1
00:00:06,985 --> 00:00:08,985
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:09,009 --> 00:00:11,887
<font color="#ffcc46">මේ කොඩි පහත දැමීමේ උත්සවයට වෙලාවයි.</font>

3
00:00:11,970 --> 00:00:15,390
<font color="#ffcc46">කරුණාකරලා කොඩිය දිහා බලලා ගෞරව කරන්න.</font>

4
00:00:15,474 --> 00:00:17,100
<font color="#ffcc46">ඔයාලා කල්පනා කරනවා ඇති,</font>

5
00:00:17,726 --> 00:00:20,229
<font color="#ffcc46">"මේ මොන විකාරයක්ද?" කියලා.</font>

6
00:00:20,312 --> 00:00:22,856
<font color="#ffcc46">මේකට තමයි එයාලා කොඩි පහත දැමීමේ
උත්සවය කියලා කිව්වේ.</font>

7
00:00:22,940 --> 00:00:25,150
<font color="#ffcc46">අපේ ආදරණීය ජනාධිපතිතුමාගේම සොයාගැනීමක්.</font>

8
00:00:26,276 --> 00:00:27,444
<font color="#ffcc46">ඒ විතරක් නෙවෙයි.</font>

9
00:00:28,111 --> 00:00:31,365
<font color="#ffcc46">මැදියම් රෑට පස්සේ, ඔයාලට පාරේ
බැහැලා යන්නවත් තහනම්.</font>

10
00:00:32,366 --> 00:00:34,201
<font color="#ffcc46">රටේ විනයයි සදාචාරයයි ආරක්ෂා කරනවා කියලා</font>

11
00:00:34,284 --> 00:00:36,787
<font color="#ffcc46">සමාජේ පිරිහෙනවා කියපු දේවල් මර්දනය කරන්න
තමයි මේවා කළේ.</font>

12
00:00:37,287 --> 00:00:38,830
<font color="#ffcc46">ලිංගික කර්මාන්තය</font>

13
00:00:39,414 --> 00:00:42,125
<font color="#ffcc46">පිරිමි අයට කන වැහෙන්න
කොණ්ඩේ වවන්න තහනම් කළා,</font>

14
00:00:42,209 --> 00:00:47,256
<font color="#ffcc46">කොට සායවල් ඇඳපු කාන්තාවන්ට
අශිෂ්ටයි කියලා දඩුවම් කළා.</font>

15
00:00:49,091 --> 00:00:50,467
<font color="#ffcc46">ඇඳිරි නීති.</font>

16
00:00:50,551 --> 00:00:51,718
<font color="#ffcc46">රැස්වීම් තහනම්.</font>

17
00:00:51,802 --> 00:00:53,011
<font color="#ffcc46">උද්ඝෝෂණ තහනම්.</font>

18
00:00:53,845 --> 00:00:55,973
<font color="#ffcc46">කොණ්ඩේ වවන්න බෑ, කොට සායවල් බෑ.</font>

19
00:00:56,056 --> 00:00:57,349
<font color="#ffcc46">සමාජ විනය නැවත ඇති කිරීමට</font>

20
00:00:57,432 --> 00:00:58,684
<font color="#ffcc46">වහාම පිටුවහල් කරනු ලැබේ</font>

21
00:00:58,767 --> 00:01:02,688
<font color="#ffcc46">මිනිස්සුන්ව නිරීක්ෂණය කළා, වැටලීම් කළා,
ගැහුවා, මැරුවා.</font>

22
00:01:05,065 --> 00:01:06,233
<font color="#ffcc46">කිම් දේජුන් නැවත මව්බිමට</font>

23
00:01:06,316 --> 00:01:09,152
<font color="#ffcc46">එයාලට ලොකු ලොකු විරුද්ධ පක්ෂ දේශපාලකයොන්ව
පස්සෙන් පන්නන්න පුළුවන් නම්,</font>

24
00:01:09,778 --> 00:01:11,572
<font color="#ffcc46">සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා නොකරන්න ඇද්ද?</font>

25
00:01:12,197 --> 00:01:14,700
<font color="#ffcc46">ඇත්තම කිව්වොත් අපිට සැලකුවේ හරක්,
ඌරෝ වගේ.</font>

26
00:01:15,617 --> 00:01:18,829
<font color="#ffcc46">හැබැයි මේ මර්දනයන් මෙහෙයවපු අය?</font>

27
00:01:18,912 --> 00:01:20,497
<font color="#ffcc46">එයාලා හැම නීතියකටම ඉහළින් හිටියේ.</font>

28
00:01:21,623 --> 00:01:22,624
<font color="#ffcc46">ඒක ඇත්ත.</font>

29
00:01:22,708 --> 00:01:26,044
<font color="#ffcc46">මම මේ කියන්නේ රටේ පළවෙනිම
බුද්ධි අංශය වුණු, KCIA එක ගැන.</font>

30
00:01:26,128 --> 00:01:27,129
<font color="#ffcc46">ජාත්‍යන්තර ඔත්තු සේවාවක් හෙළිවේ</font>

31
00:01:27,879 --> 00:01:31,883
<font color="#ffcc46">ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් යටපත් කරපු
මහා බලයක් එක්ක,</font>

32
00:01:31,967 --> 00:01:35,345
<font color="#ffcc46">KCIA එක තමයි අපේ ආදරණීය ජනාධිපතිතුමාගේ
දිගුකාලීන පාලනය රැකගෙන හිටියේ.</font>

33
00:01:36,263 --> 00:01:40,809
<font color="#ffcc46">ඒකේ නම ඇහුවත් ඇති
මිනිස්සු බය වෙන්න.</font>

34
00:01:40,892 --> 00:01:42,644
<font color="#ffcc46">විප්ලවීය එක්සත් පක්ෂ ඔත්තු නඩුව</font>

35
00:01:42,728 --> 00:01:47,357
<font color="#ffcc46">ගොඩක් අහිංසක මිනිස්සුන්ව ඇදගෙන ගියා,
ජීවිත නැති කළා.</font>

36
00:01:48,900 --> 00:01:50,027
<font color="#ffcc46">හැබැයි ඇත්තම කිව්වොත්,</font>

37
00:01:51,028 --> 00:01:53,572
<font color="#ffcc46">මම කවදාවත් හිතුවේ නෑ මමත්
එයාලගෙන් එක්කෙනෙක් වෙයි කියලා.</font>

38
00:01:56,575 --> 00:01:59,453
<font color="#ffcc46">මේක තහනම් කිරීම් පිරුණු යුගයක්,
මගේ නමේ තේරුමත් ඒකමයි.</font>

39
00:01:59,536 --> 00:02:02,706
<font color="#ffcc46">මම ගුම්ජි, ඒ කියන්නේ තහනම. බේ ගුම්ජි.</font>

40
00:02:05,250 --> 00:02:08,795
<font color="#ffcc46">මැඩම්, බාර් කෙල්ල, එස්කෝට්, හොස්ටස්.</font>

41
00:02:09,629 --> 00:02:11,214
<font color="#ffcc46">කැමති නමකින් මට කතා කරන්න.</font>

42
00:02:11,923 --> 00:02:14,718
<font color="#ffcc46">වැදගත්ම දේ තමයි, මම</font>

43
00:02:15,385 --> 00:02:17,804
<font color="#ffcc46">මම කරපු රස්සාව සුපිරියටම කළා.</font>

44
00:02:20,057 --> 00:02:21,099
<font color="#ffcc46">ඒ වුණාට,</font>

45
00:02:21,975 --> 00:02:23,810
<font color="#ffcc46">ඒක මැරෙන්න තරම් වරදක් නෙවෙයිනේ, නේද?</font>

46
00:03:24,496 --> 00:03:27,958
<font color="#ffcc46">ගිම්පෝ ගුවන් තොටුපළ, කොරියාව</font>

47
00:03:30,544 --> 00:03:34,714
<font color="#ffcc46">ගුවන් ගත වන මගීන්, ආගමන කටයුතු නිම කිරීමෙන් පසු
ජාත්‍යන්තර පර්යන්තයේ</font>

48
00:03:34,798 --> 00:03:37,634
<font color="#ffcc46">අංක තුන දොරටුව වෙත පැමිණෙන්න.</font>

49
00:03:44,182 --> 00:03:45,183
<font color="#ffcc46">සිරාවටම?</font>

50
00:03:45,725 --> 00:03:46,810
<font color="#ffcc46">කවුරුත් නෑනේ?</font>

51
00:03:46,893 --> 00:03:48,645
<font color="#ffcc46">ෂා.</font>

52
00:03:50,021 --> 00:03:51,982
<font color="#ffcc46">මේක නම් වෙන්න බෑ.</font>

53
00:03:52,065 --> 00:03:53,567
<font color="#ffcc46">යමු.</font>

54
00:03:58,947 --> 00:04:02,409
<font color="#ffcc46">තහනම් යුගය</font>

55
00:04:15,839 --> 00:04:18,800
<font color="#ffcc46">හරි, හරි.</font>

56
00:06:02,779 --> 00:06:05,907
<font color="#ffcc46">අපි එතනට යද්දී,
එතන චොන් මහත්තයා විතරක් නෙවෙයි ඉන්නේ.</font>

57
00:06:06,658 --> 00:06:08,243
<font color="#ffcc46">බේ ගුම්ජිත් එතන ඉඳියි.</font>

58
00:06:08,326 --> 00:06:09,369
<font color="#ffcc46">හරි සර්. තේරුණා.</font>

59
00:06:11,204 --> 00:06:13,540
<font color="#ffcc46">එයාව ඇමරිකාවට යවන්න තරම්
එයාලා කාරුණික වුණානේ.</font>

60
00:06:14,374 --> 00:06:16,793
<font color="#ffcc46">එයාට තිබුණේ පාඩුවේ ඉඳගෙන
ළමයව හදාගන්න.</font>

61
00:06:16,877 --> 00:06:18,587
<font color="#ffcc46">එයා මොනවා බලාගෙන මේක කළාද මන්දා?</font>

62
00:06:29,598 --> 00:06:32,434
<font color="#ffcc46">මම අහලා තියෙන්නේ එයා බයක් නැති ගෑනියෙක් කියලා.</font>

63
00:06:34,185 --> 00:06:35,520
<font color="#ffcc46">ඔව්, ඒක නම් ඇත්ත.</font>

64
00:06:35,604 --> 00:06:37,314
<font color="#ffcc46">තමන්ගේම ළමයව ඔය විදියට පාවිච්චි කරනවානේ.</font>

65
00:06:38,023 --> 00:06:39,482
<font color="#ffcc46">සර් දන්නවද?</font>

66
00:06:40,609 --> 00:06:41,985
<font color="#ffcc46">තාත්තා කවුද කියලා.</font>

67
00:06:42,068 --> 00:06:43,570
<font color="#ffcc46">කටකතා නම් ගොඩක් තියෙනවා.</font>

68
00:06:45,739 --> 00:06:46,740
<font color="#ffcc46">ඒයි.</font>

69
00:06:47,574 --> 00:06:48,825
<font color="#ffcc46">ඇයි සර්.</font>

70
00:06:51,494 --> 00:06:53,121
<font color="#ffcc46">පාර බලාගෙන එළවපන්.</font>

71
00:06:54,122 --> 00:06:55,707
<font color="#ffcc46">මැරෙන්න ඕන නැත්නම්.</font>

72
00:07:42,295 --> 00:07:43,713
<font color="#ffcc46">උඹ මීට කලින් චොන් මහත්තයව හම්බවෙලා තියෙනවද?</font>

73
00:07:44,589 --> 00:07:46,299
<font color="#ffcc46">නෑ, මම කෙලින්ම දකින පළවෙනි පාර මේක.</font>

74
00:07:50,553 --> 00:07:52,472
<font color="#ffcc46">පොහොසත් පවුලක ඉපදිලා,</font>

75
00:07:53,807 --> 00:07:55,684
<font color="#ffcc46">මිලිටරි ඇකඩමියේ පන්තියේ පළවෙනියා වෙලා.</font>

76
00:07:55,767 --> 00:07:59,145
<font color="#ffcc46">විප්ලවය කාලේ ජනාධිපතිතුමාගේ හිත දිනාගෙන,</font>

77
00:08:00,021 --> 00:08:03,233
<font color="#ffcc46">දැන් එයා කවදාවත් නැති තරම්
බලයක් පාවිච්චි කරනවා.</font>

78
00:08:08,488 --> 00:08:09,489
<font color="#ffcc46">නෑ.</font>

79
00:08:12,409 --> 00:08:14,035
<font color="#ffcc46">චොන් සොක්ජුන්...</font>

80
00:08:14,119 --> 00:08:15,870
<font color="#ffcc46">...ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා.</font>

81
00:08:15,954 --> 00:08:18,873
<font color="#ffcc46">මිලිටරි ඇකඩමියේ පන්තියේ පළවෙනියා,
ජනාධිපතිතුමාගේ ආදරේ දිනාගත්තු කෙනා.</font>

82
00:08:19,416 --> 00:08:22,877
<font color="#ffcc46">ජනාධිපතිතුමාගේ බලය ප්‍රායෝගිකව තිබුණේ
චොන් සොක්ජුන්ගේ අතේ,</font>

83
00:08:22,961 --> 00:08:26,840
<font color="#ffcc46">KCIA එක එයාගේ පෞද්ගලික හමුදාව වගේ වුණා.</font>

84
00:08:26,923 --> 00:08:28,883
<font color="#ffcc46">ඒ කියන්නේ, බලන්නකෝ.</font>

85
00:08:28,967 --> 00:08:30,844
<font color="#ffcc46">මට කොහොමත් හැමදාම හැංගිලා ඉන්න බෑනේ.</font>

86
00:08:31,761 --> 00:08:33,346
<font color="#ffcc46">මම අපරාධකාරයෙක් නෙවෙයිනේ.</font>

87
00:08:34,347 --> 00:08:35,932
<font color="#ffcc46">මට කොහොමහරි ප්‍රශ්න විසඳගන්න වෙනවා,</font>

88
00:08:37,100 --> 00:08:39,894
<font color="#ffcc46">මගේ පුතා සොන්ගුක්ව කාටවත් දෙවැනි නොවෙන්න
හදාගන්නත් ඕන.</font>

89
00:08:39,978 --> 00:08:43,231
<font color="#ffcc46">ඔයා හිතනවද එයාගේ තාත්තා නිකන්
බලාගෙන ඉඳියි කියලා?</font>

90
00:08:43,732 --> 00:08:45,900
<font color="#ffcc46">මොන වගේ තාත්තෙක්ද කැමති නොවෙන්නේ</font>

91
00:08:46,651 --> 00:08:47,902
<font color="#ffcc46">තමන්ගේ පුතා දියුණු වෙනවා දකින්න?</font>

92
00:08:49,279 --> 00:08:51,990
<font color="#ffcc46">ඔයා කාටත් වඩා හොඳට දන්නවනේ
එයා ලේසි පහසු මනුස්සයෙක් නෙවෙයි කියලා.</font>

93
00:08:52,490 --> 00:08:55,035
<font color="#ffcc46">මමත් ලේසි පහසු ගෑනියෙක් නෙවෙයි.</font>

94
00:08:55,618 --> 00:08:56,619
<font color="#ffcc46">අනේ මන්දා.</font>

95
00:08:57,120 --> 00:08:59,789
<font color="#ffcc46">මම මේ එයාගේ බිරිඳ වෙන්න අහනවා නෙවෙයිනේ.</font>

96
00:09:02,000 --> 00:09:04,169
<font color="#ffcc46">ආයුබෝවන්, චොන් මහත්තයා.</font>

97
00:09:06,046 --> 00:09:07,464
<font color="#ffcc46">සර්, කොහොමද?</font>

98
00:09:07,547 --> 00:09:09,049
<font color="#ffcc46">කාලෙකින් නේද, හ්වං මහත්තයා.</font>

99
00:09:10,383 --> 00:09:11,676
<font color="#ffcc46">ඇයි මේ ඔච්චර කාර්යබහුල?</font>

100
00:09:11,760 --> 00:09:13,970
<font color="#ffcc46">අනේ නෑ. එහෙම නෑ.</font>

101
00:09:14,554 --> 00:09:19,059
<font color="#ffcc46">සර් පොඩි කෝල් එකක් දෙන්න,
මම ඕන වෙලාවක දුවගෙන එනවා.</font>

102
00:09:21,853 --> 00:09:24,355
<font color="#ffcc46">ආ... ඔයා විග් එකක් දානවා නේද?</font>

103
00:09:36,785 --> 00:09:38,661
<font color="#ffcc46">-අපි පොඩ්ඩක් ඇවිදින්න යමු.
-හරි සර්.</font>

104
00:09:47,879 --> 00:09:51,257
<font color="#ffcc46">අන්න එදා තමයි බෙක් කිතේ
තමන්ගේම ඇස් වලින් දැක්කේ...</font>

105
00:09:51,341 --> 00:09:54,844
<font color="#ffcc46">...ඇත්තම, ජීවමාන බලය කියන්නේ මොකක්ද කියලා.</font>

106
00:09:57,347 --> 00:09:58,890
<font color="#ffcc46">ආ, මට තේරුණා.</font>

107
00:10:02,727 --> 00:10:04,020
<font color="#ffcc46">ඊටපස්සේ එයා තීරණය කළා</font>

108
00:10:04,604 --> 00:10:06,231
<font color="#ffcc46">අන්න ඒ මනුස්සයා වගේ ජීවත් වෙන්න,</font>

109
00:10:06,314 --> 00:10:09,484
<font color="#ffcc46">මුළු ලෝකෙම තමන්ගේ දෙපා මුලට ගන්න පුළුවන් තරම්</font>

110
00:10:10,193 --> 00:10:12,112
<font color="#ffcc46">ධනයක් සහ බලයක් එක්ක.</font>

111
00:10:12,695 --> 00:10:13,947
<font color="#ffcc46">හායි ඩාලිං.</font>

112
00:10:19,619 --> 00:10:20,954
<font color="#ffcc46">මම මේ වොෂ් රූම් එකට යනවා.</font>

113
00:10:22,080 --> 00:10:23,164
<font color="#ffcc46">එනවද මාත් එක්ක යන්න?</font>

114
00:10:26,084 --> 00:10:28,253
<font color="#ffcc46">ඉතින් අපි හම්බවුණේ ඔහොමයි.</font>

115
00:10:28,753 --> 00:10:31,798
<font color="#ffcc46">ඔයාලට පේනවනේ, මාරම රොමැන්ටික් විදියට,</font>

116
00:10:32,507 --> 00:10:34,968
<font color="#ffcc46">ආණ්ඩුවේ මෝඩයෝ වගයක් මැද්දේ.</font>

117
00:11:05,165 --> 00:11:07,542
<font color="#ffcc46">සර්, මෙතන රහස් අහන් ඉන්න ඒවා ගැන
බය වෙන්න දෙයක් නෑ.</font>

118
00:11:07,625 --> 00:11:09,002
<font color="#ffcc46">මෙතන මාර සද්දයිනේ.</font>

119
00:11:09,085 --> 00:11:11,963
<font color="#ffcc46">සද්දේ වැඩියි වගේම රහස් පරීක්ෂණ මූලස්ථානයකට
කියාපු තැන.</font>

120
00:11:13,131 --> 00:11:14,966
<font color="#ffcc46">හරි, අපි කමු.</font>

121
00:11:15,049 --> 00:11:16,050
<font color="#ffcc46">හරි සර්.</font>

122
00:11:21,472 --> 00:11:25,101
<font color="#ffcc46">මම ආයෙත් සැරයක් කියන්නම්, හොඳට අහගන්න.</font>

123
00:11:25,185 --> 00:11:27,604
<font color="#ffcc46">අපි ඇරෙන්න වෙන කවුරුත්
මේ තැන ගැන දැනගන්න බෑ.</font>

124
00:11:28,438 --> 00:11:29,439
<font color="#ffcc46">-හරිද?
-හරි සර්.</font>

125
00:11:30,190 --> 00:11:32,066
<font color="#ffcc46">කැන්ග් දේයිල්ව හොයන වැඩේ කොහොමද?</font>

126
00:11:32,150 --> 00:11:33,151
<font color="#ffcc46">මොකක් හරි ආරංචියක් තියෙනවද?</font>

127
00:11:33,234 --> 00:11:35,862
<font color="#ffcc46">ඔව්,
අපි එයාගේ ගෝලයෝ මාර්ගයෙන් එයාව ට්‍රැක් කරනවා.</font>

128
00:11:35,945 --> 00:11:37,655
<font color="#ffcc46">අපිට ළඟදීම එයාව අල්ලගන්න පුළුවන් වෙයි.</font>

129
00:11:37,739 --> 00:11:39,032
<font color="#ffcc46">අපි එයාව හොයාගන්නම ඕන.</font>

130
00:11:39,115 --> 00:11:40,408
<font color="#ffcc46">හරි සර්. තේරුණා.</font>

131
00:11:41,242 --> 00:11:45,288
<font color="#ffcc46">ආරංචියේ හැටියට ජෝ මන්ජේ හැම ජාවාරමකටම
අත දාලා හොඳට හම්බ කරලා.</font>

132
00:11:45,371 --> 00:11:46,915
<font color="#ffcc46">කොන්ට්‍රාබෑන්ඩ් බඩු ගේන එක,</font>

133
00:11:46,998 --> 00:11:49,709
<font color="#ffcc46">ඇමරිකන් හමුදාවේ බඩු පන්නන එක,
ඉඩම් බිස්නස්...</font>

134
00:11:50,293 --> 00:11:52,212
<font color="#ffcc46">ආණ්ඩුවේ කන්තෝරුවල ටොයිලට් පේපර් එකේ ඉඳන්</font>

135
00:11:52,295 --> 00:11:54,005
<font color="#ffcc46">යන්න ඕන එයාගේ අතින් තමයි.</font>

136
00:11:54,088 --> 00:11:55,298
<font color="#ffcc46">එයා ඒ ඔක්කොම තනියම කෑවද?</font>

137
00:11:55,381 --> 00:11:57,926
<font color="#ffcc46">හ්ම්... එහෙම වෙන්න බෑ.</font>

138
00:11:58,009 --> 00:11:59,330
<font color="#ffcc46">ඒ කියන්නේ, බලන්න. අපිටවත් බෙදාගන්නේ නැතුව
කෑම වේලක් කන්න බෑනේ.</font>

139
00:12:01,596 --> 00:12:03,556
<font color="#ffcc46">එයාට කොහොමද පුළුවන් ඔක්කොම තනියම ගිලින්න? කොහොමද?</font>

140
00:12:03,640 --> 00:12:04,724
<font color="#ffcc46">එයාට සපෝට් එකක් තියෙනවා.</font>

141
00:12:05,600 --> 00:12:06,893
<font color="#ffcc46">ජෑන් මහත්තයෝ.</font>

142
00:12:06,976 --> 00:12:08,645
<font color="#ffcc46">ඔයා හිතන්නේ ඒ KCIA එක කියලද?</font>

143
00:12:08,728 --> 00:12:11,981
<font color="#ffcc46">KCIA එක පාතාලේ එක්ක බිස්නස් කරන එක?
ඕක අලුත් දෙයක් නෙවෙයිනේ.</font>

144
00:12:12,065 --> 00:12:13,107
<font color="#ffcc46">මට ඒ ගැන පුදුමයක්වත් නෑ.</font>

145
00:12:13,191 --> 00:12:15,568
<font color="#ffcc46">ඒත් ඇයි එයාලා ජෝ මන්ජේව ඉස්සුවා කියල හිතන්නේ?</font>

146
00:12:16,152 --> 00:12:18,279
<font color="#ffcc46">මම හිතන්නේ මිනිහා මොකක් හරි ගේමක් ගහන්න ඇති.</font>

147
00:12:18,363 --> 00:12:20,156
<font color="#ffcc46">ඒකයි එයාව ඇතුලට දාන්න ඇත්තේ.</font>

148
00:12:20,240 --> 00:12:22,867
<font color="#ffcc46">එයාලා වලිගෙ කැපුවා.
මිනිහව මේ විදියට අයින් කරලා දැම්මා.</font>

149
00:12:22,951 --> 00:12:24,786
<font color="#ffcc46">මොකක්? ඔයා හිතන්නේ එයාලා මිනිහව මැරුවා කියලද?</font>

150
00:12:24,869 --> 00:12:28,039
<font color="#ffcc46">ජෝ මන්ජේ KCIA එකට ලොකු ගාණක්
ගෙවලා තියෙනවා.</font>

151
00:12:28,539 --> 00:12:31,417
<font color="#ffcc46">ඒ සල්ලි කෙලින්ම ගියේ
අධ්‍යක්ෂක හ්වංගේ සේප්පුවට.</font>

152
00:12:33,086 --> 00:12:36,089
<font color="#ffcc46">ඒකෙන් ටිකක් ඊටත් වඩා
ඉහළ තැන්වලට යන්න ඇති.</font>

153
00:12:36,798 --> 00:12:39,050
<font color="#ffcc46">ඔයා කියන්නේ හ්වංගෙත් ඉහළින් කවුරුහරි ඉන්නවා කියලද?</font>

154
00:12:39,759 --> 00:12:41,928
<font color="#ffcc46">-ඒක හරි.
-ඉතින් ඒ කවුරු වෙන්න ඇද්ද?</font>

155
00:12:42,011 --> 00:12:44,514
<font color="#ffcc46">ම්ම්, මම තාම ඒක දන්නේ නෑ.</font>

156
00:12:45,014 --> 00:12:46,891
<font color="#ffcc46">ඒ වුණාට මැතිවරණයත් ළඟ ළඟම එනවානේ,</font>

157
00:12:46,975 --> 00:12:48,518
<font color="#ffcc46">ඉතින් ගොඩක් තැන්වලට සල්ලි ඕන වෙනවා.</font>

158
00:12:48,601 --> 00:12:52,105
<font color="#ffcc46">මම දන්නවා එයාලා මිනිහගේ ඉතුරු සෙට් එක එකතු කරගෙන
ආයෙත් බිස්නස් පටන්ගනියි කියලා.</font>

159
00:12:52,188 --> 00:12:56,484
<font color="#ffcc46">ඒක කරන්න නම්, එයාලා අනිවාර්යයෙන්ම ජෝ මන්ජේව හරි
කැන්ග් දේයිල්ව හරි පණ පිටින් තියාගන්න ඕන.</font>

160
00:12:56,567 --> 00:12:58,611
<font color="#ffcc46">ඔයා හිතන්නේ ඒ කැන්ග් දේයිල් කියලද?</font>

161
00:12:59,279 --> 00:13:02,699
<font color="#ffcc46">අපිට චාන්ස් එකක් තියෙන්නේ
කැන්ග් දේයිල් පණ පිටින් හිටියොත් විතරයි.</font>

162
00:13:18,840 --> 00:13:21,301
<font color="#ffcc46">මගේ කකුල්...</font>

163
00:13:43,489 --> 00:13:45,825
<font color="#ffcc46">මම මීට කලින් ඔයාව මෙහෙ දැකලා නෑනේ.</font>

164
00:13:46,951 --> 00:13:48,453
<font color="#ffcc46">මම වැඩ කරන්නේ අධ්‍යක්ෂක හ්වං යටතේ.</font>

165
00:13:53,791 --> 00:13:55,418
<font color="#ffcc46">හැබැයි හ්වං යටතේ වැඩ කරලා</font>

166
00:13:56,294 --> 00:13:57,754
<font color="#ffcc46">කිසි අනාගතයක් නෑ.</font>

167
00:13:59,630 --> 00:14:01,674
<font color="#ffcc46">සමහරවිට චොන් යටතේ නම්,
ඒක වෙනස් වෙයි.</font>

168
00:14:09,015 --> 00:14:10,600
<font color="#ffcc46">ඔයා කැමති නම්,</font>

169
00:14:12,518 --> 00:14:13,686
<font color="#ffcc46">මට ඔයාට උදව් කරන්න පුළුවන්.</font>

170
00:14:15,188 --> 00:14:16,314
<font color="#ffcc46">ඔයා මොකක්ද ඒ කිව්වේ?</font>

171
00:14:17,065 --> 00:14:20,109
<font color="#ffcc46">අපි පස්සේ පාඩුවේ කතා කරමුකෝ.</font>

172
00:14:20,610 --> 00:14:21,736
<font color="#ffcc46">අපි දෙන්නා විතරක්.</font>

173
00:14:28,076 --> 00:14:30,620
<font color="#ffcc46">-ආ?
-හමුදාවේ ඉද්දි මිනිහා ටික කාලයක් මං යටතේ හිටියා.</font>

174
00:14:30,703 --> 00:14:31,996
<font color="#ffcc46">මිනිහා වැඩකාරයා.</font>

175
00:14:32,080 --> 00:14:33,081
<font color="#ffcc46">මිනිහට හොඳටම මොලේ තියෙනවා.</font>

176
00:14:33,164 --> 00:14:35,792
<font color="#ffcc46">මිනිහගේ ඇස්වල තියෙන්නේ පුදුම කෑදරකමක්.</font>

177
00:14:35,875 --> 00:14:38,961
<font color="#ffcc46">සමහරවිට මුකුත් නැතිව හැදුණු නිසා වෙන්න ඇති.</font>

178
00:14:39,045 --> 00:14:41,631
<font color="#ffcc46">-හැබැයි මිනිහා තමන්ගේ තරම දන්නවා.
-මටත් වෙරි වගේ. එකක් දෙන්නකෝ.</font>

179
00:14:42,840 --> 00:14:44,342
<font color="#ffcc46">එයාලා මාර ගැලපීමක්.</font>

180
00:14:44,926 --> 00:14:45,927
<font color="#ffcc46">නරකම නෑ තේරීම.</font>

181
00:14:47,011 --> 00:14:48,012
<font color="#ffcc46">ස්තූතියි සර්.</font>

182
00:14:49,847 --> 00:14:53,226
<font color="#ffcc46">ගුම්ජි. බේ ගුම්ජි...</font>

183
00:14:53,309 --> 00:14:56,354
<font color="#ffcc46">මට හිතාගන්න බෑ ඒ ගෑනි මොනවා කරයිද කියලා.</font>

184
00:14:57,688 --> 00:14:58,773
<font color="#ffcc46">සර්ට ඕන මම එයාව ඉවරයක් කරන්නද?</font>

185
00:15:03,402 --> 00:15:04,570
<font color="#ffcc46">සමාවෙන්න සර්.</font>

186
00:15:05,196 --> 00:15:06,823
<font color="#ffcc46">මෝඩ වැඩ කරන්න එපා.</font>

187
00:15:08,699 --> 00:15:10,868
<font color="#ffcc46">මිනිහට කියපන් දැනට එයා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා.</font>

188
00:15:11,369 --> 00:15:13,663
<font color="#ffcc46">එයාට පිස්සු නටන්න බැරි වෙන්න
බලාගන්න කියපන්.</font>

189
00:15:15,498 --> 00:15:16,499
<font color="#ffcc46">හරි සර්.</font>

190
00:15:42,441 --> 00:15:44,277
<font color="#ffcc46">ඒ ගෑනි ළඟ පොතක් තියෙනවා.</font>

191
00:15:45,945 --> 00:15:48,865
<font color="#ffcc46">එයා එක්ක නිදාගත්ත හැම පිරිමියෙක්ගෙම ලිස්ට් එක.</font>

192
00:15:49,532 --> 00:15:51,868
<font color="#ffcc46">ඒ කියන්නේ ළමයගේ තාත්තත් ඒකේ ඉන්න ඕන.</font>

193
00:15:54,120 --> 00:15:56,455
<font color="#ffcc46">දැන්, මොකක්ද ඇත්තම ප්‍රශ්නේ?
තාත්තා කවුද කියන එකද?</font>

194
00:15:57,373 --> 00:15:59,041
<font color="#ffcc46">ඒක නෙවෙයි ඇත්තම ප්‍රශ්නේ.</font>

195
00:16:01,169 --> 00:16:03,504
<font color="#ffcc46">ෂික්.</font>

196
00:16:09,760 --> 00:16:13,681
<font color="#ffcc46">වැදගත් වෙන්නේ තාත්තා කවුද කියන එක නෙවෙයි.</font>

197
00:16:14,265 --> 00:16:15,433
<font color="#ffcc46">ප්‍රශ්නේ තමයි</font>

198
00:16:16,058 --> 00:16:19,061
<font color="#ffcc46">ඒ පොතේ නම් තියෙන හැම මිනිහෙක්ම
රෑට නිදාගන්නේ නෑ,</font>

199
00:16:19,729 --> 00:16:21,272
<font color="#ffcc46">ඒ ළමයා තමන්ගෙද කියලා කල්පනා කර කර.</font>

200
00:16:21,355 --> 00:16:22,773
<font color="#ffcc46">ඒක තමයි ඇත්තම ප්‍රශ්නේ.</font>

201
00:16:22,857 --> 00:16:25,943
<font color="#ffcc46">අපිට ඒ තොරතුරු විශ්වාස කරන්න පුළුවන්ද?</font>

202
00:16:26,027 --> 00:16:27,361
<font color="#ffcc46">අනිවාර්යයෙන්ම.</font>

203
00:16:28,237 --> 00:16:30,781
<font color="#ffcc46">මට ඒක දීපු මනුස්සයා?
එයාගේ නමත් ඒ පොතේ තියෙනවා.</font>

204
00:16:31,574 --> 00:16:33,701
<font color="#ffcc46">උඹ සිහියෙන් වැඩ කළොත් හොඳයි.</font>

205
00:16:33,784 --> 00:16:35,953
<font color="#ffcc46">දැක්ක ගමන් පිරිමි වශී වෙන ජාතියේ ගෑනියෙක් එයා.</font>

206
00:16:36,037 --> 00:16:37,747
<font color="#ffcc46">සර් මං ගැන බයවෙන්න එපා.</font>

207
00:16:38,956 --> 00:16:39,957
<font color="#ffcc46">අළු බඳුන.</font>

208
00:16:44,545 --> 00:16:46,255
<font color="#ffcc46">පරිස්සමෙන්, හරිද?</font>

209
00:16:46,923 --> 00:16:50,426
<font color="#ffcc46">උඹේ නමත් අන්තිමට ඒ පොතට යයි කියලා
බය නැද්ද.</font>

210
00:16:58,809 --> 00:17:00,645
<font color="#ffcc46">මම මේ දිවුරලා කියන්නේ,</font>

211
00:17:01,354 --> 00:17:04,357
<font color="#ffcc46">මට තේරෙන්නේ නෑ ඇයි හැමෝම මාව
කන්න හදන්නේ කියලා.</font>

212
00:17:06,484 --> 00:17:08,736
<font color="#ffcc46">අධ්‍යක්ෂක හ්වංද ඔයාට කිව්වේ
පොත අරන් එන්න කියලා?</font>

213
00:17:10,529 --> 00:17:11,739
<font color="#ffcc46">මොන පොතද?</font>

214
00:17:14,533 --> 00:17:15,910
<font color="#ffcc46">ඔයාට දැනගන්න ඕන ඇතිනේ,</font>

215
00:17:16,410 --> 00:17:19,455
<font color="#ffcc46">මුකුත් දන්නේ නැති එකම එක්කෙනා ඔයා නිසා.</font>

216
00:17:20,665 --> 00:17:22,333
<font color="#ffcc46">මට වැඩක් නෑ.</font>

217
00:17:23,584 --> 00:17:24,585
<font color="#ffcc46">ඇත්තටම?</font>

218
00:17:25,586 --> 00:17:28,172
<font color="#ffcc46">මොකද මට දැන් වුණත් කියන්න පුළුවන්</font>

219
00:17:28,256 --> 00:17:29,799
<font color="#ffcc46">ඇත්ත තාත්තා කවුද කියලා.</font>

220
00:17:37,473 --> 00:17:39,517
<font color="#ffcc46">ඒත් ඔයාට දැනගන්න ඕන නෑනේ, නේද?</font>

221
00:17:39,600 --> 00:17:42,311
<font color="#ffcc46">ඔයා මට විහිළු කරනවද?</font>

222
00:17:42,395 --> 00:17:43,771
<font color="#ffcc46">අපෝ නෑ.</font>

223
00:17:43,854 --> 00:17:45,523
<font color="#ffcc46">ඔයා හිතුවද මම ඇත්තටම
ඔයාට කියයි කියලා?</font>

224
00:17:48,150 --> 00:17:49,402
<font color="#ffcc46">ඔයා හරි ෂෝක්.</font>

225
00:17:51,946 --> 00:17:55,283
<font color="#ffcc46">කොහොම වුණත්, මම ආයේ කවදාවත් ඇමරිකාවට යන්නේ නෑ,</font>

226
00:17:55,366 --> 00:17:57,076
<font color="#ffcc46">ඒ නිසා එයාලට කියන්න හීන දකින්නේ නැතුව ඉන්න කියලා.</font>

227
00:17:57,159 --> 00:17:58,327
<font color="#ffcc46">මම ඉන්නේ මෙහෙමයි.</font>

228
00:17:59,078 --> 00:18:01,163
<font color="#ffcc46">සමහරවිට ඔයා වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක
යාළු වෙන්නත් පුළුවන්.</font>

229
00:18:02,707 --> 00:18:04,208
<font color="#ffcc46">ඔයාට තාම පිරිමි එපා වෙලා නැද්ද?</font>

230
00:18:06,168 --> 00:18:08,588
<font color="#ffcc46">ඒක තීරණය වෙන්නේ පිරිමියා කවුද කියන එක මත.</font>

231
00:18:12,592 --> 00:18:15,219
<font color="#ffcc46">අපි කොහොමත් මෙතන ඉන්න එකේ,
අපි කෙලින් කතා කරමුද?</font>

232
00:18:17,096 --> 00:18:20,266
<font color="#ffcc46">ඔයාට ඩේටිං ගැන කතා කරන්න ඕන නැත්නම්,
අපිට බිස්නස් ගැන කතා කරන්න පුළුවන්.</font>

233
00:18:21,726 --> 00:18:22,727
<font color="#ffcc46">බිස්නස්?</font>

234
00:18:24,729 --> 00:18:26,314
<font color="#ffcc46">මම එදා කිව්වා මතකද?</font>

235
00:18:27,231 --> 00:18:29,025
<font color="#ffcc46">මට ඔයාට උදව් කරන්න පුළුවන් කියලා.</font>

236
00:18:30,151 --> 00:18:32,486
<font color="#ffcc46">මට උදව් කරනවා?
ඒ මොකටද? කොහොමද?</font>

237
00:18:36,991 --> 00:18:38,200
<font color="#ffcc46">හ්ම්.</font>

238
00:18:39,577 --> 00:18:41,871
<font color="#ffcc46">බලන්නකෝ කෙනෙක්ට දැන් උනන්දුවක් ඇවිල්ලා.</font>

239
00:18:50,463 --> 00:18:53,049
<font color="#ffcc46">ජනාධිපතිතුමාගේ දකුණු අත වෙනවා කියන එක
නැත්නම් වෙන මොකක් හරි...</font>

240
00:18:53,132 --> 00:18:54,759
<font color="#ffcc46">කවුද ඕවා ගණන් ගන්නේ?</font>

241
00:18:56,260 --> 00:18:58,346
<font color="#ffcc46">වැදගත් වෙන්නේ</font>

242
00:18:58,846 --> 00:19:00,097
<font color="#ffcc46">ඔයා එතනට ගියේ කොහොමද කියන එක.</font>

243
00:19:02,141 --> 00:19:03,142
<font color="#ffcc46">ඔයා හොඳටම දන්නවනේ</font>

244
00:19:03,976 --> 00:19:06,479
<font color="#ffcc46">හ්වං කොහොමද ඔය තැනට ආවේ කියලා,</font>

245
00:19:06,562 --> 00:19:07,897
<font color="#ffcc46">දන්නවා නේද?</font>

246
00:19:10,650 --> 00:19:15,529
<font color="#ffcc46">නිකමට හිතන්න චොන් එයාට ඉහළින් ඉන්න අයට
කොච්චරක් නම් යවන්න ඇද්ද කියලා.</font>

247
00:19:16,364 --> 00:19:18,115
<font color="#ffcc46">නොනවතින සල්ලි ගඟක්.</font>

248
00:19:18,199 --> 00:19:21,160
<font color="#ffcc46">ඒක තමයි එයාලගේ බලයේ ඇත්තම රහස.</font>

249
00:19:27,291 --> 00:19:28,292
<font color="#ffcc46">ඉතින්...</font>

250
00:19:29,669 --> 00:19:31,420
<font color="#ffcc46">ඔයාගේ අතට ඒ සල්ලි ගඟ ආවොත්,</font>

251
00:19:32,546 --> 00:19:33,714
<font color="#ffcc46">කාටද කියන්න පුළුවන්</font>

252
00:19:34,382 --> 00:19:37,134
<font color="#ffcc46">ඔයාට හ්වං විතරක් නෙවෙයි චොන් ඉන්න තැනට වුණත්
යන්න බැරි වෙයි කියලා?</font>

253
00:19:37,927 --> 00:19:38,928
<font color="#ffcc46">මම හරි නේද?</font>

254
00:19:39,720 --> 00:19:40,721
<font color="#ffcc46">බෙක් මහත්තයෝ.</font>

255
00:19:41,389 --> 00:19:43,182
<font color="#ffcc46">ඔයාට ඕන දේ මට කියන්න.</font>

256
00:19:44,642 --> 00:19:45,810
<font color="#ffcc46">මම උදව් කරන්නම්.</font>

257
00:19:47,853 --> 00:19:50,439
<font color="#ffcc46">ඔයාට ජපන් යකුසා එකත් එක්ක
සම්බන්ධයක් තියෙනවා කියලා මට ආරංචි වුණා.</font>

258
00:19:51,774 --> 00:19:52,983
<font color="#ffcc46">ඉකෙඩා සභාපතිතුමා.</font>

259
00:19:53,776 --> 00:19:55,903
<font color="#ffcc46">ඔයා එයාව කවදාවත් හම්බවෙලා තියෙනවද?</font>

260
00:19:56,529 --> 00:19:57,905
<font color="#ffcc46">ලොක්කා!</font>

261
00:20:03,536 --> 00:20:04,537
<font color="#ffcc46">නෑ.</font>

262
00:20:05,204 --> 00:20:08,374
<font color="#ffcc46">හැබැයි මම එයාගේ දුවව නම්
එක පාරක් දැකලා තියෙනවා.</font>

263
00:20:08,916 --> 00:20:10,000
<font color="#ffcc46">ඉකෙඩා යූ ජි.</font>

264
00:20:11,210 --> 00:20:13,129
<font color="#ffcc46">ඇත්ත නම, චෝයි යූ ජි.</font>

265
00:20:13,212 --> 00:20:14,588
<font color="#ffcc46">ඔව්, චෝයි යූ ජි.</font>

266
00:20:15,214 --> 00:20:17,842
<font color="#ffcc46">එයා කොරියානු කෙනෙක් කියලා ඔයා දැනගත්තේ කොහොමද?</font>

267
00:20:17,925 --> 00:20:19,677
<font color="#ffcc46">මමම එයාව එක පාරක් හම්බවෙලා තියෙනවා.</font>

268
00:20:22,304 --> 00:20:24,432
<font color="#ffcc46">එයාට කොරියානු සම්භවයක් තිබුණේ නැත්නම්,</font>

269
00:20:24,515 --> 00:20:26,892
<font color="#ffcc46">සභාපතිගෙන් පස්සේ තැන එයාට ලැබෙන්නත් ඉඩ තිබුණා.</font>

270
00:20:27,560 --> 00:20:30,688
<font color="#ffcc46">එයා ජපානයේ හැදුණු කොරියානු කෙනෙක් වුණත්,
සභාපති එයාව හදාගත්ත දුව විදිහට භාර අරන් තියෙන්නේ.</font>

271
00:20:32,064 --> 00:20:34,150
<font color="#ffcc46">එයා කොහොම සභාපතිගේ හිත දිනාගත්තද මන්දා,</font>

272
00:20:34,692 --> 00:20:36,193
<font color="#ffcc46">හැබැයි සභාපති එයාට පණ ඇරලා බව නම් පේනවා.</font>

273
00:20:42,324 --> 00:20:45,703
<font color="#ffcc46">කොහොම වුණත්, ඉකෙඩා පවුලේ බලය තියෙන
අයගෙන් එක්කෙනෙක් තමයි එයා.</font>

274
00:20:46,912 --> 00:20:48,998
<font color="#ffcc46">ඔයා මේ ඔක්කොම දේවල් දන්නේ කොහොමද?</font>

275
00:20:50,249 --> 00:20:53,878
<font color="#ffcc46">ඉතින්, චෝයි යූ ජි ගැන මොකද කියන්නේ?</font>

276
00:20:55,337 --> 00:20:58,466
<font color="#ffcc46">මට හිතෙන්නේ... මට එයාව ආයෙත් හම්බවෙන්න ඕනේ.</font>

277
00:20:59,592 --> 00:21:00,634
<font color="#ffcc46">හ්ම්...</font>

278
00:21:00,718 --> 00:21:01,719
<font color="#ffcc46">හරි.</font>

279
00:21:06,140 --> 00:21:07,600
<font color="#ffcc46">මට කතා කරන්න, බෙක් මහත්තයෝ.</font>

280
00:21:23,324 --> 00:21:26,577
<font color="#ffcc46">ළමයි, මේ ඉන්නේ ලී සුන්-යොං.</font>

281
00:21:26,660 --> 00:21:28,621
<font color="#ffcc46">එයා රෝස් ක්ලබ් එකේ අලුත් සාමාජිකයෙක්.</font>

282
00:21:28,704 --> 00:21:29,789
<font color="#ffcc46">හැමෝම අඳුරගන්නකෝ.</font>

283
00:21:29,872 --> 00:21:32,041
<font color="#ffcc46">හායි, ඔයාලව හම්බවුණ එක සතුටක්.</font>

284
00:21:32,124 --> 00:21:35,419
<font color="#ffcc46">මම ලී සුන්-යොං.</font>

285
00:21:35,503 --> 00:21:38,589
<font color="#ffcc46">හැබැයි මට මේ ගෙතුම් වැඩ නම් එච්චර පුරුදු නෑ.</font>

286
00:21:40,090 --> 00:21:42,051
<font color="#ffcc46">කොහොම වුණත්, මම මෙතනට එන්න ආසාවෙන් හිටියේ.</font>

287
00:21:42,134 --> 00:21:45,012
<font color="#ffcc46">අනේ,
කවුරුත් මුල ඉඳන්ම දක්ෂ නෑනේ.</font>

288
00:21:45,095 --> 00:21:46,514
<font color="#ffcc46">-සාදරයෙන් පිළිගන්නවා.
-ස්තූතියි.</font>

289
00:21:46,597 --> 00:21:48,098
<font color="#ffcc46">මෙන්න, ඉස්සෙල්ලා මේක ගොතලා බලන්නකෝ.</font>

290
00:21:49,642 --> 00:21:50,935
<font color="#ffcc46">හායි, සෝ-යොං.</font>

291
00:21:51,018 --> 00:21:52,561
<font color="#ffcc46">අද වැඩ ඇරිලා එද්දි ටිකක් පරක්කු වුණා නේද.</font>

292
00:21:52,645 --> 00:21:53,729
<font color="#ffcc46">ඔව්.</font>

293
00:21:53,813 --> 00:21:56,273
<font color="#ffcc46">ආ, ඔයාලා දැනටමත් පටන් අරන්නේ.</font>

294
00:21:56,357 --> 00:21:58,734
<font color="#ffcc46">සෝ-යොං, මම ගිය පාර ඉල්ලපු විස්තරේ
ඔයාට හම්බවුණාද?</font>

295
00:21:58,818 --> 00:22:00,736
<font color="#ffcc46">ඔව්,
මම විස්තර පත්‍රිකාව අරගෙන ආවා.</font>

296
00:22:02,196 --> 00:22:06,367
<font color="#ffcc46">මේක අවුරුදු තුනක එකක්, වාර්ෂික පොලිය
17.4% ක් වෙනවා...</font>

297
00:22:06,450 --> 00:22:08,994
<font color="#ffcc46">අම්මෝ. ගොඩක් ස්තූතියි, සෝ-යොං.</font>

298
00:22:11,956 --> 00:22:14,124
<font color="#ffcc46">ඔයා සෝල් වල ඉඳන්ද ආවේ?</font>

299
00:22:15,459 --> 00:22:16,919
<font color="#ffcc46">ඇයි එහෙම ඇහුවේ?</font>

300
00:22:17,002 --> 00:22:20,339
<font color="#ffcc46">ඔයා කතා කරන විදිහ බූසාන් වල අය වගේ නෙවෙයිනේ.</font>

301
00:22:20,422 --> 00:22:25,094
<font color="#ffcc46">ඒ සෝ-යොං හැදුණේ ජපානයේ නිසා.</font>

302
00:22:25,636 --> 00:22:27,346
<font color="#ffcc46">සෝ-යොං, අඳුරගන්නකෝ.</font>

303
00:22:27,429 --> 00:22:31,058
<font color="#ffcc46">මේ ලී සුන්-යොං.
එයා ක්ලබ් එකේ අලුත් සාමාජිකයෙක්.</font>

304
00:22:31,141 --> 00:22:32,726
<font color="#ffcc46">ආ, එහෙමද.</font>

305
00:22:33,394 --> 00:22:36,188
<font color="#ffcc46">ඒකයි ඔයාගේ හම මේ තරම් ලස්සන.</font>

306
00:22:36,272 --> 00:22:39,275
<font color="#ffcc46">අනේ මන්දා. කොහොමද ඔයාගේ හම ඔච්චර සිනිඳු?</font>

307
00:22:39,358 --> 00:22:42,528
<font color="#ffcc46">අනේ, ඔයාටත් හිතෙන දේවල්.</font>

308
00:22:42,611 --> 00:22:45,489
<font color="#ffcc46">ඒක ඉතින් උපතින්ම ලැබුණු දෙයක්.</font>

309
00:22:45,573 --> 00:22:47,449
<font color="#ffcc46">ඔයා නම් හරිම වාසනාවන්තයි.</font>

310
00:22:48,409 --> 00:22:51,745
<font color="#ffcc46">මගේ මාමා කෙනෙකුත් ජපානයේ ඉන්නවා. ඔසාකා වල.</font>

311
00:22:51,829 --> 00:22:54,123
<font color="#ffcc46">නෑ! මමත් හිටියේ ඔසාකා වලනේ!</font>

312
00:22:54,206 --> 00:22:55,833
<font color="#ffcc46">ෂා, මාරයිනේ.</font>

313
00:22:56,333 --> 00:22:58,961
<font color="#ffcc46">පුදුම අහම්බයක්නේ ඒක.</font>

314
00:23:00,671 --> 00:23:03,674
<font color="#ffcc46">-ඔයා බැංකුවකද වැඩ කරන්නේ?
-අහ්, ඔව්.</font>

315
00:23:04,425 --> 00:23:07,052
<font color="#ffcc46">සුන්-යොං ඔයා මොකද කරන්නේ?</font>

316
00:23:07,636 --> 00:23:08,637
<font color="#ffcc46">ම්ම්...</font>

317
00:23:09,138 --> 00:23:11,432
<font color="#ffcc46">මගේ දෙමාපියන් කරන...
මොකක්ද අරකට කියන්නේ?</font>

318
00:23:11,515 --> 00:23:12,850
<font color="#ffcc46">ලෝහ බඩු කඩයක් කරනවා...</font>

319
00:23:12,933 --> 00:23:15,769
<font color="#ffcc46">...ඉතින් මම අයියලා එක්ක ඒකට උදව් කරනවා.</font>

320
00:23:16,604 --> 00:23:17,730
<font color="#ffcc46">සෝ-යොං ඔයා ගැන කිව්වොත්?</font>

321
00:23:17,813 --> 00:23:19,106
<font color="#ffcc46">ඔයාටත් අයියා කෙනෙක් ඉන්නවද?</font>

322
00:23:19,815 --> 00:23:20,816
<font color="#ffcc46">ඔව්.</font>

323
00:23:21,358 --> 00:23:24,445
<font color="#ffcc46">මම මේක කලින් ඔයාලට කියලා නෑ,</font>

324
00:23:24,528 --> 00:23:27,489
<font color="#ffcc46">හැබැයි මගේ අයියා ෂින් සොන්ග්-ඉල් ටත් වඩා හැඩයි.</font>

325
00:23:27,573 --> 00:23:29,074
<font color="#ffcc46">මගේ අයියා ඇලන් ඩෙලෝන් වගේ!</font>

326
00:23:29,158 --> 00:23:31,327
<font color="#ffcc46">ඇත්තටම? අපි දෙන්නට සමාන දේවල් ගොඩක් තියෙනවනේ!</font>

327
00:23:31,410 --> 00:23:33,412
<font color="#ffcc46">ෂා,
එයාලා ඇත්තටම එච්චරටම හැඩද?</font>

328
00:23:33,495 --> 00:23:36,540
<font color="#ffcc46">-ඔයා දවසක එයාව මෙහෙ එක්කන් එන්න ඕනේ.
-අනේ මට එහෙම කරන්න බෑ. එයා කාර්යබහුලයි.</font>

329
00:23:36,624 --> 00:23:38,709
<font color="#ffcc46">-එක්කන් එන්නකෝ.
-මට මගේ ඇස් දෙකෙන්ම බලාගන්න ඕනේ.</font>

330
00:23:38,792 --> 00:23:41,086
<font color="#ffcc46">-එයා ඇත්තටම හරිම හැඩ ඇති.
-ආයේ අහලා.</font>

331
00:23:43,047 --> 00:23:44,340
<font color="#ffcc46">වියට්නාම යුද්ධය, නේද?</font>

332
00:23:44,423 --> 00:23:45,633
<font color="#ffcc46">පුද්ගලික වාර්තාව
බෙක් කි-තේ</font>

333
00:23:45,716 --> 00:23:46,842
<font color="#ffcc46">ඔව්.</font>

334
00:23:46,926 --> 00:23:50,387
<font color="#ffcc46">එයා විශේෂ බලකායේ ඉඳලා තියෙනවා,
හැබැයි එහෙන් නෙරපලා තියෙනවා.</font>

335
00:23:50,471 --> 00:23:52,932
<font color="#ffcc46">එහේ මොකක් හරි සිද්ධියක් වෙලා වගේ.</font>

336
00:23:54,058 --> 00:23:57,561
<font color="#ffcc46">සර්, මට ආරංචි වුණා ඔයාට
යුධ වීර පදක්කම ලැබුණා කියලා.</font>

337
00:23:57,645 --> 00:23:59,021
<font color="#ffcc46">ඒක ඇත්තක් නෙවෙයි නේද?</font>

338
00:24:06,445 --> 00:24:07,446
<font color="#ffcc46">ම්ම්...</font>

339
00:24:11,742 --> 00:24:14,495
<font color="#ffcc46">ඉතින්, ඒක දුන්නේ ආණ්ඩුවෙන් නේ,</font>

340
00:24:15,579 --> 00:24:17,081
<font color="#ffcc46">ඒ හින්දා මට ඒක එපා කියන්න බෑනේ.</font>

341
00:24:17,164 --> 00:24:19,124
<font color="#ffcc46">සිරාවටම?</font>

342
00:24:19,208 --> 00:24:22,169
<font color="#ffcc46">ආයුධ සන්නද්ධ ගරිල්ලෝ තුන් දෙනෙක් හිටියා.</font>

343
00:24:22,252 --> 00:24:25,089
<font color="#ffcc46">සන්නද්ධ ගරිල්ලෝ?</font>

344
00:24:25,172 --> 00:24:27,007
<font color="#ffcc46">ඔයා වෙඩි කෑවා කියලත් කියන්නද යන්නේ?</font>

345
00:24:27,091 --> 00:24:28,092
<font color="#ffcc46">-මෙන්න.
-අහ්?</font>

346
00:24:28,842 --> 00:24:30,094
<font color="#ffcc46">-මෙතන.
-ඉන්න.</font>

347
00:24:30,177 --> 00:24:32,763
<font color="#ffcc46">ඔයා මේ කියන්නේ
මේ තියෙන්නේ වෙඩි වැදිච්ච පාරක් කියලද?</font>

348
00:24:32,846 --> 00:24:34,640
<font color="#ffcc46">-ඒක මෙතනින් ඇතුලට ගිහින්...
-ඉතින්?</font>

349
00:24:35,265 --> 00:24:37,726
<font color="#ffcc46">-මට ෂුවර් නෑ ඔයාට පේනවද කියලා. මෙන්න.
-අම්මෝ, මොකක්?</font>

350
00:24:37,810 --> 00:24:38,894
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න.</font>

351
00:24:38,978 --> 00:24:41,355
<font color="#ffcc46">එතකොට ඒක මෙතනින් ඇතුලට ගිහින් මෙහෙන් එළියට ආවද?</font>

352
00:24:41,438 --> 00:24:44,316
<font color="#ffcc46">ෂා, එතකොට ඒක ඇත්තක්නේ!</font>

353
00:24:44,400 --> 00:24:46,068
<font color="#ffcc46">ජෑන්ග් මහත්තයෝ, ඔයා මාරයිනේ.</font>

354
00:24:46,151 --> 00:24:49,196
<font color="#ffcc46">ඉතින්, මම එහෙම නෙවෙයි නම්
මට පදක්කම දෙන එකක් නෑනේ.</font>

355
00:24:52,157 --> 00:24:54,284
<font color="#ffcc46">අනේ මන්දා.</font>

356
00:24:55,619 --> 00:24:56,620
<font color="#ffcc46">දෙවියනේ.</font>

357
00:24:57,287 --> 00:24:58,288
<font color="#ffcc46">අම්මෝ...</font>

358
00:24:59,081 --> 00:25:02,251
<font color="#ffcc46">ජෑන්ග් මහත්තයෝ, ඔයා නිතරම ව්‍යායාම කරනවා ඇති.</font>

359
00:25:02,334 --> 00:25:04,795
<font color="#ffcc46">ඔව් ඉතින්, මම පුෂ්-අප් ටිකක් එහෙම ගහනවා.</font>

360
00:25:04,878 --> 00:25:06,213
<font color="#ffcc46">ඒකනේ ඉතින්.</font>

361
00:25:06,296 --> 00:25:08,257
<font color="#ffcc46">ඒකනේ ඔයා කෝට් ඇන්දම ඔච්චරටම හැඩ.</font>

362
00:25:09,008 --> 00:25:10,217
<font color="#ffcc46">ඔයා කීයක් විතර ගහනවද?</font>

363
00:25:10,300 --> 00:25:12,761
<font color="#ffcc46">සීයක්? ඔව්, සීයක් විතර.</font>

364
00:25:13,262 --> 00:25:15,097
<font color="#ffcc46">ඉතින්, කොහොමද විස්තරේ?</font>

365
00:25:15,180 --> 00:25:16,640
<font color="#ffcc46">ඔයා එයාව හම්බවුණාද?</font>

366
00:25:19,893 --> 00:25:22,021
<font color="#ffcc46">මට හරිම මහන්සියි.</font>

367
00:25:22,104 --> 00:25:25,107
<font color="#ffcc46">එයාලා හැදිලා තියෙන්නේ ජපානයේ ඔසාකා වල කියන එක ඇත්ත.</font>

368
00:25:25,190 --> 00:25:26,859
<font color="#ffcc46">-එයාලා සයිනිචි ද? (ජපානයේ ඉන්න කොරියානුවන් ද?)
-ඔව්.</font>

369
00:25:26,942 --> 00:25:29,278
<font color="#ffcc46">දෙමාපියන් නැති වුණාට පස්සේ
එයාලා ආයේ කොරියාවට ඇවිත්.</font>

370
00:25:29,361 --> 00:25:31,739
<font color="#ffcc46">ආරංචියේ හැටියට, එයාලට මෙහෙ පදිංචි වෙන්න
ලොකු කට්ටක් කන්න වෙලා.</font>

371
00:25:31,822 --> 00:25:34,324
<font color="#ffcc46">එතකොට බෙක් කි-තේට වෙන්න ඇති
දෙමාපියන්ගේ වගකීම ගන්න වුණේ.</font>

372
00:25:34,408 --> 00:25:36,035
<font color="#ffcc46">එයා නොකරපු රස්සාවක් නැති තරම්,</font>

373
00:25:36,118 --> 00:25:37,828
<font color="#ffcc46">නංගිලා මල්ලිලා බලාගන්න එයා ගොඩක් දුක් විඳලා.</font>

374
00:25:37,911 --> 00:25:40,539
<font color="#ffcc46">අනික ජපානයේ ඉඳන් ආපු නිසා,
එයාට ගොඩක් වෙනස්කම් වලටත් මූණ දෙන්න වෙලා.</font>

375
00:25:40,622 --> 00:25:42,249
<font color="#ffcc46">ඉතින් එයා හමුදාවට බැඳුණේ ඒ නිසාද?</font>

376
00:25:42,332 --> 00:25:44,710
<font color="#ffcc46">ඇත්තටම ඒ පවුලේ තව සොල්දාදුවෙක් ඉන්නවා.</font>

377
00:25:45,627 --> 00:25:47,379
<font color="#ffcc46">එයාලගේ මල්ලි, බෙක් කි-හ්යුන්.</font>

378
00:25:47,463 --> 00:25:50,799
<font color="#ffcc46">එයා මිලිටරි ඇකඩමියෙන් පාස් වෙලා තියෙන්නේ
පන්තියේ පළවෙනියා විදිහට.</font>

379
00:25:50,883 --> 00:25:53,302
<font color="#ffcc46">දැන් එයා පෙරමුණේ සේවය කරනවා
දෙවන ලුතිනන්වරයෙක් විදිහට.</font>

380
00:25:53,385 --> 00:25:57,014
<font color="#ffcc46">ලොකු අයියා KCIA එකේ, පොඩි එක්කෙනා මිලිටරි ඇකඩමියෙන්?</font>

381
00:25:57,556 --> 00:25:59,558
<font color="#ffcc46">ඔන්න බින්දුවෙන් පටන් අරන් දියුණු වුණ මිනිස්සු.</font>

382
00:25:59,641 --> 00:26:04,021
<font color="#ffcc46">හැබැයි අර පොඩි මල්ලි පොඩි කාලේ
මොකක් හරි කරදරයක් වෙලා වගේ කතාවක් කියවුණා.</font>

383
00:26:04,104 --> 00:26:05,522
<font color="#ffcc46">මොකද වෙලා තියෙන්නේ?</font>

384
00:26:05,606 --> 00:26:09,860
<font color="#ffcc46">බෙක් සෝ-යොං විස්තරේ කිව්වේ නෑ,
හැබැයි එයා මල්ලි ගැන ගොඩක් වද වෙන බවක් පෙනුණා.</font>

385
00:26:11,278 --> 00:26:12,279
<font color="#ffcc46">හරි.</font>

386
00:26:12,780 --> 00:26:14,907
<font color="#ffcc46">ඉතින්, ඔයා ආයෙත් එයාව හම්බවෙනවද?</font>

387
00:26:14,990 --> 00:26:17,868
<font color="#ffcc46">ඔව්, අපි හොඳට ෆිට් වුණා, ඉතින් අපි කතා වුණා
වෙලාවක කෑමකට එළියට යන්න.</font>

388
00:26:19,036 --> 00:26:20,871
<font color="#ffcc46">තව දෙයක්, කන්ග් දේ-ඉල්?</font>

389
00:26:21,455 --> 00:26:22,790
<font color="#ffcc46">එයා පණ පිටින්.</font>

390
00:26:25,042 --> 00:26:27,377
<font color="#ffcc46">ඔයා එයාව හොයාගත්තද?</font>

391
00:26:27,461 --> 00:26:31,256
<font color="#ffcc46">හරියටම නෑ. හැබැයි ආරංචියක් තියෙනවා,
එයා ආයෙත් කල්ලිය එකතු කරගන්නවා කියලා.</font>

392
00:26:31,340 --> 00:26:32,591
<font color="#ffcc46">එයා රසායන විද්‍යාඥයෙක්වත් හොයනවලු.</font>

393
00:26:32,674 --> 00:26:35,594
<font color="#ffcc46">දැක්කනේ? මම කිව්වේ,
කන්ග් දේ-ඉල් කියන එකා පණ පිටින් කියලා.</font>

394
00:26:35,677 --> 00:26:38,180
<font color="#ffcc46">සර්ගේ ඉව නම් මාරයි.</font>

395
00:26:38,263 --> 00:26:39,765
<font color="#ffcc46">මම මේ කියන්නේ,</font>

396
00:26:40,557 --> 00:26:42,893
<font color="#ffcc46">කන්ග් දේ-ඉල් ට KCIA එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා.</font>

397
00:26:46,647 --> 00:26:49,191
<font color="#ffcc46">KCIA එකට ඕන කෙනෙක්ව නැති කරලා දාන්න පුළුවන්.</font>

398
00:26:49,942 --> 00:26:52,361
<font color="#ffcc46">ජෑන්ග් මහත්තයෝ, ඔයා වැඩිය දඟලන්න ගිහින්
වැඩේ වැරදුණොත්--</font>

399
00:26:52,444 --> 00:26:54,154
<font color="#ffcc46">මම ඒකේ වගකීම භාරගන්නම්.</font>

400
00:26:54,238 --> 00:26:56,198
<font color="#ffcc46">කාගේ හරි රස්සාවක් නැති වෙනවා නම්,
ඒ මගේ රස්සාව විතරයි.</font>

401
00:27:05,707 --> 00:27:12,089
<font color="#ffcc46">ඔසාකා, ජපානය</font>

402
00:27:12,798 --> 00:27:15,217
<font color="#ffcc46">ඔයාට කොරියාවෙන් අමුත්තෝ ඇවිල්ලා.</font>

403
00:27:50,836 --> 00:27:52,880
<font color="#ffcc46">ගොඩ කාලෙකින් දැක්කේ, බේ මහත්මිය.</font>

404
00:27:53,380 --> 00:27:55,382
<font color="#ffcc46">ඔයාව හම්බවුණ එක සතුටක්, ඉකෙඩා මහත්මිය.</font>

405
00:27:56,049 --> 00:27:58,510
<font color="#ffcc46">කාලෙකින් නේද, මට්සුඩා මහත්තයෝ.</font>

406
00:28:00,304 --> 00:28:02,556
<font color="#ffcc46">නැත්නම් මම දැන් කතා කරන්න ඕනේ
බෙක් කි-තේ මහත්තයා කියලද?</font>

407
00:28:03,140 --> 00:28:04,725
<font color="#ffcc46">මම බෙක් කි-තේ.</font>

408
00:28:05,934 --> 00:28:06,935
<font color="#ffcc46">හම්බවුණ එක සතුටක්.</font>

409
00:28:13,692 --> 00:28:17,821
<font color="#ffcc46">ඔයාට හරිම ලස්සන පොඩි තැනක්නේ තියෙන්නේ.</font>

410
00:28:20,574 --> 00:28:22,701
<font color="#ffcc46">සභාපතිතුමාට කොහොමද?</font>

411
00:28:23,577 --> 00:28:25,495
<font color="#ffcc46">මට ආරංචි වුණා එයාට අසනීපයි කියලා.</font>

412
00:28:27,164 --> 00:28:28,457
<font color="#ffcc46">ඔයාගේ පුතාට කොහොමද?</font>

413
00:28:31,501 --> 00:28:34,713
<font color="#ffcc46">එයා... හරියටම එයාගේ තාත්තා වගේමයි.</font>

414
00:28:36,590 --> 00:28:37,633
<font color="#ffcc46">ඒක හොඳයි.</font>

415
00:28:38,467 --> 00:28:40,093
<font color="#ffcc46">ඔයා ආයෙත් ඇමරිකාවට යන්නේ කවද්ද?</font>

416
00:28:40,177 --> 00:28:41,803
<font color="#ffcc46">මම ආයේ යන්නේ නෑ.</font>

417
00:28:41,887 --> 00:28:43,639
<font color="#ffcc46">මට කොරියාවේ කරගන්න වැඩ වගයක් තියෙනවා.</font>

418
00:28:46,266 --> 00:28:48,101
<font color="#ffcc46">අනික මගේ හිත ගිය කෙනෙක්වත් මට හම්බවුණා.</font>

419
00:28:49,728 --> 00:28:51,104
<font color="#ffcc46">ඔයාලා කාලා නෑ නේද?</font>

420
00:28:51,188 --> 00:28:52,272
<font color="#ffcc46">අම්මෝ, මට නම් බඩගිනියි.</font>

421
00:28:52,356 --> 00:28:54,900
<font color="#ffcc46">මට ආරංචි වුණා මේ ළඟ
ප්‍රසිද්ධ සුෂි කඩයක් තියෙනවා කියලා.</font>

422
00:28:54,983 --> 00:28:57,778
<font color="#ffcc46">ඇත්තටම ඔයාලා එනවා කියලා ආරංචි වුණාම
මම එතන බුක් කරලා තිබ්බේ.</font>

423
00:28:59,780 --> 00:29:02,407
<font color="#ffcc46">ඔයා සුෂි වලට ආසයිනේ.
මේක මරු.</font>

424
00:29:02,491 --> 00:29:04,660
<font color="#ffcc46">බෙක් මහත්තයෝ, ඔයා මාත් එක්ක ඩ්‍රින්ක් එකක්
ගන්න ගමන් කතා කරමුද.</font>

425
00:29:04,743 --> 00:29:06,536
<font color="#ffcc46">මට පෞද්ගලිකව කතා කරන්න දෙයක් තියෙනවා.</font>

426
00:29:07,329 --> 00:29:09,289
<font color="#ffcc46">මගේ සේවකයෝ ඔයාව එක්කන් යයි, බේ මහත්මිය.</font>

427
00:29:09,790 --> 00:29:12,084
<font color="#ffcc46">ඔයා ඔයාගේ කොටස කළානේ.</font>

428
00:29:12,167 --> 00:29:14,544
<font color="#ffcc46">දැන්, බෙක් මහත්තයාට තියෙන්නේ
ඉතුරු ටික ඉවර කරන්න.</font>

429
00:29:15,128 --> 00:29:19,257
<font color="#ffcc46">මම දන්නවා එයා මේච්චර දුරක් ආවේ
මාත් එක්ක සුෂි කන්න නෙවෙයි කියලා.</font>

430
00:29:19,967 --> 00:29:21,635
<font color="#ffcc46">මම හරි නේද, බෙක් මහත්තයෝ?</font>

431
00:29:24,972 --> 00:29:27,432
<font color="#ffcc46">බේ මහත්මිය දන්නවද අපි හම්බවෙන්නේ ඇයි කියලා?</font>

432
00:29:29,226 --> 00:29:30,227
<font color="#ffcc46">නෑ.</font>

433
00:29:31,103 --> 00:29:32,896
<font color="#ffcc46">එයාට ඒ ගැන පොඩි අදහසක්වත් නෑ.</font>

434
00:29:32,980 --> 00:29:35,524
<font color="#ffcc46">ඉතින් ඔයාට ඕනේ මාත් එක්ක බිස්නස් කරන්නද,
ජෝ මන්-ජේ ඉන්න තැන?</font>

435
00:29:35,607 --> 00:29:37,651
<font color="#ffcc46">එයා KCIA එකේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නේද?</font>

436
00:29:38,485 --> 00:29:39,653
<font color="#ffcc46">ඇයි ඒක ප්‍රශ්නයක්ද?</font>

437
00:29:39,736 --> 00:29:40,988
<font color="#ffcc46">අධ්‍යක්ෂක හ්වන්ග් මේක දන්නවද?</font>

438
00:29:41,530 --> 00:29:42,823
<font color="#ffcc46">එයා දැනගන්න ඕනද?</font>

439
00:29:43,991 --> 00:29:46,660
<font color="#ffcc46">ඒක නෙවෙයි... ...ඔයා එයාව අඳුරන්නේ කොහොමද?</font>

440
00:29:46,743 --> 00:29:48,412
<font color="#ffcc46">මම ඉස්සර එයා එක්ක වැඩ කළා.</font>

441
00:29:49,079 --> 00:29:50,080
<font color="#ffcc46">මොනවා සම්බන්ධවද?</font>

442
00:29:50,831 --> 00:29:51,832
<font color="#ffcc46">බිස්නස් වැඩ වගයක්.</font>

443
00:29:56,795 --> 00:29:59,589
<font color="#ffcc46">"කොරියා-ජපන් සංස්කෘතික හුවමාරු
පදනමේ සභාපති."</font>

444
00:29:59,673 --> 00:30:03,093
<font color="#ffcc46">"කොරියා-ජපන් සංවර්ධන කවුන්සිලයේ
අධ්‍යක්ෂක."</font>

445
00:30:05,095 --> 00:30:06,972
<font color="#ffcc46">යකුසා කල්ලිය මේ වගේ දේවල් කරන්න ගත්තේ
කවද ඉඳන්ද?</font>

446
00:30:14,187 --> 00:30:16,440
<font color="#ffcc46">සල්ලි ලැබෙන ඕනම දෙයක් අපි කරනවා,</font>

447
00:30:16,523 --> 00:30:17,774
<font color="#ffcc46">හරියට ඔයා වගේම.</font>

448
00:30:20,902 --> 00:30:23,155
<font color="#ffcc46">ඔයාට විශ්වාසද මේක හරියට කරන්න පුළුවන් කියලා?</font>

449
00:30:24,322 --> 00:30:25,657
<font color="#ffcc46">අපි මේක හරියට කරන්නේ නැත්නම්,</font>

450
00:30:26,658 --> 00:30:28,160
<font color="#ffcc46">මම මේකට අත ගහන්නෙවත් නෑ.</font>

451
00:30:43,550 --> 00:30:45,761
<font color="#ffcc46">ඔයා ඔයාගේ පොරොන්දුව ආයෙත් කැඩුවොත්,</font>

452
00:30:46,511 --> 00:30:49,890
<font color="#ffcc46">මම ඔයාට ඒකට විඳවන්න ඉඩ තියනවා,
මගේ කාලේ නාස්ති කළාටත් එක්කම.</font>

453
00:30:51,516 --> 00:30:53,518
<font color="#ffcc46">ඒක තර්ජනයක් වගේනේ.</font>

454
00:30:55,812 --> 00:30:56,813
<font color="#ffcc46">මේක තර්ජනයක් තමයි.</font>

455
00:30:57,814 --> 00:30:59,357
<font color="#ffcc46">ඔයාට මේක කරන්න බැරිනම්, පැත්තකට වෙන්න.</font>

456
00:31:10,827 --> 00:31:13,121
<font color="#ffcc46">මම ඔයාගෙන් එක දෙයක් අහන්නම්.</font>

457
00:31:17,084 --> 00:31:18,627
<font color="#ffcc46">ඔයාට මාව හම්බවෙන්න ඕන වුණාද?</font>

458
00:31:20,128 --> 00:31:22,756
<font color="#ffcc46">මට ඔයාව දකින්න ඕන වුණා.</font>

459
00:31:29,179 --> 00:31:30,847
<font color="#ffcc46">මිස්ටර් බෙක්!</font>

460
00:31:34,476 --> 00:31:37,312
<font color="#ffcc46">ඩාලිං,
මම නැතුව ඔයාට කොහොමද?</font>

461
00:31:38,105 --> 00:31:39,856
<font color="#ffcc46">ශොපින් කරපු එක ජොලිද මිස් බේ?</font>

462
00:31:39,940 --> 00:31:43,652
<font color="#ffcc46">ඔව්, මගේ ආදරණීය මිස්ටර් බෙක්ට
මම යට ඇඳුම් වගයක් ගත්තා.</font>

463
00:32:02,337 --> 00:32:05,549
<font color="#ffcc46">සුභ බුසාන් පුරවැසි දිනයක් වේවා</font>

464
00:32:09,010 --> 00:32:10,679
<font color="#ffcc46">ආයුබෝවන්, ඩිරෙක්ටර් හ්වාං.</font>

465
00:32:11,555 --> 00:32:13,974
<font color="#ffcc46">ජෑං ගොන්යොං,
විශේෂ විමර්ශන ඒකකය, බුසාන් කාර්යාලය.</font>

466
00:32:15,308 --> 00:32:16,810
<font color="#ffcc46">ආ, හරි.</font>

467
00:32:18,562 --> 00:32:22,315
<font color="#ffcc46">මම අහල තියෙනවා ඔයා අර කුඩ්ඩො පස්සෙ පන්න පන්න
මාර කට්ටක් කනවා කියලා.</font>

468
00:32:22,399 --> 00:32:23,733
<font color="#ffcc46">මමද? එහෙම දෙයක් නෑ.</font>

469
00:32:24,234 --> 00:32:26,278
<font color="#ffcc46">ඇත්තටම අමාරුම දේ කරන්නෙ
ඔබතුමානේ සර්.</font>

470
00:32:26,778 --> 00:32:29,239
<font color="#ffcc46">බුසාන් වල ඉන්න ලොකුම ලොක්කෝ සේරම
ඔයාගෙ අතේ නටනකොට,</font>

471
00:32:29,322 --> 00:32:32,576
<font color="#ffcc46">ඒක මැනේජ් කරන එක කොච්චර අමාරුද කියලා
මට හිතාගන්න පුළුවන්.</font>

472
00:32:34,870 --> 00:32:37,747
<font color="#ffcc46">ඔයා මොනවා ආරංචි කරගෙනද කියලා මම දන්නෑ.</font>

473
00:32:39,040 --> 00:32:40,250
<font color="#ffcc46">ඒත් මත්ද්‍රව්‍ය කේස්?</font>

474
00:32:40,750 --> 00:32:42,752
<font color="#ffcc46">ඔයාට වෙන්නෙ රෑ එළි වෙනකම්
නිකන් පස්සෙන් පන්නන්න විතරයිනේ.</font>

475
00:32:43,295 --> 00:32:46,214
<font color="#ffcc46">-ඔයාටත් ඔලුවෙ කැක්කුම් ඇති තරම් තියෙනවනේ.
-ඒකයි මම</font>

476
00:32:46,715 --> 00:32:48,842
<font color="#ffcc46">ඔයාගෙන් පොඩි ඔත්තුවක් ගන්න බැලුවේ.</font>

477
00:32:49,509 --> 00:32:50,635
<font color="#ffcc46">මොන වගේ ඔත්තුවක්ද?</font>

478
00:32:50,719 --> 00:32:52,762
<font color="#ffcc46">ඔයා ජෝ මන්ජේ ව හොඳට දන්නවනේ?</font>

479
00:32:53,763 --> 00:32:54,890
<font color="#ffcc46">මන්ජේ කල්ලියේ ලොක්කා.</font>

480
00:32:55,515 --> 00:32:57,726
<font color="#ffcc46">ම්ම්, මමත් ඉතින්
ඔයා දන්න තරම් විතරයි දන්නෙ.</font>

481
00:32:58,894 --> 00:32:59,895
<font color="#ffcc46">ඒත් මට ආරංචි වුණා</font>

482
00:33:00,645 --> 00:33:03,273
<font color="#ffcc46">මිනිහා අතුරුදහන් වෙලා කියලා. ඇත්ත නේද?</font>

483
00:33:03,356 --> 00:33:04,608
<font color="#ffcc46">ඔව්, ඒක ඇත්ත.</font>

484
00:33:04,691 --> 00:33:06,985
<font color="#ffcc46">මිනිහා අතුරුදහන් වුණා, කිසිම හෝඩුවාවක් නෑ.</font>

485
00:33:07,652 --> 00:33:10,030
<font color="#ffcc46">ඒත් මම ආයේ පරීක්ෂණ පටන් ගත්තහම,</font>

486
00:33:10,947 --> 00:33:14,201
<font color="#ffcc46">සාක්ෂිකාරයෙක් ඇවිත් කිව්වා මිනිහව
පිලිපීනයෙදි දැක්කා කියලා.</font>

487
00:33:14,743 --> 00:33:18,288
<font color="#ffcc46">ඊටපස්සෙ මම බලද්දි,
ඉහළින් ඇවිත් ඒ පරීක්ෂණය නවත්තලා දැම්මා.</font>

488
00:33:19,623 --> 00:33:21,541
<font color="#ffcc46">ඉතින් ඇත්තටම</font>

489
00:33:23,126 --> 00:33:24,502
<font color="#ffcc46">ඔයාට මොනවද දැනගන්න ඕන?</font>

490
00:33:25,295 --> 00:33:28,215
<font color="#ffcc46">මිනිහා පිලිපීනයේ පණපිටින් ඉන්නවද,</font>

491
00:33:28,298 --> 00:33:30,425
<font color="#ffcc46">නැත්නම් කොහෙහරි කුණු වෙනවද කියන එක පස්සට දාමුකෝ.</font>

492
00:33:30,508 --> 00:33:34,221
<font color="#ffcc46">ඒත් කවුද මිනිහගෙ බිස්නස් එක අතට අරගෙන</font>

493
00:33:34,304 --> 00:33:37,682
<font color="#ffcc46">බුසාන් වල ඩ්‍රග්ස් බිස්නස් එක
කරගෙන යන්නෙ?</font>

494
00:33:39,517 --> 00:33:41,228
<font color="#ffcc46">අන්න ඒකයි මට දැනගන්න ඕන.</font>

495
00:33:48,401 --> 00:33:49,778
<font color="#ffcc46">ඒක මටත් අලුත් ආරංචියක්නේ.</font>

496
00:33:50,362 --> 00:33:52,072
<font color="#ffcc46">කවුරුහරි අනිවාර්යයෙන්ම ඒක බාරගෙන තියෙනවා.</font>

497
00:33:52,572 --> 00:33:53,573
<font color="#ffcc46">මට ඒක ෂුවර්.</font>

498
00:33:56,660 --> 00:33:58,578
<font color="#ffcc46">ඉතුරු වෙලා ඉන්න ගෝලයො ටික එකතු කරගෙන,</font>

499
00:33:59,329 --> 00:34:01,289
<font color="#ffcc46">අලුත් කුක් කෙනෙක්ව ගේන්නයි හදන්නෙ.</font>

500
00:34:04,084 --> 00:34:05,085
<font color="#ffcc46">ආ…</font>

501
00:34:05,919 --> 00:34:06,920
<font color="#ffcc46">ඒක නෙවෙයි,</font>

502
00:34:07,003 --> 00:34:09,589
<font color="#ffcc46">ඔයාගෙ අර ගෝලයව පේන්න නෑනේ. බෙක් කිතේ?</font>

503
00:34:09,673 --> 00:34:10,924
<font color="#ffcc46">එයා සාමාන්‍යයෙන් ඔයා එක්ක ඉන්නවනේ.</font>

504
00:34:11,424 --> 00:34:13,969
<font color="#ffcc46">මට හිතෙන්නේ මේ දවස්වල KCIA එකට
වැඩ ගොඩක් ඇති.</font>

505
00:34:18,848 --> 00:34:20,350
<font color="#ffcc46">ඔයා මේවා ලෙලි ගහන්න හරි දක්ෂයි.</font>

506
00:34:20,433 --> 00:34:21,851
<font color="#ffcc46">මට කවදාවත් මේක හරියට කරගන්න බෑ.</font>

507
00:34:22,686 --> 00:34:23,687
<font color="#ffcc46">එහෙමද?</font>

508
00:34:24,312 --> 00:34:26,815
<font color="#ffcc46">-මම එකක් ගලවලා දෙන්නද?
-ඔයාට පුළුවන්ද?</font>

509
00:34:26,898 --> 00:34:27,899
<font color="#ffcc46">ඇයි බැරි.</font>

510
00:34:30,860 --> 00:34:31,861
<font color="#ffcc46">මෙන්න.</font>

511
00:34:32,529 --> 00:34:33,697
<font color="#ffcc46">කකුල් දෙකෙන් අල්ලලා</font>

512
00:34:35,282 --> 00:34:36,908
<font color="#ffcc46">මෙන්න මේ වගේ ගලවන්න.</font>

513
00:34:36,992 --> 00:34:37,993
<font color="#ffcc46">ඔන්න හරි.</font>

514
00:34:38,493 --> 00:34:40,036
<font color="#ffcc46">-ඔබතුමාට.
-තැන්ක්ස්.</font>

515
00:34:45,792 --> 00:34:47,085
<font color="#ffcc46">-ගන්න.
-හරි.</font>

516
00:34:53,425 --> 00:34:54,426
<font color="#ffcc46">මිස්ටර් ජෑං!</font>

517
00:34:57,512 --> 00:34:58,722
<font color="#ffcc46">වැඩේ කොහොමද?</font>

518
00:35:00,223 --> 00:35:02,350
<font color="#ffcc46">මිනිහා දන්නෑ වගේ හිටපු විදිහට,</font>

519
00:35:02,434 --> 00:35:04,394
<font color="#ffcc46">පේන විදිහට KCIA එක
ජෝ මන්ජේගෙ වැඩේ ඉවර කරලා.</font>

520
00:35:04,477 --> 00:35:07,814
<font color="#ffcc46">එතකොට, ඒ කියන්නෙ
ඩිරෙක්ටර් හ්වාං මිනිහව මරලා දාලා,</font>

521
00:35:07,897 --> 00:35:09,983
<font color="#ffcc46">එයාම බිස්නස් එක කරනවා කියන එකද?</font>

522
00:35:11,776 --> 00:35:14,904
<font color="#ffcc46">මට හිතෙන්නෑ ඩිරෙක්ටර් හ්වාං
ඩ්‍රග්ස් ගැන ලොකුවට දන්නවා කියලා.</font>

523
00:35:18,199 --> 00:35:19,826
<font color="#ffcc46">එහෙනම් කවුද යකෝ මේක කරන්නෙ?</font>

524
00:35:19,909 --> 00:35:21,828
<font color="#ffcc46">ඔයා කවද්ද බෙක් සොයොං ව හම්බවෙන්නෙ?</font>

525
00:35:26,458 --> 00:35:27,792
<font color="#ffcc46">ඔයාට හිතෙනවද…</font>

526
00:35:28,835 --> 00:35:32,213
<font color="#ffcc46">බෙක් කිතේ හ්වාං ට හොරෙන්
මේ බිස්නස් එක ගෙනියන්න හදනවා කියලා?</font>

527
00:35:32,297 --> 00:35:34,007
<font color="#ffcc46">මම නිකන් නූල දාලා බැලුවා,</font>

528
00:35:35,133 --> 00:35:36,301
<font color="#ffcc46">ඉතින් අපි බලමුකෝ</font>

529
00:35:37,218 --> 00:35:40,055
<font color="#ffcc46">බෙක් කිතේ ඇත්තටම ඩ්‍රග්ස් බිස්නස් එක කරනවද කියලා.</font>

530
00:35:43,224 --> 00:35:44,643
<font color="#ffcc46">ඔයාට පිස්සුද?</font>

531
00:35:45,644 --> 00:35:47,228
<font color="#ffcc46">KCIA ඒජන්ට් කෙනෙක් ඩ්‍රග්ස් විකුණනවා?</font>

532
00:35:47,312 --> 00:35:49,356
<font color="#ffcc46">ඔයා මොනවද මේ හිතන්නෙ? ආ?</font>

533
00:35:49,439 --> 00:35:51,316
<font color="#ffcc46">ඔයා හදන්නෙ අපි සේරවම මරවන්නද?</font>

534
00:35:55,195 --> 00:35:56,946
<font color="#ffcc46">මම මේක කරන්නෙ අපි හැමෝටම ජීවත් වෙන්න ඕන නිසා.</font>

535
00:36:00,408 --> 00:36:01,743
<font color="#ffcc46">අම්මා නැති වුණාට පස්සෙ,</font>

536
00:36:02,577 --> 00:36:05,121
<font color="#ffcc46">කොහොමද අපි තුන්දෙනා බුසාන් වලට ආවේ?</font>

537
00:36:05,205 --> 00:36:06,998
<font color="#ffcc46">අපේ ජීවිත කොහොමද තිබුණේ?</font>

538
00:36:07,082 --> 00:36:10,502
<font color="#ffcc46">අපි මේ විදිහටම හිටියොත්,
අවුරුදු 10ක් 20ක් ගියත් වෙනසක් වෙන එකක් නෑ.</font>

539
00:36:10,585 --> 00:36:12,712
<font color="#ffcc46">අපිට කවදාවත් මේ පැල්පත් ජීවිතෙන්
ගොඩ එන්න ලැබෙන්නෙ නෑ.</font>

540
00:36:14,464 --> 00:36:15,632
<font color="#ffcc46">සොයොං.</font>

541
00:36:16,508 --> 00:36:17,592
<font color="#ffcc46">ඔයාට මාව විශ්වාස නැද්ද?</font>

542
00:36:19,135 --> 00:36:21,805
<font color="#ffcc46">නිකමට හිතන්න මම එක කිලෝ එකක් ගෙනාවා කියලා.
ඒක වොන් ලක්ෂ දෙකයි.</font>

543
00:36:21,888 --> 00:36:25,558
<font color="#ffcc46">ඒක හදලා වික්කොත්, මිලියන 5යි.
ජපානෙට යැව්වොත්, මිලියන 15යි.</font>

544
00:36:27,268 --> 00:36:28,269
<font color="#ffcc46">ප…</font>

545
00:36:30,021 --> 00:36:32,107
<font color="#ffcc46">වොන් මිලියන පහළොවක්?</font>

546
00:36:33,858 --> 00:36:35,694
<font color="#ffcc46">අනික, මම මේක තනියම නෙවෙයි කරන්නෙ.</font>

547
00:36:35,777 --> 00:36:37,237
<font color="#ffcc46">මට ඉහළින් ඉන්න අය…</font>

548
00:36:40,365 --> 00:36:41,658
<font color="#ffcc46">අපි සේරම මේකට සම්බන්ධයි.</font>

549
00:36:41,741 --> 00:36:43,785
<font color="#ffcc46">ඔයාට ඉහළින්? KCIA එකද?</font>

550
00:36:44,536 --> 00:36:45,578
<font color="#ffcc46">කොච්චර ඉහළින්ද?</font>

551
00:36:45,662 --> 00:36:47,038
<font color="#ffcc46">හොඳටම ඉහළින්.</font>

552
00:36:48,790 --> 00:36:50,917
<font color="#ffcc46">ඒ කියන්නෙ
අපි මාට්ටු වෙයි කියලා බයක් නෑ.</font>

553
00:36:51,418 --> 00:36:53,128
<font color="#ffcc46">බෑ.</font>

554
00:36:53,712 --> 00:36:56,005
<font color="#ffcc46">මේකෙන් මිනිස්සු ඇබ්බැහි වෙනවා.</font>

555
00:36:56,506 --> 00:37:00,301
<font color="#ffcc46">මේකෙන් රට විනාශ වෙනවා,
නිකන් අලුත් යුගයක් හදන්න ට්‍රයි කරන වෙලාවකම.</font>

556
00:37:00,885 --> 00:37:04,055
<font color="#ffcc46">කිතේ, එපා, මට ලොකු වැරදිකාරී හැඟීමක් දැනෙයි.</font>

557
00:37:04,556 --> 00:37:06,558
<font color="#ffcc46">ඔයා ඒ ගැන වද වෙන්න දෙයක් නෑ.</font>

558
00:37:06,641 --> 00:37:08,685
<font color="#ffcc46">අපි මේක මෙහේ හැදුවට,</font>

559
00:37:08,768 --> 00:37:10,437
<font color="#ffcc46">අපි සේරම යවන්නේ ජපානෙට.</font>

560
00:37:11,187 --> 00:37:12,355
<font color="#ffcc46">ජපානෙට?</font>

561
00:37:12,439 --> 00:37:14,315
<font color="#ffcc46">ඔව්. අපි රටට
විදේශ විනිමය ගේනවා,</font>

562
00:37:14,399 --> 00:37:16,443
<font color="#ffcc46">අපේ අපනයන වැඩි කරන්නෙ අපි.</font>

563
00:37:17,193 --> 00:37:18,445
<font color="#ffcc46">බිස්නස් එක හොඳට ගියොත්,</font>

564
00:37:19,154 --> 00:37:21,030
<font color="#ffcc46">අලුත් යුගයක් හදන වැඩේට
අපිත් අපේ කොටස කරනවා.</font>

565
00:37:21,114 --> 00:37:22,782
<font color="#ffcc46">අපේ පවුලට ආයේ දුක් විඳින්න වෙන්නෑ.</font>

566
00:37:22,866 --> 00:37:25,118
<font color="#ffcc46">කාලෙත් එක්ක ගියොත්
අපිට ඉස්සරහටම එන්න පුළුවන්.</font>

567
00:37:25,201 --> 00:37:27,203
<font color="#ffcc46">ඒ කියන්නෙ අපි රටට සේවයක් කරනවා.</font>

568
00:37:27,287 --> 00:37:28,329
<font color="#ffcc46">මේක දේශප්‍රේමී වැඩක්.</font>

569
00:37:29,080 --> 00:37:30,081
<font color="#ffcc46">දේශප්‍රේමී?</font>

570
00:37:31,166 --> 00:37:32,167
<font color="#ffcc46">ඔව්.</font>

571
00:37:34,627 --> 00:37:36,963
<font color="#ffcc46">කිහ්‍යුන්ට කියන්න එපා.
එයා මේවා දැනගන්න ඕන නෑ.</font>

572
00:37:38,298 --> 00:37:39,299
<font color="#ffcc46">හරි.</font>

573
00:37:40,842 --> 00:37:43,428
<font color="#ffcc46">ඔයා සල්ලි ටික බලාගන්න,</font>

574
00:37:43,928 --> 00:37:46,681
<font color="#ffcc46">කැං ඩේඉල් ගැන ඇහැ ගහගෙන ඉන්න, හරිද?</font>

575
00:37:48,683 --> 00:37:49,684
<font color="#ffcc46">ම්ම්.</font>

576
00:38:36,439 --> 00:38:37,774
<font color="#ffcc46">ඔව්. ස්තූතියි සර්.</font>

577
00:38:47,742 --> 00:38:49,077
<font color="#ffcc46">අපේ ඉලක්කය…</font>

578
00:38:51,704 --> 00:38:53,289
<font color="#ffcc46">හොඳම බඩු ටික හදලා</font>

579
00:38:53,373 --> 00:38:54,999
<font color="#ffcc46">ජපාන මාර්කට් එක අල්ලන එක.</font>

580
00:38:57,252 --> 00:38:58,461
<font color="#ffcc46">එතකොට කොරියාව?</font>

581
00:38:59,379 --> 00:39:01,172
<font color="#ffcc46">දැනට ජපානය ගැන විතරක් හිතන්න.</font>

582
00:39:01,256 --> 00:39:03,299
<font color="#ffcc46">මගේ අනුමැතිය නැතුව
කොරියාව ඇතුළට කිසි දෙයක් දාන්න එපා.</font>

583
00:39:03,800 --> 00:39:04,801
<font color="#ffcc46">තේරුණා.</font>

584
00:39:08,137 --> 00:39:10,014
<font color="#ffcc46">කුක් ගැන මොකද වෙන්නෙ?</font>

585
00:39:11,015 --> 00:39:14,352
<font color="#ffcc46">අපිට ඉන්නවා හොඳ ඇහැක් තියෙන
වැඩකාරයෙක්.</font>

586
00:39:14,435 --> 00:39:16,980
<font color="#ffcc46">මිනිහා මේ ෆීල්ඩ් එකේ
හොඳ නමක් දිනාගෙන ඉන්න කෙනෙක්.</font>

587
00:39:17,063 --> 00:39:19,315
<font color="#ffcc46">වැඩේ ලේසි වුණේ නෑ,
ඒත් මම කොහොමහරි මිනිහව කැමති කරගත්තා.</font>

588
00:39:19,399 --> 00:39:23,987
<font color="#ffcc46">උපරිම කොලිටියට, පුළුවන් තරම් පිරිසිදුවට.</font>

589
00:39:26,406 --> 00:39:28,867
<font color="#ffcc46">අන්න එහෙමයි අපි ජපන්කාරයන්ව අල්ලගන්නෙ.</font>

590
00:39:28,950 --> 00:39:30,034
<font color="#ffcc46">දන්නවනේ?</font>

591
00:39:30,660 --> 00:39:31,661
<font color="#ffcc46">තේරුණා සර්.</font>

592
00:39:34,873 --> 00:39:37,709
<font color="#ffcc46">තව එක්කෙනෙක්ව මම මේ වැඩේට ගන්නවා.</font>

593
00:39:39,586 --> 00:39:40,837
<font color="#ffcc46">කවුද ඒ?</font>

594
00:39:42,213 --> 00:39:43,506
<font color="#ffcc46">මේ ප්ලේස් එකේ වීව් එක මරු.</font>

595
00:39:44,716 --> 00:39:46,801
<font color="#ffcc46">ඔව් නේ. හරි ලස්සනයි.</font>

596
00:39:54,183 --> 00:39:55,393
<font color="#ffcc46">යමු වැඩේ පටන්ගමු!</font>

597
00:39:57,228 --> 00:39:59,105
<font color="#ffcc46">ඔව්, වැඩේ කරමු!</font>

598
00:40:19,042 --> 00:40:21,336
<font color="#ffcc46">හරි, ඌරො ටික ආවා.</font>

599
00:40:33,139 --> 00:40:34,849
<font color="#ffcc46">හරි, යමු.</font>

600
00:40:38,686 --> 00:40:40,104
<font color="#ffcc46">එන්න යමු.</font>

601
00:40:42,899 --> 00:40:43,983
<font color="#ffcc46">යන්න, ඇතුළට යන්න.</font>

602
00:40:51,616 --> 00:40:52,951
<font color="#ffcc46">මුන්ගෙ ගඳයි නේද?</font>

603
00:40:53,034 --> 00:40:54,035
<font color="#ffcc46">ඒක අවුලක් නෑ.</font>

604
00:41:00,792 --> 00:41:02,418
<font color="#ffcc46">මෙන්න, මේකෙන් ශේප් වෙයි.</font>

605
00:41:12,261 --> 00:41:13,388
<font color="#ffcc46">මම කැං ඩේඉල්.</font>

606
00:41:14,055 --> 00:41:15,556
<font color="#ffcc46">මම ඔයා ගැන ගොඩක් අහලා තියෙනවා.</font>

607
00:41:15,640 --> 00:41:17,600
<font color="#ffcc46">අමාරුයි වගේ නම්, මට කියන්න.</font>

608
00:41:17,684 --> 00:41:18,685
<font color="#ffcc46">අමාරුයි? පිස්සුද.</font>

609
00:41:18,768 --> 00:41:20,228
<font color="#ffcc46">මේක දේශප්‍රේමී වැඩක්නේ.</font>

610
00:41:22,355 --> 00:41:23,356
<font color="#ffcc46">දේශප්‍රේමී?</font>

611
00:41:24,357 --> 00:41:26,025
<font color="#ffcc46">ෂෝක්නේ.</font>

612
00:41:26,985 --> 00:41:29,487
<font color="#ffcc46">අම්මෝ, මාර සුවඳයි.</font>

613
00:41:29,988 --> 00:41:31,489
<font color="#ffcc46">මුන්ට ඇති වෙන්න කන්න දීපන්!</font>

614
00:41:37,245 --> 00:41:38,746
<font color="#ffcc46">ඌරො ටිකත් ගෙනාවනේ.</font>

615
00:41:38,830 --> 00:41:39,998
<font color="#ffcc46">වැඩේ පටන් ගමුද?</font>

616
00:41:48,923 --> 00:41:49,924
<font color="#ffcc46">මිස්ටර් කැං.</font>

617
00:41:50,550 --> 00:41:52,010
<font color="#ffcc46">මට ප්‍රශ්නයක් තියෙනවා.</font>

618
00:41:52,093 --> 00:41:53,553
<font color="#ffcc46">ඇයි මෙතනට ඌරො ගෙනාවේ?</font>

619
00:41:53,636 --> 00:41:55,346
<font color="#ffcc46">ඒවට සල්ලි යනවනේ?</font>

620
00:41:56,180 --> 00:41:58,850
<font color="#ffcc46">බඩු හදනකොට ගඳයි කියලා දන්නවනේ.</font>

621
00:41:58,933 --> 00:41:59,934
<font color="#ffcc46">ඉතින්?</font>

622
00:42:00,518 --> 00:42:02,270
<font color="#ffcc46">ඌරොන්ගෙ ගඳෙන් ඒක වහන්න පුළුවන්.</font>

623
00:42:02,854 --> 00:42:04,230
<font color="#ffcc46">ආ…</font>

624
00:42:04,313 --> 00:42:05,314
<font color="#ffcc46">ඒයි.</font>

625
00:42:11,696 --> 00:42:12,697
<font color="#ffcc46">ඒයි.</font>

626
00:42:14,032 --> 00:42:15,033
<font color="#ffcc46">මොකද?</font>

627
00:42:34,260 --> 00:42:37,263
<font color="#ffcc46">අධ්‍යක්ෂ ජනරාල් හ්වාං ගුක්පියොං</font>

628
00:42:39,515 --> 00:42:41,476
<font color="#ffcc46">මේ මාසෙ ආදායම ටිකක් අඩු පාටයි.</font>

629
00:42:43,644 --> 00:42:47,565
<font color="#ffcc46">කැං ඩේඉල් තාම ට්‍රයි කරනවා
කල්ලිය ආයේ ගොඩ ගන්න, ඒකයි…</font>

630
00:42:50,526 --> 00:42:52,570
<font color="#ffcc46">හරි. ඊට වඩා වැදගත් දේ,</font>

631
00:42:54,363 --> 00:42:55,782
<font color="#ffcc46">එයා ඔසාකා වලදි කා එක්කද හම්බවුණේ?</font>

632
00:42:58,951 --> 00:42:59,952
<font color="#ffcc46">බේ ගුම්ජි.</font>

633
00:43:01,370 --> 00:43:03,039
<font color="#ffcc46">විශේෂ කෙනෙක් නෙවෙයි.</font>

634
00:43:03,998 --> 00:43:05,708
<font color="#ffcc46">එයා නිකන් ශොපින් ගිහින් ඇවිදලා තියෙනවා.</font>

635
00:43:06,375 --> 00:43:07,627
<font color="#ffcc46">ශොපින්, ආ?</font>

636
00:43:08,127 --> 00:43:10,129
<font color="#ffcc46">මම මෙහේ පිස්සු හැදිලා ඉන්නවා.</font>

637
00:43:11,672 --> 00:43:13,007
<font color="#ffcc46">කෝ අර ගෑණි දැන්?</font>

638
00:43:13,674 --> 00:43:16,052
<font color="#ffcc46">එයා එයාගෙ ගෙදර අය එක්ක ඉන්නෙ
ළමයව බලාගන්න ඕන නිසා.</font>

639
00:43:16,886 --> 00:43:18,304
<font color="#ffcc46">ලී දැන් එයා ගැන ඇහැ ගහගෙන ඉන්නෙ.</font>

640
00:43:18,387 --> 00:43:20,098
<font color="#ffcc46">හෙට ඉඳන් මම ආයේ වැඩේ බාරගන්නවා.</font>

641
00:43:21,307 --> 00:43:22,433
<font color="#ffcc46">හරි, හොඳයි.</font>

642
00:43:24,936 --> 00:43:26,145
<font color="#ffcc46">පැය දෙකෙන් දෙකට කෝල් කරන්න.</font>

643
00:43:26,896 --> 00:43:27,897
<font color="#ffcc46">හරි සර්.</font>

644
00:43:30,274 --> 00:43:31,275
<font color="#ffcc46">ඔයාට යන්න පුළුවන්.</font>

645
00:43:50,878 --> 00:43:51,963
<font color="#ffcc46">හරි සර්.</font>

646
00:43:52,547 --> 00:43:53,756
<font color="#ffcc46">ප්යෝව එවන්න.</font>

647
00:43:54,715 --> 00:43:56,092
<font color="#ffcc46">හරි සර්. එවන්නම්.</font>

648
00:43:56,843 --> 00:43:58,219
<font color="#ffcc46">මිස්ටර් ප්යෝ, එතුමා එන්න කිව්වා.</font>

649
00:44:11,440 --> 00:44:13,317
<font color="#ffcc46">-හොයාගත්තද?
-ඔව් සර්.</font>

650
00:44:13,401 --> 00:44:16,571
<font color="#ffcc46">බෙක් කිතේ ඔසාකා වලදි ඉකෙඩා යූජිව හම්බවෙලා.</font>

651
00:44:17,488 --> 00:44:18,531
<font color="#ffcc46">චොයි යූජි?</font>

652
00:44:18,614 --> 00:44:19,615
<font color="#ffcc46">ඔව් සර්.</font>

653
00:44:22,368 --> 00:44:23,452
<font color="#ffcc46">බෙක් කිතේ…</font>

654
00:44:24,662 --> 00:44:26,038
<font color="#ffcc46">චොයි යූජිව හම්බවුණා?</font>

655
00:44:27,331 --> 00:44:28,416
<font color="#ffcc46">ඕකා නම් මහ බල්ලෙක්.</font>

656
00:44:29,208 --> 00:44:31,502
<font color="#ffcc46">මම ඌට කිව්වා මෙත් බිස්නස් එක නවත්තන්න කියලා…</font>

657
00:44:31,586 --> 00:44:34,338
<font color="#ffcc46">...දැන් මිනිහා ඒකට බැහැලම වැඩද?</font>

658
00:44:34,422 --> 00:44:38,301
<font color="#ffcc46">පේන විදිහට මිනිහයි කන්ග් ඩේ-ඉලුයි
මුළු මැන්ජේ කල්ලියම අල්ලගෙන වගේ.</font>

659
00:44:41,804 --> 00:44:44,682
<font color="#ffcc46">බැලින්නම් මම මෙච්චර කල්
කිරි පොවලා ඇති කරලා තියෙන්නේ කොටියෙක්නෙ, ආ?</font>

660
00:44:46,434 --> 00:44:50,855
<font color="#ffcc46">KCIA එකෙන් කුඩු විකුණනවා කියලා එළියට ගියොත්,
ඒක මාර නාඩගමක් වෙයි නේද?</font>

661
00:44:55,401 --> 00:44:56,402
<font color="#ffcc46">සර්.</font>

662
00:44:58,404 --> 00:44:59,405
<font color="#ffcc46">ඒත් වැඩේ කියන්නේ,</font>

663
00:45:00,448 --> 00:45:03,618
<font color="#ffcc46">මට ආරංචි විදිහට ඒකෙන් මාර ලාභයක් එනවාලු.</font>

664
00:45:04,660 --> 00:45:06,078
<font color="#ffcc46">-ඇත්තටම?
-ඔව්, සර්.</font>

665
00:45:15,880 --> 00:45:17,340
<font color="#ffcc46">අපි මේ කොච්චර ගාණක් ගැනද කතා කරන්නේ?</font>

666
00:45:18,633 --> 00:45:21,177
<font color="#ffcc46">මම හරියටම ගණන් බලලා කියන්නම්.</font>

667
00:45:38,819 --> 00:45:40,947
<font color="#ffcc46">ඔයා මොනවා ඉල්ලලද යාච්ඤා කළේ?</font>

668
00:45:41,948 --> 00:45:43,908
<font color="#ffcc46">රටේ යහපතයි
ලෝක සාමයයි වෙනුවෙන්.</font>

669
00:45:47,286 --> 00:45:48,287
<font color="#ffcc46">මම සිරාවට අහන්නේ.</font>

670
00:45:50,790 --> 00:45:51,916
<font color="#ffcc46">ඔයා කවදාවත් යාච්ඤා කරන්නේ නැද්ද?</font>

671
00:45:54,919 --> 00:45:56,712
<font color="#ffcc46">දෙවියෝ කවදාවත් ඔයාගේ යාච්ඤා අහලා තියෙනවද?</font>

672
00:45:58,089 --> 00:45:59,090
<font color="#ffcc46">අනිවාර්යයෙන්ම.</font>

673
00:45:59,840 --> 00:46:02,927
<font color="#ffcc46">මුළු හදවතින්ම මොනවා හරි ඉල්ලුවොත්,
දෙවියෝ ඒක දෙනවා.</font>

674
00:46:05,972 --> 00:46:08,724
<font color="#ffcc46">මිස් බේ,
ඔයාට ඇත්තටම මොනවද ඕනේ?</font>

675
00:46:15,273 --> 00:46:17,942
<font color="#ffcc46">ඔය කියන පොත ඇත්තටම තියෙනවද?</font>

676
00:46:24,907 --> 00:46:26,951
<font color="#ffcc46">ඔයාට කොහොමද? ඔයාට ඇත්තටම මොනවද ඕනේ?</font>

677
00:46:29,495 --> 00:46:30,496
<font color="#ffcc46">සල්ලි?</font>

678
00:46:31,414 --> 00:46:32,415
<font color="#ffcc46">බලය?</font>

679
00:46:33,708 --> 00:46:34,709
<font color="#ffcc46">ආදරය?</font>

680
00:46:41,299 --> 00:46:42,550
<font color="#ffcc46">ඔයාට ඔය ඔක්කොම ඕනේ, නේද?</font>

681
00:46:44,051 --> 00:46:45,845
<font color="#ffcc46">එතකොට කවදාවත් කවුරුත් ඔයාව පහත් කරලා බලන එකක් නෑනේ.</font>

682
00:46:51,684 --> 00:46:52,685
<font color="#ffcc46">මටත් එහෙමයි.</font>

683
00:46:54,979 --> 00:46:55,980
<font color="#ffcc46">ඔයා වගේමයි.</font>

684
00:47:03,029 --> 00:47:04,572
<font color="#ffcc46">රෙද්ද.</font>

685
00:47:06,824 --> 00:47:08,451
<font color="#ffcc46">හරියට නැවිලා ආචාර කරපන්, යකෝ!</font>

686
00:47:16,792 --> 00:47:17,793
<font color="#ffcc46">හලෝ?</font>

687
00:47:18,294 --> 00:47:19,545
<font color="#ffcc46">ඒයි, තමුන් කොහෙද යකෝ ඉන්නේ?</font>

688
00:47:19,628 --> 00:47:20,880
<font color="#ffcc46">බේ ගුම්-ජි කොහෙද?</font>

689
00:47:21,839 --> 00:47:23,257
<font color="#ffcc46">එයා පල්ලියට ඇවිල්ලා ඉන්නේ.</font>

690
00:47:23,341 --> 00:47:25,968
<font color="#ffcc46">ඒ ගෑනි අද ජනාධිපතිතුමාව
හම්බවෙන්නයි හදන්නේ!</font>

691
00:47:27,887 --> 00:47:30,348
<font color="#ffcc46">එතුමා තව ටිකකින්
සෝල් ජාතික විශ්වවිද්‍යාලය බලන්න යනවා,</font>

692
00:47:30,431 --> 00:47:33,017
<font color="#ffcc46">අර පිස්සු ගෑනි ප්ලෑන් කරන්නේ
එතනට කඩා පාත් වෙන්න!</font>

693
00:47:34,352 --> 00:47:35,353
<font color="#ffcc46">ඒයි!</font>

694
00:47:35,436 --> 00:47:38,397
<font color="#ffcc46">ඒ ගෑනිව මිස් වුනොත්, තමුගෙයි මගෙයි දෙන්නගෙම වැඩ ඉවරයි.
තේරුණාද?</font>

695
00:47:38,481 --> 00:47:40,858
<font color="#ffcc46">තේරුණාද නැද්ද, කැරියට?</font>

696
00:47:55,664 --> 00:47:56,957
<font color="#ffcc46">බේ ගුම්-ජි!</font>

697
00:48:06,342 --> 00:48:09,303
<font color="#ffcc46">නා යොන්ග්-චුල්,
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී.</font>

698
00:48:10,471 --> 00:48:13,849
<font color="#ffcc46">චුන් සොක්-ජුන්ග්ගේ එකම තරඟකරුවා
වගේම ළඟම හතුරෙක්.</font>

699
00:48:14,433 --> 00:48:18,187
<font color="#ffcc46">තමුන් හිතුවද ළමයෙක්ව එළියට දාපු ගමන්
ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් කියලා?</font>

700
00:48:20,689 --> 00:48:22,775
<font color="#ffcc46">ම්ම්,
මම හිතුවා නිකමට ට්‍රයි එකක් දීලා බලන්න.</font>

701
00:48:24,318 --> 00:48:25,611
<font color="#ffcc46">හරියනවද කියලා බලන්න එපැයි.</font>

702
00:48:27,530 --> 00:48:28,906
<font color="#ffcc46">ළමයෙක් නම් ඉන්නවා එකෙක්.</font>

703
00:48:29,782 --> 00:48:31,242
<font color="#ffcc46">ඒ වුනාට ඌට තාත්තලා කී දෙනෙක් ඉන්නවද?</font>

704
00:48:32,118 --> 00:48:34,161
<font color="#ffcc46">තමුන් හදන්නේ හැමෝගෙන්ම ගාණ කපාගන්නද?</font>

705
00:48:36,997 --> 00:48:38,165
<font color="#ffcc46">ම්ම්...</font>

706
00:48:38,249 --> 00:48:39,875
<font color="#ffcc46">ඔයයි මමයි</font>

707
00:48:40,918 --> 00:48:41,919
<font color="#ffcc46">දෙන්නම දන්නවනේ</font>

708
00:48:42,628 --> 00:48:43,963
<font color="#ffcc46">ඇත්ත තාත්තා කවුද කියලා.</font>

709
00:48:44,046 --> 00:48:45,840
<font color="#ffcc46">වැදගත් වෙන්නේ ඇත්ත නෙමෙයි.</font>

710
00:48:45,923 --> 00:48:48,426
<font color="#ffcc46">මිස්ටර් නා, වැදගත් වෙන්නේ</font>

711
00:48:49,093 --> 00:48:51,720
<font color="#ffcc46">මිනිස්සු විශ්වාස කරන්නේ මොකක්ද කියන එකයි.</font>

712
00:48:51,804 --> 00:48:55,349
<font color="#ffcc46">කොහොම වුනත්, මිනිස්සු විශ්වාස කරන්නේ
එයාලට ඕන දේ විතරයිනේ.</font>

713
00:48:56,016 --> 00:48:57,017
<font color="#ffcc46">ඉතින්?</font>

714
00:48:58,602 --> 00:49:00,771
<font color="#ffcc46">ඔයා නිකන්ම එයාලට ඒක විශ්වාස කරන්න දීලා බලන් ඉන්නවද?</font>

715
00:49:02,982 --> 00:49:04,567
<font color="#ffcc46">ඇයි බැරි? ඒකෙන් මට පාඩුවක් නෑනේ.</font>

716
00:49:04,650 --> 00:49:08,362
<font color="#ffcc46">මම මොකටද වටේ දුව දුව මිනිස්සුන්ට ඇත්ත විස්තරේ
කිය කිය යන්නේ?</font>

717
00:49:08,446 --> 00:49:11,157
<font color="#ffcc46">ම්ම්,
ඔයාට ඒක ඒ තරම් ප්‍රශ්නයක් නම්,</font>

718
00:49:12,533 --> 00:49:14,743
<font color="#ffcc46">ඔයාම ගිහින් මිනිස්සුන්ට
ඇත්ත කිව්වා නම් හරිනේ?</font>

719
00:49:14,827 --> 00:49:17,872
<font color="#ffcc46">ඔයාගේ ඇඟ බේරගන්න පුළුවන් නම්
රටට හෙන ගැහුනත් කමක් නෑ කියලද ඔය කියන්නේ?</font>

720
00:49:17,955 --> 00:49:19,707
<font color="#ffcc46">ඔයා ඔය අවුස්සන්න හදන මිනිස්සු</font>

721
00:49:20,374 --> 00:49:22,835
<font color="#ffcc46">මේ රට ඉස්සරහට ගෙනියන්න රෑ දවල් නැතුව මහන්සි වෙන අය.</font>

722
00:49:22,918 --> 00:49:23,919
<font color="#ffcc46">අන්න හරි.</font>

723
00:49:24,670 --> 00:49:26,755
<font color="#ffcc46">ඒක හින්දා තමයි මම ඔයාගෙන් උදව් ඉල්ලන්නේ.</font>

724
00:49:28,090 --> 00:49:30,634
<font color="#ffcc46">මටත් ආසයි රට ගැන හිතන්න පුළුවන් මට්ටමක ඉන්න.</font>

725
00:49:30,718 --> 00:49:31,719
<font color="#ffcc46">තමුන් දන්නවද,</font>

726
00:49:32,386 --> 00:49:34,763
<font color="#ffcc46">තමුන් ඔය විදිහට නටන්න ගියොත් මැරුම් කන්නයි වෙන්නේ.</font>

727
00:49:34,847 --> 00:49:37,850
<font color="#ffcc46">තමුන් දන්නේ නැද්ද ඒ මිනිස්සුන්ට පුළුවන් කියලා තමුන් වගේ කෙනෙක්ව
ලෙහෙසියෙන්ම නැති කරලා දාන්න?</font>

728
00:49:42,813 --> 00:49:43,814
<font color="#ffcc46">මට ප්‍රශ්නයක් නෑ.</font>

729
00:49:44,857 --> 00:49:47,026
<font color="#ffcc46">කවුරු මොනවා කිව්වත්,
මම යන්නේ නෑ.</font>

730
00:49:49,904 --> 00:49:50,905
<font color="#ffcc46">ඒ හින්දා මට උදව් කරන්න.</font>

731
00:49:57,077 --> 00:49:59,705
<font color="#ffcc46">අනේ... මේ සේරම සිද්ධ වුනාට පස්සෙත්...</font>

732
00:50:02,333 --> 00:50:05,085
<font color="#ffcc46">මට ඔයාගෙන් ඒ උදව්ව ඉල්ලන්න පුළුවන් නේද?</font>

733
00:50:06,337 --> 00:50:07,505
<font color="#ffcc46">ම්ම්?</font>

734
00:50:07,588 --> 00:50:08,589
<font color="#ffcc46">ඇත්තම කිව්වොත්,</font>

735
00:50:09,465 --> 00:50:11,550
<font color="#ffcc46">මම හිතාගෙන ඉන්නේ
මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න.</font>

736
00:50:12,676 --> 00:50:14,136
<font color="#ffcc46">මගේ ලොකු ආසාවක් ඒක.</font>

737
00:50:14,929 --> 00:50:17,932
<font color="#ffcc46">චොනුන්ගක් එකටත් වඩා ලොකු ගණිකා මඩමක්.</font>

738
00:50:18,682 --> 00:50:19,892
<font color="#ffcc46">කොහොමද අදහස?</font>

739
00:50:20,392 --> 00:50:22,853
<font color="#ffcc46">මම දැනටමත් බිල්ඩින් එකයි ඉඩමයි
බලලයි තියෙන්නේ.</font>

740
00:50:23,354 --> 00:50:24,647
<font color="#ffcc46">ම්ම්...</font>

741
00:50:24,730 --> 00:50:28,400
<font color="#ffcc46">මට පොඩි නිවාඩු නිකේතනයකුත් ඕනේ.
අනිත් හැමෝටම එහෙම එකක් තියෙනවනේ.</font>

742
00:50:30,110 --> 00:50:31,111
<font color="#ffcc46">ඔයා මොකද හිතන්නේ?</font>

743
00:50:37,993 --> 00:50:38,994
<font color="#ffcc46">මිස්ටර් නා.</font>

744
00:50:41,914 --> 00:50:43,082
<font color="#ffcc46">මේක සැහැල්ලුවට ගන්න එපා.</font>

745
00:50:45,251 --> 00:50:46,752
<font color="#ffcc46">මොකද මම අද කියපු හැමදේම...</font>

746
00:50:49,588 --> 00:50:51,257
<font color="#ffcc46">මම කිව්වේ හිතලමයි.</font>

747
00:50:55,177 --> 00:50:56,637
<font color="#ffcc46">පිස්සු බැල්ලි.</font>

748
00:50:56,720 --> 00:50:58,347
<font color="#ffcc46">තී මට තර්ජනය කරනවද?</font>

749
00:51:12,236 --> 00:51:13,362
<font color="#ffcc46">එතකොට තමුන් කියන්නේ...</font>

750
00:51:15,531 --> 00:51:16,740
<font color="#ffcc46">එයා ගියේ</font>

751
00:51:17,491 --> 00:51:19,493
<font color="#ffcc46">චීෆ් නා ව හම්බවෙන්නද, නැතුව ජනාධිපතිතුමාව නෙමෙයිද?</font>

752
00:51:19,577 --> 00:51:20,828
<font color="#ffcc46">ඔව්, සර්.</font>

753
00:51:20,911 --> 00:51:22,538
<font color="#ffcc46">ඔය පිස්සු ගෑනි.</font>

754
00:51:24,456 --> 00:51:27,209
<font color="#ffcc46">එයා එයාගේම වළ කපාගන්නයි හදන්නේ, නේද?</font>

755
00:51:30,379 --> 00:51:31,380
<font color="#ffcc46">කොහොමද බෙක්?</font>

756
00:51:32,423 --> 00:51:33,966
<font color="#ffcc46">එයා සෝල්වල ලෑස්ති පිට ඉන්නේ.</font>

757
00:51:34,842 --> 00:51:38,262
<font color="#ffcc46">මෝඩ මූසලයා,
අර වගේ නාම්බියෙක්ට රැවටිලානේ ඉන්නේ.</font>

758
00:51:42,850 --> 00:51:44,768
<font color="#ffcc46">ඒ වුනාට, ඒ ගෑනි නම් මාර භාණ්ඩයක්.</font>

759
00:51:45,686 --> 00:51:47,813
<font color="#ffcc46">බඹර කූඩුවටම ගලෙන් ගහන්න ඕන වුනානේ එයාට,</font>

760
00:51:49,148 --> 00:51:51,483
<font color="#ffcc46">උඩ ඉන්න ලොක්කන්ව කලබල කරවන්න.</font>

761
00:51:52,610 --> 00:51:55,362
<font color="#ffcc46">මට හිතාගන්න බෑ එයා මෝඩයිද
නැත්තම් අමු ගොනෙක්ද කියලා.</font>

762
00:51:59,199 --> 00:52:00,701
<font color="#ffcc46">-ඒයි.
-කියන්න සර්?</font>

763
00:52:01,452 --> 00:52:02,786
<font color="#ffcc46">උඹ කවදාවත් ආදරේ කරලා තියෙනවද?</font>

764
00:52:05,289 --> 00:52:06,874
<font color="#ffcc46">මම නම් දන්නේ නෑ.</font>

765
00:52:12,296 --> 00:52:15,341
<font color="#ffcc46">එයා මේ හැම දඟලවිල්ලක්ම දඟලන්නේ
එයාට ආදරේ ඕන හින්දා.</font>

766
00:52:25,517 --> 00:52:26,935
<font color="#ffcc46">වල් බැල්ලි.</font>

767
00:52:28,354 --> 00:52:30,439
<font color="#ffcc46">ඒක හරි.</font>

768
00:52:31,273 --> 00:52:33,984
<font color="#ffcc46">එදා රෑ තමයි මම එයාව අන්තිම වතාවට දැක්කේ.</font>

769
00:52:35,944 --> 00:52:38,614
<font color="#ffcc46">එයා හම්බවෙන්න කතා කරපු පළවෙනි වතාව ඒ,</font>

770
00:52:39,657 --> 00:52:41,700
<font color="#ffcc46">ඉතින් මමත් බැලුවා මේ මොකද කියලා.</font>

771
00:52:48,832 --> 00:52:49,833
<font color="#ffcc46">ඩාලිං.</font>

772
00:52:51,377 --> 00:52:53,170
<font color="#ffcc46">ඔයා මාත් එක්ක තරහින්ද?</font>

773
00:52:58,967 --> 00:53:00,177
<font color="#ffcc46">යන්න මෙතනින්.</font>

774
00:53:01,303 --> 00:53:02,805
<font color="#ffcc46">ඔයා ඇත්තටම එහෙම කරනවද?</font>

775
00:53:03,889 --> 00:53:05,057
<font color="#ffcc46">ඔයා මූඩ් එක කනවා.</font>

776
00:53:14,525 --> 00:53:16,443
<font color="#ffcc46">ඒ මිනිස්සුන්ට මට මොනවත් කරන්න බෑ.</font>

777
00:53:18,112 --> 00:53:19,571
<font color="#ffcc46">මගේ ළඟ අර පොත තියෙනවනේ.</font>

778
00:53:20,406 --> 00:53:22,825
<font color="#ffcc46">ජීවත් වෙන්න ඕන නම්
ඒක දීලා රටින් පැනගන්නවා.</font>

779
00:53:23,492 --> 00:53:24,827
<font color="#ffcc46">නැත්තම් උන් මාව මරයි.</font>

780
00:53:26,495 --> 00:53:27,663
<font color="#ffcc46">මම ඒක දුන්නොත්...</font>

781
00:53:29,957 --> 00:53:31,125
<font color="#ffcc46">එයාලා මාව මරයි.</font>

782
00:53:31,208 --> 00:53:33,252
<font color="#ffcc46">දුන්නේ නැති වුනත් එයාලා ඔයාව මරයි.</font>

783
00:53:37,798 --> 00:53:40,884
<font color="#ffcc46">ඇයි ඔයා මේ මාව බය කරන්න හදන්නේ?</font>

784
00:53:51,145 --> 00:53:52,563
<font color="#ffcc46">සෙල්ලම් ඇති.</font>

785
00:53:53,522 --> 00:53:55,065
<font color="#ffcc46">පොත දෙනවා මෙහාට, දැන්ම.</font>

786
00:53:56,108 --> 00:53:57,443
<font color="#ffcc46">දුන්නේ නැත්තම්?</font>

787
00:53:59,111 --> 00:54:00,863
<font color="#ffcc46">ඔයා අද රෑ එළි වෙනකන් ජීවත් වෙන එකක් නෑ.</font>

788
00:54:04,575 --> 00:54:05,826
<font color="#ffcc46">දෙවියනේ.</font>

789
00:54:06,827 --> 00:54:08,871
<font color="#ffcc46">කොහොමද ඔයා ඔච්චර ලස්සනට තර්ජනය කරන්නේ?</font>

790
00:54:09,455 --> 00:54:12,249
<font color="#ffcc46">ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින්
ප්‍රැක්ටිස් කරනවද?</font>

791
00:54:15,461 --> 00:54:16,587
<font color="#ffcc46">අම්මෝ, ඒක රිදුනා.</font>

792
00:54:23,886 --> 00:54:25,512
<font color="#ffcc46">එහෙම එකක් තිබිලම නෑ.</font>

793
00:54:29,641 --> 00:54:30,768
<font color="#ffcc46">පොත.</font>

794
00:54:31,393 --> 00:54:32,644
<font color="#ffcc46">එහෙම එකක් තිබිලම නෑ.</font>

795
00:54:33,145 --> 00:54:34,521
<font color="#ffcc46">මම ඇත්ත කියන්නේ,</font>

796
00:54:35,230 --> 00:54:37,524
<font color="#ffcc46">මොකද මම හිතනවා ඔයා ඒක ගොඩක් කාලෙකට කලින්
තේරුම් අරන් ඉන්න ඇති කියලා.</font>

797
00:54:47,159 --> 00:54:49,119
<font color="#ffcc46">අද රෑ මාත් එක්ක ඉන්නකෝ.</font>

798
00:54:51,955 --> 00:54:53,248
<font color="#ffcc46">මට තනියම ඉන්න බෑ.</font>

799
00:54:53,999 --> 00:54:56,084
<font color="#ffcc46">ඔයා කිව්වනේ මම අද රෑ එළිවෙනකන් ඉන්න එකක් නෑ කියලා.</font>

800
00:54:57,085 --> 00:54:58,670
<font color="#ffcc46">මොනවා හරි වුනොත්,</font>

801
00:55:00,130 --> 00:55:01,673
<font color="#ffcc46">ඔයාට සිද්ධ වෙනවා මාව බේරගන්න.</font>

802
00:55:07,179 --> 00:55:08,805
<font color="#ffcc46">මම ඇයි එහෙම කරන්නේ?</font>

803
00:55:13,685 --> 00:55:15,062
<font color="#ffcc46">ඔයා හිතන්නේ මම දන්නේ නෑ කියලද?</font>

804
00:55:19,066 --> 00:55:21,693
<font color="#ffcc46">ඔයයි චොයි යූ-ජි එක්කයි තියෙන
ගනුදෙනුව ගැන.</font>

805
00:55:23,153 --> 00:55:24,905
<font color="#ffcc46">ඔයා හිතුවද මට ඒක තේරුම් ගන්න බැරි වෙයි කියලා?</font>

806
00:55:30,786 --> 00:55:33,705
<font color="#ffcc46">ඔයාට බෑ මට මෙහෙම කරන්න.</font>

807
00:55:34,706 --> 00:55:35,874
<font color="#ffcc46">ඔයා...</font>

808
00:55:36,375 --> 00:55:37,376
<font color="#ffcc46">ඩාලිං.</font>

809
00:55:38,710 --> 00:55:40,379
<font color="#ffcc46">ඔයා මට කැමතියි, නේද?</font>

810
00:56:01,191 --> 00:56:02,568
<font color="#ffcc46">මිස්ටර් බෙක්.</font>

811
00:56:03,443 --> 00:56:04,444
<font color="#ffcc46">ඩාලිං.</font>

812
00:58:13,532 --> 00:58:16,034
<font color="#ffcc46">මේ, සොන්ග්-ගුක්ගේ උපන්දිනේ තියෙන්නේ...</font>

813
00:58:16,118 --> 00:58:17,452
<font color="#ffcc46">ලබන සෙනසුරාදා.</font>

814
00:58:21,206 --> 00:58:23,667
<font color="#ffcc46">අපි එයාව චන්ග්-ග්‍යොන්-වොන් එක්කන් ගියොත් මොකද?</font>

815
00:58:25,210 --> 00:58:26,586
<font color="#ffcc46">ගිහින් අලි පෙන්නමු.</font>

816
00:58:26,670 --> 00:58:29,214
<font color="#ffcc46">ගුම්-ජි,
අපි මේක නවත්තන්න ඕනේ.</font>

817
00:58:30,632 --> 00:58:33,093
<font color="#ffcc46">අපි සොන්ග්-ගුක් එක්ක ආයෙම
ඇමරිකාවට යමු, හරිද?</font>

818
00:58:33,635 --> 00:58:35,595
<font color="#ffcc46">එයාව හොඳට හදන්න මම ඕන දෙයක් කරනවා.</font>

819
00:58:37,681 --> 00:58:39,141
<font color="#ffcc46">ඔයාට තරහ නැද්ද?</font>

820
00:58:43,603 --> 00:58:44,604
<font color="#ffcc46">තරහයි.</font>

821
00:58:46,648 --> 00:58:47,649
<font color="#ffcc46">මේ ලෝකෙත් එක්ක.</font>

822
00:59:11,006 --> 00:59:12,466
<font color="#ffcc46">ඒයි. වාහනෙන් බැහැපන් පරයෝ.</font>

823
00:59:12,549 --> 00:59:13,884
<font color="#ffcc46">තමුන් කවුද යකෝ?</font>

824
00:59:13,967 --> 00:59:15,844
<font color="#ffcc46">-බැහැපන් එළියට.
-තමුන් කවුද?</font>

825
00:59:15,927 --> 00:59:17,429
<font color="#ffcc46">-වරෙන් යන්න.
-අතෑරපන්! මාව අතෑරපන්!</font>

826
00:59:17,512 --> 00:59:19,806
<font color="#ffcc46">-කෙලින් පලයන් පරයෝ!
-තමුන් කවුද යකෝ?</font>

827
00:59:19,890 --> 00:59:21,266
<font color="#ffcc46">-ඒයි, මූව දාගනින් ඇතුළට.
-ඒයි! මඟුල.</font>

828
00:59:21,975 --> 00:59:23,643
<font color="#ffcc46">-අතෑරපන් මාව!
-නගිනවා ඇතුළට!</font>

829
00:59:38,283 --> 00:59:40,118
<font color="#ffcc46">මොකද වෙන්නේ? මම බය වුනා.</font>

830
01:01:09,416 --> 01:01:11,126
<font color="#ffcc46">මට යන්න දෙන්න බැරිද ඔයාට?</font>

831
01:01:32,522 --> 01:01:34,691
<font color="#ffcc46">මට ඕන වුනේ ආයෙමත් ආදරයක් හොයාගන්න විතරයි.</font>

832
01:04:10,180 --> 01:04:12,182
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

