1
00:00:45,356 --> 00:00:47,356
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:47,380 --> 00:00:49,674
<font color="#ffc88f"><i>විශ්වයේ හොඳම, දෝ රා-ඉක්!</i></font>

3
00:00:50,300 --> 00:00:53,011
<font color="#ffc88f"><i>හිනාවෙන සුරදූතයා, කැන්ග් වූ-සොන්ග්!</i></font>

4
00:00:53,094 --> 00:00:55,430
<font color="#ffc88f"><i>දිලිසෙන තාරකාව, ලී යොන්ග්-බින්</i></font>

5
00:00:56,139 --> 00:00:58,349
<font color="#ffc88f"><i>හිත හොරාගන්න, චෝයි ජේ-හී!</i></font>

6
00:00:58,933 --> 00:01:01,853
<font color="#ffc88f"><i>අපි ඔයාලට ආදරෙයි, ගෝල්ඩ් බෝයිස්!</i></font>

7
00:01:05,482 --> 00:01:06,691
<font color="#ffcc46">අද එයා හරිම ලස්සනයි.</font>

8
00:01:10,528 --> 00:01:11,988
<font color="#ffcc46">විශ්වයේ හොඳම, දෝ රා-ඉක්!</font>

9
00:01:15,700 --> 00:01:16,910
<font color="#ffcc46">එයා හරිම හැඩයි.</font>

10
00:01:22,207 --> 00:01:23,750
<font color="#ffcc46">මම ඔයාට ආදරෙයි, දෝ රා-ඉක්!</font>

11
00:01:36,554 --> 00:01:37,472
<font color="#ffcc46">දෝ රා-ඉක් මහත්තයා.</font>

12
00:01:46,314 --> 00:01:47,273
<font color="#ffcc46">දෝ රා-ඉක් මහත්තයා.</font>

13
00:01:48,399 --> 00:01:49,234
<font color="#ffcc46">නෑ.</font>

14
00:01:49,943 --> 00:01:51,111
<font color="#ffcc46">එහෙම වෙන්න බෑ.</font>

15
00:01:52,445 --> 00:01:53,446
<font color="#ffcc46">ඇයි...</font>

16
00:01:55,532 --> 00:01:56,991
<font color="#ffcc46">ඇයි වූ-සොන්ග් මැරෙන්නේ?</font>

17
00:01:57,617 --> 00:01:58,785
<font color="#ffcc46">ඇයි වූ-සොන්ග්?</font>

18
00:01:59,953 --> 00:02:01,204
<font color="#ffcc46">වෙන්න බෑ.</font>

19
00:02:04,499 --> 00:02:08,086
<font color="#ffcc46">මම දන්නවා විශ්වාස කරන්න අමාරුයි කියලා,
ඒත් මේක ඇත්තටම සිද්ධ වුණා.</font>

20
00:02:09,671 --> 00:02:12,590
<font color="#ffcc46">අද උදේ පාන්දරම, කැන්ග් වූ-සොන්ග් මහත්තයා...</font>

21
00:02:14,634 --> 00:02:17,178
<font color="#ffcc46">ඔබේ නිවසේදී ඝාතනය වෙලා.</font>

22
00:02:22,725 --> 00:02:24,811
<font color="#ffcc46">මම චොන්-උන් නීති සමාගමේ මැන්ග් සේ-නා.</font>

23
00:02:25,728 --> 00:02:27,564
<font color="#ffcc46">ඔබ දන්නවද නම් මම දන්නේ නෑ,</font>

24
00:02:28,189 --> 00:02:30,942
<font color="#ffcc46">ඒත් අපේ සමාගම තමයි නීති උපදෙස් දෙන්නේ</font>

25
00:02:31,025 --> 00:02:32,193
<font color="#ffcc46">ඔබේ ඒජන්සියට. නවත්තන්න.</font>

26
00:02:32,277 --> 00:02:34,195
<font color="#ffcc46">ඕක නවත්තන්න.</font>

27
00:02:34,279 --> 00:02:35,655
<font color="#ffcc46">මේ වෙලාවේ, පොලිසිය</font>

28
00:02:36,156 --> 00:02:38,783
<font color="#ffcc46">ප්‍රධාන සැකකරු විදියට සලකන්නේ ඔබව.</font>

29
00:02:38,867 --> 00:02:41,119
<font color="#ffcc46">එයාල ප්‍රසිද්ධ පුද්ගලයෙක්ව
හදිසි අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙන්නේ.</font>

30
00:02:41,202 --> 00:02:43,955
<font color="#ffcc46">අනිවාර්යයෙන්ම ලොකු සාක්ෂියක්
ඇති-- මම කිව්වේ නවත්තන්න කියලා!</font>

31
00:02:44,038 --> 00:02:46,082
<font color="#ffcc46">ඔය පිස්සු කතා ඇති දැන්!</font>

32
00:02:46,583 --> 00:02:47,917
<font color="#ffcc46">ඇයි වූ-සොන්ග් මැරෙන්නේ?</font>

33
00:02:48,001 --> 00:02:50,962
<font color="#ffcc46">ඊයේ රෑත් අපි එකට බිබී, සින්දු කිය කිය හිටියේ,</font>

34
00:02:51,045 --> 00:02:53,047
<font color="#ffcc46">අපේ ඊළඟ ඇල්බම් එක ගැන ප්ලෑන් කර කර!</font>

35
00:02:56,092 --> 00:02:57,552
<font color="#ffcc46">ඕක බොරුවක්.</font>

36
00:02:58,678 --> 00:03:00,013
<font color="#ffcc46">ඕක බොරුවක්!</font>

37
00:03:00,096 --> 00:03:02,640
<font color="#ffcc46">මේක බොරුවක් නේද? මේක බොරුවක්නේ, නේද?</font>

38
00:03:09,647 --> 00:03:11,649
<font color="#ffcc46">මේකෙ කිසි තේරුමක් නෑ.</font>

39
00:03:11,733 --> 00:03:13,985
<font color="#ffcc46">ඇයි වූ-සොන්ග්...</font>

40
00:03:14,736 --> 00:03:17,989
<font color="#ffcc46">ඒක හොයාගන්න, මට ඔබේ ප්‍රකාශය ඕන.</font>

41
00:03:18,072 --> 00:03:20,992
<font color="#ffcc46">මට හරියටම දැනගන්න ඕන මොකද වුණේ කියලා,</font>

42
00:03:21,534 --> 00:03:23,453
<font color="#ffcc46">වෙන කවුරුහරි ආවද කියලා,</font>

43
00:03:23,953 --> 00:03:27,540
<font color="#ffcc46">එහෙම නැත්නම් ඔබත් එක්ක හරි වූ-සොන්ග් එක්ක හරි
තරහක් තියෙන කවුරුහරි හිටියද කියලා.</font>

44
00:03:27,624 --> 00:03:29,667
<font color="#ffc88f"><i>තමුන් කාටද ණය ගැති කියලද හිතන් ඉන්නේ?</i></font>

45
00:03:29,751 --> 00:03:33,296
<font color="#ffc88f"><i>රා-ඉක්, මම දන්නවා ඒ ඔයා කියලා.</i></font>

46
00:03:33,379 --> 00:03:35,423
<font color="#ffc88f"><i>මගේ ආදරණීය දෝ රා-ඉක්, ඔයා හරි නපුරුයි.</i></font>

47
00:03:35,506 --> 00:03:37,550
<font color="#ffcc46">ඔයාගේ ෆෝන් නම්බර් එක!</font>

48
00:03:39,010 --> 00:03:39,844
<font color="#ffcc46">ඒයි!</font>

49
00:03:39,928 --> 00:03:42,096
<font color="#ffcc46">රා-ඉක්!</font>

50
00:03:42,180 --> 00:03:44,265
<font color="#ffcc46">කොහොමද ඔයාගේ ෆෑන්ලට මෙහෙම සලකන්නේ?
<i>- ෆෑන්ල?</i></font>

51
00:03:44,349 --> 00:03:47,435
<font color="#ffcc46">තමුසෙලා කැරපොත්තෝ වගේ.</font>

52
00:03:47,518 --> 00:03:50,063
<font color="#ffcc46">ජරාව, පිළිකුල්, අප්පිරියයි, තේරුණාද?</font>

53
00:03:50,146 --> 00:03:51,564
<font color="#ffcc46">මොකක්? කැරපොත්තෝ?</font>

54
00:03:51,648 --> 00:03:52,941
<font color="#ffcc46">ඒයි, දෝ රා-ඉක්!</font>

55
00:03:53,024 --> 00:03:55,026
<font color="#ffcc46">තමුන්ව මෙච්චර සාර්ථක කලේ කවුරු කියලද හිතන් ඉන්නේ?</font>

56
00:03:55,109 --> 00:03:57,320
<font color="#ffcc46">ඒක හරි. අපි තමයි තමුන්ව හැදුවේ.</font>

57
00:03:57,403 --> 00:04:00,240
<font color="#ffcc46">ඔය නම, ප්‍රසිද්ධිය,
දැන් ඔය විඳින හැමදේම.</font>

58
00:04:00,865 --> 00:04:02,575
<font color="#ffcc46">අපි තමයි ඕවා ඔක්කොම හැදුවේ.</font>

59
00:04:02,659 --> 00:04:04,786
<font color="#ffcc46">තමුන්ට කවදාවත් අපිව අතාරින්න බෑ.</font>

60
00:04:04,869 --> 00:04:08,039
<font color="#ffcc46">අපිට එපා වෙනකන් තමුන්ට යන්න බෑ.</font>

61
00:04:08,122 --> 00:04:10,166
<font color="#ffcc46">තමුන්ට දුවන්න බෑ!</font>

62
00:04:11,251 --> 00:04:12,627
<font color="#ffcc46">කවුරුහරි ඉන්නවා තරහක් තියෙන!</font>

63
00:04:12,710 --> 00:04:14,712
<font color="#ffcc46">අර පිස්සු වැටුනු ෆෑන් කෙල්ලො!</font>

64
00:04:18,800 --> 00:04:19,968
<font color="#ffcc46">පිස්සු වැටුනු ෆෑන් කෙල්ලො?</font>

65
00:04:22,178 --> 00:04:23,513
<font color="#ffcc46">ඔබ අදහස් කරන්නේ...</font>

66
00:04:24,889 --> 00:04:26,641
<font color="#ffcc46">ඔබේ රසිකයෝ?</font>

67
00:04:26,724 --> 00:04:28,935
<font color="#ffcc46">රසිකයෝ හරි මොක්කු හරි,
ඕක කලේ අර පිස්සු ෆෑන් කෙල්ලො!</font>

68
00:04:29,018 --> 00:04:32,021
<font color="#ffcc46">එයාල හැමතැනම මගේ පස්සෙන් එනවා,
උගුර ලේ රහ වෙනකන් කෑගහනවා,</font>

69
00:04:32,105 --> 00:04:35,108
<font color="#ffcc46">හැමදාම කෝල් කරනවා මැසේජ් කරනවා,
දවස තිස්සෙම මාව පිස්සු වට්ටනවා.</font>

70
00:04:35,191 --> 00:04:37,902
<font color="#ffcc46">එයාල ළඟදී මගේ ගෙදරටත් කඩා පැන්නා.</font>

71
00:04:37,986 --> 00:04:40,029
<font color="#ffcc46">ඒ එයාල! ඒ සයිකෝ කාරයෝ!</font>

72
00:04:41,489 --> 00:04:44,867
<font color="#ffcc46">මම දැනන් හිටියා, ඔය පිස්සු බැල්ලියො.</font>

73
00:04:44,951 --> 00:04:48,454
<font color="#ffcc46">මගේ මූණට හොඳ මූණ පෙන්නනවා, යකෝ,</font>

74
00:04:48,538 --> 00:04:51,791
<font color="#ffcc46">ඒත් මට හොරෙන්,
මාව පිස්සු වට්ටනවා.</font>

75
00:04:51,874 --> 00:04:54,711
<font color="#ffcc46">එයාල මගේ ගෙදරට කඩා වැදුණ වෙලාවේ,
මම එයාලව හිරේ දාන්න තිබුණේ.</font>

76
00:04:54,794 --> 00:04:56,879
<font color="#ffcc46">එහෙම නොකරපු එක තමයි මගේ ලොකුම පසුතැවීම.</font>

77
00:05:02,343 --> 00:05:03,303
<font color="#ffcc46">රහස් පරීක්ෂකතුමා.</font>

78
00:05:04,470 --> 00:05:06,764
<font color="#ffcc46">මොකක්ද එයා මීටිමක කියන්නේ?</font>

79
00:05:06,848 --> 00:05:08,766
<font color="#ffcc46">- කා එක්කද? එන්න යන්න.</font>

80
00:05:09,350 --> 00:05:13,563
<font color="#ffcc46">ඔයාල දැන්මම ඇදගෙන වැටෙන්නද හදන්නේ?</font>

81
00:05:15,231 --> 00:05:16,649
<font color="#ffcc46">අන්න එයා ඉන්නවා.</font>

82
00:05:23,781 --> 00:05:25,742
<font color="#ffcc46">ඒයි!</font>

83
00:05:30,246 --> 00:05:31,664
<font color="#ffcc46">කොහොමද දැනගත්තේ මෙතනට එන්න?</font>

84
00:05:31,748 --> 00:05:34,208
<font color="#ffcc46">අර කාලකන්නි සහයක ජෑන්ග් රිපෝට් කරාද?</font>

85
00:05:36,044 --> 00:05:36,961
<font color="#ffcc46">ඒයි!</font>

86
00:05:38,337 --> 00:05:41,090
<font color="#ffcc46">ඔයා දන්නවනේ, ක්ලයන්ට් කෙනෙක්ට
ඔහොම කඩා පනින එක</font>

87
00:05:41,174 --> 00:05:43,509
<font color="#ffcc46">නීතිමය ආචාර ධර්මවලට විරුද්ධයි කියලා, නේද?</font>

88
00:05:43,593 --> 00:05:44,427
<font color="#ffcc46">ඒයි!</font>

89
00:05:44,510 --> 00:05:46,387
<font color="#ffcc46">මම තමයි ගෝල්ඩි එන්ටටේන්මන්ට් එක
භාරව ඉන්නේ.</font>

90
00:05:46,471 --> 00:05:49,640
<font color="#ffcc46">ඉතින් අනිවාර්යයෙන්ම, මේ නඩුව මගේ.
සම්පූර්ණයෙන්ම මගේ. තේරුණාද?</font>

91
00:05:54,687 --> 00:05:56,481
<font color="#ffcc46">හරි, පරිස්සමින් යන්න.</font>

92
00:05:57,857 --> 00:05:58,900
<font color="#ffcc46">ඒයි!</font>

93
00:06:01,152 --> 00:06:02,195
<font color="#ffcc46">මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ?</font>

94
00:06:03,279 --> 00:06:04,781
<font color="#ffcc46">ඇයි එච්චර ලේසියෙන් අතඇරියේ?</font>

95
00:06:08,201 --> 00:06:10,745
<font color="#ffcc46">එයා පිළිගත්තද?
එයා කියනවද එයා ඇත්තටම මැරුවා කියලා?</font>

96
00:06:27,845 --> 00:06:29,639
<font color="#ffcc46">අවසර නැතුව ඇතුලට එන්න එපා.</font>

97
00:06:30,139 --> 00:06:32,058
<font color="#ffcc46">අන්න එයා එළියට එනවා! අන්න එයා එනවා!</font>

98
00:06:32,141 --> 00:06:34,560
<font color="#ffcc46">දෝ රා-ඉක් ද ප්‍රධාන සැකකරු?
එයා චෝදනාවලට වැරදිකරු වුණාද?</font>

99
00:06:34,644 --> 00:06:36,020
<font color="#ffcc46">මට ඕන නිකන්</font>

100
00:06:36,729 --> 00:06:38,106
<font color="#ffcc46">ඈත ඉඳන් බලාගෙන ඉන්න විතරයි.</font>

101
00:06:39,524 --> 00:06:41,150
<font color="#ffc88f"><i>ඒ ඇති.</i></font>

102
00:06:43,569 --> 00:06:47,240
<font color="#ffcc46">එයාට විරුද්ධව මිනීමැරුම් චෝදනා දාලද?
එයාගේ මේකට සම්බන්ධයක් තියෙනවද?</font>

103
00:06:47,323 --> 00:06:48,908
<font color="#ffc88f"><i>කවුරුහරි ඉන්නවා තරහක් තියෙන!</i></font>

104
00:06:48,991 --> 00:06:50,618
<font color="#ffcc46">අර පිස්සු වැටුනු ෆෑන් කෙල්ලො!</font>

105
00:06:55,081 --> 00:06:56,999
<font color="#ffcc46">මිනීමරුවා</font>

106
00:06:57,083 --> 00:06:58,042
<font color="#ffc88f"><i>මහා කරදරයක්.</i></font>

107
00:06:58,626 --> 00:06:59,669
<font color="#ffcc46">මැන්ග් සේ-නා</font>

108
00:07:00,711 --> 00:07:02,922
<font color="#ffc88f"><i>ජීවිතේ එකපාරටම කඩා වැටෙනකොට</i>
<i>එක මොහොතකින්,</i></font>

109
00:07:03,965 --> 00:07:05,842
<font color="#ffc88f"><i>කවදාවත් හිතපු නැති වෙලාවක.</i></font>

110
00:07:06,634 --> 00:07:07,718
<font color="#ffcc46">මහා පිළිකුල් සහගතයි.</font>

111
00:07:07,802 --> 00:07:09,595
<font color="#ffcc46">මම අහලා තියෙනවා එයාගේ තාත්තා කෙනෙක්ව මැරුවලු.</font>

112
00:07:09,679 --> 00:07:10,888
<font color="#ffcc46">ඒක ඇත්ත.</font>

113
00:07:11,848 --> 00:07:13,474
<font color="#ffcc46">එයාගෙන් ජරා ගඳක් එනවා.</font>

114
00:07:13,558 --> 00:07:15,393
<font color="#ffcc46">සමහරවිට එයාටත් ඒ ජානම ඇති.</font>

115
00:07:15,476 --> 00:07:17,395
<font color="#ffcc46">එයත් කෙනෙක්ව මරයිද දන් නෑ.</font>

116
00:07:17,478 --> 00:07:19,272
<font color="#ffcc46">ඔව්, ඇත්තටම.</font>

117
00:07:19,856 --> 00:07:20,773
<font color="#ffcc46">මිනීමරුවෙක්.</font>

118
00:07:20,857 --> 00:07:22,942
<font color="#ffc88f"><i>සුනාමියක් වගේ වේදනාව</i>
<i>කඩාගෙන එනකොට,</i></font>

119
00:07:23,860 --> 00:07:26,195
<font color="#ffc88f"><i>කාටවත් නොදැනිම.</i></font>

120
00:07:28,197 --> 00:07:29,824
<font color="#ffc88f"><i>අන්තිමට මටවත්</i></font>

121
00:07:31,325 --> 00:07:35,705
<font color="#ffc88f"><i>මාව ආරක්ෂා කරගන්න බැරි වුණාම.</i></font>

122
00:08:00,563 --> 00:08:01,731
<font color="#ffc88f"><i>ඒ වෙලාවේ,</i></font>

123
00:08:04,108 --> 00:08:05,401
<font color="#ffc88f"><i>මේ ලෝකෙ හිටපු එකම එක්කෙනා</i></font>

124
00:08:07,069 --> 00:08:08,863
<font color="#ffc88f"><i>මාව සනසපු,</i></font>

125
00:08:10,072 --> 00:08:10,907
<font color="#ffc88f"><i>ඒ ඔයා.</i></font>

126
00:08:10,990 --> 00:08:16,370
<font color="#ffc88f"><i>ඔබේ මුළු ලෝකයම</i>
<i>කඩා වැටෙන්න ගන්න දවසක</i></font>

127
00:08:17,955 --> 00:08:23,711
<font color="#ffc88f"><i>ඔබ මංමුලා වී යන පියවර හඬ</i>
<i>මට දැනෙනවා</i></font>

128
00:08:25,463 --> 00:08:31,010
<font color="#ffc88f"><i>වාරුවක් වෙන්න තැනක් හොයන</i></font>

129
00:08:34,680 --> 00:08:40,603
<font color="#ffc88f"><i>මම ඔබව මගේ තුරුලට ගන්නම්</i></font>

130
00:08:42,104 --> 00:08:47,276
<font color="#ffc88f"><i>වේදනාවෙන් හෙම්බත් වුණු ඔබට</i></font>

131
00:08:49,320 --> 00:08:56,285
<font color="#ffc88f"><i>රෑ අඳුර ගැඹුරු වෙනකොට</i></font>

132
00:08:56,369 --> 00:09:02,959
<font color="#ffc88f"><i>දිලිසෙන තාරකාවක් ඔබේ අහස එළිය කරයි</i></font>

133
00:09:03,918 --> 00:09:07,421
<font color="#ffc88f"><i>මම මෙතන ඉන්නම්</i></font>

134
00:09:07,505 --> 00:09:13,844
<font color="#ffc88f"><i>ආයේ කවදාවත් රළු රළ පහරකින්</i>
<i>ඔබ නොසැලෙන්න</i></font>

135
00:09:13,928 --> 00:09:14,845
<font color="#ffd146">පාසලෙන් අස්වීමේ අයදුම්පත</font>

136
00:09:14,929 --> 00:09:18,015
<font color="#ffc88f"><i>අනේ, ඔබ දෙනෙත් මා දෙසට හරවන්න</i></font>

137
00:09:20,768 --> 00:09:24,313
<font color="#ffc88f"><i>ඔබ මල් පල ගැන්වූ දවස්</i></font>

138
00:09:24,897 --> 00:09:26,941
<font color="#ffc88f"><i>ඒ හැමදේම...</i></font>

139
00:09:27,024 --> 00:09:29,026
<font color="#ffd146">මේකේ මම රෙකෝඩ් කරපු සින්දුවක් තියෙනවා.</font>

140
00:09:29,902 --> 00:09:32,613
<font color="#ffd146">මම ගොඩක්ම වැටිලා ඉන්නකොටයි මේක හැදුවේ.</font>

141
00:09:34,115 --> 00:09:37,493
<font color="#ffd146">මේකෙන් ඔයාට පොඩි හරි සහනයක් ලැබෙයි කියලා
මම හිතනවා.</font>

142
00:09:37,577 --> 00:09:42,999
<font color="#ffc88f"><i>රෑ අඳුර ගැඹුරු වෙනකොට</i></font>

143
00:09:43,082 --> 00:09:44,667
<font color="#ffc88f"><i>දිලිසෙන තාරකාවක්...</i></font>

144
00:09:44,750 --> 00:09:46,794
<font color="#ffc88f"><i>මම ඔයාව මුලින්ම දැක්කම,</i></font>

145
00:09:47,628 --> 00:09:49,255
<font color="#ffc88f"><i>මම තීරණයක් ගත්තා.</i></font>

146
00:09:51,215 --> 00:09:52,508
<font color="#ffc88f"><i>මම ජීවත් වෙන්න තීරණය කළා.</i></font>

147
00:09:54,719 --> 00:09:56,596
<font color="#ffd146">2010 GED විභාග ආදර්ශ ප්‍රශ්න</font>

148
00:09:57,680 --> 00:10:00,391
<font color="#ffc88f"><i>නිකන් ජීවත් වෙලා බලමු.</i></font>

149
00:10:02,393 --> 00:10:05,771
<font color="#ffd146">සමහරවිට කවදාහරි,
මට ජීවත් වෙන්න හේතුවක් හම්බවෙයි.</font>

150
00:10:05,855 --> 00:10:10,860
<font color="#ffc88f"><i>ඔබ දැකපු හීනයේ ඉන්න කෙනා
ඔබම බව හඳුනාගන්න</i></font>

151
00:10:10,943 --> 00:10:16,532
<font color="#ffc88f"><i>එවිට මල් පෙති පිපී
ඔබව සම්පූර්ණයෙන්ම වර්ණවත් කරයි</i></font>

152
00:10:16,616 --> 00:10:19,660
<font color="#ffd146">අපරාධ නීතිය පිළිබඳ
සිද්ධි අධ්‍යයන සහ පූර්වාදර්ශ</font>

153
00:10:19,744 --> 00:10:23,456
<font color="#ffc88f"><i>තාරකා එළිය යට</i></font>

154
00:10:23,539 --> 00:10:27,209
<font color="#ffc88f"><i>අපි දෙන්නා විතරයි</i></font>

155
00:10:27,293 --> 00:10:33,799
<font color="#ffc88f"><i>මේ අත මම කවදාවත් අතාරින්නේ නෑ</i></font>

156
00:10:34,550 --> 00:10:40,973
<font color="#ffc88f"><i>ඒ තරු වල එළිය නැති වෙනකන්ම</i></font>

157
00:10:41,057 --> 00:10:44,894
<font color="#ffc88f"><i>කාලය ගත වෙලා ගියත්</i></font>

158
00:10:44,977 --> 00:10:48,773
<font color="#ffc88f"><i>නැවත මා ගැන සිතන්න</i></font>

159
00:10:51,359 --> 00:10:56,697
<font color="#ffc88f"><i>ආයෙමත් වැස්ස වැටුණොත්</i>
<i>ඔබේ හදවතට</i></font>

160
00:10:58,658 --> 00:11:04,997
<font color="#ffc88f"><i>මම පොරොන්දු වෙනවා මම ළඟින්ම ඉන්නම් කියලා</i></font>

161
00:11:06,957 --> 00:11:08,751
<font color="#ffd146">ගෝල්ඩි එන්ටටේන්මන්ට් වෙතින් ගෝල්ඩ් බෝයිස්</font>

162
00:11:10,378 --> 00:11:14,548
<font color="#ffd146">ඊළඟට එන්නේ හතර දෙනෙක් ඉන්න බෑන්ඩ් එකක්,
එයාලගේ පළවෙනිම මංගල දැක්ම!</font>

163
00:11:14,632 --> 00:11:16,801
<font color="#ffd146">කරුණාකරලා පිළිගන්න අපේ බැබළෙන ආධුනික කණ්ඩායම,</font>

164
00:11:16,884 --> 00:11:20,054
<font color="#ffd146">ගෝල්ඩ් බෝයිස්, ලොකු අත්පොලසන් නාදයකින්!</font>

165
00:11:20,137 --> 00:11:20,971
<font color="#ffd146">මොකක්?</font>

166
00:11:21,055 --> 00:11:21,972
<font color="#ffd146">චුන්හ්යැන්ග් උත්සවය</font>

167
00:11:22,056 --> 00:11:24,767
<font color="#ffd146">අද කිම් සොන්ග්-ජින් නේද
එන්න හිටියේ?</font>

168
00:11:39,115 --> 00:11:40,616
<font color="#ffd146">කවුදෝ ඉන්නවා. වෙන්න බෑ.</font>

169
00:11:40,699 --> 00:11:43,828
<font color="#ffd146">ඒ කිම් සොන්ග්-ජින් නෙවෙයිනේ, ඒ කවුද?</font>

170
00:11:43,911 --> 00:11:46,122
<font color="#ffd146">මට කිම් සොන්ග්-ජින්ව බලන්න ඕන.</font>

171
00:11:46,914 --> 00:11:48,165
<font color="#ffd146">ගෝල්ඩ් බෝයිස්, යමු!</font>

172
00:11:53,170 --> 00:11:54,505
<font color="#ffd146">යමු!</font>

173
00:11:55,381 --> 00:11:56,632
<font color="#ffd146">යමු! යමු.</font>

174
00:11:57,842 --> 00:11:58,759
<font color="#ffd146">ඔව්, හරි.</font>

175
00:12:00,302 --> 00:12:02,763
<font color="#ffd146">ආයුබෝවන්, අපි ගෝල්ඩ් බෝයිස්!</font>

176
00:12:14,775 --> 00:12:17,069
<font color="#ffcb8f"><i>මට තවත් මොකුත් එපා</i></font>

177
00:12:17,153 --> 00:12:19,572
<font color="#ffcb8f"><i>කාටවත් මට බාධා කරන්න බෑ</i></font>

178
00:12:19,655 --> 00:12:23,242
<font color="#ffcb8f"><i>කොහොමත් මම මුල ඉඳලම</i>
<i>හිටියේ තනියම</i></font>

179
00:12:23,325 --> 00:12:24,618
<font color="#ffcb8f"><i>මට අත තියන්න එපා</i></font>

180
00:12:24,702 --> 00:12:27,204
<font color="#ffcb8f"><i>දැන් ඉඳන්, ඔයාල මට අදාළම නෑ</i></font>

181
00:12:27,288 --> 00:12:29,331
<font color="#ffcb8f"><i>මම පෙන්නන්නම් මේ ලෝකය</i></font>

182
00:12:29,415 --> 00:12:31,792
<font color="#ffcb8f"><i>මට විතරක් හදපු වේදිකාවක් කියලා</i></font>

183
00:12:31,876 --> 00:12:34,420
<font color="#ffcb8f"><i>මට ඕන රොක්ස්ටාර් කෙනෙක් වෙන්න විතරයි</i></font>

184
00:12:34,503 --> 00:12:37,381
<font color="#ffcb8f"><i>වැඩකට නැති කතා නවත්තන්න</i></font>

185
00:12:39,383 --> 00:12:41,802
<font color="#ffcb8f"><i>මෙතනින් තමයි ඇත්තටම පටන් ගන්නේ</i></font>

186
00:12:41,886 --> 00:12:43,679
<font color="#ffcb8f"><i>යමු රොක් ඇන්ඩ් රෝල්</i></font>

187
00:12:43,762 --> 00:12:47,933
<font color="#ffcb8f"><i>මම තමයි රොක්ස්ටාර්...</i></font>

188
00:12:50,060 --> 00:12:51,187
<font color="#ffcb8f"><i>මොකද ඔයා තමයි</i></font>

189
00:12:52,021 --> 00:12:54,064
<font color="#ffcb8f"><i>මට ඒක පෙන්නලා දුන්නේ.</i></font>

190
00:12:57,443 --> 00:13:01,489
<font color="#ffcb8f"><i>මට... ජීවත් වෙන්න පුළුවන් වුණා.</i></font>

191
00:13:03,532 --> 00:13:04,450
<font color="#ffcb8f"><i>ඒත්...</i></font>

192
00:13:07,995 --> 00:13:10,039
<font color="#ffcb8f"><i>එයා ලොකු කරදරයක් වෙලා</i>
<i>හිටපු නිසා වෙන්න ඇති,</i></font>

193
00:13:11,248 --> 00:13:12,917
<font color="#ffcb8f"><i>එයා කවදාවත්...</i></font>

194
00:13:14,418 --> 00:13:16,045
<font color="#ffd146">එයා කවදාවත් එහෙම දෙයක් කරන එකක් නෑ.</font>

195
00:13:17,880 --> 00:13:18,964
<font color="#ffd146">නේද?</font>

196
00:13:20,132 --> 00:13:21,050
<font color="#ffd146">මම දන්නේ නෑ.</font>

197
00:13:24,428 --> 00:13:25,763
<font color="#ffd146">ඔයාම කියන්නකෝ.</font>

198
00:13:26,555 --> 00:13:27,681
<font color="#ffd146">මම කවුද කියලා?</font>

199
00:13:29,600 --> 00:13:32,561
<font color="#ffd146">ඔයානේ මාව නිර්මාණය කලේ.</font>

200
00:13:33,938 --> 00:13:37,858
<font color="#ffd146">ඉතින් ඔයාම උත්තරේ තීරණය කරන්න.</font>

201
00:13:40,903 --> 00:13:42,321
<font color="#ffd146">ඔයාට මොකක්ද ඕන?</font>

202
00:13:43,822 --> 00:13:45,074
<font color="#ffd146">බොරු චෝදනා ලබපු අහිංසකයෙක්ද?</font>

203
00:13:47,243 --> 00:13:48,160
<font color="#ffd146">එහෙමත් නැත්නම්...</font>

204
00:13:50,037 --> 00:13:51,455
<font color="#ffd146">මූණු දෙකක් තියෙන මිනීමරුවෙක්ද?</font>

205
00:13:54,166 --> 00:13:55,376
<font color="#ffd146">මම...</font>

206
00:13:58,087 --> 00:13:59,547
<font color="#ffd146">මට ඕන...</font>

207
00:14:01,507 --> 00:14:02,508
<font color="#ffd146">ඇත්තම ඔයාව.</font>

208
00:14:04,927 --> 00:14:06,262
<font color="#ffd146">ඇත්තම රා-ඉක්ව.</font>

209
00:14:08,722 --> 00:14:10,057
<font color="#ffd146">ඇත්තම රා-ඉක්ව?</font>

210
00:14:16,647 --> 00:14:17,606
<font color="#ffd146">නෑ...</font>

211
00:14:19,275 --> 00:14:21,819
<font color="#ffd146">ඒ රා-ඉක් නෙවෙයි, එයා...</font>

212
00:14:24,280 --> 00:14:25,489
<font color="#ffd146">මගේ රා-ඉක්...</font>

213
00:14:25,573 --> 00:14:26,824
<font color="#ffd146">නෙවෙයිද?</font>

214
00:14:28,075 --> 00:14:29,201
<font color="#ffd146">එහෙනම් ඒ කවුද?</font>

215
00:14:30,744 --> 00:14:31,954
<font color="#ffd146">කවුද මේ</font>

216
00:14:33,372 --> 00:14:34,957
<font color="#ffd146">ඇත්තම මම?</font>

217
00:15:04,862 --> 00:15:05,988
<font color="#ffd146">කන්න.</font>

218
00:15:06,655 --> 00:15:09,325
<font color="#ffd146">මොළේ හරියට වැඩ කරන්න නම්</font>

219
00:15:09,408 --> 00:15:12,161
<font color="#ffd146">පිටි කෑම ටිකක් බඩට යන්න ඕන.</font>

220
00:15:12,244 --> 00:15:13,954
<font color="#ffd146">මතකයන් ආපහු ගන්නත් ඒක උදව් වෙනවා,</font>

221
00:15:14,038 --> 00:15:17,499
<font color="#ffd146">අනික ඔයාට ඇත්තටම හොඳ මොකක්ද කියලා
තේරුම් ගන්නත් ඒකෙන් පුළුවන්.</font>

222
00:15:17,583 --> 00:15:18,500
<font color="#ffd146">මෙන්න.</font>

223
00:15:20,753 --> 00:15:22,963
<font color="#ffd146">අපි දැනට තියෙන විදියටම යමු, හරිද?</font>

224
00:15:23,505 --> 00:15:25,674
<font color="#ffd146">"ඔව්" හෝ "නෑ" කියලා විතරක් උත්තර දෙන්න,
කෙටියෙන් තියාගන්න.</font>

225
00:15:26,550 --> 00:15:27,927
<font color="#ffd146">අමාරුයි නේද?</font>

226
00:15:28,510 --> 00:15:32,056
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග් මහත්තයා
මැරෙන්න ඕන කෙනෙක් නෙවෙයි.</font>

227
00:15:32,139 --> 00:15:34,683
<font color="#ffd146">කවුරුත් එයා ගැන නරකක් කියන්නේ නෑ.</font>

228
00:15:34,767 --> 00:15:38,687
<font color="#ffd146">කරුුණාවන්ත, උත්සාහවන්ත,
ඒ මදිවට හරිම දක්ෂයි.</font>

229
00:15:38,771 --> 00:15:42,107
<font color="#ffd146">මම අහලා තියෙන විදියට මුළු ටීම් එකම
යැපුනේ එයා මත.</font>

230
00:15:44,234 --> 00:15:45,361
<font color="#ffd146">ඒත්</font>

231
00:15:46,278 --> 00:15:49,198
<font color="#ffd146">ඇයි ඔයා ඒ වගේ කෙනෙක් එක්ක
රණ්ඩු වෙන්නේ?</font>

232
00:15:49,281 --> 00:15:52,326
<font color="#ffd146">නෑ, අපි රණ්ඩු වුණේ-- ඒ කියන්නේ
රණ්ඩුවක් තිබිලා තියෙනවා.</font>

233
00:15:52,952 --> 00:15:55,204
<font color="#ffd146">ඔබ පිළිගන්නවා ආරවුලක් තිබුණා කියලා. හරි.</font>

234
00:15:56,914 --> 00:15:59,208
<font color="#ffd146">හුටපට වලට අහුවෙන්න එපා, තේරුණාද?</font>

235
00:16:00,209 --> 00:16:04,755
<font color="#ffd146">එයා ප්‍රසිද්ධයි මිනිස්සුන්ව හාර අවුස්සලා
එයාට ඕන උත්තරේ ගන්න එකට.</font>

236
00:16:04,838 --> 00:16:06,006
<font color="#ffd146">ඒයි!</font>

237
00:16:06,090 --> 00:16:08,217
<font color="#ffd146">මමද ඔයාගේ තරහ ඇවිස්සුවේ?</font>

238
00:16:08,300 --> 00:16:10,719
<font color="#ffd146">නෑ, කැන්ග් වූ-සොන්ග්.</font>

239
00:16:11,470 --> 00:16:16,433
<font color="#ffd146">මේ බලන්න, මිනීමැරුමක් කියන්නේ ඇත්තටම
හරි සරල දෙයක්.</font>

240
00:16:16,517 --> 00:16:19,103
<font color="#ffd146">යාළුවෝ එකතු වෙලා බොනවා, ඊටපස්සේ රණ්ඩු වෙනවා.</font>

241
00:16:19,186 --> 00:16:22,272
<font color="#ffd146">"උඹ වැරදියි," "නෑ, උඹයි වැරදි,"
ඊටපස්සේ,</font>

242
00:16:23,357 --> 00:16:24,900
<font color="#ffd146">කාට හරි පිහි පාරක් වදිනවා.</font>

243
00:16:25,401 --> 00:16:28,153
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග් වගේ අය
කොහොමත් ටිකක් කරදරකාරයිනේ, නේද?</font>

244
00:16:28,237 --> 00:16:30,197
<font color="#ffd146">එයා ලීඩර් නිසා අනිත් අයව
පල්ලෙහා දාලා සලකනවා,</font>

245
00:16:30,280 --> 00:16:32,157
<font color="#ffd146">එයා ඔක්කොම දන්නවා වගේ රඟනවා...</font>

246
00:16:32,783 --> 00:16:35,160
<font color="#ffd146">නොදන්න දේවල් ගැන කතා කරන්න එපා.</font>

247
00:16:37,079 --> 00:16:38,622
<font color="#ffd146">මූණ එල්ලගන්න එපා.</font>

248
00:16:39,123 --> 00:16:42,543
<font color="#ffd146">ඔය ලස්සන මූණේ රැලි වැටෙයි.</font>

249
00:16:43,293 --> 00:16:46,130
<font color="#ffd146">මම පිරිසිදු කිරීමේ ගාස්තු ඉල්ලන්නේ නෑ.</font>

250
00:16:47,131 --> 00:16:49,091
<font color="#ffd146">හැබැයි, මම තව චෝදනාවක් එකතු කරනවා.</font>

251
00:16:49,174 --> 00:16:50,926
<font color="#ffd146">රාජකාරියට බාධා කිරීම. හරි සර්.</font>

252
00:16:52,094 --> 00:16:54,346
<font color="#ffd146">ඔය විදියට තරහ ගියොත්...</font>

253
00:16:54,430 --> 00:16:56,098
<font color="#ffd146">ඔයා මොන වගේ කෙනෙක්ද?</font>

254
00:16:56,181 --> 00:16:59,101
<font color="#ffd146">ඔයා මගේ නීතිඥයා නේද.
ඉතින් ඇයි මාව ආරක්ෂා කරන්නේ නැත්තේ?</font>

255
00:16:59,184 --> 00:17:02,146
<font color="#ffd146">කරුණාකරලා, ඉස්සෙල්ල සන්සුන් වෙන්න.</font>

256
00:17:07,568 --> 00:17:09,611
<font color="#ffd146">දෝ රා-ඉක් මහත්තයා.</font>

257
00:17:09,695 --> 00:17:13,407
<font color="#ffd146">පැමිණිල්ල දැන් අත්අඩංගුවට ගැනීමේ
වරෙන්තුවක් ගන්නයි හදන්නේ.</font>

258
00:17:14,033 --> 00:17:16,952
<font color="#ffd146">ඒ නිසා වැරැද්ද පිළිගන්නවා නම්,
දැන්ම කරන එක හොඳයි.</font>

259
00:17:17,494 --> 00:17:19,413
<font color="#ffd146">එතකොට දඬුවම අඩු කරගන්න පුළුවන් වෙයි.</font>

260
00:17:30,090 --> 00:17:32,843
<font color="#ffd146">ඔයා දෝ රා-ඉක් වෙනුවෙන් පෙනී ඉන්න එක නැවැත්තුවද?
ඔයා කොහොමද එහෙම කරන්නේ?</font>

261
00:17:35,429 --> 00:17:38,766
<font color="#ffd146">ඇයි? ඔයා මිනිහව බාරගන්නද කල්පනාව?</font>

262
00:17:40,142 --> 00:17:42,853
<font color="#ffd146">ඕක අතෑරලා දාන්න. මිනිහා දැන් ඉවරයි.</font>

263
00:17:42,936 --> 00:17:45,981
<font color="#ffd146">අත්අඩංගුවට ගන්න වරෙන්තුව එන්න තියෙද්දි,
ඔයා කොහොමද දැන්ම අයින් වෙන්නේ?</font>

264
00:17:46,565 --> 00:17:49,401
<font color="#ffd146">ඔයාමනේ කිව්වේ මේක ඔයාගේ ලොකුම චාන්ස් එක කියලා,
ඒ නිසා මට කිට්ටු වෙන්නවත් දුන්නේ නෑනේ.</font>

265
00:17:49,485 --> 00:17:53,155
<font color="#ffd146">දෝ රා-ඉක් නීතිඥයෙක් නැතුව උසාවි යන්නයි හදන්නේ,
තේරෙනවද ඔයාට?</font>

266
00:17:54,281 --> 00:17:56,784
<font color="#ffd146">එතකොට ඔයා?</font>

267
00:17:57,409 --> 00:18:00,120
<font color="#ffd146">ඔයත් ඔක්කොම දැනගෙන නේද
මඟ හැරියේ? මොනවා දැනගෙනද?</font>

268
00:18:01,121 --> 00:18:04,958
<font color="#ffd146">මේ නඩුවේ පැමිණිල්ලේ නීතිඥයා.
ඒ අර හිතුවක්කාර ක්වාක් බියුන්ග්-ග්‍යුන්!</font>

269
00:18:05,542 --> 00:18:07,252
<font color="#ffd146">ඔයා ඔක්කොම දැනගෙන නේද පස්ස ගැහුවේ?</font>

270
00:18:08,295 --> 00:18:11,048
<font color="#ffd146">කවුද?</font>
<font color="#ffcb8f"><i>- හිතුවක්කාර ක්වාක් බියුන්ග්-ග්‍යුන්.</i></font>

271
00:18:11,715 --> 00:18:14,927
<font color="#ffcb8f"><i>මහා නීතිඥ කාර්යාලයේ රත්තරන් පුතා.</i>
<i>ක්වාක් ජොන්ග්-චුල්ගේ පවුලේ කෙනෙක්.</i></font>

272
00:18:15,010 --> 00:18:16,386
<font color="#ffcb8f"><i>ඔයා එයා ගැන අහලා නැද්ද?</i></font>

273
00:18:21,433 --> 00:18:25,979
<font color="#ffcb8f"><i>පළවෙනි ජනාධිපති කාලේ ඉඳලම පැවත එන</i>
<i>පරම්පරා තුනක ප්‍රභූ නීතිඥ පවුලක් ඒක.</i></font>

274
00:18:26,605 --> 00:18:27,856
<font color="#ffcb8f"><i>ඔයා දන්නවනේ,</i></font>

275
00:18:27,940 --> 00:18:30,984
<font color="#ffcb8f"><i>ඔය පවුල අවුරුදු ගාණක ඉඳන් දේශපාලනයට එන්න</i>
<i>දඟලනවා කියලා?</i></font>

276
00:18:31,068 --> 00:18:33,904
<font color="#ffd146">එයා මේ නඩුව පාවිච්චි කරන්නේ නම හදාගෙන,
ලේසියෙන්ම දේශපාලනයට රිංගන්න.</font>

277
00:18:33,987 --> 00:18:37,991
<font color="#ffd146">මම දිනන්න ගොඩක් ට්‍රයි කළොත්,
මහා නීතිඥ කාර්යාලයෙන් මාව කපලා දායි.</font>

278
00:18:38,075 --> 00:18:40,953
<font color="#ffd146">මම ලේසියෙන් පැරදුණොත්,
මාධ්‍යවලින් මාව විනාශ කරයි.</font>

279
00:18:42,287 --> 00:18:46,166
<font color="#ffd146">ඉතින් ඇත්තටම, සිහියක් තියෙන කවුද
මේ වගේ අවුලකට අත දාන්නේ?</font>

280
00:19:16,446 --> 00:19:19,992
<font color="#ffd146">දෝ රා-ඉක් කියන්නේ මුල ඉඳලම කුණු ගොඩක්
මිනීමරු අයිඩල්</font>

281
00:19:46,894 --> 00:19:49,938
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ව මරපු
ඇත්ත මිනීමරුවා හොයනු!</font>

282
00:19:50,022 --> 00:19:52,399
<font color="#ffd146">මිනීමරුවා හොයනු! මිනීමරුවා හොයනු!</font>

283
00:19:52,482 --> 00:19:55,235
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ගේ අසාධාරණ මරණයේ
ඇත්ත හෙළි කරනු.</font>

284
00:19:55,319 --> 00:19:57,279
<font color="#ffd146">ඇත්ත හෙළි කරනු! ඇත්ත හෙළි කරනු!</font>

285
00:19:57,362 --> 00:20:00,199
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ව මරපු
ඇත්ත මිනීමරුවා හොයනු!</font>

286
00:20:00,282 --> 00:20:01,950
<font color="#ffd146">මිනීමරුවා හොයනු! මිනීමරුවා හොයනු!</font>

287
00:20:02,034 --> 00:20:05,120
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ගේ අසාධාරණ මරණයේ
ඇත්ත හෙළි කරනු.</font>

288
00:20:05,204 --> 00:20:06,997
<font color="#ffd146">ඇත්ත හෙළි කරනු! ඇත්ත හෙළි කරනු!</font>

289
00:20:07,080 --> 00:20:10,125
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ව මරපු
ඇත්ත මිනීමරුවා හොයනු!</font>

290
00:20:10,209 --> 00:20:12,044
<font color="#ffd146">මිනීමරුවා හොයනු! මිනීමරුවා හොයනු!</font>

291
00:20:12,127 --> 00:20:15,214
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ගේ අසාධාරණ මරණයේ
ඇත්ත හෙළි කරනු.</font>

292
00:20:15,297 --> 00:20:17,090
<font color="#ffd146">ඇත්ත හෙළි කරනු! ඇත්ත හෙළි කරනු!</font>

293
00:20:17,174 --> 00:20:18,467
<font color="#ffd146">ඇත්ත මිනීමරුවා හොයනු!</font>

294
00:20:18,550 --> 00:20:19,801
<font color="#ffd146">අපි ඔයාට ආදරෙයි, කැන්ග් වූ-සොන්ග්</font>

295
00:20:19,885 --> 00:20:21,386
<font color="#ffd146">හොඳ තැනක සතුටින් ඉන්න.</font>

296
00:20:21,470 --> 00:20:23,096
<font color="#ffd146">ඔයා හැමදාම මගේ හදවතේ බැබළෙයි.</font>

297
00:20:23,180 --> 00:20:25,224
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ගේ අසාධාරණ මරණයේ
ඇත්ත හෙළි කරනු.</font>

298
00:20:25,307 --> 00:20:27,351
<font color="#ffd146">ඇත්ත හෙළි කරනු! ඇත්ත හෙළි කරනු!</font>

299
00:20:29,561 --> 00:20:31,688
<font color="#ffd146">වූ-සොන්ග්…</font>

300
00:20:38,403 --> 00:20:39,488
<font color="#ffd146">කොහොමද එයාට පුළුවන් වුණේ…</font>

301
00:20:40,447 --> 00:20:42,491
<font color="#ffd146">කොහොමද මනුස්සයෙක්ට එහෙම කරන්නේ?</font>

302
00:20:42,574 --> 00:20:44,576
<font color="#ffd146">පරීක්ෂණ තාම ඉවර නෑනේ.</font>

303
00:20:45,202 --> 00:20:48,497
<font color="#ffd146">රා-ඉක් වුණත් අගතියට පත් පාර්ශවයක්
වෙන්න පුළුවන්. අගතියට පත්? මොන අගතියක්ද?</font>

304
00:20:50,499 --> 00:20:54,211
<font color="#ffd146">මුළු පොලීසියම කියන්නේ
ඔය පිස්සා තමයි මිනීමරුවා කියලා.</font>

305
00:20:56,838 --> 00:20:58,840
<font color="#ffd146">අනික නිකන් හිතලා බලන්නකෝ.</font>

306
00:20:58,924 --> 00:21:02,219
<font color="#ffd146">එළියේ කෙනෙක් මැරෙන්න වැටිලා ඉද්දි,
එයා නොදැන හිටියා වෙන්න බෑනේ.</font>

307
00:21:02,302 --> 00:21:03,637
<font color="#ffd146">ඕකේ කිසි තේරුමක් තියෙනවද?</font>

308
00:21:03,720 --> 00:21:06,598
<font color="#ffd146">ගෝල්ඩි එන්ටටේන්මන්ට් කොටස් වෙළඳපොළ කඩා වැටේ
අයිඩල් මිනීමැරුමේ ප්‍රතිඵලයක්ද?</font>

309
00:21:06,682 --> 00:21:07,724
<font color="#ffd146">හරි හරි.</font>

310
00:21:08,684 --> 00:21:10,936
<font color="#ffd146">ඔයාලා කියන දේ මට තේරෙනවා.</font>

311
00:21:11,687 --> 00:21:15,315
<font color="#ffd146">ඒත් අපි නිල වශයෙන් මොකක්ද කියන්නේ කියලා
තීරණය කරනකම්,</font>

312
00:21:15,983 --> 00:21:18,652
<font color="#ffd146">ඔයාලා කටවල් වහගෙන ඉන්න ඕනේ.</font>

313
00:21:19,987 --> 00:21:20,821
<font color="#ffd146">අනික…</font>

314
00:21:20,904 --> 00:21:22,447
<font color="#ffd146">වාර්තාකරු බෙක්</font>

315
00:21:25,951 --> 00:21:27,953
<font color="#ffd146">මේ ළමයින්ව ඩෝම් එකට එක්කන් යන්න.</font>

316
00:21:28,036 --> 00:21:30,205
<font color="#ffd146">සර්… මම කිව්වේ එක්කන් යන්න කියලා.</font>

317
00:21:31,248 --> 00:21:32,249
<font color="#ffd146">හරි.</font>

318
00:21:38,088 --> 00:21:39,423
<font color="#ffd146">එන්න යමු.</font>

319
00:21:40,507 --> 00:21:42,342
<font color="#ffd146">මොකක්ද මේ අපි කියන දේ
තීරණය කරනවා කියන්නේ?</font>

320
00:21:42,426 --> 00:21:43,677
<font color="#ffd146">දැනට අපි එළියට යමුකෝ.</font>

321
00:21:48,598 --> 00:21:49,891
<font color="#ffd146">සර්!</font>

322
00:21:49,975 --> 00:21:51,310
<font color="#ffd146">වාර්තාකරු බෙක්.</font>

323
00:21:52,728 --> 00:21:56,732
<font color="#ffd146">අපි ගොඩක් ඉස්සර එකඟ වුණා නේද?</font>

324
00:21:57,524 --> 00:22:01,028
<font color="#ffd146">මොන දේ වුණත්,
ආයෙ කවදාවත් හම්බ වෙන්නේ නෑ කියලා.</font>

325
00:22:01,111 --> 00:22:03,739
<font color="#ffd146">ඔව්, මමත් ඒක පිළිපදින්න හිටියේ,</font>

326
00:22:03,822 --> 00:22:06,450
<font color="#ffd146">ඒත් හදිසි දෙයක් වුණානේ.</font>

327
00:22:06,533 --> 00:22:08,994
<font color="#ffd146">ඔයාට දැන් ෆොටෝ එකක් ලැබෙන්න ඇතිනේ?</font>

328
00:22:15,417 --> 00:22:18,712
<font color="#ffd146">සිද්ධියට කලින් රා-ඉක්ගේ ෆෑන් මීටින් එකක් තිබ්බනේ,
ඔයා දන්නවනේ?</font>

329
00:22:18,795 --> 00:22:20,964
<font color="#ffd146">එයත් එදා එතන ඉඳලා තියෙනවා.</font>

330
00:22:21,757 --> 00:22:24,009
<font color="#ffcb8f"><i>මේක නිකන් අහම්බයක් වගේ වැඩි නැද්ද?</i></font>

331
00:22:25,302 --> 00:22:27,054
<font color="#ffcb8f"><i>මට හිතුණා, එදා වගේම,</i></font>

332
00:22:27,137 --> 00:22:30,474
<font color="#ffd146">මේ කෙනාගෙත් මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා.</font>

333
00:22:38,690 --> 00:22:40,358
<font color="#ffd146">ඔයා හරි.</font>

334
00:22:44,071 --> 00:22:45,614
<font color="#ffd146">බැලූ බැල්මට පේන්නේ</font>

335
00:22:46,740 --> 00:22:48,283
<font color="#ffd146">වූ-සොන්ග් ඇත්තටම මැරිලා වගේ.</font>

336
00:22:52,788 --> 00:22:55,082
<font color="#ffd146">මම ඒ ගැන ආයෙ ආයෙත් කල්පනා කළා.</font>

337
00:22:56,124 --> 00:22:57,501
<font color="#ffd146">අනික එදා-- එපා.</font>

338
00:22:58,043 --> 00:22:59,419
<font color="#ffd146">මොකුත් කියන්න එපා.</font>

339
00:23:00,462 --> 00:23:03,757
<font color="#ffd146">මම තාම ඔයාගේ නීතිඥයා නෙවෙයි.</font>

340
00:23:06,051 --> 00:23:08,345
<font color="#ffd146">මම ඔයාගෙන් එක සරල ප්‍රශ්නයක් අහන්නම්.</font>

341
00:23:14,726 --> 00:23:16,686
<font color="#ffd146">දැන් ඉඳන්,
මගේ ඇස් දිහා කෙලින් බලලා,</font>

342
00:23:17,979 --> 00:23:19,648
<font color="#ffd146">"ඔව්" හෝ "නෑ" කියලා විතරක් උත්තර දෙන්න.</font>

343
00:23:22,609 --> 00:23:24,069
<font color="#ffd146">ඔයා මැරුවද</font>

344
00:23:25,028 --> 00:23:26,488
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ව?</font>

345
00:23:28,824 --> 00:23:32,869
<font color="#ffd146">මම නෑ කිව්වොත්, ඔයා පිළිගන්නවද?
මම තුන්වෙනි පාරට අහන්නේ නෑ.</font>

346
00:23:34,079 --> 00:23:35,288
<font color="#ffd146">ඔයා එයාව මැරුවද?</font>

347
00:23:35,914 --> 00:23:37,040
<font color="#ffd146">නෑ.</font>

348
00:23:37,124 --> 00:23:39,042
<font color="#ffd146">නෑ, මම නෙවෙයි!</font>

349
00:23:40,252 --> 00:23:42,212
<font color="#ffd146">මම කී පාරක් උත්තර දෙන්න ඕනෙද?</font>

350
00:23:42,295 --> 00:23:44,714
<font color="#ffd146">මම දිවුරලා කියනවා මම නෙවෙයි!</font>

351
00:23:47,300 --> 00:23:49,010
<font color="#ffd146">මට මං ගැනම සැක හිතුණා.</font>

352
00:23:49,886 --> 00:23:51,805
<font color="#ffd146">මම ඇත්තටම වූ-සොන්ග්ට එහෙම කළාද කියලා?</font>

353
00:23:52,514 --> 00:23:54,766
<font color="#ffd146">ඒත් නෑ, වෙන්න බෑ.</font>

354
00:23:55,350 --> 00:23:56,726
<font color="#ffcb8f"><i>මම මෙයාව විශ්වාස කරන්නේ නෑ.</i></font>

355
00:23:56,810 --> 00:24:00,147
<font color="#ffcb8f"><i>සේවාදායකයෝ හැමතිස්සෙම තමන්ගේ වාසියට</i>
<i>බොරු කියනවා.</i></font>

356
00:24:00,647 --> 00:24:04,442
<font color="#ffcb8f"><i>වාසි වෙන දේවල් ලොකු කරලා කියලා</i>
<i>අවාසි වෙන දේවල් හංගනවා.</i></font>

357
00:24:06,194 --> 00:24:07,737
<font color="#ffcb8f"><i>ඒත් මට එක දෙයක් ෂුවර්.</i></font>

358
00:24:07,821 --> 00:24:08,947
<font color="#ffcb8f"><i>ඒයි!</i></font>

359
00:24:09,030 --> 00:24:10,115
<font color="#ffd146">මෙයා වගේ ගෑනු කෙනෙක් දැකලම නෑ</font>

360
00:24:15,162 --> 00:24:17,706
<font color="#ffcb8f"><i>මට "ඒයි" කියලා කතා කරපු</i>
<i>පළවෙනි ගෑනු කෙනා ඔයා.</i></font>

361
00:24:18,832 --> 00:24:22,836
<font color="#ffcb8f"><i>ඔයා අර නාට්‍යයේ රඟපාපු පිස්සු ඩ්‍රාමා එක</i>
<i>මම බැලුවා, ඒකයි මම දන්නේ.</i></font>

362
00:24:22,919 --> 00:24:23,753
<font color="#ffd146">කියුට්.</font>
<font color="#ffcb8f"><i>දෝ රා-ඉක්.</i></font>

363
00:24:26,923 --> 00:24:29,801
<font color="#ffcb8f"><i>ඔයාට කවදාවත් මෙච්චර හොඳට රඟපාන්න බෑ.</i></font>

364
00:24:29,885 --> 00:24:31,428
<font color="#ffd146">මම ඔයාට කැමතියි.</font>

365
00:24:34,639 --> 00:24:38,768
<font color="#ffcb8f"><i>නීතිය අපි හැමෝවම ආරක්ෂා කරයි</i></font>

366
00:24:38,852 --> 00:24:44,482
<font color="#ffcb8f"><i>යහපත් ලෝකයක් යනු</i>
<i>නීතිය ජීවමාන ලෝකයයි</i></font>

367
00:24:44,566 --> 00:24:48,403
<font color="#ffcb8f"><i>නීතිය තුළ,</i>
<i>අපි හැමෝටම නිදහස ඇත…</i></font>

368
00:24:48,486 --> 00:24:50,322
<font color="#ffd146">ඕක හිරගෙදර ඇහැරවන සින්දුව.</font>

369
00:24:52,407 --> 00:24:54,034
<font color="#ffd146">වැඩේ වැරදුණොත්,</font>

370
00:24:54,701 --> 00:24:57,746
<font color="#ffd146">හැමදාම උදේ 6ට ඔයාට අහන්න වෙන්නේ
ඕක තමයි.</font>

371
00:24:59,706 --> 00:25:03,543
<font color="#ffd146">හැබැයි මම ඔයාගේ නඩුව බාර ගත්තොත්
දේවල් වෙනස් වෙයි.</font>

372
00:25:07,672 --> 00:25:10,383
<font color="#ffd146">ඒත් අපි ගිවිසුම අත්සන් කරන්න කලින්,
මට එක කොන්දේසියක් තියෙනවා.</font>

373
00:25:12,552 --> 00:25:14,763
<font color="#ffd146">ඔයා ඒ කොන්දේසියට එකඟ නම්,</font>

374
00:25:15,388 --> 00:25:16,598
<font color="#ffd146">මම ඔයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනවා,</font>

375
00:25:17,641 --> 00:25:19,226
<font color="#ffd146">අනිවාර්යයෙන්ම.</font>

376
00:25:26,274 --> 00:25:27,943
<font color="#ffd146">මේ ගෑනු කෙනාට නම් සම්පූර්ණයෙන්ම පිස්සු.</font>

377
00:25:28,568 --> 00:25:30,820
<font color="#ffd146">කොහෙන්ද මෙහෙම කෙනෙක් හොයාගත්තේ?</font>

378
00:25:30,904 --> 00:25:32,030
<font color="#ffd146">මෙයා ඇත්තටම නීතිඥයෙක්ද?</font>

379
00:25:36,868 --> 00:25:40,330
<font color="#ffd146">කොහොම හරි මට වෙන නීතිඥයෙක් හොයලා දෙන්න.</font>

380
00:25:40,413 --> 00:25:41,873
<font color="#ffd146">ගණන් වැඩි, වැඩ දන්න කෙනෙක්ව.</font>

381
00:25:43,166 --> 00:25:44,834
<font color="#ffd146">මෙයා විතරයි ඉන්නේ.</font>

382
00:25:45,794 --> 00:25:47,796
<font color="#ffd146">වෙන කවුරුත් ඔයාගේ නඩුව බාරගන්න කැමති නෑ.</font>

383
00:25:50,257 --> 00:25:51,216
<font color="#ffd146">අනික…</font>

384
00:25:53,635 --> 00:25:55,679
<font color="#ffd146">මටත් තවදුරටත් උදව් කරන්න බෑ.</font>

385
00:25:56,721 --> 00:25:58,974
<font color="#ffd146">සීඊඕ ලීගල් ටීම් එකට කිව්වා</font>

386
00:25:59,057 --> 00:26:01,518
<font color="#ffd146">කොන්ත්‍රාත්තුව කැන්සල් කරන්න
විදිහක් බලන්න කියලා.</font>

387
00:26:03,395 --> 00:26:08,149
<font color="#ffd146">මොකක්? ඇයි ඔයා එහෙම කළේ?</font>

388
00:26:10,652 --> 00:26:12,737
<font color="#ffd146">ඇයි…</font>

389
00:26:24,499 --> 00:26:26,042
<font color="#ffcb8f"><i>ඔයාට බෑ කියන්න පුළුවන්.</i></font>

390
00:26:26,668 --> 00:26:30,380
<font color="#ffcb8f"><i>ඒත් අන්තිමේදී,</i>
<i>ඔයාට ප්‍රතික්ෂේප කරන්න බැරි වෙයි.</i></font>

391
00:26:31,256 --> 00:26:33,341
<font color="#ffcb8f"><i>මේ නඩුවට ලැබෙන අවධානයත් එක්ක,</i></font>

392
00:26:33,425 --> 00:26:35,260
<font color="#ffd146">මහජන බලපෑම වැඩි වෙනවා විතරයි.</font>

393
00:26:35,343 --> 00:26:36,803
<font color="#ffcb8f"><i>ගෝල්ඩ් බෝයිස්ලාගේ අවසානයද?</i></font>

394
00:26:36,886 --> 00:26:38,722
<font color="#ffcb8f"><i>විශේෂයෙන්ම මේ නඩුවේ නීතිඥයා,</i></font>

395
00:26:38,805 --> 00:26:42,183
<font color="#ffcb8f"><i>එයා මාර වසයි,</i>
<i>පරදින්න කැමතිම නෑ.</i></font>

396
00:26:42,267 --> 00:26:46,438
<font color="#ffcb8f"><i>එයාට තියෙන ලොකු හයියත් එක්ක,</i>
<i>වෙන කිසිම නීතිඥයෙක් ලේසියෙන් ඉදිරිපත් වෙන්නේ නෑ.</i></font>

397
00:26:46,521 --> 00:26:49,107
<font color="#ffd146">දෝ රා-ඉක්ට දඬුවම් දෙනු!</font>

398
00:26:49,190 --> 00:26:53,069
<font color="#ffd146">කැන්ග් වූ-සොන්ග්ව මරපු
දෝ රා-ඉක්ට දැඩි දඬුවම් දෙනු!</font>

399
00:26:53,153 --> 00:26:54,904
<font color="#ffd146">දඬුවම් දෙනු! දඬුවම් දෙනු!</font>

400
00:26:54,988 --> 00:26:59,284
<font color="#ffcb8f"><i>කාලය යන්න යන්න, ඔයාගේ අවස්ථා</i>
<i>තවත් අඩු වෙනවා විතරයි.</i></font>

401
00:26:59,367 --> 00:27:01,453
<font color="#ffd146">රජයේ නීතිඥයෙක් නම් කියයි මේ වගේ කතාවක්.</font>

402
00:27:01,536 --> 00:27:03,413
<font color="#ffd146">සාක්ෂි ගොඩක් පැහැදිලියි.</font>

403
00:27:05,623 --> 00:27:07,667
<font color="#ffd146">අපි දිගටම නිර්දෝෂී කියලා කියද්දි,</font>

404
00:27:07,751 --> 00:27:10,337
<font color="#ffd146">ඒක බොරු වුණොත්,
දේවල් මීට වඩා නරක වෙයි.</font>

405
00:27:11,463 --> 00:27:14,174
<font color="#ffd146">ඒ නිසා හොඳම දේ තමයි
මේක බීමත්කම නිසා සිහියක් නැතුව</font>

406
00:27:14,257 --> 00:27:17,761
<font color="#ffd146">වෙච්ච දෙයක් කියලා පිළිගන්න එක, සහ-- ආත්ම
ආරක්ෂාවට සහ බීමත්කම නිසා වුණා කියන්න.</font>

407
00:27:19,179 --> 00:27:21,348
<font color="#ffd146">ඔයත් හිතන්නේ මම එයාව මැරුවා කියලද?</font>

408
00:27:21,431 --> 00:27:23,850
<font color="#ffd146">ඔයා චෝදනා පිළි අරගෙන
ලිහිල් දඬුවමක් ඉල්ලුවොත්,</font>

409
00:27:24,476 --> 00:27:26,770
<font color="#ffd146">ගොඩක් වෙලාවට දඬුවම අවුරුදු 15කින් විතර
කෙළවර වෙයි.</font>

410
00:27:28,396 --> 00:27:30,940
<font color="#ffd146">මම නොකරපු දෙයක් ගැන
කොහොමද පාපොච්චාරණය කරන්නේ?</font>

411
00:27:35,487 --> 00:27:36,529
<font color="#ffd146">යන්න.</font>

412
00:27:37,113 --> 00:27:38,573
<font color="#ffd146">මට දැනටමත් නීතිඥයෙක් ඉන්නවා.</font>

413
00:27:39,491 --> 00:27:43,578
<font color="#ffcb8f"><i>ජනප්‍රිය අයිඩල් කණ්ඩායමක් වන ගෝල්ඩ් බෝයිස්හි සාමාජික</i>
<i>දෝ රා-ඉක්ව මිනීමැරුම් චෝදනාව මත,</i></font>

414
00:27:43,661 --> 00:27:46,748
<font color="#ffcb8f"><i>අත්අඩංගුවට ගන්නා ලෙස</i>
<i>පැමිණිල්ල ඉල්ලා සිටියි.</i></font>

415
00:27:46,831 --> 00:27:50,460
<font color="#ffcb8f"><i>වරෙන්තු විභාගය,</i></font>

416
00:27:50,543 --> 00:27:53,171
<font color="#ffcb8f"><i>හෙට දහවල් 2ට පමණ</i>
<i>පැවැත්වීමට නියමිතයි.</i></font>

417
00:27:53,254 --> 00:27:55,465
<font color="#ffcb8f"><i>මේ විභාගය හරහා,</i>
<i>දෝ මහතා අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍යදැයි</i></font>

418
00:27:55,548 --> 00:27:57,717
<font color="#ffcb8f"><i>උසාවිය තීරණය කරනු ඇත…</i></font>

419
00:27:57,801 --> 00:27:59,761
<font color="#ffd146">කියන්න යේ-සොල්.
<i>- නීතිඥතුමියනි.</i></font>

420
00:27:59,844 --> 00:28:02,597
<font color="#ffd146">මට දැන් ගන්ග්සෝ පොලීසියෙන් කෝල් එකක් ආවා.</font>

421
00:28:02,680 --> 00:28:04,682
<font color="#ffcb8f"><i>දෝ රා-ඉක් ගැන…</i></font>

422
00:28:09,020 --> 00:28:11,272
<font color="#ffd146">එයාගේ නීතිඥ පත්වීම් ෆෝම් එක
පුරවලා බාර දෙන්න.</font>

423
00:28:12,190 --> 00:28:13,316
<font color="#ffd146">හරි.</font>

424
00:28:14,359 --> 00:28:16,069
<font color="#ffd146">මම හවස එහෙට යනවා.</font>

425
00:28:16,152 --> 00:28:18,947
<font color="#ffd146">ඊට කලින් නීතිඥයෙක් විදිහට
මට එයාව හම්බ වෙන්න වෙලාවක් දාගන්න.</font>

426
00:28:20,949 --> 00:28:23,451
<font color="#ffd146">අනික සීඊඕ එක්ක මීටින් එකකුත් දාගන්න.</font>

427
00:28:24,119 --> 00:28:26,079
<font color="#ffd146">හරි, මම පස්සේ හම්බ වෙන්නම්.</font>

428
00:28:27,789 --> 00:28:28,790
<font color="#ffd146">නැගිටිනවා.</font>

429
00:28:30,834 --> 00:28:31,918
<font color="#ffd146">නැගිටිනවා!</font>

430
00:28:36,131 --> 00:28:37,799
<font color="#ffd146">මොකද? යමු.</font>

431
00:28:37,882 --> 00:28:38,925
<font color="#ffd146">කොහෙද?</font>

432
00:28:39,008 --> 00:28:39,926
<font color="#ffd146">වැඩට.</font>

433
00:28:49,477 --> 00:28:52,814
<font color="#ffd146">ඔයා කිව්වා නේද ඔයා ෆෑන් කෙනෙක් වෙන එක නැවැත්තුවා කියලා!
ඔයා එකතු කරපු බඩු ඔක්කොමත් අයින් කළානේ.</font>

434
00:28:52,897 --> 00:28:56,359
<font color="#ffd146">මම මේ නඩුව ගත්තේ ෆෑන් කෙනෙක් විදිහට නෙවෙයි.
නීතිඥයෙක් විදිහට.</font>

435
00:28:56,443 --> 00:28:59,237
<font color="#ffd146">මොකද එක මනුස්සයෙක් හරි
නිවැරදිව ඉඳලත් වැරදිකාරයෙක් වෙන එක වැරදියි.</font>

436
00:28:59,320 --> 00:29:00,822
<font color="#ffd146">නිවැරදි?</font>

437
00:29:00,905 --> 00:29:03,658
<font color="#ffd146">ඌ තමයි වැරදිකාරයා කියලා පැහැදිලියිනේ! එහෙමද?</font>

438
00:29:04,534 --> 00:29:06,870
<font color="#ffd146">එහෙනම් ඌ වැරදිකාරයා කියලා සාක්ෂි හොයන්න
ලෙහෙසි වෙන්න එපායැ.</font>

439
00:29:07,829 --> 00:29:09,080
<font color="#ffd146">සිද්ධියට ටිකකට කලින්,</font>

440
00:29:09,164 --> 00:29:11,875
<font color="#ffd146">කෙල්ලෝ වගයක් අවසරයක් නැතුව
එයාගේ ගෙදරට කඩා වැදිලා තියෙනවා.</font>

441
00:29:11,958 --> 00:29:13,626
<font color="#ffd146">එයාලා පිස්සු වැටුණ ෆෑන්ලා වගේ,</font>

442
00:29:13,710 --> 00:29:16,045
<font color="#ffd146">ඒත් එයා කේස් එකක් දාගන්න ඕනේ නැති නිසා
පොලීසියට කියලා නෑ.</font>

443
00:29:16,129 --> 00:29:18,631
<font color="#ffd146">එහේ සිකියුරිටි ගාඩ්ලා මොනවා හරි දන්නවා ඇති.</font>

444
00:29:18,715 --> 00:29:20,675
<font color="#ffd146">ගිහින් එයාලා එක්ක කතා කරලා,</font>

445
00:29:20,759 --> 00:29:23,011
<font color="#ffd146">කොහොම හරි අර පිස්සු ෆෑන්ලා
කවුද කියලා හොයාගන්න.</font>

446
00:29:23,094 --> 00:29:24,220
<font color="#ffd146">වරෙන්තු විභාගයට කලින්.</font>

447
00:29:25,346 --> 00:29:26,639
<font color="#ffd146">මොකක්? ඉන්න…</font>

448
00:29:28,183 --> 00:29:29,392
<font color="#ffd146">අනේ මන්දා…</font>

449
00:29:41,446 --> 00:29:43,948
<font color="#ffcb8f"><i>විශාල හරිත වපසරියකින් වට වූ</i>
<i>සුඛෝපභෝගී විලා එකක්.</i></font>

450
00:29:49,287 --> 00:29:53,583
<font color="#ffcb8f"><i>ඒ අතරින්,</i>
<i>සිද්ධිය වූ ස්ථානය පිහිටලා තියෙන්නේ,</i></font>

451
00:29:53,666 --> 00:29:55,376
<font color="#ffcb8f"><i>අර තියෙන 103 ගොඩනැගිල්ලේ, හතරවෙනි තට්ටුවේ.</i></font>

452
00:29:56,628 --> 00:29:57,712
<font color="#ffcb8f"><i>රා-ඉක්ගේ ගෙදර.</i></font>

453
00:30:00,131 --> 00:30:03,802
<font color="#ffcb8f"><i>අනික 102 ගොඩනැගිල්ලේ දෙවෙනි තට්ටුවේ තමයි</i>
<i>ගෝල්ඩ් බෝයිස් මෙම්බර්ලා වන</i></font>

454
00:30:03,885 --> 00:30:09,682
<font color="#ffcb8f"><i>කැන්ග් වූ-සොන්ග්, චෝයි ජේ-හී, ලී යන්ග්-බින්</i>
<i>ඉන්න ඩෝම් එක තියෙන්නේ.</i></font>

455
00:30:12,268 --> 00:30:14,229
<font color="#ffcb8f"><i>දෝ රා-ඉක්ගේ ප්‍රකාශයට අනුව,</i></font>

456
00:30:14,312 --> 00:30:16,856
<font color="#ffcb8f"><i>සිද්ධිය වූ දිනයේ,</i>
<i>රාත්‍රී 8:10ට පමණ,</i></font>

457
00:30:17,690 --> 00:30:21,820
<font color="#ffcb8f"><i>වින්දිතයා වන කන්ග් වූ-සොන්ග්,</i>
<i>සැකකරුගේ නිවසට පැමිණියා.</i></font>

458
00:30:30,036 --> 00:30:32,330
<font color="#ffcb8f"><i>විනාඩි දහයකට විතර පස්සේ,</i></font>

459
00:30:32,413 --> 00:30:34,791
<font color="#ffcb8f"><i>ගෘහ සේවිකාව, සෝ හ්යොන්-සූක් ගෙදර ගියා...</i></font>

460
00:30:58,773 --> 00:31:03,862
<font color="#ffcb8f"><i>ගෙදර ඇතුළේ කන්ග් වූ-සොන්ග්</i>
<i>සහ දෝ රා-ඉක් විතරක් ඉතුරු වුණා.</i></font>

461
00:31:10,034 --> 00:31:11,703
<font color="#ffcb8f"><i>මිනීමැරුම සිද්ධ වුණේ මෙතැන.</i></font>

462
00:31:13,329 --> 00:31:17,250
<font color="#ffcb8f"><i>මරණය සිදුවූ බවට සැක කෙරෙන වෙලාව</i>
<i>මධ්‍යම රාත්‍රිය සහ පාන්දර එක අතර.</i></font>

463
00:31:21,170 --> 00:31:25,383
<font color="#ffcb8f"><i>ඒ වෙලාවට හදිස්සියේම මහ වැස්සක් පටන් ගත්තා,</i></font>

464
00:31:26,509 --> 00:31:28,136
<font color="#ffcb8f"><i>කවුරුහරි කෙනෙක්</i></font>

465
00:31:29,095 --> 00:31:31,306
<font color="#ffcb8f"><i>කන්ග් වූ-සොන්ග්ව මරණයට පත් කළා.</i></font>

466
00:31:38,605 --> 00:31:40,148
<font color="#ffcb8f"><i>ඒක කළේ රා-ඉක් ද?</i></font>

467
00:31:43,067 --> 00:31:45,570
<font color="#ffcb8f"><i>එහෙම නැත්නම් වෙන කවුරුහරි ද?</i>
<i>තුන්වෙනි පාර්ශවයක් නම්,</i></font>

468
00:31:46,362 --> 00:31:51,534
<font color="#ffcb8f"><i>ඒ මනුස්සයා කොහොමද මෙතනට ඇතුල් වුණේ?</i></font>

469
00:31:52,201 --> 00:31:53,912
<font color="#ffd146">ඔබේ සේවයට ස්තූතියි.</font>

470
00:31:55,997 --> 00:32:00,209
<font color="#ffd146">ක්වාක් බ්‍යුන්ග්-ග්‍යුන්, අපරාධ අංශය තුන,
සෝල් මධ්‍යම දිස්ත්‍රික් නඩු පවරන කාර්යාලය.</font>

471
00:32:00,293 --> 00:32:01,336
<font color="#ffd146">හමුවීම සතුටක්.</font>

472
00:32:04,505 --> 00:32:06,591
<font color="#ffd146">පොලිස් ආරක්ෂක පටිය
මේ වෙද්දි අයින් කරලා තියෙන්න ඕන.</font>

473
00:32:07,967 --> 00:32:10,803
<font color="#ffd146">මට හිතෙන්නේ මේක මම අන්තිම වෙනකම්ම
බලාගන්න ඕන නඩුවක් වගේ.</font>

474
00:32:10,887 --> 00:32:11,930
<font color="#ffd146">එහෙනම් කමක් නෑ.</font>

475
00:32:12,472 --> 00:32:16,142
<font color="#ffd146">ඇස් දෙකෙන්ම දැක්කම උත්තරයක් හොයාගන්න අමාරුයි නේද,
නීතීඥ මැන්ග් සේ-නා?</font>

476
00:32:22,231 --> 00:32:23,691
<font color="#ffd146">ඔයා හරි සැලකිලිමත් නේ.</font>

477
00:32:24,567 --> 00:32:27,236
<font color="#ffd146">විරුද්ධ පාර්ශවයේ නීතීඥවරියගේ නම
දැනටමත් මතක තියාගෙන ඉන්නවා.</font>

478
00:32:27,820 --> 00:32:30,782
<font color="#ffd146">මම ඔයා ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා.</font>

479
00:32:39,040 --> 00:32:40,959
<font color="#ffd146">මේක සරල නඩුවක්,</font>

480
00:32:41,042 --> 00:32:43,336
<font color="#ffd146">ඒ නිසා අපි නිකන් මහන්සි වෙන්න ඕන නෑ.</font>

481
00:32:44,170 --> 00:32:46,631
<font color="#ffd146">එක මනුස්සයෙක් මැරිලා තියෙන්නේ වැසුණු කාමරයක් ඇතුළේ,</font>

482
00:32:46,714 --> 00:32:50,301
<font color="#ffd146">ඒ වෙලාවේ එතන හිටියේ එකම එක කෙනයි.</font>

483
00:32:51,177 --> 00:32:53,680
<font color="#ffd146">තවදුරටත් විමර්ශනය කළාම ඒක පැහැදිලි වෙයි.</font>

484
00:32:58,393 --> 00:33:00,520
<font color="#ffd146">මේ ගෙදරට මාස්ටර් කී එකක් තිබුණ
එකම කෙනා</font>

485
00:33:00,603 --> 00:33:05,650
<font color="#ffd146">ගෘහ සේවිකාව විතරයි,
එයා ඒ වෙලාවේ හිටියේ වෙන තැනක කියලා ඔප්පු වෙලා ඉවරයි.</font>

486
00:33:06,317 --> 00:33:08,486
<font color="#ffd146">එයා වටේ ඉන්න අයගේ සාක්ෂිවලට අනුව,</font>

487
00:33:08,569 --> 00:33:11,906
<font color="#ffd146">දොරේ කෝඩ් එක දැනගෙන හිටිය එකම කෙනා</font>

488
00:33:11,990 --> 00:33:14,534
<font color="#ffd146">මිස්ටර් දෝ රා-ඉක් විතරයි.</font>

489
00:33:15,326 --> 00:33:17,912
<font color="#ffd146">ඔයාට පේනවා ඇතිනේ,
බලෙන් ඇතුළු වුණ බවට කිසිම සලකුණක් නෑ.</font>

490
00:33:18,413 --> 00:33:19,872
<font color="#ffcb8f"><i>අර පිස්සු අන්තගාමී රසිකාවියො!</i></font>

491
00:33:19,956 --> 00:33:21,749
<font color="#ffd146">එයාලා ළඟදි මගේ ගෙදරටත් කඩා පැන්නා.</font>

492
00:33:22,458 --> 00:33:25,795
<font color="#ffd146">ඒ කියන්නේ, එදා රෑ,</font>

493
00:33:27,088 --> 00:33:31,592
<font color="#ffd146">මේ තැන හිටිය එකම මිනිස්සු
වින්දිතයා සහ සැකකරු විතරයි.</font>

494
00:33:33,011 --> 00:33:36,472
<font color="#ffd146">මම අහපු විදිහට ඔයාගේ සේවාදායකයා තාම කියන්නේ
එයා නිර්දෝෂියි කියලද.</font>

495
00:33:36,556 --> 00:33:41,144
<font color="#ffd146">ඔයයි මායි දෙන්නම දන්නවා
ඒක කොච්චර තේරුමක් නැති</font>

496
00:33:42,437 --> 00:33:43,688
<font color="#ffd146">මෝඩ වැඩක් ද කියලා.</font>

497
00:33:45,565 --> 00:33:47,483
<font color="#ffd146">ඒ නිසා එයාව කැමති කරගන්න බලන්න...</font>

498
00:33:52,989 --> 00:33:54,949
<font color="#ffd146">මහා කරදරයක්.</font>

499
00:33:55,033 --> 00:33:56,451
<font color="#ffd146">වමනේ යන්න එනවා.</font>

500
00:33:57,618 --> 00:33:58,661
<font color="#ffd146">ක්වාක් බ්‍යුන්ග්-ග්‍යුන්.</font>

501
00:34:07,462 --> 00:34:09,589
<font color="#ffd146">මට එහෙම බෑ.</font>

502
00:34:12,675 --> 00:34:18,264
<font color="#ffd146">මම කොහොමත් කැමති තේරුමක් නැති, පිස්සු වැඩ
කරන්න තමයි.</font>

503
00:34:20,892 --> 00:34:23,061
<font color="#ffd146">වරෙන්තු නඩු විභාගයේදි හමුවෙමු.</font>

504
00:34:31,819 --> 00:34:33,988
<font color="#ffd146">හරිම පුදුමයි.</font>

505
00:34:35,656 --> 00:34:36,908
<font color="#ffd146">ඔයාට පිස්සුද?</font>

506
00:34:49,879 --> 00:34:51,047
<font color="#ffd146">මම කියන්නේ,</font>

507
00:34:51,130 --> 00:34:54,425
<font color="#ffd146">ඔයා 'තනිවම දඩයමේ යන හයිනා' මැන්ග් සේ-නා වුණත්,
මේක නම් වැඩියි!</font>

508
00:34:54,509 --> 00:34:56,761
<font color="#ffd146">නීතීඥ හ්වං 'ගෝල්ඩි' සමාගමට උපදෙස් දෙනවා කියලා
ඔයා දන්නවා නේද?</font>

509
00:34:56,844 --> 00:34:59,972
<font color="#ffd146">එන්ටර්ටේන්මන්ට් එකෙන් දෝ රා-ඉක්ව
අයින් කරනවද කියලා කල්පනා කරන වෙලාවක,</font>

510
00:35:00,056 --> 00:35:03,184
<font color="#ffd146">ඒ ලෝ ෆර්ම් එකෙන්ම එයා නිර්දෝෂියි කියලා
ඉදිරිපත් වෙන එක නිකන්--</font>

511
00:35:03,267 --> 00:35:05,812
<font color="#ffd146">ඔයා චීෆ් ක්වාක්ට ඔච්චරටම බයද? අනේ මේ!</font>

512
00:35:08,648 --> 00:35:09,524
<font color="#ffd146">ඔව්.</font>

513
00:35:11,400 --> 00:35:15,530
<font color="#ffd146">අර නයා වගේ මිනිහා නිසා,
මට කොච්චර නම් අවමානයන් විඳින්න වුණාද...</font>

514
00:35:16,405 --> 00:35:19,283
<font color="#ffd146">ඔයා හොඳටම දන්නවනේ
ඇයි මම විනිසුරුකම්,</font>

515
00:35:19,367 --> 00:35:22,537
<font color="#ffd146">ප්‍රොසිකියුටර් රස්සාවල්, ලොකු ලෝ ෆර්ම් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා</font>

516
00:35:22,620 --> 00:35:28,042
<font color="#ffd146">ඔයාලා සෝචෝ වල අමාරුවෙන් ගැටගහගෙන ඉන්න කාලේ
ඔයාගේ පොඩි ෆර්ම් එකට ආවේ කියලා.</font>

517
00:35:31,129 --> 00:35:32,171
<font color="#ffd146">මම දන්නේ නෑ!</font>

518
00:35:32,797 --> 00:35:35,174
<font color="#ffd146">ඔයාට ඕන විදිහට දේවල් සිද්ධ නොවෙන හැම වෙලාවෙම
ඔයා ඕක ඇදලා ගන්නවා.</font>

519
00:35:35,258 --> 00:35:39,011
<font color="#ffd146">ක්වාක් ජොන්-චුල් ආයෙත් මේ නඩුව
එයාගේ වාසියට හරව ගනීවි.</font>

520
00:35:39,095 --> 00:35:41,681
<font color="#ffd146">එයා මීඩියා අවුස්සලා,
එයාට හිතවත් විනිසුරුවරයෙක්ව දාගනීවි.</font>

521
00:35:41,764 --> 00:35:43,975
<font color="#ffd146">ඊට පස්සේ ආයෙමත් වතාවක්,
නිර්දෝෂී මනුස්සයෙක්ට--</font>

522
00:35:44,058 --> 00:35:46,894
<font color="#ffd146">නෑ, මම අහගෙන ඉන්නේ නෑ!</font>

523
00:35:48,646 --> 00:35:51,023
<font color="#ffd146">මේ නඩුවේ නොගැලපෙන තැන් ගොඩක් තියෙනවා.</font>

524
00:35:51,858 --> 00:35:54,110
<font color="#ffd146">මම තාම කේස් ෆයිල්ස් බැලුවේ නෑ,
ඒ නිසා පැහැදිලි නෑ,</font>

525
00:35:54,193 --> 00:35:55,695
<font color="#ffd146">ඒත් මට විශ්වාසයි මොකක් හරි තියෙනවා.</font>

526
00:35:55,778 --> 00:35:58,906
<font color="#ffd146">ඇයි ඔයා මේ නඩුව පස්සෙම යන්නේ?</font>

527
00:35:58,990 --> 00:36:00,449
<font color="#ffd146">ඔයාට මොකක් හරි විශ්වාසයක් තියෙනවද?</font>

528
00:36:02,493 --> 00:36:03,452
<font color="#ffd146">මට නිකන්...</font>

529
00:36:04,579 --> 00:36:06,455
<font color="#ffd146">මටම හොයලා බලන්න ඕන කරන
දෙයක් තියෙනවා.</font>

530
00:36:11,502 --> 00:36:15,047
<font color="#ffd146">මම දන්නේ නෑ! මට උදව් කරන්න කිසි දෙයක් කරන්න බෑ.</font>

531
00:36:15,131 --> 00:36:17,633
<font color="#ffd146">මොකක් හරි වැරදුණොත්,
ඒකේ වගකීම ඔයාගෙයි, හරිද?</font>

532
00:36:17,717 --> 00:36:18,718
<font color="#ffd146">හරි.</font>

533
00:36:18,801 --> 00:36:21,012
<font color="#ffd146">බලන්නකෝ ඔයාටත් කතා කරන්න පුළුවන් නේ.</font>

534
00:36:25,766 --> 00:36:26,726
<font color="#ffd146">මොනවද ඕන?</font>

535
00:36:29,020 --> 00:36:30,313
<font color="#ffd146">මුකුත් එපා.</font>

536
00:36:30,396 --> 00:36:33,733
<font color="#ffd146">මට වැඩේ කරන්න නිදහස දීලා,
මගේ පාඩුවේ ඉන්න දෙන්න</font>

537
00:36:33,816 --> 00:36:35,985
<font color="#ffd146">හැමදාම කරනවා වගේම,
මට ඕන විදිහට වැඩ කරන්න දෙන්න.</font>

538
00:36:41,532 --> 00:36:43,659
<font color="#ffd146">නවත්තගන්නවා.
මොනවද බලන් ඉන්නේ?</font>

539
00:36:44,285 --> 00:36:47,330
<font color="#ffd146">වැඩක් කරගන්න බැරි එවුන්
හැමතිස්සෙම බලන්නේ වෙන කෙනෙක්ගේ දුර්වලකමක් දිහා.</font>

540
00:36:48,039 --> 00:36:50,917
<font color="#ffd146">කන් දාගෙන ඉන්නේ මොකක් හරි අහගන්න පුළුවන්ද කියලා.</font>

541
00:36:57,548 --> 00:37:00,509
<font color="#ffd146">ඔයාලා දැනටමත් අහලා ඇතිනේ,
මම තමයි මිස්ටර් දෝ රා-ඉක්ගේ නඩුව බාරගන්නේ.</font>

542
00:37:00,593 --> 00:37:02,261
<font color="#ffd146">මට ඒකට අදාළ ඔක්කොම ෆයිල්ස් එකතු කරලා ඕන.</font>

543
00:37:02,345 --> 00:37:03,304
<font color="#ffd146">හරි.</font>

544
00:37:13,147 --> 00:37:14,482
<font color="#ffd146">ඇතුළට එන්න.</font>

545
00:37:20,363 --> 00:37:24,158
<font color="#ffd146">මේ තියෙන්නේ නීතීඥ හ්වං අන්තිමට තියපු මීටින් එකේ
සටහන් ටික</font>

546
00:37:24,242 --> 00:37:26,369
<font color="#ffd146">සහ සැකකරුගේ ඉන්ටවීව් රෙකෝඩ්ස්.</font>

547
00:37:26,452 --> 00:37:29,080
<font color="#ffd146">මම හිතුවා මේවා උදව් වෙයි කියලා.</font>

548
00:37:33,209 --> 00:37:34,585
<font color="#ffd146">ඔයාට කොහෙන්ද මේවා?</font>

549
00:37:34,669 --> 00:37:36,462
<font color="#ffd146">එයා කැමැත්තෙන් දුන්නා වෙන්න නම් බෑ.</font>

550
00:37:39,674 --> 00:37:40,841
<font color="#ffd146">මම හොරකම් කළා.</font>

551
00:37:43,261 --> 00:37:44,720
<font color="#ffd146">මට උදව් කරන්න ඕන වුණා.</font>

552
00:37:46,264 --> 00:37:50,017
<font color="#ffd146">මම කැමතියි ඔයාගේ ලීගල් ඇසිස්ටන්ට් වෙන්න.</font>

553
00:37:53,187 --> 00:37:56,565
<font color="#ffd146">මම 'ගෝල්ඩ් බෝයිස්'ලගේ ෆෑන් කෙනෙක්.</font>

554
00:38:00,820 --> 00:38:01,988
<font color="#ffd146">ආයේ කවදාවත් මෙහෙම කරන්න එපා.</font>

555
00:38:02,071 --> 00:38:05,324
<font color="#ffd146">මේ නිසා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්,
මට ඔයාව බේරගන්න බැරි වෙයි.</font>

556
00:38:06,033 --> 00:38:07,868
<font color="#ffd146">ඔයාට යන්න පුළුවන්. හරි.</font>

557
00:38:11,789 --> 00:38:12,957
<font color="#ffd146">වරෙන්තු නඩු විභාගයට කලින්,</font>

558
00:38:13,040 --> 00:38:16,627
<font color="#ffd146">අපිට තියෙන්නේ සැකකරුගේ සාක්ෂිය විතරයි,
විමර්ශන වාර්තා මුකුත් නෑ, ඒ නිසා මේක අමාරුයි.</font>

559
00:38:17,753 --> 00:38:21,048
<font color="#ffd146">මට හොයලා දෙන්න මේ හා සමාන නඩු,
නිර්දෝෂී බව පිළිගත්ත පූර්වාදර්ශ.</font>

560
00:38:21,132 --> 00:38:22,341
<font color="#ffd146">පුළුවන් තරම් හොයන්න.</font>

561
00:38:22,425 --> 00:38:26,679
<font color="#ffd146">එතකොට ඔයාට පුළුවන් රහස්‍ය ගිවිසුමට අත්සන් කරලා
හෙට වෙද්දි මගේ මේසෙට ගෙනත් තියන්න.</font>

562
00:38:26,762 --> 00:38:27,805
<font color="#ffd146">හරි!</font>

563
00:38:48,284 --> 00:38:50,703
<font color="#ffd146">ඒයි, ජින්-තෙක්ගේ නම්බර් එක හම්බුණාද?</font>

564
00:38:50,786 --> 00:38:53,205
<font color="#ffd146">ලඟටම ආවා, මිනිහා අද ලයිව් එනවා.</font>

565
00:38:53,289 --> 00:38:58,085
<font color="#ffd146">මම ඒ වෙලාවටම මිනිහට කෝල් එකක් ගන්නවා. මරු.</font>

566
00:39:02,840 --> 00:39:06,093
<font color="#ffd146">ඔයාලා කිම් හී-යං, චෝයි හා-නෙඋල් නේද?</font>

567
00:39:07,636 --> 00:39:08,471
<font color="#ffd146">කවුද මේ?</font>

568
00:39:08,554 --> 00:39:10,681
<font color="#ffd146">අපි ඔයාව දන්නවද? ඔයා මෙයාව දන්නවද?</font>

569
00:39:12,850 --> 00:39:14,310
<font color="#ffd146">හායි, අන්තගාමී කරදරකාරයෝ...</font>

570
00:39:14,393 --> 00:39:16,937
<font color="#ffd146">ආහ් නෑ, අන්තගාමී රසිකයෝ. හමුවීම සතුටක්.</font>

571
00:39:17,021 --> 00:39:18,647
<font color="#ffd146">අපි පොඩ්ඩක් කතා කරමුද?</font>

572
00:39:19,690 --> 00:39:23,402
<font color="#ffd146">කවුද මේ ගෑනු කෙනා? මම දන්නේ නෑ.</font>

573
00:39:27,531 --> 00:39:29,116
<font color="#ffd146">නෑ, අපි එහෙම නෙවෙයි!</font>

574
00:39:29,200 --> 00:39:30,785
<font color="#ffd146">කෑගහන්න එපා.</font>

575
00:39:32,495 --> 00:39:33,788
<font color="#ffd146">අපි අන්තගාමී රසිකයෝ නෙවෙයි.</font>

576
00:39:33,871 --> 00:39:36,832
<font color="#ffd146">අපි TMB රසිකයෝ.</font>

577
00:39:37,625 --> 00:39:39,668
<font color="#ffcb8f"><i>අත අරිනවා! රෙකෝඩ් කරන්න!</i></font>

578
00:39:39,752 --> 00:39:42,213
<font color="#ffcb8f"><i>- එළියට යනවා!</i>
<i>- මම පොලිසියට කතා කරනවා!</i></font>

579
00:39:42,296 --> 00:39:44,548
<font color="#ffcb8f"><i>- ඔප්පා!</i> තමුන්ලා තාම නෑ කියනවද?</font>

580
00:39:44,632 --> 00:39:46,759
<font color="#ffcb8f"><i>ඔයා කොහොමද ෆෑන්ස්ලාට මෙහෙම කරන්නේ?</i></font>

581
00:39:46,842 --> 00:39:47,843
<font color="#ffd146">ඉතින් මොකද?</font>

582
00:39:48,469 --> 00:39:52,473
<font color="#ffd146">ඔව්, අපි හොරෙන් ඇතුල් වුණා, ඒත් එයා කිව්වා කමක් නෑ කියලා
අපිට යන්න කිව්වා!</font>

583
00:39:52,556 --> 00:39:54,392
<font color="#ffd146">දැන් නම් වැඩේ හොඳ නෑ වගේ.</font>

584
00:39:55,017 --> 00:39:58,562
<font color="#ffd146">ඔයාලා බලෙන් රිංගපු තැනම තමයි
මිනීමැරුම සිද්ධ වුණේ.</font>

585
00:39:58,646 --> 00:40:00,731
<font color="#ffd146">මට නම් හිතෙන්නේ නෑ
මේ සිද්ධි දෙක අතර සම්බන්ධයක් නෑ කියලා.</font>

586
00:40:04,151 --> 00:40:05,903
<font color="#ffd146">මොනවද මේ ගෑනු කෙනා කියවන්නේ?</font>

587
00:40:05,986 --> 00:40:08,823
<font color="#ffd146">එදා වූ-සොන්ග්ට ඔහොම දෙයක් වෙනකොට,</font>

588
00:40:08,906 --> 00:40:11,325
<font color="#ffd146">- අපි හිටියේ TMB කොල්ලො පස්සේ ගිහින්. ඔව්.</font>

589
00:40:12,034 --> 00:40:13,828
<font color="#ffd146">ඔයාලා කොහොමද අපිව හොයාගත්තේ?</font>

590
00:40:13,911 --> 00:40:17,998
<font color="#ffd146">කිසිම සම්බන්ධයක් නැති මිනිස්සු පස්සේ
ඔයාලට මෙහෙම එන්න පුළුවන්ද?</font>

591
00:40:18,082 --> 00:40:20,000
<font color="#ffd146">සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක</font>

592
00:40:20,084 --> 00:40:22,586
<font color="#ffd146">ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්
ඔයාලා බලන කෝණය අනුව.</font>

593
00:40:24,463 --> 00:40:28,050
<font color="#ffd146">පැමිණිලි කළේ නෑ කියලා
ඔයාලගේ අපරාධය සැහැල්ලු වෙන්නේ නෑ.</font>

594
00:40:28,134 --> 00:40:32,012
<font color="#ffd146">රසිකයෝ වුණා කියලා
ඔයාලට ඕන ඕන දේවල් කරන්න බෑ.</font>

595
00:40:32,680 --> 00:40:35,975
<font color="#ffd146">මට ඕන ඔයාලා කරපු දේ කොච්චර බරපතලද කියලා
ඔයාලටම තේරුම් කරවලා දෙන්න.</font>

596
00:40:40,604 --> 00:40:43,607
<font color="#ffd146">ඔයාලා දකිනවා ඇතිනේ මේ කේස් එක
හැමදාම උදේ රෑ රියල් ටයිම් හෙඩ්ලයින්ස් වල යන හැටි?</font>

597
00:40:43,691 --> 00:40:45,401
<font color="#ffd146">මේ නඩුව මේ විදිහට ගිනි අරන් තියෙන වෙලාවක,</font>

598
00:40:45,484 --> 00:40:47,736
<font color="#ffd146">ඔයාලා හිතන්නේ මොනවා වෙයි කියලද
රිපෝටර්ස්ලා දැනගත්තොත්</font>

599
00:40:47,820 --> 00:40:51,574
<font color="#ffd146">දෙන්නෙක් හොරෙන් රිංගලා තියෙනවා
මිස්ටර් දෝ රා-ඉක්ගේ ගෙදරට?</font>

600
00:40:51,657 --> 00:40:54,076
<font color="#ffd146">එයාලා ඒකට කැමති වෙයි නේද?</font>

601
00:40:56,370 --> 00:40:58,247
<font color="#ffd146">මම නඩු දාන්නේ එක සැරේට එක ගානේ,
හරිම හිමින්</font>

602
00:40:59,623 --> 00:41:04,587
<font color="#ffd146">ඊට පස්සේ බලාගෙන ඉන්නවා මේ අවධානය
තව තවත් වැඩිවෙන දිහා.</font>

603
00:41:04,670 --> 00:41:07,131
<font color="#ffd146">එතකොට ටීවී එකේ රියල් ටයිම් පෙන්නන්නේ
එයාව නෙවෙයි.</font>

604
00:41:08,215 --> 00:41:12,011
<font color="#ffd146">ඔයාලව.</font>

605
00:41:12,094 --> 00:41:14,180
<font color="#ffd146">ෆෝරම්ස් වල ඉන්න අය පිස්සුවෙන් වගේ
ඔයාලගේ විස්තර හොයයි.</font>

606
00:41:14,263 --> 00:41:16,891
<font color="#ffd146">මිනිස්සුන්ට කුතුහලයක් ඇති වෙයි.</font>

607
00:41:18,017 --> 00:41:19,477
<font color="#ffd146">කවුද මේ කෙල්ලෝ,</font>

608
00:41:19,560 --> 00:41:22,730
<font color="#ffd146">කොහොමද මෙයාලා කාටවත් නොදැනි
එයාගේ ගෙදරට රිංගුවේ කියලා?</font>

609
00:41:22,813 --> 00:41:26,609
<font color="#ffd146">කොහොමද පාස්කෝඩ් එක දන්නේ? ඒක නෙවෙයි...</font>

610
00:41:26,692 --> 00:41:29,069
<font color="#ffd146">මම ඇහුවේ නෑ උත්තරයක් දෙන්න කියලා.</font>

611
00:41:31,113 --> 00:41:32,698
<font color="#ffd146">මට තියෙන්නේ නිකන් වාඩි වෙලා බලන් ඉන්න විතරයි.</font>

612
00:41:33,282 --> 00:41:36,827
<font color="#ffd146">කොහොමත් රිපෝටර්ස්ලා මට ඕන උත්තර ටික
හොයලා දේවි.</font>

613
00:41:39,788 --> 00:41:43,584
<font color="#ffd146">දිගින් දිගටම.</font>

614
00:41:44,126 --> 00:41:45,794
<font color="#ffd146">මේ අහන්න!</font>

615
00:41:49,757 --> 00:41:50,591
<font color="#ffd146">අපි එතනට ගියේ
කවුරුහරි අපිට ඒ ගැන කිව්ව නිසා.</font>

616
00:41:53,469 --> 00:41:56,472
<font color="#ffd146">නිකන් කුතුහලේට.</font>

617
00:41:56,555 --> 00:41:58,224
<font color="#ffd146">කොහොමද?</font>

618
00:42:02,186 --> 00:42:03,020
<font color="#ffd146">ඒක...</font>

619
00:42:04,522 --> 00:42:05,523
<font color="#ffce8f"><i>ආරක්ෂක නිලධාරීන්ගේ ෂිෆ්ට් එක මාරු වෙන්නේ</i>
<i>රෑ 11.50 ඉඳන් 12.00 වෙනකම්.</i></font>

620
00:42:09,985 --> 00:42:14,490
<font color="#ffce8f"><i>අන්න ඒ වෙලාවට තමයි අපි ඇතුල් වෙන්නේ.</i></font>

621
00:42:19,203 --> 00:42:20,913
<font color="#ffce8f"><i>අපි කොහොමත් දන්නවා</i>
<i>CCTV තියෙන තැන් ඔක්කොම,</i></font>

622
00:42:23,457 --> 00:42:26,168
<font color="#ffce8f"><i>ඒ නිසා ඒවා මගහරින එක සිම්පල් වැඩක්.</i></font>

623
00:42:26,252 --> 00:42:29,296
<font color="#ffce8f"><i>අපි හරියටම වෙලාව බලලා,</i>
<i>දොර ඇරෙනකොටම, ගස්!</i></font>

624
00:42:46,522 --> 00:42:49,191
<font color="#ffce8f"><i>අපි රිංගනවා, එච්චරයි. ගේම් ඕවර්.</i></font>

625
00:42:49,275 --> 00:42:52,403
<font color="#ffce8f"><i>නිවැසියන්ගේ පුද්ගලිකත්වයට බාධාවක් වෙන නිසා,</i></font>

626
00:42:58,075 --> 00:43:00,160
<font color="#ffce8f"><i>කොරිඩෝ වල හරි පඩිපෙළවල් වල හරි</i>
<i>CCTV නෑ.</i></font>

627
00:43:00,244 --> 00:43:02,663
<font color="#ffce8f"><i>අන්තිම පියවර තමයි පඩිපෙළේ ඉඳන් බලන් ඉන්න එක,</i>
<i>මෝෂන් සෙන්සර් ලයිට් එක ඕෆ් කරලා.</i></font>

628
00:43:15,759 --> 00:43:19,805
<font color="#ffce8f"><i>වැරදිලාවත් ඒක පත්තු වුණොත්, අපි ඉවරයි.</i></font>

629
00:43:19,888 --> 00:43:23,183
<font color="#ffce8f"><i>ඒ නිසා රා-ඉක් ගෙදර එන්න කලින් අපි ඔක්කොම ලෑස්ති කරගෙන</i>
<i>බලන් ඉන්නවා.</i></font>

630
00:43:24,351 --> 00:43:27,313
<font color="#ffce8f"><i>එතකොට අපිට පුළුවන් බය නැතුව බලාගෙන ඉඳලා</i>
<i>පාස්කෝඩ් එක හොයාගන්න.</i></font>

631
00:43:27,855 --> 00:43:30,941
<font color="#ffce8f"><i>පාස්කෝඩ් එක හොයාගත්තට පස්සේ,</i>
<i>අපි බලන් ඉන්නවා එයා එළියට යන දවසක් එනකල්</i></font>

632
00:43:38,699 --> 00:43:42,453
<font color="#ffce8f"><i>සහ ගෘහ සේවිකාව නිවාඩු දවසක් එනකල්, එදාට අපි ඇතුළට යනවා.</i></font>

633
00:43:42,536 --> 00:43:45,539
<font color="#ffce8f"><i>එයා පාස්කෝඩ් එක වෙනස් නොකරන තාක් කල්,</i></font>

634
00:43:45,623 --> 00:43:47,541
<font color="#ffce8f"><i>අපිට ඕන වෙලාවක ඇතුළට යන්නත් එළියට එන්නත් පුළුවන්,</i></font>

635
00:43:47,625 --> 00:43:49,918
<font color="#ffce8f"><i>අපි අහු නොවෙන තාක් කල්.</i></font>

636
00:43:50,586 --> 00:43:52,171
<font color="#ffd146">ඔයාලා දෙන්නා මාර වැඩ්ඩොනේ.</font>

637
00:43:54,840 --> 00:43:56,634
<font color="#ffd146">එතකොට එයාගේ ගෙදර පාස්කෝඩ් එක
හොයාගත්තට පස්සේ,</font>

638
00:43:57,760 --> 00:44:00,888
<font color="#ffd146">ඔයාලා වෙන දවසක ආයෙත් ගියා,
එයාගේ ගෙදරට රිංගුවා</font>

639
00:44:01,472 --> 00:44:04,391
<font color="#ffd146">එයාට ඔයාලව අහු වුණා?</font>

640
00:44:04,475 --> 00:44:05,809
<font color="#ffd146">එදාද ඔයාලා එයාගේ වීඩියෝ එකක් ගත්තේ? ඔව්.</font>

641
00:44:05,893 --> 00:44:08,687
<font color="#ffd146">ඒ එයා අපිට කැරපොත්තෝ කිව්ව නිසා.</font>

642
00:44:09,855 --> 00:44:11,982
<font color="#ffd146">හරි නේද? ඔව්.</font>

643
00:44:12,066 --> 00:44:13,651
<font color="#ffd146">ඒත්...</font>

644
00:44:15,194 --> 00:44:16,195
<font color="#ffd146">ඇත්තටම එයා වූ-සොන්ග්ව මැරුවද?</font>

645
00:44:16,779 --> 00:44:19,031
<font color="#ffd146">ඒකද ඔයාගේ ලොකුම ප්‍රශ්නේ, ස්ටෝකර්?</font>

646
00:44:19,114 --> 00:44:21,867
<font color="#ffd146">මම කිව්වනේ, අපි ස්ටෝකර්ලා නෙවෙයි!</font>

647
00:44:21,950 --> 00:44:24,244
<font color="#ffd146">අපි එහෙම කළේ අපි එයාට ආදරේ නිසා!</font>

648
00:44:24,828 --> 00:44:27,539
<font color="#ffd146">ආදරේ කියන්නේ ඒකට නේද?</font>

649
00:44:28,749 --> 00:44:30,501
<font color="#ffd146">තව ළං වෙන්න ඕන වෙන එක,
එයාව දකින්න ඕන වෙන එක,</font>

650
00:44:30,584 --> 00:44:34,338
<font color="#ffd146">එයාව තව හොඳට බලාගන්න ඕන වෙන එක. නෑ.</font>

651
00:44:34,421 --> 00:44:36,548
<font color="#ffd146">ඒක ආදරේ නෙවෙයි. ඒකට කියන්නේ දඩයම් කරනවා කියලා.</font>

652
00:44:37,174 --> 00:44:39,176
<font color="#ffd146">මොකද ඒක විනෝදයක් වුණ නිසා,</font>

653
00:44:40,010 --> 00:44:41,136
<font color="#ffd146">කෙනෙක්ගේ ජීවිතේට තර්ජනය කරලා
එයාට දුක් විඳින්න සලස්වන එක.</font>

654
00:44:41,220 --> 00:44:44,098
<font color="#ffd146">ම්ලේච්ඡ විදිහට.</font>

655
00:44:46,809 --> 00:44:50,396
<font color="#ffd146">ඔයා ඇත්තටම එයාට ආදරේ කළා නම්,
ඔයාට කවදාවත් ඒ වගේ දෙයක් කරන්න බෑ.</font>

656
00:44:55,442 --> 00:44:57,277
<font color="#ffd146">ඇත්ත ආදරේ කියන්නේ…</font>

657
00:45:00,489 --> 00:45:04,993
<font color="#ffce8f"><i>එයා යන දිහා හුඟක් ඈත ඉඳන්</i>
<i>බලාගෙන ඉන්න එකට…</i></font>

658
00:45:06,870 --> 00:45:08,247
<font color="#ffce8f"><i>එයාට උදව් කරන එකට,</i></font>

659
00:45:09,748 --> 00:45:11,333
<font color="#ffce8f"><i>සහ ප්‍රාර්ථනා කරන එකට</i></font>

660
00:45:12,418 --> 00:45:14,002
<font color="#ffce8f"><i>එයාගේ සතුට වෙනුවෙන්…</i></font>

661
00:45:16,255 --> 00:45:17,589
<font color="#ffce8f"><i>ඔයාගේ මුළු හදවතින්ම.</i></font>

662
00:45:17,673 --> 00:45:19,466
<font color="#ffd146">එයාව ආපහු ගේන්න!</font>

663
00:45:19,550 --> 00:45:21,593
<font color="#ffd146">- එයාව ආපහු ගේන්න!
- එයාව ආපහු ගේන්න!</font>

664
00:45:21,677 --> 00:45:24,304
<font color="#ffd146">දෝ රා-ඉක්ව මරලා දාන්න!</font>

665
00:45:24,388 --> 00:45:25,806
<font color="#ffd146">- මරලා දාන්න එයාව!
- මරලා දාන්න එයාව!</font>

666
00:45:35,858 --> 00:45:39,236
<font color="#ffd146">- අන්න එයා එනවා!
- මොනවා හරි කියන්නකෝ!</font>

667
00:45:39,319 --> 00:45:41,280
<font color="#ffd146">දැන් මොකද හිතෙන්නේ?</font>

668
00:45:41,363 --> 00:45:42,865
<font color="#ffd146">ඔළුව උස්සන් ඉන්න.</font>

669
00:45:42,948 --> 00:45:44,158
<font color="#ffd146">අධිකරණය</font>

670
00:45:46,243 --> 00:45:48,912
<font color="#ffd146">ඔයා බිම බලාගෙන හිටියොත්
පේන්නේ වැරදිකාරයෙක් වගේ.</font>

671
00:45:49,538 --> 00:45:51,540
<font color="#ffd146">ඔළුව උස්සලා, කෙලින් ඉන්න.</font>

672
00:45:53,959 --> 00:45:54,793
<font color="#ffd146">මම දන්නේ නෑ.</font>

673
00:45:57,463 --> 00:45:58,797
<font color="#ffd146">මට මතක නෑ.</font>

674
00:46:01,091 --> 00:46:03,093
<font color="#ffd146">කොච්චර උත්සාහ කළත්,
මට මතක් කරගන්න බෑ.</font>

675
00:46:06,054 --> 00:46:07,347
<font color="#ffd146">ඒ මම නෙවෙයි.</font>

676
00:46:09,099 --> 00:46:10,392
<font color="#ffd146">ඇත්තටම ඒ මම නෙවෙයි.</font>

677
00:46:14,062 --> 00:46:15,481
<font color="#ffd146">ඒත් ඒ මම නම්?</font>

678
00:46:17,149 --> 00:46:19,443
<font color="#ffd146">වූ-සොන්ග්ට ඒ දේ කළේ
මම නම්...</font>

679
00:46:20,486 --> 00:46:21,778
<font color="#ffd146">දෝ රා-ඉක් මහත්තයා.</font>

680
00:46:24,531 --> 00:46:25,449
<font color="#ffd146">දෝ රා-ඉක් මහත්තයා.</font>

681
00:46:31,538 --> 00:46:33,457
<font color="#ffd146">මම ඔයා වෙනුවෙන් පෙනී ඉන්නකම්,</font>

682
00:46:33,540 --> 00:46:35,876
<font color="#ffd146">ඔයා නිවැරදිකරු වේවි.</font>

683
00:46:35,959 --> 00:46:38,253
<font color="#ffd146">මම ඒක සහතික කරනවා. තේරුණාද?</font>

684
00:46:40,547 --> 00:46:43,884
<font color="#ffd146">ඒ නිසා මම කියන දේ කියන්න, "මම, දෝ රා-ඉක්."</font>

685
00:46:46,845 --> 00:46:49,056
<font color="#ffd146">මම කිව්වේ මම කියන දේ කියන්න කියලා, "මම, දෝ රා-ඉක්."</font>

686
00:46:50,516 --> 00:46:51,433
<font color="#ffd146">මම, දෝ රා-ඉක්.</font>

687
00:46:52,184 --> 00:46:54,978
<font color="#ffd146">"කන්ග් වූ-සොන්ග්ව මැරුවේ නෑ."</font>

688
00:46:59,983 --> 00:47:01,818
<font color="#ffd146">කන්ග් වූ-සොන්ග්ව මැරුවේ නෑ.</font>

689
00:47:01,902 --> 00:47:05,989
<font color="#ffd146">"කන්ග් වූ-සොන්ග්ව මැරුවා කියන එක
මම පිළිගන්නේ නෑ."</font>

690
00:47:07,699 --> 00:47:12,204
<font color="#ffd146">කන්ග් වූ-සොන්ග්ව මැරුවා කියන එක මම පිළිගන්නේ නෑ.</font>

691
00:47:16,458 --> 00:47:18,710
<font color="#ffd146">නීතිඥතුමනි, ඔබේ ස්ථාවරය ප්‍රකාශ කරන්න.</font>

692
00:47:26,343 --> 00:47:27,594
<font color="#ffd146">විනිසුරුතුමනි,</font>

693
00:47:27,678 --> 00:47:31,139
<font color="#ffd146">විත්තිකරු මිනීමරුවෙක් කියලා හංවඩු ගහන්න
පැමිණිල්ල ඉදිරිපත් කරන එකම පදනම තමයි,</font>

694
00:47:31,223 --> 00:47:36,812
<font color="#ffd146">අපරාධය සිදුවුණු ස්ථානයට පිටස්තර පුද්ගලයෙක්
ඇතුළු වුණේ නෑ කියන තර්කය විතරයි.</font>

695
00:47:36,895 --> 00:47:40,065
<font color="#ffd146">හැබැයි, සිද්ධිය වෙන්න සති දෙකකට කලින්,</font>

696
00:47:40,148 --> 00:47:42,943
<font color="#ffd146">විත්තිකරු නීතිවිරෝධී නිවාස අඩස්සියක
ගොදුරක් බවට පත් වුණා</font>

697
00:47:43,026 --> 00:47:44,653
<font color="#ffd146">ඒක කළේ එයාගේම උමතු රසිකයෝ පිරිසක්.</font>

698
00:47:44,736 --> 00:47:48,991
<font color="#ffd146">එයා ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා,
නිල වශයෙන් පොලිසි පැමිණිල්ලක් දැම්මේ නැති වුණාට,</font>

699
00:47:49,074 --> 00:47:51,910
<font color="#ffd146">උමතු රසිකයන් විසින් කරපු
නීතිවිරෝධී ඇතුල්වීම පිළිබඳ කාරණය</font>

700
00:47:51,994 --> 00:47:54,830
<font color="#ffd146">දැනටමත් ප්‍රමාණවත් තරම්
වෛෂයිකව ඔප්පු වෙලා තියෙනවා.</font>

701
00:47:54,913 --> 00:47:56,456
<font color="#ffd146">ඒ නිසා, පැමිණිල්ලේ පූර්ව නිගමනය වන</font>

702
00:47:56,540 --> 00:47:58,584
<font color="#ffd146">නිවසට පිටස්තරයෙක් ඇතුළු වුණේ නෑ කියන එකේ</font>

703
00:47:58,667 --> 00:48:00,460
<font color="#ffd146">විශ්වසනීයත්වය නැති වෙලා ඉවරයි,
ඒ වගේම--</font>

704
00:48:00,544 --> 00:48:01,962
<font color="#ffd146">ඕක තහවුරු නොකළ ප්‍රකාශයක්.</font>

705
00:48:02,879 --> 00:48:05,966
<font color="#ffd146">තහවුරු නොකළ ප්‍රකාශ කරන්නේ
පැමිණිල්ල පාර්ශ්වයෙන්.</font>

706
00:48:07,801 --> 00:48:09,928
<font color="#ffd146">විනිසුරුතුමනි, පැමිණිල්ල ප්‍රකාශ කළා</font>

707
00:48:10,012 --> 00:48:13,390
<font color="#ffd146">විත්තිකරුගේ නිවසේ සියලුම අධිකරණ වෛද්‍ය
පරීක්ෂණ කටයුතු අවසන් කියලා.</font>

708
00:48:13,473 --> 00:48:15,726
<font color="#ffd146">නමුත් වරෙන්තු අයදුම්පතට අනුව,</font>

709
00:48:15,809 --> 00:48:18,145
<font color="#ffd146">අපරාධයට පාවිච්චි කළා යැයි
සැක කරන</font>

710
00:48:18,228 --> 00:48:21,106
<font color="#ffd146">ආයුධය ගැන කිසිම සඳහනක් නෑ.</font>

711
00:48:21,607 --> 00:48:24,318
<font color="#ffd146">පැමිණිල්ලේ නීතිඥතුමනි,
ඔබට මේ ගැන පැහැදිලි කිරීමක් තියෙනවාද?</font>

712
00:48:24,401 --> 00:48:25,861
<font color="#ffd146">ඒ සම්බන්ධයෙන්,</font>

713
00:48:25,944 --> 00:48:28,071
<font color="#ffd146">තවම විමර්ශන පවත්වනවා.</font>

714
00:48:28,155 --> 00:48:29,823
<font color="#ffd146">මට නිශ්චිත විස්තර හෙළි කරන්න බෑ.</font>

715
00:48:30,365 --> 00:48:35,078
<font color="#ffd146">නමුත් අධිකරණ වෛද්‍ය වාර්තා පෙන්වා දෙනවා
පිටස්තර කිසිම--</font>

716
00:48:35,162 --> 00:48:37,789
<font color="#ffd146">විනිසුරුතුමනි,
සිද්ධිය වුණු රාත්‍රියේ,</font>

717
00:48:37,873 --> 00:48:40,917
<font color="#ffd146">මධ්‍යම රාත්‍රියේ ඉඳන් වාර්තාගත මට්ටමේ
ධාරානිපාත වර්ෂාවක් පටන් ගත්තා.</font>

718
00:48:41,001 --> 00:48:44,504
<font color="#ffd146">ඒ නිසා, කෙනෙක් ඇතුළු වූ බවට තිබුණ සලකුණු
වැස්සට හේදිලා යන්න ඇති කියන සම්භාවිතාව</font>

719
00:48:44,588 --> 00:48:46,882
<font color="#ffd146">- ගැන නැවත හොඳින් සලකා බලන්න ඕනේ.
- විනිසුරුතුමනි,</font>

720
00:48:46,965 --> 00:48:49,509
<font color="#ffd146">විත්ති පාර්ශ්වය මේ කරන්නේ
පදනම් විරහිත අනුමාන කිරීමක්.</font>

721
00:48:49,593 --> 00:48:53,305
<font color="#ffd146">ඒක අනුමානයක් ද නැද්ද කියලා ඔප්පු කරන එක
පැමිණිල්ල පාර්ශ්වයේ වගකීමක්.</font>

722
00:48:55,974 --> 00:48:58,018
<font color="#ffd146">විත්තිකරුගේ ප්‍රශ්න කිරීමේ වාර්තාවට අනුව,</font>

723
00:48:58,101 --> 00:49:00,937
<font color="#ffce8f"><i>ඔවුන් එයාව දිගින් දිගටම ප්‍රශ්න කරලා තියෙනවා
මේ වගේ දේවල් අහලා,</i></font>

724
00:49:01,021 --> 00:49:03,357
<font color="#ffce8f"><i>"ගෙදර බඩු ඇදලා දාලා තිබුණ බවට සලකුණු තිබුණා.</i></font>

725
00:49:03,440 --> 00:49:05,484
<font color="#ffce8f"><i>ඔයා ඇත්තටම මොනවද හෙව්වේ?"</i></font>

726
00:49:05,567 --> 00:49:10,489
<font color="#ffd146">මේ කියන්නේ සිද්ධිය වුණු තැන යම් දෙයක්
සෙවූ බවට සලකුණු තිබුණා කියන එක ප්‍රතික්ෂේප කරන්න බෑ.</font>

727
00:49:11,573 --> 00:49:13,283
<font color="#ffd146">සාමාන්‍යයෙන්, මේ වගේ සලකුණු</font>

728
00:49:13,367 --> 00:49:17,371
<font color="#ffd146">ඉතිරි වෙන්නේ අපරාධකාරයෙක් යම් අයිතමයක්
හොයන්න හරි හංගන්න හරි උත්සාහ කරනකොට.</font>

729
00:49:17,454 --> 00:49:21,041
<font color="#ffd146">ඉතින් ඒක ප්‍රබල සාක්ෂියක් වෙනවා
විත්තිකරුට අමතරව වෙනත් අයෙක්,</font>

730
00:49:21,124 --> 00:49:25,545
<font color="#ffd146">විශේෂයෙන්ම, මේ ස්ථානය ගැන
හොඳින් නොදන්න කෙනෙක්</font>

731
00:49:25,629 --> 00:49:28,507
<font color="#ffd146">අපරාධය වුණු වෙලාවේ එතන හිටියා කියන්න.</font>

732
00:49:28,590 --> 00:49:32,219
<font color="#ffd146">පැමිණිල්ලේ නීතිඥතුමනි, සිද්ධිය වුණු තැනින්
ඒ වගේ සලකුණක් හමු වුණාද?</font>

733
00:49:36,181 --> 00:49:38,058
<font color="#ffd146">ඔව්, තිබුණා.</font>

734
00:49:39,893 --> 00:49:41,520
<font color="#ffd146">විනිසුරුතුමනි,</font>

735
00:49:41,603 --> 00:49:43,897
<font color="#ffd146">අපරාධ නඩු විධාන සංග්‍රහයේ මූලික ප්‍රතිපත්ති යටතේ,</font>

736
00:49:43,980 --> 00:49:48,360
<font color="#ffd146">වරදකරු කිරීමට නම් සාධාරණ සැකයෙන් තොරව
සාක්ෂි මත පදනම් වෙන්න ඕනේ.</font>

737
00:49:48,944 --> 00:49:51,613
<font color="#ffd146">එම නිසා, පැමිණිල්ල පාර්ශ්වය අසමත් වෙලා තියෙනවා</font>

738
00:49:51,697 --> 00:49:54,074
<font color="#ffd146">විත්තිකරුට එරෙහිව චෝදනා ඔප්පු කරන්න
කිසිම පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් කරන්න,</font>

739
00:49:54,157 --> 00:49:58,954
<font color="#ffd146">ඒ නිසා විත්තිකරු රඳවා තබා ගන්න වරෙන්තුවක්
නිකුත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කළ යුතුයි.</font>

740
00:50:00,163 --> 00:50:01,957
<font color="#ffd146">ඒ අනුව,</font>

741
00:50:02,040 --> 00:50:05,085
<font color="#ffd146">නිවැරදිකරු යැයි පූර්ව නිගමනය මත පදනම්ව,
විත්ති පාර්ශ්වය දැඩි ලෙස ඉල්ලා සිටිනවා</font>

742
00:50:05,168 --> 00:50:07,421
<font color="#ffd146">විත්තිකරුව රඳවා තබා නොගන්නා ලෙස.</font>

743
00:50:16,972 --> 00:50:18,056
<font color="#ffd146">ඒක නම් වැදුණා.</font>

744
00:50:22,060 --> 00:50:25,313
<font color="#ffd146">පළවෙනි වටයෙන්ම ඔයා
කවුන්ටර් පන්ච් ගහනවානේ.</font>

745
00:50:25,397 --> 00:50:26,231
<font color="#ffd146">මොකක්ද?</font>

746
00:50:29,317 --> 00:50:30,444
<font color="#ffd146">කවුන්ටර් පන්ච් එකක් කියන්නේ</font>

747
00:50:31,862 --> 00:50:33,989
<font color="#ffd146">එන ප්‍රහාරයකට පෙරලා පහර දෙන එකට.</font>

748
00:50:34,573 --> 00:50:36,908
<font color="#ffd146">ප්‍රහාරයක් කියලා කියන්න පුළුවන් දෙයක් නම්
මම දැක්කේ නෑ.</font>

749
00:50:36,992 --> 00:50:38,827
<font color="#ffd146">එතකොට අරවා නිකන් ජැබ් පාරවල් ටිකක්ද?</font>

750
00:50:38,910 --> 00:50:40,162
<font color="#ffd146">ඒක හරි.</font>

751
00:50:40,245 --> 00:50:41,830
<font color="#ffd146">ඊළඟ පාර සංසන්දනය කරලා බලන්න,</font>

752
00:50:41,913 --> 00:50:44,458
<font color="#ffd146">ජැබ් එකක් කවුන්ටර් පන්ච් එකකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා.</font>

753
00:50:45,834 --> 00:50:47,586
<font color="#ffd146">මම එතකොට ඔයාව නොක් අවුට් කරනවා.</font>

754
00:51:02,267 --> 00:51:04,770
<font color="#ffd146">කොහොමද ඔයා ඒ වගේ වැදගත් දෙයක්
මග ඇර ගත්තේ?</font>

755
00:51:04,853 --> 00:51:08,607
<font color="#ffd146">එයාලා වාර්තා කළේ නැත්නම්,
මම කොහොමද දන්නේ?</font>

756
00:51:09,232 --> 00:51:12,986
<font color="#ffd146">- මේක නම් දැන් සංකීර්ණ වුණා, ඇත්තටම.
- ඒක කමක් නෑ.</font>

757
00:51:13,069 --> 00:51:15,906
<font color="#ffd146">ඒක නිකන් හිස් උණ්ඩයක් විතරයි.
ඒක පත්තු වුණානේ, ඒ ඇති.</font>

758
00:51:19,910 --> 00:51:21,244
<font color="#ffd146">එයාට කතාව හොඳට පුළුවන්.</font>

759
00:51:39,638 --> 00:51:41,890
<font color="#ffd146">ප්‍රතිඵල පස්සේ එයි.</font>

760
00:51:43,350 --> 00:51:46,561
<font color="#ffd146">ඔයාලට දැන් ගෙදර යන්න පුළුවන්
අධිකරණ වෛද්‍ය කටයුතු ඉවර නිසා.</font>

761
00:51:48,230 --> 00:51:50,899
<font color="#ffd146">ඔයාට කතා කරන්න කවුරු හරි ඉන්නවද?
ඔයා විශ්වාස කරන කෙනෙක්.</font>

762
00:51:50,982 --> 00:51:52,609
<font color="#ffd146">මම කියන්නම් ඇවිත් ඔයාව එක්කන් යන්න කියලා.</font>

763
00:52:03,078 --> 00:52:07,123
<font color="#ffce8f"><i>ගායක දෝ රා-ඉක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව
ප්‍රතික්ෂේප කරනු ලැබුවා.</i></font>

764
00:52:07,207 --> 00:52:10,794
<font color="#ffce8f"><i>අද පැවති රහසිගත වරෙන්තු සමාලෝචන විභාගයේදී,</i></font>

765
00:52:10,877 --> 00:52:15,549
<font color="#ffce8f"><i>අධිකරණය තීරණය කළා ඔහු සාක්ෂි විනාශ කිරීමට හෝ
පලා යාමට අවදානමක් නොමැති බවට.</i></font>

766
00:52:16,091 --> 00:52:18,802
<font color="#ffce8f"><i>මේ තීරණයේ ප්‍රතිඵලයක් විදිහට,
විමර්ශන කටයුතු සිදු කෙරෙන අතරතුර</i></font>

767
00:52:18,885 --> 00:52:21,638
<font color="#ffce8f"><i>ඔහු පොලිස් අත්අඩංගුවෙන් නිදහස්ව සිටිනු ඇත.</i></font>

768
00:52:21,721 --> 00:52:24,307
<font color="#ffce8f"><i>කෙසේ වෙතත්, නඩුව තවම අවසන් නෑ.</i></font>

769
00:52:24,391 --> 00:52:29,020
<font color="#ffce8f"><i>පැමිණිල්ල පාර්ශ්වය කටයුතු කරමින් සිටිනවා</i>
<i>අමතර සාක්ෂි ලබා ගැනීමට</i></font>

770
00:52:29,104 --> 00:52:32,899
<font color="#ffce8f"><i>කන්ග්ගේ මරණයට හේතුව තීරණය කරන්න</i>
<i>සහ සිද්ධියේ සම්පූර්ණ තත්ත්වය හෙළි කරගන්න…</i></font>

771
00:52:53,503 --> 00:52:54,671
<font color="#ffd146">ටිකක් අයිනකට කරන්න.</font>

772
00:53:32,500 --> 00:53:34,711
<font color="#ffd146">මිනීමරුවා</font>

773
00:54:45,407 --> 00:54:48,535
<font color="#ffd146">ඇයි ඔයා ජේ-හී එක්ක ඔය විදිහට ඉන්නේ?</font>

774
00:54:49,119 --> 00:54:51,079
<font color="#ffd146">එයා ඔයා ගැන ගොඩක් වද වෙනවා.</font>

775
00:54:51,162 --> 00:54:52,914
<font color="#ffd146">ඒත් ඇයි එයා මට කතා කරන්නේ නැත්තේ?</font>

776
00:54:53,498 --> 00:54:56,543
<font color="#ffd146">එයා ඔයාට අකමැති නිසා නෙවෙයි.
ඉක්මනට ඕක අරින්නකෝ.</font>

777
00:54:56,626 --> 00:54:57,669
<font color="#ffd146">- බඩගිනි ඇතිනේ?
- ඔව්.</font>

778
00:54:58,503 --> 00:55:01,631
<font color="#ffd146">මම කලින්ම ඇතුළට යනවා!</font>

779
00:56:13,495 --> 00:56:15,872
<font color="#ffd146">- ඔයාට තවම ස්වරේට කියන්න බෑනේ.
- එහෙනම් ඔයා කරන්නකෝ.</font>

780
00:56:21,336 --> 00:56:23,671
<font color="#ffd146">ඔයා කරලා බලන්න.</font>

781
00:56:26,049 --> 00:56:29,260
<font color="#ffd146">අනේ, මම මේක ගොඩක් හෙව්වානේ…</font>

782
00:56:29,969 --> 00:56:32,097
<font color="#ffd146">මම මේක කරන්නම්.</font>

783
00:56:33,973 --> 00:56:36,976
<font color="#ffd146">මම කිව්වානේ ඒක නෙවෙයි කියලා.</font>

784
00:56:37,060 --> 00:56:39,521
<font color="#ffd146">- මේක කරන්න ඕනේ මේ විදිහට නෙවෙයිද?
- නෑ.</font>

785
00:56:46,486 --> 00:56:50,073
<font color="#ffd146">- ඔයා චූටි ඇඟිල්ල උස්සන්න ඕනේ!
- හරි හරි.</font>

786
00:56:50,156 --> 00:56:51,699
<font color="#ffd146">මම ආපහු කරන්නම්.</font>

787
00:57:58,016 --> 00:57:58,975
<font color="#ffd146">ඔයාට සිහිය ආවද?</font>

788
00:58:01,603 --> 00:58:04,647
<font color="#ffd146">ලොකු දෙයක්.
මම හිතුවේ ඔයාට සිහිය එන එකක් නෑ කියලා.</font>

789
00:58:07,984 --> 00:58:09,527
<font color="#ffd146">ඔයාව ආපහු දකින්න ලැබුණු එක සතුටක්,</font>

790
00:58:10,820 --> 00:58:12,155
<font color="#ffd146">දෝ රා-ඉක් මහත්තයා.</font>

791
00:58:12,739 --> 00:58:14,240
<font color="#ffd146">සාදරයෙන් පිළිගන්නවා…</font>

792
00:58:17,202 --> 00:58:18,244
<font color="#ffd146">මගේ ගෙදරට.</font>

793
00:59:14,175 --> 00:59:15,927
<font color="#ffce8f"><i>මම දැන් දෝ රා-ඉක්ගේ නීතිඥයා.</i></font>

794
00:59:16,010 --> 00:59:18,012
<font color="#ffce8f"><i>මගේ සේවාදායකයාව මම අන්තිම වෙනකම් ආරක්ෂා කරන්න ඕනේ.</i></font>

795
00:59:18,638 --> 00:59:20,431
<font color="#ffce8f"><i>ඇත්තටම හේතුව ඒක විතරද?</i></font>

796
00:59:21,140 --> 00:59:22,475
<font color="#ffce8f"><i>අනේ මන්දා, මෙන්ග් නීතිඥතුමා නම්.</i></font>

797
00:59:22,559 --> 00:59:23,643
<font color="#ffd146">ඔයාට බය නැද්ද?</font>

798
00:59:23,726 --> 00:59:24,602
<font color="#ffd146">දෝ රා-ඉක්ට දඬුවම් දෙන්න.</font>

799
00:59:24,686 --> 00:59:27,397
<font color="#ffce8f"><i>දුර ගැන බැලුවම, ඔයා අඩුම තරමේ
විනාඩි 20කින්වත් ආපහු එන්න තිබුණා.</i></font>

800
00:59:27,480 --> 00:59:30,233
<font color="#ffd146">ඔයා මගෙන් මොනවා හරි හංගනවා නේද?
ඒ මොකක්ද?</font>

801
00:59:30,316 --> 00:59:31,526
<font color="#ffce8f"><i>ඔයා මාව විශ්වාස කරනවද?</i></font>

802
00:59:31,609 --> 00:59:32,986
<font color="#ffd146">අන්තිම වෙනකම්ම.</font>

803
00:59:33,486 --> 00:59:35,196
<font color="#ffd146">මම ඔයා ළඟින්ම ඉන්නවා.</font>

804
00:59:35,280 --> 00:59:37,031
<font color="#ffce8f"><i>මම මගේ මතකය ආපහු කොහොම හරි හොයාගන්නවා.</i></font>

805
00:59:37,949 --> 00:59:39,158
<font color="#ffce8f"><i>මොන දේ වුණත්.</i></font>

806
00:59:40,493 --> 00:59:45,498
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

