1
00:00:52,008 --> 00:00:54,008
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:54,032 --> 00:00:56,032


3
00:00:56,056 --> 00:01:00,060
<font color="#ffde44">මේ යන්ත්‍රවලින් එකක්
මගේ මහත්තයාගේ වෙන්න පුළුවන්ද?</font>

4
00:01:01,561 --> 00:01:06,107
<font color="#ffde44">සමහරවිට, හැබැයි ඔයා ඉක්මන් වෙලා
ඒවා අල්ලන්න යන්න එපා.</font>

5
00:01:06,775 --> 00:01:10,945
<font color="#ffde44">ඔයාගේ පුතා මේ යන්ත්‍රවලට සම්බන්ධ වෙන්නේ
කොහොමද කියලා අපි තවම දන්නේ නෑ.</font>

6
00:01:11,821 --> 00:01:13,907
<font color="#ffde44">ආ, හරි.</font>

7
00:01:17,869 --> 00:01:19,037
<font color="#ffde44">කොහොම වුණත්,</font>

8
00:01:19,120 --> 00:01:22,832
<font color="#ffde44">ඔයා මෙහෙන් හොයාගන්න හදන්නේ මොකක්ද?</font>

9
00:01:22,916 --> 00:01:27,086
<font color="#ffde44">ඊ රැන්ග් මට කලින් දෙයක් කිව්වා.</font>

10
00:01:27,170 --> 00:01:29,297
<font color="#ffde44">කොහොමද ඔයාට ඒ හොල්මන පෙනුණේ?</font>

11
00:01:30,465 --> 00:01:33,301
<font color="#ffde44">කට්ටඩියා පාවිච්චි කරපු
මේසයක් එතන තිබුණා.</font>

12
00:01:33,384 --> 00:01:36,012
<font color="#ffde44">ඒකේ ලාච්චුවේ තිබිලා මට පරණ
හඳුන්කූරු රඳවනයක් හම්බවුණා.</font>

13
00:01:36,095 --> 00:01:38,723
<font color="#ffde44">ඒකට හේතුව ඒ හඳුන්කූරු රඳවනය වගේ.</font>

14
00:01:40,850 --> 00:01:41,976
<font color="#ffde44">ඒත් මට ඒක හොයාගන්න නෑ.</font>

15
00:01:49,150 --> 00:01:50,485
<font color="#ffde44">ඊටපස්සේ, මොකද?</font>

16
00:01:51,903 --> 00:01:55,949
<font color="#ffde44">මෙහෙට ආත්ම ගෙන්නපු ඒ පිරිමි
කට්ටඩියාව හොයන එක තමයි හොඳ.</font>

17
00:02:15,927 --> 00:02:16,928
<font color="#ffde44">මට දෙන්න.</font>

18
00:02:27,981 --> 00:02:29,607
<font color="#ffde44">මටම කරගන්න පුළුවන්.</font>

19
00:02:29,691 --> 00:02:31,568
<font color="#ffde44">පස්සේ පසුතැවෙනවට වඩා පරිස්සම් වෙන එක හොඳයි.</font>

20
00:02:32,777 --> 00:02:33,736
<font color="#ffde44">පසුතැවෙනවා?</font>

21
00:02:34,320 --> 00:02:35,697
<font color="#ffde44">ඔයා පස්සේ වෙන දෙයක් කියන්න පුළුවන්නේ.</font>

22
00:02:37,240 --> 00:02:39,242
<font color="#ffde44">මම එහෙම නෑ.</font>

23
00:02:39,325 --> 00:02:41,369
<font color="#ffde44">ඔයා කොහොම කෙනෙක් වුණත් කමක් නෑ.</font>

24
00:02:41,911 --> 00:02:43,580
<font color="#ffde44">මම මිනිස්සුන්ව විශ්වාස කරන්නේ නැති එකයි ඇත්ත.</font>

25
00:02:44,330 --> 00:02:47,500
<font color="#ffde44">ඇයි? ඇයි ඔයා මිනිස්සුන්ව විශ්වාස කරන්නේ නැත්තේ?</font>

26
00:02:49,127 --> 00:02:50,628
<font color="#ffde44">අතන හරිම භයානකයි.</font>

27
00:02:51,212 --> 00:02:52,630
<font color="#ffde44">පාර පනින ලයිට් එක රතු වෙලයි තිබුණේ.</font>

28
00:02:53,798 --> 00:02:54,924
<font color="#ffde44">ආ, ඒකද.</font>

29
00:02:59,679 --> 00:03:01,472
<font color="#ffde44">වෙලාවකට මට මාව පාලනය කරගන්න බැරි වෙනවා.</font>

30
00:03:04,142 --> 00:03:06,603
<font color="#ffde44">ඔයා මෙතන මොකද කරන්නේ?</font>

31
00:03:07,729 --> 00:03:10,023
<font color="#ffde44">Glory Entertainment තමයි මගේ අලුත්ම සේවාදායකයා.</font>

32
00:03:10,899 --> 00:03:11,983
<font color="#ffde44">ඔයා මෙහේ?</font>

33
00:03:12,525 --> 00:03:14,235
<font color="#ffde44">මොකක් හරි කේස් එකකටවත් හයර් කරාද?</font>

34
00:03:14,319 --> 00:03:16,112
<font color="#ffde44">නෑ, එහෙම නෙවෙයි.</font>

35
00:03:17,614 --> 00:03:19,282
<font color="#ffde44">ඒක විනෝදාස්වාද ආයතනයක්නේ.</font>

36
00:03:20,033 --> 00:03:21,159
<font color="#ffde44">ආටිස්ලා ඉන්න තැනක්.</font>

37
00:03:22,035 --> 00:03:23,578
<font color="#ffde44">මම ගියේ මගේ ප්‍රියතම ආටිස්ව බලන්න.</font>

38
00:03:26,164 --> 00:03:27,832
<font color="#ffde44">මොකක්?
අයිඩල් කෙනෙක්.</font>

39
00:03:33,588 --> 00:03:34,589
<font color="#ffde44">ඒක හොඳට තදවෙලා තියෙනවා.</font>

40
00:03:40,386 --> 00:03:42,430
<font color="#ffde44">එයා ඇත්තටමද කිව්වේ නැත්නම් විහිළුවක්ද කළේ?</font>

41
00:03:43,431 --> 00:03:44,766
<font color="#ffde44">එයා නම් අමුතුම චරිතයක්.</font>

42
00:04:14,587 --> 00:04:16,589
<font color="#ffde44">කවුද අර කලින් හිටපු ගෑනු කෙනා?</font>

43
00:04:18,341 --> 00:04:20,510
<font color="#ffde44">ආ, එයා නීතිඥවරියක්.</font>

44
00:04:20,593 --> 00:04:22,762
<font color="#ffde44">මගේ කලින් නඩුවේදී එයා
අනිත් පැත්ත වෙනුවෙන් පෙනී හිටියා.</font>

45
00:04:24,639 --> 00:04:25,890
<font color="#ffde44">ඔයාගේ හිතේ එයා ගැන ආදරයක් තියෙනවද?</font>

46
00:04:25,974 --> 00:04:28,226
<font color="#ffde44">එයා ගැන උනන්දු වෙන්න හොඳ නැති වුණත්
ඔයා එයාට කැමතිද?</font>

47
00:04:29,352 --> 00:04:30,186
<font color="#ffde44">ඔයා මේ මොනවද කියන්නේ?</font>

48
00:04:30,270 --> 00:04:33,106
<font color="#ffde44">ඔයාගේ මූණ ඇපල් ගෙඩියක් වගේ රතු වෙලා තිබුණේ.</font>

49
00:04:33,189 --> 00:04:35,358
<font color="#ffde44">ඒ මට ආවේස වෙලා හිටපු නිසයි!</font>

50
00:04:41,990 --> 00:04:43,574
<font color="#ffde44">මම තරහින් නෙවෙයි ඉන්නේ.</font>

51
00:04:43,658 --> 00:04:44,826
<font color="#ffde44">මම දන්නවා.</font>

52
00:04:48,162 --> 00:04:49,497
<font color="#ffde44">මට කණගාටුයි.</font>

53
00:04:50,790 --> 00:04:52,709
<font color="#ffde44">මම නිසා ඔයා අනතුරකට ලක්වෙන්න ගියා.</font>

54
00:04:54,127 --> 00:04:57,213
<font color="#ffde44">එහෙම වුණේ නෑනේ, ඒ නිසා කමක් නෑ.</font>

55
00:04:59,007 --> 00:05:01,676
<font color="#ffde44">කොහොම වුණත්, ඔයා ඇයි
කෝ ජොන්ග් සොක් පස්සේ දිව්වේ?</font>

56
00:05:02,552 --> 00:05:06,764
<font color="#ffde44">මම මැරෙනකොට ඇහුණේ
එයාගේ රින්ග්ටෝන් එකමයි.</font>

57
00:05:08,558 --> 00:05:09,392
<font color="#ffde44">මොකක්?</font>

58
00:05:14,856 --> 00:05:15,857
<font color="#ffde44">සමාවෙන්න.</font>

59
00:05:15,940 --> 00:05:16,941
<font color="#ffde44">ඔයා කවුද?</font>

60
00:05:17,025 --> 00:05:19,068
<font color="#ffde44">මම Glory Entertainment ආයතනයේ
වැඩ කරන නීතිඥයෙක්.</font>

61
00:05:19,610 --> 00:05:22,155
<font color="#ffde44">මට කොරිඩෝවේ තියෙන
ආරක්ෂිත කැමරාවේ දර්ශන බලන්න පුළුවන්ද?</font>

62
00:05:22,238 --> 00:05:25,950
<font color="#ffde44">වෙලාවට ආවේ. මමත්
පොලිසියට කතා කරන්නයි හිටියේ.</font>

63
00:05:26,576 --> 00:05:28,828
<font color="#ffde44">පොලිසියට?
ඔයා නීතිඥයෙක් කිව්වා නේද.</font>

64
00:05:28,911 --> 00:05:32,040
<font color="#ffde44">මේක නේද ඔයා ආපු කාරණාව?</font>

65
00:05:35,084 --> 00:05:37,086
<font color="#ffde44">පිටර් පැටර් බුචර් ස්ටයිල් බාබකියු</font>

66
00:05:41,799 --> 00:05:43,384
<font color="#ffde44">ඇයි ඔයා ඒක ගන්නේ?</font>

67
00:05:43,468 --> 00:05:46,804
<font color="#ffde44">වෙලාවට මේ ට්‍රක් එක
පාර අයිනේ නවත්තලා තිබුණේ.</font>

68
00:05:47,388 --> 00:05:48,890
<font color="#ffde44">මොනවා හරි රෙකෝඩ් වෙලා ඇති.</font>

69
00:05:51,309 --> 00:05:52,560
<font color="#ffde44">දා බොන්ග්!</font>

70
00:05:52,643 --> 00:05:54,937
<font color="#ffde44">සාදරයෙන් පිළිගන්නවා.
මාමේ!</font>

71
00:05:55,021 --> 00:05:56,731
<font color="#ffde44">ඔයාව දැක්ක එකත් කොච්චර දෙයක්ද.</font>

72
00:05:57,356 --> 00:05:59,650
<font color="#ffde44">අද දවස හොඳයිද?
ඔව්.</font>

73
00:06:02,070 --> 00:06:04,947
<font color="#ffde44">මාමේ, ඔයාගේ අතට මොකද වුණේ?
තුවාල වුණාද?</font>

74
00:06:06,657 --> 00:06:08,034
<font color="#ffde44">ඊ රැන්ග්.</font>

75
00:06:08,117 --> 00:06:09,702
<font color="#ffde44">අත තුවාල වුණාද?</font>

76
00:06:09,786 --> 00:06:13,039
<font color="#ffde44">මොකක්? කාටද තුවාල වුණේ? ඊ රැන්ග්ටද?</font>

77
00:06:13,122 --> 00:06:14,624
<font color="#ffde44">නෑ, මුකුත් නෑ.</font>

78
00:06:15,166 --> 00:06:18,377
<font color="#ffde44">ඔව්, මොකක් හරි වෙලා.
බලන්න. බැන්ඩේජ් එකකුත් දාලා තියෙන්නේ.</font>

79
00:06:18,461 --> 00:06:21,339
<font color="#ffde44">පොඩි සීරීමක් විතරයි. මම හොඳින්.</font>

80
00:06:22,298 --> 00:06:24,133
<font color="#ffde44">මම ඇත්තටම හොඳින්.
ඒත්…</font>

81
00:06:24,217 --> 00:06:26,135
<font color="#ffde44">ඊ රැන්ග්, මට ඔයාගේ අත බලන්න දෙන්න.</font>

82
00:06:26,219 --> 00:06:27,220
<font color="#ffde44">දෙයියනේ.</font>

83
00:06:27,970 --> 00:06:28,846
<font color="#ffde44">අපොයි…</font>

84
00:06:35,478 --> 00:06:37,480
<font color="#ffde44">අම්මේ.</font>

85
00:06:37,563 --> 00:06:39,857
<font color="#ffde44">මොකද? ලොකු පාටි එකක්වත් තියෙනවද?</font>

86
00:06:39,941 --> 00:06:41,984
<font color="#ffde44">නෑ. ඊ රැන්ග්ට තුවාල වෙලා.</font>

87
00:06:42,068 --> 00:06:43,402
<font color="#ffde44">තුවාල වෙලා?</font>

88
00:06:44,070 --> 00:06:45,113
<font color="#ffde44">මම වැඩිය ගණන් ගත්තේ නෑ.</font>

89
00:06:45,196 --> 00:06:47,031
<font color="#ffde44">අම්මේ, කලබල වෙන්න එපා. සන්සුන් වෙන්න.</font>

90
00:06:47,615 --> 00:06:49,951
<font color="#ffde44">ඔයා දැනගන්න කැමති වෙයි කියලා
හිතලයි මම කිව්වේ.</font>

91
00:06:50,034 --> 00:06:51,577
<font color="#ffde44">ඒක එච්චර ලොකු තුවාලයක් නෙවෙයි.</font>

92
00:06:52,245 --> 00:06:54,330
<font color="#ffde44">මම බලන්නම් මොකද වුණේ කියලා.</font>

93
00:06:55,915 --> 00:06:57,291
<font color="#ffde44">හරි.</font>

94
00:06:57,875 --> 00:07:00,336
<font color="#ffde44">සමහරවිට මේක හොල්මනට සම්බන්ධ දෙයක් වෙන්න ඇති,</font>

95
00:07:00,419 --> 00:07:01,921
<font color="#ffde44">ඒ නිසා ගිහින් එයා ගැන හොඳට අවධානයෙන් ඉන්න.</font>

96
00:07:02,004 --> 00:07:03,339
<font color="#ffde44">හරි අම්මේ.</font>

97
00:07:03,422 --> 00:07:04,757
<font color="#ffde44">හොල්මනක්?</font>

98
00:07:05,550 --> 00:07:06,717
<font color="#ffde44">ඒකනේ…</font>

99
00:07:06,801 --> 00:07:09,887
<font color="#ffde44">පාරිභෝගිකයෝ අපේ අලුත් කෑම එකට කැමතිද?</font>

100
00:07:10,555 --> 00:07:11,806
<font color="#ffde44">ඔව් අම්මේ.</font>

101
00:07:11,889 --> 00:07:14,809
<font color="#ffde44">එයාලා හොල්මන් වගේ අපේ අලුත් කෑම එකට
පෙරේත වෙලා. එයාලා ඒකට හරිම කැමතියි.</font>

102
00:07:16,727 --> 00:07:18,312
<font color="#ffde44">ඔයාලා දෙන්නා මේ මොකක්ද කරන්න හදන්නේ?</font>

103
00:07:29,449 --> 00:07:30,950
<font color="#ffde44">ස්ටෝරේජ් ඩිවයිස් එක</font>

104
00:07:32,577 --> 00:07:33,744
<font color="#ffde44">ඊ රැන්ග්.</font>

105
00:07:33,828 --> 00:07:35,788
<font color="#ffde44">මොකද වුණේ? මොනවා හරි වුණාද?</font>

106
00:07:35,872 --> 00:07:37,790
<font color="#ffde44">එහෙම මුකුත් නෑ.</font>

107
00:07:37,874 --> 00:07:39,000
<font color="#ffde44">ඒත්…</font>

108
00:07:39,584 --> 00:07:40,960
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.
හරි.</font>

109
00:07:43,004 --> 00:07:44,005
<font color="#ffde44">මේක පටන් ගන්නේ මෙතනින්.</font>

110
00:07:57,393 --> 00:07:58,269
<font color="#ffde44">එයා මොකද කරන්නේ?</font>

111
00:08:00,438 --> 00:08:03,691
<font color="#ffde44">ඒ ටේබෙක් වල ඉන්න නීතිඥයා නේද?</font>

112
00:08:04,358 --> 00:08:05,985
<font color="#ffde44">ඔව්, ඒ නීතිඥ හන්.</font>

113
00:08:06,068 --> 00:08:07,445
<font color="#ffde44">හරි, නීතිඥ හන්.</font>

114
00:08:14,744 --> 00:08:15,578
<font color="#ffde44">එයා…</font>

115
00:08:15,661 --> 00:08:17,497
<font color="#ffde44">මම ඔයාට කිව්වා. එයා තමයි වෝකල් ට්‍රේනර්.</font>

116
00:08:22,793 --> 00:08:24,962
<font color="#ffde44">පේන විදිහට නීතිඥ හන්
ගිහින් තියෙන්නේ එයාගේ පස්සෙන්.</font>

117
00:08:30,092 --> 00:08:31,302
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, මොකක්?</font>

118
00:08:31,385 --> 00:08:33,471
<font color="#ffde44">ඔයත් එයාගේ පස්සෙන් ගියානේ.</font>

119
00:08:33,554 --> 00:08:34,847
<font color="#ffde44">ඒත්,</font>

120
00:08:34,931 --> 00:08:37,808
<font color="#ffde44">ඒ... මම නෙවෙයි.</font>

121
00:08:44,232 --> 00:08:45,983
<font color="#ffde44">අපි එයා එක්කද ඉන්නේ?</font>

122
00:08:55,368 --> 00:08:56,452
<font color="#ffde44">හලෝ.</font>

123
00:09:02,833 --> 00:09:04,126
<font color="#ffde44">පිස්සෙක්.</font>

124
00:09:04,210 --> 00:09:05,127
<font color="#ffde44">ඇත්තමයි.</font>

125
00:09:05,628 --> 00:09:07,588
<font color="#ffde44">ඒ පිස්සව හොයාගන්න මේක ඇතිවෙයිද?</font>

126
00:09:07,672 --> 00:09:09,006
<font color="#ffde44">මොකක්?</font>

127
00:09:11,509 --> 00:09:12,468
<font color="#ffde44">ඔව්.</font>

128
00:09:14,345 --> 00:09:15,346
<font color="#ffde44">මට පොඩි වෙලාවක් දෙන්න.</font>

129
00:09:22,603 --> 00:09:23,813
<font color="#ffde44"><i>හායි, නා හ්යුන්.</i></font>

130
00:09:23,896 --> 00:09:26,732
<font color="#ffde44">ඔයා චෝ ගි චොල්ව අත්අඩංගුවට ගනිද්දී
නීතිඥ ශින් ඊ රැන්ග් එතන හිටියා නේද?</font>

131
00:09:27,650 --> 00:09:28,526
<font color="#ffde44">ඔව්, එයා හිටියා.</font>

132
00:09:28,609 --> 00:09:30,736
<font color="#ffde44">ඔයා එයාව සාක්ෂිකරුවෙක් විදිහට ප්‍රශ්න කළාද?</font>

133
00:09:30,820 --> 00:09:31,737
<font color="#ffde44"><i>ඔව්, මම කළා.</i></font>

134
00:09:32,363 --> 00:09:33,906
<font color="#ffde44">කොහොමද එයා ඒ තැන ගැන දැනගෙන හිටියේ?</font>

135
00:09:34,490 --> 00:09:36,409
<font color="#ffde44">මමත් එයාගෙන් ඒ ප්‍රශ්නෙම ඇහුවා,</font>

136
00:09:36,492 --> 00:09:38,828
<font color="#ffde44">එයා කිව්වා එයාට ඒ තොරතුර ලැබුණේ
අඳුරගන්න බැරි කෙනෙක්ගෙන් කියලා.</font>

137
00:09:39,412 --> 00:09:40,997
<font color="#ffde44">කෙනෙක්ගෙන්?
<i>ඔව්.</i></font>

138
00:09:41,080 --> 00:09:43,416
<font color="#ffde44">එයා අන්තිම වෙනකන්ම මට කිව්වේ නෑ ඒ කවුද කියලා.</font>

139
00:09:43,499 --> 00:09:46,377
<font color="#ffde44">එයා අපේ විමර්ශනයට උදව් කරපු නිසා
මට එයාගෙන් වැඩිදුර ප්‍රශ්න කරන්න බැරි වුණා.</font>

140
00:09:46,460 --> 00:09:47,878
<font color="#ffde44"><i>ඒත් ඇයි ඔයා අහන්නේ?</i></font>

141
00:09:47,962 --> 00:09:50,131
<font color="#ffde44">මුකුත් නෑ. මට යන්න ඕනේ.</font>

142
00:09:55,261 --> 00:09:56,429
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න!</font>

143
00:09:57,930 --> 00:09:58,848
<font color="#ffde44">නීතිඥ ශින්?</font>

144
00:10:00,349 --> 00:10:02,393
<font color="#ffde44">ඇයි එයා ඔය තරම් කලබල වුණේ?</font>

145
00:10:04,270 --> 00:10:05,855
<font color="#ffde44">එයා කෝ ජොන්ග් සොක් එක්ක රණ්ඩු වුණාද?</font>

146
00:10:14,822 --> 00:10:15,740
<font color="#ffde44">පසුබිම් පරීක්ෂා කිරීමේ වාර්තාව</font>

147
00:10:15,823 --> 00:10:16,991
<font color="#ffde44">අපරාධ වාර්තා පරීක්ෂා කිරීමේ වාර්තාව</font>

148
00:10:17,074 --> 00:10:18,534
<font color="#ffde44">චෝදනාව:
ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම</font>

149
00:10:20,995 --> 00:10:22,997
<font color="#ffde44">නිදොස් කොට නිදහස් කර ඇත
බොරු චෝදනා මත ප්‍රතිනඩු පවරන ලදි</font>

150
00:10:26,751 --> 00:10:29,003
<font color="#ffde44">ප්‍රසිද්ධ ගීත රචක කෝ ජොන්ග් සොක්ට
ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරයි...</font>

151
00:10:29,086 --> 00:10:30,254
<font color="#ffde44">"ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය"?</font>

152
00:10:32,131 --> 00:10:34,967
<font color="#ffde44">මොකක් හරි සැකහිතෙන දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම.</font>

153
00:10:36,844 --> 00:10:39,055
<font color="#ffde44">ඒත් එයා ඇත්තටම හොඳ කෙනෙක්.</font>

154
00:10:39,930 --> 00:10:42,767
<font color="#ffde44">එයා එයාගේ ගෙදරදී අපි වගේ
පුහුණුවෙන්නන්ට කෑමත් උයලා දුන්නා.</font>

155
00:10:43,351 --> 00:10:45,645
<font color="#ffde44">එයා අපිට පෞද්ගලික පන්තිත් කළා.</font>

156
00:10:46,354 --> 00:10:48,397
<font color="#ffde44">ඔයාගේ ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් එකක්ද?</font>

157
00:10:49,273 --> 00:10:50,107
<font color="#ffde44">ඔව්.</font>

158
00:10:50,858 --> 00:10:53,611
<font color="#ffde44">මට ඔයාගේ එකවුන්ට් අයිඩී එකයි පාස්වර්ඩ් එකයි දෙන්න.</font>

159
00:10:54,612 --> 00:10:56,989
<font color="#ffde44">අයිඩී එක "cheerupsu-a."</font>

160
00:10:57,573 --> 00:10:59,450
<font color="#ffde44">"Cheer up, Su-a."</font>

161
00:10:59,533 --> 00:11:02,787
<font color="#ffde44">පාස්වර්ඩ් එක "grandma0314."</font>

162
00:11:05,915 --> 00:11:07,041
<font color="#ffde44">අපි බලමු.</font>

163
00:11:07,124 --> 00:11:08,292
<font color="#ffde44">ඔයා මොකක්ද කරන්න හදන්නේ?</font>

164
00:11:08,376 --> 00:11:10,878
<font color="#ffde44">එයාගේ ෆෝන් එක මේ වෙබ් පෝටල් එකට
කනෙක්ට් වෙලා තියෙනවා නම්,</font>

165
00:11:10,961 --> 00:11:12,922
<font color="#ffde44">ඒක වැඩ කරන්නේ නැති වුණත් ට්‍රැක් කරන්න පුළුවන්.</font>

166
00:11:13,506 --> 00:11:16,467
<font color="#ffde44">ඒත් මට සැකයි අපරාධකාරයා ළඟ සූ ආගේ ෆෝන් එක තියෙනවා කියලා.</font>

167
00:11:16,550 --> 00:11:19,637
<font color="#ffde44">එයාගේ ෆෝන් එකේ වැදගත් දෙයක්
සේව් කරලා තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන්.</font>

168
00:11:20,638 --> 00:11:23,015
<font color="#ffde44">ඔයා එයාගේ ගෙදර ගියා කිව්වා නේද?</font>

169
00:11:23,516 --> 00:11:24,475
<font color="#ffde44">ඒක කොහෙද තියෙන්නේ?</font>

170
00:11:26,685 --> 00:11:28,813
<font color="#ffde44">ඒක තියෙන්නේ රිවර්ලන්ඩ් කිට්ටුව.</font>

171
00:11:29,772 --> 00:11:30,606
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

172
00:11:31,440 --> 00:11:32,566
<font color="#ffde44">කිම් සූ ආගේ ෆෝන් එක</font>

173
00:11:36,278 --> 00:11:37,780
<font color="#ffde44">වෙන්න බෑ.</font>

174
00:11:38,489 --> 00:11:40,825
<font color="#ffde44">රිවර්ලන්ඩ්</font>

175
00:11:47,581 --> 00:11:49,166
<font color="#ffde44"><i>අපි පොලිසියට දැනුම් දෙමුද?</i></font>

176
00:11:50,000 --> 00:11:52,211
<font color="#ffde44">තවම නෑ. අපිට තව සාක්ෂි එකතු කරගන්න ඕනේ.</font>

177
00:11:52,294 --> 00:11:53,379
<font color="#ffde44">කොහොමද?</font>

178
00:11:53,462 --> 00:11:56,674
<font color="#ffde44">මම කෝ ජොන්ග් සොක් ගැන තව ටිකක් හොයලා බලන එක හොඳයි.</font>

179
00:12:01,971 --> 00:12:03,055
<font color="#ffde44">ඔයා දන්නවද</font>

180
00:12:04,181 --> 00:12:06,851
<font color="#ffde44">වෘකයෙක්ව බල්ලෙක් වගේ හීලෑ කළේ මොකක්ද කියලා?</font>

181
00:12:07,768 --> 00:12:08,602
<font color="#ffde44">මොකක්ද?</font>

182
00:12:09,186 --> 00:12:10,062
<font color="#ffde44">මස් කෑල්ලක්.</font>

183
00:12:12,314 --> 00:12:16,444
<font color="#ffde44">රංචුවෙන් පන්නලා දාපු වෘකයෙකුට
විසි කරපු මස් කෑල්ලක්.</font>

184
00:12:21,991 --> 00:12:25,119
<font color="#ffde44">මහන්සි වෙන්නේ නැතුව මස්වල
රස වැටුණට පස්සේ,</font>

185
00:12:25,202 --> 00:12:27,413
<font color="#ffde44">ඒ වෘකයා පක්ෂපාතී බල්ලෙක් බවට පත්වුණා.</font>

186
00:12:28,289 --> 00:12:29,540
<font color="#ffde44">දැන්,</font>

187
00:12:30,124 --> 00:12:33,252
<font color="#ffde44">ඌ මස් විතරක් කාලා එයාගේ
පක්ෂපාතීත්වය පෙන්නුවේ නැත්නම් මොකද වෙන්නේ?</font>

188
00:12:34,378 --> 00:12:36,672
<font color="#ffde44">අපි හිතමු ඌ ඒ මස් දෙන අතත් හැපුවා කියලා.</font>

189
00:12:38,424 --> 00:12:40,134
<font color="#ffde44">ඒ බල්ලට මොකද කරන්න ඕනේ?</font>

190
00:12:42,052 --> 00:12:43,471
<font color="#ffde44">ඔව්, මම අහගෙන ඉන්නේ.</font>

191
00:12:43,971 --> 00:12:46,682
<font color="#ffde44">ඔයා නම් ඒ වගේ කාලකණ්ණියෙක්ව
ළඟ තියාගන්නවද?</font>

192
00:12:47,600 --> 00:12:49,477
<font color="#ffde44">අ අනේ මට සමාවෙන්න.</font>

193
00:12:53,689 --> 00:12:54,940
<font color="#ffde44">මේක පාඩම් කරගන්න.</font>

194
00:12:55,024 --> 00:12:56,609
<font color="#ffde44">මේක තමයි උසාවියේදී ඔයා කියන්න ඕනේ දේවල්.</font>

195
00:13:02,072 --> 00:13:03,782
<font color="#ffde44">ඔයාට වයස 70 වෙන්න කලින් නිදහස් වෙන්න පුළුවන්.</font>

196
00:13:04,617 --> 00:13:06,410
<font color="#ffde44">අර කාලකණ්ණි නීතිඥයා නිසයි මේ ඔක්කොම!</font>

197
00:13:07,786 --> 00:13:08,913
<font color="#ffde44">ඒකා</font>

198
00:13:09,872 --> 00:13:12,583
<font color="#ffde44">ටිකක් පිස්සු ඩයල් එකක්. මම මේ කියන්නේ.</font>

199
00:13:12,666 --> 00:13:16,086
<font color="#ffde44">මේ පිස්සු ලෝකේ හැමෝම පිස්සෝ තමයි.</font>

200
00:13:17,338 --> 00:13:18,380
<font color="#ffde44">ඒ ලී ගැන්ග් පුන්ග්.</font>

201
00:13:20,341 --> 00:13:22,176
<font color="#ffde44">ඕසොන්ග් කල්ලියේ හිටපු මගේ ගෝලයා,</font>

202
00:13:23,052 --> 00:13:24,428
<font color="#ffde44">ලී ගැන්ග් පුන්ග්.</font>

203
00:13:25,971 --> 00:13:26,805
<font color="#ffde44">කවුරු?</font>

204
00:13:28,349 --> 00:13:29,391
<font color="#ffde44">මම දන්නවා…</font>

205
00:13:29,975 --> 00:13:31,685
<font color="#ffde44">ඒක විහිළුවක් වගේම පිස්සුවක් වගේ ඇති.</font>

206
00:13:31,769 --> 00:13:32,645
<font color="#ffde44">නම.</font>

207
00:13:33,646 --> 00:13:34,522
<font color="#ffde44">ආයේ කියන්න මොකක්ද නම?</font>

208
00:13:35,105 --> 00:13:36,065
<font color="#ffde44">ලී ගැන්ග් පුන්ග්.</font>

209
00:13:37,983 --> 00:13:39,151
<font color="#ffde44">ලී ගැන්ග් පුන්ග්.</font>

210
00:13:41,195 --> 00:13:43,656
<font color="#ffde44">ඇත්තම කතාව නම්, ලී ගැන්ග් පුන්ග් කියන්නේ…</font>

211
00:13:45,199 --> 00:13:46,617
<font color="#ffde44">චණ්ඩියෙක්.</font>

212
00:13:47,493 --> 00:13:48,410
<font color="#ffde44">දිගටම කියන්න.</font>

213
00:13:50,162 --> 00:13:52,498
<font color="#ffde44">අර කාලකණ්ණි නීතිඥයා දුර්වලයෙක් වෙලයි හිටියේ</font>

214
00:13:53,290 --> 00:13:55,417
<font color="#ffde44">එකපාරටම එයාගේ ඇස් වෙනස් වෙනකන්.</font>

215
00:13:55,501 --> 00:13:56,460
<font color="#ffde44">ඔයා කවුද?</font>

216
00:13:57,670 --> 00:13:58,796
<font color="#ffde44">මම?</font>

217
00:14:00,172 --> 00:14:03,175
<font color="#ffde44">මම තමයි චණ්ඩි නීතිඥ ලී ගැන්ග් පුන්ග්!</font>

218
00:14:04,635 --> 00:14:06,387
<font color="#ffde44">ඒකෙන් කිසිම තේරුමක් තිබුණේ නෑ.</font>

219
00:14:07,346 --> 00:14:08,639
<font color="#ffde44">බලද්දී අරූ--</font>

220
00:14:08,722 --> 00:14:12,268
<font color="#ffde44">එයා මැරුණා…
එයාගේ ගොරවන එකට සැත්කමක් කරද්දී.</font>

221
00:14:21,360 --> 00:14:22,987
<font color="#ffde44">මම එනකන් කටවහගෙන ඉන්නවා.</font>

222
00:14:39,336 --> 00:14:41,547
<font color="#ffde44">ශින් ඊ රැන්ග් නීති කාර්යාලය ගැන තව හොයලා බලන්න.</font>

223
00:14:41,630 --> 00:14:44,258
<font color="#ffde44">ඒක තියෙන තැන, සේවකයෝ
සහ සේවාදායකයෝ ඇතුළු හැමදෙයක්ම.</font>

224
00:14:44,925 --> 00:14:45,843
<font color="#ffde44">හරි, සර්.</font>

225
00:14:47,761 --> 00:14:52,308
<font color="#ffde44">මිස්ටර් කිම්ගේ රියල් එස්ටේට් ඔෆිස් එක</font>

226
00:14:54,310 --> 00:14:57,605
<font color="#ffde44">හලෝ.
පිළිගන්නවා.</font>

227
00:14:58,188 --> 00:14:59,356
<font color="#ffde44">ඒකනේ…</font>

228
00:15:00,357 --> 00:15:03,193
<font color="#ffde44">මට අර පිරිමි කට්ටඩියාව
සම්බන්ධ කරගන්න ඕනේ,</font>

229
00:15:03,277 --> 00:15:05,863
<font color="#ffde44">ඔක්චොන් බිල්ඩිමේ 501 යුනිට් එකේ
කලින් හිටපු කෙනාව.</font>

230
00:15:07,197 --> 00:15:10,200
<font color="#ffde44">පියතුමෙකුට කට්ටඩියෙක් එක්ක මොකටද කතා කරන්න ඕනේ?</font>

231
00:15:11,368 --> 00:15:12,703
<font color="#ffde44">මම දන්නෙත් නෑ.</font>

232
00:15:12,786 --> 00:15:14,788
<font color="#ffde44">වැඩ සිද්ධ වුණේ එහෙමයි.</font>

233
00:15:14,872 --> 00:15:16,290
<font color="#ffde44">වාඩිවෙන්න.</font>

234
00:15:19,084 --> 00:15:21,086
<font color="#ffde44">පිටර් පැටර් බුචර් ස්ටයිල් බාබකියු</font>

235
00:15:22,755 --> 00:15:25,424
<font color="#ffde44">ඔයාට පුළුවන්ද කෝ ජොන්ග් සොක්
ඇතුළේ ඉන්නවද කියලා බලන්න යන්න?</font>

236
00:15:26,050 --> 00:15:27,051
<font color="#ffde44">හරි.</font>

237
00:15:27,134 --> 00:15:28,928
<font color="#ffde44">ඒත්…</font>

238
00:15:30,387 --> 00:15:32,514
<font color="#ffde44">හරි, එහෙනම් ගුඩ් ලක්.</font>

239
00:15:32,598 --> 00:15:33,557
<font color="#ffde44">ඔයාට පුළුවන්.</font>

240
00:15:34,183 --> 00:15:35,351
<font color="#ffde44">එයා ගිහිල්ලත් ඉවරයි.</font>

241
00:15:36,894 --> 00:15:38,395
<font color="#ffde44">හරිම ඉක්මන්.</font>

242
00:15:39,396 --> 00:15:40,397
<font color="#ffde44">අපිටත් ගුඩ් ලක් තමයි.</font>

243
00:15:45,861 --> 00:15:47,404
<font color="#ffde44">ඇයි එයාට මෙච්චර වෙලා යන්නේ?</font>

244
00:15:47,488 --> 00:15:49,114
<font color="#ffde44">මොනවා හරි වෙලා තිබුණොත්?</font>

245
00:16:11,804 --> 00:16:13,514
<font color="#ffde44">මෙහෙම හරියන්නේ නෑ. මම ටිකකට ඇතුළට යනවා.</font>

246
00:16:13,597 --> 00:16:15,724
<font color="#ffde44">ඉන්න, මාත් එන්නම් ඔයා එක්ක.</font>

247
00:16:15,808 --> 00:16:17,851
<font color="#ffde44">මොකක් හරි වුණොත් කියලා අපි දෙන්නගෙන්
එක්කෙනෙක් මෙතන ඉන්න ඕනේ.</font>

248
00:16:17,935 --> 00:16:19,520
<font color="#ffde44">මොනවා හරි වුණොත් මම කෝල් කරන්නම්.</font>

249
00:16:19,603 --> 00:16:22,606
<font color="#ffde44">එහෙනම්, අඩුම තරමේ මේකවත් අරන් යන්න.</font>

250
00:16:22,690 --> 00:16:24,024
<font color="#ffde44">මොකක්ද ඒ?</font>

251
00:16:24,108 --> 00:16:25,317
<font color="#ffde44">මම මේක ඔන්ලයින් ගත්තේ.</font>

252
00:16:26,110 --> 00:16:28,028
<font color="#ffde44">ඇ ඇයි ඔයා මේක ළඟ තියාගෙන ඉන්නේ?</font>

253
00:16:28,112 --> 00:16:31,365
<font color="#ffde44">මම මේක සා රැන්ග්ට ගත්තේ.
මේක භයානක ලෝකයක්නේ, ඔයා දන්නවනේ.</font>

254
00:16:35,744 --> 00:16:36,662
<font color="#ffde44">හෝව්, මචං!</font>

255
00:16:37,788 --> 00:16:39,164
<font color="#ffde44">සමාවෙන්න.</font>

256
00:17:32,718 --> 00:17:34,803
<font color="#ffde44">ඔයා මෙතන කල්පනා කර කර ඉන්න හොඳ නෑ.</font>

257
00:17:34,887 --> 00:17:36,472
<font color="#ffde44">දැනට අපි එළියට යමු.
<i>ඔයා මලක්</i></font>

258
00:17:37,598 --> 00:17:41,518
<font color="#ffde44"><i>තාමත් සුවඳ</i></font>

259
00:17:42,644 --> 00:17:43,812
<font color="#ffde44">ඔයා මොකද කරන්නේ?
<i>නොවිහිදුණු</i></font>

260
00:17:45,314 --> 00:17:46,648
<font color="#ffde44">ඒක මගේ සින්දුව.
<i>ඔයා මලක්</i></font>

261
00:17:47,316 --> 00:17:48,233
<font color="#ffde44">මොකක්?</font>

262
00:17:48,317 --> 00:17:52,529
<font color="#ffde44">මමයි ඒ සින්දුව ලිව්වේ, පද රචනයත් මගේ.
<i>තාමත් නොදුටු</i></font>

263
00:17:53,655 --> 00:17:54,907
<font color="#ffde44"><i>හීන ගොඩක් එක්ක</i></font>

264
00:17:55,866 --> 00:18:00,954
<font color="#ffde44"><i>මට ඕනේ ඔයා වසන්ත දවසක් වගේ දිලිසෙනවා දකින්න</i>
<i>මට ඕනේ ඔයා වසන්ත දවසක් වගේ දිලිසෙනවා දකින්න</i></font>

265
00:18:01,038 --> 00:18:06,335
<font color="#ffde44"><i>මට ඕනේ ඔයා නිල් අහස අල්ලනවා දකින්න</i>
<i>මට ඕනේ ඔයා නිල් අහස අල්ලනවා දකින්න</i></font>

266
00:18:07,419 --> 00:18:08,962
<font color="#ffde44">මම මේ සින්දුව ලිව්වේ</font>

267
00:18:09,046 --> 00:18:12,633
<font color="#ffde44">මිනිස්සු මගේ සින්දු අහලා
සතුටු වෙයි කියන බලාපොරොත්තුවෙන්.</font>

268
00:18:17,054 --> 00:18:18,889
<font color="#ffde44">ග්ලෝරි එන්ටර්ටේන්මන්ට්
ලෝආන්</font>

269
00:18:20,140 --> 00:18:22,518
<font color="#ffde44"><i>දවසම ප්‍රැක්ටිස් කරලා</i>
<i>රෑට මම පාට් ටයිම් වැඩ කළා.</i></font>

270
00:18:22,601 --> 00:18:23,727
<font color="#ffde44"><i>ඒක අසාධාරණයි කියලා මට හිතුණා.</i></font>

271
00:18:24,728 --> 00:18:25,854
<font color="#ffde44">ලස්සන මල</font>

272
00:18:25,938 --> 00:18:28,148
<font color="#ffde44"><i>මම අනිත් පුහුණුවෙන්නන් වගේ වුණේ නෑ.</i></font>

273
00:18:28,232 --> 00:18:32,111
<font color="#ffde44"><i>ඒගොල්ලන්ට උපතින්ම ලැබිලා තිබුණ දේවල් මට තිබුණේ නෑ.</i></font>

274
00:18:34,279 --> 00:18:37,366
<font color="#ffde44"><i>ඒත් මැසිවිලි නගමින් කාලය නාස්ති කරන්න</i>
<i>මට ඕන වුණේ නෑ.</i></font>

275
00:18:38,367 --> 00:18:41,662
<font color="#ffde44"><i>දුප්පත්ව ඉපදුණත්, මගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කියලා</i>
<i>මම විශ්වාස කළා.</i></font>

276
00:18:42,996 --> 00:18:44,540
<font color="#ffde44"><i>මම වෙනස් විදිහකට ජීවත් වෙන්නයි හිටියේ.</i></font>

277
00:18:45,791 --> 00:18:48,919
<font color="#ffde44">මේ නිසා තමයි එයා ඔයාව මැරුවේ.</font>

278
00:18:50,587 --> 00:18:52,589
<font color="#ffde44">වහලෙ උඩ තිබුණ ඔයාගේ ෆෝන් එක නැති වුණෙත් ඒකයි.</font>

279
00:18:54,466 --> 00:18:55,968
<font color="#ffde44">ඒත් එයා කොහොමද ඒක දැනගත්තේ?</font>

280
00:18:56,552 --> 00:18:58,971
<font color="#ffde44">මගේ සින්දු මගේ ෆෝන් එකේ සේව් කරලා තියෙනවා කියලා
කවුරුත් දන්නේ නෑ.</font>

281
00:19:06,395 --> 00:19:08,147
<font color="#ffde44">සින්දු ලියන එක මහ කජ්ජක්ද.</font>

282
00:19:08,230 --> 00:19:10,315
<font color="#ffde44">ඊළඟට මොන සින්දුවද තියෙන්නේ?</font>

283
00:19:15,988 --> 00:19:16,905
<font color="#ffde44">මගේ ෆෝන් එක.</font>

284
00:19:19,032 --> 00:19:20,909
<font color="#ffde44">අර කාලකණ්ණියා.</font>

285
00:19:21,785 --> 00:19:24,955
<font color="#ffde44">ඌට අපායෙ දුක විඳින්නමයි ඕනේ.</font>

286
00:19:28,584 --> 00:19:29,960
<font color="#ffde44">මොන මඟුලක්ද?</font>

287
00:19:39,303 --> 00:19:40,137
<font color="#ffde44">හේයි.</font>

288
00:19:40,721 --> 00:19:43,098
<font color="#ffde44">සූ-ආ සින්දු ලිව්වා කියලා දන්න
තවත් අය ඉන්නවා කියලා ඔයා දන්නවද?</font>

289
00:19:43,891 --> 00:19:44,808
<font color="#ffde44">ඔයා මුකුත්...</font>

290
00:19:45,726 --> 00:19:47,603
<font color="#ffde44">මම මුලින්ම ගිහින් එයාව මුණගැහෙන එක හොඳයි.</font>

291
00:19:47,686 --> 00:19:50,397
<font color="#ffde44">එයා ඔය කා ගැනද කතා කරන්නේ?</font>

292
00:19:51,106 --> 00:19:52,316
<font color="#ffde44">එමා ගැන.</font>

293
00:19:52,399 --> 00:19:54,860
<font color="#ffde44"><i>ඒක මාත් එක්ක කතා කරනවා</i>
<i>මම මුළු රෑම වෙව්ලමින් හිටියා</i></font>

294
00:19:54,943 --> 00:19:57,029
<font color="#ffde44"><i>ඒත් මම දැන් තරුවක් වෙන්නයි යන්නේ</i></font>

295
00:19:57,112 --> 00:19:57,988
<font color="#ffde44">ඉවරයි!</font>

296
00:19:58,071 --> 00:20:00,657
<font color="#ffde44">ඇත්තටමද කියන්නේ!</font>

297
00:20:00,741 --> 00:20:02,868
<font color="#ffde44">කොහොමද ඔයා ඔය වගේ පද පේළි ලියන්නේ?</font>

298
00:20:02,951 --> 00:20:05,412
<font color="#ffde44">නවත්තන්න. ඔයා මාව ලැජ්ජ කරනවා.</font>

299
00:20:05,495 --> 00:20:08,373
<font color="#ffde44">එමා, මේක අනිත් හැමෝගෙන්ම
හංගගෙන ඉන්න ඕනේ, හරිද?</font>

300
00:20:08,957 --> 00:20:10,083
<font color="#ffde44">මම ඒ ගැන ටිකක් හිතලා බලන්නම්.</font>

301
00:20:10,584 --> 00:20:13,921
<font color="#ffde44">දන්නවද?
මට එකපාරටම මිල්ක් ටී එකක් බොන්න ආසාවක් ආවා.</font>

302
00:20:14,713 --> 00:20:16,632
<font color="#ffde44">අනේ, මේ!</font>

303
00:20:16,715 --> 00:20:18,508
<font color="#ffde44">කාටවත් කියන්න එපා!</font>

304
00:20:18,592 --> 00:20:20,510
<font color="#ffde44">එමා මගේ සින්දු ඔක්කොම වගේ දන්නවා.</font>

305
00:20:21,678 --> 00:20:22,638
<font color="#ffde44">අනිවාර්යයෙන්ම!</font>

306
00:20:23,222 --> 00:20:26,683
<font color="#ffde44">වෙන කවුරුහරි ඒ සින්දු ගැන දන්නවා නම්
මට සූ-ආගේ කිසිම සින්දුවක් පාවිච්චි කරන්න බෑ.</font>

307
00:20:26,767 --> 00:20:28,769
<font color="#ffde44">එයා ඔය කාත් එක්කද කතා කරන්නේ?</font>

308
00:20:28,852 --> 00:20:31,688
<font color="#ffde44">ඔයාවයි එමාවයි දන්න කෙනෙක්,
ඔයා සින්දු ලිව්වා කියලත් ඒ කෙනා දන්නවා.</font>

309
00:20:35,359 --> 00:20:36,985
<font color="#ffde44">ඒ අනිවාර්යයෙන්ම ඒබල් වෙන්න ඕනේ.</font>

310
00:20:37,569 --> 00:20:39,488
<font color="#ffde44">තුන, හතර, පහ</font>

311
00:20:39,571 --> 00:20:40,530
<font color="#ffde44">හේයි!</font>

312
00:20:41,114 --> 00:20:42,366
<font color="#ffde44">වමට යන්න.</font>

313
00:20:42,449 --> 00:20:45,494
<font color="#ffde44">දකුණට නෙමෙයි, වමට! මම එකම දේ
කී පාරක් කියන්නද? ඔයාට මොළයක් නැද්ද?</font>

314
00:20:47,746 --> 00:20:49,331
<font color="#ffde44">මට මේක දැන් එපා වෙලා තියෙන්නේ.</font>

315
00:20:49,915 --> 00:20:51,250
<font color="#ffde44">ඔයා මාව කේන්ති ගස්සනවා.</font>

316
00:20:57,923 --> 00:21:00,676
<font color="#ffde44"><i>ඒබල් දිගටම වැරදි කරපු නිසා</i>
<i>මම ගොඩක් වෙලාවට එයාට බැන්නා.</i></font>

317
00:21:01,260 --> 00:21:02,594
<font color="#ffde44">එයා මට ගොඩක් වෛර කරන්න ඇති.</font>

318
00:21:03,178 --> 00:21:04,554
<font color="#ffde44">එයා ඔයාගේ සින්දු ගැනත් දන්නවද?</font>

319
00:21:04,638 --> 00:21:06,390
<font color="#ffde44">ඔයා යන එන හැම තැනම</font>

320
00:21:09,309 --> 00:21:10,936
<font color="#ffde44"><i>මම සින්දු ලියනවා එයා දැක්කා.</i></font>

321
00:21:11,603 --> 00:21:13,188
<font color="#ffde44"><i>එයා මිස්ටර් කෝට ඒ ගැන කියන්න ඇති.</i></font>

322
00:21:15,315 --> 00:21:18,443
<font color="#ffde44">ඉක්මනටම එයාව මුණගැහෙන්න අහන්න.
මාත් එතැනට එන්නම්.</font>

323
00:21:20,904 --> 00:21:21,905
<font color="#ffde44">එයා ඉන්නේ අනතුරක.</font>

324
00:21:21,989 --> 00:21:23,156
<font color="#ffde44">අපි ඉක්මනට එයා පස්සෙන් යමු.
හරි.</font>

325
00:21:27,119 --> 00:21:28,287
<font color="#ffde44">කවුද ඒ?</font>

326
00:21:28,370 --> 00:21:29,871
<font color="#ffde44"><i>මම නීතිඥ හන් නා-හ්‍යුන්.</i></font>

327
00:21:30,580 --> 00:21:32,416
<font color="#ffde44">නීතිඥවරියක්?
නීතිඥ හන්?</font>

328
00:21:32,499 --> 00:21:34,835
<font color="#ffde44"><i>මම ආවේ තේබෙක් නීති සමාගමෙන්,</i>
<i>මෑතකදී අපි ග්ලෝරි එන්ටර්ටේන්මන්ට් එක්ක</i></font>

329
00:21:34,918 --> 00:21:37,045
<font color="#ffde44"><i>හවුල්කාරීත්වයක් අත්සන් කළා.</i></font>

330
00:21:39,589 --> 00:21:40,590
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

331
00:21:45,679 --> 00:21:47,347
<font color="#ffde44">හලෝ.
හායි.</font>

332
00:21:49,349 --> 00:21:50,892
<font color="#ffde44">ඔයා තනියමද ඉන්නේ?
ඔව්.</font>

333
00:21:50,976 --> 00:21:53,312
<font color="#ffde44">මොකද මේ දුර ගෙවාගෙන ආවේ?</font>

334
00:21:54,521 --> 00:21:57,399
<font color="#ffde44">ඊයේ කම්පැනි එකට කඩාගෙන ආපු
මනුස්සයාව ඔයාට මතකද?</font>

335
00:21:57,983 --> 00:21:59,651
<font color="#ffde44">ඔව්, ඒ පිස්සා ගැන මොකක්ද?</font>

336
00:21:59,735 --> 00:22:02,195
<font color="#ffde44">එයා ගාඩ් කෙනෙකුට ගැහුවා.</font>

337
00:22:02,279 --> 00:22:05,949
<font color="#ffde44">අනාගතේ මොනවාහරි ප්‍රශ්නයක් වුණොත් කියලා හිතලා
CEO මට කිව්වා එයාගේ විස්තර හොයාගන්න කියලා.</font>

338
00:22:06,033 --> 00:22:07,034
<font color="#ffde44">ඉතින්?</font>

339
00:22:07,617 --> 00:22:10,871
<font color="#ffde44">මම කැමරා දර්ශන බැලුවම දැක්කා
ඔයාලා දෙන්නා කතා කරනවා.</font>

340
00:22:10,954 --> 00:22:12,539
<font color="#ffde44">ඔයාට අමුත්තක් දැනුණේ නැද්ද?</font>

341
00:22:12,622 --> 00:22:14,583
<font color="#ffde44">ඔව්, දැනුණා.</font>

342
00:22:14,666 --> 00:22:15,751
<font color="#ffde44">එයා හැසිරුණේ ලෝආන් වගේ.</font>

343
00:22:16,543 --> 00:22:18,295
<font color="#ffde44">එයාට කෙල්ලගෙ පිස්සුවක් තිබුණා.</font>

344
00:22:18,879 --> 00:22:20,714
<font color="#ffde44">ඔයා ඔය කියන්නේ වැටිලා මැරුණු පුහුණුවෙන්නිය ගැනද?</font>

345
00:22:20,797 --> 00:22:21,798
<font color="#ffde44">ඔව්.</font>

346
00:22:21,882 --> 00:22:24,885
<font color="#ffde44">ඕක සාමාන්‍ය දෙයක්. ෆෑන්ස්ලා වගේ ඇවිත් කිට්ටු වෙන
මානසික ලෙඩ්ඩු.</font>

347
00:22:24,968 --> 00:22:26,595
<font color="#ffde44">අර කාලකණ්ණි...</font>

348
00:22:28,180 --> 00:22:29,514
<font color="#ffde44">මානසික ලෙඩා...</font>

349
00:22:30,223 --> 00:22:32,893
<font color="#ffde44">සියදිවි නසාගත්තු ඒ අහිංසක කෙල්ලට
අවමන් කරන්න ඌට කොහොමද හිතෙන්නේ.</font>

350
00:22:34,436 --> 00:22:37,105
<font color="#ffde44">ලෝආන් මැරුණු දවසේ
ඔයාත් බිල්ඩින් එකේ හිටියා.</font>

351
00:22:38,106 --> 00:22:39,483
<font color="#ffde44">ඔයා එයාව මුණගැහුණද?</font>

352
00:22:39,566 --> 00:22:42,110
<font color="#ffde44">නෑ. මම එදා එයාව දැක්කෙවත් නෑ.</font>

353
00:22:42,778 --> 00:22:43,695
<font color="#ffde44">එහෙමද?</font>

354
00:22:44,321 --> 00:22:49,326
<font color="#ffde44">එහෙනම් එයා ඒ තීරණය ගත්තේ ඇයි කියලා
ඔයා දන්නේ නැතුව ඇති.</font>

355
00:22:49,910 --> 00:22:50,952
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

356
00:22:51,703 --> 00:22:53,538
<font color="#ffde44">ඇයි එකපාරටම මේවා මගෙන් අහන්නේ?</font>

357
00:22:54,289 --> 00:22:56,208
<font color="#ffde44">ඔයා අර මානසික ලෙඩාව හොයනවා නෙමෙයිද?</font>

358
00:22:56,833 --> 00:22:57,793
<font color="#ffde44">ඔව් මම හොයනවා.</font>

359
00:22:58,376 --> 00:22:59,878
<font color="#ffde44">ඒක ඔයාට අපහසුවක් වුණා නම් මට සමාවෙන්න.</font>

360
00:22:59,961 --> 00:23:01,922
<font color="#ffde44">මම දැන් ටිකක් කාර්යබහුලයි.</font>

361
00:23:02,005 --> 00:23:03,381
<font color="#ffde44">කරුණාකරලා යන්න.</font>

362
00:23:04,341 --> 00:23:05,801
<font color="#ffde44">සහයෝගය දුන්නට ස්තුතියි.</font>

363
00:23:24,736 --> 00:23:25,987
<font color="#ffde44">ඔව්?
බොන්ග්-සූ.</font>

364
00:23:26,071 --> 00:23:27,114
<font color="#ffde44">කෝ ජොන්ග්-සොක් ගෙදරින් ගියා.</font>

365
00:23:27,197 --> 00:23:29,491
<font color="#ffde44">එයා පස්සෙන් ගිහින් විස්තර මට කියන්න.</font>

366
00:23:29,574 --> 00:23:31,827
<font color="#ffde44">ඒ කෝ ජොන්ග්-සොක්ද?
අනේ දෙවියනේ.</font>

367
00:23:32,536 --> 00:23:34,788
<font color="#ffde44">එයාද ඔයා කැමතිම ආර්ටිස්ට්?</font>

368
00:23:35,705 --> 00:23:37,290
<font color="#ffde44">මම මෙතන ඉන්නවා කියලා ඔයා කොහොමද දැනගත්තේ?</font>

369
00:23:38,416 --> 00:23:40,043
<font color="#ffde44">නොදැන ඉන්න එක තමයි අමාරු.</font>

370
00:23:44,798 --> 00:23:46,675
<font color="#ffde44">පිටර්-පැටර් බුචර්-ස්ටයිල් BBQ</font>

371
00:23:49,803 --> 00:23:51,513
<font color="#ffde44">කොහොම වුණත්, ඔයා ඇයි ඒ ගෙදර හිටියේ?</font>

372
00:23:52,347 --> 00:23:54,599
<font color="#ffde44">ඒක දිග කතාවක්.</font>

373
00:23:54,683 --> 00:23:55,851
<font color="#ffde44">මම දැන් ටිකක් බිසී.</font>

374
00:23:56,726 --> 00:23:58,812
<font color="#ffde44">කොහොම වුණත් ඔයා ඒක පැහැදිලි කරන්න ඕනේ.</font>

375
00:23:58,895 --> 00:24:00,522
<font color="#ffde44">නැත්නම් අනවසරයෙන් ඇතුල්වුණා කියලා මම පැමිණිලි කරනවා.</font>

376
00:24:03,316 --> 00:24:07,612
<font color="#ffde44">මේක සූ-ආ ගැන, ග්ලෝරි එන්ටර්ටේන්මන්ට් එකේ
වහලෙන් වැටුණු කෙල්ල.</font>

377
00:24:11,116 --> 00:24:14,744
<font color="#ffde44">ඒ කියන්නේ, කෝ ජොන්ග්-සොක් සූ-ආව මැරුවේ
එයාගේ සින්දු නිසාද</font>

378
00:24:14,828 --> 00:24:16,830
<font color="#ffde44">ඒ වගේම කෙල්ලගෙ ෆෝන් එක තාමත් ඌ ළඟද?</font>

379
00:24:17,455 --> 00:24:19,499
<font color="#ffde44">ඔයාට හොඳ පරිකල්පන ශක්තියක් තියෙනවා.</font>

380
00:24:19,583 --> 00:24:21,751
<font color="#ffde44">ඒක හිතළුවක් නෙමෙයි, ඒක තමයි ඇත්ත.</font>

381
00:24:21,835 --> 00:24:23,879
<font color="#ffde44">එහෙමද, ඒක තමයි ඇත්ත.</font>

382
00:24:24,713 --> 00:24:26,548
<font color="#ffde44">එහෙනම්, මටත් දෙයක් ගැන තහවුරු කරගන්න දෙන්න.</font>

383
00:24:27,632 --> 00:24:29,801
<font color="#ffde44">ඔයා කොහොමද මේ විස්තර ඔක්කොම දන්නේ?</font>

384
00:24:32,053 --> 00:24:33,054
<font color="#ffde44">ඒක...</font>

385
00:24:33,138 --> 00:24:34,639
<font color="#ffde44">මේ සැරේ විතරක් නෙමෙයි.</font>

386
00:24:34,723 --> 00:24:37,601
<font color="#ffde44">ඔයා දැනගෙන හිටියා හාර්ඩ් ඩිස්ක් එක තිබුණේ
චෝ ගී-චොල් ළඟ කියලා</font>

387
00:24:37,684 --> 00:24:41,354
<font color="#ffde44">ඒ වගේම නීතිඥ බ්යොන් සහ කලමනාකාර හවුල්කරු යැන්ග්
රහසිගතව හමුවුණා කියලත්.</font>

388
00:24:42,147 --> 00:24:45,400
<font color="#ffde44">ඔයාට කොහොමද ඔච්චර රහසිගත පෞද්ගලික තොරතුරු ලැබුණේ</font>

389
00:24:45,483 --> 00:24:47,110
<font color="#ffde44">ඒවා දන්නේ ඊට සම්බන්ධ පාර්ශවයන් විතරයි නේද?</font>

390
00:24:47,194 --> 00:24:48,653
<font color="#ffde44">ඔයාට මේක අමුත්තක් විදිහට පේන එක සාමාන්‍යයි.</font>

391
00:24:48,737 --> 00:24:52,115
<font color="#ffde44">මම කැමතියි හැමදේම කියලා
මගේ හිත නිදහස් කරගන්න.</font>

392
00:24:52,199 --> 00:24:53,909
<font color="#ffde44">ඒත් මට වෙලාවක් නෑ.</font>

393
00:24:53,992 --> 00:24:57,287
<font color="#ffde44">මම දැන් යන්න ඕනේ, නැත්නම් සූ-ආගේ සින්දු ගැන දන්න
කෙල්ලට අනතුරක් වෙන්න පුළුවන්.</font>

394
00:24:58,663 --> 00:24:59,873
<font color="#ffde44">කවුද ඒ කෙල්ල?</font>

395
00:24:59,956 --> 00:25:02,209
<font color="#ffde44">එමා, ග්ලෝරි එකේ පුහුණුවෙන්නියක්.</font>

396
00:25:03,210 --> 00:25:04,127
<font color="#ffde44">අපි එකට යමු.</font>

397
00:25:05,295 --> 00:25:07,672
<font color="#ffde44">ග්ලෝරි ආයතනයේ කලාකරුවෝ මගේ සේවාදායකයෝ,</font>

398
00:25:07,756 --> 00:25:09,799
<font color="#ffde44">මගේ සේවාදායකයන්ව ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.</font>

399
00:25:09,883 --> 00:25:13,011
<font color="#ffde44">එහෙනම්, ඔයාට ඒබල්ව හොයාගන්න පුළුවන්ද?</font>

400
00:25:13,094 --> 00:25:15,388
<font color="#ffde44">එයා මේ කේස් එකට සම්බන්ධ
තවත් පුහුණුවෙන්නියක්.</font>

401
00:25:15,472 --> 00:25:17,641
<font color="#ffde44">කරුණාකරලා එයා තවත් අපරාධ කරන එක
නවත්වන්න.</font>

402
00:25:17,724 --> 00:25:18,850
<font color="#ffde44">මම එමා ගාවට යන්නම්.</font>

403
00:25:18,934 --> 00:25:20,518
<font color="#ffde44">ඒගොල්ලෝ ඉන්න තැනක්වත් ඔයා දන්නවද?</font>

404
00:25:21,853 --> 00:25:24,856
<font color="#ffde44">ආහ්, ඒගොල්ලෝ ඉන්න තැන හොයාගන්නත් මට ඔයාගේ උදව් ඕනේ.</font>

405
00:25:26,274 --> 00:25:28,693
<font color="#ffde44">මම පැමිණිල්ල හරහා
ඒගොල්ලෝ ඉන්න තැන් හොයාගන්නම්.</font>

406
00:25:29,277 --> 00:25:30,946
<font color="#ffde44">ස්තුතියි.
ඒ වෙනුවට,</font>

407
00:25:31,655 --> 00:25:33,657
<font color="#ffde44">මේ කේස් එක ඉවර වුණාම මට ඇත්ත කියන්න</font>

408
00:25:34,574 --> 00:25:37,285
<font color="#ffde44">ඔයා කවුරුත් එක්කද වැඩ කරන්නේ
සහ ඔයාට උදව් කරන්නේ කවුද කියලා.</font>

409
00:25:39,371 --> 00:25:40,372
<font color="#ffde44">හරි.</font>

410
00:25:41,957 --> 00:25:43,041
<font color="#ffde44">ඒක නෙමෙයි,</font>

411
00:25:44,251 --> 00:25:45,835
<font color="#ffde44">මට ඉල්ලගන්න පුළුවන්ද...</font>

412
00:25:46,795 --> 00:25:47,712
<font color="#ffde44">මගේ කාර් එකද අහන්නේ?</font>

413
00:26:10,235 --> 00:26:12,028
<font color="#ffde44"><i>ඉස්සරහින් දකුණට හරවන්න.</i></font>

414
00:26:23,748 --> 00:26:25,000
<font color="#ffde44">ඒ තියෙන්නේ එමාගේ කාර් එක.</font>

415
00:26:25,083 --> 00:26:27,377
<font color="#ffde44">දෙවියන්ට ස්තුති වෙන්න,
කෝ ජොන්ග්-සොක් එන්න කලින් අපිට එන්න පුළුවන් වුණා.</font>

416
00:26:32,841 --> 00:26:33,842
<font color="#ffde44">කවුද ඒ?</font>

417
00:27:02,787 --> 00:27:03,788
<font color="#ffde44">නීතිඥ ෂින්?</font>

418
00:27:04,414 --> 00:27:06,624
<font color="#ffde44">ඔයා මෙහේ මොකද කරන්නේ?</font>

419
00:27:08,585 --> 00:27:09,794
<font color="#ffde44">ඔයා මගේ පස්සෙන් ආවද?</font>

420
00:27:09,878 --> 00:27:11,379
<font color="#ffde44">නෑ, මම කියන දේ අහන්නකෝ</font>

421
00:27:11,463 --> 00:27:12,797
<font color="#ffde44">ළඟට එන්න එපා.</font>

422
00:27:12,881 --> 00:27:14,174
<font color="#ffde44">මම පොලීසියට කතා කරනවා.</font>

423
00:27:14,257 --> 00:27:15,300
<font color="#ffde44">හරි.</font>

424
00:27:15,884 --> 00:27:17,510
<font color="#ffde44">මම මෙතන ඉඳන් කතා කරන්නම්.</font>

425
00:27:18,928 --> 00:27:20,096
<font color="#ffde44">ඔයාට...</font>

426
00:27:21,222 --> 00:27:23,141
<font color="#ffde44">මෙහෙට එන්න කිව්වේ ඒබල් නේද?</font>

427
00:27:23,224 --> 00:27:24,476
<font color="#ffde44">මොකක්?</font>

428
00:27:24,559 --> 00:27:26,853
<font color="#ffde44">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

429
00:27:27,437 --> 00:27:29,606
<font color="#ffde44">සූ-ආ එයා ලිව්ව සින්දු දාලා තිබුණේ
එයාගේ ෆෝන් එකේ.</font>

430
00:27:30,190 --> 00:27:31,274
<font color="#ffde44">ඔයා කොහොමද දන්නේ?</font>

431
00:27:32,609 --> 00:27:34,194
<font color="#ffde44">එයාගේ ෆෝන් එක නැති වෙලා කියලා මට ආරංචි වුණා.</font>

432
00:27:34,277 --> 00:27:35,445
<font color="#ffde44">අනිත් එක එයාගේ ෆෝන් එකේ,</font>

433
00:27:36,029 --> 00:27:38,865
<font color="#ffde44">සූ-ආ ඒ සින්දු කියන වීඩියෝත් තියෙනවා.
ඔයා ගත්තු ඒවත්.</font>

434
00:27:40,075 --> 00:27:42,577
<font color="#ffde44">ඉතින්, ඔයා කොහොමද</font>

435
00:27:42,660 --> 00:27:44,704
<font color="#ffde44">ඔයාගේ ප්‍රශ්නෙට වඩා වැදගත් වෙන්නේ</font>

436
00:27:44,788 --> 00:27:49,376
<font color="#ffde44">කෝ ජොන්ග්-සොක් සූ-ආගේ සින්දු වෙනුවෙන් මිනීමරලා
එයාගේ ෆෝන් එක ගත්ත එක.</font>

437
00:27:49,459 --> 00:27:51,711
<font color="#ffde44">එයා ඔයා ගත්ත වීඩියෝ එක පවා දැක්කා.</font>

438
00:27:53,463 --> 00:27:54,464
<font color="#ffde44">වෙන්න බෑ.</font>

439
00:27:54,547 --> 00:27:57,175
<font color="#ffde44">ඒක දන්නවාට එයා ඔයාවත් මරන්නයි හදන්නේ.</font>

440
00:27:58,593 --> 00:28:00,929
<font color="#ffde44">ඔයා ඒවා ගැන දන්න තාක්කල්
එයාට සූ-ආගේ සින්දු පාවිච්චි කරන්න බෑ.</font>

441
00:28:03,973 --> 00:28:05,767
<font color="#ffde44">මිස්ටර් කෝට කවදාවත් එහෙම දෙයක් කරන්න බෑ.</font>

442
00:28:05,850 --> 00:28:07,435
<font color="#ffde44">සූ-ආත් කිව්වේ එහෙමම තමයි.</font>

443
00:28:08,770 --> 00:28:09,604
<font color="#ffde44">කවදද?</font>

444
00:28:10,605 --> 00:28:13,024
<font color="#ffde44">එයා ජීවතුන් අතර ඉද්දී
ඔයා එයාව අඳුරනවාද?</font>

445
00:28:13,983 --> 00:28:16,820
<font color="#ffde44">ඒක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි.</font>

446
00:28:20,490 --> 00:28:21,699
<font color="#ffde44">දෙවියනේ. එයා දැනටමත් මෙහෙ ඇවිත්.</font>

447
00:28:23,034 --> 00:28:25,662
<font color="#ffde44">මෙන්න. මේක තියාගන්න.</font>

448
00:28:26,162 --> 00:28:28,081
<font color="#ffde44">මම එයා එක්ක කතා කරලා බලන්නම්,</font>

449
00:28:28,164 --> 00:28:30,959
<font color="#ffde44">ඒත් එයා ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරුනොත්,
කිසිම දෙයකට පසුබට වෙන්න එපා...</font>

450
00:28:32,043 --> 00:28:32,877
<font color="#ffde44">හරිද?</font>

451
00:28:34,879 --> 00:28:35,755
<font color="#ffde44">හරි.</font>

452
00:28:52,564 --> 00:28:54,274
<font color="#ffde44">පරිස්සම් වෙන්න!</font>

453
00:29:14,794 --> 00:29:16,713
<font color="#ffde44">මොන මඟුලක්ද? මොකද මේ වෙන්නේ?</font>

454
00:29:18,339 --> 00:29:20,133
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න. මේකා...</font>

455
00:29:20,216 --> 00:29:22,635
<font color="#ffde44">ඇයි? ඔයා මෙයාව දන්නවද?</font>

456
00:29:22,719 --> 00:29:24,304
<font color="#ffde44">මූ ලෝන්ගේ පිස්සු ෆෑන් කෙනෙක්.</font>

457
00:29:25,221 --> 00:29:26,306
<font color="#ffde44">ඇයි මෙයා මෙතන වැටිලා ඉන්නේ?</font>

458
00:29:26,389 --> 00:29:28,433
<font color="#ffde44">මම එයාව බලාගත්තා.</font>

459
00:29:28,516 --> 00:29:31,978
<font color="#ffde44">ලෝන් මැරුණු දවසේ ඔයා එයා එක්ක හිටියා කියලා
මෙයා දන්නවා.</font>

460
00:29:32,061 --> 00:29:33,646
<font color="#ffde44">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

461
00:29:33,730 --> 00:29:35,106
<font color="#ffde44">අපි ඇරෙන්න වෙන කවුරුවත් එතන හිටියේ නෑ.</font>

462
00:29:35,190 --> 00:29:36,566
<font color="#ffde44">අන්න ඒකනේ!</font>

463
00:29:36,649 --> 00:29:38,401
<font color="#ffde44">මම දන්නේ නෑ කොහොමද කියලා,</font>

464
00:29:38,485 --> 00:29:41,488
<font color="#ffde44">ඒත් අර ගෑනිගේ ෆෝන් එකේ
සේව් කරලා තියෙන සින්දු ගැන පවා මූ දන්නවා.</font>

465
00:29:42,071 --> 00:29:44,032
<font color="#ffde44">අපි ඉක්මන් කරන්න ඕනේ. කෝ ෆෝන් එක?</font>

466
00:29:48,578 --> 00:29:49,788
<font color="#ffde44">මෙන්න.</font>

467
00:29:50,663 --> 00:29:51,956
<font color="#ffde44">හම්බුණා.</font>

468
00:29:52,040 --> 00:29:54,334
<font color="#ffde44">නියම සාක්ෂියක් විදියට ඇඟිලි සලකුණුත් එක්කම.</font>

469
00:29:54,417 --> 00:29:56,211
<font color="#ffde44">ඒක දැන් මට දෙන්න.</font>

470
00:29:58,838 --> 00:29:59,839
<font color="#ffde44">ඒත් මම අනිවාර්යයෙන්ම...</font>

471
00:30:00,423 --> 00:30:02,759
<font color="#ffde44">මම ඒක බලාපොරොත්තු වුණා,
ඒකයි කලින්ම බැටරිය ගැලෙව්වේ.</font>

472
00:30:03,426 --> 00:30:04,677
<font color="#ffde44">ඔයා ඒක බලාපොරොත්තු වුණා?</font>

473
00:30:06,888 --> 00:30:07,847
<font color="#ffde44">ආ, තව දෙයක්.</font>

474
00:30:07,931 --> 00:30:11,351
<font color="#ffde44">ඔයාට පුළුවන්ද ග්ලෝරි එන්ටර්ටේන්මන්ට් එකට ගිහින්
මට ටුමෝරෝ අයිඩල් ලකුණු පුවරුව හොයලා දෙන්න?</font>

475
00:30:11,684 --> 00:30:12,811
<font color="#ffde44">නීතිඥ හන් නා-හ්‍යුන්</font>

476
00:30:16,689 --> 00:30:17,941
<font color="#ffde44">9 වටයේ ලකුණු පුවරුව</font>

477
00:30:20,151 --> 00:30:23,029
<font color="#ffde44">2 වෙනියා ලෝන්
8 වෙනියා එමා</font>

478
00:30:23,613 --> 00:30:24,864
<font color="#ffde44">මට දැන් තේරෙනවා.</font>

479
00:30:25,949 --> 00:30:26,783
<font color="#ffde44">මොකක්ද?</font>

480
00:30:26,866 --> 00:30:29,786
<font color="#ffde44">අවසාන වටය විතරක් ඉතුරු වෙලා තියෙද්දි,</font>

481
00:30:29,869 --> 00:30:31,996
<font color="#ffde44">ඔයා දෙවෙනි තැන හිටියා
එමා අටවෙනි තැන හිටියා</font>

482
00:30:32,080 --> 00:30:33,665
<font color="#ffde44">ඒ වගේම ඒබල් හිටියේ 12 වෙනි තැන.</font>

483
00:30:34,707 --> 00:30:38,169
<font color="#ffde44">නීතිවලට අනුව,
පළවෙනි හත්දෙනාට විතරයි ඩෙබියුට් කරන්න පුළුවන්.</font>

484
00:30:38,253 --> 00:30:41,798
<font color="#ffde44">එමාට කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්
පළවෙනි හත්දෙනාගෙන් කෙනෙක් අයින් වුණොත් විතරයි.</font>

485
00:30:42,382 --> 00:30:44,717
<font color="#ffde44">ඒ වගේම ඒබල්ට කොහොමත් ඩෙබියුට් වෙන්න චාන්ස් එකක් තිබුණේ නෑ.</font>

486
00:30:46,219 --> 00:30:47,220
<font color="#ffde44">ඉතින්?</font>

487
00:30:47,804 --> 00:30:49,681
<font color="#ffde44">ගොඩක් වෙලාවට වැරදිකාරයා වෙන්නේ...</font>

488
00:30:52,100 --> 00:30:53,601
<font color="#ffde44">වැඩිපුරම වාසියක් ලැබෙන කෙනා.</font>

489
00:30:58,898 --> 00:31:01,776
<font color="#ffde44">මේ සිද්ධියේදී ඒ එමා.</font>

490
00:31:10,785 --> 00:31:13,037
<font color="#ffde44">අප්පා. මම වෙන දෙයක් බලාපොරොත්තු වුණා,</font>

491
00:31:13,121 --> 00:31:15,290
<font color="#ffde44">ඒත් නරක ඉවක් කවදාවත් වරදින්නේ නෑ.</font>

492
00:31:16,875 --> 00:31:17,959
<font color="#ffde44">කෝ ජොන්ග්-සොක්!</font>

493
00:31:22,088 --> 00:31:23,339
<font color="#ffde44">දැක්කා නේද?</font>

494
00:31:23,423 --> 00:31:25,425
<font color="#ffde44">ඒක ගොඩක් පැහැදිලියි.</font>

495
00:31:28,761 --> 00:31:30,471
<font color="#ffde44">අපි දැන් මොකද කරන්නේ, ඊ-රැන්ග්?</font>

496
00:31:30,555 --> 00:31:32,515
<font color="#ffde44">කෝ ජොන්ග්-සොක් මම ඉන්න තැනට එයි.</font>

497
00:31:32,599 --> 00:31:34,350
<font color="#ffde44">ඔයා ළඟින්ම ඉන්න</font>

498
00:31:34,434 --> 00:31:36,811
<font color="#ffde44">මගෙන් පැනලා යන්න හදද්දී එයාව අල්ලගන්න.</font>

499
00:31:36,895 --> 00:31:39,772
<font color="#ffde44">ඔ-ඔයාට ඕනේ මම එයාව අල්ලගන්නද?</font>

500
00:31:39,856 --> 00:31:41,691
<font color="#ffde44">ඔයා රහස් පරීක්ෂකයෙක්ගේ චරිතයක් රඟපාලා ඇතිනේ.</font>

501
00:31:42,233 --> 00:31:43,651
<font color="#ffde44">ඔයා මිරැන්ඩා අනතුරු ඇඟවීම දන්නවා නේද?</font>

502
00:31:45,528 --> 00:31:46,487
<font color="#ffde44">තමුසේ කවුද?</font>

503
00:31:47,155 --> 00:31:49,657
<font color="#ffde44">ගංගනම් පොලිසියේ ප්‍රචණ්ඩ අපරාධ ඒකකය 1 හි
රහස් පරීක්ෂක යූන් බොන්ග්-සු.</font>

504
00:31:49,741 --> 00:31:52,452
<font color="#ffde44">බරපතල මංකොල්ලකෑම් සහ මැර ඝාතන සම්බන්ධයෙන්
තමුසෙව අත්අඩංගුවට ගන්නවා.</font>

505
00:31:52,535 --> 00:31:54,954
<font color="#ffde44">තමුසෙට නිහඬව ඉන්න අයිතියක් තියෙනවා.</font>

506
00:31:55,038 --> 00:31:58,750
<font color="#ffde44">ඒ වගේම තමුසෙට
නීතිඥයෙක් විදියට ඉන්න අයිතියක් තියෙනවා.</font>

507
00:31:58,833 --> 00:31:59,792
<font color="#ffde44">හොලවන්න එපා.</font>

508
00:32:07,675 --> 00:32:09,594
<font color="#ffde44">මහත්තයා, ඉක්මන් කරන්න!</font>

509
00:32:12,722 --> 00:32:13,681
<font color="#ffde44">හොලවන්න එපා!</font>

510
00:32:23,358 --> 00:32:25,276
<font color="#ffde44">පැනලා ගියාට වැඩක් නෑ.</font>

511
00:32:26,277 --> 00:32:28,196
<font color="#ffde44">මට බණ කියන්න තමුසේ කවුද?</font>

512
00:32:28,863 --> 00:32:29,739
<font color="#ffde44">මම?</font>

513
00:32:30,323 --> 00:32:31,741
<font color="#ffde44">මම කිව්වනේ. මම සූ-ආගේ නීතිඥයා.</font>

514
00:32:33,701 --> 00:32:36,162
<font color="#ffde44">එයාට නීතිඥයෙක් නෑ. එයා මැරිලා!</font>

515
00:32:36,245 --> 00:32:39,958
<font color="#ffde44">අසාධාරණ විදියට මැරුණොත්
මැරුණු කෙනෙකුටත් නීතිඥයෙක් ඕනේ වෙනවා.</font>

516
00:32:40,708 --> 00:32:43,628
<font color="#ffde44">යමු ඔයා කරපු දේට
දඬුවම් දෙන්න.</font>

517
00:32:45,838 --> 00:32:47,298
<font color="#ffde44">මහත්තයා, ඉන්න.</font>

518
00:32:49,133 --> 00:32:51,427
<font color="#ffde44">එයා ඇයි එහෙම කළේ කියලා අහන්න පුළුවන්ද?</font>

519
00:32:51,511 --> 00:32:52,887
<font color="#ffde44">දැන් ඒකෙන් වැඩක් නෑ.</font>

520
00:32:56,432 --> 00:32:58,059
<font color="#ffde44">අපි යාළුවෝ.</font>

521
00:32:59,268 --> 00:33:01,062
<font color="#ffde44">ඇයි එයා එහෙම කළේ කියලා මට දැනගන්න ඕනේ.</font>

522
00:33:03,940 --> 00:33:06,317
<font color="#ffde44">හරි, මම එයාගෙන් අහන්නම්.</font>

523
00:33:07,694 --> 00:33:09,195
<font color="#ffde44">මෙයාට මොකද වෙලා තියෙන්නේ? මාව බයත් කරනවා.</font>

524
00:33:09,779 --> 00:33:12,991
<font color="#ffde44">සූ-ආට දැනගන්න ඕනෙලු ඇයි ඔයා එයාව මැරුවේ කියලා.</font>

525
00:33:15,368 --> 00:33:17,245
<font color="#ffde44">තමුසෙට ඇත්තටම පිස්සු නේද?</font>

526
00:33:17,328 --> 00:33:19,080
<font color="#ffde44">කාලෙක ඔයාලා යාළුවෝ වෙලා හිටියා.</font>

527
00:33:20,331 --> 00:33:21,416
<font color="#ffde44">ඇයි ඔයා ඔයාගේ යාළුවාව මැරුවේ?</font>

528
00:33:21,499 --> 00:33:22,542
<font color="#ffde44">යාළුවෙක්?</font>

529
00:33:23,918 --> 00:33:24,877
<font color="#ffde44">විකාර.</font>

530
00:33:26,379 --> 00:33:30,341
<font color="#ffde44">මම එක පාරක්වත් සූ-ආව යාළුවෙක් කියලා හිතලා නෑ.</font>

531
00:33:31,718 --> 00:33:34,095
<font color="#ffde44">යාළුවෝ වෙන්නේ තමන්ගේ මට්ටමේ අය එක්ක.</font>

532
00:33:35,972 --> 00:33:38,141
<font color="#ffde44">එයා මගේ මට්ටමේ හිටියා කියලා ඔයා හිතනවාද?</font>

533
00:33:47,817 --> 00:33:50,778
<font color="#ffde44">මගේ දෙමව්පියන්ගේ උදව්වෙන්
මම හැම ජාතියකම පන්තිවලට ගියා.</font>

534
00:33:50,862 --> 00:33:52,697
<font color="#ffde44">ඒ වගේම මට හැමතිස්සෙම සෑහීමකට
පත්වෙන්න පුළුවන් ප්‍රතිඵල ලැබුණා.</font>

535
00:33:53,322 --> 00:33:54,657
<font color="#ffde44">මම ගොඩක් සතුටින් හිටියා</font>

536
00:33:55,533 --> 00:33:57,326
<font color="#ffde44">සූ-ආ ඒජන්සියට බැඳෙනකන්.</font>

537
00:33:57,410 --> 00:34:00,788
<font color="#ffde44">හලෝ, මගේ නම කිම් සූ-ආ.
මම හිතනවා අපි හොඳින් ඉඳියි කියලා.</font>

538
00:34:01,789 --> 00:34:04,959
<font color="#ffde44">එයා ඇඳගෙන හිටියේ
අපේ පවුලේ අය පිහදාන්නවත් පාවිච්චි කරන්නේ නැති විදියේ ඇඳුම්,</font>

539
00:34:05,043 --> 00:34:06,544
<font color="#ffde44">ඒත් ඒක එයාට ගානක්වත් තිබුණේ නෑ.</font>

540
00:34:09,255 --> 00:34:10,673
<font color="#ffde44">මම මගේ උපරිමය කරනවා!</font>

541
00:34:12,050 --> 00:34:15,094
<font color="#ffde44">එයාට පාට්-ටයිම් රස්සා තුනක් තියෙන එක ගැන
එයා හිටියේ මහ ලොකු ආඩම්බරයකින්.</font>

542
00:34:15,845 --> 00:34:18,848
<font color="#ffde44">ඇපල් ජූස්</font>

543
00:34:26,564 --> 00:34:29,233
<font color="#ffde44">කලින් වුණු දේට මට සමාවෙන්න.</font>

544
00:34:30,109 --> 00:34:33,112
<font color="#ffde44">මම ඉක්මන් වුණා, මට කේන්ති ගියා.</font>

545
00:34:33,821 --> 00:34:34,697
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

546
00:34:35,656 --> 00:34:39,118
<font color="#ffde44">ඔයාට සමාවෙන්න ඕනෙනම්,
මට ගිටාර් ගහන්න උගන්වන්න.</font>

547
00:34:40,578 --> 00:34:42,413
<font color="#ffde44">කෝඩ්ස් දන්නවනම්
සින්දු ලියන්න ලේසියි කියලා මම අහලා තියෙනවා.</font>

548
00:34:46,292 --> 00:34:47,460
<font color="#ffde44">හරි.</font>

549
00:34:47,543 --> 00:34:49,545
<font color="#ffde44">සූ-ආ තමන්ගේ තැන නොදැන
කේන්ති ගත්තත්,</font>

550
00:34:49,629 --> 00:34:51,464
<font color="#ffde44">පුදුමෙකට වගේ, අනිත් කෙල්ලෝ එයාට කැමති වුණා.</font>

551
00:34:52,423 --> 00:34:54,425
<font color="#ffde44">ඒගොල්ලෝ එයාගේ සමාව ඉල්ලීම ලේසියෙන්ම භාරගත්තා.</font>

552
00:34:55,134 --> 00:34:57,512
<font color="#ffde44">ඒගොල්ලෝ එයාව තේරුම් අරන් එයාට කැමති වුණා.</font>

553
00:34:58,846 --> 00:34:59,889
<font color="#ffde44">ඒක මල වදයක්.</font>

554
00:35:00,932 --> 00:35:02,391
<font color="#ffde44">එමා
අවසාන ස්ථානය: 7 වෙනියා, B</font>

555
00:35:02,475 --> 00:35:04,477
<font color="#ffde44">ලෝන්!
ඔයා නියමයි, ලෝන්!</font>

556
00:35:04,560 --> 00:35:05,645
<font color="#ffde44">1 වෙනියා, ලකුණු 96
ලෝන්</font>

557
00:35:05,728 --> 00:35:07,814
<font color="#ffde44">සූ-ආ හැමතිස්සෙම මට වඩා දක්ෂ වුණා.</font>

558
00:35:08,773 --> 00:35:11,067
<font color="#ffde44">මට ලබාගන්න බැරි වුණු දේවල් එක්කම
එයා ඉපදිලා හිටියා</font>

559
00:35:11,776 --> 00:35:13,444
<font color="#ffde44">මම මගේ උපරිමය කරලත්.</font>

560
00:35:14,278 --> 00:35:15,822
<font color="#ffde44">ඒක හරිම අසාධාරණයි.</font>

561
00:35:21,160 --> 00:35:22,620
<font color="#ffde44">එමා, සුබපැතුම්.</font>

562
00:35:22,703 --> 00:35:24,580
<font color="#ffde44">අපිට එකට ඩෙබියුට් කරන්න පුළුවන් වෙයි.</font>

563
00:35:25,248 --> 00:35:26,874
<font color="#ffde44">මට ඕන වුණේ එයාගේ ඒ කට ඉරා දාන්න.</font>

564
00:35:26,958 --> 00:35:28,167
<font color="#ffde44">අපි අද තොක්බොක්කි කමු.</font>

565
00:35:28,251 --> 00:35:30,878
<font color="#ffde44">මට පඩිය හම්බුණා.
සුබපැතුම් විදියට මම ගානේ දෙන්නම්.</font>

566
00:35:31,546 --> 00:35:32,672
<font color="#ffde44">එල.
මොකද කියන්නේ?</font>

567
00:35:32,755 --> 00:35:33,714
<font color="#ffde44">ඔයා යක්ෂයෙක්.</font>

568
00:35:34,298 --> 00:35:37,510
<font color="#ffde44">හැමතිස්සෙම මාව අවුස්සන
ජරා යක්ෂයෙක්.</font>

569
00:35:38,636 --> 00:35:41,097
<font color="#ffde44">ඒක මට කතා කරනවා
මම මුළු රෑම වෙව්ලුවා</font>

570
00:35:41,180 --> 00:35:43,349
<font color="#ffde44">ඒත් මම දැන් තරුවක් වෙන්නයි යන්නේ</font>

571
00:35:43,432 --> 00:35:44,559
<font color="#ffde44">ඉවරයි!</font>

572
00:35:45,184 --> 00:35:47,019
<font color="#ffde44">ඇත්තටමද!</font>

573
00:35:48,271 --> 00:35:50,481
<font color="#ffde44">කොහොමද මේ වගේ පද පේළි ලියන්නේ?</font>

574
00:35:50,565 --> 00:35:53,109
<font color="#ffde44">එමා, ඔයා මේක අනිත් හැමෝගෙන්ම
හංගන්න ඕනේ, හරිද?</font>

575
00:35:53,734 --> 00:35:54,777
<font color="#ffde44">මම ඒ ගැන හිතලා බලන්නම්.</font>

576
00:35:55,570 --> 00:35:57,780
<font color="#ffde44">ලස්සන මල, තරුව, නවතින්න එපා,
ඉර එළිය පිරුණු පාර...</font>

577
00:35:57,864 --> 00:35:59,699
<font color="#ffde44">සමහරවිට ඔයා ඇත්තටම දක්ෂයෙක් වෙන්න ඇති.</font>

578
00:36:00,658 --> 00:36:03,369
<font color="#ffde44">නෑ, මම මේවා නිකන් ඉන්න වෙලාවට ලිව්වේ.</font>

579
00:36:05,788 --> 00:36:08,291
<font color="#ffde44">මට මේ සින්දුව එවන්න පුළුවන්ද?</font>

580
00:36:09,250 --> 00:36:11,794
<font color="#ffde44">අමාරු කාලෙකදී
මේක මගේ හිත හදයි.</font>

581
00:36:11,878 --> 00:36:12,712
<font color="#ffde44">හරි.</font>

582
00:36:13,880 --> 00:36:15,423
<font color="#ffde44">ඒත් වෙන කාටවත් දෙන්න එපා.</font>

583
00:36:19,177 --> 00:36:21,762
<font color="#ffde44">මම එයාගේ සින්දු එකින් එක එකතු කළා.
මේවත්.</font>

584
00:36:23,055 --> 00:36:24,640
<font color="#ffde44">ඔයාද මේ ඔක්කොම ලිව්වේ?</font>

585
00:36:26,392 --> 00:36:28,311
<font color="#ffde44">මම නිකන් ඉන්න වෙලාවට ලිව්වේ.</font>

586
00:36:28,853 --> 00:36:29,937
<font color="#ffde44">පොඩ්ඩක් ළාමකයි නේද?</font>

587
00:36:30,938 --> 00:36:33,065
<font color="#ffde44">ළාමකයි? පිස්සුද. ඒවා මාරයි.</font>

588
00:36:34,066 --> 00:36:36,402
<font color="#ffde44">ඇත්තටම, මේක ඔයාගේ ඩෙබියුට් සින්දුව වෙන්න පුළුවන්.</font>

589
00:36:38,279 --> 00:36:39,572
<font color="#ffde44">ඇත්තටම?
ඔව්!</font>

590
00:36:39,655 --> 00:36:43,159
<font color="#ffde44">ඒ මොහොතේ ඉඳන්,
එයාව අයින් කරන්න මට තවත් හේතු එකතු වුණා.</font>

591
00:36:43,743 --> 00:36:45,953
<font color="#ffde44">එයා අපේ ලීඩර්වත් නෙවෙයි.</font>

592
00:36:46,037 --> 00:36:48,164
<font color="#ffde44">එයාගේ මේ හැසිරීම් තවත් මට බලාගෙන ඉන්න බෑ.</font>

593
00:36:48,247 --> 00:36:52,168
<font color="#ffde44">අපි කියමු එයා අයින් වුණේ නැත්නම්
අපි හැමෝම අයින් වෙනවා කියලා.</font>

594
00:36:52,960 --> 00:36:54,837
<font color="#ffde44">CEO ට අපිව මගහරින්න බැරි වෙයි</font>

595
00:36:54,921 --> 00:36:56,881
<font color="#ffde44">මගේ තාත්තාගේ ආයෝජනය නිසා.</font>

596
00:36:58,174 --> 00:37:01,969
<font color="#ffde44">මම කෙල්ලන්ට තර්ජනය කරලා
සූ-ආව ඔඩිෂන් එකෙන් අයින් කළා.</font>

597
00:37:03,721 --> 00:37:05,848
<font color="#ffde44">හැමදේම මට ඕනේ විදියටම සිද්ධ වුණා.</font>

598
00:37:10,978 --> 00:37:12,772
<font color="#ffde44">මම එයා පස්සෙන් වහලේ උඩට ගියා</font>

599
00:37:12,855 --> 00:37:15,066
<font color="#ffde44">මොකද මට ඕන වුණේ එයා අඬනවා බලන්න.</font>

600
00:37:16,692 --> 00:37:20,821
<font color="#ffde44">මම හිතුවා එයා දුක් වෙනවා දැක්කම
මට සතුටක් දැනෙයි කියලා.</font>

601
00:37:37,713 --> 00:37:39,006
<font color="#ffde44">මොන මඟුලකටද මේකි හිනාවෙන්නේ?</font>

602
00:37:40,091 --> 00:37:43,344
<font color="#ffde44">එයාව ඔඩිෂන් එකෙන් අයින් කළා,
ඒත් ඇයි එයා සතුටින් ඉන්නේ?</font>

603
00:37:45,012 --> 00:37:46,097
<font color="#ffde44">එයාව එතනින් තල්ලු කරන්න.</font>

604
00:37:47,348 --> 00:37:48,182
<font color="#ffde44">මොකක්?</font>

605
00:37:48,266 --> 00:37:49,225
<font color="#ffde44">එයාව තල්ලු කරන්න.</font>

606
00:37:50,142 --> 00:37:51,852
<font color="#ffde44">මේක එයාගේ අවසානය නෙවෙයි.</font>

607
00:37:52,645 --> 00:37:55,314
<font color="#ffde44">ඒකි ආයෙත් උඩට ඇවිත්</font>

608
00:37:55,398 --> 00:37:57,108
<font color="#ffde44">අනිවාර්යයෙන්ම ඔයාගේ කේන්තිය අවුස්සයි.</font>

609
00:37:58,109 --> 00:38:02,321
<font color="#ffde44">එයා ඒ සින්දු ඔක්කොම ලිව්වේ කියලා
මිනිස්සු දැනගත්තොත්?</font>

610
00:38:02,822 --> 00:38:04,031
<font color="#ffde44">මට ඒකට ඉඩ දෙන්න බෑ.</font>

611
00:38:05,408 --> 00:38:09,537
<font color="#ffde44">ඒක ඇත්ත. එයා මැරුණොත්,
එයාගේ සින්දු ඔක්කොම ඔයාගේ වෙනවා.</font>

612
00:38:11,205 --> 00:38:13,416
<font color="#ffde44">එයාව තල්ලු කරලා එයාගේ ෆෝන් එක ගන්න. දැන්!</font>

613
00:38:32,226 --> 00:38:33,894
<font color="#ffde44">ඔයා දැන්...
නෑ.</font>

614
00:38:35,146 --> 00:38:36,022
<font color="#ffde44">...සූ-ආව තල්ලු කළාද?</font>

615
00:38:36,105 --> 00:38:37,523
<font color="#ffde44">මම නෑ කිව්වානේ!</font>

616
00:38:41,485 --> 00:38:43,571
<font color="#ffde44">මට මේක රිපෝට් කරන්න වෙනවා. ඔයා සූ-ආව මැරුවා!</font>

617
00:38:44,530 --> 00:38:45,740
<font color="#ffde44">ඔයාට විශ්වාසද මම එයාව මැරුවා කියලා?</font>

618
00:38:46,574 --> 00:38:47,658
<font color="#ffde44">මොකක්?</font>

619
00:38:47,742 --> 00:38:49,410
<font color="#ffde44">නැත්නම් එයාගේ සින්දු ටික උදුරගන්න
ඔයා එයාව මරන්න ඇති.</font>

620
00:38:50,328 --> 00:38:51,787
<font color="#ffde44">ඔයා මේ මොනවාද කියන්නේ?</font>

621
00:38:51,871 --> 00:38:54,290
<font color="#ffde44">ඒ ඩෙබියුට් සින්දුව ලිව්වේ සූ-ආ.</font>

622
00:38:54,373 --> 00:38:55,958
<font color="#ffde44">ඔයා කිව්වේ ඔයා ලිව්වේ කියලා.</font>

623
00:38:56,042 --> 00:38:57,168
<font color="#ffde44">මම එහෙම කිව්වාද?</font>

624
00:38:57,251 --> 00:38:58,586
<font color="#ffde44">මට මතක නෑ.</font>

625
00:38:59,503 --> 00:39:00,588
<font color="#ffde44">මාව රිපෝට් කරන්න.</font>

626
00:39:00,671 --> 00:39:03,090
<font color="#ffde44">එහෙනම්, මම කියන්නම් ඔයා එයාගේ සින්දුව හොරකම් කළා කියලා.</font>

627
00:39:04,425 --> 00:39:05,843
<font color="#ffde44">ඔයා හිතන්නේ මම නිකන් ඉඳියි කියලද?</font>

628
00:39:05,926 --> 00:39:08,387
<font color="#ffde44">ඔයාට පුළුවන් දෙයක් කරන්න!</font>

629
00:39:09,472 --> 00:39:11,807
<font color="#ffde44">පොලිසිය ඔයාව විශ්වාස කරයිද කියලා මට සැකයි</font>

630
00:39:12,433 --> 00:39:15,102
<font color="#ffde44">ප්‍රකාශන අයිතිය කඩකිරීමේ
ඔය ඔක්කොම සැකයන් එක්ක.</font>

631
00:39:24,195 --> 00:39:27,948
<font color="#ffde44">සූ-ආ මිස්ටර් කෝව විශ්වාස කළා.</font>

632
00:39:30,910 --> 00:39:33,204
<font color="#ffde44">ඒත් එයා... සූ-ආව...</font>

633
00:39:43,672 --> 00:39:44,590
<font color="#ffde44">ඔයා මොකද හිතන්නේ?</font>

634
00:39:47,218 --> 00:39:48,469
<font color="#ffde44">ඔයාට පිස්සු හැදිලා.</font>

635
00:39:56,018 --> 00:39:59,230
<font color="#ffde44">එයාගේ සින්දු ගොඩක්
මේ ෆෝන් එකේ සේව් වෙලා තියෙනවා.</font>

636
00:40:00,648 --> 00:40:03,943
<font color="#ffde44">ඔයාට කොපි කරන්නේ නැතුව
සින්දුවක්වත් ලියාගන්න බෑ.</font>

637
00:40:06,737 --> 00:40:08,114
<font color="#ffde44">මේකත් එක්ක,</font>

638
00:40:09,115 --> 00:40:11,409
<font color="#ffde44">ඔයාටයි මටයි බයවෙන්න කිසිම දෙයක් නෑ.</font>

639
00:40:15,996 --> 00:40:16,997
<font color="#ffde44">කොහොමද ඔයා...</font>

640
00:40:19,708 --> 00:40:21,335
<font color="#ffde44">කොහොමද ඔයා එහෙම කළේ?</font>

641
00:40:23,796 --> 00:40:25,798
<font color="#ffde44">මම හිතුවේ අපි යාළුවෝ කියලා.</font>

642
00:40:28,843 --> 00:40:30,052
<font color="#ffde44">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

643
00:40:30,678 --> 00:40:31,679
<font color="#ffde44">ඔයාට පිස්සුද?</font>

644
00:40:33,848 --> 00:40:35,516
<font color="#ffde44">මම දුප්පත් වුණු එක මගේ වැරැද්දද?</font>

645
00:40:36,892 --> 00:40:39,353
<font color="#ffde44">මගේ වෙනුවෙන් පුළුවන් හැමදේම කරන එක
මගේ වැරැද්දද?</font>

646
00:40:39,437 --> 00:40:40,980
<font color="#ffde44">පිටිපස්සට යන්න, පිස්සි.</font>

647
00:40:42,356 --> 00:40:43,774
<font color="#ffde44">ඔය කට වහගන්නවා!</font>

648
00:40:43,858 --> 00:40:46,694
<font color="#ffde44">ඔයා එක්ක ඩෙබියුට් කරනවා කියන අදහසට
මම ගොඩක් සතුටින් හිටියේ.</font>

649
00:40:48,070 --> 00:40:50,322
<font color="#ffde44">මට ඒක හීනයක් වගේ දැනුණා, මම ගොඩක් සතුටින් හිටියේ.</font>

650
00:40:50,906 --> 00:40:53,117
<font color="#ffde44">ඔයා මොනවාද මේ කියන්නේ, පිස්සි?</font>

651
00:40:56,412 --> 00:40:58,622
<font color="#ffde44">තමුසේ කවුද?</font>

652
00:40:59,081 --> 00:40:59,915
<font color="#ffde44">මම?</font>

653
00:41:00,541 --> 00:41:01,917
<font color="#ffde44">ඔයාගේ ඒජන්සියේ නීතිඥයා.</font>

654
00:41:04,336 --> 00:41:05,796
<font color="#ffde44">මගේ ඒජන්සියේ නීතිඥයද?</font>

655
00:41:06,505 --> 00:41:07,590
<font color="#ffde44">සතුටු වෙන්න එපා.</font>

656
00:41:08,382 --> 00:41:10,259
<font color="#ffde44">මිනීමරුවෙකුට උදව් කරන්න මගේ කිසිම අදහසක් නෑ.</font>

657
00:41:10,968 --> 00:41:13,095
<font color="#ffde44">ඔයා කාටද මිනීමරුවා කියන්නේ?</font>

658
00:41:16,557 --> 00:41:18,476
<font color="#ffde44">කෝ ජොං-සොක් හැමදේම පාපොච්චාරණය කළා.</font>

659
00:41:18,559 --> 00:41:20,144
<font color="#ffde44">ඒ වගේම අපිට සු-ආගේ ෆෝන් එකත් හම්බවුණා.</font>

660
00:41:20,811 --> 00:41:22,229
<font color="#ffde44">මේ පාර නම් ඔයාට ගැලවෙන්න හම්බවෙන්නේ නෑ.</font>

661
00:41:25,608 --> 00:41:27,568
<font color="#ffde44">ඔයා මොකද කරන්නේ? නැගිටින්න.</font>

662
00:41:32,865 --> 00:41:33,741
<font color="#ffde44">ඔයා අඬනවාද?</font>

663
00:41:34,658 --> 00:41:36,327
<font color="#ffde44">කවුද අඬන්නේ?</font>

664
00:41:56,347 --> 00:42:00,226
<font color="#ffde44">ඔයා වෙනුවෙන් දුක් වෙලා මැසේජ් ගොඩක් ඇවිත් තියෙනවා.</font>

665
00:42:02,269 --> 00:42:03,312
<font color="#ffde44">ඒ ඒබල්.</font>

666
00:42:04,104 --> 00:42:04,939
<font color="#ffde44">ඒ මොකක්ද?</font>

667
00:42:06,649 --> 00:42:08,526
<font color="#ffde44">ඔයා සින්දු ලියනවා කියලා එයා දැනගෙන හිටියා.</font>

668
00:42:11,403 --> 00:42:12,446
<font color="#ffde44"><i>ආදරණීය සු-ආ.</i></font>

669
00:42:13,822 --> 00:42:14,657
<font color="#ffde44"><i>සු-ආ,</i></font>

670
00:42:15,241 --> 00:42:18,702
<font color="#ffde44"><i>ඔයා ලියපු සින්දුවලට මම ගොඩක් ආස කළා</i></font>

671
00:42:19,370 --> 00:42:23,415
<font color="#ffde44"><i>මොකද මට හැමතිස්සෙම ඔයාගේ සින්දුවලින්</i>
<i>ලොකු උණුසුමක් සහ බලාපොරොත්තුවක් දැනුණා.</i></font>

672
00:42:24,667 --> 00:42:28,796
<font color="#ffde44">එයාට මෙහෙම දැනුණා කියලා මම දැනගෙන හිටියේ නෑ.</font>

673
00:42:29,672 --> 00:42:33,467
<font color="#ffde44">අවංකකම කොහොමහරි කෙනෙක්ට දැනෙනවා.</font>

674
00:42:35,719 --> 00:42:38,639
<font color="#ffde44">දැන්, අපි ඔයාගේ අම්මාගේ නම්බර් එක හොයමුද?</font>

675
00:42:41,267 --> 00:42:43,227
<font color="#ffde44">මම හිතන්නේ ඔයා අන්තිමට කෝල් කරපු නම්බර් එක වෙන්න ඇති.</font>

676
00:42:44,311 --> 00:42:45,312
<font color="#ffde44">හරි.</font>

677
00:42:45,396 --> 00:42:48,232
<font color="#ffde44">ඇමතුම් ඉතිහාසය
අම්මා</font>

678
00:42:48,315 --> 00:42:49,400
<font color="#ffde44">මේ තියෙන්නේ.</font>

679
00:42:53,988 --> 00:42:55,155
<font color="#ffde44">අම්මා</font>

680
00:42:55,239 --> 00:42:57,491
<font color="#ffde44">මහත්තයා, පොඩ්ඩක් ඉන්න.</font>

681
00:42:58,033 --> 00:42:58,867
<font color="#ffde44">මොකක්ද?</font>

682
00:43:00,077 --> 00:43:04,290
<font color="#ffde44">මම මැරිලා කියලා
එයාට කියන්න ඕනේ කියලා ඔයා හිතනවාද?</font>

683
00:43:05,374 --> 00:43:07,209
<font color="#ffde44">ඔයාට එයාව බලන්න ඕනේ නැද්ද?</font>

684
00:43:08,294 --> 00:43:09,837
<font color="#ffde44">ඕනේ, ඒත්...</font>

685
00:43:15,301 --> 00:43:16,719
<font color="#ffde44">එහෙනම් මෙහෙම කරමුද?</font>

686
00:43:16,802 --> 00:43:20,431
<font color="#ffde44">මම මේ නම්බර් එක පාවිච්චි කරලා
ඔයාගේ අම්මා ඉන්නේ කොහෙද කියලා හොයාගන්නම්.</font>

687
00:43:21,015 --> 00:43:24,310
<font color="#ffde44">එතකොට ඔයාට ඈත ඉඳන් එයාව බලන්න පුළුවන්.</font>

688
00:43:25,978 --> 00:43:27,146
<font color="#ffde44">හරි.</font>

689
00:43:32,276 --> 00:43:34,612
<font color="#ffde44">හෝසොං සෝල් රෝහල</font>

690
00:43:38,782 --> 00:43:39,783
<font color="#ffde44">හරි.</font>

691
00:43:41,201 --> 00:43:42,911
<font color="#ffde44">තත්වය එච්චර හොඳ නෑ.</font>

692
00:43:43,621 --> 00:43:44,913
<font color="#ffde44">මට තේරෙනවා.</font>

693
00:43:44,997 --> 00:43:47,625
<font color="#ffde44">ඔයාගේ ඇස් සම්පූර්ණයෙන්ම අන්ධ වෙන්න
උපරිම මාසයක් යාවි.</font>

694
00:43:47,708 --> 00:43:49,293
<font color="#ffde44">ඒක පරිත්‍යාගශීලියෙක් හොයාගන්න ප්‍රමාණවත් කාලයක් නෙමෙයි.</font>

695
00:43:50,502 --> 00:43:51,545
<font color="#ffde44">හරි.</font>

696
00:43:51,629 --> 00:43:54,923
<font color="#ffde44">ඔහ්, ඔයාට හමුවෙන්න ඕනේ වුණ කෙනාව
හමුවුණාද?</font>

697
00:43:58,177 --> 00:43:59,178
<font color="#ffde44">තාම නෑ.</font>

698
00:44:00,012 --> 00:44:01,388
<font color="#ffde44">ඔයා ඉක්මන් කරන්න ඕනේ.</font>

699
00:44:02,389 --> 00:44:04,391
<font color="#ffde44">ඔයාගේ පෙනීම එන්න එන්නම දුර්වල වේවි.</font>

700
00:44:05,643 --> 00:44:06,477
<font color="#ffde44">හරි.</font>

701
00:44:21,367 --> 00:44:22,534
<font color="#ffde44">අම්මේ...</font>

702
00:44:33,629 --> 00:44:35,506
<font color="#ffde44">එයාගේ වෛද්‍ය වාර්තාවල තියෙනවා</font>

703
00:44:36,131 --> 00:44:40,594
<font color="#ffde44">අවුරුදු 18කට කලින් එයාට
වයිරල් කෙරටයිටිස් හැදිලා කියලා.</font>

704
00:44:43,472 --> 00:44:45,808
<font color="#ffde44">අවුරුදු 18කට කලින්?</font>

705
00:44:46,850 --> 00:44:48,519
<font color="#ffde44">ඒ කියන්නේ මට වයස අවුරුද්දේදී.</font>

706
00:44:50,646 --> 00:44:51,814
<font color="#ffde44">ළදරු කිරිපිටි</font>

707
00:45:00,948 --> 00:45:02,241
<font color="#ffde44">ආහ්!</font>

708
00:45:02,324 --> 00:45:03,742
<font color="#ffde44">සු-ආ, ඔයාට මුකුත් වුණේ නෑ නේද?</font>

709
00:45:04,743 --> 00:45:05,744
<font color="#ffde44">ඔහ්, නෑ.</font>

710
00:45:05,828 --> 00:45:07,746
<font color="#ffde44">මට සමාවෙන්න.
<i>එයා මාව ආච්චි ගාවට යැව්වේ...</i></font>

711
00:45:07,830 --> 00:45:08,789
<font color="#ffde44">සු-ආ.</font>

712
00:45:08,872 --> 00:45:10,999
<font color="#ffde44"><i>...මාව ආරක්ෂා කරන්න.</i></font>

713
00:45:11,083 --> 00:45:12,418
<font color="#ffde44">GLORY හි නව මුහුණුවර, පුහුණුවන කිම් සු-ආ</font>

714
00:45:12,501 --> 00:45:14,169
<font color="#ffde44">මගේ සු-ආ තමයි හොඳම</font>

715
00:45:20,717 --> 00:45:22,469
<font color="#ffde44">මගේ සු-ආ</font>

716
00:45:28,725 --> 00:45:30,227
<font color="#ffde44">සු-ආ?</font>

717
00:45:32,896 --> 00:45:33,981
<font color="#ffde44">මේ අම්මා.</font>

718
00:45:39,570 --> 00:45:40,779
<font color="#ffde44">මගේ ආදරණීය සු-ආ,</font>

719
00:45:42,406 --> 00:45:44,575
<font color="#ffde44">ඔයා දැන් ගොඩක් ලස්සන ගෑනු ළමයෙක් වෙලා.</font>

720
00:45:46,660 --> 00:45:47,828
<font color="#ffde44">ස්තූතියි.</font>

721
00:45:50,914 --> 00:45:51,957
<font color="#ffde44">සු-ආ.</font>

722
00:45:53,625 --> 00:45:54,835
<font color="#ffde44">ඔයා...</font>

723
00:45:55,836 --> 00:45:57,713
<font color="#ffde44">එක පාරක් මාව හමුවෙන්න එනවාද?</font>

724
00:45:59,715 --> 00:46:01,091
<font color="#ffde44">එයා කෝල් කරපු හේතුව...</font>

725
00:46:06,763 --> 00:46:10,058
<font color="#ffde44">එයාගේ පෙනීම නැති වෙන්න කලින්
අන්තිම පාරට මාව බලන්න එයාට ඕනේ වුණා.</font>

726
00:46:21,153 --> 00:46:21,987
<font color="#ffde44">මහත්තයා.</font>

727
00:46:23,614 --> 00:46:24,740
<font color="#ffde44">ඔව්?</font>

728
00:46:29,995 --> 00:46:32,623
<font color="#ffde44">මට ඔයාගෙන් අන්තිම උදව්වක් ඉල්ලන්න තියෙනවා.</font>

729
00:46:34,249 --> 00:46:35,667
<font color="#ffde44">ඔයා ඒක මට කරලා දෙනවාද?</font>

730
00:46:38,253 --> 00:46:39,254
<font color="#ffde44">ඕනෙ දෙයක් කියන්න.</font>

731
00:46:40,589 --> 00:46:42,174
<font color="#ffde44">මම...</font>

732
00:46:42,257 --> 00:46:43,759
<font color="#ffde44">ඔයාගේ නීතිඥයානේ.</font>

733
00:46:54,520 --> 00:46:58,148
<font color="#ffde44">කිම් සු-ආ ජීවත්ව ඉන්න කාලෙදි
අවයව පරිත්‍යාගශීලියෙක් විදිහට ලියාපදිංචි වෙලා හිටියා.</font>

734
00:46:58,232 --> 00:47:02,194
<font color="#ffde44">ඇගේ මරණයෙන් පස්සේ,
වටිනා ජීවිත හතරක් බේරුණා.</font>

735
00:47:03,237 --> 00:47:05,697
<font color="#ffde44">අපේ ආයතනයේ ඇගේ අක්ෂි පටල සුරක්ෂිතව තියෙනවා.</font>

736
00:47:06,490 --> 00:47:08,617
<font color="#ffde44">පවුලේ කෙනෙකුට පරිත්‍යාග කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි.</font>

737
00:47:09,535 --> 00:47:12,204
<font color="#ffde44">මට තේරෙනවා. ස්තූතියි.</font>

738
00:47:14,456 --> 00:47:16,124
<font color="#ffde44"><i>මට ඕනේ...</i></font>

739
00:47:17,709 --> 00:47:19,378
<font color="#ffde44">මගේ ඇස් දෙක මගේ අම්මාට දෙන්න.</font>

740
00:47:25,676 --> 00:47:27,469
<font color="#ffde44">මට ඒවා ලැබුණේ එයාගෙන්.</font>

741
00:47:29,304 --> 00:47:32,099
<font color="#ffde44">ඒවා ආපහු එයාටම දෙන එක තමයි
හරිම දේ.</font>

742
00:47:57,124 --> 00:48:00,085
<font color="#ffde44">දැන්, හිමින් ඇස් අරින්න උත්සාහ කරන්න.</font>

743
00:48:09,094 --> 00:48:10,095
<font color="#ffde44">අම්මේ.</font>

744
00:48:10,178 --> 00:48:12,848
<font color="#ffde44">ඔව්, ඔයාට මාව පේනවාද?</font>

745
00:48:15,601 --> 00:48:16,560
<font color="#ffde44">පේනවා.</font>

746
00:48:18,478 --> 00:48:19,479
<font color="#ffde44">මට...</font>

747
00:48:22,608 --> 00:48:24,276
<font color="#ffde44">මට ඔයාව ගොඩක් පැහැදිලිව පේනවා.</font>

748
00:48:27,362 --> 00:48:29,323
<font color="#ffde44">මම මොකද කරන්නේ?</font>

749
00:48:30,616 --> 00:48:34,870
<font color="#ffde44">මට අපේ සු-ආ ගැන ගොඩක් දුකයි.
මම මොකද කරන්නේ කියලා මට තේරෙන්නේ නෑ, අම්මේ.</font>

750
00:48:38,999 --> 00:48:41,835
<font color="#ffde44">ඔයාගේ ජීවිතේ උපරිමයෙන් ජීවත් වෙන්න.</font>

751
00:48:43,128 --> 00:48:44,504
<font color="#ffde44">සු-ආ වෙනුවෙන්. ඒක ඇති.</font>

752
00:48:53,138 --> 00:48:54,973
<font color="#ffde44">මම එහෙම කරන්නම්.</font>

753
00:48:55,057 --> 00:48:56,099
<font color="#ffde44">හොඳයි.</font>

754
00:48:56,183 --> 00:48:57,809
<font color="#ffde44">උපරිමයෙන්ම,</font>

755
00:48:58,977 --> 00:49:02,689
<font color="#ffde44">මම අනිවාර්යයෙන්ම සතුටින් ජීවත් වෙනවා.</font>

756
00:49:02,773 --> 00:49:03,732
<font color="#ffde44">හොඳයි.</font>

757
00:49:05,108 --> 00:49:06,026
<font color="#ffde44">ඒක ඇති.</font>

758
00:49:07,778 --> 00:49:08,987
<font color="#ffde44">මගේ වටිනා දුව.</font>

759
00:49:09,071 --> 00:49:12,115
<font color="#ffde44">අම්මේ.
මට ඔයා ගැන ආඩම්බරයි, මගේ දුවේ.</font>

760
00:49:14,826 --> 00:49:16,286
<font color="#ffde44">ඔයා නිසා,</font>

761
00:49:17,913 --> 00:49:20,082
<font color="#ffde44">දැන් මට සැනසිල්ලේ යන්න පුළුවන්.</font>

762
00:49:25,170 --> 00:49:26,421
<font color="#ffde44">හදිසි වෙන්න ඕනේ නෑ.</font>

763
00:49:28,924 --> 00:49:31,760
<font color="#ffde44">ඔයාට ඔයාගේ අම්මයි ආච්චියි එක්ක ඉඳලා</font>

764
00:49:32,386 --> 00:49:34,054
<font color="#ffde44">හිමීට යන්න පුළුවන්.</font>

765
00:49:41,603 --> 00:49:42,688
<font color="#ffde44">ඒකට කමක් නෑ.</font>

766
00:49:44,523 --> 00:49:46,108
<font color="#ffde44">දැන් මේක ඇති.</font>

767
00:49:46,692 --> 00:49:47,818
<font color="#ffde44">මගේ දුව.</font>

768
00:49:50,404 --> 00:49:52,447
<font color="#ffde44">ස්තූතියි, සු-ආ.</font>

769
00:49:54,700 --> 00:49:55,742
<font color="#ffde44">දැන්,</font>

770
00:49:57,452 --> 00:49:59,746
<font color="#ffde44">මගේ අම්මා ආච්චිව බලාගනීවි,</font>

771
00:50:01,206 --> 00:50:03,959
<font color="#ffde44">ඒ වගේම ආච්චි අම්මාව බලාගනීවි.</font>

772
00:50:13,677 --> 00:50:15,053
<font color="#ffde44">මම දැන් යන්න ලෑස්තියි.</font>

773
00:50:40,078 --> 00:50:41,580
<font color="#ffde44">කට්ටඩියා ගෙදර හිටියේ නෑ.</font>

774
00:50:42,372 --> 00:50:44,082
<font color="#ffde44">මම අසල්වැසියන්ගෙන් ඇහුවා,</font>

775
00:50:44,166 --> 00:50:46,460
<font color="#ffde44">එයාලා කිව්වා මෑතකදී එයාව දැක්කේ නෑ කියලා.</font>

776
00:50:47,252 --> 00:50:50,714
<font color="#ffde44">මේකට තව ටිකක් කල් යාවි.</font>

777
00:50:53,383 --> 00:50:54,509
<font color="#ffde44">එයාට මුකුත් වෙන එකක් නෑ</font>

778
00:50:55,761 --> 00:50:58,472
<font color="#ffde44">මොකද ඔයාගේ පුතා තනියම නෙමෙයි ඉන්නේ.</font>

779
00:50:59,181 --> 00:51:01,433
<font color="#ffde44">"...ඔහුගේ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන්."</font>

780
00:51:01,516 --> 00:51:02,934
<font color="#ffde44">"පිරිනමන්නේ යූන් දා-බොං විසිනි."</font>

781
00:51:03,018 --> 00:51:04,144
<font color="#ffde44">මෙන්න මේක ගන්න.</font>

782
00:51:04,227 --> 00:51:05,479
<font color="#ffde44">ස්තූතියි.</font>

783
00:51:05,562 --> 00:51:07,063
<font color="#ffde44">සුබපැතුම්.</font>

784
00:51:07,147 --> 00:51:09,149
<font color="#ffde44">ස්තූතියි, අම්මේ.
සුබපැතුම්, බොං-සු.</font>

785
00:51:09,232 --> 00:51:11,151
<font color="#ffde44">ඒක මම තනියම කරපු දෙයක් නෙමෙයි.</font>

786
00:51:11,234 --> 00:51:13,028
<font color="#ffde44"><i>එයාට එයාගේ ආදරණීය පවුල ඉන්නවා.</i></font>

787
00:51:13,904 --> 00:51:17,157
<font color="#ffde44"><i>ඒ වගේම එයාට හිතේ තියෙන දේවල් කියන්න පුළුවන්</i>
<i>කෙනෙක්ව ලැබිලා වගේ.</i></font>

788
00:51:19,117 --> 00:51:22,579
<font color="#ffde44">ඔයා නිසා, සු-ආගේ නඩුව විසඳුණා.</font>

789
00:51:23,163 --> 00:51:24,456
<font color="#ffde44">ගොඩක් ස්තූතියි.</font>

790
00:51:25,040 --> 00:51:26,875
<font color="#ffde44">ඔයා ඇත්තටම සමාව ගන්නයි ඕනේ.</font>

791
00:51:27,584 --> 00:51:30,086
<font color="#ffde44">ඔයා නිසා,
මට මගේම සේවාදායකයාව පාවා දෙන්න වුණා.</font>

792
00:51:31,671 --> 00:51:32,631
<font color="#ffde44">ඔහ්.</font>

793
00:51:33,298 --> 00:51:34,216
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

794
00:51:34,800 --> 00:51:35,759
<font color="#ffde44">ඉතින්,</font>

795
00:51:35,842 --> 00:51:38,804
<font color="#ffde44">ඒක ඕනෑකමින් කරපු දෙයක් වගේ පේන්නේ නැති නිසා,
සමාව ගන්න ඕනේ නෑ.</font>

796
00:51:38,887 --> 00:51:39,888
<font color="#ffde44">දැන්, මට කියන්න.</font>

797
00:51:40,472 --> 00:51:43,767
<font color="#ffde44">නඩුවෙන් පස්සේ ඔයා කාත් එක්කද වැඩ කළේ කියලා
මට කියනවා කියලා ඔයා පොරොන්දු වුණා.</font>

798
00:51:46,770 --> 00:51:49,231
<font color="#ffde44">ඔයාට ඒක කියන එක අමාරු නෑ,</font>

799
00:51:49,981 --> 00:51:52,234
<font color="#ffde44">ඒත් ඔයා ඒක විශ්වාස කරන එකක් නෑ කියලා මට බයයි.</font>

800
00:51:52,317 --> 00:51:55,237
<font color="#ffde44">මම විශ්වාස කරන්න බැරි තරම්
නඩු ගොඩක් විසඳලා තියෙනවා.</font>

801
00:51:55,821 --> 00:51:57,072
<font color="#ffde44">ඒ නිසා වද වෙන්න එපා.</font>

802
00:51:57,781 --> 00:52:00,617
<font color="#ffde44">ඒත් මේක නම් සම්පූර්ණයෙන්ම වෙනස්.</font>

803
00:52:10,001 --> 00:52:10,961
<font color="#ffde44">හොල්මන්.</font>

804
00:52:13,088 --> 00:52:13,922
<font color="#ffde44">මොකක්?</font>

805
00:52:14,005 --> 00:52:16,550
<font color="#ffde44">මට මියගිය අයව පේනවා,
ඒ වගේම එයාලා එක්ක කතා කරන්න පුළුවන්.</font>

806
00:52:17,217 --> 00:52:18,510
<font color="#ffde44">මේ පාර, හිටියේ සු-ආ.</font>

807
00:52:18,593 --> 00:52:21,096
<font color="#ffde44">ගිය පාර, ලී ගං-පූංගේ ආත්මය මට කිව්වා.</font>

808
00:52:21,179 --> 00:52:22,180
<font color="#ffde44">ඉතින්...</font>

809
00:52:22,264 --> 00:52:24,015
<font color="#ffde44">ලේසියෙන්ම කිව්වොත්,</font>

810
00:52:24,099 --> 00:52:27,102
<font color="#ffde44">මියගිය අයගේ ආත්ම
එයාලගේ දුක්බර කතා මට කියනවා...</font>

811
00:52:27,185 --> 00:52:28,019
<font color="#ffde44">ඇති.</font>

812
00:52:29,229 --> 00:52:33,066
<font color="#ffde44">ඒ වගේම මගේ ඔෆිස් එක කලින්
කට්ටඩියෙකුගේ ගෙදරක්...</font>

813
00:52:33,149 --> 00:52:35,110
<font color="#ffde44">මම කිව්වානේ, ඇති කියලා.</font>

814
00:52:36,236 --> 00:52:37,112
<font color="#ffde44">හරි.</font>

815
00:52:37,779 --> 00:52:38,947
<font color="#ffde44">අපි මෙතනින් නවත්තමු.</font>

816
00:52:39,656 --> 00:52:41,783
<font color="#ffde44">ඔයා එක්ක තවත් ගනුදෙනු කරන එක
කාලය නාස්ති කිරීමක්.</font>

817
00:52:50,333 --> 00:52:52,127
<font color="#ffde44">මේ නිසා තමයි මම ඔයාට කියන්න අකමැති වුණේ.</font>

818
00:52:52,210 --> 00:52:53,712
<font color="#ffde44">ඔයාමයි මට කියන්න කියලා බල කළේ.</font>

819
00:52:56,006 --> 00:52:59,175
<font color="#ffde44">ඇත්තටම, මාව විශ්වාස කරන්නේ නැති එක හොඳයි.</font>

820
00:53:02,554 --> 00:53:03,889
<font color="#ffde44">ඔහ්, මම පරක්කුයි.</font>

821
00:53:05,348 --> 00:53:07,350
<font color="#ffde44">ලෝන්,
මම ඔයාව සදහටම මතක තියාගන්නවා</font>

822
00:53:10,353 --> 00:53:12,022
<font color="#ffde44">අපි ඔයාට ආදරෙයි, ලෝන්</font>

823
00:53:12,105 --> 00:53:14,107
<font color="#ffde44">ලෝන් තමයි මගේ ලෝකය, මගේ ආලෝකය</font>

824
00:53:28,872 --> 00:53:30,874
<font color="#ffde44">අපි අන්තිම වෙනකල්ම ඔයා එක්ක ඉන්නවා</font>

825
00:53:41,259 --> 00:53:42,761
<font color="#ffde44"><i>ඔයා මලක්</i></font>

826
00:53:44,220 --> 00:53:47,474
<font color="#ffde44"><i>තවමත් සුවඳ</i></font>

827
00:53:47,557 --> 00:53:48,892
<font color="#ffde44">මට ඕනේ ඔයා නිල් අහස අල්ලනවා දකින්න</font>

828
00:53:49,559 --> 00:53:50,977
<font color="#ffde44"><i>නොවිහිදුණු</i></font>

829
00:53:52,103 --> 00:53:53,605
<font color="#ffde44"><i>ඔයා මලක්</i></font>

830
00:53:54,814 --> 00:53:58,652
<font color="#ffde44"><i>තවමත් දකින්නට ඉතිරි වුණු</i></font>

831
00:54:00,236 --> 00:54:01,696
<font color="#ffde44"><i>හීන ගොඩක් තියෙන</i></font>

832
00:54:02,906 --> 00:54:07,243
<font color="#ffde44"><i>මට ඕනේ ඔයා වසන්තයේ දවසක් වගේ බැබළෙනවා දකින්න</i></font>

833
00:54:08,370 --> 00:54:12,707
<font color="#ffde44"><i>මට ඕනේ ඔයා නිල් අහස අල්ලනවා දකින්න</i></font>

834
00:54:13,708 --> 00:54:18,546
<font color="#ffde44"><i>ඔයා කොච්චර ලස්සනට ඉඳීවිද</i></font>

835
00:54:19,047 --> 00:54:23,718
<font color="#ffde44"><i>ඔයාගේ හෙට දවස කොච්චර අපූරු වේවිද</i></font>

836
00:54:24,386 --> 00:54:28,640
<font color="#ffde44"><i>මම දන්නවා</i></font>

837
00:54:29,933 --> 00:54:31,267
<font color="#ffde44"><i>මම ඒ හැමදේම දන්නවා...</i></font>

838
00:54:31,351 --> 00:54:33,061
<font color="#ffde44">ඔයාගේ උණුසුම් සැනසීමට ස්තූතියි
මම ඔයාට ආදරෙයි</font>

839
00:54:33,144 --> 00:54:34,396
<font color="#ffde44">අපි ඔයාව මතක තියාගෙන ඉන්නකල්
ඔයා ජීවත් වෙනවා</font>

840
00:54:34,479 --> 00:54:35,730
<font color="#ffde44">ඔයා දැන් සුරදූතයෝ එක්ක නටනවා ඇති කියලා මම හිතනවා</font>

841
00:54:35,814 --> 00:54:36,982
<font color="#ffde44">ලෝන්!
මට ඔයාව ගොඩක් මතක් වෙනවා!</font>

842
00:54:37,065 --> 00:54:38,274
<font color="#ffde44">ආයෙත් ඔයාව දකිනකල්
ඔයාගේ සංගීතය එක්කම ඉන්නවා</font>

843
00:54:40,276 --> 00:54:44,698
<font color="#ffde44"><i>මලක් වගේ පිපෙන්න</i></font>

844
00:54:45,490 --> 00:54:48,326
<font color="#ffde44"><i>ඔයා ගොඩක් ලස්සනයි</i></font>

845
00:54:48,410 --> 00:54:51,037
<font color="#ffde44"><i>මගේ ඇස් දෙකට</i></font>

846
00:54:51,121 --> 00:54:55,792
<font color="#ffde44"><i>ඔයා තවත් ලස්සන වෙලා</i></font>

847
00:54:55,875 --> 00:54:59,295
<font color="#ffde44">අපි අනිවාර්යයෙන්ම ආයෙත් හමුවෙමු</font>

848
00:55:01,089 --> 00:55:02,215
<font color="#ffde44">සමුගන්නම්, සු-ආ.</font>

849
00:55:03,675 --> 00:55:05,593
<font color="#ffde44">මම හැමදාම ඔයාගේ සින්දු අහනවා,</font>

850
00:55:06,511 --> 00:55:08,346
<font color="#ffde44">ඒ වගේම මම ඔයාගේ කටහඬ මතක තියාගන්නවා.</font>

851
00:55:08,430 --> 00:55:11,474
<font color="#ffde44">එහෙම කරන එක හොඳයි. මම උඩ ඉඳන් බලාගෙන ඉන්නවා.</font>

852
00:55:16,396 --> 00:55:18,148
<font color="#ffde44">ස්තූතියි, මහත්තයා.</font>

853
00:55:19,441 --> 00:55:22,986
<font color="#ffde44">ඔයාට කරදර කළාට මට සමාවෙන්න.</font>

854
00:55:31,911 --> 00:55:34,456
<font color="#ffde44">සූ-ආ ඔයාලා දෙන්නා දිහා බලන් ඉන්නවා.</font>

855
00:55:37,459 --> 00:55:38,376
<font color="#ffde44">බායි, සූ-ආ.</font>

856
00:55:38,460 --> 00:55:39,961
<font color="#ffde44">ගිහින් එන්නම්, සූ-ආ.</font>

857
00:55:44,507 --> 00:55:45,800
<font color="#ffde44">ඔහ්.</font>

858
00:55:46,593 --> 00:55:48,136
<font color="#ffde44">මට ඔයාව ගොඩක් පාළු වෙයි.</font>

859
00:55:48,720 --> 00:55:51,723
<font color="#ffde44">දිව්‍යලෝකෙදි සතුටින් ඉන්න.</font>

860
00:55:54,100 --> 00:55:55,185
<font color="#ffde44">ස්තූතියි.</font>

861
00:55:55,977 --> 00:55:58,396
<font color="#ffde44">මටත් ඔයාව ගොඩක් පාළු වෙයි.</font>

862
00:55:59,022 --> 00:56:00,982
<font color="#ffde44">එයා කියනවා එයාටත් ඔයාව ගොඩක් පාළු වෙයි කියලා.</font>

863
00:56:23,088 --> 00:56:24,339
<font color="#ffde44">ගිහින් එන්නම්.</font>

864
00:56:26,925 --> 00:56:28,301
<font color="#ffde44">පරිස්සමෙන්.</font>

865
00:57:41,458 --> 00:57:42,876
<font color="#ffde44">නීතිඥ ෂින් ඊ-රැන්ග්</font>

866
00:57:43,418 --> 00:57:45,462
<font color="#ffde44">කලින් වුණ දේට සමාවෙන්න
මේක අහලා බලන්න!</font>

867
00:57:46,671 --> 00:57:47,755
<font color="#ffde44">එයා හරිම කරදරයක්.</font>

868
00:57:49,799 --> 00:57:53,803
<font color="#ffde44">ලස්සන මලක්</font>

869
00:58:11,321 --> 00:58:13,615
<font color="#ffde44"><i>ටොක්බොකි</i>, <i>සුන්දේ</i>,
සහ ෆිෂ් කේක්. එකඟද?</font>

870
00:58:13,698 --> 00:58:16,784
<font color="#ffde44"><i>ඔයා හරියට මලක්</i>
බැදපු ඩම්ප්ලින්ස් උඩින් තියලා, එකඟයි.</font>

871
00:58:16,868 --> 00:58:18,536
<font color="#ffde44">එකඟයි. නියමයි වගේ.
නියමයි වගේ.</font>

872
00:58:18,620 --> 00:58:20,330
<font color="#ffde44"><i>තාමත් නොවිහිදුණු</i></font>

873
00:58:21,498 --> 00:58:23,166
<font color="#ffde44"><i>සුවඳක් එක්ක</i></font>

874
00:58:24,083 --> 00:58:25,543
<font color="#ffde44"><i>ඔයා හරියට මලක්</i></font>

875
00:58:27,003 --> 00:58:30,924
<font color="#ffde44"><i>තාමත් දකින්න තියෙන</i></font>

876
00:58:32,383 --> 00:58:33,635
<font color="#ffde44"><i>සිහින ගොඩක් එක්ක</i></font>

877
00:58:35,053 --> 00:58:39,390
<font color="#ffde44"><i>වසන්ත දවසක් වගේ ඔයා බබළනවා දකින්න මට ඕනෙ</i></font>

878
00:58:40,683 --> 00:58:45,021
<font color="#ffde44"><i>නිල් අහස අල්ලගන්නවා දකින්න මට ඕනෙ</i></font>

879
00:58:45,813 --> 00:58:50,568
<font color="#ffde44"><i>ඔයා කොච්චර ලස්සනට ඉඳීවිද...</i>
සුබ සිහින.</font>

880
00:58:50,652 --> 00:58:52,820
<font color="#ffde44">නා-හියුන් එක්ක ප්‍රසංගයකට යනවා!</font>

881
00:58:52,904 --> 00:58:56,533
<font color="#ffde44"><i>ඔයාගේ හෙට දවස කොච්චර ලස්සන වෙයිද</i></font>

882
00:58:56,616 --> 00:59:00,870
<font color="#ffde44"><i>මම දන්නවා</i></font>

883
00:59:02,038 --> 00:59:04,958
<font color="#ffde44"><i>මම ඒ ඔක්කොම දන්නවා</i></font>

884
00:59:05,041 --> 00:59:07,335
<font color="#ffde44">අවසන් කිරීමේ සහතිකය
අධිකරණ අභ්‍යාසලාභී හන් නා-හියුන්</font>

885
00:59:07,418 --> 00:59:12,507
<font color="#ffde44"><i>ලස්සන මලක්</i>
<i>ලස්සන ඔයා...</i></font>

886
00:59:12,590 --> 00:59:14,801
<font color="#ffde44">48 වන අධිකරණ පුහුණු
අවසන් කිරීමේ උත්සවය</font>

887
00:59:14,884 --> 00:59:16,761
<font color="#ffde44"><i>මලක් වගේ පිපෙන්න</i></font>

888
00:59:18,012 --> 00:59:20,515
<font color="#ffde44"><i>ඔයා ගොඩක් ලස්සනයි</i></font>

889
00:59:20,598 --> 00:59:23,059
<font color="#ffde44"><i>මගේ ඇස් දෙකට</i></font>

890
00:59:23,142 --> 00:59:27,897
<font color="#ffde44"><i>ඔයා තවත් ලස්සන වෙලා</i></font>

891
00:59:27,981 --> 00:59:33,570
<font color="#ffde44">අද මට ඔයාව ගොඩක් මතක් වෙනවා.
<i>ලස්සන මලක්, ලස්සන ඔයා</i></font>

892
00:59:34,153 --> 00:59:37,657
<font color="#ffde44"><i>මලක් වගේ පිපෙන්න...</i></font>

893
01:00:13,026 --> 01:00:14,235
<font color="#ffde44">ඔයා ආයෙත් ඇවිත්.</font>

894
01:00:17,655 --> 01:00:20,450
<font color="#ffde44">ග්ලෝරි එන්ටර්ටේන්මන්ට් එකට අදාළ
ඔක්කොම ලියකියවිලි මම භාර දුන්නා.</font>

895
01:00:22,535 --> 01:00:23,411
<font color="#ffde44">හරි.</font>

896
01:00:33,963 --> 01:00:34,797
<font color="#ffde44">මෙන්න.</font>

897
01:00:36,215 --> 01:00:37,300
<font color="#ffde44">මොකක්ද ඒ?</font>

898
01:00:38,092 --> 01:00:40,261
<font color="#ffde44">තේබෙක් භාරගත්ත ඔක්කොම නඩු අතරින්,</font>

899
01:00:40,345 --> 01:00:44,474
<font color="#ffde44">මාධ්‍යයේ අවධානය දිනාගත්ත
ලොකුම හිසරදේ තමයි මේක.</font>

900
01:00:45,933 --> 01:00:47,644
<font color="#ffde44">ඔයා තමන් ගැනම කල්පනා කරලා බලන්න ඕනෙ නේද?</font>

901
01:00:47,727 --> 01:00:50,146
<font color="#ffde44">සභාපතිතුමාට ඉක්මනින් සනීප වේගෙන එනවා කියලා ආරංචියි.</font>

902
01:00:53,483 --> 01:00:55,526
<font color="#ffde44">ඒක ඔයාට අදාළ වැඩක් නෙවෙයි.</font>

903
01:00:55,610 --> 01:00:57,070
<font color="#ffde44">අපි මේ නඩුව දිනුවොත්,</font>

904
01:00:57,153 --> 01:00:59,947
<font color="#ffde44">සභාපතිතුමා ආපහු එනකොට දෙන්න
මීට වඩා හොඳ තෑග්ගක් තවත් නැහැ.</font>

905
01:01:00,823 --> 01:01:04,494
<font color="#ffde44">ඔයාට ඒකේ ගෞරවය ගන්න පුළුවන් වෙන්න
මම ඒක පරිස්සමට ඔතලා දෙන්නම්.</font>

906
01:01:04,577 --> 01:01:05,787
<font color="#ffde44">තෑග්ගක්?</font>

907
01:01:08,748 --> 01:01:10,500
<font color="#ffde44">අපි පැරදුණොත්?
එහෙම වුණොත්,</font>

908
01:01:11,000 --> 01:01:13,169
<font color="#ffde44">මාව පන්නලා දාන්න ඔයාට හේතුවක් ලැබෙයි.</font>

909
01:01:13,836 --> 01:01:16,255
<font color="#ffde44">කොහොම වුණත් ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.</font>

910
01:01:21,719 --> 01:01:24,138
<font color="#ffde44">මේ පාර මගේ බලාපොරොත්තු කඩ කරන්න එපා.</font>

911
01:01:25,056 --> 01:01:25,932
<font color="#ffde44">මම එහෙම කරන්නේ නැහැ.</font>

912
01:01:37,110 --> 01:01:37,944
<font color="#ffde44">කාන්තාව නිදොස් කොට නිදහස්</font>

913
01:01:38,027 --> 01:01:39,112
<font color="#ffde44">ඇගේ සැමියාව
කෲර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන්...</font>

914
01:02:42,675 --> 01:02:43,676
<font color="#ffde44">සාදරයෙන් පිළිගන්නවා.</font>

915
01:02:44,635 --> 01:02:46,179
<font color="#ffde44">මෙහාට එන්න සෑහෙන දුරක් එන්න ඇති.</font>

916
01:02:58,399 --> 01:02:59,692
<font color="#ffde44">ඔයා කවුද?</font>

917
01:03:00,693 --> 01:03:04,071
<font color="#ffde44">මම තමයි ඔයාගේ නීතිඥයා, ෂින් ඊ-රැන්ග්.</font>

918
01:03:30,973 --> 01:03:32,391
<font color="#ffde44"><i>මේ පාර කවුද?</i></font>

919
01:03:32,475 --> 01:03:34,310
<font color="#ffde44"><i>එයා විද්‍යා අංශයෙන් ඉගෙනගෙන තියෙන්නේ වගේ.</i></font>

920
01:03:34,393 --> 01:03:35,853
<font color="#ffde44">වැරදිකාරයා ඔයාගේ බිරිඳද?</font>

921
01:03:39,398 --> 01:03:41,484
<font color="#ffde44"><i>ඔයා ඇත්තටම මාව මරන්නද හදන්නේ?</i></font>

922
01:03:41,567 --> 01:03:42,819
<font color="#ffde44"><i>ඔයාට හොඳ අනාගතයක් තිබුණා,
ඒත් එයා ඔයාව මැරුවා.</i></font>

923
01:03:42,902 --> 01:03:45,988
<font color="#ffde44">මට කිම් සූ-ජොන්ග්ව හමුවෙන්න වෙනවා.</font>

924
01:03:46,072 --> 01:03:47,323
<font color="#ffde44"><i>මළ සිරුරක් දාලා යන්න කිම් සූ-ජොන්ග්ට
හොඳටම පුරුදු තැනක්.</i></font>

925
01:03:47,406 --> 01:03:50,326
<font color="#ffde44">එහෙම තැනක් ගැන මතකයක් තියෙනවද?</font>

926
01:03:50,409 --> 01:03:52,662
<font color="#ffde44"><i>තමන්ගේම මළ සිරුර දැක්කම
එයා ගොඩක් කලබල වෙයි.</i></font>

927
01:03:52,745 --> 01:03:54,330
<font color="#ffde44"><i>තමන්ව මරපු කෙනා ගාවට
එයා යන්න නැතුව ඇතිද?</i></font>

928
01:03:54,413 --> 01:03:55,498
<font color="#ffde44"><i>එහෙනම්, එයා අනිවාර්යයෙන්ම කිම් සූ-ජොන්ග් ගාවට යන්න ඇති.</i></font>

929
01:03:57,375 --> 01:04:01,337
<font color="#ffde44"><i>ඔයා ඇයි මාව මැරුවේ?</i></font>

930
01:04:01,337 --> 01:04:05,337
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

