1
00:00:50,049 --> 00:00:51,134
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:51,217 --> 00:00:52,469


3
00:00:52,552 --> 00:00:53,970


4
00:00:54,054 --> 00:00:54,971


5
00:01:18,787 --> 00:01:19,954
<font color="#ffde44">නා-හ්යුන්.</font>

6
00:01:22,373 --> 00:01:23,374
<font color="#ffde44">හන් නා-හ්යුන්!</font>

7
00:01:25,043 --> 00:01:26,711
<font color="#ffde44">මොකද ඕනේ?</font>

8
00:01:26,795 --> 00:01:27,879
<font color="#ffde44">අම්මා!</font>

9
00:01:28,421 --> 00:01:30,256
<font color="#ffde44">ඔයා කිව්වා නේද පාඩම් කරන්න යනවා කියලා?</font>

10
00:01:30,882 --> 00:01:33,635
<font color="#ffde44">මට වැඩක් කරලා දෙන්න බැරි තරම්
පාඩම් කරන්න කාර්යබහුල වෙලා හිටපු නා-හ්යුන් කෝ?</font>

11
00:01:33,718 --> 00:01:35,595
<font color="#ffde44">අම්මා, මං කියන දේ අහන්නකෝ.</font>

12
00:01:37,514 --> 00:01:39,140
<font color="#ffde44">මං ඇත්තටම පාඩම් කර කර හිටියේ.</font>

13
00:01:39,682 --> 00:01:41,768
<font color="#ffde44">ඇත්තමයි. මං පාඩම් කළා.</font>

14
00:01:41,851 --> 00:01:43,353
<font color="#ffde44">මං දැනගෙන හිටියා ඔයා අහුවෙනවා කියලා.</font>

15
00:01:44,062 --> 00:01:46,481
<font color="#ffde44">ඔයා මට කලින් කියන්න එපැයි!</font>

16
00:01:46,564 --> 00:01:48,983
<font color="#ffde44">ඒක මගේ වැරැද්දක් වෙන්නේ කොහොමද?</font>

17
00:01:49,067 --> 00:01:51,027
<font color="#ffde44">දෙන්නම සද්ද නැතුව ඉන්න.</font>

18
00:01:51,111 --> 00:01:52,695
<font color="#ffde44">එයා තමයි පටන් ගත්තේ.
එයා තමයි පටන් ගත්තේ.</font>

19
00:01:52,779 --> 00:01:54,656
<font color="#ffde44">ඔයාලා දිගටම මේ වගේ රණ්ඩු වෙනවද?</font>

20
00:01:54,739 --> 00:01:56,074
<font color="#ffde44">නාකි වෙලා කොණ්ඩෙ පැහුණමත් මෙහෙමද?</font>

21
00:02:05,875 --> 00:02:09,379
<font color="#ffde44">හන් නා-හ්යුන්, හන් සෝ-හ්යුන්</font>

22
00:02:16,845 --> 00:02:18,972
<font color="#ffde44">1997 අගෝස්තු 20
වහින නිසා මං මගේ වැහි කබාය ඇඳගත්තා...</font>

23
00:02:26,521 --> 00:02:27,522
<font color="#ffde44">2008 අගෝස්තු 12</font>

24
00:02:31,985 --> 00:02:33,278
<font color="#ffde44">මගේ ආදරණීය සෝ-හ්යුන්</font>

25
00:02:34,404 --> 00:02:35,947
<font color="#ffde44">ටිකක්වත් වයසට ගිහින් නෑ.</font>

26
00:02:37,157 --> 00:02:39,868
<font color="#ffde44">අර්බුදකාරී අවස්ථාවක
උසස් පාසල් දැරියක් මැදිහත් වෙයි</font>

27
00:02:53,256 --> 00:02:54,257
<font color="#ffde44">වාව්.</font>

28
00:02:55,258 --> 00:02:56,759
<font color="#ffde44">තරු හරිම ලස්සනයි.</font>

29
00:03:04,058 --> 00:03:05,268
<font color="#ffde44">එයාලා ඇත්තටම ආවා.</font>

30
00:03:19,240 --> 00:03:21,200
<font color="#ffde44">සමාවෙන්න. ඔයා...</font>

31
00:03:29,584 --> 00:03:31,836
<font color="#ffde44">2012 ජූලි 7,
හන් සෝ-හ්යුන්ගේ 19 වැනි උපන්දිනය</font>

32
00:03:44,349 --> 00:03:45,725
<font color="#ffde44">ඒ මොකක්ද?</font>

33
00:03:49,187 --> 00:03:50,730
<font color="#ffde44">අර කාලකණ්ණි ටික.</font>

34
00:03:56,027 --> 00:03:57,070
<font color="#ffde44">අනේ, නෑ.</font>

35
00:03:58,112 --> 00:04:00,073
<font color="#ffde44">මට ඕන වුණේ මේ විදියට පටන් ගන්න නෙවෙයි.</font>

36
00:04:04,327 --> 00:04:05,870
<font color="#ffde44">කරදරකාරයා.</font>

37
00:04:06,371 --> 00:04:09,707
<font color="#ffde44">තමුසේ හොඳ ගුටියක් කන්න නේද
මේ දඟලන්නේ?</font>

38
00:04:10,541 --> 00:04:11,709
<font color="#ffde44">ඔය ඇති!</font>

39
00:04:15,880 --> 00:04:17,048
<font color="#ffde44">මූට මොන මඟුලක්ද ඕනේ?</font>

40
00:04:17,548 --> 00:04:21,594
<font color="#ffde44">තුන්දෙනෙක් එකතුවෙලා එක්කෙනෙකුට ගහනවා?
ඒක මහ කැත වැඩක්.</font>

41
00:04:22,595 --> 00:04:24,222
<font color="#ffde44">බීලනම් පාඩුවේ යන්න මනුස්සයෝ.</font>

42
00:04:25,265 --> 00:04:28,726
<font color="#ffde44">ඉතුරු වෙලා තියෙන අතත් කැඩුවොත්
හැන්දක්වත් අල්ලගන්න බැරි වෙයි.</font>

43
00:04:29,644 --> 00:04:30,770
<font color="#ffde44">මොකක්?</font>

44
00:04:31,813 --> 00:04:33,731
<font color="#ffde44">මොන මඟුලක්ද මේ කියවන්නේ?</font>

45
00:04:33,815 --> 00:04:35,525
<font color="#ffde44">පේන විදියට මූ කතාව අහන පාටක් නෑ.</font>

46
00:04:36,234 --> 00:04:37,443
<font color="#ffde44">ගුටියක් දුන්නම හරි යයි.</font>

47
00:04:59,048 --> 00:05:02,302
<font color="#ffde44">හොරැං ටයිකොන්ඩෝ
ඇගයීම් සහතිකය</font>

48
00:05:05,722 --> 00:05:08,057
<font color="#ffde44">ඔයාට මෙහෙම කරන්න බෑ, මහත්තයා.</font>

49
00:05:08,141 --> 00:05:10,018
<font color="#ffde44">නැත්තම් මං තරුණ නිසාද?</font>

50
00:05:11,894 --> 00:05:13,146
<font color="#ffde44">ඔයා වයසට වඩා තරුණ පෙනුමක් තියෙනවා තමයි.</font>

51
00:05:15,356 --> 00:05:17,650
<font color="#ffde44">අර ළමයි ටික එකතුවෙලා අර ළමයට ගැහුවා!</font>

52
00:05:17,734 --> 00:05:19,736
<font color="#ffde44">සද්දෙ අඩු කරන්න.
ඔයා ඉන්නේ පොලිසියක.</font>

53
00:05:19,819 --> 00:05:20,987
<font color="#ffde44">සුබ දවසක්.
ඔයාටත්.</font>

54
00:05:21,612 --> 00:05:24,198
<font color="#ffde44">ඔෆිසර්! පොඩ්ඩක් ඉන්න!</font>

55
00:05:24,282 --> 00:05:25,283
<font color="#ffde44">කට වහගන්නවා!</font>

56
00:05:28,911 --> 00:05:30,663
<font color="#ffde44">කට වහගන්නවා, හරිද?</font>

57
00:05:31,289 --> 00:05:34,334
<font color="#ffde44">තමුසෙලා නිසා මට නිදාගන්න බෑ.</font>

58
00:05:36,169 --> 00:05:37,170
<font color="#ffde44">අයෙමත් පටන් ගත්තා.</font>

59
00:05:37,920 --> 00:05:39,881
<font color="#ffde44">මේක නම් පිස්සුවක්!</font>

60
00:05:41,507 --> 00:05:42,508
<font color="#ffde44">ඔයාත් මෙහේ.</font>

61
00:05:43,217 --> 00:05:44,510
<font color="#ffde44">ඒක ඇත්තටම හොඳයි.</font>

62
00:05:44,594 --> 00:05:47,180
<font color="#ffde44">එයාලා අර ළමයට ගහනවා ඔයා දැක්කා නේද?</font>

63
00:05:47,764 --> 00:05:48,765
<font color="#ffde44">මං දැක්කා.</font>

64
00:05:49,557 --> 00:05:53,978
<font color="#ffde44">ඔයා ඇත්තටම අර තරුණ ළමයි තුන්දෙනා එක්ක
තනියම රණ්ඩු වුණාද?</font>

65
00:05:57,815 --> 00:06:01,527
<font color="#ffde44">වාසනාවකට, මං පොඩි කාලේ ඉඳන්
ටයිකොන්ඩෝ පුහුණු වුණා.</font>

66
00:06:03,029 --> 00:06:06,240
<font color="#ffde44">ඔයා අර මිනිස්සුන්වත් මෙහෙට ගෙනාවද?</font>

67
00:06:06,324 --> 00:06:08,326
<font color="#ffde44">මෙයාට පිස්සුද? තනියම කියවනවා.</font>

68
00:06:09,160 --> 00:06:12,789
<font color="#ffde44">ඔව්, එයාලා නීතිය කඩපු නිසා
මං එයාලා ඔක්කොම මෙහෙට ගෙනාවා.</font>

69
00:06:13,331 --> 00:06:14,791
<font color="#ffde44">නීතිය කඩ කළොත්, දඬුවම් ලැබෙනවා.</font>

70
00:06:16,459 --> 00:06:19,003
<font color="#ffde44">ඔයා දන්නේ නෑ දේවල් මඟහරින්න ඕනේ වෙලාව.</font>

71
00:06:20,088 --> 00:06:22,090
<font color="#ffde44">දේවල් මඟහරින්න හොඳ නෑ!</font>

72
00:06:22,173 --> 00:06:24,300
<font color="#ffde44">ඔයා සම්මුතීන්ට ඇවිත් නීති කඩ කළොත්,</font>

73
00:06:24,383 --> 00:06:27,720
<font color="#ffde44">ලෝකය එක මොහොතකින් සම්පූර්ණයෙන්ම
අවුල් ජාලාවක් වෙයි, මහත්තයා.</font>

74
00:06:28,346 --> 00:06:31,933
<font color="#ffde44">ඔයාට පේනවනේ, මගේ අරමුණ
සාධාරණ සහ ලස්සන ලෝකයක් හදන එකයි</font>

75
00:06:32,016 --> 00:06:34,894
<font color="#ffde44">නීතිය මඟින් සමාජයේ සාමය
පවත්වාගෙන යන</font>

76
00:06:35,520 --> 00:06:39,148
<font color="#ffde44">සහ මිනිස්සු එකිනෙකාට ගරු කරන.</font>

77
00:06:40,441 --> 00:06:43,069
<font color="#ffde44">ඒකයි ඔයාට නීතිඥවරියක් වෙන්න ඕන වුණේ.</font>

78
00:06:43,152 --> 00:06:47,031
<font color="#ffde44">ඒක වෙන්න නම්, මං පොඩි වැරැද්දකටවත්
සමාව දෙන්න හොඳ නෑ.</font>

79
00:06:50,660 --> 00:06:51,911
<font color="#ffde44">කොහොම වුණත්,</font>

80
00:06:51,994 --> 00:06:53,955
<font color="#ffde44">ඇයි ඔයා මාත් එක්ක මෙච්චර ගෞරවයෙන් කතා කරන්නේ?</font>

81
00:06:54,038 --> 00:06:55,498
<font color="#ffde44">මං ඔයාට වඩා ගොඩක් බාලයි.</font>

82
00:06:55,581 --> 00:06:58,543
<font color="#ffde44">ඔයා නීතිඥ හන්ගේ අක්කා.</font>

83
00:06:59,502 --> 00:07:00,628
<font color="#ffde44">මොකක්?</font>

84
00:07:00,711 --> 00:07:02,880
<font color="#ffde44">මං අදහස් කළේ...</font>

85
00:07:05,842 --> 00:07:08,511
<font color="#ffde44">හරි, මං ඔයා එක්ක සාමාන්‍ය විදියට කතා කරන්නම්.</font>

86
00:07:09,345 --> 00:07:10,346
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

87
00:07:11,931 --> 00:07:15,309
<font color="#ffde44">කොහොම වුණත්, මට ඕන වුණේ නෑ
ඔයාවත් මෙහේ හිර කරන්න.</font>

88
00:07:16,018 --> 00:07:17,270
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

89
00:07:19,689 --> 00:07:23,985
<font color="#ffde44">පස්සේ ඔෆිසර් ආවම,
මං කතා කරලා ඔයාව නිදහස් කරවන්නම්.</font>

90
00:07:24,068 --> 00:07:27,405
<font color="#ffde44">ඔයාට බලන් ඉන්න ඕනේ නෑ.
ඔයාට ඕන නම් මෙතනින් යන්න පුළුවන්.</font>

91
00:07:28,322 --> 00:07:30,450
<font color="#ffde44">මොකක්? කොහොමද?</font>

92
00:07:31,284 --> 00:07:32,618
<font color="#ffde44">මං ඉන්නේ යකඩ කූරු පිටිපස්සේ...</font>

93
00:07:37,707 --> 00:07:42,879
<font color="#c08b25"><i>එක මාළු ටැංකියක මාළු පස්දෙනෙක් ඉන්නවා</i></font>

94
00:07:47,508 --> 00:07:48,509
<font color="#ffde44">හලෝ?</font>

95
00:07:49,135 --> 00:07:51,053
<font color="#c08b25"><i>මේ ෂින් ඊ-රැං මහත්තයාගේ මස්සිනාද?</i></font>

96
00:07:51,137 --> 00:07:52,930
<font color="#ffde44">ඔව්, මම තමයි. මේ කවුද?</font>

97
00:07:53,014 --> 00:07:55,308
<font color="#ffde44">මම සෝචෝ පොලිසියේ
ලුතිනන් චෝ චි-යොන්ග්.</font>

98
00:07:56,309 --> 00:07:57,685
<font color="#ffde44">පොලිසියෙන්?</font>

99
00:07:58,644 --> 00:08:01,147
<font color="#ffde44">ඔයා දැන් සන්සුන් වුණාද?</font>

100
00:08:02,648 --> 00:08:04,775
<font color="#ffde44">නෑ, මං කේන්තියෙන් පුපුරනවා.</font>

101
00:08:05,485 --> 00:08:07,487
<font color="#ffde44">මං තාම තරුණයි! මං ඇයි මැරුණේ?</font>

102
00:08:08,779 --> 00:08:09,780
<font color="#ffde44">මට තේරෙනවා ඔයාට දැනෙන විදිය.</font>

103
00:08:10,406 --> 00:08:11,699
<font color="#ffde44">ඔයා දුකෙන් සහ කලකිරීමෙන් ඇත්තේ.</font>

104
00:08:11,782 --> 00:08:14,911
<font color="#ffde44">ඊට වඩා නරකම දේ තමයි
මට කිසිම දෙයක් මතක නැති එක.</font>

105
00:08:15,912 --> 00:08:17,288
<font color="#ffde44">මතක නැද්ද?</font>

106
00:08:18,080 --> 00:08:20,041
<font color="#ffde44">ඒක පුදුමයි.
ඔයා මොකක්ද අදහස් කරන්නේ?</font>

107
00:08:20,124 --> 00:08:23,794
<font color="#ffde44">හොල්මන් එයාලගේ මතකය එනකම්
අහසේ පාවෙනවා.</font>

108
00:08:23,878 --> 00:08:26,130
<font color="#ffde44">ඒත් ඔයා දැනටමත් ඉන්නේ පොළොවේ.</font>

109
00:08:27,256 --> 00:08:31,010
<font color="#ffde44">කොහොම වුණත්, මට පුළුවන් ඔයාගේ මතකය ආපහු ගන්න උදව් කරන්න.</font>

110
00:08:31,093 --> 00:08:32,094
<font color="#ffde44">කොහොමද?</font>

111
00:08:32,720 --> 00:08:35,932
<font color="#ffde44">මං ඔයාගේ නමයි
උපන්දිනයයි කිව්වොත්--</font>

112
00:08:36,015 --> 00:08:38,017
<font color="#ffde44">ඉක්මනට කියන්න.</font>

113
00:08:38,726 --> 00:08:39,936
<font color="#ffde44">ඔයාගේ මතකය ආපහු එයි.</font>

114
00:08:40,019 --> 00:08:41,604
<font color="#ffde44">දැන්ම ඒක ආපහු ගේන්න!</font>

115
00:08:42,188 --> 00:08:43,564
<font color="#ffde44">හරි, හරි.</font>

116
00:08:43,648 --> 00:08:46,234
<font color="#ffde44">මුලින්ම, ගැඹුරු හුස්මක් ගන්න.</font>

117
00:08:51,239 --> 00:08:53,616
<font color="#ffde44">ඉක්මන් කරන්නකෝ!
හරි.</font>

118
00:08:53,699 --> 00:08:56,452
<font color="#ffde44">ඔයාටත් තියෙන්නේ ඔයාගේ නංගිගේ තරහවම තමයි.</font>

119
00:08:59,956 --> 00:09:02,083
<font color="#ffde44">2012 ජූලි 7,
හන් සෝ-හ්යුන්ගේ 19 වැනි උපන්දිනය</font>

120
00:09:06,087 --> 00:09:07,088
<font color="#ffde44">හන් සෝ-හ්යුන්.</font>

121
00:09:13,511 --> 00:09:17,723
<font color="#ffde44">ඔයා ඉපදුණේ 1994 ජූලි 7 වෙනිදා.</font>

122
00:09:26,649 --> 00:09:27,692
<font color="#ffde44">හන් සෝ-හ්යුන්</font>

123
00:09:27,775 --> 00:09:29,235
<font color="#ffde44">අක්කා.</font>

124
00:09:31,028 --> 00:09:32,363
<font color="#ffde44">හොරැං ටයිකොන්ඩෝ</font>

125
00:09:34,365 --> 00:09:36,158
<font color="#ffde44">හේයි! එයාගෙන් අත් අරගන්නවා!</font>

126
00:09:40,246 --> 00:09:41,372
<font color="#ffde44">මේක නම් මාර විනෝදයක් වෙයි.</font>

127
00:09:41,455 --> 00:09:42,832
<font color="#ffde44">නා-හ්යුන්!</font>

128
00:09:49,630 --> 00:09:50,715
<font color="#ffde44">සෝ-හ්යුන්!</font>

129
00:10:05,313 --> 00:10:06,355
<font color="#ffde44">නා-හ්යුන්...</font>

130
00:10:13,154 --> 00:10:14,196
<font color="#ffde44">මං...</font>

131
00:10:20,077 --> 00:10:21,662
<font color="#ffde44">මං එයාව බේරගත්තා.</font>

132
00:10:25,333 --> 00:10:27,627
<font color="#ffde44">මං මගේ නංගිව, නා-හ්යුන්ව බේරගත්තා.</font>

133
00:10:31,130 --> 00:10:32,214
<font color="#ffde44">මට තේරෙනවා.</font>

134
00:10:35,968 --> 00:10:38,387
<font color="#ffde44">මං මැරුණා, ඒත් මං සතුටුයි.</font>

135
00:10:41,015 --> 00:10:42,099
<font color="#ffde44">මහත්තයා.</font>

136
00:10:43,559 --> 00:10:44,769
<font color="#ffde44">මගේ නංගි</font>

137
00:10:46,020 --> 00:10:48,272
<font color="#ffde44">හොඳින් සතුටින් ඉන්නවා ඇති නේද?</font>

138
00:10:52,652 --> 00:10:54,528
<font color="#ffde44">ආව්, මගේ ඔළුව...</font>

139
00:10:58,949 --> 00:11:01,202
<font color="#ffde44">මං කොච්චර බිව්වද?</font>

140
00:11:11,212 --> 00:11:13,339
<font color="#ffde44">නීතිඥ ෂින්ගේ ජැකට් එක මෙතන මොකද කරන්නේ?</font>

141
00:11:23,057 --> 00:11:24,183
<font color="#ffde44">හලෝ?</font>

142
00:11:24,266 --> 00:11:26,477
<font color="#c08b25"><i>නීතිඥ හන්,</i>
<i>කරුණාකරලා මගේ මස්සිනාට උදව් කරන්න!</i></font>

143
00:11:27,812 --> 00:11:28,813
<font color="#ffde44">මොකක්?</font>

144
00:11:31,232 --> 00:11:33,067
<font color="#ffde44">දැන් අවුරුද්ද මොකක්ද?</font>

145
00:11:34,485 --> 00:11:36,195
<font color="#ffde44">2025.</font>

146
00:11:38,447 --> 00:11:40,074
<font color="#ffde44">එහෙනම්,</font>

147
00:11:41,283 --> 00:11:42,576
<font color="#ffde44">තිස් එකයි...</font>

148
00:11:44,578 --> 00:11:45,955
<font color="#ffde44">එයා ගායිකාවක් වුණාද දන්නේ නෑ.</font>

149
00:11:47,289 --> 00:11:50,501
<font color="#ffde44">මගේ නංගිගේ හීනය වුණේ ගායිකාවක් වෙන එක.</font>

150
00:11:51,085 --> 00:11:52,920
<font color="#ffde44">එයා සින්දු කියන්න ගොඩක් ආස කළා.</font>

151
00:11:53,003 --> 00:11:55,881
<font color="#ffde44">එයා දවස පුරාම සින්දු කිය කිය ගිටාර් එක ප්ලේ කරයි.</font>

152
00:11:57,425 --> 00:11:58,717
<font color="#ffde44">බලන්න.</font>

153
00:11:59,677 --> 00:12:01,804
<font color="#ffde44">ඔයාගේ නංගි ගායිකාවක් නෙවෙයි--</font>

154
00:12:01,887 --> 00:12:04,223
<font color="#ffde44">ෂින් මහත්තයා,
ඔයාගේ නීතිඥයා ඔයාව හම්බවෙන්න ඇවිත්.</font>

155
00:12:11,939 --> 00:12:13,941
<font color="#ffde44">නීතිඥ හන්...</font>

156
00:12:20,197 --> 00:12:21,198
<font color="#ffde44">හන් නා-හ්යුන්?</font>

157
00:12:25,286 --> 00:12:26,579
<font color="#ffde44">මේ ඇත්තටම ඔයාද?</font>

158
00:12:28,497 --> 00:12:31,041
<font color="#ffde44">මොන... ඔයා නීතිඥවරියක් වුණාද?</font>

159
00:12:32,293 --> 00:12:33,294
<font color="#ffde44">ඒත් ඇයි?</font>

160
00:12:36,630 --> 00:12:39,341
<font color="#ffde44">වාව්, ඒක පුදුමයි.</font>

161
00:12:40,801 --> 00:12:42,678
<font color="#ffde44">අර පොඩි කෙල්ල</font>

162
00:12:43,512 --> 00:12:45,890
<font color="#ffde44">මේ වගේ අපූරු වෘත්තීය කාන්තාවක් වෙලා.</font>

163
00:12:49,560 --> 00:12:51,145
<font color="#ffde44">ඔයා ඇත්තටම මෙහෙමද?</font>

164
00:12:54,732 --> 00:12:57,276
<font color="#ffde44">මට ඕනේ ඔයා මුලින්ම මේක ගන්නවාට.</font>

165
00:12:58,444 --> 00:12:59,945
<font color="#ffde44">මට තිබහ නෑ.</font>

166
00:13:00,529 --> 00:13:02,573
<font color="#ffde44">එයාට ඔච්චර සැර වෙන්න එපා.</font>

167
00:13:03,157 --> 00:13:05,201
<font color="#ffde44">මං ඔයාට ඕක බොන්න කිව්වේ නෑ.</font>

168
00:13:05,910 --> 00:13:09,121
<font color="#ffde44">මං මොනවා හරි අමුතු විදියකට හැසිරුනොත්,</font>

169
00:13:09,205 --> 00:13:11,081
<font color="#ffde44">ඔය වතුර ටික මගේ මූණට ගහන්න.</font>

170
00:13:11,165 --> 00:13:12,500
<font color="#ffde44">මං ඇයි එහෙම කරන්නේ?</font>

171
00:13:13,209 --> 00:13:15,294
<font color="#ffde44">මං ඔයා වගේ නෙවෙයි. මං ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන්නේ නෑ.</font>

172
00:13:15,377 --> 00:13:17,213
<font color="#ffde44">ඔව්, මං දන්නවා.</font>

173
00:13:18,047 --> 00:13:19,590
<font color="#ffde44">ඒත්, ඒක තියාගන්න.</font>

174
00:13:20,132 --> 00:13:24,136
<font color="#ffde44">මං අමුතු විදියට හැසිරුනොත් ඔයා ඒක මගේ මූණට ගැහුවොත්
මං ඒක අගය කරනවා.</font>

175
00:13:24,220 --> 00:13:26,805
<font color="#ffde44">ඔයා මට උදව්වක් කරන්නේ.</font>

176
00:13:26,889 --> 00:13:28,474
<font color="#ffde44">ඒක ප්‍රචණ්ඩත්වයක් නෙවෙයි නේද?</font>

177
00:13:35,147 --> 00:13:37,107
<font color="#ffde44">අර ළමයින්ට කොහොමද?</font>

178
00:13:37,691 --> 00:13:39,985
<font color="#ffde44">එයාලට සනීප වෙන්න සති දෙකක්, දෙකක්,
සහ හතරක් යයි.</font>

179
00:13:40,569 --> 00:13:42,571
<font color="#ffde44">ඔයාට සාමාන්‍යයෙන් තියෙන්නේ නරක බීමත් පුරුදුද?</font>

180
00:13:43,489 --> 00:13:45,824
<font color="#ffde44">ඔයාට කොහොමද ශිෂ්‍යයන්ට ගහන්න පුළුවන් වුණේ?</font>

181
00:13:45,908 --> 00:13:48,994
<font color="#ffde44">නා-හ්යුන්, ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි.</font>

182
00:13:49,078 --> 00:13:50,246
<font color="#ffde44">මට කියන්න දෙයක් නෑ.</font>

183
00:13:50,329 --> 00:13:51,580
<font color="#ffde44">නොකියා ඉන්න එකයි හොඳ.</font>

184
00:13:52,748 --> 00:13:56,126
<font color="#ffde44">ඔයාගේ මස්සිනා නිසා නෙවෙයි නම්
මං මේ කේස් එක භාර ගන්නේ නෑ.</font>

185
00:13:58,170 --> 00:14:01,674
<font color="#ffde44">අනිත් එක ඔයා එක්ක බොන්න ගියපු එකට
මගෙත් පොඩි වැරැද්දක් තියෙනවා.</font>

186
00:14:01,757 --> 00:14:04,301
<font color="#ffde44">මගේ නීතිඥවරිය වෙන්න තීරණය කළාට ස්තූතියි.</font>

187
00:14:05,678 --> 00:14:09,974
<font color="#ffde44">ඒත් ළමයි තුන්දෙනෙක් එකතුවෙලා එක ළමයෙකුට ගැහුවා.</font>

188
00:14:10,891 --> 00:14:12,184
<font color="#ffde44">මට ඇහුණේ වෙන විදියකට.</font>

189
00:14:13,102 --> 00:14:15,312
<font color="#ffde44">ඒ ළමයි නිකන් කතා කර කර හිටියේ</font>

190
00:14:15,980 --> 00:14:17,856
<font color="#ffde44">ඔයා එකපාරටම එයාලට පහර දෙනකොට.</font>

191
00:14:20,359 --> 00:14:21,944
<font color="#ffde44">ඒක ඇත්තක් නෙවෙයි!</font>

192
00:14:22,027 --> 00:14:24,655
<font color="#ffde44">මං දිවුරනවා තුන්දෙනෙක් එකතුවෙලා එක්කෙනෙකුට කරදර කළා.</font>

193
00:14:24,738 --> 00:14:27,116
<font color="#ffde44">අනිත් එක එයාලා තමයි මුලින්ම මට ගැහුවේ.</font>

194
00:14:29,034 --> 00:14:31,579
<font color="#ffde44">ළමයි තුන්දෙනෙක් එක්කෙනෙකුට කරදර කළා,</font>

195
00:14:31,662 --> 00:14:33,581
<font color="#ffde44">සහ එයාලා මුලින්ම මට ගැහුවා.</font>

196
00:14:33,664 --> 00:14:35,791
<font color="#ffde44">වින්දිතයන් හතරදෙනාම සාක්ෂි දුන්නේ එකම විදියට.</font>

197
00:14:36,584 --> 00:14:40,129
<font color="#ffde44">ඔයා දිගටම ඒක ප්‍රතික්ෂේප කළොත්, ඒක
අපරාධ සහ සිවිල් නඩු දෙකටම ගෙනියයි.</font>

198
00:14:41,088 --> 00:14:44,717
<font color="#ffde44">ඔයා සති හතරක තුවාල තියෙන සුන්ග් මින්-ජේගේ
දෙමාපියන් එක්ක සමථයකට ආවේ නැත්තම්,</font>

199
00:14:44,800 --> 00:14:46,594
<font color="#ffde44">ඔයාට අවම වශයෙන් මාස හයක හිර දඬුවමක් ලැබෙයි.</font>

200
00:14:47,761 --> 00:14:49,430
<font color="#ffde44">ඊටපස්සේ, ඔයාගේ නීතිඥ බලපත්‍රය නැති වෙයි.</font>

201
00:14:50,014 --> 00:14:53,517
<font color="#ffde44">ඒ ගැන හොයලා බලන්නේවත් නැතුව
ඔච්චර ලේසියෙන් නිගමනවලට එන්න එපා.</font>

202
00:14:55,561 --> 00:14:57,479
<font color="#ffde44">ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද?</font>

203
00:14:57,563 --> 00:14:59,231
<font color="#ffde44">සමථයකට එන එක තමයි හොඳම දේ.</font>

204
00:14:59,732 --> 00:15:02,735
<font color="#ffde44">මොනවා වුණත් එයාලා එක්ක සමථයකට එන්න.</font>

205
00:15:02,818 --> 00:15:04,403
<font color="#ffde44">හේයි, ඔයා මුකුත් දන්නේ නෑ!</font>

206
00:15:06,155 --> 00:15:07,239
<font color="#ffde44">මං උත්සාහ කරන්නම්.</font>

207
00:15:07,323 --> 00:15:08,908
<font color="#ffde44">අනිවාර්යයෙන්ම, ඔයා එහෙම කරන්න ඕනේ.</font>

208
00:15:11,493 --> 00:15:14,330
<font color="#ffde44">වාසනාවකට, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව
නිෂ්ප්‍රභ වුණා.</font>

209
00:15:14,413 --> 00:15:15,748
<font color="#ffde44">දැනට ගෙදර යන්න.</font>

210
00:15:17,374 --> 00:15:18,959
<font color="#ffde44">ඔයා මොන වගේ නීතිඥවරියක්ද?</font>

211
00:15:21,795 --> 00:15:25,549
<font color="#ffde44">නීතිඥවරියක් තමන්ගේ සේවාදායකයා කියන දේ
අහලා එයාගේ පැත්ත ගන්න ඕනේ.</font>

212
00:15:27,384 --> 00:15:28,802
<font color="#ffde44">ඔයා මාත් එක්ක කේන්ති ගන්නවද?</font>

213
00:15:28,886 --> 00:15:30,429
<font color="#ffde44">ඔයා ඔයාගේ සේවාදායකයාට මෙහෙම කරන්න හොඳ නෑ!</font>

214
00:15:30,512 --> 00:15:32,640
<font color="#ffde44">ඔයා ඇත්තටම මං දන්න හන් නා-හ්යුන්ද?</font>

215
00:15:33,390 --> 00:15:34,808
<font color="#ffde44">ඔයා දන්න හන් නා-හ්යුන්?</font>

216
00:15:35,684 --> 00:15:38,437
<font color="#ffde44">ඔයා මං ගැන මොනවද දන්නේ?
කතා කරනකොට පරිස්සමෙන්.</font>

217
00:15:38,520 --> 00:15:39,939
<font color="#ffde44">ළමයින්ට ගහන බේබද්දෙකුට ඔච්චර තමයි.</font>

218
00:15:40,564 --> 00:15:42,983
<font color="#ffde44">අර කාලකණ්ණින්ට හොඳටම ගහන්න තිබ්බේ!</font>

219
00:15:43,067 --> 00:15:45,319
<font color="#ffde44">නීතිඥවරියක්ගෙන් අහන්න ලැබුණු ඒ කතාව
හරිම පහත්.</font>

220
00:15:45,402 --> 00:15:48,113
<font color="#ffde44">මොකක්ද ඔයාව මෙච්චර දරදඬු කළේ?
ඔයා නම් මහා වදයක්!</font>

221
00:15:57,289 --> 00:15:58,374
<font color="#ffde44">මහා වදයක්?</font>

222
00:16:22,523 --> 00:16:25,359
<font color="#ffde44">ඔයා ඔයාගේ අක්කාට මුකුත් කිව්වද?</font>

223
00:16:26,026 --> 00:16:27,820
<font color="#ffde44">මං කිව්වා එයා මහා වදයක් කියලා.</font>

224
00:16:28,529 --> 00:16:29,571
<font color="#ffde44">මොකක්?</font>

225
00:16:30,864 --> 00:16:33,325
<font color="#ffde44">මට සමාවෙන්න. මට එහෙම කියන්න ඕන වුණේ නෑ.</font>

226
00:16:35,035 --> 00:16:37,037
<font color="#ffde44">ඒත් ඇයි එයා ඔච්චර නපුරු?</font>

227
00:16:37,121 --> 00:16:40,541
<font color="#ffde44">උසස් පාසල් ළමයින්ට ගහන කෙනෙක් එක්ක මාත්
කේන්ති ගන්නවා.</font>

228
00:16:40,624 --> 00:16:41,875
<font color="#ffde44">නෑ.</font>

229
00:16:41,959 --> 00:16:45,212
<font color="#ffde44">එයා අහන්නේවත් නැතුව කේන්ති ගන්න කෙනෙක්
නෙවෙයි.</font>

230
00:16:45,295 --> 00:16:47,631
<font color="#ffde44">එයා නීතිඥවරියක් වුණු එකත්
හරිම පුදුමයි.</font>

231
00:16:47,715 --> 00:16:50,384
<font color="#ffde44">ඔයාට එච්චරටම දැනගන්න ඕන නම්
ඇයි ඔයා එයාගේ පස්සෙන් යන්නේ නැත්තේ?</font>

232
00:16:51,385 --> 00:16:52,386
<font color="#ffde44">ඉතින් ඔයා?</font>

233
00:16:52,970 --> 00:16:55,347
<font color="#ffde44">අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිෂ්ප්‍රභ වුණා,
ඒ නිසා මාව ඉක්මනින් නිදහස් කරයි.</font>

234
00:16:55,973 --> 00:16:57,307
<font color="#ffde44">දැන් යන්න.</font>

235
00:17:05,774 --> 00:17:09,361
<font color="#c08b25"><i>මේ ලස්සන නිල් අහස පුරා</i>
අන්න එයා ආයෙමත් පටන් ගත්තා.</font>

236
00:17:09,445 --> 00:17:12,656
<font color="#c08b25"><i>පියාඹන මැජික් කාපට් එකක නැගලා</i>
<i>මැජික් කාපට් එක</i></font>

237
00:17:12,740 --> 00:17:14,950
<font color="#c08b25"><i>මේ පුදුමාකාර</i>
<i>මේ පුදුමාකාර</i></font>

238
00:17:15,034 --> 00:17:17,161
<font color="#ffde44">තාත්තේ, පාර දිහා බලලා එළවන්න!
<i>නිල් ලෝකයේ</i></font>

239
00:17:18,245 --> 00:17:19,955
<font color="#ffde44">ඔයා දැන් සින්දුවක්වත් අහන්නේ නැද්ද?</font>

240
00:17:21,915 --> 00:17:23,333
<font color="#ffde44">තාත්තා</font>

241
00:17:28,172 --> 00:17:29,173
<font color="#ffde44">තාත්තා</font>

242
00:17:34,720 --> 00:17:36,555
<font color="#ffde44">මොකක්ද ඔයාව මේ තරම් වෙනස් කළේ?</font>

243
00:17:41,226 --> 00:17:42,227
<font color="#ffde44">වාව්.</font>

244
00:17:43,479 --> 00:17:45,314
<font color="#ffde44">අපේ ගම නම් ටිකක්වත් වෙනස් වෙලා නෑ.</font>

245
00:17:46,940 --> 00:17:48,067
<font color="#ffde44">ඒකත් ලොකු දෙයක්.</font>

246
00:18:07,127 --> 00:18:08,128
<font color="#ffde44">තාත්තේ?</font>

247
00:18:22,726 --> 00:18:25,187
<font color="#ffde44">එයාගේ කොණ්ඩේ ගොඩක් පැහිලා.</font>

248
00:18:27,731 --> 00:18:29,191
<font color="#ffde44">රැලිත් වැටිලා.</font>

249
00:18:36,615 --> 00:18:39,243
<font color="#ffde44">රාජකාරියේ නියුතු නොවේ</font>

250
00:18:44,081 --> 00:18:46,250
<font color="#ffde44">ඒත්, ඒක හරිම ලස්සනයි...</font>

251
00:18:48,836 --> 00:18:50,045
<font color="#ffde44">ඔයාව දකින්න ලැබුණු එක, තාත්තේ.</font>

252
00:19:06,478 --> 00:19:08,814
<font color="#ffde44">පැටියෝ, මං ගෙදර ආවා.</font>

253
00:19:14,444 --> 00:19:15,946
<font color="#ffde44">මේ කුෂන් එක තාමත් මෙතන තියෙනවා.</font>

254
00:19:16,613 --> 00:19:18,448
<font color="#ffde44">ඒත් සෝෆා එක අලුත්.</font>

255
00:19:19,283 --> 00:19:20,284
<font color="#ffde44">ඒක ලස්සනයි.</font>

256
00:19:20,367 --> 00:19:22,744
<font color="#ffde44">හරිම සුවඳක්නෙ එන්නෙ.</font>

257
00:19:22,828 --> 00:19:24,705
<font color="#ffde44">පිළිගන්නවා. ඔයාට බඩගිනි ඇති.</font>

258
00:19:24,788 --> 00:19:26,707
<font color="#ffde44">ගිහින් අත් හෝදගන්න.
හරි.</font>

259
00:19:39,219 --> 00:19:40,387
<font color="#ffde44">අම්මා.</font>

260
00:19:49,521 --> 00:19:50,689
<font color="#ffde44">අම්මා...</font>

261
00:20:05,787 --> 00:20:06,997
<font color="#ffde44">වාව්.</font>

262
00:20:07,080 --> 00:20:09,666
<font color="#ffde44">අම්මා හදපු ටෝෆු එක නම් පට්ට වගේ.</font>

263
00:20:11,293 --> 00:20:13,795
<font color="#ffde44">අර ඩොන්ජැන් ස්ටූ එකත් රස පාටයි.</font>

264
00:20:14,922 --> 00:20:16,757
<font color="#ffde44">ආයෙමත් කෑම නැතුව
සෝජු විතරක් බොනවා නේද.</font>

265
00:20:16,840 --> 00:20:18,967
<font color="#ffde44">මම කිව්වනෙ බොන ගමන් මොනවා හරි කන්න කියලා.</font>

266
00:20:19,051 --> 00:20:21,303
<font color="#ffde44">හරි, හරි.
මෙන්න.</font>

267
00:20:22,679 --> 00:20:25,224
<font color="#ffde44">නා-හ්යුන්ට කතා කරලා බැලුවද?</font>

268
00:20:25,307 --> 00:20:28,644
<font color="#ffde44">ඔව්, ඒත් එයාට ඕනෙ එළියෙන් කන්නලු.</font>

269
00:20:29,728 --> 00:20:30,729
<font color="#ffde44">එහෙමද.</font>

270
00:20:32,105 --> 00:20:33,106
<font color="#ffde44">මොකද?</font>

271
00:20:33,649 --> 00:20:35,651
<font color="#ffde44">අපේ දුවට කෑම උයලා දෙන්න
බැරි වුණු එක ගැන දුකෙන්ද ඉන්නෙ?</font>

272
00:20:35,734 --> 00:20:37,569
<font color="#ffde44">නෑ, එහෙම දෙයක් නෙවෙයි.</font>

273
00:20:39,446 --> 00:20:41,198
<font color="#ffde44">මම කල්පනා කළේ අපි වෙන ගෙදරකට යමුද කියලා.</font>

274
00:20:43,450 --> 00:20:45,410
<font color="#ffde44">මට හිතෙන්නෙ එයා මේ ගෙදරට එන්න මඟහරිනවා.</font>

275
00:20:45,494 --> 00:20:47,788
<font color="#ffde44">පිස්සුද.</font>

276
00:20:47,871 --> 00:20:49,373
<font color="#ffde44">එයාට ගොඩක් වැඩ තියෙනවනෙ.</font>

277
00:20:49,456 --> 00:20:52,584
<font color="#ffde44">අපි සතුටු වෙන්න ඕනේ
එයා අපිට වෙලාවක් වෙන් කරන එක ගැනවත්.</font>

278
00:20:54,294 --> 00:20:55,837
<font color="#ffde44">ඔයාට එහෙමද හිතෙන්නෙ?
අනිවාර්යයෙන්ම.</font>

279
00:20:57,923 --> 00:21:01,176
<font color="#ffde44">ඕවා ගැන වැඩිය හිතන්න එපා.</font>

280
00:21:01,260 --> 00:21:02,886
<font color="#ffde44">අනිත් එක එයා ඉස්සරහා බයෙන් බයෙන් ඉන්නත් එපා.</font>

281
00:21:03,845 --> 00:21:05,472
<font color="#ffde44">කියන කෙනාගෙ හැටි විතරක්.</font>

282
00:21:05,555 --> 00:21:06,848
<font color="#ffde44">අපොයි.</font>

283
00:21:07,599 --> 00:21:09,726
<font color="#ffde44">ආ, ප්‍රවෘත්ති යන වෙලාව හරි. දැන් වෙලාව කීයද?</font>

284
00:21:10,602 --> 00:21:11,728
<font color="#ffde44">දෙවියනේ.</font>

285
00:21:12,437 --> 00:21:14,606
<font color="#ffde44">හන් නා-හ්යුන් මේ ගෙදරට කැමති නැද්ද?</font>

286
00:21:16,400 --> 00:21:19,653
<font color="#ffde44">ඔයාලා එයා ඉස්සරහා ඉන්නෙත් බයෙන් බයෙන්ද?</font>

287
00:21:21,863 --> 00:21:22,864
<font color="#ffde44">ඒ ඇයි?</font>

288
00:21:24,950 --> 00:21:26,618
<font color="#ffde44">ඇයි ඒම කරන්නෙ?</font>

289
00:21:28,120 --> 00:21:30,205
<font color="#ffde44">ඔයාගෙ පස්සෙ.
මම දන්නවා. මට ඇහෙනවා.</font>

290
00:21:30,289 --> 00:21:31,290
<font color="#ffde44">ඌ එනවා.</font>

291
00:21:31,373 --> 00:21:33,709
<font color="#ffde44">මම ඌට ගැහුවා.
ඉක්මන් කරපන්. ඌ මාර ෆාස්ට්.</font>

292
00:21:33,792 --> 00:21:35,210
<font color="#ffde44">ඌට එක පාරයි ගහන්න තියෙන්නෙ.
හරි.</font>

293
00:21:35,294 --> 00:21:37,170
<font color="#ffde44">ඌ වැටෙනවා.
ඌට ගහපන්.</font>

294
00:21:37,254 --> 00:21:39,131
<font color="#ffde44">අර පැත්තෙන්.
ඌ කොහෙද?</font>

295
00:21:39,214 --> 00:21:43,093
<font color="#ffde44">පොඩ්ඩක් ඉඳපන්. මම උදව් කරන්නම්.
මඟුල.</font>

296
00:21:43,176 --> 00:21:45,470
<font color="#ffde44">හලෝ?
ශිට්, මගේ උණ්ඩ ඉවරයි.</font>

297
00:21:46,680 --> 00:21:47,889
<font color="#ffde44">දැන් එකතු වෙයල්ලා.</font>

298
00:21:47,973 --> 00:21:49,725
<font color="#ffde44">උඹ කොහෙද?
හිටපන්කො. අප්පා.</font>

299
00:21:49,808 --> 00:21:51,393
<font color="#ffde44">ඉස්කෝලෙ කට් කරලා මෙහෙම ඉන්න එක,</font>

300
00:21:52,102 --> 00:21:53,437
<font color="#ffde44">පන්ති භාර ටීචර්ගෙන් බේරිලා ඉන්න එක මාර ආතල් ඇති නේද.</font>

301
00:21:54,104 --> 00:21:55,188
<font color="#ffde44">තමුසේ කවුද?</font>

302
00:21:55,272 --> 00:21:56,648
<font color="#ffde44">මම නීතීඥ යැන්ග් දෝ-ක්‍යුන්ග්.</font>

303
00:21:56,732 --> 00:21:59,443
<font color="#ffde44">නීතීඥයෙක්? එහෙනම් අපි තමයි බොස්ලා නේද?</font>

304
00:21:59,526 --> 00:22:01,111
<font color="#ffde44">ඔව්, අනිවාර්යයෙන්ම.</font>

305
00:22:02,112 --> 00:22:03,989
<font color="#ffde44">ලෝයර් මහත්තයා, අපි දැන් ටිකක් බිසී.</font>

306
00:22:04,072 --> 00:22:05,115
<font color="#ffde44">පිස්සු යකෙක්.</font>

307
00:22:05,782 --> 00:22:06,908
<font color="#ffde44">වෙන වෙලාවක එන්නකො.</font>

308
00:22:09,286 --> 00:22:13,915
<font color="#ffde44">ඔය කාර්යබහුල ළමයි වෙනුවෙන්,
ඔයාලගේ දෙමව්පියෝ තමයි මාව හයර් කළේ.</font>

309
00:22:15,500 --> 00:22:19,212
<font color="#ffde44">එයාලගෙ රත්තරන් පුතාලා
ගුටි කාපු එක ගැන,</font>

310
00:22:19,713 --> 00:22:22,883
<font color="#ffde44">ඔයාලා ගිය අවුරුද්ද පුරාම ජුන්-හෝට
කරපු දේවල් නොදැන එයාලා ඉන්නෙ මාර කේන්තියකින්.</font>

311
00:22:29,681 --> 00:22:31,224
<font color="#ffde44">එදා මොකද වුණේ?</font>

312
00:22:35,604 --> 00:22:37,647
<font color="#ffde44">අපි හැමදේම පොලිසියට කිව්වා.</font>

313
00:22:37,731 --> 00:22:42,152
<font color="#ffde44">අපි නිකන් විහිළු කර කර ඉද්දි
අර පිස්සා ඇවිත් තමයි අපිට මේම කළේ.</font>

314
00:22:42,861 --> 00:22:44,946
<font color="#ffde44">තමුසෙලා බොරු කියන්නෙ.
නෑ, ඒක ඇත්ත.</font>

315
00:22:45,030 --> 00:22:46,531
<font color="#ffde44">මම වැදගත් දෙයක් කියන්නම්.</font>

316
00:22:47,657 --> 00:22:50,410
<font color="#ffde44">උඹලට ගහපු අර කාලකණ්ණියා
ලෝයර් කෙනෙක්ව අරගෙන.</font>

317
00:22:50,494 --> 00:22:53,622
<font color="#ffde44">එයා පස්සෙන් පන්නලා වැඩේ කරන එකේ
මේ ෆීල්ඩ් එකේ නම්බර් වන්.</font>

318
00:22:54,498 --> 00:22:55,665
<font color="#ffde44">එයාට මහ වෙලාවක් යන්නෙ නෑ</font>

319
00:22:56,750 --> 00:22:58,335
<font color="#ffde44">තමුසෙලා කරපු දේවල් හොයාගන්න.</font>

320
00:23:02,839 --> 00:23:03,965
<font color="#ffde44">ඔයා වෙන්න ඇති මින්-ජේ.</font>

321
00:23:06,259 --> 00:23:08,386
<font color="#ffde44">ඔයාගෙ තාත්තා සෞඛ්‍ය හා සුබසාධන
නියෝජ්‍ය අමාත්‍යතුමානෙ.</font>

322
00:23:09,012 --> 00:23:11,848
<font color="#ffde44">ජි-හ්යොක්, ඔයාගෙ අම්මා හන්ගුක් විශ්වවිද්‍යාලයේ
නීති මහාචාර්යවරියක්නෙ.</font>

323
00:23:13,308 --> 00:23:17,229
<font color="#ffde44">මේ ඇත්ත එළියට ආවොත් ඔයාලගේ දෙමව්පියෝ
ලොකු අමාරුවක වැටෙනවා.</font>

324
00:23:17,312 --> 00:23:18,563
<font color="#ffde44">එයාලා මාව මරාවි.</font>

325
00:23:22,651 --> 00:23:23,652
<font color="#ffde44">හරි.</font>

326
00:23:24,444 --> 00:23:27,155
<font color="#ffde44">ඉතින් දැන්, හැමදේම මට
ඇත්තම කියන්න.</font>

327
00:23:28,240 --> 00:23:29,991
<font color="#ffde44">එතකොට විතරයි මට ඔයාලව බේරගන්න පුළුවන්.</font>

328
00:23:31,076 --> 00:23:33,954
<font color="#ffde44">ඇත්තටම මට ඉස්කෝලෙ රණ්ඩු ගැන
කිසිම ගාණක් නෑ.</font>

329
00:23:34,788 --> 00:23:36,081
<font color="#ffde44">මට දැනගන්න ඕනෙ</font>

330
00:23:36,164 --> 00:23:38,625
<font color="#ffde44">ඔයාලට ගහපු අර ලෝයර් ගැනයි.</font>

331
00:23:39,835 --> 00:23:42,921
<font color="#ffde44">අර කාලකණ්ණියගෙ අමුතු මුකුත්
ඔයාලට තේරුණේ නැද්ද?</font>

332
00:24:52,240 --> 00:24:53,575
<font color="#ffde44">ලිපිගොනු
රථගාල</font>

333
00:25:29,361 --> 00:25:31,029
<font color="#ffde44">මගේ අම්මත් ඒ ගැන දන්නවද?</font>

334
00:25:31,112 --> 00:25:32,113
<font color="#ffde44">ඔහ්...</font>

335
00:25:33,198 --> 00:25:35,992
<font color="#ffde44">ඒකනේ, මම සා-රන්ග් එක්ක වන්දි මුදල ගැන
කතා කරද්දි එයාට ඇහුණා...</font>

336
00:25:36,826 --> 00:25:38,078
<font color="#ffde44">මගේ අක්කා පවා?</font>

337
00:25:40,956 --> 00:25:42,582
<font color="#ffde44">දේවල් සිද්ධ වුණේ එහෙමයි.</font>

338
00:25:44,000 --> 00:25:46,836
<font color="#ffde44">අම්මා කිව්වා සල්ලි හොයාගන්න
විදිහක් බලන්නම් කියලා.</font>

339
00:25:47,462 --> 00:25:51,883
<font color="#ffde44">ඔයාගෙ නීතීඥ බලපත්‍රය නැති වෙයි කියලා
ඇහුණ ගමන්,</font>

340
00:25:51,967 --> 00:25:54,094
<font color="#ffde44">එයා කලබලෙන් එළියට ගියා.</font>

341
00:25:55,553 --> 00:25:57,555
<font color="#ffde44">කොහොම වුණත්, ඔයාගෙ ඇඟට</font>

342
00:25:57,639 --> 00:25:59,975
<font color="#ffde44">නීතීඥ හන්ගෙ සහෝදරිය ආවේශ වෙලා හිටියෙ කියලා
දැනගත්තට පස්සෙ එයා ඒක තේරුම් ගත්තා.</font>

343
00:26:00,058 --> 00:26:05,397
<font color="#ffde44">ඔයාගෙ අක්කයි මමයිත් සල්ලි හොයන්න හැම විදිහකින්ම
උත්සාහ කරනවා, ඒ නිසා බය වෙන්න එපා.</font>

344
00:26:08,900 --> 00:26:10,193
<font color="#ffde44">බොන්ග්-සූ.
ඇයි?</font>

345
00:26:11,987 --> 00:26:13,071
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

346
00:26:13,697 --> 00:26:14,698
<font color="#ffde44">ඒ වගේම ස්තූතියි.</font>

347
00:26:43,018 --> 00:26:44,019
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

348
00:26:46,146 --> 00:26:48,315
<font color="#ffde44">සමහරවිට මම එන්න හොඳ නැතුව ඇති.</font>

349
00:26:49,232 --> 00:26:51,860
<font color="#ffde44">මම නිසා ඔයාලත් අමාරුවේ වැටිලා.</font>

350
00:26:52,819 --> 00:26:55,572
<font color="#ffde44">ඒ වගේම අමිහිරි ඇත්තක්
මට දැන් තේරිලා තියෙනවා.</font>

351
00:26:56,614 --> 00:26:58,742
<font color="#ffde44">ඔයා මොකක්ද ඒ කිව්වෙ?</font>

352
00:27:00,869 --> 00:27:04,414
<font color="#ffde44">නා-හ්යුන් සහ මගේ දෙමව්පියෝ අතරෙ
මොකක් හරි අවුලක් තියෙනවා.</font>

353
00:27:05,749 --> 00:27:08,460
<font color="#ffde44">අපේ පවුල පෝසත් නෑ,</font>

354
00:27:08,960 --> 00:27:10,837
<font color="#ffde44">ඒත් අපි හිනා වෙලා විනෝදෙන් හිටියා.</font>

355
00:27:10,920 --> 00:27:12,630
<font color="#ffde44">අපිට ලොකු ධනාත්මක ශක්තියක් තිබුණා.</font>

356
00:27:13,715 --> 00:27:16,634
<font color="#ffde44">දැන් මගේ දෙමව්පියෝ
නා-හ්යුන් ඉස්සරහා ඉන්නෙත් බයෙන් බයෙන්.</font>

357
00:27:17,427 --> 00:27:19,220
<font color="#ffde44">නා-හ්යුන් ඉන්නෙත් වෙනස් වෙලා.</font>

358
00:27:21,556 --> 00:27:24,100
<font color="#ffde44">මොනවා වුණාද මන්දා.</font>

359
00:27:24,684 --> 00:27:26,186
<font color="#ffde44">ලොකු දෙයක් වුණා.</font>

360
00:27:27,937 --> 00:27:31,358
<font color="#ffde44">එයාලට එයාලගේ වටිනා පවුලේ සාමාජිකයාව, ඔයාව නැති වුණා.</font>

361
00:27:32,525 --> 00:27:34,319
<font color="#ffde44">එයාලා ගොඩක් කඩා වැටෙන්න ඇති.</font>

362
00:27:35,945 --> 00:27:36,946
<font color="#ffde44">ඔහ්.</font>

363
00:27:38,948 --> 00:27:42,577
<font color="#ffde44">දුක හිතෙන වෙලාවක පවුලක් ඈත් වෙන්නෙ
ඇයි?</font>

364
00:27:42,660 --> 00:27:44,788
<font color="#ffde44">එයාලා ඈත් වුණා කියලා මම හිතන්නෙ නෑ.</font>

365
00:27:46,456 --> 00:27:48,291
<font color="#ffde44">එයාලා එකිනෙකා ගැන හිතනවා ඇති.</font>

366
00:27:49,084 --> 00:27:50,085
<font color="#ffde44">එකිනෙකා ගැන හිතනවා?</font>

367
00:27:52,212 --> 00:27:53,922
<font color="#ffde44">සමහර දුකවල්...</font>

368
00:27:54,672 --> 00:27:58,802
<font color="#ffde44">කොච්චර ප්‍රබලද කියනවා නම්, ඒක ඉක්මනින්ම
අවට ඉන්න අයටත් බෝවෙනවා.</font>

369
00:28:06,059 --> 00:28:09,062
<font color="#ffde44">සතුට වැඩෙන කතාව</font>

370
00:28:14,943 --> 00:28:17,237
<font color="#ffde44">තමන්ගේ දුක අනිත් අයටත් දැනෙයි කියලා බයෙන්,</font>

371
00:28:17,821 --> 00:28:19,864
<font color="#ffde44">හැඟීම් හංගගෙන,</font>

372
00:28:20,573 --> 00:28:22,867
<font color="#ffde44">කතා කරන, හැසිරෙන විදිහ ගැන සැලකිලිමත් වෙලා,</font>

373
00:28:24,035 --> 00:28:25,078
<font color="#ffde44">සමහරවිට,</font>

374
00:28:25,995 --> 00:28:27,789
<font color="#ffde44">රහස් පවා හංගනවා.</font>

375
00:28:30,542 --> 00:28:33,169
<font color="#ffde44">වටේ ඉන්න අයට රිද්දන්නෙ නැතුව ඉන්න
උත්සාහ කරන නිසා,</font>

376
00:28:33,753 --> 00:28:36,464
<font color="#ffde44">ටිකෙන් ටික එයාලගෙන් ඈත් වෙන්න
හිතනවා.</font>

377
00:28:38,842 --> 00:28:42,679
<font color="#ffde44">මම නිසා මගේ පවුලේ අය මේ වගේ
ජීවත් වෙනවට මම කැමති නෑ.</font>

378
00:28:45,890 --> 00:28:47,308
<font color="#ffde44">ඒක හරිම දුකයි.</font>

379
00:28:50,687 --> 00:28:55,400
<font color="#ffde44">මාව හොයාගෙන ආපු හැම හොල්මනකටම
එයාලගෙම දුක්බර කතා තිබුණා.</font>

380
00:28:56,067 --> 00:28:57,527
<font color="#ffde44">ඒත් ඒ හැමදේම විසඳුණා.</font>

381
00:28:58,611 --> 00:29:00,530
<font color="#ffde44">දැන් ඔයා ආපු නිසා,</font>

382
00:29:00,613 --> 00:29:03,032
<font color="#ffde44">ඔයාගෙ පවුලේ අයටත් එකිනෙකාට
විවෘත වෙන්න පුළුවන් වෙයි.</font>

383
00:29:03,867 --> 00:29:06,870
<font color="#ffde44">මම ඔයාට උදව් කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා.</font>

384
00:29:09,164 --> 00:29:10,165
<font color="#ffde44">ස්තූතියි.</font>

385
00:29:13,543 --> 00:29:15,754
<font color="#ffde44">ඒත් ඔයාගෙ ප්‍රශ්නෙ ඊට වඩා හදිසියි.</font>

386
00:29:16,504 --> 00:29:17,505
<font color="#ffde44">මගේ ප්‍රශ්නෙ?</font>

387
00:29:18,089 --> 00:29:20,884
<font color="#ffde44">මම නිසා ඔයාගෙ පවුලට ඔයාගෙ ගෙදරයි බිස්නස් එකයි
නැති වුණොත්,</font>

388
00:29:20,967 --> 00:29:22,051
<font color="#ffde44">ඒකෙන් මට මැරෙන්න හිතෙයි.</font>

389
00:29:22,135 --> 00:29:23,511
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

390
00:29:23,595 --> 00:29:25,096
<font color="#ffde44">මම කොහොමත් මැරිලනේ ඉන්නේ.</font>

391
00:29:26,347 --> 00:29:27,348
<font color="#ffde44">කමක් නෑ.</font>

392
00:29:29,809 --> 00:29:30,810
<font color="#ffde44">ඔයා...</font>

393
00:29:31,936 --> 00:29:32,937
<font color="#ffde44">හරිම හොඳ කෙනෙක්.</font>

394
00:29:33,021 --> 00:29:35,523
<font color="#ffde44">වැරදියි කියලා හිතෙන කිසිම දෙයක් මට
අතාරින්න බෑ.</font>

395
00:29:36,649 --> 00:29:39,152
<font color="#ffde44">ඔයාගෙ නම සුද්ද කරන්න අපි මොනවද කරන්න ඕනේ?</font>

396
00:29:40,904 --> 00:29:43,406
<font color="#ffde44">ඔයා එදා දැක්ක දේ ඇත්තක් නම්,</font>

397
00:29:43,490 --> 00:29:47,827
<font color="#ffde44">ජුන්-හෝ ඉස්කෝලේදී ගුටි කෑවෙ නෑ වගේ
හැසිරෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ.</font>

398
00:29:48,411 --> 00:29:51,080
<font color="#ffde44">අන්න ඒක... තමයි ඔයා හොයාගන්න ඕනේ.</font>

399
00:29:51,831 --> 00:29:53,416
<font color="#ffde44">මොකක්? මම?
ඔව්.</font>

400
00:29:54,125 --> 00:29:55,210
<font color="#ffde44">කොහොමද?</font>

401
00:29:56,669 --> 00:29:58,338
<font color="#ffde44">ඔයා හොල්මනක්නෙ, දන්නවනෙ.</font>

402
00:30:18,107 --> 00:30:20,276
<font color="#ffde44">හලෝ.
හලෝ.</font>

403
00:30:21,945 --> 00:30:22,946
<font color="#ffde44">හලෝ.</font>

404
00:30:38,753 --> 00:30:41,047
<font color="#ffde44">මට සමාවෙන්න, මම දන්නෙ නෑ.</font>

405
00:31:00,441 --> 00:31:02,026
<font color="#ffde44">සුන්ග් මින්-ජේ</font>

406
00:31:12,078 --> 00:31:14,330
<font color="#ffde44">හලෝ...
ආන්සර් කරන්න මෙච්චර වෙලා ගියේ ඇයි?</font>

407
00:31:16,457 --> 00:31:17,458
<font color="#ffde44">සොරි.</font>

408
00:31:17,542 --> 00:31:19,002
<font color="#ffde44">අද කාටද හම්බවුණේ?</font>

409
00:31:19,586 --> 00:31:20,837
<font color="#ffde44">මම කාටවත් හම්බවුණේ නෑ.</font>

410
00:31:20,920 --> 00:31:22,922
<font color="#ffde44">බොරු කියලා අහු වුණොත්,
මම උඹව ඇත්තටම මරනවා.</font>

411
00:31:24,507 --> 00:31:25,758
<font color="#ffde44">මම බොරු කියන්නෙ නෑ.</font>

412
00:31:29,512 --> 00:31:31,764
<font color="#ffde44">අද හවස 5ට
'හෙවන් ඇන්ඩ් අර්ත්' එකට වරෙන්.</font>

413
00:31:31,848 --> 00:31:33,099
<font color="#ffde44">සල්ලි ටික අමතක කරන්න එපා.</font>

414
00:31:34,017 --> 00:31:35,226
<font color="#ffde44">හරි.</font>

415
00:31:50,158 --> 00:31:52,368
<font color="#ffde44">ඇයි මට මේම කරන්නේ?</font>

416
00:31:54,412 --> 00:31:55,496
<font color="#ffde44">මම මොනවා කළාටද...</font>

417
00:31:56,497 --> 00:31:58,082
<font color="#ffde44">මට මේම වෙන්නෙ?</font>

418
00:32:07,884 --> 00:32:09,093
<font color="#ffde44">මම උන්ව මරනවා.</font>

419
00:32:20,605 --> 00:32:21,731
<font color="#ffde44">කවුද ඒ?</font>

420
00:32:25,902 --> 00:32:27,862
<font color="#ffde44">හලෝ, මම නීතීඥ හන් නා-හ්යුන්.</font>

421
00:32:27,946 --> 00:32:29,322
<font color="#ffde44">නීතීඥවරියක්?</font>

422
00:32:29,989 --> 00:32:31,699
<font color="#ffde44">ඔයා ජුන්-හෝගේ අම්මද?</font>

423
00:32:32,825 --> 00:32:33,826
<font color="#ffde44">ඔව්.</font>

424
00:32:34,577 --> 00:32:36,955
<font color="#ffde44">මගේ පුතාට මොනවා හරි වෙලාද?</font>

425
00:32:38,039 --> 00:32:39,749
<font color="#ffde44">එයා ඔයාට මුකුත් කිව්වෙ නැද්ද?</font>

426
00:32:40,833 --> 00:32:44,170
<font color="#ffde44">මම රෑ වැඩ කරන නිසා
මට එයාව වැඩිය දකින්න හම්බවෙන්නෙ නෑ.</font>

427
00:32:45,171 --> 00:32:46,881
<font color="#ffde44">එයා මොනවා හරි කරදරයක්වත් කළාද?</font>

428
00:32:46,965 --> 00:32:47,966
<font color="#ffde44">නෑ.</font>

429
00:32:48,466 --> 00:32:51,970
<font color="#ffde44">ඔයාගෙ පුතා පොඩි කේස් එකකට පැටලිලා ඉන්නෙ,
හැබැයි එයා වැරදිකාරයා නෙවෙයි.</font>

430
00:32:54,305 --> 00:32:57,642
<font color="#ffde44">එයා ඉන්න පුළුවන් තැනක් ඔයා දන්නවද?</font>

431
00:33:05,108 --> 00:33:06,109
<font color="#ffde44">ජුන්-හෝ.</font>

432
00:33:20,331 --> 00:33:23,251
<font color="#ffde44">මම එදා ඒක දැක්කා.</font>

433
00:33:24,127 --> 00:33:25,461
<font color="#ffde44">ඒ අය ඔයාට හිරිහැර කළා.</font>

434
00:33:26,045 --> 00:33:28,673
<font color="#ffde44">නෑ, ඒ ඔක්කොම මගේ යාළුවෝ.</font>

435
00:33:29,716 --> 00:33:31,926
<font color="#ffde44">අපි නිකන් විහිළු කර කර හිටියේ.
එයාලා ඔයාගෙ...</font>

436
00:33:33,052 --> 00:33:34,178
<font color="#ffde44">යාළුවෝ නෙවෙයි.</font>

437
00:33:34,846 --> 00:33:37,265
<font color="#ffde44">ඒක ඔයා දන්නවා.
ඔයා කියන දේ මට තේරෙන්නෙ නෑ.</font>

438
00:33:37,348 --> 00:33:38,850
<font color="#ffde44">ජුන්-හෝ.
මම යනවා.</font>

439
00:33:39,434 --> 00:33:40,476
<font color="#ffde44">හේයි, සෝ ජුන්-හෝ!</font>

440
00:33:45,690 --> 00:33:47,025
<font color="#ffde44">ඉතින් ඔයා මොනවද කරන්න යන්නෙ?</font>

441
00:33:47,817 --> 00:33:48,860
<font color="#ffde44">මොකක්?</font>

442
00:33:48,943 --> 00:33:51,029
<font color="#ffde44">මොකක්ද ඔයාගෙ ප්ලෑන් එක?
ඔයා ඇත්තටම උන්ව මරන්නද යන්නෙ?</font>

443
00:33:54,240 --> 00:33:55,408
<font color="#ffde44">ගොඩක් ඉස්සර,</font>

444
00:33:56,409 --> 00:33:58,327
<font color="#ffde44">ඔයා වගේම ළමයෙක් මගේ
ඉස්කෝලෙත් හිටියා.</font>

445
00:33:59,787 --> 00:34:01,956
<font color="#ffde44">එයාට ඉස්කෝලෙ චණ්ඩි ගොඩක් හිරිහැර කළා,</font>

446
00:34:02,874 --> 00:34:05,209
<font color="#ffde44">ඒත් එයාගෙ දෙමව්පියන්ටවත් ටීචර්ස්ලටවත්
ඒ ගැන කිසිම අදහසක් තිබුණෙ නෑ,</font>

447
00:34:05,293 --> 00:34:07,587
<font color="#ffde44">පන්තියේ යාළුවො ගැන නම් කියලවත් වැඩක් නෑ.</font>

448
00:34:07,670 --> 00:34:08,880
<font color="#ffde44">ඉතින් මොකක්ද?</font>

449
00:34:08,963 --> 00:34:10,715
<font color="#ffde44">ඇයි මට ඕවා කියන්නෙ?</font>

450
00:34:10,798 --> 00:34:13,217
<font color="#ffde44">හිතන්නකො අර වගේ උන් රංචු පිටින් ඉන්නෙ ඇයි කියලා.</font>

451
00:34:13,968 --> 00:34:15,178
<font color="#ffde44">මොකද උන් නිවටයො.</font>

452
00:34:16,095 --> 00:34:17,930
<font color="#ffde44">ඒ නිසා හැංගෙන්න එපා.</font>

453
00:34:18,014 --> 00:34:20,308
<font color="#ffde44">උන් එද්දි පෙරළා පහර දෙන්න.</font>

454
00:34:20,391 --> 00:34:22,393
<font color="#ffde44">නෑ, මට එහෙම කරන්න බෑ.</font>

455
00:34:22,477 --> 00:34:25,354
<font color="#ffde44">බැරි දෙයක් නෑ.
ඔයා හිත හදාගත්තොත් විතරක්--</font>

456
00:34:25,438 --> 00:34:26,981
<font color="#ffde44">මට ඒක කරන්න බැහැ, හරිද?</font>

457
00:34:27,607 --> 00:34:29,525
<font color="#ffde44">මට බැහැ!</font>

458
00:34:36,949 --> 00:34:39,202
<font color="#ffde44">මට කියන්න එපා...</font>

459
00:34:40,787 --> 00:34:42,789
<font color="#ffde44">එයාලා ළඟ ඔයාගේ මොනවා හරි තියෙනවද?</font>

460
00:34:45,917 --> 00:34:46,918
<font color="#ffde44">මම යනවා.</font>

461
00:34:47,752 --> 00:34:48,961
<font color="#ffde44">ඒකද හේතුව?</font>

462
00:34:49,629 --> 00:34:50,630
<font color="#ffde44">එහෙම වුණොත් මොකද?</font>

463
00:34:51,589 --> 00:34:53,758
<font color="#ffde44">ඒකෙන් මට එයාලව මරන්න අයිතියක් ලැබෙනවද?</font>

464
00:34:56,260 --> 00:34:58,262
<font color="#ffde44">හලෝ ජුන්-හෝ.
ජුන්-හෝ, හායි!</font>

465
00:34:58,346 --> 00:35:01,224
<font color="#ffde44">මම දැන් ඉඳන් සුපිරි වීඩියෝ එකක්
ගන්නයි යන්නේ.</font>

466
00:35:01,307 --> 00:35:03,726
<font color="#ffde44">මාව අතාරින්න.
ලයිට්ස්, ලෑස්තිද?</font>

467
00:35:03,810 --> 00:35:06,437
<font color="#ffde44">ඒයි, ලයිට්ස්.
පොඩ්ඩක් ඉන්න.</font>

468
00:35:06,521 --> 00:35:08,106
<font color="#ffde44">දැන් ඔක්කොම ලෑස්තියි.</font>

469
00:35:08,189 --> 00:35:10,399
<font color="#ffde44">මූ අද මාර ලස්සනයිනේ.</font>

470
00:35:10,483 --> 00:35:13,444
<font color="#ffde44">නවත්තන්න.
පොඩ්ඩක් ඉන්නවකෝ ජුන්-හෝ.</font>

471
00:35:14,028 --> 00:35:15,655
<font color="#ffde44">එයාලා ඒකෙන් ඔයාව බ්ලැක්මේල් කළා.</font>

472
00:35:17,115 --> 00:35:18,116
<font color="#ffde44">ඔව්.</font>

473
00:35:19,117 --> 00:35:22,370
<font color="#ffde44">අර කාලකණ්ණි මගේ නිරුවත් වීඩියෝ එකක් ගත්තා.</font>

474
00:35:36,717 --> 00:35:39,637
<font color="#ffde44">ඒත්, ඔයා එයාලට එහෙම කරන්න හොඳ නැහැ.</font>

475
00:35:40,847 --> 00:35:42,849
<font color="#ffde44">මම කලින් කිව්ව කෙනා</font>

476
00:35:42,932 --> 00:35:44,934
<font color="#ffde44">පරිවාසෙට ගියා</font>

477
00:35:45,810 --> 00:35:48,020
<font color="#ffde44">අර චණ්ඩින්ට ගඩොලකින් ගැහුවට පස්සේ.</font>

478
00:35:49,021 --> 00:35:53,276
<font color="#ffde44">එයාට ඇයි එයාලට ගහන්න වුණේ කියලා
තේරුම් ගන්න කවුරුවත් හිටියේ නැහැ.</font>

479
00:35:54,277 --> 00:35:55,778
<font color="#ffde44">ඔයාගේ එකත් ඒ වගේම වෙයි.</font>

480
00:35:56,696 --> 00:35:58,698
<font color="#ffde44">ඔයා තවත් දුක් විඳියි.</font>

481
00:35:59,949 --> 00:36:01,409
<font color="#ffde44">ඒ නිසා කරුණාකරලා.</font>

482
00:36:02,410 --> 00:36:04,620
<font color="#ffde44">පිහිය මට දෙන්න.</font>

483
00:36:05,746 --> 00:36:06,747
<font color="#ffde44">දැන්.</font>

484
00:36:21,053 --> 00:36:22,722
<font color="#ffde44">එපා, යන්න එපා!</font>

485
00:36:22,805 --> 00:36:24,432
<font color="#ffde44">එයාලා ගාවට යන්න එපා!</font>

486
00:36:34,692 --> 00:36:37,069
<font color="#ffde44">සැකකාරයෙක්ට වින්දිතයෙක්ව හමුවෙන්න බැහැ.
ඔයා ඒක දන්නවනේ.</font>

487
00:36:38,404 --> 00:36:41,449
<font color="#ffde44">ඔයා මට මේ තත්ත්වය ගැන
කලින් කියන්න තිබුණා.</font>

488
00:36:42,158 --> 00:36:43,201
<font color="#ffde44">අදහාගන්නත් බැහැ.</font>

489
00:36:43,910 --> 00:36:44,911
<font color="#ffde44">සමාවෙන්න.</font>

490
00:36:44,994 --> 00:36:47,371
<font color="#ffde44">ජුන්-හෝ කිව්වද
එයා කොල්ලොන්ව කොහෙදිද හමුවෙන්නේ කියලා?</font>

491
00:36:48,497 --> 00:36:50,958
<font color="#ffde44">පහට හෙවන් ඇන්ඩ් අර්ත් එකේදි.</font>

492
00:36:51,042 --> 00:36:53,127
<font color="#ffde44">ඒ කියන්නේ අපිට ඇති තරම් වෙලාව තියෙනවා.</font>

493
00:36:54,045 --> 00:36:55,504
<font color="#ffde44">හෙවන් ඇන්ඩ් අර්ත්, හරිද?</font>

494
00:37:01,761 --> 00:37:02,970
<font color="#ffde44">එන්න, මගේ පස්සෙන් එන්න.</font>

495
00:37:07,016 --> 00:37:08,768
<font color="#ffde44">පොලිස් ස්ථානය</font>

496
00:37:08,851 --> 00:37:11,646
<font color="#ffde44">හැබැයි මේක
ජුන්-හෝගේ පැත්ත විතරයි.</font>

497
00:37:12,688 --> 00:37:14,023
<font color="#ffde44">ඔයා හරි,</font>

498
00:37:14,607 --> 00:37:18,861
<font color="#ffde44">හැබැයි එයාගේ පන්තියේ ළමයිනුයි, එයාගේ
පාට් ටයිම් වැඩ කරන තැන අයිතිකාරයයි</font>

499
00:37:18,945 --> 00:37:22,490
<font color="#ffde44">පාසල් ප්‍රචණ්ඩත්වය ගැන සැක සහිත දේවල් දැකලා තියෙනවා.</font>

500
00:37:22,573 --> 00:37:25,284
<font color="#ffde44">ඕන වුණොත් සාක්ෂි දෙන්නත් පුළුවන් කියලා එයාලා කිව්වා.</font>

501
00:37:25,952 --> 00:37:27,328
<font color="#ffde44">ඔයාගේ උදව්ව මම ගොඩක් අගය කරනවා.</font>

502
00:37:34,585 --> 00:37:36,420
<font color="#ffde44">එයාලට උදව් කරන්න බැරි වුණාද?</font>

503
00:37:36,504 --> 00:37:39,048
<font color="#ffde44">එයාලා පියවරක් ගන්න කලින්
කවුරුහරි මැරෙන්නම ඕන වගේ.</font>

504
00:37:41,300 --> 00:37:42,927
<font color="#ffde44">හැබැයි අපිට වෙලාවත් නැහැ.</font>

505
00:37:43,010 --> 00:37:46,097
<font color="#ffde44">මමම ගිහින් එයාලගෙන්
ජුන්-හෝගේ වීඩියෝ එක ගන්න එක හොඳයි.</font>

506
00:37:47,181 --> 00:37:51,352
<font color="#ffde44">එයාලා එයාට හිරිහැර කළා කියලා ඔප්පු කරන්න
තියෙන එකම සාක්ෂිය ඒකයි,</font>

507
00:37:51,435 --> 00:37:54,021
<font color="#ffde44">සිද්ධිය වුණ දවස ගැන කියන්නත් කලින්.</font>

508
00:37:54,981 --> 00:37:56,482
<font color="#ffde44">හොඳ අදහස. අපි දැන්ම යමු.</font>

509
00:37:56,565 --> 00:37:58,943
<font color="#ffde44">බැහැ, ඔයත් එක්ක නෙමෙයි.</font>

510
00:37:59,026 --> 00:38:02,822
<font color="#ffde44">එයාලා ඔයාගේ මූණ දන්නවා.
එයාලා ඔයාව අඳුරගෙන පැනලා ගියොත්?</font>

511
00:38:03,406 --> 00:38:06,158
<font color="#ffde44">ඒත් මට ඔයාව තනියම යවන්න බැහැ.</font>

512
00:38:06,742 --> 00:38:08,661
<font color="#ffde44">මම ඔයාව ඊට වඩා හොඳට දන්නවා.</font>

513
00:38:09,287 --> 00:38:10,830
<font color="#ffde44">වෙනත් හේතුවකුත් තියෙනවා නේද?</font>

514
00:38:11,414 --> 00:38:12,748
<font color="#ffde44">ඔව්.</font>

515
00:38:12,832 --> 00:38:15,751
<font color="#ffde44">එයාට ඕන වෙලාවක වෙනත් පිහියක් ගන්න පුළුවන්.</font>

516
00:38:16,294 --> 00:38:18,796
<font color="#ffde44">දැන් මම ඒක දන්න නිසා, මම එයාව නවත්තන්නම ඕන.</font>

517
00:38:23,092 --> 00:38:25,803
<font color="#ffde44">එයා ගොඩක් උත්සාහවන්ත ළමයෙක්,</font>

518
00:38:25,886 --> 00:38:28,597
<font color="#ffde44">මේ ප්‍රශ්නෙන් ගොඩ ආවොත් එයා ගොඩක් සතුටු වෙයි.</font>

519
00:38:28,681 --> 00:38:30,683
<font color="#ffde44">මෙතන ළමයෙක්ගේ ජීවිතයක් අනතුරේ.</font>

520
00:38:31,350 --> 00:38:32,810
<font color="#ffde44">මම මේ ගැන මොනවා හරි කරනවා.</font>

521
00:38:33,894 --> 00:38:35,896
<font color="#ffde44">කිසිම වෙලාවක ඉන්ටනෙට් කැෆේ එක
ඇතුළට එන්න එපා, හරිද?</font>

522
00:38:36,605 --> 00:38:37,606
<font color="#ffde44">හරි.</font>

523
00:38:38,190 --> 00:38:41,110
<font color="#ffde44">මම ළඟින් ඉඳලා ජුන්-හෝව විතරක් නවත්තන්නම්.</font>

524
00:38:41,193 --> 00:38:43,946
<font color="#ffde44">ඒ වෙනුවට, මගේ මස්සිනා
ඔයාට උදව් කරන්න එතන ඉඳියි.</font>

525
00:39:38,584 --> 00:39:39,668
<font color="#ffde44">සාදරයෙන් පිළිගන්නවා.</font>

526
00:39:40,586 --> 00:39:43,297
<font color="#ffde44">දෙන්නෙක්ට දෙන්න.
හිස්ව තියෙන ඕනම තැනකින් වාඩි වෙන්න පුළුවන්.</font>

527
00:39:43,381 --> 00:39:44,382
<font color="#ffde44">හරි.</font>

528
00:39:44,465 --> 00:39:46,759
<font color="#ffde44">හෙවන් ඇන්ඩ් අර්ත් පීසී</font>

529
00:39:47,593 --> 00:39:48,636
<font color="#ffde44">ඉදිකිරීම් වෙමින් පවතී</font>

530
00:40:04,777 --> 00:40:07,029
<font color="#ffde44">එක්ස්කියුස් මී, කරන්ට් එක ගියානේ!
මොන මඟුලක්ද?</font>

531
00:40:07,113 --> 00:40:08,948
<font color="#ffde44">මොකද වෙන්නේ?
මම දිනන්නමයි හිටියේ.</font>

532
00:40:09,031 --> 00:40:10,157
<font color="#ffde44">මහත්තයා.</font>

533
00:40:10,241 --> 00:40:11,409
<font color="#ffde44">නිකන් ටෙස්ට් කරලා බැලුවා.</font>

534
00:40:12,743 --> 00:40:15,371
<font color="#ffde44">ඔයා මොකද කරන්නේ? ආපහු ඔන් කරන්න!
ආපහු කරන්ට් එක දෙන්න!</font>

535
00:40:15,454 --> 00:40:17,790
<font color="#ffde44">අපිට ගොඩක් සමාවෙන්න!
මෙයා ටිකක් කරදරකාරයෙක්.</font>

536
00:40:19,959 --> 00:40:22,169
<font color="#ffde44">නීතිඥ යැං දෝ-ක්‍යුං</font>

537
00:40:23,587 --> 00:40:24,755
<font color="#ffde44">මොකද වෙන්නේ?</font>

538
00:40:25,297 --> 00:40:26,799
<font color="#ffde44">මට ඔයාට කියන්න සුබ ආරංචියක් තියෙනවා.</font>

539
00:40:27,383 --> 00:40:29,593
<font color="#ffde44">දෙමව්පියෝ සමථයකට පත් වෙන්න කැමතියි.</font>

540
00:40:30,219 --> 00:40:34,473
<font color="#ffde44">ළමයින්ට ගහන ජරා මිනිහෙක් එක්ක කවදාවත්
සමථයකට පත් වෙන්න එපා කියලා මම එයාලට කිව්වා.</font>

541
00:40:35,057 --> 00:40:38,561
<font color="#ffde44">හැබැයි නීතිඥයෙක්ට බලයක් නැහැ කියලා ඔයා දන්නවනේ.
මම කරන්නේ මගේ සේවාදායකයෝ කියන දේ.</font>

542
00:40:39,437 --> 00:40:41,772
<font color="#ffde44">සමථ ගිවිසුම බලන්න.
මම දැන් ඔයාට ඒක මැසේජ් කළා.</font>

543
00:40:44,608 --> 00:40:45,609
<font color="#ffde44">සමථ ගිවිසුම</font>

544
00:40:47,027 --> 00:40:48,696
<font color="#ffde44">සම්පූර්ණ මුදල: වොන් 150,000,000</font>

545
00:40:51,073 --> 00:40:53,784
<font color="#ffde44">එක්කෙනෙක්ට මිලියන 50ක්
සාධාරණයි කියලා ඔයා ඇත්තටම හිතනවද?</font>

546
00:40:53,868 --> 00:40:56,620
<font color="#ffde44">එහෙනම්, නීතිඥයෙක්
ඉස්කෝලේ ළමයින්ට ගහන එක සාධාරණද?</font>

547
00:40:57,997 --> 00:41:02,543
<font color="#ffde44">බුද්ධිමත්ව සහ සමාජීයව වැදගත් කෙනෙක්
ආදර්ශමත් වෙන්න අසමත් වුණාම,</font>

548
00:41:02,626 --> 00:41:05,546
<font color="#ffde44">එයාලා ඒකට වගකියන්න ඕන.</font>

549
00:41:06,797 --> 00:41:09,258
<font color="#ffde44">සැකකරු එක්ක මේ ගැන හොඳට කතා කරලා,</font>

550
00:41:09,800 --> 00:41:13,554
<font color="#ffde44">ඊ-රැන්ග් හිරේ යනවට කැමති නැත්නම්
හවස 6 වෙද්දි තේබෙක් එකට එන්න.</font>

551
00:41:30,279 --> 00:41:31,363
<font color="#ffde44">හලෝ?</font>

552
00:41:31,447 --> 00:41:33,365
<font color="#ffde44">හලෝ නීතිඥතුමිය.</font>

553
00:41:33,949 --> 00:41:36,994
<font color="#ffde44">වින්දිතයන්ගේ නීතිඥයා දැන් මට කතා කළා.</font>

554
00:41:37,077 --> 00:41:40,331
<font color="#ffde44">සමථයකට පත් වෙන්න හවස 6 වෙද්දි
තේබෙක් ඔෆිස් එකට එන්න කියලා එයාලා මට කිව්වා.</font>

555
00:41:40,998 --> 00:41:43,292
<font color="#ffde44">තේබෙක් ඔයාටත් කතා කළාද?</font>

556
00:41:43,375 --> 00:41:44,543
<font color="#ffde44">ඔව්.</font>

557
00:41:44,627 --> 00:41:46,462
<font color="#ffde44">එයාලා කරන්න හදන දේ මට තේරෙනවා.</font>

558
00:41:47,004 --> 00:41:49,590
<font color="#ffde44">සමථයට පත් වෙන්න කියලා
එයාලා වොන් මිලියන 150ක් ඉල්ලනවා.</font>

559
00:41:49,673 --> 00:41:51,509
<font color="#ffde44">එයාලා බලාපොරොත්තු වෙන්න ඇති</font>

560
00:41:51,592 --> 00:41:54,261
<font color="#ffde44">මේ වගේ ලොකු ගාණකට නීතිඥ ෂින්
ලේසියෙන්ම කැමති වෙන එකක් නැහැ කියලා</font>

561
00:41:54,345 --> 00:41:55,971
<font color="#ffde44">ඉතින් එයාලා ඔයාටත් කතා කළා.</font>

562
00:41:58,766 --> 00:42:01,560
<font color="#ffde44">මට තේරෙනවා.</font>

563
00:42:02,394 --> 00:42:04,230
<font color="#ffde44">මම වෙලාවට එතනට එන්නම්.</font>

564
00:42:04,813 --> 00:42:07,274
<font color="#ffde44">මට පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද?</font>

565
00:42:07,942 --> 00:42:09,235
<font color="#ffde44">කොච්චර වෙලාවක්ද?</font>

566
00:42:11,028 --> 00:42:12,363
<font color="#ffde44">පැයක් හෝ දෙකක් විතර.</font>

567
00:42:13,614 --> 00:42:16,075
<font color="#ffde44">එතකොට 6ත් පහු වෙයි.</font>

568
00:42:19,203 --> 00:42:23,082
<font color="#ffde44">දැන් මට මගේ පුතා ගැන විතරක් හිතන්න දෙන්න.</font>

569
00:42:24,208 --> 00:42:27,878
<font color="#ffde44">එයා දුක් විඳිනවට මම කැමති නැහැ.</font>

570
00:42:28,462 --> 00:42:31,340
<font color="#ffde44">ඔයාට හැඟෙන දේ මට තේරෙනවා, ඒත්...</font>

571
00:42:31,423 --> 00:42:32,675
<font color="#ffde44">කමක් නැහැ.</font>

572
00:42:33,217 --> 00:42:35,094
<font color="#ffde44">ඔයාගේ සැලකිල්ලට ස්තූතියි.</font>

573
00:42:48,983 --> 00:42:51,527
<font color="#ffde44">ඔයා මගෙන් ඈත් වෙලා ඉන්නවට මම කැමතියි.</font>

574
00:42:52,361 --> 00:42:53,487
<font color="#ffde44">මම අත්දැකීමෙන් දන්නවා</font>

575
00:42:53,571 --> 00:42:56,490
<font color="#ffde44">භයානක අවස්ථාවලදී හොල්මන්වලින්
ඈත් වෙලා ඉන්න එක තමයි හොඳ කියලා.</font>

576
00:42:59,743 --> 00:43:02,496
<font color="#ffde44">එහෙනම් මම නා-හ්‍යුන් එක්ක ඉන්නද?</font>

577
00:43:04,248 --> 00:43:05,874
<font color="#ffde44">ඒක හොඳයි.</font>

578
00:43:09,003 --> 00:43:10,045
<font color="#ffde44">මම වොෂ්රූම් එකට ගිහින් එන්නම්.</font>

579
00:43:10,129 --> 00:43:11,839
<font color="#ffde44">මාත් එනවා.
මාත්.</font>

580
00:43:12,548 --> 00:43:14,717
<font color="#ffde44">ඒයි, ඔයාලා උඩට යන්න.</font>

581
00:43:14,800 --> 00:43:16,260
<font color="#ffde44">ජුන්-හෝ පැනලා යයි.</font>

582
00:43:16,343 --> 00:43:18,178
<font color="#ffde44">උඩට වෙලා ඉන්න.
ඉක්මන් කරන්න.</font>

583
00:43:32,276 --> 00:43:33,652
<font color="#ffde44">මම ගෲප් චැට් එකක් හැදුවා
ස්තූතියි, බොං-සූ</font>

584
00:43:34,278 --> 00:43:35,487
<font color="#ffde44">එක්කෙනෙක් ඇතුළට යනවා.</font>

585
00:43:35,571 --> 00:43:36,655
<font color="#ffde44">එක්කෙනෙක් මෙතන.</font>

586
00:43:42,411 --> 00:43:43,412
<font color="#ffde44">මේ එයා නේද?</font>

587
00:43:44,204 --> 00:43:46,123
<font color="#ffde44">ඔව්, හැබැයි ඇයි එයා තනියම?</font>

588
00:43:46,957 --> 00:43:48,626
<font color="#ffde44">අපි අපේ ප්ලෑන් එකට යමු.</font>

589
00:44:05,559 --> 00:44:06,769
<font color="#ffde44">ඒයි ළමයා.</font>

590
00:44:06,852 --> 00:44:09,521
<font color="#ffde44">ඔයා මගේ පිංතූර ගන්න එක හරි නැහැ, දෙයියනේ.</font>

591
00:44:09,605 --> 00:44:12,524
<font color="#ffde44">අවසරයක් නැතුව ඔයාට එහෙම කරන්න බැහැ.
මගේ රූපය ගැන මට අයිතියක් තියෙනවා.</font>

592
00:44:12,608 --> 00:44:14,151
<font color="#ffde44">මම ඇයි ඔයාගේ පිංතූරයක් ගන්නේ?</font>

593
00:44:14,234 --> 00:44:16,487
<font color="#ffde44">හරි, මට තේරෙනවා.</font>

594
00:44:16,570 --> 00:44:19,114
<font color="#ffde44">මේ වගේ පැත්තකින් ජනප්‍රිය කෙනෙක්ව
හමුවෙන එක හරිම කලාතුරකින් වෙන දෙයක්.</font>

595
00:44:19,198 --> 00:44:21,241
<font color="#ffde44">ඒත්
මට කියන්න වචන නැහැ.</font>

596
00:44:21,325 --> 00:44:23,869
<font color="#ffde44">මහත්තයා, මම දන්නේ නැහැ ඔයා කවුද කියලා.</font>

597
00:44:23,952 --> 00:44:25,829
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න. ඔයා අරයා නේද?</font>

598
00:44:26,455 --> 00:44:27,998
<font color="#ffde44">යූන් බොං-සූ.</font>

599
00:44:28,082 --> 00:44:29,958
<font color="#ffde44">එයා ගොඩක් ප්‍රසිද්ධයි. ඔයා එයාව දන්නේ නැද්ද?</font>

600
00:44:30,042 --> 00:44:31,043
<font color="#ffde44">මේ මිනිහා?</font>

601
00:44:31,126 --> 00:44:33,921
<font color="#ffde44">ඒ 'ෂෝබෝටිං ස්ක්විඩ්' නේද?</font>

602
00:44:34,004 --> 00:44:36,590
<font color="#ffde44">නැහැ, 'ස්ටීම්බෝටිං ස්ක්විඩ්'! හරි නේද?
මම ඒ ඩ්‍රාමා එක ආසාවෙන් බැලුවා!</font>

603
00:44:36,674 --> 00:44:39,760
<font color="#ffde44">අම්මෝ. ඔයා ඒක බැලුවද?
මම ඒකට ගොඩක් කැමතියි.</font>

604
00:44:39,843 --> 00:44:41,720
<font color="#ffde44">හන් නා-හ්‍යුන්, ඔයා ඇත්තටම නීතිඥයෙක්ද?</font>

605
00:44:41,804 --> 00:44:42,930
<font color="#ffde44">ඔයා ඇත්තටම ජනප්‍රිය කෙනෙක්ද?</font>

606
00:44:43,722 --> 00:44:45,140
<font color="#ffde44">එහෙනම් මාත් ඒ වගේ කෙනෙක් වෙයි.</font>

607
00:44:45,224 --> 00:44:47,476
<font color="#ffde44">කොහොම වුණත්, මම ඔයාගේ පිංතූරයක් ගත්තේ නැහැ.</font>

608
00:44:47,559 --> 00:44:51,188
<font color="#ffde44">අනේ මන්දා. මගේ ෆෑන්ස්ලා ගොඩක් ලැජ්ජාශීලියි.</font>

609
00:44:51,271 --> 00:44:54,441
<font color="#ffde44">කමක් නැහැ!
ඔයා දන්නවද? අද ඔයා වාසනාවන්තයි.</font>

610
00:44:54,525 --> 00:44:56,860
<font color="#ffde44">මම ඔයත් එක්ක සෙල්ෆියක් ගන්නම්. වද වෙන්න එපා.
නැහැ, ස්තූතියි.</font>

611
00:44:56,944 --> 00:44:58,904
<font color="#ffde44">මම ඔයාව ලස්සනට ගන්නම්.
මට ඒක කරන්න දෙන්න.</font>

612
00:44:58,987 --> 00:44:59,988
<font color="#ffde44">ආ, ස්තූතියි.</font>

613
00:45:04,785 --> 00:45:07,371
<font color="#ffde44">මොන මඟු… ඔයා ළඟ තාම ඒ ෆෝන් එක තියෙනවද?</font>

614
00:45:07,996 --> 00:45:09,957
<font color="#ffde44">නීතිඥයා අපිට කිව්වා
ෆෝන් විසි කරන්න කියලා.</font>

615
00:45:10,958 --> 00:45:12,251
<font color="#ffde44">ඔයාලා ඒක කළාද?</font>

616
00:45:12,835 --> 00:45:13,877
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

617
00:45:14,461 --> 00:45:17,756
<font color="#ffde44">මම සෝ-වොන් එක්ක ගිහින් එහෙම්මම අලුත් එකක් ගත්තා.</font>

618
00:45:17,840 --> 00:45:18,841
<font color="#ffde44">නියමයි!</font>

619
00:45:21,218 --> 00:45:22,344
<font color="#ffde44">ඒක අපතේ යවන්න අපරාදෙ.</font>

620
00:45:23,178 --> 00:45:25,180
<font color="#ffde44">එයාගේ අම්මට පෙන්නුවට පස්සේ මම ඒක විසි කරන්නම්.</font>

621
00:45:26,098 --> 00:45:27,975
<font color="#ffde44">ඇය ඇගේ පුතාගේ වීඩියෝ එක බලන්නම ඕන.</font>

622
00:45:28,725 --> 00:45:29,726
<font color="#ffde44">ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

623
00:45:31,019 --> 00:45:33,522
<font color="#ffde44">ඔයා හැමතිස්සෙම හරි.</font>

624
00:45:33,605 --> 00:45:36,191
<font color="#ffde44">අපි තව ටිකක් හොඳට එඩිට් කළා නම් හොඳයි.
මට බලන්න දෙන්න.</font>

625
00:45:37,234 --> 00:45:39,027
<font color="#ffde44">විශිෂ්ට නිර්මාණයක් කොහොමත් විශිෂ්ට නිර්මාණයක්මයි.</font>

626
00:46:02,926 --> 00:46:05,429
<font color="#ffde44">වීඩියෝ එක මෙතන නැහැ.
එහෙම වෙන්න බැහැ.</font>

627
00:46:05,512 --> 00:46:08,182
<font color="#ffde44">අනේ, නැහැ.
ඔයා මොකද කරන්නේ? ඒක ආපහු දෙන්න.</font>

628
00:46:08,265 --> 00:46:10,350
<font color="#ffde44">එයා කැමරා ඇප් එකක් හොයනවා.
ඒක මට ආපහු දෙන්න.</font>

629
00:46:10,434 --> 00:46:12,019
<font color="#ffde44">ඔයා ඒක හොයාගත්තද?</font>

630
00:46:18,150 --> 00:46:19,693
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න...
ඒක මගේ ෆෝන් එක.</font>

631
00:46:21,195 --> 00:46:22,654
<font color="#ffde44">මඟුල.</font>

632
00:46:23,947 --> 00:46:25,324
<font color="#ffde44">මින්-ජේ, දුවන්න!</font>

633
00:46:26,867 --> 00:46:28,785
<font color="#ffde44">ඔයා අරයා නේද...
මොකක්?</font>

634
00:46:28,869 --> 00:46:30,412
<font color="#ffde44">මඟුල! කොල්ලනේ, දුවන්න!</font>

635
00:46:32,456 --> 00:46:33,665
<font color="#ffde44">ආව්.</font>

636
00:46:33,749 --> 00:46:34,958
<font color="#ffde44">ඒයි, ඔතනම නවතින්න!</font>

637
00:46:35,042 --> 00:46:36,210
<font color="#ffde44">මට ඒක හම්බුණා!</font>

638
00:46:52,309 --> 00:46:53,644
<font color="#ffde44">අර හරියේ!</font>

639
00:47:02,736 --> 00:47:03,737
<font color="#ffde44">නීතිඥ යැං.</font>

640
00:47:04,738 --> 00:47:06,573
<font color="#ffde44">මම එතනට පොලිසිය යවන්නම්.</font>

641
00:47:06,657 --> 00:47:08,742
<font color="#ffde44">වද වෙන්න එපා, ඔයා එතනින් අයින් වෙන්න.</font>

642
00:47:09,535 --> 00:47:11,787
<font color="#ffde44">ඔයාට අලුත් ෆෝන් එකක් තියෙනවනේ,
ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.</font>

643
00:47:15,582 --> 00:47:18,001
<font color="#ffde44">ඩ්‍රීම් මෝල් එකේ තියෙන හෙවන් ඇන්ඩ් අර්ත් පීසී එකට
ඉක්මනට පොලිසිය යවන්න.</font>

644
00:47:18,085 --> 00:47:19,169
<font color="#ffde44">හරි සර්.</font>

645
00:47:39,231 --> 00:47:40,482
<font color="#ffde44">ඔයාට වීඩියෝ එක හම්බුණාද?</font>

646
00:47:40,566 --> 00:47:43,235
<font color="#ffde44">නැහැ, එයාලා දෙන්නම අලුත් ෆෝන් අරන්.</font>

647
00:47:44,069 --> 00:47:46,697
<font color="#ffde44">පැනලා ගිය කෙනාව ඔයා අල්ලගත්තද?
තාම නැහැ.</font>

648
00:47:47,281 --> 00:47:50,200
<font color="#ffde44">තේබෙක් ඇත්තටම සමථයකට පත් වෙන්න
වොන් මිලියන 150ක් ඉල්ලුවා.</font>

649
00:47:51,159 --> 00:47:54,913
<font color="#ffde44">ඔයා වෙනුවෙන් ඒක සමථයකට පත් කරන්න
අම්මා එතනට යනවා කිව්වා.</font>

650
00:47:54,997 --> 00:47:56,206
<font color="#ffde44">එයාලා කීයටද හමුවෙන්නේ?</font>

651
00:47:57,791 --> 00:47:59,126
<font color="#ffde44">විනාඩි 30කින්.</font>

652
00:47:59,209 --> 00:48:02,546
<font color="#ffde44">මම පුළුවන් තරම් ඒක පරක්කු කරන්න බලන්නම්.
ඔයාට වීඩියෝ එක හම්බුණාම මට කතා කරන්න.</font>

653
00:48:03,130 --> 00:48:05,507
<font color="#ffde44">හරි. කරුණාකරලා ඒක මට කරලා දෙන්න.</font>

654
00:48:13,473 --> 00:48:14,850
<font color="#ffde44">මම සමාව ඉල්ලනවා.</font>

655
00:48:15,684 --> 00:48:17,978
<font color="#ffde44">මගේ පුතා කළ පහරදීම මගේ වැරැද්දක්.</font>

656
00:48:18,520 --> 00:48:21,106
<font color="#ffde44">එයාව හරියට හදාගන්න බැරි වුණ එක මගේ වැරැද්ද.</font>

657
00:48:21,690 --> 00:48:25,569
<font color="#ffde44">ආයෙ කවදාවත් මේ වගේ දෙයක් වෙන්නේ නෑ.
කරුණාකරලා එයාට එක අවස්ථාවක් දෙන්න.</font>

658
00:48:26,153 --> 00:48:28,780
<font color="#ffde44">අර ළමයින්ට කරපු දේවල් වල හැටියට
ඔයාලට ලැජ්ජාවක් නැද්ද!</font>

659
00:49:02,356 --> 00:49:04,358
<font color="#ffde44">සුරැකුවා</font>

660
00:49:10,197 --> 00:49:11,531
<font color="#ffde44">මොන මගුලක්ද?</font>

661
00:49:14,618 --> 00:49:16,662
<font color="#ffde44">මට හිතුණා, ඒත් උඹ ඇත්තටම මෙහෙට ආවා නේද.</font>

662
00:49:17,329 --> 00:49:18,455
<font color="#ffde44">ඇයි මේ පුදුම වෙලා?</font>

663
00:49:18,538 --> 00:49:20,874
<font color="#ffde44">මෙතන තමයි උඹලා මට ගැහුවෙ.</font>

664
00:49:20,957 --> 00:49:23,251
<font color="#ffde44">මොකක්? උඹ අපිව පාවලා දුන්නද?</font>

665
00:49:23,335 --> 00:49:24,836
<font color="#ffde44">ඒ මම නෙමෙයි.</font>

666
00:49:28,924 --> 00:49:31,426
<font color="#ffde44">ඒත් උඹලා මාව විශ්වාස කරන එකක් නෑ.</font>

667
00:49:31,510 --> 00:49:33,887
<font color="#ffde44">උඹට මට පෙරළා උත්තර දෙන්න තරම් හයියක් ආවද?
උඹට මැරුම් කන්නද ඕනෙ?</font>

668
00:49:33,970 --> 00:49:35,097
<font color="#ffde44">මම ඇයි මැරෙන්නෙ?</font>

669
00:49:36,139 --> 00:49:37,933
<font color="#ffde44">දැන් මැරෙන්න වාරේ උඹලගෙ.</font>

670
00:49:39,935 --> 00:49:41,353
<font color="#ffde44">වාව්.</font>

671
00:49:41,436 --> 00:49:43,647
<font color="#ffde44">මම තනියම ඉන්න නිසා
උඹට දැන් බය නෑ වගේ.</font>

672
00:49:43,730 --> 00:49:46,108
<font color="#ffde44">ඒත් උඹ මට හැරෙන්නවත් බෑ පරයා.</font>

673
00:49:46,191 --> 00:49:48,860
<font color="#ffde44">ඔව්, මම දන්නවා උඹට ගහගන්න පුළුවන් කියලා.</font>

674
00:49:48,944 --> 00:49:50,445
<font color="#ffde44">ඒත් අද මම නිකන්ම ගුටි කන්නේ නෑ.</font>

675
00:49:50,529 --> 00:49:52,447
<font color="#ffde44">එහෙනම් මොකද කරන්නේ, වේසිගෙ පුතෝ?</font>

676
00:49:54,491 --> 00:49:56,368
<font color="#ffde44">දැන්ම මගේ වීඩියෝ එක මකපන්.</font>

677
00:50:00,455 --> 00:50:01,790
<font color="#ffde44">උඹ ආවෙත් මේකටද?</font>

678
00:50:04,000 --> 00:50:05,001
<font color="#ffde44">මාරයිනෙ.</font>

679
00:50:08,839 --> 00:50:11,591
<font color="#ffde44">මගේ ඉස්සරහා
චණ්ඩි පාට් දාන්නද හදන්නේ පරයෝ?</font>

680
00:50:15,470 --> 00:50:17,180
<font color="#ffde44">වේසිගෙ පුතා.</font>

681
00:50:20,517 --> 00:50:22,018
<font color="#ffde44">මට උඹව මැරෙන්නම ගහන්න හිතයි,</font>

682
00:50:22,894 --> 00:50:25,063
<font color="#ffde44">ඒත් අද මම ටිකක් කාර්යබහුල නිසා
මෙතනින් නවත්තනවා.</font>

683
00:50:29,025 --> 00:50:30,902
<font color="#ffde44">ෆෝන් එක දීපන්.
අතෑරපන් මාව.</font>

684
00:50:30,986 --> 00:50:33,321
<font color="#ffde44">අතෑරපන්!</font>

685
00:50:33,405 --> 00:50:34,906
<font color="#ffde44">මාව අතෑරපන් යකෝ!</font>

686
00:50:36,658 --> 00:50:38,285
<font color="#ffde44">උඹට පිස්සු හැදිලද?</font>

687
00:50:41,455 --> 00:50:44,374
<font color="#ffde44">මැරියන්!</font>

688
00:50:46,835 --> 00:50:48,211
<font color="#ffde44">පිස්සු යකා.</font>

689
00:50:54,551 --> 00:50:55,844
<font color="#ffde44">ෆෝන් එක දීපන් මට.</font>

690
00:50:57,971 --> 00:50:59,681
<font color="#ffde44">ෆෝන් එක දීපන්!</font>

691
00:51:11,401 --> 00:51:12,402
<font color="#ffde44">ජුන් හෝ!</font>

692
00:51:23,872 --> 00:51:27,167
<font color="#ffde44">මාව අතෑරපන්. මාව අතෑරපන් යකෝ!</font>

693
00:51:28,418 --> 00:51:30,378
<font color="#ffde44">බෑ, උඹ කොහේවත් යන්නේ නෑ.</font>

694
00:51:31,129 --> 00:51:32,380
<font color="#ffde44">ෆෝන් එක දීපන්.</font>

695
00:51:32,964 --> 00:51:34,549
<font color="#ffde44">එතකොට මම උඹට සමාව දෙන්නම්.</font>

696
00:51:34,633 --> 00:51:35,926
<font color="#ffde44">මට සමාව දෙනවා?</font>

697
00:51:36,009 --> 00:51:37,636
<font color="#ffde44">පිස්සු බල්ලා.</font>

698
00:51:37,719 --> 00:51:41,306
<font color="#ffde44">මට සමාව දෙන්න උඹ කවුද?</font>

699
00:51:41,389 --> 00:51:43,642
<font color="#ffde44">මම කිව්වා මම උඹට සමාව දෙනවා කියලා!</font>

700
00:51:53,026 --> 00:51:54,444
<font color="#ffde44">කාලකණ්ණියා...</font>

701
00:52:15,715 --> 00:52:17,342
<font color="#ffde44">මම ඒක ඌගෙන් උදුරගත්තා.</font>

702
00:52:19,719 --> 00:52:21,638
<font color="#ffde44">මම එයාලා වගේ කළේ නෑ.</font>

703
00:52:23,390 --> 00:52:24,724
<font color="#ffde44">මම ඒක කළේ මගේ විදිහට.</font>

704
00:52:29,771 --> 00:52:31,356
<font color="#ffde44">මම කොහොමද කළේ?</font>

705
00:52:34,818 --> 00:52:35,861
<font color="#ffde44">ගොඩක් හොඳයි.</font>

706
00:52:37,070 --> 00:52:41,199
<font color="#ffde44">ඔයා එයාලා වෙනුවෙන් ඔයාගේ ජීවිතේ විනාශ කරගත්තේ නෑ.</font>

707
00:52:43,618 --> 00:52:44,911
<font color="#ffde44">මට ගොඩක් සතුටුයි.</font>

708
00:52:53,879 --> 00:52:57,382
<font color="#ffde44">තේබෙක්</font>

709
00:53:03,597 --> 00:53:05,015
<font color="#ffde44">සමථ ගිවිසුම</font>

710
00:53:05,807 --> 00:53:07,309
<font color="#ffde44">මුළු මුදල: වොන් මිලියන 150යි</font>

711
00:53:16,526 --> 00:53:17,569
<font color="#ffde44">සමාවෙන්න.</font>

712
00:53:25,201 --> 00:53:27,078
<font color="#ffde44">ඔයා මේ මොකද කරන්නේ?</font>

713
00:53:27,662 --> 00:53:29,915
<font color="#ffde44">සුං මින් ජේ, නා ජි හ්යොක්, සහ ලී සෝ වොන්ව</font>

714
00:53:29,998 --> 00:53:32,417
<font color="#ffde44">අත්අඩංගුවට ගත්තා
බරපතළ පහරදීම, නීතිවිරෝධී ලෙස වීඩියෝ කිරීම</font>

715
00:53:32,500 --> 00:53:34,336
<font color="#ffde44">සහ නීතිවිරෝධී දේවල් බෙදා හැරීම යන චෝදනා යටතේ.</font>

716
00:53:35,337 --> 00:53:39,007
<font color="#ffde44">පහර දුන්න දවසේ
එයාලා සෝ ජුන් හෝටත් ගහලා තියෙනවා.</font>

717
00:53:39,716 --> 00:53:42,636
<font color="#ffde44">ඒ වගේම ලී සෝ වොන් පාපොච්චාරණය කළා
නීතිඥ ෂින් යී රන්ග්</font>

718
00:53:42,719 --> 00:53:44,095
<font color="#ffde44">එයාලව නවත්තන්න විතරයි හැදුවේ කියලා.</font>

719
00:53:44,971 --> 00:53:46,514
<font color="#ffde44">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

720
00:53:47,307 --> 00:53:48,558
<font color="#ffde44">හෙලෝ?</font>

721
00:53:48,642 --> 00:53:49,851
<font color="#ffde44">පොලිසියෙන්ද?</font>

722
00:53:49,935 --> 00:53:51,061
<font color="#ffde44">හෙලෝ?
මින් ජේ.</font>

723
00:53:51,144 --> 00:53:52,437
<font color="#ffde44">මම ඉක්මනින් එන්නම්.</font>

724
00:53:52,520 --> 00:53:54,314
<font color="#ffde44">ඔයා ආයෙමත් මොනවා හරි කළාද?</font>

725
00:53:57,776 --> 00:54:00,362
<font color="#ffde44">ඔයාගේ පුතා ඉක්මනින් එයි.
කරුණාකරලා පල්ලෙහායින් එයා එනකම් ඉන්න.</font>

726
00:54:00,445 --> 00:54:02,405
<font color="#ffde44">ස්තූතියි, නීතිඥතුමිය.</font>

727
00:54:15,502 --> 00:54:17,462
<font color="#ffde44">ඔයාට මට මුකුත් කියන්න නැද්ද?</font>

728
00:54:19,297 --> 00:54:20,632
<font color="#ffde44">මොනවා ගැනද?</font>

729
00:54:20,715 --> 00:54:23,301
<font color="#ffde44">ඔයා එයාලට ෆෝන් ටික විසි කරන්න
කිව්වා කියලා මට ආරංචි වුණා.</font>

730
00:54:23,385 --> 00:54:24,386
<font color="#ffde44">ඒක ඇත්තද?</font>

731
00:54:26,972 --> 00:54:28,223
<font color="#ffde44">ඇයි ඔයා මේ පුදුම වෙලා?</font>

732
00:54:29,057 --> 00:54:32,268
<font color="#ffde44">නඩුවක් දිනන්න ඔයා
ඕනෑම දෙයක් කරනවනේ.</font>

733
00:54:32,352 --> 00:54:33,687
<font color="#ffde44">ඒකනේ ඔයාගේ විදිහ?</font>

734
00:54:39,359 --> 00:54:40,360
<font color="#ffde44">මම හිතුවේ</font>

735
00:54:41,027 --> 00:54:42,654
<font color="#ffde44">අපි දෙන්නම එකම ජාතියේ කියලා.</font>

736
00:54:46,157 --> 00:54:47,409
<font color="#ffde44">ඔයා නම් වෙනස් වෙලා නෑ.</font>

737
00:54:49,619 --> 00:54:50,996
<font color="#ffde44">ඒ ෂින් යී රන්ග් නිසාද?</font>

738
00:54:54,416 --> 00:54:55,750
<font color="#ffde44">ඔයාගේ වෙනස පිටිපස්සේ ඉන්නේ එයාද?</font>

739
00:54:55,834 --> 00:54:56,876
<font color="#ffde44">තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවා.</font>

740
00:54:56,960 --> 00:54:59,838
<font color="#ffde44">ලී ගං පුං, කිම් සූ ආ, සහ ජොන් සන්ග් හෝ.</font>

741
00:55:00,797 --> 00:55:03,091
<font color="#ffde44">එයාලා ඔක්කොම මැරිලා.
ඉතින් මොකද?</font>

742
00:55:03,174 --> 00:55:06,011
<font color="#ffde44">එයාගේ සේවාදායකයෝ ඔක්කොම
මැරුණ අයගේ පවුල් වල අය.</font>

743
00:55:07,012 --> 00:55:09,014
<font color="#ffde44">ඇයි එයා ඒ වගේ නඩු විතරක් ගන්නේ?</font>

744
00:55:09,597 --> 00:55:11,933
<font color="#ffde44">ඇයි එයා මැරුණ අයත් එක්කම
සම්බන්ධ වෙන්නේ?</font>

745
00:55:12,517 --> 00:55:15,603
<font color="#ffde44">අනික එයා ලී ගං පුං වගේ කුණුහරපෙන් බැන්නා
ඒ වගේම කිම් සූ ආ වගේ හැසිරුණා.</font>

746
00:55:15,687 --> 00:55:18,273
<font color="#ffde44">ජොන් සන්ග් හෝගේ මිනිය වළලලා තියෙන තැන
එයා කොහොමද හොයාගත්තේ?</font>

747
00:55:18,356 --> 00:55:19,941
<font color="#ffde44">ඔයාට ඒක ටිකක්වත් පුදුම සහගත නැද්ද?</font>

748
00:55:25,530 --> 00:55:26,865
<font color="#ffde44">එයාගේ ඔෆිස් එක</font>

749
00:55:28,575 --> 00:55:30,577
<font color="#ffde44">මාස කිහිපයකට කලින්
දේවාලයක්.</font>

750
00:55:32,037 --> 00:55:34,622
<font color="#ffde44">ෂින් යී රන්ග්ට අවතාර පේනවා.</font>

751
00:55:35,290 --> 00:55:36,708
<font color="#ffde44">එයා එක්ක ඉන්න එක භයානකයි.</font>

752
00:55:38,585 --> 00:55:39,794
<font color="#ffde44">විකාර කතා කරන එක නවත්තන්න.</font>

753
00:56:19,501 --> 00:56:20,502
<font color="#ffde44">2012 ජුනි 7, බ්‍රහස්පතින්දා</font>

754
00:56:20,585 --> 00:56:22,337
<font color="#ffde44">කාගේ අතේද වැඩිපුරම වැරැද්ද තියෙන්නේ.</font>

755
00:56:22,420 --> 00:56:24,130
<font color="#ffde44">ගඩොලින් ගහපු කෙනාගෙද?</font>

756
00:56:24,214 --> 00:56:26,591
<font color="#ffde44">එහෙමත් නැත්නම් මැරෙනකම්ම එයාට වධ දුන්න අයගෙද?</font>

757
00:56:26,674 --> 00:56:28,343
<font color="#ffde44">එයාට වෙන විකල්පයක් තිබුණේ නෑ...</font>

758
00:56:28,426 --> 00:56:29,677
<font color="#ffde44">මම හොඳම නීතිඥයා වුණොත්,</font>

759
00:56:29,761 --> 00:56:31,012
<font color="#ffde44">මට එයාව තේරුම් ගන්න පුළුවන් වෙයිද?</font>

760
00:56:31,096 --> 00:56:32,097
<font color="#ffde44">මම හොඳම නීතිඥයා වුණොත්,</font>

761
00:56:32,180 --> 00:56:36,184
<font color="#ffde44">මට එයාගේ කෝපය වෙනුවෙන්
කතා කරන්න පුළුවන් වෙයිද?</font>

762
00:56:38,561 --> 00:56:40,897
<font color="#ffde44">ඒක තේරුම් ගන්න කවුරුත් හිටියේ නෑ</font>

763
00:56:41,940 --> 00:56:43,274
<font color="#ffde44">ඇයි එයාට එයාලට පහර දෙන්න වුණේ කියලා.</font>

764
00:56:43,358 --> 00:56:47,779
<font color="#ffde44">පහර දෙනවා හැර වෙන විකල්පයක් නොතිබුණු
වින්දිතයාව තේරුම් ගන්න කවුද ඉන්නේ?</font>

765
00:57:00,291 --> 00:57:04,129
<font color="#ffde44">එයාගේ ඔෆිස් එක මාස කිහිපයකට කලින්
දේවාලයක්.</font>

766
00:57:04,212 --> 00:57:07,340
<font color="#ffde44">මගේ ඔෆිස් එකත් කලින් දේවාලයක්.</font>

767
00:57:33,491 --> 00:57:35,118
<font color="#ffde44">මගේ දුව, නා හ්යුන්</font>

768
00:57:36,161 --> 00:57:37,287
<font color="#ffde44">හායි, නා හ්යුන්.</font>

769
00:57:37,370 --> 00:57:40,039
<font color="#ffde44">කොහොමද ඔයාට--
ඔයා කලින් දේවාලෙකට ගිහින් තියෙනවද?</font>

770
00:57:41,207 --> 00:57:42,208
<font color="#ffde44">මොකක්?</font>

771
00:57:42,292 --> 00:57:45,879
<font color="#ffde44">අර සිද්ධියෙන් පස්සේ ඔයා කවදාහරි
ශාස්ත්‍ර අහන්න ගිහින් තියෙනවද?</font>

772
00:57:46,796 --> 00:57:49,174
<font color="#ffde44">ඔ-ඔයා කොහොමද...</font>

773
00:57:49,257 --> 00:57:50,967
<font color="#ffde44">ඒක තිබුණේ සෝචෝ දොං වලද?</font>

774
00:57:59,058 --> 00:58:01,895
<font color="#ffde44">මට මැරුණ අයව පේනවා
ඒ වගේම එයාලා එක්ක කතා කරන්නත් පුළුවන්.</font>

775
00:58:01,978 --> 00:58:03,605
<font color="#ffde44">මේ පාර ඒ සූ ආ.</font>

776
00:58:03,688 --> 00:58:06,608
<font color="#ffde44">පහුගිය පාර, ලී ගං පුංගේ ආත්මය මට කිව්වා.</font>

777
00:58:10,320 --> 00:58:11,863
<font color="#ffde44">ඔයා ඔයාගේ සේවාදායකයට මෙහෙම කරන්න හොඳ නෑ!</font>

778
00:58:11,946 --> 00:58:13,615
<font color="#ffde44">ඔයා ඇත්තටම මම දන්න හන් නා හ්යුන්ද?</font>

779
00:58:13,698 --> 00:58:16,618
<font color="#ffde44">ඔයා මෙච්චර දරදඬු වුණේ ඇයි?
ඔයා හරිම වදයක්!</font>

780
00:58:20,455 --> 00:58:21,539
<font color="#ffde44">සෝ හ්යුන්.</font>

781
00:58:22,832 --> 00:58:24,042
<font color="#ffde44">වෙන්න බෑ.</font>

782
00:58:29,422 --> 00:58:34,260
<font color="#ffde44">පිටර් පැටර් බුචර් ස්ටයිල් බාබකියු</font>

783
00:58:36,763 --> 00:58:38,014
<font color="#ffde44">මට සමාවෙන්න, අම්මේ.</font>

784
00:58:38,681 --> 00:58:41,309
<font color="#ffde44">නීතිඥ හන් දන්නවද
එයාගේ නංගි ඇවිල්ලා කියලා?</font>

785
00:58:41,893 --> 00:58:42,894
<font color="#ffde44">නෑ.</font>

786
00:58:43,520 --> 00:58:45,146
<font color="#ffde44">මම මොකද කරන්නේ කියලා දන්නේ නෑ.</font>

787
00:58:45,730 --> 00:58:47,357
<font color="#ffde44">මේක ඇහුවොත් එයා ගොඩක් කලබල වෙයි.</font>

788
00:58:48,066 --> 00:58:50,485
<font color="#ffde44">සමහරවිට එයාට මේක නොකියා ඉන්න එක හොඳයි.</font>

789
00:58:53,613 --> 00:58:55,573
<font color="#ffde44">මේ පාර එයා කරපු දේවල් එක්ක,
අපි දවසක එයාට කෑම වේලකින් සංග්‍රහ කරමු.</font>

790
00:58:58,117 --> 00:58:59,953
<font color="#ffde44">එයාට පුළුවන් වෙලාවක් අහන්න.</font>

791
00:59:02,705 --> 00:59:03,706
<font color="#ffde44">හරි.</font>

792
00:59:23,851 --> 00:59:25,144
<font color="#ffde44">ඔයා මෙහේ මොකද කරන්නේ?</font>

793
00:59:45,039 --> 00:59:46,040
<font color="#ffde44">නා හ්යුන්.</font>

794
00:59:50,962 --> 00:59:51,963
<font color="#ffde44">නීතිඥ හන්?</font>

795
00:59:52,880 --> 00:59:54,799
<font color="#ffde44">මම ඔයාට කතා කරන්න හිටියේ.</font>

796
00:59:54,882 --> 00:59:56,301
<font color="#ffde44">ඔයාට දැන් වෙලාවක් තියෙනවද?</font>

797
00:59:57,510 --> 00:59:58,761
<font color="#ffde44">ඇයි අහන්නේ?</font>

798
00:59:58,845 --> 01:00:00,430
<font color="#ffde44">ඔයා මාත් එක්ක එක තැනකට යන්න ඕනෙ.</font>

799
01:00:14,193 --> 01:00:16,154
<font color="#ffde44">ඔයාට ඕනෙ අපි ඕකේ යන්නද?</font>

800
01:00:17,113 --> 01:00:18,239
<font color="#ffde44">ඔයාට යන්න ඕනෙ නැද්ද?</font>

801
01:00:18,323 --> 01:00:20,783
<font color="#ffde44">මෙහෙමයි, මට ඕනෙ නෑ කියනවා නෙමෙයි.</font>

802
01:00:22,327 --> 01:00:23,453
<font color="#ffde44">එහෙනම් හොඳයි.</font>

803
01:00:24,120 --> 01:00:25,163
<font color="#ffde44">මම ගිහින් ටිකට් අරන් එන්නම්.</font>

804
01:00:30,126 --> 01:00:32,211
<font color="#ffde44">මම උස තැන් වලට බයයි.</font>

805
01:00:36,633 --> 01:00:39,260
<font color="#ffde44">ඔයා ඒකට කැමතිද?</font>

806
01:00:39,344 --> 01:00:41,179
<font color="#ffde44">මම ඕවට පිස්සු වැටිලා ඉන්නේ!</font>

807
01:00:42,722 --> 01:00:44,182
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

808
01:00:45,850 --> 01:00:49,395
<font color="#ffde44">නීතිඥ හන් දන්නවද
ඔයා රෝලර් කෝස්ටර් වලට කැමතියි කියලා?</font>

809
01:00:49,479 --> 01:00:51,981
<font color="#ffde44">ඔව්! අපි නිවාඩු කාලෙට
ගොඩක් සැරයක් මෙහේ ඇවිත් තියෙනවා.</font>

810
01:00:54,609 --> 01:00:55,652
<font color="#ffde44">එහෙනම්</font>

811
01:00:56,694 --> 01:00:58,154
<font color="#ffde44">එයා මාව මෙහෙට එක්කන් ආවේ...</font>

812
01:01:21,928 --> 01:01:23,096
<font color="#ffde44">නා හ්යුන්.</font>

813
01:01:29,268 --> 01:01:32,021
<font color="#ffde44">අදත් අපි අන්තිම පේළියේ වාඩි වෙමු.</font>

814
01:01:32,105 --> 01:01:33,856
<font color="#ffde44">අත් දෙක උස්සගෙන.
අත් දෙක උස්සගෙන. එකඟද?</font>

815
01:01:53,167 --> 01:01:54,168
<font color="#ffde44">නා හ්යුන්.</font>

816
01:02:51,017 --> 01:02:53,019
<font color="#ffde44">සෝ හ්යුන්, ඒ ඔයාද?
තාම යී රන්ග් ඉන්නේ.</font>

817
01:02:53,102 --> 01:02:55,438
<font color="#ffde44">අද මාව එයා එක්ක තනියම
ඉන්න දෙන්න.</font>

818
01:02:55,521 --> 01:02:56,397
<font color="#ffde44">ඔයා කරදර වෙන්න එපා.</font>

819
01:02:56,481 --> 01:02:58,858
<font color="#ffde44">මට නා හ්යුන් ගැන පව් කියලා හිතෙනවා.</font>

820
01:02:58,941 --> 01:03:00,818
<font color="#ffde44">මම මෙහේ ඉන්න හොඳ නෑ.</font>

821
01:03:01,902 --> 01:03:02,361
<font color="#ffde44">මේ විදිහට යන එක හරිද?</font>

822
01:03:02,445 --> 01:03:04,781
<font color="#ffde44">මට තවත් එයාගේ හිත රිද්දන්න ඕනෙ නෑ.</font>

823
01:03:04,864 --> 01:03:06,824
<font color="#ffde44">මට තේරෙනවා. මම ඒ ගැන හිතුවේ නෑ.</font>

824
01:03:07,950 --> 01:03:09,160
<font color="#ffde44">සෝ හ්යුන් කෝ?</font>

825
01:03:09,243 --> 01:03:10,578
<font color="#ffde44">එයාලා ඔක්කොම යන්න ගියා.</font>

826
01:03:10,661 --> 01:03:13,080
<font color="#ffde44">නෑ.
පරිස්සමෙන් ඉන්න.</font>

827
01:03:13,164 --> 01:03:14,415
<font color="#ffde44">යන්න එපා.</font>

828
01:03:14,499 --> 01:03:19,295
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

