1 00:00:09,010 --> 00:00:10,278 2 00:00:10,278 --> 00:00:11,654 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜 3 00:00:11,654 --> 00:00:13,126 4 00:00:26,743 --> 00:00:28,277 මොකක්? නිකම්ම පොඩි එකෙක්ද? 5 00:00:28,277 --> 00:00:31,110 අත හරිනවා! මට යන්න දෙනවා මිනීමරුවා! 6 00:00:36,777 --> 00:00:39,977 එහෙනම් තමුන් තමයි 'ෂෙන්' කුරුල්ලන් විකුණන වෙළෙන්දාගේ පුතා. 7 00:00:39,977 --> 00:00:42,110 තමුන්ව කොහේවත් හොයාගන්න හිටියේ නෑ, 8 00:00:42,110 --> 00:00:43,977 ඒත් ඇයි මේ වෙලාවෙම මතු වුණේ? 9 00:00:45,543 --> 00:00:47,877 තමුන් මාස දෙකක් පරක්කු වෙලා ආවා නම් හොඳයි. 10 00:00:52,577 --> 00:00:55,110 - සේවකයා. - එහෙමයි. 11 00:00:55,110 --> 00:00:56,743 අහුවුණා. 12 00:00:57,910 --> 00:01:00,710 දැන්ම මේක අරිනවා! දොර අරිනවා! මට එළියට යන්න ඕන! 13 00:01:00,710 --> 00:01:02,243 වහාම මගේ රාජකීය ඇඳුම් සූදානම් කරන්න. 14 00:01:02,243 --> 00:01:03,277 කුමක් කිව්වාද? 15 00:01:03,277 --> 00:01:06,143 පාරු හඬ ඇසෙන්න තව වෙලා යනවා. 16 00:01:08,843 --> 00:01:12,110 අපි කොහොමත් නිදාගෙනනෙ හිටියේ, පාරු හඬ ඇසුණාම අපි මාලිගාවට යමු. 17 00:01:12,110 --> 00:01:14,677 ඒත් මොකක්ද මේ හදිස්සිය? 18 00:01:14,677 --> 00:01:18,077 පෙනෙන විදිහට 'ෂෙන්' කුරුල්ලා තාම ඉන්නේ වම් අමාත්‍යවරයාගේ භාරයේ වගේ. 19 00:01:51,343 --> 00:01:53,110 කඩා වැටෙන්න එපා. 20 00:02:06,277 --> 00:02:08,910 යන්න එපා. 21 00:02:12,743 --> 00:02:14,477 මී මැස්සා ගියා. 22 00:02:17,077 --> 00:02:18,710 ඌ ගියා. 23 00:02:31,210 --> 00:02:32,910 මගේ සිහිය විකල් වෙලාද? 24 00:02:32,910 --> 00:02:34,777 මට පිස්සු හැදිලාද? 25 00:03:35,410 --> 00:03:39,243 [6 වන කොටස: ආදරයේ රැකවරණය] 26 00:03:40,810 --> 00:03:42,643 තරුණ ආර්යාව, නෑ... 27 00:03:42,643 --> 00:03:45,710 කිරුළ හිමි ආර්යාවනී, ඔබට නින්ද යන්නේ නැද්ද? 28 00:03:45,710 --> 00:03:48,977 ඇයි හැමදාම පාන්දරට මේ වගේ ඇවිදින්නේ? 29 00:04:10,877 --> 00:04:14,177 කිරුළ හිමි ආර්යාවක් වීම ගැන සුභ පැතුම්... 30 00:04:21,443 --> 00:04:24,110 දැන් පවා, ඔබ මේ වගේ වෙවුලනවා. 31 00:04:33,143 --> 00:04:36,043 ළඟදීම ඔබ රාජකීය විවාහයට මුහුණ දේවි. 32 00:04:36,043 --> 00:04:37,777 අතීතය අමතක කරලා දාලා, 33 00:04:37,777 --> 00:04:39,243 උතුමාණන් එක්ක සාමයෙන් ජීවත් වෙන්න. 34 00:04:39,243 --> 00:04:43,710 රාජකීය විවාහ මංගල්‍යයක් නැතුව, මම දශක ගණනක් කිරුළ හිමි ආර්යාවක් විදිහට හිටියත්, 35 00:04:43,710 --> 00:04:45,477 මම කිරුළ හිමි කුමරුගේ කාන්තාව වෙන්නේ නෑ. 36 00:04:45,477 --> 00:04:47,177 මොන විකාරයක්ද... 37 00:04:48,043 --> 00:04:51,810 එහෙනම් ඇයි ඔබ මාලිගාවට ඇතුළු වුණේ? 38 00:04:51,810 --> 00:04:54,677 අර තුවක්කුව පාවිච්චි කරලා මාලිගාවට එන එක ප්‍රතික්ෂේප කරලා, 39 00:04:54,677 --> 00:04:59,077 ඔබ ජේ වූන් කුමාරයව අතාරිනවාද? 40 00:04:59,077 --> 00:05:01,610 මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. 41 00:05:02,977 --> 00:05:05,810 ඔබ ආයිමත් මට දොස් කියනවාද? 42 00:05:05,810 --> 00:05:08,743 ඔබේ ඔය මායාව මම බිඳින්නම්. 43 00:05:10,510 --> 00:05:12,810 ඔබ කවදාවත් මට ආදරය කළේ නෑ. 44 00:05:15,777 --> 00:05:17,877 එහෙනම් මම මෙච්චර කල් කළේ මොකක්ද? 45 00:05:18,710 --> 00:05:21,350 අපි එකට ගත කළ ඒ දීර්ඝ කාලය... 46 00:05:21,350 --> 00:05:23,277 ඒක මොකක්ද එහෙනම්? 47 00:05:23,277 --> 00:05:25,343 අනුකම්පාව, ආශාව. 48 00:05:25,343 --> 00:05:28,977 ඒකට ආදරය කියපු එක මෝඩකමක්. 49 00:05:28,977 --> 00:05:31,643 ඔබ ආදරය කියන්නේ ඒකට නම්, 50 00:05:33,243 --> 00:05:35,877 ඇත්ත ආදරය ඊට වඩා වටින්නේ නැද්ද? 51 00:05:38,810 --> 00:05:42,710 හොඳයි, ඔබ මම කියන දේ අහන්නේ නැත්නම්, මේ ගැන මොකද කියන්නේ? 52 00:05:42,710 --> 00:05:46,510 කිරුළ හිමි කුමරු අර බර උසුලන්නාව නපුංසකයෙක් කළා. 53 00:05:48,643 --> 00:05:51,043 ගෑනු ළමයෙක් කොහොමද නපුංසකයෙක් වෙන්නේ? 54 00:05:51,043 --> 00:05:52,043 එයා කොහෙද? 55 00:05:52,043 --> 00:05:54,077 දාල්-යි දැන් කොහෙද ඉන්නේ? 56 00:05:54,077 --> 00:05:57,210 ඔය බැල්ම... ඔබ එයා ගැන ගොඩක් වද වෙනවා නේද? 57 00:05:57,210 --> 00:05:59,443 ඒකයි මම මේ තීරණය ගත්තේ. 58 00:06:00,910 --> 00:06:04,910 කිරුළ හිමි කුමරුට රිදුණත්, ඇයට රිදුණත්, නැත්නම් දෙන්නටම රිදුණත්, 59 00:06:04,910 --> 00:06:06,743 මේ හැම දෙයක්ම... 60 00:06:08,110 --> 00:06:10,177 මේ ඔක්කොම ඔබ නිසයි, කුමරුනි. 61 00:06:18,410 --> 00:06:22,810 උතුමාණෙනි, ඔබ තවත් ප්‍රමාද වුණොත්, උදෑසන රැස්වීමට ප්‍රමාද වේවි. 62 00:06:22,810 --> 00:06:25,143 මම දැන් ඇතුළට එනවා. 63 00:06:25,977 --> 00:06:28,077 කිරුළ හිමි ආර්යාව. 64 00:06:28,077 --> 00:06:30,710 - මම ආවා කියලා උතුමාණන්ට කියන්න. - කියන්න එපා. 65 00:06:30,710 --> 00:06:32,643 ජේ වූන් කුමාරයා. 66 00:06:33,310 --> 00:06:36,210 - උතුමාණන්ට කියන්න. - මම එපා කිව්වානේ. 67 00:06:36,877 --> 00:06:41,810 තවම විවාහ නොවූ කිරුළ හිමි ආර්යාවක් කොහොමද කිසිම දැනුම් දීමක් නැතුව දොන්ගුං මාලිගාවට ඇතුළු වෙන්නේ? 68 00:06:41,810 --> 00:06:44,582 මම කොහොමත් නීති කඩ කරලා ඉවරයි. 69 00:06:44,582 --> 00:06:47,110 ඉතින් ඇයි දිගටම ඒක නොකරන්නේ? 70 00:07:08,910 --> 00:07:11,610 ආහ්, හරිම සද්දයිනේ. 71 00:07:19,410 --> 00:07:21,177 මොකක්? මොකද මේ? 72 00:07:29,243 --> 00:07:30,277 නෑ. 73 00:07:30,277 --> 00:07:32,877 අනේ නෑ... මේක ඒක නෙවෙයි. 74 00:07:32,877 --> 00:07:35,543 කිරුළ හිමි ආර්යාව පිටත් කරන්න. 75 00:07:35,543 --> 00:07:38,143 - ඉන්න... - යමු, කිරුළ හිමි ආර්යාවනී. 76 00:07:38,143 --> 00:07:42,177 දෙවියනේ, මේ මොකද වෙන්නේ? 77 00:07:44,510 --> 00:07:46,643 හැමෝම ආපස්සට යන්න. 78 00:07:46,643 --> 00:07:50,310 අද සිද්ධ වුණු දේ ගැන කවුරුහරි කතා කළොත්, දැඩි දඬුවම් ලැබෙයි, තේරුණාද? 79 00:07:50,310 --> 00:07:51,310 - තේරුණා. - එහෙමයි. 80 00:07:51,310 --> 00:07:53,210 යමු. 81 00:07:53,210 --> 00:07:54,843 ඉක්මනට යන්න. 82 00:07:57,843 --> 00:07:59,077 ඒයි! තමුන් මොකද මෙතන කරන්නේ? 83 00:07:59,077 --> 00:08:00,477 තමුන් මට මොකද කළේ? 84 00:08:00,477 --> 00:08:02,077 මම මුකුත් කළේ නෑ! 85 00:08:02,077 --> 00:08:03,477 මම ඇත්තටම මොනවාහරි කළා නම්, අඩුම ගානේ මට මෙහෙම දුකක් දැනෙන්නේ නෑ! 86 00:08:03,477 --> 00:08:04,843 ඒයි, අනිත් එක! 87 00:08:04,843 --> 00:08:07,010 - අයියෝ. - මේ දැන් ඉන්නේ මගේ ශරීරයේද? 88 00:08:10,910 --> 00:08:16,543 'ඔබ මමයි, මම ඔබයි' කියලා පෙම් බස් දොඩන්න මේකද වෙලාව? 89 00:08:16,543 --> 00:08:19,910 ප්‍රධාන පාලිකාවගේ ලේලියත් දැක්කා, කිරුළ හිමි ආර්යාවත් දැක්කා. 90 00:08:19,910 --> 00:08:22,210 අනිත් අයට මේක පේන්නේ... 91 00:08:22,210 --> 00:08:26,177 සමලිංගික සබඳතාවයක් වගේ, උතුමාණෙනි. 92 00:08:42,177 --> 00:08:43,878 කරුණාකරලා, 93 00:08:43,878 --> 00:08:46,443 කිසිම දෙයක් කරන්න එපා. 94 00:08:55,143 --> 00:08:58,810 මේක හරියට රසට හදපු කෑම එකකට අළු දැම්මා වගේ වැඩක්. 95 00:08:58,810 --> 00:09:01,543 හැමෝම අතරින් කිරුළ හිමි ආර්යාවටම මේක දකින්න වුණානේ. 96 00:09:01,543 --> 00:09:03,310 අපි දැන් මොකද කරන්නේ? 97 00:09:03,310 --> 00:09:06,443 පාක් දාල්-යි අනතුරේ වැටෙයි නේද? 98 00:09:06,443 --> 00:09:11,310 අවුරුදු පනහක් මාලිගාවේ ඉඳලා මම තේරුම් ගත්තේ, 99 00:09:14,043 --> 00:09:16,610 අවස්ථාවන් පස්සේ පන්නනවට වඩා 100 00:09:16,610 --> 00:09:19,877 අනතුරු මගහරවා ගන්න එක වැදගත් කියලා. 101 00:09:21,143 --> 00:09:25,110 කිරුළ හිමි කුමාරයාම ඇයව උපභාර්යාවක් විදිහට භාරගන්නේ නැත්නම්, 102 00:09:25,110 --> 00:09:28,677 දැනට නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම දේ. 103 00:09:28,677 --> 00:09:32,110 ඔබ ඇත්තටම නුවණක්කාරයි. 104 00:09:32,910 --> 00:09:35,543 මගේ පිටට තට්ටු කරලා ඔබේ අවබෝධය ලබාගන්න. 105 00:09:35,543 --> 00:09:37,177 ආහ්, එහෙමයි. 106 00:09:41,043 --> 00:09:46,010 කිරුළ හිමි ආර්යාව මම ගැහැනියක් කියලා දැනගත්තත්... 107 00:09:46,010 --> 00:09:48,143 ඒකයි මම වැඩියෙන්ම බය වෙලා ඉන්නේ. 108 00:09:48,143 --> 00:09:52,077 කිරුළ හිමි කුමාරයාගේ පපුවට වෙඩි තියපු ගැහැනියකට කරන්න බැරි මොකක්ද? 109 00:09:53,710 --> 00:09:56,643 ඔබ ඒකෙන් අදහස් කළේ මොකක්ද? තුවක්කුවක්? 110 00:09:56,643 --> 00:09:59,510 උතුමාණන්ගේ පපුව හිල් කළේ කිරුළ හිමි ආර්යාවද? 111 00:09:59,510 --> 00:10:01,477 මම ඔබට කිව්වේ නැද්ද? 112 00:10:04,177 --> 00:10:09,077 ඒත් ඔබලා දෙන්නම දැන් ප්‍රශ්න සාමකාමීව විසඳගෙනනේ තියෙන්නේ, නේද? 113 00:10:09,077 --> 00:10:14,077 ඇය ආයිමත් කවදාවත් තුවක්කුවක් උස්සලා මේ පපුව හිල් කරන එකක් නෑ, නේද? 114 00:10:14,077 --> 00:10:16,843 සමහරවිට. පරිස්සම් වෙන්න. 115 00:10:16,843 --> 00:10:18,843 දැන් මේක ඔබේ ශරීරය. 116 00:10:23,310 --> 00:10:27,110 අම්මේ, තාත්තේ. මම ඉස්සෙල්ලාම යනවා. 117 00:10:27,110 --> 00:10:28,774 ඔබේ අකීකරු දියණිය 118 00:10:28,774 --> 00:10:30,710 ඉස්සර වෙලා යනවා. 119 00:10:34,377 --> 00:10:35,543 උත්තමාවියනි. 120 00:10:35,543 --> 00:10:38,877 කලින් ඉඳලම මොකක් ගැනද ඔය තරම් කල්පනා කරන්නේ? 121 00:10:38,877 --> 00:10:41,177 රාජකීය විවාහයට දවස් පනහකටත් වඩා අඩු කාලයක් තියෙද්දි, 122 00:10:41,177 --> 00:10:43,510 ඔබ වෙන දෙයක් ගැන හිතනවාද? 123 00:10:43,510 --> 00:10:46,543 ඔබ මොනවත් කරන්න හිතාගෙන නෑ නේද? 124 00:10:46,543 --> 00:10:48,443 වද වෙන්න එපා. 125 00:10:48,443 --> 00:10:51,443 ඒක කරන්නේ මම නෙවෙයි, ප්‍රධාන පාලිකාවගේ ලේලිය පියවරක් ගනීවි. 126 00:10:51,443 --> 00:10:54,677 ප්‍රධාන පාලිකාවගේ ලේලිය? 127 00:10:54,677 --> 00:10:58,810 ඇය ප්‍රධාන පාලිකාවගේ ලේලිය නම්, ඇය වැඩ කරන්නේ මහා රැජිනට නේද? 128 00:10:58,810 --> 00:11:03,443 එහෙනම් ඇය ඇයි උතුමාණන් ගැන අහිතකර කටකතා පතුරවන්නේ? 129 00:11:03,443 --> 00:11:05,077 මොකද ඇයත්, 130 00:11:05,077 --> 00:11:06,210 [දොන්ගුං මාලිගාවේ පාලිකාව, ජෝ මි ගුම්] 131 00:11:06,210 --> 00:11:07,610 මම වගේම මෝඩයෙක් වෙන්න ඇති. 132 00:11:07,610 --> 00:11:10,243 හරි. මම දැනටමත් තුනක් කෑවා, ඔන්න. 133 00:11:11,843 --> 00:11:13,243 ආරංචිය අහුවාද? 134 00:11:13,243 --> 00:11:15,577 මොන ආරංචියද? 135 00:11:17,443 --> 00:11:20,410 මේක අනිවාර්යයෙන්ම රහසක් විදිහට තියාගන්න ඕන. 136 00:11:21,643 --> 00:11:23,743 මට ආරංචි වුණා ඊයේ රෑ... 137 00:11:23,743 --> 00:11:27,743 දොන්ගුං මාලිගාවේ අලුත් නපුංසකයා 138 00:11:28,677 --> 00:11:29,810 කිරුළ හිමි කුමාරයා එක්ක එකට නිදාගත්තලු. 139 00:11:29,810 --> 00:11:32,110 - මොකක්? ඒක මහ පිස්සුවක්නේ! - ඔව්. 140 00:11:32,110 --> 00:11:34,043 ඉතින් ආදර කතා කියවලා මොකටද? 141 00:11:34,043 --> 00:11:35,310 ඇත්ත ජීවිතේ ඊට වඩා නාටකාකාරයි. 142 00:11:35,310 --> 00:11:37,077 ඒක නම් ඇත්ත. 143 00:11:39,443 --> 00:11:40,777 දැන් ඒවා මහා කම්මැලියි. 144 00:11:40,777 --> 00:11:42,277 ඇත්ත සිද්ධි ඊට වඩා විනෝදජනකයි. 145 00:11:42,277 --> 00:11:44,043 අනේ ඇත්තටම. 146 00:11:45,010 --> 00:11:46,210 උතුමාණෙනි. 147 00:11:46,210 --> 00:11:48,110 මන්දිරයෙන් පණිවිඩයක් තියෙනවා. 148 00:11:48,110 --> 00:11:50,610 ජේ වූන් කුමාරයා... 149 00:11:50,610 --> 00:11:52,543 ජේ වූන් කුමාරයාට මොකද වෙලා තියෙන්නේ? 150 00:12:17,343 --> 00:12:19,910 මොන විකාරයක්ද මේ? 151 00:12:21,543 --> 00:12:24,043 මම හැම දෙයක්ම ආපහු ගන්නවා. 152 00:12:24,043 --> 00:12:28,743 මම ඔබට දුන්න උණුසුම, සාමය, සහ පිවිතුරු ආදරය. 153 00:12:28,743 --> 00:12:30,643 ඇයි ඔබ එකපාරටම මෙහෙම කරන්නේ? 154 00:12:30,643 --> 00:12:34,777 මම ඔබට කිසි දෙයක් කරන්න එපා කියලා පැහැදිලිවම කිව්වා, 155 00:12:36,277 --> 00:12:39,643 ඒත් ඔබ උතුමාණන් සහ දාල්-යි ගැන කටකතා පැතුරුවා නේද? 156 00:12:43,777 --> 00:12:45,377 ඇයි හිනාවෙන්නේ? 157 00:12:45,377 --> 00:12:46,743 මගේ මූණේ මොනවාහරි තියෙනවාද? 158 00:12:46,743 --> 00:12:47,974 නෑ, 159 00:12:47,974 --> 00:12:49,877 ඔබේ මූණේ කිසි දෙයක් නෑ. 160 00:12:52,510 --> 00:12:56,177 ඇත්තටම නම්, ඔබේ තොල ළග බත් ඇටයක් තියෙනවා. 161 00:12:59,077 --> 00:13:00,743 ඔබ දැනගෙන හිටියේ නැද්ද? 162 00:13:00,743 --> 00:13:04,077 ඔබ කිව්වා මගේ මූණේ මුකුත් නෑ කියලා, නේද? 163 00:13:04,077 --> 00:13:06,077 ඔබ එහෙම කිව්වා නම්, එහෙම දෙයක් නෑ. 164 00:13:06,077 --> 00:13:10,543 එහෙම දෙයක් තියෙනවා නම්, දැන් ඉඳන් ඒක එතන තියේවි. 165 00:13:18,510 --> 00:13:20,110 ඔබ තවම මාව දන්නේ නෑ! 166 00:13:20,110 --> 00:13:23,743 ඔබ උතුමාණන්ව පහළට ඇදලා දැම්මත්, මම සිංහාසනය ගනීවි කියලා හිතනවාද? 167 00:13:25,010 --> 00:13:26,743 හරියටම හරි. 168 00:13:26,743 --> 00:13:28,610 මට තේරෙන්නේ නෑ. 169 00:13:28,610 --> 00:13:30,843 නෑ, ඔබ දන්නවා. 170 00:13:30,843 --> 00:13:34,410 මට අවශ්‍ය මොකක්ද, මගේ බලාපොරොත්තුව මොකක්ද කියලා ඔබ දන්නවා. 171 00:13:34,410 --> 00:13:37,050 ඇත්තටම ආදරය නොකළේ මම නෙවෙයි, 172 00:13:37,050 --> 00:13:39,577 ඔබයි. 173 00:13:40,577 --> 00:13:41,977 මොන වගේ පිරිමියෙක්ද 174 00:13:41,977 --> 00:13:45,710 තමන් ආදරය කරන ගැහැනිය වෙන කෙනෙකුගේ වෙනවා දකින්න 175 00:13:45,710 --> 00:13:47,977 මේ තරම් ආශාවෙන් බලාගෙන ඉන්නේ? 176 00:13:50,143 --> 00:13:52,043 හොඳයි. 177 00:13:52,043 --> 00:13:54,477 ඒක නිකම්ම තරුණ කාලේ හිතුවක්කාරකමක් විතරයි. 178 00:13:54,477 --> 00:13:56,486 අපි දැන් අපේ පාඩුවේ යමු. 179 00:13:57,477 --> 00:13:58,758 හරි. 180 00:13:59,743 --> 00:14:02,410 කුමරුනි, ඔබ කැමති විදිහටම මම කරන්නම්. 181 00:14:02,410 --> 00:14:04,310 මම කිරුළ හිමි කුමරිය වෙන්නම්. 182 00:14:04,310 --> 00:14:05,443 ඊට පස්සේ රැජින. 183 00:14:05,443 --> 00:14:08,643 කවදාහරි මම මහ රැජිනගේ මාලිගාවත් අත්පත් කරගන්නවා. 184 00:14:08,643 --> 00:14:12,277 ඒ හැම පියවරක්ම මම හරියටම කරනවා. 185 00:14:13,110 --> 00:14:17,577 ඒත් මම ඒ ක්‍රියාවලිය ඉක්මන් කරන්න ඉඩ තියෙනවා. 186 00:14:17,577 --> 00:14:19,910 රජතුමා සහ කිරුළ හිමි කුමරු දෙන්නම මියගියාම, 187 00:14:19,910 --> 00:14:22,010 ඉබේම සිංහාසනය ඔබට හිමි වේවි. 188 00:14:22,010 --> 00:14:26,177 ඔබ... හැමදාම උදේට රජතුමා සහ රැජින විදිහට ආචාර කරද්දි, 189 00:14:26,177 --> 00:14:28,510 අපි එකිනෙකාට මූණ දෙමු. 190 00:14:29,677 --> 00:14:32,277 අපි ඉස්සර පොරොන්දු වුණා වගේම, 191 00:14:32,277 --> 00:14:37,277 ඉදුණු කොණ්ඩෙත් එක්ක රැලි වැටුණු මූණත් එක්ක අපි එකට වයසට යමු. 192 00:14:40,510 --> 00:14:42,694 මට එච්චරයි ඕන. 193 00:14:51,077 --> 00:14:55,077 අපි කවදාවත් ආයි හමු නොවෙමු. 194 00:14:55,077 --> 00:14:56,743 කරුණාකරලා. 195 00:14:57,410 --> 00:14:59,043 දැන් මට... 196 00:15:00,343 --> 00:15:02,577 ඇත්තටම තවත් ඔබව දරාගන්න බෑ. 197 00:15:30,010 --> 00:15:32,643 මේ තැනත් සීතල වුණොත්, 198 00:15:34,210 --> 00:15:36,777 දැන් මම කොහාටද යන්න ඕන? 199 00:15:42,710 --> 00:15:44,677 රජතුමා සහ වම් අමාත්‍යවරයා දෙන්නම 200 00:15:44,677 --> 00:15:48,477 මේ අවුල ලිහන්න ඔබව හොයාගෙන ඒවි. 201 00:15:48,477 --> 00:15:50,277 මාව මාලිගාවෙන් නෙරපා හරින්න. 202 00:15:50,277 --> 00:15:53,677 දැනට, මම ජේ වූන් කුමාරයාගේ නිවසේ හැංගෙන්නම්. 203 00:15:53,677 --> 00:15:58,477 වම් අමාත්‍යවරයාටවත් සාධාරණ හේතුවක් නැතුව කුමාරයෙක්ගේ නිවසක් වටලන්න බෑ. 204 00:15:58,477 --> 00:15:59,877 නමුත්, 205 00:15:59,877 --> 00:16:01,606 මහා රැජින 206 00:16:01,606 --> 00:16:03,777 නිශ්ශබ්දව ඉඳියිද? 207 00:16:04,910 --> 00:16:07,143 ඇය මාව ඇතුළට ගත්තා කියලා හෙළි වුණොත්, 208 00:16:07,143 --> 00:16:08,877 ඒ ගිනි පුපුරු උත්තමාවියටත් වදීවි. 209 00:16:08,877 --> 00:16:11,810 ඇය දැනට කිසි පියවරක් ගන්න එකක් නෑ. 210 00:16:11,810 --> 00:16:14,843 මම බොර්යොන්ග් වලට ගිහින් ඔබේ පවුල ආරක්ෂා කරන්නම්. 211 00:16:14,843 --> 00:16:16,543 මම නැති අතරේ, 212 00:16:20,677 --> 00:16:22,510 ශක්තිමත්ව ඉන්න. 213 00:16:40,077 --> 00:16:42,243 උතුමාණෙනි! 214 00:16:42,243 --> 00:16:44,943 අස්වාභාවික ආශාවන් නිසා දූෂිත වුණු කිරුළ හිමි කුමරුව ධුරයෙන් පහ කර, 215 00:16:44,943 --> 00:16:47,910 ජාතිය නැවත නිවැරදි මාවතට ගන්න. 216 00:16:47,910 --> 00:16:51,810 සාමය නැවත ස්ථාපිත කරන්න. සාමය නැවත ස්ථාපිත කරන්න. 217 00:16:51,810 --> 00:16:53,743 උතුමාණෙනි. 218 00:16:53,743 --> 00:16:56,077 කිරුළ හිමි කුමරු සමලිංගික ක්‍රියාවල යෙදෙන බව කියන්න කාටද එඩිතර? 219 00:16:57,443 --> 00:17:00,710 එවැනි නින්දිත දෙයක් කියන්න කාටද පුළුවන්? 220 00:17:00,710 --> 00:17:03,510 කියන විදිහට උතුමාණන්ව මේ වගේ 221 00:17:03,510 --> 00:17:06,410 ආන්දෝලනයකට ඇදලා දැම්ම නපුංසකයා මාලිගාවට ඇතුළු වෙලා තියෙන්නේ ව්‍යාජ අනන්‍යතාවයකින්. 222 00:17:06,410 --> 00:17:08,010 අපි ඔහුව හොයන්න භටයන් යෙදෙව්වා. 223 00:17:08,010 --> 00:17:09,677 අල්ලගත්තට පස්සේ, 224 00:17:09,677 --> 00:17:12,743 මේ කටකතා නිහඬ කරන්න උතුමාණන් පුද්ගලිකවම 225 00:17:12,743 --> 00:17:15,543 මරණ දඬුවම අධීක්ෂණය කළ යුතුයි. 226 00:17:15,543 --> 00:17:17,210 ඒක සිද්ධ කරන්න. 227 00:17:17,210 --> 00:17:20,177 වහාම මේ කටකතා පැතිරුවේ කවුද කියලා හොයන්න, 228 00:17:20,177 --> 00:17:23,677 කිරුළ හිමි කුමරුට අපහාස කරපු ඒ ද්‍රෝහි නපුංසකයාව අත්අඩංගුවට ගන්න. 229 00:17:23,677 --> 00:17:26,877 එහෙමයි, උතුමාණෙනි. එහෙමයි, උතුමාණෙනි. 230 00:17:33,664 --> 00:17:36,643 231 00:17:36,643 --> 00:17:38,677 නෝනා? ඔව්. 232 00:17:38,677 --> 00:17:40,843 ඔබ මේ මනුස්සයාව දැක්කාද? 233 00:17:40,843 --> 00:17:41,977 මට හරියටම මතක නෑ. 234 00:17:41,977 --> 00:17:43,577 හොඳට බලන්න. 235 00:18:50,643 --> 00:18:54,477 ඔහු කිව්වේ 'කිරුළ හිමි කුමාරවරු යාච්ඤා කරන්නේ නෑ' කියලා. 236 00:18:54,477 --> 00:18:57,177 ඇයි ඔහු ළඟදී ඉඳන් මේ විදිහට හැසිරෙන්නේ? 237 00:19:09,310 --> 00:19:11,577 හරිම කණගාටුදායකයි. 238 00:19:11,577 --> 00:19:13,810 නිකම්ම ගස් වලට වන්දනා කරනවාද? 239 00:19:19,977 --> 00:19:21,777 ඔය දෙවියන් කියන අයට 240 00:19:21,777 --> 00:19:24,177 හෘද සාක්ෂියක් තියෙන්න ඕන. 241 00:19:24,177 --> 00:19:26,743 සාමාන්‍ය විනීතකමක් තියෙනවා නම්, ඔබ මට මේ විදිහට සලකන්න හොඳ නෑ. 242 00:19:26,743 --> 00:19:28,510 ඔබ මගෙන් හැම දෙයක්ම ගත්තා. 243 00:19:28,510 --> 00:19:31,710 මගේ අම්මා, කිරුළ හිමි කුමරිය, මගේ ශරීරය පවා. 244 00:19:31,710 --> 00:19:33,810 ඒ නිසා මේ පාර, කරුණාකරලා... 245 00:19:36,477 --> 00:19:38,143 මගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. 246 00:19:41,210 --> 00:19:43,977 එතකොට මම ඔබට සාප කරන එක නවත්තන්නම්, 247 00:19:43,977 --> 00:19:46,010 කිසිම තරහක් තියාගන්නෙත් නෑ. 248 00:19:47,910 --> 00:19:50,377 මේක විතරක් ආරක්ෂා කරන්න... 249 00:19:53,610 --> 00:19:55,210 දාල්-යිගේ ශරීරය. 250 00:19:56,477 --> 00:19:58,110 කරුණාකරලා. 251 00:20:13,143 --> 00:20:15,143 අනේ මට යන්න දෙන්න, මහත්තයා. 252 00:20:15,143 --> 00:20:17,843 මේකෙන් ඔබවත් අනතුරේ වැටෙන්න පුළුවන්, 253 00:20:17,843 --> 00:20:19,443 ඒත් දාල්-යි... 254 00:20:22,510 --> 00:20:24,102 කරුණාකරලා 255 00:20:24,102 --> 00:20:25,577 මාව බේරගන්න. 256 00:20:25,577 --> 00:20:27,910 ඔබ මගේ දියණියගේ ජීවිතය බේරා ගත්තා. 257 00:20:27,910 --> 00:20:30,343 සැබෑ මිනිසෙක් කොහොමද මෙය අමතක කරන්නේ? 258 00:20:30,343 --> 00:20:31,577 පවසන්න. 259 00:20:31,577 --> 00:20:33,843 මට ඔබට උදව් කළ හැක්කේ කෙසේද? 260 00:20:35,643 --> 00:20:38,502 මගේ පවුල වෙනත් තැනකට යවන්න මෙය භාවිතා කරන්න, 261 00:20:38,502 --> 00:20:40,543 ඒ වගේම මාව බාරගන්න. 262 00:20:49,877 --> 00:20:52,610 මම විශ්වාස කරන්නේ ඔබව පමණයි. 263 00:20:52,610 --> 00:20:56,177 ඔබ කෑම වේලක්වත් නොගෙන, පවුලේ අයව හමු නොවී පිටව යන්නද හදන්නේ? 264 00:20:56,177 --> 00:21:01,443 මම මාලිගාවෙන් පිටව ගිය බව දැනගත් විගස වම් අමාත්‍යවරයා ඒ ගැන සොයා බලාවි. 265 00:21:01,443 --> 00:21:04,343 මම වෙළඳ මධ්‍යස්ථානයේ අය සමඟ ඉන්නවා කවුරුහරි දැක්කොත්, 266 00:21:04,343 --> 00:21:06,277 ලොකු කරදරයක් වෙන්න පුළුවන්. 267 00:21:06,277 --> 00:21:08,910 අසුවෙන්න කලින් මම ඉක්මන් කරන්න ඕනේ. 268 00:21:08,910 --> 00:21:12,343 මම දැක්කා ඔබේ කකුල තුවාල වෙලා තියෙනවා. 269 00:21:17,010 --> 00:21:19,650 කොහොමද දල්-යි... 270 00:21:19,650 --> 00:21:21,910 මේවා දරා ගත්තේ? 271 00:21:25,810 --> 00:21:28,010 මම කවදාවත් හිතුවේ නෑ 272 00:21:28,010 --> 00:21:30,406 පලා යන ජීවිතයක් කියන්නේ 273 00:21:30,406 --> 00:21:32,677 මේ තරම්... 274 00:21:32,677 --> 00:21:34,943 කටුක සහ හුදකලා දෙයක් කියලා. 275 00:21:38,477 --> 00:21:40,543 ඔබ මොකක්ද මේ කියන්නේ? 276 00:21:40,543 --> 00:21:42,577 දල්-යි කියන්නේ ඔබේ බිරිඳගේ ලේලිය නේද? 277 00:21:42,577 --> 00:21:44,377 දල්-යි ඉල්ලීමක් කළා. 278 00:21:44,377 --> 00:21:46,477 ඇය ඉන්නේ ලොකු අනතුරක වගෙයි පෙනෙන්නේ. 279 00:21:46,477 --> 00:21:48,743 මම ඇයව මගේ රැකවරණය යටතේ සඟවා තබන්නම්. 280 00:21:48,743 --> 00:21:51,443 ඔබ වෙළඳ මධ්‍යස්ථානය වසා දමා 281 00:21:51,443 --> 00:21:53,277 සැඟවී සිටිය යුතුයි. 282 00:21:53,277 --> 00:21:54,577 දල්-යි අනතුරකද? 283 00:21:54,577 --> 00:21:56,177 ඇය දැන් කොහෙද ඉන්නේ? 284 00:21:56,177 --> 00:21:57,743 මට ඔබට කියන්න බැහැ. 285 00:21:57,743 --> 00:22:01,610 ඔබ පැහැදිලි කරන තුරු මම මෙතැනින් එක අඩියක්වත් තියන්නේ නැහැ. 286 00:22:01,610 --> 00:22:03,410 මම මැරුණත් යන්නේ නැහැ. 287 00:22:03,410 --> 00:22:04,614 ඒ නිසා කරුණාකර, 288 00:22:04,614 --> 00:22:06,710 මට පවසන්න! 289 00:22:11,977 --> 00:22:13,577 ඔබ මොකක්ද ඒ කියන්නේ? 290 00:22:13,577 --> 00:22:14,977 ඔබ හැම දෙයක්ම නවත්තලා 291 00:22:14,977 --> 00:22:16,910 හදිසියේම කියනවා දල්-යි තවදුරටත් අපේ දුව නෙමෙයි කියලා! 292 00:22:16,910 --> 00:22:18,543 ඇය මගේම දරුවෙක් නොවුණත්, 293 00:22:18,543 --> 00:22:20,710 අපි අවුරුදු පහක් පවුලක් විදියට හිටියා. 294 00:22:20,710 --> 00:22:22,610 කිසිම පැහැදිලි කිරීමක් නැතුව ඔබට කොහොමද 295 00:22:22,610 --> 00:22:24,443 වෙන කෙනෙක්ගේ දුවෙක්ව හදිසියේම අරගෙන යන්නේ? 296 00:22:24,443 --> 00:22:25,977 පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. 297 00:22:25,977 --> 00:22:27,610 ඔබ නොදැන සිටීම තමයි වඩා හොඳ. 298 00:22:27,610 --> 00:22:29,610 මෙතැන් පටන්, 299 00:22:29,610 --> 00:22:33,210 ඔබ ඔබේ පාඩුවේ යන්න. 300 00:22:34,610 --> 00:22:36,877 කවුද සල්ලි ඉල්ලුවේ! 301 00:22:38,343 --> 00:22:40,343 ඔබ දෙවියන්ද, නැත්නම් සම්සින්ද? 302 00:22:40,343 --> 00:22:44,210 ඔබ දල්-යිව අපි ළඟට ගෙනාවා වෙන්න පුළුවන්, 303 00:22:44,210 --> 00:22:46,377 ඒත් ඒ බැඳීම කපලා දාන්නේ අපි! ඒක ඇත්ත. 304 00:22:46,377 --> 00:22:48,843 දල්-යි හන්යැං වෙත ගියා. 305 00:22:49,810 --> 00:22:53,443 මම ඇයත් එක්ක ජොසොන්වලින් පිටව යනවා. 306 00:22:53,443 --> 00:22:55,843 ඔබ දෙදෙනා අනතුරේ වැටෙන්න පුළුවන්. 307 00:22:55,843 --> 00:22:58,043 මට සම්පූර්ණයෙන් විස්තර කරන්න බැහැ, 308 00:22:58,043 --> 00:23:02,677 නමුත් දල්-යිගේ රහස වහල් දඩයම්කරුවන්ටත් වඩා භයානකයි. 309 00:23:02,677 --> 00:23:04,677 ඉතින් මොකක්ද? 310 00:23:07,043 --> 00:23:10,243 දල්-යි මුලින්ම ආපු දවසේ ඔබ මට කිව්වා, 311 00:23:10,243 --> 00:23:15,143 තුන් දෙනෙක් ඉන්න සාමාන්‍ය පවුලක් විදියට, අනිත් අය වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න කියලා. 312 00:23:15,143 --> 00:23:19,243 මට බරක් වෙන එක ගැන එයාට වරදකාරී හැඟීමක් තිබුණත්, 313 00:23:19,243 --> 00:23:21,310 මම ඒකට ආදරේ කළා. 314 00:23:21,310 --> 00:23:26,543 මටත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අවසර ලැබුණා වගෙයි මට දැනුනේ. 315 00:23:27,910 --> 00:23:30,810 ඒ නිසා මම දිගටම දල්-යිගේ අම්මා විදියට ඉන්නවා. 316 00:23:31,643 --> 00:23:33,910 කොයි තරම් අනතුරුදායක වුණත්, 317 00:23:33,910 --> 00:23:36,777 මම තෝරාගෙන තියෙන්නේ එහෙම ජීවත් වෙන්නයි. 318 00:23:39,110 --> 00:23:40,343 හරියටම හරි. 319 00:23:40,343 --> 00:23:42,943 අපි කොහොමත් දෛවය වෙනස් කරන්න දක්ෂයිනේ. 320 00:23:42,943 --> 00:23:44,743 මොන දේ වුණත් මම මගේ විදියට ජීවත් වෙනවා! 321 00:23:44,743 --> 00:23:47,010 අපි සෙරෙප්පු වියන එක හරි, වෙන තැනක ඉරණම වෙනස් කරන එක හරි මොනවා කළත්, 322 00:23:47,010 --> 00:23:49,977 අපි අනිත් අයට ඊර්ෂ්‍යා හිතෙන තරම් සතුටින් ජීවත් වෙනවා, 323 00:23:49,977 --> 00:23:51,577 ඒ නිසා අපි එකට යමු. 324 00:23:52,243 --> 00:23:54,110 ඔබ ඉස්සර වෙන්න. 325 00:23:54,110 --> 00:23:56,243 ඔබ කිව්වනේ අපේ දුව අනතුරේ කියලා. 326 00:24:00,710 --> 00:24:02,043 වම් අමාත්‍යතුමනි. 327 00:24:02,043 --> 00:24:04,077 කැලලක් ගැන කටකතා පතුරපු මාලිගාවේ සේවිකාව අපි අල්ලා ගත්තා. 328 00:24:04,077 --> 00:24:06,343 ඇයව මරා දමන්න. ඒත්... 329 00:24:06,343 --> 00:24:07,942 ඒ මාලිගාවේ සේවිකාව 330 00:24:07,942 --> 00:24:09,810 ප්‍රධාන මාලිගාවේ පාලිකාවගේ ලේලියක්. 331 00:24:09,810 --> 00:24:10,810 මේක පිටුපස ඉන්නේ කවුද? 332 00:24:10,810 --> 00:24:14,043 මේක මෙහෙයවපු කෙනෙක් නැහැ. පෙනෙන විදියට ඒක නිකන්ම කටකතාවක් විතරයි. 333 00:24:14,043 --> 00:24:17,077 ඒ වගේම, ඒ කටකතා සම්පූර්ණයෙන්ම බොරුත් නෙමෙයිනේ. 334 00:24:18,577 --> 00:24:20,277 අපි මොකද කරන්නේ? 335 00:24:22,143 --> 00:24:26,910 අපි ප්‍රධාන මාලිගාවේ පාලිකාවගෙන් ප්‍රමාණවත් තරම් වැඩ ගත්තා. 336 00:24:31,910 --> 00:24:33,543 නැන්දා. 337 00:24:37,110 --> 00:24:39,174 ඔබ ඇයි දෙවියනේ 338 00:24:39,174 --> 00:24:41,043 මෙහෙම දෙයක් කළේ? 339 00:24:41,043 --> 00:24:43,943 ඇයි ඔබ මේ වගේ දෙයක් කළේ? 340 00:24:43,943 --> 00:24:45,810 මේක අසාධාරණයි. 341 00:24:46,977 --> 00:24:49,377 කිරුළ හිමි ආර්යාව ඔටුන්න හිමි කුමාරයාව මරන්න හැදුවා, 342 00:24:49,377 --> 00:24:51,610 ඒ වගේම ඇය ඝාතනයටත් අණ දුන්නා. 343 00:24:51,610 --> 00:24:54,210 මහා රැජින මේ හැම දෙයක්ම දැනගෙන හිටියා. 344 00:24:54,210 --> 00:24:56,477 ඇයි ප්‍රධාන ලේකම්ව විතරක් පිටුවහල් කරන්නේ? 345 00:24:56,477 --> 00:25:00,077 ඇයි ඔහුට විතරක්? ඇයි? 346 00:25:03,210 --> 00:25:04,806 ඔබ... 347 00:25:05,862 --> 00:25:06,943 එහෙම වෙන්න පුළුවන්ද... 348 00:25:06,943 --> 00:25:08,577 ඔව්. 349 00:25:09,710 --> 00:25:12,010 මම ඔහුගේ ආදරවන්තිය. 350 00:25:12,010 --> 00:25:14,143 ඔහු මගේ පෙම්වතා. 351 00:25:15,877 --> 00:25:17,377 ස්වාමීනි! 352 00:25:17,377 --> 00:25:20,477 කරුණාකර මගේ ලේලියට අභයදානය දෙන්න. 353 00:25:20,477 --> 00:25:25,010 මම හිතුවේ ඔබව ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා, නමුත් දැන් එය කණගාටුවට කරුණක්. 354 00:25:25,910 --> 00:25:27,750 මට ආරංචි වුණා 355 00:25:27,750 --> 00:25:29,910 අර බඩු ගෙනියන පාක් දල්-යි ගැන. 356 00:25:29,910 --> 00:25:32,310 ඔටුන්න හිමි කුමාරයාගේ උනන්දුව වෙනස් වී ඇති නිසා, 357 00:25:32,310 --> 00:25:34,077 ඒ කෙල්ලගෙන් ඇති වැඩේ මොකක්ද? 358 00:25:34,077 --> 00:25:36,877 ඇයි ඔටුන්න හිමි කුමාරයාගේ උනන්දුව හදිසියේම නැති වුණේ? 359 00:25:36,877 --> 00:25:39,143 කොහොමද 360 00:25:39,143 --> 00:25:43,910 පෙර බලයෙන් පහ කළ බිසවකට සමාන නපුංසකයෙක් එක රැයකින් මතු වුණේ? 361 00:25:49,110 --> 00:25:51,577 ඔබ තවම ඒ නපුංසකයව අල්ල ගත්තේ නැද්ද? 362 00:25:51,577 --> 00:25:53,610 අපි සොයමින් ඉන්නේ, මහරජතුමනි. 363 00:25:53,610 --> 00:25:57,743 නමුත් ඔහුව අල්ලා ගත්තට පස්සේ, ඔබ මොකද කරන්නේ? 364 00:25:57,743 --> 00:25:59,877 ඔබ ඔහුව මරා දමනවාද? 365 00:25:59,877 --> 00:26:01,910 ඔහුට මරණ දණ්ඩනය දිය යුතුයි. 366 00:26:01,910 --> 00:26:04,742 රජතුමාගේ අණ පිළිගන්න, 367 00:26:04,742 --> 00:26:06,310 උතුමාණෙනි. 368 00:26:08,143 --> 00:26:09,543 මොකක්ද? 369 00:26:09,543 --> 00:26:11,526 බාර දෙන්න 370 00:26:11,526 --> 00:26:14,177 ඒ නපුංසකයාව, උතුමාණෙනි. 371 00:26:15,277 --> 00:26:17,110 ඔබ මොකක්ද මේ කියන්නේ? 372 00:26:17,110 --> 00:26:20,410 ඔබ කියන්නේ ඔටුන්න හිමි කුමාරයා ඒ නපුංසකයාව හැංගුවා කියලද? 373 00:26:29,077 --> 00:26:30,510 මට සමාවෙන්න. 374 00:26:30,510 --> 00:26:32,010 මාව දැන්ම අවසන් කරන්න, උතුමාණෙනි. 375 00:26:32,010 --> 00:26:33,643 මාව දැන්ම අවසන් කරන්න, උතුමාණෙනි. 376 00:26:33,643 --> 00:26:35,143 කමක් නැහැ. 377 00:26:35,143 --> 00:26:37,710 වම් ආරක්ෂක, කඩුවක් ගේන්න. 378 00:26:37,710 --> 00:26:39,510 මොකක්ද? 379 00:26:39,510 --> 00:26:41,343 ඇයි කඩුවක්? 380 00:26:41,343 --> 00:26:44,743 ඔබ වහන්සේගේ ඇඳුමට තේ හළන්න තරම් 381 00:26:44,743 --> 00:26:47,910 නිර්භීත වූ මේ ද්‍රෝහියාට දඬුවම් දිය යුතුයි. 382 00:26:47,910 --> 00:26:51,843 තේ ටිකක් හැළුණ එක රාජද්‍රෝහීකමක් කියලද කියන්නේ? 383 00:26:51,843 --> 00:26:53,443 ගෙනෙන්න 384 00:26:54,977 --> 00:26:56,677 කඩුව. 385 00:26:58,277 --> 00:26:59,943 ගෙනෙන්න. 386 00:26:59,943 --> 00:27:01,577 මහරජතුමනි. 387 00:27:19,643 --> 00:27:24,477 ඇයව දැන් ආරක්ෂා කළා කියලා හැමදාටම ඇයව බේරගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද? 388 00:27:24,477 --> 00:27:28,710 මම ඇයව දැන් ආරක්ෂා කළ යුතුයි, නැත්නම් ඊළඟ පියවරක් ඉතුරු වෙන එකක් නැහැ නේද? 389 00:27:29,510 --> 00:27:31,143 එහෙනම්, 390 00:27:31,843 --> 00:27:34,054 පාක් දල්-යිත් 391 00:27:34,054 --> 00:27:38,277 ඔබ පිටුපස සැඟවුණාද, කුමරුනි? 392 00:27:38,277 --> 00:27:40,710 මම දන්නේ නැහැ කියලා ඔබ හිතනවාද? 393 00:27:40,710 --> 00:27:42,443 ඒ නපුංසකයා, 394 00:27:42,443 --> 00:27:43,843 නැහැ, 395 00:27:43,843 --> 00:27:45,734 ඒ කාන්තාව 396 00:27:45,734 --> 00:27:48,310 ඇත්තටම පාක් දල්-යි. 397 00:27:53,243 --> 00:27:55,477 මොන විකාරයක්ද මේ? 398 00:27:55,477 --> 00:27:57,310 කාන්තාවක්? 399 00:27:58,443 --> 00:28:00,677 වම් අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇත්තක්ද? 400 00:28:12,310 --> 00:28:13,943 මෙහේ කවුරුහරි ඉන්නවාද? 401 00:28:16,543 --> 00:28:18,243 ඇයි මෙහේ කවුරුත් නැත්තේ? 402 00:28:19,743 --> 00:28:21,410 ඒයි. 403 00:28:24,243 --> 00:28:26,277 මම තව පණිවිඩයක් එවන්නම්. 404 00:28:35,878 --> 00:28:37,043 ඒයි, ඉන්න. 405 00:28:37,043 --> 00:28:38,443 අනේ මේ. 406 00:28:38,443 --> 00:28:40,810 අතාරිනවා! 407 00:28:40,810 --> 00:28:42,577 ඇයි ඔබ කාන්තාවකගේ මැණික් කටුවෙන් ඔහොම අල්ලන්නේ? 408 00:28:42,577 --> 00:28:44,643 පලා යන කෙනෙක් වෙලා ඉඳගෙන, ඔබ කොහෙද මේ යන්නේ? 409 00:28:44,643 --> 00:28:46,710 ඔබ අනතුරේ වැටුණොත් මොකද කරන්නේ? 410 00:28:46,710 --> 00:28:48,077 ඔබ කවුරු කියලද හිතාගෙන ඉන්නේ, හොං ගිල් දොං ද? 411 00:28:48,077 --> 00:28:49,310 එක වෙලාවකට ඔබ කාන්තාවක්, ඊට පස්සේ පිරිමියෙක්, 412 00:28:49,310 --> 00:28:51,343 ඊට පස්සේ බඩු ගෙනියන කෙනෙක්, දැන් නපුංසකයෙක්? 413 00:28:51,343 --> 00:28:54,743 මහා රැජින මට මේකට බල කළා, ඉතින් මට වෙන විකල්පයක් තිබුණේ නැහැ... 414 00:28:55,577 --> 00:28:57,243 ඇති. 415 00:28:58,710 --> 00:29:02,110 ඊටත් වඩා වැදගත් දේ, ඇයි ඔබ පාන්දරම දොං-ගුං මාලිගාවට ආවේ? 416 00:29:02,110 --> 00:29:04,477 දැන් මෙතන හිටපු අර චීන මිනිසා 417 00:29:04,477 --> 00:29:08,143 ෂෙන් කුරුල්ලා ගැන පණිවිඩයක් ගෙනාපු පණිවිඩකරුවා වෙන්න පුළුවන්ද? 418 00:29:09,843 --> 00:29:11,943 ඔබ කොහොමද ඒ ගැන දන්නේ? 419 00:29:13,710 --> 00:29:16,677 උතුමාණන් ඔබට ඒකත් කිව්වාද? 420 00:29:16,677 --> 00:29:19,510 ඒක... 421 00:29:22,843 --> 00:29:26,310 ඔව්, ග්‍යේසා වර්ෂයේ සිද්ධිය, ෂෙන් කුරුල්ලෝ, හැම දෙයක්ම. 422 00:29:26,310 --> 00:29:30,110 මම අනිත් කාටත් වඩා දන්නවා, ඒ නිසා ඔබට මට කියන්න පුළුවන්. 423 00:29:30,110 --> 00:29:34,110 චීනයෙන් ආරංචියක් ආවාද? 424 00:29:35,543 --> 00:29:38,843 මම ඇයි ඔබව විශ්වාස කරලා මෙවැනි වැදගත් දේවල් කියන්නේ? 425 00:29:38,843 --> 00:29:41,077 මම මගේ ඥාති සහෝදරයාට කෙලින්ම කතා කරන්නම්, ඒ නිසා ඇඟිලි ගැසීම නවත්වන්න. 426 00:29:41,077 --> 00:29:43,910 නැහැ, මම ඔබට කියන්නේ, ඔහු එක්ක කතා කළා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. 427 00:29:46,710 --> 00:29:48,110 අනෙක් අතට, 428 00:29:48,110 --> 00:29:49,777 මම ඒ ගැන අහගත්තත් ඇති වැඩේ මොකක්ද? 429 00:29:49,777 --> 00:29:51,510 මම නිකන්ම පලා යන කෙනෙක්නේ. 430 00:29:55,777 --> 00:29:57,743 ඔබ මොකද කරන්නේ? එළියට යන්න! 431 00:29:57,743 --> 00:29:59,477 මේක මගේ ගෙදර! 432 00:29:59,477 --> 00:30:02,110 ඔබත් තත්ත්වය ගැන හැම දෙයක්ම දන්නවනේ. 433 00:30:02,110 --> 00:30:05,343 ටික කාලෙකට මට ඔබ පිටුපස හැංගෙන්න ඉඩ දෙන්න, ස්වාමීනි, හොඳද? 434 00:30:10,643 --> 00:30:14,343 දල්-යි, ඔබට ඕනෙද ජීවිත කාලෙම මගේ පිටුපස හැංගිලා ඉන්න? 435 00:30:15,277 --> 00:30:17,643 ඉතින් ඇයි ඔබ මං වෙනුවෙන් ප්‍රාර්ථනා නොකරන්නේ 436 00:30:17,643 --> 00:30:21,043 මගේ ජීවිත කාලය පුරාම දුව දුව ඉන්න ලැබෙන්න කියලා? 437 00:30:21,043 --> 00:30:23,777 නැහැ, මගේ ළඟින්ම ඉන්න. 438 00:30:23,777 --> 00:30:25,677 මාව විවාහ කරගන්න. 439 00:30:27,577 --> 00:30:29,510 මොන විකාරයක්ද මේ? 440 00:30:29,510 --> 00:30:34,643 අපි විවාහ වුණොත්, වම් අමාත්‍යවරයා ඔබ ගැන තියෙන විමසිල්ල අඩු කරාවි. 441 00:30:34,643 --> 00:30:35,943 හරි. 442 00:30:35,943 --> 00:30:39,310 ඔබ මගේ තත්ත්වය දන්නවනේ, ඉතින් මම කිසි දෙයක් හංගන්නේ නැහැ. 443 00:30:40,043 --> 00:30:42,277 මම දිගටම ඔබ දිහා බලාගෙන හිටියොත්, 444 00:30:42,277 --> 00:30:45,643 මම බයයි මගේ ඥාති සහෝදරයා එක්කෝ එයාගේ පළිගැනීම අතහරීවි කියලා 445 00:30:45,643 --> 00:30:50,443 නැත්නම්, ඊටත් වඩා නරක විදියට, වූ හී ගැන එයාට තියෙන තරහව තවත් වැඩි වෙලා, විවාහය අවලංගු කරාවි කියලා. 446 00:30:50,443 --> 00:30:52,110 ඔබට ආරක්ෂාව ලැබෙයි, 447 00:30:52,110 --> 00:30:55,277 ඒ වගේම රාජකීය විවාහ මංගල්‍යයත් කිසි කරදරයක් නැතුව සිද්ධ වුණොත් මම සතුටු වෙනවා. 448 00:30:55,277 --> 00:30:57,043 ඒ ගැන හිතලා බලන්න. 449 00:30:59,443 --> 00:31:01,443 අහන්න, කුමරුනි. 450 00:31:03,943 --> 00:31:05,877 සිහියට එන්න. 451 00:31:07,077 --> 00:31:09,310 මම මාව බලාගන්නම්. 452 00:31:25,910 --> 00:31:29,910 වතුරේ ගිලෙන්න ගිය එකෙන් ඔටුන්න හිමි කුමාරයා තවම සුවය ලබලා නැති පාටයි. 453 00:31:30,710 --> 00:31:32,643 මම හිතනවා ඔබ තේරුම් ගනීවි කියලා, වම් අමාත්‍යතුමනි. 454 00:31:32,643 --> 00:31:35,410 ඔබ වහන්සේගේ සෞඛ්‍යය ගැන නම් ප්‍රශ්නය, 455 00:31:35,410 --> 00:31:37,977 මම ඔබට සහයෝගය දෙනවා 456 00:31:37,977 --> 00:31:40,643 සිය වාරයක්, දහස් වාරයක් වුවත්. 457 00:31:40,643 --> 00:31:45,743 නමුත් මහරජතුමනි, ඔබ වහන්සේගේ අදහස වෙනස් නම්, 458 00:31:47,977 --> 00:31:50,007 කාටද සහතික වෙන්න පුළුවන් 459 00:31:50,007 --> 00:31:53,177 ග්යේසා වර්ෂයේ සිදුවීම 460 00:31:54,077 --> 00:31:55,943 නැවත සිදු නොවෙයි කියා? 461 00:31:55,943 --> 00:31:57,543 වම් අමාත්‍යතුමනි. 462 00:33:33,777 --> 00:33:35,810 මේකද හොයන්නේ? 463 00:33:35,810 --> 00:33:38,643 පියාණන් තවම ඔබව ලඟ තියාගෙන ඉන්නවා වගේ. 464 00:33:39,510 --> 00:33:42,710 මට ඔටුන්න හිමි කුමාරයාව මරන්න උදව් කළාට පස්සෙත්, 465 00:33:42,710 --> 00:33:46,510 ඔහුගේ ලිපි මට ගෙනැවිත් දුන්නාට පස්සෙත්. 466 00:33:46,510 --> 00:33:48,377 එතුමා පුදුම කෙනෙක්. 467 00:33:48,377 --> 00:33:52,477 කොච්චර භයානක වුනත්, ප්‍රයෝජනවත් මෙවලම් එතුමා විසි කරන්නේ නෑ. 468 00:33:52,477 --> 00:33:57,043 ඔබ, මම, ඒ වගේම ෂෙන් කුරුල්ලන් පවා. 469 00:34:09,777 --> 00:34:12,177 ඒ නපුංසකයාව මට බාරදෙන්න. 470 00:34:13,243 --> 00:34:15,302 මම එහෙම කළොත්, 471 00:34:15,302 --> 00:34:16,877 ඇය මැරෙයි. 472 00:34:16,877 --> 00:34:19,977 ඔබට ඇය ගැන දුකක් තියෙනවා නම්, මම ඇයව රජයේ වහලියක් කරලා 473 00:34:19,977 --> 00:34:22,810 ඇගේ ජීවිතේ බේරලා දෙන්නම්. 474 00:34:22,810 --> 00:34:24,477 එපා. 475 00:34:27,310 --> 00:34:28,934 ගං, 476 00:34:28,934 --> 00:34:31,377 වම් අමාත්‍යවරයාට එරෙහි වෙන්න එපා. 477 00:34:32,177 --> 00:34:35,277 ග්යේසා වර්ෂයේ සිදුවීම තවම ඉවර නෑ. 478 00:34:35,277 --> 00:34:37,943 ඔබ වෙනුවෙන් මැරුණු රැජින, මගේ මාමණ්ඩිය, 479 00:34:37,943 --> 00:34:40,377 ඒ වගේම බලයෙන් පහ කළ ඔටුන්න හිමි කුමරිය ගැන හිතන්න. 480 00:34:41,010 --> 00:34:44,943 එක නපුංසකයෙක් නිසා ඔබ පළිගැනීමයි ඔබේ අනාගතයයි දෙකම නැති කරගන්නවාද? 481 00:34:47,677 --> 00:34:49,377 පළිගැනීමක්? 482 00:34:50,077 --> 00:34:53,643 ඒකයි මම රැජිනව මැරුවේ, 483 00:34:54,443 --> 00:34:57,410 බලයෙන් පහ කළ කුමරියව අත්අඩංගුවට ගත්තේ. 484 00:34:57,410 --> 00:35:02,743 ඒකනේ කුමරුනි ඔබ පළිගැනීම වෙනුවට මරණය තෝරා ගත්තේ, එහෙම නේද? 485 00:35:02,743 --> 00:35:04,710 කොච්චර අනුකම්පා සහගතද. 486 00:35:19,643 --> 00:35:22,077 මේක ඔබේ අනාගත ප්‍රයෝජනයට තියාගන්න. 487 00:35:22,077 --> 00:35:23,943 වම් අමාත්‍යවරයා වැටුනහම, 488 00:35:23,943 --> 00:35:26,277 මව් රැජින බලය අල්ලගන්න එක 489 00:35:26,277 --> 00:35:28,910 නවත්වන්න ඔබට ඔබේම ආයුධයක් ඕන වේවි. 490 00:35:28,910 --> 00:35:30,680 මට සමාවෙන්න 491 00:35:30,680 --> 00:35:33,410 මේ වෙනුවෙන්, පියාණෙනි. 492 00:35:33,410 --> 00:35:35,177 මෙහෙට එන්න. 493 00:35:36,543 --> 00:35:38,822 දැන් මොකක්ද මේ කියන්නේ? 494 00:35:38,822 --> 00:35:40,577 මේ... 495 00:35:40,577 --> 00:35:44,110 ඔබ ගිහින් භාර වෙන්න ඕනේ. 496 00:35:45,243 --> 00:35:48,210 ඇමතිවරුන් ඉස්සරහා ඔබව විනිශ්චය කළොත්, 497 00:35:48,210 --> 00:35:50,343 ඔටුන්න හිමි කුමාරයා ගැන තියෙන සමලිංගික කටකතා නැතිවෙලා යාවි. 498 00:35:50,343 --> 00:35:52,410 ඔබ දැන් ගියොත් මහරජතුමා 499 00:35:52,410 --> 00:35:55,677 අනුකම්පා කරලා ඔබව වහලියක් විතරක් කරාවි. 500 00:35:58,010 --> 00:36:01,710 ඔබ දන්නවා මේකෙන් කුමරුනි ඔබට ලොකු වේදනාවක් දැනෙනවා කියලා, 501 00:36:01,710 --> 00:36:04,910 නමුත් වෙන කරන්න දෙයක් නෑ. 502 00:36:04,910 --> 00:36:08,543 මම ඔබේ සිරුර නැවත ඔබට ලබා දෙන්නම්. 503 00:36:09,743 --> 00:36:12,343 අනික, මම කොහොමත් වහලියක්. 504 00:36:12,343 --> 00:36:16,043 ආයේ වහල්කමට යන එක මට ගාණක් නෑ. 505 00:36:19,610 --> 00:36:23,243 බොරියොන්ග් සහ හන්යාන්ග් අතර මම රෑ දවල් නැතුව දිව්වා. 506 00:36:23,243 --> 00:36:24,643 අහුවෙයි කියලා බයෙන් හිටියේ, 507 00:36:24,643 --> 00:36:26,843 ඒත් තාමත් 508 00:36:26,843 --> 00:36:28,877 මගේ කයට වඩා හිත වද වින්දා. 509 00:36:28,877 --> 00:36:30,810 ඔබ ජීවිත කාලෙම මේ විදියට ජීවත් වෙන්න ඇති. 510 00:36:30,810 --> 00:36:32,454 නමුත් 511 00:36:32,454 --> 00:36:34,710 ඇත්තටම දුක හිතෙන්න තරම් දෙයක් නැද්ද? 512 00:36:34,710 --> 00:36:36,710 ඇයි මේ තරම් මෝඩ? 513 00:36:39,043 --> 00:36:40,843 මම වෙන මොනවා කරන්නද? 514 00:36:41,477 --> 00:36:45,477 ඔබ මාව භාර නොදුන්නොත්, ඔබ වම් අමාත්‍යවරයාට එරෙහි වුනොත්, 515 00:36:45,477 --> 00:36:47,810 ඔවුන් කියනවා ඔටුන්න හිමි කුමරියගේ පළිගැනීමයි 516 00:36:47,810 --> 00:36:50,510 ඔබේ මුළු අනාගතයයි ඔක්කොම විනාශ වෙයි කියලා. 517 00:36:51,910 --> 00:36:56,410 කුමරුනි, මම දන්නවා හැම මොහොතකම ඔබට කොහොමද දැනෙන්නේ කියලා. 518 00:36:56,410 --> 00:36:59,343 මම ඒක හීනෙන් දැකලා තියෙනවා. 519 00:36:59,343 --> 00:37:02,677 මම කොහොමද ඔබේ අනාගතය විනාශ කරන්නේ? 520 00:37:14,010 --> 00:37:15,643 අඬන්න එපා 521 00:37:15,643 --> 00:37:17,377 ඔය වගේ මූණක් හදාගෙන. 522 00:37:36,810 --> 00:37:38,443 මම කිව්වනේ අඬන්න එපා කියලා. 523 00:37:38,443 --> 00:37:40,277 මම මේක විසඳන්නම්. 524 00:37:43,943 --> 00:37:45,643 ඒ නිසා අඬන එක නවත්තන්න, 525 00:37:45,643 --> 00:37:46,643 හරිද? 526 00:37:46,643 --> 00:37:51,477 ඔබ කොහොමද මේක විසඳන්නේ? 527 00:37:56,877 --> 00:37:58,710 අශිෂ්ඨ සටනක්. 528 00:38:13,343 --> 00:38:15,377 ඇයි ඔබ මෙතන? 529 00:38:16,110 --> 00:38:18,210 මොකද මේ කරන්නේ? 530 00:38:18,210 --> 00:38:21,277 මම ආවේ ඔබව වම් අමාත්‍යවරයා ළඟට එක්කන් යන්න. 531 00:38:21,277 --> 00:38:22,910 මොකක්? 532 00:38:30,410 --> 00:38:33,910 කොහොමද ඔවුන් මෙච්චර එක වගේ වුනේ? 533 00:38:33,910 --> 00:38:35,782 මොන තරම් බරපතල පාපයක්ද 534 00:38:35,782 --> 00:38:38,610 මම මේ කළේ? 535 00:38:38,610 --> 00:38:41,543 ගැහැණියක් නපුංසකයෙක් විදියට වෙස්වලාගෙන මාලිගාවට ඇතුල් වුනා. 536 00:38:41,543 --> 00:38:45,110 රාජ්‍ය මහා නීති සංග්‍රහයට අනුව, 537 00:38:45,110 --> 00:38:48,677 දඬුවම කස පහර 100ක්, පිටුවහල් කිරීම සහ බරපතල වැඩ. 538 00:38:48,677 --> 00:38:51,043 නීතිය බොහොම ක්‍රමානුකූල බව පේනවා. 539 00:38:52,343 --> 00:38:54,043 තේරුණා. 540 00:38:54,043 --> 00:38:55,977 එහෙනම් මම නීතිය අනුගමනය කරන්නම්. 541 00:38:55,977 --> 00:38:59,142 මොකද මම මේ පූජනීය මාලිගාවේ 542 00:38:59,142 --> 00:39:01,543 ලොකු වංචාවක් කළානේ. 543 00:39:02,243 --> 00:39:04,443 මට කොහොමත් ගහලා මරාවි, 544 00:39:04,443 --> 00:39:07,143 නමුත් මම එක ප්‍රශ්නයක් අහන්නද? 545 00:39:07,143 --> 00:39:11,643 ප්‍රභූවරයෙක් කාන්තාවකට අතවර කළොත් නැත්නම් බලහත්කාරකම් කළොත් 546 00:39:11,643 --> 00:39:13,877 ලැබෙන දඬුවම මොකක්ද? 547 00:39:13,877 --> 00:39:18,210 රාජ්‍ය මහා නීති සංග්‍රහයේ ඒ ගැන කොටසක් තියෙනවා. 548 00:39:18,210 --> 00:39:20,210 ඒකේ මොකක්ද කියලා තියෙන්නේ? 549 00:39:24,043 --> 00:39:26,310 මේ... 550 00:39:26,310 --> 00:39:28,577 නීතියට අනුව, කාන්තාවන්ට බලහත්කාරකම් කිරීම 551 00:39:28,577 --> 00:39:32,310 හෝ ලිංගික අවමන් කිරීම වැනි ලිංගික අපචාර සඳහා 552 00:39:32,310 --> 00:39:34,110 වේවැල් පහර 50 සිට 80 දක්වාත්, 553 00:39:34,110 --> 00:39:36,577 කස පහර 80 සිට 100 දක්වාත් ලැබෙනවා. 554 00:39:36,577 --> 00:39:39,610 ඒ වගේම, ප්‍රභූවරුන් පිටුවහල් කිරීමට හෝ තනතුරෙන් පහ කිරීමට ලක්වෙනවා. 555 00:39:39,610 --> 00:39:41,210 රාජකීයයන් හෝ උසස් නිලධාරීන් නම්, 556 00:39:41,210 --> 00:39:44,243 රාජකීය නියෝගයෙන් මරණ දඬුවම දෙන්න පුළුවන්. 557 00:39:44,243 --> 00:39:48,410 නීති නිලධාරියෙක් නීති සංග්‍රහය නොදන්න එක කොච්චර ලැජ්ජාවක්ද? 558 00:39:48,410 --> 00:39:49,643 ඇත්තෙන්ම කණගාටුදායකයි. 559 00:39:49,643 --> 00:39:51,510 ආ, එහෙමද? 560 00:39:51,510 --> 00:39:54,410 එහෙනම් මම එක පැමිණිල්ලක් කරන්නම්. 561 00:39:54,410 --> 00:39:56,377 ඔතන ඉන්න මාණ්ඩලික අමාත්‍යවරයා 562 00:39:56,377 --> 00:39:58,810 දොන්හ්වාමුන් දොරටුව ළඟදී මට ප්‍රසිද්ධියේ අතවර කරලා 563 00:39:58,810 --> 00:40:00,610 මගේ ඇඳුම් ලිහුවා. 564 00:40:00,610 --> 00:40:03,610 නීතියට අනුව ඒක පිළිගන්න පුළුවන්ද? 565 00:40:04,510 --> 00:40:05,577 නෑ! 566 00:40:05,577 --> 00:40:08,110 මේක විකාරයක්. මොන බොරුවක්ද! 567 00:40:09,743 --> 00:40:12,277 නුඹ අර බඩු උස්සන කෙනා නේද? 568 00:40:15,677 --> 00:40:18,643 ඔබ කොහොමද මේක විසඳන්නේ? 569 00:40:20,610 --> 00:40:22,243 අශිෂ්ඨ සටනක්. 570 00:40:25,243 --> 00:40:27,943 මම දැක්කා. 571 00:40:27,943 --> 00:40:30,277 මම මගේ ඇස් දෙකෙන්ම ඒක පැහැදිලිවම දැක්කා. 572 00:40:30,277 --> 00:40:32,743 වම් අමාත්‍යතුමනි, ඒක නෙමෙයි... මම කියන්නේ... 573 00:40:32,743 --> 00:40:36,477 මාණ්ඩලික අමාත්‍යවරයා කොහොමද මෙච්චර නිර්ලජ්ජිත විදියට ගෑණු පස්සේ යන්නේ? 574 00:40:36,477 --> 00:40:37,843 කිසිම විලිලැජ්ජාවක් නෑ. 575 00:40:37,843 --> 00:40:39,543 එහෙම නම්, හමුදා පාලනය භාරව ඉන්න 576 00:40:39,543 --> 00:40:41,177 ආරක්ෂක අමාත්‍යවරයාට, 577 00:40:41,177 --> 00:40:44,377 හමුදාවේ සලාක වංචා කරන එකත් සාධාරණයි කියලා හිතෙනවා ඇති නේද? 578 00:40:44,377 --> 00:40:45,410 ඔය බඩ දිහා බලන්නකෝ. 579 00:40:45,410 --> 00:40:47,277 ඕක හැදිලා තියෙන්නේ හොරකම් කරපු කෑම වලින්. 580 00:40:47,277 --> 00:40:49,443 මොන පදනම් විරහිත චෝදනාවක්ද ඒ? 581 00:40:49,443 --> 00:40:51,210 සලාක හොරකම් කළේ මුදල් අමාත්‍යවරයා. 582 00:40:51,210 --> 00:40:53,777 මම කළේ හමුදා නිදහස් කිරීමේ ලිපි විකුණපු එක විතරයි... 583 00:40:53,777 --> 00:40:57,143 ඇයි මාව මේකට පටලව ගන්නේ? 584 00:40:57,143 --> 00:40:58,977 මම විතරද මෙතන ඉන්න එකම හොරා? 585 00:40:58,977 --> 00:41:03,677 සෝල් නුවර මහේස්ත්‍රාත් ගන්න අල්ලස් වලින් සූදු කෙළිනවා නේද? 586 00:41:03,677 --> 00:41:05,210 සූදුවද ප්‍රශ්නේ? 587 00:41:05,210 --> 00:41:08,143 ශාස්ත්‍රකාරයොන්ටයි දේවාලවලටයි පගාව දෙනවාට වඩා ඒක හොඳයි. 588 00:41:08,143 --> 00:41:11,910 ප්‍රධාන විද්වතා ඔය වගේ හැසිරෙනකොට, නව-කොන්ෆියුසියානු දහම පවා අඬාවි. 589 00:41:11,910 --> 00:41:14,410 නෑ, මේ... 590 00:41:23,410 --> 00:41:24,998 දැන්, 591 00:41:24,998 --> 00:41:26,810 ඔබලා ඉවරද? 592 00:41:30,877 --> 00:41:34,610 පාපයක් නොකරපු කෙනෙක් පමණක් මට ගල් ගහන්න. 593 00:41:34,610 --> 00:41:38,743 හොඳයි, ඒක සාධාරණයි වගේ. 594 00:41:38,743 --> 00:41:43,477 ඔව්, මේ රට කාබාසිනියා කරන මීයන්ව අපි අයින් කරන්න ඕනේ. 595 00:41:43,477 --> 00:41:47,577 මේ මාලිගාවේ ඉන්න හැම දූෂිත ඇමතිවරයෙක්වම මම හෙළිදරව් කරලා දඬුවම් දෙනවා. 596 00:41:47,577 --> 00:41:51,243 වම් අමාත්‍යතුමනි. වම් අමාත්‍යතුමනි. 597 00:41:51,243 --> 00:41:57,043 ඒ නිසා කුමරුනි, පළමුව අද පාක් දල්-යි හට දඬුවම් කරන්න. 598 00:42:01,510 --> 00:42:04,477 ඔබට ඇය ගැන දුකක් තියෙනවා නම්, මම ඇයව රජයේ වහලියක් කරනවා 599 00:42:04,477 --> 00:42:07,243 ඇගේ ජීවිතේ බේරගන්න නම්. 600 00:42:07,243 --> 00:42:10,177 කස පහර 100කින් කොහොමත් ඇය මැරෙයි. 601 00:42:10,177 --> 00:42:12,710 ඒ වෙනුවට, ඇයව ගොඩක් ඈතකට යවන්න. 602 00:42:12,710 --> 00:42:15,210 ඇයව ජේජු දූපතේ වහලියක් කරන්න. 603 00:42:15,210 --> 00:42:16,877 ජේජු දූපත? 604 00:42:16,877 --> 00:42:17,943 රජයේ වහලියක්? 605 00:42:17,943 --> 00:42:19,610 වම් අමාත්‍යතුමනි, ඒක ඔබටත් හොඳයි. 606 00:42:19,610 --> 00:42:21,977 ළඟදීම රජ පවුලේ මාමණ්ඩිය වෙන්න ඉන්න ඔබ, 607 00:42:21,977 --> 00:42:23,577 මේ කෙල්ල කස පහර කාගෙන මැරුණොත්, 608 00:42:23,577 --> 00:42:26,110 මිනිස්සු කිරුළ හිමි ආර්යාවට දිගටම හිනා වේවි. 609 00:42:26,110 --> 00:42:29,077 කරුණාකරලා, අඩුම තරමේ කිරුළ හිමි ආර්යාවගේ ගෞරවයවත් රකින්න. 610 00:42:29,077 --> 00:42:31,677 කුමරුනි, ජේජු දූපතට? 611 00:42:31,677 --> 00:42:32,843 රජයේ වහලියක්? 612 00:42:32,843 --> 00:42:34,777 අණ දෙන්න, කුමරුනි. 613 00:42:34,777 --> 00:42:38,177 කටකතා නවත්වන්න පුළුවන් ඔබතුමාගේ සෘජු දඬුවමකට විතරයි. 614 00:42:38,177 --> 00:42:39,810 කුමරුනි. 615 00:42:41,143 --> 00:42:43,210 වම් අමාත්‍යවරයාට එරෙහි වෙන්න එපා. 616 00:42:43,210 --> 00:42:45,877 ඔබ වෙනුවෙන් මැරුණු රැජින, මගේ මාමණ්ඩිය, 617 00:42:45,877 --> 00:42:48,210 ඒ වගේම බලයෙන් පහ කළ ඔටුන්න හිමි කුමරිය ගැන හිතන්න. 618 00:42:53,543 --> 00:42:55,177 පාක්... 619 00:42:56,643 --> 00:42:59,443 පාක් දල්-යිව 620 00:42:59,443 --> 00:43:01,077 ජේජු දූපතට යවන්න... 621 00:43:01,743 --> 00:43:02,977 රජයේ වහලියක් විදියට... 622 00:43:02,977 --> 00:43:06,710 මව් බිසව සැපත්වනව! 623 00:43:25,277 --> 00:43:27,210 කරුණාකරලා මේ දරුවා නිදහස් කරන්න. 624 00:43:27,210 --> 00:43:31,243 ගෞරවයෙන් කියන්නේ, මේක මව් බිසවගේ ප්‍රශ්නයක් නෙමෙයි. 625 00:43:31,243 --> 00:43:32,510 නෑ. 626 00:43:32,510 --> 00:43:34,710 මේක මගේ ප්‍රශ්නයක්. 627 00:43:34,710 --> 00:43:37,977 මේ කෙල්ල අයිති මට. 628 00:43:40,377 --> 00:43:42,010 ඒක මට දෙන්න. 629 00:43:45,977 --> 00:43:47,643 මොකද මේ කරන්නේ? 630 00:43:49,410 --> 00:43:51,710 මම ඉපදුණු දවසේ ඉඳන් කුමාරයා වෙනුවෙන් සේවය කළා. 631 00:43:51,710 --> 00:43:53,377 කුමාරයා නිසා කවුරුහරි මැරුණොත්, 632 00:43:53,377 --> 00:43:55,577 එතුමාට කවදාවත් හිත හදාගන්න බැරි වෙයි. 633 00:43:55,577 --> 00:43:57,577 එතුමා එච්චර නපුරු මනුස්සයෙක් නෙමෙයි. 634 00:43:57,577 --> 00:43:59,243 ඕක මට දෙන්න. 635 00:43:59,977 --> 00:44:01,543 දැන් යන්න. 636 00:44:01,543 --> 00:44:04,977 මේක අරගෙන ගිහින් මව් රැජිනගෙන් ඉල්ලන්න. 637 00:44:04,977 --> 00:44:07,443 එතකොට කුමාරයාට රිදෙන එකක් නෑ... 638 00:44:27,077 --> 00:44:29,043 මට අනුකම්පා කරන්න, මව් බිසවුනි. 639 00:44:29,043 --> 00:44:32,710 මමයි පාක් දල්-යිව නපුංසකයෙක් විදියට මාලිගාවට ගෙනාවේ. 640 00:44:32,710 --> 00:44:36,443 සින්ජුසා පන්සලේදී ඔටුන්න හිමි කුමාරයාගේ ජීවිතේ බේරගත්ත නිසා 641 00:44:36,443 --> 00:44:38,877 මම හිතුවේ ඇයව මාලිගාවේ පාලිකාවක් කරන්න, 642 00:44:38,877 --> 00:44:41,810 නමුත් පස්සේ මට මතක් වුනා ප්‍රධාන පාලිකාව කොහොමද 643 00:44:41,810 --> 00:44:43,910 හේතුවක් නැතුව සේවිකාවන් ගොඩක් එළියට දැම්මේ කියලා. 644 00:44:44,577 --> 00:44:47,143 මේ කෙල්ල මියගිය කුමරියට සමාන නිසා. 645 00:44:47,143 --> 00:44:49,777 ඇයව අනිවාර්යයෙන්ම එළියට දාන බව පැහැදිලියි, 646 00:44:49,777 --> 00:44:52,643 මම ඇයට පොඩි උදව්වක් කළා විතරයි. 647 00:44:52,643 --> 00:44:54,406 ඔබ කොහොමද, 648 00:44:54,406 --> 00:44:56,210 රජ පවුලේ වැඩිහිටියෙක් වෙලා ඉඳගෙන 649 00:44:56,210 --> 00:44:59,177 මාලිගාවේ නීති මෙච්චර සැහැල්ලුවට ගන්නේ? 650 00:44:59,177 --> 00:45:01,387 රෙගුලාසි? 651 00:45:01,387 --> 00:45:02,910 අපූරුයි. 652 00:45:02,910 --> 00:45:06,377 එදා, විවාහ චාරිත්‍රවත් ඉවර නොකරපු කිරුළ හිමි ආර්යාව 653 00:45:06,377 --> 00:45:10,843 වාර්තා කරන්නේ නැතුව කුමාරයාගේ කුටිය ඇය විසින්ම ඇරියා. 654 00:45:10,843 --> 00:45:15,277 එහෙනම්, කිරුළ හිමි ආර්යාවටත් අර දූෂිත නිලධාරීන්ටත් 655 00:45:15,277 --> 00:45:17,977 හැමෝටම එක වගේ දඬුවම් ලැබෙන්න ඕනේ. 656 00:45:19,377 --> 00:45:21,643 අපි එකින් එක 657 00:45:21,643 --> 00:45:24,573 වැරදි විමසා 658 00:45:24,573 --> 00:45:27,043 බලමුද? 659 00:45:41,543 --> 00:45:42,777 මව්රැජිනියනි . 660 00:45:42,777 --> 00:45:46,443 මම ජීවත් වී සිටින තාක් ඔබේ කරුණාව කිසිදා අමතක කරන්නේ නැහැ. 661 00:45:48,877 --> 00:45:50,510 අමතක නොකළොත් හොඳයි. 662 00:45:50,510 --> 00:45:52,910 ඇය දැනට මාලිගාවේ පාලිකාවක් වුවත්, 663 00:45:52,910 --> 00:45:56,010 ඉක්මනින්ම ඇයව රාජකීය උප බිසවක් බවට පත් කරන්න. 664 00:45:56,010 --> 00:45:57,610 කුමක් කීවාද? 665 00:46:00,243 --> 00:46:03,177 රාජකීය උප බිසවක්? ඒක විකාරයක්. 666 00:46:03,177 --> 00:46:04,677 විකාරයක් යැයි කීවාද? 667 00:46:04,677 --> 00:46:06,610 මොන විකාර කතාවක්ද මේ? 668 00:46:06,610 --> 00:46:09,077 මම තවම කිරුළ හිමි ආර්යාව සමඟ විවාහ මංගල්‍යයවත් සිදු කර නැහැ. 669 00:46:09,077 --> 00:46:12,143 මම කොහොමද ඊට කලින් උප බිසවක් පත් කර ගන්නේ? 670 00:46:12,143 --> 00:46:14,877 ඒ වගේම, ඇය දැන් මාලිගාවේ පාලිකාවක්. 671 00:46:14,877 --> 00:46:18,077 මම රජතුමාගේ උදහසට ලක් වෙයි කියලා බියෙන් ඉන්නේ. 672 00:46:18,077 --> 00:46:21,443 පිරිමියෙකුට ඔහොම බියක් තියෙන්න හොඳ නැහැ. 673 00:46:22,077 --> 00:46:24,810 එක් ඔටුන්න හිමි කුමරියක් අහිමි වුණා මදිද ඔබට? 674 00:46:24,810 --> 00:46:28,277 වම් අමාත්‍යවරයා අතින් මේ කෙල්ලත් මැරෙන්න අරින්නද ඔබ හදන්නේ? 675 00:46:29,343 --> 00:46:32,177 ඔටුන්න හිමි කුමරිය ගැන හරිම කණගාටුයි. 676 00:46:32,177 --> 00:46:36,343 ඇය මෙවැනි බියගුලු මිනිසෙකුට හිත දීලා මේ ලෝකෙන් යන්න ගියානේ. 677 00:46:41,010 --> 00:46:44,877 මව්බිසවුනි, ඔබතුමිය සීමාව ඉක්මවා යනවා. 678 00:46:44,877 --> 00:46:48,110 මම අන්තඃපුරයේ ඉන්න වයසක ගැහැනියක් වෙන්න පුළුවන්, 679 00:46:48,110 --> 00:46:51,343 නමුත් තාමත් මේ රටේ අන්තඃපුරය මෙහෙයවන්නේ මමයි. 680 00:46:52,010 --> 00:46:54,377 මම කියන දේ කරනවා! 681 00:47:24,177 --> 00:47:25,843 ඔබ මෙය උත්සාහ කර බැලීමට කැමතිද? 682 00:47:25,843 --> 00:47:28,577 මේකෙන් ඔයාගේ ඇඟට උණුසුම් බවක් වගේම 683 00:47:28,577 --> 00:47:30,643 ප්‍රබෝධයක් දැනෙයි. 684 00:48:39,810 --> 00:48:41,510 මොකක්ද ඒකේ තේරුම? 685 00:48:41,510 --> 00:48:43,743 එතකොට, ඒ කතාව පැතිරුවේ වූ හී නෙවෙයිද? 686 00:48:43,743 --> 00:48:46,577 ඇයි හදිස්සියේම කිරුළ හිමි ආර්යාව ගැන කතා කරන්නේ? 687 00:48:46,577 --> 00:48:48,410 ඒක පැතිරුවේ ප්‍රධාන පාලිකාවගේ ලේලියයි. 688 00:48:48,410 --> 00:48:51,143 වූ හීගේ ගෙදර යෝ රී තමයි එහෙම කිව්වේ. 689 00:48:51,143 --> 00:48:52,877 ඕක මට දෙන්න. 690 00:48:57,243 --> 00:49:01,110 අපි ආයේ කවදාවත් හමු නොවී ඉමු. 691 00:49:01,843 --> 00:49:03,577 දැන් මට... 692 00:49:03,577 --> 00:49:05,777 ඇත්තටම තවත් ඔබව දරාගන්න බැහැ. 693 00:49:07,443 --> 00:49:09,510 මම මොනවද කළේ... 694 00:49:23,477 --> 00:49:25,657 මව්රැජිණිය 695 00:49:25,657 --> 00:49:27,377 හරිම සැරයි. 696 00:49:27,377 --> 00:49:31,677 හරියට නිකන් ඔබව උප බිසෝ තනතුරට පත් කළා වගේනේ. 697 00:49:32,643 --> 00:49:35,077 ඒ නිසයි ඇය මගේ ජීවිතේ බේරුවේ. 698 00:49:39,343 --> 00:49:41,443 වම් ආරක්ෂක නිලධාරියාගෙන් මට ආරංචි වුණා 699 00:49:41,443 --> 00:49:44,743 ඔබ රාජද්‍රෝහී චෝදනා එල්ල කරනවා කියලා ඇයට තර්ජනය කළා කියලා. 700 00:49:44,743 --> 00:49:46,177 තව මොනවද තියෙන්නේ? 701 00:49:46,177 --> 00:49:48,843 ඇයි? ඔබ මොනවද කිව්වේ? 702 00:49:48,843 --> 00:49:50,177 ඔබ හිතුවද මට තර්ජනය කළාම 703 00:49:50,177 --> 00:49:52,977 මම බය වෙයි කියලා? 704 00:49:52,977 --> 00:49:56,877 මම ඒක ප්‍රතික්ෂේප කළොත්, එතැනින් ඒක ඉවරයි. 705 00:49:56,877 --> 00:50:00,343 ඔබතුමිය ඒක ප්‍රතික්ෂේප කළොත්, ලෝකයා ඔබව විශ්වාස කරයි. 706 00:50:00,343 --> 00:50:05,410 ඒත් ඔබතුමියට, ඔබවම රවටා ගන්න බැහැනේ. 707 00:50:05,410 --> 00:50:08,077 මම හදන්නේ ඔබතුමියට තර්ජනය කරන්න නෙවෙයි. 708 00:50:08,077 --> 00:50:10,677 මම මගේ ප්‍රයෝජනවත් බව ඔප්පු කරනවා විතරයි. 709 00:50:11,643 --> 00:50:15,977 මේ බෙහෙත් බඳුන දිහා නෙවෙයි, මේක ගෙනාපු මම දිහා බලන්න. 710 00:50:17,577 --> 00:50:21,443 ඔබ මේ තරම් වැදගත් දෙයක් ගෙනාවා. 711 00:50:21,443 --> 00:50:24,998 ඒ කියන්නේ ඔබ දැන් ඔටුන්න හිමි කුමාරයාට 712 00:50:24,998 --> 00:50:26,502 ඒ තරම් සමීපද? 713 00:50:26,502 --> 00:50:28,210 එහෙමයි. 714 00:50:29,543 --> 00:50:32,610 ඔටුන්න හිමි කුමාරයා එහෙම කිව්වද? 715 00:50:32,610 --> 00:50:34,918 එතුමා කිව්වද 716 00:50:34,918 --> 00:50:36,643 'මම ඔබ ගැන හිතනවා' කියලා? 717 00:50:36,643 --> 00:50:39,610 එතුමා තාම ඒක වචනයෙන් කියලා නැහැ. 718 00:50:41,243 --> 00:50:43,910 නමුත් එතුමාට පැහැදිලිවම 719 00:50:43,910 --> 00:50:45,943 පාක් දල් ඊ ගැන හැඟීමක් තියෙනවා... 720 00:50:45,943 --> 00:50:48,277 මම කිව්වේ 721 00:50:48,277 --> 00:50:50,118 ඔටුන්න හිමි කුමාරයා 722 00:50:50,118 --> 00:50:51,810 පාක් දල් ඊ ට කැමතියි කියලා. 723 00:50:57,910 --> 00:50:59,443 පොඩ්ඩක් ඉන්න. 724 00:50:59,443 --> 00:51:03,110 තමන්ගේ දුක කියන්න තරම් එතුමා ඇයව විශ්වාස කරනවා. 725 00:51:03,110 --> 00:51:05,343 ඒ වගේම ඔවුන් එකම කුටියෙත් ඉඳලා තියෙනවා. 726 00:51:05,343 --> 00:51:09,777 එහෙනම්, ඇයි තාමත් ඇයව උප බිසවක් කර ගත්තේ නැත්තේ? නිකම්ම නිකන් උප බිසවක්නේ. 727 00:51:09,777 --> 00:51:12,510 සමහර විට අර කාරණාව නිසා වෙන්න පුළුවන්ද? 728 00:51:12,510 --> 00:51:14,910 ඒ කියන්නේ? මේ කාලේ තරුණ ළමයි 729 00:51:14,910 --> 00:51:16,910 ආදරේදි හරියට කඹ අදිනවා වගේනේ. 730 00:51:16,910 --> 00:51:19,010 ඇයි හදිස්සියේම කඹේ අදින්නේ? 731 00:51:19,010 --> 00:51:22,943 ඇත්ත කඹ නෙවෙයි, හැඟීම් එහා මෙහා කරන එක ගැන මම කියන්නේ. 732 00:51:22,943 --> 00:51:25,543 ආදරේදි කරන සෙල්ලමක්නේ ඒක, ඈත් කරනවා, 733 00:51:25,543 --> 00:51:29,610 නැති වෙයි කියලා හිතෙනකොට ආයේ ළං කර ගන්නවා. 734 00:51:29,610 --> 00:51:33,110 මම එහෙම කිව්වේ ජීවත් වෙන්න, බේරෙන්න ඕන නිසා. 735 00:51:33,110 --> 00:51:35,277 ජීවිතේ අනතුරේ තියෙනකොට කවුද මොනවා නොකරන්නේ? 736 00:51:35,277 --> 00:51:38,243 කවුද ඒක විනිශ්චය කරන්නේ? 737 00:51:38,243 --> 00:51:40,443 කැමතිද අකමැතිද කියලා කෙළින් කියන්න එපායැ! 738 00:51:40,443 --> 00:51:43,743 මොකක්ද මේ ඇල්මැරුණු ස්වභාවය? 739 00:51:43,743 --> 00:51:44,903 අපොයි. 740 00:51:44,903 --> 00:51:47,410 මේ කාලේ තරුණ ළමයි 741 00:51:47,410 --> 00:51:50,810 හරියට දුක් විඳලා නැහැ වගේ. 742 00:51:52,810 --> 00:51:55,677 ඉන්න, මම ඔයාව උප බිසවක් කර ගත්තේ නැත්නම්, 743 00:51:55,677 --> 00:51:58,577 මව්රැජිණ... 744 00:51:58,577 --> 00:52:00,510 එතුමිය සමහර විට 'මාව' මරලා දාන්නත් ඉඩ තියෙනවා. 745 00:52:01,977 --> 00:52:03,643 ආ. 746 00:52:07,610 --> 00:52:10,310 ඇත්තටම සැනසීම ලැබෙන්න ඕනේ මටයි. 747 00:52:10,310 --> 00:52:13,810 කිරුළ හිමි ආර්යාවගේ ඉඳලා වම් අමාත්‍යවරයා සහ මහ රැජින දක්වා. 748 00:52:13,810 --> 00:52:15,810 භයානක අය කොච්චර ඉන්නවාද? 749 00:52:15,810 --> 00:52:18,910 දැන් මට තමයි මේ ඔක්කොගෙන්ම බේරිලා ඉන්න වෙලා තියෙන්නේ. 750 00:52:22,443 --> 00:52:23,833 කුමරුනි, 751 00:52:23,833 --> 00:52:25,310 ඔබ මේ 752 00:52:25,310 --> 00:52:26,310 රාජකීය විවාහය 753 00:52:26,310 --> 00:52:28,610 සිදු කරන්න එපා. 754 00:52:28,610 --> 00:52:31,610 බය වෙන්න එපා. 755 00:52:31,610 --> 00:52:32,743 මංගල්‍යයට කලින් මගේ ශරීරය ආපහු ලැබෙයි. 756 00:52:32,743 --> 00:52:35,710 කොහොමත් එතකොට ඒක ලැබෙන්නම ඕනේ. 757 00:52:37,077 --> 00:52:39,710 අපි ආයේ මාරු වුණත්, මේ විවාහය අවලංගු කරන්න. 758 00:52:42,343 --> 00:52:43,677 මොන විකාරයක්ද... 759 00:52:43,677 --> 00:52:46,543 තමන්ගේ පපුවට වෙඩි තියපු කාන්තාවක්ව විවාහ කරගන්න එකේ තේරුමක් නැහැ. 760 00:52:46,543 --> 00:52:48,977 ඒ වගේම මේක නිසා මගේ ජීවිතේ අනතුරේ දාගන්න එකත් මෝඩකමක්. 761 00:52:48,977 --> 00:52:52,910 මේ ඔක්කොම තේරුමක් නැති දේවල්, ඒ නිසා මංගල්‍යය අවලංගු කරන්න. 762 00:52:58,310 --> 00:53:01,010 මේ විවාහය කැඩුණොත්, 763 00:53:01,010 --> 00:53:02,977 වම් අමාත්‍යවරයා මාව මරන්න හදයි. 764 00:53:02,977 --> 00:53:05,126 කියනවානේ 765 00:53:05,126 --> 00:53:08,710 හොඳම ආරක්ෂාව තමයි පහර දීම කියලා. 766 00:53:10,543 --> 00:53:12,943 අපිට ගහන්න කලින් අපි ගහන්න ඕනේ. 767 00:53:12,943 --> 00:53:16,043 ඇයි එකපාරටම ඔහොම බලන් ඉන්නේ? 768 00:53:16,043 --> 00:53:19,977 ග්යේසා අවුරුද්දේ සිද්ධිය සහ ඔබතුමන්ගේ පළිගැනීම. 769 00:53:19,977 --> 00:53:21,910 මමත් එකතු වෙනවා ඔබතුමන්ගේ පළිගැනීමට. 770 00:53:22,977 --> 00:53:25,143 ඔබතුමාගේ ශරීරය දැන් තියෙන්නේ මට. 771 00:53:25,143 --> 00:53:29,110 ඒ නිසා මේ පළිගැනීමෙන් භාගයක් මටත් අයිතියි. 772 00:53:34,977 --> 00:53:38,443 ඔබ අණ කළ විදියටම, මම පාක් දල් ඊ ගැන හෙව්වා. 773 00:53:38,443 --> 00:53:40,910 බොර්යොං පාක් වෙළඳ පොළ වහලා දාලා. 774 00:53:40,910 --> 00:53:44,043 ප්‍රධාන නායකයා සහ ඔහුගේ පවුලේ අය හැංගිලා. 775 00:53:44,043 --> 00:53:45,743 මේක ඔටුන්න හිමි කුමාරයාගේ අණක්ද? 776 00:53:45,743 --> 00:53:47,377 ඇත්තටම, 777 00:53:47,377 --> 00:53:50,143 මේක සූදානම් කළේ හියෝ ඕක් මහත්තයා. 778 00:53:50,877 --> 00:53:52,110 ඇයි එයා එහෙම කළේ? 779 00:53:52,110 --> 00:53:54,246 කට්ටිය කියනවා පාක් දල් ඊ කියන්නේ 780 00:53:54,246 --> 00:53:56,643 හියෝ ඕක් මහත්තයාගේ බිරිඳගේ ලේලිය කියලා. 781 00:53:57,377 --> 00:53:59,877 දෙමාපියන් දෙන්නම නැති වෙලා ජීවත් වෙන්න අරගල කරනකොට, 782 00:53:59,877 --> 00:54:04,277 හියෝ මහත්තයා තමයි ඇයව බොර්යොං වෙළඳ පොළේ බඩු උසුලන්නියක් කළේ. 783 00:54:18,977 --> 00:54:21,277 මොකද මේ කරන්නේ? 784 00:54:22,143 --> 00:54:24,243 ස්තූතියි මහත්තයෝ. 785 00:54:24,243 --> 00:54:28,443 මේ කෙල්ල ලොකු වෙනකම් මම ආරක්ෂා කරන්න එපායැ, වෙන මොනවා කරන්නද? 786 00:54:28,443 --> 00:54:30,077 මම යනවා. 787 00:54:40,643 --> 00:54:45,543 මට තහවුරු කර ගන්න දෙයක් තියෙනවා, ඒකට මට ඔයාගේ උදව් ඕනේ. 788 00:54:50,304 --> 00:54:52,518 [රාජකීය ඇඳුම් ආයිත්තම් කුටිය] 789 00:54:55,810 --> 00:54:57,877 ඔයා නොගිහින් හිටියා නම් හොඳයි. 790 00:54:57,877 --> 00:54:59,510 ඒක ගොඩක් භයානකයි. 791 00:55:01,243 --> 00:55:04,577 ඒත් අපි දන්නේ නැහැ අපේ ශරීර කවදා ආපහු මාරු වෙයිද කියලා. 792 00:55:04,577 --> 00:55:07,077 අපිට නිකම්ම බලන් ඉන්න බැහැනේ. 793 00:55:07,077 --> 00:55:08,277 ඒ වුණාට... 794 00:55:08,277 --> 00:55:12,010 ගණිකා නිවාසයක ඉඳන් මොන වගේ පළිගැනීමක් කරන්නද? 795 00:55:12,010 --> 00:55:15,843 සිහියක් නැතිව ගණිකා නිවාස වල යන ඔටුන්න හිමි කුමාරයෙක්. 796 00:55:15,843 --> 00:55:19,277 වම් අමාත්‍යවරයාගේ ඇස් වහන්න ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවද? 797 00:55:19,277 --> 00:55:21,577 මේක හරියන්නේ නැහැ. 798 00:55:28,777 --> 00:55:30,950 මම හදන සැලැස්මේ 799 00:55:30,950 --> 00:55:33,610 කැත පෙනුමකට ඉඩක් නැහැ. 800 00:55:38,177 --> 00:55:40,177 දඟලන්නේ නැතුව ඉන්න. 801 00:56:12,877 --> 00:56:14,510 හරි. 802 00:56:22,543 --> 00:56:24,043 ඇයි? 803 00:56:24,043 --> 00:56:25,542 මොකද? 804 00:56:28,677 --> 00:56:30,543 පිටිපස්සේ උල් කෑල්ලක් තියෙනවා. 805 00:56:35,210 --> 00:56:37,277 කුමරුනි. 806 00:56:37,277 --> 00:56:39,310 කුමරුනි. කුමරුනි. 807 00:56:39,310 --> 00:56:41,510 අයියෝ. මම හොඳටම බය වුණානේ. 808 00:56:41,510 --> 00:56:45,443 ඇයි හැම තිස්සෙම මමම මේවා දකින්නේ? 809 00:56:45,443 --> 00:56:47,243 හරිම කරදරයක්නේ මේක. 810 00:56:47,243 --> 00:56:48,477 ඇත්තටම මාර කරදරයක්. 811 00:56:48,477 --> 00:56:50,977 සේ දොල්. 812 00:56:50,977 --> 00:56:53,077 ඔය හිතන විදියේ දෙයක් නෙවෙයි, සේ දොල්. 813 00:56:53,077 --> 00:56:54,143 සේ දොල්. 814 00:56:54,143 --> 00:56:56,843 ඇයි අර මෝඩයා දැන්ම මෙතනට ආවේ? 815 00:56:58,743 --> 00:57:00,143 කුමරුනි. 816 00:57:00,143 --> 00:57:01,710 අපිට අද යන්න ලැබෙන්නේ නැහැ. 817 00:57:01,710 --> 00:57:02,843 මොන විකාරයක්ද මේ? 818 00:57:02,843 --> 00:57:05,310 ජේ වූන් කුමාරයා අසනීපෙන්ලු. 819 00:57:09,077 --> 00:57:10,110 උතුමාණෙනි. 820 00:57:10,110 --> 00:57:13,543 ඔබට හැමදාම මේක මඟ හරින්න බැහැ. 821 00:57:14,243 --> 00:57:17,477 රාජකීය විවාහයට දවස් 50කටත් වඩා අඩුවෙන් තියෙද්දි, 822 00:57:17,477 --> 00:57:20,410 එතකම් බලන් ඉන්න එක හොඳ නැද්ද? 823 00:57:27,277 --> 00:57:29,977 ඒත් ඇයි ජේ වූන් කුමාරයා පළිගන්න හදන්නේ? 824 00:57:29,977 --> 00:57:31,843 එයාට කිරුළ හිමි ආර්යාව එක්ක සම්බන්ධයක් තියෙනවා නේද? 825 00:57:31,843 --> 00:57:37,077 වම් අමාත්‍යවරයා ජේ වූන් කුමාරයාගේ මවට ග්යේසා අවුරුද්දේ සිද්ධියට සම්බන්ධයි කියලා 826 00:57:37,077 --> 00:57:40,310 බොරු චෝදනා කළ නිසා තමයි මේ හැම දෙයක්ම පටන් ගත්තේ. 827 00:57:40,310 --> 00:57:42,410 'ෂෙන්' විෂ කුමන්ත්‍රණය හංගන්න ඕන නිසා. 828 00:57:42,410 --> 00:57:45,210 අර මෝඩයා එයාගේ පවුලත් එක්ක පැටලුණාද? 829 00:57:45,843 --> 00:57:48,377 අනේ, අපේ අහිංසක ජේ වූන් කුමාරයා. 830 00:57:48,377 --> 00:57:50,943 මේක කොච්චර වේදනාත්මක ඇද්ද. 831 00:57:50,943 --> 00:57:54,143 ඒයි, ඔයා කවදාවත් මගේ වේදනාව ගැන ඔය විදියට හිතලා තියෙනවද? 832 00:57:54,143 --> 00:57:55,310 එයාගේ දුක විතරද වටින්නේ? 833 00:57:55,310 --> 00:57:57,710 එතකොට මගේ දුක? 834 00:57:58,543 --> 00:58:00,377 මට හැමදාම රෑට ඔයාගේ වේදනාව දැනෙනවා. 835 00:58:00,377 --> 00:58:02,110 ඔයාගේ හීන වලදි. 836 00:58:10,977 --> 00:58:12,677 මල් සපත්තු දාගෙන, 837 00:58:12,677 --> 00:58:16,443 නිදහසේ ඇවිදින්න පුළුවන් ජීවිතයක්. 838 00:58:24,577 --> 00:58:26,110 ආයුබෝවන්. 839 00:58:26,110 --> 00:58:27,710 මේ ජෝඩුවයි 840 00:58:28,543 --> 00:58:29,543 මේ ජෝඩුවයි දෙකම ලස්සනයි. 841 00:58:29,543 --> 00:58:31,743 මේ ජෝඩුවයි අර ජෝඩුවයි දෙකම දෙන්න. 842 00:58:45,710 --> 00:58:48,910 මේ විදියට ඇඳගත්තම ඔයා ඇත්තටම ලස්සනයි. 843 00:58:48,910 --> 00:58:50,510 මම ඒක පිළිගන්නවා. 844 00:58:51,977 --> 00:58:55,477 මේ මොකක්ද මේ? 845 00:58:55,477 --> 00:58:58,510 ඉතින්, මේ වගේ හොඳ ඇඳුම් ඇන්දම, 846 00:58:58,510 --> 00:59:01,277 මම පේන්නේ වංශවත් තරුණ කාන්තාවක් වගේනේ. 847 00:59:01,277 --> 00:59:03,410 ෂා, ඇත්තටම ලස්සනයි. 848 00:59:05,610 --> 00:59:07,610 කෙළින් බලන්න. 849 00:59:14,810 --> 00:59:17,043 ඔයා කොච්චර ලස්සනද. 850 00:59:17,043 --> 00:59:19,577 ඔයා කොච්චර වටිනවද. 851 00:59:28,743 --> 00:59:30,243 ඉතින්, තේරුණාද? 852 00:59:30,243 --> 00:59:31,943 ආයේ කවදාවත් ඔයා මෙහෙකාරියක් වෙනවා කියලවත්, 853 00:59:31,943 --> 00:59:34,477 ඔයා ගැන නොහිතා 854 00:59:34,477 --> 00:59:37,277 අනිත් අය ගැන හිතනවා කියලවත් කියන්න එපා, හරිද? 855 00:59:39,410 --> 00:59:42,277 අයියෝ. 856 00:59:42,277 --> 00:59:43,277 ඔයා අද ගොඩක් ලස්සනයි. 857 00:59:43,277 --> 00:59:46,210 මේ වගේ දවසක ඔයා පින්තූරයක් ඇඳගන්නම ඕනේ. 858 00:59:46,210 --> 00:59:48,743 මගේ මල්ලි ඔතනම ළඟ පින්තූර අඳිනවා. 859 00:59:48,743 --> 00:59:50,943 එයාට පුදුම හැකියාවක් තියෙන්නේ. 860 00:59:50,943 --> 00:59:52,643 ඔයා අද ඇඳුම් ගොඩක් ගත්ත නිසා, 861 00:59:52,643 --> 00:59:54,310 මම ඔයාට දෙනවා 862 00:59:54,310 --> 00:59:56,710 සියයට 30ක විශේෂ වට්ටමක්. 863 01:00:00,243 --> 01:00:03,010 එන්නකෝ, නිකන් දෙනවා වගේනේ... 864 01:00:03,010 --> 01:00:04,910 ඕක අමතක කරන්න, අපි යමු. 865 01:00:04,910 --> 01:00:06,343 අපි අඳිමු. 866 01:00:06,343 --> 01:00:09,110 අද මම ලස්සනයිනේ. 867 01:00:09,110 --> 01:00:11,243 හරි, එහෙනම් එන්නකෝ. 868 01:00:11,243 --> 01:00:13,610 [පින්තූරයක කොටස් හතරක්] 869 01:00:17,277 --> 01:00:19,077 මොකද මේ කරන්නේ? 870 01:00:19,077 --> 01:00:21,377 තව ළං වෙන්න! 871 01:00:24,377 --> 01:00:27,943 අ... අඳින්න පටන් ගන්නකෝ. 872 01:00:27,943 --> 01:00:31,243 මේ කොළේ පොඩි වැඩි, මම කිව්වනේ මේක හරියන්නේ නෑ කියලා. 873 01:00:31,243 --> 01:00:33,410 කොළේ ප්‍රමාණයයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? 874 01:00:33,410 --> 01:00:34,710 මේකනේ, 875 01:00:34,710 --> 01:00:38,577 කොළේ පොඩි වුණාම, 876 01:00:38,577 --> 01:00:40,243 අපිට කරන්න දෙයක් නෑනේ? 877 01:00:40,243 --> 01:00:43,010 ඔව්, කොළේ පොඩි වුණාම 878 01:00:43,010 --> 01:00:45,443 සංයුතිය සීමා වෙනවා, නේද? 879 01:00:48,743 --> 01:00:50,143 දැන් පටන් ගමු. 880 01:00:50,143 --> 01:00:52,377 ඉක්මනට ඉවර වෙයි. 881 01:01:02,110 --> 01:01:04,043 දෙවෙනි ඉරියව්වට යමු. 882 01:01:09,510 --> 01:01:13,410 අනේ, ඔය දෙන්නා හරිම තද වෙලානේ ඉන්නේ. 883 01:01:13,410 --> 01:01:15,477 මෙන්න මෙහෙමයි. 884 01:01:15,477 --> 01:01:17,243 ඔහොම ඉන්න. 885 01:01:21,110 --> 01:01:24,043 තුන්වෙනි එකට, ආර්යාව... ලස්සනට හිනා වෙන්නකෝ. 886 01:01:24,043 --> 01:01:26,677 ම... මමද? මම සාමාන්‍යයෙන් කලබල වෙන්නේ නෑ, ඒත්... 887 01:01:26,677 --> 01:01:27,877 තේරුණා. 888 01:01:27,877 --> 01:01:30,277 මේ මම ගැන, මම ගැන කියන්නේ. 889 01:01:30,277 --> 01:01:31,610 මේ මොන විකාරයක්ද? 890 01:01:31,610 --> 01:01:33,710 එන්න, මට ලොකු හිනාවක් දෙන්නකෝ. 891 01:01:33,710 --> 01:01:36,843 ෂා, හරිම ලස්සනයි. 892 01:01:36,843 --> 01:01:39,777 තරුණ ආර්යාව හිනා වෙද්දී බැබලෙනවා. 893 01:01:40,577 --> 01:01:43,977 අන්තිම එකට, දෙන්නම... පුළුවන් තරම් ලොකුවට හිනා වෙන්න. 894 01:01:54,177 --> 01:01:56,277 හරිම අලංකාරයි. 895 01:01:56,277 --> 01:01:59,743 හරියටම අල්ල ගත්තා. 896 01:02:01,350 --> 01:02:03,430 ආහ්, හරිම අපූරුයි! 897 01:02:07,610 --> 01:02:10,577 ඔයාගේ නාස් පුඩු පවා දැනෙන්නේ දිව්‍යමය විදියට. 898 01:02:10,577 --> 01:02:11,577 කලබල කරන්න එපා. 899 01:02:11,577 --> 01:02:14,477 සුවඳ බලලා කියන්නකෝ. මේක හොදයිද, නැත්තම් හොද නැද්ද කියලා. 900 01:02:28,243 --> 01:02:29,843 හොද නෑ නෙවෙයි. 901 01:02:29,843 --> 01:02:33,310 ඔව්. 902 01:02:35,810 --> 01:02:39,910 කොච්චර අපූරු සුවඳක්ද. 903 01:02:39,910 --> 01:02:44,310 මිනිහෙක් මරන්න පුළුවන් තරම් සුවඳක්. 904 01:02:44,310 --> 01:02:46,477 ඔයා මේ භයානක දෙයක් විකුණනවා නෙවෙයිනේ, නේද? 905 01:02:46,477 --> 01:02:48,843 අපෝ නෑ, කවදාවත් නෑ. 906 01:02:48,843 --> 01:02:51,543 මේක සුවඳ විලවුන් හදන අයගේ රැකියාවේ හැටි. 907 01:02:51,543 --> 01:02:54,510 හැමදාම සැර සුවඳ සහ දුම ආඝ්‍රාණය කරන නිසා 908 01:02:54,510 --> 01:02:57,410 පෙනහළු නරක් වෙනවා. 909 01:02:58,077 --> 01:03:02,477 තමන් විනාශ වෙනවා නම් ඇයි දිගටම මේක කරන්නේ? 910 01:03:02,477 --> 01:03:04,277 මුදල් ප්‍රශ්නද? 911 01:03:04,277 --> 01:03:08,710 නිකන්ම ජීවත් වෙන්න ඕන නිසා කවුද තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ? 912 01:03:08,710 --> 01:03:10,910 අපි ආදරය කරන දේවල් අපි රැකගන්නවා. 913 01:03:10,910 --> 01:03:14,377 මගේ නෝනා සුවඳ දුම් වලට ආසයි, ඉතින් එයා එයාගේ තැන රැකගන්නවා. 914 01:03:14,377 --> 01:03:18,610 මම එයාට ආදරෙයි, ඉතින් මම එයා ළඟින් ඉන්නවා. 915 01:03:19,443 --> 01:03:23,043 අවුරුදු හතළිහක් තිස්සේම එහෙමයි. 916 01:03:23,043 --> 01:03:26,810 ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳගේ හීනය රැකගන්න ඕනේ. එහෙම නොකළොත් මොකද වෙන්නේ? 917 01:03:26,810 --> 01:03:28,910 මම වටිනා දේවල් ආරක්ෂා කරනවා. 918 01:03:28,910 --> 01:03:31,577 මම වෙන මොනවා කරන්නද? 919 01:03:40,310 --> 01:03:42,343 වාව්. 920 01:03:46,077 --> 01:03:49,077 මේ මොනවද? 921 01:03:49,077 --> 01:03:50,643 හරිම ලස්සනයි. 922 01:03:50,643 --> 01:03:52,910 මේක බලන්නකෝ. 923 01:04:12,743 --> 01:04:15,977 කිලිටි පොළවට වැටිලා... 924 01:04:15,977 --> 01:04:17,543 කිලිටි? විකාරයක්නේ! 925 01:04:17,543 --> 01:04:18,677 මේක හරිම අපූරුයි. 926 01:04:18,677 --> 01:04:20,610 අපූරුයි? 927 01:04:20,610 --> 01:04:22,477 මිනිස්සු කියනවා වසන්තය හිම දිය කරවනවා කියලා, 928 01:04:22,477 --> 01:04:24,110 ඒත් මේ මිනිස්සුමයි 929 01:04:26,343 --> 01:04:28,243 මල් පෙති අතුගා දමන්නේ. 930 01:04:28,243 --> 01:04:30,943 මේකට සල්ලි සහ ශ්‍රමය යනවා. 931 01:04:31,943 --> 01:04:33,510 ඇයි මේ කරදර වෙන්නේ? 932 01:04:33,510 --> 01:04:37,077 ගොඩ ගැහුණු මල් පෙති මට දැනෙන්නේ හරිම සනීපෙට. 933 01:04:37,710 --> 01:04:40,243 මල් පෙතිනේ ගොඩ ගැහෙන්නේ, ඇයි ඔයාට සනීපයක් දැනෙන්නේ? 934 01:04:40,243 --> 01:04:42,110 කතාවට කියනවනේ දූවිලි එකතු වෙලා කන්දක් වෙනවා කියලා, 935 01:04:42,110 --> 01:04:44,610 ඉතින් මල් පෙති එකතු වුණාම සතුට ගේනවා. 936 01:04:44,610 --> 01:04:46,310 ඔබට හිතෙන්නේ නැද්ද 'ගොඩ ගැසෙනවා' කිව්වම 937 01:04:46,310 --> 01:04:50,410 පුංචි පුංචි ආශීර්වාද එකතු වෙලා 938 01:04:50,410 --> 01:04:53,377 අවසානයේ සතුට අනිවාර්යයෙන්ම ලැබෙනවා වගේ කියලා? 939 01:05:15,277 --> 01:05:16,910 මාගේ උතුමාණෙනි! 940 01:05:45,010 --> 01:05:48,543 ඔවුන් කියනවා මේ සුවඳ නින්ද යන්න උදව් වෙනවා කියලා. 941 01:05:48,543 --> 01:05:50,610 මට නිකන් ස්තූති කරන්න ඕන වුණා. 942 01:06:08,710 --> 01:06:11,043 ඔබ මුලින් මාළිගාවට යන්න. 943 01:06:54,677 --> 01:06:56,143 ඔබ මොකද කරමින් හිටියේ? 944 01:06:56,143 --> 01:06:59,243 මම හිම වැටෙන සද්දේ අහගෙන හිටියා. 945 01:06:59,243 --> 01:07:04,410 හිම වගේ එකතු වෙන ඒ පුංචි ආශීර්වාද, 946 01:07:04,410 --> 01:07:07,510 කවදාහරි සතුට අරගෙන එයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? 947 01:07:12,643 --> 01:07:14,710 ඔබේ අත දෙන්න. 948 01:07:26,810 --> 01:07:28,510 මෙන්න. 949 01:07:28,510 --> 01:07:30,910 මේ අද දවසේ පුංචි ආශීර්වාදය. 950 01:07:40,310 --> 01:07:42,677 ඒක ඇත්තටම ලස්සනයි. 951 01:07:44,510 --> 01:07:46,343 මම ඇත්තටමයි කිව්වේ. 952 01:07:52,677 --> 01:07:55,777 වෙන ගැහැනියක් දිහා බලන් ඉද්දි මට හිනා ගියා. 953 01:07:56,677 --> 01:07:58,943 මට සතුටක් විඳින්න හිතුණා. 954 01:07:59,910 --> 01:08:02,077 ලැජ්ජාවක් නැතුව. 955 01:08:07,110 --> 01:08:10,010 ඔබට මට සමාව දෙන්න පුළුවන්ද, මොකද 956 01:08:13,210 --> 01:08:15,343 ඇය හුඟක් ඔබ වගේ. 957 01:08:15,343 --> 01:08:23,477 ♫ මම ඔබේ රුව අඳිනවා, එය හැඩයක් නොගත්තත් ♫ 958 01:08:40,010 --> 01:08:41,877 මොකක්ද මේ... 959 01:08:43,077 --> 01:08:44,643 ඔබ ඇයි මේක කරන්නේ? 960 01:08:44,643 --> 01:08:47,643 මාව ලිහන්න. 961 01:08:47,643 --> 01:08:49,443 ඔයාගේ ශක්තිය නාස්ති කරගන්න එපා. 962 01:08:49,443 --> 01:08:52,243 බෙහෙතේ සැර තාම තියෙනවා. 963 01:08:52,243 --> 01:08:54,110 මේ වම් ඇමතිවරයාද? 964 01:08:55,577 --> 01:08:57,710 එයාද ඔබට මාව මරන්න අණ කළේ? 965 01:08:57,710 --> 01:08:59,810 මම නම් කැමති එහෙම කරනවා නම් තමයි. 966 01:08:59,810 --> 01:09:01,410 ඒත් එයාට යමක් තහවුරු කරගන්න ඕන කිව්ව නිසා, 967 01:09:01,410 --> 01:09:04,943 මම පොඩි සලකුණක් විතරක් තියන්නම්, මරන්නේ නෑ. 968 01:09:07,077 --> 01:09:08,510 වඳ භාවයට පත් කරන බෙහෙතක්. 969 01:09:08,510 --> 01:09:11,643 රජකමට උරුමක්කාරයෙක් බිහි කරන එක විතරයි ඔයාගේ වටිනාකම. 970 01:09:11,643 --> 01:09:13,077 ඔයාට ඒක නැති වුණු ගමන්, 971 01:09:13,077 --> 01:09:16,577 මහා රැජින ඔයාව මුලින්ම මරලා දායි. 972 01:09:19,077 --> 01:09:21,310 එපා. මට යන්න දෙන්න. 973 01:09:21,310 --> 01:09:22,943 මාව අතාරින්න. 974 01:09:22,943 --> 01:09:24,743 නවත්තන්න. මාව අතාරිනවා! 975 01:09:24,743 --> 01:09:26,377 මාව අතාරිනවා! 976 01:09:33,377 --> 01:09:35,810 මල් සපත්තු දාගෙන ඔයා කවුරු කියලාද හිතන් ඉන්නේ? 977 01:09:35,810 --> 01:09:37,477 ඕවා පුච්චලා දානවා. 978 01:09:44,543 --> 01:09:46,598 ඒක නිකන්ම හීනයක් කියලා 979 01:09:46,598 --> 01:09:48,677 කියන්න බැරි තරම් ලොකුයි. 980 01:09:49,610 --> 01:09:52,043 පිදුරු සෙරෙප්පු වලින් එහා ගිය, 981 01:09:52,043 --> 01:09:53,943 මල් සපත්තු දාගත්ත ජීවිතයක්. 982 01:09:53,943 --> 01:09:58,577 මම දුවන එක නවත්තලා අන්තිමේදී 983 01:09:58,577 --> 01:10:01,243 මගේම කියලා පවුලක් හදාගන්න ජීවිතයක්. 984 01:10:06,477 --> 01:10:08,077 කෙළෙහිගුණ නොදන්න... 985 01:10:12,177 --> 01:10:13,777 නුඹට කොහොමද පුළුවන්! 986 01:10:23,243 --> 01:10:24,510 මොකද මේ කරන්නේ? 987 01:10:24,510 --> 01:10:26,443 අල්ලගන්නවා ඔය කෙල්ලව ආයෙත්. 988 01:10:37,443 --> 01:10:39,177 නුඹ! 989 01:10:47,543 --> 01:10:49,143 ඒ කෙල්ල... 990 01:11:02,610 --> 01:11:05,010 ඒ... ඒ නපුරු කෙල්ල! 991 01:11:05,010 --> 01:11:09,010 සපත්තු ජෝඩුවක් වෙනුවෙන් ගිනි කබලෙන් අත් පුච්චගන්නවා... 992 01:11:36,210 --> 01:11:38,043 මෙතන නෙවෙයි. 993 01:11:39,610 --> 01:11:41,510 නුඹට සිහි නැති වෙනවා නම්, 994 01:11:43,310 --> 01:11:45,710 ආරක්ෂිත තැනක සිහි නැති වෙයන්. 995 01:11:56,643 --> 01:12:00,343 මහ පාරේ ඉන්න වංචාකාරයෝවත් මේ විදිහට මිනිස්සුන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ. 996 01:12:00,343 --> 01:12:02,043 එක වෙලාවකට ඔයා උණුසුම් වසන්ත සුළඟක් වගේ, 997 01:12:02,043 --> 01:12:04,643 ඊළඟ මොහොතේ ඔයා සීතල සුළඟක් වෙනවා. 998 01:12:04,643 --> 01:12:06,677 ඉතින් මට දුක හිතෙන එක සාධාරණයිනේ, නේද? 999 01:12:06,677 --> 01:12:08,710 ඔයාටත් දැන් මාව එපා වෙලාද? 1000 01:12:08,710 --> 01:12:10,510 දැන් ඔයත් මට පිටුපානවද? 1001 01:12:10,510 --> 01:12:13,377 කොහෙද යන්නේ? මම තාම කතා කරලා ඉවර නෑ. 1002 01:12:13,377 --> 01:12:16,277 මන්ග් දොක්. 1003 01:12:16,277 --> 01:12:18,277 මන්ග් දොක්. 1004 01:12:18,277 --> 01:12:20,043 මන්ග් දොක්. 1005 01:12:22,710 --> 01:12:24,743 මන්ග් දොක්. 1006 01:12:24,743 --> 01:12:26,377 මන්ග් දොක්. 1007 01:12:27,710 --> 01:12:30,010 කොහෙද යන්නේ? 1008 01:12:37,710 --> 01:12:38,910 මන්ග් දොක්! 1009 01:12:38,910 --> 01:12:40,510 අනේ දෙවියනේ, මම බය වුණානේ! 1010 01:12:44,010 --> 01:12:45,643 උතුමාණෙනි? 1011 01:12:48,910 --> 01:12:50,510 උතුමාණෙනි! 1012 01:12:51,210 --> 01:12:53,943 මේ මොකද වුණේ? 1013 01:12:53,943 --> 01:12:56,390 ඇයි මේ සපත්තු දාගෙන නැත්තේ? 1014 01:12:56,390 --> 01:12:58,743 ඔයා මේවා වස්තුවක් වගේ තුරුල් කරගෙන ඉන්නේ? 1015 01:13:01,110 --> 01:13:03,543 පාවහන් නැතුව ඇවිදිනවද? 1016 01:13:03,543 --> 01:13:05,743 මේ මොන විකාරයක්ද... 1017 01:13:05,743 --> 01:13:08,610 ඇයි ඔයාගේ අත් වලට මෙහෙම වුණේ? 1018 01:13:14,943 --> 01:13:17,877 ඔයා කිව්වා නේද මල් සපත්තු දාන එක ඔයාගේ හීනය කියලා? 1019 01:13:17,877 --> 01:13:20,810 දැන් ආයෙත් ඔයා ඒ ගැන හිත හිතා ඉන්නවද? 1020 01:13:22,177 --> 01:13:26,043 ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳගේ හීනය රැකගන්න ඕනේ. එහෙම නොකළොත් මොකද වෙන්නේ? 1021 01:13:26,043 --> 01:13:27,843 මම වටිනා දේවල් ආරක්ෂා කරනවා. 1022 01:13:27,843 --> 01:13:30,510 මම වෙන මොනවා කරන්නද? 1023 01:13:31,243 --> 01:13:32,923 ඔයා 1024 01:13:33,670 --> 01:13:35,643 මේ මල් සපත්තු දාගන්න. 1025 01:13:36,977 --> 01:13:39,334 මම වෙන්නම් 1026 01:13:39,334 --> 01:13:41,343 පාවහන් නැතුව දුවන කෙනා. 1027 01:13:43,243 --> 01:13:45,210 මොන විකාරයක්ද... 1028 01:13:49,110 --> 01:13:50,710 දැන්, 1029 01:13:53,377 --> 01:13:55,877 මට තව දුරටත් බොරු කරන්න බෑ. 1030 01:14:09,877 --> 01:14:11,743 උතුමාණෙනි. 1031 01:14:11,743 --> 01:14:14,810 උතුමාණෙනි. 1032 01:14:19,177 --> 01:14:21,177 උතුමාණෙනි. 1033 01:14:23,210 --> 01:14:26,243 දැන්, මේ ගැහැණු ළමයා ඉන්නේ මගේ ඇඟ ඇතුලේ, 1034 01:14:28,710 --> 01:14:30,710 ඒ වගේම හඳ පායනවා 1035 01:14:33,010 --> 01:14:35,043 මගේ හදවතේ. 1036 01:14:41,067 --> 01:14:44,167 [ මූන් රිවර් ] 1037 01:15:01,910 --> 01:15:05,277 අනේ නෑ. කරුණාකරලා, සිහිය ගන්නකෝ! 1038 01:15:05,277 --> 01:15:06,943 ඉතින්, මේකයි අපේ ඇඟවල් මාරු වුණේ. 1039 01:15:06,943 --> 01:15:08,377 ඔයා වෙනුවට මට රිදෙන්න ඉඩ තිබුණා. 1040 01:15:08,377 --> 01:15:12,610 බලයෙන් පහ කරපු ඔටුන්න හිමි කුමරියට සමාන ඒ මූණ මාව කේන්ති ගස්සනවා. 1041 01:15:12,610 --> 01:15:13,710 එයාව අයින් කරලා දාන්න. 1042 01:15:13,710 --> 01:15:16,710 ඔයාට දල්-යි ව ආරක්ෂා කරන්න බෑ. 1043 01:15:16,710 --> 01:15:19,543 දැන් ඉඳන්, මමයි ඔයාගේ පළිහ. 1044 01:15:19,543 --> 01:15:21,077 මගේ පස්සට වෙලා හැංගෙන්න. 1045 01:15:21,077 --> 01:15:25,343 උතුමාණෙනි, ඔබ දිගටම මේ විදිහට හැසිරෙනකොට, ඒක මට නොලැබෙන දේවල් ගැන බලාපොරොත්තු ඇති කරනවා. 1046 01:15:25,343 --> 01:15:27,510 උතුමාණෙනි, ඔබ මට කැමතිද? 1047 01:15:27,534 --> 01:15:29,534 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜