1
00:00:08,900 --> 00:00:10,170
2
00:00:10,170 --> 00:00:11,460
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜
3
00:00:11,460 --> 00:00:13,167
4
00:00:13,167 --> 00:00:16,888
[අවසාන කොටස: දෛවය ජයගත් ආදරය]
5
00:00:27,767 --> 00:00:29,367
එන්න මාත් එක්ක හැප්පෙන්න.
6
00:00:37,267 --> 00:00:39,200
බයගුල්ලා.
7
00:00:42,100 --> 00:00:44,600
ඔයාලට පුදුම වාසනාවක් තියෙන්නේ.
8
00:00:45,367 --> 00:00:47,767
මම මේ ශරීරයෙන් ඉන්න වෙලාවේ මාව මුණගැහුණ එක ගැන.
9
00:00:52,800 --> 00:00:55,400
එහෙම නැත්නම්, ඔයාලා හැමෝම මේ වෙනකොටත් ඉවරයි...
10
00:00:55,400 --> 00:00:57,167
එහෙම නැතිවෙන්නත් පුළුවන්.
11
00:00:57,167 --> 00:01:00,633
මම යටත් වෙනවා, මම යටත් වෙනවා. දැන් සතුටුද?
12
00:01:22,200 --> 00:01:24,600
මේ වෙලාව වෙනකම් කවුරුවත් අහුවෙලා නැති නිසා,
13
00:01:24,600 --> 00:01:26,333
හැමෝම ආරක්ෂිතයි වගේ.
14
00:01:26,333 --> 00:01:30,200
කඳුකර බලකොටුවේ පිහිටීම හෙළි වෙලා.
අපි උතුමාණන්ට දැනුම් දෙන්න ඕනේ නේද?
15
00:01:30,200 --> 00:01:32,467
ඉස්සෙල්ලම, අපේ කඳවුර ගම්මානයට ගෙනියන්න.
16
00:01:32,467 --> 00:01:34,867
රාජකීය විවාහයෙන් පස්සේ මමම ඒ ගැන වාර්තා කරන්නම්.
17
00:01:34,867 --> 00:01:36,467
තේරුණා.
18
00:01:43,512 --> 00:01:45,688
නිකන් ඉන්නවා! අතාරිනවා!
19
00:01:56,200 --> 00:01:57,833
නායකතුමනි.
20
00:02:05,900 --> 00:02:07,600
බලකොටුව වට කරලා!
21
00:02:07,600 --> 00:02:08,600
නායකයාව හොයාගන්න!
22
00:02:08,600 --> 00:02:10,367
හරි. හරි.
23
00:02:32,667 --> 00:02:35,267
ඔයාලා ඔක්කොම දැන් ඉවරයි...
24
00:02:57,267 --> 00:02:58,833
උතුමාණනි.
25
00:02:58,833 --> 00:03:01,067
මොකද මේ වෙන්නේ?
26
00:03:02,633 --> 00:03:05,600
අපි මේ රාජකීය විවාහය නවත්වන්න ඕනේ.
27
00:03:05,600 --> 00:03:07,600
රාජකීය වෙදැදුරුතුමාව කැඳවන්න.
28
00:03:07,600 --> 00:03:10,267
මහරජතුමනි! මහරජතුමනි!
29
00:03:10,267 --> 00:03:12,767
ගැන්ග්, ගැන්ග්.
30
00:03:12,767 --> 00:03:14,667
වෙදැදුරුතුමාව කැඳවන්න.
31
00:03:14,667 --> 00:03:16,633
වෙදැදුරුතුමාව කැඳවන්න!
32
00:03:25,567 --> 00:03:27,200
ගැන්ග්.
33
00:03:29,833 --> 00:03:31,933
උතුමාණනි, ඔබට ප්‍රශ්නයක් නැහැ නේද?
34
00:03:31,933 --> 00:03:33,633
ඔබට අමාරු නැහැ නේද?
35
00:03:36,967 --> 00:03:38,867
මහරජතුමනි.
36
00:03:40,733 --> 00:03:43,320
දේශද්‍රෝහී කිම් හන් චොල්ව අත්අඩංගුවට ගන්න,
37
00:03:43,320 --> 00:03:45,767
ඔහු ග්යේසා වර්ෂයේදී හිටපු රජතුමාවත්, ඔටුන්න හිමි කුමාරයාවත්,
38
00:03:46,533 --> 00:03:49,667
අගබිසවවත් ඝාතනය කළා!
39
00:03:50,392 --> 00:03:52,728
මොකක්ද කිව්වේ? මොකක්ද මේ වෙන්නේ?
40
00:03:52,728 --> 00:03:55,019
මොකක්ද මේ? වෙන්න බැහැ.
41
00:03:55,019 --> 00:03:57,560
ඒ කිව්ව කතාව ඇත්තද? මොකක්ද මේ සිද්ධ වෙන්නේ?
42
00:03:59,033 --> 00:04:00,952
මොකක්ද
43
00:04:00,952 --> 00:04:03,100
ඔබ මේ දැන් කරන්නේ?
44
00:04:03,100 --> 00:04:04,867
පළිගැනීමක්.
45
00:04:09,533 --> 00:04:11,433
ජේ වූන් එයි.
46
00:04:11,433 --> 00:04:13,400
එයා අනිවාර්යයෙන්ම එනවා.
47
00:04:13,400 --> 00:04:15,000
මහරජතුමනි.
48
00:04:15,667 --> 00:04:18,287
කිම් හන් චොල්ගේ කඩා වැටුණු පතල
49
00:04:18,287 --> 00:04:20,733
රා මත්පැන් හලට සම්බන්ධ වෙනවා.
50
00:04:22,133 --> 00:04:24,900
ෂෙන් කුරුළු ගුහාව පිහිටලා තියෙන
රා මත්පැන් හලට.
51
00:04:24,900 --> 00:04:28,000
හිටපු රජතුමාගේ බිසව වූ ජංජොං අගබිසවව පැහැරගෙන විත්
දශකයකට වැඩි කාලයක් සිරකර තබාගෙන සිටි බවටත්,
52
00:04:28,000 --> 00:04:29,967
ඔහු තවත් බොහෝ අපරාධ සිදු කළ බවටත්
සාක්ෂි අපට හමුවුණා.
53
00:04:29,967 --> 00:04:31,467
ඔහු පෞද්ගලික හමුදා පවත්වාගෙන ගිහින් තියෙනවා,
ව්‍යාජ මුදල් අච්චු ගහලා තියෙනවා,
54
00:04:31,467 --> 00:04:34,033
නීතිවිරෝධී ආයුධ හදලා තියෙනවා,
55
00:04:34,033 --> 00:04:35,400
ඒ වගේම පොලී ව්‍යාපාර වල සහ
56
00:04:35,400 --> 00:04:38,333
රාජධානිය පුරා මිනිස් ජාවාරම් වල නිරත වෙලා තියෙනවා.
57
00:04:40,667 --> 00:04:42,936
ඔබත් තෝරගන්නේ
58
00:04:42,936 --> 00:04:45,467
එකට විනාශ වෙන්න යන
59
00:04:45,467 --> 00:04:48,133
මේ මාර්ගයේම යන්නද?
60
00:04:51,233 --> 00:04:54,133
උතුමාණනි,උතුමාණනි.
61
00:04:55,067 --> 00:04:58,333
ඔබ ඔය පාරේ තනියම යන්න, වම් ඇමතිතුමනි.
62
00:04:58,333 --> 00:04:59,933
තනියම.
63
00:05:01,667 --> 00:05:03,300
උතුමාණනි.
64
00:05:06,933 --> 00:05:10,600
උතුමාණනි,උතුමාණනි!
65
00:05:24,167 --> 00:05:26,712
[රහස් ගිවිසුම]
66
00:05:30,900 --> 00:05:32,500
දැන් ඉතින්,
67
00:05:33,600 --> 00:05:36,533
ඔබේ කාලය ඉවරයි, වම් ඇමතිතුමනි.
68
00:05:40,867 --> 00:05:42,467
මහරජතුමනි.
69
00:05:44,000 --> 00:05:46,333
අපි අපේ යුතුකම ඉෂ්ට කළා.
70
00:06:40,000 --> 00:06:41,833
මේක රාජකීය අණක්.
71
00:06:41,833 --> 00:06:44,088
වහාම ඔය ද්‍රෝහියාව
72
00:06:44,088 --> 00:06:45,900
අත්අඩංගුවට ගන්න!
73
00:06:45,900 --> 00:06:47,992
එහෙමයි! එහෙමයි!
74
00:06:47,992 --> 00:06:49,528
අනේ දෙවියනේ!
75
00:07:03,804 --> 00:07:06,000
අනේ!
76
00:07:06,000 --> 00:07:07,640
උතුමාණන්ව ආරක්ෂා කරන්න!
77
00:07:07,640 --> 00:07:09,994
අනේ!
78
00:07:13,233 --> 00:07:14,967
එතුමාව ආරක්ෂා කරන්න!
79
00:07:52,467 --> 00:07:55,300
තුවාල වුණ අයට ප්‍රතිකාර කරන්න
වෙදැදුරන්වයි සෙබළුන්වයි ගෙන්වන්න!
80
00:07:55,300 --> 00:07:56,933
එහෙමයි, උතුමාණනි.
81
00:08:15,900 --> 00:08:17,767
අපි දැන් මොකද කරන්නේ?
82
00:08:17,767 --> 00:08:20,300
රාජකීය විවාහයයි හැමදේමයි දැන් ඉවරයි නේද?
83
00:08:20,300 --> 00:08:22,533
අපි විනාශයි.
84
00:08:22,533 --> 00:08:24,767
පාරෙන් අයින් වෙනවා. පාරෙන් අයින් වෙනවා.
85
00:08:50,233 --> 00:08:53,700
කිරුළ හිමි ආර්යාවට දීපු තනතුරු ආපහු ගන්න.
86
00:08:53,700 --> 00:08:55,833
ද්‍රෝහියාගේ දුවව අත්අඩංගුවට ගන්න.
87
00:08:55,833 --> 00:08:57,467
එහෙමයි. එහෙමයි.
88
00:08:59,400 --> 00:09:01,000
මහරජතුමනි.
89
00:09:08,600 --> 00:09:10,400
වූ හී.
90
00:09:10,400 --> 00:09:12,467
කරුණාකරලා මුකුත් කරන්න එපා.
91
00:09:12,467 --> 00:09:15,600
මම දැන් දේශද්‍රෝහියෙකුගේ දුවක්.
92
00:09:16,533 --> 00:09:18,967
ඔබ මාව බේරගන්න ඉදිරිපත් වුණොත්,
93
00:09:19,733 --> 00:09:23,033
කුමරුනි, ඔබටත් ඒ වැරැද්දට හවුල් වෙන්න සිද්ධ වෙයි.
94
00:09:23,033 --> 00:09:25,767
ඔබේ පව් ඔක්කොම මම සතුටින් බාරගන්නම්.
95
00:09:25,767 --> 00:09:27,967
දැනට පස්සට වෙන්න.
96
00:09:29,767 --> 00:09:33,100
මම කොහොමවත් ඔයාව විනාශ වෙන්න දෙන්නේ නැහැ.
97
00:09:38,567 --> 00:09:40,800
ඉන්න.
98
00:09:40,800 --> 00:09:42,900
මම ළඟදීම ඔයාව හොයාගෙන එන්නම්.
99
00:09:57,500 --> 00:09:59,133
මහරජතුමනි.
100
00:10:00,133 --> 00:10:02,600
මම මගේ කැමැත්තෙන්ම එන්නම්.
101
00:10:02,600 --> 00:10:04,600
මට ඒකට අවසර දෙන්න.
102
00:10:06,500 --> 00:10:08,133
එසේම කරන්න.
103
00:11:12,367 --> 00:11:14,833
ඔබතුමියට කොහොමද රහස් ගිවිසුම ලැබුණේ...
104
00:11:14,833 --> 00:11:17,100
වඩා වැදගත් දේ, මොකද සිද්ධ වුණේ?
105
00:11:17,100 --> 00:11:20,467
ඔබතුමිය ජීවතුන් අතර ඉන්නේ කොහොමද?
106
00:11:20,467 --> 00:11:22,933
වම් ඇමතිතුමා තමයි මාව බේරගත්තේ.
107
00:11:23,633 --> 00:11:26,067
වම් ඇමතිතුමා ඇයි එහෙම...
108
00:11:26,067 --> 00:11:27,700
ගොඩක් ඉස්සර,
109
00:11:29,833 --> 00:11:31,867
ඔහු මගේ පෙම්වතා වෙලා හිටියා.
110
00:11:35,233 --> 00:11:37,000
රහස් ගිවිසුම ගැන කියනවා නම්...
111
00:11:46,400 --> 00:11:50,567
පහුගිය අවුරුදු පහළොව පුරාවටම,
මම හිටියේ සිහියක් පතක් නැතුව.
112
00:11:50,567 --> 00:11:53,667
මොහොතකට හරි මට ආපහු සිහිය ආව පළවෙනි වතාව,
113
00:11:53,667 --> 00:11:56,700
සිද්ධ වුණේ අවුරුදු හයකට කලින්.
114
00:11:56,700 --> 00:11:59,833
ඒකට හේතුව වුණේ අර රහස් ගිවිසුමයි.
115
00:11:59,833 --> 00:12:02,267
ඔබතුමිය මොකක්ද ඒ කිව්වේ?
116
00:12:04,733 --> 00:12:07,867
සිහසුන රජතුමාට හිමිවුණා කියලා ආරංචි වුණාම,
117
00:12:07,867 --> 00:12:10,633
ඔබට කරදරයක් වෙලා කියලා මට බයක් දැනුණා.
118
00:12:13,500 --> 00:12:15,933
මාව මාලිගාවට එක්ක යන්න.
119
00:12:17,100 --> 00:12:18,867
මේ ලිපිය...
120
00:12:19,567 --> 00:12:21,867
බාධා කළාට සමාවෙන්න. යමු.
121
00:12:21,867 --> 00:12:23,500
අතාරිනවා.
122
00:12:24,667 --> 00:12:26,667
අතාරිනවා! මම කිව්වේ අතාරින්න කියලා!
123
00:12:27,900 --> 00:12:30,168
ඉතින්, මම රහස් ගිවිසුම අරගෙන
124
00:12:30,168 --> 00:12:32,833
ඔබව හොයාගෙන එන්න උත්සාහ කළා.
125
00:12:32,833 --> 00:12:36,433
ඇයට සිහිය ඇවිත් කියලා මට ආරංචි වුණා...
126
00:12:36,433 --> 00:12:38,467
ඒක ටික වෙලාවකට විතරයි තිබුණේ.
127
00:12:41,100 --> 00:12:43,500
ඇය මේකත් අරගෙන පැනලා ගියා.
128
00:12:47,600 --> 00:12:50,233
මේක හංගන්න අපි වෙන තැනක් හොයාගමු.
129
00:13:12,333 --> 00:13:13,767
ඕක මෙතනම තියන්න.
130
00:13:13,767 --> 00:13:18,133
ඔබට යම් කරදරයක් වුණොත් මේක
ලෝකයාට හෙළි කරන්න ඕනේ කියලා කිව්වා නේද?
131
00:13:18,133 --> 00:13:21,100
මෙච්චර වැදගත් දෙයක් මෙතන දාලා යන්න බැහැ.
132
00:13:24,867 --> 00:13:27,320
නුඹ ඉන්නේ
133
00:13:27,320 --> 00:13:30,500
ඇයව ආරක්ෂා කරන්න විතරයි.
134
00:13:30,500 --> 00:13:32,344
ජොසොන් වල
135
00:13:32,344 --> 00:13:36,033
මීට වඩා ආරක්ෂිත තැනක් තියෙනවද?
136
00:13:36,033 --> 00:13:40,500
එහෙම වුණත්, හරි සිහියක් නැති ස්ත්‍රියකගේ
කාමරයේ මේක තියලා යන එක...
137
00:13:41,667 --> 00:13:45,333
නුඹ වැඩකට නැති එකෙක් කියලා නුඹම පිළිගන්නවද?
138
00:13:45,333 --> 00:13:47,000
මට සමාවෙන්න.
139
00:13:47,667 --> 00:13:50,467
මම ඔබතුමාගේ අණ පිළිපදින්නම් ඇමතිතුමනි.
140
00:13:50,467 --> 00:13:52,467
නුඹට යන්න පුළුවන්.
141
00:14:01,433 --> 00:14:05,367
මම මගේ ජීවිතේ මෙතන තියලා යනවා.
142
00:14:06,100 --> 00:14:07,867
කවදාහරි දවසක,
143
00:14:09,033 --> 00:14:11,467
කරුණාකරලා නැවත මා ළඟට එන්න.
144
00:14:34,867 --> 00:14:36,600
මහරජතුමනි.
145
00:14:36,600 --> 00:14:41,100
මම යටහත්ව සමාව අයදිනවා,
නමුත් මට යමක් කියන්න තියෙනවා.
146
00:14:41,100 --> 00:14:43,733
හොඳයි, කියන්න.
147
00:14:43,733 --> 00:14:46,100
වම් ඇමතිතුමාගේ දියණිය හිටියේ නැත්නම්,
148
00:14:46,100 --> 00:14:50,367
අපිට මේ රහස් ගිවිසුම හොයාගන්නවත්
වම් ඇමතිතුමාගේ අපරාධ හෙළි කරගන්නවත් ලැබෙන්නේ නැහැ.
149
00:14:50,367 --> 00:14:52,000
ඒ නිසා,
150
00:14:53,433 --> 00:14:55,300
වූ හීට අභයදානය දෙන්න.
151
00:14:55,300 --> 00:14:56,933
අපි මැරුණා වගේ හැංගිලා ජීවත් වෙන්නම්.
152
00:14:56,933 --> 00:14:59,433
අපි කවදාවත් හිටියේ නැහැ වගේ ජීවත් වෙන්නම්.
153
00:14:59,433 --> 00:15:00,760
කරුණාකරලා
154
00:15:00,760 --> 00:15:03,867
මගේ ඉල්ලීම අහක දාන්න එපා.
155
00:15:05,600 --> 00:15:08,633
ඔබ පලා ගියොත්, ඔබට කවදාවත් ආපහු එන්න ලැබෙන්නේ නැහැ.
156
00:15:09,300 --> 00:15:11,400
ජේ වූන්.
157
00:15:11,400 --> 00:15:14,700
ඔබට තියෙන හැමදේම ඔබ අත්හරිනවා.
158
00:15:14,700 --> 00:15:17,208
අවසානයේදී, මම ආපහු යන එකම තැන,
159
00:15:17,208 --> 00:15:19,633
මම ආරක්ෂා කළ යුතු එකම කෙනා,
160
00:15:21,733 --> 00:15:23,967
ඒ ඇය විතරයි.
161
00:15:33,333 --> 00:15:35,533
ඔයාලා මාව කොහෙද එක්ක යන්නේ?
162
00:15:35,533 --> 00:15:39,200
මේ වගේ දෙයක් කරලා බේරෙන්න පුළුවන් කියලා හිතනවද?
163
00:15:42,680 --> 00:15:44,088
නුඹ.
164
00:15:44,088 --> 00:15:45,633
කට වහගන්නවා.
165
00:15:52,033 --> 00:15:53,600
කඳුකර බලකොටුව වට කරලා.
166
00:15:53,600 --> 00:15:55,500
නායකයාව හොයනවා!
167
00:15:55,500 --> 00:15:57,600
මොකද වෙන්නේ?
168
00:15:57,600 --> 00:16:00,120
පිටිපස්සේ දොරෙන් පැනගමු.
169
00:16:00,120 --> 00:16:02,528
ඈ, මොකක්ද?
170
00:16:08,800 --> 00:16:10,367
තාම වම් ඇමතිතුමාව හොයාගන්න බැරි වුණාද?
171
00:16:10,367 --> 00:16:12,033
මට සමාවෙන්න උතුමාණනි.
172
00:16:12,933 --> 00:16:14,900
ගිහින් අගනුවරින් එපිට හොයලා බලන්න.
173
00:16:14,900 --> 00:16:17,200
එහෙමයි, යමු.
174
00:16:18,467 --> 00:16:20,100
උතුමාණනි.
175
00:16:21,267 --> 00:16:23,733
ආ, ඔබ ආවද?
176
00:16:23,733 --> 00:16:25,700
නිර්නාමික අයගේ කඳුකර බලකොටුව
අපි විනාශ කළා.
177
00:16:25,700 --> 00:16:27,733
හොඳයි.
178
00:16:29,033 --> 00:16:31,267
ඒත්, දල්-යි කෝ?
179
00:16:31,267 --> 00:16:34,233
ඇය ජංජොං අගබිසව එක්ක පිටත් වුණා.
180
00:16:34,933 --> 00:16:36,633
ඇය තාම හන්යැං වලට ඇවිල්ලා නැද්ද?
181
00:16:36,633 --> 00:16:38,533
ඔබ ඇයව බලකොටුවේදී දැක්කේ නැද්ද?
182
00:16:38,533 --> 00:16:40,667
අගබිසවගේ නවාතැන වට කළේ නැද්ද?
183
00:16:40,667 --> 00:16:43,133
ඇතුලේ කවුරුවත් හිටියේ නැහැ.
184
00:16:56,267 --> 00:16:57,567
මට සමාවෙන්න.
185
00:16:57,567 --> 00:16:59,160
රහස් ගිවිසුම
186
00:16:59,160 --> 00:17:01,233
හොරා අරගෙන.
187
00:17:01,233 --> 00:17:04,133
[දොංනේ: වර්තමාන බුසාන්]
දොංනේ වලට ගිහින් අනාගතය සැලසුම් කරන්න.
188
00:17:04,133 --> 00:17:06,968
රහස් ගිවිසුම නෙවෙයි
189
00:17:06,968 --> 00:17:09,933
ඔබ ආරක්ෂා කරන්න තිබුණේ.
190
00:17:09,933 --> 00:17:12,733
කරුණාකරලා මාව මරලා දාන්න!
191
00:17:12,733 --> 00:17:15,640
අගබිසව
192
00:17:15,640 --> 00:17:17,400
මාලිගාවට ගියාද?
193
00:17:17,400 --> 00:17:21,300
එහෙමයි, මට ආරංචි වුණේ ඇය ජේ වූන් කුමාරයා එක්ක ගියා කියලා.
194
00:17:30,800 --> 00:17:32,567
දල්!
195
00:17:32,567 --> 00:17:33,600
දල්!
196
00:17:33,600 --> 00:17:34,633
ඔයා කොහෙද?
197
00:17:34,633 --> 00:17:36,933
දල්-යි! ඔයා කොහෙද?
198
00:17:36,933 --> 00:17:38,667
දල්!
199
00:17:38,667 --> 00:17:40,900
ඔයා කොහෙද?
200
00:17:40,900 --> 00:17:42,328
ඔබ කිව්වා නේද
201
00:17:42,328 --> 00:17:45,867
ගමක්සන් කන්දේ ඉඳන් හන්යැං යන කවුරු වුණත්
මේ හරහා යන්න ඕනේ කියලා?
202
00:17:45,867 --> 00:17:46,933
එහෙමයි.
203
00:17:46,933 --> 00:17:48,333
එහෙනම් ඇයි අපිට තාම ඇයව හම්බ වුණේ නැත්තේ?
204
00:17:48,333 --> 00:17:51,433
රාජකීය ආරක්ෂකයෝ දැන් හොයනවා,
ඔබට පුළුවන් නම් තව ටිකක් ඉන්න...
205
00:17:51,433 --> 00:17:53,600
මේ අතරතුර දල්-යිට
මොකක් හරි කරදරයක් වුණොත් එහෙම!
206
00:17:53,600 --> 00:17:56,300
උතුමාණනි, මට සමාවෙන්න.
207
00:17:57,200 --> 00:17:59,033
වෙලාවක් නැහැ.
208
00:17:59,033 --> 00:18:01,100
අපිට වෙලාව මදි.
209
00:18:01,100 --> 00:18:03,067
මට දල්-යිව හොයාගන්න ඕනේ.
210
00:18:22,833 --> 00:18:24,733
කරුණාකරලා නවතින්න, උතුමාණනි.
211
00:18:24,733 --> 00:18:26,900
මම කොහොමද නවතින්නේ?
212
00:18:26,900 --> 00:18:29,267
දල්-යි තනියම ගොඩක් බය වෙලා ඇති.
213
00:18:29,267 --> 00:18:31,333
දල්-යි තනියම ගොඩක් බය වෙලා ඇති.
214
00:18:31,333 --> 00:18:33,733
උතුමාණනි, අනේ!
215
00:18:33,733 --> 00:18:36,433
කරුණාකරලා මාව මරලා දාන්න.
216
00:18:36,433 --> 00:18:39,267
මට ඔටුන්න හිමි කුමරියව ආරක්ෂා කරගන්න බැරි වුණා.
217
00:18:45,133 --> 00:18:47,233
මේ හැමදේම මගේ වැරැද්ද.
218
00:18:47,933 --> 00:18:50,733
මට ආයෙත් වතාවක් දල්-යිව ආරක්ෂා කරගන්න බැරි වුණා.
219
00:18:50,733 --> 00:18:52,967
ආයෙත් වතාවක්...
220
00:18:52,967 --> 00:18:55,567
මම දල්-යිව මරණය අද්දරටම තල්ලු කළා.
221
00:19:00,767 --> 00:19:02,367
උතුමාණනි.
222
00:19:03,167 --> 00:19:05,233
වම් ඇමතිතුමා සෝයිමුන් දොරටුව කඩාගෙන ඇතුළු වුණාලු.
223
00:19:05,233 --> 00:19:06,833
ඒ වගේම...
224
00:19:07,667 --> 00:19:09,833
කියන්න.
225
00:19:09,833 --> 00:19:11,700
ඔහු ප්‍රාණ ඇපයට අරගෙන තියෙන්නේ
226
00:19:12,367 --> 00:19:14,900
ඔටුන්න හිමි කුමරියව.
227
00:19:18,800 --> 00:19:20,433
ඕක ඇඳගන්නවා.
228
00:19:29,833 --> 00:19:32,533
මේක මිනියකට අන්දන ඇඳුමක්වත් නෙවෙයිනේ.
229
00:19:32,533 --> 00:19:35,667
ඇයි මේ ඇඳුම් මාරු කරන එක ගැන
මෙච්චර ලොකුවට දඟලන්නේ?
230
00:19:37,167 --> 00:19:38,833
ඉක්මන් කරනවා!
231
00:19:42,200 --> 00:19:44,037
බැලින්නම්, මේක මළ ඇඳුමක්නේ.
232
00:19:44,037 --> 00:19:45,867
මිනියකට අන්දන ඇඳුමක්.
233
00:21:12,967 --> 00:21:14,600
යමු.
234
00:21:39,800 --> 00:21:40,833
දොරටුව කඩන්න!
235
00:21:40,833 --> 00:21:43,500
එයාලව නවත්තන්න! එයාලව වළක්වන්න!
236
00:22:04,600 --> 00:22:05,600
තමන්ගේ තැන්වල රැඳී ඉන්න!
237
00:22:05,600 --> 00:22:07,033
මාලිගාව ආරක්ෂා කරන්න!
238
00:22:07,033 --> 00:22:09,133
පසුබහින්න එපා!
239
00:22:09,133 --> 00:22:11,267
වම් ඇමතිතුමාගේ අණ පිළිපදින්න!
240
00:22:11,267 --> 00:22:12,533
හරි. හරි.
241
00:22:12,533 --> 00:22:14,467
ඕකට ගිනි තියන්න!
242
00:23:04,500 --> 00:23:05,767
දල්!
243
00:23:05,767 --> 00:23:07,367
උතුමාණනි!
244
00:23:14,733 --> 00:23:16,800
එපා!
245
00:23:16,800 --> 00:23:18,433
එපා!
246
00:23:42,867 --> 00:23:44,728
තව විනාඩි පහළොවකින් එයා මැරෙයි,
247
00:23:44,728 --> 00:23:47,433
කඩුව එළියට නොගත්තත්.
248
00:23:47,433 --> 00:23:52,633
විනාඩි පහළොවක් ඇතුළත ජංජොං අගබිසවව මා ළඟට ගේන්න.
249
00:24:06,867 --> 00:24:09,800
මොකක්ද? වම් ඇමතිතුමා
ඔටුන්න හිමි කුමරියට කඩුවක් දික් කළා?
250
00:24:09,800 --> 00:24:12,400
තව විනාඩි පහළොවකින් අගබිසවව
ඔහු ළඟට ගෙනාවේ නැත්නම්,
251
00:24:12,400 --> 00:24:15,833
ඔටුන්න හිමි කුමරියගේ ජීවිතේ ලොකු අනතුරක.
252
00:24:15,833 --> 00:24:17,633
කොහොමද ඔටුන්න හිමි කුමරිය...
253
00:24:17,633 --> 00:24:18,967
මම යන්නම්.
254
00:24:18,967 --> 00:24:20,867
එපා, මෑණියනි.
255
00:24:23,067 --> 00:24:25,300
ඔහු මට කරදරයක් කරන එකක් නැහැ.
256
00:24:28,667 --> 00:24:30,300
අම්මේ.
257
00:24:43,800 --> 00:24:46,200
මම හොඳින්, ඒ නිසා...
258
00:24:47,500 --> 00:24:51,000
වම් අමාත්‍යවරයා කියන දේ අහන්න එපා.
259
00:25:21,900 --> 00:25:24,033
වැස්සක් පටන් ගත්තා...
260
00:25:25,033 --> 00:25:26,800
වෙලාවට.
261
00:25:45,200 --> 00:25:46,833
එපා.
262
00:25:51,933 --> 00:25:54,167
ඔයාට මාව මතකයිනේ,
263
00:25:55,600 --> 00:25:58,633
ඔයා මගේ ලේ වලටත් මුසු වෙලා ඉන්නේ.
264
00:25:58,633 --> 00:26:02,033
එපා... එහෙම කරන්න එපා.
265
00:26:05,600 --> 00:26:07,900
එතකොට අපිට ඇත්තටම එකට ඉන්න පුළුවන් නේද?
266
00:26:07,900 --> 00:26:09,267
එපා.
267
00:26:09,267 --> 00:26:11,433
එපා, අනේ එපා.
268
00:26:12,100 --> 00:26:13,633
එපා, එපා!
269
00:26:13,633 --> 00:26:16,267
කුමරුනි!
270
00:26:16,267 --> 00:26:18,400
එපා, අනේ!
271
00:26:32,933 --> 00:26:35,233
අර අපරාධකාරයාව අල්ලගන්න,
272
00:26:36,367 --> 00:26:38,333
කිම් හන් චොල්!
273
00:26:38,333 --> 00:26:40,833
එපා!
274
00:26:43,900 --> 00:26:45,500
අල්ලගන්න එයාව!
275
00:26:46,840 --> 00:26:48,184
මරලා දාන්න එයාලව!
276
00:27:44,233 --> 00:27:45,867
කුමරුනි.
277
00:27:53,336 --> 00:27:55,833
කුමරුනි, අපිට වෙදැදුරෙක් ඕනෙ.
278
00:27:55,833 --> 00:27:58,136
කවුරුහරි ඉක්මනට වෙදැදුරෙක්ව එක්කන් එන්න!
279
00:27:58,136 --> 00:28:02,200
කවුරුහරි වෙද මහත්තයෙක්ව එක්කන් එන්න!
280
00:28:02,200 --> 00:28:05,000
අපි මොකද කරන්නේ?
281
00:28:05,000 --> 00:28:07,533
කුමරුනි, මැරෙන්න නම් එපා.
282
00:28:07,533 --> 00:28:11,133
ඔබ වහන්සේ මැරුණොත්, මම කවදාවත් සමාව දෙන්නේ නෑ. තේරුණාද?
283
00:28:11,767 --> 00:28:13,233
මට සමාවෙන්න.
284
00:28:13,233 --> 00:28:15,833
ඔහොම සමාව ඉල්ලන්න එපා.
285
00:28:15,833 --> 00:28:20,200
පස්සේ හරියට සමාව ඉල්ලන්නකෝ.
286
00:28:20,200 --> 00:28:21,800
මට සමාවෙන්න.
287
00:28:22,867 --> 00:28:24,867
මගේ හැඟීම්,
288
00:28:26,600 --> 00:28:28,933
අන්තිම මොහොත වෙනකම්ම හරිම ආත්මාර්ථකාමී වුණා.
289
00:28:42,533 --> 00:28:44,800
එපා.
290
00:28:44,800 --> 00:28:49,000
එපා!
291
00:28:49,000 --> 00:28:51,100
කවුරුහරි උදව් කරන්න!
292
00:28:51,100 --> 00:28:53,633
කවුරුහරි... අනේ එතුමාව බේරගන්න!
293
00:28:59,933 --> 00:29:01,533
කුමරුනි.
294
00:29:04,267 --> 00:29:07,633
කවුරුහරි උදව් කරන්න!
295
00:29:07,633 --> 00:29:10,033
කුමරුනි.
296
00:29:10,033 --> 00:29:12,700
අනේ ඇස් ඇරලා බලන්නකෝ.
297
00:29:12,700 --> 00:29:14,300
කුමරුනි!
298
00:29:44,500 --> 00:29:46,100
මෑණියනි.
299
00:29:54,648 --> 00:29:56,064
ශික්.
300
00:30:11,700 --> 00:30:13,667
එපා මෑණියනි.
301
00:30:43,067 --> 00:30:44,667
ගින්නක්!
302
00:30:46,900 --> 00:30:48,533
මෑණියනි!
303
00:31:04,984 --> 00:31:06,779
ගිනි ගන්නවා!
304
00:31:45,080 --> 00:31:46,680
ගිනි ගන්නවා!
305
00:33:22,567 --> 00:33:24,867
තත්ත්වේ කොහොමද?
306
00:33:24,867 --> 00:33:29,500
එතුමිය මේ වෙනකොටත් නැති වෙලා කුමරුනි.
307
00:33:34,533 --> 00:33:36,500
කුමරුනි. කුමරුනි.
308
00:33:40,467 --> 00:33:42,280
නෑ, නෑ.
309
00:33:42,280 --> 00:33:44,100
නෑ!
310
00:33:44,100 --> 00:33:46,900
නෑ!
311
00:33:47,600 --> 00:33:49,000
ඔබ වහන්සේ කොහෙද යන්නේ?
312
00:33:49,000 --> 00:33:50,267
එපා.
313
00:33:50,267 --> 00:33:53,467
කවුද කිව්වේ ඔයාට යන්න පුළුවන් කියලා?
314
00:33:53,467 --> 00:33:56,067
නෑ, නෑ.
315
00:33:56,067 --> 00:33:58,067
නෑ.
316
00:34:20,300 --> 00:34:21,900
කුමරුනි.
317
00:34:25,500 --> 00:34:27,100
කුමරුනි. කුමරුනි.
318
00:34:27,100 --> 00:34:28,700
කුමරුනි.
319
00:34:48,900 --> 00:34:51,733
ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ?
320
00:34:51,733 --> 00:34:54,033
ඇයි මේක හරියන්නේ නැත්තේ?
321
00:34:56,100 --> 00:34:59,233
ඇයි මේක වැඩ නැත්තේ? ඇයි!
322
00:35:00,867 --> 00:35:02,933
කුමරුනි.
323
00:35:02,933 --> 00:35:04,233
දැන් ඕක නවත්තන්න.
324
00:35:04,233 --> 00:35:06,900
මම කොහොමද නවත්තන්නේ?
325
00:35:07,667 --> 00:35:10,833
එයා මැරුණේ මාව බේරගන්න.
326
00:35:10,833 --> 00:35:13,300
ඒත් මම එයා වෙනුවෙන් මුකුත් කළේ නෑ.
327
00:35:13,300 --> 00:35:16,833
මම හැමතිස්සෙම කළේ දේවල් ලබපු එක විතරයි.
328
00:35:16,833 --> 00:35:18,733
අන්තිමට මම එයාගේ ජීවිතෙත් ගත්තා.
329
00:35:18,733 --> 00:35:21,433
ඉතින් මම කොහොමද මේක නවත්තන්නේ?
330
00:35:21,433 --> 00:35:25,667
නෑ. නෑ...
331
00:36:26,433 --> 00:36:28,833
කුමරුනි, කුමරුනි!
332
00:36:28,833 --> 00:36:30,533
කුමරුනි, ඔබ වහන්සේ හොඳින්ද?
333
00:36:30,533 --> 00:36:32,000
කුමරුනි!
334
00:36:32,000 --> 00:36:34,400
අනේ ඇස් ඇරලා බලන්න.
335
00:36:34,400 --> 00:36:36,000
කුමරුනි.
336
00:36:37,667 --> 00:36:39,267
කුමරුනි.
337
00:37:12,600 --> 00:37:14,600
කුමරුනි, කුමරුනි!
338
00:37:22,533 --> 00:37:24,267
කුමරුනි.
339
00:37:24,267 --> 00:37:26,500
ඔබ වහන්සේ ආපහු ආවද?
340
00:37:28,867 --> 00:37:30,456
ඔව්,
341
00:37:30,456 --> 00:37:32,267
මම ආපහු ආවා.
342
00:37:34,000 --> 00:37:36,567
මොකද වුණේ?
343
00:37:36,567 --> 00:37:38,167
හාස්කමක්.
344
00:38:56,200 --> 00:38:58,000
ඔයා කවුද?
345
00:38:58,000 --> 00:38:59,933
මේ තැන...
346
00:38:59,933 --> 00:39:01,567
මරණින් මතු ලෝකයද?
347
00:39:01,567 --> 00:39:04,200
මැරිලද කියලා බය වෙන්න එපා.
348
00:39:04,200 --> 00:39:06,767
ඔයා ආපහු ජීවත් වෙයි.
349
00:39:06,767 --> 00:39:08,933
කොහොමද...
350
00:39:08,933 --> 00:39:13,167
මනුස්සයෙක්ගේ අන්තිම "විනාඩි හත" ගැන අහලා තියෙනවද?
351
00:39:13,167 --> 00:39:15,967
හුස්ම වැටෙන එක නතර වුණාම, විනාඩි හතක් යනකම්,
352
00:39:15,967 --> 00:39:18,167
ආත්මය ශරීරයත් එක්කම රැඳෙනවා
353
00:39:18,167 --> 00:39:21,500
ඊටපස්සේ ජීවිතේ සතුටුම මොහොත මතක් කරනවා.
354
00:39:21,500 --> 00:39:24,033
අන්න ඒ අන්තිම විනාඩි හත,
355
00:39:24,667 --> 00:39:27,367
ඔයා එකම එක ප්‍රාර්ථනාවක් කළා.
356
00:39:30,400 --> 00:39:33,367
එයා මැරුණේ මාව බේරගන්න.
357
00:39:33,367 --> 00:39:35,867
ඒත් මම එයා වෙනුවෙන් මුකුත් කළේ නෑ.
358
00:39:35,867 --> 00:39:39,267
මම හැමතිස්සෙම කළේ දේවල් ලබපු එක විතරයි.
359
00:39:40,000 --> 00:39:45,100
♫ ඔබ වලාකුළක් වගේ පාවෙලා ආවා ♫
360
00:39:45,100 --> 00:39:46,733
මා හිමියනි.
361
00:39:48,733 --> 00:39:54,800
♫ තරු එළියක් වගේ ඈත් වෙලා ගියා, මගේ ආදරේ ♫
362
00:39:57,533 --> 00:40:01,367
මම ඔයාට ආදරෙයි, පාක් දල් ඊ.
363
00:40:05,967 --> 00:40:15,133
♫ මේ හැමදේම කොච්චර නම් හිස්ද ♫
364
00:40:16,167 --> 00:40:18,967
♫ නිකන් හීනයක් වගේ ♫
365
00:40:22,567 --> 00:40:24,467
මට තව ටිකක් ඉන්න ඕනෙ.
366
00:40:25,833 --> 00:40:28,433
ඔයාගේ ඔය ලස්සන මූණ ළඟට වෙලා,
367
00:40:29,367 --> 00:40:31,633
මට හැමදාම ඉන්න ඕනෙ.
368
00:40:37,833 --> 00:40:41,267
අර අන්තිම මොහොතේ ඔයාගේ හිතේ තිබුණ ඒ දැඩි බලාපොරොත්තුව,
369
00:40:41,267 --> 00:40:44,067
වගේම අර ගැහැණු ළමයාගේ දැඩි ප්‍රාර්ථනාව,
370
00:40:44,067 --> 00:40:47,733
පරවෙලා යන්න ගිය දෛවයේ මල ආපහු පණ ගැන්නුවා.
371
00:40:47,733 --> 00:40:51,167
මේ ලෝකේ හැමදේකටම සීමාවක් තියෙනවා.
372
00:40:51,167 --> 00:40:53,333
ඉතින් දෛවය වෙනස් වෙයිද?
373
00:40:53,333 --> 00:40:56,233
අවුරුදු පහකට කලින් වෙන් වුණ දෛවය.
374
00:40:57,333 --> 00:40:59,733
දැන් ඒක ආපහු ලබාගන්න ඕනෙ.
375
00:41:01,567 --> 00:41:03,333
ඇයි ඔයා මට දෙන්නේ
376
00:41:05,433 --> 00:41:07,667
මේ වගේ හාස්කමක්?
377
00:41:07,667 --> 00:41:09,720
මම කළේ
378
00:41:09,720 --> 00:41:13,167
අර ගැහැණු ළමයාගේ රතු නූල ගැටගහපු එක විතරයි.
379
00:41:13,167 --> 00:41:15,733
ඒකත් කළේ ඔයාද
380
00:41:16,667 --> 00:41:18,300
අපි දෙන්නගේ ඇඟවල් මාරු කරපු එක?
381
00:41:18,300 --> 00:41:20,933
ඒකත් කළේ ඔයාලා දෙන්නමයි.
382
00:41:21,600 --> 00:41:24,867
ඒක දැඩි ඉල්ලීමක් වගේම පුංචි දොස් පැවරීමක්,
383
00:41:24,867 --> 00:41:29,533
රතු නූල එයාගේ අනිත් කොටස හොයාගන්න දරපු උත්සාහය
නිසා වුණ දෙයක්. එකිනෙකාව අඳුරගන්න කියලයි එහෙම කළේ.
384
00:41:30,633 --> 00:41:33,567
දොස් පැවරීමක්?
385
00:41:37,200 --> 00:41:40,500
අර ගැහැණු ළමයා වතුරේ ගිලිලා මැරෙන්න හැදුවා,
386
00:41:40,500 --> 00:41:43,333
ඔයා වස බීලා මැරෙන්න හැදුවා.
387
00:41:44,333 --> 00:41:48,567
ඇඟවල් මාරු වුණ එක, රතු නූල ලිහුණ එක,
388
00:41:48,567 --> 00:41:53,067
වගේම ඔයාලගේ දෛවය වෙනස් කරපු රතු නූල විනාශ වුණ එක පවා
389
00:41:53,067 --> 00:41:55,467
ඒ ඔක්කොම ඔයාලා කරගත්ත දේවල්.
390
00:41:55,467 --> 00:41:58,433
ඔයාලගේ ඇත්ත ආදරේ දිනුවා.
391
00:41:58,433 --> 00:42:01,533
ඉතින් දෛවය හැදිලා තියෙන්නේ හාස්කම්
392
00:42:03,767 --> 00:42:05,433
ගොඩක් එකතු වෙලා, නේද?
393
00:42:06,533 --> 00:42:08,400
ඉතින් දැන් යන්න.
394
00:42:08,400 --> 00:42:09,567
ඔයාගේ දෛවය හොයාගෙන...
395
00:42:09,567 --> 00:42:11,167
නෑ,
396
00:42:11,800 --> 00:42:13,733
ඔයාගේ හාස්කම හොයාගෙන යන්න.
397
00:42:20,200 --> 00:42:28,700
♫ අනේ මගේ ආදරේ ආපහු ලැබෙයිද ♫
398
00:42:28,700 --> 00:42:37,833
♫ මේ හැමදේම කොච්චර නම් හිස්ද ♫
399
00:42:39,000 --> 00:42:41,133
♫ නිකන් හීනයක් වගේ ♫
400
00:42:41,133 --> 00:42:44,367
ඔව්, මම ආපහු ආවා.
401
00:42:46,200 --> 00:42:48,733
මොකද වුණේ?
402
00:42:48,733 --> 00:42:50,333
හාස්කමක්.
403
00:42:51,267 --> 00:42:53,133
"විනාඩි හතක" හාස්කමක්.
404
00:42:55,667 --> 00:42:58,067
රතු නූලේ ගැටේ ලිහුණා,
405
00:42:58,067 --> 00:43:00,167
ඉතින් හැමදේම ආපහු තිබුණ විදිහටම වුණා.
406
00:43:02,567 --> 00:43:06,033
අපේ ඇඟවල්, දල් ඊගෙ ඉතුරු වෙලා තිබුණ මතකයන්,
407
00:43:06,033 --> 00:43:09,433
ඒ හැමදේම ආපහු තිබුණ තැන්වලටම ගියා.
408
00:43:09,433 --> 00:43:12,100
කට අරින්නකෝ.
409
00:43:14,567 --> 00:43:17,767
අන්න හරි, හොඳයි. ඔයා හොඳට කනවා.
410
00:43:17,767 --> 00:43:19,367
රසයිද?
411
00:43:22,067 --> 00:43:24,120
ඒ වුණාට මට පුළුවන්ද
412
00:43:24,120 --> 00:43:26,600
මේ විදිහට දොංගුං මාලිගාවේ ඉන්න?
413
00:43:26,600 --> 00:43:30,567
කිම් දොක් චුන් එයාගේ වැරදි පිළිගත්ත නිසා,
ඔයාට තිබුණ බොරු චෝදනා නැති වුණානේ,
414
00:43:30,567 --> 00:43:34,200
ඉතින් ඔයාව ආපහු ඔටුන්න හිමි කුමරිය කළා,
දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ?
415
00:43:34,200 --> 00:43:38,700
ඔයාගේ නවාතැන් ලෑස්ති කරනකම්
මෙහෙට වෙලා ඉන්න, හරිද?
416
00:43:48,033 --> 00:43:49,867
ෂා, ඔයා හොඳට කනවානේ.
417
00:43:49,867 --> 00:43:51,832
රසයි නේද?
418
00:44:08,167 --> 00:44:09,867
ඇයි ඔයා...
419
00:44:14,067 --> 00:44:16,333
මම ඇත්තම කිව්වා.
420
00:44:16,333 --> 00:44:18,433
මම කරපු අපරාධ ඔක්කොම,
421
00:44:18,433 --> 00:44:20,120
වම් අමාත්‍යවරයා කරපු අපරාධත් එක්කම,
422
00:44:20,120 --> 00:44:21,867
හැමදේම කිව්වා.
423
00:44:21,867 --> 00:44:24,952
මගේ අම්මව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට තියාගෙන හිටියේ,
424
00:44:24,952 --> 00:44:27,700
මම අවුරුදු ගාණක් තිස්සේ
වම් අමාත්‍යවරයා යටතේ බල්ලෙක් වගේ ජීවත් වුණා.
425
00:44:28,867 --> 00:44:30,968
දැන් ඉතින්,
426
00:44:30,968 --> 00:44:33,967
මට මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න ඕනෙ.
427
00:44:33,967 --> 00:44:36,400
එතකොට විතරයි මැරුණට පස්සේ හරි මට
428
00:44:36,400 --> 00:44:39,967
කෙළින් ඉඳගෙන අම්මගේ මූණ බලන්න පුළුවන් වෙන්නේ.
429
00:44:42,300 --> 00:44:43,896
මට සමාවෙන්න
430
00:44:43,896 --> 00:44:45,767
ඔයාව මෙහෙට එක්කන් ආවට.
431
00:44:53,133 --> 00:44:56,133
ඔයාගේ ජීවිතේ විනාශ කළාට මට සමාවෙන්න.
432
00:44:56,133 --> 00:44:58,300
මම සමාව ඉල්ලුවත්
433
00:44:59,567 --> 00:45:01,133
ඒක ප්‍රමාණවත් නෑ කියලා මට හිතෙනවා.
434
00:45:01,133 --> 00:45:03,000
ඔයාට පින් සිද්ධ වෙන්න,
435
00:45:03,000 --> 00:45:06,033
මගේ අම්මට බෙහෙත් ටික ලැබුණා.
436
00:45:06,667 --> 00:45:08,017
ඒක විතරක් වුණත්
437
00:45:08,017 --> 00:45:10,467
මට ලොකු දෙයක්.
438
00:45:22,334 --> 00:45:24,312
තොපිල ගැන ලැජ්ජයි!
439
00:45:24,312 --> 00:45:25,912
ලැජ්ජයි. ද්‍රෝහියෝ!
440
00:45:25,912 --> 00:45:28,131
ලැජ්ජා වෙයව්!
441
00:45:28,131 --> 00:45:30,367
ලැජ්ජයි!
442
00:45:30,367 --> 00:45:32,600
ද්‍රෝහියන්ට දඬුවම් ලැබුණා...
443
00:45:40,133 --> 00:45:42,167
මට සමාවෙන්න.
444
00:45:45,867 --> 00:45:47,467
ඇත්තටම,
445
00:45:50,667 --> 00:45:52,600
මට සමාවෙන්න.
446
00:45:53,533 --> 00:45:57,000
ඔයා මට විතරක් නපුරුකම් කළා නම්
මට සමාව දෙන්න තිබුණා,
447
00:45:58,533 --> 00:46:01,367
ඒත් මට සමාව දෙන්න බෑ ඔයා
448
00:46:02,800 --> 00:46:05,300
මගේ පුතාගේ හිතට කරපු දේට නම්.
449
00:46:06,900 --> 00:46:08,600
මම
450
00:46:10,900 --> 00:46:12,567
පව් සමා කරගන්නම්...
451
00:46:20,567 --> 00:46:22,933
ගොඩක් කාලයක් තිස්සේ.
452
00:46:26,833 --> 00:46:29,500
පව්කාරයා පසුතැවිලි වුණා,
453
00:46:31,867 --> 00:46:33,933
දුෂ්ටයාගේ අවසානය
454
00:46:34,600 --> 00:46:37,100
හරිම අවාසනාවන්ත වුණා.
455
00:46:38,500 --> 00:46:41,767
අපරාධකරු කිම් හන් චොල්ගේ දේපළ
රාජසන්තක කරන්න කියලා රාජ අණක් නිකුත් වෙලා තියෙනවා.
456
00:46:41,767 --> 00:46:42,800
පටන්ගන්න.
457
00:46:42,800 --> 00:46:44,400
එහෙයි.
458
00:46:44,400 --> 00:46:46,267
හැමතැනම හොඳට හොයලා බලන්න.
459
00:46:51,933 --> 00:46:53,533
උතුමාණෙනි.
460
00:47:01,233 --> 00:47:03,367
මොකක්ද මේ වෛද්‍ය පොත?
461
00:47:05,033 --> 00:47:07,800
මේක පිස්සුව සහ විෂ ගැන ලියවුණු එකක්.
462
00:47:09,367 --> 00:47:11,833
මේක වම් ඇමතිතුමාම ලියපු එකක් වගේ.
463
00:47:11,833 --> 00:47:14,633
උතුමාණෙනි, මෙතන තව තියෙනවා.
464
00:47:17,000 --> 00:47:18,600
බොහෝ විට...
465
00:47:19,433 --> 00:47:22,300
ඔහු මේ පොත් ලිව්වේ එක ගැහැනියක් වෙනුවෙන්ම වෙන්න ඇති.
466
00:48:01,767 --> 00:48:04,467
මම කිව්වනේ තව ටිකක් විවේක ගන්න කියලා.
467
00:48:04,467 --> 00:48:06,800
තත්වය නරක අතට හැරුණොත් එහෙම?
468
00:48:06,800 --> 00:48:10,633
තවත් ඇඳට වෙලා හිටියොත් මට පිස්සු හැදෙයි.
469
00:48:10,633 --> 00:48:12,867
ඔබ වහන්සේ මොකද කළේ?
470
00:48:15,067 --> 00:48:16,933
මම වම් ඇමතිතුමාගේ නිවසට ගියා.
471
00:48:16,933 --> 00:48:18,700
දේපළ රාජසන්තක කරන්න.
472
00:48:18,700 --> 00:48:20,248
ඇයි?
473
00:48:20,248 --> 00:48:22,400
මොකක් හරි වුණාද?
474
00:48:24,833 --> 00:48:26,360
වම් ඇමතිතුමා...
475
00:48:26,360 --> 00:48:29,433
අන්තිම වෙනකම්ම තේරුම් ගන්න බැරි මිනිහෙක්.
476
00:48:29,433 --> 00:48:32,900
එහේ පිස්සුව සහ විෂ ගැන වෛද්‍ය පොත් ගොඩක් තිබුණා.
477
00:48:33,767 --> 00:48:37,267
ලෝකේ තියෙන හැම බෙහෙතක් ගැනම හොයලා...
478
00:48:37,267 --> 00:48:39,500
අන්තිමට එයා හොයාගෙන තියෙන්නේ වස.
479
00:48:39,500 --> 00:48:41,333
පුදුම දෛවයක්...
480
00:48:42,133 --> 00:48:44,400
රහස් ගිවිසුම තිබුණේ කණ්ණාඩියක් ඇතුළේ.
481
00:48:44,400 --> 00:48:46,467
එයාගේ ඇඳ ළඟින් කණ්ණාඩියක් තිබ්බේ...
482
00:48:46,467 --> 00:48:49,533
ආත්මයන් ගෙන්වන්න කියලා කතාවක් තිබුණ නිසා වෙන්න ඇති.
483
00:48:49,533 --> 00:48:51,704
කණ්ණාඩිය ඇතුළේ තිබුණ යන්ත්‍රය...
484
00:48:51,704 --> 00:48:54,300
එයාගේ ලොකුම බලාපොරොත්තුව වෙන්න ඇති.
485
00:48:54,300 --> 00:48:57,133
එයාට ඕන වෙන්න ඇති මොකක් හරි දෙයක් කරන්න.
486
00:48:58,133 --> 00:49:01,133
දිව්‍යලෝකේ කෙළවරේ එල්ලිලා ඉන්නවා වගේ...
487
00:49:01,133 --> 00:49:03,096
ඒක එයාගේ ආත්මයෙන්ම පිටවුණ
488
00:49:03,096 --> 00:49:05,533
වේදනාවක් වෙන්න ඇති.
489
00:49:05,533 --> 00:49:08,433
මගේ අවුරුදු පහක පලිගැනීම වෙනුවෙන් ගෙවිලා ගියා වගේම...
490
00:49:08,433 --> 00:49:11,233
එයාගේ කාලයත් හරිම වේදනාකාරී වෙන්න ඇති.
491
00:49:13,300 --> 00:49:15,200
ඔයා මගේ ළඟ හිටියේ නැත්නම්...
492
00:49:15,200 --> 00:49:16,850
මමත්...
493
00:49:16,850 --> 00:49:19,000
රාක්ෂයෙක් වෙන්න තිබුණා.
494
00:49:20,733 --> 00:49:23,100
දැන් ඔයාට එහෙම වෙන්නෙ නෑ.
495
00:49:26,000 --> 00:49:29,200
මම ජීවිත කාලෙම ඔයා ළඟින් ඉන්නවා.
496
00:49:32,800 --> 00:49:34,800
වම් ඇමතිතුමා ගැන කිව්වම...
497
00:49:34,800 --> 00:49:37,400
ජේ වුන් කුමාරයාටයි කිරුළ හිමි ආර්යාවටයි මොකද වුණේ?
498
00:49:37,400 --> 00:49:39,033
ආ.. ඒක...
499
00:50:02,233 --> 00:50:04,400
මම පරක්කු වැඩිද?
500
00:50:04,400 --> 00:50:06,233
මට සමාවෙන්න.
501
00:50:06,233 --> 00:50:07,867
අපි යමු.
502
00:50:13,167 --> 00:50:15,133
මම එන්නේ නෑ.
503
00:50:16,200 --> 00:50:18,267
මගේ පව්...
504
00:50:18,267 --> 00:50:20,500
මම ඒවා තනියම විඳවන්නම්.
505
00:50:21,867 --> 00:50:25,467
වරදකාරී හැඟීමක් නම්...
උතුමාණන් ඔබට සමාව දීලයි තියෙන්නේ.
506
00:50:25,467 --> 00:50:29,167
රජතුමා මට අවසර දුන්නා ඔයාව අරන් පැනලා යන්න.
507
00:50:30,333 --> 00:50:33,700
ඔයාට අන්තිමේදී ඔයාගේ අම්මව හම්බුණානේ.
508
00:50:36,633 --> 00:50:38,867
එයා ළඟට වෙලා ඉන්න.
509
00:50:42,000 --> 00:50:43,633
ඔයා මේ කියන්නේ...
510
00:50:44,567 --> 00:50:46,900
ආයෙත් ඔයාව දාලා යන්න කියලද?
511
00:50:47,567 --> 00:50:50,200
මේක දාලා යෑමක් නෙවෙයි...
512
00:50:51,367 --> 00:50:54,967
මේ මගේ ආදරේ ආරක්ෂා කිරීමක්.
513
00:50:54,967 --> 00:50:56,568
ඒ කියන්නේ...
514
00:50:56,568 --> 00:50:59,633
මට මාවම ආරක්ෂා කරගන්න ඉඩ දෙන එක.
515
00:51:00,600 --> 00:51:02,867
අපි මෙහෙම ගියොත්...
516
00:51:02,867 --> 00:51:06,267
ඔයා වේදනාවෙන් ඉන්නවා දැක්කොත්...
517
00:51:09,833 --> 00:51:12,633
මට මාවම එපා වෙයි.
518
00:51:13,333 --> 00:51:16,400
ඔයා එක දවසක් හරි සුසුම් හෙළුවොත්...
519
00:51:16,400 --> 00:51:18,667
මම කඩාගෙන වැටෙයි.
520
00:51:19,533 --> 00:51:21,967
ඔයා හිනා වුණාම...
521
00:51:21,967 --> 00:51:24,467
ප්‍රශ්න අමතක වුණා වගේ පෙනුනට...
522
00:51:27,800 --> 00:51:31,133
මගේ හිත කළුවර වෙයි.
523
00:51:31,133 --> 00:51:35,133
හැම තිස්සෙම ඔයා දිහා බල බල ජීවත් වෙනකොට...
524
00:51:35,133 --> 00:51:38,367
මට මාවම පිළිකුල් වෙයි.
525
00:51:40,067 --> 00:51:42,733
මට එහෙම අනාගතයක් ඕන නෑ.
526
00:51:44,200 --> 00:51:45,833
වූ හී.
527
00:51:59,067 --> 00:52:02,567
ඔයාට මාව ආරක්ෂා කරන්න ඕන වුණ එක ඔයාගේ කැපවීම වගේම...
528
00:52:03,500 --> 00:52:06,767
මට ඔයාව ආරක්ෂා කරන්න ඕන වුණ එකත්...
529
00:52:10,433 --> 00:52:12,467
මගේ කැපවීමක්.
530
00:52:31,700 --> 00:52:33,067
ඒක හොඳ වෙයිද?
531
00:52:33,067 --> 00:52:35,167
වම් ඇමතිතුමාගේ දුවව මෙහෙම යවන එක...
532
00:52:35,167 --> 00:52:36,467
මම කවදාවත් එයාව යැව්වේ නෑ.
533
00:52:36,467 --> 00:52:38,400
මම එයා පස්සෙන් යනවා මගේ අම්මත් එක්කම.
534
00:52:38,400 --> 00:52:42,800
යොංඩොක් විතරක් නෙවෙයි,
අපායට වුණත් මම යනවා.
535
00:52:45,233 --> 00:52:46,967
ඒත්, එහේ ගොඩක් රස්නේ ඇති.
536
00:52:46,967 --> 00:52:49,967
මගේ හිතට වඩා රස්නේ වෙන එකක් නෑ.
537
00:52:49,967 --> 00:52:52,200
එහෙම වුණත්...
538
00:52:52,200 --> 00:52:55,267
ඔබතුමාටයි මටයි වඩා රස්නේ වෙන එකක් නෑනේ?
539
00:53:07,633 --> 00:53:09,233
හරියටම වැදුණා!
540
00:53:21,176 --> 00:53:23,000
ෂා...
541
00:53:31,233 --> 00:53:33,267
මගේ අතේ දුන්නක් තියෙන්නේ.
542
00:53:33,267 --> 00:53:34,800
විකාර වැඩ කරන්න එපා.
543
00:53:34,800 --> 00:53:35,990
විකාර?
544
00:53:35,990 --> 00:53:37,304
මොනවද?
545
00:53:37,304 --> 00:53:38,808
මේ වගේද?
546
00:53:38,808 --> 00:53:41,133
ඇත්තටම...
547
00:53:41,133 --> 00:53:42,422
ඒයි!
548
00:53:43,233 --> 00:53:46,100
මිනිස්සු බලන් ඉන්නවා, ඇයි මේ?
549
00:53:46,833 --> 00:53:49,067
ඔයාට ඕන කවුරුත් නැති තැනකට යන්නද?
550
00:53:49,067 --> 00:53:50,467
ඒක වෙන්න ඇති ඔයා මේ කියන්නේ.
551
00:53:50,467 --> 00:53:52,067
නෑ...
552
00:53:54,600 --> 00:53:55,928
මගේ පස්සෙන් එන්න.
553
00:53:55,928 --> 00:53:57,067
ඉන්න.
554
00:53:57,067 --> 00:54:00,067
මම කවද්ද එහෙම කිව්වේ!
555
00:54:26,567 --> 00:54:30,233
ඔයා පොත දිග ඇරලා වැඩි වෙලාවක් නෑනේ.
556
00:54:32,133 --> 00:54:34,167
මොකද, මට ඔයාගේ අතින්වත් අල්ලන්න බැරිද?
අතින්වත්? ආ?
557
00:54:34,167 --> 00:54:36,033
මම අතින් ඇල්ලුවොත්...
558
00:54:38,267 --> 00:54:41,367
ඔයා ආයෙත් කාමරේට දුවයිනේ?
559
00:54:42,200 --> 00:54:44,000
ආ.. ඕන දෙයක්.
560
00:54:44,000 --> 00:54:45,592
ඔයා ඔහොම කළොත්...
561
00:54:45,592 --> 00:54:47,800
මම උයනවා.
562
00:54:58,367 --> 00:55:00,500
ඇයි ඒක තර්ජනයක් වෙන්නේ?
563
00:55:04,400 --> 00:55:07,100
ආ, මේක තමයි!
564
00:55:11,200 --> 00:55:12,568
ඒයි.
565
00:55:12,568 --> 00:55:15,967
ඇයි මේ ළඟදි ඉඳන් කෑම කන්න බැරි?
566
00:55:15,967 --> 00:55:17,567
බඩේ මොකක් හරි හිරවෙලා වගේ.
567
00:55:17,567 --> 00:55:20,200
බඩට හරි නෑ වගේ...
568
00:55:20,200 --> 00:55:22,733
ඔයාට අමාරුද?
569
00:55:22,733 --> 00:55:24,667
ඔයාට හොඳාකාරවම විශ්වාසද?
570
00:55:26,667 --> 00:55:29,300
එයාට ඔක්කාරෙට එනවා නම්... වෙන්න බැරිද...
571
00:55:30,067 --> 00:55:32,067
ගැබිණියක්? ගැබිණියක්?
572
00:55:43,700 --> 00:55:45,533
ඇයි මෙච්චර වෙලා යන්නේ?
573
00:55:45,533 --> 00:55:47,633
මොකක් හරි ප්‍රශ්නයක්ද?
574
00:55:47,633 --> 00:55:51,067
පළවෙනි දරු උපත ස්වභාවයෙන්ම අමාරුයි.
575
00:55:57,433 --> 00:55:58,967
උත්තමාවියනි, මට ඔළුව පේනවා.
576
00:55:58,967 --> 00:56:00,400
තව පොඩි හයියක් ගන්න.
577
00:56:00,400 --> 00:56:02,067
උත්තමාවියනි.
578
00:56:02,067 --> 00:56:04,033
හුස්ම ගන්න.
579
00:56:06,300 --> 00:56:10,167
ඇයි අපේ ඇඟවල් මාරු වෙන්නේ නැත්තේ?
580
00:56:10,167 --> 00:56:11,633
තව පොඩ්ඩයි!
581
00:56:11,633 --> 00:56:14,500
තව එක පාරක් උත්තමාවියනි! එක පාරයි.
582
00:56:16,833 --> 00:56:19,233
කුමරියනි!
583
00:56:21,133 --> 00:56:24,133
රාජකීය කුමාරයෙක්, උතුමාණෙනි.
584
00:56:29,133 --> 00:56:30,733
මට සමාවෙන්න.
585
00:56:31,500 --> 00:56:33,100
මට සමාවෙන්න.
586
00:56:33,100 --> 00:56:36,533
ගොඩක් රිදුණා නේද? මට සමාවෙන්න.
587
00:56:43,400 --> 00:56:45,912
මගේ අර්ධ හෝරාව
588
00:56:45,912 --> 00:56:48,667
අලුත් වුණා.
589
00:56:55,567 --> 00:56:57,833
දැන් අර්ධ හෝරාව
590
00:56:59,867 --> 00:57:01,967
මදි වගේ.
591
00:57:09,867 --> 00:57:11,267
[අවුරුදු 5කට පසු]
592
00:57:11,267 --> 00:57:14,533
පවුල් දඬුවම් ක්‍රමය මම අවලංගු කරනවා.
593
00:57:14,533 --> 00:57:16,567
රජතුමනි, එහෙම කරන්න එපා.
594
00:57:16,567 --> 00:57:18,833
කරුණාකරලා ඒ නියෝගය ඉල්ලා අස්කරගන්න.
595
00:57:18,833 --> 00:57:22,700
කරුණාකරලා ඒ නියෝගය ඉල්ලා අස්කරගන්න.
කරුණාකරලා ඒ නියෝගය ඉල්ලා අස්කරගන්න.
596
00:57:24,067 --> 00:57:25,600
හරි.
597
00:57:25,600 --> 00:57:29,567
ඔහොම විරුද්ධ වුණාම තමයි උදේ සභාව වගේ දැනෙන්නේ.
598
00:57:31,633 --> 00:57:33,267
ඒත්,
599
00:57:34,400 --> 00:57:36,267
මගේ තීරණය වෙනස් වෙන්නෙ නෑ.
600
00:57:36,267 --> 00:57:39,200
නොකරපු වරදකට ජීවිතේ නැති වෙන එක...
601
00:57:39,200 --> 00:57:42,167
එහෙම නැත්නම් වහලෙක් වෙන එක හරිම අසාධාරණයි.
602
00:57:42,167 --> 00:57:44,633
ඒ වුණාට... අද ඉඳන්,
603
00:57:44,633 --> 00:57:46,967
ජොසොන් කියන්නේ මිනිස්සුන්ව මනින රටක් වේවි...
604
00:57:46,967 --> 00:57:51,867
ඔවුන්ගේ උපතින් නෙමෙයි, ඔවුන් ජීවත් වෙන විදිහ අනුව.
605
00:57:51,867 --> 00:57:53,560
පවුල් දඬුවම් ක්‍රමය අහෝසි කිරීම...
606
00:57:53,560 --> 00:57:55,833
එහි පළමු පියවර වේවි.
607
00:57:55,833 --> 00:57:58,967
එසේයි, මහරජතුමනි.
එසේයි, මහරජතුමනි.
608
00:58:33,667 --> 00:58:35,500
මට ඒක කරගන්න තිබුණා.
609
00:58:35,500 --> 00:58:37,933
ආ, හැබැයි මේක රහසක්.
610
00:58:37,933 --> 00:58:41,367
ඇත්තම කිව්වොත්, මම රෙදි වනන්න හරි දක්ෂයි.
611
00:58:42,933 --> 00:58:45,933
අපි මේ දවස්වල නිතර හම්බෙනවා වගේ.
612
00:58:45,933 --> 00:58:48,200
මට හැමදාම ඔයාව දකින්න ඕන.
613
00:58:58,300 --> 00:59:00,233
අවුරුදු හයක් ගත වුණා.
614
00:59:00,233 --> 00:59:04,200
දැන් මට පුළුවන්ද මගේ විවාහ යෝජනාව ගේන්න?
615
00:59:07,500 --> 00:59:08,933
මගේ හැඟීම්වල වෙනසක් නෑ.
616
00:59:08,933 --> 00:59:11,233
වටපිටාව වෙනස් වෙලා.
617
00:59:12,367 --> 00:59:14,300
මගේ අයියා, නෑ...
618
00:59:14,300 --> 00:59:18,333
රජතුමා කිව්වා ළඟදීම ඔයාගේ තත්ත්වය ආයෙ ලබා දෙනවා කියලා.
619
00:59:19,200 --> 00:59:23,867
එතුමා කිව්වා ඔයාව නෑදෑයෙක්ගේ
හදාගත්ත දුවෙක් විදියට ලියාපදිංචි කරන්නම් කියලා.
620
00:59:23,867 --> 00:59:25,500
ඉතින්,
621
00:59:30,167 --> 00:59:33,200
දැන් ඔයා මගේ යෝජනාව පිළිගන්නවද?
622
00:59:56,767 --> 00:59:57,900
ඒයි!
623
00:59:57,900 --> 00:59:59,100
පොඩි එකා!
624
00:59:59,100 --> 01:00:02,300
පරෙස්සමෙන්! ඕවා මාළිගාවට යවන බඩු!
625
01:00:02,300 --> 01:00:03,600
එහෙයි, ප්‍රධාන තුමනි.
626
01:00:03,600 --> 01:00:05,733
ඔයා දන්නවනේ ඔටුන්න හිමි කුමාරයා කොච්චර සැරද කියලා?
627
01:00:05,733 --> 01:00:07,767
හරියටම රජතුමා වගේමයි.
628
01:00:07,767 --> 01:00:11,733
පරෙස්සමෙන්, තවත් පරෙස්සමෙන්, හොඳටම පරෙස්සමෙන්.
629
01:00:11,733 --> 01:00:14,267
අනේ දෙවියනේ! ස්වාමීනි!
630
01:00:14,267 --> 01:00:15,767
සැප සනීප කොහොමද?
631
01:00:15,767 --> 01:00:17,300
ඔයා දැන්මම ප්‍රධානියෙක් වෙලානේ.
632
01:00:17,300 --> 01:00:18,933
අනේ ඇත්තටම.
633
01:00:18,933 --> 01:00:21,433
දැනටමත් අවුරුදු හයක්.
634
01:00:21,433 --> 01:00:23,900
ඒත්, මොකද හන්යාන් පැත්තේ?
635
01:00:23,900 --> 01:00:26,333
මම අහගෙන හිටියේ ඔයා යොංඩොක් ගියා කියලා.
636
01:00:27,467 --> 01:00:28,733
මම ආයෙ ආවා.
637
01:00:28,733 --> 01:00:31,467
මම ආවේ බඩු වගයක් ගන්න.
638
01:00:31,467 --> 01:00:32,533
බඩු?
639
01:00:32,533 --> 01:00:35,367
විශේෂයෙන් ගන්න දෙයක් තියෙනවද?
640
01:00:35,367 --> 01:00:37,733
ආ, ඒක...
641
01:00:39,867 --> 01:00:44,067
ඔය වයසට මොනවටද ලැජ්ජා වෙන්නේ?
642
01:00:45,300 --> 01:00:48,733
අපේ ස්වාමියා බඳින්නයි යන්නේ.
643
01:00:48,733 --> 01:00:50,367
අනේ..
644
01:00:50,367 --> 01:00:52,367
එයා ආවේ මංගල තෑගි ලෑස්ති කරන්න.
645
01:00:52,367 --> 01:00:55,167
අනේ, මොන තරම් සුබ ආරංචියක්ද!
646
01:00:55,167 --> 01:00:56,333
ඒයි!
647
01:00:56,333 --> 01:00:59,433
අද ආපු වටිනා බඩු ඔක්කොම අරගෙන එන්න!
648
01:00:59,433 --> 01:01:01,233
එහෙයි. එහෙයි.
649
01:01:02,633 --> 01:01:03,633
ස්තූතියි.
650
01:01:03,633 --> 01:01:05,600
සුබ පැතුම්.
651
01:01:37,700 --> 01:01:39,933
ඔයා තාම ඉස්සර වගේමයි, මගේ සැමියා.
652
01:01:53,400 --> 01:01:56,833
ඔයාට තිබුණා ඕක අතනදි කියන්න.
653
01:01:56,833 --> 01:01:59,667
එහෙනම් ඔයා මට එහෙම කතා නොකර ඉන්න තිබුණා.
654
01:01:59,667 --> 01:02:03,300
මම නිකන් කිව්වේ.
655
01:02:09,033 --> 01:02:10,456
මේක... නිසා...
656
01:02:10,456 --> 01:02:13,933
ඔයා මට 'මහත්තයා' කියලා කතා කළානේ, වූ හී.
657
01:02:15,567 --> 01:02:18,500
මේ මොකද මේ එකපාරටම?
658
01:02:18,500 --> 01:02:24,433
මම ඒ ගැන පොඩි විස්තරයක් කරන්නද දේවියනි?
659
01:03:09,200 --> 01:03:11,770
තනියම ඉන්න එකත් ඇති තරම් දුකයි,
660
01:03:11,770 --> 01:03:13,800
ඒ මදිවට දැන් වැස්සත් වැටෙනවා.
661
01:03:13,800 --> 01:03:16,433
මට පාළුයි, හරිම පාළුයි.
662
01:03:16,433 --> 01:03:18,600
හිත හයිය කරගන්න.
663
01:03:18,600 --> 01:03:20,400
මාත් ඉන්නේ තනියමනේ.
664
01:03:26,433 --> 01:03:28,467
ඇයි ඔයාලා මෙහෙම කරන්නේ!
665
01:03:31,600 --> 01:03:34,467
හොං පාලිකාව, එයා මොකද...
666
01:03:34,467 --> 01:03:35,640
ඕක නවත්තන්න!
667
01:03:35,640 --> 01:03:39,367
ශික්. කොහොමද මුන් එයාට කරදර කරන්නේ!
668
01:03:41,900 --> 01:03:44,867
ඒයි, උඹලා මොකද කරන්නේ?
669
01:03:44,867 --> 01:03:47,800
ඒයි! තොපිට කොහොමද හයියක් ආවේ...
670
01:03:50,500 --> 01:03:53,400
උඹලා දන්නවද මම කවුද කියලා? මම සේ දොල්!
671
01:03:56,833 --> 01:03:59,533
හොං පාලිකාව, ඔයාට...
672
01:04:14,833 --> 01:04:16,733
ඔයා හොඳින් නේද?
673
01:04:17,967 --> 01:04:21,433
ස්තුතියි මාව බේරගත්තට.
674
01:04:29,333 --> 01:04:31,700
හැබැයි, මමනේ එයාව බේරගත්තේ.
675
01:04:34,700 --> 01:04:37,367
මම හිතන්නේ මම ආයේ ඉපදෙන්න ඕනේ.
676
01:04:42,033 --> 01:04:46,000
රජකම අතෑරියට පස්සේ ඔබ වහන්සේ
හුඟක් සතුටින් ඉන්නවා වගේ පේනවා.
677
01:04:46,000 --> 01:04:49,867
ඇඟට හරියන්නේ නැත්නම් පට රෙදි,
සම් සපත්තු තිබුණත් වැඩක් නෑනේ.
678
01:04:49,867 --> 01:04:52,133
ඉතින් රජකමක් ගැන ආයේ කියන්න දෙයක් යෑ.
679
01:04:54,000 --> 01:04:56,433
මෙන්න, ඔයාට තෑග්ගක්.
680
01:04:57,467 --> 01:05:00,733
ස්තුතියි, මුත්තනුවනි.
681
01:05:01,933 --> 01:05:03,867
ඇයි ඒකට කැමති නැද්ද?
682
01:05:03,867 --> 01:05:06,633
එහෙම දෙයක් නෙවෙයි.
683
01:05:06,633 --> 01:05:09,733
ඇත්තම කිව්වොත්, පියාණන් මට බැන්නා.
684
01:05:09,733 --> 01:05:11,333
ඒ ඇයි?
685
01:05:11,333 --> 01:05:16,900
දීපු පාඩම් වැඩ කරනවා වෙනුවට,
මම පාට වර්ග අටකට බෙදුවා කියලා.
686
01:05:18,767 --> 01:05:21,467
ගෙම්බට ඉස්ගෙඩි කාලේ මතක නෑ කියලා කතාවක් තියෙනවනේ.
687
01:05:21,467 --> 01:05:23,767
ඔයාගේ පියානනුත් අන්න ඒ ගෙම්බා වගේමයි නේද?
688
01:05:23,767 --> 01:05:26,033
මම ඔයාටත් ගෙම්බෙක් හදලා දෙන්නද?
689
01:05:26,033 --> 01:05:27,933
හා. හරි එහෙනම්.
690
01:05:27,933 --> 01:05:29,933
මම දැන්ම ඔයාට එකක් හදලා දෙන්නම්.
691
01:05:36,000 --> 01:05:37,867
අනේ මන්දා.
692
01:05:46,600 --> 01:05:49,467
අනේ මන්දා. ඒක ඒ තරම් හොඳද?
693
01:05:49,467 --> 01:05:53,200
ඔයාගේ මහත්තයා දිහා බලනවට වඩා
ඔය කිම්චි මුට්ටිය දිහා බලන් හිනාවෙන්නේ ඇයි?
694
01:05:53,200 --> 01:05:57,133
අනේ, මේක අවුරුදු හයක් පරණ කිම්චිනේ!
695
01:05:57,133 --> 01:05:59,100
ඉතින්?
696
01:05:59,100 --> 01:06:01,367
මේක සාක්ෂියක්නේ අපි පැනලා යන්නේ නැතුව
697
01:06:01,367 --> 01:06:04,767
අවුරුදු හයක් සාමකාමීව ජීවත් වුණා කියන්න.
698
01:06:04,767 --> 01:06:07,700
අනේ මන්දා. අවුරුදු හයක් ගැන ඔච්චර ලොකුවට හිතනවා.
699
01:06:07,700 --> 01:06:08,833
බලන් ඉන්නකෝ.
700
01:06:08,833 --> 01:06:11,500
මීට පස්සේ අපි අවුරුදු දාහක්,
දහදාහක් පරණ කිම්චි කමු.
701
01:06:11,500 --> 01:06:13,700
අම්මෝ, එතකොට අපි මැරිලානේ.
702
01:06:13,700 --> 01:06:17,000
ඔයා නම් ඇත්තටම මූඩ් එක කනවා.
703
01:06:17,000 --> 01:06:19,000
අපි ප්‍රශ්න ගොඩකට මුහුණ දීපු නිසා වෙන්න ඇති.
704
01:06:19,000 --> 01:06:21,933
මූඩ් එක කොහොම වුණත්, මට එහෙමයි හිතෙන්නේ.
705
01:06:27,100 --> 01:06:30,133
දැන් ආයේ ප්‍රශ්න එන එකක් නෑ.
706
01:06:30,133 --> 01:06:32,333
ඔයා මාව විශ්වාස කරන්නකෝ.
707
01:06:32,333 --> 01:06:35,567
මම අවුරුදු හයක් තිස්සේ
උන්ජොන්ගුං මාලිගාවේ වැඩ බලාගත්තා.
708
01:06:35,567 --> 01:06:38,000
ඔයා හිතන්නේ මට ඔයාව ආරක්ෂා කරන්න බැරි වෙයි කියලද?
709
01:06:40,100 --> 01:06:42,867
ආහ්, අනේ මන්දා.
710
01:06:42,867 --> 01:06:46,433
ඒක නෙවෙයි, ඔයාගේ නංගි ගැන ආරංචියක් නැද්ද?
එයා ආයේ එහෙ ගියාද?
711
01:06:56,833 --> 01:06:58,467
ස්වාමීනි.
712
01:06:59,433 --> 01:07:02,133
මම මගේ පොරොන්දු ඔක්කොම ඉෂ්ට කළා.
713
01:07:02,800 --> 01:07:05,333
ඔබතුමා දැන් සැනසීමෙන්ද ඉන්නේ?
714
01:07:06,033 --> 01:07:07,633
[ආදරණීය කාං හන් සොංගේ ස්මාරකය]
මටත් නොදැනිම,
715
01:07:07,633 --> 01:07:09,752
අපි එකට හිටපු කාලෙට වඩා
716
01:07:09,752 --> 01:07:12,867
අපි වෙන් වෙලා හිටපු කාලය දික් වෙලා.
717
01:07:14,333 --> 01:07:16,400
ඒ නිසා,
718
01:07:16,400 --> 01:07:18,600
ඊළඟ ආත්මයක් තියෙනවා නම්,
719
01:07:20,300 --> 01:07:21,784
අපි එකට ඉමු,
720
01:07:21,784 --> 01:07:24,024
හුඟාක් කල් යනකම්ම,
721
01:07:24,024 --> 01:07:26,200
ඔයයි මමයි විතරක්ම.
722
01:07:29,400 --> 01:07:31,033
වාව්.
723
01:07:47,633 --> 01:07:49,533
මෑණියනි.
724
01:07:52,767 --> 01:07:54,392
යුල්,
725
01:07:54,392 --> 01:07:55,667
ඔයා දන්නවද?
726
01:07:55,667 --> 01:07:59,867
වැටෙන මල් පෙත්තක් අල්ල ගත්තොත්,
ඔයාගේ පළමු ආදරේ හැබෑ වෙනවා.
727
01:07:59,867 --> 01:08:03,300
එහෙනම්, මම මෑණියන්ව කසාද බඳිනවා.
728
01:08:03,300 --> 01:08:05,200
මාව බඳිනවා?
729
01:08:06,967 --> 01:08:09,700
ඒයි, නවතින්න ඔතනම.
730
01:08:09,700 --> 01:08:10,833
පියාණෙනි.
731
01:08:10,833 --> 01:08:12,600
මෙහෙ එන්න.
732
01:08:12,600 --> 01:08:15,233
දෙන්න ඔය මල් පෙත්ත මට.
733
01:08:15,233 --> 01:08:17,533
මල් පෙත්ත රාජසන්තකයි, තේරුණාද?
734
01:08:17,533 --> 01:08:19,867
ඒ ඇයි?
735
01:08:19,867 --> 01:08:22,300
දැන් හොඳට අහගන්න.
736
01:08:22,300 --> 01:08:25,900
ඔයාගේ මෑණියන්ව මම දැනටමත් කසාද බැඳලා ඉන්නේ.
737
01:08:25,900 --> 01:08:27,533
ඒ කියන්නේ
738
01:08:29,800 --> 01:08:31,900
එයා මගේ ගෑනු ළමයා.
739
01:08:36,504 --> 01:08:39,533
මම දන්නේ නෑ, මට වැඩකුත් නෑ.
740
01:08:39,533 --> 01:08:42,300
මම දන්නේ නෑ, මට වැඩකුත් නෑ. එහෙමද?
741
01:08:42,300 --> 01:08:43,333
එහෙමද?
742
01:08:43,333 --> 01:08:45,400
ඔයා පිළිගන්නේ නැද්ද?
743
01:08:45,400 --> 01:08:48,267
මම දන්නේ නෑ, මට වැඩකුත් නෑ.
744
01:08:48,267 --> 01:08:51,733
ආහ්, නුඹට වැඩක් නෑ නේද?
මම දන්නේ නෑ, මට වැඩකුත් නෑ.
745
01:08:53,633 --> 01:08:56,000
ඇයි ඔයා ආයෙත් එයාව අඬවන්නේ?
746
01:08:56,000 --> 01:08:59,300
අනේ මන්දා, මේ ඔක්කොම ඔයා නිසා තමයි.
747
01:08:59,300 --> 01:09:00,533
ආයෙත් මමද වැරදි?
748
01:09:00,533 --> 01:09:01,967
එහෙනම්, කාගේ වැරැද්දද?
749
01:09:01,967 --> 01:09:03,777
ඇයි ඔයා ඔච්චර ලස්සන,
750
01:09:03,777 --> 01:09:07,167
තාත්තයි පුතයි අතරේ ප්‍රශ්න ඇති කරවන්න තරම්?
751
01:09:07,167 --> 01:09:08,467
අපි යමුද?
752
01:09:08,467 --> 01:09:10,967
යමු යන්න.
753
01:09:51,233 --> 01:09:52,933
කාලගුණය නම් ඇත්තටම නියමයි.
754
01:09:52,933 --> 01:09:54,633
ඔව් ඇත්තටම.
755
01:09:58,167 --> 01:09:59,900
බලන්නකෝ අර පැත්ත.
756
01:09:59,900 --> 01:10:01,667
අල්ලගත්තා!
757
01:10:03,367 --> 01:10:06,233
ඔයා මාව බය කළානේ.
758
01:10:07,667 --> 01:10:09,016
දැන් ඔයාට
759
01:10:09,016 --> 01:10:11,033
වතුරට බයක් නෑ නේද?
760
01:10:12,000 --> 01:10:13,600
වතුරට?
761
01:10:14,433 --> 01:10:18,167
බයද? මම ඒකට ස්තුතිවන්ත වෙනවා.
762
01:10:18,167 --> 01:10:20,500
වතුරනේ ඔයාව මට ආපහු දුන්නේ.
763
01:10:27,833 --> 01:10:30,233
මොකද ඔය ඔරවාගෙන බලන්නේ?
764
01:10:30,233 --> 01:10:33,200
ඔයා බලන්න ඕනේ මං දිහා විතරයි, මෙන්න මෙහෙම.
765
01:10:35,033 --> 01:10:36,767
වතුර.
766
01:10:39,067 --> 01:10:43,400
ඔයයි මමයි, මේ වතුර වගේම එකට ගලාගෙන යනවා.
767
01:10:53,167 --> 01:10:57,967
♫ ඔයාව හමුවෙන දවස ආවම ♫
768
01:10:57,967 --> 01:11:02,367
♫ මට කියන්න දෙයක් තියෙනවා ♫
769
01:11:02,367 --> 01:11:03,400
මට බෑ.
770
01:11:03,400 --> 01:11:11,400
♫ මුළු ලෝකයම කඩා වැටුණේ නැද්ද ♫
771
01:11:13,400 --> 01:11:16,333
♫ මෝඩ විදියට රැඳිලා ඉන්නවා ♫
772
01:11:16,333 --> 01:11:17,900
එයාව අල්ලගන්න!
773
01:11:17,900 --> 01:11:19,433
එපා!
774
01:11:19,433 --> 01:11:23,767
♫ මම වෛර කරනවා මේ දාලා යන්න බැරි බැඳීමට ♫
775
01:11:23,767 --> 01:11:31,767
♫ මම ඇඬුවත්, මම දුක් වුණත්,
මම හොඳින් හිටියත් ♫
776
01:11:34,200 --> 01:11:42,967
♫ පුරුද්දට ගිහින් වේදනාව නැතිවෙයි කියන බය හිතේ තියෙනවා ♫
777
01:11:42,967 --> 01:11:48,133
♫ අදත්, මම මේ හුරුපුරුදු දුකේ ගිලෙනවා ♫
778
01:11:48,133 --> 01:11:54,700
♫ මම තාමත් ඔයාව මතක් කරනවා ♫
779
01:11:54,700 --> 01:11:59,900
♫ කවදාවත් එහෙම වෙන්න එපා ♫
780
01:11:59,900 --> 01:12:02,233
♫ එක පාරක්වත් ♫
781
01:12:02,233 --> 01:12:03,864
අර වතුරට,
782
01:12:03,864 --> 01:12:08,100
අපි එකට හිටපු හැම මොහොතක්ම මතක ඇති නේද?
783
01:12:10,200 --> 01:12:12,280
මම හිතන්නේ ඒ වතුරට නම්
784
01:12:12,280 --> 01:12:14,633
හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනේ.
785
01:12:15,433 --> 01:12:17,523
මොකද අපේ කාලය,
786
01:12:17,523 --> 01:12:19,800
ගලාගෙන යාවි,
787
01:12:19,800 --> 01:12:21,467
හුඟාක් දිගු කාලයක් යනකම්.
788
01:12:24,467 --> 01:12:26,328
ඔයාට ආයෙමත්
789
01:12:26,328 --> 01:12:28,867
ඔයාගේ මතකය නැති වුණත්,
790
01:12:29,900 --> 01:12:32,433
මම ආයෙමත් සැරයක් මැරුණත්,
791
01:12:32,433 --> 01:12:34,008
අපේ ඉස්සරහට
792
01:12:34,008 --> 01:12:36,233
මොන දේ ආවත්,
793
01:12:36,233 --> 01:12:38,433
මම ඒ හැමදේම ජයගන්නවා.
794
01:12:42,000 --> 01:12:46,367
අපි හුඟාක් කල් සතුටින් ජීවත් වෙමු.
795
01:12:47,333 --> 01:12:48,967
මාත් එහෙමයි.
796
01:12:49,967 --> 01:12:52,247
මොන දේ වුණත්,
797
01:12:52,247 --> 01:12:54,433
මම නිදහසට කරුණු කියන්නේ නෑ.
798
01:12:54,433 --> 01:12:57,700
මම හැමදාම ඔබ වහන්සේ ළඟින්ම ඉන්නවා,
799
01:12:57,700 --> 01:13:01,400
මගේ ජීවිත කාලෙම, සදහටම.
800
01:13:01,400 --> 01:13:10,333
♫ හුස්ම හිර කරන් හිටියත්, මගේ හදවත ගැහෙනවා ♫
801
01:13:10,333 --> 01:13:15,533
♫ දරාගන්න බැරි මේ මගේ හදවත ♫
802
01:13:15,533 --> 01:13:22,100
♫ තාමත් ඔයා එනකම් බලන් ඉන්නවා වගේ ♫
803
01:13:22,100 --> 01:13:27,267
♫ කවදාවත් එහෙම වෙන්න එපා ♫
804
01:13:27,267 --> 01:13:32,800
♫ එක පාරක්වත් ♫
805
01:13:32,800 --> 01:13:41,500
♫ ඔයාට දුකක් වේදනාවක් එන කාලයක් ♫
806
01:13:42,667 --> 01:13:47,833
♫ නිදි නැති රාත්‍රීන්වල ♫
807
01:13:47,833 --> 01:13:53,367
♫ ඔයාට කවදාවත් තනිකමක් දැනෙන්න එපා ♫
808
01:13:53,367 --> 01:14:01,233
♫ ඔයා හොඳ මතකයන් විතරක් අරගෙන ජීවත් වෙන්න ♫
809
01:14:26,567 --> 01:14:32,767
♫ ඔයා වලාකුළක් වගේ පාවෙලා ආවා ♫
810
01:14:35,400 --> 01:14:41,433
♫ තරු එළියක් වගේ මාව දාලා යන, මගේ ආදරය ♫
811
01:14:44,200 --> 01:14:52,667
♫ ආහ්, මගේ ආදරය මට ආපහු ලැබෙයිද ♫
812
01:14:52,667 --> 01:15:01,767
♫ ආහ්, මේ හැමදේම කොච්චර හිස් දෙයක්ද ♫
813
01:15:02,900 --> 01:15:05,633
♫ හීනයක් විතරයි ♫
814
01:15:12,767 --> 01:15:21,500
♫ අනේ, අනේ, අපොයි දෙයියනේ ♫
815
01:15:21,500 --> 01:15:30,233
♫ අනේ, අනේ, අපොයි දෙයියනේ ♫
816
01:15:30,233 --> 01:15:38,700
♫ ආහ්, මගේ ආදරය මට ආපහු ලැබෙයිද ♫
817
01:15:38,700 --> 01:15:48,033
♫ ආහ්, මේ හැමදේම කොච්චර හිස් දෙයක්ද ♫
818
01:15:49,033 --> 01:15:51,933
♫ හීනයක් විතරයි ♫
819
01:15:51,957 --> 01:15:53,957
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜