1
00:00:39,264 --> 00:00:41,264
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:41,288 --> 00:00:43,288


3
00:00:43,312 --> 00:00:45,312
<font color="#b67a07"><b><font color="#b67a07">සිත ගත් සොරා</font></b></font>

4
00:00:49,384 --> 00:00:51,333
<font color="#ffe6b3"><i>ඒ එක්තරා රාත්‍රියක්.</i></font>

5
00:00:51,333 --> 00:00:54,767
<font color="#ffe6b3"><i>අපේ ආත්ම මාරු වෙන්න හේතුව</i></font>

6
00:00:54,767 --> 00:00:57,033
<font color="#ffe6b3"><i>මම හෙව්ව රාත්‍රියක්.</i></font>

7
00:01:02,567 --> 00:01:05,000
<font color="#ffe6b3"><i>මම ඒ කාලෙම දැනගෙන හිටියද?</i></font>

8
00:01:05,833 --> 00:01:07,833
<font color="#ffe6b3"><i>අපේ ආත්ම මාරු වෙයි කියලා.</i></font>

9
00:01:07,833 --> 00:01:09,567
<font color="#ffe6b3"><i>සමහරවිට මම...</i></font>

10
00:01:10,933 --> 00:01:13,367
<font color="#ffe6b3"><i>ඔයා විඳපු නින්දාව වෙනුවෙන්
මම සටන් කරයි කියලා.</i></font>

11
00:01:14,067 --> 00:01:16,333
<font color="#ffe6b3"><i>ඔයාගෙ මිනිස්සුන්ව ආරක්ෂා කරයි කියලා.</i></font>

12
00:01:20,133 --> 00:01:23,267
<font color="#ffe6b3"><i>සමහරවිට ඔයා එක්ක එකතු වෙලා මේ ලෝකෙම දිනාගනීවි කියලා.</i></font>

13
00:01:25,467 --> 00:01:28,100
<font color="#ffe6b3"><i>ඒ වගේම කවදාහරි දවසක,</i></font>

14
00:01:28,100 --> 00:01:30,400
<font color="#ffe6b3"><i>එහෙම කාලයක් ඒවි,</i></font>

15
00:01:30,400 --> 00:01:32,800
<font color="#ffe6b3"><i>ඔයා වෙනුවට මම මැරෙන.</i></font>

16
00:01:35,433 --> 00:01:37,233
<font color="#ffe6b3"><i>මගේ උත්තරේ තමයි...</i></font>

17
00:01:40,800 --> 00:01:42,533
<font color="#ffbf46">මම කැමැත්තෙන්ම ඒක කරනවා.</font>

18
00:01:44,267 --> 00:01:45,967
<font color="#ffbf46">එපා.</font>

19
00:01:55,900 --> 00:02:03,567
<b><font color="#fffcfe"><i>♫ මට ඔයා නැතුව පාළුයි කියන්නවත් බැරි වුණා ♫</i></font></b>

20
00:02:03,567 --> 00:02:10,233
<b><font color="#fffcfe"><i>♫ දිගු රැයක හීනයක් වගේ බොඳ වෙලා යාවි ♫</i></font></b>

21
00:02:10,233 --> 00:02:12,433
<font color="#ffbf46">ඒක මැකිලා ගිහින්.</font>

22
00:02:17,233 --> 00:02:26,533
<font color="#fffcfe"><b><i>♫ මට එතකොට ඔයාට ආදරෙයි කියන්න පුළුවන් වෙයිද ♫</i></b></font>

23
00:02:27,167 --> 00:02:34,567
<font color="#fffcfe"><b><i>♫ නොකියූ හැඟීම් වුණත් කමක් නෑ ♫</i></b></font>

24
00:02:34,567 --> 00:02:43,033
<font color="#fffcfe"><b><i>♫ ඈතින් ඉඳන් හරි ඔයාගේ උණුසුම දැනෙනවා නම් ♫</i></b></font>

25
00:02:43,033 --> 00:02:45,200
<b>වෙන්න බෑ.</b>

26
00:02:46,000 --> 00:02:49,200
<font color="#ff7e16">13 වන කොටස</font>

27
00:03:26,333 --> 00:03:29,367
<font color="#ffbf46">අපි මහා කුමාරයගෙ සිරුරට මොකද කරන්නේ?</font>

28
00:03:29,367 --> 00:03:31,033
<font color="#ffbf46">ඔහොම්මම ගඟට දාන්න.</font>

29
00:03:31,033 --> 00:03:34,367
<font color="#ffbf46">මාළුවන්ට හොඳ කෑමක් වෙයි.</font>

30
00:03:34,367 --> 00:03:38,400
<font color="#ffbf46">කරුණාකරලා අපිත් එක්ක වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න.</font>

31
00:03:58,233 --> 00:04:00,200
<font color="#ffbf46">ලෑස්ති වෙන්න!</font>

32
00:04:01,267 --> 00:04:03,567
<font color="#ffbf46">මම මාලිගාවට යනවා.</font>

33
00:04:13,267 --> 00:04:15,867
<font color="#ffe6b3"><i>එයාව පහළට ගෙනියන්න තරම්
දිය රළ සැර මදි.</i></font>

34
00:04:15,867 --> 00:04:19,367
<font color="#ffe6b3"><i>එයා කන්දෙන් වැටුණා නම්,
මේ හරියෙ ඉන්න ඕනේ.</i></font>

35
00:04:19,367 --> 00:04:21,667
<font color="#ffe6b3"><i>එයා ගොඩට එන්න ඇතිද?</i></font>

36
00:04:22,567 --> 00:04:23,833
<font color="#ffe6b3"><i>අඩි පාර.</i></font>

37
00:04:23,833 --> 00:04:28,167
<font color="#ffe6b3"><i>උදව් ඉල්ලන්න නම්, එයා මිනිස්සු ගැවසෙන
පාරක් පැත්තට යන්න ඇති.</i></font>

38
00:04:32,067 --> 00:04:34,000
<font color="#ffbf46">ඔයා මෙතනද?</font>

39
00:04:34,000 --> 00:04:37,433
<font color="#ffbf46">මම කියන දේ ඇහෙනවා නම් උත්තර දෙන්න! කරුණාකරලා!</font>

40
00:04:59,033 --> 00:05:00,933
<font color="#ffbf46">තාම හුස්ම වැටෙනවා.</font>

41
00:05:03,867 --> 00:05:05,600
<font color="#ffbf46">තව ටිකක් ඉවසන්න.</font>

42
00:05:06,300 --> 00:05:08,300
<font color="#ffbf46">තව ටික වෙලාවක් අල්ලගෙන ඉන්න.</font>

43
00:05:13,384 --> 00:05:14,433
<font color="#ffbf46">කොහොමද?</font>

44
00:05:14,433 --> 00:05:16,600
<font color="#ffbf46">මොකද වුණේ?</font>

45
00:05:16,600 --> 00:05:20,267
<font color="#ffbf46">එයාගෙන් ගොඩක් ලේ ගලනවා.
මට එයාව අගනුවරට ගෙනියන්න බැරි වුණා.</font>

46
00:05:20,267 --> 00:05:22,300
<font color="#ffbf46">අපි මොකද කරන්නේ?</font>

47
00:05:22,300 --> 00:05:24,600
<font color="#ffbf46">මුලින්ම උණු වතුරයි පිරිසිදු රෙදි කෑලියි ඕන.</font>

48
00:05:24,600 --> 00:05:26,667
<font color="#ffbf46">මම ගේන්නම්.</font>

49
00:05:28,233 --> 00:05:31,400
<font color="#ffbf46">මට ඔයා හොයලා දෙන්න ඕන බෙහෙත් වගයක් තියෙනවා.</font>

50
00:05:31,400 --> 00:05:33,200
<font color="#ffbf46">පර්ස්ලේන් සහ සඳුන් කියලයි කිව්වේ.</font>

51
00:05:33,200 --> 00:05:34,267
<font color="#ffbf46">ඉක්මනට හොයාගන්න.</font>

52
00:05:34,267 --> 00:05:35,400
<font color="#ffbf46">මේ පැත්තෙන්.
යමු.</font>

53
00:05:35,400 --> 00:05:37,133
<font color="#ffbf46">යමු.</font>

54
00:05:41,867 --> 00:05:43,500
<font color="#ffbf46">අනේ දෙවියනේ.</font>

55
00:05:43,500 --> 00:05:44,700
<font color="#ffbf46">බය වෙන්න එපා.</font>

56
00:05:44,700 --> 00:05:46,533
<font color="#ffbf46">මාව එව්වේ හොං වෙදැදුරුතුමිය.</font>

57
00:05:46,533 --> 00:05:48,300
<font color="#ffbf46">උන් ජෝට කරදරයක්වත්ද?</font>

58
00:05:48,300 --> 00:05:49,633
<font color="#ffbf46">මේ තියෙන්නේ.</font>

59
00:05:49,633 --> 00:05:52,767
<font color="#ffbf46">එයා කිව්වා මේකේ තියෙන බෙහෙත් ජාති ටික ගේන්න කියලා.</font>

60
00:05:52,767 --> 00:05:54,833
<font color="#ffbf46">කාටද තුවාල වෙලා තියෙන්නේ?</font>

61
00:06:06,000 --> 00:06:07,867
<font color="#ffbf46">අයියාට සිහිය එයි නේද?</font>

62
00:06:07,867 --> 00:06:10,433
<font color="#ffbf46">මොකද එයාට මොකුත් වෙන්නෑනේ.</font>

63
00:06:18,233 --> 00:06:19,967
<font color="#ffbf46">ඔව්.</font>

64
00:06:20,933 --> 00:06:22,633
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම සිහිය එයි.</font>

65
00:06:23,667 --> 00:06:25,367
<font color="#ffbf46">යමු.</font>

66
00:06:26,300 --> 00:06:27,433
<font color="#ffbf46">කොහොමද එයාට?</font>

67
00:06:27,433 --> 00:06:30,000
<font color="#ffbf46">සිහිය එන පාටක් තියෙනවද?</font>

68
00:06:30,000 --> 00:06:33,333
<font color="#ffbf46">අපිට පුළුවන් හැම දේම කළා කියලා මම හිතනවා.</font>

69
00:06:33,333 --> 00:06:34,567
<font color="#ffbf46">බලන් ඉමුකෝ.</font>

70
00:06:34,567 --> 00:06:36,424
<font color="#ffbf46">මම හොං වෙදැදුරුතුමියගෙන් අහන්නම්.</font>

71
00:06:36,424 --> 00:06:37,567
<font color="#ffbf46">එපා.</font>

72
00:06:37,567 --> 00:06:38,633
<font color="#ffbf46">එයාට පාඩුවේ ඉන්න දෙන්න.</font>

73
00:06:38,633 --> 00:06:42,300
<font color="#ffbf46">මේ වෙලාවේ වැඩිපුරම දුකෙන් ඇත්තේ එයානේ.</font>

74
00:06:47,133 --> 00:06:48,533
<font color="#ffbf46">ඇයි ඔයා පරක්කු වුණේ?</font>

75
00:06:48,533 --> 00:06:51,867
<font color="#ffbf46">මම කුමාරයාගේ වැඩකට ගිහින් එන ගමන්.</font>

76
00:06:51,867 --> 00:06:54,367
<font color="#ffbf46">ඔයා මම එනකම් බලන් හිටියද?</font>

77
00:06:54,367 --> 00:06:57,733
<font color="#ffbf46">ඔයා ඉක්මනටම උන් ජෝව හම්බවෙන්න යන්න ඕනේ.</font>

78
00:07:11,167 --> 00:07:13,833
<font color="#ffbf46">ඔයා දන්නවද මම මොනවද හිතුවේ කියලා</font>

79
00:07:14,667 --> 00:07:17,367
<font color="#ffbf46">ඔයා හොයාගෙන දුවගෙන එනකොට?</font>

80
00:07:19,836 --> 00:07:21,700
<font color="#ffbf46">ආහ්.</font>

81
00:07:21,700 --> 00:07:23,567
<font color="#ffbf46">ඔයා අනිවාර්යයෙන්ම</font>

82
00:07:24,600 --> 00:07:27,500
<font color="#ffbf46">මේ වගේම හති දාගෙන දුවන්න ඇති.</font>

83
00:07:29,433 --> 00:07:31,400
<font color="#ffbf46">ඔයා අනිවාර්යයෙන්ම</font>

84
00:07:33,533 --> 00:07:36,967
<font color="#ffbf46">මම ළඟට දුවගෙන එන්න ඇති,</font>

85
00:07:38,000 --> 00:07:40,533
<font color="#ffbf46">මම ජීවත් වෙන්න කියලා විතරක් ප්‍රාර්ථනා කරමින්.</font>

86
00:07:43,000 --> 00:07:45,933
<font color="#ffbf46">මට ඒක හිතුණේ දැන්.</font>

87
00:07:50,233 --> 00:07:52,267
<font color="#ffbf46">ඔයාට මතකද?</font>

88
00:07:52,267 --> 00:07:56,633
<font color="#ffbf46">මගේ විවාහ මංගල්‍යය දවසෙ
මුළු පවුලම කලබල වෙලා හිටියේ.</font>

89
00:07:56,633 --> 00:07:59,567
<font color="#ffbf46">නෝනා, යන්න කලින් මේ ආභරණ ටික දිහා බලන්නකෝ.</font>

90
00:07:59,567 --> 00:08:03,100
<font color="#ffbf46">අනේ, බලන්නකෝ මේවා දිහා.</font>

91
00:08:03,100 --> 00:08:04,808
<font color="#ffbf46">ඔයා කිව්වේ</font>

92
00:08:04,808 --> 00:08:09,033
<font color="#ffbf46">මම ඇඬුවොත් මාව සනසන්න මගේ පස්සෙන් ආවා කියලා.
අනේ. මේක ඔයාට හරියටම හරියනවා.</font>

93
00:08:10,333 --> 00:08:12,453
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්,</font>

94
00:08:12,453 --> 00:08:15,033
<font color="#ffbf46">මම හැමදේම බලාගෙනයි හිටියේ.</font>

95
00:08:20,833 --> 00:08:22,413
<font color="#ffbf46">මම හොරෙන්ම</font>

96
00:08:22,413 --> 00:08:25,567
<font color="#ffbf46">හිනාව තද කරගෙන හිටියේ.</font>

97
00:08:40,800 --> 00:08:42,720
<font color="#ffbf46">මට හිතෙන්නේ</font>

98
00:08:42,720 --> 00:08:46,933
<font color="#ffbf46">මම ඔයා එනකම් බලන් ඉන්න ඇති.</font>

99
00:09:02,100 --> 00:09:04,233
<font color="#ffbf46">මට තේරුණේ එතකොටයි.</font>

100
00:09:05,533 --> 00:09:07,624
<font color="#ffbf46">මට පුළුවන්</font>

101
00:09:07,624 --> 00:09:10,067
<font color="#ffbf46">දැන් මේක දරාගන්න.</font>

102
00:09:11,900 --> 00:09:14,533
<font color="#ffbf46">සීතලම සීතල කාලයක් වුණත් උණුසුම් කියලා දැනෙන්නේ,</font>

103
00:09:15,300 --> 00:09:19,000
<font color="#ffbf46">තමන්ගේ ළඟ කවුරුහරි ඉන්නවා නම් කියලා කියන්නේ</font>

104
00:09:19,000 --> 00:09:21,200
<font color="#ffbf46">මේකට වෙන්න ඇති.</font>

105
00:09:27,333 --> 00:09:29,867
<font color="#ffbf46">මම ගොඩක් වෙලා කියෙව්වා නේද.</font>

106
00:09:29,867 --> 00:09:31,867
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

107
00:09:31,867 --> 00:09:34,400
<font color="#ffbf46">ඉක්මනට නැගිටින්න.</font>

108
00:09:44,400 --> 00:09:47,133
<font color="#ffbf46">ඔයාට ගොඩක් වෙලා නිදාගන්න බෑ.</font>

109
00:09:48,867 --> 00:09:52,133
<font color="#ffbf46">මට අමතක වෙලා තියෙන්නේ</font>

110
00:09:52,133 --> 00:09:54,633
<font color="#ffbf46">තනියම සීතල දරාගන්නේ කොහොමද කියලා.</font>

111
00:12:20,300 --> 00:12:22,600
<font color="#ffbf46">මම දැනන් හිටියා ඔයාට සිහිය එයි කියලා.</font>

112
00:12:23,967 --> 00:12:26,200
<font color="#ffbf46">කැක්කුම කොහොමද?</font>

113
00:12:28,333 --> 00:12:30,033
<font color="#ffbf46">කැරකැවිල්ල වගේද?</font>

114
00:12:30,033 --> 00:12:33,733
<font color="#ffbf46">ඔළුව බර ගතියක් තියෙනවද?</font>

115
00:12:37,467 --> 00:12:42,433
<font color="#ffbf46">ඔයා කොහෙද ඉන්නේ, කවුද කියලා මතකද?</font>

116
00:12:47,767 --> 00:12:49,667
<font color="#ffbf46">ලොකු දෙයක්.</font>

117
00:12:52,300 --> 00:12:54,567
<font color="#ffbf46">එහෙනම් එච්චරයි.</font>

118
00:12:54,567 --> 00:12:55,700
<font color="#ffbf46">හාන්සි වෙන්න.</font>

119
00:12:55,700 --> 00:12:58,167
<font color="#ffbf46">මම ගිහින් තව බෙහෙත් පැළෑටි ටිකක් හොයාගෙන එන්නම්.</font>

120
00:13:00,267 --> 00:13:02,667
<font color="#ffbf46">ආපහු මුණගැහුණු එක සතුටක්.</font>

121
00:13:03,367 --> 00:13:05,067
<font color="#ffbf46">හොං උන් ජෝ.</font>

122
00:13:11,833 --> 00:13:14,467
<font color="#ffbf46">මට ඔයාව ආරක්ෂා කරන්න තිබුණා.</font>

123
00:13:18,067 --> 00:13:19,967
<font color="#ffbf46">ඒත් ඔයා මාව ආරක්ෂා කළානේ.</font>

124
00:13:19,967 --> 00:13:21,900
<font color="#ffbf46">ඔයා මාව බේරගත්තා.</font>

125
00:13:28,367 --> 00:13:31,567
<font color="#ffbf46">ආපහු ආවට ස්තූතියි.</font>

126
00:13:33,867 --> 00:13:35,927
<font color="#ffbf46">ඔයා ඉන්න නිසා,</font>

127
00:13:35,927 --> 00:13:38,233
<font color="#ffbf46">මට දැන් බයක් නෑ.</font>

128
00:13:39,267 --> 00:13:43,567
<font color="#ffbf46">කතාවේ ඉන්න කුමාරයාට
ලං වෙන එක නම් ටිකක් භයානකයි.</font>

129
00:13:45,400 --> 00:13:47,333
<font color="#ffbf46">මොකද මම කොහොමත් කුමාරයෙක්නේ.</font>

130
00:13:56,233 --> 00:13:58,500
<font color="#ffbf46">ඔයා විහිළු කරනවද?</font>

131
00:14:02,233 --> 00:14:03,867
<font color="#ffbf46">ඇයි මම විහිළු නොකර ඉන්නේ,</font>

132
00:14:03,867 --> 00:14:06,000
<font color="#ffbf46">ඔයා ඔහොම හිනා වෙනකොට.</font>

133
00:14:17,333 --> 00:14:19,033
<font color="#ffbf46">කුමාරයාණනි.</font>

134
00:14:20,633 --> 00:14:22,733
<font color="#ffbf46">සිහිය ආවද?</font>

135
00:14:25,467 --> 00:14:29,576
<font color="#ffbf46">මම හිතන්නේ මම තව පැයක් පරක්කු වෙලා එන්න තිබුණේ.</font>

136
00:14:29,576 --> 00:14:32,467
<font color="#ffbf46">නෑ, නෑ.</font>

137
00:14:32,467 --> 00:14:34,700
<font color="#ffbf46">ඔයා ආවේ හරිම වෙලාවට.</font>

138
00:14:35,800 --> 00:14:38,800
<font color="#ffbf46">ඔයා මොකද කළේ, එයාට තනියම කඳු මුදුනට යන්න දීලා?</font>

139
00:14:38,800 --> 00:14:40,133
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

140
00:14:40,133 --> 00:14:42,333
<font color="#ffbf46">මම නෝ ඉල් කියන නළඟන හොයන්න ගියේ.</font>

141
00:14:42,333 --> 00:14:43,560
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, ඔයාලා දෙන්නා...</font>

142
00:14:43,560 --> 00:14:44,667
<font color="#ffbf46">දෙවියනේ.</font>

143
00:14:44,667 --> 00:14:47,267
<font color="#ffbf46">සියො නිලධාරිතුමා, ඔයාට තිබුණානේ...</font>

144
00:14:48,367 --> 00:14:50,100
<font color="#ffbf46">උන් ජෝ.</font>

145
00:14:51,700 --> 00:14:54,500
<font color="#ffbf46">ඔයා මැරෙන්න ලං වෙලා හිටියේ,
දැන් පියවි සිහිය ආවද?</font>

146
00:14:54,500 --> 00:14:56,733
<font color="#ffbf46">රාජකීය වෙදැදුරුතුමා දැන්ම මෙහෙට ඒවි.</font>

147
00:14:56,733 --> 00:14:59,367
<font color="#ffbf46">කොහොමද ඔයා ඝාතකයෙක්ගේ ප්‍රහාරයකට ලක් වුණේ?</font>

148
00:14:59,367 --> 00:15:01,967
<font color="#ffbf46">ආහ්, ඒක...</font>

149
00:15:01,967 --> 00:15:05,100
<font color="#ffbf46">මොකක්ද මේ වෙන්නේ, කුමාරයාණෙනි?</font>

150
00:15:05,100 --> 00:15:07,368
<font color="#ffbf46">ආහ්, ඒක...</font>

151
00:15:07,368 --> 00:15:11,167
<font color="#ffbf46">නෝනා, මේ මම, උන් ජෝ.</font>

152
00:15:11,167 --> 00:15:12,867
<font color="#ffbf46">ඈ?</font>

153
00:15:13,867 --> 00:15:17,200
<font color="#ffbf46">මේ මූණෙන් ඔයාව දකින්නේ ගොඩක් කාලෙකට පස්සේ.</font>

154
00:15:17,900 --> 00:15:20,133
<font color="#ffbf46">අනේ දෙවියනේ!</font>

155
00:15:20,133 --> 00:15:23,200
<font color="#ffbf46">ඔයාලා දෙන්නා ආයෙත් මාරු වුණාද?</font>

156
00:15:23,200 --> 00:15:24,433
<font color="#ffbf46">ඔව්.</font>

157
00:15:24,433 --> 00:15:26,233
<font color="#ffbf46">ඔයාට පේනවනේ.</font>

158
00:15:26,233 --> 00:15:28,232
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

159
00:15:28,232 --> 00:15:31,467
<font color="#ffbf46">මේ ටිකේ මම ඒකට පුරුදු වෙලා හිටියෙ.</font>

160
00:15:32,733 --> 00:15:34,433
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

161
00:15:35,067 --> 00:15:38,733
<font color="#ffbf46">ඔයාට කරදරයක් නැති එක ගැන සතුටුයි.</font>

162
00:15:38,733 --> 00:15:41,933
<font color="#ffbf46">ඔයා ආපහු ආපු එක හොඳයි.</font>

163
00:15:41,933 --> 00:15:44,867
<font color="#ffbf46">සමා වෙන්න, ඒත් මේ සතුට සමරන එක පැත්තකින් තියමු.</font>

164
00:15:44,867 --> 00:15:48,500
<font color="#ffbf46">ඊට වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා නේද?</font>

165
00:15:48,500 --> 00:15:51,967
<font color="#ffbf46">කවුද ඒ එඩිතර මෝඩයා කුමාරයාට කඩුවක් දික් කරපු?</font>

166
00:15:55,033 --> 00:15:56,733
<font color="#ffbf46">දේ චු.</font>

167
00:15:56,733 --> 00:15:59,667
<font color="#ffbf46">එන වෙදැදුරුතුමාට කට පියාගෙන ඉන්න කියන්න,</font>

168
00:15:59,667 --> 00:16:02,800
<font color="#ffbf46">මම රෑ එළි වෙනකම් එළියට ගිහින් හිටියා වගේ මේක වහලා දාන්න.</font>

169
00:16:03,733 --> 00:16:05,433
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

170
00:16:05,433 --> 00:16:07,500
<font color="#ffbf46">සනීප වෙන එකයි වැදගත්.</font>

171
00:16:14,567 --> 00:16:17,067
<font color="#ffbf46">ඔයාලා දෙන්නා, පොඩ්ඩක් මෙතන ඉන්න.</font>

172
00:16:19,400 --> 00:16:21,300
<font color="#ffbf46">ඔයා මොකද කරන්නේ?</font>

173
00:16:23,467 --> 00:16:25,867
<font color="#ffbf46">මම තවත් පැනලා යන්න හිතාගෙන නෑ.</font>

174
00:16:28,000 --> 00:16:30,233
<font color="#ffbf46">මම ජොසොන් දේශය දැක්කා</font>

175
00:16:30,233 --> 00:16:34,000
<font color="#ffbf46">නොහිතපු විදිහට, ගැහැනියකගේ ඇස් හරහා.</font>

176
00:16:34,000 --> 00:16:36,800
<font color="#ffbf46">හැමදාම බැට කන කුලී වැඩ කරන මිනිස්සු,</font>

177
00:16:36,800 --> 00:16:38,867
<font color="#ffbf46">හෙමින්සෝ එකේ ඉන්න රෝගීන්,</font>

178
00:16:38,867 --> 00:16:41,900
<font color="#ffbf46">පාරේ මැරීගෙන යන ළමයි,</font>

179
00:16:41,900 --> 00:16:44,800
<font color="#ffbf46">වගේම තමන් විඳින දුක පවා ප්‍රතික්ෂේප කරපු නළඟනන්.</font>

180
00:16:45,567 --> 00:16:48,100
<font color="#ffbf46">ඒ හැමෝම ජොසොන් වල වැසියෝ,</font>

181
00:16:48,933 --> 00:16:50,967
<font color="#ffbf46">ඇයගේ ඇස් වලින් දැකපු විදිහට.</font>

182
00:16:54,900 --> 00:16:56,800
<font color="#ffbf46">මට දැන් තේරෙනවා</font>

183
00:16:56,800 --> 00:16:59,733
<font color="#ffbf46">ඇයගේ හිතේ මොනවා තියෙන්න ඇතිද කියලා</font>

184
00:16:59,733 --> 00:17:01,700
<font color="#ffbf46">ඇය හොරකම් කරනකොට.</font>

185
00:17:04,667 --> 00:17:06,000
<font color="#ffbf46">ඒ නිසා...</font>

186
00:17:06,000 --> 00:17:07,933
<font color="#ffbf46">මට ඔයා එක්ක යන්න ඕනේ.</font>

187
00:17:08,800 --> 00:17:10,867
<font color="#ffbf46">ඒක කොහේ වුණත් කමක් නෑ.</font>

188
00:17:20,333 --> 00:17:24,900
<font color="#ffbf46">ඔයා රෑ එළි වෙනකම් එළියේ හිටියා කියලා
අනිත් අයට හිතන්න ඉඩ අරින්නේ හේතුවක් ඇතුවනේ, නේද?</font>

189
00:17:26,133 --> 00:17:27,867
<font color="#ffbf46">මාව මරන්න හදපු කෙනා</font>

190
00:17:27,867 --> 00:17:31,133
<font color="#ffbf46">හිතාගන්න ඕනේ මම ඇත්තටම මැරුණා කියලා.</font>

191
00:17:31,133 --> 00:17:35,100
<font color="#ffbf46">ඔයා දැක්කද ඒ ඝාතකයාව
ඔයාගේ ඇඟට ආපහු එනකොට?</font>

192
00:17:35,100 --> 00:17:37,100
<font color="#ffbf46">ඔව්.</font>

193
00:17:37,100 --> 00:17:38,133
<font color="#ffbf46">කවුද ඒ?</font>

194
00:17:38,133 --> 00:17:39,133
<font color="#ffbf46">මූණ මතකද?</font>

195
00:17:39,133 --> 00:17:40,600
<font color="#ffbf46">සන්සුන් වෙන්න.</font>

196
00:17:40,600 --> 00:17:41,933
<font color="#ffbf46">කඩු පාර කෑවේ මම.</font>

197
00:17:41,933 --> 00:17:43,733
<font color="#ffbf46">කවුරු හරි තරහ ගන්නවා නම්, ඒ මම වෙන්න ඕනේ.</font>

198
00:17:43,733 --> 00:17:45,200
<font color="#ffbf46">මමත් කඩු පාර කෑවා</font>

199
00:17:45,200 --> 00:17:47,300
<font color="#ffbf46">මම ඒ ඇඟ ඇතුළේ ඉන්නකොට.</font>

200
00:17:47,300 --> 00:17:49,233
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

201
00:17:49,233 --> 00:17:52,267
<font color="#ffbf46">මගේ තරහවෙන් කොටසක් ඔයාටත් අයිතියි.</font>

202
00:17:53,867 --> 00:17:55,624
<font color="#ffbf46">ඒ ඝාතකයා</font>

203
00:17:55,624 --> 00:17:57,667
<font color="#ffbf46">ප්‍රධාන ලේකම්ගේ පවුලේ කෙනෙක්ද?</font>

204
00:17:59,200 --> 00:18:01,400
<font color="#ffbf46">ඒ ස්ං ජේ.</font>

205
00:18:08,767 --> 00:18:10,333
<font color="#ffbf46">ඒක මට බාර දෙන්න.</font>

206
00:18:10,333 --> 00:18:12,033
<font color="#ffbf46">හරි.</font>

207
00:18:19,767 --> 00:18:21,400
<font color="#ffbf46">මහා කුමාරයාගේ නිල නිවාසයේ තත්ත්වේ කොහොමද?</font>

208
00:18:21,400 --> 00:18:24,500
<font color="#ffbf46">එයාලා හිතන්නේ මහා කුමාරයා පුරුදු විදිහටම
රෑ හොරෙන් පැනලා ගිහින් කියලා.</font>

209
00:18:24,500 --> 00:18:27,500
<font color="#ffbf46">මව් රැජිනගේ මාලිගාවේ කවුරුහරි දැනගනීවි කියලා බයෙන්
එයාලා ඒක රහසක් විදිහට තියාගෙන ඉන්නවා.</font>

210
00:18:28,767 --> 00:18:32,267
<font color="#ffbf46">දවස් තුනයිනේ ගිහින් තියෙන්නේ,
ඒ නිසා ඒක වෙන්න පුළුවන්.</font>

211
00:18:33,233 --> 00:18:37,033
<font color="#ffbf46">මව් රැජිනට සැක හිතුණොත්,
එයා මහා කුමාරයාව හොයන්න පටන් ගනීවි.</font>

212
00:18:37,033 --> 00:18:39,833
<font color="#ffbf46">මේ සැරේ වරද්දගන්න එපා.</font>

213
00:18:39,833 --> 00:18:41,800
<font color="#ffbf46">වද වෙන්න එපා.</font>

214
00:18:48,233 --> 00:18:50,200
<font color="#ffbf46">තාම අලුත් නිල ඇඳුම ලෑස්ති නැද්ද?</font>

215
00:18:50,200 --> 00:18:52,767
<font color="#ffbf46">මම ඔබතුමාගේ තනතුර බාරගන්න නිසා ප්‍රධාන ලේකම් විදිහට,</font>

216
00:18:52,767 --> 00:18:56,733
<font color="#ffbf46">මම තාත්තාගේ නිල ඇඳුම ඇඳගෙනම පටන් ගන්නම්.</font>

217
00:18:58,133 --> 00:19:01,233
<font color="#ffbf46">කරුණාකරලා මට මේක පැළදගන්න උදව් කරන්න.</font>

218
00:19:08,267 --> 00:19:13,767
<font color="#ffbf46">මේ ජේ යීට හම්බවුණ විභාගයෙන්
පළවෙනියා වෙච්ච කෙනාට දෙන හිස් ආවරණය නෙවෙයි නිසාද?</font>

219
00:19:37,133 --> 00:19:38,833
<font color="#ffbf46">මාව පේන්නේ</font>

220
00:19:39,600 --> 00:19:41,167
<font color="#ffbf46">ඔබතුමා වගේද?</font>

221
00:19:41,167 --> 00:19:43,200
<font color="#ffbf46">මේක ටිකක් ලොකුයි වගේ.</font>

222
00:19:47,667 --> 00:19:49,000
<font color="#ffbf46">හරි.</font>

223
00:19:49,000 --> 00:19:52,667
<font color="#ffbf46">ජේ යී දවස් ගාණකින් ගෙදර ආවේ නෑනේ.</font>

224
00:19:52,667 --> 00:19:55,533
<font color="#ffbf46">මම එයාව ඈත පළාතක වැඩකට යැව්වා.</font>

225
00:19:55,533 --> 00:19:58,067
<font color="#ffbf46">එයා එන්න ටික කාලයක් යයි.</font>

226
00:20:16,000 --> 00:20:18,667
<font color="#ffbf46">ස්ං ජේට කියන්න</font>

227
00:20:18,667 --> 00:20:20,936
<font color="#ffbf46">මම</font>

228
00:20:20,936 --> 00:20:22,467
<font color="#ffbf46">ඉක්මනටම එනවා කියලා.</font>

229
00:20:22,467 --> 00:20:25,500
<font color="#ffbf46">ඔයා කොහොමද මේ තත්ත්වයෙන්
මෙච්චර උඩඟු විදිහට හැසිරෙන්නේ?</font>

230
00:20:29,967 --> 00:20:33,067
<font color="#ffbf46">අනාගතේ එන්න පුළුවන් ප්‍රශ්න නැති කරන්න
ඒ කෙල්ලව මරලා දාන්න.</font>

231
00:20:59,500 --> 00:21:01,667
<font color="#ffbf46">මම ඔයාගේ උදව්ව අමතක කරන්නේ නෑ.</font>

232
00:21:03,867 --> 00:21:05,933
<font color="#ffbf46">මම නියෝග කළේ එයාව මරන්න කියලා.</font>

233
00:21:05,933 --> 00:21:08,600
<font color="#ffbf46">රාජකීය විමර්ශන කාර්යාංශයේ සොල්දාදුවෝ ඉක්මනටම එයි. යන්න.</font>

234
00:21:08,600 --> 00:21:09,900
<font color="#ffbf46">ඔයා මට පිටුපානවද?</font>

235
00:21:09,900 --> 00:21:11,833
<font color="#ffbf46">මම කිව්වේ ඉක්මනට යන්න කියලා!</font>

236
00:21:16,433 --> 00:21:18,933
<font color="#ffbf46">ඔයා මොකක්ද කරන්න? යන්නේ!</font>

237
00:21:21,900 --> 00:21:25,067
<font color="#ffbf46">තුමනි, ඔබතුමාට ආපහු එන්න කියලා
රාජකීය නියෝගයක් ලැබිලා තියෙනවා.</font>

238
00:21:25,067 --> 00:21:28,433
<font color="#ffbf46">නළඟනක් කන්ද පහළට පැනලා දුවනවා.</font>

239
00:21:28,433 --> 00:21:30,167
<font color="#ffbf46">එයාව මරන්න.</font>

240
00:21:32,667 --> 00:21:37,067
<font color="#ffbf46">මගේ නියෝගයට පිටුපාපු මේ පුද්ගලයාව
රාජකීය විමර්ශන කාර්යාංශයේ හිර කරන්න.</font>

241
00:21:37,067 --> 00:21:39,400
<font color="#ffbf46">මම ආපහු අණ කරනකම්,</font>

242
00:21:39,400 --> 00:21:42,100
<font color="#ffbf46">ආයේ කවදාවත් ඉර එළිය දකින්න තියන්න එපා.</font>

243
00:21:42,100 --> 00:21:43,800
<font color="#ffbf46">එයාව හිර කරන්න.</font>

244
00:21:54,467 --> 00:21:55,767
<font color="#ffbf46">මොකද ප්‍රශ්නේ?</font>

245
00:21:55,767 --> 00:21:58,467
<font color="#ffbf46">කිම් ස්යුං ​​බේක්ට  කියන්න මම මෙහෙ කියලා.</font>

246
00:21:59,367 --> 00:22:02,833
<font color="#ffbf46">හිර කරලා ඉන්න කෙනා කවුද කියලා කවදාවත්
එළි කරන්න එපා කියලා නියෝගයක් තියෙනවා.</font>

247
00:22:08,900 --> 00:22:11,133
<font color="#ffbf46">කවුරුත් දන්නේ නෑ.</font>

248
00:22:11,133 --> 00:22:13,167
<font color="#ffbf46">ඔයා කට පියාගෙන ඉන්නකම්.</font>

249
00:22:21,467 --> 00:22:25,167
<font color="#ffbf46">ඉම් සා හ්‍යුන්ග් කියන එකා මහ විසක්.</font>

250
00:22:25,167 --> 00:22:28,233
<font color="#ffbf46">ඔයා ඒ වස මගේ ඇඟට දැම්මා.</font>

251
00:22:28,233 --> 00:22:29,900
<font color="#ffbf46">මාව මරපන්.</font>

252
00:22:29,900 --> 00:22:31,667
<font color="#ffbf46">හොඳයි.</font>

253
00:22:50,700 --> 00:22:54,400
<font color="#ffbf46">මාව මරලා දාපන්.</font>

254
00:22:56,333 --> 00:22:58,500
<font color="#ffbf46">ගොඩක් කල් ජීවත් වෙයන්.</font>

255
00:22:58,500 --> 00:23:02,233
<font color="#ffbf46">උඹ මං එක්ක වයසට යන්න පොරොන්දු වුණා නේද?</font>

256
00:23:05,967 --> 00:23:11,033
<font color="#ffbf46">උඹ මං එක්ක ජීවත් වෙන හැම දවසක්ම
මම අපායක් කරනවා.</font>

257
00:23:22,067 --> 00:23:24,300
<font color="#ffbf46">කවද්ද හඳුන්කූරු ටික ලැබෙනවා කියලා කිවුවේ?</font>

258
00:23:24,300 --> 00:23:28,800
<font color="#ffbf46">මිං දේශයෙන් ගේනකොට
මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කියලා ආරංචි වුණා.</font>

259
00:23:28,800 --> 00:23:32,633
<font color="#ffbf46">මම වම් රාජ්‍ය මන්ත්‍රීතුමාට කිව්වා
ඒක ඉක්මනට හොයලා දෙන්න කියලා.</font>

260
00:23:49,800 --> 00:23:54,500
<font color="#ffbf46">මම හැදුනේ හරිම සියුම් විදියට,
ඒ නිසා මම දාඩිය දාන්න කැමති නෑ, දන්නවානේ?</font>

261
00:23:54,500 --> 00:23:59,067
<font color="#ffbf46">නිකම්ම යටත් වෙන්න.</font>

262
00:23:59,067 --> 00:24:01,767
<font color="#ffbf46">මම හැදුනේ රළු විදියට, ඒ නිසා මම රණ්ඩු කරන්න ආසයි.</font>

263
00:24:01,767 --> 00:24:04,900
<font color="#ffbf46">දුවන එක නවත්තලා මගේ කඩුවට මූණ දීපන්.</font>

264
00:24:34,792 --> 00:24:36,767
<font color="#ffbf46">මම කිව්වේ දුවන එක නවත්තන්න කියලා.</font>

265
00:24:36,767 --> 00:24:39,367
<font color="#ffbf46">මම තමුන්ට කිව්වා පලා යන්න එපා කියලා!</font>

266
00:24:48,667 --> 00:24:50,500
<font color="#ffbf46">මහරැජිණියනී, ඇයි මේ හදිස්සියේ මෙහෙට ආවේ?</font>

267
00:24:50,500 --> 00:24:52,633
<font color="#ffbf46">ඔබතුමිය මෙච්චර දුර ආවා...</font>

268
00:25:00,567 --> 00:25:03,967
<font color="#ffbf46">අපි ආයේ හම්බුණා, සුක් උයි බිසව.</font>

269
00:25:04,900 --> 00:25:06,792
<font color="#ffbf46">මහා කුමාරයාණනි,</font>

270
00:25:06,792 --> 00:25:09,367
<font color="#ffbf46">මොකද මේ පැත්තේ?</font>

271
00:25:09,367 --> 00:25:12,533
<font color="#ffbf46">මම ආවේ මෙහේ හුළඟ හරිම
පිරිසිදුයි කියලා අහපු නිසා.</font>

272
00:25:13,933 --> 00:25:16,367
<font color="#ffbf46">මට හිතෙන්නේ මට ළඟදීම සුවය ලබන්න වේවි කියලා.</font>

273
00:25:16,367 --> 00:25:19,533
<font color="#ffbf46">මම බලාපොරොත්තු වුණා සුක් උයි බිසව මට උදව් කරයි කියලා.</font>

274
00:25:20,333 --> 00:25:23,600
<font color="#ffbf46">මම කොහොමද උදව් කරන්න ඕනේ?</font>

275
00:25:23,600 --> 00:25:27,333
<font color="#ffbf46">හැබැයි ඊට කලින්, මම කල්පනා කළේ දඩයමේ යන්න.</font>

276
00:25:27,333 --> 00:25:29,033
<font color="#ffbf46">දඩයමේ?</font>

277
00:25:33,233 --> 00:25:34,533
<font color="#ffbf46">පස්සට යන්න.</font>

278
00:25:34,533 --> 00:25:37,067
<font color="#ffbf46">තමුන් කලබල වුණොත්, මේ ළමයා මැරෙනවා.</font>

279
00:25:37,067 --> 00:25:38,433
<font color="#ffbf46">කලබල වෙන්න එපා.</font>

280
00:25:38,433 --> 00:25:42,000
<font color="#ffbf46">මම අඩියක් පස්සට ගන්නම්.</font>

281
00:25:42,000 --> 00:25:43,700
<font color="#ffbf46">මම අඩි දෙකක් ගන්නම්.</font>

282
00:25:55,767 --> 00:25:58,900
<font color="#ffbf46">ඔබ වහන්සේ මොන සතාවද දඩයම් කරන්නේ?</font>

283
00:25:58,900 --> 00:26:00,833
<font color="#ffbf46">විසකුරු සර්පයෙක්ගේ පැටියෙක්ව.</font>

284
00:26:04,933 --> 00:26:08,133
<font color="#ffbf46">බොහොම ස්තූතියි හැමෝටම.</font>

285
00:26:08,133 --> 00:26:09,733
<font color="#ffbf46">ආපහු ආපු එකට සුබ පැතුම්.</font>

286
00:26:09,733 --> 00:26:11,967
<font color="#ffbf46">සුබ පැතුම්.
සුබ පැතුම්.</font>

287
00:26:18,900 --> 00:26:20,667
<font color="#ffbf46">උතුමාණනි.</font>

288
00:26:20,667 --> 00:26:24,000
<font color="#ffbf46">මගේ පරණ වැරදි වලට සමාව ගන්න,</font>

289
00:26:24,000 --> 00:26:26,000
<font color="#ffbf46">මම කැමතියි ඔබට බීමක් පිළිගන්වන්න.</font>

290
00:26:46,100 --> 00:26:47,967
<font color="#ffbf46">අනේ දෙවියනේ.</font>

291
00:26:47,967 --> 00:26:50,300
<font color="#ffbf46">මම ටිකක් වෙරි වෙලා වගේ.</font>

292
00:26:54,100 --> 00:26:57,267
<font color="#ffbf46">මම ආවේ යෝජනාවක් කරන්න.</font>

293
00:27:00,067 --> 00:27:02,933
<font color="#ffbf46">යෝජනා කොහොමත් තිත්තයි.</font>

294
00:27:12,100 --> 00:27:15,000
<font color="#ffbf46">ඔබට නම් එහෙම වෙන්න ඇති.</font>

295
00:27:15,000 --> 00:27:19,167
<font color="#ffbf46">දෝ වොල් කුමාරයා පැමිණියා.</font>

296
00:28:05,600 --> 00:28:09,067
<font color="#ffbf46">කුමාරයාණනි.</font>

297
00:28:09,067 --> 00:28:10,767
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නය?</font>

298
00:28:14,667 --> 00:28:16,667
<font color="#ffbf46">හොඳට බලන්න, දේ චූ.</font>

299
00:28:16,667 --> 00:28:20,533
<font color="#ffbf46">මැරුණ මනුස්සයෙක් ආයේ පණ පිටින් ආවම,
තමුන්ගේ මූණේ තියෙන්නේ ඔය වගේ පෙනුමක්.</font>

300
00:28:20,533 --> 00:28:23,767
<font color="#ffbf46">නැත්නම් මැරෙන්න යන කෙනෙක්ගේ මූණක්.</font>

301
00:28:23,767 --> 00:28:26,467
<font color="#ffbf46">හ්යුක් ගොම්! හ්යුක් ගොම්!</font>

302
00:28:33,433 --> 00:28:35,300
<font color="#ffbf46">එයා කතා කරනවා ඔබට.</font>

303
00:28:37,200 --> 00:28:39,600
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

304
00:28:39,600 --> 00:28:40,933
<font color="#ffbf46">මම කිව්වා නේද</font>

305
00:28:40,933 --> 00:28:42,800
<font color="#ffbf46">මම ආවේ යෝජනාවක් කරන්න කියලා?</font>

306
00:28:42,800 --> 00:28:45,352
<font color="#ffbf46">මහා කුමාරයාව ඝාතනය කරන්න උත්සාහ කරපු
අපරාධකාරයාව අත්අඩංගුවට ගන්න!</font>

307
00:28:45,352 --> 00:28:48,232
<font color="#ffbf46">එහෙමයි.
එයා මහා කුමාරයාව මරන්න හැදුවා?</font>

308
00:28:51,400 --> 00:28:53,567
<font color="#ffbf46">මිනිස්සු කියනවා එයා මහා කුමාරයාව මරන්න හැදුවා කියලා.</font>

309
00:28:57,000 --> 00:28:59,967
<font color="#ffbf46">කුමාරයාණනි, මට අනුකම්පා කරන්න.</font>

310
00:28:59,967 --> 00:29:02,733
<font color="#ffbf46">තමුන්ගේ තාත්තාට කියන්න.</font>

311
00:29:02,733 --> 00:29:04,767
<font color="#ffbf46">මීට වඩා බැගෑපත් වෙලා.</font>

312
00:29:07,000 --> 00:29:08,933
<font color="#ffbf46">ආරංචිය ඇහුණද?</font>

313
00:29:08,933 --> 00:29:11,867
<font color="#ffbf46">ඉම් සා හ්යොන්ග් ඇමතිතුමාගේ වැඩිමල් පුතා</font>

314
00:29:11,867 --> 00:29:14,433
<font color="#ffbf46">අපේ මහා කුමාරයාව මරන්න උත්සාහ කරලා.</font>

315
00:29:14,433 --> 00:29:16,400
<font color="#ffbf46">මොකක්?
මොකක්?</font>

316
00:29:16,400 --> 00:29:17,567
<font color="#ffbf46">අහන්නකෝ.
ඇත්තටම?</font>

317
00:29:17,567 --> 00:29:20,300
<font color="#ffbf46">අපේ විදියට බැලුවොත්, මේක හරියට සේවකයෙක්</font>

318
00:29:20,300 --> 00:29:22,600
<font color="#ffbf46">තමන්ගේ හාම්පුතාගේ සහෝදරයෙක්ව මරන්න හදනවා වගේ වැඩක්නේ?</font>

319
00:29:22,600 --> 00:29:24,933
<font color="#ffbf46">ඔව්, ඔව්.
ඒක ඇත්ත.</font>

320
00:29:24,933 --> 00:29:27,267
<font color="#ffbf46">එහෙම වුණා නම්,</font>

321
00:29:27,267 --> 00:29:30,633
<font color="#ffbf46">පරම්පරා තුනක්ම විනාශ වෙනවා.</font>

322
00:29:30,633 --> 00:29:33,333
<font color="#ffbf46">රදළයන් කියන විදියටම,
එක්කෙනෙක්ට දඬුවම් කරලා සීයක් බිය ගන්වන්න ඕනේ!</font>

323
00:29:33,333 --> 00:29:34,367
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න,</font>

324
00:29:34,367 --> 00:29:38,667
<font color="#ffbf46">තමුන් කවද්ද මේ තරම් බුද්ධිමත්, ආකර්ෂණීය කෙනෙක් වුණේ?</font>

325
00:29:38,667 --> 00:29:40,600
<font color="#ffbf46">සිහියෙන් ඉන්නවා.</font>

326
00:29:42,000 --> 00:29:44,667
<font color="#ffbf46">කොහොම වුණත්, අපි වගේ නූගත් මිනිස්සුත් ඒක දන්නවා.</font>

327
00:29:44,667 --> 00:29:47,267
<font color="#ffbf46">කොහොමද රදළයන් මේක නොදැන ඉන්නේ?</font>

328
00:29:47,267 --> 00:29:49,667
<font color="#ffbf46">මාත් කියන්නේ ඒකමයි.
හරියටම හරි.</font>

329
00:29:50,332 --> 00:29:53,544
<font color="#ffbf46">ඒක ඇත්ත.
අපි වුණත් ඒක දන්නවා.</font>

330
00:29:56,467 --> 00:29:57,967
<font color="#ffbf46">ආර්යාවනි.
ඔව්, ඉයුන් ජෝ.</font>

331
00:29:57,967 --> 00:29:59,800
<font color="#ffbf46">ඉයුන් ජෝ, ඉයුන් ජෝ.
ඉයුන් ජෝ.</font>

332
00:29:59,800 --> 00:30:01,500
<font color="#ffbf46">ඉයුන් ජෝ.
ඉයුන් ජෝ.</font>

333
00:30:01,500 --> 00:30:02,567
<font color="#ffbf46">ඔබ තුමිය කියපු විදියටම,</font>

334
00:30:02,567 --> 00:30:05,967
<font color="#ffbf46">අපි අගනුවර හැම තැබෑරුමකම
ඒ කතාව පැතිරෙව්වා.</font>

335
00:30:05,967 --> 00:30:07,100
<font color="#ffbf46">ස්තූතියි.</font>

336
00:30:07,100 --> 00:30:10,100
<font color="#ffbf46">ඒත් අපි කටකතා පැතිරෙව්වා කියලා,</font>

337
00:30:10,100 --> 00:30:13,100
<font color="#ffbf46">ඔයාලා හිතනවද ඉම් සා හ්යොන්ග්ගේ
වැඩිමල් පුතා කොටු වෙයි කියලා?</font>

338
00:30:13,100 --> 00:30:14,267
<font color="#ffbf46">ඒක බිය ගැන්වීමක්.</font>

339
00:30:14,267 --> 00:30:18,500
<font color="#ffbf46">මිනිස්සු හැමෝම දැනටමත් දන්න ප්‍රතිඵලයක්
එයාලට ලේසියෙන් වෙනස් කරන්න බෑ.</font>

340
00:30:18,500 --> 00:30:22,200
<font color="#ffbf46">අනේ, මගේ පපුව තාම වේගෙන් ගැහෙනවා.</font>

341
00:30:22,200 --> 00:30:25,256
<font color="#ffbf46">මට විශ්වාස කරන්න බෑ මට උදව් කරපු
රාජකීය සහායකයා ඇත්තටම මහා කුමාරයා කියලා.</font>

342
00:30:25,256 --> 00:30:26,967
<font color="#ffbf46">මොනවද මේ කියන්නේ?</font>

343
00:30:26,967 --> 00:30:29,600
<font color="#ffbf46">තමුන් කියන්නේ වෙන පිරිමියෙක් නිසා
තමුන්ගේ හිත වේගෙන් ගැහෙනවා කියලද?</font>

344
00:30:29,600 --> 00:30:30,667
<font color="#ffbf46">මොන විකාරයක්ද?</font>

345
00:30:30,667 --> 00:30:31,767
<font color="#ffbf46">මම කිව්වේ ඒකද?</font>

346
00:30:31,767 --> 00:30:34,267
<font color="#ffbf46">මම කිව්වේ නැද්ද එයාගේ මූණ</font>

347
00:30:34,267 --> 00:30:37,800
<font color="#ffbf46">පාරවල් වල ඉන්න කැත මූණු වගේ නෙවෙයි කියලා?</font>

348
00:30:37,800 --> 00:30:39,633
<font color="#ffbf46">කැතයි?</font>

349
00:30:39,633 --> 00:30:41,500
<font color="#ffbf46">නුඹ වගේ පොඩි එකෙක්...</font>

350
00:30:41,500 --> 00:30:43,533
<font color="#ffbf46">පොඩි එකෙක්?
පොඩි එකෙක්!</font>

351
00:30:44,900 --> 00:30:46,300
<font color="#ffbf46">නසරානියෙක්?
නසරානියෙක්!</font>

352
00:30:46,300 --> 00:30:48,867
<font color="#ffbf46">නසරානියෙක්?
නසරානියෙක්!</font>

353
00:30:48,867 --> 00:30:50,700
<font color="#ffbf46">සද්ද නැතුව ඉන්නවා!</font>

354
00:30:50,700 --> 00:30:52,400
<font color="#ffbf46">කට වහගන්නවා.
කට වහගන්නවා.</font>

355
00:30:53,867 --> 00:30:56,333
<font color="#ffbf46">ඉතින් දැන් මොකද වෙන්නේ?</font>

356
00:30:56,333 --> 00:30:57,333
<font color="#ffbf46">හරි.</font>

357
00:30:57,333 --> 00:31:01,267
<font color="#ffbf46">ළඟදීම, එයාලත් එකතු වේවි අපි වගේම.
සුංක්‍යුන්ක්වාන් උගතුන්.</font>

358
00:31:01,267 --> 00:31:06,100
<font color="#ffbf46">ඔබ වහන්සේගේ නුවණැති තීරණය ලබා දෙන්න.</font>

359
00:31:06,100 --> 00:31:08,000
<font color="#ffbf46">මහරජතුමනි.</font>

360
00:31:08,000 --> 00:31:11,567
<font color="#ffbf46">මහා කුමාරයාව බිය ගැන්වීම කියන්නේ
ජොසොන් රාජ්‍යයටම කරපු අපහාසයක්.</font>

361
00:31:11,567 --> 00:31:14,433
<font color="#ffbf46">මගේ පියාණන් වුණත් මේක කරනවා.</font>

362
00:31:14,433 --> 00:31:18,433
<font color="#ffbf46">මේකට දරුණුම දඬුවම් දෙන්න ඕනේ.</font>

363
00:31:18,433 --> 00:31:21,933
<font color="#ffbf46">ඔබ වහන්සේගේ නුවණැති තීරණය ලබා දෙන්න.</font>

364
00:31:21,933 --> 00:31:26,400
<font color="#ffbf46">ඔබ වහන්සේගේ නුවණැති තීරණය ලබා දෙන්න.
ඔබ වහන්සේගේ නුවණැති තීරණය ලබා දෙන්න.</font>

365
00:31:26,400 --> 00:31:28,333
<font color="#ffbf46">මහරජතුමනි.</font>

366
00:31:28,333 --> 00:31:33,867
<font color="#ffbf46">ඉම් ස්යුන්ග් ජේගේ පවුලේ අය ගැන හොයලා බලන්න.</font>

367
00:31:33,867 --> 00:31:37,400
<font color="#ffbf46">ඉම් සා හ්යොන්ග් තමයි මේකේ මහ මොළකරු.</font>

368
00:31:37,400 --> 00:31:41,500
<font color="#ffbf46">ඔබ වහන්සේගේ නුවණැති තීරණය ලබා දෙන්න.</font>

369
00:31:41,500 --> 00:31:46,467
<font color="#ffbf46">ඔබ වහන්සේගේ නුවණැති තීරණය ලබා දෙන්න.
ඔබ වහන්සේගේ නුවණැති තීරණය ලබා දෙන්න.</font>

370
00:31:58,267 --> 00:32:02,133
<font color="#ffbf46">අපරාධකරු වන ඉම් ස්යුන්ග් ජේ,
ඇමති ඉම් සා හ්යොන්ග්ගේ වැඩිමල් පුත්‍රයා.</font>

371
00:32:02,133 --> 00:32:06,600
<font color="#ffbf46">මේ ඉන්නේ ඔහු අල්ලස් දීපු අය, මාලිගාවේ සේවිකාවන්
සහ දෝ වොල් කුමාරයාගේ නිවසේ සොල්දාදුවන්.</font>

372
00:32:10,467 --> 00:32:12,533
<font color="#ffbf46">ඔහු සාක්ෂි දුන්නා ඔහු ඔවුන්ව මැරුවේ</font>

373
00:32:12,533 --> 00:32:15,167
<font color="#ffbf46">ඉම් ස්යුන්ග් ජේගේ නියෝග මත කියලා.</font>

374
00:32:18,200 --> 00:32:19,933
<font color="#ffbf46">තීරණය.</font>

375
00:32:21,600 --> 00:32:26,167
<font color="#ffbf46">මෙවැනි දරුණු ක්‍රියාවක්
ඉම් ස්යුන්ග් ජේට තනිවම කරන්න බැහැ.</font>

376
00:32:27,467 --> 00:32:31,200
<font color="#ffbf46">වම් රාජ්‍ය මන්ත්‍රීතුමා මේකට සම්බන්ධද
කියලා අපි හොයලා බලන්න ඕනේ.</font>

377
00:32:33,833 --> 00:32:36,100
<font color="#ffbf46">මේක ඇත්තක්ද, වම් රාජ්‍ය මන්ත්‍රීතුමනි?</font>

378
00:32:44,467 --> 00:32:49,200
<font color="#ffbf46">අපරාධකරු ක්‍රියා කරලා තියෙන්නේ තනිවම, මහරජතුමනි.</font>

379
00:32:56,067 --> 00:32:58,333
<font color="#ffbf46">මොකක්ද කරන්න ඕනේ?</font>

380
00:32:59,567 --> 00:33:03,200
<font color="#ffbf46">රාජකීයත්වයට තර්ජනය කිරීම
මුතුන් මිත්තන්ගේ සමාධිය පවා දෙදරවන ක්‍රියාවක්.</font>

381
00:33:03,200 --> 00:33:06,967
<font color="#ffbf46">කිසිම අනුකම්පාවක් පෙන්නන්න හොඳ නැහැ.</font>

382
00:33:09,033 --> 00:33:10,767
<font color="#ffbf46">පියාණෙනි.</font>

383
00:33:14,467 --> 00:33:17,733
<font color="#ffbf46">මම හිතනවා හිස ගසා දැමීම සුදුසුයි කියලා.</font>

384
00:33:27,133 --> 00:33:29,100
<font color="#ffbf46">හිස ගසා දැමීම?</font>

385
00:33:29,100 --> 00:33:31,367
<font color="#ffbf46">මට මැරෙන්න ඕනේ නැහැ.</font>

386
00:33:31,367 --> 00:33:35,233
<font color="#ffbf46">අපේ පවුලේ කිසිම පව්කාරයෙක්ගේ නමක් නැහැ.</font>

387
00:33:44,411 --> 00:33:47,944
<font color="#ffbf46"></font>

388
00:33:49,833 --> 00:33:53,433
<font color="#ffbf46">අපරාධකරුව මරා දමන්න,
වම් රාජ්‍ය මන්ත්‍රීතුමා කිව්වා වගේම.</font>

389
00:33:53,433 --> 00:33:55,133
<font color="#ffbf46">එහෙමයි.</font>

390
00:33:56,133 --> 00:34:01,467
<font color="#ffbf46">තාත්තේ! තාත්තේ!</font>

391
00:34:03,100 --> 00:34:05,200
<font color="#ffbf46">තාත්තේ.</font>

392
00:34:16,567 --> 00:34:20,867
<font color="#ffbf46">පරණ කියමනක් තියෙනවා, ළමයි කියන්නේ බරක් කියලා.</font>

393
00:34:31,323 --> 00:34:33,499
<font color="#ffbf46">එපා, එපා!</font>

394
00:34:53,933 --> 00:34:55,800
<font color="#ffbf46">ඔහුට කියන්න.</font>

395
00:34:55,800 --> 00:34:59,033
<font color="#ffbf46">කුමාරයාණනි,
වම් රාජ්‍ය මන්ත්‍රීතුමා පැමිණියා.</font>

396
00:34:59,033 --> 00:35:00,733
<font color="#ffbf46">ඇතුළට එවන්න.</font>

397
00:35:13,733 --> 00:35:15,767
<font color="#ffbf46">කුමාරයාණනි.</font>

398
00:35:16,600 --> 00:35:18,300
<font color="#ffbf46">වාඩි වෙන්න.</font>

399
00:35:26,800 --> 00:35:31,433
<font color="#ffbf46">මගේ දරුවාගේ වරද කොයි තරම් බරපතලද කියනවා නම්,</font>

400
00:35:31,433 --> 00:35:35,633
<font color="#ffbf46">මම නිර්භීත වෙන්නේ නෑ ඔබ වහන්සේගේ සැප දුක අහන්නවත්.</font>

401
00:35:37,867 --> 00:35:40,500
<font color="#ffbf46">මට බැරි වුණා අද
රාජකීය ප්‍රශ්න කිරීම් වලට සහභාගී වෙන්න.</font>

402
00:35:40,500 --> 00:35:44,400
<font color="#ffbf46">ඔබ දන්නවානේ, මට කඩු පහරක් එල්ල උන 
නිසා ටිකක් ඇවිදින්න අමාරුයි කියලා.</font>

403
00:35:45,667 --> 00:35:50,700
<font color="#ffbf46">පිටුවහල් කළාට පස්සේ මගේ පුතාගේ හිස ගසා දානවා.</font>

404
00:35:52,400 --> 00:35:54,100
<font color="#ffbf46">එහෙනම් හරි තැනට ආවා.</font>

405
00:35:54,100 --> 00:36:00,200
<font color="#ffbf46">එයාලා කියනවා හොරකම් කරපු පැල්ලම හෝදලා යවන්න
පුළුවන් වුණාට, දරුවෙක් නිසා ඇති වුණ පැල්ලම යවන්න බෑ කියලා.</font>

406
00:36:00,200 --> 00:36:02,167
<font color="#ffbf46">මේ හැම දෙයක්ම වුණේ</font>

407
00:36:02,967 --> 00:36:05,267
<font color="#ffbf46">මගේ ගුණධර්ම වල අඩුවක් නිසයි.</font>

408
00:36:06,867 --> 00:36:12,167
<font color="#ffbf46">කතාවට කියනවානේ, 'දරුවෙක්ව ලෝකෙට බිහි කරන්න
පුළුවන් වුණාට, දරුවාගේ හිත හදන්න බෑ' කියලා.</font>

409
00:36:13,300 --> 00:36:16,400
<font color="#ffbf46">මට වැදුණු කඩු තුඩේ,</font>

410
00:36:17,067 --> 00:36:19,400
<font color="#ffbf46">මම විශ්වාස කරනවා තිබුණේ නෑ කියලා</font>

411
00:36:19,400 --> 00:36:21,100
<font color="#ffbf46">ඔබෙන් එහෙම අදහසක්.</font>

412
00:36:27,300 --> 00:36:29,733
<font color="#ffbf46">ඒක හරියටම ඔබ සහ මහා කුමාරයා කිව්වා වගේම වුණා.</font>

413
00:36:29,733 --> 00:36:31,067
<font color="#ffbf46">ඉම් සා හ්යොන්ග් ඇමතිතුමා</font>

414
00:36:31,067 --> 00:36:34,333
<font color="#ffbf46">තමන් බේරෙන්න තමන්ගේම දරුවාව බිල්ලට දුන්නා.</font>

415
00:36:34,333 --> 00:36:38,233
<font color="#ffbf46">හරියට එයා හොං ඇමතිතුමාට කළා වගේ,
එයාලා නිලධාරීන් වෙලා ඉන්න කාලේ.</font>

416
00:36:38,233 --> 00:36:42,533
<font color="#ffbf46">අපි සර්පයාගේ පුතාව ඇල්ලුවා,
ඉතින් දඩයම සාර්ථකයි.</font>

417
00:36:42,533 --> 00:36:46,733
<font color="#ffbf46">ඒ සුක් උයි බිසව උගතුන්ව එකතු කරපු නිසා.</font>

418
00:36:47,433 --> 00:36:50,133
<font color="#ffbf46">මහා කුමාරයා මාව හොයාගෙන ආවා
මම කවුද කියලා දැනගත්තට පස්සේ,</font>

419
00:36:50,133 --> 00:36:52,200
<font color="#ffbf46">එයා කිව්වා මුලින්ම ඉම් පවුල විනාශ කරලා,</font>

420
00:36:52,200 --> 00:36:56,167
<font color="#ffbf46">වෙලාව ආවම අනිත් දේවල් සාකච්ඡා කරනවා කියලා.</font>

421
00:36:56,167 --> 00:36:58,233
<font color="#ffbf46">මම දන්නවා.</font>

422
00:36:58,233 --> 00:37:01,167
<font color="#ffbf46">මම ඒ යෝජනාව භාරගත්තා,
ඒත් මට බයක් තියෙනවා.</font>

423
00:37:01,167 --> 00:37:04,200
<font color="#ffbf46">එයා සම්පූර්ණයෙන්ම සුව වෙන්න කලින් වැඩ කරන්න ගිහින්
මොකක් හරි වැරදුණොත්,</font>

424
00:37:04,200 --> 00:37:06,933
<font color="#ffbf46">අපිට කැරැල්ල පටන් ගන්නවත් හම්බ වෙන්නේ නෑ.</font>

425
00:37:06,933 --> 00:37:09,933
<font color="#ffbf46">අපිත් ඒක දන්නවා.</font>

426
00:37:10,633 --> 00:37:12,367
<font color="#ffbf46">ඔය දෙන්නා</font>

427
00:37:13,367 --> 00:37:15,667
<font color="#ffbf46">ගොඩක් ආදරෙන්ද ඉන්නේ?</font>

428
00:37:18,200 --> 00:37:20,267
<font color="#ffbf46">මට ඒක ගැන හිතන්න ඕනේ.</font>

429
00:37:20,267 --> 00:37:23,267
<font color="#ffbf46">මේ ආදරේ ප්‍රයෝජනවත් වෙයිද,</font>

430
00:37:23,267 --> 00:37:25,267
<font color="#ffbf46">නැත්නම් බාධාවක් වෙයිද කියලා.</font>

431
00:37:30,100 --> 00:37:32,367
<font color="#ffbf46">මේ ලෝකේ වෙනස් වෙනකම්,</font>

432
00:37:32,367 --> 00:37:34,667
<font color="#ffbf46">ඉන්නේ ගිල් දොං විතරයි.</font>

433
00:37:34,667 --> 00:37:38,133
<font color="#ffbf46">ගිල් දොං විදියටම එයා ළඟින් ඉන්න.</font>

434
00:37:38,133 --> 00:37:40,712
<font color="#ffbf46">ඔයාට විතරයි පුළුවන්</font>

435
00:37:40,712 --> 00:37:42,633
<font color="#ffbf46">දැන් මහා කුමාරයාව බලාගන්න.</font>

436
00:37:45,500 --> 00:37:47,867
<font color="#ffbf46">මම දැනටමත් ඒක කරනවා.</font>

437
00:37:56,000 --> 00:37:58,267
<font color="#ffbf46">සහායක සියෝ...</font>

438
00:37:58,267 --> 00:38:00,000
<font color="#ffbf46">මේ මම.</font>

439
00:38:05,100 --> 00:38:06,667
<font color="#ffbf46">මේ ඒකද?</font>

440
00:38:06,667 --> 00:38:09,800
<font color="#ffbf46">හැමදාම දේ චූ හැදුව බෙහෙත?</font>

441
00:38:11,367 --> 00:38:12,900
<font color="#ffbf46">ඔයා ආයේ එළියට බැස්සොත් මොනවා වෙයිද?</font>

442
00:38:12,900 --> 00:38:15,533
<font color="#ffbf46">මේක රාජකීය වෙදැදුරුතුමා අවසර දීපු ගමනක්.</font>

443
00:38:15,533 --> 00:38:19,167
<font color="#ffbf46">ප්‍රශ්න කිරීම් වලින් පස්සේ වුණත්,
ඔයා ඉන්න තිබුණේ ඔයාගේ කුටියට වෙලා.</font>

444
00:38:19,167 --> 00:38:22,567
<font color="#ffbf46">ඔයා සාක්ෂි හොයන අතරේවත් නිදාගත්තේ නෑ,
ඒත් ඔයා හොරෙන්ම එළියට ආවා?</font>

445
00:38:22,567 --> 00:38:24,367
<font color="#ffbf46">මම ඇවිදගෙන ආවේ, දන්නවානේ.</font>

446
00:38:28,333 --> 00:38:30,567
<font color="#ffbf46">ඔයා කෙට්ටු වෙලා.</font>

447
00:38:30,567 --> 00:38:34,067
<font color="#ffbf46">මට ආරංචි වුණා ඔයා කන්නේ නෑ කියලා
වෙලාවක් නෑ කියලා.</font>

448
00:38:35,167 --> 00:38:37,833
<font color="#ffbf46">දේ චූ ඔත්තු බැලුවද?</font>

449
00:38:37,833 --> 00:38:38,900
<font color="#ffbf46">මම ආපහු යන්න ඕනේ.</font>

450
00:38:38,900 --> 00:38:40,567
<font color="#ffbf46">ඔයාගේ කන්කෙඳිරි ගෑම කසාය වලට වඩා තිත්තයි.</font>

451
00:38:40,567 --> 00:38:43,367
<font color="#ffbf46">ඒක තිත්ත වෙලා තියෙන්නේ
ඔයා බඩගින්නේ බොන නිසා.</font>

452
00:38:47,867 --> 00:38:50,467
<font color="#ffbf46">ඔයා දැනටමත් එළියේ ඉන්න එකේ, මාත් එක්ක එන්න.</font>

453
00:38:51,233 --> 00:38:52,967
<font color="#ffbf46">කොහෙද?</font>

454
00:38:55,100 --> 00:38:58,300
<font color="#ffbf46">ඔයාගේ තැන කුකුළෝ හොඳයි කුකුල් මස් සුප් හදන්න.</font>

455
00:38:58,300 --> 00:39:02,167
<font color="#ffbf46">අනුන්ගේ කිකිළියෝ ගැන අමතක කරලා කන්නකෝ ඉතින්.</font>

456
00:39:02,167 --> 00:39:05,800
<font color="#ffbf46">බෙහෙත් වැඩ කරන්න නම් බඩ පිරිලා තියෙන්න ඕනේ.</font>

457
00:39:05,800 --> 00:39:07,367
<font color="#ffbf46">ඔයා වෙන කෙනෙක්ගේ ඇඟක් ගැන හොඳට බලාගන්නවානේ.</font>

458
00:39:07,367 --> 00:39:10,100
<font color="#ffbf46">දවස් කිහිපයකට කලින්,
මමත් හිටියේ ඔය ඇඟ ඇතුළේනේ.</font>

459
00:39:10,100 --> 00:39:11,667
<font color="#ffbf46">පරණ යාළුකමටනේ.</font>

460
00:39:11,667 --> 00:39:15,333
<font color="#ffbf46">එහෙනම් මම ආසාවෙන් හිටපු
ඔයාලගෙ ගෙදර කිකිළිවත් මම කන්න ඕනෙ.</font>

461
00:39:18,100 --> 00:39:20,433
<font color="#ffbf46">කන්න, තව එකක් කන්න.</font>

462
00:39:20,433 --> 00:39:23,567
<font color="#ffbf46">මොකද ඔයාව හොඳට බලාගන්නම් කියලත්
මම පොරොන්දු වුනානේ.</font>

463
00:39:23,567 --> 00:39:25,767
<font color="#ffbf46">කාටද? ගිහින් ඒ පොරොන්දුව ඉල්ලා අස්කරගන්න.</font>

464
00:39:25,767 --> 00:39:28,433
<font color="#ffbf46">ආපහු ගන්න බෑ, මම මුද්‍රාව තිබ්බනේ.</font>

465
00:39:30,533 --> 00:39:32,267
<font color="#ffbf46">ඉක්මනට කමු.</font>

466
00:39:38,300 --> 00:39:40,767
<font color="#ffbf46">ආත්ම මාරු වීම.</font>

467
00:39:40,767 --> 00:39:43,567
<font color="#ffbf46">නිකම් ජනකතාවක ප්‍රධාන චරිත වගේ.</font>

468
00:39:47,233 --> 00:39:48,767
<font color="#ffbf46">චුට්ටක් ඉන්න.</font>

469
00:39:48,767 --> 00:39:52,033
<font color="#ffbf46">එතකොට මම ආදරේ කලේ කාටද?</font>

470
00:39:56,567 --> 00:39:58,533
<font color="#ffbf46">මහ කුමාරයාටද?</font>

471
00:39:58,533 --> 00:39:59,867
<font color="#ffbf46">ඒයි, ඔයා.</font>

472
00:39:59,867 --> 00:40:02,000
<font color="#ffbf46">සින් පවුලේ හේ රිම් ආර්යාවට.</font>

473
00:40:05,033 --> 00:40:06,767
<font color="#ffbf46">ඉයුන් ජෝ?</font>

474
00:40:09,367 --> 00:40:11,667
<font color="#ffbf46">මම රස්නේ වතුර ගෙනාවා.</font>

475
00:40:14,567 --> 00:40:16,333
<font color="#ffbf46">කොට් සිම්.</font>

476
00:40:16,333 --> 00:40:21,367
<font color="#ffbf46">එකපාර දෙන්නෙක්ට කැමති වෙන්න පුලුවන්ද?</font>

477
00:40:21,367 --> 00:40:24,467
<font color="#ffbf46">ඔයාගේ හිත ආයෙමත් වෙන ලෝකෙක.</font>

478
00:40:24,467 --> 00:40:26,667
<font color="#ffbf46">මම ඔයාට සීතල වතුර ගේන්නම්.</font>

479
00:40:33,567 --> 00:40:35,667
<font color="#ffbf46">ඔයා කිව්ව නිසා මම කුකුළෙක්ම කෑවා.</font>

480
00:40:35,667 --> 00:40:37,367
<font color="#ffbf46">ඇයි ඔය වගේ මූණක්?</font>

481
00:40:38,400 --> 00:40:39,833
<font color="#ffbf46">මම දෙන්නෙක් කෑවේ නෑ කියලද?</font>

482
00:40:39,833 --> 00:40:42,433
<font color="#ffbf46">අනේ නෑ.</font>

483
00:40:43,867 --> 00:40:46,120
<font color="#ffbf46">යමු, මම තුන් දෙනෙක් කන්නම්.</font>

484
00:40:46,120 --> 00:40:49,767
<font color="#ffbf46">නෑ, ඇත්තටම ඒක නෙවෙයි.</font>

485
00:40:51,867 --> 00:40:53,000
<font color="#ffbf46">ඇත්තටම,</font>

486
00:40:53,000 --> 00:40:57,467
<font color="#ffbf46">අපේ ඇඟවල් ආයෙමත් මාරු වුනොත්
මොනවා වෙයිද කියලා මට බයයි.</font>

487
00:40:57,467 --> 00:41:01,500
<font color="#ffbf46">හැමදේම හොඳින් වගේ පෙනුනත්,
ඒ බය එකපාරටම එනවා.</font>

488
00:41:01,500 --> 00:41:03,067
<font color="#ffbf46">බය වෙන්න එපා.</font>

489
00:41:03,067 --> 00:41:05,600
<font color="#ffbf46">ඒක ආයේ වෙන්නේ නෑ.</font>

490
00:41:06,767 --> 00:41:12,233
<font color="#ffbf46">මොකද ඔයාවවත්, මාවවත්, වෙන කාවවත්
ආයේ මැරෙන්න මම ඉඩ තියන්නේ නෑ.</font>

491
00:41:12,233 --> 00:41:14,467
<font color="#ffbf46">ඔයා කොහොමද එච්චරටම විශ්වාසෙන් කියන්නේ?</font>

492
00:41:15,300 --> 00:41:16,700
<font color="#ffbf46">නිකන් දැනෙනවා.</font>

493
00:41:16,700 --> 00:41:20,400
<font color="#ffbf46">මේ පාර, මගේ ආත්මය මගේ ඇඟ ඇතුලේ
හරි විදියට තැන්පත් වෙලා වගේ දැනෙනවා.</font>

494
00:41:20,400 --> 00:41:22,267
<font color="#ffbf46">අනේ මන්දා, මම බැලුවේ මොකක්ද කියලා.</font>

495
00:41:22,267 --> 00:41:26,167
<font color="#ffbf46">ඔයාට ඔච්චරටම බය නම්,
මම හැමදාම ඔයාගේ ළඟට වෙලා ඉන්නම්.</font>

496
00:41:27,700 --> 00:41:32,133
<font color="#ffbf46">අපි දන්නවනේ වෙන් වුනාම
අපි දෙන්නටම ප්‍රශ්න ඇති වෙනවා කියලා.</font>

497
00:41:32,133 --> 00:41:33,833
<font color="#ffbf46">ඉතින් මම වෙන මොනවා කරන්නද?</font>

498
00:41:33,833 --> 00:41:36,767
<font color="#ffbf46">මට සිද්ධ වෙනවා ඔයාගේ ළඟටම වෙලා ඉන්න.</font>

499
00:41:39,333 --> 00:41:41,033
<font color="#ffbf46">ඒක භාරගන්න.</font>

500
00:41:41,033 --> 00:41:43,433
<font color="#ffbf46">ඒක දරුණු ඉරණමක් කියලා හිතාගන්න.</font>

501
00:41:46,467 --> 00:41:48,667
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

502
00:41:48,667 --> 00:41:50,367
<font color="#ffbf46">කවුද ඒ?</font>

503
00:41:58,467 --> 00:41:59,600
<font color="#ffbf46">මමයි.</font>

504
00:41:59,600 --> 00:42:01,200
<font color="#ffbf46">ඔයා මාව බය කළානේ!</font>

505
00:42:01,200 --> 00:42:02,900
<font color="#ffbf46">ඔයා හොරෙක්ද? ඇයි ඔහොම හොරෙන් එන්නේ?</font>

506
00:42:02,900 --> 00:42:07,867
<font color="#ffbf46">ඔයානේ කිව්වේ හොරෙක් වගේ හොරෙන් පස්සෙන් එන්න කියලා.
හැබැයි ඊට වඩා දක්ෂ විදියට.</font>

507
00:42:07,867 --> 00:42:09,600
<font color="#ffbf46">දිගටම ඔයාට හොරෙක් කියලා කියාගන්නද හදන්නේ?</font>

508
00:42:09,600 --> 00:42:11,400
<font color="#ffbf46">අහගෙන ඉන්න හොරාටත් තරහ යයි.</font>

509
00:42:11,400 --> 00:42:13,128
<font color="#ffbf46">ආ.</font>

510
00:42:15,900 --> 00:42:18,900
<font color="#ffbf46">සෝ නිලධාරිතුමා, ඔයා වෙලාවටමයි ආවේ.</font>

511
00:42:18,900 --> 00:42:21,900
<font color="#ffbf46">ඉම් සා හ්යොන්ග් උතුමාණන්ගේ නිවස ගැන බලන් ඉද්දි,</font>

512
00:42:21,900 --> 00:42:23,867
<font color="#ffbf46">ඔයාට අමුතු දෙයක් පෙනුනද?</font>

513
00:42:23,867 --> 00:42:25,200
<font color="#ffbf46">ඔයා මොකක්ද අදහස් කරන්නේ?</font>

514
00:42:25,200 --> 00:42:27,167
<font color="#ffbf46">අපේ පුංචි ස්වාමියා කියන විදියට,</font>

515
00:42:27,167 --> 00:42:29,667
<font color="#ffbf46">එයා ජේ යීව දැකලම නෑලු.</font>

516
00:42:29,667 --> 00:42:31,667
<font color="#ffbf46">මම සොක් සම් මාර්ගයෙනුත් හොයලා බැලුවා,</font>

517
00:42:31,667 --> 00:42:34,200
<font color="#ffbf46">හැමෝම කටවල් වහගෙන ඉන්නේ.</font>

518
00:42:34,200 --> 00:42:38,400
<font color="#ffbf46">මොකක් හරි වැරැද්දක් තියෙනවා,
විශේෂයෙන්ම මේ වෙලාවේ.</font>

519
00:42:41,233 --> 00:42:44,167
<font color="#ffbf46">ඇත්තටම, මමත් ඉම් ජේ යීව හෙව්වා.</font>

520
00:42:44,167 --> 00:42:46,833
<font color="#ffbf46">ඉම් පවුල බිඳ දාන්න කලින්,</font>

521
00:42:46,833 --> 00:42:49,367
<font color="#ffbf46">මම හිතුවා අඩුම ගානේ එක පාරක්වත් එයාව හම්බෙන්න ඕනේ කියලා.</font>

522
00:42:59,033 --> 00:43:01,500
<font color="#ffbf46">මම ඔයාට කතා කරලා කොච්චර වෙලාද, දැන් තමයි...</font>

523
00:43:10,833 --> 00:43:12,567
<font color="#ffbf46">ඇයි ඔයා මෙහේ?</font>

524
00:43:13,800 --> 00:43:16,600
<font color="#ffbf46">මහ කුමාරයාට ඔයාට කියන්න දෙයක් තියෙනවා.</font>

525
00:43:16,600 --> 00:43:19,067
<font color="#ffbf46">එයාටම එන්න තිබුනානේ.</font>

526
00:43:19,067 --> 00:43:21,200
<font color="#ffbf46">මමයි එන්න ඕනේ කියලා බල කළේ.</font>

527
00:43:21,200 --> 00:43:22,900
<font color="#ffbf46">මට එන්න සිද්ධ වුනා.</font>

528
00:43:23,967 --> 00:43:25,800
<font color="#ffbf46">කියන්න තියෙන දෙයක් කියලා යන්න.</font>

529
00:43:25,800 --> 00:43:28,733
<font color="#ffbf46">අපේ උතුමාණන් දැනගත්තොත්,
ඔයාට හොඳක් වෙන එකක් නෑ.</font>

530
00:43:29,533 --> 00:43:33,233
<font color="#ffbf46">එයාගේ සහෝදරයාට මොකද වුනේ කියලා
එයා දන්නේ නෑ.</font>

531
00:43:36,333 --> 00:43:38,433
<font color="#ffbf46">මහ කුමාරයා කිව්වා</font>

532
00:43:38,433 --> 00:43:43,100
<font color="#ffbf46">ඕනෑම වෛරයක් භාරගන්නවා කියලා.</font>

533
00:43:43,100 --> 00:43:44,833
<font color="#ffbf46">අවංකවම.</font>

534
00:43:45,733 --> 00:43:47,433
<font color="#ffbf46">වෛරයක්?</font>

535
00:43:52,467 --> 00:43:54,733
<font color="#ffbf46">එළියේ මොකක් හරි වුනාද?</font>

536
00:43:56,267 --> 00:43:58,200
<font color="#ffbf46">ඔයාට ඉක්මනට දැනගන්න ලැබෙයි.</font>

537
00:44:00,800 --> 00:44:02,867
<font color="#ffbf46">මම හිතනවා ඒකෙන් ඔයාට ගොඩක් රිදෙන එකක් නෑ කියලා.</font>

538
00:44:02,867 --> 00:44:05,800
<font color="#ffbf46">මම ඇත්තටමයි එහෙම කියන්නේ.</font>

539
00:44:16,567 --> 00:44:18,467
<font color="#ffbf46">හරි, මට තේරෙනවා.</font>

540
00:44:28,867 --> 00:44:32,167
<font color="#ffbf46">ගිය පාර ඊතලයක්, මේ පාර කඩුවක්.</font>

541
00:44:32,167 --> 00:44:34,167
<font color="#ffbf46">ඊළඟට මොකක් ඇනෙයිද?</font>

542
00:44:34,167 --> 00:44:36,233
<font color="#ffbf46">ඒක මගේ හදවතට ගහන ඇණයක් නම්, මම එපා කියනවා.</font>

543
00:44:36,233 --> 00:44:38,200
<font color="#ffbf46">දැනටමත් දුසිම් ගණනක් ගහලයි තියෙන්නේ.</font>

544
00:44:38,200 --> 00:44:41,700
<font color="#ffbf46">ඔයා කතා කරන හැම වචනයක් ගානේම කටු ඇනෙනවා.</font>

545
00:44:44,200 --> 00:44:45,900
<font color="#ffbf46">කොහොමද තත්වේ?</font>

546
00:44:46,933 --> 00:44:48,767
<font color="#ffbf46">එතුමා පුදුම තරම් ඉක්මනට සුව වෙනවා.</font>

547
00:44:48,767 --> 00:44:52,800
<font color="#ffbf46">ඇත්තටම, දෛවය මහ කුමාරයාගේ පැත්තේ.</font>

548
00:44:52,800 --> 00:44:54,033
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

549
00:44:54,033 --> 00:44:58,312
<font color="#ffbf46">ඇත්තෙන්ම, මුලින්ම ලැබුණු විශිෂ්ට ප්‍රතිකාරයත්
ඒකට හේතුවක් වුනා.</font>

550
00:44:58,312 --> 00:45:00,800
<font color="#ffbf46">ඒක දෛවයේ මැදිහත් වීමක්.</font>

551
00:45:00,800 --> 00:45:03,467
<font color="#ffbf46">මට දක්ෂ වෙදැදුරුතුමෙක්ව හම්බුනා.</font>

552
00:45:03,467 --> 00:45:05,267
<font color="#ffbf46">හැමෝම, එලියට යන්න.</font>

553
00:45:16,933 --> 00:45:19,000
<font color="#ffbf46">ඔයා එළියේ මොනවද කළේ?</font>

554
00:45:19,000 --> 00:45:22,133
<font color="#ffbf46">ඇයි ඉම් පවුල ඔයාව මරන්න හදන්නේ?</font>

555
00:45:22,133 --> 00:45:23,433
<font color="#ffbf46">අම්මේ.</font>

556
00:45:23,433 --> 00:45:26,300
<font color="#ffbf46">අම්මා කෙනෙක්ට එයාගේ පුතාගේ අනතුරක් ඉස්සෙල්ලම දැනෙනවා.</font>

557
00:45:26,300 --> 00:45:28,367
<font color="#ffbf46">දැන්ම කියන්න.</font>

558
00:45:28,367 --> 00:45:30,500
<font color="#ffbf46">කවදාහරි දවසක,</font>

559
00:45:30,500 --> 00:45:32,833
<font color="#ffbf46">මම අම්මට හැමදේම කියන්නම්.</font>

560
00:45:34,333 --> 00:45:36,767
<font color="#ffbf46">මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද?</font>

561
00:45:36,767 --> 00:45:38,867
<font color="#ffbf46">බය වෙන්න එපා.</font>

562
00:45:40,200 --> 00:45:41,992
<font color="#ffbf46">මම</font>

563
00:45:41,992 --> 00:45:44,100
<font color="#ffbf46">නොසැලකිලිමත් විදියට කිසි දෙයක් කරන්නේ නෑ.</font>

564
00:45:54,200 --> 00:45:57,000
<font color="#ffbf46">මම ඔය බැල්ම අඳුරනවා.</font>

565
00:45:57,000 --> 00:46:01,267
<font color="#ffbf46">ග්යොන්ගෝ අවුරුද්ද.
ඒ කාලේ තිබ්බ බැල්මමයි.</font>

566
00:46:01,267 --> 00:46:03,467
<font color="#ffbf46">ඔයා ඇයි එහෙම කියන්නේ?</font>

567
00:46:03,467 --> 00:46:06,167
<font color="#ffbf46">සුක් වි බිසවට එළිවෙන ජාමෙට මාව හම්බෙන්න කියන්න.</font>

568
00:46:09,367 --> 00:46:11,967
<font color="#ff3600"><b>රාජකීය විමර්ශන කාර්යාංශය</b></font>

569
00:46:27,733 --> 00:46:29,933
<font color="#ffbf46">තාත්තේ.</font>

570
00:46:35,333 --> 00:46:37,633
<font color="#ffbf46">හෙට, පිටුවහල් කරන තැනට යන අතරමගදී,</font>

571
00:46:37,633 --> 00:46:40,167
<font color="#ffbf46">ඔයාලට මංකොල්ලකාරයෝ වගයක් පහර දෙයි.</font>

572
00:46:40,167 --> 00:46:43,467
<font color="#ffbf46">අල්ලගත්තොත් එයාලත් එක්ක ගිහින් ජීවිතේ බේරගන්න.</font>

573
00:46:43,467 --> 00:46:46,133
<font color="#ffbf46">වෙලාව ආවම මම ඔයාට එන්න කියන්නම්.</font>

574
00:46:46,133 --> 00:46:47,443
<font color="#ffbf46">මම හිතුවේ</font>

575
00:46:47,443 --> 00:46:50,467
<font color="#ffbf46">ඔයා මාව අතහැරියා කියලා.</font>

576
00:46:50,467 --> 00:46:52,967
<font color="#ffbf46">එහෙම වෙන්නේ කොහොමද?</font>

577
00:47:04,467 --> 00:47:06,867
<font color="#ffbf46">ඔයාට ලොකු දුරක් යන්න තියෙනවා.</font>

578
00:47:06,867 --> 00:47:10,133
<font color="#ffbf46">හෙට යන්න කලින් මේක කාලා ඉන්න.</font>

579
00:47:12,333 --> 00:47:14,033
<font color="#ffbf46">තාත්තේ...</font>

580
00:47:16,100 --> 00:47:20,233
<font color="#ffbf46">ඉම් සා හ්යොන්ග්, හිරගෙදරදී රහසින්
ඉම් ස්‍යුන් ජේ එක්ක කතා කළා.</font>

581
00:47:20,233 --> 00:47:23,100
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතනවද ඉම් සා හ්යොන්ග්
ඉම් ස්‍යුන් ජේට පැනගන්න උදව් කරයි කියලා?</font>

582
00:47:23,767 --> 00:47:24,900
<font color="#ffbf46">ගොඩක් වෙලාවට.</font>

583
00:47:24,900 --> 00:47:27,600
<font color="#ffbf46">ලේ බැඳීම් අතහරින තාත්තලා නෑ.</font>

584
00:47:27,600 --> 00:47:31,932
<font color="#ffbf46">එහෙම වුනොත්, අපිට පුලුවන් ද්‍රෝහියෙක්ව හැංගුවා කියලා
ඉම් සා හ්යොන්ග් උතුමාණන්ට චෝදනා කරන්න.</font>

585
00:47:31,932 --> 00:47:33,160
<font color="#ffbf46">ආ.</font>

586
00:47:33,160 --> 00:47:35,633
<font color="#ffbf46">නයාව අල්ලන්න නයි පැටියව පාවිච්චි කරනවා වගේ?</font>

587
00:47:35,633 --> 00:47:37,000
<font color="#ffbf46">ඔයාට මුල ඉඳලම සැලැස්මක් තිබිලා තියෙනවා.</font>

588
00:47:37,000 --> 00:47:39,167
<font color="#ffbf46">පේන්න තියෙන දේ කියන එක ඔයාගේ විනෝදාංශයක්ද?</font>

589
00:47:39,167 --> 00:47:40,300
<font color="#ffbf46">මම ලෑස්ති කරන්න කිව්ව දේ ගැන මොකද?</font>

590
00:47:40,300 --> 00:47:42,767
<font color="#ffbf46">ආ, ඒක ලෑස්තියි.</font>

591
00:47:44,667 --> 00:47:48,000
<font color="#ffbf46">ඒත් කවුද යුධ ඇඳුම් අඳින්නේ?</font>

592
00:47:49,300 --> 00:47:51,000
<font color="#ffbf46">විශේෂ සෙබළු.</font>

593
00:47:55,467 --> 00:47:57,467
<font color="#ffbf46">අපිට වෙස්වලාගත්තු සෙබළු ඕනේ.</font>

594
00:47:57,467 --> 00:47:59,900
<font color="#ffbf46">රාජකීය සහායක කාන්ග් හමුදාව යෙදෙව්වොත්,</font>

595
00:47:59,900 --> 00:48:03,867
<font color="#ffbf46">ඉම් සා හ්යොන්ග් උතුමාණන්ට ඒක ආරංචි වෙයි.</font>

596
00:48:03,867 --> 00:48:07,100
<font color="#ffbf46">රහසින් වැඩ කරන්න නම්,
ඔයා ආවේ හරිම තැනට.</font>

597
00:48:07,100 --> 00:48:10,433
<font color="#ffbf46">මගේ තරුණ කාලේ, මම රදලයොන්ව
ගාණකට වට්ටලා තියෙනවා.</font>

598
00:48:10,433 --> 00:48:12,300
<font color="#ffbf46">ආයෙමත් පම්පෝරිය ගහනවා!</font>

599
00:48:13,067 --> 00:48:15,067
<font color="#ffbf46">මම හරිම ප්‍රසිද්ධයි, දන්නවද.</font>

600
00:48:15,067 --> 00:48:16,600
<font color="#ffbf46">වෙදැදුරු හොන්ග්, ඔයත් යනවද?</font>

601
00:48:16,600 --> 00:48:20,400
<font color="#ffbf46">ඔව්, හදිස්සියක් වුනොත් කියලා, මම ළඟපාතින් ඉන්නම්.</font>

602
00:48:20,400 --> 00:48:22,867
<font color="#ffbf46">පිටුවහල් කරන තැනට යන්න තියෙන එකම පාර මේකයි.</font>

603
00:48:22,867 --> 00:48:25,300
<font color="#ffbf46">ඉම් ස්‍යුන් ජේ තව පැයක් ඇතුළත එයි,</font>

604
00:48:25,300 --> 00:48:28,000
<font color="#ffbf46">ඒ නිසා අමාරු වුනත්,
අපි තව ටිකක් බලන් ඉමු.</font>

605
00:48:40,400 --> 00:48:42,633
<font color="#ffbf46">ඔයා මට කතා කළාද?</font>

606
00:48:42,633 --> 00:48:44,433
<font color="#ffbf46">ජේ යීව නිදහස් කරන්න.</font>

607
00:48:44,433 --> 00:48:47,133
<font color="#ffbf46">එයා එයාගේ සහෝදරයාව භාරගන්න ඕනේ.</font>

608
00:48:47,133 --> 00:48:48,867
<font color="#ffbf46">කුමාරයාණෙනි!</font>

609
00:48:52,633 --> 00:48:55,300
<font color="#ffbf46">එයාලා එයාව අල්ලගත්තද?
වැඩේ වැරදුනා.</font>

610
00:48:55,300 --> 00:48:57,367
<font color="#ffbf46">මොකක්ද?
ඔයාව නිදහස් කරන්න කියලා නියෝග කළා.</font>

611
00:48:57,367 --> 00:49:00,133
<font color="#ffbf46">වෙන කොහෙවත් යන්නේ නැතුව, කෙලින්ම ගෙදර යන්න.</font>

612
00:49:01,633 --> 00:49:03,633
<font color="#ffbf46">ඇයි?</font>

613
00:49:03,633 --> 00:49:05,333
<font color="#ffbf46">ඔයාගේ සහෝදරයා</font>

614
00:49:06,100 --> 00:49:08,400
<font color="#ffbf46">නැති වුනා.</font>

615
00:49:08,400 --> 00:49:09,933
<font color="#ffbf46">ඒක සියදිවි නසාගැනීමක් නෙවෙයි.</font>

616
00:49:09,933 --> 00:49:11,667
<font color="#ffbf46">ඔයා කියන්නේ එයාව මැරුවා කියලද?</font>

617
00:49:11,667 --> 00:49:15,167
<font color="#ffbf46">පිටුවහල් කරන්න පිටත් වෙන්න කලින්
එයා කාපු කෑමවලට වස දාලා තිබුනා.</font>

618
00:49:31,800 --> 00:49:36,467
<font color="#ffbf46">ඊට කලින් රෑ හිරගෙදරට කෑම ගෙනාවේ
ඉම් සා හ්යොන්ග්මයි.</font>

619
00:49:57,967 --> 00:50:00,700
<font color="#ffbf46">කොහොමද එයා තමන්ගේම අත්වලින්
තමන්ගේම පුතාව මරන්නේ?</font>

620
00:50:00,700 --> 00:50:03,433
<font color="#ffbf46">තිරිසන්නු වත් එහෙම දේවල් කරන්නේ නෑ.</font>

621
00:50:04,833 --> 00:50:09,133
<font color="#ffbf46">මහ කුමාරයයි මමයි
ඉම් සා හ්යොන්ග් උතුමාණන් ගැන වැරදියට තේරුම් ගත්තේ.</font>

622
00:50:14,700 --> 00:50:16,833
<font color="#ffbf46">ඔයා කියන්නේ අපි</font>

623
00:50:17,600 --> 00:50:20,733
<font color="#ffbf46">අවමංගල්‍යයක් ලෑස්ති කරන්න හොඳ නෑ කියලද?</font>

624
00:50:21,933 --> 00:50:24,633
<font color="#ffbf46">අපරාධකාරයෙක්ගේ මරණයක් වෙනුවෙන්</font>

625
00:50:24,633 --> 00:50:27,733
<font color="#ffbf46">ශෝක වෙන්නේ නෑ.</font>

626
00:50:27,733 --> 00:50:34,167
<font color="#ffbf46">අඬන සද්දයක්වත් මේ තාප්පවලින්
එළියට යන්න දෙන්න එපා.</font>

627
00:50:43,867 --> 00:50:50,000
<font color="#ffbf46">මේ ලොකු පුංචි ස්වාමියා ආසාවෙන් හිටපු ඇඳුම.</font>

628
00:50:50,000 --> 00:50:51,733
<font color="#ffbf46">එයා වෙනුවෙන් මේක පුච්චන්න.</font>

629
00:51:06,400 --> 00:51:10,900
<font color="#ffbf46">මිනිය පවුලේ සුසාන භූමියට මුහුණලා
රහසින් වැළලුවා.</font>

630
00:51:28,867 --> 00:51:32,333
<font color="#ffbf46">මම එයාලට මංකොල්ලකාරයෝ වගේ රඟපාන්න කියලා
ස්‍යුන් ජේව බේරගත්තා නම්,</font>

631
00:51:32,333 --> 00:51:36,133
<font color="#ffbf46">මටත් ඒ වරදටම දඬුවම් ලැබෙයි.</font>

632
00:51:37,600 --> 00:51:39,967
<font color="#ffbf46">ඒකෙන් මුළු පවුලම විනාශ වෙලා යයි.</font>

633
00:51:45,333 --> 00:51:48,333
<font color="#ffbf46">එයා ඇන්දේ හොඳම ඇඳුම් විතරයි,</font>

634
00:51:48,333 --> 00:51:51,333
<font color="#ffbf46">හැදුනේ වැඩුණේ හොඳම දේවල් එක්ක.</font>

635
00:51:56,300 --> 00:51:59,967
<font color="#ffbf46">එයා මංකොල්ලකාරයෝ පස්සේ ගිහින් හැංගිලා හිටියත්,</font>

636
00:52:01,467 --> 00:52:04,037
<font color="#ffbf46">එයාලගේ ජරා ජීවිතේ ඉවසගෙන ඉන්න බැරුව</font>

637
00:52:04,037 --> 00:52:05,800
<font color="#ffbf46">මාසයක් යන්න කලින් එයා මැරෙයි.</font>

638
00:52:05,800 --> 00:52:07,816
<font color="#ffbf46">ඒක</font>

639
00:52:07,816 --> 00:52:10,367
<font color="#ffbf46">තේරුමක් නැති මරණයක් වෙයි.</font>

640
00:52:12,167 --> 00:52:16,700
<font color="#ffbf46">හිස ගසා දමන එක නින්දාවක් කියලා මම දන්නවා,</font>

641
00:52:16,700 --> 00:52:20,600
<font color="#ffbf46">ඒත් එයාට එයාගේ දිව හපාගෙන මැරෙන්න තරම්
ධෛර්යයක් තිබුනේ නෑ.</font>

642
00:52:20,600 --> 00:52:22,700
<font color="#ffbf46">ඒ නිසා...</font>

643
00:52:22,700 --> 00:52:26,967
<font color="#ffbf46">අඩුම තරමේ, එයාගේ ශරීරයවත්
හානියක් නොවී තියෙන්න ඕනේ.</font>

644
00:52:27,733 --> 00:52:29,933
<font color="#ffbf46">ඔයා විශ්වාස කරන්නේ ඒකද?</font>

645
00:52:30,967 --> 00:52:32,600
<font color="#ffbf46">නෑ.</font>

646
00:52:32,600 --> 00:52:35,800
<font color="#ffbf46">ඔයාට දරාගන්න බැරි වුනා</font>

647
00:52:35,800 --> 00:52:40,800
<font color="#ffbf46">තමන්ගේ පුතා ටික දවසකින් ආපහු ඇවිල්ලා,
ජීවිතේ ඉල්ලලා වැඳ වැටෙනවා දකින්න.</font>

648
00:52:40,800 --> 00:52:44,333
<font color="#ffbf46">ඔයා නිකම්ම වැඩකට නැති ඉත්තෙක්ව අයින් කළා.</font>

649
00:52:46,500 --> 00:52:53,067
<font color="#ffbf46">බැලින්නම් ස්‍යුන් ජේ නෙවෙයි, ඔයයි
මට ගොඩක් සමාන.</font>

650
00:52:53,067 --> 00:52:55,433
<font color="#ffbf46">ඒක කොච්චර වේදනාකාරීද.</font>

651
00:52:55,433 --> 00:52:58,100
<font color="#ffbf46">දැන් ඉතුරු වෙලා ඉන්නේ මම විතරක් නිසා...</font>

652
00:52:58,100 --> 00:53:01,100
<font color="#ffbf46">ඔයා මගේ අණට පිටුපාන්න හිතනවා නම්,</font>

653
00:53:01,867 --> 00:53:04,700
<font color="#ffbf46">මම දුන්න නම අතහරින්න.</font>

654
00:53:10,967 --> 00:53:12,700
<font color="#ffbf46">මම හැමදේම ගන්නම්.</font>

655
00:53:12,700 --> 00:53:14,533
<font color="#ffbf46">මම දැන් ඒ නම අතහැරියොත්,</font>

656
00:53:14,533 --> 00:53:17,367
<font color="#ffbf46">මම කරපු හැම අරගලයක්ම තේරුමක් නැති වෙන්නේ නැද්ද?</font>

657
00:53:34,600 --> 00:53:36,767
<font color="#ffbf46">මේක මගේ අණක්.</font>

658
00:53:36,767 --> 00:53:39,533
<font color="#ffbf46">මගේ කඩුව වෙන්න</font>

659
00:53:39,533 --> 00:53:42,367
<font color="#ffbf46">සහ දෝ වොල් මහා කුමාරයාව මරලා දාන්න.</font>

660
00:54:09,300 --> 00:54:11,067
<font color="#ffbf46">කොහොමද ඔයා...</font>

661
00:54:12,967 --> 00:54:15,100
<font color="#ffbf46">මම තාප්පෙන් පැන්නා</font>

662
00:54:15,100 --> 00:54:16,867
<font color="#ffbf46">ඊට පස්සේ දොර ඇරියා.</font>

663
00:54:17,800 --> 00:54:21,533
<font color="#ffbf46">ඔයා බිලද ඉන්නේ?</font>

664
00:54:23,433 --> 00:54:25,667
<font color="#ffbf46">ඔව්, ටිකක් විතර.</font>

665
00:54:25,667 --> 00:54:30,367
<font color="#ffbf46">හෙට නැගිටිනකොට මේවා මුකුත්
මතක නැති වෙන තරමටම බිව්වා.</font>

666
00:54:35,533 --> 00:54:39,100
<font color="#ffbf46">මෙතන ඉන්න. මම වතුර ටිකක් ගේන්නම්.</font>

667
00:54:44,667 --> 00:54:47,633
<font color="#ffbf46">මම එයාගේ කඩුව වෙලා
මහා කුමාරයාව මරලා දැම්මොත්,</font>

668
00:54:48,500 --> 00:54:50,633
<font color="#ffbf46">ඔයාටත් දුක හිතෙයි නේද?</font>

669
00:54:51,900 --> 00:54:54,900
<font color="#ffbf46">ඒත්, ගොඩක් රිද්දගන්න එපා.</font>

670
00:54:54,900 --> 00:54:57,167
<font color="#ffbf46">ඔයාට ගොඩක් රිදෙනවට මම කැමති නෑ.</font>

671
00:54:57,167 --> 00:54:59,967
<font color="#ffbf46">මම ඇත්තටමයි කියන්නේ.</font>

672
00:55:01,133 --> 00:55:02,833
<font color="#ffbf46">මමත්</font>

673
00:55:03,533 --> 00:55:05,367
<font color="#ffbf46">එහෙමයි.</font>

674
00:55:14,667 --> 00:55:16,367
<font color="#ffe6b3"><i>එයා ගියාද?</i></font>

675
00:55:26,056 --> 00:55:28,072
<font color="#ffbf46">මම කණගාටු වෙනවා</font>

676
00:55:28,072 --> 00:55:29,733
<font color="#ffbf46">ඔයාගේ අයියට වෙච්ච දේ ගැන.</font>

677
00:55:30,767 --> 00:55:33,900
<font color="#ffbf46">යුද්ධ ප්‍රකාශ කරන්න නම් ආවේ,
ඒක හරියට කරලා යන්න.</font>

678
00:55:33,900 --> 00:55:35,467
<font color="#ffbf46">පසුතැවෙන්න ඉඩ තියන්නේ නැතුව.</font>

679
00:55:35,467 --> 00:55:39,467
<font color="#ffbf46">මගේ අරමුණ තවදුරටත්
ඔබතුමාගේ අරමුණම නෙවෙයි.</font>

680
00:55:42,400 --> 00:55:47,133
<font color="#ffbf46">අයියා වෙනුවෙන් පවුලයි තාත්තවයි රැකගන්න නම් හදන්නේ,
පුළුවන් උපරිමයෙන් ඒක කරන්න.</font>

681
00:55:47,133 --> 00:55:51,300
<font color="#ffbf46">මොකද මම පුළුවන් උපරිමයෙන්
ඔයාගේ පවුල විනාශ කරන්න හදන්නේ.</font>

682
00:55:51,300 --> 00:55:55,033
<font color="#ffbf46">මොකද මම රැකගන්න හදන දේ
තාම වෙනස් වෙලා නෑ.</font>

683
00:56:02,667 --> 00:56:07,167
<font color="#ffbf46">මෙතනින් ගියාට පස්සේ, ඔයයි මමයි හතුරෝ.
අපි එකිනෙකාට කඩු එල්ල කරගනීවි.</font>

684
00:56:08,000 --> 00:56:09,733
<font color="#ffbf46">එකඟද?</font>

685
00:56:10,500 --> 00:56:12,233
<font color="#ffbf46">එකඟයි.</font>

686
00:56:20,124 --> 00:56:23,144
<font color="#ffbf46">නෑ...</font>

687
00:56:23,144 --> 00:56:24,744
<font color="#ffbf46">මොකක්...</font>

688
00:56:24,744 --> 00:56:26,984
<font color="#ffbf46">කවුරු හරි...</font>

689
00:56:30,833 --> 00:56:33,700
<font color="#ffbf46">ඝාතකයව අල්ලගන්න!</font>

690
00:56:49,833 --> 00:56:52,667
<font color="#ffbf46">රාජකීය විමර්ශන කාර්යාංශය දැන්ම ගේන්න!</font>

691
00:56:56,100 --> 00:56:57,433
<font color="#ffbf46">උතුමාණන්ගේ නියෝගයෙන්!</font>

692
00:56:57,433 --> 00:57:00,066
<font color="#ffbf46">සාක්ෂියක් වෙන්න පුළුවන් ඕනම දෙයක්
ආපහු හොයන්න!</font>

693
00:57:00,067 --> 00:57:01,833
<font color="#ffbf46">එහෙමයි.
එහෙමයි.</font>

694
00:57:02,651 --> 00:57:06,300
<font color="#ffbf46">අනේ මන්දා.
හෙව්වා කියලා අපිට මුකුත් හොයාගන්න බැහැ.</font>

695
00:57:06,300 --> 00:57:09,467
<font color="#ffbf46">එදා රෑ මොකද වුණේ කියලා පැහැදිලිව කියන්න.</font>

696
00:57:09,467 --> 00:57:14,033
<font color="#ffbf46">ඉතින්, රජතුමා ගණිකාවන් පස්සේ යනකොට
ඊතලයක් වදින්න ගියා.</font>

697
00:57:14,033 --> 00:57:16,600
<font color="#ffbf46">අර කඳු ගැටේ උඩ හිටපු ඝාතකයගෙන්.</font>

698
00:57:16,600 --> 00:57:20,167
<font color="#ffbf46">ඒක දැකපු සොල්දාදුවෝ කියන විදිහට
එයා අඩි හයක් විතර උසයිලු.</font>

699
00:57:20,167 --> 00:57:22,100
<font color="#ffbf46">ඔයා වගේමයි.</font>

700
00:57:27,800 --> 00:57:29,267
<font color="#ffbf46">ඇයි මේක මෙතන තියෙන්නේ?</font>

701
00:57:29,267 --> 00:57:32,433
<font color="#ffbf46">ඇයි? මොකද ඒක
ඝාතකයා විදපු ඊතලයනේ.</font>

702
00:57:38,000 --> 00:57:39,733
<font color="#ffbf46">හොයාගත්තා.</font>

703
00:57:39,733 --> 00:57:41,433
<font color="#ffbf46">මොකක්ද හොයාගත්තේ?</font>

704
00:57:42,933 --> 00:57:44,767
<font color="#ffbf46">ඝාතකයගේ නම.</font>

705
00:57:46,067 --> 00:57:47,933
<font color="#ffbf46">ගිල් දොං.</font>

706
00:57:50,167 --> 00:57:53,300
<font color="#ffbf46">මේ තියෙන්නේ ඉම් සා හ්යොන් නිලධාරියෙක් කාලේ
වෙළඳාම් කරපු වෙළෙන්දන්ගේ නම් ලිස්ට් එකක්.</font>

707
00:57:53,300 --> 00:57:56,200
<font color="#ffbf46">එයාගේ තනතුර නැති කරන්න
මේක පාවිච්චි කරන්න පුළුවන් වෙයි.</font>

708
00:57:59,300 --> 00:58:00,733
<font color="#ffbf46">කුමරුනි.</font>

709
00:58:00,733 --> 00:58:02,767
<font color="#ffbf46">බලන්න.</font>

710
00:58:02,767 --> 00:58:04,267
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

711
00:58:04,267 --> 00:58:06,867
<font color="#ffbf46">මේ තියෙන්නේ ගිල් දොංගේ රූපේ ඇඳලා තියෙන විදිහ.</font>

712
00:58:06,867 --> 00:58:09,367
<font color="#ffbf46">රජතුමාට ඊතලෙන් විදපු ඝාතකයා ගිල් දොං ද?</font>

713
00:58:09,367 --> 00:58:13,833
<font color="#ffbf46">දැන් මේවා හැම තැනම අලවලා තියෙන්නේ.
දොරටු ගාව, පොළේ, අගනුවරින් පිටත් අලවලා.</font>

714
00:58:20,267 --> 00:58:22,267
<font color="#ffbf46">මේක රජතුමාගේ නියෝගයක්.</font>

715
00:58:22,267 --> 00:58:24,360
<font color="#ffbf46">ගිල් දොංව දකින කවුරු හරි</font>

716
00:58:24,360 --> 00:58:28,300
<font color="#ffbf46">දැකපු ගමන් මරලා දාන්න ඕනේ.</font>

717
00:58:29,833 --> 00:58:32,467
<font color="#ffbf46">ගිල් දොං දුනු ශිල්පයට හරි දක්ෂයි,</font>

718
00:58:32,467 --> 00:58:34,833
<font color="#ffbf46">අඩි හයක් විතර උස කෙනෙක්...</font>

719
00:58:36,433 --> 00:58:38,833
<font color="#ffbf46">අඩි හයක් උසයි?</font>

720
00:58:41,340 --> 00:58:46,632


721
00:58:49,833 --> 00:58:51,533
<font color="#ffe6b3"><i>මහා කුමාරයා.</i></font>

722
00:58:51,533 --> 00:58:53,767
<font color="#ffe6b3"><i>එයා ඉලක්ක කරන්නේ මහා කුමාරයාව.</i></font>

723
00:59:03,000 --> 00:59:05,633
<font color="#ffbf46">ඔයා මොකක්ද මේ කළේ කියලා දන්නවද?</font>

724
00:59:06,567 --> 00:59:08,200
<font color="#ffbf46">ගිල් දොං.</font>

725
00:59:08,200 --> 00:59:12,000
<font color="#ffbf46">මම එයාලව රැකගන්න
පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනකොට...</font>

726
00:59:15,233 --> 00:59:16,933
<font color="#ffbf46">ඔයා රාජකීයයෙක් නිසා,</font>

727
00:59:17,933 --> 00:59:20,933
<font color="#ffbf46">ඔයා භාර වුණොත්,
එකෙන් වෙන්නේ ඔයාව පිටුවහල් කරන එක.</font>

728
00:59:29,233 --> 00:59:31,000
<font color="#ffbf46">ඇයි මෙහෙට ආවේ?</font>

729
00:59:39,367 --> 00:59:40,967
<font color="#ffbf46">මාව අත්අඩංගුවට ගන්න.</font>

730
00:59:40,967 --> 00:59:42,667
<font color="#ffbf46">මම තමයි</font>

731
00:59:42,667 --> 00:59:44,567
<font color="#ffbf46">ගිල් දොං.</font>

732
00:59:56,433 --> 01:00:04,133
<b><font color="#fffcfe"><i>♫ අහඹු සිදුවීමක් වගේ,
ඔයා මගේ ළඟට ආවා ♫</i></font></b>

733
01:00:04,133 --> 01:00:10,733
<b><font color="#fffcfe"><i>♫ මගේ හදවත ගැඹුරින්ම,
ඔයාගේ පාටින් හැඩ කළා ♫</i></font></b>

734
01:00:10,733 --> 01:00:14,600
<b><font color="#fffcfe"><i>♫ දවසක් නෑර බලාගෙන හිටියත් ♫</i></font></b>

735
01:00:14,600 --> 01:00:18,067
<b><font color="#fffcfe"><i>♫ මගේ ඇස් ඉස්සරහා ඔයාව තියාගෙන හිටියත් ♫</i></font></b>

736
01:00:18,067 --> 01:00:23,833
<b><font color="#fffcfe"><i>♫ ඊයෙත්, අදත්, හෙටත්,
හැමදාම හීනයක් වගේ ♫</i></font></b>

737
01:00:23,833 --> 01:00:26,200
<b><font color="#fffcfe"><i>♫ හැමදාම ♫</i></font></b>

738
01:00:26,200 --> 01:00:34,067
<b><font color="#fffcfe"><i>♫ මම දුවලා දුවලා අන්තිමේදී
ඔයා ළඟට ආවා වගේ දැනෙනවා ♫</i></font></b>

739
01:00:34,067 --> 01:00:35,433
<font color="#ffbf46">මම ඔයාව විශ්වාස කළා නෙවෙයි.</font>

740
01:00:35,433 --> 01:00:36,900
<font color="#ffbf46">මම විශ්වාස කළේ ඉම් ජේ යීව.</font>

741
01:00:36,900 --> 01:00:38,200
<font color="#ffbf46">පරීක්ෂණ නවත්තන්න.</font>

742
01:00:38,200 --> 01:00:41,867
<font color="#ffbf46">සාක්ෂි හම්බවුණානේ. ඒ ගිල් දොං.</font>

743
01:00:41,867 --> 01:00:43,067
<font color="#ffbf46">මම යන්නම්.</font>

744
01:00:43,067 --> 01:00:44,467
<font color="#ffbf46">ඔයා දැන්ම යනවද?</font>

745
01:00:44,467 --> 01:00:47,567
<font color="#ffbf46">මම ගියාට පස්සේ මොනවා හරි වුණොත්,
ඉස්සරහට එන්න එපා.</font>

746
01:00:47,567 --> 01:00:48,667
<font color="#ffbf46">හැම තැනම හොඳට හොයන්න!</font>

747
01:00:48,667 --> 01:00:51,667
<font color="#ffbf46">උතුමාණන්ගේ පිස්සුව ග්යොන්ගෝ අවුරුද්දේ
ශෝධනයටත් වඩා දරුණුයි.</font>

748
01:00:51,667 --> 01:00:53,500
<font color="#ffbf46">ඔයා අඬන්නෙවත් නෑනේ.</font>

749
01:00:53,500 --> 01:00:56,267
<font color="#ffbf46">සේනාව ඔක්කොම අගනුවරට කැඳවන්න.</font>

750
01:00:56,267 --> 01:00:59,167
<font color="#ffbf46">අපි ගිල් දොංව අල්ලගන්න ඕනේ!</font>

751
01:00:59,167 --> 01:01:00,533
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

752
01:01:00,533 --> 01:01:03,533
<font color="#ffbf46">ඔයා ඇත්තටම නියම ගිල් දොං තමයි.</font>

753
01:01:03,557 --> 01:01:05,557
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

