1
00:00:35,430 --> 00:00:37,430
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:37,454 --> 00:00:38,955
<font color="#ffbf46">මම ඔයාට කැමතියි.</font>

3
00:00:44,878 --> 00:00:46,880
<font color="#ffbf46">මට දැන් මේ දේ ගැන හිතෙන විදිහ දැක්කම,</font>

4
00:00:48,381 --> 00:00:49,841
<font color="#ffbf46">මට පිස්සුද කියලත් හිතෙනවා.</font>

5
00:00:52,051 --> 00:00:53,219
<font color="#ffbf46">ඒත් මට තවත් මේක හංගගෙන ඉන්න බැහැ.</font>

6
00:00:56,139 --> 00:00:58,266
<font color="#ffbf46">මගේ හිතේ තියෙන මේ හැඟීම් නවත්තගන්න බැහැ.</font>

7
00:01:09,652 --> 00:01:10,653
<font color="#ffbf46">මම ඔයාට කැමතියි.</font>

8
00:01:13,281 --> 00:01:14,240
<font color="#ffbf46">මම…</font>

9
00:01:16,201 --> 00:01:17,869
<font color="#ffbf46">ඔයාට කැමතියි, සේනා.</font>

10
00:01:29,964 --> 00:01:31,800
<font color="#ffbf46">දෝ ලයික්, මම…</font>

11
00:01:35,720 --> 00:01:37,472
<font color="#ffbf46">මට සමා වෙන්න. මේක නිකන්…</font>

12
00:01:39,432 --> 00:01:41,142
<font color="#ffbf46">මේක හරිම හදිස්සියිනේ.</font>

13
00:01:44,521 --> 00:01:47,232
<font color="#ffbf46">මට මේ දැනෙන දේ ගැන තාම හරියට තේරුමක් නැහැ.</font>

14
00:01:47,857 --> 00:01:50,068
<font color="#ffbf46">මම මේ වෙලාවේ ඉන්නේ…</font>

15
00:01:51,319 --> 00:01:52,779
<font color="#ffbf46">ලොකු අවුලක.</font>

16
00:01:53,822 --> 00:01:54,823
<font color="#ffbf46">ඔව්.</font>

17
00:01:56,449 --> 00:01:57,492
<font color="#ffbf46">කමක් නැහැ.</font>

18
00:01:58,743 --> 00:02:01,204
<font color="#ffbf46">දැන්ම උත්තරයක් දෙන්න ඕනේ නැහැ.</font>

19
00:02:04,874 --> 00:02:05,875
<font color="#ffbf46">මම බලන් ඉන්නම්…</font>

20
00:02:07,544 --> 00:02:10,255
<font color="#ffbf46">ඔයාගේ හිත හදාගන්නකම් මම ඉන්නම්.</font>

21
00:02:12,340 --> 00:02:15,969
<font color="#ffbf46">කොච්චර කල් ගියත් මම බලන් ඉන්නම්.</font>

22
00:02:40,326 --> 00:02:41,494
<font color="#ffbf46">මම නිදාගන්න යනවා.</font>

23
00:02:42,162 --> 00:02:44,747
<font color="#ffbf46">හරි. සුබ රාත්‍රියක්.</font>

24
00:04:50,039 --> 00:04:51,582
<font color="#ffbf46"><i>මම මොකද කරන්නේ?</i></font>

25
00:04:53,918 --> 00:04:56,254
<font color="#ffbf46"><i>මම දැන් මොකද කරන්නේ?</i></font>

26
00:04:56,337 --> 00:04:58,298
<font color="#ffbf46"><i>මම මොකද කරන්නේ?</i></font>

27
00:04:58,381 --> 00:05:00,925
<font color="#ffbf46"><i>මම මොකක්ද කරන්න ඕනේ?</i></font>

28
00:05:02,719 --> 00:05:05,430
<font color="#ffbf46"><i>මම කොහොමද එයාගේ මූණ බලන්නේ?</i></font>

29
00:05:12,312 --> 00:05:14,939
<font color="#ffbf46"><i>මට ඉක්මනට බාත්රූම් එකට යන්න ඕනේ.</i></font>

30
00:05:20,278 --> 00:05:21,154
<font color="#ffbf46"><i>පොඩ්ඩක් ඉන්න.</i></font>

31
00:05:22,905 --> 00:05:25,241
<font color="#ffbf46"><i>කලබල නොවී ඉන්න ඕනේ.</i></font>

32
00:05:25,783 --> 00:05:29,245
<font color="#ffbf46"><i>සන්සුන් වෙන්න. ඇස් දෙක පිහදාගන්න.</i></font>

33
00:06:17,376 --> 00:06:18,669
<font color="#ffbf46">ලයික්?</font>

34
00:06:37,647 --> 00:06:39,107
<font color="#ffbf46"><i>සේනා.</i></font>

35
00:06:40,733 --> 00:06:43,277
<font color="#ffbf46"><i>මට හිතුණා ඔයා අපහසුවෙන් ඇත්තේ කියලා,</i></font>

36
00:06:43,361 --> 00:06:46,739
<font color="#ffbf46"><i>මගේ මූණ බලන්නේ කොහොමද කියලා ඔයා කල්පනා කර කර ඉද්දි</i>
<i>මේ ලියුම දකියි කියලා මම හිතුවා.</i></font>

37
00:06:48,991 --> 00:06:50,827
<font color="#ffbf46"><i>ඒකයි මම මුකුත් නොකියම ආවේ.</i></font>

38
00:06:53,830 --> 00:06:55,498
<font color="#ffbf46"><i>මට බයක් තිබුණා,</i></font>

39
00:06:55,581 --> 00:06:58,209
<font color="#ffbf46"><i>ආයෙත් මගේ තැනට යන්න ගත්ත තීරණය</i></font>

40
00:06:58,292 --> 00:06:59,836
<font color="#ffbf46"><i>ඔයාව දැක්කම වෙනස් වෙයි කියලා.</i></font>

41
00:07:04,507 --> 00:07:06,217
<font color="#ffbf46"><i>ඔයාට පින් සිද්ධ වෙන්න,</i></font>

42
00:07:06,300 --> 00:07:08,970
<font color="#ffbf46"><i>මගේ ඇත්ත තත්ත්වෙට මූණ දෙන්න මට හයියක් ලැබුණා.</i></font>

43
00:07:14,475 --> 00:07:17,687
<font color="#ffbf46"><i>මට ඕනේ මගේ ජීවිතේ ආයෙත් හරියට හදාගන්න,</i></font>

44
00:07:17,770 --> 00:07:20,398
<font color="#ffbf46"><i>එතකොට මට පුළුවන් ඔයා ඉස්සරහා වගේම මම ඉස්සරහත්</i>
<i>ලැජ්ජාවක් නැතුව හිටගන්න.</i></font>

45
00:07:23,151 --> 00:07:25,528
<font color="#ffbf46"><i>ඔයා මොන තීරණය ගත්තත්,</i></font>

46
00:07:25,611 --> 00:07:28,030
<font color="#ffbf46"><i>මගේ මේ හැඟීම් වෙනස් කරගන්නේ නැතුව</i>
<i>මම මෙතනම ඉන්නවා.</i></font>

47
00:07:29,449 --> 00:07:33,035
<font color="#ffbf46"><i>මම ජීවිතේ වැටිලා හිටපු වෙලාවේ ආයෙත් නැගිටින්න</i>
<i>මට උදව් කරාට ඔයාට ගොඩක් ස්තූතියි.</i></font>

48
00:07:34,454 --> 00:07:35,580
<font color="#ffbf46"><i>මගේ හදවතින්ම ඔයාට ස්තූති කරනවා.</i></font>

49
00:09:48,713 --> 00:09:49,630
<font color="#ffbf46"><i>මම ඔයාට කැමතියි.</i></font>

50
00:09:50,172 --> 00:09:51,465
<font color="#ffbf46">මම…</font>

51
00:09:53,301 --> 00:09:55,219
<font color="#ffbf46">ඔයාට කැමතියි, සේනා.</font>

52
00:10:00,224 --> 00:10:01,726
<font color="#ffbf46"><i>වෙන්න බැහැ.</i></font>

53
00:10:03,185 --> 00:10:04,687
<font color="#ffbf46"><i>කොහොමද ලයික්…</i></font>

54
00:10:06,147 --> 00:10:07,189
<font color="#ffbf46"><i>ඒ ලයික්…</i></font>

55
00:10:08,190 --> 00:10:09,108
<font color="#ffbf46"><i>මට කැමති වුණේ?</i></font>

56
00:10:14,322 --> 00:10:17,992
<font color="#ffbf46"><i>නැහැ, ඒක වෙන්න බැරි දෙයක්.</i></font>

57
00:10:21,704 --> 00:10:22,538
<font color="#ffbf46"><i>අනික…</i></font>

58
00:10:22,622 --> 00:10:24,874
<font color="#ffbf46"><i>එයා ඉන්නේ ගොඩක් ප්‍රශ්න මැද්දෙනේ.</i></font>

59
00:10:26,626 --> 00:10:29,587
<font color="#ffbf46"><i>එයාටත් නොදැනිම එයා මගේ පිහිට පැතුවා වෙන්න ඇති.</i></font>

60
00:10:29,670 --> 00:10:32,131
<font color="#ffbf46"><i>එයාට ඒ දැනුණ හැඟීම පැටලෙන්න ඇති.</i></font>

61
00:10:32,214 --> 00:10:34,508
<font color="#ffbf46"><i>ඔව්, ඒක තමයි හේතුව.</i>
<i>එහෙම හිතන එක හොඳයි.</i></font>

62
00:10:41,849 --> 00:10:45,311
<font color="#ffbf46"><i>ඒත් මගේ ගැන මොකද?</i></font>

63
00:10:50,691 --> 00:10:54,278
<font color="#ffbf46">මම එයාට කැමතිද?</font>

64
00:11:00,409 --> 00:11:02,870
<font color="#ffbf46">කිම් හා-ජින් මහත්මියගේ නඩුවට අදාළ</font>

65
00:11:02,953 --> 00:11:06,123
<font color="#ffbf46">පිළිතුරු ලිපිය බලලා ඉවර නම්,
අදම ඒක ෆයිල් කරන්න කියලා කියනවා.</font>

66
00:11:06,207 --> 00:11:07,500
<font color="#ffbf46">මම කැමතිද?</font>

67
00:11:17,259 --> 00:11:18,302
<font color="#ffbf46">මෙන්න.</font>

68
00:11:20,846 --> 00:11:23,391
<font color="#ffbf46">මේ තියෙන්නේ දඬුවම් නියම කිරීම ගැන අදහස් වගේ.</font>

69
00:11:26,727 --> 00:11:27,728
<font color="#ffbf46">මෙන්න මේක.</font>

70
00:12:00,553 --> 00:12:02,596
<font color="#ffbf46"><i>ජේ-හීව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා.</i></font>

71
00:12:03,806 --> 00:12:05,724
<font color="#ffbf46"><i>දැනට ICU එකෙන් එළියට දාලා තියෙන්නේ.</i></font>

72
00:12:07,226 --> 00:12:08,561
<font color="#ffbf46"><i>ඒත් කිසිම සුවයක් නම් පෙන්නන්නේ නැහැලු.</i></font>

73
00:12:09,186 --> 00:12:11,439
<font color="#ffbf46"><i>එයාට ආයෙත් සිහිය එයි කියලා</i>
<i>හිතන්න අමාරුයි කියලයි කියන්නේ.</i></font>

74
00:12:12,356 --> 00:12:14,191
<font color="#ffbf46"><i>හැමෝම බලාපොරොත්තු අතහැරලා වගේ ඉන්නේ.</i></font>

75
00:12:15,109 --> 00:12:17,278
<font color="#ffbf46"><i>මට හිතුණා ඔයා මේ ගැන දැනගන්න ඕනේ කියලා.</i></font>

76
00:13:11,749 --> 00:13:15,002
<font color="#ffbf46">ඔයා හැමදාම මේ සින්දුවට ආස වුණානේ.</font>

77
00:13:59,755 --> 00:14:03,259
<font color="#ffbf46">මම ඔයාට කිව්වනේ ලයික්ගේ නඩුව ජංග්ට දෙන්න කියලා.
ඇයි ඔයා තාම මේක අල්ලගෙන ඉන්නේ?</font>

78
00:14:10,099 --> 00:14:10,933
<font color="#ffbf46">සර්,</font>

79
00:14:11,559 --> 00:14:13,561
<font color="#ffbf46">ඒක කරන්න කලින් මේක එක පාරක් බලන්නකෝ.</font>

80
00:14:13,644 --> 00:14:15,187
<font color="#ffbf46">ජේ-හීගේ වාහනයේ අධිකරණ වෛද්‍ය වාර්තාව</font>

81
00:14:15,271 --> 00:14:16,689
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

82
00:14:19,567 --> 00:14:21,443
<font color="#ffbf46">වාර්තාව</font>

83
00:14:24,071 --> 00:14:24,905
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

84
00:14:26,282 --> 00:14:27,408
<font color="#ffbf46">මේක මොකටද?</font>

85
00:14:27,491 --> 00:14:29,994
<font color="#ffbf46">මේ තියෙන්නේ හොඳ සාක්ෂියක්,</font>

86
00:14:30,077 --> 00:14:32,955
<font color="#ffbf46">වූ-සොන්ග්ගේ සහ ජේ-හීගේ කේස් දෙකටම
දෝ ලයික්ගේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කරන්න.</font>

87
00:14:34,081 --> 00:14:35,374
<font color="#ffbf46">අපි මේ චෝදනා දෙකම එකතු කරොත්,</font>

88
00:14:35,457 --> 00:14:38,669
<font color="#ffbf46">වූ-සොන්ග්ගේ ඝාතනයයි
ජේ-හීව මරන්න උත්සාහ කරපු එකයි,</font>

89
00:14:38,752 --> 00:14:40,588
<font color="#ffbf46">අපිට උසාවියේදී අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්.</font>

90
00:14:41,297 --> 00:14:42,590
<font color="#ffbf46">නැහැ, ඒක කරන්න බැහැ.</font>

91
00:14:43,591 --> 00:14:45,885
<font color="#ffbf46">ඉහළින් කියලා තියෙන්නේ මේක
සද්ද නැතුව ඉවරයක් කරලා දාන්න කියලා.</font>

92
00:14:45,968 --> 00:14:49,054
<font color="#ffbf46">සර්, අපි දැන් මේ කේස් එක යට ගැහුවොත්,</font>

93
00:14:49,138 --> 00:14:52,725
<font color="#ffbf46">කේස් එක හරියට හැසිරෙව්වේ නැහැ කියන චෝදනාවෙන්
අපිට කවදාවත් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ.</font>

94
00:14:54,435 --> 00:14:56,020
<font color="#ffbf46">අපිට ඇති තරම් සාක්ෂි තියෙනවා.</font>

95
00:14:56,103 --> 00:15:00,733
<font color="#ffbf46">ප්‍රකාශ, සිද්ධියට අදාළ සාක්ෂි,
තව ගොඩක් සෘජු සහ වක්‍ර සාක්ෂි තියෙනවා.</font>

96
00:15:02,443 --> 00:15:04,153
<font color="#ffbf46">අපිට උසාවියේදී මේකට ෆයිට් කරන්න පුළුවන්.</font>

97
00:15:04,862 --> 00:15:06,363
<font color="#ffbf46">සම්පූර්ණ වගකීම මම භාරගන්නම්.</font>

98
00:15:29,053 --> 00:15:30,804
<font color="#ffbf46">මොකද මේ කරන්නේ? නැගිටලද ඉන්නේ?</font>

99
00:15:33,057 --> 00:15:35,351
<font color="#ffbf46">දැන්වීමයි,
එදිනම මාරු කිරීම්, පැමිණීම අවශ්‍ය නොවේ.</font>

100
00:16:10,552 --> 00:16:11,804
<font color="#ffbf46">ඇත්තටම,</font>

101
00:16:14,682 --> 00:16:18,686
<font color="#ffbf46">කොහොමද එයා මේ තරම් වටින දෙයක්
මෙහෙ දාලා යන්නේ?</font>

102
00:16:21,647 --> 00:16:24,608
<font color="#ffbf46">හරිම නොසැලකිලිමත්නේ.</font>

103
00:16:26,819 --> 00:16:29,071
<font color="#ffbf46">මම දැන් මේකෙන් මොකද කරන්නේ?</font>

104
00:16:29,822 --> 00:16:31,198
<font color="#ffbf46">ඒ කියන්නේ,</font>

105
00:16:32,366 --> 00:16:35,577
<font color="#ffbf46">ඇයි මේක මගේ ළඟ තියලා ගියේ?
මම මොකද කරන්නේ?</font>

106
00:16:36,912 --> 00:16:39,456
<font color="#ffbf46">මටම ගිහින් දෙන්නත් බැහැනේ.</font>

107
00:16:40,708 --> 00:16:42,209
<font color="#ffbf46">දෙවියනේ…</font>

108
00:16:43,002 --> 00:16:44,545
<font color="#ffbf46">මේකට කකුල් දෙකක් ඇවිල්ලා</font>

109
00:16:44,628 --> 00:16:46,422
<font color="#ffbf46">තනියම යන්න පුළුවන් කමකුත් නැහැනේ.</font>

110
00:16:46,505 --> 00:16:49,717
<font color="#ffbf46">කුරියර් එකේ යවන්නද?
නැහැ, ඒකටත් බයයි.</font>

111
00:16:50,384 --> 00:16:52,928
<font color="#ffbf46">මේක ගණන් වැඩි පාටයි.</font>

112
00:16:55,597 --> 00:16:58,642
<font color="#ffbf46">මේ වගේ දෙයක් නැති වුණොත්
එයා දවසම ඒ ගැන හිත හිත ඉඳියි.</font>

113
00:16:58,726 --> 00:17:00,310
<font color="#ffbf46">එයාට වෙන වැඩක් කරගන්නත් බැරි වෙයි.</font>

114
00:17:01,395 --> 00:17:03,981
<font color="#ffbf46">අන්තිමට මේක මටත් වදයක් වෙනවා.
වෙන කරන්න දෙයක් නැහැ.</font>

115
00:17:04,940 --> 00:17:06,984
<font color="#ffbf46">මමම ගිහින් දෙනවා.</font>

116
00:17:22,750 --> 00:17:24,084
<font color="#ffbf46">සේනා, ඔයා නම් මහ පිස්සියක්.</font>

117
00:17:31,800 --> 00:17:33,802
<font color="#ffbf46">මම මේ මොකද කරන්නේ?</font>

118
00:17:50,903 --> 00:17:51,987
<font color="#ffbf46">නීතිඥ මැන්ග් සේනා</font>

119
00:18:05,209 --> 00:18:08,212
<font color="#ffbf46">නැහැ. මම කිව්වනේ මම බලන් ඉන්නවා කියලා.</font>

120
00:18:10,714 --> 00:18:11,757
<font color="#ffbf46">යමු.</font>

121
00:18:17,554 --> 00:18:19,056
<font color="#ffbf46">එයා ඇත්තටම ගිහිල්ලද?</font>

122
00:18:30,317 --> 00:18:31,527
<font color="#ffbf46">ඒයි!</font>

123
00:18:33,362 --> 00:18:34,446
<font color="#ffbf46">ඔයා මොකද මෙතන කරන්නේ?</font>

124
00:18:35,114 --> 00:18:37,783
<font color="#ffbf46">මොකක්ද ඒ කතාවේ තේරුම?
මම කිව්වේ,</font>

125
00:18:38,534 --> 00:18:42,079
<font color="#ffbf46">දෝ ලයික් ගියා කියලා ආරංචි වුණා, ඉතින් මම හිතුවා
චිකන් ටිකක් කාලා ඒක සමරන්න ඕනේ කියලා.</font>

126
00:18:56,176 --> 00:18:59,138
<font color="#ffbf46">ඒ වුණාට මේ රෑ තිස්සේ ඔය ඇඳුම පිටින්
ඔයා මේ කොහෙද යන්නේ?</font>

127
00:19:02,099 --> 00:19:03,559
<font color="#ffbf46">ඒක…</font>

128
00:19:04,810 --> 00:19:06,478
<font color="#ffbf46">ඕක දෝ ලයික්ගේ තොප්පිය නේද?</font>

129
00:19:07,980 --> 00:19:10,149
<font color="#ffbf46">ඔව්. ඇත්තටම…</font>

130
00:19:10,232 --> 00:19:13,527
<font color="#ffbf46">එයා මේක මගේ ගෙදර දාලා ගිහින්. මාර කරදරයක්නේ.</font>

131
00:19:14,945 --> 00:19:15,779
<font color="#ffbf46">කරදරයක්?</font>

132
00:19:17,948 --> 00:19:19,867
<font color="#ffbf46">ඕක මට දෙන්න. මම ගිහින් දෙන්නම්.</font>

133
00:19:21,160 --> 00:19:23,704
<font color="#ffbf46">එපා. ඕනේ නැහැ.</font>

134
00:19:24,288 --> 00:19:27,416
<font color="#ffbf46">ඔයා රෑට කන්නකෝ.
මම මේක ඉක්මනට දීලා එන්නම්.</font>

135
00:19:36,550 --> 00:19:39,678
<font color="#ffbf46">හරි, එයා නිදිද කියලා විතරක් බලමු.
දොර ළඟට විතරයි යන්නේ.</font>

136
00:19:40,304 --> 00:19:41,680
<font color="#ffbf46">නිකන් පොඩ්ඩක් බලලා එනවා.</font>

137
00:19:49,188 --> 00:19:50,564
<font color="#ffbf46">නිකන්…</font>

138
00:19:51,398 --> 00:19:54,401
<font color="#ffbf46">මූණ බලාගෙනම මේක දෙන්න ඕනේ කියලා එකක් නැහැනේ.</font>

139
00:19:56,486 --> 00:19:57,946
<font color="#ffbf46">දොර ළඟින් තියලා එන්නත් පුළුවන්නේ.</font>

140
00:20:06,747 --> 00:20:08,415
<font color="#ffbf46">කාගේද මේ කාර් එක?</font>

141
00:20:10,417 --> 00:20:12,044
<font color="#ffbf46">මම කලින් දැකලා නැහැනේ.</font>

142
00:20:16,715 --> 00:20:19,801
<font color="#ffbf46">මෙතන පාර්ක් කරන්න පුළුවන් මෙහේ ඉන්න අයට විතරයිනේ.</font>

143
00:20:27,517 --> 00:20:31,021
<font color="#ffbf46">මේ වගේ කාර් හින්දා තමයි
කවදාවත් පාර්ක් කරන්න ඉඩක් නැත්තේ.</font>

144
00:20:31,104 --> 00:20:32,481
<font color="#ffbf46">බලමුකෝ නම්බර් ප්ලේට් එක.</font>

145
00:20:36,443 --> 00:20:38,946
<font color="#ffbf46">ලයික්?
ඔව්, සේනා.</font>

146
00:20:40,155 --> 00:20:41,448
<font color="#ffbf46">හායි.</font>

147
00:20:42,324 --> 00:20:43,450
<font color="#ffbf46">ඔයා මෙතන මොකද කරන්නේ?</font>

148
00:20:46,870 --> 00:20:48,580
<font color="#ffbf46">අද කාලගුණය හොඳයිනේ.</font>

149
00:20:49,915 --> 00:20:51,625
<font color="#ffbf46">ඉතින් මම හිතුවා නිකන් රවුමක් ගිහින් එන්න.</font>

150
00:20:53,710 --> 00:20:55,921
<font color="#ffbf46">ඔයා මොකද මෙහේ?</font>

151
00:20:56,797 --> 00:20:57,798
<font color="#ffbf46">ඈ?</font>

152
00:21:02,719 --> 00:21:03,845
<font color="#ffbf46">ආ මේක.</font>

153
00:21:04,680 --> 00:21:06,306
<font color="#ffbf46">ඔයාට මේක දාලා ගිහින්නේ.</font>

154
00:21:09,393 --> 00:21:11,853
<font color="#ffbf46">ඇයි ඔයා මේක උස්සන් ආවේ?</font>

155
00:21:12,771 --> 00:21:13,981
<font color="#ffbf46">මොකක්ද?</font>

156
00:21:14,731 --> 00:21:15,649
<font color="#ffbf46">මේක තිබුණේ මගේ ගෙදර.</font>

157
00:21:17,150 --> 00:21:19,987
<font color="#ffbf46">ගණන් වැඩි පාටයි. ඒකයි ගෙනාවේ.</font>

158
00:21:20,070 --> 00:21:21,947
<font color="#ffbf46">මේකද? දැන්?</font>

159
00:21:22,030 --> 00:21:23,532
<font color="#ffbf46">මේ රෑ වෙලා? මට දෙන්න?</font>

160
00:21:24,533 --> 00:21:25,367
<font color="#ffbf46">ඔව්…</font>

161
00:21:26,868 --> 00:21:28,620
<font color="#ffbf46">මේකයි…</font>

162
00:21:29,496 --> 00:21:30,956
<font color="#ffbf46">කාලගුණයත් හොඳ හින්දා…</font>

163
00:21:33,000 --> 00:21:35,127
<font color="#ffbf46">මමත් හිතුවා නිකන් රවුමක් යන්න.</font>

164
00:21:40,173 --> 00:21:44,261
<font color="#ffbf46">කොහොම හරි, තොප්පිය දුන්නනේ,
මම එහෙනම් යනවා.</font>

165
00:21:44,344 --> 00:21:45,387
<font color="#ffbf46">හරි.</font>

166
00:22:08,869 --> 00:22:09,995
<font color="#ffbf46">ඔයා…</font>

167
00:22:12,873 --> 00:22:13,999
<font color="#ffbf46">තාමත්…</font>

168
00:22:16,251 --> 00:22:20,172
<font color="#ffbf46">බලන් ඉන්නවා නේද?</font>

169
00:22:23,258 --> 00:22:24,343
<font color="#ffbf46">ඔව්.</font>

170
00:22:30,307 --> 00:22:32,017
<font color="#ffbf46">එහෙනම් කමක් නැහැ.</font>

171
00:22:36,563 --> 00:22:37,397
<font color="#ffbf46">ගිහින් එන්නම්.</font>

172
00:23:14,810 --> 00:23:16,812
<font color="#ffbf46">නවත්තන්නකෝ.</font>

173
00:23:17,354 --> 00:23:18,772
<font color="#ffbf46">නවත්තන්න.</font>

174
00:23:48,802 --> 00:23:50,428
<font color="#ffbf46">එයා නම් මාව මරවනවා, ඇත්තටම.</font>

175
00:24:06,069 --> 00:24:09,030
<font color="#ffbf46">නීතිඥ මැන්ග් මේ දවස්වල
වැඩට එන්නේ පරක්කු වෙලා.</font>

176
00:24:10,866 --> 00:24:12,159
<font color="#ffbf46">ඔව්.</font>

177
00:24:12,242 --> 00:24:14,161
<font color="#ffbf46">එයා ඉස්සර පාන්දරින්ම මෙතනනේ.</font>

178
00:24:14,244 --> 00:24:16,204
<font color="#ffbf46">දැන් වෙලාවටමයි එන්නේ.</font>

179
00:24:16,288 --> 00:24:19,708
<font color="#ffbf46">හරි පුදුමයි. එයාගේ මූණත් වෙනස් වෙලා.
මේ ටිකේම මොකක් හරි අමුත්තක් තියෙනවා.</font>

180
00:24:20,292 --> 00:24:24,087
<font color="#ffbf46">නේද? එයා කවදාවත් නොකරන ජාතියේ
පොඩි පොඩි වැරදිත් කරනවා.</font>

181
00:24:24,171 --> 00:24:26,756
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, එයා කාත් එක්ක හරි යාළු වෙලාද?</font>

182
00:24:26,840 --> 00:24:28,884
<font color="#ffbf46">එහෙම වෙන්න බැහැ. පිස්සුද.</font>

183
00:24:28,967 --> 00:24:32,596
<font color="#ffbf46">එයා කාත් එක්ක හරි යාළු වුණොත්,
ඒක ලෝක පුදුමයක්නේ.</font>

184
00:24:32,679 --> 00:24:34,598
<font color="#ffbf46">අම්මෝ!
ඇයි?</font>

185
00:24:34,681 --> 00:24:35,932
<font color="#ffbf46">මොකක් හරි විහිළුවක්ද?</font>

186
00:24:37,809 --> 00:24:38,810
<font color="#ffbf46">මොකක්ද?</font>

187
00:24:40,937 --> 00:24:42,314
<font color="#ffbf46">මොකක්ද?</font>

188
00:24:42,397 --> 00:24:43,440
<font color="#ffbf46">මේ බලන්නකෝ.</font>

189
00:24:44,774 --> 00:24:45,692
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

190
00:25:20,477 --> 00:25:21,937
<font color="#ffbf46">දෙවියනේ.</font>

191
00:25:23,813 --> 00:25:26,733
<font color="#ffbf46">ක්ලයින්ට් එක්ක?</font>

192
00:25:45,168 --> 00:25:47,921
<font color="#ffbf46">නීතිඥ මැන්ග්, ඔයා අර ලිපිය දැක්කද?
මොන ලිපියද?</font>

193
00:25:48,004 --> 00:25:50,590
<font color="#ffbf46">හිතාගන්න බැරි දෙයක් ගැන ගිහින් තියෙන්නේ.</font>

194
00:25:50,674 --> 00:25:52,092
<font color="#ffbf46">ඒකේ තියෙන්නේ ඔයයි අපේ ලයිකුයි…</font>

195
00:25:53,260 --> 00:25:54,719
<font color="#ffbf46">ඒ කියන්නේ,</font>

196
00:25:54,803 --> 00:25:57,889
<font color="#ffbf46">ඔයයි දෝ ලයිකුයි එකට ජීවත් වෙනවා කියලා.</font>

197
00:26:03,436 --> 00:26:04,479
<font color="#ffbf46">අපි මොකද කරන්නේ?</font>

198
00:26:05,313 --> 00:26:08,608
<font color="#ffbf46">අපිට පුළුවන් මේක දැන්ම අයින් කරන්න කියලා
නඩු දානවා කියලා බය කරන්න.</font>

199
00:26:22,247 --> 00:26:23,081
<font color="#ffbf46">නීතිඥ මැන්ග්,</font>

200
00:26:23,164 --> 00:26:25,834
<font color="#ffbf46">ඔයා දැන්ම මොකක් හරි පියවරක් ගන්න ඕනේ.</font>

201
00:26:25,917 --> 00:26:27,252
<font color="#ffbf46">ක්ලයින්ට් වෙනුවෙන්…</font>

202
00:26:30,130 --> 00:26:31,464
<font color="#ffbf46">ඒ වගේම ඔයා වෙනුවෙනුත්.</font>

203
00:26:35,552 --> 00:26:37,178
<font color="#ffbf46">ස්තූතියි යේ-සොල්.</font>

204
00:26:37,679 --> 00:26:39,806
<font color="#ffbf46">මම පස්සේ ඔයාට විස්තරේ කියන්නම්.</font>

205
00:26:53,153 --> 00:26:55,071
<font color="#ffbf46">හෙලෝ, මොකද වෙන්නේ?</font>

206
00:26:55,155 --> 00:26:57,699
<font color="#ffbf46"><i>ඒයි! ඇයි ඔයා ෆෝන් එක ඉස්සුවේ නැත්තේ?</i></font>

207
00:26:57,782 --> 00:27:00,327
<font color="#ffbf46">මම ෂවර් එකේ හිටියේ.
ඔයයි අර ලෝයරුයි අතර මොකක්ද තියෙන්නේ?</font>

208
00:27:01,411 --> 00:27:03,788
<font color="#ffbf46">මොකක්ද කියන්නේ?
මොනවා ගැනද ඔය කියන්නේ?</font>

209
00:27:03,872 --> 00:27:06,124
<font color="#ffbf46">ඔයා මේ ඔක්කොම කාලේ හිටියේ
එයාගේ ගෙදරද?</font>

210
00:27:07,250 --> 00:27:08,168
<font color="#ffbf46">මොකක්?</font>

211
00:27:23,641 --> 00:27:24,601
<font color="#ffbf46">නීතිඥ මැන්ග් සේනා</font>

212
00:27:24,684 --> 00:27:27,145
<font color="#ffbf46"><i>ඇත්තට දැක්කම එයා හරි කැතයිනේ.</i></font>

213
00:27:29,647 --> 00:27:31,191
<font color="#ffbf46">තමන්ගේ ලෝයර් එක්ක එකට ඉන්න එක නම් හරි නැහැ</font>

214
00:27:31,274 --> 00:27:32,734
<font color="#ffbf46">මිනිහා මොනවා හිතාගෙන ඉන්නවද මන්දා?</font>

215
00:27:35,945 --> 00:27:37,238
<font color="#ffbf46">දෝ ලයික් මහතා</font>

216
00:27:45,038 --> 00:27:47,248
<font color="#ffbf46">ඔව්, ලයික්.
නීතිඥ මැන්ග්</font>

217
00:27:48,792 --> 00:27:49,626
<font color="#ffbf46">ඔයා හොඳින් නේද?</font>

218
00:27:52,045 --> 00:27:53,838
<font color="#ffbf46">ඔයා නිව්ස් එක දැක්කා නේද?</font>

219
00:27:54,964 --> 00:27:56,216
<font color="#ffbf46"><i>මම හොඳින්.</i></font>

220
00:27:57,175 --> 00:27:58,218
<font color="#ffbf46">ඔයා කොහොමද?</font>

221
00:28:01,596 --> 00:28:02,931
<font color="#ffbf46">මට සමාවෙන්න. මම හින්දා…</font>

222
00:28:03,598 --> 00:28:05,100
<font color="#ffbf46">මම එහෙ නැවතිලා හිටපු හින්දානේ…</font>

223
00:28:05,183 --> 00:28:08,144
<font color="#ffbf46">නැහැ, ඒක එහෙම නෙවෙයි. ඒ වුණාට දැන්ම,</font>

224
00:28:08,228 --> 00:28:12,107
<font color="#ffbf46">මේ ප්‍රශ්න ටිකක් අඩුවෙනකම්,
ඔයා එළියට බහින්න එපා.</font>

225
00:28:12,690 --> 00:28:17,278
<font color="#ffbf46">අනික ආයෙත් මාධ්‍යවේදී බෙක්ව හම්බෙන්න
යන්න එපා, තේරුණානේ?</font>

226
00:28:18,238 --> 00:28:20,240
<font color="#ffbf46"><i>එහෙම කළොත් ප්‍රශ්න තවත් වැඩි වෙයි.</i></font>

227
00:28:22,867 --> 00:28:25,286
<font color="#ffbf46">ඇයි මුකුත් කියන්නේ නැත්තේ? තේරුණාද?</font>

228
00:28:26,621 --> 00:28:27,914
<font color="#ffbf46">හරි.</font>

229
00:28:28,498 --> 00:28:31,251
<font color="#ffbf46">මට තේරුණා. ඒත් ඔයා ගැන මොකද?</font>

230
00:28:32,836 --> 00:28:36,714
<font color="#ffbf46">මේ වගේ දෙයක් වුණ හැම වෙලාවෙම,
ඔයා තමයි හැමදේටම මූණ දෙන්නේ.</font>

231
00:28:37,841 --> 00:28:38,675
<font color="#ffbf46">මට ඒකට කේන්ති යනවා.</font>

232
00:28:40,885 --> 00:28:42,679
<font color="#ffbf46">මට මුකුත් කරන්න බැරි එක ගැන…</font>

233
00:28:44,013 --> 00:28:44,973
<font color="#ffbf46">මට මගේ ගැනම දුක හිතෙනවා.</font>

234
00:28:46,266 --> 00:28:47,767
<font color="#ffbf46">එහෙම හිතන්න එපා.</font>

235
00:28:48,852 --> 00:28:50,687
<font color="#ffbf46">මම ඇත්තටම හොඳින්.</font>

236
00:28:51,604 --> 00:28:56,109
<font color="#ffbf46">මිනිස්සු කොහොමත් කෑගහලා
දවස් දෙක තුනකින් ඕවා අමතක කරනවා.</font>

237
00:28:56,693 --> 00:28:58,528
<font color="#ffbf46">මම ටික දවසකට ඉන්ටර්නෙට් එක
පැත්ත පළාතේ යන්නේ නැහැ.</font>

238
00:29:00,530 --> 00:29:01,948
<font color="#ffbf46">මොනවා හරි වුණොත්,</font>

239
00:29:02,031 --> 00:29:05,869
<font color="#ffbf46">තනියම විසඳගන්න යන්න එපා.
මට දැන්ම කෝල් එකක් දෙන්න, හරිද?</font>

240
00:29:06,619 --> 00:29:08,163
<font color="#ffbf46">හරි. මම කෝල් කරන්නම්.</font>

241
00:29:09,414 --> 00:29:10,457
<font color="#ffbf46">මම ගන්නම්කෝ.</font>

242
00:29:11,291 --> 00:29:12,417
<font color="#ffbf46">හරි.</font>

243
00:29:33,021 --> 00:29:34,314
<font color="#ffbf46">චුන්ග්-ජේ, මේ මම.</font>

244
00:29:34,397 --> 00:29:36,399
<font color="#ffbf46">සේනා, ඔයා නිව්ස් එක දැක්කද?</font>

245
00:29:36,483 --> 00:29:37,692
<font color="#ffbf46"><i>ඔව්, මම දැක්කා.</i></font>

246
00:29:39,235 --> 00:29:40,361
<font color="#ffbf46">මම දැන්ම එන්නද…</font>

247
00:29:40,445 --> 00:29:43,573
<font color="#ffbf46">මාව හම්බෙන්න එන්න ඕනේ නැහැ. ඒත්…</font>

248
00:29:43,656 --> 00:29:46,993
<font color="#ffbf46">මට ලොකු උදව්වක් ඕනේ. දෝ ලයික් ගැන.</font>

249
00:29:48,495 --> 00:29:50,330
<font color="#ffbf46"><i>මට එයා ගැන බයයි.</i></font>

250
00:29:50,413 --> 00:29:52,248
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද එයා එළියට බහින එක ටිකකට නවත්තන්න?</font>

251
00:29:52,332 --> 00:29:54,542
<font color="#ffbf46">මේ වෙලාවේ එයා එළියට නොබැහැ ඉන්න එක තමයි හොඳ.</font>

252
00:29:54,626 --> 00:29:57,003
<font color="#ffbf46">ඔයා මේ වෙලාවෙත් එයා ගැනද වද වෙන්නේ?</font>

253
00:29:58,755 --> 00:30:00,173
<font color="#ffbf46">නීතිඥ මැන්ග්!</font>

254
00:30:00,256 --> 00:30:01,966
<font color="#ffbf46">අනේ, මට මේකට උදව් කරන්න.</font>

255
00:30:12,393 --> 00:30:13,770
<font color="#ffbf46">ප්‍රධාන පුවත්</font>

256
00:30:13,853 --> 00:30:16,940
<font color="#ffbf46">හරි, පොඩ්ඩක් ඉන්න.
තව ලොකු දෙයක් එන්නයි යන්නේ.</font>

257
00:30:21,236 --> 00:30:24,405
<font color="#ffbf46">විශේෂ පුවත් - මිනීමැරුම් සැකකරු
නීතිඥවරිය සමඟ එකම නිවසේ</font>

258
00:30:28,743 --> 00:30:30,620
<font color="#ffbf46">ලා-ඉක්ගේ නීතිඥවරිය
මිනීමරුවෙක්ගේ දුවෙක් බව හෙළිවෙයි</font>

259
00:30:30,703 --> 00:30:32,622
<font color="#ffbf46">ඔයා මාත් එක්ක හැප්පෙන්න එන්න නරකයි තිබුණේ.</font>

260
00:30:32,705 --> 00:30:33,623
<font color="#ffbf46">කෝ මේවායේ සදාචාරය?</font>

261
00:30:33,706 --> 00:30:35,917
<font color="#ffbf46">මම කිව්වනේ, මාව අවුස්සන්න එපා කියලා.</font>

262
00:30:37,001 --> 00:30:37,877
<font color="#ffbf46">දැන්ම අප්ලෝඩ් කරන්න</font>

263
00:30:37,961 --> 00:30:39,254
<font color="#ffbf46">මිනීමරුවෙක්ගේ දුවෙක් බව හෙළිවෙයි</font>

264
00:30:43,675 --> 00:30:45,718
<font color="#ffbf46">රන් පදක්කම
ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ්</font>

265
00:30:50,181 --> 00:30:51,474
<font color="#ffbf46">එයා කොහෙද ඉන්නේ?</font>

266
00:30:53,101 --> 00:30:55,228
<font color="#ffbf46">එකට ජීවත් වෙනවද? එයාට පිස්සුද?</font>

267
00:30:55,311 --> 00:30:56,563
<font color="#ffbf46">ඇත්තටම!</font>

268
00:30:58,106 --> 00:30:59,983
<font color="#ffbf46">කවුද වූ-සොන්ග්ගේ ජීවිතේ විනාශ කළේ?</font>

269
00:31:00,066 --> 00:31:02,777
<font color="#ffbf46">අන්න හරි. කවුද මේ නීතිඥ ගැහැණු කෙනා?</font>

270
00:31:02,861 --> 00:31:04,654
<font color="#ffbf46">කොහොමද එයා සේවාදායකයෙක් එක්ක ජීවත් වෙන්නේ?</font>

271
00:31:05,488 --> 00:31:07,782
<font color="#ffbf46">මොකක්ද දැන් මේ?
මොකක්ද?</font>

272
00:31:09,200 --> 00:31:10,410
<font color="#ffbf46">මිනීමරුවෙක්ගේ දුවෙක්</font>

273
00:31:12,120 --> 00:31:14,539
<font color="#ffbf46">චොන්-උන් නීති සමාගමේ විරෝධතා දැන්වීම</font>

274
00:31:14,622 --> 00:31:15,707
<font color="#ffbf46">විරෝධතා දැන්වීම</font>

275
00:31:15,790 --> 00:31:17,792
<font color="#ffbf46">දැන් අපි ක්‍රියාත්මක වෙන්න ඕන කාලයයි</font>

276
00:31:20,920 --> 00:31:22,297
<font color="#ffbf46">අයියෝ.</font>

277
00:31:25,425 --> 00:31:26,301
<font color="#ffbf46">මේක...</font>

278
00:31:28,136 --> 00:31:29,971
<font color="#ffbf46">ඔයාට කොහෙත්ම ගැලපෙන්නේ නෑ නීතිඥ මෙන්ග්.</font>

279
00:31:30,763 --> 00:31:33,558
<font color="#ffbf46">මම දන්න නීතිඥ මෙන්ග් හැමතිස්සෙම
හොඳ කල්පනාවෙන් වැඩ කළේ,</font>

280
00:31:33,641 --> 00:31:35,852
<font color="#ffbf46">හැමතිස්සෙම සීමාව දැනගෙන හිටියා,
කවදාවත් ඒක පැන්නේ නෑ.</font>

281
00:31:37,020 --> 00:31:38,229
<font color="#ffbf46">මට ඇත්තටම සමාවෙන්න.</font>

282
00:31:38,313 --> 00:31:41,232
<font color="#ffbf46">නෑ, මම සමාව ඉල්ලනවා නෙවෙයි.</font>

283
00:31:44,235 --> 00:31:45,945
<font color="#ffbf46">මම ඔයා ගැන වද වෙනවා.</font>

284
00:31:46,029 --> 00:31:49,449
<font color="#ffbf46">මිනිස්සු ඔයා ගැන මේ වගේ
කතා වෙනවා දකින්න මම කැමති නෑ.</font>

285
00:31:52,243 --> 00:31:54,579
<font color="#ffbf46">මොකද වුණේ? ඇයි ඔයා එහෙම කළේ?</font>

286
00:31:57,248 --> 00:31:58,333
<font color="#ffbf46">ඔයාට මතකද</font>

287
00:31:59,709 --> 00:32:02,378
<font color="#ffbf46">ඔයා දවසක් මගෙන් අහපු දේ?</font>

288
00:32:03,588 --> 00:32:06,507
<font color="#ffbf46">තාත්තාට වුණ දේත් එක්ක</font>

289
00:32:06,591 --> 00:32:09,469
<font color="#ffbf46">මම කොහොමද වැටෙන්නේ නැතුව හිටියේ කියලා.
කොහොමද මම කඩාගෙන වැටුනේ නැත්තේ කියලා.</font>

290
00:32:11,054 --> 00:32:12,388
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්...</font>

291
00:32:15,808 --> 00:32:17,894
<font color="#ffbf46">මම ගොඩක් කඩාගෙන වැටුණා.</font>

292
00:32:19,270 --> 00:32:20,229
<font color="#ffbf46">ඒත්...</font>

293
00:32:21,689 --> 00:32:24,525
<font color="#ffbf46">මම ජීවත් වුණේ දෝ ලා-ඉක්ගේ සින්දු නිසා.</font>

294
00:32:25,318 --> 00:32:26,444
<font color="#ffbf46">මම...</font>

295
00:32:27,862 --> 00:32:29,155
<font color="#ffbf46">එයාගේ පරණ ෆෑන් කෙනෙක්.</font>

296
00:32:31,783 --> 00:32:32,659
<font color="#ffbf46">මොකක්?</font>

297
00:32:34,577 --> 00:32:36,955
<font color="#ffbf46">ඉතින් මේ සිද්ධිය වුණාම,</font>

298
00:32:37,038 --> 00:32:39,582
<font color="#ffbf46">මටම බලාගන්න ඕන වුණා</font>

299
00:32:39,666 --> 00:32:42,585
<font color="#ffbf46">එයාට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා.
එහෙම නෙවෙයි නම්...</font>

300
00:32:44,003 --> 00:32:47,423
<font color="#ffbf46">මේ පාර, එයාව වැටෙන්න නොදී
බලාගන්න කෙනා වෙන්න මට ඕන වුණා.</font>

301
00:32:51,135 --> 00:32:52,387
<font color="#ffbf46">අනේ දෙවියනේ...</font>

302
00:32:53,638 --> 00:32:55,431
<font color="#ffbf46">එහෙමද.</font>

303
00:32:59,727 --> 00:33:01,354
<font color="#ffbf46">දැන් අපි මොකද කරන්නේ?</font>

304
00:33:06,901 --> 00:33:09,445
<font color="#ffbf46">සර්. පොඩ්ඩක් මෙතනට එන්න වෙනවා.</font>

305
00:33:21,416 --> 00:33:23,793
<font color="#ffbf46">මිනීමරුවෙක්ගේ දුව! අයින් වෙයන්!</font>

306
00:33:23,876 --> 00:33:25,837
<font color="#ffbf46">අයින් වෙයන්!
අයින් වෙයන්!</font>

307
00:33:27,880 --> 00:33:29,298
<font color="#ffbf46">බලන්න.</font>

308
00:33:29,382 --> 00:33:32,135
<font color="#ffbf46">මේ පාර එයා ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන.</font>

309
00:33:41,352 --> 00:33:43,187
<font color="#ffbf46">මිනීමරුවෙක්ගේ දුවෙක් බව හෙළිවෙයි</font>

310
00:33:47,400 --> 00:33:49,444
<font color="#ffbf46"><i>වොන්සන්-දේරෝ එක පැත්තේ දැන් හරිම කලබලයි.</i></font>

311
00:34:01,789 --> 00:34:04,333
<font color="#ffbf46"><i>ඔබ අමතන දුරකථන පාරිභෝගිකයා</i>
<i>කාර්යබහුල බැවින්...</i></font>

312
00:34:26,439 --> 00:34:28,399
<font color="#ffbf46">කොහෙද මේ යන්නේ?
අයින් වෙන්න.</font>

313
00:34:29,442 --> 00:34:31,110
<font color="#ffbf46">සේ-නා කිව්වා ඔයාව එළියට යවන්න එපා කියලා.</font>

314
00:34:32,028 --> 00:34:34,322
<font color="#ffbf46">ඔයා දැන් එතනට ගියොත්,
ප්‍රශ්න තවත් වැඩි වෙයි.</font>

315
00:34:34,405 --> 00:34:37,075
<font color="#ffbf46">මම එයා ගාවට යනවා...
අයින් වෙන්න කිව්වාම.</font>

316
00:34:38,367 --> 00:34:39,452
<font color="#ffbf46">ඔයා මොකද කරන්න යන්නේ?</font>

317
00:34:40,912 --> 00:34:43,081
<font color="#ffbf46">ඔයාට තේරෙන්නේ නැද්ද?
මේක වුණේ ඔයා නිසා!</font>

318
00:34:45,833 --> 00:34:47,585
<font color="#ffbf46">එයා කොහොමද ජීවත් වුණේ කියලා ඔයා දන්නවද?</font>

319
00:34:48,252 --> 00:34:52,006
<font color="#ffbf46">රෑට පැය ගානයි නිදාගත්තේ,
කවදාවත් සතුටින් හිටියේ නෑ.</font>

320
00:34:52,090 --> 00:34:53,466
<font color="#ffbf46">එයා ජීවත් වුණේ එහෙමයි.</font>

321
00:34:54,425 --> 00:34:56,469
<font color="#ffbf46">ඇයි එයා ඔච්චර මහන්සි වුණේ?</font>

322
00:34:57,136 --> 00:34:58,971
<font color="#ffbf46">එයාට ඕන වුණා
එයාගේ අතීතයෙන් පැනලා යන්න.</font>

323
00:34:59,597 --> 00:35:02,058
<font color="#ffbf46">එයාට ඕන වුණා ලෝකෙට
කෙලින් මූණ දෙන්න.</font>

324
00:35:02,141 --> 00:35:03,684
<font color="#ffbf46">ඒත් දැන්, ඒ ඔක්කොම...</font>

325
00:35:05,645 --> 00:35:07,855
<font color="#ffbf46">ඔයා නිසා ඒ හැමදේම
විනාශ වෙන්න යන්නේ!</font>

326
00:35:07,939 --> 00:35:08,815
<font color="#ffbf46">ඔයා ඒක දන්නවද?</font>

327
00:35:10,733 --> 00:35:11,651
<font color="#ffbf46">මම දන්නවා.</font>

328
00:35:13,569 --> 00:35:14,654
<font color="#ffbf46">ඒකයි මම මේක කරන්නේ.</font>

329
00:35:16,239 --> 00:35:18,658
<font color="#ffbf46">මට එයාව ආරක්ෂා කරන්න ඕන වුණා
ඒත් මට ඒක කරගන්න බැරි වුණා.</font>

330
00:35:21,244 --> 00:35:22,787
<font color="#ffbf46">මේ එක පාරක්...</font>

331
00:35:23,996 --> 00:35:25,998
<font color="#ffbf46">මට එයාව තනි කරන්න බෑ.</font>

332
00:35:36,634 --> 00:35:39,137
<font color="#ffbf46">දැන් අපි මොකද කරන්නේ?</font>

333
00:35:39,220 --> 00:35:42,974
<font color="#ffbf46">මිනිස්සු මුළු බිල්ඩිමම
වටකරගෙන වගේ.</font>

334
00:35:43,057 --> 00:35:44,851
<font color="#ffbf46">එයාලා මෙතනට එන එකක් නෑ නේද?</font>

335
00:35:48,771 --> 00:35:49,772
<font color="#ffbf46">ඒයි!</font>

336
00:35:53,276 --> 00:35:56,654
<font color="#ffbf46">එළියේ තත්වය මොන වගේද කියලා ඔයා දන්නවද?
මේ ප්‍රශ්න ඔක්කොම ඔයා නිසා!</font>

337
00:35:57,363 --> 00:35:59,073
<font color="#ffbf46">නීතිඥ හ්වන්ග්, දැන් ඇති. නවත්තන්න.</font>

338
00:36:00,616 --> 00:36:03,161
<font color="#ffbf46">මට සමාවෙන්න. මේ ඔක්කොම මම නිසා.</font>

339
00:36:03,244 --> 00:36:05,121
<font color="#ffbf46">ඕක අමතක කරන්න.</font>

340
00:36:05,204 --> 00:36:06,914
<font color="#ffbf46">ළඟදීම මේවා හරියාවි.</font>

341
00:36:06,998 --> 00:36:09,083
<font color="#ffbf46">මොන හරියන්නද!</font>

342
00:36:09,167 --> 00:36:10,918
<font color="#ffbf46">අපිට තව දුරටත් කිසි වැඩක් කරගන්න බෑ!</font>

343
00:36:11,002 --> 00:36:13,171
<font color="#ffbf46">මම කිව්වනේ ඇති කියලා.</font>

344
00:36:14,046 --> 00:36:16,174
<font color="#ffbf46">මේ ඔක්කොම වුණේ මම නිසානේ.</font>

345
00:36:16,257 --> 00:36:17,842
<font color="#ffbf46">ඒ නිසා මම බලාගන්නම්.</font>

346
00:36:19,385 --> 00:36:21,095
<font color="#ffbf46">මට ඇත්තටම සමාවෙන්න.</font>

347
00:36:25,224 --> 00:36:26,642
<font color="#ffbf46">හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.</font>

348
00:36:30,271 --> 00:36:31,522
<font color="#ffbf46">නෑ, ඉන්න.</font>

349
00:36:31,606 --> 00:36:34,317
<font color="#ffbf46">එළියට යන්න එපා! නීතිඥ මෙන්ග්!</font>

350
00:36:36,027 --> 00:36:37,111
<font color="#ffbf46">ඒයි.</font>

351
00:36:40,364 --> 00:36:46,579
<font color="#ffbf46">එළියට වරෙන්!
මූණ පෙන්නපන්!</font>

352
00:37:08,768 --> 00:37:11,229
<font color="#ffbf46">මේ මගේ වැඩබිම.</font>

353
00:37:11,896 --> 00:37:14,273
<font color="#ffbf46">ඔයාලා මේ කරන වැඩෙන්
අපේ රාජකාරියට බාධාවක් වෙනවා.</font>

354
00:37:14,357 --> 00:37:17,652
<font color="#ffbf46">මම ඉල්ලනවා හැමෝගෙන්ම යන්න කියලා.
ලා-ඉක් එක්ක ජීවත් වුණා කියන්නේ ඇත්තද?</font>

355
00:37:27,203 --> 00:37:30,706
<font color="#ffbf46">දෝ ලා-ඉක් මහත්තයාගේ නීතිඥවරිය විදියට,</font>

356
00:37:30,790 --> 00:37:33,542
<font color="#ffbf46">මගේ සේවාදායකයාව ආරක්ෂා කරන එක
මගේ වගකීමක්.</font>

357
00:37:34,252 --> 00:37:36,796
<font color="#ffbf46">ඒක කරන විදිය තීරණය කරන එක</font>

358
00:37:36,879 --> 00:37:40,174
<font color="#ffbf46">මගේ වෘත්තීය තීරණයක්.</font>

359
00:37:41,133 --> 00:37:42,593
<font color="#ffbf46">ඒ නිසා කරුණාකරලා</font>

360
00:37:42,677 --> 00:37:45,346
<font color="#ffbf46">පදනමක් නැති පුද්ගලික
ප්‍රශ්න අහන එකෙන්...</font>

361
00:37:45,429 --> 00:37:48,224
<font color="#ffbf46">කොහොම වුණත්, ඔයාලා එකට ජීවත් වුණාද නැද්ද?</font>

362
00:37:48,307 --> 00:37:50,643
<font color="#ffbf46">එයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?</font>

363
00:37:52,395 --> 00:37:54,772
<font color="#ffbf46">අපි...
තමුන්ගේ තාත්තා මිනීමරුවෙක්!</font>

364
00:37:54,855 --> 00:37:56,732
<font color="#ffbf46">මොකක්?
ඇත්තද?</font>

365
00:37:57,316 --> 00:37:58,401
<font color="#ffbf46">මිනීමරුවෙක්?</font>

366
00:38:01,404 --> 00:38:03,489
<font color="#ffbf46">මිනීමරුවෙක්ගේ දුවෙක්
කොහොමද වෙන කෙනෙක්ව බේරගන්නේ?</font>

367
00:38:13,666 --> 00:38:16,294
<font color="#ffbf46"><i>ඇහුණද? එයාගේ තාත්තා කෙනෙක්ව මරලලු.</i></font>

368
00:38:16,377 --> 00:38:17,503
<font color="#ffbf46"><i>ඔව් නේද?</i></font>

369
00:38:18,337 --> 00:38:19,672
<font color="#ffbf46">එයා මහා ජරා ගෑනියෙක්.</font>

370
00:38:20,256 --> 00:38:22,174
<font color="#ffbf46">එයාගේ ඇඟෙත් ඒ ජානම ඇති.</font>

371
00:38:22,258 --> 00:38:24,885
<font color="#ffbf46">එයත් කෙනෙක්ව මරයිද දන්නේ නෑ.
අන්න හරි.</font>

372
00:38:24,969 --> 00:38:26,429
<font color="#ffbf46">මෙහෙන් පලයන්!
පලයන් යන්න!</font>

373
00:38:33,728 --> 00:38:35,354
<font color="#ffbf46">අර දෝ ලා-ඉක්!</font>

374
00:38:35,438 --> 00:38:37,148
<font color="#ffbf46">මොකක්?
ඒ ලා-ඉක්!</font>

375
00:38:37,231 --> 00:38:39,734
<font color="#ffbf46">ඒයි!
ලා-ඉක්!</font>

376
00:38:55,958 --> 00:38:57,460
<font color="#ffbf46">ඔයා මොකද මේ කරන්නේ?</font>

377
00:38:57,543 --> 00:38:59,628
<font color="#ffbf46">ඔයා මොකද මෙතන කරන්නේ දෝ ලා-ඉක්?</font>

378
00:39:00,713 --> 00:39:01,714
<font color="#ffbf46">මම කිව්වනේ,</font>

379
00:39:01,797 --> 00:39:03,716
<font color="#ffbf46">තත්වය හරියනකල් එළියට එන්න එපා කියලා!</font>

380
00:39:03,799 --> 00:39:05,217
<font color="#ffbf46">ඉතින් ඇයි ඔයා...
මමත් කිව්වනේ,</font>

381
00:39:05,301 --> 00:39:08,054
<font color="#ffbf46">මොනවා වුණත්,
තනියම මූණ දෙන්න එපා කියලා.</font>

382
00:39:08,137 --> 00:39:11,057
<font color="#ffbf46">ඉතින්? මෙතනට ආවා කියලා මොකක්ද වෙන්නේ?</font>

383
00:39:11,140 --> 00:39:14,268
<font color="#ffbf46">මම පැනලා යන දේවල් මගහරින කෙනෙක් නෙවෙයි.</font>

384
00:39:14,352 --> 00:39:15,353
<font color="#ffbf46">ඒත්...</font>

385
00:39:16,145 --> 00:39:19,899
<font color="#ffbf46">ඔයා නිසා, අර මිනිස්සුන්ගෙන් අපි පැනලා ගියා
වගේ වුණේ. ඒක තේරෙනවද?</font>

386
00:39:19,982 --> 00:39:22,735
<font color="#ffbf46">ඒක මගහැරීමක්වත්
පැනලා යාමක්වත් නෙවෙයි!</font>

387
00:39:23,903 --> 00:39:26,947
<font color="#ffbf46">වෙන කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ.</font>

388
00:39:27,948 --> 00:39:29,658
<font color="#ffbf46">මට මේ වෙලාවේ වැදගත්ම දේ...</font>

389
00:39:30,659 --> 00:39:31,827
<font color="#ffbf46">ඔයා.</font>

390
00:39:35,289 --> 00:39:40,086
<font color="#ffbf46">ඔයා විඳවන දිහා බලාගෙන ඉන්න එක
තමයි මට නම් පැනලා යාමක්.</font>

391
00:39:43,589 --> 00:39:44,715
<font color="#ffbf46">මේ එක පාරක්...</font>

392
00:39:45,841 --> 00:39:47,802
<font color="#ffbf46">අද දවසට විතරක්,</font>

393
00:39:48,386 --> 00:39:50,054
<font color="#ffbf46">ඔයා ගැන විතරක් හිතන්න බැරිද?</font>

394
00:39:51,972 --> 00:39:53,849
<font color="#ffbf46">අදට විතරක්, ප්ලීස්.</font>

395
00:39:55,559 --> 00:39:57,269
<font color="#ffbf46">අනිත් දේවල් මට බලාගන්න දෙන්න.</font>

396
00:40:07,279 --> 00:40:10,366
<font color="#ffbf46">"පුද්ගලික හැඟීම් නෑ"
නමුත් දෙදෙනා එකට යයි</font>

397
00:40:16,914 --> 00:40:18,082
<font color="#ffbf46">හැමතිස්සෙම මොකක් හරි තිබුණා</font>

398
00:40:18,165 --> 00:40:19,208
<font color="#ffbf46">වැරදි වෙලාව</font>

399
00:40:19,291 --> 00:40:20,167
<font color="#ffbf46">ප්‍රසිද්ධ කෙනෙක් වුණාට පරිස්සම් නෑ</font>

400
00:40:20,251 --> 00:40:21,210
<font color="#ffbf46">එයා අස්වුණේ මෙයාව ඩේට් කරන්නද?</font>

401
00:40:38,936 --> 00:40:40,354
<font color="#ffbf46">අපි මේ කොහෙද යන්නේ?</font>

402
00:40:52,324 --> 00:40:54,243
<font color="#ffbf46">සෝ-සෙල් කඳුකර නිවාඩු නිකේතනය</font>

403
00:41:19,059 --> 00:41:21,061
<font color="#ffbf46">මට සමාවෙන්න,
කාමර තියෙනවද?</font>

404
00:41:21,145 --> 00:41:22,188
<font color="#ffbf46">අහ්?</font>

405
00:41:36,160 --> 00:41:38,078
<font color="#ffbf46">ගොඩක් අය එන්නේ බුක් කරලා.</font>

406
00:41:38,746 --> 00:41:40,956
<font color="#ffbf46">ඔයාලා කොහොමද මේ තැන ගැන දන්නේ?</font>

407
00:41:41,040 --> 00:41:45,669
<font color="#ffbf46">අද එන්න හිටපු කෙනෙක් කැන්සල් කළා,
මම මේ අස් කර කර හිටියේ.</font>

408
00:41:45,753 --> 00:41:47,546
<font color="#ffbf46">දන්නවනේ ඉතින් එන්න කියලා ආවේ නෑ.</font>

409
00:41:47,630 --> 00:41:49,465
<font color="#ffbf46">කොහොමත් මේක අපරාදෙනේ.</font>

410
00:41:49,548 --> 00:41:51,634
<font color="#ffbf46">කෑම කන්න ඕන නම් කන්න.</font>

411
00:41:59,266 --> 00:42:02,019
<font color="#ffbf46">ඔයාලට මොකද වුණේ කියලා නම් මම දන්නේ නෑ,</font>

412
00:42:02,102 --> 00:42:03,854
<font color="#ffbf46">ඒත් හිමින් සැරේ විවේක ගන්න.</font>

413
00:42:07,483 --> 00:42:09,902
<font color="#ffbf46">ගොඩක් ස්තුතියි.
ඔව්.</font>

414
00:42:11,987 --> 00:42:13,948
<font color="#ffbf46">මාර ලස්සන දවසක්.</font>

415
00:42:24,875 --> 00:42:26,502
<font color="#ffbf46">ඔයා නම් මාරම චරිතයක්,</font>

416
00:42:27,294 --> 00:42:28,504
<font color="#ffbf46">මෙන්ග් සේ-නා.</font>

417
00:42:35,928 --> 00:42:39,265
<font color="#ffbf46">නඩු දාන්න ඕන කරන ඔක්කොම ලිපි ලේඛන මේවා.</font>

418
00:42:39,348 --> 00:42:41,767
<font color="#ffbf46">අපිට නඩුව දාන්න පුළුවන්, ඒත්...</font>

419
00:42:42,601 --> 00:42:44,687
<font color="#ffbf46">ඔයා ඇත්තටම මේක කරනවද?</font>

420
00:42:49,733 --> 00:42:51,694
<font color="#ffbf46">පටන් ගමු.</font>

421
00:42:51,777 --> 00:42:53,153
<font color="#ffbf46">සෝල් දිස්ත්‍රික් නීතිඥ</font>

422
00:42:53,237 --> 00:42:54,989
<font color="#ffbf46">විත්තිකරු දෝ ලා-ඉක්</font>

423
00:42:56,615 --> 00:42:58,701
<font color="#ffbf46">ෂා, මේක නියමයිනේ.</font>

424
00:42:59,577 --> 00:43:00,578
<font color="#ffbf46">ඉක්මනට කන්න.</font>

425
00:43:01,245 --> 00:43:05,749
<font color="#ffbf46">මේ වගේ වෙලාවක ඔයාට කන්න පුළුවන්ද?
ඔය මස් කෑලි උගුරෙන් පහළට යනවද?</font>

426
00:43:05,833 --> 00:43:09,169
<font color="#ffbf46">මේ වගේ හදිසි වෙලාවට,
ඉස්සෙල්ලාම කරන්න ඕන කන එක.</font>

427
00:43:09,795 --> 00:43:10,921
<font color="#ffbf46">සටන් කරන්න ශක්තිය ඕනනේ.</font>

428
00:43:11,005 --> 00:43:13,215
<font color="#ffbf46">කාත් එක්ක සටන් කරන්නද?</font>

429
00:43:13,799 --> 00:43:15,509
<font color="#ffbf46">හදිසියක් කියලවත් දන්න එක ලොකු දෙයක්.</font>

430
00:43:18,470 --> 00:43:20,014
<font color="#ffbf46">අපි අද මෙහෙ ඉමු.</font>

431
00:43:22,308 --> 00:43:24,643
<font color="#ffbf46">ඒ වුණාට ඔයා ඔෆිස් එකට එන්න තිබුණේ නෑ.</font>

432
00:43:25,227 --> 00:43:27,563
<font color="#ffbf46">මම දන්නවා. ඒත් දැන් ඒක වෙලා ඉවරයිනේ.</font>

433
00:43:28,147 --> 00:43:29,315
<font color="#ffbf46">ෆෑන්ස්ලා හිටියේ...</font>

434
00:43:30,441 --> 00:43:31,817
<font color="#ffbf46">ඉස්සෙල්ලා කන්නකෝ.</font>

435
00:43:31,900 --> 00:43:33,485
<font color="#ffbf46">මට පස්සේ බනින්න.</font>

436
00:43:43,120 --> 00:43:44,663
<font color="#ffbf46">ෂා, මාර රහයි.</font>

437
00:43:44,747 --> 00:43:46,540
<font color="#ffbf46">නියමයි.</font>

438
00:43:47,207 --> 00:43:48,334
<font color="#ffbf46">ඔයා කන්නේ නැද්ද?</font>

439
00:43:49,001 --> 00:43:50,669
<font color="#ffbf46">එහෙනම් මම ඔක්කොම කනවා.</font>

440
00:43:50,753 --> 00:43:51,962
<font color="#ffbf46">නෑ. මටත් බඩගිනියි.</font>

441
00:44:08,937 --> 00:44:11,065
<font color="#ffbf46">මිනීමරුවෙක්ගේ දුවෙක් මිනීමරුවෙක්ව ආරක්ෂා කරයි</font>

442
00:44:47,601 --> 00:44:48,519
<font color="#ffbf46">ස්තුතියි.</font>

443
00:45:00,572 --> 00:45:01,407
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

444
00:45:06,954 --> 00:45:08,580
<font color="#ffbf46">මට හිතෙන්නේ මේ ඔක්කොම මගේ වැරැද්ද කියලා.</font>

445
00:45:09,998 --> 00:45:11,917
<font color="#ffbf46">මම හිටියේ නැත්නම්,</font>

446
00:45:12,000 --> 00:45:16,713
<font color="#ffbf46">ඔයාගේ තාත්තා ගැන මිනිස්සු දැනගන්නේ නෑ.</font>

447
00:45:24,096 --> 00:45:25,139
<font color="#ffbf46">මටත් සමාවෙන්න.</font>

448
00:45:27,015 --> 00:45:30,352
<font color="#ffbf46">පැනලා ගිහින් හැංගිලා හිටියට.</font>

449
00:45:31,603 --> 00:45:33,230
<font color="#ffbf46">ඒක ඇත්තටම මමනේ.</font>

450
00:45:44,867 --> 00:45:47,494
<font color="#ffbf46">මට ටික කාලෙකට අමතක වෙලා තිබුණේ.</font>

451
00:45:48,370 --> 00:45:49,538
<font color="#ffbf46">ඒක...</font>

452
00:45:51,707 --> 00:45:53,667
<font color="#ffbf46">මොන වගේ හැඟීමක්ද කියලා</font>

453
00:45:54,710 --> 00:45:58,755
<font color="#ffbf46">මිනීමරුවෙක්ගේ දුවෙක් කියලා අහගන්න ලැබෙන එක.</font>

454
00:46:01,341 --> 00:46:03,093
<font color="#ffbf46">කොයි වෙලාවක හරි,</font>

455
00:46:04,595 --> 00:46:07,222
<font color="#ffbf46">මම පුරුදු වුණා නිකන් ජීවත් වෙන්න.</font>

456
00:46:09,475 --> 00:46:12,144
<font color="#ffbf46">මිනිස්සුන්ව ටිකක් ඈතින් තියාගෙන,</font>

457
00:46:12,853 --> 00:46:14,730
<font color="#ffbf46">ටිකක් විශ්වාසෙන් ඉන්නවා වගේ පෙන්නගෙන,</font>

458
00:46:14,813 --> 00:46:16,565
<font color="#ffbf46">ටිකක් සැර පරුෂ විදිහට.</font>

459
00:46:16,648 --> 00:46:18,025
<font color="#ffbf46">එහෙම ජීවත් වෙන එක...</font>

460
00:46:20,944 --> 00:46:22,446
<font color="#ffbf46">ලොකු අවුලක් තිබුණේ නෑ.</font>

461
00:46:27,075 --> 00:46:29,411
<font color="#ffbf46">මං ලෝයර් කෙනෙක් වුණේ</font>

462
00:46:30,078 --> 00:46:31,663
<font color="#ffbf46">තාත්තා නිසා.</font>

463
00:46:33,582 --> 00:46:36,919
<font color="#ffbf46">එයාගෙ නිර්දෝෂීබව ඔප්පු කරන්න.</font>

464
00:46:38,337 --> 00:46:40,255
<font color="#ffbf46">ඒත් මං නැවත නඩු විභාගය කල් දැම්මා
මේ හැමදාම...</font>

465
00:46:42,299 --> 00:46:45,093
<font color="#ffbf46">තව කාලය ඕනෙ කිය කිය,
ඒක හරියටම කෙරෙන්න ඕනෙ කිය කිය.</font>

466
00:46:46,762 --> 00:46:50,265
<font color="#ffbf46">ඒත් අද මට තේරුණා,</font>

467
00:46:51,683 --> 00:46:53,685
<font color="#ffbf46">මං කරල තියෙන්නේ පැනලා ගිය එක විතරයි කියලා.</font>

468
00:46:56,063 --> 00:46:58,857
<font color="#ffbf46">මට බය හිතුණා...</font>

469
00:47:00,025 --> 00:47:02,361
<font color="#ffbf46">ආයෙත් ඒ නම අහන්න වෙයි කියලා. ඒකයි මං හැංගුණේ.</font>

470
00:47:03,487 --> 00:47:05,072
<font color="#ffbf46">මුකුත් වුණේ නෑ වගේ හිටියා.</font>

471
00:47:07,282 --> 00:47:09,284
<font color="#ffbf46">බයගුල්ලෙක් වගේ ජීවත් වුණා,
හැමදේම අමතක කරලා.</font>

472
00:47:22,297 --> 00:47:23,549
<font color="#ffbf46">ඒක බයගුලුකමක් නෙමෙයි.</font>

473
00:47:25,342 --> 00:47:28,971
<font color="#ffbf46">ඔයා පැනලා ගියේ නෑනේ.</font>

474
00:47:29,555 --> 00:47:31,139
<font color="#ffbf46">ඔයා දරාගෙන හිටියා.</font>

475
00:47:31,723 --> 00:47:33,141
<font color="#ffbf46">ජීවත් වෙන්න ඕන නිසා.</font>

476
00:47:35,102 --> 00:47:38,564
<font color="#ffbf46">තමන්ගෙ තුවාල පාර පාර
කාටවත් හැමදාම ජීවත් වෙන්න බෑ.</font>

477
00:47:39,940 --> 00:47:43,318
<font color="#ffbf46">ඔයා ඉවසාගෙන හිටියේ
ඔයාට මතක තියාගන්න ඕන වුණ නිසා,</font>

478
00:47:45,195 --> 00:47:46,321
<font color="#ffbf46">ඒ වගේම මතක තියාගන්න නම්,</font>

479
00:47:48,240 --> 00:47:49,241
<font color="#ffbf46">ඔයා ජීවත් වෙන්න එපායැ.</font>

480
00:47:51,577 --> 00:47:52,703
<font color="#ffbf46">ඒකයි ඔයා...</font>

481
00:47:54,955 --> 00:47:56,373
<font color="#ffbf46">ඔහොම හරි හිටියේ.</font>

482
00:50:03,959 --> 00:50:05,085
<font color="#ffbf46"><i>මං ඔයාට කැමතියි.</i></font>

483
00:50:06,503 --> 00:50:09,256
<font color="#ffbf46">මං ඔයාට කැමතියි සේ-නා.</font>

484
00:50:34,322 --> 00:50:35,449
<font color="#ffbf46">සොරි වෙන්න ඕනෙ.</font>

485
00:50:37,075 --> 00:50:37,909
<font color="#ffbf46">ගුඩ් නයිට්.</font>

486
00:53:16,818 --> 00:53:18,653
<font color="#ffbf46">මෙහෙ එන්න. කෝපි ටිකක් බොන්න.</font>

487
00:53:54,064 --> 00:53:57,025
<font color="#ffbf46">කුරුල්ලන්ගෙ සද්දෙ...</font>

488
00:53:58,068 --> 00:54:00,487
<font color="#ffbf46">මෙහෙට ඇහෙන විදිහ හරි ලස්සනයි.</font>

489
00:54:01,071 --> 00:54:02,364
<font color="#ffbf46">හුළඟත් හරිම සනීපයි.</font>

490
00:54:06,159 --> 00:54:07,410
<font color="#ffbf46">ඔව්.</font>

491
00:54:08,995 --> 00:54:11,206
<font color="#ffbf46">හරියට නිකන්
මේ ලෝකෙම අපි දෙන්නා විතරක් ඉන්නවා වගේ.</font>

492
00:54:26,429 --> 00:54:28,932
<font color="#ffbf46">ඇයි මං දිහා ඔහොම බලන්නේ?</font>

493
00:54:31,101 --> 00:54:32,602
<font color="#ffbf46">මූණෙ මොනාහරි ගෑවිලද?</font>

494
00:54:36,398 --> 00:54:37,899
<font color="#ffbf46">අපි තව එක රැයක් මෙහෙ ඉමුද?</font>

495
00:54:43,822 --> 00:54:45,156
<font color="#ffbf46">කොහොමද කෙනෙක්ට පුළුවන්...</font>

496
00:54:46,908 --> 00:54:48,118
<font color="#ffbf46">මෙච්චර විවෘත වෙන්න?</font>

497
00:54:48,868 --> 00:54:50,912
<font color="#ffbf46">ඔව්? මමද?</font>

498
00:54:50,996 --> 00:54:52,288
<font color="#ffbf46">ඔව්.</font>

499
00:54:55,000 --> 00:54:56,292
<font color="#ffbf46">මං ඒ ගැන හිතද්දි,</font>

500
00:54:57,877 --> 00:55:00,213
<font color="#ffbf46">ඔයා හැමතිස්සෙම ඔයාගෙ හැඟීම් ගැන
අවංක වුණා.</font>

501
00:55:00,880 --> 00:55:02,924
<font color="#ffbf46">පුදුම හිතෙන තරම් අවංකයි.
ඉතින්?</font>

502
00:55:04,467 --> 00:55:05,510
<font color="#ffbf46">ඔයා ඒකට කැමති නැද්ද?</font>

503
00:55:06,428 --> 00:55:07,637
<font color="#ffbf46">මං කැමතියි.</font>

504
00:55:10,849 --> 00:55:14,477
<font color="#ffbf46">මුලින් නම් මට හිතාගන්න බැරුව හිටියේ.
ඒත් දැන් මට තේරෙනවා.</font>

505
00:55:16,062 --> 00:55:18,398
<font color="#ffbf46">ඔයා ස්ටේජ් එක උඩ හිටියත්
මගේ ඉස්සරහ හිටියත්,</font>

506
00:55:19,357 --> 00:55:21,276
<font color="#ffbf46">ඔයා තාම අර දෝ ලා-යික් මයි.</font>

507
00:55:25,030 --> 00:55:26,448
<font color="#ffbf46">මං ඔයාට කැමතියි.</font>

508
00:55:29,576 --> 00:55:31,286
<font color="#ffbf46">ඔයාගේ හැම දේටම.</font>

509
00:55:31,870 --> 00:55:36,082
<font color="#ffbf46">ඔයා ඉන්න විදිහටම.</font>

510
00:55:51,556 --> 00:55:52,515
<font color="#ffbf46">හරි සර්.</font>

511
00:55:53,516 --> 00:55:54,934
<font color="#ffbf46">සමාවෙන්න. මට එන්න බැරි වුණා...</font>

512
00:55:55,018 --> 00:55:56,811
<font color="#ffbf46">නෑ, එන එක නෙමෙයි දැන් ප්‍රශ්නේ.</font>

513
00:55:57,604 --> 00:56:00,732
<font color="#ffbf46">මොකක්ද?
දෝ ලා-යික්ට විරුද්ධව අධිචෝදනා පත්‍රයක් ලැබිලා තියෙනවා.</font>

514
00:56:01,775 --> 00:56:03,777
<font color="#ffbf46">පැමිණිල්ල පාර්ශවයෙන්
එයාට නිල වශයෙන් නඩු පවරලා.</font>

515
00:56:04,402 --> 00:56:07,572
<font color="#ffbf46">මොකක්?
අර පාහරයා, ප්‍රොසිකියුටර් ක්වාක්.</font>

516
00:56:08,239 --> 00:56:09,699
<font color="#ffbf46">මිනිහා මේ වෙලාව එනකම්මයි බලන් ඉඳලා තියෙන්නේ.</font>

517
00:56:10,533 --> 00:56:13,703
<font color="#ffbf46"><i>ඔයාලා දෙන්නා ලොකු ස්කැන්ඩල් එකක මැද ඉන්නේ,</i>
<i>මිනිස්සුත් ඔයාලට විරුද්ධයි,</i></font>

518
00:56:13,787 --> 00:56:15,163
<font color="#ffbf46"><i>මිනිහා මේ වෙලාවෙම මේක ඇද්දේ ඒකයි.</i></font>

519
00:56:17,040 --> 00:56:20,001
<font color="#ffbf46">අපි දැන් මොකද කරන්නේ?
අපිට නිකන් බලන් ඉන්න බෑනේ!</font>

520
00:56:27,050 --> 00:56:29,636
<font color="#ffbf46">කරුණාකරලා එක ප්‍රකාශයක් දෙන්න!
ප්‍රොසිකියුටර් ක්වාක්!</font>

521
00:56:29,719 --> 00:56:31,971
<font color="#ffbf46">ඔබතුමා අද දෝ ලා-යික්ට විරුද්ධව
නඩු පැවරුවානේ.</font>

522
00:56:32,055 --> 00:56:35,767
<font color="#ffbf46">වාර්තා වෙලා තියෙන විදිහට
චෝයි ජේ-හී වරද පිළිගත්ත ලියුමක් හම්බෙලා තියෙනවා.</font>

523
00:56:35,850 --> 00:56:37,435
<font color="#ffbf46">එහෙම තියෙද්දි එයාට නඩු පවරන්න හේතුව මොකක්ද?</font>

524
00:56:37,519 --> 00:56:39,604
<font color="#ffbf46">පරීක්ෂණයක් පදනම් වෙන්න ඕනෙ
වාස්තවික සාක්ෂි මත.</font>

525
00:56:39,687 --> 00:56:43,441
<font color="#ffbf46">අපිට ප්‍රමාණවත් භෞතික
සහ වක්‍ර සාක්ෂි ලැබිලා තියෙනවා,</font>

526
00:56:43,525 --> 00:56:45,485
<font color="#ffbf46">ඒ නිසා මිස්ටර් චෝයිගේ ලියුම තිබුණත්,</font>

527
00:56:45,568 --> 00:56:47,946
<font color="#ffbf46">අපි මේ නඩුව ඉදිරියට ගෙනියන්න
තීරණය කළා.</font>

528
00:56:48,029 --> 00:56:49,447
<font color="#ffbf46">අයින් වෙන්න.
ප්‍රොසිකියුටර් ක්වාක්!</font>

529
00:56:49,531 --> 00:56:51,533
<font color="#ffbf46">එක ප්‍රකාශයක් කරන්නකෝ!</font>

530
00:56:51,616 --> 00:56:53,284
<font color="#ffbf46">පොඩි විස්තරයක් කියන්නකෝ!</font>

531
00:56:53,368 --> 00:56:54,702
<font color="#ffbf46">ඔහොම යන්න එපා!</font>

532
00:56:54,786 --> 00:56:57,914
<font color="#ffbf46">තව ටිකක් විස්තර කරන්නකෝ ප්‍රොසිකියුටර්!</font>

533
00:56:58,414 --> 00:56:59,707
<font color="#ffbf46">ප්‍රොසිකියුටර්!</font>

534
00:57:01,209 --> 00:57:03,628
<font color="#ffbf46">එයාලා නඩු පැවරුවා නම්,</font>

535
00:57:03,711 --> 00:57:06,256
<font color="#ffbf46">ඒ කියන්නේ එයාලා ළඟ මොනාහරි ඇති නේද?</font>

536
00:57:06,339 --> 00:57:08,883
<font color="#ffbf46">සාක්ෂි නැතුව එයාලා
මෙච්චර ඉක්මනට වැඩ කරන්නේ නෑනේ.</font>

537
00:57:08,967 --> 00:57:12,387
<font color="#ffbf46">ඒත් මේ වගේ වෙලාවක
නීතිඥ මැන්ග් මේ කේස් එක කරන එක හොඳයිද?</font>

538
00:57:12,971 --> 00:57:14,806
<font color="#ffbf46">නිවුස් වලත් කියන්නේ
එයාලා එකට ජීවත් වෙනවා කියලා,</font>

539
00:57:14,889 --> 00:57:17,183
<font color="#ffbf46">දැන් එයාගේ අතීතය ගැනත් එළියට අදිනවා.</font>

540
00:57:17,267 --> 00:57:18,935
<font color="#ffbf46">එයාට මේක දිගටම කරන්න බැරි වෙයි.</font>

541
00:57:19,018 --> 00:57:21,479
<font color="#ffbf46">එයාට වුණත්,
මේක මානසිකව ලොකු වදයක් වෙයි.</font>

542
00:57:21,563 --> 00:57:23,148
<font color="#ffbf46">එයාට ඒක කරන්න බෑ.</font>

543
00:57:31,656 --> 00:57:34,117
<font color="#ffbf46">මට අධිචෝදනා පත්‍රය දැන්ම බලන්න පුළුවන්ද?
මොකක්?</font>

544
00:57:34,909 --> 00:57:35,785
<font color="#ffbf46">ඔව්!</font>

545
00:57:35,869 --> 00:57:39,247
<font color="#ffbf46">මට ඕනෙ පැමිණිල්ලෙන් ඉදිරිපත් කරපු සාක්ෂි වල
පිටපත් ලබාගන්න ඉල්ලීමක් දාන්න.</font>

546
00:57:39,330 --> 00:57:40,790
<font color="#ffbf46">ඔක්කොම ටික, පුළුවන් තරම් ඉක්මනට.</font>

547
00:57:41,624 --> 00:57:42,625
<font color="#ffbf46">හරි.</font>

548
00:57:56,723 --> 00:57:59,642
<font color="#ffbf46"><i>මට එයාව ආරක්ෂා කරන්න ඕන වුණා</i>
<i>ඒත් මට කවදාවත් ඒක කරගන්න බැරි වුණා.</i></font>

549
00:58:00,935 --> 00:58:02,312
<font color="#ffbf46"><i>මේ පාර විතරක්...</i></font>

550
00:58:03,438 --> 00:58:05,315
<font color="#ffbf46"><i>මට එයාව තනි කරන්න ඕනෙ නෑ.</i></font>

551
00:58:14,324 --> 00:58:16,701
<font color="#ffbf46">ලා-යික් - කන්ග් වූ-සොන්ග් ඝාතනයට
නිල වශයෙන් අධිචෝදනා ලබයි</font>

552
00:58:16,784 --> 00:58:18,703
<font color="#ffbf46">පැමිණිලි පාර්ශවයෙන්
ඔයාට නිල වශයෙන් නඩු පවරලා තියෙන්නේ,</font>

553
00:58:18,786 --> 00:58:20,914
<font color="#ffbf46">අපිට තවත් මේ සටන මඟහරින්න බෑ.</font>

554
00:58:23,208 --> 00:58:25,919
<font color="#ffbf46">ඇත්තටම සටන පටන් ගන්නේ මෙතනින්.
ඔයා ලෑස්තිද?</font>

555
00:58:28,004 --> 00:58:29,088
<font color="#ffbf46">මං මොකක්ද කරන්න ඕනෙ?</font>

556
00:58:30,590 --> 00:58:34,469
<font color="#ffbf46">ඉස්සෙල්ලාම, පැමිණිල්ලෙන් කියන හැම දේම
ඇත්තද කියලා අපි බලන්න ඕනෙ.</font>

557
00:58:34,552 --> 00:58:36,471
<font color="#ffbf46">එයාලගේ ප්‍රකාශ සාක්ෂි එක්ක ගැළපෙනවද බලන්න,</font>

558
00:58:36,554 --> 00:58:38,973
<font color="#ffbf46">ඒ වගේම මොනාහරි
මඟහැරිලාද නැත්තම් වෙනස් කරලද කියලා බලන්න.</font>

559
00:58:40,183 --> 00:58:41,684
<font color="#ffbf46">මට පුළුවන් ඕන දෙයක් මං කරන්නම්.</font>

560
00:58:42,477 --> 00:58:43,686
<font color="#ffbf46">එහෙනම්...</font>

561
00:58:43,770 --> 00:58:46,147
<font color="#ffbf46">තව දේවල් ටිකක් තියෙනවා
ඔයා තහවුරු කරන්න ඕන.</font>

562
00:59:21,015 --> 00:59:24,477
<font color="#ffbf46"><i>මොනා වුණත්,</i>
<i>මම ඔයාගෙන් අයින් වෙනවා.</i></font>

563
00:59:24,561 --> 00:59:27,939
<font color="#ffbf46"><i>එතකොට අපිට ඕන විදිහට අපිට ඉන්න පුළුවන්.</i></font>

564
00:59:28,022 --> 00:59:31,568
<font color="#ffbf46"><i>හා, කරන්නකෝ. අපි කරමු.</i></font>

565
00:59:32,860 --> 00:59:34,654
<font color="#ffbf46"><i>මේක ලොකු සටනක් වෙයි.</i></font>

566
00:59:35,572 --> 00:59:38,449
<font color="#ffbf46"><i>ඒකට ලෑස්ති වෙලා ඉන්න.</i></font>

567
00:59:38,533 --> 00:59:39,576
<font color="#ffbf46">ඇමතුම් පටිගත කිරීම - වූ-සොන්ග්</font>

568
00:59:40,159 --> 00:59:40,994
<font color="#ffbf46">ඇහුණද?</font>

569
00:59:42,120 --> 00:59:42,954
<font color="#ffbf46">මොකක්ද?</font>

570
00:59:43,496 --> 00:59:45,832
<font color="#ffbf46">මෙන්න, මේ හරිය.</font>

571
00:59:46,416 --> 00:59:48,418
<font color="#ffbf46">හොඳට අහගෙන ඉන්න.</font>

572
00:59:50,003 --> 00:59:53,089
<font color="#ffbf46"><i>ඒකට ලෑස්ති වෙලා ඉන්න.</i></font>

573
00:59:54,507 --> 00:59:55,466
<font color="#ffbf46">අන්න.</font>

574
00:59:56,134 --> 00:59:58,094
<font color="#ffbf46">ඒ දොරේ ලොක් එකේ සද්දයක් නේද?</font>

575
00:59:59,721 --> 01:00:02,640
<font color="#ffbf46">මම ඩිරෙක්ටර් ගම්ගෙන්
ඔරිජිනල් ඕඩියෝ එක ඉල්ලගත්තා,</font>

576
01:00:02,724 --> 01:00:05,602
<font color="#ffbf46"><i>සිද්ධිය ප්‍රතිනිර්මාණය කරන්න</i>
<i>රෙකෝඩින් එකේ මොනාහරි තියෙයි කියලා.</i></font>

577
01:00:05,685 --> 01:00:08,021
<font color="#ffbf46"><i>මම මේක දැක්කේ</i>
<i>ට්‍රාන්ස්ක්‍රිප්ට් එක හදද්දී.</i></font>

578
01:00:08,938 --> 01:00:11,399
<font color="#ffbf46">ඒත් ඩිරෙක්ටර් ගම්ගේ ඔෆිස් එකේ
ඩෝ ලොක් එකක් නෑනේ.</font>

579
01:00:11,482 --> 01:00:13,860
<font color="#ffbf46">අපි හිතන දේ හරි නම්,</font>

580
01:00:13,943 --> 01:00:17,405
<font color="#ffbf46">මේක වක්‍ර සාක්ෂියක් වෙන්න පුළුවන්</font>

581
01:00:17,488 --> 01:00:19,532
<font color="#ffbf46">එදා ඔයාගේ ගෙදරට
වෙන කෙනෙක් ආවා කියන එකට.</font>

582
01:00:19,616 --> 01:00:24,245
<font color="#ffbf46">එතකොට අපිට ඔප්පු කරන්න පුළුවන් වෙයි
වැරදිකාරයා වෙන කෙනෙක් කියලා?</font>

583
01:00:26,414 --> 01:00:27,332
<font color="#ffbf46">හැබැයි ඊට කලින්...</font>

584
01:00:32,045 --> 01:00:34,547
<font color="#ffbf46">මේ තියෙන්නේ පැමිණිල්ලෙන් ඉදිරිපත් කරපු
අමතර දේවල් වගයක්.</font>

585
01:00:34,631 --> 01:00:37,216
<font color="#ffbf46">මේ ජේ-හීගේ කාර් ඇක්සිඩන්ට් එකේ
ෆොරෙන්සික් රිපෝට් එක.</font>

586
01:00:37,967 --> 01:00:41,846
<font color="#ffbf46">මේක සියදිවි නසාගැනීමක් නොවෙන්න පුළුවන් කියලා
සාධක කිහිපයක්ම තියෙනවා.</font>

587
01:00:41,929 --> 01:00:45,642
<font color="#ffbf46">බලන් ගියාම පැමිණිල්ල හදන්නේ
නඩුව ගොඩනගන්න මේක පාවිච්චි කරන්න වගේ.</font>

588
01:00:46,184 --> 01:00:47,018
<font color="#ffbf46">ඔව්...</font>

589
01:00:47,685 --> 01:00:49,729
<font color="#ffbf46">එයා කවදාවත් සියදිවි නසාගන්න කෙනෙක් නෙමෙයි.</font>

590
01:00:50,396 --> 01:00:54,192
<font color="#ffbf46">ඒත් ප්‍රශ්න කරද්දී,
ඇයි ඔයා කොහෙද හිටියේ කියලා කිව්වේ නැත්තේ?</font>

591
01:00:54,776 --> 01:00:55,902
<font color="#ffbf46">ඔයා කොහෙද හිටියේ?</font>

592
01:00:58,196 --> 01:00:59,030
<font color="#ffbf46">කොහෙද කියලා හිතන්නේ?</font>

593
01:00:59,113 --> 01:01:02,533
<font color="#ffbf46">ඒ ඔයා අපේ ගෙදරින් ගිය වෙලාව නේද?
ඔයා ඩෝම් එකේද හිටියේ?</font>

594
01:01:14,921 --> 01:01:16,214
<font color="#ffbf46">මං ඔයාගේ පස්සෙන් ආවා.</font>

595
01:01:16,297 --> 01:01:17,256
<font color="#ffbf46">පස්සෙන්...</font>

596
01:01:19,842 --> 01:01:21,094
<font color="#ffbf46">මගේ?</font>

597
01:01:21,761 --> 01:01:23,054
<font color="#ffbf46">කවද්ද?</font>

598
01:01:23,137 --> 01:01:25,973
<font color="#ffbf46">ස්ටෝකර් කෙනෙක් වගේ එහෙම නෙමෙයි!</font>

599
01:01:26,057 --> 01:01:29,394
<font color="#ffbf46">මං ඔයාගේ ඔෆිස් එක පැත්තේ නිකන් හිටියේ.</font>

600
01:01:29,477 --> 01:01:30,978
<font color="#ffbf46">ඔයා වැඩ ඉවර වෙලා එළියට ආවා.</font>

601
01:01:31,562 --> 01:01:34,357
<font color="#ffbf46">ඉතින් මට හිතුණා "මේ කොහෙද යන්නේ?" කියලා.</font>

602
01:01:36,025 --> 01:01:38,027
<font color="#ffbf46">ඊටපස්සේ, ඔයා බියර් බොනවා දැක්කා.</font>

603
01:01:40,988 --> 01:01:41,823
<font color="#ffbf46">මොකක්?</font>

604
01:01:49,163 --> 01:01:50,164
<font color="#ffbf46">හා හා.</font>

605
01:02:03,094 --> 01:02:06,222
<font color="#ffbf46">ඉතින්...</font>

606
01:02:07,014 --> 01:02:08,391
<font color="#ffbf46">ඉතින් ඔයා ඇත්තටම මොනාද දැක්කේ?</font>

607
01:02:08,474 --> 01:02:11,769
<font color="#ffbf46">ඔයා බියර් එක හුස්මට බීලා දානවා,</font>

608
01:02:11,853 --> 01:02:13,980
<font color="#ffbf46">ගෙදර යන ගමන් කෑ ගගහ යනවා,</font>

609
01:02:14,063 --> 01:02:17,108
<font color="#ffbf46">මගේ මර්ච් ඔක්කොම
ගෙදර ඉස්සරහා ඩම්ප් කරනවා දැක්කා.</font>

610
01:02:17,191 --> 01:02:18,192
<font color="#ffbf46">ඔයා ඔක්කොම දැකලානේ.</font>

611
01:02:20,695 --> 01:02:23,573
<font color="#ffbf46">ඔයාට ඕවා උසාවියේදී විස්තර කරන්න වෙයි!</font>

612
01:02:23,656 --> 01:02:27,577
<font color="#ffbf46">ඇයි ඔයා මගේ පස්සෙන් එහෙම ආවේ?</font>

613
01:02:31,080 --> 01:02:32,165
<font color="#ffbf46">මට ඔයාව මතක් වුණ නිසා.</font>

614
01:02:35,418 --> 01:02:36,627
<font color="#ffbf46">මට ඔයාව දකින්න ඕන වුණ නිසා.</font>

615
01:02:39,422 --> 01:02:42,175
<font color="#ffbf46">ඒත් ඇයි ඔයා ගියේ
මං ඔයාට පියානෝ ගහපු තැනට?</font>

616
01:02:53,728 --> 01:02:59,066
<font color="#ffbf46">ඔයාටත් එදා
මාව පොඩ්ඩක් විතර මතක් වුණාද?</font>

617
01:03:09,368 --> 01:03:12,330
<font color="#ffbf46">අනේ, ඇයි ඒ රිඇක්ෂන් එක?</font>

618
01:03:12,413 --> 01:03:14,081
<font color="#ffbf46">මොකක්ද? ආ?</font>

619
01:03:14,665 --> 01:03:18,294
<font color="#ffbf46">ඔයාට මාව මතක් වුණා නේද?</font>

620
01:03:19,003 --> 01:03:22,089
<font color="#ffbf46">සේ-නා? ඇයි කියන්න බැරි?</font>

621
01:03:22,173 --> 01:03:23,591
<font color="#ffbf46">මට ඔයාව මතක් වුණා!</font>

622
01:03:31,974 --> 01:03:34,519
<font color="#ffbf46">මට ඔයාව මතක් වෙන එක නවත්තගන්න බැරි වුණා.</font>

623
01:03:36,729 --> 01:03:39,232
<font color="#ffbf46">ඔච්චරම ඇත්ත කියන්න ඕනෙ නෑ ඉතින්.</font>

624
01:03:49,116 --> 01:03:50,326
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

625
01:03:51,077 --> 01:03:54,205
<font color="#ffbf46">ඕක සාක්ෂි ලැයිස්තුව.</font>

626
01:03:54,288 --> 01:03:56,541
<font color="#ffbf46">පොලිසියෙන් ඔයාගේ ගෙදරින් ගත්ත බඩු ටික.</font>

627
01:03:56,624 --> 01:03:59,627
<font color="#ffbf46">අපි ඒවා ආපහු ඉල්ලුවේ නෑනේ,
ඉතින් තාම ඒවා ස්ටේෂන් එකේ ඇති.</font>

628
01:04:00,962 --> 01:04:03,923
<font color="#ffbf46">මේක ඔයා හැමදාම දාන ඇක්සෙසරි එක නේද?</font>

629
01:04:04,715 --> 01:04:08,135
<font color="#ffbf46">ඔයා ඒක ගොඩක් කල් දාගෙන හිටියා,
ඒත් ළඟදි ඉඳන් දැක්කේ නෑ.</font>

630
01:04:11,305 --> 01:04:12,932
<font color="#ffbf46">එක් ලෝහ කරාබුවක්</font>

631
01:04:16,060 --> 01:04:18,604
<font color="#ffbf46">ඇයි? ඒක වැදගත්ද?</font>

632
01:04:19,981 --> 01:04:21,190
<font color="#ffbf46">මේක...</font>

633
01:04:37,456 --> 01:04:39,876
<font color="#ffbf46">සර්, මම කියන දේ ඇහෙනවද?</font>

634
01:04:58,102 --> 01:05:00,730
<font color="#ffbf46">ඇයි මේ එකපාරටම?</font>

635
01:05:23,210 --> 01:05:26,923
<font color="#ffbf46">එතකොට මේ වගේ තව එකක් තිබුණද?</font>

636
01:05:28,466 --> 01:05:29,300
<font color="#ffbf46">මං...</font>

637
01:05:30,426 --> 01:05:31,427
<font color="#ffbf46">දන්නවා කියලා හිතෙනවා.</font>

638
01:05:32,053 --> 01:05:32,887
<font color="#ffbf46">මොකක්?</font>

639
01:05:36,432 --> 01:05:37,266
<font color="#ffbf46">මං...</font>

640
01:05:38,267 --> 01:05:39,602
<font color="#ffbf46">මං හිතන්නේ මං දන්නවා</font>

641
01:05:41,145 --> 01:05:42,688
<font color="#ffbf46">එදා මගේ ගෙදරට ආවේ කවුද කියලා.</font>

642
01:06:44,083 --> 01:06:46,544
<font color="#ffbf46"><i>ඇත්ත කොච්චර රිදුණත්,</i></font>

643
01:06:46,627 --> 01:06:49,588
<font color="#ffbf46">මං ආයේ කවදාවත් පැනලා යන්නේ නෑ.</font>

644
01:06:49,672 --> 01:06:53,092
<font color="#ffbf46">වූ-සොන්ග්ගේ පුරුද්දක් තිබුණා
හැමදේම රෙකෝඩ් කරන.</font>

645
01:06:53,175 --> 01:06:55,594
<font color="#ffbf46"><i>මට පාස්වර්ඩ් එක හොයාගන්න බෑ.</i></font>

646
01:06:55,678 --> 01:06:59,348
<font color="#ffbf46">වූ-සොන්ග් කිව්වා එයා රහස් පණිවිඩයක් හැංගුවා කියලා
එයාගේ සින්දුවක් ඇතුලේ.</font>

647
01:06:59,432 --> 01:07:02,393
<font color="#ffbf46"><i>මං දැන් යනවා. පරිස්සමෙන් ඉන්න.</i></font>

648
01:07:02,476 --> 01:07:06,480
<font color="#ffbf46">බියුන්-ග්‍යුන්, ඔයාට ඇත්තටම ජීවත් වෙන්න පුළුවන්ද
හිතට එකඟව?</font>

649
01:07:06,564 --> 01:07:09,692
<font color="#ffbf46"><i>මට ඔයාගෙන්ම දැනගන්න ඕන
ඇයි ඔයා එහෙම කළේ කියලා.</i></font>

650
01:07:10,943 --> 01:07:15,948
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

