1
00:00:55,556 --> 00:00:57,975
<font color="#ff7e16"><b>8 වැනි කොටස</b></font>

2
00:00:59,643 --> 00:01:02,396
<font color="#ffde44">ඔයාට පේනවනෙ, මම හැදුණේ වැඩුණේ කිසිම දෙයක් නැතුව,</font>

3
00:01:02,480 --> 00:01:04,355
<font color="#ffde44">හරියට යුධ සමයක අනාථ වුණු ළමයෙක් වගේ.</font>

4
00:01:06,108 --> 00:01:07,735
<font color="#ffde44">ඔයාට ලොකු වෙස්මුහුණක් ඕන වෙනවා</font>

5
00:01:07,818 --> 00:01:11,489
<font color="#ffde44">කිසිම ප්‍රශ්නයක් නෑ වගේ පෙන්නන්න.</font>

6
00:01:12,323 --> 00:01:13,365
<font color="#ffde44">ඇත්තටම ඔයා කවුද?</font>

7
00:01:14,617 --> 00:01:16,494
<font color="#ffde44">ඇයි ඔයා මට කිට්ටු වුණේ</font>

8
00:01:16,577 --> 00:01:18,579
<font color="#ffde44">ඔයා සූ-හෝව අඳුරන බව දැන දැනත්?</font>

9
00:01:31,675 --> 00:01:34,345
<font color="#ffde44">ඔයා හිතනවද මම ඔයාට දොස් කියනවා කියලා...</font>

10
00:01:36,388 --> 00:01:37,973
<font color="#ffde44">සූ-හෝගේ මරණය ගැන?</font>

11
00:01:42,728 --> 00:01:43,896
<font color="#ffde44">එහෙමත් නැත්නම් ඔයා හිතනවද...</font>

12
00:01:45,898 --> 00:01:47,691
<font color="#ffde44">මම එයා වෙනුවෙන් පළිගන්නවා කියලා?</font>

13
00:02:01,330 --> 00:02:03,582
<font color="#ffde44">හන් සෝල්-ආ කියන කාන්තාවක්</font>

14
00:02:03,666 --> 00:02:06,418
<font color="#ffde44">සූ-හෝව සතුට, දුක සහ වේදනාව අතර
කොහොමද දෝලනය කළේ කියලා බලන ගමන්</font>

15
00:02:06,502 --> 00:02:08,044
<font color="#ffde44">මට හැමතිස්සෙම හිතුණේ</font>

16
00:02:08,670 --> 00:02:09,964
<font color="#ffde44">ඇය කොයි වගේ කෙනෙක්ද කියලා.</font>

17
00:02:11,298 --> 00:02:13,759
<font color="#ffde44">මම ඔයාව හම්බවුණු මොහොතේ ඉඳන්,</font>

18
00:02:15,344 --> 00:02:16,262
<font color="#ffde44">මම දැනගෙන හිටියා</font>

19
00:02:17,137 --> 00:02:19,265
<font color="#ffde44">ඔයා පිරිමියෙක් තමන්ගේ ජීවිතේ වුණත් දෙන තරමේ කාන්තාවක් කියලා.</font>

20
00:02:20,641 --> 00:02:21,684
<font color="#ffde44">ඔයා මට කියන්නේ...</font>

21
00:02:23,811 --> 00:02:25,938
<font color="#ffde44">ඔයා ඒ කාන්තාවට ආදරය කළා කියලද</font>

22
00:02:26,772 --> 00:02:28,399
<font color="#ffde44">ඔයාගේ යාළුවගේ මරණයට හේතු වුණු?</font>

23
00:02:31,819 --> 00:02:33,571
<font color="#ffde44">මම ඒ ගැන හීනෙකින්වත් හිතන්නේ නෑ</font>

24
00:02:34,655 --> 00:02:36,531
<font color="#ffde44">සූ-හෝ තාමත් ජීවතුන් අතර හිටියා නම්.</font>

25
00:02:36,615 --> 00:02:37,533
<font color="#ffde44">කොහොම වුණත්,</font>

26
00:02:38,033 --> 00:02:40,744
<font color="#ffde44">මගේ යාළුවා දැන් නෑ,</font>

27
00:02:42,288 --> 00:02:45,124
<font color="#ffde44">දැන් අපි ඉන්නේ එකම අහසක් යට.</font>

28
00:02:50,754 --> 00:02:52,006
<font color="#ffde44">එච්චරද?</font>

29
00:02:53,007 --> 00:02:54,925
<font color="#ffde44">ඔයාට වෙන මොන ඇත්තද දැනගන්න ඕනේ?</font>

30
00:03:22,286 --> 00:03:24,788
<font color="#ffde44">මිස්ටර් බෙක්, ඔයාට හොඳින්ද?
මොකද වෙන්නේ?</font>

31
00:03:25,372 --> 00:03:27,291
<font color="#ffde44">ගිනි අනතුරු ඇඟවීම නාද වුණා. අපි ඒ ගැන හොයලා බලනවා.</font>

32
00:03:27,374 --> 00:03:28,417
<font color="#ffde44">ඉක්මන් කරන්න!</font>

33
00:03:29,251 --> 00:03:30,544
<font color="#ffde44">හරි සර්.</font>

34
00:03:34,506 --> 00:03:35,758
<font color="#ffde44">අපිට වෙන වෙලාවක කතා කරන්න පුළුවන්.</font>

35
00:03:44,266 --> 00:03:46,143
<font color="#ffde44">ගිනි අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.</font>

36
00:03:46,226 --> 00:03:49,228
<font color="#ffde44">කරුණාකරලා වහාම මේ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න.</font>

37
00:03:49,313 --> 00:03:53,275
<font color="#ffde44">විදුලි සෝපාන භාවිතා කරන්නේ නැතුව ළඟම තියෙන හදිසි පඩිපෙළෙන් යන්න</font>

38
00:03:53,359 --> 00:03:55,361
<font color="#ffde44">කලබල වෙන්නේ නැතුව පිළිවෙළකට.</font>

39
00:04:01,533 --> 00:04:02,409
<font color="#ffde44">ඇතුළට නගින්න!</font>

40
00:04:09,541 --> 00:04:10,376
<font color="#ffde44">නිවාස ඒකාබද්ධ පාලන මධ්‍යස්ථානයේ CCTV පද්ධතිය</font>

41
00:04:10,459 --> 00:04:11,418
<font color="#ffde44">ඔතනින් නවත්වන්න.</font>

42
00:04:17,548 --> 00:04:18,676
<font color="#ffde44">දිගටම ප්ලේ කරන්න.</font>

43
00:04:23,389 --> 00:04:24,390
<font color="#ffde44">මට වෙනත් කෝණයකින් පෙන්නන්න.</font>

44
00:04:30,938 --> 00:04:31,814
<font color="#ffde44">ඔතනින් නවත්වන්න.</font>

45
00:04:37,152 --> 00:04:38,153
<font color="#ffde44">කළු තොප්පියක්.</font>

46
00:05:00,009 --> 00:05:01,552
<font color="#ffde44">එහෙනම් ඒ මිස්ටර් බෙක්.</font>

47
00:05:02,136 --> 00:05:03,429
<font color="#ffde44">එයා මිනීමරන්න කොන්ත්‍රාත්තුවක් දීලා.</font>

48
00:05:04,179 --> 00:05:07,933
<font color="#ffde44">ගිනි අනතුරු ඇඟවීම නාද වුණු නිසා
මට තවත් ප්‍රශ්න අහන්න ලැබුණේ නෑ.</font>

49
00:05:08,017 --> 00:05:09,018
<font color="#ffde44">ඒ මම.</font>

50
00:05:10,310 --> 00:05:11,687
<font color="#ffde44">මම බය වුණා ඔයා අනතුරක වැටෙයි කියලා.</font>

51
00:05:38,547 --> 00:05:40,466
<font color="#ffde44">මගේ ඔෆිස් එකෙන් අවශ්‍ය කටයුතු ලෑස්ති කරයි.</font>

52
00:05:40,549 --> 00:05:42,134
<font color="#ffde44">ටික කාලෙකට රටින් පිට වෙලා ඉන්න.</font>

53
00:05:53,020 --> 00:05:55,522
<font color="#ffde44">මේ දවස මෙච්චර ඉක්මනට එයි කියලා මම හිතුවේ නෑ.</font>

54
00:06:00,069 --> 00:06:03,197
<font color="#ffde44">මිස්ටර් බෙක් ලී ක්වං-ජින්ව මරන්න හැදුවා නම්,</font>

55
00:06:04,364 --> 00:06:06,033
<font color="#ffde44">ඒ කියන්නේ එයා...</font>

56
00:06:06,116 --> 00:06:07,576
<font color="#ffde44">එයා මීට කලිනුත් කාටහරි අනතුරක් කරලා තියෙන්න පුළුවන්.</font>

57
00:06:09,161 --> 00:06:10,245
<font color="#ffde44">ඒක තේරුමක් නෑ.</font>

58
00:06:10,329 --> 00:06:12,748
<font color="#ffde44">මේක සූ-හෝ වෙනුවෙන් ගන්න පළිගැනීමක් වුණත්,</font>

59
00:06:12,831 --> 00:06:14,792
<font color="#ffde44">මේක ගොඩක් දරුණු වැඩියි.</font>

60
00:06:16,919 --> 00:06:18,087
<font color="#ffde44">බෙක් ජුන්-බොම්</font>

61
00:06:19,046 --> 00:06:21,840
<font color="#ffde44">සර්වර් එකෙන් ගත්තේ මොනවද කියලා දැන් වෙනකොටත් දන්නවා ඇති,</font>

62
00:06:22,424 --> 00:06:24,176
<font color="#ffde44">ඉතින් එයාට ඕනේ කරන ඕනෑම දෙයක් එයා කරයි.</font>

63
00:06:25,302 --> 00:06:27,513
<font color="#ffde44">සිරියාවට ගියාට පස්සේ එයාගේ ගමන් බිමන්
හොයාගෙන එයාට බලපෑම් කරන්න පුළුවන් වුණොත්...</font>

64
00:06:27,596 --> 00:06:30,057
<font color="#ffde44">ඔයා ඊළඟ ඉලක්කය වුණොත්?</font>

65
00:06:31,809 --> 00:06:33,143
<font color="#ffde44">ඒක තවත් හොඳයි.</font>

66
00:06:33,977 --> 00:06:35,729
<font color="#ffde44">එයාගේ ගෝලයා දැන් අහුවෙලා ඉන්නේ,</font>

67
00:06:35,813 --> 00:06:37,981
<font color="#ffde44">ඒ නිසා එයාටම ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා.</font>

68
00:06:38,065 --> 00:06:39,525
<font color="#ffde44">ඇයි ඔයා ඔච්චර නොසැලකිලිමත් වෙන්නේ?</font>

69
00:06:41,944 --> 00:06:42,903
<font color="#ffde44">ඔයා මම ගැන වද වෙනවද?</font>

70
00:06:44,446 --> 00:06:45,322
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

71
00:06:49,493 --> 00:06:50,536
<font color="#ffde44">එහෙනම් මට ඒ ඇති.</font>

72
00:07:01,672 --> 00:07:03,924
<font color="#ffde44">ආන් *****-සූ</font>

73
00:07:07,469 --> 00:07:10,180
<font color="#ffde44">මිස්ටර් ආන්, මම තව කොච්චර කාලයක් මෙහෙම හැංගිලා ඉන්න ඕනෙද?</font>

74
00:07:10,264 --> 00:07:11,098
<font color="#ffde44">මට මේක එපා වෙලා තියෙන්නේ.</font>

75
00:07:12,599 --> 00:07:14,560
<font color="#ffde44">ඔයා ආයෙමත් අනතුරක වැටෙයි කියලා අපි බයයි.</font>

76
00:07:16,019 --> 00:07:18,105
<font color="#ffde44">මගේ බිරිඳ හිතන්නේ මම වෙන සම්බන්ධයක් පවත්වනවා කියලා</font>

77
00:07:18,188 --> 00:07:20,190
<font color="#ffde44">මොකද මම ඉන්නේ කොහෙද කියලා එයාට කියන්නේ නැති නිසා.</font>

78
00:07:20,899 --> 00:07:23,277
<font color="#ffde44">හේයි, ඒක ඔයාට දඬුවමක්.</font>

79
00:07:24,528 --> 00:07:25,696
<font color="#ffde44">අපි පෝකර් සෙල්ලම් කරමුද?</font>

80
00:07:27,406 --> 00:07:28,574
<font color="#ffde44">මිස්ටර් චා!
හේයි.</font>

81
00:07:31,118 --> 00:07:31,994
<font color="#ffde44">දැන් ඔයාට කොහොමද?</font>

82
00:07:32,995 --> 00:07:35,455
<font color="#ffde44">ඩොක්ටර් කිව්වා මගේ මානසික පීඩනය අඩු කරගන්න කියලා,</font>

83
00:07:35,539 --> 00:07:37,332
<font color="#ffde44">ඒ නිසා සනීප වෙන ගමන් මම මිස්ටර් ආන්ගේ පර්ස් එක හිස් කරනවා.</font>

84
00:07:38,041 --> 00:07:40,002
<font color="#ffde44">එයා කාඩ් සෙල්ලමට හරිම දක්ෂයෙක්.</font>

85
00:07:40,085 --> 00:07:41,378
<font color="#ffde44">අම්මෝ, ඒක දිහා බලන්නකෝ.</font>

86
00:07:47,926 --> 00:07:51,388
<font color="#ffde44">ඒත් ජුන්-බොම් ඇයි මාව ඉලක්ක කරන්නේ?</font>

87
00:07:52,181 --> 00:07:53,557
<font color="#ffde44">මට ඒක විශ්වාස කරන්නත් බෑ.</font>

88
00:07:54,141 --> 00:07:56,101
<font color="#ffde44">අපි මුණගැහෙනවට එයා කැමති වුණේ නෑ.</font>

89
00:07:56,685 --> 00:07:57,895
<font color="#ffde44">අනිවාර්යයෙන්ම තව දේවල් තියෙනවා</font>

90
00:07:58,604 --> 00:08:01,023
<font color="#ffde44">ලී සූ-හෝ සහ බෙක් ජුන්-බොම්ගේ යාළුකමට වඩා වැඩි යමක්.</font>

91
00:08:01,106 --> 00:08:04,151
<font color="#ffde44">මම දන්න ජුන්-බොම්ට මේ වගේ දෙයක් කරන්න කිසිම හේතුවක් නෑ,</font>

92
00:08:04,234 --> 00:08:05,861
<font color="#ffde44">ඒ වගේම එයා ඒ වගේ කෙනෙකුත් නෙවෙයි.</font>

93
00:08:07,070 --> 00:08:09,531
<font color="#ffde44">සමහරවිට එයාට ලොකු රහසක් ඇති.</font>

94
00:08:11,200 --> 00:08:12,868
<font color="#ffde44">කවුරුත් කවදාවත් නොදැනගත යුතු දෙයක්.</font>

95
00:08:14,536 --> 00:08:16,079
<font color="#ffde44">මට මුකුත් මතක් වෙන්නේ නෑ.</font>

96
00:08:18,832 --> 00:08:21,126
<font color="#ffde44">හෝඩුවාවක් වෙන්න පුළුවන් දෙයක් මතක් වුණොත් මට කියන්න.</font>

97
00:08:22,419 --> 00:08:23,921
<font color="#ffde44">ප්‍රහේලිකාව දැන් ගොඩක් දුරට සම්පූර්ණයි,</font>

98
00:08:25,172 --> 00:08:26,506
<font color="#ffde44">ඒත් අපිට මඟහැරිලා තියෙනවා</font>

99
00:08:27,758 --> 00:08:29,009
<font color="#ffde44">ඒකේ වැදගත්ම කෑල්ල.</font>

100
00:08:30,636 --> 00:08:32,429
<font color="#ffde44">ගන්හා පොලිස් ස්ථානය</font>

101
00:08:32,511 --> 00:08:35,307
<font color="#ffde44">කිම් සුං-හේට විරුද්ධව විදේශ ගමන් තහනමක් පනවලා තියෙනවා.</font>

102
00:08:36,058 --> 00:08:39,645
<font color="#ffde44">හප්පලා පලායාම සහ මිනීමැරීමට තැත් කිරීම
කියන චෝදනා වලට ඇති තරම් සාක්ෂි තියෙනවා.</font>

103
00:08:41,104 --> 00:08:42,648
<font color="#ffde44">මෙතන තියෙන ප්‍රශ්නෙ බෙක් ජුන්-බොම්.</font>

104
00:08:42,731 --> 00:08:44,816
<font color="#ffde44">වූ-සොක් අපිට දුන්න නීතිවිරෝධීව ලබාගත් සාක්ෂි ප්‍රමාණවත් නෑ</font>

105
00:08:44,900 --> 00:08:45,984
<font color="#ffde44">කුලියට මිනීමැරීමක් කියලා ඔප්පු කරන්න.</font>

106
00:08:46,068 --> 00:08:49,279
<font color="#ffde44">සමහරවිට එයා කිම් සුං-හේ ලවා කිම් යුන්-ජීවත් මරවන්න ඇති.</font>

107
00:08:49,363 --> 00:08:51,573
<font color="#ffde44">ඒත් බෙක් ජුන්-බොම්ගේ අරමුණ මොකක්ද?</font>

108
00:08:51,657 --> 00:08:53,158
<font color="#ffde44">එයාට නැතිවෙන්න ගොඩක් දේවල් තියෙන මනුස්සයෙක්.</font>

109
00:08:54,117 --> 00:08:57,079
<font color="#ffde44">මේ වගේ සිදුවීම්වලදී සාමාන්‍යයෙන් තියෙන්නේ
ආදර සම්බන්ධයක් හරි වෛරයක් හරි නේද?</font>

110
00:08:58,705 --> 00:09:00,457
<font color="#ffde44">දැනට එයාව ප්‍රශ්න කරන්න ගේන්න.</font>

111
00:09:00,540 --> 00:09:01,959
<font color="#ffde44">එයා කොයි වගේ කෙනෙක්ද කියලා අපි හොයලා බලමු.</font>

112
00:09:02,709 --> 00:09:03,919
<font color="#ffde44">හරි සර්.</font>

113
00:09:07,130 --> 00:09:08,382
<font color="#ffde44">හලෝ, මිස්. ක්වොන්.</font>

114
00:09:08,465 --> 00:09:10,175
<font color="#ffde44">හලෝ.
මොකද මේ පැත්තේ?</font>

115
00:09:10,842 --> 00:09:12,552
<font color="#ffde44">මම කෝල් කළා, ඒත් ඔයා ආන්සර් කළේ නෑ.</font>

116
00:09:13,178 --> 00:09:14,221
<font color="#ffde44">ඔයා කෝල් කළාද?</font>

117
00:09:14,304 --> 00:09:15,138
<font color="#ffde44">කැප්ටන්.</font>

118
00:09:15,889 --> 00:09:18,183
<font color="#ffde44">ඔයාට අද රෑ බිරිඳත් එක්ක ගෙදර යන්න පුළුවන්නේ?</font>

119
00:09:18,767 --> 00:09:20,102
<font color="#ffde44">නෑ, ඒකට කමක් නෑ.</font>

120
00:09:20,185 --> 00:09:22,437
<font color="#ffde44">මම හිතුවා එයාට පිරිසිදු ඇඳුම් ගෙනත්
දෙන ගමන් රෑට කන්න මොනවාහරි ගේන්න.</font>

121
00:09:23,230 --> 00:09:25,607
<font color="#ffde44">මම හිතන්නේ ඔයා තාම හරියට කෑමක් කාලා නෑ.</font>

122
00:09:28,527 --> 00:09:31,405
<font color="#ffde44">වාව්, මේක නිකම්ම ගිම්බප් එකක් නෙවෙයිනේ.</font>

123
00:09:31,488 --> 00:09:32,364
<font color="#ffde44">මේ චුංමු ගිම්බප් නේද?</font>

124
00:09:32,447 --> 00:09:34,741
<font color="#ffde44">මම හිතුවා ඔයාට සාමාන්‍ය ගිම්බප් කාලා එපා වෙලා ඇති කියලා.</font>

125
00:09:34,825 --> 00:09:35,951
<font color="#ffde44">ගොඩක් ස්තූතියි.</font>

126
00:09:39,454 --> 00:09:42,540
<font color="#ffde44">චා වූ-සොක් යොංජොංදෝ අනතුර ලී ක්වං-ජින් ඝාතනයට තැත් කිරීම</font>

127
00:09:48,255 --> 00:09:49,840
<font color="#ffde44">අපි ඉඳගෙන කමු.</font>

128
00:09:49,923 --> 00:09:51,383
<font color="#ffde44">මේක හරිම රස පාටයි.</font>

129
00:10:04,354 --> 00:10:07,399
<font color="#ffde44">නොන්හ්යුප් ජීවිත රක්ෂණය</font>

130
00:10:08,984 --> 00:10:11,361
<font color="#ffde44">තේමියොං සංස්කෘතික පදනමේ අනතුරක්?</font>

131
00:10:14,031 --> 00:10:15,115
<font color="#ffde44">ලලිත කලා පූර්ණ රක්ෂණ හිමිකම් පෝරමය</font>

132
00:10:15,198 --> 00:10:17,909
<font color="#ffde44">ට්‍රක් එකක් තාප්පෙක හැප්පිලා ගිනි අරගෙන,</font>

133
00:10:17,993 --> 00:10:19,953
<font color="#ffde44">චිත්‍ර පහක් විනාශ වෙලා.</font>

134
00:10:20,037 --> 00:10:22,372
<font color="#ffde44">රක්ෂිත මුදල විතරක් වොන් බිලියන දහයක්.</font>

135
00:10:24,291 --> 00:10:25,834
<font color="#ffde44">රියදුරු වාර්තා සහතිකය නම: හන් සෝ-යොල්</font>

136
00:10:25,917 --> 00:10:27,586
<font color="#ffde44">රියදුරුගේ වයස අවුරුදු 23යි</font>

137
00:10:28,295 --> 00:10:30,172
<font color="#ffde44">ඒ වගේම එයාට ලයිසන් එක අරන් අවුරුද්දක්වත් නෑ.</font>

138
00:10:31,548 --> 00:10:33,175
<font color="#ffde44">මේ වගේ වටිනා චිත්‍ර ප්‍රවාහනය කරද්දී,</font>

139
00:10:33,258 --> 00:10:34,301
<font color="#ffde44">කවදාවත් තනියම ඒක කරන්නේ නෑ.</font>

140
00:10:41,224 --> 00:10:42,893
<font color="#ffde44">වෘත්තීය ප්‍රවාහන කණ්ඩායමක් ඉන්නවා.</font>

141
00:10:42,976 --> 00:10:44,603
<font color="#ffde44">ලලිත කලා හා සංස්කෘතික වත්කම් පිළිබඳ විශේෂඥ</font>

142
00:10:53,320 --> 00:10:56,239
<font color="#ffde44">ඒ වගේම පළපුරුදුම රියදුරෙක් තමයි හැමවෙලේම වාහනේ එළවන්නේ.</font>

143
00:10:57,783 --> 00:11:00,077
<font color="#ffde44">වොන් බිලියන දහයක් වටිනා කලාකෘති කවදාවත් මෙච්චර
නොසැලකිලිමත් විදියට ප්‍රවාහනය කරන්නේ නෑ.</font>

144
00:11:01,995 --> 00:11:04,706
<font color="#ffde44">මේ අනතුර සැලසුම් කරපු එකක් වෙන්න පුළුවන්
කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ.</font>

145
00:11:04,790 --> 00:11:05,749
<font color="#ffde44">කොහොම වුණත්,</font>

146
00:11:05,832 --> 00:11:07,709
<font color="#ffde44">මේක සාමාන්‍ය රක්ෂණයේ SIU එකට යොමු කරන්න.</font>

147
00:11:08,335 --> 00:11:10,337
<font color="#ffde44">මේක අපේ දෙපාර්තමේන්තුවට අදාළ නෑ.</font>

148
00:11:11,088 --> 00:11:14,049
<font color="#ffde44">ඇත්තටම අපිට කලා විශේෂඥයෙක්ගේ උදව් ඕනේ වෙනවා,</font>

149
00:11:15,133 --> 00:11:18,720
<font color="#ffde44">මට ආරංචියි පොඩි දෙයක් සිද්ධ වෙනවා කියලා...</font>

150
00:11:20,597 --> 00:11:21,973
<font color="#ffde44">ඔයා සහ රෝයල් ඔක්ෂන් එකේ මිස් හන් අතර.</font>

151
00:11:22,724 --> 00:11:23,725
<font color="#ffde44">කවුද එහෙම කිව්වේ?</font>

152
00:11:32,943 --> 00:11:33,819
<font color="#ffde44">මම එයාගෙන් අහලා බලන්නම්.</font>

153
00:11:34,569 --> 00:11:35,487
<font color="#ffde44">ස්තූතියි, මිස්ටර් චා.</font>

154
00:11:40,409 --> 00:11:44,204
<font color="#ffde44">ස්ටිලර් චිත්‍රය වෙනුවෙන් අපි මේ වෙනකොට
ලංසුකරුවන් කී දෙනෙක් හොයාගෙන තියෙනවද?</font>

155
00:11:44,955 --> 00:11:47,124
<font color="#ffde44">දුරකථන සහ පැමිණෙන්නේ නැති
ලංසුකරුවනුත් එක්ක ඔක්කොම 11ක් ඉන්නවා.</font>

156
00:11:48,290 --> 00:11:50,168
<font color="#ffde44">අපිට තහවුරු කරපු ලංසුකරුවන් තුන්දෙනෙක් විතරයි ඉන්නේ,</font>

157
00:11:50,252 --> 00:11:51,920
<font color="#ffde44">ඒත් අපි තාමත් ඒක ප්‍රවර්ධනය කරනවා.</font>

158
00:11:52,003 --> 00:11:54,214
<font color="#ffde44">මේක ගොඩක් වටිනා නිර්මාණයක් නිසා,
ලංසුකරුවන්ට තියෙන ප්‍රමිතිය ගොඩක් ඉහළයි.</font>

159
00:11:54,756 --> 00:11:57,717
<font color="#ffde44">මටත් තුන්දෙනෙක්ගෙන් කෝල් ආවා.</font>

160
00:11:59,636 --> 00:12:03,098
<font color="#ffde44">ආරම්භක ලංසු වලින් තමයි මේ නිර්මාණයේ තත්ත්වය තීරණය වෙන්නේ,</font>

161
00:12:03,181 --> 00:12:05,767
<font color="#ffde44">ඒ නිසා අපි ආරම්භයේ ඉඳලම තරගකාරීත්වයක් ඇති කරන්න ඕනේ.</font>

162
00:12:06,643 --> 00:12:09,855
<font color="#ffde44">අපේ සාමාන්‍ය VIP ගනුදෙනුකරුවන්ට කතා කරලා මාව දැනුවත් කරන්න.</font>

163
00:12:10,439 --> 00:12:11,481
<font color="#ffde44">හරි මැඩම්.
හරි මැඩම්.</font>

164
00:12:11,565 --> 00:12:13,191
<font color="#ffde44">ඒ වගේම නාමාවලිය ගැන බැලුවොත්...</font>

165
00:12:19,281 --> 00:12:21,908
<font color="#ffde44">සන්ග්-මී, මම කැමතියි ඔයා ඒකේ අවසාන පරීක්ෂාව කරනවට.</font>

166
00:12:22,868 --> 00:12:23,785
<font color="#ffde44">හරි, මිස්. හන්.</font>

167
00:12:23,869 --> 00:12:25,704
<font color="#ffde44">අදට එච්චරයි.</font>

168
00:12:31,877 --> 00:12:33,670
<font color="#ffde44">ඔයා දන්නවනේ,</font>

169
00:12:33,753 --> 00:12:35,839
<font color="#ffde44">යුන්-ජී තමයි ඒක බාරව හිටියේ.</font>

170
00:12:35,922 --> 00:12:37,340
<font color="#ffde44">ඒ කියන්නේ</font>

171
00:12:37,424 --> 00:12:40,510
<font color="#ffde44">එළඹෙන වෙන්දේසියේදී සහකාර වෙන්දේසිකරු වෙන්නේ ඔයාද?</font>

172
00:12:41,178 --> 00:12:42,012
<font color="#ffde44">මට හරියටම ෂුවර් නෑ.</font>

173
00:12:42,762 --> 00:12:44,347
<font color="#ffde44">කවුද දන්නේ මිස් හන් මොනවා හිතනවා ඇත්ද කියලා?</font>

174
00:12:44,931 --> 00:12:46,349
<font color="#ffde44">ඔහ්, දෙයියනේ.</font>

175
00:12:58,487 --> 00:12:59,988
<font color="#ffde44">ලලිත කලා පූර්ණ රක්ෂණ හිමිකම් පෝරමය</font>

176
00:13:07,996 --> 00:13:09,080
<font color="#ffde44">විත්තිකරු ජූ හ්යුන්-සූ,</font>

177
00:13:09,164 --> 00:13:11,458
<font color="#ffde44">හුවමාරු මාර්ගයක තාප්පයක හිතාමතාම වාහනය හප්පලා,</font>

178
00:13:11,541 --> 00:13:14,336
<font color="#ffde44">මගියා වුණු චා වූ-හීගේ මරණයට හේතු වුණා.</font>

179
00:13:14,961 --> 00:13:17,088
<font color="#ffde44">අපරාධ ස්ථානයේ සාක්ෂි සහ රක්ෂණ ඔප්පුවේ විස්තර වලින්</font>

180
00:13:17,172 --> 00:13:20,175
<font color="#ffde44">විත්තිකරුට වින්දිතයාව මරා දමන චේතනාවක් තිබුණු බව ඔප්පු වෙනවා.</font>

181
00:13:20,258 --> 00:13:22,552
<font color="#ffde44">ඒ නිසා, විත්තිකරුට නියම කරන ලෙස පැමිණිල්ල ඉල්ලා සිටිනවා</font>

182
00:13:22,636 --> 00:13:23,595
<font color="#ffde44">අවුරුදු දහයක සිර දඬුවමක්.</font>

183
00:13:37,192 --> 00:13:40,362
<font color="#ffde44">වූ-සොක්</font>

184
00:13:40,987 --> 00:13:43,907
<font color="#ffde44">ඔයා මගේ හිත කියෙව්වා වගේ. මමත් මේ ඔයාට කතා කරන්න හැදුවේ.</font>

185
00:13:44,533 --> 00:13:45,700
<font color="#ffde44">ඔයාට ජූ හ්යුන්-සූ ඉන්න තැනක් හොයාගන්න පුළුවන් වුණාද?</font>

186
00:13:46,493 --> 00:13:49,955
<font color="#ffde44">කවුරුහරි එයාගේ ඊමේල් එක පාවිච්චි කරලා
ඩිලිවරි ඇප් එකක එකවුන්ට් එකක් හදලා තියෙනවා</font>

187
00:13:50,038 --> 00:13:51,289
<font color="#ffde44">මීට මාසෙකට විතර කලින්.</font>

188
00:13:52,749 --> 00:13:54,376
<font color="#ffde44">එයාගේ ඇඩ්‍රස් එක හොයාගන්න.</font>

189
00:13:54,459 --> 00:13:55,794
<font color="#ffde44">මම ඒක හොයන ගමන් ඉන්නේ.</font>

190
00:14:39,379 --> 00:14:41,798
<font color="#ffde44">සේවක ජූ හ්යුන්-සූ</font>

191
00:15:44,736 --> 00:15:47,280
<font color="#ffde44">මම ඔයාට රෝයල් ඔක්ෂන් එකෙන් ඈත් වෙලා ඉන්න කිව්වා නේද.</font>

192
00:15:48,281 --> 00:15:49,658
<font color="#ffde44">මමත් ඒ කම්පැණියේම තමයි වැඩ කරන්නේ.</font>

193
00:15:50,492 --> 00:15:53,536
<font color="#ffde44">මටත් ඕන වුණා කාඩ් එක පන්ච් කරලා ඇතුළට එන අත්දැකීම ගන්න.</font>

194
00:15:55,121 --> 00:15:57,040
<font color="#ffde44">මම ඔයාට කිව්වා නේද කලබල වෙලා වැඩ කරන්න එපා කියලා?</font>

195
00:15:57,790 --> 00:16:00,460
<font color="#ffde44">මම ඔයාට කිව්වනේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපි
තේමියොං ඩීල් එක ඉවරයක් කරන්න ඕනේ කියලා.</font>

196
00:16:03,797 --> 00:16:05,090
<font color="#ffde44">බයවෙන්න එපා.</font>

197
00:16:05,674 --> 00:16:08,343
<font color="#ffde44">මම ඒ වෙනුවෙන් මගේ මුළු ජීවිතේම කැප කළා මොකද
ඒක තමයි මගේ ආපසු පැමිණීමේ ප්‍රොජෙක්ට් එක.</font>

198
00:16:09,219 --> 00:16:11,971
<font color="#ffde44">ඔයාගේ ඒ ප්‍රසිද්ධ කෑම එකක්වත් මට කන්න ලැබෙන්න ඕනේ නේද.</font>

199
00:16:13,973 --> 00:16:16,893
<font color="#ffde44">තේමියොං එකේ වැඩේ ඉවර වුණාම, මගේ පංගුව මම බලාපොරොත්තු වෙනවා.</font>

200
00:16:18,311 --> 00:16:19,604
<font color="#ffde44">මම පෙරේත වෙන්නේ නෑ.</font>

201
00:16:19,688 --> 00:16:20,814
<font color="#ffde44">මම හිතන්නේ...</font>

202
00:16:21,773 --> 00:16:22,649
<font color="#ffde44">10%ක් විතර ඇති වෙයි.</font>

203
00:16:26,820 --> 00:16:28,613
<font color="#ffde44">දැන් ඔයාට හොඳටම හයිය ඇවිල්ලා, ජූ හ්යුන්-සූ.</font>

204
00:16:29,739 --> 00:16:31,574
<font color="#ffde44">මම ඉගෙන ගත්තේ දක්ෂම කෙනාගෙන්.</font>

205
00:17:07,444 --> 00:17:08,737
<font color="#ffde44">මම මේක ප්‍රවෘත්තිවලින් දැක්කා.</font>

206
00:17:08,819 --> 00:17:11,196
<font color="#ffde44">රක්ෂණය සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?</font>

207
00:17:11,281 --> 00:17:12,240
<font color="#ffde44">ඇත්තම කතාව,</font>

208
00:17:13,366 --> 00:17:15,410
<font color="#ffde44">ඒක මගේ නංගිගේ අනතුරට ගොඩක් සමානයි.</font>

209
00:17:16,368 --> 00:17:17,328
<font color="#ffde44">ඔයා මොකක්ද ඒකෙන් අදහස් කළේ?</font>

210
00:17:17,829 --> 00:17:19,497
<font color="#ffde44">නම්චොන්හ්යොන් හුවමාරුව.</font>

211
00:17:20,582 --> 00:17:22,459
<font color="#ffde44">කාර් එක තාප්පෙක හැප්පුණු තැන.</font>

212
00:17:23,084 --> 00:17:24,461
<font color="#ffde44">මගියා හිටපු පැත්ත විතරයි හැප්පිලා තියෙන්නේ.</font>

213
00:17:25,712 --> 00:17:27,380
<font color="#ffde44">ගිනි ගත්ත එක ඇරුණම අනිත් හැමදේම එක වගේ.</font>

214
00:17:28,131 --> 00:17:29,883
<font color="#ffde44">අපරාධකාරයෝ හැමතිස්සෙම පුරුදු උපක්‍රම පාවිච්චි කරනවා</font>

215
00:17:30,467 --> 00:17:32,385
<font color="#ffde44">ඒ වගේම කලින් සාර්ථක වුණු දේවල්ම ආයේ ආයේ කරන්න පෙළඹෙනවා.</font>

216
00:17:33,303 --> 00:17:35,680
<font color="#ffde44">මේකත් ඒ කෙනාම සැලසුම් කරපු එකක්ද කියලා මම හොයලා බලනවා.</font>

217
00:17:39,267 --> 00:17:40,769
<font color="#ffde44">මට ඔයාගේ උදව් ඕනේ.</font>

218
00:17:53,114 --> 00:17:55,283
<font color="#ffde44">මේ නිර්මාණ ඔක්කොගෙම වෙන්දේසි කළේ මම.</font>

219
00:17:55,366 --> 00:17:57,619
<font color="#ffde44">ඒවා ආවේ විදෙස් කලාගාර වලින් වුණත්,</font>

220
00:17:57,702 --> 00:17:59,788
<font color="#ffde44">ඒවා ව්‍යාජ සමාගම් කියලා පස්සේ දැනගන්න ලැබුණා.</font>

221
00:17:59,871 --> 00:18:02,957
<font color="#ffde44">ඒවයේ නියම අයිතිකාරයා වුණේ අපේ සභාපතිතුමිය.</font>

222
00:18:04,751 --> 00:18:05,919
<font color="#ffde44">රෝයල් ඔක්ෂන් එකේ සභාපතිතුමියද?</font>

223
00:18:06,002 --> 00:18:08,588
<font color="#ffde44">එයා සල්ලි තියෙන ගනුදෙනුකරුවන්ට ලාභදායී චිත්‍ර තෝරලා දෙනවා</font>

224
00:18:08,671 --> 00:18:10,048
<font color="#ffde44">ඒ අතරතුර එයාටත් ඒකෙන් ගාණක් කපාගන්නවා.</font>

225
00:18:11,633 --> 00:18:12,884
<font color="#ffde44">මෙතන තියෙන මේ චිත්‍රය</font>

226
00:18:13,635 --> 00:18:15,970
<font color="#ffde44">තේමියොං ගෲප් එකෙන් වොන් බිලියන 1.5කට ගත්තා,</font>

227
00:18:16,679 --> 00:18:19,390
<font color="#ffde44">ඒත් ඒක පිටරටින් ගෙනාවේ වොන් මිලියන 300කට.</font>

228
00:18:21,392 --> 00:18:22,477
<font color="#ffde44">ඒක කොහොමද වෙන්නේ?</font>

229
00:18:22,560 --> 00:18:25,104
<font color="#ffde44">චිත්‍ර වලට ස්ථිර වටිනාකමක් නෑ.</font>

230
00:18:25,688 --> 00:18:28,024
<font color="#ffde44">කවුරුහරි චිත්‍රයකට වොන් බිලියන 1.5ක් ගෙවනවා නම්,</font>

231
00:18:28,107 --> 00:18:30,735
<font color="#ffde44">ඒක තමයි ඒකේ වටිනාකම වෙන්නේ.</font>

232
00:18:31,319 --> 00:18:32,195
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

233
00:18:33,696 --> 00:18:36,241
<font color="#ffde44">ඒ චිත්‍ර වෙනුවෙන් රක්ෂණ ඔප්පු අරගෙන ඒවා හිතාමතාම ගිනි තිබ්බොත්,</font>

234
00:18:36,991 --> 00:18:38,993
<font color="#ffde44">අර වොන් බිලියන 1.5 ආපහු ගන්න පුළුවන් නේද?</font>

235
00:18:39,536 --> 00:18:42,622
<font color="#ffde44">කලාව සම්බන්ධයෙන් වැඩ කරන අය කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ.</font>

236
00:18:44,082 --> 00:18:46,835
<font color="#ffde44">එයාලා කවදාවත් මුල් කෘතියක් ගිනි තියන්නේ නෑ.</font>

237
00:18:47,502 --> 00:18:49,003
<font color="#ffde44">එහෙනම් එයාලා මුල් කෘතිය මාරු කරලා...</font>

238
00:18:49,587 --> 00:18:50,964
<font color="#ffde44">ව්‍යාජ ඒවා ගිනි තියන්න ඇති.</font>

239
00:18:54,300 --> 00:18:56,970
<font color="#ffde44">ඒක තමයි සභාපති කිම්ගේ උපක්‍රමය.</font>

240
00:19:07,146 --> 00:19:08,815
<font color="#ffde44">දුප්පත් චිත්‍ර ශිල්පියෙක් හිටියා</font>

241
00:19:09,315 --> 00:19:13,069
<font color="#ffde44">සභාපති කිම් එයාව අරගෙන තිබුණා ව්‍යාජ චිත්‍ර අඳින්න.</font>

242
00:19:15,113 --> 00:19:18,324
<font color="#ffde44">පස්සේ කාලෙක ඒ ව්‍යාජ චිත්‍ර මුල්
කෘති විදියට ඉදිරිපත් කරලා තිබුණා,</font>

243
00:19:18,408 --> 00:19:19,784
<font color="#ffde44">ඒකෙන් ලොකු අපකීර්තියක් ඇති වුණා.</font>

244
00:19:24,163 --> 00:19:25,665
<font color="#ffde44">එපා, මගේ අත!</font>

245
00:19:25,748 --> 00:19:27,625
<font color="#ffde44">එපා!</font>

246
00:19:28,585 --> 00:19:29,502
<font color="#ffde44">එපා!</font>

247
00:19:33,965 --> 00:19:36,885
<font color="#ffde44">ඔයාට අඩුම තරමේ පොඩ්ඩක්වත් ලැජ්ජාවක් නැද්ද.</font>

248
00:19:37,719 --> 00:19:40,054
<font color="#ffde44">පොලීකාරයන්ගෙන් සල්ලි ගන්න ඔයා මොනවා හිතාගෙනද හිටියේ?</font>

249
00:19:40,138 --> 00:19:42,265
<font color="#ffde44">ඔයා දිහාම බලන්න, ආටිස්ට් හන්.</font>

250
00:19:42,348 --> 00:19:43,600
<font color="#ffde44">ඔයාගේ අත දිහා බලන්න.</font>

251
00:19:47,353 --> 00:19:50,106
<font color="#ffde44">ඔයාට ඒ අතින් පින්සලක්වත් අල්ලන්න බෑ.</font>

252
00:19:50,648 --> 00:19:53,735
<font color="#ffde44">මෙතන විනාශ වෙලා නැති එකම දේ ඔය චිත්‍රය විතරයි.</font>

253
00:19:56,821 --> 00:19:59,240
<font color="#ffde44">මේක ඔයාගේ මරණින් පසුව විකුණන චිත්‍රය වුණොත්,</font>

254
00:20:00,158 --> 00:20:02,452
<font color="#ffde44">මම වගබලා ගන්නම් ඒක ලොකු ගාණකට විකුණන්න.</font>

255
00:20:02,535 --> 00:20:03,578
<font color="#ffde44">එපා!</font>

256
00:20:03,661 --> 00:20:06,164
<font color="#ffde44">මම ඔයාට වඳින්නම්!
කරුණාකරලා මට ඒක තියාගන්න දෙන්න!</font>

257
00:20:06,247 --> 00:20:08,249
<font color="#ffde44">ඒ අහිංසක චිත්‍ර ශිල්පියා</font>

258
00:20:08,833 --> 00:20:11,669
<font color="#ffde44">හිතුවේ ඔහු ප්‍රදර්ශනයක් සඳහා
අනුරූ අඳිනවා කියලා,</font>

259
00:20:12,629 --> 00:20:13,922
<font color="#ffde44">නමුත් අන්තිමේදී</font>

260
00:20:15,590 --> 00:20:17,091
<font color="#ffde44">හැමදේටම එයාට වරද භාරගන්න වුණා.</font>

261
00:20:19,844 --> 00:20:21,054
<font color="#ffde44">ඊට පස්සේ,</font>

262
00:20:21,638 --> 00:20:24,849
<font color="#ffde44">ණයකාරයෝ පස්සෙන් පන්නපු නිසා
එයා එයාගේ පවුලත් එක්කම මැරුණා.</font>

263
00:20:26,184 --> 00:20:27,477
<font color="#ffde44">ඒ පුද්ගලයා...</font>

264
00:20:31,022 --> 00:20:32,315
<font color="#ffde44">මගේ තාත්තා.</font>

265
00:20:34,859 --> 00:20:36,444
<font color="#ffde44">මට ඔප්පු කරන්න ඕනේ</font>

266
00:20:37,028 --> 00:20:38,154
<font color="#ffde44">මගේ තාත්තා</font>

267
00:20:39,072 --> 00:20:40,573
<font color="#ffde44">ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා.</font>

268
00:20:42,283 --> 00:20:43,660
<font color="#ffde44">ඒ කියන්නේ ඔයා රෝයල් ඔක්ෂන් එකට බැඳුණේ</font>

269
00:20:43,743 --> 00:20:45,662
<font color="#ffde44">මට පළිගන්න ඕන වුණා.</font>

270
00:20:46,663 --> 00:20:47,664
<font color="#ffde44">ඒත් ඊට පස්සේ...</font>

271
00:20:49,290 --> 00:20:52,293
<font color="#ffde44">ඒක මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව වුණා.</font>

272
00:20:55,380 --> 00:20:56,381
<font color="#ffde44">ඒක කොහොමද කියලා මම දන්නවා.</font>

273
00:20:57,924 --> 00:21:01,302
<font color="#ffde44">මමත් මගේ ජීවිතේ විනාශ කරපු කෙනා
පස්සේ පන්නනවා.</font>

274
00:21:07,517 --> 00:21:08,810
<font color="#ffde44">අපි හොයාගන්න ඕනේ</font>

275
00:21:09,477 --> 00:21:11,479
<font color="#ffde44">පිච්චුණා කියලා කියන චිත්‍ර
ඇත්තටම තියෙන්නේ කොහෙද කියලා.</font>

276
00:21:12,730 --> 00:21:14,816
<font color="#ffde44">සභාපතිවරයාගේ කාමරේ
රහස් සේප්පුවක් තියෙනවා.</font>

277
00:21:31,332 --> 00:21:33,793
<font color="#ffde44">මම ගොඩක් කාලෙක ඉඳන්
ඒකට ඇතුල් වෙන්න හැදුවා,</font>

278
00:21:33,876 --> 00:21:35,920
<font color="#ffde44">ඒත් මට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නැහැ.</font>

279
00:21:36,504 --> 00:21:38,423
<font color="#ffde44">ඔයාට මම වගේ දක්ෂ පරීක්ෂකයෙක්ව ඕන වෙනවා.</font>

280
00:21:40,550 --> 00:21:44,053
<font color="#ffde44">වගේම මේ කලා රක්ෂණ වංචාව ගැන
මට තොරතුරු දෙන කෙනෙක්වත් ඕනේ.</font>

281
00:21:46,973 --> 00:21:48,182
<font color="#ffde44">අපි හොයාගමු...</font>

282
00:21:50,601 --> 00:21:52,854
<font color="#ffde44">ඒ සේප්පුව ඇතුළේ තියෙන
සැඟවුණු ඇත්ත එකතුවෙලා.</font>

283
00:22:18,129 --> 00:22:19,255
<font color="#ffde44">මගුලයි.</font>

284
00:22:20,048 --> 00:22:21,841
<font color="#ffde44">මේ කාමරේට කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ.</font>

285
00:22:28,848 --> 00:22:29,849
<font color="#ffde44">ඔයා මොකද කරන්නේ?</font>

286
00:22:30,600 --> 00:22:32,852
<font color="#ffde44">මගුලයි, ඔයා මාව බය කළා.</font>

287
00:22:32,935 --> 00:22:34,228
<font color="#ffde44">ඇතුළේ මිනිස්සු ඉන්නවා.</font>

288
00:22:34,896 --> 00:22:35,813
<font color="#ffde44">එහෙමද?</font>

289
00:22:36,522 --> 00:22:39,025
<font color="#ffde44">සද්දයක් නැති නිසා මම හිතුවේ
කවුරුත් නැහැ කියලා.</font>

290
00:22:40,985 --> 00:22:41,861
<font color="#ffde44">පස්සේ හම්බවෙමු.</font>

291
00:22:53,581 --> 00:22:55,333
<font color="#ffde44">රක්ෂණ වංචාවල මාරයා වෙන
චා වූ සෝක්ව මුණගැහෙන්න!</font>

292
00:23:01,005 --> 00:23:02,215
<font color="#ffde44">2025 රක්ෂණ අපරාධ සම්මාන උළෙලේදී
එස්අයියූ එකේ චා වූ සෝක්ට ප්‍රධාන සම්මානය</font>

293
00:23:02,298 --> 00:23:05,551
<font color="#ffde44">එයා අවංක වගේම
විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වගේ පේනවා.</font>

294
00:23:09,555 --> 00:23:11,641
<font color="#ffde44">මම ඔයාට තව මොනවද කරන්න ඕනේ?</font>

295
00:23:12,225 --> 00:23:14,435
<font color="#ffde44">මම දන්නවා මටත් කිම් යුන් ජි මහත්මිය
වගේම දක්ෂ වෙන්න පුළුවන් කියලා.</font>

296
00:23:15,353 --> 00:23:17,647
<font color="#ffde44">කිම් මහත්මියගේ වගකීම් මොනවාද කියලා
ඔයා හරියටම දන්නවාද?</font>

297
00:23:18,356 --> 00:23:19,732
<font color="#ffde44">මම ඒ ගැන යම් තරමකට දන්නවා.</font>

298
00:23:20,900 --> 00:23:22,985
<font color="#ffde44">මට අත්දැකීම් නැති වෙන්න පුළුවන්,
ඒත් මම වැඩ කරන ගමන් ඉගෙන ගන්නම්.</font>

299
00:23:23,820 --> 00:23:24,987
<font color="#ffde44">මට ඕනේ</font>

300
00:23:25,571 --> 00:23:27,990
<font color="#ffde44">කිම් මහත්මිය වගේ දක්ෂ
කෙනෙක් නෙවෙයි.</font>

301
00:23:28,074 --> 00:23:29,826
<font color="#ffde44">මට ඕනේ හන් මහත්මියගේ මට්ටමේ කෙනෙක්ව.</font>

302
00:23:30,368 --> 00:23:33,121
<font color="#ffde44">ඔයා අඩුම තරමේ හන් සොල් ආ
වගේවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ.</font>

303
00:23:34,247 --> 00:23:36,457
<font color="#ffde44">දැනට මට හැමදේම වාර්තා කරන්න.</font>

304
00:23:37,625 --> 00:23:40,586
<font color="#ffde44">ඔව් මැඩම්.
මම මෙතැන් ඉඳන් විස්තරාත්මක වාර්තා දෙන්නම්.</font>

305
00:23:48,928 --> 00:23:50,888
<font color="#ffde44">මේ තියෙන්නේ පෙක් මහත්තයා
මට බාර දුන්න චිත්‍රය.</font>

306
00:23:51,681 --> 00:23:53,724
<font color="#ffde44">මේකේ කොහේ හරි හෝඩුවාවක් තියෙන්න ඕනේ.</font>

307
00:23:55,852 --> 00:23:57,270
<font color="#ffde44">සිරියාවේ අනාථ දරුවෙක්.</font>

308
00:23:57,353 --> 00:24:00,356
<font color="#ffde44">සූ හෝ හැදුණේ අනාථ නිවාසෙක.</font>

309
00:24:01,566 --> 00:24:03,067
<font color="#ffde44">අපිට තිබුණෙත් ඒ වගේම පසුබිමක්.</font>

310
00:24:09,532 --> 00:24:10,867
<font color="#ffde44">කොච්චර දුරට</font>

311
00:24:11,450 --> 00:24:13,619
<font color="#ffde44">පෙක් මහත්තයා මම ගැන අහලා තියෙනවද?</font>

312
00:24:15,830 --> 00:24:19,167
<font color="#ffde44">සූ හෝ වගේම එයත් මාව හොඳට දන්නවා.</font>

313
00:24:22,503 --> 00:24:23,880
<font color="#ffde44">පෙක් ජුන් බොම් කියන්නේ කවුද කියලා අපි හොයාගමු</font>

314
00:24:25,131 --> 00:24:26,382
<font color="#ffde44">පියවරෙන් පියවර.</font>

315
00:24:34,056 --> 00:24:37,435
<font color="#ffde44">යුවර් හෝම් එකෙන් ඔයාව අයින් කරන්න
නියම හේතුව කියන්න පුළුවන්ද?</font>

316
00:24:37,518 --> 00:24:39,395
<font color="#ffde44">එයා සිරියාවට යන්න කලින්,</font>

317
00:24:39,478 --> 00:24:43,024
<font color="#ffde44">මම පෙක් මහත්තයාගේ හැම වැඩක්ම
වගේම එදිනෙදා වැඩකටයුතුත් බලාගත්තා.</font>

318
00:24:43,816 --> 00:24:46,652
<font color="#ffde44">ඒත් එයා ආපහු ආවට පස්සේ,
එකපාරටම මට අයින් වෙන්න කිව්වා.</font>

319
00:24:47,236 --> 00:24:48,404
<font color="#ffde44">මම විතරක් නෙවෙයි.</font>

320
00:24:48,487 --> 00:24:50,406
<font color="#ffde44">මුලින්ම වැඩ කරපු සේවකයෝ හැමෝමවත් අයින් කළා.</font>

321
00:24:52,408 --> 00:24:54,285
<font color="#ffde44">ඒ කාලේ වුණ වෙන මොනවා හරි දේවල්
ඔයාට මතකද?</font>

322
00:24:56,621 --> 00:24:59,248
<font color="#ffde44">කාර්යාලවල සහ රසායනාගාරවල තිබුණ
ආරක්ෂක පද්ධතිය</font>

323
00:24:59,749 --> 00:25:02,126
<font color="#ffde44">දිගටම ක්‍රියා විරහිත වුණා.</font>

324
00:25:02,210 --> 00:25:04,462
<font color="#ffde44">ඒක හදලා තිබුණේ පෙක් මහත්තයාට ගැලපෙන විදිහට,</font>

325
00:25:04,545 --> 00:25:06,088
<font color="#ffde44">ඒත් දිගටම දෝෂ ආවා,</font>

326
00:25:06,172 --> 00:25:08,591
<font color="#ffde44">ඒ නිසා අන්තිමේදී
එයා සම්පූර්ණ පද්ධතියම මාරු කළා.</font>

327
00:25:09,508 --> 00:25:10,801
<font color="#ffde44">දෝෂ?</font>

328
00:25:10,885 --> 00:25:13,429
<font color="#ffde44">ඒ පද්ධතිය ඇස් හඳුනාගන්නා තාක්ෂණයෙන් වැඩ කළේ,</font>

329
00:25:14,096 --> 00:25:17,600
<font color="#ffde44">ඒත් පුදුමයකට වගේ,
ඒකට පෙක් මහත්තයාවම අඳුරගන්න බැරි වුණා.</font>

330
00:25:18,851 --> 00:25:22,396
<font color="#ffde44">ඒ නිසා එයා ආරක්ෂක සමාගමකට කතා කරලා
මුළු පද්ධතියම මාරු කළා.</font>

331
00:25:23,689 --> 00:25:24,815
<font color="#ffde44">ඒකට එයාව අඳුරගන්න බැරි වුණා,</font>

332
00:25:25,816 --> 00:25:27,193
<font color="#ffde44">ඒ එයාම වෙලත්?</font>

333
00:25:27,693 --> 00:25:28,527
<font color="#ffde44">ඔව්.</font>

334
00:25:32,740 --> 00:25:34,158
<font color="#ffde44">එයාගේ ඇස් වෙනස් වෙලාද?</font>

335
00:25:34,242 --> 00:25:37,203
<font color="#ffde44">කොච්චර ශල්‍යකර්ම කළත්
ඇසේ රටාවල් වෙනස් කරන්න බැහැ.</font>

336
00:25:37,787 --> 00:25:40,915
<font color="#ffde44">ඒ පෙක් ජුන් බොම් විදිහට රඟපාන
වෙන කවුරුහරි වෙන්න පුළුවන්.</font>

337
00:25:41,832 --> 00:25:43,668
<font color="#ffde44">මෙන්න ඔයා ඉල්ලපු දේ.</font>

338
00:25:44,293 --> 00:25:45,586
<font color="#ffde44">ස්තූතියි.</font>

339
00:25:46,420 --> 00:25:49,131
<font color="#ffde44">ඇයි ඔයා මට මේ පුද්ගලයාගේ විතරක්
පින්තූර එකතු කරන්න කිව්වේ?</font>

340
00:25:49,715 --> 00:25:50,883
<font color="#ffde44">මම පස්සේ කියන්නම්.</font>

341
00:25:50,967 --> 00:25:52,593
<font color="#ffde44">ඔයා කොහේද යන්නේ?</font>

342
00:25:53,678 --> 00:25:56,555
<font color="#ffde44">ඔයා පෙක් ජුන් බොම් ගැන හොයනවාද?</font>

343
00:26:02,687 --> 00:26:03,729
<font color="#ffde44">පෙක් ජුන් බොම්</font>

344
00:26:04,563 --> 00:26:05,940
<font color="#ffde44">ලී සූ හෝගේ යාළුවෙක්ද?</font>

345
00:26:06,524 --> 00:26:08,609
<font color="#ffde44">එයා මාව හිතාමතාමයි ළං කරගත්තේ.</font>

346
00:26:09,277 --> 00:26:12,321
<font color="#ffde44">මට එයාගේ ඇත්තම අරමුණ
මොකක්ද කියලා හොයාගන්න ඕනේ.</font>

347
00:26:12,405 --> 00:26:14,282
<font color="#ffde44">ඔයා කියන්නේ ඔයාට වුණ හැමදේම</font>

348
00:26:14,365 --> 00:26:15,783
<font color="#ffde44">නිකම්ම අහම්බයක් නෙවෙයි කියලද?</font>

349
00:26:16,367 --> 00:26:17,201
<font color="#ffde44">ඔව්.</font>

350
00:26:17,994 --> 00:26:19,161
<font color="#ffde44">මටත් හිතෙන්නේ එහෙමයි.</font>

351
00:26:20,162 --> 00:26:21,706
<font color="#ffde44">ඔයා ඇයි මට කලින් කිව්වේ නැත්තේ</font>

352
00:26:21,789 --> 00:26:23,749
<font color="#ffde44">අර SIU පරීක්ෂකයා ගාවට යන්නේ නැතුව?</font>

353
00:26:24,333 --> 00:26:25,710
<font color="#ffde44">මටත් ඔයාට උදව් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවානේ.</font>

354
00:26:26,377 --> 00:26:30,548
<font color="#ffde44">එයත් එක්ක තොරතුරු බෙදාගන්නේ
ඒකෙන් අපි දෙන්නටම ප්‍රයෝජනයක් වෙන නිසයි.</font>

355
00:26:31,132 --> 00:26:33,217
<font color="#ffde44">මට ටිකක් දුකයි.</font>

356
00:26:33,801 --> 00:26:37,013
<font color="#ffde44">මට පේන්නේ ඔයා මට වඩා
අර පරීක්ෂකයාව විශ්වාස කරනවා වගේ.</font>

357
00:26:38,472 --> 00:26:39,765
<font color="#ffde44">ඒක එයා මත යැපෙනවා නෙවෙයි,</font>

358
00:26:41,309 --> 00:26:43,519
<font color="#ffde44">ඒත් එයා එක විදිහකින් අපි වගේ.</font>

359
00:26:44,979 --> 00:26:46,772
<font color="#ffde44">ඒ වගේම අපි ඒක එකිනෙකාගෙන් අඳුරගත්තා.</font>

360
00:26:47,982 --> 00:26:49,358
<font color="#ffde44">ඔයයි මමයි අඳුරගත්තා වගේ.</font>

361
00:26:55,865 --> 00:26:57,658
<font color="#ffde44">මම පෙක් ජුන් බොම්ව ගොඩක් හොඳට දන්නවා.</font>

362
00:26:58,617 --> 00:27:02,121
<font color="#ffde44">මට ඇහුණා ඔයාලා දෙන්නා කොලේජ් එකේ
එකම ස්ටාට්-අප් ක්ලබ් එකේ හිටියා කියලා.</font>

363
00:27:02,955 --> 00:27:05,750
<font color="#ffde44">එයා ඉස්සර එයාගේ වටේ ඉන්න
අය ගැන ගොඩක් හිතපු කෙනෙක්,</font>

364
00:27:05,833 --> 00:27:08,252
<font color="#ffde44">ඒත් එයාගේ ව්‍යාපාරය සාර්ථක වුණාට පස්සේ
එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා මට ආරංචි වුණා.</font>

365
00:27:09,378 --> 00:27:12,048
<font color="#ffde44">එහෙනම් ඔයාට එයා එක්ක තියෙන සම්බන්ධය සම්පූර්ණයෙන්ම නැති වුණාද?</font>

366
00:27:12,131 --> 00:27:14,342
<font color="#ffde44">මට ආරංචි වුණා එයාගේ මූණට තුවාල වෙලා කියලා,</font>

367
00:27:14,425 --> 00:27:16,594
<font color="#ffde44">ඒ නිසයි එයා මිනිස්සු මඟඇරියේ කියලා
මම හිතුවා.</font>

368
00:27:16,677 --> 00:27:18,971
<font color="#ffde44">ඒත් මම එයාව සම්මන්ත්‍රණයකදී දැක්කා,
එයාව හොඳට හිටියා.</font>

369
00:27:19,472 --> 00:27:21,182
<font color="#ffde44">මම හිතන්නේ එයා දැන් ගොඩක් කඩවසම් වෙලා.</font>

370
00:27:21,766 --> 00:27:24,560
<font color="#ffde44">ඒත් මම කතා කරද්දී,
එයා මාව අඳුරන්නේ නැති කෙනෙක් වගේ මඟහැරියා.</font>

371
00:27:25,478 --> 00:27:27,980
<font color="#ffde44">මට ආරංචි වුණා එයා අනිත් යාළුවෝ එක්කත්
සම්බන්ධකම් නතර කරලා කියලා.</font>

372
00:27:28,064 --> 00:27:29,357
<font color="#ffde44">ඔයා දන්නවද ඇයි කියලා?</font>

373
00:27:30,524 --> 00:27:31,984
<font color="#ffde44">මටත් ඒක දැනගන්න ඕනේ.</font>

374
00:27:32,068 --> 00:27:34,070
<font color="#ffde44">කෙනෙක්ට කොහොමද ඔය තරම්
වෙනස් වෙන්න පුළුවන් කියලා හිතාගන්නත් අමාරුයි.</font>

375
00:27:38,074 --> 00:27:39,867
<font color="#ffde44">ඒ කාලකණ්ණියා</font>

376
00:27:39,950 --> 00:27:42,787
<font color="#ffde44">මේ විදිහට නිර්වින්දන බෙහෙත විද්දා</font>

377
00:27:42,870 --> 00:27:44,330
<font color="#ffde44">මම ඇස් පියාගන්න ගමන් එයාව දිහා බලන් ඉද්දි.</font>

378
00:27:44,413 --> 00:27:47,333
<font color="#ffde44">මාව සීතල වෙලා ගියා.</font>

379
00:27:47,416 --> 00:27:48,626
<font color="#ffde44">ඊට පස්සේ මොකද වුණේ?</font>

380
00:27:48,709 --> 00:27:50,086
<font color="#ffde44">මම නිදාගෙන ඉන්නවා වගේ හිටියා.</font>

381
00:27:50,169 --> 00:27:51,128
<font color="#ffde44">දෙයියනේ.</font>

382
00:27:51,212 --> 00:27:52,671
<font color="#ffde44">ඒ සේලයින් එක ඇත්තටම ඔයාට දුන්නා නම්,</font>

383
00:27:52,755 --> 00:27:55,007
<font color="#ffde44">මම වෙනුවට ඔයා මැරෙන්න තිබුණා.</font>

384
00:27:55,091 --> 00:27:57,343
<font color="#ffde44">මේ මෙහෙයුම වෙනුවෙන් මම මගේ ජීවිතේ පරදුවට තිබ්බා.</font>

385
00:27:57,426 --> 00:28:01,680
<font color="#ffde44">මම බොරුකාරයෙක් කියලා එයා දැනගත්තා නම්
මම එයා එක්ක සටන් කරන්න පවා ලෑස්ති වෙලයි හිටියේ.</font>

386
00:28:03,349 --> 00:28:04,892
<font color="#ffde44">ඔයත් කලින් රහස් පරීක්ෂකයෙක්ද?</font>

387
00:28:05,935 --> 00:28:07,103
<font color="#ffde44">නැහැ.</font>

388
00:28:07,186 --> 00:28:09,688
<font color="#ffde44">මම මගේ මොළේ පාවිච්චි කරන්න දක්ෂ නිසා
විභාගයක් පාස් වෙලා මේ රස්සාව ගත්තේ.</font>

389
00:28:10,773 --> 00:28:11,732
<font color="#ffde44">කොහොම වුණත්,</font>

390
00:28:12,358 --> 00:28:13,692
<font color="#ffde44">ඔයා අහු නොවුණ එක ගැන මම සතුටු වෙනවා.</font>

391
00:28:13,776 --> 00:28:17,738
<font color="#ffde44">ඒ කියන්නේ, අපේ මූණ වහගත්තම
අපි දෙන්නම එක වගේ නේද?</font>

392
00:28:18,864 --> 00:28:19,740
<font color="#ffde44">නැහැ, කොහෙත්ම නැහැ.</font>

393
00:28:23,494 --> 00:28:25,037
<font color="#ffde44">චා මහත්තයාට කතා කරන්න.</font>

394
00:28:26,330 --> 00:28:27,248
<font color="#ffde44">ඩීඑන්ඒ.</font>

395
00:28:29,542 --> 00:28:31,293
<font color="#ffde44">අපි නිතරම යුද කලාපවලට යන නිසා,</font>

396
00:28:31,377 --> 00:28:33,045
<font color="#ffde44">අපි හඳුනාගැනීම සඳහා DNA සාම්පල ගබඩා කරලා තියෙනවා</font>

397
00:28:33,129 --> 00:28:35,506
<font color="#ffde44">මොනවා හරි වැරදුණොත් කියලා.</font>

398
00:28:35,589 --> 00:28:38,426
<font color="#ffde44">ඔන්වර්ල්ඩ් එකේ සූ හෝගේ
සහ ජුන් බොම්ගේ DNA තොරතුරු තියෙනවා.</font>

399
00:28:41,011 --> 00:28:42,096
<font color="#ffde44">දැන් අපිට අන්තිමේදී හොයාගන්න පුළුවන්</font>

400
00:28:43,055 --> 00:28:44,890
<font color="#ffde44">පෙක් ජුන් බොම් හංගන්න හැදුවේ මොනවද කියලා.</font>

401
00:30:10,267 --> 00:30:11,185
<font color="#ffde44">ආරාධනා පත්‍රයක්?</font>

402
00:30:11,268 --> 00:30:15,397
<font color="#ffde44">ඒක අපේ VVIP ගනුදෙනුකරුවන්ට තියෙන
පෙරදසුන් උත්සවයකට,</font>

403
00:30:15,481 --> 00:30:19,026
<font color="#ffde44">ඒ වගේම ස්ටිලර්ගේ පළමු ප්‍රසිද්ධ ප්‍රදර්ශනයත්
එදාට තියෙනවා.</font>

404
00:30:19,109 --> 00:30:20,152
<font color="#ffde44">එහෙනම් මම ඒකට යන්න ඕනේ.</font>

405
00:30:20,653 --> 00:30:22,029
<font color="#ffde44">ඒ නිර්මාණය මට ගොඩක් වටිනවා.</font>

406
00:30:56,647 --> 00:31:00,943
<font color="#ffde44">2013දී ස්ටිලර් උත්සාහ කළා
"මතකයේ ස්ථර" නිරූපණය කරන්න.</font>

407
00:31:01,694 --> 00:31:04,154
<font color="#ffde44">ඝනකම්, එකිනෙක වැහෙන නිල් වර්ණ</font>

408
00:31:04,238 --> 00:31:06,657
<font color="#ffde44">වගේම පුනරාවර්තන ජ්‍යාමිතික රටාවන්</font>

409
00:31:06,740 --> 00:31:11,287
<font color="#ffde44">කාලය ගෙවී යාම සහ කාලය මැකී යාම
නිරූපණය කළා.</font>

410
00:31:11,870 --> 00:31:14,748
<font color="#ffde44">රාමුවක් වගේ පේන මේ රතු ඉරි,</font>

411
00:31:15,332 --> 00:31:18,002
<font color="#ffde44">භාවිතා කරලා තියෙන්නේ අක්‍රමවත් බව වැඩි කරන්න.</font>

412
00:31:18,085 --> 00:31:21,130
<font color="#ffde44">මේ ක්‍රමය හරහා, ස්ටිලර් ග්‍රහණය කරගත්තා
ඔහු විස්තර කරපු විදිහට</font>

413
00:31:21,213 --> 00:31:24,008
<font color="#ffde44">"මතකය තමන්ගේම සීමාවන් ගිලගන්නා මොහොත" කියලා.</font>

414
00:31:29,555 --> 00:31:31,640
<font color="#ffde44">එයා කටකතාවල කියනවට වඩා ගොඩක් කඩවසම්.</font>

415
00:31:31,724 --> 00:31:33,183
<font color="#ffde44">මට ආරංචි වුණා එයා තාම තනිකඩයි කියලා.</font>

416
00:31:44,528 --> 00:31:46,530
<font color="#ffde44">ලී ක්වං ජින් මහත්තයා
ඔයාට සුබ පැතුවා කියලා කියන්න කිව්වා.</font>

417
00:31:49,033 --> 00:31:49,992
<font color="#ffde44">එයා සනීපෙන් ඉන්නවා කියලා කිව්වා...</font>

418
00:31:51,702 --> 00:31:52,786
<font color="#ffde44">ඒ වගේම ඔයාව බලන්න ඕනෙලු.</font>

419
00:31:56,707 --> 00:31:57,625
<font color="#ffde44">ඒක අහන්න ලැබුණ එක ගැන මම සතුටු වෙනවා.</font>

420
00:31:58,334 --> 00:32:01,879
<font color="#ffde44">මටත් දකින්න ඕන කරන එකම කෙනා
ලී මහත්තයා තමයි.</font>

421
00:32:04,340 --> 00:32:05,591
<font color="#ffde44">එහෙමද?</font>

422
00:32:09,678 --> 00:32:11,847
<font color="#ffde44">ඔයා සාමාන්‍යයෙන් ඔයාට ඇත්තටම දැනෙන දේට වඩා
වෙනස් විදිහටද හැසිරෙන්නේ?</font>

423
00:32:13,974 --> 00:32:16,185
<font color="#ffde44">හරි තීරණයක් ගන්න
තාමත් පරක්කු නැහැ.</font>

424
00:32:17,645 --> 00:32:20,814
<font color="#ffde44">අත්අඩංගුවට පත්වෙනවට වඩා භාර වෙන එක හොඳයි.</font>

425
00:32:21,398 --> 00:32:22,566
<font color="#ffde44">එතකොට ඒක හොඳට පේනවා,</font>

426
00:32:24,109 --> 00:32:25,194
<font color="#ffde44">ඒ වගේම ඒකෙන් ඔයාගේ දඬුවම අඩු වෙන්න පුළුවන්.</font>

427
00:32:28,072 --> 00:32:29,615
<font color="#ffde44">ඒක විනෝදජනක වෙයි වගේ,</font>

428
00:32:29,698 --> 00:32:31,867
<font color="#ffde44">ඒත් මම කවදාහරි පොලිස් ස්ථානයකට පය තියයිද කියලා
මම දන්නේ නැහැ</font>

429
00:32:33,410 --> 00:32:36,038
<font color="#ffde44">මොකද මට ගොඩක් දක්ෂ නීතිඥ මණ්ඩලයක් ඉන්නවා.</font>

430
00:32:39,166 --> 00:32:42,127
<font color="#ffde44">අනතුර ගැන ඔයා ගොඩක් කලකිරීමෙන් ඇත්තේ.</font>

431
00:32:42,211 --> 00:32:44,922
<font color="#ffde44">මම ඒ චිත්‍ර දිනාගත්තට පස්සේ
ඒවායේ වටිනාකම ගොඩක් වැඩි වුණා.</font>

432
00:32:45,005 --> 00:32:47,633
<font color="#ffde44">ඒක චිත්‍ර කිහිපයක් විතරක් නොවුණ නිසා
ඒක ලොකු පාඩුවක්.</font>

433
00:32:47,716 --> 00:32:51,136
<font color="#ffde44">අපි රක්ෂණ ඔප්පු ගන්නේ
හරියටම මේ වගේ අවස්ථාවන් වෙනුවෙන් තමයි.</font>

434
00:32:52,137 --> 00:32:55,891
<font color="#ffde44">හන් මහත්මිය, මට ඇහුණා ඔයා
රක්ෂණ ගිණුම් කළමනාකරුවාව හොඳට දන්නවා කියලා.</font>

435
00:32:56,725 --> 00:32:57,559
<font color="#ffde44">එහෙමද?</font>

436
00:32:57,643 --> 00:32:59,645
<font color="#ffde44">මේක කිසිම කරදරයක් නැතුව කරලා දෙන්න කියලා
විශේෂයෙන්ම බලාගන්න.</font>

437
00:33:01,063 --> 00:33:02,356
<font color="#ffde44">හරි කිම් සභාපතිතුමා.</font>

438
00:33:03,148 --> 00:33:04,650
<font color="#ffde44">කිසිම දෙයක් ගැන කලබල වෙන්න එපා.</font>

439
00:33:04,733 --> 00:33:06,652
<font color="#ffde44">ඔයා දන්නවනේ හන් මහත්මිය එයාගේ රස්සාවට කොච්චර දක්ෂද කියලා.</font>

440
00:33:08,070 --> 00:33:11,907
<font color="#ffde44">වන්දි මුදල ලැබුණාම
ඔයාට මීටත් වඩා හොඳ චිත්‍ර ගන්න පුළුවන්.</font>

441
00:33:12,408 --> 00:33:14,076
<font color="#ffde44">මම ආයෙත් සමහරක් ඒවා නිර්දේශ කරන්නම්.</font>

442
00:33:16,036 --> 00:33:16,954
<font color="#ffde44">මෙතන තියෙන මේක</font>

443
00:33:17,037 --> 00:33:20,374
<font color="#ffde44">තමයි ඊළඟ වෙන්දේසියේදී තියෙන
ස්ටිලර් චිත්‍රය.</font>

444
00:33:21,542 --> 00:33:25,587
<font color="#ffde44">දැන් ගොඩක් ස්ටිලර් චිත්‍ර ඉතුරු වෙලා නැති නිසා
ඒවා ගොඩක් වටිනවා,</font>

445
00:33:25,671 --> 00:33:27,673
<font color="#ffde44">ඒ වගේම කොරියාවේ වෙන්දේසි කරන පළමු එක
මේක වෙන නිසා,</font>

446
00:33:27,756 --> 00:33:29,717
<font color="#ffde44">තරඟය ගොඩක් දරුණු වෙයි.</font>

447
00:33:36,390 --> 00:33:37,641
<font color="#ffde44">සමාවෙන්න පෙක් මහත්තයා.</font>

448
00:33:37,725 --> 00:33:40,728
<font color="#ffde44">කිම් සභාපතිතුමාට ඔයාව පෞද්ගලිකව හම්බවෙන්න ඕනෙලු.
ඒකට කමක් නැද්ද?</font>

449
00:33:42,146 --> 00:33:43,480
<font color="#ffde44">හරි.</font>

450
00:33:46,024 --> 00:33:49,194
<font color="#ffde44">මම හිතන්නේ සාදවලට සහභාගී වෙන එක මට හරි යන දෙයක් නෙවෙයි.</font>

451
00:33:51,697 --> 00:33:53,574
<font color="#ffde44">මට ගොඩක් අපහසුවක් දැනෙනවා.</font>

452
00:33:56,744 --> 00:33:57,745
<font color="#ffde44">ඒ වගේ වෙලාවට,</font>

453
00:33:58,328 --> 00:34:00,122
<font color="#ffde44">ඔයා සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න ඕනේ.</font>

454
00:34:16,472 --> 00:34:18,474
<font color="#ffde44">හරි, ඔයා තාම රාජකාරියේ නේද ඉන්නේ.</font>

455
00:34:19,391 --> 00:34:20,309
<font color="#ffde44">ඔව්.</font>

456
00:34:33,655 --> 00:34:34,864
<font color="#ffde44">ඔයාට හොඳින්ද?</font>

457
00:34:37,993 --> 00:34:38,827
<font color="#ffde44">මිස්ටර් පෙක්!</font>

458
00:34:40,913 --> 00:34:42,956
<font color="#ffde44">මිස්ටර් පෙක් ජුන්-බොම්, මං කියන දේ ඇහෙනවද?</font>

459
00:34:53,842 --> 00:34:55,052
<font color="#ffde44">මෙයාට මොකද වුණේ?</font>

460
00:34:57,262 --> 00:34:59,056
<font color="#ffde44">මෙයාට ඇනෆිලැක්ටික් ෂොක් එකක් ඇවිත්.</font>

461
00:34:59,139 --> 00:35:01,016
<font color="#ffde44">මේ තරම් දරුණු රෝග ලක්ෂණ තියෙනවා නම්,
එයා ගාව ඉන්ජෙක්ෂන් එකක් තියෙන්න ඕනේ.</font>

462
00:35:24,248 --> 00:35:26,792
<font color="#ffde44">එයා මැරිලද?
දෙවියනේ.</font>

463
00:35:29,753 --> 00:35:30,879
<font color="#ffde44">මට හිතෙන්නේ එයාට දැන් ටිකක් හොඳයි.</font>

464
00:36:00,909 --> 00:36:01,952
<font color="#ffde44">ඔයා කොහෙද ඉන්නේ? දැන්ම මෙහෙට එන්න.</font>

465
00:36:09,543 --> 00:36:10,460
<font color="#ffde44">සාම්පල් එක කොහෙද?</font>

466
00:36:12,087 --> 00:36:13,755
<font color="#ffde44">මෙන්න.
මොන මඟුලක්ද?</font>

467
00:36:19,928 --> 00:36:21,930
<font color="#ffde44">ඔයා මේ මොනවාද කළේ?</font>

468
00:36:22,014 --> 00:36:23,473
<font color="#ffde44">අපිට අනිවාර්යයෙන්ම හරිම ප්‍රතිඵල ලැබෙයි.</font>

469
00:36:24,141 --> 00:36:25,309
<font color="#ffde44">වේගෙන් යන්න.
හරි, සර්.</font>

470
00:36:44,536 --> 00:36:46,204
<font color="#ffde44">මෙයාට ඇනෆිලැක්ටික් ෂොක් එකක් ඇවිත්.</font>

471
00:36:46,288 --> 00:36:48,165
<font color="#ffde44">මේ තරම් දරුණු රෝග ලක්ෂණ තියෙනවා නම්,
එයා ගාව ඉන්ජෙක්ෂන් එකක් තියෙන්න ඕනේ.</font>

472
00:36:53,670 --> 00:36:55,589
<font color="#ffde44">හන් සෝල්-ආ කියන ගෑනු කෙනා</font>

473
00:36:56,298 --> 00:37:00,135
<font color="#ffde44">සූ-හෝව සතුට,
දුක සහ වේදනාව අතරේ දෝලනය කරන දිහා බලන් ඉන්නකොට</font>

474
00:37:00,218 --> 00:37:01,720
<font color="#ffde44">මට හැමතිස්සෙම හිතුණා</font>

475
00:37:03,055 --> 00:37:04,222
<font color="#ffde44">එයා මොන වගේ කෙනෙක්ද කියලා.</font>

476
00:37:05,474 --> 00:37:08,435
<font color="#ffde44">සූ-හෝ තාමත් ජීවතුන් අතර හිටියා නම්
මම මේ ගැන හීනෙකින්වත් හිතන්නේ නැහැ.</font>

477
00:37:09,102 --> 00:37:09,978
<font color="#ffde44">කොහොම වුණත්,</font>

478
00:37:10,938 --> 00:37:12,731
<font color="#ffde44">මගේ යාළුවා දැන් නැහැ,</font>

479
00:37:14,191 --> 00:37:15,609
<font color="#ffde44">ඒත් අපි මෙතන ඉන්නවා</font>

480
00:37:16,652 --> 00:37:17,903
<font color="#ffde44">එකම අහසක් යට.</font>

481
00:37:34,962 --> 00:37:37,255
<font color="#ffde44">VIP ඉවෙන්ට් එකකදි මාර කලබලයක්නේ වුණේ.</font>

482
00:37:38,465 --> 00:37:40,050
<font color="#ffde44">මිස්ටර් සොන්ග්, පොඩ්ඩක් ඉන්න!</font>

483
00:37:41,218 --> 00:37:42,219
<font color="#ffde44">හේයි, ඉක්මන් කරන්න.</font>

484
00:37:43,720 --> 00:37:44,680
<font color="#ffde44">ඔයානේ බීම සර්ව් කළේ, නේද?</font>

485
00:37:44,763 --> 00:37:45,847
<font color="#ffde44">මොකද වුණේ?</font>

486
00:37:47,099 --> 00:37:49,851
<font color="#ffde44">මිස්ටර් පෙක් ෂැම්පේන් බිව්වට පස්සේ
කලන්තේ දාලා වැටුණා.</font>

487
00:37:50,936 --> 00:37:51,937
<font color="#ffde44">ඒත් ඊට වඩා වැදගත්, මෙන්න මේක.</font>

488
00:37:53,105 --> 00:37:54,064
<font color="#ffde44">මේ මොකක්ද?</font>

489
00:37:57,359 --> 00:37:59,194
<font color="#ffde44">වෙනත් අයගේ නම් වලින් ලියාපදිංචි කරලා තියෙන
සභාපති කිම්ගේ දේපළ ලැයිස්තුව</font>

490
00:37:59,277 --> 00:38:01,405
<font color="#ffde44">5. හියුන්-සූගේ පළතුරු, 6. කන්ට්‍රි හවුස්,
7. බිට්නා ටවුන් බිල්ඩින්, 8. රෝයල් විලාට්...</font>

491
00:38:04,199 --> 00:38:07,077
<font color="#ffde44">ෆීලික්ස් ස්ටෝරේජ් එකේ තියෙන නිර්මාණ</font>

492
00:38:08,537 --> 00:38:09,621
<font color="#ffde44">මේ මොකක්ද?</font>

493
00:38:09,705 --> 00:38:13,250
<font color="#ffde44">කලින් තිබුණ කලබලේ අස්සේ
මම මේක හන් සෝල්-ආගේ මේසෙන් ඉස්සුවා.</font>

494
00:38:14,710 --> 00:38:16,628
<font color="#ffde44">ඔයාට නම් කිසිම බයක් නැහැ නේද?</font>

495
00:38:17,212 --> 00:38:18,922
<font color="#ffde44">ඔයානේ මට නිකන්ම ඉන්න එපා කිව්වේ.</font>

496
00:38:19,506 --> 00:38:20,382
<font color="#ffde44">හරි.</font>

497
00:38:24,011 --> 00:38:25,512
<font color="#ffde44">මේක දිහා බලන්නකෝ.</font>

498
00:38:26,263 --> 00:38:29,224
<font color="#ffde44">මිනිස්සුන්ව කවදාවත් විශ්වාස කරන්න එපා කියන්නේ මේකයි.</font>

499
00:38:30,392 --> 00:38:33,186
<font color="#ffde44">එයා හොර රහසේම සභාපති කිම්ගේ වැරදි
හොයලා තියෙනවා නේද?</font>

500
00:39:07,721 --> 00:39:09,556
<font color="#ffde44">ඒක 70ට 110යි.</font>

501
00:39:14,227 --> 00:39:16,480
<font color="#ffde44">ඔයාගේ ප්‍රෙෂර් එක ආයෙත් සාමාන්‍ය තත්ත්වෙට ඇවිත්,</font>

502
00:39:16,563 --> 00:39:18,231
<font color="#ffde44">ඒත් මම ඩොක්ටර් ජොන්ග්ව ලෑස්ති කරලා තියන්නද?</font>

503
00:39:19,274 --> 00:39:20,150
<font color="#ffde44">එපා, මම හොඳින්.</font>

504
00:39:38,627 --> 00:39:39,503
<font color="#ffde44">වාඩිවෙන්න.</font>

505
00:39:48,553 --> 00:39:50,180
<font color="#ffde44">ඉවෙන්ට් එක ඉවරද?</font>

506
00:39:52,432 --> 00:39:53,558
<font color="#ffde44">තාම නැහැ.</font>

507
00:39:55,310 --> 00:39:56,311
<font color="#ffde44">එහෙනම් මොකද මේ පැත්තේ ආවේ?</font>

508
00:39:57,979 --> 00:40:00,232
<font color="#ffde44">අද බැරි වුණොත් මට ආයෙත් අවස්ථාවක්
ලැබෙන්නේ නැති වෙයි කියලා මම බය වුණා.</font>

509
00:40:05,862 --> 00:40:07,906
<font color="#ffde44">මොනවා හරි දෙයක් තියෙනවා නේද</font>

510
00:40:09,282 --> 00:40:10,617
<font color="#ffde44">ඔයාට මට කියන්නම ඕන වෙලා තිබුණ?</font>

511
00:40:15,038 --> 00:40:16,873
<font color="#ffde44">අන්තිමට ඒක මේ තත්ත්වෙට ආවා.</font>

512
00:40:21,044 --> 00:40:22,462
<font color="#ffde44">අපිට යන්න තැනක් තියෙනවා.</font>

513
00:40:24,840 --> 00:40:26,174
<font color="#ffde44">මට ඔයාට දෙයක් පෙන්නන්න ඕනේ.</font>

514
00:42:02,604 --> 00:42:04,397
<font color="#ffde44">කවදාහරි දවසක, ගොඩක් කල් ගියාට පස්සේ,</font>

515
00:42:05,065 --> 00:42:06,691
<font color="#ffde44">මට ඕන අපේ ගෙදර හදන්න</font>

516
00:42:06,775 --> 00:42:08,235
<font color="#ffde44">කැලේ මැද.</font>

517
00:42:08,818 --> 00:42:10,779
<font color="#ffde44">මොකක්?
තට්ටු දෙකේ ගෙදරක්.</font>

518
00:42:16,534 --> 00:42:18,078
<font color="#ffde44">මට ඉස්සරහින් ලොකු මිදුලක් ඕනේ</font>

519
00:42:19,287 --> 00:42:21,373
<font color="#ffde44">අපේ ළමයින්ට දවස පුරාම
දුව පැනලා සෙල්ලම් කරන්න.</font>

520
00:42:22,207 --> 00:42:24,084
<font color="#ffde44">මම අපේ ගෙදරට යන පාර දෙපැත්තේ</font>

521
00:42:25,377 --> 00:42:27,587
<font color="#ffde44">ඔයා ආසම කරන බර්ච් ගස් හිටවනවා.</font>

522
00:42:28,255 --> 00:42:30,340
<font color="#ffde44">මිදුලේ අපි පොඩි ඔන්චිල්ලාවක් හදමු</font>

523
00:42:31,132 --> 00:42:33,927
<font color="#ffde44">අපිට ඕන වෙලාවක අපේ ළමයි එක්ක
ඒකේ වාඩිවෙලා ඉන්න පුළුවන් වෙන්න.</font>

524
00:42:43,436 --> 00:42:44,646
<font color="#ffde44">සෝල්-ආ, ඔයා කොහෙද ඉන්නේ?</font>

525
00:42:48,483 --> 00:42:49,442
<font color="#ffde44">විසන්ධි වෙමින් පවතී</font>

526
00:43:02,580 --> 00:43:04,374
<font color="#ffde44">මම මුල් අවුරුද්දේ ඉඩම තෝරලා සුද්ද කළා</font>

527
00:43:04,874 --> 00:43:06,543
<font color="#ffde44">ඊළඟ අවුරුද්දේ ගෙදර හැදුවා.</font>

528
00:43:08,545 --> 00:43:09,879
<font color="#ffde44">මම හැමදේටම අත ගැහුවා,</font>

529
00:43:11,673 --> 00:43:13,300
<font color="#ffde44">ගල් ලෑලි වල ඉඳන් වහලෙට වෙනකම්</font>

530
00:43:14,884 --> 00:43:16,511
<font color="#ffde44">වගේම හැම ගහක්ම හිටෙව්වෙත් මම.</font>

531
00:43:21,558 --> 00:43:23,977
<font color="#ffde44">මට ඕන වුණේ
ඔයා මේ තැන මුලින්ම දකිනවාටයි.</font>

532
00:43:27,272 --> 00:43:28,315
<font color="#ffde44">ඔයාට සීතල නැද්ද?</font>

533
00:43:28,398 --> 00:43:29,232
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

534
00:43:32,193 --> 00:43:33,028
<font color="#ffde44">ආ, ඔව්.</font>

535
00:43:33,778 --> 00:43:35,322
<font color="#ffde44">ඔයා ගින්දරට ආස නැහැනේ.</font>

536
00:43:39,242 --> 00:43:40,285
<font color="#ffde44">සූ-හෝ.</font>

537
00:43:56,092 --> 00:43:57,761
<font color="#ffde44">මම ඉන්ජෙක්ටර් එකේ තිබුණ ලේ</font>

538
00:43:57,844 --> 00:44:00,638
<font color="#ffde44">ලී සූ-හෝගෙයි පෙක් ජුන්-බොම්ගෙයි
සාම්පල එක්ක සසඳලා බැලුවා,</font>

539
00:44:00,722 --> 00:44:01,806
<font color="#ffde44">ඒක ගැලපෙනවා</font>

540
00:44:02,557 --> 00:44:05,560
<font color="#ffde44">ලී සූ-හෝගේ STR ප්‍රොෆයිල් එකට.</font>

541
00:44:11,816 --> 00:44:13,318
<font color="#ffde44">සාම්පල 1 - සාම්පල 2 ප්‍රතිඵලය</font>

542
00:44:15,987 --> 00:44:17,822
<font color="#ffde44">සාම්පල 1: ලී සූ-හෝ
සාම්පල 2: පෙක් ජුන්-බොම්</font>

543
00:44:20,033 --> 00:44:22,285
<font color="#ffde44">විශ්ලේෂණයට අනුව සම්පූර්ණයෙන්ම ගැලපේ</font>

544
00:44:22,369 --> 00:44:23,995
<font color="#ffde44">සාම්පල 1 සහ සාම්පල 2
එකම පුද්ගලයෙකුගේ වේ</font>

545
00:44:24,079 --> 00:44:25,038
<font color="#ffde44">ඒ කියන්නේ, එයා පෙක් ජුන්-බොම් නෙවෙයි.</font>

546
00:44:25,663 --> 00:44:26,664
<font color="#ffde44">එයා ලී සූ-හෝ.</font>

547
00:44:27,707 --> 00:44:29,501
<font color="#ffde44">සිරියාවේදී මැරුණේ පෙක් ජුන්-බොම්.</font>

548
00:44:36,299 --> 00:44:39,427
<font color="#ffde44">ඔබ අමතන දුරකථනය මේ මොහොතේ ක්‍රියා විරහිත කර ඇත.
ඔබව යොමු කරනු ලබන්නේ...</font>

549
00:44:42,138 --> 00:44:43,139
<font color="#ffde44">මිස්ටර් චා!</font>

550
00:45:43,491 --> 00:45:45,452
<font color="#ffde44">මට ඒක මගේ නම වගේ දැනුණේ නැහැ...</font>

551
00:45:49,539 --> 00:45:51,207
<font color="#ffde44">ඒත් ඔයා ඒක කියද්දී
මට වෙනස් විදිහක් දැනෙනවා.</font>

552
00:45:52,667 --> 00:45:54,127
<font color="#ffde44">මම ආයෙත් අතීතයට ගියා වගේ දැනෙනවා.</font>

553
00:45:58,965 --> 00:46:00,300
<font color="#ffde44">මම ඇත්තටම බය වුණා...</font>

554
00:46:03,303 --> 00:46:04,971
<font color="#ffde44">ඔයා මාව එකපාරටම අඳුරගනියි කියලා.</font>

555
00:46:06,681 --> 00:46:07,557
<font color="#ffde44">ඒත් ඔයා...</font>

556
00:46:09,225 --> 00:46:10,643
<font color="#ffde44">ඔයාගේ ඇස් තිබුණේ චිත්‍රය දිහා විතරයි...</font>

557
00:46:12,562 --> 00:46:14,230
<font color="#ffde44">VIP කෙනෙක් වුණ පෙක් ජුන්-බොම්ට අයිති වුණ.</font>

558
00:46:16,774 --> 00:46:17,775
<font color="#ffde44">මොකද වුණේ?</font>

559
00:46:18,776 --> 00:46:20,445
<font color="#ffde44">ඒ ඇත්තටම මමද කියලා
ඔයා ටෙස්ට් කරලා බැලුවා නේද?</font>

560
00:46:23,072 --> 00:46:25,200
<font color="#ffde44">ඔයා ෂැම්පේන් එකට මොනවා හරි දැම්මා නේද?</font>

561
00:46:27,952 --> 00:46:29,204
<font color="#ffde44">ඔයා කොහොමද...</font>

562
00:46:29,829 --> 00:46:30,955
<font color="#ffde44">මම කොහොමද ලී සූ-හෝ වෙන්නේ?</font>

563
00:46:33,833 --> 00:46:34,751
<font color="#ffde44">සෝල්-ආ.</font>

564
00:46:38,087 --> 00:46:39,214
<font color="#ffde44">TH හෝටලේට යන්න.</font>

565
00:46:39,297 --> 00:46:40,340
<font color="#ffde44">එයාව හොඳට බලාගන්න.</font>

566
00:46:40,965 --> 00:46:43,051
<font color="#ffde44">ඔයාට මොකද වෙලා තියෙන්නේ?
මම මීටින් එකකට පරක්කු වෙනවා.</font>

567
00:46:43,134 --> 00:46:46,095
<font color="#ffde44">මම හෙට සිරියාවට යනවා.</font>

568
00:46:46,679 --> 00:46:47,847
<font color="#ffde44">මම කලින්ම ඔයාට කිව්වනේ.</font>

569
00:46:48,473 --> 00:46:50,308
<font color="#ffde44">මට වැඩ තමයි වැදගත්.</font>

570
00:46:51,100 --> 00:46:52,894
<font color="#ffde44">දැන් ඔයා රෝයල් ඔක්ෂන් එකේ ඉන්න නිසා
ඔයාට ලෝකය පේන්නේ වෙනස් විදිහකටද?</font>

571
00:46:52,977 --> 00:46:55,813
<font color="#ffde44">මට මුකුත් නැති නිසා
මාත් එක්ක අනාගතයක් නැහැ කියලා ඔයා හිතනවාද?</font>

572
00:46:56,814 --> 00:46:57,690
<font color="#ffde44">ඔව්.</font>

573
00:47:05,281 --> 00:47:07,492
<font color="#ffde44">සෝල්-ආ</font>

574
00:47:40,108 --> 00:47:40,942
<font color="#ffde44">ඔයා තමයි...</font>

575
00:47:44,195 --> 00:47:45,530
<font color="#ffde44">මාව මැරුවේ.</font>

576
00:47:47,699 --> 00:47:48,741
<font color="#ffde44">ඒ මම නෙවෙයි දැන්.</font>

577
00:47:49,492 --> 00:47:53,955
<font color="#ffde44">ඔයාට මතක හිටින්න ඕන නිසාම
ජීවිතේ නැති කරගන්න තීරණය කරපු ඒ මෝඩයා...</font>

578
00:47:57,500 --> 00:47:58,668
<font color="#ffde44">දැන් මැරිලා.</font>

579
00:48:03,047 --> 00:48:04,882
<font color="#ffde44">ජීවිතේ හරිම පුදුමයි නේද?</font>

580
00:48:05,466 --> 00:48:06,843
<font color="#ffde44">ඒක හරිම විහිළුවක්</font>

581
00:48:06,926 --> 00:48:09,387
<font color="#ffde44">එදා මගේ ඇඳුම් ජුන්-බොම්ගේ ඇඳුම් එක්ක මාරු වුණ එක.</font>

582
00:48:09,470 --> 00:48:10,722
<font color="#ffde44">අපිට ලෙඩෙක් ඉන්නවා!</font>

583
00:48:10,805 --> 00:48:12,223
<font color="#ffde44">ජුන්-බොම්, සිහියෙන් ඉන්න!</font>

584
00:48:12,807 --> 00:48:14,517
<font color="#ffde44">ඔයාට සනීප වෙයි.
පොඩ්ඩක් ඉවසන් ඉන්න.</font>

585
00:48:14,601 --> 00:48:16,019
<font color="#ffde44">ඔයාට සනීප වෙයි.</font>

586
00:48:17,687 --> 00:48:18,563
<font color="#ffde44">ඉඩ දෙන්න!</font>

587
00:48:20,148 --> 00:48:22,108
<font color="#ffde44">මාව බේරගන්න හැදුව මගේ යාළුවා මැරුණා,</font>

588
00:48:22,900 --> 00:48:24,944
<font color="#ffde44">ඒ වෙනුවට මම බේරුණා.</font>

589
00:48:25,028 --> 00:48:26,571
<font color="#ffde44">සැත්කම් තත්ත්වය
පෙක් ජුන්-****: සැත්කමට භාජනය වෙමින්</font>

590
00:48:27,614 --> 00:48:30,199
<font color="#ffde44">වෛද්‍ය මණ්ඩලය හිතුවේ
මම පෙක් ජුන්-බොම් කියලා.</font>

591
00:48:34,287 --> 00:48:36,456
<font color="#ffde44">මට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ සැත්කමකට මුහුණ දෙන්න වුණා</font>

592
00:48:36,539 --> 00:48:38,041
<font color="#ffde44">මගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණ
මූණටයි කටහඬටයි.</font>

593
00:48:48,843 --> 00:48:50,303
<font color="#ffde44">සැත්කම් ගණනාවකට පස්සේ...</font>

594
00:48:52,347 --> 00:48:54,057
<font color="#ffde44">මගේ මූණ මගේ යාළුවාගේ මූණ බවට පත් වුණා.</font>

595
00:48:57,518 --> 00:48:59,020
<font color="#ffde44">මම අලුත් ජීවිතයක් පටන් ගත්තා...</font>

596
00:49:02,273 --> 00:49:03,816
<font color="#ffde44">වෙනස් මූණක් එක්ක,</font>

597
00:49:05,193 --> 00:49:07,195
<font color="#ffde44">වෙනස් නමක්,
වගේම වෙනස් කටහඬක් එක්ක.</font>

598
00:49:09,822 --> 00:49:11,032
<font color="#ffde44">මම පෙක් ජුන්-බොම් වුණා.</font>

599
00:49:13,284 --> 00:49:14,661
<font color="#ffde44">මම ආපහු එනකොට,</font>

600
00:49:15,286 --> 00:49:17,455
<font color="#ffde44">මම කොච්චර මෝඩද කියලා මට තේරුම් ගියා.</font>

601
00:49:18,539 --> 00:49:21,334
<font color="#ffde44">මම මැරුණද නැද්ද කියන එක ගැනවත් ඔයා ගණන් ගත්තේ නැහැ.</font>

602
00:49:24,045 --> 00:49:25,505
<font color="#ffde44">ඔයා සල්ලි වලට ඒ තරම්ම ආස කළාද?</font>

603
00:49:25,588 --> 00:49:28,132
<font color="#ffde44">වයසක මනුස්සයෙක් පස්සේ
හෝටල් කාමරයක් ඇතුළට යන තරමටම?</font>

604
00:49:28,800 --> 00:49:30,134
<font color="#ffde44">ඒක වැඩකට.</font>

605
00:49:30,635 --> 00:49:31,969
<font color="#ffde44">ඔයා හිතන දේ නෙවෙයි ඒ.</font>

606
00:49:34,472 --> 00:49:36,307
<font color="#ffde44">එහෙනම් ඔයා දැන් මොනවද කරන්නේ?</font>

607
00:49:36,391 --> 00:49:39,477
<font color="#ffde44">ඔයා දාලා ගිය ලී සූ-හෝ
හැම අතින්ම කාලකණ්ණියෙක් වුණා,</font>

608
00:49:40,395 --> 00:49:42,313
<font color="#ffde44">ඒත් පෙක් ජුන්-බොම්ගේ ජීවිතේ ඊට වඩා වෙනස් වුණා.</font>

609
00:49:56,077 --> 00:49:58,121
<font color="#ffde44">මේ තියෙන්නේ අපේ ප්‍රයිවෙට් වීවිං රූම් එක.</font>

610
00:49:58,830 --> 00:50:00,039
<font color="#ffde44">කරුණාකරලා ඇතුළට යන්න.</font>

611
00:50:06,212 --> 00:50:08,423
<font color="#ffde44">ඔව්, අංක 86. අපිට බිලියන 5.3ක් ලැබුණා.</font>

612
00:50:10,133 --> 00:50:10,967
<font color="#ffde44">සුබ පැතුම්.</font>

613
00:50:16,514 --> 00:50:19,559
<font color="#ffde44">සාර්ථකත්වය කියන්නේ මේ තරම් මිහිරි, පහසු,</font>

614
00:50:20,393 --> 00:50:21,811
<font color="#ffde44">සහ බලවත් දෙයක් කියලා මම දැනගෙන හිටියේ නැහැ.</font>

615
00:50:22,770 --> 00:50:24,689
<font color="#ffde44">ජීවිතේ මේ වගේ වෙන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැ.</font>

616
00:50:24,772 --> 00:50:25,732
<font color="#ffde44">ඊටපස්සේ</font>

617
00:50:26,816 --> 00:50:28,109
<font color="#ffde44">මට කුතුහලයක් ඇති වුණා.</font>

618
00:50:32,238 --> 00:50:35,783
<font color="#ffde44">මම හිතුවා මගේ ධනයෙන්
මට ඔයාව වසඟ කරගන්න පුළුවන් වෙයිද කියලා.</font>

619
00:50:37,994 --> 00:50:39,162
<font color="#ffde44">ඒත් ඒ එක්කම,</font>

620
00:50:39,746 --> 00:50:41,581
<font color="#ffde44">මම ප්‍රාර්ථනා කළේ ඔයා ඒකට අහුවෙන එකක් නැහැ කියලයි.</font>

621
00:50:48,671 --> 00:50:49,505
<font color="#ffde44">ඔයා...</font>

622
00:50:50,465 --> 00:50:51,799
<font color="#ffde44">ඔයා ඇත්තටම ලී සූ-හෝ.</font>

623
00:50:53,843 --> 00:50:55,344
<font color="#ffde44">ලී සූ-හෝ, අර මෝඩයා.</font>

624
00:50:57,597 --> 00:51:00,349
<font color="#ffde44">ඔයාට කිසිම දෙයක් නැති වුණාම,
ඔයාට විශ්වාසය තියන්න පුළුවන් එකම දේ ඔයා ගැන විතරයි.</font>

625
00:51:01,642 --> 00:51:03,770
<font color="#ffde44">මම ඔයාට ආදරේ කළා වගේම ඔයාට වෛර කළා.</font>

626
00:51:04,771 --> 00:51:06,856
<font color="#ffde44">මට ඕන වුණේ පළිගන්න,
මැරෙන්න වුණත් කමක් නැහැ.</font>

627
00:51:09,942 --> 00:51:11,277
<font color="#ffde44">මම ඉන්නේ පෙක් ජුන්-බොම්ගේ ගෙදර.</font>

628
00:51:12,153 --> 00:51:13,196
<font color="#ffde44">මගුලයි.</font>

629
00:51:14,655 --> 00:51:16,824
<font color="#ffde44">මට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් කතා කරගන්න බැහැ.
එයාලා ඉන්න තැන හොයන්න.</font>

630
00:51:16,908 --> 00:51:18,493
<font color="#ffde44">ඔයා දැන්ම එතනින් අයින් වෙන්න ඕනේ!</font>

631
00:51:19,535 --> 00:51:20,495
<font color="#ffde44">ඔයා කැප්ටන්ව දන්නවනේ.</font>

632
00:51:21,078 --> 00:51:22,872
<font color="#ffde44">එයා ඒ වගේ දේකට සෙනඟ එවන්නේ නැහැ.</font>

633
00:51:23,831 --> 00:51:25,249
<font color="#ffde44">මොකද මේ වෙන්නේ?</font>

634
00:51:25,333 --> 00:51:26,834
<font color="#ffde44">මට පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ.</font>

635
00:51:28,920 --> 00:51:31,088
<font color="#ffde44">එහෙනම් එයාට ඇවිත්
මාව වැඩේ කරද්දීම අල්ලගන්න කියන්න.</font>

636
00:51:31,172 --> 00:51:32,548
<font color="#ffde44">ඔයා මොකක්ද කරන්න යන්නේ?</font>

637
00:51:33,216 --> 00:51:34,801
<font color="#ffde44">මම පෙක් ජුන්-බොම්ව මරන්න යන්නේ.</font>

638
00:51:36,052 --> 00:51:37,053
<font color="#ffde44">හේයි, චා වූ-සොක්!</font>

639
00:51:38,346 --> 00:51:39,305
<font color="#ffde44">මගුලයි.</font>

640
00:52:08,209 --> 00:52:09,126
<font color="#ffde44">මගුලයි!</font>

641
00:52:32,108 --> 00:52:33,442
<font color="#ffde44">කිම් යුන්-ජීගේ සිද්ධියට පස්සේ
සෝල්-ආට ළං වුණා</font>

642
00:52:34,735 --> 00:52:36,904
<font color="#ffde44">දෝ යුන්-හියුක්, යාළුවෙක් විතරද?
හ්වාන්ග් සුක්-ජී, සෝල්-ආ ගැන වහ වැටිලා ඉන්නේ</font>

643
00:52:36,988 --> 00:52:38,781
<font color="#ffde44">කිම් යුන්-ජී (සහායක වෙන්දේසිකරු)</font>

644
00:52:38,865 --> 00:52:39,740
<font color="#ffde44">චා වූ-සොක් (SIU විමර්ශක)</font>

645
00:52:41,492 --> 00:52:44,078
<font color="#ffde44">යාළු වෙලා ඉඳලා, ඊටපස්සේ යෝජනා කරලා තියෙනවා
යුන් ස්‍යුන්ග්-ජේට, ගැලරියේ අයිතිකාරයාට</font>

646
00:52:53,588 --> 00:52:56,465
<font color="#ffde44">හන් සෝල්-ආ</font>

647
00:52:57,550 --> 00:52:58,634
<font color="#ffde44">වැඩ ඉවර වුණාට පස්සේ සෝල්-ආ</font>

648
00:52:58,718 --> 00:53:00,803
<font color="#ffde44">සෝල්-ආ වෙන්දේසියක් කරන ගමන්</font>

649
00:53:04,682 --> 00:53:06,893
<font color="#ffde44">මම ලී සූ-හෝ විදිහටම ආපහු ආවා නම්,</font>

650
00:53:07,977 --> 00:53:09,270
<font color="#ffde44">ඔයා මං දිහා බලාවත්ද?</font>

651
00:53:10,396 --> 00:53:13,482
<font color="#ffde44">ඔයා මට හිනා වුණේ
මම බිලියන ගාණක ලන්සුවක් දින්නට පස්සේ විතරයි.</font>

652
00:53:13,566 --> 00:53:17,403
<font color="#ffde44">මට ස්ටිලර් එකක් තියෙනවා කියලා දැනගත්තම
ඔයා දුවගෙන ආවේ මාව වශී කරගන්න!</font>

653
00:53:18,946 --> 00:53:20,448
<font color="#ffde44">ඉතින් මෝඩයෙක් වගේ...</font>

654
00:53:22,533 --> 00:53:24,410
<font color="#ffde44">මමත් ඒකට රැවටුණා.</font>

655
00:53:27,163 --> 00:53:29,373
<font color="#ffde44">මට ඕන වුණේ ආයෙත් ඔයාව මගේ කරගන්න!</font>

656
00:53:31,250 --> 00:53:33,002
<font color="#ffde44">අපිට එකට සතුටින් ඉන්න පුළුවන්, සෝල් ආ.</font>

657
00:53:33,085 --> 00:53:35,046
<font color="#ffde44">මම පැක් ජුන් බොම්. මට ඕන දෙයක් කරන්න පුළුවන්.</font>

658
00:53:35,129 --> 00:53:37,173
<font color="#ffde44">ඔයාට ඕන හැමදේම මම දෙන්නම්.</font>

659
00:53:37,256 --> 00:53:38,257
<font color="#ffde44">ඔයාට පිස්සු හැදිලද!</font>

660
00:53:41,510 --> 00:53:43,179
<font color="#ffde44">ඇයි අපිට එකට ඉන්න බැරි?</font>

661
00:53:45,348 --> 00:53:46,182
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

662
00:53:49,185 --> 00:53:51,604
<font color="#ffde44">ඒ චා වූ සොක් නිසා කියලා
නම් කියන්න එපා.</font>

663
00:53:57,777 --> 00:53:58,903
<font color="#ffde44">ඔයා ඒ මිනිහට කැමතිද?</font>

664
00:54:02,907 --> 00:54:05,868
<font color="#ffde44">ආදරය කර, පසුව විවාහය යෝජනා කළා
යූන් ස්‍යුං ජේ, කලාගාරයේ හිමිකරු</font>

665
00:54:12,166 --> 00:54:13,250
<font color="#ffde44">චා වූ සොක් (SIU විමර්ශක)</font>

666
00:54:14,126 --> 00:54:15,836
<font color="#ffde44">දෝ ඉයුන් හියුක්, නිකම්ම යාළුවෙක් විතරද?
හ්වන්ග් සුක් ජි, සෝල් ආ ගැන ඕනෑවට වඩා උමතු වී ඇත</font>

667
00:54:21,133 --> 00:54:22,510
<font color="#ffde44">තීරණයක් ගන්න.</font>

668
00:54:35,648 --> 00:54:37,191
<font color="#ffde44">දැන්ම පැක් ජුන් බොම් ඉන්න තැන හොයාගන්න</font>

669
00:54:37,274 --> 00:54:38,609
<font color="#ffde44">ඒ වගේම හැමෝම පිටත් කරවන්න.</font>

670
00:54:40,820 --> 00:54:41,988
<font color="#ffde44">එයාව යන්න දෙන්න.</font>

671
00:54:58,963 --> 00:55:00,381
<font color="#ffde44">සිග්නල් නැති වෙන්න කලින්
තිබුණු අන්තිම ස්ථානය</font>

672
00:55:00,464 --> 00:55:02,675
<font color="#ffde44">වුණේ 866, ජිචොන් මියොන්, යැංපියොන්ග් ගුන්.</font>

673
00:55:09,015 --> 00:55:09,932
<font color="#ffde44">නවත්තන්න!</font>

674
00:55:10,016 --> 00:55:11,017
<font color="#ffde44">මගෙන් ඈත් වෙන්න!</font>

675
00:55:16,313 --> 00:55:17,148
<font color="#ffde44">මගේ ළඟට එන්න එපා.</font>

676
00:55:20,109 --> 00:55:21,277
<font color="#ffde44">මගේ ළඟට එන්න එපා.</font>

677
00:55:22,361 --> 00:55:24,280
<font color="#ffde44">ඔයා නිසා මම දැනටමත් එක පාරක් මැරුණා.</font>

678
00:55:25,239 --> 00:55:27,241
<font color="#ffde44">මට ආයෙත් එහෙම කරන්න පුළුවන්.</font>

679
00:55:28,784 --> 00:55:33,080
<font color="#ffde44">මේ ආත්මෙදි කවදාවත් ඔයාව දාලා යන්න
මට කිසිම අදහසක් නෑ, සෝල් ආ.</font>

680
00:56:01,942 --> 00:56:02,943
<font color="#ffde44">හැන් සෝල් ආ</font>

681
00:56:03,027 --> 00:56:05,946
<font color="#ffde44">ඔබ සම්බන්ධ වීමට උත්සාහ කරන දුරකථනය
ක්‍රියා විරහිත කර ඇත.</font>

682
00:56:06,030 --> 00:56:08,157
<font color="#ffde44">බීප් හඬින් පසුව හඬ පණිවිඩයක් තැබිය හැකි අතර
ඒ සඳහා ගාස්තු අය කෙරේ.</font>

683
00:58:06,442 --> 00:58:07,276
<font color="#ffde44">හෙල්ලෙන්න එපා.</font>

684
00:59:44,707 --> 00:59:45,708
<font color="#ffde44">මාව අතාරින්න!</font>

685
00:59:45,791 --> 00:59:47,042
<font color="#ffde44">මේක මිනීමැරුමක්!</font>

686
00:59:47,710 --> 00:59:49,211
<font color="#ffde44">මට එක පාරක් එයාව බලන්න දෙන්න.</font>

687
00:59:49,295 --> 00:59:51,422
<font color="#ffde44">එයාලා හැමෝම මා ගැන අනුකම්පා කළා</font>

688
00:59:52,381 --> 00:59:54,216
<font color="#ffde44">ඒ වගේම මම වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කිව්වා,</font>

689
00:59:54,300 --> 00:59:56,385
<font color="#ffde44">ඉතින් මම එයාලට කිව්වා මගේ දෙමව්පියෝ කරපු දේ කරන්න කියලා</font>

690
00:59:56,969 --> 00:59:58,429
<font color="#ffde44">ඒ කියන්නේ රක්ෂණ ඔප්පුවක් අරගෙන මැරෙන්න කියලා.</font>

691
00:59:59,680 --> 01:00:01,307
<font color="#ffde44">වෙන කවුරුහරි හිටියා නම්…</font>

692
01:00:01,974 --> 01:00:03,225
<font color="#ffde44">තාම සැනසෙන්න එපා.</font>

693
01:00:03,309 --> 01:00:05,477
<font color="#ffde44">ඇය තමයි තවමත් ප්‍රධාන සැකකාරිය.</font>

694
01:00:06,020 --> 01:00:07,604
<font color="#ffde44">චා වූ සොක් ඇත්තටම ගොඩක් සැලකිලිමත් වෙනවා.</font>

695
01:00:08,230 --> 01:00:09,565
<font color="#ffde44">හැමදේටම ස්තූතියි.</font>

696
01:00:11,066 --> 01:00:12,568
<font color="#ffde44">මට උදව් කළාට ස්තූතියි</font>

697
01:00:13,193 --> 01:00:14,403
<font color="#ffde44">ඒ වගේම මාව විශ්වාස කළාට.</font>

698
01:00:15,612 --> 01:00:17,614
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

