1
00:01:26,609 --> 00:01:28,609
ලව් මී

2
00:01:28,633 --> 00:01:30,633


3
00:01:30,657 --> 00:01:32,657


4
00:01:32,681 --> 00:01:34,681


5
00:01:34,705 --> 00:01:36,705
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜

6
00:01:36,729 --> 00:01:38,729


7
00:01:38,753 --> 00:01:40,753


8
00:01:40,777 --> 00:01:42,777


9
00:01:42,801 --> 00:01:44,268
<font color="#ffbf46">අම්මෝ!</font>

10
00:01:45,302 --> 00:01:47,771
<font color="#ffbf46">ඊයේ රෑ මෙහෙද නතර වුණේ?</font>

11
00:01:51,175 --> 00:01:52,395
<font color="#ffbf46">සමාවෙන්න.</font>

12
00:01:52,395 --> 00:01:55,045
<font color="#ffbf46">ඔය කැම්පස් ළමයි එක්ක එළිවෙනකම්
බොන එක දැන්වත් නවත්තන්න.</font>

13
00:01:55,045 --> 00:01:56,536
<font color="#ffbf46">දැන් ඔයාට වයස තිහක් නේද?</font>

14
00:01:56,536 --> 00:01:58,582
<font color="#ffbf46">පොඩි ළමයෙක් වගේ හැසිරෙන එක නවත්තන්න.</font>

15
00:01:58,582 --> 00:02:00,036
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, කෝ ඒක?</font>

16
00:02:00,036 --> 00:02:02,085
<font color="#ffbf46">ඔයා කොහේ හරි රතු පාට USB එකක් දැක්කද?</font>

17
00:02:02,586 --> 00:02:03,487
<font color="#ffbf46">මොකක්ද?</font>

18
00:02:03,487 --> 00:02:05,134
<font color="#ffbf46">මගේ රතු පාට USB එක.</font>

19
00:02:05,134 --> 00:02:06,123
<font color="#ffbf46">ඒක...</font>

20
00:02:06,123 --> 00:02:08,192
<font color="#ffbf46">මට දැන් පොඩ්ඩක් හදිස්සියි.</font>

21
00:02:08,192 --> 00:02:09,659
<font color="#ffbf46">ඒක කොහොම හරි හොයලා තියන්නකෝ, පුළුවන්ද?</font>

22
00:02:09,659 --> 00:02:11,128
<font color="#ffbf46">හරි හරි.</font>

23
00:02:11,128 --> 00:02:13,998
<font color="#ffbf46">වෙලාවක් ලැබුණොත් මේ කුණු ගොඩත්
පොඩ්ඩක් අස් කරලා දාන්න.</font>

24
00:02:13,998 --> 00:02:16,268
<font color="#ffbf46">බලන්නකෝ මේකෙ හැටි.</font>

25
00:02:16,268 --> 00:02:19,436
<font color="#ffbf46">දැන්වත් හැදෙන්න කාලේ හරි කියලා හිතෙන්නේ නැද්ද?</font>

26
00:02:21,075 --> 00:02:22,940
<font color="#ffbf46">ප්‍රොෆෙසර්.</font>

27
00:02:22,940 --> 00:02:24,174
<font color="#ffbf46">ඇයි?</font>

28
00:02:26,835 --> 00:02:29,646
<font color="#ffbf46">ඉස්සර සර් මට කිව්ව දෙයක් මතකද?</font>

29
00:02:30,955 --> 00:02:32,616
<font color="#ffbf46">මොකක්ද? මම මොකක්ද කිව්වේ?</font>

30
00:02:35,123 --> 00:02:37,754
<font color="#ffbf46">සර් ඇහුවනේ මට මගේ අනාගතේ ගැන
කිසි ගාණක් නැද්ද කියලා.</font>

31
00:02:38,222 --> 00:02:40,824
<font color="#ffbf46">අනික මම මගේ ජීවිතේ විනාශ කරගන්නවා
කියලත් කිව්වා.</font>

32
00:02:44,470 --> 00:02:45,896
<font color="#ffbf46">මම එහෙම කිව්වද?</font>

33
00:02:45,896 --> 00:02:48,332
<font color="#ffbf46">එහෙම කිව්වනම් වැරදියි. මට සමාවෙන්න.</font>

34
00:02:48,332 --> 00:02:50,000
<font color="#ffbf46">ප්‍රොෆෙසර්, මම...</font>

35
00:02:52,134 --> 00:02:55,172
<font color="#ffbf46">මම තවදුරටත් මගේ ජීවිතේ නාස්ති කරගන්නේ නෑ.</font>

36
00:02:55,830 --> 00:02:57,842
<font color="#ffbf46">මම මගේ ජීවිතේ ගැන දැන්</font>

37
00:02:57,842 --> 00:02:59,376
<font color="#ffbf46">ගොඩක් හිතනවා.</font>

38
00:03:31,509 --> 00:03:32,976
<font color="#ffbf46">කොහොමද ඉතින්.</font>

39
00:03:33,978 --> 00:03:35,746
<font color="#ffbf46">මම ඉතින් පරණ විදියටම තමයි.</font>

40
00:03:35,746 --> 00:03:37,414
<font color="#ffbf46">ඔයාට කොහොමද? හොඳින් ඉන්නවා නේද?</font>

41
00:03:39,042 --> 00:03:40,250
<font color="#ffbf46">මොකක්?</font>

42
00:03:41,977 --> 00:03:43,601
<font color="#ffbf46">මට දැනෙන්නේ නම්...</font>

43
00:03:43,601 --> 00:03:45,856
<font color="#ffbf46">මම හොඳටම සනීපෙන් ඉන්නවා වගේ,
ඒත් දොස්තරලා කියනවා පිළිකාවක් කියලා.</font>

44
00:03:46,624 --> 00:03:48,942
<font color="#ffbf46">ඒ වුණාට ඔයා හොඳ ෆිට් එකේ ඉන්නවනේ.</font>

45
00:03:48,942 --> 00:03:50,922
<font color="#ffbf46">ඒකනේ කියන්නේ.</font>

46
00:03:50,922 --> 00:03:53,164
<font color="#ffbf46">නොදන්නා තාක් කල් ලෙඩක් නෑ වගේනේ.</font>

47
00:03:53,164 --> 00:03:55,378
<font color="#ffbf46">දැනගත්තහම තමයි ලෙඩේ හැදෙන්නේ.</font>

48
00:03:55,378 --> 00:03:56,266
<font color="#ffbf46">මේ.</font>

49
00:03:56,266 --> 00:03:59,458
<font color="#ffbf46">මට එච්චර දුකක් නෑ.</font>

50
00:03:59,458 --> 00:04:01,005
<font color="#ffbf46">මගේ වයසත් එක්ක බැලුවහම,</font>

51
00:04:01,005 --> 00:04:03,774
<font color="#ffbf46">අනික මම බීපු හැටියටයි සිගරට් බොන හැටියටයි
එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.</font>

52
00:04:08,546 --> 00:04:11,148
<font color="#ffbf46">මේවා ගන්න.
ස්තූතියි.</font>

53
00:04:12,149 --> 00:04:14,051
<font color="#ffbf46">මේක බොන්න ළමයෝ.</font>

54
00:04:15,119 --> 00:04:16,820
<font color="#ffbf46">ඔයාට සීතල නැද්ද?</font>

55
00:04:16,820 --> 00:04:18,489
<font color="#ffbf46">මෙච්චර රෙදි තොගයක් ඇඳගෙන ඉන්නකොට
මට සීතල හැදෙයි කියලා හිතනවද?</font>

56
00:04:18,489 --> 00:04:21,325
<font color="#ffbf46">අපෝ හෙම්බිරිස්සාවක් හැදුණොත් ඉවරයි.</font>

57
00:04:21,325 --> 00:04:22,760
<font color="#ffbf46">මම ගිහින් පොරවන්න රෙද්දක් අරන් එන්නම්.</font>

58
00:04:22,760 --> 00:04:24,792
<font color="#ffbf46">ඕක ඇඳගෙනම ඉන්න.</font>

59
00:04:24,792 --> 00:04:26,496
<font color="#ffbf46">මට රස්නෙයි.</font>

60
00:04:28,532 --> 00:04:30,767
<font color="#ffbf46">මම ඉක්මනට එන්නම්.</font>

61
00:04:36,230 --> 00:04:38,409
<font color="#ffbf46">දැන් පොඩි එක්කෙනාටත් රස්සාවක් ලැබුණා,</font>

62
00:04:38,409 --> 00:04:41,805
<font color="#ffbf46">ළමයිනුත් අපිට ඇති තරම්
සල්ලි එවනවා.</font>

63
00:04:41,805 --> 00:04:44,872
<font color="#ffbf46">මම ඇත්තටම හිටියේ නෝනා එක්ක
රට වටේ ඇවිදින්න.</font>

64
00:04:44,872 --> 00:04:47,517
<font color="#ffbf46">ඒත් අන්තිමට මේ මහ ජරා ලෙඩේ හැදුණානේ.</font>

65
00:04:49,159 --> 00:04:51,622
<font color="#ffbf46">ගිය අවුරුද්දේ අපි ට්‍රිප් එක ගිය වෙලාවේ,</font>

66
00:04:51,622 --> 00:04:55,359
<font color="#ffbf46">නෝනාට ඕන වුණා එයාගේ මයිල්ස් පාවිච්චි කරලා
බිස්නස් ක්ලාස් යන්න.</font>

67
00:04:55,359 --> 00:04:58,242
<font color="#ffbf46">අපරාදෙනේ කියලා මම එපා කිව්වා,
ඒත් මට දැන් ඒ ගැන දුකයි.</font>

68
00:04:58,242 --> 00:05:00,997
<font color="#ffbf46">ඉක්මනට සනීප වෙලා යන්නකෝ ඉතින්.</font>

69
00:05:02,433 --> 00:05:04,429
<font color="#ffbf46">ඔයා හිතනවද මට කවදා හරි ඒ මයිල්ස්
ටික පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා?</font>

70
00:05:04,429 --> 00:05:06,070
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

71
00:05:06,070 --> 00:05:08,706
<font color="#ffbf46">ඒවා පාවිච්චි කරන්නම ඕනේ.
ඇයි ඔහොම කතා කරන්නේ?</font>

72
00:05:08,706 --> 00:05:10,441
<font color="#ffbf46">හරි.</font>

73
00:05:10,441 --> 00:05:13,530
<font color="#ffbf46">මම කොහොම හරි සනීප වෙලා හැම තැනම ඇවිදිනවා.</font>

74
00:05:13,530 --> 00:05:15,045
<font color="#ffbf46">පස්සේ දුක් වෙලා වැඩක් නෑනේ.</font>

75
00:05:24,360 --> 00:05:27,134
<font color="#ffbf46">මම මෙහෙම කියන්න හොඳ නෑ තමයි,</font>

76
00:05:27,134 --> 00:05:29,180
<font color="#ffbf46">ඒත් ලෙඩාට වැඩිය,</font>

77
00:05:29,180 --> 00:05:33,396
<font color="#ffbf46">බලාගන්න කෙනා ගැන තමයි මට බය.</font>

78
00:05:35,833 --> 00:05:38,368
<font color="#ffbf46">එයාලා හරිම සතුටින් ඉන්න මිනිස්සුනේ.</font>

79
00:05:38,368 --> 00:05:40,604
<font color="#ffbf46">එයාලා කොහොම හරි මේකට මුහුණ දෙයි.</font>

80
00:05:44,641 --> 00:05:47,300
<font color="#ffbf46">මම අහලා තියෙනවා කෙනෙක් එයාගේ</font>

81
00:05:47,300 --> 00:05:49,246
<font color="#ffbf46">සොහොන් කොතේ මෙහෙම ලියලා තිබුණලු.</font>

82
00:05:50,814 --> 00:05:52,933
<font color="#ffbf46">"පසුබට වෙවී ඉන්නකොට</font>

83
00:05:52,933 --> 00:05:54,985
<font color="#ffbf46">මට මේක වෙයි කියලා මම දැනගෙන හිටියා."</font>

84
00:05:57,003 --> 00:06:00,090
<font color="#ffbf46">මමනම් හිතුවේ කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා,</font>

85
00:06:00,090 --> 00:06:02,334
<font color="#ffbf46">ඒත් මාත් අදිමදි කර කර හිටියා.</font>

86
00:06:02,334 --> 00:06:04,427
<font color="#ffbf46">මම හැමදේම කල් දැම්මා.</font>

87
00:06:07,164 --> 00:06:09,533
<font color="#ffbf46">මම මගේ විදියට ජීවත් වෙනවා,</font>

88
00:06:10,234 --> 00:06:12,957
<font color="#ffbf46">ළමයි එයාලගේ ජීවිත බලාගනී.</font>

89
00:06:12,957 --> 00:06:15,033
<font color="#ffbf46">මම කොහොම හරි...</font>

90
00:06:15,033 --> 00:06:16,973
<font color="#ffbf46">මොන දේ වුණත් සතුටින් ඉන්න බලනවා.</font>

91
00:06:28,252 --> 00:06:30,387
<font color="#ffbf46">තාත්තේ, මොකක් හරි හොයනවද?</font>

92
00:06:30,387 --> 00:06:33,226
<font color="#ffbf46">අපේ ටෙන්ට් එක කෝ කියලා දන්නවද?</font>

93
00:06:33,226 --> 00:06:34,507
<font color="#ffbf46">ටෙන්ට් එක?</font>

94
00:06:34,507 --> 00:06:35,792
<font color="#ffbf46">ඔව්.</font>

95
00:06:36,794 --> 00:06:39,162
<font color="#ffbf46">පල්ලියේ කට්ටිය එක්ක යන ගමනට ගෙනියන එක.</font>

96
00:06:43,534 --> 00:06:46,597
<font color="#ffbf46">ජුන් ක්‍යුන්ග් එක්ක වැඩේ හරියට වුණානම්,</font>

97
00:06:46,597 --> 00:06:49,467
<font color="#ffbf46">මස්සිනා කෙනෙක් විදියට මම
නිකම් බලාගෙන ඉන්නේ නෑ.</font>

98
00:06:49,467 --> 00:06:50,653
<font color="#ffbf46">අම්මපා.</font>

99
00:06:50,653 --> 00:06:52,749
<font color="#ffbf46">ආදරේ අත ඇරලා මම ෆාදර් කෙනෙක් වුණ එක ලොකු දෙයක්.</font>

100
00:06:52,749 --> 00:06:55,346
<font color="#ffbf46">ඒක නිසා තමයි තමුන් තාම පණ පිටින් ඉන්නේ.</font>

101
00:06:55,346 --> 00:06:57,147
<font color="#ffbf46">කොහොම හරි, ස්තූතියි.</font>

102
00:06:57,865 --> 00:07:00,325
<font color="#ffbf46">ගමන යන්න කලින් ඒක ආපහු ගෙනත් දෙන්න.</font>

103
00:07:00,325 --> 00:07:02,266
<font color="#ffbf46">එච්චර කල් ඔහොම ඉඳියි කියලනම් මම හිතන්නේ නෑ.</font>

104
00:07:02,266 --> 00:07:04,421
<font color="#ffbf46">මම එතකොට ගෙනත් දෙන්නම්.</font>

105
00:07:05,625 --> 00:07:07,290
<font color="#ffbf46">ඇත්තටම මම දෙනවා! හරිද?</font>

106
00:07:08,358 --> 00:07:10,861
<font color="#ffbf46">මම අනිවාර්යයෙන්ම ගෙනත් දෙනවා.</font>

107
00:07:10,861 --> 00:07:13,497
<font color="#ffbf46">දැනටමත් තාත්තා බය වෙලා ඉන්නේ...</font>

108
00:07:13,497 --> 00:07:15,905
<font color="#ffbf46">මම කරන්නේ වැරැද්දක්ද මන්දා.</font>

109
00:07:15,905 --> 00:07:17,363
<font color="#ffbf46">මේ.</font>

110
00:07:18,734 --> 00:07:21,505
<font color="#ffbf46">තාත්තටනම් කියන්න එපා හොඳේ.</font>

111
00:07:21,505 --> 00:07:23,840
<font color="#ffbf46">මේක පූජක රහසක් වගේ රැකගන්න ඕනේ.</font>

112
00:07:25,485 --> 00:07:28,211
<font color="#ffbf46">තමන්ගේ මස්සිනා වෙන්න හිටපු කෙනාට
වෙන පොරොන්දුවක් කියලා හිතන්න.</font>

113
00:07:29,413 --> 00:07:30,716
<font color="#ffbf46">ඉක්මන් කරන්න.</font>

114
00:07:32,983 --> 00:07:34,484
<font color="#ffbf46">ඔන්න හරි.</font>

115
00:07:38,121 --> 00:07:40,390
<font color="#ffbf46">වචනයක්වත් කියන්න එපා.</font>

116
00:07:41,484 --> 00:07:43,260
<font color="#ffbf46">දිවුරන්න.</font>

117
00:07:49,433 --> 00:07:51,701
<font color="#ffbf46"><i>මම ආපහු ආවේ ඔයා නිසා.</i></font>

118
00:07:52,870 --> 00:07:54,771
<font color="#ffbf46"><i>මට ඕන වුණේ අපිට ආයේ අවස්ථාවක් දෙන්න.</i></font>

119
00:08:42,220 --> 00:08:44,354
<font color="#ffbf46">ඔයා හිතන්නේ මේක එයාට වැඩි වැඩියි කියලද?</font>

120
00:08:45,680 --> 00:08:49,059
<font color="#ffbf46">දියමන්තියක් හම්බුණාම ඒක බරක් කියලා
හිතන ගෑනු කෙනෙක්නම් මම දැකලා නෑ.</font>

121
00:08:49,059 --> 00:08:52,329
<font color="#ffbf46">සාමාන්‍යයෙන් පිරිමි අයට තමයි ඒ බර දැනෙන්නේ.</font>

122
00:08:52,329 --> 00:08:56,133
<font color="#ffbf46">මේක ලැබෙන කෙනා අනිවාර්යයෙන්ම සතුටු වෙයි.</font>

123
00:08:56,133 --> 00:08:59,420
<font color="#ffbf46">හැබැයි අවංකකම තමයි ගෑනු කෙනෙක්ව
ඇත්තටම සතුටු කරන්නේ.</font>

124
00:08:59,420 --> 00:09:02,306
<font color="#ffbf46">ඒ මනුස්සයාට පුළුවන්කාරකමකුත් තියෙනවනම්,</font>

125
00:09:02,306 --> 00:09:05,442
<font color="#ffbf46">එයාට තවත් සතුටු හිතෙයි.</font>

126
00:09:11,262 --> 00:09:13,616
<font color="#ffbf46"><i>මම මොකක්ද කරපු වරද?</i></font>

127
00:09:15,652 --> 00:09:18,647
<font color="#ffbf46"><i>මම මැරීගෙන වැඩ කරලා
ඒ සල්ලි හෙව්වේ...</i></font>

128
00:09:18,647 --> 00:09:21,691
<font color="#ffbf46"><i>මගේ මහන්සියෙන් ගත්ත ගෙදර
මම මේ විකුණන්න හදන්නේ...</i></font>

129
00:09:23,327 --> 00:09:26,033
<font color="#ffbf46"><i>මට කියන්න තියෙන්නේ මට දැන් ඕන
මගේ සතුට හොයාගෙන යන්න විතරයි කියලා.</i></font>

130
00:09:26,033 --> 00:09:28,398
<font color="#ffbf46"><i>ඒකට මට මෙච්චර වෛර කරන්න ඕනේද?</i></font>

131
00:09:34,471 --> 00:09:36,906
<font color="#ffbf46">මොකද මේ කල්පනා කරන්නේ?</font>

132
00:09:38,308 --> 00:09:40,910
<font color="#ffbf46">ඔයාට ප්‍රශ්න වැඩි වුණාම
හැම තිස්සෙම ඇවිදින්න යනවනේ.</font>

133
00:09:41,535 --> 00:09:44,614
<font color="#ffbf46">ඒත් ගෙදරටම පයින් යන එකනම්
ටිකක් වැඩි නැද්ද?</font>

134
00:09:46,216 --> 00:09:48,616
<font color="#ffbf46">ජුන් ක්‍යුන්ග්, නගින්න. ඉක්මනට.</font>

135
00:09:48,616 --> 00:09:50,387
<font color="#ffbf46">සමාවෙන්න.</font>

136
00:09:53,515 --> 00:09:55,120
<font color="#ffbf46">ඒක තාත්තාගේ ගෙදර වුණාට,</font>

137
00:09:55,120 --> 00:09:57,761
<font color="#ffbf46">එක පාරටම ඒක විකුණන්න හදන්නේ ඇයි
කියලා මට තේරෙන්නේ නෑ.</font>

138
00:09:57,761 --> 00:09:58,891
<font color="#ffbf46">අනික ජුන් සියෝට මොකද වෙලා තියෙන්නේ,</font>

139
00:09:58,891 --> 00:10:01,898
<font color="#ffbf46">තමන්ගේ ගෙදර නොවී තියෙද්දිත්
ඌට තරහා යනවනේ.</font>

140
00:10:02,632 --> 00:10:05,869
<font color="#ffbf46">මේවා හිතාගන්න බෑ, එයාලා වැඩිහිටියොනේ.
මොකක්ද එයාලගේ ප්‍රශ්නේ?</font>

141
00:10:08,105 --> 00:10:10,774
<font color="#ffbf46">මටනම් දැන් වැඩේ ටිකක් තේරෙනවා.</font>

142
00:10:12,676 --> 00:10:14,844
<font color="#ffbf46">ඔයා කවද්ද ඉඳන්ද ඔච්චර දේවල් තේරුම් ගත්තේ?</font>

143
00:10:16,780 --> 00:10:19,950
<font color="#ffbf46">තේරුම් ගන්නවා විතරක් නෙවෙයි,
ඇත්තම කිව්වොත් මට ඉරිසියයි.</font>

144
00:10:19,950 --> 00:10:20,938
<font color="#ffbf46">කාටද?</font>

145
00:10:20,938 --> 00:10:22,486
<font color="#ffbf46">ඔයාගේ තාත්තට.</font>

146
00:10:22,486 --> 00:10:25,468
<font color="#ffbf46">තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන්</font>

147
00:10:25,468 --> 00:10:28,558
<font color="#ffbf46">එච්චර ලොකු තීරණයක් ගන්නවා කියන්නේ...</font>

148
00:10:29,634 --> 00:10:31,528
<font color="#ffbf46">ඒක මාර වටිනවා.</font>

149
00:10:31,528 --> 00:10:33,458
<font color="#ffbf46">එහෙම මිනිස්සුන්ව කොහෙන් හොයන්නද?</font>

150
00:10:33,458 --> 00:10:36,398
<font color="#ffbf46">එයා නිකම්ම පිරිමියෙක් නෙවෙයි. තාත්තා කෙනෙක්.</font>

151
00:10:36,398 --> 00:10:38,735
<font color="#ffbf46">ඔයා ගෙදරින් ගියා.</font>

152
00:10:38,735 --> 00:10:42,795
<font color="#ffbf46">ජුන් සියෝ ඉස්කෝලේ වැඩයි කෙල්ලොයි එක්ක
ගෙදර ඉන්නෙම නෑනේ.</font>

153
00:10:43,551 --> 00:10:45,308
<font color="#ffbf46">තාත්තා ගෙදර තනියම නිසා,</font>

154
00:10:45,308 --> 00:10:47,144
<font color="#ffbf46">එයාට එහෙම හිතෙනවා ඇති.</font>

155
00:10:47,144 --> 00:10:49,092
<font color="#ffbf46">එහෙනම් එයාට ඇවිත් තාත්තා එක්ක ඉන්න තිබුණනේ.</font>

156
00:10:49,092 --> 00:10:50,652
<font color="#ffbf46">ඔයා හිතනවද එයා එහෙම ඉන්න කැමති වෙයි කියලා?</font>

157
00:10:50,652 --> 00:10:52,949
<font color="#ffbf46">ජුන් සියෝ වුණත් ඒකට කැමති වෙන එකක් නෑ.</font>

158
00:10:59,190 --> 00:11:01,192
<font color="#ffbf46">ඇයි?</font>

159
00:11:01,192 --> 00:11:04,761
<font color="#ffbf46">ඔන්න ඕක නිසා තමයි මම ඔයාට කැමති.</font>

160
00:11:12,964 --> 00:11:15,572
<font color="#ffbf46">තාත්තා කෙනෙක් වෙන එක, පිරිමියෙක් වෙන එක...</font>

161
00:11:18,200 --> 00:11:20,677
<font color="#ffbf46">මටත් ඒක හරියට කරගන්න බෑ. ඒක අමාරුයි.</font>

162
00:11:22,946 --> 00:11:24,781
<font color="#ffbf46">ඒක අමාරුයි තමයි.</font>

163
00:11:25,916 --> 00:11:28,825
<font color="#ffbf46">මම ගෙදරින් ඇවිත් ටික කාලයක් වෙනවා,</font>

164
00:11:28,825 --> 00:11:32,155
<font color="#ffbf46">මම හිතුවේ මට ඒ ගෙදර ගැන
ලොකු හැඟීමක් නෑ කියලා...</font>

165
00:11:33,990 --> 00:11:36,493
<font color="#ffbf46">ඒත් ඒක නැති වෙනවා කියලා හිතනකොට,</font>

166
00:11:36,493 --> 00:11:38,628
<font color="#ffbf46">මට මොකක්ද වගේ.</font>

167
00:11:47,437 --> 00:11:49,940
<font color="#ffbf46">ඔයා මේක හොඳට බලාගෙන තියෙනවා නේද?</font>

168
00:11:49,940 --> 00:11:50,962
<font color="#ffbf46">පරණ වුණාට,</font>

169
00:11:50,962 --> 00:11:54,578
<font color="#ffbf46">පොළොවයි බිත්ති එහෙමයි තාම හොඳට තියෙනවා.</font>

170
00:11:54,578 --> 00:11:57,197
<font color="#ffbf46">ඕන කෙනෙක්ට ඇවිත්
එක පාරටම පදිංචි වෙන්න පුළුවන්.</font>

171
00:11:57,197 --> 00:11:58,455
<font color="#ffbf46">ආ ඇත්තට?</font>

172
00:11:58,455 --> 00:12:00,784
<font color="#ffbf46">මම ගෙයක් විකුණන පළවෙනි වතාව.</font>

173
00:12:00,784 --> 00:12:02,670
<font color="#ffbf46">මට ඔයා ගැන ඉරිසියයි.</font>

174
00:12:02,670 --> 00:12:04,777
<font color="#ffbf46">පළවෙනි වතාව වුණත් විකුණන්න හරි ගෙයක් තියෙනවනේ.</font>

175
00:12:04,777 --> 00:12:07,724
<font color="#ffbf46">මට විකුණන්න ගෙයක්වත් නෑනේ.</font>

176
00:12:12,263 --> 00:12:13,768
<font color="#ffbf46">නෑ නෑ.</font>

177
00:12:13,768 --> 00:12:17,200
<font color="#ffbf46">පෝන් එක මෙතන ඉඳන් කරකවන්න ඕනේ</font>

178
00:12:17,200 --> 00:12:19,943
<font color="#ffbf46">එතකොට තමයි ඉඩ පේන්නේ.</font>

179
00:12:19,943 --> 00:12:21,338
<font color="#ffbf46">අනේ මම කී පාරක්නම් කිව්වද.</font>

180
00:12:21,338 --> 00:12:22,634
<font color="#ffbf46">මේ අහන්නකෝ.</font>

181
00:12:22,634 --> 00:12:24,643
<font color="#ffbf46">ගෙදර විකුණන්න කොච්චර කල් යයිද?</font>

182
00:12:24,643 --> 00:12:26,383
<font color="#ffbf46">ආ, ඒක...</font>

183
00:12:26,383 --> 00:12:28,066
<font color="#ffbf46">ඔයා දන්නේ නෑ මේ දවස්වල මිනිස්සු කොච්චර</font>

184
00:12:28,066 --> 00:12:30,514
<font color="#ffbf46">වත්තක් තියෙන ගෙවල් හොයනවද කියලා.</font>

185
00:12:30,514 --> 00:12:33,350
<font color="#ffbf46">ළමයි හදන්නයි බල්ලෝ හදන්නයි මේවා නියමයි.</font>

186
00:12:33,350 --> 00:12:36,063
<font color="#ffbf46">හෙට වුණත් මේ වගේ ගෙයක්
විකුණන්න පුළුවන්.</font>

187
00:12:36,063 --> 00:12:37,354
<font color="#ffbf46">ආ...</font>

188
00:12:37,354 --> 00:12:39,091
<font color="#ffbf46">අපි අද ගත්ත පින්තූරයි වීඩියෝයි</font>

189
00:12:39,091 --> 00:12:41,325
<font color="#ffbf46">දැන්ම අපේ බ්ලොග් එකට දානවා.</font>

190
00:12:41,325 --> 00:12:42,674
<font color="#ffbf46">එච්චර ඉක්මනට?</font>

191
00:12:42,674 --> 00:12:43,515
<font color="#ffbf46">මේ,</font>

192
00:12:43,515 --> 00:12:46,996
<font color="#ffbf46">මේ කාලේ හැටියට ජීවත් වෙන්නනම්
අපිත් ස්පීඩ් වෙන්න ඕනේ.</font>

193
00:12:49,701 --> 00:12:51,033
<font color="#ffbf46">අර පැත්ත.</font>

194
00:12:51,033 --> 00:12:52,902
<font color="#ffbf46">ඔව්, ඔන්න ඔහොම.</font>

195
00:12:54,471 --> 00:12:56,207
<font color="#ffbf46">ඒක ෂුවර්ද?</font>

196
00:12:56,207 --> 00:12:58,014
<font color="#ffbf46">එයා කිව්වද ඔයාට ලෙක්චරර් කම දෙනවා කියලා?</font>

197
00:12:58,014 --> 00:13:01,311
<font color="#ffbf46">තාම නිල වශයෙන් තීරණය කරලා නෑ,</font>

198
00:13:02,813 --> 00:13:05,334
<font color="#ffbf46">ඒත් එයා කිව්වා මාව රෙකමදාරු කරනවා කියලා.</font>

199
00:13:05,334 --> 00:13:06,971
<font color="#ffbf46">එයා මාව විශ්වාස කරනවා.</font>

200
00:13:06,971 --> 00:13:09,887
<font color="#ffbf46">ක්‍රෙඩිට් මදි වෙලා තාම කැම්පස් යන එකෙක්ව
එයා මොකටද විශ්වාස කරන්නේ?</font>

201
00:13:09,887 --> 00:13:12,121
<font color="#ffbf46">අනික ඔයා තාම ඉගෙන ගන්නවනේ.</font>

202
00:13:13,858 --> 00:13:15,792
<font color="#ffbf46">ඔයාගේ ඉවසීමයි උත්සාහයයි නිසා වෙන්න ඇති?</font>

203
00:13:18,328 --> 00:13:19,897
<font color="#ffbf46">නේද?</font>

204
00:13:19,897 --> 00:13:22,065
<font color="#ffbf46">ඒකත් ලොකු දක්ෂකමක්නේ.</font>

205
00:13:24,067 --> 00:13:25,933
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

206
00:13:25,933 --> 00:13:29,572
<font color="#ffbf46">තාත්තා ඔයාගෙන් අහන්නේ නැතුව ගෙදර විකුණුවා
කියලා ඔයා බැන්නට,</font>

207
00:13:30,040 --> 00:13:33,065
<font color="#ffbf46">දැන් ඔයා මගෙන් අහන්නේ නැතුව
මෙතන ගෙයක් හදන්නේ?</font>

208
00:13:33,065 --> 00:13:36,780
<font color="#ffbf46">මම නිකමට කිව්වේ
ඉතුරු වෙලා තියෙන ඉඩම අපි බෙදාගමු කියලා.</font>

209
00:13:36,780 --> 00:13:40,050
<font color="#ffbf46">ඔයාගේ කෑම ටිකකුත් බෙදාගන්නකෝ.</font>

210
00:13:40,050 --> 00:13:42,653
<font color="#ffbf46">බාත්රූම් එක ගැන කිව්වොත්...</font>

211
00:13:42,653 --> 00:13:44,208
<font color="#ffbf46">ඔයා නැති වෙලාවට මට ඒක පාවිච්චි කරන්න පුළුවන්ද?</font>

212
00:13:44,208 --> 00:13:46,056
<font color="#ffbf46">මේ, මම ලෙක්චරර් කෙනෙක් වුණ ගමන්,</font>

213
00:13:46,056 --> 00:13:48,153
<font color="#ffbf46">පාලුයි කියලා ඔයා අඬ අඬා යන්න එපා
කිව්වත් මමනම් යනවා යන්න.</font>

214
00:13:48,153 --> 00:13:49,793
<font color="#ffbf46">ඒක නිසා බය වෙන්න එපා.</font>

215
00:13:49,793 --> 00:13:51,948
<font color="#ffbf46">අනේ මන්දා.</font>

216
00:13:51,948 --> 00:13:53,363
<font color="#ffbf46">අනේ මන්දා.</font>

217
00:13:58,702 --> 00:14:00,436
<font color="#ffbf46">ඒක නෙවෙයි කියන්නකෝ,</font>

218
00:14:00,933 --> 00:14:03,636
<font color="#ffbf46">ඔයාට ඇත්තටම ලෙක්චරර් කෙනෙක් වෙන්න ඕන වුණාද?</font>

219
00:14:03,636 --> 00:14:05,108
<font color="#ffbf46">අද ඉඳන්,</font>

220
00:14:05,108 --> 00:14:08,067
<font color="#ffbf46">මම අලුත් මිනිහෙක් විදියට ඉපදුණා</font>

221
00:14:08,067 --> 00:14:10,047
<font color="#ffbf46">ලෙක්චරර් කෙනෙක් වෙන්නම ඉපදුණ මිනිහෙක්.</font>

222
00:14:10,047 --> 00:14:11,429
<font color="#ffbf46">ඇයි ඒ?</font>

223
00:14:11,429 --> 00:14:12,989
<font color="#ffbf46">මොකද තාත්තගෙනුයි අක්කගෙනුයි</font>

224
00:14:12,989 --> 00:14:15,374
<font color="#ffbf46">ලැබුණ නින්දා අපහාසවල පලිය ගන්න ඕනේ.</font>

225
00:14:18,305 --> 00:14:20,558
<font color="#ffbf46">මම මෙහෙ ඉන්නවා කියලා කාටවත් කියන්න එපා.</font>

226
00:14:20,558 --> 00:14:21,891
<font color="#ffbf46">හරිද?</font>

227
00:14:23,861 --> 00:14:25,328
<font color="#ffbf46">තේරුණාද?</font>

228
00:14:27,128 --> 00:14:30,200
<font color="#ffbf46"><i>ජුන් සියෝ ඉන්නේ මගේ ගෙදර.</i></font>

229
00:14:30,200 --> 00:14:33,336
<font color="#ffbf46"><i>මම හිතුවා ඔයයි ජින් හෝයි බය වෙලා ඇත්තේ කියලා.</i></font>

230
00:14:37,574 --> 00:14:38,709
<font color="#ffbf46">මම දන්නවා.</font>

231
00:14:38,709 --> 00:14:41,045
<font color="#ffbf46"><i>කොහොමද දැනගත්තේ?</i></font>

232
00:14:41,045 --> 00:14:43,013
<font color="#ffbf46">ෆාදර් මට කිව්වා.</font>

233
00:14:43,013 --> 00:14:44,735
<font color="#ffbf46">චැන්ග් සික්?</font>

234
00:14:44,735 --> 00:14:46,683
<font color="#ffbf46">එයා කොහොමද දන්නේ?</font>

235
00:14:46,683 --> 00:14:47,984
<font color="#ffbf46">මම ආයේ බය වෙන්නේ නෑ.</font>

236
00:14:47,984 --> 00:14:49,436
<font color="#ffbf46">ජුන් සියෝ ඒක බලාගනීනේ.</font>

237
00:14:49,436 --> 00:14:52,256
<font color="#ffbf46">ඔයා කිව්වා වගේ එයා පොඩි ළමයෙක් නෙවෙයිනේ.</font>

238
00:14:52,256 --> 00:14:54,167
<font color="#ffbf46">අනික,</font>

239
00:14:54,167 --> 00:14:56,225
<font color="#ffbf46">මම ගෙදර විකුණන්න දැම්මා.</font>

240
00:14:57,728 --> 00:14:59,195
<font color="#ffbf46"><i>නිකමට කිව්වේ.</i></font>

241
00:15:01,688 --> 00:15:02,999
<font color="#ffbf46">හරි.</font>

242
00:15:13,143 --> 00:15:14,521
<font color="#ffbf46">ආයුබෝවන්.
ආයුබෝවන්.</font>

243
00:15:14,521 --> 00:15:16,446
<font color="#ffbf46">ඇතුළට එන්න.</font>

244
00:15:16,446 --> 00:15:18,000
<font color="#ffbf46">ඇතුළට එන්නකෝ.
කරදර කලාට සමාවෙන්න.</font>

245
00:15:18,000 --> 00:15:19,316
<font color="#ffbf46">හලෝ.
හායි.</font>

246
00:15:19,316 --> 00:15:21,001
<font color="#ffbf46">අපි ඇතුළ බලාගෙනම පටන් ගමු.</font>

247
00:15:21,001 --> 00:15:23,788
<font color="#ffbf46">හරි, හිමින් සැරේ බලන්නකෝ.
ස්තූතියි.</font>

248
00:15:23,788 --> 00:15:25,421
<font color="#ffbf46">අපි මේ පැත්තට යමු.</font>

249
00:15:34,467 --> 00:15:35,432
<font color="#ffbf46">මෙන්න,</font>

250
00:15:35,432 --> 00:15:37,400
<font color="#ffbf46">මේවා කන ගමන් හිමින් සැරේ
ගෙදර බලන්නකෝ.</font>

251
00:15:37,400 --> 00:15:38,835
<font color="#ffbf46">ස්තූතියි.</font>

252
00:15:38,835 --> 00:15:40,636
<font color="#ffbf46">ස්තූතියි.</font>

253
00:15:41,805 --> 00:15:44,167
<font color="#ffbf46">මේක වීඩියෝ එකේ තිබුණට වැඩිය</font>

254
00:15:44,167 --> 00:15:46,153
<font color="#ffbf46">ගොඩක් පරණ පාටයි.</font>

255
00:15:46,153 --> 00:15:48,478
<font color="#ffbf46">හරිම පරණ මොඩල් එකක් නේද?</font>

256
00:15:49,373 --> 00:15:51,534
<font color="#ffbf46">අපි බිමයි බිත්ති එහෙමයි හදනකොට,</font>

257
00:15:51,534 --> 00:15:54,018
<font color="#ffbf46">දොරවල් ඔක්කොම මාරු කරන්න වෙයි.</font>

258
00:15:54,018 --> 00:15:55,985
<font color="#ffbf46">ඔව් අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ.</font>

259
00:15:59,552 --> 00:16:02,359
<font color="#ffbf46">ඔයාලා ඇඳලා ඉන්න විදියෙන් පේනවා
ඔයාලගේ ටේස්ට් එක මාරයි කියලා,</font>

260
00:16:02,359 --> 00:16:04,728
<font color="#ffbf46">ඒක නිසා ඔයාලා ගෙදර ලස්සනට හදාගනීවි.</font>

261
00:17:44,527 --> 00:17:47,646
<font color="#ffbf46">වර්ග අඩි ගාණේ හැටියටනම් සාලේ ටිකක් පොඩියි.</font>

262
00:17:47,646 --> 00:17:50,933
<font color="#ffbf46">ඔයාලා කිව්වනේ බබාලගේ කාමරෙයි
තව කාමරයයිනේ ඕනේ කියලා,</font>

263
00:17:51,406 --> 00:17:54,472
<font color="#ffbf46">මේ බිත්තිය කැඩුවනම්
කාමර දෙක එකතු කරන්න තිබුණා.</font>

264
00:17:54,472 --> 00:17:55,771
<font color="#ffbf46">මේ බිත්තිය කඩන එක</font>

265
00:17:58,174 --> 00:17:59,557
<font color="#ffbf46">අවුලක් නැද්ද?</font>

266
00:17:59,557 --> 00:18:01,520
<font color="#ffbf46">පරණ ගෙවල් කොහොමත් හයියයි.</font>

267
00:18:01,520 --> 00:18:02,946
<font color="#ffbf46">මේක හදලා තියෙන්නෙ ටැංකියක් වගේ, පට්ට හයියයි.</font>

268
00:18:02,946 --> 00:18:04,714
<font color="#ffbf46">ඕක සම්පූර්ණයෙන්ම කඩලා දාන්න.</font>

269
00:18:08,834 --> 00:18:11,458
<font color="#ffbf46">ගිම්හානෙට මෙතන සත්තු වැඩි වෙයි නේද?</font>

270
00:18:11,458 --> 00:18:13,401
<font color="#ffbf46">අපිට එළවළු පාත්තියක් කොහොමත් ඕන නෑනෙ.</font>

271
00:18:13,401 --> 00:18:15,158
<font color="#ffbf46">අපි මෙතන ඩෙක් එකක් ගැහුවොත් මොකද?</font>

272
00:18:15,158 --> 00:18:17,468
<font color="#ffbf46">ඔව්, ඩෙක් එකක් ගහලා</font>

273
00:18:17,468 --> 00:18:19,563
<font color="#ffbf46">සෙවනට කුඩයකුත් හයි කරාම,</font>

274
00:18:19,563 --> 00:18:21,565
<font color="#ffbf46">ආයෙ කැෆේ ගානෙ යන්න ඕන නෑ.</font>

275
00:18:24,133 --> 00:18:25,702
<font color="#ffbf46">මේ අහන්න.</font>

276
00:18:25,702 --> 00:18:27,367
<font color="#ffbf46">මේ ගේ අල්ලන්නෙ නැත්නම්,
ඔයාලා මේක ගන්න ඕන නෑ.</font>

277
00:18:27,367 --> 00:18:29,254
<font color="#ffbf46">ඇයි මේ අනුන්ගේ ගෙවල් කඩන එක ගැනයි</font>

278
00:18:29,254 --> 00:18:30,306
<font color="#ffbf46">අලුත්වැඩියා කරන එක ගැනයි විකාර කියවන්නෙ?</font>

279
00:18:30,306 --> 00:18:31,967
<font color="#ffbf46">සෝ මහත්තයා,</font>

280
00:18:31,967 --> 00:18:35,290
<font color="#ffbf46">මේක එයාලට හරියන විදිහට හදාගන්නනෙ හදන්නෙ
එයාලා ගෙදරට කැමති නිසා.</font>

281
00:18:35,290 --> 00:18:37,882
<font color="#ffbf46">මූ නම් මාර මනුස්සයෙක්නෙ.</font>

282
00:18:37,882 --> 00:18:39,150
<font color="#ffbf46">මම ද මාර මනුස්සයා?</font>

283
00:18:39,150 --> 00:18:40,650
<font color="#ffbf46">මගෙ මොකක්ද අවුල?</font>

284
00:18:40,650 --> 00:18:42,753
<font color="#ffbf46">මම හිතන්නෙ ඔය දෙන්නා තමයි විකාර කරන්නෙ.</font>

285
00:18:42,753 --> 00:18:44,521
<font color="#ffbf46">ඔයාලා දන්නෙ නෑ මේක මොන වගේ ගෙයක්ද කියලා.</font>

286
00:18:44,521 --> 00:18:46,155
<font color="#ffbf46">මම විකුණන්නෙ නෑ, දැන් යන්න මෙහෙන්.</font>

287
00:18:46,155 --> 00:18:47,691
<font color="#ffbf46">මට හිතෙන්නෙ පොඩි වැරදි වැටහීමක් වෙලා.</font>

288
00:18:47,691 --> 00:18:50,493
<font color="#ffbf46">තමුසෙ නම් මහ ජරා මනුස්සයෙක්! ඇත්තටම!</font>

289
00:18:50,493 --> 00:18:52,011
<font color="#ffbf46">තමුසෙමනෙ කිව්වෙ කිසිම වැඩක් කරන්න දෙයක් නෑ කියලා.</font>

290
00:18:52,011 --> 00:18:52,811
<font color="#ffbf46">යන්න යන්න.</font>

291
00:18:52,811 --> 00:18:53,671
<font color="#ffbf46">මම ඔයාලට විකුණන්නෙ නෑ, ඒ නිසා යන්න.</font>

292
00:18:53,671 --> 00:18:55,035
<font color="#ffbf46">ඉක්මනට යන්න මෙහෙන්.</font>

293
00:18:55,035 --> 00:18:56,132
<font color="#ffbf46">යන්න.
සෝ මහත්තයා.</font>

294
00:18:56,132 --> 00:18:57,467
<font color="#ffbf46">යන්න කිව්වනෙ!</font>

295
00:18:57,467 --> 00:18:58,156
<font color="#ffbf46">සෝ මහත්තයා?</font>

296
00:18:58,156 --> 00:18:59,904
<font color="#ffbf46">ආ, ඔව්.</font>

297
00:18:59,904 --> 00:19:01,375
<font color="#ffbf46">වැඩේ හොඳට වුණා.</font>

298
00:19:01,375 --> 00:19:03,135
<font color="#ffbf46">මම කතා කරන්නම්කො.</font>

299
00:19:03,135 --> 00:19:04,695
<font color="#ffbf46">හරි.</font>

300
00:19:04,695 --> 00:19:05,556
<font color="#ffbf46">හරි, එහෙනම්.</font>

301
00:19:05,556 --> 00:19:06,815
<font color="#ffbf46">යමු.</font>

302
00:19:06,815 --> 00:19:08,577
<font color="#ffbf46">ගේ පෙන්නුවට ස්තූතියි.</font>

303
00:19:18,922 --> 00:19:20,589
<font color="#ffbf46">අපේ අම්මා</font>

304
00:19:21,424 --> 00:19:25,528
<font color="#ffbf46">එදා ඔයා එක්ක මොකක් හරි වැරැද්දක් කළාද?</font>

305
00:19:26,136 --> 00:19:27,596
<font color="#ffbf46">නෑ.</font>

306
00:19:29,166 --> 00:19:31,534
<font color="#ffbf46">අම්මා එහෙම කරන්න ඇති.</font>

307
00:19:33,588 --> 00:19:35,571
<font color="#ffbf46">ඒත් කරුණාකරලා</font>

308
00:19:36,434 --> 00:19:39,075
<font color="#ffbf46">එයා එක්ක ගොඩක් තරහා වෙන්න එපා.</font>

309
00:19:40,144 --> 00:19:42,178
<font color="#ffbf46">මම තරහා නෑ.</font>

310
00:19:45,014 --> 00:19:47,016
<font color="#ffbf46">මම දැන් ගිය නිසා,</font>

311
00:19:47,016 --> 00:19:48,484
<font color="#ffbf46">ඔයාට බයෙන් බයෙන් ඉන්න ඕන නෑ.</font>

312
00:19:48,484 --> 00:19:50,716
<font color="#ffbf46">දැන් ඕන වෙලාවක අපේ තාත්තලගෙ ගෙදර නවතින්න පුළුවන්.</font>

313
00:19:50,716 --> 00:19:53,155
<font color="#ffbf46">ඔයා කතා කරන්නෙ නිකන්
ආයෙ මාව කවදාවත් හම්බවෙන්නෙ නෑ වගේනෙ.</font>

314
00:19:54,225 --> 00:19:56,225
<font color="#ffbf46">ඇයි හම්බවෙන්නෙ නැත්තෙ?</font>

315
00:19:57,118 --> 00:19:58,995
<font color="#ffbf46">ඔයාට හිතුනොත්</font>

316
00:19:59,634 --> 00:20:01,534
<font color="#ffbf46">අපේ තාත්තත් එක්ක</font>

317
00:20:01,534 --> 00:20:03,901
<font color="#ffbf46">තියන සම්බන්ධෙ නවත්තන්න,
එතකොට මාව හම්බවෙන එකත් නවත්තනවද?</font>

318
00:20:03,901 --> 00:20:05,201
<font color="#ffbf46">මොකක්?</font>

319
00:20:06,033 --> 00:20:07,370
<font color="#ffbf46">මම කිව්වෙ,</font>

320
00:20:08,037 --> 00:20:10,200
<font color="#ffbf46">මිනිස්සු ගැන කියන්න බෑනෙ.</font>

321
00:20:10,200 --> 00:20:11,474
<font color="#ffbf46">මම මේ</font>

322
00:20:11,474 --> 00:20:14,210
<font color="#ffbf46">ඔයාලා වෙන් වෙන්න ඕන කියලා කියනවා නෙවෙයි.</font>

323
00:20:14,811 --> 00:20:16,479
<font color="#ffbf46">අපේ තාත්තා</font>

324
00:20:19,334 --> 00:20:21,584
<font color="#ffbf46">හොඳ මනුස්සයෙක්.</font>

325
00:20:23,564 --> 00:20:26,456
<font color="#ffbf46">ෂා, ඔයාගෙ කොරියන් දැනුම ගොඩක් දියුණු වෙලානෙ.</font>

326
00:20:26,456 --> 00:20:29,158
<font color="#ffbf46">දැන් ඔයාට ඕනම දෙයක් කියන්න පුළුවන් වගේ.</font>

327
00:20:48,311 --> 00:20:50,172
<font color="#ffbf46">ඔයා මාළුවත් අරන් ආවද?</font>

328
00:20:50,172 --> 00:20:51,882
<font color="#ffbf46">ආ...</font>

329
00:20:51,882 --> 00:20:53,115
<font color="#ffbf46">ඔව්.</font>

330
00:20:53,683 --> 00:20:55,486
<font color="#ffbf46">ඇයි? ඔයා අකමැතිද?</font>

331
00:20:55,486 --> 00:20:56,623
<font color="#ffbf46">නෑ නෑ.</font>

332
00:20:56,623 --> 00:20:58,020
<font color="#ffbf46">යමු ඇතුළට.</font>

333
00:21:08,766 --> 00:21:10,163
<font color="#ffbf46">මම යනවා.</font>

334
00:21:10,163 --> 00:21:11,102
<font color="#ffbf46">බඩු ටික අස් කරගන්නකො එහෙනම්.</font>

335
00:21:11,102 --> 00:21:12,203
<font color="#ffbf46">මොකක්?</font>

336
00:21:12,203 --> 00:21:14,537
<font color="#ffbf46">ඔයා හිතන්නෙ ඩැනියෙලුයි මමයි තනියම
මේ ඔක්කොම උස්සගෙන යයි කියලද?</font>

337
00:21:15,706 --> 00:21:17,842
<font color="#ffbf46">එච්චර බඩු ගොඩක් නෑනෙ.</font>

338
00:21:17,842 --> 00:21:19,909
<font color="#ffbf46">අද රෙකෝඩින්ග් මුකුත් නෑනෙ, නේද?</font>

339
00:21:20,977 --> 00:21:24,497
<font color="#ffbf46">ඔයාට මෙහේ ඉන්න තහනමක් නෑනෙ,
ඒ නිසා රෑට කාලම යන්න.</font>

340
00:21:24,497 --> 00:21:26,037
<font color="#ffbf46">ඔයා කරි වලට ආසනෙ.</font>

341
00:21:26,037 --> 00:21:27,797
<font color="#ffbf46">මම අද වෙනසකටත් එක්ක මහන්සි වෙලා ඉව්වා.</font>

342
00:21:27,797 --> 00:21:29,585
<font color="#ffbf46">මම ජුන් කියුන්ව හම්බවෙන්න යනවා.</font>

343
00:21:35,659 --> 00:21:37,617
<font color="#ffbf46">ආ හරි එහෙනම්.</font>

344
00:21:37,617 --> 00:21:40,237
<font color="#ffbf46">මම ඔයාව නවත්තගන්නෙ නෑ.</font>

345
00:21:40,237 --> 00:21:43,567
<font color="#ffbf46">කොහොමත් ඩැනියෙල් නිසා අපිට ආයෙ හම්බවෙන්න වෙනවනෙ.</font>

346
00:21:43,567 --> 00:21:45,334
<font color="#ffbf46">මට ඕන තරම් වෙලාව තියෙනවා.</font>

347
00:21:46,036 --> 00:21:47,436
<font color="#ffbf46">මම යනවා.</font>

348
00:22:54,118 --> 00:22:55,838
<font color="#ffbf46">ඔව්, ජුන් සෝ.</font>

349
00:22:56,941 --> 00:22:58,541
<font color="#ffbf46">ආයෙත් පරක්කු වෙනවද?</font>

350
00:22:59,121 --> 00:23:01,544
<font color="#ffbf46">අයියෝ, ඔයා ගොඩක් මහන්සි වෙනවනෙ.</font>

351
00:23:01,544 --> 00:23:03,679
<font color="#ffbf46">හරි, මොනවා හරි කන්න හොඳද.</font>

352
00:23:04,203 --> 00:23:05,697
<font color="#ffbf46">හරි.</font>

353
00:24:18,900 --> 00:24:21,200
<font color="#ffbf46">මම පොඩි කාලෙ,</font>

354
00:24:21,200 --> 00:24:23,793
<font color="#ffbf46">අම්මා හැමදාම රෙදි හෝදලා අරගෙන</font>

355
00:24:23,793 --> 00:24:26,262
<font color="#ffbf46">සාලෙ බිම ඉඳගෙන ඒවා නවන්නෙ</font>

356
00:24:27,033 --> 00:24:29,565
<font color="#ffbf46">හරියටම මේ වෙලාවට තමයි.</font>

357
00:24:30,334 --> 00:24:34,370
<font color="#ffbf46">මම හැමදාම එයා ළඟින් වාඩි වෙලා උදව් කරනවා.</font>

358
00:24:35,124 --> 00:24:38,240
<font color="#ffbf46">මම රෙදි නැවුවෙ හරිම අපිළිවෙලට වුණත්,</font>

359
00:24:38,762 --> 00:24:41,612
<font color="#ffbf46">අම්මා කියන්නෙ "ඔයා හරිම හොඳ ළමයෙක්,</font>

360
00:24:41,612 --> 00:24:43,912
<font color="#ffbf46">ඔයා කරන්නෙ ලොකු උදව්වක්," කියලා.</font>

361
00:24:44,862 --> 00:24:46,615
<font color="#ffbf46">ඊටපස්සෙ</font>

362
00:24:47,167 --> 00:24:49,051
<font color="#ffbf46">ජුන් කියුන් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනවා.</font>

363
00:24:49,882 --> 00:24:51,954
<font color="#ffbf46">තව ටිකක් රෑ වෙලා,</font>

364
00:24:53,334 --> 00:24:56,191
<font color="#ffbf46">තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා.</font>

365
00:24:57,093 --> 00:25:00,796
<font color="#ffbf46">ඊටපස්සෙ අපි හැමෝම එකට රෑ කෑම කනවා,</font>

366
00:25:01,543 --> 00:25:05,534
<font color="#ffbf46">ඊටපස්සෙ අයිස් ක්‍රීම් කනවා මොකද අම්මා ඒවට ගොඩක් ආස නිසා.</font>

367
00:25:06,701 --> 00:25:08,871
<font color="#ffbf46">ඒක හරි ලස්සන මතකයක්.</font>

368
00:25:10,539 --> 00:25:12,975
<font color="#ffbf46">ඒ කාලෙ අපේ පවුල හරිම සතුටින් හිටියා.</font>

369
00:25:27,834 --> 00:25:29,033
<font color="#ffbf46">හලෝ?</font>

370
00:25:29,033 --> 00:25:30,801
<font color="#ffbf46">මේ මම.</font>

371
00:25:30,801 --> 00:25:32,661
<font color="#ffbf46">දැන්ම ඉවරද?</font>

372
00:25:33,967 --> 00:25:37,133
<font color="#ffbf46">ඩැනියෙල් ගියාම ඔයාට දුක ඇති නේද.</font>

373
00:25:37,133 --> 00:25:38,734
<font color="#ffbf46">ඔව් දුකයි.</font>

374
00:25:38,734 --> 00:25:41,503
<font color="#ffbf46">මම ගෙදර යනකොට ඩැනියෙල් එහෙ නෑ,</font>

375
00:25:42,033 --> 00:25:43,674
<font color="#ffbf46">ඔස්කා එහෙ නෑ...</font>

376
00:25:43,674 --> 00:25:45,957
<font color="#ffbf46">ඒ ගෙදර එහා මෙහා යන එකම දේකට තියෙන්නෙ</font>

377
00:25:45,957 --> 00:25:48,477
<font color="#ffbf46">රොබෝ වැකියුම් ක්ලීනර් එක විතරයි.</font>

378
00:25:53,082 --> 00:25:55,511
<font color="#ffbf46">සමහරවිට මම ඒ ගේ අතෑරලා දාන්න ඕන.</font>

379
00:25:55,511 --> 00:25:57,534
<font color="#ffbf46">කොහොමත් ඒකෙ කල් ඉකුත් වෙන්නනෙ ළඟ.</font>

380
00:25:57,534 --> 00:25:59,256
<font color="#ffbf46">මට තව ටිකක් ගැලපෙන තැනක් හොයාගන්න ඕන,</font>

381
00:25:59,256 --> 00:26:02,324
<font color="#ffbf46">තනියම ඉන්න කෙනෙක්ට හරියන විදිහේ තැනක්.</font>

382
00:26:07,601 --> 00:26:09,531
<font color="#ffbf46">ඔයා දැන් කොහෙද ඉන්නෙ?</font>

383
00:26:11,997 --> 00:26:15,506
<font color="#ffbf46">මම තාත්තලගෙ ගෙදර, හැබැයි මෙහේ කවුරුත් නෑ.</font>

384
00:26:15,506 --> 00:26:18,057
<font color="#ffbf46">තනියම ඔහේ මොකද කරන්නෙ?</font>

385
00:26:18,057 --> 00:26:19,608
<font color="#ffbf46">නිකන්...</font>

386
00:26:20,534 --> 00:26:22,277
<font color="#ffbf46">ඉන්නවා.</font>

387
00:26:27,826 --> 00:26:30,185
<font color="#ffbf46">මෙහෙට වෙලා තනියම ඉන්නකොට...</font>

388
00:26:31,245 --> 00:26:34,356
<font color="#ffbf46">ඔයා කිව්වා වගේම,
මට තේරෙනවා තාත්තාට කොහොම හිතෙනවද කියලා.</font>

389
00:26:35,237 --> 00:26:38,861
<font color="#ffbf46">දැන් තාත්තා මේ ගේ විකුණුවත්
මට විරුද්ධ වෙන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ.</font>

390
00:26:42,895 --> 00:26:44,400
<font color="#ffbf46">ජුන් කියුන්.</font>

391
00:26:45,136 --> 00:26:46,402
<font color="#ffbf46">ඇයි?</font>

392
00:26:48,506 --> 00:26:50,406
<font color="#ffbf46">අපි දෙන්නා එකට ජීවත් වුණොත් මොකද?</font>

393
00:26:54,399 --> 00:26:56,746
<font color="#ffbf46">ඒ මිනිස්සු නම් සීමාව පැන්නා.</font>

394
00:26:56,746 --> 00:26:59,915
<font color="#ffbf46">අයිතිකාරයා ඉස්සරහම ගෙදරට බැන බැන ඉන්නෙ
මොන විදිහේ මිනිස්සුද?</font>

395
00:26:59,915 --> 00:27:02,017
<font color="#ffbf46">ඒක අහන් ඉන්න එකත් මට මහා වදයක් වුණා.</font>

396
00:27:04,478 --> 00:27:08,691
<font color="#ffbf46">අයිති කෙනා ඒක කිසි ගානක් නැතුව විකුණන්න දාලා තියෙනකොට</font>

397
00:27:08,691 --> 00:27:10,859
<font color="#ffbf46">කවුද ඒක ගැන වර්ණනා කරන්න යන්නෙ?</font>

398
00:27:11,532 --> 00:27:13,964
<font color="#ffbf46">බොම් හිටපු තැන අස් කරනකොට මට දැනුනෙ හරිම අමුත්තක්,</font>

399
00:27:13,964 --> 00:27:17,933
<font color="#ffbf46">නිකන් අපි එකට ගත කරපු හැම කාලයක්ම
මකලා දානවා වගේ දැනුනෙ.</font>

400
00:27:22,138 --> 00:27:24,807
<font color="#ffbf46">ඒත් අපි මේක කරන්නෙ</font>

401
00:27:24,807 --> 00:27:28,377
<font color="#ffbf46">අපිට මේක වටින්නෙ නැති නිසා නෙවෙයිනෙ.</font>

402
00:27:33,983 --> 00:27:35,784
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

403
00:27:40,624 --> 00:27:42,191
<font color="#ffbf46">හලෝ?</font>

404
00:27:46,106 --> 00:27:47,492
<font color="#ffbf46">මොකද?</font>

405
00:27:47,492 --> 00:27:48,797
<font color="#ffbf46">මොකක්ද?</font>

406
00:27:55,239 --> 00:27:56,774
<font color="#ffbf46">ඔයා මාව බය කළා!</font>

407
00:27:56,774 --> 00:27:58,632
<font color="#ffbf46">ඇයි මගෙ කෝල්ස් ගන්නෙ නැත්තෙ?</font>

408
00:27:58,632 --> 00:28:00,344
<font color="#ffbf46">කොහොමද මම මෙතන ඉන්නවා කියලා හොයාගත්තෙ?</font>

409
00:28:00,344 --> 00:28:02,344
<font color="#ffbf46">ඔයා ඉන්න තැන මොකක් හරි රාජ්‍ය රහසක්ද?</font>

410
00:28:04,547 --> 00:28:05,512
<font color="#ffbf46">මොකක්?</font>

411
00:28:05,512 --> 00:28:08,892
<font color="#ffbf46">මට නම් කා ගැනවත් විශ්වාසයක් නෑ අප්පා.</font>

412
00:28:08,892 --> 00:28:10,254
<font color="#ffbf46">තාත්තට කියන්න එපා. මේක රහසක්.</font>

413
00:28:10,254 --> 00:28:12,817
<font color="#ffbf46">තාත්තා ඒක දැනටමත් දන්නවා.</font>

414
00:28:14,405 --> 00:28:16,124
<font color="#ffbf46">ඔයා කිව්වද?</font>

415
00:28:17,209 --> 00:28:19,849
<font color="#ffbf46">එයා දැනටමත් දන්නවා කියන එක ඔයාට ඇහුනෙ නැද්ද?</font>

416
00:28:19,849 --> 00:28:22,649
<font color="#ffbf46">ආ, මේක චැං සික්ගෙ වැඩක්!</font>

417
00:28:22,649 --> 00:28:25,803
<font color="#ffbf46">ඒ ෆාදර්ටත් පුදුම කටක්නෙ තියෙන්නෙ?</font>

418
00:28:25,803 --> 00:28:28,170
<font color="#ffbf46">එළියට එන්නකො දැන්.</font>

419
00:28:29,673 --> 00:28:31,340
<font color="#ffbf46">අපි කොහෙද යන්නෙ?</font>

420
00:28:33,210 --> 00:28:35,177
<font color="#ffbf46">ඔයා කියන්නකො.</font>

421
00:28:35,780 --> 00:28:38,080
<font color="#ffbf46">දෝ හියුන්ගෙ අදහස මාරයි නේද?</font>

422
00:28:38,080 --> 00:28:41,717
<font color="#ffbf46">එයයි මමයි අපේ ගෙවල් අස් කරලා
මේ ගෙදර කුලියට ගත්තොත්,</font>

423
00:28:41,717 --> 00:28:43,634
<font color="#ffbf46">අපිට මේක විකුණන්න ඕන වෙන්නෙ නෑ.</font>

424
00:28:43,634 --> 00:28:46,355
<font color="#ffbf46">තාත්තට ජා යොන් එක්ක කෑම්ප් සයිට් එක බලාගන්න පුළුවන්,</font>

425
00:28:46,355 --> 00:28:48,793
<font color="#ffbf46">ජුන් සෝට එයාගෙ කාමරේ ඉන්න පුළුවන්.</font>

426
00:28:48,793 --> 00:28:50,127
<font color="#ffbf46">පිස්සුද.</font>

427
00:28:50,127 --> 00:28:52,038
<font color="#ffbf46">මම මොකටද ඔයාලගෙන් නිකන් කන්නෙ?</font>

428
00:28:52,038 --> 00:28:53,996
<font color="#ffbf46">මුරණ්ඩු වෙන්න එපා ළමයො.</font>

429
00:28:53,996 --> 00:28:56,019
<font color="#ffbf46">මම මේ පාර කොහොම හරි තනියමම
ස්වාධීන වෙනවා.</font>

430
00:28:56,019 --> 00:28:59,768
<font color="#ffbf46">ඕක නවත්තගන්න. හේ ඔන්ට බරක් වෙන්න එපා.</font>

431
00:28:59,768 --> 00:29:01,119
<font color="#ffbf46">එයා බරක් නෙවෙයි.</font>

432
00:29:01,119 --> 00:29:04,740
<font color="#ffbf46">ඇත්තටම ජුන් සෝ මාත් එක්ක ඉන්න එක මටත් හයියක්...</font>

433
00:29:05,910 --> 00:29:08,144
<font color="#ffbf46">ඔව්, ඒ කියන්නෙ එහෙමම නෙවෙයි.</font>

434
00:29:08,144 --> 00:29:11,449
<font color="#ffbf46">එයා නිකන් නොමිලේ වැඩ කරන බොඩිගාඩ් කෙනෙක් වගේනෙ,</font>

435
00:29:11,449 --> 00:29:13,015
<font color="#ffbf46">ඒ නිසා මම ඒකට කැමතියි.</font>

436
00:29:17,520 --> 00:29:19,760
<font color="#ffbf46">මොකක්ද ඔයාගෙ අදහස?</font>

437
00:29:19,760 --> 00:29:23,040
<font color="#ffbf46">මටත් මේකට මොනවා හරි කියන්න අයිතියක් තියෙනවද?</font>

438
00:29:23,040 --> 00:29:24,420
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

439
00:29:24,420 --> 00:29:27,181
<font color="#ffbf46">අපිට ගේ විකුණන්න ඕන වෙන්නෙ නෑනෙ,</font>

440
00:29:27,181 --> 00:29:29,440
<font color="#ffbf46">ඒ නිසා මම ඒකට කැමතියි.</font>

441
00:29:29,440 --> 00:29:30,732
<font color="#ffbf46">එහෙම නේද?</font>

442
00:29:31,335 --> 00:29:34,380
<font color="#ffbf46">ඒත් ඔයාට ෂුවර් ද මේ වැඩේ හරියයි කියලා?</font>

443
00:29:34,380 --> 00:29:36,740
<font color="#ffbf46">ඔයා දැන් ආදරෙන් අන්ධ වෙලා හිටියට,</font>

444
00:29:36,740 --> 00:29:39,094
<font color="#ffbf46">ඔය හීන ලෝකෙ කවදා හරි බිඳෙන්න පුළුවන්.</font>

445
00:29:39,094 --> 00:29:41,645
<font color="#ffbf46">සල්ලි ප්‍රශ්න එහෙම ආවම
මේ ගෙදරට මොකද කරන්නෙ?</font>

446
00:29:41,645 --> 00:29:42,880
<font color="#ffbf46">මම නම් ඒකට කැමතියි.</font>

447
00:29:42,880 --> 00:29:45,047
<font color="#ffbf46">ගේ නිසා හරි අපි වෙන් නොවී ඉන්නවා නම්,
ඒක වාසියක්නෙ.</font>

448
00:29:54,358 --> 00:29:56,091
<font color="#ffbf46">තාත්තා මොකද හිතන්නෙ?</font>

449
00:30:08,771 --> 00:30:10,339
<font color="#ffbf46">තාත්තෙ?</font>

450
00:30:11,634 --> 00:30:13,175
<font color="#ffbf46">මට හිතෙන්නෙ...</font>

451
00:30:19,967 --> 00:30:22,150
<font color="#ffbf46">ඔයාලා එහෙම හිතනවා නම්...</font>

452
00:30:31,493 --> 00:30:34,165
<font color="#ffbf46">තාත්තා තාම මූණ එල්ලගෙනද ඉන්නෙ?</font>

453
00:30:34,165 --> 00:30:37,165
<font color="#ffbf46">එයා නිකන් පොඩි ළමයෙක් වගේනෙ.</font>

454
00:30:37,165 --> 00:30:40,102
<font color="#ffbf46">තව එක වචනයක් කිව්වොත්,
කට මහනවා ඔන්න.</font>

455
00:30:47,234 --> 00:30:49,077
<font color="#ffbf46">මොකද ප්‍රශ්නෙ?</font>

456
00:31:03,058 --> 00:31:04,793
<font color="#ffbf46">මේ ගේ කියන්නෙ</font>

457
00:31:05,501 --> 00:31:08,163
<font color="#ffbf46">මගේ අතීතය විතරක් නෙවෙයි.</font>

458
00:31:09,534 --> 00:31:12,067
<font color="#ffbf46">මේකෙ ඔයාලගෙ අතීතයත් තියෙනවා,</font>

459
00:31:12,067 --> 00:31:14,569
<font color="#ffbf46">ජුන් සෝගෙ,</font>

460
00:31:15,100 --> 00:31:18,640
<font color="#ffbf46">ඒ වගේම මි රාන්ගෙත්. මේක අපි හැමෝටම අයිති දෙයක්.</font>

461
00:31:20,509 --> 00:31:23,178
<font color="#ffbf46">මම මෙච්චර කල් හිතුවෙ මම ගැන විතරයි.</font>

462
00:31:25,000 --> 00:31:27,282
<font color="#ffbf46">මට ඔයාලගෙ මූණ බලන්නවත් හයියක් නෑ.</font>

463
00:31:36,727 --> 00:31:38,694
<font color="#ffbf46">නෑ නෑ.</font>

464
00:31:40,367 --> 00:31:42,497
<font color="#ffbf46">අපි මේ ගෙදරට ආපු මුල්ම දවසෙ,</font>

465
00:31:43,539 --> 00:31:46,116
<font color="#ffbf46">අපි මේ වගේ මාලිගාවක් වගේ ගෙයකට
සුදුසුද කියලා මම මගෙන්ම අහගත්තා.</font>

466
00:31:46,116 --> 00:31:47,815
<font color="#ffbf46">මට එදා රෑ නින්ද ගියෙත් නෑ,</font>

467
00:31:47,815 --> 00:31:49,604
<font color="#ffbf46">මොකද ඊට කලින් අපි මාසෙ කුලිය
ගෙවාගන්නත් බැරුවනෙ හිටියෙ.</font>

468
00:31:50,741 --> 00:31:53,475
<font color="#ffbf46">අම්මා මේ තැනට පණ වගේ ආදරේ කළා.</font>

469
00:31:54,902 --> 00:31:58,847
<font color="#ffbf46">ඔයාගෙ අම්මයි මමයි මේ ගෙදරට හරිම ආසාවෙන් හිටියෙ.</font>

470
00:31:58,847 --> 00:32:01,734
<font color="#ffbf46">මාසික කුලියට ඉඳලා, ඊටපස්සෙ බදු අරගෙන,</font>

471
00:32:01,734 --> 00:32:04,052
<font color="#ffbf46">අන්තිමේදී අපි මේක අපේම කරගත්තා.</font>

472
00:32:04,760 --> 00:32:08,223
<font color="#ffbf46">එදා රෑ අපි දෙන්නා සතුටට හොඳටම ඇඬුවා.</font>

473
00:32:13,429 --> 00:32:17,065
<font color="#ffbf46">ඒ කාලෙ ඔයාගෙ අම්මා කියක් හරි ඉතුරු කරගන්න
කොච්චර මහන්සි වුණාද කියලා හිතලා බලන්නකෝ,</font>

474
00:32:18,035 --> 00:32:20,202
<font color="#ffbf46">එයා කොච්චර දුකක් වින්දද...</font>

475
00:32:20,869 --> 00:32:23,367
<font color="#ffbf46">එයා ජුන් සෝව හම්බුණේ මෙහෙදි,</font>

476
00:32:23,367 --> 00:32:25,307
<font color="#ffbf46">ඔයාව හැදුවා,</font>

477
00:32:27,033 --> 00:32:29,377
<font color="#ffbf46">ඒ මදිවට මාවත් බලාගත්තා.</font>

478
00:32:35,519 --> 00:32:37,003
<font color="#ffbf46">මේ.</font>

479
00:32:37,986 --> 00:32:40,222
<font color="#ffbf46">අම්මා එහේ ඉඳන්</font>

480
00:32:41,634 --> 00:32:43,770
<font color="#ffbf46">මට හොඳටම බනිනවා ඇති නේද?</font>

481
00:32:43,770 --> 00:32:46,361
<font color="#ffbf46">අම්මගෙ හැටි දන්නවනේ,
එයා නිකන් ඉන්න එකක්යැ.</font>

482
00:32:54,206 --> 00:32:58,109
<font color="#ffbf46">අම්මයි මමයි ඔයාව හදද්දි අපිට වයස 20යි.</font>

483
00:32:58,109 --> 00:33:00,142
<font color="#ffbf46">අපිට ඒ කාලේ මෙලෝ තේරුමක් තිබුණෙ නෑ.</font>

484
00:33:01,236 --> 00:33:03,678
<font color="#ffbf46">නිකන් පොඩි ළමයි දෙන්නෙක් තවත් ළමයෙක්ව හදනවා වගේ.</font>

485
00:33:08,270 --> 00:33:11,220
<font color="#ffbf46"><i>අපි ඔයාව හැදුවා වගේ පෙනුණට,</i></font>

486
00:33:11,220 --> 00:33:12,921
<font color="#ffbf46">තාත්තේ. අහ්?</font>

487
00:33:12,921 --> 00:33:15,667
<font color="#ffbf46"><i>ඇත්තටම ඔයා තමයි අපිව දෙමව්පියෝ කළේ.</i></font>

488
00:33:15,667 --> 00:33:16,535
<font color="#ffbf46">වෙලාව කීයද?</font>

489
00:33:16,535 --> 00:33:18,660
<font color="#ffbf46"><i>- අපිව වැඩිහිටියො කළේ ඔයා.</i> හයයි.</font>

490
00:33:20,701 --> 00:33:22,298
<font color="#ffbf46"><i>මේ ගෙදරදිමයි,</i></font>

491
00:33:22,298 --> 00:33:23,732
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

492
00:33:23,732 --> 00:33:25,600
<font color="#ffbf46"><i>ඔයයි මමයි දෙන්නම...</i></font>

493
00:33:26,667 --> 00:33:28,737
<font color="#ffbf46"><i>අපි එකටමයි ලොකු වුණේ.</i></font>

494
00:33:32,667 --> 00:33:34,167
<font color="#ffbf46">මේ.</font>

495
00:33:34,167 --> 00:33:35,946
<font color="#ffbf46">ඔයාට ඒ වෙලාව මතකද?</font>

496
00:33:35,946 --> 00:33:37,114
<font color="#ffbf46">කොයි වෙලාවද?</font>

497
00:33:37,114 --> 00:33:41,082
<font color="#ffbf46">ඔයයි මමයි මෙතන ඉඳන් අහස දිහා බලන් හිටපු වෙලාව.</font>

498
00:33:47,723 --> 00:33:50,795
<font color="#ffbf46">තාත්තේ, අපි මේ කොහෙද යන්නෙ?</font>

499
00:33:50,795 --> 00:33:52,518
<font color="#ffbf46">ආ ඔයා නැගිට්ටද?</font>

500
00:33:52,518 --> 00:33:55,197
<font color="#ffbf46">අද අවුරුදු දවස නිසා
අපිට ආච්චිලාගේ ගෙදර යන්න වෙනවා.</font>

501
00:34:00,369 --> 00:34:02,104
<font color="#ffbf46">තාත්තේ. මොකද?</font>

502
00:34:02,104 --> 00:34:04,573
<font color="#ffbf46">ඇයි අහස අමුතු පාටක්?</font>

503
00:34:07,078 --> 00:34:09,812
<font color="#ffbf46">ඔය වෙලාවට තමයි අරුණෝදය කියන්නේ.</font>

504
00:34:09,812 --> 00:34:11,090
<font color="#ffbf46">අරුණෝදය?</font>

505
00:34:11,090 --> 00:34:12,191
<font color="#ffbf46">ඔව්.</font>

506
00:34:12,191 --> 00:34:15,291
<font color="#ffbf46">ඔයා මේ අරුණැල්ල දකින
පළවෙනි වතාව වෙන්න ඇති.</font>

507
00:34:15,291 --> 00:34:16,954
<font color="#ffbf46">ලස්සනයි නේද?</font>

508
00:34:16,954 --> 00:34:18,954
<font color="#ffbf46">හරිම ලස්සනයි.</font>

509
00:34:19,657 --> 00:34:20,751
<font color="#ffbf46">තාත්තේ.</font>

510
00:34:20,751 --> 00:34:21,550
<font color="#ffbf46">ඇයි?</font>

511
00:34:21,550 --> 00:34:25,360
<font color="#ffbf46">මට අරුණෝදය පෙන්නුවට ස්තූතියි.</font>

512
00:34:26,697 --> 00:34:28,171
<font color="#ffbf46">ඔව්...</font>

513
00:34:28,171 --> 00:34:29,898
<font color="#ffbf46">සුළු දෙයක්නේ.</font>

514
00:34:31,168 --> 00:34:32,331
<font color="#ffbf46">මෙයා.</font>

515
00:34:32,331 --> 00:34:33,931
<font color="#ffbf46">අපිට පරක්කු වෙනවා, යමු.</font>

516
00:34:33,931 --> 00:34:35,673
<font color="#ffbf46">හරි හරි, මේ එනවා.</font>

517
00:34:35,673 --> 00:34:36,568
<font color="#ffbf46">යමු.</font>

518
00:34:36,568 --> 00:34:38,406
<font color="#ffbf46">ඔයා නැගිට්ටද?</font>

519
00:34:48,052 --> 00:34:50,385
<font color="#ffbf46">මේක යකඩයක් වගේ බරයිනෙ?</font>

520
00:34:53,900 --> 00:34:55,190
<font color="#ffbf46">මේක ඔයාගෙ එකක් නේද? මොකක්ද?</font>

521
00:34:55,190 --> 00:34:56,591
<font color="#ffbf46">මේ බෑග් එක? ආ ඔව් බෑග් එක.</font>

522
00:34:57,795 --> 00:34:58,868
<font color="#ffbf46">ජා යොන්ග්. ඇයි?</font>

523
00:34:58,868 --> 00:35:01,263
<font color="#ffbf46">මට උඩින් තියෙන එක අරන් දෙනවද?</font>

524
00:35:12,489 --> 00:35:14,117
<font color="#ffbf46">ආ, ඇතුළට එන්නකෝ. හරි, ස්තූතියි.</font>

525
00:35:14,117 --> 00:35:16,111
<font color="#ffbf46">ඕක බර ඇති.</font>

526
00:35:22,180 --> 00:35:23,237
<font color="#ffbf46">ජුන් ක්‍යුන්ග්.</font>

527
00:35:23,237 --> 00:35:24,386
<font color="#ffbf46">ඇයි.</font>

528
00:35:28,058 --> 00:35:31,495
<font color="#ffbf46">ඔයා කිව්වා වගේම මම අම්මගෙ ඇඳ
තිබුණ විදිහටම තිබ්බා.</font>

529
00:35:31,495 --> 00:35:32,594
<font color="#ffbf46">හරි.</font>

530
00:35:32,594 --> 00:35:34,190
<font color="#ffbf46">අපිට මගේ කාමරේ පාවිච්චි කරන්න පුළුවන්,</font>

531
00:35:34,190 --> 00:35:37,399
<font color="#ffbf46">අපි ප්‍රධාන නිදන කාමරෙයි ජුන් සෝගෙ කාමරෙයි
වහලා දාමු.</font>

532
00:35:56,783 --> 00:35:58,687
<font color="#ffbf46">අපි</font>

533
00:35:58,687 --> 00:36:00,367
<font color="#ffbf46">කතා බහ කරමු,</font>

534
00:36:00,367 --> 00:36:02,257
<font color="#ffbf46">නිතරම හම්බවෙමු,</font>

535
00:36:02,257 --> 00:36:04,434
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

536
00:36:04,434 --> 00:36:06,128
<font color="#ffbf46">අපි හැමෝම පරිස්සමින් ඉමු.</font>

537
00:36:06,128 --> 00:36:07,329
<font color="#ffbf46">හරි, තාත්තත් පරිස්සමින් ඉන්න. ඔයාලත්.</font>

538
00:36:07,329 --> 00:36:08,497
<font color="#ffbf46">කෑම්පින් සයිට් එක පැත්තෙ එන්න.</font>

539
00:36:08,497 --> 00:36:10,835
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම එන්නම්. අපි නිතරම එන්නම්.</font>

540
00:36:10,835 --> 00:36:12,236
<font color="#ffbf46">මම යනවා. හරි.</font>

541
00:36:12,236 --> 00:36:14,469
<font color="#ffbf46">පරිස්සමින් යන්න. මම යන්නම යන්නෙ.</font>

542
00:36:14,469 --> 00:36:15,364
<font color="#ffbf46">පරිස්සමින්.</font>

543
00:36:15,364 --> 00:36:17,258
<font color="#ffbf46">පරිස්සමින් යන්න තාත්තේ. හරි.</font>

544
00:36:24,073 --> 00:36:24,781
<font color="#ffbf46">අපිත් දැන් යමු නේද?</font>

545
00:36:24,781 --> 00:36:26,095
<font color="#ffbf46">දෙයියනේ, මම මේක කොහොමද ගෙනියන්නෙ?</font>

546
00:36:26,095 --> 00:36:28,435
<font color="#ffbf46">ඕවා යවලා නිකන් ඉන්නවා. හ්යේ ඔන්ට කරදර කරන්නෙ නැතුව.</font>

547
00:36:28,435 --> 00:36:30,015
<font color="#ffbf46">එයාට වද දෙන්න එපා.</font>

548
00:36:30,015 --> 00:36:32,320
<font color="#ffbf46">හරි හරි. අපි යනවා.</font>

549
00:36:38,060 --> 00:36:40,128
<font color="#ffbf46">මම කිව්වනේ මම බඩු ටික අරන් ඉස්සර වෙලා යන්නම් කියලා.</font>

550
00:36:40,698 --> 00:36:42,998
<font color="#ffbf46">මොන මගුලක්ද මේක ඇතුළෙ දාලා තියෙන්නෙ?</font>

551
00:36:45,334 --> 00:36:46,801
<font color="#ffbf46">මේ මොකක්ද මේ?</font>

552
00:36:52,810 --> 00:36:54,576
<font color="#ffbf46">ස්තූතියි.</font>

553
00:36:57,401 --> 00:36:58,906
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න...</font>

554
00:37:09,501 --> 00:37:11,426
<font color="#ffbf46">ඇත්තටම...</font>

555
00:37:11,426 --> 00:37:13,595
<font color="#ffbf46">මේකෙ පොඩි ගතියක් තියෙනවා නේද?</font>

556
00:37:27,148 --> 00:37:28,512
<font color="#ffbf46">ජා යොන්ග්.</font>

557
00:37:28,512 --> 00:37:29,613
<font color="#ffbf46">ඇයි?</font>

558
00:37:29,613 --> 00:37:31,179
<font color="#ffbf46">එළියට එන්නකෝ ඉක්මනට.</font>

559
00:37:31,179 --> 00:37:32,814
<font color="#ffbf46">මොකද? එන්නකෝ අනේ ඉක්මනට.</font>

560
00:37:32,814 --> 00:37:34,318
<font color="#ffbf46">මොකද වුණේ? ඉක්මන් කරන්න.</font>

561
00:37:34,318 --> 00:37:35,889
<font color="#ffbf46">මේක මාර ලොකුයි, එන්නකෝ. මොකක්ද?</font>

562
00:37:35,889 --> 00:37:37,719
<font color="#ffbf46">අන්න එතන බලන්න.</font>

563
00:37:42,834 --> 00:37:45,188
<font color="#ffbf46">කෝ ඕකෙ රවුම?</font>

564
00:37:45,188 --> 00:37:48,508
<font color="#ffbf46">ඔයානේ කිව්වෙ කොරෝනා බොරියාලිස් එක රවුම් කියලා.</font>

565
00:37:48,508 --> 00:37:51,148
<font color="#ffbf46">ආ, මට ඒ කෑල්ල කියන්න අමතක වුණානේ.</font>

566
00:37:51,148 --> 00:37:53,601
<font color="#ffbf46">ඕක පේන්නෙ හිත හොඳ අයට විතරයි.</font>

567
00:37:56,538 --> 00:37:57,934
<font color="#ffbf46">අන්තිමේදී ඉවරයි.</font>

568
00:37:57,934 --> 00:38:00,775
<font color="#ffbf46">ලොකු බරක් නිදහස් වුණා වගේ.</font>

569
00:38:06,314 --> 00:38:07,916
<font color="#ffbf46">අද හරි මහන්සියි නේද?</font>

570
00:38:13,922 --> 00:38:15,824
<font color="#ffbf46">මේ පරණ ගෙදර</font>

571
00:38:16,367 --> 00:38:19,127
<font color="#ffbf46">ඉස්සරහට වෙලා මෙහෙම ඉන්නකොට...</font>

572
00:38:21,549 --> 00:38:23,832
<font color="#ffbf46">අපි නිකන් නාකි ජෝඩුවක් වගේ පේන්නෙ නැද්ද?</font>

573
00:38:23,832 --> 00:38:25,136
<font color="#ffbf46">නාකි ජෝඩුවක්?</font>

574
00:38:25,136 --> 00:38:26,367
<font color="#ffbf46">ඔව්.</font>

575
00:38:27,601 --> 00:38:29,467
<font color="#ffbf46">අර...</font>

576
00:38:29,467 --> 00:38:31,876
<font color="#ffbf46">අවුරුදු තිහක් හතළිහක් තිස්සේ</font>

577
00:38:31,876 --> 00:38:33,508
<font color="#ffbf46">කිසි ප්‍රශ්නයක් නැතුව</font>

578
00:38:34,678 --> 00:38:36,244
<font color="#ffbf46">සතුටින් එකට ජීවත් වුණ</font>

579
00:38:37,481 --> 00:38:39,447
<font color="#ffbf46">වයසක ජෝඩුවක් වගේ.</font>

580
00:38:44,822 --> 00:38:46,601
<font color="#ffbf46">අපි බොමුද...</font>

581
00:38:46,601 --> 00:38:48,056
<font color="#ffbf46">හීතල බියර් එකක්?</font>

582
00:38:49,026 --> 00:38:50,325
<font color="#ffbf46">හා යමු!</font>

583
00:38:52,763 --> 00:38:54,996
<font color="#ffbf46">කට ළඟටම එනකන් අයිස් දාලා ගේන්න ඕන.</font>

584
00:38:56,531 --> 00:38:58,001
<font color="#ffbf46">හරි.</font>

585
00:39:15,016 --> 00:39:16,885
<font color="#ffbf46">මෙන්න කෑම.</font>

586
00:39:23,928 --> 00:39:25,460
<font color="#ffbf46">මෙයාට හොඳට කන්න පුළුවන්නේ.</font>

587
00:39:26,557 --> 00:39:29,117
<font color="#ffbf46">ඔයාට තාත්තව බලන්න යන්න හිතුණොත් කියන්න.</font>

588
00:39:29,117 --> 00:39:30,565
<font color="#ffbf46">මම එක්කන් යන්නම්.</font>

589
00:39:32,123 --> 00:39:34,736
<font color="#ffbf46">දැන්ම එහෙ යන එක හරි නෑ වගේනෙ.</font>

590
00:39:35,382 --> 00:39:37,322
<font color="#ffbf46">මම එච්චරම මෝඩ නෑ.</font>

591
00:39:37,322 --> 00:39:38,639
<font color="#ffbf46">ඒ ඇයි?</font>

592
00:39:39,443 --> 00:39:40,714
<font color="#ffbf46">මොකක්?</font>

593
00:39:47,051 --> 00:39:48,275
<font color="#ffbf46">ආ...</font>

594
00:39:49,284 --> 00:39:51,086
<font color="#ffbf46">තාත්තා...</font>

595
00:39:51,086 --> 00:39:53,788
<font color="#ffbf46">ජුන් ක්‍යුන්ග්ලාගේ ගෙදර පදිංචියට ගියානේ.</font>

596
00:39:54,667 --> 00:39:56,558
<font color="#ffbf46">ඇයි ඔයා දන්නෙ නැද්ද?</font>

597
00:40:01,300 --> 00:40:03,799
<font color="#ffbf46">අපි කෝපි එකක් බොමු.</font>

598
00:40:03,799 --> 00:40:06,871
<font color="#ffbf46">පැන්ට්‍රි එකේ තියෙන මැෂින් එක පට්ට.</font>

599
00:40:06,871 --> 00:40:09,437
<font color="#ffbf46">ඉස්පිරිතාලෙ කෝපි ඔච්චර හොඳ නම්
ඇයි රස්සාවෙන් අයින් වුණේ?</font>

600
00:40:13,608 --> 00:40:14,843
<font color="#ffbf46">ඒක නෙවෙයි...</font>

601
00:40:14,843 --> 00:40:17,813
<font color="#ffbf46">ඔයාලගෙ පවුල මාර මොඩර්න් නේ.</font>

602
00:40:17,813 --> 00:40:19,981
<font color="#ffbf46">පොඩි අයයි, මැදි වයසෙ අයයි, නාකි අයයි...</font>

603
00:40:19,981 --> 00:40:22,336
<font color="#ffbf46">හැමෝම කසාද බඳින්නෙ නැතුව එකට ජීවත් වෙනවා.</font>

604
00:40:22,851 --> 00:40:24,363
<font color="#ffbf46">සිරාවටම මාරයි.</font>

605
00:40:24,363 --> 00:40:25,720
<font color="#ffbf46">හරිම නිදහස්.</font>

606
00:40:26,262 --> 00:40:27,689
<font color="#ffbf46">ඔයා මට මඩ ගහනවද?</font>

607
00:40:29,627 --> 00:40:33,194
<font color="#ffbf46">මොඩර්න් කියලා කිව්වම ඒක අපහාසයක් වෙන්නෙ කොහොමද?</font>

608
00:40:35,372 --> 00:40:38,372
<font color="#ffbf46">ඒ වුණාට ඇත්ත කියන්න. ඔයා ඔය එකපාරටම එහෙ ගියේ...</font>

609
00:40:38,372 --> 00:40:41,049
<font color="#ffbf46">අර අලුතෙන් ආපු එක්කෙනා ගැන</font>

610
00:40:41,049 --> 00:40:42,917
<font color="#ffbf46">ඔයාට බයක් හිතුණ නිසා නේද?</font>

611
00:40:43,734 --> 00:40:44,607
<font color="#ffbf46">අනේ මන්දා...</font>

612
00:40:44,607 --> 00:40:47,809
<font color="#ffbf46">නොදැනුවත්වම මම ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ව
බා ගත්තද දන්නෙ නෑ?</font>

613
00:40:51,012 --> 00:40:52,013
<font color="#ffbf46">පස්සෙ මොකද කරන්නෙ?</font>

614
00:40:52,013 --> 00:40:53,521
<font color="#ffbf46">මම ළමයි එක්ක කිඩ්ස් කැෆේ එකට යනවා.</font>

615
00:40:53,521 --> 00:40:55,119
<font color="#ffbf46">එනවද යන්න?</font>

616
00:40:55,119 --> 00:40:56,751
<font color="#ffbf46">පිස්සුද අනේ.</font>

617
00:41:01,356 --> 00:41:03,057
<font color="#ffbf46">හලෝ.</font>

618
00:41:03,561 --> 00:41:05,927
<font color="#ffbf46">තවම ලන්ච් ටයිම් එක නේද?</font>

619
00:41:10,668 --> 00:41:13,334
<font color="#ffbf46">ආරංචියි ඔයයි ඩෝ හ්‍යුනුයි එකට ඉන්නවලු නේද.</font>

620
00:41:17,582 --> 00:41:21,042
<font color="#ffbf46">ඔයා ඔෆිස් එකටම ආවේ ඕක අහන්නද?</font>

621
00:41:24,679 --> 00:41:27,181
<font color="#ffbf46">ඇත්තටම ඒකට නෙවෙයි...</font>

622
00:41:27,667 --> 00:41:31,519
<font color="#ffbf46">මට දැනගන්න ඕන වුණේ ඔයාලා බඳින්නද ඉන්නෙ කියලා.</font>

623
00:41:33,591 --> 00:41:35,790
<font color="#ffbf46">ඇයි එහෙම ඇහුවේ?</font>

624
00:41:37,918 --> 00:41:39,995
<font color="#ffbf46">එක්කෙනෙක් මෙහෙම දෙයක් කිව්වා.</font>

625
00:41:39,995 --> 00:41:42,701
<font color="#ffbf46">අපි යාළු වෙනවා, රණ්ඩු වෙනවා,</font>

626
00:41:42,701 --> 00:41:46,134
<font color="#ffbf46">වෙන් වෙනවා, නාඳුනන අය වෙනවා, ආයෙ එකතු වෙනවා...</font>

627
00:41:46,134 --> 00:41:50,204
<font color="#ffbf46">අපිට පවුලක් විදිහට තෝරගන්න පුළුවන්
සැමියව හෝ බිරිඳව විතරයි කියලා.</font>

628
00:41:52,574 --> 00:41:53,903
<font color="#ffbf46">ඔයා මොකක්ද මේ කියන්න හදන්නෙ?</font>

629
00:41:53,903 --> 00:41:55,535
<font color="#ffbf46">මම කියන්නෙ</font>

630
00:41:55,535 --> 00:41:58,662
<font color="#ffbf46">ඒක හිතනවාට වඩා ටිකක් සංකීර්ණයි.</font>

631
00:41:58,662 --> 00:42:00,951
<font color="#ffbf46">සැමියෙක් වගේ නෙවෙයි,
දෙමව්පියන්වයි දරුවන්වයි තෝරගන්න බෑනේ,</font>

632
00:42:00,951 --> 00:42:03,084
<font color="#ffbf46">අනික එයාලත් එක්ක තියෙන සම්බන්ධය කවදාවත් නවත්තන්නත් බෑ.</font>

633
00:42:04,488 --> 00:42:07,322
<font color="#ffbf46">ඩෝ හ්‍යුන් කියන්නෙ ඩැනියෙල්ගෙ තාත්තා.</font>

634
00:42:07,792 --> 00:42:10,391
<font color="#ffbf46">මම එයාගෙ අම්මා.</font>

635
00:42:18,799 --> 00:42:21,267
<font color="#ffbf46">මම හරියටම දන්නෙ නෑ,</font>

636
00:42:21,267 --> 00:42:24,706
<font color="#ffbf46">හැබැයි අපි බඳිනවා නම්,
මුලින්ම දැනගන්න ලැබෙන්නෙ ඔයාට.</font>

637
00:42:31,000 --> 00:42:33,000
<font color="#ffbf46">ඔයා දන්නවද...</font>

638
00:42:33,000 --> 00:42:35,450
<font color="#ffbf46">අපි හම්බවෙන හැම වෙලාවකම,</font>

639
00:42:35,450 --> 00:42:39,020
<font color="#ffbf46">මට හිතෙනවා අපි දෙන්නා හරිම සමානයි කියලා.
ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද?</font>

640
00:42:43,291 --> 00:42:44,125
<font color="#ffbf46">ඒ කොහොමද?</font>

641
00:42:44,125 --> 00:42:47,802
<font color="#ffbf46">අපි දෙන්නම හිතේ තියෙන දේ කියන්න හරි
හිතේ හංගගෙන ඉන්න හරි දන්නෙ නෑ.</font>

642
00:42:47,802 --> 00:42:50,667
<font color="#ffbf46">ඉරිසියාව නිසා ඉක්මනටම රිද්ද ගන්නවා,</font>

643
00:42:50,667 --> 00:42:53,179
<font color="#ffbf46">වැරැද්දක් අහුවුණාම පැනලා යනවා,</font>

644
00:42:53,179 --> 00:42:56,571
<font color="#ffbf46">අනික අපි දෙන්නම සමාව ගන්නවත්
සමාව දෙන්නවත් දන්නෙ නෑ.</font>

645
00:42:57,300 --> 00:42:59,073
<font color="#ffbf46">ඇත්ත නේද?</font>

646
00:43:15,735 --> 00:43:18,125
<font color="#ffbf46"><i>අපි හම්බවෙන හැම වෙලාවකම,</i></font>

647
00:43:18,125 --> 00:43:21,629
<font color="#ffbf46"><i>මට හිතෙනවා අපි දෙන්නා හරිම සමානයි කියලා.
ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද?</i></font>

648
00:43:33,544 --> 00:43:35,777
<font color="#ffbf46">සමානයි? විකාර.</font>

649
00:43:46,023 --> 00:43:48,559
<font color="#ffbf46">ආ ඔයා ඇවිල්ලා. එන්න ගොඩක් අමාරු වුණාද?</font>

650
00:43:48,559 --> 00:43:50,859
<font color="#ffbf46">මෙච්චර දුර ආවට ස්තූතියි.</font>

651
00:43:50,859 --> 00:43:52,741
<font color="#ffbf46">කොහොමද... ඔයාලා හොඳින් ඉන්නවා නේද?</font>

652
00:43:52,741 --> 00:43:54,062
<font color="#ffbf46">ආවට බොහොම ස්තූතියි.</font>

653
00:43:54,062 --> 00:43:56,055
<font color="#ffbf46">හලෝ.</font>

654
00:43:56,055 --> 00:43:57,866
<font color="#ffbf46">ඇත්තටම,</font>

655
00:43:57,866 --> 00:44:00,035
<font color="#ffbf46">ඔයා චීෆ් කෙනෙක් වෙලා, ඊටපස්සෙ රස්තියාදුකාරයෙක් වෙලා,</font>

656
00:44:00,035 --> 00:44:01,701
<font color="#ffbf46">දැන් ලොක්කෙක් වෙලා.</font>

657
00:44:01,701 --> 00:44:04,099
<font color="#ffbf46">ඔයාගෙ ජීවිතේ නිකන් රෝලකෝස්ටර් එකක් වගේනේ.</font>

658
00:44:04,099 --> 00:44:05,400
<font color="#ffbf46">සුබ පැතුම්.</font>

659
00:44:05,400 --> 00:44:08,619
<font color="#ffbf46">ඇයි මේ තෑගි උස්සන් ආවේ?
මොනවද මේ?</font>

660
00:44:08,619 --> 00:44:10,345
<font color="#ffbf46">ටඩා!</font>

661
00:44:10,345 --> 00:44:13,440
<font color="#ffbf46">මම ඔයාට කිව්වනේ ප්‍රඩක්ට් ලෝගෝ එක අයින් කරන්න කියලා!</font>

662
00:44:13,440 --> 00:44:15,884
<font color="#ffbf46">"බොම් කෑම්පින් සයිට්, ජය වේවා!"</font>

663
00:44:15,884 --> 00:44:17,379
<font color="#ffbf46">බොහොම ස්තූතියි.</font>

664
00:44:17,379 --> 00:44:19,320
<font color="#ffbf46">හරි, යමු.</font>

665
00:44:22,259 --> 00:44:24,028
<font color="#ffbf46">ඇඟිලි පරිස්සමෙන්.</font>

666
00:44:24,028 --> 00:44:25,793
<font color="#ffbf46">එන්න, ඇතුළට එන්න.</font>

667
00:44:26,297 --> 00:44:28,863
<font color="#ffbf46">මෙහෙ හුළං හරිම සනීපයි.</font>

668
00:44:29,531 --> 00:44:32,100
<font color="#ffbf46">මේක මාර රහයි.
රහයිද?</font>

669
00:44:32,100 --> 00:44:33,034
<font color="#ffbf46">කන්න, ඇති වෙනකම් කන්න.</font>

670
00:44:33,034 --> 00:44:34,271
<font color="#ffbf46">ස්තූතියි.</font>

671
00:44:34,271 --> 00:44:35,740
<font color="#ffbf46">ඔයත් කන්නකෝ.</font>

672
00:44:35,740 --> 00:44:37,071
<font color="#ffbf46">හරි.</font>

673
00:44:42,167 --> 00:44:43,544
<font color="#ffbf46">චියර්ස්!</font>

674
00:44:46,981 --> 00:44:48,216
<font color="#ffbf46">ඔයාට සතුටුයිද?</font>

675
00:44:48,216 --> 00:44:50,585
<font color="#ffbf46">ඔව්. මම ගොඩක් සතුටින්.</font>

676
00:44:52,256 --> 00:44:55,367
<font color="#ffbf46">අතින් අල්ලන්න එපා.
මේකෙන් කන්න.</font>

677
00:44:55,367 --> 00:44:58,000
<font color="#ffbf46">හා, මම බෙදාගන්නම්.</font>

678
00:44:58,000 --> 00:45:00,194
<font color="#ffbf46">ඊයා, කැතේ බෑ!
නිකන් කාලා බලන්නකෝ.</font>

679
00:45:14,178 --> 00:45:15,776
<font color="#ffbf46">මොනවද ඔයා කල්පනා කරන්නේ?</font>

680
00:45:18,682 --> 00:45:20,162
<font color="#ffbf46">නිකන්...</font>

681
00:45:21,152 --> 00:45:23,353
<font color="#ffbf46">මේක හරි පුදුමයි.</font>

682
00:45:24,467 --> 00:45:27,754
<font color="#ffbf46">අපි දෙන්නා අඳුරන්නෙවත් නැතුව ඉඳලා, හම්බවෙලා...</font>

683
00:45:28,723 --> 00:45:30,895
<font color="#ffbf46">ඒ හැම දේකටම මූණ දීලා...</font>

684
00:45:30,895 --> 00:45:34,228
<font color="#ffbf46">අන්තිමට මෙහෙම එකට ඉන්න එක ගැන.</font>

685
00:45:39,267 --> 00:45:40,601
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

686
00:45:44,033 --> 00:45:45,373
<font color="#ffbf46">එදා ඔයා</font>

687
00:45:46,040 --> 00:45:48,910
<font color="#ffbf46">බය නැතුව මට ඔයාගේ කැමැත්ත කිව්වෙ නැත්නම්,</font>

688
00:45:50,634 --> 00:45:52,280
<font color="#ffbf46">අපි සමහරවිට</font>

689
00:45:54,773 --> 00:45:56,951
<font color="#ffbf46">අද මෙතන මෙහෙම ඉන්න එකකුත් නෑ නේද?</font>

690
00:45:59,260 --> 00:46:01,649
<font color="#ffbf46">මම? මමද කැමතියි කිව්වේ?</font>

691
00:46:03,094 --> 00:46:05,059
<font color="#ffbf46">බලන්නකෝ මෙයාව, නිකන් මතක නෑ වගේ ඉන්න හැටි.</font>

692
00:46:06,194 --> 00:46:09,163
<font color="#ffbf46">ඔයාට ඇත්තටම මතක නැද්ද</font>

693
00:46:09,871 --> 00:46:13,568
<font color="#ffbf46">එදා මගේ බෙල් එක ගහලා
ඔයා කියපු දේ?</font>

694
00:46:14,602 --> 00:46:16,271
<font color="#ffbf46">මම මොකක්ද කිව්වේ?</font>

695
00:46:16,271 --> 00:46:18,855
<font color="#ffbf46">ඉන්නකෝ, මට ෂුවර් ඒක ආදරේ ප්‍රකාශ කිරීමක් නෙවෙයි.</font>

696
00:46:18,855 --> 00:46:20,274
<font color="#ffbf46">අනේ අම්මපා.</font>

697
00:46:21,411 --> 00:46:23,311
<font color="#ffbf46">ඔයාට ඇත්තටම මතක නෑනේ.</font>

698
00:46:23,311 --> 00:46:26,781
<font color="#ffbf46">හැබැයි මට නම් ඔක්කොම මතකයි,</font>

699
00:46:26,781 --> 00:46:30,187
<font color="#ffbf46">ඔයා ඇඳන් හිටපු ඇඳුමේ ඉඳන් සපත්තු දෙක වෙනකම්ම.</font>

700
00:46:30,187 --> 00:46:32,019
<font color="#ffbf46">වෙන්න බෑ.</font>

701
00:46:34,569 --> 00:46:37,792
<font color="#ffbf46">නිකන් පියාපත් වගේ ලොකු කොලර් එකක් තිබ්බ සුදු ෂර්ට් එකක්...</font>

702
00:46:37,792 --> 00:46:40,067
<font color="#ffbf46">සුදු කලිසමක්...</font>

703
00:46:40,067 --> 00:46:41,596
<font color="#ffbf46">ඔයාට පුදුම හදිස්සියක් තිබිලා තියෙන්නේ...</font>

704
00:46:41,596 --> 00:46:44,033
<font color="#ffbf46">ඔයා මගේ දොර ගාවට පියාඹගෙන ආවේ</font>

705
00:46:44,033 --> 00:46:45,911
<font color="#ffbf46">ඔයාගේ සෙරෙප්පු දෙකත් දාගෙන.</font>

706
00:46:45,911 --> 00:46:48,011
<font color="#ffbf46">නිකන් පුංචි සුර දූතයෙක් වගේ.</font>

707
00:46:48,011 --> 00:46:50,538
<font color="#ffbf46">මට නිකන් හිරිගඩු පිපුණා වගේ.</font>

708
00:46:52,663 --> 00:46:56,623
<font color="#ffbf46">ඔයා ගැන මම නොදන්න දෙයක් තියෙනවද?</font>

709
00:46:56,623 --> 00:46:59,067
<font color="#ffbf46">මම හැමදාම ඔයා දිහා බලන් ඉඳලා,</font>

710
00:46:59,067 --> 00:47:00,848
<font color="#ffbf46">විශ්ලේෂණය කරලා,</font>

711
00:47:01,701 --> 00:47:03,250
<font color="#ffbf46">ඔයා ගැන ඉගෙන ගන්නවා...</font>

712
00:47:03,952 --> 00:47:05,987
<font color="#ffbf46">සෝ ජුන් ක්‍යුන්ග් ගැන ඉන්න</font>

713
00:47:05,987 --> 00:47:07,855
<font color="#ffbf46">ලොකුම විශේෂඥයා මම.</font>

714
00:47:08,323 --> 00:47:10,627
<font color="#ffbf46">ආ... එතකොට ඔයා තමයි මම ගැන හොඳටම දන්න කෙනා.</font>

715
00:47:15,263 --> 00:47:17,064
<font color="#ffbf46">ඇයි මොකද?</font>

716
00:47:19,167 --> 00:47:20,335
<font color="#ffbf46">දවසම ඩෙස්ක් එකේ</font>

717
00:47:20,335 --> 00:47:22,735
<font color="#ffbf46">වාඩි වෙලා ඉඳලා</font>

718
00:47:22,735 --> 00:47:24,801
<font color="#ffbf46">මගේ කොන්ද කඩාගෙන වැටෙන්න වගේ, හරියටම මෙතන.
කොන්ද රිදෙනවද?</font>

719
00:47:24,801 --> 00:47:26,608
<font color="#ffbf46">හරියටම එතන.</font>

720
00:47:26,608 --> 00:47:27,456
<font color="#ffbf46">මෙතනද?</font>

721
00:47:27,456 --> 00:47:28,376
<font color="#ffbf46">ආන්න එතන තමයි.</font>

722
00:47:28,376 --> 00:47:31,816
<font color="#ffbf46">ඉතින් රිදෙනවා නම්, මම මෙහෙම තද කරනකොට
තවත් රිදෙන්න එපැයි?</font>

723
00:47:31,816 --> 00:47:34,115
<font color="#ffbf46">ෂා, මාර සනීපයි.
දැන් රිදෙන එක වැඩිද?</font>

724
00:47:34,115 --> 00:47:38,219
<font color="#ffbf46">මම හිතුවේ අලුත් ගෙදරකට ආවම පාටියක් දාන එක</font>

725
00:47:38,219 --> 00:47:42,156
<font color="#ffbf46">හැමෝම කරන දෙයක් කියලා.
බලන් ගියාම එහෙම නෑ වගේ.</font>

726
00:47:43,408 --> 00:47:45,159
<font color="#ffbf46">මොකක්ද ඔයා ඒ කියන්නේ?</font>

727
00:47:46,073 --> 00:47:50,768
<font color="#ffbf46">මට හිතෙන්නේ මම මේ මගේ සතුට පෙන්නන්න හදනවා වගේ,</font>

728
00:47:50,768 --> 00:47:55,136
<font color="#ffbf46">එහෙම නැත්නම් මම මටම පොරොන්දු වෙනවා වගේ
මීට පස්සේ මම මීටත් වඩා හොඳට ජීවත් වෙනවා කියලා.</font>

729
00:47:55,913 --> 00:47:58,134
<font color="#ffbf46">මට හරියටම ෂුවර් නැති වුණාට</font>

730
00:47:58,134 --> 00:48:00,041
<font color="#ffbf46">"හොඳට ජීවත් වෙනවා" කියන්නේ මොකක්ද කියලා.</font>

731
00:48:00,913 --> 00:48:03,878
<font color="#ffbf46">හොඳට ජීවත් වෙනවා කියන්නේ...</font>

732
00:48:05,280 --> 00:48:07,515
<font color="#ffbf46">අලුත් ටවල් එකක් අරන්</font>

733
00:48:07,515 --> 00:48:10,885
<font color="#ffbf46">ඒක හොඳටම සොෆ්ට් කාලේ</font>

734
00:48:10,885 --> 00:48:13,254
<font color="#ffbf46">මූණ පිහිදාන්න පාවිච්චි කරනවා,</font>

735
00:48:13,254 --> 00:48:16,300
<font color="#ffbf46">ඊට පස්සේ ඒක පරණ වෙලා</font>

736
00:48:16,300 --> 00:48:18,926
<font color="#ffbf46">නූල් ඇදිලා රළු වුණාම
කකුල් පිහිදාන්න ගන්නවා.</font>

737
00:48:19,454 --> 00:48:23,964
<font color="#ffbf46">ඊටත් පස්සේ තම්බලා හේදුවත් කුණු යන්නෙ නැති වුණාම,
ඇදෙනකොට...</font>

738
00:48:24,434 --> 00:48:27,034
<font color="#ffbf46">ඒක බිම පිහිදාන රෙද්දක් විදියට පාවිච්චි කරනවා.</font>

739
00:48:29,270 --> 00:48:31,672
<font color="#ffbf46">අන්න එහෙම ජීවත් වෙන එකට තමයි</font>

740
00:48:32,407 --> 00:48:35,176
<font color="#ffbf46">හොඳට ජීවත් වෙනවා කියන්නේ.</font>

741
00:48:38,801 --> 00:48:41,182
<font color="#ffbf46">ආවට ගොඩක් ස්තූතියි.</font>

742
00:48:43,487 --> 00:48:45,453
<font color="#ffbf46">මම ඇත්තටමයි කිව්වේ.</font>

743
00:48:49,593 --> 00:48:51,358
<font color="#ffbf46">ජා යොන්ග්.</font>

744
00:49:15,853 --> 00:49:18,853
<i><font color="#fff5f9">♪ අපි හොඳට ජීවත් වෙමු ♪</font></i>

745
00:49:18,853 --> 00:49:22,053
<i><font color="#fff5f9">♪ අපි හොඳට ජීවත් වෙමු ♪</font></i>

746
00:49:22,053 --> 00:49:24,595
<i><font color="#fff5f9">♪ අපි ඒකට උත්සාහ කරමු ♪</font></i>

747
00:49:24,595 --> 00:49:27,128
<i><font color="#fff5f9">♪ අපි හොඳට ජීවත් වෙමු ♪</font></i>

748
00:49:28,566 --> 00:49:31,132
<i><font color="#fff5f9">♪ අපි හොඳට ජීවත් වෙමු ♪</font></i>

749
00:49:31,132 --> 00:49:33,137
<i><font color="#fff5f9">♪ අපි හොඳට ජීවත් වෙමු ♪</font></i>

750
00:49:33,137 --> 00:49:35,603
<font color="#ffbf46">එයාට ටිකක් වැඩි වෙලා වගේ.</font>

751
00:49:37,138 --> 00:49:39,306
<font color="#ffbf46">තනියම බීලා හොඳටම වෙරි වෙලා.</font>

752
00:49:56,124 --> 00:49:57,792
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

753
00:49:57,792 --> 00:49:59,868
<font color="#ffbf46">මේ... මොකද මේ...</font>

754
00:49:59,868 --> 00:50:00,765
<font color="#ffbf46">ඔයා මොකද මේ කරන්නේ?</font>

755
00:50:00,765 --> 00:50:02,452
<font color="#ffbf46">මම මේක කරනකම්මයි හිටියේ...</font>

756
00:50:02,452 --> 00:50:03,664
<font color="#ffbf46">මොකක්ද?</font>

757
00:50:06,167 --> 00:50:07,071
<font color="#ffbf46">අහ්?</font>

758
00:50:07,071 --> 00:50:08,869
<font color="#ffbf46">ඉක්මනට ගෙදර එන්න රත්තරන්.</font>

759
00:50:10,975 --> 00:50:12,512
<font color="#ffbf46">යමු යන්න.</font>

760
00:50:12,512 --> 00:50:15,309
<font color="#ffbf46">අපි නිකන් අලුත බැඳපු ජෝඩුවක් වගේ.</font>

761
00:50:16,280 --> 00:50:18,315
<font color="#ffbf46">මේ ඇඳුම ගොඩක් පරණයිනේ.</font>

762
00:50:18,315 --> 00:50:20,181
<font color="#ffbf46">ඔයාට තියෙන්නේ මේක විතරද?</font>

763
00:50:20,985 --> 00:50:24,018
<font color="#ffbf46">මට කවද්ද සූට් අඳින්න ඕන වුණේ?</font>

764
00:50:24,529 --> 00:50:27,158
<font color="#ffbf46">ඒකෙන් පේනවා මම අද වෙනකම්
ජීවත් වෙලා තියෙන විදිය.</font>

765
00:50:27,158 --> 00:50:29,401
<font color="#ffbf46">මට අර සම්මානේ සල්ලි හම්බවුණු ගමන්,</font>

766
00:50:29,401 --> 00:50:31,334
<font color="#ffbf46">මම ඔයාට ටයි එකක් අරන් දෙනවා...</font>

767
00:50:31,334 --> 00:50:32,560
<font color="#ffbf46">නෑ...</font>

768
00:50:33,227 --> 00:50:34,890
<font color="#ffbf46">සූට් එකක්ම අරන් දෙනවා.</font>

769
00:50:34,890 --> 00:50:36,434
<font color="#ffbf46">හොඳ ගණන් එකකින්.</font>

770
00:50:36,434 --> 00:50:40,000
<font color="#ffbf46">බලන්නකෝ මෙයාගේ කතාව,
තවම හම්බවුණෙත් නැති සල්ලි වියදම් කරන්න හදනවා.</font>

771
00:50:41,205 --> 00:50:43,134
<font color="#ffbf46">මම ලේඛකයෙක් වුණාම</font>

772
00:50:43,134 --> 00:50:45,534
<font color="#ffbf46">ඔයා ප්‍රොෆෙසර් කෙනෙක් වුණාම,</font>

773
00:50:45,534 --> 00:50:47,478
<font color="#ffbf46">අපි බඳිමුද?</font>

774
00:50:47,478 --> 00:50:49,510
<font color="#ffbf46">මොකක්ද? මට ලැජ්ජා හිතෙනවා.</font>

775
00:50:49,510 --> 00:50:50,948
<font color="#ffbf46">නවත්තන්නකෝ, ඕක නවත්තන්න.</font>

776
00:50:50,948 --> 00:50:53,517
<font color="#ffbf46">ගිහින් වැඩේ ගොඩ දාගෙන එන්න.</font>

777
00:50:53,517 --> 00:50:54,351
<font color="#ffbf46">හරි.</font>

778
00:50:54,351 --> 00:50:56,150
<font color="#ffbf46">මම ඔයාගේ බලාපොරොත්තු කඩ කරන්නේ නෑ.
හරි.</font>

779
00:50:57,418 --> 00:50:59,253
<font color="#ffbf46">මම කෝල් එකක් දෙන්නම්.
හා.</font>

780
00:50:59,253 --> 00:51:01,522
<font color="#ffbf46">ජය වේවා!
ඔව්.</font>

781
00:51:03,825 --> 00:51:06,998
<font color="#ffbf46">ප්‍රොෆෙසර් හැමදේම කලින්ම කතා කරලයි තියෙන්නේ,
ඒ නිසා බය වෙන්න එපා.</font>

782
00:51:06,998 --> 00:51:09,844
<font color="#ffbf46">හරි. බය වෙන්නෙ නෑ. අහන දේට කෙලින් උත්තර දෙන්න,</font>

783
00:51:09,844 --> 00:51:12,233
<font color="#ffbf46">"ඔව්! ඔව්!" කියලා කියන්න.</font>

784
00:51:12,233 --> 00:51:13,505
<font color="#ffbf46">බය වෙන්න? පිස්සුද...</font>

785
00:51:13,505 --> 00:51:14,839
<font color="#ffbf46">හරි එහෙනම්. ගුඩ් ලක්.</font>

786
00:51:14,839 --> 00:51:16,704
<font color="#ffbf46">ඔයාට පුළුවන්! කලබල වෙන්න එපා.</font>

787
00:51:16,704 --> 00:51:18,342
<font color="#ffbf46">මම කිව්වනේ, මම කලබල නෑ.</font>

788
00:51:18,342 --> 00:51:19,573
<font color="#ffbf46">එහෙනම් හරි.</font>

789
00:51:20,911 --> 00:51:23,210
<font color="#ffbf46">එයා නිකන් කලබල වෙලා වගේ.</font>

790
00:51:40,228 --> 00:51:41,985
<font color="#ffbf46">ජින් හෝ.</font>

791
00:51:41,985 --> 00:51:43,898
<font color="#ffbf46">ජින් හෝ, මේක බලන්නකෝ.</font>

792
00:51:43,898 --> 00:51:46,957
<font color="#ffbf46">අර උඩ පැත්තේ ගොඩක් දළු තියෙනවා.</font>

793
00:51:46,957 --> 00:51:48,535
<font color="#ffbf46">බලන්නකෝ අර...</font>

794
00:51:53,010 --> 00:51:54,408
<font color="#ffbf46">හරි.</font>

795
00:51:55,746 --> 00:51:57,811
<font color="#ffbf46">දෙවියනේ. මට මොකද මේ වුණේ?</font>

796
00:52:05,623 --> 00:52:07,437
<font color="#ffbf46">ඔයා ඉන්ටර්න්ෂිප් එකක් කළා නේද
විකාශන ආයතනයක.</font>

797
00:52:07,437 --> 00:52:10,167
<font color="#ffbf46">ආ, ඔව්!
ඔයාගේ තීසිස් එකත් අනුමත වෙලා නේද තියෙන්නේ.</font>

798
00:52:10,167 --> 00:52:11,358
<font color="#ffbf46">ඔව්.</font>

799
00:52:12,827 --> 00:52:15,298
<font color="#ffbf46">එතකොට මේ සෙමෙස්ටර් එකේ ක්‍රෙඩිට් හයක් කළාම
ඔයාට උපාධිය ගන්න පුළුවන් නේද?</font>

800
00:52:15,298 --> 00:52:17,157
<font color="#ffbf46">ඔව්. හරියටම හරි.</font>

801
00:52:17,157 --> 00:52:20,067
<font color="#ffbf46">හැබැයි ඔයාගේ අන්ඩර්-ග්‍රැජුවෙට් රිසාල්ට්ස්
ඒ තරම් හොඳ නෑ, ඒ ඇයි?</font>

802
00:52:21,168 --> 00:52:22,636
<font color="#ffbf46">ආ...</font>

803
00:52:23,170 --> 00:52:27,458
<font color="#ffbf46">ඒ... ඒ කාලේ මට පෞද්ගලික
ප්‍රශ්න වගයක් තිබුණා.</font>

804
00:52:27,458 --> 00:52:28,857
<font color="#ffbf46">මොන වගේ ප්‍රශ්නද?</font>

805
00:52:28,857 --> 00:52:30,311
<font color="#ffbf46">ඒක...</font>

806
00:52:31,381 --> 00:52:33,180
<font color="#ffbf46">මම ඇත්තටම ඇහුවේ නෑ.</font>

807
00:52:33,180 --> 00:52:34,649
<font color="#ffbf46">හරි.</font>

808
00:52:34,649 --> 00:52:37,318
<font color="#ffbf46">ප්‍රොෆෙසර් සොන්ග් ඔයාව රෙකමදාරු කළා,</font>

809
00:52:37,318 --> 00:52:39,790
<font color="#ffbf46">අපේ ලිබරල් ආට්ස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ට
පුරප්පාඩුවක් තියෙනවා.</font>

810
00:52:39,790 --> 00:52:42,535
<font color="#ffbf46">ඉතින් ඔයා ඒකට ගැලපෙනවා වගේ පේනවා.</font>

811
00:52:42,535 --> 00:52:44,025
<font color="#ffbf46">හැබැයි මේකේ යම් ක්‍රමවේදයක් තියෙනවා.</font>

812
00:52:44,025 --> 00:52:47,098
<font color="#ffbf46">මම ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධානියා එක්ක කතා කරලා
ඉක්මනට ඔයාට දැනුම් දෙන්නම්.</font>

813
00:52:47,098 --> 00:52:48,432
<font color="#ffbf46">ආ, හරි.</font>

814
00:52:48,432 --> 00:52:49,964
<font color="#ffbf46">ස්තූතියි.</font>

815
00:52:54,526 --> 00:52:56,103
<font color="#ffbf46">ජින් හෝ,</font>

816
00:52:56,801 --> 00:52:58,772
<font color="#ffbf46">ඔයා තාම තරහින්ද ඉන්නේ?</font>

817
00:53:00,207 --> 00:53:01,368
<font color="#ffbf46">මේක තරහක් ගැන නෙවෙයි.</font>

818
00:53:01,368 --> 00:53:04,882
<font color="#ffbf46">මේ කඳු පැත්තේ ගින්නක් ඇති වුණොත්
ලොකු විනාශයක් වෙන්න පුළුවන්.</font>

819
00:53:04,882 --> 00:53:07,614
<font color="#ffbf46">ඔයා හරි.
ඇත්තටම ලොකු විනාශයක් වෙන්න තිබුණා.</font>

820
00:53:08,549 --> 00:53:10,816
<font color="#ffbf46">මෙහෙට ආපු සතුටට මට මොනවා වුණාද මන්දා.</font>

821
00:53:10,816 --> 00:53:12,486
<font color="#ffbf46">මට සිහියක් පතක් නෑ වගේ.</font>

822
00:53:13,161 --> 00:53:14,959
<font color="#ffbf46">මම ඇත්තටම සමාව ඉල්ලනවා.</font>

823
00:53:14,959 --> 00:53:18,058
<font color="#ffbf46">මම පොරොන්දු වෙනවා, ඇත්තටම,
මම මීට පස්සේ කල්පනාවෙන් වැඩ කරනවා කියලා.</font>

824
00:53:19,981 --> 00:53:21,855
<font color="#ffbf46">ඉතින්, ඔයාට සිහිය නැති වෙන තරමටම</font>

825
00:53:21,855 --> 00:53:24,965
<font color="#ffbf46">මෙහෙ ඉන්න එක සතුටක් නම්, ඒක ලොකු දෙයක්.</font>

826
00:53:27,304 --> 00:53:30,437
<font color="#ffbf46">ඒ කියන්නේ ඔයාට දැන් තරහ නෑ නේද?</font>

827
00:53:31,375 --> 00:53:33,273
<font color="#ffbf46">නෑ, මම තාම තරහෙන් ඉන්නේ.</font>

828
00:53:34,203 --> 00:53:35,102
<font color="#ffbf46">අනේ එහෙම කරන්න එපා!</font>

829
00:53:35,102 --> 00:53:36,844
<font color="#ffbf46">නවත්තන්නකෝ.</font>

830
00:53:39,891 --> 00:53:41,172
<font color="#ffbf46">කිචි කවන්න එපා.</font>

831
00:53:41,172 --> 00:53:43,187
<font color="#ffbf46">මගේ තරහ ගිහින් නෑ, යන්න අහකට.</font>

832
00:53:43,187 --> 00:53:44,585
<font color="#ffbf46">නවත්තන්න.</font>

833
00:53:45,623 --> 00:53:47,054
<font color="#ffbf46">බෑ.</font>

834
00:53:49,256 --> 00:53:53,360
<font color="#ffbf46">ඔයා දන්නවද ප්‍රොපෝසල් එකක දෙන
දියමන්තියට වඩා වටින දේ මොකක්ද කියලා?</font>

835
00:53:54,198 --> 00:53:55,596
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

836
00:53:56,133 --> 00:53:57,564
<font color="#ffbf46">හරියටම ගැළපෙන වෙලාව.</font>

837
00:53:58,191 --> 00:54:00,034
<font color="#ffbf46">පරණ කතාවක් වගේද?</font>

838
00:54:00,034 --> 00:54:03,838
<font color="#ffbf46">ඒක ඔයාගේ වෙලාව ගැනවත්,
අපි දෙන්නගේ වෙලාව ගැනවත් නෙවෙයි.</font>

839
00:54:03,838 --> 00:54:06,473
<font color="#ffbf46">ඒක එයාටම අයිති මොහොතක් වෙන්න ඕනේ.</font>

840
00:54:07,363 --> 00:54:09,580
<font color="#ffbf46">ඉතින් කොහොමද ඒක හරියටම දැනගන්නේ?</font>

841
00:54:09,580 --> 00:54:11,345
<font color="#ffbf46">අන්න ඒක තමයි අමාරුම වැඩේ.</font>

842
00:54:18,956 --> 00:54:21,692
<font color="#ffbf46">මම කිව්වනේ, පන්තියේ බස් එකේ ගියා නම්
කිසි කරදරයක් නෑනේ.</font>

843
00:54:21,692 --> 00:54:23,461
<font color="#ffbf46">මට වෙන කරන්න වැඩකුත් නෑනේ.</font>

844
00:54:23,461 --> 00:54:25,259
<font color="#ffbf46">ඔයා දන්නවනේ මට රස්සාවක් නෑ කියලා.</font>

845
00:54:26,897 --> 00:54:28,265
<font color="#ffbf46">එහෙනම් ගිහින් රස්සාවක් හොයාගන්නකෝ.</font>

846
00:54:28,265 --> 00:54:32,099
<font color="#ffbf46">ඔයා පන්ති කට් කරලා
අපි යමුද ටොක්බොකි කන්න?</font>

847
00:54:33,100 --> 00:54:36,271
<font color="#ffbf46">ඇයි පන්තියට යන එක නවත්තලම දාලා
මාත් එක්ක රවුමක් ගහන්න එන්නේ නැත්තේ?</font>

848
00:54:36,271 --> 00:54:39,039
<font color="#ffbf46">කොහොමද මම එහෙම නිකන්ම පන්ති නොයා ඉන්නේ?</font>

849
00:54:39,674 --> 00:54:41,420
<font color="#ffbf46">ඔයා නම් ඇත්තටම</font>

850
00:54:41,420 --> 00:54:43,490
<font color="#ffbf46">අනිත් අම්මලා වගේ නෙවෙයි.</font>

851
00:54:43,490 --> 00:54:47,014
<font color="#ffbf46">ඉතින්, ඔයා කැමතිද මම ඒ අය වගේ වෙනවට?</font>

852
00:54:47,718 --> 00:54:49,220
<font color="#ffbf46">නෑ,</font>

853
00:54:49,220 --> 00:54:50,393
<font color="#ffbf46">මම නම් කැමති නෑ.</font>

854
00:54:53,234 --> 00:54:54,588
<font color="#ffbf46">ඒ වුණාට...</font>

855
00:54:56,202 --> 00:54:58,292
<font color="#ffbf46">ඔයා ආයේ කාත් එක්කවත් යාළු වෙන්න හිතන් නැද්ද?</font>

856
00:54:59,430 --> 00:55:00,727
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම අහන්නේ?</font>

857
00:55:02,190 --> 00:55:03,697
<font color="#ffbf46">මම නිකන් ඇහුවේ...</font>

858
00:55:04,857 --> 00:55:06,470
<font color="#ffbf46">තාත්තටත්</font>

859
00:55:06,470 --> 00:55:08,817
<font color="#ffbf46">ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න නිසා.</font>

860
00:55:08,817 --> 00:55:11,337
<font color="#ffbf46">ඉස්සර නම් ඔයා මම කාත් එක්කවත් යාළු වෙනවට කැමති වුණේ නෑනේ.</font>

861
00:55:11,337 --> 00:55:13,414
<font color="#ffbf46">ඔයාට ඕන වුණේ අපි තුන්දෙනාම,</font>

862
00:55:13,414 --> 00:55:16,610
<font color="#ffbf46">ඔයයි, තාත්තයි, මමයි එකට ඉන්නනේ.</font>

863
00:55:17,111 --> 00:55:18,378
<font color="#ffbf46">ඕවා දැන් පරණ කතානේ.</font>

864
00:55:18,378 --> 00:55:20,184
<font color="#ffbf46">මං හරියට පොඩි එකෙක් වගේනේ හිටියේ.</font>

865
00:55:20,184 --> 00:55:21,615
<font color="#ffbf46">දැන් කොහොමද?</font>

866
00:55:22,253 --> 00:55:25,085
<font color="#ffbf46">ඔයාට ඕනද මං කෙනෙක්ව හොයලා දෙන්න?</font>

867
00:55:26,353 --> 00:55:27,955
<font color="#ffbf46">මම නිකන්</font>

868
00:55:29,967 --> 00:55:32,226
<font color="#ffbf46">කැමති නෑ ඔයා තනියම ඉන්නවට.</font>

869
00:55:35,166 --> 00:55:37,131
<font color="#ffbf46">මාව දැක්කම පාළු පාටද?</font>

870
00:55:40,267 --> 00:55:41,568
<font color="#ffbf46">ම්ම්ම්...</font>

871
00:55:43,074 --> 00:55:44,571
<font color="#ffbf46">පොඩ්ඩක් විතර.</font>

872
00:55:48,279 --> 00:55:49,443
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

873
00:55:49,443 --> 00:55:51,879
<font color="#ffbf46">මම පාළුවෙන් නොයිඳ ඉන්න උත්සාහ කරන්නම්.</font>

874
00:55:55,112 --> 00:55:56,829
<font color="#ffbf46">මම පොඩි අවුලක ඉන්නේ.</font>

875
00:55:56,829 --> 00:55:59,168
<font color="#ffbf46">රෙකෝඩින් එක නම් ඉස්සරහට යන පාටක් නෑ,</font>

876
00:55:59,168 --> 00:56:00,675
<font color="#ffbf46">ඒ නිසා මට තව ටික කාලයක්
මෙහේ ඉන්න වෙයි වගේ.</font>

877
00:56:00,675 --> 00:56:01,955
<font color="#ffbf46">ඇත්තමද?</font>

878
00:56:01,955 --> 00:56:04,224
<font color="#ffbf46">මම මේ කරි එකක් හද හද හිටියේ.</font>

879
00:56:05,590 --> 00:56:07,928
<font color="#ffbf46">අද මට හරිම මහන්සියි.</font>

880
00:56:08,933 --> 00:56:11,198
<font color="#ffbf46">මගේ ආදරේ අතින් හැදුණු කරි එකක්...</font>

881
00:56:11,766 --> 00:56:13,463
<font color="#ffbf46">අද දවස ඒකට කියාපු දවස.</font>

882
00:56:14,835 --> 00:56:17,004
<font color="#ffbf46">මං හිතන්නේ අපේ වෙලාව හරි නෑ වගේ.</font>

883
00:56:35,883 --> 00:56:37,170
<font color="#ffbf46">මේ එයා කතා කරන්නේ!</font>

884
00:56:43,367 --> 00:56:44,498
<font color="#ffbf46">හලෝ ප්‍රොෆෙසර්.</font>

885
00:56:44,498 --> 00:56:47,067
<font color="#ffbf46"><i>ඔක්කොම හරිගියා.</i></font>

886
00:56:47,067 --> 00:56:49,073
<font color="#ffbf46"><i>ලබන සෙමෙස්ටර් එකේ
ක්ලාස් එක අපි ඔයාටම දෙනවා.</i></font>

887
00:56:49,073 --> 00:56:50,770
<font color="#ffbf46">ඇත්තමද?</font>

888
00:56:50,770 --> 00:56:53,374
<font color="#ffbf46"><i>අපි එක සෙමෙස්ටර් එකක් කරලා බලමුකෝ.</i></font>

889
00:56:53,374 --> 00:56:55,513
<font color="#ffbf46"><i>ළමයි කැමති වුනොත් අපි දිගටම කරගෙන යමු.</i></font>

890
00:56:55,513 --> 00:56:57,277
<font color="#ffbf46">ගොඩාක් ස්තූතියි.</font>

891
00:56:57,910 --> 00:56:59,914
<font color="#ffbf46"><i>ආ, තව දෙයක්.</i>
ඔව්.</font>

892
00:56:59,914 --> 00:57:02,049
<font color="#ffbf46"><i>ඔයා මිලියන පහක් ලෑස්ති කරගන්න ඕනේ.</i></font>

893
00:57:04,435 --> 00:57:05,735
<font color="#ffbf46">මොකක්?</font>

894
00:57:06,220 --> 00:57:10,124
<font color="#ffbf46"><i>ගොඩක් අය ඔය සාමාන්‍ය විෂයන් වලට
උගන්නන්න බලන් ඉන්නවා,</i></font>

895
00:57:10,124 --> 00:57:11,933
<font color="#ffbf46"><i>ඒ වගේම පැමිණිලිත් ඉවරයක් නෑ.</i></font>

896
00:57:11,933 --> 00:57:14,000
<font color="#ffbf46"><i>ඔයා ගාව ගාන ලෑස්ති නම්,
ප්‍රශ්නයක් වෙන එකක් නෑ.</i></font>

897
00:57:14,000 --> 00:57:15,829
<font color="#ffbf46"><i>සූ ජින් කිව්වනේ</i></font>

898
00:57:16,997 --> 00:57:19,134
<font color="#ffbf46"><i>මේ පාර වසන්තේ හරිම නපුරුයි කියලා,</i></font>

899
00:57:19,134 --> 00:57:20,967
<font color="#ffbf46">හරි...</font>

900
00:57:20,967 --> 00:57:22,134
<font color="#ffbf46"><i>ඒ වගේම කුරිරුයි කියලා.</i></font>

901
00:57:22,134 --> 00:57:24,037
<font color="#ffbf46">එතකොට මම කවද්ද...</font>

902
00:57:25,272 --> 00:57:29,042
<font color="#ffbf46"><i>නිකමට හිතලා බැලුවම,
වසන්තේ ගැන අපිට තියෙන්නේ වැරදි වැටහීමක්.</i></font>

903
00:57:30,377 --> 00:57:32,613
<font color="#ffbf46"><i>උණුසුම් ඉර එළියත් එක්ක</i></font>

904
00:57:33,933 --> 00:57:38,051
<font color="#ffbf46"><i>වැඩිය රස්නේ නැති, වැඩිය සීතල නැති...
ඒක හරිම සුන්දර කාලයක් වගේ පේන්නේ.</i></font>

905
00:57:39,353 --> 00:57:43,023
<font color="#ffbf46"><i>අපිව රවට්ටන්න වගේ
ඒක හරිම කරුණාවන්ත විදිහට තමයි එන්නේ.</i></font>

906
00:57:45,259 --> 00:57:48,662
<font color="#ffbf46"><i>ඒත් ඇත්තටම වසන්තය කියන්නේ
එච්චර යහපත් දෙයක් නෙවෙයි.</i></font>

907
00:57:50,130 --> 00:57:51,150
<font color="#ffbf46">ගොඩක් ස්තූතියි.</font>

908
00:57:51,150 --> 00:57:52,311
<font color="#ffbf46">ප්‍රශ්නයක් නෑ. නිවාඩුව ජොලියේ ගත කරන්නකෝ.</font>

909
00:57:52,311 --> 00:57:53,770
<font color="#ffbf46">ස්තූතියි.</font>

910
00:57:53,770 --> 00:57:55,235
<font color="#ffbf46">බායි.</font>

911
00:57:56,273 --> 00:57:59,176
<font color="#ffbf46"><i>මම හිතුවේ ඉස්සරහට තියෙන්නේ
උණුසුම් දවස් විතරයි කියලා.</i></font>

912
00:57:59,176 --> 00:58:00,190
<font color="#ffbf46">ඇයි ජා යොන්?</font>

913
00:58:00,190 --> 00:58:02,770
<font color="#ffbf46"><i>ඔයා අපේ බොම්ව දැක්කද?</i></font>

914
00:58:02,770 --> 00:58:07,581
<font color="#ffbf46"><i>ඒත් සමහර වෙලාවට අපි නොහිතන වෙලාවක
ආපහු සීතල ඇවිත් අපිව පුදුම කරනවා.</i></font>

915
00:58:07,581 --> 00:58:10,017
<font color="#ffbf46">මට බොම්ව කොහෙවත් පේන්න නෑනේ.</font>

916
00:58:11,370 --> 00:58:12,919
<font color="#ffbf46">බොම්.</font>

917
00:58:13,858 --> 00:58:15,922
<font color="#ffbf46">බොම්, ඔයා කොහෙද?</font>

918
00:58:17,400 --> 00:58:21,395
<font color="#ffbf46"><i>අස්ථාවර වාතය නිසා
උෂ්ණත්වය එකපාරටම වෙනස් වෙනවා,</i></font>

919
00:58:24,898 --> 00:58:27,768
<font color="#ffbf46"><i>දවල් වගේම රෑත් එකිනෙකට වෙනස් වෙලා</i></font>

920
00:58:29,401 --> 00:58:32,572
<font color="#ffbf46"><i>අපිව අන්දමන්ද කරනවා.</i></font>

921
00:58:34,561 --> 00:58:37,711
<font color="#ffbf46"><i>පාටක් නැති...</i></font>

922
00:58:39,501 --> 00:58:42,516
<font color="#ffbf46"><i>දිලිසෙන මීදුමක් එක්ක අපිව පටලවලා,</i></font>

923
00:58:44,551 --> 00:58:46,119
<font color="#ffbf46"><i>මේ වසන්ත කාලේ</i></font>

924
00:58:47,801 --> 00:58:49,723
<font color="#ffbf46"><i>ආයෙමත් පහු කරන් යනවා</i></font>

925
00:58:51,534 --> 00:58:53,560
<font color="#ffbf46"><i>මේ අවුරුද්දෙත්,</i></font>

926
00:58:55,768 --> 00:58:57,764
<font color="#ffbf46"><i>අපිව අනාරක්ෂිත කරලම.</i></font>

927
00:58:57,788 --> 00:58:59,788
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

