1
00:00:42,938 --> 00:00:44,938
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:44,962 --> 00:00:46,297
<font color="#ffc846">හැමෝම ඉන්නේ පූජාවට ගිහින්.</font>

3
00:00:47,047 --> 00:00:49,049
<font color="#ffc846">අපි දැන් පැනලා ගියොත්, කවුරුවත් දැනගන්න එකක් නෑ.</font>

4
00:01:08,194 --> 00:01:09,195
<font color="#ffc846">බය හිතුණද?</font>

5
00:01:11,363 --> 00:01:13,532
<font color="#ffc846">එළියෙ ලෝකෙ හරි ලොකුයි, හරි ලස්සනයි.</font>

6
00:01:15,159 --> 00:01:16,619
<font color="#ffc846">කවුරුවත් ඔයාව හිරකරගෙන ඉන්නෙ නෑ.</font>

7
00:01:18,287 --> 00:01:22,958
<font color="#ffc846">ඔයාට නිදහසේ දුවලා,
කැමති තැනක යන්න පුළුවන්.</font>

8
00:01:23,292 --> 00:01:26,212
<font color="#ffc846">අපි ඉක්මනට යමු.
මේක තමයි අපිට තියෙන එකම අවස්ථාව.</font>

9
00:01:52,780 --> 00:01:53,781
<font color="#ffc846">වෑන්!</font>

10
00:02:34,572 --> 00:02:35,573
<font color="#ffc846">වොන්ජොන්ග්!</font>

11
00:02:37,908 --> 00:02:38,909
<font color="#ffc846">වොන්ජොන්ග්.</font>

12
00:02:41,412 --> 00:02:42,413
<font color="#ffc846">මම හින්දා...</font>

13
00:02:55,634 --> 00:03:02,266
<font color="#ffc846">වොන්ජොන්ග් ලොකු අරමුණකට වඩා එයාගේ
පෞද්ගලික හැඟීම් ගැන හිතුවා කියලා මම දැනගෙන හිටියා.</font>

14
00:03:03,100 --> 00:03:05,728
<font color="#ffc846">-ඒත් එයා මේ වගේ දෙයක් කරයි කියලා මම හිතුවේ නෑ...
-වෑන් ආපහු ඇවිල්ලා!</font>

15
00:03:20,743 --> 00:03:22,494
<font color="#ffc846">වොන්ජොන්ග්ව ඇතුළට ගන්න!</font>

16
00:03:25,706 --> 00:03:26,707
<font color="#ffc846">මාව අතාරින්න!</font>

17
00:03:27,249 --> 00:03:28,250
<font color="#ffc846">අතාරින්න!</font>

18
00:03:29,418 --> 00:03:31,629
<font color="#ffc846">අතාරින්න! මම කිව්වේ "මාව අතාරින්න" කියලා!</font>

19
00:04:07,581 --> 00:04:08,582
<font color="#ffc846">ඔයා හොඳින්ද?</font>

20
00:04:10,334 --> 00:04:11,627
<font color="#ffc846">මේ ඔක්කොම මගේ වැරැද්ද.</font>

21
00:04:36,777 --> 00:04:39,488
<font color="#ffc846">මට සමා වෙන්න. ඒක මගේ වැරැද්දක්.</font>

22
00:04:49,164 --> 00:04:52,167
<font color="#ffc846">මම දැන් යන්නම්.</font>

23
00:04:54,044 --> 00:04:55,546
<font color="#ffc846">මම ආවේ අන්තිම වතාවට සමුගන්න.</font>

24
00:04:56,797 --> 00:05:00,342
<font color="#ffc846">මේ බාධකය බිඳින්න නම්, මම පුහුණු වෙන්න ඕනේ.</font>

25
00:05:06,390 --> 00:05:09,268
<font color="#ffc846">ඊටපස්සේ, මම ඇවිත් ඔයාලා දෙන්නව බේරගන්නවා.</font>

26
00:05:10,686 --> 00:05:12,062
<font color="#ffc846">ඉතින් එතකන්...</font>

27
00:05:14,940 --> 00:05:15,983
<font color="#ffc846">කොහොමහරි පණ බේරගෙන ඉන්න.</font>

28
00:05:19,820 --> 00:05:21,864
<font color="#ffc846">මැරෙන්න හිතුණත්,
ජීවත් වෙන්න ට්‍රයි කරන්න.</font>

29
00:05:24,116 --> 00:05:25,284
<font color="#ffc846">පොරොන්දු වෙන්න පුළුවන්ද?</font>

30
00:05:27,828 --> 00:05:29,121
<font color="#ffc846">ඔයා ආපහු එනවද?</font>

31
00:05:31,749 --> 00:05:34,084
<font color="#ffc846">මොන දේ වුණත් ඔයාව බේරගන්න මම ආපහු එනවා.</font>

32
00:05:41,008 --> 00:05:42,009
<font color="#ffc846">ප්ලීස් මං වෙනුවෙන් ඉන්න.</font>

33
00:05:48,640 --> 00:05:49,641
<font color="#ffc846">මම පොරොන්දු වෙනවා.</font>

34
00:07:11,932 --> 00:07:12,933
<font color="#ffc846">ෆාදර්?</font>

35
00:07:15,602 --> 00:07:16,937
<font color="#ffc846">මට සමා වෙන්න ඕනේ.</font>

36
00:07:17,020 --> 00:07:21,775
<font color="#ffc846">ඇත්තම කිව්වොත්, පදවියෙන් එවපු යක්ෂයන් පලවා හරින්නා
කොරියානු ජාතිකයෙක් වෙයි කියලා මම හිතුවේ නෑ...</font>

37
00:07:22,776 --> 00:07:26,488
<font color="#ffc846">අනික මම හිතුවෙත් නෑ ඔයා
මෙච්චර තරුණ කෙනෙක් වෙයි කියලා.</font>

38
00:07:27,281 --> 00:07:29,241
<font color="#ffc846">මගේ අතින් වැරැද්දක් වුණා නම් සමා වෙන්න.</font>

39
00:07:29,658 --> 00:07:30,701
<font color="#ffc846">ඒකේ අවුලක් නෑ.</font>

40
00:07:30,784 --> 00:07:33,537
<font color="#ffc846">ඔයා අන්තිමට කොරියාවේ ඉඳලා ගිහින්
දැන් කොච්චර කල් වෙනවද?</font>

41
00:07:34,246 --> 00:07:35,789
<font color="#ffc846">අවුරුදු දහයක් විතර.</font>

42
00:07:36,290 --> 00:07:37,875
<font color="#ffc846">මම කොරියාවෙන් යද්දි මට වයස දහයයි.</font>

43
00:07:39,293 --> 00:07:43,088
<font color="#ffc846">ඒත් මට නුහුරු ගතියක් දැනෙන්නේ නෑ.
ඇත්තටම මට දැනෙන්නේ මට මේක ගොඩක් මගහැරිලා තිබුණා වගේ.</font>

44
00:07:43,839 --> 00:07:45,632
<font color="#ffc846">ඔයාට හොඳට කොරියන් කතා කරන්න පුළුවන්නේ.</font>

45
00:07:46,425 --> 00:07:48,594
<font color="#ffc846">මම කේ-පොප් සහ කේ-ඩ්‍රාමා වලට ගොඩක් ආසයි.</font>

46
00:07:49,219 --> 00:07:50,220
<font color="#ffc846">ඒක ගොඩක් උදව් වුණා.</font>

47
00:07:52,973 --> 00:07:54,057
<font color="#ffc846">එහෙමද.</font>

48
00:07:54,349 --> 00:07:57,686
<font color="#ffc846">අපි මේ හම්බවුණ පළවෙනි වතාව,
ඒ හින්දා මම මෙහෙම කියන එක හරිද මන්දා,</font>

49
00:07:58,187 --> 00:08:00,856
<font color="#ffc846">ඒත් ඔයා කරලා තියෙන දේවල්
ඇත්තටම පුදුම හිතෙනවා.</font>

50
00:08:02,941 --> 00:08:03,942
<font color="#ffc846">අපෝ නෑ, එච්චරම දෙයක් නෑ.</font>

51
00:08:05,235 --> 00:08:08,822
<font color="#ffc846">ඔයා කරපු හොඳම වැඩක් තමයි 2017දි
ඇමරිකාවේ ඩිට්‍රොයිට් වලදි</font>

52
00:08:08,906 --> 00:08:11,366
<font color="#ffc846">යක්ෂයෙක් එලවපු එක, නේද?</font>

53
00:08:11,658 --> 00:08:13,869
<font color="#ffc846">ඒක වුණේ 2018දි.
"ෆේස් ඔෆ් ඩෙවිල්" සිද්ධිය.</font>

54
00:08:14,077 --> 00:08:16,830
<font color="#ffc846">එතකොට ඔයාට වයස 17ක් විතර ඇති.</font>

55
00:08:17,247 --> 00:08:18,707
<font color="#ffc846">මට නිකන් වාසනාව තිබුණා.</font>

56
00:08:18,790 --> 00:08:21,293
<font color="#ffc846">ගිය අවුරුද්දේ, ස්පාඤ්ඤයේ ඔලයිට් වලදි,</font>

57
00:08:21,376 --> 00:08:25,964
<font color="#ffc846">යක්ෂයෙක්ව අදහන කෙනෙක්ව ඔයා තනියම
මෙල්ල කළා කියලත් මට ආරංචි වුණා.</font>

58
00:08:26,048 --> 00:08:29,843
<font color="#ffc846">මට ඒකට විනාඩි තුනයි ගියේ.
ඒත් මම හින්දා අනිත් අයට ගොඩක් කරදර වුණා.</font>

59
00:08:29,927 --> 00:08:33,263
<font color="#ffc846">මොකද මගේ ඉලක්කය පොඩ්ඩක් වැරදුණා.</font>

60
00:08:33,347 --> 00:08:35,682
<font color="#ffc846">ඔයා ඕනවට වඩා නිහතමානී වෙනවා නේද?</font>

61
00:08:35,891 --> 00:08:37,184
<font color="#ffc846">මම එච්චර ලොකු කෙනෙක් නෙවෙයි.</font>

62
00:08:37,726 --> 00:08:39,770
<font color="#ffc846">මට ආරංචි වුණු විදිහට නම්, ඔයා කැපවෙලා තියෙන්නේ</font>

63
00:08:39,853 --> 00:08:42,940
<font color="#ffc846">ඔයාගේ මුළු ජීවිත කාලෙම එකම එක අරමුණක් වෙනුවෙන් විතරයි.</font>

64
00:08:44,483 --> 00:08:45,484
<font color="#ffc846">ගැලවුම්කාරයාව</font>

65
00:08:46,360 --> 00:08:47,361
<font color="#ffc846">ආරක්ෂා කරන එක.</font>

66
00:08:50,280 --> 00:08:51,740
<font color="#ffc846">මම හිතන්නේ ඔයා ඕනවට වඩා පරිස්සම් වෙනවා.</font>

67
00:08:52,491 --> 00:08:54,743
<font color="#ffc846">ඔයා මොකක් ගැනද කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ.</font>

68
00:08:54,826 --> 00:08:56,078
<font color="#ffc846">ෆාදර්, ඔයත් දන්නවා නේද?</font>

69
00:08:57,537 --> 00:08:58,705
<font color="#ffc846">අර අනාවැකිය ගැන.</font>

70
00:09:01,917 --> 00:09:03,168
<font color="#ffc846">ඒ අනාවැකියට අනුව,</font>

71
00:09:04,544 --> 00:09:06,964
<font color="#ffc846">ලෝකය නපුරෙන් වැහිලා යන්න ඔන්න මෙන්න තියෙද්දි,</font>

72
00:09:08,298 --> 00:09:13,053
<font color="#ffc846">ලෝක විනාශය නවත්තන්න පුළුවන් එකම ගැලවුම්කාරයා පහළ වුණා.</font>

73
00:09:14,429 --> 00:09:18,976
<font color="#ffc846">හැබැයි, අවාසනාවට වගේ,
එයාට එයාගේ රාජකාරිය ඉෂ්ට කරන්න බැරි වුණා.</font>

74
00:09:20,102 --> 00:09:24,273
<font color="#ffc846">ඒත් ප්‍රශ්නෙ කියන්නේ ලෝකය ආයෙත් පාරක්
නපුරෙන් වැහිලා යන්නයි හදන්නේ.</font>

75
00:09:25,732 --> 00:09:26,733
<font color="#ffc846">ආයෙමත් වතාවක්,</font>

76
00:09:27,526 --> 00:09:28,944
<font color="#ffc846">අන්ධකාරය ලෝකය වහගන්න පුළුවන්.</font>

77
00:09:30,028 --> 00:09:31,363
<font color="#ffc846">මේ හැමදේම එක්ක බැලුවම,</font>

78
00:09:31,446 --> 00:09:33,782
<font color="#ffc846">වොන් මි-හෝ කියන්නේ</font>

79
00:09:33,865 --> 00:09:36,910
<font color="#ffc846">ඔයා මෙච්චර කල් ආරක්ෂා කරගෙන ආපු ගැලවුම්කාරයා බව පැහැදිලියි.</font>

80
00:09:38,745 --> 00:09:39,913
<font color="#ffc846">ඔයා ඒක හැමෝටම වඩා හොඳට දන්නවා ඇතිනේ.</font>

81
00:09:40,831 --> 00:09:42,457
<font color="#ffc846">ඔයා මොනවද කරන්න හදන්නේ?</font>

82
00:09:43,083 --> 00:09:44,084
<font color="#ffc846">මම මොනවා කරන්නද?</font>

83
00:09:45,168 --> 00:09:47,254
<font color="#ffc846">සරලවම කිව්වොත්, මම ආරක්ෂා කරනවා</font>

84
00:09:48,547 --> 00:09:49,589
<font color="#ffc846">සහ අවදි කරනවා.</font>

85
00:09:51,466 --> 00:09:52,759
<font color="#ffc846">ඒක ලේසි වෙන එකක් නෑ,</font>

86
00:09:53,510 --> 00:09:56,054
<font color="#ffc846">ආරක්ෂා කරන එක වුණත්, අවදි කරන එක වුණත්.</font>

87
00:09:57,139 --> 00:09:59,891
<font color="#ffc846">අනේ ෆාදර්, ඔයා කලින් මාව පිළිගත්තානේ.</font>

88
00:10:00,392 --> 00:10:02,811
<font color="#ffc846">අනික මම ඔයා හිතනවට වඩා දක්ෂයි.</font>

89
00:10:07,274 --> 00:10:09,818
<font color="#ffc846">මමත් අනාවැකියේ තියෙන දේවල් ගැන හොයන්න බැලුවා.</font>

90
00:10:10,193 --> 00:10:11,486
<font color="#ffc846">ඒත් මට හොයාගන්න බැරි වුණා.</font>

91
00:10:12,612 --> 00:10:14,906
<font color="#ffc846">ඒකයි මම සියැසින්ම බලාගන්න උත්සාහ කරන්නේ.</font>

92
00:10:14,990 --> 00:10:19,828
<font color="#ffc846">ලඟදීම දවසක මම මිස් මි-හෝට මාව ඔයාගේ ඥාති පුතෙක් විදිහට
අඳුන්වලා දෙන්නම්.</font>

93
00:10:20,329 --> 00:10:21,330
<font color="#ffc846">හරි.</font>

94
00:10:21,580 --> 00:10:24,291
<font color="#ffc846">වොන් මි-හෝව හම්බවෙනකල් මට ඉවසිල්ලක් නෑ.</font>

95
00:10:27,461 --> 00:10:30,630
<font color="#ffc846">ඒ වගේම අනාවැකියේ කියවෙන අඳුරේ ඉන්න මනුස්සයවත්.</font>

96
00:10:38,013 --> 00:10:39,014
<font color="#ffc846">කියන්න, මිස්.</font>

97
00:10:39,389 --> 00:10:42,267
<font color="#ffc846">මිස්ටර්, මම ඉන්න තැනට වාහනයක් එවන්න පුළුවන්ද?</font>

98
00:10:44,353 --> 00:10:45,354
<font color="#ffc846">මිස්?</font>

99
00:10:45,437 --> 00:10:48,231
<font color="#ffc846">මම බිජරිම් පාර දිගේ ආවා.</font>

100
00:10:49,232 --> 00:10:51,360
<font color="#ffc846">ප්ලීස් ඉක්මනට එන්න, හරිද?</font>

101
00:10:51,985 --> 00:10:52,986
<font color="#ffc846">මිස්.</font>

102
00:10:54,237 --> 00:10:55,238
<font color="#ffc846">මිස්?</font>

103
00:13:13,168 --> 00:13:14,961
<font color="#ffc846">ඔයා කවුද?</font>

104
00:13:29,017 --> 00:13:30,101
<font color="#ffc846">මෙතනින් පැනලා යන්න එපා.</font>

105
00:13:32,062 --> 00:13:33,688
<font color="#ffc846">ඔයාට බේරෙන්න පුළුවන් එහෙම විතරයි.</font>

106
00:13:44,824 --> 00:13:45,825
<font color="#ffc846">මිස්!</font>

107
00:13:46,618 --> 00:13:47,619
<font color="#ffc846">මිස්!</font>

108
00:13:47,702 --> 00:13:49,037
<font color="#ffc846">-මිස්ටර්.
-ඔයාට අවුලක් නෑ නේද?</font>

109
00:13:59,756 --> 00:14:00,757
<font color="#ffc846">ඉතින්...</font>

110
00:14:02,175 --> 00:14:03,510
<font color="#ffc846">ඔයා මිනීමරුවෙක්ව දැක්කා?</font>

111
00:14:04,177 --> 00:14:06,846
<font color="#ffc846">ඔව්. මම කී පාරක් කියන්න ඕනෙද?</font>

112
00:14:08,306 --> 00:14:11,309
<font color="#ffc846">ලේකම් කාන්ග් මෘගයෙක් විදිහට වෙනස් වුණා.</font>

113
00:14:11,393 --> 00:14:13,770
<font color="#ffc846">ඊටපස්සේ අර පිස්සා... නෑ අර යක්ෂයා</font>

114
00:14:13,979 --> 00:14:15,689
<font color="#ffc846">ලේකම් කාන්ග්ව මැරුවා</font>

115
00:14:16,106 --> 00:14:17,732
<font color="#ffc846">මෙන්න මෙහෙම කෑලි කෑලි වලට කපලා.</font>

116
00:14:19,067 --> 00:14:20,068
<font color="#ffc846">මෘගයෙක්...</font>

117
00:14:20,735 --> 00:14:21,861
<font color="#ffc846">සහ යක්ෂයෙක්?</font>

118
00:14:21,945 --> 00:14:23,154
<font color="#ffc846">අනික කෑලි වලටත් කැපුවා?</font>

119
00:14:25,699 --> 00:14:27,867
<font color="#ffc846">මම දන්නවා මේක විශ්වාස කරන්න අමාරුයි කියලා.</font>

120
00:14:27,951 --> 00:14:32,914
<font color="#ffc846">විශ්වාස කරන්න අමාරු බව දැන දැනත්,
මම මේ දේවල් කියනකොට...</font>

121
00:14:34,958 --> 00:14:36,459
<font color="#ffc846">මට පිස්සු වගේ පේනවා ඇති නේද?</font>

122
00:14:37,794 --> 00:14:39,129
<font color="#ffc846">දැන් මෙතන පිස්සු හැදිලා තියෙන්නේ මට විතරයි.</font>

123
00:14:39,671 --> 00:14:40,797
<font color="#ffc846">එහෙම නේද?</font>

124
00:14:40,880 --> 00:14:41,881
<font color="#ffc846">මිස්.</font>

125
00:14:42,173 --> 00:14:43,883
<font color="#ffc846">ඔයා මම කියන දේ විශ්වාස කරනවා නේද?</font>

126
00:14:44,384 --> 00:14:46,177
<font color="#ffc846">ඔව්, මම විශ්වාස කරනවා. ආමෙන්.</font>

127
00:14:48,221 --> 00:14:51,308
<font color="#ffc846">ඒක වැඩක් නෑ.
තාත්තට කියන්න මට ප්‍රයිවට් ජෙට් එකක් එවන්න කියලා.</font>

128
00:14:52,017 --> 00:14:53,560
<font color="#ffc846">මට තවත් මෙහෙ ඉන්න බෑ.</font>

129
00:14:53,935 --> 00:14:55,687
<font color="#ffc846">-මම දැන්ම සෝල් වලට යනවා.
-මිස්.</font>

130
00:14:56,104 --> 00:14:57,230
<font color="#ffc846">සන්සුන් වෙන්න--</font>

131
00:14:57,314 --> 00:14:59,024
<font color="#ffc846">මම කොහොමද සන්සුන් වෙන්නේ?</font>

132
00:14:59,107 --> 00:15:01,526
<font color="#ffc846">මිනිහෙක්ව කෑලි කෑලි වලට කපලා දානවා
මගේ ඇස් දෙකෙන් දැකලා තියෙද්දි?</font>

133
00:15:01,610 --> 00:15:03,403
<font color="#ffc846">ඔයා ගිහින් කාර් එකේ ඉන්නකො,</font>

134
00:15:03,486 --> 00:15:06,448
<font color="#ffc846">මම සභාපතිතුමාට කෝල් එකක් ගන්නම්.</font>

135
00:15:11,911 --> 00:15:14,247
<font color="#ffc846">මට නම් හිතෙන්නේ වොන් මි-හෝ සිහියෙන් නෙවෙයි ඉන්නේ.</font>

136
00:15:17,459 --> 00:15:19,919
<font color="#ffc846">එයා මත්ද්‍රව්‍ය ගන්නවද?</font>

137
00:15:20,003 --> 00:15:21,004
<font color="#ffc846">පිස්සුද, එහෙම නෑ.</font>

138
00:15:21,880 --> 00:15:25,342
<font color="#ffc846">අවශ්‍ය වුණොත්, අපි ප්‍රශ්න කරන්න
පොලිසියට එන්නම්.</font>

139
00:15:26,384 --> 00:15:28,219
<font color="#ffc846">එපා, ඔයාලා එහෙම කරන්න ඕනෙ නෑ.</font>

140
00:15:30,472 --> 00:15:31,931
<font color="#ffc846">දේහාන් ගෲප් එකේ එකම දුවනේ.</font>

141
00:15:36,102 --> 00:15:37,103
<font color="#ffc846">ලොකු හිසරදයක් වෙන්න ඇති.</font>

142
00:15:42,192 --> 00:15:43,193
<font color="#ffc846">මිස්?</font>

143
00:15:47,864 --> 00:15:49,282
<font color="#ffc846">වොන් තේ-හාන්, සභාපති</font>

144
00:15:50,617 --> 00:15:51,618
<font color="#ffc846">ඔව්, සර්.</font>

145
00:15:54,788 --> 00:15:56,414
<font color="#ffc846">එයාට ගොඩක් මහන්සි පාටයි.</font>

146
00:15:57,832 --> 00:15:59,793
<font color="#ffc846">මම හිතන්නේ එයා ඉක්මනට නිදාගත්තා.</font>

147
00:16:01,336 --> 00:16:04,339
<font color="#ffc846">නොදන්න පළාතකට ආපු පළවෙනි වතාවනේ,</font>

148
00:16:04,422 --> 00:16:06,758
<font color="#ffc846">ඉතින් එයාට මේකට හුරුවෙන්න ටික කාලයක් යයි වගේ.</font>

149
00:16:08,051 --> 00:16:09,052
<font color="#ffc846">හරි, සර්.</font>

150
00:16:10,553 --> 00:16:13,473
<font color="#ffc846">මම එයා ගැන හොඳට බලන්නම්.</font>

151
00:16:19,979 --> 00:16:21,773
<font color="#ffc846">මම කිව්ව දේ මටවත් විශ්වාස කරන්න බෑ.</font>

152
00:16:29,197 --> 00:16:30,740
<font color="#ffc846">ඔව්, ඔයා කොහෙද ඉන්නේ?</font>

153
00:16:31,157 --> 00:16:33,535
<font color="#ffc88f"><b><i>ඔය ලිපිනය සිතියමේ නෑනේ.</i></b></font>

154
00:16:35,453 --> 00:16:37,872
<font color="#ffc846">ඔයා අර මම කියපු කන්ද ගාවද ඉන්නේ?</font>

155
00:16:38,164 --> 00:16:39,165
<b><font color="#ffc88f"><i>ඔව්.</i></font></b>

156
00:16:39,374 --> 00:16:41,918
<font color="#ffc846">එහෙනම් කමක් නෑ. මම දැන් පල්ලෙහාට එන ගමන්.</font>

157
00:16:42,502 --> 00:16:44,462
<b><font color="#ffc88f"><i>-ඔයා කොහෙද යන්නේ?</i>
-එයාර්පෝට් එකට.</font></b>

158
00:17:06,234 --> 00:17:10,363
<font color="#ffc846">ජේජු ජාත්‍යන්තර ගුවන් තොටුපළ</font>

159
00:17:10,655 --> 00:17:12,490
<font color="#ffc846">ඔතනින් අයින් කරලා නවත්තන්න පුළුවන්ද?</font>

160
00:17:34,387 --> 00:17:37,140
<font color="#ffc846">මේක එයාර්පෝට් එකක් වෙලත්
ලයිට් ටිකවත් හදන්නේ නෑනේ.</font>

161
00:17:40,101 --> 00:17:41,102
<font color="#ffc846">ඒ මොකක්ද?</font>

162
00:17:41,603 --> 00:17:42,604
<font color="#ffc846">මොකක්ද මේ?</font>

163
00:17:43,146 --> 00:17:44,147
<font color="#ffc846">මේක හෙලවෙනවා.</font>

164
00:17:59,120 --> 00:18:00,455
<font color="#ffc846">සෝල් වලට බිස්නස් ක්ලාස් සීට් එකක්.</font>

165
00:18:01,206 --> 00:18:03,500
<font color="#ffc846">නැත්නම්, තියෙන ඕන එකක් දෙන්නකෝ.</font>

166
00:18:03,792 --> 00:18:06,044
<font color="#ffc846">හරි මැඩම්. මට ඔයාගේ ඩෙන්ටි කාඩ් එක බලන්න පුළුවන්ද?</font>

167
00:18:09,380 --> 00:18:10,381
<font color="#ffc846">හැඳුනුම්පත
වොන් මි-හෝ</font>

168
00:18:12,634 --> 00:18:13,718
<font color="#ffc846">මැඩම්, පොඩ්ඩක් ඉන්න.</font>

169
00:18:14,093 --> 00:18:15,094
<font color="#ffc846">ඇයි මොකද?</font>

170
00:18:18,890 --> 00:18:19,891
<font color="#ffc846">මිස් වොන් මි-හෝ ඇවිල්ලා ඉන්නේ.</font>

171
00:18:21,142 --> 00:18:24,312
<font color="#ffc846">සමා වෙන්න, පුළුවන් නම් ඉක්මන් කරනවද?
මට ෆ්ලයිට් එක මිස් වෙයි වගේ.</font>

172
00:18:24,854 --> 00:18:25,855
<font color="#ffc846">හරි, මට තේරෙනවා.</font>

173
00:18:27,524 --> 00:18:29,651
<font color="#ffc846">මැඩම්, කරුණාකරලා පොඩ්ඩක් ඉන්න.</font>

174
00:18:30,026 --> 00:18:31,319
<font color="#ffc846">මොකක්ද ප්‍රශ්නෙ?</font>

175
00:18:36,324 --> 00:18:39,118
<font color="#ffc846">ඉහළින් කතා කරපු කෙනෙක්
ඔයාට පොඩ්ඩක් ඉන්න කිව්වා.</font>

176
00:18:39,202 --> 00:18:40,203
<font color="#ffc846">කවුද ඉහළින්?</font>

177
00:18:40,787 --> 00:18:44,082
<font color="#ffc846">මම හරියටම දන්නේ නෑ,
ඒත් කරුණාකරලා පොඩ්ඩක් ඉන්න--</font>

178
00:18:44,165 --> 00:18:48,378
<font color="#ffc846">එහෙනම් ඒ ඉහළ කෙනාට කතා කරන්න
මට එයා එක්ක කතා කරන්න ඕනේ. කෝ ගන්නවා.</font>

179
00:18:48,461 --> 00:18:49,504
<font color="#ffc846">අනේ මට සමා වෙන්න මැඩම්.</font>

180
00:18:49,587 --> 00:18:51,881
<font color="#ffc846">සමාව අරගෙන වැඩක් නෑ,
මට ෆ්ලයිට් එක මිස් වෙනවා.</font>

181
00:18:51,965 --> 00:18:53,633
<font color="#ffc846">කරුණාකරලා තව පොඩ්ඩක් ඉන්න.</font>

182
00:18:53,716 --> 00:18:55,218
<font color="#ffc846">-බලන් ඉන්නේ නැතුව, කතා කරනවා--
-මිස් වොන් මි-හෝ!</font>

183
00:18:58,471 --> 00:18:59,639
<font color="#ffc846">මිස් වොන් මි-හෝ?</font>

184
00:19:00,431 --> 00:19:02,392
<font color="#ffc846">කරුණාකරලා මාත් එක්ක පොඩ්ඩක් එන්න.</font>

185
00:19:03,726 --> 00:19:04,727
<font color="#ffc846">ඇයි?</font>

186
00:19:07,272 --> 00:19:08,481
<font color="#ffc846">හරි, අපි ඔන්න ආවා.</font>

187
00:19:15,947 --> 00:19:16,948
<font color="#ffc846">මේ පැත්තෙන් එන්න.</font>

188
00:19:30,587 --> 00:19:32,881
<font color="#ffc846">හෙලෝ? මිස් වොන් මි-හෝ මෙතන ඉන්නවා--</font>

189
00:19:35,925 --> 00:19:37,594
<font color="#ffc846">ඔව්. තේරුණා.</font>

190
00:19:44,976 --> 00:19:48,479
<font color="#ffc846">මට සමා වෙන්න, මට නියෝග ලැබිලා තියෙනවා
ඔයාව ආරක්ෂා කරන්න කියලා.</font>

191
00:19:49,063 --> 00:19:52,233
<font color="#ffc846">කවුරුහරි ඇවිත් ඔයාව එක්කන් යනකල්
ඔයාට මෙතනට වෙලා ඉන්න වෙනවා.</font>

192
00:19:52,692 --> 00:19:54,694
<font color="#ffc846">මොකක්ද කිව්වේ? මාව ආරක්ෂා කරන්න නියෝගයක්?</font>

193
00:19:54,986 --> 00:19:57,530
<font color="#ffc846">මටත් ලැබුණේ නියෝගයක් විතරයි.</font>

194
00:19:58,281 --> 00:20:00,074
<font color="#ffc846">අපි පොඩ්ඩක් ඉඳලා බලමුකෝ.</font>

195
00:20:00,491 --> 00:20:02,160
<font color="#ffc846">මොනවා බලන්නද? මට දැන්ම යන්න ඕනේ.</font>

196
00:20:02,243 --> 00:20:03,912
<font color="#ffc846">මිස්, පොඩ්ඩක් ඉන්නකෝ.</font>

197
00:20:04,495 --> 00:20:08,541
<font color="#ffc846">ඔයාට ඔයාගේ හේතු ඇති,
ඒත් අපිට නීතියට වැඩ කරන්න වෙනවා.</font>

198
00:20:09,125 --> 00:20:10,793
<font color="#ffc846">ඔයා තේරුම් ගනීවි කියලා මම හිතනවා.</font>

199
00:20:13,713 --> 00:20:14,714
<font color="#ffc846">කරුණාකරලා වාඩි වෙන්න.</font>

200
00:20:30,396 --> 00:20:34,233
<font color="#ffc846">ඔයා ඇත්තටම දේහාන් ගෲප් එකේ
<i>අර </i>වොන් මි-හෝමද?</font>

201
00:20:39,489 --> 00:20:41,991
<font color="#ffc846">ඔයා ජේජු වලට එනවා කියලා
ලිපියක තිබුණා මම දැක්කා.</font>

202
00:20:42,867 --> 00:20:45,578
<font color="#ffc846">හැබැයි හැබෑහින් දැක්කම ඔයා හරිම ලස්සනයි!</font>

203
00:20:47,121 --> 00:20:48,122
<font color="#ffc846">මට සමා වෙන්න.</font>

204
00:20:48,831 --> 00:20:50,875
<font color="#ffc846">සොරි, අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන්ද--</font>

205
00:20:50,959 --> 00:20:51,960
<font color="#ffc846">මේ බලන්න.</font>

206
00:20:52,669 --> 00:20:54,587
<font color="#ffc846">ඔයාට පේනවද මම ඉන්නේ ෆොටෝ එකක් ගන්න
මූඩ් එකකද කියලා?</font>

207
00:20:54,796 --> 00:20:56,339
<font color="#ffc846">මට ෆ්ලයිට් එක මිස් වෙනවා!</font>

208
00:20:56,756 --> 00:20:57,757
<font color="#ffc846">මට සමා වෙන්න.</font>

209
00:21:04,514 --> 00:21:08,851
<font color="#ffc846">ඒයි, මෝඩයා! ටොයිලට් යනවා කියලා නේද ගියේ.
මොකද මෙච්චර වෙලා ගියේ?</font>

210
00:21:09,227 --> 00:21:10,812
<font color="#ffc846">ඇයි තමුසෙගෙ අත් කළු වෙලා?</font>

211
00:21:14,607 --> 00:21:16,526
<font color="#ffc846">ගිහින් අර පරණ වැඩ ටික ඉවර කරනවා.</font>

212
00:21:17,568 --> 00:21:18,987
<font color="#ffc846">සොරි වෙන්න ඕනේ. අපි මොකද්ද කතා කර කර හිටියේ?</font>

213
00:21:19,070 --> 00:21:20,071
<font color="#ffc846">ආ! ෆොටෝ!</font>

214
00:21:20,446 --> 00:21:23,658
<font color="#ffc846">මම ගොඩක් ප්‍රසිද්ධ අයව දැකලා තියෙනවා,</font>

215
00:21:24,283 --> 00:21:26,703
<font color="#ffc846">ඒත් මම කවදාවත් ෆොටෝ අහලා නෑ--</font>

216
00:21:32,166 --> 00:21:33,167
<font color="#ffc846">මොකක්ද මේ යකාගෙ වැඩේ!</font>

217
00:21:33,251 --> 00:21:34,919
<font color="#ffc846">තමුසෙ මොකද මේ කරන්නේ?</font>

218
00:21:36,087 --> 00:21:38,297
<font color="#ffc846">ඒයි, පිස්සෝ! මොකද ඔය කරන්නේ?</font>

219
00:21:41,175 --> 00:21:42,176
<font color="#ffc846">මම ඇහුවේ මොකද කරන්නේ කියලා?</font>

220
00:21:57,900 --> 00:21:59,610
<font color="#ffc846">එපා! එන්න එපා!</font>

221
00:21:59,694 --> 00:22:02,071
<font color="#ffc846">එපා! මගේ ළඟට එන්න එපා!</font>

222
00:22:33,144 --> 00:22:34,854
<font color="#ffc846">මම කිව්වනේ මම සල්ලි දෙන්නම් කියලා.</font>

223
00:22:35,354 --> 00:22:37,565
<font color="#ffc846">මම කී පාරක් කිව්වද?
මගේ ළමයාට සනීප නෑ.</font>

224
00:22:37,857 --> 00:22:38,858
<font color="#ffc846">ආ?</font>

225
00:22:40,651 --> 00:22:41,652
<font color="#ffc846">ඒයි!</font>

226
00:22:42,403 --> 00:22:43,738
<font color="#ffc846">මම කිව්වනේ සල්ලි දෙන්නම් කියලා?</font>

227
00:22:45,239 --> 00:22:46,741
<font color="#ffc846">ආ, මේ කවුද?</font>

228
00:22:47,033 --> 00:22:48,367
<font color="#ffc846">ෂික්! අයින් වෙයන්!</font>

229
00:22:48,868 --> 00:22:50,620
<font color="#ffc846">පලයන් යන්න! උඹ කවුද?</font>

230
00:27:59,720 --> 00:28:00,721
<font color="#ffc846">මොකක්ද ඒ?</font>

231
00:28:09,230 --> 00:28:11,399
<font color="#ffc846">අනේ... අනේ මාව බේරගන්න.</font>

232
00:28:12,358 --> 00:28:14,860
<font color="#ffc846">මාව බේරගන්න. පල්ලෙහාට ඇවිත් මොනවා හරි කරන්නකෝ!</font>

233
00:28:17,113 --> 00:28:19,281
<font color="#ffc846">පල්ලෙහාට වරෙන්, පිස්සු යකා!</font>

234
00:28:21,075 --> 00:28:22,118
<font color="#ffc846">මෙහෙට එනවා! ඉක්මනට!</font>

235
00:28:24,620 --> 00:28:26,497
<font color="#ffc846">අනේ පල්ලෙහාට ඇවිත් මොනවා හරි කරන්න!</font>

236
00:31:20,337 --> 00:31:22,298
<font color="#ffc846">ඇත්තටම ඒ මොකක්ද?</font>

237
00:31:26,010 --> 00:31:28,053
<font color="#ffc846">රාග යක්ෂයෝ මැරුණම වෙන්නේ මෙහෙමයි.</font>

238
00:31:29,221 --> 00:31:30,598
<font color="#ffc846">ඔයාට ඇත්තටම මුකුත් මතක නැද්ද?</font>

239
00:31:31,682 --> 00:31:33,225
<font color="#ffc846">මම මොනවද දැනගන්න ඕනේ?</font>

240
00:31:37,229 --> 00:31:38,814
<font color="#ffc846">ඒයි! ඉන්න! පොඩ්ඩක් ඉන්නකෝ!</font>

241
00:31:41,567 --> 00:31:43,527
<font color="#ffc846">ඇයි ඔයා ඔහොම යන්නේ?</font>

242
00:31:43,736 --> 00:31:46,488
<font color="#ffc846">යන එකේ මට තේරෙන විදිහට
පොඩ්ඩක් පැහැදිලි කරලා යන්නකෝ...</font>

243
00:31:50,868 --> 00:31:52,661
<font color="#ffc846">මගේ කකුල් දෙක හොලවන්නවත් බෑ.</font>

244
00:31:54,246 --> 00:31:55,331
<font color="#ffc846">අනේ මට උදව් කරන්න.</font>

245
00:32:00,544 --> 00:32:02,379
<font color="#ffc846">මාත් එක්ක වැඩ කරපු ලේකම් කාන්ග්ගේ</font>

246
00:32:02,463 --> 00:32:04,298
<font color="#ffc846">අත් වලිනුත් මොනවදෝ එළියට ආවා,</font>

247
00:32:04,381 --> 00:32:06,592
<font color="#ffc846">එයාගේ ඇස් රතු වුණා,
අනික කටින් පණුවෝ වගයක් එළියට ආවා--</font>

248
00:32:06,675 --> 00:32:07,926
<font color="#ffc846">එයා රාග යක්ෂයෙක් වෙලා.</font>

249
00:32:08,469 --> 00:32:09,470
<font color="#ffc846">රාග යක්ෂයෙක්...?</font>

250
00:32:10,679 --> 00:32:11,847
<font color="#ffc846">මොකක්ද ඒ රාග යක්ෂයා කියන්නේ?</font>

251
00:32:12,264 --> 00:32:15,267
<font color="#ffc846">අතීතයේ ඉඳලම මේ පොළොවට සාපයක් වෙලා
තිබුණු නපුරුම සත්තු ජාතියක්.</font>

252
00:32:15,351 --> 00:32:18,604
<font color="#ffc846">එයාලා මිනිස්සුන්ව මරලා ඒ අයගේ රූපවලින්ම
සදාකාලිකව මිනිස්සු අතර ජීවත් වෙනවා.</font>

253
00:32:19,188 --> 00:32:20,189
<font color="#ffc846">එයාලා හැමතැනම ඉන්නවා.</font>

254
00:32:20,939 --> 00:32:22,274
<font color="#ffc846">එයාලා ඕනම තැනක ඉඳන් මතුවෙන්න පුළුවන්.</font>

255
00:32:26,945 --> 00:32:29,865
<font color="#ffc846">මම ඇස් දෙකෙන්ම දැක්කේ නැත්නම්
මම හිතන්නේ ඔයාට පිස්සු කියලා.</font>

256
00:32:32,618 --> 00:32:35,788
<font color="#ffc846">ඔයා දන්නවනේ,
හරියට අද මම පිස්සු හැදුණු ගෑනියෙක් වුණා වගේ.</font>

257
00:32:36,789 --> 00:32:39,166
<font color="#ffc846">මම මැරෙන්න ගිය එකටත් වඩා
මට කේන්ති ඒක ගැන.</font>

258
00:32:39,541 --> 00:32:40,793
<font color="#ffc846">කවුරුත් මාව විශ්වාස කළේ නෑ.</font>

259
00:32:43,045 --> 00:32:49,385
<font color="#ffc846">එතකොට, ඔයා කියන්නේ ඔයාට විතරද
මේ රාග යක්ෂයන්ව විනාශ කරන්න පුළුවන් කියලද?</font>

260
00:32:49,677 --> 00:32:50,678
<font color="#ffc846">හරියට හරි.</font>

261
00:32:52,888 --> 00:32:56,058
<font color="#ffc846">ඒත් ඇයි ඒ යක්ෂයෝ
මගේ පස්සෙන්ම එලවන්නේ?</font>

262
00:32:56,475 --> 00:32:59,687
<font color="#ffc846">ඒගොල්ලන්ව මෙහෙට ගෙන්නන්නේ ඔයාගේ දෛවය.</font>

263
00:33:01,647 --> 00:33:02,815
<font color="#ffc846">මොන විකාරයක්ද.</font>

264
00:33:05,025 --> 00:33:07,528
<font color="#ffc846">ඕන එකක්! කොහොම හරි, මොන දෛවයද?</font>

265
00:33:07,611 --> 00:33:09,738
<font color="#ffc846">සමහර මිනිස්සු ඉපදිලා තියෙන්නේ
යක්ෂයන්ට ගොදුරු වෙන්නද?</font>

266
00:33:09,822 --> 00:33:11,448
<font color="#ffc846">ඔයාට තේරුම් ගන්න බැරි නම්
කරන්න දෙයක් නෑ.</font>

267
00:33:11,532 --> 00:33:12,700
<font color="#ffc846">ඔයාට මැරෙන්න සිද්ධ වෙයි.</font>

268
00:33:13,701 --> 00:33:15,703
<font color="#ffc846">ඒයි, ඒයි! පොඩ්ඩක් ඉන්න!</font>

269
00:33:16,578 --> 00:33:19,998
<font color="#ffc846">ඒගොල්ලන්ට ජේජු දූපතෙන් පිටට යන්න පුළුවන්ද?</font>

270
00:33:20,624 --> 00:33:22,793
<font color="#ffc846">සෝල් වලට? නැත්තම් රටින් පිටට?</font>

271
00:33:23,377 --> 00:33:26,547
<font color="#ffc846">ඔයා කොහේ ගියත්,
රාග යක්ෂයෝ ඔයා පස්සෙන් එනවා ඉවරයක් වෙනකම්ම.</font>

272
00:33:27,631 --> 00:33:29,675
<font color="#ffc846">මිනිස් වේශයෙන් ඇවිත්,
ඒගොල්ලෝ ඔයාව රවට්ටලා මරලා දායි.</font>

273
00:33:29,758 --> 00:33:31,385
<font color="#ffc846">අර කැන්ග් ලේකම් වගේ.</font>

274
00:33:34,096 --> 00:33:35,305
<font color="#ffc846">ඔයාගේ දෛවයට දොස් කියන්න.</font>

275
00:33:42,938 --> 00:33:44,398
<font color="#ffc846">පුළුවන් නම් ඒගොල්ලෝ එක්ක සටන් කරන්න.</font>

276
00:33:48,527 --> 00:33:49,528
<font color="#ffc846">ඒයි.</font>

277
00:35:05,604 --> 00:35:06,939
<font color="#ffc846">ඔයාට තව ජීවිතයක් ලැබුණොත්,</font>

278
00:35:09,107 --> 00:35:11,151
<font color="#ffc846">මම ප්‍රාර්ථනා කරනවා ඔයාට සාමාන්‍ය
මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න ලැබෙන්න කියලා.</font>

279
00:35:56,029 --> 00:35:58,282
<font color="#ffc846">හැන්යෝ ආච්චිගේ ගෙදර</font>

280
00:36:02,661 --> 00:36:03,662
<font color="#ffc846">වාන්.</font>

281
00:36:04,204 --> 00:36:08,750
<font color="#ffc846">ඒ කෙල්ල ඇත්තටම වොන්ජොන්ග් නම්,
එයා ළඟ අනිවාර්යයෙන්ම සලකුණක් තියෙන්න ඕනේ.</font>

282
00:36:09,376 --> 00:36:11,253
<font color="#ffc846">ඒ සලකුණෙන් එළියක් විහිදෙනවා නම්,</font>

283
00:36:12,004 --> 00:36:14,673
<font color="#ffc846">ඒ ගැන කිසිම සැකයක් නෑ.</font>

284
00:36:29,021 --> 00:36:30,188
<font color="#ffc846">කාපන්, කටක් කාපන්.</font>

285
00:36:31,815 --> 00:36:33,984
<font color="#ffc846">ඔක්කොම මට දුන්නොත්,
ඔයා මොනවද විකුණන්නේ?</font>

286
00:36:34,067 --> 00:36:37,571
<font color="#ffc846">මට උඹට කන්න දෙන්න තරම් දේවල් තියෙනවා.</font>

287
00:36:38,113 --> 00:36:39,114
<font color="#ffc846">නෑ...</font>

288
00:36:40,532 --> 00:36:42,534
<font color="#ffc846">මේක වැඩි වැඩියි.</font>

289
00:36:44,494 --> 00:36:45,746
<font color="#ffc846">මේ මනුස්සයා ආයේ ඇවිල්ලද?</font>

290
00:36:46,788 --> 00:36:49,249
<font color="#ffc846">යොම්-ජි, ඇයි මේ කලින්ම ගෙදර ආවේ?</font>

291
00:36:49,541 --> 00:36:50,626
<font color="#ffc846">ඉස්කෝලේ ගියේ නැද්ද?</font>

292
00:36:50,709 --> 00:36:53,420
<font color="#ffc846">මම නැති වුණාම ආච්චි තනියම
කෑම විකුණන්න ලෑස්ති වෙනවා නේ.</font>

293
00:36:53,503 --> 00:36:58,133
<font color="#ffc846">අනිත් එක, මම නැති අතරේ ආච්චි මෙයාට
නිකන් කෑම දෙන්න නේද හදන්නේ?</font>

294
00:36:58,634 --> 00:37:01,261
<font color="#ffc846">මම මෙයාට නිකන් කෑම දුන්නම
උඹට මොකද?</font>

295
00:37:01,803 --> 00:37:03,680
<font color="#ffc846">උඹද අයිතිකාරයා? ආ?</font>

296
00:37:04,264 --> 00:37:05,682
<font color="#ffc846">උඹ කාගේ පැත්තේද ඉන්නේ?</font>

297
00:37:05,766 --> 00:37:07,726
<font color="#ffc846">මම මේ හදන්නේ ආච්චිගේ සල්ලි එකතු කරලා දෙන්න.</font>

298
00:37:13,607 --> 00:37:16,151
<font color="#ffc846">මේ පාර සල්ලි දීලම යන්න.
නැත්තම් මම යන්න දෙන්නේ නෑ.</font>

299
00:37:22,449 --> 00:37:23,867
<font color="#ffc846">මේ මනුස්සයා!</font>

300
00:37:24,409 --> 00:37:26,495
<font color="#ffc846">බොරුවට කෑ නොගහ ඇතුළට පලයන්.</font>

301
00:37:26,578 --> 00:37:30,040
<font color="#ffc846">ඉන්නකෝ. මම මෙයාගෙන් ගන්න තියෙන
හැම සතයක්ම ආපහු ගන්නවා.</font>

302
00:37:35,671 --> 00:37:37,547
<font color="#ffc846">පරීක්ෂණ වැඩ හොඳට කෙරීගෙන යනවද?</font>

303
00:37:37,881 --> 00:37:38,882
<font color="#ffc846">ඔව්...</font>

304
00:37:40,676 --> 00:37:42,636
<font color="#ffc846">මම ඒ වාර්තා වල තියෙන හෝඩුවාවන් පස්සේ යනවා.</font>

305
00:37:42,928 --> 00:37:43,971
<font color="#ffc846">ඒත් ඒක ලේසි නෑ.</font>

306
00:37:44,262 --> 00:37:50,143
<font color="#ffc846">ෆාදර්, අර කළුවරේ හිටපු මනුස්සයා ගැන
මොනවා හරි දන්නවද?</font>

307
00:37:51,103 --> 00:37:52,312
<font color="#ffc846">ගොඩක් ඉස්සර,</font>

308
00:37:53,855 --> 00:37:58,193
<font color="#ffc846">මම ජේජු දූපතට ආපු මුල් කාලේ
එයාව එක පාරක් දැක්කා.</font>

309
00:38:00,654 --> 00:38:01,655
<font color="#ffc846">ඇත්තටම?</font>

310
00:38:01,863 --> 00:38:03,448
<font color="#ffc846">කොහොමද? එයා මොන වගේද?</font>

311
00:38:03,532 --> 00:38:04,825
<font color="#ffc846">එයා දැක්කම බය හිතෙනවද?</font>

312
00:38:04,908 --> 00:38:06,535
<font color="#ffc846">අනික, එයා පාවිච්චි කරන ආයුධ මොනවද?</font>

313
00:38:06,618 --> 00:38:09,079
<font color="#ffc846">එයා රාග යක්ෂයෙක් බවට පත් වෙනවද? එහෙම වෙනවද?</font>

314
00:38:09,997 --> 00:38:13,458
<font color="#ffc846">ඔයාට එයාව මුණගැහුණම,
ඔය උනන්දුව බයකට හැරෙන්න පුළුවන්.</font>

315
00:38:13,542 --> 00:38:18,171
<font color="#ffc846">බය, භීතිය, ඊටපස්සේ ඇක්ෂන්..
ඕවා තමයි මගේ විශේෂ දක්ෂතා, ෆාදර්.</font>

316
00:38:30,017 --> 00:38:33,311
<font color="#ffc846">ඔයා කොහේ ගියත්,
රාග යක්ෂයෝ ඔයා පස්සෙන් එනවා ඉවරයක් වෙනකම්ම.</font>

317
00:38:34,646 --> 00:38:36,690
<font color="#ffc846">මිනිස් වේශයෙන් ඇවිත්,
ඒගොල්ලෝ ඔයාව රවට්ටලා මරලා දායි.</font>

318
00:38:36,773 --> 00:38:38,191
<font color="#ffc846">අර කැන්ග් ලේකම් වගේ.</font>

319
00:38:44,948 --> 00:38:45,949
<font color="#ffc846">ඔව්.</font>

320
00:38:56,501 --> 00:38:59,838
<font color="#ffc846">අම්මෝ, ඔයාගේ ඇස් හරිම භයානකයි.</font>

321
00:39:00,422 --> 00:39:01,465
<font color="#ffc846">ඇයි ඔයා එහෙම කළේ?</font>

322
00:39:02,591 --> 00:39:05,052
<font color="#ffc846">මිස්ටර් තමයි මාව ප්ලේන් එකට නගින එක
නතර කළේ.</font>

323
00:39:05,135 --> 00:39:07,012
<font color="#ffc846">ඒ ඔක්කොම කළේ ඔයාගේ හොඳට.</font>

324
00:39:07,554 --> 00:39:09,139
<font color="#ffc846">ඔයා දැන් වැඩේ අතඇරලා ආපහු ගියොත්,</font>

325
00:39:09,222 --> 00:39:12,726
<font color="#ffc846">ඔයාගේ නැන්දයි එයාගේ වටේ ඉන්න අයයි
මේක පාවිච්චි කරලා</font>

326
00:39:12,809 --> 00:39:15,937
<font color="#ffc846">ඔයාව වට්ටන්න මොනවා හරි කරයි කියල පැහැදිලියි නේ.</font>

327
00:39:16,646 --> 00:39:18,065
<font color="#ffc846">මිස්ටර්.</font>

328
00:39:18,774 --> 00:39:20,650
<font color="#ffc846">මට ඇත්තටම බයයි.</font>

329
00:39:20,942 --> 00:39:24,237
<font color="#ffc846">ඔයානේ. ඔයා මාව විශ්වාස කරන්න ඕනේ.</font>

330
00:39:24,321 --> 00:39:26,281
<font color="#ffc846">මම අනිත් හැමෝටම වඩා ඔයාව විශ්වාස කරනවා.</font>

331
00:39:26,364 --> 00:39:28,617
<font color="#ffc846">ඇත්තටම? කෙනෙක්ව විශ්වාස කරනකොට
ඔයා කරන්නේ ඔය වගේ දේවල්ද?</font>

332
00:39:30,827 --> 00:39:32,370
<font color="#ffc846">මිස්, නි්දි පෙති බොන එක...</font>

333
00:39:32,662 --> 00:39:36,541
<font color="#ffc846">මිස්ටර්, මේවා බිව්වේ නැත්තම් මට රෑට නපුරු හීන පේනවා.</font>

334
00:39:37,125 --> 00:39:38,126
<font color="#ffc846">මට මේවා බොන්නම වෙනවා.</font>

335
00:39:38,543 --> 00:39:39,544
<font color="#ffc846">ඉන්න!</font>

336
00:39:39,920 --> 00:39:41,630
<font color="#ffc846">රෑ වෙලා තියෙද්දිත්,</font>

337
00:39:41,963 --> 00:39:45,675
<font color="#ffc846">මම කොච්චර මහන්සි වෙලාද මේ තේ එක හැදුවේ
ඔයාට හොඳට නින්ද යන්න කියලා.</font>

338
00:39:46,426 --> 00:39:48,011
<font color="#ffc846">එහෙනම් මම මේක විසි කරලා දාන්නම්.</font>

339
00:39:51,264 --> 00:39:52,682
<font color="#ffc846">මෙන්න. හරිද?</font>

340
00:39:53,600 --> 00:39:54,601
<font color="#ffc846">හරි.</font>

341
00:39:56,311 --> 00:39:57,729
<font color="#ffc846">සුභ රාත්‍රියක් වේවා.</font>

342
00:40:13,620 --> 00:40:14,621
<font color="#ffc846">පිච්චෙනවා!</font>

343
00:40:22,671 --> 00:40:23,672
<font color="#ffc846">හරිම කරදරයක්නේ මේක!</font>

344
00:40:27,634 --> 00:40:29,344
<font color="#ffc846">දෙවියනේ, බුදු හාමුදුරුවනේ...</font>

345
00:40:30,011 --> 00:40:32,931
<font color="#ffc846">නෑ. මොන දෙවියෙක්ට හරි කමක් නෑ...</font>

346
00:40:33,849 --> 00:40:35,559
<font color="#ffc846">මම හැම සතියෙම පල්ලි යන්නම්,</font>

347
00:40:35,642 --> 00:40:37,227
<font color="#ffc846">මම හැම සතියෙම පන්සල් යන්නම්.</font>

348
00:40:37,310 --> 00:40:39,479
<font color="#ffc846">ඒ නිසා අනේ ප්ලීස්. අනේ මාව බේරගන්න.</font>

349
00:40:40,856 --> 00:40:41,982
<font color="#ffc846">මේකෙන් මට පිස්සු හැදෙයි.</font>

350
00:41:09,259 --> 00:41:11,845
<font color="#ffc846">ඔයා! ඔයා කොහොමද මෙතනට ආවේ?</font>

351
00:41:13,013 --> 00:41:14,014
<font color="#ffc846">ඔයාට දැනගන්න ඕනෙද?</font>

352
00:41:15,974 --> 00:41:16,975
<font color="#ffc846">නෑ.</font>

353
00:41:17,517 --> 00:41:18,602
<font color="#ffc846">මට දැනගන්න ඕනේ නෑ.</font>

354
00:41:25,942 --> 00:41:31,907
<font color="#ffc846">මම ඉස්සර දැක්කා ඔයාගේ වගේම
කපටි ඇස් තියෙන රාග යක්ෂයෙක්ව.</font>

355
00:41:33,658 --> 00:41:34,701
<font color="#ffc846">ඉතින් මොකද වුණේ?</font>

356
00:41:36,119 --> 00:41:37,871
<font color="#ffc846">මම ඌව මැරුවේ නෑ,
හැබැයි මම උගේ ඇස් දෙක ගලවලා දැම්මා.</font>

357
00:41:40,290 --> 00:41:41,583
<font color="#ffc846">ඒ නිසා මං දිහා ඔහොම බලන්න එපා.</font>

358
00:41:42,250 --> 00:41:43,793
<font color="#ffc846">මට ප්‍රශ්නයක් තියෙනවා.</font>

359
00:41:45,629 --> 00:41:48,340
<font color="#ffc846">මාව මරන්න හදපු යක්ෂයෝ
මෙතනත් ඉන්නවද?</font>

360
00:41:53,011 --> 00:41:54,262
<font color="#ffc846">ඒගොල්ලෝ මෙතනත් ඉන්නවද?</font>

361
00:41:54,679 --> 00:41:55,680
<font color="#ffc846">දැන් නෑ.</font>

362
00:41:57,766 --> 00:41:59,517
<font color="#ffc846">එතකොට තව කොච්චර ඉන්නවද?</font>

363
00:41:59,726 --> 00:42:00,727
<font color="#ffc846">දහයක් විතරද?</font>

364
00:42:01,311 --> 00:42:02,312
<font color="#ffc846">විස්සක්?</font>

365
00:42:02,395 --> 00:42:04,940
<font color="#ffc846">මම ඔයාට කිව්වනේ ඒගොල්ලෝ හැමතැනම ඉන්නවා,
ඕන තැනකින් එන්න පුළුවන් කියලා.</font>

366
00:42:05,148 --> 00:42:07,192
<font color="#ffc846">ඒගොල්ලෝ ගණන් කරන්න පුළුවන් ජාතියේ අය නෙවෙයි.</font>

367
00:42:07,400 --> 00:42:08,902
<font color="#ffc846">මම මොකද කරන්න ඕනේ?</font>

368
00:42:08,985 --> 00:42:10,278
<font color="#ffc846">මම දැන් මොකද කරන්න ඕනේ?</font>

369
00:42:10,362 --> 00:42:12,155
<font color="#ffc846">-ඔය ඉන්නවා වගේ හැංගිලා ඉන්න.
-හැමදාටම?</font>

370
00:42:13,240 --> 00:42:17,869
<font color="#ffc846">ඔයා කිව්වනේ මේ යක්ෂයෝ
මම කොහේ ගියත් පස්සෙන් එනවා කියලා.</font>

371
00:42:18,453 --> 00:42:21,081
<font color="#ffc846">මගේ වටේ ඉන්න අයත්
කැන්ග් ලේකම් වගේ වෙන්න පුළුවන් කියලා.</font>

372
00:42:21,748 --> 00:42:24,167
<font color="#ffc846">ඔයාට ඕනේ මම මෙහෙම කාමරයක් මුල්ලට වෙලා,</font>

373
00:42:24,251 --> 00:42:26,544
<font color="#ffc846">මුකුත් කරගන්න බැරුව ඉන්නවටද?</font>

374
00:42:26,628 --> 00:42:28,838
<font color="#ffc846">-ඒකටද ජීවත් වෙනවා කියන්නේ?
-ඔයාට ජීවත් වෙන්න ඕනේ නම් එහෙම කරන්න වෙනවා.</font>

375
00:42:32,050 --> 00:42:33,593
<font color="#ffc846">නිකන් මැරිලා යන එක ඊට වඩා හොඳයි.</font>

376
00:42:35,929 --> 00:42:37,180
<font color="#ffc846">අම්මත් මැරිලා.</font>

377
00:42:38,223 --> 00:42:40,141
<font color="#ffc846">නැන්දට ඕනේ මාව මරන්න.</font>

378
00:42:41,268 --> 00:42:43,395
<font color="#ffc846">තාත්තට ඕනේ මම මැරුණා වගේ ජීවත් වෙන්න.</font>

379
00:42:44,062 --> 00:42:47,148
<font color="#ffc846">මගේ ජීවිතේ එච්චරම...</font>

380
00:42:47,941 --> 00:42:51,069
<font color="#ffc846">ඒ නිසා මට ජීවත් වෙන්න එච්චර ලොකු ආසාවක් නෑ.</font>

381
00:42:51,903 --> 00:42:53,321
<font color="#ffc846">ඒත් මේක අසාධාරණයි.</font>

382
00:42:53,947 --> 00:42:57,575
<font color="#ffc846">මට තියෙන එකම විකල්පය
දුකෙන් ජීවත් වෙන එක හරි වේදනාවෙන් මැරෙන එක හරි විතරයි.</font>

383
00:42:57,659 --> 00:42:59,286
<font color="#ffc846">ඒක අසාධාරණයි.</font>

384
00:43:01,830 --> 00:43:02,872
<font color="#ffc846">ඉතින්...</font>

385
00:43:06,251 --> 00:43:07,252
<font color="#ffc846">ඉතින්?</font>

386
00:43:07,669 --> 00:43:08,837
<font color="#ffc846">ඇයි ඔයා රස්සාවක් කරන්නේ නැත්තේ?</font>

387
00:43:09,212 --> 00:43:10,213
<font color="#ffc846">මොකක්?</font>

388
00:43:10,505 --> 00:43:11,506
<font color="#ffc846">ඇයි ඔයා වැඩ කරන්නේ නැත්තේ</font>

389
00:43:11,589 --> 00:43:12,632
<font color="#ffc846">මගේ ආරක්ෂකයා විදියට?</font>

390
00:43:12,882 --> 00:43:13,883
<font color="#ffc846">අනේ මාව ආරක්ෂා කරන්නකෝ.</font>

391
00:43:13,967 --> 00:43:15,051
<font color="#ffc846">-මොකක්?
-ඇයි මොකද?</font>

392
00:43:15,468 --> 00:43:17,470
<font color="#ffc846">-ඔයා ආවේ මාව ආරක්ෂා කරන්න නෙවෙයිද?
-නෑ, නෙවෙයි.</font>

393
00:43:17,554 --> 00:43:18,972
<font color="#ffc846">-එහෙනම් ඇයි ආවේ?
-ඒක...</font>

394
00:43:19,055 --> 00:43:22,267
<font color="#ffc846">ඔයා දැක්ක ගමන් ආදරයක් ඇති වෙලා
මගේ පස්සෙන් ආවද?</font>

395
00:43:23,184 --> 00:43:24,185
<font color="#ffc846">හරි හරි, ඕක අමතක කරලා දාන්න.</font>

396
00:43:25,395 --> 00:43:28,982
<font color="#ffc846">මම දන්නවා එහෙම දෙයක් නෙවෙයි කියලා.</font>

397
00:43:29,190 --> 00:43:32,319
<font color="#ffc846">ඔය හිත ඇතුලේ තියෙන ගැටුම නවත්තලා,
මාව නිල වශයෙන් ආරක්ෂා කරන්න.</font>

398
00:43:33,987 --> 00:43:34,988
<font color="#ffc846">ඔයාට පිස්සුද?</font>

399
00:43:35,655 --> 00:43:37,240
<font color="#ffc846">ඔයා හිතනවද ඔයාට එච්චර වටිනාකමක් තියෙනවා කියලා?</font>

400
00:43:38,366 --> 00:43:40,327
<font color="#ffc846">කොහොමද ඔයා වගේ කෙනෙක්ට
වටිනාකමක්...</font>

401
00:43:44,706 --> 00:43:47,042
<font color="#ffc846">නෑ. එහෙම නෙවෙයි.</font>

402
00:43:48,501 --> 00:43:50,420
<font color="#ffc846">ඔයා ඔයාගේ ඇස් දෙකෙන්ම දැකලා නැති නිසා,</font>

403
00:43:50,503 --> 00:43:52,922
<font color="#ffc846">ඔයා මගේ වටිනාකම දන්නේ නැති එක සාධාරණයි.</font>

404
00:43:54,007 --> 00:43:55,008
<font color="#ffc846">හරි එහෙනම්.</font>

405
00:43:55,759 --> 00:43:56,843
<font color="#ffc846">ඔයාට කීයක් ඕනෙද?</font>

406
00:43:58,803 --> 00:44:01,306
<font color="#ffc846">අපි අඩුම ගානේ ගිවිසුමක්වත් ගහන්න ඕනේ නේ?</font>

407
00:44:03,600 --> 00:44:05,060
<font color="#ffc846">කට වචනෙට කිව්වත් නීත්‍යානුකූලයි,</font>

408
00:44:05,143 --> 00:44:07,604
<font color="#ffc846">ඒත් ලියවිල්ලක් තියෙන එක ඊට වඩා හොඳයි.</font>

409
00:44:09,522 --> 00:44:13,568
<font color="#ffc846">මම නිකමට අහන්නේ,
ඔයාට ඩෙන්ටි කාඩ් එකක් තියෙනවද?</font>

410
00:44:14,778 --> 00:44:15,904
<font color="#ffc846">ආ, ඔයාට එකක් නෑ නේ.</font>

411
00:44:17,572 --> 00:44:18,740
<font color="#ffc846">එහෙනම් ජාතික හැඳුනුම්පත් අංකය?</font>

412
00:44:20,241 --> 00:44:21,326
<font color="#ffc846">ආ, ඒකත් නෑ නේ.</font>

413
00:44:22,035 --> 00:44:23,036
<font color="#ffc846">එහෙනම් ෆෝන් නම්බර් එකක්...</font>

414
00:44:23,578 --> 00:44:25,622
<font color="#ffc846">මට එකක් හදාගන්න පුළුවන් වෙයි නේ?</font>

415
00:44:25,997 --> 00:44:27,374
<font color="#ffc846">මම ඔයාට අලුත් ෆෝන් එකක් අරන් දෙන්නම්.</font>

416
00:44:28,541 --> 00:44:29,542
<font color="#ffc846">ඔයාගේ නම?</font>

417
00:44:30,126 --> 00:44:31,127
<font color="#ffc846">නම මොකක්ද?</font>

418
00:44:34,589 --> 00:44:35,924
<font color="#ffc846">-වාන්.
-වාන්?</font>

419
00:44:38,093 --> 00:44:39,094
<font color="#ffc846">වාන් මොකක්ද?</font>

420
00:44:40,387 --> 00:44:41,388
<font color="#ffc846">නිකන්ම වාන් ද?</font>

421
00:44:42,514 --> 00:44:43,515
<font color="#ffc846">වානී වාන් ද?</font>

422
00:44:45,850 --> 00:44:47,185
<font color="#ffc846">ඔයා හරි භයානක මූණක් හදාගත්තා.</font>

423
00:44:47,977 --> 00:44:48,978
<font color="#ffc846">හරි හරි නිකන් වාන් කියමුකෝ.</font>

424
00:44:50,855 --> 00:44:52,524
<font color="#ffc846">මම ගිවිසුම ඉක්මනට කියවන්නම්.</font>

425
00:44:52,607 --> 00:44:53,775
<font color="#ffc846">සේවාදායක වොන් මි-හෝ සහ</font>

426
00:44:53,858 --> 00:44:55,860
<font color="#ffc846">කොන්ත්‍රාත්කරු වාන් අතර ඇති කරගන්නා
සේවා ගිවිසුමයි.</font>

427
00:44:55,944 --> 00:44:59,155
<font color="#ffc846">කොන්ත්‍රාත්කරු විසින් සේවාදායකයා ව
රාග යක්ෂයන්ගෙන් හැමදාම ආරක්ෂා කළ යුතුයි.</font>

428
00:44:59,239 --> 00:45:02,534
<font color="#ffc846">සේවාදායකයා විසින් බදු ඇතුළුව,
මුදලින් කොන්ත්‍රාත්කරුට ගෙවීම් කළ යුතුයි.</font>

429
00:45:02,617 --> 00:45:03,618
<font color="#ffc846">මුදලින්.</font>

430
00:45:04,702 --> 00:45:06,162
<font color="#ffc846">ඔයා මෙහෙ පදිංචියට එන්න.</font>

431
00:45:06,246 --> 00:45:09,624
<font color="#ffc846">ඔයාට මාව හැමදාම ළඟ ඉඳන් බලාගන්න ඕනේ නම්
ඒක හොඳයි නේ.</font>

432
00:45:09,833 --> 00:45:10,834
<font color="#ffc846">නේද?</font>

433
00:45:11,167 --> 00:45:12,961
<font color="#ffc846">දැන් අපිට පඩි ප්‍රමාණය ලියන්න ඕනේ.</font>

434
00:45:13,670 --> 00:45:16,464
<font color="#ffc846">පඩි තීරුවේ,
ඔයාට ඕනේ ගාණ ලියන්න.</font>

435
00:45:17,006 --> 00:45:19,050
<font color="#ffc846">-අපි මේ විහිළුව මෙතනින් නතර කරමුද?
-මොකක්?</font>

436
00:45:19,134 --> 00:45:20,343
<font color="#ffc846">මම පොරොන්දු දෙන්නේ නෑ.</font>

437
00:45:21,010 --> 00:45:22,011
<font color="#ffc846">ඉන්න! පොඩ්ඩක් ඉන්න.</font>

438
00:45:24,681 --> 00:45:26,599
<font color="#ffc846">ඔයා මේ කරගන්නේ වැරැද්දක්.</font>

439
00:45:28,184 --> 00:45:29,602
<font color="#ffc846">මේක ඔයාට ලැබුණු අවස්ථාවක්</font>

440
00:45:29,686 --> 00:45:31,813
<font color="#ffc846">දේහන් ගෲප් එකේ වොන් මි-හෝ ගේ
ව්‍යාපාරික හවුල්කරුවෙක් වෙන්න.</font>

441
00:45:31,896 --> 00:45:33,523
<font color="#ffc846">ඔයා මේ අවස්ථාව නිකන්ම නැති කරගන්නද හදන්නේ?</font>

442
00:45:35,233 --> 00:45:36,276
<font color="#ffc846">ඒයි! ඉන්න!</font>

443
00:45:37,610 --> 00:45:38,611
<font color="#ffc846">මට සමාවෙන්න.</font>

444
00:45:39,070 --> 00:45:41,239
<font color="#ffc846">මට සමාවෙන්න.
මට ඇත්තටම සමාවෙන්න,</font>

445
00:45:42,198 --> 00:45:43,366
<font color="#ffc846">ඒත් අද රෑට විතරක්...</font>

446
00:45:43,950 --> 00:45:46,327
<font color="#ffc846">අද රෑට විතරක් මාත් එක්ක ඉන්න පුළුවන්ද?</font>

447
00:45:48,246 --> 00:45:52,208
<font color="#ffc846">මම පිරිමියෙක්ට රෑට මාත් එක්ක ඉන්න කියලා
අහන ජාතියේ කෙනෙක් නෙවෙයි.</font>

448
00:45:55,044 --> 00:45:56,045
<font color="#ffc846">මම නිකන්...</font>

449
00:45:57,088 --> 00:45:59,007
<font color="#ffc846">මට ඇත්තටම බය හිතුණු නිසා.</font>

450
00:46:03,761 --> 00:46:05,889
<font color="#ffc846">ඔයා කළුවරයි, භයානකයි.</font>

451
00:46:06,764 --> 00:46:08,641
<font color="#ffc846">ඒත් රාග යක්ෂයෝ ඊට වඩා භයානකයි.</font>

452
00:46:10,518 --> 00:46:12,187
<font color="#ffc846">මට හොඳටම මහන්සි නිසා නින්ද එනවා.</font>

453
00:46:12,937 --> 00:46:13,938
<font color="#ffc846">මට නිදාගන්න බෑ.</font>

454
00:46:15,023 --> 00:46:16,024
<font color="#ffc846">මට නින්ද යන්නේ නෑ.</font>

455
00:46:38,713 --> 00:46:41,174
<font color="#ffc846">ඒ කෙල්ල ඇත්තටම වොන්ජොන්ග් නම්,</font>

456
00:46:41,799 --> 00:46:44,010
<font color="#ffc846">එයා ළඟ අනිවාර්යයෙන්ම සලකුණක් තියෙන්න ඕනේ.</font>

457
00:48:11,556 --> 00:48:12,557
<font color="#ffc846">මට හිතුනා.</font>

458
00:48:13,182 --> 00:48:14,309
<font color="#ffc846">ඇයි එයා සල්ලි එපා කිව්වේ?</font>

459
00:48:19,522 --> 00:48:20,523
<font color="#ffc846">පොඩ්ඩක් ඉන්න.</font>

460
00:48:21,482 --> 00:48:22,942
<font color="#ffc846">ඇයි එයා පඩි කීයද කියලා ලිව්වෙ නැත්තේ?</font>

461
00:48:25,320 --> 00:48:26,487
<font color="#ffc846">නිකන් නම් වෙන්න බෑනේ.</font>

462
00:48:28,656 --> 00:48:31,242
<font color="#ffc846">ඉන්න... එයාට ඕන ගාණක්
මගෙන් ඉල්ලගන්නද හදන්නේ?</font>

463
00:48:59,437 --> 00:49:01,648
<font color="#ffc846">මොන දේ වුනත් මං ඔයාව බේරගන්න ආයේ එනවා.</font>

464
00:49:09,405 --> 00:49:10,490
<font color="#ffc846">එතකන් මං වෙනුවෙන් බලන් ඉන්න.</font>

465
00:49:11,741 --> 00:49:12,909
<font color="#ffc846">මං පොරොන්දු වෙනවා.</font>

466
00:49:19,874 --> 00:49:20,875
<b><font color="#ffc88f"><i>ඇයි ඔයා...</i></font></b>

467
00:49:22,543 --> 00:49:24,170
<b><font color="#ffc88f"><i>මට එහෙම පොරොන්දුවක් වුනේ?</i></font></b>

468
00:49:26,589 --> 00:49:27,590
<b><font color="#ffc88f"><i>වෑන්!</i></font></b>

469
00:49:38,851 --> 00:49:39,852
<font color="#ffc846">ගොඩ කාලෙකින් නේද.</font>

470
00:50:13,094 --> 00:50:16,097
<b><font color="#ffc88f"><i>මාව අමතක කරපු එකට මං ඔයා එක්ක තරහ වෙන්නද?</i></font></b>

471
00:50:17,098 --> 00:50:18,307
<b><font color="#ffc88f"><i>එහෙම නැත්තම් ස්තූතිවන්ත වෙන්නද?</i></font></b>

472
00:50:18,331 --> 00:50:20,331
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

