1
00:01:10,716 --> 00:01:12,716
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:12,740 --> 00:01:14,742
<font color="#ffbf46"><i>දැන් මට මතකයි...</i></font>

3
00:01:15,659 --> 00:01:16,744
<font color="#ffbf46"><i>මේ මනුස්සයව.</i></font>

4
00:01:36,931 --> 00:01:38,182
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑනේ?</font>

5
00:01:40,267 --> 00:01:41,685
<font color="#ffbf46">මට කමක් නෑ.</font>

6
00:01:41,769 --> 00:01:43,103
<font color="#ffbf46">ඉස්සෙල්ලා සේ-ජින්ව හොයාගමු.</font>

7
00:01:44,563 --> 00:01:46,982
<font color="#ffbf46">සෙනඟ වැඩි නිසා
එයාට බහින බැරි වෙන්න ඇති.</font>

8
00:01:47,983 --> 00:01:49,401
<font color="#ffbf46">සමහරවිට එයා ඉස්සරහ පෙට්ටියට යන්න ඇති.</font>

9
00:01:52,279 --> 00:01:55,115
<font color="#ffbf46">අර ඉන්නේ මිනිහා. සේ-ජින් එක්ක හිටපු එකා.</font>

10
00:01:57,284 --> 00:01:58,452
<font color="#ffbf46">ෂික්.</font>

11
00:01:59,453 --> 00:02:00,287
<font color="#ffbf46">අයියෝ.</font>

12
00:02:01,330 --> 00:02:02,289
<font color="#ffbf46">පොඩ්ඩක් ඉඩ දෙන්න.</font>

13
00:02:04,625 --> 00:02:05,876
<font color="#ffbf46">සමාවෙන්න, පොඩ්ඩක් යන්න දෙන්න.</font>

14
00:02:09,171 --> 00:02:10,297
<font color="#ffbf46">මිස්ටර්.</font>

15
00:02:19,098 --> 00:02:20,015
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු?</font>

16
00:02:24,603 --> 00:02:25,521
<font color="#ffbf46">චෝයි ඊ-ජුන්.</font>

17
00:02:27,565 --> 00:02:29,066
<font color="#ffbf46">එහෙනම් තමුන් තාම ජීවත් වෙලා ඉන්නවා.</font>

18
00:02:32,653 --> 00:02:35,155
<font color="#ffbf46">සේ-ජින් එක්ක හිටපු කෙනා තමුන්ද?</font>

19
00:02:36,657 --> 00:02:37,491
<font color="#ffbf46">ඒයි.</font>

20
00:02:38,993 --> 00:02:40,870
<font color="#ffbf46">ඉස්කෝලේ යන ළමයෙක්ව මෙහෙ එක්කන් ආවේ ඇයි?</font>

21
00:02:40,953 --> 00:02:45,291
<font color="#ffbf46">මම අවුරුදු දහයක් තිස්සේ තමුන්ව හෙව්වා,
ඒත් තමුන්ට කියන්න තියෙන්නේ එච්චරද?</font>

22
00:02:47,251 --> 00:02:50,170
<font color="#ffbf46">මම කොහොමද ඉන්නේ කියලවත්
මුලින්ම අහන්න තිබුණා නේද?</font>

23
00:02:50,254 --> 00:02:52,047
<font color="#ffbf46">මට ඒ ගැන වැඩක් නෑ.</font>

24
00:02:53,757 --> 00:02:54,633
<font color="#ffbf46">ඔයාට...</font>

25
00:02:55,509 --> 00:02:56,385
<font color="#ffbf46">වැඩක් නෑ?</font>

26
00:02:58,429 --> 00:02:59,555
<font color="#ffbf46">උත්තර දෙනවා.</font>

27
00:03:00,556 --> 00:03:02,349
<font color="#ffbf46">සේ-ජින් එක්ක තමුන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද?</font>

28
00:03:05,477 --> 00:03:07,688
<font color="#ffbf46">ඔහේගේ සම්බන්ධය ගැන මට වැඩක් නෑ,</font>

29
00:03:07,771 --> 00:03:09,356
<font color="#ffbf46">මට ඒක දැනගන්න ඕනෙත් නෑ.</font>

30
00:03:09,440 --> 00:03:12,735
<font color="#ffbf46">කතා කරලා විසඳගන්නවද ගහගෙන විසඳගන්නවද
කියන එක පස්සේ බලාගමු.</font>

31
00:03:15,195 --> 00:03:16,947
<font color="#ffbf46">සේ-ජින්ගේ ගුරුවරයා විදියට මම මේ අහන්නේ.</font>

32
00:03:18,032 --> 00:03:20,117
<font color="#ffbf46">දැන් එයා කොහෙද ඉන්නේ?</font>

33
00:03:29,376 --> 00:03:30,920
<font color="#ffbf46">මම කවුද කියලා කියන්නම්කො.</font>

34
00:03:32,338 --> 00:03:33,172
<font color="#ffbf46">මම...</font>

35
00:03:34,840 --> 00:03:35,883
<font color="#ffbf46">සේ-ජින්ගේ අයියා.</font>

36
00:03:37,635 --> 00:03:38,469
<font color="#ffbf46">එයාගේ අයියා?</font>

37
00:03:39,470 --> 00:03:42,139
<font color="#ffbf46">එයාගේ ටීචර් ඇයි මෙච්චර දුර ආවේ කියලා
නම් මට හරියටම තේරෙන්නේ නෑ,</font>

38
00:03:42,222 --> 00:03:45,184
<font color="#ffbf46">ඒත් සේ-ජින් පැනලා ගියා කියලා හිතුවා නම්,</font>

39
00:03:45,267 --> 00:03:46,727
<font color="#ffbf46">ඒ ගැන බය වෙන්න දෙයක් නෑ.</font>

40
00:03:47,770 --> 00:03:48,812
<font color="#ffbf46">මේ පැනලා යෑම සිද්ධ වුණේ</font>

41
00:03:48,896 --> 00:03:51,482
<font color="#ffbf46">සම්පූර්ණයෙන්ම එයාගේ අයියා විදියට මගේ භාරකාරත්වය යටතේ...</font>

42
00:03:52,191 --> 00:03:55,736
<font color="#ffbf46">අනික එයා ඉන්න තැන ගැන
අපේ අම්මලා තාත්තලාවත් දැනුවත් කරලා තියෙන්නේ.</font>

43
00:03:55,819 --> 00:03:56,737
<font color="#ffbf46">මොකක්?</font>

44
00:03:59,907 --> 00:04:00,783
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

45
00:04:01,867 --> 00:04:05,704
<font color="#ffbf46">එතකොට මගේ ලොකු ප්ලෑන් එක පැනලා යෑමක් නෙවෙයි...</font>

46
00:04:06,497 --> 00:04:07,915
<font color="#ffbf46">නිකන්ම ට්‍රිප් එකක්ද?</font>

47
00:04:12,962 --> 00:04:14,755
<font color="#ff7f21"><b>3 වන කොටස</b></font>

48
00:04:21,679 --> 00:04:23,013
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

49
00:04:23,097 --> 00:04:26,100
<font color="#ffbf46">මම අහගත්තේ සේ-ජින් නවතින්නේ
පිරිමි ළමයෙක්ගේ ගෙදරක කියලා,</font>

50
00:04:26,183 --> 00:04:27,142
<font color="#ffbf46">ඒකයි මම බය වුණේ.</font>

51
00:04:27,977 --> 00:04:30,437
<font color="#ffbf46">හරියට හොයලා බලන්නේ නැතුවම
මට ඔයාට ඒක කියවුණා.</font>

52
00:04:31,689 --> 00:04:34,692
<font color="#ffbf46">ඒක වැරදි වැටහීමක් වුණාට,
ඔයා කළේ හොඳ දෙයක්නේ.</font>

53
00:04:35,776 --> 00:04:38,779
<font color="#ffbf46">අපේ පන්තියේ ළමයි අවුරුදු තුනම ඉන්නේ
එකම පන්තියේනේ,</font>

54
00:04:38,862 --> 00:04:41,657
<font color="#ffbf46">ඉතින් ඔයාලා යාළුවන්ටත් වඩා පවුලේ අය වගේ.
බය වෙන එක සාමාන්‍ය දෙයක්.</font>

55
00:04:42,992 --> 00:04:46,662
<font color="#ffbf46">ඔව්, මෙච්චර දුරක් ආපු එක
හොඳ තීරණයක්.</font>

56
00:04:46,745 --> 00:04:48,080
<font color="#ffbf46">හන්-ග්‍යුල්, ඔයා නිර්භීතයි.</font>

57
00:04:49,581 --> 00:04:53,043
<font color="#ffbf46">චෝයි සේ-ජින්ට නම් හොඳටම තරහා ගිහින් ඇති.</font>

58
00:04:55,587 --> 00:04:57,256
<font color="#ffbf46">නපුරු හන්-ග්‍යුල්, ද්‍රෝහියා.</font>

59
00:04:58,173 --> 00:05:00,634
<font color="#ffbf46">මම ගැන ගතු කියුවා කියලා මට විශ්වාස කරන්නත් බෑ.</font>

60
00:05:00,718 --> 00:05:02,469
<font color="#ffbf46">අනික අර රැවටිලිකාර ටීචර්ට.</font>

61
00:05:05,014 --> 00:05:07,891
<font color="#ffbf46">ඇත්තටම සන් ජේ-ග්‍යු
යුන් බොම් එක්ක හිටියේ ඇයි?</font>

62
00:05:07,975 --> 00:05:08,892
<font color="#ffbf46">ඉන්නකෝ.</font>

63
00:05:10,144 --> 00:05:11,520
<font color="#ffbf46">ඔයා මගේ ටීචර්ගේ නම දන්නවද?</font>

64
00:05:12,438 --> 00:05:13,272
<font color="#ffbf46">මොකක්?</font>

65
00:05:15,274 --> 00:05:17,735
<font color="#ffbf46">මම අර කලින් කෝච්චියේදී ඇහුවා.</font>

66
00:05:19,820 --> 00:05:20,654
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

67
00:05:20,738 --> 00:05:23,407
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු එහෙ මොනවද කරන්නේ?</font>

68
00:05:24,116 --> 00:05:27,119
<font color="#ffbf46">එයයි හන්-ග්‍යුලුයි විතරද හිටියේ?
වෙන කවුරුත් පවුලේ අය හිටියේ නැද්ද?</font>

69
00:05:28,454 --> 00:05:29,329
<font color="#ffbf46">ජුන්?</font>

70
00:05:30,456 --> 00:05:34,793
<font color="#ffbf46">අපි මේ කතා කරන්නේ හන්-ග්‍යුල්ගේ මාමා ගැනද
නැත්තම් මම ගැනද?</font>

71
00:05:34,877 --> 00:05:38,172
<font color="#ffbf46">ඔයයි හන්-ග්‍යුල්ගේ මාමයි අතර
මොකක්ද මේ තියෙන සම්බන්ධය?</font>

72
00:05:43,135 --> 00:05:46,055
<font color="#ffbf46">මෙන්න, "ගංහෝ" කියන්නේ මොකක්ද?</font>

73
00:05:46,930 --> 00:05:48,849
<font color="#ffbf46">"ගං" කියන්නේ ගඟට, "හෝ" කියන්නේ විලට.</font>

74
00:05:49,725 --> 00:05:54,063
<font color="#ffbf46">ස්වභාවධර්මය එක්ක මේ වගේ සන්සන්දනය කරන එකට
කියන්නේ රූපකයක් කියලා.</font>

75
00:05:59,026 --> 00:06:03,072
<font color="#ffbf46">අනේ දෙවියනේ, ආයෙත් පටන් ගත්තා.</font>

76
00:06:03,155 --> 00:06:04,948
<font color="#ffbf46">ඒයි, සන් ජේ-ග්‍යු!</font>

77
00:06:09,745 --> 00:06:12,289
<font color="#ffbf46">මට සමාවෙන්න.
එයාව බලාගන්න ගෙදර කවුරුත් නෑ.</font>

78
00:06:13,290 --> 00:06:15,751
<font color="#ffbf46">සොරි වෙන්න ඕනේ කොල්ලනේ. මට සමාවෙන්න.</font>

79
00:06:15,834 --> 00:06:20,089
<font color="#ffbf46">තමුන්ගේ ළමයා හින්දා ඊ-ජුන්ට
හන්ගුක් කැම්පස් එකට යන්න බැරි වුණොත්,</font>

80
00:06:20,172 --> 00:06:21,548
<font color="#ffbf46">තමුන් මොකද කරන්නේ?</font>

81
00:06:21,632 --> 00:06:23,759
<font color="#ffbf46">එයා තමුන්ගේ පුතෙක්වත් නෙවෙයිනේ.
ඇයි මේ වදයක් වෙලා</font>

82
00:06:23,842 --> 00:06:26,386
<font color="#ffbf46">තමුන්ගේ ඥාති ළමයව ඉස්කෝලෙටම එක්කන් එන්නේ?</font>

83
00:06:26,470 --> 00:06:29,431
<font color="#ffbf46">ගෙදර බලාගන්න වෙන කවුරුත් නෑදෑයෝ නැද්ද?</font>

84
00:06:30,516 --> 00:06:33,185
<font color="#ffbf46">මගේ තාත්තා බෝට්ටුවේ රස්සාවට ගිහින්, මගේ අක්කා...</font>

85
00:06:33,268 --> 00:06:34,603
<font color="#ffbf46">උඹ කවදාවත් මූගේ අක්කව දැකලා තියෙනවද?</font>

86
00:06:35,229 --> 00:06:38,315
<font color="#ffbf46">මම කවදාවත් එයා ගෙදර ඉන්නවා දැකලා නෑ.</font>

87
00:06:38,398 --> 00:06:39,274
<font color="#ffbf46">මටත් කියන්න තියෙන්නේ ඕකමයි.</font>

88
00:06:45,489 --> 00:06:46,657
<font color="#ffbf46">ඊ-ජුන්.</font>

89
00:06:49,868 --> 00:06:51,829
<font color="#ffbf46">එපා ඊ-ජුන්. ඉන්නකෝ, සන්සුන් වෙන්න.</font>

90
00:06:51,912 --> 00:06:52,955
<font color="#ffbf46">සන්සුන් වෙන්නකෝ.</font>

91
00:06:55,332 --> 00:06:56,166
<font color="#ffbf46">මොකක්ද?</font>

92
00:06:56,959 --> 00:06:59,128
<font color="#ffbf46">ඒයි, මොකද මේ කරන්නේ?</font>

93
00:07:09,429 --> 00:07:10,848
<font color="#ffbf46">ඒයි, මොකක්ද ඔහේගේ ප්‍රශ්නේ?</font>

94
00:07:11,723 --> 00:07:15,227
<font color="#ffbf46">මම හිතුවේ උඹ ඉගෙන ගන්න විතරයි දක්ෂ කියලා.
උඹ පොඩි ළමයි එක්කත් හරි එකතුයි නේද?</font>

95
00:07:15,310 --> 00:07:16,854
<font color="#ffbf46">මගේ ගෙදරත් ඉන්නවා...</font>

96
00:07:17,980 --> 00:07:19,565
<font color="#ffbf46">මෙයා වගේම පොඩි පැංචෙක්.</font>

97
00:07:22,025 --> 00:07:22,943
<font color="#ffbf46">දැන් මට පාඩම් කරන්න දීපන්.</font>

98
00:07:25,529 --> 00:07:26,530
<font color="#ffbf46">මෙහෙ එන්න.</font>

99
00:07:29,074 --> 00:07:31,869
<font color="#ffbf46">අනේ මගේ දෙවියනේ.</font>

100
00:07:33,078 --> 00:07:35,164
<font color="#ffbf46">ඊ-ජුන් වෙනුවෙන් අත්පුඩියක් ගහමු!</font>

101
00:07:35,247 --> 00:07:36,832
<font color="#ffbf46">මූ වගේ එකෙක් නම් වෙන කොහෙවත් නෑ.</font>

102
00:07:36,915 --> 00:07:38,167
<font color="#ffbf46"><i>අපි පටන් ගත්තේ යාළුවෝ විදියට...</i></font>

103
00:08:01,315 --> 00:08:03,734
<font color="#ffbf46"><i>ඒත් අන්තිමට නාඳුනන අය වුණා.</i></font>

104
00:08:08,238 --> 00:08:11,825
<font color="#ffbf46">එක්කෙනෙක් රොමෑන්ටික්, අනිත් කෙනා ඇක්ෂන් වලට ආසයි.</font>

105
00:08:12,868 --> 00:08:16,747
<font color="#ffbf46">ඔයාලගේ පෙනුමයි ස්ටයිල් එකයි බැලුවම,
ඔයාලා නාඳුනන අය වෙන එක සාධාරණයි.</font>

106
00:08:16,830 --> 00:08:18,165
<font color="#ffbf46">අපි නාඳුනන අය තමා.</font>

107
00:08:20,542 --> 00:08:23,128
<font color="#ffbf46">එයා කිව්වනේ
අවුරුදු දහයක් තිස්සේ ඔයාව හොයනවා කියලා.</font>

108
00:08:23,837 --> 00:08:26,506
<font color="#ffbf46">ඇත්තටම නාඳුනන කෙනෙක් නම්,
එච්චර කල් හොයයිද?</font>

109
00:08:26,590 --> 00:08:29,843
<font color="#ffbf46">එයා මාව හොයන්න එච්චර මහන්සි වුණේ ඇයි කියලා
හිතාගන්න පුළුවන්නේ.</font>

110
00:08:30,636 --> 00:08:31,637
<font color="#ffbf46">ඇයි?</font>

111
00:08:36,308 --> 00:08:37,351
<font color="#ffbf46">එයා ගැන අමතක කරන්න.</font>

112
00:08:37,976 --> 00:08:41,188
<font color="#ffbf46">මගේ ජීවිතේට එයාගේ කිසිම සම්බන්ධයක් නෑ.</font>

113
00:08:56,453 --> 00:08:59,748
<font color="#ffbf46">ඉන්නකෝ, අපි යන්න ඕනේ හයිවේ එකෙනේ.
ඇයි අපි හෝටලයකට ආවේ?</font>

114
00:09:01,333 --> 00:09:05,545
<font color="#ffbf46">අපි පැය 5කුයි විනාඩි 20කින්
කිලෝමීටර් 400ක් ඇවිත් තියෙනවා.</font>

115
00:09:05,629 --> 00:09:07,005
<font color="#ffbf46">අපි ගොඩක් දුර ආවා.</font>

116
00:09:07,673 --> 00:09:11,843
<font color="#ffbf46">ආපහු ගෙදර යන්නත් එච්චරම දුරක් තියෙනවා.
හිතලා බලන්නකෝ ඒක කොච්චර මහන්සිද කියලා.</font>

117
00:09:11,927 --> 00:09:14,263
<font color="#ffbf46">ඩ්‍රයිව් කරලා ඔයාට මහන්සි ඇති කියලා මම දන්නවා, ඒත්...</font>

118
00:09:14,346 --> 00:09:16,181
<font color="#ffbf46">මට නම් පොඩ්ඩක්වත් මහන්සි නෑ.</font>

119
00:09:16,265 --> 00:09:18,558
<font color="#ffbf46">මම කිව්වේ එයා ගැන, මම ගැන නෙවෙයි.</font>

120
00:09:20,060 --> 00:09:22,521
<font color="#ffbf46">එයා හරියට කන්න බොන්න නිදාගන්න ඕනේ,</font>

121
00:09:22,604 --> 00:09:25,065
<font color="#ffbf46">ඒත් එයා නූඩ්ල්ස් විතරයි කෑවේ,
අනික රෑ එළිවෙනකම්ම ඇහැරිලා හිටියේ.</font>

122
00:09:25,148 --> 00:09:28,193
<font color="#ffbf46">එයාට මූණ කට හෝදගෙන
ටිකක් නිදාගන්න දෙන්න ඕනේ නැද්ද?</font>

123
00:09:29,736 --> 00:09:31,154
<font color="#ffbf46">ඒ වුණාට...</font>

124
00:09:31,989 --> 00:09:32,906
<font color="#ffbf46">බහින්න.</font>

125
00:09:39,288 --> 00:09:40,497
<font color="#ffbf46"><i>ආසාවෙන් හිටපු එකට සොරි.</i></font>

126
00:09:42,541 --> 00:09:43,834
<font color="#ffbf46"><i>මේක දැක්කම මට මැසේජ් එකක් දාන්න.</i></font>

127
00:09:46,420 --> 00:09:47,754
<font color="#ffbf46">සමාවෙන්න ඕනේ.</font>

128
00:09:47,838 --> 00:09:50,799
<font color="#ffbf46">මේ සති අන්තය නිසා, ඔක්කොම කාමර...</font>

129
00:09:50,882 --> 00:09:51,883
<font color="#ffbf46">කාමර නැද්ද?</font>

130
00:09:52,551 --> 00:09:55,095
<font color="#ffbf46">කාමර නෑ වගේ.
අපි ගෙදර යමු.</font>

131
00:09:55,178 --> 00:09:56,471
<font color="#ffbf46">එකක් තියෙනවා.</font>

132
00:09:56,555 --> 00:09:59,558
<font color="#ffbf46">ඩබල් ඇඳකුයි සිංගල් ඇඳකුයි තියෙන
ෆැමිලි රූම් එකක් තියෙනවා.</font>

133
00:09:59,641 --> 00:10:01,226
<font color="#ffbf46">අපි ඒක ගන්නම්.</font>

134
00:10:01,310 --> 00:10:02,185
<font color="#ffbf46">මොකක්?</font>

135
00:10:02,811 --> 00:10:05,814
<font color="#ffbf46">ඒක පවුලකට ඉන්න පුළුවන් කාමරයක්.
මොකක්ද ප්‍රශ්නේ?</font>

136
00:10:05,897 --> 00:10:07,858
<font color="#ffbf46">ඔයාලා දෙන්නා පවුලේ අය වුණාට, අපි එහෙම නෙවෙයිනේ.</font>

137
00:10:08,734 --> 00:10:10,736
<font color="#ffbf46">ඔයාමනේ කිව්වේ
ඉස්කෝලේ ඉන්න හැමෝම පවුලේ අය වගේ කියලා.</font>

138
00:10:12,195 --> 00:10:13,697
<font color="#ffbf46">ඔයාට උපමා කතා තේරෙන්නේ නැද්ද?</font>

139
00:10:13,780 --> 00:10:15,657
<font color="#ffbf46">ඇයි හැමදේම වචනාර්ථයෙන්ම ගන්නේ?</font>

140
00:10:17,534 --> 00:10:19,494
<font color="#ffbf46">ඔයාට කාමරේ ඇතුළේ මොනවා හරි කරන්න ඕනෙද?</font>

141
00:10:20,954 --> 00:10:22,247
<font color="#ffbf46">පල යන්න.</font>

142
00:10:22,331 --> 00:10:24,499
<font color="#ffbf46">එහෙනම් අපිට තියෙන්නේ එක අරමුණයි.</font>

143
00:10:24,583 --> 00:10:25,417
<font color="#ffbf46">නිදාගන්න එක.</font>

144
00:10:26,251 --> 00:10:28,879
<font color="#ffbf46">ෆැමිලි රූම් එක ඒකට නියමෙට ගැලපෙනවා.</font>

145
00:10:28,962 --> 00:10:31,173
<font color="#ffbf46">කාමර දෙකක් ගන්නවට වඩා ලාභයි.</font>

146
00:10:31,256 --> 00:10:32,424
<font color="#ffbf46">ඇයි අපිට එතන නිදාගන්න බැරි?</font>

147
00:10:49,941 --> 00:10:50,776
<font color="#ffbf46">අයියෝ.</font>

148
00:10:50,859 --> 00:10:53,236
<font color="#ffbf46">මේක ෆැමිලි රූම් එකක්ලු.
මේක පවුලකට හරි යන්නේ නෑනේ.</font>

149
00:11:04,790 --> 00:11:06,458
<font color="#ffbf46">ඔයා ගිහින් ඉස්සෙල්ලා වොෂ් එකක් දාගන්න.</font>

150
00:11:06,541 --> 00:11:07,709
<font color="#ffbf46">නෑ, ඔයා යන්න.</font>

151
00:11:18,678 --> 00:11:21,181
<font color="#ffbf46">හන්-ග්‍යුල්, ඔයාට මහන්සි පාටයි.
ගිහින් ඉස්සෙල්ලා වොෂ් එකක් දාගන්න.</font>

152
00:11:21,264 --> 00:11:23,600
<font color="#ffbf46">ඔව්, උඹ ඉස්සෙල්ලා පලයන්.</font>

153
00:11:24,267 --> 00:11:25,894
<font color="#ffbf46">එහෙනම් මම ඉස්සෙල්ලා යන්නම්. හරි.</font>

154
00:11:44,329 --> 00:11:47,082
<font color="#ffbf46">ඇයි එකපාරටම මේ පුෂ්-අප් ගහන්නේ?</font>

155
00:11:47,165 --> 00:11:48,583
<font color="#ffbf46">ව්‍යායාම කරන එක පුරුද්දක්.</font>

156
00:11:50,669 --> 00:11:51,545
<font color="#ffbf46">ඔයා බිසීද?</font>

157
00:11:51,628 --> 00:11:53,380
<font color="#ffbf46">මෙතන ඉඳන් මම කොහොමද බිසී වෙන්නේ?</font>

158
00:11:53,463 --> 00:11:54,506
<font color="#ffbf46">මගේ පිට උඩට නගින්න කැමතිද?</font>

159
00:11:54,589 --> 00:11:56,800
<font color="#ffbf46">දෙමව්පියෙක්ගේ පිට උඩ මම මොකට නගිනවද?</font>

160
00:11:56,883 --> 00:11:59,886
<font color="#ffbf46">බරක් නැතුව ව්‍යායාම කරනවා වගේ දැනෙන්නේ නෑ.</font>

161
00:12:05,308 --> 00:12:06,393
<font color="#ffbf46">මගේ කකුල් දෙක අල්ලගන්න.</font>

162
00:12:07,686 --> 00:12:08,812
<font color="#ffbf46">මම බිසී.</font>

163
00:12:10,230 --> 00:12:12,858
<font color="#ffbf46">ඔයා ටීචර් කෙනෙක් නේද.
ඇයි මේ වචන වෙනස් කරන්නේ?</font>

164
00:12:12,941 --> 00:12:14,234
<font color="#ffbf46">ඔයානේ කිව්වේ බිසී නෑ කියලා.</font>

165
00:12:19,322 --> 00:12:20,407
<font color="#ffbf46">මාර ටීචර් කෙනෙක් තමා.</font>

166
00:12:26,204 --> 00:12:27,038
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

167
00:12:30,083 --> 00:12:31,334
<font color="#ffbf46">මම 100ක් ගහනවා, හරිද?</font>

168
00:12:55,400 --> 00:12:57,194
<font color="#ffbf46">තමුන්ට ව්‍යායාම කරන්න ඕනේ නම් එළියට යන්න.</font>

169
00:12:57,277 --> 00:12:59,571
<font color="#ffbf46">මේ හෝටලේ පූල් එකකුයි ජිම් එකකුයි තියෙනවා.</font>

170
00:13:00,197 --> 00:13:01,781
<font color="#ffbf46">කාමරේ ඇතුළේ කරන්න එපා, හරිද?</font>

171
00:13:09,289 --> 00:13:11,666
<font color="#ffbf46">හන්-ග්‍යුල්.</font>

172
00:13:13,752 --> 00:13:14,961
<font color="#ffbf46">වරෙන් එළියට.</font>

173
00:13:15,045 --> 00:13:16,213
<font color="#ffbf46">මූ නිදිද කොහෙද?</font>

174
00:13:54,876 --> 00:13:55,752
<font color="#ffbf46">මොන මගුලක්ද?</font>

175
00:13:56,711 --> 00:13:57,671
<font color="#ffbf46">මේ ළමයා තනියමද?</font>

176
00:14:11,935 --> 00:14:12,894
<font color="#ffbf46">"අර ගැහැණිය"?</font>

177
00:14:13,812 --> 00:14:14,980
<font color="#ffbf46">කවුද "අර ගැහැණිය" කියන්නේ?</font>

178
00:14:16,481 --> 00:14:18,275
<font color="#ffbf46">ගෑනු යාළුවෙක්ද? එයා හම්බවෙන කෙනෙක්ද?</font>

179
00:14:20,151 --> 00:14:21,820
<font color="#ffbf46">සමහරවිට එයාගේ කලින් ගෑනු ළමයා වෙන්න ඇති?</font>

180
00:14:39,588 --> 00:14:40,922
<font color="#ffbf46">මූ කොහෙද මේ ඉන්නේ?</font>

181
00:14:43,341 --> 00:14:45,802
<font color="#ffbf46">අනේ දෙවියනේ! ඒයි බබා!</font>

182
00:14:45,885 --> 00:14:47,762
<font color="#ffbf46">ඔයාට කමක් නෑ නේද? අනේ දෙවියනේ!</font>

183
00:14:49,681 --> 00:14:52,225
<font color="#ffbf46">ඒයි බබා! අයියෝ, මම මොකද කරන්නේ?</font>

184
00:15:06,823 --> 00:15:08,116
<font color="#ffbf46">මිස්ටර් සන්?</font>

185
00:15:11,119 --> 00:15:12,162
<font color="#ffbf46">ඔතනම ඉන්නවා!</font>

186
00:15:14,039 --> 00:15:15,332
<font color="#ffbf46">හොලවන්න එපා!</font>

187
00:15:40,315 --> 00:15:41,650
<font color="#ffbf46">ඔතනම ඉන්න!</font>

188
00:15:46,321 --> 00:15:47,447
<font color="#ffbf46">සන්සුන් වෙන්න!</font>

189
00:15:49,616 --> 00:15:51,034
<font color="#ffbf46">අයියෝ.</font>

190
00:15:51,743 --> 00:15:53,662
<font color="#ffbf46">පුතේ ඔයාට කමක් නෑ නේද?</font>

191
00:15:53,745 --> 00:15:55,664
<font color="#ffbf46">ඔයාට මුකුත් නෑනේ. අඬන්න
එපා. එයාට කමක් නෑ නේද?</font>

192
00:15:55,747 --> 00:15:57,290
<font color="#ffbf46">ජි-ඌ! අම්මා ආවා පුතේ.</font>

193
00:16:00,168 --> 00:16:01,336
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?</font>

194
00:16:02,045 --> 00:16:03,922
<font color="#ffbf46">මෙයා මාව බය කළා.</font>

195
00:16:04,714 --> 00:16:06,383
<font color="#ffbf46">ඇයි? මොකද වුණේ?</font>

196
00:16:06,466 --> 00:16:09,511
<font color="#ffbf46">මෙයා ඔයාට මොනවා හරි කළාද?</font>

197
00:16:12,889 --> 00:16:13,723
<font color="#ffbf46">නෝනා.</font>

198
00:16:14,349 --> 00:16:16,685
<font color="#ffbf46">මම දන්නවා මම එයාව බය කළා කියලා,
ඒත් වුණේ මේකයි--</font>

199
00:16:16,768 --> 00:16:17,769
<font color="#ffbf46">තමුන්ට කොහොමද හයියක් ආවේ!</font>

200
00:16:27,529 --> 00:16:28,446
<font color="#ffbf46">මොන මගුලක්ද?</font>

201
00:16:29,531 --> 00:16:31,616
<font color="#ffbf46">තමුන් මගේ මහත්තයා එක්ක මොකද කළේ?</font>

202
00:16:32,742 --> 00:16:34,953
<font color="#ffbf46">නෝනා, මොකක්ද මේ කියන්නේ--</font>

203
00:16:35,036 --> 00:16:36,913
<font color="#ffbf46">මම හැම සාක්ෂියක්ම බැලුවා!</font>

204
00:16:38,873 --> 00:16:40,583
<font color="#ffbf46">රෑට ගත්ත කෝල්ස්...</font>

205
00:16:42,460 --> 00:16:44,796
<font color="#ffbf46">තමුන්ලා දෙන්නා තමුන්ගේ ගෙදර හම්බවුණ ඒවා!</font>

206
00:16:48,717 --> 00:16:50,760
<font color="#ffbf46">මට හිතෙන්නේ ලොකු වැරදි වැටහීමක් වෙලා වගේ.</font>

207
00:16:50,844 --> 00:16:52,262
<font color="#ffbf46">මහත්තයයි මමයි--</font>

208
00:16:52,345 --> 00:16:54,639
<font color="#ffbf46">මම අහගත්තා තමුන්ලු ඉස්සෙල්ලාම එයාට බැල්ම දැම්මේ.</font>

209
00:16:55,265 --> 00:16:56,099
<font color="#ffbf46">නෝනා.</font>

210
00:16:56,766 --> 00:16:58,685
<font color="#ffbf46">තමුන් එයාට කියලා තිබුණා එයා හරි හොඳයි කියලා.</font>

211
00:17:00,228 --> 00:17:01,813
<font color="#ffbf46">තමුන්ලු එයා පස්සෙන් ආවේ!</font>

212
00:17:01,896 --> 00:17:04,733
<font color="#ffbf46">නෑ නෝනා, ඒක එහෙම... ඉන්නකෝ.</font>

213
00:17:04,816 --> 00:17:05,650
<font color="#ffbf46">ඈ?</font>

214
00:17:09,070 --> 00:17:10,405
<font color="#ffbf46">තමුන්ගේ මොකක් හරි අවුලක් තියෙනවද?</font>

215
00:17:10,488 --> 00:17:12,323
<font color="#ffbf46">තමුන් මගේ ළමයට මොකද කළේ?</font>

216
00:17:12,991 --> 00:17:15,702
<font color="#ffbf46">හරි හරි, පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ.</font>

217
00:17:15,785 --> 00:17:17,662
<font color="#ffbf46">එයා බය වෙන්න ඇති.</font>

218
00:17:17,746 --> 00:17:20,081
<font color="#ffbf46">ළඟ පාත ෆාමසියක් තියෙනවා නම්,
බෙහෙත් ටිකක් අරන් දෙන්න.</font>

219
00:17:21,833 --> 00:17:23,585
<font color="#ffbf46">හිතාගන්නත් බෑ. යමු යන්න.</font>

220
00:17:24,627 --> 00:17:25,712
<font color="#ffbf46">පරිස්සමෙන් යන්න!</font>

221
00:17:27,255 --> 00:17:28,923
<font color="#ffbf46">ඇයි ඔයා ඒක පැහැදිලි කරලා දුන්නේ නැත්තේ?</font>

222
00:17:30,341 --> 00:17:33,720
<font color="#ffbf46">එයා ඔයාට ස්තූති කරන්න ඕනේ.
ඇයි නිකන් බොරුවට බැණුම් ඇහුවේ?</font>

223
00:17:34,679 --> 00:17:37,891
<font color="#ffbf46">ළමයට කරදරයක් නැත්නම් එච්චරයි.
මොකටද ඕවා කියලා වැඩක් තියෙනවද?</font>

224
00:17:37,974 --> 00:17:38,933
<font color="#ffbf46">නෑ.</font>

225
00:17:39,017 --> 00:17:41,227
<font color="#ffbf46">කරන්න ඕනේ දේ කරන්න ඕනේ.</font>

226
00:17:42,270 --> 00:17:45,857
<font color="#ffbf46">දෙයක් වැළලුණාට පස්සේ,
ඒක ආයේ ගොඩ ගන්න අමාරුයි.</font>

227
00:17:47,609 --> 00:17:48,610
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න!</font>

228
00:17:50,278 --> 00:17:51,279
<font color="#ffbf46">ඉන්නකෝ!</font>

229
00:17:58,119 --> 00:18:02,916
<font color="#ffbf46">ඉතින් දොං-ප්‍යෝ, උඹ කියන්නේ
උඹ අර උතුම් මනුස්සයව ඇත්තටම දැකලා තියෙනවා කියලද?</font>

230
00:18:02,999 --> 00:18:04,000
<font color="#ffbf46">මම දැකලා තියෙනවා.</font>

231
00:18:04,626 --> 00:18:07,504
<font color="#ffbf46">එයා ඔයාලව හම්බ වුණා නම් ගොඩක් සතුටු වෙයි.</font>

232
00:18:12,175 --> 00:18:15,720
<font color="#ffbf46">ඒත්... අර කියන උතුම් මනුස්සයා
තාම ආවේ නෑනේ.</font>

233
00:18:15,804 --> 00:18:17,764
<font color="#ffbf46">අපි කොච්චර වෙලා
මේ විදියට බඩගාන්න ඕනෙද?</font>

234
00:18:17,847 --> 00:18:20,141
<font color="#ffbf46">හැමෝම පටන් ගන්නේ මෙහෙම තමා.
හරි, නැගිටින්න.</font>

235
00:18:20,767 --> 00:18:23,394
<font color="#ffbf46">දැන්, අපි හාන්සි වෙලා ඉන්න ගමන්
පොසිෂන් එක ට්‍රයි කරමු.</font>

236
00:18:24,729 --> 00:18:26,856
<font color="#ffbf46">උඹලා දෙන්නා එකට, උඹලා දෙන්නා එකට.</font>

237
00:18:27,565 --> 00:18:28,399
<font color="#ffbf46">මාස්ටර්.</font>

238
00:18:29,067 --> 00:18:31,236
<font color="#ffbf46">ඔයාට ඕනේ මම ගෑනු ළමයෙක් එක්ක පේයාර් වෙන්නද?</font>

239
00:18:31,319 --> 00:18:32,529
<font color="#ffbf46">මේ බලන්න.</font>

240
00:18:32,612 --> 00:18:35,740
<font color="#ffbf46">ජූජිට්සු කියන්නේ හැකියාව ගැන මිසක්, ශක්තිය ගැන නෙවෙයි.</font>

241
00:18:35,824 --> 00:18:38,576
<font color="#ffbf46">ඇයි මෙතනදිත් ඔයා ගෑනු පිරිමි කියලා
වෙනසක් කරන්නේ?</font>

242
00:18:38,660 --> 00:18:39,619
<font color="#ffbf46">ඕක අමතක කරන්න.</font>

243
00:18:40,620 --> 00:18:41,579
<font color="#ffbf46">දොං-ප්‍යෝ.</font>

244
00:18:42,288 --> 00:18:44,082
<font color="#ffbf46">ගාඩ් රිකවරි. හරි සර්.</font>

245
00:18:44,791 --> 00:18:45,875
<font color="#ffbf46">මොකක්?</font>

246
00:18:45,959 --> 00:18:48,086
<font color="#ffbf46">හොඳට බලාගන්න. හරි සර්.</font>

247
00:18:48,169 --> 00:18:50,922
<font color="#ffbf46">යට ඉන්න කෙනා එයාගේ කකුල් පාවිච්චි කරනවා</font>

248
00:18:51,005 --> 00:18:53,383
<font color="#ffbf46">උඩ ඉන්න කෙනාට එහා මෙහා වෙන්න බැරි වෙන්න.</font>

249
00:18:53,466 --> 00:18:54,968
<font color="#ffbf46">ඔයාට ඇටෑක් එකක් කරලා බලන්න ඕනෙද?</font>

250
00:18:55,051 --> 00:18:56,094
<font color="#ffbf46">මම? ඔව්.</font>

251
00:18:56,177 --> 00:18:58,346
<font color="#ffbf46">උඩට එන්න. එන්නකෝ, මම කරන විදියට කරන්න.</font>

252
00:19:02,642 --> 00:19:04,185
<font color="#ffbf46">ආ, මේ විදියටද? ඇටෑක් කරන්න.</font>

253
00:19:04,269 --> 00:19:05,103
<font color="#ffbf46">එන්නකෝ.</font>

254
00:19:05,186 --> 00:19:08,106
<font color="#ffbf46">හරි, ඔහොම.</font>

255
00:19:09,023 --> 00:19:11,609
<font color="#ffbf46">ඔහොම.</font>

256
00:19:13,069 --> 00:19:14,070
<font color="#ffbf46">ඔහොම.</font>

257
00:19:14,153 --> 00:19:16,823
<font color="#ffbf46">මෙහෙම.</font>

258
00:19:16,906 --> 00:19:18,575
<font color="#ffbf46">මෙහෙම, හරිද?</font>

259
00:19:18,658 --> 00:19:20,535
<font color="#ffbf46">ෂා, ඇත්තටම මේ ඔයාගෙ පළවෙනි පාරද?</font>

260
00:19:20,618 --> 00:19:23,580
<font color="#ffbf46">ඔයා හරියට පුහුණු වීඩියෝ එකක ඉන්න වැඩ්ඩෙක් වගේනේ.</font>

261
00:19:23,663 --> 00:19:25,123
<font color="#ffbf46">එහෙමද? මම කරන විදිය හරිද?</font>

262
00:19:25,206 --> 00:19:26,833
<font color="#ffbf46">ඔයා මාරයිනෙ.</font>

263
00:19:27,417 --> 00:19:28,918
<font color="#ffbf46">දැන්, ඔලුව උස්සලා තව ටිකක් වේගෙන්.</font>

264
00:19:29,002 --> 00:19:30,378
<font color="#ffbf46">වේගෙන්. මෙන්න මෙහෙම.</font>

265
00:19:30,461 --> 00:19:32,297
<font color="#ffbf46">මෙන්න මෙහෙම.</font>

266
00:19:32,380 --> 00:19:33,506
<font color="#ffbf46">මෙහෙම.</font>

267
00:19:33,590 --> 00:19:36,342
<font color="#ffbf46">මෙහෙම.</font>

268
00:19:37,260 --> 00:19:38,386
<font color="#ffbf46">අනේ මන්දා, ඇත්තටම.</font>

269
00:20:05,955 --> 00:20:08,166
<font color="#ffbf46">අයියෝ. අර ගෑනු මනුස්සයා...</font>

270
00:20:08,833 --> 00:20:10,084
<font color="#ffbf46">මම දැනගෙන හිටියා මෙහෙම වෙයි කියලා.</font>

271
00:20:10,168 --> 00:20:11,502
<font color="#ffbf46">ඒක පිපිරුනාද?</font>

272
00:20:11,586 --> 00:20:12,629
<font color="#ffbf46">මොකක්ද පිපිරුනේ?</font>

273
00:20:14,088 --> 00:20:15,882
<font color="#ffbf46">විකාර කියවන්නෙ නැතුව යන්නකෝ අනේ යන්න.</font>

274
00:20:16,925 --> 00:20:19,552
<font color="#ffbf46">පොඩි ප්‍රශ්නයක් වෙලා වගේ.</font>

275
00:20:19,636 --> 00:20:21,471
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද? ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

276
00:20:22,013 --> 00:20:24,390
<font color="#ffbf46">යන්න, යන්නකෝ යන්න!</font>

277
00:20:25,308 --> 00:20:29,187
<font color="#ffbf46">තුවාල වෙලාද බලලා
මට කියන්න.</font>

278
00:20:29,270 --> 00:20:31,898
<font color="#ffbf46">සමහරවිට හොස්පිට්ල් යන්න වෙයි,
නැත්නම් රෙස්ට් එකක් ගත්තම හරියයි.</font>

279
00:20:31,981 --> 00:20:33,399
<font color="#ffbf46">මට ඒකට ගෙවන්න වෙනවනේ.</font>

280
00:20:33,483 --> 00:20:35,610
<font color="#ffbf46">ඉතින් තමුසෙ කොහොමද ඒකට ගෙවන්නේ, ආ?</font>

281
00:20:36,194 --> 00:20:38,571
<font color="#ffbf46">මම කවදාවත් බැඳගන්න බැරුව තනි වුනොත් එහෙම?</font>

282
00:20:39,322 --> 00:20:41,115
<font color="#ffbf46">තමුසෙ කොහොමද මට ඒ වන්දිය ගෙවන්නේ?</font>

283
00:20:41,199 --> 00:20:43,326
<font color="#ffbf46">බැලින්නම් තමුසෙට කසාද
බඳින්න ඕන වෙලා වගේ. නැතුව.</font>

284
00:20:44,285 --> 00:20:46,788
<font color="#ffbf46">මම දන්න කෙනෙක් වගේ
ඩිවෝස් වෙන්න වුනත්,</font>

285
00:20:46,871 --> 00:20:47,914
<font color="#ffbf46">අඩුම ගානේ මම බැඳලවත් බලනවා.</font>

286
00:20:48,998 --> 00:20:51,167
<font color="#ffbf46">මොකක්ද ඒ මට ගැහුවේ ටොක්කක්ද?</font>

287
00:20:51,250 --> 00:20:52,168
<font color="#ffbf46">මෙන්න මෙහෙ අහනවා, මිස්.</font>

288
00:20:52,919 --> 00:20:54,837
<font color="#ffbf46">නොදන්න දේවල් වලට කට දාන්න එපා.</font>

289
00:20:55,755 --> 00:20:58,591
<font color="#ffbf46">හැමතැනම රිංගලා ප්‍රශ්න ඇති කරන එක නවත්තගන්නවා.</font>

290
00:20:58,675 --> 00:21:02,595
<font color="#ffbf46">දැන් ඉඳන්,
ගෙදරට වෙලා ළමයි බලාගන්නවා.</font>

291
00:21:03,304 --> 00:21:04,180
<font color="#ffbf46">හරිද?</font>

292
00:21:04,263 --> 00:21:06,891
<font color="#ffbf46">ස්පෝට් සෙන්ටර් </font>

293
00:21:06,975 --> 00:21:08,476
<font color="#ffbf46">නිකන් තමුසෙ දිහා බලනවා.</font>

294
00:21:08,559 --> 00:21:12,939
<font color="#ffbf46">ඔය වගේ සැර ගතියක් තියාගෙන,
කොහොමද කෙල්ලෙක් තමුසෙට කැමති වෙන්නේ?</font>

295
00:21:13,022 --> 00:21:16,150
<font color="#ffbf46">ගෙදර ගිහින් කන්නාඩියෙන් මූණ බලනවා.
තමුසෙ හිතන් ඉන්නේ තමුසෙ තාම හැන්ඩ්සම් කියලද?</font>

296
00:21:16,234 --> 00:21:18,194
<font color="#ffbf46">මූණත් කලු වෙලා රැලි වැටිලා.</font>

297
00:21:18,277 --> 00:21:22,031
<font color="#ffbf46">අනික ඇයි ඔය ඔලුව ඔච්චර පොඩි?
මොළයක්වත් ඔය අස්සට යනවද?</font>

298
00:21:22,115 --> 00:21:23,491
<font color="#ffbf46">අම්මපා.</font>

299
00:21:23,574 --> 00:21:26,160
<font color="#ffbf46">ඔහොම මූණක් තියෙන එකේ,
කතා කරන්නවත් ඉගෙන ගන්නවා.</font>

300
00:21:26,244 --> 00:21:28,037
<font color="#ffbf46">නැත්නම්, කසාද බඳිනවා කියලා හිතන්නවත් එපා.</font>

301
00:21:29,247 --> 00:21:30,790
<font color="#ffbf46">හපොයි දෙයියනේ.</font>

302
00:21:48,808 --> 00:21:51,269
<font color="#ffbf46">මට ඇත්තටම සමා වෙන්න. මම සමාව ඉල්ලනවා.</font>

303
00:21:52,145 --> 00:21:55,023
<font color="#ffbf46">ඔයා සමාව ඉල්ලන්න ඕනේ... එයාගෙන්.</font>

304
00:21:56,315 --> 00:21:58,651
<font color="#ffbf46">එයා එළි වෙනකම්ම ඇහැරලා හිටියේ,
මේ ටිකක් ඇල වෙන්න හැදුවා විතරයි,</font>

305
00:21:58,735 --> 00:22:01,904
<font color="#ffbf46">හුස්ම ගන්නවත් ලැබුනේ නෑ
CCTV ටික බලන්න වුනානේ.</font>

306
00:22:06,617 --> 00:22:09,078
<font color="#ffbf46">මට ඇත්තටම සමා වෙන්න.</font>

307
00:22:09,162 --> 00:22:10,079
<font color="#ffbf46">මම සමාව ඉල්ලනවා.</font>

308
00:22:21,591 --> 00:22:24,927
<font color="#ffbf46">සේ-ජින්, ඉස්සෙල්ලා වුන දේට සොරි
මේක දැක්කම මට මැසේජ් එකක් දාන්න</font>

309
00:22:29,432 --> 00:22:30,933
<font color="#ffbf46">ෆෝන් එක පැත්තකින් තියන්න. ලයිට් නිවන්න.</font>

310
00:22:31,726 --> 00:22:32,643
<font color="#ffbf46">දැන්ම ලයිට් නිවන්න.</font>

311
00:22:34,604 --> 00:22:35,646
<font color="#ffbf46">ගුඩ් නයිට්.</font>

312
00:22:44,572 --> 00:22:45,656
<font color="#ffbf46">සේ-ජින්</font>

313
00:22:49,285 --> 00:22:50,870
<font color="#ffbf46">මාමේ, මම ගිහින් මේ කෝල් එක අරන් එන්නම්.</font>

314
00:22:50,953 --> 00:22:51,954
<font color="#ffbf46">හන්-ග්‍යුල්, ඔතනම ඉඳන් කතා කරන්න.</font>

315
00:23:27,281 --> 00:23:28,699
<font color="#ffbf46">ලස්සනයි.</font>

316
00:23:34,789 --> 00:23:36,916
<font color="#ffbf46">දිලිසෙනවා.</font>

317
00:23:36,999 --> 00:23:38,501
<font color="#ffbf46">හරිම ලස්සනයි, හරියට තරුවක් වගේ.</font>

318
00:23:42,171 --> 00:23:43,005
<font color="#ffbf46">මොකක්?</font>

319
00:23:47,718 --> 00:23:49,804
<font color="#ffbf46">මොකක්ද ඔයා දැන් කිව්වේ?</font>

320
00:23:51,639 --> 00:23:53,432
<font color="#ffbf46">සෝල් වල හැටි වෙනස්, නේද?</font>

321
00:23:54,058 --> 00:23:55,393
<font color="#ffbf46">අර ටවර් එකේ ලයිට් දිහා බලන්නකෝ.</font>

322
00:23:56,102 --> 00:23:57,228
<font color="#ffbf46">ෂා, මාරයිනේ.</font>

323
00:24:15,246 --> 00:24:16,372
<font color="#ffbf46">ගුඩ් නයිට්.</font>

324
00:24:20,751 --> 00:24:21,627
<font color="#ffbf46">අපි නිදාගමු.</font>

325
00:24:37,185 --> 00:24:38,728
<font color="#ffbf46"><i>එයාට තාම මාව මතක නැද්ද?</i></font>

326
00:24:39,979 --> 00:24:41,772
<font color="#ffbf46"><i>එයාට කොච්චර දුරට මතකද?</i></font>

327
00:24:46,485 --> 00:24:47,904
<font color="#ffbf46"><i>කවදාහරි එයාට මතක් වෙයි.</i></font>

328
00:24:49,447 --> 00:24:51,908
<font color="#ffbf46"><i>සමහරවිට මට මතක නෑ වගේ ඉන්න එක</i>
<i>වඩා හොඳ ඇති.</i></font>

329
00:25:40,957 --> 00:25:42,041
<font color="#ffbf46">මම එයාව හොයාගත්තා.</font>

330
00:25:43,042 --> 00:25:44,252
<font color="#ffbf46">ඔයා එයාව හොයාගත්තා?</font>

331
00:25:44,335 --> 00:25:47,296
<font color="#ffbf46">ඔයාට බැහැ කියලානේ නාහෙන් ඇඬුවේ,
කොහොමද හෙව්වේ?</font>

332
00:25:47,922 --> 00:25:49,757
<font color="#ffbf46">අම්මේ. ආ ඔයා ආවද.</font>

333
00:25:50,549 --> 00:25:52,551
<font color="#ffbf46">අම්මේ, ඔයා කෙට්ටු වෙලාද? ඇත්තටම?</font>

334
00:25:52,635 --> 00:25:53,761
<font color="#ffbf46">ඔයා හරිම ලස්සනයි.</font>

335
00:25:53,844 --> 00:25:54,887
<font color="#ffbf46">ඇත්තටම? ඔව්.</font>

336
00:25:56,514 --> 00:25:58,474
<font color="#ffbf46">සැලොන් එකට ගියාද? ඔව්, මම ගියා.</font>

337
00:25:58,557 --> 00:26:00,601
<font color="#ffbf46">මම ලස්සනද? ඔව්.</font>

338
00:26:00,685 --> 00:26:01,811
<font color="#ffbf46">ඔයත් ලස්සනයි.</font>

339
00:26:01,894 --> 00:26:02,937
<font color="#ffbf46">ස්තූතියි.</font>

340
00:26:03,020 --> 00:26:04,939
<font color="#ffbf46"><i>මේක අහම්බයක් වෙන්න බැරි තරම්...</i></font>

341
00:26:09,527 --> 00:26:11,487
<font color="#ffbf46">සේ-ජින්ගේ ටීචර් විදියට මම දෙයක් අහන්නම්.</font>

342
00:26:12,029 --> 00:26:14,073
<font color="#ffbf46">එයා දැන් කොහෙද ඉන්නේ?</font>

343
00:26:15,116 --> 00:26:16,993
<font color="#ffbf46"><i>...දෛවය වෙන්න තරම් බර වැඩියි.</i></font>

344
00:26:17,952 --> 00:26:19,870
<font color="#ffbf46"><i>මම මේකට කියන්නේ ලොකු බැඳීමක් කියලා.</i></font>

345
00:26:20,871 --> 00:26:25,084
<font color="#ffbf46">මම හොය හොය හිටපු කෙනා ඉන්න
පැත්තේමයි එයත් ජීවත් වෙන්නේ.</font>

346
00:26:25,167 --> 00:26:27,169
<font color="#ffbf46">කවුද? අර කාලකන්නියා?</font>

347
00:26:28,170 --> 00:26:31,215
<font color="#ffbf46">අර ඔයාගේ සල්ලිත් අරන් පැනලා ගිය
මෝඩ මූසලයා?</font>

348
00:26:32,466 --> 00:26:33,384
<font color="#ffbf46">එයා කොහෙද ඉන්නේ?</font>

349
00:26:33,467 --> 00:26:36,220
<font color="#ffbf46">කොහෙද යකෝ එයා හැංගිලා ඉන්නේ?</font>

350
00:26:36,304 --> 00:26:37,138
<font color="#ffbf46"><i>මට කියන්න බැහැ.</i></font>

351
00:26:37,221 --> 00:26:41,267
<font color="#ffbf46">බොම් මිස් එයාගේ ගෙදර අයත් එක්ක තියෙන සම්බන්ධය
හිතාමතාම නැවැත්තුවා නම්, ඒකට හේතුවක් ඇති.</font>

352
00:26:41,934 --> 00:26:43,352
<font color="#ffbf46">මට ඒකට මැදිහත් වෙලා...</font>

353
00:26:43,936 --> 00:26:45,938
<font color="#ffbf46">එයාව තවත් රිද්දන්න බැහැ. "බොම්"?</font>

354
00:26:47,523 --> 00:26:48,607
<font color="#ffbf46">මගේ පන්ති භාර ටීචර්?</font>

355
00:26:50,192 --> 00:26:53,446
<font color="#ffbf46">කොහොම වුනත්, මම සෝල් වලට ආවම
විස්තර කියන්නම්.</font>

356
00:26:56,907 --> 00:26:57,783
<font color="#ffbf46">ජූන්.</font>

357
00:26:58,826 --> 00:27:01,120
<font color="#ffbf46">සෝල් යන්නේ නැතුව මෙහෙ ඉඳන්ම
ලෝයර් කෙනෙක් වෙන්න බැරිද?</font>

358
00:27:02,246 --> 00:27:07,668
<font color="#ffbf46">මම කිව්වනේ ඔයා තමයි මට එන්න කිව්වේ කියලා,
අම්මයි තාත්තයි මුකුත් කිව්වෙත් නෑනේ.</font>

359
00:27:08,794 --> 00:27:10,838
<font color="#ffbf46">ඔයා මට පාඩම් වැඩ වලට උදව් කරනවා නම්,</font>

360
00:27:10,921 --> 00:27:13,424
<font color="#ffbf46">මට හිතෙනවා මට අර දුෂ්ට හන්-ග්‍යුල්ව
පරාද කරන්න පුළුවන් වෙයි කියලා. ප්ලීස්?</font>

361
00:27:14,342 --> 00:27:15,176
<font color="#ffbf46">ඉස්සෙල්ලාම...</font>

362
00:27:17,011 --> 00:27:17,928
<font color="#ffbf46">මට එයාගේ ඇඩ්‍රස් එක දෙන්න.</font>

363
00:27:18,012 --> 00:27:19,055
<font color="#ffbf46">කාගේද?</font>

364
00:27:20,848 --> 00:27:21,891
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ මාමාගේ?</font>

365
00:27:26,854 --> 00:27:29,273
<font color="#ffbf46"><i>මට මතකද නැද්ද කියන එක කාටද වැඩක්?</i></font>

366
00:27:29,357 --> 00:27:30,733
<font color="#ffbf46"><i>මම කට වහගෙන හිටියොත් එයා දැනගන්න එකක් නෑ.</i></font>

367
00:27:32,026 --> 00:27:36,238
<font color="#ffbf46"><i>ඔව්, මම නිකන් කට පියාගෙන</i>
<i>එයා එක්ක පැටලෙන්නේ නැතුව ඉන්නවා.</i></font>

368
00:27:36,322 --> 00:27:37,948
<font color="#ffbf46">ඔයාගේ අනිත් බාගෙ නැති වුනා නේද?</font>

369
00:27:38,032 --> 00:27:39,241
<font color="#ffbf46">මොකක්?</font>

370
00:27:39,825 --> 00:27:41,994
<font color="#ffbf46">මගේ අනිත් බාගෙ මමම හොයාගන්නම්කෝ.</font>

371
00:27:42,078 --> 00:27:43,079
<font color="#ffbf46">කොහෙද?</font>

372
00:27:43,788 --> 00:27:45,539
<font color="#ffbf46">මේ තියෙන්නේ. මොකක්?</font>

373
00:27:45,623 --> 00:27:48,376
<font color="#ffbf46">වැඩට යන ගමන් හිප්-හොප් අහනවා වගේ
දෙයක් නෑ.</font>

374
00:27:48,459 --> 00:27:50,169
<font color="#ffbf46">ඔයාගේ මියුසික් ටේස්ට් එක මරු.</font>

375
00:27:50,252 --> 00:27:53,214
<font color="#ffbf46">ඇයි මගේ අනිත් ඉයර් බඩ් එක ඔයාගේ කනෙ?</font>

376
00:27:53,297 --> 00:27:55,216
<font color="#ffbf46">හන්-ග්‍යුල් හිතන්න ඇති ඒක මගේ එකක් කියලා.</font>

377
00:27:56,300 --> 00:27:58,803
<font color="#ffbf46">අපි වීකෙන්ඩ් එකේ සෝල් ගියා--</font>

378
00:27:58,886 --> 00:28:01,722
<font color="#ffbf46">ඇයි ඔයා ඔච්චර හයියෙන් කොඳුරන්නේ?</font>

379
00:28:13,275 --> 00:28:15,403
<font color="#ffbf46">අයියෝ. මම එයාට කිව්වා කුඩයක් ගෙනියන්න කියලා.</font>

380
00:28:32,128 --> 00:28:34,004
<font color="#ffbf46">බොම් මිස්, මට ඉස්සෙල්ලා කියපු දේවල් ඔක්කොම ඇහුනා.</font>

381
00:28:34,713 --> 00:28:36,841
<font color="#ffbf46">ඔයා සන් ජේ-ග්‍යු එක්ක සෝල් ගියාද?</font>

382
00:28:40,886 --> 00:28:42,555
<font color="#ffbf46">ඒකට හේතුවක් තිබුනා.</font>

383
00:28:42,638 --> 00:28:44,098
<font color="#ffbf46">ඔයාට තුවාලයක් නෑ නේද?</font>

384
00:28:45,975 --> 00:28:47,560
<font color="#ffbf46">මිස්ටර් සන් කියන්නේ ඒ වගේ කෙනෙක් නෙමෙයි.</font>

385
00:28:47,643 --> 00:28:49,395
<font color="#ffbf46">මොකද, ඔයා එයාට කඩේ යනවද?</font>

386
00:28:50,521 --> 00:28:53,232
<font color="#ffbf46">මම කඩේ යනවා නෙමෙයි.
මට ඕන වුනේ වැරදි වැටහීම නැති කරන්න.</font>

387
00:28:53,983 --> 00:28:57,361
<font color="#ffbf46">එයා සෝල් ගියේ
හන්-ග්‍යුල්ගේ යාලුවෙක්ට උදව් කරන්න.</font>

388
00:28:57,445 --> 00:29:00,781
<font color="#ffbf46">එයා ළමයෙක්ව වතුරේ ගිලෙන්න ගිහින් බේරගත්තත්
බැනුම් අහගෙන ඉන්න ජාතියේ මනුස්සයෙක්.</font>

389
00:29:02,032 --> 00:29:03,742
<font color="#ffbf46">අපි ඒකත් හොයලා බලන්න ඕනේ,</font>

390
00:29:03,826 --> 00:29:06,245
<font color="#ffbf46">මිස්ටර් හොන්ග්ට අතට තුවාල වුනේ
ඇත්තටම මිස්ටර් සන් හින්දද කියලා.</font>

391
00:29:06,829 --> 00:29:07,913
<font color="#ffbf46">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

392
00:29:08,956 --> 00:29:12,376
<font color="#ffbf46">ඔයා එයා එක්ක දවස් ටිකයි ගත කරේ,
ඒ වුනාට ඔයාට එයා ගැන පිස්සු හැදිලනේ.</font>

393
00:29:14,086 --> 00:29:15,212
<font color="#ffbf46">බොම් මිස්.</font>

394
00:29:15,296 --> 00:29:16,839
<font color="#ffbf46">මම කියන දේ අහන්න.</font>

395
00:29:16,922 --> 00:29:20,426
<font color="#ffbf46">පුළුවන් තරම් සන් ජේ-ග්‍යු ගෙන් ඈත් වෙලා ඉන්න එක
තමයි හොඳම දේ.</font>

396
00:29:20,509 --> 00:29:22,970
<font color="#ffbf46">මම දැක්කා එයා ටවුමේ--</font>

397
00:29:23,053 --> 00:29:24,263
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු ට මොකද වෙලා තියෙන්නේ?</font>

398
00:29:24,346 --> 00:29:25,222
<font color="#ffbf46">ඇයි?</font>

399
00:29:26,056 --> 00:29:27,183
<font color="#ffbf46">මොකක් හරි වුනාද?</font>

400
00:29:29,268 --> 00:29:30,394
<font color="#ffbf46">මම කියන්නේ...</font>

401
00:29:31,270 --> 00:29:34,106
<font color="#ffbf46">නිකන් හිතලා බලන්නකෝ එයා
හැම තිස්සෙම ඉන්නේ කොහොමද කියලා.</font>

402
00:29:34,190 --> 00:29:36,025
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ ප්‍රශ්න වලදී,</font>

403
00:29:36,108 --> 00:29:38,944
<font color="#ffbf46">මිනිහා යකා නටාගෙන මෙතනට කඩාගෙන පැනලා,
පිස්සු කෙළිනවනේ.</font>

404
00:29:39,028 --> 00:29:39,904
<font color="#ffbf46">හැබැයි හන්-ග්‍යුල් එක්ක...</font>

405
00:29:40,571 --> 00:29:42,990
<font color="#ffbf46">එයා හරිම ආදරෙන් ඉන්නේ.</font>

406
00:29:43,616 --> 00:29:46,368
<font color="#ffbf46">කවුද හිතන්නේ එයා මාමා කෙනෙක් කියලා?</font>

407
00:29:46,869 --> 00:29:49,330
<font color="#ffbf46">එයා කෙල්ලෝ එක්ක රවුම් ගහන්න ඕන කාලේ,</font>

408
00:29:49,413 --> 00:29:52,124
<font color="#ffbf46">හන්-ග්‍යුල්ව බලාගන්න ඕන හින්දා
එයා කාත් එක්කවත් යාලු වුනේ නෑ.</font>

409
00:29:52,750 --> 00:29:55,336
<font color="#ffbf46">අම්මපා, තමන්ගේම ළමයා වෙනුවෙන්වත්
කවුරුත් එහෙම කරන එකක් නෑ.</font>

410
00:29:57,630 --> 00:29:58,923
<font color="#ffbf46">එහෙනම් ඒ එයාගේම ළමයා වෙන්න ඇති.</font>

411
00:30:00,257 --> 00:30:01,175
<font color="#ffbf46">මොකක්?</font>

412
00:30:02,510 --> 00:30:03,886
<font color="#ffbf46">වට වෙන්නකෝ.</font>

413
00:30:11,769 --> 00:30:13,395
<font color="#ffbf46">මේක අලුත්ම නිවුස් එකක්.</font>

414
00:30:13,479 --> 00:30:15,022
<font color="#ffbf46"><i>එදා මම ටවුමේ ඉද්දි,</i></font>

415
00:30:15,105 --> 00:30:17,608
<font color="#ffbf46"><i>මම දැක්කා මනුස්සයෙක්ව, හොඳට ඇඟ පත තියෙන</i>
<i>යුද්ද ටැංකියක් වගේ එකෙක්,</i></font>

416
00:30:17,691 --> 00:30:19,818
<font color="#ffbf46"><i>අත දිගේම ඩ්‍රැගන් ටැටූ එකකුත් තිබුනා.</i></font>

417
00:30:19,902 --> 00:30:23,489
<font color="#ffbf46"><i>හරියටම සන් ජේ-ග්‍යු වගේම පෙනුන මනුස්සයා</i>
<i>ගෑනු කෙනෙක් එක්ක හිටියේ.</i></font>

418
00:30:24,031 --> 00:30:24,865
<font color="#ffbf46"><i>ගෑනු කෙනෙක්?</i></font>

419
00:30:27,284 --> 00:30:29,119
<font color="#ffbf46">ඔයාට ලැජ්ජාවක් නැද්ද
ළමයා ගැන අහන්න.</font>

420
00:30:29,662 --> 00:30:33,749
<font color="#ffbf46"><i>ඒ ගෑනු කෙනා එයාගේ මූණ දිහා බලාගෙන</i>
<i>මොකක්ද මන්දා ළමයෙක් ගැන කියෙව්වා.</i></font>

421
00:30:33,832 --> 00:30:36,418
<font color="#ffbf46"><i>එයා පණ දාගෙන අඬ අඬ හිටියේ.</i></font>

422
00:30:37,002 --> 00:30:38,128
<font color="#ffbf46">සියෝ මිස්. ඔව්.</font>

423
00:30:39,797 --> 00:30:42,466
<font color="#ffbf46">ඒක ඇත්තද? ඔයාට ෂුවර්ද ඔයා දැක්ක දේ?</font>

424
00:30:43,551 --> 00:30:47,930
<font color="#ffbf46">ප්‍රින්සිපල්, මේ ෂින්සු වල වෙන කවුද ඉන්නේ
ඩ්‍රැගන් ටැටූ එකක් ගහපු,</font>

425
00:30:48,013 --> 00:30:49,515
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු ඇරෙන්න?</font>

426
00:30:50,808 --> 00:30:51,725
<font color="#ffbf46">මම හරි නේද?</font>

427
00:30:52,351 --> 00:30:55,020
<font color="#ffbf46">කෙනෙක්ගේ පෙනුමෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්.</font>

428
00:30:55,104 --> 00:30:59,233
<font color="#ffbf46">එයාගේ ඇස් දෙක හරිම තියුණුයි,
මුළු ඇඟෙන්ම කාමුක පෙනුමක් තියෙන්නේ,</font>

429
00:30:59,316 --> 00:31:00,818
<font color="#ffbf46">කෙල්ලෝ පස්සෙමයි යන්නේ.</font>

430
00:31:00,901 --> 00:31:04,071
<font color="#ffbf46">එයා උසයි මහතයි, හෙන ගැම්මෙන් ඉන්නේ.</font>

431
00:31:04,154 --> 00:31:06,365
<font color="#ffbf46">ඕන කෙනෙක්ට තේරෙනවා
මිනිහා මොකක් හරි වල් වැඩක් තමයි කරන්නේ කියලා.</font>

432
00:31:06,448 --> 00:31:08,284
<font color="#ffbf46">එහෙම වුනත්.</font>

433
00:31:08,367 --> 00:31:10,953
<font color="#ffbf46">ඔයා කිව්වනේ හන්-ග්‍යුල්ගේ අම්මා නැති වෙලා කියලා.</font>

434
00:31:11,036 --> 00:31:14,748
<font color="#ffbf46">ඒක දැනගන්න විදියක් නෑනේ
පවුලේ විස්තර හොයලා බලන්නේ නැතුව.</font>

435
00:31:14,832 --> 00:31:15,666
<font color="#ffbf46">ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

436
00:31:17,418 --> 00:31:18,836
<font color="#ffbf46">මම හරි නේද?</font>

437
00:31:18,919 --> 00:31:20,796
<font color="#ffbf46">ඔව්, ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.</font>

438
00:31:30,014 --> 00:31:32,141
<font color="#ffbf46">අර ගෑනු මනුස්සයා</font>

439
00:31:41,108 --> 00:31:42,067
<font color="#ffbf46">මොකක්?</font>

440
00:31:43,068 --> 00:31:43,902
<font color="#ffbf46">මොන විකාරයක්ද?</font>

441
00:31:47,156 --> 00:31:48,616
<font color="#ffbf46">තමුසෙද කිම් මින්-ජේ?</font>

442
00:31:49,158 --> 00:31:51,535
<font color="#ffbf46">ඇයි තමුසෙ හැමතිස්සෙම මගේ වැඩ වලට හරහට හිටින්නේ?</font>

443
00:31:58,042 --> 00:31:58,876
<font color="#ffbf46">"සොරි"?</font>

444
00:32:00,961 --> 00:32:03,505
<font color="#ffbf46">තමුසෙට සොරි කියන්න නොබෙල් ප්‍රයිස් එකක් දිනපු
පොතක්ම ඕන වුනාද?</font>

445
00:32:03,589 --> 00:32:05,966
<font color="#ffbf46">මම ඇත්තටම වැඩිහිටියන්ට කිව්වට සොරි.</font>

446
00:32:06,050 --> 00:32:07,718
<font color="#ffbf46">මට ඕන වුනේ නෑ ඔයාට කරදරයක් කරන්න.</font>

447
00:32:07,801 --> 00:32:12,514
<font color="#ffbf46">ඔයා කොල්ලෙක්ගේ ගෙදර නිදාගන්නවා කිව්වම
මම බය වුනා.</font>

448
00:32:12,598 --> 00:32:13,849
<font color="#ffbf46">ඔව්, ඇති යන්න.</font>

449
00:32:15,225 --> 00:32:16,477
<font color="#ffbf46">ඔයාට මාව ඕන, ඒකයි ඔය.</font>

450
00:32:17,227 --> 00:32:18,062
<font color="#ffbf46">මට ඔයාව ඕන?</font>

451
00:32:18,937 --> 00:32:20,773
<font color="#ffbf46">අපේ පන්තියේ ළමයි 25ක් ඉන්නවා.</font>

452
00:32:20,856 --> 00:32:23,400
<font color="#ffbf46">එකෙක් හරි අඩු වුනොත්,
ඔයාට Grade 1 එක හම්බෙන්නේ නෑ.</font>

453
00:32:24,360 --> 00:32:27,821
<font color="#ffbf46">ඔයාට ඕන මම ඔයාට වඩා පල්ලෙහායින් ඉන්න,
එතකොට ඔයාගේ රෑන්ක් එක ආරක්ෂිතයිනේ.</font>

454
00:32:32,076 --> 00:32:34,411
<font color="#ffbf46">මම දන්නවා ඔයාට Grade 1 ගන්න පුළුවන් විදිය.</font>

455
00:32:40,167 --> 00:32:41,251
<font color="#ffbf46">ඔයා...</font>

456
00:32:44,004 --> 00:32:44,838
<font color="#ffbf46">මැරෙන්නද හදන්නේ?</font>

457
00:32:46,256 --> 00:32:47,591
<font color="#ffbf46">මම මැරුණොත් එතන ඉතිරි වෙන්නේ 24 දෙනයි.</font>

458
00:32:48,801 --> 00:32:50,844
<font color="#ffbf46">ඔයාට පළවෙනියා වෙන්න ඕන නම්,
ඔයාට මාවත් ඕන වෙනවා.</font>

459
00:32:50,928 --> 00:32:53,389
<font color="#ffbf46">මම කොහොමද එහෙම කරන්නේ?</font>

460
00:32:53,472 --> 00:32:54,306
<font color="#ffbf46">ඔයාට තියෙන්නේ නිකම්ම...</font>

461
00:32:55,766 --> 00:32:56,600
<font color="#ffbf46">මාව පරාද්දන්න.</font>

462
00:33:00,604 --> 00:33:03,315
<font color="#ffbf46">උසාලින් බොල්ට්ගේ අන්තිම රේස් එක දින්නේ කවුද කියලා දන්නවද?</font>

463
00:33:04,024 --> 00:33:06,819
<font color="#ffbf46">ගැට්ලින්, එයාට හැමදාම
දෙවෙනියා වෙලා හිටපු කෙනා.</font>

464
00:33:08,404 --> 00:33:11,490
<font color="#ffbf46">රොජර් ඩීකින්ස්ට ඔස්කාර් සම්මානය
13 පාරක්ම නැති වුණා,</font>

465
00:33:11,573 --> 00:33:12,825
<font color="#ffbf46">14 වෙනි පාර දිනන්න කලින්.</font>

466
00:33:13,409 --> 00:33:15,285
<font color="#ffbf46">කවුරුත් හැමදාම දෙවෙනියා වෙලා ඉන්නේ නෑ.</font>

467
00:33:15,369 --> 00:33:16,995
<font color="#ffbf46">ඔයාට අනිවාර්යයෙන්ම මාව පරාද්දන්න පුළුවන්.</font>

468
00:33:17,079 --> 00:33:19,331
<font color="#ffbf46">ඒත් මම දන්නේ නෑ කොහොමද ඒක කරන්නේ කියලා!</font>

469
00:33:22,918 --> 00:33:26,922
<font color="#ffbf46">විභාගෙට එන්න ඉඩ තියෙන පාඩම් ටික මෙතන තියෙනවා.
මෙතනින් පටන් ගන්න.</font>

470
00:33:28,257 --> 00:33:30,384
<font color="#ffbf46">ඔයා මේක කරන්නේ මට ඔයාව
පරාද්දන්න බැරි බව දැනගෙනමයි.</font>

471
00:33:30,467 --> 00:33:32,261
<font color="#ffbf46">නෑ, මට ඕන ඔයා මාව පරාද්දනවා දකින්න.</font>

472
00:33:32,344 --> 00:33:33,178
<font color="#ffbf46">ඇයි?</font>

473
00:33:35,222 --> 00:33:37,224
<font color="#ffbf46">ඇයි ඔයාට ඕන මම ඔයාව පරාද්දනවා දකින්න?</font>

474
00:33:43,355 --> 00:33:45,733
<font color="#ffbf46">මේ ටික බලාගන්න.
මම අනිත් විෂයන් ටිකත් එකතු කරන්නම්.</font>

475
00:33:47,151 --> 00:33:48,152
<font color="#ffbf46">යමු යන්න.</font>

476
00:33:50,779 --> 00:33:53,574
<font color="#ffbf46">මට දැනුණා සේ-ජිනුයි මමයි
ඉන්නේ එකම මට්ටමක කියලා.</font>

477
00:33:55,075 --> 00:33:56,493
<font color="#ffbf46">හර්මන් හෙසේගේ...</font>

478
00:33:56,994 --> 00:33:59,204
<font color="#ffbf46"><i>මියන්. </i>ෂා, මරු පොතක්නේ.</font>

479
00:33:59,288 --> 00:34:03,417
<font color="#ffbf46">මේකේ තියෙන්නේ රිදුණු ආත්මයක් අනිත් අයට සමාව දීලා
ජීවත් වෙන්න ඉගෙන ගන්න හැටි ගැන.</font>

480
00:34:04,293 --> 00:34:06,670
<font color="#ffbf46">අපි දෙන්නා එකම බඩේ උපන්නා කිව්වම මට ලැජ්ජයි.</font>

481
00:34:07,254 --> 00:34:08,464
<font color="#ffbf46"><i>මොකක්ද මේ අවුස්සන්නේ?</i></font>

482
00:34:08,547 --> 00:34:11,258
<font color="#ffbf46">අඩු ගානේ නමවත් හරියට ඉගෙන ගන්නවා!</font>

483
00:34:11,341 --> 00:34:14,011
<font color="#ffbf46">මේ පොතේ නම <i>"මියන්" </i>නෙවෙයි, <i>"ඩේමියන්"</i>.</font>

484
00:34:14,887 --> 00:34:18,474
<font color="#ffbf46"><i>"ඩේ" </i>කියන්නේ "සුපිරි" නේ,
ඒ කියන්නේ මේකේ තේරුම "සුපිරි සොරි" කියන එකද.</font>

485
00:34:23,604 --> 00:34:26,148
<font color="#ffbf46">එතකොට හෝටලේදී එයාට කතා කරපු කාන්තාවයි</font>

486
00:34:26,231 --> 00:34:27,775
<font color="#ffbf46">මිස් සෝ දැකපු කෙනයි එක්කෙනෙක්ද?</font>

487
00:34:28,650 --> 00:34:32,279
<font color="#ffbf46">ඒත් හන්-ග්‍යුල් එයාගේ පුතා නම්,
ඇයි එයා මේ මාමා කෙනෙක් වගේ රඟපාන්නේ?</font>

488
00:34:33,614 --> 00:34:35,949
<font color="#ffbf46">මම එයා ගැන ඕනවට වඩා හිතනවා.</font>

489
00:34:36,950 --> 00:34:39,995
<font color="#ffbf46">එයා හන්-ග්‍යුල්ට කවුරු වුණත් වැඩක් නෑ.
ඒක මට අදාළ නෑනේ.</font>

490
00:34:48,128 --> 00:34:50,380
<font color="#ffbf46">එයා අතන මොකද කරන්නේ?</font>

491
00:34:54,843 --> 00:34:56,011
<font color="#ffbf46">අපොයි දෙවියනේ.</font>

492
00:35:19,284 --> 00:35:22,579
<font color="#ffbf46">මෙයා මස් පිපිරෙන බෙහෙත් බිලද
නැත්තම් ස්ටෙරොයිඩ් ගහලද?</font>

493
00:35:23,205 --> 00:35:25,541
<font color="#ffbf46">ඇයි මෙයා හැමදාම රෑට මේ තරම් ෆෝම් වෙන්නේ?</font>

494
00:35:33,465 --> 00:35:34,716
<font color="#ffbf46">මිස්ටර් සන්.</font>

495
00:35:34,800 --> 00:35:38,846
<font color="#ffbf46">ඔයා මොනවා කළත් මම දැක්කේ නෑ වගේ ඉන්න
උත්සාහ කළා,</font>

496
00:35:38,929 --> 00:35:42,266
<font color="#ffbf46">ඒත් මේ පළාතේ කෙනෙක් විදිහට,
මට නිකම් ඉන්න බෑ.</font>

497
00:35:42,349 --> 00:35:45,978
<font color="#ffbf46">කාණු අයිති නගර සභාවට,
ඒ නිසා ඔයා ඒවා කඩන්න හොඳ නෑ.</font>

498
00:35:49,606 --> 00:35:52,693
<font color="#ffbf46">අම්මෝ, ඒක ඔයාගේ අතක් දාන්න තරම්
ලොකුයිනේ.</font>

499
00:35:52,776 --> 00:35:54,403
<font color="#ffbf46">එහෙමද? මොකක්?</font>

500
00:35:54,486 --> 00:35:55,946
<font color="#ffbf46">ඒක ඇති තරම් ලොකුද?</font>

501
00:36:19,553 --> 00:36:21,847
<font color="#ffbf46">අපොයි, ආයෙත් ඔයාද?</font>

502
00:36:23,765 --> 00:36:25,350
<font color="#ffbf46">දැන් තමයි මාව අඳුර ගත්තේ.</font>

503
00:36:25,434 --> 00:36:28,562
<font color="#ffbf46">ආ, ඔයා මේ බල්ලව දන්නවද?</font>

504
00:36:57,591 --> 00:37:00,594
<font color="#ffbf46">කවුද ඔයාව මෙතන දාලා ගියේ?
ඔයා නායයමකට අහු වුණාද?</font>

505
00:37:01,970 --> 00:37:03,055
<font color="#ffbf46">මම ආවේ ඔයාගේ සද්දේ අහගෙන.</font>

506
00:37:03,639 --> 00:37:05,182
<font color="#ffbf46">බය වෙන්න එපා.</font>

507
00:37:06,058 --> 00:37:08,936
<font color="#ffbf46"><i>කලින් නාය ගිය වෙලාවෙත්</i>
<i>මම මූව බේරගත්තා.</i></font>

508
00:37:17,110 --> 00:37:20,155
<font color="#ffbf46">පාර වැරදිලාද?
ඇයි ඔයා තනියම? මෙහෙ එන්න.</font>

509
00:37:20,948 --> 00:37:22,324
<font color="#ffbf46">අනේ මන්දා.</font>

510
00:37:23,241 --> 00:37:24,409
<font color="#ffbf46">ඔයාට හොඳින්ද?</font>

511
00:37:26,328 --> 00:37:27,162
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

512
00:37:30,082 --> 00:37:31,750
<font color="#ffbf46">කකුල තුවාල වෙලා වගේ.</font>

513
00:37:33,460 --> 00:37:36,088
<font color="#ffbf46">මොකද කරන්නේ? ළඟපාත සත්තු දොස්තර කෙනෙක් ඉන්නවද?</font>

514
00:37:54,481 --> 00:37:56,108
<font color="#ffbf46">ඔයා ළඟ මූව පිහදාන්න මොනවා හරි තියෙනවද?</font>

515
00:38:03,490 --> 00:38:04,992
<font color="#ffbf46">තියෙනවා. කොහෙද?</font>

516
00:38:07,160 --> 00:38:11,373
<font color="#ffbf46">පෝස් ඇන්ඩ් මියව් සත්තු සායනය</font>

517
00:38:19,840 --> 00:38:20,924
<font color="#ffbf46">මොකක්?</font>

518
00:38:21,967 --> 00:38:23,260
<font color="#ffbf46">මොකද වුණේ?</font>

519
00:39:27,532 --> 00:39:32,204
<font color="#ffbf46">රෑ ෂිෆ්ට් එක කළාට අද නම් පාඩු නෑ වගේ.</font>

520
00:39:53,391 --> 00:39:55,977
<font color="#ffbf46">ඇයි ඔයා මූව පිහදාන්න ඔයාගේ ෂර්ට් එක ගැලෙව්වේ?</font>

521
00:39:56,061 --> 00:39:58,105
<font color="#ffbf46">මූ ගැහෙන ගැහිල්ලට,
ෂර්ට් එක ගැන හිත හිත ඉන්න බෑනේ.</font>

522
00:39:58,188 --> 00:39:59,022
<font color="#ffbf46">ඒ වුණාට...</font>

523
00:39:59,106 --> 00:40:01,733
<font color="#ffbf46">මේක ඉක්මනට වේලෙන ෂර්ට් එකක්,
ඒ නිසා ප්‍රශ්නයක් නෑ.</font>

524
00:40:02,400 --> 00:40:03,527
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද ප්‍රතිකාර කරන්න?</font>

525
00:40:03,610 --> 00:40:04,986
<font color="#ffbf46">පුළුවන් වෙයි.</font>

526
00:40:06,947 --> 00:40:09,783
<font color="#ffbf46">ඔයා කියන ඕනම දෙයක්.
අපි ඕන දෙයක් කරන්නම්.</font>

527
00:40:09,866 --> 00:40:12,536
<font color="#ffbf46">මම හිතන්නේ මෙයාගේ කකුල තුවාල වෙලා,
අනේ පොඩ්ඩක් බලන්න.</font>

528
00:40:12,619 --> 00:40:14,371
<font color="#ffbf46">ආපු එකේ සම්පූර්ණ චෙක්-අප් එකකුත් දාන්න.</font>

529
00:40:15,330 --> 00:40:17,999
<font color="#ffbf46">දොස්තර මහත්තයා ගිහින් ඉන්නේ වැස්සියක් පැටව් ගහන තැනකට.
ටිකක් වෙලා ඉන්න වෙයි.</font>

530
00:40:19,459 --> 00:40:22,337
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද මේක පුරවන්න?</font>

531
00:40:23,213 --> 00:40:25,298
<font color="#ffbf46">හරි. ගිහින් වාඩි වෙන්න.</font>

532
00:40:25,382 --> 00:40:26,383
<font color="#ffbf46">කමක් නෑ.</font>

533
00:40:58,748 --> 00:41:00,625
<font color="#ffbf46">ඇයි මේක මෙච්චර වෙලා යන්නේ?</font>

534
00:41:15,015 --> 00:41:16,933
<font color="#ffbf46">ඕක හංගන්න ඕන නෑ.</font>

535
00:41:19,519 --> 00:41:21,730
<font color="#ffbf46">කැළැල් කියන්නේ හැම තිස්සෙම නරක දෙයක් නෙවෙයි.</font>

536
00:41:22,814 --> 00:41:25,066
<font color="#ffbf46">ඒවා තමයි ඔයා විඳදරා ගත්තු දේවල් වල සාක්ෂි.</font>

537
00:41:35,076 --> 00:41:36,203
<font color="#ffbf46">සමාවෙන්න.</font>

538
00:41:36,745 --> 00:41:38,163
<font color="#ffbf46">ඔයා හන්-ග්‍යුල්ගේ තාත්තා නේද?</font>

539
00:41:39,539 --> 00:41:42,667
<font color="#ffbf46">ආ, මෙයා හන්-ග්‍යුල්ගේ මාමා, තාත්තා නෙවෙයි.</font>

540
00:41:42,751 --> 00:41:45,045
<font color="#ffbf46">මොකක්? නෑ, මෙයා තමයි තාත්තා.</font>

541
00:41:47,255 --> 00:41:48,673
<font color="#ffbf46">ඔයා තමයි හන්-ග්‍යුල්ගේ තාත්තා.</font>

542
00:41:52,719 --> 00:41:55,388
<font color="#ffbf46">මම ලියකියවිලි ඔක්කොම බැලුවා.</font>

543
00:41:56,973 --> 00:41:59,184
<font color="#ffbf46">ලියකියවිලි? ඔයා මොකක්ද මේ කියන්නේ?</font>

544
00:42:04,147 --> 00:42:06,149
<font color="#ffbf46">මොකක් හරි කියන්නකෝ මිස්ටර් සන්.</font>

545
00:42:06,233 --> 00:42:11,029
<font color="#ffbf46">එයා කියන්නේ ඔයා හන්-ග්‍යුල්ගේ තාත්තා මිසක්
මාමා නෙවෙයි කියලා.</font>

546
00:42:14,532 --> 00:42:15,450
<font color="#ffbf46">එයා හරි.</font>

547
00:42:17,285 --> 00:42:18,161
<font color="#ffbf46">මම...</font>

548
00:42:21,164 --> 00:42:22,249
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ තාත්තා.</font>

549
00:42:25,418 --> 00:42:27,963
<font color="#ffbf46"><i>මාමා කියන්නේ... එයාගේ තාත්තද?</i></font>

550
00:42:50,402 --> 00:42:51,236
<font color="#ffbf46">මොකද?</font>

551
00:42:51,903 --> 00:42:53,238
<font color="#ffbf46">මේ කුඩේ ගන්න.</font>

552
00:42:56,741 --> 00:43:00,203
<font color="#ffbf46">වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව හැදුණොත්,
ඔයාට විභාගෙට හරියට ලියන්න බැරි වෙයි.</font>

553
00:43:01,162 --> 00:43:02,080
<font color="#ffbf46">ඇයි?</font>

554
00:43:03,039 --> 00:43:05,667
<font color="#ffbf46">ඔයාගේ පේස්මේකර් අයින් වුණොත් ඔයාගේ ලකුණු අඩුවෙයි කියලා බයද?</font>

555
00:43:07,836 --> 00:43:10,380
<font color="#ffbf46">මම මේක ගත්තොත්, ඔයා කොහොමද ගෙදර යන්නේ?</font>

556
00:43:10,463 --> 00:43:12,841
<font color="#ffbf46">වැස්සට තෙමුණත් මම ඔයාව පරාද්දනවා.</font>

557
00:43:20,098 --> 00:43:21,141
<font color="#ffbf46">අපි දෙන්නම මේකෙන් යමු.</font>

558
00:43:25,186 --> 00:43:27,689
<font color="#ffbf46">මම මෙහෙම ඔයාව පැරැද්දුවොත්,
අනිත් අය මොනවා හිතයිද?</font>

559
00:43:27,772 --> 00:43:31,151
<font color="#ffbf46">එයාලා හිතයි මම දින්නේ නපුරු හන්-ග්‍යුල්ට
හෙම්බිරිස්සාව හැදුණු නිසා කියලා.</font>

560
00:43:33,111 --> 00:43:34,571
<font color="#ffbf46">මේක පොඩි වැඩියි. ඔයා ගන්න.</font>

561
00:43:41,202 --> 00:43:43,705
<font color="#ffbf46">ඔයාගේ ඇඟට එක වැහි බිංදුවක්වත් වැටෙන්න බෑ.</font>

562
00:43:43,788 --> 00:43:45,332
<font color="#ffbf46">එතකොට තමයි තරඟේ සාධාරණ වෙන්නේ.</font>

563
00:43:46,541 --> 00:43:50,337
<font color="#ffbf46">විභාගෙ ඉවර වෙනකන් මොනවා වුණත්
සනීපෙන් ඉන්න ඕන.</font>

564
00:43:51,046 --> 00:43:53,131
<font color="#ffbf46">තේරුණාද? ඒක අණක්.</font>

565
00:44:23,203 --> 00:44:24,788
<font color="#ffbf46">සම්මාන සහතිකය</font>

566
00:44:26,664 --> 00:44:27,707
<font color="#ffbf46">දෙමාපිය උපහාර සම්මානය</font>

567
00:44:31,169 --> 00:44:32,337
<font color="#ffbf46">සම්මාන සහතිකය</font>

568
00:44:32,420 --> 00:44:33,922
<font color="#ffbf46">මේක ලේසි වෙන්න නැතුව ඇති...</font>

569
00:44:37,008 --> 00:44:38,051
<font color="#ffbf46">සේ-ජින්ට.</font>

570
00:44:39,886 --> 00:44:43,515
<font color="#ffbf46">ඉතින්, ඔයා ආවේ මට කරදර කරන්නද?</font>

571
00:44:49,562 --> 00:44:51,439
<font color="#ffbf46">මම හිතුවට වඩා හොඳට ඔයා ඉන්නවා.</font>

572
00:44:52,023 --> 00:44:57,237
<font color="#ffbf46">මම ඔයා ඉන්න තැන හොයාගන්න
බොරු පැමිණිල්ලකුත් දැම්මා.</font>

573
00:45:00,573 --> 00:45:01,408
<font color="#ffbf46">මෙන්න.</font>

574
00:45:03,993 --> 00:45:05,995
<font color="#ffbf46">ඔයා මෙච්චර දඟලලා මාව හොයාගෙන ආවේ,</font>

575
00:45:06,579 --> 00:45:07,455
<font color="#ffbf46">මේක හින්දා නේද?</font>

576
00:45:08,456 --> 00:45:09,999
<font color="#ffbf46">කලින් වගේ තුන් ගුණයක් තියෙනවා.</font>

577
00:45:11,626 --> 00:45:15,713
<font color="#ffbf46">කවදාහරි ආපහු දෙන්න වෙයි කියලා හිතුණු නිසා,
මම ඒක එකම පෙට්ටියක දාලා එකතු කළා.</font>

578
00:45:17,715 --> 00:45:19,050
<font color="#ffbf46">ඒක ප්‍රයෝජනවත් වුණා, ස්තුතියි.</font>

579
00:45:21,594 --> 00:45:22,595
<font color="#ffbf46">ඉතින් ඔයා හිතන්නේ...</font>

580
00:45:25,265 --> 00:45:26,182
<font color="#ffbf46">මම අවුරුදු දහයක් තිස්සේ...</font>

581
00:45:28,476 --> 00:45:29,519
<font color="#ffbf46">ඔයාව හෙව්වේ...</font>

582
00:45:30,895 --> 00:45:33,565
<font color="#ffbf46">සල්ලි නිසා කියලද?</font>

583
00:45:36,067 --> 00:45:38,153
<font color="#ffbf46">සල්ලි ඇරෙන්න ඔයාට මගෙන් වෙන මොනවද ඕන?</font>

584
00:45:41,614 --> 00:45:42,615
<font color="#ffbf46">සමාව ගැනීමක්.</font>

585
00:45:44,826 --> 00:45:45,743
<font color="#ffbf46">සමාව ගැනීමක්?</font>

586
00:45:48,663 --> 00:45:49,581
<font color="#ffbf46">එහෙම සමාවක් නෑ.</font>

587
00:45:50,874 --> 00:45:52,584
<font color="#ffbf46">ඔයාට මගෙන් ලැබෙන්නේ සල්ලි විතරයි.</font>

588
00:45:53,376 --> 00:45:54,711
<font color="#ffbf46">තව ඕන නම් කියන්න.</font>

589
00:46:19,736 --> 00:46:23,323
<font color="#ffbf46">නපුරු හන්-ග්‍යුල් මාව විහිළුවකට අරන්.</font>

590
00:46:23,406 --> 00:46:25,366
<font color="#ffbf46">උදේ එයා මට එයාගේ පොත දුන්නා,</font>

591
00:46:25,450 --> 00:46:27,702
<font color="#ffbf46">දැන් මම හිඟන්නෙක් වගේ කුඩේකුත් දෙනවා.</font>

592
00:46:28,244 --> 00:46:32,290
<font color="#ffbf46">එයා මාව පහත් කරලා සලකන්නේ
මගේ ලකුණු අඩු නිසා නේද?</font>

593
00:46:32,832 --> 00:46:37,170
<font color="#ffbf46">මට ඕන වුණේ එයාට සමාව දෙන්න,
ඒත් දැන් නම් මට පළිගන්නම ඕන.</font>

594
00:46:38,796 --> 00:46:39,631
<font color="#ffbf46">අහන්නත් දෙයක්ද.</font>

595
00:46:40,465 --> 00:46:42,592
<font color="#ffbf46">ඔයා සල්ලි විසි කරනවද?</font>

596
00:46:43,384 --> 00:46:45,345
<font color="#ffbf46">එහෙනම් මම මේවා ප්‍රතිචක්‍රීකරණය කරන්නම්.</font>

597
00:46:45,428 --> 00:46:46,387
<font color="#ffbf46">එපා.</font>

598
00:46:47,722 --> 00:46:49,349
<font color="#ffbf46">ඕක තියන්න. මම පස්සේ ආපහු ගන්නවා.</font>

599
00:46:50,725 --> 00:46:55,063
<font color="#ffbf46">මේක මගේ කේන්තිය යවාගන්න කරපු
රඟපෑමක් විතරයි.</font>

600
00:46:59,192 --> 00:47:00,235
<font color="#ffbf46">සේ-ජින්...</font>

601
00:47:01,277 --> 00:47:02,820
<font color="#ffbf46">ඔයාට හන්-ග්‍යුල්ව පරාද්දන්න නේද ඕන වුණේ?</font>

602
00:47:02,904 --> 00:47:04,280
<font color="#ffbf46">මට ඕන එයාව පොඩිකරලා දාන්න.</font>

603
00:47:04,364 --> 00:47:07,784
<font color="#ffbf46">ඒ පවුලේ මමත් පොඩි කරලා දාන්න ආස කරන
කෙනෙක් ඉන්නවා.</font>

604
00:47:09,077 --> 00:47:09,953
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ මාමාද?</font>

605
00:47:12,163 --> 00:47:14,332
<font color="#ffbf46">අපි එකතු වෙමුද? අනිවාර්යයෙන්ම.</font>

606
00:47:15,750 --> 00:47:16,668
<font color="#ffbf46">ඒ වුණාට...</font>

607
00:47:17,210 --> 00:47:20,755
<font color="#ffbf46">අපි එකට වැඩ කරනවා නම්,
ඔයා ශින්සු වලට එන්න ඕන නේද?</font>

608
00:47:20,838 --> 00:47:23,132
<font color="#ffbf46">නපුරු හන්-ග්‍යුල්ව පරාද්දන්න මට ඔයාගේ උදව් ඕන.</font>

609
00:47:25,718 --> 00:47:28,263
<font color="#ffbf46">මම මේක කරන්නේ පළවෙනි තැන උදුර ගන්න.</font>

610
00:47:29,514 --> 00:47:30,348
<font color="#ffbf46">ඒත් ඔයා?</font>

611
00:47:31,099 --> 00:47:33,142
<font color="#ffbf46">එයාගේ මාමාගෙන් ඔයා මොනවද ගන්න හදන්නේ?</font>

612
00:47:45,780 --> 00:47:47,031
<font color="#ffbf46">එතකොට ඔයා ගැන තිබුණු කටකතාව...</font>

613
00:47:48,449 --> 00:47:51,160
<font color="#ffbf46">ඔයා හන්-ග්‍යුල්ගේ තාත්තා කියන එක ඇත්තද?</font>

614
00:47:54,080 --> 00:47:57,000
<font color="#ffbf46">ඒ කටකතාව... එළියට ගියාද?</font>

615
00:47:58,334 --> 00:48:00,545
<font color="#ffbf46">එහෙම යන්න විදිහක් නෑ.</font>

616
00:48:02,297 --> 00:48:05,216
<font color="#ffbf46">නැත්තම් එයා කොහොමද දන්නේ?
එයා කිව්වනේ ලියකියවිලි බැලුවා කියලා.</font>

617
00:48:07,969 --> 00:48:08,845
<font color="#ffbf46">මේක බලන්න.</font>

618
00:48:15,018 --> 00:48:17,395
<font color="#ffbf46">සතුන් ඇතුළත් කිරීමේ පෝරමය</font>

619
00:48:17,478 --> 00:48:21,399
<font color="#ffbf46">නම: හන්-ග්‍යුල්
තාත්තා: සන් ජේ-ග්‍යු, අම්මා: යූන් බෝම්</font>

620
00:48:23,151 --> 00:48:24,902
<font color="#ffbf46">ඒක තහවුරු කරලා ඇතුළට එන්න.</font>

621
00:48:24,986 --> 00:48:26,237
<font color="#ffbf46">හරි.</font>

622
00:48:30,658 --> 00:48:32,744
<font color="#ffbf46">ඔයා කවද්ද මේක පිරෙව්වේ?</font>

623
00:48:33,703 --> 00:48:34,996
<font color="#ffbf46">අනික ඇයි මම මූගේ අම්මා වුණේ?</font>

624
00:48:35,079 --> 00:48:36,205
<font color="#ffbf46">එතකොට ඔයාද තාත්තා?</font>

625
00:48:37,832 --> 00:48:40,168
<font color="#ffbf46">එහෙම වුණත්, කොහොමද "හන්-ග්‍යුල්" කියලා ලිව්වේ?</font>

626
00:48:40,877 --> 00:48:43,963
<font color="#ffbf46">පාරේ ඉන්න බල්ලෙක්ට තමන්ගේ බෑණාගේ නම දාන
පිස්සා කවුද?</font>

627
00:48:44,464 --> 00:48:48,051
<font color="#ffbf46">එයා එක පාරටම නමක් ලියන්න කිව්වා.
මට මතක් වුණේ ඒ නම විතරයි.</font>

628
00:48:49,385 --> 00:48:51,929
<font color="#ffbf46">ඔයා ඒකට අකමැති නම්,
වෙන නමක් කියන්නකෝ.</font>

629
00:48:56,601 --> 00:48:59,687
<font color="#ffbf46">දැක්කනේ? මම දන්නවා.
ඔයාටත් මුකුත් හිතාගන්න බෑ නේද?</font>

630
00:49:00,313 --> 00:49:01,147
<font color="#ffbf46">අයියෝ.</font>

631
00:49:04,192 --> 00:49:07,362
<font color="#ffbf46">ඔයා හන්-ග්‍යුල්ට කැමති නැත්තම්,
අපි බෝම්-සික් කියලා දාමු.</font>

632
00:49:07,445 --> 00:49:09,697
<font color="#ffbf46">බෝම්-සික්, යූන් බෝම්ගේ පුතා. මරු.</font>

633
00:49:09,781 --> 00:49:10,948
<font color="#ffbf46">මූ ගැහැණු සතෙක් වුණොත්?</font>

634
00:49:11,032 --> 00:49:12,575
<font color="#ffbf46">මේ පිරිමි සතෙක්. ෂික්.</font>

635
00:49:15,119 --> 00:49:17,455
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ අම්මයි තාත්තයි, ඇතුළට එන්න.</font>

636
00:49:17,538 --> 00:49:19,290
<font color="#ffbf46">අපි දැන් නම වෙනස් කළා.</font>

637
00:49:19,957 --> 00:49:22,293
<font color="#ffbf46">දැන් නම බෝම්-සික්. යමු බෝම්-සික්.</font>

638
00:49:29,592 --> 00:49:33,429
<font color="#ffbf46">පොඩි තැලීම් පාරක් ඇරෙන්න,
කැඩුනු බිඳුණු තැනක්වත් ලොකු ප්‍රශ්නයක්වත් නෑ,</font>

639
00:49:33,513 --> 00:49:37,475
<font color="#ffbf46">හැබැයි හරියට කෑමක් බීමක් නැති නිසා,
සීනි බැහැලා තියෙන්නේ.</font>

640
00:49:37,558 --> 00:49:40,019
<font color="#ffbf46">සලයින් ටිකක් දීලා විවේක ගත්තම,
එයාට හරි යයි.</font>

641
00:49:41,729 --> 00:49:43,523
<font color="#ffbf46">ඉතින්, මෙතනින් එහාට මූට මොකද වෙන්නේ?</font>

642
00:49:45,233 --> 00:49:49,237
<font color="#ffbf46">අපි අතරමං වුණ සත්තු භාර ගන්නවා,
ඔයාලට පුළුවන් මූව අපිට භාර දෙන්න...</font>

643
00:49:50,154 --> 00:49:51,614
<font color="#ffbf46">ඒත් මූට චිප් එකක් නෑ,</font>

644
00:49:51,698 --> 00:49:53,741
<font color="#ffbf46">ඒ නිසා අයිතිකාරයා හොයන්න
අපිට දැන්වීමක් දාන්න වෙනවා.</font>

645
00:49:53,825 --> 00:49:55,993
<font color="#ffbf46">අයිතිකාරයා ආවේ නැත්තම්?</font>

646
00:49:57,954 --> 00:49:59,747
<font color="#ffbf46">දවස් දහයකින් කවුරුත් ආවේ නැත්තම්...</font>

647
00:50:00,957 --> 00:50:03,876
<font color="#ffbf46">මොකක්, ඔයාලා මූව මරනවා කියලද ඔය කියන්නේ?</font>

648
00:50:06,129 --> 00:50:07,004
<font color="#ffbf46">නෑ.</font>

649
00:50:07,088 --> 00:50:11,634
<font color="#ffbf46">අයිතිකාරයා ආවේ නැත්තම්,
අපිට කියන්න. අනිවාර්යයෙන්ම කියන්න.</font>

650
00:50:13,553 --> 00:50:16,556
<font color="#ffbf46">අපි කියන්නම්. බය වෙන්න එපා, ගිහින් මොනවා හරි කන්න.</font>

651
00:50:21,102 --> 00:50:22,019
<font color="#ffbf46">මූට හොඳටම සනීපයිනේ.</font>

652
00:50:23,813 --> 00:50:24,772
<font color="#ffbf46">ඇස් අරින්න.</font>

653
00:50:27,567 --> 00:50:28,943
<font color="#ffbf46">ඇතුළට එන්න, ඩාලිං.</font>

654
00:50:29,902 --> 00:50:31,112
<font color="#ffbf46">දැන් මට මොකක්ද කිව්වේ?</font>

655
00:50:32,155 --> 00:50:34,699
<font color="#ffbf46">ඔයා බෝම්-සික්ගේ අම්මා, මම තාත්තානේ.</font>

656
00:50:34,782 --> 00:50:37,827
<font color="#ffbf46">එතකොට අපි ජෝඩුවක් වෙනවා නේද?</font>

657
00:50:38,786 --> 00:50:39,620
<font color="#ffbf46">පැටියෝ.</font>

658
00:50:40,246 --> 00:50:41,456
<font color="#ffbf46">ආ, එන්න.</font>

659
00:50:42,457 --> 00:50:43,583
<font color="#ffbf46">අනේ මන්දා.</font>

660
00:50:43,666 --> 00:50:46,794
<font color="#ffbf46">අප්පේ. ඔයා අද නෝනත් එක්ක ඇවිල්ලානේ.</font>

661
00:50:48,045 --> 00:50:50,047
<font color="#ffbf46">මම එයාගේ නෝනා නෙවෙයි. මම එයාගේ බබාගේ ටීචර්.</font>

662
00:50:50,131 --> 00:50:51,466
<font color="#ffbf46">ඔයාලට මොනවද ඕනේ?</font>

663
00:50:53,426 --> 00:50:55,887
<font color="#ffbf46">මෙතන තියෙන්නෙම පිටි කෑමනේ.</font>

664
00:50:56,512 --> 00:50:58,848
<font color="#ffbf46">නැන්දේ, මේ ඇඟට ගුණ කෑම ජාතියක් එහෙම නැද්ද?</font>

665
00:50:58,931 --> 00:51:02,518
<font color="#ffbf46">අනේ මන්දා.
ඔයා ඔයාගේ නෝනා ගැන හරිම ආදරෙන් බලනවනේ.</font>

666
00:51:02,602 --> 00:51:03,770
<font color="#ffbf46">මට ඉරිසියාවෙ බැහැ.</font>

667
00:51:04,645 --> 00:51:08,357
<font color="#ffbf46">අපේ බබාගේ කකුල තුවාල වෙලා,
ඒ නිසා නෝනා තාම මුකුත් කෑවේ නෑ.</font>

668
00:51:08,441 --> 00:51:09,567
<font color="#ffbf46">එයා බඩගින්නේ ඉන්නේ.</font>

669
00:51:09,650 --> 00:51:10,485
<font color="#ffbf46">පව් අනේ.</font>

670
00:51:10,568 --> 00:51:13,696
<font color="#ffbf46">දරුවා අසනීපෙන් ඉද්දි අම්මා කෙනෙක්ට කෑම ටිකක්වත්
උගුරෙන් පහළට යයිද?</font>

671
00:51:13,780 --> 00:51:15,364
<font color="#ffbf46">ළමයි කීදෙනෙක් ඉන්නවද? එක්කෙනයි.</font>

672
00:51:15,448 --> 00:51:16,866
<font color="#ffbf46">දුවෙක්ද? පුතෙක්.</font>

673
00:51:16,949 --> 00:51:19,368
<font color="#ffbf46">අපෝ. එහෙනම් දුවෙක් හදාගන්න එකයි ඇත්තේ.</font>

674
00:51:19,911 --> 00:51:23,539
<font color="#ffbf46">පුතාලා හදන එක නම් මහ කරදරයක්.
එයාලගෙන් ප්‍රශ්න විතරයි.</font>

675
00:51:24,415 --> 00:51:25,958
<font color="#ffbf46">මාත් කියන්නේ ඕකම තමයි.</font>

676
00:51:26,042 --> 00:51:29,712
<font color="#ffbf46">මම තව බබෙක් හදමු කියලා කිය කිය ඉන්නේ.
මේයා බෑ කියනවානේ.</font>

677
00:51:29,796 --> 00:51:32,298
<font color="#ffbf46">මේ,
අපෙන් ඕඩර් එක ගන්න අදහසක් නැද්ද?</font>

678
00:51:32,381 --> 00:51:33,382
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

679
00:51:33,466 --> 00:51:36,219
<font color="#ffbf46">මම දවල් හරක් මස් සුප් එකක් හදලා තිබ්බා.</font>

680
00:51:36,302 --> 00:51:41,682
<font color="#ffbf46">මම ඔයාගේ නෝනා වෙනුවෙන්ම
හොඳ ඩම්ප්ලින් සුප් එකක් හදලා දෙන්නම්.</font>

681
00:51:41,766 --> 00:51:43,100
<font color="#ffbf46">ඒකෙන් ඇඟට පණක් එයි,</font>

682
00:51:43,184 --> 00:51:45,478
<font color="#ffbf46">ඊට පස්සේ මහත්තයත් එක්ක දුවෙක් හදාගන්නකෝ.</font>

683
00:51:46,020 --> 00:51:46,896
<font color="#ffbf46">හාද?</font>

684
00:51:47,647 --> 00:51:49,315
<font color="#ffbf46">අම්මපා.</font>

685
00:52:13,256 --> 00:52:14,715
<font color="#ffbf46">ඔයා හෙට හවසට ෆ්‍රී ද?</font>

686
00:52:15,341 --> 00:52:17,385
<font color="#ffbf46">ඔයාට ආයෙත් මම වැඩ කරන තැන
බලන්න යන්න ඕනෙද?</font>

687
00:52:17,468 --> 00:52:19,053
<font color="#ffbf46">හන්-ගියුල් ෆ්‍රී නම් යමු.</font>

688
00:52:20,012 --> 00:52:21,264
<font color="#ffbf46">හන්-ගියුල් එන්නේ නෑ.</font>

689
00:52:24,433 --> 00:52:25,393
<font color="#ffbf46">අපි හම්බවෙමු, අපි විතරක්.</font>

690
00:52:27,812 --> 00:52:28,938
<font color="#ffbf46">අපි දෙන්නා විතරද?</font>

691
00:52:31,107 --> 00:52:32,108
<font color="#ffbf46">ඩ්‍රින්ක් එකක් දාමු.</font>

692
00:52:41,367 --> 00:52:42,743
<font color="#ffbf46">පිස්සු හැදෙනවනේ. අදහගන්නත් බෑ.</font>

693
00:52:44,495 --> 00:52:45,371
<font color="#ffbf46">සිරාවටමද ඔය කියන්නේ?</font>

694
00:52:45,997 --> 00:52:47,748
<font color="#ffbf46">නෑ, පොඩ්ඩක් ඉන්න.</font>

695
00:52:47,832 --> 00:52:50,418
<font color="#ffbf46">එතකොට, ඔයා කැමැත්තෙන් ඉන්න කෙල්ල</font>

696
00:52:50,501 --> 00:52:54,088
<font color="#ffbf46">අද රෑට ඔයාට බොන්න යමු කියලා කතා කළාද?
තනියම, ඔයාලා දෙන්නා විතරක්?</font>

697
00:52:54,964 --> 00:52:57,133
<font color="#ffbf46">එයා මම එහෙම කැමැත්තෙන් ඉන්න කෙනෙක් නෙවෙයි.</font>

698
00:52:57,216 --> 00:52:58,634
<font color="#ffbf46">එයා මම දන්න කෙනෙක් විතරයි.</font>

699
00:52:58,718 --> 00:52:59,969
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

700
00:53:00,052 --> 00:53:02,555
<font color="#ffbf46">එයා ඔයාට කතා කරන්න ඇත්තේ
එයාගේ ඔයා ගැන කැමැත්තක් තියෙන නිසානේ.</font>

701
00:53:03,472 --> 00:53:05,349
<font color="#ffbf46">මට හිතෙන්නේ එයාට නිකන් බොන්න ඕනේ වෙලා ඇති.</font>

702
00:53:05,933 --> 00:53:07,351
<font color="#ffbf46">ඔයාට නම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ නේද?</font>

703
00:53:07,435 --> 00:53:10,521
<font color="#ffbf46">ඔයා හිතන්නේ "කෝපි එකක් බොමුද?" කියලා අහන්නේ
ඇත්තටම කෝපි බොන්නමයි කියලාද?</font>

704
00:53:10,605 --> 00:53:13,441
<font color="#ffbf46">"ටිකක් රෙස්ට් එකක් ගමුද?" කියලා අහන්නේ
නිකන්ම රෙස්ට් කරන්න කියලා හිතුවද?</font>

705
00:53:14,567 --> 00:53:15,693
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

706
00:53:16,277 --> 00:53:19,155
<font color="#ffbf46">ඔයා මෙච්චර කල් එයා කියපු හැමදේම</font>

707
00:53:19,238 --> 00:53:21,574
<font color="#ffbf46">ඔය වචනේ පරිසමාප්ත අර්ථයෙන්මද ගත්තේ?</font>

708
00:53:25,870 --> 00:53:28,247
<font color="#ffbf46">"ඇයි ඔයා හැමදේම ඔහොම අකුරටම ගන්නේ?"</font>

709
00:53:29,749 --> 00:53:30,958
<font color="#ffbf46">එයා මට එහෙම කිව්වා තමයි.</font>

710
00:53:31,042 --> 00:53:32,501
<font color="#ffbf46">එහෙනම් ඔයා මෙච්චර කල් කරලා තියෙන්නේ ඒකනේ.</font>

711
00:53:32,585 --> 00:53:34,086
<font color="#ffbf46">දැක්කනේ? ඒ නිසා, අහගන්නකෝ.</font>

712
00:53:35,171 --> 00:53:38,382
<font color="#ffbf46">ඔයා එයා කතා කරන ස්වරය ගැනයි,</font>

713
00:53:38,466 --> 00:53:39,884
<font color="#ffbf46">එයාගේ වැඩ වල තියෙන පොඩි පොඩි ඉඟි ගැනයි අවධානයෙන් ඉන්න ඕනේ.</font>

714
00:53:43,554 --> 00:53:44,472
<font color="#ffbf46">මෙහෙ එන්නකෝ.</font>

715
00:53:46,891 --> 00:53:47,934
<font color="#ffbf46">මේ කොලුවා නම්.</font>

716
00:53:55,566 --> 00:53:56,400
<font color="#ffbf46">මෙන්න.</font>

717
00:53:57,526 --> 00:53:58,444
<font color="#ffbf46">බොස්.</font>

718
00:54:10,831 --> 00:54:12,583
<font color="#ffbf46">ෂා, මේක මාර රහයිනේ.</font>

719
00:54:13,417 --> 00:54:14,251
<font color="#ffbf46">ටිකක් කාලා බලන්න බොස්.</font>

720
00:54:24,637 --> 00:54:27,723
<font color="#ffbf46">ඉඟි...
මම කොහොමද ඒවා තේරුම් ගන්නේ?</font>

721
00:54:30,309 --> 00:54:34,146
<font color="#ffbf46">ඔයා එයාව දකිද්දි, එයා ඇඳගෙන හිටියේ කොහොමද?</font>

722
00:54:35,106 --> 00:54:39,151
<font color="#ffbf46">එයා ලස්සන වෙන්න විශේෂ උනන්දුවක් අරන් තිබ්බා වගේ
පෙනුණා නේද?</font>

723
00:54:40,319 --> 00:54:44,365
<font color="#ffbf46">එයා ලස්සන කොණ්ඩ මෝස්තරයක් දාලා,
හොඳ ලස්සන ගවුමක් එහෙම ඇඳගෙන හිටියේ නැද්ද?</font>

724
00:54:44,448 --> 00:54:46,492
<font color="#ffbf46">එයා හැමතිස්සෙම ඉන්නේ මළ ගෙදරක යන්න ලෑස්ති වුණා වගේනේ.</font>

725
00:54:46,575 --> 00:54:50,830
<font color="#ffbf46">එයා නිතරම හිනාවෙවී ඉන්න ගමන් ඔයා කියන දේවල් වලට
විනෝදෙන් හිනා වෙන්නේ නැද්ද?</font>

726
00:54:50,913 --> 00:54:53,165
<font color="#ffbf46">එයා නිතරම ඉන්නේ දත්මිටි කාගෙන.</font>

727
00:54:53,249 --> 00:54:55,084
<font color="#ffbf46">එයා නිකරුණේ ඔයාව අගය කරන්නේ නැද්ද?</font>

728
00:54:55,167 --> 00:54:56,836
<font color="#ffbf46">එයා කැමතිම දේ තමයි අඩුපාඩු හොයලා බනින එක.</font>

729
00:54:56,919 --> 00:55:00,464
<font color="#ffbf46">නෑ, මට ෂුවර් එයා ඔයාට ඉඟි දීලා ඇති,
ඒත් ඔයාට ඒවා මීටර් වෙලා නෑ.</font>

730
00:55:00,548 --> 00:55:01,465
<font color="#ffbf46">එහෙනම්...</font>

731
00:55:02,216 --> 00:55:04,010
<font color="#ffbf46">දැන් ඉඳන් හොඳට බලාගෙන ඉන්න.</font>

732
00:55:05,219 --> 00:55:06,971
<font color="#ffbf46">"අපි ඩ්‍රින්ක් එකක් දාමු."</font>

733
00:55:07,054 --> 00:55:12,435
<font color="#ffbf46">ඒක අනිවාර්යයෙන්ම කැමැත්ත දීමක්.</font>

734
00:55:36,250 --> 00:55:37,251
<font color="#ffbf46">ඔය ඉතින් විකාරනේ.</font>

735
00:55:38,002 --> 00:55:39,962
<font color="#ffbf46">මොන කැමැත්තක්ද?</font>

736
00:55:45,176 --> 00:55:47,178
<font color="#ffbf46"><i>ඒක හංගන්න ඕනේ නෑ.</i></font>

737
00:55:49,805 --> 00:55:52,975
<font color="#ffbf46"><i>කැලැල් කියන්නේ හැම තිස්සෙම නරක දෙයක් නෙවෙයි.</i></font>

738
00:55:53,976 --> 00:55:55,811
<font color="#ffbf46"><i>ඒවා ඔයා විඳදරා ගත්ත දේවල් වලට සාක්ෂි.</i></font>

739
00:56:13,454 --> 00:56:15,998
<font color="#ffbf46">මේ බීපු කෝපි එක නිසාද?
ඇයි මේ මගේ පපුව ගැහෙන්නේ?</font>

740
00:56:18,334 --> 00:56:19,418
<font color="#ffbf46">ජේ-ගියු!</font>

741
00:56:28,344 --> 00:56:33,474
<font color="#ffbf46"><i>එයා ලස්සන වෙන්න විශේෂ උනන්දුවක් අරන් තිබ්බා වගේ</i>
<i>පෙනුණා නේද?</i></font>

742
00:57:08,008 --> 00:57:08,884
<font color="#ffbf46">කට අරින්න.</font>

743
00:57:12,638 --> 00:57:14,682
<font color="#ffbf46">ඔයාට අත් උදව්වට කෙනෙක් ඕනෙද? නෑ.</font>

744
00:57:14,765 --> 00:57:16,392
<font color="#ffbf46">ඔයාට බර දේවල් උස්සන්න ඕනෙද? නෑ.</font>

745
00:57:16,475 --> 00:57:20,020
<font color="#ffbf46">එහෙනම්, බලාගන්න කවුරුහරි ඉන්නවද?</font>

746
00:57:20,855 --> 00:57:21,730
<font color="#ffbf46">නෑ, එහෙම කවුරුත් නෑ.</font>

747
00:57:21,814 --> 00:57:23,858
<font color="#ffbf46">එහෙම දෙයක් නෑ, ඔහොම බලන එක නවත්තන්නකෝ.</font>

748
00:57:25,860 --> 00:57:26,735
<font color="#ffbf46">කට අරින්න.</font>

749
00:57:26,819 --> 00:57:30,656
<font color="#ffbf46">ඉතින් ඇයි මේ එකපාරටම
මට කෑම කවන්නේ කියලා මම මේ බැලුවේ.</font>

750
00:57:31,740 --> 00:57:33,117
<font color="#ffbf46">එහෙනම් නිකන් ඉන්නවා. මෙන්න.</font>

751
00:57:36,120 --> 00:57:36,996
<font color="#ffbf46">කට අරින්න.</font>

752
00:57:42,293 --> 00:57:44,211
<font color="#ffbf46">කොහොමද? රහද?</font>

753
00:57:47,423 --> 00:57:49,592
<font color="#ffbf46">රහයි, ඒත්...</font>

754
00:57:50,634 --> 00:57:52,553
<font color="#ffbf46">මේක මගේ බඩට අල්ලයිද දන්නෑ.</font>

755
00:57:56,473 --> 00:57:57,308
<font color="#ffbf46">ඉන්නකෝ.</font>

756
00:58:36,180 --> 00:58:37,056
<font color="#ffbf46">දැන් හරි.</font>

757
00:58:39,141 --> 00:58:40,601
<font color="#ffbf46">අපි පොඩි ෂොට් එකක් දාමුද?</font>

758
00:58:42,394 --> 00:58:43,520
<font color="#ffbf46">චියර්ස්!</font>

759
00:58:46,774 --> 00:58:47,608
<font color="#ffbf46">චියර්ස්.</font>

760
00:59:07,920 --> 00:59:11,715
<font color="#ffbf46">ඔයා මේක බිව්වොත්,
අපි දෙන්නා යාළු වෙනවා.</font>

761
00:59:20,057 --> 00:59:21,225
<font color="#ffbf46">ඉඟි.</font>

762
00:59:22,518 --> 00:59:23,477
<font color="#ffbf46">ඉඟි.</font>

763
00:59:23,560 --> 00:59:24,436
<font color="#ffbf46">හරි.</font>

764
00:59:25,104 --> 00:59:29,817
<font color="#ffbf46">ග්‍රීන් නාරේ එකෙන් තීරණය කරලා තියෙනවා
ඔයා වැඩ කරන කම්පැණිය බලන්න එන්න,</font>

765
00:59:29,900 --> 00:59:31,568
<font color="#ffbf46">ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න.</font>

766
00:59:31,652 --> 00:59:32,486
<font color="#ffbf46">ඇත්තටමද?</font>

767
00:59:33,445 --> 00:59:34,363
<font color="#ffbf46">කලින් ඇවිත් බලන්නේ නැද්ද?</font>

768
00:59:35,155 --> 00:59:37,199
<font color="#ffbf46">ඔයත් එක්ක ටික කාලයක් ගත කළාට පස්සේ...</font>

769
00:59:37,825 --> 00:59:40,411
<font color="#ffbf46">මට තේරෙනවා ඔයා විශ්වාසවන්ත,
සාධාරණ කෙනෙක් කියලා.</font>

770
00:59:41,245 --> 00:59:43,330
<font color="#ffbf46">ඉතින් ඔයාගේ කම්පැණිය බලන්න එන්නේ නැතුව ඉන්න
හේතුවක් නෑනේ.</font>

771
00:59:44,498 --> 00:59:45,749
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

772
00:59:47,710 --> 00:59:49,628
<font color="#ffbf46"><i>එයා නිකරුණේ ඔයාව අගය කරනවා.</i></font>

773
00:59:53,674 --> 00:59:55,092
<font color="#ffbf46">මේ...</font>

774
00:59:58,137 --> 01:00:01,515
<font color="#ffbf46">මම හිතන්නේ මම දන්නවා ඇයි ඔයා මේ වගේ කියලා.</font>

775
01:00:04,143 --> 01:00:05,311
<font color="#ffbf46">ඔයා දන්නවද?</font>

776
01:00:10,649 --> 01:00:12,526
<font color="#ffbf46">ඔයාට...</font>

777
01:00:18,157 --> 01:00:19,033
<font color="#ffbf46">මේ...</font>

778
01:00:20,284 --> 01:00:21,160
<font color="#ffbf46">ඔයාට...</font>

779
01:00:23,245 --> 01:00:25,122
<font color="#ffbf46">බොම් මිස්, ඔයාට...</font>

780
01:00:39,636 --> 01:00:40,554
<font color="#ffbf46">ඔයා හරි.</font>

781
01:01:54,753 --> 01:01:58,549
<font color="#ffbf46">මම කල්පනා කළා
ඇයි මම ඔයාට මගේ හිතට වද දෙන්න ඉඩ දුන්නේ කියලා.</font>

782
01:01:59,216 --> 01:02:00,384
<font color="#ffbf46">හැංගෙන්න.</font>

783
01:02:00,467 --> 01:02:02,219
<font color="#ffbf46">රොඩියෝ ස්ට්‍රීට් එකේ කැමිල් කොෆී ෂොප් එකක් තියෙනවා.</font>

784
01:02:02,302 --> 01:02:04,221
<font color="#ffbf46">ඒක තමයි මම ආසම කොෆී ෂොප් එක.</font>

785
01:02:04,304 --> 01:02:05,514
<font color="#ffbf46"><i>මගේ හිතේ තියෙන දේ ගැන එයාට කිසිම අදහසක් නෑ.</i></font>

786
01:02:05,597 --> 01:02:07,349
<font color="#ffbf46"><i>මෙයා අද කාටද ගහන්න යන්නේ?</i></font>

787
01:02:07,433 --> 01:02:11,562
<font color="#ffbf46">දිනන ටීම් එකේ හැමෝටම මෙඩල් දෙනවද, නැද්ද?</font>

788
01:02:11,645 --> 01:02:12,479
<font color="#ffbf46">දෙනවා!</font>

789
01:02:12,563 --> 01:02:14,982
<font color="#ffbf46">බොම්-සික්, මම ඔයාට මෙඩල් එක අරන් දෙන්නම්.</font>

790
01:02:15,065 --> 01:02:17,609
<font color="#ffbf46"><i>හැමෝම ලෑස්තියි නේද කියලා බලන්න, හරිද?</i></font>

791
01:02:18,527 --> 01:02:19,736
<font color="#ffbf46"><i>පන්ති භාර ටීචර්!</i></font>

792
01:02:26,618 --> 01:02:28,620
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

