1
00:00:24,316 --> 00:00:26,944
2
00:00:29,029 --> 00:00:30,739
💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜
3
00:00:30,822 --> 00:00:32,199
ඔයා මාව බඳිනවද?
4
00:00:32,282 --> 00:00:33,951
5
00:00:34,034 --> 00:00:35,035
කථාංගය 10
6
00:00:35,118 --> 00:00:37,871
දීර්ඝකාලීන සේවා සම්මාන පිරිනමන අතරතුර,
7
00:00:37,955 --> 00:00:41,708
මම මෙහි සේවය කළ වසර ගණන ද ගණන් කළා.
8
00:00:41,792 --> 00:00:46,713
මම වයස 18 දී ම්යුංසූන්ඩං වෙත
විවාහ වී ආ අතර, දැන් මට 72 යි.
9
00:00:46,797 --> 00:00:49,049
ඉතින්, මම අවුරුදු 54 ක් මෙහි වැඩ කර තිබෙනවා.
10
00:00:51,969 --> 00:00:53,762
ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
11
00:00:54,346 --> 00:00:55,847
මෙහෙ, ම්යුංසූන්ඩං වල,
12
00:00:55,931 --> 00:00:59,810
මටත් වඩා අවුරුද්දක් වැඩිපුර
මෙහි සිටි බේකරි ශිල්පියෙක් ඉන්නවා.
13
00:00:59,893 --> 00:01:04,481
ඇය නිසා, මගේ මේ වයසෙදිවත්,
මට මෙතන ජ්‍යේෂ්ඨතමයා වෙන්න බෑ.
14
00:01:06,149 --> 00:01:07,484
විධායක නිලධාරීන්
15
00:01:08,777 --> 00:01:10,237
ප්‍රධාන විධායක නිලධාරී ලී සුංවූ
16
00:01:10,320 --> 00:01:12,739
...ලෝකය කිහිප වතාවක්
වෙනස් වීමට තරම් දිගු කාලයක්.
17
00:01:13,699 --> 00:01:15,033
-හෙලෝ?
-ඒ දීර්ඝ කාලය පුරාවට,
18
00:01:15,117 --> 00:01:16,535
ම්යුංසූන්ඩං මුහුණ දී තිබෙනවා...
19
00:01:16,618 --> 00:01:17,828
ඒක ඇසීම සතුටක්.
20
00:01:17,911 --> 00:01:20,330
මම හිතනවා ඉක්මනින් හමුවෙමු කියලා. ආයුබෝවන්.
21
00:01:23,083 --> 00:01:25,544
කොහොම වුණත්, වෙනස්
නොවන එක දෙයක් තියෙනවා නම්...
22
00:01:25,627 --> 00:01:29,423
ප්‍රභූ මේසයේ තවත් ආසන දෙකක් සූදානම්
කරන්න. බෝතේ ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකේ අයට.
23
00:01:29,798 --> 00:01:30,799
ස්තූතියි.
24
00:01:33,176 --> 00:01:35,262
මම මගේ නැසීගිය නැන්දම්මාගෙන් ඉගෙන ගත්තා
25
00:01:35,345 --> 00:01:37,639
සැලකීමේ සහ බෙදාගැනීමේ ස්වභාවය.
26
00:01:39,099 --> 00:01:40,559
හේයි, ජින්ග්යොං.
27
00:01:40,642 --> 00:01:43,645
ඔයා දවසින් දවස ලස්සන වෙනවා.
28
00:01:44,313 --> 00:01:46,606
ඔයා මේ දවස්වල කාවහරි හමුවෙනවද?
29
00:01:46,690 --> 00:01:47,858
අනේ, නෑ.
30
00:01:47,941 --> 00:01:49,151
මොන අහම්බයක්ද.
31
00:01:49,234 --> 00:01:51,778
-ඉයුංසූත් තනිකඩයි.
-අම්මා, නවත්තන්න.
32
00:01:53,363 --> 00:01:56,366
හරි කෙනා ළඟම ඉන්නකොට දුර බලන්න ඕන නෑ.
33
00:01:56,450 --> 00:01:58,243
හරි නේද?
34
00:01:58,327 --> 00:02:01,163
ඇත්තටම දුර බලන්න දෙයක් නෑ.
35
00:02:01,246 --> 00:02:02,664
අම්මා, නවත්තන්න.
36
00:02:03,081 --> 00:02:04,082
ඇත්තටම.
37
00:02:04,166 --> 00:02:05,167
හරි, හොඳයි.
38
00:02:05,625 --> 00:02:06,626
ඔව්, සර්.
39
00:02:07,210 --> 00:02:10,339
මට හිතෙන්නේ මට ඉක්මනින්ම යොංඩු
නගරාධිපතිට ඒකකයක් වෙන් කරගන්න පුළුවන් වෙයි.
40
00:02:10,797 --> 00:02:14,676
සමහරවිට මට පුළුවන් වෙයි දිනුම්
ඇදීමෙන් නැතිවුණු ගේ ආපහු ගන්න.
41
00:02:27,356 --> 00:02:28,732
බෙක් මහත්මයා.
42
00:02:33,278 --> 00:02:34,988
ඔබ ආවට ගොඩක් ස්තූතියි.
43
00:02:35,072 --> 00:02:36,740
ඇතුළට එන්න.
44
00:02:36,823 --> 00:02:38,241
කිම් මහත්මයා.
45
00:02:38,325 --> 00:02:40,077
යූ මෙනවිය සමඟ ඔබේ සම්බන්ධය කුමක්ද?
46
00:02:43,121 --> 00:02:45,374
ඔය දෙන්නා ඇත්තටම විවාහ වෙලාද?
47
00:02:47,417 --> 00:02:48,877
ම්... ඇත්තම කිව්වොත්...
48
00:02:53,340 --> 00:02:54,383
බෙක් මහත්මයා?
49
00:02:57,886 --> 00:03:00,222
මම හිතුවා ඒ ඔයා වෙන්න ඇති කියලා.
50
00:03:01,807 --> 00:03:03,058
මොකද මේ පැත්තේ?
51
00:03:03,141 --> 00:03:05,477
ඕ, මම ආවේ වැඩකට.
52
00:03:06,019 --> 00:03:08,313
මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.
ඔයාට දැන් වෙලාව තියෙනවද?
53
00:03:13,276 --> 00:03:15,278
මේක ටිකක් හදිස්සියි.
54
00:03:20,701 --> 00:03:22,035
අපිට සමාවෙන්න, වූජු.
55
00:03:22,119 --> 00:03:23,161
හරි.
56
00:03:23,245 --> 00:03:24,538
අපි යමුද?
57
00:03:50,439 --> 00:03:51,731
ඒ දෙන්නා
58
00:03:52,691 --> 00:03:53,733
බැඳලා නෑ.
59
00:03:55,652 --> 00:03:57,529
ඇයි ඔයා ඔච්චර පුදුම වෙලා බලන්නේ?
60
00:03:57,612 --> 00:03:58,947
ඔයාට හැමදේම ඇහුණා.
61
00:04:09,207 --> 00:04:10,917
මම බලාපොරොත්තු වුණා ඔයා එක්ක කතා කරන්න.
62
00:04:11,626 --> 00:04:14,754
ඔයා මගේ වූජුට පෞද්ගලිකවම ළඟයිද?
63
00:04:17,966 --> 00:04:19,176
ඔව්.
64
00:04:19,259 --> 00:04:22,095
කණ්ඩායම් කළමනාකරු කිම් වූජු
මගේ මුණුබුරා. ඔයා ඒක දන්නවා, නේද?
65
00:04:22,179 --> 00:04:23,513
ඔව්, මම දන්නවා.
66
00:04:25,891 --> 00:04:27,309
ඔයා දැනගෙන හිටියද?
67
00:04:27,392 --> 00:04:28,769
ම්...
68
00:04:30,812 --> 00:04:32,689
මම වූජු ව හොඳට දන්නවා.
69
00:04:35,066 --> 00:04:36,735
කිම් මහත්මයාද ඒ කෙනා...
70
00:04:36,818 --> 00:04:37,861
ඒක හරි.
71
00:04:37,944 --> 00:04:40,071
මම ඔයාට කිව්වේ මට හිත ගිය කෙනා ගැන, ඒ මෙයා.
72
00:04:43,533 --> 00:04:45,160
ඔයා දැන් මොකද කරන්න යන්නේ?
73
00:04:47,788 --> 00:04:50,749
විවාහ වෙලා නැත්නම්, ත්‍යාගය අහෝසි කරයි.
74
00:04:50,832 --> 00:04:53,877
ඒ වගේම, එයාලට නීතිමය වගකීමක් ගන්න වෙයි.
75
00:04:54,461 --> 00:04:56,671
එහෙමද?
76
00:04:58,924 --> 00:05:00,592
මට එහෙනම් වෙන කරන්න දෙයක් නෑ.
77
00:05:01,051 --> 00:05:03,512
මට හෙළිදරව් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ
78
00:05:03,595 --> 00:05:05,597
ඒ ගේ මොකටද යොදාගන්න යන්නේ කියලා.
79
00:05:05,680 --> 00:05:08,767
අහම්බෙන් වගේ, මටත් දෙයක් ආරංචි වුණා.
80
00:05:17,734 --> 00:05:20,320
පසුගිය වතාවේ මට ඇඳුම් ටිකක් දුන්නට ස්තූතියි.
81
00:05:20,862 --> 00:05:22,781
මම ඒවා ඔයාගේ ගේ ඉස්සරහින් තියලා යනවා.
82
00:05:22,864 --> 00:05:24,366
යූන් ජින්ග්යොං ගෙන්.
83
00:05:55,397 --> 00:05:57,899
බෝතේ පැලස් එකෙන් මට ඒකකයක් දෙන්න,
84
00:05:57,983 --> 00:06:01,319
එතකොට ඔයාට අලුත් කඩේ බලපත්‍රය
ගැන කරදර වෙන්න වෙන්නේ නෑ.
85
00:06:01,403 --> 00:06:03,280
මේ ඔක්කොම එකිනෙකාට උදව් කරගැනීමක්.
86
00:06:03,363 --> 00:06:05,532
ඇත්තෙන්ම, මං ගැන බැලුවට ස්තූතියි.
87
00:06:07,909 --> 00:06:10,912
අද හරිම නැවුම්, පිරිසිදු වාතයක් තියෙන්නේ.
88
00:06:19,379 --> 00:06:21,423
මම ඒ වෙලාවේ මගේ ජනේල ඇරලා තිබුණේ,
89
00:06:22,382 --> 00:06:24,593
ඒ නිසා කතාව මගේ ඩෑෂ් කැම් එකේ පටිගත වුණා.
90
00:06:24,676 --> 00:06:26,344
මම ඒක මගේ ෆෝන් එකට දාගත්තා.
91
00:06:27,345 --> 00:06:28,471
ඔයා මාව බ්ලැක්මේල් කරනවද?
92
00:06:28,555 --> 00:06:30,390
මම යෝජනා කරන්නේ ගනුදෙනුවක් විතරයි.
93
00:06:31,308 --> 00:06:33,101
මට මගේ මිනිහව ආරක්ෂා කරගන්න ලැබෙනවා.
94
00:06:33,184 --> 00:06:36,980
අනික ඔයාට, අධ්‍යක්ෂකතුමනි, ඔයාට ආරක්ෂා
කරගන්න ඕන දේ ආරක්ෂා කරගන්න ලැබෙනවා.
95
00:06:37,814 --> 00:06:39,441
ඉතින්, අපි එකිනෙකාට උදව් කරගමු.
96
00:06:51,328 --> 00:06:52,329
ආ, හරි.
97
00:06:52,871 --> 00:06:54,122
ඔයා කලින් මොකක්ද අදහස් කළේ?
98
00:06:54,831 --> 00:06:55,915
ත්‍යාගය ආපහු ගන්නවා කිව්වේ?
99
00:06:57,167 --> 00:06:58,501
ආ, ඒකද.
100
00:06:59,127 --> 00:07:01,129
ඔයා එයාලගේ බොරු විවාහය හෙළි කළත්,
101
00:07:01,212 --> 00:07:02,881
ඔයාට ඊට වඩා ලොකු දෙයක් නේද
102
00:07:02,964 --> 00:07:04,841
අල්ලස ගැන මිනිස්සු දැනගත්තොත්?
103
00:07:05,467 --> 00:07:06,968
මට වැරදුණා.
104
00:07:07,427 --> 00:07:09,429
-මොකක්ද?
-මම ආයෙත් ඒ ගැන බැලුවා,
105
00:07:10,221 --> 00:07:11,640
ඒත් ක්‍රමයක් තිබුණේ නෑ.
106
00:07:11,723 --> 00:07:13,266
මොන මගුලක්ද?
107
00:07:14,309 --> 00:07:17,437
හේයි, ඔයා හිතුවද මට වෙලාව තියෙනවා
කියලා ඔයාගේ විකාර අහගෙන ඉන්න?
108
00:07:18,063 --> 00:07:19,522
ඔයාට විශ්වාස නම් විතරක් මට කියන්න.
109
00:07:20,106 --> 00:07:21,191
මට සමාවෙන්න, සර්.
110
00:07:23,943 --> 00:07:25,904
ඒක නෙවෙයි, ඒ ඩේවිඩ් ද?
111
00:07:25,987 --> 00:07:27,614
කෝල්ට්ස් එකේ වැඩ කරපු කෙනා.
112
00:07:28,281 --> 00:07:29,532
ඔයාගේ අඳුරන කෙනා.
113
00:07:29,616 --> 00:07:30,617
ඔව්.
114
00:07:31,868 --> 00:07:33,453
එයා නම් සම්පූර්ණ පිස්සෙක්.
115
00:07:33,536 --> 00:07:35,914
එයා හෝටලයේ නම දාලා මල් වඩමක් එවල තිබුණා.
116
00:07:42,545 --> 00:07:44,172
ආවට ස්තූතියි.
117
00:07:44,255 --> 00:07:45,507
ඇත්තෙන්ම.
118
00:07:45,590 --> 00:07:47,634
පැයකට පෙර
119
00:07:49,969 --> 00:07:52,013
කෝල්ට්ස් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් ලී
120
00:07:52,097 --> 00:07:53,431
ඩේවිඩ්?
121
00:07:54,057 --> 00:07:55,433
එයා හෝටලයෙන් අයින් වුණේ නැද්ද?
122
00:07:58,186 --> 00:07:59,312
අනේ නෑ.
123
00:07:59,396 --> 00:08:00,980
ඔයාට වැරදිලා ඇති.
124
00:08:02,649 --> 00:08:03,692
නෑ, මට විශ්වාසයි.
125
00:08:04,359 --> 00:08:07,612
එයා ෆ්ලයිට් එකේදී කිව්වා කෝල්ට්ස්
හෝටලයෙන් අයින් වුණා කියලා.
126
00:08:07,696 --> 00:08:09,572
ඔයාට එයාව වැරදියට තේරෙන්න ඇති.
127
00:08:15,328 --> 00:08:17,789
-අධ්‍යක්ෂක ඩේවිඩ් ලී ගැන හොයලා බලන්න.
-ඔව්, මැඩම්.
128
00:08:22,794 --> 00:08:24,337
බෙක් මහත්මයා? ඇයි?
129
00:08:24,796 --> 00:08:25,797
මට විශ්වාස නෑ.
130
00:08:25,880 --> 00:08:27,716
එයා එකපාරටම ඇහුවා අපි ඇත්තටම බැඳලද කියලා.
131
00:08:27,799 --> 00:08:29,801
ඒත් පස්සේ, ජින්ග්යොං ආවා.
132
00:08:29,884 --> 00:08:32,220
ඊට පස්සේ මට එයාගෙන් ආරංචියක් නෑ.
133
00:08:32,303 --> 00:08:33,763
මම කල්පනා කරන්නේ ඒ මොකක් ගැනද කියලා.
134
00:08:34,389 --> 00:08:35,390
ඉන්න.
135
00:08:35,473 --> 00:08:37,600
බෙක් මහත්මයයි ජින්ග්යොංනුයි එකිනෙකා අඳුරනවද?
136
00:08:38,309 --> 00:08:40,019
පේන විදියට, එයාලා ඉන්නේ එකම සමාජ ශාලාවක.
137
00:08:40,103 --> 00:08:41,855
ඒත් මම අද වෙනකම් ඒක දැනගෙන හිටියේ නෑ.
138
00:08:42,856 --> 00:08:43,857
අපි හොඳින් ඉඳියි, නේද?
139
00:08:43,940 --> 00:08:45,400
අපි හොඳින් ඉඳියි.
140
00:08:45,817 --> 00:08:49,821
එයාට සැක තිබුණත්, ජින්ග්යොං
ඒක හොඳට බලාගන්න ඇති.
141
00:08:49,904 --> 00:08:53,616
මම ඇත්තටම ජින්ග්යොංට කරදරයක් වෙලා.
142
00:08:54,284 --> 00:08:58,997
කොහොමහරි, මට ඇත්තටම ඕන වුණා
අද ඔයාව මගේ ආච්චිට අඳුන්වලා දෙන්න.
143
00:08:59,998 --> 00:09:02,292
මම හෙට ඔෆිස් එකේදී වෙලාවක් දාගන්නම්.
144
00:09:03,460 --> 00:09:06,379
ආ, අපිට හවස බෙක්
මහත්මයව හම්බවෙන්න පුළුවන්.
145
00:09:07,213 --> 00:09:10,050
මම දැන් මේක ඇත්තටම
කරන්න යන නිසා මට බයයි.
146
00:09:15,096 --> 00:09:17,182
අපි කිව්වා අපි මේකට එකට මුහුණ දෙනවා කියලා.
147
00:09:17,265 --> 00:09:18,391
ඉතින්, කරදර වෙන්න එපා.
148
00:10:33,424 --> 00:10:35,927
මොන පුදුමයක්ද. ඔයා කලින්
කෝල් එකක්වත් දුන්නේ නෑ.
149
00:10:36,010 --> 00:10:37,595
ඔයා ඇමරිකාවේ ඉඳන් ආවේ කවදාද?
150
00:10:38,888 --> 00:10:41,266
මම ආවේ ගිය සති අන්තයේ.
151
00:10:41,349 --> 00:10:43,643
යොසූ වල දවස් තුනක් ඉඳලා,
152
00:10:43,726 --> 00:10:47,689
මට තේරුණා මට අම්මත් එක්ක ඉන්න බෑ කියලා.
153
00:10:48,481 --> 00:10:51,359
කොහොම වුණත් මට සෝල් වල
රස්සාවක් හොයාගන්න වෙනවා.
154
00:10:51,442 --> 00:10:53,736
ඉතින්, මම හිතුවා ඔයාගේ ගෙදර නවතින්න.
155
00:10:54,195 --> 00:10:55,780
මට ත්‍යාගය ගැන අම්මගෙන් ආරංචි වුණා...
156
00:10:55,864 --> 00:10:56,865
අනේ.
157
00:10:58,158 --> 00:10:59,492
මේ කවුද?
158
00:11:00,827 --> 00:11:02,412
ආ, මේ...
159
00:11:02,996 --> 00:11:04,581
පොඩ්ඩක් ඉන්න.
160
00:11:14,340 --> 00:11:15,383
හෙලෝ.
161
00:11:15,967 --> 00:11:16,968
ඒ කවුද?
162
00:11:17,468 --> 00:11:18,678
ඔයා මොකක්ද අදහස් කරන්නේ?
163
00:11:18,761 --> 00:11:20,805
මේ වූජු, කිම් වූජු.
164
00:11:20,889 --> 00:11:22,682
ඔයා කිම් වූජු, නේද?
165
00:11:23,141 --> 00:11:25,894
ඔව්, හමුවීම සතුටක්.
166
00:11:33,318 --> 00:11:34,402
පාස්.
167
00:11:35,153 --> 00:11:37,155
-සමාවෙන්න?
-එයාට පාස් දෙන්න ඔයා කවුද?
168
00:11:37,238 --> 00:11:38,531
අනේ, ඔයා නම්.
169
00:11:38,615 --> 00:11:40,575
ඔයා මේ අවුරුද්දේ වාසනාවන්තයි නේද?
170
00:11:41,701 --> 00:11:44,495
මගේ කෙල්ල මෙයා කටකාර නැති වුණාට, එයා අවංකයි.
171
00:11:44,579 --> 00:11:46,456
ඉතින්, කරුණාකරලා එයාට හොඳින් සලකන්න.
172
00:11:46,539 --> 00:11:47,582
නවත්තන්න.
173
00:11:47,665 --> 00:11:48,791
කට වහගෙන ඉන්න.
174
00:11:48,875 --> 00:11:50,043
ඔයා කට වහගන්න.
175
00:11:50,126 --> 00:11:52,295
නැත්නම් මම එයාට ඔයාගේ
කේන්තිය ගැන ඔක්කොම කියනවා.
176
00:11:54,923 --> 00:11:57,842
ඔයාගේ අක්කා මෙහෙ ඉන්න නිසා මම දැන් යන්නම්.
177
00:11:57,926 --> 00:11:59,135
නෑ, ඉන්න.
178
00:11:59,219 --> 00:12:01,721
මං ගැන හිතන්න එපා, ඔයාලා
කර කර හිටපු දේ කරගෙන යන්න.
179
00:12:02,639 --> 00:12:05,808
මම හිමින් සැරේ අමතර
කාමරයක් හොයාගෙන නිදාගන්නම්.
180
00:12:05,892 --> 00:12:08,228
මම කොහොමත් යන්නයි හිටියේ.
181
00:12:08,311 --> 00:12:09,312
අනේ.
182
00:12:10,521 --> 00:12:11,981
මම හිතන්නේ නෑ ඔයා එහෙම හිටියා කියලා.
183
00:12:13,066 --> 00:12:14,067
හරියටම එතන.
184
00:12:14,692 --> 00:12:16,778
ඔයාගේ තොල් මට ඇත්ත කියනවා.
185
00:12:16,861 --> 00:12:17,946
මොකක්ද?
186
00:12:25,870 --> 00:12:27,163
එහෙනම් මම යන්නම්.
187
00:12:28,081 --> 00:12:29,624
-ඔයා ඉවරයි.
-ආයුබෝවන්.
188
00:12:31,459 --> 00:12:32,752
අනේ.
189
00:12:32,835 --> 00:12:35,213
AC එක ඇත්තටම දාලද තියෙන්නේ?
190
00:12:35,797 --> 00:12:37,799
මෙතන ටිකක් රස්නෙයි වගේ දැනෙනවා.
191
00:12:37,882 --> 00:12:39,467
හරිම රස්නෙයි.
192
00:12:45,306 --> 00:12:47,475
අනේ, මොකක්ද එයාට වෙලා තියෙන්නේ?
193
00:12:47,558 --> 00:12:49,519
ඔයා කලබල වෙන්න ඇති. මට සමාවෙන්න.
194
00:12:49,602 --> 00:12:51,354
කොහෙත්ම නෑ, ඒක හරිම හුරතල්.
195
00:12:51,938 --> 00:12:54,482
ඒත් මම හිතන්නේ නෑ එයා
මට එච්චර කැමතියි කියලා.
196
00:12:54,565 --> 00:12:56,150
ඔයා මොකක්ද අදහස් කරන්නේ?
197
00:12:56,234 --> 00:12:57,777
එයා ගැන කරදර වෙන්න එපා.
198
00:12:57,860 --> 00:12:59,988
එයාට කියන්න මම හොඳ කෑමක් අරන් දෙන්නම් කියලා.
199
00:13:00,071 --> 00:13:01,072
මම ලකුණු ටිකක් දාගන්න ඕන.
200
00:13:02,073 --> 00:13:03,074
ආයුබෝවන්.
201
00:13:18,381 --> 00:13:19,424
මම යන්නම්.
202
00:13:34,439 --> 00:13:37,358
203
00:13:58,212 --> 00:14:00,131
අධ්‍යක්ෂක ඩේවිඩ් ලී ගැන හොයලා බලන්න.
204
00:14:00,715 --> 00:14:01,716
ඔව්, මැඩම්.
205
00:14:26,783 --> 00:14:27,867
සභාපතිතුමිය
206
00:14:33,790 --> 00:14:35,583
මැඩම්, මම හංගු.
207
00:14:35,666 --> 00:14:37,835
මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.
208
00:14:37,919 --> 00:14:38,920
මොකක්ද?
209
00:14:39,003 --> 00:14:40,088
කෝල්ට්ස් හෝටලයෙන් කිව්වා
210
00:14:40,171 --> 00:14:42,215
එයාලා කවදාවත් අපිත් එක්ක ගිවිසුමක් ගහලා නෑලු.
211
00:14:42,924 --> 00:14:44,926
ගිවිසුමක් සමාලෝචනය කරලවත් නෑලු.
212
00:14:45,843 --> 00:14:48,679
මම හිතන්නේ අධ්‍යක්ෂක ඩේවිඩ් ලී අපිව රවට්ටලා.
213
00:14:48,763 --> 00:14:50,306
ඔයා මොකක්ද අදහස් කරන්නේ?
214
00:14:50,765 --> 00:14:52,141
ඒ ගිවිසුම අත්සන් කළේ ගොඩක් කල්තියා!
215
00:14:53,059 --> 00:14:54,560
දැන්ම ඩේවිඩ්ට කතා කරන්න.
216
00:14:54,644 --> 00:14:56,938
නෑ, මමම ඇමරිකාවට යන්නම්.
217
00:14:57,021 --> 00:14:59,148
මට කෝල්ට්ස් හෝටලයේ ප්‍රධාන
විධායක නිලධාරීව හම්බවෙන්න ඕන.
218
00:14:59,774 --> 00:15:01,359
මැඩම්.
219
00:15:16,332 --> 00:15:17,500
මෙතන ඉඳගන්න.
220
00:15:18,292 --> 00:15:19,460
මම ඔයාට ඒක අරන් දෙන්නම්.
221
00:15:31,180 --> 00:15:33,099
මෙන්න.
222
00:15:56,914 --> 00:15:59,375
කෝල්ට්ස් හෝටලයේ අයව
හම්බවුණා කියලා වැඩක් වෙන්නේ නෑ.
223
00:16:01,210 --> 00:16:03,796
මොකද ඩේවිඩ්ව අවුරුදු දෙකකට කලින් අයින් කළා,
224
00:16:03,880 --> 00:16:06,299
එයාලා කියයි ඒක එයාලට අදාළ නෑ කියලා.
225
00:16:08,759 --> 00:16:09,886
එතකොට?
226
00:16:10,595 --> 00:16:12,847
ඔයා මට කියන්නේ නිකන් බලාගෙන ඉන්න කියලද?
227
00:16:13,681 --> 00:16:15,474
ඇමරිකාවේ තියෙන කර්මාන්තශාලාවට මොකද වෙන්නේ
228
00:16:16,309 --> 00:16:18,769
අපි හදන්න ලොකු වියදමක් දරපු?
229
00:16:22,899 --> 00:16:24,817
ඔයා ඒ ගැන කරදර වෙන්න ඕන නෑ.
230
00:16:25,526 --> 00:16:27,945
කෝල්ට්ස් හෝටලයට බඩු
සපයන්න හදපු කර්මාන්තශාලාව...
231
00:16:30,573 --> 00:16:31,574
බොරුවක්.
232
00:16:34,368 --> 00:16:38,331
අපි නිකන් අතෑරලා දාපු ගොඩනැගිල්ලක්
කුලියට අරගෙන පොඩි ෆොටෝෂොප් වැඩක් කළා.
233
00:16:38,831 --> 00:16:40,124
අපි කවදාවත් ඉඩම මිලදී ගත්තේ නෑ.
234
00:16:45,630 --> 00:16:46,631
ඒක...
235
00:16:48,507 --> 00:16:49,884
සම්පූර්ණ බොරුවක්ද?
236
00:16:51,802 --> 00:16:52,845
එතකොට,
237
00:16:53,971 --> 00:16:55,890
අපි එවල තියෙන සල්ලි වලට මොකද වෙන්නේ?
238
00:16:55,973 --> 00:16:58,893
ඔයා කෝ මහත්මයාගේ වාර්තාව
දැක්ක නම්, ඔයා දැනගන්න තිබුණා
239
00:16:59,685 --> 00:17:01,562
ඒ සල්ලි වංචා කරලා කියලා.
240
00:17:03,814 --> 00:17:07,568
J කන්සල්ටින් හරහා, ඒ සල්ලි
දැන් තියෙන්නේ මගේ සාක්කුවේ.
241
00:17:09,237 --> 00:17:12,323
J කන්සල්ටින් කියන්නේ මගේ සමාගම.
242
00:17:20,456 --> 00:17:21,457
මම...
243
00:17:22,625 --> 00:17:24,085
මට සැක හිතුණා, ඒත්...
244
00:17:26,337 --> 00:17:27,421
එතකොට,
245
00:17:28,130 --> 00:17:32,635
J කන්සල්ටින් හරහා ඩේවිඩ්ව
අපිට අඳුන්වලා දුන්න නිසා,
246
00:17:34,011 --> 00:17:36,055
බොරු ගිවිසුම
247
00:17:37,515 --> 00:17:38,724
ඒකත් ඔයාගේ වැඩක්ද?
248
00:17:40,810 --> 00:17:41,811
ඒක හරි.
249
00:17:42,937 --> 00:17:44,730
ඔයා ඇයි එහෙම කළේ?
250
00:17:45,690 --> 00:17:49,694
ඔයා කොහොමද මියොන්ටයි ඉයුංසූටයි මුහුණ දෙන්නේ?
251
00:17:50,069 --> 00:17:52,530
මම හිතන්නේ නෑ මට ආයෙත්
එයාලව දකින්න ඕන වෙයි කියලා.
252
00:17:54,657 --> 00:17:57,535
ඔයා මට සමාගමෙන් කොටසක් දුන්න නම් ඉවරයි.
253
00:17:57,618 --> 00:17:59,704
ඔයාගේ අනුකම්පා සහගත
දුවව මගේ පිටින් තිබ්බට පස්සේ,
254
00:17:59,787 --> 00:18:02,081
ඔයාට කිසිම හෘද සාක්ෂියක් තිබුණේ නැද්ද?
255
00:18:02,164 --> 00:18:03,916
ඔයා මට දුන්නේ උරුමයෙන් පොඩි කොටසක් විතරයි,
256
00:18:04,000 --> 00:18:05,793
මාව මොකක් හරි හිඟන්නෙක් වගේ.
257
00:18:05,876 --> 00:18:07,545
මොකක්ද?
258
00:18:07,878 --> 00:18:08,879
තමුසෙ...
259
00:18:09,589 --> 00:18:11,841
තමුසෙ නරුමයෙක්!
260
00:18:29,692 --> 00:18:31,444
බෙහෙත වැඩ කරන්නේ නෑ නේද?
261
00:18:55,509 --> 00:18:57,178
ඔයාගේ සිහිය ළඟදීම නැති වෙයි.
262
00:18:57,261 --> 00:19:00,139
ඔයාගේ නිදන්ගත අසනීපය නිසා, ඒක
ස්වභාවික මරණයක් විදිහට තීරණය වෙයි.
263
00:19:00,222 --> 00:19:02,141
හොඳයි, සමහරවිට ඒක හොඳ ඇති.
264
00:19:03,434 --> 00:19:05,019
ඔයාගේ ජීවිතයම කැප කරපු
265
00:19:05,102 --> 00:19:08,439
සමාගම කෑලිවලට කැඩිලා
විකිණිලා යනවා දකිනවට වඩා,
266
00:19:08,939 --> 00:19:10,775
ඔයා ඊට කලින් යන එක හොඳයි නේද?
267
00:19:57,154 --> 00:19:59,323
එයා කොහෙද?
268
00:20:00,366 --> 00:20:01,701
-මොන කාමරේද?
-හෙමින්.
269
00:20:01,784 --> 00:20:02,952
කවුරුත් ආන්සර් කරන්නේ නෑ.
270
00:20:03,035 --> 00:20:04,829
ඇයි එයාලා ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ?
271
00:20:04,912 --> 00:20:06,914
ඇත්තටම, ඇයි එයාලා ආන්සර් කරන්නේ නැත්තේ?
272
00:20:06,997 --> 00:20:08,833
හෙමින් ඉන්න.
273
00:20:10,000 --> 00:20:14,630
වාසනාවකට, එයා බේරුණා, ඒත්
එයාගෙන් ප්‍රතිචාරයක් නැති තරම්.
274
00:20:14,714 --> 00:20:16,716
සැත්කම හොඳට කෙරුණා,
275
00:20:16,799 --> 00:20:20,469
ඒත් එයාගේ වයසයි නිදන්ගත අසනීපයයි නිසා,
276
00:20:20,553 --> 00:20:23,681
මේ වෙලාවේ, එයාට ආයෙ සිහිය
එන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි.
277
00:20:23,764 --> 00:20:28,102
ඔයා කියන්නේ අම්මා මේ විදිහටම ඉඳියි කියලද?
278
00:20:28,185 --> 00:20:29,770
එයාට කවදාවත් සිහිය එන්නේ නැද්ද?
279
00:20:29,854 --> 00:20:32,940
එයාව ඉස්පිරිතාලෙට ගේනකොටත් හිටියේ සිහිය නැතුව.
280
00:20:36,485 --> 00:20:38,320
ඔයා මොකද කර කර හිටියේ, කිම් මහත්මිය?
281
00:20:38,404 --> 00:20:41,073
අම්මව තනියම දාලා ඔයා කොහෙද හිටියේ?
282
00:20:41,157 --> 00:20:42,450
ඔයා මොකද කර කර හිටියේ?
283
00:20:43,200 --> 00:20:44,702
මට සමාවෙන්න.
284
00:20:45,119 --> 00:20:46,662
මම එළියට ගියේ ටිකකට විතරයි.
285
00:20:47,621 --> 00:20:48,622
සන්සුන් වෙන්න.
286
00:20:48,706 --> 00:20:50,541
එයා ටික කාලෙක ඉඳන් අසනීපෙන් හිටියේ.
287
00:20:52,418 --> 00:20:55,755
මම හවස එනකොට එයා හොඳින් හිටියා.
288
00:20:55,838 --> 00:20:57,381
අනේ, අපි මොකද කරන්නේ?
289
00:20:57,465 --> 00:20:59,467
මගේ අම්මා නැති වුණොත්?
290
00:21:00,092 --> 00:21:01,427
වෙන කිසිම ක්‍රමයක් නැද්ද
291
00:21:02,178 --> 00:21:04,138
එයාට සිහිය එනකල් බලාගෙන ඉන්නවා ඇරෙන්න?
292
00:21:04,221 --> 00:21:06,515
අපේ ප්‍රමුඛතාවය තමයි අමතර
මොළයේ ලේ ගැලීම් නවත්වන එක
293
00:21:06,599 --> 00:21:08,893
සහ එයාගේ හිස් කබල ඇතුළත
පීඩනය පාලනය කරන එක.
294
00:21:09,518 --> 00:21:10,853
ආයෙත් ලේ ගැලීමක් වුණොත්,
295
00:21:11,854 --> 00:21:12,855
එයා ජීවත් වෙන එකක් නෑ.
296
00:21:14,982 --> 00:21:17,151
අනේ, නෑ. අම්මා...
297
00:21:19,111 --> 00:21:20,237
අම්මා...
298
00:21:47,223 --> 00:21:48,224
අපි පටන් ගමු.
299
00:21:58,818 --> 00:22:01,362
අවුරුදු 80ක ඉතිහාසයක් තියෙන
බේකරියක් වෙන මියුංසූන්ඩං,
300
00:22:01,445 --> 00:22:04,031
විශාල ආයෝජනයක් ලබා ගැනීම
සම්බන්ධයෙන් සැකයට භාජනය වෙලා තියෙනවා
301
00:22:04,114 --> 00:22:07,034
ආයෝජන සමාගමකින් ව්‍යාජ සැපයුම් ගිවිසුමක් හරහා.
302
00:22:07,117 --> 00:22:11,580
කල්ට්ස් ගෝලීය හෝටලය සමඟ ඇති ව්‍යාජ
සැපයුම් ගිවිසුමක් ඇපයක් ලෙස භාවිතා කරමින්,
303
00:22:11,664 --> 00:22:14,458
මියුංසූන්ඩං ආයතනය වාර්තා
වෙන විදිහට ලබාගෙන තියෙනවා
304
00:22:14,542 --> 00:22:17,920
ඇමරිකානු සමාගමක් වන BQ කැපිටල්
වෙතින් වොන් බිලියන 30ක ආයෝජනයක්.
305
00:22:18,003 --> 00:22:20,339
මියුංසූන්ඩං ආයතනය මේ වසරේ
ජනාධිපති සම්මානය දිනා ගත්තා
306
00:22:20,422 --> 00:22:22,299
එහි කැපී පෙනෙන සමාජ දායකත්වය වෙනුවෙන්...
307
00:22:25,344 --> 00:22:28,430
අම්මව රවට්ටලා. ඔයා එයාගේ හැටි දන්නවනේ.
308
00:22:28,514 --> 00:22:31,308
එයා කවදාවත් වැරදි පාරේ යන්නේ නෑ.
309
00:22:31,392 --> 00:22:33,143
ගිවිසුමක් ව්‍යාජව හැදුවා?
310
00:22:33,686 --> 00:22:34,895
-අනේ මන්දා.
-අම්මා...
311
00:22:36,313 --> 00:22:39,775
අපි ඉස්සෙල්ලාම මේ ඩේවිඩ් කියන
කෙනාව අල්ලගන්න ඕනේ නැද්ද?
312
00:22:39,859 --> 00:22:44,029
අපි පරීක්ෂණයක් ඉල්ලන්න
ඕනේ මේ මිනිහව අල්ලගන්න...
313
00:22:44,113 --> 00:22:45,698
ඒකෙන් වැඩක් නෑ.
314
00:22:46,907 --> 00:22:48,200
ඒක තවමත් ඇත්තක්
315
00:22:48,284 --> 00:22:51,370
සභාපතිතුමිය ව්‍යාජ ගිවිසුමක් හරහා
ආයෝජනය ලබාගත්ත කියන එක.
316
00:22:52,371 --> 00:22:55,791
මම එයාව නවත්වන්න තව
ටිකක් මහන්සි වෙන්න තිබුණේ.
317
00:22:56,292 --> 00:22:57,918
ඒත් ඒක ඇත්තටම ඇත්තද?
318
00:22:59,169 --> 00:23:00,546
කිම් මහත්මිය කිව්වා
319
00:23:01,130 --> 00:23:03,674
ආච්චි අම්මා මෑතක් වෙනකල් ඩේවිඩ්ව හම්බවුණා කියලා.
320
00:23:04,174 --> 00:23:06,010
ඒ සැපයුම් සැලැස්ම ගැන කතා කරන්න නෙවෙයිද?
321
00:23:07,761 --> 00:23:10,389
එයා ඔහුව හම්බවෙලා තියෙන්නේ වෙන හේතුවකට.
322
00:23:11,056 --> 00:23:12,683
එයාගෙන් රහසක් විදිහට තියාගන්න ඉල්ලන්න
323
00:23:12,766 --> 00:23:15,144
ආයෝජකයින්ගෙන් ගිවිසුම අත්හිටවපු එක ගැන.
324
00:23:21,191 --> 00:23:23,068
අලෙවිකරණ කණ්ඩායම
325
00:23:23,152 --> 00:23:25,821
එයා සභාපතිතුමිය විදිහට පළවෙනි අවුරුද්දේ,
326
00:23:26,405 --> 00:23:28,449
අපේ මෙහෙයුම් ලාභය බාගෙකින් අඩු වුණා.
327
00:23:29,450 --> 00:23:31,076
ආදායම ස්ථාවරව තිබුණා,
328
00:23:31,827 --> 00:23:34,371
ඒත් අර්ධ-කාලීන සේවකයින්ව
ස්ථිර සේවකයන් බවට පත් කිරීම
329
00:23:34,455 --> 00:23:36,248
ශ්‍රම පිරිවැය දරාගන්න බැරි තරමට වැඩි කළා.
330
00:23:36,832 --> 00:23:39,209
සහ ලොජිස්ටික් මධ්‍යස්ථානය
පිළිබඳ නඩුව පැරදුණාට පස්සේ,
331
00:23:39,293 --> 00:23:40,586
අපි තවත් අලාභයේ ගිලුණා.
332
00:23:41,795 --> 00:23:45,507
තවමත් සාකච්ඡා කරමින් තිබුණු කල්ට්ස්
හෝටල් ගිවිසුම ව්‍යාජ ලෙස සකස් කරලා,
333
00:23:45,591 --> 00:23:47,593
එයා මට කිව්වා මුලින්ම ආයෝජනය
සුරක්ෂිත කරගන්න කියලා.
334
00:23:48,218 --> 00:23:50,054
ගින්න නිවලා,
335
00:23:50,888 --> 00:23:54,141
මම හිතන්නේ එයා අදහස් කළේ ඒ
අතරතුරේ ගිවිසුම අත්සන් කරවගන්න.
336
00:23:58,228 --> 00:23:59,229
මේ මුළු කාලයම,
337
00:24:01,023 --> 00:24:03,275
එයා තනියම දුක් විඳලා තියෙනවා.
338
00:24:04,902 --> 00:24:06,487
කිම් මහත්මිය
339
00:24:20,584 --> 00:24:22,544
ඔයාට මගේ ඔෆිස් එකට එන්න තිබුණනේ.
340
00:24:25,965 --> 00:24:28,175
මට ඔයාට පෞද්ගලිකව දෙයක් කියන්න තියෙනවා.
341
00:24:30,386 --> 00:24:35,599
සභාපතිතුමිය බොහෝවිට දැනගෙන ඉන්න නැතුව ඇති
කල්ට්ස් එක්ක තිබ්බ ගිවිසුම ව්‍යාජ එකක් කියලා.
342
00:24:36,850 --> 00:24:37,893
මොකක්ද?
343
00:24:37,977 --> 00:24:39,186
එයා සිහි නැති වෙලා වැටුණු දවසේ,
344
00:24:39,812 --> 00:24:42,314
එයා මට කිව්වා ඩේවිඩ් ගැන හොයලා බලන්න කියලා.
345
00:24:50,781 --> 00:24:52,533
එයා දැනගෙන හිටියනම් ඒක ව්‍යාජ ගිවිසුමක් කියලා,
346
00:24:52,992 --> 00:24:55,536
එයා ඇයි මට එයා ගැන හොයන්න කියන්නේ?
347
00:24:56,245 --> 00:24:58,205
එයා දැනගෙන හිටියේවත් නෑ එයාව අස් කරලා කියලා.
348
00:25:19,977 --> 00:25:21,478
මට මේක හරි යන්නේ නෑ වගේ.
349
00:25:21,979 --> 00:25:26,442
මම කැමතියි ඔයා මේක අධ්‍යක්ෂක
ජංට නොදන්වා හොයලා බලනවට.
350
00:25:31,447 --> 00:25:32,448
ආච්චි අම්මා.
351
00:25:33,115 --> 00:25:34,533
මට බයයි.
352
00:25:40,873 --> 00:25:42,499
ඔයා හරි කියලා ඔප්පු වෙයි කියලා මට බයයි.
353
00:25:45,252 --> 00:25:46,253
දැන්වීම් පුවරුව
354
00:25:47,880 --> 00:25:50,549
සමාජ වගකීම් තියෙන සමාගමක් වුණාට හොඳයි
355
00:25:50,632 --> 00:25:52,301
මේක ඇත්තටම අවුල් වෙමින් යන්නේ.
356
00:25:52,384 --> 00:25:54,720
මිනිස්සු දැනටමත් වර්ජනයක් පටන් අරන්.
357
00:25:54,803 --> 00:25:56,221
ජනාධිපති සම්මානය ආපහු දෙන්න!
358
00:26:17,409 --> 00:26:18,535
කිම් මහත්මයා.
359
00:26:28,545 --> 00:26:30,506
ඔයා රෑට කෑවද?
360
00:26:31,090 --> 00:26:33,592
මට එච්චර කෑම රුචියක් නෑ.
361
00:26:33,967 --> 00:26:36,345
කොහොමහරි, මොකද මේ පැත්තේ?
362
00:26:36,428 --> 00:26:37,638
ඔයා මොකද හිතන්නේ?
363
00:26:37,721 --> 00:26:40,682
මම ආවේ ඔයා සුසුම් හෙළනවා අහන්න.
364
00:26:41,725 --> 00:26:43,018
ඇත්තටම.
365
00:26:43,852 --> 00:26:47,981
දේවල් අමාරු වෙනකොට, කියනවා ලොකු
සුසුම් තුනක් හෙළන එක උදව් වෙනවා කියලා.
366
00:26:48,065 --> 00:26:49,108
විකාර.
367
00:26:49,191 --> 00:26:50,901
මම කියන්නේ ඇත්ත. උත්සහ කරලා බලන්න.
368
00:26:51,693 --> 00:26:52,694
කරන්නකෝ.
369
00:26:58,659 --> 00:27:00,202
ඔයා ඇත්තටම ගොඩක් කනස්සල්ලෙන් වගේ.
370
00:27:02,204 --> 00:27:04,164
මට ඔයාගේ සුසුම් වලින් ඒක කියන්න පුළුවන්.
371
00:27:05,666 --> 00:27:07,835
ඔයාට පොඩි හරි සහනයක් දැනෙනවා නේද?
372
00:27:08,627 --> 00:27:09,628
ම්ම්-හ්ම්.
373
00:27:09,711 --> 00:27:12,172
ඔයාට ඕනම දෙයක් මට කියන්න පුළුවන්.
374
00:27:12,256 --> 00:27:16,260
මම එක කනකින් අහලා
අනිත් කනින් එළියට යවන්නම්.
375
00:27:31,525 --> 00:27:32,526
හරි.
376
00:27:51,461 --> 00:27:53,964
අනේ, මම ඔයා නම්, මම ඔයාට කියනවා.
377
00:27:55,132 --> 00:27:56,174
හරි, මම කියන්නම්.
378
00:27:58,468 --> 00:28:00,262
-අපි පොඩි ඇවිදීමක් යමුද?
-හොඳයි.
379
00:28:05,809 --> 00:28:08,478
ඉතින්, ඔයාට ඔයාගේ මාමා ගැන සැකයි, හරිද?
380
00:28:09,479 --> 00:28:13,567
මට සැක හිතුණා එයා මට J කන්සල්ටින්
ගැන හොයන්න කියනකොටත්.
381
00:28:15,235 --> 00:28:17,863
මට එයාගෙන් අහන්නවත් බැරි වුණා.
382
00:28:17,946 --> 00:28:19,573
බැරිවෙනවා තමයි.
383
00:28:19,990 --> 00:28:23,243
ඔයා කිව්වා එයා ඔයාට තාත්තා කෙනෙක් වගේ කියලා.
384
00:28:23,869 --> 00:28:26,580
තාම ස්ථිර සාක්ෂියක් නෑනේ.
385
00:28:27,039 --> 00:28:30,083
මම දන්නේ එයා බොරු කියනවා කියන එක විතරයි.
386
00:28:30,500 --> 00:28:32,294
එහෙනම් ඔයා ඇත්ත හෙළි කරන්න ඕනේ.
387
00:28:33,337 --> 00:28:36,089
ඔයා විශ්වාස කරන කෙනෙක් ඔයාව පාවා දෙනකොට,
388
00:28:36,173 --> 00:28:37,549
මුලින්ම,
389
00:28:37,633 --> 00:28:41,970
ඔයා කල්පනා කරන්න පටන් ගන්නවා
ඇයි එයාලා ඔයාට බොරු කිව්වේ කියලා.
390
00:28:42,054 --> 00:28:43,889
ඊටපස්සේ ඔයා ඔයාටම
දොස් කියන්න ගන්න පටන් ගන්නවා.
391
00:28:44,890 --> 00:28:47,517
ඔයා කල්පනා කරන්න පටන්
ගන්නවා ඔයා මොකක්ද වැරදියට කළේ,
392
00:28:47,601 --> 00:28:49,478
සහ කවදා ඉඳන්ද මේක වැරදුණේ කියලා.
393
00:28:50,270 --> 00:28:53,315
ඒත් ඔයා ආයෙත් ඒ ගැන හිතුවොත්,
394
00:28:53,398 --> 00:28:55,108
ඒ ඔයා දෙයක් කරපු නිසා නෙවෙයි.
395
00:28:55,901 --> 00:28:57,736
වැරැද්ද තියෙන්නේ ඔයාව පාවා දුන්න කෙනාගේ.
396
00:28:58,904 --> 00:29:01,949
ඉතින්, ඔයාගේ මාමා මොකක්හරි
දෙයක් ගැන බොරු කියනවනම්,
397
00:29:02,032 --> 00:29:03,367
ඔයා ඒක හෙළි කරන්න ඕනේ.
398
00:29:04,910 --> 00:29:06,536
එයා ඊට වඩා නරක දෙයක් කරන්න කලින්.
399
00:29:08,956 --> 00:29:10,916
ඔයා මියුංසූන්ඩං ආයතනය බේරගන්නේ නැද්ද?
400
00:29:10,999 --> 00:29:12,501
අනුප්‍රාප්තිකයා ඉන්නේ ඒකට තමයි.
401
00:29:12,584 --> 00:29:13,961
ඔයාට ඇරෙන්න වෙන කාටවත් මේක කරන්න බෑ.
402
00:29:16,797 --> 00:29:19,132
ගොඩක් දේවල් හිතන්න එපා.
403
00:29:20,133 --> 00:29:22,386
දැනට ඔයාට කරන්න පුළුවන් දේ කරන්න.
404
00:29:25,973 --> 00:29:29,309
කවුරුහරි ඔයාට කරදරයක්
කළොත්, මම ඒකට ඉඩ තියන්නේ නෑ.
405
00:29:39,403 --> 00:29:40,487
ස්තූතියි.
406
00:30:04,970 --> 00:30:08,181
කවුරුහරි ඔයාට කරදරයක්
කළොත්, මම ඒකට ඉඩ තියන්නේ නෑ.
407
00:30:57,314 --> 00:30:58,982
408
00:31:01,193 --> 00:31:02,194
ඔයා ආවද.
409
00:31:02,277 --> 00:31:03,945
ඔයාට ඕන හැමදාම බොන එකමද?
410
00:31:04,029 --> 00:31:05,197
ඔව්, කරුණාකරලා.
411
00:31:05,280 --> 00:31:06,323
හරි.
412
00:31:14,414 --> 00:31:16,541
අඩුම තරමේ ආයුබෝවන් කියලා වත් කියන්න.
413
00:31:17,501 --> 00:31:18,960
අපි කොහොමත් රහසක් බෙදාගන්නවනේ.
414
00:31:19,669 --> 00:31:21,588
ආගන්තුකයෝ වගේ හැසිරෙන එක හොඳ නැද්ද?
415
00:31:21,671 --> 00:31:23,006
මම විශ්වාසයි ඒක හොඳ ඇති.
416
00:31:23,381 --> 00:31:25,008
ඔයා එහෙම හිතනවද?
417
00:31:27,302 --> 00:31:30,138
කොහොමහරි, ස්තූතියි මගේ යෝජනාව පිළිගත්තට.
418
00:31:30,222 --> 00:31:33,100
මම තාම ඒ ගැන හිතනවා. ඉක්මන් වෙන්න එපා.
419
00:31:33,642 --> 00:31:35,519
ඔයාගේ ලොක්කා තාමත් ඔයාට බලපෑම් කරනවද?
420
00:31:35,602 --> 00:31:38,396
එයාට මගේ රෙකෝඩින් එක අහන්න දෙන්න,
එතකොට එයා ආයෙ වචනයක්වත් කියන එකක් නෑ.
421
00:31:38,480 --> 00:31:40,315
එතකොට එයා ඉස්පිරිතාලෙට දෙන අරමුදල් නවත්වයි.
422
00:31:40,982 --> 00:31:42,818
වාව්, හරිම පහත් වැඩක්.
423
00:31:42,901 --> 00:31:44,277
ව්යාපාර ලෝකේ හැටි ඔහොම තමයි.
424
00:31:51,326 --> 00:31:52,327
මට තේරෙන්නේ නෑ.
425
00:31:54,663 --> 00:31:56,706
ඔයා ඇයි මේ තරම් දේවල් කරන්නේ?
426
00:31:57,165 --> 00:31:59,668
ඔයා කිව්වා කිම් මහත්මයා ඔයාව
ගෑණියෙක් විදිහට දකින්නේ නෑ කියලා.
427
00:32:00,752 --> 00:32:01,878
බෙක් මහත්මයා.
428
00:32:03,421 --> 00:32:05,674
ඔයා කවදාවත් ඇත්තටම කාටහරි කැමති වෙලා නෑ නේද?
429
00:32:06,216 --> 00:32:08,301
ඔයාට ඕන එයාලා හොඳින් ඉන්නවා දකින්න.
430
00:32:08,844 --> 00:32:10,762
ඔයාට ඕන එයාලව ආරක්ෂා කරන්න.
431
00:32:10,846 --> 00:32:12,681
ඔයාට එයාලගේ වේදනාව
ඔයාගේම වේදනාවක් වගේ දැනෙනවා.
432
00:32:13,431 --> 00:32:16,643
ඒකට හේතුවක් නෑ, ඔයා කොච්චර
හේතුවක් හොයන්න උත්සහ කළත්.
433
00:32:16,726 --> 00:32:18,061
ඒක ස්වයංක්‍රීය ප්‍රතිචාරයක්.
434
00:32:20,230 --> 00:32:22,482
ඒත්, එයා ඒක දකින එකක්වත් නෑ.
435
00:32:22,566 --> 00:32:24,734
මට කටුක ඇත්ත මතක් කරලා දෙන එක නවත්වන්න.
436
00:32:25,527 --> 00:32:28,238
එයා ඒක දැක්කේ නැතත්,
ඒක මට ප්‍රශ්නයක් නෑ, හරිද?
437
00:32:35,287 --> 00:32:36,830
මම ඔයාගේ හිත රිද්දුවා නම් සමාවෙන්න.
438
00:32:36,913 --> 00:32:40,417
ඔයාට මං ගැන දෙයක් ආරංචි වුණු නිසා,
439
00:32:41,501 --> 00:32:42,586
මම ටිකක්...
440
00:32:43,795 --> 00:32:45,088
සංවේදී වුණා.
441
00:32:46,590 --> 00:32:47,757
මොකක්ද ආරංචි වුණේ?
442
00:32:49,885 --> 00:32:51,553
මට මොනවාහරි ආරංචි වුණාද?
443
00:32:53,221 --> 00:32:54,723
මට ගාණක් නෑ. ඔයා ඒක විසඳගන්න.
444
00:32:55,974 --> 00:32:58,351
ඒයි, ඔයා මගේ තාත්තව බ්ලැක්මේල්
කරලා සල්ලි ගත්තා වගේම කරන්න
445
00:32:58,435 --> 00:33:01,188
මම වෙනුවට විභාගයක් කරලා
ඔයාව පිටරට ඉගෙනගන්න යවන්න.
446
00:33:01,271 --> 00:33:03,064
ඔයා ඉස්සර හරිම ඉක්මන්.
447
00:33:03,148 --> 00:33:05,108
ඔයාගේ ඒ ගතියට මොකද වුණේ?
448
00:33:06,026 --> 00:33:07,944
ජීවිතේ ඔයාට ටිකක් විතර හොඳ වුණාද?
449
00:33:10,405 --> 00:33:11,573
මුකුත් නෑ.
450
00:33:11,656 --> 00:33:15,535
දන්නවනේ, මිනිස්සු ඇත්තටම ඔයා කොහොමද
ජීවත් වුණේ කියල හොයන්න උනන්දු නෑ.
451
00:33:16,578 --> 00:33:19,998
ඉතින්, ඔය වගේ වරදකාරී හැඟීමකින් ඉන්න එපා.
452
00:33:20,081 --> 00:33:22,250
මට වරදකාරී හැඟීමක් නෑ.
453
00:33:22,334 --> 00:33:25,837
ඔයාගේ ගොත ගැහිල්ල බැලුවම, මට
හිතෙන්නේ ඔයාට එහෙම හැඟීමක් තියෙනවා.
454
00:33:34,804 --> 00:33:38,808
ඔයා උදව්වක් ගත්තා නම්, ඔයා ණය
වෙලා තියෙන දේ විතරක් ආපහු දෙන්න.
455
00:33:38,892 --> 00:33:40,810
මම හිතන්නේ ඊට එහා දෙයක් කරන එක වැඩක් නෑ.
456
00:33:42,395 --> 00:33:44,022
ඔයා දන්නවනේ,
457
00:33:45,023 --> 00:33:47,901
ඔයා ලොකුවට හැසිරුනාට, ඔයා ටිකක් විතර මෝඩයි.
458
00:33:48,777 --> 00:33:52,280
ඔයා එයාලට කොච්චර ණයක්
තියෙනවද කියලා මම හරියටම දන්නේ නෑ,
459
00:33:52,364 --> 00:33:55,909
ඒත් ඒ ඔක්කොම ගෙවලා ඉවර වෙනකල්
ඔයා ඇති තරම් මහන්සි වෙලා වැඩ කළා නේද?
460
00:33:56,409 --> 00:33:58,203
එහෙනම් ඔයාට තවත් දේවල් කරන්න ඕන නෑ.
461
00:33:58,286 --> 00:33:59,746
මගේ මතය නම්,
462
00:34:00,705 --> 00:34:03,416
ඔයාගේ ලොක්කා එක්ක බැලුවම,
අර ලෙඩ වගේ රඟපාපු කෙනා,
463
00:34:03,500 --> 00:34:07,003
ඔයා සිය පාරකටත් වඩා,
දහස් පාරකටත් වඩා බුද්ධිමත්.
464
00:34:07,545 --> 00:34:10,382
ඒ නිසා, ඔයා දිගටම මේ
දේවල් ඉවසගෙන ඉන්න ඕන නෑ.
465
00:34:10,465 --> 00:34:11,716
ඇත්තටම,
466
00:34:12,467 --> 00:34:13,718
ඔයාට අවශ්‍ය දක්ෂතාවය තියෙනවා.
467
00:34:14,261 --> 00:34:16,763
මම දකින විදියට, ඔයා හොඳටම හොඳයි.
468
00:34:18,265 --> 00:34:20,517
මොකද, ඔයාට ඕනද මම වෙන
රස්සාවක් හොයලා දෙනවට?
470
00:35:08,356 --> 00:35:09,566
වගන්තිය 8, උප වගන්තිය 3.
471
00:35:10,692 --> 00:35:13,153
ගිවිසුම කඩ කිරීමේ දඩය ගෙවනවා වෙනුවට,
472
00:35:13,737 --> 00:35:16,448
BQ කැපිටල් සමාගමට කළමනාකාරීත්වයට
සහභාගී වෙන්න පුළුවන් කියලා තියෙනවා.
473
00:35:16,531 --> 00:35:18,450
ඔයා අවධාරණය කරන්න ඕන වගන්තිය ඒක.
474
00:35:18,533 --> 00:35:22,037
එතකොට, සාධාරණීකරණය
ආයෝජන වට වේගවත් කරන එකද?
475
00:35:22,120 --> 00:35:24,080
දඩයත් එක්ක, ඒක වොන්
බිලියන 60ක් විතර වෙනවා.
476
00:35:24,164 --> 00:35:26,374
ඒ කියන්නේ 35%ක විතර කොටස් ප්‍රමාණයක්.
477
00:35:26,458 --> 00:35:27,917
ඒකෙන් අපිට අතුරු නීති වෙනස් කරන්න,
478
00:35:28,001 --> 00:35:30,670
අධ්‍යක්ෂවරු පත් කරන්න, නැත්නම් ඒකාබද්ධ කිරීම්
හා අත්පත් කරගැනීම් අනුමත කරන්න පුළුවන්.
479
00:35:32,339 --> 00:35:35,759
අපි කළමනාකරණ පාලනය ගත්තට පස්සේ,
මම සමාගම කෑලි වලට විකුණන්නයි යන්නේ.
480
00:35:37,636 --> 00:35:38,637
හරි.
481
00:35:41,973 --> 00:35:44,392
ඒ හැමදේටම කලින්, යම් දෙයක් තියෙනවා
482
00:35:45,143 --> 00:35:46,811
මට ඔයාගෙන් තහවුරු කරගන්න ඕන.
486
00:36:46,663 --> 00:36:49,165
මේ කලබලයත් එක්ක මට කිසිම වැඩක් කරගන්න බෑ.
487
00:36:49,708 --> 00:36:51,876
ඒකනේ මමත් කියන්නේ.
490
00:36:54,754 --> 00:36:55,755
ඔයා මොකද කරන්නේ?
491
00:36:56,756 --> 00:36:59,175
-කරුණාකර?
-සමාගම විකුණන්නයි යන්නේ.
492
00:36:59,259 --> 00:37:00,510
නිදහසේ ඉන්න වෙලාවක් නෑ.
493
00:37:03,638 --> 00:37:05,890
ඒකයි මම අයින් වුණේ.
494
00:37:06,266 --> 00:37:07,267
මොකකින්ද අයින් වුණේ?
495
00:37:07,934 --> 00:37:10,562
මට හිතෙනවා මම වැඩසටහනේ
හිටියොත් මිනිස්සු කතා හදයි කියලා.
496
00:37:10,937 --> 00:37:12,856
මම එයාලට දැන් ටෙක්ස්ට්
කළා මම අයින් වෙනවා කියලා
497
00:37:12,939 --> 00:37:15,066
පෞද්ගලික හේතු හින්දා වැඩසටහනෙන්.
498
00:37:15,150 --> 00:37:17,402
මම ඔයාගෙන් ඇහුවේ මම තනිකඩයි කියලා නෙවෙයි.
499
00:37:18,027 --> 00:37:20,447
කතාවක් යනවා
500
00:37:20,530 --> 00:37:22,907
BQ කැපිටල් එකෙන් අපේ
සමාගම පාලනය කරයි කියලා.
501
00:37:22,991 --> 00:37:24,451
ආ, ඒකද.
502
00:37:26,202 --> 00:37:27,954
මම අපේ සමාගම විශ්වාස කරනවා.
503
00:37:28,037 --> 00:37:31,124
මේ විදියට එහෙම්මම වැටෙනවා
නම්, මම මෙහේ වැඩට එන්නේ නෑ.
504
00:37:31,207 --> 00:37:33,626
ඇත්තටම, මමත් එහෙමයි.
505
00:37:33,710 --> 00:37:35,003
අපි ඉන්නේ එකම මතයක.
506
00:37:37,547 --> 00:37:39,257
හරිම බොළඳයි.
507
00:37:39,716 --> 00:37:42,427
අලුත් ජීව දත්ත සටහනක් ලියන්න පටන් ගන්න.
508
00:37:42,510 --> 00:37:44,763
ඔයා තරුණ කාලේදීම මාරු වෙන්න ඕන.
509
00:37:44,846 --> 00:37:47,140
වයසට ගියාම, ගොඩක් තැන් ඔයාව ගන්නේ නෑ.
510
00:37:49,058 --> 00:37:53,354
ඇත්තෙන්ම, අයිතිය වෙනස්
වුණාම සේවක කප්පාදුවක් තියේවි.
511
00:37:53,438 --> 00:37:55,523
ඔයා දැන්ම රස්සාවක් හොයාගන්න ඕන.
512
00:37:55,607 --> 00:37:58,109
ඔයා අවුරුදු පහක් වැඩ කළේ නෑ.
ටිකක් හිතක් පපුවක් තියාගන්න.
513
00:37:58,693 --> 00:38:00,236
මොකක්? ගෙදරට වෙලා ඉන්න මහත්තයෙක්ද?
514
00:38:00,320 --> 00:38:02,405
ඒයි, උයන්නේ මම,
515
00:38:02,489 --> 00:38:03,698
අපේ දරුවට වියදම් කරන්නේ මම,
516
00:38:03,782 --> 00:38:05,575
ඔයාගේ අම්මට සාත්තු කරන්නේ මම, මෝඩයෝ.
517
00:38:05,658 --> 00:38:06,993
ෆෝන් එක තියනවා! අප්පිරියයි.
518
00:38:11,623 --> 00:38:14,042
මේ විදියට ගියොත් මාවත් අයින් කරයි වගේ.
519
00:38:14,959 --> 00:38:15,960
මොකද මම කරන්නේ?
523
00:38:38,691 --> 00:38:40,568
මට එකපාරටම තේරුණා
524
00:38:40,944 --> 00:38:44,739
මේ මිනිස්සුන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම
මේ ගිවිසුම මත රඳා පවතින බව.
525
00:38:45,532 --> 00:38:47,867
මම අනිවාර්යයෙන්ම මේක හොඳට කරන්න ඕන.
526
00:38:50,662 --> 00:38:51,788
ආච්චි ඉන්න කාලේ,
527
00:38:51,871 --> 00:38:54,165
වගකීමේ බර මෙච්චර දරුණුවට දැනුණේ නෑ.
528
00:38:54,249 --> 00:38:55,708
ඇත්ත තමයි.
529
00:38:55,792 --> 00:38:57,961
ඔයා හිතුවද ඔයා විතරක් තනියම වැටෙයි කියලා?
530
00:38:59,003 --> 00:39:00,922
සේවකයන්ටත් අවසානය ඒවි,
531
00:39:01,005 --> 00:39:02,507
මගේ සමාගමටත් එහෙමයි.
532
00:39:02,590 --> 00:39:05,009
මියුන්සූන්ඩන්ග් කියන්නේ මට ඉන්න ලොකු සේවාදායකයෙක්.
533
00:39:05,969 --> 00:39:08,555
ඒකයි මම මෙහෙ ආවේ. ඔයා
හරියට වැඩ කරනවද කියලා බලන්න.
534
00:39:11,266 --> 00:39:12,350
ඔයා දන්නවද
535
00:39:13,059 --> 00:39:15,770
මම වැඩියෙන්ම සතුටු වෙන්නේ සහ
මට අමාරුම වෙන්නේ කවදාද කියලා?
536
00:39:17,438 --> 00:39:18,857
පඩි දවසට.
537
00:39:19,607 --> 00:39:20,775
මම දන්නවා,
538
00:39:21,192 --> 00:39:23,528
මගේ සමාගම පොඩියි එකම සේවකයයි ඉන්නේ.
539
00:39:25,113 --> 00:39:26,781
ඒත් ඒ මාසේ අපිට වැඩ නැති වුණාම,
540
00:39:26,865 --> 00:39:30,243
ළං වෙන පඩි දවස හරිම බය හිතෙනවා.
541
00:39:31,703 --> 00:39:33,997
මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ
මගේ සේවකයට පඩි ගෙවන්න වගේ.
542
00:39:34,080 --> 00:39:35,248
වැඩ-ජීවිත සමබරතාවය?
543
00:39:35,331 --> 00:39:36,457
ඒ මොකක්ද?
544
00:39:37,792 --> 00:39:40,795
මුළු රෑම වැඩ කරලා ඇදගෙන වැටෙන්න වගේ හිටියත්,
545
00:39:40,879 --> 00:39:43,047
මගේ සේවකයට වෙලාවට පඩි ගෙව්වට පස්සේ,
546
00:39:43,131 --> 00:39:45,133
මට ලොකු ආඩම්බරයක් දැනෙනවා.
547
00:39:46,843 --> 00:39:49,095
ඒක දැනෙන්නේ මාව විශ්වාස
කරලා මාත් එක්ක වැඩ කරපු
548
00:39:49,178 --> 00:39:50,889
මිනිස්සුන්ට දුන්න පොරොන්දුවක් රකිනවා වගේ.
549
00:39:53,474 --> 00:39:56,060
ඒ වගේ වගකීමක් දැනුණට පස්සේ,
550
00:39:57,478 --> 00:40:01,024
මම හිතන්නේ මම වැඩිහිටියෙක් වෙලා කියලා.
551
00:40:03,318 --> 00:40:04,527
මම දිගටම උත්සාහ කරනවා.
552
00:40:11,117 --> 00:40:13,411
මම හිතනවා හෙට ආයෝජකයා
එක්ක වැඩේ හරියයි කියලා.
553
00:40:14,287 --> 00:40:16,539
ඔයාට දඩය ගෙවන්න බැරි වුණොත්,
554
00:40:17,832 --> 00:40:20,209
එයාලා කළමනාකාරීත්වය භාර ගනීවි නේද?
555
00:40:20,293 --> 00:40:21,294
ඔව්.
556
00:40:22,253 --> 00:40:24,464
ගොඩක් දුරට එයාලා පටන්
ගනීවි සේවකයන් අයින් කරන්න.
557
00:40:24,547 --> 00:40:25,632
ඒකයි මම කණගාටු වෙන්නේ.
558
00:40:26,049 --> 00:40:27,967
මම කොහොම හරි ඒක නවත්තන්න ඕන.
559
00:40:28,051 --> 00:40:30,094
BQ කැපිටල් එකේ CEO කොහොම කෙනෙක්ද?
560
00:40:33,514 --> 00:40:34,641
එයාගේ නම සිල්වියා.
561
00:40:34,724 --> 00:40:36,059
එයා කොරියානු ඇමරිකානු කෙනෙක්.
562
00:40:36,142 --> 00:40:38,227
ඒත් එයාගේ නම ඇරෙන්න මම වෙන මුකුත් දන්නේ නෑ.
563
00:40:40,021 --> 00:40:41,022
මේ කෙනා...
564
00:40:42,565 --> 00:40:44,233
මම කොහේදෝ දැකලා තියෙනවා.
565
00:40:46,527 --> 00:40:47,612
ආ, ඉන්න!
566
00:41:03,586 --> 00:41:04,837
මේක බලන්න.
567
00:41:05,421 --> 00:41:08,841
මේක සෝරි එයාගේ රෙස්ටුරන්ට් එකෙන් අයින්
වෙද්දී ගත්තු සමුගැනීමේ සාදයේ ෆොටෝ එකක්.
568
00:41:09,842 --> 00:41:11,177
මේ ඉන්නේ එකම කෙනා නේද?
569
00:41:13,721 --> 00:41:14,806
කවුද ඒ?
570
00:41:14,889 --> 00:41:17,308
එයා තමයි රෙස්ටුරන්ට් එකේ අයිතිකාරිය.
571
00:41:17,392 --> 00:41:19,143
ඒත් එයාගේ නම වෙනස්.
572
00:41:19,227 --> 00:41:21,980
එයා කිව්වේ එයාගේ නම ජෙසිකා කියලා, සිල්වියා නෙවෙයි.
573
00:41:23,982 --> 00:41:25,108
ජෙසිකා?
574
00:41:25,525 --> 00:41:27,610
ලිපිනය හරියටම ගැලපෙන නිසා,
575
00:41:27,694 --> 00:41:30,780
මම බැලුවා අයිතිකාරිය එකම
කෙනාද කියලා, ඒක එහෙමයි.
576
00:41:30,863 --> 00:41:32,281
එයාගේ නම ජෙසිකා.
579
00:41:37,704 --> 00:41:40,248
ඔයා හිතනවද එයා නිවුන්නු කියලා?
581
00:41:48,673 --> 00:41:49,966
මේ මොකක්ද?
582
00:41:51,092 --> 00:41:53,052
මේ ඔයාගේ ලොක්කද?
583
00:41:56,014 --> 00:41:57,181
ඔව්, ඒ තමා.
584
00:41:57,598 --> 00:41:59,058
ඔයාට කොහෙන්ද මේ ෆොටෝ එක?
586
00:42:03,479 --> 00:42:05,189
ෆොටෝ එක දිහා හොඳට බලන්න.
587
00:42:05,273 --> 00:42:06,399
එයාගේ නම සිල්වියා.
588
00:42:06,482 --> 00:42:07,775
ඔයාට විශ්වාස ද ඒ ඔයාගේ ලොක්කා කියලා?
589
00:42:07,859 --> 00:42:09,235
මම කිව්වනේ ඒ එයා තමයි කියලා.
590
00:42:09,652 --> 00:42:11,779
-එයා නිවුන්නු නෙවෙයිද?
-නැහැ.
591
00:42:11,863 --> 00:42:13,656
එයාගේ එහා පැත්තේ ඉන්නේ එයාගේ මහත්තයා.
592
00:42:15,742 --> 00:42:16,743
එයාගේ මහත්තයද?
593
00:42:17,368 --> 00:42:18,828
ඔයා කොහොමද දන්නේ? ඔයා දැක්කද?
594
00:42:18,911 --> 00:42:20,038
ඔව්.
595
00:42:20,121 --> 00:42:22,623
මම දැක්කා එයාගේ පුතාව
ඉස්කෝලෙන් ගෙදර ගෙනත් දාද්දී.
596
00:42:28,171 --> 00:42:29,464
එයා බරයි.
597
00:42:32,383 --> 00:42:33,426
මට විශ්වාසයි
598
00:42:36,012 --> 00:42:37,305
හරි.
599
00:42:37,972 --> 00:42:39,015
බායි.
600
00:42:44,645 --> 00:42:47,190
එයා ඔයාගේ මාමා, නේද?
601
00:42:48,483 --> 00:42:49,484
ඔව්.
602
00:42:50,026 --> 00:42:53,112
ඔයා හිතන්නේ මෙතන මොකක්ද වෙන්නේ කියලා?
603
00:42:53,196 --> 00:42:54,572
මම හිතන්නේ...
604
00:42:56,240 --> 00:42:58,117
සිල්වියා සහ ජෙසිකා
605
00:42:59,786 --> 00:43:01,120
කියන්නේ එකම කෙනෙක්.
606
00:43:03,331 --> 00:43:04,582
ඒත් එතකොට...
607
00:43:06,751 --> 00:43:07,919
ඒ කියන්නේ...
608
00:43:09,921 --> 00:43:14,175
ඔයාගේ මාමා සමාගම අල්ලගන්න
හදන මිනිස්සුත් එක්ක වැඩ කරනවා.
609
00:43:15,551 --> 00:43:17,428
ඒක වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
610
00:43:20,014 --> 00:43:22,391
ඩේවිඩුත් මේකට සම්බන්ධ නම්...
611
00:43:30,900 --> 00:43:34,612
එහෙනම්, ඔයා හිතනවද ඔයාගේ
නැන්දා මේ ඔක්කොම දන්නවා කියලා?
612
00:43:35,279 --> 00:43:37,031
එයාට ඇමරිකාවේ පුතෙක් ඉන්නවා කියලත්.
616
00:43:58,010 --> 00:43:59,220
ඔයා මොකද මෙතන කරන්නේ?
617
00:43:59,303 --> 00:44:00,304
මොකක්? මුකුත් නෑ.
618
00:44:00,763 --> 00:44:01,848
මොකක්ද?
619
00:44:01,931 --> 00:44:04,267
මට අම්මව බලන්න ඉස්පිරිතාලෙට යන්න ඕන.
620
00:44:04,350 --> 00:44:05,852
ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද?
621
00:44:05,935 --> 00:44:07,311
මට දැන් හරිම මහන්සියි.
622
00:44:07,395 --> 00:44:09,272
හරි.
623
00:44:39,051 --> 00:44:40,511
ආයුබෝවන්, මැඩම්.
624
00:44:41,554 --> 00:44:43,806
ගොඩක් කල්. කොහොමද ඔයාට?
625
00:44:43,890 --> 00:44:46,017
ඔයා දන්නවනේ, සමාගම ටිකක්...
626
00:44:46,809 --> 00:44:48,102
ඒක ඇහීම ගැන කණගාටුයි.
627
00:44:48,186 --> 00:44:50,813
අපි හැමෝම එකතු වෙලා විසඳුමක් හොයමු.
628
00:44:50,897 --> 00:44:52,356
ඇත්තෙන්ම.
629
00:44:52,440 --> 00:44:54,775
මේ අපේ කණ්ඩායම් නායකයෝ
අද අපිත් එක්ක එකතු වෙන.
630
00:44:54,859 --> 00:44:56,485
එයාලා සභාපතිතුමියගේ මුණුබුරෝ.
631
00:44:57,195 --> 00:44:59,655
මම සිල්වියා ඕ, BQ කැපිටල් එකේ CEO.
632
00:45:01,908 --> 00:45:03,201
මම ජන්ග් ඉයුන්සූ.
633
00:45:08,539 --> 00:45:09,832
මම කිම් වූජූ.
634
00:45:15,755 --> 00:45:16,756
කරුණාකර වාඩිවෙන්න.
635
00:45:27,892 --> 00:45:29,393
සේවක සුරක්ෂිතභාවය?
636
00:45:31,979 --> 00:45:33,689
මම හිතන්නේ ඔයාට වැරදිලා.
637
00:45:34,941 --> 00:45:36,901
අපි කරන්නේ පුණ්‍යායතනයක් නෙවෙයි.
638
00:45:36,984 --> 00:45:38,069
අපි ආයෝජකයෝ.
639
00:45:38,152 --> 00:45:39,195
නමුත්,
640
00:45:39,695 --> 00:45:42,698
කර්මාන්තශාලා සේවකයන්ගේ ඉඳන් බෙදාහැරීමේ
රියදුරන් සහ කැෆේ කාර්ය මණ්ඩලය දක්වා.
641
00:45:42,782 --> 00:45:44,909
එයාලා හැමෝම මියුන්සූන්ඩන්ග්
එකේ පූර්ණ කාලීන සේවකයෝ.
642
00:45:44,992 --> 00:45:46,744
-ඉතින්, සේවක කප්පාදුවක් බෑ--
-ඔයාලට බෑ නම්,
643
00:45:46,827 --> 00:45:48,246
දඩය ගෙවන්න.
644
00:45:50,539 --> 00:45:51,540
මැඩම්.
645
00:45:51,624 --> 00:45:54,585
කරුණාකරලා ඔච්චර සැර වෙන්න එපා.
646
00:45:54,669 --> 00:45:57,922
ඔයා අපිට තව ටික කාලයක්
දුන්නොත්, අපි විසඳුමක් හොයාගන්නම්.
647
00:45:59,882 --> 00:46:02,677
මහජන මතය නරක අතට
හැරිලා විකුණුම් කඩා වැටෙනවා,
648
00:46:02,760 --> 00:46:05,137
සහ ඔයාලගේ වත්කම් ඔක්කොම දේපළ වල හිරවෙලා.
649
00:46:05,221 --> 00:46:07,515
මට ආරංචියි ඔයාලට අමතර ණය ගන්නත් බෑ කියලා.
650
00:46:08,266 --> 00:46:09,600
ඒක හරි නේද?
651
00:46:09,684 --> 00:46:11,060
ඉතින්, ඔයාලට මොනවද කරන්න පුළුවන්?
652
00:46:12,937 --> 00:46:15,064
ඔයාලට අඩුම තරමේ
ආයෝජනයවත් ගලවගන්න ඕන නම්,
653
00:46:15,147 --> 00:46:17,275
ඔයාලට සමාගම කෑලි වලට විකුණන්නත් වෙයි.
654
00:46:18,859 --> 00:46:19,902
ඔයාට ඕන ඒකද?
655
00:46:19,986 --> 00:46:21,028
මැඩම්...
656
00:46:28,577 --> 00:46:29,787
හරි.
657
00:46:32,415 --> 00:46:36,669
අපි මුලින්ම ඔයාගේ ඉල්ලීම් ගැන
අප අතරේ සාකච්ඡා කරන්නම්.
658
00:46:43,759 --> 00:46:45,136
මූල්‍ය ප්‍රධානී ජන්ග් හන්ගු
659
00:46:45,219 --> 00:46:47,388
කොහොමද ඔයාට මෙච්චර හැඟීම්බර වෙන්න පුළුවන්?
660
00:46:47,471 --> 00:46:49,515
එයා එක්ක හැප්පෙන්න ගිහින් හොඳක් වෙන්නෙ නෑ.
661
00:46:51,183 --> 00:46:52,310
ඒත්...
662
00:46:53,561 --> 00:46:55,813
බලමු ඔයාගෙ මාමා කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.
663
00:46:56,272 --> 00:46:58,107
ඊටපස්සෙ අපිට අපේ උපාය
මාර්ගය සැලසුම් කරන්න පුළුවන්.
664
00:46:59,483 --> 00:47:00,526
මට සමාවෙන්න.
665
00:47:01,152 --> 00:47:02,403
ඒක ගොඩක් අසාධාරණයි.
666
00:47:03,195 --> 00:47:04,947
මම දන්නවා.
667
00:47:05,406 --> 00:47:07,366
ඒත් මේක ඒකට වෙලාව නෙවෙයි.
668
00:47:07,450 --> 00:47:08,701
එහෙනම්,
669
00:47:09,744 --> 00:47:11,162
අපි මොකද කරන්න ඕනෙ කියලා ඔයා හිතන්නෙ?
670
00:47:14,832 --> 00:47:16,959
අපිට එයාගෙ ඉල්ලීම්වලට යටත් වෙන්නම සිද්ධ වෙයි.
671
00:47:17,835 --> 00:47:20,338
අපි මුලින්ම කළමනාකරණ මට්ටම්
සියල්ල ඉවත් කිරීමෙන් පටන් ගමු,
672
00:47:20,421 --> 00:47:22,214
සහ ඉක්මනින් කර්මාන්තශාලා
673
00:47:22,715 --> 00:47:24,467
සහ අනෙකුත් දේපළ විකුණා
මුදල් සුරක්ෂිත කරගත යුතුයි.
674
00:47:25,718 --> 00:47:26,969
ඒක ලොකු පාඩුවක් වෙයි, ඒත්...
675
00:47:38,314 --> 00:47:39,565
මේක අපි බලාපොරොත්තු වුන විදිහමයි.
676
00:47:40,816 --> 00:47:42,360
එයාලා ආගන්තුකයන් වගේ හැසිරුණා.
677
00:47:42,860 --> 00:47:44,445
එයාලා හදන්නෙ මේක ඉතා අඩු මුදලකට විකුණලා
678
00:47:44,528 --> 00:47:46,197
හිස් කවචයක් බවට පත් කරන්න.
679
00:47:46,989 --> 00:47:49,909
ඊටපස්සෙ එයාලා පේටන්ට්
තාක්ෂණයයි සන්නාමයයි විකුණයි.
680
00:47:50,368 --> 00:47:51,410
මේක හරිම කලකිරවන සුළුයි.
681
00:47:51,494 --> 00:47:53,287
අපිට බැරිද එයාලව හෙළිදරව් කරන්න?
682
00:47:53,371 --> 00:47:55,498
හැමෝටම එයාලගෙ සම්බන්ධය ගැන දන්වලා
683
00:47:55,581 --> 00:47:56,999
සමාගම අත්පත් කරගැනීමේ සැලැස්ම ගැනත් කියමු.
684
00:47:57,083 --> 00:48:00,669
ඒත් පරදාර සේවනය තීරණාත්මක
සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්න බෑ.
685
00:48:01,379 --> 00:48:04,673
වංචාවක් කරන්න එයාලා කුමන්ත්‍රණය
කළා කියලා අපිට ස්ථිර සාක්ෂි ඕනෙ.
686
00:48:05,758 --> 00:48:08,886
පරදාර සේවනය ගැන වාර්තා කරලා එයාලගෙ
ෆෝන්වලටවත් ගිණුම්වලටවත් ප්‍රවේශ වෙන්න බෑ.
687
00:48:08,969 --> 00:48:11,305
අනික එයාලා වැඩ සම්බන්ධයෙන්
කිසිම සම්බන්ධයක් නෑ කිව්වොත්,
688
00:48:11,389 --> 00:48:12,681
අපිට කිසි දෙයක් කරගන්න වෙන්නෙ නෑ.
689
00:48:17,645 --> 00:48:19,980
සභාපතිතුමියට සිහිය ආවනම්
කියලා මම ප්‍රාර්ථනා කරනවා.
690
00:48:30,699 --> 00:48:31,826
අම්මා.
691
00:48:32,827 --> 00:48:35,037
කරුණාකරලා නැගිටින්න.
692
00:48:35,996 --> 00:48:39,041
නැගිටින්න, එතකොට මට
ඔයාගෙන් සමාව ඉල්ලන්න පුළුවන්.
693
00:48:40,000 --> 00:48:43,504
ඇයි ඔයා හැමතිස්සෙම මාව නරක කෙනා කරන්නෙ?
694
00:48:48,801 --> 00:48:51,178
අම්මා, කරුණාකරලා නැගිටින්න.
695
00:48:53,889 --> 00:48:55,975
මට සමාවෙන්න.
696
00:48:56,559 --> 00:48:58,227
නැගිටින්න.
697
00:49:06,026 --> 00:49:07,027
මොකක්ද?
698
00:49:07,695 --> 00:49:09,280
ආච්චිට සිහිය ඇවිත්ද?
699
00:49:14,118 --> 00:49:15,453
හරි, අම්මා.
700
00:49:15,536 --> 00:49:17,455
මම දැන්ම හොස්පිටල් එකට යන්නම්.
701
00:49:31,510 --> 00:49:32,761
එකයි, දෙකයි, තුනයි.
702
00:49:33,262 --> 00:49:34,388
මගේ.
703
00:49:36,515 --> 00:49:38,058
මේ පාර මගේ වාරේ, අම්මි.
704
00:49:40,936 --> 00:49:42,188
එකයි, දෙකයි.
705
00:49:42,271 --> 00:49:43,314
ඔයා දෙකක් ගත්තද?
706
00:49:43,397 --> 00:49:45,274
මගේ වාරේ. බලන්න.
707
00:49:45,357 --> 00:49:46,442
එකයි...
708
00:49:46,525 --> 00:49:47,568
පොඩ්ඩක් ඉන්න.
709
00:49:49,445 --> 00:49:50,446
හලෝ?
710
00:49:54,158 --> 00:49:55,493
එයාට සිහිය ඇවිත්ද?
711
00:50:06,253 --> 00:50:07,296
ප්‍රභූ කෝ පිල්න්යුන්
712
00:50:41,997 --> 00:50:43,666
අර නාකි හැතිරි හැමදේම දන්නවා.
713
00:50:43,749 --> 00:50:45,125
අපි දැන්ම එයාව අයින් කරලා දාන්න ඕනෙ.
714
00:51:17,116 --> 00:51:18,117
මාව අතාරිනවා!
715
00:51:29,253 --> 00:51:30,754
මාව අතාරිනවා!
716
00:51:35,050 --> 00:51:36,051
ඕ මින්ජොන්ග්.
717
00:51:40,931 --> 00:51:41,932
එපා...
718
00:51:42,308 --> 00:51:43,726
එපා.
719
00:51:43,809 --> 00:51:44,935
ඕ මින්ජොන්ග් මෙනවිය.
720
00:51:45,019 --> 00:51:47,438
-මිනීමැරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් ඔබව අත්අඩංගුවට ගන්නවා.
-එපා.
721
00:51:47,521 --> 00:51:49,189
-එපා.
-නිශ්ශබ්දව ඉන්න ඔයාට අයිතියක් තියෙනවා,
722
00:51:49,273 --> 00:51:50,441
නීතිඥයෙකුගේ සහය ලබාගැනීමේ අයිතිය,
723
00:51:50,524 --> 00:51:52,735
සහ ඔබව අත්අඩංගුවට ගැනීම ගැන
සමාලෝචනයක් ඉල්ලීමේ අයිතියත් තියෙනවා.
724
00:51:52,818 --> 00:51:54,278
-එපා!
-අරන් යන්න මෙයාව.
725
00:51:57,072 --> 00:51:58,282
මාව අතාරිනවා, කාලකණ්ණි.
726
00:51:59,074 --> 00:52:00,075
අතාරිනවා!
727
00:52:03,621 --> 00:52:04,913
රිදෙනවා.
728
00:52:13,380 --> 00:52:16,133
ඒ අය ගැන වාර්තා කරලා එයාලගෙ
ෆෝන්වලට හෝ ගිණුම්වලට ප්‍රවේශ වෙන්න බෑ.
729
00:52:16,216 --> 00:52:18,218
අනික එයාලා වැඩ සම්බන්ධයෙන්
සම්බන්ධයක් නෑ කිව්වොත්,
730
00:52:18,302 --> 00:52:19,303
ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ.
731
00:52:20,012 --> 00:52:22,389
සභාපතිතුමියට සිහිය ආවනම්
කියලා මම ප්‍රාර්ථනා කරනවා.
732
00:52:28,646 --> 00:52:31,774
අපි එයාට සිහිය ආවා කියලා පණිවිඩයක් යවමු.
733
00:52:32,775 --> 00:52:34,818
එතකොට වැරදිකාරයා ඉස්සරහට එයි,
734
00:52:34,902 --> 00:52:36,820
එයා නැගිටිනවට බය කෙනා.
735
00:52:37,571 --> 00:52:39,698
ඒ කෙනාව අල්ලගන්න
736
00:52:39,782 --> 00:52:41,742
එයාලගෙ ෆෝන්වලටයි ගිණුම්වලටයි ප්‍රවේශය ගන්න.
737
00:52:43,160 --> 00:52:45,829
ඒක කරන්න, අපිට මේ කෙනාගෙන් උදව් ඕනෙ.
738
00:52:48,207 --> 00:52:49,667
මොකක්ද? සිල්වියා ඕ?
739
00:52:50,459 --> 00:52:52,586
ඔයාට මේක කියනවට මට සමාවෙන්න,
740
00:52:52,670 --> 00:52:55,130
ඒත් එයාගෙයි මාමාගෙයි සම්බන්ධය ගැන මට විශ්වාසයි.
741
00:52:55,214 --> 00:52:58,008
අනික ඒ කාන්තාව ඇමරිකාවේ J
කන්සල්ටින් එකටත් සම්බන්ධයි--
742
00:52:58,092 --> 00:52:59,343
එතනින් නවතින්න.
743
00:52:59,760 --> 00:53:00,803
ඔයා දැනගෙන හිටියද?
744
00:53:04,556 --> 00:53:07,643
තාත්තට ගෑණියෙක් ඉන්නවා කියලා මම දැනගෙන හිටියා.
745
00:53:08,018 --> 00:53:09,645
එයා ඇමරිකාවෙ ඉන්නෙ කියලත් මම දැනගෙන හිටියා.
746
00:53:09,728 --> 00:53:10,771
ඒත්...
747
00:53:11,605 --> 00:53:13,190
ඒ සිල්වියා ඕ කියලා මම දැනගෙන හිටියෙ නෑ.
748
00:53:18,821 --> 00:53:20,948
මේක දරාගන්න අමාරුයි කියලා මට විශ්වාසයි.
749
00:53:22,908 --> 00:53:24,076
තව ප්‍රශ්නයක් තියෙනවා.
750
00:53:25,661 --> 00:53:28,706
මාමයි ඒ ගෑණියි සමාගම විකුණන්න සැලසුම් කරනවා.
751
00:53:31,625 --> 00:53:34,336
ඒත් ඔයාට සාක්ෂි නෑනෙ. මේක
ඔයාගෙ අනුමානයක් විතරයි.
752
00:53:34,420 --> 00:53:36,922
හරියටම හරි, ඒ සාක්ෂි
හොයාගන්න මට ඔයාගෙ උදව් ඕනෙ.
753
00:53:37,589 --> 00:53:39,591
ආච්චිවයි, සමාගමයි,
754
00:53:40,467 --> 00:53:42,261
නැන්දව පවා ආරක්ෂා කරගන්න...
755
00:53:47,224 --> 00:53:48,767
මම මොකක්ද කරන්න ඕනෙ?
756
00:54:01,405 --> 00:54:02,573
මොකක්ද?
757
00:54:03,157 --> 00:54:04,742
ආච්චිට සිහිය ඇවිත්ද?
758
00:54:10,038 --> 00:54:11,206
හරි, අම්මා.
759
00:54:11,290 --> 00:54:13,333
මම දැන්ම හොස්පිටල් එකට යන්නම්.
760
00:54:35,689 --> 00:54:36,774
එයාගෙ ඔළුව බලාගන්න.
761
00:54:36,857 --> 00:54:40,486
ඕ මින්ජොන්ග් මෙනවියයි
ආවෙ, අධ්‍යක්ෂ ජන්ග් නෙවෙයි.
762
00:54:40,944 --> 00:54:43,155
කවුරුහරි අහුවෙලා, ඒක පටන්ගැම්මක් විතරයි.
763
00:54:44,156 --> 00:54:47,493
එයාගෙන් ප්‍රශ්න කළාම, එයා කවුරුත්
එක්කද සම්බන්ධ කියලා හොයාගනියි.
764
00:54:58,462 --> 00:54:59,713
හොඳ වැඩක්.
765
00:55:01,048 --> 00:55:02,591
ඔයාට මේක අමාරු වෙන්න ඇති.
766
00:55:04,927 --> 00:55:06,386
ඔයත් හොඳට කළා.
767
00:55:08,055 --> 00:55:09,348
ඔයාට බඩගිනි නැද්ද?
768
00:55:09,431 --> 00:55:10,891
ගිහින් මොනවාහරි කන්න යන්න කැමතිද?
769
00:55:11,767 --> 00:55:12,768
හා.
770
00:55:16,438 --> 00:55:18,023
ඔයා මොනවද කන්න කැමති?
771
00:55:21,443 --> 00:55:23,111
සැරට හදපු ඌරු මස්?
772
00:55:24,613 --> 00:55:27,491
සෝල් නුවර රෝහලකදී, BQ කැපිටල් හි
ප්‍රධාන විධායක නිලධාරීනී, ඕ මින්ජොන්ග්,
773
00:55:27,574 --> 00:55:28,992
අත්අඩංගුවට ගෙන තිබෙනවා
774
00:55:29,076 --> 00:55:31,328
මයොන්ග්සුන්ඩන්ග් හි සභාපතිනී කෝ පිල්න්යුන්ට
වස දීමට තැත් කිරීමක් සම්බන්ධයෙන්.
775
00:55:31,411 --> 00:55:34,164
පොලිසියට අනුව, ඊයේ අලුයම,
776
00:55:34,248 --> 00:55:37,543
ඕ මෙනවිය සභාපතිතුමියගේ
ප්‍රභූ රෝහල් කාමරයට රිංගා,
777
00:55:37,626 --> 00:55:39,628
ඇයට වස දීමට උත්සාහ කර තිබෙනවා.
778
00:55:39,711 --> 00:55:41,088
ව්‍යාජ ගිවිසුම සමඟ,
779
00:55:41,171 --> 00:55:43,590
මයොන්ග්සුන්ඩන්ග් ආයතනයට ආයෝජන
වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.
780
00:55:43,674 --> 00:55:45,008
නමුත් පොලිසිය තහවුරු කර තිබෙන්නේ
781
00:55:45,092 --> 00:55:47,177
මයොන්ග්සුන්ඩන්ග් ආයතනය
අත්‍යවශ්‍යයෙන්ම වින්දිතයා බවයි.
782
00:55:47,261 --> 00:55:49,638
ඕ මෙනවියගේ දුරකථනයෙන් සහ ඊමේල්වලින්
පොලිසිය සාක්ෂි සොයාගෙන තිබෙනවා
783
00:55:49,721 --> 00:55:53,350
ඇය කාල්ට්ස් හෝටලයේ හිටපු
විධායකයෙකු සමඟ කුමන්ත්‍රණය කර
784
00:55:53,433 --> 00:55:55,894
ගිවිසුම ව්‍යාජ ලෙස සකස්
කර වංචාව සිදු කළ බවට.
785
00:55:55,978 --> 00:55:57,980
පොලිසිය දැන් ජාත්‍යන්තර
පොලිසිය සමඟ සහයෝගයෙන්...
786
00:55:58,063 --> 00:56:00,399
මම එයාලට දැනටමත් කියලා තියෙන්නෙ.
787
00:56:00,482 --> 00:56:03,026
මම කිව්වා සභාපතිතුමිය කවදාවත්
එහෙම දෙයක් කරන්නෙ නෑ කියලා.
788
00:56:03,110 --> 00:56:05,696
ඒත් මේ දවස්වල තරුණ අය සමාගමට පක්ෂපාතී නෑ.
789
00:56:05,779 --> 00:56:08,115
එයාලා වෙනත් සමාගම්වලට
අයදුම්පත් යවන්න උත්සාහ කළා,
790
00:56:08,198 --> 00:56:09,366
ඉතින් මම එයාලට හොඳටම බැන්නා.
791
00:56:09,908 --> 00:56:13,787
මම කිව්වා සමාගමට මෙච්චර
ද්‍රෝහි වෙන්න එපා කියලා.
792
00:56:17,332 --> 00:56:18,625
ආ, හේයි, යාළුවනේ.
793
00:56:19,001 --> 00:56:20,419
එයාලා කවද්ද ආවෙ?
794
00:56:20,502 --> 00:56:21,587
ඕ මෙනවිය...
795
00:56:22,296 --> 00:56:23,797
මොන ද්‍රෝහියෙක්ද.
796
00:56:23,880 --> 00:56:26,383
-ඔයා දන්නවද කොච්චර අමාරුද කියලා--
-අපිට මේක කරන්න පුළුවන්!
797
00:56:26,466 --> 00:56:28,218
අපි මහන්සි වෙලා වැඩ කරමු. යමු!
798
00:56:35,475 --> 00:56:36,476
ඔයාලා හැමෝටම ස්තූතියි.
799
00:56:37,769 --> 00:56:39,187
සමාගම ගැන විශ්වාසය තැබුවට.
800
00:56:39,813 --> 00:56:43,066
මම හිතන්නෙ ඔයාලා නිසා තමයි අපිට
මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වුණේ.
801
00:56:43,150 --> 00:56:47,029
කිම් මහත්මයා, ඔයාට තමයි අමාරුම වෙන්න ඇත්තෙ.
802
00:56:48,280 --> 00:56:49,823
දැන් මොකද වෙන්නෙ?
803
00:56:49,906 --> 00:56:52,868
අධ්‍යක්ෂ ජන්ග්ත් මේකට
සම්බන්ධයි කියලා මට ආරංචියක් ආවා.
804
00:56:53,785 --> 00:56:56,079
සෙජුන්ග්, මම කිව්වනෙ ඒක රහසක් කියලා.
805
00:56:57,205 --> 00:56:58,290
ඒක රහසක්ද?
806
00:56:58,373 --> 00:56:59,791
මම ඔයාට කිව්වෙ නැද්ද?
807
00:56:59,875 --> 00:57:02,044
මම හිතුවෙ ටීම් එකේ හැමෝම දන්නවා කියලා.
808
00:57:04,921 --> 00:57:07,466
ජන්ග්මුන් පොලිස් ස්ථානය, රහස් පරීක්ෂක පාක්
809
00:57:08,759 --> 00:57:10,844
ඕ මෙනවියගේ දුරකථනයේ
අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයෙන්,
810
00:57:10,927 --> 00:57:13,221
ඇය ඩේවිඩ් සමඟ කුමන්ත්‍රණය
කළ බවට අපට සාක්ෂි හමු වුණා.
811
00:57:14,556 --> 00:57:18,060
නමුත් ඇය සහ ජන්ග් හන්ගු මහතා
අතර පුද්ගලික පණිවිඩ තිබුණේ නැහැ.
812
00:57:18,477 --> 00:57:20,979
ජන්ග් මහතාගේ ගිණුමට කිසිදු
ගනුදෙනුවක් සිදුවෙලත් තිබුණේ නැහැ.
813
00:57:22,064 --> 00:57:23,065
ඇත්තද?
814
00:57:24,483 --> 00:57:26,610
එයා සෝල්වල කාවවත් දන්නෙ නෑ,
815
00:57:26,693 --> 00:57:28,362
මට එන්න වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණෙ නෑ.
816
00:57:34,034 --> 00:57:35,744
ඔයා වැරැද්දක් කළා වගේ නෙවෙයිනෙ.
817
00:57:36,870 --> 00:57:37,996
හෙමින් කන්න.
818
00:57:38,080 --> 00:57:39,164
හරි.
819
00:57:39,831 --> 00:57:40,999
මේක හරිම රසයි.
820
00:57:43,794 --> 00:57:45,837
කනකොට ඕක පැත්තකින් තියන්න.
821
00:57:46,338 --> 00:57:47,422
බෑ.
822
00:57:47,506 --> 00:57:48,715
බෑ.
823
00:57:49,132 --> 00:57:51,093
එයා මාත් එක්ක කනවා.
824
00:57:52,594 --> 00:57:53,762
හොඳයි.
825
00:57:54,805 --> 00:57:57,265
තනියම කන එක පාළුයි ඇති.
826
00:57:57,724 --> 00:57:59,101
එහෙනම් එකට කන්න.
827
00:57:59,935 --> 00:58:01,520
ඔයාටත් ටිකක් කන්න ඕනෙද?
828
00:58:05,649 --> 00:58:09,444
මම කලින් වැඩ කරපු ආපනශාලා
කළමනාකරුවෙක්ට කිව්වා එයාව බලාගන්න කියලා.
829
00:58:10,404 --> 00:58:12,739
මම එයාට කිව්වෙ දවස්
කීපයකට උදව් කරන්න විතරයි.
830
00:58:12,823 --> 00:58:14,324
ඒ නිසා, කරුණාකරලා හෙන්රිව බලාගන්න.
831
00:58:14,408 --> 00:58:15,826
කලබල වෙන්න එපා.
832
00:58:17,327 --> 00:58:19,830
ඔයා සර්වර් එකෙන් හැම වාර්තාවක්ම මැකුවා, නේද?
833
00:58:21,164 --> 00:58:22,165
ඔව්.
834
00:58:23,166 --> 00:58:25,961
මම ඔයාට කතා කරපු ෆෝන් එකත් නැති කරලා දැම්මා.
835
00:58:27,045 --> 00:58:28,422
ඔයා නියමෙටම ඒක කළා.
836
00:58:29,339 --> 00:58:31,216
කවුරුහරි හෙන්රිව බලාගන්න ඕනෙ.
837
00:58:31,925 --> 00:58:33,427
නීතිඥයා මොකද කිව්වෙ?
838
00:58:34,219 --> 00:58:36,680
එයාලා කිව්වා ඔයාට අවුරුදු
15ක් විතර ලැබෙයි කියලා.
839
00:58:36,763 --> 00:58:39,641
ඒත් මම හොඳම නීතිඥයව යොදවලා
ඔයාව පුළුවන් තරම් ඉක්මනට එළියට ගන්නම්.
840
00:58:43,770 --> 00:58:47,357
ඔයා කරන්න ඕනෙ නිශ්ශබ්දව ඉන්න එක විතරයි.
841
00:58:48,150 --> 00:58:49,317
ඔයා දික්කසාද වෙලා
842
00:58:50,444 --> 00:58:52,988
හෙන්රිවත් අරන් ඇමරිකාවට යයි, නේද?
843
00:58:56,283 --> 00:58:57,284
ඇත්තෙන්ම.
844
00:58:59,035 --> 00:59:00,036
කලබල වෙන්න එපා.
845
00:59:20,974 --> 00:59:23,393
මොකද මේ කලින් කතා නොකරම ඇවිත්?
846
00:59:23,477 --> 00:59:24,936
ඔයා කොහේ ඉඳලද එන්නෙ?
847
00:59:25,020 --> 00:59:27,397
ආ, මට එළියෙ මීටින් එකක් තිබුණා.
848
00:59:27,481 --> 00:59:29,900
ඕ මින්ජොන්ග් මෙනවිය එක්ක තිබුණු
මීටින් එකක ඉඳලා නෙවෙයිනෙ, නේද?
849
00:59:35,947 --> 00:59:36,948
ඔයා මොනවද මේ කියන්නෙ?
850
00:59:37,449 --> 00:59:39,910
මම ඔයාලගෙ සම්බන්ධය ගැන දන්නවා.
851
00:59:41,328 --> 00:59:42,412
ඔයා අපිට බොරු කියලා
852
00:59:42,496 --> 00:59:45,207
J කන්සල්ටින් හරහා සමාගමේ
අරමුදල් වංචා කළා කියලා.
853
00:59:48,043 --> 00:59:49,669
අනික ඔයාට ඇමරිකාවෙ පුතෙක් ඉන්නවා කියලත්.
854
00:59:51,630 --> 00:59:52,839
මාමේ,
855
00:59:53,298 --> 00:59:55,550
මම හැමදේම හෙළිදරව් කරනවා.
856
00:59:55,634 --> 00:59:58,512
ඔයා ඕ මින්ජොං මෙනවිය
එක්ක කුමන්ත්‍රණය කළා කියලා.
857
01:00:01,515 --> 01:00:02,974
මාව බ්ලැක්මේල් කළා.
858
01:00:05,852 --> 01:00:07,521
මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
859
01:00:08,146 --> 01:00:10,398
මම එයාගෙ තර්ජන නිසා ඇදි ඇදී ගියා.
860
01:00:10,482 --> 01:00:13,485
මම සල්ලි ගත්තේ නැත්නම්
එයා නිකන් ඉන්නෙ නැහැ කිව්වා.
861
01:00:13,568 --> 01:00:16,530
ළමයා මගේ කියලත් එයා කිව්වා,
ඒත් මට ඒ ගැන විශ්වාසයක් නැහැ.
862
01:00:17,656 --> 01:00:18,824
මමත් බයවෙලා ඉන්නෙ.
863
01:00:21,493 --> 01:00:22,536
මාව විශ්වාස කරන්න.
864
01:00:23,286 --> 01:00:25,747
J උපදේශනය එක්ක කරපු
පෞද්ගලික කොන්ත්‍රාත්තුව ඇරෙන්න,
865
01:00:26,456 --> 01:00:29,209
මට BQ Capital එක්ක කිසිම
සම්බන්ධයක් තිබුණේ නැහැ.
866
01:00:37,968 --> 01:00:38,969
එයා එහෙමද කිව්වෙ?
867
01:00:40,846 --> 01:00:41,847
ඔව්.
868
01:00:59,865 --> 01:01:01,950
මේක උදව්වක් වෙයිද දන්නෙ නැහැ,
869
01:01:02,409 --> 01:01:03,743
ඒත් මේකෙන් අඩුම තරමෙ ඔප්පු වෙයි
870
01:01:03,827 --> 01:01:06,037
එයාලගෙ සම්බන්ධය තර්ජනයක්
මත පදනම් වුණ එකක් නෙවෙයි කියලා.
871
01:01:13,962 --> 01:01:16,715
මට අවුරුදු 20දී, ගෙදර එන ගමන්,
872
01:01:16,798 --> 01:01:19,467
තාත්තා කාර් එකේ ඉඳන් හොරෙන්
ෆෝන් එකේ ඉන්නවා මම දැක්කා.
873
01:01:19,551 --> 01:01:22,554
එයා හැම රෑම පැය ගණන් හොරෙන් ෆෝන් එකේ හිටියා.
874
01:01:23,346 --> 01:01:25,140
මම කල්පනා කළා ඒ මොකක් ගැනද කියලා.
875
01:01:25,515 --> 01:01:27,434
ඉතින්, මම ඩෑෂ් කැම් රෙකෝඩින්වලට සවන් දුන්නා.
876
01:01:29,269 --> 01:01:31,855
මම ලබන සතියෙ වූජුගෙ ඉස්කෝලෙ
වැඩකට නිව් යෝර්ක් යනවා.
877
01:01:31,938 --> 01:01:33,356
ඒක ටිකක් හිරවුණු කාලසටහනක්,
878
01:01:33,440 --> 01:01:35,400
ඉතින් ඔයා නිව් යෝර්ක් එන්නෙ නැද්ද?
879
01:01:37,986 --> 01:01:39,029
ඔයා තරහින්ද?
880
01:01:39,446 --> 01:01:42,407
මම නිව් යෝර්ක්වල ඔයාගෙ කැමතිම
රෙස්ටුරන්ට් එකක් වෙන් කරන්නම්.
881
01:01:43,241 --> 01:01:44,326
මටත් ඔයාව මතක් වුණා.
882
01:01:50,165 --> 01:01:52,500
වංචා කිරීමක් ඔප්පු කරන්න මේක මදි
883
01:01:53,001 --> 01:01:55,670
සහ මගේ ආච්චිව මරන්න උත්සාහ කරපු එක.
884
01:02:32,040 --> 01:02:35,585
ඔයා ඇයි ආච්චිව මරන්න හැදුවෙ?
885
01:02:41,883 --> 01:02:43,093
මම ඔයාට කියන්නද?
886
01:02:45,053 --> 01:02:47,347
එයාව මරන්නෙ නැතුව වුණත්,
887
01:02:48,056 --> 01:02:50,600
ඔයාට නීත්‍යානුකූලව ම්යුංසූන්ඩං
අත්පත් කරගන්න තිබුණා.
888
01:02:51,851 --> 01:02:54,521
ඒත් ඇයි ඔයා එයාව මිනීමරන්න හැදුවෙ?
889
01:02:59,234 --> 01:03:00,402
සමහරවිට ආච්චි දන්නවා ඇති
890
01:03:01,319 --> 01:03:04,781
ඔයයි ජං හංගුයි එකතු වෙලා
කුමන්ත්‍රණය කළා කියලා.
891
01:03:10,078 --> 01:03:11,121
මම...
892
01:03:12,247 --> 01:03:13,790
මම දන්නෙ නැහැ
893
01:03:14,916 --> 01:03:16,710
ජං හංගුව පෞද්ගලිකව.
894
01:03:17,168 --> 01:03:18,420
ඕ මෙනවිය.
895
01:03:20,171 --> 01:03:22,173
මම හිතන්නෙ ඔයා වැරැද්ද භාරගන්න හදන්නෙ.
896
01:03:23,216 --> 01:03:25,510
ඒත් ඔයා හිතනවද ජං හංගු
එයාගෙ පොරොන්දුව රකියි කියලා?
897
01:03:29,889 --> 01:03:31,349
මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
898
01:03:31,808 --> 01:03:33,768
මම එයාගෙ තර්ජන නිසා ඇදි ඇදී ගියා.
899
01:03:33,852 --> 01:03:36,229
මම සල්ලි ගත්තේ නැත්නම් එයා නිකන් ඉන්නෙ නැහැ.
900
01:03:36,312 --> 01:03:39,357
ළමයා මගේ කියලත් එයා කිව්වා,
ඒත් මට ඒ ගැන විශ්වාසයක් නැහැ.
901
01:03:39,733 --> 01:03:40,900
මමත් බයවෙලා ඉන්නෙ.
902
01:03:43,570 --> 01:03:46,865
ජං හංගු දැනටමත් හදන්නෙ
ඔයාවයි ඔයාගෙ දරුවවයි අතාරින්න.
903
01:03:49,492 --> 01:03:50,744
ඉතින්, හොඳට කල්පනා කරන්න
904
01:03:51,411 --> 01:03:53,038
ඔයාට ඔයාගෙ පුතාව ආරක්ෂා කරගන්න ඕනෙ නම්.
905
01:03:56,416 --> 01:03:57,500
මට පොරොන්දු වෙන්න...
906
01:04:00,295 --> 01:04:01,880
හෙන්රිගෙ ආරක්ෂාව ගැන.
907
01:04:04,090 --> 01:04:05,216
එහෙනම්,
908
01:04:06,593 --> 01:04:08,011
මම ඔයාට ඕන දේ දෙන්නම්.
909
01:04:16,019 --> 01:04:18,021
ඔයා ජං හංගු එක්ක
කුමන්ත්‍රණය කරපු එකට සාක්ෂි.
910
01:04:19,814 --> 01:04:20,815
ඒක කොහෙද තියෙන්නෙ?
912
01:04:29,949 --> 01:04:32,660
මම සර්වර් එකයි ෆෝන් එකයි නැති කළා කියලා,
913
01:04:32,744 --> 01:04:33,870
ඔයා ආරක්ෂිතයි කියලා හිතන්න එපා.
914
01:04:34,913 --> 01:04:36,414
මොකද ඒ ඔක්කොම නෙවෙයි.
915
01:04:37,373 --> 01:04:38,750
අමතක කරන්න එපා.
916
01:04:38,833 --> 01:04:41,461
අපි අවුරුදු 25කට කලින් එකම බෝට්ටුවට නැග්ගෙ,
917
01:04:41,544 --> 01:04:45,590
අපෙන් එක්කෙනෙක්ටවත් ඉස්සෙල්ලා ඒකෙන් බහින්න බැහැ.
918
01:04:48,718 --> 01:04:50,845
"ඒ ඔක්කොම නෙවෙයි..."
919
01:06:01,166 --> 01:06:02,542
අම්මෙ, ඉන්න.
920
01:06:06,171 --> 01:06:08,006
එයා දිහා බලන්න.
921
01:06:08,464 --> 01:06:11,426
එයා නිතරම ඒක අරන් යන්නෙ
ඒක ඔයාගෙන් ලැබුණු තෑග්ගක් නිසා.
922
01:06:57,639 --> 01:06:59,599
ඔයා ඉස්සෙල්ලා 401 යුනිට් එකට යන්න.
923
01:06:59,682 --> 01:07:01,267
මගේ බිරිඳ නිදාගත්තම මම එන්නම්.
924
01:07:01,351 --> 01:07:02,685
මගේ මස්සිනාට සැක හිතිලා.
925
01:07:02,769 --> 01:07:04,229
අපිට පරිස්සම් වෙන්න වෙයි.
926
01:07:04,312 --> 01:07:05,813
ඇත්තෙන්ම, මටත් ඔයාව මතක් වුණා.
927
01:07:05,897 --> 01:07:08,066
හැමදේම ඉවර වෙනකල් ටිකක් ඉන්න.
928
01:07:08,149 --> 01:07:09,317
කලබල වෙන්න එපා.
929
01:07:09,400 --> 01:07:10,818
මාව විශ්වාස කරන්න.
930
01:07:10,902 --> 01:07:12,654
හැමදේම සැලසුම් කරපු විදිහට වෙයි.
932
01:07:21,037 --> 01:07:22,080
එයාලා දැන් ගියා.
934
01:07:24,582 --> 01:07:28,878
වාහනේ අංකය සෝල් 10 නී 3309.
935
01:07:34,008 --> 01:07:35,051
පැටියෝ.
936
01:07:36,803 --> 01:07:37,887
ඔයා මොකද කරන්නෙ?
937
01:07:37,971 --> 01:07:39,222
ඇවිත් පළතුරු ටිකක් කන්න.
938
01:07:39,305 --> 01:07:40,515
හරි, මම එනවා.
939
01:07:41,975 --> 01:07:43,268
මම ඔයාව හැමතැනම හෙව්වා.
943
01:08:02,787 --> 01:08:04,956
-ඉදිකිරීම් කරන තැනක් වෙන්න ඇති.
-මම හිතන්නෙත් එහෙමයි.
945
01:08:18,928 --> 01:08:20,346
වූජු, ඔයා තාම තරහින්ද?
946
01:08:20,430 --> 01:08:24,851
ඒක මගේ උපන්දින තෑග්ග.
ඇයි ඔයා ඒක එඋන්ග්සූට දුන්නෙ?
947
01:08:24,934 --> 01:08:26,644
ඒක මගේ.
948
01:08:26,728 --> 01:08:28,938
එයා ඒක ඉල්ලුවා.
949
01:08:29,022 --> 01:08:31,733
එයාගෙ පවුලෙ හැමෝම ආවා
ඔයාට සුබ උපන්දිනයක් පතන්න.
950
01:08:31,816 --> 01:08:33,901
-ඔයාට ඒක එයාට දෙන්න බැරි වුණාද?
-බැහැ.
951
01:08:34,777 --> 01:08:37,864
එයා හැමතිස්සෙම මගේ දේවල් ගන්නවා.
952
01:08:38,489 --> 01:08:40,158
එයා නපුරු ඌරෙක්.
953
01:08:40,241 --> 01:08:43,077
ඔයාගෙ ඥාති සහෝදරයා ගැන එහෙම කතා කරන්න බැහැ.
954
01:08:43,161 --> 01:08:44,454
ඒක ආපහු ගන්න.
955
01:08:53,171 --> 01:08:54,630
නැත්නම් තාත්තට හොඳටම තරහා යයි.
956
01:08:55,089 --> 01:08:56,174
ඔයා ඒක ආපහු ගන්නෙ නැද්ද?
957
01:08:58,551 --> 01:09:01,554
ඔයා හොඳ ළමයෙක්, නේද? තාත්තා කියන දේ කරන්න.
958
01:09:04,432 --> 01:09:05,641
ඔයා ඒක ආපහු ගන්නෙ නැද්ද?
959
01:09:08,186 --> 01:09:11,814
එහෙනම් මම ඔයාට රොබෝ
සෙල්ලම් බඩුව අරන් දෙන්නෙ නැහැ.
960
01:09:19,697 --> 01:09:20,740
පැටියෝ!
962
01:09:58,861 --> 01:10:00,738
මේක තමයි ඒ.
964
01:10:29,016 --> 01:10:32,019
ජනාධිපතිතුමා අපේ ගැන දැනගෙන.
965
01:10:32,478 --> 01:10:33,521
අපි මොකද කරන්නෙ?
966
01:10:33,604 --> 01:10:34,939
අපි එයාව අයින් කරන්න ඕනෙ.
967
01:10:35,022 --> 01:10:36,023
මොකක්?
968
01:10:36,107 --> 01:10:38,401
ලබන සතියෙ යෝසුවල පවුලේ හමුවක් තියෙනවා.
969
01:10:38,484 --> 01:10:41,571
අන්න එතකොට තමයි අපි ඒක කරන්න ඕනෙ.
970
01:11:17,565 --> 01:11:18,733
ඒ ඔයාද, මාමේ?
971
01:11:22,653 --> 01:11:23,654
මට කියන්න.
972
01:11:25,823 --> 01:11:27,033
ඒ ඔයාද?
975
01:12:08,032 --> 01:12:09,575
එයා මගෙන් සමාව ඉල්ලුවා,
976
01:12:09,659 --> 01:12:10,785
ඒත් එයා මගේ දෙමව්පියන්ව මැරුවා.
977
01:12:10,868 --> 01:12:12,912
අපරාධයේ ස්වභාවය ඉතා දරුණුයි,
978
01:12:12,995 --> 01:12:14,580
සහ ඉන් සිදුවන සමාජ හානිය විශාලයි.
979
01:12:14,664 --> 01:12:17,375
ඒ අනුව, මෙම අධිකරණය විත්තිකරුට...
980
01:12:17,458 --> 01:12:19,001
ඇයට සිහිය ආවා.
981
01:12:19,085 --> 01:12:20,670
අපි ගෙදරදි හම්බවෙමු.
982
01:12:20,753 --> 01:12:24,048
මම හිතන්නෙ නැහැ දිනුම් ඇදීමෙන් මට
ලැබුණු ගේ අපිට භාරගන්න පුළුවන් වෙයි කියලා.
983
01:12:24,131 --> 01:12:26,592
හොඳයි, මේක ඇත්තටම අලුත
බැඳපු ජෝඩුවක් වගේ දැනෙනවා.
984
01:12:26,676 --> 01:12:27,760
අපි අලුත බැඳපු ජෝඩුවක් තමයි.
985
01:12:27,844 --> 01:12:29,679
-මගේ හදවත...
-අපි පළතුරු ටිකක් ගමු.
986
01:12:29,762 --> 01:12:31,472
ඔයා දන්නෙ නැද්ද එයා දික්කසාද වුණු කෙනෙක් කියලා?
987
01:12:31,556 --> 01:12:33,850
-අපි මේක එකට ඉවර කරමු!
-එපා, නවතින්න!
988
01:12:35,226 --> 01:12:36,519
ඇයි ඔයා මට කතා කරන්නෙ නැත්තෙ
989
01:12:37,019 --> 01:12:38,020
සතියකට සැරයක්?
990
01:12:38,855 --> 01:12:40,106
ටිකක් ඉන්න.
991
01:12:40,189 --> 01:12:41,482
මම තාම මෙහේ.
992
01:12:41,566 --> 01:12:42,859
වූජු, දෙයක් වුණා.
993
01:12:42,942 --> 01:12:44,610
කාන්තාවක්, මගේ දැනට නීත්‍යානුකූල බිරිඳ,
994
01:12:44,694 --> 01:12:45,736
යූ මේරි.
995
01:12:45,862 --> 01:12:46,946
මොකක්?
996
01:12:47,029 --> 01:12:48,114
මාධ්‍ය හමුවක්?
997
01:12:50,616 --> 01:12:52,618
💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜