1
00:00:39,771 --> 00:00:41,771
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:43,819 --> 00:00:45,819
<b><font color="#b67a07">සිත ගත් සොරා</font></b>

3
00:00:45,843 --> 00:00:47,843


4
00:00:47,867 --> 00:00:52,200
<font color="#ffbf46">මෙතන ඉන්න රෝගීන්ව මරලා දාලා
මේ තැන වහලා දාන්න නියෝගයක් ලැබුණා.</font>

5
00:01:17,967 --> 00:01:19,700
<font color="#ffbf46">හොං ඉයුන් ජෝ.</font>

6
00:01:46,100 --> 00:01:48,133
<font color="#ffbf46">නවතින්න!</font>

7
00:01:51,133 --> 00:01:53,767
<font color="#ffbf46">මහ කුමාරයාණන් ඇතුලේ ඉන්නවා.</font>

8
00:01:56,744 --> 00:01:59,176
<font color="#ff7e16"><b>9 වන කොටස</b></font>

9
00:02:02,767 --> 00:02:03,867
<font color="#ffbf46">බය නැතුව ඉන්න.</font>

10
00:02:03,867 --> 00:02:05,967
<font color="#ffbf46">ආයේ ඊතල එන එකක් නෑ.</font>

11
00:02:05,967 --> 00:02:08,133
<font color="#ffbf46">ස්තුතියි.</font>

12
00:02:08,133 --> 00:02:11,433
<font color="#ffbf46">බොහොම ස්තුතියි.
ස්තුතියි.</font>

13
00:02:12,936 --> 00:02:15,500
<font color="#ffbf46">හරිම බය හිතුණා!</font>

14
00:02:15,500 --> 00:02:17,633
<font color="#ffbf46">අයියේ.</font>

15
00:02:21,333 --> 00:02:23,400
<font color="#ffbf46">මම පරක්කුයි නේද?</font>

16
00:02:23,400 --> 00:02:25,100
<font color="#ffbf46">කුමාරයාණෙනි.</font>

17
00:02:33,800 --> 00:02:35,633
<font color="#ffbf46">කුමාරයාණෙනි.
කුමාරයාණෙනි.</font>

18
00:02:37,933 --> 00:02:40,000
<font color="#ffbf46">තමුන් ආයෙමත්?</font>

19
00:02:40,000 --> 00:02:42,533
<font color="#ffbf46">මගේ ඇත්ත ස්වරුපය එලියට එනවා වගේ.</font>

20
00:02:42,533 --> 00:02:46,400
<font color="#ffbf46">ගිය පාර තමුන්ව මරන්නේ නැතුව අත ඇරිය එක ගැන
මට පසුතැවෙන්න ඉඩ තියන්න එපා.</font>

21
00:02:51,967 --> 00:02:53,667
<font color="#ffbf46">තමුන් හිතන්නේ මේක විහිළුවක් කියලද?</font>

22
00:02:55,800 --> 00:03:00,267
<font color="#ffbf46">තමුන්ගේ පවුලේ තියෙන ආත්මාර්ථකාමී කෑදරකම නිසා,
මේ අහිංසක මිනිස්සු මැරෙන්න ඔන්න මෙන්න හිටියේ.</font>

23
00:03:02,900 --> 00:03:04,600
<font color="#ffbf46">පිටවෙලා යනවා.</font>

24
00:03:04,600 --> 00:03:06,967
<font color="#ffbf46">මට අද කාගෙවත් ලේ දකින්න ඕන නෑ.</font>

25
00:03:06,967 --> 00:03:08,300
<font color="#ffbf46">මට දැන්ම දඬුවම් කරන්න.</font>

26
00:03:08,300 --> 00:03:12,100
<font color="#ffbf46">මේ නියෝගය දුන්න තමුන්ගේ අයියට මම දඬුවම් දෙනවා,
ඒ වගේම තමුන්ට...</font>

27
00:03:12,100 --> 00:03:14,133
<font color="#ffbf46">ඒක දැනටමත් කරලා ඉවරයි.</font>

28
00:03:22,133 --> 00:03:25,167
<font color="#ffbf46">වෙදැදුරු හොංව තමුන් මරන්න හැදුවා කියලා
තමුන් දන්නවද?</font>

29
00:03:25,967 --> 00:03:27,667
<font color="#ffbf46">මොකක්?</font>

30
00:03:46,000 --> 00:03:47,900
<font color="#ffbf46">ඔයා තාම මෙතන.</font>

31
00:03:47,900 --> 00:03:49,800
<font color="#ffbf46">රෝගීන්ගේ තත්වය කොහොමද?</font>

32
00:03:49,800 --> 00:03:53,000
<font color="#ffbf46">ඊතල එච්චර ගැඹුරට වැදිලා නෑ.</font>

33
00:03:55,633 --> 00:03:58,300
<font color="#ffbf46">ඔයාට පිං සිද්ධ වෙන්න
ගුජිල්මාක් වල මිනිස්සු බේරුණා.</font>

34
00:03:58,300 --> 00:04:01,933
<font color="#ffbf46">මෙතනට ආවට ඔයාට බොහොම ස්තුතියි.</font>

35
00:04:01,933 --> 00:04:03,933
<font color="#ffbf46">ඔයා කතා කරපු නිසා, මම අනිවාර්යයෙන්ම එනවනේ.</font>

36
00:04:06,667 --> 00:04:08,367
<font color="#ffbf46">ඉතුරු ටික මම බලාගන්නම්.</font>

37
00:04:08,367 --> 00:04:10,100
<font color="#ffbf46">ගොඩක් වෙලා මේක ඇතුලේ ඉඳලා
ඔයාට කරදරයක් උනොත්...</font>

38
00:04:10,100 --> 00:04:11,720
<font color="#ffbf46">ඇයි මට මේක</font>

39
00:04:11,720 --> 00:04:13,633
<font color="#ffbf46">ගලවන්න බැරි?</font>

40
00:04:13,633 --> 00:04:15,700
<font color="#ffbf46">පොඩ්ඩක් මම කියන දේ අහන්නකෝ.</font>

41
00:04:17,233 --> 00:04:19,100
<font color="#ffbf46">මාත් හරි මුරණ්ඩුයි.</font>

42
00:04:21,200 --> 00:04:24,167
<font color="#ffbf46">අඩුම තරමේ මුහුණු ආවරණයවත් හරියට බැඳගන්නකෝ.</font>

43
00:04:26,600 --> 00:04:28,800
<font color="#ffbf46">බණ කියලා ඉවරනම් යන්න.</font>

44
00:04:31,600 --> 00:04:32,667
<font color="#ffbf46">මම ඔයා වෙනුවෙන් ආයේ ඒක කරන්නම්.</font>

45
00:04:32,667 --> 00:04:34,600
<font color="#ffbf46">ඒක කමක් නෑ.</font>

46
00:04:34,600 --> 00:04:37,200
<font color="#ffbf46">මම මේක කියන්නේ රාජකීය වෙදැදුරෙක් විදිහට.</font>

47
00:04:44,000 --> 00:04:49,067
<font color="#ffbf46">ඔයාට පොඩි ලෙඩක් හැදුනත්,
මුළු රාජකීය බෙහෙත් ශාලාවම කලබල වෙනවා.</font>

48
00:04:49,700 --> 00:04:53,767
<font color="#ffbf46">මේක මොන වගේ තැනක්ද කියලා දැනගෙනත්
ඔයා ඇයි මේ තරම් අපරීක්ෂාකාරී විදිහට හැසිරෙන්නේ?</font>

49
00:04:53,767 --> 00:04:56,833
<font color="#ffbf46">ඒක ඇත්ත. මම හැමතිස්සෙම බයගුල්ලෙක්.</font>

50
00:04:56,833 --> 00:04:58,867
<font color="#ffbf46">පැනලා යන එක තමයි මගේ දක්ෂතාවය.</font>

51
00:05:00,133 --> 00:05:03,600
<font color="#ffbf46">ඉතින් ඔයා ඊතල මැද්දෙන් පැනගෙන යද්දී
මම මොනවා කරන්නද?</font>

52
00:05:03,600 --> 00:05:08,733
<font color="#ffbf46">ඊළඟ පාර, ඔයාගේ දක්ෂතාවය පාවිච්චි කරලා පැනලා යන්න.</font>

53
00:05:10,467 --> 00:05:13,833
<font color="#ffbf46">මට එහෙම කරන්න ඕන,
ඒත් මට එහෙම කරන්න බැරි නම් මම මොනවා කරන්නද?</font>

54
00:05:13,833 --> 00:05:17,667
<font color="#ffbf46">ඔයා එක්ක ඉද්දි මට තියෙන බය නැතිවෙලා යනවා.</font>

55
00:05:18,400 --> 00:05:20,133
<font color="#ffbf46">මොකක්ද කිව්වේ?</font>

56
00:05:20,133 --> 00:05:23,000
<font color="#ffbf46">මේ ඔක්කොම ඔයාගෙ වැරැද්ද, මාව උඩ තියපු එක...</font>

57
00:05:23,000 --> 00:05:25,767
<font color="#ffbf46">හරියට පුරාවෘත්තයක එන වීරයෙක් වගේ.</font>

58
00:05:25,767 --> 00:05:27,067
<font color="#ffbf46">මේක මගේ වැරැද්දක්?</font>

59
00:05:27,067 --> 00:05:30,200
<font color="#ffbf46">ඔව්, ඔයා තමයි මාව නිර්භීත කෙනෙක් කරන්නේ.</font>

60
00:05:34,600 --> 00:05:37,633
<font color="#ffbf46">මම ආශ්‍රය කරන අය ගැන
පරෙස්සම් වෙන්න ඕන මේ නිසයි.</font>

61
00:05:40,000 --> 00:05:42,200
<font color="#ffbf46">මොකක්ද කිව්වේ?</font>

62
00:05:49,567 --> 00:05:51,800
<font color="#ffbf46">අපි යමු, අපි දෙන්නා විතරක්.</font>

63
00:05:51,800 --> 00:05:53,600
<font color="#ffbf46">එතකොට කුමාරයා?</font>

64
00:05:53,600 --> 00:05:55,367
<font color="#ffbf46">එතුමා ඇත්තටම එළිවෙනකම් මෙහේ ඉන්නද හදන්නේ?</font>

65
00:05:55,367 --> 00:05:58,233
<font color="#ffbf46">අද රෑට විතරක් එතුමා මුර කරනවා කියලා බල කරනවා.</font>

66
00:05:58,233 --> 00:06:00,467
<font color="#ffbf46">ආදරයේ බලය තමයි.</font>

67
00:06:01,100 --> 00:06:04,700
<font color="#ffbf46">මමත් කාලයක් ගෑණු ළමයෙක්ට පිස්සුවෙන් වගේ ආදරේ කළා.</font>

68
00:06:04,700 --> 00:06:06,867
<font color="#ffbf46">දැන් එයා ඔයා ළඟ නැද්ද?</font>

69
00:06:06,867 --> 00:06:09,567
<font color="#ffbf46">එයා ඉන්නේ හැමෝටම වඩා උඩින්.</font>

70
00:06:10,300 --> 00:06:13,300
<font color="#ffbf46">ඒක නම් හිතාගන්නවත් බැරි දෙයක්.</font>

71
00:06:13,300 --> 00:06:15,233
<font color="#ffbf46">ඔයා කියන්නේ මගේ පිවිතුරු හදවත ගැනද?</font>

72
00:06:15,233 --> 00:06:18,500
<font color="#ffbf46">ගොඩක් අය කියනවා මගෙ දිහා බැලුවම
එහෙම දෙයක් පේන්නේ නෑ කියලා.</font>

73
00:06:19,433 --> 00:06:21,333
<font color="#ffbf46">මට විශ්වාස නෑ ඔයාට ගෑණු ළමයෙක් හිටියා කිව්වම.</font>

74
00:06:21,333 --> 00:06:23,800
<font color="#ffbf46">ඒකද ඔයාව පුදුම කළේ?</font>

75
00:06:23,800 --> 00:06:25,533
<font color="#ffbf46">ඔයා දැන් මට නින්දා කරනවද?</font>

76
00:06:28,533 --> 00:06:31,433
<font color="#ffbf46">ඔයා ආපහු මාලිගාවට යන්න ඕන නැද්ද?</font>

77
00:06:31,433 --> 00:06:34,867
<font color="#ffbf46">ඔයා නැති නිසා එයාලා කලබල වෙලා ඇති.</font>

78
00:06:36,567 --> 00:06:38,700
<font color="#ffbf46">ඒකයි මම දේ චූව කලින්ම යැව්වේ.</font>

79
00:06:41,267 --> 00:06:42,933
<font color="#ffbf46">ඔයාට විශ්වාසද ඒක හරි යයි කියලා?</font>

80
00:06:42,933 --> 00:06:45,633
<font color="#ffbf46">කඳුකරේ රැයක් ගත කරන එක ලේසි නෑ.</font>

81
00:06:45,633 --> 00:06:47,267
<font color="#ffbf46">මොකක්ද වෙනස?</font>

82
00:06:47,267 --> 00:06:51,333
<font color="#ffbf46">එකම අහසක් යට තියෙන ජොසොන් භූමියමනේ මේ.</font>

83
00:06:51,333 --> 00:06:53,567
<font color="#ffbf46">මෙතන අපූරුයි.</font>

84
00:06:53,567 --> 00:06:55,848
<font color="#ffbf46">අඳුරුයි,</font>

85
00:06:55,848 --> 00:06:57,767
<font color="#ffbf46">ඝන අන්ධකාරයි,</font>

86
00:06:59,867 --> 00:07:01,567
<font color="#ffbf46">හරිම අඳුරුයි.</font>

87
00:07:44,633 --> 00:07:46,760
<font color="#ffbf46">දේ චූ හොඳටම පරක්කුයි වගේ.</font>

88
00:07:46,760 --> 00:07:48,500
<font color="#ffbf46">ආහ්.</font>

89
00:07:48,500 --> 00:07:50,233
<font color="#ffbf46">ඇත්තටම.</font>

90
00:07:54,767 --> 00:07:56,767
<font color="#ffbf46">එයා මෙච්චර ඉක්මනට ඇවිල්ලද?</font>

91
00:07:58,333 --> 00:07:59,500
<font color="#ffbf46">ඔයාට ඒක ඇහුණද?</font>

92
00:07:59,500 --> 00:08:02,000
<font color="#ffbf46">ඒ සද්දේ වෘකයෙක් වගේ.</font>

93
00:08:02,000 --> 00:08:05,733
<font color="#ffbf46">මොකක්, අර ඔයා දැක්කා කියපු එක්කෙනාද?</font>

94
00:08:05,733 --> 00:08:07,333
<font color="#ffbf46">මම කවද්ද වෘකයෙක් දැක්කේ?</font>

95
00:08:07,333 --> 00:08:08,433
<font color="#ffbf46">අර දවසක,</font>

96
00:08:08,433 --> 00:08:10,600
<font color="#ffbf46">ඔයා කිව්වේ නිවස ලගදි දැක්කා කියලා.</font>

97
00:08:10,600 --> 00:08:13,267
<font color="#ffbf46">මම අදහස් කළේ මම අඳුරගන්න අකමැති වෘකයෙක් ගැන.</font>

98
00:08:14,248 --> 00:08:16,267
<font color="#ffbf46">හරි ඉතින්.</font>

99
00:08:16,267 --> 00:08:17,700
<font color="#ffbf46">මම ඌව එලවන්නම්.</font>

100
00:08:17,700 --> 00:08:20,867
<font color="#ffbf46">කෑම හොයන වල් බල්ලෙක් වෙන්න ඇති.</font>

101
00:08:31,833 --> 00:08:33,367
<font color="#ffbf46">යනවා යන්න!</font>

102
00:08:33,367 --> 00:08:35,533
<font color="#ffbf46">ළඟට ආවොත් පිච්චෙයි!</font>

103
00:08:38,300 --> 00:08:41,100
<font color="#ffbf46">ආ, ඌ යනවා.</font>

104
00:08:43,133 --> 00:08:45,767
<font color="#ffbf46">දැක්කද? ඌ ගියා.</font>

105
00:08:50,767 --> 00:08:52,733
<font color="#ffbf46">අර දවසක,</font>

106
00:08:52,733 --> 00:08:57,467
<font color="#ffbf46">ඔයා කිව්වනේ වැස්ස හරියට
අකුණු වගේ කියලා, මතකද?</font>

107
00:08:59,467 --> 00:09:03,467
<font color="#ffbf46">වතුරයි මමයි කවදාවත් ඒ තරම් හිතවත් නෑ.</font>

108
00:09:04,100 --> 00:09:05,433
<font color="#ffbf46">මට හිතාගන්න පුළුවන්.</font>

109
00:09:05,433 --> 00:09:07,167
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

110
00:09:07,167 --> 00:09:09,500
<font color="#ffbf46">පොඩි කාලේ ඉඳන්ම ඒක එහෙමයි.</font>

111
00:09:09,500 --> 00:09:11,267
<font color="#ffbf46">ඇයි ඒ?</font>

112
00:09:11,267 --> 00:09:13,700
<font color="#ffbf46">මොකද මම එක පාරක් වතුරට වැටුණා.</font>

113
00:09:27,933 --> 00:09:30,067
<font color="#ffbf46">ඉතින් ඔයා කොහොමද ගොඩ ආවේ?</font>

114
00:09:30,067 --> 00:09:32,000
<font color="#ffbf46">මම ඇහැරෙනකොට මම හිටියේ තාවකාලික මාලිගාවේ.</font>

115
00:09:32,000 --> 00:09:35,633
<font color="#ffbf46">මම හිතන්නේ කවුරුහරි මාව බේරගෙන,
වතුර අයිනෙන් තියලා යන්න ඇති.</font>

116
00:09:36,800 --> 00:09:38,733
<font color="#ffbf46">ඒ නම් ජීවිතේ බේරපු කෙනෙක්.</font>

117
00:09:39,700 --> 00:09:41,900
<font color="#ffbf46">මව් රැජින හැමතැනම හෙව්වා,</font>

118
00:09:41,900 --> 00:09:44,367
<font color="#ffbf46">ඒත් එයාව හොයාගන්න බැරි වුනා.</font>

119
00:09:44,367 --> 00:09:45,967
<font color="#ffbf46">ඒක හරිම බය හිතෙන දෙයක් වෙන්න ඇති.</font>

120
00:09:45,967 --> 00:09:48,533
<font color="#ffbf46">වතුරේ තනියම...</font>

121
00:09:48,533 --> 00:09:50,667
<font color="#ffbf46">මම පොඩි නිසා මට ඒක මතක නෑ.</font>

122
00:09:53,967 --> 00:09:58,333
<font color="#ffbf46">ඒ වුනාට, කවදාහරි වතුරක් ළඟට යනවනම්
මාව එක්කගෙන යන්න.</font>

123
00:09:58,333 --> 00:09:59,533
<font color="#ffbf46">ඔයාව?</font>

124
00:09:59,533 --> 00:10:02,433
<font color="#ffbf46">මොකද මට හොඳට පීනන්න පුළුවන්.</font>

125
00:10:02,433 --> 00:10:06,867
<font color="#ffbf46">අම්මා කිව්වේ මම කුස ඇතුලේ ඉද්දිත්
හොඳට පයින් ගැහුවා කියලා.</font>

126
00:10:06,867 --> 00:10:09,633
<font color="#ffbf46">මම ඉපදුනේ වතුර ළඟ.</font>

127
00:10:13,700 --> 00:10:15,667
<font color="#ffbf46">මම ඇත්තමයි කියන්නේ.</font>

128
00:10:15,667 --> 00:10:17,333
<font color="#ffbf46">ඔයා මට හිනාවෙනවා නේද?</font>

129
00:10:17,333 --> 00:10:19,233
<font color="#ffbf46">මම නිකන් හිනා වුනේ.</font>

130
00:10:19,233 --> 00:10:21,000
<font color="#ffbf46">මම හැමදාම මෙහෙමයි.</font>

131
00:10:24,900 --> 00:10:27,833
<font color="#ffbf46">ඔයාගේ හිත ලේසියෙන් හදාගන්න බැරි නම්,</font>

132
00:10:27,833 --> 00:10:30,967
<font color="#ffbf46">කරුණාකරලා ජොසොන් වලින් පිට වෙන්න</font>

133
00:10:31,733 --> 00:10:33,633
<font color="#ffbf46">ඉයුන් ජෝ වෙනුවෙන්.</font>

134
00:10:46,467 --> 00:10:49,467
<font color="#ffbf46">ෂා.
රස පාටයි.</font>

135
00:10:49,467 --> 00:10:51,167
<font color="#ffbf46">රස පාටයි නේද?</font>

136
00:10:52,333 --> 00:10:54,133
<font color="#ffbf46">අපිට හොඳටම බඩ පිරෙයි.</font>

137
00:10:58,367 --> 00:11:00,833
<font color="#ffbf46">මට දෙන්න තියෙන්නේ ඉතින් මේ ටික තමයි.</font>

138
00:11:00,833 --> 00:11:06,100
<font color="#ffbf46">කිසිම ලෙඩක් නැතුව මෙහෙ ඉපදුණු ළමයෙක්
මේක හදපු නිසා බය නැතුව කන්න පුළුවන්.</font>

139
00:11:06,100 --> 00:11:08,600
<font color="#ffbf46">ඒක වටිනවා ඇති, මම...</font>

140
00:11:08,600 --> 00:11:12,433
<font color="#ffbf46">වෙලාවට අපිට ගිල් දොං එවපු හාල් තිබුණා.</font>

141
00:11:13,933 --> 00:11:16,367
<font color="#ffbf46">කවුද? ගිල් දොං?</font>

142
00:11:18,667 --> 00:11:20,867
<font color="#ffbf46">කන්නත් කලින් බඩේ අමාරුව හැදෙයි වගේ.</font>

143
00:11:20,867 --> 00:11:22,833
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

144
00:11:29,067 --> 00:11:31,533
<font color="#ffbf46">ගිල් දොංට ආයේ පණ ආවා වත්ද?</font>

145
00:11:31,533 --> 00:11:33,167
<font color="#ffbf46">එයා දැන් අමරණීයයි වගේ නේද?</font>

146
00:11:33,167 --> 00:11:35,233
<font color="#ffbf46">කට කතා යන්නේ නම් එහෙමයි.</font>

147
00:11:35,233 --> 00:11:37,800
<font color="#ffbf46">දැන් තමුන්ම ඇස් දෙකෙන් දැක්ක නිසා
කොහොමද හිතෙන්නේ?</font>

148
00:11:41,300 --> 00:11:43,800
<font color="#ffbf46">ඔයා මේ ඔක්කොම අහගෙනද හිටියේ?</font>

149
00:11:43,800 --> 00:11:46,300
<font color="#ffbf46">ඉතින් මම ඒක කොහොමත් දන්නවනේ.</font>

150
00:11:46,300 --> 00:11:47,633
<font color="#ffbf46">මමනේ එයාගේ ස්වාමියා.</font>

151
00:11:47,633 --> 00:11:49,233
<font color="#ffbf46">මට මේ රස්සාව නැති වුනොත්, මම නිකමෙක් වෙනවා.</font>

152
00:11:49,233 --> 00:11:52,067
<font color="#ffbf46">ඔයාගේ දෙමව්පියෝ දුකෙන් අඬයි එහෙනම්.</font>

153
00:11:52,067 --> 00:11:53,933
<font color="#ffbf46">ඔයා මේ මොනවද කියන්නේ?</font>

154
00:11:53,933 --> 00:11:56,067
<font color="#ffbf46">ඒ කියන්නේ මම කට පියාගෙන ඉන්නම්.</font>

155
00:11:56,067 --> 00:11:58,633
<font color="#ffbf46">ආ, මම නම් අපරාධකාරයෙක් වෙන්න කැමති නෑ.</font>

156
00:11:58,633 --> 00:12:00,533
<font color="#ffbf46">ඔයා ලැජ්ජා නැතුව මග අරිනවා නේද?</font>

157
00:12:00,533 --> 00:12:02,600
<font color="#ffbf46">මම නම් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා.</font>

158
00:12:03,600 --> 00:12:07,433
<font color="#ffbf46">ඔයාලා දෙන්නම අයින් වෙනවද?</font>

159
00:12:07,433 --> 00:12:09,367
<font color="#ffbf46">අක්කේ! අයියේ!</font>

160
00:12:09,367 --> 00:12:11,333
<font color="#ffbf46">ආ, ගුම් දොල්.</font>

161
00:12:13,800 --> 00:12:16,200
<font color="#ffbf46">මේක ගන්න.</font>

162
00:12:16,200 --> 00:12:17,333
<font color="#ffbf46">මොකක්ද ළමයෝ මේ?</font>

163
00:12:17,333 --> 00:12:19,267
<font color="#ffbf46">ඕක යන්ත්‍රයක්.</font>

164
00:12:19,267 --> 00:12:20,933
<font color="#ffbf46">මෙහේ ඉපදෙන ළමයි මේක දාගෙන ඉන්නේ</font>

165
00:12:20,933 --> 00:12:23,367
<font color="#ffbf46">දෙමව්පියන්ගේ ලෙඩ බෝ වෙන්නේ නැතුව
ගොඩක් කල් ජීවත් වෙන්න.</font>

166
00:12:23,367 --> 00:12:27,667
<font color="#ffbf46">ඒකේ කොටලා තියෙන්නේ 'ජීවිතය' කියන අකුර.</font>

167
00:12:27,667 --> 00:12:29,633
<font color="#ffbf46">ඒත් ගුම් දොල්, ඇයි මේක දෙන්නේ?</font>

168
00:12:29,633 --> 00:12:31,900
<font color="#ffbf46">ගන්න. මට තවත් මේක ඕන නෑ.</font>

169
00:12:31,900 --> 00:12:35,867
<font color="#ffbf46">ඇයි?
තිරිසනුන්ට ඕකෙන් වැඩක් නෑ කියලා කියනවා.</font>

170
00:12:40,067 --> 00:12:42,200
<font color="#ffbf46">කවුද එහෙම කිව්වේ?</font>

171
00:12:42,200 --> 00:12:43,833
<font color="#ffbf46">බන් කිව්වේ.</font>

172
00:12:43,833 --> 00:12:46,733
<font color="#ffbf46">එයා කිව්වා අපි තිරිසන්නු වගේ කියලා,
ඒ වගේම කවුරුවත්</font>

173
00:12:46,733 --> 00:12:49,800
<font color="#ffbf46">අපි මැරුණට ගණන් ගන්නේ නෑ කියලා.</font>

174
00:12:49,800 --> 00:12:53,467
<font color="#ffbf46">ඒ නිසා ඔයාලා දෙන්නා මේක ගන්න.</font>

175
00:13:00,040 --> 00:13:01,384
<font color="#ffbf46">ජීවිතය</font>

176
00:13:03,067 --> 00:13:05,433
<font color="#ffbf46">ඒක ඇත්ත වෙන්න බෑනේ.</font>

177
00:13:05,433 --> 00:13:06,533
<font color="#ffbf46">පොඩි එකෝ,</font>

178
00:13:06,533 --> 00:13:10,100
<font color="#ffbf46">මේක නැතුව වුනත් ඔයාට හොඳට ඉන්න පුළුවන්.</font>

179
00:13:10,100 --> 00:13:12,200
<font color="#ffbf46">ඒක ඇත්තද?</font>

180
00:13:16,520 --> 00:13:18,800
<font color="#ffbf46">ජීවිතය</font>

181
00:13:18,800 --> 00:13:21,200
<font color="#ffbf46">ඔව්, අනිවාර්යෙන්ම.</font>

182
00:13:28,733 --> 00:13:30,568
<font color="#ffbf46">ඊයේ රෑ සිද්ධ වුන අපරාධය ගැන
රජතුමා දැනගන්න ඕන.</font>

183
00:13:30,568 --> 00:13:34,733
<font color="#ffbf46">තාවකාලික මාලිගාවට දැනුම් දෙන්න
අශ්වාරෝහකයෙක් යැව්වා.</font>

184
00:13:34,733 --> 00:13:36,100
<font color="#ffbf46">කැමති දෙයක් කරනවා.</font>

185
00:13:36,100 --> 00:13:39,000
<font color="#ffbf46">ප්‍රතිවිපාක බාරගන්න පුළුවන් නම්.</font>

186
00:13:46,100 --> 00:13:48,133
<font color="#ffbf46">දෝ වොල් මහ කුමාරයා?</font>

187
00:13:52,067 --> 00:13:55,336
<font color="#ffbf46">ඇයි මාලිගාවෙන් මෙච්චර දුර ආවේ?</font>

188
00:13:55,336 --> 00:13:57,224
<font color="#ffbf46">අපොයි.</font>

189
00:13:59,067 --> 00:14:00,433
<font color="#ffbf46">මොකක්?</font>

190
00:14:00,433 --> 00:14:03,033
<font color="#ffbf46">කවුද මේ උගුල මෙතන ඇටෙව්වේ?</font>

191
00:14:03,033 --> 00:14:04,433
<font color="#ffbf46">වෙන කවුද?</font>

192
00:14:04,433 --> 00:14:06,200
<font color="#ffbf46">මම තමයි, මමනේ තමුන්ට එන්න කිව්වේ.</font>

193
00:14:12,533 --> 00:14:14,233
<font color="#ffbf46">කුමාරයාණෙනි, කොහොමද ඔයාට පුළුවන්</font>

194
00:14:14,233 --> 00:14:16,433
<font color="#ffbf46">වංශවතෙක්ට මේ විදිහට සලකන්න?</font>

195
00:14:16,433 --> 00:14:18,833
<font color="#ffbf46">මම සලකන්නේ තිරිසන්නුන්ට තිරිසන්නු විදිහට.</font>

196
00:14:18,833 --> 00:14:20,567
<font color="#ffbf46">මොකක්ද කිව්වේ?</font>

197
00:14:21,233 --> 00:14:22,967
<font color="#ffbf46">මොං සිල්.</font>

198
00:14:26,152 --> 00:14:28,520
<font color="#ffbf46">අපොයි, මේ බල්ලා!</font>

199
00:14:29,333 --> 00:14:30,500
<font color="#ffbf46">හපා කාපන්.</font>

200
00:14:30,500 --> 00:14:32,967
<font color="#ffbf46">මොකද මේ කරන්නේ?</font>

201
00:14:33,900 --> 00:14:35,733
<font color="#ffbf46">හොඳයි.</font>

202
00:14:37,500 --> 00:14:40,700
<font color="#ffbf46">කුමාරයාණෙනි, මට අනුකම්පා කරන්න!</font>

203
00:14:42,467 --> 00:14:47,100
<font color="#ffbf46">ගුජිල්මාක් වල ලෙඩ්ඩුත් කෑගැහුවේ ඔය විදිහටමයි.</font>

204
00:14:47,100 --> 00:14:48,456
<font color="#ffbf46">කොහොමද...</font>

205
00:14:49,352 --> 00:14:51,033
<font color="#ffbf46">කොහොමද ඔයාට පුළුවන් වුනේ...</font>

206
00:14:54,333 --> 00:14:58,833
<font color="#ffbf46">ගුජිල්මාක් ගිනි තියන්න හැදුවා කියලා
ඉම් ස්යුං ජේ කරපු පාපොච්චාරණය මෙන්න.</font>

207
00:15:00,133 --> 00:15:02,367
<font color="#ffbf46">එයා සිහසුන පිටිපස්සේ ඉන්න බලවතා වෙන
ප්‍රධාන ලේකම්ගේ වැඩිමහල් පුතා.</font>

208
00:15:02,367 --> 00:15:05,500
<font color="#ffbf46">මේකට විතරක් මට එයාව අයින් කරන එක අමාරු වැඩක්.</font>

209
00:15:05,500 --> 00:15:08,033
<font color="#ffbf46">එයා කිව්වේ ඒක ලේසියි කියලා.</font>

210
00:15:08,033 --> 00:15:12,967
<font color="#ffbf46">ගුජිල්මාක් ගිනි තියන්න හදද්දී
මහ කුමාරයා එතන හිටියා.</font>

211
00:15:12,967 --> 00:15:14,500
<font color="#ffbf46">දෝ වොල් කුමාරයා එතන හිටියා?</font>

212
00:15:14,500 --> 00:15:19,200
<font color="#ffbf46">මේක මහ කුමාරයා මැරෙන්න උනත් පුළුවන් වෙච්ච
බරපතල සිද්ධියක්.</font>

213
00:15:20,300 --> 00:15:22,267
<font color="#ffbf46">පණිවිඩය යවන්න, රජ පවුලට අගෞරව කරපු වරදට</font>

214
00:15:22,267 --> 00:15:24,616
<font color="#ffbf46">දරුණු විදිහට දඬුවම් ලැබෙයි කියලා.</font>

215
00:15:30,900 --> 00:15:33,933
<font color="#ffbf46">වෙදැදුරු හොංව තමුන් මරන්න හැදුවා කියලා
තමුන් දන්නවද?</font>

216
00:15:43,176 --> 00:15:45,096
<font color="#ffbf46">ඌහ්!</font>

217
00:16:12,867 --> 00:16:15,867
<font color="#ffbf46">මට මගේම ගෙදර එළිපත්තෙන් ඇතුලට එන්න බැරිද?</font>

218
00:16:22,667 --> 00:16:24,567
<font color="#ffbf46">තමුන් හිතන්නේ තමුන් මහා කෙරුමෙක් කියලද?</font>

219
00:16:24,567 --> 00:16:28,000
<font color="#ffbf46">තමුන් හදන්නේ ජොසොන් වල ඉන්න හැම ලෙඩෙක්ම සනීප කරන්නද?</font>

220
00:16:28,933 --> 00:16:32,667
<font color="#ffbf46">මම ඒ ඊතලෙන් මැරුණේ නෑ.</font>

221
00:16:35,133 --> 00:16:37,433
<font color="#ffbf46">ඊයේ රෑ,</font>

222
00:16:37,433 --> 00:16:39,333
<font color="#ffbf46">තමුන් දන්නවාද තමුන් මේ මොනවද උදුරගත්තේ කියලා</font>

223
00:16:39,333 --> 00:16:42,567
<font color="#ffbf46">ගුජිල්මාක් වල ඉපදුනු පොඩි දරුවෙක්ගෙන්,</font>

224
00:16:42,567 --> 00:16:44,367
<font color="#ffbf46">ඒක තමයි මුළු ලෝකයම කියලා හිතාගෙන,</font>

225
00:16:44,367 --> 00:16:48,133
<font color="#ffbf46">එයාගේ එකම පැතුම අසනීපෙන් ඉන්න අම්මා එක්ක</font>

226
00:16:48,133 --> 00:16:51,400
<font color="#ffbf46">වැඩි කාලයක් ජීවත් වෙන එක විතරයි නම්?</font>

227
00:16:54,600 --> 00:16:57,600
<font color="#ffbf46">කොහොමද මිනිස්සුන්ට තිරිසන්නු වගේ සලකන්නේ?</font>

228
00:17:00,133 --> 00:17:01,833
<font color="#ffbf46">මොකද,</font>

229
00:17:04,400 --> 00:17:06,333
<font color="#ffbf46">එයාලා පහත් ජාතියේ නිසා.</font>

230
00:17:11,033 --> 00:17:13,600
<font color="#ffbf46">ලෝකේ මිනිස්සු කියන්නේ එහෙමයි,</font>

231
00:17:15,267 --> 00:17:17,733
<font color="#ffbf46">ඒත් මම කවදාවත් එහෙම හිතුවේ නෑ.</font>

232
00:17:18,833 --> 00:17:21,133
<font color="#ffbf46">මට හැමෝම වටිනවා.</font>

233
00:17:40,488 --> 00:17:42,536
<font color="#ff3600"><b>ජීවිතය</b></font>

234
00:18:30,267 --> 00:18:32,933
<font color="#ffbf46">ඔයා මෙහේ.</font>

235
00:18:32,933 --> 00:18:35,867
<font color="#ffbf46">දෝ වොල් කුමාරයා, කොහොමද මාව අයින් කරන්නේ?</font>

236
00:18:35,867 --> 00:18:38,300
<font color="#ffbf46">තාත්තා ආවහම...</font>

237
00:18:40,100 --> 00:18:41,267
<font color="#ffbf46">පුංචි මහත්තයා.</font>

238
00:18:41,267 --> 00:18:42,967
<font color="#ffbf46">හුක් ගොම්!</font>

239
00:18:58,000 --> 00:19:01,000
<font color="#ffbf46">මූ මේ මොනවා කියවනවද?</font>

240
00:19:01,000 --> 00:19:04,133
<font color="#ffbf46">තමුන් හිතුවද මම තමුන් කියන දේ කරයි කියලා?</font>

241
00:19:06,833 --> 00:19:09,567
<font color="#ffbf46">නෑ, තමුන්ට ඒක කරන්නම වෙනවා.</font>

242
00:19:33,133 --> 00:19:36,400
<font color="#ffbf46">කොහොමද හැම තිස්සෙම එයාව මග හැරෙන්නේ?</font>

243
00:19:36,400 --> 00:19:38,733
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

244
00:19:38,733 --> 00:19:41,933
<font color="#ffbf46">එයා කිව්වා හෙට මගේ බෙල්ලටම
ඊතලයක් එවනවා කියලා.</font>

245
00:19:41,933 --> 00:19:43,624
<font color="#ffbf46">තමුන් ළඟ</font>

246
00:19:43,624 --> 00:19:45,433
<font color="#ffbf46">මොකක් හරි සැලැස්මක් තියෙනවද?</font>

247
00:19:55,500 --> 00:19:57,267
<font color="#ffbf46">මේකද තමුන්ගේ සැලැස්ම?</font>

248
00:19:58,500 --> 00:20:00,300
<font color="#ffbf46">මමත් මේකට කැමති නෑ.</font>

249
00:20:00,300 --> 00:20:02,933
<font color="#ffbf46">එයාව අල්ලගන්නකම් තියෙන එකම ක්‍රමේ මේකයි.</font>

250
00:20:02,933 --> 00:20:06,667
<font color="#ffbf46">පුංචි මහත්තයා,
දිවා ආහාරය ලෑස්ති කළා .</font>

251
00:20:07,400 --> 00:20:09,100
<font color="#ffbf46">ඇතුලට ගේනවා.</font>

252
00:20:13,933 --> 00:20:15,733
<font color="#ffbf46">අයියේ.</font>

253
00:20:15,733 --> 00:20:17,433
<font color="#ffbf46">අයියේ.</font>

254
00:20:24,267 --> 00:20:26,733
<font color="#ffbf46">කොහොමද එහෙම...</font>

255
00:20:31,167 --> 00:20:34,833
<font color="#ffbf46">'හෙට මේක පුළුන් කෑල්ලක් වෙන එකක් නෑ.
මේක තමුන්ගේ බෙල්ලටම වදින යකඩ ඊතලයක් වේවි.'</font>

256
00:20:37,300 --> 00:20:39,100
<font color="#ffbf46">ඇයි ලියුමේ තියෙන විදිහටම නොකරන්නේ?</font>

257
00:20:39,100 --> 00:20:42,333
<font color="#ffbf46">මම කැමති ගෞරවයක් ඇතිව මැරෙන්න.</font>

258
00:20:42,333 --> 00:20:45,500
<font color="#ffbf46">අර වැඩකට නැති පහත් ජාතිකයෝ!</font>

259
00:20:54,467 --> 00:20:56,456
<font color="#ffbf46">මම මහා ලොකු පවක්</font>

260
00:20:56,456 --> 00:20:59,167
<font color="#ffbf46">ඔයාලා හැමෝටම සිද්ධ කළේ.</font>

261
00:20:59,867 --> 00:21:01,600
<font color="#ffbf46">ඇත්තටම,</font>

262
00:21:02,567 --> 00:21:05,067
<font color="#ffbf46">ඒක මනුස්සයෙක් කවදාවත් නොකරන්න ඕන දෙයක්.</font>

263
00:21:06,367 --> 00:21:09,833
<font color="#ffbf46">තිරිසනා ඔයාලා නෙවෙයි,</font>

264
00:21:09,833 --> 00:21:11,567
<font color="#ffbf46">ඒ මමයි.</font>

265
00:21:12,467 --> 00:21:14,167
<font color="#ffbf46">මමයි,</font>

266
00:21:14,867 --> 00:21:16,867
<font color="#ffbf46">ඉම් සුං ජේ...</font>

267
00:21:20,456 --> 00:21:22,696
<font color="#ffbf46">දැන් මොකද කරන්නේ?</font>

268
00:21:24,867 --> 00:21:26,900
<font color="#ffbf46">ඇයි හැමෝම අඬන්නේ?</font>

269
00:21:26,900 --> 00:21:28,967
<font color="#ffbf46">අඬන්න එපා.</font>

270
00:21:44,500 --> 00:21:48,667
<font color="#ffbf46">මගේ ජීවිතේටම, වංශවතුන්
සමාව ගන්නවා මම දැකලා නෑ.</font>

271
00:21:48,667 --> 00:21:51,600
<font color="#ffbf46">එහෙම දෙයක් වුණාද? ඒක හරි පුදුමයිනේ.</font>

272
00:21:51,600 --> 00:21:53,067
<font color="#ffbf46">ඒකනේ කියන්නේ.</font>

273
00:21:53,067 --> 00:21:54,933
<font color="#ffbf46">දෙපාරක්ම වුණානේ.</font>

274
00:21:57,667 --> 00:21:59,500
<font color="#ffbf46">දෙපාරක්?</font>

275
00:21:59,500 --> 00:22:04,233
<font color="#ffbf46">රාජකීය විමර්ශන කාර්යාංශයේ ඉන්න
එයාගේ මල්ලි ආයෙත් ආවා.</font>

276
00:22:07,624 --> 00:22:09,256
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

277
00:22:09,256 --> 00:22:12,433
<font color="#ffbf46">එයාගේ නම ඉම් ජේ යි නේද?</font>

278
00:22:12,433 --> 00:22:14,167
<font color="#ffbf46">හරි.</font>

279
00:22:14,167 --> 00:22:17,700
<font color="#ffbf46">එයා කිව්වා එයාට සමාව ඉල්ලන්න අයිතියක් නෑ කියලා.</font>

280
00:22:17,700 --> 00:22:20,233
<font color="#ffbf46">ගැහුවත් විද්දත්,</font>

281
00:22:20,233 --> 00:22:23,000
<font color="#ffbf46">එයා කිව්වා දහ ගුණයක් පළිගන්න කියලා.</font>

282
00:22:23,667 --> 00:22:25,700
<font color="#ffbf46">එයාගේ වචන සැරයි,</font>

283
00:22:25,700 --> 00:22:29,900
<font color="#ffbf46">ඒත් කොහොම හරි, ඒක පසුතැවීමෙන්
පිරුණු සමාවක් වගේ දැනුණේ.</font>

284
00:23:06,100 --> 00:23:08,633
<font color="#ffbf46">ඔයත් කියන්නේ මට පළිගන්න කියලද?</font>

285
00:23:15,700 --> 00:23:17,500
<font color="#ffbf46">ඇයි තාම මට ඇන්නේ නැත්තේ?</font>

286
00:23:17,500 --> 00:23:20,267
<font color="#ffbf46">ඔයාට ඇති වෙන්න තුවාල වෙලා වගේ.</font>

287
00:23:20,267 --> 00:23:23,200
<font color="#ffbf46">මට තවත් තුවාලයක් කරන්න ඕන නෑ.</font>

288
00:23:27,433 --> 00:23:30,267
<font color="#ffbf46">බෙහෙත් දාන්න ඔය රෙදි කෑල්ල අයින් කරන්න.</font>

289
00:23:32,733 --> 00:23:35,133
<font color="#ffbf46">මම ඔයාව මරන්නයි හැදුවේ.</font>

290
00:23:39,500 --> 00:23:43,567
<font color="#ffbf46">මට ඕන ඔයාව කෑලි කෑලි වලට කපන්න,</font>

291
00:23:43,567 --> 00:23:47,000
<font color="#ffbf46">ඒත් මම සමාව පිළිගන්නම්.</font>

292
00:23:47,900 --> 00:23:50,067
<font color="#ffbf46">අනික මම රාජකීය වෛද්‍යවරියක්.</font>

293
00:23:50,067 --> 00:23:54,633
<font color="#ffbf46">මේක මිනිස්සුන්ව මරන තැනක් නෙවෙයි,
ජීවත් කරවන තැනක්.</font>

294
00:23:57,267 --> 00:24:00,200
<font color="#ffbf46">අනික මම රජ මාළිගාවේ වෛද්‍යවරයෙක්.</font>

295
00:24:02,567 --> 00:24:05,867
<font color="#ffbf46">අණ දුන්න ඔයාගේ අයියට මම දඬුවම් කරනවා, ඒ වගේම ඔයාට...</font>

296
00:24:05,867 --> 00:24:07,933
<font color="#ffbf46">ඒක දැනටමත් කරලා ඉවරයි.</font>

297
00:24:11,133 --> 00:24:13,233
<font color="#ffbf46">මේ දඬුවම නේද?</font>

298
00:24:15,700 --> 00:24:17,300
<font color="#ffbf46">දඬුවම?</font>

299
00:24:17,300 --> 00:24:21,000
<font color="#ffbf46">ඔයාව මරන්න හදපු මනුස්සයා ගැනත් ඔයා වද වෙනවා.</font>

300
00:24:21,800 --> 00:24:24,367
<font color="#ffbf46">ඔයා මගේ ළඟින්ම ඉඳන්, මට උණුසුම දෙනවා,</font>

301
00:24:24,367 --> 00:24:27,033
<font color="#ffbf46">ඔයා දිගටම මට බලාපොරොත්තු දෙනවා.</font>

302
00:24:28,933 --> 00:24:30,800
<font color="#ffbf46">අන්න ඒකයි දඬුවම.</font>

303
00:24:39,633 --> 00:24:41,500
<font color="#ffbf46">ඔයා යනවද?</font>

304
00:24:43,133 --> 00:24:45,500
<font color="#ffbf46">ඔයා දැන් මොකක්ද ඒ කිව්වේ?</font>

305
00:24:50,400 --> 00:24:53,767
<font color="#ffbf46">උතුමාණන් හැමදේම දන්නවා,
එයා කිව්වා ඒක එයාගේ දඬුවම කියලා.</font>

306
00:24:54,567 --> 00:24:56,967
<font color="#ffbf46">මට තේරෙන විදිහට කියන්නකෝ.</font>

307
00:24:58,333 --> 00:25:00,300
<font color="#ffbf46">මෙහාට දෙන්න ඔය අත.</font>

308
00:25:00,300 --> 00:25:02,467
<font color="#ffbf46">මොකද මේ කරන්නේ?</font>

309
00:25:02,467 --> 00:25:06,000
<font color="#ffbf46">මොකද බලන් ඉන්නේ? මම කිව්වනේ රිදෙනවා කියලා!</font>

310
00:25:06,000 --> 00:25:07,100
<font color="#ffbf46">ඔයා ඕක ඕනකමින් නේද කරන්නේ?</font>

311
00:25:07,100 --> 00:25:08,200
<font color="#ffbf46">ඔව්.</font>

312
00:25:08,200 --> 00:25:11,333
<font color="#ffbf46">ඇයි?
මට ඕන නිසා.</font>

313
00:25:11,333 --> 00:25:13,100
<font color="#ffbf46">එයාගේ අත අතාරින්න.</font>

314
00:25:15,833 --> 00:25:17,167
<font color="#ffbf46">මට කුතුහලයක් තියෙනවා</font>

315
00:25:17,167 --> 00:25:19,567
<font color="#ffbf46">උසස්ම කුමාරයෙක් එයාගේ ගරුත්වය නැති කරගෙන</font>

316
00:25:19,567 --> 00:25:22,267
<font color="#ffbf46">පිස්සු වැටුණම කොහොමද කියලා බලන්න.</font>

317
00:25:22,267 --> 00:25:24,033
<font color="#ffbf46">ඔයාට ඕන දේ ඔයාට බලාගන්න හම්බවෙන්නේ නෑ.</font>

318
00:25:24,033 --> 00:25:26,333
<font color="#ffbf46">මාත් එහෙමයි.</font>

319
00:25:26,333 --> 00:25:28,100
<font color="#ffbf46">එයාට තුවාල වෙලා ඉන්නේ.</font>

320
00:25:29,167 --> 00:25:30,900
<font color="#ffbf46">එයා අසනීපෙන්.</font>

321
00:25:37,267 --> 00:25:39,300
<font color="#ffbf46">මොකද මේ කරන්නේ?</font>

322
00:25:39,300 --> 00:25:41,000
<font color="#ffbf46">ඔයා මටයි ගහන්න ඕන.</font>

323
00:25:41,000 --> 00:25:44,100
<font color="#ffbf46">යුද්ධෙදිවත්, තුවාල වුණු අයට පහර දෙන්නේ නෑ.</font>

324
00:25:47,100 --> 00:25:49,533
<font color="#ffbf46">එයා කිව්වා එයා ආවේ සමාව ගන්න කියලා.</font>

325
00:25:49,533 --> 00:25:51,933
<font color="#ffbf46">ඔයාගේ වැඩ ඉවර නම්, යන්න.</font>

326
00:25:51,933 --> 00:25:54,467
<font color="#ffbf46">පුළුවන් නම්, පෞද්ගලික වෛද්‍යවරුන්ව පාවිච්චි කරන්න.</font>

327
00:25:57,600 --> 00:26:00,767
<font color="#ffbf46">මේකෙන් මාව නිකන් පොඩි මිනිහෙක් ගානට වැටෙනවා.</font>

328
00:26:00,767 --> 00:26:02,467
<font color="#ffbf46">මොකක්?</font>

329
00:26:17,467 --> 00:26:19,667
<font color="#ffbf46">මොකක්ද ඔයා ඒ කිව්වේ?</font>

330
00:26:19,667 --> 00:26:22,600
<font color="#ffbf46">මට ආරක්ෂක කාර්යාංශයේදී
හරි අපූරු කතාවක් අහන්න ලැබුණා.</font>

331
00:26:22,600 --> 00:26:27,433
<font color="#ffbf46">මම හිතන්නේ ගිල් දොං පාවිච්චි කළේ
පුළුන් ඔතපු ඊතල කියලා වාර්තා වල තිබුණා.</font>

332
00:26:27,433 --> 00:26:28,633
<font color="#ffbf46">මේකද ඒ?</font>

333
00:26:28,633 --> 00:26:31,833
<font color="#ffbf46">මේක මම දැකපු ගිල් දොංගේ ඊතල වගේමයි, ඒත්,</font>

334
00:26:31,833 --> 00:26:34,033
<font color="#ffbf46">ගිල් දොං මැරිලානේ.</font>

335
00:26:34,033 --> 00:26:36,133
<font color="#ffbf46">ඔයාට මේක කොහෙන්ද හම්බවුණේ?</font>

336
00:26:36,133 --> 00:26:37,333
<font color="#ffbf46">මම ඇහින්දා.</font>

337
00:26:37,333 --> 00:26:39,633
<font color="#ffbf46">මගේම කාමරේ තිබිලා.</font>

338
00:26:42,100 --> 00:26:44,600
<font color="#ffbf46">ඔයා දැනටමත් දන්නවා ඇතිනේ,</font>

339
00:26:44,600 --> 00:26:49,133
<font color="#ffbf46">ගිල් දොං ගුජිල්මාක් වලට
හාල් ගෙනාවා කියලා කතාවක් යනවා.</font>

340
00:26:49,133 --> 00:26:50,967
<font color="#ffbf46">කෙලින්ම කාරණාවට එන්න.</font>

341
00:26:53,700 --> 00:26:55,367
<font color="#ffbf46">මගේ නිගමනය මේකයි.</font>

342
00:26:55,367 --> 00:26:59,433
<font color="#ffbf46">ගිල් දොං ජීවත් වෙනවා.</font>

343
00:26:59,433 --> 00:27:02,267
<font color="#ffbf46">ඔහු මේ වෙද්දිත් උතුමාණන් ළඟම ඇති.</font>

344
00:27:08,633 --> 00:27:11,967
<font color="#ffbf46">අපි ගිල් දොං ගැන පරීක්ෂණ නවත්තලයි තියෙන්නේ.</font>

345
00:27:11,967 --> 00:27:14,200
<font color="#ffbf46">ප්‍රධාන ලේකම්තුමා එක්ක ඒ සාකච්ඡාව ඉවර වුණා.</font>

346
00:27:16,233 --> 00:27:17,933
<font color="#ffbf46">මම හිතුවා හරි,</font>

347
00:27:17,933 --> 00:27:20,267
<font color="#ffbf46">එයාව ආරක්ෂා කරන්න උතුමාණන් මේ තරම් දුර යන්නේ,</font>

348
00:27:20,267 --> 00:27:24,533
<font color="#ffbf46">එයා උතුමාණන්ට ගොඩක් වටිනා කෙනෙක් වෙන්න ඕන.</font>

349
00:27:24,533 --> 00:27:26,333
<font color="#ffbf46">ඒකෙන් එයාව ලබාගන්න ආස හිතෙනවා.</font>

350
00:27:26,333 --> 00:27:29,100
<font color="#ffbf46">මෝඩ වැඩ කරන්න එපා, ඉම් ජේ යි.</font>

351
00:27:29,100 --> 00:27:30,233
<font color="#ffbf46">ඇති දැන්.</font>

352
00:27:30,233 --> 00:27:32,600
<font color="#ffbf46">මම, ඉම් ජේ යි,</font>

353
00:27:32,600 --> 00:27:33,992
<font color="#ffbf46">රාජකීය විමර්ශන කාර්යාංශයේ පාලකවරයා,</font>

354
00:27:33,992 --> 00:27:36,400
<font color="#ffbf46">උතුමාණන්ට වාර්තා කළා.</font>

355
00:27:36,400 --> 00:27:39,000
<font color="#ffbf46">මම ගිල් දොංගේ නඩුව ගැන හොයාගත්ත දේවල් එක්ක ආපහු එන්නම්.</font>

356
00:27:48,933 --> 00:27:50,700
<font color="#ffbf46">මොකද වුණේ?</font>

357
00:27:53,467 --> 00:27:56,733
<font color="#ffbf46">මට ඊතල වලින් කාටවත් තර්ජනය කරන්න ඕන වුණේ නෑ,</font>

358
00:27:56,733 --> 00:27:59,033
<font color="#ffbf46">ඒත් මට ඒක නිකන්ම අතාරින්න හිතුණේ නෑ.</font>

359
00:27:59,033 --> 00:28:00,900
<font color="#ffbf46">හොරකම් කළේ එයාලා නිසා.</font>

360
00:28:00,900 --> 00:28:02,733
<font color="#ffbf46">මොනවද හොරකම් කළේ?</font>

361
00:28:04,800 --> 00:28:06,767
<font color="#ffbf46">මනුස්සකම.</font>

362
00:28:08,400 --> 00:28:11,200
<font color="#ffbf46">මට එයාලට ඒකත් ගන්න දෙන්න බැරි වුණා.</font>

363
00:28:13,300 --> 00:28:15,767
<font color="#ffbf46">ගුජිල්මාක් වල එක කෙනෙක්ට හරි</font>

364
00:28:15,767 --> 00:28:19,067
<font color="#ffbf46">ජීවිතේ නැති වුණා නම්,</font>

365
00:28:19,067 --> 00:28:21,267
<font color="#ffbf46">මීට වඩා දෙයක් මම කරයි.</font>

366
00:28:23,000 --> 00:28:25,167
<font color="#ffbf46">ඔයා ඒක හොඳට ආපහු දුන්නා.</font>

367
00:28:27,800 --> 00:28:30,400
<font color="#ffbf46">ඒ වුණාට ඊළඟ පාර මට ඉඩ දෙන්න.</font>

368
00:28:30,400 --> 00:28:32,933
<font color="#ffbf46">තනියම තර්ජනය කරන්න යන්න එපා.</font>

369
00:28:38,133 --> 00:28:42,767
<font color="#ffbf46">ඒක තර්ජනයක්ම නෙවෙයි...</font>

370
00:28:42,767 --> 00:28:44,633
<font color="#ffbf46">යෝජනාවක් වගේ දෙයක්.</font>

371
00:28:45,500 --> 00:28:47,767
<font color="#ffbf46">ඉතින් එයා නිකන්ම ඔයා කියන දේ අහන්න ඕනද?</font>

372
00:28:47,767 --> 00:28:51,100
<font color="#ffbf46">ඇත්තටම, ඒක සෑහෙන්න ආචාරශීලී එකක්.</font>

373
00:28:51,100 --> 00:28:52,633
<font color="#ffbf46">කොහොම වුණත්...</font>

374
00:28:52,633 --> 00:28:54,100
<font color="#ffbf46">මුකුත් ගැන වද වෙන්න එපා.</font>

375
00:28:54,100 --> 00:28:58,633
<font color="#ffbf46">ප්‍රධාන ලේකම්තුමාගේ දෙවැනි පුතාට
ආයේ සාක්ෂි හම්බවෙන්නේ නෑ.</font>

376
00:28:58,633 --> 00:28:59,967
<font color="#ffbf46">අනික ජොසොන් වල...</font>

377
00:28:59,967 --> 00:29:01,000
<font color="#ffbf46">මම දන්නවා.</font>

378
00:29:01,000 --> 00:29:05,300
<font color="#ffbf46">ගෑනු කෙනෙක් හොරෙක් වෙයි කියලා කවුරුත් හිතන්නේ නෑ.</font>

379
00:29:08,800 --> 00:29:10,867
<font color="#ffbf46">එක්කෙනෙක් ඇරෙන්න.</font>

380
00:29:10,867 --> 00:29:13,433
<font color="#ffbf46">ජොසොන් වල ඒක දන්න එකම කෙනා ඔයා.</font>

381
00:29:15,733 --> 00:29:17,433
<font color="#ffbf46">හරි.</font>

382
00:29:20,000 --> 00:29:22,933
<font color="#ffbf46">මම ජොසොන් වලින් අතුරුදහන් වුණා නම්,</font>

383
00:29:22,933 --> 00:29:25,133
<font color="#ffbf46">කවුරුත් ආයේ කවදාවත් දැනගන්න එකක් නෑ.</font>

384
00:29:28,933 --> 00:29:30,767
<font color="#ffbf46">මම දැන් ආරක්ෂක කාර්යාංශයට යනවා.</font>

385
00:29:30,767 --> 00:29:33,533
<font color="#ffbf46">මම මගේ අශ්වයා එහේ දාලා ආවා.</font>

386
00:29:43,233 --> 00:29:44,933
<font color="#ffbf46">උතුමාණෙනි.</font>

387
00:29:46,500 --> 00:29:49,133
<font color="#ffbf46">මේ තියෙන්නේ ගිල් දොං ගැන ලියකියවිලි.</font>

388
00:29:49,133 --> 00:29:52,300
<font color="#ffbf46">ගිල් දොං ගැන හැමදේම රහසක් විදිහට තියාගන්න.</font>

389
00:29:52,300 --> 00:29:54,600
<font color="#ffbf46">ඉම් ජේ යි ඇරෙන්න වෙන කවුරුහරි</font>

390
00:29:54,600 --> 00:29:59,100
<font color="#ffbf46">ගිල් දොංව හොයන්න හැදුවොත්,
ඔයා එයාලව පාලනය කරන්න ඕන.</font>

391
00:29:59,100 --> 00:30:01,300
<font color="#ffbf46">එතකොට උතුමාණෙනි?</font>

392
00:30:01,300 --> 00:30:04,000
<font color="#ffbf46">ඔබතුමා කොහේ හරි යනවද?</font>

393
00:30:04,000 --> 00:30:06,133
<font color="#ffbf46">මම හොඳටම කරන්න දන්න දේ කරන්න.</font>

394
00:30:07,400 --> 00:30:09,133
<font color="#ffbf46">පැනලා යන එක.</font>

395
00:30:13,300 --> 00:30:15,000
<font color="#ffbf46">හොං යුන් ජෝ.</font>

396
00:30:20,667 --> 00:30:24,867
<font color="#ffbf46">එයා දැනගත්ත එක විනාශයක් කියලා හිතුණට,</font>

397
00:30:24,867 --> 00:30:28,300
<font color="#ffbf46">ඊළඟ මොහොතේ, එයා දැනගත්ත එක ගැන මට සතුටුයි.</font>

398
00:30:29,767 --> 00:30:32,400
<font color="#ffbf46">මිනිස් හිත ඇත්තටම...</font>

399
00:30:38,367 --> 00:30:40,700
<font color="#ffbf46">ඔයා මාව දිගටම නිර්භීත කරනවා.</font>

400
00:30:44,333 --> 00:30:46,233
<font color="#ffbf46">මම හිනා වෙනවා.</font>

401
00:30:46,233 --> 00:30:48,000
<font color="#ffbf46">මම හැමදාම හිටියේ මේ වගේ.</font>

402
00:30:56,200 --> 00:30:57,800
<font color="#ffbf46">හරි.</font>

403
00:30:57,800 --> 00:30:59,560
<font color="#ffbf46">මේක</font>

404
00:30:59,560 --> 00:31:01,167
<font color="#ffbf46">මගේ යෝජනාව.</font>

405
00:31:03,267 --> 00:31:06,033
<font color="#ffbf46">මම කලබල වෙලා හිටපු නිසා අමතක වුණා.</font>

406
00:31:07,567 --> 00:31:09,933
<font color="#ffbf46">ඒක කොහේදීද නැති වුණේ?</font>

407
00:31:11,033 --> 00:31:13,400
<font color="#ffbf46">මට ආරංචි වුණා ඉම් සුං ජේ ව අයින් කළා කියලා.</font>

408
00:31:13,400 --> 00:31:18,100
<font color="#ffbf46">ප්‍රධාන ලේකම්තුමා තාවකාලික මාළිගාවේ
ඉඳන් ආවම, එයාට හොඳටම කේන්ති යයි.</font>

409
00:31:18,100 --> 00:31:22,400
<font color="#ffbf46">දෝ වොල් කුමාරයා තමයි මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ.</font>

410
00:31:22,400 --> 00:31:27,333
<font color="#ffbf46">එයා රාජකීය සහායකයෙක් ලවා
ඉම් සුං ජේගේ සාක්ෂිය මට එවලා තිබුණා.</font>

411
00:31:30,700 --> 00:31:32,633
<font color="#ffbf46">ඒ එයාද?</font>

412
00:31:49,833 --> 00:31:54,167
<font color="#ffbf46">ඔයා අර කිව්ව ගිල් දොංගේ කටකතා
ගැන ලියකියවිලි ටික මේ තියෙන්නේ.</font>

413
00:31:54,900 --> 00:31:58,433
<font color="#ffbf46">දෝ වොල් කුමාරයයි ගුජිල්මාක් එකයි
අතර තියෙන සම්බන්ධය හොයලා බලන්න.</font>

414
00:31:58,433 --> 00:32:00,167
<font color="#ffbf46">හරි.</font>

415
00:32:03,100 --> 00:32:06,367
<font color="#ffbf46">ඔයාට ඕන මගේ ලේලිය කුමාරයා එක්ක
විවාහ ගිවිස ගන්නවද?</font>

416
00:32:06,367 --> 00:32:09,704
<font color="#ffbf46">ඔයා බෑ කිව්වොත්,
මම ටිකක් විතරයි කණගාටු වෙන්නේ,</font>

417
00:32:09,704 --> 00:32:12,200
<font color="#ffbf46">රැජින ගැන හිතලා.</font>

418
00:32:12,833 --> 00:32:14,533
<font color="#ffbf46">මම කොහොමද එහෙම කරන්නේ?</font>

419
00:32:14,533 --> 00:32:17,000
<font color="#ffbf46">මම මගේ ලේලියට කියන්නම්.</font>

420
00:32:17,000 --> 00:32:21,133
<font color="#ffbf46">අපි නීති රීති වලට ගියොත්, රජතුමා මැදිහත් වෙයි.</font>

421
00:32:22,400 --> 00:32:24,833
<font color="#ffbf46">වෙන ක්‍රමයක් තියෙනවද?</font>

422
00:32:26,933 --> 00:32:31,233
<font color="#ffbf46">ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක්
අතර පුංචි ආදරයක් වගේ?</font>

423
00:32:37,433 --> 00:32:39,967
<font color="#ffbf46">මව්රැජින කොහෙද?</font>

424
00:32:52,267 --> 00:32:54,133
<font color="#ffbf46">ඔයා මොකද ඔතන කරන්නේ?</font>

425
00:32:56,300 --> 00:32:58,300
<font color="#ffbf46">උතුමාණෙනි.</font>

426
00:32:58,300 --> 00:33:03,533
<font color="#ffbf46">ආ, මව් රැජිනට ඕන වුණා මගෙ වාදනය අහන්න...</font>

427
00:33:03,533 --> 00:33:04,600
<font color="#ffbf46">අහ්?</font>

428
00:33:04,600 --> 00:33:06,867
<font color="#ffbf46">එතුමිය දැන් මෙතන හිටියනේ.</font>

429
00:33:06,867 --> 00:33:10,033
<font color="#ffbf46">මට පේන විදිහට මම ඔයාගේ වාදනයට වශී වෙලා,</font>

430
00:33:10,033 --> 00:33:12,433
<font color="#ffbf46">සම්පූර්ණයෙන්ම වසඟ වෙලා,</font>

431
00:33:12,433 --> 00:33:16,067
<font color="#ffbf46">ඔයා ගැන පිස්සුවෙන් ආදරයක් ඇති කරගන්නයි ඕන.</font>

432
00:33:16,067 --> 00:33:19,933
<font color="#ffbf46">මේ යන විදිහට නම්, අපිට
වැඩහල ළඟදි මුණගැහෙන්න සිද්ධ වෙයි වගේ.</font>

433
00:33:27,433 --> 00:33:30,933
<font color="#ffbf46">මෙතන ඉඳන් මගේ සිහිය නැති වෙයි වගේ.</font>

434
00:33:39,433 --> 00:33:42,933
<font color="#ffbf46">මේක පිටිපස්සේ ඉන්නේ මහ රැජින කියලා
ඔච්චරටම පෙන්නන්න ඕනද?</font>

435
00:33:47,167 --> 00:33:49,767
<font color="#ffbf46">එයාලගේ රුචිකත්වයන් හරිම සම්භාව්‍යයි, නේද?</font>

436
00:33:49,767 --> 00:33:51,100
<font color="#ffbf46">හරිම පරණ විලාසිතාවක්.</font>

437
00:33:51,100 --> 00:33:53,467
<font color="#ffbf46">අහම්බය දෛවය කියලා විශ්වාස කරන එක.</font>

438
00:33:55,033 --> 00:33:57,233
<font color="#ffbf46">අහ්? අර පොඩ්ඩක් මෝඩ එක්කෙනා?</font>

439
00:33:57,233 --> 00:34:00,033
<font color="#ffbf46">අහ්? ගිය පාර...</font>

440
00:34:00,033 --> 00:34:01,967
<font color="#ffbf46">මම දෙයක් අහන්නද?</font>

441
00:34:01,967 --> 00:34:03,000
<font color="#ffbf46">අහ්?</font>

442
00:34:03,000 --> 00:34:05,400
<font color="#ffbf46">අර අහම්බයන් තුන.</font>

443
00:34:05,400 --> 00:34:08,400
<font color="#ffbf46">අන්න ඒකයි අපි නිකන්ම පහු කරගෙන ගියේ.</font>

444
00:34:08,400 --> 00:34:10,100
<font color="#ffbf46">මොකක්ද ඔයා අදහස් කළේ?</font>

445
00:34:11,100 --> 00:34:13,333
<font color="#ffbf46">මුකුත් නෑ.</font>

446
00:34:13,333 --> 00:34:16,133
<font color="#ffbf46">ආ, මට ගුජිල්මාක් වල සිද්ධිය ගැන ආරංචි වුණා.</font>

447
00:34:16,133 --> 00:34:20,367
<font color="#ffbf46">මම විවාහ ගිවිසගෙන හිටපු පවුලත් එක්ක
එහෙම දෙයක් වුණා කියන එක,</font>

448
00:34:20,367 --> 00:34:22,233
<font color="#ffbf46">ඇත්තටම කේන්ති යන වැඩක්.</font>

449
00:34:22,233 --> 00:34:24,333
<font color="#ffbf46">දැන් ඔයාට ඒක තේරුණ නිසා,</font>

450
00:34:24,333 --> 00:34:27,933
<font color="#ffbf46">ඉම් පවුලෙන් බේරුණ එකට සුබ පැතුම්.</font>

451
00:34:27,933 --> 00:34:30,333
<font color="#ffbf46">කරුණාකරලා ඒ කැඩුණු විවාහ ගිවිස ගැනීම අමතක කරන්න.</font>

452
00:34:31,900 --> 00:34:34,367
<font color="#ffbf46">එතකොට ඔබතුමා, උතුමාණෙනි?</font>

453
00:34:34,367 --> 00:34:35,867
<font color="#ffbf46">ඔබතුමාට අමතක වුණාද?</font>

454
00:34:35,867 --> 00:34:37,767
<font color="#ffbf46">අර කාන්තාව.</font>

455
00:34:38,500 --> 00:34:40,467
<font color="#ffbf46">මම එයාගෙන් පැනලා යන ගමන්.</font>

456
00:34:42,000 --> 00:34:44,200
<font color="#ffbf46">ඔයා මොකක්ද දැන් කිව්වේ?</font>

457
00:34:44,200 --> 00:34:46,767
<font color="#ffbf46">මම කිව්වේ මම ජොසොන් දාලා යනවා කියලා.</font>

458
00:34:48,167 --> 00:34:49,800
<font color="#ffbf46">ඇයි?</font>

459
00:34:49,800 --> 00:34:52,367
<font color="#ffbf46">ඉගෙන ගන්න යනවා වගේ
වෙස්වලාගෙන යන ගමනක්.</font>

460
00:34:52,367 --> 00:34:56,433
<font color="#ffbf46">එහෙම කළාම රජතුමාගේ හිතටත්
සැනසීමක් දැනේවි.</font>

461
00:34:56,433 --> 00:34:59,167
<font color="#ffbf46">මම රජතුමා ළඟ ඉන්නවට වඩා.</font>

462
00:35:09,233 --> 00:35:11,100
<font color="#ffbf46">හරියටම ඉලක්කෙට වැදුණා.</font>

463
00:35:11,100 --> 00:35:13,800
<font color="#ffbf46">ඉලක්කෙට විදින්න ඔබතුමාට
සම කරන්න කවුරුත් නෑ.</font>

464
00:35:13,800 --> 00:35:16,133
<font color="#ffbf46">මම රජතුමාගේ සෞඛ්‍ය ගැන වද වෙනවා.</font>

465
00:35:16,133 --> 00:35:18,767
<font color="#ffbf46">ඔබ මාලිගාවට එන එක
දවස් දහයක් පරක්කු කළා නේද?</font>

466
00:35:18,767 --> 00:35:22,567
<font color="#ffbf46">හෙට මම දොගොසන් කන්දෙන් එහාට යනවා.</font>

467
00:35:23,200 --> 00:35:24,967
<font color="#ffbf46">මිනිස්සු කියන විදියට එහේ කොටින් ඉන්නවා.</font>

468
00:35:24,967 --> 00:35:26,067
<font color="#ffbf46">රජතුමනි.</font>

469
00:35:26,067 --> 00:35:30,767
<font color="#ffbf46">මේ දඩයම නිසා දැනටමත්
මිනිස්සු දහස් ගාණක් අවතැන් වෙලා.</font>

470
00:35:31,733 --> 00:35:34,767
<font color="#ffbf46">හෙට වෙද්දි ඒ ගාණ දස දහස් ගාණක් වේවි.</font>

471
00:35:52,333 --> 00:35:56,133
<font color="#ffbf46">එයා එකපාරටම ඉගෙනගන්න ජෝසන් වලින් යන්න
තීරණය කරපු එක සැකයි.</font>

472
00:35:58,467 --> 00:36:00,333
<font color="#ffbf46">හොං සි තාම අසනීප නිවාඩු පිටද ඉන්නේ?</font>

473
00:36:00,333 --> 00:36:02,967
<font color="#ffbf46">නෑ, ඒක...</font>

474
00:36:02,967 --> 00:36:06,200
<font color="#ffbf46">මම කලින් ඔබතුමියට නොකිව්වේ,</font>

475
00:36:06,200 --> 00:36:09,400
<font color="#ffbf46">ඔබතුමියට කේන්ති යයි කියලා බයේ.</font>

476
00:36:10,167 --> 00:36:14,233
<font color="#ffbf46">සාමාන්‍ය ගැහැණියෙක්ව මාලිගාවේ සේවිකාවක් විදියට
වෙස් ගන්වලා එක්කන් එන්න එයාට කොහොම හයියක් ආවද?</font>

477
00:36:18,133 --> 00:36:21,733
<font color="#ffbf46">ඒ වගේම ඔබ හොං සි කවුද කියන එක
අන්තිම මොහොත වෙනකම්ම රහසක්ව තියාගත්තද?</font>

478
00:36:26,900 --> 00:36:28,667
<font color="#ffbf46">හොඳයි.</font>

479
00:36:30,433 --> 00:36:32,867
<font color="#ffbf46">කවුරු ඇහුවත් කට ඇරලා මුකුත් කියන්න එපා,</font>

480
00:36:32,867 --> 00:36:35,500
<font color="#ffbf46">කවුරුත් ඒ ගැන කතා කරන්න හොඳ නෑ.</font>

481
00:36:35,500 --> 00:36:38,467
<font color="#ffbf46">මේක රජතුමාගේ කනට යන්න බෑ.</font>

482
00:36:54,033 --> 00:36:56,633
<font color="#ffbf46">උන් ජෝ, මොනවද ඔය හොයන්නේ?</font>

483
00:36:56,633 --> 00:36:58,200
<font color="#ffbf46">ආ.</font>

484
00:36:58,200 --> 00:36:59,900
<font color="#ffbf46">ගුම් දොල්.</font>

485
00:37:00,700 --> 00:37:02,700
<font color="#ffbf46">ඔයා...</font>

486
00:37:02,700 --> 00:37:06,367
<font color="#ffbf46">ඔයා පොඩි ලියුම් කවරයක් දැක්කද?</font>

487
00:37:08,300 --> 00:37:10,033
<font color="#ffbf46">මෙතනත් නැද්ද?</font>

488
00:37:10,033 --> 00:37:12,133
<font color="#ffbf46">ඒක ඒ තරම් වැදගත්ද?</font>

489
00:37:17,467 --> 00:37:19,733
<font color="#ffbf46">ඒක...</font>

490
00:37:19,733 --> 00:37:22,933
<font color="#ffbf46">මට ඕනේ කවුරුත් දැනගන්නේ නැති වෙන්න
ඒක තියාගන්න.</font>

491
00:37:25,733 --> 00:37:27,467
<font color="#ffbf46">අයියේ!</font>

492
00:37:31,767 --> 00:37:33,833
<font color="#ffbf46">ඔයා මොකද මෙහේ කරන්නේ?</font>

493
00:37:33,833 --> 00:37:36,167
<font color="#ffbf46">මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ,
ඒත් ඔයා හේමින්සෝ එකේ හිටියේ නෑ.</font>

494
00:37:36,167 --> 00:37:38,033
<font color="#ffbf46">ඒකයි මම හිතුවේ මෙහේ ඇති කියලා.</font>

495
00:37:39,567 --> 00:37:40,567
<font color="#ffbf46">මගේ පොඩි මල්ලි.</font>

496
00:37:40,567 --> 00:37:42,933
<font color="#ffbf46">මම නැතුව දෙන්නත් එක්ක ජයටම කතා කර කර ඉන්න පාටයි.</font>

497
00:37:42,933 --> 00:37:46,533
<font color="#ffbf46">ඔව්, එයාට කාටවත් නොකියපු රහසක් තියෙනවා...</font>

498
00:37:46,533 --> 00:37:47,900
<font color="#ffbf46">ගුම් දොල්!</font>

499
00:37:47,900 --> 00:37:49,767
<font color="#ffbf46">ඒක...</font>

500
00:37:49,767 --> 00:37:52,567
<font color="#ffbf46">අම්මා ඔයාව හොයනවා.</font>

501
00:37:52,567 --> 00:37:53,928
<font color="#ffbf46">ගිහින් බලන්න.</font>

502
00:37:53,928 --> 00:37:56,100
<font color="#ffbf46">ඉන්න, මම මෙයාව එක්කන් ගිහින් එන්නම්.</font>

503
00:37:56,100 --> 00:37:59,500
<font color="#ffbf46">යමු, යමු.</font>

504
00:38:02,800 --> 00:38:04,533
<font color="#ffbf46">මේ හදිස්සියේම?</font>

505
00:38:09,233 --> 00:38:13,333
<font color="#ffbf46">ළඟක ඉඳන් කාලගුණය ගොඩක් හොඳයි.</font>

506
00:38:14,900 --> 00:38:16,600
<font color="#ffbf46">ඇත්තටම.</font>

507
00:38:17,567 --> 00:38:19,767
<font color="#ffbf46">මට ගොඩ කාලෙකට මේක මතක තියේවි.</font>

508
00:38:20,667 --> 00:38:22,367
<font color="#ffbf46">අවුරුද්දේ මේ කාලය.</font>

509
00:38:25,900 --> 00:38:27,833
<font color="#ffbf46">ඉතින්,</font>

510
00:38:27,833 --> 00:38:29,500
<font color="#ffbf46">මොකක් ගැනද කතා කරන්න ඕනේ කිව්වේ?</font>

511
00:38:29,500 --> 00:38:30,967
<font color="#ffbf46">ආ!</font>

512
00:38:30,967 --> 00:38:32,700
<font color="#ffbf46">ඉම් ජේ යී ගැන අමතක කරන්න.</font>

513
00:38:32,700 --> 00:38:37,000
<font color="#ffbf46">ගිල් දොං ගැන තිබුණ සාක්ෂි ඔක්කොම විනාශ වෙලා,
ඉතින් එයාට ආයේ ඒ පස්සේ යන්න බෑ.</font>

514
00:38:37,000 --> 00:38:38,900
<font color="#ffbf46">දැනුත් බෑ, කවදාවත් බෑ.</font>

515
00:38:41,000 --> 00:38:43,100
<font color="#ffbf46">මේක ඔයා ගැන නෙවෙයි. මේක මම ගැන.</font>

516
00:38:43,100 --> 00:38:47,033
<font color="#ffbf46">ඔයා අහුවුණොත්, ඔයාගේ හවුල්කාරයා විදියට
මට මොනවා වෙයිද?</font>

517
00:38:52,900 --> 00:38:55,633
<font color="#ffbf46">මම සාමාන්‍යයෙන් පුරසාරම් දොඩන්නේ නෑ.</font>

518
00:38:55,633 --> 00:38:57,900
<font color="#ffbf46">මගේ දුනු විදීමේ හැකියාව ගැන.</font>

519
00:38:57,900 --> 00:39:02,333
<font color="#ffbf46">මම ඒක ඉගෙන ගත්තේ ආරක්ෂක ඇමතිතුමාගෙන්.</font>

520
00:39:02,333 --> 00:39:03,933
<font color="#ffbf46">එතුමා ඔයාට ගොඩක් විශේෂ කෙනෙක් වෙන්න ඇති.</font>

521
00:39:03,933 --> 00:39:06,000
<font color="#ffbf46">ඔව්.</font>

522
00:39:06,000 --> 00:39:07,533
<font color="#ffbf46">මම පොඩි කාලේ,</font>

523
00:39:07,533 --> 00:39:12,833
<font color="#ffbf46">හැම අවුරුද්දෙම, ඇමතිතුමා
මාව පොළට එක්කන් යනවා.</font>

524
00:39:13,500 --> 00:39:16,933
<font color="#ffbf46">ඒ දවස මට පොඩි විනෝද ගමනක් වගේ.</font>

525
00:39:16,933 --> 00:39:20,333
<font color="#ffbf46">මම ලොකු වුණාම තමයි තේරුම් ගත්තේ
අපි හැම අවුරුද්දෙම ගිය ඒ දවස,</font>

526
00:39:20,333 --> 00:39:24,067
<font color="#ffbf46">ඇමතිතුමා යුද්ධෙට යන්න කලින් දවස කියලා.</font>

527
00:39:24,067 --> 00:39:26,467
<font color="#ffbf46">අහ්? මේ හකුරු නේ.</font>

528
00:39:26,467 --> 00:39:28,567
<font color="#ffbf46">ඔයාට ඕනෙද?</font>

529
00:39:28,567 --> 00:39:32,000
<font color="#ffbf46">එතුමා යුද්ධයේදී මිය ගියා නම්,</font>

530
00:39:32,000 --> 00:39:34,533
<font color="#ffbf46">විනෝද ගමනක් වගේ දැනුණ ඒ දවස</font>

531
00:39:34,533 --> 00:39:38,033
<font color="#ffbf46">තමයි මට එතුමා එක්ක ගත කරන්න ලැබෙන
අන්තිම දවස වෙන්නේ.</font>

532
00:39:38,033 --> 00:39:41,800
<font color="#ffbf46">ඒ මතකය දුකක් නොවී තියෙන්නයි එතුමාට ඕනේ වුණේ.</font>

533
00:39:42,933 --> 00:39:44,767
<font color="#ffbf46">එතුමා අන්න ඒ වගේ කෙනෙක්.</font>

534
00:39:44,767 --> 00:39:46,467
<font color="#ffbf46">එතුමා කිව්වේ මම දුනු විදින්න ඉගෙන ගත්තේ</font>

535
00:39:46,467 --> 00:39:49,167
<font color="#ffbf46">මගේ පවුලේ අයව රැකගන්න කියලා,</font>

536
00:39:49,167 --> 00:39:52,867
<font color="#ffbf46">අපි තනි වුණොත් එහෙම.</font>

537
00:39:52,867 --> 00:39:56,533
<font color="#ffbf46">ඔයා අසල්වැසියන්ව පවා හොඳට ආරක්ෂා කරනවා නේ.</font>

538
00:39:58,200 --> 00:39:59,900
<font color="#ffbf46">මම ජොසොන් වල හිටියේ නැතත්...</font>

539
00:39:59,900 --> 00:40:02,100
<font color="#ffbf46">ඇ?</font>

540
00:40:02,100 --> 00:40:03,833
<font color="#ffbf46">මොකක්ද?</font>

541
00:40:04,648 --> 00:40:07,208
<font color="#ffbf46">ඇවිත් බලන්නකෝ.</font>

542
00:40:08,200 --> 00:40:10,300
<font color="#ffbf46">ආයුබෝවන්.
ආයුබෝවන්.</font>

543
00:40:13,064 --> 00:40:15,333
<font color="#ffbf46">බලන්න!</font>

544
00:40:15,333 --> 00:40:16,367
<font color="#ffbf46">මොකද මේ කරන්නේ?</font>

545
00:40:16,367 --> 00:40:17,733
<font color="#ffbf46">මට ඒක ටිකකින් අතපසු වෙනවා.</font>

546
00:40:17,733 --> 00:40:19,400
<font color="#ffbf46">අද මෙග්වි ගුට් දවස නේ.</font>

547
00:40:19,400 --> 00:40:20,680
<font color="#ffbf46"></font>

548
00:40:23,933 --> 00:40:26,000
<font color="#ffbf46">අපි ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ.</font>

549
00:40:26,667 --> 00:40:28,100
<font color="#ffbf46">දෙකක් දෙන්න.</font>

550
00:40:28,100 --> 00:40:30,133
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

551
00:40:30,133 --> 00:40:31,667
<font color="#ffbf46">තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ.</font>

552
00:40:31,667 --> 00:40:34,367
<font color="#ffbf46">කමක් නෑ, මම ප්‍රාර්ථනා කරන්නේ නෑ.</font>

553
00:40:34,367 --> 00:40:36,767
<font color="#ffbf46">ඒ වුණාට නිකමට වගේ එකක් කරලා බලන්න.</font>

554
00:40:36,767 --> 00:40:41,067
<font color="#ffbf46">දෙවියෝ හැම තිස්සෙම අපි ළඟ ඉන්නවා කියනවා නේ.</font>

555
00:40:41,067 --> 00:40:43,333
<font color="#ffbf46">අපි හිතනවටත් වඩා ළඟින්.</font>

556
00:40:44,233 --> 00:40:47,200
<font color="#ffbf46">ඒ වුණාට බලන් ගියාම දෙවියන්ට ඇහෙන්නේ නැති පාටයි.</font>

557
00:40:50,233 --> 00:40:52,800
<font color="#ffbf46">මම පැහැදිලිව හයියෙන් කියන්නම්.</font>

558
00:40:52,800 --> 00:40:55,033
<font color="#ffbf46">ඉතුරු වෙලා තියෙන පහන් කූඩුව මම ගන්නම්.</font>

559
00:40:55,033 --> 00:40:58,400
<font color="#ffbf46">එක දෙයක් විතරක් ඉල්ලන්න ඕනේ.</font>

560
00:40:58,400 --> 00:41:01,267
<font color="#ffbf46">එතකොට බිහිරි දෙවියන්ට වුණත් ඇහෙයි.</font>

561
00:41:05,900 --> 00:41:09,500
<font color="#ffbf46">හඳ එළිය හරිම ලස්සනයි.</font>

562
00:41:32,567 --> 00:41:34,433
<font color="#ffbf46">ඇයි ඔච්චර කල්පනා කරන්නේ?</font>

563
00:41:34,433 --> 00:41:36,667
<font color="#ffbf46">මොකද එයා කිව්වේ එකක් විතරක් ලියන්න කියලා නේ.</font>

564
00:41:36,667 --> 00:41:40,267
<font color="#ffbf46">මට මොකක් ලියන්නද කියලා හිතාගන්න බෑ.</font>

565
00:41:40,267 --> 00:41:42,533
<font color="#ffbf46">ඔයාට ප්‍රාර්ථනා කීයක් විතර තියෙනවද?</font>

566
00:41:43,333 --> 00:41:45,767
<font color="#ffbf46">බලන් ගියාම ඔයාටත් කෑදරකමක් තියෙනවා වගේ.</font>

567
00:41:45,767 --> 00:41:48,333
<font color="#ffbf46">නෑ, ඒක කෑදරකම නෙවෙයි.</font>

568
00:41:49,400 --> 00:41:52,667
<font color="#ffbf46">මම ප්‍රාර්ථනාවක් කරන පළවෙනි වතාව මේක.</font>

569
00:41:53,500 --> 00:41:55,700
<font color="#ffbf46">එහෙනම් මොකක්ද?</font>

570
00:41:55,700 --> 00:41:57,600
<font color="#ffbf46">පහන් කූඩු යවන වෙලාවත් හරි.</font>

571
00:41:57,600 --> 00:42:00,133
<font color="#ffbf46">මට නිකන් අදහසක් දෙන්නකෝ.</font>

572
00:42:04,900 --> 00:42:06,600
<font color="#ffbf46">ඇත්තටම,</font>

573
00:42:07,233 --> 00:42:12,467
<font color="#ffbf46">මට හිතෙන්නේ මේක මගේ ආත්මාර්ථකාමී කමක් කියලා.</font>

574
00:42:18,267 --> 00:42:20,333
<font color="#ffbf46">දැන් ඇති,</font>

575
00:42:20,333 --> 00:42:24,933
<font color="#ffbf46">ඒ නිසා මම හිතුවේ ඒක මගේ හිතේ විතරක් තියාගන්න.</font>

576
00:42:25,667 --> 00:42:29,167
<font color="#ffbf46">ඒත් මට හිතෙනවා මම පතන දේ හරිද කියලා.</font>

577
00:42:30,500 --> 00:42:32,800
<font color="#ffbf46">ඔයා ඔය කියන්නේ අනිත් අයගේ වැඩ වලට මැදිහත් වෙන එක ගැනද?</font>

578
00:42:34,167 --> 00:42:35,667
<font color="#ffbf46">නෑ.</font>

579
00:42:35,667 --> 00:42:37,167
<font color="#ffbf46">එහෙනම් හරි.</font>

580
00:42:37,167 --> 00:42:40,633
<font color="#ffbf46">තව මැදිහත් වෙන්න නම් හදන්නේ,
ඔය පින්සල තියන්න.</font>

581
00:42:40,633 --> 00:42:42,500
<font color="#ffbf46">මේක මගේ පැතුම.</font>

582
00:42:42,500 --> 00:42:44,467
<font color="#ffbf46">කෙනෙහිලිකම් කරන්න එපා.</font>

583
00:42:47,833 --> 00:42:49,467
<font color="#ffbf46">හොරෙන් බලන්න එපා.</font>

584
00:42:49,467 --> 00:42:51,167
<font color="#ffbf46">බලන්නේ නෑ.</font>

585
00:43:12,833 --> 00:43:16,533
<b><font color="#fffcfe"><i>♫ ඔයා විතරයි මගේ එකම කෙනා ♫</i></font></b>

586
00:43:16,533 --> 00:43:20,300
<b><font color="#fffcfe"><i>♫ මම දෑත් එකතු කරලා පැතුවා ♫</i></font></b>

587
00:43:20,300 --> 00:43:26,000
<b><font color="#fffcfe"><i>♫ අන්තිමේදී ඒ මොහොත මාව හොයාගෙන ආවාම ♫</i></font></b>

588
00:43:27,633 --> 00:43:31,367
<b><font color="#fffcfe"><i>♫ ආසාවෙන් රැක බලාගත්තා ♫</i></font></b>

589
00:43:31,367 --> 00:43:40,333
<b><font color="#fffcfe"><i>♫ මම ආයෙමත් ඔයාගේ ආදරේ පතනවා ♫</i></font></b>

590
00:43:44,467 --> 00:43:46,400
<font color="#ffbf46">ඔයාට ඇත්තටම ඒක ඕන වෙලා වගේ නේද?</font>

591
00:43:46,400 --> 00:43:47,933
<font color="#ffbf46">දැන් කියන්න.</font>

592
00:43:47,933 --> 00:43:51,400
<font color="#ffbf46">මටම පුළුවන් නම් ඒ පැතුම ඉෂ්ට කරන්න,
වැඩේ ඉක්මන් වෙයිනේ.</font>

593
00:43:52,433 --> 00:43:53,433
<font color="#ffbf46">මොකක්?</font>

594
00:43:53,433 --> 00:43:55,433
<font color="#ffbf46">ඔයා මගේ පැතුම දැක්කා නේද?</font>

595
00:43:55,433 --> 00:43:57,300
<font color="#ffbf46">නෑ දැක්කේ නෑ.</font>

596
00:43:57,300 --> 00:43:58,333
<font color="#ffbf46">මොකක්?</font>

597
00:43:58,333 --> 00:44:01,033
<font color="#ffbf46">මට ඇත්තටම ඒක ඉෂ්ට කරන්න පුළුවන්ද?</font>

598
00:44:02,000 --> 00:44:04,500
<font color="#ffbf46">ඒක නෙවෙයි.</font>

599
00:44:04,500 --> 00:44:06,500
<font color="#ffbf46">ඒක සම්පූර්ණයෙන්ම වෙන දෙයක්.</font>

600
00:44:06,500 --> 00:44:08,800
<font color="#ffbf46">ඒත් ඒකනේ? මොකක්ද ඒක?</font>

601
00:44:08,800 --> 00:44:11,267
<font color="#ffbf46">තවත් දූෂිත නිලධාරියෙක් ඉන්නවද?</font>

602
00:44:11,267 --> 00:44:12,267
<font color="#ffbf46">නෑ.</font>

603
00:44:12,267 --> 00:44:14,200
<font color="#ffbf46">වෙන කෙනෙක්ට අසනීපද?</font>

604
00:44:14,200 --> 00:44:15,300
<font color="#ffbf46">නෑ කිව්වනේ.</font>

605
00:44:15,300 --> 00:44:17,233
<font color="#ffbf46">කවුරු හරි බඩගින්නෙද?</font>

606
00:44:17,233 --> 00:44:19,000
<font color="#ffbf46">ඒක නෙවෙයි.</font>

607
00:45:06,100 --> 00:45:08,133
<font color="#ffbf46">ඇමතිතුමනි.</font>

608
00:45:08,133 --> 00:45:09,867
<font color="#ffbf46">ඔව්.</font>

609
00:45:11,967 --> 00:45:13,400
<font color="#ffbf46">ඔබතුමාගේ ගමන් මලුවලට,</font>

610
00:45:13,400 --> 00:45:17,267
<font color="#ffbf46">මම ශීත ඇඳුම් කට්ටල දෙකක් දැම්මා.</font>

611
00:45:17,267 --> 00:45:18,967
<font color="#ffbf46">හොඳයි.</font>

612
00:45:18,967 --> 00:45:22,433
<font color="#ffbf46">මේ රෑ වෙලා කොහේද ගියේ?</font>

613
00:45:24,167 --> 00:45:28,300
<font color="#ffbf46">වැදගත් දෙයක් මම අඳුරන කෙනෙක්ට
භාර දීලා ආවා.</font>

614
00:45:30,200 --> 00:45:31,600
<font color="#ffbf46">ඔයාට මහන්සි ඇති.</font>

615
00:45:31,600 --> 00:45:35,167
<font color="#ffbf46">හෙට යනවා නම්, කලින්ම නිදාගන්න.</font>

616
00:45:36,267 --> 00:45:38,000
<font color="#ffbf46">උන් ජෝ.</font>

617
00:45:40,867 --> 00:45:42,800
<font color="#ffbf46">ඔයා ගොඩක් මහන්සි වුණා.</font>

618
00:45:44,900 --> 00:45:46,633
<font color="#ffbf46">ඒක සුළු දෙයක්.</font>

619
00:46:12,367 --> 00:46:14,200
<font color="#ffbf46">අපිට ඒක මග හැරුණා.</font>

620
00:46:16,467 --> 00:46:20,367
<font color="#ffbf46">රජතුමා එනවා කියලා දැනගෙන
වන මෘගයෝ පවා පැනලා යන්න ඇති.</font>

621
00:46:20,367 --> 00:46:21,733
<font color="#ffbf46">දැන් අපි ආයේ මාලිගාවට යමු...</font>

622
00:46:21,733 --> 00:46:25,133
<font color="#ffbf46">කොටියව අල්ලගන්නකම් ආයේ යන
කතාවක් වත් කියන්න එපා.</font>

623
00:46:25,133 --> 00:46:26,267
<font color="#ffbf46">ආපහු එළවන්න!</font>

624
00:46:26,267 --> 00:46:28,072
<font color="#ffbf46">එහෙමයි.
එහෙමයි.</font>

625
00:46:28,072 --> 00:46:31,500
<font color="#ffbf46">තාත්තේ! මේක හරිම මහන්සියි.</font>

626
00:46:31,500 --> 00:46:35,267
<font color="#ffbf46">ආ, අපිට නම්වොන් වලට යන්න
තව ගොඩක් දුර යන්න තියෙනවා.</font>

627
00:46:35,267 --> 00:46:38,200
<font color="#ffbf46">තාත්තේ, මමත් යන්නම ඕනෙද?</font>

628
00:46:38,200 --> 00:46:39,720
<font color="#ffbf46">කතා නැතුව එන්නකෝ ළමයෝ.</font>

629
00:46:39,720 --> 00:46:41,467
<font color="#ffbf46">අහ්.</font>

630
00:46:41,467 --> 00:46:43,272
<font color="#ffbf46">තාත්තේ, ඇත්තටම...</font>

631
00:46:43,272 --> 00:46:45,864
<font color="#ffbf46">අනේ මන්දා.</font>

632
00:46:46,967 --> 00:46:48,400
<font color="#ffbf46">උන් ජෝ.</font>

633
00:46:48,400 --> 00:46:50,267
<font color="#ffbf46">මම එනවා.</font>

634
00:46:52,933 --> 00:46:54,400
<font color="#ffbf46">අහ්? තරුණ ආර්යාව.</font>

635
00:46:54,400 --> 00:46:56,133
<font color="#ffbf46">බෙහෙත් කාමරේද?</font>

636
00:46:59,767 --> 00:47:01,867
<font color="#ffbf46">කොහේද හොං සි ඉන්නේ?</font>

637
00:47:01,867 --> 00:47:04,967
<font color="#ffbf46">එයාගේ අසනීප නිවාඩුව දික් වෙන නිසා
මට බයයි.</font>

638
00:47:04,967 --> 00:47:08,633
<font color="#ffbf46">මාලිගාවේ අසනීප වෙන හැම සේවිකාවක් ගැනම
මම දැනගන්නේ කොහොමද?</font>

639
00:47:08,633 --> 00:47:10,367
<font color="#ffbf46">ඒත් ඔබ දැනගෙන ඉන්න ඕනේ.</font>

640
00:47:10,367 --> 00:47:15,167
<font color="#ffbf46">ජීවිතේට අමතක කරන්නේ නෑ කියලා ඔයා කිව්ව
කාන්තාව අනිවාර්යයෙන්ම ඒ සේවිකාව වෙන්න ඕනේ.</font>

641
00:47:17,900 --> 00:47:19,900
<font color="#ffbf46">එයාට පෙළපතක් තියෙනවද?</font>

642
00:47:19,900 --> 00:47:22,100
<font color="#ffbf46">එහෙම නැත්නම් නම්බු නාම?</font>

643
00:47:22,100 --> 00:47:24,000
<font color="#ffbf46">වත්කම්?</font>

644
00:47:24,000 --> 00:47:27,600
<font color="#ffbf46">ඊළඟට අහන්න යන්නේ එයා ඉන්නේ කොහේද කියලා නේද?</font>

645
00:47:27,600 --> 00:47:31,700
<font color="#ffbf46">එයාට ඒවා මොකුත් නැත්නම්,
එයා ඉන්න තැන වැඩක් නෑ.</font>

646
00:47:33,933 --> 00:47:37,033
<font color="#ffbf46">මාව ප්‍රතික්ෂේප කළා. ගොඩක් ඉස්සර.</font>

647
00:47:37,033 --> 00:47:39,333
<font color="#ffbf46">මොකක්? ප්‍රතික්ෂේප කළා?</font>

648
00:47:39,333 --> 00:47:40,833
<font color="#ffbf46">ඔයාට මොනවද අඩුවක් තියෙන්නේ?</font>

649
00:47:40,833 --> 00:47:42,767
<font color="#ffbf46">ඔයාගේ මූණේ ප්‍රතික්ෂේප කරන්න තරම්
මොනවද තියෙන්නේ?</font>

650
00:47:42,767 --> 00:47:46,267
<font color="#ffbf46">එයාට කොහොමද එහෙම කරන්න පුළුවන්...</font>

651
00:47:46,267 --> 00:47:49,000
<font color="#ffbf46">මග පෙන්වන්න. එයා කොහේද ඉන්නේ?</font>

652
00:47:49,000 --> 00:47:52,333
<font color="#ffbf46">දැන් ඔයාට දැනගන්න ආසයිද?</font>

653
00:47:58,633 --> 00:48:02,000
<font color="#ffbf46">හොං සි නිසාද ඔයා ඔය උත්සාහ කරන්නේ?</font>

654
00:48:02,000 --> 00:48:04,167
<font color="#ffbf46">ජොසොන් වලින් යන්න?</font>

655
00:48:09,267 --> 00:48:11,700
<font color="#ffbf46">හොං සී මේක දන්නවද?</font>

656
00:48:12,700 --> 00:48:14,500
<font color="#ffbf46">මම නිකන්ම අතුරුදහන් වෙලා යනවා.</font>

657
00:48:14,500 --> 00:48:17,133
<font color="#ffbf46">ඔයා මේ මොනවද හිතන්නේ?</font>

658
00:48:18,500 --> 00:48:21,233
<font color="#ffbf46">මම සමුගන්න ගියොත්,</font>

659
00:48:21,233 --> 00:48:24,900
<font color="#ffbf46">මට අනිවාර්යයෙන්ම ඇයව රඳවාගන්න හිතෙයි.</font>

660
00:48:24,900 --> 00:48:28,933
<font color="#ffbf46">මට ඒක කරන එක නවත්තගන්න විදිහක් නෑ.</font>

661
00:48:28,933 --> 00:48:33,667
<font color="#ffbf46">මම එයාට ඇලිලා ආයෙත්
මුරණ්ඩු විදිහට හැසිරෙයි.</font>

662
00:48:33,667 --> 00:48:37,100
<font color="#ffbf46">එතකොට එයාට ආයෙත් වේදනාවෙන්
මාව ප්‍රතික්ෂේප කරන්න වේවි.</font>

663
00:48:37,100 --> 00:48:41,033
<font color="#ffbf46">මට බැහැ එයා ලවා
ඒ වගේ රළු වචන කියවගන්න.</font>

664
00:48:44,200 --> 00:48:46,700
<font color="#ffbf46">ඔයාට දැනෙන්නේ එහෙමනම්,</font>

665
00:48:46,700 --> 00:48:49,833
<font color="#ffbf46">පුළුවන් ඉක්මනට මෙහෙන් යන්න.</font>

666
00:48:49,833 --> 00:48:51,433
<font color="#ffbf46">මගේ බඩු බාහිරාදිය ලෑස්තියි.</font>

667
00:48:51,433 --> 00:48:54,567
<font color="#ffbf46">මම අදම යන්නම්.</font>

668
00:48:54,567 --> 00:48:57,467
<font color="#ffbf46">ඔයයි එතුමයි?</font>

669
00:48:59,000 --> 00:49:02,400
<font color="#ffbf46">වැඩිහිටියෝ සිද්ධ කරපු අහබු සිදුවීම් විතරයි.</font>

670
00:49:04,300 --> 00:49:09,300
<font color="#ffbf46">මොකද ඒක එයාලට ඕන වුණු විවාහයක් නිසා.</font>

671
00:49:09,300 --> 00:49:13,233
<font color="#ffbf46">ඒත් එතුමා ඒකට කැමති වුණේ නෑ.</font>

672
00:49:13,233 --> 00:49:16,200
<font color="#ffbf46">ඒකයි එතුමා කිව්වේ යන්න යනවා කියලා.</font>

673
00:49:16,200 --> 00:49:20,167
<font color="#ffbf46">යන්න යනවා? කොහෙටද?</font>

674
00:49:20,167 --> 00:49:22,500
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

675
00:49:24,667 --> 00:49:27,000
<font color="#ffbf46">මන් ගැන කතා කළා ඇති.</font>

676
00:49:27,000 --> 00:49:29,067
<font color="#ffbf46">හොං වෙදතුමිය, මට ඔයා ගැන කියන්නකෝ.</font>

677
00:49:29,067 --> 00:49:32,296
<font color="#ffbf46">ඔයා කොහොමද විවාහය නතර කළේ?</font>

678
00:49:32,296 --> 00:49:33,433
<font color="#ffbf46">ආ.</font>

679
00:49:33,433 --> 00:49:36,267
<font color="#ffbf46">ඒක...</font>

680
00:49:36,267 --> 00:49:37,900
<font color="#ffbf46">අපේ ස්වාමියා, උතුමාණන්...</font>

681
00:49:37,900 --> 00:49:39,600
<font color="#ffbf46">යුන් ජෝ!</font>

682
00:49:44,100 --> 00:49:46,067
<font color="#ffbf46">හහ්?</font>

683
00:49:46,067 --> 00:49:48,200
<font color="#ffbf46">මේ ගිල් දොංගේ ඊතලය නේද?</font>

684
00:49:48,200 --> 00:49:50,600
<font color="#ffbf46">වෙන්න බෑ, මේක අනුකරණය කරපු එකක්ද?</font>

685
00:49:50,600 --> 00:49:54,633
<font color="#ffbf46">ළඟදි දෝ වොල් කුමාරයා ගිල් දොං
ගැන සාක්ෂි ඔක්කොම විනාශ කළානේ.</font>

686
00:49:56,467 --> 00:49:57,600
<font color="#ffbf46">මේ අනිවාර්යයෙන්ම එයාමයි.</font>

687
00:49:57,600 --> 00:49:59,633
<font color="#ffbf46">තරුණ ස්වාමීනි!</font>

688
00:49:59,633 --> 00:50:01,333
<font color="#ffbf46">තරුණ ස්වාමීනි!</font>

689
00:50:04,900 --> 00:50:09,433
<font color="#ffbf46">උතුමාණන් තාවකාලික මාලිගාවේ
ඉඳන් හදිසි ලිපියක් එව්වා.</font>

690
00:50:21,133 --> 00:50:22,833
<font color="#ffbf46">හොං යුන් ජෝ.</font>

691
00:50:24,933 --> 00:50:26,933
<font color="#ffbf46">යුන් ජෝ!</font>

692
00:50:26,933 --> 00:50:29,333
<font color="#ffbf46">ඔයා එයාලව දන්නවද?</font>

693
00:50:31,433 --> 00:50:34,967
<font color="#ffbf46">ඒ පේන්නේ තරුණ ස්වාමියා වගේ.</font>

694
00:50:34,967 --> 00:50:37,133
<font color="#ffbf46">යුන් ජෝ!</font>

695
00:50:37,133 --> 00:50:38,967
<font color="#ffbf46">යුන් ජෝ.</font>

696
00:50:40,367 --> 00:50:42,067
<font color="#ffbf46">යුන් ජෝ.</font>

697
00:50:46,900 --> 00:50:49,000
<font color="#ffbf46">යුන් ජෝ.</font>

698
00:50:49,000 --> 00:50:50,700
<font color="#ffbf46">යුන් ජෝ!</font>

699
00:50:51,784 --> 00:50:54,133
<font color="#ffbf46">මම පියාණන්ව එක්කගෙන ආවා!</font>

700
00:50:55,900 --> 00:50:57,333
<font color="#ffbf46">යුන් ජෝ!</font>

701
00:50:57,333 --> 00:50:59,333
<font color="#ffbf46">ඔයා වෛද්‍යවරියක්නේ!</font>

702
00:50:59,333 --> 00:51:01,033
<font color="#ffbf46">ඉක්මනට පියාණන්ව පරීක්ෂා කරන්න!</font>

703
00:51:01,033 --> 00:51:05,900
<font color="#ffbf46">පුදුමයි, එන මග දිගටම එතුමා
එක වචනයක්වත් කතා කළේ නෑ.</font>

704
00:51:07,067 --> 00:51:10,033
<font color="#ffbf46">මම හිතන්නේ මගේ අතින් වැරදීමක් වුණා.</font>

705
00:51:10,033 --> 00:51:11,733
<font color="#ffbf46">යුන් ජෝ!</font>

706
00:51:24,800 --> 00:51:26,533
<font color="#ffbf46">යුන් ජෝ!</font>

707
00:51:30,888 --> 00:51:32,584
<font color="#ffbf46">ඔබ...</font>

708
00:51:33,867 --> 00:51:36,067
<font color="#ffbf46">උතුමාණෙනි!</font>

709
00:52:07,784 --> 00:52:09,608
<font color="#ffbf46">මේක...</font>

710
00:53:09,033 --> 00:53:10,667
<font color="#ffbf46">කවුද?</font>

711
00:53:10,667 --> 00:53:12,067
<font color="#ffbf46">හොං මින් ජික් උතුමාණන්...</font>

712
00:53:12,067 --> 00:53:13,933
<font color="#ffbf46">නෑ, ඊට පස්සේ.</font>

713
00:53:15,900 --> 00:53:18,400
<font color="#ffbf46">මහරජතුමා.</font>

714
00:53:22,733 --> 00:53:24,500
<font color="#ffbf46">ඒ කියන්නේ,</font>

715
00:53:25,800 --> 00:53:27,700
<font color="#ffbf46">මගේ ලොකු අයියා...</font>

716
00:53:29,633 --> 00:53:31,733
<font color="#ffbf46">කට්ටිය කියනවා මහරජතුමා</font>

717
00:53:32,533 --> 00:53:34,800
<font color="#ffbf46">හොං මින් ජික්</font>

718
00:53:34,800 --> 00:53:36,767
<font color="#ffbf46">උතුමාණන්ව දඩයම් කළා කියලා.</font>

719
00:54:01,267 --> 00:54:04,167
<font color="#ffbf46">ඔයාට මහන්සි පාටයි.</font>

720
00:54:05,967 --> 00:54:08,333
<font color="#ffbf46">සුවපහසුවට විවේක ගන්න.</font>

721
00:54:09,600 --> 00:54:12,567
<font color="#ffbf46">කිසිම දෙයක් ගැන කරදර වෙන්න එපා.</font>

722
00:54:32,200 --> 00:54:35,000
<font color="#ffbf46">අසනීප වෙන්න එපා.</font>

723
00:54:39,967 --> 00:54:43,833
<font color="#ffbf46">එහේ ගිහින් අසනීප වෙන්න එපා.</font>

724
00:54:55,867 --> 00:54:59,167
<font color="#ffbf46">පියාණෙනි, දැන් නැගිටින්න.</font>

725
00:55:01,733 --> 00:55:04,300
<font color="#ffbf46">අපිට යන්න වෙනවා.</font>

726
00:55:07,528 --> 00:55:12,267
<font color="#ffbf46">අපේ ගමන හරි දුරයි.</font>

727
00:55:14,233 --> 00:55:18,633
<font color="#ffbf46">පියාණෙනි, නැගිටින්න.</font>

728
00:55:50,567 --> 00:55:52,433
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?</font>

729
00:55:52,433 --> 00:55:54,733
<font color="#ffbf46">මට අවමංගල්‍ය කටයුතු ලෑස්ති කරන්න ඕන.</font>

730
00:56:00,333 --> 00:56:02,233
<font color="#ffbf46">ඇති තරම් අඬන්න.</font>

731
00:56:04,533 --> 00:56:10,233
<font color="#ffbf46">අපිට මිනී සූදානම් කරන අය ගෙන්නන්න ඕන, මිනී පෙට්ටිය
ගන්න ඕන, කරන්න දේවල් ගොඩක් තියෙනවා.</font>

732
00:56:13,567 --> 00:56:16,133
<font color="#ffbf46">ප්‍රධාන ලේකම්තුමා ලිපියක් එව්වා.</font>

733
00:56:16,133 --> 00:56:19,367
<font color="#ffbf46">එතුමා අවමංගල්‍යයට ඕන කරන
හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ.</font>

734
00:56:19,367 --> 00:56:22,333
<font color="#ffbf46">මේ උතුමාණන්ගේ අවමංගල්‍ය නිසා,</font>

735
00:56:22,333 --> 00:56:25,833
<font color="#ffbf46">මමම මේක බලාගන්න ඕන.</font>

736
00:56:25,833 --> 00:56:29,667
<font color="#ffbf46">ඒ වෙනුවට තරුණ ස්වාමියට උදව් කරන්න.</font>

737
00:56:29,667 --> 00:56:31,633
<font color="#ffbf46">එයා තාම මේ හැමදේටම අලුත්නේ.</font>

738
00:57:12,033 --> 00:57:15,467
<font color="#ffbf46">පියාණෙනි...</font>

739
00:57:21,800 --> 00:57:24,433
<font color="#ffbf46">පියාණෙනි!</font>

740
00:58:00,467 --> 00:58:02,267
<font color="#ffbf46">තව ටිකක් වේගෙන් යන්න බැරිද?</font>

741
00:58:02,267 --> 00:58:04,667
<font color="#ffbf46">මහරජතුමා කිව්වා නේද එතුමාට
රාජකීය සයනය මතක් වෙනවා කියලා?</font>

742
00:58:04,667 --> 00:58:07,400
<font color="#ffbf46">එහෙමයි උත්තමවියෙනි.</font>

743
00:58:09,433 --> 00:58:11,233
<font color="#ffbf46">එහෙමයි තරුණ ස්වාමීනි.</font>

744
00:58:15,067 --> 00:58:19,500
<font color="#ffbf46">මගේ අයියා අවසර දුන්නා, ඒකයි මගේ
ගෙදර අයත් උදව්වට ආවේ.</font>

745
00:58:20,400 --> 00:58:24,133
<font color="#ffbf46">ඒත් මම ටික වෙලාවක ඉදන්  යුන් ජෝව දැක්කේ නෑ.</font>

746
00:58:27,233 --> 00:58:29,167
<font color="#ffbf46">එයා ආපහු ආවේ නැද්ද?</font>

747
00:58:42,133 --> 00:58:43,867
<font color="#ffbf46">යුන් ජෝ.</font>

748
00:58:45,133 --> 00:58:47,000
<font color="#ffbf46">ඔයා මහන්සි වුණා.</font>

749
00:59:57,800 --> 01:00:05,367
<font color="#fffcfe"><b><i>♫ මට කියන්නවත් බැරි වුණා මට ඔයාව මතක් වුණා කියලා ♫</i></b></font>

750
01:00:05,367 --> 01:00:11,667
<font color="#fffcfe"><b><i>♫ දිගු රැයක හීනයක් වගේ මැකිලා යයි ♫</i></b></font>

751
01:00:11,667 --> 01:00:19,067
<font color="#fffcfe"><b><i>♫ කවදාහරි, මම ඔයාගේ අතින් අල්ලගත්තාම ♫</i></b></font>

752
01:00:19,067 --> 01:00:28,933
<font color="#fffcfe"><b><i>♫ එදාටවත් මට පුළුවන් වෙයිද මම ඔයාට ආදරෙයි කියන්න ♫</i></b></font>

753
01:00:28,933 --> 01:00:33,867
<font color="#fffcfe"><b><i>♫ වචන නොකී හැඟීම් වුණත් කමක් නෑ ♫</i></b></font>

754
01:00:33,867 --> 01:00:35,267
<font color="#ffbf46">එහෙම වුණොත්,</font>

755
01:00:35,267 --> 01:00:38,400
<font color="#ffbf46">හොං යුන් ජෝ විතරක් නෙවෙයි, මේ මුළු
පවුලම කෑලි වලට කපලා මරලා දායි.</font>

756
01:00:38,400 --> 01:00:40,900
<font color="#ffbf46">මට ඒක නතර කරන්න ඕන. අඩුම ගානේ ඒකවත්...</font>

757
01:00:40,900 --> 01:00:42,867
<font color="#ffbf46">හිත හයිය කරගන්න, හොං යුන් ජෝ!</font>

758
01:00:42,867 --> 01:00:44,333
<font color="#ffbf46">ඔයාට මැරෙන්න ඕන නම්, තනියම මැරෙන්න!</font>

759
01:00:44,333 --> 01:00:46,856
<font color="#ffbf46">මොකද එයා පැන්නෙත් ඕක නතර කරන්නමයි.</font>

760
01:00:50,567 --> 01:00:53,533
<font color="#ffbf46">ශෝක ඇඳුම්.</font>

761
01:00:53,533 --> 01:00:54,600
<font color="#ffbf46">ඔබේ මුළු හදවතින්ම ශෝක වෙන්න.</font>

762
01:00:54,600 --> 01:00:57,967
<font color="#ffbf46">පිටත් වෙන්න!</font>

763
01:00:57,967 --> 01:00:59,733
<font color="#ffbf46">දැනට, හොං උතුමාණන්ගේ ගෙදර
අය තමයි ප්‍රධාන සැකකාරයෝ.</font>

764
01:00:59,733 --> 01:01:01,300
<font color="#ffbf46">ඝාතකයා ගැන සාක්ෂි හොයාගන්න!</font>

765
01:01:01,300 --> 01:01:03,033
<font color="#ffbf46">මමයි ඒක කළේ.</font>

766
01:01:03,033 --> 01:01:04,867
<font color="#ffbf46">මම කොච්චර වෙලා මෙහේ හිටියද?</font>

767
01:01:04,867 --> 01:01:06,867
<font color="#ffbf46">මට එයාව හම්බවෙන්න ඕන.</font>

768
01:01:06,891 --> 01:01:08,891
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

