1
00:00:45,251 --> 00:00:47,251
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:47,275 --> 00:00:49,275


3
00:00:49,299 --> 00:00:51,968
<font color="#b67a07"><b>ස්ටිල් ෂයිනින්ග්</b></font>

4
00:01:06,399 --> 00:01:08,234
<font color="#ffde44">ඔයාලා දෙන්නා විභාග ශාලාව
ඇතුළ බැලුවා නේද.</font>

5
00:01:08,318 --> 00:01:09,444
<font color="#ffde44">එකේ ඔරලෝසුවක් තිබුණද?</font>

6
00:01:09,527 --> 00:01:10,445
<font color="#ffde44">තිබුණේ නැහැ.</font>

7
00:01:11,237 --> 00:01:13,448
<font color="#ffde44">මට විශ්වාසයි එයාලා වෙලාව කියයි,
ඒත් මොකටත්,</font>

8
00:01:13,531 --> 00:01:15,742
<font color="#ffde44">ඔයාලා දෙන්නා ඔරලෝසු අරන් යන්න අමතක කරන්න එපා.</font>

9
00:01:15,825 --> 00:01:19,204
<font color="#ffde44">මම හෙට උදේ 7:00 ට ඔයාලව ගන්න එන්නම්,
ඒ නිසා බස් හෝල්ට් එකට එන්න.</font>

10
00:01:19,287 --> 00:01:21,664
<font color="#ffde44">පරක්කු වෙන්න එපා.
හරි.</font>

11
00:01:23,083 --> 00:01:24,334
<font color="#ffde44">කලින් නිදාගන්න,</font>

12
00:01:24,417 --> 00:01:27,087
<font color="#ffde44">උදේ කෑම කන්න අමතක කරන්න එපා,
ඒ වගේම දවල් කෑම එකත් අරන් යන්න.</font>

13
00:01:27,170 --> 00:01:29,464
<font color="#ffde44">විභාග හැඳුනුම්පතත්. ඒක ගොඩක් වැදගත්.</font>

14
00:01:29,547 --> 00:01:30,548
<font color="#ffde44">හරි සර්.
හරි.</font>

15
00:01:31,841 --> 00:01:33,426
<font color="#ffde44">හොඳට නිදාගන්න.
හරි.</font>

16
00:01:39,933 --> 00:01:40,850
<font color="#ffde44">හලෝ?</font>

17
00:01:44,145 --> 00:01:46,564
<font color="#ffde44">ඒක...</font>

18
00:01:47,148 --> 00:01:48,942
<font color="#ffde44">ඔයා කියන්නේ ලියකියවිලි ගැනද?</font>

19
00:01:49,859 --> 00:01:51,945
<font color="#ffde44"><i>අපි හෙට උදේ 6:50 ට හම්බවෙමු.</i></font>

20
00:01:52,028 --> 00:01:53,363
<font color="#ffde44">කාමරේට ගියාම...</font>

21
00:01:53,947 --> 00:01:55,281
<font color="#ffde44">දකුණු පැත්තේ දෙවෙනි ලාච්චුව.</font>

22
00:01:55,365 --> 00:01:56,741
<font color="#ffde44"><i>හරි. හොඳට නිදාගන්න.</i></font>

23
00:01:57,408 --> 00:01:58,868
<font color="#ffde44">එතන තියෙනවද? මම කිව්වේ.</font>

24
00:01:58,952 --> 00:02:00,787
<font color="#ffde44">හරි, මට තේරුණා.</font>

25
00:02:01,371 --> 00:02:03,123
<font color="#ffde44">හරි, බායි.</font>

26
00:02:10,463 --> 00:02:11,756
<font color="#ffde44">ඔයාට එළියට වෙලා ඉන්න ඕන වුණේ නෑනේ.</font>

27
00:02:11,840 --> 00:02:13,508
<font color="#ffde44">හලෝ, මිස්ටර් මූ.</font>

28
00:02:14,050 --> 00:02:16,052
<font color="#ffde44">ඔයා ගොඩක් මහන්සි වෙලා අපිට උදව් කළා</font>

29
00:02:16,136 --> 00:02:18,763
<font color="#ffde44">විභාගෙට කලින් දවස වෙනකනුත්.</font>

30
00:02:18,847 --> 00:02:21,266
<font color="#ffde44">අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ඒකට කමක් නෑ.</font>

31
00:02:21,349 --> 00:02:22,642
<font color="#ffde44">ඒක මගේ සතුටක්.</font>

32
00:02:24,269 --> 00:02:28,231
<font color="#ffde44">සර්, ටේ-සෝට අත් ඔරලෝසුවක් ඕනේ,
ඒත් මගේ එක ඩිජිටල්.</font>

33
00:02:28,314 --> 00:02:29,482
<font color="#ffde44">සර් ගාව ඇනලොග් එකක් තියෙනවද?</font>

34
00:02:30,733 --> 00:02:33,027
<font color="#ffde44">මේකට අවුරුදු 40කට වඩා පරණයි.</font>

35
00:02:33,111 --> 00:02:34,445
<font color="#ffde44">වැඩ කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ.</font>

36
00:02:35,822 --> 00:02:36,781
<font color="#ffde44">එහෙමද?</font>

37
00:02:38,449 --> 00:02:39,576
<font color="#ffde44">ඔයාගේ අත දෙන්න.</font>

38
00:02:40,326 --> 00:02:41,286
<font color="#ffde44">දැන්ම දාගන්න,</font>

39
00:02:41,369 --> 00:02:42,412
<font color="#ffde44">නැත්නම් අමතක වෙයිනේ.</font>

40
00:02:50,753 --> 00:02:53,214
<font color="#ffde44">ඔයාලා දෙන්නා එයාව හොඳට බලාගත්තා.</font>

41
00:02:54,382 --> 00:02:56,009
<font color="#ffde44">සර් ඊට වඩා ගොඩක් දේවල් එයා වෙනුවෙන් කළා.</font>

42
00:03:47,894 --> 00:03:48,937
<font color="#ffde44"><i>ඔයා හොඳට නිදාගත්තද?</i></font>

43
00:03:49,020 --> 00:03:51,272
<font color="#ffde44">ඔව්, මම හිතුවට වඩා හොඳට නිදාගත්තා.</font>

44
00:03:51,356 --> 00:03:52,982
<font color="#ffde44">මම හිතුවේ බයටම නින්ද යන එකක් නෑ කියලා.</font>

45
00:03:53,566 --> 00:03:56,402
<font color="#ffde44">ඔයත් ඊළඟ කාමරේ විභාගෙ ලියනවා කියලා
දැනගෙන හිටිය නිසා</font>

46
00:03:56,486 --> 00:03:57,695
<font color="#ffde44">මට ලොකු සහනයක් දැනුණා.</font>

47
00:04:00,782 --> 00:04:02,909
<font color="#ffde44">ගොඩක් වෙලා බලාගෙන හිටියද? ඔයාට සීතලත් ඇති.</font>

48
00:04:03,785 --> 00:04:04,744
<font color="#ffde44">මට රස්නෙයි.</font>

49
00:04:04,827 --> 00:04:07,413
<font color="#ffde44">තාත්තා කිව්වා කොරියාවේ විභාග දවස්වලට
හැමතිස්සෙම සීතලයි කියලා.</font>

50
00:04:10,166 --> 00:04:11,084
<font color="#ffde44">මට මේක දාගන්න ඕනේ.</font>

51
00:04:20,802 --> 00:04:21,844
<font color="#ffde44">මේ වගේද?</font>

52
00:04:21,928 --> 00:04:22,762
<font color="#ffde44">නැහැ.</font>

53
00:04:26,474 --> 00:04:29,310
<font color="#ffde44">මේ විදියට වටේට ඔතලා,</font>

54
00:04:30,728 --> 00:04:31,729
<font color="#ffde44">ඊටපස්සේ ගැටගහන්න.</font>

55
00:04:42,282 --> 00:04:45,410
<font color="#ffde44">මගේ ඉලක්කය ඔයාට පුළුවන් තරම්
ළඟ විශ්වවිද්‍යාලයකට යන එක.</font>

56
00:04:46,286 --> 00:04:48,830
<font color="#ffde44">සෝල් වල එකකට යන්න බැරි වුණොත්,
ළඟ පාත එකකට හරි යනවා.</font>

57
00:04:52,000 --> 00:04:55,086
<font color="#ffde44">අපි දෙන්නටම අද අපේ ඉලක්කවලට
යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.</font>

58
00:04:57,005 --> 00:04:58,006
<font color="#ffde44">මම හිතනවා</font>

59
00:04:58,715 --> 00:05:00,300
<font color="#ffde44">මේක මට හොඳට විභාගෙ කරන්න උදව් වෙයි කියලා.</font>

60
00:05:01,467 --> 00:05:02,635
<font color="#ffde44">මටත් මොනවා හරි දෙන්න.</font>

61
00:05:02,719 --> 00:05:03,636
<font color="#ffde44">ඔයාගේ ඕනෙම දෙයක්.</font>

62
00:05:13,021 --> 00:05:13,855
<font color="#ffde44">මං ගාව දෙයක් තියෙනවා.</font>

63
00:05:16,441 --> 00:05:18,568
<font color="#ffde44">යොන්වූ උසස් පාසල
යොන් ටේ-සෝ</font>

64
00:05:19,193 --> 00:05:20,028
<font color="#ffde44">මගේ වාසනාව ගෙනෙන දේ.</font>

65
00:05:22,488 --> 00:05:26,034
<font color="#ffde44">විභාග ශාලාව 6</font>

66
00:05:44,385 --> 00:05:50,308
<font color="#ffde44">තවමත් බබළනවා</font>

67
00:05:51,684 --> 00:05:54,353
<font color="#ffde44">විභාගෙ ඉවරයි!</font>

68
00:05:57,607 --> 00:05:58,608
<font color="#ffde44">මම විතරද සතුටින් ඉන්නේ?</font>

69
00:06:02,737 --> 00:06:03,613
<font color="#ffde44">ඒක ඉවරයි!</font>

70
00:06:07,116 --> 00:06:09,410
<font color="#ffde44">ටේ-සෝ, අපි හන්ගෑං ගඟ බලන්න යමු.</font>

71
00:06:09,494 --> 00:06:11,287
<font color="#ffde44">අපි මුහුද දැක්කනේ,
ඒ නිසා අපි එතනටත් යන්න ඕනේ.</font>

72
00:06:11,954 --> 00:06:13,039
<font color="#ffde44">ඒත් වෙලාව...</font>

73
00:06:13,122 --> 00:06:14,248
<font color="#ffde44">එන්නකෝ. අපිට යන්න පුළුවන්.</font>

74
00:06:15,750 --> 00:06:16,793
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

75
00:06:24,842 --> 00:06:25,927
<font color="#ffde44">මං ගාව වොන් 7,000යි තියෙන්නේ.</font>

76
00:06:26,469 --> 00:06:27,386
<font color="#ffde44">අපි ඊළඟ පාර යමු.</font>

77
00:06:32,183 --> 00:06:34,435
<font color="#ffde44">මම ඔයා එක්ක පාඩම් කරපු නිසා
මගේ පොකට් මනි වියදම් කළේ නැහැ.</font>

78
00:06:34,519 --> 00:06:36,771
<font color="#ffde44">ඔයා මට ඒක ඉතුරු කරගන්න උදව් කරපු නිසා,
මම ඒක ඔයා වෙනුවෙන් වියදම් කරන්න ඕනේ.</font>

79
00:06:36,854 --> 00:06:38,356
<font color="#ffde44">එන්න, අපි කෝච්චියේ යමු.</font>

80
00:06:46,364 --> 00:06:47,615
<font color="#ffde44">කෝච්චියෙන් නෙවෙයි.</font>

81
00:06:58,042 --> 00:07:00,169
<font color="#ffde44">අපි දොංසෝල් බස් නැවතුම්පොළෙන් ගඟ බලමු.</font>

82
00:07:00,253 --> 00:07:01,462
<font color="#ffde44">එතනින් ඒක පේනවද?</font>

83
00:07:01,546 --> 00:07:03,840
<font color="#ffde44">ඔව්, හන්ගෑං ගඟ තියෙන්නේ
ගංබියොන් ස්ටේෂන් එකට කිට්ටුව.</font>

84
00:07:05,049 --> 00:07:07,301
<font color="#ffde44">අපි ගඟ බලලා,
ගංබියොන් ස්ටේෂන් එකෙන් පිටත් වෙමු,</font>

85
00:07:07,385 --> 00:07:10,555
<font color="#ffde44">චොංන්‍යංනි වලින් අන්තිම කෝච්චිය අරන්
හෙට පාන්දරම යමු.</font>

86
00:07:10,638 --> 00:07:12,014
<font color="#ffde44">අපි ඇයි ආපහු කෝච්චියෙන් යන්නේ?</font>

87
00:07:12,557 --> 00:07:15,393
<font color="#ffde44">කෝච්චියේ යන්න පැය හයක් විතර යනවා...</font>

88
00:07:18,062 --> 00:07:21,357
<font color="#ffde44">එතකොට අපිට ගොඩක් වෙලා එකට ඉන්න පුළුවන්.</font>

89
00:07:23,484 --> 00:07:24,360
<font color="#ffde44">මාර මොළයක්නේ.</font>

90
00:07:27,738 --> 00:07:29,699
<font color="#ffde44">වොන් 7,000න් අපිට මොනවද කරන්න පුළුවන්?</font>

91
00:07:31,409 --> 00:07:32,827
<font color="#ffde44">මට කූඩාරම් කඩේකින් නූඩ්ල්ස් අරන් දෙන්න.</font>

92
00:07:32,910 --> 00:07:35,413
<font color="#ffde44">තාත්තා කිව්වා සෝල් වල කූඩාරම් කඩවල් වල
නූඩ්ල්ස් ගොඩක් රසයි කියලා.</font>

93
00:07:36,706 --> 00:07:37,540
<font color="#ffde44">හරි.</font>

94
00:07:49,302 --> 00:07:50,887
<font color="#ffde44">එතනට යමුද?
හරි.</font>

95
00:07:52,430 --> 00:07:53,764
<font color="#ffde44">මෙන්න ඔයාගේ නූඩ්ල්ස්.</font>

96
00:07:53,848 --> 00:07:55,016
<font color="#ffde44">ස්තූතියි.
ස්තූතියි.</font>

97
00:08:03,483 --> 00:08:04,942
<font color="#ffde44">ඒ රස පුරුදුයි, ඒත් හරිම රසයි.</font>

98
00:08:09,989 --> 00:08:11,866
<font color="#ffde44">මම නූඩ්ල්ස් කන්න ආසයි.</font>

99
00:08:11,949 --> 00:08:13,868
<font color="#ffde44">ඒ වගේම හැමතිස්සෙම, තාත්තා කියනවා</font>

100
00:08:13,951 --> 00:08:15,495
<font color="#ffde44">අම්මා මාව හම්බවෙන්න ඉන්නකොට,</font>

101
00:08:15,578 --> 00:08:17,121
<font color="#ffde44">එයාට මේ නූඩ්ල්ස් කන්නමයි ආස හිතුණේ කියලා.</font>

102
00:08:17,663 --> 00:08:19,790
<font color="#ffde44">මම හැමතිස්සෙම කල්පනා කළා ඒකෙ රස කොහොම ඇත්ද කියලා.</font>

103
00:08:25,463 --> 00:08:26,672
<font color="#ffde44">මම දන්නවා.</font>

104
00:08:26,756 --> 00:08:28,966
<font color="#ffde44">මම සෝල් වලට ආවම හැමතිස්සෙම කතා කරන්නේ
අම්මා ගැන තමයි.</font>

105
00:08:29,050 --> 00:08:30,259
<font color="#ffde44">ඒ වුණාට මට එයාව මතක් වෙන්නේ නෑ.</font>

106
00:08:33,596 --> 00:08:34,430
<font color="#ffde44">එයා මෙහෙද ඉන්නේ?</font>

107
00:08:35,723 --> 00:08:36,849
<font color="#ffde44">නැහැ, එයා ඉන්නේ පිටරට.</font>

108
00:08:37,850 --> 00:08:39,143
<font color="#ffde44">ඒත් කොහෙද කියලා මම දන්නේ නෑ.</font>

109
00:08:39,227 --> 00:08:40,561
<font color="#ffde44">මම කවදාවත් ඇහුවෙත් නෑ.</font>

110
00:08:42,230 --> 00:08:44,065
<font color="#ffde44">මට විශ්වාසයි එයා කොහේ හරි හොඳින් ඇති කියලා.</font>

111
00:08:45,566 --> 00:08:47,693
<font color="#ffde44">මට කිසිම සම්බන්ධයක් නැති කොහේ හරි තැනක.</font>

112
00:08:52,532 --> 00:08:54,575
<font color="#ffde44">අපිට රෑ 10.00ට විතර සබ්වේ එකේ යන්න පුළුවන්,
ඒ නිසා කලබල වෙන්න එපා.</font>

113
00:08:55,701 --> 00:08:56,953
<font color="#ffde44">හන්ගෑං ගඟ ගැන මොකද කියන්නේ?</font>

114
00:08:57,995 --> 00:08:59,580
<font color="#ffde44">ඔයාට ස්ටේෂන් එකේ ඉඳන් ඒක බලන්න පුළුවන්.</font>

115
00:08:59,664 --> 00:09:00,957
<font color="#ffde44">ස්ටේෂන් එකෙන් නෙවෙයි.</font>

116
00:09:01,040 --> 00:09:02,833
<font color="#ffde44">මට ඕනේ ඒක ළඟටම ගිහින් බලන්න.</font>

117
00:09:07,713 --> 00:09:08,631
<font color="#ffde44">අපි ඉක්මනට කන එක හොඳයි.</font>

118
00:09:15,805 --> 00:09:17,848
<font color="#ffde44">හන්ගෑං ගඟ තියෙන්නේ මගේ ඉස්සරහමයි.</font>

119
00:09:17,932 --> 00:09:18,933
<font color="#ffde44">මේ මගේ පළවෙනි වතාව.</font>

120
00:09:19,016 --> 00:09:19,892
<font color="#ffde44">මගේත්.</font>

121
00:09:20,685 --> 00:09:22,853
<font color="#ffde44">අපි තව ටිකක් ළඟට යමු.
ඉන්න.</font>

122
00:09:24,814 --> 00:09:25,856
<font color="#ffde44">ඔයාට...</font>

123
00:09:26,607 --> 00:09:27,525
<font color="#ffde44">සීතල හැදෙයි.</font>

124
00:09:29,402 --> 00:09:30,319
<font color="#ffde44">වටේට ඔතලා...</font>

125
00:09:31,988 --> 00:09:32,989
<font color="#ffde44">ආයෙමත් ඔතලා,</font>

126
00:09:33,573 --> 00:09:34,448
<font color="#ffde44">ඊටපස්සේ ගැටගහන්න.</font>

127
00:09:37,910 --> 00:09:39,870
<font color="#ffde44">ඔයා ගැන මොකද? ඔයාට සීතල නැද්ද?</font>

128
00:09:39,954 --> 00:09:40,788
<font color="#ffde44">මට පුළුවන්...</font>

129
00:09:42,707 --> 00:09:43,666
<font color="#ffde44">මේක දාගන්න.</font>

130
00:09:57,513 --> 00:09:58,556
<font color="#ffde44">මේක ඓතිහාසික දවසක්.</font>

131
00:09:58,639 --> 00:10:00,600
<font color="#ffde44">මම මුහුදයි හන්ගෑං ගඟයි දෙකම දැක්කා.</font>

132
00:10:01,851 --> 00:10:03,311
<font color="#ffde44">මට මේ දවස මතක තියාගන්න වෙනවා.</font>

133
00:10:10,443 --> 00:10:11,277
<font color="#ffde44">යොන් ටේ-සෝ.</font>

134
00:10:11,360 --> 00:10:13,404
<font color="#ffde44">මට මගේ හීනේ හම්බවුණා.</font>

135
00:10:13,487 --> 00:10:14,447
<font color="#ffde44">තනියම ජීවත් වෙන එක.</font>

136
00:10:15,072 --> 00:10:16,407
<font color="#ffde44">තාත්තගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක.</font>

137
00:10:16,490 --> 00:10:18,993
<font color="#ffde44">මේක හීනයක් වෙන්නේ</font>

138
00:10:19,076 --> 00:10:21,495
<font color="#ffde44">තාත්තාට සනීප වුණොත් විතරක්
ඒක කරන්න පුළුවන් නිසයි.</font>

139
00:10:21,579 --> 00:10:23,998
<font color="#ffde44">එයාට සනීප නැත්නම්, මට ඒ ගැන හිතන්නවත් බැහැ.</font>

140
00:10:24,081 --> 00:10:27,460
<font color="#ffde44">මගේ හීනේ තමයි මට ස්වාධීන වෙන්න පුළුවන් වෙන විදිහට
තාත්තාට ඉක්මනට සනීප වෙන එක.</font>

141
00:10:29,462 --> 00:10:30,296
<font color="#ffde44">ඔයාට කොහොමද?</font>

142
00:10:31,380 --> 00:10:32,381
<font color="#ffde44">මම?</font>

143
00:10:33,132 --> 00:10:34,258
<font color="#ffde44">මගේ හීනේ...</font>

144
00:10:37,178 --> 00:10:39,388
<font color="#ffde44">ඔයාගේ හීනේ ස්වාධීනත්වය නම්,
මගේ එක තමන්ගේම ශක්තියෙන් නැගී සිටින එක.</font>

145
00:10:40,056 --> 00:10:41,307
<font color="#ffde44">මට ඈත් වෙන්න කෙනෙක් නෑ.</font>

146
00:10:42,725 --> 00:10:44,060
<font color="#ffde44">ඒක ඇත්තටම පුදුමයි.</font>

147
00:10:44,810 --> 00:10:45,645
<font color="#ffde44">ඔයා මොකක්ද අදහස් කළේ?</font>

148
00:10:45,728 --> 00:10:48,898
<font color="#ffde44">මොකද මම දන්නවා ඔයාට ඒක කිසිම අමාරුවක් නැතුව
කරන්න පුළුවන් කියලා.</font>

149
00:10:49,482 --> 00:10:52,234
<font color="#ffde44">මම දැකලා තියෙන විදියට,
ඔයා තනියම වැඩ කරගන්න දක්ෂයි.</font>

150
00:10:53,486 --> 00:10:55,696
<font color="#ffde44">මමද?
ඔව්.</font>

151
00:10:55,780 --> 00:10:57,615
<font color="#ffde44">මම තනියම දේවල් කරන්න කැමති නැහැ,</font>

152
00:10:57,698 --> 00:10:59,158
<font color="#ffde44">ඒත් ඔයා ඒකට ගොඩක් දක්ෂයි.</font>

153
00:10:59,241 --> 00:11:01,786
<font color="#ffde44">ඔයා අනිත් අය එක්ක කාලය ගත කරනවා මම දැකලම නෑ.</font>

154
00:11:02,370 --> 00:11:03,663
<font color="#ffde44">ඔයාට තනියම ඉන්න එක ප්‍රශ්නයක් නෑ.</font>

155
00:11:04,288 --> 00:11:05,498
<font color="#ffde44">ඒක එක විදිහක පුදුමයක්.</font>

156
00:11:06,957 --> 00:11:08,084
<font color="#ffde44">ඒත් අනිත් අතට,</font>

157
00:11:08,167 --> 00:11:10,461
<font color="#ffde44">ඔයා කැම්පස් ගියාම දේවල් වෙනස් වෙයි කියලා
මට විශ්වාසයි.</font>

158
00:11:12,088 --> 00:11:14,632
<font color="#ffde44">ඔයාගේ වෙන මොනවා වෙනස් වෙයිද කියලා මම කල්පනා කළේ.</font>

159
00:11:16,676 --> 00:11:18,511
<font color="#ffde44">මොකුත් වෙනස් වෙයි කියලා මම හිතන්නේ නෑ.</font>

160
00:11:23,099 --> 00:11:24,100
<font color="#ffde44">තව ටිකක් ඉස්සරහට යමුද?</font>

161
00:11:25,851 --> 00:11:27,728
<font color="#ffde44">ඔව්. අපිට වෙලාව තියෙනවද?</font>

162
00:11:31,774 --> 00:11:33,484
<font color="#ffde44">නෑ, අපිට වෙලාවක් නෑ.</font>

163
00:11:35,778 --> 00:11:36,612
<font color="#ffde44">අපි යමු.</font>

164
00:11:37,696 --> 00:11:38,531
<font color="#ffde44">අපිට යන්න වෙනවා.</font>

165
00:11:38,614 --> 00:11:39,907
<font color="#ffde44">එන්න, අපි පරක්කු වෙයි.</font>

166
00:11:52,002 --> 00:11:53,838
<font color="#ffde44">අපි ගඟ බලන්න ගොඩක් දුර ඇවිදගෙන ආවා.</font>

167
00:11:57,174 --> 00:11:58,175
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

168
00:11:59,301 --> 00:12:00,302
<font color="#ffde44">දෙවියනේ, මට මහන්සියි.</font>

169
00:12:00,845 --> 00:12:02,012
<font color="#ffde44">මම කාපු නූඩ්ල්ස් ඔක්කොම දිරෙව්වා.</font>

170
00:12:05,433 --> 00:12:06,600
<font color="#ffde44">එන්න, අපි පරක්කු වෙලා.</font>

171
00:12:10,229 --> 00:12:11,230
<font color="#ffde44">අපි යමු.</font>

172
00:12:17,319 --> 00:12:18,320
<font color="#ffde44">දුවන්න.</font>

173
00:12:43,262 --> 00:12:46,807
<font color="#ffde44"><i>අද උදේ බස් හෝල්ට් එකේදී,</i></font>

174
00:12:47,349 --> 00:12:48,851
<font color="#ffde44"><i>මම ඔයා එන දිහා බලන් හිටියා.</i></font>

175
00:13:07,036 --> 00:13:08,579
<font color="#ffde44"><i>අපි කොහේ ඉඳීවිද,</i></font>

176
00:13:09,497 --> 00:13:10,539
<font color="#ffde44"><i>අපි මොනවා කරමින් ඉඳීවිද,</i></font>

177
00:13:11,332 --> 00:13:12,458
<font color="#ffde44"><i>ඒ වගේම කවුරුත් එක්කද ඉන්නේ කියලා.</i></font>

178
00:13:14,001 --> 00:13:17,880
<font color="#ffde44"><i>මේ දේවල් තුනෙන් අද විභාගයෙන් තීරණය වෙන්නේ
මොකක්ද කියලා මම කල්පනා කළා.</i></font>

179
00:13:20,090 --> 00:13:20,925
<font color="#ffde44"><i>ඊටපස්සේ,</i></font>

180
00:13:21,717 --> 00:13:24,970
<font color="#ffde44"><i>මේක තමයි අන්තිම වතාව වෙන්න පුළුවන්ද</i></font>

181
00:13:25,554 --> 00:13:27,014
<font color="#ffde44"><i>අපි දෙන්නා එකම</i></font>

182
00:13:28,641 --> 00:13:29,975
<font color="#ffde44"><i>දිශාවකට යන?</i></font>

183
00:13:33,437 --> 00:13:35,064
<font color="#ffde44">තාම හරියටම දන්නේ නෑ,</font>

184
00:13:35,981 --> 00:13:38,817
<font color="#ffde44">ඒත් අපි වෙනස් කැම්පස් වලට ගියාම
දේවල් වෙනස් වෙයි නේද?</font>

185
00:13:40,611 --> 00:13:41,654
<font color="#ffde44">නැහැ.</font>

186
00:13:42,363 --> 00:13:45,699
<font color="#ffde44">දුර ප්‍රශ්නයක් වුණේ මැසේජ් කරන පහසුකම
නැති කාලෙදි විතරයි.</font>

187
00:13:48,452 --> 00:13:50,538
<font color="#ffde44">අපිට තාමත් මැසේජ් යවන්න පුළුවන් නම්,</font>

188
00:13:51,205 --> 00:13:52,414
<font color="#ffde44">කිසිම තැනක් ගොඩක් දුර නැහැ.</font>

189
00:13:53,332 --> 00:13:54,708
<font color="#ffde44">අපිට ඕනෑම තැනක ඉඳන් මැසේජ් කරන්න පුළුවන්.</font>

190
00:13:54,792 --> 00:13:56,085
<font color="#ffde44">හරියටම හරි.</font>

191
00:13:57,253 --> 00:13:58,629
<font color="#ffde44">හැමතැනම මැසේජ් යවන්න පුළුවන්.</font>

192
00:13:59,255 --> 00:14:00,798
<font color="#ffde44">යොන්වූ වල පවා සිග්නල් හොඳට තියෙනවා.</font>

193
00:14:02,049 --> 00:14:05,761
<font color="#ffde44">වෙන රටක ගොඩක් දුෂ්කර පැත්තක
මැසේජ් යවන්න බැරි වෙයිද?</font>

194
00:14:05,844 --> 00:14:07,596
<font color="#ffde44">අපි වෙනස් ලෝක දෙකක හිටියොත් මිසක්,</font>

195
00:14:09,181 --> 00:14:10,391
<font color="#ffde44">අපිට තාමත් මැසේජ් කරන්න පුළුවන්.</font>

196
00:14:11,976 --> 00:14:13,143
<font color="#ffde44">වෙනස් ලෝක...</font>

197
00:14:15,271 --> 00:14:16,522
<font color="#ffde44">ඒ මමයි මගේ අම්මයි වගේ.</font>

198
00:14:19,984 --> 00:14:20,859
<font color="#ffde44">මාත් එහෙමයි.</font>

199
00:14:25,072 --> 00:14:27,491
<font color="#ffde44">අපිට විතරක් අදාළ වෙන දෙයක් තියෙනවා.</font>

200
00:14:29,201 --> 00:14:30,536
<font color="#ffde44">මොකද ඒ ඔයයි මමයි නිසා.</font>

201
00:14:32,621 --> 00:14:37,501
<font color="#ffde44">ඔයයි මමයි එකට කාලය ගත කරන්න
ගොඩක් උත්සාහ කරන්නයි යන්නේ.</font>

202
00:14:39,378 --> 00:14:41,171
<font color="#ffde44">අපි පුළුවන් හැම උත්සාහයක්ම දරනවා.</font>

203
00:14:45,676 --> 00:14:47,678
<font color="#ffde44">ඔයා මට ඒ තරම්ම කැමතිද?</font>

204
00:14:49,054 --> 00:14:50,055
<font color="#ffde44">ඇත්තෙන්ම.</font>

205
00:14:50,639 --> 00:14:52,641
<font color="#ffde44">මම මේ තරම් විශ්වාසයකින් හිටියේ නැත්නම්,</font>

206
00:14:54,685 --> 00:14:56,061
<font color="#ffde44">මම උත්සාහ කරලවත් බලන එකක් නෑ.</font>

207
00:14:57,354 --> 00:14:58,397
<font color="#ffde44">මට...</font>

208
00:15:00,900 --> 00:15:03,986
<font color="#ffde44">කෙනෙක්ට කැමති වෙන්න මගේ ජීවිතේ ඉඩක් නොතිබුණු වෙලාවෙත්,
මේ හැඟීම් ඇති වුණා.</font>

209
00:16:48,465 --> 00:16:49,758
<font color="#ffde44">මට ඔයා එක්ක ඉන්න ඕනේ.</font>

210
00:17:12,239 --> 00:17:13,782
<font color="#ffde44">යමුද?
ඔව්.</font>

211
00:17:14,283 --> 00:17:15,284
<font color="#ffde44">අපි යමුද?</font>

212
00:18:05,459 --> 00:18:06,585
<font color="#ffde44">මම කොහෙටද යන්න ඕනේ?</font>

213
00:18:09,505 --> 00:18:10,589
<font color="#ffde44">අතෙන්ටද?</font>

214
00:19:22,995 --> 00:19:24,788
<font color="#ffde44">ඔයාගේ කාමරේ ලස්සනයි.</font>

215
00:19:25,706 --> 00:19:26,665
<font color="#ffde44">ඔව්.</font>

216
00:19:44,183 --> 00:19:45,017
<font color="#ffde44">මට දෙන්න...</font>

217
00:19:45,601 --> 00:19:46,602
<font color="#ffde44">මට පුළුවන්.</font>

218
00:20:58,173 --> 00:20:59,007
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

219
00:21:35,002 --> 00:21:36,003
<font color="#ffde44">සමාවෙන්න.</font>

220
00:22:21,381 --> 00:22:22,466
<font color="#ffde44">ඉයුන්-ආ, ඔයා ගෙදරද?</font>

221
00:22:30,807 --> 00:22:31,975
<font color="#ffde44">ඒ ඔයාගේ තාත්තද?</font>

222
00:22:33,643 --> 00:22:34,728
<font color="#ffde44">ඉයුන්-ආ.</font>

223
00:22:34,811 --> 00:22:36,271
<font color="#ffde44">ඔව්, තාත්තේ!</font>

224
00:22:42,444 --> 00:22:43,612
<font color="#ffde44">මම ගෙදර ආවා.</font>

225
00:22:45,113 --> 00:22:46,656
<font color="#ffde44">මම මූණ හෝදගෙන නිදාගන්න යන්නේ.</font>

226
00:22:46,740 --> 00:22:48,241
<font color="#ffde44">ඔයා හෙට ඉස්කෝලේ යනවද?</font>

227
00:22:48,325 --> 00:22:49,868
<font color="#ffde44">මට යන්න වෙනවා, ඒත් පරක්කු වෙලා යන්න පුළුවන්.</font>

228
00:22:51,453 --> 00:22:52,454
<font color="#ffde44">ගුඩ් නයිට්, තාත්තේ.</font>

229
00:22:53,371 --> 00:22:54,748
<font color="#ffde44">හරි, අද හොඳට වැඩ කළා.</font>

230
00:22:55,290 --> 00:22:56,291
<font color="#ffde44">ටිකක් විවේක ගන්න.</font>

231
00:22:57,084 --> 00:22:58,293
<font color="#ffde44">මට ඔයා ගැන ආඩම්බරයි දූ.</font>

232
00:22:59,127 --> 00:23:00,087
<font color="#ffde44">ස්තූතියි.</font>

233
00:23:16,103 --> 00:23:17,062
<font color="#ffde44">එයා ගියාද?</font>

234
00:23:56,059 --> 00:23:57,060
<font color="#ffde44">නැහැ.</font>

235
00:24:01,690 --> 00:24:04,276
<font color="#ffde44">ඇත්තටම, මං ගාව ලොකු රහසක් තියෙනවා.</font>

236
00:24:06,278 --> 00:24:08,780
<font color="#ffde44">මට ඔයාට කියන්න ලැජ්ජයි වගේ දැනුණේ.</font>

237
00:24:25,005 --> 00:24:26,715
<font color="#ffde44">මට කොච්චර රස්නයක් දැනුණද කියනවා නම් මම හිතුවේ මැරෙයි කියලා.</font>

238
00:24:27,924 --> 00:24:30,218
<font color="#ffde44">කෝට් එක ගලවනකොට මම කල්පනා කළේ
මගේ තර්මල් ඇඳුම ගැන.</font>

239
00:24:30,302 --> 00:24:32,888
<font color="#ffde44">අද ඒ තරම් සීතලක් තිබුණෙත් නෑ,
ඒත් තාත්තා බල කළා.</font>

240
00:24:35,390 --> 00:24:36,683
<font color="#ffde44">මේක මාර ලැජ්ජාවක්.</font>

241
00:24:36,766 --> 00:24:39,019
<font color="#ffde44">ඇයි මේක මල් මල් වැටුණු එකක් වුණේ?</font>

242
00:24:41,897 --> 00:24:42,981
<font color="#ffde44">මොකක්ද?</font>

243
00:24:44,149 --> 00:24:45,358
<font color="#ffde44">මම හිතන්නේ ඒක හුරතල්.</font>

244
00:25:36,785 --> 00:25:38,870
<font color="#ffde44">ඔයා හැමදාමත් හොඳට වැඩ කළා,</font>

245
00:25:38,954 --> 00:25:40,497
<font color="#ffde44">ඒ නිසා අපි කොහෙටද යන්නේ කියලා බලමු.</font>

246
00:25:40,580 --> 00:25:41,873
<font color="#ffde44">ගිහින් ඒ ගැන කල්පනා කරන්න.</font>

247
00:25:41,957 --> 00:25:43,625
<font color="#ffde44">හරි. ස්තූතියි.</font>

248
00:25:43,708 --> 00:25:44,668
<font color="#ffde44">දැන් යන්න.</font>

249
00:25:49,214 --> 00:25:50,340
<font color="#ffde44">අනේ දෙවියනේ.</font>

250
00:26:09,484 --> 00:26:11,861
<font color="#ffde44">මෝ ඉයුන්-ආ, හොඳයි. ඔයා හොඳට කරලා තියෙනවා.</font>

251
00:26:12,821 --> 00:26:13,655
<font color="#ffde44">ස්තූතියි.</font>

252
00:26:14,614 --> 00:26:18,159
<font color="#ffde44">ඔයා පාඩම් කරන්න පටන් අරන් මාස හයයි වුණත්
ගොඩක් හොඳට කරලා තියෙනවා.</font>

253
00:26:19,160 --> 00:26:19,995
<font color="#ffde44">ඇත්තටම.</font>

254
00:26:20,495 --> 00:26:22,163
<font color="#ffde44">ඔයා තව අවුරුද්දකට කලින් පටන් ගත්තා නම්,</font>

255
00:26:23,081 --> 00:26:25,000
<font color="#ffde44">අපිට ප්‍රාදේශීය කෝටා එකට
උත්සාහ කරන්න තිබුණා.</font>

256
00:26:25,583 --> 00:26:26,584
<font color="#ffde44">ඒක අපරාදේ.</font>

257
00:26:28,420 --> 00:26:29,963
<font color="#ffde44">දැන්, අපි බලමු.</font>

258
00:27:06,124 --> 00:27:11,880
<font color="#ffde44">දෙසැම්බර්</font>

259
00:27:19,554 --> 00:27:21,431
<font color="#ffde44">යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව</font>

260
00:27:21,514 --> 00:27:23,016
<font color="#ffde44">ඔබේ අයදුම්පත ඉදිරිපත් කර ඇත</font>

261
00:27:23,099 --> 00:27:24,309
<font color="#ffde44">ඔක්කොම හරි.</font>

262
00:27:24,392 --> 00:27:26,561
<font color="#ffde44">මේක ඉක්මනට යවන්න පුළුවන් වුණ එක ගැන
මට ගොඩක් සතුටුයි.</font>

263
00:27:27,395 --> 00:27:30,148
<font color="#ffde44">ප්‍රතිඵල එන්නේ පෙබරවාරි 4 වෙනිදා, ඒ නිසා...</font>

264
00:27:30,231 --> 00:27:31,983
<font color="#ffde44">දැන් ඉතින් නිදහසේ ඉන්න.</font>

265
00:27:42,994 --> 00:27:44,788
<font color="#ffde44">ඔව්, ඒක ලස්සනයි.</font>

266
00:28:03,640 --> 00:28:04,682
<font color="#ffde44">යුන්-ආ.</font>

267
00:28:09,979 --> 00:28:11,981
<font color="#ffde44">සුභ නත්තලක් වේවා කලින්ම.</font>

268
00:28:25,620 --> 00:28:26,621
<font color="#ffde44">අමුත්තන් ඇවිත්.</font>

269
00:28:26,704 --> 00:28:28,373
<font color="#ffde44">ඔව්, මගේ වැඩ ඔක්කොම ඉවරයි.</font>

270
00:28:30,041 --> 00:28:32,794
<font color="#ffde44">ඔයාගේ උදව්ව නිසා,
මම දැන් නිල වශයෙන්ම කොන්සියර්ජ් කණ්ඩායමේ ඉන්නවා.</font>

271
00:28:32,877 --> 00:28:33,753
<font color="#ffde44">ඔයාට ගොඩක් ස්තූතියි.</font>

272
00:28:34,754 --> 00:28:37,507
<font color="#ffde44">මට ආරංචි වුණා ඔයා විශේෂයෙන්ම ඉල්ලුවා කියලා
මාත් එක්ක විතරක් වැඩ කරන්න ඕනේ කියලා.</font>

273
00:28:38,550 --> 00:28:39,551
<font color="#ffde44">මොකද ඔයා වැඩට දක්ෂයි.</font>

274
00:28:43,304 --> 00:28:46,224
<font color="#ffde44">මම හිතන්නේ හැම වෙලාවෙම
වෙනස් කෙනෙක් එක්ක වැඩ කරන්න වෙන එක</font>

275
00:28:46,891 --> 00:28:48,560
<font color="#ffde44">සොන්-ග්‍යුට ටිකක් කරදරයක් වගේ.</font>

276
00:28:48,643 --> 00:28:50,186
<font color="#ffde44">එයා ඒකෙන් ටිකක් අපහසුතාවයට පත් වුණා වගේ.</font>

277
00:28:51,229 --> 00:28:52,856
<font color="#ffde44">ඉතින් මේක දෙගොල්ලොන්ටම වාසියි.</font>

278
00:28:55,358 --> 00:28:57,110
<font color="#ffde44">ඔයා තවම රෑ කෑම කෑවේ නැහැ නේද?</font>

279
00:28:57,193 --> 00:29:00,655
<font color="#ffde44">ඔයා මේක කන්න,
අනෙක යුන්-ආට ගිහින් දෙන්න.</font>

280
00:29:02,532 --> 00:29:05,869
<font color="#ffde44">අමුත්තන් ඉන්න හැම වෙලාවකම,
එයා කවදාවත් කාමරෙන් එළියට එන්නේ නැහැ.</font>

281
00:29:11,332 --> 00:29:13,209
<font color="#ffde44">ඒක යවද්දී ඔයාට මොකද හිතුණේ?</font>

282
00:29:13,293 --> 00:29:16,796
<font color="#ffde44">මු මහත්තයා තමයි ඒක මට කරලා දුන්නේ.
"Submit" බට්න් එක එබුවෙත් එයා.</font>

283
00:29:16,880 --> 00:29:18,047
<font color="#ffde44">එයාද ඒක එබුවේ?</font>

284
00:29:18,715 --> 00:29:20,508
<font color="#ffde44">මම එයාට එහෙම කරන්න කිව්වේ නැහැ,</font>

285
00:29:20,592 --> 00:29:22,302
<font color="#ffde44">හැබැයි ඒක එයාට කරන එක ලේසි වුණා.</font>

286
00:29:23,970 --> 00:29:25,930
<font color="#ffde44">මට නම් ඒක ඔබන්න ගොඩක් බය හිතෙයි.</font>

287
00:29:28,558 --> 00:29:31,352
<font color="#ffde44">වැඩිහිටියන්ට හැමතිස්සෙම මේ වගේ
මානසික පීඩනයක් දෙන දේවල් වලට මුහුණ දෙන්න වෙනවද?</font>

288
00:29:32,103 --> 00:29:34,522
<font color="#ffde44">ඇයි මම හැමදාම මේ වගේ බය වෙලා කලබල වෙන්නේ?</font>

289
00:30:09,015 --> 00:30:10,683
<font color="#ffde44">මගේ අයදුම්පත්</font>

290
00:30:18,817 --> 00:30:21,402
<font color="#ffde44">ඔයාගේ වැඩ ඉවර නම්, මම දැන් මේක ඔබන්නම්.
මම මේක යවන්න යන්නේ.</font>

291
00:30:21,486 --> 00:30:23,279
<font color="#ffde44">මු මහත්තයා, පොඩ්ඩක් ඉන්න.</font>

292
00:30:23,363 --> 00:30:26,241
<font color="#ffde44">නැහැ, ඔයා ඇති වෙන්න උදව් කළා.
කරුණාකරලා පොඩ්ඩක් ඉන්න.</font>

293
00:30:26,324 --> 00:30:28,493
<font color="#ffde44">මට තවත් බලන් ඉන්න බැහැ.
ඉන්න, පොඩ්ඩක් ඉන්න!</font>

294
00:30:28,576 --> 00:30:30,161
<font color="#ffde44">අද නත්තල් දවස.</font>

295
00:30:30,245 --> 00:30:31,746
<font color="#ffde44">මට එක පාරක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද?</font>

296
00:30:35,708 --> 00:30:36,960
<font color="#ffde44">මම ඒක කරන්න නැගිටින්න ඕනේ.</font>

297
00:30:37,961 --> 00:30:39,045
<font color="#ffde44">කමක් නැහැ. ඔයා ප්‍රාර්ථනා කරන්න.</font>

298
00:30:39,128 --> 00:30:41,506
<font color="#ffde44">මේකෙන් මට නරක හැඟීමක් ආවා.
ඔහොම යන්, ප්‍රාර්ථනා කරන්න.</font>

299
00:30:45,301 --> 00:30:47,262
<font color="#ffde44">අද අපිට ගෙදර යන්න පුළුවන් වෙයි කියලා හිතනවා.</font>

300
00:30:49,764 --> 00:30:51,599
<font color="#ffde44">ආදරණීය නත්තල් සීයේ,
මට ඇත්තටම කැම්පස් යන්න ඕනේ.</font>

301
00:30:51,683 --> 00:30:54,686
<font color="#ffde44">ජනවාරි</font>

302
00:31:10,493 --> 00:31:11,953
<font color="#ffde44">දෙවියනේ!</font>

303
00:31:13,037 --> 00:31:14,372
<font color="#ffde44">ඔයා ඇයි අර මුල්ලට වෙලා හැංගිලා ඉන්නේ?</font>

304
00:31:14,956 --> 00:31:15,957
<font color="#ffde44">මෙතන හරිම කළුවරයි.</font>

305
00:31:16,916 --> 00:31:18,585
<font color="#ffde44">ඔයාට ලයිට් දාන්න තිබුණා.
නැහැ...</font>

306
00:31:20,253 --> 00:31:21,462
<font color="#ffde44">මම හොඳින් ඉන්නවා.</font>

307
00:31:27,510 --> 00:31:28,636
<font color="#ffde44">කරුණාකරලා මේ පැත්තට එන්න.</font>

308
00:31:54,162 --> 00:31:56,915
<font color="#ffde44">එක දෙයක් නම් විශ්වාසයි.
අපේ ගෙදර හැමදාම කන්න ඕන තරම් තියෙනවා.</font>

309
00:31:58,333 --> 00:31:59,500
<font color="#ffde44">කෑම වේල රස විඳින්න.</font>

310
00:32:01,669 --> 00:32:03,796
<font color="#ffde44">ඔයා අර දැන් ගත්ත එක අපිට අද රෑට ඕනේ,</font>

311
00:32:05,340 --> 00:32:06,591
<font color="#ffde44">ඒ නිසා ඒ වෙනුවට මේකෙන් එකක් ගන්න.</font>

312
00:32:08,509 --> 00:32:09,510
<font color="#ffde44">හරි.</font>

313
00:32:42,460 --> 00:32:43,920
<font color="#ffde44">සුභ නව වසරක් වේවා.</font>

314
00:33:29,340 --> 00:33:31,509
<font color="#ffde44">යොන් තේ-සෝ එක්ක අවුරුදු 20ක් වුණාට පස්සේ
මගේ පළවෙනි දවස.</font>

315
00:33:37,181 --> 00:33:38,224
<font color="#ffde44">අපිට වීදුරු නැහැ.</font>

316
00:33:58,411 --> 00:33:59,245
<font color="#ffde44">මේක පැණි රසයි.</font>

317
00:34:13,843 --> 00:34:14,969
<font color="#ffde44">මේක ගොඩක් රසයි.</font>

318
00:34:18,639 --> 00:34:19,640
<font color="#ffde44">මේක මත්පැන් නෙවෙයි.</font>

319
00:34:19,724 --> 00:34:21,100
<font color="#ffde44">මේක මත්පැන් තමයි.</font>

320
00:34:55,843 --> 00:34:57,095
<font color="#ffde44">අපි යමු.</font>

321
00:35:29,669 --> 00:35:30,920
<font color="#ffde44">යුන්-ආ!</font>

322
00:35:32,922 --> 00:35:33,923
<font color="#ffde44">නිශ්ශබ්ද වෙන්න.</font>

323
00:35:42,014 --> 00:35:47,478
<font color="#ffde44">පෙබරවාරි</font>

324
00:35:48,980 --> 00:35:51,691
<font color="#ffde44">හරි, අපි චියර්ස් කරමුද?</font>

325
00:35:53,317 --> 00:35:54,902
<font color="#ffde44">සුභපැතුම්.</font>

326
00:35:55,862 --> 00:35:59,740
<font color="#ffde44">එයා මේ පුංචි ගමේ ඉඳන් හන්ගුක් ජාතික විශ්වවිද්‍යාලයට ගියා.
සුභපැතුම්.</font>

327
00:35:59,824 --> 00:36:01,868
<font color="#ffde44">ඔයා ගොඩක් කරුණාවන්තයි.</font>

328
00:36:01,951 --> 00:36:04,078
<font color="#ffde44">මේ ඔක්කොම මු මහත්තයාගේ උදව් නිසා.</font>

329
00:36:04,162 --> 00:36:06,414
<font color="#ffde44">මම මහ ලොකු දෙයක් කළේ නැහැ.</font>

330
00:36:06,497 --> 00:36:08,166
<font color="#ffde44">එයා තනියම තමයි ඒ හැමදේම ලබා ගත්තේ.</font>

331
00:36:08,249 --> 00:36:10,585
<font color="#ffde44">එතකොට මෝ මහත්තයාගේ දුවට යන්න බැරි වුණාද?</font>

332
00:36:10,668 --> 00:36:12,044
<font color="#ffde44">නැහැ, එයා තාම බලන් ඉන්නවා.</font>

333
00:36:12,128 --> 00:36:13,963
<font color="#ffde44">පළවෙනි ප්‍රතිඵල වටයක් තියෙනවා,</font>

334
00:36:14,046 --> 00:36:16,549
<font color="#ffde44">ඊටපස්සේ දෙවෙනි සහ තුන්වෙනි වටයකුත් තියෙනවා.</font>

335
00:36:16,632 --> 00:36:18,259
<font color="#ffde44">ප්‍රතිඵල එන්නේ කොටස් වශයෙන්.</font>

336
00:36:18,342 --> 00:36:20,386
<font color="#ffde44">ඉතින් ඒක ටිකක් සංකීර්ණයි.</font>

337
00:36:20,469 --> 00:36:22,471
<font color="#ffde44">අපෝ, ඔයා එහෙම කරන්න ඕනේ නැහැ.</font>

338
00:36:22,555 --> 00:36:24,265
<font color="#ffde44">මේකෙන් ටිකක් ගන්න, මු මහත්තයා.</font>

339
00:36:24,348 --> 00:36:25,600
<font color="#ffde44">සුභපැතුම්.
නියමයි.</font>

340
00:36:25,683 --> 00:36:27,059
<font color="#ffde44">ස්තූතියි.</font>

341
00:36:27,143 --> 00:36:28,936
<font color="#ffde44">ඉතින්, මු මහත්තයා.</font>

342
00:36:29,020 --> 00:36:31,355
<font color="#ffde44">මට තේරෙන විදිහට ඒක හරියට පැහැදිලි කරන්න.</font>

343
00:36:31,439 --> 00:36:34,400
<font color="#ffde44">ඒ කියන්නේ, අමතර බඳවා ගැනීමේ කාලයක් තියෙනවා,</font>

344
00:36:34,483 --> 00:36:38,988
<font color="#ffde44">අනිත් එක පෙබරවාරි අග වෙනකන්
ප්‍රතිඵල ඇවිත් ඉවර වෙන්නේ නැහැ.</font>

345
00:36:39,071 --> 00:36:40,948
<font color="#ffde44">ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ?</font>

346
00:36:41,032 --> 00:36:43,784
<font color="#ffde44">ප්‍රතිඵල එනකන් බලන් ඉන්න එක
යුන්-ආට ලොකු වදයක් ඇති.</font>

347
00:36:45,161 --> 00:36:46,037
<font color="#ffde44">ඔව්.</font>

348
00:36:52,501 --> 00:36:53,628
<font color="#ffde44">මේ මගේ පළවෙනි වතාව.</font>

349
00:36:54,545 --> 00:36:55,546
<font color="#ffde44">මුහුදු කෝච්චියේද?</font>

350
00:36:56,714 --> 00:36:57,798
<font color="#ffde44">මේක තමයි මුහුදු කෝච්චිය</font>

351
00:36:57,882 --> 00:37:01,385
<font color="#ffde44">මේක දවල්ට විතරක්
වෙරළ තීරය දිගේ යනවා.</font>

352
00:37:01,469 --> 00:37:04,472
<font color="#ffde44">ගංනුං ඉඳන් සම්චොක් වලට යන්න
පැයයි විනාඩි 40ක් යනවා,</font>

353
00:37:04,555 --> 00:37:06,140
<font color="#ffde44">ඉතින් අපි එහේ ගිහින් ආපහු ආවොත්...</font>

354
00:37:06,224 --> 00:37:08,893
<font color="#ffde44">අපිට පැය තුනහමාරක් විතර
එකට ඉන්න පුළුවන් වෙයි.</font>

355
00:37:09,644 --> 00:37:10,645
<font color="#ffde44">ඔව්.</font>

356
00:37:14,357 --> 00:37:15,733
<font color="#ffde44">මම පොඩි කාලේ,</font>

357
00:37:16,692 --> 00:37:18,778
<font color="#ffde44">මගේ අම්මා මෙහේ ටික කාලයක් වැඩ කළා.</font>

358
00:37:20,029 --> 00:37:22,281
<font color="#ffde44">ඒ කාලේ මට ඕනේ වුණේ
මුහුදු කෝච්චියක් එලවන්න.</font>

359
00:37:23,491 --> 00:37:25,284
<font color="#ffde44">මම හිතන්නේ ඒක හරිම ලස්සනට පේන්න ඇති.</font>

360
00:37:28,496 --> 00:37:29,830
<font color="#ffde44">ඒක හොඳයි.</font>

361
00:37:32,375 --> 00:37:34,418
<font color="#ffde44">මෙච්චර දුරක් ඇවිත් ඔයාට මට
මොනවද කියන්න ඕනේ වුණේ?</font>

362
00:37:41,592 --> 00:37:43,803
<font color="#ffde44">මට ඉක්මනින්ම සෝල් වලට යන්න වෙනවා.</font>

363
00:37:45,471 --> 00:37:48,641
<font color="#ffde44">මම සෝල් වල ඉන්න කාලේ,
මට හ්යොන්-සොක් කියලා යාළුවෙක් හිටියා.</font>

364
00:37:48,724 --> 00:37:50,393
<font color="#ffde44">එයාගේ තාත්තා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කරනවා.</font>

365
00:37:51,644 --> 00:37:54,647
<font color="#ffde44">එයා මට ඒක නොමිලේ පාවිච්චි කරන්න දීලා
ගොඩක් උදව් කළා.</font>

366
00:37:56,023 --> 00:37:58,401
<font color="#ffde44">එයා මගෙන් ඇහුවා පෙබරවාරි ඉඳන්
පෞද්ගලික පන්ති කරන්න පුළුවන්ද කියලා.</font>

367
00:37:59,318 --> 00:38:00,820
<font color="#ffde44">මම ඒක කල් දාදමයි හිටියේ,</font>

368
00:38:01,904 --> 00:38:04,240
<font color="#ffde44">හැබැයි මම හිතන්නේ මට දැන් අනිවාර්යයෙන්ම යන්න වෙනවා.</font>

369
00:38:08,744 --> 00:38:09,912
<font color="#ffde44">හරි.</font>

370
00:38:11,998 --> 00:38:12,832
<font color="#ffde44">ඔයා යන්න ඕනේ.</font>

371
00:38:14,292 --> 00:38:15,543
<font color="#ffde44">එතකොට ඔයාගේ පිළිගැනීමේ උත්සවය?</font>

372
00:38:15,626 --> 00:38:17,086
<font color="#ffde44">හුයි-සෝ පස්සේ ඔයාත් එක්ක එකතු වෙනවද?</font>

373
00:38:17,670 --> 00:38:19,046
<font color="#ffde44">එයාට යන්න බැහැ.</font>

374
00:38:19,130 --> 00:38:20,840
<font color="#ffde44">එයාට තාම දුර ගමන් යන්න බැහැ.</font>

375
00:38:21,382 --> 00:38:22,591
<font color="#ffde44">එයාට ගොඩක් දුක හිතෙයි.</font>

376
00:38:24,176 --> 00:38:25,303
<font color="#ffde44">ඔයාට ඉන්න තැනක් තියෙනවද?</font>

377
00:38:25,386 --> 00:38:27,930
<font color="#ffde44">ඔව්, අධ්‍යාපන මධ්‍යස්ථානයේ කාර්යාලයේ ඇඳක් තියෙනවා.</font>

378
00:38:28,014 --> 00:38:30,057
<font color="#ffde44">ඔයා කොහොමද කාර්යාලයක් ඇතුළේ නිදාගන්නේ?</font>

379
00:38:32,268 --> 00:38:33,352
<font color="#ffde44">ඒක ගොඩක් දුක හිතෙන දෙයක්.</font>

380
00:38:35,104 --> 00:38:36,355
<font color="#ffde44">ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.</font>

381
00:38:38,024 --> 00:38:39,942
<font color="#ffde44">ප්‍රතිඵල එනකන් බලන් ඉන්න එක
ඊට වඩා ඔයාට දුකක් ඇති.</font>

382
00:38:42,695 --> 00:38:43,571
<font color="#ffde44">මම? ඒකනේ...</font>

383
00:38:44,238 --> 00:38:46,324
<font color="#ffde44">මම අයදුම් කරපු පාසල් තුනෙන් එකක්</font>

384
00:38:46,907 --> 00:38:48,701
<font color="#ffde44">අඩුම තරමේ ඔයාට කිට්ටුවෙන් හරි තියෙනවා,</font>

385
00:38:49,410 --> 00:38:51,454
<font color="#ffde44">හැබැයි මට ඒකට තේරෙන්න තියෙන ඉඩකඩ අඩුයි.</font>

386
00:38:51,537 --> 00:38:54,206
<font color="#ffde44">එකක් මෙහේ ඉඳන් සෝල් වලට යන අතරමඟ තියෙන්නේ,
හැබැයි ඒකත් විශ්වාස නැහැ.</font>

387
00:38:54,290 --> 00:38:56,542
<font color="#ffde44">අන්තිම එක තියෙන්නේ ගංනුං වල.</font>

388
00:38:57,960 --> 00:39:01,047
<font color="#ffde44">මු මහත්තයා කිව්වා ඒක හොඳ පාසලක්,
ඒ වගේම එහේ පාඨමාලාවත් හොඳයි කියලා.</font>

389
00:39:02,256 --> 00:39:03,132
<font color="#ffde44">හැබැයි...</font>

390
00:39:04,342 --> 00:39:06,052
<font color="#ffde44">ඒක ඔයාගෙන් ගොඩක් දුරයි.</font>

391
00:39:06,677 --> 00:39:10,848
<font color="#ffde44">මාසයකට වඩා බලන් ඉන්න වෙන එකෙන් මාව කලබල වෙලා,
මොනවා වෙයිද කියලා බයක් දැනිලා තියෙන්නේ.</font>

392
00:39:11,474 --> 00:39:13,309
<font color="#ffde44">මේක ගොඩක් කල් ඇදෙනවා</font>

393
00:39:13,392 --> 00:39:15,353
<font color="#ffde44">පෙබරවාරි මාසෙත් ඉවර වෙන්න ළඟයි කියලා
මට විශ්වාස කරන්නත් බැහැ.</font>

394
00:39:15,895 --> 00:39:17,104
<font color="#ffde44">මේක කවදාවත් ඉවර වෙන්නේ නැති වෙයි වගේ.</font>

395
00:39:26,530 --> 00:39:28,032
<font color="#ffde44">මේක අනිවාර්යයෙන්ම ඉවර වෙනවා.</font>

396
00:39:30,242 --> 00:39:31,952
<font color="#ffde44">මාත් එහෙම හිතනවා.</font>

397
00:39:40,336 --> 00:39:42,505
<font color="#ffde44">ඒක ඇත්තටම අවසානයක් වගේ දැනෙයි.</font>

398
00:39:43,631 --> 00:39:45,716
<font color="#ffde44">මම හිතනවා ඒක හොඳ අවසානයක් වෙයි කියලා.</font>

399
00:40:11,992 --> 00:40:12,952
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

400
00:40:17,289 --> 00:40:19,417
<font color="#ffde44">මේක මහ ලොකු ගාණක් නෙවෙයි, හැබැයි මේක තියාගන්න.</font>

401
00:40:19,500 --> 00:40:21,001
<font color="#ffde44">මම හොඳින්. මා ගාව සල්ලි තියෙනවා.</font>

402
00:40:21,085 --> 00:40:22,795
<font color="#ffde44">අඳින්න මොනවා හරි ගන්න.</font>

403
00:40:24,463 --> 00:40:26,132
<font color="#ffde44">ඔයාගේ ආච්චිට ටිකක් දුක හිතිලා වගේ හිටියේ</font>

404
00:40:26,215 --> 00:40:28,884
<font color="#ffde44">අපිට ඔයාට අඳින්න මොනවත් අරන් දෙන්න බැරි වුණ එක ගැන</font>

405
00:40:28,968 --> 00:40:31,053
<font color="#ffde44">ඔයාගේ පිළිගැනීමේ උත්සවයට.</font>

406
00:40:32,304 --> 00:40:34,390
<font color="#ffde44">අපිට ඔයාට කෝට් එකක් අරන් දෙන්න තරම් වත්කමක් නැහැ,</font>

407
00:40:34,473 --> 00:40:37,893
<font color="#ffde44">හැබැයි අඩුම තරමේ කෝට් එකක්වත් ගන්න.</font>

408
00:40:37,977 --> 00:40:39,728
<font color="#ffde44">ලස්සන වගේම පිළිවෙළට තියෙන එකක්.</font>

409
00:40:40,479 --> 00:40:42,857
<font color="#ffde44">ඔයා නගරේ ඉන්නකොට
නිතරම වගේ පිළිවෙළට අඳින්න වෙයි.</font>

410
00:40:42,940 --> 00:40:45,067
<font color="#ffde44">මෙන්න. ඔයාටම කියලා එකක් ගන්න.</font>

411
00:40:46,360 --> 00:40:47,528
<font color="#ffde44">ස්තූතියි.</font>

412
00:40:49,822 --> 00:40:53,075
<font color="#ffde44">ශිෂ්‍යත්වයේ ඉඳන් පෞද්ගලික පන්ති දක්වා,
ඔයා හැමදේම තනියමනේ කරන්නේ.</font>

413
00:40:53,159 --> 00:40:54,660
<font color="#ffde44">අපිට ඒ ගැන ගොඩක් කණගාටුයි.</font>

414
00:40:58,080 --> 00:40:58,998
<font color="#ffde44">මම නිතරම බලන්න එන්නම්.</font>

415
00:41:00,332 --> 00:41:03,210
<font color="#ffde44">ඒක ඕනේ නැහැ. ඔයා පාඩම් කරන්න ඕනේ.
ඔයා සල්ලි නාස්ති කරනවා විතරයි.</font>

416
00:41:04,587 --> 00:41:06,255
<font color="#ffde44">හුයි-සෝට කෝල් එකක් ගන්න අමතක කරන්න එපා.</font>

417
00:41:09,341 --> 00:41:12,136
<font color="#ffde44">ඔයාගේ පිළිගැනීමේ උත්සවයට යන්න බැරි වුණ එක ගැන
එයා තරහින් ඉඳීවි කියලා මම හිතුවේ,</font>

418
00:41:12,845 --> 00:41:13,888
<font color="#ffde44">හැබැයි එයා සද්ද නැතුව හිටියා.</font>

419
00:41:18,684 --> 00:41:22,521
<font color="#ffde44">අඩුම තරමේ උත්සවය යෙදිලා තියෙන්නේ
ඔයාගේ දෙමව්පියන්ගේ ගුණානුස්මරණ දවසේම නෙවෙයිනේ.</font>

420
00:41:23,731 --> 00:41:25,107
<font color="#ffde44">ඒක තමයි පළවෙනි එක.</font>

421
00:41:32,531 --> 00:41:34,325
<font color="#ffde44">මම ගිහින් මගේ ගෞරවය දක්වන්නම්.</font>

422
00:41:35,284 --> 00:41:36,619
<font color="#ffde44">හුයි-සෝ එක්ක ගෙදරට වෙලා ඉන්න.</font>

423
00:41:41,790 --> 00:41:42,750
<font color="#ffde44">හරි.</font>

424
00:41:43,667 --> 00:41:44,960
<font color="#ffde44">එහෙනම් පරිස්සමින් යන්න.</font>

425
00:41:45,878 --> 00:41:46,712
<font color="#ffde44">හරි.</font>

426
00:41:53,385 --> 00:41:59,183
<font color="#ffde44">පොරොත්තු ශාලාව (ටිකට්පත්)</font>

427
00:42:02,436 --> 00:42:05,272
<font color="#ffde44">ඔයා සෝල් වලට යන අධිවේගී බස් එකේද යන්නේ?</font>

428
00:42:06,690 --> 00:42:07,525
<font color="#ffde44">යුන්-ආ.</font>

429
00:42:10,736 --> 00:42:13,322
<font color="#ffde44">මම මෙතනම තමයි බලන් හිටියේ.</font>

430
00:42:13,405 --> 00:42:15,407
<font color="#ffde44">මම හිතුවා ඔයා කෝච්චියෙන් යයි කියලා.</font>

431
00:42:15,491 --> 00:42:16,450
<font color="#ffde44">මම නම් මහා මෝඩයෙක්.</font>

432
00:42:18,160 --> 00:42:19,370
<font color="#ffde44">මම නිකන්...</font>

433
00:42:19,453 --> 00:42:22,456
<font color="#ffde44">මම දන්නවා ඔයා එපා කිව්වා කියලා,
හැබැයි මම ආවේ නැත්නම් මට ගොඩක් දුක හිතෙයි.</font>

434
00:42:22,540 --> 00:42:25,709
<font color="#ffde44">මම ඔයාව එහේට එක්කන් යන්නම්.
මම ටිකට් දෙකක් ගත්තා, ඒ නිසා අපිට දැන් යන්න පුළුවන්.</font>

435
00:42:25,793 --> 00:42:26,919
<font color="#ffde44">විහිළු කරන්න එපා.</font>

436
00:42:40,558 --> 00:42:42,810
<font color="#ffde44">මම කොහොමද ඔයාට තනියම ගෙදර යන්න දෙන්නේ?</font>

437
00:42:43,686 --> 00:42:44,853
<font color="#ffde44">ඔයාට අද විතරක් එහෙම කරන්න දෙන්න පුළුවන්.</font>

438
00:42:51,402 --> 00:42:52,820
<font color="#ffde44">ඇත්තටම, කිසි ප්‍රශ්නයක් නැහැ.</font>

439
00:42:56,115 --> 00:42:57,533
<font color="#ffde44">අපි ඊළඟ හෝල්ට් එකෙන් බහිමු.</font>

440
00:42:58,534 --> 00:43:01,620
<font color="#ffde44">ඔයා තනියම ආපහු යනවා බලන් ඉන්න මට බැහැ.
මම ඔයාව ගෙදරට ඇරලවලා...</font>

441
00:43:01,704 --> 00:43:03,247
<font color="#ffde44">ඉතින් ඔයාට තනියම යන්න පුළුවන්, මට බැහැ?</font>

442
00:43:04,915 --> 00:43:06,750
<font color="#ffde44">ඒක මාර කතාවක්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ.</font>

443
00:43:09,962 --> 00:43:11,630
<font color="#ffde44">දැනටමත් පැයක් ගිහින්.</font>

444
00:43:11,714 --> 00:43:13,132
<font color="#ffde44">අපිට වෙලාවක් නැහැ.</font>

445
00:43:13,215 --> 00:43:14,967
<font color="#ffde44">ඔයා තව කොච්චර වෙලා මෙහෙම කරනවද?</font>

446
00:43:25,769 --> 00:43:28,063
<font color="#ffde44">ලොග් වෙන්න</font>

447
00:43:31,108 --> 00:43:33,277
<font color="#ffde44">ප්ලේලිස්ට්</font>

448
00:43:35,738 --> 00:43:36,655
<font color="#ffde44">මේක මගේ ගිණුම.</font>

449
00:43:37,573 --> 00:43:41,577
<font color="#ffde44">මම ඒක පාවිච්චි කරනවා නම්, ඒකේ
"දැනට වාදනය වේ" කියලා වැටෙයි.</font>

450
00:43:42,328 --> 00:43:44,747
<font color="#ffde44">අපිට ඒක එකට පාවිච්චි කරන්න පුළුවන්.
අපි දෙන්නම එකම වෙලාවේ ඒක අහමු.</font>

451
00:43:45,414 --> 00:43:46,415
<font color="#ffde44">එතකොට,</font>

452
00:43:47,458 --> 00:43:49,710
<font color="#ffde44">අපි දෙන්නා එකට ඉන්නවා වගේ දැනෙයි.</font>

453
00:43:51,837 --> 00:43:53,714
<font color="#ffde44">අපි දෙන්නා එකට ඉන්නවා වගේ දැනෙයි.</font>

454
00:43:53,797 --> 00:43:54,882
<font color="#ffde44">එකට ඉන්නවා වගේ දැනෙනවා කියන්නේ</font>

455
00:43:56,258 --> 00:43:57,426
<font color="#ffde44">එකට ඉන්නවා වගේම තමයි.</font>

456
00:44:01,305 --> 00:44:02,306
<font color="#ffde44">මම ඒකට කැමතියි.</font>

457
00:44:02,973 --> 00:44:04,433
<font color="#ffde44">වෙන මොනවද තියෙන්නේ</font>

458
00:44:04,516 --> 00:44:06,101
<font color="#ffde44">අපි එකට ඉන්නවා කියලා දැනෙන්නද?</font>

459
00:44:07,811 --> 00:44:10,481
<font color="#ffde44">අපි ගන්න ෆොටෝස් බෙදාගමුද?
අපි දැන් එකක් ගමු.</font>

460
00:44:14,068 --> 00:44:14,902
<font color="#ffde44">හිනාවෙන්න.</font>

461
00:44:22,826 --> 00:44:25,162
<font color="#ffde44">මහත්තයා, මේකට කොච්චර වෙලා යයිද?</font>

462
00:44:25,245 --> 00:44:26,163
<font color="#ffde44">පැයක් යයි.</font>

463
00:44:26,246 --> 00:44:27,081
<font color="#ffde44">මොකක්?</font>

464
00:44:30,959 --> 00:44:33,545
<font color="#ffde44">ඔයා යන්න.
අපි මෙතනින් සමුගමු. ඒක ඔයාගේ පළවෙනි පාඩම නෙ.</font>

465
00:44:34,463 --> 00:44:35,422
<font color="#ffde44">උන්-ආ.</font>

466
00:44:38,384 --> 00:44:40,135
<font color="#ffde44">මේක මං හිතුවට වඩා</font>

467
00:44:40,719 --> 00:44:42,096
<font color="#ffde44">ගොඩක් අමාරුයි.</font>

468
00:44:43,180 --> 00:44:44,431
<font color="#ffde44">මට මේක කරන්න බෑ.</font>

469
00:44:45,307 --> 00:44:46,392
<font color="#ffde44">මට පුළුවන්.</font>

470
00:44:46,475 --> 00:44:49,436
<font color="#ffde44">අනේ, මට ඔයාව තනියම යවන්න බෑ.</font>

471
00:44:50,896 --> 00:44:53,107
<font color="#ffde44">ඔයාට පුළුවන්. මේ වගේම.</font>

472
00:44:53,190 --> 00:44:56,735
<font color="#ffde44">මම ඔයා ඉන්න තැනට ළඟ කැම්පස් එකකට යයි,
නැත්නම් නොයන්නත් පුළුවන්.</font>

473
00:44:57,444 --> 00:44:58,987
<font color="#ffde44">මොනවා වෙයිද කියලා මම දන්නේ නෑ.</font>

474
00:45:00,781 --> 00:45:02,032
<font color="#ffde44">මගේ ජීවිතේ හැමතිස්සෙම අවිනිශ්චිතයි.</font>

475
00:45:03,784 --> 00:45:05,661
<font color="#ffde44">කොහොම වුණත්, අපිට මේක දිගටම කරන්න වෙයි,</font>

476
00:45:05,744 --> 00:45:08,247
<font color="#ffde44">ඒත් ඔයාට දුකක් හරි වරදකාරී හැඟීමක් හරි දැනෙනවා නම්,
අපිට එකිනෙකාව මුණගැහෙන එක අමාරු වෙයි.</font>

477
00:45:12,793 --> 00:45:13,794
<font color="#ffde44">මේක මට පිස්සු හදවනවා.</font>

478
00:45:16,964 --> 00:45:18,048
<font color="#ffde44">මම...</font>

479
00:45:18,715 --> 00:45:20,050
<font color="#ffde44">මම අපි වෙනුවෙන් මගේ උපරිමය කරන්නම්.</font>

480
00:45:20,884 --> 00:45:21,802
<font color="#ffde44">හරි.</font>

481
00:45:28,767 --> 00:45:29,643
<font color="#ffde44">දෙවියනේ.</font>

482
00:45:30,769 --> 00:45:31,770
<font color="#ffde44">මොකක්ද?</font>

483
00:45:31,854 --> 00:45:33,355
<font color="#ffde44">මොකක්ද වුණේ?</font>

484
00:45:33,439 --> 00:45:34,481
<font color="#ffde44">මාව තේරිලා.</font>

485
00:45:35,107 --> 00:45:35,941
<font color="#ffde44">මොකක්?</font>

486
00:45:36,525 --> 00:45:38,235
<font color="#ffde44">ගන්ග්නුන්ග් වොන්ක්යොන්ග් විශ්වවිද්‍යාලය</font>

487
00:45:39,361 --> 00:45:41,113
<font color="#ffde44">වෙන්න බෑ! මාව තේරිලා!</font>

488
00:45:41,196 --> 00:45:43,615
<font color="#ffde44">දැක්කද? මාව තේරුණේ මම ඔයා එක්ක හිටපු නිසයි!</font>

489
00:45:44,825 --> 00:45:47,077
<font color="#ffde44">දෙවියනේ. ඒත් ඒක ඔයාගෙන් ටිකක් දුරයිනෙ.</font>

490
00:45:47,161 --> 00:45:49,455
<font color="#ffde44">දැන් වැදගත් වෙන්නේ ඒක නෙවෙයි!</font>

491
00:45:50,622 --> 00:45:52,416
<font color="#ffde44">සුබ පැතුම්!</font>

492
00:45:54,168 --> 00:45:57,588
<font color="#ffde44">ඔයා ඇත්තටම මේකට සුදුසුයි.
දෙවියනේ. මට ගොඩක් සතුටුයි.</font>

493
00:45:57,671 --> 00:46:01,717
<font color="#ffde44">මාර්තු</font>

494
00:46:47,596 --> 00:46:49,389
<font color="#ffde44">මේක ලස්සනයි.
ලස්සනයි, පිරිසිදුයි.</font>

495
00:46:49,473 --> 00:46:50,807
<font color="#ffde44">ඔයා එයාගේ රූම්මේට් වෙන්න ඇති.</font>

496
00:46:50,891 --> 00:46:52,434
<font color="#ffde44">ඔයාලා දෙන්නා හොඳින් ඉඳියි කියලා මම හිතනවා.</font>

497
00:46:53,143 --> 00:46:56,271
<font color="#ffde44">මෙහේ ඇඳ ගොඩක් මෘදුයි.
පැටියෝ, එතන වාඩි වෙන්න එපා.</font>

498
00:46:56,355 --> 00:46:58,357
<font color="#ffde44">ඇයි නැත්තේ? ඇවිත් බලන්නකෝ අම්මේ.</font>

499
00:47:01,902 --> 00:47:02,986
<font color="#ffde44">මේක හොඳයි.</font>

500
00:47:15,749 --> 00:47:16,833
<font color="#ffde44">හුයි-සෝ...</font>

501
00:47:19,169 --> 00:47:21,338
<font color="#ffde44">එයා ටිකක් ලොකු වුණාම මම එයාව එක්කන් එන්නම්.</font>

502
00:47:29,137 --> 00:47:30,931
<font color="#ffde44">එයා ගැන වද වෙන්න එපා.</font>

503
00:47:34,643 --> 00:47:37,104
<font color="#ffde44">ආච්චියි සීයයි ගැනත් වද වෙන්න එපා.</font>

504
00:47:41,984 --> 00:47:43,777
<font color="#ffde44">මම හැමෝම බලාගන්නම්.</font>

505
00:47:50,659 --> 00:47:51,660
<font color="#ffde44">මට අමතකත් වුණා.</font>

506
00:47:53,912 --> 00:47:56,290
<font color="#ffde44">අම්මා මට යන්න කියපු කැම්පස් එකටමයි මම යන්නේ.</font>

507
00:48:03,630 --> 00:48:05,716
<font color="#ffde44">මාව එහේ දැක්කා නම් ඔයා ගොඩක් සතුටු වෙයි.</font>

508
00:48:13,724 --> 00:48:14,725
<font color="#ffde44">අම්මේ.</font>

509
00:48:17,394 --> 00:48:18,270
<font color="#ffde44">තාත්තේ.</font>

510
00:48:58,977 --> 00:49:00,771
<font color="#ffde44">මම මෙතනින් වාඩි වෙන්නද?</font>

511
00:49:00,854 --> 00:49:01,813
<font color="#ffde44">පුළුවන්.</font>

512
00:49:12,532 --> 00:49:13,659
<font color="#ffde44">මම පාර්ක් නා-රී.</font>

513
00:49:15,285 --> 00:49:16,203
<font color="#ffde44">මම මෝ උන්-ආ.</font>

514
00:49:18,205 --> 00:49:20,707
<font color="#ffde44">හේයි, ඔයාගේ ශිෂ්‍ය අංකය තියෙන්නේ මගේ එකට පස්සෙනෙ.</font>

515
00:49:21,416 --> 00:49:22,417
<font color="#ffde44">මාර අහම්බයක්නෙ.</font>

516
00:49:24,670 --> 00:49:26,672
<font color="#ffde44">මම සෝල් වලින්. ඔයා?</font>

517
00:49:26,755 --> 00:49:28,965
<font color="#ffde44">මම ඉන්නේ ළඟපාත. බස් එකේ විනාඩි විස්සයි.</font>

518
00:49:29,049 --> 00:49:30,217
<font color="#ffde44">විනාඩි විස්සයි?
ඔව්.</font>

519
00:49:36,431 --> 00:49:38,100
<font color="#ffde44">වෙන්න බෑ! අපිට තියෙන්නෙත් එකම විෂයන්ද?</font>

520
00:49:38,183 --> 00:49:40,352
<font color="#ffde44">වෙන්න බෑ! ඇවිත් මෙතනින් වාඩි වෙන්න.</font>

521
00:49:47,818 --> 00:49:48,735
<font color="#ffde44">ඒ මොකක්ද?</font>

522
00:49:52,698 --> 00:49:55,409
<font color="#ffde44">එකක් තෝරගන්නවද?
ඒවා ගොඩක් ලස්සනයි.</font>

523
00:49:56,618 --> 00:49:57,869
<font color="#ffde44">මේක.
හරි.</font>

524
00:49:57,953 --> 00:49:59,663
<font color="#ffde44">මෙන්න.
ස්තූතියි.</font>

525
00:50:00,914 --> 00:50:05,585
<font color="#ffde44">මේ පන්තියට කියන්නේ නිර්මාණාත්මක ඉංජිනේරු සැලසුම්කරණය කියලා.</font>

526
00:50:05,669 --> 00:50:07,295
<font color="#ffde44">මේ පන්තියෙන් ඔයාලට අවස්ථාව ලැබෙනවා</font>

527
00:50:07,379 --> 00:50:10,882
<font color="#ffde44">යන්ත්‍රවලට එහා ගිය දේවල් ගැන කල්පනා කරලා බලන්න.</font>

528
00:50:10,966 --> 00:50:12,926
<font color="#ffde44">විශිෂ්ට යන්ත්‍ර නිර්මාණය වෙන්නේ ඔයාලා</font>

529
00:50:13,009 --> 00:50:14,261
<font color="#ffde44">ඒවායේ ක්‍රියාකාරිත්වය සහ වටිනාකම තේරුම් ගත්තාමයි.</font>

530
00:50:14,344 --> 00:50:17,973
<font color="#ffde44">මේ පන්තියට ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලගේ ගණිත හැකියාවයි</font>

531
00:50:18,056 --> 00:50:19,808
<font color="#ffde44">හිතන්න පුළුවන් මොළයකුයි.</font>

532
00:50:19,891 --> 00:50:22,853
<font color="#ffde44">ඉතුරු ටික අද ඔයාලා මේ පන්තියෙන් ඉගෙන ගනියි.</font>

533
00:50:24,062 --> 00:50:26,314
<font color="#ffde44">ඔයාට හැමදාම ඕන වුණේ පෙර පාසල් අධ්‍යාපනය ගැන ඉගෙන ගන්නද?</font>

534
00:50:26,398 --> 00:50:28,692
<font color="#ffde44">ඔව්, මම ළමයින්ට කැමති නිසා.</font>

535
00:50:30,193 --> 00:50:33,655
<font color="#ffde44">ඒත් ඉගැන්වීම මට හරියන්නේ නෑ. ඒක මම හිතපු විදිහේ එකක් නෙවෙයි.</font>

536
00:50:35,532 --> 00:50:38,493
<font color="#ffde44">මම මේ තැන තෝරගත්තේ මේ විෂය
නිසයි, ඒත් දැන් මට ඒ ගැන විශ්වාස නෑ.</font>

537
00:50:41,496 --> 00:50:43,540
<font color="#ffde44">ඒත් මුහුද දකින එකත් ගොඩක් ලස්සනයි.</font>

538
00:50:44,875 --> 00:50:46,752
<font color="#ffde44">පන්තිය කට් කරපු එක අපරාදේ නෑ.</font>

539
00:50:46,835 --> 00:50:47,669
<font color="#ffde44">මම දන්නවා.</font>

540
00:50:49,755 --> 00:50:51,798
<font color="#ffde44">මම අහලා තියෙනවා මෙහේ වෙන්ඩින් මැෂින් කෝපි එක හොඳයි කියලා.</font>

541
00:50:51,882 --> 00:50:54,259
<font color="#ffde44">සෝරි මාර්කට්</font>

542
00:50:54,342 --> 00:50:55,385
<font color="#ffde44">යන්න ඕනෙද?
යමු.</font>

543
00:50:58,388 --> 00:50:59,765
<font color="#ffde44">අපි දැනටමත් ගොඩක් කිට්ටුයි.</font>

544
00:50:59,848 --> 00:51:01,391
<font color="#ffde44">එයා නිසා මම ගන්ග්නුන්ග් වල ඇවිදිනවා.</font>

545
00:51:01,475 --> 00:51:03,477
<font color="#ffde44">ඊළඟ වතාවේ ඔයා මෙහේ ආවම මම ඔයාව එක්කන් යන්නම්.</font>

546
00:51:03,560 --> 00:51:04,895
<font color="#ffde44">හරි.</font>

547
00:51:07,314 --> 00:51:09,524
<font color="#ffde44">මට නා-රී එක්ක ගැලපෙන ස්ටිකර් තියෙනවා,</font>

548
00:51:09,608 --> 00:51:11,735
<font color="#ffde44">ඒත් ඔයා එක්ක ගැලපෙන මුකුත් මට නෑ.</font>

549
00:51:14,613 --> 00:51:15,864
<font color="#ffde44">ඔයාට මොනවා කරන්නද ඕනේ?</font>

550
00:51:17,657 --> 00:51:19,409
<font color="#ffde44">මට හොඳ අදහසක් තියෙනවා.</font>

551
00:51:19,493 --> 00:51:21,912
<font color="#ffde44">මම මගේ චිත්‍ර වලින් ස්ටිකර් හැදුවොත් කොහොමද?</font>

552
00:51:21,995 --> 00:51:24,206
<font color="#ffde44">අපේ වෙනස් පන්ති වලට එකම එළවළු ස්ටිකර්.</font>

553
00:51:24,790 --> 00:51:25,832
<font color="#ffde44">ඔයාගේ පන්ති ගැන මට කියන්න.</font>

554
00:51:25,916 --> 00:51:27,584
<font color="#ffde44">මම ඒ හැම එකකටම මොනවා හරි අඳින්නම්.</font>

555
00:51:27,667 --> 00:51:28,585
<font color="#ffde44">මම ඒකට ගොඩක් දක්ෂයි.</font>

556
00:51:30,337 --> 00:51:31,546
<font color="#ffde44">ඉංජිනේරු ගණිතය.</font>

557
00:51:32,297 --> 00:51:33,131
<font color="#ffde44">බෝංචි ඇට.</font>

558
00:51:33,215 --> 00:51:34,800
<font color="#ffde44">ඒවා තෝරගන්න එක ගොඩක් අමාරුයි.</font>

559
00:51:36,551 --> 00:51:39,763
<font color="#ffde44">ඒවා තෝරගන්න අමාරුයි? එහෙනම්...</font>

560
00:51:39,846 --> 00:51:40,972
<font color="#ffde44">අප්‍රේල්</font>

561
00:51:43,600 --> 00:51:45,185
<font color="#ffde44">කිම් නා-රේ.
ඉන්නවා.</font>

562
00:51:47,062 --> 00:51:48,230
<font color="#ffde44">කිම් ජී-හෝ.</font>

563
00:51:49,731 --> 00:51:50,690
<font color="#ffde44">ජී-හෝ?</font>

564
00:51:52,234 --> 00:51:53,985
<font color="#ffde44">මෝ උන්-ආ.
ඉන්නවා.</font>

565
00:51:55,612 --> 00:51:56,613
<font color="#ffde44">පාර්ක් නා-රී.</font>

566
00:51:57,739 --> 00:51:59,324
<font color="#ffde44">හරි, නා-රී නිවාඩු අරගෙනනේ.</font>

567
00:52:00,492 --> 00:52:04,079
<font color="#ffde44">තවම මාසයයි ගියේ, දැනටමත් කෙනෙක් නිවාඩු අරන්.</font>

568
00:52:06,122 --> 00:52:08,208
<font color="#ffde44">පාර්ක් සෝ-යොන්.
ඉන්නවා.</font>

569
00:52:08,291 --> 00:52:10,293
<font color="#ffde44">සොන්ග් ආ-යොන්ග්.
ඉන්නවා.</font>

570
00:52:21,304 --> 00:52:22,472
<font color="#ffde44">ප්ලේලිස්ට්</font>

571
00:52:31,523 --> 00:52:33,525
<font color="#ffde44">තේ-සෝ</font>

572
00:52:33,608 --> 00:52:35,652
<font color="#ffde44">සෝල් වල තාම මල් පිපිලා නැද්ද?</font>

573
00:52:35,735 --> 00:52:37,237
<font color="#ffde44">මෙහේ නම් පිස්සුවක් වගේ.</font>

574
00:52:37,320 --> 00:52:39,447
<font color="#ffde44">ඔයාගේ ඉස්කෝලේ තියෙන මල් වල ෆොටෝ එකකුත් මට එවන්න.</font>

575
00:52:39,531 --> 00:52:43,118
<font color="#ffde44">ඒ වගේම ඒ ඉස්සරහ ඉඳන් ගත්ත ඔයාගේ සෙල්ෆියකුත් එවන්න.</font>

576
00:52:47,289 --> 00:52:49,624
<font color="#ffde44">මට ඔයාව මතක් වෙනවා, තේ-සෝ.</font>

577
00:52:50,792 --> 00:52:52,836
<font color="#ffde44">හෙලෝ.
හෙලෝ.</font>

578
00:53:05,765 --> 00:53:08,393
<font color="#ffde44">මම ටියුෂන් ඉවර වෙලා කැම්පස් එකට ගිහින් ඒක එවන්නම්.</font>

579
00:53:23,158 --> 00:53:26,494
<font color="#ffde44">එයාගේ ටියුෂන් පන්තියට සාමාන්‍යයෙන්
පැය දෙකක් විතර යනවා, ඒ නිසා...</font>

580
00:53:28,413 --> 00:53:30,624
<font color="#ffde44">ටියුෂන් ඉවර වුණාම මට කෝල් එකක් ගන්න, හරිද?</font>

581
00:53:49,309 --> 00:53:50,894
<font color="#ffde44">ඔයා කීයටද ඉවර වෙන්නේ?</font>

582
00:53:51,770 --> 00:53:53,563
<font color="#ffde44">ඔයා කීයටද ඉවර වෙන්නේ?</font>

583
00:54:01,988 --> 00:54:03,823
<font color="#ffde44">අද මට ටියුෂන් පන්ති දෙකක් තියෙනවා,</font>

584
00:54:03,907 --> 00:54:05,617
<font color="#ffde44">ඒ නිසා මම ඊට පස්සේ කෙලින්ම කැම්පස් එකට ගියොත්,</font>

585
00:54:05,700 --> 00:54:06,910
<font color="#ffde44">රෑ 10:00 විතර වෙයි.</font>

586
00:54:16,711 --> 00:54:18,421
<font color="#ffde44">ගන්ග්නුන්ග් වලට ටිකට් එකක් දෙන්න.</font>

587
00:54:19,172 --> 00:54:20,298
<font color="#ffde44">ගන්ග්නුන්ග් වලට?</font>

588
00:54:21,007 --> 00:54:22,217
<font color="#ffde44">ඒක වොන් 10,600 ක් වෙනවා.</font>

589
00:54:26,805 --> 00:54:27,639
<font color="#ffde44">තාත්තේ.</font>

590
00:54:29,766 --> 00:54:31,059
<font color="#ffde44">ඔයා කවදාවත් මට ඔයාව ගන්න එන්න කිව්වේ නෑනෙ.</font>

591
00:54:31,810 --> 00:54:32,852
<font color="#ffde44">මට තනියම යන්න ඕන වුණේ නෑ.</font>

592
00:54:33,853 --> 00:54:35,814
<font color="#ffde44">අපි රෑ ඇවිදින්න යනවද?</font>

593
00:54:35,897 --> 00:54:38,024
<font color="#ffde44">අපි කොහෙද යන්න ඕනේ? අපි සෂිමි කන්න යමු.</font>

594
00:54:39,985 --> 00:54:41,027
<font color="#ffde44">මට මහන්සියි.</font>

595
00:54:55,709 --> 00:54:57,502
<font color="#ffde44">අපි මොනවාද කන්නේ?</font>

596
00:54:57,585 --> 00:54:59,587
<font color="#ffde44">ඔයාට කන්න ආස හිතෙන මොනවා හරි තියෙනවද?</font>

597
00:55:00,505 --> 00:55:01,881
<font color="#ffde44">මම ඕනම දේකට ලෑස්තියි.</font>

598
00:55:03,133 --> 00:55:04,175
<font color="#ffde44">අපි උන්-ආ ගෙන් අහමුද?</font>

599
00:55:04,259 --> 00:55:06,386
<font color="#ffde44">උන්-ආ, ඔයාට කන්න ඕනේ මොනවා හරි තියෙනවද?</font>

600
00:55:07,595 --> 00:55:08,763
<font color="#ffde44">උන්-ආ, ඔයා නිදිද?</font>

601
00:55:10,598 --> 00:55:12,017
<font color="#ffde44">එයාට හොඳටම මහන්සි ඇති.</font>

602
00:55:12,100 --> 00:55:13,685
<font color="#ffde44">එයාට නිදාගන්න දෙන්න.</font>

603
00:55:15,103 --> 00:55:16,855
<font color="#ffde44">ඒත් අපි කාලෙකින් එකට එළියට ගියේ නෑනෙ.</font>

604
00:55:17,480 --> 00:55:19,441
<font color="#ffde44">අපි යන ගමන් කතා කළා නම් හොඳයි.</font>

605
00:55:19,524 --> 00:55:21,151
<font color="#ffde44">මම හිතුවේ නෑ ඒවා මේ තරම් පිපිලා ඇති කියලා.</font>

606
00:55:22,610 --> 00:55:23,611
<font color="#ffde44">මම ඔයාට කෝල් කරන්නද?</font>

607
00:55:24,195 --> 00:55:25,321
<font color="#ffde44">හැමදේම හොඳින්ද?</font>

608
00:55:26,656 --> 00:55:29,200
<font color="#ffde44">මම නිකන් ඇවිදිමින් ඉද්දි ඔයාව මතක් වුණා.</font>

609
00:55:30,785 --> 00:55:33,788
<font color="#ffde44">මට මේ සති අන්තේ උදේම පිටත් වෙන්න පුළුවන්.</font>

610
00:55:33,872 --> 00:55:34,831
<font color="#ffde44">අපි උදෙන්ම හම්බවෙමු.</font>

611
00:55:35,790 --> 00:55:37,208
<font color="#ffde44">මට සෝල් වලට යන්න ඕනේ.</font>

612
00:55:38,168 --> 00:55:39,461
<font color="#ffde44">මේ පාර මගේ වාරෙ.</font>

613
00:55:39,544 --> 00:55:40,795
<font color="#ffde44">මම ඔයා ගාවට එන්නම්.</font>

614
00:55:40,879 --> 00:55:42,380
<font color="#ffde44">නෑ, මම ඔයා ගාවට එන්නම්.</font>

615
00:55:42,922 --> 00:55:44,340
<font color="#ffde44">ඔයාගේ කාලය ඔයා වෙනුවෙන් ගත කරන්න.</font>

616
00:55:44,424 --> 00:55:45,759
<font color="#ffde44">ඒක නාස්ති කරන්න එපා.</font>

617
00:55:45,842 --> 00:55:47,469
<font color="#ffde44">හෙලෝ, හ්යොන්ග්-සොක්? ඔව්.</font>

618
00:55:48,136 --> 00:55:49,929
<font color="#ffde44">ඔයාගේ කාලයත් වටිනවා.</font>

619
00:55:50,013 --> 00:55:50,972
<font color="#ffde44">මම ඔයා ගාවට එන්නම්.</font>

620
00:55:55,643 --> 00:55:57,896
<font color="#ffde44">මගේ කාලය දැන් නිකන්ම ගෙවිලා යනවා,</font>

621
00:55:58,772 --> 00:56:02,108
<font color="#ffde44">ඒත් ඔයාගේ කාලය ඔයාගේ ඉලක්ක වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ එකක්.</font>

622
00:56:02,192 --> 00:56:03,318
<font color="#ffde44">ඒවා වෙනස්.</font>

623
00:56:05,612 --> 00:56:07,280
<font color="#ffde44">තවත් අඳුරු ෆොටෝස් එපා.</font>

624
00:56:08,323 --> 00:56:10,075
<font color="#ffde44">මට ඔයාව ගොඩක් මතක් වෙනවා, තේ-සෝ.</font>

625
00:56:11,242 --> 00:56:12,285
<font color="#ffde44">ගොඩක්.</font>

626
00:57:08,007 --> 00:57:08,967
<font color="#ffde44">මේක ලස්සනයි.</font>

627
00:57:09,050 --> 00:57:10,260
<font color="#ffde44">ඔයාට මාව මතක් වුණාද?</font>

628
00:57:12,262 --> 00:57:13,096
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

629
00:57:16,391 --> 00:57:23,356
<font color="#ffde44">මැයි</font>

630
00:57:39,205 --> 00:57:41,583
<font color="#ffde44">මම සිගරට් එකක් ගන්න හැම වෙලාවෙම ඔයා මතු වෙනවා.</font>

631
00:57:41,666 --> 00:57:42,709
<font color="#ffde44">ඒක ටිකක් භයානකයි.</font>

632
00:57:46,796 --> 00:57:48,590
<font color="#ffde44">හෝටලේක වැඩ කරන එක විනෝදජනකයි නේද?</font>

633
00:57:49,340 --> 00:57:51,384
<font color="#ffde44">හෝටලේ කාර්ය මණ්ඩලය දකිනකොට මට සතුටක් දැනෙනවා.</font>

634
00:57:51,468 --> 00:57:52,844
<font color="#ffde44">එහෙනම්, ඒක කරලා බලන්න.</font>

635
00:57:53,344 --> 00:57:55,638
<font color="#ffde44">ගොඩක් ප්‍රාදේශීය තරුණ අය අපේ හෝටලේ පාට්-ටයිම් වැඩ කරනවා.</font>

636
00:57:55,722 --> 00:57:56,973
<font color="#ffde44">කැම්පස් එකෙන් නිවාඩු අරගෙනද?</font>

637
00:57:58,349 --> 00:57:59,809
<font color="#ffde44">මම මොකටද නිවාඩු ගන්නේ?</font>

638
00:57:59,893 --> 00:58:01,686
<font color="#ffde44">මට කිසිම ඉලක්කයක් නැතුව දේවල් කරලා බලන්න ඕනේ නෑ</font>

639
00:58:01,769 --> 00:58:03,688
<font color="#ffde44">අනිත් හැමෝම ඒක කරනවා කියලා.</font>

640
00:58:04,814 --> 00:58:05,773
<font color="#ffde44">මාර වදයක්.</font>

641
00:58:07,609 --> 00:58:09,861
<font color="#ffde44">මම අදහස් කළේ, මම දන්නවා ඔයා කැම්පස් යනවා කියලා,</font>

642
00:58:09,944 --> 00:58:12,322
<font color="#ffde44">ඒත් මේක නිවාඩු කාලෙකුත් නෙවෙයි, ඔයා කැම්පස් එකේ ඉන්නෙත් නෑනෙ.</font>

643
00:58:12,405 --> 00:58:15,325
<font color="#ffde44">ඔයා අද දවසම මෙහේ හිටියා, ගිය දවස් දෙකේම බයිසිකලේ පැද්දා.</font>

644
00:58:16,075 --> 00:58:17,202
<font color="#ffde44">ඔයා තමයි මුලින්ම ඇහුවේ.</font>

645
00:58:17,785 --> 00:58:19,787
<font color="#ffde44">මම සතියම කැම්පස් කට් කරලා නිකන් හිටියා,</font>

646
00:58:19,871 --> 00:58:20,955
<font color="#ffde44">ඒත් කවුරුත් කවදාවත් ඇහුවේ නෑ.</font>

647
00:58:21,039 --> 00:58:22,832
<font color="#ffde44">කැම්පස් එකෙන් කවුරුත් කතා කළේ නෑ.</font>

648
00:58:22,916 --> 00:58:25,126
<font color="#ffde44">මම යන්නේ නැත්තේ ඇයි කියලා මගේ තාත්තා ඇහුවෙත් නෑ.</font>

649
00:58:25,960 --> 00:58:27,462
<font color="#ffde44">මං හිතන්නේ කාටවත් ගාණක් නෑ.</font>

650
00:58:28,046 --> 00:58:29,631
<font color="#ffde44">ඇහුවට ස්තූතියි.</font>

651
00:58:30,173 --> 00:58:32,675
<font color="#ffde44">මම කැම්පස් යන්නේ නැත්තේ මට යන්න හිතෙන්නේ නැති නිසයි.</font>

652
00:58:32,759 --> 00:58:34,677
<font color="#ffde44">ඔයා කැම්පස් යන එක හිතක් නැතුව කරනවා නම්,</font>

653
00:58:34,761 --> 00:58:37,180
<font color="#ffde44">ඔයාට නිවාඩුවක් අරගෙන වෙන දෙයක් කරලා බලන්න පුළුවන්.</font>

654
00:58:37,263 --> 00:58:38,640
<font color="#ffde44">ඔයාට ස්වාධීන වෙන්න ඕනේ නැද්ද?</font>

655
00:58:39,265 --> 00:58:40,808
<font color="#ffde44">ඔයාගේ දැන් තියෙන තත්ත්වය එක්ක බලද්දී,</font>

656
00:58:40,892 --> 00:58:43,144
<font color="#ffde44">ඔයා කැම්පස් යන්නේ නෑ කියලා ඔයාගේ
තාත්තාට තේරෙයි කියලා මම හිතන්නේ නෑ.</font>

657
00:58:43,228 --> 00:58:45,355
<font color="#ffde44">මම ඔයා නම්, මම වෙන තැනකට යන එක ගැන හිතනවා.</font>

658
00:58:49,359 --> 00:58:51,694
<font color="#ffde44">ඒක එකපාරටම කිව්වේ. මොන තත්ත්වය ගැනද?</font>

659
00:58:51,778 --> 00:58:53,696
<font color="#ffde44">ගිහින් ඔයාගේ අමුත්තන්ව එක්කන් එන්න.</font>

660
00:58:53,780 --> 00:58:56,866
<font color="#ffde44">ඒක දවල් කෑමට දාපු එකක් වුණාට,
දැන් රෑ කෑම වෙලාවත් ළඟයි.</font>

661
00:58:58,034 --> 00:59:00,537
<font color="#ffde44">සෝ-හ්යොන් අද
හිතාගන්න බැරි නිවේදනයක් කළා.</font>

662
00:59:00,620 --> 00:59:02,622
<font color="#ffde44">මට ඒ සතුට නැති කරන්න බෑ.</font>

663
00:59:03,289 --> 00:59:04,582
<font color="#ffde44">නිවේදනයක්?</font>

664
00:59:05,583 --> 00:59:08,294
<font color="#ffde44">ඔයාලා දෙන්නා එකට ගොඩක් ලස්සනයි.
මට ඔයාලා ගැන ගොඩක් සතුටුයි.</font>

665
00:59:08,378 --> 00:59:09,671
<font color="#ffde44">සුබ පැතුම්.</font>

666
00:59:09,754 --> 00:59:11,130
<font color="#ffde44">සුබ පැතුම්.
සුබ පැතුම්.</font>

667
00:59:11,214 --> 00:59:12,131
<font color="#ffde44">සුබ පැතුම්.</font>

668
00:59:12,215 --> 00:59:14,133
<font color="#ffde44">මම තව වයින් ටිකක් ගේන්නම්.
හරි.</font>

669
00:59:16,970 --> 00:59:18,054
<font color="#ffde44">චියර්ස්.</font>

670
00:59:25,103 --> 00:59:26,396
<font color="#ffde44">ඔයා ආවේ නියම වෙලාවට.</font>

671
00:59:26,479 --> 00:59:28,314
<font color="#ffde44">ඔයාගේ තාත්තා එයාලා බඳින්න
යනවා කියලා කිව්වා.</font>

672
00:59:28,398 --> 00:59:29,649
<font color="#ffde44">ඔයා එයාලට සුබ පතන්න ඕනේ.</font>

673
00:59:53,214 --> 00:59:54,424
<font color="#ffde44">610 වෙනි කාමරේ කෙනාට මොකද වෙන්නේ?</font>

674
00:59:55,633 --> 00:59:56,884
<font color="#ffde44">ඕක අහන්න ඔයාට ගොඩක් වෙලා ගියානේ.</font>

675
00:59:58,011 --> 00:59:59,262
<font color="#ffde44">මම එයා එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා.</font>

676
00:59:59,345 --> 01:00:00,763
<font color="#ffde44">ඔයා ඒක නවත්තන්නේ දැන්ද?</font>

677
01:00:01,931 --> 01:00:03,808
<font color="#ffde44">සොන්-ගියු හැමදේම දන්නවා.</font>

678
01:00:04,726 --> 01:00:07,103
<font color="#ffde44">එයා දේවල් තේරුම් ගත්තම
මට කියන්නම් කිව්වා,</font>

679
01:00:07,186 --> 01:00:08,896
<font color="#ffde44">ඒ නිසයි මට ඒ සම්බන්ධය නවත්තන්න බැරි වුණේ.</font>

680
01:00:11,065 --> 01:00:11,899
<font color="#ffde44">යුන්-ආ.</font>

681
01:00:11,983 --> 01:00:16,654
<font color="#ffde44">ආදරය කියන දේ හරියටම පිළිවෙළකට වෙන්නේ නෑ.</font>

682
01:00:16,738 --> 01:00:18,906
<font color="#ffde44">ඔයා වටේ හැමතිස්සෙම
පිරිමි ඉන්න එක පුදුමයක් නෙවෙයි.</font>

683
01:00:18,990 --> 01:00:20,325
<font color="#ffde44">ඔයා තනියම ඉන්න කාලයක් ඇත්තෙම නෑනේ.</font>

684
01:00:20,408 --> 01:00:22,368
<font color="#ffde44">කතා කරද්දී පරිස්සමෙන්.
ඔයා පරිස්සම් වෙන්න.</font>

685
01:00:22,452 --> 01:00:23,953
<font color="#ffde44">මගේ තාත්තට කොහොමද එහෙම වංචා කරන්නේ?</font>

686
01:00:28,333 --> 01:00:30,001
<font color="#ffde44">මම ආදරේ කරන්නේ සොන්-ගියුට.</font>

687
01:00:30,084 --> 01:00:31,628
<font color="#ffde44">610 ඉන්න කෙනාත් ඒක දන්නවා.</font>

688
01:00:31,711 --> 01:00:34,339
<font color="#ffde44">මම කවදාවත් කාටවත් වංචා කළේවත් බොරු කළේවත් නෑ.</font>

689
01:00:34,422 --> 01:00:36,716
<font color="#ffde44">එතකොට ඔයා කියන්නේ ඔයාට ඕන විදිහට
ජීවත් වෙනවා,</font>

690
01:00:36,799 --> 01:00:38,718
<font color="#ffde44">අනිත් අයට ඒකට
මුහුණ දෙන්න වෙනවා කියලද?</font>

691
01:00:39,927 --> 01:00:42,055
<font color="#ffde44">ඒ වගේ විකාරයක් මගේ තාත්තා නිකම්ම පිළිගත්තද?</font>

692
01:00:44,682 --> 01:00:46,184
<font color="#ffde44">ඔයා මගේ තාත්තව කවුරු කියලද හිතාගෙන ඉන්නේ?</font>

693
01:00:47,226 --> 01:00:49,812
<font color="#ffde44">එයා හොඳ කෙනෙක්, ඒත් ඔයා වගේ කෙනෙක්...</font>

694
01:00:49,896 --> 01:00:50,813
<font color="#ffde44">මේක තමයි අන්තිම වතාව.</font>

695
01:00:50,897 --> 01:00:52,815
<font color="#ffde44">අද ඔයා කරපු අපහාස මම අමතක කරන්නම්,</font>

696
01:00:52,899 --> 01:00:54,150
<font color="#ffde44">ඒත් මේකට පස්සේ,</font>

697
01:00:54,942 --> 01:00:56,110
<font color="#ffde44">කිසිම සමාවක් නෑ.</font>

698
01:01:01,449 --> 01:01:02,283
<font color="#ffde44">මෝ යුන්-ආ.</font>

699
01:01:05,244 --> 01:01:06,287
<font color="#ffde44">මෝ යුන්-ආ!</font>

700
01:01:07,205 --> 01:01:08,039
<font color="#ffde44">අතාරින්න.</font>

701
01:01:08,956 --> 01:01:10,249
<font color="#ffde44">ඔයා එයාලට සුබ පතන්න ඕනේ.</font>

702
01:01:10,333 --> 01:01:12,085
<font color="#ffde44">ඔයා අපේ අමුත්තන්ව බය කරනවා.</font>

703
01:01:12,168 --> 01:01:13,628
<font color="#ffde44">මේක අරගෙන ආපහු ඇතුළට යන්න.</font>

704
01:01:13,711 --> 01:01:15,463
<font color="#ffde44">ඔයා ඔයාගේ රස්සාවට හරිම දක්ෂයි.</font>

705
01:01:19,759 --> 01:01:23,137
<font color="#ffde44">ඔයාගේ තාත්තගේ සම්බන්ධය ගැන ඔච්චර කලබල වෙන්න
දැන් ඔයාට වයස වැඩියි නේද?</font>

706
01:01:24,305 --> 01:01:26,015
<font color="#ffde44">ඔයා ඔයාගේ ජීවිතය ගැන අවධානය යොමු කරන්න ඕනේ.</font>

707
01:01:27,684 --> 01:01:28,851
<font color="#ffde44">මම ඔයාට රස්සාවක් හොයලා දෙන්න උත්සාහ කරන්නම්.</font>

708
01:01:31,729 --> 01:01:33,106
<font color="#ffde44">ඒත් ඒකෙන් උදව්වක් වෙයි කියලා මට පොරොන්දු වෙන්න බෑ.</font>

709
01:02:30,913 --> 01:02:33,666
<font color="#ffde44">ඒක ගොඩක් බෑවුම් තියෙන තැන්වලදී
නතර වෙන්න හරි පෙරළෙන්න හරි බලනවා.</font>

710
01:02:34,584 --> 01:02:36,461
<font color="#ffde44">බර බෙදිලා තියෙන විදිහේ අවුලක්ද දන්නේ නෑ නේද?</font>

711
01:02:36,544 --> 01:02:38,379
<font color="#ffde44">රෝද දෙකේ ඩිසයින් එකකට මාරු වුණොත් කොහොමද?</font>

712
01:02:38,463 --> 01:02:39,881
<font color="#ffde44"><i>ඔයා කාර්යබහුලද?</i></font>

713
01:02:39,964 --> 01:02:41,174
<font color="#ffde44"><i>මම ඉන්නේ මගේ ප්‍රොෆෙසර්ගේ ලැබ් එකේ.</i></font>

714
01:02:41,257 --> 01:02:43,134
<font color="#ffde44"><i>මේක උපාධිධාරී සිසුන්ට විතරයි,</i></font>

715
01:02:43,217 --> 01:02:45,511
<font color="#ffde44"><i>ඒත් TA මට ඇතුළට එන්න දුන්නා,</i>
<i>ඉතින් මේ මම මෙහෙට ආපු පළවෙනි වතාව.</i></font>

716
01:02:45,595 --> 01:02:46,554
<font color="#ffde44"><i>මේක මාරයි.</i></font>

717
01:02:47,138 --> 01:02:49,932
<font color="#ffde44"><i>ඔයා කාර්යබහුලයි වගේ. ඔයා කීයටද ඉවර කරන්නේ?</i></font>

718
01:02:50,016 --> 01:02:53,603
<font color="#ffde44"><i>මොකක්ද කාරණාව? හදිස්සියක් නම්,</i>
<i>මට දැන්ම ඔයාට කෝල් එකක් ගන්න පුළුවන්.</i></font>

719
01:02:53,686 --> 01:02:55,938
<font color="#ffde44">ඔයා නම් ඉච්චා බස් කියන්නමයි ඉගෙනගෙන තියෙන්නේ.</font>

720
01:02:56,939 --> 01:02:59,233
<font color="#ffde44">ඇත්තමයි. අපි තව ටිකකින් මේක දිගටම කරමු.</font>

721
01:02:59,317 --> 01:03:01,736
<font color="#ffde44"><i>කමක් නෑ. මම පස්සේ කතා කරන්නම්.</i>
ඔව්, ප්‍රොෆෙසර්.</font>

722
01:03:02,487 --> 01:03:04,906
<font color="#ffde44">ප්‍රොෆෙසර් කැමති සුප්‍රීම් පීසා වලට.</font>

723
01:03:04,989 --> 01:03:07,200
<font color="#ffde44">මට වොෂ්රූම් එකට ගිහින් එන්න පුළුවන්ද?
ඔව්, අනිවාර්යයෙන්ම.</font>

724
01:03:08,534 --> 01:03:09,827
<font color="#ffde44">ප්‍රොෆෙසර්, කරුණාකරලා ටිකක් ගන්න.</font>

725
01:03:14,040 --> 01:03:15,500
<font color="#ffde44"><i>ඔයා දැනගෙන හිටියාද?</i></font>

726
01:03:16,000 --> 01:03:19,462
<font color="#ffde44"><i>සෝල් වල ඕනෑම තැනක ඉඳන්</i>
<i>නම්සාන් පේනවාලු.</i></font>

727
01:03:19,545 --> 01:03:22,882
<font color="#ffde44"><i>ඒ නිසා අද ඉඳන්, ඔයාගේ නම නම්සාන්.</i></font>

728
01:03:22,965 --> 01:03:24,175
<font color="#ffde44"><i>යොන් නම්සාන්.</i></font>

729
01:03:26,636 --> 01:03:29,931
<font color="#ffde44"><i>මට හිතෙන්නේ මම තාමත් අවිනිශ්චිතභාවයක හිරවෙලා ඉන්නවා කියලා.</i></font>

730
01:03:38,523 --> 01:03:39,607
<font color="#ffde44"><i>ඔයා කොහෙද ඉන්නේ?</i></font>

731
01:03:40,691 --> 01:03:42,068
<font color="#ffde44"><i>තෙත්බිම් වල.</i></font>

732
01:03:42,151 --> 01:03:45,279
<font color="#ffde44"><i>නෑ. මම දැන් ඉන්නේ බස් හෝල්ට් එකේ.</i></font>

733
01:03:48,950 --> 01:03:51,786
<font color="#ffde44">ටේ-සෝ</font>

734
01:03:58,292 --> 01:03:59,252
<font color="#ffde44"><i>ඔයා ඉන්නේ සෝල් වල, නේද?</i></font>

735
01:04:00,878 --> 01:04:03,172
<font color="#ffde44"><i>මම ඇවිද ඇවිද ඉන්න ගමන්,</i>
<i>මේකප් ටිකක් අරගෙන</i></font>

736
01:04:03,256 --> 01:04:05,466
<font color="#ffde44"><i>නූඩ්ල්ස් එකක් කන්නයි හිටියේ.</i></font>

737
01:04:06,175 --> 01:04:08,052
<font color="#ffde44"><i>ඔයාට වැදගත් වැඩ තියෙනවනේ.</i></font>

738
01:04:08,135 --> 01:04:09,554
<font color="#ffde44"><i>ඔයාගේ කාලය නාස්ති කරගන්න එපා.</i></font>

739
01:04:09,637 --> 01:04:12,640
<font color="#ffde44"><i>මට ගොඩක් වෙලා තියෙනවා,</i>
<i>ඒ නිසා මම ආයෙත් එන්නම්.</i></font>

740
01:04:13,558 --> 01:04:15,309
<font color="#ffde44"><i>විකාර කියවන්න එපා.</i></font>

741
01:04:15,393 --> 01:04:17,311
<font color="#ffde44"><i>අපි එකට ඉන්නවට වඩා</i>
<i>වෙන කිසිම දෙයක් මට වැදගත් නෑ.</i></font>

742
01:04:24,110 --> 01:04:27,446
<font color="#ffde44"><i>ටේ-සෝ, මම ඔයාව දකින්න ලොකු උවමනාවකින් ඉන්නේ.</i></font>

743
01:04:34,287 --> 01:04:35,246
<font color="#ffde44"><i>මම එන ගමන් ඉන්නේ.</i></font>

744
01:04:36,080 --> 01:04:37,415
<font color="#ffde44"><i>ඔයා දන්නේ නෑනේ මම කොහෙද ඉන්නේ කියලා.</i></font>

745
01:04:38,791 --> 01:04:39,625
<font color="#ffde44"><i>පොඩ්ඩක් ඉන්න.</i></font>

746
01:04:47,800 --> 01:04:48,968
<font color="#ffde44"><i>මට තව එක හෝල්ට් එකක් තියෙනවා.</i></font>

747
01:04:49,051 --> 01:04:49,886
<font color="#ffde44"><i>මම දැන් එතනට ඇවිත් ඉන්නේ.</i></font>

748
01:05:01,856 --> 01:05:03,316
<font color="#ffde44">ගැන්ග්බියොන් ස්ටේෂම</font>

749
01:05:13,659 --> 01:05:16,829
<font color="#ffde44"><i>යොන් ටේ-සෝ එන සද්දෙ මට ඇහෙනවා.</i></font>

750
01:05:27,506 --> 01:05:29,300
<font color="#ffde44"><i>මම ඇවිදපු එක ඇති.</i></font>

751
01:05:32,303 --> 01:05:35,222
<font color="#ffde44">තාමත් බබළනවා</font>

752
01:06:01,165 --> 01:06:04,085
<font color="#ffde44"><i>ඔයා හමුදා සේවයට යන්න කලින්</i>
<i>ලොකු ප්‍රශ්න ගොඩක් මැද්දෙයි හිටියේ.</i></font>

753
01:06:04,794 --> 01:06:06,337
<font color="#ffde44"><i>මම සමුගැනීම් වලට වෛර කරනවා.</i></font>

754
01:06:07,254 --> 01:06:08,756
<font color="#ffde44">අවුරුදු 10ක් තිස්සේ, මට අමතක වෙලා තිබුණේ.</font>

755
01:06:09,966 --> 01:06:11,300
<font color="#ffde44"><i>ඒවා නැතිවෙලා ගිහින් තිබුණා.</i></font>

756
01:06:11,384 --> 01:06:13,094
<font color="#ffde44">යුන්-ආ...</font>

757
01:06:13,177 --> 01:06:15,054
<font color="#ffde44">ඔයාට එයාගෙන් කිසිම ආරංචියක් නෑ නේද?</font>

758
01:06:15,763 --> 01:06:16,973
<font color="#ffde44"><i>අපි නවත්තමු...</i></font>

759
01:06:18,265 --> 01:06:20,059
<font color="#ffde44"><i>මේ වද වෙන එකයි අනිත් හැමදේමයි.</i></font>

760
01:06:20,142 --> 01:06:21,352
<font color="#ffde44"><i>මට ඔයාව මතක් වුණා.</i></font>

761
01:06:24,563 --> 01:06:27,274
<font color="#ffde44"><i>මම එක පාරක් හරි ඔයාව දකින්නයි බලාපොරොත්තු වුණේ.</i></font>

762
01:06:34,323 --> 01:06:36,325
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

