1
00:00:32,010 --> 00:00:34,010
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:34,034 --> 00:00:35,744
<font color="#ffcc46">මම ළඟදී එයාව දැක්කේ නෑ.</font>

3
00:00:36,786 --> 00:00:39,039
<font color="#ffcc46">-ඔව්, බොහොම ස්තුතියි.
-ඔව්.</font>

4
00:00:41,666 --> 00:00:43,001
<font color="#ffcc46">දැන් අපි මොකද කරන්නේ?</font>

5
00:00:43,084 --> 00:00:45,712
<font color="#ffcc46">පරීක්ෂණේ පටන් ගන්න කලින් එයාව හොයාගත්තේ
නැත්නම් අපි ඉවරයි.</font>

6
00:00:46,212 --> 00:00:48,006
<font color="#ffcc46">දවස් ගාණක් තිස්සේ එයා ගැන කිසිම ආරංචියක් නෑ.</font>

7
00:00:48,506 --> 00:00:51,551
<font color="#ffcc46">එයා කොහෙ හරි පැනලා ගියේ නෑ නේද?</font>

8
00:01:08,151 --> 00:01:09,527
<font color="#ffcc46">හලෝ, දෝ රා-ඉක් මහත්තයාද?</font>

9
00:01:10,445 --> 00:01:11,863
<font color="#ffcc46">පොලිසියෙන් කතා කරන්නේ.</font>

10
00:01:12,489 --> 00:01:13,573
<font color="#ffcc46">මොකක්?</font>

11
00:01:13,656 --> 00:01:18,161
<font color="#ffcc46">පොලිස් ස්ථානය</font>

12
00:01:24,667 --> 00:01:25,752
<font color="#ffcc46">ඔයා එයාගේ භාරකරුද?</font>

13
00:01:27,378 --> 00:01:30,256
<font color="#ffcc46">මම එයාගේ නීතිඥයා.</font>

14
00:01:30,340 --> 00:01:32,008
<font color="#ffcc46">එයා ලිපිනය දෙන්න බෑ කියලා</font>

15
00:01:32,926 --> 00:01:35,345
<font color="#ffcc46">යන්න තැනක් නෑ කියලා කෑ ගැහුවා.</font>

16
00:01:35,929 --> 00:01:37,430
<font color="#ffcc46">කරුණාකරලා ඇවිත් එයාව එක්කන් යන්න.</font>

17
00:01:44,562 --> 00:01:46,439
<font color="#ffcc46">අපි මෙයාව ගෙදරට දාමු.</font>

18
00:01:46,523 --> 00:01:48,566
<font color="#ffcc46">ළඟින් දැම්මොත් එයා තනියම යයිනේ.</font>

19
00:01:48,650 --> 00:01:51,111
<font color="#ffcc46">එයා ගෙදර යන්න බෑ කිව්වාලුනේ.</font>

20
00:01:51,194 --> 00:01:54,614
<font color="#ffcc46">එච්චර දේවල් වෙලත් එයා කොහොමද ආයේ එහෙ යන්නේ?</font>

21
00:01:54,697 --> 00:01:57,033
<font color="#ffcc46">ඒක එයාගේ ප්‍රශ්නයක්නේ!</font>

22
00:01:57,117 --> 00:01:58,701
<font color="#ffcc46">එතකොට ඔයා මෙයාව ඔයාගේ ගෙදර එක්කන් යනවද?</font>

23
00:01:58,785 --> 00:02:00,703
<font color="#ffcc46">මේ හරියේ ඕන තරම් මොටෙල්, සෝනා තියෙනවනේ.</font>

24
00:02:01,204 --> 00:02:03,331
<font color="#ffcc46">මම මෙයාව කොහෙට හරි...</font>

25
00:02:03,414 --> 00:02:05,500
<font color="#ffcc46">අමාරු නම් මට දෙන්න.
මම උස්සගෙන යන්නම්.</font>

26
00:02:05,583 --> 00:02:08,336
<font color="#ffcc46">ඕන නෑ, ඔයාට මෙයාව උස්සගන්න බෑ.</font>

27
00:02:09,129 --> 00:02:11,005
<font color="#ffcc46">දැන් අපි ආවට පස්සෙද ඔයා ඕක කියන්නේ.</font>

28
00:02:16,719 --> 00:02:19,389
<font color="#ffcc46">මෙයා ඇත්තටම අයිඩොල් කෙනෙක්ද? ඇයි මෙච්චර බර?</font>

29
00:02:27,147 --> 00:02:28,940
<font color="#ffcc46">මේක මොන වදයක්ද මන්දා?</font>

30
00:02:30,942 --> 00:02:33,945
<font color="#ffcc46">මේක හරි නෑ.
මම මෙයාව මගේ ගෙදර එක්කන් යන්නම්.</font>

31
00:02:34,028 --> 00:02:36,281
<font color="#ffcc46">කොහොමද එයා ඔයාගේ ගෙදර ඉන්නේ?</font>

32
00:02:36,364 --> 00:02:38,616
<font color="#ffcc46">ඔයාගේ ගෙදර රහස් අහන්න ගැජට් හයි කරලනේ තියෙන්නේ.
අනික අමුතු අමුතු දේවලුත් තියෙනවනේ.</font>

33
00:02:38,700 --> 00:02:41,452
<font color="#ffcc46">ඉක්මනට එළියට එන්න.</font>

34
00:02:42,954 --> 00:02:45,290
<font color="#ffcc46">-ඒ වුණාට මෙයා පිරිමි කෙනෙක්නේ, ඔයා...
-නිකන් යන්න හලෝ යන්න.</font>

35
00:02:45,373 --> 00:02:47,375
<font color="#ffcc46">හරි හරි, මම යනවා.</font>

36
00:02:49,002 --> 00:02:50,879
<font color="#ffcc46">අඩුම ගානේ වතුර වීදුරුවක්වත්
දුන්නේ නෑනේ.</font>

37
00:03:00,597 --> 00:03:01,806
<font color="#ffcc46">ඒක විතරද හේතුව?</font>

38
00:03:03,016 --> 00:03:04,851
<font color="#ffcc46">මොකද ඔය කන්න වගේ බලන් ඉන්නේ?</font>

39
00:03:04,934 --> 00:03:06,603
<font color="#ffcc46">මට හිතුණේ</font>

40
00:03:06,686 --> 00:03:10,189
<font color="#ffcc46">ඔය හිතේ තියෙන පරණ කහට ටික අරින්න
මේක හොඳ වෙලාවක් කියලා.</font>

41
00:03:10,273 --> 00:03:11,316
<font color="#ffcc46">ඒක නිදහසට කාරණාවක් නෙවෙයි.</font>

42
00:03:11,399 --> 00:03:15,236
<font color="#ffcc46">අපි මෙයාව කොහෙට හරි දාලා ගිහින්,
එයා අතුරුදහන් වුණොත් අපි ඉවරයි.</font>

43
00:03:15,320 --> 00:03:17,864
<font color="#ffcc46">ඇත්තටම, ඔයාට පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නැද්ද?</font>

44
00:03:17,947 --> 00:03:19,324
<font color="#ffcc46">මොකට බය වෙන්නද?</font>

45
00:03:22,160 --> 00:03:23,620
<font color="#ffcc46">මොකක්?</font>

46
00:03:23,703 --> 00:03:25,580
<font color="#ffcc46">ඔයා කියන්නේ රා-ඉක් මිනීමරුවෙක් වෙන්න ඇති කියලද?</font>

47
00:03:25,663 --> 00:03:27,790
<font color="#ffcc46">ඔව්. ඇත්තටම, ඔයා තාම දන්නේ නෑනේ.</font>

48
00:03:29,167 --> 00:03:30,251
<font color="#ffcc46">බය නැද්ද?</font>

49
00:03:31,377 --> 00:03:32,253
<font color="#ffcc46">මට බයයි.</font>

50
00:03:32,337 --> 00:03:34,130
<font color="#ffcc46">ඒකනේ, එහෙනම්...</font>

51
00:03:34,213 --> 00:03:36,424
<font color="#ffcc46">ඇත්තටම මට හිතුණා</font>

52
00:03:37,425 --> 00:03:38,885
<font color="#ffcc46">එයා ඇත්තටම ඒක කළා නම් මොකද කරන්නේ කියලා.</font>

53
00:03:39,761 --> 00:03:44,474
<font color="#ffcc46">මම එයා වෙනුවෙන් කරපු කැපවීම් නිසා
එයා රකුසෙක් වුණා නම් මොකද කරන්නේ කියලා.</font>

54
00:03:45,141 --> 00:03:46,601
<font color="#ffcc46">අන්න ඒකටයි මම ඇත්තටම බය.</font>

55
00:03:47,769 --> 00:03:49,646
<font color="#ffcc46">හැබැයි ඒක වෙනම දෙයක්.</font>

56
00:03:50,146 --> 00:03:52,148
<font color="#ffcc46">දැනට මම එයාගේ නීතිඥයා.</font>

57
00:03:52,857 --> 00:03:56,402
<font color="#ffcc46">ඉතින් මම මගේ සේවාදායකයාව
අන්තිම වෙනකම් ආරක්ෂා කරන්න ඕනේ.</font>

58
00:04:04,077 --> 00:04:10,833
<font color="#db9809"><b>03 කොටස</b></font>

59
00:04:37,735 --> 00:04:39,028
<font color="#ffcc46">මට විශ්වාස කරන්න බෑ</font>

60
00:04:40,154 --> 00:04:42,156
<font color="#ffcc46">රා-ඉක් මගේ ගෙදර,</font>

61
00:04:43,324 --> 00:04:45,034
<font color="#ffcc46">මගේ කාමරේ, මගේ ඇඳ උඩ නිදාගෙන ඉන්නවා කියලා.</font>

62
00:06:06,282 --> 00:06:07,784
<font color="#ffcc46">යන්න එපා.</font>

63
00:06:13,998 --> 00:06:15,374
<font color="#ffcc46">යන්න එපා.</font>

64
00:06:17,960 --> 00:06:19,921
<font color="#ffcc46">අනේ යන්න එපා.</font>

65
00:08:05,943 --> 00:08:07,111
<font color="#ffcc46">මොකක්?</font>

66
00:08:25,838 --> 00:08:26,714
<font color="#ffcc46">ඔයා නැගිටලාද?</font>

67
00:08:30,092 --> 00:08:32,553
<font color="#ffcc46">ලොකු දෙයක්.
මම හිතුවේ ඔයාට සිහිය එන එකක් නෑ කියලා.</font>

68
00:08:32,637 --> 00:08:35,932
<font color="#ffcc46">මම මේ මොනවද කියවන්නේ?
කලබල නොවී ඉන්න ඕනේ.</font>

69
00:08:41,145 --> 00:08:42,438
<font color="#ffcc46">ආයේ හමුවීම සතුටක්.</font>

70
00:08:44,023 --> 00:08:45,233
<font color="#ffcc46">දෝ රා-ඉක් මහත්තයා,</font>

71
00:08:45,942 --> 00:08:48,444
<font color="#ffcc46">මගේ ගෙදරට සාදරයෙන් පිළිගන්නවා.</font>

72
00:08:56,827 --> 00:08:59,497
<font color="#ffcc46">මතක නැද්ද?</font>

73
00:08:59,997 --> 00:09:02,250
<font color="#ffcc46">ඊයේ රෑ ඔයා ගැන කියලා පොලිසියෙන් මට කතා කළා.</font>

74
00:09:03,167 --> 00:09:04,377
<font color="#ffcc46">ඔයා...</font>

75
00:09:10,550 --> 00:09:13,761
<font color="#ffcc46">ඊයේ පොලිසියෙන් මට කතා කළා.</font>

76
00:09:13,844 --> 00:09:17,431
<font color="#ffcc46">ඔයා බීලා පාක් එකක වැටිලා හිටියා කිව්වා.</font>

77
00:09:17,974 --> 00:09:20,351
<font color="#ffcc46">මම ඔයාගේ ගෙදර දොරේ පාස්වර්ඩ් එක දන්නේ නෑනේ,</font>

78
00:09:20,434 --> 00:09:22,603
<font color="#ffcc46">ඔයාව නිකන් මොටෙල් එකකට දාන එකත්
හරි නෑ වගේ හිතුණා.</font>

79
00:09:22,687 --> 00:09:24,855
<font color="#ffcc46">ඒකයි මම ඔයාව ඉස්සෙල්ලාම මෙහෙට එක්කන් ආවේ.</font>

80
00:09:26,357 --> 00:09:28,359
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න!</font>

81
00:09:30,194 --> 00:09:31,487
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්නකෝ!</font>

82
00:09:31,571 --> 00:09:33,447
<font color="#ffcc46">මේක නඩුකාරයෝ එවපු සිතාසියක්.</font>

83
00:09:33,531 --> 00:09:37,451
<font color="#ffcc46">ඔයා ආයෙත් බෑ කිව්වොත්
එයාලා වරෙන්තුවක් අරන් ඔයාව හිරේ දායි.</font>

84
00:09:37,535 --> 00:09:40,621
<font color="#ffcc46">ඔයාට ඕන නම් යන්න පුළුවන්,
හැබැයි මගේ කෝල් ගන්න ඕනේ.</font>

85
00:09:40,705 --> 00:09:43,249
<font color="#ffcc46">ඔයා ආයෙත් අතුරුදහන් වුණොත් මටත් ප්‍රශ්න ඇති වෙයි...</font>

86
00:09:59,974 --> 00:10:01,350
<font color="#ffcc46">ඔයා කොහෙද යන්නේ?</font>

87
00:10:08,065 --> 00:10:09,108
<font color="#ffcc46">මැන්ග් නීතිඥතුමිය!</font>

88
00:10:10,776 --> 00:10:13,154
<font color="#ffcc46">ඔයා එයාව නිකන්ම යන්න දෙනවද?</font>

89
00:10:26,792 --> 00:10:28,878
<font color="#ffcc46">මරණයට කෙලින්ම හේතුව වෙලා තියෙන්නේ</font>

90
00:10:28,961 --> 00:10:33,007
<font color="#ffcc46">පපුවට ඇනුණු පිහි පාර නිසා
අධික ලෙස ලේ වහනය වීමයි.</font>

91
00:10:33,090 --> 00:10:37,219
<font color="#ffcc46">එයා ආත්මාරක්ෂාවට සටන් කරපු සලකුණු නෑ.</font>

92
00:10:38,596 --> 00:10:42,642
<font color="#ffcc46">එයාට පහර දෙනකොට
එයා හිටියේ හාංකවිසියක්වත් නැතුව.</font>

93
00:10:42,725 --> 00:10:46,020
<font color="#ffcc46">ඒ කියන්නේ එක්කෝ එයා මිනීමරුවාව දැක්කේ නෑ,</font>

94
00:10:46,604 --> 00:10:50,650
<font color="#ffcc46">නැත්නම් මිනීමරුවා එයා විශ්වාස කරපු කෙනෙක්.</font>

95
00:10:50,733 --> 00:10:52,276
<font color="#ffcc46">මම දැනගෙන හිටියා.</font>

96
00:10:52,360 --> 00:10:55,613
<font color="#ffcc46">මම දිගටම කිව්වේ දන්න කෙනෙක් කියලා.</font>

97
00:10:55,696 --> 00:10:58,741
<font color="#ffcc46">හැබැයි අමුතු දෙයක් තියෙනවා.</font>

98
00:10:59,367 --> 00:11:03,829
<font color="#ffcc46">පිහිය හතරවෙනි සහ පස්වෙනි ඉල ඇට අතරින් හරියටම ගිහින්</font>

99
00:11:03,913 --> 00:11:05,748
<font color="#ffcc46">හදවත පසාරු කරගෙන ගිහින් තියෙනවා.</font>

100
00:11:06,457 --> 00:11:10,961
<font color="#ffcc46">ඒ කියන්නේ එක පාරක් ඇනපු පාරකින්
තමයි මැරිලා තියෙන්නේ.</font>

101
00:11:11,671 --> 00:11:15,758
<font color="#ffcc46">ඔයා කිව්වා නේද අත්අඩංගුවට ගන්නකොට
එයා හොඳටම බීලා හිටියේ කියලා?</font>

102
00:11:15,841 --> 00:11:19,845
<font color="#ffcc46">අනික එයා කාංසාවට බොන බෙහෙතුයි
නිදි පෙතියි බීලා තිබුණා.</font>

103
00:11:19,929 --> 00:11:24,016
<font color="#ffcc46">එහෙම සිහියක් නැති කෙනෙක්
කොහොමද එච්චර හරියටම ඇන්නේ?</font>

104
00:11:24,100 --> 00:11:27,561
<font color="#ffcc46">සමහර විට එයා නිකන් අත පය වැනුවම වදින්න ඇති.</font>

105
00:11:27,645 --> 00:11:30,147
<font color="#ffcc46">එහෙම වෙන්න පුළුවන්නේ.</font>

106
00:11:30,231 --> 00:11:33,401
<font color="#ffcc46">සාමාන්‍යයෙන් නම් හරි අමාරුයි</font>

107
00:11:33,484 --> 00:11:36,737
<font color="#ffcc46">හොඳටම බීලා ඉන්නකොට මෙච්චර නිවැරදිව අනින එක.</font>

108
00:11:36,821 --> 00:11:38,030
<font color="#ffcc46">ඔයා හරි.</font>

109
00:11:40,074 --> 00:11:42,451
<font color="#ffcc46">ඔයා කිව්වනේ මරණ පරීක්ෂණෙන්
මොනවා හරි හොයාගන්න පුළුවන් වෙයි කියලා.</font>

110
00:11:42,535 --> 00:11:45,121
<font color="#ffcc46">ඒත් අපිට තාම හරි සාක්ෂියක් නෑනේ.</font>

111
00:11:45,204 --> 00:11:48,499
<font color="#ffcc46">සැකකාරයගෙන් ප්‍රශ්න කරන වෙලාවත් ළඟයි,
ඒත් අපේ අතේ කිසිම තුරුම්පුවක් නෑ.</font>

112
00:11:48,582 --> 00:11:51,544
<font color="#ffcc46">මට නම් ෂුවර් ඒ පිස්සා තමයි මේක කළේ කියලා.</font>

113
00:11:55,673 --> 00:12:00,261
<font color="#ffcc46">ඔයා කිව්වා නේද එතන ආයුධයක් තිබුණේ නෑ කියලා.
කන්ග් වූ-සොන්ග්ගේ ෆෝන් එකත් නෑනේ.</font>

114
00:12:00,344 --> 00:12:04,432
<font color="#ffcc46">වෙන කවුරුත් ඇතුළට ගියෙත් නැත්නම්,
එළියට ආවෙත් නැත්නම්, කෝ ඒ බඩු?</font>

115
00:12:04,515 --> 00:12:07,268
<font color="#ffcc46">මේ කිසි දෙයක් ගැළපෙන්නේ නෑ.</font>

116
00:12:07,351 --> 00:12:10,980
<font color="#ffcc46">අපි සීසීටීවී බලන ඒරියා එකයි වෙලාවයි තව වැඩි කරනවා.</font>

117
00:12:11,564 --> 00:12:15,025
<font color="#ffcc46">එදා වැස්ස නිසා වීඩියෝ වල පැහැදිලි නෑ,</font>

118
00:12:15,109 --> 00:12:17,403
<font color="#ffcc46">ඒත් අපි ළඟදීම මොනවා හරි හොයාගන්නවා...</font>

119
00:12:17,486 --> 00:12:19,697
<font color="#ffcc46">ඔයා දන්නවනේ</font>

120
00:12:19,780 --> 00:12:22,324
<font color="#ffcc46">සැකකරු ප්‍රතික්ෂේප කරනකොට,
සාක්ෂි තමයි වැදගත්ම දේ කියලා?</font>

121
00:12:22,408 --> 00:12:23,659
<font color="#ffcc46">අනිවාර්යයෙන්ම.</font>

122
00:12:23,742 --> 00:12:26,829
<font color="#ffcc46">ඒක නිසා මට සාක්ෂි ගෙනත් දෙන්න.</font>

123
00:12:26,912 --> 00:12:29,832
<font color="#ffcc46">-එතකොට අපිට පුළුවන් එයා ලවා ඇත්ත කියවගන්න.
-හරි.</font>

124
00:12:34,253 --> 00:12:36,213
<font color="#ffcc46">දෝ රා-ඉක්ව මරනු!</font>

125
00:12:36,297 --> 00:12:38,340
<font color="#ffcc46">-මරනු!
-මරනු!</font>

126
00:12:38,424 --> 00:12:41,093
<font color="#ffcc46">කන්ග් වූ-සොන්ග්ට පණ දෙන්න!</font>

127
00:12:41,177 --> 00:12:42,887
<font color="#ffcc46">-පණ දෙන්න!
-පණ දෙන්න!</font>

128
00:12:42,970 --> 00:12:45,639
<font color="#ffcc46">දෝ රා-ඉක්ව මරනු!</font>

129
00:12:45,723 --> 00:12:47,183
<font color="#ffcc46">-මරනු!
-මරනු!</font>

130
00:12:47,266 --> 00:12:49,643
<font color="#ffcc46">කන්ග් වූ-සොන්ග්ට පණ දෙන්න!</font>

131
00:12:51,061 --> 00:12:52,688
<font color="#ffcc46">හැමදාම ඔහොම තමයි.</font>

132
00:12:53,647 --> 00:12:55,983
<font color="#ffcc46">ළඟක් වෙනකම් මම කළේ රා-ඉක්ට ආදරෙයි කිය කිය එන</font>

133
00:12:56,066 --> 00:12:58,652
<font color="#ffcc46">ෆෑන්ස්ලව එළවන එක.</font>

134
00:12:58,736 --> 00:13:04,366
<font color="#ffcc46">ආයුබෝවන්, මම ජෑන්ග් හන්-ගු. රා-ඉක්ගේ මැනේජර්.
අපි ෆෝන් එකෙන් කතා කළානේ.</font>

135
00:13:04,450 --> 00:13:06,160
<font color="#ffcc46">මම දෝ රා-ඉක් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ මැන්ග්.</font>

136
00:13:06,243 --> 00:13:07,119
<font color="#ffcc46">ඔව්.</font>

137
00:13:09,205 --> 00:13:10,789
<font color="#ffcc46">වාඩි වෙන්න.</font>

138
00:13:14,251 --> 00:13:15,294
<font color="#ffcc46">ජෑන්ග් හන්-ගු,</font>

139
00:13:16,504 --> 00:13:19,173
<font color="#ffcc46">එයා පටන් ගත්ත දවසේ ඉඳන් ගෝල්ඩ් බෝයිස් එක්ක හිටියේ.</font>

140
00:13:20,674 --> 00:13:23,052
<font color="#ffcc46">ෆෑන්ස්ලා අතර එයා ප්‍රසිද්ධ එච්චර හොඳ කෙනෙක් විදිහට නෙවෙයි.</font>

141
00:13:23,135 --> 00:13:25,804
<font color="#ffcc46">යකෝ! මෙහෙන් පලයන්!</font>

142
00:13:26,722 --> 00:13:27,848
<font color="#ffcc46">එළියට!</font>

143
00:13:33,437 --> 00:13:35,105
<font color="#ffcc46">ඔයාට හරිම අමාරු ඇති.</font>

144
00:13:35,648 --> 00:13:37,858
<font color="#ffcc46">මට ආරංචි වුණා එදා රෑ ඔයා තමයි මුලින්ම ඒක දැක්කේ කියලා.</font>

145
00:13:38,442 --> 00:13:40,945
<font color="#ffcc46">ඔව්, ඇත්ත.</font>

146
00:13:41,987 --> 00:13:43,239
<font color="#ffcc46">මට තාම හිතාගන්න බෑ.</font>

147
00:13:43,322 --> 00:13:46,575
<font color="#ffcc46">එතන තව කෙනෙක් හිටියා නේද?</font>

148
00:13:46,659 --> 00:13:48,160
<font color="#ffcc46">රා-ඉක්ගේ ගෙදර වැඩ කරන කෙනා.</font>

149
00:13:48,244 --> 00:13:49,328
<font color="#ffcc46">චොන්ජු මහත්මියද?</font>

150
00:13:49,411 --> 00:13:53,123
<font color="#ffcc46">මට ආරංචි වුණා එයා ගාව විතරයි
ගෙදර යතුර තියෙන්නේ කියලා.</font>

151
00:13:53,207 --> 00:13:56,252
<font color="#ffcc46">මම මේ කල්පනා කළේ එයාට ඒක කවදා හරි
නැති වෙලා තියෙනවද කියලා.</font>

152
00:13:57,628 --> 00:14:00,422
<font color="#ffcc46">මම හිතන්නේ නෑ, එයා හරිම පිළිවෙලයි.</font>

153
00:14:00,965 --> 00:14:02,758
<font color="#ffcc46">එයා රා-ඉක්ගේ ගෙදර වැඩ කරනවා</font>

154
00:14:02,841 --> 00:14:06,428
<font color="#ffcc46">අවුරුදු දහයක් තිස්සේ,
කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ.</font>

155
00:14:06,929 --> 00:14:08,681
<font color="#ffcc46">ඒකයි එයා මෙයාව විශ්වාස කරන්නේ.</font>

156
00:14:09,348 --> 00:14:13,936
<font color="#ffcc46">එයා හරි.
ෆෑන්ස්ලා අතරත් එයා හරි ප්‍රසිද්ධයි.</font>

157
00:14:14,687 --> 00:14:18,274
<font color="#ffcc46">රා-ඉක් කාටහරි ස්තුති කරන හැම වෙලාවකම
එයා ගැනත් කියනවා.</font>

158
00:14:19,817 --> 00:14:21,318
<font color="#ffcc46">ඇතුළට එන්න.</font>

159
00:14:26,949 --> 00:14:29,743
<font color="#ffcc46">සර්, මේ නීතිඥ මැන්ග් සේ-නා.</font>

160
00:14:35,291 --> 00:14:36,542
<font color="#ffcc46">හෙලෝ.</font>

161
00:14:36,625 --> 00:14:38,502
<font color="#ffcc46">හෙලෝ.</font>

162
00:14:38,586 --> 00:14:42,089
<font color="#ffcc46">ගුම් බෝ-සෑන්ග්, ගෝල්ඩී එන්ටර්ටේන්මන්ට් එකේ CEO.</font>

163
00:14:47,720 --> 00:14:51,432
<font color="#ffcc46">එයා නිවාඩුවක්වත් නොදී අපේ කොල්ලන්ගෙන්
ගන්න පුළුවන් උපරිම වැඩ ගත්තා,</font>

164
00:14:51,515 --> 00:14:54,643
<font color="#ffcc46">බලන්නකෝ එයා ඉන්න සැප.</font>

165
00:14:56,020 --> 00:14:59,064
<font color="#ffcc46">ප්‍රශ්නේ පටන් ගත්ත ගමන්ම,
එයා බැලුවේ කොන්ත්‍රාත් එක ගැන.</font>

166
00:15:00,941 --> 00:15:03,235
<font color="#ffcc46">මහා තිරිසනෙක්.</font>

167
00:15:04,862 --> 00:15:06,363
<font color="#ffcc46">නෑ, ඒක නිකන් කටකතාවක් විතරයි.</font>

168
00:15:07,531 --> 00:15:10,534
<font color="#ffcc46">අපි රා-ඉක්ගේ කොන්ත්‍රාත් එක නැති කරන එක ගැන බැලුවා තමයි,</font>

169
00:15:10,618 --> 00:15:12,077
<font color="#ffcc46">ඒත් එහෙම කළේ නෑ.</font>

170
00:15:12,161 --> 00:15:14,663
<font color="#ffcc46">තාම කිසි දෙයක් ඔප්පු වෙලා නෑනේ.</font>

171
00:15:15,539 --> 00:15:16,832
<font color="#ffcc46">ඒත් මම දැක්කා ප්‍රෙස් රිලීස් එකක තියෙනවා</font>

172
00:15:16,916 --> 00:15:19,752
<font color="#ffcc46">ඔයාලා එයාගේ කොන්ත්‍රාත් එක කැන්සල් කරනවා කියලා.</font>

173
00:15:19,835 --> 00:15:22,296
<font color="#ffcc46">කොටස්කාරයෝ කලබල වෙන එක නවත්තන්නයි එහෙම කළේ.</font>

174
00:15:22,880 --> 00:15:24,798
<font color="#ffcc46">අපිට පෙන්නන්න ඕන වුණා</font>

175
00:15:24,882 --> 00:15:28,010
<font color="#ffcc46">කම්පැණිය මේකට ඉක්මනට ඇක්ෂන් ගන්නවා කියලා, එච්චරයි.</font>

176
00:15:32,514 --> 00:15:34,767
<font color="#ffcc46">සිද්ධිය වුණු රෑ, ඔයාලා දෙන්නා එකට නේද හිටියේ?</font>

177
00:15:34,850 --> 00:15:36,393
<font color="#ffcc46">ඔව්.</font>

178
00:15:36,477 --> 00:15:40,648
<font color="#ffcc46">කොන්සර්ට් එක ඉවර වෙලා
අපිට ගණන් හිලව් බලන්න තිබුණා.</font>

179
00:15:41,523 --> 00:15:45,402
<font color="#ffcc46">එදා වෙන මොකුත් වුණේ නැද්ද?</font>

180
00:15:46,111 --> 00:15:49,198
<font color="#ffcc46">දෝ රා-ඉක් සහ කන්ග් වූ-සොන්ග් රණ්ඩු වුණා වගේ දෙයක්...</font>

181
00:15:49,698 --> 00:15:54,578
<font color="#ffcc46">නෑ. එයාලා කවදාවත් රණ්ඩු වෙලා නෑ. එක පාරක්වත් නෑ.</font>

182
00:15:56,038 --> 00:15:59,458
<font color="#ffcc46">එදා රෑ මම වූ-සොන්ග් එක්කත් පොඩ්ඩක් කතා කළා,</font>

183
00:15:59,541 --> 00:16:01,627
<font color="#ffcc46">එයා බොහොම සාමාන්‍ය විදිහට කතා කළේ.</font>

184
00:16:01,710 --> 00:16:04,713
<font color="#ffcc46">කීයට විතරද ඔයාලා කතා කළේ?</font>

185
00:16:04,797 --> 00:16:06,507
<font color="#ffcc46">මට මතක නෑ.</font>

186
00:16:07,675 --> 00:16:10,052
<font color="#ffcc46">කීයටද? මම බලන්නම්.</font>

187
00:16:10,135 --> 00:16:11,053
<font color="#ffcc46">හරි.</font>

188
00:16:13,722 --> 00:16:16,725
<font color="#ffcc46">ආවද. වාඩි වෙන්න.</font>

189
00:16:17,601 --> 00:16:19,103
<font color="#ffcc46">මේ ජේ-හී සහ යොන්ග්-බින්.</font>

190
00:16:19,770 --> 00:16:23,565
<font color="#ffcc46">එයාලා තමයි රා-ඉක් සහ වූ-සොන්ග් එක්ක
ගෝල්ඩ් බෝයිස් එකේ ඉන්නේ.</font>

191
00:16:23,649 --> 00:16:26,777
<font color="#ffcc46">මේ චොයි ජේ-හී සහ ලී යොන්ග්-බින්.</font>

192
00:16:26,860 --> 00:16:30,280
<font color="#ffcc46">එයාලා ගැන මේ දෙන්නට වඩා දන්න කෙනෙක් නෑ.</font>

193
00:16:30,364 --> 00:16:31,782
<font color="#ffcc46">ඒකයි මම මේ දෙන්නට එන්න කිව්වේ.</font>

194
00:16:37,287 --> 00:16:39,623
<font color="#ffcc46">මම චොන්-උන් ලෝ ෆර්ම් එකේ නීතිඥ මැන්ග් සේ-නා.</font>

195
00:16:39,707 --> 00:16:41,333
<font color="#ffcc46">මම මේ කේස් එකේ දෝ රා-ඉක් වෙනුවෙන් පෙනී ඉන්නවා.</font>

196
00:16:42,584 --> 00:16:46,672
<font color="#ffcc46">ආවට ස්තුතියි. මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා.</font>

197
00:16:46,755 --> 00:16:48,966
<font color="#ffcc46">මොකද වුණේ කියලා තේරුම් ගන්න,</font>

198
00:16:49,049 --> 00:16:51,593
<font color="#ffcc46">අපිට ඊට කලින් සහ පස්සේ වුණු දේවල්
හරියට දැනගන්න ඕනේ.</font>

199
00:16:52,094 --> 00:16:57,307
<font color="#ffcc46">මට ආරංචි වුණා සිද්ධියට දවසකට කලින් ඔයාලා
රා-ඉක්ගේ කොන්සර්ට් එකේදී හම්බුණා කියලා.</font>

200
00:16:57,391 --> 00:17:00,019
<font color="#ffcc46">එදා මොකද වුණේ කියලා කියන්න පුළුවන්ද?</font>

201
00:17:06,859 --> 00:17:09,820
<font color="#ffcc46">විශේෂ දෙයක් වුණේ නෑ.</font>

202
00:17:13,323 --> 00:17:18,787
<font color="#ffcc46">ඒත් මම අහලා තියෙනවා මෙම්බර්ස්ලා ඔක්කොම
එදා කොන්සර්ට් එකට එන්න හිටියේ කියලා,</font>

203
00:17:18,871 --> 00:17:20,998
<font color="#ffcc46">ඒත් ඒක කැන්සල් වුණාලු</font>

204
00:17:21,081 --> 00:17:25,085
<font color="#ffcc46">-ඔයාලා අතරේ ඇති වුණු ප්‍රශ්නයක් නිසා.
-කවුද එහෙම කිව්වේ?</font>

205
00:17:25,169 --> 00:17:27,046
<font color="#ffcc46">රා-ඉක් එක්ක ඔයාලගේ සම්බන්ධය කොහොමද?</font>

206
00:17:27,129 --> 00:17:28,464
<font color="#ffcc46">අපි හොඳින් හිටියේ. ඇයි?</font>

207
00:17:28,547 --> 00:17:30,883
<font color="#ffcc46">-ජේ-හී.
-මෙයා අමුතු ප්‍රශ්න අහනවනේ.</font>

208
00:17:32,843 --> 00:17:35,387
<font color="#ffcc46">මම ඔයා ගැන යන කටකතා කියවලා තියෙනවා.</font>

209
00:17:35,471 --> 00:17:38,807
<font color="#ffcc46">ඔයා හැම තිස්සෙම අපරාධකාරයෝ නිදහස් කරනවා,
මිනිස්සු ඔයාට හොඳටම බනිනවා.</font>

210
00:17:38,891 --> 00:17:40,768
<font color="#ffcc46">-කොහොමද මනුස්සයෙක් එහෙම කරන්නේ?
-චොයි ජේ-හී!</font>

211
00:17:40,851 --> 00:17:42,728
<font color="#ffcc46">වූ-සොන්ග් මැරිලා!</font>

212
00:17:44,646 --> 00:17:45,981
<font color="#ffcc46">අර පිස්සා හින්දා.</font>

213
00:17:47,399 --> 00:17:49,068
<font color="#ffcc46">හැමෝම දන්නවා</font>

214
00:17:49,651 --> 00:17:52,154
<font color="#ffcc46">එයා මොන වගේද, කොච්චර සැර පරුෂද කියලා.</font>

215
00:17:52,237 --> 00:17:55,949
<font color="#ffcc46">එයාට තරහා ගියාම බඩු මුට්ටු පොළොවේ ගහලා
කුණුහරුපෙන් බනිනවා.</font>

216
00:17:56,033 --> 00:17:57,993
<font color="#ffcc46">කොන්සර්ට් එක දවසේ එයා මටත් ගැහුවා.</font>

217
00:17:58,077 --> 00:17:59,203
<font color="#ffcc46">ගැහුවා?</font>

218
00:18:00,162 --> 00:18:03,290
<font color="#ffcc46">එහෙනම් රා-ඉක් මෙම්බර්ස්ලට
ගහනවා කියන කතාව ඇත්තක්.</font>

219
00:18:03,373 --> 00:18:05,125
<font color="#ffcc46">මේක දැක්කම,</font>

220
00:18:05,209 --> 00:18:07,044
<font color="#ffcc46">ඔයාට ඒ තිරිසනාව ආරක්ෂා කරන්න නම් බැරි වෙයි.</font>

221
00:18:08,212 --> 00:18:11,465
<font color="#ffcc46">බලන්න. එයා වූ-සොන්ග්ට කරලා තියෙන දේ බලන්න.</font>

222
00:18:15,219 --> 00:18:17,888
<font color="#ffcc46">-රා-ඉක්.
-වූ-සොන්ග්! මම...</font>

223
00:18:17,971 --> 00:18:20,724
<font color="#ffcc46">ඔයා මට කිව්වේ නෑනේ...</font>

224
00:18:21,350 --> 00:18:23,769
<font color="#ffcc46">හැමදේම තනියම කරන්න හදන්න එපා...</font>

225
00:18:27,523 --> 00:18:30,901
<font color="#ffcc46">කවුරුත් නෑ. කවුරුත්ම නෑ.</font>

226
00:18:32,820 --> 00:18:35,239
<font color="#ffcc46">එයා මිනීමරුවෙක් නෙවෙයි කියලා
ඇත්තටම විශ්වාස කරන කවුරුත් නෑ.</font>

227
00:18:35,322 --> 00:18:38,534
<font color="#ffcc46">මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති ගායක දෝ රා-ඉක්ගේ මව,</font>

228
00:18:38,617 --> 00:18:42,913
<font color="#ffcc46">ඔහුට එරෙහි චෝදනා ගැන ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා.</font>

229
00:18:42,996 --> 00:18:45,457
<font color="#ffcc46">සම්මුඛ සාකච්ඡාවකදී ඇය කිව්වේ</font>

230
00:18:45,541 --> 00:18:50,003
<font color="#ffcc46">තමන්ගේ පුතා කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ කියලා.</font>

231
00:18:50,087 --> 00:18:52,422
<font color="#ffcc46">හැබැයි එයා වැරැද්දක් කරලා තියෙනවා නම්,</font>

232
00:18:52,506 --> 00:18:55,134
<font color="#ffcc46">දැන්වත් ඇත්ත කියලා සමාව ගන්න ඕනේ කියලත් ඇය කිව්වා...</font>

233
00:18:55,217 --> 00:18:57,094
<font color="#ffcc46">ඔයා ඒක නවත්තන්න තිබුණා!</font>

234
00:18:57,177 --> 00:19:01,056
<font color="#ffcc46">ඒ නිවුස් එක නිසා අපේ මාර්කට් එක 10% කින් බැස්සා.</font>

235
00:19:02,933 --> 00:19:06,228
<font color="#ffcc46">හරි, මම එයාගේ කොන්ත්‍රාත් එක ගැන බලාගන්නම්.</font>

236
00:19:06,311 --> 00:19:08,397
<font color="#ffcc46">ඔයා අර රිපෝට්ස් ටික නවත්තන්න බලන්න.</font>

237
00:19:09,398 --> 00:19:11,024
<font color="#ffcc46">ඉන්න...</font>

238
00:19:12,651 --> 00:19:13,652
<font color="#ffcc46">මම පස්සේ ගන්නම්.</font>

239
00:19:17,656 --> 00:19:18,907
<font color="#ffcc46">කමක් නෑ.</font>

240
00:19:22,327 --> 00:19:25,372
<font color="#ffcc46">ඔයා මෙච්චර වෙලා කොහෙද හිටියේ?
ෆෝන් එකත් ආන්සර් කළේ නෑනේ.</font>

241
00:19:27,332 --> 00:19:28,667
<font color="#ffcc46">මම ඔයාව හෙව්වා.</font>

242
00:19:30,335 --> 00:19:31,253
<font color="#ffcc46">ඇයි?</font>

243
00:19:32,087 --> 00:19:33,297
<font color="#ffcc46">මගේ කොන්ත්‍රාත් එක කැන්සල් කරන්නද?</font>

244
00:19:35,841 --> 00:19:37,801
<font color="#ffcc46">වූ-සොන්ග්ට මොකද වුණේ කියලා මට කියන්න.</font>

245
00:19:37,885 --> 00:19:39,261
<font color="#ffcc46">මම විස්තර කළොත්,</font>

246
00:19:40,804 --> 00:19:41,805
<font color="#ffcc46">ඔයා මාව විශ්වාස කරයිද?</font>

247
00:19:41,889 --> 00:19:44,808
<font color="#ffcc46">ඒක තීරණය වෙන්නේ ඔයා කියන කතාව අනුව.</font>

248
00:19:45,809 --> 00:19:49,313
<font color="#ffcc46">දැනට, ඔයාගේ සෝලෝ ඉවෙන්ට් එක නිසා වෙච්ච පාඩුව</font>

249
00:19:49,396 --> 00:19:53,442
<font color="#ffcc46">-පියවන්නත් අපිට ලොකු ගාණක් යනවා--
-වූ-සොන්ග් මැරිලා!</font>

250
00:19:54,985 --> 00:19:56,737
<font color="#ffcc46">එයා මැරිලා, ඒත් ඔයාට වටින්නේ සල්ලි විතරද?</font>

251
00:19:58,030 --> 00:20:00,991
<font color="#ffcc46">ඔයාට එයා එච්චරද? නිකන්ම පාඩුවක් විතරද?</font>

252
00:20:01,074 --> 00:20:02,284
<font color="#ffcc46">එතකොට ඔයා?</font>

253
00:20:02,367 --> 00:20:04,703
<font color="#ffcc46">ඔයාට වූ-සොන්ග් කියන්නේ කවුද?</font>

254
00:20:05,704 --> 00:20:06,872
<font color="#ffcc46">ඔයා මොනවද මේ කියන්නේ?</font>

255
00:20:07,789 --> 00:20:10,334
<font color="#ffcc46">-ඔයා දන්නවනේ එයායි මමයි--
-නෑ, මම මුකුත් දන්නේ නෑ.</font>

256
00:20:10,959 --> 00:20:13,670
<font color="#ffcc46">එදා රෑ මොකද වුණේ කියලා දන්න එකම කෙනා ඔයා විතරයි.</font>

257
00:20:13,754 --> 00:20:15,839
<font color="#ffcc46">ඔයා නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න පුළුවන් කාටද?</font>

258
00:20:16,798 --> 00:20:19,343
<font color="#ffcc46">ඒක ඔප්පු වෙනකල්,
අපිට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නෑ.</font>

259
00:20:19,426 --> 00:20:21,887
<font color="#ffcc46">ඔයාව විශ්වාස කරන්නවත් බෑ.</font>

260
00:20:25,641 --> 00:20:26,558
<font color="#ffcc46">ඉතින්, අන්තිමේදී,</font>

261
00:20:27,768 --> 00:20:29,144
<font color="#ffcc46">ඔයාලා මාව අත ඇරලා දානවා විතරයි නේද.</font>

262
00:20:32,940 --> 00:20:34,107
<font color="#ffcc46">මේ වෙනකොට,</font>

263
00:20:34,816 --> 00:20:38,320
<font color="#ffcc46">ඔයාගේ ගේයි කාර් එකයි ඔක්කොම
තාවකාලිකව පවරාගෙන ඇති.</font>

264
00:20:38,862 --> 00:20:42,282
<font color="#ffcc46">ඔයාගේ අම්මා ඔයාගේ නමින්
ගොඩක් ණය අරන් තියෙනවා.</font>

265
00:20:43,283 --> 00:20:46,536
<font color="#ffcc46">මේ නඩුවත් එක්ක, ඔයාට කවදාවත්
ඒවා ගෙවන්න බැරි වෙයි කියලා හිතලා,</font>

266
00:20:46,620 --> 00:20:49,039
<font color="#ffcc46">ණයකාරයෝ හරි ඉක්මනට ක්‍රියාත්මක වෙනවා.</font>

267
00:20:53,252 --> 00:20:55,379
<font color="#ffcc46">දැන් පවා, ඔයාගේ අම්මා...</font>

268
00:20:57,381 --> 00:21:00,926
<font color="#ffcc46">සල්ලි අරගෙන
හැමතැනම සම්මුඛ සාකච්ඡා දෙනවා.</font>

269
00:21:03,345 --> 00:21:06,181
<font color="#ffcc46">ඒක නවත්තන්න මම පුළුවන් හැමදේම කරනවා.</font>

270
00:21:07,933 --> 00:21:14,106
<font color="#ffcc46">ඔයා වෙනුවෙන් මට කරන්න පුළුවන් අන්තිම දේ මේකයි.</font>

271
00:21:39,298 --> 00:21:40,340
<font color="#ffcc46">දෝ මී-ක්‍යුන්ග් මහත්මිය?</font>

272
00:21:42,801 --> 00:21:45,637
<font color="#ffcc46">"මැන්ග් සේ-නා"?</font>

273
00:21:46,722 --> 00:21:48,307
<font color="#ffcc46">මම කතා කරපු ගමන් දුවගෙන ආවා නේද.</font>

274
00:21:49,349 --> 00:21:51,018
<font color="#ffcc46">ඔයා කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ?</font>

275
00:21:51,101 --> 00:21:53,645
<font color="#ffcc46">ඔයා ගොඩක් තැන්වල විස්තර දීලා තිබුණනේ,</font>

276
00:21:53,729 --> 00:21:55,147
<font color="#ffcc46">ඉන්ටවු දෙන්න ඉල්ලගෙනම ගිහින්.</font>

277
00:21:55,230 --> 00:21:58,150
<font color="#ffcc46">මේ මගේ පුතානේ. මගේ පැත්තෙනුත් යමක් කියන්න එපැයි.</font>

278
00:21:58,233 --> 00:21:59,276
<font color="#ffcc46">ඒක වැරදිද?</font>

279
00:21:59,901 --> 00:22:03,155
<font color="#ffcc46">මේ ප්‍රශ්න අස්සේ ඔයා දිගටම
ඉන්ටවු දීගෙන ගියොත්,</font>

280
00:22:03,238 --> 00:22:06,491
<font color="#ffcc46">ඒකෙන් වැරදි තොරතුරු පැතිරිලා
මිනිස්සු නඩුව දිහා බලන විදිහ වෙනස් වෙන්න පුළුවන්.</font>

281
00:22:06,575 --> 00:22:07,826
<font color="#ffcc46">වෙනස් වෙනවා?</font>

282
00:22:08,702 --> 00:22:12,414
<font color="#ffcc46">මම මගේ පුතා ගැන වෙන කාටත් වඩා දන්නවා.
ඒකයි මම කතා කරන්නේ.</font>

283
00:22:12,956 --> 00:22:18,253
<font color="#ffcc46">මේ ලෝකේ වෙන කවුරුත් නෑ
මම ඇරෙන්න ඒ කොල්ලා වෙනුවෙන් කතා කරන්න.</font>

284
00:22:19,004 --> 00:22:22,299
<font color="#ffcc46">මම එයාට තියෙන හැමදේම දුන්නා,</font>

285
00:22:23,050 --> 00:22:24,551
<font color="#ffcc46">මට පෙරලා ලැබුණේ ද්‍රෝහිකම විතරයි.</font>

286
00:22:25,761 --> 00:22:29,723
<font color="#ffcc46">එයා සල්ලි ටිකක් වෙනුවෙන් තමන්ගේ අම්මටත් නඩු දැම්මා.
එයා නොකරන දෙයක් නෑ.</font>

287
00:22:30,807 --> 00:22:33,894
<font color="#ffcc46">මැඩම්, තාම කිසි දෙයක් ඔප්පු වෙලා නෑ.</font>

288
00:22:33,977 --> 00:22:36,354
<font color="#ffcc46">ඔව්, තාම නෑ.</font>

289
00:22:36,438 --> 00:22:41,443
<font color="#ffcc46">ඒත් එයා ඒක කරන්න ඇති.
එහෙනම් මොකද? වැරදක් කළා නම් එයා විඳවන්න ඕනේ.</font>

290
00:22:42,235 --> 00:22:45,072
<font color="#ffcc46">මම එයාව හැදුවේ එහෙමයි.</font>

291
00:22:45,989 --> 00:22:48,658
<font color="#ffcc46">ඒ වුණාට එයා මගේ පුතානේ.</font>

292
00:22:50,660 --> 00:22:51,787
<font color="#ffcc46">මට කීයක් විතර ලැබෙයිද?</font>

293
00:22:53,747 --> 00:22:55,874
<font color="#ffcc46">-ඔයා මොකක්ද අදහස් කළේ?
-අනේ යන්න.</font>

294
00:22:56,833 --> 00:22:59,753
<font color="#ffcc46">මම දන්නවා ඔයත් ජීවත් වෙන්න සල්ලි හොයනවා කියලා.</font>

295
00:23:00,754 --> 00:23:04,674
<font color="#ffcc46">කොහොමත් ඇත්ත හැදෙන්නේ
සල්ලි මතනේ. නේද?</font>

296
00:23:05,509 --> 00:23:08,595
<font color="#ffcc46">මම පොඩි ගානක්නේ ඉල්ලන්නේ.</font>

297
00:23:10,931 --> 00:23:14,559
<font color="#ffcc46">ඔයා මගෙන් සල්ලි කඩාගන්නද හදන්නේ?</font>

298
00:23:16,019 --> 00:23:18,522
<font color="#ffcc46">මේ දවස්වල මගේ කට ටිකක් ගණන්.</font>

299
00:23:19,106 --> 00:23:20,524
<font color="#ffcc46">මාධ්‍යවේදියොත් මට ගෙවනවා.</font>

300
00:23:28,740 --> 00:23:33,954
<font color="#ffcc46">ගෝල්ඩ් බෝයිස්ලගේ පළවෙනි ඇල්බම් එකේ
ඔයාගේ පුතා හදපු සින්දුවක් තියෙනවා.</font>

301
00:23:35,872 --> 00:23:38,583
<font color="#ffcc46">එයා කිව්වේ එයාගේ පොඩි කාලේ මතක් කරගෙන
ඒක ලිව්වා කියලා.</font>

302
00:23:39,543 --> 00:23:42,587
<font color="#ffcc46">මට දැන් තේරෙනවා
ඇයි ඒක එච්චර දුක හිතෙන විදිහට තිබුණේ කියලා.</font>

303
00:23:45,173 --> 00:23:47,050
<font color="#ffcc46">ඔය දෙන්නා අතර වෙච්ච හැමදේම මම දන්නේ නෑ.</font>

304
00:23:48,260 --> 00:23:52,055
<font color="#ffcc46">හැබැයි මම එක දෙයක් හොඳටම දන්නවා.</font>

305
00:23:53,181 --> 00:23:54,641
<font color="#ffcc46">ඔයාගේ පුතා මිනිස්සු වෙනුවෙන් සින්දු කිව්වේ,</font>

306
00:23:55,892 --> 00:24:00,063
<font color="#ffcc46">ඒ අයට ප්‍රශ්න දරාගන්න, හිත හදාගන්න,</font>

307
00:24:01,231 --> 00:24:03,108
<font color="#ffcc46">ආයේ බලාපොරොත්තුවක් හොයාගන්න පුළුවන් වෙන්න.</font>

308
00:24:04,526 --> 00:24:05,819
<font color="#ffcc46">ඒත් පේන විදිහට ඒ සින්දුව</font>

309
00:24:06,403 --> 00:24:08,905
<font color="#ffcc46">ඔයාට කවදාවත් දැනුනේ නෑ.</font>

310
00:24:09,614 --> 00:24:10,574
<font color="#ffcc46">කනගාටුයි.</font>

311
00:24:11,825 --> 00:24:12,951
<font color="#ffcc46">ඔයා මොනවද මේ කියවන්නේ?</font>

312
00:24:17,080 --> 00:24:20,208
<font color="#ffcc46">මෙතන ඉඳන්, මාධ්‍ය ඉස්සරහ කට අරින එක
නවැත්තුවොත් හොඳයි කියලා මම ඔයාට කියනවා.</font>

313
00:24:20,959 --> 00:24:24,421
<font color="#ffcc46">දෝ රා-ඉක්ට පොඩ්ඩක් හරි හානියක් වෙන
තව එක ඉන්ටවු එකක් හරි එළියට ආවොත්,</font>

314
00:24:24,504 --> 00:24:26,882
<font color="#ffcc46">මම අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු දාලා,</font>

315
00:24:26,965 --> 00:24:28,967
<font color="#ffcc46">වන්දිත් ඉල්ලනවා.</font>

316
00:24:29,050 --> 00:24:31,636
<font color="#ffcc46">මට පුළුවන් හැම නීතිමය පියවරක්ම මම ගන්නවා.</font>

317
00:24:32,888 --> 00:24:33,930
<font color="#ffcc46">එහෙනම්.</font>

318
00:24:38,185 --> 00:24:39,352
<font color="#ffcc46">ඒයි!</font>

319
00:24:49,905 --> 00:24:51,531
<font color="#ffcc46">කොහොමද මිනිස්සු මේ තරම්...</font>

320
00:24:58,246 --> 00:24:59,915
<font color="#ffcc46">ඔව් චුන්ග්-ජේ.</font>

321
00:25:01,208 --> 00:25:02,042
<font color="#ffcc46">මොකක්?</font>

322
00:25:07,088 --> 00:25:10,300
<font color="#ffcc46">දැන් මොකද කරන්නේ?
මම කිව්වනේ එයා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා!</font>

323
00:25:10,383 --> 00:25:14,512
<font color="#ffcc46">එයා ගියේ පිටිපස්සේ දොරෙන්,
මම හිතුවේ එයා ඒකෙන්ම එළියට එයි කියලා!</font>

324
00:25:15,847 --> 00:25:18,934
<font color="#ffcc46">ඔයා කලින්ම මට ජීපීඑස් එක ගැන කිව්වා නම්,</font>

325
00:25:19,017 --> 00:25:20,143
<font color="#ffcc46">අපිට මෙහෙම වෙන්නේ නෑනේ!</font>

326
00:25:20,227 --> 00:25:21,353
<font color="#ffcc46">මම කිව්වා නම්,</font>

327
00:25:21,436 --> 00:25:24,272
<font color="#ffcc46">ඔයා ආයෙත් මට ස්ටෝකර් කියලා බනිනවනේ.
මම කොහොමද කියන්නේ!</font>

328
00:25:24,356 --> 00:25:25,690
<font color="#ffcc46">මොනවා වුණත්, ඉක්මනට එන්න!</font>

329
00:25:37,202 --> 00:25:40,163
<font color="#ffcc46">-ඉතින් ඔයා අනිත් අයට මැසේජ් කළේ නැද්ද?
-මම කිව්වනේ කළේ නෑ කියලා.</font>

330
00:25:40,247 --> 00:25:43,124
<font color="#ffcc46">ඊයේ හම්බවෙමු කියලා කතා වුණා නම්,
ඔයා ඒ වෙලාවෙම ඒ අයට කියන්න තිබුණා.</font>

331
00:25:43,208 --> 00:25:45,377
<font color="#ffcc46">-එහෙනම් ඔයාම අහන්නකෝ හම්බවෙමුද කියලා.
-දැන් අහලා මොකටද?</font>

332
00:25:46,544 --> 00:25:48,546
<font color="#ffcc46">නෑ, මම කියන්න හැදුවේ...</font>

333
00:25:48,630 --> 00:25:50,340
<font color="#ffcc46">අරවා දැකලා පුරුදුයි වගේ...</font>

334
00:25:53,051 --> 00:25:54,052
<font color="#ffcc46">මොකක්?</font>

335
00:25:57,847 --> 00:25:59,766
<font color="#ffcc46">-අර බලපන්.
-මොකක්ද?</font>

336
00:25:59,849 --> 00:26:01,226
<font color="#ffcc46">මෝඩයා! ළඟට ගිහින් බලපන්.</font>

337
00:26:01,309 --> 00:26:03,103
<font color="#ffcc46">ඒ නයිස් යුනිවර්සල් ගෝල්ඩ් ලිමිටඩ් සපත්තු.</font>

338
00:26:03,853 --> 00:26:04,896
<font color="#ffcc46">අම්මට සිරි, ඇත්ත නේන්නම්.</font>

339
00:26:04,980 --> 00:26:06,940
<font color="#ffcc46">-ලෝකෙටම තියෙන්නේ සීයක් විතරයි නේද?
-ඔව්.</font>

340
00:26:07,023 --> 00:26:08,900
<font color="#ffcc46">-ඒවා ෆේක් වෙන්න ඇති.
-බලමුකෝ චෙක් කරලා.</font>

341
00:26:25,917 --> 00:26:27,002
<font color="#ffcc46">ඕයි!</font>

342
00:26:29,129 --> 00:26:30,213
<font color="#ffcc46">ගලවපන් ඕවා.</font>

343
00:26:31,381 --> 00:26:33,091
<font color="#ffcc46">-මොකක්?
-ගලවපන්.</font>

344
00:26:33,174 --> 00:26:35,343
<font color="#ffcc46">-මට බලපු ගමන් කියන්න පුළුවන් ඔරිජිනල් ද කියලා.
-මට ෂුවර් ඕක ෆේක්.</font>

345
00:26:35,427 --> 00:26:37,470
<font color="#ffcc46">ඕවා යුනිවර්සල් ගෝල්ඩ් නෙවෙයි.
ෆේක් නේද?</font>

346
00:26:42,517 --> 00:26:44,978
<font color="#ffcc46">මේ වගේ කුණු ගොඩවල්වලටත් හුස්ම ගන්න දෙනවනේ.</font>

347
00:26:45,061 --> 00:26:47,022
<font color="#ffcc46">මූට පිස්සුද කොහෙද.</font>

348
00:26:47,105 --> 00:26:49,190
<font color="#ffcc46">ඒයි.</font>

349
00:26:49,816 --> 00:26:51,026
<font color="#ffcc46">-තොට මැරෙන්න ඕන වෙලාද?
-ඔව්.</font>

350
00:26:51,860 --> 00:26:53,111
<font color="#ffcc46">හරි.</font>

351
00:26:53,194 --> 00:26:55,780
<font color="#ffcc46">මට මැරෙන්න ඕන.</font>

352
00:26:56,364 --> 00:26:58,116
<font color="#ffcc46">ඉතින් මට උදව් කරපන්.</font>

353
00:26:59,492 --> 00:27:00,368
<font color="#ffcc46">මරපන් මාව.</font>

354
00:27:01,161 --> 00:27:02,495
<font color="#ffcc46">කරපන්. මරපන් මාව!</font>

355
00:27:03,913 --> 00:27:06,416
<font color="#ffcc46">පොඩ්ඩක් ඉඳපන්, මේ අරූ නේද...</font>

356
00:27:08,418 --> 00:27:11,463
<font color="#ffcc46">නේද? අර මිනී මරපු ගෝල්ඩ් බෝයිස් එකේ එකා නේද?</font>

357
00:27:12,297 --> 00:27:13,548
<font color="#ffcc46">යකෝ!</font>

358
00:27:14,215 --> 00:27:15,300
<font color="#ffcc46">ඇත්තටමද?</font>

359
00:27:15,383 --> 00:27:17,302
<font color="#ffcc46">ඔව් බන්, අම්මට සිරි!</font>

360
00:27:24,184 --> 00:27:25,018
<font color="#ffcc46">විනාසයි.</font>

361
00:27:29,522 --> 00:27:31,066
<font color="#ffcc46">පාගපන් මූව!</font>

362
00:27:34,861 --> 00:27:36,154
<font color="#ffcc46">පරයා.</font>

363
00:27:37,030 --> 00:27:38,073
<font color="#ffcc46">මිනීමරුවා!</font>

364
00:27:38,656 --> 00:27:39,824
<font color="#ffcc46">ෂික්.</font>

365
00:27:49,542 --> 00:27:51,753
<font color="#ffcc46">ඒයි! තමුන්ගේ පඩියෙන් 20%ක් කපනවා!</font>

366
00:27:55,256 --> 00:27:57,258
<font color="#ffcc46">එයා ඒ පැත්තට ගිය එකට මම මොනවා කරන්නද?</font>

367
00:27:58,843 --> 00:28:00,637
<font color="#ffcc46">මාත් එනවා යන්න!</font>

368
00:28:18,780 --> 00:28:20,448
<font color="#ffcc46">මම මේක විකුණන්නද?</font>

369
00:28:20,532 --> 00:28:23,868
<font color="#ffcc46">-මේ වීඩියෝ එක නම් හිට් වෙනවා.
-මම කියන්නේ මේවා ඔරිජිනල් බාන්ඩ.</font>

370
00:28:23,952 --> 00:28:24,828
<font color="#ffcc46">මට දාලා බලන්න දීපන්කො.</font>

371
00:28:24,911 --> 00:28:25,954
<font color="#ffcc46">-පලයන් යන්න!
-මෙතන පොඩ්ඩක් බලන්න.</font>

372
00:28:27,580 --> 00:28:30,041
<font color="#ffcc46">මේ වෙලාවේ අර සපත්තු දාගෙන හිටපු
කෙනා කොහෙද ඉන්නේ?</font>

373
00:28:30,708 --> 00:28:34,295
<font color="#ffcc46">-කවුද මේ ගෑනු කෙනා?
-මම තමයි මේ සපත්තුවල අයිතිකාරයා. ඇයි?</font>

374
00:28:36,840 --> 00:28:39,134
<font color="#ffcc46">ඔයාට මාත් එක්ක රවුමක් යන්න ඕනෙද?</font>

375
00:28:39,926 --> 00:28:41,386
<font color="#ffcc46">ඔයාට මගේ සපත්තු බලන්න ඕනේ නම්...</font>

376
00:28:41,469 --> 00:28:44,055
<font color="#ffcc46">-මොන මගුලක්ද!
-ඇයි පාර හරස් කරගෙන ඉන්නේ?</font>

377
00:28:44,139 --> 00:28:46,766
<font color="#ffcc46">අත ඇරපන්! යකෝ!</font>

378
00:28:46,850 --> 00:28:47,851
<font color="#ffcc46">පලයන් යන්න!</font>

379
00:28:48,977 --> 00:28:51,438
<font color="#ffcc46">තමුන් කවුද? ඇයි මේ වලියක් දාගන්න හදන්නේ?</font>

380
00:28:52,689 --> 00:28:53,982
<font color="#ffcc46">කාලකන්නියා!</font>

381
00:28:59,279 --> 00:29:01,865
<font color="#ffcc46">-අනේ මට සමාවෙන්න.
-මොකක්ද තමුන්ගේ ප්‍රශ්නේ?</font>

382
00:29:01,948 --> 00:29:03,032
<font color="#ffcc46">අපිට වෙලාව නෑ. කියනවා.</font>

383
00:29:03,616 --> 00:29:07,746
<font color="#ffcc46">කෝ අර නයිස් යුනිවර්සල් ගෝල්ඩ් ලිමිටඩ්
දාගෙන හිටපු කෙනා?</font>

384
00:29:21,801 --> 00:29:23,136
<font color="#ffcc46">රා-ඉක්?</font>

385
00:29:24,053 --> 00:29:25,138
<font color="#ffcc46">ඔයාට හොඳයිද?</font>

386
00:29:25,722 --> 00:29:26,848
<font color="#ffcc46">ගොඩක් තුවාලද?</font>

387
00:29:27,849 --> 00:29:29,392
<font color="#ffcc46">ඔළුව පොඩ්ඩක් උස්සන්න.</font>

388
00:29:30,602 --> 00:29:32,395
<font color="#ffcc46">-සද්දේ වැඩියි.
-මොකක්?</font>

389
00:29:32,479 --> 00:29:35,064
<font color="#ffcc46">සද්දේ වැඩියි, මට පිස්සු වගේ.</font>

390
00:29:35,148 --> 00:29:38,860
<font color="#ffcc46">මේ මගුල් සින්දුව නවතින්නෙම නෑ.</font>

391
00:29:40,069 --> 00:29:41,571
<font color="#ffcc46">ඒක මගේ ඔළුව ඇතුලේ වද දෙනවා.</font>

392
00:29:42,071 --> 00:29:43,990
<font color="#ffcc46">මැරෙන්න තිබුණේ මමයි කියලා කියනවා.</font>

393
00:29:44,616 --> 00:29:47,076
<font color="#ffcc46">හැමදේම දැන්ම ඉවරයක් කරන්න කියලා.</font>

394
00:29:48,077 --> 00:29:50,914
<font color="#ffcc46">ඒත් ඇයි මම මේ තරම් මෝඩ?
මට ඒකවත් කරගන්න බැරිද.</font>

395
00:30:08,014 --> 00:30:09,516
<font color="#ffcc46">මම දන්නවා ඒක...</font>

396
00:30:12,227 --> 00:30:14,020
<font color="#ffcc46">දරාගන්න බැරි තරම් වේදනාකාරී දෙයක් කියලා.</font>

397
00:30:18,107 --> 00:30:22,445
<font color="#ffcc46">මම දන්නවා ඔයාට හැමදේම අත ඇරලා දාන්න ඕන කියලා.</font>

398
00:30:30,870 --> 00:30:32,247
<font color="#ffcc46">ඒ වුණාට...</font>

399
00:30:35,250 --> 00:30:37,252
<font color="#ffcc46">අපිට නැති වුණු කෙනා වෙනුවෙන්,</font>

400
00:30:38,002 --> 00:30:39,754
<font color="#ffcc46">අපි ඒ රෑ වෙච්ච ඇත්ත හොයාගන්න ඕනේ.</font>

401
00:30:41,756 --> 00:30:46,803
<font color="#ffcc46">අන්තිම වෙනකල්... අපිට අත අරින්න බෑ.</font>

402
00:30:51,850 --> 00:30:53,434
<font color="#ffcc46">එතකල්...</font>

403
00:30:56,604 --> 00:30:57,981
<font color="#ffcc46">මම ඔයා ළඟින්ම ඉන්නවා.</font>

404
00:31:00,650 --> 00:31:02,944
<font color="#ffcc46">ඔයාට හැම උත්තරයක්ම ලැබෙනකල්.</font>

405
00:32:00,835 --> 00:32:03,880
<font color="#ffcc46">ලෙස: ග්වාක් බ්‍යුන්ග්-ග්‍යුන්</font>

406
00:32:04,964 --> 00:32:07,800
<font color="#ffcc46">එතකොට සැකකරු අපරාධය ප්‍රතික්ෂේප කරනවද?</font>

407
00:32:07,884 --> 00:32:09,302
<font color="#ffcc46">ඔව්.</font>

408
00:32:09,385 --> 00:32:11,721
<font color="#ffcc46">මේ වෙලාවේ පාපොච්චාරණයක් ගන්න තරම්
සාක්ෂි අපිට මදි.</font>

409
00:32:12,430 --> 00:32:15,600
<font color="#ffcc46">අනික විත්තිය කියනවා එතනට
තුන්වෙනි පාර්ශ්වයක් ආවා වෙන්න පුළුවන් කියලා,</font>

410
00:32:16,184 --> 00:32:17,602
<font color="#ffcc46">ඒක ටිකක් විශ්වාස කරන්න පුළුවන් කතාවක්.</font>

411
00:32:17,685 --> 00:32:19,896
<font color="#ffcc46">අපිට පරීක්ෂණ ඒ පැත්තට හරවන්න වෙයි වගේ.</font>

412
00:32:20,480 --> 00:32:22,774
<font color="#ffcc46">එතකොට නීතිඥවරයා පරීක්ෂණ වෙනස් කරන්නේ</font>

413
00:32:23,483 --> 00:32:26,027
<font color="#ffcc46">විත්තිය කියන දේවල් පදනම් කරගෙනද.</font>

414
00:32:37,497 --> 00:32:38,706
<font color="#ffcc46">බ්‍යුන්ග්-ග්‍යුන්.</font>

415
00:32:39,540 --> 00:32:40,750
<font color="#ffcc46">කියන්න.</font>

416
00:32:40,833 --> 00:32:42,335
<font color="#ffcc46">ඔයා හිතන්නේ රජයේ නීතිඥයෙක් කියන්නේ කවුරු කියලද?</font>

417
00:32:42,919 --> 00:32:45,088
<font color="#ffcc46">නීතිඥයෙක් කියන්නේ යුක්තිය සහ සත්‍යය සොයන</font>

418
00:32:45,171 --> 00:32:47,840
<font color="#ffcc46">-නීතියේ ආරක්ෂකයෙක්...
-නෑ.</font>

419
00:32:47,924 --> 00:32:49,342
<font color="#ffcc46">නීතිඥයෙක් කියන්නේ ඒකට නෙවෙයි.</font>

420
00:32:50,218 --> 00:32:53,262
<font color="#ffcc46">නීතිඥයෙක් කියන්නේ පාපොච්චාරණයක් ගන්න කෙනෙක්ට.</font>

421
00:32:55,098 --> 00:32:58,893
<font color="#ffcc46">සාක්ෂි තිබුණත් නැතත්,
එක්කෙනෙක්ව සැකකරුවෙක් විදිහට තෝරගත්තට පස්සේ,</font>

422
00:32:58,977 --> 00:33:02,772
<font color="#ffcc46">ඒ මනුස්සයා වරද පිළිගන්නකල්
එයාව අත අරින්නේ නැති කෙනෙක්ට.</font>

423
00:33:04,273 --> 00:33:05,274
<font color="#ffcc46">අන්න එයාටයි නීතිඥයෙක් කියන්නේ.</font>

424
00:33:06,234 --> 00:33:07,360
<font color="#ffcc46">හරි.</font>

425
00:33:08,277 --> 00:33:10,405
<font color="#ffcc46">මේක දෙන්නෙක් ඉන්න කේස් එකක්,
එතනින් එක්කෙනෙක් මැරෙනවා.</font>

426
00:33:11,781 --> 00:33:14,075
<font color="#ffcc46">ඒකේ තේරුම් ගන්න අමාරු මොකක්ද?</font>

427
00:33:15,827 --> 00:33:19,038
<font color="#ffcc46">මට සමාවෙන්න.
මම බැලුවේ වෙන මොනවා හරි වෙන්න පුළුවන්ද කියලා.</font>

428
00:33:19,122 --> 00:33:19,998
<font color="#ffcc46">ඔයා දන්නවනේ...</font>

429
00:33:21,582 --> 00:33:25,044
<font color="#ffcc46">මේ නඩුව ඔයාට අරන් දෙන්න
මම කොච්චර මහන්සි වුණාද කියලා, නේද?</font>

430
00:33:25,920 --> 00:33:28,131
<font color="#ffcc46">ඇඟිල්ලක්වත් හොලවන්නේ නැතුව
දිනන්න පුළුවන් නඩුවක්,</font>

431
00:33:28,214 --> 00:33:31,843
<font color="#ffcc46">අනික මේ තරම් මිනිස්සුන්ගේ අවධානය තියෙන එකක්
ලේසියෙන් ලැබෙන්නේ නෑ.</font>

432
00:33:33,011 --> 00:33:35,513
<font color="#ffcc46">ඔයා හරියට වැඩේ කළොත්,
ඔයාගේ වටිනාකම වැඩි කරගත්තොත්,</font>

433
00:33:36,305 --> 00:33:38,266
<font color="#ffcc46">ඒකෙන් ඔයාට කෙළින්ම දේශපාලනයට යන්න පුළුවන්.</font>

434
00:33:40,059 --> 00:33:42,812
<font color="#ffcc46">හැමෝම බලාගෙන හිටපු ගොදුර මම ඔයාට ගෙනත් දුන්නා.</font>

435
00:33:44,397 --> 00:33:46,899
<font color="#ffcc46">-වරදින්නේ නැති වෙන්න වැඩේ ඉවර කරන්න.
-මම ඒක මතක තියාගන්නම්.</font>

436
00:33:50,194 --> 00:33:51,654
<font color="#ffcc46">අනික අර විත්තියේ නීතිඥවරිය...</font>

437
00:33:52,238 --> 00:33:53,906
<font color="#ffcc46">එයා ගිහින් තියෙන්නෙත් ඔයා ගිය ඉස්කෝලෙටමයි.</font>

438
00:33:53,990 --> 00:33:56,075
<font color="#ffcc46">එහෙමද?</font>

439
00:33:56,576 --> 00:33:58,828
<font color="#ffcc46">නමුත් පන්සීයකට වඩා හිටපු බැච් එකක,</font>

440
00:33:58,911 --> 00:34:01,080
<font color="#ffcc46">-මට හැමෝවම දැනගන්න බෑනේ...
-ඒ පන්සීය දෙනා අතරින්,</font>

441
00:34:01,706 --> 00:34:03,249
<font color="#ffcc46">එයා දිගටම ඔයාව පහු කරගෙන පළවෙනියා වුණා.</font>

442
00:34:03,958 --> 00:34:05,293
<font color="#ffcc46">එයා ඉස්කෝලෙන් අස්වෙනකල්ම.</font>

443
00:34:06,586 --> 00:34:10,173
<font color="#ffcc46">එයාගේ නම මැන්ග් සේ-නා, නේද?</font>

444
00:34:14,177 --> 00:34:15,595
<font color="#ffcc46">මැන්ග් සේ-නා.</font>

445
00:34:17,180 --> 00:34:18,473
<font color="#ffcc46">මැන්ග් සේ-නා.</font>

446
00:34:20,767 --> 00:34:22,101
<font color="#ffcc46">ගඳයා.</font>

447
00:34:24,187 --> 00:34:25,313
<font color="#ffcc46">ගඳයා.</font>

448
00:34:25,396 --> 00:34:26,230
<font color="#ffcc46">මිනීමරුවා</font>

449
00:34:31,778 --> 00:34:32,987
<font color="#ffcc46">දැන් මොකද කරන්නේ, මැන්ග් සේ-නා?</font>

450
00:34:33,488 --> 00:34:34,655
<font color="#ffcc46">පව් අනේ.</font>

451
00:34:38,618 --> 00:34:40,244
<font color="#ffcc46">ගඳයා.</font>

452
00:34:42,622 --> 00:34:44,499
<font color="#ffcc46">ඔයාගේ ඇස් දෙක නම් ඇත්තටම භයානකයි.</font>

453
00:34:46,209 --> 00:34:47,043
<font color="#ffcc46">මොකක්?</font>

454
00:34:48,711 --> 00:34:50,463
<font color="#ffcc46">ඔයත් කාට හරි වැඩක් දෙන්නද කල්පනාව?</font>

455
00:35:03,059 --> 00:35:04,227
<font color="#ffcc46">ෂික්.</font>

456
00:35:09,148 --> 00:35:11,484
<font color="#ffcc46">වෙලාව නම් අන්තිමයි.</font>

457
00:35:12,401 --> 00:35:16,239
<font color="#ffcc46">ඇයි එදා රෑ වැස්සෙ?</font>

458
00:35:19,158 --> 00:35:22,703
<font color="#ffcc46">මම ආපහු ආපහු දාලා බැලුවා,
ඒත් මොකුත්ම පේන්න නෑ.</font>

459
00:35:23,538 --> 00:35:27,416
<font color="#ffcc46">NVR එක කැඩුනේ නැත්නම්,
මේක හරිම ලේසි වැඩක් වෙන්න තිබුනා.</font>

460
00:35:27,500 --> 00:35:29,502
<font color="#ffcc46">-ගෙවල් වල අය මොකද කියන්නේ?
-හැමදාම වගේ තමයි.</font>

461
00:35:30,294 --> 00:35:33,881
<font color="#ffcc46">මම විස්තර අහන්න හැදුවම, එයාලා දේපල
වල ගණන් බහියි කියලා කලබල වෙනවා.</font>

462
00:35:34,924 --> 00:35:37,635
<font color="#ffcc46">-කවුරුත් කෙලින් උත්තරයක් දෙන්නේ නෑ.
-අලුත් එක්කෙනාට මොකුත් හම්බුනාද?</font>

463
00:35:38,469 --> 00:35:40,304
<font color="#ffcc46">ඔව් සර්.</font>

464
00:35:40,388 --> 00:35:42,181
<font color="#ffcc46">මේක පොඩ්ඩක් බලන්න පුලුවන්ද?
මොකක්දෝ අමුත්තක් තියෙනවා.</font>

465
00:35:43,015 --> 00:35:45,434
<font color="#ffcc46">මොකක්ද?</font>

466
00:35:50,314 --> 00:35:53,985
<font color="#ffcc46">එදා රෑ, මිනිහා කියලා තියෙන්නේ බොන ගමන්
ළඟ කඩේකට ගියා කියලා.</font>

467
00:35:54,068 --> 00:35:55,653
<font color="#ffcc46">තව බීම ටිකක් ගන්න.</font>

468
00:35:55,736 --> 00:35:59,824
<font color="#ffcc46">හරි, ඒත් ඒ වෙලාව මැරුණා කියලා
සැක කරන වෙලාවට වඩා ගොඩක් වෙනස්නේ.</font>

469
00:36:00,741 --> 00:36:03,035
<font color="#ffcc46">ඔව්, ඒත් මේ හරිය තමයි අමුතු.</font>

470
00:36:03,119 --> 00:36:05,788
<font color="#ffcc46">මිනිහා බීම ගේන්න ගියා කිව්වට,
මිනිහා මුකුත් අරගෙන නෑ.</font>

471
00:36:06,414 --> 00:36:07,373
<font color="#ffcc46">නිකන්ම එළියට ගිහින්.</font>

472
00:36:08,583 --> 00:36:09,709
<font color="#ffcc46">අනික...</font>

473
00:36:10,251 --> 00:36:12,086
<font color="#ffcc46">මිනිහා දකුණු පැත්තෙන් ඇතුලට ආවට,</font>

474
00:36:13,212 --> 00:36:14,547
<font color="#ffcc46">එළියට ගිහින් තියෙන්නේ වම් පැත්තෙන්.</font>

475
00:36:14,630 --> 00:36:17,800
<font color="#ffcc46">මම මැප් එක බැලුවා, ඇත්තටම
ඒ පාර වැටෙන්නේ කඳු නගින පාරකට.</font>

476
00:36:17,884 --> 00:36:19,468
<font color="#ffcc46">ඒ හරියෙ වෙන මොකුත් නෑ.</font>

477
00:36:20,720 --> 00:36:22,305
<font color="#ffcc46">ඒක පුදුමයිනේ.</font>

478
00:36:22,388 --> 00:36:26,058
<font color="#ffcc46">ඇයි මිනිහා හොඳ පාරක් තියෙද්දි
කඳු පාරකින් යන්න ඇත්තේ?</font>

479
00:36:26,142 --> 00:36:27,351
<font color="#ffcc46">සමහරවිට පුරුද්දක් වෙන්න ඇති?</font>

480
00:36:27,935 --> 00:36:29,729
<font color="#ffcc46">එයා අයිඩල් කෙනෙක් හින්දා,
ඇඟ ගැන හිතලා වෙන්න ඇති.</font>

481
00:36:31,522 --> 00:36:32,773
<font color="#ffcc46">නිකන්ම දේවල් වෙන්නේ නෑ.</font>

482
00:36:33,566 --> 00:36:35,276
<font color="#ffcc46">හැම දේකටම හේතුවක් තියෙනවා.</font>

483
00:36:35,943 --> 00:36:38,196
<font color="#ffcc46">මේ කඩේ ඉඳන් අර කඳු පාරට යනකම්</font>

484
00:36:38,279 --> 00:36:41,490
<font color="#ffcc46">කිලෝමීටර් පහක් ඇතුළත
තියෙන ඔක්කොම CCTV ටික ගන්න.</font>

485
00:36:41,574 --> 00:36:43,117
<font color="#ffcc46">තේරුණාද?</font>

486
00:36:43,201 --> 00:36:45,912
<font color="#ffcc46">එතන අනිවාර්යයෙන්ම මොකක් හරි තියෙනවා.</font>

487
00:37:22,031 --> 00:37:23,699
<font color="#ffcc46">ඒ කාලේ...</font>

488
00:37:27,787 --> 00:37:30,915
<font color="#ffcc46">මට හිතුනේ මේ ලෝකේ කිසිම තැනක
මට ඉඩක් නෑ කියලා.</font>

489
00:37:30,998 --> 00:37:32,792
<font color="#ffcc46">ගෝල්ඩ් කැබරේ</font>

490
00:37:32,875 --> 00:37:38,714
<font color="#ffcc46">මේ දුක පිරුණු ලෝකේ</font>

491
00:37:39,298 --> 00:37:43,386
<font color="#ffcc46">ගොඩක් මිනිස්සු වෙන් වෙලා යනකොට</font>

492
00:37:44,679 --> 00:37:49,100
<font color="#ffcc46">කාලයක් ගෙවිලා ගියාට පස්සේ</font>

493
00:37:50,476 --> 00:37:55,815
<font color="#ffcc46">එකපාරටම ආදරයක් මතු වුනා</font>

494
00:37:55,898 --> 00:37:58,401
<font color="#ffcc46">මම අතනට නැග්ගොත්
දේවල් වෙනස් වෙයිද දන්නේ නෑ?</font>

495
00:37:58,484 --> 00:38:01,279
<font color="#ffcc46">ජීවිතයම කැප කරපු ආදරයක්</font>

496
00:38:07,535 --> 00:38:09,328
<font color="#ffcc46">පොඩ්ඩක් එළියට එනවා.</font>

497
00:38:09,412 --> 00:38:10,288
<font color="#ffcc46">-ඇයි?
-ඉක්මනට!</font>

498
00:38:10,371 --> 00:38:12,123
<font color="#ffcc46">හා.</font>

499
00:38:14,709 --> 00:38:19,672
<font color="#ffcc46">ආදරයේ රෝස මලක් පිපෙන්නේ
හදවතක විතරයි</font>

500
00:38:21,632 --> 00:38:26,178
<font color="#ffcc46">සැබෑ, අවංක ආදරය හඳුනන</font>

501
00:38:28,264 --> 00:38:32,935
<font color="#ffcc46">වෛරයක් නැති</font>

502
00:38:33,019 --> 00:38:34,603
<font color="#ffcc46">ඉතින් මම දවසක් එතනට නැග්ගා.</font>

503
00:38:34,687 --> 00:38:37,023
<font color="#ffcc46">ඔයා සීමාවක් නැතුව ආදරේ දෙනකොට</font>

504
00:38:37,106 --> 00:38:38,816
<font color="#ffcc46">අන්තිමේදී මිනිස්සු මං දිහා බැලුවා.</font>

505
00:38:41,610 --> 00:38:46,907
<font color="#ffcc46">මල් සිය ගණන් පිපෙනවා</font>

506
00:38:46,991 --> 00:38:48,993
<font color="#ffcc46">රා-ඉක්ට ඇත්තටම පුලුවන්.</font>

507
00:38:49,076 --> 00:38:52,705
<font color="#ffcc46">ඔයාට පුලුවන් මගේ ලස්සන
හීන ලෝකයට යන්න</font>

508
00:38:53,289 --> 00:38:54,665
<font color="#ffcc46">නියමයි, රා-ඉක්!</font>

509
00:38:55,708 --> 00:38:57,043
<font color="#ffcc46">ඒත්…</font>

510
00:39:10,097 --> 00:39:11,182
<font color="#ffcc46">මෙතනින් වාඩි වෙන්න.</font>

511
00:39:15,519 --> 00:39:16,645
<font color="#ffcc46">මෙතන ඉන්න.</font>

512
00:39:22,443 --> 00:39:25,029
<font color="#ffcc46">මම ගොඩක් ආසාවෙන් හිටපු තැන
මට දරාගන්න බැරි තරම් ලොකු වුනා.</font>

513
00:39:33,245 --> 00:39:35,539
<font color="#ffcc46">ඒක හිමීට මාව ගිලගන්න පටන් ගත්තා.</font>

514
00:39:36,248 --> 00:39:37,750
<font color="#ffcc46">මට දැන් මේක එපා වෙලා.</font>

515
00:39:38,459 --> 00:39:39,919
<font color="#ffcc46">මට මේවා කරන්න බෑ.</font>

516
00:39:45,841 --> 00:39:50,221
<font color="#ffcc46">රා-ඉක්, උඹ සින්දු කියන්න ආසයිනේ.</font>

517
00:39:52,848 --> 00:39:56,268
<font color="#ffcc46">ගුම් මහත්තයා මට සල්ලි සේරම ගෙවලා ඉවරයි.</font>

518
00:40:00,398 --> 00:40:03,442
<font color="#ffcc46">ඒ හින්දා උඹ ඒ සල්ලි වලට හරියන්න වැඩ කරන්න ඕනේ.</font>

519
00:40:16,872 --> 00:40:21,419
<font color="#ffcc46">මම දැනගන්නකොට,
මට තිබුණු හැම දේම නැති වෙලා ඉවරයි.</font>

520
00:40:32,680 --> 00:40:34,432
<font color="#ffcc46">පෙපර් ෆෙස්ටිවල්</font>

521
00:40:34,515 --> 00:40:36,308
<font color="#ffcc46">ට්‍රොට් ගායන තරුව - දෝ රා-ඉක්</font>

522
00:40:36,392 --> 00:40:38,519
<font color="#ffcc46">ගෝල්ඩ් කැබරේ</font>

523
00:40:51,198 --> 00:40:52,450
<font color="#ffcc46">කාලකන්නියා!</font>

524
00:41:00,875 --> 00:41:03,794
<font color="#ffcc46">එදා තමයි මට එයාව හම්බුනේ.</font>

525
00:41:10,134 --> 00:41:15,139
<font color="#ffcc46">මං ළඟින් හිටගෙන ලෝකෙන් ආපු හැම ප්‍රශ්නෙකටම
මුහුණ දීපු ඒ මෝඩයා.</font>

526
00:41:26,609 --> 00:41:27,735
<font color="#ffcc46">යමු.</font>

527
00:41:31,947 --> 00:41:32,990
<font color="#ffcc46">මාවත් එක්කන් යන්න!</font>

528
00:41:42,666 --> 00:41:44,418
<font color="#ffcc46">ඒ කරදරකාරයා හින්දා,</font>

529
00:41:45,336 --> 00:41:47,213
<font color="#ffcc46">මට හැමදේම දරාගන්න පුලුවන් වුනා.</font>

530
00:42:00,476 --> 00:42:01,310
<font color="#ffcc46">පරාජයන්...</font>

531
00:42:08,025 --> 00:42:09,318
<font color="#ffcc46">ඒ වගේම ජයග්‍රහණ.</font>

532
00:42:27,878 --> 00:42:30,631
<font color="#ffcc46">අපි එකට ඉන්නකොට,
බය වෙන්න කිසිම දෙයක් තිබුනේ නෑ.</font>

533
00:42:32,466 --> 00:42:33,717
<font color="#ffcc46">ඇත්තටම මුකුත් තිබුනේ නෑ.</font>

534
00:42:41,809 --> 00:42:44,144
<font color="#ffcc46">මේක මෙහෙම වුනේ කොයි වෙලාවෙද?</font>

535
00:42:53,737 --> 00:42:55,364
<font color="#ffcc46">කොහොම හරි, එච්චරයි.</font>

536
00:42:57,116 --> 00:43:01,036
<font color="#ffcc46">එදා රෑ, වූ-සොන්ග් යි මමයි නිකන් බිව්වා විතරයි.</font>

537
00:43:02,204 --> 00:43:03,706
<font color="#ffcc46">අපි සිංදු අහ අහ,</font>

538
00:43:05,082 --> 00:43:07,126
<font color="#ffcc46">හිනාවෙවී කතා කර කර හිටියේ.</font>

539
00:43:18,429 --> 00:43:19,471
<font color="#ffcc46">එහෙනම් කියන්න පුලුවන්ද...</font>

540
00:43:21,181 --> 00:43:23,475
<font color="#ffcc46">මට එහෙම පාලනයක් තියෙනවද?</font>

541
00:43:25,269 --> 00:43:27,855
<font color="#ffcc46">එදා දවසේ මොකද වුනේ?</font>

542
00:43:29,607 --> 00:43:31,900
<font color="#ffcc46">ඔයාට මේක කොහෙන්ද හම්බුනේ?</font>

543
00:43:33,152 --> 00:43:36,113
<font color="#ffcc46">මේක හම්බුනු තැන නෙමෙයි වැදගත්.</font>

544
00:43:37,364 --> 00:43:40,743
<font color="#ffcc46">වැදගත්ම දේ තමයි කවුරුහරි දැකලා තියෙනවා
ඔයාලා දෙන්නා රණ්ඩු වෙනවා.</font>

545
00:43:40,826 --> 00:43:42,411
<font color="#ffcc46">අපි රණ්ඩු වුනේ නෑ.</font>

546
00:43:42,494 --> 00:43:45,372
<font color="#ffcc46">අපි පුරුදු වෙනකොට, සමහර වෙලාවට
වාද කරගන්නවා, කෑගහගන්නවා.</font>

547
00:43:46,457 --> 00:43:49,543
<font color="#ffcc46">කොන්සර්ට් එක ළඟ නිසා මම හිටියේ ආතතියෙන්.</font>

548
00:43:55,132 --> 00:43:55,966
<font color="#ffcc46">ඔයාට විශ්වාසද?</font>

549
00:43:57,468 --> 00:43:59,011
<font color="#ffcc46">ඔව්, මට විශ්වාසයි.</font>

550
00:44:01,180 --> 00:44:04,016
<font color="#ffcc46">ඇහෙන්න කියපුවම ඒක වඩා පැහැදිලියි.</font>

551
00:44:05,142 --> 00:44:06,560
<font color="#ffcc46">මම නෙමෙයි මිනීමරුවා.</font>

552
00:44:07,144 --> 00:44:08,729
<font color="#ffcc46">ඒ හින්දා ඔයා කිව්වා වගේම,</font>

553
00:44:09,271 --> 00:44:12,650
<font color="#ffcc46">මම මගේ මතකය ආපහු ගන්නම්.</font>

554
00:44:18,697 --> 00:44:22,743
<font color="#ffcc46">අනික මගේ ගෙදරත් සීල් තියලානේ.</font>

555
00:44:22,826 --> 00:44:27,081
<font color="#ffcc46">ඒ හින්දා මට ටික කාලෙකට
මෙහෙ ඉන්න වෙයි කියලා හිතෙනවා.</font>

556
00:44:27,706 --> 00:44:29,291
<font color="#ffcc46">මොකක්? මොකක්ද කිව්වේ?</font>

557
00:44:29,375 --> 00:44:31,543
<font color="#ffcc46">ඔයාමනේ කිව්වේ, මම හෝටලේක වගේ නැවතිලා</font>

558
00:44:31,627 --> 00:44:34,171
<font color="#ffcc46">මිනිස්සුන්ට අහු වුනොත් ප්‍රශ්න ඇති වෙයි කියලා.</font>

559
00:44:35,547 --> 00:44:38,092
<font color="#ffcc46">අනික මට නුපුරුදු තැනක
තනියම ඉන්නත් බෑ.</font>

560
00:44:39,510 --> 00:44:41,261
<font color="#ffcc46">ඔයා කිව්වනේ මගේ ළඟින් ඉන්නවා කියලා.</font>

561
00:44:44,765 --> 00:44:46,392
<font color="#ffcc46">මෙං සේ-නාගේ පුද්ගලික සටහන</font>

562
00:44:46,475 --> 00:44:47,726
<font color="#ffcc46">ප්‍රොසිකියුටර් ග්වක් බ්යුන්-ග්‍යුන්</font>

563
00:44:48,686 --> 00:44:51,146
<font color="#ffcc46">කොහොමද ඒ මූණ මෙහෙම වුනේ...</font>

564
00:44:51,939 --> 00:44:53,857
<font color="#ffcc46">-මොකක්ද?
-මුකුත් නෑ.</font>

565
00:44:55,067 --> 00:44:56,944
<font color="#ffcc46">දෝ රා-ඉක්ට පෙනී ඉන්න කියලා දන්වන්න.</font>

566
00:44:57,027 --> 00:44:58,862
<font color="#ffcc46">එයා ආයේ ඒක මග ඇරියොත්,
අපි වොරෙන්තුවක් ගන්නවා.</font>

567
00:45:03,534 --> 00:45:05,077
<font color="#ffcc46">ග්වක් මහත්තයා. ඔයා කාර්යබහුලද?</font>

568
00:45:05,577 --> 00:45:06,662
<font color="#ffcc46">හැම තිස්සෙම.</font>

569
00:45:16,296 --> 00:45:17,548
<font color="#ffcc46">ෂා, මාර ජනෙල් නේ.</font>

570
00:45:17,631 --> 00:45:21,885
<font color="#ffcc46">ඉර එළියත්... මරු.</font>

571
00:45:21,969 --> 00:45:23,303
<font color="#ffcc46">මේ මාබල් ද?</font>

572
00:45:28,392 --> 00:45:29,935
<font color="#ffcc46">අනේ, එක පාරක් විතරයිනේ.</font>

573
00:45:30,018 --> 00:45:32,688
<font color="#ffcc46">ඔයා දන්නවනේ මගේ මාමණ්ඩි
බිස්නස් ලෝකේ ලොකු ඩයල් එකක් කියලා.</font>

574
00:45:32,771 --> 00:45:36,358
<font color="#ffcc46">අපේ පවුලට කිට්ටු වුනොත් ඔයාගේ රස්සාවත්
නිකන් හයිවේ එකක්, ඔටෝබාන් එකක් වගේ වෙයි--</font>

575
00:45:36,442 --> 00:45:39,820
<font color="#ffcc46">එහෙනම් ඇයි ඔයාගේ රස්සාව
වංගු ගැහිච්ච කඳු පාරක් වගේ වෙලා තියෙන්නේ?</font>

576
00:45:40,529 --> 00:45:43,615
<font color="#ffcc46">අනේ ඔහොම වෙන්න එපා.
මගේ නෑනා හරිම ලස්සනයි.</font>

577
00:45:52,541 --> 00:45:55,919
<font color="#ffcc46">මම ඇයි ඔයාට මගේ ඩෑෂ්කැම් එක පෙන්නන්නේ?</font>

578
00:45:56,003 --> 00:45:57,463
<font color="#ffcc46">වොරෙන්තුවක් තියෙනවද?</font>

579
00:45:58,297 --> 00:46:01,133
<font color="#ffcc46">ඒ මඟුල් වොරෙන්තුව.</font>

580
00:46:02,384 --> 00:46:04,845
<font color="#ffcc46">බොස්, එයා ආන්සර් කරන්නේ නැද්ද?</font>

581
00:46:05,679 --> 00:46:08,682
<font color="#ffcc46">මිනිහා මොනවා කරනවද මන්දා? මට පිස්සු වගේ.</font>

582
00:46:15,272 --> 00:46:18,066
<font color="#ffcc46">මම සභාපති හොංව පෞද්ගලිකව
කීප වතාවක් හම්බෙලා තියෙනවා.</font>

583
00:46:18,942 --> 00:46:21,570
<font color="#ffcc46">එයා අවුරුදු ගාණක ඉඳන් තාත්තා එක්කත් ෆිට්.</font>

584
00:46:22,196 --> 00:46:25,782
<font color="#ffcc46">අනික මම ඔයාගේ මස්සිනා එක්ක
ලෝ කොලේජ් එකට ගියේ,</font>

585
00:46:25,866 --> 00:46:28,118
<font color="#ffcc46">ඉතින් අපේ ලොකු සම්බන්ධයක් තියෙනවා.</font>

586
00:46:28,202 --> 00:46:30,120
<font color="#ffcc46">එතකොට මට ඔයා එක්ක පැයක් විතරද තියෙන්නේ?</font>

587
00:46:31,079 --> 00:46:32,331
<font color="#ffcc46">මොකක්ද?</font>

588
00:46:33,916 --> 00:46:37,878
<font color="#ffcc46">පවුලේ දේවල්, රස්සාව, කාලගුණය,
මේ ඔක්කොම ගැන කතා කරත්,</font>

589
00:46:39,171 --> 00:46:41,298
<font color="#ffcc46">ඒක පැයක්වත් අදින්න අමාරුයි.</font>

590
00:46:41,381 --> 00:46:44,218
<font color="#ffcc46">මම අහලා තියෙනවා ප්‍රොසිකියුටර්ලා සතියකට
තුන් හතර පාරක් බ්ලයින්ඩ් ඩේට්ස් යනවා කියලා.</font>

591
00:46:44,301 --> 00:46:49,515
<font color="#ffcc46">ඉතින් මම හිතුවේ ඔයාට ඕන වුනේ තවත්
කම්මැලි හමුවීමක් ඉක්මනට ඉවර කරගන්න කියලයි.</font>

592
00:46:50,474 --> 00:46:53,644
<font color="#ffcc46">එහෙනම් අපි මොනවා ගැනද
කතා කරන්න ඕනේ විනෝද වෙන්න?</font>

593
00:46:53,727 --> 00:46:54,811
<font color="#ffcc46">ම්ම්ම්...</font>

594
00:46:57,981 --> 00:47:00,150
<font color="#ffcc46">ඔයා දැන් කරන කේස් එක ගැන කොහොමද?</font>

595
00:47:00,234 --> 00:47:02,069
<font color="#ffcc46">මම හිතන්නේ නෑ ඒක විනෝදජනක දෙයක් කියලා.</font>

596
00:47:02,152 --> 00:47:04,279
<font color="#ffcc46">ඒ අයිඩල් ද ඇත්තටම මිනීමරුවා?</font>

597
00:47:04,363 --> 00:47:07,908
<font color="#ffcc46">මට කේස් එක ගැන කතා කරන්න බෑ.
ඒකෙන් තොරතුරු එළියට යන්න පුලුවන්.</font>

598
00:47:08,492 --> 00:47:10,035
<font color="#ffcc46">මම හිතන්නේ නෑ එයා ඒක කරා කියලා.</font>

599
00:47:10,577 --> 00:47:11,870
<font color="#ffcc46">ඒක ඕනවට වඩා පැහැදිලියි.</font>

600
00:47:13,163 --> 00:47:16,542
<font color="#ffcc46">ඇත්ත ජීවිතේ කතා පොත් වගේ නෙමෙයි.
ගොඩක් කේස් වලට පැහැදිලි උත්තර තියෙනවා.</font>

601
00:47:16,625 --> 00:47:20,212
<font color="#ffcc46">ඒත් අත්අඩංගුවට ගන්න දාපු වොරෙන්තුව ප්‍රතික්ෂේප
වුනානේ සාක්ෂි මදි කියලා.</font>

602
00:47:20,295 --> 00:47:26,301
<font color="#ffcc46">සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ 20% ක් වගේ
අවස්ථා වලදි නේද?</font>

603
00:47:27,135 --> 00:47:28,345
<font color="#ffcc46">ඔයා ඒ වාර්තාව කැඩුවා.</font>

604
00:47:30,764 --> 00:47:32,474
<font color="#ffcc46">ඔයා නීතිය ගැන ගොඩක් දේවල් දන්නවනේ.</font>

605
00:47:32,558 --> 00:47:35,894
<font color="#ffcc46">මම මහන්සි වෙලා ඉගෙන ගත්තා
මොකද මට ඔයා ගැන දැනගන්න ඕන වුනා.</font>

606
00:47:35,978 --> 00:47:38,564
<font color="#ffcc46">අපි සමහර විට ජීවිත කාලෙම එකට ඉඳියිනේ.</font>

607
00:47:39,356 --> 00:47:42,234
<font color="#ffcc46">මට හැම තිස්සෙම ඕන මගේ කණ්ඩායම දිනන්න.</font>

608
00:47:43,485 --> 00:47:45,237
<font color="#ffcc46">එහෙනම් ඔයා බය වෙන්න දෙයක් නෑ.</font>

609
00:47:46,238 --> 00:47:47,864
<font color="#ffcc46">මම වගේ ප්‍රොසිකියුටර්ලාට,</font>

610
00:47:48,615 --> 00:47:52,744
<font color="#ffcc46">ෆයිල් එක අතට ගත්තම කියන්න පුලුවන්
මේකට නඩු දාන්න පුලුවන්ද බැරිද කියලා.</font>

611
00:47:53,912 --> 00:47:55,163
<font color="#ffcc46">සැකකාරයොත් එහෙමයි.</font>

612
00:47:55,664 --> 00:48:01,712
<font color="#ffcc46">එයාලගේ ඇස් දිහා බලපු ගමන් මට කියන්න පුලුවන්
එයා ඒක කරාද නැද්ද කියලා.</font>

613
00:48:01,795 --> 00:48:05,382
<font color="#ffcc46">ඒක ටිකක් අහංකාර කතාවක් නේද?</font>

614
00:48:06,008 --> 00:48:07,509
<font color="#ffcc46">එයා නිවැරදිකාරයෙක් වුනොත් මොකද වෙන්නේ?</font>

615
00:48:07,593 --> 00:48:08,969
<font color="#ffcc46">එහෙම වෙන්නේ නෑ.</font>

616
00:48:11,138 --> 00:48:12,472
<font color="#ffcc46">ඒ අයිඩල් තමයි වැරදිකාරයා.</font>

617
00:48:15,225 --> 00:48:17,185
<font color="#ffcc46">ඔයාගේ ෆෝන් එක ගොඩ වෙලාවක ඉඳන් වයිබ්‍රේට් වෙනවා.</font>

618
00:48:19,855 --> 00:48:21,773
<font color="#ffcc46">ඔයා හරි. සමාවෙන්න.</font>

619
00:48:37,706 --> 00:48:40,459
<font color="#ffcc46">මම අර කලින් කිව්ව දෝ රා-ඉක් ගිය පාරවල් ගැන...</font>

620
00:48:40,542 --> 00:48:42,085
<font color="#ffcc46">අර කන්ද පැත්තෙන් ගිය එක.</font>

621
00:48:42,586 --> 00:48:45,130
<font color="#ffcc46">ඒ වෙලාවේ එතනින් ගිය ටැක්සි එකක් අපිට හම්බුනා.</font>

622
00:48:46,131 --> 00:48:50,719
<font color="#ffcc46">ඒත් ඩ්‍රයිවර් අපිට සපෝට් කරන්නේ නෑ.
මට හිතෙන්නේ මිනිහා මොනවා හරි හංගනවා.</font>

623
00:48:50,802 --> 00:48:53,930
<font color="#ffcc46">ඉතින් ඔයාට දැන්ම වොරෙන්තුවක් ඕනද?</font>

624
00:48:54,014 --> 00:48:57,267
<font color="#ffcc46">ඔව්, දැන්ම ඕන. ඔයා එළියෙද ඉන්නේ?</font>

625
00:48:57,351 --> 00:49:00,187
<font color="#ffcc46">හරි. මම වොරෙන්තුවක් ඉල්ලලා
ඔයාට කෝල් කරන්නම්.</font>

626
00:49:24,294 --> 00:49:26,421
<font color="#ffcc46">රිසිට් පත</font>

627
00:50:18,181 --> 00:50:19,641
<font color="#ffcc46">මට බෑ.</font>

628
00:50:21,518 --> 00:50:22,853
<font color="#ffcc46">මේක හරි නෑ.</font>

629
00:50:26,314 --> 00:50:27,816
<font color="#ffcc46">මම කොහොමද මූණ දෙන්නේ...</font>

630
00:50:29,776 --> 00:50:31,069
<font color="#ffcc46">ඔයා මොකක් හරි වැරැද්දක් කරාද?</font>

631
00:50:34,948 --> 00:50:36,491
<font color="#ffcc46">ඔයා කිව්වනේ ඔයා මොකුත් කරේ නෑ කියලා.</font>

632
00:50:38,493 --> 00:50:43,582
<font color="#ffcc46">ඔයා ගියේ නැත්නම්,
මිනිස්සු ඔයාව තවත් වැරදියට තේරුම් ගනීවි.</font>

633
00:50:46,835 --> 00:50:48,712
<font color="#ffcc46">අනික මේ ඔයාගේ යාළුවගේ අන්තිම ගමනනේ.</font>

634
00:50:50,714 --> 00:50:52,007
<font color="#ffcc46">ඔයා පසුතැවෙයි</font>

635
00:50:53,008 --> 00:50:54,885
<font color="#ffcc46">ඔයා එයාට සමු දුන්නේ නැත්නම්.</font>

636
00:51:16,323 --> 00:51:17,282
<font color="#ffcc46">දැන් ඉඳන්,</font>

637
00:51:18,658 --> 00:51:20,452
<font color="#ffcc46">එක දෙයක් ගැන විතරක් අවධානය දෙන්න.</font>

638
00:51:20,535 --> 00:51:24,247
<font color="#ffcc46">පල්ලිය</font>

639
00:51:31,671 --> 00:51:34,216
<font color="#ffcc46">ඔයාගේ මූණෙන් හැම හැඟීමක්ම අයින් කරන්න.</font>

640
00:51:35,801 --> 00:51:37,886
<font color="#ffcc46">දෝ රා-ඉක් මහත්තයා, ඔයා චෝදනා පිළිගන්නවද?</font>

641
00:51:37,969 --> 00:51:40,514
<font color="#ffcc46">ඔයා චෝදනා පිළිගන්නවද?</font>

642
00:51:40,597 --> 00:51:42,182
<font color="#ffcc46">කරුණාකරලා වචනයක් කියන්න.</font>

643
00:51:42,265 --> 00:51:45,310
<font color="#ffcc46">මේ වෙලාවේ ඔයාට මොකද හිතෙන්නේ?</font>

644
00:51:59,449 --> 00:52:02,160
<font color="#ffcc46">හිතේ තියෙන ඔක්කොම බයයි
කලබලයි අයින් කරගන්න.</font>

645
00:52:54,004 --> 00:52:55,171
<font color="#ffcc46">අවධානය දෙන්න</font>

646
00:52:56,882 --> 00:52:58,884
<font color="#ffcc46">ඔයාගේ හදවතට විතරක්.</font>

647
00:52:58,967 --> 00:53:01,261
<font color="#ffcc46">කැන්ග් වූ-සොන්ග්</font>

648
00:53:02,178 --> 00:53:04,014
<font color="#ffcc46">මේ අන්තිම සමුදීම ගැන විතරක් හිතන්න...</font>

649
00:53:06,099 --> 00:53:07,934
<font color="#ffcc46">ඔයා ඉස්සරහා ඉන්න කෙනා වෙනුවෙන්.</font>

650
00:53:14,983 --> 00:53:17,319
<font color="#ffcc46">දෝ රා-ඉක් මහත්තයා, කරුණාකරලා වචනයක් කියන්න.</font>

651
00:53:17,402 --> 00:53:18,945
<font color="#ffcc46">-දෝ රා-ඉක් මහත්තයා!
-දෝ රා-ඉක් මහත්තයා!</font>

652
00:53:19,029 --> 00:53:21,323
<font color="#ffcc46">කරුණාකරලා වචන කීපයක් කියන්න.</font>

653
00:53:23,033 --> 00:53:27,245
<font color="#ffcc46">මට සමාවෙන්න, ඒත් දෝ රා-ඉක් මහත්තයා අද මෙහෙට
ආවේ කැන්ග් වූ-සොන්ග් මහත්තයා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්න.</font>

654
00:53:27,329 --> 00:53:29,080
<font color="#ffcc46">ඔයාලට ප්‍රශ්න තියෙනවා නම්,
ඒවා පැමිණිලි පාර්ශවයෙන් අහන්න...</font>

655
00:53:31,583 --> 00:53:35,587
<font color="#ffcc46">වූ-සොන්ග් කියන්නේ මගේ එකම යාළුවා.</font>

656
00:53:36,588 --> 00:53:38,673
<font color="#ffcc46">මම කරන්න පුළුවන් හැමදේම කරනවා</font>

657
00:53:39,925 --> 00:53:41,801
<font color="#ffcc46">ඒ නිසා ඇත්ත මිනීමරුවා කවුද කියලා එළිවෙයි.</font>

658
00:53:41,885 --> 00:53:44,721
<font color="#ffcc46">මම පරීක්ෂණ වලට පුළුවන් හැම විදියකින්ම
උදව් කරනවා.</font>

659
00:53:44,804 --> 00:53:48,391
<font color="#ffcc46">මම කොහොම හරි මිනීමරුවව හොයාගන්නවා.</font>

660
00:54:02,572 --> 00:54:04,908
<font color="#ffcc46">මට හම්බුණා!</font>

661
00:54:05,784 --> 00:54:07,827
<font color="#ffcc46">ඇත්තටම.</font>

662
00:54:07,911 --> 00:54:09,412
<font color="#ffcc46">ඉක්මනට බලන්නකෝ.</font>

663
00:54:10,163 --> 00:54:11,289
<font color="#ffcc46">මොකක්ද ඒ?</font>

664
00:54:13,625 --> 00:54:16,461
<font color="#ffcc46">මේ ඉන්නෙ, මේ දෝ රා-ඉක් නේ.</font>

665
00:54:17,462 --> 00:54:19,631
<font color="#ffcc46">-ඒත් එතකොට...
-ඔව්.</font>

666
00:54:19,714 --> 00:54:21,841
<font color="#ffcc46">මම දැනන් හිටියා මොකක් හරි දෙයක් තියෙනවා කියලා...</font>

667
00:54:23,176 --> 00:54:24,803
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න, ඒ මොකක්ද?</font>

668
00:54:44,864 --> 00:54:48,201
<font color="#ffcc46">එයා මොකද මේ කරන්නේ?
ඇයි එයා පරීක්ෂණ කරන්නේ නැත්තේ?</font>

669
00:54:50,036 --> 00:54:52,247
<font color="#ffcc46">ඔයා කාර්යබහුල පාටයි.
අපි වෙන දවසක එන්නම්.</font>

670
00:54:52,330 --> 00:54:53,456
<font color="#ffcc46">ඔයා කොහේ ඉඳන් ද ආවේ?</font>

671
00:54:54,916 --> 00:54:55,917
<font color="#ffcc46">මොකක්?</font>

672
00:54:56,501 --> 00:54:57,460
<font color="#ffcc46">ඔයා නෙවෙයි.</font>

673
00:54:58,545 --> 00:54:59,629
<font color="#ffcc46">මම ඇහුවේ මේ නීතිඥතුමියගෙන්.</font>

674
00:55:00,380 --> 00:55:01,339
<font color="#ffcc46">ඔයාව දැකලා පුරුදුයි වගේ.</font>

675
00:55:03,550 --> 00:55:05,260
<font color="#ffcc46">මම පෞද්ගලික ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ.</font>

676
00:55:05,343 --> 00:55:08,513
<font color="#ffcc46">ආ හා.. එහෙමද. හරි හරි.</font>

677
00:55:09,681 --> 00:55:13,184
<font color="#ffcc46">තාම ඉස්සර වගේමයි. හරිම ආඩම්බරයි, සැරයි.</font>

678
00:55:14,060 --> 00:55:15,311
<font color="#ffcc46">මොකක්ද කිව්වේ?</font>

679
00:55:15,395 --> 00:55:16,396
<font color="#ffcc46">මම කිව්වේ වාඩි වෙන්න කියලා.</font>

680
00:55:16,479 --> 00:55:18,356
<font color="#ffcc46">මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා.</font>

681
00:55:18,440 --> 00:55:19,566
<font color="#ffcc46">කරුණාකරලා වාඩි වෙන්නකෝ.</font>

682
00:55:27,574 --> 00:55:31,077
<font color="#ffcc46">එදා රෑ බොන්න දේවල් ඉවර වුණු නිසා
ඔයා කඩේට ගියා කිව්වා නේද?</font>

683
00:55:31,161 --> 00:55:34,622
<font color="#ffcc46">හැමදේම පටිගත වෙනවා, හරිද?</font>

684
00:55:34,706 --> 00:55:36,207
<font color="#ffcc46">හැබැයි මේකේ පේන විදියට</font>

685
00:55:37,250 --> 00:55:38,752
<font color="#ffcc46">ඔයා හිස් අතින් තමයි එළියට ඇවිත් තියෙන්නේ.</font>

686
00:55:43,631 --> 00:55:46,593
<font color="#ffcc46">මම හොයපු දේ තිබුණේ නෑ,
ඒ නිසා නිකන්ම ආවා. කෙටි පාරකින් ආවේ.</font>

687
00:55:46,676 --> 00:55:50,847
<font color="#ffcc46">ඒ කියන්නේ අර සීසීටීවී,
ලයිට් එහෙම මුකුත් නැති කැලෑ පාරද?</font>

688
00:55:51,931 --> 00:55:55,894
<font color="#ffcc46">හැබැයි ප්‍රශ්නේ කියන්නේ,
ඒ පාරෙන් ගියාම ගෙදරට යන දුර වැඩි වෙනවනේ.</font>

689
00:55:56,811 --> 00:56:00,106
<font color="#ffcc46">යාළුවෙක් ගෙදර බලන් ඉද්දි,
රෑ කරුවලේ</font>

690
00:56:00,190 --> 00:56:01,816
<font color="#ffcc46">ඔයා තෝරගත්තේ ඈත පාරක්.</font>

691
00:56:03,485 --> 00:56:04,527
<font color="#ffcc46">ඒක අමුතුයි නේද?</font>

692
00:56:04,611 --> 00:56:09,407
<font color="#ffcc46">නීතිඥතුමනි, ඔයාගේ ඔය ප්‍රශ්නේ
පදනම් වෙලා තියෙන්නේ ඔයාගේ හිතුමතේටනේ.</font>

693
00:56:09,491 --> 00:56:11,076
<font color="#ffcc46">කරුණාකරලා එහෙම අනුමාන කරන එක නවත්වන්න.</font>

694
00:56:12,202 --> 00:56:13,369
<font color="#ffcc46">සමාවෙන්න ඕනේ.</font>

695
00:56:13,453 --> 00:56:15,663
<font color="#ffcc46">හැබැයි අපේ රස්සාවේ හැටියට,</font>

696
00:56:16,247 --> 00:56:20,794
<font color="#ffcc46">අපි හැමදාම කරන්නේ පරණ සිද්ධි
ආයෙම වර්තමානයට ඇදලා ගන්න එකනේ,</font>

697
00:56:21,377 --> 00:56:24,714
<font color="#ffcc46">ඊටපස්සේ ඒවා තේරුමක් තියෙන විදියට
ගළපනවා.</font>

698
00:56:24,798 --> 00:56:28,176
<font color="#ffcc46">කවුරු හරි හංගන්න දඟලන ඇත්තක්
එළිදරව් කරගන්න.</font>

699
00:56:34,265 --> 00:56:37,477
<font color="#ffcc46">ඔයාට ගෙදර යන්න විනාඩි 40ක් විතර
ගිහින් තියෙනවා.</font>

700
00:56:38,228 --> 00:56:40,772
<font color="#ffcc46">වෙන පාරකින් ගියා වුණත්,</font>

701
00:56:41,481 --> 00:56:45,068
<font color="#ffcc46">විනාඩි 20කට වඩා යන්න විදියක් නෑ.</font>

702
00:56:45,777 --> 00:56:48,029
<font color="#ffcc46">ඇයි එච්චර වෙලා ගියේ?</font>

703
00:56:51,825 --> 00:56:52,784
<font color="#ffcc46">ඔයා දන්නවනේ,</font>

704
00:56:52,867 --> 00:56:57,413
<font color="#ffcc46">ඔයාගේ සේවාදායකයා කියන දේවල් වල නොගැලපීමක්
තිබුණොත් ඒක දැන් රෙකෝඩ් වෙනවා කියලා.</font>

705
00:56:57,914 --> 00:57:00,792
<font color="#ffcc46">උසාවිය ඒක කොහොම භාරගනීවිද කියන එක
විනිසුරුවරු තීරණය කරයි.</font>

706
00:57:02,627 --> 00:57:07,841
<font color="#ffcc46">ඔයාගේ සේවාදායකයාට ඇත්ත කියන්න තියෙන
අන්තිම අවස්ථාව නැති කරන්න එපා.</font>

707
00:57:09,676 --> 00:57:12,053
<font color="#ffcc46">මම ආයෙත් අහන්නම්.</font>

708
00:57:13,054 --> 00:57:14,013
<font color="#ffcc46">මිස්ටර් දෝ රා-ඉක්,</font>

709
00:57:15,014 --> 00:57:16,474
<font color="#ffcc46">උත්තර දෙන්න කලින් හොඳට හිතන්න.</font>

710
00:57:17,809 --> 00:57:23,148
<font color="#ffcc46">ඇයි ඔයා එදා රෑ එහෙට ගියේ?</font>

711
00:57:38,705 --> 00:57:40,123
<font color="#ffcc46">මම කිව්වනේ.</font>

712
00:57:40,206 --> 00:57:42,959
<font color="#ffcc46">ඔයා මට හැමදේම කියන්න ඕනේ!
එතකොට විතරයි මට ඔයාට උදව් කරන්න පුළුවන්!</font>

713
00:57:43,042 --> 00:57:44,210
<font color="#ffcc46">මම කිව්වනේ, මට අමතක වුණා.</font>

714
00:57:44,294 --> 00:57:46,171
<font color="#ffcc46">කොහොමද එච්චර වැදගත් දෙයක්
අමතක වෙන්නේ...</font>

715
00:57:47,881 --> 00:57:49,340
<font color="#ffcc46">ඔයාට අමතක වුණේ නෑ, නේද?</font>

716
00:57:50,258 --> 00:57:52,802
<font color="#ffcc46">ඔයා මගෙන් මොකක් හරි හංගනවා නේද?
මොකක්ද ඒ?</font>

717
00:57:52,886 --> 00:57:54,262
<font color="#ffcc46">මම කලින්ම කිව්වනේ.</font>

718
00:57:54,345 --> 00:57:57,807
<font color="#ffcc46">මම කඩේට ගියා. මට ඕන දේ
එතන තිබුණේ නෑ, ඒ නිසා මම ආවා.</font>

719
00:57:57,891 --> 00:58:00,935
<font color="#ffcc46">-මම ව්‍යායාම වෙන්නත් එක්ක රවුම් පාරෙන් ගියේ.
-ඔයා හිතනවද මම ඕක විශ්වාස කරයි කියලා?</font>

720
00:58:08,526 --> 00:58:10,612
<font color="#ffcc46">මිස්ටර් දෝ රා-ඉක්, හේයි!</font>

721
00:58:18,745 --> 00:58:20,538
<font color="#ffcc46">ප්‍රශ්න කරන එක දැන්ම ඉවරද?</font>

722
00:58:20,622 --> 00:58:22,665
<font color="#ffcc46">ඇයි? ඔයාට මොකක් හරි හම්බුණාද?</font>

723
00:58:24,542 --> 00:58:25,627
<font color="#ffcc46">අපිට හම්බුණා.</font>

724
00:58:26,628 --> 00:58:27,670
<font color="#ffcc46">හැබැයි...</font>

725
00:58:28,171 --> 00:58:30,465
<font color="#ffcc46">-අපිට දෙයක් හම්බුණා, ඒත්...
-මොකක්ද ඒ?</font>

726
00:58:31,257 --> 00:58:32,425
<font color="#ffcc46">ඒක...</font>

727
00:58:33,218 --> 00:58:36,596
<font color="#ffcc46">එදා රෑ එයාට කෙනෙක්ව මුණගැහිලා තියෙනවා.</font>

728
00:58:38,723 --> 00:58:40,475
<font color="#ffcc46">ඒ කෙනා තමයි...</font>

729
00:58:44,854 --> 00:58:46,022
<font color="#ffcc46">මිස්ටර් දෝ රා-ඉක්...</font>

730
00:58:48,149 --> 00:58:49,567
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න.</font>

731
00:58:53,279 --> 00:58:55,823
<font color="#ffcc46">මම ඔයාගේ නීතිඥවරියනේ.</font>

732
00:58:56,449 --> 00:58:59,077
<font color="#ffcc46">මම ඔයාට දාපු එකම කොන්දේසිය
ඔයාට මතක නැද්ද?</font>

733
00:58:59,160 --> 00:59:02,330
<font color="#ffcc46">ඔයා දැක්ක දේවල්, අහපු දේවල්
ඔක්කොම මට ඇත්තම කියන්න ඕනේ,</font>

734
00:59:02,413 --> 00:59:05,124
<font color="#ffcc46">එදා රෑ සිද්ධිය ගැන
හීනෙන් දැක්කත් කියන්න ඕනේ කියලා.</font>

735
00:59:05,208 --> 00:59:07,585
<font color="#ffcc46">එහෙම නැතුව මම මේ නඩුව
භාරගන්නේ නෑ කියලා කිව්වනේ.</font>

736
00:59:07,669 --> 00:59:09,712
<font color="#ffcc46">ඒත් ඔයා දැන්ම
මගෙන් දේවල් හංගනවා නම්--</font>

737
00:59:09,796 --> 00:59:11,005
<font color="#ffcc46">මම මුකුත් හංගන්නේ නෑ.</font>

738
00:59:12,131 --> 00:59:15,009
<font color="#ffcc46">මට පොඩ්ඩක් පැටලුනා.
මගේ ඔළුවේ හැමදේම එකට පටලැවිලා තියෙන්නේ--</font>

739
00:59:15,093 --> 00:59:17,136
<font color="#ffcc46">නෑ, ඔයා බොරු කියන්නේ.</font>

740
00:59:17,220 --> 00:59:19,806
<font color="#ffcc46">ඔයාගේ බෙල්ල රතු වෙලා,
ඇස් ඔබ මොබ දුවනවා.</font>

741
00:59:19,889 --> 00:59:21,391
<font color="#ffcc46">ඒක ඔයා බොරු කියද්දී වෙන දෙයක්!</font>

742
00:59:23,101 --> 00:59:26,020
<font color="#ffcc46">ඔයා කොහොමද ඒක දන්නේ?</font>

743
00:59:27,438 --> 00:59:29,482
<font color="#ffcc46">ඒක දන්නේ මට ගොඩක් ළඟ අය විතරයි.</font>

744
00:59:34,529 --> 00:59:35,363
<font color="#ffcc46">නීතිඥ මෑන්ග්!</font>

745
01:00:07,103 --> 01:00:07,979
<font color="#ffcc46">රා-ඉක්!</font>

746
01:00:20,617 --> 01:00:24,203
<font color="#ffcc46">අපි හිතුවේ ඒ කෙනා
දෝ රා-ඉක්ගේ හවුල්කාරයා කියලා.</font>

747
01:00:26,539 --> 01:00:27,999
<font color="#ffcc46">ඒත් බලන් ගියාම...</font>

748
01:00:38,635 --> 01:00:40,261
<font color="#ffcc46">එයා හදලා තියෙන්නේ මෙයාව මරන්න.</font>

749
01:01:59,173 --> 01:02:01,676
<font color="#ffcc46">හැඟීම් වැඩක් නෑ. ආ, එයත් පිරිමියෙක්නේ.</font>

750
01:02:03,386 --> 01:02:07,140
<font color="#ffcc46">එයාගේ වයසත් එක්ක බලද්දී,
ඔයා හිතනවද එයා කාත් එක්කවත් යාළු වෙලා ඉඳලා නෑ කියලා?</font>

751
01:02:07,223 --> 01:02:08,474
<font color="#ffcc46">ඔයා මේ මොකද කරන්නේ?</font>

752
01:02:08,558 --> 01:02:10,143
<font color="#ffcc46">සිහියට එන්න, මෑන්ග් සේ-නා!</font>

753
01:02:10,226 --> 01:02:11,436
<font color="#ffcc46">එයා නිකන්ම සේවාදායකයෙක් විතරයි.</font>

754
01:02:11,519 --> 01:02:13,312
<font color="#ffcc46">මම ඒක එදා රෑ දැක්කා.</font>

755
01:02:13,396 --> 01:02:14,230
<font color="#ffcc46">මට උත්තර දෙන්න!</font>

756
01:02:14,313 --> 01:02:15,356
<font color="#ffcc46">ඔයා එදා රෑ කොහෙද හිටියේ?</font>

757
01:02:15,440 --> 01:02:17,400
<font color="#ffcc46">ඔයා දැන් කොච්චර අමාරු තැනකද
ඉන්නේ කියලා තේරෙනවද?</font>

758
01:02:17,483 --> 01:02:20,069
<font color="#ffcc46">මම කොහොමද ඔයාව විශ්වාස කරලා
ඔයා වෙනුවෙන් කතා කරන්නේ, මිස්ටර් දෝ රා-ඉක්?</font>

759
01:02:20,153 --> 01:02:21,696
<font color="#ffcc46">පුළුවන් නම්,</font>

760
01:02:21,779 --> 01:02:24,407
<font color="#ffcc46">මට ආයෙත් ඈත් වෙලා ඉන්න ඕනේ.</font>

761
01:02:25,658 --> 01:02:30,663
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

