1
00:00:39,070 --> 00:00:40,540
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:40,540 --> 00:00:41,970


3
00:00:44,280 --> 00:00:46,210
<font color="#ff7e16"><b>15 වන කොටස</b></font>

4
00:01:02,360 --> 00:01:03,460
<font color="#ffde44">(මඟහැරුණු ඇමතුමක්)</font>

5
00:01:03,530 --> 00:01:04,630
<font color="#ffde44">(නව පණිවිඩයක්)</font>

6
00:01:04,700 --> 00:01:05,770
<font color="#ffde44">(මඟහැරුණු ඇමතුමක්)</font>

7
00:01:05,830 --> 00:01:06,970
<font color="#ffde44">(නව පණිවිඩයක්)</font>

8
00:01:07,030 --> 00:01:08,170
<font color="#ffde44">(නව පණිවිඩයක්)</font>

9
00:01:13,910 --> 00:01:15,070
<font color="#ffde44">(පණිවිඩ)</font>

10
00:01:16,510 --> 00:01:18,380
<font color="#ffde44">(අධ්‍යක්ෂක ෂින්, වෙලාවක් තියෙනකොට
මට මැසේජ් එකක් දාන්න. බා රා.)</font>

11
00:01:21,250 --> 00:01:24,620
<font color="#ffde44">අධ්‍යක්ෂක ෂින්, වෙලාවක් තියෙනකොට
මට මැසේජ් එකක් දාන්න.</font>

12
00:01:25,180 --> 00:01:26,190
<font color="#ffde44">බා රා.</font>

13
00:01:32,730 --> 00:01:34,190
<font color="#ffde44">හෙලෝ, අධ්‍යක්ෂක ෂින්.</font>

14
00:01:35,760 --> 00:01:38,300
<font color="#ffde44">ඔයා කොහෙද ඉන්නේ?
මම ඉස්පිරිතාලෙ ළඟ තියෙන කැෆේ එකේ ඉන්නේ.</font>

15
00:01:39,230 --> 00:01:42,140
<font color="#ffde44">ඔයා දැන් කැෆේ එකේද ඉන්නේ?
ඔව්. ඒත්...</font>

16
00:01:42,840 --> 00:01:46,610
<font color="#ffde44">මට නිස්කලංක තැනක හම්බවෙන්න ඕනේ.
මෙතන ටිකක් සද්දෙ වැඩියි.</font>

17
00:01:47,210 --> 00:01:49,510
<font color="#ffde44">මගේ ගෙදරට යන්න.
දොරේ කෝඩ් එක ඒකමයි.</font>

18
00:01:52,980 --> 00:01:55,050
<font color="#ffde44">ඔයාට අමතක වුණාද? මම ඒක මැසේජ් කරන්නද?</font>

19
00:01:55,680 --> 00:01:56,680
<font color="#ffde44">නෑ.</font>

20
00:02:20,710 --> 00:02:21,770
<font color="#ffde44">ඔයා කොරියාවේද හිටියේ?</font>

21
00:02:22,410 --> 00:02:24,210
<font color="#ffde44">ඔව්.
ඒත්...</font>

22
00:02:25,850 --> 00:02:26,850
<font color="#ffde44">කොහෙද?</font>

23
00:02:30,550 --> 00:02:31,620
<font color="#ffde44">මම මොනවාහරි ඕඩර් කරන්නම්.</font>

24
00:02:32,590 --> 00:02:33,690
<font color="#ffde44">ඔයා රෑ කෑම කෑවේ නෑ නේද?</font>

25
00:02:34,150 --> 00:02:35,350
<font color="#ffde44">මට බඩගිනි නෑ.</font>

26
00:02:38,120 --> 00:02:39,790
<font color="#ffde44">මම ඔයාට ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් හදන්නද?</font>

27
00:02:52,070 --> 00:02:53,070
<font color="#ffde44">ඔයා බැන්දාද?</font>

28
00:02:53,940 --> 00:02:54,940
<font color="#ffde44">නෑ.</font>

29
00:02:55,780 --> 00:02:58,910
<font color="#ffde44">(කවුරුහරි කිව්වා ඔයාව දැක්කා කියලා...)</font>

30
00:03:01,880 --> 00:03:03,580
<font color="#ffde44">ඔයා කලින් කිව්ව සැත්කම ගැන...</font>

31
00:03:05,520 --> 00:03:06,520
<font color="#ffde44">මම ඒක කරන්නම්.</font>

32
00:03:07,350 --> 00:03:08,350
<font color="#ffde44">කරුණාකරලා ඒක මට කරලා දෙන්න.</font>

33
00:03:17,230 --> 00:03:18,430
<font color="#ffde44">මම හේතුව පැහැදිලි කරන්න ඕනෙද?</font>

34
00:03:19,400 --> 00:03:20,970
<font color="#ffde44">වෙනස් වෙන්නද?
ඔව්.</font>

35
00:03:25,100 --> 00:03:27,840
<font color="#ffde44">මොමෝ මේකට කැමති වෙන එකක් නෑ.
ඇය කැමති වුණේ නැතත්.</font>

36
00:03:31,910 --> 00:03:33,080
<font color="#ffde44">මම සම්පූර්ණ වගකීම භාරගන්නවා.</font>

37
00:03:38,280 --> 00:03:39,450
<font color="#ffde44">ඔයා මේකට කැමති නැද්ද?</font>

38
00:03:54,900 --> 00:03:55,900
<font color="#ffde44">හරි.</font>

39
00:04:03,580 --> 00:04:06,210
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

40
00:04:31,340 --> 00:04:32,340
<font color="#ffde44">වාඩි වෙන්න.</font>

41
00:04:44,980 --> 00:04:46,090
<font color="#ffde44">මම ඉක්මනටම ආවා...</font>

42
00:04:46,820 --> 00:04:47,820
<font color="#ffde44">හිස් අතින්.</font>

43
00:04:51,160 --> 00:04:52,160
<font color="#ffde44">ඔයාට හොඳයිද?</font>

44
00:04:53,560 --> 00:04:57,200
<font color="#ffde44">මට නිකන් කරකැවිල්ලක් ආවා.</font>

45
00:05:03,840 --> 00:05:05,200
<font color="#ffde44">ඔයා තාමත් ලස්සනයි.</font>

46
00:05:05,740 --> 00:05:06,740
<font color="#ffde44">ඇත්තද?</font>

47
00:05:08,570 --> 00:05:11,440
<font color="#ffde44">මම මොමෝව දැක්කා. එයා කිව්වා එයා සතුටින් ඉන්නේ කියලා.</font>

48
00:05:13,110 --> 00:05:15,720
<font color="#ffde44">ඔයා එයා ගැන ටිකක් වැඩියෙන් හිතනවා
ඇරුණම.</font>

49
00:05:19,820 --> 00:05:21,120
<font color="#ffde44">ඒකයි එයා ඕනෑකමින්ම...</font>

50
00:05:23,020 --> 00:05:24,820
<font color="#ffde44">ටික කාලයකට ඈත් වෙලා ඉන්නේ.</font>

51
00:05:26,530 --> 00:05:27,730
<font color="#ffde44">අපි දික්කසාද වෙන්න තීරණය කළා.</font>

52
00:05:29,160 --> 00:05:30,160
<font color="#ffde44">අපි දික්කසාද වෙනවා.</font>

53
00:05:33,630 --> 00:05:35,400
<font color="#ffde44">ඔයා කොහොමද එහෙම දාලා ගියේ?</font>

54
00:05:39,470 --> 00:05:41,870
<font color="#ffde44">කරකැවිල්ලද?
මට හෙට ලේ පරීක්ෂණයක් තියෙනවා.</font>

55
00:05:42,410 --> 00:05:43,710
<font color="#ffde44">ඩොක්ටර්ස්ලා හිතන්නේ නීරක්තිය වෙන්න ඇති කියලා.</font>

56
00:05:44,380 --> 00:05:45,410
<font color="#ffde44">එහෙනම් ඔයාට අද රෑ කෑම නොකා ඉන්න වෙයිද?</font>

57
00:05:47,350 --> 00:05:48,680
<font color="#ffde44">මට එච්චර බඩගින්නකුත් නෑ.</font>

58
00:05:49,650 --> 00:05:50,650
<font color="#ffde44">ඔයා ඇයි මේ තරම් පිට කෙනෙක් වගේ හැසිරෙන්නේ?</font>

59
00:05:52,280 --> 00:05:53,750
<font color="#ffde44">ඔයා මං දිහා බලන්නෙවත් නෑ.</font>

60
00:06:02,190 --> 00:06:03,360
<font color="#ffde44">මොනවාහරි වුණාද?</font>

61
00:06:07,030 --> 00:06:08,030
<font color="#ffde44">නෑ.</font>

62
00:06:09,370 --> 00:06:10,370
<font color="#ffde44">කවුරුහරි...</font>

63
00:06:11,240 --> 00:06:13,140
<font color="#ffde44">මඟ තියෙන රෙස්ට් ඒරියා එකකදි ඔයාව දැක්කා කියලා කිව්වා.</font>

64
00:06:13,810 --> 00:06:15,140
<font color="#ffde44">ඔයා වයසක කාන්තාවක් එක්ක හිටියේ.</font>

65
00:06:17,610 --> 00:06:18,810
<font color="#ffde44">ඒ මම වෙන්න ඇති.</font>

66
00:06:23,650 --> 00:06:24,750
<font color="#ffde44">ඔයාට කාවහරි හම්බවුණාද?</font>

67
00:06:29,860 --> 00:06:31,760
<font color="#ffde44">මම එදා කිව්වා මට කාලය ඕනේ කියලා.</font>

68
00:06:33,890 --> 00:06:35,690
<font color="#ffde44">ඔයා ගැන බලෙන් හැඟීම් ඇති කරගන්න කාලයද?</font>

69
00:06:35,760 --> 00:06:37,200
<font color="#ffde44">මම ඒක බලෙන් කළේ නෑ.</font>

70
00:06:41,970 --> 00:06:43,300
<font color="#ffde44">ඔයා දිගටම ඈත් වෙලාමද ඉන්නේ?</font>

71
00:06:50,840 --> 00:06:52,140
<font color="#ffde44">මගේ හැඟීම් වෙනස් වෙලා නෑ.</font>

72
00:06:56,220 --> 00:06:57,320
<font color="#ffde44">කිසිම දෙයක් වෙනස් වෙලා නෑ.</font>

73
00:07:02,920 --> 00:07:04,220
<font color="#ffde44">අපි අවංක වෙන්න තිබුණා...</font>

74
00:07:05,490 --> 00:07:07,160
<font color="#ffde44">ඒ වගේම ඉක්මනට හැමදෙයක්ම කතාකරගන්න තිබුණා.</font>

75
00:07:14,070 --> 00:07:16,270
<font color="#ffde44">සාත්තු සේවිකාවක් ගැන මොකද හිතන්නේ?
මට එහෙම කෙනෙක් ඕනේ නෑ.</font>

76
00:07:17,200 --> 00:07:18,770
<font color="#ffde44">මට තනියම මගේ වැඩ කරගන්න පුළුවන්.</font>

77
00:07:18,840 --> 00:07:19,870
<font color="#ffde44">එහෙනම් මම ඔයා ළඟින් ඉන්නම්.</font>

78
00:07:19,870 --> 00:07:21,840
<font color="#ffde44">මොමෝගේ ලෝක ප්‍රසිද්ධ සැමියා විදිහටද?</font>

79
00:07:24,580 --> 00:07:25,710
<font color="#ffde44">ඔයා මාත් එක්ක තරහින් ඉන්නේ,</font>

80
00:07:26,450 --> 00:07:27,510
<font color="#ffde44">නේද?</font>

81
00:07:31,520 --> 00:07:33,190
<font color="#ffde44">ඔයා ඉස්සර හිටපු ඒ තරුණ කෙල්ලව මට මඟහැරුණා.</font>

82
00:07:34,190 --> 00:07:35,920
<font color="#ffde44">මම ඒ වෙනුවෙන් උත්සාහ කළෙත් නෑ.</font>

83
00:07:39,090 --> 00:07:40,360
<font color="#ffde44">කරුණාකරලා, දුකෙන් ඉන්න එක නවත්තන්න.</font>

84
00:07:44,800 --> 00:07:46,070
<font color="#ffde44">මම ආවේ ඔයාගේ ප්‍රෙෂර් එක බලන්න.</font>

85
00:07:46,770 --> 00:07:47,830
<font color="#ffde44">ඔයාට දැන් යන්න පුළුවන්.</font>

86
00:07:53,410 --> 00:07:54,410
<font color="#ffde44">ඔයාගේ නම්බර් එක.</font>

87
00:08:15,190 --> 00:08:17,660
<font color="#ffde44">මම බා රාව කැමති කරගන්න ඕනෙම දෙයක් කරන්නම්,</font>

88
00:08:17,930 --> 00:08:19,300
<font color="#ffde44">ඒ නිසා කරුණාකරලා ඒ සැත්කම ආයෙත් කරන්න.</font>

89
00:08:20,130 --> 00:08:22,470
<font color="#ffde44">මාව බා රා විදිහට වෙනස් කරන්න,
ඊටපස්සේ අපිට බඳින්න පුළුවන්.</font>

90
00:08:24,770 --> 00:08:26,370
<font color="#ffde44">බා රා අද ආවා.</font>

91
00:08:27,310 --> 00:08:28,310
<font color="#ffde44">මම එයාව හම්බවුණා.</font>

92
00:08:29,540 --> 00:08:30,540
<font color="#ffde44">එයා මොකද කිව්වේ?</font>

93
00:08:34,110 --> 00:08:35,710
<font color="#ffde44">ඕනේ නම් මම ළමයි දහදෙනෙක් වුණත් හදන්නම්.</font>

94
00:08:36,320 --> 00:08:37,320
<font color="#ffde44">අපිට පුළුවන් තරමක්.</font>

95
00:08:39,590 --> 00:08:42,920
<font color="#ffde44">මම බා රාව දන්නවා,
එයාට ඉන්න එකම කෙනා යොං ජුං විතරයි.</font>

96
00:08:43,260 --> 00:08:45,460
<font color="#ffde44">අනික ගුම් බා රා අතුරුදහන් වුණාට පස්සේ,</font>

97
00:08:45,790 --> 00:08:47,690
<font color="#ffde44">හා යොං ජුංටත්
එයා ගැන හිතන එක නවත්තන්න බැරි වුණා.</font>

98
00:08:48,430 --> 00:08:50,700
<font color="#ffde44">අපිට තවත් නමට විතරක්
අඹුසැමියන් විදිහට ජීවත් වෙන්න ඕනේ නෑ.</font>

99
00:08:58,240 --> 00:09:00,470
<font color="#ffde44">මට එක පාරක් හරි හොඳ දෙයක් කරන්න ඕනේ.</font>

100
00:09:03,680 --> 00:09:06,450
<font color="#ffde44">බා රාට මොමෝ වෙලා
යොං ජුංව බඳින්න පුළුවන්,</font>

101
00:09:06,750 --> 00:09:08,180
<font color="#ffde44">එතකොට මම බා රා වෙන්නම්...</font>

102
00:09:08,180 --> 00:09:11,580
<font color="#ffde44">ඔයාට ගරු කරගෙන, කැපවෙලා
මගේ ජීවිතේ ගත කරන්නම්.</font>

103
00:09:12,620 --> 00:09:14,450
<font color="#ffde44">තවත් පිළිවෙළට, සංස්කෘතිකව ඉන්න
මම ගොඩක් මහන්සි වෙලා ඉගෙනගන්නම්.</font>

104
00:09:18,520 --> 00:09:19,760
<font color="#ffde44">මේක හැමෝටම වාසියක්.</font>

105
00:09:24,500 --> 00:09:25,600
<font color="#ffde44">බා රා එක්ක මේක කතා කරන්න.</font>

106
00:09:27,700 --> 00:09:28,830
<font color="#ffde44">එයා මාරු වෙන්න කැමති වුණොත්,</font>

107
00:09:29,470 --> 00:09:30,500
<font color="#ffde44">ඔයා ඇත්තටම ඒක කරනවාද?</font>

108
00:09:39,040 --> 00:09:41,610
<font color="#ffde44">මම මේ දැන් කිව්ව හැමදෙයක්ම
පොරොන්දුවක් විදිහට ලියලා දෙන්නම්.</font>

109
00:09:46,620 --> 00:09:48,190
<font color="#ffde44">ඇත්තම කිව්වොත්,
නිවුස්වල ගිය දේවල් ඇත්ත.</font>

110
00:09:49,620 --> 00:09:51,190
<font color="#ffde44">යොං ජුං සහ මම අතර
දේවල් එච්චර හොඳ නෑ.</font>

111
00:09:51,760 --> 00:09:53,390
<font color="#ffde44">මම මගේ ආඩම්බරකමට
අපි හොඳින් ඉන්නවා වගේ රඟපෑවා විතරයි.</font>

112
00:09:55,230 --> 00:09:59,030
<font color="#ffde44">මොමෝ වෙලා යොං ජුංව බඳින එක ගැන
හිතලා බලන්න.</font>

113
00:10:03,470 --> 00:10:06,510
<font color="#ffde44">මට ඔයා වෙලා
ගුම් බා රා විදිහට ජීවත් වෙන්න පුළුවන්.</font>

114
00:10:08,270 --> 00:10:11,610
<font color="#ffde44">මට ඔයා වෙලා
ගුම් බා රා විදිහට ජීවත් වෙන්න පුළුවන්.</font>

115
00:10:13,610 --> 00:10:16,220
<font color="#ffde44">අධ්‍යක්ෂක ෂින් කිව්වා ඔයා කැමති නම්
එයා ඒ සැත්කම කරන්නම් කියලා.</font>

116
00:10:17,320 --> 00:10:19,890
<font color="#ffde44">ඔයාට සල්ලි, ජනප්‍රියත්වය වගේම ආදරෙත් ලැබෙයි,</font>

117
00:10:20,290 --> 00:10:22,790
<font color="#ffde44">මේ හැමදෙයක්ම පැය කිහිපයක සැත්කමකින් ලැබෙයි.</font>

118
00:10:26,090 --> 00:10:29,430
<font color="#ffde44">අධ්‍යක්ෂක ෂින් කියන්නේ පුදුමාකාර ශල්‍ය වෛද්‍යවරයෙක්.</font>

119
00:10:29,830 --> 00:10:31,500
<font color="#ffde44">මට හිතාගන්නවත් බැරි වුණා.</font>

120
00:10:34,500 --> 00:10:37,870
<font color="#ffde44">අධ්‍යක්ෂක ෂින් ඔයාට කොච්චර හොඳින් සැලකුවත්,
කොච්චර උත්සාහ කළත්,</font>

121
00:10:38,040 --> 00:10:40,310
<font color="#ffde44">ඔයාට එයාව බඳින්න
කිසිම අදහසක් නෑ නේද?</font>

122
00:10:41,910 --> 00:10:45,080
<font color="#ffde44">ඇත්තටම, ඔයාට අධ්‍යක්ෂක ෂින් ගැන
පොඩි හෝ දුකක් හිතෙන්නේ නැද්ද?</font>

123
00:10:45,880 --> 00:10:48,780
<font color="#ffde44">එයාට හැමදේම තියෙනවා වගේ පෙනුණට,
ඇත්තටම ඒ ගැන හිතලා බැලුවාම,</font>

124
00:10:49,050 --> 00:10:50,520
<font color="#ffde44">එයාට තමන්ගේ සල්ලි වියදම් කරන්නවත් වෙලාවක් තියෙනවාද?</font>

125
00:10:50,580 --> 00:10:52,380
<font color="#ffde44">නැත්නම් එයා ඇත්තටම කැමති
විනෝදාංශයක්වත් තියෙනවාද?</font>

126
00:10:52,620 --> 00:10:55,550
<font color="#ffde44">එයා දවසේ පැය 24 ම ඉන්නේ මේ රෝහලේ,</font>

127
00:10:55,650 --> 00:10:58,720
<font color="#ffde44">එක්කෝ ඔපරේෂන් තියටර් එකේ, එයාගේ ඔෆිස් එකේ,
නැත්නම් ලෙඩෙක්ගේ කාමරේක.</font>

128
00:10:59,730 --> 00:11:03,060
<font color="#ffde44">මම ඔයා වෙලා
අධ්‍යක්ෂක ෂින්ව බැන්දොත්...</font>

129
00:11:03,660 --> 00:11:05,830
<font color="#ffde44">ඊටපස්සේ මගේ ජීවිතේම කැපකරලා
එයාව හොඳින් බලාගත්තොත්,</font>

130
00:11:06,600 --> 00:11:08,130
<font color="#ffde44">ඒකෙන් ඔයාටත්
ලොකු සහනයක් දැනෙයි නේද?</font>

131
00:11:12,670 --> 00:11:14,940
<font color="#ffde44">ඇයි ඔයයි යොං ජුං අතර
ප්‍රශ්න ඇති වුණේ?</font>

132
00:11:17,040 --> 00:11:18,410
<font color="#ffde44">හැමදේම ටික ටික බලපාන්න ඇති.</font>

133
00:11:18,880 --> 00:11:20,150
<font color="#ffde44">අපි කොහෙත්ම ගැළපෙන්නේ නෑ,</font>

134
00:11:20,210 --> 00:11:21,350
<font color="#ffde44">අපේ රුචිකත්වයන් පවා වෙනස්.</font>

135
00:11:22,110 --> 00:11:23,880
<font color="#ffde44">මම හිතන්නේ එයා මොමෝගේ ෆෑන් කෙනෙක් විතරයි.</font>

136
00:11:25,250 --> 00:11:27,320
<font color="#ffde44">ඔයත් ඔයාගේ ජීවිතේ ගැන කලකිරිලා
මහන්සි වෙලයි ඉන්නේ, නේද?</font>

137
00:11:28,520 --> 00:11:31,260
<font color="#ffde44">අපි ලොකු වෙද්දි අපිට විඳින්න වුණු
වෙනස්කම් සහ නොසලකා හැරීම් ගැන හිතන්න.</font>

138
00:11:33,660 --> 00:11:35,260
<font color="#ffde44">ඔයාට මගෙන් සමාව ඉල්ලන්න
කිසිම අදහසක් නැද්ද?</font>

139
00:11:38,600 --> 00:11:39,630
<font color="#ffde44">දැන්වත් නැද්ද?</font>

140
00:11:44,340 --> 00:11:45,340
<font color="#ffde44">මොකටද?</font>

141
00:11:46,170 --> 00:11:48,010
<font color="#ffde44">මට සමාව ඕනේ. හරි විදිහට.</font>

142
00:11:49,410 --> 00:11:50,480
<font color="#ffde44">මට ඒක ලැබෙන්න ඕනේ.</font>

143
00:11:56,180 --> 00:11:58,750
<font color="#ffde44">ඔයා හිටියේ නැත්නම් මගේ ජීවිතේ
මීට වඩා ගොඩක් හොඳ වෙන්න තිබුණා.</font>

144
00:11:59,920 --> 00:12:01,550
<font color="#ffde44">ඒත් ඔයා හැමදේම විනාශ කළා.</font>

145
00:12:02,320 --> 00:12:03,820
<font color="#ffde44">මාව හොරකමකට පටලවලා.</font>

146
00:12:05,920 --> 00:12:09,160
<font color="#ffde44">දැනුත් ඒ ගැන හිතද්දි
මගේ පපුව හිරවෙනවා වගේ දැනෙනවා.</font>

147
00:12:09,830 --> 00:12:10,830
<font color="#ffde44">ඔයා මගේ තැන හිටියා නම්,</font>

148
00:12:11,600 --> 00:12:13,470
<font color="#ffde44">මම ඔයාට එහෙම කළා නම්
ඔයාට කොහොම දැනෙයිද?</font>

149
00:12:20,540 --> 00:12:21,570
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

150
00:12:22,340 --> 00:12:24,410
<font color="#ffde44">ඔයා කවදාහරි සමාව ඉල්ලයි කියලා
මම බලාපොරොත්තුවෙන් හිටියා.</font>

151
00:12:25,780 --> 00:12:29,080
<font color="#ffde44">අපි දෙන්නම එකම දවසේ බේබි බොක්ස් එකේ දාලා ගිය නිසාත්,
එකට හැදුණු වැඩුණු නිසාත්,</font>

152
00:12:29,080 --> 00:12:30,380
<font color="#ffde44">මම තීරණය කළා ඒක අමතක කරලා දාන්න.</font>

153
00:12:32,420 --> 00:12:33,920
<font color="#ffde44">ඒත් ඔයා මුකුත් වුණේ නෑ වගේ හැසිරුණා.</font>

154
00:12:35,450 --> 00:12:37,320
<font color="#ffde44">මම දැනගෙන හිටියා කියලා හිතපු
කිම් ජින් ජු නෙවෙයි ඔයා.</font>

155
00:12:38,620 --> 00:12:40,630
<font color="#ffde44">මිනිහෙක්ට කොහොමද එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා
මට හිතාගන්න බෑ.</font>

156
00:12:41,860 --> 00:12:43,900
<font color="#ffde44">ඔයා හොඳට ඉඳලා, මගේ පිටිපස්සෙන් පිහියෙන් ඇන්නා.
මම ඔයාට පිටිපස්සෙන් පිහියෙන් ඇන්නේ නෑ.</font>

157
00:12:43,900 --> 00:12:45,360
<font color="#ffde44">මම ඔයාට පිටිපස්සෙන් පිහියෙන් ඇන්නේ නෑ.</font>

158
00:12:45,360 --> 00:12:46,370
<font color="#ffde44">ඔයා එහෙම කළේ නැද්ද?</font>

159
00:12:51,800 --> 00:12:53,640
<font color="#ffde44">මගේ තත්ත්වයන් තමයි මාව එහෙම කළේ.</font>

160
00:12:56,140 --> 00:12:57,880
<font color="#ffde44">ඔයාට ඒක තේරෙන්නේ නැද්ද?
නෑ.</font>

161
00:12:58,210 --> 00:13:00,050
<font color="#ffde44">අපි දෙන්නටම තිබුණේ එකම තත්ත්වයක්.</font>

162
00:13:01,310 --> 00:13:04,320
<font color="#ffde44">ඒ ඔයා දක්ෂ නිසා.</font>

163
00:13:04,380 --> 00:13:07,350
<font color="#ffde44">මේක දක්ෂකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි.
මේක හෘද සාක්ෂියක් තියෙනවද කියන එක ගැන ප්‍රශ්නයක්.</font>

164
00:13:10,960 --> 00:13:13,790
<font color="#ffde44">යේ ජොංගේ පවුලේ අය ඔයාව හදාගන්න ගත්තේ නැතත්
ඔයා හොඳින් හිටියා.</font>

165
00:13:14,290 --> 00:13:16,500
<font color="#ffde44">ඒත් මම වෙන කාටත් වඩා
මානසිකව වැටිලා හිටියේ.</font>

166
00:13:17,160 --> 00:13:20,300
<font color="#ffde44">අනෙක් හැමෝම අතරින් ඔයා මාව පාවා දුන්න එකට.</font>

167
00:13:22,000 --> 00:13:23,900
<font color="#ffde44">ඒත් අන්තිමේදී මම ඒකට වන්දි ගෙව්වා.</font>

168
00:13:25,500 --> 00:13:26,840
<font color="#ffde44">මගේ අතින් වැරැද්දක් වුණේ.</font>

169
00:13:28,170 --> 00:13:29,170
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

170
00:13:33,010 --> 00:13:35,150
<font color="#ffde44">මගේ හිත ඇතුළෙන් මම හැමදාම කනගාටු වුණා.</font>

171
00:13:36,580 --> 00:13:38,680
<font color="#ffde44">ඒත් ඔයා හැමතිස්සෙම මට සැලකුවේ ගොඩක් නපුරු විදිහට,</font>

172
00:13:39,920 --> 00:13:41,320
<font color="#ffde44">මට කවදාවත් ඒක කියන්න තරම් හිත හදාගන්න බැරි වුණා.</font>

173
00:13:42,190 --> 00:13:44,290
<font color="#ffde44">මොමෝ විදිහට ජීවත් වෙන එක එච්චර නරක වෙන එකක් නෑ.</font>

174
00:13:45,560 --> 00:13:46,690
<font color="#ffde44">ඉතින් ඔයා දික්කසාද වුණාම මොකද?</font>

175
00:13:47,460 --> 00:13:50,460
<font color="#ffde44">ඔයාට ඕනෙම සල්ලි තියෙන, ප්‍රසිද්ධ කෙනෙක්ව
බඳින්න පුළුවන්.</font>

176
00:13:52,160 --> 00:13:53,430
<font color="#ffde44">ඔයාට ඇයි මම වෙන්න ඕනේ?</font>

177
00:13:56,170 --> 00:13:57,170
<font color="#ffde44">මගේ ආඩම්බරකම.</font>

178
00:13:58,700 --> 00:14:00,640
<font color="#ffde44">හැමෝම කැමති මම වැටෙනවා බලන්න නේද?</font>

179
00:14:01,410 --> 00:14:02,770
<font color="#ffde44">මට වෛර කරන අය, රිපෝටර්ස්ලා...</font>

180
00:14:03,840 --> 00:14:06,250
<font color="#ffde44">ඔයා දන්නවානෙ රිපෝටර්ස්ලා කොච්චර ප්‍රමාණයක්
මොමෝට අකමැතිද කියලා.</font>

181
00:14:06,380 --> 00:14:09,110
<font color="#ffde44">ඔයා ඒ වෙනුවෙන් විතරක් ආයෙත් සැත්කම කරනවාද?</font>

182
00:14:09,280 --> 00:14:10,820
<font color="#ffde44">පළවෙනි පියවර විතරයි අමාරු.</font>

183
00:14:11,080 --> 00:14:13,020
<font color="#ffde44">ඔයා පැය කිහිපයක් නිදාගෙන ඉඳලා,
ඊටපස්සේ ඇහැරෙනවා.</font>

184
00:14:13,550 --> 00:14:14,620
<font color="#ffde44">ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.</font>

185
00:14:18,590 --> 00:14:20,690
<font color="#ffde44">ටික කාලයකට මොමෝ විදිහට ජීවත් වෙලා බලන්න.</font>

186
00:14:21,260 --> 00:14:22,790
<font color="#ffde44">සල්ලි වියදම් කරන එකත් මාර විනෝදජනකයි.</font>

187
00:14:23,330 --> 00:14:24,430
<font color="#ffde44">ඔයාට හිතාගන්නවත් බැරි වෙයි.</font>

188
00:14:27,230 --> 00:14:31,800
<font color="#ffde44">ඔය මුහුණයි ඇඟයි බදාගෙන ඉන්න
කිසිම හේතුවක් නෑ.</font>

189
00:14:33,610 --> 00:14:36,440
<font color="#ffde44">ඔය ඇස් දෙකෙන් ඔයා කොච්චරක් නම්
කඳුළු වට්ටන්න ඇද්ද කියලා හිතන්න.</font>

190
00:14:37,840 --> 00:14:40,780
<font color="#ffde44">ඉරණම හැමෝටම ජීවිතේ අවස්ථා කීපයක් දෙනවා.</font>

191
00:14:40,780 --> 00:14:42,410
<font color="#ffde44">මේකත් ඒ වගේ එකක් කියලා හිතන්න.</font>

192
00:14:43,350 --> 00:14:47,350
<font color="#ffde44">ඔයා අතුරුදහන් වුණ දවසේ ඉඳන්,
මම ජීවත් වුණේ හා යොං ජුංගේ හිස් කවචයක් එක්ක.</font>

193
00:14:47,920 --> 00:14:50,020
<font color="#ffde44">මට තවත් එහෙම බෑ.
මට දැන් ඒක එපා වෙලයි තියෙන්නේ.</font>

194
00:14:52,090 --> 00:14:54,190
<font color="#ffde44">අධ්‍යක්ෂක ෂින් පිටින් බලද්දි
සීතල කෙනෙක් වගේ පෙනුණට,</font>

195
00:14:55,090 --> 00:14:57,560
<font color="#ffde44">හා යොං ජුංගේ හිස් කවචයට වඩා
එයා ගොඩක් හොඳයි.</font>

196
00:14:57,830 --> 00:14:59,000
<font color="#ffde44">එයාට ඕනේ බා රාගේ ශරීරය විතරක් වුණත්.</font>

197
00:15:01,300 --> 00:15:02,940
<font color="#ffde44">මේක ඊළඟට තියෙන හොඳම දේ තෝරගන්න එක ගැනයි.</font>

198
00:15:02,940 --> 00:15:04,840
<font color="#ffde44">අධ්‍යක්ෂක ෂිනුත් කරන්නේ ඒකයි.</font>

199
00:15:05,300 --> 00:15:07,370
<font color="#ffde44">ඒ වගේම හා යොං ජුංටත්
ඒකට වන්දි ගෙවන්න වෙනවා.</font>

200
00:15:08,010 --> 00:15:12,380
<font color="#ffde44">එයාට ඇත්ත ඔයාව බඳින්න අයිතියක් නෑ.
අන්තිමේදී එයා අපිට දෙන්නටම රිද්දුවා නේද?</font>

201
00:15:12,880 --> 00:15:14,510
<font color="#ffde44">එයා මුල ඉඳන්ම ඔයාව තෝරගන්නයි තිබුණේ.</font>

202
00:15:18,750 --> 00:15:20,090
<font color="#ffde44">හිතන්න ඔයාට ටිකක් කල් ඕනෙද?</font>

203
00:15:26,860 --> 00:15:28,460
<font color="#ffde44">මම ඔයා කියන දේ අහන්න තිබුණා.</font>

204
00:15:29,860 --> 00:15:31,360
<font color="#ffde44">දැන් ආපහු හැරෙන්න බෑ.</font>

205
00:15:31,560 --> 00:15:34,200
<font color="#ffde44">හැමෝම අතින් වැරදි වෙනවා. අපි මනුස්සයෝනේ.</font>

206
00:15:34,470 --> 00:15:35,930
<font color="#ffde44">ඒවා ආයෙත් කරන්නේ නැති තාක් කල්.</font>

207
00:15:36,440 --> 00:15:38,270
<font color="#ffde44">ඒක ජීවිතේ පාඩමක් කියලා හිතාගන්න.</font>

208
00:15:42,340 --> 00:15:43,510
<font color="#ffde44">ඒක නෙවෙයි,</font>

209
00:15:43,780 --> 00:15:45,640
<font color="#ffde44">මොමෝ කියන්නේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරියක්.</font>

210
00:15:46,180 --> 00:15:48,010
<font color="#ffde44">එයා හැදෙනකොට හිරිහැර වින්දා කියන එක?</font>

211
00:15:49,410 --> 00:15:50,880
<font color="#ffde44">නිළියකගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේම තමයි.</font>

212
00:15:51,780 --> 00:15:52,850
<font color="#ffde44">හ්යුන් රන් හී.</font>

213
00:15:53,350 --> 00:15:56,490
<font color="#ffde44">එයාගේ පළමු ආදරය වුණු චිත්‍ර ශිල්පී පෝල්
කොරියාවට ආවාට පස්සේ,</font>

214
00:15:56,490 --> 00:15:58,420
<font color="#ffde44">එයාට දැනගන්න ලැබුණා
එයාගේ දුව නැතිවෙලා කියලා.</font>

215
00:15:59,160 --> 00:16:00,660
<font color="#ffde44">එහෙනම් මේ හිරිහැර කතා මොනවද?</font>

216
00:16:01,290 --> 00:16:03,860
<font color="#ffde44">එයා හිතුවා එයාගේ දුව ජපානේ
පෝල් එක්ක හොඳින් ඉන්නවා කියලා.</font>

217
00:16:06,330 --> 00:16:07,530
<font color="#ffde44">මම ලියකියවිලි වැඩ ඉවර කරන්න යන්නේ,</font>

218
00:16:09,070 --> 00:16:10,340
<font color="#ffde44">ඊටපස්සේ මම බා රාව බඳිනවා.</font>

219
00:16:12,370 --> 00:16:13,710
<font color="#ffde44">ඔයා රිපෝටර් ගුම්ව හොයාගත්තාද?</font>

220
00:16:14,240 --> 00:16:18,080
<font color="#ffde44">කරුණාකරලා බබාගේ නැපිය නිතරම බලන්න.
බබා ගොඩක් සංවේදීයි.</font>

221
00:16:23,720 --> 00:16:25,780
<font color="#ffde44">ආච්චි තාමත් හොඳට කෑම කනවාද?</font>

222
00:16:28,220 --> 00:16:31,620
<font color="#ffde44">එයා විශේෂයෙන්ම හේස්ටේල් මාළුවලට කැමතියි,
ඒ නිසා කටු අයින් කරලා දෙන්න මතක තියාගන්න.</font>

223
00:16:34,760 --> 00:16:35,760
<font color="#ffde44">හරි.</font>

224
00:16:36,260 --> 00:16:37,900
<font color="#ffde44">එයාගේ හීමොග්ලොබින් මට්ටම ටිකක් අඩුයි,</font>

225
00:16:38,660 --> 00:16:40,270
<font color="#ffde44">ඒත් කාන්තාවන්ට ආර්තවය නිසා
එහෙම වෙන්න පුළුවන්.</font>

226
00:16:40,970 --> 00:16:43,070
<font color="#ffde44">ඒත් කොයිකටත්,
මම මේ සතිඅන්තයේ MRI එකක් දාලා තියෙන්නේ.</font>

227
00:16:43,240 --> 00:16:45,140
<font color="#ffde44">එයා හොඳට කෑම කෑවාම විතරක් ඇතිද?
මස් වගේ දේවල්?</font>

228
00:16:46,640 --> 00:16:48,040
<font color="#ffde44">දැනට එයාට ඇල්බියුමින් ඩ්‍රිප් එකක් දීලයි තියෙන්නේ.</font>

229
00:16:50,780 --> 00:16:51,910
<font color="#ffde44">එයා වෙන මොනවාහරි කිව්වාද?</font>

230
00:16:52,740 --> 00:16:54,150
<font color="#ffde44">එයා කොහොමද හිටියේ වගේ දේවල්?</font>

231
00:16:55,150 --> 00:16:56,420
<font color="#ffde44">එයාට ඕනෙ වුණාම එයා කතා කරයි.</font>

232
00:16:59,680 --> 00:17:00,690
<font color="#ffde44">(සැත්කමට සූදානම්)</font>

233
00:17:00,850 --> 00:17:02,020
<font color="#ffde44">මට සැත්කමකට යන්න තියෙනවා.</font>

234
00:17:08,130 --> 00:17:09,830
<font color="#ffde44">(අමුත්තන්ට ඇතුළුවීම තහනම්,
කරුණාකර හෙදියන්ගෙන් විමසන්න.)</font>

235
00:17:25,080 --> 00:17:26,210
<font color="#ffde44">අමුත්තන්ට එන්න බෑ කියලා ගහලා තියෙනවා.</font>

236
00:17:47,200 --> 00:17:49,370
<font color="#ffde44">මාස හයකින් හැමදේම ඉවරයක් කරමු.</font>

237
00:17:50,440 --> 00:17:52,470
<font color="#ffde44">ඒ වෙනකොට ඔයාගේ අදහස
වෙනස් වෙලා තිබුණේ නැත්නම්.</font>

238
00:17:54,270 --> 00:17:57,340
<font color="#ffde44">මම දන්නවා මම හරියට හිටියේ නෑ කියලා.</font>

239
00:17:57,610 --> 00:17:59,680
<font color="#ffde44">මම හිටියේ කේන්තියෙන්,
මම ගොඩක් දුරට ඒක ඔයාගෙන් පිට කළා.</font>

240
00:18:02,680 --> 00:18:04,050
<font color="#ffde44">මම ඔයාගේ බලාපොරොත්තු ඉටු කළේ නෑ කියලා
මම දන්නවා.</font>

241
00:18:06,120 --> 00:18:09,150
<font color="#ffde44">මට තව මාස කීපයකට
ඔයාගේ බිරිඳ වෙලා ඉන්න ඕනේ,</font>

242
00:18:09,820 --> 00:18:10,920
<font color="#ffde44">ඒක කොළේකට විතරක් සීමා වුණත්.</font>

243
00:18:12,260 --> 00:18:15,130
<font color="#ffde44">ඔයා මට වන්දි මුදල් දෙන්න ඕනේ නෑ.
මම ඒ කිව්වේ ඇත්තටම නෙවෙයි.</font>

244
00:18:17,560 --> 00:18:19,460
<font color="#ffde44">සල්ලිවලින් ඒක පියවන්න බෑ කියලා මම දන්නවා,</font>

245
00:18:20,830 --> 00:18:21,970
<font color="#ffde44">ඒත් ඔයාට ලැබිය යුතු දේ ඔයා ගන්න ඕනේ.</font>

246
00:18:24,070 --> 00:18:27,640
<font color="#ffde44">මට ගබ්සාවීම වුණේ නැත්නම්,
සමහරවිට අපි මේක කොහොමහරි කරගෙන යයි.</font>

247
00:18:32,440 --> 00:18:33,780
<font color="#ffde44">මම මගේ ඉතුරු බඩු ටික හෙට ගන්නම්.</font>

248
00:18:38,180 --> 00:18:40,320
<font color="#ffde44">ගුම් බා රාගෙන් අහන්න එයා ඇත්තටම ප්‍රෙග්නන්ට් වෙලාද හිටියේ කියලා.</font>

249
00:18:40,820 --> 00:18:42,490
<font color="#ffde44">කවුරුහරි එයාව දැකලා තියෙනවා, ඔයාට අහන්නවත් බැරිද?</font>

250
00:18:55,230 --> 00:18:56,230
<font color="#ffde44">ඔයා නිදාගෙනද ඉන්නේ?</font>

251
00:19:22,060 --> 00:19:23,060
<font color="#ffde44">(නව පණිවිඩයක්)</font>

252
00:19:31,600 --> 00:19:33,070
<font color="#ffde44">අපිට හෙට හම්බවෙන්න පුළුවන්ද?</font>

253
00:19:33,470 --> 00:19:35,610
<font color="#ffde44">ෆාස්ටිං ඉන්න නිසා මට කන්න බෑ.</font>

254
00:19:50,690 --> 00:19:52,120
<font color="#ffde44">අධ්‍යක්ෂක ෂින් කිව්වා වගේ,</font>

255
00:19:53,390 --> 00:19:55,090
<font color="#ffde44">මට ඉස්සර ඔයා ගැන
හැඟීමක් තිබුණා කියන එක ඇත්ත.</font>

256
00:19:56,700 --> 00:20:00,500
<font color="#ffde44">මම පොඩි කාලේ,
ඔයා මට ආදරේ කරපු නිසා මම ඔයාට කැමති වුණා.</font>

257
00:20:05,800 --> 00:20:08,470
<font color="#ffde44">හැඟීම් කියන්නේ හරියට සුළඟ වගේ.</font>

258
00:20:09,710 --> 00:20:11,040
<font color="#ffde44">පහුගිය අවුරුද්ද පුරාම,</font>

259
00:20:12,080 --> 00:20:13,510
<font color="#ffde44">ඒ හැඟීම් මැකිලා ගියා.</font>

260
00:20:14,010 --> 00:20:15,410
<font color="#ffde44">ඉතුරු වුණේ
මතකයන් විතරයි.</font>

261
00:20:16,820 --> 00:20:17,980
<font color="#ffde44">ලස්සන මතකයන්.</font>

262
00:20:18,750 --> 00:20:20,620
<font color="#ffde44">ඔයා මට ඒ වගේ ගොඩක් දේවල් දීලා තියෙනවා.</font>

263
00:20:20,750 --> 00:20:22,250
<font color="#ffde44">අපි ඒවා එකතුවෙලා හැදුවා.</font>

264
00:20:23,860 --> 00:20:25,060
<font color="#ffde44">දැන්, මම තමයි...</font>

265
00:20:25,660 --> 00:20:27,630
<font color="#ffde44">ඔයාට ගොඩක් ආදරේ කරන්න යන්නේ.</font>

266
00:20:29,630 --> 00:20:31,200
<font color="#ffde44">මම තමයි හැමදේම විනාශ කළේ...</font>

267
00:20:32,530 --> 00:20:33,770
<font color="#ffde44">මොකද මම හරිම මෝඩයි.</font>

268
00:20:34,770 --> 00:20:37,700
<font color="#ffde44">මිනිස්සුන්ට තමන්ගේ දුක කියන්න
කවුරුහරි ඕනේ වෙනවා.</font>

269
00:20:39,040 --> 00:20:40,910
<font color="#ffde44">මට හිටිය ඒ කෙනා තමයි ඔයා.</font>

270
00:20:42,070 --> 00:20:44,580
<font color="#ffde44">ඒත් දැන් එහෙම නැහැ,
ඒ නිසා වද වෙන්න එපා.</font>

271
00:20:47,550 --> 00:20:48,950
<font color="#ffde44">ඔයා දිගටම මාව ප්‍රතික්ෂේප කරනවද?</font>

272
00:20:52,450 --> 00:20:54,720
<font color="#ffde44">ඔයා මං ගැන කලකිරිලනම් ඉන්නේ,
මට ඒක තේරෙනවා.</font>

273
00:20:55,150 --> 00:20:56,190
<font color="#ffde44">මාත් එහෙම වෙනවා.</font>

274
00:20:58,660 --> 00:21:00,630
<font color="#ffde44">මට මගේ හැඟීම් තේරුම් ගන්න
පරක්කු වුණා.</font>

275
00:21:01,890 --> 00:21:02,960
<font color="#ffde44">කරුණාකරලා තේරුම් ගන්න.</font>

276
00:21:13,340 --> 00:21:14,540
<font color="#ffde44">ඔයාට පුළුවන්ද භාරගන්න...</font>

277
00:21:16,680 --> 00:21:18,010
<font color="#ffde44">මගේ දරුවාව?</font>

278
00:21:30,960 --> 00:21:32,790
<font color="#ffde44">මම ඒ ගැන මුකුත් අහන්නේ නැහැ.</font>

279
00:21:34,630 --> 00:21:35,660
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

280
00:21:36,330 --> 00:21:38,660
<font color="#ffde44">දරුවා ඔයාගේ නම්,
එයා මටත් ගොඩක් වටිනවා.</font>

281
00:21:42,670 --> 00:21:43,670
<font color="#ffde44">මම ඒක ඇත්තටමයි කියන්නේ.</font>

282
00:21:45,900 --> 00:21:47,310
<font color="#ffde44">ඔයා දැන් මගේ ඉස්සරහා ඉන්නවා.</font>

283
00:21:50,540 --> 00:21:51,910
<font color="#ffde44">ඔයා මා දිහා බලන් ඉන්නවා.</font>

284
00:21:52,780 --> 00:21:53,850
<font color="#ffde44">ඒක විතරයි මට වැදගත්.</font>

285
00:21:56,820 --> 00:21:58,820
<font color="#ffde44">මම කවදාවත් හිතුවේ නැහැ
මට ආයෙත් මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා.</font>

286
00:22:02,650 --> 00:22:04,120
<font color="#ffde44">"ආදරෙන් පිස්සු වැටිලා" කියන කතාව...</font>

287
00:22:04,990 --> 00:22:06,620
<font color="#ffde44">මම හිතුවේ ඒක
නිකම්ම සින්දුවක පදයක් විතරයි කියලා.</font>

288
00:22:07,930 --> 00:22:09,360
<font color="#ffde44">ඒත් මට දැනුණෙත් ඒ විදිහටමයි.</font>

289
00:22:13,030 --> 00:22:14,070
<font color="#ffde44">ඒක මාර වදයක්.</font>

290
00:22:15,130 --> 00:22:16,470
<font color="#ffde44">මට මෝමෝ ගැන දුකයි, ඒත්...</font>

291
00:22:24,980 --> 00:22:25,980
<font color="#ffde44">ස්තූතියි.</font>

292
00:22:29,250 --> 00:22:30,720
<font color="#ffde44">මම හරීම අසරණ වුණා...</font>

293
00:22:31,780 --> 00:22:33,050
<font color="#ffde44">මට මුකුත් කරගන්න බැරි වුණා.</font>

294
00:22:34,250 --> 00:22:36,050
<font color="#ffde44">ඔයාට මුකුත් කරගන්න බැරි වුණා නෙමෙයි.</font>

295
00:22:37,290 --> 00:22:39,290
<font color="#ffde44">මෝමෝ සම්පූර්ණයෙන්ම...</font>

296
00:22:39,860 --> 00:22:41,360
<font color="#ffde44">ඔයාගේ හිත ගත්තා.</font>

297
00:22:42,390 --> 00:22:45,260
<font color="#ffde44">"කෑදරකමට අන්ධ වෙලා" කියලා කතාවක් තියෙනවනේ.</font>

298
00:22:46,430 --> 00:22:47,630
<font color="#ffde44">ඒක ආදරේ නෙමෙයි.</font>

299
00:22:48,700 --> 00:22:50,200
<font color="#ffde44">මම ටික වෙලාවකට මුළා වුණා...</font>

300
00:22:52,070 --> 00:22:53,410
<font color="#ffde44">නිළියක් වුණ මෝමෝට.</font>

301
00:22:57,040 --> 00:22:58,580
<font color="#ffde44">මම ඔයාලා දෙන්නටම ලොකු වරදක් කළා කියලා දන්නවා,</font>

302
00:23:00,040 --> 00:23:01,050
<font color="#ffde44">ඒත් කරුණාකරලා මට සමාව දෙන්න.</font>

303
00:23:01,910 --> 00:23:03,550
<font color="#ffde44">මම මේ එක පාරක් විතරක් අහන්නේ.</font>

304
00:23:07,490 --> 00:23:08,490
<font color="#ffde44">දැන්,</font>

305
00:23:08,920 --> 00:23:10,990
<font color="#ffde44">ආදරේ කියන්නේ මොකක්ද කියලා
මට දැන් ටිකක් තේරෙනවා...</font>

306
00:23:11,790 --> 00:23:13,320
<font color="#ffde44">ඒක කොහොම වෙන්න ඕනේද කියලත්.</font>

307
00:23:15,860 --> 00:23:17,260
<font color="#ffde44">ඒත් මිනිස්සු කියනවා ආදරේ වෙනස් වෙනවා කියලා.</font>

308
00:23:17,830 --> 00:23:19,960
<font color="#ffde44">ආදරේ කියන්නේ නිකම්ම හැඟීමකට වඩා වෙනස් දෙයක්.</font>

309
00:23:20,100 --> 00:23:21,830
<font color="#ffde44">හැඟීම් කියන්නේ එනවා යනවා.</font>

310
00:23:25,940 --> 00:23:28,040
<font color="#ffde44">ඔයා කොච්චර අමාරු, වේදනාකාරී කාලයක් ගත කරන්න ඇත්ද කියලා
මට දැන් තේරෙනවා,</font>

311
00:23:30,610 --> 00:23:32,210
<font color="#ffde44">දැන් මමත් ඒක අත්විඳින නිසා.</font>

312
00:23:41,990 --> 00:23:44,160
<font color="#ffde44">අපි දෙන්නම නොතේරෙනකමට වැරදි කළා කියලා හිතමු,</font>

313
00:23:46,690 --> 00:23:48,090
<font color="#ffde44">අපි අලුතින් පටන් ගමු.</font>

314
00:23:49,330 --> 00:23:51,300
<font color="#ffde44">මේ පාර හරියටම පටන් ගමු.</font>

315
00:23:58,240 --> 00:24:00,100
<font color="#ffde44">මෝමෝ එක්ක තියෙන දේවල්
තව මාස කිහිපයකින් ඉවර වෙයි.</font>

316
00:24:02,040 --> 00:24:03,070
<font color="#ffde44">මම පොරොන්දු වුණා.</font>

317
00:24:07,250 --> 00:24:08,650
<font color="#ffde44">ඔයාට බබා හම්බවුණේ කවද්ද?</font>

318
00:24:09,350 --> 00:24:11,480
<font color="#ffde44">බබා දැන් කොහෙද ඉන්නේ?
කවුද එයාව බලාගන්නේ?</font>

319
00:24:15,750 --> 00:24:18,360
<font color="#ffde44">ඔයාට ඕන වෙලාවක මට කියන්න.
ඔයා ලෑස්ති වුණාම.</font>

320
00:24:18,620 --> 00:24:21,330
<font color="#ffde44">වැදගත් වෙන්නේ...
මම දැන් කියන දේ මතක තියාගන්න.</font>

321
00:24:24,760 --> 00:24:26,130
<font color="#ffde44">මම පසුතැවෙන්නේ නැහැ...</font>

322
00:24:27,400 --> 00:24:28,630
<font color="#ffde44">ඔයාට ආදරේ කළාට.</font>

323
00:24:29,130 --> 00:24:30,440
<font color="#ffde44">මම කවදාවත් ඒ ගැන පසුතැවිලා නැහැ.</font>

324
00:24:31,540 --> 00:24:34,440
<font color="#ffde44">ඇත්තම කිව්වොත්,
මම ඔයාට වචනෙන් කියන්න බැරි තරම් ආදරේ කළා.</font>

325
00:24:38,710 --> 00:24:39,780
<font color="#ffde44">එතකොට දැන්?</font>

326
00:24:45,220 --> 00:24:46,220
<font color="#ffde44">ස්තූතියි.</font>

327
00:24:48,720 --> 00:24:49,890
<font color="#ffde44">මම දැන් කියන්න යන දේත්
ඔයා මතක තියාගන්න.</font>

328
00:24:52,390 --> 00:24:55,030
<font color="#ffde44">හා යොං ජූන් ආයෙ කවදාවත්
ගුම් බා රාව දාලා යන්නේ නැහැ.</font>

329
00:24:59,530 --> 00:25:00,930
<font color="#ffde44">මම ඒක සහතික කරනවා.</font>

330
00:25:02,600 --> 00:25:04,040
<font color="#ffde44">අපේ කොණ්ඩේ ඉහෙනකම්...</font>

331
00:25:04,840 --> 00:25:06,840
<font color="#ffde44">අපි වයසට යනකම් එකට ඉමු.</font>

332
00:25:08,340 --> 00:25:10,580
<font color="#ffde44">අපි ගොඩක් කල් එකට ජීවත් වෙමු.</font>

333
00:26:16,370 --> 00:26:19,540
<font color="#ffde44">ඔයා ඇත්තටම හිතනවද මාව අඬවලා,
ඔයාට සතුටින් ඉන්න පුළුවන් කියලා, හා යොං ජූන්?</font>

334
00:26:20,210 --> 00:26:22,350
<font color="#ffde44">මම ඔයාගේ ජීවිතේ
අපායක් කරනවා.</font>

335
00:26:23,210 --> 00:26:26,120
<font color="#ffde44">මම දැන් ඔයාගේ ඩොලර් 100 ටැක්සි ගාස්තුවට රැවටුණු
කිම් ජින් ජූ නෙමෙයි.</font>

336
00:26:35,730 --> 00:26:36,730
<font color="#ffde44">මම උදව්වක් කරන්නද?</font>

337
00:26:40,700 --> 00:26:41,730
<font color="#ffde44">කාඩ් එක...</font>

338
00:26:42,370 --> 00:26:43,940
<font color="#ffde44">මම ආවේ ඩිලිවරි එකකට.</font>

339
00:26:44,800 --> 00:26:45,800
<font color="#ffde44">මොන එකටද?</font>

340
00:26:46,540 --> 00:26:48,070
<font color="#ffde44">701 එකට, මෝමෝට.</font>

341
00:26:48,240 --> 00:26:51,480
<font color="#ffde44">ඔයාට මේක මෙතන තියලා යන්න බැහැ.
ඒක එයාගේ දොර ගාවටම ගෙනියන්න.</font>

342
00:26:51,880 --> 00:26:53,480
<font color="#ffde44">එයාගේ උදව්කාරි දැනටමත් ගෙදර ගිහින්.</font>

343
00:26:55,310 --> 00:26:57,020
<font color="#ffde44">එහෙනම් මාව ඇතුළට යවන්න.</font>

344
00:27:46,460 --> 00:27:47,530
<font color="#ffde44">එලවන්න.</font>

345
00:27:47,930 --> 00:27:50,500
<font color="#ffde44">කෑගැහුවොත්, ඔයාට පසුතැවෙන්න වෙයි!
තාත්තේ!</font>

346
00:27:50,640 --> 00:27:52,470
<font color="#ffde44">මේ මම, ජින් ජූ.</font>

347
00:27:54,670 --> 00:27:57,340
<font color="#ffde44">මම දැන් මෝමෝ! අපි මොළ මාරු කරගත්තා!</font>

348
00:27:58,910 --> 00:28:00,310
<font color="#ffde44">මට ඔය බොරු කියන්න එපා.</font>

349
00:28:01,250 --> 00:28:03,610
<font color="#ffde44">ඔයාට මාව විශ්වාස නැත්නම්,
සැත්කමේ කැළල මගේ ඔළුවේ තියෙනවා.</font>

350
00:28:11,190 --> 00:28:12,190
<font color="#ffde44">කෝ ඒක?</font>

351
00:28:23,330 --> 00:28:24,340
<font color="#ffde44">සාක්ෂි.</font>

352
00:28:25,070 --> 00:28:27,070
<font color="#ffde44">සැත්කමේ කැළල තමයි සාක්ෂිය, තාත්තේ.</font>

353
00:28:27,840 --> 00:28:28,910
<font color="#ffde44">ඉස්සරහා දොරේ පාස්වර්ඩ් එක...</font>

354
00:28:29,510 --> 00:28:30,610
<font color="#ffde44">ඔයාගේ ගෙදර.</font>

355
00:28:32,010 --> 00:28:33,380
<font color="#ffde44">මොන එකද? හියොන්මි විලා එකේද?</font>

356
00:28:35,480 --> 00:28:36,610
<font color="#ffde44">පාස්වර්ඩ් එක මොකක්ද?</font>

357
00:28:37,380 --> 00:28:38,550
<font color="#ffde44">ඒක 3-5-4-4!</font>

358
00:28:39,880 --> 00:28:41,520
<font color="#ffde44">කිම් ජින් ජූගේ බැංකු ගිණුමේ ඉතුරු මුදල.</font>

359
00:28:42,220 --> 00:28:43,920
<font color="#ffde44">ඒක ඩොලර් 10,500ක් වෙන්න ඇති.</font>

360
00:28:43,920 --> 00:28:44,990
<font color="#ffde44">බැංකු...</font>

361
00:28:45,490 --> 00:28:47,660
<font color="#ffde44">ගිණුම් අංකය.
ශින්ජුන් බැංකුව.</font>

362
00:28:47,930 --> 00:28:51,560
<font color="#ffde44">ඒක 222-812058-03014.</font>

363
00:28:56,170 --> 00:28:58,040
<font color="#ffde44">එලවන්න.
කොහෙටද?</font>

364
00:28:58,340 --> 00:29:00,640
<font color="#ffde44">ගෙදරට. හියොන්මි විලා එකට.</font>

365
00:29:04,910 --> 00:29:07,610
<font color="#ffde44">මොකුත් විකාර කරන්න හදන්න එපා.
මට නැතිවෙන්න දෙයක් නැහැ.</font>

366
00:29:10,280 --> 00:29:11,450
<font color="#ffde44">මම කරන්නේ නැහැ, තාත්තේ.</font>

367
00:29:13,120 --> 00:29:14,150
<font color="#ffde44">හන් රිවර් පාර්ක් එක.</font>

368
00:29:15,120 --> 00:29:16,150
<font color="#ffde44">ගෙදරට නෙමෙයිද?</font>

369
00:29:23,030 --> 00:29:25,930
<font color="#ffde44">එතකොට ඔයාගේ මොළය විතරද ජින් ජූගේ?</font>

370
00:29:27,170 --> 00:29:28,170
<font color="#ffde44">ඔව්.</font>

371
00:29:29,030 --> 00:29:30,200
<font color="#ffde44">එතකොට ඇඟට මොකද වුණේ?</font>

372
00:29:31,340 --> 00:29:33,040
<font color="#ffde44">ජින් ජූගේ ඇඟට මොකද වුණේ?</font>

373
00:29:33,700 --> 00:29:34,710
<font color="#ffde44">මම දන්නේ නැහැ.</font>

374
00:29:35,810 --> 00:29:37,440
<font color="#ffde44">මට එලවන්න බැහැ, තාත්තේ.</font>

375
00:29:37,710 --> 00:29:38,880
<font color="#ffde44">ඒක දිග කතාවක්.</font>

376
00:29:40,240 --> 00:29:41,850
<font color="#ffde44">ඔයාට ඕක අයින් කරන්න පුළුවන්ද?</font>

377
00:29:42,610 --> 00:29:43,650
<font color="#ffde44">මාව ගැහෙනවා.</font>

378
00:29:53,560 --> 00:29:54,790
<font color="#ffde44">එහෙම දෙයක් වෙන්න පුළුවන්ද?</font>

379
00:29:55,990 --> 00:29:57,800
<font color="#ffde44">පුළුවන්, ඒකයි මම මේ හොඳට ඉන්නේ...</font>

380
00:30:03,370 --> 00:30:04,670
<font color="#ffde44">තාත්තා කොහොමද දැනගත්තේ?</font>

381
00:30:04,870 --> 00:30:06,040
<font color="#ffde44">කරාබුව.</font>

382
00:30:07,670 --> 00:30:08,710
<font color="#ffde44">මගේ කරාබුවද?</font>

383
00:30:08,710 --> 00:30:10,170
<font color="#ffde44">ඒ මුතු තියෙන එක.</font>

384
00:30:11,880 --> 00:30:13,540
<font color="#ffde44">මම කොහොමද අමතක කරන්නේ?
ඔයාගේ අම්මා ඒක ඔයාට අරන් දුන්නේ.</font>

385
00:30:14,280 --> 00:30:16,110
<font color="#ffde44">මම ගෑනු කෙනෙක්ට දීපු පළවෙනි තෑග්ග ඒකයි.</font>

386
00:30:16,880 --> 00:30:18,150
<font color="#ffde44">මම ඒක දවස් කිහිපයකට කලින්
ඩිරෙක්ටර් ශින්ගේ රෝහලේදී දැක්කා...</font>

387
00:30:18,150 --> 00:30:19,780
<font color="#ffde44">ඔයාගේ ෆෑන්ස්ලා එක්ක ෆොටෝ ගන්නකොට.</font>

388
00:30:20,280 --> 00:30:21,720
<font color="#ffde44">තාත්තේ, ඔයා එතන හිටියද?</font>

389
00:30:22,050 --> 00:30:23,050
<font color="#ffde44">එතකොට...</font>

390
00:30:25,220 --> 00:30:26,290
<font color="#ffde44">ඔයාගේ ඇඟ...</font>

391
00:30:27,360 --> 00:30:28,860
<font color="#ffde44">නැතිවෙලාද?</font>

392
00:30:34,470 --> 00:30:35,530
<font color="#ffde44">කොහොමද...</font>

393
00:30:36,900 --> 00:30:38,100
<font color="#ffde44">අර කාලකණ්ණි ඩිරෙක්ටර් ශින්.</font>

394
00:30:38,400 --> 00:30:40,170
<font color="#ffde44">මේකෙදි ඩිරෙක්ටර් ශින්ගේ වැරැද්දක් නැහැ.</font>

395
00:30:40,170 --> 00:30:42,340
<font color="#ffde44">කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා.</font>

396
00:30:46,080 --> 00:30:47,510
<font color="#ffde44">මේක ඔයා ඉල්ලපු දෙයක්ද,</font>

397
00:30:47,950 --> 00:30:49,050
<font color="#ffde44">නැත්තම් එයාලා ඔයාගෙන් ඇහුවද?</font>

398
00:30:52,150 --> 00:30:54,150
<font color="#ffde44">කාලකණ්ණි කෙල්ල!
තාත්තේ!</font>

399
00:30:54,150 --> 00:30:55,750
<font color="#ffde44">මට තාත්තේ කියන්න එපා.</font>

400
00:30:57,860 --> 00:30:59,290
<font color="#ffde44">තමන්ගේම තාත්තාව අතාරින්න,</font>

401
00:31:00,630 --> 00:31:02,530
<font color="#ffde44">ඔයා තමන්ගේම ඇඟ මරන තැනට ගියා.</font>

402
00:31:03,060 --> 00:31:04,360
<font color="#ffde44">මට බයක් දැනුණා.</font>

403
00:31:06,130 --> 00:31:07,430
<font color="#ffde44">තමන්ගේම තාත්තට බය වුණාද?</font>

404
00:31:08,670 --> 00:31:10,070
<font color="#ffde44">මම ඔයාට මොනවද කළේ?</font>

405
00:31:10,130 --> 00:31:11,270
<font color="#ffde44">ඒක...</font>

406
00:31:12,400 --> 00:31:14,240
<font color="#ffde44">මට හැමදේම එපා වෙලයි හිටියේ.</font>

407
00:31:15,010 --> 00:31:16,310
<font color="#ffde44">ඒක ඇත්තටම ඔයා නිසා නෙමෙයි.</font>

408
00:31:16,540 --> 00:31:17,610
<font color="#ffde44">එහෙනම්...</font>

409
00:31:18,440 --> 00:31:20,480
<font color="#ffde44">ඇයි සැත්කමෙන් පස්සේ මට කිව්වේ නැත්තේ?</font>

410
00:31:22,380 --> 00:31:24,720
<font color="#ffde44">ලෝකෙම දැනගත්තොත් මම ඉවරයි.</font>

411
00:31:25,280 --> 00:31:27,220
<font color="#ffde44">ප්‍රශ්න ටික ඉවර වුණාම
මම ඔයාව හොයාගෙන එන්න හිටියේ.</font>

412
00:31:28,220 --> 00:31:29,220
<font color="#ffde44">මම දිවුරනවා.</font>

413
00:31:32,890 --> 00:31:35,660
<font color="#ffde44">අනිත් එක මෝමෝ විදිහට ජීවත් වෙන එක ලේසි වුණෙත් නැහැ.</font>

414
00:31:35,730 --> 00:31:37,430
<font color="#ffde44">ඇයි ඔයයි හා යොං ජූනුයි වෙන් වෙලා ඉන්නේ?</font>

415
00:31:40,400 --> 00:31:42,930
<font color="#ffde44">අපි නිකම්ම ඈත් වුණා.
කවුද එහෙම කළේ?</font>

416
00:31:43,730 --> 00:31:46,040
<font color="#ffde44">අපි දෙන්නම.
ඔයාට විශ්වාසද එයා දැනගත්තේ නැහැ කියලා?</font>

417
00:31:46,170 --> 00:31:47,940
<font color="#ffde44">ඒක ඊට වඩා සංකීර්ණයි.</font>

418
00:31:48,210 --> 00:31:50,010
<font color="#ffde44">ගොඩක් දේවල් එකතු වෙලා වුණ දෙයක්.</font>

419
00:31:57,180 --> 00:31:58,220
<font color="#ffde44">මට සල්ලි ටිකක් එවන්න.</font>

420
00:31:59,220 --> 00:32:00,250
<font color="#ffde44">දැනට ලොකු ගාණක් එවන්න.</font>

421
00:32:00,720 --> 00:32:01,750
<font color="#ffde44">ඩොලර් දාහක්?</font>

422
00:32:02,820 --> 00:32:03,920
<font color="#ffde44">ඩොලර් දහදාහක්?</font>

423
00:32:05,420 --> 00:32:07,730
<font color="#ffde44">මෝමෝ වගේ කෙනෙක්ට ලොකු ගාණක් කියන්නේ
ඩොලර් 10,000ක් විතරද?</font>

424
00:32:09,590 --> 00:32:12,200
<font color="#ffde44">දවසකට යවන්න පුළුවන් උපරිම ගාණ ඩොලර් 50,000යි.</font>

425
00:32:13,100 --> 00:32:15,270
<font color="#ffde44">එහෙනම් ඉතුරු ඩොලර් 50,000
හෙට එවන්න.</font>

426
00:32:15,270 --> 00:32:17,300
<font color="#ffde44">සති අන්තය වෙද්දී ඩොලර් 200,000ක් එවන්න.</font>

427
00:32:17,500 --> 00:32:18,970
<font color="#ffde44">ඕන නම් බැංකුවට ගිහින් හරි දාන්න.</font>

428
00:32:24,880 --> 00:32:27,010
<font color="#ffde44">ඒ විදිහට පවුලත් එක්ක තියෙන බැඳීම් කඩලා දාලා,</font>

429
00:32:27,550 --> 00:32:29,050
<font color="#ffde44">ඔයා ඇත්තටම හිතුවද සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා?</font>

430
00:32:29,680 --> 00:32:30,850
<font color="#ffde44">දෙවියන්...</font>

431
00:32:31,980 --> 00:32:33,220
<font color="#ffde44">ඔයාට දඬුවම් කරයි.</font>

432
00:32:36,090 --> 00:32:37,090
<font color="#ffde44">වූසුං බැංකුව.</font>

433
00:32:38,020 --> 00:32:39,120
<font color="#ffde44">ගිණුම් අංකය 5-2-5...</font>

434
00:32:41,790 --> 00:32:43,230
<font color="#ffde44">මං ගාව බියර් නැහැ.</font>

435
00:32:43,230 --> 00:32:44,300
<font color="#ffde44">කෝක් එකක් කමක් නැද්ද?</font>

436
00:32:44,360 --> 00:32:45,560
<font color="#ffde44">එහෙනම්...</font>

437
00:32:47,470 --> 00:32:48,500
<font color="#ffde44">මත්පැන්.</font>

438
00:32:49,030 --> 00:32:50,230
<font color="#ffde44">විස්කි.</font>

439
00:32:50,900 --> 00:32:52,040
<font color="#ffde44">කී කාඩ් එකත් මට දෙන්න.</font>

440
00:33:19,300 --> 00:33:21,870
<font color="#ffde44">ඔයාට රස්නේ නැද්ද?
ඇයි තාමත් ඕක ඇඳන් ඉන්නේ?</font>

441
00:33:22,370 --> 00:33:23,600
<font color="#ffde44">මට පොඩි හෙම්බිරිස්සාවක් තියෙනවා.</font>

442
00:33:23,730 --> 00:33:25,700
<font color="#ffde44">ඩිරෙක්ටර් ශින්ගේ පෙන්ට්හවුස් එකේ පාස්වර්ඩ් එක.</font>

443
00:33:28,370 --> 00:33:31,880
<font color="#ffde44">ඇයි ඒ?
මට දැනගන්න. ප්‍රශ්න අහන එක නවත්තන්න.</font>

444
00:33:49,330 --> 00:33:50,630
<font color="#ffde44">ඔයාලා දෙන්නා වෙන් වුණාට පස්සේ,</font>

445
00:33:51,800 --> 00:33:53,300
<font color="#ffde44">මම ඩිරෙක්ටර් ශින්ගෙන් අහන්නද...</font>

446
00:33:54,130 --> 00:33:56,300
<font color="#ffde44">මාව හා යොං ජූන් කරන්න කියලා?</font>

447
00:33:59,900 --> 00:34:01,070
<font color="#ffde44">කොච්චර රිදෙනවද?</font>

448
00:34:04,480 --> 00:34:06,280
<font color="#ffde44">ඔයාට ඒක දෙපාරක් විඳගන්න බැහැ, තාත්තේ.</font>

449
00:34:09,050 --> 00:34:10,050
<font color="#ffde44">ඒ...</font>

450
00:34:10,050 --> 00:34:11,220
<font color="#ffde44">සොන්බෙනිද?</font>

451
00:35:06,540 --> 00:35:08,210
<font color="#ffde44">(නූආ මහ රෝහල)</font>

452
00:35:12,110 --> 00:35:13,180
<font color="#ffde44">ඔයා බයෙන්ද ඉන්නේ?</font>

453
00:35:15,250 --> 00:35:16,280
<font color="#ffde44">කලබල වෙන්න එපා.</font>

454
00:35:19,480 --> 00:35:20,990
<font color="#ffde44">මම ඔයාට ටිකක් සැරින් කතා කරයි.</font>

455
00:35:22,120 --> 00:35:23,720
<font color="#ffde44">ඒත් ඔයාට තියෙන්නේ මෝමෝගේ මුහුණ.</font>

456
00:35:39,170 --> 00:35:40,400
<font color="#ffde44">පොඩ්ඩක් සන්සුන් වෙන්න.</font>

457
00:35:41,210 --> 00:35:42,240
<font color="#ffde44">ටිකක් නිදාගන්න බලන්න.</font>

458
00:37:52,200 --> 00:37:53,200
<font color="#ffde44">අනේ දෙවියනේ!</font>

459
00:37:54,140 --> 00:37:56,910
<font color="#ffde44">ඔයා කොහොමද මේකට ආවේ?
මොකක්ද ඒ කතාවේ තේරුම?</font>

460
00:37:57,270 --> 00:37:59,340
<font color="#ffde44">ඔයානේ මට කී කාඩ් එක දුන්නේ.</font>

461
00:38:00,040 --> 00:38:01,050
<font color="#ffde44">කවුද දුන්නේ?</font>

462
00:38:01,450 --> 00:38:02,550
<font color="#ffde44">ආයෙත් මුකුත් නොදන්නවා වගේ රඟපානවද?</font>

463
00:38:02,880 --> 00:38:03,880
<font color="#ffde44">ඒක නිකන්...</font>

464
00:38:06,020 --> 00:38:07,150
<font color="#ffde44">සමහරවිට,</font>

465
00:38:07,850 --> 00:38:09,450
<font color="#ffde44">ඔයාට ඒක ජින් ජූගෙන්ද හම්බවුණේ?</font>

466
00:38:10,620 --> 00:38:12,120
<font color="#ffde44">ඔයා පාස්කෝඩ් එක වෙනස් කළා නේද?</font>

467
00:38:13,060 --> 00:38:14,120
<font color="#ffde44">දොර අරින්න.</font>

468
00:38:14,860 --> 00:38:16,390
<font color="#ffde44">මම හැමදේම කියන්නද?</font>

469
00:38:16,390 --> 00:38:18,360
<font color="#ffde44">අමුතු මිනිහෙක් දිගටම මගේ දොරේ බෙල් එක ගහනවා.</font>

470
00:38:18,430 --> 00:38:21,000
<font color="#ffde44">කරුණාකරල ඉක්මනට එන්න.
නොයර් ඉස්පිරිතාලේ 21 වෙනි තට්ටුවට.</font>

471
00:38:21,900 --> 00:38:22,900
<font color="#ffde44">හරි.</font>

472
00:38:42,150 --> 00:38:43,250
<font color="#ffde44">බා රා ගැන මොකද?</font>

473
00:38:55,600 --> 00:38:56,730
<font color="#ffde44">මැඩම්!</font>

474
00:39:17,890 --> 00:39:19,020
<font color="#ffde44">මේ අම්මා.</font>

475
00:39:19,990 --> 00:39:21,090
<font color="#ffde44">මාව මතක තියාගන්න, හරිද?</font>

476
00:39:23,460 --> 00:39:25,230
<font color="#ffde44">මම පරිස්සමට ආපහු එන්නම්...</font>

477
00:39:25,760 --> 00:39:27,700
<font color="#ffde44">ඇවිත් මගේ පුතාට ගොඩක් හාදු දෙන්නම්.</font>

478
00:39:28,830 --> 00:39:30,230
<font color="#ffde44">හොඳට කන්න,</font>

479
00:39:31,200 --> 00:39:32,540
<font color="#ffde44">ඒ වගේම හොඳට නිදාගන්න.</font>

480
00:39:45,320 --> 00:39:46,350
<font color="#ffde44">මම ඔයාට ආදරෙයි.</font>

481
00:39:48,690 --> 00:39:50,420
<font color="#ffde44">මම ඔයාට ආදරෙයි, මගේ රත්තරන් පැටියෝ.</font>

482
00:40:39,270 --> 00:40:40,700
<font color="#ffde44">(අලුත් මැසේජ් එකක්, නිළි මෝමෝ)</font>

483
00:40:40,700 --> 00:40:42,540
<font color="#ffde44">රිපෝටර් ග්‍යුම් බා රා,
දැන් කතා කරන්න පුළුවන්ද?</font>

484
00:40:46,980 --> 00:40:48,450
<font color="#ffde44">(නිළි මෝමෝ)</font>

485
00:40:52,080 --> 00:40:54,450
<font color="#ffde44">හෙලෝ, මිස් ග්‍යුම්.</font>

486
00:40:54,820 --> 00:40:56,120
<font color="#ffde44">මෝමෝ.</font>

487
00:40:56,490 --> 00:40:59,890
<font color="#ffde44">මම මගේ විලා එකේ වයින් ටිකක් බොන ගමන් ඉන්නේ.</font>

488
00:41:01,430 --> 00:41:02,760
<font color="#ffde44">යාළුවොත් එක්කද?</font>

489
00:41:03,290 --> 00:41:05,460
<font color="#ffde44">නෑ, මම තනියම ඉන්නේ.</font>

490
00:41:06,730 --> 00:41:08,830
<font color="#ffde44">මට නිකන් ඔයාව මතක් වුණා.</font>

491
00:41:09,370 --> 00:41:11,100
<font color="#ffde44">හරියටම කිව්වොත් ඔයාගේ ඇස්වල තිබුණු බැල්ම.</font>

492
00:41:12,500 --> 00:41:14,200
<font color="#ffde44">මගේ ඇස්වල බැල්ම...</font>

493
00:41:15,140 --> 00:41:16,410
<font color="#ffde44">නරකද?</font>

494
00:41:16,870 --> 00:41:18,310
<font color="#ffde44">ඔයා මෙහෙට ආවම මම කියන්නම්.</font>

495
00:41:20,440 --> 00:41:21,650
<font color="#ffde44">ඔයාගේ විලා එක තියෙන්නේ කොහෙද?</font>

496
00:41:22,080 --> 00:41:24,980
<font color="#ffde44">ඔයා මට ඇඩ්‍රස් එක මැසේජ් කළොත්,
මම මගේ මැනේජර්ව එවන්නම්.</font>

497
00:41:25,050 --> 00:41:26,080
<font color="#ffde44">එයා ඔයාව මෙහෙට එක්කන් එයි.</font>

498
00:41:26,720 --> 00:41:28,190
<font color="#ffde44">බස් මේ තරම් දුරට එන්නේ නෑ.</font>

499
00:42:08,030 --> 00:42:09,030
<font color="#ffde44">දෙවියනේ.</font>

500
00:42:10,330 --> 00:42:11,330
<font color="#ffde44">කමක් නෑ, ආන්සර් කරන්න.</font>

501
00:42:14,330 --> 00:42:17,470
<font color="#ffde44">ඩිරෙක්ටර්, මේක හදිස්සියක් නෙවෙයි නම්
මම පස්සේ ගන්නද?</font>

502
00:42:17,830 --> 00:42:18,840
<font color="#ffde44">හරි.</font>

503
00:42:19,900 --> 00:42:22,010
<font color="#ffde44">මාව මේ වගේ තත්වෙකින් දකින්න වුණාට සමාවෙන්න.</font>

504
00:42:23,770 --> 00:42:25,040
<font color="#ffde44">මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

505
00:42:25,740 --> 00:42:28,610
<font color="#ffde44">නෑ, මම ඇත්තටම ඔයා ගැන හිතුවා විතරයි.</font>

506
00:42:29,310 --> 00:42:31,420
<font color="#ffde44">ඔයාගේ නිවාඩු දවසේ කරදර කළාට
සමාවෙන්න.</font>

507
00:42:31,480 --> 00:42:35,150
<font color="#ffde44">විහිළු කරනවද?
ඔයාගෙන් ආරාධනාවක් ලැබෙන එකත් ලොකු දෙයක්.</font>

508
00:42:35,220 --> 00:42:37,220
<font color="#ffde44">අපි අර ජැපනීස් රෙස්ටොරන්ට් එකේදි
අහම්බෙන් හම්බවුණාට පස්සේ,</font>

509
00:42:37,220 --> 00:42:40,020
<font color="#ffde44">මම ඒ ඔයාගේ බැල්ම ගැන හිතුවා.</font>

510
00:42:40,590 --> 00:42:42,990
<font color="#ffde44">ඒක නිකන් ගාණක් නැති බැල්මක් වගේ නේද?</font>

511
00:42:45,330 --> 00:42:47,500
<font color="#ffde44">ඔයා මාව නිළි මෝමෝ විදිහට දැක්කේ නෑ.</font>

512
00:42:47,500 --> 00:42:49,630
<font color="#ffde44">ඔයා මාව දැක්කේ සාමාන්‍ය කෙනෙක් විදිහට.</font>

513
00:42:50,700 --> 00:42:52,740
<font color="#ffde44">මම ඒක ලොකුවට ගත්තොත්
ඔයාට අපහසුතාවයක් දැනෙයි කියලා මට හිතුණා.</font>

514
00:42:53,170 --> 00:42:54,270
<font color="#ffde44">අන්න හරි.</font>

515
00:42:55,370 --> 00:42:59,510
<font color="#ffde44">ටිකක් නාටකාකාර විදිහට කිව්වොත්,</font>

516
00:43:00,080 --> 00:43:02,480
<font color="#ffde44">මිනිස්සු මගේ දිහා කන්න වගේ බලනවාට වඩා වෙනස් විදිහට,</font>

517
00:43:03,050 --> 00:43:04,780
<font color="#ffde44">ඔයාගෙන් ලොකු සහනයක් දැනුණා.</font>

518
00:43:05,820 --> 00:43:07,820
<font color="#ffde44">ඔයා නිසා මට සැහැල්ලුවක් දැනුණා, මම ඒකට කැමතියි.</font>

519
00:43:08,120 --> 00:43:10,720
<font color="#ffde44">ඒක ලොකු දෙයක්.
ඔයා ඒක ඒ විදිහට තේරුම් ගත්ත එක ගැන මට සතුටුයි.</font>

520
00:43:10,950 --> 00:43:13,520
<font color="#ffde44">ඔයා මගේ තැන ඉඳන් හිතුවා නේද?</font>

521
00:43:14,860 --> 00:43:16,660
<font color="#ffde44">නළු නිළියන්ට දැනෙන විදිහ මම දන්නවා.</font>

522
00:43:16,990 --> 00:43:18,930
<font color="#ffde44">ඔයාලට හැමතිස්සෙම මිනිස්සුන්ගෙන් කරදරනේ.</font>

523
00:43:20,760 --> 00:43:22,230
<font color="#ffde44">ඒක ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්.</font>

524
00:43:22,530 --> 00:43:24,700
<font color="#ffde44">ගොඩක් වෙලාවට ඒක දරාගන්න අමාරුයි.</font>

525
00:43:30,210 --> 00:43:31,780
<font color="#ffde44">ඔයාට මගේ අක්කා කෙනෙක් වගේ ඉන්න පුළුවන්ද?</font>

526
00:43:32,240 --> 00:43:34,010
<font color="#ffde44">මට ඔයාගේ නංගිට වගේ සලකන්න.</font>

527
00:43:36,410 --> 00:43:37,650
<font color="#ffde44">ඔයාට බාල සහෝදර සහෝදරියෝ ඉන්නවද?</font>

528
00:43:38,950 --> 00:43:40,180
<font color="#ffde44">මාත් පවුලේ එකම ළමයා.</font>

529
00:43:40,720 --> 00:43:43,690
<font color="#ffde44">අයියලා අක්කලා ඉන්න යාළුවෝ ගැන
ඔයාට කවදාවත් ඉරිසියා හිතිලා නැද්ද?</font>

530
00:43:45,190 --> 00:43:47,460
<font color="#ffde44">ඒත් මෝමෝ, ඔයාට ඔයාගේ අම්මයි තාත්තයි හරි ඉන්නවනේ.</font>

531
00:43:48,030 --> 00:43:49,790
<font color="#ffde44">මම හැදුණේ ළමා නිවාසෙක.</font>

532
00:43:50,390 --> 00:43:52,900
<font color="#ffde44">දෙවියනේ, මම ඒක දැනගෙන හිටියේ නෑ.</font>

533
00:43:54,830 --> 00:43:58,940
<font color="#ffde44">මිනිස්සු ඔය වගේ පුදුම වෙන එක
මට දැන් පුරුදුයි.</font>

534
00:43:59,770 --> 00:44:03,970
<font color="#ffde44">මම පුදුම වුණේ නෑ.
මම හිතුවේ ඔයා පොහොසත් පවුලක හැදුණු කෙනෙක් කියලා.</font>

535
00:44:04,140 --> 00:44:05,580
<font color="#ffde44">ඔයාගෙන් පේන්නේ ඒ වගේ පෙනුමක්.</font>

536
00:44:07,110 --> 00:44:08,150
<font color="#ffde44">එහෙමද?</font>

537
00:44:08,850 --> 00:44:11,580
<font color="#ffde44">ඒකෙන් ඔයා තවත් විශේෂ කෙනෙක් වෙනවා.
ඒක අහලා මගේ වෙරිත් හිඳුණා.</font>

538
00:44:15,290 --> 00:44:18,990
<font color="#ffde44">මම මගේ දුක කියන්නයි හිටියේ,
ඒත් ඊට වඩා ඔයාගේ කතාව අහන්න මම කැමතියි.</font>

539
00:44:19,220 --> 00:44:21,160
<font color="#ffde44">මම මේ නිකන් හොයලා බලනවා නෙවෙයි.</font>

540
00:44:21,290 --> 00:44:22,560
<font color="#ffde44">කියන්න තරම් ලොකු දෙයක් නෑ.</font>

541
00:44:23,260 --> 00:44:27,030
<font color="#ffde44">ඔයා හිතනවාට වඩා අද කාලේ
ළමා නිවාස ගොඩක් හොඳයි.</font>

542
00:44:43,550 --> 00:44:45,320
<font color="#ffde44">ආ, ඔයා ගිම්බප් හැදුවද?</font>

543
00:44:45,550 --> 00:44:48,390
<font color="#ffde44">ඔයා කෝල් කරනකොටත් මම ඒවා හද හද හිටියේ.</font>

544
00:44:49,050 --> 00:44:51,590
<font color="#ffde44">ඒත් අපි ගාව පළතුරු මුකුත් නෑ.
මම ටිකක් ගේන්න තිබුණේ.</font>

545
00:44:51,590 --> 00:44:52,920
<font color="#ffde44">කමක් නෑ. ඒවා ඕනේ නෑ.</font>

546
00:44:53,290 --> 00:44:54,490
<font color="#ffde44">ඒ වෙනුවට මං ගාව ස්නැක්ස් ගොඩක් තියෙනවා.</font>

547
00:45:05,170 --> 00:45:06,640
<font color="#ffde44">දෙවියනේ, මේක මාරයිනේ.</font>

548
00:45:06,700 --> 00:45:09,010
<font color="#ffde44">මම මීට කලින් මේ වගේ ගිම්බප් කාලා නෑ.</font>

549
00:45:09,640 --> 00:45:10,970
<font color="#ffde44">ඒක පරණ කිම්චි දාපු ගිම්බප්.</font>

550
00:45:11,480 --> 00:45:13,540
<font color="#ffde44">මම ගාව තිබුණු දේවල් දාලා නිකන් හැදුවා විතරයි.</font>

551
00:45:14,040 --> 00:45:16,280
<font color="#ffde44">පරණ කිම්චි නිසා මේකේ රස හරිම...</font>

552
00:45:16,680 --> 00:45:18,650
<font color="#ffde44">කිසිම අවුලක් නෑ, ඒ වගේම හරිම රසයි.</font>

553
00:45:20,020 --> 00:45:21,250
<font color="#ffde44">ඔයා මහත් වෙන්න හොඳ නැතුව ඇති නේද.</font>

554
00:45:21,250 --> 00:45:22,690
<font color="#ffde44">මම හෙට දවසම නොකා ඉන්නම්.</font>

555
00:45:23,420 --> 00:45:24,960
<font color="#ffde44">නොකා ඉන්න එකත් රස්සාවේම කොටසක්නේ.</font>

556
00:45:30,530 --> 00:45:31,960
<font color="#ffde44">ඒකෙන් ගොඩක් පීඩනයක් දැනෙනවා ඇති නේද?</font>

557
00:45:32,960 --> 00:45:36,300
<font color="#ffde44">මට පේන විදිහට නළු නිළියන්ට
ලැබෙන දේවල් වගේම නැතිවෙන දේවලුත් ගොඩක් තියෙනවා.</font>

558
00:45:36,570 --> 00:45:39,870
<font color="#ffde44">අර රිපෝටර්, ලී සි කියොං,
මගෙන් පලිගන්නමයි හදන්නේ.</font>

559
00:45:40,170 --> 00:45:41,710
<font color="#ffde44">එයා ඇත්තටම මට එච්චරම වෛර කරනවද?</font>

560
00:45:42,440 --> 00:45:44,940
<font color="#ffde44">ඔයා ආටිකල් දැක්කා නේද?
එයා ඔයාගේ පරම හතුරා කියලා හිතාගන්න.</font>

561
00:45:45,080 --> 00:45:46,640
<font color="#ffde44">අපි හැමෝටම එහෙම කෙනෙක් ඉන්නවා.</font>

562
00:45:48,010 --> 00:45:49,980
<font color="#ffde44">මට නම් මේ ලෝකේම මගේ හතුරා වුණා.</font>

563
00:45:50,480 --> 00:45:52,620
<font color="#ffde44">ඔයා ඉස්සරහ මෙහෙම මැසිවිලි නගනකොට
මම මහ දුප්පත් කෙනෙක් වගේ පේනවා ඇති.</font>

564
00:45:52,680 --> 00:45:55,150
<font color="#ffde44">මම ඔයා ගැන වැරදියට හිතන්නේ නෑ.
ඇත්තටම, මට ඔයාව තවත් හොඳට තේරෙනවා.</font>

565
00:45:55,250 --> 00:45:59,390
<font color="#ffde44">හරිම ජනප්‍රිය ප්‍රවීණ නිළියක් ඉන්නවා.
අපි එකම ෂෝ එකක හිටියේ.</font>

566
00:45:59,990 --> 00:46:03,030
<font color="#ffde44">එයා මගේ බෑග් එක හරිම ලස්සනයි, වෙනස් කියලා
දිගටම කියා කියා ඉඳලා ඒක ඉල්ලුවා,</font>

567
00:46:03,290 --> 00:46:06,230
<font color="#ffde44">ඒත් මගේ ෆෑන් කෙනෙක් හදලා දුන්න එකක් නිසා
දෙන්න බෑ කියලා මම එයාට කිව්වා.</font>

568
00:46:07,230 --> 00:46:09,500
<font color="#ffde44">එදා ඉඳන් එයා මට පිටිපස්සෙන් බණිනවා.</font>

569
00:46:09,630 --> 00:46:10,670
<font color="#ffde44">විහිළු කරන්න එපා.</font>

570
00:46:10,670 --> 00:46:14,240
<font color="#ffde44">මට කිසිම හැදියාවක් නෑ,
කතා කරන්නේවත් නෑ කිය කිය.</font>

571
00:46:14,670 --> 00:46:16,310
<font color="#ffde44">ඒත් මම කවදාවත් එයාගේ මැසේජ්
එකක් බලලා රිප්ලයි නොකර ඉඳලාවත් නෑ.</font>

572
00:46:17,970 --> 00:46:20,940
<font color="#ffde44">එයත් දුවලා දෙන්නෙක් හදන කෙනෙක්.
එයා කොහොමද එහෙම හැසිරෙන්නේ?</font>

573
00:46:21,080 --> 00:46:23,780
<font color="#ffde44">එයාගේ දුවලා සමාජෙට ගියාම කවුරුහරි
එයාලටත් ඒ විදිහටම සැලකුවොත් මොකද කරන්නේ?</font>

574
00:46:25,550 --> 00:46:27,820
<font color="#ffde44">මේ ලෝකේ දේවල් වෙන්නේ සාමාන්‍ය විදිහට නෙවෙයි.</font>

575
00:46:27,820 --> 00:46:29,250
<font color="#ffde44">ඒ වගේම මිනිස්සු අපි හිතන විදිහේ අය නෙවෙයි.</font>

576
00:46:29,820 --> 00:46:31,090
<font color="#ffde44">මම හිතන්නේ...</font>

577
00:46:31,450 --> 00:46:34,690
<font color="#ffde44">ලෝකේ හොඳ සහ නරක දෙකම බාගෙට බාගයක් තියෙනවා.
බාගයක් හොඳයි, බාගයක් නරකයි.</font>

578
00:46:36,960 --> 00:46:39,300
<font color="#ffde44">නරක මිනිස්සු කවදාහරි නැතිවෙලාම යයිද?</font>

579
00:46:40,600 --> 00:46:42,230
<font color="#ffde44">ලෝකෙට එයාලගෙන් කිසිම වැඩක් නෑ.</font>

580
00:46:42,230 --> 00:46:43,800
<font color="#ffde44">එයාලා කවදාවත් නැතිවෙන්නේ නෑ.</font>

581
00:46:44,840 --> 00:46:47,000
<font color="#ffde44">විශ්වයේ දවාලයි රෑයි තියෙනවා නේද?</font>

582
00:46:47,400 --> 00:46:49,240
<font color="#ffde44">මේ විශ්වය තියෙනකල්,</font>

583
00:46:49,240 --> 00:46:52,480
<font color="#ffde44">මිනිස් ලෝකෙත් හරියට දවාලයි රෑයි වගේ,
හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා.</font>

584
00:46:54,340 --> 00:46:56,180
<font color="#ffde44">ඔයා ඒක තියෙන විදිහටම පිළිගන්න ඕනේ.</font>

585
00:46:56,580 --> 00:46:59,250
<font color="#ffde44">අපි අනිත් අයට කරදර කරන
නරක මිනිස්සු නොවෙන තාක්කල්,</font>

586
00:46:59,520 --> 00:47:01,620
<font color="#ffde44">අපිට ඒ ගැන හිතලා සැනසිල්ලේ ඉන්න පුළුවන්.</font>

587
00:47:03,250 --> 00:47:04,450
<font color="#ffde44">ඔයාට ඒක එච්චර ලේසිද?</font>

588
00:47:06,460 --> 00:47:09,130
<font color="#ffde44">මටත් මිනිස්සු අපහාස කරලා තියෙනවා වගේම
අමාරු කාලවල් පහු කරන්න වෙලත් තියෙනවා.</font>

589
00:47:09,430 --> 00:47:11,060
<font color="#ffde44">ඒත් එක මොහොතකදි මට ඒක තේරුම් ගියා.</font>

590
00:47:12,360 --> 00:47:13,830
<font color="#ffde44">මිනිස්සු විශ්වය පිළිබිඹු කරනවා කියලා කියනවානේ...</font>

591
00:47:13,830 --> 00:47:16,670
<font color="#ffde44">මම හිතන්නේ ඒකත් ඒ න්‍යායම තමයි,
ඒ සංසිද්ධියම තමයි...</font>

592
00:47:17,530 --> 00:47:21,710
<font color="#ffde44">මම ඒ දේවල්වල පැටලෙන්නේ නැතුව
මගේ පාඩුවේ මගේ ගමන යන්න ඕනේ කියලා මම තේරුම් ගත්තා.</font>

593
00:47:27,780 --> 00:47:29,080
<font color="#ffde44">ඔයා කියන කතාව සහතික ඇත්ත.</font>

594
00:47:29,650 --> 00:47:31,010
<font color="#ffde44">ඔයා නම් ඇත්තටම වෙනස්ම කෙනෙක්.</font>

595
00:47:31,080 --> 00:47:33,550
<font color="#ffde44">අපේ ඇඟේ තියෙන්නේ නිරෝගී සෛල විතරක් නෙවෙයිනේ.</font>

596
00:47:33,750 --> 00:47:35,750
<font color="#ffde44">ඒවා දිගටම පිළිකා සෛලත් නිපදවනවා,</font>

597
00:47:35,820 --> 00:47:36,850
<font color="#ffde44">හැමදාම.</font>

598
00:47:38,120 --> 00:47:40,190
<font color="#ffde44">මම ඇත්තටම ඒ දේවල් ඔළුවට ගන්න හොඳ නෑ.</font>

599
00:47:40,990 --> 00:47:42,890
<font color="#ffde44">දැන් මට ගොඩක් සහනයක් දැනෙනවා.</font>

600
00:47:44,490 --> 00:47:47,130
<font color="#ffde44">හරි, අද ඉඳන් ඔයා තමයි මගේ අක්කා.</font>

601
00:47:49,500 --> 00:47:51,300
<font color="#ffde44">අද අපි ඇඳලා ඉන්න ඇඳුම් පවා එක වගේනේ.</font>

602
00:47:52,400 --> 00:47:54,000
<font color="#ffde44">ඔව්. පාට විතරයි වෙනස්.</font>

603
00:47:54,140 --> 00:47:56,370
<font color="#ffde44">සහෝදරියෝ වුණ එක සමරන්න අපි මේවා මාරු කරගමු.</font>

604
00:47:57,540 --> 00:47:59,780
<font color="#ffde44">ඔයාගේ ෂර්ට් එක සිල්ක්නේ මෝමෝ.</font>

605
00:48:00,280 --> 00:48:02,210
<font color="#ffde44">මම මගේ එක ගත්තේ ඩිස්කවුන්ට් ස්ටෝර් එකකින්
ඩොලර් 25කට.</font>

606
00:48:02,380 --> 00:48:05,280
<font color="#ffde44">මොකද මේ එච්චර ගරු සරු ඇතිව කතා කරන්නේ?
අපිට දැන් සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන්නේ.</font>

607
00:48:05,350 --> 00:48:08,790
<font color="#ffde44">මම ආයේ ඔයාට "රිපෝටර් ග්‍යුම්" කියලා කියන්නේ නෑ.
මම බා රා කියලා කියන්නම්.</font>

608
00:49:29,470 --> 00:49:30,930
<font color="#ffde44">ජේම්ස්, මම කල්පනා කළා.</font>

609
00:49:31,000 --> 00:49:32,440
<font color="#ffde44">බා රා කොච්චර විශ්වාසයෙන්ද ඉන්නේ කියලා දැක්කම,</font>

610
00:49:33,240 --> 00:49:34,470
<font color="#ffde44">එයා මගේ ළමයව හදන්න ඇති කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?</font>

611
00:49:34,470 --> 00:49:36,670
<font color="#ffde44">මම ඒක ගැන හිතුවේ නෑ කියලද ඔයා හිතන්නේ?</font>

612
00:49:37,440 --> 00:49:39,010
<font color="#ffde44">ඒත් නෑ, කාලවකවානු එකට ගැළපෙන්නේ නෑ.</font>

613
00:49:39,510 --> 00:49:41,710
<font color="#ffde44">පාර්ක් සන් වූ කිව්වේ එයාට
මාස 6ක් 7ක් විතර වෙනවා වගේ පෙනුණා කියලා.</font>

614
00:49:41,780 --> 00:49:43,780
<font color="#ffde44">එයා එහෙම කියන්න ඇත්තේ
ඔයාට එයාව අමතක කරවන්න වෙන්න ඇති.</font>

615
00:49:44,180 --> 00:49:45,350
<font color="#ffde44">එහෙනම් ඇයි එයා එකපාරටම අතුරුදහන් වුණේ?</font>

616
00:49:45,780 --> 00:49:48,020
<font color="#ffde44">මොකද ඔයයි මෝමෝයි එකට ඉන්නවා දකින එක
එයාට දරාගන්න බැරි වෙන්න ඇති.</font>

617
00:49:48,850 --> 00:49:50,350
<font color="#ffde44">එයා දැන් ඔයාට කොහොමද සලකන්නේ?</font>

618
00:49:51,120 --> 00:49:52,220
<font color="#ffde44">එයා ඉස්සරට වඩා වෙනස්.</font>

619
00:49:52,920 --> 00:49:55,530
<font color="#ffde44">එයා කතා කරන්නේ වෙනස් විදිහට,
ඒ වගේම ටිකක් ඈතින් ඉන්නේ.</font>

620
00:49:56,960 --> 00:49:58,230
<font color="#ffde44">මේ හැමදේම මම ඔයා කියන දේ ඇහුවේ නැති නිසයි...</font>

621
00:49:58,830 --> 00:50:00,660
<font color="#ffde44">පළවෙනි වතාවෙම ප්‍රෙග්නන්ට් වෙන එක
ලේසියි කියලද ඔයා හිතන්නේ?</font>

622
00:50:01,300 --> 00:50:02,830
<font color="#ffde44">ඒත් එයා ඇත්තටම මගේ ළමයව හැදුවා නම්...</font>

623
00:50:02,970 --> 00:50:04,500
<font color="#ffde44">සමහරවිට එයාගේ දරුවා නැතිවෙන්න ඇති.</font>

624
00:50:05,240 --> 00:50:06,670
<font color="#ffde44">තරහට, එයාට යන්න බැරිද...</font>

625
00:50:06,670 --> 00:50:08,970
<font color="#ffde44">එයාට පණ දාගෙන හිටපු කොල්ලෙක් ගාවට?</font>

626
00:50:09,610 --> 00:50:11,370
<font color="#ffde44">මටත් රිපෝටර් ග්‍යුම් ගැන කැමැත්තක් තිබුණා.</font>

627
00:50:11,910 --> 00:50:16,310
<font color="#ffde44">සන් වූ ඩේලි පත්තරේ රිපෝටර් කෙනෙක්ට දේශපාලනේ,
ආර්ථිකේ වගේම සංස්කෘතියේ ලොකු ලොකු මිනිස්සු මුණගැහෙනවනේ.</font>

628
00:50:16,550 --> 00:50:17,550
<font color="#ffde44">ඒ අය අතරින්...</font>

629
00:50:18,720 --> 00:50:20,350
<font color="#ffde44">එයා තාමත් ඔයාට ආදරේ කළා නම්...</font>

630
00:50:20,480 --> 00:50:23,090
<font color="#ffde44">එහෙමත් නැත්නම් ඔයාගේ ළමයෙක් කුසේ හිටියා නම්,
එයා ඔයා ගාවට එයි.</font>

631
00:50:23,290 --> 00:50:24,350
<font color="#ffde44">එයා ඇයි ඩිරෙක්ටර් ෂින් ගාවට යන්නේ?</font>

632
00:50:25,360 --> 00:50:28,530
<font color="#ffde44">එකපාරටම තීරණ ගන්න එපා.
මම රිපෝටර් ග්‍යුම්ව හම්බවෙලා හොයලා බලන්නම්.</font>

633
00:50:28,960 --> 00:50:30,960
<font color="#ffde44">MRI එකෙන් පස්සේ
එයාව ඩිස්චාජ් කරයි නේද?</font>

634
00:50:31,830 --> 00:50:33,360
<font color="#ffde44">එයා ආයෙත් අතුරුදහන් වෙන එකක් නෑ
නේද?</font>

635
00:50:34,000 --> 00:50:36,070
<font color="#ffde44">එයාට එහෙම ඕනකමක් තිබුණා නම්,
එයා මුලින්ම වෙන ඉස්පිරිතාලෙකට යයිනේ.</font>

636
00:50:47,140 --> 00:50:48,140
<font color="#ffde44">අම්මා.</font>

637
00:50:49,250 --> 00:50:50,250
<font color="#ffde44">තාත්තා.</font>

638
00:50:51,280 --> 00:50:52,280
<font color="#ffde44">මගේ නංගි.</font>

639
00:50:53,820 --> 00:50:55,890
<font color="#ffde44">අපේ හතර දෙනාගේ පවුලම එකට හිටියා.</font>

640
00:51:02,190 --> 00:51:03,190
<font color="#ffde44">අම්මා.</font>

641
00:51:10,370 --> 00:51:11,570
<font color="#ffde44">සමුගන්නවා,</font>

642
00:51:12,870 --> 00:51:13,870
<font color="#ffde44">ග්‍යුම් බා රා.</font>

643
00:51:35,390 --> 00:51:37,390
<font color="#ffde44">මට ඔයිජිවයි පිකල්ස්වයි මතක් වෙනවා.</font>

644
00:51:40,200 --> 00:51:42,300
<font color="#ffde44">(ආර්ටිස්ට් පෝල් කිම්)</font>

645
00:51:46,100 --> 00:51:47,200
<font color="#ffde44">මිස්ටර් කිම්.</font>

646
00:51:47,200 --> 00:51:49,840
<font color="#ffde44">හෙලෝ. කොරියාවට දැන් ගොඩක් රෑ වෙලා ඇති නේද?</font>

647
00:51:49,970 --> 00:51:52,840
<font color="#ffde44">මම නිදාගන්න තව ටිකක් වෙලා තියෙනවා.
ඔයා ආයෙත් රට ගියාද?</font>

648
00:51:53,410 --> 00:51:54,410
<font color="#ffde44">ඔව්.</font>

649
00:51:55,780 --> 00:51:57,450
<font color="#ffde44">මට දැනගන්න ආස හිතිලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කළා,</font>

650
00:51:57,950 --> 00:52:00,320
<font color="#ffde44">මෝමෝගේ වෙන්වීම ගැන
ආටිකල් එකක් අහම්බෙන් දැක්කා.</font>

651
00:52:00,950 --> 00:52:02,150
<font color="#ffde44">ඒක ඇත්තක්ද කියලා මම කල්පනා කළා.</font>

652
00:52:02,990 --> 00:52:04,620
<font color="#ffde44">එයාලගෙන්ම අහන එක
හරි නෑ කියලා මට හිතුණා.</font>

653
00:52:05,520 --> 00:52:06,520
<font color="#ffde44">ඔව්, ඒක ඇත්ත.</font>

654
00:52:06,890 --> 00:52:08,160
<font color="#ffde44">මොකක්ද ප්‍රශ්නේ?</font>

655
00:52:08,630 --> 00:52:13,300
<font color="#ffde44">පහුගිය පාර එයාගේ දරුවා නැතිවුණාට පස්සේ
එයාලා ඉබේම ඈත් වෙලා වගේ පේනවා.</font>

656
00:52:15,870 --> 00:52:17,100
<font color="#ffde44">මට ටිකක් වගකීමක් දැනෙනවා.</font>

657
00:52:17,230 --> 00:52:20,670
<font color="#ffde44">ඔයාට වගකීමක් දැනෙන්නේ ඇයි?
ඒක මටත් අදාලයි.</font>

658
00:52:20,900 --> 00:52:23,010
<font color="#ffde44">විවාහයක් ඇතුළේ වෙන දේවල් හරියටම දන්නේ
ඒ දෙන්නා විතරයිලුනේ.</font>

659
00:52:24,410 --> 00:52:26,110
<font color="#ffde44">මම කොරියාවට ආවාම
ඔයාට කෑම වේලකින් සංග්‍රහ කරන්නම්.</font>

660
00:52:26,410 --> 00:52:27,940
<font color="#ffde44">සුංවූ ඩේලි එකේ වාර්තාකාරිනිය
ගුම් බා රා එක්ක.</font>

661
00:52:28,780 --> 00:52:29,950
<font color="#ffde44">ඔයා වාර්තාකාරිනිය ගුම්ව දන්නවා නේද?</font>

662
00:52:31,280 --> 00:52:32,780
<font color="#ffde44">ඔයාලා කිට්ටුයිද? වාර්තාකාරිනිය ගුම් බා රා එක්ක?</font>

663
00:52:33,220 --> 00:52:34,220
<font color="#ffde44">ඔව්.</font>

664
00:52:34,580 --> 00:52:37,420
<font color="#ffde44">මම යනකොට මගේ ගෙදර ගැන ටිකක් හොයලා
බලන්න කියලා මම එයාට කිව්වා,</font>

665
00:52:38,190 --> 00:52:39,320
<font color="#ffde44">ඒත් එයා නිවාඩු අරගෙන කියලා
දැනගන්න ලැබුණා.</font>

666
00:52:41,060 --> 00:52:42,690
<font color="#ffde44">ඔයා අන්තිමට එයාව දැක්කේ කවදාද?</font>

667
00:52:51,170 --> 00:52:52,540
<font color="#ffde44">මට වෙන විකල්පයක් නැහැ.</font>

668
00:52:53,900 --> 00:52:55,310
<font color="#ffde44">මගේ නංගි, මෝමෝ,</font>

669
00:52:55,970 --> 00:52:59,010
<font color="#ffde44">නරක දේවල් වලට වෛර කරපු ඇත්තටම හොඳ කෙනෙක්.</font>

670
00:53:00,410 --> 00:53:02,010
<font color="#ffde44">ඒත් එයාගේ ඒ අහිංසක ශරීරයට...</font>

671
00:53:02,810 --> 00:53:04,510
<font color="#ffde44">කිම් ජින් ජුගේ මොළය ඇතුල් කළා.</font>

672
00:53:05,780 --> 00:53:08,380
<font color="#ffde44">එයාගේ ආත්මයට ඒක කොච්චර බියකරු
වගේම වේදනාකාරී ඇද්ද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?</font>

673
00:53:10,090 --> 00:53:11,750
<font color="#ffde44">මම මගේ ශරීරය අත්හරිනවා.</font>

674
00:53:12,820 --> 00:53:13,820
<font color="#ffde44">මට...</font>

675
00:53:14,960 --> 00:53:16,790
<font color="#ffde44">මගේ නංගි ඊට වඩා වැදගත්.</font>

676
00:53:51,560 --> 00:53:53,200
<font color="#ffde44">වාර්තාකාරිනිය ගුම් ගැබ්ගෙන හිටියේ නැහැ.</font>

677
00:53:53,330 --> 00:53:54,930
<font color="#ffde44">එක්කෝ එහෙමයි, නැත්නම් පාර්ක් සන් වූ වැරදියි.</font>

678
00:53:56,270 --> 00:53:58,030
<font color="#ffde44">මම දැන් පෝල් කිම් එක්ක කතා කරලා ඉවර වුණේ,</font>

679
00:53:58,530 --> 00:54:01,070
<font color="#ffde44">එයා කිව්වා බා රා යැංපියොං වල
එයාගේ ගෙදර බලාගෙන හිටියා කියලා.</font>

680
00:54:34,170 --> 00:54:35,540
<font color="#ffde44">එයා තව යාලුවෙකුගේ
ආච්චි කෙනෙක්වත් බලාගත්තා...</font>

681
00:54:35,540 --> 00:54:36,710
<font color="#ffde44">විදේශගත වෙලා හිටපු.</font>

682
00:54:36,970 --> 00:54:39,240
<font color="#ffde44">පෝල් කිම්ට වැරදීමක් වෙන්නත් පුළුවන්.</font>

683
00:54:39,310 --> 00:54:43,210
<font color="#ffde44">ඔයා එයා එක්ක මූණට මූණ කතා කරනකොට,
එයා ගැබ්ගෙනද කියලා ඔයාට තේරුණේ නැද්ද?</font>

684
00:54:43,510 --> 00:54:44,810
<font color="#ffde44">මුල් කාලේදී නොතේරෙන්න පුළුවන්, ඒක ඇත්ත.</font>

685
00:54:47,080 --> 00:54:49,950
<font color="#ffde44">එයා ගොඩක් දුකින් ඉඳලා ඔයාට තරහා
ගස්සන්න එහෙම කියන්න ඇති.</font>

686
00:54:51,490 --> 00:54:54,060
<font color="#ffde44">එයාගේ MRI එක සාමාන්‍ය නම්,
එයා කෙලින්ම යැංපියොං වලට යාවි.</font>

687
00:54:54,520 --> 00:54:56,590
<font color="#ffde44">ඔයා එයාව නවත්තගන්න ඕනේ, දණගහලා
හරි ඕන දෙයක් කරලා.</font>

688
00:54:57,760 --> 00:55:01,100
<font color="#ffde44">ඔයාලා වෙන්වුණා කියන ප්‍රවෘත්තියෙන් එයාට බලාපොරොත්තුවක්
ලැබුණු නිසා එයා එන්නත් ඇති.</font>

689
00:55:05,470 --> 00:55:07,540
<font color="#ffde44">මම නැති දේවල් පවා හිතුවා.</font>

690
00:55:08,640 --> 00:55:09,970
<font color="#ffde44">කොහොම වුණත්, ඒක ලොකු සහනයක්.</font>

691
00:55:23,990 --> 00:55:26,260
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

692
00:55:54,320 --> 00:55:55,650
<font color="#ffde44">ගුම් බා රාව ටිකට් කපලා යැව්වාද?</font>

693
00:55:56,620 --> 00:55:58,650
<font color="#ffde44">එයා අධ්‍යක්ෂකතුමාගේ රෝගියෙක්,
ඒ නිසා අපි දන්නේ නැහැ.</font>

694
00:56:01,720 --> 00:56:03,630
<font color="#ffde44">එයා අද ලෙඩ්ඩු බලන්නේ නැහැ.</font>

695
00:56:03,630 --> 00:56:05,530
<font color="#ffde44">එයා සම්මන්ත්‍රණයකට ගිහින් ඇති.</font>

696
00:56:07,660 --> 00:56:10,930
<font color="#ffde44">අධ්‍යක්ෂකතුමා කිව්වා ගුම් බා රා MRI එකක් කළා කියලා.
එයා ඒක කළාද?</font>

697
00:56:11,170 --> 00:56:12,670
<font color="#ffde44">අපිට ඒක දැනගන්න විදිහක් නැහැ.</font>

698
00:56:13,240 --> 00:56:14,300
<font color="#ffde44">ඒ ඇයි?</font>

699
00:56:15,100 --> 00:56:16,240
<font color="#ffde44">ඒ ගැන කිසිම වාර්තාවක් නැහැ.</font>

700
00:56:27,220 --> 00:56:30,020
<font color="#ffde44">ඔබ අමතන දුරකථනය ක්‍රියා විරහිත කර ඇත.
කරුණාකර පණිවිඩයක් තබන්න...</font>

701
00:56:30,020 --> 00:56:31,550
<font color="#ffde44">(ජු ෂින්)</font>

702
00:56:35,990 --> 00:56:37,490
<font color="#ffde44">(බා රා)</font>

703
00:56:40,230 --> 00:56:43,230
<font color="#ffde44">ඔබ අමතන දුරකථනය ක්‍රියා විරහිත කර ඇත.
කරුණාකර බීප් නාදයට පසු පණිවිඩයක් තබන්න.</font>

704
00:56:43,870 --> 00:56:44,870
<font color="#ffde44">(බා රා)</font>

705
00:56:47,070 --> 00:56:48,140
<font color="#ffde44">මේ දෙන්නටම මොකද වෙලා තියෙන්නේ?</font>

706
00:57:38,520 --> 00:57:39,520
<font color="#ffde44">ආයුබෝවන්, මහත්මයා.</font>

707
00:57:41,190 --> 00:57:42,990
<font color="#ffde44">මේකද ඒක? අලුත් මොඩල් එක?</font>

708
00:57:43,130 --> 00:57:44,190
<font color="#ffde44">ඔව්, මේක තමයි.</font>

709
00:57:46,200 --> 00:57:47,530
<font color="#ffde44">බොන්න මොනවා හරි ගේන්නද?</font>

710
00:57:47,900 --> 00:57:50,300
<font color="#ffde44">අයිස් ඇමරිකානෝ එකක්.
අයිස් ඇමරිකානෝ එකක්?</font>

711
00:57:50,800 --> 00:57:51,800
<font color="#ffde44">ඔව්.</font>

712
00:57:53,100 --> 00:57:55,570
<font color="#ffde44">මම එකක් ඕඩර් කරොත්, කොච්චර කල් ඉන්න ඕනද?
මාස තුනක් බලන් ඉන්න වෙනවා.</font>

713
00:57:55,710 --> 00:57:56,710
<font color="#ffde44">ඇත්තද? ඒච්චර කල්?</font>

714
00:57:59,380 --> 00:58:00,740
<font color="#ffde44">මීට වඩා ඉක්මනට ගන්න ක්‍රමයක් නැද්ද?</font>

715
01:00:44,040 --> 01:00:45,880
<font color="#ffde44">මට පෝල් කිම්ගේ යැංපියොං ලිපිනය ඕනේ.</font>

716
01:00:46,010 --> 01:00:47,010
<font color="#ffde44">ඔයා එහේ යනවද?</font>

717
01:00:47,180 --> 01:00:49,550
<font color="#ffde44">ඔව්.
වැඩක් නැහැ. අපි...</font>

718
01:00:50,780 --> 01:00:52,080
<font color="#ffde44">ඔයාට ටිකක් පරක්කු වැඩියි.</font>

719
01:00:52,850 --> 01:00:55,020
<font color="#ffde44">අධ්‍යක්ෂක ෂින් කවදාහරි ෆෝන් එක ඕෆ් කරගෙන
අතුරුදහන් වෙලා තියෙනවද?</font>

720
01:00:57,020 --> 01:00:59,820
<font color="#ffde44">ඒ MRI කතාව සම්පූර්ණයෙන්ම
බොරුවක් වෙන්න ඇති.</font>

721
01:01:00,360 --> 01:01:01,920
<font color="#ffde44">එයාව රෝහලේ තියාගන්න විතරක්.</font>

722
01:01:03,560 --> 01:01:05,060
<font color="#ffde44">ඒ දෙන්නා රටින් ගියා වගේ.</font>

723
01:01:09,900 --> 01:01:12,570
<font color="#ffde44">මම ඇත්තටම හිතන්නේ නැහැ
ඔයාලා දෙන්නා ගැලපෙනවා කියලා.</font>

724
01:01:13,340 --> 01:01:14,340
<font color="#ffde44">එයාව යන්න දෙන්න.</font>

725
01:01:15,770 --> 01:01:18,070
<font color="#ffde44">(මෝමෝ)</font>

726
01:01:20,440 --> 01:01:22,240
<font color="#ffde44">ඔබ අමතන දුරකථනය ක්‍රියා විරහිත කර ඇත.</font>

727
01:01:22,240 --> 01:01:24,650
<font color="#ffde44">කරුණාකර බීප් නාදයට පසු ඔබේ පණිවිඩයක් තබන්න.</font>

728
01:01:25,450 --> 01:01:29,090
<font color="#ffde44">ඒ ළමයා. එයාගේ තාත්තට ආමාශයේ පිළිකාවක්.</font>

729
01:01:32,920 --> 01:01:34,690
<font color="#ffde44">සම්හප්.
ඔයා කෑම ගෙනාවද?</font>

730
01:01:34,690 --> 01:01:37,230
<font color="#ffde44">ඔව්, මැනේජර් ආසම කරන
මොක්පෝ වල තියෙන තැනින්.</font>

731
01:01:37,560 --> 01:01:39,660
<font color="#ffde44">මට මේවා කන්න බැහැ.
මටත් බැහැ.</font>

732
01:01:39,730 --> 01:01:40,730
<font color="#ffde44">එහෙනම් ඇයි ඒක ගෙනාවේ?</font>

733
01:01:41,700 --> 01:01:43,530
<font color="#ffde44">සුවඳට මට හුස්ම ගන්නත් අමාරුයි.</font>

734
01:01:44,030 --> 01:01:45,300
<font color="#ffde44">මලබද්ධයට මේක දිව්‍ය ඔසුවක්ලු.</font>

735
01:01:45,300 --> 01:01:47,000
<font color="#ffde44">මගේ අම්මා ඒක විශ්වාස කරනවා.</font>

736
01:01:47,500 --> 01:01:49,910
<font color="#ffde44">ඒත්...
මම මේ සිරාවටම කියන්නේ.</font>

737
01:01:50,470 --> 01:01:52,610
<font color="#ffde44">මේක ඔයාගේ මලබද්ධයට උදව් වෙයි.</font>

738
01:01:54,940 --> 01:01:56,180
<font color="#ffde44">මමත් ඔයා එක්ක ඒක කන්නම්.</font>

739
01:02:03,250 --> 01:02:05,890
<font color="#ffde44">ඔයාගේ අම්මා?
අම්මාට ගොඩක් රෑට වැඩ තියෙනවා.</font>

740
01:02:14,730 --> 01:02:15,730
<font color="#ffde44">නහය වහගන්නකෝ.</font>

741
01:02:18,370 --> 01:02:19,370
<font color="#ffde44">කන්නකෝ.</font>

742
01:02:19,700 --> 01:02:20,700
<font color="#ffde44">එකට.</font>

743
01:02:53,500 --> 01:02:55,440
<font color="#ffde44">මේකට කෑමක් කියන්නේ කොහොමද?</font>

744
01:02:55,810 --> 01:02:58,240
<font color="#ffde44">ප්‍රතිපලයක් තියෙන්න නම් අපිට
මේවායින් කෑලි හතක්වත් කන්න වෙයි නේද?</font>

745
01:02:59,880 --> 01:03:01,440
<font color="#ffde44">මට මලබද්ධය නැති වෙලත්
මම මේක කනවා.</font>

746
01:03:04,680 --> 01:03:06,280
<font color="#ffde44">ඔයා මේක කරන්නේ හොඳකමට විතරක් නෙමෙයි.</font>

747
01:03:06,680 --> 01:03:09,050
<font color="#ffde44">මේ වගේ දෙයක් විඳවන්න තරම් මම
මුකුත් කරලා නැහැ නේද මෝමෝ?</font>

748
01:03:10,950 --> 01:03:14,360
<font color="#ffde44">මේකෙන් සමත් පැහැපත් වෙනවා කියලා මගේ අම්මා කියනවා.</font>

749
01:03:14,520 --> 01:03:15,660
<font color="#ffde44">මගේ සම පැහැපත්.</font>

750
01:03:16,230 --> 01:03:17,860
<font color="#ffde44">ඇස් වහගෙන කන්නකෝ.</font>

751
01:03:18,260 --> 01:03:19,960
<font color="#ffde44">මමත් ඔයා එක්කම කෑලි හතක්
කන්නයි යන්නේ.</font>

752
01:03:23,100 --> 01:03:24,370
<font color="#ffde44">හරි, කමක් නැහැ.
ඔයා මේ තරම් මහන්සි වුණ නිසා.</font>

753
01:03:25,030 --> 01:03:26,040
<font color="#ffde44">හරියටම හරි.</font>

754
01:03:39,180 --> 01:03:40,180
<font color="#ffde44">මමත්,</font>

755
01:03:40,650 --> 01:03:42,650
<font color="#ffde44">මගේ නංගි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.</font>

756
01:04:16,120 --> 01:04:17,120
<font color="#ffde44">ඔයා ඒක නියමෙට කළා.</font>

757
01:04:18,890 --> 01:04:20,690
<font color="#ffde44">ජින් ජු...</font>

758
01:04:22,320 --> 01:04:23,330
<font color="#ffde44">තාම නැහැ.</font>

759
01:04:44,750 --> 01:04:47,080
<font color="#ffde44">එයාට ඇත්තටම පාඩමක් උගන්වන්න ඕනේ.
ඇත්තටම ඕනේ.</font>

760
01:04:47,820 --> 01:04:49,850
<font color="#ffde44">එයා අනිවාර්යයෙන්ම මම ගත්ත කෝල්ස් දකින්න ඇති.</font>

761
01:05:02,670 --> 01:05:03,670
<font color="#ffde44">මොකක්?</font>

762
01:05:04,930 --> 01:05:06,170
<font color="#ffde44">බා රාව ටිකට් කපලා යැව්වාද?</font>

763
01:05:07,470 --> 01:05:09,540
<font color="#ffde44">නැහැ.
එහෙනම් මොකද?</font>

764
01:05:10,510 --> 01:05:11,710
<font color="#ffde44">එයාගේ මොළේ ලේ ගැලීමක් වෙලා.</font>

765
01:05:13,080 --> 01:05:14,080
<font color="#ffde44">මොළේ ලේ ගැලීමක්?</font>

766
01:05:16,980 --> 01:05:17,980
<font color="#ffde44">ඊටපස්සේ?</font>

767
01:05:19,450 --> 01:05:21,550
<font color="#ffde44">අපි හදිසි සැත්කමක් කළා.
ඔයාමද ඒක කළේ?</font>

768
01:05:22,890 --> 01:05:25,020
<font color="#ffde44">කවදාද?
පෙරේදා.</font>

769
01:05:25,350 --> 01:05:26,660
<font color="#ffde44">එහෙනම් ඇයි මට කිව්වේ නැත්තේ?</font>

770
01:05:27,220 --> 01:05:28,220
<font color="#ffde44">එයාට කොහොමද?</font>

771
01:05:30,060 --> 01:05:32,160
<font color="#ffde44">එයාට කොහොමද?
තවම දවසයි ගියේ.</font>

772
01:05:33,330 --> 01:05:34,400
<font color="#ffde44">එයා දැන් සුවය ලබන වාට්ටුවේ ඉන්නේ.</font>

773
01:05:36,630 --> 01:05:38,100
<font color="#ffde44">එහෙනම් ඇයි නර්ස්ලා මුකුත් දන්නේ නැත්තේ?</font>

774
01:05:38,230 --> 01:05:39,340
<font color="#ffde44">ඒක බා රාගේ උවමනාව.</font>

775
01:05:41,040 --> 01:05:42,370
<font color="#ffde44">මිනිස්සු ඒක දැනගන්නවට එයා කැමති වුණේ නැහැ.</font>

776
01:05:43,270 --> 01:05:44,670
<font color="#ffde44">ඔයාගේ ෆෝන් එකත් ඕෆ් කරලා තිබුණේ.</font>

777
01:05:45,770 --> 01:05:46,780
<font color="#ffde44">මම කොහොමද...</font>

778
01:05:48,410 --> 01:05:49,910
<font color="#ffde44">මට බා රාගේ ඔපරේෂන් එක කරන්න
වෙයි කියලා දැනගන්නේ?</font>

779
01:05:56,950 --> 01:05:58,950
<font color="#ffde44">(සැත්කමට සූදානම්)</font>

780
01:05:59,050 --> 01:06:00,060
<font color="#ffde44">මට සැත්කමට යන්න තියෙනවා.</font>

781
01:06:02,760 --> 01:06:04,030
<font color="#ffde44">මට එයාව තත්පරේකට හරි බලන්න දෙන්න.</font>

782
01:06:19,540 --> 01:06:20,540
<font color="#ffde44">බා රා.</font>

783
01:06:21,380 --> 01:06:24,680
<font color="#ffde44">ඔයාගේ මොළේ නහරයක් පුපුරන
තරමට ඔයා වේදනාවෙන්ද හිටියේ?</font>

784
01:06:26,120 --> 01:06:28,150
<font color="#ffde44">කිසිම අතුරු ආබාධයක් නැතුව ඉක්මනට සනීප වෙන්න.</font>

785
01:06:29,020 --> 01:06:30,820
<font color="#ffde44">මම හැමදාම ඔයාගේ ළඟින්ම ඉන්නවා.</font>

786
01:06:39,700 --> 01:06:40,700
<font color="#ffde44">කිම්...</font>

787
01:06:44,070 --> 01:06:45,330
<font color="#ffde44">ජින් ජු.</font>

788
01:06:52,740 --> 01:06:54,080
<font color="#ffde44">අපිට කතා කරන්න පුළුවන් කවුරුහරි ඉන්නවද?</font>

789
01:06:58,210 --> 01:06:59,350
<font color="#ffde44">මම උත්සාහ කරන්නම්.</font>

790
01:07:00,320 --> 01:07:02,850
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, භාරකරුවෙක්ගේ කැමැත්ත නැතුව
ඔයාලට සැත්කම කරන්න බැරිද?</font>

791
01:07:09,220 --> 01:07:11,160
<font color="#ffde44">ඔබ අමතන දුරකථනය ක්‍රියා විරහිත කර ඇත.</font>

792
01:07:11,230 --> 01:07:12,960
<font color="#ffde44">කරුණාකර බීප් නාදයට පසු පණිවිඩයක් තබන්න.</font>

793
01:07:13,500 --> 01:07:14,730
<font color="#ffde44">ඒක ඕෆ්.</font>

794
01:07:15,460 --> 01:07:16,600
<font color="#ffde44">ඔයා දන්නවනේ...</font>

795
01:07:17,300 --> 01:07:19,030
<font color="#ffde44">මෙතන ඉන්න අධ්‍යක්ෂකතුමා එයාව දැනගන්න ඕනේ.</font>

796
01:07:19,870 --> 01:07:22,970
<font color="#ffde44">එයාගේ නම ගුම් බා රා.
එයා සුංවූ ඩේලි එකේ වාර්තාකාරිනියක්.</font>

797
01:07:23,410 --> 01:07:26,310
<font color="#ffde44">එයා කියනවා සැත්කම් අනුමැති පෝරමයට
ගුම් බා රාගෙන් අත්සනක් ගන්නම් කියලා.</font>

798
01:07:26,580 --> 01:07:27,580
<font color="#ffde44">ඒක පැතිරිලා නැහැ නේද?</font>

799
01:07:28,010 --> 01:07:29,010
<font color="#ffde44">ඒක හරි.</font>

800
01:07:30,280 --> 01:07:33,350
<font color="#ffde44">එයාගේ ලියාපදිංචි අංකය.
ඒක 6663256.</font>

801
01:07:33,520 --> 01:07:35,350
<font color="#ffde44">ඔබ අමතන දුරකථනය ක්‍රියා විරහිත කර ඇත...</font>

802
01:07:36,550 --> 01:07:37,890
<font color="#ffde44">ඒ ළමයා...</font>

803
01:07:38,450 --> 01:07:40,190
<font color="#ffde44">එයාගේ තාත්තට ආමාශයේ පිළිකාවක්.</font>

804
01:07:41,260 --> 01:07:43,790
<font color="#ffde44">එයා ආයෙත් පැනලා ගියා කියන්න නම් එපා.</font>

805
01:07:44,760 --> 01:07:48,460
<font color="#ffde44">එයා එහෙම කළත්, එයා ප්‍රසිද්ධ කෙනෙක්නේ.
එයාව හොයාගන්න එක කොච්චර අමාරු වෙයිද?</font>

806
01:07:55,740 --> 01:07:57,440
<font color="#ffde44">ඔයා සාමාන්‍යයෙන් මොන වගේ ලෙඩ්ඩුද
බලාගන්නේ?</font>

807
01:07:58,740 --> 01:08:00,310
<font color="#ffde44">ගොඩක් වෙලාවට සැත්කම් කරපු ලෙඩ්ඩු.</font>

808
01:08:00,310 --> 01:08:02,640
<font color="#ffde44">පලවෙනි අදියරට,
ඔයාට බය වෙන්න දෙයක් නැහැ.</font>

809
01:08:04,550 --> 01:08:06,650
<font color="#ffde44">සැත්කමෙන් පස්සේ මට කෑම කන්න පුළුවන් කවදාද?</font>

810
01:08:18,030 --> 01:08:20,830
<font color="#ffde44">(හෙට උදේට එයාව මාරු කරන්න.)</font>

811
01:08:31,140 --> 01:08:32,170
<font color="#ffde44">ඔයා ලෑස්ති වුණාම මේක බලන්න.</font>

812
01:08:57,370 --> 01:08:58,370
<font color="#ffde44">මෝමෝ.</font>

813
01:08:59,540 --> 01:09:00,670
<font color="#ffde44">මේක දැන් හරියාවිද?</font>

814
01:09:01,970 --> 01:09:03,010
<font color="#ffde44">හරියාවිද?</font>

815
01:09:50,950 --> 01:09:52,350
<font color="#ffde44">(රෝගීන් ප්‍රවාහනය පමණි)</font>

816
01:09:54,690 --> 01:09:55,990
<font color="#ffde44">(අපස්මාර රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපදේශනය)</font>

817
01:10:29,520 --> 01:10:32,060
<font color="#ffde44">අපිට එයාව බලන්න පුළුවන් කවදාද? එයාට දැන් සිහිය ඇවිත් ඇති.</font>

818
01:10:32,160 --> 01:10:33,200
<font color="#ffde44">ඒක මොළේ සැත්කමක්නේ,</font>

819
01:10:33,460 --> 01:10:34,700
<font color="#ffde44">ඒ නිසා එයාව සාමාන්‍ය වාට්ටුවකට
මාරු කරනකම් බැහැ.</font>

820
01:10:35,000 --> 01:10:37,670
<font color="#ffde44">මේක නම් අදහාගන්නත් බැහැ.
මං කිව්වේ, එයාගේ වයසට, කොහොමද මේක...</font>

821
01:10:38,270 --> 01:10:39,800
<font color="#ffde44">එයා බිව්වේ, සිගරට් බිව්වේ නැහැනේ.</font>

822
01:10:41,170 --> 01:10:43,340
<font color="#ffde44">ළමා නිවාසයේ ඉන්නකොට හරියට කන්නේ නැතුව
ඉඳලා එයාගේ නහර දුර්වල වෙලා වෙන්න බැරිද?</font>

823
01:10:44,870 --> 01:10:45,870
<font color="#ffde44">මිස්ටර් කිම් ග්වං චෝල්.</font>

824
01:10:47,040 --> 01:10:48,080
<font color="#ffde44">ඔයාගේ ඇස් ඇරලා බලන්න.</font>

825
01:10:49,880 --> 01:10:51,680
<font color="#ffde44">ආයෙත් පැනලා යන්න විතරක් හදන්න.</font>

826
01:10:53,050 --> 01:10:54,820
<font color="#ffde44">එහෙම කළොත් මම ඔයාව හොයාගන්නවා.</font>

827
01:10:55,480 --> 01:10:56,520
<font color="#ffde44">මිස්ටර් කිම් ග්වං චෝල්?</font>

828
01:10:59,190 --> 01:11:01,120
<font color="#ffde44">ඔයාගේ සැත්කම හොඳට කෙරුණා.</font>

829
01:11:30,650 --> 01:11:31,650
<font color="#ffde44">එයා...</font>

830
01:11:32,450 --> 01:11:33,920
<font color="#ffde44">ට්‍රිප් එකක්වත් ගියාද?</font>

831
01:12:07,320 --> 01:12:09,420
<font color="#ffde44">(කැෂියර් චෙක්පත)</font>

832
01:12:18,130 --> 01:12:20,740
<font color="#ffde44">ඇත්තම කිව්වොත්,
මට වැඩියෙන්ම බය හිතෙන්නේ ඔයා ගැන තමයි.</font>

833
01:12:20,870 --> 01:12:23,240
<font color="#ffde44">ඉතින්, බය වෙන්න එපා.
ඔයාට මං ළඟ නිදහසේ ඉන්න පුළුවන්.</font>

834
01:12:26,440 --> 01:12:28,110
<font color="#ffde44">ඒක මම ඔයාව විශ්වාස කරන්නේ නැති නිසා නෙමෙයි,
අධ්‍යක්ෂක ෂින්.</font>

835
01:12:37,220 --> 01:12:38,420
<font color="#ffde44">එයාව 12 වෙනි තට්ටුවට මාරු කරන්න.</font>

836
01:12:38,690 --> 01:12:39,690
<font color="#ffde44">හරි, සර්.</font>

837
01:12:48,330 --> 01:12:50,230
<font color="#ffde44">නුවා මහ රෝහල.
ඔව්, සර්.</font>

838
01:12:53,370 --> 01:12:54,640
<font color="#ffde44">(ස්නායු ශල්‍ය අධ්‍යක්ෂක කාර්යාලය)</font>

839
01:12:54,840 --> 01:12:55,840
<font color="#ffde44">බා රාට කොහොමද?</font>

840
01:13:02,810 --> 01:13:03,810
<font color="#ffde44">මොළේ මැරිලා?</font>

841
01:13:09,480 --> 01:13:10,490
<font color="#ffde44">කොහොමද මෙහෙම...</font>

842
01:13:12,220 --> 01:13:13,490
<font color="#ffde44">ඔයාමනේ සැත්කම කළේ.</font>

843
01:13:18,260 --> 01:13:19,260
<font color="#ffde44">දැන් මොකද කරන්නේ?</font>

844
01:13:22,000 --> 01:13:24,400
<font color="#ffde44">මට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.
මොකුත් නැහැ කියන්නේ මොකක්ද?</font>

845
01:13:25,900 --> 01:13:28,300
<font color="#ffde44">මොනවා කරලා හරි ඔයා ක්‍රමයක් හොයාගන්න ඕනේ.</font>

846
01:13:30,140 --> 01:13:31,140
<font color="#ffde44">ෂින් ජු ෂින්.</font>

847
01:13:32,870 --> 01:13:35,080
<font color="#ffde44">ඔයා එයාව අවදි කරන්න ඕනේ.</font>

848
01:13:38,550 --> 01:13:39,550
<font color="#ffde44">මම හැමදේම කරලා බැලුවේ නැහැ කියලද ඔයා හිතන්නේ?</font>

849
01:13:40,480 --> 01:13:41,480
<font color="#ffde44">එහෙනම්, ආයෙත් සැත්කමක් කරන්න.</font>

850
01:13:44,250 --> 01:13:45,250
<font color="#ffde44">උඹට පිස්සුද යකෝ.</font>

851
01:13:46,090 --> 01:13:47,220
<font color="#ffde44">මේ හැමදේකටම පස්සේ, උඹ බා රාට මෙහෙම කළා...</font>

852
01:13:48,190 --> 01:13:49,190
<font color="#ffde44">මෙච්චරද?</font>

853
01:13:54,300 --> 01:13:55,300
<font color="#ffde44">ගිහින් ඔයාම එයාව බලන්න.</font>

854
01:14:43,780 --> 01:14:44,780
<font color="#ffde44">බා රා.</font>

855
01:14:47,920 --> 01:14:49,020
<font color="#ffde44">මේක වෙන්න බැහැ.</font>

856
01:14:57,760 --> 01:14:59,900
<font color="#ffde44">මොනවා හරි කරන්න. නිකන් බලාගෙන ඉන්න එපා.</font>

857
01:15:04,700 --> 01:15:07,170
<font color="#ffde44">බා රා. ඔයාට මාව ඇහෙනවද?</font>

858
01:15:09,600 --> 01:15:10,610
<font color="#ffde44">මේ මම, හා යොන්ග් ජූන්ග්.</font>

859
01:15:11,240 --> 01:15:12,240
<font color="#ffde44">ගුම් බා රා.</font>

860
01:15:19,250 --> 01:15:20,420
<font color="#ffde44">ඔයාට මාව ඇහෙනවා නම් මගේ අත තද කරන්න.</font>

861
01:15:21,480 --> 01:15:22,480
<font color="#ffde44">අනේ උත්සාහ කරන්න.</font>

862
01:15:23,450 --> 01:15:24,450
<font color="#ffde44">මේ මම.</font>

863
01:15:28,860 --> 01:15:30,660
<font color="#ffde44">ගුම් බා රා, ඔයා කාටත් වඩා ශක්තිමත්.</font>

864
01:15:32,090 --> 01:15:33,090
<font color="#ffde44">අනේ.</font>

865
01:15:44,810 --> 01:15:47,040
<font color="#ffde44">ඒයි. ඔයා නිකන්ම බලාගෙන ඉන්නද හදන්නේ?</font>

866
01:15:49,510 --> 01:15:51,180
<font color="#ffde44">මම එයාව සෝල්ටප් රෝහලට මාරු කරනවා.</font>

867
01:15:51,480 --> 01:15:52,480
<font color="#ffde44">ඒකෙන් වැඩක් නැහැ.</font>

868
01:15:52,480 --> 01:15:54,480
<font color="#ffde44">වැඩක් නැහැ? තමුන් එයාට කරපු දේවල් වලට පස්සෙත්?</font>

869
01:15:55,120 --> 01:15:56,950
<font color="#ffde44">ඔයා ඩොක්ටර් කිම් ජුන් ඕ ලවා
මේ සැත්කම කරවන්නයි තිබුණේ.</font>

870
01:16:02,620 --> 01:16:04,490
<font color="#ffde44">සෝල්ටප් රෝහලට කෝල් එකක් ගන්න.
මේක හදිසි අවස්ථාවක්.</font>

871
01:16:04,590 --> 01:16:06,490
<font color="#ffde44">ඔයාට ඕනෙද ආයෙත් එයාගේ හිස් කබල විවෘත කරන්න
එයාව රෝහල් අතරේ ඇදගෙන යන්න?</font>

872
01:16:06,930 --> 01:16:08,630
<font color="#ffde44">තව එක සැත්කමක් කළොත්
එයා මේ මේසේ උඩම මැරෙයි.</font>

873
01:16:17,910 --> 01:16:18,910
<font color="#ffde44">එහෙනම් මේකේ වගකීම භාරගන්නවා.</font>

874
01:16:24,950 --> 01:16:26,650
<font color="#ffde44">තමුන් මනුස්සයෙක් නම්,
මේකේ වගකීම භාරගන්නවා, කාලකණ්ණියා!</font>

875
01:16:27,480 --> 01:16:28,480
<font color="#ffde44">ඒයි!</font>

876
01:16:49,470 --> 01:16:51,340
<font color="#ffde44">මම ඔයාට හරක් මස් කැඳ ටිකක් හැදුවා.</font>

877
01:16:51,810 --> 01:16:54,880
<font color="#ffde44">මම හිතන්නේ මම දැන් හරියට කෑම වේලක් කන්න ලෑස්තියි.</font>

878
01:17:36,420 --> 01:17:38,550
<font color="#ffde44">ඔව්...
මම ගුම් බා රා.</font>

879
01:17:38,620 --> 01:17:40,460
<font color="#ffde44">ඒක හරි. ඔයාට තියෙන්නේ වෙනස්ම නමක්.</font>

880
01:17:42,960 --> 01:17:45,090
<font color="#ffde44">ඇයි ඔයා මාව අතහැරියේ?
මම ඔයාගේ දුව.</font>

881
01:17:49,900 --> 01:17:52,200
<font color="#ffde44">අම්මා කෙනෙකුට තමන්ගේම දරුවාව
අඳුරගන්න බැරිද?</font>

882
01:17:54,970 --> 01:17:56,400
<font color="#ffde44">මාව බිහිකරන්න
ඒ තරම් දුකක් වින්දට පස්සෙත්...</font>

883
01:17:57,770 --> 01:17:58,770
<font color="#ffde44">(අධ්‍යක්ෂක ෂින්)</font>

884
01:18:08,120 --> 01:18:09,250
<font color="#ffde44">ඔව්, අධ්‍යක්ෂක ෂින්.</font>

885
01:18:17,460 --> 01:18:20,030
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

886
01:18:48,820 --> 01:18:50,660
<font color="#ffde44">මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා.</font>

887
01:20:00,160 --> 01:20:03,100
<font color="#ffde44">(වෛද්‍ය ෂින්)</font>

888
01:20:03,200 --> 01:20:04,830
<font color="#ffde44">ඔයා තටාකෙට බහින්න ඕනේ
නාන ඇඳුමක් ඇඳගෙන.</font>

889
01:20:04,830 --> 01:20:06,530
<font color="#ffde44">ජින් ජූගේ තාත්තා මාව හම්බවෙන්න ආවා.</font>

890
01:20:06,630 --> 01:20:08,440
<font color="#ffde44">ඒ හිටියේ වාර්තාකාරිය ගුම් බා රා වගේ.</font>

891
01:20:08,440 --> 01:20:10,370
<font color="#ffde44">එයා අනතුරකටවත් මුහුණ දුන්නද?</font>

892
01:20:10,440 --> 01:20:12,170
<font color="#ffde44">මේ ගෙදර අයිතිකාරයා...</font>

893
01:20:12,710 --> 01:20:14,080
<font color="#ffde44">තාමත් රෝහලෙන් පිටවෙලා නැද්ද?</font>

894
01:20:14,080 --> 01:20:15,580
<font color="#ffde44">එයා මගේ දුවගේ යාලුවෙක්.</font>

895
01:20:15,640 --> 01:20:16,640
<font color="#ffde44">ඒත් ඔයාට ආරංචි වුණේ නැද්ද?</font>

896
01:20:17,280 --> 01:20:18,610
<font color="#ffde44">එයා ටික වෙලාවකට කලින් නැති වුණා.</font>

897
01:20:20,350 --> 01:20:21,680
<font color="#ffde44">භූමදාන කරන්න කලින්
අවමංගල්‍ය උත්සවයක් තියෙන එකක් නැහැ.</font>

898
01:20:21,880 --> 01:20:23,350
<font color="#ffde44">එයා හිටියේ ජීවිතේ හොඳම කාලේ.</font>

899
01:20:23,420 --> 01:20:24,850
<font color="#ffde44">ඔයාගේ තාත්තා...</font>

900
01:20:24,990 --> 01:20:26,450
<font color="#ffde44">අද ගොඩක් ඇඬුවා.</font>

901
01:20:26,450 --> 01:20:27,560
<font color="#ffde44">හරියටම කිම් ජින් ජූ වගේ.</font>

902
01:20:28,160 --> 01:20:29,790
<font color="#ffde44">මිනිස්සු කියන කතාව ඇත්ත,
මිනිස්සු කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.</font>

903
01:20:31,760 --> 01:20:34,200
<font color="#ffde44">මට විශ්වාස නැහැ මම ඔයාට කතා කරන්න ඕනෙද කියලා.</font>

904
01:20:34,200 --> 01:20:36,000
<font color="#ffde44">මම කෙලින්ම කාරණයට එන්නම්.</font>

905
01:20:36,100 --> 01:20:38,970
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

906
01:20:39,030 --> 01:20:40,400
<font color="#ffde44">මෙතන මළ සිරුරක් තියෙනවා!</font>

907
01:20:40,740 --> 01:20:43,240
<font color="#ffde44">මම හිතන්නේ ඒ මෑතකදී
අපි සැත්කමක් කරපු ලෙඩෙක්.</font>

908
01:20:43,300 --> 01:20:44,670
<font color="#ffde44">අධ්‍යක්ෂකතුමා මෙහේ නැද්ද?
නැහැ සර්.</font>

909
01:20:44,870 --> 01:20:46,140
<font color="#ffde44">ඔයා මේක විශ්වාස කරන එකක් නැහැ.</font>

910
01:20:46,140 --> 01:20:47,880
<font color="#ffde44">මම ඔයාගේ ගෙදරට එන ගමන් ඉන්නේ,
ඒ නිසා එතෙන්ට දුවන්න...</font>

911
01:20:47,880 --> 01:20:48,880
<font color="#ffde44">පුළුවන් තරම් ඉක්මනට.</font>

912
01:20:48,904 --> 01:20:50,904


913
01:20:50,928 --> 01:20:52,928
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

