,583 --> 00:53:31,584
<font color="#ffd220"><i>ඔයාට යන්න ඕනද?</i></font>

852
00:53:32,501 --> 00:53:35,046
<font color="#ffd220">ඔයා කිව්වා මාස තුනක් දෙනවා කියලා,
ඒත් අපි තාම ඒ හරියටවත් ඇවිල්ලා නෑ.</font>

853
00:53:35,630 --> 00:53:36,672
<font color="#ffd220">ඒකට සමාවෙන්න.</font>

854
00:53:36,756 --> 00:53:38,215
<font color="#ffd220">ඔයා මෙතනට ඒ තරම් අකමැතිද?</font>

855
00:53:40,259 --> 00:53:41,427
<font color="#ffd220">මගේ ආත්ම ගෞරවයට</font>

856
00:53:42,720 --> 00:53:43,971
<font color="#ffd220">ගොඩක් ලොකු හානියක් වුණා.</font>

857
00:53:45,640 --> 00:53:48,851
<font color="#ffd220">වි ජොන්ග්-සින්, මට දැනගන්න ඕන.
ඇයි ඔයාගේ ආත්ම ගෞරවය ඔච්චර ඉක්මනට කැඩෙන්නේ?</font>

858
00:53:52,063 --> 00:53:53,731
<font color="#ffd220">ඒක හැමදාම එහෙම තමයි.</font>

859
00:53:54,398 --> 00:53:55,399
<font color="#ffd220">හරි එහෙනම්.</font>

860
00:53:56,067 --> 00:53:57,985
<font color="#ffd220">මම ඔයාව මේකෙන් නිදහස් කරන්නම්.</font>

861
00:53:59,403 --> 00:54:00,529
<font color="#ffd220">ඔව්, ඒත්...</font>

862
00:54:01,989 --> 00:54:04,158
<font color="#ffd220">- ඇයි ඔයාට මේවා අමාරු නැත්තේ?
- මොකක්?</font>

863
00:54:04,241 --> 00:54:07,578
<font color="#ffd220">ඔයා ඉස්සර ආර්ථික විද්‍යා මාධ්‍යවේදියෙක්නේ.</font>

864
00:54:08,788 --> 00:54:09,830
<font color="#ffd220">ඒ කාලේ දැන් ඉවරයි.</font>

865
00:54:09,914 --> 00:54:12,291
<font color="#ffd220">වැඩිහිටියෙක් වුණාම හැමතිස්සෙම
තමන්ට ඕන දේ කරන්න බෑ.</font>

866
00:54:12,375 --> 00:54:13,918
<font color="#ffd220">ගෙවන්න වන්දියක් තිබුණේ නැත්නම්,</font>

867
00:54:14,001 --> 00:54:16,045
<font color="#ffd220">ඔයා හිතනවද අද දේවල්
වෙනස් විදියට තියෙයි කියලා?</font>

868
00:54:16,128 --> 00:54:19,382
<font color="#ffd220">මම හිතන්නේ මමත් ඔයා වගේ ජීවත් වෙයි,
ලෝකේ කොච්චර භයානකද කියලා නොදැන,</font>

869
00:54:19,465 --> 00:54:20,758
<font color="#ffd220">නැත්නම් දැනගෙන හිටියේ නෑ...</font>

870
00:54:22,301 --> 00:54:24,553
<font color="#ffd220">ජීවිතේ මට වඩා වැදගත් දේවල්
තියෙනවා කියලා.</font>

871
00:54:27,765 --> 00:54:28,891
<font color="#ffd220">මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා,</font>

872
00:54:30,059 --> 00:54:31,644
<font color="#ffd220">කෙටි කාලයක් හිටියත්.</font>

873
00:54:32,144 --> 00:54:33,187
<font color="#ffd220">අනේ, නිකන් ඉන්න.</font>

874
00:54:38,567 --> 00:54:39,568
<font color="#ffd220">හරි එහෙනම්.</font>

875
00:54:39,652 --> 00:54:42,196
<font color="#ffd220">මිස් වි, ඔයා අපේ කණ්ඩායමේ හිටියා,
ටික කාලයකට වුණත්.</font>

876
00:54:42,279 --> 00:54:43,280
<font color="#ffd220">මේ ඔයා වෙනුවෙන්! ජය වේවා!</font>

877
00:54:43,364 --> 00:54:45,408
<font color="#ffd220">- ජය වේවා!
- ජය වේවා!</font>

878
00:54:45,491 --> 00:54:47,034
<font color="#ffd220">ඔයාගේ මහන්සියට ස්තූතියි.</font>

879
00:54:53,749 --> 00:54:54,792
<font color="#ffd220">බොමු.</font>

880
00:55:36,167 --> 00:55:38,210
<font color="#ffd220">මේ, මිස් වි, ඔයා හොඳින්ද?</font>

881
00:55:38,294 --> 00:55:40,504
<font color="#ffd220">මිස් වි! සිහිය ගන්නකෝ.</font>

882
00:55:41,881 --> 00:55:44,592
<font color="#ffd220">එන්න, වාඩි වෙන්න. ආ, ඉන්න.</font>

883
00:55:44,675 --> 00:55:46,427
<font color="#ffd220">මෙන්න, මේක ගන්න. වතුර ටිකක්.</font>

884
00:55:46,510 --> 00:55:48,512
<font color="#ffd220">- බොන්න, එන්න. ඔයා මේක බොන්න ඕන.
- [කෙඳිරිගායි]</font>

885
00:55:49,555 --> 00:55:50,681
<font color="#ffd220">ඔයාට එපාද?</font>

886
00:55:51,974 --> 00:55:53,809
<font color="#ffd220">ඔයාට ගෙදර යන්න ඕනද?
ඔයාට අමාරුද?</font>

887
00:55:54,769 --> 00:55:55,770
<font color="#ffd220">ඔව්.</font>

888
00:55:55,853 --> 00:55:59,065
<font color="#ffd220">ඔයාලා හැමෝම මේ මාධ්‍ය හමුවට
මෙතනට ආපු එක මම අගය කරනවා,</font>

889
00:55:59,148 --> 00:56:01,317
<font color="#ffd220">විශේෂයෙන්ම මෙච්චර ඉක්මනට දැනුම් දීලත්.</font>

890
00:56:01,400 --> 00:56:04,445
<font color="#ffd220">මම දන්නවා දැන් ගොඩක් රෑ වෙලා,
ඔයාලට මෙතනට එන්න ලේසි වෙන්න නැතුව ඇති.</font>

891
00:56:04,528 --> 00:56:07,656
<font color="#ffd220">වෛද්‍යවරියක් එක්ක තියෙන සම්බන්ධයක් ගැන
පැතිරෙන කටකතා ගැන මට කියන්න දෙයක් තියෙනවා.</font>

892
00:56:10,117 --> 00:56:14,622
<font color="#ffd220">ලිපියේ මගේ රහස් පෙම්වතිය
විදියට හඳුන්වලා තිබුණ කෙනා...</font>

893
00:56:14,705 --> 00:56:17,124
<font color="#ffd220">...ඇත්තටම මගේ දුව.</font>

894
00:56:20,544 --> 00:56:22,797
<font color="#ffd220">ආහ්.</font>

895
00:56:22,880 --> 00:56:24,882
<font color="#ffd220">ඕ, ඕ.</font>

896
00:56:30,054 --> 00:56:31,180
<font color="#ffd220">ආ!</font>

897
00:56:34,517 --> 00:56:36,769
<font color="#ffd220">මම ස්පෝට්ස් ඉයුන්සොන්ග් එකට විරුද්ධව
අපහාස නඩුවක් දානවා,</font>

898
00:56:36,852 --> 00:56:38,437
<font color="#ffd220">මේ විකාර කටකතාව මුලින්ම වාර්තා කරපු.</font>

899
00:56:38,521 --> 00:56:43,526
<font color="#ffd220">ඒකට වගකිවයුතු වාර්තාකරු වන වි ජොන්ග්-සින්ට
විරුද්ධවත් නඩු දානවා.</font>

900
00:56:49,073 --> 00:56:50,116
<font color="#ffd220">සුබ සන්ධ්‍යාවක්.</font>

901
00:57:00,167 --> 00:57:01,252
<font color="#ffd220">සුබ සන්ධ්‍යාවක්.</font>

902
00:57:01,335 --> 00:57:02,419
<font color="#ffd220">හෙලෝ?</font>

903
00:57:03,838 --> 00:57:05,422
<font color="#ffd220">සෝල් ඊස් හියර්</font>

904
00:57:08,342 --> 00:57:09,677
<font color="#ffd220">කවුරුහරි ඉන්නවද?</font>

905
00:57:14,849 --> 00:57:15,891
<font color="#ffd220">හෙලෝ?</font>

906
00:57:17,643 --> 00:57:18,644
<font color="#ffd220">හෙලෝ?</font>

907
00:57:22,606 --> 00:57:23,607
<font color="#ffd220">හෙලෝ?</font>

908
00:57:24,567 --> 00:57:25,818
<font color="#ffd220">හෙලෝ, මම කතා කරන එක ඇහෙනවද?</font>

909
00:57:45,171 --> 00:57:46,172
<font color="#ffd220">ඒ මනුස්සයා, එයා...</font>

910
00:57:47,464 --> 00:57:48,465
<font color="#ffd220">එයා බැඳලද?</font>

911
00:58:36,222 --> 00:58:38,057
<font color="#ffd220">රංගනයෙන් දායක වූ ඕ යොන්-සෝට
විශේෂ ස්තූතිය</font>

912
00:58:40,976 --> 00:58:42,144
<font color="#ffd220">අහන්න!</font>

913
00:58:42,228 --> 00:58:44,438
<font color="#ffd220">ඔයාට බැරි නම් එයා ලවා නඩුව ඉල්ලා අස්කරගන්න,
ආයි කාර්යාලයට එන්න එපා.</font>

914
00:58:44,521 --> 00:58:46,565
<font color="#ffd220">එයා කිව්වද නඩුව අයින් කරගන්නවා කියලා?</font>

915
00:58:46,649 --> 00:58:48,400
<font color="#ffd220">ඔයා ඉස්සෙල්ලාම එයාගෙන් සමාව ගන්න ඕන.</font>

916
00:58:48,484 --> 00:58:50,819
<font color="#ffd220">ඔයා මට කතා කළේ
මම ගැන වද වුණු නිසාද?</font>

917
00:58:50,903 --> 00:58:54,949
<font color="#ffd220">ආ, ඔයාගේ කටහඬ හරියටම
ලිම් හියොන්-ජුන්ගේ වගේමයි.</font>

918
00:58:55,032 --> 00:58:56,200
<font color="#ffd220">හොඳයි, ස්තූතියි.</font>

919
00:58:56,283 --> 00:58:59,411
<font color="#ffd220">මේ ළඟක ඉඳන් මගේ ජීවිතේට වද දෙන
කෙනෙක් ඉන්නවා.</font>

920
00:59:00,120 --> 00:59:01,288
<font color="#ffd220">වාහනයට නගින්න.</font>

921
00:59:01,372 --> 00:59:02,790
<font color="#ffd220">මාන්නයෙන් බඩ පිරෙන්නේ නෑනේ.</font>

922
00:59:02,873 --> 00:59:03,958
<font color="#ffd220">ඔයාට ඒ ගැන තේරුමක් නෑ!</font>

923
00:59:06,502 --> 00:59:07,878
<font color="#ffd220">ඉතින්, ඔයා මට කැමතිද?</font>

924
00:59:07,902 --> 00:59:09,902
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</font>

