1
00:00:28,976 --> 00:00:30,976
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:31,000 --> 00:00:35,010


3
00:00:43,280 --> 00:00:45,350
<font color="#ffe244">විත්තිකරු යකඩ බටයක් පාවිච්චි කරලා...</font>

4
00:00:45,920 --> 00:00:48,289
<font color="#ffe244">වින්දිතයා වන පාර්ක් ජේ යොල්ගේ මරණය සිදු කර තිබෙනවා.</font>

5
00:00:48,290 --> 00:00:49,520
<font color="#ffe244">මේ කරුණු ගැන කිසිම විවාදයක් නැති වුණත්,</font>

6
00:00:49,720 --> 00:00:51,819
<font color="#ffe244">ප්‍රශ්නය වෙන්නේ විත්තිකරුගේ ක්‍රියාවන්...</font>

7
00:00:51,820 --> 00:00:53,890
<font color="#ffe244">අපරාධ නීතියේ 21 වැනි වගන්තියේ, 1 වැනි ඡේදය යටතට...</font>

8
00:00:54,190 --> 00:00:56,660
<font color="#ffe244">ආත්මාරක්ෂාව සඳහා කළ ක්‍රියාවක් ලෙස ගැනෙනවාද කියන එකයි.</font>

9
00:00:58,060 --> 00:00:59,330
<font color="#ffe244">ඉතින්, සියෝ ජි යූන්...</font>

10
00:01:00,100 --> 00:01:01,270
<font color="#ffe244">ඔයාගේ සහෝදරිය.</font>

11
00:01:03,230 --> 00:01:04,870
<font color="#ffe244">අපි පොඩි කාලේදීම වෙන් වුණා.</font>

12
00:01:06,500 --> 00:01:09,340
<font color="#ffe244">මම විශ්වවිද්‍යාලයට යනකම්ම එයාව හොයාගෙන කොරියාවට ආවේ නැහැ.</font>

13
00:01:14,450 --> 00:01:15,850
<font color="#ffe244">මගේ සහෝදරිය හිටියේ රෝහලේ,</font>

14
00:01:16,580 --> 00:01:18,020
<font color="#ffe244">ඒත් මම පරක්කු වැඩියි.</font>

15
00:01:19,950 --> 00:01:21,990
<font color="#ffe244">මම කරපු දේ මට කරන්න වුණේ ඇයි කියලා...</font>

16
00:01:23,720 --> 00:01:25,160
<font color="#ffe244">ඔයාට තේරෙනවා නේද, ෂින් ජේ?</font>

17
00:01:40,100 --> 00:01:41,770
<font color="#ffe244">තමන් ආදරය කරන කෙනෙකුට මොනවා හරි වුණාම,</font>

18
00:01:44,280 --> 00:01:46,580
<font color="#ffe244">මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා.</font>

19
00:01:47,580 --> 00:01:51,580
<font color="#ffe244">ලෝකය වෙනස් තැනක් කරන්න ගත්ත ඒ පොරොන්දුව, ඒ අධිෂ්ඨානය.</font>

20
00:01:52,680 --> 00:01:54,450
<font color="#ffe244">ඔයාත් ඒක මම වගේම දන්නවා, ෂින් ජේ.</font>

21
00:01:55,950 --> 00:01:56,960
<font color="#ffe244">තීන්දුව.</font>

22
00:01:57,490 --> 00:01:58,920
<font color="#ffe244">විත්තිකාර යූන් රා යොන්ග්,</font>

23
00:01:59,860 --> 00:02:00,860
<font color="#ffe244">නිවැරදිකරු වෙනවා.</font>

24
00:02:04,500 --> 00:02:06,460
<font color="#ffe244">අන්තිමට, අපි දෙන්නටම ඕන කරන්නේ එකම දෙයක්.</font>

25
00:02:07,670 --> 00:02:11,100
<font color="#ffe244">මගේ සහෝදරිය හෝ නීතිඥ යූන් වගේ තවත් වින්දිතයන් නැති ලෝකයක්.</font>

26
00:02:11,770 --> 00:02:15,310
<font color="#ffe244">අපි හදන ඒ ලෝකය ඇතුළේ හරියටම වෙන්නේ ඒකයි.</font>

27
00:02:20,450 --> 00:02:24,650
<font color="#ffe244">(අභාවප්‍රාප්ත සියෝ ජි යූන්)</font>

28
00:02:29,920 --> 00:02:31,960
<font color="#ff7e16"><b>11 වැනි කොටස</b></font>

29
00:02:34,730 --> 00:02:36,260
<font color="#ffe244">ඔයා ගොඩක් දේවල් විඳදරාගත්තා.</font>

30
00:02:37,100 --> 00:02:38,560
<font color="#ffe244">ඔයාලා තමයි ගොඩක් දේවල් විඳදරාගත්තේ.</font>

31
00:02:41,770 --> 00:02:42,800
<font color="#ffe244">ස්තූතියි, ජියොන්ග් වූ.</font>

32
00:02:45,270 --> 00:02:48,610
<font color="#ffe244">පැමිණිලිකරුවන් වහාම අභියාචනයක් ඉදිරිපත්
කරයි. අපි ඊළඟ නඩු විභාගයට ලෑස්ති වෙන්න ඕනේ.</font>

33
00:02:49,240 --> 00:02:52,880
<font color="#ffe244">මම දන්නවා. ඒත් අපිට ටිකක් වෙලා
ලැබුණා, ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.</font>

34
00:02:53,810 --> 00:02:55,850
<font color="#ffe244">ඒත් කෝ ෂින් ජේ?</font>

35
00:03:03,520 --> 00:03:04,560
<font color="#ffe244">ඔයා ආවාද?</font>

36
00:03:05,790 --> 00:03:07,460
<font color="#ffe244">මොකක්ද මේ ලොකු කෑම මේසෙ?</font>

37
00:03:08,030 --> 00:03:09,030
<font color="#ffe244">වාඩි වෙන්න.</font>

38
00:03:09,660 --> 00:03:12,330
<font color="#ffe244">මට හිතුණා අපි හරිහැටි කෑමක් කාලා ගොඩක් කල් කියලා.</font>

39
00:03:19,800 --> 00:03:20,810
<font color="#ffe244">ඉතින්, කන්න.</font>

40
00:03:21,740 --> 00:03:23,010
<font color="#ffe244">ඔයාට හොඳටම මහන්සි පාටයි.</font>

41
00:03:23,910 --> 00:03:24,910
<font color="#ffe244">ෂින් ජේ.</font>

42
00:03:26,440 --> 00:03:28,150
<font color="#ffe244">නඩු විභාගයේදී පෙන්නපු ඒ වීඩියෝ එක... ඒ මොකක්ද?</font>

43
00:03:29,010 --> 00:03:32,450
<font color="#ffe244">ඔව්, ඒ මොකක්ද? ඔයා කිව්වා එයා
එළියට ආවාම අපි කතා කරමු කියලා.</font>

44
00:03:32,520 --> 00:03:33,850
<font color="#ffe244">අපි ඉස්සෙල්ලා කාලා ඉමු. ඊට පස්සේ කතා කරන්න පුළුවන්.</font>

45
00:03:35,120 --> 00:03:36,120
<font color="#ffe244">ඒ වීඩියෝ එක...</font>

46
00:03:37,560 --> 00:03:39,390
<font color="#ffe244">මින් සෝ නේද ඒක වීඩියෝ කළේ?</font>

47
00:03:41,030 --> 00:03:42,360
<font color="#ffe244">ඔයාට කොහෙන්ද ඒ වීඩියෝ එක ලැබුණේ?</font>

48
00:03:49,370 --> 00:03:51,440
<font color="#ffe244">ඔයා හරි. මින් සෝ තමයි ඒක වීඩියෝ කළේ.</font>

49
00:03:53,740 --> 00:03:55,640
<font color="#ffe244">ඔයා මින් සෝව හම්බුණාද?</font>

50
00:03:56,240 --> 00:03:58,940
<font color="#ffe244">ඔයා ඒ ගැන මුකුත්ම කිව්වේ නැහැනේ.</font>

51
00:03:59,980 --> 00:04:02,450
<font color="#ffe244">ඔයා එයාව හොයාගත්තාද? මින් සෝ දැන් කොහෙද ඉන්නේ?</font>

52
00:04:05,250 --> 00:04:07,150
<font color="#ffe244">එයා ඔයාව බලන්න කැමති නැහැ.</font>

53
00:04:10,250 --> 00:04:12,720
<font color="#ffe244">මට පේන විදිහට හොඳ කෑම වේලක් නම් කන්න ලැබෙන්නේ නැහැ.</font>

54
00:04:15,760 --> 00:04:17,330
<font color="#ffe244">LnJ එක විසුරුවා හරින්නයි යන්නේ.</font>

55
00:04:18,060 --> 00:04:19,730
<font color="#ffe244">හේඉල් එක දැනටමත් ඒක විසුරුවා හරින්න කටයුතු කරගෙන යනවා.</font>

56
00:04:22,300 --> 00:04:23,770
<font color="#ffe244">මම ඒක බලාපොරොත්තුවෙන් හිටියේ.</font>

57
00:04:24,240 --> 00:04:26,600
<font color="#ffe244">හේඉල් එක වැරදිකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න නිසා,</font>

58
00:04:26,800 --> 00:04:29,370
<font color="#ffe244">අපි තවත් එයාලා යටතේ ඉන්න එකේ තේරුමක් නැහැ.</font>

59
00:04:30,310 --> 00:04:34,210
<font color="#ffe244">අපි යමු. අපි තනියම වැඩ පටන් අරන් එන ඕන දේකට මුහුණ දෙමු.</font>

60
00:04:34,610 --> 00:04:38,080
<font color="#ffe244">අපි තුන්දෙනාට එකතු වෙලා ඕනම දෙයක් කරන්න පුළුවන්.</font>

61
00:04:38,320 --> 00:04:39,520
<font color="#ffe244">මම ඔයාලා එක්ක එන්නේ නැහැ.</font>

62
00:04:42,890 --> 00:04:44,390
<font color="#ffe244">මේක තමයි LnJ එකේ අවසානය.</font>

63
00:04:46,260 --> 00:04:47,560
<font color="#ffe244">දැන් අපි වෙන වෙනම යන්න ඕනේ කාලය හරි.</font>

64
00:04:48,730 --> 00:04:50,560
<font color="#ffe244">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

65
00:04:50,830 --> 00:04:52,860
<font color="#ffe244">ෂින් ජේ.
මගේ හදවතින්ම,</font>

66
00:04:54,100 --> 00:04:56,670
<font color="#ffe244">මට හිතෙනවා හැමදාමත් මේක තමයි අපේ
අවසාන පරිච්ඡේදය වෙන්න තිබුණේ කියලා.</font>

67
00:04:57,970 --> 00:05:01,510
<font color="#ffe244">අපිට අතීතය අමතක කරලා දාන්න පුළුවන් වුණු ඒ මොහොත.</font>

68
00:05:03,310 --> 00:05:04,940
<font color="#ffe244">කවදාහරි ඒ දවස ඒවිද කියලා මම කල්පනා කළා,</font>

69
00:05:06,080 --> 00:05:07,310
<font color="#ffe244">දැන් ඒක ඇවිත් තියෙනවා.</font>

70
00:05:08,550 --> 00:05:09,950
<font color="#ffe244">කනෙක්ට් ඉන් නඩුව ගැන නම්,</font>

71
00:05:10,310 --> 00:05:12,720
<font color="#ffe244">මම නැතුව ඔයාලට ඒක හොඳට බලාගන්න පුළුවන් වෙයි.</font>

72
00:05:26,730 --> 00:05:28,530
<font color="#ffe244">ඒකට ඔයාලට නීතිඥවරු එනකම් ඉන්න වෙනවා.</font>

73
00:05:31,000 --> 00:05:32,240
<font color="#ffe244">කමක් නැහැ යේ ජි. එයාලට ඕන දෙයක් කරගන්න දෙන්න.</font>

74
00:05:32,970 --> 00:05:34,010
<font color="#ffe244">ඒත් නීතිඥතුමිය...</font>

75
00:05:34,370 --> 00:05:36,340
<font color="#ffe244">කමක් නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ.</font>

76
00:05:44,580 --> 00:05:46,150
<font color="#ffe244">ඕක ඒ තරම් ගණන් ගන්න එපා.</font>

77
00:05:48,720 --> 00:05:51,290
<font color="#ffe244">ඇත්තම කතාව නම්, ඔයාලමයි මේක කරගත්තේ.</font>

78
00:05:52,590 --> 00:05:55,390
<font color="#ffe244">ආයෙත් හේඉල් එකට එන්න කැමති ඕනම සේවකයෙක්ව මම බාරගන්නවා,</font>

79
00:05:55,460 --> 00:05:56,860
<font color="#ffe244">ඒ නිසා ඔයාලා ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ.</font>

80
00:05:58,760 --> 00:06:00,160
<font color="#ffe244">ඔයාලා දෙන්නට ඕනේ නම්,</font>

81
00:06:00,430 --> 00:06:01,930
<font color="#ffe244">අපිට ඔයාලටත් හේඉල් එකේ රස්සාවල් හොයලා දෙන්න පුළුවන්.</font>

82
00:06:02,300 --> 00:06:05,500
<font color="#ffe244">එපා, ස්තූතියි. හේඉල් එකත් එක්ක ඉන්න අපේ කිසිම අදහසක් නැහැ.</font>

83
00:06:06,140 --> 00:06:08,410
<font color="#ffe244">හැමදේම විසඳුණු ගමන්ම අපි මෙහෙන් යනවා.</font>

84
00:06:09,970 --> 00:06:11,580
<font color="#ffe244">ඒක ඔයාලගේ කැමැත්තක්.</font>

85
00:06:12,410 --> 00:06:14,710
<font color="#ffe244">එහෙනම් මම හිතන්නේ ඔයාලට මුල ඉඳලම පටන් ගන්න වෙයි.</font>

86
00:06:15,480 --> 00:06:17,480
<font color="#ffe244">හේඉල් එකේ උදව්වක් නැතුව කනෙක්ට් ඉන් නඩුව...</font>

87
00:06:18,450 --> 00:06:19,650
<font color="#ffe244">අපි බලමු ඔයාලා කොහොමද ඒක ඉවර කරන්නේ කියලා.</font>

88
00:06:35,970 --> 00:06:37,140
<font color="#ffe244">හේයි, කන්ග් ෂින් ජේ!</font>

89
00:06:39,240 --> 00:06:40,870
<font color="#ffe244">කන්ග් ෂින් ජේ, දොර අරින්න!</font>

90
00:06:45,040 --> 00:06:47,750
<font color="#ffe244">ඔයා මගේ කෝල්ස් ආන්සර් කරන්නේ
නැද්ද? ඔයා ඇත්තටම මට මෙහෙමද කරන්නේ?</font>

91
00:06:49,910 --> 00:06:53,890
<font color="#ffe244">මම දන්නවා ඔයා ඇතුළේ ඉන්නවා කියලා!
වාහන නවත්වන තැන ඔයාගේ කාර් එක මම දැක්කා.</font>

92
00:06:57,360 --> 00:06:58,560
<font color="#ffe244">හේයි, කන්ග් ෂින් ජේ!</font>

93
00:07:01,790 --> 00:07:03,830
<font color="#ffe244">මම කරපු දේ මට කරන්න වුණේ ඇයි කියලා...</font>

94
00:07:04,700 --> 00:07:06,200
<font color="#ffe244">ඔයාට තේරෙනවා නේද, ෂින් ජේ?</font>

95
00:07:08,970 --> 00:07:10,670
<font color="#ffe244">හේයි, ඇයි හැමදේම ඔයාට ඕන විදිහටම වෙන්න ඕනේ?</font>

96
00:07:11,240 --> 00:07:12,800
<font color="#ffe244">ඔයා නිකන්ම අපි ඉවරයි කිව්වම ඔක්කොම ඉවරද?</font>

97
00:07:13,500 --> 00:07:15,770
<font color="#ffe244">හේයි, ඔයා අඩුම තරමේ ඒක පැහැදිලි කරන්නවත් ඕනේ!</font>

98
00:07:16,240 --> 00:07:18,180
<font color="#ffe244">අන්තිමට, අපි දෙන්නටම ඕන කරන්නේ එකම දෙයක්.</font>

99
00:07:18,680 --> 00:07:22,110
<font color="#ffe244">මගේ සහෝදරිය හෝ නීතිඥ යූන් වගේ තවත් වින්දිතයන් නැති ලෝකයක්.</font>

100
00:07:23,780 --> 00:07:25,950
<font color="#ffe244">ඔයා ඇත්තටම අපිව මේ විදිහට අතහැරලා දාන්නද යන්නේ?</font>

101
00:07:28,850 --> 00:07:30,760
<font color="#ffe244">දොර අරින්න, කන්ග් ෂින් ජේ!</font>

102
00:07:33,090 --> 00:07:34,430
<font color="#ffe244">හේයි, කන්ග් ෂින් ජේ!</font>

103
00:07:35,060 --> 00:07:36,060
<font color="#ffe244">ෂින් ජේ!</font>

104
00:07:37,090 --> 00:07:38,530
<font color="#ffe244">හේයි, කන්ග් ෂින් ජේ!</font>

105
00:07:40,300 --> 00:07:41,300
<font color="#ffe244">(LnJ)</font>

106
00:07:47,270 --> 00:07:48,270
<font color="#ffe244">(ස්තූතියි)</font>

107
00:07:53,340 --> 00:07:55,180
<font color="#ffe244">හරි, මම හදිසිම ප්‍රශ්නේ විසඳුවා.</font>

108
00:07:55,810 --> 00:07:58,520
<font color="#ffe244">අපිට හේඉල් එකෙන් යන්න වෙනවා කියලා මම සූ ඉයුන්ට පැහැදිලි කළා,</font>

109
00:07:58,980 --> 00:08:01,190
<font color="#ffe244">අනිත් වින්දිතයන්ටත් ඒ ගැන කියන්නම් කියලා එයා කිව්වා.</font>

110
00:08:02,550 --> 00:08:04,090
<font color="#ffe244">එයාට මොකක්ද වෙලා තියෙන්නේ?</font>

111
00:08:04,920 --> 00:08:06,990
<font color="#ffe244">ඇත්තටම, කන්ග් ෂින් ජේට මොකද වෙලා තියෙන්නේ?</font>

112
00:08:07,560 --> 00:08:09,589
<font color="#ffe244">ඔයා ෂින් ජේව දැක්කාද?
එයාව දැක්කාද?</font>

113
00:08:09,590 --> 00:08:10,930
<font color="#ffe244">මම එයාව දැක්කෙවත් නැහැ.</font>

114
00:08:11,260 --> 00:08:13,730
<font color="#ffe244">ඔයත් එයා වගේමයි. ඒ කාලේ මම ඔයා ගැන කොච්චර බය වෙලා හිටියාද,</font>

115
00:08:13,800 --> 00:08:15,400
<font color="#ffe244">දැන් මට කොච්චර කේන්ති ගිහින්ද කියනවා නම් පුපුරයි වගේ.</font>

116
00:08:15,870 --> 00:08:18,100
<font color="#ffe244">ඔයාලා දෙන්නා මාව මරනවා, සහතිකයි.</font>

117
00:08:20,840 --> 00:08:22,970
<font color="#ffe244">මොකක් හරි වැරැද්දක් තියෙනවා.</font>

118
00:08:23,840 --> 00:08:24,880
<font color="#ffe244">ඒ මොකක්ද?</font>

119
00:08:25,380 --> 00:08:26,380
<font color="#ffe244">ඒ වීඩියෝ එක.</font>

120
00:08:27,010 --> 00:08:29,580
<font color="#ffe244">මින් සෝ ඒ ෆයිල් එක ෂින් ජේට දෙන්න විදිහක් නැහැ.</font>

121
00:08:33,450 --> 00:08:35,150
<font color="#ffe244">ඒකට මොකක් හරි හේතුවක් ඇති.</font>

122
00:08:35,590 --> 00:08:37,260
<font color="#ffe244">ෂින් ජේ එකපාරටම මේ විදිහට හැසිරෙන එක,</font>

123
00:08:37,560 --> 00:08:38,890
<font color="#ffe244">මින් සෝ සහ ඒ වීඩියෝ එක...</font>

124
00:08:41,260 --> 00:08:43,900
<font color="#ffe244">ඒකට හේතුව මොකක්ද කියලා අපි හොයාගන්න ඕනේ.</font>

125
00:08:45,530 --> 00:08:49,300
<font color="#ffe244">දෙයියනේ, අපි දැන් එකම කණ්ඩායමේ කියලා දැන් තමයි මට තේරෙන්නේ.</font>

126
00:08:50,470 --> 00:08:53,070
<font color="#ffe244">ඉතින්, මොකක්ද සැලැස්ම?</font>

127
00:08:53,570 --> 00:08:55,110
<font color="#ffe244">ඔයාට ඕන වුණා වගේම,</font>

128
00:08:55,640 --> 00:08:57,310
<font color="#ffe244">නීතිඥ යූන් ආරක්ෂිතව එළියට ආවා,</font>

129
00:08:57,980 --> 00:08:59,340
<font color="#ffe244">ඒ නිසා දැන් අපි ඊළඟ පියවරට යමු.</font>

130
00:09:07,420 --> 00:09:10,020
<font color="#ffe244">හේඉල් එක විනාශ කරන පුපුරණ ද්‍රව්‍යය මේකයි.</font>

131
00:09:12,360 --> 00:09:15,630
<font color="#ffe244">හේඉල් කියන්නේ සහායකයෙක්, ඒ වගේම මේ ජාවාරමේ මූලයයි.</font>

132
00:09:17,300 --> 00:09:18,760
<font color="#ffe244">(සියෝ ජි යූන් නඩුවේ ප්‍රධාන සාක්ෂි ඉදිරිපත් කිරීම)</font>

133
00:09:23,800 --> 00:09:25,370
<font color="#ffe244">(අයුක්තිසහගත මරණය ගැන ඇත්ත
හෙළි කරන්නයි මම මේක ලියන්නේ...)</font>

134
00:09:26,640 --> 00:09:28,640
<font color="#ffe244">(අභාවප්‍රාප්ත නිළි සියෝ ජි යූන්ගේ.)</font>

135
00:09:28,670 --> 00:09:29,770
<font color="#ffe244">දැන්, අපේ ඊළඟ ප්‍රවෘත්තිය.</font>

136
00:09:30,110 --> 00:09:32,339
<font color="#ffe244">සියෝ ජි යූන්ගේ ලිංගික සූරාකෑම පිළිබඳ විමර්ශනය...</font>

137
00:09:32,340 --> 00:09:34,610
<font color="#ffe244">කිසිදු චෝදනාවක් ගොනු නොකර අවසන් කර තිබෙනවා.</font>

138
00:09:34,880 --> 00:09:37,079
<font color="#ffe244">ප්‍රධාන සාක්ෂිය වන ඇයගේ දුරකථන
වාර්තා විමර්ශනය අතරතුර නැති වූ බව...</font>

139
00:09:37,080 --> 00:09:39,280
<font color="#ffe244">පැමිණිලිකරුවන් පවසනවා.</font>

140
00:09:39,480 --> 00:09:41,889
<font color="#ffe244">චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා,</font>

141
00:09:41,890 --> 00:09:44,420
<font color="#ffe244">විමර්ශනයට ලක් වූ සියලුම බලපෑම් කළ හැකි පුද්ගලයින්ට...</font>

142
00:09:44,490 --> 00:09:46,160
<font color="#ffe244">චෝදනා එල්ල වන්නේ නැහැ.</font>

143
00:09:54,330 --> 00:09:56,500
<font color="#ffe244">(හේඉල් නීති සමාගම)</font>

144
00:09:56,570 --> 00:09:58,570
<font color="#ffe244">පහුගිය අවුරුදු 20 පුරාම,</font>

145
00:09:59,040 --> 00:10:02,470
<font color="#ffe244">එකම අපරාධ අලුත් නම්වලින් කරලත් එයාලට බේරෙන්න පුළුවන් වුණේ,</font>

146
00:10:03,270 --> 00:10:05,380
<font color="#ffe244">එයාලට කවදාවත් දඬුවම් ලැබෙන්නේ
නැහැ කියලා එයාලා විශ්වාස කරපු නිසයි.</font>

147
00:10:05,940 --> 00:10:09,550
<font color="#ffe244">මොකද තිරය පිටුපස ඉඳන් හේඉල් එයාලට උදව් කරපු නිසයි.</font>

148
00:10:10,880 --> 00:10:13,880
<font color="#ffe244">හේඉල් එක සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මේ
නැත්නම්, දේවල් ආයෙත් පරණ විදිහටම වෙයි.</font>

149
00:10:15,120 --> 00:10:17,420
<font color="#ffe244">ඉතින් මේ නිසා තමයි මමත් ඔයාගේ සැලැස්මේ කොටසක් වුණේ.</font>

150
00:10:18,120 --> 00:10:19,990
<font color="#ffe244">මොකද මම මේක හෙළි කළොත්,</font>

151
00:10:20,660 --> 00:10:22,230
<font color="#ffe244">ඒකෙන් තමයි ලොකුම බලපෑමක් වෙන්නේ.</font>

152
00:10:27,230 --> 00:10:28,270
<font color="#ffe244">ඔයාට ඒක කරන්න පුළුවන් වෙයිද?</font>

153
00:10:28,800 --> 00:10:30,770
<font color="#ffe244">ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේම අම්මාගේ
පිටුපසට පිහියෙන් අනිනවා වගේ දෙයක්.</font>

154
00:10:33,700 --> 00:10:36,440
<font color="#ffe244">ඔයා දවසක් කිව්වා හේඉල් කියන්නේ ගොඩක් කාලෙකට
කලින් මකලා දාන්න තිබුණ පරණ කේතයක් කියලා.</font>

155
00:10:37,170 --> 00:10:38,210
<font color="#ffe244">ඔයා හරි.</font>

156
00:10:39,240 --> 00:10:40,280
<font color="#ffe244">හේඉල් එක විනාශ කරන එක...</font>

157
00:10:40,910 --> 00:10:43,610
<font color="#ffe244">අපි එකම බෝට්ටුවේ යන්න තීරණය
කරපු මොහොතෙම මම ඒකට එකඟ වුණා.</font>

158
00:11:16,010 --> 00:11:17,080
<font color="#ffe244">ඔයා ඇයි එහෙම කළේ?</font>

159
00:11:17,820 --> 00:11:19,780
<font color="#ffe244">ගිනි ගොඩක අතහැරලා දාන්න විතරක් ඇයි මාව මේ ලෝකෙට ගෙනාවේ?</font>

160
00:11:22,820 --> 00:11:23,990
<font color="#ffe244">ඒ ගැන කතා කරන්න දැන් පරක්කු වැඩියි.</font>

161
00:11:24,490 --> 00:11:25,760
<font color="#ffe244">මොකද මම දැනටමත් ඒකට පළි අරන් ඉවරයි.</font>

162
00:11:29,630 --> 00:11:30,760
<font color="#ffe244">කනෙක්ට් වීඩියෝස්...</font>

163
00:11:31,400 --> 00:11:32,500
<font color="#ffe244">ඒවා අප්ලෝඩ් කළේ මමයි.</font>

164
00:11:38,700 --> 00:11:40,840
<font color="#ffe244">මට පේන විදිහට දෙවියන් පවා තීරණය
කරලා තියෙනවා මට කෙනෙක්ව එවන්න.</font>

165
00:11:41,440 --> 00:11:42,540
<font color="#ffe244">මට උදව් කරන්න කෙනෙක්ව.</font>

166
00:11:43,110 --> 00:11:44,410
<font color="#ffe244">එයා තමයි මට කිව්වේ...</font>

167
00:11:45,010 --> 00:11:46,580
<font color="#ffe244">මාව වදපු අම්මා කවුද කියලා.</font>

168
00:11:50,450 --> 00:11:51,920
<font color="#ffe244">මේ කාලය පුරාම මම ඒ ගැන කල්පනා කර කර හිටියේ.</font>

169
00:11:52,150 --> 00:11:54,990
<font color="#ffe244">ඔයා මාව අඳුරගනියිද කියලා මම කල්පනා කළා.</font>

170
00:11:56,050 --> 00:11:57,390
<font color="#ffe244">එයාලා කියනවා ලේවලට ලේ අඳුරන්න පුළුවන් කියලා.</font>

171
00:11:58,620 --> 00:12:00,190
<font color="#ffe244">"අන්තිම වෙනකම්ම එයා ඇත්තටම දන්නේ නැතුව ඉඳීවිද?"</font>

172
00:12:15,440 --> 00:12:17,880
<font color="#ffe244">(පෝස්ට් කිසිවක් නැත)</font>

173
00:12:17,940 --> 00:12:20,180
<font color="#ffe244">(පණිවිඩයක් යවන්න)</font>

174
00:12:36,730 --> 00:12:38,330
<font color="#ffe244">තේරුම් ගත්තාට ස්තූතියි.</font>

175
00:12:39,160 --> 00:12:41,000
<font color="#ffe244">හොඳ ඔෆිස් එකක් හොයාගන්නකම් විතරයි,</font>

176
00:12:41,370 --> 00:12:43,930
<font color="#ffe244">මම ටික කාලෙකට ගෙදර මේ විදිහට පාවිච්චි කරනවා.</font>

177
00:12:44,440 --> 00:12:46,170
<font color="#ffe244">මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕන දෙයක් කරන්න.</font>

178
00:12:47,370 --> 00:12:49,710
<font color="#ffe244">මින් සෝ ගැන මොනවා හරි ආරංචියක් තියෙනවාද?</font>

179
00:12:50,440 --> 00:12:52,139
<font color="#ffe244">එයාලා කිව්වා එයා රටින් ගිය බවට කිසිම සටහනක් නැහැ කියලා...</font>

180
00:12:52,140 --> 00:12:54,480
<font color="#ffe244">ඒ වගේම තාම කිසිම ක්‍රියාකාරකමක් ගැන ලකුණකුත් නැහැ.</font>

181
00:12:55,480 --> 00:12:58,020
<font color="#ffe244">එයාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් තියෙන නිසා,
හැංගිලා ඉන්න එක එයාට ලේසි වෙන එකක් නැහැ.</font>

182
00:13:00,250 --> 00:13:02,290
<font color="#ffe244">එයාව හොයාගන්නකම් මට නිදහසේ ඉන්න බැහැ.</font>

183
00:13:02,820 --> 00:13:07,060
<font color="#ffe244">මගේ කනිෂ්ඨයෙක් මට විස්තර කියනවා,
ඒ නිසා ගොඩක් කරදර වෙන්න එපා.</font>

184
00:13:08,860 --> 00:13:09,860
<font color="#ffe244">හරි.</font>

185
00:13:19,870 --> 00:13:22,870
<font color="#ffe244">අපි කතා කරපු ඒ දේ ගැන...</font>

186
00:13:24,980 --> 00:13:26,110
<font color="#ffe244">අපේ දික්කසාදය.</font>

187
00:13:28,110 --> 00:13:29,880
<font color="#ffe244">බේරුම්කරණ කොන්දේසි ගැන ඔයා හිතුවාද?</font>

188
00:13:35,320 --> 00:13:37,390
<font color="#ffe244">ඔයාට ඕන දේ මට කියන්න.</font>

189
00:13:37,920 --> 00:13:39,260
<font color="#ffe244">ඔයාට ඕනම දේකට මම එකඟ වෙන්නම්.</font>

190
00:13:41,130 --> 00:13:42,130
<font color="#ffe244">හ්යුන් ජින්.</font>

191
00:13:43,790 --> 00:13:45,430
<font color="#ffe244">ඔයා ඇත්තටම හිතනවාද...</font>

192
00:13:46,230 --> 00:13:47,630
<font color="#ffe244">ඒක විතරයි...</font>

193
00:13:48,430 --> 00:13:49,500
<font color="#ffe244">අපිට ඉතුරු වෙලා තියෙන එකම විකල්පය කියලා?</font>

194
00:13:58,240 --> 00:13:59,240
<font color="#ffe244">ඔයා කවදාවත්...</font>

195
00:14:00,240 --> 00:14:01,550
<font color="#ffe244">මගෙන් අහලා නැහැ...</font>

196
00:14:03,080 --> 00:14:04,720
<font color="#ffe244">නවතින්න කියලා, එක පාරක්වත්.</font>

197
00:14:06,920 --> 00:14:11,520
<font color="#ffe244">කවුද කාට සමාව දෙන්නේ, එහෙම නැත්නම්
කාගේද වැරැද්ද කියන එක අමතක කරන්න.</font>

198
00:14:11,960 --> 00:14:13,490
<font color="#ffe244">ඔයා එක්ක නවතින්න කියලා මගෙන් අහන්න...</font>

199
00:14:14,560 --> 00:14:16,160
<font color="#ffe244">මාව ඔයාට ඕනේ කියලා මට කියන්න.</font>

200
00:14:17,230 --> 00:14:19,530
<font color="#ffe244">දෙපාරක් හිතන්නේ නැතුව, නිකන්ම.</font>

201
00:14:20,160 --> 00:14:22,500
<font color="#ffe244">ඔයා එක පාරක්වත් මට නවතින්න කියලා අහලා නැහැ.</font>

202
00:14:25,640 --> 00:14:28,840
<font color="#ffe244">මම හැමදාම ඔයාගෙන් බලාපොරොත්තු වුණේ එච්චරයි.</font>

203
00:14:30,310 --> 00:14:32,510
<font color="#ffe244">ඇත්තටම, දික්කසාදය ගැන...</font>

204
00:14:33,940 --> 00:14:36,210
<font color="#ffe244">අපි ඒ ගැන ආයෙත් හිතලා බලයි කියලා හිතාගෙනයි මම මෙහෙට ආවේ.</font>

205
00:14:37,110 --> 00:14:38,180
<font color="#ffe244">ඒත්...</font>

206
00:14:39,050 --> 00:14:40,080
<font color="#ffe244">විවාහයක් ගැන කතා කරද්දී...</font>

207
00:14:41,990 --> 00:14:42,990
<font color="#ffe244">ඔයා හරි.</font>

208
00:14:43,890 --> 00:14:46,360
<font color="#ffe244">එක්කෙනෙක්ට විතරක් ඕන වුණා කියලා ඒක හරියන්නේ නැහැ.</font>

209
00:14:49,190 --> 00:14:51,160
<font color="#ffe244">ලියකියවිලි ලෑස්ති වුණාම මම ඒවා එවන්නම්.</font>

210
00:14:51,700 --> 00:14:52,800
<font color="#ffe244">මම දැන් යන්න ඕනේ.</font>

211
00:15:06,310 --> 00:15:09,910
<font color="#ffe244">(හේඉල් නීති සමාගම)</font>

212
00:15:10,210 --> 00:15:11,250
<font color="#ffe244">(සම්පූර්ණ දරුකමට හදාගැනීමේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරමය)</font>

213
00:15:11,280 --> 00:15:12,280
<font color="#ffe244">(දරුකමට හදාගැනීමට කැමැත්ත දෙන ළමයා: ලී ජි යූන්)</font>

214
00:15:12,350 --> 00:15:14,290
<font color="#ffe244">(මව, ලී මියොන්ග් ජා: කැමැත්ත ලබා දී ඇත)</font>

215
00:15:15,920 --> 00:15:19,060
<font color="#ffe244">(ලී ටේ ජූ)</font>

216
00:15:19,120 --> 00:15:21,590
<font color="#ffe244">(විනෝද ක්‍රීඩා දිනය)</font>

217
00:15:23,030 --> 00:15:24,500
<font color="#ffe244">(ප්‍රධාන විධායක නිලධාරිනී සොන්ග් ටේ ඉම්)</font>

218
00:15:24,860 --> 00:15:25,860
<font color="#ffe244">ඉතින් මොකක්ද?</font>

219
00:15:26,400 --> 00:15:28,330
<font color="#ffe244">සියෝ ජි යූන් කියන්නේ CEO බෙක්ගේ සහෝදරිය වුණාම මොකද වෙන්නේ?</font>

220
00:15:28,730 --> 00:15:30,030
<font color="#ffe244">අවුරුදු විස්සකට කලින්,</font>

221
00:15:30,830 --> 00:15:32,870
<font color="#ffe244">සියෝ ජි යූන්ගේ ලිස්ට් එකේ හිටපු අයව...</font>

222
00:15:33,040 --> 00:15:35,840
<font color="#ffe244">කනෙක්ට් ඉන් ලිස්ට් එකෙන් ආයෙත් ඉලක්ක කරලා තියෙනවා.</font>

223
00:15:36,310 --> 00:15:39,480
<font color="#ffe244">ඒ වගේම ඒ ඔක්කොම වුණේ බෙක් ටේ ජූ අපිට කිට්ටු වුණු වෙලාවෙමයි.</font>

224
00:15:40,680 --> 00:15:41,910
<font color="#ffe244">අර බෙක් ටේ ජූම...</font>

225
00:15:42,310 --> 00:15:44,250
<font color="#ffe244">අභාවප්‍රාප්ත වුණු සියෝ ජි යූන්ගේ මල්ලි.</font>

226
00:15:45,580 --> 00:15:47,350
<font color="#ffe244">මේක අහම්බයක් වෙන්න බැහැ.</font>

227
00:15:47,850 --> 00:15:50,250
<font color="#ffe244">මොකද මේක අහම්බයක් නෙවෙයි. මේක වළක්වන්න බැරි දෙයක්.</font>

228
00:15:51,820 --> 00:15:53,120
<font color="#ffe244">ප්‍රධාන විධායක නිලධාරී බෙක් ටේ ජූ...</font>

229
00:15:53,760 --> 00:15:55,090
<font color="#ffe244">තමයි කනෙක්ට් ඉන් එක හැදුවේ.</font>

230
00:15:56,890 --> 00:15:57,930
<font color="#ffe244">ඔයාට තේරෙනවා නේද...</font>

231
00:15:59,160 --> 00:16:00,600
<font color="#ffe244">එයාගේ අරමුණ මොකක්ද කියලා, නේද අම්මේ?</font>

232
00:16:03,100 --> 00:16:04,770
<font color="#ffe244">මොකක්ද, එයා පළිගන්නද හැදුවේ?</font>

233
00:16:06,140 --> 00:16:07,440
<font color="#ffe244">එයාට කොච්චර අවාසනාවන්තද.</font>

234
00:16:07,910 --> 00:16:09,940
<font color="#ffe244">එච්චර පහත් දෙයකට මාව හොල්ලන්න පුළුවන් වුණා නම්,</font>

235
00:16:10,210 --> 00:16:12,140
<font color="#ffe244">මම මුලින්ම මේ කිසිම දෙයක් ගොඩනඟන්නේ නැහැ.</font>

236
00:16:12,780 --> 00:16:14,010
<font color="#ffe244">මේක තමයි ඇත්තම ප්‍රශ්නේ.</font>

237
00:16:22,490 --> 00:16:24,120
<font color="#ffe244">ජාතික සභාවට අදාළ ෆයිල් මම යැව්වා.</font>

238
00:16:24,660 --> 00:16:27,260
<font color="#ffe244">මේ ප්‍රතිපත්තිය ගැන බලපෑම් කරන්න අපි
හේඉල් එක ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ.</font>

239
00:16:27,390 --> 00:16:30,430
<font color="#ffe244">අභ්‍යන්තර විමර්ශනය ඉවරයක්
කරන්න මම දන්න අය හරහා වැඩේ කළා.</font>

240
00:16:31,560 --> 00:16:35,570
<font color="#ffe244">කලබල වෙන්න එපා. යොන්ග් සංවර්ධන
නඩුව අවසාන අභියාචනයේදී වෙනස් වෙයි.</font>

241
00:16:36,000 --> 00:16:38,140
<font color="#ffe244">ඒ පැත්තේ අය හේඉල් එකට උදව් කිහිපයක්ම ණයයි.</font>

242
00:16:38,370 --> 00:16:40,070
<font color="#ffe244">මේ වගේ තවත් ෆයිල් දුසිම් ගණනක් තියෙනවා.</font>

243
00:16:40,500 --> 00:16:41,910
<font color="#ffe244">ඒ හේඉල් එකට සම්බන්ධ ඒවා විතරයි.</font>

244
00:16:44,980 --> 00:16:46,010
<font color="#ffe244">මට කියන්න එපා...</font>

245
00:16:46,440 --> 00:16:49,180
<font color="#ffe244">ඔයා තනියම හේඉල් එක විනාශ කරන්න යන්නේ නැහැ නේද?</font>

246
00:16:49,680 --> 00:16:51,520
<font color="#ffe244">මම දැනටමත් ඒවා දූෂණ විමර්ශන කාර්යාලයට දුන්නා.</font>

247
00:16:55,950 --> 00:16:57,760
<font color="#ffe244">මේ පාර ඔයාට මැදිහත් වෙන්න බැරි වෙයි අම්මේ.</font>

248
00:16:58,290 --> 00:17:00,720
<font color="#ffe244">මොකද පරිශීලකයින්ගේ පෞද්ගලික දූෂණ ගැන ෆයිල් පවා මම යැව්වා.</font>

249
00:17:01,830 --> 00:17:04,500
<font color="#ffe244">පරිශීලකයින්ගේ පළිහ වුණු හේඉල් එක, විනාශ වෙලා යයි.</font>

250
00:17:04,700 --> 00:17:07,130
<font color="#ffe244">හැඉල්ව ආරක්ෂා කරපු පරිශීලකයොත් ඒ එක්කම විනාශ වෙලා යයි.</font>

251
00:17:07,870 --> 00:17:09,000
<font color="#ffe244">දෙගොල්ලොම විනාශ වෙන්නේ නැතුව,</font>

252
00:17:09,800 --> 00:17:11,240
<font color="#ffe244">මේක ඉවර කරන්න වෙන විදිහක් නෑ කියලා මට තේරුණා.</font>

253
00:17:11,970 --> 00:17:13,800
<font color="#ffe244">අන්තිමේදී ලෝකයා දැනගනීවි...</font>

254
00:17:14,640 --> 00:17:17,170
<font color="#ffe244">මේ මුළු සම්බන්ධයම පටන් ගත්තේ සෝ ජි යුන්ගේ සිද්ධියෙන් කියලා.</font>

255
00:17:17,410 --> 00:17:21,080
<font color="#ffe244">ඔයා ඇයි මේ තරම් දුර යන්නේ?</font>

256
00:17:21,810 --> 00:17:22,810
<font color="#ffe244">අම්මේ.</font>

257
00:17:23,550 --> 00:17:26,680
<font color="#ffe244">මං පොඩි කාලේ මට ඕනෙ වුණේ හරියට අම්මා වගේ වෙන්නයි.</font>

258
00:17:28,220 --> 00:17:30,190
<font color="#ffe244">අම්මගේ ඒ නීතිඥ ලාංඡනය...</font>

259
00:17:31,020 --> 00:17:33,020
<font color="#ffe244">මට පෙනුණේ පොලිස් නිලධාරියෙකුගේ ලාංඡනයක් වගේ ගාම්භීර විදිහට.</font>

260
00:17:34,430 --> 00:17:35,830
<font color="#ffe244">ඒත් මම ලොකු වෙද්දි මට තේරුණා...</font>

261
00:17:36,730 --> 00:17:40,160
<font color="#ffe244">ඒ ලාංඡනයෙන් අසරණ වුණු සහ අසාධාරණයට
ලක්වුණු මිනිස්සුන්ව ආරක්ෂා කරන්නේ නෑ කියලා,</font>

262
00:17:40,700 --> 00:17:42,670
<font color="#ffe244">ඒකෙන් ආරක්ෂා කළේ තවත් දේවල්
ලබාගන්න කෑදර වුණු අයව විතරයි කියලා.</font>

263
00:17:45,040 --> 00:17:46,570
<font color="#ffe244">(ප්‍රධාන විධායක නිලධාරිනී සොං තේ ඉම්)</font>

264
00:17:47,570 --> 00:17:48,570
<font color="#ffe244">සමහරවිට...</font>

265
00:17:49,570 --> 00:17:53,010
<font color="#ffe244">මට LnJ එකට බැඳෙන්න තිබ්බ උමතුව මාවම
රවට්ටගන්න හදාගත්ත දෙයක් වෙන්න ඇති.</font>

266
00:17:54,080 --> 00:17:55,450
<font color="#ffe244">"මම මගේ අම්මා වගේ නෙවෙයි."</font>

267
00:17:56,450 --> 00:17:57,880
<font color="#ffe244">"මම අම්මා වගේ ජීවත් වෙන්නේ නෑ."</font>

268
00:17:59,550 --> 00:18:00,580
<font color="#ffe244">ඒත්, අම්මේ...</font>

269
00:18:01,080 --> 00:18:02,190
<font color="#ffe244">මට දැන් තේරෙනවා.</font>

270
00:18:02,890 --> 00:18:05,590
<font color="#ffe244">මම අම්මව නැවැත්තුවේ නැත්තම්, මේක කවදාවත් ඉවර වෙන්නේ නෑ.</font>

271
00:18:09,190 --> 00:18:10,360
<font color="#ffe244">ඔයාට තාම තේරෙන්නේ නෑ නේද?</font>

272
00:18:11,200 --> 00:18:14,970
<font color="#ffe244">ඔයා කොච්චර කල් ලෝකය දිහා සුන්දර විදිහට බලන්නද හිතන් ඉන්නේ?</font>

273
00:18:15,670 --> 00:18:17,070
<font color="#ffe244">ලෝකය එහෙම නෑ ෂින් ජේ.</font>

274
00:18:17,570 --> 00:18:19,940
<font color="#ffe244">ඔයාගේ කකුල් දෙක යට තියෙන පොළොව බිම් බෝම්බ වළලපු තැනක්,</font>

275
00:18:20,400 --> 00:18:22,870
<font color="#ffe244">ඒකෙන් බේරිලා ඉන්න නම්, ඔයාට කරන්න පුළුවන්
හැම උපක්‍රමයක්ම පාවිච්චි කරන්න වෙනවා...</font>

276
00:18:23,410 --> 00:18:27,080
<font color="#ffe244">ඉස්සරහට එක අඩියක් හරි තියන්න. හරියට මට කරන්න වුණා වගේ.</font>

277
00:18:27,740 --> 00:18:28,750
<font color="#ffe244">අම්මා හරි.</font>

278
00:18:29,350 --> 00:18:31,220
<font color="#ffe244">සමහරවිට ලෝකය බිම් බෝම්බ තියෙන තැනක් වෙන්න ඇති.</font>

279
00:18:31,750 --> 00:18:33,680
<font color="#ffe244">කිසිම සාධාරණයක් නැති තේරුමක් නැති තැනක්.</font>

280
00:18:34,250 --> 00:18:35,450
<font color="#ffe244">ඒ වුණත්,</font>

281
00:18:36,090 --> 00:18:38,190
<font color="#ffe244">මට ඕනෙ වුණේ ඒ බිම් බෝම්බ තියෙන තැන මල් හිටවන්නයි.</font>

282
00:18:38,490 --> 00:18:40,260
<font color="#ffe244">මට කරන්න පුළුවන් හැමදේම කරලා.</font>

283
00:18:46,660 --> 00:18:47,930
<font color="#ffe244">ඒ නිසා, අන්තිමේදී,</font>

284
00:18:48,470 --> 00:18:51,570
<font color="#ffe244">මාවම බිල්ලට දෙනවා හැරෙන්න වෙන උත්තරයක් මට තිබ්බේ නෑ.</font>

285
00:18:53,340 --> 00:18:55,110
<font color="#ffe244">මොකද ගින්නට පනිනවා ඇරෙන්න,</font>

286
00:18:57,310 --> 00:18:58,610
<font color="#ffe244">මට යන්න වෙන පාරක් තිබ්බේ නෑ.</font>

287
00:19:01,550 --> 00:19:04,780
<font color="#ffe244">කැනඩාවට? දේවල් ගොඩක් අවුල් වෙලා තියෙන්නේ.</font>

288
00:19:06,620 --> 00:19:09,790
<font color="#ffe244">මෙන්න. මට මේක පාක් ජේ යොල්ගේ කාර් එකෙන් හම්බවුණා.</font>

289
00:19:10,420 --> 00:19:12,090
<font color="#ffe244">මම ඒක බැලුවා. ඒක ප්‍රයෝජනවත් වෙයි.</font>

290
00:19:12,760 --> 00:19:16,030
<font color="#ffe244">ඒකෙන් කනෙක්ට් එකේ වැරදිකරුවන්ට
ගොඩක් කල් හිරේ ලගින්න පුළුවන් වෙයි.</font>

291
00:19:20,000 --> 00:19:21,000
<font color="#ffe244">ස්තූතියි.</font>

292
00:19:21,800 --> 00:19:23,630
<font color="#ffe244">මම ඒ එක්කෙනෙක්ටවත් බේරිලා යන්න දෙන්නේ නෑ.</font>

293
00:19:24,100 --> 00:19:25,100
<font color="#ffe244">මම පොරොන්දු වෙනවා.</font>

294
00:19:28,010 --> 00:19:29,010
<font color="#ffe244">(VIP ජාලකරණය, VIP අවදානම් කළමනාකරණය)</font>

295
00:19:29,110 --> 00:19:30,110
<font color="#ffe244">(පැමිණිලි හැසිරවීම, වියදම් පියවීම)</font>

296
00:19:30,540 --> 00:19:32,510
<font color="#ffe244">ගොඩක් සැලසුම් සහගතව සංවිධානය කරලා.</font>

297
00:19:36,210 --> 00:19:37,280
<font color="#ffe244">මොකක්ද මේ?</font>

298
00:19:39,450 --> 00:19:40,880
<font color="#ffe244">මම පිළිගන්නවා, මේක හරිම සිත්ගන්නසුලුයි.</font>

299
00:19:41,690 --> 00:19:44,920
<font color="#ffe244">ඒත් ඔයා හදපු මේ පද්ධතියෙන් මට මොනවද කරන්න පුළුවන්?</font>

300
00:19:45,920 --> 00:19:48,030
<font color="#ffe244">මේක ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන නෙවෙයි.</font>

301
00:19:48,290 --> 00:19:51,830
<font color="#ffe244">මුලින්ම, ඔයාට එකතු වෙන්න ඕනෙ මිනිස්සුන්ට
ඇත්තටම මොනවද ඕනේ කියලා හිතලා බලන්න.</font>

302
00:19:52,360 --> 00:19:55,770
<font color="#ffe244">සල්ලි සහ බලය තියෙන අයට ඕනෙ දේවල් ගැනද ඔයා කියන්නේ?</font>

303
00:19:56,430 --> 00:19:58,770
<font color="#ffe244">මේ වගේ රහසිගත සහ සම්පූර්ණ පද්ධතියක් පාවිච්චි කරලා,</font>

304
00:19:59,040 --> 00:20:01,740
<font color="#ffe244">ඔය හැමදේම තියෙන මිනිස්සු මොනවා භුක්ති
විඳින්න කැමති වෙයි කියලද ඔයා හිතන්නේ?</font>

305
00:20:02,070 --> 00:20:03,640
<font color="#ffe244">ඔයා කවදාවත් අහුවෙන්නේ නෑ කියලා සහතිකයක් තිබ්බා නම්...</font>

306
00:20:04,010 --> 00:20:07,410
<font color="#ffe244">ඕනෙම දෙයක් කරලා බේරිලා යන්න
පුළුවන් නම්. ඒ ගැන හොඳට හිතලා බලන්න.</font>

307
00:20:08,150 --> 00:20:11,450
<font color="#ffe244">එයා පාක් ජේ යොල්ව මොකකට හරි පටලවන්න හදනවා නේද?</font>

308
00:20:11,980 --> 00:20:13,819
<font color="#ffe244">එයාට අපරාධ කරන්න පසුබිම හදලා දෙනවා...</font>

309
00:20:13,820 --> 00:20:14,820
<font color="#ffe244">එයා විකුණන ඇප් එක හරහා.</font>

310
00:20:16,490 --> 00:20:19,190
<font color="#ffe244">කනෙක්ට් ඉන් එක හදපු කෙනා හිතාමතාමයි
පාක් ජේ යොල්ට ළං වෙලා තියෙන්නේ.</font>

311
00:20:20,060 --> 00:20:22,290
<font color="#ffe244">නීතිවිරෝධී වැඩවලට ඇප් එක වැරදි
විදිහට පාවිච්චි කරන්න එයාව දිරිමත් කරලා.</font>

312
00:20:27,900 --> 00:20:29,030
<font color="#ffe244">ඒ එයා වෙන්න පුළුවන් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?</font>

313
00:20:30,370 --> 00:20:32,200
<font color="#ffe244">මින් සෝව මෙහෙයවන කෙනා.</font>

314
00:20:33,540 --> 00:20:34,970
<font color="#ffe244">මුලින්ම, අපි ඇප් එක හදපු කෙනාව හොයාගන්න ඕනේ.</font>

315
00:20:35,740 --> 00:20:38,710
<font color="#ffe244">එයා ඇප් එකේ කොහේ හරි තැනක ඇඟිලි සලකුණක්
වගේ මොකක් හරි හෝඩුවාවක් ඉතුරු කරලා ඇති.</font>

316
00:20:45,150 --> 00:20:46,150
<font color="#ffe244">ඇයි?</font>

317
00:20:46,220 --> 00:20:48,320
<font color="#ffe244">මේ තියෙන්නේ පාක් ජේ යොල්ගේ ෆෝන් එකේ තිබ්බ ඇඩ්මින් ඇප් එක නේද?</font>

318
00:20:48,750 --> 00:20:51,120
<font color="#ffe244">මේ ඇප් එක හදලා තියෙන්නේ ඕපන්
සෝස් ලයිබ්‍රරි පාවිච්චි කරලා විතරයි.</font>

319
00:20:51,190 --> 00:20:53,220
<font color="#ffe244">ඉතින් ඒක හදපු කෙනාව හොයාගන්න එක ටිකක් අමාරුයි.</font>

320
00:20:59,600 --> 00:21:00,900
<font color="#ffe244">(ලී මියොන්ග් හ්යොන්, සමාජ කටයුතු, දොංලිම් ඩේලි)</font>

321
00:21:05,570 --> 00:21:08,440
<font color="#ffe244">ඉහළ පෙළේ නිලධාරීන්ගේ දූෂණ විමර්ශන කාර්යාලය...</font>

322
00:21:08,510 --> 00:21:10,610
<font color="#ffe244">කනෙක්ට් ඉන් ලැයිස්තුවේ ඉන්න අය ගැන
ලොකු පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා.</font>

323
00:21:10,910 --> 00:21:14,040
<font color="#ffe244">ඔවුන්ගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්
ක්‍රමානුකූලව වසන් කිරීමේ චෝදනාව මත,</font>

324
00:21:14,380 --> 00:21:17,650
<font color="#ffe244">රටේ ලොකුම නීති ආයතනය වෙන හැඉල් ආයතනයේ
ප්‍රධාන විධායක නිලධාරිනිය වන සොං තේ ඉම් සහ,</font>

325
00:21:17,810 --> 00:21:19,749
<font color="#ffe244">එහි විධායක මණ්ඩලය කැඳවලා තියෙනවා.</font>

326
00:21:19,750 --> 00:21:21,850
<font color="#ffe244">මේකට හේතු වුණේ ප්‍රධාන විධායක
නිලධාරිනියගේ දුවගෙන් ලැබුණු තොරතුරක්,</font>

327
00:21:21,920 --> 00:21:25,760
<font color="#ffe244">හැඉල් ආයතනයේ නීතිඥ කන්ග්, ප්‍රධාන
තොරතුරු ලබා දෙන්නා බවට පත්වුණා.</font>

328
00:21:25,960 --> 00:21:29,390
<font color="#ffe244">මේ සාක්ෂිවලින් අවුරුදු 20කට කලින් මුළු රටම
කම්පා කරපු ලොකු සිදුවීමක් ආවරණය වෙනවා,</font>

329
00:21:29,590 --> 00:21:31,130
<font color="#ffe244">ඒ සෝ ජි යුන්ගේ ලැයිස්තුවේ සිදුවීම සම්බන්ධයෙන්.</font>

330
00:21:31,400 --> 00:21:35,200
<font color="#ffe244">හැඉල් ආයතනය ඒක ක්‍රමානුකූලව වසන්
කරපු බවට ප්‍රධාන සාක්ෂි ඒකේ ඇතුළත් වෙනවා,</font>

331
00:21:35,500 --> 00:21:37,169
<font color="#ffe244">ඒක ලොකු ආන්දෝලනයක් ඇති කරන්න නියමිතයි.</font>

332
00:21:37,170 --> 00:21:38,340
<font color="#ffe244">මට ආරංචි වුණා එයා එළියට එනවා කියලා.</font>

333
00:21:40,100 --> 00:21:41,100
<font color="#ffe244">එයා කවද්ද එළියට එන්නේ?</font>

334
00:21:41,470 --> 00:21:42,470
<font color="#ffe244">ඔයාට විශ්වාසද?</font>

335
00:21:42,810 --> 00:21:44,540
<font color="#ffe244">එයාලා කියනවා සේරම පැහැදිලියි කියලා. එයා එනවා.</font>

336
00:21:44,610 --> 00:21:47,080
<font color="#ffe244">ඒත් කාර් එක... එයා එළියට එනවා! එයා එළියට එනවා.</font>

337
00:21:52,650 --> 00:21:53,780
<font color="#ffe244">මැඩම්, පොඩ්ඩක් ඉන්න.</font>

338
00:21:54,920 --> 00:21:56,190
<font color="#ffe244">කරුණාකරලා, මට විනාඩියක් දෙන්න.</font>

339
00:22:01,020 --> 00:22:03,530
<font color="#ffe244">ඔයා දන්නවා නේද? ෂින් ජේ ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා.</font>

340
00:22:04,730 --> 00:22:06,660
<font color="#ffe244">මට වඩා හොඳට ඔයා ෂින් ජේව දන්නවා ඇති,</font>

341
00:22:07,360 --> 00:22:08,600
<font color="#ffe244">ඒත් මේ හැසිරෙන්නේ එයා නෙවෙයි.</font>

342
00:22:09,500 --> 00:22:11,030
<font color="#ffe244">ෂින් ජේට මොකක් හරි වෙලා තියෙනවා නේද?</font>

343
00:22:11,200 --> 00:22:12,899
<font color="#ffe244">(හැඉල් නීති ආයතනය)</font>

344
00:22:12,900 --> 00:22:14,970
<font color="#ffe244">එයා කිව්වා, ගින්නට පනිනවා ඇරෙන්න,</font>

345
00:22:15,510 --> 00:22:17,070
<font color="#ffe244">එයාට වෙන යන්න පාරක් නෑ කියලා.</font>

346
00:22:18,210 --> 00:22:19,340
<font color="#ffe244">ඉතින් අපි දැන් මෙතන ඉන්නවා.</font>

347
00:22:21,710 --> 00:22:24,450
<font color="#ffe244">මගේ දුව කනෙක්ට් ඉන් එකේ වින්දිතයෙක්.</font>

348
00:22:26,250 --> 00:22:28,120
<font color="#ffe244">කවුරුහරි කෙනෙක් එයාව මෙහෙයවනවා.</font>

349
00:22:28,420 --> 00:22:31,120
<font color="#ffe244">ෂින් ජේ කරන ඕනෙම දෙයක් මේකට සම්බන්ධයි කියලා මට විශ්වාසයි.</font>

350
00:22:32,060 --> 00:22:33,090
<font color="#ffe244">කරුණාකරලා, මට උදව් කරන්න.</font>

351
00:22:40,060 --> 00:22:41,100
<font color="#ffe244">ඒ බෙක් තේ ජූ.</font>

352
00:22:45,540 --> 00:22:47,270
<font color="#ffe244">එයා තමයි මගේ දුවව ගින්නට තල්ලු කළේ.</font>

353
00:23:13,060 --> 00:23:15,200
<font color="#ffe244">අපි මේ කතාබහ ගොඩක් කලින් කරන්න තිබ්බේ.</font>

354
00:23:16,100 --> 00:23:18,840
<font color="#ffe244">මට හිතෙන්නේ මේ කතාව ටිකක් පරක්කු වැඩියි කියලා.</font>

355
00:23:20,140 --> 00:23:23,770
<font color="#ffe244">මම කවදාවත් අපේ සම්බන්ධය ඒ විදිහට හිතුවේ නෑ.</font>

356
00:23:27,140 --> 00:23:29,210
<font color="#ffe244">සමහරවිට ඉදිරියට යද්දී අපිට එහෙම වෙන්න පුළුවන් වෙයි.</font>

357
00:23:34,480 --> 00:23:35,490
<font color="#ffe244">ඔයා හොඳින්ම දන්නවා වගේ,</font>

358
00:23:35,950 --> 00:23:37,750
<font color="#ffe244">ඔයාට සතුරන් ගොඩක් ඉද්දී ගොඩක් දුර යන්න බෑ.</font>

359
00:23:38,360 --> 00:23:42,360
<font color="#ffe244">ඒත් හතුරෙක්ට මිතුරෙක් වෙන්න පුළුවන්
කියලා තේරුම් ගන්න අය ගොඩක් කල් පවතිනවා.</font>

360
00:23:46,130 --> 00:23:48,030
<font color="#ffe244">ඉතින්, ඔයාට මොනවද ඕනේ?</font>

361
00:23:48,630 --> 00:23:50,330
<font color="#ffe244">මම හිතුවා අපිට පරණ දේවල් අමතක කරලා දාලා...</font>

362
00:23:50,770 --> 00:23:52,240
<font color="#ffe244">අපේ දෙගොල්ලොන්ගෙම යහපත වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙයි කියලා.</font>

363
00:23:52,840 --> 00:23:54,770
<font color="#ffe244">මම හිතන්නේ ඒක අපේ දෙගොල්ලොන්ටම වාසිදායක වෙයි.</font>

364
00:23:55,810 --> 00:23:56,810
<font color="#ffe244">දෙගොල්ලොන්ගෙම යහපත?</font>

365
00:23:57,970 --> 00:23:59,580
<font color="#ffe244">ඔයාට මගෙන් මොනවද ඕනේ?</font>

366
00:24:00,580 --> 00:24:03,580
<font color="#ffe244">ඔයා මගේ ෆයිල් එකත් දූෂණ විමර්ශන කාර්යාලයට භාර දුන්නද?</font>

367
00:24:05,920 --> 00:24:06,920
<font color="#ffe244">මම එහෙම කළේ නැත්තම්?</font>

368
00:24:07,820 --> 00:24:09,520
<font color="#ffe244">ඔයාට මොනවද ඕනේ, ප්‍රධාන විධායක නිලධාරී බෙක්?</font>

369
00:24:09,890 --> 00:24:11,390
<font color="#ffe244">මට ඔයාට දෙන්න පුළුවන් ඕනෙම දෙයක් තියෙනවා නම්, මට කියන්න.</font>

370
00:24:13,620 --> 00:24:14,890
<font color="#ffe244">ඔයා හිතන් ඉන්නේ ඔයාට තාමත් තියෙනවා කියලා...</font>

371
00:24:15,760 --> 00:24:17,690
<font color="#ffe244">මට දෙන්න පුළුවන් මොනවා හරි දෙයක්.</font>

372
00:24:19,060 --> 00:24:21,730
<font color="#ffe244">හැඉල් නැතුව, ඔයාට මට දෙන්න පුළුවන් මොනවද?</font>

373
00:24:22,500 --> 00:24:26,140
<font color="#ffe244">දැන් ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ "ලිංගික
අපරාධකාරයා" කියන ලේබල් එක විතරයි.</font>

374
00:24:28,840 --> 00:24:31,910
<font color="#ffe244">ඉතින්, මොකක්ද, ඔයාට ඕනේ මාව මැරෙන්නද?</font>

375
00:24:33,910 --> 00:24:35,080
<font color="#ffe244">ඔයාගේ අක්කා වගේ?</font>

376
00:24:37,810 --> 00:24:40,619
<font color="#ffe244">සෝ ජි යුන් මැරුණු එක ගැන මට කණගාටුයි.</font>

377
00:24:40,620 --> 00:24:42,190
<font color="#ffe244">මම කවදාවත් හිතුවේ නෑ එයා එහෙම කරයි කියලා.</font>

378
00:24:46,190 --> 00:24:47,360
<font color="#ffe244">ඒත් මේ දේවල් කරා කියලා...</font>

379
00:24:48,090 --> 00:24:50,290
<font color="#ffe244">ඔයාගේ අක්කව ආපහු ජීවත් කරවන්න බෑ.</font>

380
00:25:40,410 --> 00:25:41,480
<font color="#ffe244">මේක හරිම හරවත් කතාබහක්.</font>

381
00:25:42,210 --> 00:25:45,780
<font color="#ffe244">මම හරි කියලා ආයෙමත් ඔප්පු කරලා පෙන්නුවාට ස්තූතියි.</font>

382
00:25:55,130 --> 00:25:56,130
<font color="#ffe244">මේක ගැලපෙනවා.</font>

383
00:25:57,790 --> 00:26:01,360
<font color="#ffe244">මේක වෝහාරික පරීක්ෂණ හරහා කනෙක්ට්
ඉන් ඇප් එකේ කෑලිවලින් ගලවගත්ත එකක්.</font>

384
00:26:02,100 --> 00:26:04,630
<font color="#ffe244">මේ කේතය තියෙන්නේ ප්‍රධාන විධායක
නිලධාරී බෙක් ඉස්සර හදපු ආරක්ෂක ඇප් එකක.</font>

385
00:26:06,440 --> 00:26:08,270
<font color="#ffe244">පේනවා නේද? මේවා හරියටම සමානයි.</font>

386
00:26:09,940 --> 00:26:13,340
<font color="#ffe244">එයා ප්‍රහාරක කේතය හදන්න පරණ
දුර්වලතාවයක් ආයෙමත් පාවිච්චි කරලා තියෙනවා.</font>

387
00:26:13,640 --> 00:26:16,280
<font color="#ffe244">එතකොට, කනෙක්ට් ඉන් ඇප් එක හැදුවේ බෙක් තේ ජූද?</font>

388
00:26:18,280 --> 00:26:22,120
<font color="#ffe244">(බෙක් තේ ජූ)</font>

389
00:26:23,320 --> 00:26:24,820
<font color="#ffe244">(බෙක් තේ ජූ, කනෙක්ට් ඉන් ඇප්, මෘදුකාංග සංවර්ධක)</font>

390
00:26:24,920 --> 00:26:26,620
<font color="#ffe244">එයා මේ හැමදේම කරලා තියෙන්නේ...</font>

391
00:26:27,520 --> 00:26:28,960
<font color="#ffe244">එයාගේ පළිගැනීම වෙනුවෙන් විතරද?</font>

392
00:26:29,990 --> 00:26:31,060
<font color="#ffe244">එහෙනම් ෂින් ජේ...</font>

393
00:26:33,460 --> 00:26:37,070
<font color="#ffe244">මේ සේරම දැනගෙනත් එයා එක්ක වැඩ කරලා.</font>

394
00:27:29,590 --> 00:27:31,050
<font color="#ffe244">(නීතිඥ කන්ග් ෂින් ජේ)</font>

395
00:28:20,640 --> 00:28:21,640
<font color="#ffe244">හන් මින් සෝ කොහෙද?</font>

396
00:28:23,010 --> 00:28:24,710
<font color="#ffe244">ඔයා අතහැරලා දාපු දුවද නීතිඥ යූන්?</font>

397
00:28:25,080 --> 00:28:27,580
<font color="#ffe244">මට හිතෙන්නේ එයාව හොයාගෙන ඔයා ඇවිත් තියෙන්නේ වැරදි කෙනෙක් ගාවටයි.</font>

398
00:28:28,980 --> 00:28:30,080
<font color="#ffe244">එයාට මොනවා හරි දෙයක් වුණොත්,</font>

399
00:28:30,580 --> 00:28:33,580
<font color="#ffe244">මම මගේ මේ අත් දෙකෙන්ම තමුන්ව මරනවා.</font>

400
00:28:35,020 --> 00:28:38,460
<font color="#ffe244">ඔයා කතා කරන්නේ මම හන් මින් සෝව මේකට යොමු කළා වගේනෙ.</font>

401
00:28:39,290 --> 00:28:41,020
<font color="#ffe244">එයාගේ දෙමාපියන්ගෙන් පළිගන්න එක...</font>

402
00:28:41,460 --> 00:28:44,760
<font color="#ffe244">සහ ඒ වීඩියෝ කනෙක්ට් ඉන් එකේ දාපු එක එයාගේම තීරණ.</font>

403
00:28:45,460 --> 00:28:46,800
<font color="#ffe244">හන් මින් සෝ කියන්නේ වැඩිහිටියෙක්.</font>

404
00:28:47,430 --> 00:28:51,099
<font color="#ffe244">එයාට එයාගේම තීරණ අරන් ඒවට
වගකියන්න පුළුවන්. ඔයා ඒකට එකඟ නැද්ද?</font>

405
00:28:51,100 --> 00:28:52,170
<font color="#ffe244">එහෙමද?</font>

406
00:28:52,470 --> 00:28:55,740
<font color="#ffe244">කනෙක්ට් ඉන් ඇප් එක හැදුවේ ඔයා කියලා
දැනගෙන හිටියා නම් එයා එහෙම කරයිද?</font>

407
00:28:56,110 --> 00:28:59,410
<font color="#ffe244">මම කළේ ශක්තිමත් ආරක්ෂක පද්ධතියක්
තියෙන ඇප් එකක් හදපු එක විතරයි.</font>

408
00:28:59,780 --> 00:29:02,180
<font color="#ffe244">පාක් ජේ යොල් සහ පරිශීලකයෝ තමයි ඒක වැරදි විදිහට පාවිච්චි කළේ.</font>

409
00:29:02,250 --> 00:29:04,210
<font color="#ffe244">ඒත් ඔයා දැනගෙන හිටියා ඒක වැරදියට පාවිච්චි කරයි කියලා.</font>

410
00:29:04,450 --> 00:29:07,180
<font color="#ffe244">නෑ, ඔයා ඒක හැදුවෙම එයාලට එහෙම කරන්න පුළුවන් වෙන්නයි.</font>

411
00:29:09,090 --> 00:29:10,250
<font color="#ffe244">ඒ විදිහට තමයි මම ඒ හැමෝවම අල්ලගත්තේ.</font>

412
00:29:12,860 --> 00:29:15,190
<font color="#ffe244">පාක් ජේ යොල්, හැඉල්,</font>

413
00:29:15,630 --> 00:29:19,100
<font color="#ffe244">ඒ වගේම මේ දේවල් කරලා බේරිලා හිටපු හැම පණුවෙක්වම.</font>

414
00:29:21,230 --> 00:29:24,030
<font color="#ffe244">මම කනෙක්ට් ඉන් එක හැදුවේ නැත්තම්, මේ
දේවල් වෙන එකක් නෑ කියලද ඔයා හිතන්නේ?</font>

415
00:29:25,470 --> 00:29:28,040
<font color="#ffe244">මම ඒක කළේ නැත්තම්, ඔයා කවදාහරි එයාලව අල්ලගනීවිද?</font>

416
00:29:30,310 --> 00:29:33,740
<font color="#ffe244">ඒකයි, අවුරුදු දහයක් තිස්සේ ඔයාලා
කිසිම දෙයක් වෙනස් කරලා නෑ කියන්නේ.</font>

417
00:29:34,340 --> 00:29:37,280
<font color="#ffe244">බලන්න. ඔයාට වෙච්ච දේම...</font>

418
00:29:37,780 --> 00:29:40,520
<font color="#ffe244">අන්තිමට ඔයාගේ දුවටත් ආයෙමත් වුණා.</font>

419
00:29:43,690 --> 00:29:44,690
<font color="#ffe244">හරි.</font>

420
00:29:45,820 --> 00:29:49,690
<font color="#ffe244">ඒත් මට වෙච්ච දේම ඔයාගේ අක්කාටත් වුණා.</font>

421
00:29:51,160 --> 00:29:53,460
<font color="#ffe244">ඔයා හිතනවද මේක තමයි...</font>

422
00:29:54,330 --> 00:29:55,430
<font color="#ffe244">ඔයාගේ අක්කා බලාපොරොත්තු වෙන්න ඇත්තේ කියලා?</font>

423
00:30:12,280 --> 00:30:13,620
<font color="#ffe244">හන් මින් සෝ ආරක්ෂිතව ඉඳීවි.</font>

424
00:30:14,280 --> 00:30:17,490
<font color="#ffe244">ඔයා මේකට මැදිහත් වෙන්නේ නැති තාක් කල්, නීතිඥ යූන්.</font>

425
00:30:49,690 --> 00:30:51,620
<font color="#ffe244">ඔයාට ඕනෙ වුණු විදිහටම හැමදේම සිද්ධ වුණා, මින් සෝ.</font>

426
00:30:56,490 --> 00:30:57,530
<font color="#ffe244">ප්‍රධාන විධායක නිලධාරී බෙක්?</font>

427
00:31:02,400 --> 00:31:05,740
<font color="#ffe244">ඔයාට වද දීපු මිනිස්සු හැමෝටම
දැන් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.</font>

428
00:31:06,970 --> 00:31:09,340
<font color="#ffe244">ඔයාට ඕනෙ වුණෙත් මේකම නේද?</font>

429
00:31:13,010 --> 00:31:14,510
<font color="#ffe244">මම කොහෙද ඉන්නේ?</font>

430
00:31:15,510 --> 00:31:16,980
<font color="#ffe244">මම ඇයි මෙතන ඉන්නේ?</font>

431
00:31:20,080 --> 00:31:22,690
<font color="#ffe244">පොලීසිය මේ වෙලාවේ ඔයාව හොයනවා.</font>

432
00:31:23,250 --> 00:31:25,460
<font color="#ffe244">තත්වය ටිකක් භයානක වුණා, ඒ නිසා ඔයා
ටික කාලෙකට හැංගිලා ඉන්න එක හොඳයි.</font>

433
00:31:28,360 --> 00:31:30,230
<font color="#ffe244">එහෙනම් මේ මොකක්ද?</font>

434
00:31:33,100 --> 00:31:35,870
<font color="#ffe244">ලැට්වියාව නේද? ඔයාට යන්න ඕනේ කිව්ව තැන?</font>

435
00:31:37,170 --> 00:31:40,570
<font color="#ffe244">ඔයා කිව්වා කවුරුත් අඳුරන්නේ නැති තැනක
අලුතින් ජීවිතය පටන්ගන්න ඕනේ කියලා.</font>

436
00:31:44,010 --> 00:31:46,840
<font color="#ffe244">හලෝ? මෙහෙ ඉන්නවා! කවුරුත් ඉන්නවද?</font>

437
00:31:47,180 --> 00:31:50,150
<font color="#ffe244">මාව බේරගන්න! අපි එතනට යනකල් පොඩ්ඩක් විවේක ගන්න.</font>

438
00:31:52,420 --> 00:31:54,420
<font color="#ffe244">ගොඩක් ඉක්මනට හැමදේම සාමකාමී වෙයි.</font>

439
00:31:56,920 --> 00:31:57,920
<font color="#ffe244">මාව ලිහනවා, දැන්මම!</font>

440
00:31:58,620 --> 00:31:59,620
<font color="#ffe244">මම කිව්වේ, මාව ලිහන්න කියලා!</font>

441
00:32:00,620 --> 00:32:01,620
<font color="#ffe244">සුබ හීන.</font>

442
00:32:03,760 --> 00:32:04,760
<font color="#ffe244">යන්න කලින් මාව ලිහලා යනවා!</font>

443
00:32:07,460 --> 00:32:08,730
<font color="#ffe244">හේයි, මාව ලිහනවා!</font>

444
00:32:27,920 --> 00:32:29,990
<font color="#ffe244">යෝයිදෝ සහ රජයේ දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වෙලා.</font>

445
00:32:30,450 --> 00:32:31,989
<font color="#ffe244">දැන් කැඳවීම් පටන් අරන් තියෙනවා,</font>

446
00:32:31,990 --> 00:32:33,660
<font color="#ffe244">හැමෝම තමන්ගේ හම බේරගන්න එක ගැන කාර්යබහුල වෙලා.</font>

447
00:32:33,920 --> 00:32:36,190
<font color="#ffe244">එයාලා හැමෝම එකිනෙකාට බැනගනිමින් ප්‍රකාශ ලබාදෙමින් ඉන්නවා.</font>

448
00:32:37,330 --> 00:32:38,699
<font color="#ffe244">මේකේ ප්‍රතිඵලය කොච්චර ලොකුද කියනවා නම්, ගොඩක් දුරට...</font>

449
00:32:38,700 --> 00:32:39,960
<font color="#ffe244">එයාලා හැමෝම අත්අඩංගුවට අරගෙන චෝදනා ගොනු කරයි.</font>

450
00:32:40,630 --> 00:32:42,130
<font color="#ffe244">හේඉල් එයාලත් එක්කම විනාශ වෙලා යනවා,</font>

451
00:32:42,870 --> 00:32:44,230
<font color="#ffe244">ඒ නිසා එයාලට මේකෙන් නම් ගැලවෙන්න වෙන්නේ නෑ.</font>

452
00:33:02,620 --> 00:33:05,520
<font color="#ffe244">අපිට දැන් ඉතුරු වෙලා තියෙන එකම
බාධාව අපේ තාක්ෂණික නිරූපණය විතරයි.</font>

453
00:33:07,390 --> 00:33:09,260
<font color="#ffe244">තාක්ෂණික ඇගයීමෙන් අපිට හොඳ ලකුණක් ගන්න පුළුවන් වුණොත්,</font>

454
00:33:10,230 --> 00:33:12,100
<font color="#ffe244">කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ටෙන්ඩර් එක දිනන්න පුළුවන් වෙයි.</font>

455
00:33:26,110 --> 00:33:27,140
<font color="#ffe244">ඒක හරියටම ගැලපෙනවා.</font>

456
00:33:30,180 --> 00:33:31,680
<font color="#ffe244">මේ ප්‍රොජෙක්ට් එකෙන් පටන් අරන්,</font>

457
00:33:32,420 --> 00:33:34,050
<font color="#ffe244">අපි දැන් එකම හීනයක් බෙදාගන්නවා.</font>

458
00:33:47,560 --> 00:33:49,800
<font color="#ffe244">මම ඔයා වුණා නම්, මම ඒ හැමෝටම දඬුවම් කරනවා.</font>

459
00:33:50,530 --> 00:33:52,800
<font color="#ffe244">එයාලව නීතිය ඉදිරියට ගේන්න ඔයාට
සම්පූර්ණ අයිතියක් තියෙනවා, මින් සෝ.</font>

460
00:33:53,540 --> 00:33:56,640
<font color="#ffe244">ඒක කරන්නේ කොහොමද කියලත් මම හරියටම දන්නවා.</font>

461
00:33:57,240 --> 00:33:59,540
<font color="#ffe244">ඔයාට ඕන නම් මට ඔයාට උදව් කරන්නත් පුළුවන්.</font>

462
00:34:00,580 --> 00:34:03,280
<font color="#ffe244">ඉතින්, දැන් ටිකක් හොඳයිද?</font>

463
00:34:03,680 --> 00:34:06,920
<font color="#ffe244">ඔයාට වද දුන්න මිනිස්සු හැමෝටම දැන් ඒකට වන්දි ගෙවන්න වෙනවා.</font>

464
00:34:07,380 --> 00:34:09,720
<font color="#ffe244">ඔයාට ඕනේ වුණේ මේක නේද?</font>

465
00:35:39,210 --> 00:35:42,010
<font color="#ffe244">(බුක්ග්වං රෝහල)</font>

466
00:35:45,350 --> 00:35:46,350
<font color="#ffe244">(හන් මින් සෝ)</font>

467
00:36:25,760 --> 00:36:26,890
<font color="#ffe244">කෝ මගේ ෆෝන් එක?</font>

468
00:36:28,260 --> 00:36:29,890
<font color="#ffe244">ඒක තියෙන්නේ රෝගීන්ගේ බඩු තියෙන කාමරේ.</font>

469
00:36:33,230 --> 00:36:34,230
<font color="#ffe244">මාව එතනට එක්කන් යන්න.</font>

470
00:36:43,240 --> 00:36:45,840
<font color="#ffe244">හේයි, මම හිතුවේ ඔයාගේ ෂිෆ්ට් එක ඉවරයි කියලා.</font>

471
00:36:46,240 --> 00:36:49,010
<font color="#ffe244">ඔව්. මම මේ යන්නයි හැදුවේ.</font>

472
00:36:49,550 --> 00:36:51,480
<font color="#ffe244">පරිස්සමින් ගෙදර යන්න.
හරි.</font>

473
00:36:59,590 --> 00:37:00,590
<font color="#ffe244">මෙන්න.</font>

474
00:37:04,360 --> 00:37:05,360
<font color="#ffe244">මගේ මාලේ කෝ?</font>

475
00:37:05,630 --> 00:37:06,630
<font color="#ffe244">ඔයාගේ මාලේ?</font>

476
00:37:11,870 --> 00:37:12,870
<font color="#ffe244">මේකේ එහෙම එකක් තිබ්බේ නෑ.</font>

477
00:37:13,740 --> 00:37:14,840
<font color="#ffe244">(යුන් රා යොන්ග් ගෙන් නව පණිවිඩයක්)</font>

478
00:37:15,640 --> 00:37:17,010
<font color="#ffe244">(යුන් රා යොන්ග් ගෙන් නව පණිවිඩයක්)</font>

479
00:37:17,370 --> 00:37:18,910
<font color="#ffe244">ඒක නෙවෙයි, ඔයාගේ හෙට ෂිෆ්ට් එක ගැන...</font>

480
00:37:22,410 --> 00:37:23,980
<font color="#ffe244">රෝගී හන් මින් සෝ එයාගේ කාමරෙන් පැනලා ගිහින්.</font>

481
00:37:34,590 --> 00:37:36,360
<font color="#ffe244">එයා මින් සෝව ප්‍රාණ ඇපයට අරන්.</font>

482
00:37:37,290 --> 00:37:39,860
<font color="#ffe244">ඉතින් අපි එයා කවුද කියලා හොයාගත්තත්, අපිට කරන්න දෙයක් නෑ.</font>

483
00:37:42,270 --> 00:37:45,400
<font color="#ffe244">එහෙනම් මින් සෝ රෙකෝඩ් කරපු වීඩියෝ එක ෂින් ජේට හම්බුණේ කොහොමද?</font>

484
00:37:46,700 --> 00:37:48,400
<font color="#ffe244">අපි ෂින් ජේ එක්ක කතා කරන්න ඕනේ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?</font>

485
00:37:53,080 --> 00:37:54,410
<font color="#ffe244">(හන් මින් සෝ)</font>

486
00:37:58,410 --> 00:37:59,420
<font color="#ffe244">හලෝ?</font>

487
00:38:03,450 --> 00:38:04,450
<font color="#ffe244">මින් සෝ?</font>

488
00:38:12,460 --> 00:38:13,460
<font color="#ffe244">ඔයා දැන් ඉන්නේ කොහෙද?</font>

489
00:38:21,170 --> 00:38:24,140
<font color="#ffe244">සොන් කියු, මින් සෝ දැන් කතා කළා.</font>

490
00:38:25,110 --> 00:38:28,140
<font color="#ffe244">ඔව් සර්. අපි දැන් එයාව හොයනවා.</font>

491
00:38:28,640 --> 00:38:31,280
<font color="#ffe244">එයා ඉන්නේ රෝහලක, ඒ නිසා අපි එයාව පරිස්සමට හොයාගන්නම්.</font>

492
00:38:31,350 --> 00:38:34,020
<font color="#ffe244">නෑ. එයාව බලාගන්න.</font>

493
00:38:40,490 --> 00:38:44,060
<font color="#ffe244">(මරණ සහතිකය)</font>

494
00:38:44,690 --> 00:38:45,830
<font color="#ffe244">(කිම් චෝල් ගි, අධ්‍යක්ෂක, බුක්ග්වං රෝහල)</font>

495
00:38:45,900 --> 00:38:49,070
<font color="#ffe244">(රෝහල් අධ්‍යක්ෂක: ඉම් සෝ ජින්)</font>

496
00:38:50,030 --> 00:38:52,870
<font color="#ffe244">(වාර්තා පොත)</font>

497
00:38:53,270 --> 00:38:55,370
<font color="#ffe244">(මරණ සහතිකය)</font>

498
00:38:58,210 --> 00:38:59,280
<font color="#ffe244">(මරණයට හේතුව: හෘද ස්පන්දනය නතර වීම)</font>

499
00:38:59,480 --> 00:39:00,880
<font color="#ffe244">(හන් ජි යොන්)</font>

500
00:39:51,690 --> 00:39:52,700
<font color="#ffe244">(පරිපාලන කාර්යාලය)</font>

501
00:39:54,960 --> 00:39:59,070
<font color="#ffe244">සමාවෙන්න, හැබැයි ඒ නමින් ලියාපදිංචි වුණ රෝගියෙක් මෙහේ නෑ.</font>

502
00:40:02,670 --> 00:40:05,070
<font color="#ffe244">මේ ඉන්නේ එයා. ඔයාට විශ්වාසද එයාව කවදාවත් දැකලා නෑ කියලා?</font>

503
00:40:05,610 --> 00:40:08,210
<font color="#ffe244">සමාවෙන්න. ඒ වගේ රෝගියෙක් අපේ නෑ.</font>

504
00:40:09,040 --> 00:40:11,180
<font color="#ffe244">අපි එයාගේ ෆෝන් එකේ අන්තිම සිග්නල් එක මෙතනින් ට්‍රැක් කළා.</font>

505
00:40:11,210 --> 00:40:13,820
<font color="#ffe244">බලන්න, එයා පැය දෙකකට කලින් මේ තැනින් කෝල් එකක් අරන් තියෙනවා.</font>

506
00:40:13,950 --> 00:40:16,390
<font color="#ffe244">සෙල් ටවර් එකක සිග්නල් එකක් ගොඩක් දුරට විහිදෙනවා.</font>

507
00:40:16,820 --> 00:40:18,450
<font color="#ffe244">එයාට වෙන කොහෙන් හරි කෝල් එක ගන්න බැරිද?</font>

508
00:40:19,820 --> 00:40:22,460
<font color="#ffe244">මේ හරියේ මිනිස්සු ඉන්න එකම ගොඩනැගිල්ල මේක විතරයි.</font>

509
00:40:23,090 --> 00:40:26,260
<font color="#ffe244">නැත්නම් මොකක්ද? ඔයා කියන්නේ එයා
සිග්නල් නැති කන්දක් උඩ ඉඳන් කතා කළා කියලද?</font>

510
00:40:26,330 --> 00:40:28,660
<font color="#ffe244">සමාවෙන්න, හැබැයි මට ඔයාට කියන්න පුළුවන් වෙන මුකුත් නෑ.</font>

511
00:40:32,300 --> 00:40:34,500
<font color="#ffe244">හරි. මට තේරෙනවා.</font>

512
00:40:41,980 --> 00:40:44,280
<font color="#ffe244">(හන් ජි යොන්)</font>

513
00:40:45,850 --> 00:40:47,480
<font color="#ffe244">නෝනා, ඔයාට ඒවා අල්ලන්න තහනම්.</font>

514
00:40:50,350 --> 00:40:52,560
<font color="#ffe244">(මරණ සහතිකය: හන් ජි යොන්)</font>

515
00:40:59,430 --> 00:41:01,300
<font color="#ffe244">(බුක්ග්වං රෝහල)</font>

516
00:41:08,870 --> 00:41:10,140
<font color="#ffe244">ඔයා මොනවද හොයාගත්තේ?</font>

517
00:41:10,240 --> 00:41:13,340
<font color="#ffe244">ඒ එයාගේ චාට් එක නෙවෙයිලු, එයාලා එයාව කවදාවත් දැකලත් නෑලු.</font>

518
00:41:13,440 --> 00:41:14,840
<font color="#ffe244">ඒ කතාවේ කිසි තේරුමක් නෑ.</font>

519
00:41:15,140 --> 00:41:19,010
<font color="#ffe244">එහෙනම් ඇයි ඒකෙ මින් සෝගේ පින්තූරයක් තියෙන්නේ? අනික
එයාගේ ෆෝන් එක මෙතනට පෙන්නුවා කියලා අපි දන්නවා.</font>

520
00:41:19,150 --> 00:41:21,950
<font color="#ffe244">වොරන්ට් එකක් නැතුව අපිට එයාලට මීට වඩා බලපෑම් කරන්න බෑ.</font>

521
00:41:22,420 --> 00:41:23,520
<font color="#ffe244">අනික අපිට මේ පරිශ්‍රය සෝදිසි කරන්නත් බෑ.</font>

522
00:41:24,990 --> 00:41:26,260
<font color="#ffe244">ප්‍රාදේශීය පොලිසියේ අය ඇවිත් වගේ.</font>

523
00:41:27,390 --> 00:41:28,390
<font color="#ffe244">හලෝ.</font>

524
00:41:35,830 --> 00:41:37,330
<font color="#ffe244">හන් මින් සෝ පරිස්සමට ඉඳියි.</font>

525
00:41:37,600 --> 00:41:40,840
<font color="#ffe244">ඔයා මේකට මැදිහත් වෙන්නේ නැති තාක් කල්, නීතිඥ යුන්.</font>

526
00:41:46,210 --> 00:41:47,210
<font color="#ffe244">බෙක් තේ ජූ.</font>

527
00:41:50,980 --> 00:41:51,980
<font color="#ffe244">රා යොන්ග්.</font>

528
00:41:52,620 --> 00:41:54,750
<font color="#ffe244">මිනීමැරුම් නඩුවක ප්‍රධාන සැකකාරිය වෙන හන් මෙනවිය,</font>

529
00:41:54,880 --> 00:41:58,520
<font color="#ffe244">දුර පළාතක තියෙන මානසික රෝහලක
හැංගිලා ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා,</font>

530
00:41:58,720 --> 00:42:00,320
<font color="#ffe244">ඒ නිසා පොලිසිය හදිසි විමර්ශනයක් ආරම්භ කරලා.</font>

531
00:42:00,620 --> 00:42:02,189
<font color="#ffe244">රෝහල කියන්නේ ඒ ගැන කිසිම වාර්තාවක් නෑ කියලා...</font>

532
00:42:02,190 --> 00:42:03,760
<font color="#ffe244">රෝගියාව කවදාහරි ඇතුළත් කළා කියලා...</font>

533
00:42:03,860 --> 00:42:05,590
<font color="#ffe244">ඒ වගේම එයාලා චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන නිසා,</font>

534
00:42:05,660 --> 00:42:07,330
<font color="#ffe244">විමර්ශනය තවත් සංකීර්ණ වෙලා.</font>

535
00:42:07,430 --> 00:42:09,569
<font color="#ffe244">අතීතයෙත් මේ රෝහල ගැන පරීක්ෂණ කරලා තියෙනවා...</font>

536
00:42:09,570 --> 00:42:11,299
<font color="#ffe244">රෝගීන් කිහිප දෙනෙක් මිය ගියාට පස්සේ...</font>

537
00:42:11,300 --> 00:42:13,600
<font color="#ffe244">ඖෂධ අධිමාත්‍රාව ඇතුළුව සැක සහිත තත්ත්වයන් යටතේ.</font>

538
00:42:13,700 --> 00:42:17,840
<font color="#ffe244">මේ හෙළිදරව්වත් එක්ක රෝහල ගැන
තියෙන සැකය තවත් වැඩි වෙලා තියෙනවා.</font>

539
00:42:32,760 --> 00:42:34,460
<font color="#ffe244">මින් සෝට මොකක් හරි වෙලා.</font>

540
00:42:35,160 --> 00:42:38,030
<font color="#ffe244">එයාට නරක දෙයක් වෙලා වෙන්න ඇති.</font>

541
00:42:39,060 --> 00:42:40,260
<font color="#ffe244">මම දැන් නිවුස් බැලුවා.</font>

542
00:42:43,130 --> 00:42:46,370
<font color="#ffe244">ඔයා හිතන්නේ කවුරු එයාව එතන හිර කරන්න ඇත්ද?</font>

543
00:42:49,140 --> 00:42:51,970
<font color="#ffe244">ඒ බෙක් තේ ජූ. කනෙක්ට් ඉන් එක හැදුවේ එයා.</font>

544
00:42:57,450 --> 00:43:00,280
<font color="#ffe244">කියන්න එපා... ඔයා දැනගෙන හිටියද?</font>

545
00:43:02,280 --> 00:43:03,290
<font color="#ffe244">මම දැනගෙන හිටියා.</font>

546
00:43:04,990 --> 00:43:08,860
<font color="#ffe244">එහෙනම් කොහොමද ඔයා මට එක වචනයක්වත් නොකියා හිටියේ?</font>

547
00:43:09,760 --> 00:43:12,960
<font color="#ffe244">එයා එතන ඉන්න එක වඩා ආරක්ෂිත වෙන්න පුළුවන්.</font>

548
00:43:14,400 --> 00:43:16,300
<font color="#ffe244">නැත්නම් එයා මොන වගේ භයානක දෙයක් කරයිද කියලා කවුද දන්නේ?</font>

549
00:43:16,870 --> 00:43:19,099
<font color="#ffe244">අපි හැමෝමයි, පාර්ක් ජේ යොලුයි, මින් සෝයි,</font>

550
00:43:19,100 --> 00:43:21,340
<font color="#ffe244">කනෙක්ට් ඉන් එකට පැටලුණු එක අහම්බයක් නෙවෙයි.</font>

551
00:43:21,700 --> 00:43:25,510
<font color="#ffe244">යූ ජොන්ග් අපි ගාවට එන්නත් කලින්, පාර්ක් ජේ
යොල් කනෙක්ට් ඉන් එක පාලනය කරන්නත් කලින්,</font>

552
00:43:25,610 --> 00:43:28,110
<font color="#ffe244">අපි දැනටමත් එයාගේ සැලැස්මේ කොටසක් වෙලා හිටියේ.</font>

553
00:43:28,680 --> 00:43:31,350
<font color="#ffe244">මින් සෝව කනෙක්ට් ඉන් එකට
විකුණන එක පවා එයා තමයි සැලසුම් කළේ.</font>

554
00:43:32,550 --> 00:43:35,580
<font color="#ffe244">අනික එයා මින් සෝව ඒ රෝහලට දැම්මේ මගේ වැරැද්දෙන්.</font>

555
00:43:37,990 --> 00:43:38,990
<font color="#ffe244">ඉතින්?</font>

556
00:43:41,490 --> 00:43:42,620
<font color="#ffe244">මොකක්ද "ඉතින්?" කියන්නේ?</font>

557
00:43:43,330 --> 00:43:45,860
<font color="#ffe244">බෙක් තේ ජූ නිසා මින් සෝ මැරිලා ඉන්නත් පුළුවන්.</font>

558
00:43:45,930 --> 00:43:48,730
<font color="#ffe244">හැබැයි ඔයා කිව්වා එයාලා තවම එයාව හොයාගත්තේ නෑ කියලා නේද?</font>

559
00:43:49,100 --> 00:43:51,130
<font color="#ffe244">එයා තනියම එහෙන් යන්න ඇති.</font>

560
00:43:51,830 --> 00:43:54,870
<font color="#ffe244">මේකට CEO බෙක් සම්බන්ධයි කියලා කිසිම සාක්ෂියක් නෑ.</font>

561
00:43:57,810 --> 00:43:58,870
<font color="#ffe244">ඔයා මේ විහිළු කරනවද?</font>

562
00:44:00,440 --> 00:44:01,440
<font color="#ffe244">නෑ ඇත්තමයි.</font>

563
00:44:08,180 --> 00:44:09,690
<font color="#ffe244">මම කවදාවත් හිතුවේ නෑ...</font>

564
00:44:10,950 --> 00:44:11,950
<font color="#ffe244">මට ඔයාව...</font>

565
00:44:13,320 --> 00:44:14,820
<font color="#ffe244">මේ විදියට නැති වෙයි කියලා.</font>

566
00:44:56,200 --> 00:44:57,930
<font color="#ffe244">මේ මම. ඔයාට දොර අරින්න පුළුවන්.</font>

567
00:45:18,990 --> 00:45:22,020
<font color="#ffe244">ඔයාටම බලාගන්න ඕනේ නම්, ඔයාගේ අම්මාගේ සේප්පුව අරින්න.</font>

568
00:45:22,620 --> 00:45:25,090
<font color="#ffe244">හේඉල් නැති වෙලා යන්න ඕනේ ඇයි කියලා ඔයාට දැනගන්න පුළුවන් වෙයි.</font>

569
00:45:29,030 --> 00:45:30,370
<font color="#ffe244">තව එක දෙයක්.</font>

570
00:45:31,230 --> 00:45:33,440
<font color="#ffe244">ඔයා බයෙන් හිටියා නම්,</font>

571
00:45:34,100 --> 00:45:36,340
<font color="#ffe244">මම හන් මින් සෝව ගොඩක් හොඳින් බලාගන්නවා.</font>

572
00:45:38,510 --> 00:45:40,180
<font color="#ffe244">රා යොන්ග්ව බේරගන්න ඒක තමයි ගෙවන්න ඕන වන්දිය නම්,</font>

573
00:45:43,850 --> 00:45:44,850
<font color="#ffe244">හරි කමක් නෑ.</font>

574
00:45:46,010 --> 00:45:47,680
<font color="#ffe244">මම අපායට වුණත් යන්නම්.</font>

575
00:45:48,320 --> 00:45:49,320
<font color="#ffe244">සතුටින්.</font>

576
00:45:49,820 --> 00:45:53,220
<font color="#ffe244">මම කැම්පස් යනකම්ම එයාව හොයාගෙන කොරියාවට ආවේ නෑ.</font>

577
00:45:54,020 --> 00:45:55,460
<font color="#ffe244">මගේ නංගි හිටියේ ඉස්පිරිතාලෙක.</font>

578
00:45:56,430 --> 00:45:58,860
<font color="#ffe244">සෝ ජි යූන්ව ඇතුළත් කළේ මොන රෝහලටද කියලා හොයාගන්න.</font>

579
00:46:11,170 --> 00:46:12,370
<font color="#ffe244">ඔයා...</font>

580
00:46:33,300 --> 00:46:34,860
<font color="#ffe244">මම ඔයාට ඕන කරන අත්‍යවශ්‍ය දේවල් වගයක් ගෙනාවා.</font>

581
00:46:36,370 --> 00:46:40,370
<font color="#ffe244">මම ආරක්ෂිතයි කියලා නීතිඥ යුන්ගෙනුත් හංගන්න ඕනෙද?</font>

582
00:46:42,300 --> 00:46:43,310
<font color="#ffe244">ඔව්.</font>

583
00:46:43,870 --> 00:46:47,940
<font color="#ffe244">නැත්නම්, CEO බෙක් මේක දැනගනියි,
ඊටපස්සේ එයා ඔයාව හොයාගෙන එයි.</font>

584
00:46:48,310 --> 00:46:50,310
<font color="#ffe244">රා යොන්ග්ගේ ලොකුම දුර්වලකම ඔයා,</font>

585
00:46:50,780 --> 00:46:54,620
<font color="#ffe244">අනික ඔයා එයා කරපු හැමදේම දන්න
නිසා ඔයා එයාගේ දුර්වලකමකුත් වෙනවා.</font>

586
00:46:55,880 --> 00:46:57,120
<font color="#ffe244">මේ හැමදේම දවස් දෙකකින් ඉවර වෙයි.</font>

587
00:46:58,550 --> 00:47:00,090
<font color="#ffe244">ටෙක් ඩෙමෝ එක දවස වෙනකම් මෙහේට වෙලා ඉන්න.</font>

588
00:47:02,320 --> 00:47:03,830
<font color="#ffe244">ඔයා ඇයි මාව බේරගත්තේ?</font>

589
00:47:04,130 --> 00:47:05,930
<font color="#ffe244">ඔයාට ඕන නම් අහක බලාගෙන යන්න තිබ්බා.</font>

590
00:47:13,500 --> 00:47:17,140
<font color="#ffe244">රා යොන්ග් ළඟ තියෙන පොඩි බබාගේ ජැකට් එක ඔයා දැක්කා නේද?</font>

591
00:47:18,470 --> 00:47:21,480
<font color="#ffe244">මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි, මින් සෝ. මම මේක බලාගන්නම්.</font>

592
00:47:24,480 --> 00:47:25,650
<font color="#ffe244">මොකද ඒක ගත්තේ මම.</font>

593
00:47:55,510 --> 00:47:56,510
<font color="#ffe244">(යුන් රා යොන්ග්)</font>

594
00:47:58,610 --> 00:47:59,620
<font color="#ffe244">මින් සෝ.</font>

595
00:48:00,280 --> 00:48:04,690
<font color="#ffe244">ඔයා කොහෙද ඉන්නේ, ඔයා හොඳින්ද
කියලා මට අහන්න දේවල් ගොඩක් තියෙනවා.</font>

596
00:48:05,490 --> 00:48:09,290
<font color="#ffe244">හැබැයි මට ඕනේ ඔයා එක දෙයක් මතක තියාගන්නවාටයි.</font>

597
00:48:10,290 --> 00:48:15,260
<font color="#ffe244">ඔයා මට කොච්චර වෛර කළත්, ඔයා මොන දේ කරලා තිබුණත්,</font>

598
00:48:15,900 --> 00:48:17,300
<font color="#ffe244">මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා දැනගන්න,</font>

599
00:48:18,370 --> 00:48:21,140
<font color="#ffe244">අනික මම කොහේවත් යන්නේ නෑ.</font>

600
00:48:28,780 --> 00:48:30,280
<font color="#ffe244">මට ගොඩක් සමාවෙන්න, සර්.</font>

601
00:48:31,580 --> 00:48:34,480
<font color="#ffe244">කිසිම හෝඩුවාවක් නැතුව එයා රෝහලෙන් අතුරුදහන්
වුණේ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ.</font>

602
00:48:35,420 --> 00:48:37,250
<font color="#ffe244">අනික මේ පොලිස් පරීක්ෂණත් මට මහා වදයක් වෙලා තියෙන්නේ.</font>

603
00:48:38,190 --> 00:48:41,990
<font color="#ffe244">සංකීර්ණ පරීක්ෂණයකින් ඔයාට කිසිම හොඳක් වෙන්නේ නෑ සර්, ඒ නිසා...</font>

604
00:48:42,620 --> 00:48:46,130
<font color="#ffe244">මේක ටිකක් යටපත් වෙනකම් ඉන්න පුළුවන්ද...
පොඩ්ඩක් ඉන්න.</font>

605
00:48:58,040 --> 00:48:59,370
<font color="#ffe244">(137S 5779)</font>

606
00:49:01,240 --> 00:49:03,780
<font color="#ffe244">ඉතින්, ඔයාලට හන් මින් සෝව අල්ලගන්න බැරි වෙන්න හේතුව...</font>

607
00:49:04,710 --> 00:49:05,710
<font color="#ffe244">මෙතනමයි තිබ්බේ.</font>

608
00:49:06,350 --> 00:49:08,320
<font color="#ffe244">(137S 5779)</font>

609
00:49:14,420 --> 00:49:15,420
<font color="#ffe244">(ස්මාර්ට් සිටි OS තාක්ෂණික නිරූපණය)</font>

610
00:49:29,810 --> 00:49:30,810
<font color="#ffe244">කරුණාකරලා මෙතන අත්සන් කරන්න.</font>

611
00:49:36,580 --> 00:49:37,710
<font color="#ffe244">(CCTV බයිපාස් එක සුරක්ෂිතයි. සර්වර් ප්‍රවේශය ලබා දී ඇත.)</font>

612
00:49:40,380 --> 00:49:43,750
<font color="#ffe244">(ස්මාර්ට් සිටි OS තාක්ෂණික නිරූපණය)</font>

613
00:50:44,980 --> 00:50:46,180
<font color="#ffe244">හරි, මම ඇතුළට ආවා.</font>

614
00:50:49,050 --> 00:50:50,490
<font color="#ffe244">අනන්‍යතාවය තහවුරු විය.</font>

615
00:50:58,330 --> 00:50:59,490
<font color="#ffe244">මම කැමරා විනාඩි 20ක ලූප් එකකට දැම්මා.</font>

616
00:50:59,900 --> 00:51:01,030
<font color="#ffe244">ඊට කලින් ඔයා එළියට එන්න ඕනේ.</font>

617
00:51:01,630 --> 00:51:02,630
<font color="#ffe244">හරි තේරුණා.</font>

618
00:51:03,630 --> 00:51:04,870
<font color="#ffe244">අනන්‍යතාවය තහවුරු විය.</font>

619
00:51:40,870 --> 00:51:41,870
<font color="#ffe244">ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ.</font>

620
00:51:42,840 --> 00:51:46,310
<font color="#ffe244">හේයි, මම ඔයාගේ සෙන්සර් එකේ
ෆර්ම්වෙයාර් එක ගැන දැනටමත් බලාගත්තා.</font>

621
00:51:47,280 --> 00:51:48,280
<font color="#ffe244">(පරිපාලකගේ ජෛවමිතික අනන්‍යතාවය අවශ්‍යයි)</font>

622
00:52:10,730 --> 00:52:12,530
<font color="#ffe244">(පරිපාලකගේ ජෛවමිතික අනන්‍යතාවය අවශ්‍යයි)</font>

623
00:52:14,340 --> 00:52:16,300
<font color="#ffe244">හරි. මම දැන් ඉන්ස්ටලේෂන් කෝඩ් එක දානවා.</font>

624
00:52:17,640 --> 00:52:19,410
<font color="#ffe244">දැන්, මේ නිරූපණය කිසිම අවුලක් නැතුව සිද්ධ වුණොත්,</font>

625
00:52:19,910 --> 00:52:22,110
<font color="#ffe244">බෙක් තේ ජූ කියන්නේ ඇත්තටම කවුද කියලා මුළු ලෝකෙම දැනගනියි.</font>

626
00:52:24,480 --> 00:52:27,420
<font color="#ffe244">ආරක්ෂක ජාලය නිසා, මේකට බාහිර
අනන්‍යතා තහවුරු කිරීමක් ඕන වෙනවා.</font>

627
00:52:27,520 --> 00:52:30,220
<font color="#ffe244">ඒ විදියට කළාම බෙක් තේ ජූ හොයලා බැලුවත්,
එයාට මේක කවදාවත් හොයාගන්න බැරි වෙයි.</font>

628
00:52:30,520 --> 00:52:32,990
<font color="#ffe244">ඔයා කෝඩ් එක ගැහුවම හෙට මේක ක්‍රියාත්මක වෙයි.</font>

629
00:52:33,290 --> 00:52:34,290
<font color="#ffe244">ඔක්කොම හරි.</font>

630
00:52:37,560 --> 00:52:38,830
<font color="#ffe244">(ආරක්ෂක අනතුරු ඇඟවීමයි: ප්‍රධාන සර්වර් ප්‍රවේශයක්)</font>

631
00:52:38,960 --> 00:52:40,360
<font color="#ffe244">(පරිපාලකගේ ජෛවමිතික අනන්‍යතාවය තහවුරු විය)</font>

632
00:52:41,660 --> 00:52:45,930
<font color="#ffe244">හොඳයි. බෙක් තේ ජූ මේ වෙද්දිත් දැනගෙන ඇති. ඔයා දැන්ම යන්න ඕනේ.</font>

633
00:52:46,270 --> 00:52:48,740
<font color="#ffe244">හැබැයි ඔයාට මුකුත් වෙන එකක් නෑ කියලා ෂුවර්ද?</font>

634
00:52:49,300 --> 00:52:51,140
<font color="#ffe244">මම ගැන වද වෙන්න එපා. ඔයා යන්න.</font>

635
00:52:59,250 --> 00:53:01,920
<font color="#ffe244">(පරිශීලක: කං ෂින් ජේ, නීති කණ්ඩායම)</font>

636
00:53:23,200 --> 00:53:25,010
<font color="#ffe244">ඔයාගේ උදව්වට ස්තූතියි. ඉතින් මේක තමයි.</font>

637
00:53:58,840 --> 00:54:00,240
<font color="#ffe244">(මේක තමයි නවෝත්පාදනය. අපි ප්‍රශස්ත
තොරතුරු තාක්ෂණ උපාය මාර්ග නිර්මාණය කරනවා.)</font>

638
00:54:12,690 --> 00:54:14,890
<font color="#ffe244">මේ තියෙන්නේ මුජින්වල තියෙන මහල් නිවාස සංකීර්ණයක්.</font>

639
00:54:16,360 --> 00:54:17,890
<font color="#ffe244">අනවසරයෙන් ඇතුල් වුණු කෙනෙක් ඉන්නවා වගේ පේනවා.</font>

640
00:54:19,160 --> 00:54:22,630
<font color="#ffe244">සාමාන්‍ය පද්ධතියක් එක්ක නම්, වින්දිතයා හරි සාක්ෂිකරුවෙක් හරි...</font>

641
00:54:22,800 --> 00:54:26,270
<font color="#ffe244">පොලිසිය එවන්න කලින් අපරාධය ගැන පැමිණිලි කරන්න ඕනේ.</font>

642
00:54:26,840 --> 00:54:28,670
<font color="#ffe244">හැබැයි The Prime එකෙන් පාලනය
වෙන නගරයක දේවල් ඊට වඩා වෙනස්.</font>

643
00:54:29,070 --> 00:54:32,839
<font color="#ffe244">The Prime එකේ OS එකෙන් චලනයන්
සහ හැසිරීම් රටා විශ්ලේෂණය කරලා,</font>

644
00:54:32,840 --> 00:54:34,880
<font color="#ffe244">තත්පර පහක් ඇතුළත ඒවා තර්ජනයක් විදියට හඳුනාගන්නවා.</font>

645
00:54:35,340 --> 00:54:38,510
<font color="#ffe244">මේ තොරතුරු ක්ෂණිකවම පොලිස් පාලන මධ්‍යස්ථානයට යවලා,</font>

646
00:54:38,650 --> 00:54:40,880
<font color="#ffe244">ළඟම ඉන්න ආරක්ෂක කණ්ඩායම එතනට පිටත් කරලා හරිනවා.</font>

647
00:54:41,250 --> 00:54:42,580
<font color="#ffe244">අපරාධයක් සිද්ධ වෙන්නත් කලින්ම,</font>

648
00:54:43,350 --> 00:54:45,320
<font color="#ffe244">පළමුව තර්ජනය ඉවත් කරනවා.</font>

649
00:54:46,090 --> 00:54:48,190
<font color="#ffe244">තව ටිකකින් පෙන්වන සජීවී නිරූපණයේදී,</font>

650
00:54:48,260 --> 00:54:50,890
<font color="#ffe244">අපි මේ මුළු ක්‍රියාවලියම සිදුවෙන වෙලාවෙදිම ඔයාලට පෙන්නනවා.</font>

651
00:54:51,130 --> 00:54:55,600
<font color="#ffe244">අපේ ඇල්ගොරිතම මුජින් වැසියන්ව කොයිතරම් හොඳින්
ආරක්ෂා කරනවද කියලා ඔයාලට බලාගන්න පුළුවන්,</font>

652
00:54:55,800 --> 00:54:58,630
<font color="#ffe244">ඒ වගේම ඔයාලට ඒක ඔයාලගේම ඇස් දෙකෙන් දැකගන්න ලැබෙයි.</font>

653
00:55:03,710 --> 00:55:05,510
<font color="#ffe244">ස්තූතියි. කෙටි විවේකයකින් පස්සේ,</font>

654
00:55:05,610 --> 00:55:07,139
<font color="#ffe244">අපි ප්‍රශ්නෝත්තර වැඩසටහන පටන් ගන්නවා...</font>

655
00:55:07,140 --> 00:55:09,310
<font color="#ffe244">ඒ වගේම ප්‍රයිම් ස්මාර්ට් සිටි ප්‍රදර්ශනයත්.</font>

656
00:55:16,950 --> 00:55:18,320
<font color="#ffe244">මට සුබ පතන්නද ආවේ?</font>

657
00:55:19,190 --> 00:55:20,220
<font color="#ffe244">මම ඔයාට කිව්වා නේද?</font>

658
00:55:20,990 --> 00:55:24,860
<font color="#ffe244">හන් මින් සෝට මොනවා හරි වුණොත්,
මම මගේ අත් දෙකෙන්ම තමුන්ව මරනවා.</font>

659
00:55:27,760 --> 00:55:30,630
<font color="#ffe244">අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම අලුත් ලෝකෙකට එක පියවරක් පිටුපසින්.</font>

660
00:55:31,100 --> 00:55:32,869
<font color="#ffe244">ඇයි මිනිස්සු හැමදේම විනාශ කරන්නේ...</font>

661
00:55:32,870 --> 00:55:35,500
<font color="#ffe244">අවසාන ලේ බිංදුවත් හලන්න බැරි නිසාද?</font>

662
00:55:39,470 --> 00:55:40,610
<font color="#ffe244">දැක්කා නේද ශින් ජේ මෙතන නැහැ කියලා?</font>

663
00:55:42,710 --> 00:55:45,480
<font color="#ffe244">ඔයාට දැනගන්න ඕනේ නැද්ද එයා දැන් කොහෙද ඉන්නේ කියලා?</font>

664
00:56:02,800 --> 00:56:03,800
<font color="#ffe244">(වායු ගිනි නිවීමේ පද්ධතිය)</font>

665
00:56:03,900 --> 00:56:06,870
<font color="#ffe244">මේක එබුව ගමන් ක්ෂණිකව ගිනි නිවන වායුවක් පිටවෙනවා.</font>

666
00:56:09,070 --> 00:56:11,510
<font color="#ffe244">ඒකෙන් ශින් ජේ ඉන්න කාමරේ තියෙන ඔක්සිජන් ඔක්කොම අයින් කරනවා,</font>

667
00:56:11,870 --> 00:56:13,940
<font color="#ffe244">විනාඩි තුනක් ඇතුළත බිංදුවටම බස්සනවා.</font>

668
00:56:15,340 --> 00:56:19,550
<font color="#ffe244">මට හිතෙනවා එයාට ඔක්සිජන් නැතුව
විනාඩි කීයක් ඉන්න පුළුවන් වෙයිද කියලා.</font>

669
00:56:22,280 --> 00:56:23,690
<font color="#ffe244">ඔයාට ඒක දැනගන්න ඕනේ නැත්නම්,</font>

670
00:56:32,430 --> 00:56:33,460
<font color="#ffe244">කට වහගෙන ඉන්නවා.</font>

671
00:57:26,210 --> 00:57:30,120
<font color="#ffe244"></font>

672
00:58:18,670 --> 00:58:23,300
<font color="#ffe244">මට තේරෙන්නේ නැහැ ඇයි මට මේ හැමදේකටම මුහුණ දෙන්න වුණේ කියලා.</font>

673
00:58:23,870 --> 00:58:26,310
<font color="#ffe244">ඔයා එයාව බෙක් තේ ජූ ළඟ දාලා ආවද?</font>

674
00:58:26,670 --> 00:58:28,910
<font color="#ffe244">මම මේකට ඔත්තු බලනවා කියන්නේ
නැහැ. මම කියන්නේ ආරක්ෂා කරනවා කියලා.</font>

675
00:58:29,110 --> 00:58:31,310
<font color="#ffe244">මම මේ කියන්නේ, අතුරුදන් වුණ කෙනා අන්තිමට හිටියේ මෙතනයි!</font>

676
00:58:31,650 --> 00:58:34,080
<font color="#ffe244">සෝන් කියු, මම කියන දේ ඇහෙනවද? සෝන් කියු.</font>

677
00:58:34,550 --> 00:58:38,650
<font color="#ffe244">මේකද මුල ඉඳන්ම ඔයාගේ සැලැස්ම වුණේ?
ඔයා හිතුවද මම ඒකට ඉඩ දෙයි කියලා?</font>

678
00:58:39,520 --> 00:58:42,820
<font color="#ffe244">මගෙන් ඇහුවොත්, මේ වෙලාවේ මේ ශාලාවේ ඉන්න භයානකම කෙනා...</font>

679
00:58:42,890 --> 00:58:44,760
<font color="#ffe244">ඔයයි.</font>

680
00:58:44,784 --> 00:58:46,784


681
00:58:46,808 --> 00:58:48,808
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

