1
00:01:03,041 --> 00:01:05,041
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:05,065 --> 00:01:06,984
<font color="#ff7e16"><b>12 වන කොටස</b></font>

3
00:01:07,067 --> 00:01:09,028
<font color="#ffbf46">පාසල් දැන්වීම් පුවරුව</font>

4
00:01:09,111 --> 00:01:12,865
<font color="#ffbf46">ආයුබෝවන්, මම යූන් බොම්, ආචාර ධර්ම ගුරුවරිය</font>

5
00:02:41,829 --> 00:02:46,083
<font color="#ffbf46">හැංගෙන්න එපා, මුකුත් මගහරින්න එපා,
පැනලා යන්නත් එපා.</font>

6
00:02:47,376 --> 00:02:48,377
<font color="#ffbf46">යමු.</font>

7
00:03:38,969 --> 00:03:40,930
<font color="#ffbf46">හන්-ග්‍යුල්, ඔයා මේක දැක්කද?</font>

8
00:03:44,725 --> 00:03:45,893
<font color="#ffbf46">දැන්වීම් පුවරුව</font>

9
00:03:45,976 --> 00:03:48,354
<font color="#ffbf46">ආයුබෝවන්, මම යූන් බොම්, ආචාර ධර්ම ගුරුවරිය</font>

10
00:03:49,313 --> 00:03:50,481
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

11
00:04:10,334 --> 00:04:11,335
<font color="#ffbf46">බොම් ටීචර්.</font>

12
00:04:16,966 --> 00:04:18,717
<font color="#ffbf46">බොම්...</font>

13
00:04:32,982 --> 00:04:34,608
<font color="#ffbf46"><i>ආයුබෝවන්.</i></font>

14
00:04:34,692 --> 00:04:37,194
<font color="#ffbf46"><i>මම යූන් බොම්, ආචාර ධර්ම ගුරුවරිය.</i></font>

15
00:04:42,366 --> 00:04:48,580
<font color="#ffbf46"><i>මම ඇයි මේ නගරයට ආවේ කියලා</i>
<i>ඔයාලා ගොඩක් අය කුතුහලයෙන් ඉන්න ඇතිනේ.</i></font>

16
00:04:57,381 --> 00:04:59,800
<font color="#ffbf46"><i>පැතිරිලා තිබුණු කටකතා කොච්චර තිබුණත්,</i></font>

17
00:04:59,883 --> 00:05:02,594
<font color="#ffbf46"><i>මම ඒ ගැන නිහඬව හිටියා</i></font>

18
00:05:03,387 --> 00:05:04,888
<font color="#ffbf46"><i>මොකද මම හිටියේ</i></font>

19
00:05:05,472 --> 00:05:09,727
<font color="#ffbf46"><i>ඒ වෙලාවේ මම ගැන විස්තර කරනවාට වඩා</i>
<i>නිහඬව ඉන්න ඕන තත්වයක.</i></font>

20
00:05:11,854 --> 00:05:15,441
<font color="#ffbf46"><i>මම හිතුවා මම නිහඬව හිටියොත්</i>
<i>හැමෝම සතුටින් ඉඳියි කියලා,</i></font>

21
00:05:16,650 --> 00:05:21,488
<font color="#ffbf46"><i>ඒ වගේම කාලයත් එක්ක මගේ රිදුණු හිතත්</i>
<i>සුව වෙයි කියලා මම විශ්වාස කළා.</i></font>

22
00:05:22,448 --> 00:05:24,491
<font color="#ffbf46"><i>ඒත් මට තේරුණා</i></font>

23
00:05:25,117 --> 00:05:30,539
<font color="#ffbf46"><i>ඇත්ත ආරක්ෂා කරන්න පුළුවන් කාලයෙන් නෙවෙයි,</i>
<i>ධෛර්යයෙන් කියලා.</i></font>

24
00:05:31,957 --> 00:05:33,333
<font color="#ffbf46"><i>ඉතින් දැන්,</i></font>

25
00:05:34,126 --> 00:05:37,421
<font color="#ffbf46"><i>මම මට සිද්ධ වුණු දේ ගැන</i>
<i>ඔයාලා හැමෝටම කියන්න තීරණය කළා.</i></font>

26
00:06:06,742 --> 00:06:07,618
<font color="#ffbf46">අම්මේ.</font>

27
00:06:09,578 --> 00:06:11,080
<font color="#ffbf46">ඇත්තටම, මම...</font>

28
00:06:18,253 --> 00:06:19,671
<font color="#ffbf46">මට හාට් ඇටෑක් එකක් හැදෙන්න ඔන්න මෙන්න.</font>

29
00:06:20,422 --> 00:06:21,381
<font color="#ffbf46">කවුද දැන් ඔය?</font>

30
00:06:22,716 --> 00:06:24,802
<font color="#ffbf46">රිපෝටර් කෙනෙක්වත්ද?</font>

31
00:06:24,885 --> 00:06:25,761
<font color="#ffbf46">මොකක්?</font>

32
00:06:27,304 --> 00:06:29,973
<font color="#ffbf46">එහෙම වෙන්න බැහැ. මම ගිහින් බලන්නම්.</font>

33
00:06:36,647 --> 00:06:38,232
<font color="#ffbf46">ඔයාට තරහා ගියා නම් මට සමාවෙන්න.</font>

34
00:06:39,274 --> 00:06:42,820
<font color="#ffbf46">ඒත්, ඔයා කිව්වා වගේ,
පළවෙනියා වෙන එකෙන් මට වැඩක් නැහැ.</font>

35
00:06:43,987 --> 00:06:46,907
<font color="#ffbf46">මම කැම්පස් යන්නේ නැති නිසා
මට හොඳ ලකුණු වැඩක් නැහැ.</font>

36
00:06:46,990 --> 00:06:49,076
<font color="#ffbf46">අනික ඒ ගැන වදවෙන දෙමව්පියෝ මට නැහැ.</font>

37
00:06:52,663 --> 00:06:54,081
<font color="#ffbf46">විනෝදෙට වෙන්න ඇති නේද.</font>

38
00:06:55,791 --> 00:06:58,836
<font color="#ffbf46">මම මුකුත් නොදැන කිව්වා පාඩම් කරන එක
ස්ටැමිනා ගේම් එකක් කියලා,</font>

39
00:06:58,919 --> 00:07:01,588
<font color="#ffbf46">ඒ වගේම ලෝකයා මගේ මහන්සිය
අගය කරනවා වගේ දැනෙනවා කියලත් කිව්වා.</font>

40
00:07:02,172 --> 00:07:05,676
<font color="#ffbf46">මම ඇත්තටම ඔයාව පරාද කළා කියලා හිතන් හිටපු හැටි
බලන් ඉන්න ඔයාට විනෝදයක් වෙන්න ඇති.</font>

41
00:07:06,260 --> 00:07:08,595
<font color="#ffbf46">මට ඕන වුණේ ඔයාට තෑග්ගක් විදිහට
පළවෙනි තැන දෙන්න.</font>

42
00:07:09,471 --> 00:07:10,514
<font color="#ffbf46">එච්චරයි.</font>

43
00:07:11,098 --> 00:07:13,142
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතනවද ඒක තෑග්ගක් කියලා?</font>

44
00:07:14,184 --> 00:07:18,313
<font color="#ffbf46">කෙනෙක්ට වැඩිපුරම ඕන දේ දෙන එක,
ඒක නෙවෙයිද තෑග්ගක් කියන්නේ?</font>

45
00:07:22,693 --> 00:07:23,986
<font color="#ffbf46">ටික කාලෙකට මට කතා කරන්න එපා.</font>

46
00:07:24,069 --> 00:07:24,987
<font color="#ffbf46">මොකක්?</font>

47
00:07:25,070 --> 00:07:28,282
<font color="#ffbf46">මම දැන් ඔයාව හම්බවෙන එක නවත්තලා
මගේ පාඩම් වැඩ ගැන බලනවා.</font>

48
00:07:28,365 --> 00:07:31,368
<font color="#ffbf46">ඒත්, සේ-ජින්, අපි යාළුවෙන්න ගත්තා විතරනේ.</font>

49
00:07:31,451 --> 00:07:32,995
<font color="#ffbf46">මගේම මහන්සියෙන් පළවෙනියා වෙන එක...</font>

50
00:07:35,664 --> 00:07:37,624
<font color="#ffbf46">අන්න ඒක තමයි මට ඕන වටිනාම තෑග්ග.</font>

51
00:07:46,383 --> 00:07:47,509
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

52
00:07:48,635 --> 00:07:50,137
<font color="#ffbf46">මම සුන් ජේ-ග්‍යු.</font>

53
00:07:51,138 --> 00:07:52,431
<font color="#ffbf46">මම එයාට එන්න කිව්වා.</font>

54
00:07:54,016 --> 00:07:56,894
<font color="#ffbf46">ජේ-ග්‍යු මට කිව්වා එයාට
ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා කියලා.</font>

55
00:07:57,728 --> 00:07:59,646
<font color="#ffbf46">කොහොමත් අපි මෙතනට එකතු වෙනවනේ,</font>

56
00:08:00,439 --> 00:08:02,983
<font color="#ffbf46">ඉතින් මම හිතුවා එකටම කතා කරන එක
හොඳයි කියලා.</font>

57
00:08:04,484 --> 00:08:08,238
<font color="#ffbf46">මෙහෙ එන්න කලින් මම
ඩිස්ෆැක්ට් එකේ ඩිපාර්ට්මන්ට් හෙඩ්ව හම්බවුණා.</font>

58
00:08:08,822 --> 00:08:09,781
<font color="#ffbf46">මොකක්?</font>

59
00:08:14,036 --> 00:08:19,041
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද මෙතන රෙකෝඩ් කරපු
කතාබහේ කොපීස් ඔක්කොම ඩිලීට් කරන්න?</font>

60
00:08:24,796 --> 00:08:28,050
<font color="#ffbf46">මේ දවස්වල කොපීස් ගහන එක හරි ලේසියිනේ.</font>

61
00:08:28,133 --> 00:08:30,093
<font color="#ffbf46">ඉතින් මට ෂුවර් කරගන්න ඕන.</font>

62
00:08:33,347 --> 00:08:35,349
<font color="#ffbf46">බලන්න. මට ඕන ඔයා,</font>

63
00:08:36,808 --> 00:08:39,478
<font color="#ffbf46">ඔරිජිනල් එකයි කොපීස් ඔක්කොමයි
ඔයාගේ හාඩ් ඩ්‍රයිව් එකෙනුයි</font>

64
00:08:39,561 --> 00:08:42,356
<font color="#ffbf46">ක්ලවුඩ් එකෙනුයි මගේ ඉස්සරහම ඩිලීට් කරන්න.
ඔක්කොම ටික.</font>

65
00:08:43,690 --> 00:08:46,485
<font color="#ffbf46">ඒ වගේම මූලික තහනම් නියෝග ඉල්ලීමත්
අයින් කරගන්න.</font>

66
00:08:52,616 --> 00:08:53,992
<font color="#ffbf46">මේකයි,</font>

67
00:08:56,703 --> 00:09:00,874
<font color="#ffbf46">මම දෙයක් කරන්න හිතාගත්තොත් කොහොම හරි
ඒක කරන නරක පුරුද්දක් මට තියෙනවා.</font>

68
00:09:02,626 --> 00:09:05,295
<font color="#ffbf46">මම රෙකෝඩින් එක ඩිලීට් කළාට පස්සේ
ඔයා ආටිකල් එක දැම්මොත්,</font>

69
00:09:05,379 --> 00:09:07,130
<font color="#ffbf46">ආයේ සමාදාන වෙන්න බැරි වෙයි.</font>

70
00:09:07,214 --> 00:09:08,590
<font color="#ffbf46">මම නීතිමය පියවර ගන්නවා</font>

71
00:09:08,674 --> 00:09:11,176
<font color="#ffbf46">මේ එකඟතාවය ඇතුළුව
හැමදේටම විරුද්ධව.</font>

72
00:09:13,220 --> 00:09:14,388
<font color="#ffbf46">ඔයාට සිද්ධ වෙයි...</font>

73
00:09:17,349 --> 00:09:19,101
<font color="#ffbf46">ඔයාගේ වැරැද්දට වන්දි ගෙවන්න.</font>

74
00:09:22,354 --> 00:09:25,649
<font color="#ffbf46">එයා පොරොන්දු වුණා ආටිකල් එක පබ්ලිෂ් කරන්නේ නැහැ කියලා.</font>

75
00:09:27,276 --> 00:09:29,152
<font color="#ffbf46">දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.</font>

76
00:09:30,654 --> 00:09:32,823
<font color="#ffbf46">මිනී පෙට්ටියෙන් එළියට ගත්තා වගේ දැනෙන්නේ.</font>

77
00:09:33,949 --> 00:09:37,452
<font color="#ffbf46">මම හෙට රිපෝටර්ව හම්බවෙලා
නීතිමය දේවල් ටික බලාගන්නම්.</font>

78
00:09:37,536 --> 00:09:38,453
<font color="#ffbf46">බොම්.</font>

79
00:09:39,454 --> 00:09:41,248
<font color="#ffbf46">ඔයත් දැන් සැනසීමෙන් ඉන්න.</font>

80
00:09:42,291 --> 00:09:43,542
<font color="#ffbf46">දැන් ඔක්කොම ඉවරයි.</font>

81
00:09:46,003 --> 00:09:47,462
<font color="#ffbf46">මට නම් තාම ඉවර නැහැ.</font>

82
00:09:57,723 --> 00:09:59,891
<font color="#ffbf46">මට සමාවෙන්න අම්මේ. මම...</font>

83
00:10:04,229 --> 00:10:06,898
<font color="#ffbf46">මම ඒක ඉස්කෝලේ දැන්වීම් පුවරුවේ දැම්මා.</font>

84
00:10:07,816 --> 00:10:08,692
<font color="#ffbf46">මොකක්ද දැම්මේ?</font>

85
00:10:09,651 --> 00:10:11,695
<font color="#ffbf46">මම ඇයි මේ ටවුන් එකට ආවේ කියලයි</font>

86
00:10:13,196 --> 00:10:15,073
<font color="#ffbf46">මට මොකද වුණේ කියලයි.</font>

87
00:10:17,534 --> 00:10:18,368
<font color="#ffbf46">හැමදේම.</font>

88
00:10:20,078 --> 00:10:21,705
<font color="#ffbf46">මෝඩ කෙල්ල!</font>

89
00:10:21,788 --> 00:10:22,873
<font color="#ffbf46">ළමයගේ තාත්තේ.</font>

90
00:10:22,956 --> 00:10:25,250
<font color="#ffbf46">ඔයාගේ ඔය හොඳකම ඔයාටම තමයි පාරාවළල්ලක් වෙන්නේ.</font>

91
00:10:25,334 --> 00:10:29,004
<font color="#ffbf46">අර රිපෝටර් රස්සාව දාලා යන්න හදනකොට,
ඇයි ඔයා ඉස්සර වෙලාම මේවා එළි කළේ?</font>

92
00:10:30,756 --> 00:10:31,590
<font color="#ffbf46">අම්මේ.</font>

93
00:10:32,883 --> 00:10:35,302
<font color="#ffbf46">මට තාම හැමදාම රෑට නපුරු හීන පේනවා.</font>

94
00:10:36,011 --> 00:10:38,597
<font color="#ffbf46">අර ගෑණු කෙනා ළමයි ඉස්සරහා
මට කම්මුල් පාරක් ගහපු හැටි,</font>

95
00:10:40,057 --> 00:10:42,601
<font color="#ffbf46">අර මිනිහා මගේ ගෙදර ඉස්සරහා
හිටපු හැටි ගැන.</font>

96
00:10:48,398 --> 00:10:49,900
<font color="#ffbf46">ලෝකයාට ඒක අමතක වුණොත්,</font>

97
00:10:51,610 --> 00:10:54,196
<font color="#ffbf46">මගේ හිතෙනුත් ඒක මැකිලා යයි කියලා
මම හිතුවා.</font>

98
00:10:54,905 --> 00:10:55,739
<font color="#ffbf46">ඒත්, නැහැ.</font>

99
00:10:56,531 --> 00:10:58,033
<font color="#ffbf46">ලෝකයාට අමතක වුණත්,</font>

100
00:10:59,618 --> 00:11:01,370
<font color="#ffbf46">මට ඒක අමතක කරන්න බැහැ.</font>

101
00:11:10,545 --> 00:11:14,007
<font color="#ffbf46">එදා ඔයා කියපු විදිහටම මම කළානේ,</font>

102
00:11:14,925 --> 00:11:17,094
<font color="#ffbf46">ඒ නිසා මේ පාර මම කියන දේ අහන්නකෝ.</font>

103
00:11:19,346 --> 00:11:20,389
<font color="#ffbf46">ප්ලීස්.</font>

104
00:11:53,338 --> 00:11:55,048
<font color="#ffbf46">ඇත්තටම ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?</font>

105
00:11:56,758 --> 00:11:58,301
<font color="#ffbf46">පිස්සුද.</font>

106
00:12:00,137 --> 00:12:02,681
<font color="#ffbf46">එහෙනම් අද නැතුව හෙට කළොත් නරකද?</font>

107
00:12:03,390 --> 00:12:04,891
<font color="#ffbf46">නැත්තම් මමත් ඔයා එක්ක ඇතුළට යන්නද?</font>

108
00:12:05,392 --> 00:12:06,226
<font color="#ffbf46">එපා.</font>

109
00:12:06,935 --> 00:12:09,646
<font color="#ffbf46">මට බයයි, චකිතයි, මට හැංගෙන්න ඕන,</font>

110
00:12:12,107 --> 00:12:14,067
<font color="#ffbf46">ඒත් මේක මමම විසඳගන්න ඕන දෙයක්.</font>

111
00:12:17,362 --> 00:12:18,280
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

112
00:12:18,363 --> 00:12:21,992
<font color="#ffbf46">එහෙනම් ගිහින් එන්නකෝ.
ඔයා එනකල් මම මෙතනට වෙලා ඉන්නම්.</font>

113
00:12:38,550 --> 00:12:41,553
<font color="#ffbf46">මම දාපු පෝස්ට් එක ඔයාලා හැමෝම කියවන්න ඇතිනේ?</font>

114
00:12:49,144 --> 00:12:52,898
<font color="#ffbf46">කරන්න තියෙන දේ කරන්නම ඕන කියලා
මම හැමදාම ඔයාලට කිව්වනේ.</font>

115
00:12:53,815 --> 00:12:57,736
<font color="#ffbf46">කොහොම වුණත්, මට කරන්න තිබුණු දේ
මම කල් දැම්මා.</font>

116
00:12:58,445 --> 00:12:59,905
<font color="#ffbf46">ගුරුවරියක් විදිහට,</font>

117
00:13:01,239 --> 00:13:03,992
<font color="#ffbf46">විශේෂයෙන්ම ඔයාලට ආචාර ධර්ම උගන්වන කෙනෙක් විදිහට,</font>

118
00:13:06,453 --> 00:13:07,829
<font color="#ffbf46">මට ගොඩක් ලැජ්ජයි.</font>

119
00:13:10,957 --> 00:13:13,627
<font color="#ffbf46">ඔයාලා මාව විශ්වාස නොකළත්, මට කරන්න දෙයක් නැහැ.</font>

120
00:13:14,503 --> 00:13:15,670
<font color="#ffbf46">ඒත් ඉතින්...</font>

121
00:13:18,924 --> 00:13:20,383
<font color="#ffbf46">මම හිතනවා ඔයාලා විශ්වාස කරයි කියලා.</font>

122
00:13:25,263 --> 00:13:30,310
<font color="#ffbf46">දැන් ඉතින්,
අපිට එකට ඉන්න තව වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ.</font>

123
00:13:31,144 --> 00:13:32,854
<font color="#ffbf46">අද වුණු දේවල් පැත්තකින් තියලා,</font>

124
00:13:32,938 --> 00:13:37,609
<font color="#ffbf46">අන්තිම මොහොත වෙනකල්
මම මගේ උපරිමයෙන් ඔයාලට උගන්වනවා.</font>

125
00:13:38,193 --> 00:13:39,194
<font color="#ffbf46">ප්‍රශ්න තියෙනවද?</font>

126
00:13:41,112 --> 00:13:41,947
<font color="#ffbf46">ඔව්, සේ-ජින්.</font>

127
00:13:43,698 --> 00:13:47,369
<font color="#ffbf46">ටීචර්, පෙරහුරු විභාගෙට අපේ ඉස්කෝලේ
විශේෂ පන්තියක් පටන් ගනීවිද?</font>

128
00:13:51,331 --> 00:13:54,417
<font color="#ffbf46">මම ඒ ගැන ප්‍රින්සිපල් එක්ක කතා කරන්නම්.</font>

129
00:13:55,502 --> 00:14:00,298
<font color="#ffbf46">එහෙම නැත්තම්, නිවාඩු කාලෙදි අපි
අපේ පන්තියේ සෙල්ෆ් ස්ටඩී සෙෂන්ස් කළොත් මොකද?</font>

130
00:14:00,924 --> 00:14:04,261
<font color="#ffbf46">අයියෝ... චෝයි සේ-ජින්,
ඔච්චර දඟලන්න එපා.</font>

131
00:14:04,344 --> 00:14:07,055
<font color="#ffbf46">නිවාඩු කාලේ අපි මොකටද එහෙම කරන්නේ?
ඇත්තටම.</font>

132
00:14:12,227 --> 00:14:13,186
<font color="#ffbf46">සද්ද නැතුව ඉන්න.</font>

133
00:14:13,270 --> 00:14:15,897
<font color="#ffbf46">වාර විභාග ඉවරයි කියලා මම දන්නවා,
ඒත් රස්තියාදු වෙන්නේ නැතුව,</font>

134
00:14:15,981 --> 00:14:17,399
<font color="#ffbf46">කෙලින්ම ගෙදර යන්න ඕන, තේරුණාද?</font>

135
00:14:17,482 --> 00:14:18,692
<font color="#ffbf46">හරි ටීචර්.</font>

136
00:14:18,775 --> 00:14:19,651
<font color="#ffbf46">පරිස්සමෙන් ගෙදර යන්න.</font>

137
00:14:19,734 --> 00:14:21,403
<font color="#ffbf46">තැන්ක් යූ!</font>

138
00:14:25,407 --> 00:14:27,951
<font color="#ffbf46">බොම් ටීචර් පන්තිය ඉවර කළා.</font>

139
00:14:28,034 --> 00:14:28,994
<font color="#ffbf46">එයා ළඟදීම මෙතනට එයි.</font>

140
00:14:30,120 --> 00:14:32,414
<font color="#ffbf46">එයා ආවාම,
කවුරුත් මුකුත් කියන්න එපා, හරිද?</font>

141
00:14:32,497 --> 00:14:35,333
<font color="#ffbf46">ඒත් අපි දැන්වීම් පුවරුව ගැන එයාගෙන් අහන්න ඕනනේ.</font>

142
00:14:35,959 --> 00:14:38,503
<font color="#ffbf46">ඊයේ ඉඳන් එයා ඒක නිසා
ගොඩක් දුක් වින්දා.</font>

143
00:14:38,587 --> 00:14:41,047
<font color="#ffbf46">එයාම ඒක පෝස්ට් කරද්දි
එයාට කොහොම දැනෙන්න ඇද්ද?</font>

144
00:14:41,131 --> 00:14:43,717
<font color="#ffbf46">එයාම ඒක පෝස්ට් කරපු නිසා, අපි අහන්න ඕන</font>

145
00:14:43,800 --> 00:14:46,136
<font color="#ffbf46">ඇත්තටම එයාට සම්බන්ධයක් තිබුණද නැද්ද කියලා.</font>

146
00:14:46,219 --> 00:14:47,429
<font color="#ffbf46">දෙයියනේ කියලා.</font>

147
00:14:47,971 --> 00:14:51,433
<font color="#ffbf46">මට ඒකට උත්තරේ හම්බවෙලා ඉවරයි,
ඒ නිසා ඔයාලට දැනගන්න ඕන දෙයක් මගෙන් අහන්න.</font>

148
00:14:51,516 --> 00:14:55,353
<font color="#ffbf46">ඔයා ඔය කැමතිම නීතිඥ චෝයි ඊ-ජුන්ගෙන්
මම ඒ ගැන අහගත්තා.</font>

149
00:14:56,730 --> 00:14:58,315
<font color="#ffbf46">නීතිඥ චෝයි?</font>

150
00:15:01,151 --> 00:15:02,694
<font color="#ffbf46">ආ, මෙන්න එයා එනවා.</font>

151
00:15:06,239 --> 00:15:10,702
<font color="#ffbf46">ඉතින්, චිකන් ෆීට් එක්ක සෝජු බොනවද
නැත්තම් ෆ්‍රයිඩ් චිකන් එක්ක බියර් බොනවද?</font>

152
00:15:10,785 --> 00:15:12,579
<font color="#ffbf46">පෝක් බෙලි එක්ක සෝජු කොහොමද?</font>

153
00:15:12,662 --> 00:15:14,039
<font color="#ffbf46">මරුනේ.</font>

154
00:15:14,122 --> 00:15:14,956
<font color="#ffbf46">බොම් ටීචර්.</font>

155
00:15:15,040 --> 00:15:18,043
<font color="#ffbf46">ගිම්හාන නිවාඩු පන්ති ගැන අපිට සමීක්ෂණයක් කරන්න ඕන,</font>

156
00:15:18,126 --> 00:15:20,170
<font color="#ffbf46">ඒ නිසා දෙමව්පියන්ට යවන ලියුම හදලා දෙන්න.</font>

157
00:15:23,131 --> 00:15:24,341
<font color="#ffbf46">බොම් ටීචර්.</font>

158
00:15:24,424 --> 00:15:26,551
<font color="#ffbf46">ප්‍රින්සිපල් සර් ඔයාට කතා කරනවා.</font>

159
00:15:28,762 --> 00:15:31,556
<font color="#ffbf46">හා. මම ඒක ඉවර කරලා
හෙට දෙන්නම්.</font>

160
00:15:32,682 --> 00:15:33,516
<font color="#ffbf46">හරි.</font>

161
00:15:56,956 --> 00:15:59,542
<font color="#ffbf46">පාක් මහත්තයා, මේ හොන්ග් ජුන්ග්-ප්යෝ.</font>

162
00:16:00,835 --> 00:16:02,295
<font color="#ffbf46">මොකද වුණේ?</font>

163
00:16:03,004 --> 00:16:05,298
<font color="#ffbf46">ඔයා කිව්වනේ ඒක ලොකු නිව්ස් එකක් වෙයි කියලා,</font>

164
00:16:05,382 --> 00:16:07,926
<font color="#ffbf46">ඒකයි මම ඔයාට
අර මැරයා එක්ක එයාගේ සම්බන්ධෙ ගැන පවා කිව්වේ.</font>

165
00:16:09,302 --> 00:16:10,136
<font color="#ffbf46">මොකක්?</font>

166
00:16:11,346 --> 00:16:12,263
<font color="#ffbf46">ඔයා ඒක අයින් කරගත්තා?</font>

167
00:16:18,061 --> 00:16:19,396
<font color="#ffbf46">මොනවද ඔයා මේ...</font>

168
00:16:23,608 --> 00:16:25,193
<font color="#ffbf46">ඒයි, ඊ-ජුන්.</font>

169
00:16:26,403 --> 00:16:28,113
<font color="#ffbf46">ඔත්තුව දීපු කෙනාව මට අහු වුණා.</font>

170
00:16:28,947 --> 00:16:29,989
<font color="#ffbf46">කවුද?</font>

171
00:16:32,033 --> 00:16:34,077
<font color="#ffbf46">මේකයි, ඒ වැඩේ කරලා තියෙන්නේ...</font>

172
00:16:35,954 --> 00:16:39,040
<font color="#ffbf46">හෙලෝ? මිස්ටර් චෝයි, මේ හොන්ග් ජුන්ග්-ප්යෝ.</font>

173
00:16:39,666 --> 00:16:40,875
<font color="#ffbf46">ඒක මම නෙවෙයි කළේ.</font>

174
00:16:40,959 --> 00:16:45,505
<font color="#ffbf46">රිපෝටර් මාව හම්බවෙන්න එනකොටත්
ඒ සම්බන්ධෙ ගැන දැනගෙන හිටියේ.</font>

175
00:16:45,588 --> 00:16:48,425
<font color="#ffbf46">මම කළේ නිකන් පොඩ්ඩක් හූ මිටි තියපු එක විතරයි.</font>

176
00:16:49,759 --> 00:16:52,178
<font color="#ffbf46">ආයේ මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.</font>

177
00:16:52,679 --> 00:16:56,474
<font color="#ffbf46">ඒ නිසා ප්ලීස් ආණ්ඩුකාරතුමාට කියන්න එපා.</font>

178
00:16:57,058 --> 00:16:58,727
<font color="#ffbf46">හරි. තියන්නම්.</font>

179
00:17:01,604 --> 00:17:02,897
<font color="#ffbf46">ඩිස්ෆැක්ට් රිපෝටර් පාක්</font>

180
00:17:02,981 --> 00:17:04,315
<font color="#ffbf46">ඩිලීට් කරන්න</font>

181
00:17:04,941 --> 00:17:06,067
<font color="#ffbf46">මොකද මේ කරන්නේ?</font>

182
00:17:06,151 --> 00:17:08,653
<font color="#ffbf46">ඔයා කිව්වනේ ආයේ එහෙම කරන්නේ නැහැ කියලා,
ඒකයි මම උදව් කළේ.</font>

183
00:17:08,737 --> 00:17:09,654
<font color="#ffbf46">මෙන්න.</font>

184
00:17:20,123 --> 00:17:23,001
<font color="#ffbf46">ෂින්සු මාර්කට් එකට සාදරයෙන් පිළිගනිමු</font>

185
00:17:30,675 --> 00:17:32,010
<font color="#ffbf46">ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?</font>

186
00:17:32,093 --> 00:17:34,179
<font color="#ffbf46">මේ ටවුන් එකේ සෙනඟ වැඩම තැනනේ මේක.</font>

187
00:17:34,262 --> 00:17:38,016
<font color="#ffbf46">මම මගේ රහස හෙළි කරපු එකේ,
විවේචන අහගන්න පුරුදු වෙන්න එපැයි.</font>

188
00:17:39,309 --> 00:17:41,394
<font color="#ffbf46">කවුරුහරි ඔයාට දොස් කිව්වොත්,</font>

189
00:17:41,478 --> 00:17:44,063
<font color="#ffbf46">මම පලිහක් වෙලා ඔයාව ආරක්ෂා කරනවා.</font>

190
00:17:48,943 --> 00:17:49,778
<font color="#ffbf46">ඇන්ටි.</font>

191
00:17:50,445 --> 00:17:51,488
<font color="#ffbf46">මට ආරංචිය ආවා.</font>

192
00:17:53,364 --> 00:17:55,408
<font color="#ffbf46">මම හිතුවේ ඔයාලා දෙන්නා බැඳලා කියලා.</font>

193
00:17:55,492 --> 00:17:56,868
<font color="#ffbf46">ඒක මේ...</font>

194
00:17:56,951 --> 00:17:58,703
<font color="#ffbf46">බැඳලා නැත්තම්, ඉක්මනට බඳින්නකෝ ඉතින්.</font>

195
00:17:59,287 --> 00:18:01,206
<font color="#ffbf46">ළමයි තුන් හතර දෙනෙක්ම හදන්න,</font>

196
00:18:01,998 --> 00:18:04,292
<font color="#ffbf46">එතකොට මෙයා ළමයි ටික හොඳට බලාගනීවි.</font>

197
00:18:06,544 --> 00:18:07,504
<font color="#ffbf46">අපොයි.</font>

198
00:18:12,759 --> 00:18:14,469
<font color="#ffbf46">බොම් ටීචර්.</font>

199
00:18:14,552 --> 00:18:15,470
<font color="#ffbf46">නෝනා.</font>

200
00:18:16,221 --> 00:18:18,097
<font color="#ffbf46">මට උදේ දොන්ග්-ප්යෝගෙන් විස්තරේ දැනගන්න ලැබුණා.</font>

201
00:18:21,810 --> 00:18:24,145
<font color="#ffbf46">මම කැඳ ටිකක් හැදුවා. ඇවිත් අරන් යන්න.</font>

202
00:18:25,730 --> 00:18:26,564
<font color="#ffbf46">කැඳ?</font>

203
00:18:27,273 --> 00:18:30,902
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ මාමාට පින් සිද්ධ වෙන්න
මේ අවුරුද්දේ අපිට හොඳ තල අස්වැන්නක් ලැබුණා.</font>

204
00:18:32,070 --> 00:18:33,071
<font color="#ffbf46">අනේ මන්දා.</font>

205
00:18:33,154 --> 00:18:39,994
<font color="#ffbf46">දොන්ග්-ප්යෝ ඔයා ගැන හරි බයෙන් හිටියේ,
ඒකයි මම කැඳ හැදුවේ, හරිද?</font>

206
00:18:41,037 --> 00:18:42,038
<font color="#ffbf46">ස්තූතියි.</font>

207
00:18:43,414 --> 00:18:44,666
<font color="#ffbf46">ගිහින් එන්නම්.</font>

208
00:18:51,548 --> 00:18:55,468
<font color="#ffbf46">මම හිතන්නේ ෂින්සු වල මිනිස්සු
එච්චර නපුරු නැහැ වගේ.</font>

209
00:18:55,552 --> 00:18:56,719
<font color="#ffbf46">ඇත්තටම එයාලා නපුරුයි.</font>

210
00:18:56,803 --> 00:18:59,639
<font color="#ffbf46">මම මැරයෙක් කියලා කටකතාවක් ගිය නිසා
මම ගොඩක් දුක් වින්දා.</font>

211
00:19:00,265 --> 00:19:02,684
<font color="#ffbf46">මට මේ මිනිස්සු ගැන හිතාගන්න බැහැ.</font>

212
00:19:02,767 --> 00:19:04,269
<font color="#ffbf46">එයාලා ඔයාට සලකන විදිහ හරි වෙනස්.</font>

213
00:19:04,352 --> 00:19:06,187
<font color="#ffbf46">ඔයාගේ හැඟීම වැදගත් වෙන්නේ ඒකයි.</font>

214
00:19:06,271 --> 00:19:10,692
<font color="#ffbf46">එයාලා මට හරි සැරයි,
හැබැයි ඔයාට හරි කරුණාවන්තයි.</font>

215
00:19:11,317 --> 00:19:13,152
<font color="#ffbf46">යමු. මම ඔයාට වට්ටක්කා සික්යේ අරන් දෙන්නම්.</font>

216
00:19:13,236 --> 00:19:14,988
<font color="#ffbf46">නිවෙන්න තියෙන හොඳම බෙහෙත ඒක.</font>

217
00:19:15,071 --> 00:19:16,030
<font color="#ffbf46">මේ පැත්තෙන්.</font>

218
00:19:16,948 --> 00:19:18,074
<font color="#ffbf46">දෙයියනේ.</font>

219
00:19:18,157 --> 00:19:19,409
<font color="#ffbf46">අරක අතන තියෙන්නේ.</font>

220
00:19:25,790 --> 00:19:26,749
<font color="#ffbf46">හන්-ග්‍යුල්.</font>

221
00:19:28,626 --> 00:19:30,545
<font color="#ffbf46">ඇයි ඔයා මේ එළියට වෙලා?</font>

222
00:19:32,422 --> 00:19:34,883
<font color="#ffbf46">රිපෝට් කාඩ් එක</font>

223
00:19:39,971 --> 00:19:41,180
<font color="#ffbf46">මට සමාවෙන්න මාමේ.</font>

224
00:19:41,973 --> 00:19:43,474
<font color="#ffbf46">මම හරි සිහියෙන් නෙවෙයි හිටියේ.</font>

225
00:19:45,184 --> 00:19:47,020
<font color="#ffbf46">ඔයා මගෙන් නෙවෙයි සමාව ඉල්ලන්න ඕන.</font>

226
00:19:48,438 --> 00:19:50,315
<font color="#ffbf46">ඔයා සේ-ජින්ගෙන් සමාව ඉල්ලන්න ඕන.</font>

227
00:19:51,149 --> 00:19:52,859
<font color="#ffbf46">මම දන්නවා ඒක වැරදියි කියලා.</font>

228
00:19:54,277 --> 00:19:57,614
<font color="#ffbf46">ඒත් මම ඒක කළේ ඇත්තටම සේ-ජින් වෙනුවෙන්.</font>

229
00:19:59,198 --> 00:20:02,327
<font color="#ffbf46">එයා හැමතිස්සෙම දෙවෙනියා වෙන නිසා
එයාගේ දෙමව්පියෝ එයාව පහත් කරලා සැලකුවේ,</font>

230
00:20:02,410 --> 00:20:04,203
<font color="#ffbf46">මට ඕන වුණා ඒක නවත්තන්න.</font>

231
00:20:04,287 --> 00:20:06,164
<font color="#ffbf46">එයාව වැඩියෙන්ම පහත් කරලා සැලකුවේ...</font>

232
00:20:07,916 --> 00:20:08,958
<font color="#ffbf46">ඔයා, හන්-ග්‍යුල්.</font>

233
00:20:09,542 --> 00:20:10,710
<font color="#ffbf46">මම?</font>

234
00:20:12,086 --> 00:20:15,924
<font color="#ffbf46">ඔයා තීරණය කළා එයා කොච්චර මහන්සි වුණත්
එයාට දිනන්න බැහැ කියලා.</font>

235
00:20:16,549 --> 00:20:20,470
<font color="#ffbf46">ඒකනේ ඔයා හිතුවේ නිකන්ම
එයාට පළවෙනියා වෙන්න ඉඩ දෙන්න ඕන කියලා. නේද?</font>

236
00:20:22,680 --> 00:20:24,307
<font color="#ffbf46">ඒක තෑග්ගක් නෙවෙයි.</font>

237
00:20:26,559 --> 00:20:27,685
<font color="#ffbf46">ඒක ආධාරයක්.</font>

238
00:20:40,114 --> 00:20:41,282
<font color="#ffbf46">මේක තියාගන්න.</font>

239
00:20:47,789 --> 00:20:48,623
<font color="#ffbf46">මාමේ.</font>

240
00:20:49,874 --> 00:20:50,708
<font color="#ffbf46">මොකද?</font>

241
00:20:54,295 --> 00:20:55,296
<font color="#ffbf46">මට කැම්පස් යන්න පුළුවන්ද?</font>

242
00:20:59,217 --> 00:21:01,219
<font color="#ffbf46">ඒකත් සේ-ජින් නිසාද?</font>

243
00:21:02,595 --> 00:21:05,932
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්,
මට කැම්පස් යන්න ආසාවක් තිබුණා,</font>

244
00:21:06,683 --> 00:21:09,227
<font color="#ffbf46">ඒත් මම හිතුවා
මට ඔයාව මෙහෙ තනියම දාලා යන්න බැහැ කියලා.</font>

245
00:21:10,478 --> 00:21:12,146
<font color="#ffbf46">ඉතින් මම ඉස්කෝලේ ඉවර වුණාම,</font>

246
00:21:12,230 --> 00:21:14,232
<font color="#ffbf46">ඔයාගේ කොම්පැනියෙ ඔයත් එක්ක
වැඩ කරන්නයි හිටියේ.</font>

247
00:21:14,315 --> 00:21:15,733
<font color="#ffbf46">මට ඔයාව ඕන නැහැ.</font>

248
00:21:16,985 --> 00:21:19,028
<font color="#ffbf46">බලන්නකෝ මෙයාගේ ලොකුකම.</font>

249
00:21:19,112 --> 00:21:22,532
<font color="#ffbf46">පිලිප් හොඳට වැඩ කරගෙන යනවා.
අනික කවුද කිව්වේ මම ඔයාව ගන්නවා කියලා?</font>

250
00:21:23,157 --> 00:21:24,909
<font color="#ffbf46">ඔයාට නම් පිස්සු.</font>

251
00:21:26,285 --> 00:21:27,787
<font color="#ffbf46">ඇත්තටම ඔයාට තනියම ඉන්න පුළුවන් වෙයිද?</font>

252
00:21:28,955 --> 00:21:31,290
<font color="#ffbf46">බොම් ටීචරුයි මමයි දෙන්නම සෝල් යනවනේ.</font>

253
00:21:34,585 --> 00:21:35,712
<font color="#ffbf46">බොම් ටීචර්?</font>

254
00:21:36,379 --> 00:21:38,506
<font color="#ffbf46">හුවමාරු ගුරුවරියක් විදිහට
එයාගේ කාලය ළඟදීම ඉවර වෙනවා.</font>

255
00:21:45,304 --> 00:21:47,015
<font color="#ffbf46">ඒකට වෙලාව හරිද දැන්මම?</font>

256
00:21:52,061 --> 00:21:54,689
<font color="#ffbf46">එහෙනම් මමත් ලෑස්ති වෙන්න පටන් ගන්න ඕන.</font>

257
00:22:01,154 --> 00:22:02,739
<font color="#ffbf46">මස් ටික හරිම රසයි.</font>

258
00:22:04,532 --> 00:22:06,117
<font color="#ffbf46">බොම් මහත්මිය හොඳින් ඉන්නවා ඇති නේද?</font>

259
00:22:06,200 --> 00:22:10,580
<font color="#ffbf46">අනේ මේ ගෑනියේ, එයා ගැන වද නොවී
මේ මස් ටික කාලා ඉන්නකො.</font>

260
00:22:13,666 --> 00:22:15,251
<font color="#ffbf46">ඕන මගුලක්. මම යනවා යන්න.</font>

261
00:22:15,334 --> 00:22:18,046
<font color="#ffbf46">මොකක්ද? ඇයි මේ කන ගමන්
යන්න හදන්නේ?</font>

262
00:22:18,629 --> 00:22:20,048
<font color="#ffbf46">කෑම රස නැද්ද?</font>

263
00:22:20,131 --> 00:22:22,091
<font color="#ffbf46">නැත්නම් මම මොකක් හරි වැරැද්දක් කළාද?</font>

264
00:22:23,051 --> 00:22:25,136
<font color="#ffbf46">මම දිවුරලා කියන්නේ, ඕකගේ කට මහලා දානවා.</font>

265
00:22:26,220 --> 00:22:27,096
<font color="#ffbf46">ඇයි?</font>

266
00:22:27,180 --> 00:22:29,015
<font color="#ffbf46">මට නිකම්ම සෝ මහත්මිය කියලා කතා කරනවා.</font>

267
00:22:29,098 --> 00:22:33,102
<font color="#ffbf46">කවුද කැමති සෙනසුරාදා දවසක මේ වගේ ලස්සන රෙස්ටුරන්ට් එකකදී
"ගෑනි" කියලා කතා කරනවා අහන්න?</font>

268
00:22:34,103 --> 00:22:36,647
<font color="#ffbf46">අපොයි, ඒකද ප්‍රශ්නේ.</font>

269
00:22:36,731 --> 00:22:38,858
<font color="#ffbf46">හරි හරි. මට තේරුණා.</font>

270
00:22:38,941 --> 00:22:44,572
<font color="#ffbf46">මම තමුන්ට
"නාකියා" කියලා කතා කළොත් කැමතිද?</font>

271
00:22:45,656 --> 00:22:47,950
<font color="#ffbf46">මම "ගෑනි" කියන්නේ නැතුව,</font>

272
00:22:48,034 --> 00:22:49,410
<font color="#ffbf46">මොකක් කියලාද කතා කරන්න ඕනේ?</font>

273
00:22:51,829 --> 00:22:53,498
<font color="#ffbf46">ඔහේ.
"ඔහේ"?</font>

274
00:22:53,581 --> 00:22:55,208
<font color="#ffbf46">මෙන්න මෙහෙ බලනවා.
"මෙහෙ බලනවා"?</font>

275
00:22:55,291 --> 00:22:56,542
<font color="#ffbf46">ඒයි.</font>

276
00:22:57,710 --> 00:22:59,378
<font color="#ffbf46">වැඩක් නෑ. මම මොනවද බලාපොරොත්තු වෙන්නේ?</font>

277
00:22:59,462 --> 00:23:00,755
<font color="#ffbf46">මම යනවා.
යන්න එපා.</font>

278
00:23:00,838 --> 00:23:01,923
<font color="#ffbf46">හ්යේ...</font>

279
00:23:06,677 --> 00:23:07,970
<font color="#ffbf46">හ්යේ...</font>

280
00:23:09,180 --> 00:23:10,723
<font color="#ffbf46">හ්යේ...</font>

281
00:23:13,267 --> 00:23:14,352
<font color="#ffbf46">හ්යේ-සුක්.</font>

282
00:23:30,034 --> 00:23:31,077
<font color="#ffbf46">හ්යේ-සුක්.</font>

283
00:23:35,665 --> 00:23:37,166
<font color="#ffbf46">මම ඒකට කැමතියි.</font>

284
00:23:38,376 --> 00:23:39,210
<font color="#ffbf46">වාඩි වෙමු.</font>

285
00:23:39,877 --> 00:23:41,045
<font color="#ffbf46">හ්යේ-සුක්, වාඩි වෙන්න.</font>

286
00:23:41,796 --> 00:23:43,548
<font color="#ffbf46">ඕක නවත්තලා වාඩි වෙන්නකෝ.</font>

287
00:23:51,889 --> 00:23:53,975
<font color="#ffbf46">COURAGE TO BE HATED (වෛරයට ලක්වීමට ඇති ධෛර්යය)</font>

288
00:24:05,111 --> 00:24:08,072
<font color="#ffbf46">මම හිතන්නේ ඔයාට ඔච්චර කේන්ති ගියේ ඇයි කියලා මට දැන් තේරෙනවා.</font>

289
00:24:09,866 --> 00:24:12,285
<font color="#ffbf46">සේ-ජින්, ඔයාට පුළුවන් මට වෛර කරන්න.</font>

290
00:24:12,910 --> 00:24:16,330
<font color="#ffbf46">ඔයාගේ කේන්තිය නිවෙනකම්ම
ඔයාට ඕන තරම් මට වෛර කරන්න.</font>

291
00:24:16,414 --> 00:24:18,875
<font color="#ffbf46">හැබැයි ඒ වෛරය නැති වුණාම,</font>

292
00:24:19,667 --> 00:24:21,043
<font color="#ffbf46">ආපහු මගේ ළඟට එන්න.</font>

293
00:24:59,582 --> 00:25:00,791
<font color="#ffbf46">හරි.</font>

294
00:25:04,045 --> 00:25:04,921
<font color="#ffbf46">ටඩා!</font>

295
00:25:06,088 --> 00:25:07,840
<font color="#ffbf46">මේ තියෙන්නේ සැර සෝස් එකක්.</font>

296
00:25:09,300 --> 00:25:10,968
<font color="#ffbf46">මේ තියෙන්නේ රාබු කිම්චි.</font>

297
00:25:12,178 --> 00:25:15,014
<font color="#ffbf46">මේ තියෙන්නේ හරක් මස් සුප් එකක්.</font>

298
00:25:16,515 --> 00:25:17,934
<font color="#ffbf46">ඇයි මේච්චර ගොඩක් ගෙනාවේ?</font>

299
00:25:18,017 --> 00:25:21,020
<font color="#ffbf46">මම හිතාගෙන හිටියේ
ඔයාට උයන හැටි කියලා දෙන්න,</font>

300
00:25:21,103 --> 00:25:24,315
<font color="#ffbf46">ඒත් මට හිතෙන විදිහට ඔයාට ඒකට කිසිම හැකියාවක් නෑ.</font>

301
00:25:24,899 --> 00:25:28,945
<font color="#ffbf46">මේ දවස්වල දවසෙන් ඩිලිවරි එන එකේ,
මොකටද කරදර වෙන්නේ?</font>

302
00:25:29,904 --> 00:25:30,780
<font color="#ffbf46">හරි හරි.</font>

303
00:25:48,381 --> 00:25:49,215
<font color="#ffbf46">මේක රසයි.</font>

304
00:25:54,303 --> 00:25:55,763
<font color="#ffbf46">අන්න එහෙම කියන්න.</font>

305
00:25:57,265 --> 00:25:59,350
<font color="#ffbf46">ඒ වුණාට ඇයි එකපාරටම කෑම ජාති ගොඩක් ගෙනාවේ?</font>

306
00:26:03,896 --> 00:26:06,983
<font color="#ffbf46">ඔයා දන්නවනේ, ඔයා ළඟදීම ආපහු සියෝල් වලට යනවා කියලා.</font>

307
00:26:08,567 --> 00:26:10,861
<font color="#ffbf46">දැන් කාලේ හරි.</font>

308
00:26:10,945 --> 00:26:14,532
<font color="#ffbf46">දැන් නම් ඔයා කතා කළොත්,
මට විනාඩි දහයෙන් දුවගෙන එන්න පුළුවන්.</font>

309
00:26:15,199 --> 00:26:18,995
<font color="#ffbf46">ඒත් ඔයා සියෝල් ගියාම, මට එහෙම කරන්න බෑ.</font>

310
00:26:19,870 --> 00:26:22,873
<font color="#ffbf46">ඉතින්, ඔයා යන්න කලින්,</font>

311
00:26:22,957 --> 00:26:26,544
<font color="#ffbf46">ඔයාට ඕන කරන හැමදේම
එකින් එක මම ඔයාට කියලා දෙන්නයි යන්නේ.</font>

312
00:26:27,503 --> 00:26:29,547
<font color="#ffbf46">අපි වෙන් වෙන්න ලෑස්ති වෙන්නද?</font>

313
00:26:29,630 --> 00:26:30,715
<font color="#ffbf46">අනේ මේ.</font>

314
00:26:31,299 --> 00:26:33,634
<font color="#ffbf46">පෘථිවියේ විෂ්කම්භය
කිලෝමීටර් 13,000ක් විතර වෙනවා.</font>

315
00:26:33,718 --> 00:26:35,928
<font color="#ffbf46">ඒත් අපි ඉන්නේ කිලෝමීටර් 400ක් ඇතුළතනේ.</font>

316
00:26:36,012 --> 00:26:38,306
<font color="#ffbf46">අපි "වෙන් වෙන්නේ" නෑ.</font>

317
00:26:38,389 --> 00:26:39,974
<font color="#ffbf46">අපි තාමත් එකට "බැඳිලා" ඉන්නේ.</font>

318
00:26:41,600 --> 00:26:43,185
<font color="#ffbf46">අපි එකිනෙකාට ඈතින් හිටියත්,</font>

319
00:26:43,269 --> 00:26:45,938
<font color="#ffbf46">ඔයා කොහේ හිටියත්
මගේ හිත තියෙන්නේ ඔයා ළඟ.</font>

320
00:26:46,856 --> 00:26:49,317
<font color="#ffbf46">ඒ නිසා කෑම ඉවර වුණාම
අඬ අඬ ඉන්න එපා.</font>

321
00:26:49,400 --> 00:26:51,485
<font color="#ffbf46">බඩගින්නේ ඉන්න එපා, ඕනම වෙලාවක මට කතා කරන්න.</font>

322
00:26:51,569 --> 00:26:55,906
<font color="#ffbf46">එතකොට මම ගුණදායක
කෑම ජාති ඉක්මනටම ඔයාට එවන්නම්.</font>

323
00:27:00,911 --> 00:27:02,705
<font color="#ffbf46">මේකේ මස් ගොඩක් තියෙනවා.</font>

324
00:27:02,788 --> 00:27:04,540
<font color="#ffbf46">මම ඒක තම්බලා දෙන්නම්.
හා.</font>

325
00:27:19,096 --> 00:27:20,264
<font color="#ffbf46">දැන් සීට් බෙල්ට් එක දාගන්න.</font>

326
00:27:22,350 --> 00:27:23,726
<font color="#ffbf46">මම මේ මොකටද ලෑස්ති වෙන්නේ?</font>

327
00:27:24,727 --> 00:27:26,562
<font color="#ffbf46">ඔයාට මාව මතක් වෙනවා කිව්වොත්,</font>

328
00:27:26,645 --> 00:27:28,981
<font color="#ffbf46">මට හැමදේම පැත්තක දාලා
ඔයා ළඟට දුවගෙන එන්න පුළුවන්.</font>

329
00:27:29,065 --> 00:27:33,361
<font color="#ffbf46">ඒත් සමහර දවස්වලට,
ඔයාට එකපාරටම මාව බලන්න හිතුණොත්.</font>

330
00:27:33,444 --> 00:27:35,446
<font color="#ffbf46">අන්න ඒකට ඔයා ඩ්‍රයිව් කරන්න දැනගෙන ඉන්න ඕනේ.</font>

331
00:27:37,198 --> 00:27:38,908
<font color="#ffbf46">ඔයාගේ අදහස මට තේරෙනවා,</font>

332
00:27:38,991 --> 00:27:41,118
<font color="#ffbf46">ඒත් මම අවුරුදු දහයකින්
කිසිම ඇක්සිඩන්ට් එකක් කරගෙන නෑ.</font>

333
00:27:41,827 --> 00:27:45,289
<font color="#ffbf46">ඒ ඔයා අවුරුදු දහයකින්
වාහනයක් එලවපු නැති නිසානේ.</font>

334
00:27:46,165 --> 00:27:47,750
<font color="#ffbf46">හරි, වම් පැත්තේ සිග්නල් එක දාන්න.</font>

335
00:27:52,046 --> 00:27:53,339
<font color="#ffbf46">නෑ. මෙතන.</font>

336
00:27:55,466 --> 00:27:56,801
<font color="#ffbf46">දැන් ඩ්‍රයිව් එකට දාන්න.</font>

337
00:27:56,884 --> 00:27:58,803
<font color="#ffbf46">හිමීට ඇක්සලරේටර් එක පාගන්න.</font>

338
00:27:59,512 --> 00:28:02,473
<font color="#ffbf46">ඒක තියෙන්නේ දකුණු පැත්තෙද වම් පැත්තෙද?</font>

339
00:28:04,100 --> 00:28:07,311
<font color="#ffbf46">මට සමාවෙන්න,
අපි මේ වැඩේ නිකන් ඉමු.</font>

340
00:28:07,395 --> 00:28:09,230
<font color="#ffbf46">අනේ, මම විහිළුවක් කළේ.</font>

341
00:28:09,313 --> 00:28:11,190
<font color="#ffbf46">මම ඇත්තටම දන්නේ නෑ කියලා හිතුවද?</font>

342
00:28:13,109 --> 00:28:14,944
<font color="#ffbf46">වම් පැත්තේ එක නේද?
දකුණු පැත්තේ එක!</font>

343
00:28:15,528 --> 00:28:17,405
<font color="#ffbf46">නෑ, වම් පැත්තේ එක! බ්‍රේක් එක!</font>

344
00:28:17,488 --> 00:28:18,614
<font color="#ffbf46">දකුණු පැත්තේ එක.
බ්‍රේක් එක!</font>

345
00:28:18,697 --> 00:28:20,491
<font color="#ffbf46">දකුණු පැත්තේ එක.
වම් පැත්තේ එක!</font>

346
00:28:20,574 --> 00:28:22,743
<font color="#ffbf46">මම මේක කරන්නේ නෑ!
ඔයා වම් පැත්ත දන්නේ නැද්ද?</font>

347
00:28:22,827 --> 00:28:24,537
<font color="#ffbf46">වම් පැත්ත...
නෑ, දකුණු පැත්ත!</font>

348
00:28:28,082 --> 00:28:28,958
<font color="#ffbf46">බොම් මහත්මිය.</font>

349
00:28:33,337 --> 00:28:35,548
<font color="#ffbf46">ඇයි? මොකද වුණේ?</font>

350
00:28:36,257 --> 00:28:38,342
<font color="#ffbf46">අපි ඩ්‍රයිවින් පුරුදු වෙනවා නේද හිටියේ?</font>

351
00:28:38,426 --> 00:28:42,138
<font color="#ffbf46">මම හිතන්නේ නෑ
ඒක අපි දෙන්නගෙන් කාටවත් හොඳයි කියලා.</font>

352
00:28:42,221 --> 00:28:45,808
<font color="#ffbf46">ඒ නිසා, අද ඉඳන් අපි
වෙන දෙයක් කළොත් මොකද?</font>

353
00:28:48,644 --> 00:28:52,106
<font color="#ffbf46">බැලින්නම්,
අපි දෙන්නා එකට ගත්ත ෆොටෝ වැඩිය නෑනේ.</font>

354
00:28:52,189 --> 00:28:56,735
<font color="#ffbf46">ඉතින් මට හිතුණා අපේ ලස්සන මතකයන්
පින්තූර විදිහට එකතු කරගත්තොත් හොඳයි කියලා.</font>

355
00:28:57,653 --> 00:29:00,739
<font color="#ffbf46">එතකොට අපි කොහේ හිටියත්,
අපි එකට ඉන්නවා වගේ දැනේවි.</font>

356
00:29:01,949 --> 00:29:03,325
<font color="#ffbf46">මම ඒකට කැමතියි.</font>

357
00:29:03,409 --> 00:29:05,453
<font color="#ffbf46">හරි. මම දන්නවා මුලින්ම යන්න ඕන තැන.</font>

358
00:29:06,120 --> 00:29:07,037
<font color="#ffbf46">කොහෙද?</font>

359
00:29:07,663 --> 00:29:09,123
<font color="#ffbf46">මගේ පස්සෙන් එන්නකෝ. හරිද?</font>

360
00:29:36,984 --> 00:29:38,319
<font color="#ffbf46">හරිම ලස්සනයි.</font>

361
00:29:42,823 --> 00:29:43,991
<font color="#ffbf46">පෙනුම හොඳයි.</font>

362
00:29:52,124 --> 00:29:53,250
<font color="#ffbf46">ස්තූතියි.</font>

363
00:29:53,334 --> 00:29:55,211
<font color="#ffbf46">දැන් කැමරාව දිහා බලන්න.
කැමරාව.</font>

364
00:29:55,294 --> 00:29:56,754
<font color="#ffbf46">එකයි, දෙකයි, තුනයි.</font>

365
00:29:56,837 --> 00:29:58,255
<font color="#ffbf46">වයිට් ටීම්, යමු!
යමු!</font>

366
00:30:00,174 --> 00:30:01,884
<font color="#ffbf46">බොම්-සික්ගේ ගෙදර</font>

367
00:30:03,844 --> 00:30:05,304
<font color="#ffbf46">නියමයි!</font>

368
00:30:11,477 --> 00:30:12,978
<font color="#ffbf46">දැන් පරදින්න ලෑස්ති වෙන්න.</font>

369
00:30:13,562 --> 00:30:14,480
<font color="#ffbf46">ලෑස්තියි.</font>

370
00:30:14,563 --> 00:30:15,648
<font color="#ffbf46">අන්න එහෙ බලන්න.</font>

371
00:30:36,794 --> 00:30:39,922
<font color="#ffbf46">ඔයා මේ පාර ඔයාගේ උපරිමය කළා නම්,
අනිවාර්යයෙන්ම පළවෙනියා වෙන්න ඇති.</font>

372
00:30:40,756 --> 00:30:42,341
<font color="#ffbf46">ඒත් දැන් මම පැරදුණාට කමක් නෑ.</font>

373
00:30:43,133 --> 00:30:45,427
<font color="#ffbf46">මොකද මම මගේ උපරිමය කළානේ,</font>

374
00:30:46,303 --> 00:30:49,848
<font color="#ffbf46">ඒක මදි නම්,
මම ඒක බාරගන්න ඕනේ.</font>

375
00:30:50,891 --> 00:30:54,061
<font color="#ffbf46">මම ඔයාටවත් මටවත් වෛර කරන්නේ නෑ.</font>

376
00:30:54,144 --> 00:30:55,062
<font color="#ffbf46">මමත් එහෙමයි.</font>

377
00:30:55,896 --> 00:30:59,400
<font color="#ffbf46">මම දින්නොත් මට වෛර කරන්නේ නෑ,
මම පැරදුණොත් ඔයාට වෛර කරන්නෙත් නෑ.</font>

378
00:31:02,695 --> 00:31:03,654
<font color="#ffbf46">හරි.</font>

379
00:31:04,405 --> 00:31:07,283
<font color="#ffbf46">ලේඩීස් ෆස්ට් නේ. මම ඉස්සෙල්ලා මගේ එක බලන්නම්.
හා.</font>

380
00:31:08,742 --> 00:31:10,369
<font color="#ffbf46">රිපෝට් කාඩ් එක</font>

381
00:31:14,248 --> 00:31:15,165
<font color="#ffbf46">මොකක්?</font>

382
00:31:15,249 --> 00:31:16,750
<font color="#ffbf46">හැමදේටම පළවෙනි තැනද?</font>

383
00:31:19,044 --> 00:31:21,213
<font color="#ffbf46">ඔයා ආයෙත් හැම ප්‍රශ්නෙටම
අංක තුනද මාර්ක් කළේ?</font>

384
00:31:25,634 --> 00:31:27,177
<font color="#ffbf46">ඔයා ඇත්තටම ආයෙත් ඒක කරලා.</font>

385
00:31:27,261 --> 00:31:29,138
<font color="#ffbf46">නැත්නම්, ඇයි මම පළවෙනියා වෙන්නේ?</font>

386
00:31:33,017 --> 00:31:33,851
<font color="#ffbf46">දෙවෙනි තැන?</font>

387
00:31:36,270 --> 00:31:37,187
<font color="#ffbf46">දෙවෙනි තැන?</font>

388
00:31:37,896 --> 00:31:39,982
<font color="#ffbf46">ඔයා මේ පාර ඔයාගේ උපරිමය කළා නේද?</font>

389
00:31:43,694 --> 00:31:45,529
<font color="#ffbf46">මට දැන් කොලේජ් යන්න ඕනේ, ඉතින්...</font>

390
00:31:47,781 --> 00:31:49,241
<font color="#ffbf46">චෝයි සේ-ජින්, ඔයා...</font>

391
00:31:49,825 --> 00:31:51,076
<font color="#ffbf46">ටික කාලෙකට මට කතා කරන්න එපා.</font>

392
00:31:52,244 --> 00:31:54,997
<font color="#ffbf46">මොකක්ද? ඔයා කිව්වනේ
ඔයා මට ඒකට වෛර කරන්නේ නෑ කියලා.</font>

393
00:31:55,080 --> 00:31:56,290
<font color="#ffbf46">ඔයාමනේ කිව්වේ.</font>

394
00:31:56,874 --> 00:31:58,876
<font color="#ffbf46">මම දැන් පාඩම් වැඩ ගැන විතරයි අවධානය දෙන්නේ.</font>

395
00:31:59,460 --> 00:32:00,836
<font color="#ffbf46">මගේ ඉස්සරහින් අයින් වෙනවා.
මොකක්?</font>

396
00:32:01,462 --> 00:32:03,756
<font color="#ffbf46">ඔයාට ඇත්තටම කේන්ති ගිහින්. එහෙම නේද, පැටියෝ?</font>

397
00:32:03,839 --> 00:32:05,215
<font color="#ffbf46">ඒයි.
ආයුබෝවන් මැඩම්.</font>

398
00:32:05,299 --> 00:32:07,843
<font color="#ffbf46">අයින් වෙනවා.
ඒයි, ඔයාටත් ඒක කරන්න පුළුවන්.</font>

399
00:32:08,344 --> 00:32:10,095
<font color="#ffbf46">මම ඔයාට ප්‍රශ්න ටික විසඳලා දෙන්නද?</font>

400
00:32:14,350 --> 00:32:16,727
<font color="#ffbf46">වාව්, ඒක ඉවරයි.</font>

401
00:32:19,772 --> 00:32:20,731
<font color="#ffbf46">ඒක හරිම ලස්සනයි.</font>

402
00:32:23,734 --> 00:32:25,319
<font color="#ffbf46">ඔයා ඇත්තටම හෙට යනවා නේද?</font>

403
00:32:27,237 --> 00:32:28,697
<font color="#ffbf46">හ්ම්, මම යනවා.</font>

404
00:32:29,281 --> 00:32:31,075
<font color="#ffbf46">අලුත් ඉස්කෝලේදී මහන්සි වෙලා වැඩ කරන්න එපා.</font>

405
00:32:31,659 --> 00:32:33,744
<font color="#ffbf46">මම එහෙම කරන්නේ නෑ.
අසනීප පාටක් නම් බෙහෙත් ගන්න ඕනේ.</font>

406
00:32:34,328 --> 00:32:35,412
<font color="#ffbf46">හරි.</font>

407
00:32:35,496 --> 00:32:36,914
<font color="#ffbf46">අර කියලා දුන්න දේවල් මතකනේ?</font>

408
00:32:36,997 --> 00:32:39,249
<font color="#ffbf46">කවුරුහරි කරදර කළොත්, බය වෙන්න එපා.</font>

409
00:32:39,333 --> 00:32:40,376
<font color="#ffbf46">කෙලින්ම ගහලා දාන්න, ඊටපස්සේ...</font>

410
00:32:42,544 --> 00:32:45,923
<font color="#ffbf46">හෙට වුණාම අපි කිලෝමීටර් 400ක් ඈතින් ඉන්නේ.
ඔයා කියව කියව විතරද ඉන්න හදන්නේ?</font>

411
00:32:47,549 --> 00:32:50,344
<font color="#ffbf46">වෙන කරන්න දෙයක් තියෙනවද?</font>

412
00:32:53,972 --> 00:32:55,766
<font color="#ffbf46">වෙන දෙයක්? ඒ මොකක් වගේද?</font>

413
00:32:55,849 --> 00:32:56,892
<font color="#ffbf46">ඉතින්...</font>

414
00:32:58,102 --> 00:32:59,561
<font color="#ffbf46">උදාහරණයක් විදිහට...</font>

415
00:33:07,945 --> 00:33:13,158
<font color="#ffbf46">ඔයා දැන් ඔය කරන වැඩේ,
හරිම භයානකයි.</font>

416
00:33:13,742 --> 00:33:16,328
<font color="#ffbf46">අද අපේ අන්තිම රෑ නේ, ඉතින් ඇයි අපිට බැරි...</font>

417
00:33:17,788 --> 00:33:19,373
<font color="#ffbf46">ටිකක් භයානක වෙන්න?</font>

418
00:33:22,960 --> 00:33:24,044
<font color="#ffbf46">එහෙනම් මම...</font>

419
00:33:25,421 --> 00:33:27,047
<font color="#ffbf46">දැන්මම භයානක දෙයක් කරන්න පටන් ගන්නම්.</font>

420
00:33:55,117 --> 00:33:56,243
<font color="#ffbf46">යමු!</font>

421
00:34:10,132 --> 00:34:11,842
<font color="#ffbf46">අවුරුද්දකට පසුව
සියෝල් මියොන්සොන් උසස් පාසල</font>

422
00:34:29,777 --> 00:34:33,655
<font color="#ffbf46">සතුට</font>

423
00:34:35,908 --> 00:34:36,742
<font color="#ffbf46">සතුට.</font>

424
00:34:37,951 --> 00:34:41,747
<font color="#ffbf46">ඔයාලගෙන් ඇහුවොත් ඇයි සතුටින් ඉන්න ඕනේ කියලා,</font>

425
00:34:41,830 --> 00:34:43,457
<font color="#ffbf46">ඔයාලට කොහොමද උත්තර දෙන්න පුළුවන්?</font>

426
00:34:46,043 --> 00:34:47,211
<font color="#ffbf46">ඇරිස්ටෝටල් කියලා තියෙනවා,</font>

427
00:34:47,294 --> 00:34:50,923
<font color="#ffbf46">"මනුස්සයෙක් කරන හැම ක්‍රියාවකම
අවසාන පරමාර්ථය තමයි සතුට."</font>

428
00:34:51,006 --> 00:34:53,342
<font color="#ffbf46">පරමාදර්ශී ලෝකයක් ගැන කතා කරපු
ප්ලේටෝ වගේ නෙවෙයි,</font>

429
00:34:53,425 --> 00:34:57,638
<font color="#ffbf46">ඇරිස්ටෝටල් අවධානය යොමු කළේ
අපි ජීවත් වෙන මේ ඇත්ත ලෝකය ගැනයි.</font>

430
00:34:57,721 --> 00:35:00,641
<font color="#ffbf46">එහෙනම් 'එතික්ස් ඇන්ඩ් තෝට්ස්' පොතේ
පිටු අංක 62 පෙරළගන්න.</font>

431
00:35:10,150 --> 00:35:12,277
<font color="#ffbf46">මගේ යාළුවෙක් ඉන්නවා මුන්සොන් හයි එකේ...
ඔව්.</font>

432
00:35:12,361 --> 00:35:16,323
<font color="#ffbf46">එයා කිව්වා එයාට එහේ සම්බන්ධයක් තිබුණා කියලා.</font>

433
00:35:17,032 --> 00:35:18,492
<font color="#ffbf46">සම්බන්ධයක්?
ඔව්.</font>

434
00:35:19,243 --> 00:35:20,661
<font color="#ffbf46">එයා ජොන් නන්-හීගේ දුවද?</font>

435
00:35:21,703 --> 00:35:23,247
<font color="#ffbf46">මම දැනගෙන හිටියා.</font>

436
00:35:39,096 --> 00:35:39,930
<font color="#ffbf46">බොම් මහත්මිය.</font>

437
00:35:41,223 --> 00:35:42,766
<font color="#ffbf46">ආ. කොහොමද වැඩේ?</font>

438
00:35:45,686 --> 00:35:46,603
<font color="#ffbf46">මේ තියෙන්නේ නඩු තීන්දුව.</font>

439
00:35:47,271 --> 00:35:48,355
<font color="#ffbf46">ඔයාම කියවලා බලන්නකෝ.</font>

440
00:35:49,857 --> 00:35:50,983
<font color="#ffbf46">කොරියානු අධිකරණය</font>

441
00:36:02,619 --> 00:36:04,496
<font color="#ffbf46">පාර්ශවයන්ගේ හිමිකම් සහ සොයාගැනීම්</font>

442
00:36:09,084 --> 00:36:12,963
<font color="#ffbf46">මානසික පීඩාව සඳහා වන්දි</font>

443
00:36:20,304 --> 00:36:25,100
<font color="#ffbf46">පහරදීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට
කිම් හ්යොන්-ජු බැඳී සිටී</font>

444
00:36:27,811 --> 00:36:31,064
<font color="#ffbf46">ඔයා මේ කාලේ පුරාවටම ගොඩක් මහන්සි වුණා.</font>

445
00:36:39,781 --> 00:36:40,657
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

446
00:36:41,491 --> 00:36:43,994
<font color="#ffbf46">මේ අර ඔයා කියපු
අනියම් සම්බන්ධ නඩුවේ තීන්දුව.</font>

447
00:36:44,578 --> 00:36:47,497
<font color="#ffbf46">මට ඕන ඔයා දැනගන්න
මගේ පස්සෙන් ස්ටෝකර් කෙනෙක් ආවා කියලා</font>

448
00:36:47,581 --> 00:36:48,832
<font color="#ffbf46">ඒ වගේම ඒ ගැන අනිත් අයටත් කියන්න.</font>

449
00:36:52,002 --> 00:36:55,213
<font color="#ffbf46">ආ, ඒ වගේම ඔයා කියලා තිබුණා නේද
මම ජොන් නන්-හීගේ දුව කියලා.</font>

450
00:36:55,797 --> 00:36:57,257
<font color="#ffbf46">ඒක නම් ඇත්ත.</font>

451
00:36:57,341 --> 00:36:59,384
<font color="#ffbf46">මගේ මේ ලස්සන රහස ඒක තමයි.</font>

452
00:36:59,468 --> 00:37:02,346
<font color="#ffbf46">එහෙනම්, සුභ දවසක් වේවා.</font>

453
00:37:12,397 --> 00:37:15,901
<font color="#ffbf46">අද "සාර්ථක වෘත්තිකයෙක් හමුවෙමු" වැඩසටහනේ
ආරාධිත අමුත්තා</font>

454
00:37:15,984 --> 00:37:19,154
<font color="#ffbf46">තෝරාගනු ලැබුවේ සිසුන්ගේ ඡන්දයෙන්.</font>

455
00:37:19,237 --> 00:37:22,908
<font color="#ffbf46">ඒ වගේම මෙතුමා අපේ පාසලට
ශිෂ්‍යත්ව අරමුදලක් පරිත්‍යාග කරපු කෙනෙක්...</font>

456
00:37:22,991 --> 00:37:24,868
<font color="#ffbf46">දේශීය දක්ෂයින් බිහි කරන්න.</font>

457
00:37:25,494 --> 00:37:28,664
<font color="#ffbf46">වැඩිම පිරිසකගේ කැමැත්ත ලැබුණ කෙනා!</font>

458
00:37:28,747 --> 00:37:30,707
<font color="#ffbf46">JQ එනර්ජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී,</font>

459
00:37:30,791 --> 00:37:35,921
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු!</font>

460
00:37:57,818 --> 00:37:59,361
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

461
00:37:59,444 --> 00:38:01,822
<font color="#ffbf46">මම JQ එනර්ජි එකේ CEO වුණාට,</font>

462
00:38:01,905 --> 00:38:04,616
<font color="#ffbf46">මාව වැඩියෙන් දන්නේ
සන් හන්-ග්‍යුල්ගේ මාමා විදිහට.</font>

463
00:38:04,700 --> 00:38:05,993
<font color="#ffbf46">මම සන් ජේ-ග්‍යු.</font>

464
00:38:20,048 --> 00:38:24,302
<font color="#ffbf46">මොකක්? හන්-ග්‍යුල්ගේ මාමා කියන්නේ... අරයාටද?</font>

465
00:38:25,053 --> 00:38:27,514
<font color="#ffbf46">ආ ඔව්, ඔයා හුවමාරු ගුරුවරයෙක් විදිහට
පිට ගිහින්නේ හිටියේ.</font>

466
00:38:27,597 --> 00:38:30,892
<font color="#ffbf46">දෙවියනේ, එයා ඇඳලා ඉන්න හැටි බලන්නකෝ.</font>

467
00:38:30,976 --> 00:38:32,394
<font color="#ffbf46">එයා ඇත්තටම CEO කෙනෙක්ද?</font>

468
00:38:32,477 --> 00:38:36,189
<font color="#ffbf46">එයා හරියට මාකට් එකේ ඉන්න
රස්තියාදුකාරයෙක් වගේනේ.</font>

469
00:38:36,898 --> 00:38:39,484
<font color="#ffbf46">මුලදී අපිත් හිතුවේ එහෙම තමයි.</font>

470
00:38:40,527 --> 00:38:43,739
<font color="#ffbf46">හැබැයි එයා කාර් උස්සනවා කියලා
කතාවක් මම අහලා තියෙනවා.</font>

471
00:38:43,822 --> 00:38:44,948
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

472
00:38:45,032 --> 00:38:47,409
<font color="#ffbf46">එයා හැමතිස්සෙම අසල්වැසියන්ට ආදර්ශයක්.</font>

473
00:38:48,326 --> 00:38:52,789
<font color="#ffbf46">ආරංචි විදිහට, එයා රෑට කඳුකරේ
සවලෙන් වැඩ කරනවාලු.</font>

474
00:38:53,415 --> 00:38:55,709
<font color="#ffbf46">එයා හැම ජීවිතයක් ගැනම වද වෙනවා.</font>

475
00:38:55,792 --> 00:38:56,793
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

476
00:38:57,419 --> 00:39:00,380
<font color="#ffbf46">ටයිෆූන් එක ආපු වෙලාවෙත්
එයා හැමෝම ගැන බැලුවා.</font>

477
00:39:01,089 --> 00:39:02,674
<font color="#ffbf46">නේද හේ-සුක්?</font>

478
00:39:02,758 --> 00:39:03,759
<font color="#ffbf46">ඔව්, ඇත්ත.</font>

479
00:39:03,842 --> 00:39:06,386
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?
ඇයි ඔයාලා ඔක්කොම එයාට කඩේ යන්නේ?</font>

480
00:39:07,429 --> 00:39:08,930
<font color="#ffbf46">ඔයා පොඩ්ඩක් ඉන්නකෝ.</font>

481
00:39:09,556 --> 00:39:12,267
<font color="#ffbf46">අපි මේ මොකක් ගැනද කියන්නේ කියලා ඔයාට තේරෙයි.</font>

482
00:39:12,350 --> 00:39:14,311
<font color="#ffbf46">ඒත් ඇයි එයා මුකුත් කියන්නේ නැත්තේ?</font>

483
00:39:38,668 --> 00:39:39,711
<font color="#ffbf46">අයියෝ.</font>

484
00:39:41,963 --> 00:39:45,675
<font color="#ffbf46">මුලින්ම, මාව මෙතනට ආරාධනා කරපු
ගුරුවරුන්ට සහ ළමයින්ට,</font>

485
00:39:45,759 --> 00:39:47,761
<font color="#ffbf46">මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.</font>

486
00:39:50,514 --> 00:39:53,225
<font color="#ffbf46">දැන් අපි දේශනය පටන් ගමු.</font>

487
00:39:55,811 --> 00:39:59,481
<font color="#ffbf46">JQ එනර්ජි කියන්නේ නිකම්ම
විදුලිය නිෂ්පාදනය කරන සමාගමක් නෙවෙයි.</font>

488
00:39:59,564 --> 00:40:02,484
<font color="#ffbf46">මේක අලුත් දේවල් අඳුරගෙන
අනාගතය සැලසුම් කරන සමාගමක්.</font>

489
00:40:02,567 --> 00:40:04,236
<font color="#ffbf46">ඉතින් අද,</font>

490
00:40:04,319 --> 00:40:07,948
<font color="#ffbf46">අපි කතා කරන්නේ මේ AI යුගයේදී
බලශක්ති ක්ෂේත්‍රය වෙනස් වෙන්නේ කොහොමද කියලයි,</font>

491
00:40:08,031 --> 00:40:12,994
<font color="#ffbf46">විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය
මේ වෙනසට කොයි වගේ දායකත්වයක් දෙනවද කියන එක ගැන.</font>

492
00:40:13,745 --> 00:40:16,915
<font color="#ffbf46">බොම් බොම් බොම්</font>

493
00:40:30,387 --> 00:40:31,513
<font color="#ffbf46">ඒක නෙවෙයි චෝයි මහත්තයෝ,</font>

494
00:40:32,222 --> 00:40:33,974
<font color="#ffbf46">ඔයා ඇත්තටම ඔෆිස් එක මාරු කරන්නේ නැද්ද?</font>

495
00:40:34,683 --> 00:40:35,725
<font color="#ffbf46">ඔව්.</font>

496
00:40:35,809 --> 00:40:38,687
<font color="#ffbf46">ඇයි ඔයා තාම එතන ඉන්නේ?
එතන මුකුත් නෑනේ.</font>

497
00:40:38,770 --> 00:40:40,105
<font color="#ffbf46">මුකුත් නෑ කියන්නේ?</font>

498
00:40:40,188 --> 00:40:41,898
<font color="#ffbf46">වටිනාම දේ තියෙන්නේ එතනනේ.</font>

499
00:40:43,316 --> 00:40:44,693
<font color="#ffbf46">මොකක්ද එතන තියෙන්නේ?</font>

500
00:40:46,444 --> 00:40:47,320
<font color="#ffbf46">මොකක්ද...</font>

501
00:40:49,322 --> 00:40:50,282
<font color="#ffbf46">යාළුවෙක්ද?</font>

502
00:40:53,994 --> 00:40:55,245
<font color="#ffbf46">ජේ-ග්‍යු</font>

503
00:40:57,330 --> 00:40:58,999
<font color="#ffbf46">සන් මහත්තයෝ!
බොම් මෙනවිය!</font>

504
00:40:59,958 --> 00:41:02,752
<font color="#ffbf46">දේශනය නිසා මට ඔයාගේ කෝල්ස් ගන්න බැරි වුණා.</font>

505
00:41:03,253 --> 00:41:05,005
<font color="#ffbf46">මෙතන හරි සද්දයි, ඒක නිසා මම...</font>

506
00:41:05,088 --> 00:41:06,590
<font color="#ffbf46">මේ බොම් මෙනවියනේ!</font>

507
00:41:06,673 --> 00:41:08,425
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ මාමා</font>

508
00:41:08,508 --> 00:41:13,054
<font color="#ffbf46">අපේ ඉස්කෝලෙට ශිෂ්‍යත්ව අරමුදලක් දුන්නා,
ඒක නිසා මම එයාට පාටියක් දෙනවා!</font>

509
00:41:17,267 --> 00:41:18,560
<font color="#ffbf46">අම්මෝ.</font>

510
00:41:19,227 --> 00:41:21,438
<font color="#ffbf46">මෙතනට ආවම පරණ මතක අලුත් වෙනවා.</font>

511
00:41:22,397 --> 00:41:24,149
<font color="#ffbf46">කොහොම හරි, ඇයි ඔච්චර සැරයක් කෝල් කළේ?</font>

512
00:41:24,232 --> 00:41:25,817
<font color="#ffbf46">ඔයාට මාව ඒ තරම් මතක් වුණාද?</font>

513
00:41:27,652 --> 00:41:29,404
<font color="#ffbf46">මට අද තීන්දුව ලැබුණා.</font>

514
00:41:29,487 --> 00:41:31,281
<font color="#ffbf46">මම දිනුවා කියලා ඔයාට කියන්නයි මට ඕන වුණේ.</font>

515
00:41:31,364 --> 00:41:32,282
<font color="#ffbf46">ඇත්තටම?</font>

516
00:41:33,283 --> 00:41:34,826
<font color="#ffbf46">දැක්කනේ? මම ඔයාට මොකද කිව්වේ?</font>

517
00:41:34,910 --> 00:41:37,662
<font color="#ffbf46">ඊ-ජුන් සමහර වෙලාවට මෝඩයා වගේ වැඩ කළාට,
එයා දක්ෂ නීතිඥයෙක්.</font>

518
00:41:37,746 --> 00:41:38,997
<font color="#ffbf46">එයා දක්ෂ ශිෂ්‍යයෙක්.</font>

519
00:41:40,373 --> 00:41:42,250
<font color="#ffbf46">කවුද යකෝ මෝඩයා, පොඩි එකා?</font>

520
00:41:42,334 --> 00:41:44,294
<font color="#ffbf46">ඒක ඇහුණද?
ඔව්, මට ඇහුණා.</font>

521
00:41:45,378 --> 00:41:49,090
<font color="#ffbf46">හත් දෙයියනේ, ඔයා මෙතන මොකද කරන්නේ?</font>

522
00:41:49,758 --> 00:41:53,595
<font color="#ffbf46">ඕක තියලා එනවා මාත් එක්ක බොන්න.</font>

523
00:41:54,179 --> 00:41:57,933
<font color="#ffbf46">අපි අතරේ තියෙන පරණ තරහවල් අමතක කරලා</font>

524
00:41:58,016 --> 00:42:00,352
<font color="#ffbf46">එහෙම තරහක් තිබුණේ නෑනේ.
මට එයා එක්ක තව ටිකක් කතා කරන්න දෙන්නකෝ.</font>

525
00:42:00,435 --> 00:42:01,436
<font color="#ffbf46">අයියෝ.</font>

526
00:42:02,062 --> 00:42:04,272
<font color="#ffbf46">බොම් මෙනවිය.
හොන්ග් මහත්තයෝ, ඔයාට කොහොමද?</font>

527
00:42:04,356 --> 00:42:06,441
<font color="#ffbf46">සන් මහත්තයාට හොඳටම වෙරි.</font>

528
00:42:06,524 --> 00:42:08,568
<font color="#ffbf46">එයාට වෙන වෙලාවක කතා කරන්න.</font>

529
00:42:08,652 --> 00:42:10,111
<font color="#ffbf46">යමු.
පොඩ්ඩක් ඉන්න. බොම් මෙනවිය.</font>

530
00:42:10,195 --> 00:42:12,072
<font color="#ffbf46">ඔයා මාව පිස්සු වට්ටනවා!</font>

531
00:42:12,155 --> 00:42:14,157
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු.
මගේ සපත්තු...</font>

532
00:42:14,241 --> 00:42:17,619
<font color="#ffbf46">ඔයා මගේ හිතේ පැලපදියම් වෙලා!</font>

533
00:42:18,203 --> 00:42:20,121
<font color="#ffbf46">නෑ, හොන්ග් මහත්තයෝ. පොඩ්ඩක් ඉන්න.</font>

534
00:42:20,205 --> 00:42:23,083
<font color="#ffbf46">හලෝ? සන් මහත්තයෝ! ජේ-ග්‍යු!</font>

535
00:42:23,166 --> 00:42:24,251
<font color="#ffbf46">නවත්තන්න.</font>

536
00:42:24,334 --> 00:42:25,627
<font color="#ffbf46">නවත්තන්න.
නෑ අම්මේ. පොඩ්ඩක් ඉන්න.</font>

537
00:42:25,710 --> 00:42:27,754
<font color="#ffbf46">ඔව්. අපිත් චියර්ස් කරන්න ඕනේ.</font>

538
00:42:27,837 --> 00:42:28,672
<font color="#ffbf46">හරි.</font>

539
00:42:29,631 --> 00:42:32,467
<font color="#ffbf46">යූන් බොම්ගේ ජයග්‍රහණයට සුබ පැතුම්.</font>

540
00:42:33,551 --> 00:42:35,679
<font color="#ffbf46">සුබ පැතුම්.
සුබ පැතුම්.</font>

541
00:42:35,762 --> 00:42:37,931
<font color="#ffbf46">සුබ පැතුම්!
ස්තූතියි!</font>

542
00:42:44,396 --> 00:42:48,608
<font color="#ffbf46">මම ඉඩම වික්කා,
ලියකියවිලි වැඩ ඔක්කොම ඉවරයි.</font>

543
00:42:51,611 --> 00:42:52,570
<font color="#ffbf46">එහෙනම් මොකක්ද ප්‍රශ්නේ?</font>

544
00:42:59,286 --> 00:43:02,622
<font color="#ffbf46">මට හන්-ග්‍යුල්ගේ පන්ති ගාස්තු ගෙවන්න ඕන වුණා.</font>

545
00:43:05,750 --> 00:43:07,877
<font color="#ffbf46">එයාට දේවල් තේරෙනවද
නැත්නම් එයා ඉක්මනට මෝරලද මන්දා,</font>

546
00:43:08,837 --> 00:43:10,338
<font color="#ffbf46">එදා ඉඳන්</font>

547
00:43:12,007 --> 00:43:14,342
<font color="#ffbf46">එයා මට කතා කළේ නෑ.</font>

548
00:43:17,012 --> 00:43:21,433
<font color="#ffbf46">එයාගේ පන්ති ගාස්තු මටත් ගෙවන්න පුළුවන්,
ඒක නිසා මට කරන්න බැරි දෙයක් ඔයා එයා වෙනුවෙන් කරන්න.</font>

549
00:43:22,559 --> 00:43:23,435
<font color="#ffbf46">ඒ මොකක් වගේ දෙයක්ද?</font>

550
00:43:25,020 --> 00:43:25,854
<font color="#ffbf46">ෆොටෝ එකක්.</font>

551
00:43:30,108 --> 00:43:31,818
<font color="#ffbf46">එයා ඉස්කෝලේ යන්න පටන් ගත්ත හැම වාරෙකම,</font>

552
00:43:31,901 --> 00:43:34,404
<font color="#ffbf46">ඇතුළත් වීමේ උත්සවයට හිටියේ
මමයි එයයි විතරයි.</font>

553
00:43:35,655 --> 00:43:36,990
<font color="#ffbf46">එයා නොකිව්වට,</font>

554
00:43:37,824 --> 00:43:39,617
<font color="#ffbf46">මම ඒක එයාගේ ඇස්වලින් දැක්කා.</font>

555
00:43:41,328 --> 00:43:44,164
<font color="#ffbf46">අම්මලා තාත්තලා,
අනිත් නෑදෑයෝ එක්ක ෆොටෝ ගන්න</font>

556
00:43:44,831 --> 00:43:48,293
<font color="#ffbf46">යාළුවෝ දිහා එයා බලන් හිටියේ ආසාවෙන්.</font>

557
00:43:52,130 --> 00:43:54,382
<font color="#ffbf46">අපි කැම්පස් යන පළවෙනි දවසේ ඒ දේ කරමු.</font>

558
00:43:55,842 --> 00:43:58,386
<font color="#ffbf46">අපි එයාට මල් අරන් දීලා
එයා එක්ක ෆොටෝ ගමු.</font>

559
00:44:01,556 --> 00:44:02,724
<font color="#ffbf46">හන්-ග්‍යුල්ට,</font>

560
00:44:04,100 --> 00:44:05,810
<font color="#ffbf46">ඒක තමයි වටිනම තෑග්ග වෙන්නේ.</font>

561
00:44:29,834 --> 00:44:31,878
<font color="#ffbf46">අයියෝ, මට එයාව ගොඩක් මතක් වෙනවා!</font>

562
00:44:42,764 --> 00:44:45,308
<font color="#ffbf46">කවදාහරි දවසක, එකපාරටම</font>

563
00:44:45,392 --> 00:44:48,103
<font color="#ffbf46">ඔයාට මාව ගොඩක් මතක් වුණොත්,
අන්න එදාට මේක අරින්න.</font>

564
00:44:52,232 --> 00:44:53,775
<font color="#ffbf46">දැන් මට එයාව කොච්චර මතක් වෙනවද?</font>

565
00:44:54,943 --> 00:44:56,861
<font color="#ffbf46">බීප්, බීප්. 100%ක්ම මතක් වෙනවා.</font>

566
00:44:58,738 --> 00:45:00,573
<font color="#ffbf46">එහෙනම් මම මේක අරින්න ඕනේ.</font>

567
00:45:01,491 --> 00:45:04,035
<font color="#ffbf46">ඔව්, බොම්. අපි මේක අරිමු.</font>

568
00:45:09,124 --> 00:45:11,960
<font color="#ffbf46">මම ටිකක් මහත් වෙලානේ.
මේක මට හිර වුණොත්?</font>

569
00:45:14,337 --> 00:45:15,422
<font color="#ffbf46">නෑ.</font>

570
00:45:15,505 --> 00:45:18,007
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු කියන්නේ එච්චර ලේසියෙන්
හිතන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.</font>

571
00:45:18,091 --> 00:45:20,135
<font color="#ffbf46">ඒක නිසා මේක මුද්දක් වෙන්න බෑ.</font>

572
00:45:20,218 --> 00:45:22,512
<font color="#ffbf46">හැබැයි මේක</font>

573
00:45:22,595 --> 00:45:25,723
<font color="#ffbf46">දිලිසෙන දෙයක් වෙන්න ඇති,
ඒකෙන් මාව...</font>

574
00:45:29,519 --> 00:45:32,480
<font color="#ffbf46">ඒයි, සන් ජේ-ග්‍යු!</font>

575
00:45:37,819 --> 00:45:39,529
<font color="#ffbf46">එයා හිතන්නේ මේක තෑග්ගක් කියලද?</font>

576
00:45:40,071 --> 00:45:42,782
<font color="#ffbf46">මම මේක අරින්නේ නැතුව හිටියේ මේකටද?</font>

577
00:45:43,366 --> 00:45:44,409
<font color="#ffbf46">ෂික් විතරක්.</font>

578
00:46:50,433 --> 00:46:52,435
<font color="#ffbf46">දෙවියනේ, බොම් මෙනවිය.</font>

579
00:46:56,064 --> 00:46:56,940
<font color="#ffbf46">බොම් මෙනවිය...</font>

580
00:47:06,032 --> 00:47:07,784
<font color="#ffbf46">මේ නීතිඥයා නම්...</font>

581
00:47:08,368 --> 00:47:10,870
<font color="#ffbf46">මම හිතුවේ එයා කියලා, ෂික්.</font>

582
00:47:11,955 --> 00:47:13,122
<font color="#ffbf46">අයියෝ, මගේ ඔළුව.</font>

583
00:47:17,377 --> 00:47:19,254
<font color="#ffbf46">කෑගහන්න හිතෙනවා!</font>

584
00:47:22,173 --> 00:47:23,132
<font color="#ffbf46">මොන...</font>

585
00:47:24,676 --> 00:47:27,011
<font color="#ffbf46">දෙවියනේ, මගේ ඔළුව.</font>

586
00:47:28,012 --> 00:47:29,430
<font color="#ffbf46">ඔයා මාව ආයෙත් බිමට දැම්මද?</font>

587
00:47:29,514 --> 00:47:31,432
<font color="#ffbf46">මේක කීවෙනි පාරද?</font>

588
00:47:31,516 --> 00:47:35,228
<font color="#ffbf46">ඌරු මස් ටිකක් උස්සන් ඇවිත්
ඔයාට ඕන ඕන වෙලාවට මෙතන නිදාගන්නවා.</font>

589
00:47:35,311 --> 00:47:38,106
<font color="#ffbf46">මම කවද්ද කිව්වේ මෙතන නිදාගත්තට කමක් නෑ කියලා?</font>

590
00:47:39,190 --> 00:47:40,733
<font color="#ffbf46">කෙළෙහිගුණ නොදන්න මිනිහා.</font>

591
00:47:40,817 --> 00:47:43,570
<font color="#ffbf46">ඔයාට ඉන්න තැනක් ලැබුණේ,
හන්-ග්‍යුල්ව හැදුවේ මගේ සල්ලිවලින්.</font>

592
00:47:43,653 --> 00:47:45,029
<font color="#ffbf46">ඒත් ඔයාට මම වෙනුවෙන් මේකවත් කරන්න බැරිද?</font>

593
00:47:45,113 --> 00:47:47,699
<font color="#ffbf46">අයියෝ.
මම ඇති වෙන්න කරලා තියෙන්නේ, දැන් යන්න.</font>

594
00:47:47,782 --> 00:47:48,950
<font color="#ffbf46">මට එළියට යන්න තියෙනවා.</font>

595
00:47:49,033 --> 00:47:50,618
<font color="#ffbf46">අයියෝ, මට ඇති වෙලා තියෙන්නේ.</font>

596
00:47:50,702 --> 00:47:53,162
<font color="#ffbf46">ඇයි ඔයාට ගෙදරට වෙලා ඉන්න බැරි?
කොහෙද මේ යන්නේ?</font>

597
00:47:54,581 --> 00:47:55,456
<font color="#ffbf46">ජේ-ග්‍යු.</font>

598
00:47:57,458 --> 00:47:59,294
<font color="#ffbf46">සන් ජේ-ග්‍යු, කොහෙද යන්නේ?</font>

599
00:48:22,066 --> 00:48:24,152
<font color="#ffbf46">බොම් මෙනවිය, ඔයා කවද්ද මෙතනට ආවේ?</font>

600
00:48:24,235 --> 00:48:25,069
<font color="#ffbf46">මොකක්...</font>

601
00:48:26,237 --> 00:48:27,822
<font color="#ffbf46">ඇයි ඔයා අතනින් එන්නේ?</font>

602
00:48:28,573 --> 00:48:30,617
<font color="#ffbf46">කෝ සන් ජේ-ග්‍යු?
ජේ-ග්‍යු?</font>

603
00:48:31,367 --> 00:48:36,331
<font color="#ffbf46">මම හිතන්නේ එයා ජීවිතේ
අමාරුම කාලය ගෙවනවා ඇති.</font>

604
00:48:41,336 --> 00:48:45,173
<font color="#ffbf46">දැන්, මේ පැනල් එක හැදිලා තියෙන්නේ
P-type සහ N-type අර්ධ සන්නායකවලින්,</font>

605
00:48:45,256 --> 00:48:47,925
<font color="#ffbf46">ප්‍රකාශ විද්‍යුත් ආචරණය නිසා ඉලෙක්ට්‍රෝන සහ කුහර</font>

606
00:48:48,009 --> 00:48:50,595
<font color="#ffbf46">p-n සන්ධිය තුළින් එකිනෙක දෙසට විසරණය වෙනවා.</font>

607
00:48:50,678 --> 00:48:53,681
<font color="#ffbf46">ඒකෙන් විභව අන්තරයක් ඇති වෙනවා,
ඊටපස්සේ බාහිර පරිපථයක්</font>

608
00:48:53,765 --> 00:48:54,974
<font color="#ffbf46">සම්බන්ධ කළොත්...
ගූ මහත්තයෝ.</font>

609
00:48:55,558 --> 00:48:56,601
<font color="#ffbf46">මේ...</font>

610
00:48:57,644 --> 00:48:58,770
<font color="#ffbf46">අධ්‍යක්ෂක ගූ. මොකක්ද?</font>

611
00:48:58,853 --> 00:49:00,855
<font color="#ffbf46">ඔයා කියන මෙලෝ දෙයක් මට තේරෙන්නේ නෑ.</font>

612
00:49:00,938 --> 00:49:02,815
<font color="#ffbf46">මට තේරෙන විදිහට කියන්න පුළුවන්ද?</font>

613
00:49:03,399 --> 00:49:06,736
<font color="#ffbf46">ඔයා සෑහෙන කාලයක් මෙතන පාට් ටයිම් වැඩ කළානේ.
තාමත් තේරෙන්නේ නැද්ද?</font>

614
00:49:06,819 --> 00:49:09,489
<font color="#ffbf46">ඔහොම කොහොමද මෙතන රස්සාවක් ගන්නේ?</font>

615
00:49:09,572 --> 00:49:12,200
<font color="#ffbf46">JQ එනර්ජි එකේ ඔටුන්න හිමි කුමාරයා,
සන් හන්-ග්‍යුල්,</font>

616
00:49:12,283 --> 00:49:14,827
<font color="#ffbf46">කැම්පස් යන්න ඕන නිසා සමාගම දාලා යනවා.</font>

617
00:49:14,911 --> 00:49:17,205
<font color="#ffbf46">අපි ඇරෙන්න වෙන කවුද ඒ අඩුව පුරවන්නේ?</font>

618
00:49:19,874 --> 00:49:23,461
<font color="#ffbf46">අයියෝ, ඔයාලට දක්ෂතාව විතරක් නෙවෙයි,
හැදියාවකුත් නෑනේ.</font>

619
00:49:23,544 --> 00:49:27,298
<font color="#ffbf46">ඕකයි මම ලොක්කට කොච්චර කිව්වේ
ඔයාලව ගන්න එපා කියලා.</font>

620
00:49:27,382 --> 00:49:30,176
<font color="#ffbf46">ඕක අමතක කරන්න. අරක අයින් කරන්න. යන්න!</font>

621
00:49:35,223 --> 00:49:37,517
<font color="#ffbf46">මට මහන්සි වැඩි නිසා පේන හීනයක්ද මන්දා?</font>

622
00:49:38,434 --> 00:49:39,852
<font color="#ffbf46">අර බොම් මෙනවිය නේද?</font>

623
00:49:39,936 --> 00:49:41,229
<font color="#ffbf46">බොම් මෙනවිය!
බොම් මෙනවිය!</font>

624
00:49:44,148 --> 00:49:45,733
<font color="#ffbf46">බොම් මෙනවිය!
බොම් මෙනවිය!</font>

625
00:49:45,817 --> 00:49:47,110
<font color="#ffbf46">ළමයි!</font>

626
00:49:47,193 --> 00:49:50,071
<font color="#ffbf46">දේ-හන්, මින්-ගුක්,
ඔයාලා ඇත්තටම මෙතන පාට් ටයිම් වැඩ කරනවද?</font>

627
00:49:50,154 --> 00:49:51,197
<font color="#ffbf46">යූන් ගුරුතුමී.</font>

628
00:49:52,198 --> 00:49:53,658
<font color="#ffbf46">ආයුබෝවන්.
ආයුබෝවන්.</font>

629
00:49:54,492 --> 00:49:56,452
<font color="#ffbf46">ඔයාලා හොඳට වැඩ කළා.</font>

630
00:49:56,536 --> 00:49:59,706
<font color="#ffbf46">මේ දෙන්නට වැඩ උගන්නනකොට තමයි</font>

631
00:49:59,789 --> 00:50:03,626
<font color="#ffbf46">මට තේරුණේ ඔයාට කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා.</font>

632
00:50:04,544 --> 00:50:06,170
<font color="#ffbf46">ඒක නෙවෙයි, මොකද මේ පැත්තේ?</font>

633
00:50:06,754 --> 00:50:09,632
<font color="#ffbf46">ආ හරි. මම ආවේ සන් මහත්තයාව හම්බවෙන්න.</font>

634
00:50:09,716 --> 00:50:12,885
<font color="#ffbf46">මාමා... නෑ,
සන් මහත්තයා කලින්ම මාකට් එකට ගියා.</font>

635
00:50:12,969 --> 00:50:14,303
<font color="#ffbf46">ආ, ඇත්තටම?
ඔව්.</font>

636
00:50:15,096 --> 00:50:16,431
<font color="#ffbf46">එහෙනම් ඇයි එයා ෆෝන් එක උස්සන්නේ නැත්තේ?</font>

637
00:50:16,514 --> 00:50:17,598
<font color="#ffbf46">ආ, ඒක ඇත්ත.</font>

638
00:50:18,891 --> 00:50:20,393
<font color="#ffbf46">එයා ෆෝන් එක මෙතන දාලා ගියේ.</font>

639
00:50:21,060 --> 00:50:22,645
<font color="#ffbf46">ඔයා එයාව දැක්කොත් මේක දෙන්න.</font>

640
00:50:29,277 --> 00:50:30,111
<font color="#ffbf46">හරි.</font>

641
00:50:33,281 --> 00:50:35,867
<font color="#ffbf46">ඇතුළත් වීමේ උත්සවය ඉවර වුණාම,</font>

642
00:50:35,950 --> 00:50:38,453
<font color="#ffbf46">අපි සෝල්ට් බ්‍රෙඩ් බේකරියට ගිහින් පෝලිමේ ඉඳලා,</font>

643
00:50:38,536 --> 00:50:40,163
<font color="#ffbf46">ඊටපස්සේ සෝල් ෆොරස්ට් එකේ ෆොටෝ අරගෙන</font>

644
00:50:40,246 --> 00:50:43,249
<font color="#ffbf46">හවසට ඉයුල්මිරෝවල තියෙන වීදි කෑම කඩ පැත්තට යමු.</font>

645
00:50:43,332 --> 00:50:45,376
<font color="#ffbf46">අපි ෆිෂ් කේක් සුප් එක්ක බියර් බොමු.</font>

646
00:50:45,460 --> 00:50:48,963
<font color="#ffbf46">මේ, මොන ඩේට් එකද අනේ ඔච්චරටම සැලසුම් කරන්නේ?</font>

647
00:50:49,630 --> 00:50:53,176
<font color="#ffbf46">අපි එකම කැම්පස් එකේ එකම දේශනවලට යන්නේ.
අපිව හැමදාම හම්බවෙනවනේ.</font>

648
00:50:57,013 --> 00:50:59,807
<font color="#ffbf46">අපිව හැමදාම හම්බවෙන නිසා, අපි හිමීට වැඩේ කරමු.</font>

649
00:50:59,891 --> 00:51:01,642
<font color="#ffbf46">අපි ආයෙත් හන්ගන් පාක් එකට යමු</font>

650
00:51:01,726 --> 00:51:03,436
<font color="#ffbf46">ඊටපස්සේ බොම් මෙනවියව බලන්නත් යමු.</font>

651
00:51:04,812 --> 00:51:05,938
<font color="#ffbf46">අයියෝ, එයා කොහෙද ඉන්නේ?</font>

652
00:51:07,190 --> 00:51:09,484
<font color="#ffbf46">මේ, අපිට බොම් මෙනවියව දැන්ම බලාගන්න පුළුවන්.</font>

653
00:51:10,401 --> 00:51:11,235
<font color="#ffbf46">බොම් මෙනවිය.</font>

654
00:51:13,571 --> 00:51:15,198
<font color="#ffbf46">ළමයි!</font>

655
00:51:15,281 --> 00:51:16,574
<font color="#ffbf46">ඔයාලා ගොඩක් ලස්සන වෙලානේ.</font>

656
00:51:17,700 --> 00:51:19,660
<font color="#ffbf46">ඔයාට කොහොමද?
හොඳයි.</font>

657
00:51:19,744 --> 00:51:22,663
<font color="#ffbf46">අපි මේ කතා කළේ ඔයාව බලන්න
සෝල් එන විදිහ ගැන.</font>

658
00:51:22,747 --> 00:51:25,416
<font color="#ffbf46">ඇත්තටම? ඔයාගේ ඇතුළත් කරගැනීමේ
උත්සවය තියෙන්නේ කවදද?</font>

659
00:51:25,500 --> 00:51:27,418
<font color="#ffbf46">මට එතනට එන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම.</font>

660
00:51:27,502 --> 00:51:29,295
<font color="#ffbf46">මේ උත්සවයට ගොඩක් සෙනඟ එයි.</font>

661
00:51:30,254 --> 00:51:32,048
<font color="#ffbf46">කොහොම වුනත්, ඇයි මේ පැත්තේ ආවේ?</font>

662
00:51:32,632 --> 00:51:34,258
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගෙ මාමාව හම්බවෙන්නද?</font>

663
00:51:35,843 --> 00:51:38,179
<font color="#ffbf46">ආ හරි, මම අහගත්තා ඔයාගේ මාමා
මෙහේ ඉන්නවා කියලා.</font>

664
00:51:38,262 --> 00:51:41,516
<font color="#ffbf46">එයා හිටියා, ඒත් එයා ජියු ජිට්සු කට්ටියත් එක්ක
ඩෝජෝ එකට ගියා.</font>

665
00:51:42,141 --> 00:51:43,017
<font color="#ffbf46">මොකක්?</font>

666
00:51:48,940 --> 00:51:50,566
<font color="#ffbf46">හෙ-සුක්, ලබන සතියේ, අපි...</font>

667
00:51:51,484 --> 00:51:52,318
<font color="#ffbf46">බෑ.</font>

668
00:51:52,860 --> 00:51:56,656
<font color="#ffbf46">මට කතා කරන විදිහ ඇරුනම,
වෙන කිසි දෙයක් වෙනස් වෙලා නෑ.</font>

669
00:51:57,281 --> 00:51:59,742
<font color="#ffbf46">සීෆුඩ් ස්ටූ, ගම්ජා-ටැං,
සුන්ඩේ-ගුක් සහ නෙන්ග්මියොන්.</font>

670
00:51:59,826 --> 00:52:01,828
<font color="#ffbf46">ඔයා කොහොමද හැම වෙලාවෙම
කොරියානු කෑමම කන්නේ?</font>

671
00:52:02,537 --> 00:52:04,288
<font color="#ffbf46">ඒකයි අපි හෝටලයකට යන්නේ...</font>

672
00:52:05,581 --> 00:52:06,499
<font color="#ffbf46">හෝටලයකට?</font>

673
00:52:06,582 --> 00:52:07,875
<font color="#ffbf46">වැරදියට හිතන්න එපා.</font>

674
00:52:07,959 --> 00:52:11,003
<font color="#ffbf46">මම ෆැමිලි රූම් එකක් ගත්තා
නිවුන් දරුවන්වත් එක්ක යන්න පුළුවන් වෙන්න.</font>

675
00:52:16,092 --> 00:52:17,635
<font color="#ffbf46">නිවුන් දරුවන්ට යන්න බෑ.</font>

676
00:52:18,177 --> 00:52:19,011
<font color="#ffbf46">ඒ ඇයි?</font>

677
00:52:19,595 --> 00:52:20,513
<font color="#ffbf46">අහන්න එපා.</font>

678
00:52:20,596 --> 00:52:23,474
<font color="#ffbf46">ෆැමිලි රූම් එකක් වුනත්
හනිමූන් රූම් එකක් වුනත්,</font>

679
00:52:24,475 --> 00:52:25,434
<font color="#ffbf46">මම එනවා.</font>

680
00:52:29,105 --> 00:52:30,565
<font color="#ffbf46">මිනිස්සු බලන් ඉන්නවා.</font>

681
00:52:32,817 --> 00:52:33,734
<font color="#ffbf46">බොම් මිස්!</font>

682
00:52:33,818 --> 00:52:36,195
<font color="#ffbf46">ආ, ඇටෙන්ෂන්! ආයුබෝවන් මැඩම්!
ආයුබෝවන් මැඩම්!</font>

683
00:52:36,279 --> 00:52:37,280
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

684
00:52:37,905 --> 00:52:39,073
<font color="#ffbf46">ඔයාට කොහොමද?</font>

685
00:52:39,156 --> 00:52:40,157
<font color="#ffbf46">හේයි, බොම් මිස්.</font>

686
00:52:40,241 --> 00:52:41,534
<font color="#ffbf46">ආ, සියෝ මිස්!</font>

687
00:52:41,617 --> 00:52:43,619
<font color="#ffbf46">බොම් මිස්, මම දැන් බ්ලූ බෙල්ට් එකක්.</font>

688
00:52:43,703 --> 00:52:45,663
<font color="#ffbf46">ආ, ඇත්තටම? සුබ පැතුම් දොං-පියෝ!</font>

689
00:52:46,706 --> 00:52:48,666
<font color="#ffbf46">මොකක්? හොං මහත්තයා?</font>

690
00:52:50,376 --> 00:52:51,627
<font color="#ffbf46">හායි, බොම් මිස්.</font>

691
00:52:51,711 --> 00:52:54,005
<font color="#ffbf46">ආ, ඔයත් මෙතන ව්‍යායාම කරනවද?</font>

692
00:52:54,088 --> 00:52:56,507
<font color="#ffbf46">අනේ මන්දා, ඒත් මොකටද?</font>

693
00:52:56,591 --> 00:52:58,634
<font color="#ffbf46">එයා පොඩ්ඩක්වත් දියුණු වෙන්නේ නෑනේ.</font>

694
00:52:58,718 --> 00:53:02,513
<font color="#ffbf46">ඔයාට ආම්බාර් එකක්වත් දාගන්න බෑනේ.
ඔයා කොහොමද ක්‍රීඩා උත්සවය දිනන්නේ?</font>

695
00:53:02,597 --> 00:53:06,017
<font color="#ffbf46">මම මේ බොරුවට ඉන්නේ.
මම එදාට පාවිච්චි කරන්න දක්ෂතා හංගගෙන ඉන්නේ.</font>

696
00:53:06,100 --> 00:53:07,685
<font color="#ffbf46">අනික, ඊළඟ උත්සවයේදී,</font>

697
00:53:07,768 --> 00:53:10,354
<font color="#ffbf46">හන්-ග්‍යුල් උපාධිය ගත්ත නිසා
සුන් ජේ-ග්‍යු එතන නැති වෙයි.</font>

698
00:53:10,438 --> 00:53:11,981
<font color="#ffbf46">ඉතින් මට අවස්ථාවක් තියෙනවා.</font>

699
00:53:12,064 --> 00:53:13,149
<font color="#ffbf46">සමාවෙන්න,</font>

700
00:53:13,816 --> 00:53:17,778
<font color="#ffbf46">ඒත් ඔයාලා ඔය කතා කරන
සුන් ජේ-ග්‍යු කොහෙද ඉන්නේ?</font>

701
00:53:18,362 --> 00:53:19,906
<font color="#ffbf46">මම එයා ගැන හොය හොයා හිටියේ,</font>

702
00:53:20,489 --> 00:53:21,866
<font color="#ffbf46">දැන් මට මහන්සියි.</font>

703
00:53:22,366 --> 00:53:25,995
<font color="#ffbf46">ආ, ඔයා වෙරළට ගියොත්
අනිවාර්යයෙන්ම එයාව හම්බවෙයි.</font>

704
00:53:26,078 --> 00:53:27,872
<font color="#ffbf46">ඔයාලා ඉස්සෙල්ලම ඩේට් එකකට ගිය තැන.</font>

705
00:53:54,607 --> 00:53:55,816
<font color="#ffbf46">සුන් මහත්තයා?</font>

706
00:53:57,902 --> 00:53:59,487
<font color="#ffbf46">ඔයා ආවද, බොම් මිස්?</font>

707
00:54:02,865 --> 00:54:05,201
<font color="#ffbf46">ඇයි ඔයා ඔච්චර ලස්සන...</font>

708
00:54:08,412 --> 00:54:10,331
<font color="#ffbf46">මම අදහස් කළේ,
ඇයි ඔයා මොඩල් කෙනෙක් වගේ...</font>

709
00:54:13,084 --> 00:54:15,336
<font color="#ffbf46">මම කිව්වේ, ඇයි මේ ඔයා මෙහෙම ඇවිදින්නේ?</font>

710
00:54:15,962 --> 00:54:18,506
<font color="#ffbf46">මොකක්ද මේ කෝට් එකේ තේරුම?
අද විශේෂ දවසක්ද?</font>

711
00:54:19,924 --> 00:54:21,926
<font color="#ffbf46">ඕනෑම දවසක, ඕනෑම වෙලාවක,</font>

712
00:54:22,009 --> 00:54:25,763
<font color="#ffbf46">ඔයා මාව බලන්න එයි කියලා හිතුන නිසා,
මම මේක හැම වෙලාවෙම ඇඳගෙන හිටියේ.</font>

713
00:54:27,139 --> 00:54:28,057
<font color="#ffbf46">මොකක්?</font>

714
00:54:32,186 --> 00:54:33,020
<font color="#ffbf46">විනාඩි 30 කට පෙර</font>

715
00:54:33,104 --> 00:54:35,856
<font color="#ffbf46">ඔයාලා තුරුල් වෙනවද නැත්නම් මොකක්ද?
හරියට කරන්නකෝ. මේ වගේ!</font>

716
00:54:37,316 --> 00:54:39,193
<font color="#ffbf46">මාස්ටර්, මගේ ෆෝන් එක රින්ග් වෙනවා.</font>

717
00:54:39,276 --> 00:54:40,903
<font color="#ffbf46">ඔයාගේ ෆෝන් එකද? ගිහින් ගන්න.
හරි.</font>

718
00:54:41,654 --> 00:54:42,905
<font color="#ffbf46">එන්නකෝ.</font>

719
00:54:42,989 --> 00:54:44,115
<font color="#ffbf46">අදින්න.</font>

720
00:54:45,658 --> 00:54:46,826
<font color="#ffbf46">හෙලෝ?</font>

721
00:54:48,119 --> 00:54:50,788
<font color="#ffbf46">මොකක්? බොම් මිස් ඇවිල්ලද?</font>

722
00:54:54,208 --> 00:54:55,292
<font color="#ffbf46">මොකක්ද කිව්වේ?</font>

723
00:54:56,419 --> 00:54:58,087
<font color="#ffbf46">බොම් මිස් මෙහේ?</font>

724
00:54:59,088 --> 00:55:01,799
<font color="#ffbf46">එයා දැන් හැම තැනම ඔයාව හොයනවා.</font>

725
00:55:02,550 --> 00:55:05,302
<font color="#ffbf46">හන්-ග්‍යුල් එයාට කියලා ඔයා මෙහේ ඉන්නවා කියලා,
ඉතින් එයා එන ගමන් ඉන්නේ.</font>

726
00:55:05,386 --> 00:55:06,804
<font color="#ffbf46">මෙහෙට?</font>

727
00:55:11,100 --> 00:55:14,103
<font color="#ffbf46">හැබැයි එයා කිව්වා එයා ඉන්නේ
ගොඩක් තරහෙන් කියලා.</font>

728
00:55:14,186 --> 00:55:17,064
<font color="#ffbf46">එයා ඔයාත් එක්ක රණ්ඩු වෙන්න වගේ එන්නේ.</font>

729
00:55:18,065 --> 00:55:19,442
<font color="#ffbf46">මොකක් හරි අවුලක්ද දන්නේ නෑ.</font>

730
00:55:19,525 --> 00:55:20,526
<font color="#ffbf46">ඇයි එයා...</font>

731
00:55:25,281 --> 00:55:26,323
<font color="#ffbf46">ආ, හරි.</font>

732
00:55:27,658 --> 00:55:29,827
<font color="#ffbf46">හේයි, මම හිතන්නේ මම හේතුව දන්නවා.</font>

733
00:55:29,910 --> 00:55:32,121
<font color="#ffbf46">එයා එන ගමන් ඉන්නේ. ඔයා කොහෙද යන්නේ?</font>

734
00:55:32,204 --> 00:55:33,372
<font color="#ffbf46">වෙරළට.</font>

735
00:55:34,040 --> 00:55:36,083
<font color="#ffbf46">වෙරළට?
අහන්න, එයා ආවම,</font>

736
00:55:36,167 --> 00:55:38,627
<font color="#ffbf46">එයාට කියන්න අපි මුලින්ම හම්බවුන
වෙරළට එන්න කියලා.</font>

737
00:55:38,711 --> 00:55:39,920
<font color="#ffbf46">එයාට හිමින් එන්න කියන්න.</font>

738
00:55:40,004 --> 00:55:41,338
<font color="#ffbf46">මම යනවා. ජය වේවා!</font>

739
00:55:41,422 --> 00:55:42,298
<font color="#ffbf46">මහන්සි වෙලා වැඩ කරන්න!</font>

740
00:55:42,381 --> 00:55:44,467
<font color="#ffbf46">ජය වේවා!
ජය වේවා!</font>

741
00:55:48,971 --> 00:55:51,098
<font color="#ffbf46">ඔයා හිතනවද මම ආයෙත් රැවටෙයි කියලා?</font>

742
00:55:52,725 --> 00:55:53,934
<font color="#ffbf46">රැවටෙනවා? මම...</font>

743
00:55:54,894 --> 00:55:57,313
<font color="#ffbf46">ඔයා මට කිව්වනේ වෙන ගෑනු ළමයි ඉද්දි
මේක අඳින්න එපා කියලා,</font>

744
00:55:57,396 --> 00:56:00,483
<font color="#ffbf46">ඉතින් මම දේශනෙදිවත් මේක ඇන්දේ නෑ.
මම මේක පරිස්සම් කළා.</font>

745
00:56:02,943 --> 00:56:04,278
<font color="#ffbf46">එහෙනම් මේ මොකක්ද මේ?</font>

746
00:56:11,744 --> 00:56:15,039
<font color="#ffbf46">මම හිතුවේ මේක ගොඩක් වටින දෙයක්
හරි රොමෑන්ටික් දෙයක් හරි කියලා,</font>

747
00:56:15,122 --> 00:56:16,582
<font color="#ffbf46">ඉතින් මම බොම්-සික්ටවත් මේක අල්ලන්න දුන්නේ නෑ.</font>

748
00:56:16,665 --> 00:56:19,251
<font color="#ffbf46">මම කුණාටුව වෙලාවෙදි මගේ ජීවිතේ ගැනවත්
හිතන්නේ නැතුව මේක බේරගත්තා.</font>

749
00:56:19,877 --> 00:56:22,588
<font color="#ffbf46">ඔයාව මතක් වෙන හැම වෙලාවෙම,
මම මේක කඩන්න හිතුවා.</font>

750
00:56:22,671 --> 00:56:25,216
<font color="#ffbf46">මම පැකිලි පැකිලි ඉඳලා,
අන්තිමේදී ඒක කැඩුවා.</font>

751
00:56:25,800 --> 00:56:29,470
<font color="#ffbf46">ඒ ඔක්කොම ඉවසීම් සහ ඔයාව මතක් කර කර හිටියේ
මේ ගෑස් ස්ටේෂන් එකෙන් දෙන තෑග්ගක් වෙනුවෙන්ද?</font>

752
00:56:32,807 --> 00:56:34,975
<font color="#ffbf46">ඔයාට මේක විහිළුවක්ද?</font>

753
00:56:35,059 --> 00:56:38,187
<font color="#ffbf46">අයියෝ, මම හිතුවා වගේමයි.</font>

754
00:56:39,271 --> 00:56:42,483
<font color="#ffbf46">මම දැනගෙන හිටියා ඔයා මේක කැඩුවට පස්සේ
තරහෙන් පුපුර පුපුර මාව හොයන් එයි කියලා.</font>

755
00:56:43,651 --> 00:56:44,735
<font color="#ffbf46">මොකක්?</font>

756
00:56:46,278 --> 00:56:47,113
<font color="#ffbf46">බොම් මිස්.</font>

757
00:56:47,738 --> 00:56:51,200
<font color="#ffbf46">ඔය අතට දාන එක නිකම්ම නිකන්
තෑග්ගක් නෙවෙයි.</font>

758
00:56:52,576 --> 00:56:53,577
<font color="#ffbf46">මට නම්,</font>

759
00:56:55,079 --> 00:56:57,123
<font color="#ffbf46">ඒක අනිත් හැම දේටම වඩා වටිනවා.</font>

760
00:56:58,624 --> 00:57:00,209
<font color="#ffbf46">මම ඔයාව හම්බවෙන්න කලින්,</font>

761
00:57:02,211 --> 00:57:04,797
<font color="#ffbf46">මම හැම තිස්සෙම බැලුවේ මේ කැළල වහගන්න.</font>

762
00:57:05,381 --> 00:57:10,761
<font color="#ffbf46">මට ඒක දිහා බලන්නවත් හයියක් තිබුණේ නෑ,
ඉතින් මම හැම වෙලාවෙම ඒක අර රෙදි කෑල්ලෙන් වහගෙන හිටියේ.</font>

763
00:57:12,054 --> 00:57:13,681
<font color="#ffbf46">ඒත් ඔයාව මුණගැහුනට පස්සේ,</font>

764
00:57:14,306 --> 00:57:18,853
<font color="#ffbf46">පලවෙනි වතාවට,
මට හිතුනා මට ඒක හංගන්න ඕනේ නෑ කියලා.</font>

765
00:57:21,647 --> 00:57:24,525
<font color="#ffbf46">මට ඒක තනියම කරගන්න බැරි වුණා.
ඔයා තමයි මට ඒක ජයගන්න උදව් කළේ.</font>

766
00:57:29,655 --> 00:57:33,701
<font color="#ffbf46">එහෙමනම්, මම ඒක ඔයා වෙනුවෙන්
පරිස්සම් කරලා තියන්නම්.</font>

767
00:57:36,704 --> 00:57:38,664
<font color="#ffbf46">මොකක්ද? ඔයා මොකද කරන්නේ?</font>

768
00:57:39,874 --> 00:57:44,086
<font color="#ffbf46">අයියෝ. මේක හැමදාම මගේ සාක්කුවේ දාගෙන
ඉන්න එක මාර අමාරු වැඩක් වුණා.</font>

769
00:57:45,171 --> 00:57:47,131
<font color="#ffbf46">මම මේක මගේ සාක්කුවේ දාගෙන හිටියේ</font>

770
00:57:47,214 --> 00:57:49,133
<font color="#ffbf46">ඔයා මේ වගේ මාව හොයාගෙන එන දවස වෙනුවෙන්.</font>

771
00:57:49,633 --> 00:57:52,052
<font color="#ffbf46">අන්තිමේදී ඒ දවස උදා වුණා.</font>

772
00:58:02,688 --> 00:58:05,149
<font color="#ffbf46">මගේ හිත සීතල වින්ටර් එකක් වගේ තිබුණේ,</font>

773
00:58:05,733 --> 00:58:08,777
<font color="#ffbf46">ඒත් ඔයා මගේ ළඟට ආවේ උණුසුම් වසන්තයක් වගේ,
මගේ ආදරණීය බොම්.</font>

774
00:58:08,861 --> 00:58:11,113
<font color="#ffbf46">සීතල වුනත් රස්නේ වුනත්,</font>

775
00:58:11,197 --> 00:58:14,241
<font color="#ffbf46">මම හැමදාම ඔයා වෙනුවෙන් ඉන්න
ඔයාගේ මිනිහා වෙන්නම්.</font>

776
00:58:16,076 --> 00:58:18,662
<font color="#ffbf46">අර අතේ දාන එක අපේ මතකයන්ගේ
සංකේතයක් නම්,</font>

777
00:58:18,746 --> 00:58:21,624
<font color="#ffbf46">මේ මුද්ද අපි දෙන්නගේ
අනාගතයේ සංකේතයක් වෙයි...</font>

778
00:58:25,502 --> 00:58:26,795
<font color="#ffbf46">මොකක්?</font>

779
00:58:27,463 --> 00:58:29,215
<font color="#ffbf46">මම මගේ දෙබස් වලින් භාගයක්වත් කිව්වේ නෑනේ.</font>

780
00:58:30,382 --> 00:58:32,134
<font color="#ffbf46">ඔයා මොනවා කිව්වත්,</font>

781
00:58:32,801 --> 00:58:34,345
<font color="#ffbf46">මගේ උත්තරේ ඔව්.</font>

782
00:58:58,160 --> 00:58:59,828
<font color="#ffbf46">අපි වසන්ත කාලෙදි බඳිමු.</font>

783
00:58:59,912 --> 00:59:01,413
<font color="#ffbf46">ළමයි තුන් දෙනෙක්වත් හදමු.</font>

784
00:59:01,497 --> 00:59:03,540
<font color="#ffbf46">ස්නැක් බාර් එකේ ඇන්ටි කිව්වා
පිරිමි ළමයි වැඩක් නෑ කියලා.</font>

785
00:59:03,624 --> 00:59:04,792
<font color="#ffbf46">එහෙනම් දුවලා තුන් දෙනෙක්?</font>

786
00:59:05,584 --> 00:59:08,128
<font color="#ffbf46">අපි අපේ පලවෙනි ගෙදර ගන්න ඕනේ
සෝල් වලද නැත්නම් මෙහෙද?</font>

787
00:59:10,172 --> 00:59:12,466
<font color="#ffbf46">කොහේ වුනත් කවදා වුනත්,</font>

788
00:59:13,008 --> 00:59:14,343
<font color="#ffbf46">මගේ ළඟ ඉන්න කෙනා...</font>

789
00:59:16,762 --> 00:59:17,846
<font color="#ffbf46">ඔයා වෙන්න ඕනේ.</font>

790
01:00:28,959 --> 01:00:30,044
<font color="#ffbf46">බොම් ජේ-ග්‍යුට ආදරෙයි</font>

791
01:01:29,978 --> 01:01:31,980
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

