1 00:00:00,091 --> 00:00:01,003 2 00:00:01,084 --> 00:00:01,953 💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜 3 00:00:44,315 --> 00:00:48,945 ආදරණීය X (DEAR X) 4 00:00:49,696 --> 00:00:51,740 5 00:00:51,823 --> 00:00:53,450 6 00:00:54,409 --> 00:00:55,410 කසාදයක් කිව්වා? 7 00:00:56,536 --> 00:01:00,957 ඔයාගේ අතීතයේ තියෙන ඔක්කොම කැළැල් මම මකලා දාන්නම්. 8 00:01:01,374 --> 00:01:04,294 ඊට පස්සේ ඔයාට පුළුවන් මාත් එක්ක අලුතින් ජීවිතේ පටන් ගන්න. 9 00:01:05,378 --> 00:01:06,379 මොකද කියන්නේ? 10 00:01:07,881 --> 00:01:09,591 ගොඩක් හිතන්න දෙයක් නෑ. 11 00:01:10,592 --> 00:01:11,676 ඔයාට කරන්න තියෙන්නේ 12 00:01:12,594 --> 00:01:14,846 හා කියලා ඔලුව වනන එක විතරයි. 13 00:01:15,096 --> 00:01:16,765 එතකොට හැමදේම ලේසි වෙයි. 14 00:01:18,183 --> 00:01:21,519 ආරක්ෂිත, ශක්තිමත් වැටක්... 15 00:01:23,188 --> 00:01:24,773 මට ඕන කරන්නේ ඒකයි. 16 00:01:25,774 --> 00:01:28,443 ඔයා කියන්නේ ඔයාට ඒක මට දෙන්න පුළුවන් කියලද? 17 00:01:32,614 --> 00:01:36,409 මම ඔයාට ඕනම දෙයක් දෙන්නම්. 18 00:01:36,493 --> 00:01:39,579 ඔයා දැන් කියපු දේ ඔප්පු කරන්න පුළුවන්ද? 19 00:01:43,333 --> 00:01:46,294 මගේ වචන වලටත් ඔප්පු කිරීමක් ඕනද? 20 00:01:48,088 --> 00:01:49,130 කොහොම හරි කියන්නකෝ. 21 00:01:51,382 --> 00:01:52,884 මම ඔයාගේ අතින් අල්ල ගත්තොත්... 22 00:01:54,052 --> 00:01:57,180 මට ඕන කරන හැමදේම මට කරගන්න පුළුවන් වෙයි කියලා. 23 00:02:06,940 --> 00:02:07,941 ෂික්. 24 00:02:09,192 --> 00:02:10,360 ඔයාට තුවාලද? 25 00:02:22,122 --> 00:02:23,123 අයින් වෙන්න! 26 00:02:25,166 --> 00:02:26,584 අපිට මෙතනින් යන්න වෙනවා. 27 00:02:38,972 --> 00:02:40,348 ඔයා හොඳින් නේද? 28 00:02:40,431 --> 00:02:41,975 අපි දැන්ම යමු. 29 00:03:00,994 --> 00:03:02,954 මම පොරොන්දු වෙනවා ආ-ජින්. 30 00:03:04,998 --> 00:03:05,999 මාත් එක්ක එන්න. 31 00:03:28,062 --> 00:03:32,984 [10 වන කොටස] : කැඩපතේ සිටින රාක්ෂයා 32 00:03:38,031 --> 00:03:39,490 ලොක්කා තාම කෝල් එක ගන්නේ නැද්ද? 33 00:03:41,826 --> 00:03:43,411 මට යන්න වෙනවා. 34 00:03:43,494 --> 00:03:44,495 එයාගේ ගෙදරද? 35 00:03:45,121 --> 00:03:46,122 ඔව්. 36 00:03:47,498 --> 00:03:49,626 මේක අනිවාර්යයෙන්ම එයාට සම්බන්ධයි. 37 00:03:54,547 --> 00:03:55,924 හරි, හොං මහත්තයා. 38 00:04:02,597 --> 00:04:03,598 මට තේරෙනවා. 39 00:04:13,858 --> 00:04:17,570 මම දැන්ම යන්න ඕනේ. සීයගේ තත්ත්වය ගොඩක් බරපතලයි. 40 00:04:18,988 --> 00:04:20,907 ඔයාට පුළුවන්ද ආ-ජින්ව හොයාගන්න? 41 00:04:20,990 --> 00:04:22,075 ප්ලීස්. 42 00:04:22,325 --> 00:04:23,701 හරි, මම ඒක බලාගන්නම්. 43 00:05:15,920 --> 00:05:17,964 ඔබට නිවන් සුව! 44 00:05:18,047 --> 00:05:22,302 අභාවප්‍රාප්ත යූන් හ්‍යුන්-මෝ මුනුපුරා: යූන් ජුන්-සෝ 45 00:07:17,250 --> 00:07:19,168 අම්මෝ, දැන් තමයි බඩට ටිකක් සහනයක් දැනුනේ. 46 00:07:20,545 --> 00:07:21,963 යන්න කාලේ හරි ගියාම 47 00:07:23,548 --> 00:07:27,802 හරියට වෙලාවට මැරෙන එකත් එක අතකට වාසනාවක්. 48 00:07:28,094 --> 00:07:29,095 මෙහොට එනවකො! 49 00:07:29,971 --> 00:07:30,972 මෙතනට! 50 00:07:31,681 --> 00:07:33,975 මෙතනට තව සුප් එකක් ගේන්න! 51 00:07:34,976 --> 00:07:36,436 ආයිෂ්. 52 00:07:37,145 --> 00:07:39,355 ෂික්, මුන්ගේ තියෙන හෙමින් ගමන. 53 00:07:49,240 --> 00:07:50,825 මම ලොක්කව කන්ටැක් කරගත්තා. 54 00:07:52,160 --> 00:07:53,619 ලොකු ප්‍රශ්නයක් නෑ වගේ. 55 00:07:53,703 --> 00:07:54,954 එයා කිව්වා පස්සේ කෝල් කරන්නම් කියලා. 56 00:07:55,872 --> 00:07:56,873 හරි. 57 00:08:01,794 --> 00:08:02,795 මම යනවා. 58 00:08:11,888 --> 00:08:15,266 සිරාවටම, එක සීසන් එකක් ඉවර වෙන්නත් කලින් අලුත් බෑග් එනවනේ. 59 00:08:15,349 --> 00:08:18,102 තියෙන බෑග් ටිකවත් මට තියාගන්න දෙන්න උන්ට කැමැත්තක් නෑ වගේ. 60 00:08:20,396 --> 00:08:24,108 ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකට ගියත් හැමතැනම තියෙන්නේ එකම වගේ බෑග් නේ. 61 00:08:26,360 --> 00:08:27,361 ඒකනේ. 62 00:08:28,905 --> 00:08:30,281 මේවා හොඳ තත්ත්වයේ තියෙනවා වගේ. 63 00:08:30,948 --> 00:08:33,618 ගොඩක් ඒවා තාම අලුත් පිටමයි තියෙන්නේ, ඉතින්... 64 00:08:34,410 --> 00:08:35,411 ඉතින්? 65 00:08:39,373 --> 00:08:40,374 මේවා කීයද? 66 00:08:42,668 --> 00:08:43,711 මිස් සිම් සුං-හී? 67 00:08:45,213 --> 00:08:46,547 ඔව්? හෙලෝ. 68 00:08:49,717 --> 00:08:52,220 ඔයාගේ මූණෙන්ම පේනවා ඔයා වැරදිකාරයෙක් කියලා. 69 00:08:52,303 --> 00:08:54,138 අපි ඇයි ආවේ කියලා දන්නවා නේද? 70 00:08:58,726 --> 00:09:00,269 මම කොහොමද දන්නේ? 71 00:09:03,481 --> 00:09:04,857 හරි. 72 00:09:05,191 --> 00:09:06,192 කමක් නෑ. 73 00:09:07,193 --> 00:09:08,236 ඒ ආ-ජින් නේද? 74 00:09:09,070 --> 00:09:11,280 එයා මේවා මට දුන්නා කියලා පිළිගත්තා නේද? 75 00:09:12,448 --> 00:09:13,491 එයාට යන්න දෙන්න. 76 00:09:14,659 --> 00:09:15,660 හරි සර්. 77 00:09:20,623 --> 00:09:21,791 සුභ දවසක් වේවා. 78 00:09:29,549 --> 00:09:32,426 ඔයා හින්දා මම දැන් පොලිසියේ කෝල් වලටත් උත්තර දෙන්න ඕනද? 79 00:09:36,722 --> 00:09:38,266 මම නිකන්... 80 00:09:41,018 --> 00:09:42,562 මම කිව්වේ, ඔයාට දැන් රස්සාවකුත් නෑනේ. 81 00:09:42,645 --> 00:09:44,814 ඉතින් මම හිතුවා මේවා විකුණලා හරි ඔයාට උදව්වක් වෙන්න. 82 00:09:45,565 --> 00:09:46,816 මගේ බඩු විකුණලා? 83 00:09:48,609 --> 00:09:52,154 ඔයා ප්‍රසිද්ධ කෙනෙක්නේ. 84 00:09:52,238 --> 00:09:54,448 ඉතින් ඔයා මේවා අරන් එළියට යන එක ඔයාටම ලැජ්ජාවක්නේ. 85 00:09:54,532 --> 00:09:56,200 ඒකයි මම ඔයාට උදව්වක් කරන්න හැදුවේ. 86 00:09:57,493 --> 00:09:59,870 අනික මම මේ ඔක්කොම සල්ලි ගන්න හිතන් හිටියේ නෑ. 87 00:10:00,663 --> 00:10:03,040 මම අඩුම තරමේ 50ට 50 වත් බෙදාගන්නයි හිටියේ. 88 00:10:03,749 --> 00:10:06,460 ඔයා නම් මහා පුදුම චරිතයක් සුං-හී. 89 00:10:08,879 --> 00:10:10,756 50ට 50 කැමති නැත්තන්, 60ට 40 කරමු. 90 00:10:12,633 --> 00:10:14,885 60ට 40ත් කැමති නැත්තන් 70ට 30! 91 00:10:14,969 --> 00:10:17,013 මට 30ක් ලැබුණත් ඇති. 92 00:10:26,188 --> 00:10:28,983 හොං මහත්තයා! 93 00:10:29,358 --> 00:10:31,110 මම ඔයා එනකන් ගොඩක් වෙලා බලන් හිටියා. 94 00:10:31,193 --> 00:10:32,403 එන්න මාත් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න. 95 00:10:32,486 --> 00:10:34,739 බෑ මැඩම්. මට වැඩ තියෙනවා. 96 00:10:34,822 --> 00:10:36,073 මොන වැඩද? 97 00:10:36,157 --> 00:10:38,409 මැරුණ මනුස්සයා ඕවා ගැන හොයන්නේ නෑනේ. 98 00:10:38,492 --> 00:10:39,744 වාඩි වෙන්න. 99 00:10:40,244 --> 00:10:42,204 වාඩි වෙන්නකෝ. 100 00:10:42,288 --> 00:10:43,623 මම කොච්චර වෙලාවක් බලන් හිටියද? 101 00:10:44,415 --> 00:10:45,416 හරි. 102 00:10:46,083 --> 00:10:48,753 බොන්න. ටිකක් සැහැල්ලු වෙන්න. 103 00:10:49,295 --> 00:10:50,296 චියර්ස්. 104 00:10:55,468 --> 00:10:57,428 ඔයා හරිම ප්‍රොෆෙෂනල් නේද. 105 00:11:02,516 --> 00:11:06,771 ඉතින්, දේපළ බෙදලා ඉවරද? 106 00:11:06,854 --> 00:11:10,900 කොහොම වුණත් මමනේ මේ පවුලේ ඉන්න එකම ලේලිය. 107 00:11:12,777 --> 00:11:16,197 මගේ කොටස ගැන කිසිම සඳහනක් තිබුණේ නෑ. 108 00:11:18,574 --> 00:11:21,452 ඔච්චර සල්ලි කන්දරාවෙන්, මට එක රුපියලක්වත් නෑ? 109 00:11:22,078 --> 00:11:23,287 අඩුම තරමේ රුපියල් දහයක්වත්? 110 00:11:24,705 --> 00:11:29,126 ගොඩක් දේපළ ලියලා තිබුණේ ඔබතුමියගේ පුතා, ජුන්-සෝට... 111 00:11:29,210 --> 00:11:31,712 එයා මුණුපුරානේ. එයාට කොහොමත් ලැබෙනවා. 112 00:11:31,796 --> 00:11:33,422 මම අහන්නේ මම ගැන. 113 00:11:35,591 --> 00:11:36,592 කොහොමද... 114 00:11:37,343 --> 00:11:40,137 මම හදපු මුණුපුරාට පණ ඇරලා ආදරේ කරපු මිනිහෙක් කොහොමද මට මෙහෙම කරන්නේ? 115 00:11:40,221 --> 00:11:41,597 එයා කොහොමද එහෙම කරන්නේ? 116 00:11:41,681 --> 00:11:43,265 මොකද එයාට එහෙම කරන්න පුළුවන්? 117 00:11:43,349 --> 00:11:46,060 මැඩම්, නීත්‍යානුකූලව සහ සදාචාරාත්මකව 118 00:11:46,143 --> 00:11:47,770 ඔබතුමියට උරුමයක් ලැබෙන්න කිසිම හේතුවක් නෑ. 119 00:11:47,853 --> 00:11:49,897 ජුන්-සෝට ලැබෙනවා නම්, මට නැත්තේ ඇයි? 120 00:11:49,980 --> 00:11:51,774 මම ඉල්ලන්නේ සමාන ප්‍රමාණයක් නෙවෙයිනේ. 121 00:11:51,857 --> 00:11:54,360 අඩුම තරමේ හතරෙන් පංගුවක් නැත්තන් දහයෙන් පංගුවක්! 122 00:11:54,443 --> 00:11:56,821 එයා මං ගැන ඒ තරම්වත් හිතන්න තිබුණා! 123 00:12:07,206 --> 00:12:08,624 ඇත්තම කියනවා නම්, 124 00:12:08,708 --> 00:12:11,419 ඔබතුමියයි අභාවප්‍රාප්ත සභාපති යූන් සහ කිසිම ලේ නෑකමක් නෑ. 125 00:12:11,502 --> 00:12:12,920 ලේ නෑකමක් නෑ? 126 00:12:13,003 --> 00:12:14,338 තමුන් කිව්වේ මට ලේ නෑකමක් නෑ කියලද? 127 00:12:15,423 --> 00:12:16,424 මතක් කරාට ස්තුතියි. 128 00:12:16,507 --> 00:12:18,884 එතකොට එයාගේ මේ ලේ නෑකම? 129 00:12:19,510 --> 00:12:20,761 එයාටත් ලේ නෑකමක් නෑ! 130 00:12:21,262 --> 00:12:23,973 පිරිමි දරුවෙක් නැති මේ පවුලේ පරම්පරාව ඉස්සරහට ගෙනිච්චේ කවුද? 131 00:12:24,056 --> 00:12:27,852 මම වෙන මිනිහෙක්ගේ දරුවෙක් වදාලා හදා වඩා ගත්තත් 132 00:12:27,935 --> 00:12:30,980 මම එයාව හැදුවේ මේ පවුලට ගැලපෙන මුණුපුරෙක් විදියට! 133 00:12:31,063 --> 00:12:33,232 මේ පවුලේ ඉන්න සුදුසු කෙනෙක් විදියට! 134 00:12:34,775 --> 00:12:36,360 කෙළෙහිගුණ නොදන්න නාකියා. 135 00:12:37,361 --> 00:12:38,904 මම එයාව මරලා දාන්න තිබුණේ. 136 00:12:41,699 --> 00:12:42,908 මොකක්ද අම්මා දැන් කිව්වේ? 137 00:12:46,537 --> 00:12:47,830 ජුන්-සෝ! 138 00:12:48,914 --> 00:12:50,708 මමයි තමුන්ව හැදුවේ! 139 00:12:51,459 --> 00:12:55,963 දැන්, මම කරපු වියදම් වලට හරියන්න මට ගෙවනවා! 140 00:12:56,046 --> 00:12:59,216 සිය ගුණයක් මට ආපහු ඕනේ! 141 00:13:15,024 --> 00:13:17,985 අම්මා මාව මේ පවුලට සම්බන්ධ කළේ දේපළ ලබා ගන්න බලාගෙනද? 142 00:13:19,779 --> 00:13:21,697 ජීවිත කාලෙම අම්මා මට බොරු කළාද? 143 00:13:24,825 --> 00:13:27,912 ඔව්, මම එහෙම කළා. 144 00:13:28,245 --> 00:13:29,246 ඉතින් මොකද? 145 00:13:30,456 --> 00:13:31,457 ඇයි? 146 00:13:34,543 --> 00:13:37,046 ඇයි අම්මා හැමදාම මෙහෙම ජීවත් වෙන්නේ? 147 00:13:37,129 --> 00:13:39,131 හැමෝම ජීවත් වෙන්නේ එහෙම තමයි. 148 00:13:39,215 --> 00:13:41,509 අර මල් ශාලාවේ ඉන්න මිනිස්සු? 149 00:13:41,592 --> 00:13:45,554 ඒ හැමෝම බලන් ඉන්නේ නාකි මනුස්සයාගේ දේපළවලින් කෑල්ලක් කඩා ගන්න. 150 00:13:46,597 --> 00:13:50,392 උන් පිටින් විතරයි වැදගත් විදියට රඟපාන්නේ. 151 00:13:50,476 --> 00:13:52,728 අම්මේ. මම විතරක් නෙවෙයි බොරු කිව්වේ. 152 00:13:52,812 --> 00:13:54,313 එයත් දැනන් හිටියා. 153 00:13:54,396 --> 00:13:56,440 බෙක් ආ-ජින්, අර කෙල්ලත් දැනන් හිටියා. 154 00:13:56,524 --> 00:14:00,903 අවුරුදු නවයේ පොඩි කෙල්ලෙක් වෙලා ඉද්දි ඉඳන්ම එයා මට තර්ජනය කළා. 155 00:14:01,862 --> 00:14:02,863 එයා තමයි 156 00:14:03,531 --> 00:14:06,534 අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති කරලා 157 00:14:06,617 --> 00:14:08,577 ඔයාව නැටෙව්වේ. 158 00:14:09,912 --> 00:14:11,288 ඒකද අම්මා එයාට ගැහුවේ? 159 00:14:13,624 --> 00:14:15,960 මම මේ පවුලේ පුතා කියලා බොරු කියලා 160 00:14:16,043 --> 00:14:17,503 ඒකටම එයාවත් මේ ගෙදරට ගෙනාවේ අම්මා. 161 00:14:18,003 --> 00:14:19,713 ඒ හැමදේම කළේ අම්මා. 162 00:14:24,969 --> 00:14:25,970 මම... 163 00:14:28,514 --> 00:14:29,557 හැමදාම දැනන් හිටියා... 164 00:14:31,559 --> 00:14:34,603 අම්මා නරක කෙනෙක් කියලා. 165 00:14:36,188 --> 00:14:38,399 ඒත් මට අම්මා ගැන දුක හිතුණා. 166 00:14:40,150 --> 00:14:42,570 මම හිතුවා, "එයා ගොඩක් දුක් විඳිනවා ඇති. 167 00:14:43,445 --> 00:14:44,864 ඒකයි එයා ඔහොම හැසිරෙන්නේ" කියලා. 168 00:14:50,828 --> 00:14:55,958 මම උත්සාහ කළා අම්මව තේරුම් ගන්න. ගොඩක් උත්සාහ කළා. 169 00:14:56,041 --> 00:14:59,795 ආ-ජින් වෙනුවෙන්, මම ඒකට වන්දි ගෙවන්න ඕන කියලා මම හිතුවා. 170 00:15:01,630 --> 00:15:03,132 ඒත් ඇයි අම්මා මට එහෙම කළේ? 171 00:15:16,979 --> 00:15:19,148 ඒ ඔයා වෙනුවෙන්. 172 00:15:23,193 --> 00:15:26,113 ඔයාට හොඳ තාත්තෙක් එක්ක ජීවත් වෙන්න සලස්වන්න. 173 00:15:27,364 --> 00:15:30,367 මගේ දුප්පත්කම ඔයාට උරුම වෙනවට මම කැමති වුණේ නෑ. 174 00:15:35,122 --> 00:15:38,042 ඉතින්, එහෙනම් මුල ඉඳන්ම 175 00:15:39,835 --> 00:15:42,630 මම කවදාවත් සීයගේ ඇත්තම මුණුපුරා වුණේ නෑ... 176 00:15:42,713 --> 00:15:45,090 ජීවිත කාලෙම එයා විඳපු වේදනාවලට හේතුව මමයි. 177 00:15:59,271 --> 00:16:00,648 හරි. දිගටම එහෙම හිතාගෙන ඉන්න. 178 00:16:01,315 --> 00:16:03,984 හැමදාම අතීතය පස්සේම එලව එලව ඉන්න. 179 00:16:06,987 --> 00:16:07,988 වැඩකට නැති එකෙක්. 180 00:16:25,631 --> 00:16:26,632 ඒයි. 181 00:16:27,466 --> 00:16:28,467 එළියට බැහැපන්. 182 00:16:29,510 --> 00:16:30,511 බෙක් ආ-ජින්. 183 00:16:31,595 --> 00:16:32,888 ඔයා මේක දන්නවා නේද? 184 00:16:33,180 --> 00:16:36,934 මම ඉස්කෝලෙන් අස්වුණාට පස්සේ, මගේ පවුලම කඩාගෙන වැටුණා. 185 00:16:37,017 --> 00:16:40,145 එදා ඉඳන් මගේ හැමදේම වැරදි පැත්තට ගියේ. 186 00:16:40,896 --> 00:16:41,897 ඉතින්? 187 00:16:42,481 --> 00:16:44,024 ඒකේ මට තියෙන සම්බන්ධය මොකක්ද? 188 00:16:45,359 --> 00:16:47,903 ඇයි එදා ඔයා මට එහෙම කළේ? 189 00:16:49,154 --> 00:16:51,782 පරක්කු වෙලා හරි මට සමාව ගන්න ඕන. 190 00:16:52,783 --> 00:16:53,784 සුං-හී. 191 00:16:54,702 --> 00:16:57,413 සමාව ගන්න ඕන වැරැද්දක් කරපු මිනිස්සු. 192 00:16:59,748 --> 00:17:02,167 ඔයාට පොඩ්ඩක්වත් දුක නැද්ද? 193 00:17:05,212 --> 00:17:06,547 මට දුක හිතෙන්නේ ඇයි? 194 00:17:06,630 --> 00:17:10,050 ඔයා පැරදුනේ මාව පරාජය කරන්න ගිහින් තණ්හාව වැඩි කරගත්ත හින්දා. 195 00:17:11,385 --> 00:17:13,137 ඔයාට මොළයක් තිබුණේ නෑ, මෝඩයි 196 00:17:13,220 --> 00:17:15,764 තමන් ඉන්න තැන ගැන හරි තත්ත්වය ගැන හරි කිසිම වැටහීමක් තිබුණේ නෑ. 197 00:17:17,016 --> 00:17:19,226 ඔයා දිගටම මට ඇඟිල්ල දික් කළා. 198 00:17:22,813 --> 00:17:26,650 ඔයාට නිකන්ම අවාසනාව උදා වුණා. 199 00:17:29,945 --> 00:17:30,946 දැන් සතුටුද? 200 00:17:41,290 --> 00:17:42,416 බැල්ලි. 201 00:18:08,650 --> 00:18:10,402 මේ රෑ වෙලා ඇයි ඔයා මෙහෙ ආවේ? 202 00:18:10,736 --> 00:18:12,529 මේ රෑ වෙලා ඔයා කොහෙද යන්නේ? 203 00:18:12,613 --> 00:18:14,448 මම සීයගේ මරණය ගැන ආරංචි වුණා. 204 00:18:14,531 --> 00:18:16,200 මම හිටියේ පස්සේ කෝල් කරන්න-- 205 00:18:16,867 --> 00:18:19,328 ඔයා දැන් මගේ කෝල් ගන්නෙවත් නෑනේ. ඔය කියන පස්සේ වෙලාව කවද්ද? 206 00:18:24,583 --> 00:18:27,002 ඔයාගේ අම්මා ඔයාගෙන් වකුගඩුවක් ගත්තා, 207 00:18:27,086 --> 00:18:29,254 ඔයාගේ සීයා මැරුණා, 208 00:18:29,338 --> 00:18:31,298 දැන් ඔයා ඇවිත් ඒ තරහ පිට කරන්නේ මගෙන්ද? 209 00:18:32,049 --> 00:18:35,010 ඔයා කියන කියන වෙලාවට කෝල් ගන්න මම බැඳිලා ඉන්නවද? 210 00:18:35,094 --> 00:18:36,678 සොරි, 211 00:18:36,762 --> 00:18:39,306 ඔයා කෝල් කරනකන් ෆෝන් එක දිහා බලන් ඉන්න මට වෙලාවක් නෑ. 212 00:18:39,389 --> 00:18:41,016 මම ඔයාට කිව්වා පොඩ්ඩක් ඉවසන්න කියලා. 213 00:18:41,266 --> 00:18:44,394 ඔයා ඉවසන් හිටියා නම්, මම ඔයා හොයාගෙන එනවා. මම ඔයාගෙන් ඉල්ලපු එකම දේ ඒක. 214 00:18:44,478 --> 00:18:45,979 ඔයාට ඒ දේවත් කරගන්න බැරි වුණාද? 215 00:18:49,108 --> 00:18:50,776 මම අවජාතක ළමයෙක් කියලා ඔයා දැනන් හිටියා... 216 00:18:53,654 --> 00:18:56,615 මට වෙන ජාතක තාත්තෙක් ඉන්නවා කියලා ඔයා දැනන් හිටියා. 217 00:18:58,659 --> 00:18:59,660 ඒක ඇත්තද? 218 00:19:02,746 --> 00:19:03,747 නෑ නේද? 219 00:19:05,165 --> 00:19:06,500 ඉතින්, ඔයා අන්තිමේදී දැනගත්තා. 220 00:19:08,794 --> 00:19:11,922 මම ඇයි ඒ හැමදේම කළේ කියලා දැන් ඔයා දන්නවනේ. 221 00:19:14,133 --> 00:19:15,300 දැන් කොහොමද දැනෙන්නේ? 222 00:19:16,802 --> 00:19:17,803 සැනසීමක් දැනෙනවද? 223 00:19:26,854 --> 00:19:28,230 ඇයි ඔයා මට බොරු කළේ? 224 00:19:28,313 --> 00:19:29,314 ජුන්-සෝ. 225 00:19:31,400 --> 00:19:33,235 මම කවදාවත් ඔයාට බොරු කළේ නෑ. 226 00:19:34,027 --> 00:19:36,029 මම ඔයාට නොකිව්වා විතරයි. 227 00:19:37,030 --> 00:19:39,283 අනික ඔයා මට ස්තූතිවන්ත වෙන්න ඕන නැද්ද? 228 00:19:40,534 --> 00:19:42,411 ඔයා කිසි දෙයක් නොදැන හිටපු හින්දා 229 00:19:42,744 --> 00:19:45,289 ඔයාට සීයගෙන් උදව් ලැබුණා, 230 00:19:45,372 --> 00:19:47,624 හොඳ ගෙදරක ජීවත් වුණා, නිදහසේ ලිව්වා. 231 00:19:49,042 --> 00:19:50,419 මම එදා ඔයාට ඇත්ත කිව්වා නම් 232 00:19:51,879 --> 00:19:53,839 ඔයාගේ ජීවිතේ කොච්චර වෙනස් වෙන්න තිබුණද? 233 00:19:54,381 --> 00:19:57,885 එහෙනම් ඔයා ගෙදරින් පැනලා යයි, හැංගෙයි, නැත්තන් දුක් විඳියි 234 00:19:57,968 --> 00:19:59,052 හරියට මෝඩයෙක් වගේ. 235 00:20:01,221 --> 00:20:02,222 ඉතින්... 236 00:20:05,517 --> 00:20:08,061 ඔයා කියන්නේ ඔයා ඒ දේවල් කළේ මම වෙනුවෙන් කියලද? 237 00:20:08,395 --> 00:20:09,396 ඔව්. 238 00:20:10,397 --> 00:20:11,857 ඔයාට කියන්න පුළුවන්ද මම වැරදියි කියලා? 239 00:20:12,608 --> 00:20:16,111 ඔයා යූන් ජුන්-සෝ වුණ හින්දා ඔයා විඳපු හැම සැප සම්පතක්ම... 240 00:20:16,195 --> 00:20:17,821 ඔයාට පුළුවන්ද ඒ හැමදේම ප්‍රතික්ෂේප කරන්න? 241 00:20:20,699 --> 00:20:22,201 මම ඔයාට නොකිව්වේ ඒකයි. 242 00:20:23,285 --> 00:20:25,537 මොකද ඔයාට ඒක දරාගන්න බැරි වෙන හින්දා. 243 00:20:25,621 --> 00:20:26,955 මම දරාගන්න තිබුණා. 244 00:20:29,833 --> 00:20:32,419 ඔයා මට බොරු නොකර හෝ හංගන්නේ නැතුව හිටියා නම්... 245 00:20:34,254 --> 00:20:38,133 මම හින්දා ඔයා දුක් වින්දා කියලා ඔයා මට කිව්වා නම්... 246 00:20:41,261 --> 00:20:43,889 ඔයා වෙනුවෙන් මම ඕනම දෙයක් දරාගන්නවා. 247 00:20:47,059 --> 00:20:48,060 කොහොම හරි. 248 00:22:31,038 --> 00:22:32,331 ආයුබෝවන් මැඩම්. ආයුබෝවන් මැඩම්. 249 00:24:03,422 --> 00:24:06,007 නිළි බෙක් ආ-ජින් සහ ප්‍රධාන විධායක නිලධාරී මූන් දෝ-හ්‍යුක් 250 00:24:06,091 --> 00:24:08,844 නිල වශයෙන් විවාහ දිවියට එළැඹුණි, විවාහ උත්සවය පැවැත්වුණේ 251 00:24:08,927 --> 00:24:10,762 සිසිලි හි ආසන දෙව්මැදුරකදී ය. 252 00:24:10,846 --> 00:24:14,099 ජනප්‍රියම නිළියක් සහ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු අතර සිදුවන විවාහයක් ලෙස 253 00:24:14,182 --> 00:24:16,143 ඔවුන්ගේ එකතු වීම මෙම සියවසේ විවාහ මංගල්‍යය ලෙස 254 00:24:16,226 --> 00:24:18,979 බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. 255 00:24:19,062 --> 00:24:21,523 නව යුවළ පදිංචි වීමට යන්නේ කොතැනද යන්න පිළිබඳව දිගින් දිගටම කතා බහට ලක්වෙමින් පවතී... 256 00:24:23,191 --> 00:24:24,526 ඇය දැන් මේකට අදාළ නෑ. 257 00:24:26,319 --> 00:24:27,487 - මොකක්? - පොඩි එකා. 258 00:24:27,571 --> 00:24:29,156 මගේ ඉව හරිම තියුණුයි. 259 00:24:29,239 --> 00:24:31,575 බෙක් ආ-ජින්. එයා තමයි අර කොස්ස, නේද? 260 00:24:35,036 --> 00:24:36,037 ඒයි. 261 00:24:38,623 --> 00:24:40,667 - ඔයා මේ මනුස්සයව දන්නවද? - අනිවාර්යයෙන්ම. 262 00:24:41,293 --> 00:24:43,503 කොරියාවේ කවුද මූන් දෝ-හියුක්ව නොදන්නේ? 263 00:24:43,587 --> 00:24:45,630 එයා පොහොසත්, කඩවසම්, වගේම දක්ෂයි. 264 00:24:45,714 --> 00:24:46,715 එයා සම්පූර්ණයි. 265 00:24:48,800 --> 00:24:51,303 කොහොම වුණත්, එයා චේබොල් පවුලකට කසාද බැඳපු නිසා දැන් ඔක්කොම ඉවරයි. 266 00:24:52,846 --> 00:24:55,932 එයා හැම ගැහැණියකගේම හීනය සැබෑ කරගත්තා. දැන් එයාට සුබ පතන්න. 267 00:24:56,433 --> 00:24:58,143 එයා ඒ වගේ කෙනෙක් එක්ක ඉන්නකොට... 268 00:25:01,062 --> 00:25:02,564 පස්සෙන් එන අය වුණත් අත්හරිනවා. 269 00:25:04,357 --> 00:25:05,525 ඔයත් එයාව අත්හැරලා දාන්න ඕනේ. 270 00:25:08,195 --> 00:25:11,698 අනික ඔෆිස් එකේ ගින්න ඇතිවෙලා තියෙන්නේ සරල විදුලි කාන්දුවකින් කියලත් ඔප්පු වුණානේ. 271 00:25:12,073 --> 00:25:14,910 ඇයි අනතුරු ඇඟවීම් සහ තර්ජන ගැන බොරු කතා හදන්නේ? 272 00:25:28,507 --> 00:25:29,508 හරි. 273 00:25:30,842 --> 00:25:31,927 මට හිතෙන්නේ එච්චරයි වගේ. 274 00:25:41,102 --> 00:25:42,604 ඔයාට කියන්න පුළුවන්ද මම වැරදියි කියලා? 275 00:25:44,439 --> 00:25:47,567 යූන් ජුන්-සෝ වුණ නිසා ඔයා විඳපු හැම දෙයක්ම... 276 00:25:48,527 --> 00:25:50,153 ඔයාට ඒ හැමදේම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? 277 00:26:05,710 --> 00:26:07,379 ලීනා 278 00:26:15,053 --> 00:26:16,263 ඔයා ගොඩක් කල් යනවද? 279 00:26:17,597 --> 00:26:18,723 ඔව්. 280 00:26:19,307 --> 00:26:20,392 ගොඩක් දිග කාලයක්. 281 00:26:22,310 --> 00:26:23,645 පුළුවන් වුණොත් මම ආයේ එන එකක් නෑ. 282 00:26:24,437 --> 00:26:26,523 පාළු හිතුණොත් මට මැසේජ් එකක් දාන්න. 283 00:26:28,441 --> 00:26:29,442 මම එහෙම කරන එකක් නෑ. 284 00:26:31,736 --> 00:26:33,822 මට ආයෙත් ගෙදර එන්න හිතෙන්න පුළුවන්. 285 00:26:35,115 --> 00:26:36,575 මම ඔයාට පොඩි උපදෙසක් දෙන්නද? 286 00:26:37,701 --> 00:26:40,120 බෙක් ආ-ජින්ගෙනුත් ඈත් වෙන්න. 287 00:26:41,413 --> 00:26:43,123 මම කියන්නේ නෑ මගේ ළඟට එන්න කියලා. 288 00:26:43,957 --> 00:26:47,836 ඒත් මම බලාපොරොත්තු වෙනවා ඔයා දැන් ඔයාගේම ජීවිතේ ජීවත් වෙයි කියලා. 289 00:26:50,171 --> 00:26:51,298 යූන් ජුන්-සෝ කියන මනුස්සයා විදිහට. 290 00:26:54,801 --> 00:26:55,802 ඔව්. 291 00:26:56,595 --> 00:26:57,596 මම එහෙම කරන්නම්. 292 00:26:59,973 --> 00:27:02,767 අනික මම ආයේ ලියන්න යන්නේ නෑ. 293 00:27:04,227 --> 00:27:06,479 - මට නම් සැකයි. - මම ඇත්තමයි කියන්නේ. 294 00:27:08,189 --> 00:27:10,900 මම ලියන එක නවත්තනවා, ඒ වගේම ආ-ජින්වත් අතාරිනවා. 295 00:27:11,276 --> 00:27:13,445 මට ඕන මටම ටික කාලයක් දෙන්න. 296 00:27:13,528 --> 00:27:14,821 හොඳ තීරණයක්. 297 00:27:14,904 --> 00:27:17,240 අන්තිමේදී ඔයා මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පටන් ගනීවි. 298 00:27:17,324 --> 00:27:19,117 ඒක දකින්න මම නැති එක ගැන දුකයි. 299 00:27:21,536 --> 00:27:22,912 පරිස්සමෙන් ඉන්න. 300 00:27:36,843 --> 00:27:37,844 මම යනවා. 301 00:27:52,067 --> 00:27:54,778 AMEN TO NOTHING (හිස්බවට ආමෙන්) 302 00:28:49,374 --> 00:28:52,293 මට මේක පොඩ්ඩක් බලන්න ඕනේ. ඔයාට පුළුවන්ද දොර අරින්න? 303 00:28:52,377 --> 00:28:55,839 සමාවෙන්න මැඩම්, තුන්වැනි තට්ටුවේ ස්ටඩි එකට මූන් මහත්තයාට විතරයි යන්න අවසර තියෙන්නේ. 304 00:29:00,635 --> 00:29:01,636 එහෙමද? 305 00:29:04,597 --> 00:29:06,307 මට නිකන් බලන්න විතරයි ඕනේ. 306 00:29:07,100 --> 00:29:08,226 මට ඒකවත් කරන්න බැරිද? 307 00:29:09,894 --> 00:29:11,813 මමත් මේ ගෙදර ස්වාමි දුවෙක් නෙවෙයිද? 308 00:29:18,194 --> 00:29:22,323 කලින් හිටපු මැඩම්ටවත් අවසර තිබුණේ නෑ. 309 00:29:22,407 --> 00:29:24,325 ඒක සම්පූර්ණයෙන්ම මූන් මහත්තයාගේ පෞද්ගලික ඉඩක්. 310 00:29:25,034 --> 00:29:26,745 ඒකෙන් මට අමුත්තක් දැනෙනවා. 311 00:29:31,583 --> 00:29:35,295 එයාට අවසර නැත්නම්, ඒකෙන් කියවෙන්නේ මටත් අවසර නෑ කියන එකද? 312 00:29:38,173 --> 00:29:39,883 මට පොඩ්ඩක් හිත රිදුණා, මිස් ගොං. 313 00:29:40,800 --> 00:29:44,012 මම එයා නෙවෙයිනේ, ඔයා දන්නවනේ. 314 00:29:44,095 --> 00:29:45,221 ඔයාට ඇත්තටම ඕනෙ නම් 315 00:29:46,973 --> 00:29:49,267 - සමහරවිට ඔයාට පුළුවන් කතා කරන්න-- - අමතක කරලා දාන්න. 316 00:30:08,953 --> 00:30:10,997 ලබන සතියේ ෆිල්ම් එකේ ෂූටිං පටන් ගන්නවා නේද? 317 00:30:12,290 --> 00:30:13,416 ඔයාට මොකද හිතෙන්නේ? 318 00:30:14,167 --> 00:30:16,586 ඒක ඔයාට ගොඩක් ඕන වුණ ප්‍රොජෙක්ට් එකක්නේ. 319 00:30:16,669 --> 00:30:17,670 නරක නෑ. 320 00:30:18,838 --> 00:30:20,423 මගේ දක්ෂ සැමියාට පින් සිද්ධ වෙන්න 321 00:30:20,507 --> 00:30:22,342 මට දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් මුණගැහුණා. 322 00:30:22,425 --> 00:30:23,802 මට පොඩි සතුටක් තියෙනවා. 323 00:30:40,568 --> 00:30:43,488 ඔයාට ඕන හැමදේම ලැබුණම මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? 324 00:30:45,949 --> 00:30:47,158 ගොඩක් වෙලාවට කම්මැලියි. 325 00:30:47,951 --> 00:30:49,828 විශේෂයෙන්ම ඒක ලේසියෙන් ලැබුණම. 326 00:30:50,578 --> 00:30:51,955 මාව දිනාගන්න ලේසි වුණාද? 327 00:30:54,707 --> 00:30:56,167 ඔයා උත්තරේ දන්නවනේ. 328 00:30:57,335 --> 00:31:01,130 ඔයා වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. 329 00:31:01,214 --> 00:31:03,174 ඉතින්, අන්තිමේදී ඔයාව ලැබුණම මට ලොකු සතුටක් දැනුණා. 330 00:31:03,258 --> 00:31:07,345 ඒකයි මම ඔයාට ලොකු ෆිල්ම් එකක් ඉක්මනටම අරන් දුන්නේ. 331 00:31:10,890 --> 00:31:12,267 ඔයාට තව ප්‍රශ්න තියෙනවද? 332 00:31:17,647 --> 00:31:19,691 මට ඔයාගේ ස්ටඩි එක පාවිච්චි කරන්න පුළුවන්ද 333 00:31:19,941 --> 00:31:21,150 තුන්වැනි තට්ටුවේ තියෙන? 334 00:31:24,988 --> 00:31:26,406 ස්ටඩි එක? 335 00:31:28,032 --> 00:31:29,200 ඒ ඇයි? 336 00:31:30,827 --> 00:31:34,289 මට මගේ පිටපත ගැන අවධානය දෙන්න අමාරුයි. 337 00:31:35,123 --> 00:31:37,208 මට පුරුදු වෙන්න නිස්කලංක තැනක් ඕනේ 338 00:31:37,292 --> 00:31:38,918 ඒත් ගෙදර හැම තිස්සෙම සෙනඟ පිරිලා. 339 00:31:43,965 --> 00:31:49,304 කොහොම වුණත් ස්ටඩි එක ලැබුණ පළියට ඔයාට ඉබේම හොඳට රඟපාන්න පුළුවන් වෙන එකක් නෑ. 340 00:31:49,971 --> 00:31:52,473 මම ඔයා එක්ක පුරුදු වෙන්නම්. 341 00:31:52,974 --> 00:31:53,975 ඔයා? 342 00:31:54,517 --> 00:31:55,518 ඔව්. 343 00:32:03,526 --> 00:32:05,612 මේ කොටස කියවන්න. 344 00:32:07,488 --> 00:32:09,532 - බලමුකෝ. - ඒත් 345 00:32:09,616 --> 00:32:11,200 ඔයාට ෂුවර්ද මේක කරන්න පුළුවන් කියලා? 346 00:32:12,577 --> 00:32:14,829 මම රඟපාන්න ඕනේ මොන වගේ චරිතයක්ද? 347 00:32:15,246 --> 00:32:17,165 ඒක දැනගත්තොත් හොඳයි මටත් ඒ විදිහට හැඩගැහෙන්න. 348 00:32:19,167 --> 00:32:21,794 කථා නායකයාගේ පවුලේ ඝාතනය පිටුපස ඉන්න 349 00:32:21,878 --> 00:32:23,671 ඇත්තම වැරදිකාරයා එයා. 350 00:32:25,381 --> 00:32:27,008 මම පස්සේ එයාගෙන් පළිගන්නවා. 351 00:32:28,635 --> 00:32:30,053 මිනීමරුවෙක්, එහෙනම්. 352 00:32:31,554 --> 00:32:33,640 ඔයා කවදාහරි කෙනෙක්ව මරලා තියෙනවද? 353 00:32:35,558 --> 00:32:37,560 - මොකක්ද? - එහෙම නැත්නම් ඔයාට 354 00:32:37,644 --> 00:32:39,228 මරන්න හිතුණ කෙනෙක් හිටියද? 355 00:32:44,067 --> 00:32:45,109 දෝ-හියුක්? 356 00:32:46,736 --> 00:32:47,820 මම කවදාහරි ඔයාට කිව්වද 357 00:32:49,030 --> 00:32:50,573 මම කලින් බිරිඳගෙන් දික්කසාද වුණේ ඇයි කියලා? 358 00:32:52,033 --> 00:32:55,703 එයා නිතරම කිව්වා එයාට මාව මරන්න ඕනේ කියලා 359 00:32:56,746 --> 00:32:57,830 ඉතින් මම එයාව දික්කසාද කළා. 360 00:33:01,125 --> 00:33:04,796 මම එයාට ඕන හැමදේම දුන්නා, රැජිනක් වගේ සැලකුවා. 361 00:33:04,879 --> 00:33:06,381 සමහරවිට ඒ නිසා වෙන්න ඇති. 362 00:33:06,464 --> 00:33:09,384 යම් දෙයක් පොඩ්ඩක් හරි වැරදුණොත් එහෙම නැත්නම් එයා සතුටු වුණේ නැත්නම් 363 00:33:09,467 --> 00:33:11,010 එයාට ඒක දරාගන්න බැරි වුණා. 364 00:33:11,302 --> 00:33:12,512 එයා හැමදේටම මට බැන්නා 365 00:33:13,346 --> 00:33:14,889 එයාව ඒ තත්ත්වෙට පත් කළේ මමයි කියලා. 366 00:33:17,225 --> 00:33:21,020 අන්තිමේදී, එයාට සම්පූර්ණයෙන්ම පිස්සු හැදුණා. 367 00:33:21,104 --> 00:33:23,147 දැන් එයා මානසික රෝහලක ප්‍රතිකාර ලබනවා. 368 00:33:25,274 --> 00:33:29,112 සමහරවිට මම එයාට ඕනවාට වඩා හොඳට සැලකුවා, එයාගේ මට්ටමටත් වඩා උඩින්. 369 00:33:30,446 --> 00:33:32,073 ඒකෙන් මගේ හිත රිදුණා. 370 00:33:37,286 --> 00:33:38,287 ඔයා බය වුණාද? 371 00:33:40,081 --> 00:33:42,750 මම මාතෘකාවෙන් පිට ගියා නේද? 372 00:33:43,084 --> 00:33:44,085 එහෙමම නෑ. 373 00:33:57,390 --> 00:33:59,267 රෙඩි, ඇක්ෂන්! 374 00:34:10,611 --> 00:34:12,613 අක්කේ, මම දන්නවා කවුද ඔයාගේ පවුලේ අයව මැරුවේ කියලා. 375 00:34:15,450 --> 00:34:16,826 ඒ ඔයා දන්න කෙනෙක්. 376 00:34:35,261 --> 00:34:37,263 - මම ගිහින් කලින්ම ඕඩර් කරන්නම්. - හරි. 377 00:34:49,859 --> 00:34:51,819 ඔයා කවදාහරි කෙනෙක්ව මරලා තියෙනවද? 378 00:34:52,195 --> 00:34:54,197 - මොකක්ද? - එහෙම නැත්නම් ඔයාට 379 00:34:54,280 --> 00:34:55,907 මරන්න හිතුණ කෙනෙක් හිටියද? 380 00:34:59,619 --> 00:35:01,079 මාර සයිකෝ කෙනෙක්නේ. 381 00:35:04,290 --> 00:35:08,127 කට්ටිය කියනවා බෙක් ආ-ජින්ගේ මහත්තයා තමයිලු එයාට මේ රෝල් එක අරන් දුන්නේ. 382 00:35:08,211 --> 00:35:10,838 ඒකනේ. මටත් හිතුණා ඒක මාර අමුතුයි කියලා එයාගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙද්දි 383 00:35:10,922 --> 00:35:13,007 එක රැයකින් මිනිස්සුන්ගේ මතය වෙනස් වුණ හැටි. 384 00:35:13,091 --> 00:35:14,509 කවුරු හරි ලොකු ගේමක් ගහන්න ඇති. 385 00:35:15,676 --> 00:35:18,096 අපොයි, මටත් හිටියා නම් හොඳයි සල්ලි තියෙන මහත්තයෙක්. 386 00:35:18,179 --> 00:35:19,847 මම මට ඕන විදිහට ජීවත් වෙනවා. 387 00:35:19,931 --> 00:35:20,932 ඇත්තටම. 388 00:35:21,015 --> 00:35:23,226 ජීවිතේ හරිම අනපේක්ෂිතයි. 389 00:35:23,935 --> 00:35:26,562 කවුද හිතුවේ එයා හියෝ ඉන්-ගැං එක්ක ඔය විදිහට සම්බන්ධය නවත්තලා 390 00:35:26,938 --> 00:35:30,024 එක පාරටම චේබොල් පවුලකට සම්බන්ධ වෙයි කියලා? 391 00:35:30,108 --> 00:35:33,194 එයා එයාව බැන්දේ සල්ලි වලට කියලා පැහැදිලිනේ. 392 00:35:33,277 --> 00:35:35,196 ඕක වැඩි කල් තියෙන්නේ නෑ. 393 00:35:35,279 --> 00:35:37,365 ලබන අවුරුද්ද වෙනකොට දික්කසාද කතා අහන්න ලැබේවි. 394 00:35:38,658 --> 00:35:40,118 ඒයි, ඒ කතාව ටිකක් සැර වැඩියි. 395 00:35:43,371 --> 00:35:44,455 ඔයාලගේ කෝපි එක ගන්න. 396 00:35:56,050 --> 00:36:00,471 නිවන් සුව! අභාවප්‍රාප්ත යූන් සේං-මෝ 397 00:36:18,865 --> 00:36:19,949 ස්තූතියි. 398 00:36:22,577 --> 00:36:24,036 මාව බාර ගත්තට ස්තූතියි... 399 00:36:26,164 --> 00:36:27,373 ඒ වගේම මාව හැදුවට. 400 00:36:31,836 --> 00:36:33,129 මට සමාවෙන්න. 401 00:36:36,174 --> 00:36:38,176 මට හිතෙන්නේ නෑ මට ආයේ එන්න පුළුවන් වෙයි කියලා. 402 00:37:19,008 --> 00:37:20,426 ඔසප් වේදනාවට 403 00:38:28,411 --> 00:38:29,578 කවුද මේක මෙතනට ගෙනාවේ? 404 00:38:50,808 --> 00:38:51,809 ඔයා ගෙදර ඇවිල්ලා. 405 00:38:53,311 --> 00:38:54,770 අද ඔයා කලින් ඇවිත්. 406 00:38:55,980 --> 00:38:56,981 ඔව්. 407 00:38:58,941 --> 00:39:00,484 අද ෂූටිං කොහොමද? 408 00:39:00,568 --> 00:39:01,652 ඔයා හොඳට කළාද? 409 00:39:02,862 --> 00:39:03,988 අනිවාර්යයෙන්ම. 410 00:39:06,699 --> 00:39:08,409 ඔයාට ටිකක් මහන්සි පාටයි. 411 00:39:08,492 --> 00:39:10,161 ඔයාට අසනීපද? 412 00:39:12,413 --> 00:39:13,414 දෝ-හියුක්. 413 00:39:14,623 --> 00:39:16,292 මට අහන්න දෙයක් තියෙනවා. 414 00:39:21,255 --> 00:39:23,674 කමක් නෑ. සමහරවිට මට මහන්සි ඇති. 415 00:39:27,595 --> 00:39:29,180 ඔයාට උණ වගේ නම් නෑ. 416 00:39:30,014 --> 00:39:31,515 ඔයාට ෂුවර්ද ඔයා හොඳින් කියලා? 417 00:39:33,017 --> 00:39:34,352 මේ නිකන් මහන්සිය විතරයි. 418 00:39:35,061 --> 00:39:36,312 මම හොඳින්. 419 00:39:36,395 --> 00:39:37,396 හරි එහෙනම්. 420 00:39:38,272 --> 00:39:39,940 එහෙනම් මම වොෂ් එකක් දාගන්නම්. 421 00:39:40,024 --> 00:39:41,192 ඒ අතරේ පොඩ්ඩක් රෙස්ට් කරන්න. 422 00:40:03,297 --> 00:40:04,965 මේක කවද්ද ඉඳන් මෙහෙමද තිබුණේ? 423 00:40:05,341 --> 00:40:06,425 මට සමාවෙන්න මැඩම්. 424 00:40:06,509 --> 00:40:08,636 මම දැක්කා අද උදේ මේක කැඩිලා තිබුණා 425 00:40:08,719 --> 00:40:10,971 ඒත් මට අමතක වුණා වැඩත් එක්ක හිර වුණ නිසා. 426 00:40:11,055 --> 00:40:12,473 මම දැන්ම මේක හදන්නම්. 427 00:40:38,749 --> 00:40:40,709 ඔයා මේ කාලය යනකන් බලන් ඉන්නවා නේද? 428 00:40:40,793 --> 00:40:41,794 ඒත් ඒක ඔයාට හොඳ දෙයක් නෙවෙයි. 429 00:40:43,421 --> 00:40:47,174 ඔයා ඔය තරම් ආසාවෙන් බලන් ඉන්න වෙලාව කවදාවත් එන්නේ නෑ. 430 00:42:03,459 --> 00:42:04,877 ඔයාට මොකද වුණේ? 431 00:42:04,960 --> 00:42:06,670 ඔයා කවදාවත් මට කලින් කතා කරන්නේ නෑනේ. 432 00:42:14,970 --> 00:42:16,096 ඔයා හොඳින්ද? 433 00:42:18,974 --> 00:42:20,893 මම හිතුවට වඩා ඔයා හොඳින් ඉන්නවා වගේ. 434 00:42:26,565 --> 00:42:30,528 මම හිතුවේ ඔයා අතරමං වුණ බල්ලෙක් වගේ දුකෙන් ඇති කියලා. 435 00:42:30,611 --> 00:42:31,612 මේ යකා නම්. 436 00:42:34,073 --> 00:42:35,074 මොකක්ද? 437 00:42:35,950 --> 00:42:37,201 ඇයි මට කතා කළේ? 438 00:42:37,952 --> 00:42:39,119 මොකක් හරි ප්‍රශ්නයක් නේද? 439 00:42:39,370 --> 00:42:42,540 මම කතා කළේ බොන්න. අපි ඉන්නේ බාර් එකක. වෙන මොකටද? 440 00:42:44,959 --> 00:42:46,293 පොඩි ළමයි වගේ හැසිරෙන්න ඔයා දැන් වයස වැඩියි. 441 00:42:50,089 --> 00:42:51,173 ඔයා ගැන මොකද? 442 00:42:51,590 --> 00:42:53,551 මට හැමදාම ප්‍රශ්නයක් තිබුණා. 443 00:42:53,634 --> 00:42:55,553 කොහොමද ඔයා වෙන කෙනෙක් වෙනුවෙන් 444 00:42:55,636 --> 00:42:58,430 ඔයාගේ මුළු ජීවිතේම කැප කරන්නේ? 445 00:43:04,270 --> 00:43:06,480 මගේ ජීවිතේ වටින්නේ නෑ 446 00:43:07,731 --> 00:43:09,024 ඔට්ටු අල්ලන්න තරම්. 447 00:43:10,526 --> 00:43:12,319 මම මගේම තාත්තව මරපු නසරාණි පුතා. 448 00:43:13,153 --> 00:43:14,738 කිසිම පවුලකට මාව එපා 449 00:43:16,031 --> 00:43:17,783 අනික මම දන්නෙත් නෑ මම ජීවත් වෙන්නේ ඇයි කියලා. 450 00:43:18,742 --> 00:43:19,910 කවුද දොස් කියන්නේ 451 00:43:20,995 --> 00:43:23,872 ඒ වගේ ජීවිතයක් මම වෙන කෙනෙක් වෙනුවෙන් කැප කළා කියලා? 452 00:43:37,845 --> 00:43:39,013 ඔයා පටන් ගන්න ඕනේ 453 00:43:40,097 --> 00:43:41,432 ඔයාගේම ජීවිතේ ජීවත් වෙන්න. 454 00:43:43,892 --> 00:43:47,021 එතකොට ඔයාට මම වගේ වෙන්න ඕන වෙන එකක් නෑ, යන්න ඕන කොහෙද කියලා නොදැන. 455 00:43:47,688 --> 00:43:48,689 මෝඩයා. 456 00:43:50,107 --> 00:43:52,109 ඔයාට දැන් හොඳටම වෙරි වෙලා ඉන්නේ. 457 00:43:55,112 --> 00:43:56,280 සමාවෙන්න. 458 00:43:56,572 --> 00:43:58,449 මගේ ජීවිතේ මං බලාගන්නම්. 459 00:43:58,532 --> 00:44:00,993 ඔයා ඔයාගේ වැඩක් බලාගන්න. 460 00:44:01,076 --> 00:44:02,995 ඔයා තමයි මෙතන දුක හිතෙන විදියට හැසිරෙන්නේ. 461 00:44:03,078 --> 00:44:04,330 කවුද මෙතන අතරමං වෙලා ඉන්නේ? 462 00:44:04,747 --> 00:44:05,748 හිතාගන්නවත් බෑ. 463 00:44:07,541 --> 00:44:08,542 ජුන්-සෝ. 464 00:44:09,543 --> 00:44:11,003 ඔයාට යන්න තැනක් නැත්නම් 465 00:44:12,087 --> 00:44:13,255 මම තැනක් පෙන්නන්නද? 466 00:44:21,388 --> 00:44:23,849 අපි තව රවුමක් බොමු. හැබැයි බිල දාන්න ඕනේ ඔයා. 467 00:44:24,516 --> 00:44:25,517 හා ද? 468 00:44:38,364 --> 00:44:39,907 නෝනා! 469 00:44:39,990 --> 00:44:42,534 නෝනා, තාම ඉවර නැද්ද? 470 00:44:42,618 --> 00:44:44,745 අනේ මන්දා, ඔයා හරිම හෙමින් වැඩ. ඉක්මන් කරන්නකෝ. 471 00:44:44,828 --> 00:44:45,829 හරි මැඩම්. 472 00:44:57,758 --> 00:44:58,759 මම ආවා. 473 00:44:59,843 --> 00:45:00,844 ඔයා ආවද. 474 00:45:02,179 --> 00:45:03,180 හොඳයි. 475 00:45:15,025 --> 00:45:17,319 මිස් බෙක්, මොනවා හරි කියන්නකෝ! පොඩි අදහසක් දක්වන්න! 476 00:45:17,403 --> 00:45:19,238 තව ෆිල්ම් එකක් එනවද? ඔයාගේ නැවත පැමිණීම ගැන! 477 00:45:19,321 --> 00:45:20,322 මිස් බෙක් ආ-ජින්! 478 00:45:23,200 --> 00:45:25,494 එකම එක වචනයක් කියන්න! මිස් බෙක් ආ-ජින්! 479 00:45:39,258 --> 00:45:40,259 සමාවෙන්න. 480 00:45:54,106 --> 00:45:55,107 ගොඩ කාලෙකින් දැක්කේ. 481 00:46:00,612 --> 00:46:03,115 ඔයා කොහොමද මාව අඳුරගත්තේ? 482 00:46:03,490 --> 00:46:06,452 මම කොහොම අඳුර නොගෙන ඉන්නද? ඔයා අතන ඉඳන් මං දිහා බලන් හිටියනේ. 483 00:46:10,289 --> 00:46:12,124 ඒත් ඇයි මේ පැත්තේ ආවේ? 484 00:46:12,708 --> 00:46:14,251 විශේෂ දෙයක් නෑ, මේ... 485 00:46:14,334 --> 00:46:16,795 ඔයා එකපාරටම කතා බහ නැවැත්තුවනේ 486 00:46:16,879 --> 00:46:19,381 අනික මං ඔයාව දැක්කෙත් නෑ ගොඩ කාලෙකින්. 487 00:46:19,798 --> 00:46:22,885 ඉතින්, ඔයා හොඳින් ඉන්නවද කියලා බලන්න හිතුණා. 488 00:46:28,682 --> 00:46:29,975 ඔයා හොඳින් නේද? 489 00:46:31,268 --> 00:46:32,895 ඔයාගේ මූණත් සුදුමැලි වෙලා. 490 00:46:32,978 --> 00:46:34,688 මූණේ කිසිම පණක් නෑ හරියට ලෙඩ වෙලා වගේ. 491 00:46:35,814 --> 00:46:36,815 මම දන්නෙ නෑ 492 00:46:37,816 --> 00:46:39,610 මම හොඳින්ද ඉන්නේ කියලා. 493 00:46:42,529 --> 00:46:44,656 මේ දවස්වල රෑට රෑට හීනෙන් බය වෙනවා. 494 00:46:45,324 --> 00:46:46,325 මහන්සියි වගේ. 495 00:46:54,374 --> 00:46:56,251 ඇයි? 496 00:46:56,335 --> 00:46:57,920 ඔයාට මං ගැන ආදරයක්වත් හිතුනද? 497 00:46:58,003 --> 00:46:59,880 ඔහොම බලන් ඉන්න එක නවත්තන්න. 498 00:47:02,132 --> 00:47:03,133 ජේ-ඕ. 499 00:47:04,176 --> 00:47:06,220 මට පොඩ්ඩක් මූන් දෝ-හ්‍යුක් ගැන හොයලා බලලා කියනවද? 500 00:47:07,137 --> 00:47:08,138 මූන් දෝ-හ්‍යුක්? 501 00:47:09,097 --> 00:47:10,307 ඔයාගේ මහත්තයා ගැනද? 502 00:47:14,937 --> 00:47:15,938 මං දැනන් හිටියා. 503 00:47:16,188 --> 00:47:18,190 ඒ යකා මොකක් හරි නසරාණි වැඩක් කරලා නේද? 504 00:47:18,273 --> 00:47:19,566 එහෙම දෙයක් නෙමෙයි. 505 00:47:19,650 --> 00:47:21,318 මට නිකන් අමුත්තක් දැනෙනවා. 506 00:47:21,652 --> 00:47:24,154 එයාගේ කලින් වයිෆ් ගැන විස්තර හොයන්න. 507 00:47:24,947 --> 00:47:26,240 එයා දැන් ඉන්න තැනත් එක්කම. 508 00:47:26,573 --> 00:47:28,158 මට එයාව හම්බෙලා කතා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. 509 00:47:28,242 --> 00:47:29,284 පොඩ්ඩක් ඉන්න. 510 00:47:29,368 --> 00:47:31,203 එයා මීට කලින් බැඳලද හිටියේ? 511 00:47:31,286 --> 00:47:32,913 එතකොට එයාට කලින් වයිෆ් කෙනෙක් ඉඳලා තියෙනවද? 512 00:47:35,207 --> 00:47:36,208 හත්වලාමයි. 513 00:47:37,000 --> 00:47:39,169 මම මුල ඉඳන්ම ඔය මිනිහට අකමැති වුණේ ඕක තමයි. 514 00:47:39,795 --> 00:47:41,547 ඔයා මොකටද කේන්ති ගන්නේ? 515 00:47:42,756 --> 00:47:44,174 ඔයා මොකටද බැන්දේ 516 00:47:44,424 --> 00:47:47,052 ඔය වගේ මිනිහෙක්ව? ඔයා ඊට වඩා කොච්චර වටිනවද? 517 00:47:47,553 --> 00:47:49,346 දැන් ඔය කතාව නවත්තන්න. 518 00:47:49,429 --> 00:47:51,682 - ඔයාට ඒක හොයන්න පුළුවන්ද බැරිද? ඕක මගෙන් අහන්නත් දෙයක්ද. 519 00:47:51,765 --> 00:47:55,477 බලන් ඉන්නකෝ. මං අඟලක් නෑර සේරම විස්තර හොයලා දෙන්නම්. 520 00:48:12,452 --> 00:48:16,456 මැඩම්, නිදාගන්න කලින් මේ උණු තේ එක බොන්න. 521 00:48:17,499 --> 00:48:19,668 මට එපා. 522 00:48:23,547 --> 00:48:26,717 එදා සිද්ධියෙන් පස්සේ, මහත්තයා කිව්වා ඔයාට මේක අනිවාර්යයෙන් බොන්න දෙන්න කියලා. 523 00:48:31,972 --> 00:48:35,767 ඔයා මේක බොන්නේ නැති වුණොත්, මහත්තයා මට දොස් කියයි. 524 00:49:29,446 --> 00:49:30,489 ආ-ජින් කෝ? 525 00:51:05,625 --> 00:51:08,503 අද දවස නම් හරිම ලස්සනයි මැඩම්. 526 00:51:09,212 --> 00:51:11,506 හැම දවසක්ම මේ වගේ නම් කොච්චර හොඳද? 527 00:51:12,799 --> 00:51:13,800 නේද? 528 00:51:23,560 --> 00:51:28,273 "මම යන හැම පාරක්ම ලෙයින් සාප වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා." 529 00:52:03,058 --> 00:52:04,684 හිස් ප්‍රාර්ථනාවක් 530 00:53:44,659 --> 00:53:47,662 ඒ ගැන හිතනකොට මට යකා නගිනවා. 531 00:53:48,246 --> 00:53:51,625 මම තමුසෙලගේ ගෙදරට රිංගුවේ තමුසෙ වැටෙන හැටි බලන් ඉන්න, 532 00:53:52,375 --> 00:53:53,835 ඒත් තමුසෙ මට සලකන්නේ මෙහෙමද? 533 00:53:55,921 --> 00:53:58,465 තමුසෙ නිසා මගේ මුළු ජීවිතේම විනාශ වුණා. 534 00:53:59,174 --> 00:54:00,342 ඒත් තමුසෙ... 535 00:54:00,717 --> 00:54:01,718 මේක අසාධාරණයි. 536 00:54:02,928 --> 00:54:07,015 තමුසෙ තවත් ඉහළට ගිහින් මේ මන්දිරේ සැප විඳිනවා. 537 00:54:09,726 --> 00:54:10,936 කවුද කිව්වේ තමුසෙට එහෙම ඉන්න පුළුවන් කියලා? 538 00:54:12,312 --> 00:54:14,272 තමුසෙට කවදාවත් මගෙන් බේරෙන්න බෑ! 539 00:54:22,989 --> 00:54:25,283 ඇයි ඔයාට විතරක්? 540 00:54:25,909 --> 00:54:28,453 ඇයි ඔයා වගේ යක්ෂණියකට විතරක් හැමදේම හරියන්නේ? 541 00:54:31,289 --> 00:54:32,290 සුන්ග්-හි. 542 00:54:32,874 --> 00:54:36,503 ඔයාට වැරදුණේ ඔයාගේ මෝඩකම හින්දා. ඒකට අනිත් අයට දොස් කියන්න එපා. 543 00:54:37,337 --> 00:54:40,006 හරි. මගේ මෝඩකම හින්දා මට ඔයා වගේ වෙන්න බැරි නම්, 544 00:54:40,090 --> 00:54:42,050 ඔයාට පුළුවන්නේ මං වගේ වෙන්න. 545 00:54:42,133 --> 00:54:44,594 එහෙම නේද? ඒක ලේසියි නේද? 546 00:54:44,678 --> 00:54:46,304 ඔයාව පහලටම ඇදලා දාන එක. 547 00:54:49,599 --> 00:54:52,727 ඔය ලස්සන මූණ විනාශ වුණොත් ඔයාගෙත් ඉවරයිනේ. 548 00:54:56,314 --> 00:54:57,315 හැබැයි ආ-ජින්, 549 00:54:57,983 --> 00:54:59,067 ඔයා දන්නවද? 550 00:55:00,860 --> 00:55:04,072 ඔයා හිතන්නේ ඔයාගේ විවාහය 551 00:55:04,155 --> 00:55:05,282 ආශිර්වාදයක් කියලද නැත්නම් සාපයක් කියලද? 552 00:55:07,826 --> 00:55:09,619 ඔයාගේ මහත්තයා... 553 00:55:41,359 --> 00:55:42,485 සුන්ග්-හි. 554 00:56:28,490 --> 00:56:32,577 ආදරණීය X 555 00:58:53,051 --> 00:58:55,053 💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜