1
00:00:05,793 --> 00:00:07,793
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:07,817 --> 00:00:09,817


3
00:00:09,841 --> 00:00:16,851
<font color="#ffbf46">(ඔබේ එකම ආදරය සොයාගන්න, It's YOU වෙතින් පමණයි)</font>

4
00:00:33,901 --> 00:00:37,071
<font color="#ff7e16"><b>(වසරකට පෙර)</b></font>

5
00:01:15,311 --> 00:01:16,311
<font color="#ffbf46">ෆෝමී.</font>

6
00:01:19,081 --> 00:01:20,081
<font color="#ffbf46">ලොග් වෙන්න.</font>

7
00:01:36,131 --> 00:01:38,761
<font color="#ffbf46">ඔබව මුණගැසුණු එක සතුටක්. මම ෆෝමී.</font>

8
00:01:44,641 --> 00:01:48,011
<font color="#ffbf46">අපගේ දත්ත එක්රැස් කරගන්න සහ පද්ධතිය ස්ථාවර කරන්න,</font>

9
00:01:48,271 --> 00:01:51,681
<font color="#ffbf46">කරුණාකර ඉදිරි පැය තුළ ෆෝමී සමඟ කතා කරන්න.</font>

10
00:01:58,351 --> 00:01:59,621
<font color="#ffbf46">මට නමක් දෙන්න පුළුවන්ද?</font>

11
00:02:05,691 --> 00:02:06,691
<font color="#ffbf46">යැන්ග්.</font>

12
00:02:08,361 --> 00:02:09,361
<font color="#ffbf46">සොන්.</font>

13
00:02:10,601 --> 00:02:11,601
<font color="#ffbf46">ඒ.</font>

14
00:02:13,731 --> 00:02:14,731
<font color="#ffbf46">යැන්ග් සොන් ඒ.</font>

15
00:02:19,101 --> 00:02:20,241
<font color="#ffbf46">දැන් ඉඳන්,</font>

16
00:02:23,111 --> 00:02:24,611
<font color="#ffbf46">ඔයා තමයි මගේ අම්මා.</font>

17
00:02:28,751 --> 00:02:31,351
<font color="#ffbf46">එතකොට ඔයා මගේ දුවද?</font>

18
00:02:34,691 --> 00:02:35,691
<font color="#ffbf46">බී ආ.</font>

19
00:02:36,861 --> 00:02:38,661
<font color="#ffbf46">මම කොයි වගේ අම්මා කෙනෙක් වෙනවටද ඔයා කැමති?</font>

20
00:03:16,231 --> 00:03:18,731
<font color="#ffbf46">(යොන්-වූ, කිම් හ්‍යුන් ජින්)</font>

21
00:03:24,671 --> 00:03:27,441
<font color="#ffbf46">(චෝ යුන් සෝ, චෝයි බ්‍යුන්ග් චෑන්)</font>

22
00:03:29,511 --> 00:03:31,941
<font color="#ffbf46">(ලිම් ජි ඉයුන්)</font>

23
00:03:41,051 --> 00:03:43,821
<font color="#ffbf46">(ලව් ෆෝබියා)</font>

24
00:03:43,991 --> 00:03:47,261
<font color="#ffbf46">ඔබට පේන විදිහට, කොටස් වෙළඳපොළේ
වංචාවට සම්බන්ධ පාර්ක් ජොන්ග් වොන්,</font>

25
00:03:47,331 --> 00:03:49,331
<font color="#ffbf46">අනේ දෙවියනේ. මොකක්ද මේ වෙන්නේ?
සිද්ධිය වුණු තැනින් පැනලා යන්න හදනවා.</font>

26
00:03:49,391 --> 00:03:51,931
<font color="#ffbf46">දෙවියනේ, එයාට පිස්සු හැදිලද. මිස්ටර් පාර්ක්, අර වංචාව ගැන...</font>

27
00:03:52,001 --> 00:03:53,801
<font color="#ffbf46">අනේ දෙවියනේ, එයා මේ වගේ කෙනෙක් කියලා මම හිතුවේ නැහැ.</font>

28
00:03:54,331 --> 00:03:55,331
<font color="#ffbf46">ඔයා මොනවද බලන්නේ?</font>

29
00:03:55,671 --> 00:03:58,571
<font color="#ffbf46">ඒ නළු පාර්ක් ජොන්ග් වොන්. ලොකු වංචාවක් මාට්ටු වෙලා.</font>

30
00:04:00,211 --> 00:04:02,011
<font color="#ffbf46">අයියෝ. මේක මහා විනාශයක්. මම දැන් මොකද කරන්නේ?</font>

31
00:04:02,711 --> 00:04:04,041
<font color="#ffbf46">මොකක්ද? මොකක්ද අවුල?</font>

32
00:04:04,341 --> 00:04:07,351
<font color="#ffbf46">මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. එයා කිව්වා මේක ෂුවර් වැඩක් කියලා!</font>

33
00:04:08,181 --> 00:04:09,181
<font color="#ffbf46">තේරෙන විදිහට කියන්නකෝ.</font>

34
00:04:12,221 --> 00:04:13,551
<font color="#ffbf46">පාර්ක් ජොන්ග් වොන් කිව්වා මම ආයෝජනය කළේ නැත්නම්,</font>

35
00:04:15,121 --> 00:04:16,291
<font color="#ffbf46">මට අනිවාර්යයෙන්ම පසුතැවෙන්න වෙයි කියලා.</font>

36
00:04:20,391 --> 00:04:21,391
<font color="#ffbf46">මොකක්?</font>

37
00:04:24,361 --> 00:04:26,331
<font color="#ffbf46">මිස්ටර් පාර්ක්ව විශ්වාස කරලා සල්ලි දීපු අයට...</font>

38
00:04:26,401 --> 00:04:29,001
<font color="#ffbf46">ඩොලර් මිලියන 80ක විතර පාඩුවක් වෙලා තියෙනවා.</font>

39
00:04:29,071 --> 00:04:32,071
<font color="#ffbf46">මේ චෝදනා ගැන නිල පරීක්ෂණයක් පටන් අරන්,</font>

40
00:04:32,271 --> 00:04:35,741
<font color="#ffbf46">ඉදිරියේදී පොලිසියෙන් කැඳවීම් සහ දේපළ අත්අඩංගුවට
ගැනීම් සිදු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.</font>

41
00:04:44,251 --> 00:04:45,251
<font color="#ffbf46">මඟුලයි!</font>

42
00:04:49,921 --> 00:04:50,961
<font color="#ffbf46">පාර්ක් ජොන්ග් වොන්!</font>

43
00:04:51,561 --> 00:04:53,431
<font color="#ffbf46">ඔහේ කවුද?</font>

44
00:04:53,991 --> 00:04:54,991
<font color="#ffbf46">අර ඉන්නේ පාර්ක් ජොන්ග් වොන්!</font>

45
00:04:57,501 --> 00:04:59,401
<font color="#ffbf46">මිස්ටර් පාර්ක්! එයාව අල්ලගන්න!</font>

46
00:05:01,671 --> 00:05:03,700
<font color="#ffbf46">අර ඉන්නේ පාර්ක් ජොන්ග් වොන්! එයා මෙහෙ ඉන්නවා!</font>

47
00:05:03,701 --> 00:05:04,801
<font color="#ffbf46">මිස්ටර් පාර්ක්!</font>

48
00:05:05,101 --> 00:05:07,671
<font color="#ffbf46">හේයි! පොඩ්ඩක් ඉන්නවා! මිස්ටර් පාර්ක්!</font>

49
00:05:08,441 --> 00:05:09,940
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න!</font>

50
00:05:09,941 --> 00:05:11,911
<font color="#ffbf46">ඒ CEO යූන්. CEO යූන්! පාර්ක් ජොන්ග් වොන්, පොඩ්ඩක් ඉන්න!</font>

51
00:05:38,641 --> 00:05:39,641
<font color="#ffbf46">අපි යමු.</font>

52
00:05:46,351 --> 00:05:48,481
<font color="#ffbf46">මිස්ටර් හන් සොන් හෝත් මෙහේ ඉන්නවා! මිස්ටර් හන්!</font>

53
00:05:58,161 --> 00:05:59,161
<font color="#ffbf46">හන් සොන් හෝ?</font>

54
00:06:07,131 --> 00:06:08,131
<font color="#ffbf46">ඇයි මේ සද්දයක් එන්නේ?</font>

55
00:06:11,901 --> 00:06:12,901
<font color="#ffbf46">ඔයාට මුකුත් අමාරුවක් නෑනේ?</font>

56
00:06:14,441 --> 00:06:15,571
<font color="#ffbf46">ඔයා කවුද?</font>

57
00:06:18,911 --> 00:06:21,411
<font color="#ffbf46">හේයි! ඇස් අරින්න! හේයි!</font>

58
00:06:23,451 --> 00:06:24,451
<font color="#ffbf46">හේයි, මෙහෙට එන්න!</font>

59
00:06:25,721 --> 00:06:29,291
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නය, සර්? මෙයා කලන්තේ දාලා
වැටුණා. කරුණාකරලා ගිලන් රථයකට කතා කරන්න.</font>

60
00:06:29,961 --> 00:06:32,361
<font color="#ffbf46">ඒ CEO යූන් නේද! ඉක්මනට ගිලන් රථයකට
කතා කරන්න! හරි, දැන්ම කතා කරන්නම්.</font>

61
00:06:32,721 --> 00:06:33,731
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න!</font>

62
00:06:38,561 --> 00:06:39,801
<font color="#ffbf46">කාටවත් කතා කරන්න ඕනේ නැහැ.</font>

63
00:06:40,831 --> 00:06:42,171
<font color="#ffbf46">දැන් වෙන දේ ඔයාලට පේනවනේ?</font>

64
00:06:42,801 --> 00:06:45,301
<font color="#ffbf46">CEO යූන් කලන්තේ දාලා වැටුණා කියලා ආරංචි වුණොත් ඒක හොඳ මදි නේද?</font>

65
00:06:45,501 --> 00:06:46,611
<font color="#ffbf46">ඔව්.</font>

66
00:06:47,711 --> 00:06:48,711
<font color="#ffbf46">ඔයාලට දැන් යන්න පුළුවන්.</font>

67
00:06:49,171 --> 00:06:50,981
<font color="#ffbf46">අනික පිට කට්ටිය ඇතුළට එන්නේ නෑ කියලා සහතික කරගන්න.</font>

68
00:06:51,841 --> 00:06:52,841
<font color="#ffbf46">තේරුණා.</font>

69
00:06:56,481 --> 00:06:57,621
<font color="#ffbf46">මාත් එක්ක එන්න.</font>

70
00:07:08,531 --> 00:07:10,301
<font color="#ffbf46">ඔයාට විශ්වාසද එයාව ඉස්පිරිතාලෙට අරන් යන්න ඕනේ නැහැ කියලා?</font>

71
00:07:11,461 --> 00:07:13,371
<font color="#ffbf46">එයාට අවුලක් නෑ. මහන්සිය වැඩි වුණාම ඔහොම වෙනවා.</font>

72
00:07:17,401 --> 00:07:19,200
<font color="#ffbf46">කොහොම මෙහෙම වුණාද කියලා මම දන්නේ නැහැ,</font>

73
00:07:19,201 --> 00:07:21,611
<font color="#ffbf46">ඒත් කරුණාකරලා මේක කාටවත් කියන්න එපා.</font>

74
00:07:26,041 --> 00:07:27,781
<font color="#ffbf46">එයාට අමාරුවක් නැතුව ඇති කියලා හිතනවා.</font>

75
00:07:28,051 --> 00:07:31,581
<font color="#ffbf46">දැන් මොකද කරන්නේ? ආටිකල් එන
එක නවතින්නේ නැහැ. මොකක්? CEO යූන්!</font>

76
00:07:31,681 --> 00:07:34,591
<font color="#ffbf46">මොකක්ද? අර කාලකණ්ණි පාර්ක් ජොන්ග් වොන් නිසාද?</font>

77
00:07:34,651 --> 00:07:37,521
<font color="#ffbf46">එයාට තුවාලයක්වත් වෙලාද? එයාට මුකුත් වෙලා නෑ. කලබල වෙන්න එපා.</font>

78
00:07:38,091 --> 00:07:39,091
<font color="#ffbf46">ඒත්...</font>

79
00:07:43,661 --> 00:07:44,861
<font color="#ffbf46">මම එයාව එතනින් තියන්නද?</font>

80
00:07:47,371 --> 00:07:48,371
<font color="#ffbf46">සමාවෙන්න.</font>

81
00:07:57,741 --> 00:07:58,741
<font color="#ffbf46">ස්තූතියි.</font>

82
00:07:59,481 --> 00:08:00,611
<font color="#ffbf46">ඔයාට දැන් යන්න පුළුවන්.</font>

83
00:08:08,391 --> 00:08:10,491
<font color="#ffbf46">CEO යූන්ට මුකුත් වෙන එකක් නෑ නේද?</font>

84
00:08:10,791 --> 00:08:14,461
<font color="#ffbf46">බය වෙච්ච පාර කලන්තේ දැම්මද දන්නේ
නෑ. පොඩ්ඩක් ඉන්න, මේ පළවෙනි වතාව නේද...</font>

85
00:08:14,961 --> 00:08:16,601
<font color="#ffbf46">කවුරුහරි කෙනෙක් CEO සෝල් එක්ක ඒ කාමරේට ගියපු?</font>

86
00:08:17,401 --> 00:08:19,401
<font color="#ffbf46">මොකක්ද? මොකක්ද මේ වෙන්නේ?</font>

87
00:08:25,471 --> 00:08:26,911
<font color="#ffbf46">යූ කියුන්ග්, මොකද වුණේ?</font>

88
00:08:29,011 --> 00:08:30,481
<font color="#ffbf46">ඒ...</font>

89
00:08:31,111 --> 00:08:32,981
<font color="#ffbf46">මේක හීනයක් නෙවෙයි නේද?</font>

90
00:08:33,751 --> 00:08:35,381
<font color="#ffbf46">හීනයක් වුණා නම් හොඳයි.</font>

91
00:08:39,351 --> 00:08:40,390
<font color="#ffbf46">කියුන්ග් තේ. ඇයි?</font>

92
00:08:40,391 --> 00:08:41,991
<font color="#ffbf46">සොන් හෝ ඇයි මෙහේ ඉන්නේ?</font>

93
00:09:21,931 --> 00:09:22,931
<font color="#ffbf46">මොකක්ද?</font>

94
00:09:23,531 --> 00:09:24,531
<font color="#ffbf46">ඇත්තටමද?</font>

95
00:09:25,301 --> 00:09:27,771
<font color="#ffbf46">නැහැ, මට ගොඩක් සතුටුයි.</font>

96
00:09:28,801 --> 00:09:30,941
<font color="#ffbf46">ඔව්, මම ඉක්මනින්ම ඔයාව බලන්න එන්නම්,</font>

97
00:09:31,601 --> 00:09:33,511
<font color="#ffbf46">ඒත් මට ඉස්පිරිතාලෙට ගිහින් මගේ මහත්තයාව බලන්න ඕනේ.</font>

98
00:09:36,011 --> 00:09:38,511
<font color="#ffbf46">නැහැ, පොඩ්ඩක් ඉන්න. අදම මුණගැහෙන එක හොඳයි කියලා හිතෙනවා.</font>

99
00:09:39,681 --> 00:09:42,811
<font color="#ffbf46">හරි, මම ටිකකට ඇවිත් යන්නම්. ඉක්මනින්ම හමුවෙමු.</font>

100
00:09:55,231 --> 00:09:56,231
<font color="#ffbf46">බී ආ.</font>

101
00:09:56,601 --> 00:09:57,601
<font color="#ffbf46">ඇයි අම්මේ?</font>

102
00:09:58,761 --> 00:10:00,301
<font color="#ffbf46">ඔයා තාත්තගේ බඩු ටික ලෑස්ති කළාද?</font>

103
00:10:02,131 --> 00:10:03,131
<font color="#ffbf46">ඔව්, ඉවර වේගෙන එන්නේ.</font>

104
00:10:03,571 --> 00:10:04,641
<font color="#ffbf46">මට බලන්න දෙන්න.</font>

105
00:10:05,001 --> 00:10:07,471
<font color="#ffbf46">අපි දැන් ඉස්පිරිතාලෙට යනවා නේද?</font>

106
00:10:09,371 --> 00:10:11,811
<font color="#ffbf46">මට ටිකකට එළියට යන්න වෙලා තියෙනවා.</font>

107
00:10:14,011 --> 00:10:15,011
<font color="#ffbf46">කොහේද?</font>

108
00:10:16,881 --> 00:10:17,881
<font color="#ffbf46">මම ඉක්මනට එන්නම්.</font>

109
00:10:18,421 --> 00:10:19,681
<font color="#ffbf46">ඊටපස්සේ අපිට තාත්තාව බලන්න යන්න පුළුවන්.</font>

110
00:10:25,421 --> 00:10:26,731
<font color="#ffbf46">ඔයාට දැම්මම යන්න ඕනෙද?</font>

111
00:10:27,661 --> 00:10:29,191
<font color="#ffbf46">තාත්තට අමාරුයි කිව්වා නේද.</font>

112
00:10:30,031 --> 00:10:31,331
<font color="#ffbf46">ඔයා මේ ටිකේම හිටියේ ටිකක් වෙනස් විදිහකට අම්මේ.</font>

113
00:10:34,831 --> 00:10:38,071
<font color="#ffbf46">මට අද ඔයාට දෙයක් කියන්න තියෙනවා.</font>

114
00:10:38,941 --> 00:10:40,371
<font color="#ffbf46">ඔයා ඒකට ගොඩක් කැමති වෙයි කියලා මට විශ්වාසයි.</font>

115
00:10:41,571 --> 00:10:42,571
<font color="#ffbf46">මොකක්ද ඒ?</font>

116
00:10:44,281 --> 00:10:46,141
<font color="#ffbf46">මට පරක්කු වෙනවා. මම ඉක්මනට එන්නම්.</font>

117
00:10:48,651 --> 00:10:50,721
<font color="#ffbf46">අම්මේ! මම ඉක්මනට එන්නම්!</font>

118
00:11:19,441 --> 00:11:21,811
<font color="#ffbf46">(තාත්තා ඉන්න රෝහල)</font>

119
00:11:26,051 --> 00:11:27,950
<font color="#ffbf46">මම කතා කරන්නේ සෝල් මාපෝ විශ්වවිද්‍යාල රෝහලෙන්.</font>

120
00:11:27,951 --> 00:11:29,391
<font color="#ffbf46">මේ මිස්ටර් යූන්ගේ දුවද?</font>

121
00:11:29,621 --> 00:11:32,061
<font color="#ffbf46">පුළුවන් තරම් ඉක්මනට මෙහෙට එන්න.
ඔයාගේ තාත්තා අසාධ්‍ය තත්ත්වයක ඉන්නේ.</font>

122
00:11:38,701 --> 00:11:39,701
<font color="#ffbf46">මඟුලයි.</font>

123
00:11:44,771 --> 00:11:46,570
<font color="#ffbf46">ඔබ ඇමතූ පාරිභෝගිකයා සම්බන්ධ කරගත නොහැක.</font>

124
00:11:46,571 --> 00:11:49,271
<font color="#ffbf46">බීප් හඬින් පසුව පණිවිඩයක් තබන්න... මඟුලයි.</font>

125
00:12:11,001 --> 00:12:13,871
<font color="#ffbf46">අම්මේ, ඔයා කොහෙද ඉන්නේ? ඇයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ?</font>

126
00:12:14,271 --> 00:12:17,271
<font color="#ffbf46">ඔයා කොහෙද? මම දැන් ඉස්පිරිතාලෙට යන ගමන් ඉන්නේ.</font>

127
00:12:28,511 --> 00:12:30,151
<font color="#ffbf46">(හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකය)</font>

128
00:12:30,221 --> 00:12:32,250
<font color="#ffbf46">අම්මේ, අනේ ඇස් අරින්නකෝ.</font>

129
00:12:32,251 --> 00:12:33,321
<font color="#ffbf46">අම්මේ...</font>

130
00:12:33,521 --> 00:12:35,050
<font color="#ffbf46">අනේ අම්මේ.</font>

131
00:12:35,051 --> 00:12:36,590
<font color="#ffbf46">ඇස් අරින්න! අම්මේ!</font>

132
00:12:36,591 --> 00:12:38,320
<font color="#ffbf46">රෝගියාගේ තත්ත්වය කොහොමද? වයස 40ක පමණ කාන්තාවක්.</font>

133
00:12:38,321 --> 00:12:40,161
<font color="#ffbf46">ඔළුවට බරපතළ විදිහට තුවාල වෙලා, මොළයට ලේ ගලනවා.</font>

134
00:12:40,561 --> 00:12:43,701
<font color="#ffbf46">නෝනා, ඇස් ඇරලා ඉන්න. නෝනා?</font>

135
00:12:44,431 --> 00:12:45,960
<font color="#ffbf46">මිස්, කරුණාකරලා ටිකක් පිටිපස්සට වෙලා ඉන්න. අම්මේ!</font>

136
00:12:45,961 --> 00:12:48,001
<font color="#ffbf46">නෝනා, මම කියන දේ ඇහෙනවද? කරුණාකරලා කලබල වෙන්න එපා.</font>

137
00:12:48,071 --> 00:12:50,541
<font color="#ffbf46">කරුණාකරලා මෙතනින් ඉන්න. මගේ අම්මා බේරෙයි නේද?</font>

138
00:12:50,701 --> 00:12:51,771
<font color="#ffbf46">මම කියන දේ ඇහෙනවද? පිටිපස්සට වෙන්න.</font>

139
00:12:52,271 --> 00:12:55,371
<font color="#ffbf46">මිස්, එයා එක්ක ආපු කෙනා ඔයාගේ තාත්තද?</font>

140
00:12:55,811 --> 00:12:57,610
<font color="#ffbf46">මොකක්? කවුද?</font>

141
00:12:57,611 --> 00:13:00,251
<font color="#ffbf46">එයාගේ හදවත නතර වුණා. උදරය
ඇතුළතින් ලේ ගලනවා වෙන්න පුළුවන්.</font>

142
00:13:00,381 --> 00:13:02,780
<font color="#ffbf46">එපිනෙෆ්‍රීන් ඩෝස් එකක් දීලා ඩිෆයිබ්‍රිලේටර් එක ලෑස්ති කරන්න!</font>

143
00:13:02,781 --> 00:13:03,851
<font color="#ffbf46">හරි සර්!</font>

144
00:13:07,391 --> 00:13:09,921
<font color="#ffbf46">ඒ අහිංසක ළමයා. එයා දැන් මොකද කරන්නේ?</font>

145
00:13:10,661 --> 00:13:12,721
<font color="#ffbf46">එතකොට අම්මයි තාත්තයි දෙන්නම නැති වුණාද? කාර් ඇක්සිඩන්ට් එකකින්?</font>

146
00:13:12,861 --> 00:13:14,461
<font color="#ffbf46">ඔව්. දෙන්නම එකම දවසේ.</font>

147
00:13:19,261 --> 00:13:22,201
<font color="#ffbf46">ස්තූතියි. ඔයා මාව ගෙනත් දාන්න ඕනේ නැහැ.</font>

148
00:13:22,331 --> 00:13:24,471
<font color="#ffbf46">ඒකට කමක් නෑ. අද දවසම ඔයා ගොඩක් මහන්සි වුණානේ.</font>

149
00:13:24,801 --> 00:13:27,441
<font color="#ffbf46">ඔයා දැන් ඇතුළට යන්න. හරි. පරිස්සමෙන් යන්න.</font>

150
00:13:27,571 --> 00:13:28,571
<font color="#ffbf46">හරි.</font>

151
00:13:33,481 --> 00:13:34,481
<font color="#ffbf46">100ට චාර්ජ් කරන්න.</font>

152
00:13:34,911 --> 00:13:35,911
<font color="#ffbf46">චාර්ජ් කළා.</font>

153
00:13:36,381 --> 00:13:38,821
<font color="#ffbf46">පිටිපස්සට වෙන්න! ෂොක්!</font>

154
00:13:40,021 --> 00:13:41,021
<font color="#ffbf46">නාඩි වැඩ කරන්නේ නෑ.</font>

155
00:13:41,821 --> 00:13:42,821
<font color="#ffbf46">150ට චාර්ජ් කරන්න.</font>

156
00:13:43,761 --> 00:13:45,291
<font color="#ffbf46">චාර්ජ් කළා. පිටිපස්සට වෙන්න.</font>

157
00:13:46,721 --> 00:13:47,731
<font color="#ffbf46">ෂොක්.</font>

158
00:13:48,591 --> 00:13:49,661
<font color="#ffbf46">තාමත් නාඩි වැටෙන්නේ නෑ.</font>

159
00:13:49,991 --> 00:13:51,001
<font color="#ffbf46">200ට චාර්ජ් කරන්න.</font>

160
00:13:51,561 --> 00:13:53,401
<font color="#ffbf46">චාර්ජ් කළා. පිටිපස්සට වෙන්න. ෂොක්!</font>

161
00:13:55,371 --> 00:13:56,371
<font color="#ffbf46">තාමත් මුකුත් නෑ.</font>

162
00:14:12,481 --> 00:14:13,481
<font color="#ffbf46">සමාවෙන්න.</font>

163
00:14:14,351 --> 00:14:15,351
<font color="#ffbf46">ඔයාට මුකුත් අමාරුවක් නෑනේ?</font>

164
00:14:17,261 --> 00:14:18,261
<font color="#ffbf46">මිස්!</font>

165
00:14:19,061 --> 00:14:20,061
<font color="#ffbf46">මිස්!</font>

166
00:14:20,761 --> 00:14:21,831
<font color="#ffbf46">මම කියන දේ ඇහෙනවද?</font>

167
00:14:22,361 --> 00:14:23,361
<font color="#ffbf46">මිස්!</font>

168
00:14:41,111 --> 00:14:42,111
<font color="#ffbf46">තාත්තේ?</font>

169
00:14:53,491 --> 00:14:54,531
<font color="#ffbf46">තාත්තේ.</font>

170
00:14:55,591 --> 00:14:56,591
<font color="#ffbf46">තාත්තේ.</font>

171
00:14:59,761 --> 00:15:01,631
<font color="#ffbf46">අනේ ඇස් අරින්නකෝ.</font>

172
00:15:08,871 --> 00:15:09,871
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

173
00:15:11,981 --> 00:15:13,511
<font color="#ffbf46">මට ගොඩක් සමාවෙන්න තාත්තේ.</font>

174
00:15:14,211 --> 00:15:16,381
<font color="#ffbf46">පරක්කු වෙලා ආවට මට සමාවෙන්න තාත්තේ.</font>

175
00:15:22,851 --> 00:15:26,461
<font color="#ffbf46">මගේ තාත්තට මැරෙන්න වුණේ තනියම.</font>

176
00:15:28,431 --> 00:15:30,801
<font color="#ffbf46">අන්තිමේදී, මට කවදාවත් අහන්න ලැබුණේ නෑ...</font>

177
00:15:31,501 --> 00:15:34,001
<font color="#ffbf46">අම්මා මට කියන්න ගියපු දේ...</font>

178
00:15:35,231 --> 00:15:36,831
<font color="#ffbf46">එහෙමත් නැත්නම් අම්මා එක්ක හිටපු ඒ
මිනිහා කවුද කියලවත් හොයාගන්න ලැබුණේ නෑ.</font>

179
00:15:37,701 --> 00:15:39,071
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, අර කලින් හිටපු ගෑනු ළමයා නේද?</font>

180
00:15:39,771 --> 00:15:42,171
<font color="#ffbf46">එයාගේ අම්මා එක්ක හිටපු කෙනා එයාගේ මහත්තයා නෙවෙයි වගේ.</font>

181
00:15:42,941 --> 00:15:44,081
<font color="#ffbf46">එහෙනම් ඒ හොර සම්බන්ධයක් නේද?</font>

182
00:15:44,741 --> 00:15:47,511
<font color="#ffbf46">තමන්ගේ මහත්තයා මැරෙන්න ඉද්දිත්
හොර සම්බන්ධයක්? අදහාගන්නත් බැහැ.</font>

183
00:15:47,681 --> 00:15:49,511
<font color="#ffbf46">ඒ අහිංසක ළමයා. මට එයා ගැන පව් කියලත් හිතෙනවා.</font>

184
00:15:49,981 --> 00:15:52,321
<font color="#ffbf46">එයා ගෙවන්නේ එයාගේ අම්මගේ පව්.</font>

185
00:15:53,021 --> 00:15:54,491
<font color="#ffbf46">ඒක නම් මහ කැත කතාවක්.</font>

186
00:15:57,191 --> 00:15:59,361
<font color="#ffbf46">මට කවදාවත් තහවුරු කරගන්න බැරි වුණු ඒ ඇත්ත...</font>

187
00:16:00,891 --> 00:16:02,231
<font color="#ffbf46">මාව ඒ දවසේ හිර කරලා තිබ්බා.</font>

188
00:16:04,131 --> 00:16:05,300
<font color="#ffbf46">අනේ දෙවියනේ!</font>

189
00:16:05,301 --> 00:16:08,531
<font color="#ffbf46">මිස්! ඔයාට අමාරුවක් නෑනේ?</font>

190
00:16:23,311 --> 00:16:24,351
<font color="#ffbf46">අන්න එදා තමයි...</font>

191
00:16:25,781 --> 00:16:27,421
<font color="#ffbf46">මම තනියම ඉන්න තීරණය කළේ.</font>

192
00:16:29,291 --> 00:16:30,561
<font color="#ffbf46">යූන් බී ආ.</font>

193
00:16:32,921 --> 00:16:34,891
<font color="#ffbf46">මම දන්නවා ඔයා ඔතන ඉන්නවා කියලා!</font>

194
00:16:38,331 --> 00:16:39,461
<font color="#ffbf46">බී ආ.</font>

195
00:16:47,271 --> 00:16:48,271
<font color="#ffbf46">ඒ වගේම...</font>

196
00:16:51,311 --> 00:16:53,581
<font color="#ffbf46">ඒ නිමක් නැති අඳුරෙන් මාව එළියට ගත්තේ...</font>

197
00:16:56,151 --> 00:16:57,151
<font color="#ffbf46">ජේ හී.</font>

198
00:17:02,551 --> 00:17:04,721
<font color="#ffbf46">බී ආ, ඔයාට අවුලක් නෑනේ?</font>

199
00:17:09,891 --> 00:17:10,901
<font color="#ffbf46">මොකද වුණේ?</font>

200
00:17:12,531 --> 00:17:14,801
<font color="#ffbf46">අර කොල්ලා ඔයාගේ අතින් ඇදගෙන දුවන්න ගත්තා, මතකද?</font>

201
00:17:15,371 --> 00:17:16,971
<font color="#ffbf46">මම එතනට එද්දි ඔයා හිටියේ එයාගේ පිට උඩ.</font>

202
00:17:21,871 --> 00:17:22,871
<font color="#ffbf46">ඔයාට මතක නැද්ද?</font>

203
00:17:26,541 --> 00:17:27,551
<font color="#ffbf46">ඇයි මේ සද්දයක් එන්නේ?</font>

204
00:17:29,711 --> 00:17:30,721
<font color="#ffbf46">ඔයාට මුකුත් අමාරුවක් නෑනේ?</font>

205
00:17:41,831 --> 00:17:42,861
<font color="#ffbf46">මම දැන් යන්නම්.</font>

206
00:17:45,731 --> 00:17:47,731
<font color="#ffbf46">මෙන්න, මේකෙන් ටිකක් බොන්න.</font>

207
00:17:51,801 --> 00:17:54,071
<font color="#ffbf46">හරි. ස්තූතියි.</font>

208
00:18:10,291 --> 00:18:12,491
<font color="#ffbf46">ඇත්තටම මම ඔයාගේ ෆෑන් ක්ලබ් එකේ ප්‍රධාන සාමාජිකයෙක්.</font>

209
00:18:13,091 --> 00:18:15,591
<font color="#ffbf46">ඔයා යන්න කලින් මට ඔයාගේ අත්සනක් ගන්න පුළුවන්ද?</font>

210
00:18:16,231 --> 00:18:17,731
<font color="#ffbf46">ඒ වගේම ෆොටෝ එකක්?</font>

211
00:18:18,431 --> 00:18:22,401
<font color="#ffbf46">ඒක ලොකු ඉල්ලීමක් නෙවෙයි නම්, ඔයාගේ නම්බර් එකත් දෙනවද?</font>

212
00:18:24,671 --> 00:18:26,141
<font color="#ffbf46">එයා කීයටවත් ඒකට කැමති වෙන එකක් නෑ.</font>

213
00:18:33,141 --> 00:18:34,151
<font color="#ffbf46">CEO යූන්.</font>

214
00:18:36,751 --> 00:18:37,751
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑනේ?</font>

215
00:18:39,751 --> 00:18:40,891
<font color="#ffbf46">ඔයා තාම මෙහෙද?</font>

216
00:18:43,821 --> 00:18:45,561
<font color="#ffbf46">CEO යූන්, මේ...</font>

217
00:18:45,821 --> 00:18:46,821
<font color="#ffbf46">අර කාර් හොරා නේද?</font>

218
00:18:47,661 --> 00:18:48,860
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

219
00:18:48,861 --> 00:18:50,391
<font color="#ffbf46">අර ලිෆ්ට් එකේ රණ්ඩු වුණ ආදරවන්තයා නේද?</font>

220
00:18:53,031 --> 00:18:54,501
<font color="#ffbf46">මේ ඉන්නේ රචක හන් සොන් හෝ.</font>

221
00:18:57,201 --> 00:18:58,201
<font color="#ffbf46">හන් සොන් හෝ?</font>

222
00:19:00,971 --> 00:19:03,371
<font color="#ffbf46">ඒත් ඔයා මොකද මෙහේ කරන්නේ?</font>

223
00:19:05,811 --> 00:19:07,251
<font color="#ffbf46">මම මේ පාරේ යන ගමන් හිටියේ,</font>

224
00:19:07,911 --> 00:19:08,911
<font color="#ffbf46">බලද්දී ඔයා අමාරුවක වැටිලා වගේ පෙනුණා.</font>

225
00:19:10,881 --> 00:19:12,051
<font color="#ffbf46">උදව් කළාට ස්තූතියි.</font>

226
00:19:15,621 --> 00:19:17,521
<font color="#ffbf46">මම යූන් බී ආ, It's YOU ආයතනයේ CEO.</font>

227
00:19:18,361 --> 00:19:19,961
<font color="#ffbf46">(It's YOU, CEO යූන් බී ආ)</font>

228
00:19:20,691 --> 00:19:21,691
<font color="#ffbf46">මම ඔයාට වන්දි ගෙවන්නම්.</font>

229
00:19:23,901 --> 00:19:26,201
<font color="#ffbf46">ඒක ඕනේ නැහැ. මම උදව් කළේ වාසියක් බලාගෙන නෙවෙයි.</font>

230
00:19:27,171 --> 00:19:28,831
<font color="#ffbf46">ඒත්, ගනුදෙනු බේරගන්න එක හොඳයිනේ...</font>

231
00:19:29,301 --> 00:19:30,841
<font color="#ffbf46">එතකොට අපිට ආයෙත් පැටලෙන්න වෙන්නේ නෑනේ.</font>

232
00:19:31,841 --> 00:19:32,841
<font color="#ffbf46">මම නම් ඒ ගැන දන්නේ නැහැ.</font>

233
00:19:33,871 --> 00:19:35,411
<font color="#ffbf46">ඒක මම භාරගන්න අකමැති ජාතියේ සල්ලි වගයක්.</font>

234
00:19:36,971 --> 00:19:37,981
<font color="#ffbf46">මොකක්ද ඒ කතාවේ තේරුම?</font>

235
00:19:39,941 --> 00:19:41,551
<font color="#ffbf46">(It's YOU, යූන් බී ආ)</font>

236
00:19:43,681 --> 00:19:46,081
<font color="#ffbf46">මට හිතෙන්නේ මේ මුකුත් වුණේ නෑ
කියලා අමතක කරන එක තමයි හොඳම දේ.</font>

237
00:19:49,391 --> 00:19:50,391
<font color="#ffbf46">එහෙනම්.</font>

238
00:19:52,561 --> 00:19:55,061
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න! මගේ අත්සන කෝ?</font>

239
00:20:02,201 --> 00:20:04,401
<font color="#ffbf46">නෑ, පොඩ්ඩක් ඉන්න. මම ආයෝජනය කරපු සල්ලිවලට මොකද වෙන්නේ?</font>

240
00:20:06,571 --> 00:20:08,041
<font color="#ffbf46">ඒක නීත්‍යානුකූල වෙන්නේ කොහොමද?</font>

241
00:20:09,311 --> 00:20:10,581
<font color="#ffbf46">ඔයා මට කියන්නේ පාර්ක් ජොන්ග් වොන් එක්ක කතා කරන්න කියලද?</font>

242
00:20:11,581 --> 00:20:13,041
<font color="#ffbf46">හලෝ?</font>

243
00:20:23,051 --> 00:20:25,521
<font color="#ffbf46">මගේ සල්ලි ආපහු දෙන්න.</font>

244
00:20:30,061 --> 00:20:31,761
<font color="#ffbf46">අයියෝ, මොකද වුණේ?</font>

245
00:20:34,071 --> 00:20:35,071
<font color="#ffbf46">මට එයාව මඟහැරුණා.</font>

246
00:20:35,331 --> 00:20:36,501
<font color="#ffbf46">අපි දැන් මොකද කරන්නේ?</font>

247
00:20:36,901 --> 00:20:37,901
<font color="#ffbf46">ඩිරෙක්ටර් හන්ට මොකද වුණේ?</font>

248
00:20:45,681 --> 00:20:46,781
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න...</font>

249
00:20:47,781 --> 00:20:48,911
<font color="#ffbf46">මගේ සල්ලි ටික.</font>

250
00:20:56,251 --> 00:20:58,720
<font color="#ffbf46">සොන් හෝ, මම ලොකු අමාරුවක වැටුණා.</font>

251
00:20:58,721 --> 00:21:00,361
<font color="#ffbf46">මම මේක විසඳගන්න විදිහක් හොයාගන්නම්.</font>

252
00:21:00,421 --> 00:21:01,531
<font color="#ffbf46">මොකද වුණේ කියලා මට මුල ඉඳන් පැහැදිලි කරන්න.</font>

253
00:21:02,261 --> 00:21:03,261
<font color="#ffbf46">හරියටම මොකද වුණේ කියලා මට කියන්න.</font>

254
00:21:15,941 --> 00:21:18,241
<font color="#ffbf46">මම කිව්වනේ. මම ඒවා ණයට ගත්තේ.</font>

255
00:21:19,281 --> 00:21:20,281
<font color="#ffbf46">මම අහන්නේ,</font>

256
00:21:20,951 --> 00:21:22,751
<font color="#ffbf46">සිහියක් තියෙන කවුද ඔයාට ඔච්චර සල්ලි ගොඩක් ණයට දෙන්නේ?</font>

257
00:21:25,351 --> 00:21:26,821
<font color="#ffbf46">(CEO හන් සොන් හෝ)</font>

258
00:21:26,881 --> 00:21:28,021
<font color="#ffbf46">මම හොඳින් අහනකොටම කියන්න.</font>

259
00:21:33,891 --> 00:21:36,761
<font color="#ffbf46">මම අපේ ඒජන්සිය ඇපේට තිබ්බා.</font>

260
00:21:38,701 --> 00:21:39,701
<font color="#ffbf46">ඇපේට?</font>

261
00:21:41,831 --> 00:21:42,831
<font color="#ffbf46">ඔයාට පිස්සුද?</font>

262
00:21:43,171 --> 00:21:44,701
<font color="#ffbf46">සොන් හෝ, මම කියන දේ අහන්නකෝ.</font>

263
00:21:44,771 --> 00:21:47,100
<font color="#ffbf46">මෙහෙට එනවා, හන් බෙක් හෝ. මට ඕක ළඟටම වෙලා අහගන්න ඕනේ.</font>

264
00:21:47,101 --> 00:21:48,311
<font color="#ffbf46">සොන් හෝ, කරුණාකරලා මම කියන දේ අහන්න.</font>

265
00:21:49,111 --> 00:21:50,911
<font color="#ffbf46">එතකොට දැන් මමද ඔයාගේ අයියා? මෙහෙට එනවා!</font>

266
00:21:51,041 --> 00:21:52,440
<font color="#ffbf46">මම මේ කියන්නේ, මට සැලසුමක් තිබුණා!</font>

267
00:21:52,441 --> 00:21:54,551
<font color="#ffbf46">හරි. මට සිද්ධ වෙයි වගේ...</font>

268
00:21:54,811 --> 00:21:56,011
<font color="#ffbf46">ගහලාම ඒ සැලසුම මොකක්ද කියලා අහගන්න.</font>

269
00:21:56,411 --> 00:21:57,951
<font color="#ffbf46">මෙහෙට එනවා! මගෙන් ඈතට වෙලා ඉන්නවා!</font>

270
00:22:04,591 --> 00:22:05,591
<font color="#ffbf46">අපි සමාව ඉල්ලනවා.</font>

271
00:22:05,921 --> 00:22:07,691
<font color="#ffbf46">ඔයා දන්නවනේ මේක අපේ වැරැද්දක් නෙවෙයි කියලා. හලෝ?</font>

272
00:22:07,761 --> 00:22:09,791
<font color="#ffbf46">ඔව්, කාලසටහනට කිසිම බලපෑමක් නෑ. හරි.</font>

273
00:22:09,861 --> 00:22:11,361
<font color="#ffbf46">CEO යූන්ට මේ වෙලාවේ කෝල්ස් ගන්න විදියක් නෑ.</font>

274
00:22:11,431 --> 00:22:14,571
<font color="#ffbf46">පාක් ජොන් වොන්ට අමතරව, අපි... මොනවා?
ඔයාලා ආයෝජනය අයින් කරගන්නවද?</font>

275
00:22:14,871 --> 00:22:17,371
<font color="#ffbf46">ටිකක් ඉවසන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ඔයා හිතන්නේ එයා ඔයාව මඟ අරිනවා කියලද?</font>

276
00:22:17,441 --> 00:22:18,641
<font color="#ffbf46">නෑ, මම දිවුරනවා මේකට තව ගොඩක් වෙලා යන එකක් නෑ...</font>

277
00:22:18,701 --> 00:22:20,571
<font color="#ffbf46">අපේ CEO එහෙම කෙනෙක් නෙවෙයි. හලෝ?</font>

278
00:22:21,111 --> 00:22:22,111
<font color="#ffbf46">හලෝ?</font>

279
00:22:22,112 --> 00:22:23,171
<font color="#ffbf46">(ප්‍රධාන විධායක නිලධාරී පාක් ස්‍යුං පිල්)</font>

280
00:22:26,241 --> 00:22:28,351
<font color="#ffbf46">නළු පාක් සම්බන්ධ කොටස් වෙළඳපොළ වංචාවෙන් පස්සේ,</font>

281
00:22:28,411 --> 00:22:31,551
<font color="#ffbf46">එයාව ආදර්ශයට අරන් හදපු It's YOU
කියන AI ආලය කිරීමේ සමාගමටත්,</font>

282
00:22:31,721 --> 00:22:33,851
<font color="#ffbf46">ලොකු පාඩුවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.</font>

283
00:22:34,451 --> 00:22:36,651
<font color="#ffbf46">මේ අතරේ, මෑතකදී විශ්‍රාම ගත් රචක හන් සොන් හෝ සහ,</font>

284
00:22:36,721 --> 00:22:40,621
<font color="#ffbf46">It's YOU සමාගමේ CEO යූන් බි ආ අත්
අල්ලාගෙන දුවනවා දැකලා තියෙනවා,</font>

285
00:22:40,891 --> 00:22:42,931
<font color="#ffbf46">ඒ වගේම මේ කතාව තවත් දුරදිග යයි කියලා හිතනවා.</font>

286
00:22:43,691 --> 00:22:46,801
<font color="#ffbf46">මේ දෙන්නා ආදරවන්තයින් වෙන්න ඇති කියලා සමහරු සැක කරන නිසා,</font>

287
00:22:47,001 --> 00:22:50,031
<font color="#ffbf46">It's YOU සහ හන් සොන් හෝ ගැන මිනිස්සුන්ගේ
උනන්දුව වේගයෙන් වැඩි වෙමින් පවතිනවා.</font>

288
00:22:50,741 --> 00:22:51,741
<font color="#ffbf46">රචක හන් සොන් හෝගේ...</font>

289
00:22:53,871 --> 00:22:56,411
<font color="#ffbf46">(හන් සොන් හෝ)</font>

290
00:22:56,471 --> 00:22:57,481
<font color="#ffbf46">(හන් සොන් හෝ, නවකතා රචක. උපත 1994)</font>

291
00:23:00,341 --> 00:23:02,611
<font color="#ffbf46">(පොත්: Our Ending Credit, Jellyfish...)</font>

292
00:23:02,681 --> 00:23:03,951
<font color="#ffbf46">("මම නවකතා කියවන්නේ නැහැ, ඒත් මම හන් සොන් හෝව දන්නවා.")</font>

293
00:23:04,011 --> 00:23:05,021
<font color="#ffbf46">(හන් සොන් හෝ හදිසියේම විශ්‍රාම ගනී?)</font>

294
00:23:09,921 --> 00:23:12,161
<font color="#ffbf46">"යූන් බි ආ සහ හන් සොන් හෝ අත් අල්ලාගෙන සිටියදී මාට්ටු."</font>

295
00:23:13,421 --> 00:23:14,561
<font color="#ffbf46">ආදරවන්තයින්ගේ පලායාමක්ද?</font>

296
00:23:16,391 --> 00:23:17,401
<font color="#ffbf46">ඒක නම් විකාරයක්.</font>

297
00:23:18,201 --> 00:23:19,801
<font color="#ffbf46">සොන් හෝ ආදර පලහිලව්වක පැටලිලා?</font>

298
00:23:20,631 --> 00:23:22,771
<font color="#ffbf46">ඒ මදිවට CEO යූන් එක්ක...</font>

299
00:23:25,301 --> 00:23:27,971
<font color="#ffbf46">ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න. මට පිස්සු හැදෙයි වගේ.</font>

300
00:23:29,441 --> 00:23:30,441
<font color="#ffbf46">CEO යූන්.</font>

301
00:23:32,881 --> 00:23:33,941
<font color="#ffbf46">CEO යූන්, අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා.</font>

302
00:23:34,451 --> 00:23:36,111
<font color="#ffbf46">මොකක්ද? අර ආදර කතාව ගැනද?</font>

303
00:23:37,181 --> 00:23:39,881
<font color="#ffbf46">ඒක ඇත්තක් වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. අනේ.</font>

304
00:23:40,281 --> 00:23:43,721
<font color="#ffbf46">ඊට වඩා නරකයි. ආයෝජකයෝ අයින් වෙනවා කියලා තර්ජනය කරනවා.</font>

305
00:23:45,361 --> 00:23:47,191
<font color="#ffbf46">අප්පේ, එයාලට කිසිම ඉවසීමක් නෑනේ.</font>

306
00:23:48,091 --> 00:23:49,131
<font color="#ffbf46">එයාලට පස්සේ පසුතැවෙන්න ඕනේ නම්,</font>

307
00:23:50,191 --> 00:23:51,201
<font color="#ffbf46">අයින් වුණාදෙන්.</font>

308
00:23:53,261 --> 00:23:55,701
<font color="#ffbf46">මොකක්? ඔයා ගාව සැලසුමක් තියෙනවද?</font>

309
00:23:56,901 --> 00:23:57,901
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම තියෙනවා.</font>

310
00:23:59,571 --> 00:24:00,571
<font color="#ffbf46">යූ ග්‍යොං.</font>

311
00:24:01,371 --> 00:24:03,641
<font color="#ffbf46">ඔව්? මට ඔයා ලවා ආටිකල් එකක් පබ්ලිෂ් කරගන්න ඕනේ.</font>

312
00:24:05,281 --> 00:24:06,611
<font color="#ffbf46">මොන වගේ ආටිකල් එකක්ද?</font>

313
00:24:12,881 --> 00:24:14,891
<font color="#ffbf46">"It's YOU සමාගමේ CEO යූන් බි ආ..."</font>

314
00:24:14,951 --> 00:24:16,221
<font color="#ffbf46">(CEO යූන් බි ආ සහ රචක හන් සොන් හෝ ආදර සබඳතාවයක)</font>

315
00:24:16,291 --> 00:24:17,861
<font color="#ffbf46">"රචක හන් සොන් හෝ එක්ක තියෙන සම්බන්ධය තහවුරු කරයි?"</font>

316
00:24:18,991 --> 00:24:19,991
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

317
00:24:21,031 --> 00:24:22,291
<font color="#ffbf46">ඒ ගෑනි... මම නම්...</font>

318
00:24:24,561 --> 00:24:25,761
<font color="#ffbf46">මම ඇහුවේ, මොකක්ද මේ ආටිකල් එක?</font>

319
00:24:26,931 --> 00:24:28,001
<font color="#ffbf46">ඔයා සල්ලි ටික හොයාගන්න එක ගැන විතරක් හිතන්න.</font>

320
00:24:29,001 --> 00:24:30,501
<font color="#ffbf46">ඒයි, ඔයා කොහෙද මේ යන්නේ?</font>

321
00:24:32,471 --> 00:24:34,441
<font color="#ffbf46">අපේ සමාගම ඇත්තටම වැහෙන්නද යන්නේ?</font>

322
00:24:35,041 --> 00:24:36,041
<font color="#ffbf46">නෑ, එහෙම වෙන්නේ නෑ.</font>

323
00:24:36,611 --> 00:24:38,911
<font color="#ffbf46">බය වෙන්න එපා, ජි යොං. ඔයා මාව විශ්වාස කරනවා නේද?</font>

324
00:24:41,581 --> 00:24:42,581
<font color="#ffbf46">ඔව්.</font>

325
00:24:43,611 --> 00:24:44,681
<font color="#ffbf46">ඉක්මනට ගිහින් සල්ලි ටික අරන් එන්න.</font>

326
00:24:46,081 --> 00:24:47,081
<font color="#ffbf46">හරි.</font>

327
00:24:50,091 --> 00:24:53,121
<font color="#ffbf46">මමම එයාලගේ සම්බන්ධය තහවුරු
කළා කියන එක මටම විශ්වාස කරන්න බෑ.</font>

328
00:24:55,591 --> 00:24:56,991
<font color="#ffbf46">ඔයා මොනවා හිතාගෙනද එහෙම කළේ?</font>

329
00:24:57,061 --> 00:24:59,031
<font color="#ffbf46">ඔයා එක ප්‍රශ්නයක් තවත් ප්‍රශ්නයකින් වහනවා.</font>

330
00:24:59,631 --> 00:25:02,501
<font color="#ffbf46">ඒ වගේම අපේ වෙලාවට, අලුත් එකකුත් ආවා.</font>

331
00:25:03,531 --> 00:25:04,541
<font color="#ffbf46">ප්‍රශ්නයක්?</font>

332
00:25:05,071 --> 00:25:07,611
<font color="#ffbf46">බලන් ගියාම හන් සොන් හෝට ලොකු බලපෑමක් කරන්න පුළුවන් වගේ.</font>

333
00:25:08,641 --> 00:25:09,641
<font color="#ffbf46">නේද, යූ ග්‍යොං?</font>

334
00:25:13,741 --> 00:25:16,211
<font color="#ffbf46">ඔව්, අනිවාර්යයෙන්ම.</font>

335
00:25:16,811 --> 00:25:20,751
<font color="#ffbf46">මම එයා ගැන හොයලා බැලුවා. එයා
ගොඩක් ජනප්‍රිය තරු වලටත් වඩා ප්‍රසිද්ධයි.</font>

336
00:25:21,651 --> 00:25:23,151
<font color="#ffbf46">එයා තමයි දැන් ඉන්න අංක එකේ ජනප්‍රිය තරුව.</font>

337
00:25:24,021 --> 00:25:25,421
<font color="#ffbf46">මේකෙන් ඇත්තටම උදව්වක් වෙයිද?</font>

338
00:25:26,791 --> 00:25:28,261
<font color="#ffbf46">ඔයා මේ ප්‍රශ්න තවත් අවුල් කරනවා නේද?</font>

339
00:25:28,331 --> 00:25:30,461
<font color="#ffbf46">(CEO යූන් බි ආ)</font>

340
00:25:30,531 --> 00:25:33,401
<font color="#ffbf46">අපි නිකම්ම කතාව තහවුරු කරලා වෙන
මුකුත් නොකර හිටියා නම් එහෙම වෙයි.</font>

341
00:25:33,961 --> 00:25:34,971
<font color="#ffbf46">එහෙනම් මොකක්ද කරන්නේ?</font>

342
00:25:37,231 --> 00:25:40,671
<font color="#ffbf46">ග්‍යොං තේ, ඔයා පාක් ජොන් වොන්ව හොයාගත්තද?</font>

343
00:25:41,241 --> 00:25:44,341
<font color="#ffbf46">ඔව්, එයා ගියොංගි පළාත කිට්ටුව මෝටෙල් එකක හැංගිලා ඉන්නවා.</font>

344
00:25:44,511 --> 00:25:47,851
<font color="#ffbf46">මම එයාට උදව් කරන්නම් කියලා රවට්ටලා
මාව හම්බවෙන්න කැමති කරගත්තා.</font>

345
00:25:48,311 --> 00:25:51,221
<font color="#ffbf46">නියමයි. එයා ගැන ඇහැ ගහගෙන ඉන්න.</font>

346
00:25:51,851 --> 00:25:52,851
<font color="#ffbf46">හරි.</font>

347
00:25:58,591 --> 00:25:59,591
<font color="#ffbf46">අන්න එයා ඉන්නවා.</font>

348
00:26:00,191 --> 00:26:01,191
<font color="#ffbf46">මිස්ටර් හන්!</font>

349
00:26:01,261 --> 00:26:02,461
<font color="#ffbf46">CEO යූන් බි ආ එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකක්ද?</font>

350
00:26:02,531 --> 00:26:03,961
<font color="#ffbf46">ඔයාලා දෙන්නා ගැන තියෙන ආදර කතාව ඇත්තද?</font>

351
00:26:04,301 --> 00:26:06,931
<font color="#ffbf46">අපි අතරේ කිසිම දෙයක් නෑ. ඇත්තටම මුකුත්ම නෑ.</font>

352
00:26:07,161 --> 00:26:09,571
<font color="#ffbf46">එහෙනම් ඇයි CEO යූන් බි ආ ඔයාලගේ සම්බන්ධය තහවුරු කළේ?</font>

353
00:26:09,971 --> 00:26:11,941
<font color="#ffbf46">ඒක මම කොහොම දැනගන්නද? ඒ පිස්සි...</font>

354
00:26:15,771 --> 00:26:17,411
<font color="#ffbf46">ඔයාලා ගිහින් එයාගෙන්ම අහගන්න.</font>

355
00:26:18,681 --> 00:26:20,951
<font color="#ffbf46">ඒ වගේම මේ වගේ පදනම් විරහිත කතා
පතුරවන එකෙන් වළකින්න කියලත් මම ඉල්ලනවා.</font>

356
00:26:23,211 --> 00:26:24,351
<font color="#ffbf46">මිස්ටර් හන්, පොඩ්ඩක් ඉන්න!</font>

357
00:26:24,551 --> 00:26:26,481
<font color="#ffbf46">එහෙනම් ඇයි ඔයාලා දෙන්නා අත් අල්ලාගෙන දිව්වේ?</font>

358
00:26:26,751 --> 00:26:27,991
<font color="#ffbf46">අපිට තව එක උත්තරයක් දෙන්න!</font>

359
00:26:30,221 --> 00:26:31,221
<font color="#ffbf46">ඔයාට ඇතුළට යන්න බෑ.</font>

360
00:26:31,591 --> 00:26:32,861
<font color="#ffbf46">මම කියන්නේ, මට විනාඩියක් දෙන්න.</font>

361
00:26:33,421 --> 00:26:34,691
<font color="#ffbf46">මට කතා කරන්න විතරයි ඕනේ. එච්චරයි.</font>

362
00:26:34,791 --> 00:26:37,701
<font color="#ffbf46">මහත්තයා, ඔයාට මේ විදියට කඩාපනින්න බෑ.</font>

363
00:26:38,861 --> 00:26:40,001
<font color="#ffbf46">එහෙනම් මට එයාව හම්බවෙන්න වෙලාවක් හදලා දෙන්න.</font>

364
00:26:40,761 --> 00:26:43,271
<font color="#ffbf46">නිල උත්සව වලට අමතරව, CEO යූන්...</font>

365
00:26:43,331 --> 00:26:46,041
<font color="#ffbf46">මේ දවස්වල කිසිම පෞද්ගලික හමුවීමක් කරන්නේ නෑ.</font>

366
00:26:46,801 --> 00:26:48,371
<font color="#ffbf46">එහෙනම් අඩුම තරමේ මට එයා එක්ක
ෆෝන් එකෙන්වත් කතා කරන්න දෙන්න.</font>

367
00:26:48,741 --> 00:26:50,241
<font color="#ffbf46">මට දැනගන්න ඕනේ එයා මොනවා හිතාගෙනද එහෙම කළේ කියලා.</font>

368
00:26:52,581 --> 00:26:54,681
<font color="#ffbf46">මෙතන! මොකක්ද ප්‍රශ්නය?</font>

369
00:26:55,011 --> 00:26:56,551
<font color="#ffbf46">කරුණාකරලා මෙයාව එළියට දාන්න පුළුවන්ද?</font>

370
00:26:56,851 --> 00:26:59,151
<font color="#ffbf46">මෙයා එකපාරටම කඩාගෙන ඇවිත් මෙතන ප්‍රශ්නයක් ඇති කරනවා.</font>

371
00:26:59,551 --> 00:27:00,551
<font color="#ffbf46">මොකක්ද ඔයාගේ "ප්‍රශ්නයක් ඇති කරනවා" කියන එකේ තේරුම?</font>

372
00:27:00,991 --> 00:27:03,151
<font color="#ffbf46">ඔයාට යන්න වෙනවා. ඒයි, පොඩ්ඩක් ඉන්නවා.</font>

373
00:27:03,251 --> 00:27:04,251
<font color="#ffbf46">අපි යමු, මහත්තයා.</font>

374
00:27:04,921 --> 00:27:05,921
<font color="#ffbf46">ඒයි, මොකද මේ කරන්නේ?</font>

375
00:27:06,661 --> 00:27:08,931
<font color="#ffbf46">මම කිව්වනේ, මට CEO යූන් බි ආ එක්ක
පොඩ්ඩක් කතා කරන්න විතරයි ඕනේ.</font>

376
00:27:09,661 --> 00:27:10,961
<font color="#ffbf46">මාව අතාරින්න, අපිට කතා කරන්න පුළුවන්.</font>

377
00:27:11,831 --> 00:27:14,201
<font color="#ffbf46">මම කිව්වනේ විනාඩියයි යන්නේ කියලා! හලෝ, මේ TF කණ්ඩායමද?</font>

378
00:27:16,271 --> 00:27:19,471
<font color="#ffbf46">හේයි, හන් සොන් හෝ මේ දැන් ඇවිත් මෙතන කෑගහනවා.</font>

379
00:27:23,511 --> 00:27:24,511
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?</font>

380
00:27:24,911 --> 00:27:26,211
<font color="#ffbf46">මොනවහරි බොමුද? ගොඩ කාලෙකින්නෙ හම්බුණේ.</font>

381
00:27:26,981 --> 00:27:29,651
<font color="#ffbf46">මම මේ ටිකේම ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ,
අපිට හම්බවෙන්නවත් වෙලාවක් තිබුණේ නෑනේ.</font>

382
00:27:36,491 --> 00:27:38,521
<font color="#ffbf46">හරි, මොනවහරි ඕන වුණොත් මට කියන්න.</font>

383
00:27:38,821 --> 00:27:39,821
<font color="#ffbf46">ස්තූතියි.</font>

384
00:27:42,891 --> 00:27:45,531
<font color="#ffbf46">එයා ආදර කතාව ප්‍රතික්ෂේප කරලා.</font>

385
00:27:45,831 --> 00:27:46,831
<font color="#ffbf46">ඒකෙන් කමක් නෑ.</font>

386
00:27:47,461 --> 00:27:50,931
<font color="#ffbf46">මේ වගේ සිද්ධියකදී, මුලින්ම තහවුරු කරන
කෙනාට තමයි හැමතිස්සෙම වාසිය තියෙන්නේ.</font>

387
00:27:53,901 --> 00:27:55,341
<font color="#ffbf46">ඔයා කොහොමද දෙයියනේ මේක විසඳන්නේ?</font>

388
00:27:56,071 --> 00:27:58,011
<font color="#ffbf46">ඒකෙන් පාක් ජොන් වොන්ගේ කතාව වැහුණා නේද?</font>

389
00:27:59,541 --> 00:28:01,081
<font color="#ffbf46">ඔයා මේකෙන් සතුටු වෙනවා නේද?</font>

390
00:28:04,481 --> 00:28:06,681
<font color="#ffbf46">ඒයි, මට කියන්න එපා ඔයා...</font>

391
00:28:08,121 --> 00:28:09,521
<font color="#ffbf46">ඇත්තටම එයාට කැමතියි කියලා.</font>

392
00:28:10,121 --> 00:28:12,921
<font color="#ffbf46">ඔයාට පිස්සුද? ඔයා දන්නවනේ මම
ආදර සම්බන්ධතා තියාගන්නේ නෑ කියලා.</font>

393
00:28:13,591 --> 00:28:15,431
<font color="#ffbf46">ඔව්, ඒකේ කිසි තේරුමක් නෑ.</font>

394
00:28:16,091 --> 00:28:19,431
<font color="#ffbf46">අනික, එයා ළඟදි බ්‍රේක්අප් වෙලා ඉන්නේ.</font>

395
00:28:20,961 --> 00:28:22,101
<font color="#ffbf46">ඔයා ඒක කොහොමද දන්නේ?</font>

396
00:28:23,001 --> 00:28:24,701
<font color="#ffbf46">මම නොදැන හිටියා නම් හොඳයි.</font>

397
00:28:28,871 --> 00:28:32,311
<font color="#ffbf46">ඒත් හන් සොන් හෝ ඔයා කලන්තේ දාලා වැටෙනවා දැක්කා නේද?</font>

398
00:28:33,741 --> 00:28:35,381
<font color="#ffbf46">ඔව්, එයා දැක්කා.</font>

399
00:28:36,181 --> 00:28:38,481
<font color="#ffbf46">එහෙනම් එයා එක්ක තවත් පැටලෙන
එක හොඳ අදහසක් කියලා මම හිතන්නේ නෑ.</font>

400
00:28:39,021 --> 00:28:41,591
<font color="#ffbf46">එයා ඔයාගේ රහස දැනගත්තොත්... අපිට තියෙන්නේ...</font>

401
00:28:42,691 --> 00:28:44,121
<font color="#ffbf46">වාසිය ගන්න විතරයි.</font>

402
00:28:46,691 --> 00:28:47,691
<font color="#ffbf46">කොහොමද?</font>

403
00:28:49,431 --> 00:28:50,691
<font color="#ffbf46">හන් සොන් හෝ...</font>

404
00:28:51,831 --> 00:28:54,161
<font color="#ffbf46">අපේ අලුත් නිර්මාණයේ මුහුණුවර වෙන්න යනවා.</font>

405
00:28:55,001 --> 00:28:56,001
<font color="#ffbf46">හන් සොන් හෝ?</font>

406
00:29:01,771 --> 00:29:03,811
<font color="#ffbf46">ඉතින් ඔයාට එයාව හම්බවෙන්න බැරි වුණාද?</font>

407
00:29:05,911 --> 00:29:07,751
<font color="#ffbf46">මට ඇතුළට යන්නවත් දුන්නේ නෑ. එයාලා මාව එළියට දැම්මා.</font>

408
00:29:08,511 --> 00:29:10,111
<font color="#ffbf46">මම හිතන්නේ එයා මාව ඕනකමින්ම මඟ අරිනවා.</font>

409
00:29:13,181 --> 00:29:15,251
<font color="#ffbf46">(තරුවක පෙනුමක් ඇති හන් සොන්
හෝගේ හදවත යූන් බි ආ සොරකම් කළාද?)</font>

410
00:29:15,851 --> 00:29:17,991
<font color="#ffbf46">මේකට සම්බන්ධ මම, ඒක ඇත්තක් නෙවෙයි කිව්වා. ඉතින් ඇයි
තාමත් මේක මේ තරම් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ?</font>

411
00:29:18,321 --> 00:29:19,891
<font color="#ffbf46">මොකද මේකට සම්බන්ධ අනිත් කෙනා ඒක ඇත්ත කිව්ව නිසා.</font>

412
00:29:21,731 --> 00:29:23,331
<font color="#ffbf46">මේ ගෑනි මොනවා හිතාගෙනද ඉන්නේ?</font>

413
00:29:25,001 --> 00:29:26,901
<font color="#ffbf46">පාක් ජොන් වොන්ගේ කතාව යට ගියා.</font>

414
00:29:27,031 --> 00:29:28,501
<font color="#ffbf46">දැන් තියෙන්නේ ඔයයි යූන් බි ආයි ගැන විතරයි.</font>

415
00:29:29,601 --> 00:29:32,741
<font color="#ffbf46">ඒ ගෑනි ඔයාව පණපිටින් කන්නයි හදන්නේ.</font>

416
00:29:34,541 --> 00:29:35,541
<font color="#ffbf46">ඒත් ඇයි?</font>

417
00:29:36,641 --> 00:29:37,641
<font color="#ffbf46">එයා මගේ රහසින් ආදරේ කරන ෆෑන් කෙනෙක්වත්ද?</font>

418
00:29:37,941 --> 00:29:38,941
<font color="#ffbf46">එහෙම නෙවෙයි.</font>

419
00:29:39,541 --> 00:29:40,981
<font color="#ffbf46">එයා හැමෝගෙම අවධානය වෙනතකට හරවනවා විතරයි.</font>

420
00:29:42,851 --> 00:29:44,451
<font color="#ffbf46">ව්‍යවසායකයෙක් විදියට,</font>

421
00:29:44,821 --> 00:29:46,180
<font color="#ffbf46">මම නම් කියන්නේ ඒක හොඳ උපායක් කියලා.</font>

422
00:29:46,181 --> 00:29:47,551
<font color="#ffbf46">ඒයි, හන් බෙක් හෝ!</font>

423
00:29:49,751 --> 00:29:51,091
<font color="#ffbf46">මම බීරි නෑ, හරිද.</font>

424
00:29:52,161 --> 00:29:55,061
<font color="#ffbf46">ඒයි, බොන එක නවත්තන්න.</font>

425
00:29:56,531 --> 00:29:58,231
<font color="#ffbf46">අපි සල්ලි වලට මොකද කරන්නේ? ඔයා
ගාව මොකක්හරි සැලසුමක් තියෙනවද?</font>

426
00:29:59,631 --> 00:30:01,301
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම. එක විදියක් තියෙනවා.</font>

427
00:30:01,771 --> 00:30:02,771
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

428
00:30:03,701 --> 00:30:04,701
<font color="#ffbf46">ආදරේ කරන එක.</font>

429
00:30:04,971 --> 00:30:05,971
<font color="#ffbf46">මොකක්?</font>

430
00:30:07,401 --> 00:30:08,411
<font color="#ffbf46">එකතු වෙලා වැඩ කරන එක.</font>

431
00:30:09,811 --> 00:30:13,111
<font color="#ffbf46">අපි එයා එක්ක එකතු වෙමු. මම එයා
ගැන හෙව්වා. එයාට සල්ලි තියෙනවා.</font>

432
00:30:14,041 --> 00:30:15,051
<font color="#ffbf46">ඔයාට පිස්සුද?</font>

433
00:30:16,081 --> 00:30:17,921
<font color="#ffbf46">ආයෙත් සැරයක් එයා එක්ක පැටලෙන්න නම් මට කිසිම උවමනාවක් නෑ.</font>

434
00:30:18,181 --> 00:30:19,221
<font color="#ffbf46">ඔයා කොහොමත් දැන් එයා එක්ක පැටලිලා ඉන්නේ.</font>

435
00:30:19,821 --> 00:30:20,981
<font color="#ffbf46">එහෙනම් ඇයි ඔයා එයාගේ අතින් ඇල්ලුවේ?</font>

436
00:30:23,451 --> 00:30:24,791
<font color="#ffbf46">ඔයා එතන හිටියේ නෑනේ.</font>

437
00:30:27,021 --> 00:30:28,461
<font color="#ffbf46">එයා ඇත්තටම ලොකු අනතුරක හිටියේ.</font>

438
00:30:32,861 --> 00:30:35,401
<font color="#ffbf46">එහෙනම් සමහරවිට එයාට ඇත්තටම
ආදර ප්‍රශ්නයක් ඕන වෙලා තියෙන්න ඇති?</font>

439
00:30:36,271 --> 00:30:37,271
<font color="#ffbf46">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

440
00:30:38,241 --> 00:30:39,871
<font color="#ffbf46">එයාට සම්පූර්ණයෙන්ම ඔයා ගැන හිත ගිහින්.</font>

441
00:30:40,571 --> 00:30:42,371
<font color="#ffbf46">එයාගේ වීරයා වෙලා,</font>

442
00:30:42,941 --> 00:30:44,511
<font color="#ffbf46">එයාට උදව් ඕන වෙලාවේ ආවනේ.</font>

443
00:30:45,411 --> 00:30:46,681
<font color="#ffbf46">නවකතා ලියන්න ඕනේ මම නෙවෙයි ඔයා.</font>

444
00:30:48,511 --> 00:30:51,251
<font color="#ffbf46">දැන් කොහොමත් කතා පැතිරිලා ඉවර
නිසා, ඔයා එයා එක්ක යාලු වුණා නම් හරි.</font>

445
00:30:51,581 --> 00:30:53,651
<font color="#ffbf46">මම කිව්වේ, ඔයයි සේ රිම්නුයි වෙන් වුණා නේද?</font>

446
00:30:53,951 --> 00:30:54,951
<font color="#ffbf46">කියන්න බෑනේ.</font>

447
00:30:55,021 --> 00:30:57,521
<font color="#ffbf46">ඔයා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වුණොත්, එයා
සමහරවිට අපේ ණය ඔක්කොම ගෙවලා දායි.</font>

448
00:30:58,391 --> 00:30:59,461
<font color="#ffbf46">පිස්සා...</font>

449
00:31:01,661 --> 00:31:02,831
<font color="#ffbf46">(මි නා)</font>

450
00:31:05,761 --> 00:31:07,461
<font color="#ffbf46">හේයි, මි නා. ඔව්.</font>

451
00:31:09,131 --> 00:31:10,270
<font color="#ffbf46">ඒයි, මොකද ඔයා මේ කරන්නේ?</font>

452
00:31:10,271 --> 00:31:11,841
<font color="#ffbf46">මම මේක මකලාම දාන්න ඕනේ.</font>

453
00:31:12,171 --> 00:31:13,241
<font color="#ffbf46">ඒයි, එපා!</font>

454
00:31:13,871 --> 00:31:15,541
<font color="#ffbf46">නවත්තන්න! අනේ, පොඩ්ඩක් ඉන්න!</font>

455
00:31:16,841 --> 00:31:17,841
<font color="#ffbf46">මළ කරුමයක්නේ!</font>

456
00:31:19,111 --> 00:31:20,141
<font color="#ffbf46">ඒයි!</font>

457
00:31:21,611 --> 00:31:24,651
<font color="#ffbf46">මැරියන්, It's YOU, මැරියන්! මැරියන්,
It's YOU, මැරියන්, මළ කරුමේ!</font>

458
00:31:24,821 --> 00:31:27,281
<font color="#ffbf46">එපා, මි නා!</font>

459
00:31:51,171 --> 00:31:52,641
<font color="#ffbf46">හේයි, මට කියන්න එපා ඔයා...</font>

460
00:31:53,641 --> 00:31:55,311
<font color="#ffbf46">ඇත්තටම එයාට කැමතියි කියලා.</font>

461
00:31:58,481 --> 00:31:59,481
<font color="#ffbf46">අපි යමු.</font>

462
00:32:32,751 --> 00:32:33,751
<font color="#ffbf46">අම්මේ.</font>

463
00:32:34,221 --> 00:32:36,751
<font color="#ffbf46">ඔයා ලිපිය දැක්කද?
ඔව් මම දැක්කා.</font>

464
00:32:37,051 --> 00:32:38,361
<font color="#ffbf46">ඔයා අන්තිමේදී කා එක්ක හරි යාළු වෙන්නද යන්නේ?</font>

465
00:32:39,161 --> 00:32:42,461
<font color="#ffbf46">යාළු වෙන්න? කොහෙත්ම නෑ. ඒක
ව්‍යාපාරයක්. සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයක්.</font>

466
00:32:43,561 --> 00:32:45,301
<font color="#ffbf46">ඉතින්, කවුද ඒ කොල්ලා?</font>

467
00:32:45,661 --> 00:32:46,701
<font color="#ffbf46">හන් සොන් හෝ?</font>

468
00:32:46,831 --> 00:32:47,931
<font color="#ffbf46">එයා...</font>

469
00:32:48,831 --> 00:32:50,101
<font color="#ffbf46">මගේ ගොදුර.</font>

470
00:32:51,131 --> 00:32:54,271
<font color="#ffbf46">අනේ දෙවියනේ. ගෑනු ළමයෙක් කතා කරන විදිහක්ද ඒ.</font>

471
00:32:54,341 --> 00:32:55,510
<font color="#ffbf46">ඒක ඇහෙන්නෙත් හරිම සැරට.</font>

472
00:32:55,511 --> 00:32:58,581
<font color="#ffbf46">අනේ අම්මේ, ඔයාගෙ අදහස් හරිම පරණයි.</font>

473
00:32:59,981 --> 00:33:01,181
<font color="#ffbf46">කොහොම හරි,</font>

474
00:33:01,911 --> 00:33:03,011
<font color="#ffbf46">එයා තමයි මාව බේරගත්තේ.</font>

475
00:33:05,921 --> 00:33:06,921
<font color="#ffbf46">බේරගත්තා?</font>

476
00:33:08,791 --> 00:33:11,491
<font color="#ffbf46">ඔයා දන්නවද? මම අද කලන්තේ දාලා වැටුණේ නෑ.</font>

477
00:33:12,491 --> 00:33:15,030
<font color="#ffbf46">මොකක්?
ගොඩක් සෙනඟ මගේ පස්සෙන් එලවගෙන ආවා,</font>

478
00:33:15,031 --> 00:33:16,461
<font color="#ffbf46">ඒත් සම්පූර්ණ පැයක්ම ගෙවිලා ගියා.</font>

479
00:33:16,961 --> 00:33:19,901
<font color="#ffbf46">ඉතින්?
මම හිතුවේ මගේ කතාව ඉවරයි කියලා.</font>

480
00:33:20,501 --> 00:33:24,301
<font color="#ffbf46">ඒත් ඊළඟ මොහොතේ මම දැක්කේ, මම එයා එක්ක දුවනවා.</font>

481
00:33:24,941 --> 00:33:28,811
<font color="#ffbf46">ඉන්පස්සේ වුණ දේවල් මට එච්චර මතක නෑ...</font>

482
00:33:29,341 --> 00:33:30,611
<font color="#ffbf46">ඒත් කොහොම වුණත්,</font>

483
00:33:31,011 --> 00:33:32,981
<font color="#ffbf46">මම කලන්තේ දාලා වැටෙන්නේ නැතුව පැයක් හිටිය පළවෙනි වතාව මේකයි.</font>

484
00:33:34,281 --> 00:33:37,051
<font color="#ffbf46">සමහරවිට ඔයාට සනීප වේගෙන එනවා ඇති?</font>

485
00:33:38,221 --> 00:33:42,221
<font color="#ffbf46">ඔයා එහෙම හිතනවනද?
ඔව්. මම ලිපියක් කියවමින් හිටියේ,</font>

486
00:33:42,291 --> 00:33:43,620
<font color="#ffbf46">ඒකේ තිබුණා කාංසාව නිසා ඇතිවෙන හුස්ම ගැනීමේ අපහසුතා...</font>

487
00:33:43,621 --> 00:33:45,460
<font color="#ffbf46">හදිසියේම සුව වෙන්න පුළුවන් කියලා.</font>

488
00:33:45,461 --> 00:33:47,161
<font color="#ffbf46">කොහොම වුණත් මේ හැමදේම මානසිකව සිදුවෙන දේවල්නේ.</font>

489
00:33:47,461 --> 00:33:51,431
<font color="#ffbf46">මම ඒක ඔයාට ඊමේල් කළා.
හරි, මම බලන්නම්.</font>

490
00:33:52,261 --> 00:33:54,731
<font color="#ffbf46">මම නිදාගන්න යනවා. මාව හතට ඇහැරවන්න.</font>

491
00:33:57,571 --> 00:33:59,141
<font color="#ffbf46">ඔයා කලන්තේ දාලා වැටුණේ නැති එක ගැන...</font>

492
00:34:05,211 --> 00:34:08,751
<font color="#ffbf46">ඔයා හිතනවද ඒක රචක හන් සොන් හෝට සම්බන්ධයි කියලා?</font>

493
00:34:10,111 --> 00:34:11,381
<font color="#ffbf46">ඔයා මොකක්ද කියන්න හදන්නේ?</font>

494
00:34:11,521 --> 00:34:13,221
<font color="#ffbf46">ඔයා කිව්වා ඔයා කලන්තේ දාලා නොවැටුණු පළවෙනි වතාව මේක කියලා.</font>

495
00:34:13,751 --> 00:34:16,321
<font color="#ffbf46">සමහරවිට ඔයාගේ ලෙඩේ සනීප කරන්න පුළුවන් කෙනා එයා නම්?</font>

496
00:34:17,891 --> 00:34:20,461
<font color="#ffbf46">ඔයාගේ සහකරුවා වගේ කෙනෙක්.</font>

497
00:34:24,431 --> 00:34:27,631
<font color="#ffbf46">ඒක එච්චර ලේසි වුණා නම්, මම ගොඩක් කාලෙකට කලින් සනීප වෙලා.</font>

498
00:34:28,001 --> 00:34:29,001
<font color="#ffbf46">මම නිදාගන්නවා.</font>

499
00:34:37,411 --> 00:34:38,641
<font color="#ffbf46">ද්‍රෝහියෝ.</font>

500
00:34:38,841 --> 00:34:40,010
<font color="#ffbf46">අපි යමු.
එන්න.</font>

501
00:34:40,011 --> 00:34:41,141
<font color="#ffbf46">මාව අතාරිනවා!</font>

502
00:34:50,121 --> 00:34:51,121
<font color="#ffbf46">දෙවියනේ, ඔයා මාව බය කළා.</font>

503
00:34:53,821 --> 00:34:54,831
<font color="#ffbf46">හලෝ.</font>

504
00:34:55,931 --> 00:34:56,931
<font color="#ffbf46">CEO යූන්.</font>

505
00:34:57,291 --> 00:34:59,731
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතුවේ ඔයාට පැනලා යන්න පුළුවන් වෙයි කියලා නේද?</font>

506
00:35:00,101 --> 00:35:01,331
<font color="#ffbf46">අනේ මන්දා, CEO යූන්.</font>

507
00:35:02,671 --> 00:35:03,831
<font color="#ffbf46">ඔයා මේ සිරාවටමද?</font>

508
00:35:04,071 --> 00:35:05,401
<font color="#ffbf46">ඔයා දිගටම මෙහෙම කළොත්,</font>

509
00:35:05,801 --> 00:35:08,171
<font color="#ffbf46">බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සහ බලපෑම් කිරීම
යටතේ මට ඔයාට විරුද්ධව නඩු දාන්න පුළුවන්.</font>

510
00:35:08,341 --> 00:35:09,641
<font color="#ffbf46">පුළුවන් නම් කරලා බලන්න.</font>

511
00:35:09,971 --> 00:35:12,111
<font color="#ffbf46">ඔයාට දඩ මුදල වගේ දෙගුණයක් ගෙවන්න ඕන නම්.</font>

512
00:35:13,541 --> 00:35:16,481
<font color="#ffbf46">හරි, ඇත්තෙන්ම. සාමකාමී විසඳුමක් තමයි හැමවෙලේම හොඳ.</font>

513
00:35:18,851 --> 00:35:19,851
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

514
00:35:20,151 --> 00:35:23,091
<font color="#ffbf46">මම ඇත්ත කිව්වොත්, ඔයා දඩ මුදලෙන් භාගයක් අඩු කරනවද?</font>

515
00:35:23,751 --> 00:35:25,091
<font color="#ffbf46">මම ඒක තමයි කිව්වේ.</font>

516
00:35:25,721 --> 00:35:26,991
<font color="#ffbf46">එහෙමනම්, කිසියම් විදිහකින්...</font>

517
00:35:27,661 --> 00:35:30,731
<font color="#ffbf46">ඔයාට අලාභ මුදලත් අයින් කරන්න පුළුවන්ද?</font>

518
00:35:33,501 --> 00:35:36,731
<font color="#ffbf46">සන්, කියොන්ග් ටේ! මෙයාව ආයෙත් හිර කරන්න.</font>

519
00:35:37,601 --> 00:35:38,801
<font color="#ffbf46">යමු.
අපි යමු.</font>

520
00:35:38,901 --> 00:35:41,001
<font color="#ffbf46">හරි, හරි, මට තේරුණා! හැබැයි අතනට නම් දාන්න එපා!</font>

521
00:35:41,141 --> 00:35:43,871
<font color="#ffbf46">ඒකෙන් මට ලොකු මානසික කම්පනයක් ඇති වෙයි.</font>

522
00:35:50,081 --> 00:35:51,181
<font color="#ffbf46">හරි.</font>

523
00:35:52,381 --> 00:35:53,981
<font color="#ffbf46">දැන් ඔයා ඇත්ත කියන්න ලෑස්තිද?</font>

524
00:35:55,121 --> 00:35:56,821
<font color="#ffbf46">ඇයි හන් සොන් හෝ...</font>

525
00:35:57,421 --> 00:35:59,261
<font color="#ffbf46">ඔයාගේ පස්සෙන් ආවේ?</font>

526
00:36:01,991 --> 00:36:04,791
<font color="#ffbf46">ඉතින්? අපේ මේස ඔක්කොම මෙතනට ගැලපෙයි කියලා හිතෙනවද?</font>

527
00:36:05,161 --> 00:36:07,261
<font color="#ffbf46">ඔව්. ඉඩ ගොඩක් තියෙනවා වගේ පේනවා.</font>

528
00:36:08,061 --> 00:36:11,301
<font color="#ffbf46">හේයි, පොඩ්ඩක් ඉන්න. ඔයාට ඔය හොලවන
එක නවත්තන්න පුළුවන්ද? මට මේක කියවන්න බෑ.</font>

529
00:36:11,401 --> 00:36:13,741
<font color="#ffbf46">ඔයා මොන මඟුලකටද මේක කරන්නේ?</font>

530
00:36:14,101 --> 00:36:18,241
<font color="#ffbf46">බොස්, අපිට වෝල්පේපර් අලවන්න වෙනවා. මේක තනිකරම පේන්ට් එකක්.</font>

531
00:36:24,981 --> 00:36:25,981
<font color="#ffbf46">ඒක රිදුණා.</font>

532
00:36:26,651 --> 00:36:27,781
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

533
00:36:30,491 --> 00:36:33,691
<font color="#ffbf46">හේයි, අධ්‍යක්ෂක හන්.
මිස්ටර් හන්!</font>

534
00:36:37,661 --> 00:36:38,661
<font color="#ffbf46">ඔයාලා කවුද?</font>

535
00:36:44,331 --> 00:36:46,771
<font color="#ffbf46">මොකක්? ඔයා පොලී මුදලාලි කෙනෙක්ගෙන් ණයක් ගත්තද?</font>

536
00:36:47,571 --> 00:36:49,811
<font color="#ffbf46">බැංකුවකින් නෙවෙයිද?
මම ඒක කිව්වේ නැද්ද?</font>

537
00:36:50,141 --> 00:36:52,041
<font color="#ffbf46">මේ ඉන්නේ පාර්ක් ජොන්ග් වොන්ගේ යාළුවෝ වගයක්.</font>

538
00:36:52,881 --> 00:36:56,711
<font color="#ffbf46">ඔයාට පිස්සුද?
හේයි, ඒක රිදෙනවා. මම මෙතන ඉන්නවා.</font>

539
00:36:57,111 --> 00:36:59,181
<font color="#ffbf46">අපිත් නීත්‍යානුකූල ව්‍යාපාරිකයෝ, දැනගන්නවා.</font>

540
00:37:00,051 --> 00:37:01,421
<font color="#ffbf46">හරි. ඒක ගැන කතා කළා ඇති.</font>

541
00:37:02,321 --> 00:37:03,991
<font color="#ffbf46">ඉතින්, මට ඇහුණා ඔයාගේ සල්ලි ඔක්කොම නැතිවුණා කියලා.</font>

542
00:37:06,521 --> 00:37:07,521
<font color="#ffbf46">දැන් මොකද කරන්නේ?</font>

543
00:37:08,291 --> 00:37:09,791
<font color="#ffbf46">ඔයාට මගේ සල්ලි ආපහු දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද?</font>

544
00:37:09,861 --> 00:37:10,931
<font color="#ffbf46">(ණය හිමියා: මූන් ගුක් සන්ග්, ණයගැතියා: හන් බෙක් හෝ)</font>

545
00:37:12,201 --> 00:37:14,761
<font color="#ffbf46">ණය ගෙවන්න තව කල් තියෙනවා.</font>

546
00:37:15,001 --> 00:37:17,701
<font color="#ffbf46">මම ඔයාට තව කල් දුන්නොත් සල්ලි
අහසින් කඩාගෙන වැටෙයි කියලා හිතනවද?</font>

547
00:37:18,871 --> 00:37:19,871
<font color="#ffbf46">නැවත වතාවක් හිතලා බැලුවම.</font>

548
00:37:20,501 --> 00:37:22,211
<font color="#ffbf46">ඔයා තවමත් තරුණ නිසා,</font>

549
00:37:22,571 --> 00:37:24,271
<font color="#ffbf46">ඔයාට හොඳින් ජීවත් වෙන්න පුළුවන්...</font>

550
00:37:24,571 --> 00:37:26,141
<font color="#ffbf46">එක් අවයවයක් අඩු වුණාට, නේද?</font>

551
00:37:28,911 --> 00:37:30,681
<font color="#ffbf46">නියමිත දවසට එන්න.</font>

552
00:37:38,291 --> 00:37:39,291
<font color="#ffbf46">හේයි!</font>

553
00:37:40,191 --> 00:37:41,191
<font color="#ffbf46">හේයි!</font>

554
00:37:41,861 --> 00:37:42,861
<font color="#ffbf46">ඔව්, බොස්.</font>

555
00:37:44,131 --> 00:37:46,161
<font color="#ffbf46">වැඩට බහින්න!
ආ, මොකක්? හරි.</font>

556
00:37:50,931 --> 00:37:52,201
<font color="#ffbf46">පළමු බැල්මෙන්ම,</font>

557
00:37:52,571 --> 00:37:54,541
<font color="#ffbf46">මම ඔයාගේ වයසේ ඉද්දි හිටිය විදිහටමයි ඔයාවත් පේන්නේ.</font>

558
00:37:55,541 --> 00:37:56,611
<font color="#ffbf46">මම ඒ ගැන ගොඩක් සැක කරනවා.</font>

559
00:37:59,511 --> 00:38:02,381
<font color="#ffbf46">බොස්, මම ටිකක් හොයලා බැලුවා,</font>

560
00:38:04,911 --> 00:38:08,651
<font color="#ffbf46">එයාගේ පෙම්වතියට නම් ගොඩක් තියෙනවා.</font>

561
00:38:08,951 --> 00:38:09,951
<font color="#ffbf46">මොනවා ගොඩක්ද තියෙන්නේ?</font>

562
00:38:10,621 --> 00:38:13,521
<font color="#ffbf46">නෑ, මම කිව්වේ, සල්ලි. එයාට සල්ලි ගොඩක් තියෙනවා.</font>

563
00:38:14,321 --> 00:38:16,531
<font color="#ffbf46">නේද?
ඒක නියමයි.</font>

564
00:38:16,831 --> 00:38:18,561
<font color="#ffbf46">එයාට ඒක ගෙවන්න කියන්න.</font>

565
00:38:18,731 --> 00:38:20,031
<font color="#ffbf46">මට කිසිම සම්බන්ධයක් නෑ...</font>

566
00:38:20,361 --> 00:38:22,571
<font color="#ffbf46">ඒ ගෑනු කෙනා එක්ක.
ඔයා කියන දේ අහන්නකෝ.</font>

567
00:38:23,371 --> 00:38:25,201
<font color="#ffbf46">ඔයා කියන්නේ ඔයාගේ ගෑනු කෙනාට අත තියන්න එපා කියලද? එහෙමද?</font>

568
00:38:40,251 --> 00:38:41,721
<font color="#ffbf46">දැන් ඔයා ඇත්ත කියන්න ලෑස්තිද?</font>

569
00:38:42,221 --> 00:38:43,951
<font color="#ffbf46">ඇයි හන් සොන් හෝ...</font>

570
00:38:44,021 --> 00:38:46,061
<font color="#ffbf46">ඔයාගේ පස්සෙන් ආවේ?</font>

571
00:38:47,421 --> 00:38:49,061
<font color="#ffbf46">හන් සොන් හෝගේ ඒජන්සියේ අධ්‍යක්ෂක...</font>

572
00:38:49,361 --> 00:38:51,661
<font color="#ffbf46">ඒජන්සිය ඇපේට තියලා ණයක් ගත්තා.</font>

573
00:38:51,931 --> 00:38:54,401
<font color="#ffbf46">ඊටපස්සේ එයාට ඒ සල්ලි ඔක්කොම නැතිවුණාද?</font>

574
00:38:55,071 --> 00:38:57,601
<font color="#ffbf46">හරියටම හරි. හන් සොන් හෝට ඒක දැනගන්න ලැබුණා,</font>

575
00:38:58,201 --> 00:38:59,501
<font color="#ffbf46">මම හිතන්නේ ඒකයි එයා මාව හොයාගෙන ආවේ.</font>

576
00:39:01,641 --> 00:39:02,741
<font color="#ffbf46">තීරණයක් ගන්න.</font>

577
00:39:03,241 --> 00:39:06,141
<font color="#ffbf46">එක්කෝ ඇපේට තියපු ඒජන්සිය අපිට පවරන්න,</font>

578
00:39:09,181 --> 00:39:10,581
<font color="#ffbf46">එහෙම නැත්නම් ඔයා මට සල්ලි ආපහු ගෙවන්න.</font>

579
00:39:12,381 --> 00:39:13,851
<font color="#ffbf46">මම සල්ලි ගෙවන්නම්.</font>

580
00:39:14,181 --> 00:39:15,321
<font color="#ffbf46">ඒ නිසා ඔයාලට දැන් යන්න පුළුවන්.</font>

581
00:39:15,791 --> 00:39:16,991
<font color="#ffbf46">හරි, එහෙනම්.</font>

582
00:39:17,721 --> 00:39:18,721
<font color="#ffbf46">හේයි!</font>

583
00:39:20,091 --> 00:39:21,421
<font color="#ffbf46">ඔයා මේ මොකද කරන්නේ?</font>

584
00:39:23,831 --> 00:39:24,831
<font color="#ffbf46">ඔව්, සර්.</font>

585
00:39:28,901 --> 00:39:30,201
<font color="#ffbf46">ඔයා අපිත් එක්ක එනවා.</font>

586
00:39:31,371 --> 00:39:32,501
<font color="#ffbf46">එයාගෙන් අත් අයින් කරගන්නවා.</font>

587
00:39:43,981 --> 00:39:44,981
<font color="#ffbf46">ඒවගේම ඔයා කවුද වෙන්නේ?</font>

588
00:39:45,551 --> 00:39:46,551
<font color="#ffbf46">මමද?</font>

589
00:39:47,681 --> 00:39:50,521
<font color="#ffbf46">මම තමයි එයාගේ අතින් අල්ලගෙන ඉන්න ගෑනු කෙනා.</font>

590
00:39:54,921 --> 00:39:57,461
<font color="#ffbf46">මම අහලා තියෙන සල්ලිකාර පෙම්වතියද මේ?</font>

591
00:40:00,361 --> 00:40:02,701
<font color="#ffbf46">ඔයා මේ මොකද කරන්නේ?
හේයි, පොඩ්ඩක් ඉන්න!</font>

592
00:40:04,071 --> 00:40:06,071
<font color="#ffbf46">තුවාල වෙන්න ඕනේ නැත්නම් ඕක බිමින් තියනවා.</font>

593
00:40:21,321 --> 00:40:22,591
<font color="#ffbf46">ඒක ගැට ගහලයි තියෙන්නේ.</font>

594
00:40:24,051 --> 00:40:25,261
<font color="#ffbf46">මට තත්පරයක් දෙන්න.</font>

595
00:40:25,461 --> 00:40:27,821
<font color="#ffbf46">මගේ දුව කෙන්ඩෝ කරනවා, ඉතින් එයා මේක ඉල්ලගෙන...</font>

596
00:40:27,891 --> 00:40:28,891
<font color="#ffbf46">ඇයි මේක...</font>

597
00:40:29,331 --> 00:40:30,391
<font color="#ffbf46">CEO සෝල්.</font>

598
00:40:31,431 --> 00:40:32,461
<font color="#ffbf46">මට පොඩි වෙලාවක් දෙන්න.</font>

599
00:40:47,941 --> 00:40:49,151
<font color="#ffbf46">මොකක්ද මේ හැමදේම?</font>

600
00:40:50,651 --> 00:40:53,421
<font color="#ffbf46">මේ ඇප ගිවිසුම. ඔයා මේක අපිට පවරනවා.</font>

601
00:40:54,281 --> 00:40:55,651
<font color="#ffbf46">"ඒක පවරනවා?"</font>

602
00:40:56,151 --> 00:40:57,751
<font color="#ffbf46">ඔයාලා මේ මොකද කරන්නේ?</font>

603
00:40:58,591 --> 00:41:01,161
<font color="#ffbf46">ඔයාගේ ඒජන්සිය, ඇපයට තියලා තියෙන එක...</font>

604
00:41:01,961 --> 00:41:04,031
<font color="#ffbf46">අපි ඒක අත්පත් කරගන්නවා.</font>

605
00:41:05,091 --> 00:41:06,101
<font color="#ffbf46">ඔයා දැන් මොකක්ද කිව්වේ?</font>

606
00:41:07,831 --> 00:41:08,831
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න!</font>

607
00:41:10,131 --> 00:41:12,301
<font color="#ffbf46">එයා ගිවිසුම අත්සන් කළේ මම එක්ක.</font>

608
00:41:12,641 --> 00:41:14,871
<font color="#ffbf46">ඔයාලට මේ ඇපය ඕන නම්,</font>

609
00:41:15,571 --> 00:41:17,311
<font color="#ffbf46">මේ ගාන නම් මදි වෙයි.</font>

610
00:41:17,441 --> 00:41:20,011
<font color="#ffbf46">බොස්? මූලික මුදලයි පොලියයි එක්ක, මේක...</font>

611
00:41:20,081 --> 00:41:21,811
<font color="#ffbf46">අපිට ලැබෙන්න ඕන ගානට වඩා ගොඩක් වැඩියි...
ඔයා කට වහගෙන ඉන්නවද?</font>

612
00:41:22,951 --> 00:41:25,351
<font color="#ffbf46">අපරාධකාරයොත් දැන් හරි නිර්භීතයිනේ.</font>

613
00:41:25,681 --> 00:41:26,681
<font color="#ffbf46">මොකක්ද ඒ කිව්වේ?</font>

614
00:41:28,891 --> 00:41:30,720
<font color="#ffbf46">මේක අසාධාරණ පොලී අනුපාත තියෙන නීති විරෝධී ගිවිසුමක්.</font>

615
00:41:30,721 --> 00:41:31,891
<font color="#ffbf46">ඒ වගේම, නීති විරෝධී විදිහට ණය එකතු කිරීමක්.</font>

616
00:41:33,391 --> 00:41:35,261
<font color="#ffbf46">අපි මේක උසාවියට ගෙනියමුද?</font>

617
00:41:35,861 --> 00:41:38,061
<font color="#ffbf46">ඒකෙන් ඔයාට මේ ගිවිසුම අවලංගු කරන්න ඕනේ නම් විතරයි.</font>

618
00:41:45,401 --> 00:41:47,301
<font color="#ffbf46">ඔයාට උනන්දුවක් නැත්නම්, මේ ගනුදෙනුව අවලංගුයි.</font>

619
00:41:49,041 --> 00:41:50,211
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

620
00:41:51,271 --> 00:41:53,311
<font color="#ffbf46">ඔය නෝනලට සෑහෙන්න හයියක් තියෙනවා නේද?</font>

621
00:41:54,011 --> 00:41:56,081
<font color="#ffbf46">මම නිකන් කිව්වේ.</font>

622
00:41:56,611 --> 00:41:58,651
<font color="#ffbf46">ඉතින්, මම කොහෙද අත්සන් කරන්න ඕනේ?</font>

623
00:41:59,251 --> 00:42:00,281
<font color="#ffbf46">මම මුද්‍රාව තියන්නද?</font>

624
00:42:16,771 --> 00:42:18,401
<font color="#ffbf46">(අත්පත් කරගන්නා: යූන් බි ආ, පවරන්නා: මූන් ගුක් සන්ග්)</font>

625
00:42:28,111 --> 00:42:29,911
<font color="#ffbf46">ඒක නම් මහ විකාරයක්.</font>

626
00:42:30,211 --> 00:42:31,211
<font color="#ffbf46">සම්පූර්ණයෙන්ම.</font>

627
00:42:32,081 --> 00:42:33,981
<font color="#ffbf46">මම වොෂ් රූම් එකට ගිහින් එන්නම්.
හරි.</font>

628
00:42:34,051 --> 00:42:35,051
<font color="#ffbf46">සමාවෙන්න,</font>

629
00:42:36,451 --> 00:42:38,691
<font color="#ffbf46">හැබැයි ඔයාට පුළුවන්ද ටිකකින් ආපහු එන්න?</font>

630
00:42:39,261 --> 00:42:40,261
<font color="#ffbf46">මොකක්?</font>

631
00:42:41,191 --> 00:42:42,291
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

632
00:42:44,091 --> 00:42:45,461
<font color="#ffbf46">මොකක්ද, ඔයා මුළු වොෂ් රූම් එකම කුලියට ගත්තද?</font>

633
00:42:47,361 --> 00:42:48,831
<font color="#ffbf46">යමු, අපි පල්ලෙහා එක පාවිච්චි කරමු.</font>

634
00:42:50,101 --> 00:42:51,101
<font color="#ffbf46">විශ්වාස කරන්නත් බෑ.</font>

635
00:43:05,651 --> 00:43:07,421
<font color="#ffbf46">(සේප්පුව)</font>

636
00:43:18,831 --> 00:43:20,761
<font color="#ffbf46">අපි දිගටම මුණගැහෙනවා.</font>

637
00:43:22,801 --> 00:43:25,571
<font color="#ffbf46">ඔයාට ඕන වුණේ ආයෙත් පැටලෙන්නේ නැති වෙන්න
මේක සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න නේද?</font>

638
00:43:25,801 --> 00:43:27,301
<font color="#ffbf46">මම ආවේ ඒ උදව්වට ප්‍රතිඋපකාර කරන්න.</font>

639
00:43:27,571 --> 00:43:29,911
<font color="#ffbf46">ඒකේ ප්‍රමාණය පොඩ්ඩක් විශාල වුණා විතරයි, එච්චරයි.</font>

640
00:43:30,671 --> 00:43:33,681
<font color="#ffbf46">මගේ ඉස්සරහා කලන්තේ දාලා වැටුණ එකත් ඔයාගේ සැලැස්මේම කොටසක්ද?</font>

641
00:43:34,981 --> 00:43:38,651
<font color="#ffbf46">ඔයා ඉක්මන් නිගමනවලට එනවා. මම පේන කියන්නෙක් නෙවෙයි.</font>

642
00:43:38,721 --> 00:43:41,881
<font color="#ffbf46">මම කොහොමද ඒක කලින් දකින්නේ?
එහෙනම් ඇයි කටකතා ඇත්ත කියලා තහවුරු කළේ?</font>

643
00:43:43,191 --> 00:43:44,721
<font color="#ffbf46">ඒ වගේම ඔයා කොහොමද මගේ තත්ත්වය ගැන දැනගත්තේ?</font>

644
00:43:44,991 --> 00:43:46,861
<font color="#ffbf46">මම පොඩි පරීක්ෂණයක් කළා.</font>

645
00:43:47,191 --> 00:43:49,391
<font color="#ffbf46">තොරතුරු කියන්නේ ව්‍යාපාරයක ජීවනාලියයි.</font>

646
00:43:49,661 --> 00:43:50,691
<font color="#ffbf46">ඔයා කියන්නේ ඔයා මගේ පසුබිම ගැන හෙව්වා කියලද?</font>

647
00:43:50,761 --> 00:43:52,961
<font color="#ffbf46">ඔයා නේද මේක පටන් ගත්තේ?</font>

648
00:43:53,231 --> 00:43:54,861
<font color="#ffbf46">ඔයා මගේ අතින් ඇල්ලුවා, මතකද?</font>

649
00:43:56,031 --> 00:43:57,071
<font color="#ffbf46">මම එහෙම කළා කියලා හිතනවා.</font>

650
00:43:57,801 --> 00:43:59,071
<font color="#ffbf46">ඒත් ඒක හොඳ චේතනාවකින් කරපු දෙයක්,</font>

651
00:43:59,901 --> 00:44:01,701
<font color="#ffbf46">ඒත් ඔයා ද්වේෂසහගත විදිහට ඒකෙන් ප්‍රයෝජන ගත්තා.</font>

652
00:44:01,941 --> 00:44:03,271
<font color="#ffbf46">ඒක ද්වේෂයක් නෙවෙයි.</font>

653
00:44:04,471 --> 00:44:05,481
<font color="#ffbf46">ප්‍රතිඋපකාර කිරීමක්.</font>

654
00:44:06,381 --> 00:44:08,011
<font color="#ffbf46">මේ සැරේ, මම තමයි ඔයාගේ අතින් අල්ලන්නේ.</font>

655
00:44:08,081 --> 00:44:09,311
<font color="#ffbf46">ඔයා කියන්නේ ඔයා ඒක ගත්තට පස්සෙද?</font>

656
00:44:09,381 --> 00:44:11,611
<font color="#ffbf46">ඒක පොලී මුදලාලිලාට නැති වෙනවට වඩා හොඳයි නේද?</font>

657
00:44:15,951 --> 00:44:17,891
<font color="#ffbf46">ඒ වෙනුවට, මම ඔයාට යෝජනාවක් ගේන්නම්.</font>

658
00:44:19,691 --> 00:44:20,961
<font color="#ffbf46">මේක සහයෝගීතා ගිවිසුමක්.</font>

659
00:44:21,091 --> 00:44:24,331
<font color="#ffbf46">ඔයා මේකට අත්සන් කරලා ForMe 2.0 සාර්ථකව හැදුවොත්,</font>

660
00:44:24,691 --> 00:44:26,531
<font color="#ffbf46">අපි ඒජන්සිය ආයෙත් ඔයාට දෙනවා.</font>

661
00:44:26,601 --> 00:44:29,671
<font color="#ffbf46">ඇත්තද? එතකොට අපි ගෙවන්න තියෙන සල්ලි?</font>

662
00:44:29,731 --> 00:44:31,431
<font color="#ffbf46">අත්සන් කරන්න, එතකොට අපි ඒක හිලව් කරගමු.</font>

663
00:44:31,901 --> 00:44:33,471
<font color="#ffbf46">ඔයා කැමති නැත්නම්,</font>

664
00:44:34,771 --> 00:44:35,871
<font color="#ffbf46">ඔයාට පුළුවන් ඒ සල්ලි ආපහු ගෙවන්න.</font>

665
00:44:36,611 --> 00:44:38,211
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම අපි අත්සන් කරනවා.</font>

666
00:44:43,151 --> 00:44:44,151
<font color="#ffbf46">(සහයෝගීතා ගිවිසුම)</font>

667
00:44:46,221 --> 00:44:47,781
<font color="#ffbf46">ඇත්තටම ඔයාට අපෙන් මොනවද ඕනේ?</font>

668
00:44:50,451 --> 00:44:51,691
<font color="#ffbf46">හරියටම කිව්වොත්,</font>

669
00:44:52,421 --> 00:44:54,021
<font color="#ffbf46">ඒ "අපෙන්" නෙමෙයි.</font>

670
00:44:55,061 --> 00:44:56,991
<font color="#ffbf46">ඔයාගෙන්. මොකක්ද...</font>

671
00:44:57,791 --> 00:44:58,901
<font color="#ffbf46">ඔයාට මගෙන් ඕනේ?</font>

672
00:44:59,861 --> 00:45:00,901
<font color="#ffbf46">ඔයාව මට විකුණන්න.</font>

673
00:45:03,331 --> 00:45:04,331
<font color="#ffbf46">මොකක්?</font>

674
00:45:05,501 --> 00:45:07,871
<font color="#ffbf46">මං ඔයාව මිලදී ගන්නවා.</font>

675
00:45:07,895 --> 00:45:09,895
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

