1 -00:00:00,648 --> 00:00:01,352 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜 2 00:00:01,376 --> 00:00:03,834 වීරයන්ගේ ගවේෂණ කියන්නේ ලෝකයේ ඉරණම තීරණය කරන සිදුවීම්. 3 00:00:03,834 --> 00:00:06,668 ඒවා නිසා අධිරාජ්‍යයන් හැදිලා වගේම විනාශ වෙලත් තියෙනවා. 4 00:00:06,876 --> 00:00:09,334 මිනිස් ශිෂ්ටාචාරයේ ගමන් මග වෙනස් කරලා තියෙනවා. 5 00:00:09,918 --> 00:00:11,543 ගවේෂණයක් කියන්නේ හරිම පූජනීය දෙයක්. 6 00:00:11,709 --> 00:00:14,084 ඒ වගේ දෙයක් කරන්න භාර දෙනවා කියන්නේ 7 00:00:14,251 --> 00:00:15,709 දෙවියන් එක්ක ගනුදෙනු කරනවා වගේ වැඩක්. 8 00:00:15,918 --> 00:00:17,918 රාක්ෂයන්ව සම්පූර්ණයෙන්ම මගහරින්න බෑ. 9 00:00:18,209 --> 00:00:19,668 ඔයා හිතනවාට වඩා උන් හැම තැනම ඉන්නවා. 10 00:00:19,959 --> 00:00:21,834 වැඩේ තියෙන්නේ උන් අපිව දකින්න කලින් 11 00:00:22,043 --> 00:00:23,918 අපි උන්ව දකින එකයි. 12 00:00:24,043 --> 00:00:25,501 13 00:00:25,668 --> 00:00:29,876 ඔයාව හමුවීම සතුටක් පොසයිඩන්ගේ පුතේ. මම මැඩූසා. 14 00:00:30,043 --> 00:00:31,709 අම්මව බේරගන්න මැඩූසා මට උදව් කරන්න හැදුවේ, 15 00:00:31,834 --> 00:00:33,126 මම ඔයාලා දෙන්නව පාවලා දුන්නොත් විතරයි. 16 00:00:33,334 --> 00:00:35,376 ඔයා මොකක්ද කිව්වේ? මම එයාගේ ඔලුව කපලා දැම්මා. 17 00:00:38,793 --> 00:00:41,209 පර්සි, ඔයාට මැඩූසාගේ ඔලුව ඔලිම්පස් වලට පාර්සල් කරන්න බෑ. 18 00:00:42,084 --> 00:00:43,376 ඇයි බැරි? 19 00:00:43,501 --> 00:00:44,959 මොකද දෙවිවරු ඒකට කැමති වෙන එකක් නෑ. 20 00:00:45,126 --> 00:00:47,334 21 00:00:48,376 --> 00:00:50,084 22 00:00:50,084 --> 00:00:54,043 23 00:01:04,293 --> 00:01:06,043 24 00:01:08,626 --> 00:01:09,668 ලෑස්තිද? 25 00:01:10,001 --> 00:01:11,959 ඔයාට ඒක අතාරින්න වෙනවා පර්සි. මට බෑ. 26 00:01:12,084 --> 00:01:14,293 නෑ, ඔයාට පුළුවන්. ඔයා උත්සාහ කරන්න විතරයි ඕනේ. 27 00:01:14,293 --> 00:01:16,668 මම උත්සාහ කළා. නෑ, ඔයා කළේ නෑ. 28 00:01:16,668 --> 00:01:18,793 අපි විනාඩි 15ක් තිස්සේ තාම එකම තැන. 29 00:01:18,793 --> 00:01:20,668 අනේ ප්ලීස්. මාත් එක්ක එක පාරක් ඕක කරන්නකෝ. 30 00:01:21,168 --> 00:01:25,084 අපිට දැන් ගෙදර යන්න පුළුවන්ද? පර්සි, අපි මේ පන්තියට සල්ලි ගෙවලයි තියෙන්නේ. 31 00:01:29,418 --> 00:01:32,293 මේක ආරක්ෂිත නැත්නම් මම ඔයාට කරන්න කියන්නේ නෑනේ. 32 00:01:34,126 --> 00:01:38,126 පර්සි, මේක කරන හැටි දන්නේ නැති එක ඔයාට අනතුරක් වෙන්න පුළුවන්. 33 00:01:38,959 --> 00:01:41,709 කවදාහරි දවසක මේක ගොඩක් වැදගත් වෙයි. 34 00:01:41,918 --> 00:01:43,543 එදාට සමහරවිට මම ඔයාට උදව්වට නැති වෙන්න පුළුවන්. 35 00:01:43,751 --> 00:01:46,751 ඒ නිසා ඔයාට මේක පුළුවන් කියලා මට දැනගන්න ඕනේ. 36 00:01:46,751 --> 00:01:48,709 හුස්ම ගන්න. මොකක්ද? 37 00:01:49,709 --> 00:01:51,834 නිකන් හුස්ම ගන්න අම්මේ. 38 00:01:52,959 --> 00:01:54,709 ඔයා හැමතිස්සෙම මට කරන්න කියන්නේ ඒකනේ. 39 00:01:57,543 --> 00:01:59,543 40 00:02:04,543 --> 00:02:05,793 ඔයා හැමදාම මාත් එක්ක ඉදීවි. 41 00:02:06,251 --> 00:02:07,668 42 00:02:10,418 --> 00:02:13,168 43 00:02:15,959 --> 00:02:17,876 අම්මේ? 44 00:02:19,001 --> 00:02:20,543 අම්මේ! 45 00:02:24,209 --> 00:02:27,918 ආයෙත් හමුවුණා පොඩි වීරයෝ. 46 00:02:28,751 --> 00:02:33,793 මේ පාර මොන වගේ කරදරේකද පැටලෙන්න යන්නේ? 47 00:02:33,793 --> 00:02:37,918 තහනම් දරුවෙක් දිහා කාගෙත් ඇස් යොමු වෙනවා. 48 00:02:38,209 --> 00:02:42,418 තහනම් වීරයෙක්? හ්ම්... 49 00:02:42,543 --> 00:02:44,543 එයාලට උරුම විනාශය විතරයි. 50 00:02:45,126 --> 00:02:47,793 එයා එන ගමන් ඉන්නේ. 51 00:02:48,209 --> 00:02:50,668 52 00:02:50,793 --> 00:02:52,293 53 00:02:53,043 --> 00:02:54,376 54 00:02:58,918 --> 00:03:00,251 ඒයි, ඔයා නිදිද? 55 00:03:04,251 --> 00:03:05,251 ඔව්. 56 00:03:08,668 --> 00:03:10,709 ඔයයි තාලියාවයි ගොඩක් එකට හිටියා නේද? 57 00:03:13,001 --> 00:03:14,001 ඔව්. 58 00:03:15,834 --> 00:03:16,959 එයා කොහොම කෙනෙක්ද? 59 00:03:19,751 --> 00:03:20,751 ඇයි? 60 00:03:23,251 --> 00:03:25,543 මට කලින් හිටපු අන්තිම තහනම් ළමයා එයානේ? 61 00:03:26,876 --> 00:03:28,668 එයත් මේ වගේ දේවල් වලට මූණ දෙන්න ඇති. 62 00:03:30,168 --> 00:03:31,209 එයා හරි හිත හයිය කෙනෙක්. 63 00:03:32,459 --> 00:03:35,168 එයා දැනන් හිටියා එයා තහනම් ළමයෙක් කියලා, ඒත් එයා ඒක ගණන් ගත්තේ නෑ. 64 00:03:37,043 --> 00:03:41,126 ලූක් සහ තාලියා මාව හොයාගත්තම, ලූක් මට එකපාරටම ආදරේ කරන්න ගත්තා. 65 00:03:41,584 --> 00:03:43,376 ඒත් තාලියා... 66 00:03:44,918 --> 00:03:45,918 එයාගේ ආදරේ දිනාගන්න මට මහන්සි වෙන්න වුණා. 67 00:03:47,293 --> 00:03:48,959 ඒකද ඔයා මට ඔච්චර කරදර කරන්නේ? 68 00:03:50,084 --> 00:03:51,376 මට ඔයාවත් දිනාගන්න වෙලාද තියෙන්නේ? 69 00:03:52,418 --> 00:03:54,918 ඔව්. සමහරවිට. 70 00:03:56,168 --> 00:03:58,251 මට නම් ඒක තේරුමක් ඇති දෙයක් නෙමෙයි. 71 00:04:00,584 --> 00:04:02,001 මොකක්ද තේරුමක් නැත්තේ? 72 00:04:02,959 --> 00:04:05,126 ඔයාලා කතා කරන විදිහ. 73 00:04:06,084 --> 00:04:07,876 දෙවිවරුන්ට ඕන විදිහට අපි හිතන එක. 74 00:04:08,709 --> 00:04:11,209 අම්මලා තාත්තලාගේ අවධානය ගන්න පූජා තියන්න වෙලා. 75 00:04:11,959 --> 00:04:13,334 ක්ලැරිස් එක්ක ගහගන්න වෙලා 76 00:04:13,334 --> 00:04:16,043 තාත්තා මාව බාරගන්නකම්ම. 77 00:04:17,126 --> 00:04:18,793 එහෙම වෙන්න ඕන නෑනේ. 78 00:04:21,793 --> 00:04:24,584 තමන්ට ලංවෙලා ඉන්න අයට ඔහොම සලකන්න හොඳ නෑ. 79 00:04:27,834 --> 00:04:30,626 ඔයාට දැනගන්න ඕනද මම කොහොමද පාරට වැටුණේ කියලා? 80 00:04:34,043 --> 00:04:36,584 මම ඉපදුනේ මගේ තාත්තට ලැබුණු තෑග්ගක් විදිහට. 81 00:04:37,959 --> 00:04:39,334 ඇතීනාගේ ළමයි ලැබෙන්නේ එහෙමයි. 82 00:04:40,126 --> 00:04:41,751 අපි උපදින්නේ එයාගේ හිතේ ඇතිවෙන සිතුවිල්ලකින්, 83 00:04:41,751 --> 00:04:44,126 ඊටපස්සේ එයා කැමති කෙනෙක්ට අපිව බාර දෙනවා. 84 00:04:45,834 --> 00:04:47,876 ටික කාලෙකට මට තෑග්ගක් වගේම සැලකුවා. 85 00:04:50,126 --> 00:04:51,459 තාත්තා මාව බලාගත්තා. 86 00:04:54,334 --> 00:04:55,334 එයා මට ආදරේ කළා. 87 00:04:57,084 --> 00:04:58,084 මම ඒක දන්නවා. 88 00:05:01,543 --> 00:05:02,668 ඊටපස්සේ එයාට කාන්තාවක් මුණගැහුණා. 89 00:05:04,126 --> 00:05:05,376 එයාලට එයාලගේම ළමයි හිටියා. 90 00:05:07,418 --> 00:05:09,209 එයාට මම තෑග්ගක් වුණේ නෑ. 91 00:05:10,793 --> 00:05:11,876 මම ප්‍රශ්නයක් වුණා. 92 00:05:14,459 --> 00:05:15,459 ඉතින් මම යන්න ගියා. 93 00:05:17,668 --> 00:05:18,668 එතකොට මට අවුරුදු හතයි. 94 00:05:23,043 --> 00:05:24,709 එහෙම හිතන්නේ දෙවිවරු විතරක් නෙමෙයි. 95 00:05:25,626 --> 00:05:26,668 හැමෝම එහෙමයි. 96 00:05:29,834 --> 00:05:31,459 අඩුම තරමේ දෙවිවරුන්ගේ නීති ගැනවත් අපි දන්නවා. 97 00:05:32,126 --> 00:05:33,834 එයාලට ගරු කළොත් එයාලා අපේ පැත්තේ ඉන්නවා, 98 00:05:33,834 --> 00:05:35,043 මොන දේ වුණත්. 99 00:05:36,251 --> 00:05:37,709 100 00:05:40,209 --> 00:05:41,709 ඔයා ඇහැරිලාද? 101 00:05:41,959 --> 00:05:43,793 දැන් නම් ඇහැරුණා. ස්තූතියි. 102 00:05:43,959 --> 00:05:45,834 ඔයා හොඳින්ද? 103 00:05:46,126 --> 00:05:47,918 එයාට නින්ද ගියේ නැති වුණාම හරිම කේන්තියෙන් ඉන්නේ. 104 00:05:48,043 --> 00:05:50,626 "එයාට නින්ද ගියේ නැති වුණාම..." නෑ! 105 00:05:51,293 --> 00:05:52,293 ෂා. 106 00:05:52,293 --> 00:05:53,876 ඔයා මීට කලින් එයා එක්ක ගමන් ගිහින් නෑනේ. 107 00:05:55,126 --> 00:05:57,209 සැප බෝඩිං ස්කූල් එකට වඩා මේක ටිකක් වෙනස්. 108 00:05:57,209 --> 00:06:00,293 කවුද සැප? ඔයා තමයි සැප. මොකක්ද සැප? 109 00:06:02,251 --> 00:06:03,876 මට බඩගිනියි වගේ. 110 00:06:04,001 --> 00:06:05,501 111 00:06:12,043 --> 00:06:13,459 112 00:06:18,168 --> 00:06:19,334 113 00:06:21,043 --> 00:06:22,084 114 00:06:22,084 --> 00:06:23,793 ලොස් ඇන්ජලීස් වලට යන්න තව දවස් දෙකක් තියෙනවා. 115 00:06:24,751 --> 00:06:26,876 අපායට යන්න අපිට දීලා තියෙන වෙලාවට වඩා ගොඩක් කල් තියෙනවා. 116 00:06:27,834 --> 00:06:29,293 117 00:06:29,459 --> 00:06:30,834 මම මෝඩ ප්‍රශ්නයක් අහන්නද? 118 00:06:31,793 --> 00:06:33,626 ඔයාට ඕන වෙලා තියෙන්නේ මම ඔයාට විහිළු කරනවටද කොහෙද. 119 00:06:34,543 --> 00:06:35,626 අහන්නකෝ. 120 00:06:36,626 --> 00:06:38,418 මම මීට කලින් ලොස් ඇන්ජලීස් ගිහින් නෑ. 121 00:06:38,793 --> 00:06:41,793 මම හිතන්නේ ඔයාලා දෙන්නත් ගිහින් නැතුව ඇති. 122 00:06:42,459 --> 00:06:45,043 ඉතින් කොහොමද අපි යන තැන හොයාගන්නේ? 123 00:06:46,126 --> 00:06:47,168 දන්නේ නෑ. 124 00:06:48,209 --> 00:06:51,584 ඒක 37 වෙනි පියවර වගේ, අපි තාම ඉන්නේ 4 වෙනි පියවරේ. 125 00:06:52,293 --> 00:06:53,709 එතනට ගියාම බලමුකෝ. 126 00:06:55,543 --> 00:06:57,751 තව මෝඩ ප්‍රශ්නයක් තියෙනවා. අම්මෝ. 127 00:06:57,918 --> 00:07:00,626 "අවසානයේදී වැදගත්ම දේ බේරගන්න ඔයා අසමත් වේවි." 128 00:07:01,918 --> 00:07:04,751 ජර්සි වලදී මම ඔයාලට කිව්වේ ඔරකල් කිව්වා මේ ගමන අසාර්ථක වෙනවා කියලා. 129 00:07:04,876 --> 00:07:06,209 ඊටපස්සේ කවුරුත් ඒ ගැන කතා කළේ නෑ. 130 00:07:07,918 --> 00:07:11,084 අපි ඒ ගැන මීට වඩා හිතන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? 131 00:07:12,876 --> 00:07:13,918 ඒයි. 132 00:07:15,543 --> 00:07:16,709 අර බලන්න. 133 00:07:18,168 --> 00:07:20,084 ඒ... සෙන්ටෝර්වරු. 134 00:07:20,334 --> 00:07:23,126 135 00:07:30,084 --> 00:07:31,293 එයාලා ඉන්නවා කියලා කවුරුත් දන්නේ නෑ. 136 00:07:32,251 --> 00:07:34,751 ඉස්සර මෙයාලගේ රංචු හැමතැනම හිටියා. 137 00:07:35,459 --> 00:07:36,709 මොකද වුණේ? 138 00:07:37,626 --> 00:07:38,709 මිනිස්සු නිසා. 139 00:07:41,543 --> 00:07:47,126 අවුරුදු දහස් ගාණකට කලින් වනාන්තරයට අධිපති පෑන් දෙවියන් අතුරුදහන් වුණා. 140 00:07:48,668 --> 00:07:51,876 ඊට පස්සේ පෑන් දෙවියන්ගේ ආරක්ෂාව නැතුව, 141 00:07:51,876 --> 00:07:54,334 මිනිස්සු ස්වභාවධර්මය විනාශ කරන්න පටන් ගත්තා. 142 00:07:56,084 --> 00:07:59,084 නිර්භීතම සැටර්වරු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා, 143 00:07:59,626 --> 00:08:01,043 පෑන් දෙවියන්ව හොයාගෙන යන්න. 144 00:08:02,751 --> 00:08:04,126 ගිය කවුරුත් ආයේ ආවේ නෑ. 145 00:08:06,709 --> 00:08:09,251 මැඩූසාගේ ගෙදරදී හම්බවුණ ඔයාගේ මාමා, ෆර්ඩිනන්ඩ්. 146 00:08:11,126 --> 00:08:12,334 එයා ගියේ ඒකටද? 147 00:08:17,084 --> 00:08:19,084 ඔරකල් කිව්වේ නෑ මේ ගමන අසාර්ථක වෙනවා කියලා. 148 00:08:20,084 --> 00:08:23,751 "වටිනාම දේ බේරගන්න බැරිවෙයි" කියන එකෙන් ගොඩක් දේවල් කියවෙන්න පුළුවන්. 149 00:08:23,751 --> 00:08:26,584 අනාවැකි වැඩ කරන්නේ එහෙමයි, දෛවය වැඩ කරන්නේ එහෙමයි. 150 00:08:27,334 --> 00:08:28,834 ඒකෙන් ගොඩක් දේවල් අදහස් වෙන්න පුළුවන්. 151 00:08:29,834 --> 00:08:34,168 තේරුම් ගන්න උත්සාහ කරන තරමට, තේරුම් ගන්න අමාරු වෙනවා. 152 00:08:35,751 --> 00:08:38,084 වෙලාව ආවම ඒක සිද්ධ වෙන්න ඉඩ දෙන්න ඕනේ. 153 00:08:39,459 --> 00:08:41,751 පොඩ්ඩක් ඉන්න. මට ඔයාලගේ ටිකට් බලන්න පුළුවන්ද? 154 00:08:49,501 --> 00:08:50,876 ඔයාලා ඉන්නේ 17B කැබින් එකේද? 155 00:08:51,834 --> 00:08:53,293 156 00:08:56,334 --> 00:08:59,168 157 00:09:05,918 --> 00:09:07,168 මොකද වුණේ කියලා කියන්න පුළුවන්ද? 158 00:09:09,126 --> 00:09:11,626 පොඩ්ඩක් ඉන්න, ඔයා හිතන්නේ මේක කළේ අපි කියලද? 159 00:09:11,626 --> 00:09:15,376 ඔයාලද කළේ? කොහොමද එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? 160 00:09:15,376 --> 00:09:18,626 සර්, අපි කෑම කන්න යද්දි මේ සේරම හොඳට තිබුණා. 161 00:09:19,084 --> 00:09:20,793 මේක වුණේ කොහොමද කියලා අපි දන්නේ නෑ. 162 00:09:21,293 --> 00:09:24,543 මෙයා ජනේලයක් කැඩෙන සද්දේ ඇහුණා කියලා කියනවා, 163 00:09:25,084 --> 00:09:26,959 ඊටපස්සේ ළමයි කෑගහනවා ඇහුණලු. අනේ මන්දා. 164 00:09:27,126 --> 00:09:28,626 ඔයාලා කැබින් එකෙන් ගියේ කීයටද කියලා කියන්න පුළුවන්ද? 165 00:09:28,793 --> 00:09:30,168 අපිව අත්අඩංගුවට ගන්නද යන්නේ? 166 00:09:31,334 --> 00:09:33,459 ඔහොම කතා කරන්න එපා පොඩි ළමයෝ. 167 00:09:37,209 --> 00:09:38,668 අපිව අත්අඩංගුවට ගන්නද යන්නේ? 168 00:09:38,876 --> 00:09:41,376 169 00:09:43,834 --> 00:09:45,168 ඉතින් අපි නිකන් කාලය කනවා 170 00:09:45,168 --> 00:09:47,543 අර මනුස්සයා වෘක මිනිහෙක් වගේ කියලා දැනගන්නකම් නේද? 171 00:09:47,751 --> 00:09:50,834 කෝච්චිය දැන් ශාන්ත ලුවිස් ස්ටේෂන් එකට ළඟා වෙනවා. 172 00:09:50,834 --> 00:09:52,959 තව විනාඩි දහයකින්. මම හිතන්නේ නෑ එයා රාක්ෂයෙක් කියලා. 173 00:09:54,126 --> 00:09:55,251 කියන්න බෑ. 174 00:09:56,501 --> 00:09:58,668 එයා රාක්ෂයෙක් නෙමෙයි නම්, මොකක්ද මේ වෙන්නේ? 175 00:09:59,418 --> 00:10:01,084 ඇයි කවුරුහරි අපේ කාමරේ අවුල් කරන්නේ? 176 00:10:01,584 --> 00:10:03,084 සමහරවිට එයාලා මොනවාහරි හොයනවා ඇති. 177 00:10:03,876 --> 00:10:05,084 අපේ ළඟ මුකුත් නෑනේ. 178 00:10:05,084 --> 00:10:08,459 සියුස්ගේ අකුණු පහර හොරකම් කළා කියලා හිතන අය නම් එහෙම හිතන්නේ නෑ. 179 00:10:09,001 --> 00:10:11,084 හරි. 180 00:10:11,668 --> 00:10:14,043 එයාලට අපේ ළඟ නැති දෙයක් හොයාගන්න බෑනේ. 181 00:10:15,418 --> 00:10:18,168 කොහොම වුණත්, අපි අද දවසම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ නෑ 182 00:10:18,168 --> 00:10:19,668 ශාන්ත ලුවිස් පොලිසියේ ලගිමින්. 183 00:10:19,793 --> 00:10:22,043 අපි පරක්කු වෙන්න කලින් මෙතනින් යන්න ඕනේ. 184 00:10:23,418 --> 00:10:25,501 මම වාඩි වුණාට කමක් නැද්ද? 185 00:10:26,584 --> 00:10:29,209 186 00:10:29,834 --> 00:10:31,209 අසරණ දරුවෝ. 187 00:10:34,084 --> 00:10:35,668 ඔයාලගේ දෙමව්පියෝ මෙහේ නෑ නේද? 188 00:10:35,668 --> 00:10:38,501 ඒක එහෙම නේද පැටියෝ? 189 00:10:39,084 --> 00:10:41,918 ළමයි තනියම ඉද්දි බය හිතෙනවනේ නේද? 190 00:10:43,584 --> 00:10:47,334 කමක් නෑ. මාත් අම්මා කෙනෙක්. මම දන්නවා ඔයාලා කොච්චර බය වෙලාද කියලා. 191 00:10:49,459 --> 00:10:53,293 සමාවෙන්න. පොඩ්ඩක් එහාට යනවද? 192 00:10:53,543 --> 00:10:54,584 මම හිතන්නේ... 193 00:10:55,334 --> 00:10:57,126 ඔයා නිසා එයාලා බය වෙනවා. 194 00:11:03,334 --> 00:11:04,418 මට ඕනේ ඔයා දැනගන්න... 195 00:11:05,668 --> 00:11:08,834 මම හිතන්නේ නෑ ඔයාලා අර කාමරේ අවුල් කළා කියලා. 196 00:11:09,793 --> 00:11:12,668 මට ඕන වුණේ ඔයාලත් එක්ක තනියම කතා කරන්න. 197 00:11:13,334 --> 00:11:16,834 මට ඕනේ ඔයාලට සමහර දේවල් තේරුම් කරලා දෙන්න... 198 00:11:16,959 --> 00:11:18,168 ඔයාගේ ජැකට් එකේ මොනවා හරි තියෙනවා. 199 00:11:18,959 --> 00:11:20,043 ඒක හරියට නිකන්... 200 00:11:22,501 --> 00:11:23,751 වීදුරු වගේ. 201 00:11:23,918 --> 00:11:26,209 202 00:11:27,168 --> 00:11:29,834 කවුරුත් අපේ කැබින් එකේ ජනේල ඇතුලෙන් කැඩුවේ නෑ. 203 00:11:31,459 --> 00:11:34,043 කවුරුහරි එළියෙන් ඒක කඩලා තියෙන්නේ. 204 00:11:36,376 --> 00:11:39,543 හ්ම්. ආහ්! 205 00:11:39,709 --> 00:11:41,293 ඔව් පැටියෝ. 206 00:11:41,709 --> 00:11:43,501 මම දන්නවා, මම දන්නවා. 207 00:11:44,043 --> 00:11:45,876 ඔයාට ඉවසිල්ලක් නෑනේ. 208 00:11:45,876 --> 00:11:48,251 209 00:11:48,959 --> 00:11:52,209 අපි දැන් ළඟටම ඇවිත් ඉන්නේ. 210 00:11:55,834 --> 00:11:57,001 මේක ඔයාලගේ වැරැද්දක් නෙමෙයි. 211 00:11:57,876 --> 00:11:58,918 ඒත් කනගාටුයි, 212 00:11:59,584 --> 00:12:03,918 අද ඔයාලට ඔයාලගේ දෙමව්පියන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න වෙනවා. 213 00:12:04,043 --> 00:12:05,168 අහන්න නෝනා. 214 00:12:05,584 --> 00:12:07,751 මම දන්නේ නෑ ඔයා කවුද කියලා, ඒත් ඔයා මොකෙක්ද කියලා මම දන්නවා. 215 00:12:08,584 --> 00:12:11,584 අපි ඔයා වගේ රාක්ෂයෝ ඕන තරම් දැකලා තියෙනවා වගේම පන්නලා දාලත් තියෙනවා. 216 00:12:12,376 --> 00:12:15,709 මම වගේ රාක්ෂයෝ? 217 00:12:16,918 --> 00:12:18,043 හ්ම්... 218 00:12:19,293 --> 00:12:21,168 ඔව් එයාලා මම වගේ තමයි. 219 00:12:23,209 --> 00:12:24,709 එයාලා මගේ දරුවෝ. 220 00:12:24,876 --> 00:12:26,876 දරුවෝ? 221 00:12:27,626 --> 00:12:28,793 ඒ මොකක්ද ඒ? 222 00:12:30,001 --> 00:12:31,418 රාක්ෂයන්ගේ මව. 223 00:12:32,584 --> 00:12:33,584 එකිඩ්නා. 224 00:12:34,084 --> 00:12:35,126 225 00:12:36,459 --> 00:12:38,918 ආහ්! ෂ්! 226 00:12:43,376 --> 00:12:44,459 රාක්ෂයා. 227 00:12:45,584 --> 00:12:46,876 ඒක අමුතු වචනයක්, 228 00:12:47,209 --> 00:12:51,418 මගේ ආච්චි ඔයාගේ මුත්තම්මා වෙන එක ගැන හිතද්දි, 229 00:12:51,751 --> 00:12:53,876 මේක හැමදාම පවුලේ ප්‍රශ්නයක් වුණානේ. 230 00:12:55,084 --> 00:12:57,501 ඒත්... මට පේන විදිහට, 231 00:12:58,376 --> 00:13:02,459 අර්ධ දෙවියා තමයි භයානකම සතා. 232 00:13:02,459 --> 00:13:03,668 233 00:13:04,334 --> 00:13:05,376 කරදරකාරයි. 234 00:13:06,293 --> 00:13:07,418 රෞද්‍රයි. 235 00:13:08,334 --> 00:13:10,293 මම ජීවත් වෙන්නේ එක දේකට නම්, 236 00:13:11,043 --> 00:13:15,168 ඒ රාක්ෂයන්ට හරස් වෙන එක, 237 00:13:16,084 --> 00:13:17,168 ඔයා වගේ. 238 00:13:17,376 --> 00:13:18,709 239 00:13:19,918 --> 00:13:23,918 මේ මගේ පොඩි එකා. එයා තාම පොඩියි. 240 00:13:24,209 --> 00:13:26,876 පව් අනේ. 241 00:13:27,709 --> 00:13:28,751 අද... 242 00:13:31,751 --> 00:13:33,168 ඔයා තමයි එයාගේ ගොදුර. 243 00:13:36,084 --> 00:13:37,168 244 00:13:37,918 --> 00:13:39,126 ඔයාට තාම බය හිතුණේ නැද්ද? 245 00:13:39,334 --> 00:13:42,834 කමක් නෑ. බය වෙන එක සාමාන්‍ය දෙයක්. 246 00:13:43,376 --> 00:13:45,418 දඩයමට ඒක අත්‍යවශ්‍ය දෙයක්. 247 00:13:46,043 --> 00:13:48,584 ඔයාගේ බය. ඔයාගේ සැකය. 248 00:13:49,126 --> 00:13:51,501 ඔයාගේ කලබලවීම. 249 00:13:51,668 --> 00:13:55,668 මට ඕන වුණා ඔයාට වෙන දේ තේරුම් කරලා දෙන්න, 250 00:13:56,459 --> 00:13:59,126 එතකොට එයාට පුළුවන් ඔයාගේ ඉව අල්ලන්න. 251 00:13:59,334 --> 00:14:00,834 252 00:14:01,209 --> 00:14:04,918 එයාට ඉගෙන ගන්න, ලොකු වෙන්න පුළුවන්, මොකද... 253 00:14:06,001 --> 00:14:08,751 හොඳ අම්මා කෙනෙක් දරුවෝ වෙනුවෙන් කරන්නේ ඒකයි. 254 00:14:09,834 --> 00:14:11,001 ඒ වුණාට ඔයා ඒවා දන්නේ නෑනේ. 255 00:14:12,043 --> 00:14:13,043 256 00:14:13,459 --> 00:14:16,209 257 00:14:20,751 --> 00:14:22,084 දැන් දුවන්න. 258 00:14:22,251 --> 00:14:24,293 259 00:14:24,543 --> 00:14:25,584 260 00:14:26,001 --> 00:14:27,668 නෑ පැටියෝ! යන්න! 261 00:14:27,793 --> 00:14:31,334 262 00:14:31,334 --> 00:14:32,418 ඔයා! නවතින්න! 263 00:14:33,834 --> 00:14:35,043 නවතින්න! 264 00:14:35,168 --> 00:14:36,584 265 00:14:37,376 --> 00:14:39,168 මෝඩ කෙල්ල. 266 00:14:39,459 --> 00:14:41,001 ඔයාට ටිකක් ඉක්මන් වුණා. 267 00:14:41,876 --> 00:14:43,084 අපි ඒක හදාගමු. 268 00:14:43,376 --> 00:14:45,876 269 00:14:48,584 --> 00:14:50,168 270 00:14:56,209 --> 00:14:57,876 නවතින්න! 271 00:14:59,543 --> 00:15:03,209 272 00:15:10,793 --> 00:15:13,126 273 00:15:23,501 --> 00:15:24,501 ඒයි! 274 00:15:24,626 --> 00:15:26,168 පර්සි. මේ දොර අරිනවා! 275 00:15:26,293 --> 00:15:28,293 මෙහෙ ඇවිත් මේ දොර අරිනවා! 276 00:15:28,293 --> 00:15:29,376 මොකක්ද ඒ? 277 00:15:30,126 --> 00:15:31,209 ඒක විෂ කටුවක්. 278 00:15:31,376 --> 00:15:33,334 ග්‍රෝවර්, ඔයා දන්නවද ඔය වගේ එකක් තියෙන්නේ මොන වගේ රාක්ෂයෙක්ටද කියලා? 279 00:15:33,334 --> 00:15:36,168 මම දන්නේ නෑ. ඒ කියන්නේ, හොඳ එකෙක්ට නම් වෙන්න බෑ. 280 00:15:36,459 --> 00:15:38,668 ඔයාට අමාරුද? නෑ වගේ. ඇයි? 281 00:15:39,001 --> 00:15:40,418 ඔයා හිතන්නේ ඒක විසයිද? 282 00:15:40,418 --> 00:15:42,168 දැන්ම මේ දොර අරිනවා! 283 00:15:42,293 --> 00:15:43,459 මට ෂුවර් නෑ. යමු. 284 00:15:43,459 --> 00:15:44,543 ඒයි! 285 00:15:45,168 --> 00:15:46,793 286 00:15:50,126 --> 00:15:53,959 287 00:15:55,084 --> 00:15:56,626 288 00:15:57,043 --> 00:15:58,126 අපි මෙතනින් යන්න ඕන. 289 00:15:58,418 --> 00:15:59,834 290 00:16:00,251 --> 00:16:02,418 මේ දුම්රිය හදිසියේම නවත්වන්න වෙනවා. 291 00:16:02,418 --> 00:16:03,834 කරුණාකර අසුන්ගෙන සිටින්න... 292 00:16:04,834 --> 00:16:06,209 293 00:16:07,043 --> 00:16:09,876 294 00:16:10,126 --> 00:16:11,459 ඇයි ඒක තාම අපි පස්සේ එන්නේ නැත්තේ? 295 00:16:12,334 --> 00:16:15,459 එකිඩ්නා කිව්වේ එයා අර පෙට්ටියේ හංගගෙන හිටපු දේ තාම පොඩියි කියලා. 296 00:16:15,959 --> 00:16:17,668 එයා අම්මාගෙන් ඈතට යන එකක් නෑ. 297 00:16:18,084 --> 00:16:19,293 එයා දඩයම් කරන්න පුරුදු වෙනවා... 298 00:16:20,834 --> 00:16:22,584 මේ යන්නේ දඩයම් කරන වෙලාව වගේ. 299 00:16:26,168 --> 00:16:28,418 අපිට වැඩි වෙලාවක් මේ අයගෙන් බේරිලා ඉන්න බැරි වෙයි. 300 00:16:29,168 --> 00:16:32,251 අපිට එහෙම කරන්න ඕන නෑ. අපිට ඕන හැංගෙන්න ආරක්ෂිත තැනක් විතරයි. 301 00:16:33,251 --> 00:16:34,251 ආරක්ෂිත තැනක්. 302 00:16:34,751 --> 00:16:36,709 එහෙම තැනක් කොහෙන් හොයාගන්නද කියලා අදහසක් තියෙනවද? 303 00:16:38,584 --> 00:16:39,584 මට තියෙනවා. 304 00:16:40,126 --> 00:16:42,168 ඇතීනාට පූජා කරපු සිද්ධස්ථානයක්, 305 00:16:42,501 --> 00:16:44,501 ගොඩක් කාලෙකට කලින් එයාගේ අර්ධ-දේව දරුවෙක් විසින් හදපු එකක්. 306 00:16:44,834 --> 00:16:47,168 ඇතීනාගේ පන්සලක් කොහේ හරි හැංගිලා තියෙනවද... 307 00:16:47,168 --> 00:16:49,001 මේ ශාන්ත ලුවිස් නගරය මැද? 308 00:16:49,543 --> 00:16:50,543 ඔව්. 309 00:16:51,626 --> 00:16:53,543 හැබැයි ඒක එච්චරම හැංගිලා නෑ. 310 00:16:53,918 --> 00:16:56,126 311 00:17:01,709 --> 00:17:05,418 312 00:17:05,418 --> 00:17:10,793 මේක අඩි 630ක් පළලයි, අඩි 630ක් උසයි. හරියටම අඟලටම තියෙනවා. 313 00:17:12,584 --> 00:17:14,084 මේක ඇතුළේ ආධාරක මුකුත් නෑ. 314 00:17:14,584 --> 00:17:16,793 හැම පැත්තක්ම අනිත් පැත්තට ගානට බැලන්ස් වෙලා තියෙන්නේ. 315 00:17:19,251 --> 00:17:20,709 මේ ආරුක්කුව කෙලින් තියෙන්නේ සමමිතික නිසා. 316 00:17:20,834 --> 00:17:22,501 මේක රැඳිලා තියෙන්නේ ගණිතය නිසා. 317 00:17:22,501 --> 00:17:24,209 අනික භූමිකම්පාවලටවත් මේක හෙල්ලෙන්නේ නෑ. 318 00:17:24,209 --> 00:17:25,751 ඒ නිසා පොසයිඩන්ටවත් මේක කඩන්න බෑ. 319 00:17:26,959 --> 00:17:28,501 නියමයි. පොඩ්ඩක් ඉඩ දෙන්න. 320 00:17:29,418 --> 00:17:31,834 ඇතීනාට ආදරේ පෙන්නන්නේ මෙහෙමයි. 321 00:17:32,543 --> 00:17:35,251 පරිපූර්ණත්වයේ බලය විදහාපාන ස්මාරකයක්. 322 00:17:36,709 --> 00:17:38,459 ඕක තව දේවල් වලටත් හදපු ස්මාරකයක්. 323 00:17:40,043 --> 00:17:42,001 ඔය කියන්නේ සමහර මිනිස්සු... 324 00:17:42,001 --> 00:17:43,334 මේක ගැන හිතාගෙන ඉන්න විදිහ ගැනනේ. 325 00:17:44,376 --> 00:17:46,459 මම මේ කියන්නේ ඇත්තටම මේක මොකක්ද කියලා. 326 00:17:48,001 --> 00:17:49,084 හා හා කමක් නෑ. 327 00:17:49,834 --> 00:17:51,209 අපි මෙතන ආරක්ෂිතයිනේ, නේද? 328 00:17:52,251 --> 00:17:55,043 රාක්ෂයන්ට ඇතුල් වෙන්න බෑ. එකිඩ්නාටවත් බෑ. 329 00:17:55,709 --> 00:17:57,293 අපි ආරක්ෂිතයි. නියමයි. 330 00:17:58,668 --> 00:18:00,834 ඉතින්, අපේ කෝච්චිය පිපිරුන නිසා, 331 00:18:00,834 --> 00:18:03,251 මම බලන්නම් අපිට ටිකට් ගන්න පුළුවන් වෙන කෝච්චියක් තියෙනවද කියලා. 332 00:18:03,918 --> 00:18:05,251 අපිට හැමදාම මෙතන ඉන්න බෑනේ. 333 00:18:10,334 --> 00:18:12,793 අපි ගොදුරක් වුණා කියලා, අපි අසරණ වෙන්න ඕන නෑනේ. 334 00:18:17,376 --> 00:18:19,584 සත්තුන්ට කරදර කරනවට එයා කැමති නෑ. 335 00:18:21,168 --> 00:18:22,209 ඔව්. 336 00:18:23,043 --> 00:18:24,126 මම දන්නවා. 337 00:18:25,668 --> 00:18:28,043 මම එයාට කෑ ගහන්න හොඳ නෑ... මම නිකන්... 338 00:18:29,293 --> 00:18:31,376 මම දන්නවා. 339 00:18:33,418 --> 00:18:37,209 ඉතින්, මේක ඔයාගේ අම්මගේ තැනද? 340 00:18:38,501 --> 00:18:39,668 එයා මෙහේ ඉන්නවද දන්නේ නෑ. 341 00:18:41,834 --> 00:18:43,959 දැන්ම එන්නම්! ටොයිලට් එකට ගිහින් එන්නම්! 342 00:18:45,584 --> 00:18:46,709 343 00:18:47,626 --> 00:18:50,501 මරු. මට හැකියාවක් තියෙනවා. 344 00:18:51,751 --> 00:18:53,001 345 00:18:53,959 --> 00:18:55,418 කොහොම වුණත් මම හිතන්නේ ඔයා හරි. 346 00:18:56,418 --> 00:18:59,501 අපිට ආරක්ෂිත තැනක් ඕන වුණා, ඔයාගේ අම්මා එහෙම තැනක් ලෑස්ති කරලා තිබුණා. 347 00:19:00,834 --> 00:19:02,918 අපි වෙලාවටම හරි නගරයේ හිටපු එක ලොකු වාසනාවක්. 348 00:19:04,834 --> 00:19:05,834 වාසනාවද දෛවයද? 349 00:19:07,918 --> 00:19:10,543 350 00:19:10,709 --> 00:19:14,168 මම දන්නවා ඔයා හිතන්නේ මේ ඔක්කොම මගේ හිතේ තියෙන දේවල් කියලා. 351 00:19:14,168 --> 00:19:18,168 අම්මා මං ගැන හොයලා බලනවා කියලා මම මටම කියාගන්නවා... මොකද එහෙම හිතන එක ලේසියි. 352 00:19:19,001 --> 00:19:20,043 මම එහෙම දෙයක් කිව්වේ නෑ. 353 00:19:22,293 --> 00:19:24,418 බලන්න, මම අර්ධ-දෙවියෙක් වුණේ... 354 00:19:25,418 --> 00:19:26,584 ගිය සෙනසුරාදා ඉඳන්. 355 00:19:27,959 --> 00:19:29,043 ඔයා මම කියන දේවල් අහන්න ඕන නෑ. 356 00:19:31,251 --> 00:19:36,918 දන්නවද, මේක මගේ අම්මගේ තැන, ඒත් පන්සලක් කියන්නේ පන්සලක්නේ. 357 00:19:38,043 --> 00:19:40,126 අපි මෙහේ ඉන්න වෙලාවේ ඔයාටත් පුළුවන් තාත්තට කතා කරන්න. 358 00:19:42,543 --> 00:19:43,584 එපා, ස්තූතියි. 359 00:19:44,251 --> 00:19:45,334 කතා කළා කියලා මොනවා වෙන්නද? 360 00:19:48,876 --> 00:19:50,126 ඔයාගේ අම්මගේ සිද්ධිය... 361 00:19:52,001 --> 00:19:56,459 මට තේරෙනවා. ඒක වෙනස්. ඒක ඔයාට හරියනවා. ඒත් මගේ තාත්තා... 362 00:19:59,084 --> 00:20:02,209 මට එයාගෙන් මුකුත් ඕන නෑ. එයාට ඕන තරම් අවස්ථා තිබුණා. 363 00:20:02,209 --> 00:20:05,459 ඇත්තම කිව්වොත්, පහුගිය දවස් ටිකේ ඔයා මං වෙනුවෙන් කරපු දේවල්... 364 00:20:05,584 --> 00:20:07,084 මගේ තාත්තා මුළු ජීවිත කාලෙටම කරපු දේවල් වලට වඩා වැඩි. 365 00:20:08,001 --> 00:20:09,501 මට කාත් එක්ක හරි ඉන්න වෙනවා නම්, මම... 366 00:20:11,834 --> 00:20:12,959 පරිස්සමෙන්. 367 00:20:13,626 --> 00:20:15,293 මම හිතන්නේ ඔයා මට යාළුවෙක් කියන්නයි හැදුවේ. 368 00:20:16,293 --> 00:20:18,251 මෙහේ කොහේ හරි ඉඳන් දෛවඥයා අපිට හිනා වෙනවා ඇති, 369 00:20:18,251 --> 00:20:19,501 ඒත් දන්නවද... ඌයි! 370 00:20:19,501 --> 00:20:21,501 පර්සි! 371 00:20:21,626 --> 00:20:22,709 ඒයි! මොකද වුණේ? 372 00:20:22,709 --> 00:20:26,043 මම හිතන්නේ... මම හිතන්නේ අර කටු වල විෂ තිබුණා. 373 00:20:26,751 --> 00:20:28,376 මට අදහසක් තියෙනවා. එන්න, මට උදව් කරන්න. 374 00:20:28,751 --> 00:20:29,834 හරි. 375 00:20:30,501 --> 00:20:32,293 376 00:20:37,293 --> 00:20:38,793 කෑම්ප් එකේදි වතුරෙන් එයා සනීප වුණානේ, 377 00:20:39,209 --> 00:20:40,918 ඉතින් විෂටත් ඒක හරියන්න ඕනනේ, නේද? 378 00:20:42,584 --> 00:20:44,584 මම හිතන්නේ... මම හිතන්නේ ඒක වැඩ කරනවා. 379 00:20:45,543 --> 00:20:46,543 මේක හොඳ අදහසක්. 380 00:20:49,043 --> 00:20:50,251 381 00:20:50,251 --> 00:20:52,168 වැඩක් නෑ වගේ. සමහර විට ඒක... 382 00:20:52,168 --> 00:20:54,793 පොසයිඩන්ට සනීප කරන්න පුළුවන් වෙන්න ස්වභාවිකව ගලාගෙන යන වතුරක් ඕන ඇති. 383 00:20:54,793 --> 00:20:56,001 384 00:20:56,126 --> 00:20:58,751 385 00:20:59,668 --> 00:21:02,834 හරි. අපි ආපහු ඇතුළට යන්න ඕන. නෑ, අපි දිගටම උත්සාහ කරන්න ඕන. 386 00:21:03,043 --> 00:21:04,876 මේක හරියන්නේ නෑ. අනික එයා එනවා. 387 00:21:05,293 --> 00:21:09,334 388 00:21:09,543 --> 00:21:12,209 හරි, අපි පර්සිව ඇතුළට අරගෙන පන්සලේ පූජාසනය ගාවට යමු. 389 00:21:12,418 --> 00:21:14,043 පූජාසනය? කොහෙද පූජාසනයක් තියෙන්නේ? 390 00:21:14,043 --> 00:21:15,584 උඩම තැන, හොඳටම පේන තැන. 391 00:21:15,793 --> 00:21:17,584 හරි, ඒත් ඒකෙන් අපිට මොකක්ද වෙන්නේ? 392 00:21:18,918 --> 00:21:21,959 අපි පූජාසනය ගාවට ගිහින් මගේ අම්මගෙන් උදව් ඉල්ලමු. 393 00:21:22,626 --> 00:21:24,418 394 00:21:24,584 --> 00:21:25,918 මම හිතුවා අපි උදව් ඉල්ලන්නේ නෑ කියලා. 395 00:21:26,418 --> 00:21:28,626 396 00:21:30,126 --> 00:21:31,668 යමු, ඉක්මන් කරමු. 397 00:21:35,918 --> 00:21:39,876 398 00:21:41,043 --> 00:21:42,584 ඔයාලට ඒක ඇහුණද? 399 00:21:43,043 --> 00:21:44,084 මොකක්ද? 400 00:21:45,043 --> 00:21:46,418 කමක් නෑ. යමු. 401 00:21:50,709 --> 00:21:53,168 402 00:21:55,584 --> 00:21:58,751 කරුණාකර අසුන් ගන්න. දුම්රිය පිටත් වීමට නියමිතයි. 403 00:22:04,001 --> 00:22:05,834 අර මොකක්ද? ඔයාට මොකක්ද ඇහුණේ? 404 00:22:05,959 --> 00:22:08,418 405 00:22:08,709 --> 00:22:09,709 එයා ඔයාට කතා කළා. 406 00:22:11,168 --> 00:22:13,543 නිව්යෝක් වල මියුසියම් එකේදි ඇලෙක්ටෝ මට කතා කළෙත් ඔහොමයි. 407 00:22:14,376 --> 00:22:15,543 එයා මොනවද කිව්වේ? 408 00:22:17,376 --> 00:22:19,126 409 00:22:22,793 --> 00:22:24,168 ඒ කයිමෙරාද? 410 00:22:25,293 --> 00:22:28,209 මම හිතන්නේ... මම හිතන්නේ ඒ කයිමෙරා තමයි. 411 00:22:28,584 --> 00:22:30,876 කොහොමද කයිමෙරා මෙතනට ආවේ? 412 00:22:31,001 --> 00:22:33,459 කොහොමද රාක්ෂයෙක් මෙතනට ආවේ? ඇනබෙත්? 413 00:22:33,584 --> 00:22:36,959 අපි ඉන්නේ සිද්ධස්ථානයක. ඇතීනා එයාට එන්න දෙන්න ඇති. 414 00:22:36,959 --> 00:22:38,501 ඒත් ඇයි එයා එහෙම කරන්නේ? ඇනබෙත්! 415 00:22:39,709 --> 00:22:41,043 එකිඩ්නා ඔයාට මොනවද කිව්වේ? 416 00:22:44,084 --> 00:22:46,959 එයා කිව්වා මගේ අහංකාරකම අම්මගේ ආඩම්බරයට හානි කළා කියලා. 417 00:22:47,918 --> 00:22:49,876 ඒ නිසා මම විනාශ වෙයිලු. 418 00:22:50,918 --> 00:22:52,043 අහංකාරකම? මොන වගේ... 419 00:22:54,501 --> 00:22:55,626 මෙඩූසාගේ ඔළුව. 420 00:22:57,793 --> 00:22:59,126 මම අම්මව ලැජ්ජාවට පත් කළා. 421 00:23:01,501 --> 00:23:03,501 ඒත් මමනේ ඔළුව ඔලිම්පස් වලට යැව්වේ. 422 00:23:03,959 --> 00:23:06,209 මමනේ ලියුම ලිව්වේ. මමත් ඒකට හවුල් වුණානේ. 423 00:23:08,459 --> 00:23:09,626 ඒකෙන් එයා ලැජ්ජා වුණා. 424 00:23:10,501 --> 00:23:11,626 දැන් එයාට තරහ ගිහින්. 425 00:23:12,876 --> 00:23:14,709 අපි දැන් මොකද කරන්නේ? 426 00:23:15,876 --> 00:23:18,168 අපි පර්සිව බේරගන්න උඩට ගියාට එයා උදව් කරන එකක් නෑ. 427 00:23:18,584 --> 00:23:21,584 නෑ, මම ඇහුවේ අපි එකිඩ්නායි කයිමෙරායි ගැන මොකද කරන්නේ කියලා. 428 00:23:22,126 --> 00:23:23,543 එයාලා දැන්ම අපි පස්සෙන් එයි. 429 00:23:24,793 --> 00:23:27,126 අපිට වැඩි වෙලාවක් නෑ. 430 00:23:27,584 --> 00:23:28,709 එයාලා ඕන වෙලාවක මෙතනට එයි. 431 00:23:28,834 --> 00:23:30,834 මගේ අම්මා අපිව ආරක්ෂා කරන්නේ නැත්නම්, 432 00:23:31,584 --> 00:23:33,293 අපිට මෙතනම සටන් කරන්න වෙනවා. 433 00:23:33,293 --> 00:23:34,626 434 00:23:34,876 --> 00:23:38,043 435 00:23:43,168 --> 00:23:44,168 අනේ නෑ. 436 00:23:44,501 --> 00:23:46,376 අපි කට්ටියව මෙතනින් එළියට යවන්න ඕන. 437 00:23:54,126 --> 00:23:55,334 438 00:23:55,334 --> 00:23:57,501 අවධානය දෙන්න. අවධානය දෙන්න. 439 00:23:57,626 --> 00:24:00,251 හැමෝම පෝලිමට එන්න. ඔයයි පර්සියි එයාලා පස්සෙන් යන්න. 440 00:24:00,418 --> 00:24:02,834 මොකක්ද? නෑ නෑ නෑ. අපි වෙන් වෙන්නේ නෑ. 441 00:24:02,834 --> 00:24:03,918 ග්‍රෝවර්, යමු. 442 00:24:03,918 --> 00:24:06,459 නෑ නෑ නෑ... අපි ඔක්කොම එකටමයි මෙතනින් යන්නේ. 443 00:24:06,459 --> 00:24:10,501 අපිට බැරි වෙයි. කයිමෙරා කියන්නේ අර්ධ-දේවතාවන් මරන කෙනෙක්. 444 00:24:11,001 --> 00:24:14,001 එයාව පරක්කු කරලා අනිත් අයට යන්න වෙලාව අරන් දෙන්න කවුරුහරි මෙතන නවතින්න ඕන. 445 00:24:14,709 --> 00:24:15,793 යන්න. 446 00:24:18,334 --> 00:24:20,918 හරි, එයාට පඩිපෙළ බැහැගන්න උදව් කරලා ගඟ ළඟට එක්කන් යන්න. 447 00:24:21,251 --> 00:24:23,668 නවතින්න එපා. හේඩීස් ගාවට යනකම්ම නවතින්න එපා. 448 00:24:24,043 --> 00:24:26,459 අකුණු සැර හොයාගන්නකම්ම නවතින්න එපා, තේරුණාද? 449 00:24:26,584 --> 00:24:28,584 450 00:24:28,793 --> 00:24:29,918 හරි, යන්න. 451 00:24:30,418 --> 00:24:31,418 ඉන්න. 452 00:24:33,751 --> 00:24:34,918 453 00:24:37,168 --> 00:24:38,168 මේක තියාගන්න. 454 00:24:41,793 --> 00:24:44,251 ඉන්න! 455 00:24:44,376 --> 00:24:46,626 ඒයි! පර්සි! 456 00:24:46,876 --> 00:24:48,376 පර්සි, අනේ! 457 00:24:48,543 --> 00:24:51,959 පර්සි, එපා! ඕක කරන්න එපා. එයාලා ඔයාව මරයි. 458 00:24:51,959 --> 00:24:53,376 පොසයිඩන් මීට කලින් කවදාවත් මට උදව් කරලා නෑ. 459 00:24:54,876 --> 00:24:57,251 එයා දැන් උදව් කරන්න එන්නෙත් නෑ. පර්සි! 460 00:24:59,418 --> 00:25:00,793 මට කවදාවත් හේඩීස් ගාවට යන්න හම්බවෙන්නේ නෑ. 461 00:25:00,793 --> 00:25:03,459 පර්සි? පර්සි, අනේ. 462 00:25:04,334 --> 00:25:05,543 ඒත් ඔයාලට පුළුවන්. 463 00:25:05,751 --> 00:25:07,626 464 00:25:07,751 --> 00:25:08,793 දැන් ඔයාලා යන්නම ඕන. 465 00:25:09,126 --> 00:25:11,376 පර්සි! 466 00:25:12,668 --> 00:25:15,126 පර්සි, මං කියන දේ ඇහෙනවද? 467 00:25:15,126 --> 00:25:17,251 පර්සි, ඔයාට මේක තනියම කරන්න බෑ. 468 00:25:17,376 --> 00:25:21,459 469 00:25:21,584 --> 00:25:23,876 470 00:25:33,793 --> 00:25:35,751 දැන් ඔක්කොම ඉවරයි පැටියෝ. 471 00:25:36,626 --> 00:25:37,834 දඟලන්න එපා. 472 00:25:38,793 --> 00:25:40,543 ඔයා එයාව තවත් කේන්ති ගස්සන එක විතරයි වෙන්නේ. 473 00:25:40,543 --> 00:25:43,126 474 00:25:51,293 --> 00:25:53,084 475 00:25:57,543 --> 00:25:59,001 476 00:26:03,293 --> 00:26:05,459 477 00:26:06,584 --> 00:26:08,001 478 00:26:09,376 --> 00:26:11,876 479 00:26:12,126 --> 00:26:14,668 480 00:26:18,751 --> 00:26:20,501 481 00:26:33,293 --> 00:26:34,793 482 00:26:38,668 --> 00:26:41,209 483 00:26:44,084 --> 00:26:45,584 484 00:26:45,584 --> 00:26:47,084 485 00:26:52,084 --> 00:26:53,584 486 00:26:55,126 --> 00:26:58,459 හරිම අසාධාරණයි. ඔයාට කවදාවත් දිනන්න චාන්ස් එකක් තිබුණෙ නෑ නේද? 487 00:27:00,876 --> 00:27:04,626 ඔයාටත් අවස්ථාවක් දෙන්න තරම් කෙනෙක් ඔයා ගැන වදවුණා නම් කොච්චර හොඳද. 488 00:27:04,959 --> 00:27:06,251 489 00:27:08,376 --> 00:27:10,918 490 00:27:14,043 --> 00:27:15,126 491 00:27:16,168 --> 00:27:17,459 492 00:27:20,959 --> 00:27:24,209 493 00:27:26,751 --> 00:27:29,209 494 00:27:37,918 --> 00:27:39,876 495 00:27:47,043 --> 00:27:52,376 496 00:27:56,001 --> 00:27:59,793 497 00:27:59,959 --> 00:28:01,209 ඔයා බය වෙලා. 498 00:28:03,834 --> 00:28:05,251 බය වෙන්න එපා පර්සි. 499 00:28:06,834 --> 00:28:09,043 ඔයාගේ තාත්තා මාව එව්වේ, 500 00:28:09,876 --> 00:28:11,001 හැමදේම හරියයි කියලා කියන්න. 501 00:28:13,251 --> 00:28:15,543 දැන් හුස්ම ගන්න. 502 00:28:16,459 --> 00:28:18,834 503 00:28:19,001 --> 00:28:20,293 ඔයාගේ තාත්තා මෙතන ඉන්නවා. 504 00:28:22,209 --> 00:28:24,834 එයා හැමදාම මෙතන හිටියා. 505 00:28:25,501 --> 00:28:27,543 පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක එයාට හරිම අමාරුයි. 506 00:28:28,459 --> 00:28:30,043 ඔයා දුක් විඳිනවා බලාගෙන ඉන්න එක. 507 00:28:30,334 --> 00:28:32,001 ඒක අපි හැමෝටම හරිම අමාරුයි. 508 00:28:32,959 --> 00:28:34,001 ඒත් එයා ඉන්නවා. 509 00:28:34,834 --> 00:28:36,626 එයා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා. 510 00:28:39,459 --> 00:28:40,543 එයාව විශ්වාස කරන්න. 511 00:28:42,876 --> 00:28:44,751 ඔයාවම විශ්වාස කරන්න. 512 00:28:47,001 --> 00:28:48,168 නිකන්ම... 513 00:28:49,626 --> 00:28:50,751 හුස්ම ගන්න. 514 00:28:55,084 --> 00:28:58,001 515 00:28:59,293 --> 00:29:05,209 516 00:29:06,459 --> 00:29:08,334 517 00:30:45,251 --> 00:30:48,918 518 00:30:53,834 --> 00:30:56,001 අම්මා මට මේ කතා හැමතිස්සෙම කිව්වා. 519 00:30:57,209 --> 00:30:58,959 පර්සි, නැගිටින්න. මම ඇත්තමයි කියන්නේ. 520 00:30:59,459 --> 00:31:01,668 දෙවිවරු එකිනෙකාට සලකන්නේ මේ විදිහට කියලා එයා කිව්වා. 521 00:31:03,084 --> 00:31:04,709 එයාලා ඒ වගේ පවුලක්. 522 00:31:07,084 --> 00:31:09,126 523 00:32:38,293 --> 00:32:39,834 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜