1
00:00:11,476 --> 00:00:13,476
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:13,500 --> 00:00:15,800
<font color="#ffd220">මම මරණයට සුදුසුයි.</font>

3
00:00:15,800 --> 00:00:17,432
<font color="#ffd220">හොඳයි. එහෙනම්.</font>

4
00:00:20,833 --> 00:00:24,100
<font color="#ffd220">මම නුඹලා සියලු දෙනාවම මරා දමනවා.</font>

5
00:00:24,100 --> 00:00:27,367
<font color="#ffd220">මව් රැජිණ පැමිණෙනවා!</font>

6
00:00:29,267 --> 00:00:32,367
<font color="#ffd220">රාජකීය නෑදෑයෙකුට අපහාස කිරීමට සහ</font>

7
00:00:32,367 --> 00:00:37,133
<font color="#ffd220">ඔටුන්න හිමි කුමාරයාට තුවාල කිරීමට තරම්
නිර්භීත වූ ඒ ද්‍රෝහියාව අත්අඩංගුවට ගන්න!</font>

8
00:00:37,133 --> 00:00:41,633
<font color="#ffd220">රාජකීය උරුමකරුට තුවාල සිදුවූයේ
මගේ යටත් පාලිකාවන්ගේ නොසැලකිල්ල නිසයි,</font>

9
00:00:41,633 --> 00:00:43,900
<font color="#ffd220">ඒ වගේම රහස් ලිපි හුවමාරුව ගැන
තහවුරු කළ හැකි සාක්ෂි තිබෙනවා...</font>

10
00:00:43,900 --> 00:00:48,500
<font color="#ffd220">ඒ ආදර ලිපිය ලියා තිබෙන්නේ
ඔටුන්න හිමි කුමාරයා විසින්ම පාක් දල් ඊ වෙතයි.</font>

11
00:00:48,500 --> 00:00:49,867
<font color="#ffd220">නුඹලා සියලු දෙනා බලාගෙන ඉන්නේ මොකද?</font>

12
00:00:49,867 --> 00:00:51,300
<font color="#ffd220">ඇයව වහාම ඉවතට රැගෙන යනු!</font>

13
00:00:51,300 --> 00:00:52,800
<font color="#ffd220">වහාම ඇයව අත්අඩංගුවට ගන්න!</font>

14
00:00:52,800 --> 00:00:54,467
<font color="#ffd220">- එහෙයි.
- එහෙයි.</font>

15
00:00:56,867 --> 00:00:58,967
<font color="#ffd220">මෙය අසාධාරණයි, මව්රැජිනියනි.</font>

16
00:00:58,967 --> 00:01:01,867
<font color="#ffd220">මව්රැජිනියනි, මෙය අසාධාරණයි.</font>

17
00:01:01,867 --> 00:01:04,900
<font color="#ffd220">මව්රැජිනියනි, මෙය අසාධාරණයි.</font>

18
00:01:28,600 --> 00:01:31,800
<font color="#ffd220">ඔවුන් පවසන පරිදි ඔබ ඉදිරිපත් කළ
කාමමිථ්‍යාචාරය පිළිබඳ සාක්ෂිය,</font>

19
00:01:31,800 --> 00:01:35,733
<font color="#ffd220">ඔටුන්න හිමි කුමාරයා විසින් ලියන ලද
කවියක් බවට පත්ව තිබෙනවා.</font>

20
00:01:35,733 --> 00:01:37,200
<font color="#ffd220">මොකක්ද ඔබව නැවත මෙහි ගෙන ආවේ?</font>

21
00:01:37,200 --> 00:01:40,933
<font color="#ffd220">කුමරුනි , ඔබ වෙනුවෙන් මේ මාලිගාවේ ඉඩක් නැහැ.</font>

22
00:01:41,600 --> 00:01:43,067
<font color="#ffd220">ඒ නිසා ඔබ පිටව යා යුතුයි.</font>

23
00:01:43,067 --> 00:01:45,267
<font color="#ffd220">ඔබ දන්නේ නැද්ද?</font>

24
00:01:45,267 --> 00:01:47,567
<font color="#ffd220">මම ජීවත් වුණේ මගේ තරාතිරමට ගැලපෙන ජීවිතයක්.</font>

25
00:01:47,567 --> 00:01:50,933
<font color="#ffd220">එපමණක් නම්, මම නැවත මගේ නිවසට යන්නම්.</font>

26
00:02:01,133 --> 00:02:03,767
<font color="#ffd220">වම් පස ඇමතිතුමනි, කරුණාකර මට තව එක අවස්ථාවක් ලබාදෙන්න.</font>

27
00:02:03,767 --> 00:02:06,767
<font color="#ffd220">මම මේ වතාවේ ඔබතුමාව කලකිරීමට පත් කරන්නේ නැහැ, උතුමාණෙනි!</font>

28
00:02:06,767 --> 00:02:11,333
<font color="#ffd220">නොසැලකිලිමත් වචන කිහිපයකට පුළුවන් පුද්ගලයෙක්ව විනාශ කරන්න.</font>

29
00:02:12,100 --> 00:02:15,608
<font color="#e3a113"><b>[8 වන කොටස - කුමරුගේ තීරණය සහ නිහඬ වූ සත්‍යය]</b></font>

30
00:02:20,367 --> 00:02:23,767
<font color="#ffd220">කුමාරයාණනි, ඔබ එය මාලිගාවේ පාලිකාවකට
කිරීමට ඉඩ දිය යුතුයි.</font>

31
00:02:23,767 --> 00:02:26,100
<font color="#ffd220">මම ඒක කරන්නම්.</font>

32
00:02:26,100 --> 00:02:27,367
<font color="#ffd220">මම මේක බලාගන්නම්.</font>

33
00:02:27,367 --> 00:02:30,867
<font color="#ffd220">අපි පාක් ආර්යාවගේ ඇඳුම් සහ බඩු බාහිරාදියට මොකද කරන්නේ?</font>

34
00:02:30,867 --> 00:02:32,500
<font color="#ffd220">ඒවා ඉවත් කරන්න.</font>

35
00:02:33,267 --> 00:02:35,533
<font color="#ffd220">ඇයට නැවත කිසි දිනක එම ඇඳුම් ඇඳීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.</font>

36
00:02:35,533 --> 00:02:37,600
<font color="#ffd220">ඔබ අදහස් කරන්නේ...</font>

37
00:02:45,233 --> 00:02:48,233
<font color="#ffd220">එහෙනම්, අපි මේ සුවඳ මල්ලත් ඉවත දමන්නද?</font>

38
00:02:48,233 --> 00:02:50,367
<font color="#ffd220">ඒක තියන්න.</font>

39
00:02:50,367 --> 00:02:52,200
<font color="#ffd220">මේක ද්‍රෝහියා අතින් වැටුණු සාක්ෂියක්.</font>

40
00:02:52,200 --> 00:02:54,133
<font color="#ffd220">නමුත් මේ සුවඳ මල්ල...</font>

41
00:02:54,133 --> 00:02:55,704
<font color="#ffd220">මෙය ත්‍යාගයක් ලෙස ලබා දී තිබෙන්නේ,</font>

42
00:02:55,704 --> 00:02:57,833
<font color="#ffd220">ගිය වසරේ මව් රාජිණියගේ උපන්දිනය වෙනුවෙන්</font>

43
00:02:57,833 --> 00:03:00,567
<font color="#ffd220">රජතුමා විසින් මාලිගාවේ සේවිකාවන්ටයි.</font>

44
00:03:00,567 --> 00:03:03,267
<font color="#ffd220">කොහොමද ද්‍රෝහියා සතුව මෙය තිබුණේ?</font>

45
00:03:03,267 --> 00:03:06,033
<font color="#ffd220">මොකක්ද? මාලිගාවේ සේවිකාවන්?</font>

46
00:03:06,033 --> 00:03:10,767
<font color="#ffd220">මේ තිබෙන්නේ මාලිගාවේ සේවිකාවන්ගේ මාස හයක
ඇතුළුවීම් සහ පිටවීම් වාර්තායි.</font>

47
00:03:10,767 --> 00:03:14,367
<font color="#ffd220">නමුත් ඇයි ඔබ මට මේක ගේන්න කිව්වේ?</font>

48
00:03:14,367 --> 00:03:17,067
<font color="#ffd220">අපි ඒ වෙනුවට මාලිගාවේ සේවිකාවන්ගේ
සුවඳ මලු ගැනයි සොයා බැලිය යුත්තේ.</font>

49
00:03:17,067 --> 00:03:20,500
<font color="#ffd220">මේ මල්ල අයිති අර පුද්ගලයාටද?</font>

50
00:03:20,500 --> 00:03:23,533
<font color="#ffd220">සුවඳ මලු සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ කාන්තාවන්.</font>

51
00:03:32,967 --> 00:03:34,717
<font color="#ffd220">වෙස් මුහුණ?</font>

52
00:03:34,717 --> 00:03:36,167
<font color="#ffd220">ගෝනිය?</font>

53
00:03:38,267 --> 00:03:39,867
<font color="#ffd220">පහක්?</font>

54
00:03:43,067 --> 00:03:44,667
<font color="#ffd220">එකක්.</font>

55
00:03:49,800 --> 00:03:54,233
<font color="#ffd220">සෑම දින පහකට වරක්ම, ඔබ වෙස් මුහුණ පැළඳ සිටි පුද්ගලයා
සමග විස සහිත කෘමීන් හුවමාරු කර ගත්තාද?</font>

56
00:03:54,233 --> 00:03:55,833
<font color="#ffd220">හරි නේද?</font>

57
00:03:57,167 --> 00:04:01,700
<font color="#ffd220">සෑම දින පහකට වරක්ම 'හේ' සහ 'ජා' හෝරාවන් අතරතුර
පිටව ගිය මාලිගාවේ සේවිකාව කවුදැයි සොයා බලන්න.</font>

58
00:04:01,700 --> 00:04:04,500
<font color="#ffd220">ඔබට අවශ්‍ය මම මේ සියල්ල පරීක්ෂා කරනවා දකින්නද?</font>

59
00:04:04,500 --> 00:04:08,167
<font color="#ffd220">මෙය කෲර පාලනයක් සහ බලය අවභාවිතා කිරීමක්.</font>

60
00:04:08,167 --> 00:04:11,467
<font color="#ffd220">ඔටුන්න හිමි කුමාරයාගේ අධිකාරිය 'අවභාවිතා' කළ නොහැක.</font>

61
00:04:11,467 --> 00:04:13,304
<font color="#ffd220">සහ...</font>

62
00:04:13,304 --> 00:04:15,233
<font color="#ffd220">මළවුන්ගේ පොතේ ඔබේ නම ලියවී තිබෙනවා දකිනවාට වඩා</font>

63
00:04:15,233 --> 00:04:19,300
<font color="#ffd220">අමුත්තන්ගේ ලොගය දෙස බැලීම හොඳ නැද්ද?</font>

64
00:04:35,667 --> 00:04:39,033
<font color="#ffd220">පසුගිය මාස තුන පුරාවටම සෑම දින පහකට වරක්ම</font>

65
00:04:39,033 --> 00:04:42,967
<font color="#ffd220">'හේ' සහ 'ජා' හෝරාවන් හිදී නිතිපතා
පිටතට ගිය එකම එක පුද්ගලයයි සිටින්නේ.</font>

66
00:04:47,833 --> 00:04:50,333
<font color="#ffd220">ප්‍රධාන පාලිකාව දැන් කොහෙද?</font>

67
00:05:07,533 --> 00:05:10,067
<font color="#ffd220">මෙය හමු වුණේ ප්‍රධාන පාලිකාවගේ නිල නිවසෙන්.</font>

68
00:05:10,067 --> 00:05:14,000
<font color="#ffd220">වෙස් මුහුණ පැළඳ සිටි පුද්ගලයා ඇත්තටම ප්‍රධාන පාලිකාවයි.</font>

69
00:05:19,867 --> 00:05:22,377
<font color="#ffd220">වම් පස ඇමතිතුමාගේ කඩුව</font>

70
00:05:22,377 --> 00:05:24,800
<font color="#ffd220">කිසි විටෙක පසුබට වෙන්නේ නැහැ, නේද?</font>

71
00:05:24,800 --> 00:05:27,700
<font color="#ffd220">සර්ප දඩයම්කරුවන්ව අධීක්ෂණය කිරීමට
පොදොචොං (රාජකීය ආරක්ෂක මූලස්ථානය) වෙත දන්වන්න.</font>

72
00:05:27,700 --> 00:05:30,367
<font color="#ffd220">ෂෙන් කුරුල්ලාට ආහාර සැපයීමට අවශ්‍ය නිසා,</font>

73
00:05:30,367 --> 00:05:33,200
<font color="#ffd220">ඔවුන් අලුත් සර්ප දඩයම්කරුවන් සොයාවි.</font>

74
00:05:33,200 --> 00:05:36,933
<font color="#ffd220">කිසිම හේතුවක් නැහැ, අනික වම් පස
ඇමතිතුමා නිහඬව සිටින එකකුත් නැහැ.</font>

75
00:05:36,933 --> 00:05:39,233
<font color="#ffd220">ඔව්, මෙය හදිසි පියවරක් වගේ පෙනෙනවා.</font>

76
00:05:39,233 --> 00:05:40,467
<font color="#ffd220">ඔබ සාකච්ඡා කිරීමට කාලය ගත යුතුයි...</font>

77
00:05:40,467 --> 00:05:42,200
<font color="#ffd220">කාලය...</font>

78
00:05:43,467 --> 00:05:45,967
<font color="#ffd220">කාලයක් නැහැ.</font>

79
00:05:45,967 --> 00:05:49,300
<font color="#ffd220">වම් පස ඇමතිතුමා දල් ඊ ට හානි
කිරීමට පෙර අපි මෙය අවසන් කළ යුතුයි.</font>

80
00:05:50,267 --> 00:05:52,800
<font color="#ffd220">අපි යමක් කළ යුතුයි.</font>

81
00:06:07,400 --> 00:06:09,367
<font color="#ffd220">ඒක මගේ.</font>

82
00:06:11,900 --> 00:06:13,833
<font color="#ffd220">ඒක මගේ.</font>

83
00:06:36,000 --> 00:06:37,600
<font color="#ffd220">මේක...</font>

84
00:06:39,467 --> 00:06:42,133
<font color="#ffd220">මේක මට ලැබුණේ මාලිගාවට එන්න කලින්.</font>

85
00:06:43,100 --> 00:06:45,000
<font color="#ffd220">මේ එක දෙයක්</font>

86
00:06:47,200 --> 00:06:49,100
<font color="#ffd220">ඇත්තටම මගේ.</font>

87
00:06:50,833 --> 00:06:52,367
<font color="#ffd220">දල්.</font>

88
00:06:52,367 --> 00:06:53,667
<font color="#ffd220">දල් ඊ, ඔයාට හොඳයි නේද?</font>

89
00:06:53,667 --> 00:06:55,300
<font color="#ffd220">දල්.</font>

90
00:06:56,100 --> 00:06:58,033
<font color="#ffd220">දල් ඊ, ඔයාට හොඳයි නේද?</font>

91
00:07:03,833 --> 00:07:05,033
<font color="#ffd220">මේක හරියන්නේ නැහැ.</font>

92
00:07:05,033 --> 00:07:07,100
<font color="#ffd220">මම මගේ රාජකීය වෛද්‍යවරයාව කැඳවන්නම්.</font>

93
00:07:10,967 --> 00:07:13,233
<font color="#ffd220">ඇයි මම මෙතන ඉන්නේ?</font>

94
00:07:13,233 --> 00:07:15,667
<font color="#ffd220">මගේ ශරීරය නැවත ලැබුණේ නැද්ද?</font>

95
00:07:17,700 --> 00:07:20,567
<font color="#ffd220">දැන්, සන්සුන් වී බලන්න.</font>

96
00:07:20,567 --> 00:07:22,300
<font color="#ffd220">මේ මගේ මුහුණ.</font>

97
00:07:33,867 --> 00:07:35,500
<font color="#ffd220">නමුත්</font>

98
00:07:36,533 --> 00:07:39,733
<font color="#ffd220">අපේ ශරීර ආපසු මාරු වුණේ කොහොමද?</font>

99
00:07:39,733 --> 00:07:41,733
<font color="#ffd220">මටත් හරියටම තේරෙන්නේ නැහැ.</font>

100
00:07:41,733 --> 00:07:45,767
<font color="#ffd220">කස පහර කෑවට පස්සේ, මට සිහිය ආවේ මෙහෙදි.</font>

101
00:07:48,900 --> 00:07:53,200
<font color="#ffd220">කලින් ශරීර මාරු වීම් වලදී මට කස පහරවල් වැදුණේ නැහැ.</font>

102
00:07:56,767 --> 00:08:01,033
<font color="#ffd220">කොහොම වුණත්, ඔබේ ශරීරය ආපසු ලැබීම වාසනාවක්.</font>

103
00:08:02,400 --> 00:08:04,067
<font color="#ffd220">ඔබ දැන් හිනාවෙනවද?</font>

104
00:08:04,067 --> 00:08:05,767
<font color="#ffd220">එහෙනම් මම මොකද කරන්න ඕනේ?</font>

105
00:08:05,767 --> 00:08:07,233
<font color="#ffd220">මට ඔබ වහන්සේව බේරා ගැනීමට සිදු වුණා.</font>

106
00:08:07,233 --> 00:08:09,233
<font color="#ffd220">කවුද කිව්වේ මාව බේරගන්න කියලා?</font>

107
00:08:11,367 --> 00:08:14,367
<font color="#ffd220">මම ඔබත් එක්ක පැටලුණු දවසේ ඉඳන්,
මට එක දවසක්වත් සැනසීමක් ලැබුණේ නැහැ.</font>

108
00:08:14,367 --> 00:08:17,067
<font color="#ffd220">ඔබ දන්නවද මම කී වතාවක්
මරණයේ දොරකඩට ගියාද කියලා?</font>

109
00:08:18,000 --> 00:08:21,433
<font color="#ffd220">ඔබ මේ විදියට මගේ ළඟ ඉන්නවා දකින්න මම කැමති නැහැ.</font>

110
00:08:25,933 --> 00:08:27,512
<font color="#ffd220">කොහොම වුණත්,</font>

111
00:08:27,512 --> 00:08:30,467
<font color="#ffd220">ශරීර මාරු වුණු ගමන් මම යනවා කියලා අපි එකඟ වුණානේ.</font>

112
00:08:30,467 --> 00:08:32,400
<font color="#ffd220">කවුද කිව්වේ ඔබට නිකම්ම යන්න පුළුවන් කියලා?</font>

113
00:08:36,467 --> 00:08:38,867
<font color="#ffd220">මම ඔබව මගේ උපභාර්යාවක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කරනවා.</font>

114
00:08:41,167 --> 00:08:43,867
<font color="#ffd220">මට දිගටම ඔබ ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ.</font>

115
00:08:43,867 --> 00:08:47,433
<font color="#ffd220">ඔබේ ආරක්ෂාව තහවුරු කරන්න මම
ඔබව මගේ ඇස් මානයේ තියාගත යුතුයි.</font>

116
00:08:47,433 --> 00:08:49,353
<font color="#ffd220">මින් ඉදිරියට,</font>

117
00:08:49,353 --> 00:08:51,867
<font color="#ffd220">මම ඔබේ පළිහයි.</font>

118
00:08:51,867 --> 00:08:53,833
<font color="#ffd220">ඔබ මගේ පිටුපස සැඟවී ඉන්න.</font>

119
00:08:55,967 --> 00:08:58,400
<font color="#ffd220">මේ පළිහ කැඩී බිඳී යන තුරුම.</font>

120
00:09:04,567 --> 00:09:08,800
<font color="#ffd220">මම කිව්වනේ දොංගුං මාලිගාවේ ඉන්න කියලා.
ඇයි මෙතනට එන්න බල කරන්නේ?</font>

121
00:09:09,633 --> 00:09:13,833
<font color="#ffd220">ඔබ අර සිනිඳු රන්වන් ඇඳ සහ පොරෝන වලට
ආශාවෙන් නේද හිටියේ?</font>

122
00:09:13,833 --> 00:09:17,933
<font color="#ffd220">ඔබේ ශරීරය දැන් ආපහු ලැබිලානේ, ඉතින් උපරිමයෙන් විනෝද වෙන්න.</font>

123
00:09:19,100 --> 00:09:23,333
<font color="#ffd220">මේ විශාල මාලිගාවේ, ඔබ හිතන්නේ
තියෙන්නේ එක රන්වන් ඇඳක් විතරයි කියලද?</font>

124
00:09:51,633 --> 00:09:52,733
<font color="#ffd220">දැන්,</font>

125
00:09:52,733 --> 00:09:56,733
<font color="#ffd220">ඒ සිනිඳු රන්වන් ඇඳේ විවේක ගන්න,
වේදනාව පොඩ්ඩක් හරි අඩුවෙන් දැනේවි.</font>

126
00:10:01,233 --> 00:10:03,533
<font color="#ffd220">ඔබේ ශරීරය සම්පූර්ණයෙන්ම සුව වී නැහැ. වහාම හාන්සි වෙන්න.</font>

127
00:10:03,533 --> 00:10:05,333
<font color="#ffd220">මම දැන් සමුගන්නම්.</font>

128
00:10:14,900 --> 00:10:16,967
<font color="#ffd220">කුමාරයාණනි...</font>

129
00:10:16,967 --> 00:10:18,300
<font color="#ffd220">නමුත්...</font>

130
00:10:18,300 --> 00:10:19,533
<font color="#ffd220">ඔව්. මොකක්ද?</font>

131
00:10:19,533 --> 00:10:21,067
<font color="#ffd220">ඔබට යමක් අවශ්‍යද?</font>

132
00:10:21,067 --> 00:10:23,100
<font color="#ffd220">නැහැ, එහෙම දෙයක් නෙවෙයි.</font>

133
00:10:23,100 --> 00:10:25,333
<font color="#ffd220">මම කල්පනා කර කර හිටපු දෙයක් තියෙනවා.</font>

134
00:10:27,267 --> 00:10:29,144
<font color="#ffd220">හ්ම්,</font>

135
00:10:29,144 --> 00:10:31,900
<font color="#ffd220">අර 'සිව් රූප සටහන' ගැන.</font>

136
00:10:31,900 --> 00:10:32,967
<font color="#ffd220">ආ?</font>

137
00:10:32,967 --> 00:10:35,533
<font color="#ffd220">ඇයි ඔබ ඒක ආදර ලිපිය ඇතුළට දැම්මේ?</font>

138
00:10:38,667 --> 00:10:40,333
<font color="#ffd220">ම්ම්, ඒක...</font>

139
00:10:40,333 --> 00:10:45,400
<font color="#ffd220">'රාත්‍රිය අඳුරුයි, සඳ එළිය දීප්තිමත්',</font>

140
00:10:45,400 --> 00:10:46,600
<font color="#ffd220">ඒ වගේ දෙයක්...</font>

141
00:10:46,600 --> 00:10:49,833
<font color="#ffd220">ඇයි ඔබ ඒ චිත්‍රය ඇතුළත් කළේ...</font>

142
00:10:51,767 --> 00:10:54,176
<font color="#ffd220">ඔබ වහන්සේ</font>

143
00:10:55,000 --> 00:10:56,900
<font color="#ffd220">සහ මම ඉන්න එකක්?</font>

144
00:11:04,633 --> 00:11:06,233
<font color="#ffd220">හ්ම්,</font>

145
00:11:06,867 --> 00:11:08,467
<font color="#ffd220">ඒක...</font>

146
00:11:19,367 --> 00:11:24,133
<b><font color="#ffd88f"><i>දැන්, වම් පස ඇමතිතුමා දල් ඊ ට
ප්‍රසිද්ධියේම හානි කරන්න උත්සාහ කරාවි.</i></font></b>

147
00:11:24,133 --> 00:11:26,123
<b><font color="#ffd88f"><i>හදිසි පාපොච්චාරණ වලට වඩා,</i></font></b>

148
00:11:26,123 --> 00:11:28,833
<b><font color="#ffd88f"><i>මම මුලින්ම වම් පස ඇමතිතුමාව බලයෙන් පහ කළ යුතුයි.</i></font></b>

149
00:11:33,567 --> 00:11:36,100
<font color="#ffd220">මට ඒක තියන්න වෙන තැනක් තිබුණේ නැහැ.</font>

150
00:11:40,700 --> 00:11:45,167
<font color="#ffd220">ඉතින්, ඔබ මාව උපභාර්යාවක් කරගන්නේ
මට ඉන්න වෙන තැනක් නැති නිසාද?</font>

151
00:11:45,167 --> 00:11:47,900
<font color="#ffd220">අපි ෂෙන් කුරුල්ලාව සොයාගෙන
වම් පස ඇමතිව පරාජය කරන තුරු,</font>

152
00:11:47,900 --> 00:11:50,033
<font color="#ffd220">මගේ ළඟින්ම ඉන්න.</font>

153
00:11:50,033 --> 00:11:52,343
<font color="#ffd220">මම නිසා ඔබේ ශරීරයට හානි වුණා,</font>

154
00:11:52,343 --> 00:11:54,467
<font color="#ffd220">ඉතින් මම එහි වගකීම භාරගත යුතුයි.</font>

155
00:12:11,133 --> 00:12:13,267
<font color="#ffd220">මම බිම වැටුණු පලතුරක්ද?</font>

156
00:12:14,300 --> 00:12:16,700
<font color="#ffd220">නැත්නම් කැඩුණු ලුණු භාජනයක්ද?</font>

157
00:12:16,700 --> 00:12:19,867
<font color="#ffd220">මොකක්ද මේ 'වගකීම ගන්න' මාව
උපභාර්යාවක් කරනවා කියන විකාර කතාව?</font>

158
00:12:20,867 --> 00:12:24,433
<font color="#ffd220">එතකොට වම් පස ඇමතිව බලයෙන් පහ කළාට පස්සේ?</font>

159
00:12:24,433 --> 00:12:25,667
<font color="#ffd220">ඊට පස්සේ මොකද?</font>

160
00:12:25,667 --> 00:12:28,067
<font color="#ffd220">ඒ කියන්නේ ඔහු මාවත් අයින් කරලා දායිද?</font>

161
00:12:29,400 --> 00:12:31,733
<font color="#ffd88f"><b><i>සමහර විට මේ හදවත...</i></b></font>

162
00:12:31,733 --> 00:12:35,800
<font color="#ffd88f"><b><i>අයිති ඔටුන්න හිමි කුමරියට නෙවෙයි, මටයි.</i></b></font>

163
00:12:35,800 --> 00:12:39,033
<font color="#ffd220">මම ඉක්මන් වුණා වැඩිද, දැන්...</font>

164
00:12:44,133 --> 00:12:46,000
<font color="#ffd220">මගේ මුළු හදවතම රිදෙනවා.</font>

165
00:12:52,800 --> 00:12:55,800
<font color="#ffd220">ඇයි දේවල් මේ තරම් අවුල් සහගත?</font>

166
00:12:56,467 --> 00:12:58,133
<font color="#ffd220">කොච්චර අනුකම්පා සහගතද.</font>

167
00:12:58,133 --> 00:13:00,333
<font color="#ffd220">උපභාර්යාවක්?</font>

168
00:13:00,333 --> 00:13:03,767
<font color="#ffd220">ඔබ හිතනවද රාජකීය විවාහයට කලින් උපභාර්යාවක් ගත්තොත්
වම් පස ඇමතිතුමා නිකන් ඉඳියි කියලා?</font>

169
00:13:03,767 --> 00:13:07,033
<font color="#ffd220">මම තවදුරටත් වම් පස ඇමතිට බය නැහැ.</font>

170
00:13:07,033 --> 00:13:10,767
<font color="#ffd220">කිසිම පැකිලීමක් නැතුව මගේ යටත්
නිලධාරීන්ව මරන්නේ වම් පස ඇමතිතුමායි.</font>

171
00:13:10,767 --> 00:13:13,767
<font color="#ffd220">මම දල් ඊ ව ආරක්ෂා කළ යුතුයි.</font>

172
00:13:13,767 --> 00:13:15,800
<font color="#ffd220">මේ වතාවේ,</font>

173
00:13:17,133 --> 00:13:19,500
<font color="#ffd220">මම අනිවාර්යයෙන්ම ඇයව ආරක්ෂා කරනවා.</font>

174
00:13:29,467 --> 00:13:31,467
<font color="#ffd220">කරුණාකර මට උදව් කරන්න.</font>

175
00:13:33,367 --> 00:13:34,967
<font color="#ffd220">පියාණෙනි.</font>

176
00:13:43,467 --> 00:13:45,100
<font color="#ffd220">මහරජතුමනි.</font>

177
00:13:48,600 --> 00:13:51,600
<font color="#ffd220">තමන්ගේ දරුවාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප
කරන්න පුළුවන් දෙමාපියෙක් ඉන්නවද?</font>

178
00:14:02,900 --> 00:14:05,000
<font color="#ffd220">පාක් දල් ඊ ව</font>

179
00:14:05,633 --> 00:14:08,800
<font color="#ffd220">කනිෂ්ඨ පස්වන ශ්‍රේණියේ 'සෝ හූන්' ලෙස පත් කරනු.</font>

180
00:14:22,800 --> 00:14:27,367
<font color="#ffd220">අද සිට, මෙම දැරිය ඔබට සේවය කරනු ඇත,
සෝ හූන් ආර්යාවනි.</font>

181
00:14:28,200 --> 00:14:31,733
<font color="#ffd220">මම මගේ මුළු අවංකභාවය, පක්ෂපාතීත්වය සහ හදවතින්ම කැප වෙනවා.</font>

182
00:14:32,867 --> 00:14:34,733
<font color="#ffd220">මම ගැනත් බලාගන්න.</font>

183
00:14:34,733 --> 00:14:37,433
<font color="#ffd220">කරුණාකර ඔබේ කටහඬ බාල කරන්න.</font>

184
00:14:37,433 --> 00:14:39,200
<font color="#ffd220">එය සිරිත් විරිත් වලට පටහැනියි.</font>

185
00:14:39,200 --> 00:14:40,900
<font color="#ffd220">නමුත්, මේ අපේ පළමු හමුවීමනේ.</font>

186
00:14:40,900 --> 00:14:45,100
<font color="#ffd220">ඔබ ඇය සමග කාමරයක් බෙදාගෙන ඉඳලත්
කොහොමද මේකට 'පළමු හමුවීම' කියන්නේ?</font>

187
00:14:49,333 --> 00:14:52,600
<font color="#ffd220">ආ, මට තේරෙනවා.</font>

188
00:14:52,600 --> 00:14:58,200
<font color="#ffd220">එහෙනම් ඇයි ඔබ හදිසියේම ග්‍රාමීය ව්‍යවහාරයෙන් කතා කරන්නේ?</font>

189
00:14:59,200 --> 00:15:00,800
<font color="#ffd220">ඒක...</font>

190
00:15:02,567 --> 00:15:04,467
<font color="#ffd220">කුමාරයාණනි.</font>

191
00:15:09,133 --> 00:15:10,808
<font color="#ffd220">ආ, ඔව්.</font>

192
00:15:10,808 --> 00:15:12,333
<font color="#ffd220">සුව නින්දක් ලැබුණාද?</font>

193
00:15:12,333 --> 00:15:14,367
<font color="#ffd220">ම්ම්, ඔව්...</font>

194
00:15:14,367 --> 00:15:15,967
<font color="#ffd220">මම හිතන්නේ එහෙමයි.</font>

195
00:15:22,567 --> 00:15:24,167
<font color="#ffd220">ඔබ බැඳලා</font>

196
00:15:25,433 --> 00:15:27,000
<font color="#ffd220">ඔබේ කොණ්ඩය උඩට කරලා බැඳලා.</font>

197
00:15:27,000 --> 00:15:29,267
<font color="#ffd220">ආ, ඔව්, මගේ කොණ්ඩය.</font>

198
00:15:35,900 --> 00:15:37,600
<font color="#ffd220">ඒක අමුතුයිද?</font>

199
00:15:37,600 --> 00:15:39,900
<font color="#ffd220">නැහැ, ඒක...</font>

200
00:15:43,633 --> 00:15:45,433
<font color="#ffd220">ඒක ඔබට ගැලපෙනවා.</font>

201
00:15:55,100 --> 00:15:57,433
<font color="#ffd220">කුමාරයාණනි.</font>

202
00:15:57,433 --> 00:15:59,600
<font color="#ffd220">කුමාරයාණනි.</font>

203
00:16:01,000 --> 00:16:02,333
<font color="#ffd220">මොකක්ද?</font>

204
00:16:02,333 --> 00:16:04,700
<font color="#ffd220">ඇයි ඔබ ඔච්චර කලබල වෙලා?</font>

205
00:16:16,733 --> 00:16:17,900
<font color="#ffd220">කුමාරයාණනි.</font>

206
00:16:17,900 --> 00:16:19,000
<font color="#ffd220">මොකද වෙන්නේ?</font>

207
00:16:19,000 --> 00:16:21,967
<font color="#ffd220">ඔවුන් කියනවා භාජනයෙන් විෂ සහිත කෘමීන් වගයක් එළියට ආවා කියලා.</font>

208
00:16:21,967 --> 00:16:25,800
<font color="#ffd220">ඒක ඖෂධ සපයන වෙළඳ කණ්ඩායමෙන් ආපු නිසා.
අනිවාර්යයෙන්ම යම්කිසි වැරදීමක් වෙන්න ඇති.</font>

209
00:16:25,800 --> 00:16:27,833
<font color="#ffd220">අපි වහාම ඒ ගැන සොයා බලන්නම්.</font>

210
00:16:27,833 --> 00:16:29,600
<font color="#ff9231">[පැණි]</font>
<font color="#ffd220">චොන්හේ වෙළඳ සංගමය.</font>

211
00:16:29,600 --> 00:16:31,100
<font color="#ffd220">කවුද වෙළඳ සංගමයේ භාණ්ඩ බෙදාහැරීම් කළමනාකරණය කරන්නේ?</font>

212
00:16:31,100 --> 00:16:33,800
<font color="#ffd220">ප්‍රධාන පාලිකාවයි එය හැසිරෙව්වේ.</font>

213
00:16:39,233 --> 00:16:40,667
<font color="#ffd220">ඔබ කොහෙද යන්නේ?</font>

214
00:16:40,667 --> 00:16:43,833
<font color="#ffd220">ඇමක් මතු වුණා කියන්නේ,
අර නොසන්ඩාලයත් මාලිගාව ඇතුලේ ඉන්න ඕනේ කියන එකයි.</font>

215
00:16:43,833 --> 00:16:46,433
<font color="#ffd220">ඔබේ හිතේ යම්කිසි තැනක් තියෙනවද?</font>

216
00:16:51,467 --> 00:16:53,467
<font color="#ffd220">මාලිගාවේ තෙතබරිත, සැඟවුණු තැනක්,</font>

217
00:16:55,233 --> 00:16:57,767
<font color="#ffd220">ප්‍රධාන පාලිකාව පමණක් දන්නා තැනක්.</font>

218
00:17:02,000 --> 00:17:06,133
<font color="#ffd220">මොකක්ද? මේ පුංචි සතා ෂෙන් කුරුල්ලෙක්ද?</font>

219
00:17:07,067 --> 00:17:08,767
<font color="#ffd220">මේ පැටියෙක්.</font>

220
00:17:08,767 --> 00:17:10,100
<font color="#ffd220">අපි උගේ අම්මාව හොයාගන්න ඕනේ.</font>

221
00:17:10,100 --> 00:17:12,100
<font color="#ffd220">නමුත් දැන් අපිට පැටියෙක් ඉන්න නිසා,</font>

222
00:17:12,100 --> 00:17:14,467
<font color="#ffd220">අපිට බැරිද මූව පාවිච්චි කරලා වම් පස ඇමතිව අල්ලගන්න?</font>

223
00:17:14,467 --> 00:17:19,000
<font color="#ffd220">ඇතුළුවීම් ලොගය, ඇගේ නිල නිවසෙන් හමු
වූ වෙස් මුහුණ, සහ මේ රහස් හිරගෙදර පවා.</font>

224
00:17:19,000 --> 00:17:22,433
<font color="#ffd220">මේ හැම දෙයක්ම ප්‍රධාන පාලිකාව ෂෙන් කුරුල්ලාගේ
අයිතිකරු ලෙස පෙන්වීමට මනාව ගැලපෙනවා.</font>

225
00:17:22,433 --> 00:17:24,233
<font color="#ffd220">ඔබ හරි.</font>

226
00:17:24,233 --> 00:17:26,267
<font color="#ffd220">නමුත් එය වම් පස ඇමතිට සම්බන්ධ
බවට කිසිම සාක්ෂියක් නැහැ, නේද?</font>

227
00:17:26,267 --> 00:17:28,120
<font color="#ffd220">මේ ෂෙන් කුරුලු පැටියා,</font>

228
00:17:28,120 --> 00:17:30,667
<font color="#ffd220">වම් පස ඇමතිතුමාගේ සරදමක් සහ අනතුරු ඇඟවීමක්.</font>

229
00:17:31,567 --> 00:17:34,533
<font color="#ffd220">ඔහු මුල සිටම සැලසුම් කළේ ප්‍රධාන
පාලිකාව ළඟින් හෝඩුවාවන් නැති කර දමන්නයි.</font>

230
00:17:34,533 --> 00:17:36,133
<font color="#ffd220">ඊටත් වඩා,</font>

231
00:17:37,567 --> 00:17:40,900
<font color="#ffd220">මෙය ග්යේසා වර්ෂයේ සිදුවීම ගැන විමර්ශනය කිරීම
නැවැත්වීමට කළ අනතුරු ඇඟවීමක් විය යුතුයි.</font>

232
00:17:51,100 --> 00:17:56,312
<font color="#ffd220">ඔබ අණ කළ පරිදිම, අපි හැමදේම සකස් කළේ
ප්‍රධාන පාලිකාව ෂෙන් කුරුල්ලාගේ අයිතිකරු බව පෙනෙන විදියටයි.</font>

233
00:17:58,500 --> 00:18:01,567
<font color="#ffd220">අපි ඇතුළුවීම් ලොගය, ඇගේ නිල නිවසෙන් හමු වූ වෙස් මුහුණ,</font>

234
00:18:01,567 --> 00:18:04,900
<font color="#ffd220">ෂෙන් පක්ෂියාගේ ආහාර පවා.</font>

235
00:18:06,033 --> 00:18:07,733
<font color="#ffd220">ඔටුන්න හිමි කුමාරයා</font>

236
00:18:08,408 --> 00:18:11,667
<font color="#ffd220">මේ වන විට හොඳටම ව්‍යාකූල වෙලා ඇති.</font>

237
00:18:11,667 --> 00:18:17,300
<font color="#ffd220">නමුත් ඔටුන්න හිමි කුමාරයා ෂෙන් කුරුල්ලාව
සොයාගත්තොත් එය ආරක්ෂිතද?</font>

238
00:18:17,300 --> 00:18:19,867
<font color="#ffd220">ෂෙන් කුරුල්ලා මාලිගාවේ දර්ශනය වූ නිසා,</font>

239
00:18:19,867 --> 00:18:23,433
<font color="#ffd220">ඔහුට එහි පැවැත්ම හදිසියේ හෙළි කරන්න බැහැ.</font>

240
00:18:24,267 --> 00:18:25,900
<font color="#ffd220">වඩා වැදගත් දෙය,</font>

241
00:18:27,067 --> 00:18:31,333
<font color="#ffd220">මම අණ කළා ෂෙන් කුරුල්ලාට සම්බන්ධ
සෑම පුද්ගලයෙක්වම මරා දමන්න කියලා.</font>

242
00:18:31,333 --> 00:18:33,656
<font color="#ffd220">කොහොමද ඔටුන්න හිමි කුමාරයා ඔබ ගැන දැනගත්තේ</font>

243
00:18:33,656 --> 00:18:36,600
<font color="#ffd220">සහ සර්ප දඩයම්කරුවන්ව සොයා ගත්තේ?</font>

244
00:18:42,733 --> 00:18:46,133
<font color="#ffd220">මැරුණු දිවක් නැවත පණ ලැබුවාද?</font>

245
00:18:46,133 --> 00:18:50,633
<font color="#ffd220">මැරිය යුතු කෙනෙක් තවමත් හුස්ම ගන්නවාද?</font>

246
00:18:50,633 --> 00:18:52,533
<font color="#ffd220">කරුණාකර මාව මරා දමන්න.</font>

247
00:18:54,900 --> 00:18:57,867
<font color="#ffd220">නැවත වතාවක් මාව කලකිරීමට පත් කරන්න එපා.</font>

248
00:18:57,867 --> 00:18:59,512
<font color="#ffd220">ඔබේ මව</font>

249
00:18:59,512 --> 00:19:02,067
<font color="#ffd220">එක් වරක් හෝ නිදහස් වීමට සුදුසුයි.</font>

250
00:19:02,067 --> 00:19:05,200
<font color="#ffd220">එහෙයි, ඇමතිතුමනි.</font>

251
00:19:06,867 --> 00:19:09,133
<font color="#ffd220">මාලිගාවෙන් ෂෙන් කුරුලු පැටියෙක් හමුවුණා.</font>

252
00:19:09,133 --> 00:19:12,733
<font color="#ffd220">අපිට පුළුවන්ද මේ පැටියාව පාවිච්චි කරලා උගේ අම්මව හොයාගන්න?</font>

253
00:19:12,733 --> 00:19:15,600
<font color="#ffd220">කොහොමද ෂෙන් කුරුලු පැටියෙක් මාලිගාවෙන් හමුවුණේ?</font>

254
00:19:19,033 --> 00:19:20,067
<font color="#ffd220">ඇයි ඔබ මගේ දිහා බලන්නේ?</font>

255
00:19:20,067 --> 00:19:22,433
<font color="#ffd220">මෙතන 'චීන' භාෂාව කතා කරන්න පුළුවන් එකම කෙනා ඔබයි.</font>

256
00:19:22,433 --> 00:19:24,000
<font color="#ffd220">මම කවදා ඉඳලද 'චීන' භාෂාව කතා කළේ...</font>

257
00:19:24,000 --> 00:19:27,700
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න, ඔයාට චීන භාෂාව කතා කරන්න පුළුවන්ද?</font>

258
00:19:27,700 --> 00:19:30,867
<font color="#ffd220">ම්ම්, මම එහෙ මෙහෙන් ටිකක් ඉගෙන ගත්තා.</font>

259
00:19:36,733 --> 00:19:40,200
<font color="#ffd220">ගිය පාර දැක්කම ඔයාට අපේ භාෂාවත් කතා කරන්න පුළුවන් වුනානේ.</font>

260
00:19:40,200 --> 00:19:41,833
<font color="#ffd220">නිකන් අපේ භාෂාවෙන් කතා කරන්නකෝ.</font>

261
00:19:41,833 --> 00:19:44,133
<font color="#ffd220">රටක ඔටුන්න හිමි කුමාරයෙක් වන මම,
ඔයා වෙනුවෙන් වෙනස් වෙන්නේ ඇයි?</font>

262
00:19:44,133 --> 00:19:46,100
<font color="#ffd220">මට මගේ ගෞරවයක් තියෙනවා.</font>

263
00:19:47,067 --> 00:19:48,367
<font color="#ffd220">උතුමාණෙනි.</font>

264
00:19:48,367 --> 00:19:51,033
<font color="#ffd220">ඒ ළමයා ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්.</font>

265
00:19:51,033 --> 00:19:56,633
<font color="#ffd220">දැනට ඔය ගෞරවය පැත්තක තියලා
ඉස්සෙල්ලාම තොරතුරු ටික දැනගන්න...</font>

266
00:19:56,633 --> 00:19:58,400
<font color="#ffd220">ම්ම්...</font>

267
00:19:58,400 --> 00:20:00,633
<font color="#ffd220">- කුරුලු පැටියා...
- මොකක්ද කිව්වේ?</font>

268
00:20:00,633 --> 00:20:02,200
<font color="#ffd220">මිනිස්සුන්ව මරන්න බෑ.</font>

269
00:20:02,200 --> 00:20:04,333
<font color="#ffd220">ඒ නිසා අම්මා එයාව ආරක්ෂා කරනවා.</font>

270
00:20:05,167 --> 00:20:08,700
<font color="#ffd220">විෂ අඩු නිසා අම්මා ආරක්ෂා කරනවද?</font>

271
00:20:08,700 --> 00:20:10,933
<font color="#ffd220">ඔය කියන්නේ මව් සෙනෙහස ගැනද?</font>

272
00:20:10,933 --> 00:20:13,267
<font color="#ffd220">ඉස්සර, පැටියෙක්ව ගොඩක් දුරකට විකුණුවා,</font>

273
00:20:13,267 --> 00:20:16,867
<font color="#ffd220">අම්මා ඒ පැටියාව හොයාගෙන ආපහු ගෙදර එක්කන් ආවා.</font>

274
00:20:16,867 --> 00:20:18,467
<font color="#ffd220">ගෙදර?</font>

275
00:20:19,300 --> 00:20:21,767
<font color="#ffd220">අල්ලගත්ත තැනටම ආපහු ගියා කියලද ඔය කියන්නේ?</font>

276
00:20:40,900 --> 00:20:43,133
<font color="#ffd220">ආපහු එන සහජ ඉවක්...</font>

277
00:20:44,267 --> 00:20:49,867
<font color="#ffd220">දුරකට විකුණුවා නම්, කොච්චර දුරකටද?</font>

278
00:20:51,467 --> 00:20:53,496
<font color="#ffd220">ඊළඟ ගම්මානයට රි 20ක් විතර.</font>

279
00:20:53,496 --> 00:20:55,467
<font color="#ffd220">එච්චර දුරකට.</font>

280
00:20:57,233 --> 00:20:59,900
<font color="#ffd220">රි 20ක්.</font>

281
00:20:59,900 --> 00:21:01,400
<font color="#ffd220">ඇයි මොකද?</font>

282
00:21:01,400 --> 00:21:04,733
<font color="#ffd220">රි 20ක් දුර ඉඳන් පැටියෙක්ව එක්කන් එනවා කියන්නේ</font>

283
00:21:04,733 --> 00:21:08,000
<font color="#ffd220">අම්මා එයාගේ අඳෝනාව අහලා එයාව හොයාගෙන ගියා කියන එකනේ?</font>

284
00:21:08,000 --> 00:21:09,600
<font color="#ffd220">ඒ කියන්නේ...</font>

285
00:21:10,733 --> 00:21:13,800
<font color="#ffd220">පැටියටත් අම්මා කතා කරනවා ඇහෙන්න ඇති.</font>

286
00:21:19,400 --> 00:21:23,200
<font color="#ffd220">දැනට පැටියාව පාවිච්චි කරලා
අම්මව හොයාගන්න එක තමයි හොඳම දේ.</font>

287
00:21:23,200 --> 00:21:27,433
<font color="#ffd220">වැඩුණු ශින් කුරුල්ලෝ ලොකු නිසා,
උන් සාමාන්‍යයෙන් හැදෙන්නේ කඳුකර ගුහාවල.</font>

288
00:21:27,433 --> 00:21:29,433
<font color="#ffd220">ඒ නිසා අපි ළඟ පාත කඳු පීරලා බලමු...</font>

289
00:21:34,800 --> 00:21:37,133
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න.</font>

290
00:21:37,133 --> 00:21:39,467
<font color="#ffd220">මට මෙයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා.</font>

291
00:21:42,833 --> 00:21:45,867
<font color="#ffd220">ඔයා පොරොන්දු වුනානේ ඇඟ මාරු  වුනාම
දල් ඊව ආපහු යවනවා කියලා.</font>

292
00:21:45,867 --> 00:21:47,867
<font color="#ffd220">ඒත් එයාව උප බිසවක් කරගත්තා?
ඔයාට කොහොමද එහෙම කරන්න පුළුවන් වුනේ!</font>

293
00:21:47,867 --> 00:21:49,500
<font color="#ffd220">මම ඔයාට අනතුරු ඇඟවූවා නේද?</font>

294
00:21:49,500 --> 00:21:52,600
<font color="#ffd220">උතුමාණන්ට දල් ඊව ආරක්ෂා කරන්න බෑ කියලා!</font>

295
00:21:54,100 --> 00:21:56,133
<font color="#ffd220">මට මෙච්චර කාලයක් පුදුම හිතුන දෙයක් තියෙනවා.</font>

296
00:21:56,133 --> 00:22:00,333
<font color="#ffd220">ඔටුන්න හිමි කුමාරයා විදිහට මම දල් ඊව ආරක්ෂා කරනවා කිව්වට
පස්සෙත්, ඇයි ඔයා එයා එක්ක චීන දේශයට පැනලා යන්න හැදුවේ?</font>

297
00:22:00,333 --> 00:22:03,733
<font color="#ffd220">ඇඟවල් මාරු වුනා කියන බොරුව
ඔයා එක පාරටම විශ්වාස කළා.</font>

298
00:22:03,733 --> 00:22:05,816
<font color="#ffd220">ඒ වගේම දැන්...</font>

299
00:22:05,816 --> 00:22:09,833
<font color="#ffd220">මේ හැසිරීම, හරියට ඔයා හදන්නේ
මාවයි දල් ඊවයි වෙන් කරන්න වගේ.</font>

300
00:22:18,300 --> 00:22:20,967
<font color="#ffd220">අවුරුදු පහකට කලින් ඔයාට ඔටුන්න හිමි කුමරිය නැති වුනා වගේම,</font>

301
00:22:21,600 --> 00:22:24,567
<font color="#ffd220">වම් අමාත්‍යවරයා නිසා ඔයාට දල් ඊවත් නැති වෙයිද?</font>

302
00:22:27,400 --> 00:22:30,033
<font color="#ffd220">කරුණාකරලා දල් ඊව ආපහු යවන්න.</font>

303
00:22:33,567 --> 00:22:35,200
<font color="#ffd220">දල් ඊ කිව්වා...</font>

304
00:22:36,900 --> 00:22:40,000
<font color="#ffd220">එයාට තවත් විනාශ වෙන ජීවිතයක් එපා කියලා.</font>

305
00:22:41,900 --> 00:22:44,567
<font color="#ffd220">මේ පාර මම එයාව හරියටම ආරක්ෂා කරනවා.</font>

306
00:22:44,567 --> 00:22:45,976
<font color="#ffd220">දල් ඊව විතරක් නෙවෙයි,</font>

307
00:22:45,976 --> 00:22:47,800
<font color="#ffd220">දල් ඊගේ හීනත් එක්කම.</font>

308
00:22:56,967 --> 00:22:58,900
<font color="#ffd220">මේ වෙලාවෙද උප බිසවක් තෝරගන්නේ?</font>

309
00:22:58,900 --> 00:23:03,133
<font color="#ffd220">රාජකීය විවාහයට තව දවස් ටිකක් තියෙද්දි,
එයා උප බිසවක් ගත්තද?</font>

310
00:23:03,133 --> 00:23:07,633
<font color="#ffd220">මේක ඔබට කරපු අභියෝගයක්. විවෘත අභියෝගයක්!</font>

311
00:23:07,633 --> 00:23:09,533
<font color="#ffd220">ඔබ කොහොමද මෙච්චර සන්සුන්ව ඉන්නේ?</font>

312
00:23:09,533 --> 00:23:12,133
<font color="#ffd220">එයාට පුතෙක් ලැබුනොත්...</font>

313
00:23:12,133 --> 00:23:17,500
<font color="#ffd220">රජ පවුලට රාජ්‍ය උරුමය වගේ
තවත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි.</font>

314
00:23:18,133 --> 00:23:20,467
<font color="#ffd220">බලාගෙන ඉන්නකෝ.</font>

315
00:23:20,467 --> 00:23:25,600
<font color="#ffd220">කෙනෙක්ව පාලනය කරන්න එයාගේ
දුර්වලතාවයට වඩා හොඳ දෙයක් නෑ.</font>

316
00:23:27,000 --> 00:23:28,867
<font color="#ffd220">උතුමාණෙනි, වම් අමාත්‍යවරයා...</font>

317
00:23:28,867 --> 00:23:32,900
<font color="#ffd220">අනේ මන්දා, හදිසි වුනාට
රාජකීය නීති පිළිපදින්න එපැයි.</font>

318
00:23:32,900 --> 00:23:35,467
<font color="#ffd220">දැන් නීති වැඩක් නෑ උතුමාණෙනි.</font>

319
00:23:35,467 --> 00:23:38,467
<font color="#ffd220">මේ වෙලාවේ වම් අමාත්‍යවරයා ඉන්නේ
සෝ හූන් ආර්යාව එක්ක...</font>

320
00:23:38,467 --> 00:23:39,600
<font color="#ffd220">සෝ හූන් ආර්යාව...</font>

321
00:23:39,600 --> 00:23:41,267
<font color="#ffd220">වම් අමාත්‍යවරයා...</font>

322
00:23:43,133 --> 00:23:47,700
<font color="#ffd220">අපි ආයෙත් හම්බවුනා, සෝ හූන් ආර්යාව.</font>

323
00:23:47,700 --> 00:23:50,233
<font color="#ffd220">මොකද මේ වම් අමාත්‍යතුමා මෙච්චර දුර ආවේ?</font>

324
00:23:50,233 --> 00:23:54,100
<font color="#ffd220">කලින් පරීක්ෂණයේදී මගෙන් වුනු වරදට
සමාව ඉල්ලන්නයි මම මේ ආවේ,</font>

325
00:23:54,100 --> 00:23:56,600
<font color="#ffd220">ඒ වගේම ඔබට සුබ පතන්නත් එක්ක,</font>

326
00:23:56,600 --> 00:23:59,933
<font color="#ffd220">ඔබ සෝ හූන් තනතුරට පත්වීම ගැන.</font>

327
00:23:59,933 --> 00:24:01,533
<font color="#ffd220">ඒ වගේම මට තහවුරු කරගන්න දෙයක් තියෙනවා.</font>

328
00:24:01,533 --> 00:24:03,500
<font color="#ffd220">මොකක්ද තහවුරු කරගන්න ඕන?</font>

329
00:24:09,133 --> 00:24:11,367
<font color="#ffd220">හරි.</font>

330
00:24:11,367 --> 00:24:13,967
<font color="#ffd220">ඒක දැනටමත් තහවුරු වුනා.</font>

331
00:24:16,833 --> 00:24:18,467
<font color="#ffd220">උතුමාණෙනි.</font>

332
00:24:28,467 --> 00:24:31,300
<font color="#ffd220">මොකද මේ හදිසියේම?</font>

333
00:24:32,467 --> 00:24:36,100
<font color="#ffd220">ඇයි උතුමාණෙනි මෙච්චර දුර ආවේ?</font>

334
00:24:39,000 --> 00:24:43,533
<font color="#ffd220">මම ආවේ ඔබ දවල් දවසේ මගේ උප බිසව
තනියම හම්බෙනවා දැක්කොත්...</font>

335
00:24:43,533 --> 00:24:45,733
<font color="#ffd220">කටකතා පැතිරෙයි කියලා.</font>

336
00:24:45,733 --> 00:24:49,167
<font color="#ffd220">උතුමාණන් මා ගැන වද වෙන එක ගැන</font>

337
00:24:49,167 --> 00:24:51,800
<font color="#ffd220">මම යටත් පහත් වෙනවා.</font>

338
00:24:55,300 --> 00:24:57,900
<font color="#ffd220">සෝ හූන් ආර්යාව, ඔබට යන්න පුළුවන්.</font>

339
00:24:57,900 --> 00:24:59,533
<font color="#ffd220">කුමක් කිව්වාද?</font>

340
00:25:09,567 --> 00:25:11,200
<font color="#ffd220">එහෙමයි.</font>

341
00:25:23,567 --> 00:25:26,700
<font color="#ffd220">මමත් දැන් පිටත් වෙන්නම්.</font>

342
00:25:28,067 --> 00:25:30,133
<font color="#ffd220">ඒත් උතුමාණෙනි,</font>

343
00:25:30,133 --> 00:25:35,700
<font color="#ffd220">ඇයි හැඟීම් නිසා තවත් දුර්වලතාවයක් හදාගන්නේ?</font>

344
00:25:36,800 --> 00:25:38,100
<font color="#ffd220">ඔබ මොකක්ද මේ කියන්නේ...</font>

345
00:25:38,100 --> 00:25:42,600
<font color="#ffd220">කෙනෙක්ගේ ලොකුම දුර්වලකම තමයි ආදරය.</font>

346
00:25:42,600 --> 00:25:45,733
<font color="#ffd220">මම මේ ගැන අනතුරු ඇඟවූවා නේද?</font>

347
00:25:45,733 --> 00:25:47,640
<font color="#ffd220">එහෙනම්,</font>

348
00:25:47,640 --> 00:25:49,667
<font color="#ffd220">මම ගිහින් එන්නම්.</font>

349
00:25:49,667 --> 00:25:51,000
<font color="#ffd220">මට...</font>

350
00:25:51,000 --> 00:25:54,867
<font color="#ffd220">ඔටුන්න හිමි කුමරිය නැති වුනා,
ඒ එක්කම මගේ හිනාවයි ආදරයයි නැති වුනා.</font>

351
00:25:54,867 --> 00:25:57,767
<font color="#ffd220">එයාව උප බිසව විදිහට තෝරගත්ත එක මගේ වගකීමක්.</font>

352
00:25:57,767 --> 00:26:02,067
<font color="#ffd220">ඔබ දන්නවනේ, සෝ හූන් ආර්යාව
සින්ජුසා පන්සලේදී මගේ ජීවිතේ බේරගත්තා.</font>

353
00:26:02,067 --> 00:26:04,487
<font color="#ffd220">මම වෙනුවෙන් කැපවුනු මගේ ජීවිත ආරක්ෂකයාව</font>

354
00:26:04,487 --> 00:26:06,900
<font color="#ffd220">මම අමතක කරන්නේ කොහොමද?</font>

355
00:26:13,733 --> 00:26:17,733
<font color="#ffd220">පේන විදිහට ඔබ එයාව මගෙන්
බේරගන්න විදිහක් හොයාගෙන වගේ.</font>

356
00:26:17,733 --> 00:26:20,233
<font color="#ffd220">ඒ වුනාට, ඔබ නිරාවරණය වුනා.</font>

357
00:26:20,233 --> 00:26:25,733
<font color="#ffd220">බොරුව පිටුපස ඔබ හංගන් ඉන්න ආදරය, උතුමාණෙනි.</font>

358
00:26:43,400 --> 00:26:46,000
<font color="#ffd220">එයා කතා කරපු පලියට ඇයි වම්
අමාත්‍යවරයාව හම්බවෙන්න ගියේ?</font>

359
00:26:46,000 --> 00:26:48,700
<font color="#ffd220">ඇයි උප බිසවක් වුනේ කියලා අමතක වුනාද?</font>

360
00:26:50,267 --> 00:26:51,500
<font color="#ffd220">මට කොහොමද අමතක වෙන්නේ?</font>

361
00:26:51,500 --> 00:26:54,167
<font color="#ffd220">මට අමතක වෙන්න එන හැම වෙලාවෙම ඔබතුමා මතක් කරනවානේ.</font>

362
00:26:56,467 --> 00:26:58,233
<font color="#ffd220">මට තේරෙනවා.</font>

363
00:26:58,233 --> 00:27:02,333
<font color="#ffd220">උතුමාණන්ට කරදරයක් නොවෙන්න මම
මේ මැදුරට වෙලා හැංගිලා ඉන්නම්.</font>

364
00:27:06,633 --> 00:27:08,900
<font color="#ffd220">තව ටික කාලයක් ඉවසන්න.</font>

365
00:27:08,900 --> 00:27:11,100
<font color="#ffd220">දේවල් ටිකෙන් ටික හොඳ වේගෙන එන්නේ.</font>

366
00:27:11,900 --> 00:27:14,267
<font color="#ffd220">ආ, ඔයා අර චීන දේශයේ ළමයව හම්බවුනා නේද?</font>

367
00:27:14,267 --> 00:27:15,300
<font color="#ffd220">එයා මොකද කිව්වේ?</font>

368
00:27:15,300 --> 00:27:17,900
<font color="#ffd220">එයා තාම කට වහගෙනද ඉන්නේ?</font>

369
00:27:18,767 --> 00:27:21,633
<font color="#ffd220">පැටියටයි අම්මටයි ගොඩක් දුර ඉඳන්
පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන් වගේ.</font>

370
00:27:21,633 --> 00:27:25,467
<font color="#ffd220">මුල ඉඳන්ම කඳුකර කුරුල්ලෝ නිසා මේක වෙන්න පුළුවන් දෙයක්.</font>

371
00:27:25,467 --> 00:27:28,500
<font color="#ffd220">සර්ප දඩයක්කාරයෝ ගැන හොයලා බලලා
උන් මැරෙන්න දවස් තුනක් ගියා.</font>

372
00:27:28,500 --> 00:27:31,567
<font color="#ffd220">ශින් කුරුල්ලෝ අගනුවර ඉඳන් දවස් තුනක් ඇතුළත
ගිහින් එන්න පුළුවන් දුරකින් ඉන්න ඕන.</font>

373
00:27:31,567 --> 00:27:34,700
<font color="#ffd220">ඒ කියන්නේ උන් අගනුවර වෙන්න ඕන.</font>

374
00:27:34,700 --> 00:27:36,800
<font color="#ffd220">උන් අවුරුදු පහක් තිස්සේ හැංගිලා හිටියේ,</font>

375
00:27:36,800 --> 00:27:39,700
<font color="#ffd220">බොහෝ විට වම් අමාත්‍යවරයාට සම්බන්ධ තැනක වෙන්න ඇති?</font>

376
00:27:39,700 --> 00:27:43,100
<font color="#ffd220">අපි පැටියාව පාවිච්චි කරලා අම්මව හොයාගමු.</font>

377
00:27:43,100 --> 00:27:44,967
<font color="#ffd220">අපි ශින් කුරුල්ලව අල්ලගෙන...</font>

378
00:27:44,967 --> 00:27:48,400
<font color="#ffd220">උගේ වාසස්ථානය වම් අමාත්‍යවරයාට
සම්බන්ධයි කියලා ඔප්පු කළොත්,</font>

379
00:27:48,400 --> 00:27:50,333
<font color="#ffd220">එයා රාජද්‍රෝහී වෙනවා, සදහටම.</font>

380
00:27:50,333 --> 00:27:52,133
<font color="#ffd220">හොඳයි. එහෙනම් මම මොකද කරන්න ඕන?</font>

381
00:27:52,133 --> 00:27:54,400
<font color="#ffd220">මුකුත් නෑ!</font>

382
00:27:54,400 --> 00:27:57,267
<font color="#ffd220">දැන් මගේ ඇඟ ආපහු ලැබුන නිසා,
මේ පළිගැනීම සම්පූර්ණයෙන්ම මගේ.</font>

383
00:27:57,267 --> 00:27:59,567
<font color="#ffd220">ඔයාට මේකෙන් දහයෙන් පංගුවක්වත් ලැබෙන්නේ නෑ...
භාගයක් තියා.</font>

384
00:27:59,567 --> 00:28:03,367
<font color="#ffd220">ඒ නිසා දැන් ඉඳන් ග්යේසා අවුරුද්දේ නඩුවෙන් අයින් වෙලා ඉන්න.</font>

385
00:28:03,367 --> 00:28:07,433
<font color="#ffd220">මට සම්බන්ධ වෙන්න දෙන්නෙත් නෑ,
ඒ වුනාට ඇයි ඔක්කොම මෙච්චර විස්තර කරන්නේ?</font>

386
00:28:07,433 --> 00:28:09,200
<font color="#ffd220">මේක සැලැස්මක් නෙවෙයි. මේක විස්තර කිරීමක්.</font>

387
00:28:09,200 --> 00:28:11,400
<font color="#ffd220">මම මගේ පළිගැනීම ඔයාගේ උදව් නැතුව ඉවර කරනවා,</font>

388
00:28:11,400 --> 00:28:13,733
<font color="#ffd220">වම් අමාත්‍යවරයාව විනාශ කරනවා.</font>

389
00:28:15,767 --> 00:28:17,464
<font color="#ffd220">මම...</font>

390
00:28:17,464 --> 00:28:20,000
<font color="#ffd220">මගේ ජීවිතේ මේ පළිගැනීම වෙනුවෙන් කැප කළා.</font>

391
00:28:30,500 --> 00:28:34,500
<font color="#ffd220">මැරුණු අය වෙනුවෙන් පළිගන්න ගිහින් ජීවිතේ පූජා කළොත්,</font>

392
00:28:35,433 --> 00:28:38,100
<font color="#ffd220">එතකොට මැරුණු අය විතරක් මැරිලා ඉතුරු වෙයි.</font>

393
00:28:38,100 --> 00:28:40,533
<font color="#ffd220">ජීවත් වෙන අය ජීවත් වෙන්න ඕන.</font>

394
00:28:42,467 --> 00:28:44,100
<font color="#ffd220">මෝඩයා.</font>

395
00:28:46,633 --> 00:28:50,367
<font color="#ffd220">මට සිද්ධ වෙනවා සෝ හූන්ව නෙරපා හැරපු බිසවක් කරන්න.</font>

396
00:28:50,367 --> 00:28:54,533
<font color="#ffd220">ඒත් හුඟක් අය නෙරපා හැරපු ඔටුන්න
හිමි කුමරියගේ මළමිනිය දැක්කා...</font>

397
00:28:54,533 --> 00:28:58,400
<font color="#ffd220">එයාලා දැක්කේ නරක් වෙලා අඳුරගන්න බැරි මළමිනියක්.</font>

398
00:28:58,400 --> 00:29:01,270
<font color="#ffd220">ස්ථිර සාක්ෂි වලට වඩා...</font>

399
00:29:01,270 --> 00:29:03,333
<font color="#ffd220">මහජන මතය බලවත්.</font>

400
00:29:04,067 --> 00:29:07,700
<font color="#ffd220">නොකරපු වැරදි වලට මිනිස්සුන්ට ජීවිත නැති වෙනවා,</font>

401
00:29:08,333 --> 00:29:11,500
<font color="#ffd220">වස දීමක් සාපයක් බවට හැරෙන්න පුළුවන්.</font>

402
00:29:11,500 --> 00:29:14,367
<font color="#ffd220">මැරුණු කෙනෙක් ආපහු නැගිටලා ආවත්,</font>

403
00:29:14,367 --> 00:29:17,100
<font color="#ffd220">මිනිස්සු ඒක විශ්වාස කරයි.</font>

404
00:29:18,533 --> 00:29:22,500
<font color="#ffd220">සෝ හූන් ආර්යාවගේ බොරියෝන්ග්වල
අසල්වැසියන්ව මම හොයාගන්නම්.</font>

405
00:29:25,633 --> 00:29:29,933
<font color="#ffd220">මෙන්න අගනුවර ඉඳන් දවස් තුනක් ඇතුළත
ගිහින් එන්න පුළුවන් කඳු ලැයිස්තුවක්.</font>

406
00:29:32,000 --> 00:29:34,967
<font color="#ffd220">ඒවා හොයාගන්න අමාරු තැන්වල හංගලා ඇත්තේ.</font>

407
00:29:34,967 --> 00:29:36,767
<font color="#ffd220">අපි පැටියාව පාවිච්චි කරලා අම්මව හොයාගමු.</font>

408
00:29:36,767 --> 00:29:38,167
<font color="#ffd220">- තේරුණා.
- එහෙමයි.</font>

409
00:29:38,167 --> 00:29:40,800
<font color="#ffd220">අපි ලොකු දියුණුවක් ලබා ගත්තා.</font>

410
00:29:40,800 --> 00:29:44,900
<font color="#ffd220">ඇත්තම කිව්වොත්, මේ ඔක්කොම
ජේ වූන් කුමාරයාගේ පොත නිසා.</font>

411
00:29:46,000 --> 00:29:47,633
<font color="#ffd220">මට සමාවෙන්න.</font>

412
00:29:49,033 --> 00:29:50,673
<font color="#ffd220">ඕන නෑ.</font>

413
00:29:51,320 --> 00:29:53,767
<font color="#ffd220">ඔයා වැරදි නෑ.</font>

414
00:29:55,200 --> 00:29:58,933
<font color="#ffd220">ලොකු දෙයක් අපි දැනගත්ත එක වෙස් මුහුණ
ප්‍රධාන පාලිකාවට අයිති එකක් කියලා.</font>

415
00:29:58,933 --> 00:30:02,467
<font color="#ffd220">මොනවත් උදව්වක් කරගන්න බැරි වුන එක ගැන මට දුකයි.</font>

416
00:30:02,467 --> 00:30:04,567
<font color="#ffd220">ඇයි ඔයා මාත් එක්ක රණ්ඩු කරන්නේ නැත්තේ?</font>

417
00:30:06,133 --> 00:30:08,133
<font color="#ffd220">- මොකක්ද?
- ඔයා මට බනින්න තිබුනානේ,</font>

418
00:30:08,133 --> 00:30:10,833
<font color="#ffd220">'ඔයා මගෙන් හැමදේම ගත්තා,
ඒත් ඇයි පොරොන්දු කඩ කළේ' කියලා.</font>

419
00:30:10,833 --> 00:30:13,833
<font color="#ffd220">ඔයා මට බයගුල්ලෙක් කියන්න තිබුනා,
පොරොන්දු කඩ කළාට බනින්න තිබුනා.</font>

420
00:30:13,833 --> 00:30:17,867
<font color="#ffd220">ඔයා සද්ද නැතුව ඉන්න කොට මට
නිකන් ඔයා එක්ක රණ්ඩු කරන්න හිතෙනවා.</font>

421
00:30:17,867 --> 00:30:19,500
<font color="#ffd220">ඔබ මොකක්ද මේ කියන්නේ...</font>

422
00:30:20,700 --> 00:30:23,867
<font color="#ffd220">වෙස් මුහුණ ගැන ඇත්ත දැනගත්තේ,
වගේම ශින් කුරුල්ලා තාම ජීවත් වෙනවා කියලා දැනගත්තේ,</font>

423
00:30:23,867 --> 00:30:26,600
<font color="#ffd220">ඔයා ලියපු පොතට පින් සිද්ධ වෙන්න.</font>

424
00:30:26,600 --> 00:30:30,933
<font color="#ffd220">ඔයා මට උදව් කරපු නිසා,
ඔයාගේ බොරුවයි මගේ වාසියයි කැපිලා යනවා.</font>

425
00:30:30,933 --> 00:30:33,367
<font color="#ffd220">අපි පොරොන්දුවක් වුන නිසා,</font>

426
00:30:33,367 --> 00:30:35,633
<font color="#ffd220">මම කිරුළ හිමි  ආර්යාවගේ ආරක්ෂාව බලාගන්නම්.</font>

427
00:30:40,033 --> 00:30:41,067
<font color="#ffd220">ස්තූතියි, අයියේ.</font>

428
00:30:41,067 --> 00:30:44,200
<font color="#ffd220">එහාට යන්න. ඕක කැතයි.</font>

429
00:30:44,200 --> 00:30:46,567
<font color="#ffd220">පවුල් කියන්නේ මේවට තමයි.</font>

430
00:30:48,233 --> 00:30:50,733
<font color="#ffd220">ඒක නෙවෙයි, මොකක්ද වෙන්නේ?</font>

431
00:30:50,733 --> 00:30:53,000
<font color="#ffd220">දල් ඊ සෝ හූන් වෙලාද?</font>

432
00:30:54,567 --> 00:30:56,933
<font color="#ffd220">මම එයාව ආරක්ෂා කරන්න හදන්නේ.</font>

433
00:30:58,233 --> 00:31:02,667
<font color="#ffd220">වම් අමාත්‍යවරයා තමයි ශින් කුරුල්ලාගේ අයිතිකාරයා
කියලා ඔප්පු කරන්න මම හැමදේම පරදුවට තියනවා.</font>

434
00:31:02,667 --> 00:31:05,500
<font color="#ffd220">ඒ දවස ආවම, කිරුළ හිමි  ආර්යාව, නෑ,</font>

435
00:31:06,500 --> 00:31:09,033
<font color="#ffd220">ඔයාගේ ගැහැණු ළමයගේ අතින් අල්ලගෙන පැනලා යන්න.</font>

436
00:31:16,300 --> 00:31:18,300
<font color="#ffd220">ඔයාගේ ආදරේ ආරක්ෂා කරගන්න.</font>

437
00:31:28,033 --> 00:31:34,800
<font color="#ffffff"><b><i>♫ නෑ, මට ඔබට මෙහෙම අමතන්න බෑ ♫</i></b></font>

438
00:31:34,800 --> 00:31:41,133
<font color="#ffffff"><b><i>♫ මගේ මුවින් ඔබේ නම කියන්න බෑ ♫</i></b></font>

439
00:31:41,133 --> 00:31:46,333
<font color="#ffffff"><b><i>♫ හුස්ම ගන්න වාරයක් පාසා පපුව රිදෙනවා ♫</i></b></font>

440
00:31:46,333 --> 00:31:54,300
<font color="#ffffff"><b><i>♫ කාලය යද්දී කටු එන්න එන්නම ගැඹුරටම ඇනෙනවා ♫</i></b></font>

441
00:31:54,300 --> 00:32:01,067
<font color="#ffffff"><b><i>♫ හිර කරගෙන ඉන්න බැරි මේ ආදරය ♫</i></b></font>

442
00:32:01,067 --> 00:32:06,033
<font color="#ffffff"><b><i>♫ මට තවත් ඒක ඈත් කරන්න බෑ ♫</i></b></font>

443
00:32:06,033 --> 00:32:10,967
<font color="#ffffff"><b><i>♫ කවදාහරි ජීවිතේ කෙළවරදී ♫</i></b></font>

444
00:32:10,967 --> 00:32:14,133
<font color="#ffffff"><b><i>♫ එය සම්පූර්ණ වේවා ♫</i></b></font>

445
00:32:14,133 --> 00:32:20,867
<font color="#ffffff"><b><i>♫ දෑස් පියාගෙන මම ආයෙත් අඬගසනවා ♫</i></b></font>

446
00:32:20,867 --> 00:32:26,700
<font color="#ffffff"><b><i>♫ මේ සීතල ලෝකයේ ♫</i></b></font>

447
00:32:26,700 --> 00:32:33,267
<font color="#ffffff"><b><i>♫ ඔබ මෙහි රැඳී සිටින අයුරු ♫</i></b></font>

448
00:32:33,267 --> 00:32:40,500
<font color="#ffffff"><b><i>♫ එය සමුගැනීමක් නොවේවායි මම ප්‍රාර්ථනා කරනවා ♫</i></b></font>

449
00:32:40,500 --> 00:32:47,333
<font color="#ffffff"><b><i>♫ පටන්ගැන්මේදී වගේම රැඳී ඉන්න ♫</i></b></font>

450
00:32:47,333 --> 00:32:53,700
<font color="#ffffff"><b><i>♫ දැන් මගේ දෛවය සම්පූර්ණයෙන්ම බාර දීලා ♫</i></b></font>

451
00:32:53,700 --> 00:33:01,000
<font color="#ffffff"><b><i>♫ නොකියා හිටපු මේ හැඟීම් මම මුදා හරිනවා ♫</i></b></font>

452
00:33:16,500 --> 00:33:19,300
<font color="#ffd220">මම සැරෙන් කියපු දේවල් අවංකවම කියපුවා නෙවෙයි.</font>

453
00:33:19,300 --> 00:33:21,933
<font color="#ffd220">මගේ හැඟීම් නැති වුනා කිව්ව එකත් බොරුවක්.</font>

454
00:33:24,367 --> 00:33:26,267
<font color="#ffd220">එකත් බොරුවක්.</font>

455
00:33:28,733 --> 00:33:30,167
<font color="#ffd220">ඇයි මේ එක පාරටම?</font>

456
00:33:30,167 --> 00:33:33,467
<font color="#ffd220">වම් අමාත්‍යවරයා ළඟදීම වැටෙයි.</font>

457
00:33:33,467 --> 00:33:36,667
<font color="#ffd220">ඔහුත් එක්කම ඔයත් විනාශ වෙලා යාවි.</font>

458
00:33:36,667 --> 00:33:39,600
<font color="#ffd220">මගේ පියා වැටෙන්නේ නැහැ.</font>

459
00:33:39,600 --> 00:33:41,533
<font color="#ffd220">ඔහු අනිවාර්යයෙන්ම වැටෙනවා.</font>

460
00:33:41,533 --> 00:33:43,663
<font color="#ffd220">ඒ දවස ආවම,</font>

461
00:33:43,663 --> 00:33:46,500
<font color="#ffd220">මම ඔයාගේ අත අරන් දුවනවා.</font>

462
00:33:46,500 --> 00:33:48,433
<font color="#ffd220">ඒ දවස කවදාවත් එන්නේ නැහැ.</font>

463
00:33:48,433 --> 00:33:51,667
<font color="#ffd220">එනවා. ඒක අනිවාර්යයෙන්ම එනවා.</font>

464
00:33:51,667 --> 00:33:54,167
<font color="#ffd220">අපි කොහොමහරි සතුට හොයාගමු.</font>

465
00:33:54,167 --> 00:33:59,167
<font color="#ffd220">ඒ නිසා කරුණාකරලා, මාව විශ්වාස කරලා තව ටිකක් ඉවසන්න.</font>

466
00:34:20,400 --> 00:34:23,200
<font color="#ffd220">මො-මොකක්? මංගල රාත්‍රිය?</font>

467
00:34:26,033 --> 00:34:29,067
<font color="#ffd220">ඒත් ඇයි මේ එකපාරටම මට නාන්න කියන්නේ?</font>

468
00:34:29,900 --> 00:34:32,067
<font color="#ffd220">මගේ ඇඟෙන් ගඳක් එනවද?</font>

469
00:34:34,967 --> 00:34:36,833
<font color="#ffd220">මම ගඳයිද?</font>

470
00:34:38,467 --> 00:34:42,633
<font color="#ffd220">අද රාත්‍රියේ, ඔබ ඔටුන්න හිමි කුමාරයාට සේවය කරන්න ඕනේ.</font>

471
00:34:42,633 --> 00:34:44,400
<font color="#ffd220">ආ.. එහෙමද.</font>

472
00:34:44,400 --> 00:34:45,633
<font color="#ffd220">මොකක්?</font>

473
00:34:45,633 --> 00:34:47,267
<font color="#ffd220">සේවය කරනවා?</font>

474
00:34:48,867 --> 00:34:50,467
<font color="#ffd220">ඔව්.</font>

475
00:34:51,567 --> 00:34:52,667
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න, ඉන්නකෝ.</font>

476
00:34:52,667 --> 00:34:53,967
<font color="#ffd220">මම තාම ශාරීරිකව ලෑස්ති නැහැ...</font>

477
00:34:53,967 --> 00:34:56,667
<font color="#ffd220">ඒ කියන්නේ, මගේ හිත තාම ලෑස්ති නැහැ.</font>

478
00:34:56,667 --> 00:35:00,833
<font color="#ffd220">මම... අයියෝ බැහැ, මේක හරිම ලැජ්ජයිනේ.</font>

479
00:35:10,567 --> 00:35:12,400
<font color="#ffd220">ම්ම්...</font>

480
00:35:12,400 --> 00:35:14,100
<font color="#ffd220">ඔබේ ශරීරය...</font>

481
00:35:15,733 --> 00:35:17,567
<font color="#ffd220">ඔබේ ඇඟට දැන් සනීපද?</font>

482
00:35:17,567 --> 00:35:19,167
<font color="#ffd220">ඇඟ...</font>

483
00:35:20,267 --> 00:35:22,633
<font color="#ffd220">ඔව්, මම හිතන්නේ...</font>

484
00:35:22,633 --> 00:35:24,400
<font color="#ffd220">ඔව්.</font>

485
00:35:24,400 --> 00:35:25,792
<font color="#ffd220">හොඳයි.</font>

486
00:35:26,776 --> 00:35:28,500
<font color="#ffd220">ඒක ලොකු දෙයක්.</font>

487
00:35:35,767 --> 00:35:38,533
<font color="#ffd220">ඇයි ඔබ පිටත ඇඳුම ගලවන්නේ?</font>

488
00:35:42,867 --> 00:35:46,033
<font color="#ffd220">අපි නිදාගන්න ඕනේ. දැන් රෑ වෙලානේ.</font>

489
00:36:34,333 --> 00:36:36,967
<font color="#ffd220">ඉටිපන්දම නිවන්නේ නැද්ද?</font>

490
00:36:44,600 --> 00:36:46,200
<font color="#ffd220">හරි,</font>

491
00:36:46,200 --> 00:36:47,733
<font color="#ffd220">මම නිවන්නම්.</font>

492
00:37:16,100 --> 00:37:17,700
<font color="#ffd220">ආහ්, මේක හරියන්නේ නැහැ.</font>

493
00:37:21,567 --> 00:37:23,167
<font color="#ffd220">ඔයාට තුවාලද?</font>

494
00:37:25,867 --> 00:37:27,533
<font color="#ffd220">පිට කොන්දේ?</font>

495
00:37:27,533 --> 00:37:30,133
<font color="#ffd220">නෑ, කමක් නෑ. ඇත්තටම ඒක පොඩි දෙයක්.</font>

496
00:37:31,067 --> 00:37:32,833
<font color="#ffd220">'පොඩි දෙයක්'?</font>

497
00:37:41,567 --> 00:37:43,000
<font color="#ffd220">බෙහෙත්.</font>

498
00:37:43,000 --> 00:37:45,100
<font color="#ffd220">මම බලන්නේ නැහැ, බෙහෙත් ටික ගාගන්න.</font>

499
00:37:56,133 --> 00:37:57,933
<font color="#ffd220">ස්තූතියි.</font>

500
00:37:59,733 --> 00:38:02,200
<font color="#ffd220">- බලන්න එපා හොඳද.
- මම බලන්නේ නෑ.</font>

501
00:38:44,867 --> 00:38:46,967
<font color="#ffd220">දැන් හරිද?</font>

502
00:38:46,967 --> 00:38:50,300
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්නකෝ, මේ පිටේ නේ...</font>

503
00:38:50,300 --> 00:38:52,400
<font color="#ffd220">මේ හරියේ බෙහෙත් ගාගන්න</font>

504
00:38:52,400 --> 00:38:56,400
<font color="#ffd220">හරිම අමාරුයි!</font>

505
00:38:59,067 --> 00:39:01,533
<font color="#ffd220">ඔයා නිකන් නොසන්සුන් වෙලා වගේ.</font>

506
00:39:02,367 --> 00:39:04,067
<font color="#ffd220">ආව්, ඒක රිදෙනවා.</font>

507
00:39:06,733 --> 00:39:08,900
<font color="#ffd220">ඔයා කිව්වනේ බලන්නේ නෑ කියලා.</font>

508
00:39:08,900 --> 00:39:11,167
<font color="#ffd220">කලබල නොවී ඉන්නකෝ.</font>

509
00:39:12,067 --> 00:39:13,700
<font color="#ffd220">දෙනවා ඔය බෙහෙත් එක.</font>

510
00:39:26,333 --> 00:39:30,000
<font color="#ffd220">මේක වෛද්‍ය ප්‍රතිකාරයක් විතරයි.
ඒ නිසා, වෙන වෙන දේවල් හිතන්න එපා.</font>

511
00:39:31,567 --> 00:39:33,567
<font color="#ffd220">මම මුකුත් කිව්වේ නෑනේ.</font>

512
00:39:50,900 --> 00:39:53,567
<font color="#ffd220">මව්රැජිණ...</font>

513
00:39:53,567 --> 00:39:58,367
<font color="#ffd220">මේ අසරණ තුවාල වුණු කෙල්ලෙක්ව පාවිච්චි කරලා
එතුමිය මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?</font>

514
00:39:58,367 --> 00:40:00,967
<font color="#ffd220">මම මොකෙක් හරි සතෙක් නෙවෙයිනේ.</font>

515
00:40:00,967 --> 00:40:04,167
<font color="#ffd220">බලන් ගියාම සතා වෙලා තියෙන්නේ... මමයි.</font>

516
00:40:05,400 --> 00:40:06,800
<font color="#ffd220">ඔයා මොකක්ද කිව්වේ?</font>

517
00:40:06,800 --> 00:40:08,400
<font color="#ffd220">මුකුත් නෑ.</font>

518
00:40:33,967 --> 00:40:36,867
<font color="#ffd220">මම මේකට කැමති නෑ, ඇත්තටම කැමති නෑ.</font>

519
00:40:45,167 --> 00:40:48,367
<font color="#ffd220">ළඟකදී, සර්ප දඩයම්කරුවන්ගේ මුළු පවුලම
විනාශ වුණා නේද.</font>

520
00:40:48,367 --> 00:40:50,967
<font color="#ffd220">මිනිස්සු කියන්නේ ඒක අර 'ශින්' වස නිසා කියලා.</font>

521
00:40:50,967 --> 00:40:52,667
<font color="#ffd220">මාත් අහලා තියෙනවා.</font>

522
00:40:52,667 --> 00:40:54,033
<font color="#ffd220">කවුද ඉතින් ඊට පස්සේ මේ පැත්තේ ඉන්න කැමති වෙන්නේ?</font>

523
00:40:54,033 --> 00:40:55,833
<font color="#ffd220">දැන් අලුත් ඔටුන්න හිමි කුමරියකුත් එන නිසා,</font>

524
00:40:55,833 --> 00:40:58,433
<font color="#ffd220">ජන්ජියොන් රැජිනගේ පළිගන්නා ආත්මය ආයෙත් ඇවිල්ලා.</font>

525
00:40:58,433 --> 00:41:00,133
<font color="#ffd220">එයා හදන්නේ රාජකීය පරම්පරාව නැති කරලා දාන්න වෙන්න ඇති?</font>

526
00:41:00,133 --> 00:41:02,033
<font color="#ffd220">යමු, අපි කැඳ ටිකක් බොමු.</font>

527
00:41:03,867 --> 00:41:05,667
<font color="#ffd220">ඒක සාපයක් නෙවෙයි, ඒ ශින් වස විස.</font>

528
00:41:05,667 --> 00:41:07,300
<font color="#ffd220">අනේ මන්දා, ඔයා මම කියපු දේ ඇහුවද?</font>

529
00:41:07,300 --> 00:41:09,667
<font color="#ffd220">සාපයක් හරි වස හරි, කොහොම වුණත් ඒක අසුබයි.</font>

530
00:41:09,667 --> 00:41:13,367
<font color="#ffd220">රාජකීය විවාහ මංගල්‍යයක් ළඟ තියෙද්දී,
මේ වගේ අවාසනාවන්ත දේකට වෙන කාට බණින්නද?</font>

531
00:41:13,367 --> 00:41:16,200
<font color="#ffd220">මේ සේරම අලුත් ඔටුන්න හිමි කුමරිය නිසා නේද?</font>

532
00:41:16,200 --> 00:41:18,800
<font color="#ffd220">අනේ මේ නිකන් යන්න.</font>

533
00:41:20,467 --> 00:41:24,400
<font color="#ffd220">කුමරියනි, ඔය පොඩි මිනිස්සුන්ගේ ඕපාදූප
ගණන් ගන්න එපා.</font>

534
00:41:24,400 --> 00:41:26,600
<font color="#ffd220">ඒ අය දවස තිස්සේම කියව කියව හිටියත්,</font>

535
00:41:26,600 --> 00:41:29,467
<font color="#ffd220">ඔබ තුමිය ළඟදීම ඔටුන්න හිමි කුමරිය වෙනවා.</font>

536
00:41:30,833 --> 00:41:33,667
<font color="#ffd220">ප්‍රධාන පාලිකා ළඟදී මියගියා නේද?</font>

537
00:41:33,667 --> 00:41:35,267
<font color="#ffd220">මොකක්ද?</font>

538
00:41:36,167 --> 00:41:41,767
<font color="#ffd220">ඔව්, ඒත් ඇයි එකපාරටම
ප්‍රධාන පාලිකාව ගැන මතක් කළේ...</font>

539
00:41:43,800 --> 00:41:45,700
<font color="#ffd220">නිකන්.</font>

540
00:41:47,033 --> 00:41:50,488
<font color="#ffd220">මට හිතුණා සමහරවිට මට ඔටුන්න හිමි කුමරිය වෙන්න</font>

541
00:41:50,488 --> 00:41:52,267
<font color="#ffd220">බැරි වෙයි කියලා.</font>

542
00:41:56,367 --> 00:41:58,392
<font color="#ffd220">අපි කවදාවත්</font>

543
00:41:58,392 --> 00:42:01,100
<font color="#ffd220">ආදරෙන් අත් අල්ලන් ඉන්න ජාතියේ අය නෙවෙයිනේ?</font>

544
00:42:01,100 --> 00:42:04,267
<font color="#ffd220">මේක සමුගන්න විතරයි.</font>

545
00:42:04,267 --> 00:42:07,267
<font color="#ffd220">මේ රාජකීය විවාහය මම වෙනුවෙන් නතර කරන්න.</font>

546
00:42:08,033 --> 00:42:11,933
<font color="#ffd220">ආහ්, මේක මට හරි හුරු පුරුදු හැඟීමක්.</font>

547
00:42:11,933 --> 00:42:13,656
<font color="#ffd220">මම බැහැ කිව්වොත්,</font>

548
00:42:13,656 --> 00:42:15,600
<font color="#ffd220">අදත් මට වෙඩි කන්න වෙයිද?</font>

549
00:42:17,200 --> 00:42:19,167
<font color="#ffd220">ඒක දරාගන්න බැරි තරම් රිදුණා.</font>

550
00:42:19,167 --> 00:42:20,800
<font color="#ffd220">ඒ වෙඩි පහරවල්.</font>

551
00:42:24,167 --> 00:42:26,667
<font color="#ffd220">හැමදේම දැන දැනත් ඇයි ඔයා මට දඬුවම් කළේ නැත්තේ?</font>

552
00:42:26,667 --> 00:42:30,433
<font color="#ffd220">ඔයාට තුවාල වුණොත්, ජේ වූන් කුමාරයාට
ජීවත් වෙන්න බැරි වේවි.</font>

553
00:42:31,333 --> 00:42:33,667
<font color="#ffd220">ඔයා මැරුණේ නැති එක ගැන මට සතුටුයි.</font>

554
00:42:35,600 --> 00:42:38,567
<font color="#ffd220">දැන් ඔයා හදන්නේ වැරදි හදාගන්නද?</font>

555
00:42:38,567 --> 00:42:42,392
<font color="#ffd220">ජේ වූන් කුමාරයාට අඩුම තරමේ ඔයා වගේ</font>

556
00:42:42,392 --> 00:42:44,467
<font color="#ffd220">එක් පවුලේ සාමාජිකයෙක්වත් ඉන්න ඕනේ.</font>

557
00:42:45,467 --> 00:42:49,233
<font color="#ffd220">මම මගේ ආශාවන් වෙනුවෙන් හිටියා,
ඒ නිසා මට පසුතැවීමක් නැහැ.</font>

558
00:42:49,233 --> 00:42:51,833
<font color="#ffd220">ඉස්සරහටත් මම ඒ විදිහටම ඉන්නයි කල්පනාව.</font>

559
00:42:53,600 --> 00:42:57,900
<font color="#ffd220">මගේ පියාව බිම දාන්න පුළුවන් තීරණාත්මක සාක්ෂියක්
මම ඔයාට දෙන්නම්.</font>

560
00:42:57,900 --> 00:42:59,600
<font color="#ffd220">මට පොරොන්දු වෙන්න.</font>

561
00:42:59,600 --> 00:43:01,800
<font color="#ffd220">ශින් පක්ෂියා ඉන්න තැන මම හෙළි කළොත්,</font>

562
00:43:01,800 --> 00:43:05,633
<font color="#ffd220">මටයි ජේ වූන් කුමාරයාටයි</font>

563
00:43:05,633 --> 00:43:07,867
<font color="#ffd220">පරෙස්සමෙන් යන්න දෙනවා කියලා.</font>

564
00:43:09,300 --> 00:43:10,808
<font color="#ffd220">කොහෙද</font>

565
00:43:10,808 --> 00:43:12,500
<font color="#ffd220">ඒ ශින් පක්ෂියා ඉන්නේ?</font>

566
00:44:12,667 --> 00:44:16,900
<font color="#ffd220">මම ජොසොන් රාජ්‍යය අල්ලාගත්තේ මේ ශින් පක්ෂියා පාවිච්චි කරලා.</font>

567
00:44:18,567 --> 00:44:22,233
<font color="#ffd220">ඒත් උඹ මේක දන්නවද?</font>

568
00:44:22,233 --> 00:44:25,467
<font color="#ffd220">ශින් පක්ෂියා වටිනාකමක් ගන්නේ,</font>

569
00:44:25,467 --> 00:44:27,433
<font color="#ffd220">උගේ විෂ නිසා නෙවෙයි,</font>

570
00:44:27,433 --> 00:44:30,033
<font color="#ffd220">ඌ රහසිගතව ජීවත් වන නිසයි.</font>

571
00:44:31,167 --> 00:44:34,933
<font color="#ffd220">ලෝකෙට හෙළි වුණාම, ඌත් සාමාන්‍ය වසකට වඩා
වෙනස් වෙන්නේ නැහැ.</font>

572
00:44:34,933 --> 00:44:39,133
<font color="#ffd220">ඒත් වෙළෙඳපොළේ ශින් විෂ ගැන කටකතා පැතිරෙනවා.</font>

573
00:44:39,133 --> 00:44:42,100
<font color="#ffd220">ඔබ සර්ප දඩයම්කරුවන්ට ශින් විෂ පාවිච්චි කළාද?</font>

574
00:44:42,100 --> 00:44:45,833
<font color="#ffd220">දැන් මම ඉන්න බව දන්න නිසා,
පොඩොචොං එකෙන් විමර්ශන පටන් ගත්තොත්,</font>

575
00:44:45,833 --> 00:44:49,533
<font color="#ffd220">ඒ අයට වෙළෙඳ කණ්ඩායම හොයාගන්න පුළුවන්,
ඒකයි මම මේක අභිරහසක් වගේ හුවා දක්වන්න හැදුවේ...</font>

576
00:44:51,900 --> 00:44:53,944
<font color="#ffd220">ශින් විෂ</font>

577
00:44:53,944 --> 00:44:57,233
<font color="#ffd220">පාවිච්චි කරන්න තිබුණේ 'ග යේ සා' වසරේදී විතරයි.</font>

578
00:44:57,233 --> 00:45:01,267
<font color="#ffd220">ග යේ සා වසරේ සිද්ධිය සදාකාලිකවම කටකතාවක් විතරක්
වෙලා තියෙන්නයි තිබුණේ.</font>

579
00:45:01,267 --> 00:45:04,408
<font color="#ffd220">ඒත් තමුන්,</font>

580
00:45:04,408 --> 00:45:06,267
<font color="#ffd220">හැමදේම විනාශ කළා.</font>

581
00:45:06,267 --> 00:45:08,633
<font color="#ffd220">එහෙනම් මාව මරලා දාන්න.</font>

582
00:45:17,967 --> 00:45:20,433
<font color="#ffd220">උඹේ මරණය තීරණය කරන්නේ මමයි.</font>

583
00:45:21,133 --> 00:45:25,633
<font color="#ffd220">මෙතැනට සම්බන්ධ වෙන හැම රහස් මාර්ගයක්ම වහලා දාපන්,</font>

584
00:45:25,633 --> 00:45:28,500
<font color="#ffd220">ඔටුන්න හිමි කුමාරයා මේ තැන හොයා ගත්තොත්,</font>

585
00:45:29,433 --> 00:45:31,100
<font color="#ffd220">ඔහුව විනාශ කරලා දාන්න.</font>

586
00:45:33,600 --> 00:45:37,667
<font color="#ffd220">ඔබ තුමා මට අණ කරන්නේ ඔටුන්න හිමි කුමාරයාව මරන්න කියලද?</font>

587
00:45:55,500 --> 00:45:57,233
<font color="#ffd220">අද කාලගුණය හරිම ෂෝක් නේද?</font>

588
00:45:57,233 --> 00:45:59,900
<font color="#ffd220">- ඔව්.
- ඔයා අලුත් උප බිසව ගැන ආරංචිය ඇහුවද?</font>

589
00:45:59,900 --> 00:46:02,233
<font color="#ffd220">උප බිසෝවරු තෝරලා මොකටද?</font>

590
00:46:02,233 --> 00:46:05,367
<font color="#ffd220">කුමාරයා එයා ගාවට ගිහින් තියෙන්නේ එක වතාවලු.</font>

591
00:46:05,367 --> 00:46:07,133
<font color="#ffd220">ඒ වුණාට, උප බිසවක් විදිහට තේරෙන එකත් ලොකු දෙයක්නේ.</font>

592
00:46:07,133 --> 00:46:09,700
<font color="#ffd220">ලොකු දෙයක්? එයා නිකන් ආදේශකයක් විතරනේ.</font>

593
00:46:09,700 --> 00:46:12,367
<font color="#ffd220">නේද? එයා අර පහ කරපු ඔටුන්න හිමි කුමරිය වෙනුවට
දාපු ආදේශකයක් විතරයි.</font>

594
00:46:13,267 --> 00:46:15,233
<font color="#ffd220">කොහොමද එහෙම කතා කරන්නේ...</font>

595
00:46:16,033 --> 00:46:17,767
<font color="#ffd220">ඔය ඕන දෙයක් කියපුදෙන්.</font>

596
00:46:19,000 --> 00:46:22,000
<font color="#ffd220">මම ආදේශකයක් වුණත්,
කුමාරයාව වැඩිපුර දකින්න ලැබෙන්නේ මටනේ?</font>

597
00:46:40,033 --> 00:46:41,067
<font color="#ffd220">කුමරියනි.</font>

598
00:46:41,067 --> 00:46:43,900
<font color="#ffd220">ඔබට ඇතුළට වෙලා ඉන්න තිබුණානේ, ඇයි මේ එළියට ආවේ?</font>

599
00:46:57,067 --> 00:47:00,267
<b><font color="#ffd88f"><i>ඉන්වංසන් කන්දට පහළින් රා තැබෑරුමක් තියෙනවා.</i></font></b>

600
00:47:00,267 --> 00:47:02,800
<b><font color="#ffd88f"><i>ගොඩක් කාලයක් ඒක අයිති වෙලා තිබුණේ මගේ තාත්තට,</i></font></b>

601
00:47:02,800 --> 00:47:06,367
<b><font color="#ffd88f"><i>ඒත් දවසක් ඒක කලින් හිටපු ප්‍රධාන පාලිකාවට
පවරා දුන්නා.</i></font></b>

602
00:47:06,367 --> 00:47:08,200
<b><font color="#ffd88f"><i>ඊට පස්සේ වැඩි කල් යන්න කලින්,</i></font></b>

603
00:47:08,200 --> 00:47:11,167
<b><font color="#ffd88f"><i>'ග යේ සා' වසරේ සිද්ධිය වුණා.</i></font></b>

604
00:47:11,167 --> 00:47:15,733
<font color="#ff9231">[රා තැබෑරුම]</font>

605
00:47:15,733 --> 00:47:17,433
<font color="#ffd220">රා තැබෑරුමක්...</font>

606
00:47:25,800 --> 00:47:27,400
<font color="#ffd220">අන්න අතන.</font>

607
00:48:43,633 --> 00:48:45,300
<font color="#ffd220">මේක නිකන් ගුහාවක් විතරයි නේද?</font>

608
00:48:45,300 --> 00:48:48,800
<font color="#ffd220">මෙතැන නෙවෙයි නම්, අර වගේ පොඩි ගෙදරක
කොහොමද ශින් පක්ෂියා ඉන්නේ?</font>

609
00:48:48,800 --> 00:48:50,900
<font color="#ffd220">මේ තැබෑරුමේ අනිවාර්යයෙන්ම මොකක් හරි තියෙනවා.</font>

610
00:48:50,900 --> 00:48:55,033
<font color="#ffd220">එහෙම නැත්නම්, ප්‍රධාන පාලිකාවට අයිති වුණු එකවත්,
මේ රහස් මාර්ගයවත් තේරුම් ගන්න බෑනේ.</font>

611
00:48:55,033 --> 00:48:58,400
<font color="#ffd220">අනික කොහොමද අර කුරුළු පැටියාගේ සද්දේ
පැහැදිලි කරන්නෙ?</font>

612
00:49:35,667 --> 00:49:36,933
<font color="#ffd220">මීයෙක්, මීයෙක්!</font>

613
00:49:36,933 --> 00:49:38,667
<font color="#ffd220">ඔයාට පොඩ්ඩක් කට වහන් ඉන්න බැරිද?</font>

614
00:49:52,300 --> 00:49:54,133
<font color="#ffd220">ඔයාට ඇහෙනවද?</font>

615
00:49:54,133 --> 00:49:55,833
<font color="#ffd220">දාමයන් ගැටෙන සද්දයක්.</font>

616
00:49:56,933 --> 00:49:59,000
<font color="#ffd220">පැහැදිලිවම ඇතුළේ මොකක් හරි තියෙනවා.</font>

617
00:49:59,000 --> 00:50:00,567
<font color="#ffd220">සද්දේ වැඩි වෙනවා.</font>

618
00:50:00,567 --> 00:50:02,167
<font color="#ffd220">ඔව්.</font>

619
00:50:17,100 --> 00:50:18,700
<font color="#ffd220">ඇයි ඔයා ඕක ගෙනාවේ?</font>

620
00:50:18,700 --> 00:50:22,433
<font color="#ffd220">ආයුධයක්වත් නැතුව ශින් පක්ෂියා වගේ
සතෙක්ට මූණ දෙන්නද හදන්නේ?</font>

621
00:50:59,033 --> 00:51:03,133
<font color="#ff9231">[කන්ග් යොන් වොල්, ඔබේ මරණයට පළිගන්න]</font>

622
00:51:04,633 --> 00:51:06,893
<font color="#ffd220">මේ එක දෙයක්</font>

623
00:51:06,893 --> 00:51:08,867
<font color="#ffd220">ඇත්තටම මගේ.</font>

624
00:51:52,967 --> 00:51:54,567
<font color="#ffd220">දල් ඊ කොහෙද?</font>

625
00:51:55,467 --> 00:51:57,300
<font color="#ffd220">දල් ඊ කොහෙද ගියේ?</font>

626
00:51:57,300 --> 00:52:00,833
<font color="#ffd220">එයා කිව්වා ඉන්නවා කියලා, ඒත් එයා කලින්ම ගියාද?</font>

627
00:52:01,467 --> 00:52:03,100
<font color="#ffd220">එයා ශින් පක්ෂියාගේ පැටියා බලන්න ගියාද?</font>

628
00:52:03,100 --> 00:52:05,200
<font color="#ffd220">මොකක්?</font>

629
00:52:05,200 --> 00:52:06,567
<font color="#ffd220">දල් ඊ මොකටද එහේ යන්නේ?</font>

630
00:52:06,567 --> 00:52:07,700
<font color="#ffd220">ආහ්, ඇත්තනේ. ඒක රහසක් නේ.</font>

631
00:52:07,700 --> 00:52:09,667
<font color="#ffd220">කියනවා, ඉක්මනට!</font>

632
00:52:10,600 --> 00:52:12,400
<font color="#ffd220">ඇත්තටම...</font>

633
00:52:12,400 --> 00:52:17,067
<font color="#ffd220">සෝ හූන් කුමරියට ඕන වුණා 'ග යේ සා' වසරේ විමර්ශනයට
උදව් වෙන්න,</font>

634
00:52:17,067 --> 00:52:20,233
<font color="#ffd220">ඉතින් වම් අමාත්‍යවරයා පැටියව හොරකම් කරන එක නවත්තන්න
එයා හැමදාම මුර කරනවා.</font>

635
00:52:20,233 --> 00:52:21,867
<font color="#ffd220">කුමාරයාණෙනි.</font>

636
00:52:30,733 --> 00:52:32,200
<font color="#ffd220">- මේ.
- කියන්න?</font>

637
00:52:32,200 --> 00:52:34,467
<font color="#ffd220">තමුන්ට පිස්සුද?</font>

638
00:52:34,467 --> 00:52:36,900
<font color="#ffd220">දල් ඊට තනියම එහේ යන්න ඉඩ දුන්නේ කොහොමද?</font>

639
00:52:36,900 --> 00:52:40,000
<font color="#ffd220">වම් අමාත්‍යවරයා ඇත්තටම කෙනෙක්ව යැව්වා නම්
මොකද කරන්නේ?</font>

640
00:52:40,000 --> 00:52:43,433
<font color="#ffd220">ඇත්තෙන්ම, මම එයාට යන්න එපා කිව්වා.</font>

641
00:52:44,867 --> 00:52:46,680
<font color="#ffd220">ඒත්</font>

642
00:52:46,680 --> 00:52:48,920
<font color="#ffd220">එයා මෙහෙ එන්නේ නැත්නම්,</font>

643
00:52:48,920 --> 00:52:50,967
<font color="#ffd220">ඇයි එයා නිකන්ම ගියේ?</font>

644
00:52:56,900 --> 00:52:59,567
<font color="#ffd220">ඇයි මට බෙහෙත් ගාන්න ඔච්චර මහන්සි වුණේ?</font>

645
00:52:59,567 --> 00:53:01,800
<font color="#ffd220">ඔයාට රිදෙන එක ටිකක් හරි අඩු වෙන්න.</font>

646
00:53:03,067 --> 00:53:04,900
<font color="#ffd220">ඇයි එයා මගේ පළිහ විදිහට ඉන්නේ?</font>

647
00:53:04,900 --> 00:53:06,760
<font color="#ffd220">මෙතැන් පටන්,</font>

648
00:53:06,760 --> 00:53:09,200
<font color="#ffd220">මමයි ඔයාගේ පළිහ.</font>

649
00:53:09,200 --> 00:53:11,433
<font color="#ffd220">ඔයා මගේ පිටිපස්සේ හැංගිලා ඉන්න.</font>

650
00:53:11,433 --> 00:53:14,167
<font color="#ffd220">ඔයාට දැන් මම ගැන විතරක් වගකීමක් දැනෙනවා.</font>

651
00:53:14,167 --> 00:53:16,667
<font color="#ffd220">එයාව උප බිසවක් විදිහට තෝරාගන්න එක මගේ වගකීමක්.</font>

652
00:53:16,667 --> 00:53:21,500
<font color="#ffd220">මම වෙනුවෙන් කැපවුණු මගේ ජීවිතාරක්ෂකයා
මම කොහොමද අමතක කරන්නේ?</font>

653
00:53:24,120 --> 00:53:26,104
<font color="#ff9231">[ඔබේ මරණයට පළිගන්න]</font>

654
00:53:35,900 --> 00:53:38,167
<font color="#ffd220">හදවත කියන්නෙත් අවයවයක්ද?</font>

655
00:53:39,133 --> 00:53:41,400
<font color="#ffd220">මගේ බැඳීම වැඩි වෙනකොට,</font>

656
00:53:42,033 --> 00:53:44,300
<font color="#ffd220">මගේ ධෛර්යය අඩු වෙනවා.</font>

657
00:53:45,267 --> 00:53:47,100
<font color="#ffd220">හරිම කැත වැඩක්නේ.</font>

658
00:53:55,133 --> 00:53:58,367
<font color="#ffd220">ඇයි ඔයාට කෙලින්ම සිහි නැති වෙලා වැටෙන්න බැරි?</font>

659
00:53:59,433 --> 00:54:02,633
<font color="#ffd220">මම සිහි නැති වුනොත්, ඔයා මාව මෙතන දාලා යයි නේද?</font>

660
00:54:02,633 --> 00:54:05,867
<font color="#ffd220">ඔයාට සිහි නැති වුනේ නැතත්
මම කල්පනා කළේ ඔයාව දාලා යන්නයි.</font>

661
00:54:05,867 --> 00:54:07,600
<font color="#ffd220">දාල්-යි ට ආයේ කවදාවත් මෙතන තනියම ඉන්න වෙන්නේ නැති වෙන්න,</font>

662
00:54:07,600 --> 00:54:11,000
<font color="#ffd220">හැමදාම මෙතනට ඇවිත් මුර කරන්න ඕනේ, තේරුණාද?</font>

663
00:54:11,000 --> 00:54:16,533
<font color="#ffd220">ඔයාට ඕනේ මම මේ මීයන් පිරුණු තැන මුර කරනවා දකින්නද? මම?</font>

664
00:54:16,533 --> 00:54:18,533
<font color="#ffd220">මීයන් වැඩියෙන් බය ඔයාට.</font>

665
00:54:18,533 --> 00:54:21,100
<font color="#ffd220">ඒකයි එයාලා ඔය හැම තැනම දුවන්නේ...</font>

666
00:54:23,100 --> 00:54:24,733
<font color="#ffd220">මීයන්?</font>

667
00:54:28,500 --> 00:54:30,100
<font color="#ffd220">මීයන්...</font>

668
00:55:14,633 --> 00:55:18,300
<font color="#ffd220">එහෙනම් මේක බිත්තියක් නෙවෙයි දොරක්.</font>

669
00:55:36,800 --> 00:55:38,400
<font color="#ffd220">අයින් වෙන්න.</font>

670
00:56:44,667 --> 00:56:46,267
<font color="#ffd220">කවුද ඔයා?</font>

671
00:56:49,967 --> 00:56:51,633
<font color="#ffd220">මුහුණු ආවරණය කරගත්ත එක්කෙනා.</font>

672
00:56:53,800 --> 00:56:56,200
<font color="#ffd220">මේ තැන විනාශ කරලා දාන්න,</font>

673
00:56:56,200 --> 00:57:00,100
<font color="#ffd220">ඒ වගේම ඔටුන්න හිමි කුමාරයා ලවාම
ශින් පක්ෂියාව නිදහස් කරවන්න වග බලාගන්න.</font>

674
00:57:01,733 --> 00:57:03,367
<font color="#ffd220">ඔතනම නවතින්න!</font>

675
00:57:08,967 --> 00:57:10,600
<font color="#ffd220">උතුමාණෙනි.</font>

676
00:57:20,000 --> 00:57:22,300
<font color="#ffd220">මේ වෙඩි බෙහෙත්.</font>

677
00:57:22,300 --> 00:57:23,967
<font color="#ffd220">යූන් සේ දොල්.</font>

678
00:57:29,633 --> 00:57:31,233
<font color="#ffd220">එළියට එන්න!</font>

679
00:57:57,233 --> 00:57:58,933
<font color="#ffd220">ඒ ශින් පක්ෂියා! ඉක්මන් කරන්න!</font>

680
00:57:58,933 --> 00:58:00,533
<font color="#ffd220">එහෙමයි.</font>

681
00:58:02,433 --> 00:58:04,033
<font color="#ffd220">පස්සෙන් යන්න.</font>

682
00:58:15,433 --> 00:58:17,333
<font color="#ffd220">ඒ සතා යන්නේ මාළිගාව පැත්තටද?</font>

683
00:58:17,333 --> 00:58:20,467
<font color="#ffd220">එයාගේ මව් සෙනෙහස හරිම බලවත් කියනවනේ,
මට හිතෙන්නේ එයා යන්නේ එයාගේ පැටියා හොයාගෙන.</font>

684
00:58:20,467 --> 00:58:21,833
<font color="#ffd220">අපි ඉක්මනටම මාළිගාවට යන්න ඕනේ...</font>

685
00:58:21,833 --> 00:58:25,100
<font color="#ffd220">වම් අමාත්‍යවරයා ශින් පැටියාව හොරකම් කරන එක
නවත්තන්න සෝ හූන් ආර්යාව</font>

686
00:58:25,100 --> 00:58:27,700
<font color="#ffd220">හැමදාම එතනට ගිහින් බලනවා.</font>

687
00:58:27,700 --> 00:58:30,733
<font color="#ffd220">දාල්, දාල්.</font>

688
00:58:51,467 --> 00:58:56,900
<font color="#ffd220">ශින් පක්ෂීන්ගේ හැම සලකුණක්ම මැකිලා ගිහින්.</font>

689
00:58:58,800 --> 00:59:01,333
<font color="#ffd220">දැන් වෙන කරන්න දෙයක් නෑ.</font>

690
00:59:01,333 --> 00:59:03,733
<font color="#ffd220">අපි ශින් පක්ෂියාව පණපිටින් අල්ලගන්න ඕනේ.</font>

691
00:59:19,867 --> 00:59:21,533
<font color="#ffd220">ඒ මොකද්ද?</font>

692
00:59:25,300 --> 00:59:27,333
<font color="#ffd220">මොකද මේ වෙන්නේ?</font>

693
00:59:52,400 --> 00:59:54,133
<font color="#ffd220">ඒ මොන ජාතියේ සතෙක්ද?</font>

694
00:59:54,133 --> 00:59:56,233
<font color="#ffd220">ඒ මොකද්ද?</font>

695
00:59:56,233 --> 00:59:58,033
<font color="#ffd220">ඇයි මේ කලබල වෙලා?</font>

696
00:59:58,033 --> 00:59:59,833
<font color="#ffd220">අර බලන්න.</font>

697
01:00:01,333 --> 01:00:02,567
<font color="#ffd220">මේක වෙන්න බෑ...</font>

698
01:00:02,567 --> 01:00:05,167
<font color="#ffd220">දෙවියනේ, ඒ මොන වගේ සතෙක්ද?</font>

699
01:00:05,167 --> 01:00:07,133
<font color="#ffd220">මට විශ්වාස නෑ මව්රැජිණියනී.</font>

700
01:00:12,000 --> 01:00:13,767
<font color="#ffd220">ශින් පක්ෂියා?</font>

701
01:00:14,667 --> 01:00:17,800
<font color="#ffd220">මව්රැජිණියනී, එතන අනතුරුදායකයි! පරිස්සම් වෙන්න.</font>

702
01:00:19,733 --> 01:00:21,600
<font color="#ffd220">මව්රැජිණියනී, ඉක්මන් කරන්න.</font>

703
01:00:21,600 --> 01:00:23,700
<font color="#ffd220">ඔව්, මව්රැජිණියව ආරක්ෂිතව ගෙනියන්න.</font>

704
01:00:23,700 --> 01:00:25,367
<font color="#ffd220">තේරුණා. එහෙමයි.</font>

705
01:00:31,533 --> 01:00:33,500
<font color="#ffd220">ඇයි මේ ශින් පක්ෂියා...</font>

706
01:00:43,067 --> 01:00:44,800
<font color="#ffd220">එයාගේ පැටියා?</font>

707
01:01:16,667 --> 01:01:17,767
<font color="#ffd220">ගිනි ඊතල සූදානම් කරන්න!</font>

708
01:01:17,767 --> 01:01:19,533
<font color="#ffd220">එහෙමයි. තේරුණා.</font>

709
01:01:19,533 --> 01:01:21,400
<font color="#ffd220">අපි ශින් පක්ෂීන්ව අල්ලගත්තොත්,</font>

710
01:01:21,400 --> 01:01:24,767
<font color="#ffd220">වගේම උන්ගේ වාසස්ථානය වම් අමාත්‍යවරයාට
සම්බන්ධයි කියලා ඔප්පු කළොත්,</font>

711
01:01:24,767 --> 01:01:26,800
<font color="#ffd220">රාජද්‍රෝහී චෝදනාවට ඔහු අහුවෙනවා, සදහටම.</font>

712
01:01:26,800 --> 01:01:30,267
<font color="#ffd220">මේ පලිගැනීම වෙනුවෙන් මම මගේ ජීවිතේම කැප කළා.</font>

713
01:01:31,067 --> 01:01:34,767
<font color="#ffd88f"><b><i>මම මෙතන මැරුණොත්, ශින් පක්ෂියාගේ අයිතිකාරයා
වම් අමාත්‍යවරයා බව අපිට ඔප්පු කරන්න බැරි වෙනවා.</i></b></font>

714
01:01:34,767 --> 01:01:36,233
<font color="#ffd88f"><b><i>අපි ඌව පණපිටින් අල්ලගන්නම ඕනේ.</i></b></font>

715
01:01:36,233 --> 01:01:38,167
<font color="#ffd220">එපා.</font>

716
01:01:38,167 --> 01:01:39,333
<font color="#ffd220">අපි එයාව පණපිටින් අල්ලගන්න ඕනේ.</font>

717
01:01:39,333 --> 01:01:41,400
<font color="#ffd220">සෝ හූන් ආර්යාව, කරුණාකරලා මෙතනින් අයින් වෙන්න.</font>

718
01:01:41,400 --> 01:01:42,767
<font color="#ffd220">කරුණාකරලා ඉක්මනට ඉවත් වෙන්න.</font>

719
01:01:42,767 --> 01:01:45,200
<font color="#ffd220">මම වගකීම භාරගන්නම්.</font>

720
01:01:45,200 --> 01:01:46,750
<font color="#ffd220">මම ශින් පක්ෂියාව රවට්ටගන්නම්.</font>

721
01:01:46,750 --> 01:01:48,733
<font color="#ffd220">මුලින්ම මාළිගාවේ සේවිකාවන්ව ඉවත් කරන්න,</font>

722
01:01:48,733 --> 01:01:52,067
<font color="#ffd220">ඊට පස්සේ සතාව පණපිටින් අල්ලගන්න
විවෘත භූමියේ ලණු ලෑස්ති කරන්න කියලා සෙබළුන්ට කියන්න.</font>

723
01:01:52,067 --> 01:01:55,000
<font color="#ffd220">අපි කොහොමහරි මෙයාව පණපිටින් අල්ලගන්න ඕනේ.</font>

724
01:01:55,000 --> 01:01:57,067
<font color="#ffd220">යන්න. එහෙමයි.</font>

725
01:02:02,333 --> 01:02:04,100
<font color="#ffd220">මොකද කරන්නේ? ඉක්මන් කරන්න!</font>

726
01:02:04,100 --> 01:02:06,467
<font color="#ffd220">එහෙමයි, මම ඉන්ජොන්ජොන් ශාලාවට ගිහින් ආරක්ෂා වෙන්නම්.</font>

727
01:02:06,467 --> 01:02:07,633
<font color="#ffd220">ඉන්ජොන්ජොන් ශාලාවට යන්න.</font>

728
01:02:07,633 --> 01:02:09,267
<font color="#ffd220">තේරුණා. එහෙමයි.</font>

729
01:02:19,000 --> 01:02:21,867
<font color="#ffd220">උතුමාණෙනි, සෝ හූන් ආර්යාව...</font>

730
01:02:25,567 --> 01:02:28,700
<b><font color="#ffd88f"><i>දාල්-යි, කිසි දෙයක් කරන්න එපා.</i></font></b>

731
01:02:28,700 --> 01:02:31,267
<b><font color="#ffd88f"><i>කරුණාකරලා, නිකම්ම ඉන්න.</i></font></b>

732
01:02:53,833 --> 01:02:56,867
<font color="#ffd220">මට සමාවෙන්න. මට ගොඩක් සමාවෙන්න.</font>

733
01:02:56,867 --> 01:03:00,333
<font color="#ffd220">මෙන්න. ඔයාගේ පැටියා මෙන්න!</font>

734
01:03:12,267 --> 01:03:14,433
<font color="#ffd220">දෙවියනේ!</font>

735
01:03:44,633 --> 01:03:47,200
<font color="#ffd220">ආර්යාවනි, ඉක්මනට මුවා වෙන්න.</font>

736
01:05:05,167 --> 01:05:07,233
<font color="#ffd220">හරියට අල්ලගන්න. පැනලා යන්න දෙන්න එපා!</font>

737
01:05:07,233 --> 01:05:08,467
<font color="#ffd220">එයාට යන්න දෙන්න එපා!</font>

738
01:05:08,467 --> 01:05:10,067
<font color="#ffd220">එහෙමයි. තේරුණා.</font>

739
01:05:13,367 --> 01:05:15,167
<font color="#ffd220">උතුමාණෙනි.</font>

740
01:05:20,667 --> 01:05:23,100
<font color="#ffd220">මම ජීවතුන් අතර.</font>

741
01:05:23,100 --> 01:05:25,133
<font color="#ffd220">තමන්ට පණවල් නමයක් තියෙනවා කියලද හිතාගෙන ඉන්නේ?</font>

742
01:05:25,133 --> 01:05:27,200
<font color="#ffd220">මාරයෝ ඔයාව මගහරිනවා වත්ද?</font>

743
01:05:27,200 --> 01:05:29,467
<font color="#ffd220">ඔයා මොනවා හිතාගෙනද ඒක කළේ?</font>

744
01:05:34,967 --> 01:05:36,696
<font color="#ffd220">මම උත්සාහ කළේ</font>

745
01:05:36,696 --> 01:05:38,533
<font color="#ffd220">උතුමාණන්ට උදව් වෙන්න...</font>

746
01:05:38,533 --> 01:05:39,633
<font color="#ffd220">මම කිව්වනේ මැදිහත් වෙන්න එපා කියලා.</font>

747
01:05:39,633 --> 01:05:41,067
<font color="#ffd220">කිසිම දෙයක් කරන්න එපා කියලා මම නැවත නැවතත් කිව්වා.</font>

748
01:05:41,067 --> 01:05:43,867
<font color="#ffd220">ඒත් ඇයි දිගින් දිගටම මගේ පලිගැනීමට මැදිහත් වෙන්නේ?</font>

749
01:05:45,900 --> 01:05:48,133
<font color="#ffd220">ඔයා හැමදේම විනාශ කරන්න ඔන්න මෙන්න තිබුණේ.</font>

750
01:05:51,333 --> 01:05:55,200
<font color="#ffd220">මොකද මේ පලිගැනීම උතුමාණන්ට කොච්චර
වැදගත්ද කියලා මම දන්නවා.</font>

751
01:05:56,467 --> 01:05:59,633
<font color="#ffd220">ඒත් මම කොහොමද නිකන් බලාගෙන ඉන්නේ?</font>

752
01:06:25,100 --> 01:06:26,700
<font color="#ffd220">උතුමාණෙනි.</font>

753
01:06:56,900 --> 01:07:01,133
<b><font color="#ffd88f"><i>ශින් විෂ කියන්නේ අවර්ණ,
ගන්ධයක් නැති, රසයක් නැති තෙල් වර්ගයක්.</i></font></b>

754
01:07:01,133 --> 01:07:03,633
<b><font color="#ffd88f"><i>විෂ ග්‍රන්ථි තියෙන්නේ උගුරේ.</i></font></b>

755
01:07:37,633 --> 01:07:40,033
<font color="#ffd220">මේ සතා දැන් මැරුණොත්...</font>

756
01:07:53,333 --> 01:07:55,233
<font color="#ffd220">ඔක්කොම ඉවරයි.</font>

757
01:07:56,733 --> 01:07:58,567
<font color="#ffd220">හැමදේම ඉවරයි.</font>

758
01:08:00,833 --> 01:08:02,904
<font color="#ffd220">ඒක...</font>

759
01:08:02,904 --> 01:08:05,300
<font color="#ffd220">ඔක්කොම විනාශ වුණා.</font>

760
01:08:07,667 --> 01:08:09,600
<font color="#ffd220">මම නිසා...</font>

761
01:08:12,100 --> 01:08:15,200
<font color="#ffd220">මම හැමදේම නැති කළා.</font>

762
01:09:04,400 --> 01:09:06,000
<font color="#ffd88f"><b><i>කන්ග් යොන් වොල්.</i></b></font>

763
01:09:07,067 --> 01:09:09,367
<font color="#ffd88f"><b><i>ඔබ විඳි දුකට මම පලිගන්නවා</i></b></font>

764
01:09:09,367 --> 01:09:11,032
<font color="#ffd88f"><b><i>ඒ වගේම</i></b></font>

765
01:09:11,032 --> 01:09:13,600
<font color="#ffd88f"><b><i>ඔබේ හිතේ පසුතැවීමක් ඉතුරු නොකර ඉන්නම්.</i></b></font>

766
01:09:17,200 --> 01:09:19,467
<font color="#ffd88f"><b><i>ඉතින්, මගේ ආදරණීය,</i></b></font>

767
01:09:19,467 --> 01:09:21,300
<font color="#ffd88f"><b><i>නිදහසේ යන්න,</i></b></font>

768
01:09:23,533 --> 01:09:25,600
<font color="#ffd88f"><b><i>සැනසීමෙන් ඉන්න.</i></b></font>

769
01:10:30,033 --> 01:10:32,200
<font color="#ffd220">ඇයි මෙතන නිදාගෙන ඉන්නේ?</font>

770
01:10:36,367 --> 01:10:37,967
<font color="#ffd220">විශේෂ හේතුවක් නෑ.</font>

771
01:10:39,333 --> 01:10:41,304
<font color="#ffd220">මට ලැජ්ජා හිතුණා</font>

772
01:10:41,304 --> 01:10:43,467
<font color="#ffd220">ඇතුලේ සැප පහසුවට නිදාගන්න.</font>

773
01:10:44,100 --> 01:10:46,300
<font color="#ffd220">මට සමාවෙන්න.</font>

774
01:10:46,300 --> 01:10:48,667
<font color="#ffd220">මම හැමදේම අවුල් කළා.</font>

775
01:10:51,467 --> 01:10:53,933
<font color="#ffd220">උතුමාණන්ට වැඩියෙන්ම වටින්නේ</font>

776
01:10:55,033 --> 01:10:57,800
<font color="#ffd220">ඔටුන්න හිමි කුමරියගේ මරණය වෙනුවෙන්
පලිගන්න එක බව මම දන්නවා.</font>

777
01:10:57,800 --> 01:11:00,333
<font color="#ffd220">ඉතින් මම ඒ ඔක්කොම විනාශ කළා.</font>

778
01:11:01,933 --> 01:11:03,900
<font color="#ffd220">මොන විකාරයක්ද?</font>

779
01:11:03,900 --> 01:11:05,533
<font color="#ffd220">මම හැමදේම ආරක්ෂා කළා.</font>

780
01:11:05,533 --> 01:11:09,967
<font color="#ffd220">දැන් ශින් පක්ෂියා මැරිලා නිසා,
ඒකෙන් පලිගැනීම අසාර්ථක වෙන්නේ නැද්ද?</font>

781
01:11:09,967 --> 01:11:11,600
<font color="#ffd220">ඔබ පරදුවට තිබ්බේ...</font>

782
01:11:14,500 --> 01:11:17,033
<font color="#ffd220">තමන්ගේ ජීවිතේ ඒ පලිගැනීම වෙනුවෙන්.</font>

783
01:11:18,733 --> 01:11:21,048
<font color="#ffd220">පලිගැනීම</font>

784
01:11:21,048 --> 01:11:24,367
<font color="#ffd220">තමයි කුමරිය වෙනුවෙන් කරන්න පුළුවන් එකම වන්දිගෙවීම වුණේ.</font>

785
01:11:24,367 --> 01:11:27,200
<font color="#ffd220">වෛරය සහ වරදකාරී හැඟීම විතරක් හිතේ තියාගෙන</font>

786
01:11:29,233 --> 01:11:31,600
<font color="#ffd220">මට ඔයා ගාවට එන්න බැරි වුණා.</font>

787
01:11:34,400 --> 01:11:36,333
<font color="#ffd220">ඒත් ඔයා මැරුණොත්,</font>

788
01:11:37,000 --> 01:11:39,533
<font color="#ffd220">මට යන්න තැනක් නැති වෙනවා.</font>

789
01:11:44,000 --> 01:11:45,600
<font color="#ffd220">මම...</font>

790
01:11:46,333 --> 01:11:47,904
<font color="#ffd220">මම හිතුවේ</font>

791
01:11:48,600 --> 01:11:51,533
<font color="#ffd220">ඔයා මත් එක්ක ගොඩක් තරහෙන් ඇතියි කියලා.</font>

792
01:11:51,533 --> 01:11:54,467
<font color="#ffd220">මම හිතුවේ ඔයාට තරහ ගිහින් ඇති කියලා</font>

793
01:11:54,467 --> 01:11:56,933
<font color="#ffd220">ආයේ කවදාවත් මාව දකින්න අකමැති වෙන තරමට.</font>

794
01:11:56,933 --> 01:11:59,700
<font color="#ffd220">අද දවස තිස්සෙම, මම හිත හිත හිටියේ...</font>

795
01:12:00,500 --> 01:12:03,033
<font color="#ffd220">ඒ ඔයා නෙවෙයි. මමයි.</font>

796
01:12:04,300 --> 01:12:07,200
<font color="#ffd220">මම මාත් එක්කමයි තරහෙන් ඉන්නේ</font>

797
01:12:08,167 --> 01:12:10,467
<font color="#ffd220">දිගින් දිගටම ඔයාව අනතුරේ දාන එක ගැන.</font>

798
01:12:21,000 --> 01:12:24,133
<font color="#ffd220">මම කොහොමද කවදාවත් ඔයා එක්ක තරහ වෙන්නේ?</font>

799
01:12:24,133 --> 01:12:27,300
<font color="#ffd220">මගේ සියලු කෝපයන්ට තියෙන එකම හේතුව ඔයා.</font>

800
01:12:28,467 --> 01:12:31,967
<font color="#ffd220">මම හිතන් හිටියේ පලිගැනීම ඉවර වුණාම මේක ඔයාට කියන්න,</font>

801
01:12:34,000 --> 01:12:36,800
<font color="#ffd220">ඒත් ඔයා ඔය වගේ මෝඩ දේවල් හිතනවා දැක්කම,</font>

802
01:12:38,333 --> 01:12:40,900
<font color="#ffd220">මට ඒක දැන්ම කියන්න වෙනවා.</font>

803
01:12:44,333 --> 01:12:45,967
<font color="#ffd220">මම...</font>

804
01:12:56,867 --> 01:12:59,333
<font color="#ffd220">මම හදවතින්ම...</font>

805
01:13:01,433 --> 01:13:03,400
<font color="#ffd220">ඔයාට ආදරෙයි,</font>

806
01:13:04,867 --> 01:13:06,667
<font color="#ffd220">පාක් දාල්-යි.</font>

807
01:13:16,000 --> 01:13:17,700
<font color="#ffd220">මමත්.</font>

808
01:13:28,133 --> 01:13:33,100
<b><font color="#ffffff"><i>♫ ඔබ මුණගැසෙන දවස ආ විට ♫</i></font></b>

809
01:13:33,100 --> 01:13:38,400
<b><font color="#ffffff"><i>♫ මට කියන්න දෙයක් තියෙනවා ♫</i></font></b>

810
01:13:38,400 --> 01:13:47,400
<b><font color="#ffffff"><i>♫ මුළු ලෝකයම කඩා වැටුනේ නැද්ද ♫</i></font></b>

811
01:13:48,533 --> 01:13:53,633
<b><font color="#ffffff"><i>♫ මෝඩ විදියට රැඳිලා ඉන්නවා ♫</i></font></b>

812
01:13:53,633 --> 01:13:58,833
<b><font color="#ffffff"><i>♫ මේ සාපලත් බැඳීමට මම වෛර කරනවා ♫</i></font></b>

813
01:13:58,833 --> 01:14:07,967
<b><font color="#ffffff"><i>♫ මම ඇඬුවත්, දුක් වුනත්,
මම හොඳින් හිටියත් ♫</i></font></b>

814
01:14:09,233 --> 01:14:18,033
<b><font color="#ffffff"><i>♫ පුරුද්ද නිසා වේදනාව නැතිවෙයි කියලා බයෙන් ඉන්න හිත ♫</i></font></b>

815
01:14:18,033 --> 01:14:23,233
<b><font color="#ffffff"><i>♫ අදත් මම මේ හුරුපුරුදු දුකේ ගිලෙනවා ♫</i></font></b>

816
01:14:23,233 --> 01:14:29,733
<b><font color="#ffffff"><i>♫ මම තාමත් ඔයාව මතක් කරනවා ♫</i></font></b>

817
01:14:29,733 --> 01:14:34,967
<b><font color="#ffffff"><i>♫ ඔබට කවදාවත්ම ♫</i></font></b>

818
01:14:34,967 --> 01:14:40,467
<b><font color="#ffffff"><i>♫ එක සැරයක්වත් ♫</i></font></b>

819
01:14:40,467 --> 01:14:50,300
<b><font color="#ffffff"><i>♫ දුකක් වේදනාවක් දැනෙන කාලයක් නොවේවා ♫</i></font></b>

820
01:14:50,300 --> 01:14:55,467
<b><font color="#ffffff"><i>♫ නින්ද නොයන රාත්‍රීන් වල ♫</i></font></b>

821
01:14:55,467 --> 01:15:00,967
<b><font color="#ffffff"><i>♫ ඔබට කවදාවත් තනිකමක් නොදැනේවා ♫</i></font></b>

822
01:15:00,967 --> 01:15:08,967
<b><font color="#ffffff"><i>♫ හොඳ මතකයන් විතරක්ම තියාගෙන ඔබ ජීවත් වේවා ♫</i></font></b>

823
01:15:16,033 --> 01:15:24,033
<b><font color="#ffffff"><i>♫ හුස්ම හිරකරගෙන හිටියත්, මගේ හදවත වේගයෙන් ගැහෙනවා ♫</i></font></b>

824
01:15:24,033 --> 01:15:26,933
<font color="#ffd220">ඔයා එළි වෙනකම් කියෙව්වත්, මම ඔයාව යන්න දෙන්නේ නෑ.</font>

825
01:15:26,933 --> 01:15:29,100
<font color="#ffd220">ඔයත් මාව තදින් බදාගන්න ඕනේ.</font>

826
01:15:29,100 --> 01:15:31,467
<font color="#ffd220">ඔටුන්න හිමි කුමාරයයි සෝ හූන් ආර්යාවයි හරිම ආදරෙන් ඉන්නේ</font>

827
01:15:31,467 --> 01:15:33,176
<font color="#ffd220">මුළු මාළිගාවම ඒකෙන් පිරිලා.</font>

828
01:15:33,176 --> 01:15:36,100
<font color="#ffd220">සෝ හූන් ආර්යාවට දරුවෙක් ලැබෙන්න හිටියොත්...</font>

829
01:15:36,733 --> 01:15:38,367
<font color="#ffd220">දැන් මාව පේන්නේ කොහොමද?</font>

830
01:15:38,367 --> 01:15:40,333
<font color="#ffd220">එතකොට මාව? මම දැන් කවුරු වගේද?</font>

831
01:15:40,333 --> 01:15:44,600
<font color="#ffd220">ඉතින් එක ගෑනු ළමයෙක් හින්දා
අවුරුදු පහක මහන්සිය වතුරේ යැව්වා.</font>

832
01:15:44,600 --> 01:15:47,333
<font color="#ffd220">ශින් පැටියෙක්ගේ විෂ</font>

833
01:15:47,333 --> 01:15:50,267
<font color="#ffd220">සාක්ෂියක් වෙන්න තරම් ප්‍රබල මදි.</font>

834
01:15:50,267 --> 01:15:54,700
<font color="#ffd220">අපිට තව එක බිල්ලක් ඕන වෙන පාටයි.</font>

835
01:15:54,724 --> 01:15:56,724
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

